KN 17- 01-01 පාරායන වග්ගය

 

KN 17- 01-01 අජිත මාණවක පුච්ඡා සූත්‍රය

§ 1. “මන්ත්‍ර ශාස්ත්‍රයෙහි පරතෙරට පැමිණි බාවෙරි බමුණුතෙම ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානය බලාපොරොත්තු වෙමින් රම්‍යවූ කොසොල් නුවරින් දකුණු පස අස්සක, අලක, දෙරට මැද ගොධාවරී ගඟබඩ පිඬු සිඟා කෑමෙන්ද, පලවැල බුදිමින්ද, වාසය කළේය. කලක්ඒ එසේ ග්‍රාම්ශ්‍රීතව වසන්නේ ගම් වැසියන් විසින් පුජාකරන ලද පරිභෝග සම්පත් එක්කොට මහා දානයක් දුන්නේය.

§ 2 .“මහා දානය  දී නැවත ආශ්‍රමයට ආ විට ඔහු හමුවීමට පීඩාවූ පා ඇති බියකරු මුහුණින් යුත්  කිලිටි දත් හා නොපීරු හිස් රවුල් ඇති  අනික් බ්‍රාහ්මණයෙක් ආවේය.  ඔහු බවෙරි බමුණන්ගෙන් “කහවණු පන්සීයක් ඉල්ලිය.
““බ්‍රාහ්මණය, මගේ යම් ධනයක් වීද , මා විසින් ඒ සියල්ල වැය කොට මහා දාන පුජාවක් කෙළෙමි. එනිසා ඔබට දීමට  මා ලඟ පන්සියයක් නැති” බව කීය.එවිට ඒ බමුණා  මල් කුසතණ ආදිය රැස්කොට ව්‍යාජ හෝම යක් සේ  අඟවා මෙසේ  සාපයක් කළේය. .
“එම්බා බමුණ! ඉදින් ඉල්වන්නාවූ දේ  මට නොදෙන්නේද, සත්වෙනි දවසෙහි ඔබගේ මුදුන සත්කඩකට පැලෙන්නේය.” යි කීය. ඔහුගේ ඒ සාප වචනය අසා බාවාරීතෙමේ දුක් වූයේය.භීතියට පත් වුවේය. හේ ශොක නැමැති හුලින් පීඩාවූයේ නිරාහාරව වියලෙන්නට වුයේය.. මෙබඳු සිතක් ඇත්තහුගේ සිත ධ්‍යානයෙන් පවා ප්‍රීතිමත් කරගන්නට නොහැකි විය. තැති ගත් දුකට පත් ඔහු දැක ඔහුගේ 
යහපත කැමති දෙවතාවෙක් බාවාරී වෙත පැමිණ මෙසේ  කීයේය.

§ 3. “බමුණ! ව්‍යාජ තපස් ගති අඟවන, මුදලට කෑදර ඒ ඔබට සාප කල මිනිසා   මුදුන යනු කුමක්දැයි නොදනී. මුදුන නොදන්නාවූ ඔහු මුදුන පැලීම නම් කෙසේ දනීද?” යැයි කීය. එවිට බාවේරි බමුණු තෙමේ ඒ දෙවතාවාගෙන් මෙසේ ඇසීය.
“ඉදින් පින්වත ඔබ  මුදුනය, මුදුනෙහි පැලීමය යන දෙක දන්නේද,? ඒ ඔබගෙන් අසා දැන ගැනීමට මා කැමතිය ”  එවිට දේවතාවා “මෙය මාද නොදනිමි. මෙය දැනීමට තරම් ප්‍රඥාවක්  මට  නැත. මේ දන්නේ දන්නේ බුදුවරුය.” යි කීය. ඔහු යලිදු කියන්නේ,
“බාවෙරී බ්‍රාහ්මණය! දැන් ලෝකයෙහි බුදු රජාණන් වහන්සේ පහළව ඇත. ඔක්කාක රාජ වංශයෙහිවූ ශාක්‍ය පුත්‍රවූ සිද්ධාර්ථ ගෞතමයන් දැන්
සියලු ධර්මයන්හි පරතෙරට ගිය බ්‍රාහ්මණ බුද්ධවූ සේක. සියලු විශිෂ්ට ඥාන බලයෙන් යුක්තය. සියලු ධර්මයන්හි දැනීම ඇත්තේය. සියලු ධර්මයන් ක්ෂය කිරීමට ගියේ පව් ක්ෂය කිරීමෙන් කෙලෙසුන්ගෙන් මිදුනාවූ,
“ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නුවණැස් ඇත්තේ ලෝකයාට ධර්ම දේශනාකරයි. ඔබ උන්වහන්සේ වෙත පැමිණ විචාරව, හෙතෙම එය තොපට ප්‍රකාශ කරන්නේය.”
“සම්බුද්ධ යන වචනය අසා බාවාරිතෙමේ සතුටුවූයේ. ශෝකය තුනී විය. මහත් ප්‍රීතියක්ද ලැබුනේය.
“සතුටුවූ ප්‍රීතිමත්වූ ඒ බාවාරිතෙමේ හටගත් ප්‍රීතිය ඇත්තේ ඒ දෙවතාවාගෙන් මෙසේ ඇසූයේය. “යම් තැනකට පැමිණ දෙපා ඇත්තවුන්ට අග්‍රවූ භාග්‍යවතුන් වහන්සේ නමස්කාර කරණ ලදී. ගමෙහි හෝ නියම්ගමෙහි එය කරණ ලදී. නැවත ජනපදයෙහිද එය කරණ ලදී.
“මහත් ප්‍රඥා ඇති ශ්‍රේෂ්ඨ ප්‍රඥා ඇති පහවූ වැඩ ඇති මන්ත්‍ර දන්නා, ආශ්‍රව රහිත, මුදන සිඳීම දන්නා නර ශ්‍රේෂ්ඨවූ ඒ ශාක්‍ය පුත්‍ර ජිනතෙමේ සැවැත් නුවර කොසොල් රජුගේ මාලිගයෙහි වැඩ සිටී.”
ඉක්බිති මන්ත්‍ර ශාස්ත්‍ර දත් බමුණුතෙම “මාණවකයෙනි, කියන්නෙමි, මාගේ වචන කියව් යයි” මාණවකයන්ට ආමන්ත්‍රණය කළසේක.
“යමෙක් ලෝකයෙහි දුර්ලභද නිතර පහළවීම දුෂ්කරද හෙතෙම අද ලෝකයෙහි උපන්නේය. සම්බුද්ධ යයි ප්‍රසිද්ධ විය. සැවැත් නුවරට වහා ගොස් දෙපා ඇත්තන්ගෙන් උත්තමයා දකිව්.”

§ 4 . “බමුණ, බුද්ධ, යනු කෙසේ දනිමුද දකිමුද උන්වහන්සේ ගැන නොදන්නාවූ අපට ප්‍රකාශ කරව.”
“වෙද මන්ත්‍රවල මහා පුරුෂ ලක්ෂණයෝ ආවාහුය. හාත්පසින් දෙතිසක්යයි පිළිවෙළින් ප්‍රකාශ කරණ ලද්දාහ.
යම්කිසි කෙනෙකුගේ අවයවයන්හි මේ මහා පුරුෂ ලක්ෂණ ඇත්තාහුද, ඔහුට ගති දෙකක් තුනක් නැත.
“ඉදින් මේ පොළොව දිනා ගිහිගෙයි වසයි නම් දඬුවම් නොකිරීමෙන් ආයුධ පාවිච්චි නොකිරීමෙන් සක්විති රජව ධර්මයෙන් අනුශාසනා කරයි.
ඉදින් හෙතෙම ගිහිගෙන් නික්ම අනගාරිය නම් ශාසනයෙහි පැවිදි වේද කෙලෙස් සෙවෙනි නැති නිරුත්තර අර්හත් සම්බුද්ධ වන්නේය.
“ජාතියද ගොත්‍රයද ලකුණුද මන්ත්‍රද ශිෂ්‍යයන්ද නැවත මුදුනද මුදුනෙහි හෙළීමද සිතින්ම විචාරව.
“ඉදින් අනාවරණ ඥානයෙන් යුත් බුදු කෙනෙක් වේනම් සිතින් විචාළ පැන වචනයෙන් විසඳන්නේය.”
බාවාරිගේ වචන අසා ගෝලවූ බ්‍රාහ්මණයෝ සොළොස් දෙනෙක් එනම් අජිතය, තිස්ස, මෙත්තෙය්‍යය, පුණ්ණකය, මෙත්තගුය, ධොතකය, උපසීවය, නන්දය, හෙමකය යන මොවුහුද තොදෙය්‍යය, කප්පය යන දෙදෙනය නුවණැති ජතුකණ්ණය.භද්‍රාවුධය උදයය, පොසාල බ්‍රාහ්මණය ප්‍රඥාවත් මොඝරාජය, පිංගිය, මහා ඍෂීය යන මොවුහුය.
වෙන වෙන පිරිස් ඇති සියලු ලෝකයෙහි ප්‍රසිද්ධවූ පූර්ව වාසනා ඇති ධ්‍යාන ඇති, ධ්‍යානයෙහි ඇලුනු පණ්ඩිතයෝ,බාවාරි වැඳ ඔහු පැදකුණු කොට සියල්ලෝ ජටා දිවිසම් දරාගෙන උතුරු දෙස බලා ගියෝය.පෙර බාහිස්සති නම්වූ එකල්හි අලක නම් නුවර පිහිටි තැන, උදෙනි නුවරද ගොධ නුවරද වෙදිස වනයද, කොසඹෑ නුවරද උතුම් සැවැත් නුවරද සෙතව්‍ය නුවරද කිඹුල්වත් පුරයද, කුසිනාරා මන්දිරයද,පාවා නුවරද, භොග නුවරද, වෙසාලී නුවරද, මගධ පුරයද සිත්කළු යහපත් පාසානක චෛත්‍යයද (ගෙවා)වෙළඳතෙම තැවුනේ සිහිල් ජලයක් මහත් ලාභයක් කොට සිතන්නා සේද ග්‍රීෂ්මයෙන් පීඩිතවූයේ සෙවනකට මෙන්ද, වහා පර්වතයට නැංගේය. ඒ අවස්ථාවෙහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා පෙරටු කළසේක් වනයෙහි නාද කරණ සිංහයෙකු මෙන් භික්ෂූන්ට දහම් දෙසයි. “අජිතතෙමේ සීයක් රැස් ඇති සූර්යයා මෙන් පසළොස්වක දවසෙහි චන්ද්‍රයා මෙන් සම්පූර්ණ බවට පත්වූ බුදුරජාණන් වහන්සේ දැක්කේය. ඉක්බිති උන්වහන්සේගේ ශරීරයෙහි සම්පූර්ණ වූ ලක්ෂණ දැක එකත්පසෙක සිටියේ හිතින් ප්‍රශ්න විචාළේය. “මුලින්ම උත්පත්තිය කියන්න උදාහරණ සහිත ගොත්‍රය කියන්න. මන්ත්‍රයන්හි කෙළවර කියන්න. කී දෙනෙකුට බමුණුතෙමේ උගන්වයිද?
img class=”alignnone size-full wp-image-302″ src=”https://greatmonks.files.wordpress.com/2019/05/buddha-teaching.jpg” alt=”OLYMPUS DIGITAL CAMERA” width=”3072″ height=”2304″ />

ඒ සා මහත් පිරිස් මැද බාවාරි තවුසාගේ දෙටු අතවැසි අජිත මානවක තෙමේ බුදුන් හා සතුටු සාමිචි කථා කොට නිමවා එකත් පසෙක හිඳ බලනුයේ පණුරැසි පොහෝ දවස්හි දොළොස් කලාවෙන් පරිපුර්නවූ චන්ද්‍රයා මෙන්, දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් බබලන සර්වඥයන් වහන්සේ දැක සතුටුව, මනසින් පැන පිළිවිස්නේ

“අපගේ ආචාර්යවරයා ගේ වයස කියව,
උහු උගත් ගත් කියව,
ඔහුගේ ශිෂ්‍යයන් කියව” යි සිතීය.

ඒ අජිත  මානවකයාගේ සිත තමන් වහන්සේගේ සිතින් පිරිසිඳ දත් බුදු රජාණන් වහන්සේ,
“අජිතය ! තාගේ ආචාර්ය වරයාගේ වයස එක සිය විසි වසෙකි.
ගෝත්‍රයෙන් ප්‍රචරයාගේ මුනුබුරු වන හෙයින් ප්‍රාචාරිය වන්නේය.
ඔහුට ලෝ වැස්සෝ බාවාරිය යයිද කියති.
ඔහුට තුන් මහා පුරුෂ ලක්ෂනයෙක් ඇත.
හෙතෙමේ ත්‍රිවේදහි පරතෙරට ගියේය.
පියවින් අලස වූ නුවන මද පන්සියයක් දරුවන්හට වේදය උගන්වන්නේය” යි වදාළ සේක.   

ඉක්බිති අජිත මානව තෙමේ, “අපගේ ආචාර්යවරයාගේ තුන් මහා පුරුෂ ලක්ෂණ කවරේදැ”යි සිතින්ම පිළිවිසීය. එසඳ බුදු රජාණන්වහන්සේ, “අජිතය! හෙතෙමේ තම දිවින් මුහුණ වසන්නේය. එසේ හෙයින් හෙතෙමේ පහුත ජිව්හා ලක්ෂණයෙන් සමන්විත වන්නේය. ඔහුගේ නළලෙහි ඌර්න රෝමයෙක් ඇත.එසේ හෙයින් ඌර්න රෝම ලක්ෂණයෙන් ද යුක්ත වන්නේය. ඔහුගේ අඟජාතය ඇතුළත ගොස් සැඟවෙයි. එසේ හෙයින් හේ කොෂෝහිත වස්ත්‍ර ගුහ්‍යය ලක්ෂනයෙන්ද යුක්ත වන්නේය මේ තුන් මහා පුරිස් ලකුනැ”යි වදාළ සේක.

මෙසේ ඔහු මනසින් විචාලාවූ පැන බුදු රජාණන්වහන්සේ වචයින් වීසඳූ කල්හි සතිස් යොදුන් පිරිවර ජනයෝ ඒ අසා කවර දෙවියෙක් හෝ බඹෙක් මෙසේ විසඳන්නේ දැයි විශ්මයට පැමිණ සාදු නාද පවත්වමින් මුදුනෙහි ඇදිලි බැඳ සිටියාහ.

මෙසේ පස් පැනයක් බුදුන් විසඳූ කල තුබූ දෙපැනය පිලිවිස්නාවූ අජිත මානව තෙමේ,

  • “අපගේ ආචාර්යවරයා “මුදුන්” නම් කිමෙක්දැයි විචාරන්නේය.
  • “මුදුන් පැලීම” නම් කුමක් වන්නේදැයි විචාරන්නේය.
    එයද කියනු මැනව යි සිතීය.

එසඳ බුදුරජානන් වහන්සේ
“අවිද්‍යාව සංසාරයාගේ හිස වන බැවින් “මුදුන” වන්නේය.
අර්හත්වයට පැමිණීමෙන් ඒ අවිද්‍යාව කැඩී යන හෙයින් “මුදුන් පැලීම” නම් වන්නේයැයි වදාළ සේක. ඒ  බුදුන්ගේ ප්‍රශ්න විස්සර්ජනයෙන් අතිශයෙන් පහන්වූ  අජිත මානව තෙමේ අන්දුන් දිවි සම එකස්කොට පොරවා “ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස ! අපගේ ආචාර්ය බාවාරි බමුණු තෙම සතුටු සොම්නස්ව ශිෂ්‍ය සමුහයා සමග ඔබ වහන්සේ ගේ ශ්‍රී පාදයන් මෙසේ වඳනේය”යි  ආචාර්යයාගේ වැඳීම මෙන්බුදුන්ගේ ශ්‍රී පාදයෙහි හිස තබා වැන්දේය. එසඳ භාග්‍යවතුන් වහන්සේ ඇදුරාටත්  ඔහුටත් ආශිර්වාද කරන සේක්

“සුඛිනෝ බාවරී හොතු –
සාහසි සෙස්සෙහි බ්‍රාහ්මනෝ

  ත්වඥාපි සුඛිතා භෝහි –
චිරන් ජීවහි වානව

. යනාදී සෙයින් :ශිෂ්‍යන් සහිත වූ බාවාරි බමුණු තෙම  සුවපත් වේවා ! මානවකය තොපද සුවයෙන් බොහෝ කල් ජීවත් වේවා”යි ආශිර්වාස කළ සේක.

ඉක්බිති අජිත මානව තෙමේ පැන පිලිවිසීමට අවසර ඉල්ලු  කල භාග්‍යවතුන් වහන්සේ ,
“අජිතය! බාවාරිගේ වුව මැනව, තොපගේ වුව මැනව, යම් සැකයක් වී නම් ඒ පිලිවිස්ව” යි වදාළ  කල්හි හෙතෙමේ භාග්‍යවතුන් වහන්සේට වැඳ අවසරගෙන එකත් පසෙක හිඳ , 

කෙනස්සු නිවුතෝ ලොකො –
කෙන්සස්සු නප්පකාසති,

කිස්සති ලෙපනං බ්රුහි –
කින්සු තස්ස මහබ්හයන්

ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස ! කුමකින් ලෝකයා වැසුනේද?
මේ ලෝකයා අලවන්නාවූ ලාටුව කුමක් වන්නේද?
මේ ලෝකය කුමක් හේතු කොට ගෙන ප්‍රකාශ නොවන්නේද?’
කුමක් නම් බය එලවන්නේද?”

යනුවෙන් විචාල කල්හි එය විසඳා වදාරන්නාවූ භාග්‍යවත් බුදුරජානන් වහන්සේ 

“අවිජ්ජාය නිවුතෝ ලෝකෝ –
වෙවිච්චා පමාදා නප්පකාසති,

ජප්පාභී ලේපනන් බ්‍රුමි –
දුක්ඛ මැස්ස මහබ්භයන්,

යනුවෙන් 

“අජිතය ! මේ ලෝකයා දුකය, දුකහට ගැනීමට හේතුවය, දුක නැති ක්කිරිමය, දුක නැති කිරීමේ මාර්ගය ය ” යන මේ සිව් කරුණු නොදැනීම නිසා අවිද්‍යාවෙන් වැසුනේය.
මාත්සර්යය හේතුවෙන් හා ප්‍රමාදය හේතුවෙන් මේ ලෝකයා ප්‍රකාශ නොවන්නේය. මෙහි මාත්සර්යය දානාදී කුශලයන්ගෙන් ප්‍රකාශ වන්නට ඉඩ නොදෙන්නේය. ප්‍රමාදය ශිලාදී ගුණ ධර්මයන් ගෙන් ප්‍රකාශ වන්නට ඉඩ නොදෙන්නේය.

මේ ලෝකයා අලවන්නාවූ ලාටුව නම් කාම තෘෂ්ණාවය, හව තෘෂ්නාවය, විභව තෘෂ්නාවය යි කියන ලද ත්‍රිවිධ වූ තෘෂ්ණාව වන්නේය.
මේ ලෝකයාහට ඇත්තාවූ දුක නම් ජාති දුක්ඛය, ජරා දුක්ඛය, මරණ දුක්ඛය, ශෝක දුක්ඛය, පරිදේව දුක්ඛය, දුක්ඛ දුක්කය, දෝමනස්ස දුක්ඛය , උපායාස දුක්ඛය, අප්පිය සම්පොයෝග දුක්ඛය, පිය විප්පයෝගදුක්ඛය, කැමැති දේ නොලැබීමේ දුක්ඛය, පංච උපාදානස්කන්ධය යනාදී දුක් රැස මහත්වූ  භය පිණිස වන්නේය යි වදාළ සේක.

මේ ප්‍රශ්න විසඳීමෙන් ප්‍රසන්න වූ අජිත මානවක තෙමේ නැවතත් පැනයක් අසනුයේ:-

“සවන්තිසබ්බධි සොතා –
සොතානන් කිං නිවාරන නං ,
සොතානන්  සන්වරන් බ්රුහි  –
ඛෙන   සොතා  පිතියරේ.

“ස්වාමිනි !  භාග්යවතුන් වහන්ස !
රූපාදි ආයාතනයන්හි කාමාදී නදීහු ගලා බස්නාහ.
ඒ කාමාදී නදීන්ගේ වැලැක්වීම කුමක්ද?
ඒ ගංගාවන්ගේ වලක්වීම් සංඛ්‍යාත සංවරය වදාළ මැනව,
කුමකින් ඒ ගංගාවන් වැසිය හැකි වන්නේදැ? “යි  ඇසු කල්හි බුදු රජාණන් වහන්සේ ඒ ප්‍රශ්නයද විසඳා වදාරණසේක්:-

“යානි සොතානි ලොකස්‌මිං –
සති තේසං නිවාරනං,
සොතාණන් සංවරන් බ්‍රුමි-
පඥායෙතේ පිතියරේ ”

“අජිතය ! ලෝකයෙහි යම් ශ්රෝතයෝ වෙත් නම් ඔවුන්ගේ නිවාරණය විදර්ශනාවෙන් යුත් කුසලා කුශල  ධර්මයන්ගේ ගති දැනගන්නාවූ සිහිය වන්නේය.
ඒ උතුම් වූ සිහිය කාමාදී ගංගාවන්ගේ වැළක් වීම  සංඛ්‍යාත සංවරය වන්නේය.
රුපාදී ආරම්මනයන්ගේ අනිත්‍යතාවය මෙනෙහි කිරීමෙන් ලබන්නාවූ ප්‍රඥාවෙන් ඒ කාමාදී ශ්‍රොතස්  වැසිය හැකි වන්නේය “යි වදාළ සේක. මෙසේ විසඳා වදාළ එම එම ප්‍රශ්නයෙන්ද අතිශය ප්‍රසාදයට පත් අජිත මානව තෙමේ නවත්ත විචාරනුයේ :- 

“පඥච සතිචේච –
නාම රුපංච මාරිස,
ඒතන් මේ පුට්ඨෝ පබ්‍රුහි –
කත්තේතන උපරිජ්ජති.”

“භාග්‍යවත් බුදු රජාණන්වහන්ස ! ප්‍රඥාවද සිහියද, නාම රුපයන්ද කුමකින් විනාශ කළ හැක්කේද යන්න මා හට වදාළ මැනව” යි කීය. 

එයට පිළිතුරු දෙන්නාවූ භාග්‍යවතුන් වහන්සේ :-

“ය මෙතන් පඥහං අපුච්හි – අජිත තo වදාමි නතේ.,
යත්ථ නාමන්ච රුපංච – අසේසන් උපරිජ්ජති,
විඥානස්ස නිරෝධෙන එතෙතන් උපරුජ්ජති ”

“අජිතය !යම් තැනෙක්හි නාමයත් රූපයත් සර්වප්‍රකාරයෙන් නැසුනේ වෙත්ද, විඥානගේ නිරුද්ධ වීමෙන් මේ සියල්ල විනාශවන්නේය” යි වදාළ සේක.  ඒ ඇසු අජිත මානව තෙමේ නැවතත් විචාරණුයේ :-

“යෙච සංඛ්‍යාත ධම්ම සේ –
යෙච සේඛා පුථු ඉධ,

තේසං මේ නිපකො ඉරියන් –
පුට්ඨෝ පබ්‍රුහි මාරිස “
 

යි යනුවෙන්
“නිදුකානන් වහන්ස  ! අනිත්‍යාදී වශයෙන් විමසා දැන ගන්නා ලද ධර්මය ඇති රහතුන් වහන්සේ ද එම අර්හත්වයෙන් නික්මෙන්නාවූ සේඛයන් වහන්සේද යන වීර්ය වඩන්නාවූ  පණ්ඩිතයන්ගේ ප්‍රතිපත්තීන් කවරේදැයි මාහට වදාළ මැනව” යි කී කල්හි එයට පිළිතුරු වදාරන්නාවූ භාග්‍යවතුන් වහන්සේ :-

කාමේසු නාභි ගිජ්ජෙය්ය –
මනසා නාවි ලොසියා,

කුසලෝ සබ්බ ධම්මානං-
සතො භික්ඛු පරිබ්බජේ”

යි  යනුවෙන්

” ඒ පණ්ඩිත තෙමේ ක්ලේශ කාමයන්හි නොඇලී,
සිතින් සියළු සංස්කාර ධර්මයන් අනිත්‍ය බව මෙනෙහි කරමින්, කායානුපස්සනාදී කර්මස්ඨානහි සිහිය පිහිටුවා
භික්ෂුත්වයට පැමිණ හැසිරෙන්නේය” යි වදාළ සේක.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනොවට දේශනා කරන ලද ධර්මය ඇසු අජිත මානව තෙමේ තම අතවැසි දහසක් දෙනා හා සමග සව් කෙලෙසුන් නසා අර්හත්වයට පැමිණියේය. ඒ සියල්ලෝම බුදුන් වෙතින් ඒහි භික්ෂු භාවයෙන් පැවිදි උපසපන් ලැබුහ. මේ අජිත තෙරුන් වහන්සේ වනාහි අසු මහා සව්වන් අතර එක තෙර නමක් වුහ.

sinhalasangha.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.