KN 05-01 උරග වර්ගය

click above for audio

KN 05-01-01. උරග සූත්‍රය

§ 1. ගත පැතිරුණ සර්ප විෂය බෙහෙතින් හරනා සේ යමෙක් සිත උපදීන්නාවූ ක්‍රෝධය දුරුකෙරේද?
ඔහු පරණවූ සැවය හරණ සර්පයා මෙන් සසර දුකින් වෙන් වන්නේමය.
යමෙක්, විල හටගත් නෙළුම් මල් මෙන් අල්ලාගෙන රාගය ඉතිරි නොකොට සිඳීද,
ඒ මහණතෙම දිරුණු සැවය හරනා සර්පයා මෙන් සසර එතෙර මෙතෙර හරනේය.

§ 2. යමෙක්, පැතිර සිටි වේගයෙන් දිවෙන තෘෂ්ණාව සම්පූර්ණයෙන් ඉතිරි නොකොට සින්දේද,
ඒ මහණතෙම සර්පයා දිරුණාවූ පුරාණවූ සැවය මෙන් (සසර) එතෙර මෙතෙර හරනේය.

§ 3. යමෙක් මහවතුර ඉතා දුර්වලවූ බව දන්ඩෙන් කළ ගෙයක් ගෙනයන්නාක් මෙන් මානය ඉතුරු නොකොට නැසීද
ඒ මහණතෙම දිරුණාවූ පුරාණ සැවය (හරනා) සර්පයා මෙන් (සසර) එතෙර මෙතෙර දුරු කරන්නේය.

§ 3. Xx යමෙක් දිඹුල් රුක්වල මල් සොයන්නාක් මෙන් භවයන්හි සාරයකට නොපැමිණේද
ඒ මහණතෙම සර්පයා දිරුණාවූ පුරාණවූ සැවය මෙන් (සසර) එතෙර මෙතෙර දුරුකරන්නේය.

§ 4 යම් භික්ෂුවක්හුගේ සිත්හි ක්‍රෝධයෝ නැත්තේද, මෙසේ වීම හා නොවීමද ඉක්මවීද, ඒ මහණ පුරාණවූ සැවය හැරයන සර්පයාමෙන් (සසර) එතර මෙතර අත්හරී.

§ 5 යම්, භික්ෂුවත්හුගේ නවවිධ විතර්කයෝ සම්පූර්ණයෙන් දවන ලද්දාහුද සිතද සම්පූර්ණයෙන් මනාව සින්දේද ඒ මහණ තෙම සැවය හැරයන සර්පයා මෙන් (සසර) එතෙර මෙතෙර අත්හරී.

§6 යමෙක් ඉතා දිවීම නොකරන්නේ පසු නොබසින්නේ මේ සියලු ප්‍රමාදය, (තෘෂ්ණාව) ඉක්ම ගියේද ඒ මහණතෙම සර්පයා සැවය හැර යන්නා මෙන් එතෙර හා මෙතර අත්හරී.

§ 7. යමෙක්, ලොව මේ සියල්ල බොරුයයි දැන් ලෝභ පහ කළේද, ඉතා දිවීම නොකරේද, පසු නොබසින්නේද,
ඒ මහණතෙම සර්පයා සැවය හැර යන්නා මෙන් (සසර) එතෙර මෙතෙර හැරයයි.

§ 8 යමෙක් අතිධාවනය නොකෙරේද, නොපසුබසීද, යම් සියලු දෙය බොරුයයි පහවූ ලෝභ ඇත්තේද ඒ මහණ තෙම සැවය හැර යන සර්පයා මෙන් (සසර) එතෙර මෙතෙර හරණේය.

§ 9 යමෙක් අතිධාවනය නොකෙරේද?
නොපසුබසීද මේ සියලු යමෙක් අතිධාවනය නොකෙරේද?
නොපසුබසීද මේ සියලු දෙය බොරු යයි පහවූ රාග ඇත්තේද,
ඒ මහණ තෙම සැවය හැරයන සර්පයා මෙන් (සසර) එතෙර මෙතෙර හරනේය.

§ 10. යමෙක් අතිධාවනය නොකෙරේද, නොපසුබසීද, මේ සියලු ලෞකික දෙය බොරුයයි පහවූ ද්වේෂ ඇත්තේ වේද, ඒ මහණතෙම සැවය හැර යන සර්පයා මෙන් (සසර) එතෙර මෙතෙර හරනේය.

§ 11. යමෙක් අතිධාවනය නොකෙරේද නොපසුබසීද, මේ සියලු දෙය බොරුයයි පහවූ මෝහ ඇත්තේ වේද, ඒ මහණතෙම සැවය හැර යන සර්පයා මෙන් (සසර) එතෙර මෙතෙර හරනේය.

§ 12. යමකුට කිසිම ක්ලෙශයක් නැත්තේද, අකුසල් මූලයෝ මොනවට නසන ලද්දෝ වෙත්ද, ඒ මහණතෙම සැවය හැරයන සර්පයා මෙන් (සසර) එතෙර මෙතෙර අත්හරියි.

§ 13. යමකුට මෙතෙරට ඒමට කරුණුවූ (සිතේ කයේ) වෙහෙසක් නැත්තේද ඒ මහණ සැවය හැරයන සර්පයා මෙන් සසර එතෙර මෙතෙර අත්හරියි.

§ 14. යම් භික්ෂුවක්හුගේ තෘෂ්ණාවෙන් උපන් භවයෙහි උත්පත්තියට කාරණවු කිසි පවක් නොවේද ඒ භික්ෂුව සැවය හැරයන සර්පයකු මෙන් (සසර) එතෙර මෙතෙර හරනේය.

§ 15. යමෙක් නීවරණ පස ප්‍රහීන කොට නිදුක්වූයේ සැකයෙන් එතෙරවූයේ පහව ගිය හුල් ඇත්තේද ඒ මහණතෙම සැවය හැරයන සර්පයා මෙන් (සසර) එතෙර මෙතර අත්හරියි.” 

KN 05-01-02. ධනීය සූත්‍රය

§1. පැසුණු බත් ඇති, දොවූ කිරි ඇති මම මහාමහි නදියේ ඉවුර සමීපයෙහි සමානවූ ජනයා හා වසන්නේ වෙමි.
මාගේ සැළ සෙවිලි කරණලදී. ගින්න මොළවන ලද්දේය.
වළාකුල දැන් ඉදින් කැමැත්තෙහි නම් හොඳට වසින්න යයි ධනිය ගොපල්ලා කීයේය.

§2. “ධනියය! මම ක්‍රොධ රහිත වූයෙමි. සිත්හි පහවූ උල් ඇත්තේ වෙමි. මහීනදියගේ තෙර සමීපයෙහි රාත්‍රියේ තනි වාසය ඇත්තෙමි. අරින ලද පැල (ආත්මය) ඇත්තෙමි. (රාගාදී) ගිනි නිවුණේය, දැන් ඉදින් කැමැත්තෙහි නම් මෙඝය වසීවයි කීමට මම ම නිසි ය”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

§ 3 “කණ මැස්සන් හා මදුරුවන් නැත්තාහුය. නදිය අසබඩ හටගත් තන ගවයෝ කති.
පැමිණි වැස්ස ඉවසන්නාහුය.
වලාකුළ දැන් ඉදින් කැමැත්තෙහි නම් වසින්න යයි (ධනිය ගොපල්ලා කීයේය.)

§ 4. “(මාර්ග නැමැති) පසුර බඳිනා ලද්දීය.
එතෙර වූයේ පරතෙර ගියේ, වතුර පහර හික්මවන්නේය,
(මාර්ග නැමැති) පසුරෙන් ප්‍රයෝජනයක් නැත.
එසේ හෙයින් දැන් ඉතින් කැමැත්තෙහි නම් වැස්ස වසින්න යයි” භාග්‍යවතුන් වහන්සේ වදාළහ.)

§ 5. “මාගේ ගොපලු භාර්යාව කීකරුය. ලොල්බව නැත්තීය.
බොහෝ කලක් මුළුල්ලෙහි සමග වසන්නීය. මන වඩන්නීය.
ඇගේ කිසි පාපයක් නොඅසමි.
දැන් ඉතින් කැමැත්තෙහි නම් වැස්ස වසින්නයයි” (ධනිය ගොපල්ලා කීයේය.)

§ 6 “(ධනියය) මාගේ සිත කීකරුය. මිදුනේය.
බොහෝ කලක් වඩන ලදී. මොනොවට දමනය කරණ ලදී.
මට පවක් නැත්තේය. දැන් ඉදින් කැමැත්තෙහි නම් වැස්ස වසින්න යයි” බුදුහු වදාළහ.

§ 7. “මම මා සතු බත් වැටුපෙන් රැකෙන්නෙමි මාගේ දරුවෝද එක්ව වසත්. නිරෝගය.
ඔවුන්ගේද කිසි පාපයක් නොඅසමි.
එසේ හෙයින් දැන් ඉතින් කැමැත්තෙහි නම් වැස්ස වසින්න යයි” (ධනීය ගොපල්ලා) කීයේය.).

§ 8. “මම කාගේවත් බැලයෙක් නොවෙමි. මම සියලු ලෝකයෙහි බැලකමින් තොරවැ හැසිරෙමි.
බැලයෙන් ප්‍රයොජනයක් නැත්තේය.
වැස්ස ඉදින් කැමැත්තෙහි නම් වසින්නයයි’ භාග්‍යවතුන් වහන්සේ වදාළහ.)

§ 9. “මාගේ ගව මුලෙහි නාඹු වස්සෝද ඇත්තාහ, කිරිබොන ලමා වස්සෝද ඇත්තාහ, ගැබ දරණ දෙන්නුද ඇත්තාහුය, නැවත මෙවුන්දම් පතන දෙන්නුද ඇත්තාහ. තවද ගවයන්ට නායකවූ වෘෂභයාත් මෙහි ඇත. වැස්ස ඉදින් ඔබට වුවමනා නම් වහින්න යයි” (ධනිය ගොපල්ලා) කීයේය.

§ 10. (“ධනියය) අපගේ සස්නෙහි වසයයි කියනලද වඩින කෙළෙස් නැත.
ධෙනුපා නම් නිදන කෙලෙස්ද නැත.
ගොචරණි යයි කියන කර්ම අකුශල නැත
නැවත පවෙණියයි කියන ලද භව තෘෂ්ණාද නැත.
නැවත ගවපති වෘෂභ නම්වූ අභිසංස්කාර විඥාණය නැත.
වැස්ස ඉදින් ඔබට වුමනා නම් වහින්නයයි” (බුදුහු වදාළසේක.)

§ 11. “ගවයන් බඳිනා කණු සාරා පිහිටුවන ලද්දාහු නොසෙලවේ.
මුදු තණ කොළින් කරණ ලද ලනු අළුත්ය.
මනා පිහිටීම් ඇත්තාහ. තරුණ වස්සෝත් කඩන්නට නොම හැක්කෝය.
දැන් ඉදිත් කැමැත්තෙහි නම් වසින්නයයි (ධනිය කීයේය.)

§ 12. “මම වෘෂභයා බැඳුම් මෙන් කඩාගෙන
ඇතා කීඳි වැල මෙන් කඩාගෙන
නැවත මව් ගැබට නොපැමිණෙමි.
දැන් ඉදින් කැමැත්තෙහි නම් වළාකුළ වසින්න යයි” (බුදුහු වදාළෝය.)

§ 13 එකෙණෙහි වලද ගොඩද පුරමින් මහත්වූ මෙඝයෙක් වැස්සේය.
වස්නාවූ මෙඝයාගේ ශබ්දය අසා ධනිය තෙම මේ අදහස පැවසීය.

§ 14. “පුදුමයෙකි, යම්බඳුවූ අප හැම භාග්‍යවතුන් දකුමෝද ඒ අප හැමදෙනාට මහත් ලාභයෙකි. ඇස් ඇත්තානෙනි, නුඹ වහන්සේ සරණ යමි. මහාමුනිවරය, ඔබ අපගේ ඇදුරා වෙහිය.”

§ 15. “ගොපියද මමද යන දෙදෙන කීකරුව සුගතයන් වහන්සේගේ සමීපයෙහි බ්‍රහ්මචර්යාව හැසිරෙමු. ජාතියගේ හා මරණයාගේ පරතෙර ගිය දුක අවසන් කරන්නෝ වෙමු.

§ 16. “දරුවන් ඇති පියා දූ දරුවන් සමග සතුටු වෙයි.
ඒ දරුවන් ඇත්තහු සතුටු වන්නේය.
එසේ ම බොහෝ ගවයන් ඇති ගව හිමියා ගවයන් නිසා සතුටු වන්නේය.
කම් සැප රිසි මනුෂ්‍යයා කාමාදියෙන් සතුටුවේ.
කාමාදින් අත්හළ තැනැත්තේද සතුටු නොවන්නේමය” (මාරදිව්‍ය පුත්‍රතෙම කීය.)

§ 17. “බොහෝ දරුවන් ඇති පියා දූන් හා පුතුන් නිසා ශොක කරන්නේය.
එසේම බොහෝ ගවයන් ඇත්තා ගවයන් කරණ කොටගෙන සොක කරන්නේය.
කාමුපධිහු මනුෂ්‍යයා නිබඳව ශොක කරවත්,
එනිසා යමෙක් උපධි අත්හැරියේ ද හෙතෙම ශොක නො කරත්යයි” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

KN 05-01-03. ඛග්ග විශාණ සූත්‍රය

§ 1. සියලු සත්වයන් කෙරෙහි මෙත් සිතින් උන් පෙලන පහරන දඬු මුගුරු අත් හැර ඒ සියලු සතුන්ගෙන් එකෙකුට වත් වෙහෙස නොකරන්නේ තනිවූයේ එක පුත්‍රයෙකුත් නොකැමැති වන්නේය. යහළුවකු කොයින්ද හුදකලාවූයේ “කගවේනාගේ අඟ හා සමානව හැසිරෙන්නේය.

§ 2. “කයින් සිතින් උපන් එකතුවීම් බව ඇත්තාහට බලවත් රාගය වන්නේය. ස්නෙහය අනුව යන මේ දුක වන්නේය. නොහොත් සංසර්ගය ඇත්තාහට රාගය උපදනේය. ඒ ස්නේහය අනුව ගිය මේ දුක උපදනේය. රාගයෙන් උපන් දොෂය නුවණැසින් දක්නේ ඔහු “කගවේනාගේ අඟ හා සමානව හැසිරෙන්නේය.

§ 3. මිත්‍රවූ සිතට ප්‍රියවූ හැමදෙනා කෙරෙහි දයා පවත්වන්නේ, පිළිබඳ සිත් ඇත්තේ යහපත නසන්නේය. මේ භය, මිත්‍ර සන්ථවයෙහි දක්නේ, ඔහු “කගවේනාගේ අඟ හා සමානව හැසිරෙන්නේය.

§ 4. යම්සේ හුණපඳුර විශාලවූයේ අවුල්වූයේ උස්ව සිටියේද එසේම පුතුන් දූන් කෙරෙහිද අඹුවන් කෙරෙහිද යම් තෘෂ්ණාවෙක් ඇද්ද, ඒ තෘෂ්ණා තොමෝ හුණගොබය මෙන් නොඇලුනේය, ඔහු “කගවේනාගේ අඟ හා සමානව හැසිරෙන්නේය.

§ 5. “නොබඳනාලද පසද මෘගතෙම උයන්හි ගොදුරු පිණිස යම් දිශාභාගයකින් අභිමත දිශාභාගයකට යනු කැමැත්තේද, ඒ දිශාභාගයෙන් යම්සේයේද, එපරිද්දෙන් තනිව හැසිරීම නුවණැසින් දක්නා පණ්ඩිත පුරුෂතෙම, ඔහු “කගවේනාගේ අඟ හා සමානව හැසිරෙන්නේය.

§ 6. “යහළුවන් මැද සිටියහුගේද, දහවල් ශයනය කරන්නහුගේ ද උපස්ථාන කරණ තැන හුන්නහුගේද යමින් සිටියහුගේද චාරිකාවෙහි යන්නහුගේද මෙය අසව යනාදී ඇමතීම් වන්නේය. ආශා රහිත බවද තනිව හැසිරීම්ද නුවණැසින් දක්නේ හුදකලාවූයේ,ඔහු “කගවේනාගේ අඟ හා සමානව හැසිරෙන්නේය.

§ 7. “යහළුවන් මැදදී ක්‍රීඩාවද, පස්කම්හි ඇල්මද වන්නේය. දූ පුතුන් කෙරෙහි බොහෝවූ ප්‍රේමයද වන්නේය. ප්‍රිය විප්‍රයොගයට පිළිකුල් කරන්නේ, ඔහු “කගවේනාගේ අඟ හා සමානව හැසිරෙන්නේය.

§ 8. “හීන ප්‍රණීත චතුර්විධ ප්‍රත්‍යයෙන් සතුටු වන්නේද බ්‍රහ්මවිහාර වඩන සිවුදිග ඇත්තේ, ගැටීමක් නැත්තේවේද, හෙතෙම උපද්‍රවයන් ඉවසන්නේත්වේද, තැතිගැන්මක් නැත්තේද, වේද, ඔහු “කගවේනාගේ අඟ හා සමානව හැසිරෙන්නේය.

§9. “සමහර පැවිදිවූවෝද නැවත ගිහිගෙයි නිවසන ගෘහස්ථයෝද, සංග්‍රහකොට හැක්කේය. අනුන්ගේ දරුවන් කෙරෙහි සංග්‍රහකිරීමට නිරුත්සාහව, ඔහු “කගවේනාගේ අඟ හා සමානව හැසිරෙන්නේය.

§ 10. “ගිහි බව ප්‍රකාශ කරණ හිසකේ රවුළු ආදී ගිහිවෙස් පහකොට වැටුනු පත්‍ර ඇති කොබෝලීල ගසක් මෙන් ගිහීන්ට බන්ධනවූ පඤ්චකාම බන්ධනයන් සිඳ වීර්යයෙන් යුක්තවුයේ, ඔහු “කගවේනාගේ අඟ හා සමානව හැසිරෙන්නේය.

§ 11. “වීර්ය ඇති එක්ව වසන සබඳයකු ඉදින් ලබන්නේ නම්, සියලු උපද්‍රවයන් මැඩගෙන ඒ සහාය ලාභයෙන් සතුටුවූයේ සිහියෙන් හැසිරෙන්නේය.

§ 12. වීර්ය ඇති එක්ව වසන සබඳයකු ඉදින් නොලැබෙන්නේ නම් විරුද්ධ රජකු විසින් ජයගන්නාලද රට හැර යන රජෙකු මෙන් අසහායවූයේ ඔහු “කගවේනාගේ අඟ හා සමානව හැසිරෙන්නේය.

§ 13. “එකාන්තයෙන් යහපත් සහායයන් ලැබීමට ස්තුති කරම්හ. තමහට වඩා ගුණයෙන් උසස්වූද සමවූද සබඳහු සෙවිය යුත්තෝය. මේ විප්‍රකාර සහායයන් නොලැබ දැහැමින් සෙමෙන් උපන් භොජනය වළඳන කුලපුත්‍රතෙමේ අසහායවූයේ,ඔහු “කගවේනාගේ අඟ හා සමානව හැසිරෙන්නේය.

§ 14. “රන්කරු පුතු විසින් මොනවට කරණලද දෑතෙහි ගැටෙන්නාවූ බබලන සුළුවූ රනින් කළ සම්බන්ධවූ වළලු දැක කීපයක් ඇතිතැන ගැටීමත් එකක් ඇති තැන නොගැටීමත් සිතා පසේබුදු වීමි. මා සේ වනු කැමැත්තෝ, ඔහු “කගවේනාගේ අඟ හා සමානව හැසිරෙන්නේය.

§ 15.“දෙවැන්නකු සමග බොහෝ කථාකිරීමද ස්නෙහයෙන් ඇල්මද යන මේ භය මත්තෙහි වන්නේයයි නුවණැසින් දක්නෙම් (පසේබුදු වීමි) අසහායව, ඔහු “කගවේනාගේ අඟ හා සමානව හැසිරෙන්නේය.

§ 16. “රූපාදී වස්තුකාමයෝ වනාහී අනෙක ප්‍රකාරවූවෝ මියුරුවූවෝ සිත අලවන්නෝ නීලාදී විවිධ ස්වරූපයෙන් බාලපුහුදුන්ගේ සිත මඩිති. මා සේ වනු කැමැති කුලපුත්‍රතෙම පස්කම්ගුණ විෂයෙහි අගුණ නුවණැසින් දැක අසහායව, ඔහු “කගවේනාගේ අඟ හා සමානව හැසිරෙන්නේය.

§ 17. “මාගේ පඤ්චකාම ගුණජාතය දුක් එළවන විපතකැයිද, ගෙඩියකැයිද, උපද්‍රවයයයිද, රොගයයයිද, හුලයයිද යන මේ භය අවබෝධ කෙළෙමි. පඤ්චකාම ගුණයේ මේ බිය දැක මා සේ වනු කැමති අර්ථකාමී කුලපුත්‍ර තෙමේ අසහායව, ඔහු “කගවේනාගේ අඟ හා සමානව හැසිරෙන්නේය.

§ 18. “අභ්‍යන්තර බාහිර ධාතු කිපීමෙන් වන සීතයද උෂ්ණයද සාදුක්ද පිපාසා දුක්ද සුලංද අව්වද, ඩැහැලේ බොන මැස්සන් හා දීර්ඝජාතීන්ද මේ සියලු දුක් අභිභවනයකොට ගෙන විදසුන්වඩා පසේබුදු වීමි. අනිකුත් මා සේ වනු කැමති කුලපුත්‍රතෙමේ, “සුවසේ විසීම නිසා මනා ශරීර ඇති පියුම් පැහැති උදාරවූ ඇතු යම්සේ ඇත් රංචුව හැර කැමති පරිදි වනයෙහි වසන්නේය, හුදකලාවූ,ඔහු “කගවේනාගේ අඟ හා සමානව හැසිරෙන්නේය.

§ 19. “ජනසමූහයා කෙරෙහි ඇලුනහුගේ ලෞකික සමාපත්තියට පැමිණීමවෙයි, යන යම් කාරණයක් ඇද්ද, එය නොසිදුවේය යන ආදිච්චබන්ධු බුදුන්ගේ මේ වාක්‍යය අසා සංගණිකායෙහි ඇලුම් හැර පසේ බුදුවීමි. මා සේ වනු කැමති කුලපුත්‍ර තෙමේ ඔහු “කගවේනාගේ අඟ හා සමානව හැසිරෙන්නේය.

§ 20. “විදින අර්ථයෙන් දෘෂ්ටි සංඛ්‍යාත නපුරුකටුව ඉක්මවූයෙමි. සොවාන් මාර්ගයට පැමිණියෙමි. ලබන ලද ඉතිරි මාර්ගතුන ඇත්තෙමි. උපන්ඵල ඥාන ඇත්තෙම් අනුන් විසින් නොපැමිණ වියයුතුවූයේ අනික් දතයුතු ධර්මයක් නැත්තෙම් වෙමි. මා සේ වනු කැමති කුලපුත්‍රතෙමෙ, ඔහු “කගවේනාගේ අඟ හා සමානව හැසිරෙන්නේය.

§ 21 .“රස තෘෂ්ණාවට ලොල්නුවූයෙමි. කුහක නොවූයෙමි. පිපාසානැත්තෙමි. මකුගුණය නැත්තෙමි නසනලද කෙලෙස් කසට හා මෝහය ඇත්තෙමි. සියලු ලොව භව විභව තෘෂ්ණා නැතිව පසේබුදුවීමි. (අන්‍යයාත්) ඔහු “කගවේනාගේ අඟ හා සමානව හැසිරෙන්නේය.

§ 22. “පාපයෙන් යුක්තවූ අනර්ථය දක්වන කාය දුශ්චරිතාදී විසම දෙයෙහි ගැලුන යහළුවා විශේෂයෙන් දුරුකරන්නේය. රූපාදියෙහි ඇලුනු පමාවූ ඔහු ආශ්‍රය නොකරන්නේය. එකාන්තයෙන් ඔහු “කගවේනාගේ අඟ හා සමානව හැසිරෙන්නේය.

§ 23. “පර්යාප්ති ප්‍රතිවෙධ ධර බහුශ්‍රැතවූ, ධර්මය ශ්‍රැත වශයෙන් ප්‍රතිවෙධ වශයෙන් දරණ, උදාරවූ වැටහීම් නුවණ ඇති කල්‍යාණ මිත්‍රයා භජනය කරන්නේය, මෙලොව පරලොව හා පරමාර්ථයන් දැන සැක නසා, ඔහු “කගවේනාගේ අඟ හා සමානව හැසිරෙන්නේය.

§ 24. “ලෝකයෙහිවූ ක්‍රීඩාද ඇල්මද රූපාදී කම්සැපයද සාරයයි නොගෙන ආලය නැත්තේ සැරහීමෙන් දුරුවූයේ සත්‍යය කියන සුළුවූයේ, ඔහු “කගවේනාගේ අඟ හා සමානව හැසිරෙන්නේය.

§ 25. “දරුවන්ද භාර්යාවන්ද පියාණන් හා මෑණියන්ද දශවිධ රත්නයන්ද ධාන්‍යයන්ද බන්ධූන්ද සීමා වශයෙන් සිටියාවූ වස්තුකාමයන් හැර හුදකලාවූයේ, ඔහු “කගවේනාගේ අඟ හා සමානව හැසිරෙන්නේය.

§ 26. “මේ උපභොගවූ පඤ්චකාමය එරෙන තැනකැයිද, මේ පස්කම්හි සැපය යන සැනසීම ස්වල්පයයිද පඤ්චකාම අරමුණුකොට ඇති සතුට ස්වල්පයයිද දුක බොහෝයයිද මේ පඤ්චකාමය විලියෙකැයිද නුවණැති පුරුෂතෙමේ දැන මේ සියල්ලහැර, ඔහු “කගවේනාගේ අඟ හා සමානව හැසිරෙන්නේය.

§ 27.“ගඟදියෙහිදී නූලෙන් කළ දැළ බිඳගෙන පලාගිය මත්ස්‍යයා මෙන් කාම සංයොජනයන් ඒ ඒ මගින් නිසිලෙස විශේෂයෙන් පලාහැර දවනලද ස්ථානයට නැවත නොඑන ගිනිමෙන් කාමගුණ ස්ථානයට නැවත නොඑන්නෙමි.

KN 05-01-04 . කසීභාරද්වාජ සූත්‍රය

§ 1 “සාන්නෙකැයි ප්‍රතිඥාකෙරෙහිය,
ඔබගේ කෘෂි භාණ්ඩ නොදකිමු.
අප විසින් විචාරණලදී.
යම්පරිද්දකින් ඔබගේ ඒ උපකරණ දැන ගන්නෙමුද කියනු මැනවි.

§ 2 .ශ්‍රද්ධාතොමෝ බිජුවටය, තපස වර්ෂාවය, මාගේ ප්‍රඥාව විය හා නඟුල්ය. ලජ්ජාව නඟුලිසය, සිත යොතය ස්මෘතිය මාගේ සීවැල හා කැවිටයි.

§ 3. “රක්ෂාකරණ ලද කාය සුචරිතය ඇත්තෙක්මි. වාක් සුචරිතය ඇත්තෙක්මි. සිවුපසෙහි ආහාරයෙහි සංයතයෙමි. සත්‍යයෙන් තෘෂ්ණා නැති කරමි. අර්හත්ඵල විමුක්තිය මාගේ මිදීමයි.

§ 4 . “මාගේ වියධුර ඉසිලීම් සංඛ්‍යාත (කායික චෛතසික) වීර්යය නිවන දක්වා පවතී. යම්තැනකට ගොස් ශෝක නොකෙරේද ඒ දක්වා නොනැවතී යයි.

§ 5. “මෙසේ මේ සීය (මා විසින්) සානලදී. ඒ සීය අමෘතඵල ඇතිවේ. මේ සීය සා සියලු දුකින් මිදේ.”

§ 6. “මා විසින් ගාථා කියා ලබනලද භොජනය වැළඳියයුතු නොවේ.
බමුණ, මනා දිවිපැවැත්ම දන්නාවූ බුදුවරුන්ගේ මේ ගී කියා වැළඳීම ධර්මය නොවේ,
බුදුවරයෝ ගී කියා ලැබූ භොජනය බැහැර කෙරෙත්.
බමුණ ආර්යධර්මය ඇතිකල්හි මේ ජීවිකා වෘත්තියයයි.

§ 7. “සියලු ගුණයෙන් සම්පූර්ණවූ මහර්ෂිවූ ආශ්‍රව කුකුස් සන්සිඳවූ ක්ෂිණාශ්‍රවයන් අන්‍යවූ ආහාරපානයෙන් උපස්ථාන කරව. රහත් සමූහයා වනාහි පින් කැමැත්තවුන්ට කෙතක් වෙයි.”

KN 05-01-05. 5. චුන්ද සූත්‍රය

§ 1. “මහත් ප්‍රඥා ඇති සම්‍යක් සම්බුද්ධවූ ධර්මස්වාමිවූ, තෘෂ්ණා පහකළ, දෙපා ඇත්තවුන්ට උතුම්වූ සාරථින්ටත් ඉතා උතුම්වූ, සර්වඥයන් වහන්සේ විචාරමි. සත්වලෝකයෙහි ශ්‍රමණයෝ කෙතෙක්ද, එසේ නම් වදාළ මැනවයි” චුන්දකර්මාර පුත්‍රතෙමේ කීයේය

§ 2. “චුන්දය, ශ්‍රමණයෝ සතරදෙනෙකි. පස්වන කෙනෙක් නැත්තේය. ඒ ශ්‍රමණයන් සතරදෙනා තට ඇස් හමුවෙහි විචාරණලද මම ප්‍රකට කෙරෙමි. යමෙක් වනාහි මාර්ගයෙන් කෙලෙස් නැසූ මාර්ගය දිනුවේනම් වේද? යමෙක් වනාහි අනුන් හට මාර්ගය කියන මාර්ග දෙශකද, යමෙක් වනාහි අවසන් නොකළ මාර්ගවාස ඇති බැවින් මාර්ගයෙහි ජීවත්වේද, යමෙක් වනාහි මාර්ගයට විරුද්ධ මිථ්‍යාදෘෂ්ටියෙන් යුක්ත බැවින් මාර්ග දුෂකද මේ සතර දෙනයයි” වදාළසේක.

§ 3 . “බුදුහු, කවරෙකුට මාර්ගජිනයයි කියත්ද? අසමාන මාර්ගදෙශකයා කෙසේවේද, මාර්ගයෙහි ජීවත්වන්නේ කෙසේද මා විසින් විචාරණලද, සර්වඥයන් වහන්සේ වදාරණසේක්වා ඉක්බිති මාර්ගදූෂකයා මට ප්‍රකාශ කරන්නැයි” චුන්දකර්මාර පුත්‍රතෙම කීය.

§ 4. “යමෙක්තෙම පහකළ සැකය ඇත්තේද දුරුවූ රාගාදී උල් ඇත්තේද, නිවන්හි ඇලුනේද, තෘෂ්ණා නොකෙරේද, දෙවියන් සහිතවූ සත්වලෝකයා නිවරණට පැමිණවීද, මාර්ගජිනයා ඔහු යයි කියත්.

§ 5 . “මේ ශාසනයෙහි යම් ක්ෂීණාශ්‍රව ශ්‍රමණයෙක් සියලු ධර්මයන්ට නිර්වාණය උතුම්යයි දැන නිර්වාණ ධර්මය හා මාර්ග ධර්මය මේ ශාසනයෙහිම යයි පහළ කෙරේද, කොටස් කෙරේද, කියාද, විස්තර වශයෙන් බෙදයිද, සැක සිඳින්නාවූ මුනිවූ තෘෂ්ණා රහිතවූ ඔහු මාර්ගදෙශකවූ දෙවන ක්ෂීණාශ්‍රව ශ්‍රමණයා යයි කියත්.

§ 6 . “යම් ශෛක්ෂ (රහත් ඵලය සඳහා හික්මෙන) ශ්‍රමණයෙක් හෝ සිල්වත් පෘථග්ජන ශ්‍රමණයෙක් ශීල සංවරයෙන් යුක්තවූයේ, සිහි ඇත්තේ, සත්තිස් බොධිපාක්ෂික ධර්මයන් සෙවුනේ නිර්වාණ ධර්මයට කාරණවූම යහපත්කොට දේශනා ලද මාර්ගයෙහි ජීවත්වේද, ඔහු තුන්වනුවූ මාර්ග ජීවශ්‍රමණ යයි කියත්.

§ 7. “බුදුපසේබුදු සව්වන්ගේ වෙශය ගෙන මමත් සඟ වෙමියි ශාසනයට වැදුනාවූ, කුලයන්ගේ ප්‍රසාදය නසන හික්මීමෙන් තොර කටයුතු ඇත්තේ රැවටිලි ඇත්තේ ශීල සංවරයක් නැත්තේ, බොල් වී ඇටයක් මෙන් ගුණයෙන් හිස්වූයේ බාහිර අලංකාරයෙන් යුක්තව හැසිරෙන්නාවූ ඒ පුද්ගලයා මාර්ගදුෂක ශ්‍රමණයාවේ

§ 8. “ශ්‍රැතවත්වූ ආර්යශ්‍රාවකවූ, ඤාණවන්තවූ, ගිහිගෙයි වසන යමෙක් ඒ මේ ශ්‍රමණයන් සතරදෙන දැනගත්තේද, මුලින් කී තුන්දෙනා මාර්ගදූෂීහු හා සමාන නොකොට මෙසේ දැන වසන්නාවූ ඒ ගිහිගෙයි වසන්නාගේ ශ්‍රද්ධාව පවුකරණ පාප භික්ෂූහු දැකත් නොනසී. පිරිසිදු මහණුන් තුන්දෙනා අපිරිසිදු නමින් පමණක් ශ්‍රමණයා හා කෙසේ වනාහි සම කෙරේද?”

KN 05-01-06. පරාභව සූත්‍රය

§ 0. මා විසින් මෙසේ අසන ලද්දෙමි.
සැවැත්නුවර ට නුදුරුව  අනාත පිණ්ඩික සිටුහු විසින් කල ජේතවනාරාමයේ භාග්‍යවතුන් වහන්සේ වැඩ වසන කල එක රාත්‍රීයෙක මුළු ජේතවනාරාමය ම එකළු කොට බබලවන ආලෝකය ඇතිකරමින් එක්තරා දේවතාවෙක්  භාග්‍යවතුන් වහන්සේ  අභියසට පැමිණ උන්වහන්සේ වන්දනා කොට එකත් පස්ව හිඳ මෙසේ ඇසීය.

“නිදුකාණන් වහන්ස !  මනුෂ්‍යයාගේ පරිහානියට හේතුවන කාරනා  ගෞතමයන් වහන්සේගෙන් අසා දැනගන්නා පිණිස ආවෙමු. එසේ මිනිසාගේ  පිරිහීමට හේතු පහදා දෙන සේක්වා යි” විචාළේය.

§1.  “දියුණුවන පුරුෂයා පහසුවෙන් දත හැකිය. එසේම පිරිහෙන මිනිසා ද පහසුවෙන්ම දත හැක. ධර්මකාමී ප්‍රතිපත්තිවල හැසිරෙන ධර්මයට රිසි මිනිසා දියුණු වේ. ධර්මයට නොරිසි  අධාර්මික පැවැත්ම ඇත්තා පිරිහීමට පත්වේ.
“මේ පිරිහීමට හේතුවන පළමුවන කාරණය වදාළ පරිද්දෙන්ම දනුම්හ”

§ 2 .“යමෙක් නපුරු අසත්පුරුෂයන්ගේ සමාගමයට රිසි වේද සත් පුරුෂයන් අප්‍රිය කරයිද , මිත්‍යා ධර්මයන් සත්‍ය සේ ගෙන ඒ  විස්වාස කරමින් ඒ  අනුව  හැසිරේද  ඒ පරිහානියට හේතුවන දෙවන කාරණාවයි.

§ 3.  නිතර නිදන්නට රිසි වේද ,  බොහෝ අය හා එක්ව  අවැදගත්   කතාවෙන් කල් හරීද,  වීර්ය නැතිව අලස වේද, ඉක්මනින් නුරුස්නා බවට පැමිණේද, තරහව නිතර ඇතිවන්නේද  ඒ පරිහානියට හේතුවේ.

§ 4 . මහළුව ගිය, අසරණ වූ තමාගේ මා පියන් පෝෂණය නොකරන්නේද ඒ  පරිහානියට හේතුවේ.

§ 5 .“ ශ්‍රමණ  බ්‍රහ්මනාදී පුජකයෙකු , හෝ තමාගෙන් යදිනා යාචකයෙකු ට බොරු කියා ඔවුන් ඉල්ලන උදව්වක් නොකර හිඳීම ද පරිහානියට හේතුවේ.” 

§ 6 . “බොහො ධනය ඇති,  රස මසවුළු බුදින්නා සිය සම්පත් නැත්තන් සමග බෙදා නොගනීද එයද එයද පිරිහීමට කාරණයකි ”

§ 7.  “යම් මිනිසෙක් සිය  ජාතිය කරණකොට, සිය ධනවත් කම කරන කොට, සිය කුලය කරනකොට මානය උපදවා  අනුන් පහත්කොට සලකයිද. උනට ගරහයි ද, එයද පිරිහීමට කාරණයකි ”

§ 8. “යමෙකු පර ස්ත්‍රීන් / පර පුරුෂයන්  සේවනය කෙරේද, එය පිරිහීමට කාරණයයි.

§ 9 . “යමෙකු සුරාබීමෙහි ලොල්වූයේද, දූ කෙළියෙහි යෙදෙමින් සිය වස්තුව නසාද, එයද පිරිහීමට කාරණයකි ”

§ 10 “ වයස්ගත පුරුෂයෙක් වයසින් බාල  තරුණියක් සරණ පාවාගෙන ඇය ගැන සැකයෙන්  රාත්‍රියෙහි නොනිදාද, ඒ කාරණය පිරිහීමට කාරණයකි”

§ 11 “ සුරාවෙහි ලොල්වූ, හෝ  සුදුවෙහි රිසි කෙනෙකුට සිය ව්‍යාපාර හෝ සම්පත් පාලනය කරන්නට දීම පිරිහීමට කාරණයකි” 

§ 12. “වස්තු සම්පත් මදව, ක්ෂත්‍රිය කුලයෙහි උපදී කෙනෙක් රජකම   ප්‍රාර්ථනා කෙරේද ඒ පිරිහීමට කාරණයකියි” වදාළසේක.

“ප්‍රඥාව ඇති පුද්ගලතෙම මේ ලෝකයෙහිවූ යථොක්තවූ තෙවිසි පරිහානි කාරණයන් නුවණැසින් පරීක්ෂාකොට දැන එහි ආදීනව දත් ඒ ප්‍රඥාවන්තවූ පුද්ගලතෙම දිව්‍ය ලෝකය සේවනය කරන්නේයයි” වදාළසේක.

KN 05-01-07 .  වසල සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවන නම්වූ විහාරයෙහි වැඩවාසය කරන සේක. එකල්හි වනාහී භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවේලෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරුගෙන සැවැත් නුවරට පිඬු පිණිස වැඩිසේක. අග්ගික භාරද්වාජ නම් බ්‍රාහ්මණයාගේ ගෙය යම් තැනෙක්හිද එතැනට වැඩිසේක.

§ 2. අග්ගික භාරද්වාජ නම් බ්‍රාහ්මණ තෙම වැඩමවන්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුරදීම දුටුයේමය. දැක භාග්‍යවතුන් වහන්සේට මේ වචනය කීයේය. මුණ්ඩකය, එහිම සිටුව, නින්දිත (සැඩොල) මහණ එහිම සිටුවයි” මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ අග්ගික භාරද්වාජ නම් බ්‍රාහ්මණයාට මෙසේ වදාළසේක. බමුණ, තෝ සැඩොලා හෝ සැඩොල් බවට පමුණුවන කාරණයන් හෝ කිමෙකැයි දන්නෙහිද?”

§ 3. “වසලයා හෝ වසල බවට පමුණුවන ධර්මය හෝ නොදනිමි. භවත් ගෞතමතෙම වසලයා හෝ වසල බවට පමුණුවන කාරණයන් යම්සේ මම දැනගනිම්ද, මට එසේ දහම් දෙසන සේක්වායි” සැළකෙළේය.

“බමුණ, එසේවීනම් අසව, මනාකොට මෙනෙහි කරව, කියන්නෙමියි” වදාළසේක. “පින්වත, එසේයයි” කියා අග්ගික භාරද්වාජ නම් බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.]

§ 1. “යම් මනුෂ්‍යයෙක් කිපෙන ස්වභාව ඇත්තේ වේද, වෛර ඇත්තේ වේද, අනුන් ගුණ නසන පවිටු ස්වභාව ඇත්තේ වේද, විපර්යාසවූ දෘෂ්ටි ඇත්තේද (හෙවත් සම්‍යක් දෘෂ්ටියෙන් තොරවූයේද) මායාව ප්‍රයෝග ඇත්තේ වේද ඔහු වසලයයි” දැනගත යුතුයි.

§ 2. “මේ ලෝකයෙහි යම් පුද්ගලයෙක් පක්ෂීන්ට හා සෙසු සතුන්ට හිංසා කෙරේද, (හෙවත් දිවි තොරකෙරේද) යමෙක්හට සත්වයා කෙරෙහි දයාවක් නැත්තේද, ඔහු වසලයා යයි දතයුතුයි..

§ 3. “යම් මනුෂ්‍යයෙක් කිපෙන ස්වභාව ඇත්තේ වේද, වෛර ඇත්තේ වේද, අනුන් ගුණ නසන පවිටු ස්වභාව ඇත්තේ වේද, විපර්යාසවූ දෘෂ්ටි ඇත්තේද (හෙවත් සම්‍යක් දෘෂ්ටියෙන් තොරවූයේද) මායාව ප්‍රයෝග ඇත්තේ වේද ඔහු වසලයයි” දැනගත යුතුයි.

§ 4. “මේ ලෝකයෙහි යම් පුද්ගලයෙක් පක්ෂීන්ට හා සෙසු සතුන්ට හිංසා කෙරේද, (හෙවත් දිවි තොරකෙරේද) යමෙක්හට සත්වයා කෙරෙහි දයාවක් නැත්තේද, ඔහු වසලයා යයි දතයුතුයි..

§ 5. “යම් මනුෂ්‍යයෙක් කිපෙන ස්වභාව ඇත්තේ වේද, වෛර ඇත්තේ වේද, අනුන් ගුණ නසන පවිටු ස්වභාව ඇත්තේ වේද, විපර්යාසවූ දෘෂ්ටි ඇත්තේද (හෙවත් සම්‍යක් දෘෂ්ටියෙන් තොරවූයේද) මායාව ප්‍රයෝග ඇත්තේ වේද ඔහු වසලයයි” දැනගත යුතුයි.

§ 6. “මේ ලෝකයෙහි යම් පුද්ගලයෙක් පක්ෂීන්ට හා සෙසු සතුන්ට හිංසා කෙරේද, (හෙවත් දිවි තොරකෙරේද) යමෙක්හට සත්වයා කෙරෙහි දයාවක් නැත්තේද, ඔහු වසලයා යයි දතයුතුයි..

§ 7. “යමෙක්තෙම ගම් හා නියම් ගම්ද විනාශ කෙරේද, සේනාව ලවා වටලාද නිග්‍රහ කරන්නෙකැයි ප්‍රසිද්ධවේද ඔහු වසලයෙකැයි දැනගත යුතුයි..

§ 8. “ගමෙහි හෝ ඉදින් වනයෙහි හෝ අනුන්ගේ මමත්වය ඇති යම් වස්තුවක් සොරසිතින් ගනීද ඔහු වසලයෙකැයි දතයුතුයි.

§ 9. “යමෙක්තෙම ඒකාන්තයෙන් ණය රැගෙන චොදනා කරනු ලබන්නේ ‘තට ණයක් නැත්තේයයි’ බැහැරයාද ඔහු වසලයෙකැයි දතයුතුයි.

§ 10. “යමෙක් ඒකාන්තයෙන් කිසි වස්තුවක් කැමැත්තේ මාර්ගයෙහි යන්නාවූ ජනයා නසා කිසි වස්තුවක් පැහැර ගනීද, ඔහු වසලයෙකැයි දතයුතුයි.

§ 11. “යම් මනුෂ්‍යයෙක් සාක්ෂි විචාරණ ලද්දේ තමා හේතුකොටගෙන හෝ අනුන් හේතුකොටගෙන හෝ යම් ධනයක් හේතුකොට හෝ බොරු කියාද, ඔහු වසලයෙකැයි දතයුතුයි.

§12. “යමෙක් නෑයන්ගේ හෝ යහලුවන්ගේ හෝ භාර්යාවන් කෙරෙහි බලාත්කාරයෙන් එකක්හුගේ ප්‍රෙමයෙන් හෝ උභය ප්‍රෙමයෙන් හෝ දක්නා ලැබේද හෙවත් අනාචාරයෙහි හැසිරේද, එබඳු පුද්ගලයා වසලයෙකැයි දත යුතුයි.

§13. “යමෙක් තෙම බොහෝ ධනධාන්‍ය ඇත්තේ ජරාපත්වූ පහවගිය යෞවන බව ඇති මව හෝ පියා හෝ පෝෂණය නොකෙරේද ඔහු වසලයෙකැයි දත යුතුයි.

§ 14. “යමෙක්තෙම මවට හෝ පියාට හෝ සහෝදර සහෝදරියන් හා නැදිමයිලන්ට හෝ හිංසා කෙරේද, වචනයෙන් ක්‍රොධකෙරේද, ඔහු වසලයෙකැයි දතයුතුයි.

§ 15. “යමෙක් තෙම විචාරණ ලද්දේම අනර්ථයක්ම ප්‍රකාශ කෙරේද සැඟවීම වශයෙන් යම් යම් දේ කථා කෙරේද, ඔහු වසලයෙකැයි දතයුතුයි.

§ 16. “යමෙක් තෙම පව්කම්කොට මා නොදනීවායි කැමති වේද, යමෙක් තෙම අනුන් නොදන්වා සඟවා කරන ලාමක ක්‍රියා ඇත්තේද, ඔහු වසලයෙකැයි දතයුතුයි..

§ 17. “යමෙක්තෙමේ මේ ඤාතිමිත්‍රාදී අන්ගෙයකට ගොස් යහපත් භොජනයක් අනුභව කොට පසුව තමාගේ ගෙට පැමිණි ඔවුන්ට ආහාර පානයක් නොදේද, ඔහු ඒකාන්තයෙන් වසලයා යයි දත යුතුයි.

§ 18. “යමෙක් තෙම බ්‍රාහ්මණයකු හෝ ශ්‍රමණයකු හෝ අන්කිසි යාචකයකු හෝ තමාගේ ගෙට පැමිණි කල්හි බොරුකියා වඤ්චාකෙරේද ඔහු වසලයෙකැයි දතයුතුයි.

§ 19. “යමෙක්තෙම බ්‍රාහ්මණයකු හෝ ශ්‍රමණයකු හෝ පෙරවරු වේලෙහි පැමිණිකල්හි කිසිවක් නොදේද නුසුදුසු වචන කියමින් රොස් උපදවාද, එබඳු පුද්ගලයා වසලයෙකැයි දත යුතුයි.

§ 20. “මේ ලෝකයෙහි යමෙක්තෙම මෝහයෙන් වැසෙන ලද්දේද කිසියම් දෙයක් නොදී වළකමින් අසත්පුරුෂ වචන කියාද, ඔහු වසලයයි දතයුතුයි.

§ 21. “යමෙක් තෙම ස්වකීය උඩඟු මානයෙන් පිරිහුනේ තමන් උඩඟු කෙරේද අන්‍යයාට නින්දාකෙරේද හෙවත් හෙලා දකීද, ඔහු වසලයයි දතයුතුයි.

§ 22. “යමෙක් අනුන්ට ක්‍රොධ කෙරේද තද මසුරු සිත් ඇත්තේද නැති ගුණයෙන් පෙනී සිටීද ලජ්ජානැත්තේද පවට බිය නැත්තේද, ඔහු වසලයයි දත යුතුයි.

§ 23. “යමෙක් තෙම බුදුන්ටද උන්වහන්සේගේ ශ්‍රාවකයන්ටද පරිබ්‍රාජකයන්ටද ගෘහස්ථයන්ටද පිරිහෙලා කථා කෙරේද, ඔහු වසලයෙකැයි දතයුතුයි.

§ 24. “යමෙක් තෙම රහත් නුවූයේම රහත්යයි අඟවාද බ්‍රහ්මයන් සහිතවූ ලෝකයෙහි මෙතෙම ඒකාන්තයෙන් පළමුවෙනි මහසොරා වේ. මේ තෙමේ චණ්ඩාලයන්ගෙන් අධමවේ.

§ 25. “ජාතිය හේතුකොට ගෙන චණ්ඩාලයෙක් නොවේ. ජාතිය හේතුකොට ගෙන බ්‍රාහ්මණද නොවේ. අධම ක්‍රියාව හේතුකොට ගෙන චණ්ඩාලවේ. යහපත් ක්‍රියාව හේතුකොට ගෙන බ්‍රාහ්මණද වේ.

§ 26. “යම්සේ මාගේ මේ උපමා දැන්වීමක් ඇද්ද ජාතිය හේතුකොට ගෙන සැඩොල් නොවන බව මෙයින්ද දැනගනිව් සැඩොල් පුත්වූ සොපාකයයි කියන ලද මාතංගයයි ප්‍රසිද්ධවූ “ඒ සොපාක තෙරුන්වහන්සේ මේ රාගාදී රජස් රහිතවූ මහතුන්ගේ මහාමාර්ගයවූ ඒ අෂ්ටසමාපත්ති නම් දිව්‍ය යානාවට නැගී කාමරාගය පහකොට උත්පත්ති වශයෙන් බ්‍රහ්මලෝකයට පැමිණියේය.

§ 27. “ජාතිය ඔහු බඹලොව ඉපදීමෙන් නොවැළක්විය මන්ත්‍ර අධ්‍යයනයෙන් කල්යවන ප්‍රසිද්ධ බ්‍රාහ්ණ කුලයෙහි උපන්නාවූ වෙදයම නොහොත් මන්ත්‍රයම පිහිටකොට ඇති බ්‍රාහ්මණයෝ පව් කිරීමෙහි නිතර පව් කරන බව දක්නා ලැබෙද්ද, ඒ බ්‍රාහ්මණයෝ මෙලොවදීම නින්දාවට පැමිණෙන්නෝ වෙත්. පරලෙව්හිදී දුගති නම්වූ සතර අපායට පැමිණෙන්නෝ වෙත්. ජාතිය ඒ සත්වයන් පරලොව අපායෙන් හෝ මෙලොව නින්දාවෙන් හෝ නොනවත් වන්නේය.

§ 28. “ජාතිය හේතුකොට ගෙන වසලයෙක් නොවන්නේය. ජාතිය හේතුකොට ගෙන බ්‍රාහ්මණයෙක්ද නොවන්නේය. ක්‍රොධ ඊර්ෂ්‍යා මානාදී හීනවූ පාප ක්‍රියාවෙන් වසලයෙක් වන්නේය. ක්‍රොධාදී පාපකර්මයෙන් තොරවූ කරුණාදී යහපත් ක්‍රියාවෙන් උතුම් ජාතියවූ බ්‍රාහ්මණයෙක් වන්නේ යයි” වදාළසේක.

[“මෙසේ වදාළ කල්හි අග්ගික භාරද්වාජ නම් බ්‍රාහ්මණ තෙම බුදුරජාණන් වහන්සේට මෙසේ සැළ කෙළේය. (මෙහි සූත්‍ර නිපාතයේ 1 වර්ගයේ 4 සූත්‍රයේ 8 ඡේදය යෙදිය යුතුයි.)“ඒ මහා ප්‍රාඥා ක්ෂීණාශ්‍රව තෙමේ (ක්ලෙශ) සීමාවන් ඉක්ම ගියේය. බමුණුත්වෙයි. ඕහට දැනද දැකද හොඳයයි බැසගත් ධර්මයක් නැත්තේය. හෙතෙමේ රාගයෙන් රත්වී නැත. විරාගයෙන් රත්වූයේද නොවෙයි. ඕහට මේ සත්වලෝකයෙහි ශ්‍රේෂ්ඨයයි දැඩිකොට අල්ලාගත් ක්ලෙශ ධර්මයක් නැත්තේය.”]

KN 05-01-08 . . (කරණීය) මෙත්ත සූත්‍රය
KN 05-01-09 . හෙමවත සූත්‍රය
KN 05-01-10 .  ආලවක සූත්‍රය
English Version
Benjamin Franlin

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.