SN 04-01-18

.

 SN 04-01-18-01 සමුද්‌ද සූත්‍රය.

§ 1. “මහණෙනි, සමුද්‍රය! සමුද්‍රය!! යි අශ්‍රුතවත් පෘථග්ජනයා කියයි.
මහණෙනි, මෙය ආර්‍ය්‍ය විනයෙහි සමුද්‍රය නොවේ. මහණෙනි ඔවුන් සමුද්‍රය” යි කියන්නේ විසාල දිය කඳකටයි.. ප්‍රමාණයෙන් මහත්වූ ජල කඳකි.

§ 2. “මහණෙනි, ඇස පුරුෂයාට සමුද්‍රයක් වේ.161
රූපයන් එහි හටගත් රළ වේ.
යමෙක් ඒ රූපයන්ගෙන් හටගත් රළවේගය (රාගාදී ක්ලේශයන්ගෙන් වෙන්ව) ඉවසාද; මහණෙනි, ඔහු කෙලෙස් නමැති රළ වේග සහිතවූ, කෙලෙස් දිය සුළි සහිතවූ, කෙලෙස් නමැති අල්වා ගන්නා බියකරු ඝාරඛාදී සතුන් ඇති, කෙලෙස් රකුසන් සහිතවූ ඇස නමැති සමුද්‍රය තරණය කෙළේය. තරණය කළාවූ පරතෙරට ගියාවූ බ්‍රාහ්මණයා ගොඩ බිම පය ගැසූවා යි කියනු ලැබේ.

[161:- ඇස මිනිසාට සමුද්‍රයක් වේ.” – මහා සමුද්ර්යය පුරවා නිමක් කරනු නොහැක්කා සේම, ඇසද සෑහීමට පත්වෙනසේ දැකීම නිමා කල නොහේ. සමුද්දන්තේන නමින් යලිත් කියවෙන්නේ සමුද්‍රය තුල එයට ඇතුල්වූ සියල්ල ගිලි පවතින්නාසේ සියලු සිතුවිලි කෙලෙස් සදනසේ ගිලා බැස පවතින නිසාය. සමුද්‍රයේ අප්‍රමාන රළ ඇති වෙනවාසේ ඇස දකින දකින සියලු අරමුණු නිසා මනසේ ප්‍රහාන රළ ඇතිකරයි. එනම් කෝධපයාස නමින් දන්නා අමනාප සිථිවීලි, අසහනය, තරහවද, දිය සුළි නම් පස් ආකාර කාම යන් කෙරෙහි ඇතිවන ආසාවන් ද, ඝාරක යන් ලෙස දැක්වෙන සමුද්‍රයේ ඉන්නා බියකුරු සතුන් ලෙස අඹු දරුවන් , නෑදෑයන්, හිත මිත්‍රයන් ආදී තමන් ආදරය කරන සත්වයන් ලෙසද අටුවාව දක්වයි.]

§ 3. “මහණෙනි, කණ පුරුෂයාට සමුද්‍රයක් වේ.
ශබ්දයන්, එහි හටගත් රළ වේගය වේ.
යමෙක් ඒ මිහිරි හෝ අමිහිරි ශබ්ද යන් ගෙන් හටගත් රළවේගය (රාගාදී ක්ලේශයන්) ඉවසාද; මහණෙනි, ඔහු කෙලෙස් නමැති රළ වේග සහිතවූ, කෙලෙස් දිය සුළි සහිතවූ, කෙලෙස් නමැති අල්වා ගන්නා බියකරු ඝාරඛාදී සතුන් ඇති, කෙලෙස් රකුසන් සහිතවූ කණ නමැති සමුද්‍රය තරණය කෙළේය. තරණය කළාවූ පරතෙරට ගියාවූ බ්‍රාහ්මණයා ගොඩ බිම පය ගැසූවා යි කියනු ලැබේ

§ 4. “මහණෙනි, නාසය පුරුෂයාට සමුද්‍රයක් වේ.
ගන්‍ධයන් එහි හටගත් රළ වේගය වේ. යමෙක් ඒ ඝන්ධයන්ගෙන් හටගත් රළවේගය (රාගාදී ක්ලේශයන්ගෙන් වෙන්ව) ඉවසාද; මහණෙනි, ඔහු කෙලෙස් නමැති රළ වේග සහිතවූ, කෙලෙස් දිය සුළි සහිතවූ, කෙලෙස් නමැති අල්වා ගන්නා බියකරු ඝාරඛාදී සතුන් ඇති, කෙලෙස් රකුසන් සහිතවූ නාසය නමැති සමුද්‍රය තරණය කෙළේය. තරණය කළාවූ පරතෙරට ගියාවූ බ්‍රාහ්මණයා ගොඩ බිම පය ගැසූවා යි කියනු ලැබේ

§ 5. “මහණෙනි, දිව පුරුෂයාට සමුද්‍රයක් වේ.
රසයන් එහි හටගත් රළ වේගය වේ. යමෙක් ඒ රසයන්ගෙන් හටගත් රළවේගය (රාගාදී ක්ලේශයන්ගෙන් වෙන්ව) ඉවසාද; මහණෙනි, ඔහු කෙලෙස් නමැති රළ වේග සහිතවූ, කෙලෙස් දිය සුළි සහිතවූ, කෙලෙස් නමැති අල්වා ගන්නා බියකරු ඝාරඛාදී සතුන් ඇති, කෙලෙස් රකුසන් සහිතවූ දිව නමැති සමුද්‍රය තරණය කෙළේය. තරණය කළාවූ පරතෙරට ගියාවූ බ්‍රාහ්මණයා ගොඩ බිම පය ගැසූවා යි කියනු ලැබේ.

§ 6. “මහණෙනි, කය පුරුෂයාට සමුද්‍රයක් වේ.
ස්පර්‍ශයන් එහි රළ වේගය වේ. යමෙක් ඒ ස්පර්‍ශයන්ගෙන් හටගත් රළවේගය ඉවසාද; මහණෙනි, හෙතෙම කෙලෙස් නමැති රළවේග සහිතවූ, කෙලෙස් දියසුළි සහිතවූ, කෙලෙස් නමැති නපුරු සතුන් ඇති, කෙලෙස් රකුසන් සහිතවූ කය නමැති සමුද්‍රය තරණය කෙළේය. තරණය කළාවූ පරතෙරට ගියාවූ බ්‍රාහ්මණතෙමේ ගොඩබිම සිටීයයි කියනු ලැබේ.

§ 7. “මහණෙනි, සිත පුරුෂයාට සමුද්‍රයක් වේ.
එහි හටගන්නා සිතුවිලි හටගත් රළ වේගය වේ. යමෙක් ඒ ධර්‍මයන්ගෙන් හටගත් රළවේගය ඉවසාද; මහණෙනි, හෙතෙම කෙලෙස් නමැති රළවේග සහිතවූ, කෙලෙස් දියසුළි සහිතවූ, කෙලෙස් නමැති අල්වාගන්නා නපුරු සතුන් ඇති, කෙලෙස් රකුසන් සහිතවූ සිත නමැති සමුද්‍රය තරණය කෙළේය. තරණය කළාවූ පරතෙරට ගියාවූ බ්‍රාහ්මණතෙමේ ගොඩබිම පය ගැසූවේ’යයි කියනු ලැබේ.

දරුණු සතුන් ගෙන් , සැර රලෙන් ගැහැට විඳිමින්
එතෙර වෙනු දුෂ්කර සයුර එතෙර වූ මිනිසා නම්,
බ්‍රහ්මචරියාවේ හැසිර , කෙලෙස් සිඳ
සසරින් මිදුණු බ්‍රාහ්මනයා ම වේ
.”
යි වදාළ සේක.

 SN 04-01-18-02 දුතිය සමුද්‌ද සූත්‍රය.

§ 1. “මහණෙනි, සමුද්‍රය! සමුද්‍රය!! යි අශ්‍රුතවත් පෘථග්ජනයා කියයි.
මහණෙනි, මෙය ආර්‍ය්‍ය විනයෙහි සමුද්‍රය නොවේ. මහණෙනි ඔවුන් සමුද්‍රය” යි කියන්නේ විසාල දිය කඳකටයි.. ප්‍රමාණයෙන් මහත්වූ ජල කඳකි.

§ 2. “මහණෙනි, චක්ඛු විඤ්ඤාණයෙන් දැනගන්නාවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ රූප ඇත. මහණෙනි, මෙය ආර්‍ය්‍ය විනයෙහි සමුද්‍රයයි කියනු ලැබේ. ………

දෙවියන් සහිතවූ මාරයන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ මහණ බමුණන් සහිතවූ දෙව් මිනිසුන් සහිතවූ මේ ලොව සත්‍ව ප්‍රජාව නිතොර නිතොර උපතින් උපත, තිරිසන්, ප්‍රේත, නිරය භවයන්හි ඉපිදමින් අනන්ත දුක් ඇති, සසර සැරිසරන්නේ, සංසාරය නොඉක්මවයි. නූල් ගුලියක් මෙන් පැටලී රෙදි වියන්නන්ගේ කැඳ දැමූ නූල් ගුලියක් මෙන් ගැටගැසී, මුදුතණ බබුස්තණ පදුරක්මෙන් අවුල්වී සැපයෙන් තොරවූ විෂමව වැටෙන්නාවූ දුර්‍ගති නම් සංසාරය මේය.

§ 3. “මහණෙනි, සෝත විඤ්ඤාණයෙන් දැනගන්නාවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ ශබ්දයෝ ඇත්තාහ. මහණෙනි, මෙය ආර්‍ය්‍ය විනයෙහි සමුද්‍රයයි කියනු ලැබේ………

§ 4. “මහණෙනි, ඝාණ විඤ්ඤාණයෙන් දැනගන්නාවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ ගන්‍ධයෝ ඇත. මහණෙනි, මෙය ආර්‍ය්‍ය විනයෙහි සමුද්‍රයයි කියනු ලැබේ. …..

§ 5. “මහණෙනි, ජිව්හා විඤ්ඤාණයෙන් දැනගන්නාවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ රස ඇත්තාහ.

§ 6. “මහණෙනි, කාය විඤ්ඤාණයෙන් දැනගන්නාවූ, ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ ස්පර්‍ශයෝ ඇත්තාහ.

§ 7. “මහණෙනි, මනෝ විඤ්ඤාණයෙන් දැනගන්නාවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ ධර්‍මයන් ඇත. මහණෙනි, මෙය ආර්‍ය්‍ය විනයෙහි සමුද්‍රයයි කියනු ලැබේ. ….

……..දෙවියන් සහිතවූ මාරයන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ මහණ බමුණන් සහිතවූ දෙව් මිනිසුන් සහිතවූ මේ ලොව සත්‍ව ප්‍රජාව නිතොර නිතොර උපතින් උපත, තිරිසන්, ප්‍රේත, නිරය භවයන්හි ඉපිදමින් අනන්ත දුක් ඇති, සසර සැරිසරන්නේ, සංසාරය නොඉක්මවයි. නූල් ගුලියක් මෙන් පැටලී රෙදි වියන්නන්ගේ කැඳ දැමූ නූල් ගුලියක් මෙන් ගැටගැසී, මුදුතණ බබුස්තණ පදුරක්මෙන් අවුල්වී සැපයෙන් තොරවූ විෂමව වැටෙන්නාවූ දුර්‍ගති නම් සංසාරය මේය. යි වදාළ සේක.

(1) රාගයද, ද්වේෂයද, අවිද්‍යාවද වලක්වන ලද්දාහුද, හෙතෙම කෙලෙස් නමැති සතුන් අල්වාගන්නවුන් සහිතවූ, කෙලෙස් රකුසන් සහිතවූ, ක්ලේශ නමැති රළ භය සහිතවූ, තරණය කිරීමට දුෂ්කරවූ මේ සමුද්‍රය මැනවින් තරණය කෙළේය.

(2)ඇලීම ඉක්මවූ මරුවන් දුරුකළාවූ උපධි රහිතවූ දුක්ඛයන්ගේ අස්තයට ගියාවූ හෙතෙම නැවත ඉපදීමට සුදුසු බවට නොපැමිණෙයි. මාරයා මුළාකෙළේයයි කියමියි’ (වදාළ සේක.)

 SN 04-01-18-03 බාලිසිකොපම සූත්‍රය.

පුජ්‍ය දිද්දෙනියේ විමලසංඛ හිමි

§ 1, මහණෙනි, බිලිබාන්නෙක් ඇම බිලිය ගැඹුරු වැවක බහාලන්නේ, ඇම දුටුවාවූ මත්ස්‍යයෙක් එය ගිලින්නේය. මහණෙනි, e විනාශයට පැමිණියාවූ ව්‍යසනයට පැමිණියාවූ ඒ මාලුවාට බිලිබාන්නාට කැමති දෙයක් කළහැකිවේද, මහණෙනි, එපරිද්දෙන්ම ලෝකයෙහි සත්‍වයන්ගේ විනාශය පිණිස ප්‍රාණීන්ගේ පීඩාව පිණිස මේ බිලිකටු සයක් වෙත්. ඒ කවර සයක්ද යත්,

§ 2. “මහණෙනි, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ රූපයෝ ඇත්තාහ. ඉදින් භික්‍ෂුතෙම එය පතාද, එය ප්‍රියයයි මනාපයයි කියයිද, එහි ගැලී සිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම මාරයාගේ බිලිකටුව ගිල්ලාවූ විනාශයට පැමිණියාවූ, ව්‍යසනයට පැමිණියාවූ, මරුවාට කැමති දෙයක් කළහැකියෙක් වේයයි කියනු ලැබේ.

§ 3. “මහණෙනි, සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ ශබ්දයෝ ඇත්තාහ. ඉදින් භික්‍ෂුතෙම එය පතාද, එය ප්‍රියයයි මනාපයයි කියයිද, එහි ගැලී සිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම මාරයාගේ බිලිකටුව ගිල්ලාවූ විනාශයට පැමිණියාවූ, ව්‍යසනයට පැමිණියාවූ, මරුවාට කැමති දෙයක් කළහැකියෙක් වේයයි කියනු ලැබේ.

§ 4. “මහණෙනි, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ ශබ්දයෝ ඇත්තාහ. ඉදින් භික්‍ෂුතෙම එය පතාද, එය ප්‍රියයයි මනාපයයි කියයිද, එහි ගැලී සිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම මාරයාගේ බිලිකටුව ගිල්ලාවූ විනාශයට පැමිණියාවූ, ව්‍යසනයට පැමිණියාවූ, මරුවාට කැමති දෙයක් කළහැකියෙක් වේයයි කියනු ලැබේ.

§ 5. “මහණෙනි, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ රසයෝ ඇත්තාහ. ඉදින් භික්‍ෂුතෙම එය පතාද, එය ප්‍රියයයි මනාපයයි කියයිද, එහි ගැලී සිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම මාරයාගේ බිලිකටුව ගිල්ලාවූ විනාශයට පැමිණියාවූ, ව්‍යසනයට පැමිණියාවූ, මරුවාට කැමති දෙයක් කළහැකියෙක් වේයයි කියනු ලැබේ.

§ 6. “මහණෙනි, කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ ස්පර්‍ශයෝ ඇත්තාහ. ඉදින් භික්‍ෂුතෙම එය පතාද, එය ප්‍රියයයි මනාපයයි කියයිද, එහි ගැලී සිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම මාරයාගේ බිලිකටුව ගිල්ලාවූ විනාශයට පැමිණියාවූ, ව්‍යසනයට පැමිණියාවූ, මරුවාට කැමති දෙයක් කළහැකියෙක් වේයයි කියනු ලැබේ.

§ 7. “මහණෙනි, මනෝ විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ ධර්‍මයෝ ඇත්තාහ. ඉදින් භික්‍ෂුතෙම එය පතාද, එය ප්‍රියයයි මනාපයයි කියයිද, එහි ගැලී සිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම මාරයාගේ බිලිකටුව ගිල්ලාවූ විනාශයට පැමිණියාවූ, ව්‍යසනයට පැමිණියාවූ, මරුවාට කැමති දෙයක් කළහැකියෙක් වේයයි කියනු ලැබේ.

§ 8. “මහණෙනි, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ රූපයෝද ඇත්තාහ. ඉදින් භික්‍ෂුතෙම එය නොපතාද, එය ප්‍රියයයි මනාපයයි නොකියාද, එහි ගැලී නොසිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම මාරයාගේ බිලිය නොගිල මාරයාගේ බිලිය බින්දේය. විනාශයට නොපැමිණියාවූ, ව්‍යසනයට නොපැමිණියාවූ, මරුවා විසින් කැමති දෙයක් කළහැකියෙක් නොවේයයි කියනු ලැබේ.

§ 9. “මහණෙනි, සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ ශබ්දයෝද ඇත්තාහ. ඉදින් භික්‍ෂුතෙම එය නොපතාද, එය ප්‍රියයයි මනාපයයි නොකියාද, එහි ගැලී නොසිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම මාරයාගේ බිලිය නොගිල මාරයාගේ බිලිය බින්දේය. විනාශයට නොපැමිණියාවූ, ව්‍යසනයට නොපැමිණියාවූ, මරුවා විසින් කැමති දෙයක් කළහැකියෙක් නොවේයයි කියනු ලැබේ.

§ 10. “මහණෙනි, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ ගන්‍ධයෝද ඇත්තාහ. ඉදින් භික්‍ෂුතෙම එය නොපතාද, එය ප්‍රියයයි මනාපයයි නොකියාද, එහි ගැලී නොසිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම මාරයාගේ බිලිය නොගිල මාරයාගේ බිලිය බින්දේය. විනාශයට නොපැමිණියාවූ, ව්‍යසනයට නොපැමිණියාවූ, මරුවා විසින් කැමති දෙයක් කළහැකියෙක් නොවේයයි කියනු ලැබේ.

§ 11. “මහණෙනි, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ රසයෝද ඇත්තාහ. ඉදින් භික්‍ෂුතෙම එය නොපතාද, එය ප්‍රියයයි මනාපයයි නොකියාද, එහි ගැලී නොසිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම මාරයාගේ බිලිය නොගිල මාරයාගේ බිලිය බින්දේය. විනාශයට නොපැමිණියාවූ, ව්‍යසනයට නොපැමිණියාවූ, මරුවා විසින් කැමති දෙයක් කළහැකියෙක් නොවේයයි කියනු ලැබේ.

§ 12. “මහණෙනි, කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ ස්පර්‍ශයෝද ඇත්තාහ. ඉදින් භික්‍ෂුතෙම එය නොපතාද, එය ප්‍රියයයි මනාපයයි නොකියාද, එහි ගැලී නොසිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම මාරයාගේ බිලිය නොගිල මාරයාගේ බිලිය බින්දේය. විනාශයට නොපැමිණියාවූ, ව්‍යසනයට නොපැමිණියාවූ, මරුවා විසින් කැමති දෙයක් කළහැකියෙක් නොවේයයි කියනු ලැබේ.

§ 13. “මහණෙනි, මනෝ විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ ධර්‍මයෝ ඇත්තාහ. ඉදින් භික්‍ෂුතෙම එය නොපතාද, එය ප්‍රියයයි මනාපයයි නොකියාද, එහි ගැලී නොසිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම මාරයාගේ බිලිය නොගිල මාරයාගේ බිලිය බින්දේය. විනාශයට නොපැමිණියාවූ, ව්‍යසනයට නොපැමිණියාවූ, මරුවා විසින් කැමති දෙයක් කළහැකියෙක් නොවේයයි, (වදාළ සේක.)

 SN 04-01-18-04 ඛීරරුක්‌ඛොපම සූත්‍රය.

§ 1. “මහණෙනි, යම්කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ රූපයන් කෙරෙහි යම් රාගයක්වේද. එය ඇත්තේද, යම් ද්වේෂයක් වේද, එය ඇත්තේද, යම් මෝහයක්වේද, එය ඇත්තේද, යම් රාගයක් වේද, එය ප්‍රහීන නොවූයේද, යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන නොවූයේද, යම් මෝහයක්වේද, එය ප්‍රහීන නොවූයේද, ඔහුගේ ඇසට අනිෂ්ටවූද චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ රූපයෝ හමුවෙත්ද, ඔහුගේ සිත විනාශ කරන්නාහුය. ඉෂ්ටාරම්මණය ගැන කියනුම කවරේද. ඊට හේතු කවරේද යත්, මහණෙනි, යම් රාගයක් වේද, එය ඇත්තේය. යම් ද්වේෂයක්වේද, එය ඇත්තේය. යම් මෝහයක් වේද, එය ඇත්තේය. යම් රාගයක් වේද, එය ප්‍රහීන නොවූයේය. යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන නොවූයේය. යම් මෝහයක් වේද, එය ප්‍රහීන නොවූයේය. (එහෙයිනි.)

§ 2. “මහණෙනි, යම්කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ ශබ්දයන් කෙරෙහි යම් රාගයක්වේද. එය ඇත්තේද, යම් ද්වේෂයක් වේද, එය ඇත්තේද, යම් මෝහයක්වේද, එය ඇත්තේද, යම් රාගයක් වේද, එය ප්‍රහීන නොවූයේද, යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන නොවූයේද, යම් මෝහයක්වේද, එය ප්‍රහීන නොවූයේද, ඔහුගේ කනට අනිෂ්ටවූද සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ ශබ්දයෝ හමුවෙත්ද, ඔහුගේ සිත විනාශ කරන්නාහුය. ඉෂ්ටාරම්මණ ගැන කියනුම කවරේද. ඊට හේතු කවරේද යත්, මහණෙනි, යම් රාගයක් වේද, එය ඇත්තේය. යම් ද්වේෂයක්වේද, එය ඇත්තේය. යම් මෝහයක් වේද, එය ඇත්තේය. යම් රාගයක් වේද, එය ප්‍රහීන නොවූයේය. යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන නොවූයේය. යම් මෝහයක් වේද, එය ප්‍රහීන නොවූයේය.

§ 3. “මහණෙනි, යම්කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ ගන්‍ධයන් කෙරෙහි යම් රාගයක්වේද. එය ඇත්තේද, යම් ද්වේෂයක් වේද, එය ඇත්තේද, යම් මෝහයක්වේද, එය ඇත්තේද, යම් රාගයක් වේද, එය ප්‍රහීන නොවූයේද, යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන නොවූයේද, යම් මෝහයක්වේද, එය ප්‍රහීන නොවූයේද, ඔහුගේ නාසයට අනිෂ්ටවූද ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ ගන්‍ධයෝ හමුවෙත්ද, ඔහුගේ සිත විනාශ කරන්නාහුය. ඉෂ්ටාරම්මණය ගැන කියනුම කවරේද. ඊට හේතු කවරේද යත්, මහණෙනි, යම් රාගයක් වේද, එය ඇත්තේය. යම් ද්වේෂයක්වේද, එය ඇත්තේය. යම් මෝහයක් වේද, එය ඇත්තේය. යම් රාගයක් වේද, එය ප්‍රහීන නොවූයේය. යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන නොවූයේය. යම් මෝහයක් වේද, එය ප්‍රහීන නොවූයේය. (එහෙයිනි.)

§ 4. “මහණෙනි, යම්කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ රසයන් කෙරෙහි යම් රාගයක්වේද. එය ඇත්තේද, යම් ද්වේෂයක් වේද, එය ඇත්තේද, යම් මෝහයක්වේද, එය ඇත්තේද, යම් රාගයක් වේද, එය ප්‍රහීන නොවූයේද, යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන නොවූයේද, යම් මෝහයක්වේද, එය ප්‍රහීන නොවූයේද, ඔහුගේ දිවට අනිෂ්ටවූද ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ රසයෝ හමුවෙත්ද, ඔහුගේ සිත විනාශ කරන්නාහුය. ඉෂ්ටාරම්මණය ගැන කියනුම කවරේද. ඊට හේතු කවරේද යත්, මහණෙනි, යම් රාගයක් වේද, එය ඇත්තේය. යම් ද්වේෂයක්වේද, එය ඇත්තේය. යම් මෝහයක් වේද, එය ඇත්තේය. යම් රාගයක් වේද, එය ප්‍රහීන නොවූයේය. යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන නොවූයේය. යම් මෝහයක් වේද, එය ප්‍රහීන නොවූයේය.

§ 5. “මහණෙනි, යම්කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ ස්පර්‍ශයන් කෙරෙහි යම් රාගයක්වේද, එය ඇත්තේද, යම් ද්වේෂයක් වේද, එය ඇත්තේද, යම් මෝහයක්වේද, එය ඇත්තේද, යම් රාගයක් වේද, එය ප්‍රහීන නොවූයේද, යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන නොවූයේද, යම් මෝහයක්වේද, එය ප්‍රහීන නොවූයේද, ඔහුගේ කයට අනිෂ්ටවූද කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ ස්පර්‍ශයෝ හමුවෙත්ද, ඔහුගේ සිත විනාශ කරන්නාහුය. ඉෂ්ටාරම්මණය ගැන කියනුම කවරේද. ඊට හේතු කවරේද යත්, මහණෙනි, යම් රාගයක් වේද, එය ඇත්තේය. යම් ද්වේෂයක්වේද, එය ඇත්තේය. යම් මෝහයක් වේද, එය ඇත්තේය. යම් රාගයක් වේද, එය ප්‍රහීන නොවූයේය. යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන නොවූයේය. යම් මෝහයක් වේද, එය ප්‍රහීන නොවූයේය.

§ 6. “මහණෙනි, යම්කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ මනෝ විඤ්ඤාණයෙන් දතයුතුවූ ධර්‍මයන් කෙරෙහි යම් රාගයක්වේද. එය ඇත්තේද, යම් ද්වේෂයක් වේද, එය ඇත්තේද, යම් මෝහයක්වේද, එය ඇත්තේද, යම් රාගයක් වේද, එය ප්‍රහීන නොවූයේද, යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන නොවූයේද, යම් මෝහයක්වේද, එය ප්‍රහීන නොවූයේද, ඔහුගේ සිතට අනිෂ්ටවූද මනෝ විඤ්ඤාණයෙන් දතයුතුවූ ධර්‍මයෝ හමුවෙත්ද, ඔහුගේ සිත විනාශ කරන්නාහුය. ඉෂ්ටාරම්මණය ගැන කියනුම කවරේද. ඊට හේතු කවරේද යත්, මහණෙනි, යම් රාගයක් වේද, එය ඇත්තේය. යම් ද්වේෂයක්වේද, එය ඇත්තේය. යම් මෝහයක් වේද, එය ඇත්තේය. යම් රාගයක් වේද, එය ප්‍රහීන නොවූයේය. යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන නොවූයේය. යම් මෝහයක් වේද, එය ප්‍රහීන නොවූයේය.

§ 7. “මහණෙනි, ඇසතු හෝ නුග හෝ පුලිල හෝ දිඹුල් හෝ තරුණවූ ලපටිවූ කිරි ඇති ගසක් වේද, එය පුරුෂයෙක්තෙම තියුණුවූ කෙටේරියෙන් යම් ඒ තැනකින් සිඳින්නේනම් කිරි ගලන්නේද?, “එසේය, ස්වාමීනි “ඊට හේතු කවරේද? €“ස්වාමීනි, යම් කිරක් වේද, එය ඇති හෙයිනි.,

§ 8. “මහණෙනි, එපරිද්දෙන්ම යම්කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ රූපයන් කෙරෙහි යම් රාගයක්වේද. එය ඇත්තේද, යම් ද්වේෂයක් වේද, එය ඇත්තේද, යම් මෝහයක්වේද, එය ඇත්තේද, යම් රාගයක් වේද, එය ප්‍රහීන නොවූයේද, යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන නොවූයේද, යම් මෝහයක්වේද, එය ප්‍රහීන නොවූයේද, ඔහුගේ ඇසට අනිෂ්ටවූද චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ රූපයෝ හමුවෙත්ද, ඔහුගේ සිත විනාශ කරන්නාහුය. ඉෂ්ටාරම්මණය ගැන කියනුම කවරේද. ඊට හේතු කවරේද යත්, මහණෙනි, යම් රාගයක් වේද, එය ඇත්තේය. යම් ද්වේෂයක්වේද, එය ඇත්තේය. යම් මෝහයක් වේද, එය ඇත්තේය. යම් රාගයක් වේද, එය ප්‍රහීන නොවූයේය. යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන නොවූයේය. යම් මෝහයක් වේද, එය ප්‍රහීන නොවූයේය. (එහෙයිනි.)

§ 9. “මහණෙනි, යම්කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ ශබ්දයන් කෙරෙහි යම් රාගයක්වේද. එය ඇත්තේද, යම් ද්වේෂයක් වේද, එය ඇත්තේද, යම් මෝහයක්වේද, එය ඇත්තේද, යම් රාගයක් වේද, එය ප්‍රහීන නොවූයේද, යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන නොවූයේද, යම් මෝහයක්වේද, එය ප්‍රහීන නොවූයේද, ඔහුගේ කනට අනිෂ්ටවූද සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ ශබ්දයෝ හමුවෙත්ද, ඔහුගේ සිත විනාශ කරන්නාහුය. ඉෂ්ටාරම්මණ ගැන කියනුම කවරේද. ඊට හේතු කවරේද යත්, මහණෙනි, යම් රාගයක් වේද, එය ඇත්තේය. යම් ද්වේෂයක්වේද, එය ඇත්තේය. යම් මෝහයක් වේද, එය ඇත්තේය. යම් රාගයක් වේද, එය ප්‍රහීන නොවූයේය. යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන නොවූයේය. යම් මෝහයක් වේද, එය ප්‍රහීන නොවූයේය.

§ 10. “මහණෙනි, යම්කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ ගන්‍ධයන් කෙරෙහි යම් රාගයක්වේද. එය ඇත්තේද, යම් ද්වේෂයක් වේද, එය ඇත්තේද, යම් මෝහයක්වේද, එය ඇත්තේද, යම් රාගයක් වේද, එය ප්‍රහීන නොවූයේද, යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන නොවූයේද, යම් මෝහයක්වේද, එය ප්‍රහීන නොවූයේද, ඔහුගේ නාසයට අනිෂ්ටවූද ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ ගන්‍ධයෝ හමුවෙත්ද, ඔහුගේ සිත විනාශ කරන්නාහුය. ඉෂ්ටාරම්මණය ගැන කියනුම කවරේද. ඊට හේතු කවරේද යත්, මහණෙනි, යම් රාගයක් වේද, එය ඇත්තේය. යම් ද්වේෂයක්වේද, එය ඇත්තේය. යම් මෝහයක් වේද, එය ඇත්තේය. යම් රාගයක් වේද, එය ප්‍රහීන නොවූයේය. යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන නොවූයේය. යම් මෝහයක් වේද, එය ප්‍රහීන නොවූයේය. (එහෙයිනි.)

§ 11. “මහණෙනි, යම්කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ රසයන් කෙරෙහි යම් රාගයක්වේද. එය ඇත්තේද, යම් ද්වේෂයක් වේද, එය ඇත්තේද, යම් මෝහයක්වේද, එය ඇත්තේද, යම් රාගයක් වේද, එය ප්‍රහීන නොවූයේද, යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන නොවූයේද, යම් මෝහයක්වේද, එය ප්‍රහීන නොවූයේද, ඔහුගේ දිවට අනිෂ්ටවූද ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ රසයෝ හමුවෙත්ද, ඔහුගේ සිත විනාශ කරන්නාහුය. ඉෂ්ටාරම්මණය ගැන කියනුම කවරේද. ඊට හේතු කවරේද යත්, මහණෙනි, යම් රාගයක් වේද, එය ඇත්තේය. යම් ද්වේෂයක්වේද, එය ඇත්තේය. යම් මෝහයක් වේද, එය ඇත්තේය. යම් රාගයක් වේද, එය ප්‍රහීන නොවූයේය. යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන නොවූයේය. යම් මෝහයක් වේද, එය ප්‍රහීන නොවූයේය.

§ 12.“මහණෙනි, යම්කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ ස්පර්‍ශයන් කෙරෙහි යම් රාගයක්වේද, එය ඇත්තේද, යම් ද්වේෂයක් වේද, එය ඇත්තේද, යම් මෝහයක්වේද, එය ඇත්තේද, යම් රාගයක් වේද, එය ප්‍රහීන නොවූයේද, යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන නොවූයේද, යම් මෝහයක්වේද, එය ප්‍රහීන නොවූයේද, ඔහුගේ කයට අනිෂ්ටවූද කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ ස්පර්‍ශයෝ හමුවෙත්ද, ඔහුගේ සිත විනාශ කරන්නාහුය. ඉෂ්ටාරම්මණය ගැන කියනුම කවරේද. ඊට හේතු කවරේද යත්, මහණෙනි, යම් රාගයක් වේද, එය ඇත්තේය. යම් ද්වේෂයක්වේද, එය ඇත්තේය. යම් මෝහයක් වේද, එය ඇත්තේය. යම් රාගයක් වේද, එය ප්‍රහීන නොවූයේය. යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන නොවූයේය. යම් මෝහයක් වේද, එය ප්‍රහීන නොවූයේය.

§ 13.“මහණෙනි, යම්කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ මනෝ විඤ්ඤාණයෙන් දතයුතුවූ ධර්‍මයන් කෙරෙහි යම් රාගයක්වේද. එය ඇත්තේද, යම් ද්වේෂයක් වේද, එය ඇත්තේද, යම් මෝහයක්වේද, එය ඇත්තේද, යම් රාගයක් වේද, එය ප්‍රහීන නොවූයේද, යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන නොවූයේද, යම් මෝහයක්වේද, එය ප්‍රහීන නොවූයේද, ඔහුගේ සිතට අනිෂ්ටවූද මනෝ විඤ්ඤාණයෙන් දතයුතුවූ ධර්‍මයෝ හමුවෙත්ද, ඔහුගේ සිත විනාශ කරන්නාහුය. ඉෂ්ටාරම්මණය ගැන කියනුම කවරේද. ඊට හේතු කවරේද යත්, මහණෙනි, යම් රාගයක් වේද, එය ඇත්තේය. යම් ද්වේෂයක්වේද, එය ඇත්තේය. යම් මෝහයක් වේද, එය ඇත්තේය. යම් රාගයක් වේද, එය ප්‍රහීන නොවූයේය. යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන නොවූයේය. යම් මෝහයක් වේද, එය ප්‍රහීන නොවූයේය.

§ 14. “මහණෙනි, යම්කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ රූපයන් කෙරෙහි යම් රාගයක්වේනම්, ඒ නැත්තේද, යම් ද්වේෂයක් වේනම්, ඒ නැත්තේද, යම් මෝහයක්වේනම්, ඒ නැත්තේද, යම් රාගයක් වේනම්, එය ප්‍රහීණවූයේද, යම් ද්වේෂයක් වේනම්, එය ප්‍රහීන වූයේද, යම් මෝහයක්වේනම්, එය ප්‍රහීන වූයේද, ඔහුගේ ඇසට ඉදින් ඉෂ්ටවූද චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ රූපයෝ හමුවෙත්ද, ඔහුගේ සිත විනාශ නොකරත්මය. අනිෂ්ට රූපයක් ගැන කියනුම කවරේද, ඊට හේතු කවරේද යත්, මහණෙනි, යම් රාගයක් වේද, එය නැත්තේය. යම් ද්වේෂයක්වේද, එය නැත්තේය. යම් මෝහයක් වේද, එය නැත්තේය. යම් රාගයක් වේද, එය ප්‍රහීන වූයේය. යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන වූයේය. යම් මෝහයක් වේද, එය ප්‍රහීන වූයේය. (එහෙයිනි.)

§ 15. “මහණෙනි, යම්කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ ශබ්දයන් කෙරෙහි යම් රාගයක්වේනම්, ඒ නැත්තේද, යම් ද්වේෂයක් වේනම්, ඒ නැත්තේද, යම් මෝහයක් වේනම්, ඒ නැත්තේද, යම් රාගයක් වේනම්, එය ප්‍රහීණවූයේද, යම් ද්වේෂයක් වේනම්, එය ප්‍රහීණවූයේද, යම් මෝහයක් වේනම්, එය ප්‍රහීණවූයේද, ඔහුගේ කනට ඉදින් ඉෂ්ටවූද සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ ශබ්දයෝ හමුවෙත්ද, ඔහුගේ සිත විනාශ නොකරත්මය. අනිෂ්ටවූ ශබ්දයක් ගැන කියනුම කවරේද, ඊට හේතු කවරේද යත්, මහණෙනි, යම් රාගයක් වේද, ඒ නැත්තේය. යම් ද්වේෂයක්වේද, ඒ නැත්තේය. යම් මෝහයක් වේද, ඒ නැත්තේය. යම් රාගයක් වේද, එය ප්‍රහීන වූයේය. යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන වූයේය. යම් මෝහයක් වේද, එය ප්‍රහීන වූයේය.

§ 16. “මහණෙනි, යම්කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ ගන්‍ධයන් කෙරෙහි යම් රාගයක්වේනම්, ඒ නැත්තේද, යම් ද්වේෂයක් වේනම්, ඒ නැත්තේද, යම් මෝහයක්වේනම්, ඒ නැත්තේද, යම් රාගයක් වේනම්, එය ප්‍රහීන වූයේද, යම් ද්වේෂයක් වේනම්, එය ප්‍රහීන වූයේද, යම් මෝහයක් වේනම්, එය ප්‍රහීන වූයේද, ඔහුගේ නාසයට ඉදින් ඉෂ්ටවූද ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ ගන්‍ධයෝ හමුවෙත්ද, ඔහුගේ සිත විනාශ නොකරත්මය. අනිෂ්ට ගන්‍ධයක් ගැන කියනුම කවරේද, ඊට හේතු කවරේද යත්, මහණෙනි, යම් රාගයක් වේද, ඒ නැත්තේය. යම් ද්වේෂයක්වේද, ඒ නැත්තේය. යම් මෝහයක් වේද, ඒ නැත්තේය. යම් රාගයක් වේද, එය ප්‍රහීන වූයේය. යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන වූයේය. යම් මෝහයක් වේද, එය ප්‍රහීන වූයේය.

§ 17. “මහණෙනි, යම්කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ රසයන් කෙරෙහි යම් රාගයක්වේනම්, ඒ නැත්තේද, යම් ද්වේෂයක් වේනම්, ඒ නැත්තේද, යම් මෝහයක්වේනම්, ඒ නැත්තේද, යම් රාගයක් වේනම්, එය ප්‍රහීන වූයේද, යම් ද්වේෂයක් වේනම්, එය ප්‍රහීන වූයේද, යම් මෝහයක්වේනම්, එය ප්‍රහීන වූයේද, ඔහුගේ දිවට ඉදින් ඉෂ්ටවූද ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ රසයෝ හමුවෙත්ද, ඔහුගේ සිත විනාශ නොකරත්මය. අනිෂ්ටවූ රසයක් ගැන කියනුම කවරේද, ඊට හේතු කවරේද යත්, මහණෙනි, යම් රාගයක් වේද, ඒ නැත්තේය. යම් ද්වේෂයක්වේද, ඒ නැත්තේය. යම් මෝහයක් වේද, ඒ නැත්තේය. යම් රාගයක් වේද, එය ප්‍රහීන වූයේය. යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන වූයේය. යම් මෝහයක් වේද, එය ප්‍රහීන වූයේය.

§ 18. “මහණෙනි, යම්කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ ස්පර්‍ශයන් කෙරෙහි යම් රාගයක් වේ නම්, ඒ නැත්තේද, යම් ද්වේෂයක් වේනම්, ඒ නැත්තේද, යම් මෝහයක්වේනම්, ඒ නැත්තේද, යම් රාගයක් වේනම්, එය ප්‍රහීන වූයේද, යම් ද්වේෂයක් වේනම්, එය ප්‍රහීන වූයේද, යම් මෝහයක්වේනම්, එය ප්‍රහීන වූයේද, ඔහුගේ කයට ඉදින් ඉෂ්ටවූද කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ ස්පර්‍ශයෝ හමුවෙත්ද, ඔහුගේ සිත විනාශ නොකරත්මය. අනිෂ්ටවූ ස්පර්‍ශයක් ගැන කියනුම කවරේද, ඊට හේතු කවරේද යත්, මහණෙනි, යම් රාගයක් වේද, ඒ නැත්තේය. යම් ද්වේෂයක්වේද, ඒ නැත්තේය. යම් මෝහයක් වේද, ඒ නැත්තේය. යම් රාගයක් වේද, එය ප්‍රහීන වූයේය. යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන වූයේය. යම් මෝහයක් වේද, එය ප්‍රහීන වූයේය.

§ 19. “මහණෙනි, යම්කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ මනෝ විඤ්ඤාණයෙන් දතයුතුවූ ධර්‍මයන් කෙරෙහි යම් රාගයක්වේනම්, ඒ නැත්තේද, යම් ද්වේෂයක් වේනම්, ඒ නැත්තේද, යම් මෝහයක්වේනම්, ඒ නැත්තේද, යම් රාගයක් වේද, එය ප්‍රහීන වූයේද, යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන වූයේද, යම් මෝහයක්වේද, එය ප්‍රහීන වූයේද, ඔහුගේ සිතට ඉදින් ඉෂ්ටවූද මනෝ විඤ්ඤාණයෙන් දතයුතුවූ ධර්‍මයෝ හමුවෙත්ද, ඔහුගේ සිත විනාශ නොකරත්. අනිෂ්ටවූ ධම්මාරම්මණයන් ගැන කියනුම කවරේද, ඊට හේතු කවරේද යත්, මහණෙනි, යම් රාගයක් වේනම්, ඒ නැත්තේය. යම් ද්වේෂයක්වේනම්, ඒ නැත්තේය. යම් මෝහයක් වේනම්, ඒ නැත්තේය. යම් රාගයක් වේනම්, ඒ ප්‍රහීන වූයේය. යම් ද්වේෂයක් වේනම්, ඒ ප්‍රහීන වූයේය. යම් මෝහයක් වේනම්, ඒ ප්‍රහීන වූයේය.

§ 20. “මහණෙනි, යම්සේ ඇසතු හෝ නුග හෝ පුලිල හෝ දිඹුල් හෝ වියලුනාවූ මැලවුනාවූ දිරා ගියාවූ කිරි ගසක් වේද, එය පුරුෂයෙක් තියුණුවූ කෙටේරියෙන් යම් ඒ තැනක් සිඳින්නේනම් කිරි එන්නේද? €“ස්වාමීනි එය නොවේමැයි,
“ඊට හේතු කවරේද?
€“ස්වාමීනි, යම් කිරක් වීනම් එය නැති හෙයිනි.,

§ 21 . “මහණෙනි, යම්කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ රූපයන් කෙරෙහි යම් රාගයක්වේනම්, ඒ නැත්තේද, යම් ද්වේෂයක් වේනම්, ඒ නැත්තේද, යම් මෝහයක්වේනම්, ඒ නැත්තේද, යම් රාගයක් වේනම්, එය ප්‍රහීණවූයේද, යම් ද්වේෂයක් වේනම්, එය ප්‍රහීන වූයේද, යම් මෝහයක්වේනම්, එය ප්‍රහීන වූයේද, ඔහුගේ ඇසට ඉදින් ඉෂ්ටවූද චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ රූපයෝ හමුවෙත්ද, ඔහුගේ සිත විනාශ නොකරත්මය. අනිෂ්ට රූපයක් ගැන කියනුම කවරේද, ඊට හේතු කවරේද යත්, මහණෙනි, යම් රාගයක් වේද, එය නැත්තේය. යම් ද්වේෂයක්වේද, එය නැත්තේය. යම් මෝහයක් වේද, එය නැත්තේය. යම් රාගයක් වේද, එය ප්‍රහීන වූයේය. යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන වූයේය. යම් මෝහයක් වේද, එය ප්‍රහීන වූයේය. (එහෙයිනි.)

§ 22. “මහණෙනි, යම්කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ ශබ්දයන් කෙරෙහි යම් රාගයක්වේනම්, ඒ නැත්තේද, යම් ද්වේෂයක් වේනම්, ඒ නැත්තේද, යම් මෝහයක් වේනම්, ඒ නැත්තේද, යම් රාගයක් වේනම්, එය ප්‍රහීණවූයේද, යම් ද්වේෂයක් වේනම්, එය ප්‍රහීණවූයේද, යම් මෝහයක් වේනම්, එය ප්‍රහීණවූයේද, ඔහුගේ කනට ඉදින් ඉෂ්ටවූද සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ ශබ්දයෝ හමුවෙත්ද, ඔහුගේ සිත විනාශ නොකරත්මය. අනිෂ්ටවූ ශබ්දයක් ගැන කියනුම කවරේද, ඊට හේතු කවරේද යත්, මහණෙනි, යම් රාගයක් වේද, ඒ නැත්තේය. යම් ද්වේෂයක්වේද, ඒ නැත්තේය. යම් මෝහයක් වේද, ඒ නැත්තේය. යම් රාගයක් වේද, එය ප්‍රහීන වූයේය. යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන වූයේය. යම් මෝහයක් වේද, එය ප්‍රහීන වූයේය.

§ 23. “මහණෙනි, යම්කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ ගන්‍ධයන් කෙරෙහි යම් රාගයක්වේනම්, ඒ නැත්තේද, යම් ද්වේෂයක් වේනම්, ඒ නැත්තේද, යම් මෝහයක්වේනම්, ඒ නැත්තේද, යම් රාගයක් වේනම්, එය ප්‍රහීන වූයේද, යම් ද්වේෂයක් වේනම්, එය ප්‍රහීන වූයේද, යම් මෝහයක් වේනම්, එය ප්‍රහීන වූයේද, ඔහුගේ නාසයට ඉදින් ඉෂ්ටවූද ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ ගන්‍ධයෝ හමුවෙත්ද, ඔහුගේ සිත විනාශ නොකරත්මය. අනිෂ්ට ගන්‍ධයක් ගැන කියනුම කවරේද, ඊට හේතු කවරේද යත්, මහණෙනි, යම් රාගයක් වේද, ඒ නැත්තේය. යම් ද්වේෂයක්වේද, ඒ නැත්තේය. යම් මෝහයක් වේද, ඒ නැත්තේය. යම් රාගයක් වේද, එය ප්‍රහීන වූයේය. යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන වූයේය. යම් මෝහයක් වේද, එය ප්‍රහීන වූයේය.

§ 24. “මහණෙනි, යම්කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ රසයන් කෙරෙහි යම් රාගයක්වේනම්, ඒ නැත්තේද, යම් ද්වේෂයක් වේනම්, ඒ නැත්තේද, යම් මෝහයක්වේනම්, ඒ නැත්තේද, යම් රාගයක් වේනම්, එය ප්‍රහීන වූයේද, යම් ද්වේෂයක් වේනම්, එය ප්‍රහීන වූයේද, යම් මෝහයක්වේනම්, එය ප්‍රහීන වූයේද, ඔහුගේ දිවට ඉදින් ඉෂ්ටවූද ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ රසයෝ හමුවෙත්ද, ඔහුගේ සිත විනාශ නොකරත්මය. අනිෂ්ටවූ රසයක් ගැන කියනුම කවරේද, ඊට හේතු කවරේද යත්, මහණෙනි, යම් රාගයක් වේද, ඒ නැත්තේය. යම් ද්වේෂයක්වේද, ඒ නැත්තේය. යම් මෝහයක් වේද, ඒ නැත්තේය. යම් රාගයක් වේද, එය ප්‍රහීන වූයේය. යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන වූයේය. යම් මෝහයක් වේද, එය ප්‍රහීන වූයේය.

§ 25. “මහණෙනි, යම්කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ ස්පර්‍ශයන් කෙරෙහි යම් රාගයක්වේනම්, ඒ නැත්තේද, යම් ද්වේෂයක් වේනම්, ඒ නැත්තේද, යම් මෝහයක්වේනම්, ඒ නැත්තේද, යම් රාගයක් වේනම්, එය ප්‍රහීන වූයේද, යම් ද්වේෂයක් වේනම්, එය ප්‍රහීන වූයේද, යම් මෝහයක්වේනම්, එය ප්‍රහීන වූයේද, ඔහුගේ කයට ඉදින් ඉෂ්ටවූද කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ ස්පර්‍ශයෝ හමුවෙත්ද, ඔහුගේ සිත විනාශ නොකරත්මය. අනිෂ්ටවූ ස්පර්‍ශයක් ගැන කියනුම කවරේද, ඊට හේතු කවරේද යත්, මහණෙනි, යම් රාගයක් වේද, ඒ නැත්තේය. යම් ද්වේෂයක්වේද, ඒ නැත්තේය. යම් මෝහයක් වේද, ඒ නැත්තේය. යම් රාගයක් වේද, එය ප්‍රහීන වූයේය. යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන වූයේය. යම් මෝහයක් වේද, එය ප්‍රහීන වූයේය.

§ 26. “මහණෙනි, යම්කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ මනෝ විඤ්ඤාණයෙන් දතයුතුවූ ධර්‍මයන් කෙරෙහි යම් රාගයක්වේනම්, ඒ නැත්තේද, යම් ද්වේෂයක් වේනම්, ඒ නැත්තේද, යම් මෝහයක්වේනම්, ඒ නැත්තේද, යම් රාගයක් වේද, එය ප්‍රහීන වූයේද, යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන වූයේද, යම් මෝහයක්වේද, එය ප්‍රහීන වූයේද, ඔහුගේ සිතට ඉදින් ඉෂ්ටවූද මනෝ විඤ්ඤාණයෙන් දතයුතුවූ ධර්‍මයෝ හමුවෙත්ද, ඔහුගේ සිත විනාශ නොකරත්. අනිෂ්ටවූ ධම්මාරම්මණයන් ගැන කියනුම කවරේද, ඊට හේතු කවරේද යත්, මහණෙනි, යම් රාගයක් වේනම්, ඒ නැත්තේය. යම් ද්වේෂයක්වේනම්, ඒ නැත්තේය. යම් මෝහයක් වේනම්, ඒ නැත්තේය. යම් රාගයක් වේනම්, ඒ ප්‍රහීන වූයේය. යම් ද්වේෂයක් වේනම්, ඒ ප්‍රහීන වූයේය. යම් මෝහයක් වේනම්, ඒ ප්‍රහීන වූයේය

 SN 04-01-18-05 කොට්ඨිත සූත්‍රය.

5 5. –

§ 1. එක් කලෙක්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙමේද, ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිර තෙමේද බරණැස් නුවර මිගදාය නම්වූ ඉසිපතනාරාමයෙහි වාසය කෙරෙත්. ඉක්බිති ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරතෙමේ සවස් වේලෙහි ඵලසමවතින් නැගීසිටියේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරතෙමේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටුවියයුතු සිහිකටයුතුවූ කථාව කොට නිමවා එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරතෙමේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්ට මෙය සැල කෙළේය.
“ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, කිමෙක්ද?

§ 2. “ඇස රූපයන්ට සංයෝජනය වේද, රූපයෝ ඇසට සංයෝජන වෙත්ද? කන ශබ්දයන්ට සංයෝජනය වේද, ශබ්දයෝ කනට සංයෝජන වේද? නාසය ගන්‍ධයන්ට සංයෝජනය වේද, ගන්‍ධයෝ නාසයට සංයෝජන වේද? දිව රසයන්ට සංයෝජනය වේද, රස දිවට සංයෝජන වේද? කය ස්පර්‍ශයන්ට සංයෝජනය වේද, ස්පර්‍ශයෝ කයට සංයෝජන වේද? සිත ධර්‍මයන්ට සංයෝජනය වේද, ධර්‍මයෝ සිතට සංයෝජන වෙත්ද?, කියායි.

“ආයුෂ්මත් කොට්ඨිත ස්ථවිරයෙනි, ඇස රූපයන්ට සංයෝජනය නොවේ. රූපයෝ ඇසට සංයෝජනය නොවෙත්. එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, ඒ එහි සංයෝජනය වේ.

“කන ශබ්දයන්ට සංයෝජනය නොවේ. ශබ්දයෝ කනට සංයෝජනය නොවෙත්. ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, ඒ එහි සංයෝජනය වේ.

“නාසය ගන්‍ධයන්ට සංයෝජනය නොවේ. ගන්‍ධයෝ නාසයට සංයෝජනය නොවෙත්. එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, ඒ එහි සංයෝජනය වේ. දිව රසයන්ට සංයෝජනය නොවේ. රසයෝ දිවට සංයෝජනය නොවෙත්. එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, එය එහි සංයෝජනය වේ.

“කය ස්පර්‍ශයන්ට සංයෝජනය නොවේ. ස්පර්‍ශයෝ කයට සංයෝජනය නොවෙත්. එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, ඒ එහි සංයෝජනය වේ.

“සිත ධර්‍මයන්ට සංයෝජනය නොවේ. ධර්‍මයෝ සිතට සංයෝජනය නොවෙත්. එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, ඒ එහි සංයෝජනය වේ.

“ඇවැත්නි , යම් සේ කළු ගවයෙක්ද, සුදු ගවයෙක්ද, එක දම්වැලකින් හෝ ලණුවකින් හෝ බඳින ලද්දාහු වන්නාහුද, යමෙක් වනාහි කළු ගවයා සුදු ගවයාට බන්‍ධනය වෙයි. සුදු ගවයා කළු ගවයාට බන්‍ධනය වෙයි’ කියන්නේ නම් හෙතෙම සත්‍යයක් කියන්නේද? “ඇවැත්නි, එය නොවේමැයි.,

“ඇවැත්නි, කළු ගවයා සුදු ගවයාගේ බන්‍ධනය නොවේ. සුදු ගවයා කළු ගවයාගේ බන්‍ධනය නොවේ. ඔවුහු යම් එක දම්වැලකින් හෝ එක් ලණුවකින් හෝ බඳින ලද්දාහුද, එය එහි සංයෝජනය (බන්‍ධනය) වේ.

“ඇවැත්නි, එපරිද්දෙන්ම ඇස රූපයන්ට සංයෝජනය (බන්‍ධනය) නොවේ. රූපයෝ ඇසට සංයෝජනය (බන්‍ධනය) නොවෙත්. එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, එය එහි සංයෝජනය වේ.

“කන ශබ්දයන්ට සංයෝජනය නොවේ. ශබ්දයෝ කනට සංයෝජනය (බන්‍ධනය) නොවෙත්. එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, එය එහි සංයෝජනය වේ.

“නාසය ගන්‍ධයන්ට සංයෝජනය නොවේ. ගන්‍ධයෝ නාසයට සංයෝජනය (බන්‍ධනය) නොවෙත්. එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, එය එහි සංයෝජනය වේ.

“දිව රසයන්ට සංයෝජනය නොවේ. රසයෝ දිවට සංයෝජන නොවෙත්. එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, එය එහි සංයෝජනය වේ. කය ස්පර්‍ශයන්ට සංයෝජනය නොවේ. ස්පර්‍ශයෝ කයට සංයෝජනය (බන්‍ධනය) නොවෙත්. එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, එය එහි සංයෝජනය වේ.

“සිත ධර්‍මයන්ට සංයෝජනය නොවේ. ධර්‍මයෝ සිතට සංයෝජනය (බන්‍ධනය) නොවෙත්. එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, එය එහි සංයෝජනය වේ. “ඇවැත්නි, ඇස හෝ රූපයන්ට සංයෝජනය වන්නේ නම් රූප හෝ ඇසට සංයෝජනය වන්නේ නම් මේ බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි විසීම මනාව දුක් නැතිකිරීම පිණිස නොපෙනෙන්නේය. ඇවැත්නි, යම් හෙයකින් ඇස රූපයන්ට සංයෝජනය නොවේද, රූපයෝ ඇසට සංයෝජනය නොවෙත්ද එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, ඒ එහි සංයෝජනය වේද, එහෙයින් බ්‍රහ්මචර්‍ය්‍යාවාසය මනාව දුක් නැතිකිරීම පිණිස පෙනෙයි.

“ඇවැත්නි, කන හෝ ශබ්දයන්ට සංයෝජනය වන්නේ නම් ශබ්ද හෝ කනට සංයෝජනය වන්නේ නම් මේ බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි විසීම මනාව දුක් නැතිකිරීම පිණිස නොපෙනෙන්නේය. ඇවැත්නි, යම් හෙයකින් කන ශබ්දයන්ට සංයෝජනය නොවෙත්ද, ශබ්දයෝ කනට සංයෝජනය නොවෙත්ද, එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, ඒ එහි සංයෝජනය වේද, එහෙයින් බ්‍රහ්මචර්‍ය්‍යාවාසය මනාව දුක් නැතිකිරීම පිණිස පෙනෙයි.

“ඇවැත්නි, නාසය හෝ ගන්‍ධයන්ට සංයෝජනය වන්නේ නම් ගන්‍ධ හෝ නාසයට සංයෝජනය වන්නේ නම් මේ බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි විසීම මනාව දුක් නැතිකිරීම පිණිස නොපෙනෙන්නේය. ඇවැත්නි, යම් හෙයකින් නාසය ගන්‍ධයන්ට සංයෝජනය නොවේද, ගන්‍ධයෝ නාසයට සංයෝජනය නොවෙත්ද එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, ඒ එහි සංයෝජනය වේද, එහෙයින් බ්‍රහ්මචර්‍ය්‍යාවාසය මනාව දුක් නැතිකිරීම පිණිස පෙනෙයි.

“ඇවැත්නි, දිව හෝ රසයන්ට සංයෝජනය වන්නේ නම් රස හෝ දිවට සංයෝජන වන්නේ නම්, මනාව දුක් නැති කිරීම පිණිස මේ බ්‍රහ්මචර්‍ය්‍යා වාසය නොපෙනෙන්නේය. ඇවැත්නි යම් හෙයකින් දිව රසයන්ට සංයෝජනය නොවේද, රසයෝ දිවට සංයෝජනය නොවෙත්ද එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, ඒ එහි සංයෝජනය වේද, එහෙයින් බ්‍රහ්මචර්‍ය්‍යාවාසය මනාව දුක් නැතිකිරීම පිණිස පෙනේ.

“ඇවැත්නි, කය හෝ ස්පර්‍ශයන්ට සංයෝජනය වන්නේ නම් ස්පර්‍ශ හෝ කයට සංයෝජනය වන්නේ නම් මේ බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි විසීම මනාව දුක් නැතිකිරීම පිණිස නොපෙනෙන්නේය. ඇවැත්නි, යම් හෙයකින් කය ස්පර්‍ශයන්ට සංයෝජනය නොවේද, ස්පර්‍ශයෝ කයට සංයෝජනය නොවෙත්ද එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, ඒ එහි සංයෝජනය වේද, එහෙයින් බ්‍රහ්මචර්‍ය්‍යාවාසය මනාව දුක් නැතිකිරීම පිණිස පෙනෙයි.

“ඇවැත්නි, සිත හෝ ධර්‍මයන්ට සංයෝජනය වන්නේ නම් ධර්‍මයෝ හෝ සිතට සංයෝජනය වෙත් නම් මේ බ්‍රහ්මචර්‍ය්‍යා වාසය මනාව දුක් නැතිකිරීම පිණිස නොපෙනෙන්නේය. ඇවැත්නි, යම් හෙයකින් සිත ධර්‍මයන්ට සංයෝජනය නොවේද, ධර්‍මයෝ සිතට සංයෝජනය නොවෙත්ද එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, එය එහි සංයෝජනය වේද, එහෙයින් බ්‍රහ්මචර්‍ය්‍යාවාසය මනාව දුක් නැසීම පිණිස පෙනෙයි.

“ඇවැත්නි ඒ මේ කාරණයෙනුත් මෙය දත යුතුයි. යම්සේ ඇස රූපයන්ට සංයෝජනය නොවේද, රූපයෝ ඇසට සංයෝජනය නොවෙත්ද, එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, එය එහි සංයෝජනය වේ.

“ඇවැත්නි ඒ මේ කාරණයෙනුත් මෙය දත යුතුයි. යම්සේ කන ශබ්දයන්ට සංයෝජනය නොවේද, ශබ්දයෝ කනට සංයෝජනය නොවෙත්ද, එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, එය එහි සංයෝජනය වේ.

“ඇවැත්නි ඒ මේ කාරණයෙනුත් මෙය දත යුතුයි. යම්සේ නාසය ගන්‍ධයන්ට සංයෝජනය නොවේද, ගන්‍ධයෝ නාසයට සංයෝජනය නොවෙත්ද, එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, එය එහි සංයෝජනය වේ. ඇවැත්නි ඒ මේ කාරණයෙනුත් මෙය දත යුතුයි. යම්සේ දිව රසයන්ට සංයෝජනය නොවේද, රසයෝ දිවට සංයෝජනය නොවෙත්ද, එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, එය එහි සංයෝජනය වේ.

“ඇවැත්නි ඒ මේ කාරණයෙනුත් මෙය දත යුතුයි. යම්සේ කය ස්පර්‍ශයන්ට සංයෝජනය නොවේද, ස්පර්‍ශයෝ කයට සංයෝජනය නොවෙත්ද, එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, එය එහි සංයෝජනය වේ.

“ඇවැත්නි ඒ මේ කාරණයෙනුත් මෙය දත යුතුයි. යම්සේ සිත ධර්‍මයන්ට සංයෝජනය නොවේද, ධර්‍මයෝ සිතට සංයෝජනය නොවේද, එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, එය එහි සංයෝජනය වේ.

“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේට ඇස විද්‍යාමාන වේ. භාග්‍යවතුන් වහන්සේ ඇසින් රූප දකිත්. භාග්‍යවතුන් වහන්සේට ඡන්‍දරාගයක් නැත්තේය. භාග්‍යවතුන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් මිදුනු සිත් ඇති සේක.

“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේට කන විද්‍යාමාන වේ. භාග්‍යවතුන් වහන්සේ කනෙන් ශබ්ද අසත්. භාග්‍යවතුන් වහන්සේට ඡන්‍දරාගයක් නැත්තේය. භාග්‍යවතුන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් මිදුනු සිත් ඇති සේක.

“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේට නාසය විද්‍යාමාන වේ. භාග්‍යවතුන් වහන්සේ නාසයෙන් ගන්‍ධයන් ආඝ්‍රාණය කරත්. භාග්‍යවතුන් වහන්සේට ඡන්‍දරාගයක් නැත්තේය. භාග්‍යවතුන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් මිදුනු සිත් ඇති සේක.

“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේට දිව ඇත්තේමය. භාග්‍යවතුන් වහන්සේ දිවෙන් රස විඳිත්. භාග්‍යවතුන් වහන්සේට ඡන්‍දරාගයක් නැත්තේය. භාග්‍යවතුන් වහන්සේ කෙලෙසුන්ගෙන් මිදුනේ වේ.

“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේට කය විද්‍යාමාන වේ. භාග්‍යවතුන් වහන්සේ කයෙන් ස්පර්‍ශ කරත්. භාග්‍යවතුන් වහන්සේට ඡන්‍දරාගයක් නැත්තේය. භාග්‍යවතුන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් මිදුනු සිත් ඇති සේක. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේට සිත ඇත්තේය. භාග්‍යවතුන් වහන්සේට සිතින් ධර්‍මාරමුණු දනිත්. භාග්‍යවතුන් වහන්සේට ඡන්‍දරාගය නැත්තේය. භාග්‍යවතුන් වහන්සේ කෙලෙසුන්ගෙන් මිදුනු සිත් ඇත්තාහ.

“ඇවැත්නි, මේ ප්‍රකාරයෙන්ද මෙය දත යුතුයි. යම්සේ ඇස රූපයන්ට සංයෝජනය නොවේද, රූපයෝ ඇසට සංයෝජනය නොවෙත්ද, එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයක් උපදීද, ඒ එහි සංයෝජනය වේ,

“යම්සේ කන ශබ්දයන්ට සංයෝජනය නොවේද, ශබ්දයෝ කනට සංයෝජනය නොවෙත්ද, එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයක් උපදීද, ඒ එහි සංයෝජනය වේ,

“යම්සේ නාසය ගන්‍ධයන්ට සංයෝජනය නොවේද, ගන්‍ධයෝ නාසයට සංයෝජනය නොවෙත්ද, එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයක් උපදීද, ඒ එහි සංයෝජනය වේ, “යම්සේ දිව රසයන්ට සංයෝජනය නොවේද, රසයෝ දිවට සංයෝජනය නොවෙත්ද, එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයක් උපදීද, ඒ එහි සංයෝජනය වේ,

“යම්සේ කය ස්පර්‍ශයන්ට සංයෝජනය නොවේද, ස්පර්‍ශයෝ කයට සංයෝජනය නොවෙත්ද, එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයක් උපදීද, ඒ එහි සංයෝජනය වේ,

“යම්සේ සිත ධර්‍මයන්ට සංයෝජනය නොවේද, ධර්‍මයෝ සිතට සංයෝජනය නොවෙත්ද, එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයක් උපදීද, ඒ එහි සංයෝජනය වේයයි, වදාළේය. 6. කාමභූ සූත්‍රය–

එක් කලෙක්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් කාමභූ ස්ථවිරයන් වහන්සේද, කොසඹෑ නුවර ඝෝසිතාරාමයෙහි වාසය කරති. ඉක්බිති ආයුෂ්මත් කාමභූ ස්ථවිරතෙමේ සවස් වේලෙහි විවේකයෙන් නැඟී සිටියේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු වියයුතුවූ සිහිකටයුතුවූ කථාව කොට නිමවා එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් කාමභූ ස්ථවිරතෙම ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට මෙය සැල කෙළේය. “ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයෙනි, කිමෙක්ද? “ඇස රූපයන්ගේ සංයෝජනය වේද, රූපයෝ ඇසට සංයෝජන වෙත්ද? කන ශබ්දයන්ගේ සංයෝජනය වේද, ශබ්දයෝ කනට සංයෝජන වේද? නාසය ගන්‍ධයන්ගේ සංයෝජනය වේද, ගන්‍ධයෝ නාසයට සංයෝජන වේද? දිව රසයන්ගේ සංයෝජනය වේද, රස දිවට සංයෝජන වේද? කය ස්පර්‍ශයන්ගේ සංයෝජනය වේද, ස්පර්‍ශයෝ කයට සංයෝජන වේද? සිත ධර්‍මයන්ට සංයෝජනය වේද, ධර්‍මයෝ සිතට සංයෝජන වෙත්ද?, කියායි. § “ආයුෂ්මත් කාමභූ ස්ථවිරයෙනි, ඇස රූපයන්ගේ සංයෝජනය නොවේ. රූපයෝ ඇසට සංයෝජන නොවෙත්. එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, ඒ එහි සංයෝජනය වේ. § “කන ශබ්දයන්ගේ සංයෝජනය නොවේ. ශබ්දයෝ කනට සංයෝජන නොවෙත්. ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, ඒ එහි සංයෝජනය වේ. mmm “නාසය ගන්‍ධයන්ගේ සංයෝජනය නොවේ. ගන්‍ධයෝ නාසයට සංයෝජන නොවෙත්. එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, ඒ එහි සංයෝජනය වේ. vvv “දිව රසයන්ගේ සංයෝජනය නොවේ. රසයෝ දිවට සංයෝජන නොවෙත්. එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, එය එහි සංයෝජනය වේ. vvv “කය ස්පර්‍ශයන්ගේ සංයෝජනය නොවේ. ස්පර්‍ශයෝ කයට සංයෝජන නොවෙත්. එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, ඒ එහි සංයෝජනය වේ. vvv “සිත ධර්‍මයන්ගේ සංයෝජනය නොවේ. ධර්‍මයෝ සිතට සංයෝජන නොවෙත්. එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, ඒ එහි සංයෝජනය වේ. xxx

§ “ඇවැත්නි , යම් සේ කළු ගවයෙක්ද, සුදු ගවයෙක්ද, එක දම්වැලකින් හෝ ලණුවකින් හෝ බඳින ලද්දාහු වන්නාහුද, යමෙක් වනාහි කළු ගවයා සුදු ගවයාට බන්‍ධනය වෙයි. සුදු ගවයා කළු ගවයාට බන්‍ධනය වෙයි’ කියන්නේ නම් හෙතෙම සත්‍යයක් කියන්නේද? €“ඇවැත්නි, එය නොවේමැයි.,

“ඇවැත්නි, කළු ගවයා සුදු ගවයාගේ බන්‍ධනය නොවේ. සුදු ගවයා කළු ගවයාගේ බන්‍ධනය නොවේ. ඔවුහු යම් එක දම්වැලකින් හෝ එක් ලණුවකින් හෝ බඳින ලද්දාහුද, එය එහි සංයෝජනය (බන්‍ධනය) වේ.

“ඇවැත්නි, එපරිද්දෙන්ම ඇස රූපයන්ගේ බන්‍ධනය නොවේ. රූපයෝ ඇසට සංයෝජන (බන්‍ධන) නොවෙත්. එහි ඒ දෙක නිසා යම් ඡන්‍ද රාගයකුත් උපදීද, එය එහි සංයෝජනය වේ.

“කන ශබ්දයන්ගේ බන්‍ධනය නොවේ. ශබ්දයෝ කනට සංයෝජන (බන්‍ධන) නොවෙත්. එහි ඒ දෙක නිසා යම් ඡන්‍ද රාගයක් උපදීද, එය එහි සංයෝජනය වේ.

“නාසය ගන්‍ධයන්ගේ බන්‍ධනය නොවේ. ගන්‍ධයෝ නාසයට සංයෝජන (බන්‍ධන) නොවෙත්. එහි ඒ දෙක නිසා යම් ඡන්‍ද රාගයකුත් උපදීද, එය එහි සංයෝජනය වේ.

“දිව රසයන්ගේ බන්‍ධනය නොවේ. රසයෝ දිවට සංයෝජන නොවෙත්. එහි ඒ දෙක නිසා යම් ඡන්‍ද රාගයකුත් උපදීද, එය එහි සංයෝජනය වේ.

“කය ස්පර්‍ශයන්ගේ බන්‍ධනය නොවේ. ස්පර්‍ශයෝ කයට සංයෝජන (බන්‍ධන) නොවෙත්. එහි ඒ දෙක නිසා යම් ඡන්‍ද රාගයකුත් උපදීද, එය එහි සංයෝජනය වේ.

“සිත ධර්‍මයන්ට බන්‍ධනය නොවේ. ධර්‍මයෝ සිතට සංයෝජන (බන්‍ධන) නොවෙත්. එහි ඒ දෙක නිසා යම් ඡන්‍ද රාගයකුත් උපදීද, එය එහි සංයෝජනය වේ. 7 7. උදායී සූත්‍රය– § 1. එක් කලෙක්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේද, ආයුෂ්මත් උදායී ස්ථවිර තෙමේද, කොසඹෑ නුවර ඝෝසිතාරාමයෙහි වාසය කෙරෙත්. ඉක්බිති ආයුෂ්මත් උදායී ස්ථවිරතෙමේ සවස් වේලෙහි විවේකයෙන් නැඟී සිටියේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් සමග සතුටු වූයේය. සතුටු වියයුතුවූ සිහිකටයුතුවූ කථාව කොට නිමවා එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් උදායී ස්ථවිරතෙම ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට මෙය සැල කෙළේය. § 2. “ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයෙනි, මේ ආකාරයෙන්ද මේ ශරීරය අනාත්මයයි භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ශරීරය නොයෙක් ප්‍රකාරයෙන් වදාරණ ලද්දේද, විවෘත කරන ලද්දේද, ප්‍රකාශ කරන ලද්දේද, එපරිද්දෙන් මෙසේද මේ විඤ්ඤාණය අනාත්මයයි දක්වන්නට දේශනා කරන්ට පණවන්ට පිහිටුවන්ට විවරණය කරන්ට විභාග කරන්ට ප්‍රකට කරන්ට හැක්කේද?, § 3. “ආයුෂ්මත් උදායී ස්ථවිරයෙනි, මේ ශරීරය භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේද, මේ ශරීරය අනාත්මයයි නොයෙක් ආකාරයෙන් යම් පරිද්දෙකින් වදාරණ ලද්දේද, විවෘත කරන ලද්දේද, ප්‍රකාශ කරන ලද්දේද, එපරිද්දෙන් මෙසේද, මේ විඤ්ඤාණය අනාත්මයයි දක්වන්නට දේශනා කරන්ට පණවන්ට පිහිටුවන්ට විවෘත කරන්ට විභාග කරන්ට ප්‍රකට කරන්ට හැක්කේය.

§ 4. “ඇවැත්නි, ඇසද රූපයන්ද නිසා චක්ඛු විඤ්ඤාණය උපදීද? €“ඇවැත්නි, එසේය, “ඇවැත්නි, චක්ඛු විඤ්ඤාණයාගේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, ඒ හේතුවද ඒ ප්‍රත්‍යයද සියලු ආකාරයෙන් සර්‍වප්‍රකාරයෙන් ඉතිරි නොවී නිරුද්ධවන්නේ නම් කිම එකල්හි චක්ඛු විඤ්ඤාණයක් දක්නහුද? €“ඇවැත්නි, එය නොවේමැයි.,
“ඇවැත්නි, මේ ආකාරයෙන්ද භාග්‍යවතුන් වහන්සේ විසින් මේ විඤ්ඤාණය මෙසේද අනාත්මයයි, මෙය වදාරණ ලදී. විවෘත කරන ලදී. ප්‍රකාශ කරන ලදී.

§ “ඇවැත්නි, කනද, ශබ්දයන්ද, නිසා සෝත විඤ්ඤාණය උපදීද? “ඇවැත්නි, එසේය.,

“ඇවැත්නි, සෝත විඤ්ඤාණයාගේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, ඒ හේතුවද ඒ ප්‍රත්‍යයද සියලු ආකාරයෙන් සර්‍වප්‍රකාරයෙන් ඉතිරි නොවී නිරුද්ධවන්නේ නම් කිම එකල්හි සෝත විඤ්ඤාණයක් දක්නහුද? €“ඇවැත්නි, එය නොවේමැයි.,

“ඇවැත්නි, මේ ආකාරයෙන්ද භාග්‍යවතුන් වහන්සේ විසින් මේ විඤ්ඤාණය මෙසේද අනාත්මයයි, මෙය වදාරණ ලදී. විවෘත කරන ලදී. ප්‍රකාශ කරන ලදී.

“ඇවැත්නි, නාසයද, ගන්‍ධයන්ද, නිසා ඝාණ විඤ්ඤාණය උපදීද? “ඇවැත්නි, එසේය.,

“ඇවැත්නි, ඝාණ විඤ්ඤාණයාගේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, ඒ හේතුවද ඒ ප්‍රත්‍යයද සියලු ආකාරයෙන් සර්‍වප්‍රකාරයෙන් ඉතිරි නොවී නිරුද්ධවන්නේ නම් කිම එකල්හි ඝාණ විඤ්ඤාණයක් දක්නහුද? €“ඇවැත්නි, එය නොවේමැයි. “ඇවැත්නි, මේ ආකාරයෙන්ද භාග්‍යවතුන් වහන්සේ විසින් මේ විඤ්ඤාණය මෙසේද අනාත්මයයි, මෙය වදාරණ ලදී. විවෘත කරන ලදී. ප්‍රකාශ කරන ලදී.

“ඇවැත්නි, දිවද, රසයන්ද, නිසා ජිව්හා විඤ්ඤාණය උපදීද? “ඇවැත්නි, එසේය.,

“ඇවැත්නි, ජිව්හා විඤ්ඤාණයාගේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, ඒ හේතුවද ඒ ප්‍රත්‍යයද සියලු ආකාරයෙන් සර්‍වප්‍රකාරයෙන් ඉතිරි නොවී නිරුද්ධවන්නේ නම් කිම එකල්හි ජිව්හා විඤ්ඤාණයක් දක්නහුද? €“ඇවැත්නි, එය නොවේමැයි.,

“ඇවැත්නි, මේ ආකාරයෙන්ද භාග්‍යවතුන් වහන්සේ විසින් මේ විඤ්ඤාණය මෙසේද අනාත්මයයි, මෙය වදාරණ ලදී. විවෘත කරන ලදී. ප්‍රකාශ කරන ලදී.

“ඇවැත්නි, කයද, ස්පර්‍ශයන්ද, නිසා කාය විඤ්ඤාණය උපදීද? “ඇවැත්නි, එසේය.,

“ඇවැත්නි, කාය විඤ්ඤාණයාගේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, ඒ හේතුවද ඒ ප්‍රත්‍යයද සියලු ආකාරයෙන් සර්‍වප්‍රකාරයෙන් ඉතිරි නොවී නිරුද්ධවන්නේ නම් කිම එකල්හි කාය විඤ්ඤාණයක් දක්නහුද? “ඇවැත්නි, එය නොවේමැයි.,

“ඇවැත්නි, මේ ආකාරයෙන්ද භාග්‍යවතුන් වහන්සේ විසින් මේ විඤ්ඤාණය මෙසේද අනාත්මයයි, මෙය වදාරණ ලදී. විවෘත කරන ලදී. ප්‍රකාශ කරන ලදී.

“ඇවැත්නි, සිතද, ධර්‍මයන්ද, නිසා මනෝ විඤ්ඤාණය උපදීද? “ඇවැත්නි, එසේය.,

“ඇවැත්නි, මනෝ විඤ්ඤාණයාගේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, ඒ හේතුවද ඒ ප්‍රත්‍යයද සියලු ආකාරයෙන් සර්‍වප්‍රකාරයෙන් ඉතිරි නොවී නිරුද්ධවන්නේ නම් කිම එකල්හි මනෝ විඤ්ඤාණයක් දක්නහුද? €“ඇවැත්නි, එය නොවේමැයි.,

“ඇවැත්නි, මේ ආකාරයෙන්ද භාග්‍යවතුන් වහන්සේ විසින් මේ විඤ්ඤාණය මෙසේද අනාත්මයයි, මෙය වදාරණ ලදී. විවෘත කරන ලදී. ප්‍රකාශ කරන ලදී.

“ඇවැත්නි, යම්සේ හරයෙන් ප්‍රයෝජන ඇත්තාවූ හරය සොයන්නාවූ හරය සෙවීමෙහි හැසිරෙන්නාවූ පුරුෂයෙක්තෙම තියුණුවූ කෙටේරියක් ගෙන වනයට ඇතුල්වන්නේද හෙතෙම එහි සෘජුවූ අළුත්වූ නොපීදුනාවූ කෙසෙල් කඳක් දක්නේද, එය මුලින් සිඳින්නේය. මුලින් සිඳ අගින් සිඳින්නේය. අග සිඳ පත්වැටි (පතුරු) නගන්නේය. හෙතෙම එහි ඵලයකුත් නොලබන්නේය. කොයින් හරයක් ලබන්නේද?

ඇවැත්නි, එපරිද්දෙන්ම භික්‍ෂුතෙම සවැදෑරුම් වූ ස්පර්‍ශ ආයතනයන්හි තමාද නොම දකියි. තමාගේ දෙයක්ද නොම දකියි. හෙතෙම මෙසේ නොදක්නේ ලෝකයෙහි කිසිවක් තෘෂ්ණාවෙන් දැඩිකොට අල්වා නොගනියි. තෘෂ්ණාවෙන් දැඩිකොට අල්වා නොගන්නේ නො තැතිගනී. නො තැතිගන්නේ තමාම පිරිනිවෙයි. ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලද්දේය. සතරමගින් කළයුතු දෙය කරන ලදී. මෙයින් අන්‍ය ආත්මභාවයක් නැතැයි දැනගණියයි, (වදාළ සේක.) 8. ආදිත්‌තපරියාය සූත්‍රය–

“මහණෙනි, තොපට ආදිත්ත පරියාය නම් වූ ධර්‍ම දේශනාවක් කරන්නෙමි. එය අසව්. මහණෙනි, ආදිත්ත පරියාය නම්වූ ධර්‍ම දේශනාව කවරේද?

“මහණෙනි, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ රූපයන් කෙරෙහි අත් ලක්‍ෂණය පා ලක්‍ෂණය යනාදී (අනුව්‍යඤ්ජන) සටහන් ගැනීමට වඩා ඇවිල ගන්නාවූ දිලිසෙන්නාවූ ගිනිදැල් සහිතවූ රත්වූ යකඩ කූරකින් ඇස හාරා දැමීම උතුම්ය. මහණෙනි, ශරීරය ලක්‍ෂණයයි සටහන් ආශ්වාදනය කිරීමෙහි (නිමිත්තාස්වාදයෙහි) බැඳුනාවූ හෝ අත්පාදි ලක්‍ෂණයයි ගන්නා සටහන් ආශ්වාදනය කිරීමෙහි (අනුව්‍යඤ්ජනාස්වාදයෙහි) බැඳුනාවූ හෝ සිත පවත්නේද, ඉදින් ඒ කාලයෙහි කළුරිය කරන්නේ නම් නිරය හෝ තිරිසන් යෝනිය හෝ යන ගති දෙක අතුරෙන් යම් එක්තරා ගතියකට පැමිණෙන්නේය යන මේ කාරණය විද්‍යාමාන වේ. මහණෙනි, මම මේ දෝෂය දැක මෙසේ කියමි.

“මහණෙනි, සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ ශබ්දයන් කෙරෙහි ශබ්දය මිහිරිය යනාදී වශයෙන් නිමිති ගැනීමට වඩා ඇවිල ගත්තාවූ දිළිසෙන්නාවූ ගිණිදැල් සහිතවූ තියුණුවූ යකඩ හුලක් කන් පසාරු කරගෙන යනසේ ගැසීම උතුම්ය.

“මහණෙනි, නිමිති ආශ්වාදනය කිරීමෙහි බැඳුනාවූ හෝ කුඩා ලකුණු වශයෙන් ආශ්වාදනය කිරීමෙහි බැඳුනාවූ හෝ විඤ්ඤාණය පවත්නේද, ඉදින් ඒ කාලයෙහි කළුරිය කරන්නේ නම් නිරය හෝ තිරිසන් යෝනිය හෝ යන ගති දෙක අතුරෙන් එක්තරා යම් ගතියකට පැමිණෙන්නේය යන මේ කාරණය විද්‍යාමාන වේ. මහණෙනි, මම මේ දෝෂය දැක මෙසේ කියමි.

“මහණෙනි, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ ගන්‍ධයන් විෂයෙහි සුවඳය මිහිරිය යනාදී වශයෙන් නිමිති ගැනීමට වඩා ඇවිල ගත්තාවූ දිළිසෙන්නාවූ ගිණිදැල් සහිතවූ නියනකින් නාසය උළුප්පා දැමීම උතුම්ය.

“මහණෙනි, නිමිති ආශ්වාදනය කිරීමෙහි බැඳුනාවූ හෝ කුඩා ලකුණු ආශ්වාදනය කිරීමෙහි බැඳුනාවූ විඤ්ඤාණය පවත්නේද, ඉදින් ඒ කාලයෙහි කළුරිය කරන්නේ නම් නිරය හෝ තිරිසන් යෝනිය හෝ යන ගති දෙක අතුරෙන් එක්තරා යම් ගතියකට පැමිණෙන්නේය යන මේ කාරණය විද්‍යාමාන වේ. මහණෙනි, මම මේ දෝෂය දැක මෙසේ කියමි.

“මහණෙනි, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ රසයන් කෙරෙහි රසය මධුරය යනාදී වශයෙන් ගැනීමට වඩා ඇවිල ගත්තාවූ දිළිසෙන්නාවූ ගිණිදැල් සහිතවූ සියුම්වූ දැලි පිහියකින් දිව කපා දැමීම උතුම්ය. මහණෙනි, නිමිති ආශ්වාදනය කිරීමෙහි බැඳුනාවූ කුඩා ලකුණු වශයෙන් රස විඳීමෙහි බැඳුනාවූ හෝ විඤ්ඤාණය පවත්නේද, ඉදින් ඒ කාලයෙහි කළුරිය කරන්නේ නම් නිරය හෝ තිරිසන් යෝනිය හෝ යන ගති දෙක අතුරෙන් එක්තරා යම් ගතියකට පැමිණෙන්නේය යන මේ කාරණය විද්‍යාමාන වේ. මහණෙනි, මම මේ දෝෂය දැක මෙසේ කියමි.

“මහණෙනි, කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ ස්පර්‍ශයන් කෙරෙහි මෘදුය මොලොක්ය යනාදීන් නිමිති ගැනීමට වඩා ඇවිල ගත්තාවූ දිළිසෙන්නාවූ ගිණිදැල් සහිතවූ තියුණුවූ මහත්වූ වෑයකින් කය හැස දැමීම උතුම්ය.

“මහණෙනි, නිමිති වශයෙන් ආශ්වාදනය කිරීමෙහි බැඳුනාවූ හෝ කුඩා සලකුණු වශයෙන් ආශ්වාදනය කිරීමෙහි බැඳුනාවූ හෝ විඤ්ඤාණය පවත්නේද, ඉදින් ඒ කාලයෙහි කළුරිය කරන්නේ නම් නිරය හෝ තිරිසන් යෝනිය හෝ යන ගති දෙක අතුරෙන් එක්තරා යම් ගතියකට පැමිණෙන්නේය යන මේ කාරණය විද්‍යාමාන වේ. මහණෙනි, මම මේ දෝෂය දැක මෙසේ කියමි.

“මහණෙනි, නිදාගැනීම උතුම්ය. මහණෙනි, නිදාගැනීම වනාහි මම ජීවිතයාගේ වඳවීමයයි කියමි. ජීවිතයාගේ නිශ්චල භාවයයි කියමි. ජීවිතයාගේ මුළාවීමකැයි කියමි. යම්බඳු වූ විතර්‍කයන්ගේ වසඟයට ගියේ සංඝයා බිඳුවන්නේද, එබඳු වූ විතර්‍කයන් කල්පනා කිරීම එතරම්ද නොවටනේය. මහණෙනි, මම මේ දෝෂය දැක මෙසේ කියමි.

“මහණෙනි, එහි ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම මෙසේ සලකයි.‘ඇවිල ගත්තාවූ දිලිසෙන්නාවූ ගිණිදැල් සහිතවූ රත්වූ යකඩ කූරකින් ඇස හාරා දැමීම තිබේවා, මම මෙයම මෙනෙහි කරමි. මෙසේ ඇස අනිත්‍යය. රූපයෝ අනිත්‍යයෝය. චක්ඛු විඤ්ඤාණය අනිත්‍යය. චක්ඛු සම්ඵස්සය අනිත්‍යය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්‍යයි.

ඇවිලගත්තාවූ දිලිසෙන්නාවූ ගිනිදැල් සහිතවූ තියුණුවූ යකඩ හුලකින් කන පසා කිරීම තිබේවා, මම මෙයම මෙනෙහි කරමි. කන මෙසේ අනිත්‍යය. ශබ්දයෝ අනිත්‍යයෝය. සෝත විඤ්ඤාණය අනිත්‍යය. සෝත සම්ඵස්සය අනිත්‍යය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්‍යයි.

“ඇවිලගත්තාවූ දිලිසෙන්නාවූ ගිනිදැල් සහිතවූ තියුණුවූ නියනකින් නාසය උපුටා දැමීම තිබේවා, මම මෙයම මෙනෙහි කරමි. මෙසේ නාසය අනිත්‍යය. ගන්‍ධයෝ අනිත්‍යයෝය. ඝාණ විඤ්ඤාණය අනිත්‍යය. ඝාණ සම්ඵස්සය අනිත්‍යය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්‍යයි.

“ඇවිලගත්තාවූ දිලිසෙන්නාවූ ගිනිදැල් සහිතවූ තියුණුවූ දැලි පිහියකින් දිව කපා දැමීම තිබේවා, මම මෙයම මෙනෙහි කරමි. මෙසේ දිව අනිත්‍යය. රසයෝ අනිත්‍යයෝය. ජිව්හා විඤ්ඤාණය අනිත්‍යය. ජිව්හා සම්ඵස්සය අනිත්‍යය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්‍යයි.

“ඇවිලගත්තාවූ දිලිසෙන්නාවූ ගිනිදැල් සහිතවූ තියුණුවූ මහත් වෑයකින් කය හැස දැමීම තිබේවා, මම මෙයම මෙනෙහි කරමි. මෙසේ කය අනිත්‍යය. ස්පර්‍ශයෝ අනිත්‍යයෝය. කාය විඤ්ඤාණය අනිත්‍යය. කාය සම්ඵස්සය අනිත්‍යය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද අනිත්‍යයි.

“වැදහෙව නිදාගැනීම තිබේවා. මම මෙයම මෙනෙහි කරමි. මෙසේ සිත අනිත්‍යය. ධර්‍මයෝ අනිත්‍යයෝය. මනෝ විඤ්ඤාණය අනිත්‍යය. මනෝ සම්ඵස්සය අනිත්‍යය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, මෙයද අනිත්‍යයි.

“මහණෙනි, මෙසේ දක්නා වූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපයන් කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දයන් කෙරෙහිද කලකිරෙයි. සෝත විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධයන් කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

දිව කෙරෙහිද කලකිරෙයි. රසයන් කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශයන් කෙරෙහිද කලකිරෙයි. කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

සිත කෙරෙහිද කලකිරෙයි. ධර්‍මයන් කෙරෙහිද කලකිරෙයි. මනෝ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

කලකිරෙන්නේ නොඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලද්දේය. සතර මාර්‍ගයෙන් කළයුත්ත කරන ලදී. මෙයින් අන්‍ය වූ අනෙක් ආත්මභවයක් නැතැයි දැනගනියි. මහණෙනි, මේ වනාහි ආදිත්තපරියාය නම්වූ ධර්‍ම දේශනාව වේයයි, (වදාළ සේක.).99 9. හත්‌ථපාදූපම සූත්‍රය–

“මහණෙනි, අත්දෙක ඇති කල්හි ගැනීම බහා තැබීම පැනෙයි. පා දෙක ඇති කල්හි ඉදිරියට යාම පස්සට යාම පැනෙයි. හන්දි ඇති කල්හි හැකිලීම දිගහැරීම පැනෙයි. කුස (බඩ) ඇති කල්හි බඩගිනි පිපාස දෙක පැනෙයි.

“මහණෙනි, එපරිද්දෙන්ම ඇස ඇති කල්හි චක්ඛු සම්ඵස්සය හේතුකොටගෙන තමාතුළ සැප හා දුක උපදියි.

කන ඇති කල්හි සෝත සම්ඵස්සය හේතුකොටගෙන තමාතුළ සැප හා දුක උපදියි.

නාසය ඇති කල්හි ඝාණ සම්ඵස්සය හේතුකොටගෙන තමාතුළ සැප හා දුක උපදියි.

දිව ඇති කල්හි ජිව්හා සම්ඵස්සය හේතුකොටගෙන තමාතුළ සැප හා දුක උපදියි.

කය ඇති කල්හි කාය සම්ඵස්සය හේතුකොටගෙන තමාතුළ සැප හා දුක උපදියි.

සිත ඇති කල්හි මනෝ සම්ඵස්සය හේතුකොටගෙන තමාතුළ සැප හා දුක උපදියි.

“මහණෙනි, අත්දෙක නැති කල්හි ගැනීම බහා තැබීම නොපැනෙයි. පා දෙක නැති කල්හි ඉදිරියට යාම පස්සට යාම නොපැනෙයි. හන්දි නැති කල්හි හැකිලීම දිගහැරීම නොපැනෙයි. කුස නැති කල්හි බඩගිනි පිපාස දෙක නොපැනෙයි.

“මහණෙනි, එපරිද්දෙන්ම ඇස නැති කල්හි චක්ඛු සම්ඵස්සය නිසා තමාතුළ සැප දුක නූපදියි. කන නැති කල්හි සෝත සම්ඵස්සය නිසා තමාතුළ සැප හා දුක නූපදියි. නාසය නැති කල්හි ඝාණ සම්ඵස්සය නිසා තමාතුළ සැප හා දුක නූපදියි. දිව නැති කල්හි ජිව්හා සම්ඵස්සය නිසා තමාතුළ සැප හා දුක නූපදියි. කය නැති කල්හි කාය සම්ඵස්සය නිසා තමාතුළ සැප හා දුක නූපදියි. සිත නැති කල්හි මනෝ සම්ඵස්සය හේතුකොටගෙන තමාතුළ සැප හා දුක නූපදීයයි, (වදාළේය.) 10. දුතිය හත්‌ථපාදූපම සූත්‍රය–

“මහණෙනි, අත්දෙක ඇති කල්හි ගැනීම බහා තැබීම වේද, පා දෙක ඇති කල්හි ඉදිරියට යාම ආපසුයාම වේද, හන්දි ඇති කල්හි හැකිලීම දිගහැරීම වේද, කුස ඇති කල්හි සා පිපාස දෙක වේද,

“මහණෙනි, එපරිද්දෙන්ම ඇස ඇති කල්හි චක්ඛු සම්ඵස්සය හේතුකොටගෙන තමාතුළ සැප හා දුක උපදියි.

කන ඇති කල්හි සෝත සම්ඵස්සය හේතුකොටගෙන තමාතුළ සැප හා දුක උපදියි.

නාසය ඇති කල්හි ඝාණ සම්ඵස්සය හේතුකොටගෙන තමාතුළ සැප හා දුක උපදියි.

දිව ඇති කල්හි ජිව්හා සම්ඵස්සය හේතුකොටගෙන තමාතුළ සැප හා දුක උපදියි.

කය ඇති කල්හි කාය සම්ඵස්සය හේතුකොටගෙන තමාතුළ සැප හා දුක උපදියි.

සිත ඇති කල්හි මනෝ සම්ඵස්සය හේතුකොටගෙන තමාතුළ සැප හා දුක උපදියි.

“මහණෙනි, අත්දෙක නැති කල්හි ගැනීම බහා තැබීම නොවේද, පා දෙක නැති කල්හි ඉදිරියට යාම පස්සට යාම නොවේද, හන්දි නැති කල්හි හැකිලීම දිගහැරීම නොවේද, කුස නැති කල්හි සා පිපාස දෙක නොවේද,

“මහණෙනි, එපරිද්දෙන්ම ඇස නැති කල්හි චක්ඛු සම්ඵස්සය නිසා තමාතුළ සැප දුක නූපදියි. කන නැති කල්හි සෝත සම්ඵස්සය නිසා තමාතුළ සැප හා දුක නූපදියි. නාසය නැති කල්හි ඝාණ සම්ඵස්සය නිසා තමාතුළ සැප හා දුක නූපදියි. දිව නැති කල්හි ජිව්හා සම්ඵස්සය නිසා තමාතුළ සැප හා දුක නූපදියි. කය නැති කල්හි කාය සම්ඵස්සය නිසා තමාතුළ සැප හා දුක නූපදියි. සිත නැති කල්හි මනෝ සම්ඵස්සය හේතුකොටගෙන තමාතුළ සැප හා දුක නූපදීයයි, (වදාළ සේක.)

MN-02-01-01. කන්දරක සූත්‍රය

පුජ්‍ය රිදියගම ඉන්දාලෝක හිමිගේ සුත්‍රාන්ත දේශනය කොටස් දෙකකින්.

Desana=2


§  1. මා විසින් (මේ සූත්‍රය) මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ “චම්පා” නුවර ගග්ගරා නම් පොකුණු ඉවුරෙහි මහත්වූ භික්ෂු සංඝයා සමග වැඩ වාසය කරති.

එකල්හි හස්ත්‍යාරොහක පුත්‍ර (ඇතුන් බලන්නෙකුගේ පුත්‍ර)යෙකු වූ පෙස්ස ද  පරිබ්‍රාජකයෙක් වූ  කන්දරකද   භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියාහුය. පැමිණ පෙස්ස නම් ඇතරුපුත්  භාග්‍යවතුන් වහන්සේට වැඳ නමස්කාර කොට  එක පැත්තක හුන්නේය. කන්දරක නම් පිරිවැජියාද භාග්‍යවතුන් වහන්සේ සමග  සතුටු විය යුතු වූ සිහි කටයුතුවූ කථාව කොට නිමවා එක පැත්තක සිටියේය.

[මේ පිළිගැනීමේ දෙආකාරය මගින් පෙස්ස බුද්ධාගම වැළඳ ගත් කෙනෙක් බවත් කන්දාරක බෞද්ධ ඉගැන්වීම ගැන නොදන්නා හෝ නොපිලිගන්නා කෙනෙක් බවත් දැකිය හැක.]

එසේ එක පැත්තක සිටියාවූ කන්දරක පරිබ්රාජිකයා නිශ්ශබ්දව හිදින්නාවූ  භික්ෂු සංඝ සමුහයා දෙස බලා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය.

“භවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්‍ය්‍යයෙක,  භවත් ගෞතමයන් වහන්ස, මේ පෙර  නුදුටු  විරූ දැක්මක්ය. භවත් ගෞතමයන් වහන්සේ විසින් ඉතා හොඳින් ,මේ භික්ෂු සංඝයා හික්මවන ලද්දේය. යහපත් සේ ධර්මය හදාරන්නට යොමු කරන ලද්දේය.
“භවත් ගෞතමයෙනි, අතීත කාලයෙහි යම්  සම්බුද්ධයන වහන්සේ කෙනෙක් වූවාහුද ඒ භාග්‍යවත්හුද මෙසේම හොඳින් භික්ෂු සංඝයා පිළියෙල කළාහුය. මෙකල්හි භවත් ගෞතමයන් විසින් භික්ෂු සංඝතෙම මනාකොට පිළියෙල කරන ලද්දේ යම්සේද (එමෙනී) භවත් ගෞතමයෙනි, මතු කාලයෙහි යම් අර්හත් සම්‍යක් සම්බුද්ධ කෙනෙක් වන්නාහුද, ඒ භාග්‍යවත්හුද මෙතරම්ම හොඳින් භික්ෂු සංඝයා පිළියෙල කරන්නාහුය. මෙකල්හි භවත් ගෞතමයන් වහන්සේ විසින් භික්ෂු සංඝතෙම හොඳින් පිළියෙල කෙළේ යම්සේද (එමෙනැ’යි” කීයේය)

[ කන්දාරක පරිබ්රාජිකයන් ට පෙර විසු සම්‍යක් සම්බුද්ධයන් වහන්සේලා හෝ මතුවට පහළවන සම්‍යක් සම්බුද්ධයන් වහන්සේලා ගැන නිත්‍ය ස්ථිර අවබෝධයක් නැතිව සිටියද මෙසේ කීවේ ඒ සංඝ සභාවේ මනා පැවැත්මේ ස්වභාවය දැකීමෙන් ඇතිවූ පැහැදීම නිසාය. එසේ වුවද භාග්‍යවතුන් වහන්සේ  මොහුගේ කීම සිය සර්වඥ ඥානයෙන් දැකම ස්ථිර කල සේක.]  

§3.  “කන්දරකය, ඒ කාරණය එසේමය, කන්දරකය, ඒ කාරණය එසේමය.
පෙර යම් අර්හත් සම්‍යක් සම්බුද්ධකෙනෙක් වීද, ඒ භාග්‍යවත්හුද මේ අන්දමටම  හොඳින් භික්ෂු සංඝයා හික්මවා නිර්වාන මාර්ගයෙහි යෙදවුහ. එමෙන්මැ, කන්දරකය, මතු කාලයෙහි යම්  අර්හත් සම්‍යක් සම්බුද්ධ කෙනෙක් වේද, ඒ භාග්‍යවත්හුද මේ අන්දමටම  හොඳින් භික්ෂු සංඝයා හික්මවා නිර්වාන මාර්ගයෙහි යොදවන්නාහුය. 

“කන්දරකය, මේ භික්ෂු සංඝයා අතර ආශ්‍රව ක්ෂයකළ , වැස නිමවන ලද මාර්ග බ්‍රහ්මචරියාව ඇති, මෙලොව කල යුතු සියළු කටයුතු අවසාන කරනලද , කෙලෙස් බර බහා තබන ලද, පිළිවෙලින් අර්හත් මගට පැමිණියාවූ ,  භව සංයෝජන ක්ෂය කළාවූ, මනාකොට නුවණින් දැන කෙලෙසුන් කෙරෙන් මිදුනාවූ රහත් භික්ෂූහුද ඇත්තාහුය.

කන්දරකය, මේ භික්ෂු සංඝයා අතර සැමවිට සිල් ආරක්ෂා කරන්නාවූ ,  සියළු කල්හි යහපත් පැවතුම් ඇත්තාවූ, නුවණ ඇත්තාවූ, නුවණින් කරන පැවතුම් ඇත්තාවූ, සතර සතිපට්ඨානයන්හි මනාව එළඹ සිටි සිත් ඇති, භික්ෂූහුද වාසය කරත්.

කවර සතිට්ඨාන සතරක ද යත්?

  • කන්දරකය, මේ ශාසනයෙහි මහණහු  කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ මනා නුවණ ඇත්තේ පැවැත්වූ සතිය ඇත්තේ, ස්කන්ධ ලොකයෙහි ලොභය (ආසාව= කැමැත්ත) දොසයන් (අකැමැත්ත = අසහනය ) දුරුකොට කයෙහි කය අනුව නැවත නැවත බලමින් වාසය කරයි.
  • කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, යහපත් නුවණ ඇත්තේ, පැවැත්වූ සිහිය  ඇත්තේ වේදනා නම්  වීඳීම් රාසියෙහි ලොභය හා දොම්නස සංසිඳුවාගෙන වේදනා (විඳීම්) කෙරෙහි විඳීම් නැවත නැවත බලමින් වාසය කරයි.
  • කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ මනා නුවණ ඇත්තේ පැවැත්වූ සතිය ඇත්තේ, ඇතිවන්නාවූ පවතින්නාවූ බිදෙන්නාවූ සිත් පෙරහැර දෙස මනා අවබෝධයෙන්  බලමින් වාසය කරයි.
  • කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ යහපත් නුවණ ඇත්තේ සිහි ඇත්තේ සිත්හි උපන්නාවූ ධර්ම රාසියෙහි ලොභය හා දොම්නස සංසිඳුවාගෙන ඒ ඒ ධර්මයන් ලෙස දකිමින් ඒ ඒ  ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරයි.” (යන සතර සතිපට්ඨානයන්හිය.)

§4.  මෙසේ වදාළ කල්හි ඇතරුපුත් පෙස්ස, භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය.
“ස්වාමීනි, ආශ්චර්‍ය්‍යය, ස්වාමීනි, අපුරුය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සතර සතිපට්ඨානයෝ සත්වයන්ගේ විසුද්ධිය පිණිස, ශොක පරිදෙවයන්ගේ ඉක්මවීම පිණිස, දුක් දොම්නස් දෙදෙනාගේ නැසීම පිණිස, මාර්ගඥාන ලැබීම පිණිස නිවණ අවබොධ කිරීම පිණිස ඉතා හොඳින් පනවන ලද්දාහුමය.

ස්වාමීනි, සුදුවත් අඳනා, ගිහියන්වු අපිදු,  කලින් කල මේ සතර සතිපට්ඨානයන්හි මනාව එළඹ සිටි සිත් ඇත්තෝව වාසය කරමු. ස්වාමීනි, මෙහි අපි කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව මනා නුවණ ඇතිව සිහි ඇතිව ලොකයෙහි ලොභය හා දොම්නස දුරුකොට කයෙහි කය නැවත නැවත බලමින් වාසයකරමු. කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහි ඇතිව විඳීම් රාසියෙහි ලොභය හා දොම්නස සංසිඳුවා ගෙන විඳීම් කෙරෙහි විඳීම් නැවත නැවත බලමින් වාසය කරමු. කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහි ඇත්තාහු සිත් සමූහයෙහි ලොභය හා දොම්නස සංසිඳුවා ගෙන සිත් කෙරෙහි සිත් නැවත නැවත බලමින් වාසය කරමු. කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහි ඇතිව ධර්ම රාසියෙහි ලොභය හා දොම්නස සංසිඳුවා ගෙන ධර්මයන් කෙරෙහි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරමු.

ස්වාමීනි ආශ්චර්‍ය්‍යය, ස්වාමීනි අපුරුය , ස්වාමීනි  ඔබ වහන්සේ මෙසේ මේ කිලිටි අදහස් ඇති කෛරාටික කපටි සිත් ඇති මිනිස් ප්‍රජාව අතර සත්වයන්ට හිතවූද, අහිතවූද ප්‍රතිපදාව මැනවීන් දන්නා සේක්මය. ස්වාමීනි, මින්සුන්ගේ සිත්වල ස්වභාවයන් දැන ගැනීම දුෂ්කරය.  එහෙත් සතුන්ගේ ස්වභාවයෙන් උන්ගේ සිත් දැනගන්නට පහසුය. ස්වාමීනි, මම  හස්ති ධර්මය (ඇතුන්ගේ ස්වභාව දැන ගැන්මේ ශාස්ත්‍රය )  දන්නෙමි.  මා චම්පා නුවරට ගොස් ආපසු එන්නට යම් කාලයක් ගත වේද , ඒ කාලය තුළ ඇතෙක් උහුට කල හැකි සියළු කපට කම් සැඩ කම් කරන්නේය, 

[ මේ ප්‍රකාශයෙන් ඔහු අදහස් කරන්නේ ඇතෙකු ගේ අසංවර කපටි හැසිරීම හීලෑ වන තෙක් වූ  සුළු කලකට සීමාවන බවත් මිනිසුන්ගේ අසංවර බව එසේ සීමිත කාලයකට අඩංගු නොවන බවත්ය.]    

හස්තියා කැමති කලක්  සිටිනු කැමති කල්හි සිටින්නේය. පිට සිටින්නා බිම  හෙළනු කැමති කල්හි එසේ ඔහු බිම  හෙළන්නේය. ඉදිරියට යාමට මෙහෙයවූ කල උහුට ආපසු යනු කැමති කල ආපසු යන්නේය. වමින් හෝ දකුණින් හෝ කෙලින් හෝ යනු කැමති කල එසේ යන්නේය. මලමුත්‍ර කරනු කැමති කල එතනම මලමුත්‍ර කරන්නේය. ඇත්හුගේ සිත් හා ක්‍රියා එබඳුය.,

ස්වාමීනි, අපගේ  දාසයෝය පණිවුඩකාරයෝය කම්කරුවෝය යන පිරිස් වෙත්, ඔවුන් සිතන්නේ එකෙකි.  කියන්නේ එකෙක ,  කරන්නේ වෙනෙකකි. . ස්වාමීනි, අශ්චර්‍ය්‍යය, ස්වාමීනි අපුරුය. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මෙසේ මිනිසුන්ගේ අදහස් අපිරිසිදු බව, මෙසේ මිනිසුන්ගේ අදහස් අප්‍රකට බව, මෙසේ මිනිසුන්ගේ අදහස් කෛරාටික බව පවත්නා කල්හි සත්වයන්ට හිතවූද, අහිතවූද ප්‍රතිපදාව දන්නා සේක්මය. ස්වාමීනි,  මිනිස් සිත්  අප්‍රකටමය. ස්වාමීනි, යම්  සිවුපා සත්තු වෙත්ද මොවුන්ගේ  අදහස ප්‍රකටමය”යි කීයේය.

§5  “පෙස්සය, ඒ සැබෑවකි. ඒ එසේය.  පෙස්සය  මිනිසුන්ගේ  අදහස අප්‍රකටය. පෙස්සය,  සත්තුන්ගේ අදහස පැහැදිලිය.”
“පෙස්සය, ලෝකයෙහි  පුද්ගලයෝ සතර දෙනෙක් වෙත්. කවර සතරදෙනෙක්ද යත්?

  • මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් තමා තැවෙන්නේ තමා හට තැවීම ඇතිවන්නාවූ  පිළිවෙතෙහිමැ  යෙදුනේ වෙයි.
  • ඇතැම් පුද්ගලයෙක් අනුන් තවන්නේ අනුන් තවන පිළිවෙතෙහිමැ යෙදුනේ වෙයි.
  • පෙස්සය, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් තමා තැවෙන්නේ, තමා තවන්නාවූ පිළිවෙතෙහි යෙදුනේද අනුන් තවන්නේ අනුන් තවන පිළි වෙතෙහි යෙදුනේද වෙයි,
  • ඇතැම් පුද්ගලයෙක් තමා නොතැවෙන්නේ තමා නොතවන්නාවූ පිළිවෙතෙහි යෙදුනේද අනුන් නොතවන්නේ අනුන් තවන පිළිවෙතෙහි නොයෙදුනේද වෙයි. තමාද නොතවන්නාවූ අනුන්ද නොතවන්නාවූ ඒ පුද්ගලයා  මේ ආත්මයෙහිම තෘෂ්ණා රහිතවූයේ නිවුනේද සිහිල්වූයේ (ධ්‍යාන, මාර්ග, ඵල, නිර්වාණ ආදී වූ ) සැප විඳින ශ්‍රෙෂ්ඨවූ පුද්ගලයෙක්ව වාසය කරයි,

පෙස්සය, මේ පුද්ගලයන් සතරදෙනා අතුරෙන් කවර පුද්ගලයෙක් තොපගේ සිත සතුටු කෙරේදැ”යි (ඇසූහ.)

“ස්වාමීනි, පළමු ව සඳහන් කල තුන් පුද්ගලයන් නොව සතර වැන්නට කී එනම් තමා නොතැවෙන්නේ තමා නොතවන්නාවූ පිළිවෙතෙහි යෙදුනේ, අනුන් නොතවන්නේ අනුන් තවන පිළිවෙතෙහි නොයෙදුනේ,   තමාද නොතවන්නාවූ අනුන්ද නොතවන්නාවූ ඒ පුද්ගලයා මට ප්‍රිය ය. ”යි කීයේය. 

§6  “පෙස්සය, කුමක් නිසා  මේ පළමු  පුද්ගලයෝ තුන්දෙන තොපගේ සිත සතුටු නොකරද්ද”යි (ඇසූසේක)

  • “ස්වාමීනි, යම්  පුද්ගලයෙක්  තමා තැවෙන්නේ තමා  තවන පිළිවෙතෙහිමැ  යෙදුනේවේද, හෙතෙම සැපයට කැමතිවූ දුකට පිළිකුල් කරන්නාවූ තමා තවයි, අතිශයින් තවයි. මේ කාරණයෙන් මේ පුද්ගලයා  මාගේ සිත සතුටු නොකරයි.
  • ස්වාමීනි, යම්  පුද්ගලයෙක් අනුන් තවන්නේ අනුන් තවන පිළිවෙතෙහි යෙදුනේ වේද, හෙතෙම සැපයට කැමතිවූ දුකට පිළිකුල් කරන්නාවූ අන්‍යයා තවයි, අතිශයින් තවයි. මේ කාරණයෙන් මේ පුද්ගලයා  මාගේ සිත සතුටු නොකරයි.
  • ස්වාමීනි, යම්  පුද්ගලයෙක් තමා තවන්නේ තමා තවන පිළිවෙතෙහි යෙදුනේද අනුන් තවන්නේ අනුන් තවන පිළිවෙතෙහි යෙදුනේත් වේද, හෙතෙම සැපයට කැමතිවූ දුකට පිළිකුල් කරන්නාවූ තමාද අනුන්ද තවයි, අතිශයින් තවයි. මේ කාරණයෙන් මේ පුද්ගලතෙම මාගේ සිත සතුටු නොකරයි.
  • ස්වාමීනි, යම්  පුද්ගලයෙක් තමා නොතවන්නේ තමා තවන පිළිවෙතෙහි නොයෙදුනේ අනුන් නොතවන්නේ අනුන් තවන පිළිවෙතෙහි නොයෙදුනේ වේද, තමා නොතවන්නාවූ අනුන් නොතවන්නාවූ හෙතෙම මේ ආත්මයෙහි තෘෂ්ණා රහිතවූයේ කෙලෙසුන්ගෙන් මිදුනේ සිහිල්වූයේ ධ්‍යානාදි සුව විඳිමින් ශ්‍රෙෂ්ඨවූ පුද්ගලයෙක්ව වාසය කරයිද, මේ කාරණයෙන් මේ පුද්ගලයා මැ  මාගේ සිත සතුටු කරයි.” යි කීය.

එසේ කියා යලිදු  කියන්නේ “ස්වාමීනි, අපි බොහෝ වැඩ කටයුතු ඇත්තෝ වෙමු. එබැවින් දැන් අපි යමු”යි කීයේය.
“පෙස්සය, එසේ පිටව යෑමට සුදුසු කාලය  නුඹම දන්නේය. රිසි සේ කරව.” යි භාග්‍යවතුන් වහන්සේ පෙස්ස ට පිටව යන්නට අවසර දුන් සේක.

ඉක්බිති පෙස්ස නම් ඇතරු පුත්තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගෙණ අනුමෝදන්ව උන් ආසනයෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට හොඳින් වැඳ පැදකුණුකොට ගියේය.

§7.   ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙස්ස නම් හස්ත්‍යා රොහක පුත්‍රයා පිටව ගිය නොබෝ වේලාවකින් භික්ෂූන්ට කථා කළහ.

“මහණෙනි, ඇතරුපුත් පෙස්ස  පණ්ඩිතය. මහණෙනි, ඇතරුපුත් පෙස්ස  මහත් නුවණ ඇත්තේය. මහණෙනි, ඉදින් පෙස්ස   මේ පුද්ගලයන් සතරදෙන විස්තර වශයෙන් විභාගකොට මා කියන තුරු ඔහු  තවත් ස්වල්ප වෙලාවක් මෙහි සිටියේ වී නම් ඔහුට ඉමහත් අර්ථයක් සැලසෙන්නේය.
[අටුවාව: මේ දේශනාව නිමවෙන තුරු සිටියේ වී නම් පෙස්ස සෝවාන් ඵලයට පැමිණෙන්නේය] මහණෙනි, එසේ  වුවත් මෙතෙකිනුත් පෙස්සට මහත් ලාභයක් විය.

[මේ ලාභ දෙක නම්:  සංඝ රත්නය කෙරෙහි වූ පෙස්සගේ ශ්‍රද්ධාව මහත්සේ දැඩිවීම සහ සතිය පැවැත්වීමේ ක්‍රම සතර ගැන අවබෝධය පුළුල් වීම යන්නය.] යැ” යි වදාළහ.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන්මේ  පුද්ගලයන් සතරදෙන විස්තර වශයෙන් බෙදා වදාරන්නේ නම් ඊට මේ සුදුසු කාලය වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ (විස්තර දෙශනාව) අසා භික්ෂූහු දරන්නාහුය,  සුගතයන් වහන්ස, මේ දෙශනාවට සුදුසු කාලය වේ.” “මහණෙනි, එසේ වීනම් අසව්. මනාකොට මෙනෙහිකරව් කියන්නෙමි” “ස්වාමීනි, එසේය”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.

§8  “මහණෙනි, තමන්  තැවෙන්නාවූ ද තමන් තවන පිළිවෙතෙහි යෙදුනාවූ පුද්ගලයා  කවරහුද ?

මහණෙනි,
මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක්  වස්ත්‍ර නොහඳින්නේය. යහපත් පැවතුම් නැත. මලපහ කොට අතින් පිස දමන්නේය. එව ස්වාමීනි”යි කී විට නොඑන්නේය. සිටිනු ස්වාමීනියි කී විට නොසිටින්නේය . පළමු කොට ගෙනෙනලද ආහාරය නොපිළිගණියි. උන්උදෙසා කරන ලද්ද නොපිළිගණියි.  ආරාධනා කොට දුන් බත නොඉවසයි. වලඳක පිස  දුන් දෙය නොපිළිගණියි. එළිපත මත  සිට පිදු දානය නොපිළිගණියි. දණ්ඩක් අතර කොට දුන් දෙය නොපිළිගණියි. මෙහොලක් අතර කොට දුන් දෙය නොපිළිගණියි. වළඳන්නාවූ දෙදෙනෙකු අතුරෙන් කෙනෙක් දුන් දෙය නොපිළිගණියි. දරුවෙකු ලැබෙන්නට ඉන්නා ස්ත්‍රියකගෙන් දානය නොපිළිගණියි. සමාදන් කොට දුන් කල්හි නොපිළිගණියි. යම් තැනක සුනඛයෙක් සිටියේ වේද එතන්හි දුන් දෙය නොපිළිගණියි. යම් තැනක මැස්සෝ  ගැවසෙත්ද එතන්හි නොපිළිගණියි. පිසූ මාළු සහිත දානය නොපිළිගණියි.  පිසූ ගොඩමස් සහිත දානය  නොපිළිගණියි.  සුරා නොපිළිගණියි. මෙරය (මල්යුසින් කළ මත්පැන්) නොපිළිගණියි. කාඩිදිය නොබොයි. හෙතෙම එක ගෙයකින් ලැබූ ආහාර ඇත්තේ හෝ වෙයි. එක පිඩකින් යැපෙන්නේ හෝ වෙයි. ගෙවල් දෙකකින් ලැබූ ආහාර ඇත්තේ හෝ වෙයි. පිඩු දෙකකින් යැපෙන්නේ හෝ වෙයි. ගෙවල් සතකින් ලැබූ ආහාර ඇත්තේ හෝ වෙයි. පිඩු සතකින් යැපෙන්නේ හෝ වෙයි. එකම කුඩාවූ ආහාර භාජනයකින් යැපෙයි. කුඩා ආහාර බඳුන් දෙකකින්ද යැපෙයි. කුඩා ආහාර බඳුන් හතකින්ද යැපෙයි. එක් දවසක් හැර දවසක්ද ආහාර ගණියි. දෙදවසක් හැර දවසක්ද ආහාර ගණියි. සත් දවසක් හැර දවසක්ද ආහාර ගණියි. මෙසේ මෙබඳු අඩමසකට වරක් ආහාර ගනිමින්ද වාර භොජනයෙහි යෙදී වාසය කරයි. හෙතෙම අමු පලා කන්නේ හෝ වෙයි. බඩ හමු අනුභව කරන්නේ හෝ වෙයි. හුරුහැල් අනුභව කරන්නේ හෝ වෙයි. සම් කසට අනුභව කරන්නේ හෝ වෙයි. මැලියම් අනුභව කරන්නේ හෝ වෙයි. කුඩු අනුභව කරන්නේ හෝ වෙයි. දඹු බත් අනුභව කරන්නේ හෝ වෙයි. තල මුරුවට අනුභව කරන්නේ හෝ වෙයි. තණකොල අනුභව කරන්නේ හෝ වෙයි. ගොම අනුභව කරන්නේ හෝ වෙයි. වනමුල් ඵල ආහාර කොට ඇතිව වැටුණු ගෙඩි අනුභව කරමින් එයින් යැපෙයි. හෙතෙම හන වැහැරිද දරයි. මිශ්‍රක වැහැරිද දරයි. මල සිරුරෙන් දැමූ වස්ත්‍රද දරයි. පංසුකූල වස්ත්‍රද දරයි. ගස් සුඹුලෙන් කළ වස්ත්‍රද දරයි. අඳුන් දිවි සම්ද දරයි. කුර සහිත අදුන් දිවිසම්ද දරයි. කුසතණ වැහැරිද දරයි. කෙඳිවලින් කළ වැහැරිද දරයි. පතුරුවලින් කළ වැහැරිද දරයි. මිනිස් කෙසින් කළ කම්බිලිද දරයි. අස්ලොම් ආදියෙන් කළ කම්බිලිද දරයි. බකමුහුණු පිහාටු ගොතා කළ වස්ත්‍රද දරයි. හිසකේ රැවුල් උදුරන්නේ, ඉසකේ රැවුල් උදුරන පිළිවෙතෙහි යෙදුනේ වෙයි. ආසන ප්‍රතික්ෂෙප කරන ලද්දේ උඩ බලා සිටින්නේ වෙයි. උක්කුටිකව වීර්‍ය්‍ය කිරීමෙහි යෙදුනේ උක්කුටිකවූයේද වෙයි. කටු යහනෙහි සයනය කරයි. කටු ඇතිරියෙහි සයනය කරයි. සවස තෙවැනි කොට (දවසට තුන් වරක්) දියට බසින පිළිවෙතෙහි යෙදුනේ වාසය කරයි.

[ඉහත දැක්වූ සියළු වෘත ඒ කාලයේ නොයෙක් ධර්මයන් අනුගමනය කල ආජීවක පරිබ්‍රාජකයන් කල දේවල්ය.]

මෙසේ මෙබඳු නොයෙක් ආකාරයෙන් ශරීරය තවන පෙළන තපස්කම්වල යෙදී වාසය කරයි. මහණෙනි, මේ පුද්ගලයා තමන් තැවෙන්නේය. තමන් තවන පිළිවෙතෙහි යෙදුනේයයි කියනු ලැබේ.

§9.  “මහණෙනි, අනුන් තවන්නාවූ අනුන් තවන පිළිවෙතෙහි යෙදුනාවූ පුද්ගලයා කවරහුද ?

මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් එළුවන් මරයි. ඌරන් මරයි. ලිහිණින් මරයි. මුවන් මරයි. රෞද්‍රවූයේ වෙයි. මසුන් මරයි. සොරකම් කරයි. සොරුන් මරයි. සිරගෙවල් පාලනය කරයි. අන්‍යවූද කිසියම් සැහැසිකම් කරන්නාහු මේ පුද්ගලයා  අනුන් තවන්නේ අනුන් තවන අනුන්ට දුක්  ගෙනදෙන පිළිවෙතෙහි යෙදුනේයයි කියනු ලැබේ.

§10  “මහණෙනි, තමන් තැවෙන්නාවූ,  තමන් තවන පිළිවෙතෙහි යෙදුනාවූද අනුන් තවන්නාවූ අනුන් තවන පිළිවෙතෙහි යෙදුනාවූද පුද්ගලයා කවරහුද ?

මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් ඔටුණු පළඳිනලද රජෙක් හෝ වෙයි. මහා සාර වංශ යෙහි ඉපිද්දේ මහත් වස්තුව ඇති බ්‍රාහ්මණයෙක් හෝ වෙයි. හෙතෙම නුවරට නැගෙනහිර දිශාවෙහි අළුත්වූ යාග ශාලාවක් කරවා, හිසකේ රැවුල් බහවා කුර සහිත අඳුන් දිවිසමක් හැඳ ගිතෙලින් හා තලතෙලින් ශරීරය තවරා මුවඅඟින් පිට කසමින් මෙහෙසියද පොරෝහිත බමුණාද සමග යාග ශාලාවට පිවිසෙයි. හෙතෙම එහි අතුරණලද පැදුරු ආදියක් නැති ගොම පිරිබඩකළාවූ භූමියෙහි සයනය කරයි. සමාන වස්සන් ඇති එක දෙනකගේ එක තනයෙක්හි යම් කිරක්වේද එයින් රජතෙම යැපෙයි. දෙවෙනි තනයෙහි යම් කිරක් වේද එයින් මෙහෙසිය යැපෙයි. තුන්වන තනයෙහි යම් කිරක් වේද එයින් පුරෝහිත බමුණා යැපෙයි. සිවුවන තනයෙහි යම් කිරක්වේද එයින් ගිනි පුදත්. ඉතිරිවූවකින් වසුතෙම යැපෙයි. හෙතෙම මෙසේ කියයි. “යාගය පිණිස මෙපමණ වෘෂභයන් නසත්වා, යාගය පිණිස මෙපමණ නාඹු වස්සන් නසත්වා, යාගය පිණිස මෙපමණ නෑඹි වැස්සියන් නසත්වා, යාගය පිණිස මෙපමණ එළුවන් නසත්වා, යාගය පිණිස මෙපමණ තිරෙළුවන් නසත්වා, යාගකණු පිණිස මෙතෙක් ගස් කපත්වා, යාග භූමිය වටකිරීම හා ඇතිරීම පිණිස මෙතෙක් කුසතණ සිඳිත්වා”යි. කියයි.

[තමන්ට පිං ලැබීමට යැයි කැමැත්තෙන් තමන්ට දුක් දීමත්, අසරණ සතුන් මරා පුජා කිරීමාදී කරන්නාද, සිය සුඛ විහරණය පිණිස සිය සේවකයන් පෙලන්නාද මේ කාණ්ඩයට දමා සැලකු බව පෙනේ.]

ඔහුගේ  දාසයෝය කියා හෝ පණිවුඩකාරයෝය කියා හෝ කම්කරුවෝය කියා හෝ කෙනෙක් වෙත්ද, ඔව්හුද දණ්ඩෙන් තැති ගත්තාහු භයින් තැති ගත්තාහු කඳුළු පිරුණු මුහුණු ඇතිව හඬමින් වැඩකරත්. මහණෙනි, මේ පුද්ගල තෙම තමන් තවන්නේ තමන් තවන පිළිවෙතෙහි යෙදුනේද අනුන් තවන්නේ අනුන් තවන පිළිවෙතෙහි යෙදුනේද වේයයි කියනු ලැබේ.

§11.  “මහණෙනි, තමන් නොතවන්නාවූ, තමන් තවන පිළිවෙත නොයෙදුනාවූද අනුන් නොතවන්නාවූ අනුන් තවන පිළිවෙතෙහි නොයෙදුනාවූද පුද්ගලයා  කවරහුද ?

තමන්ද නොතැවෙන්නා වූ අනුන්ද නොතවන්නාවූ  පුද්ගලයා   මේ ආත්මයෙහිම තෘෂ්ණා රහිතවූයේ කෙලෙසුන්ගෙන් නිවියේ සිහිල්වූයේ ධ්‍යානාදී සුව විඳිමින් ශ්‍රෙෂ්ඨවූ පුද්ගලයෙක්ව වාසය කරයි. [රහත් උතුමාණන් වහන්සේ ගැන මේ චේදයෙන් කියැවේ. එතුමාණන් තමන් නොතැවීම, අනුන් ද නොතවා මේ ශ්‍රේෂ්ඨ තත්වය ලබන්නාවූ ප්‍රතිපත්තිය විස්තර කිරීම භාග්‍යවතුන් වහන්සේ ඊ ලඟට කරයි.] 

මහණෙනි, මේ ලොකයෙහි අර්හත්වූ සම්‍යක්සම්බුද්ධවූ අෂ්ටවිද්‍යා පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්තවූ, ශොභන ගමන් ඇත්තාවූ, ලෝකය දන්නාවූ, නිරුත්තර වූ, දමනය කළ නොහැකි පුරුෂයන් දමනය කිරීමෙහි සාරථියෙකු බඳුවූ, දෙවි මිනිසුන්ට අනුශාසනා කරන්නාවූ, චතුරාර්‍ය්‍ය සත්‍යයන් අවබෝධ කළාවූ, සියලු ක්ලේශයන් නැති කළාවූ තථාගතයන් වහන්සේ පහලවෙති. උන්වහන්සේ දෙවියන් සහිතවූ මාරයන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ මේලොකයද මහණ බමුණන් සහිතවූ දෙවි මිනිසුන් සහිතවූ ප්‍රජාවද තමන් වහන්සේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට ප්‍රකාශ කරනසේක. උන්වහන්සේ මුල යහපත්වූ මැදයහපත්වූ කෙළවර යහපත්වූ අර්ථ සහිතවූ ව්‍යඤ්ජන සහිතවූ ධර්මය දෙශනා කරනසේක. සියල්ලෙන් සම්පූර්ණවූ පිරිසිදුවූ මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කරන්නාහ.

ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ අන් කිසියම්  කුලයෙක උපන්නෙක් හෝ ඒ ධර්මය අසයි. හෙතෙම ඒ ධර්මය අසා තථාගතයන් වහන්සේ කෙරෙහි පහදියි. එසේ පැහැදුණාවූ හෙතෙම මෙසේ සලකයි. ගිහිගෙයි විසීම අවහිර සහිතය. කෙලෙස් දූවිලි උපදින තැනකි. මහණකම අහස  මෙන් නිදහස්ය. ගිහිගෙයි වසන්නහු විසින් එකාන්තයෙන් සම්පූර්ණ කොට එකාන්තයෙන් පිරිසිදු කොට ලියවනලද සකක් වැනි මේ ශාසන බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙන්ට පහසු නොවෙයි. මම හිසකෙස් දැළි රැවුල් කපාදමා සිවුරු හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වන්නෙම් නම් ඉතා යෙහෙක කියායි. හෙතෙම පසු කාලයෙක්හි ස්වල්පවූ හෝ , මහත්වූ හෝ සම්පත් හැර ස්වල්පවූ හෝ , මහත්වූ හෝ නෑදෑ පිරිස් හැර හිසකේ දැළි රැවුල් කපාදමා සිවුරු පොරොවා හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙයි.

§12.හෙතෙම මෙසේ පැවිදිවූy  භික්ෂු සීලයෙන් යුක්ත වූයේ

  • ප්‍රාණඝාතය හැරදමා ප්‍රාණඝාතයෙන් වැලකුනේ වෙයි.  දඬු  ආයුධ ඉවත ලා සිටියි. පව් කිරීමට ලජ්ජා ඇත්තේ කරුණාවෙන් යුක්ත වූයේ සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇතිව වාසය කරයි.
  • නුදුන් දෙය ගැණීම හැර දා නුදුන් දෙය ගැණීමෙන් වැලකුනේ වෙයි. දුන් දෙය ගන්නේ දුන් දෙයෙහි බලාපොරොත්තු ඇත්තේ සොරනොවූ පිරිසිදුවූ සිතින් යුක්තව වාසය කරයි.
  • අබ්‍රහ්මචර්‍ය්‍යාව හැර උතුම් පැවතුම් ඇත්තේ ස්ත්‍රී පුරුෂ සංසර්ගය නම් ග්‍රාම ධර්මයෙන් වෙන්ව බ්‍රහ්මචාරිවේ.
  • මුසාවාදය හැර මුසාවාදයෙන් වැලකුනේ සත්‍යවචන ඇත්තේ සත්‍යයෙන් සත්‍යය ගැළපීම් ඇත්තේ ස්ථීර වචන ඇත්තේ ඇදහිය යුතු වචන ඇත්තේ ලොව මුළා නොකරන්නෙක් වෙයි.
  • කේලාම් කීම හැර කේලාම් කීමෙන් වැලකුනේ වෙයි. මෙයින් අසා මොවුන්ගේ බිඳීම පිණිස එතන්හි නොකියන්නේවෙයි. එතනින් හෝ අසා ඔවුන්ගේ බිඳීම පිණිස මොවුන්ට නොකියන්නේ වෙයි. මෙසේ බිඳුනවුන් ගලපන්නේ හෝ සමගිවූවන්ට අනුබල දෙන්නේ හෝ සමගියෙහි ඇලුනේ සමගියට කැමතිවූයේ සමගියට සතුටුවූයේ සමගි කරණ වචන කියන්නේ වෙයි.
  • පරුෂ වචනය හැර පරුෂ වචනයෙන් වැලකුනේ වෙයි යම් ඒ වචනයක් නිර්දෝෂද, කණට මිහිරිද, ප්‍රේමණීයද, සිත සතුටු කරයිද, යහපත්ද, බොහෝ දෙනාට ප්‍රියද, බොහෝ දෙනාගේ සිත් ප්‍රිය කරන්නේද එබඳු වචන කියන්නේ වෙයි.
  • සම්ඵප්‍රලාපය හැර හිස් කථා කිරීමෙන් වැලකුනේ වෙයි. කාලයට සුදුසු වචන ඇත්තේ, සත්‍යවූ වචන ඇත්තේ, අර්ථයෙන් යුත් වචන ඇත්තේ, ධර්මයෙන් යුත් වචන ඇත්තේ, හික්මීමට සුදුසු වචන ඇත්තේ සුදුසු කල්හි කියන කරුණු සහිතවූ සිමා සහිත අර්ථයෙන් යුක්තවූ සිතෙහි තැන්පත් කටයුතුවූ වචන කියන්නේ වෙයි.
  • “හෙතෙම පැලවෙන තණ, ගස්, වැල් සිඳීම් බිඳීම් ආදියෙන් වැලකුනේ වෙයි.
  • එක්වේලෙහි වළඳන බත් ඇත්තේ, රාත්‍රිභොජනයෙන් තොරවූයේ, විකල් බොජුනෙන් වැලකුනේ වෙයි.
  • මල් ගඳවිලවුන් දැරීම් සැරසීම් ගැල්වීම් යන මෙයින් වැලකුනේ වෙයි.
  • උස්ආසන මහා ආසනයන්ගෙන් වැලකුනේ වෙයි.
  • රන් රිදී මසු කහවනු පිළි ගැන්මෙන් වැලකුනේ වෙයි.
  • අමු ධාන්‍ය පිළිගැන් මෙන් වැලකුනේ වෙයි.
  • අමු මස් පිළිගැන්මෙන් වැලකුනේ වෙයි.
  • ස්ත්‍රීන් හා කුමරියන් පිලිගැන්මෙන් වැලකුනේ වෙයි.
  • දාසයන් හා දාසීන් පිළිගැන්මෙන් වැලකුනේ වෙයි.
  • එළුවන් හා තිරළුවන් පිළිගැන්මෙන් වැලකුනේ වෙයි.
  • කුකුලන් හා ඌරන් පිළිගැන් මෙන් වැලකුනේ වෙයි.
  • ඇතුන්ද, ගවයන්ද, අසුන්ද, වෙළඹුන්ද පිළිගැණීමෙන් වැලකුනේ වෙයි.
  • කුඹුරු හා ඉඩම් පිළිගැණීමෙන් වැලකුනේ වෙයි.
  • දූත මෙහෙවර හා පණිවුඩ පනත්වල යෙදීමෙන් වැලකුනේ වෙයි.
  • බඩු විකිණීමෙන් හා මිළදී ගැණීමෙන් වැලකුනේ වෙයි. තරාදියෙන් හොරට කිරීමය, තඹ ලෝහාදියෙන් කළ දෙය රත්‍රන්යයි රැවටීමය, හොරට වඤ්චා කිරීමය යන මෙයින් වැලකුනේ වෙයි.
  • අල්ලස් ගැණීමය රැවටීමය කෛරාටික කම් කිරීමය යන මෙයින් වැළකුනේ වෙයි.
  • අත් පා ආදිය කැපීම මැරීම රැහැන් ආදියෙන් බැඳීම සැඟවීසිට මංපැහැරීම ගම් ආදියට පැන කොල්ලකෑම බලහත් කාරකම් කිරීම යන ආදියෙන් වැලකුනේ වෙයි.

§15.හෙතෙම කයින් පරිහරණය කරන සිවුරෙන්ද කුසින් පරිහරණය කරන ආහාරයෙන්ද සතුටුවූයේ වෙයි. හෙතෙම යම් යම් තැනෙක්හි යන්නේද (ස්වකීය අටපිරිකර පමනක්) හැරගෙනම යයි. යම්සේ නම් පියාපත් ඇති පක්ෂියෙක් යම් යම් තැන කට පියාඹන්නේ පියාපත් බර පමණක් ගෙන පියාඹන්නේද එපරිද්දෙන්ම මහණ තෙම කයින් පරිහරණය කරන සිවුරෙන්ද කුසින් පරිහරණය කරන ආහාරයෙන්ද සතුටුවූයේ වෙයි. යම් යම් තැනකට යන්නේද (අට පිරිකර පමණක්) හැරගෙණම යෙයි. 

§16 

  • හෙතෙම මේ උතුම්වූ ශීලයෙන් යුක්තවූයේ අධ්‍යාත්මයෙහි නිරවද්‍ය සුවය විඳියි. 
  • “හෙතෙම ඇසින් රූපයක් දැක නිමිති වශයෙන් නොගනියි. සලකුණු වශයෙන් නොගනියි. යම් හේතුවකින් මේ ඇසෙහි සංවර රහිතව වාසය කරන්නහුට ලොභ ද්වෙෂ සංඛ්‍යාත ලාමකවූ අකුසල ධර්මයෝ උපදිත්ද, ඒ ඇසෙහි සංවරය පිණිස පිළිපදියි. චක්ෂුරින්ද්‍රිය රකියි. චක්ෂුරින්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි.
  • කණින් ශබ්දයක් අසා එය නිමිති වශයෙන් නොගනියි. නැවත නැවත මතක් වනසේ අල්ලා නොගනියි. යමක් හේතු කොට ගෙන ශ්‍රොතෙන්ද්‍රියය අසංවරව වසන්නහුට ලොභ ද්වෙෂ අකුසල ධර්මයෝ උපදිත්ද, ඒ ශ්‍රොත ඉන්ද්‍රියයෙහි සංවරය පිණිස පිළිපදියි. ශ්‍රොත ඉන්ද්‍රියරකී. ශ්‍රොත ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි.
  • නාසයෙන් ගඳක් ආඝ්‍රාණය කොට එය නිමිති වශයෙන් නොගනී, නැවත නැවත මතක්වනසේ සිතට නොගනී. යමක් හේතු කොටගෙන ඝ්‍රාණෙන්ද්‍රිය අසංවරව වාසය කරන්නහුට ලොභ ද්වෙෂ අකුසල ධර්මයෝ උපදිද්ද, එහි සංවරය පිණිස පිළිපදියි. ඝාණ ඉන්ද්‍රිය රකියි, ඝාණ ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි.
  • “දිවෙන් රසයක් විඳ එය අරමුණු වශයෙන් නොගනියි. නැවත නැවත මතක් වනසේ නොගනී. යමක් හේතු කොට ගෙන ජිව්හෙන්ද්‍රිය සංවර නොකොට වාසය කරන්නහුට ලොභ ද්වෙෂ අකුසල ධර්මයෝ උපදිද්ද, එහි සංවරය පිණිස පිළිපදියි. ජිව්හෙන්ද්‍රිය රකී. ජිව්හෙන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. 
  • “කයින් පහසක් ස්පර්ශ කොට එය අරමුණු වශයෙන් නොගනී. නැවත නැවත මතක් වනසේ නොගනී. යමක් හේතු කොට ගෙන කායෙන්ද්‍රියය සංවර නොකොට වාසය කරන්නහුට ලොභ ද්වෙෂ අකුසල ධර්මයෝ උපදිද්ද එහි සංවරය පිණිස පිළිපදියි. කායෙන්ද්‍රිය රකියි. කායෙන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. 
  • “සිතින් ධර්මාරම්මණයක් දැන නිමිති වශයෙන් නොගනී. නැවත නැවත මතක්වනසේ නොගනී. යම් හේතුවකින් මේ මනින්ද්‍රියයෙහි සංවර රහිතව වාසය කරන්නහුට ලොභ ද්වෙෂ අකුසල ධර්මයෝ උපදිත්ද, එහි සංවරය පිණිස පිළිපදියි. මනින්ද්‍රිය රකියි. මනින්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. හෙතෙම මේ උතුම් ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තවූයේ තම සන්තානයෙහි කෙලෙසුන්ගෙන් තෙත් නොවූ සැපය විඳියි. 

§17. “හෙතෙම ඉදිරියට යෑමෙහිද ආපසු යාමෙහිද නුවණින් දැන කරන්නේ වෙයි. ඉදිරිය බැලීමෙහිද හැරී බැලීමෙහිද නුවණින් දැන කරන්නේ වෙයි. අත් පා හැකිලීමෙහිද දිගු කිරීමෙහිද නුවණින් දැන සතියෙන්ම කරන්නේ වෙයි. සඟල සිවුර හා පාත්‍ර සිවුරු දැරීමෙහිද නුවණින් දැන කරන්නේ වෙයි. ආහාර වැළඳීමෙහිද බීමෙහිද රස විඳීමෙහිද නුවණින් දැන සතියෙන්ම කරන්නේ වෙයි. මල මුත්‍ර පහකිරීමෙහිද නුවණින් දැන සතියෙන්ම කරන්නේ වෙයි. යාමෙහිද, සිටීමෙහිද, හිඳීමෙහිද, නිදා ගැනීමෙහිද, නිදි දුරු කිරීමෙහිද, කථා කිරීමෙහිද, නිශ්ශබ්දව හිඳීමෙහිද මනාව දැන සතියෙන්ම කරන්නේ වෙයි.

§18.හෙතෙම මේ උතුම් ශීලරාශියෙන් සන්නද්ධ වූයේ,  ඉන්ද්‍රිය සංවරයෙන්ද යුක්තවූයේ,  උතුම් සති සම්පජන්න  දෙකින් යුක්තවූයේ

  • විවේකයට සුදුසුවූ  වනයක් ය වෘක්ෂමූලය පර්වතය කඳුරැලිය පර්වත ගුහාය සොහොන භුමි යන විවේක සේනාසනයක් සෙවනය කරයි.
  • හෙතෙම බතින් පසු පිණ්ඩපාතයෙන් වැලකුනේ ශරීරය කෙළින් තබා සිත අරමුණෙහි පිහිටුවා හිඳගනියි.
  • හෙතෙම ස්කන්ධ ලෝකයෙහි ලොභය දුරු කොට දුරු කරනලද ලොභය ඇති සිතින් යුක්තව වාසය කරයි, ලොභයෙන් සිත පිරිසිදු කරයි.
  • සිත විනාශ කරන්නාවූ ක්‍රොධය දුරුකොට ක්‍රොධ රහිත සිත් ඇත්තේ සියලු සත්වයන් කෙරෙහි හිතානුකම්පා ඇත්තේ වාසය කරයි, ක්‍රොධයෙන් සිත පිරිසිදු කරයි,
  • සිතෙහි ගිලන් බවයයි කියන ලද ථීනයද චෛතසිකයන්ගේ ගිලන් බවයයි කියන ලද මිද්ධයද හැර පහවූ ථීනමිද්ධ ඇත්තේ, ආලොක සංඥා ඇත්තේ, සිහිය හා නුවණ ඇත්තේ වාසය කරයි. ථිනමිද්ධයෙන් සිත පිරිසිදු කරයි, නොසන්සුන් බව හා පසුතැවීම හැර නොසන්සුන් නොවූයේ අද්ධ්‍යාත්මයෙහි සන්සුන් සිත් ඇත්තේ වාසය කරයි.
  • උද්ධච්චකුක්කුච්චයෙන් සිත පිරිසිදු කරයි. විචිකිච්ඡාව හැර දුරුකරන ලද සැක ඇත්තේ කුශල ධර්මයන්හි මෙය කෙසේ කෙසේ වේදැයි පැවති සැක නැත්තේ වාසය කරයි.
  • විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කරයි. හෙතෙම සිත කිළුටු කරන්නාවූ ප්‍රඥාව දුර්වල කරන්නාවූ
  • පඤ්චනීවරණයන් හැර කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ විචාරසහිතවූ විවෙකයෙන් හටගත්තාවූ ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමද්ධ්‍යානයට පැමිණ වාසය කරයි,
  • විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් තමාකෙරෙහි පැහැදීම ඇති චිත්තයාගේ එකඟබැව් ඇත්තාවූ අවිතර්කවූ අවිචාරවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි.
  • ප්‍රීතියගේද නොඇල්මෙන් උපෙක්ෂා ඇත්තේ, සිහිය හා නුවණ ඇත්තේද වාසය කරයි. සුවයද කයින් විඳියි, යමක් උපෙක්ෂා ඇත්තේ සිහිය ඇත්තේ සැපවිහරණ ඇත්තේයයි ආර්‍ය්‍යයෝ කියත්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි,
  • සැපය දුරුකිරීමෙන්ද, දුක දුරු කිරීමෙන්ද පළමුකොටම සොම්නස් දොම්නස් දෙදෙනාගේ සංසිඳීමෙන් දුක් රහිතවූ, සැප රහිතවූ උපෙක්ෂා සිහි පිරිසිදු බව ඇත්තාවූ චතුර්ථ ධ්‍යානයට පැමිණ වාසය කරයි.

§ 19. හෙතෙම මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාම හිත් රහිතවූ කල්හි, කෙලෙසුන් පහවගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි පෙර ජාති සිහි කරන නුවණ පිණිස සිත නමයී, හෙතෙම නොයෙක් ආකාරවූ පෙර විසීම් සිහි කරයි, එනම් එක ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිසක්ද, ජාති සතළිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් විනාශ වෙමින් පවතින කල්පයන්ද නොයෙක් හැදෙමින් පවතින කල්පයන්ද, නොයෙක් විනාශ වන හෝ හැදෙන කල්පයන්ද අසවල් තැනවීමි මෙබඳු නම් ඇත්තෙම් මෙබඳු ගොත්‍ර ඇත්තෙම් මෙබඳු වර්ණ ඇත්තෙම් මෙබඳු ආහාර ඇත්තෙම් මෙබඳු සුවදුක් වින්දෙම් මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම ඉන් චුත වූයේ අසවල් තන්හි ඉපදුනෙමි. එහිදු මෙබඳු නම් ඇත්තෙම් මෙබඳු ගොත්‍ර ඇත්තෙම් මෙබඳු වර්ණ ඇත්තෙම් මෙබඳු ආහාර ඇත්තෙම් මෙබඳු සුව දුක් වින්දෙම් මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම ඉන් චුතවූයේ මෙහි උපන්නේ වෙමියි, මෙසේ ආකාර සහිතවූ දැක්වීම් සහිතවූ නොයෙක් ආකාරවූ පෙර ජාති සිහි කරයි.

§  20.  මෙසේ සිත එකඟවූ කල්හි පිරිසිදුවූ කල්හි දීප්තිමත්වූ කල්හි, කාමසිත් රහිතවූ කල්හි, පහවගිය කෙලෙස් ඇති කල්හි මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටිකල්හි, ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි සත්වයන්ගේ චුති උත්පත්ති දැනගන්නා නුවණ පිණිස සිතනමයි  පිරිසිදුවූ මිනිස් ඇස ඉක්ම පැවැත්තාවූ දිව්‍යවූ ඇසින් හීනවූද, ප්‍රණීතවූද, යහපත් වර්ණ ඇත්තාවූද, දුර්වර්ණවූද, යහපත් ගති ඇත්තාවූද අයහපත්ගති ඇත්තාවූද, චුතවනු ලබන්නාවූද උපදිනු ලබන්නාවූද, සත්වයන් දකියි. ‘පින්වත්නි, ඒකාන්තයෙන් මේ සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූවෝය. වාග්දුශ්චරිතයෙන් යුක්තවූවෝය, මනො දුශ්චරිතයෙන් යුක්තවූවෝය, ආර්‍ය්‍යයන්ට දොස් කියන්නෝය, මිථ්‍යාදෘෂ්ටි ඇත්තෝය, මිථ්‍යාදෘෂ්ටික කර්ම සමාදන්වූවෝය, ඔව්හු ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු නපුරු ගති ඇති යටිකුරුව වැටෙන්නාවූ නරකයෙහි උපන්නාහුය. පින්වත්නි, මේ සත්වයෝ වනාහී කාය සුචරිතයෙන් යුක්තවූවාහු වාග් සුචරිතයෙන් යුක්තවූවාහු ආර්‍ය්‍යයන්ට දොස් නොකියන්නාහු සම්‍යක්දෘෂ්ටි ඇත්තාහු සම්‍යක්දෘෂ්ටික කර්ම සමාදන්වූවාහුය. ඔවුහු ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපන්නාහුය’යි මෙසේ පිරිසිදුවූ මිනිස් ඇස ඉක්ම පැවැත්තාවූ දිව්‍යවූ ඇසින් කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියාවූ සත්වයන් දකියි, හීනවූද ප්‍රණීතවූද යහපත් වර්ණවූද, දුර්වර්ණවූද, හොඳ ලොවට ගියාවූද, නරක ලොවට ගියාවූද චුතවනු ලබන්නාවූද, උපදිනු ලබන්නාවූද කම්වූ පරිද්දෙන් පරලොව ගියාවූ සත්වයන් දනියි.

§   21. “හෙතෙම මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිතවූ කල්හි, පහවගිය කෙලෙස් ඇති කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, ආශ්‍රවයන් පහකිරීමේ ඤාණය පිණිස සිත නමයි,

  • හෙතෙම මේ දුකයයි තත්වූ පරිද්දෙන් තමන්ගේම ප්‍රත්‍යක්ෂයෙන්  දනියි.
  • මේ දුකට හේතුවයයි තත්වූ පරිද්දෙන් තමන්ගේම ප්‍රත්‍යක්ෂයෙන්  දනියි,
  • මේ දුක නැති කිරීමයයි තත්වූ පරිද්දෙන් තමන්ගේම ප්‍රත්‍යක්ෂයෙන්  දනියි,
  • මේ දුක් නැති කිරීමට පිළිපදින්නාවූ මාර්ගයයයි තත්වූ පරිද්දෙන් තමන්ගේම ප්‍රත්‍යක්ෂයෙන්  දනියි,
  • මේ ආශ්‍රවයෝයයි තත්වූ පරිද්දෙන් තමන්ගේම ප්‍රත්‍යක්ෂයෙන්  දනියි,
  • මේ ආශ්‍රවයන්ට හේතුවයයි තත්වූ පරිද්දෙන් තමන්ගේම ප්‍රත්‍යක්ෂයෙන්  දනියි,
  • මේ ආශ්‍රවයන්ගේ නැති කිරීමයයි තමන්ගේම ප්‍රත්‍යක්ෂයෙන්  තත්වූ පරිද්දෙන් දනියි.
  • මේ ආශ්‍රවයන් නැති කිරීමට පිළිපදින්නාවූ මාර්ගය’යි තත්වූ පරිද්දෙන් දනියි,

§   22.   තමන්ගේම ප්‍රත්‍යක්ෂයෙන්  මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ ඔහුගේ සිත කාමාශ්‍රව කෙරෙන්ද මිදෙයි, භාවාශ්‍රව කෙරෙන්ද සිත මිදෙයි, අවිද්‍යාශ්‍රව කෙරෙන්ද සිත මිදෙයි, මිදුනු කල්හි මිදුනේය යන දැනීම වෙයි, ජාතිය ක්ෂය කරන ලද්දීය. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලද්දේය, සතර මාර්ගයෙන් කටයුතු දෙය කරන ලද්දේය. මෙයින් මතු කළයුතු අනිකක් නැත්තේයයි දැනගණියි,

මහණෙනි, මේ පුද්ගලයා  තමන් නොතවන්නේ තමන් නොතවන්නාවූ පිළිවෙතෙහි යෙදුනේද, අනුන් නොතවන්නේ අනුන් නොතවන්නාවූ පිළිවෙතෙහි යෙදුනේද වේයයි කියනු ලැබේ. හෙතෙම තමන් නොතවන්නාවූද, අනුන් නොතවන්නාවූද මේ ආත්මයෙහිම තෘෂ්ණා රහිතවූයේ කෙලෙසුන්ගෙන් නිවියේ සිහිල්වූයේ ධ්‍යානාදී සැප විඳින සුළුවූයේ ශ්‍රෙෂ්ඨවූ පුද්ගලයෙක්ව වාසය කෙරේ”යයි වදාළහ.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගත්තාහුය.

පළමුවෙනිවූ කන්දරක සූත්‍රය නිමි. (1-1)

Pali Version
English Version

SN 02-01-02

ආහාර වර්ගය

1. ආහාර සූත්‍රය          
2. ඵග්ගුන සූත්‍රය          
3. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය-1
4. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය-2
5. කාත්‍යායන ගෝත්‍ර සූත්‍රය          
6. ධර්ම කථික සූත්‍රය
7. අචේල කස්සප සූත්‍රය
8. තිම්බරුක සූත්‍රය
9. බාලපණ්ඩිත සූත්‍රය
10. ප්‍රත්‍යය සූත්‍රය

SN 02-01-02-01. ආහාර සූත්‍රය

පුජ්‍ය පියදස්සි මහා ස්වාමින්වහන්සේ සතර ආහාර ගැන

§ 1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

§ 2. මහණෙනි, උපන් සත්වයන්ගේ පැවැත්ම පිණිසද, උපදිමින් සිටින සත්වයින්ට උපකාරය පිණිසද පවත්නාවූ ආහාර (හේතු) සතරක් වෙත්.
ඒ ආහාර සතර මොනවාද?
(i).මහත්වූ හෝ ඉතා කුඩාවූ හෝ කබලිංකාරාහරය (පිඬුකොට වළඳන ආහාරය) ද
(ii). දෙවැනිවූ එස්සාහාරයද
(iii) තුන්වැනිවූ මනොසංචෙතනාහාරයද
(iv) සතරවැනිවූ විඤ්ඤාණාහාරයද යන
මේ සතරයි.

මහණෙනි, උපන් සත්වයින්ගේ පැවැත්ම පිණිසද,
උපදිමින් සිටින්නාවූ සත්වයන්ට උපකාරය පිණිසද
මේ සතර ආහාරයෝ පවතිත්.

§3. “මහණෙනි මේ සතර ආහාරයෝ කුමක් මුල්කොට ඇත්තාහුද?
කුමක් හේතුකොට ඇත්තාහුද?
කුමක් උප්පත්තිකොට ඇත්තාහුද?
කුමක් ප්‍රභවකොට ඇත්තාහුද?

මේ සතර ආහාරයෝ තණ්හාව මුල්කොට ඇත්තාහ.
තණ්හාව හේතුකොට ඇත්තාහ.
තණ්හාව උප්පත්තිකොට ඇත්තාහ.
තණ්හාව ප්‍රභවකොට ඇත්තාහ.

§4. “මහණෙනි, මේ තණ්හාව කුමක් මුල්කොට ඇත්තේද?
කුමක් හේතුකොට ඇත්තේද?
කුමක් උප්පත්ති කොට ඇත්තේද?
කුමක් ප්‍රභවකොට ඇත්තේද?

තණ්හාව වින්දනය මුල්කොට ඇත්තේය.
විඳීම හේතුකොට ඇත්තේය.
විඳීම උප්පත්තිකොට ඇත්තේය.
විඳීම ප්‍රභවකොට ඇත්තේය.

§ 5.“මහණෙනි, වින්දනය කුමක් මුල්කොට ඇත්තේද?
කුමක් හේතුකොට ඇත්තේද?
කුමක් උප්පත්ති කොට ඇත්තේද?
කුමක් ප්‍රභවකොට ඇත්තේද?

වේදනාව ස්පර්ශය මුල්කොට ඇත්තේය.
ස්පර්ශය හේතුකොට ඇත්තේය.
ස්පර්ශය උප්පත්තිකොට ඇත්තේය.
ස්පර්ශය ප්‍රභවකොට ඇත්තේය.

§ 6. “මහණෙනි, මේ ස්පර්ශය කුමක් මුල්කොට ඇත්තේද?
කුමක් හේතුකොට ඇත්තේද?
කුමක් උප්පත්ති කොට ඇත්තේද?
කුමක් ප්‍රභවකොට ඇත්තේද?

ස්පර්ශය සළායතනයන් මුල්කොට ඇත්තේය.
සළායතන හේතුකොට ඇත්තේය.
සළායතන උප්පත්තිකොට ඇත්තේය.
සළායතන ප්‍රභවකොට ඇත්තේය.

§ 7. “මහණෙනි, මේ සළායතන කුමක් මුල් කොට ඇත්තේද?
කුමක් හේතුකොට ඇත්තේද?
කුමක් උප්පත්තිකොට ඇත්තේද?
කුමක් ප්‍රභවකොට ඇත්තේද?
සළායතනයන් නාමරූප මුල්කොට ඇත්තේය.
නාමරූප හේතුකොට ඇත්තේය.
නාමරූප උප්පත්තිකොට ඇත්තේය.
නාමරූප ප්‍රභවකොට ඇත්තේය

.§ 8. “මහණෙනි මේ නාමරූප කුමක් හේතු කොට ඇත්තේද?
කුමක් උප්පත්තිකොට ඇත්තේද?
කුමක් ප්‍රභවකොට ඇත්තේද?
නාමරූපය විඤ්ඤාණය මුල්කොට ඇත්තේය.
විඤ්ඤාණය හේතුකොට ඇත්තේය.
විඤ්ඤාණය උප්පත්තිකොට ඇත්තේය
විඤ්ඤාණය ප්‍රභවකොට ඇත්තේය.

§ 9. “මහණෙනි, මේ විඤ්ඤාණය කුමක් මුල් කොට ඇත්තේද?
කුමක් හේතුකොට ඇත්තේද?
කුමක් උප්පත්තිකොට ඇත්තේද?
කුමක් ප්‍රභවකොට ඇත්තේද?
විඤ්ඤාණය සංස්කාර මුල්කොට ඇත්තේය.
සංස්කාර හේතුකොට ඇත්තේය.
සංස්කාර උප්පත්තිකොට ඇත්තේය.
සංස්කාර ප්‍රභවකොට ඇත්තේය.

§ 10. “මහණෙනි, මේ සංස්කාර කුමක් මුල්කොට ඇත්තේද?
කුමක් හේතුකොට ඇත්තේද?
කුමක් උප්පත්ති කොට ඇත්තේද?
කුමක් ප්‍රභවකොට ඇත්තේද?
සංස්කාර අවිද්‍යාව මුල්කොට ඇත්තේය.
අවිද්‍යාව හේතුකොට ඇත්තේය.
අවිද්‍යාව උප්පත්තිකොට ඇත්තේය.
අවිද්‍යාව ප්‍රභවකොට ඇත්තේය.

§11. “මහණෙනි, මෙසේ
අවිද්‍යාව නිසා සංස්කාරයෝ ඇතිවෙත්.
සංස්කාරයන් නිසා විඤ්ඤාණය ඇතිවේ.
විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවේ.
නාමරූප නිසා සළායතන ඇතිවේ.
සළායතන නිසා ස්පර්ශය ඇතිවේ.
ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ.
වේදනාව නිසා තණ්හාව ඇතිවේ.
තණ්හාව නිසා උපාදානය ඇතිවේ.

[උපාදාන විස්තර කියවන්න HERE]


උපාදානය නිසා භවය ඇතිවේ.
භවය නිසා (ජාතිය) ඉපදීම ඇතිවේ.
ඉපදීම (ජාතිය) නිසා ජරා, මරණද, ශෝකවීම්,
හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් ඇතිවෙත්.
මෙසේ මේ සියලු දුක් සමූහයාගේ ඇතිවීම වෙයි.

§ 12. “අවිද්‍යාව මුළුමනින් නැතිවීමෙන් සංස්කාරයන්ගේ නැතිවීම වේ.
සංස්කාරයන් මුළුමනින් නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවේ.
විඤ්ඤාණය නැතිවීමෙන් නාමරූප නැතිවෙයි.
නාමරූප නැතිවීමෙන් සළායතන නැතිවෙයි.
සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි.
ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවෙයි.
වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි.
තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි.
උපාදානය නැතිවීමෙන් භවය නැතිවෙයි.
භවය නැතිවීමෙන් ජාතිය (උප්පත්තිය) නැතිවෙයි.
ජාතිය (උප්පත්තිය) නැතිවීමෙන්
ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස්
සහ උපායාසයෝ නැතිවෙත්.
මෙසේ සියලු දුක් සමූහයාගේ නැතිවීම වෙයි.

(පළමුවන ආහාර සූත්‍රය නිමි.)

[අට්ඨාකතා ආහාර සුත්‍ර වර්ණනාව:-
ආහාර වර්ගයේ පළමු සූත්‍රයේ “ආහාරා” යනු ප්‍රත්‍යයයි. හේතුප්‍රත්‍යයෙන් තමඵලය ගෙනයන්නේ යන අරුතින් (ආහාරන්තීති) “ආහාරා” නම් වේ. “භූතානං වා සත්තානං” යනාදියෙහි “භූතා” යනු උපන්නා වූ, ඉපදුනා වූ යන අර්ථයයි. “සම්භවෙසිනො” යනු යමෙක් උපතක්, ජාතියක්, ඉපදීමක් සොයත් ද ගවේෂණය කරත් ද ඔවුහුය. එහි සතර යෝනිවල අණ්ඩජ හා ජලාබුජ සත්ත්වයෝ යම්තාක් කල් බිත්තර කටුව හෝ ගර්භාෂය නොබිඳිත්ද ඒ තාක් ‘සම්භවේසී’ නම් වෙති. බිත්තරයත් ගර්භාෂයත් බිඳ පිටත නික්මෙත් ද එවිට ඔවුහු “භූත” නම් වේ. සංසේදජයෝ ද ඕපපාතිකයෝ ද පළමු චිත්තක්ෂණයෙහි “සම්භවේසී” නම් වෙති. දෙවන චිත්තක්ෂණයේ සිට ඔවුහු ද භූත නම් වෙති. යම් ඉරියව්වකින් පහල වී, එම ඉරියව්ව වෙනස් නොකරන තාක් කල් ඔවුහු සම්භවේසී නම් වෙති. ඉරියවු වෙනස් කළ පසුව ‘භූත’ නම් වෙති. නැතිනම් භූත යනු උපන්-හටගත් සත්ත්වයෝය. එබඳු භූත වූ සත්ත්වයෙක් නැවත නූපදින සංඛ්‍යාවට පැමිණියේ එනම් ක්ෂීණාස්‍රවයන් වහන්සේලාට භාවිත මේ තවත් නමකි. නැවත උපතක් සොයන්නෝ සම්භවේසී නම් වෙති. ප්‍රහීණ නොකල භව සංයෝජන ඇති බැවින් අනාගතයෙහි ද උපතක් සොයන – සේචයන්ට හා පුහුදුන් පුද්ගලයන්ට භාවිත වේ තවත් නාමයකි. මෙසේ සියලුම ආකාරයෙන් මේ පද දෙකින් සෑම සත්ත්වයෙක්ම අදහස් කරනු ලැබේ. (හාත්පසින් ගනු ලැබේ.) “වා” ශබ්දය මෙහිදී සම්පිණ්ඩනය කිරීම් අර්ථයෙන් යෙදී ඇත. එනිසා භූතයෝ ද සම්භවේසියෝ ද යනුවෙන් මෙහි අර්ථ දතයුතුයි.

ඨිතියා” යනු සසර සිටි බවයි. “අනුග්ගහායා” – ‘අනුග්‍රහ කිරීම පිණිස’ යනුයි. මේ වචන භේදයක්මය. පද දෙකෙහිම අර්ථය එක සමානය. නැතහොත් “ඨිතියා” යනු ඒ ඒ සත්ත්වයන් තුළ උපන් ධර්මයන්ගේ අනුප්‍රබන්ධ වශයෙන් නොසිඳී පැවැත්වීම පිණිස යනුයි. “අනුග්ගහායා” යනු “නූපන් ධර්මයන්ගේ ඉපදීම පිණිස උපකාර කිරීමයි.” මේ දෙපදයේදී භූතයන්ගේ පැවැත්ම මෙන්ම අනුග්‍රහ පිණිස ද සම්භවේසීන්ගේ පැවැත්ම මෙන් ම අනුග්‍රහ පිණිසද යනුවෙන් උභය අර්ථ දතයුතුය.

කබළිංකාරො ආහාරො” පිඬුකර ගිලදැමිය යුතු ආහාරය. බත්, පිට්ටු ආදී ආහාර ද්‍රව්‍යයන්ගේ ඕජාවට භාවිත මේ තවත් වදනකි. “ඕළාරිකො වා සුඛුමො වා” ආහාර ද්‍රව්‍යයන්ගේ දැඩි වූ බැවින් ඕළාරික වූ, සියුම් වූ, සූක්ෂම රූප ඇතුලත් බැවින් කබලිංකාර ආහාරය සූක්ෂම වේ. එයද ඒ වස්තූන්ගේ ඕළාරික බව හා සූක්ෂම බව උපමාකොට හෝ සමානකොට දතයුතුය.

කිඹුලන්ගේ ආහාරයට වඩා මොණරුන්ගේ ආහාරය සියුම් වේ. කිඹුල්ලු වනාහී ගල් ගිලති. එම ගල් ඔවුන්ගේ කුසට පැමිණ දියවේ. මොණරු සර්ප, ගෝනුසු ආදී ප්‍රාණීන් ආහාරයට ගනිති. මොණරුන්ගේ ආහාරයට වඩා කළු වලසුන්ගේ ආහාරය සියුම් වේ. කළු වලස්සු වසර තුනක් අත්හැරදැමූ “අං” හා “ඇට” ආහාරයට ගනිති. ඒවා එම වළසුන්ගේ කෙළවලින් තෙමුණු පමණින් ම කදමුල් මෙන් ඉතා සියුම් වේ. කළු වලසුන්ගේ ආහාරයට වඩා ඇතුන්ගේ ආහාරය සියුම් වේ. ඇත්තු වනාහී නොයෙක් ගස්-අතු ආදිය ආහාරයට ගනිති. ඇතුන්ගේ ආහාරයට වඩා ගවර-ගෝණ-මුව ආදීන්ගේ ආහාරය ඉතා සියුම් වේ. ඔවුහු නිස්සාර වූ නොයෙක් ගස්-කොළ-දළු ආදිය ආහාරයට ගනිති. මොවුන්ගේ ආහාරයට වඩා ගවයන්ගේ ආහාරය සියුම් වේ. ගොනුන් අමු හා වේලුණු තණ ම ආහාරයට ගනිති. ගවාහාරයට වඩා හාවුන්ගේ ආහාරය සියුම් වේ. හාවුන්ගේ ආහාරය වඩා පක්ෂීන්ගේ ආහාරය සියුම් වේ. කුරුල්ලන්ගේ ආහාරයට වඩා පිටිසර වැසි මිනිසුන්ගේ ආහාරය සියුම්වේ. පිටිසර වැසියන්ගේ ආහාරයට වඩා ග්‍රාමභෝජකයන්ගේ ආහාරය සියුම් වේ. ග්‍රාමභෝජකයන්ගේ ආහාරයට වඩා රාජරාජ මහාමාත්‍යාදීන්ගේ භෝජනය සියුම් වේ. ඔවුන්ගේ ආහාරයට වඩා සක්විති රජුන්ගේ ආහාරය සියුම් වේ. සක්විති රජුගේ ආහාරයට වඩා භූමි වැසි දෙවියන්ගේ ආහාරය සියුම් වේ. භූමි වැසි දෙවියන්ගේ ආහාරයට වඩා චාතුම්මහාරාජික දෙවියන්ගේ ආහාරය සියුම් වේ. මෙසේ පරනිම්මිත වසවත් දෙවියන් දක්වා විස්තර කළ යුතුයි. පරනිම්මිත වසවත් දෙවියන්ගේ ආහාරය ම ඉතා සියුම් වේ. එතැනින් කබලිංකාර ආහාර විස්තරය නිමා වේ.
මෙහිද දළ ආහාරයේ පෝෂ්‍ය ගුණය ඉතා අල්පය. ඉතා දුබලය. සූක්ෂම ආහාරයේ පෝෂ්‍ය ගුණය ඉතා බහුලය. ප්‍රබලය. ඒ එසේමැයි. එක පාත්‍රයක් පුරවා කැඳ බිවූ විට මොහොතකින්ම කුසගිනි ඇතිවේ. යම් කිසිවක් කනු කැමති වේ. ගිතෙල් වනාහි අල්ලක් පමණ ප්‍රමාණයක් වුව පානය කර, දවසක්ම ආහාර නොගෙන සිටිය හැකිය. ඒ ආහාර වස්තුවේ කර්මජ, තෙජස් සංඛ්‍යාත වූ සූක්ෂමතාවය අනතුරු දුරු කරයි. නමුත් එය ශරීර පාලනයට සමත් නොවේ. පෝෂ්‍යගුණය වනාහී ශරීර පාලනයට සමත් වේ. එනමුත් අතුරු ආබාධ දුරු කිරීමට එය සමත් නොවේ. මෙනිසා ආහාරයේ ඇති ඕළාරික බවත් සූක්ෂම බවත් එක්වීමෙන් ශරීරයේ ඇති අතුරු ආබාධාදී උවදුරු ද දුරු කරයි. ශරීරය මැනවින් පාලනය කරයි.


ඵස්සො දුතියො” යනු චක්ෂු ස්පර්ශාදී වශයෙන් ඵස්සාහාරය සය වැදෑරුම් වේ. මේ සිවු ආහාර අතුරින් දෙවන ආහාරය ස්පර්ශයයි. මේ දේශනා නය ක්‍රමයයි. එනිසා මේ නම් කිරීමේ හේතුවෙන් දෙවන – තෙවන ආදී වශයෙන් මෙහි අර්ථ නොසෙවිය යුතුය. “මනොසඤ්චෙත්තා” යනුවෙන් වේදනාවම කියන ලදී. “විඤ්ඤාණං” යනු සිතයි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ මෙතැනදී “තණ්හාවෙන් ගන්නා ලද” සහ “තණ්හාවෙන් නොගන්නා ලද” වශයෙන් ඒකරාශී කර – සතර ආහාරයන් දක්වන ලදී. කබලිංකාර ආහාරය උපාදිණ්ණක (තෘෂ්ණාවෙන් ගත්) හා අනුපාදිණ්ණක (තෘෂ්ණාවෙන් නොගත්) යනුවෙන් දෙකොටසකි. ඵස්සාදී ආහාරවල ද එසේමය. එහි සර්පාදීන් විසින් ගිලින ලද මැඩියන්ගේ වශයෙන් උපාදිණ්ණක කබලිංකාර ආහාරය දත යුතුයි. මැඩි ආදී සත්තු, සර්පයන් විසින් ගිලින ලදුව – කුස තුලට ගියත් සුළු කාලයක් ජීවත් වන්නේ ම ය. ඒ මැඩි ආදීහු, “උපාදිණ්ණක” කොටසට අයත්ව පවතින තාක් ආහාරය පිණිස හේතු නොවෙති. ඔවුහු ඉන් බිඳී – මරණයට පත්ව-“අනුපාදිණ්ණක” කොටසට අයත් වේ ද එවිට ආහාරය පිණිස හේතුවෙනි. “ඇතැම්හු මෙයටද උපාදිණ්ණක ආහාරය ම යැයි කියති.” යන මේ කාරණය – පුරාණ ආචාරීන්ට රුචි නොවන බව පවසා අටුවාවේදී (හෙළටුවා) මේ අදහස ප්‍රතික්ෂේප කර මෙසේ කියන ලදී. “මේ සත්වයන්ගේ ආහාර ගැනීම සිදු වුවත් – නැතත්, අනුභව කළත් නොකළත් ප්‍රතිසන්ධි සිතින් ම එක්ව උපන් (සහජාත වූ) කර්මජ ධාතුව “ඕජා” නම් වේ. එය සත්වන දිනය දක්වා (සතියක්ම) සිරුර පාලනය කරයි. මෙයම “උපාදිණ්ණක කබලිංකාර ආහාරය” යැයි දතයුතුයි. ත්‍රෛභූමික විපාක වශයෙන් උපාදිණ්ණක ඵස්සාදී ආහාර දත යුතුයි. ත්‍රෛභූමික කුසලාකුසල ක්‍රියා වශයෙන් අනුපාදිණ්ණක ලෝකෝත්තර සිත් වැඩීම් වශයෙන් කියන ලදී.

මෙසේ පැවසේ. – “ඉදින් දිවිපැවැත්මට හේතුවන ප්‍රත්‍යාර්ථයේ ‘ආහාර’ අර්ථය වේනම් කුමක් නිසා අන්‍ය සත්වයන් අතර දිවි පැවැත්මට හේතුවන ප්‍රත්‍යයන් විද්‍යාමාන වන කල්හි මේ සතර ආහාර පිළිබඳව කියන ලද්දේ ද? අධ්‍යාත්මික සන්තතියේ පැවැත්මට උපකාර වන බැවින් මේ සතර දක්වන ලදී. විශේෂ ප්‍රත්‍ය වශයෙන් – කබලිංකාහාර අනුභව කරන සත්වයන් ගේ රූපකායේ පැවැත්මට කබළිංකාහාරය උපකාර වේ. නාම කායේ පැවැත්මට, වේදනාව නම් වූ වින්දනය සඳහා ඵස්සාහාරය ද විඤ්ඤාණයට මනෝසඤ්චේතනා ආහාරය ද නාම-රූප දෙක සඳහාම විඤ්ඤාණහාරය ද උපකාර වේ. එනිසා කියන ලදී. “මහණෙනි! යම්සේ ආහාරය නිසා පවතින මේ කය ආහාරය නිසාම පවතියි. ආහාර නොමැතිව නොසිටියි ද එසේම ඵස්ස ප්‍රත්‍යයෙන් වේදනාවද සංස්කාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය ද විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප දෙක ද පවතී.

මෙහි ආහාරය යනු කුමක්ද? කුමක් ගෙනෙයි ද? කබළිංකාර ආහාරය ඕජාෂ්ඨමක රූප උපදවයි. ඵස්සාහාරය ත්‍රිවිධ වේදනා උපදවයි. මනෝසඤ්චේතනාහාරය ත්‍රිවිධ භවයන් උපදවයි. විඤ්ඤාණාහාරය ප්‍රතිසන්ධි නාමරූප උපදවයි.

ඒ කෙසේද? කබළිංකාර ආහාරය මුවෙහි තැබූ පමණින් ම රූප අටක් උපදියි. දත්වලින් කුඩු කරමින් ගෙනයනු ලබන්නේ එක් එක් බත් ඇටයක් පාසා රූප අට බැගින් උපදින්නේය. මෙසේ කබළිංකාර ආහාරය ඕජාෂ්ඨමක රූප උපදවයි. ඵස්සාහාරය වනාහී සැප වේදනාවක් ගෙනදෙන ස්පර්ශයක් හා ගැටුණු විට සැප වේදනාවක්ද, දුක් වේදනාවක් ගෙන දෙන ස්පර්ශයෙන් දුක් වේදනාවක්ද, මැදහත් වේදනාවක් ගෙන දෙන උපර්ශයෙන් සැප-දුක් අතර වූ මැදහත් වේදනාවක් ද යනුවෙන් මෙලෙස සෑම අයුරකින්ම ඵස්සාහාරයෙන් ත්‍රිවිධ වේදනාවක් උපදියි.

මනෝසඤ්චේතනාහාරය වනාහී කාමභවයට එළඹි කර්මය අනුව කාමභවය උපදවයි. රූප-අරූප භවයන්ට එළඹි කර්ම ඒ ඒ භවයන් උපදවයි. මෙසේ සියලු ආකාරයෙන් මනෝසඤ්චේතනා ආහාරය ත්‍රිවිධ භවයන් උපදවයි. විඤ්ඤාණාහාරය වනාහී ප්‍රතිසන්ධි ක්ෂණයෙහි එය හා සම්ප්‍රයුක්ත වූ ත්‍රිවිධ ස්කන්ධයො ද ත්‍රිවිධ භවයේ පැවතීම් වශයෙන් තිසක් වූ රූපයෝ ද උපදිති. සහජාතාදී ප්‍රත්‍ය න්‍යායට අනුව මේ ස්කන්ධ – රූපාදිය උපදවන්නේ යැයි කියනු ලැබේ. මෙසේ විඤ්ඤාණාහාරය ප්‍රතිසන්ධි නාම-රූප උපදවයි. මෙහිද “මනෝ සඤ්චේතනාව කියන ලදී. “විඤ්ඤාණය ප්‍රතිසන්ධි නාමරූප උපදවයි.” යන්නෙන් ප්‍රතිසන්ධි විඤ්ඤාණය ම කියන ලදී. අවිශේෂයෙන් වනාහී ඒ ඒ සම්ප්‍රයුක්ත ධර්මයන්ගේ ඒ ඒ හටගන්නා වූ ධර්මයන්ගේ ගෙන ඒමෙන් එම ධර්මයෝ “ආහාර” යැයි පවසති.

මේ සතර ආහාරයන් අතර කබලිංකාර ආහාරය උපස්ථම්භනයෙන් අහර කිස සිදුකරයි. ඵස්සාහාරය ස්පර්ශ කිරීමෙන් ද මනෝසඤ්චෙතනාහාරය රැස්කරමින් ද? විඤ්ඤාණාහාරය දැනගැනීමෙන් ද අහර කිස සිදුකරයි. ඒ කෙසේද? කබළිංකාර ආහාරය උපකාර කිරීමෙන් ම කය පැවැත්වීමෙන් සත්වයන්ගේ පැවැත්ම වේ. කර්මයෙන් ජනිත වූවත් මේ කය, කබලිංකාරාහාරයෙන් උපස්ථම්භනය ලබා වර්ෂ දහයක්, වර්ෂ සීයක් පමණක් නොව ආයු අවසානය දක්වාම පවතියි. යම්සේ මෑණීයන්ට බිහිවූ දරුවා කිරිමවගේ තනයෙන් කිරිබී පෝෂණය වනුයේ බොහෝ කලක් සිටී ද එසේමය. යම්සේ කණු ආදියෙන් පිහිටාධාර හා උපස්ථම්භක ලැබූ ගෙය මෙනි. මෙය කියන ලදී.

මහරජතුමනි! යම්සේ ගෙයක් වැටෙන කල්හි අන්‍ය වූ දැව ආදියෙන් උපස්ථම්භනයක සපයන ලද විට, එම ගෙය නොවැටෙන්නාක් මෙන් ආහාරයෙන් පවතින මේ කය ආහාර නිසා නොවැටී පවතින්නේයැ” යි නාගසේන හිමියෝ වදාළහ.
මෙසේ කබළිංකාර ආහාරය උපස්ථම්භනය ලැබ, අහර කිස සිදු කරයි.

එලෙස අහර කිස සිදුකරමින් ම කබලිංකාර ආහාරය, ආහාරයේ ම හටගැනීම ද තෘෂ්ණාවෙන් තදින් ගැනීම ද යන ද්විධ රූප සන්තනීන්ගේ පැවැත්මට ප්‍රත්‍ය වේ. කර්මජයන්ගේ පාලකයෙක් වී ඊට හේතු වන්නේය. ආහාරය හටගැනීම්වල උපදවන්නා වී. ඵස්සාහාරය වනාහී සැප ආදියට හේතුවූ අරමුණක් ස්පර්ශ කරමින් ම සැප ආදී වේදනාවන් පැවතීම් වශයෙන් සත්ත්වයන්ගේ පැවැත්ම සිදුකරයි. මනෝසඤ්චේතනාහාරය, කුශලාකුශල කර්ම වශයෙන් රැස්කරමින් ම භව මූලය නිපදවීම් වශයෙන් සත්වයන්ගේ පැවැත්ම සිදුකරයි.

මෙසේ උපස්ථම්භනය වීම් වශයෙන් අහර කිස සිදුකරන කල්හි ඒ ආහාර සතරෙහි, සතර භයක් දැකිය යුතුයි. ඒ කෙසේද? කබළිංකාර ආහාරයේ තෘෂ්ණා භය ඇත. ඵස්සාහාරයේ පැමිණීම් භය ඇත. මනෝ සඤ්චේතනාහාරයේ රැස්කිරීම් භය ඇත. විඤ්ඤාණාහාරයේ අභිමුඛ වැටීම් භය ඇත. කවර කරුණකින්ද? කබළිංකාර ආහාරයේ ආශාව කොට, සීතාදියේ පෙරටුවීම් වශයෙන් සත්වයෝ ආහාර පිණිස මුද්‍රා, ගණන් කිරීම් ආදී ක්‍රියා කරමින් අනල්ප වූ දුක් විඳිති. ඇතැම්හු මේ සසුනේ පැවිදි වීත් වෙදකම් ආදී වූ අයෝග්‍ය වෘත්තීන්ගෙන් ආහාර සොයමින් මෙලොවදීම ගැරහුමට බඳුන් වෙති. පරලොව දී ද “ඔහුගේ දෙපට සිවුර ගිනිදැල්වලින් ඇවිලගන්නේය.” ආදී වශයෙන් ලක්ඛණ සූත්‍රයේ පැවසූ අයුරින්ම ශ්‍රමණ ප්‍රේතයෝ වෙති. මේ කාරණාවලින් කබළිංකාර ආහාරයේ ආශාවීම ම බියෙකැයි දතයුතුයි.

පහස හෙවත් ස්පර්ශ හේතුවෙන් ලගට (සමීපයට) එයි. පහස නිසා අන්‍යයන් විසින් ආරක්ෂා කරන ලද අඹුවන් ආදී වස්තු කෙරෙහි අපරාධ කරති. බඩු අයිති කරුවෝ ඒ සොරාගත් බඩු සහිතවම සොරු අල්ලාගෙන කඩ කඩ කරමින් සිඳ දමති. කුණුගොඩට ඇද දමති. රජුට හෝ පවරා දෙති. රජතුමා, ඔවුන්ට විවිධාකාර දඬුවම් කරවයි. මරණීන් පසු ඔවුන් විසින් දුගතිය කැමති විය යුතුයි. මෙසේ ස්පර්ශය මූලිකව මෙලොවදීත්-පරලොවදීත් සියලු භය පැමිණෙන්නේමය. මෙකරුණින් ඵස්සාහාරයෙහි සමීපවීමට භයකැයි දතයුතුයි.

කුශලාකුශල කර්ම රැස්කිරීමේදී ද ඒවාට මුල් වූ ත්‍රිවිධ භවයෙහි සියලුම භය පැමිණියේ වේ. මෙකරුණින් මනෝසඤ්චේතනාහාරයෙහි රැස්කිරීමට භයකැයි දතයුතුයි.

ප්‍රතිසන්ධි විඤ්ඤාණය යම් යම් තැනෙක් හි වැටේද ඒ ඒ තැන්හිම ප්‍රතිසන්ධිය නාමරූප රැගෙනම උපදියි. එහි උපන් කල්හි සියලු භය හටගත්තා වේ. ඊට මූලික වූ බැවින් මේ කාරණයෙන් විඤ්ඤාණහාරයේ ඉදිරියේ වැටීමට භයකැයි දතයුතුයි.

“කිං නිදානා” යනාදියෙහි නිදානාදිය සියලුම හේතූන්ට සමාන වදනකි. කරුණ-හේතුව යනු යමකින් විපාකයක් නිධන් කරයි. ඒකාන්තයෙන් එය ගනිවු යි පමුණුවන්නාක් මෙනි. එනිසා ඊට ‘නිදානය’ යැයි කියනු ලැබේ. යම් හෙයකින් ඉන් හටගනියි. උපදියි, ප්‍රභවයට පත් වේද එහෙයින් “හටගැනුණි, ඉපදුණි, ප්‍රභවවිය” යනුවෙන් කියයි. මෙහි වනාහී මේ පදවල අර්ථයයි. “මේවායේ නිදානය කුමක්ද? යනු “කිං නිදානා” නමි. මේවායේ හටගැනීම කවරේද? යනු “කිං සමුදයා” නමි. මේවායේ උපත කෙසේ වේද? යනු “කිඤ්ජාතිකා” නමි. මේවායේ ප්‍රභවය කෙසේවේද? යනු “කිං පභවා” නමි. යම් හෙයකින් ඉහත කියන ලද ක්‍රමයෙන් තන්හාවම එම ආහාරයන්ගේ නිදානයද හටගැනීම් හේතුවද උප්පත්ති හේතුවද ප්‍රභව හේතුවද වනු බැවින් “තණ්හා නිදානා” යනාදිය කියන ලදී. මෙසේ සියලුම පදයන්හි අර්ථ දත යුතුයි. මෙහිද “ඉමෙ චත්තාරො ආහාරා තණ්හා නිදානා” යි.

මේ සතර ආහාරයෝම තණ්හාව නිදාන කරගෙන ඇත.” යනුවෙන් ප්‍රතිසන්ධිය ආදී කොට ඇති ආත්මභාව සංඛ්‍යාත වූ ආහාරයන් ම පෙරටු වන තණ්හා වශයෙන් නිදානය දතයුතුයි. කෙසේද? ප්‍රතිසන්ධික්ෂණයෙහි පළමුකොට පරිපූර්ණ වූ ආයතන සහිත සත්වයන්ට සත්ව සන්තතික වශයෙන්ද, අනතුරුව සෙසු අඩු වූ ආයතන සහිත සත්වයන්ට සත්ව සන්තති වශයෙන් ද උපන් අභ්‍යන්තර රූපයේ පහළ වූ ඕජාවක් ඇත. මෙය තණ්හාවේ නිදානයයි. උපාදිණ්ණක කබලිංකාර ආහාරයයි. ප්‍රතිසන්ධි සිත හා සම්ප්‍රයුක්ත වූ ඵස්ස චේතනාව වනාහී තමාට “සිත දැනගනියි” – මෙය තණ්හාවේ නිදානයයි. උපාදිණ්ණක ඵස්ස, මනෝසඤ්චේතනා, විඤ්ඤාණ යන ආහාරයන්‍ ය. මෙසේ පළමුකොට මුල්ම ප්‍රතිසන්ධියට අයත් තණ්හාවේ නිදාන වන ආහාරයෝ යම් සේ “ප්‍රතිසන්ධිකයෝ” වෙත් ද, එලෙස ඉන්පසුව ප්‍රථම භවාංග චිත්තක්ෂණාදියට පැමිණියේයැයි දතයුතුයි.

යම්හෙයකින් භාග්‍යවතුන් වහන්සේ හුදෙක් ආහාරයන්ගේ නිදානය පමණක් ම දන්නාහු නොවෙති. ආහාරයන්ගේ නිදානය වූ තණ්හාවේද නිදාන වූ වේදනාදිය ද දන්නාහුමය. එහෙයින් “මහණෙනි! මේ තණ්හාවේ නිදානය කුමක්ද?” ආදී වශයෙන් තණ්හාව ඇතිවන ආකාරයද දක්වා නැවත එය නැතිවන අයුරු (වට්ට විවට්ට) දැක්වූ සේක. මෙහිදී භාග්‍යවතුන් වහණ්සේ අතීතාභිමුඛ වූ දේශනාවක් පවත්වා, අතීතයෙන් ම තණ්හාවේ ඇතිවීම දැක්වූහ. ඒ කෙසේද? මේ ආත්මභාවය ආහාර වශයෙන් තණ්හාව ගන්නා ලදී.

මේ ආත්මභවයේ ජනක කර්ම වූ වේදනාව, ස්පර්ශය, ෂඩායතයනය, නාමරූප හා විඤ්ඤාණයෝ යම් ආත්මභාවයකට ඇතුළුව කර්ම රැස් කරනුයේ ද එය දැක්වීමට “අවිද්‍යා සංස්කාර දෙක ඒ ආත්මභවයාගේ ජනක කර්මය යැයිද දෙතැනක ආත්මභාව දෙකක විපාක කර්මය යැයි ද සංක්ෂිප්ත වශයෙන් “කර්මය” ද “කර්මවිපාක” ද යන ධර්ම දෙක දැක්වීම් වශයෙන් අතීතය අභිමුඛ වූ දේශනාවක් කර, අතීත කාලයෙන් දැක්වූ සේක.

එහිදී මේ දේශනාව අනාගත කාලයේ නොදක්වන ලද බැවින් අපරිපූර්ණයැයි නොසිතිය යුතුයි. න්‍යාය වශයෙන් පරිපූර්ණ යැයි දතයුතුයි. යම්සේ ඇස් ඇති පුරුෂයෙකු ජලය මතුයෙහි හොත්තා වූ කිඹුලෙකු දැක -උගේ පසුකොට බලන්නේ බෙල්ල දකින්නේය. පිට උඩින්, අවසන ඇති නගුටේ මුල, යටිබඩ ආදිය බලනුයේ දියයට ඇති නගුටේ අග මෙන්ම සිවු පාදයයෙන්ද නො දක්නේය. ඔහු මෙපමණකින් “සම්පූර්ණවම කිඹුලා නොදුටුවෙමි” යි නොසිතයි. න්‍යාය වශයෙන් ගත් කල, සම්පූර්ණවම කිඹුලා දැක ඇත. මෙසේ ඉහත කී සියලු පදයන්ගේ අර්ථ දතයුතුයි.

තීරයේ සිටි පුරුෂයා මෙන් යෝගාවචර භික්ෂුව සැලකිය යුතුයි. ඇස් ඇති පුරුෂයා ගං ඉවුරේ සිට දියමත සිටි කිඹුලා දුටුවාක් මෙන් ඒ යෝගියා විසින් ආහාර හේතුවෙන් පවතින මේ ආත්මභාවය දක්නා ලදී. එම පුරුෂයා කිඹුලාගේ බෙල්ල දුටුවාක් මෙන් මේ ආත්මභාවයේ ප්‍රභවයට හේතු වූ තණ්හාව දකින්නේය. පිට දුටුවාක් මෙන් යම් ආත්මභාවයක තණ්හා සංඛ්‍යාත වූ කර්මය කරන ලද වේදනාදී හේතූන් දකින්නේය. නගුටේ මුල දුටුවාක් මෙන් ඒ ආත්මභාවයේ උපතට හේතු වූ අවිද්‍යා – සංස්කාරාදී හේතූන් දකින්නේය. යටිබඩ බලන විට නගුටේ අග ද සතර පාදයන් ද නොදැක, එනමුත් කිඹුලා අසම්පූර්ණව දකින ලදැයි නොගන්නාක් මෙන් ද න්‍යාය වශයෙන් සම්පූර්ණයෙන් ම දුටු සේ ගන්නාක් මෙන් ද – යම් තැනෙක ප්‍රත්‍යයන්ගේ පිළිවෙල – වෘත්තය ත්‍රිපිටකයේ නොපැමිණියත්, ඒ ඒ සූත්‍ර දේශණාවෝ – අසම්පූර්ණ යැයි නොගෙන න්‍යාය වශයෙන් පරිපූර්ණ වූ දේශනාවන් ලෙසට ගතයුතුයි. එහිද ආහාර – තණ්හා දෙක අතරෙහි එක් සන්ධියකි. තණ්හා-වේදනා දෙක අතරෙහි එක් සන්ධියකි. විඤ්ඤාණ- සංස්කාර දෙක අතරේ එක් සන්ධියකි. මෙසේ සන්ධි තුනකින් හා සතර සංක්ෂේපයන්ගෙන්; සසර පැවැත්ම දක්වන ලදී.

SN 02-01-02-02.
මෝලිය ඵග්ගුන සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසනලදී.
එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

§ 2. “මහණෙනි, උපන් සත්වයින්ගේ පැවැත්ම පිණිසද, උපදිමින් සිටින සත්වයින්ට උපකාර පිණිසද, පවත්නාවූ මේ ආහාර (හේතු) සතරක් වේ.
කවර සතරක්ද යත්?

මහත්වූ හෝ සියුම්වූ හෝ කබලිකාර ආහාරය,
දෙවැනිවූ ස්පර්ශාහාරය,
තුන්වැනිවූ මනොසංචෙතනාහාරය,
සතරවැනිවූ විඤ්ඤාණාහාරය
යන මේවායි.

මහණෙනි, උපන් සත්වයින්ගේ පැවැත්ම පිණිසද, උපදිමින් සිටින්නාවූ සත්වයින්ට උපකාරය පිණිසද මේ සතර ආහාරයෝ පවතිත්.

§ 3. මෙසේ වදාළ කල්හි, ආයුෂ්මත් “මෝළිය ඵග්ගුන” (නම් භික්ෂුව) භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය

“ස්වාමීනි, කවරෙක් විඤ්ඤාණය ආහාරය අනුභව කෙරේද?” කියායි.
භාග්‍යවතුන් වහන්සේ “ප්‍රශ්නය නුසුදුසුය”යි වදාළ සේක.
‘අනුභව කෙරේයයි මම නොකියමි ඉදින් මම අනුභව කෙරේයයි කියම් නම්, “ස්වාමීනි, කවරෙක් වනාහි අනුභව කෙරේද? යන ප්‍රශ්නය සුදුසු වන්නේය.
මම මෙසේ නොකියමි මෙසේ නොකියන්නාවූ, මාගෙන් ‘ස්වාමීනි, විඤ්ඤාණ ආහාරය කුමකට උපකාර වේද?’ කියා මෙසේ යමෙක් අසයි නම්, එය සුදුසු ප්‍රශ්නයකි.

විඤ්ඤාණ ආහාරය සසර නැවත ඉපදීමට උපකාර වෙයි. ඒ ඉපදීම ඇතිවූ කල්හි සළායතන ඇතිවෙයි. සළායතනයන් නිසා ස්පර්ශය ඇතිවේයයි කියා එහිදී විසඳීම සුදුසුය.”

§ 5. “ස්වාමීනි, කවරෙක් ස්පර්ශ කෙරේද?
“ප්‍රශ්නය නුසුදුසුයයි” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
‘ස්පර්ශය කෙරේයයි’ මම නොකියමි. ඉදින් ‘ස්පර්ශය කෙරේයයි’ මම කියම් නම් එකල ‘ස්වාමීනි, කවරෙක් ස්පර්ශය කරයිද?’ යන ප්‍රශ්නයද සුදුසු වන්නේය.
මම එසේ නොකියමි. එසේ වූ කල ‘ස්වාමීනි, ස්පර්ශය කුමක් නිසා ඇතිවේද?’ කියා, අසයි නම් එය සුදුසු ප්‍රශ්නයකි.

සළායතනයන් නිසා ස්පර්ශය ඇති වෙයි. ස්පර්ශය නිසා වින්දනයන් ඇතිවේය”
යි කියා එහිදී විසඳීම සුදුසුය.”

§ 6. “ස්වාමීනි, කවරෙක් විඳීද?”
“ඒ ප්‍රශ්නයද නුසුදුසුයයි” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
“විඳීයයි මම නොකියමි. ඉදින් මම විඳීයයි කියම් නම්, ‘ස්වාමීනි, කවරෙක් විසින් විඳීද?’ යන ප්‍රශ්නය සුදුසුය. එසේ මම නොකියමි. එසේ වූ කල ‘ස්වාමීනි කුමක් නිසා වේදනාව ඇතිවේද?’ කියා, අසයි නම්, එය සුදුසු ප්‍රශ්නයකි.

එහිදී ස්පර්ශය නිසා වින්දනය ඇතිවෙයි. වින්දනය නිසා තණ්හාව ඇතිවේයයි කියා විසඳීම සුදුසුය.”

§7. “ස්වාමීනි, කවරෙක් ආශා කරයිද?”
භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්නය නුසුදුසුයයි වදාළ සේක
“මම ආශා කෙරේයයි නොකියමි. ආශා කෙරේයයි කියම් නම්, ‘ස්වාමීනි, කවරෙක් ආශා කෙරේද?’ යන ප්‍රශ්නය සුදුසුය. එසේ නොකියමි. එසේ වූ කල ‘ස්වාමීනි, කුමක් නිසා ආශාව ඇතිවේද?” කියා අසයි නම් මෙය සුදුසු ප්‍රශ්නයකි.

එහිදී විඳීම නිසා තණ්හාව (ආශාව) ඇතිවේ.
තණ්හාව නිසා උපාදානය (දැඩිකොට අල්වාගැනීම) ඇති වේයයි කියා විසඳීම සුදුසුය.”

§8. “ස්වාමීනි, කවරෙක් උපාදානය (දැඩිකොට අල්වාගැනීම) කරත්ද?”
භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්නය නුසුදුසුයයි වදාළ සේක.
“ උපාදානය කරයි’යැයි නොකියමි. උපාදානය කෙරේයයි කියම් නම් ‘ස්වාමීනි, කවරෙක් උපාදානය ඇති කෙරේද?’ යන ප්‍රශ්නය සුදුසුය. එසේ මම නොකියමි. එසේවූ කල ‘ස්වාමීනි, කුමක්නිසා උපාදානය ඇතිවේද?’ අසයි නම්, මෙය සුදුසු ප්‍රශ්නයකි.

එහිදී තණ්හාව නිසා උපාදානය ඇතිවේ.
උපාදානය නිසා භවය ඇතිවේ.
භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවේ.
ජාතිය (ඉපදීම) නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝද ඇතිවෙත්.
මෙසේ මේ සියලු තනිකර දුක් සමූහය ඇතිවෙයි.

§ 9. “ඵග්ගුනය,
සවැදෑරුම් ස්පර්ශායතනයන් මුළුමනින් නැසීමෙන් ස්පර්ශය නැතිවේ.
ස්පර්ශය නැතිවීම නිසා විඳීම (වේදනාව) නැතිවේ.
වේදනාව නැතිවීම හේතුකොටගෙන තණ්හාව නැතිවේ.
තණ්හාව නැතිවීම හේතුකොටගෙන උපාදානය නැතිවේ.
උපාදානය නැතිවීම හේතුකොටගෙන භවය නැතිවේ.
භවය නැතිවීම හේතුකොට ගෙන ඉපදීම නැතිවේ.
ඉපදීම නැතිවීම හේතුකොටගෙන
ජරාව මරණය, ශෝකය. පරිදේව (හැඬීම) දුක්, දොම්නස් සහ උපායාසයෝ (තද ශෝක) නැතිවෙත්.
මෙසේ මේ සියලු තනිකර දුක් සමූහය නැතිවෙයි.

(දෙවෙනි ඵග්ගුන සූත්‍රය නිමි.)

[මොළියඵග්ගුන සූත්‍ර වර්ණනාව:-
දෙවන සූත්‍රයේ “සම්භවෙසීනං වා අනුග්ගාය” යනු මෙතැනදී ම භාග්‍යවතුන් වහන්සේ දේශනාව නැවැත්වූ සේක. කුමක් හෙයින්ද? මිසදිටු ගත්තෙකු එම පිරිසේ හුන් බැවිනි. ඒ සඟ පිරිසේ මිසදිටුගත් මොළිය ඵග්ගුණ නම් භික්ෂුවක් හුන්නේය. ඉක්බිති බුදුරජාණන් වහන්සේ මෙසේ සිතූ සේක. “මොහු නැගිට මගෙන් ප්‍රශ්නයක් විචාරන්නේය. එවිට මම එය විසඳන්නෙමි” යි උන්වහන්සේට ප්‍රශ්නයක් ඇසීමට ඉඩදීම සඳහා දේශනාව නැවැත්වූ සේක. “මොළිය ඵග්ගුණෝ” යනුවෙන් ‘මොළී’ යනු හිස මුදුනේ ඇති කෙස්‍රොදයි
මෙසේ කියන ලද බැවිනි.

ජෙත්වාන මොළිං වර ගන්ධ වාසිතං
වෙහාසයං උක්ඛිපි සක්‍ය පුංගවො
සහස්ස නෙත්තො සිරසා පටිගහී
සුවණ්ණ චංගා චරෙන වාසවො


ඒ ශ්‍රේෂ්ඨ ශාක්‍ය වංශිකයා, තම උතුම් වූ සුවඳ කවන ලද කේශ කලාපය සිඳ – අහසට දැමුවේය. ‘වාසව’ නම් වූ දහසක් නෙත් ඇති ශක්‍රයා එය රන් කරඬුවකින්, ශීර්ෂ ප්‍රණාමයෙන් පිළිගත්තේය.”

ඒ කේශකලාපය ඔහුගේ ගිහිකාලයේදී ඉතා විශාල විය. එනිසා ඔහුට “මොළිය ඵග්ගුණ” නාමය ඇතිවිය. පැවිදි වූ පසුවත් ඔහු එනමින්ම හැඳින්විණි. “එතදවොච” යනු දේශනාවේ ගැලපීම් ඇතිකරමින් මේ “කොනු ඛො භන්තෙ! විඤ්ඤාණාහාරං ආහාරෙ” යන වචනය කියන ලදී. එහි අර්ථ මෙසේය. “ස්වාමීනි! මේ විඤ්ඤාණාහාරය ආහාරයට ගනුයේ හෝ අනුභව කරනුයේ කවර තැනැත්තෙක් ද?”

මෙහිදී සෙසු ආහාර තුන පිළිබඳව නොපවසා විඤ්ඤාණාහාරය පමණක් විචාළේ ඇයි? “එය දනිමි” යි යන පිළිගැනීම ඇති බැවිනි. ඔහු මහත් පිඬු වශයෙන් ගෙන කබළිංකාර ආහාරය අනුභව කරයි. එබැවින් එය ඔහුට මැනවින් පෙනේ. එනිසා ඒ පිළිබඳව “දනිමි” යි යන විශ්වාසය උන්වහන්සේට ඇත. වටු, මොණර, කුකුළු ආදී පැටවු මවුගේ ස්පර්ශයෙන් යැපෙනු දැක – “මොවුහු ඵස්සාහාරයෙන් යැපෙන්නෝයැ” යි ඔහුට විශ්වාසයක් ඇතිවේ. කැසිබුවෝ තම සෘතු සමයන්හි මහමුහුදින් ගොඩබිමට පැමිණ, මුහුදුතෙර වැලිකතර බිජු දමා – එය වැලිවලින් වසා – නැවත මුහුදට යති. ඒ බිජු මවගේ සිහිකිරීම් හේතුවෙන් කුණු නොවේ. ඒ බිත්තර “මනෝසඤ්චේතනා-හාරයෙන් යැපෙන්නේය” යන ඇදහීම – පිළිගැනීම එවිට ඇතිවේ. ඵග්ගුණ තෙරුන්ට මෙසේ මේ ආහාර තුන පිළිබඳව ම දැනීම (ප්‍රත්‍යක්ෂ) ඇති නමුත් විඤ්ඤාණාහාරය පිළිබඳව එවැනි ප්‍රත්‍යක්ෂ දැනුමක් නැති බැවින් මේ ප්‍රශ්නය අසන ලදී. දෘෂ්ටිගතිකයා හෙවත් යම් දෘෂ්ටියක් පිළිගත් තැනැත්තා – උම්මත්තකයෙකු වැනිය. යම්සේ උමතු මිනිසෙකු කූඩයක් රැගෙන වීථියට පැමිණ ගොම ද ගල් ද අශූචි ද කැබලි ආදී ආහාර ද්‍රව්‍ය ද යනාදී තමාට අවශ්‍ය අනවශ්‍ය සෑම දෙයක් ම කූඩයට දාගනු ලබන්නේ ද, එමෙන්ම දෘෂ්ටිගතිකයාත් සුදුසු – නුසුදුසු සෑම දෙයම අසයි. ඔහුට “මම කුමක් නිසා මේ ප්‍රශ්න අසන්නෙම්ද?” යන්න නිගමනය කළ නොහැක. ඇසූ ඇසූ ප්‍රශ්නයෙහි ඔහුගේ සිත අවුල් වේ. එනිසා ඉන් වැලකිය යුතුයි. මේ හේතුවෙන් ඵග්ගුණ හිමිගේ ප්‍රශ්නයේදී භාග්‍යවතුන් වහන්සේ “ඔබ කුමක් නිසා මේ ප්‍රශ්න ඇසීද?” යි නොවදාරා, දැඩිව ගත් දෘෂ්ටියෙන් ඔහු මිදවීමට කැමති සේක් – “නො කල්ලො පඤ්හො” යනුවෙන් දේශනා කළ සේක.

එහි “නොකල්ලො” යනු නුසුදුසුයි. අයුතුයි. “ආහාරෙතීති අයහං න වදාමී” යනු මම කිසියම් සතෙක් හෝ පුද්ගලයෙක් හෝ අනුභව කරයි යනුවෙන් නොදෙසමි. “ආහාරෙතීති චාහං වදෙය්‍යං” ඉදින් මම “අනුභව කරයි” යනුවෙන් කියත්නම් “තත්‍රස්ස කල්ල පඤ්හො” යනු එවිට මේ ප්‍රශ්නය සුදුසු වේ. “කිස්සනු ඛො භන්තෙ! විඤ්ඤාණාහාරො” යනු ස්වාමීනි! මේ විඤ්ඤාණාහාරය කවරකට ප්‍රත්‍ය වන්නේ ද? යන අර්ථයි. “තත්‍ර කල්ලං වෙය්‍යාකරණං” යනුවෙන් මෙසේ ප්‍රශ්නය විචාළවිට, “විඤ්ඤාණාහාරය අනාගතයේ නැවත ඉපදීමට, පලවීමට හේතුවේ” යන ව්‍යාකරණය සුදුසුය. මෙහි ද “විඤ්ඤාණාහාරො” යනු ප්‍රතිසන්ධියයි. “ආයතිං පුනබ්භවා භිනිබ්බත්ති” යනු ඒ විඤ්ඤාණයෙන් ම හටගත් නාමරූප දෙකයි. “තස්මිං භූතෙ සති සළායතනං” එහි නැවත ඉපදීම් පළවීම් සංඛ්‍යාත වූ නාමරූපයන් පහළවූ කල්හි ආයතන සය ඇතිවන්නේය යන අර්ථයයි.

සළායතන පච්චයා ඵස්සො” මෙහිදී ද භාග්‍යවතුන් වහන්සේ තවත් ප්‍රශ්නයකට ඉඩ සළසමින් දේශනාව නිමාකළ සේක. දෘෂ්ටි ගතිකයා වනාහි නැවත ප්‍රශ්නයක් ඉපිදවීමට සමත් නොවේ. විස්තර කළ ප්‍රශ්නම ය නැවතත් විචාරයි. මෙනිසා භාග්‍යවතුන් වහන්සේ ඔහුට ඒ අවසරය දුන් සේක. අර්ථ වනාහි සියලු පදවල කියූ ක්‍රමයෙන් ගතයුතුයි. “ස්වාමීනි! කවරෙක් නම් වන්නේද?” යනුවෙන් කුමක් නිසා විමසුවේද? දෘෂ්ටිගතිකයා හට සත්වයා නම් සත්‍ය වශයෙන්ම ඇත්තෙකි. හටගත්තෙක්මයැ” යි යන පිළිගැනීම ඇත. එනිසා තම පිළිගැනීමට විරුද්ධ වන හෙයින් “මෙය” යැයි ද්‍රව්‍යාත්මකව නොවිචාළේය. තවද “මෙය තවත් ප්‍රත්‍යයක් හේතුකොටගෙන වන්නේයැ” යි යන්න බොහෝ තැනෙක්හි දේශිත බැවින් ද තමා විසින් අවබෝධ කරගැනීමට පැමිණි හෙයින් ද ඔහු විසින් එසේ නොවිචාරයි. බුදුරජාණන් වහන්සේ ද මේ බොහෝ සෙයින් විමසන්නාගේ සෑහීමකට පත්වීමක් නැති බැවින් – “හිස් ප්‍රශ්නයම අසයි” සිතා එතැන් පටන් දේශනාව ඒකාබද්ධ කර දෙසූ සේක. “ඡන්නත්වෙවා” යනුවෙන් යම්තැනක සිට දේශනාවට නංවන ලද අර්ථයම ගෙන දෙසුම නැවත සසර නැවැත්ම වශයෙන් දක්වන සේක මෙසේ වදාළහ. මේ සූත්‍රයේ වනාහී විඤ්ඤාණය හා නාමරූප දෙක අතර එක් සන්ධියකි. වේදනා හා තණ්හා ප්‍රත්‍ය දෙක අතර එක් සන්ධියකි. භව හා ජාති ප්‍රත්‍ය දෙක අතර එක් සන්ධියකි. මෙලෙස සන්ධි තුනකි.]

SN 02-01-02-03 .
ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය-1

§ 1. මා විසින් මෙසේ අසනලදී.
එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවෙසෙති. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

§ 2. “මහණෙනි,
යම් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු ජරාව සහ මරණය නොදනිත්ද,
ජරාමරණ ඇතිවීම නොදනිත්ද,
ජරාමරණ නැතිවීම නොදනිත්ද,
ජරා මරණ නැතිකරන මාර්ගය නොදනිත්ද,
ඉපදීම නොදනිත්ද,
ඉපදීම ඇතිවීම නොදනිත්ද,
ඉපදීම නැතිවීම නොදනිත්ද,
ඉපදීම නැතිකරන මාර්ගය නොදනිත්ද,
භවය නොදනිත්ද,
භවය ඇතිවීම නොදනිත්ද,
භවය නැතිවීම නොදනිත්ද,
භවය නැතිකරන මාර්ගය නොදනිත්ද,
උපාදානය නොදනිත්ද,
උපාදානය ඇතිවීම නොදනිත්ද,
උපාදානය නැතිවීම නොදනිත්ද,
උපාදානය නැතිකරන මාර්ගය නොදනිත්ද,
තණ්හාව නොදනිත්ද,
තණ්හාව ඇතිවීම නොදනිත්ද,
තණ්හාව නැතිවීම නොදනිත්ද,
තණ්හාව නැති කරන මාර්ගය නොදනිත්ද,
වේදනාව නොදනිත්ද,
වේදනාව ඇතිවී නොදනිත්ද,
වේදනාව නැතිවීම නොදනිත්ද,
වේදනාව නැති කරන මාර්ගය නොදනිත්ද,
ස්පර්ශය නොදනිත්ද,
ස්පර්ශය ඇතිවීම නොදනිත්ද,
ස්පර්ශය නැතිවීම නොදනිත්ද,
ස්පර්ශය නැති කරන මාර්ගය නොදනිත්ද,
සළායතන (ෂට් ඉන්ද්‍රිය) නොදනිත්ද
සළායතන ඇතිවීම නොදනිත්ද,
සළායතන නැතිවීම නොදනිත්ද,
සළායතන නැතිකරන මාර්ගය නොදනිත්ද,

නාමය සහ රූපය නොදනිත්ද
නාමය සහ රූපය ඇතිවීම නොදනිත්ද,
නාමය සහ රූපය නැතිවීම නොදනිත්ද,
විඤ්ඤාණය නොදනිත්ද,
විඤ්ඤාණය ඇතිවීම නොදනිත්ද,
විඤ්ඤාණය නැතිවීම නොදනිත්ද,
විඤ්ඤාණය නැතිකරන මාර්ගය නොදනිත්ද,
සංස්කාරයන් නොදනිත්ද,
සංස්කාරයන් ඇතිවීම නොදනිත්ද,
සංස්කාරයන් නැතිවීම නොදනිත්ද,
සංස්කාරයන් නැතිකරන මාර්ගය නොදනිත්ද,

මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ ශ්‍රමනයන් හෝ බ්‍රහ්මනයන්ය කියා හැඳින්වීම නුසුදුසුය.

ඒ ආයුෂ්මත්හු ශ්‍රමණ බවේ ඵලය හෝ බ්‍රාහ්මන බවේ ඵලය හෝ මේ ජීවිතයේම තමන්ම දැන ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිනීමට අසමත් වුවෝය.

§ 3. මහණෙනි, යම්කිසි මහණෙක් හෝ බමුණෙක්
ජරාව සහ මරණය දනිත්ද,
ජරාමරණයන්ගේ ඇතිවීම දනිත්ද, ජරා මරණය නැතිවීම දනිත්ද, ජරාමරණය නැති කරන මාර්ගය දනිත්ද,

ඉපදීම දනිත්ද,
ඉපදීම ඇතිවීම දනිත්ද, ඉපදීම නැතිවීම දනිත්ද, ඉපදීම නැතිකරන මාර්ගය දනිත්ද,

භවය දනිත්ද,
භවය ඇතිවීම දනිත්ද, භවය නැතිවීම දනිත්ද, භවය නැතිකරන මාර්ගය දනිත්ද,

උපාදානය (දැඩිව අල්ලා ගැනීම) දනිත්ද,
උපාදානය (දැඩිව අල්ලා ගැනීම) ඇතිවීම දනිත්ද, උපාදානය (දැඩිව අල්ලා ගැනීම) නැතිවීම දනිත්ද, උපාදානය (දැඩිව අල්ලා ගැනීම) නැතිකරන මාර්ගය දනිත්ද,

තණ්හාව දනිත්ද?
තණ්හාව ඇතිවීම දනිත්ද, තණ්හාව නැතිවීම දනිත්ද, තණ්හාව නැති කරන මාර්ගය දනිත්ද,

වේදනාව දනිත්ද,
වේදනාව ඇතිවීම දනිත්ද, වේදනාව නැති වීම දනිත්ද, වේදනාව නැතිකරන මාර්ගය දනිත්ද,

ස්පර්ශය දනිත්ද,
ස්පර්ශය ඇතිවීම දනිත්ද, ස්පර්ශය නැතිවීම දනිත්ද, ස්පර්ශය නැතිකරන මාර්ගය දනිත්ද,

සළායතනයන් (ෂට් ඉන්ද්‍රිය) දනිත්ද,
සළායතනයන් (ෂට් ඉන්ද්‍රිය) ඇතිවීම දනිත්ද, සළායතනයන් (ෂට් ඉන්ද්‍රිය) නැතිවීම දනිත්ද, සළායතනයන් (ෂට් ඉන්ද්‍රිය) නැති කරන මාර්ගය දනිත්ද,

නාමරූපයන් දනිත්ද,
නාමරූපයන් ඇතිවීම දනිත්ද, නාමරූපයන් නැතිවීම දනිත්ද, නාමරූපයන් නැති කරන මාර්ගය දනිත්ද,

විඤ්ඤාණය දනිත්ද,
විඤ්ඤාණය ඇතිවීම දනිත්ද, විඤ්ඤාණය නැතිවීම දනිත්ද, විඤ්ඤාණය නැතිකරන මාර්ගය දනිත්ද,

සංස්කාරයන් දනිත්ද,
සංස්කාරයන් ඇතිවීම දනිත්ද, සංස්කාරයන් නැතිවීම දනිත්ද, සංස්කාරයන් නැතිකරන මාර්ගය දනිත්ද,

මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් ශ්‍රමනයෝය බ්රාහ්මනයෝය. කියා කියන්නට සුදුසු වෙති. ඒ ආයුෂ්මත්හු ශ්‍රමණ භාවයේ ඵලයද, බ්‍රාහ්මණ භාවයේ ඵලයද මේ ජීවිතයේදීම තමන්ම දැන, ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කෙරෙත්.

(ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය නිමි.)

[3. සමණබ්‍රාහ්මණ සූත්‍ර වර්ණනාව:-
තෙවන සූත්‍රයේ “සමණා වා බ්‍රාහ්මනා වා” යනු සත්‍ය අවබෝධ කරගැනීමට අසමත් බැවින් බුදුසසුනින් බැහැර වූ මහණ බමුණෝ. “ජරා මරණං නප්පජානන්ති” ආදියේ ජරාමරණ දෙක දුක්ඛ සත්‍ය වශයෙන් නොදනිති. සමුදය සත්‍ය වශයෙන් ජරා මරණ දෙකේ ඇතිවීම නොදනිති. තණ්හාවත් සමග ජාති-ජරා-මරණ ආදියේ ඇතිවීම වේයැයි නොදනිති. නිරෝධ සත්‍යය වශයෙන් ජරා මරණ දෙකේ නැතිවීම නොදනිති. මාර්ග සත්‍ය වශයෙන් දුක ජයගන්නා ප්‍රතිපදාව නොදනිති. දුක්ඛ සත්‍යය වශයෙන් ඉපදීම නොදනියි. සමුදය සත්‍ය වශයෙන් “තණ්හාවත් සමග භවය, ජාතිය හටගනියි” යන ඉපදීමේ හේතුව නොදනිති. මෙසේ තණ්හාවත් සමග හටගැනීමේ හේතුව සෑම පදයකම යොදා චතුරාර්‍ය සත්‍යය මූලිකව අර්ථය දතුයුතුයි. “සාමඤ්ඤත්ථං වා බ්‍රහ්මඤ්ඤත්ථං වා” යනු මේ ආර්‍ය මාර්ගයෙහි ශ්‍රමණ බව, බ්‍රහ්ම බව යන වදන් දෙකෙහිම අර්ථය නම් “ආර්‍ය ඵලයම වන බව දතයුතුයි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ මෙම සූත්‍රයෙහි එකොළොස් තැනක චතුරාර්‍ය සත්‍යය දක්වා ඇත.]

SN 02-01-02-04.
දුතිය ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසනලදී.
එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

§ 2. “මහණෙනි, යම් කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මේ ධර්මයන් නොදනිත්ද, මේ ධර්මයන්ගේ ඇතිවීම නොදනිත්ද, මේ ධර්මයන්ගේ නැතිවීම නොදනිත්ද, මේ ධර්මයන් නැතිකරන මාර්ගය නොදනිත්ද, ඔවුන් ශ්‍රමනයන් හෝ බ්‍රාහ්මණයන් ලෙස කීම නොවටී.

කිනම් ධර්මයන් නොදනිත්ද?
කිනම් ධර්මයක ඇතිවීම නොදනිත්ද?
කිනම් ධර්මයක නැතිවීම නොදනිත්ද?
කිනම් ධර්මයක් නැතිවෙන මාර්ගය නොදනිත්ද?

ජරා මරණ නොදනිත්ද, ජරා මරණයන්ගේ ඇතිවීම නොදනිත්ද, ජරාමරණයන්ගේ නැතිවීම නොදනිත්ද, ජරා මරණය නැතිවෙන මාර්ගය නොදනිත්ද,

ඉපදීම නොදනිත්ද, ඉපදීම ඇතිවීම නොදනිත්ද, ඉපදීම නැතිවීම නොදනිත්ද, ඉපදීම නැතිකරන මාර්ගය නොදනිත්ද, භවය නොදනිත්ද,

භවය ඇතිවීම නොදනිත්ද, භවය නැතිවීම නොදනිත්ද, භවය නැතිකරන මාර්ගය නොදනිත්ද,

උපාදානය ( ඇතිවීම නොදනිත්ද, උපාදානය නැතිවීම නොදනිත්ද, උපාදානය නැතිකරන මාර්ගය නොදනිත්ද,

තණ්හාව නොදනිත්ද තණ්හාව ඇතිවීම නොදනිත්ද, තණ්හාව නැතිවීම නොදනිත්ද, තණ්හාව නැතිකරන මාර්ගය නොදනිත්ද,

වේදනාව නොදනිත්ද, වේදනාව ඇතිවීම නොදනිත්ද, වේදනාව නැතිවීම නොදනිත්ද, වේදනාව නැති කරන මාර්ගය නොදනිත්ද,

ස්පර්ශය නොදනිත්ද, ස්පර්ශය ඇතිවීම නොදනිත්ද, ස්පර්ශය නැතිවීම නොදනිත්ද, ස්පර්ශය නැතිකරන මාර්ගය නොදනිත්ද,

සළායතනයන් (ෂට් ඉන්ද්‍රිය) නොදනිත්ද, සළායතනයන් ඇතිවීම නොදනිත්ද, සළායතනයන් නැතිවීම නොදනිත්ද, සළායතනයන් නැතිකරන මාර්ගය නොදනිත්ද,

නාමරූපයන් නොදනිත්ද, නාමරූපයන් ඇතිවීම නොදනිත්ද, නාමරූපයන් නැතිවීම නොදනිත්ද, නාම රූපයන් නැතිකරන මාර්ගය නොදනිත්ද,

විඤ්ඤාණය නොදනිත්ද, විඤ්ඤාණය ඇතිවීම නොදනිත්ද, විඤ්ඤාණය නැතිවීම නොදනිත්ද, විඤ්ඤාණය නැතිකරන මාර්ගය නොදනිත්ද,

සංස්කාරයන් නොදනිත්ද, සංස්කාරයන්ගේ ඇතිවීම නොදනිත්ද, සංස්කාරයන්ගේ නැතිවීම නොදනිත්ද, සංස්කාරයන් නැතිවන මාර්ගය නොදනිත්ද,

මේ ධර්මයන් නොදනිත්ද, මේ ධර්මයන්ගේ ඇතිවීම නොදනිත්ද, මේ ධර්මයන්ගේ නැතිවීම නොදනිත්ද, මේ ධර්මයන් නැතිවන මාර්ගය නොදනිත්ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් අතුරෙහි ශ්‍රමණ සම්මතද, බ්‍රාහ්මණයන් අතුරෙහි බ්‍රාහ්මණ සම්මතද නොවෙති. ඒ ආයුෂ්මත්හුද ශ්‍රමණභාවයේ ඵලය හෝ බ්‍රාහ්මණ භාවයේ ඵලය හෝ මේ ආත්මභාවයෙහි තෙමේම දැන ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය නොකරත්.

§ 3. “මහණෙනි,
යම් කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මේ ධර්මයන් දනිත්ද,
මේ ධර්මයන්ගේ ඇතිවීම දනිත්ද,
මේ ධර්මයන්ගේ නැතිවීම දනිත්ද,
මේ ධර්මයන් නැතිවන මාර්ගය දනිත්ද,
කිනම් ධර්මයක් දනිත්ද, කිනම් ධර්මයක්හුගේ ඇතිවීම දනිත්ද?
කිනම් ධර්මයක්හුගේ නැතිවීම දනිත්ද?
කිනම් ධර්මයක්හුගේ නැතිවෙන මාර්ගය දනිත්ද?
ජරාමරණය දනිත්ද, ජරාමරණයාගේ ඇතිවීම දනිත්ද, ජරාමරණය නැතිවීම දනිත්ද, ජරාමරණය නැතිවෙන මාර්ගය දනිත්ද, ඉපදීම දනිත්ද,

ඉපදීම ඇතිවීම දනිත්ද, ඉපදීම නැතිවීම දනිත්ද, ඉපදීම නැතිවෙන මාර්ගය දනිත්ද, භවය දනිත්ද, භවය ඇතිවීම දනිත්ද, භවය නැතිවීම දනිත්ද, භවය නැතිවෙන මාර්ගය දනිත්ද,

උපාදානය (දැඩිව අල්ලා ගැනීම) දනිත්ද උපාදානය (දැඩිව අල්ලාගැනීම) ඇතිවීම දනිත්ද, උපාදානය (දැඩිව අල්ලාගැනීම) නැතිවීම දනිත්ද, උපාදානය (දැඩිව අල්ලාගැනීම) නැතිවෙන මාර්ගය දනිත්ද,

තණ්හාව දනිත්ද, තණ්හාව ඇතිවීම දනිත්ද, තණ්හාව නැතිවීම දනිත්ද, තණ්හාව නැතිවෙන මාර්ගය දනිත්ද,

වේදනාව දනිත්ද, වේදනාව ඇතිවීම දනිත්ද, වේදනාව නැතිවීම දනිත්ද වේදනාව නැති වෙන මාර්ගය දනිත්ද

ස්පර්ශය දනිත්ද, ස්පර්ශය ඇතිවීම දනිත්ද, ස්පර්ශය නැතිවීම දනිත්ද, ස්පර්ශය නැතිවෙන මාර්ගය දනිත්ද,

සළායතනයන් (ෂට් ඉන්ද්‍රිය) දනිත්ද, සළායතනයන් ඇතිවීම දනිත්ද, සළායතන නැතිවීම දනිත්ද, සළායතනයන් නැතිවෙන මාර්ගය දනිත්ද,

නාමරූපයන් දනිත්ද, නාමරූපයන් ඇතිවීම දනිත්ද, නාමරූපයන් නැතිවීම දනිත්ද, නාමරූපයන් නැතිවෙන මාර්ගය දනිත්ද,

විඤ්ඤාණය දනිත්ද, විඤ්ඤාණය ඇතිවීම දනිත්ද, විඤ්ඤාණය නැතිවීම දනිත්ද, විඤ්ඤාණය නැතිවෙන මාර්ගය දනිත්ද,

සංස්කාරයන් දනිත්ද, සංස්කාරයන්ගේ ඇතිවීම දනිත්ද, සංස්කාර නැතිවීම දනිත්ද, සංස්කාර නැතිවෙන මාර්ගය දනිත්ද,

මේ ධර්මයන් දනිත්ද, මේ ධර්මයන්ගේ ඇතිවීම දනිත්ද, මේ ධර්මයන්ගේ නැතිවීම දනිත්ද, මේ ධර්මයන්ගේ නැතිවෙන මාර්ගය දනිත්ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් අතුරෙහි ශ්‍රමණ සම්මතද, බ්‍රාහ්මණයන් අතුරෙහි බ්‍රාහ්මණ සම්මතද වෙත්. ඒ ආයුෂ්මත්හුද ශ්‍රමණ භාවයේ ඵලයද, බ්‍රාහ්මණ භාවයේ ඵලයද, මේ ආත්මභාවයෙහි තෙමේම දැන, ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරති.

(සතරවන ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය නිමි.)

[4. දුතිය සමණබ්‍රාහ්මණ සූත්‍ර වර්ණනාව:-
සිවුවන සූත්‍රයේ – “ඉමෙ ධම්මෙ-කතමෙ ධම්මෙ” යනු මේ දක්වා විස්තර කර, දේශනා කරන ලද, ධර්මය අවබෝධ කරගැනීමට සමත් පුද්ගලයන්ගේ අදහසට අනුව – “ඉමෙ ධම්මා නප්පජානන්තී” ආදිය දක්වන ලදී. සෙසු පද විස්තර මුල් සූත්‍රයන්ට සමානය.]

SN 02-01-02-05.
කාත්‍යායන ගෝත්‍ර සූත්‍ර

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක.

§ 2. ඉක්බිති කච්චායනගොත්ත නම් භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පැත්තෙක සිට භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. \

“ස්වාමීනි, සම්‍යක්දෘෂ්ටිය, සම්‍යක් දෘෂ්ටියයි කියනු ලබයි.
ස්වාමීනි කෙතෙක් කරුණකින් සම්‍යක්දෘෂ්ටිය ඇති වේද?”

§ 3. “කච්චායනය,
මේ ලෝවැසියා බොහෝ සෙයින් ‘ඇත්තේය යන දෘෂ්ටියෙහිද,
නැත්තේය යන දෘෂ්ටියෙහිද පිහිටා සිටී..

“කච්චායනය, ලෝකයේ ඇතිවීම ඇතිසැටියෙන් මනා නුවණින් දකින්නාට, ලෝකයෙහි නැත්තේය යන දෘෂ්ටිය ඇති නොවෙයි. කච්චායනය, ලෝකයේ නැතිවීම ඇතිසැටියෙන් මනා නුවණින් දකින්නාට ලෝකයෙහි ඇත්තේය යන දෘෂ්ටිය ඇති නොවෙයි

“කච්චායනය, මේ ලෝවැසියෝ බොහෝ සෙයින්
උපාය උපාදාන අභිනිවෙස නම්වූ තෘෂ්ණා දෘෂ්ටීන් විසින් බැදී සිටියි.

එහෙත් ආර්ය ශ්‍රාවකයා අකුසල් සිතට පිහිටවූ, නිවාසස්ථානවූ, නිදනස්ථානයවූ උපාය උපාදානයයි කියන තෘෂ්ණා දෘෂ්ටි දෙකින් මෙය මාගේ ආත්මයයි නොඅදහයි, නොගනියි, නොපිහිටයි. උපදිනුයේද පඤ්චස්කන්ධ දුකමය, නිරුද්ධ වන්නේද පඤ්චස්කන්ධ දුකමය, එයින් අන්‍යවූ සත්වයෙක් පුද්ගලයෙක් නොවේයයි සැක නොකරයි, දෙයාකාරයකින් නොසිතයි, ඔහුට මෙහි ප්‍රත්‍යක්ෂවූම ඥානයක් වෙයි. කච්චායනය, මෙතෙක් කරුණුවලින් සම්‍යක්දෘෂ්ටිය වෙයි.

§ 4. කච්චායනය, සියල්ල ඇත යන මේ ශාස්වත දෘෂ්ටිය වනාහි එක් අන්තයකි. සියල්ල නැත යන මේ උච්ඡේද දෘෂ්ටිය දෙවෙනි අන්තයයි. කච්චායනය, මේ අන්ත දෙකට නොපැමිණ, තථාගතයන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවෙන් ධර්මය දේශනා කරන සේක.
(කෙසේද?)

අවිජ්ජාව නිසා සංස්කාරයෝ ඇතිවෙති.
සංස්කාරයන් නිසා විඤ්ඤාණය ඇතිවේ.
විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවේ.
නාමරූප නිසා සළායතන ඇතිවේ.
සළායතන නිසා ස්පර්ශය ඇතිවේ.
ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ.
වේදනාව නිසා තණ්හාව ඇතිවේ.
තණ්හාව නිසා උපාදානය ඇතිවේ.
උපාදානය නිසා භවය ඇතිවේ භවය නිසා (ජාතිය) ඉපදීම ඇතිවේ.
ඉපදීම (ජාතිය) නිසා ජරා මරණ, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොමනස්වීම් සහ වැළපීම් ඇතිවෙත්. මෙසේ මේ සියලු එකම දුක්ගොඩ ඇතිවේ.

අවිජ්ජාව සහමුලින් නැතිවීමෙන් සංස්කාරයෝ නැතිවෙති.
සංස්කාරයන් නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවේ.
විඤ්ඤාණය නැතිවීමෙන් නාමරූප නැතිවෙයි.
නාමරූප නැතිවීමෙන් සළායතන නැතිවෙයි.
සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි.
ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවෙයි.
වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි.
තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි.
උපාදානය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවෙයි.
ජාතිය නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවේ. මෙසේ මේ සියලු දුක්ගොඩ නැතිවේය කියායි.”

(කාත්‍යායන ගොත්‍ර සූත්‍රය නිමි.)

[5. කච්චානගොත්ත සූත්‍ර වර්ණනාව:-
පස්වන සූත්‍රයේ – “සම්මාදිට්ඨි” යනු යම් පණ්ඩිත වූ දිව්‍ය මනුෂ්‍යයෝ, ඒ ඒ තැන්හි “සම්‍යක් දර්ශනය” යැයි යමකට කියත් ද ඒ සියල්ල ම මෙම දෙපදයෙන් හකුළුවා දක්වන ලද්දේ, විමසයි. “ද්වයං නිස්සිතො” යනු දෙකොටසක් ඇසුරු කළයුතුය. “යෙභුය්‍යෙත” යනුවෙන් ආර්‍ය පුද්ගලයන් හැර – සෙසු මහජනයා අදහස් කරයි. “අත්ථිතං” යනු ශාස්වත වාදයයි. “නත්ථිතං” යනු උච්ඡේද වාදයයි. “ලෝකසමුදයං” යනු ලෝකය නම් සංස්කාරික ලෝකයයි. එහි ඉපදීමයි. “සම්මප්පඤ්ඤාය පස්සතො” යනු සම්‍යක් ප්‍රඥාව නම් විදර්ශනාව සහිත මාර්ග ප්‍රඥාවයි. එය දකින්නා යන අර්ථයයි. “යා ලොකෙ නත්ථිතා” යනු සංස්කාරයමය ලෝකයෙහි හටගත් ධර්මයන් පිළිබඳව ප්‍රඥාවෙන්ම “යමක් නැතැ”යි යන උච්ඡේද දෘෂ්ටිය උපදින්නේ නම්, “එබඳු දෘෂ්ටියක් නැත” යන අර්ථයයි. “ලොක නිරොධං” යනු සංස්කාරයන්ගේ බිඳීයාමයි. නැසීයාමයි. “යා ලොකෙ අත්ථිතා” යනු සංස්කාර ලෝකයෙහි විද්‍යාමාන වූ ධර්ම පිළිබඳ ප්‍රඥාවෙන් ම ‘යමක් ඇත’ යි යන ශාස්වත දෘෂ්ටිය උපදින්නේ නම්, “එබඳු දෘෂ්ටියක් නොමැත” යන අර්ථයි.

තවද “ලොකසමුදයං” යනු ප්‍රතීත්‍ය සමුත්පාදය අනුලෝම වශයෙන් දැක්වීමයි. “ලොකනිරොධං” යනු ප්‍රතීත්‍ය සමුප්පාදය ප්‍රතිලෝම වශයෙන් දැක්වීමයි. ලෝකය ආශ්‍රයෙන් දකින්නහුට, ප්‍රත්‍යයන්ගේ නොසිඳීමෙන් ප්‍රත්‍යුත්පන්න ධර්මයන්ගේ නොසිඳී පැවැත්ම දැකීමෙන්, ‘යමක් නැත’යි යන උච්ඡේද දෘෂ්ටිය උපදින්නේ නම් එය නැත. ප්‍රත්‍යයන්ගේ නිරෝධය දකින්නහුට ද ප්‍රත්‍යයන්ගේ නැතිවීමෙන් ප්‍රත්‍යුත්පන්න ධර්මයන්ගේ නිරුද්ධවීම දැකීමෙන්, “යමක් ඇතැ”යි යන “ශාස්වත දෘෂ්ටිය නූපදින්නේය” යන අර්ථයි.

උපායුපාදානා භි නිවෙස විනිබද්ධො” යනු උපායෙහි ද උපාදානයෙහි ද අභිනිවේසනයෙහිද එකට බැඳී සම්භන්ධ වූ යන අර්ථයයි. එහි ‘උපාය’ යනු උපාය දෙකකි. තණ්හා උපායත, දිට්ඨි උපායත්‍ ය. උපාදානයෙහි ද මේ ක්‍රමයම යෙදේ. තණ්හා දෘෂ්ටියෙහි යම් හෙයකින් “මම” “මගේ” යනාදී ආකාරයෙන් ත්‍රෛභූමික ධර්මයන්ට පැමිණෙයි. ළඟට පැමිණෙයි. යන අරුතින් ‘උපාය’ යැයි කියනු ලැබේ. යම්හෙයකින් ඒ ධර්මයන්හි අල්ලාගනියි ද එසේම ඇලීමට පැමිණෙයි ද එනිසා “උපාදාන” යැයි ද “අභිනිවෙස” යැයිද කියනු ලැබේ. මේවායින් සත්වයා ලෝකයට බැඳුණේය. එබැවින් “උපාය-උපාදාන-අභිනිවේසාදියෙන් බැඳුණේ” යැයි කියන ලදී.

තඤ්චාය” යනු ඒ උපාදාන ඇති මේ ආර්‍ය ශ්‍රාවකයායි. “චෙතසො අධිට්ඨානං” යනු සිතේ තදින් පිහිටියා වූ යනුයි. “අභිනිවෙසානුසයං” යනු නිවාස වූ ද සැඟවී පවතින්නා වූ ද තණ්හා, දෘෂ්ටි ආදී අකුසල සිත් පිහිටියේය. එහි තදින් ඇලී පවතිනුයේ ද අත්නොහැර පවතිනුයේ ද වේ. එනිසා ඒ දෙක සිතේ අධිෂ්ඨාන වශයෙන් තදින් ඇලී පවතිනුයේ ඇයි කියන ලදී. “න උපෙති” යනු නොපැමිණෙයි. “න උපාදියති” යනු නොගනියි. “නාධිට්ඨාති” යනු අධිෂ්ඨාන නොකරයි. කුමක්ද? “අත්තා මෙ” යනු ‘මගේ ආත්මය’ යනුවෙනි. “දුක්ඛමෙව” යනු පංච උපාදානස්කන්ධයම පමණක්ම. “න කඞඛතී” යනු දුකම උපදියි. දුකම නිරුද්ධ වේ. මෙහි අනෙක් සත්ත්වයෙක් නම් ඇතැයි සැක නොකරයි. “ත විචිකිච්ඡතී” යනු සැකයක් නූපදවයි.

අපරප්පච්චයා” යනු අන්‍යයන්ගේ පිහිට නොසොයන, අන්‍යයකුගේ ප්‍රාර්ථනාවක් නොමැතිව, ආත්ම ප්‍රත්‍යක්ෂ ඤාණ වශයෙන් මෙහි වේ යනුයි. “එත්තාවතා ඛො කච්චාන! සම්මා දිට්ඨි හොති” මෙසේ ‘සත්ව’ සංඥාව ප්‍රහීණ කළ බැවින් මෙපමණකින් යහපත් දර්ශනය නම් වන්නේ යැයි මිශ්‍ර වූ සම්‍යක් දෘෂ්ටිය කියන ලදී. “අයමෙකො අන්තො” මෙය එක්තරා පහත් වූ-ළාමක වූ අන්තයකි. පළමු ශාස්වතවාදයයි. “අයං දුතියො” මෙය දෙවැන්නයි. සියල්ල නැතැයි හටගත් දෘෂ්ටි සංඛ්‍යාත පහත්වූ-ළාමකවූ අන්තයකි. දෙවැනි උච්ඡේද වාදයයි යන අර්ථයි. මෙහි සෙසු පද විභාග ඉතා ප්‍රකටමය.]

SN 02-01-02-06.
ධර්ම කථික සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක

. § 2. ඉක්බිති එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය. එක්පසෙක හුන් ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ස්වාමීනි, ධර්මකථිකයාය, ධර්මකථිකයායයි කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් වනාහි ධර්ම කථිකයෙක් වෙයිද?”

§ 3.“ඉදින් භික්ෂුව ජරා මරණයට කලකිරීම පිණිසද, නොඇලීම පිණිසද, ජරා මරණ නැතිකිරීම පිණිසද, ධර්මදේශනා කෙරේද, ඒ භික්ෂුව ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් භික්ෂුව ජරා මරණයට කලකිරීම පිණිසද නොඇලීම පිණිසද සහ ජරා මරණ නැතිකිරීම පිණිසද පිළිපන්නේ වෙයිද, ඒ භික්ෂුව (ධර්මානුධර්ම පටිපන්න) ලෝකෝත්තර ධර්මයට අනුව පිළිපන් භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් භික්ෂුව ජරා මරණයට කලකරීම හේතුකොටගෙන, නොඇලීම හේතුකොටගෙන, ජරා මරණ නැතිකිරීම හේතුකොටගෙන, සතර උපාදානයන්ගේ අල්වා ගැනීමෙන් මිදුනේ වේද, ඒ භික්ෂුව මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.

§ 4. “ඉදින් භික්ෂුව ඉපදීමට කලකිරීම, නොඇලීම, එය නැතිකිරීම පිණිස ධර්මදේශනා කෙරේද, ඒ භික්ෂුව ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් භික්ෂුව ජාතියට කලකිරීම, නොඇලීම සහ එය නැතිකිරීම පිණිස පිළිපන්නේ වෙයිද, ඒ භික්ෂුව ලෝකොත්තර ධර්මයට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් භික්ෂුව ජාතියට කලකිරීමෙන් නොඇලීමෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේ වේද, ඒ භික්ෂුව මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයි කීමට සුදුසුය.

§ 5. “ඉදින් භික්ෂුව භවයට කලකිරීම, නොඇලීම එය නැතිකිරීම පිණිස ධර්මදේශනා කෙරේද, ඒ භික්ෂුව ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් භික්ෂුව භවයට කලකිරීම, නොඇලීම සහ එය නැතිකිරීම පිණිස පිළිපන්නේ වෙයිද, ඒ භික්ෂුව ලෝකොත්තර ධර්මයට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් භික්ෂුව භවයට කලකිරීමෙන් නොඇලීමෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේ වේද, ඒ භික්ෂුව මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.

§ 6. “ඉදින් භික්ෂුව උපාදානයට (තද ඇල්මට) කලකිරීම, නොඇලීම, එය නැතිකිරීම පිණිස ධර්මදේශනා කෙරේද, ඒ භික්ෂුව ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් භික්ෂුව උපාදානයට (තද ඇල්මට) කලකිරීම, නොඇලීම සහ එය නැතිකිරීම පිණිස පිළිපන්නේ වෙයිද ඒ භික්ෂුව ලෝකොත්තර ධර්මයට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් භික්ෂුව උපාදානයට කලකිරීමෙන් නොඇලීමෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේද, ඒ භික්ෂුව මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.

§ 7. “ඉදින් භික්ෂුව තණ්හාවට කලකිරීම; නොඇලීම එය නැතිකිරීම පිණිස ධර්මදේශනා කෙරේද, ඒ භික්ෂුව ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් භික්ෂුව තණ්හාවට කලකිරීම, නොඇලීම සහ එය නැතිකිරීම පිණිස පිළිපන්නේ වෙයිද, ඒ භික්ෂුව ලෝකොත්තර ධර්මයට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් භික්ෂුව තණ්හාවට කලකිරීමෙන් නොඇලීමෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේවේද, ඒ භික්ෂුව මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.

§ 8. “ඉදින් භික්ෂුව වේදනාවට කලකිරීම, නොඇලීම එය නැතිකිරීම පිණිස ධර්මදේශනා කෙරේද ඒ භික්ෂුව ධර්ම කථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් භික්ෂුව වේදනාවට කලකිරීම, නොඇලීම සහ එය නැතිකිරීම පිණිස පිළිපන්නේවෙයිද, ඒ භික්ෂුව ලෝකොත්තර ධමර්යට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් භික්ෂුව වේදනාවට කලකිරීමෙන්, නොඇලීමෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේවේද, ඒ භික්ෂුව මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.

§ 9. “ඉදින් භික්ෂුව ස්පර්ශයට කලකිරීම නොඇලීම එය නැතිකිරීම පිණිස ධර්මදේශනා කෙරේද, ඒ භික්ෂුව ධර්ම කථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් භික්ෂුව ස්පර්ශයට කලකිරීම, නොඇලී සහ එය නැතිකිරීම පිණිස පිළිපන්නේ වෙයිද, ඒ භික්ෂුව ලෝකොත්තර ධර්මයට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් භික්ෂුව ස්පර්ශයට කලකිරීමෙන් නොඇලීමෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගන්ණේ ද, ඒ භික්ෂුව මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.

§ 10. “ඉදින් භික්ෂුව සළායතනයන්ට කලකිරීම, නොඇලීම, එය නැතිකිරීම පිණිස ධර්මදේශනා කෙරේද, ඒ භික්ෂුව ධර්ම කථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් භික්ෂුව සළායතනයන්ට කලකිරීම, නොඇලීම සහ එය නැති කිරීම පිණිස පිළිපන්නේ වෙයිද, ඒ භික්ෂුව ලෝකොත්තර ධර්මයට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් භික්ෂුව සළායතනයන්ට කලකිරීමෙන් නොඇල්මෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේද, ඒ භික්ෂුව මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.

§ 11. “ඉදින් භික්ෂුව නාම රූපයන්ට කලකිරීම, නොඇලී, එය නැතිකිරීම පිණිස ධර්මදේශනා කෙරේද, ඒ භික්ෂුව ධර්ම කථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් භික්ෂුව නාමරූපයන්ට කලකිරීම, නොඇලීම සහ එය නැති කිරීම පිණිස පිළිපන්නේ වෙයිද, ඒ භික්ෂුව ලෝකොත්තර ධර්මයට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් භික්ෂුව නාමරූපයන්ට කලකිරීමෙන් නොඇලීමෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේද, ඒ භික්ෂුව මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.

§ 12. “ඉදින් භික්ෂුව විඤ්ඤාණයට කලකිරීම, නොඇලීම, එය නැතිකිරීම පිණිස ධර්මදේශනා කෙරේද, ඒ භික්ෂුව ධර්ම කථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් භික්ෂුව විඤ්ඤාණයට කලකිරීම, නොඇලීම සහ එය නැතිකිරීම පිණිස පිළිපන්නේ වෙයිද, ඒ භික්ෂුව ලෝකොත්තර ධර්මයට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් භික්ෂුව විඤ්ඤාණයට කලකිරීමෙන් නොඇලීමෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේද, ඒ භික්ෂුව මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.

§ 13, “ඉදින් භික්ෂුව සංස්කාරයන්ට කලකිරීම, නොඇලීම, එය නැතිකිරීම පිණිස ධර්මදේශනා කෙරේද, ඒ භික්ෂුව ධර්ම කථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් භික්ෂුව සංස්කාරයන්ට කලකිරීම, නොඇලීම සහ එය නැතිකිරීම පිණිස පිළිපන්නේ වෙයිද, ඒ භික්ෂුව ලෝකොත්තර ධර්මයට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් භික්ෂුව සංස්කාරයන්ට කලකිරීමෙන් නොඇලීමෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේවේද, ඒ භික්ෂුව මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.

14. §“ඉදින් භික්ෂුව අවිජ්ජාවට කලකිරීම, නොඇලීම, එය නැතිකිරීම පිණිස ධර්මදේශනා කෙරේද, ඒ භික්ෂුව ධර්ම කථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් භික්ෂුව අවිජ්ජාවට කලකිරීම, නොඇලීම සහ එය නැතිකිරීම පිණිස පිළිපන්නේ වෙයිද, ඒ භික්ෂුව ලෝකොත්තර ධර්මයට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් භික්ෂුව අවිජ්ජාවට කලකිරීමෙන් නොඇලීමෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේද, ඒ භික්ෂුව මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.

[6. ධම්මකථික සූත්‍ර වර්ණනාව:-
සයවන සූත්‍රයේ – “නිබ්බිදාය” යනු කළකිරීම පිණිස. “විරාගාය” නොඇලීම පිණිස. “නිරොධාය” නිරුද්ධ කිරීම සඳහා. “පටිපන්නො හොති” යන මෙහි සීලයේ පටන් රහත් බව දක්වා පිළිපන්නේ යැයි දතයුතුයි. “ධම්මානුධම්ම පටිපන්නො” යනු ලෝකෝත්තර නිර්වාණ ධර්මයාගේ සුළු ශික්ෂාපද හා ප්‍රතිපත්ති සහිත පිළිවෙතට එළඹි, “අනුධම්මභූත” -එනම් ධර්මයට යෝග්‍ය වූ සුදුසු වූ යන අර්ථයි. “නිබ්බිදා විරාගා නිරෝධා” යනු කළකිරීමෙන්-විරාගයෙන් මෙන්ම නිරෝධයෙන් ද යනුයි. “අනුපාදා විමුත්තො” යනු උපාදානයන් සතරින් කිසිවක් දැඩිව නොගෙන ඉන් මිදුණු. “දිට්ඨ ධම්ම නිබ්බාණප්පත්තො” යනු මෙලොවදීම නිවනට පැමිණියේ. “අලං වචනාය” යනු මෙසේ කිවයුතු බවට පැමිණේ. ඊට සුදුසු වේ. ඉතා යෝග්‍ය වේ. මෙලෙස මෙම සූත්‍රයේදී එක් ක්‍රමයකින් ධර්මකථිකයන් වහන්සේගේ ප්‍රශ්නයන් විමසන ලදී. ක්‍රම දෙකකින් එය විශේෂත්වයට ගෙන – සේඛ හා අසේඛ භූමිහු නිර්දිෂ්ඨයහ.]

SN 02-01-02-07. 
අචේල කස්සප සූත්‍රය.

§ 1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහිවූ, “කලන්දකනිවාප” නම් ලත් වේළුවනාරාමයෙහි වැඩ වසනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ, පාත්‍ර සිවුරු ගෙන, රජගහ නුවරට පිඬුපිණිස වැඩිසේක.

§ 2. “අචේල කාශ්‍යපතෙම වනාහි වඩින්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුරදීම දුටුවේය. දැක, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු වූයේය. සතුටු වියයුතුවූද, සිහිකටයුතුවූද, කථාව කොට නිමවා, එක් පසෙක සිටියේය. එක් පසෙක සිටියාවූ, අචේල කාශ්‍යපතෙම වනාහි භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ඉදින් අපට ප්‍රශ්නයක් ඇසීමට ඉඩ දෙතොත් අපි භවත් ගෞතමයන්ගෙන් කිසියම් කාරණයක් අසන්නෙමු”යි කියායි. කාශ්‍යප “ඇතුළුගමට පිවිසියෙමු. ඒතාක් ප්‍රශ්නය ඇසීමට කාලය නොවේයයි වදාළ සේක.

අචේල කාශ්‍යප තෙම වනාහි දෙවෙනුවත් භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ඉදින් අපට ප්‍රශ්නයක් ඇසීමට ඉඩ දෙතොත් අපි භවත් ගෞතමයන්ගෙන් කිසියම් කාරණයක් අසන්නෙමු කියායි.”
“කාශ්‍යපය, ඇතුළුගමට පිවිසියෙමු. ඒතාක් ප්‍රශ්නය ඇසීමට කාලය නොවේයයි” වදාළ සේක.

අචේල කාශ්‍යපෙතම වනාහි තෙවෙනුවත් භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ඉදින් අපට ප්‍රශ්නයක් ඇසීමට ඉඩ දෙතොත් අපි භවත් ගෞතමයන්ගෙන් කිසියම් කාරණයක් අසන්නෙමු” කියායි.
“කාශ්‍යපය, ඇතුළුගමට පිවිසියෙමු. ඒ තාක් ප්‍රශ්නය ඇසීමට කාලය නොවේයයි” වදාළ සේක.

මෙසේ කීකල්හි අචේල කාශ්‍යපතෙම මෙය කීයේය. අපි වනාහි භවත් ගෞතමයන්ගෙන් බොහෝ කොට අසනු කැමති නොවෙමු” කියායි.
“කාශ්‍යපය, යමක් ඇසීමට කැමැත්තෙහි නම් එය අසවයි” වදාළ සේක.

“භවත් ගෞතමයිනි, කිමෙක්ද දුක, තමා විසින් කරන ලද්දේද?”
“කාශ්‍යපය, එසේ නොකියවයි,” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“භවත් ගෞතමයිනි, කිමෙක්ද දුක, අනුන් විසින් කරන ලද්දේද?”
“කාශ්‍යපය, එසේ නොකියවයි,” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“භවත් ගෞතමයිනි, කිමෙක්ද දුක, තමා විසින් සහ අනුන් විසින් කරන ලද්දේද?”
“කාශ්‍යපය, එසේ නොකියවයි,” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“භවත් ගෞතමයිනි, කිමෙක්ද දුක, තමා විසින් සහ අනුන් විසින් නොකරන ලද්දේ සිය කැමැත්තෙන් (ඉබේ) ඇතිවූයේද?”
“කාශ්‍යපය, එසේ නොකියවයි,” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“භවත් ගෞතමයිනි, කිමෙක්ද දුකක් නැද්ද?”
“කාශ්‍යපය, දුක වනාහි නැත්තේ නොවේ. දුක වනාහි ඇත්තේය.”

“එසේ වී නම් භවත් ගෞතම තෙමේ දුක නොදනියිද? නොදකියිද?”
“කාශ්‍යපය, මම වනාහි දුක නොදන්නෙම් නොවෙමි, නොදක්නෙම් නොවෙමි. කාශ්‍යපය, මම වනාහි දුක දනිමි. කාශ්‍යපය, මම වනාහි දුක දකිමියි” වදාළ සේක.

§ 3. “භවත් ගෞතමයිනි, කිමෙක්ද? දුක තමා විසින් කරන ලද්දේ දැයි මෙසේ අසන ලද්දේ වනාහි ‘කාශ්‍යපය, එසේ නොකියවයි’ කියහි. භවත් ගෞතමයිනි, කිමෙක්ද? දුක අනුන් විසින් කරන ලද්දේදැයි මෙසේ අසන ලද්දේ වනාහි ‘කාශ්‍යපය, එසේ නොකියවයි’ කියහි. භවත් ගෞතමයිනි, කිමෙක්ද? දුක තමා විසින් සහ අනුන් විසින් කරන ලද්දේ දැයි මෙසේ අසන ලද්දේ වනාහි කාශ්‍යපය, එසේ නොකියවයි’ කියහි. භවත් ගෞතමයිනි කිමෙක්ද? දුක තමා විසින් නොකරන ලද්දේ. අනුන් විසින් නොකරන ලද්දේ, සිය කැමැත්තෙන් (ඉබේ) ඇතිවූයේ දැයි මෙසේ අසන ලද්දේ වනාහි ‘කාශ්‍යපය, එසේ නොකියවයි’ කියහි. භවත් ගෞතමයිනි, කිමෙක්ද? දුකක් නැද්දැයි මෙසේ අසන ලද්දේ වනාහි ‘කාශ්‍යපය, දුක වනාහි නැත්තේ නොවේ. ‘කාශ්‍යපය, දුක වනාහි ඇත්තේය’යි කියහි. එසේ වී නම් භවත් ගෞතම තෙමේ දුක නොදනියිද නොදකියි දැයි අසන ලද්දේ වනාහි ‘කාශ්‍යපය, මම වනාහි දුක නොදන්නෙම් නොවෙමි. කාශ්‍යපය, මම වනාහි දුක දනිමියි’ කියහි.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට දුක කියා දෙන සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට දුක දේශනා කරන සේක්වා.”

§ 4. “කාශ්‍යපය, හෙතෙම කෙරෙයි, හෙතෙම විඳීයයි” මුලදීම මෙසේ ගෙන දුක තමා විසින් කරන ලද්දේයයි කියන තැනැත්තා, ශාස්වත දෘෂ්ටියට (නිත්‍ය ආත්මයක් ඇත යන දෘෂ්ටියට) පැමිණෙයි. කාශ්‍යපය, අනිකෙක් කරයි, අනිකෙක් විඳීයයි මුලදී මෙසේ ගෙන වේදනාවෙන් යුක්තවූ කල්හි දුක අනුන් විසින් කරන ලදැයි කියන තැනැත්තා උච්ඡේද දෘෂ්ටියට (කරන්නා මෙතනින්ම කෙළවර වෙයි යන දෘෂ්ටිය) පැමිණෙයි. කාශ්‍යපය, ඒ මේ ශාස්වත, උච්ඡේද යන අන්ත දෙකට නොපැමිණ, මද්ධ්‍යම ප්‍රතිපදාවෙහි සිට තථාගතයන් ධර්මය දේශනා කරන්නේය. (කෙසේද?)

§ 5. “අවිජ්ජාව නිසා සංස්කාරයෝ ඇතිවෙත්.
සංස්කාර නිසා විඤ්ඤාණය ඇතිවෙයි.
විඤ්ඤාණය නිසා නාම රූප ඇතිවේ.
නාම රූප නිසා සළායතන ඇතිවේ.
සළායතන නිසා ස්පර්ශය ඇතිවේ.
ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ.
වේදනාව නිසා තණ්හාව ඇතිවේ.
තණ්හාව නිසා උපාදානය ඇතිවේ.
උපාදානය නිසා භවය ඇතිවේ.
භවය නිසා (ජාතිය) ඉපදීම ඇතිවේ
ඉපදීම (ජාතිය) නිසා ජරා මරණ, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් ඇතිවෙත්. මෙසේ මේ සියලු එකම දුක් ගොඩ ඇතිවෙයි.

§6. “අවිජ්ජාව සහමුලින් නැතිකිරීමෙන්ම සංස්කාරයෝ නැතිවෙත්.
සංස්කාර නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවෙයි.
විඤ්ඤාණය නැතිවීමෙන් නාම රූප නැතිවෙයි.
නාම රූප නැතිවීමෙන් සළායතන නැතිවෙයි.
සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි.
ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවෙයි.
වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි.
තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි.
උපාදානය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවෙයි.
ජාතිය නැති වීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙයි.
මෙසේ මේ සියලු එකම දුක් ගොඩ නැතිවෙයි කියායි.”

§ 7. මෙසේ වදාළ කල්හි අචේල කාශ්‍යප , භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.

“ස්වාමීනි, ඉතා යහපත. ස්වාමීනි, ඉතා යහපත යම්සේ යටිකුරු කළ භාජනයක් උඩුකුරු කරන්නේද, (තණකොළ ආදියෙන්) වැසුනක් වැහුම් හරින්නේද, මංමුළාවූවෙකුට මඟ හෝ කියන්නේද, (ගණඅඳුරෙහි) ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දල්වන්නේද, එපරිද්දෙන්ම පින්වතුන් වහන්සේ නොයෙක් පරිද්දෙන් ධර්මය දේශනා කරනලදී. ස්වාමීනි, ඒ ධර්මය ඇසූ මම භාග්‍යවතුන් වහන්සේ සරණකොට යමි. ධර්මයද, සංඝයාද සරණ කොට යමි. ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිද්ද ලබන්නෙමි, උපසම්පදාව ලබන්නෙමි”යි කීයේය.

§ 8 “කාශ්‍යපය, අන්‍ය ශාසනයක පැවිදිව සිටියෙක් මේ ශාසනයෙහි පැවිද්ද කැමැති වේ නම් ; උපසම්පදාව කැමති වේද, හෙතෙම සාරමාසයක් පිරිවෙස් පුරයි. සාරමස පසුවීමෙන් වැස නිමවන ලද පිරිවෙස් ඇත්තන් විසින් සතුටු කරන ලද සිත් ඇති, භික්ෂූහු, කැමති වන්නාහු නම් භික්ෂු භාවයෙහි පැවිදි කරවත්, උපසම්පදා කරවත්. එතකුදුවුවත් මා විසින් පුද්ගලයන්ගේ නානත්වය දැනගන්නා ලදී.”

§9. “ඉදින් ස්වාමීනි, ශාසනයෙහි පැවිද්ද කැමැත්තාවූ, උපසම්පදාව කැමැත්තාවූ, අන් සසුනක පැවිදිව විසුවෝ සාරමසක් පිරිවෙස් පුරද්ද, සාරමස අවසන් වීමෙන් සතුටු කරන ලද, සිත් ඇති භික්ෂූහු කැමැත්තාහු නම් ඒ වැස නිමවන ලද පිරිවෙස් ඇතියන් භික්ෂු භාවයෙහි පැවිදි කෙරෙද්ද, උපසම්පදා කෙරෙද්ද, මම සතර අවුරුද්දක් පිරිවෙස් පුරමි. සාර අවුරුද්දකින් පසු සතුටු කරන ලද සිත් ඇති භික්ෂූහු වැස නිමවන ලද පිරිවෙස් ඇති මා භික්ෂු භාවයෙහි පැවිදි කෙරෙත්වා; උපසම්පදා කෙරෙත්වා’ යනුයි.

§ 10. අචේල කාශ්‍යපයන් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිද්ද ලැබීය. උපසම්පදාව ලැබීය. අලුත උපසම්පදාවූ ඇවැත් අචේල කාශ්‍යප ස්ථවිරයන් වනාහි තනිව පිරිසෙන් වෙන්ව, ප්‍රමාද නොව, කෙලෙස් තවන වීර්යය ඇතිව, නිවණ කරා යවන ලද සිත් ඇතිව, වාසය කරන්නේය, නොබෝ කලකින්ම යමක් සඳහා කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද, ඒ අති උතුම් වූ, බ්‍රහ්මචරියාව මේ ආත්යෙහි තෙමේම දැන, අවබෝධ කොට, ඊට පැමිණ, වාසය කළේය. ඉපදීම නැති විය. බ්‍රහ්මචරියාවෙහි හැසිර අවසන් කරන ලදී. කළයුත්ත කරන ලදී. මේ ආත්මයෙහි කළයුතු අන් කිසිවක් නැතැයි දැන ගත්තේය. ඇවැත් කාශ්‍යප තෙම එක්තරා රහතන් වහන්සේ නමක්ද වූයේය.
(හත්වන අචේල සූත්‍රය නිමි.)

[7. අචෙලකස්සප සූත්‍ර වර්ණනාව:-
සත්වන සූත්‍රයේ “අචෙල කස්සපො” යනු ආකාරයෙන් අචේලයෙකි වස්ත්‍ර නැත්තෙකි. නාමයෙන් කස්සප නමැයි “ඔකාසං” යනු ප්‍රශ්න-ව්‍යාකරණයට ක්ෂණික කාලයක්. “අන්තරඝරං” යන මෙහි “දෙඅත් බැඳගෙන අන්තරඝරයෙහි නොහිඳින්නෙමි”1 යන මෙහි අන්තරඝර යනු නිවසේ ඇතුලයි. “පහතට හෙලූ ඇතිව අන්තරඝරයෙහි ඇවිදින්නෙමි”1 යන මෙහි අන්තරඝර යනු ඉන්ද්‍රඛීලයේ පටන් මුලු ඇතුළු ගම්මානය යි. මෙම සූත්‍රයේ ද මේ දෙවන අදහස ගත යුතුයි. “යදාකඞඛසී” යනු යමක් කැමති නම් එයයි.

මේ සූත්‍රය වදාරනු කැමති වුවත් භාග්‍යවතුන් වහන්සේ තෙවනවර දක්වා ම ප්‍රතික්ෂේප කරන ලද්දේ කුමක් නිසාද? ගෞරවය දැන්වීම පිණිසය. දෘෂ්ටිගතිකයෝ වනාහී ප්‍රශ්නයට වඩා ම පිළිතුරු නොදෙන්නේ නම් ගෞරව නොකරති. “ශ්‍රමණ භවත් ගෞතමයන් වෙත පැමිණීමත්, ප්‍රශ්න ඇසීමත් පහසුය.” ඇසූ ගමන් ම පිළිතුරු දෙන්නේ නම් ඒ එක් වදනකුදු නො අදහති. පිළිනොගනිති. දෙවරක්-තෙවරක් ප්‍රතික්ෂේප කළවිට “ශ්‍රමණ භවත් ගෞතමයන් වෙත එළඹීමත් ප්‍රශ්න ඇසීමත් ඉතා දුෂ්කර වූවකි” යි ඊට ගරුකරති. තෙවැනි වර දක්වා ඉල්ලීම් කර, පිළිතුරු දුන්කල්හි එය මැනවින් අසති. අදහති. පිළිගනිති. මෙනිසා භාග්‍යවතුන් වහන්සේ “මොහු මනාව අසන්නේය, පිළිගන්නේය” යනුවෙන් තෙවැනිවර දක්වා ඉල්ලීම් කළ කල්හි පිළිතුරු දුන් සේක. තවද වෛද්‍යවරයෙක් තෙල් හෝ පැණි හෝ පිසනුයේ මෘදු වූ පැසීම්, රළු වූ පැසීම් ආදී යෝග්‍ය පැසීම් අවස්ථාව මැනවින් බලනුයේ පැසෙන අවස්ථාව නො ඉක්මවා ම ලිපෙන් එය බස්වයි. මේ අයුරින් ම භාග්‍යවතුන් වහන්සේ ද සත්ත්වයන්ගේ ඤාණය මුහුකුරා යෑම සිදුවන අවස්ථාව මනාව දන්නා සේක් – තෙවැනිවර දක්වා ඉල්ලන තෙක් ම සිටිසේක.

මා හෙවං කස්සප” යනු කස්සපය! එසේ නොකියන්න. දුක තමා විසින් කරන ලදැයි පැවසීම නුසුදුසුය. දුක කරන්නා වූ – කාරකයක් වූ “ආත්මය” නම් වූ කිසිවක් නැතැයි දක්වයි. සෙසු ප්‍රශ්නයන්හි අර්ථ ද මෙලෙසින්ම දතයුතුයි. “අධිච්ච සමුප්පන්නං” යනු කරුණක් – හේතුවක් නොමැතිව යමක් කැමැත්තෙන් – අහඹු ලෙස ඉපදීමයි. “ඉති පුට්ඨො සමානො” යන්න කුමක් නිසා කියන ලද්දේ ද? මෙලෙස වූ සිතක් පිළිබඳව කස්සට ඇතිවිය. මේ තැනැත්තා දුක තමා විසින් කරන ලදැයි ආදී වශයෙන් විමසනු ලැබූ විට ‘එසේ නොකියව’ යි පවසයි. ‘දුකක් නැතිද?’යි විමසූවිට ‘ඇතැ’යි කියයි. ‘භාග්‍යවත්හු දුක නොදනියි. නොදකියි’ යනුවෙන් විමසූවිට ‘දුක මම දනිමි’යි කියයි. මෙලෙස පවසනුයේ ඇයි? මවිසින් වැරදි ලෙස ප්‍රශ්න අසන ලදද?”යි සිතා නැවත එම ප්‍රශ්නාවලිය දෙස මුලසිට පරීක්ෂා කර බලමින් පිරිසිදු කරමින් මෙලෙස පැවසීය.

ආචික්ඛතු මෙ භන්තෙ! භගවා” යන මෙහි ශාස්තෲන් වහන්සේ කෙරෙහි හටගත් අසීමිත ගෞරවය නිසාම ‘භවං’ යනුවෙන් නොපවසා ‘භගවා’ යැයි පැවසීය. “සො කරොති” යනාදිය ‘දුක තමා විසින් කරන ලදැ’යි යන පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීමට කියන ලදී. මෙහි “සතො” යනු සත්තමී අර්ථයේ ඡට්ඨි විභක්තිය යෙදුණු පදයකි. එබැවින් අර්ථ මෙසේ දතයුතුයි. “කස්සප! ඔහු කරයි. ඔහු විඳියි. ආදී වශයෙන් මුලදීම ගත්විට; පසුව දුක තමා විසින් ම කරන ලදී” යන පිළිගැනීමට පැමිණීමට සිදුවේ. “ඉතිවදං” මේ මුලින් ඇති ‘ආදී’ ශබ්දය අනන්තර වශයෙන් ශාස්වත ශබ්දයන් හා සම්බන්ධ වේ. දක්වයි. ගනියි යනු මෙහි සෙසු පාඨයන්‍ ය. මෙය කියන ලදී. “මෙසේ දක්වමින් මුලින් ම ශාස්වත වාදය දක්වා, එම වාදය ගන්නා ලද්දේ කුමක් නිසා ද? එහි මෙය දැක්වීමයි. “එතං පරෙ” යනු කාරකයාද විඳින්නාද එකට ම ගෙන මේ ශාස්වත වාදයට පැමිණේය යන අර්ථයි.

අඤ්ඤො කරොති” ආදිය වනාහි දුක අනුන් විසින් කරන ලදැයි එන පිළිගැනීම දුරුකිරීම සදහා යොදන ලදී. “ආදිතො සතො” මෙය වනාහි මෙහි දී ද පැමිණවිය යුතුය. මෙය මෙහි අර්ථයයි. “කස්සප! අනිකකු කරයි. අනිකකු විඳියි’ යන්න මුලදීම ගත්විට කාරකයා පසුව සිඳ දමයි. ඔහු විසින් කළ දේ වෙනත් අයෙකු විසින් විඳියි යනුවෙන් එසේ පිළිගත් උච්ඡේද දෘෂ්ටිය ඇතිවේ.” උච්ඡේද දෘෂ්ටිය ඇති පහර ලබා වේදනාවෙන් පීඩා වූවන්ට “දුක අනුන් විසින් කරන ලදී” යන පිළිගැනීම ඇති වේ. “ඉති වදං” මුලදී කියන ලද ක්‍රමයෙන් ම යෙදිය යුතුයි. මේ එම අර්ථ යෝජනාවයි. මෙසේ දක්වමින් මුලින්ම උච්ඡේදවාදය දක්වයි, එම උච්ඡේදවාදය ම ගනියි. කුමක් නිසාද? එහි මේ දැක්වීමයි. “එතං පරෙ” යනු මේ උච්ඡේදවාදය පිළිගැනීමට පැමිණේ යන අර්ථයයි.

“එතෙතෙ” යනු සම්බුදු වූ ශාස්වත – උච්ඡේදවාද සංඛ්‍යාත වූ “උභො අන්තෙ අනුපගම්ම” යනු අන්ත දෙක ම අත්හැර – ඊට නොපැමිණ, “මජ්ඣෙන තථාගතො ධම්මං දෙසෙති” යන මධ්‍යම ප්‍රතිපදාවෙහි පිහිටා තථාගතයන් වහන්සේ දහම් දෙසන සේක. ඉදින් කවර ධර්මයක් ද? “යදිදං අවිජ්ජා පච්චයා සංඛාරා” යනු හේතු වශයෙන් ඵලය ද හේතු නිරෝධ වශයෙන් නිවණ ද දක්වන ලදී. කිසියම් කරන්නෙක් හෝ විඳින්නෙක් මෙහිදී නොදැක්විනි. මෙපමණකින් ඉතිරි ප්‍රශ්න ප්‍රතික්ෂිප්තය. අන්ත දෙකට නොපැමිණ යන මෙහිදී “අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වේ” යන තෙවන ප්‍රශ්නය ප්‍රතික්ෂේප කරන ලදී. මෙයින්ම හේතුවක් නැතුව හටගත් බව ද නොදැනීම ද ප්‍රතික්ෂිප්ත බව දතයුතුයි. “ය්‍ය”රීමෙන් අනුපිළිවෙලින් ධර්මාවබෝධය වේනම් ඔහු “ා විමසා බැලීමෙන් හා කල්‍යාන මිත්‍ර ආශ්‍රයෙන් – භජනයෙන් – පයිරුපාසනයෙ ලභෙය්‍යාහං භන්තෙ! භගවතො සන්තිකෙ පබ්බජ්ජං ලභෙය්‍යෙං උපසම්පදං” යන මේ ප්‍රකාශය ඔහු විසින් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ භික්ෂුභාවය පතමින් පවසන ලදී.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ – ඛන්ධක විනයේ දී තිත්ථිය පරිවාසය පනවන ලද සේක් ද – එනම්; පෙර අන්‍ය තීර්ථක වූවෙක් සාමණේර බවට පත්ව, “මම පෙර මෙනම් අන්‍යාගමිකයෙක් වූයෙමි. ස්වාමීනි! ඒ මම ධර්ම විනයෙහි උපසම්පදාව කැමැත්තෙමි. ඒ සඳහා සංඝයාගෙන් සිවුමසක පරිවාසය ඉල්ලමි.” ආදී වශයෙන් පරිවාසය සමාදන්ව විසීමයි. ඒ සඳහා මෙය දක්වන ලදී. “යෙ ඛො කස්සප! අඤ්ඤතිත්ථිය පුබ්බො” යනාදිය දේශනා කළ සේක. එහි “පබ්බජ්ජං” යන්න මෘදු වචන වශයෙන් කියන ලදී. පරිවාසයක් නැතිවීම පැවිද්ද ලබයි. උපසම්පදාව කැමැත්තා විසින් ‘කල් ඉක්මවා ගමට පිවිසීම්’ ආදී අටවත් පුරමින් පිරිවෙස් විසිය යුතුයි.

 “ආරද්ධ චිත්තා” යනු අටවත් පිරීම් වශයෙන් සතුටු සිත් ඇති. මේ අර්ථ ඉතා සංක්ෂිප්තව දැක්විණි. අන්‍ය තීර්ථ පරිවාසය පිළිබඳ සවිස්තරව දැනගනු කැමැත්තෝ, සමන්තපාසාදිකා විනය අටුවාවේ පබ්බජ්ජක්ඛන්ධක වර්ණනාව බැලිය යුතුයි. “අපි ච මයා” මෙහි මේ පාඨය විය යුතුයි. අනිකුත් තැන්හි “අපි ච මෙත්ථා” යන්නද යෙදේ. “පුග්ගල වෙමත්තතා විදිතා” යනු පුද්ගලයන්ගේ විවිධත්වය දන්නා ලදී. “මේ පුද්ගලයා පරිවාසයට සුදුසුය. මොහු පරිවාසයට නුසුදුසුය යන මෙකරුණ මට ඉතා ප්‍රකටව වැටහේ” යැයි දක්වන ලදහ.

ඉක්බිති කස්සප මෙසේ සිතීය – අනේ! බුදුසසුනේ ආශ්චර්‍ය බව පුදුමයකි. යම්හෙයකින් මෙසේ ගටා, කළඹා සුදුසු දේම ගනියි. නුසුදුසු දේ නොගනියි. ඉක්බිති වහා ම ඔහු පැවිද්දට හටගත් ආශාව ඇත්තේ “සචෙ භන්තෙ” යනාදිය පැවසීය.

SN 02-01-02-08.
තිම්බරුක සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩ වසනසේක.

§ 2. ඉක්බිති ‘තිම්බරුක’ පරිබ්‍රාජකයා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.

‘භවත් ගෞතමයිනි, කිමෙක්ද, සැප දුක් තමා විසින් කරන ලද්දේද?”
“තිම්බරුකය, එසේ නොකියව”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“භවත් ගෞතමයිනි, කිමෙක්ද, සැප දුක් අනුන් විසින් කරන ලද්දේද?”
“තිම්බරුකය, එසේ නොකියව” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“භවත් ගෞතමයිනි, කිමෙක්ද, සැප දුක් තමා සහ අනුන් විසින් කරන ලද්දේද?”
“තිම්බරුකය, එසේ නොකියව”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“භවත් ගෞතමයිනි, කිමෙක්ද, සැප දුක් තමා සහ අනුන් විසින් නොකරන ලද්දේ, සිය කැමැත්තෙන් (ඉබේ) ඇතිවූයේද?”
“තිම්බරුකය, එසේ නොකියව” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“භවත් ගෞතමයිනි, කිමෙක්ද, සැප දුක් නැද්ද?”
“තිම්බරුකය, සැප දුක් වනාහි නැත්තේ නොවේ. තිම්බරුකය, සැප දුක් වනාහි ඇත්තේය.”

එසේ වීනම්, භවත් ගෞතම තෙම සැප දුක් නො දනියිද?”
“තිම්බරුකය, මම වනාහි සැප දුක් නොදන්නෙම් නොවෙමි. තිම්බරුකය, මම වනාහි සැප දුක් දනිමි.”

“භවත් ගෞතමයිනි, කිමෙක්ද? සැප දුක් තමා විසින් කරන ලද්දේ දැයි මෙසේ අසන ලද්දේ වනාහි ‘තිම්බරුකය, එසේ නොකියව”යි කියහි. භවත් ගෞතමයිනි, කිමෙක්ද? සැප දුක් අනුන් විසින් කරන ලද්දේ දැයි මෙසේ අසන ලද්දේ වනාහි ‘තිම්බරුකය, එසේ නොකියව’යි කියහි. භවත් ගෞතමයිනි, කිමෙක්ද, සැප දුක් තමා විසින් නොකරන ලද්දේ, අනුන් විසින් නොකරන ලද්දේ සිය කැමැත්තෙන් (ඉබේ) ඇති වූයේ දැයි මෙසේ අසන ලද්දේ වනාහි ‘තිම්බරුකය, එසේ නොකියව’යි කියහි. භවත් ගෞතමයිනි, කිමෙක්ද, සැප දුක් නැද්දැයි මෙසේ අසන ලද්දේ වනාහි ‘තිම්බරුකය, සැප දුක් වනාහි නැත්තේ නොවේ. තිම්බරුකය, සැප දුක් වනාහි ඇත්තේයි’ කියහි.

එසේ නම් භවත් ගෞත තෙමේ සැප දුක් නොදනියිද, නොදකියි දැයි අසන ලද්දේ ‘තිම්බරුකය, මම වනාහි සැප දුක් නොදන්නෙම් නොවෙමි. තිම්බරුකය, මම වනාහි සැප දුක් දනිමියි කියති. භවත් ගෞතයන් වහන්සේ මට සැප දුක් කියා දෙන සේක්වා. භවත් ගෞතමයන් වහන්සේ මට සැප දුක් දේශනා කරන සේක්වා.”

§ 3. “තිම්බරුකය, ඒ වේදනා ඔහු විඳීයයි මෙසේ ඇති කල්හි සැප දුක් තමා විසින් කරන ලද්දේයයි මෙසේ මම නොකියමි. තිම්බරුකය, අන්‍යවූ වේදනා අනිකෙක් විඳීයයි මෙසේ වේදනාවෙන් යුක්තවූ කල්හි වනාහී සැප දුක් අනුන් විසින් කරන ලද්දේයයි මම නොකියමි. තිම්බරුකය, ඒ මේ අන්ත දෙකට නොපැමිණ, මධ්‍යම ප්‍රතිපදාවෙන් තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කරන සේක.

§ 4. “අවිජ්ජාව නිසා සංස්කාර ඇතිවෙයි. සංස්කාරයන් නිසා විඤ්ඤාණය ඇතිවේ. විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවේ. නාමරූප නිසා සළායතන ඇතිවේ. සළායනත නිසා ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදනය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා (ජාතිය) ඉපදීම ඇතිවේ. ඉපදීම (ජාතිය) නිසා ජරා, මරණ, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් ඇතිවෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ ඇතිවේ.

§ 5 “අවිජ්ජාව සහමුලින් නැතිකිරීමෙන්ම සංස්කාර නැතිවෙයි. සංස්කාරයන් නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවෙයි. විඤ්ඤාණය නැතිවීමෙන් නාම රූප නැතිවෙයි. නාම රූප නැතිවීමෙන් සළායතන නැති වෙයි. සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවෙයි. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවෙයි. ජාතිය නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සියලු (එකම) දුක් ගොඩ නැතිවේයයි (වදාළ සේක.)

§ 6. “මෙසේ වදාළ කල්හි තිම්බරුක පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.

“භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත. යම්සේ යටිකුරු කළ භාජනයක් උඩුකුරු කරන්නේද, (තණකොළ ආදියෙන්) වැසුනක් වැහුම් හරින්නේද, මංමුළාවූවෙකුට මඟ හෝ කියන්නේද, (ගණඅඳුරෙහි) ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දල්වන්නේද, එපරිද්දෙන්ම භවත් ගෞතමයන් වහන්සේ නොයෙක් පරිද්දෙන් ධර්මය දේශනා කරන ලදී. ස්වාමීනි, ඒ ධර්මය ඇසූ මම භාග්‍යවතුන් වහන්සේ සරණකොට යමි. ධර්මයද, සංඝයාද සරණ කොට යමි.

භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිමි කොට සරණ ගිය උපාසකයකු කොට මා සලකන සේක්වා.

[ අට්ඨාකතා සුත්‍ර වර්ණනාව:-
අටවන සූත්‍රයේ – “සා වෙදනා” ආදියේ සැප-දුක් දෙක තමා විසින් කරන ලදැයි යන පිළිගැනීම, ප්‍රතික්ෂේප කිරීම සඳහා කියන ලදී. මෙහිද “සතො” යනු සත්තමී අර්ථයේ ඡට්ඨි විභක්ති වචනයකි. මේ එහි අර්ථ විස්තරයයි. “තිම්බරුක! ඒ වේදනාව ඔහු විඳියි’ යනුවෙන් මුලදීම ගත්විට දුක තමා විසින් ම කරන ලදැ’යි යන මේ පිළිගැනීම ඇතිවේ. වේදනාව විසින් ම වේදනාව කරන ලදැයි දේශනා කළවිට, මේ වේදනාව පෙරත් තිබූ අනුදන්නා ලදැයි ශාස්වත වශයෙන් ගනියි. කුමක් නිසාද? මෙහිදී මෙකරුණ දැක්වීමට “මෙය අනිකකි” “මෙය ශාස්වත බවට පැමිණේ” යන අර්ථ යෙදේ. මුල් අර්ථය සඳහා ම භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ වන්නේය. මෙනිසා අවුවාවෙහි (හෙළටුවාවේ) එය යොදාම මේ අර්ථය දක්වන ලදී. “එවම්පහං න වදාමී” යනු මම “ඒ වේදනාව ඔහු විඳියි” යැයි නොකියමි. දුක තමා විසින් කරන ලදැයි ද නොකියමි යන අර්ථයි.

වේදනාව අනිකකි.” ආදී වශයෙන් සැප-දුක් දෙක අනුන් විසින් කරන ලදැයි යන පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම සඳහා කියන ලදී. මෙහි ද මේ අර්ථ යෙදීමයි. “තිම්බරුක! වේදනාව අනිකකි. “අනිකෙක් විඳියි” යනුවෙන් මුලදීම ගත්විට, පසුව ප්‍රථම පක්ෂයේ වූ කාරක-වේදනා-සඤ්ඤා යනාදිය සිඳ දමන ලදී. “තමා විසින් කළ දේ අනිකෙක් විඳී” යනුවෙන් උපන් උච්ඡේද දෘෂ්ටියත් සමග සම්ප්‍රයුක්ත වූ වේදනාව මැඩපැවැත්වූවහට වනාහී “සැපදුක් දෙක අනිකකු විසින් කරන ලදැ”යි යන මේ පිළිගැනීම ඇතිවේ. මෙසේ පවසන කල්හි – “කාරකයා සිඳින ලදී. අනිකකු විසින් ප්‍රතිසන්ධිය ගන්නා ලදී.” යනුවෙන් උච්ඡේද දෘෂ්ටිය දක්වයි. කුමක් හෙයින් උච්ඡේද දෘෂ්ටිය ගන්නේ ද? එහිදී එකරුණ දැක්වීමට-‘මෙය අනිකකි.’ ‘මෙය උච්ඡේදයට පැමිණේ’ යන අර්ථ යෙදේ. මෙහිදී ද මේ පදයන් හෙළටුවාවෙන් ගෙන යොදන ලද්දේ මය.

මේ සූත්‍රයේ වනාහි සැප-දුක් වේදනා පවසන ලදී. එහිම සැප-දුක් විපාකයද යෙදීම සුදුසු යැයි කියන ලදී.]

SN 02-01-02-09.
බාලපණ්ඩිත සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

§ 2. “මහණෙනි, අවිජ්ජාවෙන් වැසීගියාවූ, තණ්හාවෙන් යුක්තවූ, බාලයාගේ මේ කය (අවිජ්ජාවෙන් වැසීගිය හෙයින් සහ තණ්හාවෙන් යුක්තවූ හෙයින්) මෙසේ ඇති වූයේය. මෙසේ මේ අධ්‍යාත්මිකවූ, තමාගේ කයද, බාහිරවූ, අනුන්ගේ කයදැයි මෙසේ මෙය දෙකකි. ඒ අධ්‍යාත්මික තමාගේ කයත් බාහිරවූ අන්‍යයාගේ කයත් යන කරුණු දෙක නිසා ස්පර්ශය ඇතිවේ. ඒ ස්පර්ශය ඇතිවෙන කරුණු සයක්ම වෙත්. යම් ඒ කරුණු වලින් හෝ ඒ කරුණු අතුරෙන් එක්තරා කරුණකින් ස්පර්ශ කරන ලද්දාවූ බාලතෙම සැප දුක් විඳීද,

§ “මහණෙනි, අවිජ්ජාවෙන් වැසීගියාවූ, තණ්හාවෙන් යුක්තවූ, පණ්ඩිතයාගේ මේ කය (අවිජ්ජාවෙන් වැසීගිය හෙයින් හා තණ්හාවෙන් යුක්තවූ හෙයින්) මෙසේ ඇති වූයේය. මෙසේ මේ අධ්‍යාත්මිකවූ තමාගේ කයද, බාහිරවූ අනුන්ගේ කයදැයි මෙසේ මෙය දෙකකි. ඒ අධ්‍යාත්මික බාහිර කරුණු දෙක නිසා ස්පර්ශය ඇතිවේ. ඒ ස්පර්ශය ඇතිවන්නාවූ කරුණු සයකි. ඒ කරුණු වලින් හෝ ඒ කරුණු අතුරෙන් එක්තරා කරුණකින් හෝ ස්පර්ශය කරන ලද්දාවූ පණ්ඩිතතෙම සැප දුක් විඳීද, මහණෙනි, බාලයාගේ සහ පණ්ඩිතයාගේ කය හට ගැනීමාදියෙහිදී බාලයාට වඩා පණ්ඩිතයාගේ ඇති විශේෂය කවරේද? අධික විශේෂය කවරේද? වෙනස්වූ කාරණය කුමක්ද?”

“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නා කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින් කියා දෙතොත් ඉතා හොඳය.
“මහණෙනි, එසේ වී නම් අසව්. ඉතා හොඳින් සිතේ තබා ගනිව් කියන්නෙමියි” වදාළ සේක. “එහෙමයි ස්වාමීනි.” කියා ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

§ “මහණෙනි, යම් අවිජ්ජාවකින් වැසුනාවූ, යම් තණ්හාවකින් යුක්තවූ බාලයාගේ මේ කය ඇතිවූයේ වේද, බාලයාගේ ඒ අවිජ්ජා තොමෝ නැති නොවූවාය. ඒ තණ්හා තොමෝ ක්ෂය නොවූවාය. එයට හේතු කවරේද? මහණෙනි, බාලතෙම දුක් නැතිකිරීම පිණිස මනාකොට බ්‍රහ්මචරියාවෙහි නොහැසුරුනේය. ඒ නිසා බාලතෙම කය බිඳීමෙන් අන්‍යවූ කයකට (පිළිසිඳ ගැනීම වශයෙන්) යන්නේ වෙයි. හෙතෙම අන්‍යවූ කයකට (පිළිසිඳ ගැනීම් වශයෙන්) යන්නේ ඉපදීමෙන්ද, දිරීමෙන් සහ මැරීමෙන්ද, ශෝක වීමෙන්ද, හැඬීමෙන්ද, දුකින්ද, දොම්නසින්ද, වැළපීමෙන්ද නොමිදෙයි, දුකින් නොමිදේයයි කියමි.

§ “මහණෙනි, යම් අවිජ්ජාවකින් වැසුනාවූ, යම් තණ්හාවකින් යුක්තවූ පණ්ඩිතයාගේ මේ කය ඇතිවූයේ වේද, පණ්ඩිතයාගේ ඒ අවිජ්ජා තොමෝ නැතිවූවාය. ඒ තණ්හා තොමෝ ක්ෂය වූවාය. එයට හේතු කවරේද? මහණෙනි, පණ්ඩිත තෙම දුක් නැතිකිරීම පිණිස මනාකොට බ්‍රහ්මචරියාවෙහි හැසුරුණේය. ඒ නිසා පණ්ඩිතතෙම කය බිඳීමෙන් අන්‍යවූ කයකට (පිළිසිඳ ගැනීම වශයෙන්) නොයන්නේ වෙයි. හෙතෙම අන්‍යවූ කයකට (පිළිසිඳ ගැනීම් වශයෙන්) නොයන්නේ, ඉපදීමෙන්ද, දිරීමෙන් සහ මැරීමෙන්ද, ශෝකයෙන්ද, හැඬීමෙන්ද, දුකින්ද, දොම්නසින්ද, වැළපීමෙන්ද මිදෙයි. දුකින් මිදේයයි කියමි. මහණෙනි, බාලයාගේ හා පණ්ඩිතයාගේ ඇති විශේෂය නම්, අධික විශේෂය නම්, වෙනස්වූ කාරණය නම් මේ බ්‍රහ්මචරියාවෙහි හැසිරීමයි.”

[අට්ඨාකතා සුත්‍ර වර්ණනාව:-
නවවන සූත්‍රයේ – “අවිජ්ජා නීවරණස්ස” යනු අවිද්‍යාව වැළැක්වූවහටයි. “ඒවමයං කායො සමුදාගතො” යනු අවිද්‍යාවෙන් මිදුණු බැවින් තණ්හාවෙන් යුක්තවූවම මේ කය ඉපදුණි යනුයි. “අයඤ්චෙ ව කායො” යනු තමාගේ සවිඤ්ඤාණක වූ මේ කයයි. “බහිද්ධාච නාමරූපං” යනු බාහිර වූ අන්‍යන්ගේ සවිඤ්ඤාණක කයයි. තමාගේත් අනුන්ගේත් පංචස්කණ්ධයෙන් හා ආයතණ සයෙන් මේ අර්ථ දැක්විය යුතුයි. “ඉත්ථෙතං ද්වයං” යනු මෙසේ මේ නාමරූප දෙකයි. “ද්වයං පටිච්ච ඵස්සො” – අන්‍ය වූ ඇස-රූප යන දෙක ගැටීමෙන් ස්පර්ශාදිය ඇතිවේ යැයි කියන ලදී. මෙහි වනාහී අධ්‍යාත්මික හා බාහිර ආයතන වශයෙනි. “මහාද්වය” යනුවෙන් මේ දෙක හැඳින්වේ. “සළෙවායතනානි” යනු සයක් වූ ස්පර්ශායතන හා ස්පර්ශ කරණායතනයන්‍ ය. “යෙහි ඵුට්ඨො” යනු යම් හේතු-භූත වූ ආයතන වලින් උපන් පහසින්, ස්පර්ශ කරන ලද්දේ යනුයි. “අඤ්ඤාතරෙන” යන මෙහි පරිපූර්ණ – අපරිපූර්ණ වශයෙන් එකකින් හෝ ඊට වැඩි ගණනකින් දතයුතුයි. “තත්‍ර“ යනු ඒ බාල-පණ්ඩිත සැමදෙනාගේම කයින් පහළ වූ දෙයෙහිය. “කො අධිප්පායො” කවර අධික ප්‍රයෝගයක් ද?

එම ධර්මයන්ට භාග්‍යවතුන් වහන්සේ මූලික බැවින් “භගවංමූලකා” යැයි යෙදේ. මේ කියන ලදී. – “ස්වාමීණි, අපගේ මේ ධර්මයෝ පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේ විසින් උපදවන ලදහ. උන්වහන්සේගේ පිරිනිවණින් පසුව එක් බුද්ධාන්තරයක් ගතවන තුරු වෙනත් කිසිදු ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් මේ ධර්ම උපදවා ගැනීමට අසමත් වූ හ. දැන් භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ධර්ම උපදවන ලද බැවින්; ඔබවහන්සේ නිසාම අපි මේ දහම දනිමු. මනාව අවබෝධ කරමු. ස්වාමීනි! මෙලෙසින් අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට පවතින්නෝ ය. “භගවන්නෙත්තිකා” යනු ධර්මයන්ගේ නායකයා, හික්මවන්නා, සමාදන් කරවන්නා භාග්‍යවතුන් වහන්සේ මය. යථා ස්වභාව වශයෙන් ධර්මය වෙන් වෙන් වශයෙන් ගෙන හැර දක්වන ලද බැවින් “භාග්‍යවතුන් වහන්සේම නායක කරගෙන ඇත” නම් වේ. “භගවම්පටිසරණා” යනු චාතූර්භූමික ධර්මයෝ සර්වඥ ඥානයාගේ දැකීමට පැමිණෙමින් භාග්‍යවතුන් වහන්සේම පිහිට කොට ඇතැයි, උන්වහන්සේ වෙතම එක් රැස් වේ යැයි කියන ලදී. පටිසරති යනු එක් රැස්වේ. එක්තැන් වේ යන අර්ථයි. තවද – මහබෝ මැඬ හුන් භාග්‍යවතුන් වහන්සේ වෙත ප්‍රතිවේධ වශයෙන් ස්පර්ශය පැමිණෙයි. “භාග්‍යවතුන් වහන්ස! මගේ නම කුමක්ද? නුඹ ස්පර්ශ කිරීම් අර්ථයෙන් “ඵස්ස” නම් වේ. මෙලෙස වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ ආදියද උන්වහන්සේ ගේ සිතට පැමිණෙයි. ‘භාග්‍යවතුන් වහන්ස! මගේ නම කුමක්ද? නුඹ දැනගැනීම් අර්ථයෙන් ‘විඤ්ඤාණ නම් වේ.’ මෙසේ චාතූර්භූමික වූ යථා ස්වභාවය වෙන් වෙන් වශයෙන් ගනිමින් භාග්‍යවතුන් වහන්සේ ධර්මයන් රාශිභූත කරයි. මේ අරුතින්-“භගවම්පටිසරණා” නම් වේ. “භගවන්තඤ්ඤෙ ව පටිභාතු” යනු භාග්‍යවතුන් වහන්සේට මේ දේශනයේ අර්ථ වැටහේවා. නුඹ වහන්සේම අපට විස්තර වශයෙන් දේශනා කරන සේක්වා යන අර්ථයයි.

සා චෙව අවිජ්ජා” යන මෙහි කෙසේ වුවත්, අවිද්‍යාවද තණ්හාවද කර්මය වේගවත් කරවා ප්‍රතිසන්ධිය ඇද නිරුද්ධ කරන ලදී. යම් සේ යම් බෙහෙතක් අද හෝ ඊයේ පානය කරන විටම “ආහාර අනුභව කරව” යි සමාන වූ ගැලපීන් අර්ථයෙන් “එකණෙහිම” යැයි කියත්ද එලෙසින්ම මෙහිද ඒ අවිද්‍යාවම “ඒ තණ්හාව” යැයි සමානාර්ථයෙන් කියන ලදී. “බ්‍රහ්මචරියං” යනු මාර්ග බ්‍රහ්මචර්‍යාවයි. “දුක්ඛක්ඛයාය” සංසාරික පැවතීම් වශයෙන් ඇති දුකෙහි නැති කිරීම පිණිස. “කායූපගො හොති” අනිත් ප්‍රතිසන්ධි කයට පැමිණියේ වේ. “යදිදං බ්‍රහ්මචරිය වාසො” යමෙක් මේ මාර්ග බ්‍රහ්මචර්‍යාවේ යෙදී වාසය කිරීම. මෙහිදී බාලයාගෙන් පණ්ඩිතයා විශේෂ වේයයි දක්වයි. මෙම සූත්‍රයේ සියලු ආකාර පිළිසිඳ ගැනීම් සහිත පුහුදුන් පුද්ගලයා, “බාලයා” යැයි ද පිළිසිඳ ගැනීම් රහිත ක්ෂීණාස්‍රව රහතන් වහන්සේ “පණ්ඩිතයා” යැයි ද කියන ලදී. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී පුද්ගලයෝ වනාහී පණ්ඩිතයෝමය. ඔවුහු බාලයෝ යැයි නොකිව යුතුයි. ඇසුරු කරන්නෝ වනාහී පණ්ඩිත පක්ෂයම ඇසුරු කරති.]

SN 02-01-02-10.
ප්‍රත්‍යය සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවෙසෙති. එහිදී, භාග්‍යවතුන්වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

§ 2. “මහණෙනි, මම තොපට පටිච්චසමුප්පාදයද (හේතු ධර්මයද) පටිච්චසමුප්පන්න ධර්මයන්ද (ඵල ධර්මයන්ද) දේශනා කරන්නෙමි එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමියි” වදාළ සේක. ‘එසේය ස්වාමීනි, කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළ සේක.

§ 3. “මහණෙනි, පටිච්චසමුප්පාදය (හේතු ධර්ම) නම් කවරේද? මහණෙනි, තථාගතවරයන් උපන් කල්හිද, තථාගත වරයන් නූපන් කල්හිද ඉපදීම නිසා ජරාව සහ මරණය ඇතිවේ. මේ ප්‍රත්‍යය ස්වභාව ප්‍රත්‍යයන් හේතුකොටගෙන ප්‍රත්‍යයන්ගේ පැවැත්ම මේ ඵලයන්ට මේ හෙතූන් බව ඇත්තේය. එය තථාගතතෙම අවබෝධ කෙරෙයි. වටහාගනියි. අවබෝධකොට වටහාගෙන, කියයි. දේශනා කෙරෙයි. පණවයි. පිහිටුවයි. විවරණ කෙරෙයි. බෙදයි. මතුකොට දක්වයි.

“මහණෙනි, ඉපදීම නිසා ජරාව සහ මරණය ඇති වේ. එය බලව්යයි ද කියයි.

§4. “මහණෙනි, තථාගතයන් වහන්සේ උපන් කල්හිද නූපන් කල්හිද, භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවේ. මේ ප්‍රත්‍යය ස්වභාවය වනාහි ස්වභාවයෙන් සිටියේමයි. ස්වභාව ධර්මයයි. ධර්ම නිසාමයයි. ජරාමරණාදීන්ට ප්‍රත්‍යයවීමයි. එය තථාගත තෙම අවබෝධ කෙරෙයි. වටහා ගනියි. අවබෝධ කොට, වටහාගෙන කියයි. දේශනා කෙරෙයි පණවයි. පිහිටුවයි. විවරණ කෙරෙයි. බෙදයි. මහණෙනි, “භවය නිසා ජාතිය” ඇතිවේ. එය බලව්යයි ද කියායි. මහණෙනි, මෙසේ වනාහි ඒ “භවය නිසා ජාතිය” යන තන්හි ඒ ඒ ප්‍රත්‍යයන් ගෙන් ඒ ඒ ධර්මයාගේ ඇතිවීමක්, සමගියට පැමිණි ප්‍රත්‍යයයන්හිදී මොහොතකුදු එයින් උපදින ධර්මයන්ගේ නැතිවීමක්, අන්‍යවූ, ධර්ම ප්‍රත්‍යය කරණකොට ගෙන අන්‍ය ධර්මයන්ගේ ඇතිවීමක්, ජරාමරණයන්ට ප්‍රත්‍ය වීමක් වේද, මහණෙනි, මෙයට පටිච්චසමුප්පාදයයි (හේතුඵල ධර්මයයි) කියනු ලැබේ.

§ 5. “මහණෙනි, තථාගතයන්වහන්සේ උපන් කල්හිද නූපන් කල්හිද උපාදානය (තද ඇල්ම) නිසා භවය ඇතිවේ. නූපන් මේ ප්‍රත්‍යය ස්වභාවය වනාහි ස්වභාවයෙන් සිටියේමයි. ස්වභාව ධර්මයයි. ධර්ම නිසාමයයි ජරාමරණාදීන්ට ප්‍රත්‍යක්ෂවීමයි. එය තථාගත තෙම අවබෝධ කෙරෙයි. වටහා ගනියි. අවබෝධ කොට, වටහාගෙන කියයි. දේශනාකෙරෙයි. පණවයි. පිහිටුවයි. විවරණ කෙරෙයි. බෙදයි. මහණෙනි, “උපාදානය නිසා භවය” ඇතිවේ. එය බලව්යයිද කියායි. මහණෙනි, මෙසේ වනාහි ඒ “උපාදානය නිසා භවය” ඇතිවේ. යන තන්හි ඒ ඒ ප්‍රත්‍යයන්ගෙන් ඒ ඒ ධර්මයාගේ ඇතිවීමක්, සමගියට පැමිණි ප්‍රත්‍යයන්හිදී මොහොතකුදු එයින් උපදින ධර්මයන්ගේ නැතිවීමක්, අන්‍යවූ, ධර්ම ප්‍රත්‍යය කරණකොට ගෙන අන්‍ය ධර්මයන්ගේ ඇතිවීමක්, ජරාමරණයන්ට ප්‍රත්‍යයවීමක් වේද, මහණෙනි, මෙයට පටිච්චසමුප්පාදයයි (හේතුඵල ධර්මයයි) කියනු ලැබේ.

§6. “මහණෙනි, තථාගතයන්වහන්සේ උපන් කල්හිද නූපන් කල්හිද තණ්හාව නිසා උපාදානයෝ ඇතිවෙත්. මේ ප්‍රත්‍යය ස්වභාවය වනාහි ස්වභාවයෙන් සිටියේමයි. ස්වභාව ධර්මයයි, ධර්ම නිසාමයයි. ජරාමරණාදීන්ට ප්‍රත්‍යයවීමයි. එය තථාගතතෙම අවබෝධ කෙරෙයි. වටහා ගනියි. අවබෝධ කොට, වටහාගෙන කියයි. දේශනා කෙරෙයි, පණවයි. පිහිටුවයි, විවරණ කෙරෙයි, බෙදයි, මහණෙනි, “තණ්හාව නිසා උපාදානයෝ” ඇතිවෙත් යන තන්හි ඒ ඒ ප්‍රත්‍යයන්ගෙන් ඒ ඒ ධර්මයාගේ ඇතිවීමක්, සමගියට පැමිණි ප්‍රත්‍යයයන්හිදී මොහොතකුදු එයින් උපදින ධර්මයන්ගේ නැතිවීමක්, අන්‍යවූ, ධර්ම ප්‍රත්‍යය කරණකොට ගෙන අන්‍ය ධර්මයන්ගේ ඇතිවීමක්, ජරාමරණයන්ට ප්‍රත්‍යයවීමක් වේද, මහණෙනි, මෙයට පටිච්චසමුප්පාදයයි (හේතුඵල ධර්මයයි) කියනු ලැබේ.

§ 7. “මහණෙනි, තථාගතයන් වහන්සේ උපන් කල්හිද නූපන් කල්හිද, වේදනාව නිසා තණ්හාව ඇතිවේ. මේ ප්‍රත්‍යය ස්වභාවය වනාහි ස්වභාවයෙන් සිටියේමය, ස්වභාව ධර්මයයි, ධර්ම නිසාමයයි. ජරාමරණාදීන්ට ප්‍රත්‍යයවීමයි. එය තථාගතතෙම අවබෝධ කෙරෙයි, වටහා ගනියි, අවබෝධකොට වටහාගෙන කියයි, දේශනා කෙරෙයි, පණවයි, පිහිටුවයි, විවරණකෙරෙයි, තවද, මහණෙනි, “වේදනාව නිසා තණ්හාව” ඇතිවේ. එය බලව්යයිද කියයි. මහණෙනි, මෙසේ වනාහි ඒ “වේදනාව නිසා තණ්හාව” ඇතිවේ යන තන්හි ඒ ඒ ප්‍රත්‍යයන්ගෙන් ඒ ඒ ධර්මයාගේ ඇතිවීමක්, සමගියට පැමිණි ප්‍රත්‍යයන්හිදී මොහොතකුදු එයින් උපදින ධර්මයන්ගේ නැතිවීමක්, අන්‍යවූ, ධර්ම ප්‍රත්‍යය කරණකොට ගෙන අන්‍ය ධර්මයන්ගේ ඇතිවීමක්, ජරාමරණයන්ට ප්‍රත්‍යයවීමක් වේද, මහණෙනි, මෙයට පටිච්චසමුප්පාදයයි (හේතුඵල ධර්මයයි) කියනු ලැබේ.

§ 8. “මහණෙනි, තථාගතයන් වහන්සේ උපන් කල්හිද, නූපන් කල්හිද ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. මේ ප්‍රත්‍යය ස්වභාවය වනාහි ස්වභාවයෙන් සිටියේමයි. ස්වභාව ධර්මයයි, ධර්ම නිසාමයයි ජරාමරණාදීන්ට ප්‍රත්‍යයවීමයි. එය තථාගත තෙම අවබෝධ කෙරෙයි. වටහා ගනියි. අවබෝධ කොට, වටහාගෙන කියයි. දේශනා කෙරෙයි. පණවයි. පිහිටුවයි. විවරණ කෙරෙයි. බෙදයි. මහණෙනි, “ස්පර්ශය නිසා වේදනාව” ඇතිවේ. එය බලව්යයිද කියායි. මහණෙනි, මෙසේ වනාහි ඒ “ස්පර්ශය නිසා වේදනාව” ඇතිවේ යන තන්හි ඒ ඒ ප්‍රත්‍යයන්ගෙන් ඒ ඒ ධර්මයාගේ ඇතිවීමක්, සමගියට පැමිණි ප්‍රත්‍යයන්හිදී මොහොතකුදු එයින් උපදින ධර්මයන්ගේ නැතිවීමක්, අන්‍යවූ, ධර්ම ප්‍රත්‍යය කරණකොට ගෙන අන්‍ය ධර්මයන්ගේ ඇතිවීමක්, ජරාමරණයන්ට ප්‍රත්‍යය වීමක් වේද, මහණෙනි, මෙයට පටිච්චසමුප්පාදයයි (හේතුඵල ධර්මයයි) කියනු ලැබේ.

§ 9. “මහණෙනි, තථාගතයන් වහන්සේ උපන් කල්හිද, නූපන් කල්හිද, සළායතනයන් (ඉන්ද්‍රියන්) නිසා ස්පර්ශය ඇතිවේ. මේ ප්‍රත්‍යය ස්වභාවය වනාහි ස්වභාවයෙන් සිටියේමයි. ස්වභාවධර්මයයි. ධර්ම නිසාමයයි. ජරාමරණාදීන්ට ප්‍රත්‍යයවීමයි. එය ස්වභාව ධර්මයයි තථාගතතෙම අවබෝධ කෙරෙයි. වටහා ගනියි. අවබෝධ කොට, වටහාගෙන කියයි. දේශනා කෙරෙයි. පණවයි. පිහිටුවයි. විවරණ කෙරෙයි. බෙදයි. මහණෙනි, “සළායතනයන් නිසා ස්පර්ශය” ඇතිවේ. එය බලව්යයිද කියයි. මහණෙනි, මෙසේ වනාහි ඒ “සළායතනයන් නිසා ස්පර්ශය” ඇතිවේ. යන තන්හි ඒ ඒ ප්‍රත්‍යයන්ගෙන් ඒ ඒ ධර්මයාගේ ඇතිවීමක් සමගියට පැමිණි ප්‍රත්‍යයයන්හිදී මොහොතකුදු එයින් උපදින ධර්මයන්ගේ නැතිවීමක්, අන්‍යවූ, ධර්ම ප්‍රත්‍යය කරණකොට ගෙන අන්‍ය ධර්මයන්ගේ ඇතිවීමක්, ජරාමරණයන්ට ප්‍රත්‍යයවීමක් වේද, මහණෙනි, මෙයට පටිච්චසමුප්පාදයයි (හේතුඵල ධර්මයයි) කියනු ලැබේ.

§ 10. “මහණෙනි, තථාගතයන් වහන්සේ උපන් කල්හිද, නූපන් කල්හිද, නාමරූපයන් නිසා සළායතනයෝ ඇතිවෙත්. මේ ප්‍රත්‍යය ස්වභාවය වනාහි ස්වභාවයෙන් සිටියේමයි. ස්වභාව ධර්මයයි. ධර්ම නිසාමයයි, ජරාමරණාදීන්ට ප්‍රත්‍යයවීමයි. එය තථාගත තෙම අවබෝධ කෙරෙයි. වටහා ගනියි. අවබෝධ කොට, වටහා ගෙන කියයි. දේශනා කෙරෙයි. පණවයි. පිහිටුවයි. විවරණ කෙරෙයි. බෙදයි. මහණෙනි, නාමරූපයන් නිසා සළායතනයන් ඇතිවේ. එය බලව්යයිද කියායි. මහණෙනි, මෙසේ වනාහි ඒ “නාමරූපයන් නිසා සළායතනයන්” ඇතිවේ. යන තන්හි ඒ ඒ ප්‍රත්‍යයන්ගෙන් ඒ ඒ ධර්මයාගේ ඇතිවීමක්, සමගියට පැමිණි ප්‍රත්‍යයයන්හිදී මොහොතකුදු එයින් උපදින ධර්මයන්ගේ නැතිවීමක්, අන්‍යවූ, ධර්ම ප්‍රත්‍යය කරණකොට ගෙන අන්‍ය ධර්මයන්ගේ ඇතිවීමක්, ජරාමරණයන්ට ප්‍රත්‍යයවීමක් වේද, මහණෙනි, මෙයට පටිච්චසමුප්පාදයයි (හේතුඵල ධර්මයයි) කියනු ලැබේ.

§ 11. “මහණෙනි, තථාගතයන් වහන්සේ උපන් කල්හිද, නූපන් කල්හිද, විඤ්ඤාණය නිසා නාම රූප ඇතිවේ. මේ ප්‍රත්‍යය ස්වභාවය වනාහි ස්වභාවයෙන් සිටියේමයි. ස්වභාවධර්මයයි ධර්ම නිසාමයයි, ජරාමරණාදීන්ට ප්‍රත්‍යයවීමයි. එය තථාගතතෙම අවබෝධ කෙරෙයි. වටහා ගනියි. අවබෝධ කොට, වටහාගෙන කියයි. දේශනා කෙරෙයි. පණවයි. පිහිටුවයි. විවරණ කෙරෙයි. බෙදයි. මහණෙනි, “විඤ්ඤාණය නිසා නාම රූප” ඇතිවේ. එය බලව්යයිද කියායි. මහණෙනි, මෙසේ වනාහි ඒ “විඤ්ඤාණය නිසා නාම රූප” ඇතිවේ යන තන්හි ඒ ඒ ප්‍රත්‍යයන්ගෙන් ඒ ඒ ධර්මයාගේ ඇතිවීමක්, සමගියට පැමිණි ප්‍රත්‍යයයන්හිදී මොහොතකුදු එයින් උපදින ධර්මයන්ගේ නැතිවීමක්, අන්‍යවූ, ධර්ම ප්‍රත්‍යය කරණකොට ගෙන අන්‍ය ධර්මයන්ගේ ඇතිවීමක්, ජරාමරණයන්ට ප්‍රත්‍යයවීමක් වේද, මහණෙනි, මෙයට පටිච්චසමුප්පාදයයි (හේතුඵල ධර්මයයි) කියනු ලැබේ.

§ 12. “මහණෙනි, තථාගතයන් වහන්සේ උපන් කල්හිද, නූපන් කල්හිද, සංස්කාරයන් නිසා විඤ්ඤාණය ඇතිවේ. මේ ප්‍රත්‍යය ස්වභාවය වනාහි ස්වභාවයෙන් සිටියේමයි. ස්වභාව ධර්මයයි, ධර්ම නිසාමයයි, ජරාමරණාදීන්ට ප්‍රත්‍යයවීමයි. එය තථාගතතෙම අවබෝධ කෙරෙයි. වටහා ගනියි. අවබෝධ කොට, වටහාගෙන කියයි. දේශනා කෙරෙයි. පණවයි. පිහිටුවයි. විවරණ කෙරෙයි. බෙදයි. මහණෙනි, “සංස්කාරයන් නිසා විඤ්ඤාණය” ඇතිවේ. එය බලව් යයිද කියයි. මහණෙනි, මෙසේ වනාහි ඒ සංස්කාරයන් නිසා විඤ්ඤාණය ඇතිවේ, යන තන්හි ඒ ඒ ප්‍රත්‍යයන්ගෙන් ඒ ඒ ධර්මයාගේ ඇතිවීමක්, සමගියට පැමිණි ප්‍රත්‍යයන්හිදී මොහොතකුදු එයින් උපදින ධර්මයන්ගේ නැතිවීමක්, අන්‍යවූ, ධර්මප්‍රත්‍යය කරණකොට ගෙන අන්‍ය ධර්මයන්ගේ ඇතිවීමක්, ජරාමරණයන්ට ප්‍රත්‍යයවීමක් වේද, මහණෙනි, මෙයට පටිච්චසමුප්පාදයයි (හේතුඵල ධර්මයයි) කියනු ලැබේ.

§ 13. “මහණෙනි, තථාගතයන් වහන්සේ උපන් කල්හිද, නූපන් කල්හිද, අවිජ්ජාව නිසා සංස්කාරයෝ ඇතිවෙත්. මහණෙනි, මෙසේ එහි එසේම වන බවක්, නොවරදින බවක්, අන් ආකාරයකින් නොවන බවක්, මේ ඵලය මේ හේතුවෙන් වන බවක් ඇත්තේද, මහණෙනි, මේ වනාහි පටිච්චසමුප්පාදයයි කියනු ලැබේ.

“මහණෙනි, පටිච්චසමුප්පන්න ධර්මයෝ (හේතුඵල ධර්මයෝ) කවරහුද?

මහණෙනි, ජරාව සහ මරණය අනිත්‍යය. ප්‍රත්‍යයන් විසින් එක්ව කරන ලද්දේය. ප්‍රත්‍යයන් නිසා උපන්නේය. ක්ෂය වන ස්වභාව ඇත්තේය. වැය වන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය.

“මහණෙනි, ජාතිය (ඉපදීම) අනිත්‍යය. ප්‍රත්‍යයන් එක්කොට කරන ලද්දේය. ප්‍රත්‍යයන් නිසා උපන්නේය. ක්ෂය වෙන ස්වභාව ඇත්තේය. වැය වෙන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය.

“මහණෙනි, භවය අනිත්‍යය. ප්‍රත්‍යයන් එක්කොට කරන ලද්දේය. ප්‍රත්‍යයන් නිසා උපන්නේය. ක්ෂයවෙන ස්වභාව ඇත්තේය. වැයවෙන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය.

“මහණෙනි, උපාදානය (තද ඇලීම) අනිත්‍යය. ප්‍රත්‍යයන් එක්කොට කරන ලද්දේය. ප්‍රත්‍යයන් නිසා උපන්නේය. ක්ෂයවෙන ස්වභාව ඇත්තේය. වැයවෙන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය.

“මහණෙනි, තණ්හාව අනිත්‍යය. ප්‍රත්‍යයන් එක්කොට කරන ලද්දේය. ප්‍රත්‍යයන් නිසා උපන්නේය. ක්ෂයවෙන ස්වභාව ඇත්තේය. වැයවෙන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය.

“මහණෙනි, වේදනාව අනිත්‍යය. ප්‍රත්‍යයන් එක්කොට කරන ලද්දේය. ප්‍රත්‍යයන් නිසා උපන්නේය. ක්ෂයවෙන ස්වභාව ඇත්තේය. වැයවෙන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය.

“මහණෙනි, ස්පර්ශය අනිත්‍යය. ප්‍රත්‍යයන් එක්කොට කරන ලද්දේය. ප්‍රත්‍යයන් නිසා උපන්නේය. ක්ෂයවෙන ස්වභාව ඇත්තේය. වැයවෙන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය.

“මහණෙනි, සළායතන (ඉන්ද්‍රිය) අනිත්‍යය. ප්‍රත්‍යයන් එක්කොට කරන ලද්දේය. ප්‍රත්‍යයන් නිසා උපන්නේය. ක්ෂයවෙන ස්වභාව ඇත්තේය. වැයවෙන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය.

“මහණෙනි, නාමරූප අනිත්‍යය. ප්‍රත්‍යයන් එක්කොට කරන ලද්දේය. ප්‍රත්‍යයන් නිසා උපන්නේය. ක්ෂයවෙන ස්වභාව ඇත්තේය. වැයවෙන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය.

“මහණෙනි, විඤ්ඤාණය අනිත්‍යය. ප්‍රත්‍යයන් එක්කොට කරන ලද්දේය. ප්‍රත්‍යයන් නිසා උපන්නේය. ක්ෂයවෙන ස්වභාව ඇත්තේය. වැයවෙන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය.

“මහණෙනි, සංස්කාර අනිත්‍යය. ප්‍රත්‍යයන් එක්කොට කරන ලද්දේය. ප්‍රත්‍යයන් නිසා උපන්නේය. ක්ෂයවෙන ස්වභාව ඇත්තේය. වැයවෙන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය.

“මහණෙනි, අවිජ්ජාව අනිත්‍යය. ප්‍රත්‍යයන් එක්කොට කරන ලද්දේය. ප්‍රත්‍යයන් නිසා උපන්නේය. ක්ෂයවෙන ස්වභාව ඇත්තේය. වැයවෙන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය.

“මහණෙනි, මොවුහු පටිච්චසමුප්පන්න ධර්මයෝයයි (හේතුඵලධර්මයෝයයි) කියනු ලැබෙත්.

§ 14. “මහණෙනි, යම් හෙයකින් ආර්ය ශ්‍රාවකයා විසින් මේ පටිච්චසමුප්පාදයද, මේ පටිච්චසමුප්පන්න ධර්මයන්ද ඇතිසැටි යහපත් නුවණින් මනාකොට දක්නේද , එවිට ඒ ආර්ය ශ්‍රාවකයා “මම අතීතකාලයෙහි වූයෙම්දෝ අතීත කාලයෙහි නූවූයෙම්දෝ කවර ජාති ඇත්තෙකු වූයෙම්දෝ අතීත කාලයෙහි රූපය කෙසේ වූයෙම්දෝ, මම අතීත කාලයෙහි කවර ජාති ඇත්තෙකු වී පසුව කවර ජාති ඇත්තෙකු වූයෙම්දෝ “කියා අතීතයට නොදුවන්නේය.

“මම අනාගත කාලයෙහි වෙම්දෝ, අනාගත කාලයෙහි නොවෙම්දෝ, අනාගත කාලයෙහි කවර ජාති ඇත්තෙකු වෙම්දෝ, අනාගත කාලයෙහි රූපය කෙසේ වෙම්දෝ, අනාගත කාලයෙහි කවර ජාති ඇත්තෙකුවී, පසුව කවර ජාති ඇත්තෙකු වෙම්දෝයි අනාගතයට නොදුවන්නේය. .

මේ වර්තමාන කාලය ගැන හෝ තමාගේ පඤ්චස්කන්ධය මම වෙම්දෝ, නොවෙම්දෝ, කවර ජාති ඇත්තෙකු වෙම්දෝ (රූපය) කෙසේ වෙම්දෝ මේ සත්වතෙම කොහෙන් වනාහි ආයේද; හෙතෙම කොහි යන්නේදැයි සැක ඇති නො වන්නේය. ඊට හේතුව කවරේද?

මහණෙනි, ආර්යශ්‍රාවකයා විසින් මේ පටිච්ච සමුප්පාදයද; මේ පටිච්චසමුප්පන්න ධර්මයෝද ඇති සැටි යහපත් නුවණින් මනාකොට දක්නාලද හෙයිනි.

[අට්ඨාකතා සුත්ර වර්ණනාව:-
දසවන සූත්‍රයේ – “පටිච්ච සමුප්පාදඤච වො භික්ඛවෙ! දෙසිස්සාමි පටිච්ච සමුප්පන්නෙන ච ධම්මෙ” යනුවෙන් ශාස්තෲන් වහන්සේ මේ සූත්‍රයේ ප්‍රත්‍යන්හිද ප්‍රත්‍ය ඉපදීමේහි ද යන දෙකෙහි ධර්ම ස්වභාවය දේශනා කරන්නෙමි’යි ද්විධ දේශනාව ඇරඹූ සේක. “උප්පාදවා තථාගතානං” යනු තථාගතවරු, බුදුවරු පහළ වුවත්-නොවූවත් ජාති ප්‍රත්‍යය නිසාම ජරාමරණ දෙක පවතී. ජාතියම (ඉපදීම ම) ජරාමරණ දෙකට හේතු වේ යනුයි. “ඨිතාව සධාතු” යනු ඒ ප්‍රත්‍යයයේ ස්වභාවය ඒ පරිදිමය. කිසිදිනෙකත් ජාතිය ජරාමරණ දෙකෙහි ප්‍රත්‍යය නොවන්නේ නොවේ යනුයි. (වන්නේමය) “ධම්මට්ඨිතිතා ධම්මනියාමතා” යනු මේ දෙපදයෙන් ප්‍රත්‍ය ගැනම පවසයි. ප්‍රත්‍ය නිසාම ප්‍රත්‍යුත්පන්න ධර්මයෝ පවතිති. එනිසා ප්‍රත්‍යයන්ට ම “ධම්මට්ඨිතිතා” යනුවෙන් කියයි. ප්‍රත්‍යයන්ම ධර්ම මෙහෙයවයි. එනිසා ප්‍රත්‍යයන්ට “ධම්මනියාමතා” යි කියනු ලැබේ. “ඉදප්පච්චතා” මේ ජරාමරණාදීන්ගේ හේතුව-ප්‍රත්‍යය ඉදප්පච්චයතාවයි. මෙය ප්‍රත්‍යකොට පැවතීමම ඉදප්පච්චයතාවයි. “තං” යනු ඒ ප්‍රත්‍යයයි. “අභිසම්බුජ්ඣති” යනු ඤාණයෙන් මනාව අවබෝධ කරගනියි. “අභිසමෙති” යනු ඤාණයෙන් දැනගනියි. “ආචික්ඛතී” යනු කියයි. දේශනා කරයි. “දෙසෙති” යනු දක්වයි. “පඤ්ඤාපෙති” යනු දන්වයි. “පට්ඨපෙති” යනු ඤාණය නැමැති මුවෙහි තබයි. “විවරතී” යනු විවරණය කර දක්වයි. “විභජති” යනු බෙදීම් වශයෙන් දක්වයි. “උත්තානි කරොති” ප්‍රකට කරයි. “පස්සථාති චාහ” බලවු යැයි කියයි. කුමක්ද? “මහණෙනි! ජාති ප්‍රත්‍ය නිසා ජරාමරණ පවතී ආදී වශයෙනි.

ඉති ඛො භික්ඛවෙ” යනු “මහණෙනි! මෙසේ යනුයි. “යා තත්‍ර” යනු ඒ ජාතිප්‍රත්‍ය හේතුවෙන් ජරාමරණ වේ. යනාදියෙහිය. “තථතා” යනු ආදිය ප්‍රතීත්‍ය සමුත්පාදයට ම සමාන වදන් වේ. ඒ ඒ ප්‍රත්‍යයන් නිසා අඩුවැඩි වශයෙන් ඒ ඒ ධර්මයන්ගේ පහළවීම “තථතා” තථතාවයි. සාමග්‍රියට, එක්වීමට පැමිණි ප්‍රත්‍යයන්හි මොහොතක් හෝ ඉපදීම ගෙනදුන් ධර්මයන්ගේ විද්‍යමාන නොවීම “අවිතථතා” අවිතථතාවයි. අන්‍ය ධර්ම ප්‍රත්‍යයන්හි අන්‍ය ධර්ම පැමිණීමෙන් “අනඤ්ඤතා” වේ. ජරාමරණාදීන්ගේ ප්‍රත්‍ය වශයෙන් හෝ ප්‍රත්‍ය සමූහ වශයෙන් හෝ “ඉදප්පච්චයතා” යි කියන ලදී. එහි මේ වචනාර්ථයයි. මේ ප්‍රත්‍යයන්ගේ හේතුවෙන් පැවතීම – ඉදප්පච්චයතාවයි. ඉදප්පච්චයම ඉදප්පච්චයතාවයි. ඉදප්පච්චයන්ගේ සමූහය – ඉදප්පච්චයතාවයි. මෙහි ශබ්ද ශාස්ත්‍ර ලක්ෂණ මේ අයුරින් දතයුතුයි.

අනිච්චං” යනු පැවතී නැතිවීම් අර්ථයෙන් අනිත්‍යයයි. මෙහිද අනිත්‍යයනුවෙන ජරාමරණ අනිත්‍ය නොවේ. අනිත්‍ය ස්වභාවය වනාහී ස්කන්ධයන්ගේ ජරාමරණ වශයෙන් පැවැත්ම අනිත්‍ය නම් වේ. සංඛත ද්‍රව්‍යයන්හි වනාහී මේ ක්‍රමයමයි. මෙහි “සංඛතං” යනු හේතුප්‍රත්‍ය සමවායෙන් කරන ලද යන්නයි. “පටිච්ච සමුප්පන්නං” යනු ප්‍රත්‍යයන් නිසා උපන් යනුයි. “ඛය ධම්මං” යනු ක්ෂයවන ස්වභාවයයි. “වයධම්මං” යනු පහවන – නැතිවන ස්වභාවයයි. “විරාග ධම්මං” යනු නොඇලෙන ස්වභාවයයි. “නිරෝධ ධම්මං” යනු නිරුද්ධ වන – නැතිවන ස්වභාවයයි. උපත-ඉපදීම් ආදිය ද කියන ලද පරිදිම අනිත්‍යය යැයි දතයුතුයි. ජනක ප්‍රත්‍යයන්ගේ හෝ කෘත්‍යානුභාව ක්ෂණයෙහි නිර්දේශ කරන ලද බැවින් එක් පර්‍යායකින් මෙහි “අනිත්‍යය” යැයි ආදී වශයෙන් යෙදෙන්නේමය. භවාදිය අනිත්‍යාදී ස්වභාවයෙන් යුක්තවේමය.

පඤ්ඤාය” යනු විදර්ශනා සහිත මාර්ග ප්‍රඥාවෙනි. “පුබ්බංතං” යනු පූර්ව අන්තය, අතීත කාලය යන අර්ථයි. “අහොසිංනුඛො” ආදියෙහිද ඉක්මගිය කාලයයි. “අහොසිං නුඛො තත්‍ර ඛො” යනු ශාස්වත ආකාරයද අධිච්ච සමුප්පන්න ආකාරයද නිසා අතීතයේ තමා විද්‍යමාන වී ද? නොවීද? යනුවෙන් සැක කරන හෙයින් “කවර කරුණකින්ද?” යි නොකිව යුතුයි. උම්මත්තකයෙකු මෙන් බාල පුහුදුන් පුද්ගලයා යම් සේ සිතත්ද එසේ පවතියි. “කිං නුඛො අහොසිං” ජාති-ලිංග-උත්පත්ති ආදිය නිසා ක්ෂත්‍රියෙක් වී ද? බමුණෙක්-වෛශ්‍යයෙක්-ශුද්‍රයෙක්-ගිහියෙක්-පැවිද්දෙක්-දෙවියෙක්-මිනිසෙක් යනාදීන්ගෙන් කවරෙකු වීද? යි සැක කරයි. ඇතැමෙක් වනාහී ඊශ්වර නිර්මාණවාදී අදහස් නිසා කවර කරුණකින් වීද? යි හේතු වශයෙන්ද සැකකරන බව පවසති. “කිං හුත්වා කිං අහොසි” ජාති ආදිය නිසා ක්ෂත්‍රියයෙක් වී බ්‍රාහ්මණයෙක් වී ද? -පෙ- දෙවියෙක් වී මිනිසෙක් වී ද? ආදී ලෙස තමාගේ භව පරපුර සැක කරයි. සැමතැනම වනාහී “අද්ධානං” යනු කාලය හඟවන පදයකි. “අපරන්තං” යනු අනාගත අන්තයකි. “භවිස්සාමිනුඛො නනුඛො” යනුවෙන් ශාස්වත ආකාරයද උච්ඡේද ආකාරයද නිසා අනාගතයේ තමා විද්‍යමාන වීද? අවිද්‍යමාන වීද? යි සැක කරයි. ඉතිරි පදයන්ගේ අර්ථ ද මෙලෙස දතයුතුයි.

එතරහි වා පච්චුප්පන්නං අද්ධානං” යනු දැන් ප්‍රතිසන්ධි ආදී කරගත් චුතියෙන් අවසන් වන සියලු කාලය, ‘වර්ථමානය’ යැයි ගෙන යනුයි. “අජ්ඣත්තං කථං කථි භවිස්සතී” තමාගේ ස්කන්ධයන්හි සැක ඇත්තේ වන්නේය. “අහං නු ඛොස්මී” යනු තමාගේ ඇතිබව-පැවැත්ම සැක කරයි. මෙය පිළිගැනීම සුදුසුද? “සුදුසු ද -නුසුදුසු ද යනු මේ කාගේ සිතුවිල්ලක්ද? මෙහිදී මෙම කථාවස්තුව උදාහරණයකි.

චූලමාතාවගේ පුතා හිස මුඩුකර ඇත. මහාමාතාවගේ පුතා හිස මුඩුකර නැත. ඔහුගේ හිස මුඩුකළ කල්හි ඔහු නැගිට මම චූල මාතාවගේ පුතාද? යි සිතීය. මෙසේ “මම් වීම්ද?”යි සැක කරයි. “නොනුඛොස්මී” යි තමාගේ අවිද්‍යමානත්වය, නොපැවැත්ම සැකකරයි. එහි මේ උදාහරණ කථාවයි. එක් මසුන් මරන්නෙක් ජලයේ බොහෝ වේලාවක් තිබීමෙන් සීතල වූ තමාගේම කලවට මාළුවෙක් යැයි සිතා ගැසුවේය. තව අයෙක් සොහොන්බිම අසල කෙතක් රකිමින් සිටියදී තනිව සිටි නිසා බියෙන් හැකිලී නිදාගත්තේය. ඔහු නැගිට තමාගේම තමාගේම දණහිස් දෙකට යක්ෂයෝ දෙදෙනෙකැයි රැවටී පහර දුන්නේය. මේ අයුරින් “මම නොවීම්ද”යි සැක කරයි.

කිං නු ඛො ස්මී” ක්ෂත්‍රියයෙක් වූයේ තමාගේ ක්ෂත්‍රියබව සැක කරයි. සෙසු ජාතිවලද මේ ක්‍රමයයි. දෙවියෙක් වූයේ දෙවි බව නොදෙන්නෙක් නම් නැත. දෙවියාද මම රූපවත්ද? අරූපවත්ද?යි ආදී වශයෙන් සැකකරයි. ක්ෂත්‍රියාදීහු කුමක් නිසා නොදන්නහුද? ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ නොවූ බැවිනි. ගෘහස්ථ පෝතලිකාදීහු, ඒ ඒ කුලවල උපන්නාහු පැවිදිවීමේ සංඥාව ඇත. පැවිද්දෝ ද “මගේ ක්‍රියා අස්ථිරයැ”යි ආදී වශයෙන් ගෘහස්ථ සංඥා ඇත. මිනිස්සු ද රජවරුන් මෙන් තමා පිළිබඳව දේව සංඥා ඇත්තෝ වෙති. “කථං නුඛො ස්මී” යන්න කියන ලද පරිදිමය. හුදෙක් මේ ශරීරාභ්‍යන්තරයේ ජීවියෙක් ඇතැයි ගෙන ඔහුගේ රූපාකාරය දැක්වීම් වශයෙන් දික්වූයෙම් ද – කෙටිවී ද – චතුරස්‍රාකාරවී ද – පඤ්චස්‍රාකාර වීද – ෂඩස්‍රාකාර වීද – සප්තාකාරවීද – අෂ්ටාකාර වීද – දසාකාර වීද – සොළසාකාර වීද ආදී වශයෙන් අන්‍යාකාර වීදැයි සැක කරනුයේ “කිම නොවූයෙම්ද?” යි සැකකරන බව දතයුතුයි. ශරීර සටහන් වශයෙන් වත්මන් ස්වභාවය නො දන්නෙක් නම් නැත.

කුතො නු ඛො ආගතො සො කුහිං ගාමි භවිස්සති” යනු ආත්මභාවයේ යෑම්-ඊම් වශයෙන් සැක කරනුයේ මෙසේ සැකකරයි. “අරියසාවකස්ස” යනු මෙහි සෝවාන් වූ පුද්ගලයායි. ඉතිරි ආර්‍ය පුද්ගලයන් තිදෙනාද මෙහිදී අදහස් කරන ලදී.]

AN 05- (17) 2. අඝාත වර්‍ගය

අඝාත යන පාලි වචනය ඉංග්‍රීසියෙන් යොදා ඇත්තේ Resentment ලෙසය. එය සිංහලට පෙරලන්නේ අමනාපය ලෙසය. බොහෝ සිංහල පරිවර්තන වල එය ක්‍රෝධය ලෙස දක්වා ඇත. ක්‍රෝධය අඝාතයේ ඉහලම අවස්තාවක් නිසා ඒ වෙනුවට නුරුස්නා බව, හෝ අමනාපය වැනි වෙනත් වචනයක් යොදමි. සිංහලයෙන් යොදාගත හැකි වචන බොහෝ ඇත. මේ ‘තරහ යාම’ ගැන මදක් විමසිල්ලෙන් බැලුවොත් ඒ මේ මානසික ගතිය පටන් ගන්නා තැන සොයා ගන්නට පහසුය. දෙගොඩතලා ගලන මහවැලි ගඟ මධ්‍යම කඳුකරයේ කුඩා උල්පතක් ලෙස පටන් ගත් බව අපි දනිමු.

මේ ආඝාතය පටන් ගන්නේ නොරිස්සීම් නිසාය.අල්ලන්නේ නැති කම, පේන්න බැරි කම, අප්‍රිය කම, ආදී ලෙස ඇතිවන්නේ මේ නොරිස්සීමේ විවිධ ස්වරුපයන්ය. සමහර අයගේ කතාව, හැසිරීම් වලට තමා තුල ඇතිවන නොමනාපය කෙමෙන් වැඩී අකමැත්ත, තරහව බවටත්, එය වර්ධනය වීමෙන් තරහව වෛරයක් වෙන සැටිත්, ඒ වෛරය තවත් වැඩී ක්‍රෝධය බවට පත් වන බවත් අපි දකිමු. මේ ක්‍රියාවලිය මුලදීම නුරුස්සන තත්වයේදීම නතර කර ගත්තොත් එය වඩා පහසු වෙනු ඇත. මේ සුත්‍ර ගොනුවේ මුලින් ඇති ඉගැන්වීම් ඒ සඳහා උපදෙස් ලබා දෙයි.

පුජ්‍ය හොරණ වජිරඥාන මහා ස්වාමින්වහන්සේ- ආඝාත පරටිවෙන සුත්‍රය 

AN 05-17-01. ආඝාත පටිවිනය සූත්‍රය

පුජ්‍ය වත්තල අරියරතන හිමිගේ සුත්‍ර විවරණය

“මහණෙනි, සන්තානයේ උපන්නාවූ තරහව දුරු කරගන්නට සංසිඳවන්නට විධි පහක් ඇත..

“ඒ මොනවාද යත්?

  • මහණෙනි, යම් පුද්ගලයෙක් කෙරෙහි අමනාපයක් උපදීයි නම්, ඒ පුද්ගලයා කෙරෙහි ’ මෛත්‍රිය වැඩිය යුතුය. මෙයින් ඒ පුද්ගලයා කෙරෙහි අමනාප ගතිය දුරුකල හැකි වේ.
  • “මහණෙනි, යම් පුද්ගලයෙක් කෙරෙහි අකැමැත්තක් උපදීනම්, ඒ පුද්ගලයා කෙරෙහි කරුණාව වැඩිය යුතුයි. මෙයින් ඒ පුද්ගලයා කෙරෙහි අකැමැත්ත දුරුකල හැකි වේ.
  • “මහණෙනි, යම් පුද්ගලයෙක් කෙරෙහි තරහක් උපදීනම්, ඒ පුද්ගලයා කෙරෙහි උපෙක්‍ෂාව වැඩිය යුතුයි. මෙයින් ඒ පුද්ගලයා කෙරෙහි තරහව දුරුකල හැකි වේ.
  • “මහණෙනි, යම් පුද්ගලයෙක් කෙරෙහි තරහ උපදීයි නම්, ඒ පුද්ගලයා ගැන සිහි නොකල යුතුය., මෙනෙහි නොකල යුතුය. මෙයින් ඒ පුද්ගලයා කෙරෙහි තරහව දුරුකල හැකි වේ
  • “මහණෙනි, යම් පුද්ගලයෙක් කෙරෙහි තරහක් උපදීයි නම්, ඔහු , ඔහුගේ කර්‍මය ස්වකීය කොට ඇත්තේය, ඔහුගේම කර්‍මය උරුම කොට ඉන්නේය, ඔහුගේ උත්පත්ති කාරණාවකර්‍මය අනුව විය , ඔහුගේ පැවතුම් කර්‍මය අනුවම වෙයි.
    ඔහුගේ සිතුවිලි ඔහුගේ කර්‍මය අනුවම ඇත්තේය. අයහපත්වූ හෝ ලාමකවූ හෝ යම් කර්‍මයක් ඔහු කලේනම්, කරන්නේ නම් එහි විපාකය ඔහුටම උරුම වන්නේය. ඔහු නිසා තමන් තරහ ගැනීමෙන් තමාට අකුසලයක් මිස ඔහුට කිසිවක් සිදු නොවන බවද සිහි කළ යුතුයි. මෙයින් ඒ පුද්ගලයා කෙරෙහි තරහව දුරුකල හැකි වේ.

“මහණෙනි, යම් අරමුණෙක් කෙරෙහි උපන්නාවූ තරහව , ආඝාතය නැති කිරීම පිණිස මේ ආඝාත සංසිඳීම් පස වෙත්.

AN 05-17-02. සාරිපුත්ත ආඝාතක විනය සූත්‍රය 

උද්දේසය

“දිනක් ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ , “ඇවැත්නි මහණෙනි,” යි භික්‍ෂූන්ට ඇමතූ සේක. “ඇවැත්නි” කියා ඒ භික්‍ෂූහු ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන්ට ප්‍රතිවචන දුන්හ. ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙය වදාළේය..

“ඇවැත්නි, යම් අරමුණක් නිසා භික්‍ෂුහුගේ සිතෙහි අමනාප බවක් ඇතිවේද, ඒ දුරු කොට ලන්නට ක්‍රම පහක් ඇත්තේය.

උපන්නාවූ අසන්තොශය , තරහව දුරුකළ යුතුද, ඒ පිණිස සංසිඳීම් ඉස ක්‍රම පසක් ඇත.

“කවර පසක්ද යත්?

(i) “ඇවැත්නි, ඇතැම් පුද්ගලයෙක් කාය සංවරයක් නැති කම නිසා කයින් කරත හැකි අකුසල් කරන්නේය. නමුත් ඔහු වචනයෙන් සන්වර වේ, යහපත් වචන කියන්නේය. අපිරිසිදු දේ කතා නොකරන්නේය, ඔහු කෙරෙහි ද අමනාපය පහසුවෙන් දුරු කල හැකිය.

(ii). “ඇවැත්නි, ඇතැම් පුද්ගලයෙක් අපිරිසිදුවූ වචන දොඩන මුත්, යහපත් කාය සංවරයෙන් යුතුව කයින් අකුසල් නොකරන්නේ ය, ඇවැත්නි, ඔහු කෙරෙහි ද අමනාපය පහසුවෙන් දුරු කල හැකිය.

(iii).“ඇවැත්නි, ඇතැම් පුද්ගලයෙක් අපිරිසිදු කාය කර්ම හා අපිරිසිදු වචී කර්ම ඇති නමුත්, ඉඳ හිට හෝ කලින් කල ඔහුගේ සිත නිස්කලංක කර ගනී. චිත්තයෙහි සමාධියක්, එකඟබවක් අවකාශයකුක් ලබාගනී., ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ඇති නොරුස්නාව දුරු කටයුතු වේ.

[1158:- ලභාති ච කාලෙන කාලං චේතසෝ විවරං චේතසෝ පාසා දං : විටින් විට ඔහු ගේ සිත විවුර්ත වෙ’ යන්නෙන් අදහස් වන්නේ ඔහුට සිත සමාධිමත් කර ගන්නට, හා විදර්සනා කරන්නට ඔහු තුල ශ්‍රද්ධාවක් වේ නම් ඉඩ කඩ ඇති බවයි. සීලයෙන් තොරව විමුක්තියක් ලබන්නට නොහැකි නමුදු ඔහු ගේ මේ ගුණය ගැන සිතා ඔහුගේ කායික වාචසික දුර්ගුණයන් අමතක කොට මොහු පෝය දාට සිල් ගන්නා උපාසකයෙකි යි මෙනෙහි කරමින් ඔහු කෙරෙහි ඇති නුරුස්නා ගතිය දුරු කර ගත හැක.]

(iv) “ඇවැත්නි, පුද්ගලයෙක් අපිරිසිදු කයින් හැසිරීම් ඇත්තේය., අපිරිසිදුවූ වචනයෙන් හැසිරීම් ඇත්තේය, ඔහු කිසිදා සිතෙහි සමාදියක් එකඟ කමක් නොලබාද ඔහු කෙරෙහිද නුරුස්නා සිත, තරහව දුරු කටයුතු වේ.

(v) “ඇවැත්නි, ඇතැම් පුද්ගලයෙක් පිරිසිදුවූ කාය හැසිරීම ඇත්තේය, පිරිසිදුවූ වචනයෙන් හැසිරීම ඇත්තේය, කලින් කල චිත්තයාගේ අවකාශයක්, චිත්තයාගේ ප්‍රසාදයකුත් ලබාද, ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද නුරුස්නා සිත, තරහව දුරු කටයුතු වේ.

නිද්දේසය

(i) “ඇවැත්නි, ඇතැම් පුද්ගලයෙක් කාය සංවරයක් නැති කම නිසා කයින් කරත හැකි අකුසල් කරන්නේය. නමුත් ඔහු වචනයෙන් සන්වර වේ, යහපත් වචන ම කියන්නේද, අපිරිසිදු දේ කතා නොකරන්නේය, ඔහු කෙරෙහි ද අමනාපය පහසුවෙන් දුරු කල හැක්කේ කෙසේද?.

“ඇවැත්නි, යම් පාංසුකූලික භික්‍ෂුවක් , වීථියෙහි විසිකොට ඇති අපිරිසිදු රෙදි කඩක් දැක, එය වම් පයින් මැඩ, දකුණු පයින් දිග හැර එහි යම් නොඉරුනු වැඩට ගතහැකි කොටසක් වේද, එය ඉරා ඉවත් ගෙණ සිවුරක් සාදා ගැනීම පිණිස ගෙන යන්නේය.

“ඇවැත්නි, මෙපරිද්දෙන්ම යම් පුද්ගලයෙක් අපිරිසිදු කාය කර්ම කරයිද, නොමනා හැසිරීම් ඇත්තේ නමුත්, පිරිසිදුවූ වචන පමණක් දොඩන්නේද , ඕහුගේ අපිරිසිදු හැසිරීම ගැන නොසිතිය යුතුය. ඒ සිහි වන විට ඔහුගේ යහපත් වචී පිළිවෙත, යහපත් වචන කතා කිරීම මෙනෙහි කටයුතුයි. මොහුගේ යහපත් පිරිසිදු වචනයෙන් හැසිරීම පමණක් මෙනෙහි කළ යුතුය. කෙනෙකුගේ බොහෝ දුර්ගුණයන් අතර එකදු හෝ හොඳක් ඇත්නම් ඒ සුගුණය ඉදිරියට ගෙන එයම් සිහිකිරීමෙන් ඔහු කෙරෙහි ඇති නුරුස්නා ගතිය, තරහව දුරු කල හැකිය. ඇවැත්නි, මෙසේ එබඳු පුද්ගලයා කෙරෙහිද නුරුස්නා බව දුරු කල හැකිවේ.

(ii)“ඇවැත්නි, ඇවැත්නි, ඇතැම් පුද්ගලයෙක් අපිරිසිදුවූ වචන දොඩන මුත්, යහපත් කාය සංවරයෙන් යුතුව අකුසල් කයින් නොකරන්නේ ය, ඇවැත්නි, ඔහු කෙරෙහි ද අමනාපය පහසුවෙන් දුරු කල හැක්කේ කෙසේද?

“ඇවැත්නි, යම් පොකුණක සෙවෙල, දිය ජබර , පරඬැල් ආදිය දිය මත්තේ ඇති නිසා වතුර නොපෙනේද, ග්‍රීෂ්මයෙන් තැවුනාවූ, ග්‍රීෂ්මයෙන් පෙළුනාවූ. පිපාසයෙන් ක්ලාන්තවූ, වතුර සෝයමින් යන මිනිසෙක් ඒ පොකුණ දැක, දිය සෙවල, දිය පැලෑවලින් අපවිත්‍ර මුත් ජලය ඇති බව දැක සතුටට පත් ව ඒ පොකුණට පැන එහි සෙවල , දිය පැළෑටි දෙඅතින් එහා මෙහා කොට ජලය පානය කරයි. පිපාසය නිවා ගනී.

“ඇවැත්නි, මෙපරිද්දෙන්ම මේ පුද්ගලයා, අපිරිසිදු වචනයෙන් අපිරිසිදු වචී චර්යාව ඇති මුත්, පිරිසිදු කාය චර්යාව ඇත්තේද, සොරකම්, සත්ව හිංසාව, කාමයෙහි වැරදි හැසිරීම්, සුරා පානය නොකරන්නේද ඒ ගුණයන් නැවත නැවත මෙනෙහි කරමින්, ඔහුගේ අපිරිසිදු වචී කර්ම සිහි නොකොට යුතුය. කාය සංවරය නිසාවන ඔහුගේ සුගුණ මතක් කරමින් ඔහු කෙරෙහි ඇති නුරුස්නා බව දුරු කල හැකිවේ.

(iii) .“ඇවැත්නි, ඇතැම් පුද්ගලයෙක් අපිරිසිදු කාය කර්ම හා අපිරිසිදු වචී කර්ම ඇති නමුත්, ඉඳ හිට හෝ කලින් කල ඔහුගේ සිත නිස්කලංක කර ගනී. චිත්තයෙහි සමාධියක්, එකඟබවක් අවකාශයකුක් ලබාගනී.

“ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද ඇති නොරුස්නාව දුරු කරගන්නේ කෙසේද?.

“ඇවැත්නි, ග්‍රීෂ්මයෙන් තැවුනාවූ, ග්‍රීෂ්මයෙන් පෙළුනාවූ. පිපාසයෙන් ක්ලාන්තවූ, දැඩි සේ වියලුනු මුවක් ඇති පුරුෂයෙක් එන මග කලිනි එමග ගිය ගවයෙකුගේ කුරය පොළොවේ වැඩීමෙන් ඇතිවූ ඉතා කුඩා සිදුරක එකතුව ඇති දිය ඉතා ස්වල්පයක් දකී..

ඉතා ස්වල්ප වූ ඒ දිය දකින ඔහු මෙසේ සිතයි. ‘මේ ගව පියවරෙහි ජලය ඉතා ස්වල්පය. ඉදින් මම අතින් ගෙන බොන්නට තත් කලොත්, භාජනයකට ගන්නට තත කලොත්, ඒ දිය ස්වල්පය අහිමිවන්නේය.

එනිසා මම දෑතින් හා දෙදනින් බිම හෙව
ගවයෙකු බොන්නාක් මෙන්
මේ දිය පොද පානය කර
මගේ පවස සංසිඳුවාගනිමි.” යි
කියායි.

ඉදින් හෙතෙම දෑතින් හා දෙදනින් හෙව ගවයෙකු බොන්නාක් මෙන් පානයකොට සිය පිපාසය සංසිඳවා ගන්නේය.

“ඇවැත්නි, මේ මනුෂ්‍යයා අපිරිසිදු කාය කර්ම හා අපිරිසිදු වචී කර්ම ඇති නමුත්, ඉඳ හිට හෝ කලින් කල ඔහුගේ සිත නිස්කලංක කර ගනී. චිත්තයෙහි සමාධියක්, එකඟබවක් අවකාශයකුක් ඔහු ලබයි.

ඔහුගේ සීලයේ සිදුරු මෙනෙහි නොකොට ඔහු ඉඳ හිට හෝ සිල් ගෙන සිත එකඟ කර ගන්නා කෙනෙක් බව මතක් කරමින්, ඔහු කෙරෙහි ඇති නුරුස්නා ගතිය දුරු කර ගත හැක.

(iv) .“ඇවැත්නි, පුද්ගලයෙක් අපිරිසිදු කයින් හැසිරීම් ඇත්තේය., අපිරිසිදුවූ වචනයෙන් හැසිරීම් ඇත්තේය, ඔහු කිසිදා සිතෙහි සමාදියක් එකඟ කමක් නොලබාද ඔහු කෙරෙහිද නුරුස්නා සිත, තරහව දුරු කටයුතු ආකාරයක් ඇත. කෙසේද යත්:

“ඇවැත්නි, යම් ගිලන්වූ මිනිසෙක් ඉතා දුර ගමනක් යන්නේ, එක් මිනිස් වාසයක් පසු කරමින් යන විට තමා ගේ ආහාර, බීමට ජලය අහවරවී ඇති බව දැන ගනී. ඊළඟ ගම තවත් බොහෝ ඈත බව බව ද ඔහු දන්නේය. කෑමට ආහාර, බීමට ජලය, රෝගයට ඖශධ හෝ, සහයට උපස්තායකයෙක් නැතිව ඔහු බොහෝ සේ අසරණව යන්නේය.

ඒ මාර්ගයේම ගමන්කරනා තවත් මනුෂ්‍යයකු මොහු දැක “අහෝ මේ අසරණයා බලවත් විපතකට පත් ව ඉන්නේය. ඔහුට කෑමට බීමට යමක් ලැබෙන්නේ නම් හොඳය. ඔහුගේ රෝගයට නිසි ඖශධ හා උපස්ථානයට කෙනෙක් ලැබෙන්නේ නම් හොඳය. එසේ සිදුවී මොහු මේ අන්තරයෙන් මිදෙත්වා! සුවපත් වේවා!! ” යි කරුණාවෙන්, අනුකම්පාවෙන් ප්‍රාර්ථනා කරයි.

“කුමක් පිණිසද යත්, ගිලන් මගියා අනතුරෙන් ගැලවී සුවපත් වෙනු දකින්නට ඇති ඔහුගේ කරුණාව නිසාය.

ඒ ලෙසින්ම ආයුෂ්මතුනි, මේ කාය, වචී සහ මනෝ තෙදොරින්ම අසන්වරවූ මේ මිනිසා කිසි දාක සිත එකඟ කරගන්නට නොදත්, මේ මිනිසා මේ අනතුරින් මිදේවා හැගීමෙන්;

  • අහෝ මේ පුද්ගලයා කාය දුශ්චරිතෙන් මිදී සුචරිතය පුහුණු කරත්වා ,
  • ඔහුගේ වචීදුස්චරිතය හැර වචී සුචරිතය දියුණු වෙත්වා
  • ඔහුගේ මනෝ දුෂ්ක්රියා හැර යෝනිසෝ මනසිකාරය ඇති කර ගනිත්වා

“කුමක් නිසා එසේ පතන්නේද යත්:
මේ ජීවිතය නිමා කොට ඔහු කාලක්‍රියා කල පසු ඔහු සදා දුක් ලැබෙන නරකයක උපත නොලබත්වා. යන තමාගේ නිර්මල සත්පුරුෂ භාවය නිසාය.

“ඇවැත්නි, කාය, වචී සහ මනෝ තෙදොරින්ම අසන්වරවූ මේ පුද්ගලයා කෙරෙහිද මෙසේ මෛත්‍රී පෙරදැරිව ඔහු කෙරෙහි වූ නුරුස්නා බව අමනාපය දුරු කටයුතු වේ.

(v) . “ඇවැත්නි, ඇතැම් පුද්ගලයෙක් පිරිසිදුවූ කාය හැසිරීම ඇත්තේය, පිරිසිදුවූ වචනයෙන් හැසිරීම ඇත්තේය, කලින් කල චිත්තයාගේ අවකාශයක්, චිත්තයාගේ ප්‍රසාදයකුත් ලබාද, ඇවැත්නි, මෙබඳු පුද්ගලයා කෙරෙහිද නුරුස්නා සිත, තරහව දුරු කටයුතු වේ.

“ඇවැත්නි, බොහෝ සුවිසල් ගහින් සෙවන වූ යම් වන පෙතක සිසිල් දිය පිරුණු, පිරිසුදු පොකුණක් වේ.

බොහෝ දුර ගමනින් දැඩි වෙහෙසට පත්, ඇඟ පත මුව වියලී ගිය සිරුරින් යුත් , මහා පිපාසයෙන් පෙලෙන මගියෙකු මේ පොකුණ වෙත ආවොත්, ඔහු වහා දියට පැන සිය සියොළඟ සිසිල් කර ගනී.

සිසිල් පැන් බී පිපාසය සිඳුවා ගනී. පසුව පොකුනින් ගොඩවුත් සිහිල් ගස් සෙවනේ වැතිර හෝ හිඳ සතුටින් ඉන්නේය.

“ඇවැත්නි, එමෙන්ම කාය සංවරයෙන් යුත්, වචී සංවරයෙන් යුත්, මේ තැනැත්තා ඉඳ හිට තමා ලබන චිත්ත ඒකාග්‍රතාව , සමාධිය වඩා ගන්නට නිතොර ලබා ගන්නට උත්සාහ කරන්නේ නම් එසේ කරගන්නට ඔහුට හැකිවනු ඇත. 1159

කවදා හෝ එසේ උතුම් ආර්යත්වයකට පත්වන මේ මනුෂ්‍යයා කෙරෙහි මගේ ඇති අමනාපය නොමනාය. නොසුදුසුය. මෙසේ සිතා ඔහු කෙරෙහි ඇති නුරුස්නා ගතිය දුරු කර ගත හැක.

[1159: සමන්ත පාසාදිකන් ආවුසො පුග්ගලං ආගම්ම චිත්තං පසීදති.” කාය වචී සුචරිතයේ යෙදුනු මේ පුද්ගලයා කෙරෙහි ඇති අමනාපය ඉතා පහසුවෙන් දුරු කර ගත හැක.]

“ඇවැත්නි, මේ දේසනා කල ආකාර පහ, භාවිතා කිරීමෙන් යම් අරමුණක භික්‍ෂුහුගේ උපන්නාවූ නොරුස්ආනා ගතිය, අමනාපය, තරහව දුරු කර ගත හැක.

AN 05-17-03. අලංසාකච්ඡ සූත්‍රය 

“එකල්හි දිනක් ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ, “ඇවැත්නි මහණෙනි,” යි භික්‍ෂූන්ට ඇමතූ සේක.
“ඇවැත්නි” කියා ඒ භික්‍ෂූහු ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන්ට ප්‍රතිවචන දුන්හ.
ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම මෙය වදාළේය.

“ඇවැත්නි, ගුණ ම පසකින් යුක්තවූ භික්‍ෂුවක් සහ බ්‍රහ්මචාරීන් විසින් සාකච්ඡාවට සහභාගී කර ගැනීම සුදුසු වෙයි.
“කවර පසකින්ද යත්?

ඇවැත්නි, මේ ශාසනයෙහි භික්‍ෂුවක්,

(i) තමන් ශීලය ආරක්ෂා කරමින්, ශීල සම්පත්තිය පිළිබඳ ප්‍රශ්න විසදන්නේද,
(ii) තමන් සමාධියෙන් යුක්තව, සමාධි සම්පත්තිය පිළිබඳ ප්‍රශ්න විසඳන්නේද,
(iii) තමන් ප්‍රඥාවෙන් යුක්තව, ප්‍රඥා සම්පත්තිය පිළිබඳ ප්‍රශ්න විසඳන්නේත්ද,
(iv) තමන් විමුක්තියෙන් යුක්තව, විමුක්ති සම්පත්තිය පිළිබඳ ප්‍රශ්න විසඳන්නේද,
(v) තමන් විමුක්ති ඥාන දර්‍ශනයෙන් යුක්තව, විමුක්ති ඥාන දර්‍ශන සම්පත්තිය පිළිබඳ ප්‍රශ්න විසඳන්නේද, යන පසිනි.

මේ ගුණ පහෙන් යුතු භික්ෂුව අනෙක් සබ්‍රහ්මචාරී භික්ෂුන් විසින් ධර්ම සාකච්චා පිණිස සහභාගී කර ගැනීම සුදුසු වේ.

AN 05-17-04. අලසාංජීව සූත්‍රය

“එකල්හි දිනෙක ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ, “ඇවැත්නි මහණෙනි,” යි භික්‍ෂූන්ට ඇමතූ සේක.
“ඇවැත්නි” කියා ඒ භික්‍ෂූහු ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන්ට ප්‍රතිවචන දුන්හ.
ආයුෂ්මත් ස්ථවිරයන් වහන්සේ මෙය වදාළේය.

“ඇවැත්නි, ගුණ පසකින් යුක්තවූ භික්‍ෂුවක් සබ්‍රම්සරුන්ගේ හා සමග එක්ව විසීම1060 සුදුසු වේ.

[1060:- සජීවෝ ති පන්හාපුච්චන්චේව පන්හා විස්සජ්න්ච. එක්ව වාසය කිරීම, එක්ව සාකච්චා කිරීම්, ප්‍රතිපත්ති පුරන භික්ෂුවකට අවශ්‍ය කාරනා වෙ.]

“කවර පසකින්ද යත්?

ඇවැත්නි, මේ ශාසනයෙහි භික්‍ෂුව,

(i) තමනුත් ශීලය ආරක්ෂා කරමින්, ශීල සම්පත්තිය පිළිබඳ ප්‍රශ්න විසඳන්නේද,
(ii) තමනුත් සමාධියෙන් යුක්තව, සමාධි සම්පත්තිය පිළිබඳ ප්‍රශ්න විසඳන්නේද,
(iii) තමනුත් ප්‍රඥාවෙන් යුක්තව, ප්‍රඥා සම්පත්තිය පිළිබඳ ප්‍රශ්න විසඳන්නේත්ද,
(iv) තමනුත් විමුක්තියෙන් යුක්තව, විමුක්ති සම්පත්තිය පිළිබඳ ප්‍රශ්න විසඳන්නේද,
(v) තමනුත් විමුක්ති ඥාන දර්‍ශනයෙන් යුක්තව, විමුක්ති ඥාන දර්‍ශන සම්පත්තිය පිළිබඳ ප්‍රශ්න විසඳන්නේද, ,
යන පසිනි.

AN 05-17-05. පඤ්ච පුච්ඡන සූත්‍රය

“එකල්හි දිනක් ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ, “ඇවැත්නි මහණෙනි,” යි භික්‍ෂූන්ට ඇමතූ සේක. “ඇවැත්නි” කියා ඒ භික්‍ෂූහු ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන්ට ප්‍රතිවචන දුන්හ. ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙය වදාළේය.

“ඇවැත්නි, යම්කිසිවෙක් ප්‍රශ්න අසයිද. ඒ ප්‍රශ්න අසන්නේ කරුණු පහක් නිසාය.
ඒ පහෙන් කිහිපයක් හෝ ඒ පහෙන් එකක් නිසාය.

“කවර පසකින්ද යත්?

(i) තමන් නුවණ මඳ බැවින්, හෝ කාරනා පටලා ගෙන ඉන්නා බැවින්
(ii) තමන් ධර්මය හොඳින් දන්නේයැයි පෙන්නන්නට ඇති ආසාව නිසා,
(iii) අනෙකාව ගර්හාවට පත් කිරීමේ, පරිභව කිරීමේ අදහසින් ,
(iv) කරුණු කාරණා ඇත්තටම දැන ගැනීමේ අදහසින්,
(v) . මේ ප්‍රශ්නයට ඔහු නිවැරදිව පිළිතුරු දෙන්නේ නම් පිලි ගනිමි. වැරදි පිළිතුරක් දේ නම් මම එය නිවැරදි කොට කියා දෙමි. යන අදහසින් .

“ඇවැත්නි, යම්කිසිවෙක් අනිකෙකුගෙන් ප්‍රශ්න අසයිද. ඒ අසන්නේ මේ කරුණු පසකින් එකක් හෝ කිහිපයක් නිසා හෝ වෙයි.”

AN 05-17-06. වෙදයිත නිරෝධ සූත්‍රය

“එකල්හි දිනක් ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ, “ඇවැත්නි මහණෙනි,” යි භික්‍ෂූන්ට ඇමතූ සේක. “ඇවැත්නි” කියා ඒ භික්‍ෂූහු ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන්ට ප්‍රතිවචන දුන්හ. ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙය වදාළේය.

“ඇවැත්නි, මේ ශාසනයෙහි භික්ෂුවක් ශීලයෙන් යුක්තවූයේ නම්, සමාධියෙන් යුක්තවූයේ නම්, ප්‍රඥාවෙන් යුක්තවූයේ නම් සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට තමන් රිසි සේ සමවදින්නේය. තමන් රිසි සේ එයින් නැගිටින්නේය.”.

ඉදින් මේ ආත්මයෙහිම රහත්බවට නොපැමිණෙන්නේ නම් කබලිකාර ආහාරයෙන් ජීවත්වන දේව සමුහයාට1161 වඩා උසස් වූ මනෝ කාය1162 ඇති දෙවියන් අතර ඉපිද , එහිදී ද සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට තමන් රිසි සේ සමවදින්නේය. ඉන් තමන් රිසිසේ නික්මෙන්නේය” යි සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේ වදාළේය.

[1161:- කබලිකාර ආහාර භාක්කනන් දේවානං” සෙන්ඛ තලයේ මේ දේව සමුහයා ඉන්නේයැයි කියැවේ]
[1162:- අනන්තරන් මනොමයන් කායන්: ධ්‍යාන වඩා බ්‍රහ්ම ලෝකවල පහල වූ මනෝමය කාය ඇති දෙවියන්]

මෙසේ කී කල්හි ආයුෂ්මත් උදායී ස්ථවිරයන් ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන්ට මේසේ කීයේය.

“ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයෙනි, මෙය විය නොහැකිය. භික්ෂුවක් කබලීකාරාහාරය බුදින්නාවූ දෙවියන් ඉක්මවාම, මනෝමය බ්‍රහ්ම කයකට පැමිණ, සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට යලි සමවදින්නේය ඉන් නැගිටින්නේ ය යන්න සිදු විය නොහැක.”

“දෙවනුවද, ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කෙළේය.

“ඇවැත්නි, මේ ශාසනයෙහි භික්‍ෂුවක් ශීලයෙන් යුක්තවූයේ, සමාධියෙන් යුක්තවූයේ, ප්‍රඥාවෙන් යුක්තවූයේ, මේ ආත්මයෙහි රහත්බවට නොපැමිණෙන්නේ නම්, කබලිකාර ආහාරයෙන් ජීවත්වන දේව සමුහයාට වඩා උසස් වූ මනෝ කාය ඇති දෙවියන් අතර ඉපිද , එහිදී ද සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට තමන් රිසි සේ සමවදින්නේය. ඉන් තමන් රිසිසේ නික්මෙන්නේය” යි සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේ නැවත වදාළේය.

මෙසේ කී කල්හි ආයුෂ්මත් උදායී ස්ථවිර යන් ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන්ට නැවත මේ කීයේය. “ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයෙනි, මෙය කරුණු රහිතයි. අවකාශ රහිතය. ඒ භික්‍ෂු තෙම කබලීකාරාහාරය අනුභව කරන්නාවූ දෙවියන්ගේ සහභාවය ඉක්මවාම එක්තරා මනෝමය බ්‍රහ්ම කයකට පැමිණියේ සංඥා වේදයිත යන නිරෝධ සමාපත්තියට සමවදින්නේද එයින් නැගිටින්නේද යන යමක් ඇද්ද, මේ කරුණ විය නොහැක.

“තුන්වෙනුවද ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කෙළේය….. එවරද ආයුෂ්මත් උදායී ස්ථවිරයන් එය විය නොහැකි බව කීය.

“ඉක්බිති ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන්ට මේ අදහස විය. තුන්වෙනි වර දක්වාම ආයුෂ්මත් උදායී ස්ථවිරයන් මගේ වචනය පිලි නොගනී. මාගේ වචනය අනුමෝදන් නොවෙයි. මම භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නා තැනට ගොස් මේ විසඳා ගන්නෙමි” යි කියායි

ඉක්බිති ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන් භාග්‍යවතුන් වහන්සේ වැඩ හුන් තැනට පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හිඳ භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කෙළේය.
“ඇවැත්නි, මේ ශාසනයෙහි භික්‍ෂුවක් ශීලයෙන් යුක්තවූයේ, සමාධියෙන් යුක්තවූයේ, ප්‍රඥාවෙන් යුක්තවූයේ, මේ ආත්මයෙහි රහත්බවට නොපැමිණෙන්නේ නම්, කබලිකාර ආහාරයෙන් ජීවත්වන දේව සමුහයාට වඩා උසස් වූ මනෝ කාය ඇති දෙවියන් අතර ඉපිද , එහිදී ද සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට තමන් රිසි සේ සමවදින්නේය. ඉන් තමන් රිසිසේ නික්මෙන්නේය” යි සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේදීම නැවත වදාළේය

මෙසේ කී කල්හි ආයුෂ්මත් උදායී ස්ථවිරයන් ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන්ට මේ කීයේය.
“ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයෙනි, මෙය විය නොහැකිය. භික්ෂුවක් කබලීකාරාහාරය බුදින්නාවූ දෙවියන් ඉක්මවාම, මනෝමය බ්‍රහ්ම කයකට පැමිණ, සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට යලි සමවදින්නේය ඉන් නැගිටින්නේ ය යන්න සිදු විය නොහැක.”

“දෙවනුවද, ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කෙළේය.
“ඇවැත්නි, මේ ශාසනයෙහි භික්‍ෂුක්ශීලයෙන් යුක්තවූයේ, …සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට තමන් රිසි සේ සමවදින්නේය. ඉන් තමන් රිසිසේ නික්මෙන්නේය”
එවරත් ආයුෂ්මත් උදායි ” එය පිළිගැනීම ප්‍රතික්ෂේප කළේය.

“තුන්වෙනුවද ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කොට මේ කාරණය දේසනා කලත් එවරද ආයුෂ්මත් උදායි ස්ථවිරයන් ඒ ප්‍රතික්ෂේප කළේය..

“ඉක්බිති ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන්ට මෙසේ සිත් විය.. භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහිද ආයුෂ්මත් උදායී ස්ථවිරයන් තුන්වෙනි වර දක්වා මා කල දේශනාව ප්‍රතික්ෂේප කළේය. එනිසා මාගේ වචනය කිසි භික්‍ෂුවක් අනුමෝදන් නොවෙයි. මම නිශ්ශබ්ද වන්නෙම් නම් යෙහෙක” කියායි. ඉක්බිති ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන් නිශ්ශබ්ද වූයේය.

“එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් උදායී ස්ථවිරයන්ට ආමන්ත්‍රණය කළ සේක.
“උදායීය, ධ්‍යාන සිතින් උපදවා ගත් මනෝමය කාය යනුවෙන් ඔබ කුමක් වටහා ගන්නේද? ”

“ස්වාමීනි, සංඥාව පමණක් ඇති රුපයක් නැති දෙවියන් යැයි මම සිතමි1163 . ” යි කීයේය.

[1163:- යෙ තේ භන්තේ, දේවා අරුපීනො සංඥාමයා ” උදායි ස්තවිරයන් අරුපි බ්‍රහ්ම ලෝක වල දෙවියන් හා සඥාව පමණක් ඇති දේව කොටස් පටලවා ගත් බවක් මේ ප්‍රකාශයෙන් පෙනේ.]

“උදායීය, අඥානවූ, අව්‍යක්තවූ තොපගේ කීම අර්ථ සුන්‍යය. තමා නොදන්නා දෙයක් ගැන කටමැත දෙඩවීම කල යුතු යැයි නුඹ හඟින්නෙහිද?” වදාළේය.

“ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට ආමන්ත්‍රණය කළ සේක.
ආනන්‍දය, ජේෂ්ඨ ස්ථවිරයන් වහන්සේ කෙනෙකුව නොමනා ලෙස හිරි හැර කරනු දකිමින් ඔබ නිකන් බලා ඉඳීම හරිද?’
ආනන්‍දය, ස්ථවිර භික්‍ෂුව වෙහෙසනු ලබන කල්හි උන්වහන්සේ කෙරෙහි කිසි කරුණාවක්, අනුකම්පාවක් ඇති නොවන්නේද?

පසුව භාග්‍යවතුන් වහන්සේ අනෙක් භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක.

“මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුවක් ශීලයෙන් යුක්තවූයේ නම් , සමාධියෙන් යුක්තවූයේ නම් ඔහුට රිසි සේ ඔහු සංඥා වෙදයිත නිරෝධ සමාපත්තියට සමවදින්නේය. ඔහුට රිසි සේ එයින් නික්මෙන්නේය. ඉදින් මේ ආත්මයෙහිම අර්හත්‍වයට නොපැමිණෙන්නේ නම් කබලීකාහාර බුදින්නාවූ දෙවියන්ගේ සහභාවය ඉක්මවාම, ධ්‍යාන සිතින්ලැබූ අරුපි බ්‍රහ්ම කයක් ලබා එහිදීද රිසි සේ සංඥා වේදයික නිරෝධ සමාපත්තියට සමවදින්නේය, රිසි සේ එයින් නැගිටින්නේය.” යි’ භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එසේ සුගතයන් වහන්සේ වදාරා හුනස්නෙන් නැගිට විහාරයට වැඩිය සේක.

ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් භාග්‍යවතුන් වහන්සේ නිකුත්ව ගිය පසු, ආයුෂ්මත් උපවාන ස්ථවිරයන් හුන් තැනට පැමිණ, ආයුෂ්මත් උපවාන ස්ථවිරයන්ට මෙය කීවේය.
‘ආයුෂ්මත් උපවාන ස්ථවිරයෙනි, සමහරු වැඩිමහලු ආචාර්ය ස්ථවිර භික්‍ෂූන් වෙහෙසෙත්. අපි ඔවුන්ට කිසිවක් නොකීවෙමු.1164

[1164:- මයං තේ න පුච්චාම’ ලෙස බුද්ධ ජයන්ති ත්‍රිපිටකයෙහි ඇති අයුරින්]

ආයුෂ්මත් උපවාන ස්ථවිරයෙනි, භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි මෙම කාරණය අරභයා යම් ප්‍රකාශයක් කරාවි යැයි මම සිතමි. මා මෙයට මැදිහත් නොවීම නිසා භාග්‍යවතුන් වහන්සේ මට දොස් කී නිසා මගෙන් නැවත විමසන්නේ නැතිව මේ සම්බන්ධයෙන් භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගෙන් මේ සිදුවීම ගැන අසන්නට පිළිවන.” යි1165 කීයේය.

[1165 :- යථා ආයස්මන්තන් යෙ වෙත්ත උපවානං පටිභාසෙව්ය:-]

“ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි පල සමවතින් නැගී සිටි සේක් උපස්ථාන ශාලාව වෙත පැමිණ, පනවන ලද අස්නෙහි වැඩහිඳ ආයුෂ්මත් උපවාන ස්ථවිරයන්ට මෙය වදාළ සේක

‘උපවානය, කෙතෙක් ගුණ වලින් යුක්තවූ ස්ථවිර භික්‍ෂුවක් සම බ්‍රහ්මචාරීන්ට ප්‍රියයෙක්ද. මනාපවූවෙක්ද ගරු කටයුත්තෙක්ද, බුහුමන් කටයුත්තෙකුත් වේද?”

“ස්වාමීනි, ධර්‍ම පසකින් යුක්තවූ ස්ථවිර භික්‍ෂුවක් සබ්‍රහ්මචාරීන්ට ප්‍රියවූවෙක් වේ. මනාපවූවෙක් වේ. ගරු කටයුත්තෙක් වේ, බුහුමන් කටයුත්තෙක්ද වේ.

“කවර පසකින්ද යත්?
ස්වාමීනි, මේ ශාසනයෙහි ස්ථවිර භික්‍ෂුව

(i) සිල්වත් වේද, ප්‍රාතිමොක්‍ෂ සංවරයෙන් යුක්තවූයේ වේද, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තවූයේ, ස්වල්ප තරම් වරදවල භය දක්නා ගති ඇතුව වාසය කෙරේද, ශික්‍ෂාපදයන්හි සමාදන්ව ශික්‍ෂාවෙහි හික්මේද,

(ii) බහුශ්‍රුතවේද, ඇසූ දෙය මනාව දරන්නේද ,වන පොත් කරන ලද්දේද, අසන ලද්ද සජ්ජායනා කරමින් සිහියේ දරන්නේද, විදර්ශනා කරනු ලබන්නේද, දෘෂ්ටියෙන් මනාව ප්‍රතිවේධ කරගන්නා ලද්දේද,

(iii) දක්ෂ ධර්ම දේශකයෙකු වේද, යහපත් වචන ඇත්තේ, යහපත් වචන උච්චාරණය ඇත්තේ, විහිදුවන ලද, කෙළතොලු නොවූ ලෙස , අර්ත්‍ථය පැහැදිලිව තේරුම් ගත හැකි ලෙස ධර්මය දේශනා කරන්නේද,

(iv) තමන්ට රිසි සේ ආයාසයකින් තොරව පහසුවෙන් එළඹ මේ ආත්මයෙහි සැප විහරණ ඇත්තාවූ, සතර ධ්‍යානයන්ට තමන් රිසි සේ එළඹීමට හැකියාවක් ඇතිද,

(v) සියළු ආශ්‍රව සිඳ අර්හත් ඵල සමාධිය, අර්හත් ඵල ප්‍රඥාව මෙලොවදීම තම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කෙරේද,”
යන පසිනි.

“ස්වාමීනි, එම ගුණ ධර්‍ම පසකින් යුක්තවූ ස්ථවිර භික්‍ෂුව සබ්‍රහ්මචාරීන්ට ප්‍රියවූවෙක්ද. මනාපවූවෙක්ද , ඔවුන් විසින් ගරූ කටයුත්තෙක්ද, බුහුමන් කටයුත්තෙක්ද වේ.

“උපවානය, යහපති. යහපති, උපවානය.
මේ ධර්‍ම පසින් වනාහි යුක්තවූ ස්ථවිර භික්‍ෂුව බ්‍රහ්මචාරීන්ට ප්‍රියවූවෙක්ද. මනාපවූවෙක්ද ගරු කටයුත්තෙක්ද, බුහුමන් කටයුත්තෙක්ද වේ.

උපවානය, ඉදින් මේ පඤ්ච ධර්‍මයෝ ස්ථවිර භික්‍ෂුවක් වෙත නොවේ නම්, ඔහු බ්‍රහ්මචාරීන්ට ප්‍රියවූවෙක්. මනාපවූවෙක්, ඔවුන් විසින් ගරු කටයුත්තෙක්, බුහුමන් කටයුත්තෙක් වීමට වෙනත් හේතු කාරනා වෙත් ද?. දත් වැටුනු බැවින්, හිස කෙහෙ පැසුනු බැවින්ද, ඇඟ රැලි වැටුනු බැවින්, වයෝවෘද්ධ වුනු බැවින් ?
උපවානය මේ පඤ්ච ධර්‍මයෝ ස්ථවිර භික්‍ෂුහුගේ පවතිද්ද, එහෙයින් ඔහුට බ්‍රහ්මචාරීහු සත්කාර කරත්. ගෞරව කරත්. බුහුමන් කරත්. පූජා කරත්ය” යි වදාළ සේක.

AN 05-17-07. චොදක ධම්ම සූත්‍රය

§ 1. සැවත් නුවර දී.

දිනක් ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ, “ඇවැත්නි මහණෙනි,” යි භික්‍ෂූන්ට ඇමතූ සේක. “ඇවැත්නි” කියා ඒ භික්‍ෂූහු ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන්ට ප්‍රතිවචන දුන්හ. ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙය වදාළේය.

§ 2. “ඇවැත්නි, අනික් භික්ෂුවකට චෝදනා කරණ චෝදක භික්‍ෂූව විසින් කරුණු පසක් තමන් කෙරෙහි පිහිටුවා එසේ අන්‍යයාට චෝදනා කටයුතු වේ.
“කවර පසක්ද යත්?

(i) සුදුසු වෙලාවක කියන්නෙමි, නුසුදුසු වෙලාවක නොකියන්නෙමි.
(ii) අභූත සිද්ධියක් ගැන නොව සත්‍යවශයෙන් ම සිදුවූවක් ගැන චෝදනා කරමි.
(iii) මෘදු වශයෙන් කියන්නෙමි, සැර පරුෂ ලෙස නොකියන්නෙමි.
(iv) ඔහුට වැඩ සහිත වෙන ලෙස කියන්නෙමි, අවැඩ පිණිස නොකියන්නෙමි.
(v) ද්වේෂ සිතින් නොව මෛත්‍රී සිතින් කියන්නෙමි,
යන පසයි.

“ඇවැත්නි, අනිකාට චෝදනා කරණ චෝදක භික්‍ෂූහු විසින්එම කරුණු පස තමන් කෙරෙහි පිහිටුවා අන්‍යයාට චෝදනා කටයුතු වේ.

“ඇවැත්නි, මේ ශාසනයෙහි අවේලාවෙහි චෝදනා කරන්නාවූ, සුදුසු කාලයක් බලා චෝදනා නොකරන්නාවූ , චුදිතයාව කලබල කරන්නාවූ1165 , ඇතැම් පුද්ගලයන් දක්නෙමි. අභූතයෙන් චෝදනා කරණු ලබන්නාවූ, ඵරුෂ වශයෙන් චෝදනා කරන්නාවූ, කිපියාවූද, අවැඩ යුක්තවූවකින් චෝදනා කරන්නාවූ, ද්වේෂ සිතින් චෝදනා කරන්නාවූ, පසුව ඒ ගැන පසුතැවෙන්නාවූ, ඇතැම් පුද්ගලයන් දක්නෙමි.

[1165:- නො කාලෙන කුපිතං ” මෙහි කුපිත වචනය යොදා ඇත්තේ මන්දැයි අපැහැදිලිය. කුපිත යන පාලි වචනය ,අවුල් කරවන, කලබල කරවන, තරහ ගස්සන ලෙස සිංහලෙන් කිව හැක. මෙහි යෙදීම අපැහැදිලි එනිසාය.]

§ 3 . “ඇවැත්නි, ධර්‍මයෙන් පරිභාහිර විධියකට චෝදනා කරණ ලද විට භික්‍ෂුවක් පස් ආකාරයකින් පසුතැවීම සිතෙහි නැති කර ගත යුතුයි.

(i) .“ඇවැත්නි, ඔබට සුදුසු වෙලාවක නොව, නුසුදුසු කල්හි චෝදනා කරණ ලදී.
ඒ නිසා තොපට පසුතැවිලි වීමට කාරණාවක් නැත.

(ii). ආයුෂ්මතුන්ට අසත්‍යයෙන් චෝදනා කරණ ලදී. සත්‍යයෙන් නොවේ.
තොප ඒ නිසා දුක්වීම නොසුදුසුය .

(iii).ආයුෂ්මතුන්ට ඵරුෂ වශයෙන් චෝදනා කරණ ලදී. මෘදු වශයෙන් නොවේ.
තොප ඒ නිසා විපිළිසර වීම නොසුදුසුය.

(iv)ආයුෂ්මතුන් අවැඩ සහිත ලෙස චෝදනා කරණ ලදී. වැඩ සහිත ලෙස නොවේ.
තොපට ඒ නිසා විපිළිසර වීම නොසුදුසුය.

ආයුෂ්මතුන්ට ද්වේෂ සිතින් චෝදනා කරණ ලදී. මෛත්‍රී සිතින් නොවේ.
ඒ නිසා තොපට විපිළිසර වීම අනවශ්ය‍ය.

“ඇවැත්නි, ධර්‍මයෙන් බැහැරව චෝදනා ලැබූ භික්‍ෂුහට මේ පස් ආකාරයෙන් විපිළිසර වීමෙන් බැහැර විය හැකිය.

§ 4. “ඇවැත්නි, ධර්‍මයෙන් පරිබාහිරව අන් භික්ෂුවකට චෝදනා කරන්නාවූ චෝදක භික්ෂුව මේ පස් ආකාරයෙන් පසුතැවිලි වීමට සුදුසුය.

(i). ආයුෂ්මතුන් වෙලාව නොබලා අව්ලාවෙහි චෝදනා කරණ ලදී.
ඒ ගැන තොපට විපිළිසර වීමට සුදුසුය.
(ii). ආයුෂ්මතුන් අසත්‍යයෙන් චෝදනා කරණ ලදී.
ඒ ගැන තොපට විපිළිසර වීමට සුදුසුය. .
(iii) . ආයුෂ්මතුන් ඵරුෂ වශයෙන් චෝදනා කරණ ලදී.
ඒ ගැන තොපට විපිළිසර වීමට සුදුසුය.
(iv) . ආයුෂ්මතුන් අවැඩ සහිත ලෙස චෝදනා කරණ ලදී..
ඒ ගැන තොපට විපිළිසර වීමට සුදුසුය.
(v) . ආයුෂ්මතුන් ද්වේෂ සිතින් චෝදනා කරණ ලදී. .
ඒ ගැන තොපට විපිළිසර වීමට සුදුසුය.

ඇවැත්නි, ධර්‍මයෙන් පරිබාහිරව චෝදනා කරන්නාවූ භික්‍ෂුවක් මේ පස් ආකාරයෙන් විපිළිසර වීම, පසුතැවිලි වීම සුදුසුය. ඊට හේතු කවරේද? යම්සේ අන්‍ය භික්‍ෂුවක් තමන් කල ලෙස එසේ අවේලාවෙහි, අසත්‍යයෙන් , පරුෂ ලෙස, අවැඩ පිණිස, ද්වේශ සිතින් තවත් භික්ෂුවකට චෝදනා කරනු වැලැක්වීම පිණිසය.

§ 5. සමහර විට මම තවත් භික්ෂුවක සබ්‍රහ්මචරියෙකුගේ ඇවතක් දැන, වෙලාව බලා, සත්‍යය ඇවතක් නිසා, පරුෂ ලෙස නොව, ඔහුගේ මතු යහපතම සලකා , මෛථ්රී සිතින් චෝදනා කරනු දැක ඇත්තෙමි.

“ඇවැත්නි, මෙසේ ධර්ම විනයානුකුලව චෝදනා කල විට ඒ චුදිත භික්කෂුව තුල මෙසේ පස් පසු තැවීම ඇති කල යුතුය.

(i) “ඇවැත්නි, තොපට නිසි වෙලාව බලා සුදුසු කල්හි චෝදනා කරණ ලදී.
නුසුදුසු කල්හි නොවේ. ඒ නිසා තොප පසුතැවීම සුදුසුය.
(ii) “ඇවැත්නි, තොපට සත්‍ය ඇවතක් නිසා චෝදනා කරණ ලදී. අසත්‍යයෙන් නොවේ.
ඒ නිසා තොප පසුතැවීම සුදුසුය.
(iii) “ඇවැත්නි, ඵරුෂ වශයෙන් නොව, මෘදු වශයෙන් චෝදනා කරණ ලදී.
ඒ නිසා තොප පසුතැවීම සුදුසුය.
(iv) “ඇවැත්නි, තොපගේ අවැඩ පිණිස නොව, වැඩ පිණිස චෝදනා කරණ ලදී.
ඒ නිසා තොප පසුතැවීම සුදුසුය.
(v) “ඇවැත්නි, ද්වේෂ සිතකින් නොව, මෛත්‍රී සිතින් තොපට චෝදනා කරණ ලදී.
ඒ නිසා තොප පසුතැවීම සුදුසුය.

“ඇවැත්නි, ධර්‍මයානුකුලව චෝදනා කරණ ලද භික්‍ෂුහට මේ පස් ආකාරයෙන් පසුතැවීම ඉපදවිය යුතුයි.

§ 6. “ඇවැත්නි, ධර්‍මයෙන් චෝදනා කරන්නාවූ භික්‍ෂුහට පස් ආකාරයකින් පිළිසර නොවීම ඉපදවිය යුතුයි.

(i). “ඇවැත්නි, ඔබ සුදුසු කල්හි චෝදනා කරණ ලදී. නුසුදුසු කල්හි නොවේ.
තොපට විපිළිසර වීම ට කාරනා නැත.
(ii). ආයුෂ්මත්නි ඔබ සත්‍ය කරුණක් නිසා චෝදනා කරණ ලදී. අසත්‍යයෙන් නොවේ.
තොපට විපිළිසර වීම ට කාරනා නැත.
(iii). ආයුෂ්මත්නි ඔබ මෘදු වශයෙන් චෝදනා කරණ ලදී. ඵරුෂ වශයෙන් නොවේ.
තොපට විපිළිසර වීම ට කාරනා නැත.
(iv) ආයුෂ්මත් තෙමේ වැඩ සහිත වූවකින් චෝදනා කරණ ලදී. අවැඩ සහිත වූවකින් නොවේ.
තොපට විපිළිසර වීම ට කාරනා නැත.
(v) ආයුෂ්මත් තෙමේ මෛත්‍රී සිතින් චෝදනා කරණ ලදී. ද්වේෂ සිතකින් නොවේ.
තොපට විපිළිසර වීම ට කාරනා නැත.

“ඇවැත්නි, ධර්‍මයෙන් චෝදනා කරන්නාවූ චෝදක භික්‍ෂුහට මේ පස් ආකාරයෙන් පිළිසර වීම නැති කල යුතුයි.
ඊට හේතු කවරේද?
යම් සේ අන්‍ය භික්‍ෂුවක් , සිය සබ්‍රහ්මචාරි භික්ෂුවක් ඇවතට පත්වනු දුටු කල මෙසේ චෝදනා කටයුතු කරන්නට ඉඩ සලසන ලෙසය.

§ 7. “ඇවැත්නි, චෝදනා ලද පුද්ගලයා විසින් සත්‍යයෙහිද, නොකිපීමෙහිද යන ධර්‍ම දෙක්හි පිහිටිය යුතුයි.

“ඇවැත්නි, ඉදින් මටම සුදුසු කල්හි හෝ නුසුදුසු කල්හි, සත්‍යයෙන් හෝ අසත්‍යයෙන් හෝ, මෘදු වශයෙන් හෝ ඵරුෂ වශයෙන් හෝ, මගේ දියුණුව පිණිස හෝ, මගේ අවැඩ පිණිස හෝ , මෛත්‍රී සිතින් හෝ ද්වේෂ සිතකින් හෝ අන්‍යයෝ මට චෝදනා කරන්නාහු නම් මම සත්‍යයෙහිද නොකිපීමෙහිද යන ධර්‍ම දෙක්හිම පිහිටන්නෙමි. ඉදින් මා කෙරෙහි මේ අධර්‍මය ඇතැයි දන්නෙම් නම්, මේ අගුනය මා කෙරෙහි ඇත්තේයයි පිලිගනිමි. ඉන් වැලකෙමි.

ඉදින් මේ ධර්‍මය මා කෙරෙහි නැත්තේයයි දන්නෙම් නම්, මේ ධර්‍මය මා කෙරෙහි නැත්තේයයි කියන්නෙමි” යි කීයේය.

§ 8. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“ සාරිපුත්තය ! ඔබ මෙසේ මේ භික්ෂුන්ට ධර්මය කියාදෙන විටත්, සමහර අඥාන මහනුන් ඔබගේ ඉගැන්වීම් ශ්‍රද්ධාවෙන් පිලි නොගනී. ඔබ ඒ ගැන කුමක් කියන්නේද?

§ 9.“ස්වාමීනි, සමහර පුද්ගලයෝ මහණවී ඉන්නේ ශ්‍රද්ධාව නිසා නොව, ජීවිකා වෘතියක් වශයෙනි. ඔවුන් කෛරාටිකය, මායා ප්‍රයෝග සහිතය. කුහකය. උඩගුය. මානයෙන් ඉදිමුනාහ. වංකය. වාචාලය. දොඩමළුය. ඉන්ද්‍රිය සංවරයක් නැත්තෝය. කෑමෙහි සීමාවක් නොදන්නෝය, නින්දේ සීමාවක් නොදන්නෝය. ශ්‍රමණ පැවැත්මේ පටිපදාව නොදන්නෝය. ප්‍රතිපදාවේ හැසිරීමක් නො තකන්නොය. හුදෙකලාව ප්‍රිය නොකරන්නෝය, වෙර නොවඩන්නොය, අලසය, කිසිදා සමාධියක් නොදන්නෝය, ඉබාගාතේ යන සිත් ඇත්තෝය, අඥානය. ශ්‍රමණ ජීවිතට නොසුදුස්සෝය.

මා ධර්මය දේශනා කරන විට ඔවුන් ගෞරවයෙන් ඒ දේශනය පිලි නොගනී.

§ 10. “ස්වාමීනි, නමුත් බොහොමයක් කුලපුත්‍රයෝ ශ්‍රද්‍ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූ අයය, ඔවුන් කෛරාටික නැත, මායා නැත, අවංකය, උඩඟු නැත, උද්ගත මාන නැත, චපල නැත, දොඩමළු නැත, විසුරුණු වචන නැත, ඉන්‍ද්‍රියයන් සංවරය. භෝජනයෙහි පමණ . දන්නාහුය.නොඇලුනෝය, නීවරණයන් දුරු කිරීමේ ඕනෑකම ඇත්තෝය. පටන්ගත් වීර්යය ඇත්තෝය. භක්තිය ඇත්තෝය. ශ්‍රද්ධාවන්තය.. ප්‍රතිපදාව ගැන විශ්වාසය ඇත්තෝය, සතිමත් වුවෝය. සමාධියට හුරු සිත් ඇත්තෝය. අරඹන ලද වීර්යය ඇත්තෝය. ඥාණවන්තයෝය.

ඔවුන් වැඩි කතා නැත්තෝය. ඔවුන් මා විසින් මෙසේ කියනු ලබන්නාවූ ධර්මය, ශ්‍රද්ධාවෙන් පිලිගන්නොය.” යිද කීයේය.

§ 11. “ශාරීපුත්‍රය, ඒ කෛරාටික, මායා ප්‍රයෝග සහිත. කුහක. උඩගු. මානයෙන් ඉදිමුන. වංක. වාචාල. දොඩමළු. ඉන්ද්‍රිය සංවරයක් නැති. කෑමෙහි සීමාවක් නොදන්නා, නින්දේ සීමාවක් නොදන්නා. ශ්‍රමණ පැවැත්මේ පටිපදාව නොදන්නා. ප්‍රතිපදාවේ හැසිරීමක් නොතකන. හුදෙකලාව ප්‍රිය නොකරන, වෙර නොවඩන, අලස, කිසිදා සමාධියක් නොදන්නා, ඉබාගාතේ යන සිත් ඇත්තෝ, අඥානයෝ වෙද්ද, ඔවුහු සිටිත්වා.

“ශාරීපුත්‍රය, යම් කුලපුත්‍රයෝ වනාහි ශ්‍රද්‍ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූවාහුදව්, කෛරාටික නොවූවාහු, මායා නැත්තාහු, කෙටුහ නොදන්නාහු, උඩඟු නොවූවාහු, උද්ගත මාන නල නැත්තාහු, චපල නුවූවාහු, දොඩමළු නුවූවාහු, නොවිසුරුණු වචන ඇත්තාහු, ඉන්‍ද්‍රියයන්හි රක්නා ලද දොරටු ඇත්තාහු, භෝජනයෙහි පමණ දන්නාහු, නිදි දුරු කිරීමෙහි යෙදුනාහු, ශ්‍රමණ භාවයෙහි අපේක්‍ෂා ඇත්තාහු, ශික්‍ෂාවෙහි දැඩි ගෞරව ඇත්තාහු, ප්‍රත්‍යය බහුලකොට නැත්තාහු, සස්න ලිහිල් කොට නොගත්තාහු, නීවරණයන්ට බැස ගැන්මෙහි බහා තබන ලද ධුර ඇත්තාහු, ප්‍රකර්‍ෂ විවේකයෙහි පෙරදැරි වූවාහු, පටන්ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තාහු, හරණ ලද ආත්මාලය ඇත්තාහු, එළඹ සිටි සිහි ඇත්තාහු, මනා නුවණ ඇත්තාහු, සමාධි වූවාහු, එකඟවූු සිත් ඇත්තාහු, ප්‍රඥා ඇත්තාහු, කෙළතොලු නොවූවාහු වෙද්ද,

“ශාරීපුත්‍රය, ඔවුන්ට නුඹ ධර්මය දේශනා කරව., ශාරීපුත්‍රය, සබ්‍රම්සරුන්ට අවවාද කරව. ශාරීපුත්‍රය, සබ්‍රම්සරුන් අසද්‍ධර්මයෙන් ගලවා සද්‍ධර්මයෙහි පිහිටුවන්නෙමියි, සබ්‍රම්සරුන්ට අනුශාසනා කරව. ශාරීපුත්‍රය, මෙසේ තොප විසින් හික්මිය යුතුය” යි වදාළසේක.

AN 05-17-08 . සීල සූත්‍රය

ඇවැත්නි,

(i) ශීලයක් නොරකින, දුශ්ශීලයාට සම්මා සමාධියක් ලබන්නට කෙසේවත් නොහැකිවන්නේ ඔහුට සමාධියට අවශාකරන සීලය නොමැති කමෙනි.
(ii) සමාධිය නොලබා ඔහුට යතාභුත ඥාණ දර්ශණය 1166 නොලැබේ.
(iii) යථාභූත ඥාණ දර්ශනයෙන් තොරව නෙක්ඛම්මය හෝ
(iv) විරාගය පිළිබඳව ඔහුට් කිසිදු හැගීමක් ඇති නොවේ.
(v) නෙක්ඛම්ම හා විරාග නොදත් අයෙක් ව්මුක්තිය පිලිබඳ හැගීමක් හෝ විමුක්තිඥාන දර්ශනයක් ඇති නොවේ.

[1166:- මහණෙනි, පවට ලැජ්ජා භය නැති කල්හී, පවට ලැජ්ජා භය නැති තැනැත්තා හට ඉන්ද්‍රිය සංවරය නැමැති හේතු සම්පත් නැසුණේ වෙයි. ඉන්ද්‍රිය සංවරය නොමැති කල්හී, ඉන්ද්‍රිය සංවරය නැති තැනැත්තා හට සීලය නැමැති හේතු සම්පත් නැසුණේ වෙයි. සීලය නොමැති කල්හී, සිල් නැති තැනැත්තා හට සම්මා සමාධිය නැමැති හේතු සම්පත් නැසුණේ වෙයි. සම්මා සමාධිය නොමැති කල්හී, සම්මා සමාධිය නැති තැනැත්තා හට යථාභූත ඥානදර්ශනය නැමැති හේතු සම්පත් නැසුණේ වෙයි. යථාභූත ඥාන දර්ශනය නොමැති කල්හී, යථාභූත ඥානදර්ශනය නැති තැනැත්තා හට නිබ්බිදා විරාගය නැමැති හේතු සම්පත් නැසුණේ වෙයි. නිබ්බිදා විරාගය නොමැති කල්හී, නිබ්බිදා විරාගය නැති තැනැත්තා හට විමුක්ති ඥානදර්ශනය නැමැති හේතු සම්පත් නැසුණේ වෙයි. (AN 04-22-09 හිරෝත්තප්ප සුත්‍රය)]

ඇවැත්නි,
යම්සේ අතු හා කොළ අඩු ගසක් වේද, ඒ ගසේ පොත්ත ඝනකමෙන් අඩුවේ. ඒ ගසේ කඳ මහත්ව නොවැඩේ. අරටුවද හොඳින් නොවැඩේ.

ඇවැත්නි, එසෙයින් ම ශීලයක් නොරකිනා දුශ්ශීලයාට සම්‍යක් සමාධියක්1166 ඇති නොවේ. සම්‍යක්සමාධිය නැතිව යථාභූත ඥානදර්ශනය ඇති නොවෙයි. යථාභූත ඥානදර්ශනය නැතිව නෙක්ඛම්මය හෝ විරාගය පිළිබඳව ඔහුට කිසිදු හැගීමක් ඇති නොවේ. නෙක්ඛම්ම හා විරාග නොදත් ඔහුට ව්මුක්තිය පිලිබඳ හැගීමක් හෝ විමුක්තිඥාන දර්ශනයක් ඇති නොවේ.

[1166: අන්ගුත්තර නිකායේ පඤ්චංගික සමාධි සූත්‍රය කියවන්න.]

ඇවැත්නි, සිල්වත්වූ භික්ෂුවගේ සම්‍යක්සමාධිය වහා වැඩේ.. සම්‍යක්සමාධිය ඇති වත් ම යථාභූත ඥානදර්ශ නය ඇති වෙයි. යථාභූත ඥාන දර්ශනය1167 ඇතිවත් ම නිබ්බිදාව හා විරාගය ඇති වෙයි. නිබ්බිදාව1168 හා විරාගය ඇති වත් ම විමුක්ති ඥානදර්ශනය ඇති වෙයි..

[1167:- යථාභූත ඥානදර්ශනය යනු ‘යම් සේ සිදු වී ඇත්ද, ඒ ආකාරය දක්නා නුවණ යි’
මෙහි දී විෂයය විය යුත්තේ අපගේම සංකල්පනා ක්‍රියාකාරිත්වය විනා අන් කිසිවක් නොවේ. ආයතන සයක ක්‍රියාකාරිත්වයෙන් අපි පෙනෙනවා. ඇසෙනවා ,ආඝ්‍රාණ දැනෙනවා. රස දැනෙනවා, ස්පර්ශ දැනෙනවා, කල්පනා වෙනවා යන අත්දැකීම් ලබමු. වින්දන වශයෙන් ඇලෙන්නේ, ගැටෙන්නේ, රැවටෙන්නේ එසේ අරමුණු වන නාමමාත්‍ර රූපනිමිති වලටයි. වින්දනයෙන් තණ්හාවට වැටෙන සත්වයා උපාදාන භව, ජාති, ජරා ,මරණ, සෝක, පරිදෙව දුක් දොම්නස් උපායාසයන්ට වැටේ.]

[1168: නිබ්බිදාව : ලෝක ස්වභාවය අවබෝධකිරීමත් සමග නිබ්බිදාව ඇති වේ. අනිත්‍යබව, අනාත්ම බව හා දුක්ඛ ස්වභාවය ලෝකයේ ස්වභාවය බවත් කිසිවෙකුට ඒවායින් මිදීමක් නැති බව අවබෝධ වීමෙන් නිබ්බිදාවක් හටගනී. ]

AN 05-17-09. ඛිප්පනිසන්තී සූත්‍රය

“එකල්හි දිනක් ආයුෂ්මත් අනද තෙරණුවෝ සැරියුත් තෙරණුවන් වෙත එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණු‍වන් හා සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙසේ කීයේය.:

“ආයුෂ්මත් ශාරීපුත්‍රයෙනි, කෙබඳු ගුණයෙන් යුතු භික්ෂුවක්, ඉක්මනින් සත්ධර්මය වටහාගන්නේද, ඒ වටහා ගෙන අමතක නොවන සේ මනාව ධාරණය කර ගන්නේද? ” යි. ඇසීය.

‍“ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ බහුශ්‍රැතයහ. ආයුෂ්මත් ආනන්ද තෙරුන්ම ඒ ප්‍රශ්නයටේ පිළිතුර සපයත්වා!” යි සැරියුත් ස්ථවිරයන් වහන්සේ වදාළ සේක.

‍“එසේ වී නම් ආයුෂ්මත් ශාරීපුත්‍රයෙනි, අසනු මැනැවි, මනා කොට මෙනෙහි කළ මැනැවි, කියමි” යි.

‘ඇවැත්නි, එසේ ය’යි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් ආනන්ද තෙරණුවන්ට පිළිවදන් ඇස්සූහ. ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ මෙසේ කීහ:

‍“ආයුෂ්මත් ශාරීපුත්‍රයෙනි, මෙ සස්නෙහි මහණකු සත්ධර්මයෙහි අර්ථය මනාව වටහා ගනීද,
වචන භාවිතය පිලිබඳ මනාව දන්නේද, නිරුක්ති වචනයෙහි ද දක්ෂද. ව්‍යඤ්ජන (පදභෙද) යෙහි ද දක්ෂ වේ ද. පූර්වාපර සන්ධානයෙහි (මුල අග ගැළපීමෙහි) ද දක්ෂ වේද1169 , එබඳු භික්ෂුව වහා ධර්මය අවබෝධකර ඒ වටහාගෙන ඒ දරාගන්නට සමත් වෙයි. මෙසේ ඔහු උගත් ධර්මය ඔහු t කිසි කලෙක අමතක නොවේ.” යි වදාළේය.

[1169:- Anantara asavanarn kJmyo hoti. On the “immediacy condition for the destruction of the taints,”
Anantariyam papunati dsavanam khayaya. The word anantariya is of rare occurrence, so its meaning must be determined inferentially. One clue is the Ratana Sutta, which says: yam buddhasettho parivannayl sucim samadhim anantarikannam ahu (Sn 226).
Any difference between dnantarika and anantariya is insignificant, as the terminations -iya and -ika are often interchangeable. Another clue is SN 22:81, at III 96 -99, where the Buddha addresses the question: “How should one know and see to attain immediately (lit. /without interval’) the destruction of the taints?” (evam . . .janato evam passato anantara asavdnam khayo hoti). Other AN .suttas— 3:102, I 158,7-12, and 5:23, III 16,29-17,2—speak about the mind being “properly concentrated for the destruction of the taints” (samma samadhiyati asavanam khayaya). See too.5:170, III 202 ,27-33, which speaks about certain conditions “such that immediately afterward the destruction of the taints occurs” (anantara asavdnam khayo hoti). Thus, the “immediacy condition” spoken of here seems to be a state in which the mind is properly concentrated and, at the same time, has acquired the insight that brings about the destruction of the taints.]

“ සාදු! සාදු!! ඇවැත්නි, අද්භූත ය ඇවැත්නි, ආයුෂ්මත් ආනන්ද තෙරුණුවන් විසින් මෙය සුභාෂිත මැ යැ. අපි ආයුෂ්මත් ආනන්ද තෙරණුවන්ද මේ ඔබම වදාළ ගුණ පසින් සමන්වාගත බව දැනීම්.

“ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ අර්ථකුශලයහ, ධර්මකුශලයහ, නිරුක්තිකුශලයහ, ව්‍යඤ්ජනකුශලයහ, පූර්වාපරසන්ධානකුශලයහ”යි අපිදු දරම්හ.” යි වදාළේය.

AN 05-17-10. භද්දජී – ආනන්‍ද සූත්‍රය

එක් කලෙක්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ, කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩ වසයි. එකල්හි ආයුෂ්මත් භද්දජි ස්ථවිරයන්, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ හුන්තැනට පැමිණ, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් සමග ආ ගිය කථා නිමවා එකත් පසෙක හුන්නේය.

එකත්පසෙක උන්නාවූ ආයුෂ්මත් භද්දජි ස්ථවිරයන්ට ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ මෙය කීයේය. “ආයුෂ්මත් භද්දජි ස්ථවිරයෙනි,

(i) කුමක් නම් දර්‍ශනයන්ගෙන් අග්‍රද,
(ii) කුමක් ශ්‍රවණයන්ගෙන් අග්‍රද,
(iii ) කුමක් සැපයන්ගෙන් අග්‍රද,
(iv) කුමක් සංඥාවන්ගෙන් අග්‍රද,
(v) කුමක් භවයන්ගෙන් අග්‍රද?”

“ඇවැත්නි. අනුන් සියලු දෙනා මැඩපවත්නාවූ, තමන්න් කිසිවෙකු වීසින් නොමැඩහැකි ලෙස ඉන්නාවූ , ඒකාන්තයෙන් සියල්ල දක්නාවූ, සියලුදෙනා වසඟයෙහි පවත්වන්නාවූ මහා බ්‍රහ්මයා වේ. යමෙක් ඒ මහා බ්‍රහ්මයා දකීද, මෙය දර්‍ශනයන්ගෙන් අග්‍රය.

“ඇවැත්නි. සැපයෙන් විශේෂයෙන් පිනාගියාවූ, හාත්පසින් පිනාගියාවූ, ආභාස්සර’ නම් දෙවියෝ ඉන්නාහ. ඔවුහු නිතොර ‘අහෝ සැපය, අහෝ සැපය’ යි ප්‍රීති වාක්‍ය පවත්වත්. යමෙක් ඒ ශබ්දය අසාද, මෙය ශ්‍රවණයන්ගෙන් අග්‍රය.

“ඇවැත්නි. ශුභකිණ්ණක නම් දෙවියෝ ඇත්තාහ. ඔවුහු සුවපත් භාවය හා ප්‍රීතියම ඇතිව සුවය විඳිත්. මේ සැපයන්ගෙන් අග්‍රය.

“ඇවැත්නි. ආකිඤ්චඤ්ඤායතන බඹ ලොවට පැමිණියාවූ දෙවියෝ ඇත්තාහ. මෙය සංඥාවන්ගෙන් අග්‍රය.

“ ඇවැත්නි. නෙවසඤ්ඤා-නාසඤ්ඤායතනයට පැමිණියාවූ දෙවියෝ ඇත්තාහ. මෙය භවයන්ගෙන් අග්‍රය” යි කීයේය.

“ආයුෂ්මත් භද්දජි ස්ථවිරන්ගේ මේ කීම. බොහෝ දෙනා විසින්හා කියන පිළිගත් ඒවාය” යි කීයේය.

“ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් බහුශ්‍රුතවේ. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් මෙය අපට දේසනා කරත්වා!” යි භද්දජි ස්ථවිරන් කීයේය.

“ආයුෂ්මත් භද්දජි ස්ථවිරයෙනි, එසේ වී නම් අසව. මනාකොට මෙනෙහි කරවයි කියන්නෙමි.” යි කීයේය. “ඇවැත්නි. එසේය” යි ආයුෂ්මත් භද්දජි ස්ථවිරයන් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට ප්‍රතිවචන දුන්නේය. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ මෙය කීයේය.

  • “ඇවැත්නි. යමක් දැක්ක විට ආශ්‍රවයන් නැසේද, මෙය දර්‍ශනයන්ගෙන් අග්‍රය.
  • යම්සේ අසන විට ආශ්‍රවයන් නැසීම සිදු වේද, මෙය ශ්‍රවණයන්ගෙන් අග්‍රය.
  • යම්සේ සුවපත්වූවහුට ආශ්‍රවයන් නැසී යාද, මෙය සැපයන්ගෙන් අග්‍රය.
  • යම්සේ සංඥා ඇත්තහුට ආශ්‍රවයන් නැසීම වේද, මෙය සංඥාවන්ගෙන් අග්‍රය.
  • යම්සේ වූවහුට අනතුරුව ආශ්‍රවයන්ගේ නැසීම වේද, මෙය භවයන්ගෙන් අග්‍රය”

යි කීයේය.

AN 02- 03 බාල වග්ගය

01 බාල අම්මය සූත්‍රය.

පුජ්‍ය කුකුල්පනේ සුදස්සී හිමි කල සුත්‍ර විවරණය

“මහණෙනි, බාලයෝ දෙදෙනෙක් වෙත්.
කවර දෙදෙනෙක්ද යත්:
යමෙක් ඇවත, ඇවතක් ලෙස නොදකීද,
යමෙක් වරද දෙසන්නහුගේ දෝෂය ධර්මයට240 අනුව පිළි නොගණීද,

මහණෙනි, මේ දෙදෙන බාලයෝ ය..”

[240:- විනය ක්‍ර‍මය අනිකකි. ධර්‍ම ක්‍ර‍මය අනිකකි. කුශලා – කුශල විභාගය කරන්නේ විනය ක්‍ර‍මයෙන් නොව ධර්‍ම ක්‍ර‍මයෙනි. කර්‍ම විපාක පවසන්නේ ද ධර්‍ම ක්‍ර‍මයෙනි. කුශල චිත්තයෙන් වන ඇවතක් පාපයකැයි කීම මහා ධර්ම විරෝධී කියමනකි. කුශල චිත්තයකින් අනිෂ්ට විපාකයන් ඇති කරතැයි කියතහොත් එය ධර්‍ම විරෝධී මිථ්‍යා කථාවෙකි. මේවා ගැන කිසිවක් නො දත් ඇතැම් පණ්ඩිතමානීහු හැම ඇවතක් ම අපායගාමී පාපකර්මයක් වශයෙන් කථා කරමින් නූගත් ජනයා මුළා කෙරෙමින් භික්ෂූන්ටත් ගර්හා කරමින් රට ගිනි තබති]

02 පණ්ඩිත සූත්‍රය

“මහණෙනි,
පණ්ඩිතයෝ දෙදෙනෙක් වෙත්.

කවුරුන්ද යත්:
යමෙක් ඇවත, ඇවතක් ලෙස දකීද,
යමෙක් වරද දෙසන්නහුගේ දෝෂය දහම්වූ පරිද්දෙන් පිළිගණීද,

මහණෙනි, මේ දෙදෙන පණ්ඩිතයෝ වෙත්.”

03. දුට්ඨ සූත්‍රය..

“මහණෙනි,
දෙදෙනෙක් තථාගතයන් වහන්සේට අසත්‍යයෙන් දොස් නගත්.

කවර දෙදෙනෙක්ද යත්:
අභ්‍යන්තරයෙහි පිහිටි දොස් ඇත්තාවූ, ද්වේෂයෙන් දූෂිතවූ පුද්ගලයාද,
නොමනාව ගන්නාලද බැවින් (නුවණ නැති) සැදැහැවත් පුද්ගලයාද
යන දෙදෙනයි.

[සුනක්කත්ත නම් භික්ෂුව මේ ඇවත කල ආකාරය මජ්ජිම නිකායේ මහා සීහනාද සුත්‍රයේ සඳහන්ව ඇත.]

මහණෙනි, මේ දෙදෙන තථාගතයන් වහන්සේට අසත්‍යයෙන් දොස් නගත්.”

04. භාසිත සූත්‍රය.

“මහණෙනි,
දෙදෙනෙක් තථාගතයන් වහන්සේට අසත්‍යයෙන් දොස් නගත්.241
කවර දෙදෙනෙක්ද යත්:

  • යමෙක් තථාගතයන් වහන්සේ විසින් කෙටියෙන් දේසනා කරන ලද දේසනාවක්, විස්තර කරදීම අනවශ්‍යයයි කියයි ද, ,
  • යමෙක් තථාගතයන් වහන්සේ විසින් විස්තරව වදාරණ ලද්ද, තවත් විස්තර කිරීම අවශ්‍යයි කියමින්, තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලද්ද, ප්‍රකාශ කරයිද ,

මහණෙනි, මේ දෙදෙනා තථාගතයන් වහන්සේට අසත්‍යයෙන් දොස් නගත්.”

[241:- Read පාප දිෂ්ටි හා විනය ]

05. අනබ්භාවික්ඛණ සූත්‍රය.

“මහණෙනි,
දෙදෙනෙක් තථාගතයන් වහන්සේට අසත්‍යයෙන් දොස් නොකියත්.
කවර දෙදෙනෙක්ද යත්:

  • යමෙක් තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලද්ද, ප්‍රකාශ නොකරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් වදාරණ නොලද්දේය, ප්‍රකාශ නොකරණ ලද්දේයයි කියාද,
  • යමෙක් තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්ද, ප්‍රකාශ කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්දේය, ප්‍රකාශ කරණ ලද්දේයයි කියාද,

මහණෙනි, මේ දෙදෙන තථාගතයන් වහන්සේට අසත්‍යයෙන් දොස් නොකියත්.

06. නෙය්‍යත්‍ථ සූත්‍රය.

“මහණෙනි,
මේ දෙදෙනෙක් තථාගතයන් වහන්සේට අසත්‍යයෙන් දොස් කියත්.
කවර දෙදෙනෙක්ද යත්:

යමෙක් විස්තර කළ යුතු අර්ත්‍ථ ඇති සූත්‍රාන්තය පමුණුවන ලද්දාවූ අර්ත්‍ථ විස්තර ඇති සූත්‍රාන්තයයි ප්‍රකාශ කෙරේද,
යමෙක් අර්ත්‍ථ ඇති, විස්තර කියා දෙන ලද සූත්‍රාන්තය විස්තර කළ යුතු අර්ත්‍ථ ඇති සූත්‍රාන්තයයි ප්‍රකාශ කෙරේද,

මහණෙනි, මේ දෙදෙන තථාගතයන් වහන්සේට අසත්‍යයෙන් දොස් කියත්.”

[243; පටිච්චින්න කර්ම ලෙස දැක්වෙන සැඟවුණු කර්ම නියත වශයෙන්ම අකුසලයන් ලෙස ගැනේ. එසේ වුවද සිය ඇවත, ඇවතක් ලෙස පිළිගෙන එය නිදොස් කොටගෙන ඉන් මතු ඉන් වැළකීම , වලාකුලෙන් වැසුණු චන්ද්‍රයා වලාවෙන් මිදීම මෙනැයි ධම්මපදයේ 173 ගාථාවෙහි දැක්වේ. යස්ස පාපං කතං කම්මංකුසලේන පිථීයති
සෝ ඉමං ලෝකං පභාසේති -අබ්භා මුත්තෝව චන‍්දිමා.
]

07. නීතත්‍ථ සූත්‍රය.

“මහණෙනි,
දෙදෙනෙක් තථාගතයන් වහන්සේට අසත්‍යයෙන් දොස් නොකියත්.
කවර දෙදෙනාද යත්:

  • යමෙක් විස්තර කළ යුතු අර්ත්‍ථ ඇති සූත්‍රාන්තය විස්තර කියා දෙන ලද සූත්‍රාන්තයයි දක්වයිද,
  • යමෙක් විස්තර කරණ ලද සූත්‍රාන්තය විස්තර කළ යුතු අර්ත්‍ථ ඇති සූත්‍රාන්තයයි දක්වයිද,

මහණෙනි, මේ දෙදෙනා තථාගතයන් වහන්සේට අසත්‍යයෙන් දොස් නොකියත්.”

08. පටිච්ඡන්න කම්මන්ත සූත්‍රය

“මහණෙනි,
සඟවා පාප කර්ම කරන්නාට මතු භවය ලෙස, ගති දෙකක් අතුරෙන් එක් ගතියක් බලාපොරොත්තු විය යුතුයි.
එනම් නරකය හෝ
තිරිසන් යෝනිය
යන දෙකින් එකකි.”

09. අපටිච්ඡන්න කම්මන්ත සූත්‍රය.

“මහණෙනි,
(නොවැසුනාවූ) හෙවත් කුශලකර්ම ඇත්තහු විසින් ගති දෙකක් අතුරෙන් එක් ගතියක් බලාපොරොත්තු විය යුතුයි.

  • දේව ගතිය හෝ
  • මනුෂ්‍ය ගතිය
    (යන දෙකින් එකකි.)”

10. මිච්ඡාදිට්ඨික සූත්‍රය.

“මහණෙනි,
මිසදිටු ගත්තහු විසින් ගති දෙකක් අතුරෙන් එක්තරා ගතියක් බලාපොරොත්තු විය යුතුයි.

නරකය හෝ
තිරිසන් යෝනිය හෝ
යන දෙකින් එකකි.”

11. සම්මාදිට්ඨික සූත්‍රය.

“මහණෙනි,
සම්‍යක් දෘෂ්ටිය ඇති මනුෂ්‍යා මරණින් මතු, උප්පත්ති භුමි දෙකකින් එකක උපදී. ඒ දෙක නම්

දිව්‍යය ලෝකය හෝ
මනුෂ්‍ය ලෝකය

යන දෙකින් එකකි.

12. දුස්සීල පටිග්ගහන සූත්‍රය.

“මහණෙනි,
දුශ්ශීල පුද්ගලයා මරණින් මතු එක්කෝ
නරකයේ උපදී, නැතහොත්
තිරිසන් ලෝකයේ උපදී..”

13. සීල පටිග්ගහන සූත්‍රය.

“මහණෙනි,
සිල්වත් පුද්ගලයා පිළිගන්නාවූ (ස්ථාන) දෙකක් වෙත්.
දෙව්ලොව හා
මිනිස් ලොවය.”

14. අරඤ්ඤ සූත්‍රය.

“මහණෙනි,
මම කරුණු දෙකක් නිසා , මනුෂ්‍ය වාසයෙන් තොරවූ වනාන්තර වලද සේනාසනයන්ද, ගම්වලින් ඉතා දුරින් පිහිටි සේනාසනයන්ද සෙවනය කරමි. කවර කරුණු දෙකක්ද යත්,

මගේම මෙලොව සැප විහරණය හා
පසුව ඇතිවෙන සංඝ සමූහයාහට ආදර්ශය පිණිසය.”

[247:- ආරන්ඥ වනපතන් පන්තානි සේනාසනානි.: මහ වනය හා සේනාසන ලෙස මනෝරථ පුරණි ටීකා වෙහි සඳහන් වේ.]

15. විජ්ජාභාගිය සූත්‍රය

“මහණෙනි, ධර්‍මයෝ දෙකක් (මාර්‍ගඥානය නම්) විද්‍යාව භජනය කරන්නෝ වෙත්.
කවර ධර්මයන් ද යත්,

සමථය නම් හිතේ එකඟ භාවයද,
විදර්‍ශනාව යයි කියන ලද සංස්කාර ඥානයද
යන දෙදෙනයි.

මහණෙනි, සමථය වැඩීමෙන් කවර ප්‍රයෝජනයක් වෙයිද?
චිත්තය වැඩෙයි.
(මාර්‍ග) චිත්තය වැඩීමෙන් කවර ප්‍රයෝජනයක් වෙයිද?
යම් රාගයක්හි ඇලේද, ඒ රාගය පහවෙයි.

“මහණෙනි,
විදර්‍ශනාව වැඩීමෙන් කවර ප්‍රයෝජනයක් වෙයිද?
ප්‍රඥාව (මාර්ග ප්‍රඥාව) වැඩෙයි.
ප්‍රඥාව කවර ප්‍රයෝජනයක් වෙයිද?
යම් අවිද්‍යාවක් වේද, එය ප්‍රහීණ වෙයි.

මහණෙනි,
රාගයෙන් කිලුටු කරණ ලද්දාවූ සිත කෙලෙසුන් කෙරෙන් නොමිදෙයි.
අවිද්‍යාවෙන් කිලුටු කරණ ලද්දාවූ විට ප්‍රඥාව නොවැඩෙයි.
මහණෙනි, මෙසේ රාගයෙහි නොඇලීමෙන් චිත්ත විමුක්තියද,
(ඵල සමාධියද) අවිද්‍යා විරාගයෙන් ප්‍රඥා විමුක්තියද ඇතිවේ.”

AN 10-03 මහා වග්ගය

.

AN 10-03-01 දස බල සූත්‍රය,

පුජ්‍ය මැල්සිරිපුර ධම්මකුසල ස්වාමින් වහන්සේ

§ 1.“මහණෙනි, මෘගරාජයා වන සිංහයා සවස් කාලයෙහි ගුහාවෙන් නික්මෙයි. ගුහාවෙන් නික්ම ඇඟ හිරි අරියි. එසේ ඇඟ කිලිපොලා හාත්පස සිවු දිග බලයි. හාත්පස සිවු දිග බලා තුන් වරක් සිංහනාද කරයි. තුන්වරක් සිංහනාද කර ඉන් පසුව ගොදුරු පිණිස පිටත් වෙයි.
ඊට හේතු කවරේද?
‘මා ගමන් කරන මගට අහම්බෙන්වත් එන කුඩා සතුන් විනාශයට නොපමුණුවමිය’ යි සිතායි.

§2.“මහණෙනි, සිංහ යනු අර්හත් සම්‍යක් සම්බුද්‍ධ තථාගතයන් වහන්සේට කිව හැකි තවත් නමකි. මහණෙනි, තථාගතයන් යම් සභාවක ධර්මයක් දේශනා කෙරේද, ඒ තථාගතයන් ගේ සිංහ නාදය වෙයි.

“මහණෙනි, , තථාගතයන්ගේ තථාගත බල දසයක් වේ. 1983 LINK

[1983:- මජ්ජිම නිකායේ මහා සීහ නාද සුත්‍රයේ 9 වෙනි චෙදයේද අංගුත්තර නිකායේ 43 වන ධම්මික සුත්‍රයේද මේ දස බලයන් සඳහන් වෙ.]

§ 3. “කවර දසයක්ද යත්?

3.1 මහණෙනි, තථාගතයන් සිදුවිය හැක්ක සහ සිදුවිය නොහැක්ක 1384 , තත්වූ පරිද්දෙන් දනී. මහණෙනි, මෙසේ වූ තථාගතයන් ගේ විය හැක්ක නොහැක්ක පිලිබඳ මේ අසමාන්‍ය ඥානය පිරිස් මැද සිංහ නාද කිරීමට නොහොත් ධර්ම චක්‍රය ලොව පුරා පතුරුවන්නටත් තථාගතයන්ට බලය වේ. මේද තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි.

[1384:- තානාත්ඨාන කෝසල ඥානය:- මෙය සුදුසු දේ කරන්නය නොසුදුසු දේ නොකරන්නට ඇති හැකියාව ලෙස සමහර අරිවර්තන වල ඇතත් සිදිවිය හැක්ක සහ සිදුවිය නොහැක්ක ලෙස යෙදීම සුදුසු බව සිතමි.]

3.2 “මහණෙනි, තථාගතයන්, සත්වයන්ගේ අතීත, අනාගත, වර්‍තමාන කර්මයන්ගේ ඵලයන් ලෙස ලබනා ඵල1385 ගැන දනී. මහණෙනි, මෙයද තථාගතයන් වහන්සේ සතු අසමාන්‍ය ඥානය පිරිස් මැද සිංහ නාද කිරීමට නොහොත් ධර්ම චක්‍රය ලොව පුරා පතුරුවන්නටත් තථාගතයන්ට බලය වේ. මේද තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි.

[1385 :- විපාක ඥාණය: පෙර භවයන්හි දී හෝ මේ භවයේදී කල කී දේ නිසා ඇති වූ කර්ම සංඛාරයන්ගේ ඵලයන් ලෙස මේ භවයේ සත්වයාට අත්වෙන නොයෙක් විපාක පිලිබඳ ඥාණය. ]

3.3 .“මහණෙනි, තථාගතයන්, සත්වයන්ගේ මතු භවයන් කෙසේ කෙබඳු වේදැයි1386 තත්වූ පරිද්දෙන් දනී, මහණෙනි, මෙයද තථාගතයන් වහන්සේ සතු අසමාන්‍ය ඥානය පිරිස් මැද සිංහ නාද කිරීමට නොහොත් ධර්ම චක්‍රය ලොව පුරා පතුරුවන්නටත් තථාගතයන්ට බලය වේ. මේද තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි.

[1386 :- සබ්බත්තගමිනි පටිපධා යතාභුත ඥාණය :- ලෙස, සත්වයා නිරයට යාදැයි, තිරිසන් ලොව හෝ ප්‍රේත ලොව උපදීදැයි මනුෂ්‍ය භවයක හෝ සුර ඇසුර භවයක උපදී දැයි, හෝ පරිනිර්වාණයට හේතු වෙ දැයි දන්නා අසමාන ඥාණය වෙ.]

3.4. “මහණෙනි, නැවතද තථාගතයන් නොයෙක් ධාතූන් ඇති ධාතු ලෝකය තත්වූ පරිද්දෙන් දනී,1387 මහණෙනි, මෙයද තථාගතයන් වහන්සේ සතු අසමාන්‍ය ඥානය පිරිස් මැද සිංහ නාද කිරීමට නොහොත් ධර්ම චක්‍රය ලොව පුරා පතුරුවන්නටත් තථාගතයන්ට බලය වේ. මේද තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි.

[1387:- “අනෙකධතු නානා ධාතු ලෝකං යතාභුතන් ඥානම්” ලෙස දැක්වෙන්නේ ස්කන්ධයන්ගේ, ආයතනයන්ගේ, ධාතුන්ගේ විචිත්‍ර විවිධ ස්වභාවයන් පිලිබඳ භාග්‍යවතුන් වහන්සේ සතු පුර්ණ අවබෝධය වෙ.]

3.5 “මහණෙනි, තථාගතයන් සත්ත්‍වයන්ගේ නොයෙක් විවිධ චරිත ස්වභාවයන්1988 තත්වූ පරිද්දෙන් දනී. මහණෙනි, මෙයද තථාගතයන් වහන්සේ සතු අසමාන්‍ය ඥානය පිරිස් මැද සිංහ නාද කිරීමට නොහොත් ධර්ම චක්‍රය ලොව පුරා පතුරුවන්නටත් තථාගතයන්ට බලය වේ. මේද තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි.

[1988:- සත්තානං ඥාණදීමුත්තින් කතන් යාත භුතන්ඥානං:- සත්වයන්ගේ විවිධාකාර වූ ගති ස්වභාවයන් හා චරිත ලක්ෂණයන් ; රාග චරිත, ලෝභ චරිත, දෝස චරිත ආදියද සමාන චරිත ලක්ෂණ ඇති සත්වයන් ඒ ඒ භවයන්හිදී එක වන සැටිද, තතාගතයන්වහහන්සේ දන්නා ඥාණය ලෙස විභංග ප්‍රකරණයේ 813 චේදයේ දැක්වේ.]

3.6 “මහණෙනි, නැවතද තථාගතයන් සියලු සත්ත්‍වයන්ගේද, හීන හෝ මහත් වූ , ශ්‍රද්‍ධාදී ඉන්‍ද්‍රියයන්ගේ1989 වැඩිමද, පිරිහීමද, තත්වූ පරිද්දෙන් දනී මහණෙනි, මෙයද තථාගතයන් වහන්සේ සතු අසමාන්‍ය ඥානයකි. පිරිස් මැද සිංහ නාද කිරීමට නොහොත් ධර්ම චක්‍රය ලොව පුරා පතුරුවන්නටත් තථාගතයන්ට මේ එක් බලයක් වේ. මේද තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි. .

[1989:-පර සත්තානං පර පුග්ගලානං ඉන්ද්‍රිය පරෝපරිය ඥාණය :- අනුසය වශයෙන්හෝ සැඟව සත්වයා තුල පවතින ගති සිරිත්, ලක්ෂණ, ඥානයේ හීන මහත් බව, ශ්‍රද්ධා, සීල, සති, සමාධි, ප්‍රඥා ඉන්ද්‍රියන්ගේ නොවැඩුණු වැඩුණු තරම දන්නා ඥාණය ලෙස විභංග ප්‍රකරණයේ 814 චේදයේ දැක්වේ.]

3.7 “මහණෙනි, තථාගතයන්, සත්වයන්ගේ සන්තානයන්හි කෙලෙස් හීනව ඇති බව, සමාධි සතර ධ්‍යානයන්, අෂ්ට විමොක්‍ෂයන්ට 1990ලංවීමට ඇති ප්‍රවණතාවයද තත්වූ පරිද්දෙන් දනී. මහණෙනි, මෙයද තථාගතයන් වහන්සේ සතු අසමාන්‍ය ඥානයකි. පිරිස් මැද සිංහ නාද කිරීමට නොහොත් ධර්ම චක්‍රය ලොව පුරා පතුරුවන්නටත් තථාගතයන්ට මේද එක් බලයක් වේ. මේද තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි.

[1990:- ඥානාධිමුක්තික ඥාණය : සමාධිය සිතෙහි වැදීමට කෙලෙස් ප්‍රහාණය හාසීලයට අනුගත්වෙමේ මනෝ භාවයන් තථාගතයන් වහන්සේ දන්නා ඥාණය. ආසවක්ඛය ඥාණය ලෙස දැක්වේ.බොහෝ විට ඵලයනට් පත්වන්නට සිය විපාක ඵල මුහුකුරා ගිය මිනිසුන් සොයා ගොස් ඔවුනට කල ධර්ම දෙසනාවන් අසා වහා ඔවුන් මාර්ග ඵල ලැබුහ.]

3.8 “මහණෙනි, තථාගතයන් තමන්ගේ නානාප්‍රකාර පූර්‍වෙනිවාසයන්1291 සිහිකරත්, ඒ මෙසේයි. එක් ජාතියක්ද, සියක් පෙර ජාතීන්ද, දහසක් පෙර ජාතීන්ද, දස දහසක් පෙර ජාතීන්ද සිහිකරත්. ඒ භවයෙදී මම අසුවල් රට, අසුවල් ගම, අසුවල් පවුලක, අසුවල් නමින් උපන්නෙනි. අසුවල් කර්මාන්ත කොට දිවි සලසා ගත්තෙමි. අසුවල් රෝගයක් නිසා මම එහි මිය ගොස්, අසුවල් තැන උපන්නෙමි. එසේ පෙර භවයන් දන්නා ඥාණය තථාගතයන් වහන්සේ සතු අසමාන්‍ය ඥානයකි. පිරිස් මැද සිංහ නාද කිරීමට නොහොත් ධර්ම චක්‍රය ලොව පුරා පතුරුවන්නට තථාගතයන්ට මේ ද බලයක් වේ. මේ තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි.

[1991:- තමන්ගේ පෙර භාවය ගැන කියනා ළදරු ළදැරියන් ගැන බොහෝ පුවත් අසන්නට ලැබේ. පුනර්භවය විස්වාස නොකරනවුනට මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් මහතා කල පරීක්ෂණ අලලා ප්‍රසිද්ධ කල පොත් කියවීම, පට නැරඹීම උදව් වනු ඇත. මේ බොහෝ දරු දැරියන් ඉතා ලාබාල වියෙහිදී මෙසේ පුර්ව ජාතිය පමණක් ගැන මතක් කලමුත්, තමන්ගේ බොහෝ පෙර ජාතින් ගැන මතක් කර ගන්නට අසමත් වෙති. භාග්‍යවතුන් වහන්සේ කල්ප ගණන් දුර ඈත අතීතයක දස දහස් භවයන් ගැන සියළු විස්තට දැක දේසනා කල බව මෙහි ඇති ආශ්චර්ය වේ.]

3.9. “මහණෙනි, තථාගතයන් වහන්සේ පිරිසිදුවූ මිනිසැස ඉක්ම පවත්නාවූ දිව්‍යය ඇසින් නොයෙක් නොයෙක් සත්වයන් සිය පෙර කර්මයනට අනුරූපව නොයෙක් භවහි උපත ලබන සැටි දකී. කාය, වචී, මනෝ දුෂ්ක්‍රියා නිසා, හීන වූ සැප නැති, නරකයන් හි, ප්‍රේත යන්ව, තිරිසනුන්ව උපදිනවා දකියි. කාය, වචී, මනෝ සත් ක්‍රියා නිසා, මනු ලොව, දෙව් ලොව, බඹ ලොව උපදිනවා දකියි. මහණෙනි, මහණෙනි, මෙයද තථාගතයන් වහන්සේ සතු අසමාන්‍ය ඥානයකි. පිරිස් මැද සිංහ නාද කිරීමට නොහොත් ධර්ම චක්‍රය ලොව පුරා පතුරුවන්නටත් තථාගතයන්ට මේද එක් බලයක් වේ. මේද තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි.

3.10. “මහණෙනි, තථාගතයන් ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීමෙන් ආශ්‍රව රහිත සිතෙහි නිදහස් වීමද, ප්‍රඥාව නිදහස් වීමද, මේ ආත්මයෙහිම සිය විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට වාසය කරත්, මහණෙනි, මහණෙනි, මෙයද තථාගතයන් වහන්සේ සතු අසමාන්‍ය ඥානයකි. පිරිස් මැද සිංහ නාද කිරීමට නොහොත් ධර්ම චක්‍රය ලොව පුරා පතුරුවන්නටත් තථාගතයන්ට මේද එක් බලයක් වේ. මේද තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි.

“මහණෙනි, පිරිස් මැද සිංහ නාද කිරීමට නොහොත් ධර්ම චක්‍රය ලොව පුරා පතුරුවන්නටත් තථාගතයන්ට මේ දස විධ බලයන් වේ. මේ තථාගත බල දසයයි.

AN 10-03-02 අධිමුත්තිපද සූත්‍රය ,

§1. දිනක් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය. එවිට, භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

§2. ‘ආනන්‍දය, මේ ලොව පවතින යම් ධර්මයෝ විශේෂ ඥානයකින් ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස ඇවැසි විශේෂ1992 ඥානයක් වේද, ඒ ඥාණය තථාගතයන් සතුව පවතී.

[1992:- යෙ තේ ධම්මා අධිමුත්තී පදනං;- දස විධ ඥාණයන්ට අමතරව , ස්කන්ධ, ආයතන, ඉන්ද්‍රිය ආදී සසර පැවැත්මට අදාළ වන සියලු සිද්ධන්තයන්ද සසර ගමන නතර කිරීමට ඕනෑකරණ ප්‍රතිපදාව සඳහා පිරිය යුතු පිළිවෙත් ගැන ද ඇති ඥානය.]

ආනන්‍දය, මම එහි විශාරදව ඒවායේ අවබෝධය ඇතිකර ගතිමි. ආනන්‍දය, යමක් ඇතිවන්නේද, පවතින්නේද, නැතිව යන්නේද, ලාමක දෙය ලාමකයයි දන්නේද, ප්‍රණීත දෙය ප්‍රණීතයයි දන්නේද, වැඩිය යුතු සිත වැඩි ඇත්දැයි දනීමි. උසස්බවට පත් නොවු සිත උසස් නොවූ සිත බව දනිමි. යම් පරිද්දෙකින් දත යුතුද, දැක්ක යුතුද, ප්‍රත්‍යක්‍ෂ කටයුතුද, එසේ දනිමි, දකිමි, ප්‍රත්‍යක්‍ෂ කලෙමි.

§ 3. “ආනන්‍දය, මම නොයෙක් අයට ඒ ඒ විධියෙන් වෙනස් ආකාරවලින් ඔවුන්ට වටහාගෙන ප්‍රත්‍යක්ෂ කර ගත හැකි ආකාරයට ධර්ම දේශනා කිරීමට හැකියාව ඇත්තෙමි. දුරු කල යුතු හීන ධර්මයෝ මොනවාද, ප්‍රගුණ කල යුතු, වඩා ගතයුතු උතුම් ධර්මයෝ මොනවාදැයි අසන්නන්ට අවබෝධ කර ගන්නට හැකි ;ලෙස, එසේ අවබෝධ කරන ශ්‍රාවකයන් පටිපදාවේ පිහිටුවීමටත් ඇවැසි යම් ඥාණයක් වේද ඒ ඥාණයෙහි දක්‍ බව ප්‍රතිඥා කරමි.

ආනන්‍දය, ඒ ඒ තන්හි තත්වූ පරිදි දැනීමක් ඇද්ද, ඒ සියලු ඤාණයන්ගෙන් මෙය ශ්‍රේෂ්ඨයයි කිව හැක. ආනන්‍දය, මේ ඤාණයට වඩා උතුම්වූ, ශ්‍රේෂ්ඨවූ අනික් ඤාණයක් නැතැයි කියමි.

[1993:- Etadanuttariyam, Ananda, nananam yadidam tattha tattha yathabhutananam. විශ්වයේ පවත්නා සිදුවන්නාවූ සියලු ක්‍රියාකාරකම් සිදුවන ආකාරය දන්නා සර්වඥ භාවය එනම් ” තේසු තේසු ධම්මේසු යතා සබ්බ වන්නන්” මින් කියැවේ.]

§ 4. “ආනන්‍දය, තථාගතයන් වහන්සේගේ තථාගත බල දසයක් වේ. පිරිස් මැද සිංහ නාද කිරීමට නොහොත් ධර්ම චක්‍රය ලොව පුරා පතුරුවන්නටත් තථාගතයන්ට මේ දස විධ බලයන් වේ. මේ තථාගත බල දසයයි.

“කවර දසයක්ද යත්?
මීට ඉහලින් ඇති සුත්‍රයේ AN 10-01-01 දස බල සූත්‍රය, හි § 3 සිට ඇති චේදයන් මෙහිදී කියවන්න .”

AN 10-03-03 ද්වාවරත්තය පහාතබ්බ සූත්‍රය

§ 1. “මහණෙනි,

  • කයින් ප්‍රහිණය කටයුතු, වචනයෙන් ප්‍රහාණය කල නොහැකි ධර්මයෝ ඇත .
  • මහණෙනි, කයින් නොව වචනයෙන් ප්‍රහාණය කටයුතු ධර්මයෝ ඇත්තාහ.
  • මහණෙනි, කයින්ද, වචනයෙන්ද ප්‍රහාණය කල නොහැකි , ඤාණයෙන් දැක දැක ප්‍රහාණය කටයුතු ධර්මයෝ ඇත.

§ 2. “මහණෙනි, කවර ධර්මයන් වචනයෙන් නොව කයින් ප්‍රහාණය කටයුතුද?

මහණෙනි, මේ ශාසනයෙහි මහණකු කයින් කිසියම් ඉතා ස්වල්ප අකුශලයක් කරනවා දුටු ඤාණවන්ත සබ්‍රහ්මචාරීහු ඔහුට ‘ආයුෂ්මත් ඔබ කයින් මේ මේ ක්‍රියාව කිරීමෙන් ඉතා ස්වල්ප අකුශලයක් කර ගත්තේය. ඇවතට පැමිණියේය. ආයුෂ්මතුන් මින් මතු ඒ කාය දුෂ්චරිතය අත්හැර, කාය සුචරිතය වඩන්නේ නම් යහපතැයි’ කියු විට , ඒ භික්ෂුව කාය දුශ්චරිතය අත්හැර, කාය සුචරිතය පුරයි. මහණෙනි, මේ වචනයෙන් නොව කයින් ප්‍රහීන කටයුතු ධර්මයෝයයි කියනු ලැබෙත්.

§ 3. “මහණෙනි, කයින් නොව, වචනයෙන් ප්‍රහීන කටයුතු ධර්මයෝ කවරහුද?

මහණෙනි, මේ ශාසනයෙහි මහණකු කතාවෙන් කිසියම් ඉතා ස්වල්ප අකුශලයකට පැමිණියේද, ඒ ඇසු ඤාණවන්ත සබ්‍රහ්මචාරීහු ඔහුට ‘ආයුෂ්මත් ඔබ වචනයෙන් මේ මේ කීමෙන් ඉතා ස්වල්ප අකුශලයකට පැමිණියේය. ආයුෂ්මතුන් මින් මතු ඒ වචී දුෂ්චරිතය අත්හැර, වචී සුචරිතය වඩන්නේ නම් යහපතැයි’ කියනු ලබන විට , ඒ භික්ෂුව වචී දුශ්චරිතය අත්හැර, වචී සුචරිතය පුරයි. මහණෙනි, මේ කයින් නොව වචනයෙන් ප්‍රහීන කටයුතු ධර්මයෝයයි කියනු ලැබෙත්.

§ 4. “මහණෙනි, කවර ධර්‍ම කයිනුත් නොව, වචනයෙනුත් නොව, නුවණින් දකිමින් ප්‍රහීන කටයුතුද?

මහණෙනි,

  • ලෝභය කයින් හෝ වචනයෙන් ප්‍රහීන කල නොහැකිය.
  • දෝසය කයින් හෝ වචනයෙන් ප්‍රහීන කල නොහැකිය.
  • මෝහය කයින් හෝ වචනයෙන් ප්‍රහීන කල නොහැකිය.
  • ක්‍රෝධය කයින් හෝ වචනයෙන් ප්‍රහීන කල නොහැකිය.
  • බද්‍ධ වෛරය කයින් හෝ වචනයෙන් ප්‍රහීන කල නොහැකිය
  • මකු ගතිය කයින් හෝ වචනයෙන් ප්‍රහීන ප්‍රහීන කල නොහැකිය.
  • එකට එක කිරීම කයින් හෝ වචනයෙන් ප්‍රහීන කල නොහැකිය
  • මසුරුකම කයිනුත් ප්‍රහීන කල නොහැකිය. වචනයෙන් ප්‍රහීන ප්‍රහීන කල නොහැකිය.
  • ලාමක ඊර්‍ෂ්‍යාව කයින් හෝ වචනයෙන් හෝ ප්‍රහීන කල නොහැකිය.

නුවණින් දැක දැක ප්‍රහීන කටයුතුය.

“මහණෙනි, ලාමක ඊර්‍ෂ්‍යාව කුමක්ද? 1994

[1994:- ගෘහස්තව වසනා ගිහියන් හා පැවිදි ශ්‍රමණයන්ට ඇතිවන ලාමක ඊර්ෂ්‍යාව මෙහිදී වෙන් වෙන්ව දක්වා ඇත.]

මහණෙනි, ගෘහපතියෙකු ධනයෙන් , ධාන්‍යයෙන් , රිදියෙන් , රත්රනින් , සමෘද්‍ධව සිටිනවා දකිනා අන් කෙනෙකුට, ‘මේ ගෘහපතියා ධනයෙන් , ධාන්‍යයෙන් , රිදියෙන්, රත්රනින් , සමෘද්‍ධ නොවන්නේ නම් යහපතැ’ යි සිතක් ඇති වේද. යම් ශ්‍රමණයෙක් හෝ, බ්‍රාහ්මණයෙක් හෝ සිවුරු, පිඬු, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකර ලබන විට , ඒ දකිනා අන් ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට, ‘මේ ආයුෂ්මතුන්ට මෙසේ සිවුරු, පිඬු, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකර නොලබන්නේ නම් යෙහෙකැ’යි සිතක් වේද . මහණෙනි, මේ ලාමක ඊෂ්‍යාවයි. මහණෙනි, ලාමක ඊර්‍ෂ්‍යාව කයින් ප්‍රහාණය කල නොහේ . වචනයෙනුත් නොව, නුවණින් දැන දැන ප්‍රහීන කටයුතුය.

“මහණෙනි, ලාමක ඊර්‍ෂ්‍යාව කවරේද?

මහණෙනි, යම් මහණෙක්

  • ශ්‍රද්‍ධාව හීනව ඉන්නාමුත් තමා ශ්‍රද්ධාවන්ත’ බව අන්‍යයන්ට පෙන්නීමට කැමති ද,
  • දුශ්ශීලව සිට තමා සිල්වත්’ යි අනුන් දන්නේ නම් යෙහෙකැයි කැමති වෙයිද,
  • අල්පශ්‍රුත වූයේම, ‘මා බහුශ්‍රුතයයි දනීනම් යෙහෙකැ’ යි කැමති වෙයිද.
  • සමාජ ආශ්‍රයට කැමති මුත් , ‘මා ප්‍රකර්‍ෂ විවේකයට රිසි’’ යි පෙන්නන්නට කැමතිවෙයිද.
  • අලස හා කම්මැලිවූවත්, ‘මා පටන්ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තේයයි අනුන් දනීවා’ යි කැමතිවෙයිද.
  • සතිය නැතිව ඉන්නාමුත්, තමන් සතිමත්’යැයි අනුන් දන්නේ නම් හොඳ’යි කැමතිවේද,
  • නොසන්සුන් ව ඉන්නා මුත් තමන් , ‘සංසිඳුනේයයි මා දනීවා’ යි කැමතිවෙයිද.
  • නුවණ නැත්තේ වුවද , ‘මා ප්‍රඥාවන්තයයි දනීවා’ යි කැමතිවෙයිද.
  • ක්‍ෂීණාශ්‍රව සිඳ නැත්තේ මුත් , ‘මා කෙළෙසුන් නැති කෙනෙකැයි දනීවා’ යි කැමතිවෙයිද.

මහණෙනි, මේ ලාමක ඊර්‍ෂ්‍යාව (පාපිකා ඉච්චා) යැයි කියනු ලැබේ.
මහණෙනි, ලාමක ඊර්‍ෂ්‍යාව කයින් හෝ වචනයෙන් හෝ ප්‍රහීන කළ නොහැකිය .
නුවණින් දකිමින් සිය සන්තානයේම ප්‍රහීන කටයුතුය.

§ 5. “මහණෙනි, ඉදින් භික්‍ෂුවක් ලෝභ සිත් නොහලේද, දෝස සිත් නොහලේද, මෝහය දුරු නොකළේද, අමනාපය, තරහව, ඊර්ශාව දුරු නොකළේද, ඔහු ගැන මෙසේ සිතිය යුතුය.

“ලෝභය මැඩ පවත්වන ආකාරයෙන් නොසිතන නිසා ඔහුගේ ලෝභය පවතී. ඔහු ඒ ලෝභ සිතීන්ම වසයි.
දෝසය මැඩ පවත්වන ආකාරයෙන් නොසිතන නිසා ඔහුගේ දෝස ගතිය පවතී. ඔහු ඒ දෝස සිතීන්ම වසයි.
මෝභය මැඩ පවත්වන ආකාරයෙන් නොසිතන නිසා ඔහුගේ මෝහ සිත පවතී. ඔහු ඒ මෝහ සිතින්ම වසයි.
අමනාපය, තරහව මැඩ පවත්වන ආකාරයෙන් නොසිතන නිසා ඔහුගේ තරහව පවතී. ඔහු ඒ අමනාප සිතීන්ම වසයි.
මකු ගතිය මැඩ පවත්වන ආකාරයෙන් නොසිතන නිසා ඔහුගේ මකු ගතිය සිත පවතී. ඔහු ඒ මකු ගතිය ඇති සිතින්ම වසයි.
යුගග්‍රාහය මැඩ පවත්වන ආකාරයෙන් නොසිතන නිසා ඔහුගේ යුගග්‍රාහය පවතී. ඔහු ඒ යුගග්‍රාහ සිතින්ම වසයි.
මසුරුකම මැඩ පවත්වන ආකාරයෙන් නොසිතන නිසා ඔහුගේ මසුරුකම පවතී. ඔහු ඒ මසුරු සිතින්ම වසයි.
ඊර්ශාව මැඩ පවත්වන ආකාරයෙන් නොසිතන නිසා ඔහුගේ ඊර්ෂා සිත පවතී. ඔහු ඒ ඊර්ෂා සිතින්ම වසයි.

“ඔහු සිය මනස මේ දුර්ගුණ මතු නොවෙන ලෙස හසුරුවන්නේ නම් ඔහු තුල මේ සියලු දුර්ගුණ දුරු වේ. එසේ හෙයින් භික්ෂුව මේ දුර්ගුණ මතු නොවන සේ සිත පවත්වා ගත යුතුය.

AN 10-03-04. මහා චුන්‍ද – සහජාති සූත්‍රය

එක් කාලයෙක්හි ආයුෂ්මත් මහාචුන්ද ස්ථවිරයන් වහන්සේ චෙතිය නුවර සහජාතිය නම් ස්ථානයෙහි වාසය කරණ සේක. එකල්හි දිනක් ආයුෂ්මත් මහාචුන්ද ස්ථවිරයන් වහන්සේ, ‘ඇවැත්නි, මහණෙනි,’ යි කියා භික්‍ෂූන් ආමන්ත්‍රණය කළ සේක. ඒ භික්‍ෂූහු, ‘ඇවැත්නි’ යි කියා ආයුෂ්මත් මහාචුන්ද ස්ථවිරයන් වහන්සේට පිළිවදන් දුන්හ.

ආයුෂ්මත් මහාචුන්ද ස්ථවිරයන් වහන්සේ, මෙසේ දේශනා කල සේක.

“ඇවැත්නි, ‘ධර්‍මය දනිමි. මේ ධර්‍මය මම වටහා ගතිමි’ 1995 යි ඤාණවාදය1995 කියන්නාවූ භික්‍ෂුවක් වෙයි නම් මෙසේ සැලකිය යුතුය.

[1995:- “ධර්මය දනිමි,වටහාගතිමි’ යන්නෙන් අදහස් වන්නේ සම්පුර්ණ දැනීම සහ ප්‍රතිපදාව සම්පුර්ණ කිරීම නොහොත් අරහත්භාවය බව මනෝරථපුරණි අට්ඨකතා කියයි. “ඥාණ වාදී” ලෙස හඳුන්වන්නේ ධර්මය බොහෝ සේ අසා කියවා ධර්මය දත් අය ලෙස දනිමු. ඔවුන් භාවනා නොකොට මාර්ග ඵල ලැබිය හැකි බව අදහති. සිය ධර්ම ඥානය හසුරුවා සිතා බැලීම විදර්සනාවක් යයිද ඒ මගින් මාර්ග ඵල ලැබිය හැකි යැයිද ඔවුහු අදහති.]

“ඇවැත්නි, ඉදින් ඒ භික්‍ෂුව තුල
ලෝභය ඉතිරිවී ඇත්නම්,
දෝසය සුළුවෙන් හෝ ඉතිරිවී ඇත්නම්,
ලාමක ඊර්‍ෂ්‍යාව සුළුවෙන් හෝ ඉතිරිවී ඇත්නම්,
ක්‍රෝධය සුළුවෙන් හෝ ඉතිරිවී ඇත්නම්,
උපනාහය – බද්‍ධ වෛරය සුළුවෙන් හෝ ඉතිරිවී ඇත්නම්,
මක්ඛය – ගුණමකු ගතිය සුළුවෙන් හෝ ඉතිරිවී ඇත්නම්,
පළාසය- එකට එක කිරීම සුළුවෙන් හෝ ඉතිරිවී ඇත්නම්,
මච්චරිය- මසුරුකම සුළුවෙන් හෝ ඉතිරිවී ඇත්නම්,
ඉස්සා – ලාමක බලාපොරොත්තු සුළුවෙන් හෝ ඉතිරිවී ඇත්නම්,
ඒ ගුණයන් ඔහු තුල තවමත් අනුසය ලෙස හෝ ඉතිරිව ඇති බව දකී නම්
ඔහු ගැන මෙසේ දත යුතු වන්නේය.

‘මේ භික්ශුව ලෝභය, දෝසය, අමනාපය,….ඊර්ෂ්‍යාව … මතු නොවන සේ නොසිතන නිසා මේ දුර්ගුනයෝ ඔහු තුල පහව නැත. 1996 මේ භික්ෂුව තම පටිපදාවෙදී පෙර කී දුර්ගුණයන් මතු නොවෙන ලෙස සිතන්නේ නම් ක්‍රමක්‍රමයෙන් ඒවා හීනවී නැති වනු ඇත.

[ 1996:- “අභිභුය තිට්ටති “ලෙස මීට පෙර වූ සුත්‍රයේදී සඳහන් වූ ගුණය මය]

“ඇවැත්නි, ‘ධර්‍මය දනිමි. මේ ධර්‍මය මම වටහා ගතිමි’ යි භාවනා වාදය1997 කියන්නාවූ භික්‍ෂුවක් වෙයි නම් මෙසේ සැලකිය යුතුය.

[ භාවනාවෙන් මිස මේ බුදු මගෙහි මග ඵල ලැබිය නොහැක. යැයි තමන් විස්වාස කරන තමන් කරන භාවනාව

“මහණෙනි, එම භාවනා වාදය කියන්නාවූ භික්ෂුව කායානුපස්සනාව වඩන්නේද, සීලය පිරිසිදු බව දකිමින් සීලානුපස්සනාව වඩන්නේද, සිට සිතුවිලි දෙස බලමින් චිත්තානුපස්සනාව වඩන්නේද, නොයෙක් ලෙස විදර්ශනා භාවනා පුරුදු කරන්නේද,

“ඇවැත්නි, ඉදින් ඒ භික්‍ෂුව තුල
ලෝභය ඉතිරිවී ඇත්නම්,
දෝසය සුළුවෙන් හෝ ඉතිරිවී ඇත්නම්,
ලාමක ඊර්‍ෂ්‍යාව සුළුවෙන් හෝ ඉතිරිවී ඇත්නම්,
ක්‍රෝධය සුළුවෙන් හෝ ඉතිරිවී ඇත්නම්,
උපනාහය – බද්‍ධ වෛරය සුළුවෙන් හෝ ඉතිරිවී ඇත්නම්,
මක්ඛය – ගුණමකු ගතිය සුළුවෙන් හෝ ඉතිරිවී ඇත්නම්,
පළාසය- එකට එක කිරීම සුළුවෙන් හෝ ඉතිරිවී ඇත්නම්,
මච්චරිය- මසුරුකම සුළුවෙන් හෝ ඉතිරිවී ඇත්නම්,
ඉස්සා – ලාමක බලාපොරොත්තු සුළුවෙන් හෝ ඉතිරිවී ඇත්නම්,
ඒ ගුණයන් ඔහු තුල තවමත් අනුසය ලෙස හෝ ඉතිරිව ඇති බව දකී නම්
ඔහු ගැන මෙසේ දත යුතු වන්නේය.

‘මේ භික්ශුව ලෝභය, දෝසය, අමනාපය,….ඊර්ෂ්‍යාව … මතු නොවන සේ නොසිතන නිසා මේ දුර්ගුනයෝ ඔහු තුල පහව නැත. 1996 මේ භික්ෂුව තම පටිපදාවෙදී පෙර කී දුර්ගුණයන් මතු නොවෙන ලෙස සිතන්නේ නම් ක්‍රමක්‍රමයෙන් ඒවා හීනවී නැති වනු ඇත. එසේ කරන්නාවූ භික්ෂුව ධර්මය දැනගතේ කෙනෙකැයි. ධර්මය අවබෝධ කල කෙනෙකැයි කිව හැක.

ඒ කෙබඳුද යත්, යම් මිනිසෙකු, තමා මහා ධනවතෙකි යැයි කියයි. එසේ කියන්නාවූ ඔහුට යම් වටිනා දෙයක් මිලට ගැනීමට අවශ්‍යවේ. ඔහු ඒ භාණ්ඩය සඳහා, ධාන්‍යවලින්, රිදීයෙන්, රත්තරනින්, ඒ මිල ගෙවා ඔහුට ඒ භාණ්ඩය මිලට ගත හැක. මක් නිසාද යත්, ඔහු තමා ධනවත් කෙනෙකැයි ප්‍රකාශ කලේ සැබවින්ම ඔහු ධනවත් කෙනෙකු නිසා බැවිනි. මහණෙනි , ඒ ලෙසම තමා ධර්මය දැන ගත්තෙමි, ධර්මය තමන් අවබෝධ කර ගත්තෙමි’ යිසබවින්ම කිව හැකි වන්නේ මේ දුර්ගුණ මුළු මනින්ම සිය සන්තානයෙන් පහ කල භික්ෂුවකටය.”

AN 10-03-05. කසිණායතන සූත්‍රය

“මහණෙනි, කසිනසථාන දසයක් ඇත..

“කවර දසයක්ද යත්?

එකෙක් උඩ, යට, සරස දෙකක් නැති1996 , අප්‍රමාණ 1997 පෘථුවියම දක්නා පඨවි කසිනය හඳුනයි.

[1996:- අද්වයන්,= සරස නැති, non dual ලෙස දක්වන්නේ එක් කසිනයක ඇති ඒකීය බවයි. යමෙක් දිය පිරි විලක ගිලෙමින් ස්නානය කරන්නේ නම් ඔහු දියේ යට ගිය වීට ඔහු ගේ සිරුර සම්පුර්ණයෙන්ම ජලයෙන් වටවී තිබේ. වතුර හැර, අන් කිසිවක් ඔහු ස්පර්ෂ නොකරයි. එලෙසම පඨවි කසිණය වඩද්දී ඔහුට අන් එකදු කසිනයක් නොපෙනේ, නො දකී. පඨවි කසිනයම ඔහු වටකොට සිටී. ඒ ගුණය ‘අද්වයන්‘ ලෙස පාලි යෙන් කියැවේ. අනෙත් කසිනයන් වඩත්දී ද ඒ වඩන කසින හැරෙන්නට අන් කසිනයක් ඔහුට ස්පර්ෂ නොවේ.]

[1997: අප්පමාන:- කසින අරමුණෙහි මේ මුලය, මේ අගය, මේ මැදය කියන්නට හෝ කසිනයෙහි සීමාවන් මේයැයි කියන්නට නොහැකි ලෙස සිත අරමුණෙහි ගිලා බසින ස්වභාවය නිසා කසින අරමුණ අප්පමාණ කියා කියැවේ,]

ඇතැම් කෙනෙක් උඩ, යට, සරස දෙකක් නැති , අප්‍රමාණ ආපො ,වම දක්නා ආපො , කසිනය හඳුනයි
ඇතැම් කෙනෙක් උඩ, යට, සරස දෙකක් නැති , අප්‍රමාණ වායො,වම දක්නා වායො, කසිනය හඳුනයි
ඇතැම් කෙනෙක් උඩ, යට, සරස දෙකක් නැති , අප්‍රමාණ තේජෝ,වම දක්නා තේජෝ, කසිනය හඳුනයි
ඇතැම් කෙනෙක් උඩ, යට, සරස දෙකක් නැති , අප්‍රමාණ නීල දක්නා නීල කසිනය හඳුනයි
ඇතැම් කෙනෙක් උඩ, යට, සරස දෙකක් නැති , අප්‍රමාණ පීත දක්නා පීත කසිනය හඳුනයි
ඇතැම් කෙනෙක් උඩ, යට, සරස දෙකක් නැති , අප්‍රමාණ ලොහිතය දක්නා ලොහිත කසිනය හඳුනයි
ඇතැම් කෙනෙක් උඩ, යට, සරස දෙකක් නැති , අප්‍රමාණ ඔදාත දක්නා ඔදාත කසිනය හඳුනයි.
ඇතැම් කෙනෙක් උඩ, යට, සරස දෙකක් නැති , අප්‍රමාණ ආකාශයම දක්නා ආකාශ කසිනය හඳුනයි.
ඇතැම් කෙනෙක් උඩ, යට, සරස දෙකක් නැති , අප්‍රමාණ විඤ්ඤාණයම දක්නා විඤ්ඤාණ කසිනය හඳුනයි.

මහණෙනි, මේ දස කසිනායතනයෝයි.

AN 10-03-06. කාළීකුර රඝරිකා සූත්‍රය-

“එක් කාලයෙක්හි, ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරයන් වහන්සේ අවන්ති ජනපදයෙහි, කුරර ඝරයෙහි, පවත්ත නම් පර්‍වතයෙහි වාසය කරණ සේක. ඒ කාලයේ එක් දිනක කුරරඝරික කාලී නම් උපාසිකාව1998 ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරයන් වහන්සේ වෙත පැමිණ, ආයුෂ්මත් මහා කච්චායන තෙරුන් වැඳ, එකත්පසෙක හුන්නාය.

[1998:- ධර්මය ඇසු පමණින් ශ්‍රද්ධාව උපදවාගත් ශ්‍රාවිකාවන් අතර අග්‍ර ස්ථානය ගත් උපාසිකාව කාලි උපාසිකාව බව අටුවාව කියයි. කිසිදා භාග්‍යවතුන් වහන්සේ හමු නොවූ ඇය අන්‍යයන්ගෙන් ඇසු ධර්මය අසා ශ්‍රද්ධාව මෙසේ වඩා ගත්තාය.]

“එකත්පසෙක සිටි උපාසිකාව, ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරයන් වහන්සේට, මෙසේ කීවාය.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කුමාරී ප්‍රශ්න1999 යෙහිදී ,

[1999:- කුමාරියන් ලෙස මෙහි සඳහන් වන්නේ තන්හා , රති, රගා යන මාර දු වරුන් තිදෙනා බව සංයුක්ත නිකායේ 4.25 සුත්‍රයේ සඳහන් වේ. මෙහිදී ප්‍රශනය වන්නේ මේ තිදෙනාගෙන් එකියක වන තන්හා පිළිබඳව බව අටුවාව කියයි.]

අත්ථස්ස පත්තිං හදයස්ස සන්තිං,
ජෙත්වාන සෙනං පියසාතරූපං;
එකොහං  ඣායං සුඛමනුබොධිං,
තස්මා ජනෙන න කරොමි සක්ඛිං;
සක්ඛීන සම්පජ්ජති කෙනචි මෙ’ති.

සිත පිනවන වශීකරන අරමුණු මැඩ
හුදෙකලාව බවුන් වඩා,
හදෙහි සැනසීම වන අරහත්වය ලදිමි,
එනිසා ලෝකයා හා කුලුපගවන්නට,
මා රිසි නොකරමි,
මා හා කුළුපගවන්නට ලෝකයා නොපමුනුවමි

’ වදාළ සේක.

“භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්‍ෂෙපයෙන් වදාරණ ලද මෙය කෙසේ විස්තර වශයෙන් අර්ත්‍ථය වශයෙන් දත යුතුද?” කියා විචාලාය.

“නැගනියෙනි,
ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ පඨවි කසින සමාපත්තියම පරම උත්තම බවය2000 කියා සිතා පඨවි කසිණය වඩා ඒ සමාපත්තිය ලබා ඒ අරහත් බව පතා පඨවි කසිණය වඩති.

[2000:- අත්තාහි නිබ්බත්තෙසුන් :- පඨවි කසින සමාපත්තියම නිර්වාණය බව සිතීම් ලෙස ]

නැගනියෙනි, පඨවි කසින සමාපත්තියයේ යම් උසස් බවක්, උතුම් බවක්වේද , භාග්‍යවතුන් වහන්සේ සිය විශිෂ්ඨ ඥානයෙන් ඒ දැනගත් සේක. එමතු ද නොව භාග්‍යවතුන් වහන්සේ එය විශිෂ්ට ඥානයෙන් දැන එයනිසා වන සමාධියේ ඉපදීමට හේතුවද දත් සේක. ඒ සමාධියේ ආදීනවය ද දැනගත් සේක. එහි නිෂ්ක්‍රමණය නම් නිරෝධය ද දත් සේක.

අරහත්වයට නිසි මාර්ගයද , එය ලද නොහැකි මාර්‍ග ද අවබෝධ කල සේක. සියල්ලේ මුල දැකීමේ හේතුවෙන්, ආදීනවය දැකීමේ හේතුවෙන්, නික්මීම දැකීමේ හේතුවෙන්, මග නොමග දැකීමේ හේතුවෙන්, අර්ත්‍ථයට පැමිණීම, සන්තානයේ සංසිඳීම පිණිස හේතු විය..

නැගනියෙනි,
ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ආපෝ කසින සමාපත්තියම පරම උත්තම බවය කියා සිතා……. පඨවි කසිණය වඩා ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වායෝ කසින සමාපත්තියම පරම උත්තම බවය කියා සිතා…….
ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ තේජෝ කසින සමාපත්තියම පරම උත්තම බවය කියා සිතා…….
ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නීල කසින සමාපත්තියම පරම උත්තම බවය කියා සිතා…….
ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ පීත කසින සමාපත්තියම පරම උත්තම බවය කියා සිතා…….
ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ලෝහිත කසින සමාපත්තියම පරම උත්තම බවය කියා සිතා…….
ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඕදාත කසින සමාපත්තියම පරම උත්තම බවය කියා සිතා…….
ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ආකාස කසින සමාපත්තියම පරම උත්තම බවය කියා සිතා…..

ඒ ඒ සමාපත්තිය ලබා ඒ අරහත් බව පතා ඒ ඒ කසිණ වඩති.

නැගනියෙනි, ඒ සියළු කසින සමාපත්තින්ගේ උතුම් බව, භාග්‍යවතුන් වහන්සේ සිය විශිෂ්ට ඥානයෙන් දැනගත් සේක. භාග්‍යවතුන් වහන්සේ ඒ සමාපත්තින්ගේ ඉපදීමට හේතුන් දත් සේක. ආදීනව දැනගත් සේක. නික්මීම (නිරෝධ සත්‍යය) දත් සේක.

අරහත්වයට නිසි මාර්ගයද , එය ලද නොහැකි මාර්‍ග ද අවබෝධ කල සේක. සියල්ලේ මුල දැකීමේ හේතුවෙන්, ආදීනවය දැකීමේ හේතුවෙන්, නික්මීම දැකීමේ හේතුවෙන්, මග නොමග දැකීමේ හේතුවෙන්, අර්ත්‍ථයට පැමිණීම, සන්තානයේ සංසිඳීම පිණිස හේතු විය..

භාග්‍යවතුන් වහන්සේ විසින්,
සිත පිනවන වශීකරන අරමුණු මැඩ- හුදෙකලාව බවුන් වඩා,
හදෙහි සැනසීම වන අරහත්වය ලදිමි,
එනිසා ලෝකයා හා කුලුපගවන්නට, රිසි නොකරමි,
මා හා කුළුපගවන්නට ලෝකයා නොපමුනුවමි යි වදාරණ ලද්දේද,
නැගණියෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්‍ෂෙපයෙන් වදාරණ ලද මේ භාෂිතයෙහි අර්ත්‍ථය විස්තර වශයෙන් මෙසේ දත යුතුයි.

AN 10-03-07. මහා පඤ්හ සූත්‍රය

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනයෙහි අනේපිඬු මහ සිටුහුගේ අරමෙහි වාසය කරණ සේක. දිනෙක බොහෝ භික්‍ෂූහු පූර්‍වාහ්න වේලාවෙහි හැඳ පොරවා පාත්‍රා සිවුරු රැගෙන සැවැත්නුවරට පිඬු පිණිස පැමිණියාහුය. එදා ඒ භික්‍ෂූන්ට ‘තවම සැවැත්නුවර පිඬු සිඟීමට කල් නොවෙයි. පමාව යාම යෙහෙකි. ඒ කාලය අන්‍ය තීර්ත්‍ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය ට යන්නෙමු නම් යෙහෙකැ’ යි සිතූහ.

ඉක්බිති ඒ භික්‍ෂූහු අන්‍ය තීර්ත්‍ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය යම් තැනෙක්හිද, එහි වැඩියාහුය. වැඩ ඒ අන්‍ය තීර්ත්‍ථක පරිබ්‍රාජකයන් සමග සතුටුවූවාහුය. සතුටුවී, සතුටුවියයුතුවූ, සිහි කටයුතුවූ, කථාව කොට නිමවා එකත්පසෙක සිටියාහුය.

එකත්පසෙක සිටි ඒ භික්‍ෂූන්ට අන්‍ය තීර්ත්‍ථක පරිබ්‍රාජකයෝ, “ඇවැත්නි, ඔබගේ ශාස්තෘ ශ්‍රමණ ගෞතමයන් ශ්‍රාවකයන්ට, ‘මහණෙනි, මෙහි එව්. සියලු ධර්මය දනිව්. සියලු ධර්මය පසක් කොට දැන වාසය කරව්’2001 යයි මෙසේ බණ කියාදැ” යි ඇසුහ.

[2001:- ” ඒථ තුම්හේ භික්කවේ සබ්බං ධම්මං අභිජානාථ; සබ්බං ධම්මං අභිඥඥය, විහරථ” ]

“ඇවැත්නි, අපිද අපේ ශ්‍රාවකයන්ට, ‘ඇවැත්නි, මෙහි එව්. සියලු ධර්මය දනිව්. සියලු ධර්මය පසක් කොට දැන වාසය කරව්’ යයි ධර්ම දේශනා කරමු.”

“ඇවැත්නි, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගේ හෝ අපේ ධර්ම දේශනාවෙහි කිසි වෙනසක් ඇත්ද? යම් අනුශාසනයක ඇති වෙනස කුමක්ද, අදහස කුමක්ද, වෙන් කිරීම කුමක්දැ” යි ඇසූහ.

ඉක්බිති ඒ භික්‍ෂූහු පරිබ්‍රාජකයන්ගේ වචනයට එකඟව කරුණු නොකියා, විරිද්ධවද කරුණු නොකියා, අස්නෙන් නැගිට, ‘භාග්‍යවතුන් වහන්සේගෙන්ම මේ වචනයේ අර්ත්‍ථය දැනගන්නෙමු’ යි සිතා එතැනින් පිටව පිඬු පිණිස චාරිකාවේ යෙදුනහ. ඒ භික්‍ෂූහු සැවැත්නුවර පිඬු පිණිස හැසිර පිණ්ඩපාතය වැළඳීමෙන්යෙ පසු භාග්‍යවතුන් වහන්සේ වැඩ හුන් තැනට පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියාහුය.

එකත්පසෙක සිටි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට අන්‍යය තීර්තක පරිබ්රාජිකයන් කිවූ කාරණය ප්‍රකාශ කළහ.

“මහණෙනි, එසේ කියන්නාවූ අන්‍ය තීර්ත්‍ථක පරිබ්‍රාජකයන්ට මෙසේ පිළිතුරු දියයුතුයි.
‘ඇවැත්නි, එක් ප්‍රශ්නයෙකට. එක් කියා දීමකි. එක් විස්තරයකි. ප්‍රශ්න දෙකකට. කියාදීම් දෙකකි. විස්තර දෙකකි. ප්‍රශ්න තුනෙකට. කියාදීම් තුනෙකි. විස්තර තුනෙකි. ප්‍රශ්න සතරකට. කියාදීම් සතරකි. විස්තර සතරකි. ප්‍රශ්න පසකි. කියාදීම් පසකි. විස්තර පසකි. ප්‍රශ්න සයකි. කියාදීම් සයකි. විස්තර සයකි. ප්‍රශ්න සතකි. කියාදීම් සතකි. විස්තර සතකි. ප්‍රශ්න අටෙකට. කියාදීම් අටෙකි. විස්තර අටෙකි. ප්‍රශ්න නවයෙකට. කියාදීම් නවයෙකි. විස්තර නවයෙකි. ප්‍රශ්න දසයකට . කියාදීම් දසයකි. විස්තර දසයකියි’

මහණෙනි, මෙසේ විචාරණ ලද්දාවූ අන්‍ය තීර්ත්‍ථක පරිබ්‍රාජකයෝ සම්පාදනය කොට කියන්ට නොහැකි වන්නාහ. මත්තෙහිද දුකට පැමිණෙන්නාහ. ඊට හේතු කවරේද? මහණෙනි, එය නොවැටහීමයි.

“මහණෙනි, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දෙවි මිනිසුන් සහිත, සත්ත්‍වයන් අතරෙහි දෙවියන් සහිත ලෝකයෙහි යමෙක් මේ ප්‍රශ්න ප්‍රකාශ කිරීමෙන් සිත සතුටු කරන්නේද, තථාගතයන් හෝ, තථාගත ශ්‍රාවකයන් හෝ, මෙයින් අසා හෝ හැර ඔහු මම නොදකිමි. එක ප්‍රශ්නයෙකි, කියාදීම් එකකි, විස්තර එකකැයි මෙසේ වනාහි මෙය කියන ලද්දේද, එය කුමක් සඳහා කියන ලද්දේද?

(i) “මහණෙනි, එක ධර්‍මයෙක්හි භික්ෂුව කළකිරෙන්නේද , නොඇළෙන්නේද , මිදෙන්නේද , මනාකොට කෙළවර දක්නේද , සම ස්වභාවයට නුවණින් පැමිණ මෙළොවදීම දුක් කෙළවර කරන්නේද වේ නම් . ඒ කවර එක් ධර්‍මයෙක්හිද?

සියලු සත්ත්‍වයෝ ආහාරය නිසා පවතී..

මහණෙනි, ආහාරය යන මේ එක ධර්‍මයෙහි භික්ෂුවක් සම්පුර්ණයෙන් කළකිරෙන්නේද , නොඇළෙන්නේද, මිදෙන්නේද, කෙළවර දක්නේද , සම ස්වභාවයට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. එක් ප්‍රශ්නයෙකි, එක් කියාදීමකි, එක් විස්තර කිරීමකියි, යමක් කියන ලද්දේද, එය මේ සඳහා කියන ලදී.

(ii) “මහණෙනි, ධර්‍ම දෙකක්හි භික්ෂුව කළකිරෙන්නේ, නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ මෙළොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර ධර්‍ම දෙකක්හිද?

සියලු සත්ත්‍වයෝ නාමයද, රූපය නිසා සිටින්නාහුය

යන මහණෙනි, මේ ධර්‍ම දෙකෙහි මහණතෙම මනාකොට කළකිරෙන්නේ, මනාකොට නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න දෙකකි, කියාදීම් දෙකකි, විස්තර කිරීම් දෙකකියි, යමක් කියන ලද්දේද, එය මේ සඳහා කියන ලදී.

“මහණෙනි, ධර්‍ම තුනක්හි මනාකොට මහණතෙම කළකිරෙන්නේ, නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ මෙළොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර ධර්‍ම තුනක්හිද? සියලු සත්ත්‍වයෝ වේදනා තුන නිසා සිටින්නාහුය යන මහණෙනි, මේ ධර්‍ම තුනෙහි මහණතෙම මනාකොට කළකිරෙන්නේ, මනාකොට නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න තුනෙකි, කියාදීම් තුනෙකි, විස්තර කිරීම් තුනෙකියි, යමක් කියන ලද්දේද, එය මේ සඳහා කියන ලදී.

“මහණෙනි, ධර්‍ම හතරක්හි මනාකොට මහණතෙම කළකිරෙන්නේ, නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ මෙළොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර ධර්‍ම හතරක්හිද? සියලු සත්ත්‍වයෝ ආහාර සතර නිසා සිටින්නාහුය යන මහණෙනි, මේ ධර්‍ම හතරෙහි මහණතෙම මනාකොට කළකිරෙන්නේ, මනාකොට නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න හතරකි, කියාදීම් හතරකි, විස්තර කිරීම් හතරකියි, යමක් කියන ලද්දේද, එය මේ සඳහා කියන ලදී.

“මහණෙනි, ධර්‍ම පහක්හි මනාකොට මහණතෙම කළකිරෙන්නේ, නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ මෙළොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර ධර්‍ම පහක්හිද? සියලු සත්ත්‍වයෝ උපාදාන ස්ඛන්‍ධ පස නිසා සිටින්නාහුය යන මහණෙනි, මේ ධර්‍ම පසෙහි මහණතෙම මනාකොට කළකිරෙන්නේ, මනාකොට නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න පසෙකි, කියාදීම් පසෙකි, විස්තර කිරීම් පසෙකියි, යමක් කියන ලද්දේද, එය මේ සඳහා කියන ලදී.

“මහණෙනි, ධර්‍ම හයෙක්හි මනාකොට මහණතෙම කළකිරෙන්නේ, නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ මෙළොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර ධර්‍ම හයෙක්හිද? සියලු සත්ත්‍වයෝ ඇතුලත ඇති ආයතන සය නිසා සිටින්නාහුය යන මහණෙනි, මේ ධර්‍ම සයෙහි මහණතෙම මනාකොට කළකිරෙන්නේ, මනාකොට නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න සයෙකි, කියාදීම් සයෙකි, විස්තර කිරීම් සයෙකියි, යමක් කියන ලද්දේද, එය මේ සඳහා කියන ලදී. 15 “මහණෙනි, ධර්‍ම හතක මනාකොට මහණතෙම කළකිරෙන්නේ, නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ මෙළොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර ධර්‍ම හතක්හිද? සියලු සත්ත්‍වයෝ විඤ්ඤාණ සත නිසා සිටින්නාහුය යන මහණෙනි, මේ ධර්‍ම හතෙහි මහණතෙම මනාකොට කළකිරෙන්නේ, මනාකොට නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න හතකි, කියාදීම් හතකි, විස්තර කිරීම් හතකියි, යමක් කියන ලද්දේද, එය මේ සඳහා කියන ලදී.

“මහණෙනි, ධර්‍ම අටක මනාකොට මහණතෙම කළකිරෙන්නේ, නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ මෙළොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර ධර්‍ම අටක්හිද? සියලු සත්ත්‍වයෝ ලෝක ධර්‍ම අට නිසා සිටින්නාහුය යන මහණෙනි, මේ ධර්‍ම අටෙහි මහණතෙම මනාකොට කළකිරෙන්නේ, මනාකොට නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න අටකි, කියාදීම් අටකි, විස්තර කිරීම් අටකියි, යමක් කියන ලද්දේද, එය මේ සඳහා කියන ලදී.

“මහණෙනි, ධර්‍ම නවයක මනාකොට මහණතෙම කළකිරෙන්නේ, නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ මෙළොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර ධර්‍ම නවයෙක්හිද? සියලු සත්ත්‍වයෝ සත්ත්‍වයන් වසන තැන් නවය නිසා සිටින්නාහුය යන මහණෙනි, මේ ධර්‍ම නවයෙහි මහණතෙම මනාකොට කළකිරෙන්නේ, මනාකොට නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න නවයෙකි, කියාදීම් නවයෙකි, විස්තර කිරීම් නවයෙකියි, යමක් කියන ලද්දේද, එය මේ සඳහා කියන ලදී.

“මහණෙනි, ධර්‍ම දහයක මනාකොට මහණතෙම කළකිරෙන්නේ, නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ මෙළොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර ධර්‍ම දහයෙක්හිද? සියලු සත්ත්‍වයෝ දශ අකුශල ධර්මයන් නිසා සිටින්නාහුය යන මහණෙනි, මේ ධර්‍ම දහයෙහි මහණතෙම මනාකොට කළකිරෙන්නේ, මනාකොට නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න දහයෙකි, කියාදීම් දහයෙකි, විස්තර කිරීම් දහයෙකියි, යමක් කියන ලද්දේද, එය මේ සඳහා කියන ලදී. 

AN 10-03-08. කජඞගලා සූත්‍රය

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කජංගලා නුවර වෙළුවනයෙහි වාසය කරණ සේක. ඉක්බිති කජඞ්ගලයෙහිවූ බොහෝ උපාසකවරු කජඞ්ගලා2012 භික්‍ෂුණිය යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ, කජඞ්ගලා භික්‍ෂුණිය වැඳ, එකත්පසෙක සිටියාහුය.

[2012: කජඞ්ගලා යනු මේ භික්ෂුණියගේ නම් දැයි හෝ මෙහෙණින් වහන්සේ ගේ ගමේ නමදැයි ස්ථිරව සඳහන් කිරීම අපහසුය. ]

එකත්පස්ව සිට ඒ උපාසකයෝ කජඞ්ගල භික්‍ෂුණියට, මෙසේ කිවුහ..

“ආර්‍ය්‍යාවෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මහා ප්‍රශ්නයන්හි,
“එක් ප්‍රශ්නයෙකි. එක් කියා දීමකි. එක් විස්තරයකි. ප්‍රශ්න දෙකකි. කියාදීම් දෙකකි. විස්තර දෙකකි. ප්‍රශ්න තුනකි. කියාදීම් තුනකි. විස්තර තුනකි. ප්‍රශ්න සතරකි. කියාදීම් සතරකි. විස්තර සතරකි. ප්‍රශ්න පසකි. කියාදීම් පසකි. විස්තර පසකි. ප්‍රශ්න සයකි. කියාදීම් සයකි. විස්තර සයකි. ප්‍රශ්න සතකි. කියාදීම් සතකි. විස්තර සතකි. ප්‍රශ්න අටකි. කියාදීම් අටකි. විස්තර අටකි. ප්‍රශ්න නවයකි. කියාදීම් නවයකි. විස්තර නවයකි. ප්‍රශ්න දසයකි. කියාදීම් දසයකි. විස්තර දසයකි”යි මෙය වදාරණ ලද්දේය. බුදුරජාණන් වහන්සේ විසින් සංක්‍ෂෙපයෙන් වදාරණ ලද මෙහි කෙසේ විස්තර වශයෙන් අර්ත්‍ථය දත යුතුද, ඇවැත්නි, මෙය භාග්‍යවතුන් වහන්සේ සමීපයෙන් නොඅසන ලදී. සමීපයෙන් නොපිළිගන්නා ලදී. සිත දියුණු කරණ භික්‍ෂූන් සමීපයෙන්ද නොඅසන ලදී. පිළිනොගන්නා ලදී.”

“එතකුදුවුවත් යම් සේ මෙය වැටහේද, එය අසව්, මනාකොට මෙනෙහි කරව්, කියන්නෙමි” යි කීවාය. “ආචාර්‍ය්‍යයන් වහන්ස, එසේය” යි කජඞ්ගලායෙහි වූ උපාසකයෝ කජඞ්ගලා භික්‍ෂුණියට ප්‍රති වචන දුන්හ.

“කජඞ්ගලා භික්‍ෂුණිය, එක යන ප්‍රශ්නයකි. එක කියා දීමකි. එක විස්තරයකි කියා භාග්‍යවතුන් වහන්සේ මෙසේ යමක් වදාරණ ලද්දේද? මෙය කුමක් සඳහා වදාරණ ලද්දේද?

“ඇවැත්නි, මහණතෙම එක් ධර්‍මයෙක්හි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර එක් ධර්මයෙක්හිද? සියලු සත්ත්‍වයෝ ආහාරය නිසා සිටින්නාහුය යන මේ ධර්මයෙහියි. “ඇවැත්නි, මහණතෙම එක් ධර්‍මයෙක්හි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. එක යන ප්‍රශ්නයෙකි. එක කියාදීමකි. එක විස්තර කිර්මකි. මෙසේ ඒ යමක් වදාරණ ලද්දේ නම් මෙය මේ සඳහා වදාරණ ලදී.”

“ප්‍රශ්න දෙකකි, කියාදීම් දෙකකි, දෙක දෙක විස්තර කිරීමකියි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ මෙය වදාරණ ලද්දේ නම් එය කුමක් සඳහා වදාරණ ලද්දේද?”

“ඇවැත්නි, මහණතෙම ධර්ම දෙකෙක්හි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර දෙකෙක්හිද යත්, නාමයද, රූපයද යන දෙක කෙරෙහිය. ප්‍රශ්න දෙකකි, කියාදීම් දෙකකි, දෙක දෙක විස්තර කිරීමකියි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න දෙකකි, කියාදීම් දෙකකි, දෙක දෙක විස්තර කිරීමකියි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ යමක් වදාරණ ලද්දේ නම් මෙය මේ සඳහා වදාරණ ලදී.”

“ප්‍රශ්න තුනකි, කියාදීම් තුනකි, විස්තර කිරීම් තුනකියි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ මෙය වදාරණ ලද්දේ නම් එය කුමක් සඳහා වදාරණ ලද්දේද?”

“ඇවැත්නි, මහණතෙම ධර්ම තුනෙක්හි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර තුනෙක්හිද යත්, වේදනා තුන කෙරෙහිය. ප්‍රශ්න තුනකි, කියාදීම් තුනකි, විස්තර කිරීම් තුනකියි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න තුනකි, කියාදීම් තුනකි, විස්තර කිරීම් තුනකියි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ යමක් වදාරණ ලද්දේ නම් මෙය මේ සඳහා වදාරණ ලදී.”

“ප්‍රශ්න සතරකි, කියාදීම් සතරකි, විස්තර කිරීම් සතරකියි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ මෙය වදාරණ ලද්දේ නම් එය කුමක් සඳහා වදාරණ ලද්දේද?”

“ඇවැත්නි, මහණතෙම ධර්ම සතරෙක්හි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර සතරෙක්හිද යත්, සතිපට්ඨාන සතරෙහිය. ප්‍රශ්න සතරකි, කියාදීම් සතරකි, විස්තර කිරීම් සතරකියි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න සතරකි, කියාදීම් සතරකි, විස්තර කිරීම් සතරකියි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ යමක් වදාරණ ලද්දේ නම් මෙය මේ සඳහා වදාරණ ලදී.”

“ප්‍රශ්න පහකි, කියාදීම් පහකි, විස්තර කිරීම් පහකියි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ මෙය වදාරණ ලද්දේ නම් එය කුමක් සඳහා වදාරණ ලද්දේද?”

“ඇවැත්නි, මහණතෙම ධර්ම පසෙක්හි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර පසක් කෙරෙහිද යත්, පඤ්චෙද්‍රියයන් කෙරෙහිය. ප්‍රශ්න පහකි, කියාදීම් පහකි, විස්තර කිරීම් පහකියි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න පහකි, කියාදීම් පහකි, විස්තර කිරීම් පහකියි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ යමක් වදාරණ ලද්දේ නම් මෙය මේ සඳහා වදාරණ ලදී.”

“ප්‍රශ්න හයකි, කියාදීම් හයකි, විස්තර කිරීම් හයකියි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ මෙය වදාරණ ලද්දේ නම් එය කුමක් සඳහා වදාරණ ලද්දේද?”

“ඇවැත්නි, මහණතෙම ධර්ම හයෙක්හි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර හයක් කෙරෙහිද යත්, නිස්සාරනීය ධාතු නම් අධ්‍යාත්මික ආයතන සය කෙරෙහිය. ප්‍රශ්න හයකි, කියාදීම් හයකි, විස්තර කිරීම් හයකියි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න හයකි, කියාදීම් හයකි, විස්තර කිරීම් හයකියි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ යමක් වදාරණ ලද්දේ නම් මෙය මේ සඳහා වදාරණ ලදී.”

“ප්‍රශ්න හතකි, කියාදීම් හතකි, විස්තර කිරීම් හතකියි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ මෙය වදාරණ ලද්දේ නම් එය කුමක් සඳහා වදාරණ ලද්දේද?”

“ඇවැත්නි, මහණතෙම ධර්ම හතෙක්හි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර හතක් කෙරෙහිද යත්, බොජ්ඣඞ්ග සත කෙරෙහිය. ප්‍රශ්න හතකි, කියාදීම් හතකි, විස්තර කිරීම් හතකියි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න හතකි, කියාදීම් හතකි, විස්තර කිරීම් හතකියි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ යමක් වදාරණ ලද්දේ නම් මෙය මේ සඳහා වදාරණ ලදී.”

“ප්‍රශ්න අටකි, කියාදීම් අටකි, විස්තර කිරීම් අටකියි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ මෙය වදාරණ ලද්දේ නම් එය කුමක් සඳහා වදාරණ ලද්දේද?”

“ඇවැත්නි, මහණතෙම ධර්ම අටෙක්හි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර අටක් කෙරෙහිද යත්, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගය කෙරෙහිය. ප්‍රශ්න අටකි, කියාදීම් අටකි, විස්තර කිරීම් අටකියි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න අටකි, කියාදීම් අටකි, විස්තර කිරීම් අටකියි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ යමක් වදාරණ ලද්දේ නම් මෙය මේ සඳහා වදාරණ ලදී.”

“ප්‍රශ්න නවයකි, කියාදීම් නවයකි, විස්තර කිරීම් නවයකියි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ මෙය වදාරණ ලද්දේ නම් එය කුමක් සඳහා වදාරණ ලද්දේද?”

“ඇවැත්නි, මහණතෙම ධර්ම නවයෙක්හි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර නවයක් කෙරෙහිද යත්, නව ප්‍රකාර සත්ත්‍වයන් වසන තැන්හිය. ප්‍රශ්න නවයකි, කියාදීම් නවයකි, විස්තර කිරීම් නවයකියි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න නවයකි, කියාදීම් නවයකි, විස්තර කිරීම් නවයකියි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ යමක් වදාරණ ලද්දේ නම් මෙය මේ සඳහා වදාරණ ලදී.”

“ප්‍රශ්න දහයකි, කියාදීම් දහයකි, විස්තර කිරීම් දහයකියි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ මෙය වදාරණ ලද්දේ නම් එය කුමක් සඳහා වදාරණ ලද්දේද?”

“ඇවැත්නි, මහණතෙම ධර්ම දසයෙක්හි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර දසයක් කෙරෙහිද යත්, දශ කුසල ධර්‍ම පථයන්හිය. ප්‍රශ්න දහයකි, කියාදීම් දහයකි, විස්තර කිරීම් දහයකියි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න දහයකි, කියාදීම් දහයකි, විස්තර කිරීම් දහයකියි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ යමක් වදාරණ ලද්දේ නම් මෙය මේ සඳහා වදාරණ ලදී.”

“ඇවැත්නි, මේ දස ධර්මයන් කෙරෙහි මහණතෙම මනාකොට පුරුදුකරණලද සිත් ඇත්තේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්ණ දසයකි, කියාදීම් දසයකි, විස්තර දසයකියි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ යමක් වදාරණ ලද්දේ නම් එය මේ සඳහා වදාරණ ලදී.

“කජඞ්ගලා භික්‍ෂුණිය, එක යන ප්‍රශ්නයකි. එක කියා දීමකි. එක විස්තරයකි කියා භාග්‍යවතුන් වහන්සේ මෙසේ යමක් වදාරණ ලද්දේද? මෙය කුමක් සඳහා වදාරණ ලද්දේද? “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්‍ෂෙපයෙන් වදාරණ ලද්දාහු, මොහුගේ මෙසේ විස්තර වශයෙන් අර්ත්‍ථය දනිමි. ඇවැත්නි, තෙපි කැමැත්තහු නම් භාග්‍යවතුන් වහන්සේ කරාම පැමිණ මෙහි අර්ත්‍ථය අසව්. යම් සේ අපට භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරයිද එය එසේ දරන්නහුය.”

“ආර්‍ය්‍යයන් වහන්ස, එසේය” යි කජඞ්ගලා උපාසකවරු කජඞ්ගලා භික්‍ෂුණියගේ කියමනට සතුටුව, අනුමෝදන්ව, හුනස්නෙන් නැගිට, කජඞ්ගලා භික්‍ෂුණිය වැඳ පැදකුණු කොට භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියාහුය.

එකත්පසෙක සිටි කජඞ්ගල උපාසකයෝ කජඞ්ගල භික්‍ෂුණිය සමග යම් සල්ලාපයක් වූයේද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැළකළහ. “ගෘහපතිවරුනි, යහපති. යහපති, ගෘහපතිවරුනි, කජඞ්ගලා භික්‍ෂුණිය පණ්ඩිතය, ගෘහපතිවරුනි, කජඞ්ගලා භික්‍ෂුණිය මහා ප්‍රාඥය. ගෘහපතිවරුනි, ඉදින් තොප මා කරා පැමිණ, මේ කාරණය විචාළාහු නම්, මමද මෙය කජඞ්ගලා භික්‍ෂුණිය ප්‍රකාශ කළාක් මෙන් මෙසේම ප්‍රකාශ කරන්නෙමි. මෙහි අර්ත්‍ථය මේය. එය එසේම දරව්” යයි වදාළ සේක.

AN 10-03-09. කාසිකොසල සූත්‍රය

§ 1. “මහණෙනි,
කාසි සහ කොසල රටවල් කොතරම් දුරකට පැතිර ඇත්ද, ඒ සුවිසල් භුමිය පැතිරුණ තෙක් දුරට පසේ නදී කෝසල රජුගේ රාජධානිය පැතිර පවතී. පසේනදි කොසොල් රජහුගේ රටෙහි ප්‍රාන්ත රජවරු යම් පමණක්ද, ඔවුන් සියල්ලන්ටම පසේනදි කොසොල් රජ අග්‍රයයි කියනු ලැබේ. මහණෙනි, එසේ බලවත් වුවත්, මේ පසේනදි කොසොල් රජුගේ පවා වෙනස්වීමක් ඇත්තේමය. ජරා වීමක් ඇත්තේමය, මරණයක්ද ඇත්තේමය. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා මේ නොයෙක් සම්පතෙහි කළකිරෙයි. අග්‍ර රජකමෙහිද නොඇළෙයි. ඉදින් කොසොල් රජුගේ සම්පන් වලට වඩා අඩු දෙය ගැන කියනුම කවරේද?

§ 2. “මහණෙනි, දහසක් සෞර මණ්ඩලයන්හි දස දහසක් ලෝකයන් පරිබ්‍රමණය කෙරෙත්. දස දහසක් වන්‍ද්‍රයෝ දස දහසක් සූර්‍ය්‍යයෝ, දස දහසක් ලෝකයන් ආලෝක කරති. මේ දස දහසක් ලෝකයන්හි, මහමෙර දස දහසෙක, දඹදිව් දස දහසෙක, අපරගොයාන දස දහසෙක, උතුරුකුරු දිවයින් දස දහසෙක, පූර්‍වවිදෙහ දස දහසෙක, මහා සමුද්‍ර සාර දස දහසෙක, මහරජවරු සාර දස දහසෙක, චාතුර්මහාරාජික දස දහසෙක, තව්තිසා දස දහසෙක, යාම දස දහසෙක, තුෂිත දස දහසෙක, නිර්‍මාණරතී දස දහසෙක, පරනිර්මිත වසවර්ති දස දහසෙක, බ්‍රහ්මලෝක දස දහසෙක, මහණෙනි, සහශ්‍රී ලෝක ධාතුව යම්තාක්ද, මහා බ්‍රහ්මයා එහි අග්‍රයයි කියනු ලැබේ. මහණෙනි, මහා බ්‍රහ්මයාගේද වෙනස්විමක් ඇත. මරණයක්ද ඇත. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා එහිද කළකිරෙයි. එහි කළකිරෙන්නේ, විශ්ව අග්‍ර පදවියෙහි කළකිරෙයි. ලාමක දෙය ගැන කියනුම කවරේද?”

§ 3. “මහණෙනි, යම් දවසෙක මේ ලෝකය වැනසී යන්නේය. මහණෙනි, එසේ ලෝකය නැසෙන කල්හි බොහෝ සත්ත්‍වයෝ ආභස්සර 2017 බ්‍රහ්ම ලෝකයේ උපදිත්. ඔවුහු සිය ශරීර ආලෝකයෙන් දිලිසෙමින්, අහසෙහි හැසිරෙන්නාහුය., සිතින් උපදවා ගත් ප්‍රීතිය ආහාර ලෙස ගන්නෝය., මෙම ආභස්සර දෙවියෝ බොහෝ කාලයක් ආයුෂ ඇත්තෝය. ඔවුන් බොහෝ කාලයක් සිටිත්. මහණෙනි, ලෝකය නැසෙන කල්හි ආභසස්ර දෙවියෝ අග්‍රයයි කියනු ලැබෙත්. මහණෙනි, එසේ වුවද ආභස්සර දෙවියන්ගේද වෙනස්වීමක් ඇත. මරණයක් ඇත. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා එහිද කළකිරෙයි. එහි කළකිරෙන්නේ, අග්‍ර පදවියෙහි කළකිරෙයි. ලාමක දෙය ගැන කියනුම කවරේද?”

[2017:- (යෙභුයෙයන සත්තා ආභස්සර සංවත්තනිකා ) ආභස්සර බ්‍රහ්ම ලෝකය: දෙවන ධ්‍යානයට පත්වන මනුෂ්‍යයෙකු ගේ ඊළඟ චුතිය සිදුවන තලය යි. ප්‍රභාශ්වර ආලෝකයක් නිකුත්වන ශරීර මේ දෙවියන් t හිමි වන නිසා ආභස්සර ලෙස ලෝකයට නම් යෙදී ඇත. මේ ලොවට පහලින් ඇති සියළු ලෝක තලයන් විනාශ වෙත්දී අභාස්සර ලෝකය පමණක් විනාශ නොවී පවතියි.]

§ 4. “මහණෙනි, කසින ක්‍ෂෙත්‍රයෝ දසයකි.
මෙය කවර දසයක්ද යත්?

එකෙක් උඩ, යට, සරස දෙකක් නැති, අප්‍රමාණ පෘථුවියම දක්නා පෘථුවි කසිනය හඳුනයි. ඇතැම් කෙනෙක් ආපො කසිනය හඳුනයි. තෙජො, වායො, නීල, පීත, ලොහිත, ඔදාත, ආකාශ, විඤ්ඤාණ, උඩ, යට, සරස දෙකක් නැති අප්‍රමාණවූ විඤ්ඤාණ කසිනය ඇතැම් කෙනෙක් හඳුනයි. මහණෙනි, මේ දස කසිනායතනයෝයි. මහණෙනි, මේ කසින ක්‍ෂෙත්‍ර දසයෙන් එකෙක් උඩ, යට, සරස දෙකක් නැති, අප්‍රමාණවූ යම් මේ විඤ්ඤාණ කසිනයක් අඳුනයිද, මේ විඥාන කසිනය වඩන්නා ශ්‍රේෂ්ඨ වේ. එසේ වුවද මේ ශ්‍රේෂ්ඨයා ද වෙනසට පත් වේ. ඔහුද ව්යාදියට මරණයට පත් වේ.

මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා එහිද කළකිරෙයි. එහි කළකිරෙන්නේ, අග්‍ර පදවියෙහිද කළකිරෙයි. ලාමක දෙය ගැන කියනුම කවරේද?”

§ 5. “මහණෙනි, අභිභායතන නොහොත් මැඩ පවත්වන කරුණු අටක් වෙත්.
කවර අටක්ද යත්?

(i) කෙනෙක් තමා තුළවූ අභ්‍යන්තර රූප නිමිති කොට භාවනාව බොහෝ පුරුදු කරන මුත්, බාහිර රූප නිමිති භාවනාවන් වශයෙන් නොවැඩූ හෙයින් , මනා වර්‍ණ ඇති හෝ රූපයන් දකී. ඔවුන් මැඩ පවත්වා දනිමි, දකිමියි මෙබඳු සංඥා ඇත. මේ ප්‍රථම අභිභායතනයයි.

(ii) කෙනෙක් තමා තුළවූ රූපයෙහි පරිකර්‍ම කරන්නේ, පිටත දුවර්‍ණ වශයෙන් මහත්වූ, මනා වර්‍ණ ඇති හෝ රූපයන් දකී. ඔවුන් මැඩ පවත්වා දනිමි, දකිමියි මෙබඳු සංඥා ඇත. මේ දෙවෙනි අභිභායතනයයි.

(iii) කෙනෙක් තමා තුළවූ අරූපයෙහි පරිකර්‍ම කරන්නේ, පිටත අර්‍පණා වශයෙන් නොවැඩූ, මනා වර්‍ණ ඇති හෝ දුවර්‍ණ ඔවුන් මැඩ පවත්වා දනිමි, දකිමියි මෙබඳු සංඥා ඇත. මේ තුන්වෙනි අභිභායතනයයයි.

(iv) .“කෙනෙක් තමා තුළවූ අරූපයෙහි පරිකර්‍ම කරන්නේ, පිටත අර්‍පණා වශයෙන් අප්‍රමාණවූ මනා වර්‍ණ හෝ දුවර්‍ණවූ රූපයන් දකී. ඔවුන් මැඩ පවත්වා දනිමි, දකිමියි මෙබඳු සංඥා ඇත. මේ සතරවෙනි අභිභායතනයයයි.

(v). “කෙනෙක් තමා තුළවූ අරූප පරිකර්‍ම කරන්නේ, පිටත අර්‍පණා වශයෙන් නිල්වූ, නීලවර්‍ණවූ, නිල් පෙනීම ඇති, නිලට බබලන රූපයන් දකී. උම්මා පුෂ්පය යම්සේ නිල්ද, නිල්පාටද, නිලට උදාහරණද, නිලෙන් බබලාද, ඒ බරණැස වස්ත්‍රය යම් සේ දෙපාර්‍ශවයෙන් මදිනා ලද්දේද, නිල්ද, නිල් පාටද, නිලට නිදර්‍ශනද, නිලින් බබලාද, එසේම අධ්‍යාත්මයෙහි කෙනෙක් අරූප පරිකර්‍ම කරන්නේ, නිල්වූ, නිල්පාටවූ, නිලට නිදර්‍ශනවූ, නිලින් බබලන්නාවූ රූපයන් දකී. ඔවුන් මැඩ පවත්වා දනිමි, දකිමියි මෙබඳු සංඥා ඇත. මේ පස්වෙනි අභිභායතනයයයි.

(vi) . “කෙනෙක් තමා තුළවූ අරූපයෙහි පරිකර්‍ම කරන්නේ, කහවූ, කහපාටවූ, කහට නිදර්‍ශනවූ, කහෙන් බබලන පිටත අර්‍පණා වශයෙන් රූප දකිත්ද, කිණිහිරි මල් යම්සේ කහද, කහපාටද, කහට නිදර්‍ශනද, කහෙන් බබලාද, බරණැස් වස්ත්‍රය හෝ යම් සේ දෙපාර්‍ශවයෙන් මදිනා ලද්දේද, කහද, කහපාටද, කහට නිදර්‍ශනද, කහෙන් බබලාද, එසේම කෙනෙක් තමා තුළ අරූපයෙහි පරිකර්‍ම කරන්නේ, කහවූ, කහපාට ඇති, කහට නිදර්‍ශනවූ, කහෙන් බබලන, පිටත රූපයන් දකී. ඔවුන් මැඩ පවත්වා දනිමි, දකිමියි මෙබඳු සංඥා ඇත. මේ සවෙනි අභිභායතනයයයි.

(vii) . “කෙනෙක් තමා තුළවූ අරූපයෙහි පරිකර්‍ම කරන්නේ, රතුවූ, රතුපාටවූ, රතට නිදර්‍ශනවූ, රතින් බබලන රූපයන් දකී. බඳුවද මල් යම්සේ ලෙයද, රතුපාටද, ලෙයට නිදර්‍ශනද, ලෙයින් බබලාද, බරණැස වස්ත්‍රයක් යම් සේ දෙපාර්‍ශවයෙන් මදිනා ලද්දේ, රතුද, ලේපාටද, ලෙයට නිදර්‍ශනද, ලෙයින් බබලාද, එසේම කෙනෙක් තමා තුළ අරූපයෙහි පරිකර්‍ම කරන්නේ, රතුවූ, රතුපාට ඇති, ලෙයට නිදර්‍ශනවූ, ලෙයින් බබලන රූපයන් දකීද. ඔවුන් මැඩ පවත්වා දනිමි, දකිමියි මෙසේ සංඥා ඇත. මේ සත්වෙනි අභිභායතනයයයි.

(viii). “කෙනෙක් තමා තුළවූ අරූපයෙහි පරිකර්‍ම කරන්නේ, සුදුවූ, සුදුපාට ඇති, සුදට නිදර්‍ශනවූ, සුදින් බබලන පිටත රූපයන් දකියි. යම්සේ දහවත් තරුව (ඔසධි තාරකාව) සුදුද, සුදුපාටද, සුදට නිදර්‍ශනද, සුදින් බබලාද, බරණැස් වස්ත්‍රය හෝ යම් සේ දෙපාර්‍ශවයෙන් මදිනා ලද්දේද, සුදුද, සුදුපාටද, සුදට නිදර්‍ශනද, සුදින් බබලාද, එසේම කෙනෙක් අධ්‍යාත්මයෙහි අරූප යන සංඥා ඇත්තේ, සුදුවූ, සුදුපාට ඇති, සුදට නිදර්‍ශනවූ, සුදින් බබලන, රූපයන් දකී. ඔවුන් මැඩ පවත්වා දනිමි, දකිමියි යන සංඥා ඇත. මේ අට අභිභායතනයයයි.

“මහණෙනි, මේ අභිභායතන අටින් යම් කෙනෙක් තමා තුල වූ අරූපයෙහි පරිකර්ම කරන්නේ සුදුවූ, සුදු පාට ඇති, සුදට නිදර්‍ශනවූ, සුදින් බබලන, රූපයන් දකීද, ඔවුන් මැඩ පවත්වා දනිමි, දකිමියි යන සංඥාව ඇත්තේ වේ. මහණෙනි, මෙබඳු සංඥා ඇත්තාවූ සත්ත්‍වයෝ ඇත්තාහ. මහණෙනි, මෙබඳු සංඥා ඇත්තාවූ සත්ත්‍වයන්ගේ වෙනස්වීමක් ඇත. මරණයක් ඇත. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම එහිද කළකිරෙයි. එහි කළකිරෙන්නේ, අග්‍ර පදවියෙහි කළකිරෙයි. ලාමක දෙය ගැන කියනුම කවරේද?”

“මහණෙනි, ප්‍රතිපදා සතරක් වෙත්. කවර සතරක්ද යත්.

  • දුක් ප්‍රතිපදාව ප්‍රමාද අභිඥාව, (දුක්ඛ පටිපදා කිප්පා බිඥා)
  • දුක් ප්‍රතිපදාව වහා ලැබෙන අභිඥාව, (දුක්ඛ පටිපදා කිප්පා බිඥා)
  • සැප ප්‍රතිපදාව ප්‍රමාදව ලැබෙන අභිඥාව, (සුඛ පටිපදා කිප්පා බිංඥා
  • සැපවූ ප්‍රතිපදාව වහා ලැබෙන අභිඥාව (සුඛ පටිපදා

යන, මහණෙනි, මේ සතර ප්‍රතිපදාවෝය.

“මහණෙනි,, මේ සතර ප්‍රතිපදාවන්ගෙන් යම් මේ සැපවූ ප්‍රතිපදාව වහා ලැබෙන අභිඥාය යන යමක් ඇද්ද, මේ සතර ප්‍රතිපදාවන්ගෙන් මෙය ශ්‍රේෂ්ඨයි. මහණෙනි, මෙසේ පිළිපන් සත්ත්‍වයෝ ඇත්තාහ. මෙසේ පිළිපන්නාවූ සත්ත්‍වයන්ගේද, වෙනස් ස්වභාවයක්, මරණයක් ඇත්තේය. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම එහිද කළකිරෙයි. එහි කළකිරෙන්නේ, අග්‍ර පදවියෙහි කළකිරෙයි. ලාමක දෙය ගැන කියනුම කවරේද?”

“මහණෙනි, මේ සංඥාවෝ සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්, කෙනෙක් කාමාවචරය අඳුනයි. කෙනෙක් රූපාරූපභව අඳුනයි. ලෝකෝත්තරය අඳුනයි. කෙනෙක් කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනය හඳුනයි. මහණෙනි, මේ සතර සංඥාවෝය. මහණෙනි, මේ සතර සංඥාවන්ගෙන් යම් මේ කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනය හඳුනයිද, මෙය ශ්‍රේෂ්ඨයි. මහණෙනි, මෙබඳු සංඥා ඇත්තාවූ සත්ත්‍වයෝ ඇත්තාහ. මහණෙනි, මෙබඳු සංඥා ඇති සත්ත්‍වයන්ගේ වෙනස්වීමක් ඇත්තේය. මරණයක් ඇත්තේය. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම එහිද කළකිරෙයි. එහි කළකිරෙන්නේ, අග්‍ර පදවියෙහි කළකිරෙයි. ලාමක දෙය ගැන කියනුම කවරේද?”

“මහණෙනි, බුද්‍ධ ශාසනයෙන් බැහැරවූ දෘෂ්ටීන්ගේ යම් මේ ‘නොදවන්නෙමි. මාගේ නොවන්නේය. නොවන්නෙමි. මට නොවන්නේය’ යි යන මෙය ශ්‍රේෂ්ඨය. මහණෙනි, මෙබඳු දෘෂ්ඨි ඇත්තේ, භවයෙහි යම් මේ නොපිළිකුල් කමක් වේද, ඒ ඔහුට නොවේයයි භවයාගේ නිරුද්‍ධවීමෙහි යම් පිළිකුල් බවක් වේද, ඔහුට එය නොවන්නේයයි කැමතිවිය යුතුයි. මහණෙනි, මෙබඳු දෘෂ්ඨි ඇත්තාවූ සත්ත්‍වයෝ ඇත්තාහ. මහණෙනි, මෙබඳු දෘෂ්ඨි ඇති සත්ත්‍වයන්ට වෙනස්වීමක්, මරණයක් ඇත්තේය. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම එහිද කළකිරෙයි. එහි කළකිරෙන්නේ, අග්‍ර පදවියෙහි කළකිරෙයි. ලාමක දෙය ගැන කියනුම කවරේද?”

“මහණෙනි, ඉතා උසස් ශුද්ධිය පනවන ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහ. ඉතා උසස් ශුද්ධිය පනවන්නවුන් අතුරෙන් යම් මේ සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරයිද, මෙය ශ්‍රේෂ්ඨයි. ඔවහු එය විශිෂ්ඨ ඥානයෙන් දැන එය ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස බණ කියයි. මහණෙනි, මෙසේ කියන්නාවූ සත්ත්‍වයෝ ඇත. මහණෙනි, මෙසේ කියන්නාවූ සත්ත්‍වයන්ට වෙනස්වීමක් ඇත්තේය. මරණයක් ඇත්තේය. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම එහිද කළකිරෙයි. එහි කළකිරෙන්නේ, අග්‍ර පදවියෙහි කළකිරෙයි. ලාමක දෙය ගැන කියනුම කවරේද?”

“මහණෙනි, මේ ආත්මයෙහිම ශ්‍රේෂ්ඨ නිර්‍වාණය පණවන ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහ. ඔවුහු මේ ආත්මයෙහිම ශ්‍රේෂ්ඨ නිර්‍වාණය පණවත්. මහණෙනි, මේ ආත්මයෙහිම ශ්‍රේෂ්ඨ නිර්‍වාණය පනවන්නන් අතුරෙන් යම් මේ සය වැදෑරුම් ස්පර්‍ශයන්ගේ පහළවීමද, විනාශයද, ආශ්වාදයද, දොෂයද, නික්මීමද, තත්ත්වූ පරිද්දෙන් දැන, තෘෂ්ණා, මාන, දෘෂ්ඨි වශයෙන් දැඩි කොට නොගෙන, යම් මිදීමක් ඇද්ද, මෙය ශ්‍රේෂ්ඨයි. මහණෙනි, මා මෙසේ කියුම් ඇත්තේ, මෙසේ කීයේයයි ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නොවූ හිස් බොරු නොවූ දෙයින් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කාමයන්ගේ විශේෂ දැනීම නොපනවයි. රූපයන්ගේ විශේෂ දැනීම නොපණවයි. වේදනාවන්ගේ විශේෂ දැනීම නොපණවයි’ යයි මා අභිබවා කියත්. මහණෙනි, මම කාමයන්ගේ විශේෂ දැනීම කියමි. රූපයන්ගේ විෂෙශ දැනීම කියමි. වේදනාවන්ගේද විශේෂ දැනීම කියමි. මේ ආත්මයෙහිම තෘෂ්ණාව දුරු කළේ, නිවුනේ, සිහිල් වූයේ, කෙලෙස් අල්වා ගැනීම නැති පිරිනිවීම පණවමියි වදාළ සේක”10. දුතියකොසලසුත්තං

AN 10-03-10. පසේනදිපච්චකාර සූත්‍රය

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අසල අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි පසේනදි කොසොල් රජ තුමා සිය විජිතයේ එක් සීමාවක යුද්ධයක් කොට සිය සිතැඟි ඉටු කර ගෙන2027 මඩ පවත්වන්නට සිය හමුදාව සමග ගොස් ඒ කාර්‍යය නිමකොට සාවත්ති නුවරට ආවේය. මාලිගාවට යාමට පෙර ජීතවනාරාමය පසුකර යා යුතුය. කිසිදා ඔහු බ්නැගාග්ව‍යවතුන්තු වහන්නේසේ නොදක ජේතවනාරාමය ලඟින් නොයන නිසා මෙවරද ඔහු සිය හමුදාව හා යානයන් අසල නවතා පයින්ම ඇවිද ජේතවනාරාමයට ඇතුළු විය.

[2027: ඓතිහාසික තොරතුරු : පසේනදිගේ පියා වූ කෝසල රජතුමා තම දියණිය විවාහ කර දුන්නේ මගධයේ රජු බිම්බිසාර ටය. දැවද්දේ කොටසක් ලෙස මේ රාජධානි දෙකේ මායිමේ පිහිටි කසී ගම ඔහු ඇයට දී තිබිණ, බිම්බිසාර රජුගේ පුත් අජාත සත්තු සිය පියා ඝාතනය කල පසු රජ බිසව එනම් කොසොල් රජුගේ දියණිය සිය ස්වාමියාට වූ අපරාධය නිසා ශෝකයෙන් මිය ගියාය. තම දියණිය මල නිසා දැන් යලිත් කසී ගම තමන්ට අයිති බව කොසොල් රජු කීවේය. අජාත සත්තු රජු හා කොසොල් රජු අතර කිහිපවිටක් මේ කසිගම නිසා යුද්ධ කෝලහාල ඇතිවිය. දෙවතාවක් අජාසත්තුගේ හමුදාව විසින් පරාජය කලද මේ වර ඔවුන් පරදා ඔහු දිනුවේය. තමාගේ අභිමතාර්ථය ඉටු කර ගැනීම ලද්ධාදිප්පයෝ ලෙස පාලියෙන් දැක්වේ.]

එකල්හි බොහෝ භික්‍ෂූහු එලිමහනෙහි සක්මන් භාවනාවෙහි යෙදී සිටියහ. පසේනදි කොසොල් රජතුමා ඒ භික්‍ෂූහු වෙත පැමිණ, “ස්වාමීනි, භාග්‍යවත්, අර්හත් සම්‍යක් සම්බුද්‍ධයන් වහන්සේ දැන් කොහි වාසය කෙරෙත්ද?” යි ඇසීය.

“මහරජ, භාග්‍යවතුන් වහන්සේ තෙල පෙනෙන , දොර වසා ඇති විහාරයේ සිටින්නේය. නිශ්ශබ්දව ගොස් , ඉක්මන් නොවී, පිට බරාඳයට ඇතුළ්වී, උගුර පාදා මඩ ශබ්දයක් කොට, ඒ දොර අගුලට තට්ටු කරව. භාග්‍යවතුන් වහන්සේ තොපට දොර හරින සේක.”

ඒ කී පරිදිම පසේනදි කොසොල් රජ විහාරය වෙත ගොස් අගුලට තට්ටු කළේය. භාග්‍යවතුන් වහන්සේ දොර හළ සේක. එවිට පසේනදි කොසොල් රජ, එහි ඇතුළ , භාග්‍යවතුන් වහන්සේගේ පාමුල්හි හිසින් වැටී, “ස්වාමීනි, මම පසේනදි කොසොල්ය. ස්වාමීනි, මම පසේනදි කොසොල්ය’ යි සිය නමද කියමින් .2028 භාග්‍යවතුන් වහන්සේගේ සිරි පතුල් මුවින්ද සිඹියි. දෙඅතින්ද පිරිමදියි.

[2028:- කොසොල් රජු භාග්‍යවතුන් වහන්සේට මහා ආදරයක් ගෞරවයක් ඇතිව සිටි බවත්, මෙසේ දනින් වටී සිරි පා සිඹිමින් තම නම මේ යැයි කියමින් කල බුහුමන ගැන සුත්‍ර කිහිපයකම සඳහන් වේ.]

“මහරජ, ඔබ කවර කාරණයක් දකිමින් මේ ශරීරයට මෙසේ අතිශය ගෞරවයක් කරයිද, ආදරයක් පෙන්නන්නේ ද ?”

“ස්වාමීනි, මම ඔබ වහන්සේ කෙරෙහි මගේ ඇති ගෞරවය හා භක්තිය නිසා මම මෙසේ ආදර ගෞරව දක්වන්නෙමි, ස්වාමිනි.”

(1) “ස්වාමීනි, ඔබවහන්සේ අනුන් පිණිස, බොහෝ දෙනාට යහපතක් කරන්නටම ඔබ වහන්සේගේ කාලය වැය කරන සේක. ලෝකයාගේ හිත පිණිසම සැප පිණිසම වැඩ වසන්නේය. බොහෝ දෙනා ආර්යමාර්ගයේ පිහිටවූ සේක. අකුසල් මගින් වලකා කුසලයට යෙදවූ සේක. යහපත් ජීවිතවලට් පත් කල සේක. 2029

[2029:- බහුනෝ ජනස්ස අරිය ඥායෙ පතිට්ඨාපිතා , යදිධන් කල්‍යාණ ධම්මතාය , කුසල ධම්මතාය, ලෙස දැක්වූ පාඨය, මනුෂ්‍යගේ ලෞකික හා ලෝකෝත්තර සුභ සිද්ධිය යන අංශ දෙකම භාග්‍යවතුන් වහන්සේ සලකා ක්‍රියා කල බව කියයි.]

“ස්වාමීනි, මම මේ කාරණය දකිමින්, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු ශ්‍රේෂ්ඨ ආදර ගෞරවයක්, කරමි.”

(2) “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ සිල්වත් වූයේය, වැඩුණු සිල් ඇත්තේය, ශ්‍රේෂ්ඨ සිල් ඇත්තේය, නිපුණවූ සිල් ඇත්තේය, නිපුණවූ ශීලයෙන් යුක්තවූයේය.
“ස්වාමීනි, මම මේ කාරණය දකිමින්, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු ශ්‍රේෂ්ඨ ආදර ගෞරවයක්, කරමි.”

(3) “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ බොහෝ කලක් ජන ශුන්යවූ මහා වනයේ, වනගතව ජීවත් වූ සේක. මිනිසුන්ගෙන් හිස්වූ කැලෑ, ගුහා, පර්වත සෙවන වල වාසය කල සේක.
“ස්වාමීනි, මම මේ කාරණය දකිමින්, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු ශ්‍රේෂ්ඨ ආදර ගෞරවයක්, කරමි.”.

(4) “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේට ලැබෙන සිවුරු, පිඬු, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකර කෙබඳු වුවත්, එලද පරිද්දෙන්ම ඒ ගැන සතුටු වෙයි, “ස්වාමීනි, මම මේ කාරණය දකිමින්, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු ශ්‍රේෂ්ඨ ආදර ගෞරවයක්, කරමි.”

(5) “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ පූජාවට සුදුසුය. ආගන්තුක සත්කාරයට සුදුසුය. දන්දීමට සුදුසුය, දෙඅත් හිස තබා වැඳීමට සුදුසුය. ලෝකයාගේ ඉතා උසස් පින් කෙතය. “ස්වාමීනි, මම මේ කාරණය දකිමින්, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු ශ්‍රේෂ්ඨ ආදර ගෞරවයක්, කරමි.”.

(6) “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කරන කතාවක් වේද ඒ, කෙළෙස් දුරු කරණ, සිත පිබිදීමට සුදුසු, ආශාවන් අඩු කරවන කථාය, සන්තෝෂය ඇති කරවන කථාය, විවේකයෙහි වටිනාකම දක්වන කථාය, කුලයන් හා බැඳීමේ විපාක දක්වන කථාය, ප්‍රතිපත්ති පිරීමට වීර්‍ය්‍යාරම්භය ඇතිකරන කථාය, සීලයෙහි ආනිසංස දක්වන කථාය, සිත එකඟ කිරීමේ කථාය, ප්‍රඥාව ඇති කරවන කථාය, විමුක්තිය පිලිබඳ කථාය, මුක්තිය ලබන මග පිලිබඳ කථාය, සතිය ඇති කරන කථාය, 2030 ඔබ වහන්සේගෙන් මෙබඳු කථා නිරුත්සාහයෙන් ලබන හෙයින් , නිදුකින් ලබන හෙයින් , පහසුවෙන් ලබන හෙයින් , “ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු ශ්‍රේෂ්ඨ ආදර ගෞරවයක්, කරමි.”

[2030:- අප්පිච්ච කථා, සන්තුට්ඨි කථා,, පඡේක කථා, අසන්සග්ග කථා, විරියාරම්භ කථා, සීල කථා, සමාධි කථා, පඥා කථා, විමුත්ති කථා, විමුත්ති ඥාණ දස්සන කථා, එවරුපිය කථා,…… ]

(7) “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ අපහසුවෙකින් තොරවම කැමති ආකාරයකින්, කැමති වේලාවක සතර ධ්‍යානයන් ට සමවැද, මේ ජීවිතයේ ලද හැකි ශ්‍රේෂ්ඨම ප්‍රීතිය, සැපය නිදුකින් ලබන බව දනිමි. පහසුවෙන් ලබන බව දනිමි. “ස්වාමීනි, මම මේ දකිමින්, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු ශ්‍රේෂ්ඨ ආදර ගෞරවයක්, කරමි.”.

(8) “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ගේ පුර්ව භවයන් එකක් නොව, දහසක් නොව, කල්ප ගැන ඈත අතීතයට දකින්නේය. අසුවල් නම ඇතිව, අසුවල් දේශයක, අසුවල් කුලයක ඉපිද අසුවල් ජීවිකාවක් කලෙමි. අසුවල් අසුවල් ලෙස සිට මිය ගොස් ඉන් පසු අසුවල් රටක, අසුවල් කුලයක උපන්නෙමි’ යි දේසනා කරනු අසා මම , භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු ශ්‍රේෂ්ඨ ආදර ගෞරවයක්, කරමි.”.

(9) “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ , මිනිස් ඇස ඉක්මවා ගිය දිව්‍ය ඇසින් , දිවැසින් , මේ මේ සත්වයන්, මේ මේ ආකාරයෙන් මියගොස්, මේ මේ කර්මවල විපාක ලෙස මේ මේ තැන් වල මේ මේ ජාතිවල උපදිනවා දකින්නේය යනු මා අසා ඇත. මේ අසා , භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු ශ්‍රේෂ්ඨ ආදර ගෞරවයක්, කරමි.”.

(10.) “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ආශ්‍රවයන් ක්‍ෂය කිරීමෙන්, ආශ්‍රව රහිතව සිත නිදහස් කර ගත්තේය., ප්‍රඥාව දියුණු කොටගෙන ඒ ප්‍රඥාවෙන්ම විමුක්තිය සාධනය කර ගත් සේක. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ යම්සේ ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීමෙන් ආශ්‍රව රහිත සිත නිදහස් වීමද, ප්‍රඥාව නිදහස් වීමද, මෙලොවම තෙමේ විශිෂ්ඨ ඥානයෙන් දැන, ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කරයිද, ස්වාමීනි, මම මේ කාරණයද දක්නේ, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු ශ්‍රේෂ්ඨ ගෞරවයක්, මෛත්‍රී එළවීමක් කරමි.

“ස්වාමීනි, එසේනම් දැන් යමි. අපට බොහෝ කටයුතුය. බොහෝ වැඩ පලය.”

“මහරජ, දැන් තොප යාමට කල් දනිව්.” යි භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළ සේක.
පසේනදි කොසොල් රජතුමා හුනස්නෙන් නැගිට, භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට පිටව ගියේය.”

AN 03-01

1. බාල භය සුත්‍රය 2. කම්මලක්ඛණ සූත්‍රය. 3. බාලලක්ඛණ සූත්‍රය.
4. අච්චය පටිකරණ සූත්‍රය. 5. අයොනිසොපඤ්හ සූත්‍රය.
6. අකුශල කම්ම සූත්‍රය. 7. සාවජ්ජ කම්ම සූත්‍රය.
8. සව්‍යාපජ්ඣ කම්ම සූත්‍රය, 9. ඛතත්ත සූත්‍රය.
10. මලප්පහාණ සූත්‍රය

AN 03-01-01. බාල භය සූත්‍රය

“මහණෙනි, යම්කිසි භය උපදිත්ද, ඒ සියලු භය බාලයා කෙරෙන් උපදිත්. පණ්ඩිතයා කෙරෙන් නූපදිත්. යම්කිසි විපත්තීහු උපදිත්ද, ඒ සියලු විපත්තීහු බාලයා කෙරෙන් උපදිත්. පණ්ඩිතයාගෙන් නූපදිත්. යම්කිසි උවදුරු උපදිත්ද, ඒ සියලු උවදුරු බාලයා කෙරෙන් උපදිත්. පණ්ඩිතයාගෙන් නූපදිත්.

“මහණෙනි, යම්සේ වනාහි බට සෙවිලි ගෙයක් හෝ තණ සෙවිලි කළ ගෙයක් හෝ ගිනිගන්නා ලද්දේ, ඇතුළත පිටත (සුනුපිරියම්) කරණ ලද භික්ති ඇත්තාවූ මනාව සවිකළ දොරවල් ඇත්තාවූ, මනාව යෙදූ වා කවුළු ඇත්තාවූ, කූටාගාරයන්ද දවන්නේද, මහණෙනි, එපරිද්දෙන්ම වනාහි යම්කිසි භය කෙනෙක් උපදිත්ද, ඒ සියලු බිය බාලයා කෙරෙන් උපදිත්. පණ්ඩිතයා කෙරෙන් නූපදිත්.

“යම්කිසි විපත්තීහු උපදිත්ද, ඒ සියලු විපත් බාලයා කෙරෙන් උපදිත්. පණ්ඩිතයා කෙරෙන් නූපදිත්. යම්කිසි උපද්‍රව කෙනෙක් උපදිත්ද, ඒ සියලු උපද්‍රවයෝ බාලයා කෙරෙන් උපදිත්. පණ්ඩිතයා කෙරෙන් නූපදිත්.

“මහණෙනි, මෙසේ බාලයා භය සහිත වේ. පණ්ඩිත තෙම භය සහිත නොවේ. බාල තෙම විපත්ති සහිත වේ. පණ්ඩිත තෙම විපත්ති සහිත නොවේ. බාල තෙම උවදුරු සහිත වේ. පණ්ඩිත තෙම උවදුරු සහිත නොවේ. මහණෙනි, පණ්ඩිතයා කෙරෙන් බියක් නැත්තේය. පණ්ඩිතයාගෙන් විපතක් නැත. පණ්ඩිතයා කෙරෙන් උවදුරක් නැත.

“මහණෙනි, එහෙයින් ධර්‍ම තුනකින් යුක්තවූ පුද්ගලයා බාලයායයි දත යුත්තේද, ඒ ධර්‍ම තුන දුරුකොට යම් ධර්‍ම තුනකින් යුක්තවූ පුද්ගලයා පණ්ඩිතයායයි දත යුත්තේද, ඒ ධර්‍ම තුන සමාදන්ව වාසය කරන්නෙමුයි මෙසේ හික්මිය යුතුයි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය” යි වදාළ සේක-

AN 03-01-02. කම්ම ලක්ඛණ සූත්‍රය

“මහණෙනි, බාල තෙම ක්‍රියාව ලක්‍ෂණ (හැඳින ගතයුතු කරුණ) කොට ඇත්තේය. පණ්ඩිත තෙමේ ක්‍රියාව ලක්‍ෂණ කොට ඇත්තේය. ප්‍රඥාව චරිතයෙන් ශෝභමාන වන්නීය” යි වදාළ සේක.

“මහණෙනි, ධර්‍ම තුනකින් යුක්තවූ පුද්ගලයා බාල යයි දත යුතුයි. කවර ධර්‍ම තුනකින්ද? කාය දුශ්චරිතයෙන්ද, වාග් දුශ්චරිතයෙන්ද, මනෝ දුශ්චරිතයෙන්ද වෙයි. මහණෙනි, මේ ධර්‍ම තුනෙන් යුක්තවූයේ බාල යයි දතයුතු.

“මහණෙනි, ධර්‍ම තුනකින් යුක්තවූයේ පණ්ඩිතයයි දත යුතුයි. කවර තුනකින්ද යත්? කාය සුචරිතයෙන්ද, වාග් සුචරිතයෙන්ද, මනෝ සුචරිතයෙන්ද වෙයි. මහණෙනි, මේ ධර්‍ම තුනෙන් යුක්තවූයේ පණ්ඩිතයයි දත යුතුයි. මහණෙනි, එහෙයින් යම් ධර්‍ම තුනකින් යුක්තවූයේ බාලයායයි දත යුත්තේද, ඒ ධර්‍ම තුන දුරුකොට යම් ධර්‍ම තුනකින් යුක්තවූයේ පණ්ඩිතයායයි දත යුත්තේද, ඒ ධර්‍ම සමාදන්ව වාසය කරන්නෙමියි මෙසේ හික්මිය යුතුයි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය” යි වදාළ සේක.

AN 03-01-03 . බාල ලක්ඛණ සූත්‍රය

-3 3. සූත්‍රය–

“මහණෙනි, බාලයාගේ බාල ලක්‍ෂණ බාලයායයි දැනගැනීමට කරුණු බාල චරිත තුනක් වෙත්. කවර තුනක්ද යත්? මහණෙනි, මේ ලෝකයෙහි බාල තෙම නපුරු සිතක්ම සිතන්නේ වෙයි. නපුරු වචනයක්ම කියන්නේ වෙයි. නපුරු ක්‍රියාවක්ම කරන්නේ වෙයි.

“මහණෙනි, මේ බාලතෙම ඉදින් නපුරු සිතක් නොසිතන්නේත් වේ නම්, නපුරු වචන නොකියන්නේත් වේ නම්, නපුරු ක්‍රියා නොකරන්නේත් වේ නම්, පණ්ඩිතයෝ ඔහු මේ පිනවත් තෙමේ බාලයෙක, අසත්පුරුෂයෙකැයි කිනම් කරුණකින් දැනගන්නාහුද.

“මහණෙනි, යම් හෙයකින් වනාහි බාල තෙම නපුරු සිතක්ම සිතන්නේ වෙයිද, නපුරු වචනයක්ම කියන්නේ වෙයිද, නපුරු ක්‍රියාවක්ම කරන්නේ වෙයිද, එහෙයින් පණ්ඩිතයෝ ඔහු මේ පින්වත් තෙමේ බාලයෙක පණ්ඩිතයෙකැයි දැනගන්නාහුය. මහණෙනි, මොහු වනාහි බාලයාගේ බාල ලක්‍ෂණ, බාල කරුණු, බාල චරිතයෝ වෙත්ය” යි වදාළ සේක.

“මහණෙනි, පණ්ඩිතයාගේ පණ්ඩිත ලක්‍ෂණ, පණ්ඩිත කරුණු, පණ්ඩිත චරිත තුනක් වෙති. කවර තුනක්ද? මහණෙනි, මේ ලෝකයෙහි පණ්ඩිත තෙම යහපත් සිතක්ම සිතන්නේ වෙයි. යහපත් වචනයක්ම කියන්නේ වෙයි. යහපත් ක්‍රියාවක්ම කරන්නේ වෙයි. මහණෙනි, ඉදින්, පණ්ඩිත තෙමේ යහපත් සිතක්ම සිතන්නේත්, යහපත් වචනයක්ම කියන්නේත්, යහපත් ක්‍රියාවක්ම කරන්නේත් නොවේ නම් පණ්ඩිතයෝ ඔහු මේ පින්වත් තෙමේ පණ්ඩිතයෙක, සත්පුරුෂයෙකැයි කුමකින් දැනගන්නාහුද,

“මහණෙනි, යම් හෙයකින් පණ්ඩිත තෙමේ යහපත් සිතක්ම සිතන්නේ වේද, යහපත් වචනයක්ම කියන්නේ වේද, යහපත් ක්‍රියාවක්ම කරන්නේ වේද, එහෙයින් ඥානවන්තයෝ මේ පින්වත් තෙමේ පණ්ඩිතයෙක, සත්පුරුෂයෙකැයි දැනගනිත්. මහණෙනි, මොහු පණ්ඩිතයාගේ පණ්ඩිත ලක්‍ෂණ, පණ්ඩිත කරුණු, පණ්ඩිත චරිත වෙත්..

“මහණෙනි, එහෙයින් ධර්‍ම තුනකින් යුක්තවූ පුද්ගලයා බාලයායයි දත යුත්තේද, ඒ ධර්‍ම තුන දුරුකොට යම් ධර්‍ම තුනකින් යුක්තවූ පුද්ගලයා පණ්ඩිතයායයි දත යුත්තේද, ඒ ධර්‍ම තුන සමාදන්ව වාසය කරන්නෙමුයි මෙසේ හික්මිය යුතුයි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය” යි වදාළ සේක.

AN 03-01-04. අච්චය පටිකරණ සූත්‍රය

— සූත්‍රය–

“මහණෙනි, ධර්‍ම තුනකින් යුත් පුද්ගලයා බාලයායයි දත යුතුයි. කවර තුනකින්ද?

“වරද, වරද වශයෙන් නොදකියිද, වරද, වරද වශයෙන් දැක ධර්‍මයවූ පරිද්දෙන් පිළියම් නොකරයිද, අනිකෙකු වරද ප්‍රකාශකළ කල්හි ධර්‍මයවූ පරිද්දෙන් නොපිළිගනියිද, මහණෙනි, මේ කරුණු තුනෙන් යුත් පුද්ගලයා බාලයායයි දත යුතුයි.

“මහණෙනි, ධර්‍ම තුනකින් යුත් පුද්ගලතෙමේ පණ්ඩිතයායයි දත යුතුයි. කවර තුනකින්ද යත්? වරද, වරද වශයෙන් දකියිද, වරද, වරද වශයෙන් දැක ධර්‍මයවූ පරිද්දෙන් පිළියම් කරයිද, අනිකෙකු වරද ප්‍රකාශකළ කල්හි ධර්‍මයවූ පරිද්දෙන් පිළිගනියිද, මේ ධර්‍ම තුනෙන් යුත් පුද්ගලයා පණ්ඩිතයායයි දත යුතු.

“මහණෙනි, එහෙයින් ධර්‍ම තුනකින් යුක්තවූ පුද්ගලයා බාලයායයි දත යුත්තේද, ඒ ධර්‍ම තුන දුරුකොට යම් ධර්‍ම තුනකින් යුක්තවූ පුද්ගලයා පණ්ඩිතයායයි දත යුත්තේද, ඒ ධර්‍ම තුන සමාදන්ව වාසය කරන්නෙමුයි මෙසේ හික්මිය යුතුයි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය” යි වදාළ සේක.

AN 03-01-05. අයොනිසොපඤ්හ සූත්‍රය

–5. අයොනිසොපඤ්හ සූත්‍රය-

“මහණෙනි, ධර්‍ම තුනකින් යුත් පුද්ගලයා බාලයායයි දත යුතුයි. කවර තුනකින්ද?

“නුනුවණින් ප්‍රශ්න අසන්නේ වේද, නුනුවණින් ප්‍රශ්න විසඳන්නේ වේද, අනිකෙකු විසින් නුවණින්, අන්‍ර්‍ථයෙන් හා කාරණයෙන් යුක්තවූ, සිලුටුවූ පද ව්‍යඤ්ජනයන්ගෙන් විසඳන ලද ප්‍රශ්න සතුටින් පිළිනොගන්නේ වෙයිද, මහණෙනි, මේ කරුණු තුනෙන් යුත් පුද්ගල තෙම බාලයායයි දත යුතු.

“මහණෙනි, කරුණු තුනකින් යුත් පුද්ගලයා පණ්ඩිතයායයි දත යුතුය. කිනම් කරුණු තුනකින්ද? මහණෙනි, නුවණින් ප්‍රශ්න අසන්නේ වෙයිද, නුවණින් ප්‍රශ්න විසඳන්නේ වෙයිද, අනිකෙකු විසින් නුවණින්, අන්‍ර්‍ථයෙන් හා කාරණයෙන් යුත්, සිලුටු පද ව්‍යඤ්ජනයන්ගෙන් විසඳන ලද ප්‍රශ්න සතුටින් පිළිගන්නේ වෙයිද, මහණෙනි, මේ කරුණු තුනෙන් යුත් පුද්ගලයා පණ්ඩිතයායයි දත යුතුය.

“මහණෙනි, එහෙයින් ධර්‍ම තුනකින් යුක්තවූ පුද්ගලයා බාලයායයි දත යුත්තේද, ඒ ධර්‍ම තුන දුරුකොට යම් ධර්‍ම තුනකින් යුක්තවූ පුද්ගලයා පණ්ඩිතයායයි දත යුත්තේද, ඒ ධර්‍ම තුන සමාදන්ව වාසය කරන්නෙමුයි මෙසේ හික්මිය යුතුයි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය” යි වදාළ සේක.

AN 03-01-06. අකුශල කම්ම සූත්‍රය

— සූත්‍රය–

“මහණෙනි, ධර්‍ම තුනකින් යුත් පුද්ගලයා බාලයායයි දත යුතුයි. කවර තුනකින්ද?

“අකුශල කාය කර්‍මයෙන්ද, අකුශල වාක් කර්‍මයෙන්ද, අකුශල මනො කර්‍මයෙන්ද වෙයි. මහණෙනි, මේ ධර්‍ම තුනෙන් යුත් පුද්ගලයා බාලයායයි දත යුතුයි.

“මහණෙනි, කරුණු තුනකින් යුත් පුද්ගලයා පණ්ඩිතයායයි දත යුතුයි. කවර තුනකින්ද ? කුශල කාය කර්‍මයෙන්ද, කුශල වාක් කර්‍මයෙන්ද, කුශල මනො කර්‍මයෙන්ද වෙයි. මහණෙනි, මේ ධර්‍ම තුනෙන් යුත් පුද්ගලයා පණ්ඩිතයායයි දත යුතු.

“මහණෙනි, එහෙයින් ධර්‍ම තුනකින් යුක්තවූ පුද්ගලයා බාලයායයි දත යුත්තේද, ඒ ධර්‍ම තුන දුරුකොට යම් ධර්‍ම තුනකින් යුක්තවූ පුද්ගලයා පණ්ඩිතයායයි දත යුත්තේද, ඒ ධර්‍ම තුන සමාදන්ව වාසය කරන්නෙමුයි මෙසේ හික්මිය යුතුයි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය” යි වදාළ සේක.

AN 03-01-07. සාවජ්ජ කම්ම සූත්‍රය

සූත්‍ර–

“මහණෙනි, ධර්‍ම තුනකින් යුත් පුද්ගලයා බාලයායයි දත යුතුයි. කවර තුනකින්ද?

“වරද සහිත කාය කර්‍මයෙන්ද, වරද සහිත වාක් කර්‍මයෙන්ද, වරද සහිත මනො කර්‍මයෙන්ද වෙයි. මහණෙනි, මේ කරුණු තුනෙන් යුත් පුද්ගලයා බාලයායයි දත යුතුයි.

“මහණෙනි, කරුණු තුනකින් යුත් පුද්ගලයා පණ්ඩිතයායයි දත යුතුයි. කවර තුනකින්ද ? නිරවද්‍ය කාය කර්‍මයෙන්ද, නිරවද්‍ය වාක් කර්‍මයෙන්ද, නරවද්‍ය මනො කර්‍මයෙන්ද වෙයි. මහණෙනි, මේ කරුණු තුනෙන් යුත් පුද්ගලයා පණ්ඩිතයායයි දත යුතු.

“මහණෙනි, එහෙයින් ධර්‍ම තුනකින් යුක්තවූ පුද්ගලයා බාලයායයි දත යුත්තේද, ඒ ධර්‍ම තුන දුරුකොට යම් ධර්‍ම තුනකින් යුක්තවූ පුද්ගලයා පණ්ඩිතයායයි දත යුත්තේද, ඒ ධර්‍ම තුන සමාදන්ව වාසය කරන්නෙමුයි මෙසේ හික්මිය යුතුයි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය” යි වදාළ සේක.

AN 03-01-08. සව්‍යාපජ්ඣ කම්ම

–8. සව්‍යාපජ්ඣ කම්ම සූත්‍රය–

“මහණෙනි, ධර්‍ම තුනකින් යුත් පුද්ගලයා බාලයායයි දත යුතුයි. කවර තුනකින්ද?

“අපරාධ සහිත කාය කර්‍මයෙන්ද, අපරාධ සහිත වාක් කර්‍මයෙන්ද, අපරාධ සහිත මනො කර්‍මයෙන්ද වෙයි. මහණෙනි, මේ කරුණු තුනෙන් යුත් පුද්ගලයා බාලයායයි දත යුතුයි.

“මහණෙනි, කරුණු තුනකින් යුත් පුද්ගලයා පණ්ඩිතයායයි දත යුතුයි. කවර තුනකින්ද ? නිරපරාධ කාය කර්‍මයෙන්ද, නිරපරාධ වාක් කර්‍මයෙන්ද, නිරපරාධ මනො කර්‍මයෙන්ද වෙයි. මහණෙනි, මේ කරුණු තුනෙන් යුත් පුද්ගලයා පණ්ඩිතයායයි දත යුතුය.

“මහණෙනි, එහෙයින් ධර්‍ම තුනකින් යුක්තවූ පුද්ගලයා බාලයායයි දත යුත්තේද, ඒ ධර්‍ම තුන දුරුකොට යම් ධර්‍ම තුනකින් යුක්තවූ පුද්ගලයා පණ්ඩිතයායයි දත යුත්තේද, ඒ ධර්‍ම තුන සමාදන්ව වාසය කරන්නෙමුයි මෙසේ හික්මිය යුතුයි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය” යි වදාළ සේක.

AN 03-01-09. ඛතත්ත සූත්‍රය

සූත්‍රය–

“මහණෙනි, බාලවූ, අදක්‍ෂවූ, අසත්පුරුෂවූ බාල තෙමේ, නසාගත්, විනාශ කරගත් ආත්මය පරිහරණය කරයි. නුවණැත්තන් විසින් කියයුත්තෙක්, චෝදනා කටයුත්තෙක් වෙයි. බොහෝ අකුසල්ද රැස්කරයි. කවර තුනකින්ද?

“කාය දුශ්චරිතයෙන්ද, වාක් දුශ්චරිතයෙන්ද, මනො දුශ්චරිතයෙන්ද වෙයි. මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත් අදක්‍ෂ අසත්පුරුෂ බාල තෙම නසාගත්, විනාස කරගත් ආත්මයක් පරිහරණය කරයි. නුවනැත්තන් විසින් කියයුත්තෙක්ද, චෝදනා කටයුත්තෙක්ද වෙයි. බොහෝ අකුසල්ද රැස්කරයි.

“මහණෙනි, ධර්ම තුනකින් යුත් දක්‍ෂවූ, සත්පුරුෂවූ පණ්ඩිත තෙමේ, නොනසනලද, විනාශ නොකරණලද ආත්මයක් පරිහරණය කරයි. කවර තුනකින්ද යත්, කාය සුචරිතයෙන්ද, වාක් සුචරිතයෙන්ද, මනො සුචරිතයෙන්ද වෙයි. මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත් දක්‍ෂවූ සත්පුරුෂවූ පණ්ඩිත තෙමේ නොනසනලද, විනාශ නොකරණලද ආත්මයක් පරිහරණය කරයි. නුවණැත්තන් විසින් නොකියයුත්තෙක්, චෝදනා නොකළ යුත්තෙක් වෙයි. බොහෝ කුසල්ද රැස්කරයි.”

AN 03-01-10 . මලප්පහාණ සූත්‍රය

-10. —

“මහණෙනි, ධර්ම තුනකින් යුත් පුද්ගලයා මල තුනක් දුරු නොකොට, ගෙන එන ලද්දක් දැමුවාක් මෙන් නිරයෙහි උපදියි. කවර තුනකින්ද?

“දුශ්ශීලවූයේ වෙයිද, දුශ්ශීලබව නම් මලය පහ නොකරණ ලද්දේ වේද, ඊෂ්‍යා කරන්නෙක් වෙයිද, ඊෂ්‍යා මලය පහනොකරණලද්දේ වෙයිද, මසුරෙක් වෙයිද, මසුරු මල දුරු නොකරණලද්දේ වෙයිද, මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත් පුද්ගලයා මේ තුන් මලයන් දුරුනොකොට ගෙන එන ලද්දක් දැමුවාක් මෙන් නිරයෙහි උපදියි.

“මහණෙනි, ධර්ම තුනකින් යුත් පුද්ගලයා තුන් මලයන් දුරුකොට, ගෙන එන ලද්දක් දැමුවාක් මෙන් ස්වර්‍ගයෙහි උපදියි. කවර තුනකින්ද? සිල්වතෙක් වෙයිද, දුශ්ශීලභාව මලය පහ කරණ ලද්දේ වෙයිද, ඊෂ්‍යා නොකරන්නේ වෙයිද, ඊෂ්‍යා මලය පහකරණලද්දේ වෙයිද, මසුරෙක් නොවෙයිද, මසුරු මල කරණලද්දේ වෙයිද, මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත් පුද්ගලයා ගෙන එන ලද්දක් දැමුවාක් මෙන් ස්වර්‍ගයෙහි උපදියි.”

AN 02 දුක නිපාත පාලිය

AN 02- 01. කම්මකරණ වග්ගය

01. වජ්ජ සුත්‍රය, 02. පධාන සුත්‍රය, 03. තපනීය සුත්‍රය,
04 අතපනිය සුත්‍රය, 05. උපඥඥාත සුත්‍රය, 06 සංයෝජනීය සුත්‍රය,
07. කණ්හ සුත්‍රය, 08. සුක්ක සුත්‍රය, 09. චරියා සුත්‍රය ,
10. වස්සුපනායික සුත්‍රය

AN 02- 02. අධිකරණ වග්ගය

*01 සේඛබල සුත්ර‍ය, *02. බෝජ්පජංග බල සුත්‍රය,
*03. ඣානබල සූත්‍රය , *04 ධම්මදේසනා සුත්‍රය,
*05. අධිකරණ සුත්‍රය, *06 අධම්ම චරියා සුත්‍රය,
*07. ජානුස්සෝනි සුත්‍රය, *08 . ආනන්ද පංහ සුත්‍රය,
*9. අකුසල පහාන සුත්‍රය . *10. කුසල භාව සුත්‍රය.
*11 සම්මෝස සුත්‍රය *12. අසම්මොස සුත්‍රය .

AN 02- 03. බාල වග්ගය LINK

*01. බාල සුත්‍රය, 02. පණ්ඩිත සුත්‍රය,
*03. දුට්ඨ සුත්‍රය, *04 භාසිත සුත්‍රය,
*05. අනබ්භාවික්ඛණ සුත්‍රය,
*06 නෙය්‍යත්‍ථ සුත්‍රය,
* 07. නීතත්‍ථ සූත්‍රය.,
*08.පටිච්ඡන්නකම්මන්ත සූත්‍රය,
*09. අපටිච්ඡන්නකම්මන්ත සූත්‍රය. .
*10 මිච්ඡාදිට්ඨික සූත්‍රය.*11 සම්මාදිට්ඨික සූත්‍රය.

*12. දුස්සීලපටිග්ගහන සූත්‍රය
*13. සීලපටිග්ගහන සූත්‍රය.

14. අරඤ්ඤ සූත්‍රය. *15. විජ්ජාභාගිය සූත්‍රය.

AN 02- 04. සමචිත්තවග්ගො

*1 භුමි සූත්‍රය, *2 සුප්පතිකාර සුත්‍රය,
*3 කිංචාදී සූත්‍රය , *04 දක්ඛිණෙය්‍ය සූත්‍රය,
*05. සාරීපුත්ත සඤ්ඤෝජන සූත්‍රය,
*06 ආරාමදණ්ඩ සූත්‍රය., *7. මධුරා සූත්‍රය ,
*08. චොරබල සූත්‍රය., *9. රජබල සූත්‍රය .
*10 මිච්ඡාපටිපත්ති සූත්‍රය *11. සම්මාපටිපත්ති සූත්‍රය..
*12. ධම්මපටිබාහන සූත්‍රය. *13. ධම්මානුලොමක සූත්‍රය.

AN 02- 05. පරිසවග්ගො

01 උත්තානපරිස සූත්‍රය. 02 වග්ගාපරිස සූත්‍රය.
03 අග්ගවතිපරිස සූත්‍රය. 04 අරිය සූත්‍රය.
05. කසට සූත්‍රය.06.උක්තා සූත්‍රය.
07.ආමිසගරු සූත්‍රය.08.විසමපරිස සූත්‍රය.
09 අධම්මික සූත්‍රය.10 ධම්මිය සූත්‍රය.

AN 02- 06 . පුග්ගලවග්ගො

1 චෙ පුග්ගල සූත්‍රය. 2. අච්ඡරිය මනුස්ස සූත්‍රය.
3 කාලකිරිය සූත්‍රය. 4. ථූපාරහ සූත්‍රය
5. චෙ බුද්‍ධ සූත්‍රය. 6. අසනි සූත්‍රය.
7. දුතිය අසනි සූත්‍රය.8. තතිය අසනි සූත්‍රය
9. කිම්පුරිස සූත්‍රය. 10.අතිත්ත මාතුගාම සූත්‍රය.
11. සන්නිවාස සූත්‍රය. 12. වචීසංසාර සූත්‍රය.
13. දුතිය වචීසංසාර සූත්‍රය.

AN 02- 07 . සුඛ වග්ග

1 පබ්බජ්ජාසුඛ සූත්‍රය 2. නෙක්ඛම්මසුඛ සූත්‍රය.
3.නිරුපධි සූත්‍රය. 4.අනාසව සුඛ සූත්‍රය.
5.නිරාමිස සුඛ සූත්‍රය.6.අරිය සුඛ සූත්‍රය.
7.චෛතසික සුඛ සූත්‍රය.8.නිප්පීතික සුඛ සූත්‍රය.
9 උපෙක්ඛා සුඛ සූත්‍රය. 10. සමාධි සුඛ සූත්‍රය.
11.නිප්පීතිකාරම්මණ සුඛ සූත්‍රය.
12 උපෙක්ඛාරම්මණ සුඛ සූත්‍රය
13.අරූපාරම්මණ සුඛ සූත්‍රය.

AN 02- 08. සනිමිත්ත වග්ගය

1.සනිමිත්ත සූත්‍රය. 2.සනිදාන සූත්‍රය.
3.සහේතුක සූත්‍රය. 4.සසංඛාර සූත්‍රය.
5.සපච්චය සූත්‍රය. 6. සරූප සූත්‍රය.
7.සවේදනා සූත්‍රය.8.සසඤ්ඤා සූත්‍රය.
9. සවිඤ්ඤාණ සූත්‍රය. 10.සංඛතාරම්මණ සූත්‍රය.

AN 02- 09 . ධම්ම වග්ගය

1.විමුත්ති සූත්‍රය.2.පග්ගාහා සූත්‍රය.
3.නාමරූප සූත්‍රය. 4.විජ්ජාවිමුත්ති සූත්‍රය.
5.භවදිට්ඨි සූත්‍රය. 6.අහිරික සූත්‍රය.
7.හිරි සූත්‍රය. 8.දොවචස්ස සූත්‍රය.
9.සොවචස්ස සූත්‍රය. 10.ධාතුමනසිකාර සූත්‍රය.
11. ආපත්ති සූත්‍රය.

AN 02- 10 . ආසා දුප්පජහ වග්ගය


AN 02- 06. ආසාදුප්පජහ වග්ගය

AN 02- (11) 1. වග්ගො

AN 02- 07. ආයාචන වග්ගය

AN 02- (12) 2.වග්ගො

AN 02- 08 දාන වග්ගය

AN 02- (13) 3. වග්ගො

AN 02- 09. සන්ථාර වග්ගය

AN 02- (14) 4. වග්ගො

AN 02- 03. බාල වග්ගය

AN 02- (15) 5. සමාපත්තිවග්ගො

AN 02- 03. බාල වග්ගය

AN 02- 16 1. කොධපෙය්‍යාලං

AN 02- 03. බාල වග්ගය

AN 02- 17 2. අකුසලපෙය්‍යාලං

AN 02- 03. බාල වග්ගය

AN 02- 18 3. විනයපෙය්‍යාලං

AN 02- 03. බාල වග්ගය

AN 02- 19. 4. රාගපෙය්‍යාලං

SN 03-01-02

SN 03-01-02-01-
අනිත්‍ය සූත්‍රය

පුජ්‍ය ඉලන්දගස්වැවේ සීලවිසුද්ධි හිමි කල සුත්‍ර විවරණය

මා විසින් මෙසේ අසනලදී.
එක්කලෙක්හි භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තරදුන්හ.

භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, රූපය අනිත්‍යයි,
වේදනාව අනිත්‍යයි,
සඤ්ඤාව අනිත්‍යයි,
සංස්කාර අනිත්‍යයි,
විඤ්ඤාණය අනිත්‍යයි,

මහණෙනි, මෙසේ දක්නා ධර්මය දන්නා ආර්‍ය්‍යශ්‍රාවකයා රූපයෙහිද කළකිරෙයි. වේදනාවෙහිද කළකිරෙයි. සඤ්ඤාවෙහිද කළකිරෙයි. සංස්කාරයන්හිද කළකිරෙයි. විඤ්ඤාණයෙහිද කළකිරෙයි. කළකිරීමෙන් නො ඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනුකල්හි මිදුනේය යන ඥානය ඇතිවෙයි. ජාතිය ක්ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලදී. කළයුත්ත කරණලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනියි.”

(පළමුවෙනි අනිත්‍ය සූත්‍රය නිමි.)

SN 03-01-02-02.
දුක්ඛ සූත්‍රය

පුජ්‍ය මීමුරේ ධම්මාවාස හිමි කල සුත්‍ර විවරණය

මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, රූපය දුකයි, වේදනාව දුකයි, සඤ්ඤාව දුකයි, සංස්කාර දුකයි, විඤ්ඤාණය දුකයි,

මහණෙනි, මෙසේ දකින්නාවූ බොහෝ ධර්මය ඇසු කියැවූ ආර්‍ය්‍යශ්‍රාවකයා රූපයෙහිද කළකිරෙයි. වේදනාවෙහිද කළකිරෙයි. සඤ්ඤාවෙහිද කළකිරෙයි. සංස්කාරයන්හිද කළකිරෙයි. විඤ්ඤාණයෙහිද කළකිරෙයි. කළකිරීමෙන් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනුකල්හි මිදුනේ යන ඥානය ඇතිවෙයි. ජාතිය ක්ෂයවිය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලදී. කළයුත්ත කරණලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනියි.”

(දෙවෙනි දුක්ඛ සූත්‍රය නිමි.)

SN 03-01-02-03 .
අනත්ත සූත්‍රය

පුජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමින්වහන්සේ කල අනාත්ම විග්‍රහය ඉහත ත්‍රිකෝණ ලකුණ ඔබා අසන්න

මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි,
රූපය අනාත්මයි,
වේදනාව අනාත්මයි,
සඤ්ඤාව අනාත්මයි,
සංස්කාර අනාත්මයි.
විඤ්ඤාණය අනාත්මයි,

මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රැතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකයා රූපයෙහි කළකිරෙයි. සංඥාවෙහිද කළකිරෙයි. සංස්කාරයන්හිද කලකිරෙයි. විඤ්ඤාණයෙහිද කලකිරෙයි.

කලකිරීම නිසා කාමයන්හි නොඇලෙයි. කාමයන්හි නොඇලීමෙන් සංයෝජනයන්ගෙන් මිදෙයි. සංයෝජනයන්ගෙන් මිදුනු කල්හි සසරින් මිදුනේය යන දැනීම ඇතිවෙයි.
ජාතිය (ඉපදීම) ක්ෂයවිය. බ්‍රහ්මචරියාවෙහි හැසිර නිමවනලදී. කළයුත්ත කරනලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනියි.”

(තුන්වෙනි අනත්ත සූත්‍රය නිමි.)

SN 03-01-02-04
. යදනිච්ච සූත්‍රය

පුජ්‍ය දෙල්වල සරණසිරි හිමි කල දේශනාව

මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, රූපය අනිත්‍යයි.
යමක් අනිත්‍යනම් එය දුකය. යමක් දුක නම් එය අනාත්මය. යමක් අනාත්ම නම් එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි.”
මෙසේ එය තත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුයි.

වින්දනය අනිත්‍යයි.
යමක් අනිත්‍ය නම් එය දුකය, යමක් දුකනම් එය අනාත්මය, යමක් අනාත්ම නම් “එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. එය මාගේ ආත්මය නොවේය. මෙසේ එය තත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුයි.

සඤ්ඤාව අනිත්‍යයි.
යමක් අනිත්‍ය නම් එය දුකය. යමක් දුක නම් එය අනාත්මය. යමක් අනාත්ම නම් එය මාගේ නොවෙයි. මෙසේ එය තත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුයි.

සංස්කාර අනිත්‍යයි.
යමක් අනිත්‍ය නම් එය දුකය. යමක් දුකනම් එය අනාත්මය. යමක් අනාත්ම නම් එය මාගේ නොවෙයි ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි මෙසේ එය තත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුයි.

විඤ්ඤාණය අනිත්‍යයි.
යමක් අනිත්‍ය නම් එය දුකය. යමක් දුකනම් එය අනාත්මය. යමක් අනාත්ම නම් එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි මෙසේ එය තත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ධර්මය දන්නා, ආර්‍ය්‍ය ශ්‍රාවකයා රූපයෙහිද කළකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි, සංස්කාරයෙහිද කලකිරෙයි, විඤ්ඤාණයෙහිද කලකිරෙයි, කලකිරීමෙන් නොඇලෙයි, නොඇලීමෙන් මිදෙයි, මිදුනු කල්හි මිදුනේය යන දැනීම ඇතිවෙයි. ජාතිය (ඉපදීම) ක්ෂය විය. බ්‍රහ්මචරියාවෙහි හැසිර නිමවන ලදී. කළයුත්ත කරනලදී. මේ ආත්ම භාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනියි.

(හතරවෙනි යදනිච්ච සූත්‍රය නිමි.)

SN 03-01-02-05.
යංදුක්ඛ සූත්‍රය-

පුජ්‍ය කදුරුවෙල ධම්මපාල හිමි කල දේශනාව

මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, රූපය දුකය. යමක් දුක නම් එය අනාත්මය, යමක් අනාත්ම නම් එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. මේ මාගේ ආත්මය නොවෙයි. යන මෙය මෙසේ තත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුයි. වේදනාව දුකය යමක් දුක නම් එය අනාත්මය. යමක් අනාත්ම නම් එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි තත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුයි. සඤ්ඤාව දුකය. යමක් දුක නම් එය අනාත්මය. යමක් අනාත්ම නම් එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි තත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුයි.

සංස්කාර දුකය. යමක් දුක නම් එය අනාත්මය, යමක් අනාත්ම නම් එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි තත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුය. විඤ්ඤාණය දුකය යමක් දුකනම් එය අනාත්මය, යමක් අනාත්ම නම් එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි මෙසේ එය ඇතිසැටියෙන් යහපත් නුවණින් දතයුතුයි.

“මහණෙනි, මෙසේ දකින්නාවූ බොහෝ ධර්මය ඇසු කියැවූ ආර්‍ය්‍යශ්‍රාවකයා රූපයෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි. සංස්කාරයන්හිද කලකිරෙයි. විඤ්ඤාණයෙහිද කලකිරෙයි. කලකිරීමෙන් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනුකල්හි මිදුනේය යන දැනීම ඇතිවෙයි. ජාතිය (ඉපදීම) ක්ෂයවිය. බ්‍රහ්මචරියාවෙහි හැසිර නිමවනලදී. කළයුත්ත කරනලදී. මේ ආත්ම භාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනියි.

(පස්වෙනි යංදුක්ඛ සූත්‍රය නිමි.)-

SN 03-01-02-06.
යදනත්ත සූත්‍රය-

පුජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමින්වහන්සේ කල විවරණය

මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, රූපය අනාත්මය. යමක් අනාත්ම නම් එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි එය මෙසේ ඇතිසැටියෙන් යහපත් නුවණින් දතයුතුය.

“වේදනාව අනාත්මය, යමක් අනාත්ම නම් එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි එය මෙසේ ඇතිසැටියෙන් යහපත් නුවණින් දතයුතුයි.

“සඤ්ඤාව අනාත්මය. යමක් අනාත්ම නම් එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි එය මෙසේ ඇතිසැටියෙන් යහපත් නුවණින් දතයුතුය.

“සංස්කාර අනාත්මය. යමක් අනාත්ම නම් එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි එය මෙසේ ඇතිසැටියෙන් යහපත් නුවණින් දතයුතුයි.

“විඤ්ඤාණය අනාත්මය, යමක් අනාත්මනම් එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි එය මෙසේ ඇතිසැටියෙන් යහපත් නුවණින් දතයුතුයි.

“මහණෙනි, මෙසේ දකින්නාවූ බොහෝ ධර්මය ඇසු කියැවූ ආර්‍ය්‍යශ්‍රාවකයා රූපයෙහි කලකිරෙයි. වේදනාවෙහි කලකිරෙයි. සංඥාවෙහි කලකිරෙයි. සංස්කාරයන්හි කලකිරෙයි. විඤ්ඤාණයෙහි කලකිරෙයි.

එසේ පංචස්කන්ධයන් ගැන කළකිරීමෙන් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම ඇති වෙයි. ජාතිය (ඉපදීම) ක්ෂය විය. බ්‍රහ්ම චාරියාවෙහි හැසිර නිමවන ලදී. කළයුත්ත කරනලදී. මේ ආත්ම භාවය පිණිස කළ යුතු අනිකක් නැතැයි දැනගනියි.

(හයවෙනි යදනත්ත සූත්‍රය නිමි.)

SN 03-01-02-07
හේතු සූත්‍රය – 1

මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ‘මහණෙනි’යි කියා භික්ෂූන්හට කථාකළ සේක. ‘ස්වාමීනි’යි, කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, රූපය අනිත්‍යයි. රූපයේ ඉපදීම පිණිස යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද අනිත්‍යයි. මහණෙනි, අනිත්‍ය හේතුවෙන් හටගත් රූපය කෙසේ නිත්‍ය වන්නේද?

“වේදනාව අනිත්‍යයි. වේදනාව ඉපදීම පිණිස යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද අනිත්‍යයි. මහණෙනි, අනිත්‍ය හේතුවෙන් හටගත් වේදනාව කෙසේ නිත්‍ය වන්නේද?

“සඤ්ඤාව අනිත්‍යයි සංඥාවේ ඉපදීම පිණිස යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද අනිත්‍යයි. මහණෙනි, අනිත්‍ය හේතුවෙන් හටගත් සංඥාව කෙසේ නිත්‍ය වන්නේද?

“සංස්කාර අනිත්‍යයි. සංස්කාරයන්ගේ ඉපදීම පිණිස යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද අනිත්‍යයි. මහණෙනි, අනිත්‍ය හේතුවෙන් හටගත් සංස්කාර කෙසේ නිත්‍යවන්නේද?

“විඤ්ඤාණය අනිත්‍යයි. විඤ්ඤාණයේ ඉපදීම පිණිස යමක්හේතුවේද යමක් ප්‍රත්‍යවේද?’ එයද අනිත්‍යයි. මහණෙනි, අනිත්‍ය හේතුවෙන් හටගත් විඤ්ඤාණය කෙසේ නිත්‍ය වන්නේද?”

“මහණෙනි, මෙසේ දකින්නාවූ, බොහෝ ඇසූපිරූ තැන් ඇති ආර්‍ය්‍යශ්‍රාවකයා රූපයෙහිද කලකිරෙයි. වේදනාවෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි. සංස්කාරයන්හිද කලකිරෙයි. විඤ්ඤාණයෙහිද කලකිරෙයි. කලකිරීමෙන් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම ඇතිවෙයි. ජාතිය (ඉපදීම) ක්ෂයවිය. බ්‍රහ්මචරියාවෙහි හැසිර නිමවනලදී. කළයුත්ත කරනලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනියි.

(සත්වෙනි හේතු සූත්‍රය නිමි.)

SN 03-01-02-08
. හේතු සූත්‍රය -2

මා විසින් මෙසේ අසනලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, රූපය දුකය. රූපයේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද දුකය. දුක්වූ හේතුවෙන් හටගත් රූපය කෙසේ සැපවත් වන්නේද?

“වේදනාව දුකය. වේදනාවේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද දුකය. දුක්වූ හේතුවෙන් හටගත් වේදනාව කෙසේ සැපවත් වන්නේද?

“සඤ්ඤාව දුකය. සංඥාවේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද දුකය. දුක්වූ හේතුවෙන් හටගත් සංඥාව කෙසේ සැපවත් වන්නේද?

“සංස්කාර දුකය. සංස්කාරයන්ගේ ඉපදීම පිණිස යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද දුකය. දුක්වූ හේතුවෙන් හටගත් සංස්කාර කෙසේ සැපවත් වන්නේද?

“විඤ්ඤාණය දුකය, විඤ්ඤාණයාගේ ඉපදීම පිණිස යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද දුකය, දුක්වූ හේතුවෙන් හටගත් විඤ්ඤාණය කෙසේ සැපවත් වන්නේද?”

“මහණෙනි, මෙසේ දකින්නාවූ බොහෝ ඇසූ පිරූ තැන් ඇති ආර්‍ය්‍යශ්‍රාවකයා රූපයෙහිද කලකිරෙයි. වේදනාවෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි. සංස්කාරයන්හිද කලකිරෙයි. විඤ්ඤාණයෙහිද කලකිරෙයි. කලකිරීමෙන් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම ඇති වෙයි. ජාතිය (ඉපදීම) ක්ෂය විය. බ්‍රහ්මචරියාවෙහි හැසිර නිමවන ලදී. කළ යුත්ත කරනලදී. මේ ආත්ම භාවය පිණිස කළ යුතු අනිකක් නැතැයි දැනගනියි.

(අටවෙනි හේතු සූත්‍රය නිමි.)

SN 03-01-02-09
. හේතු සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන්වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, රූපය අනාත්මය. රූපයේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද අනාත්මය. මහණෙනි, අනාත්මවූ හේතුවෙන් හටගත් රූපය කෙසේ ආත්මය වන්නේද?

“වේදනාව අනාත්මය. වේදනාවේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද අනාත්මය. මහණෙනි, අනාත්මවූ හේතුවෙන් හටගත් වේදනාව කෙසේ ආත්මය වන්නේද?

“සඤ්ඤාව අනාත්මය, සංඥාවේ ඉපදීම පිණිස යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද අනාත්මය. මහණෙනි අනාත්මවූ හේතුවෙන් හටගත් සංඥාව කෙසේ ආත්මය වන්නේද?

“සංස්කාර අනාත්මය, සංස්කාරයන්ගේ ඉපදීම පිණිස යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද අනාත්මය. මහණෙනි, අනාත්මවූ හේතුවෙන් හටගත් සංස්කාර කෙසේ ආත්මය වන්නේද?

“විඤ්ඤාණය අනාත්මය, විඤ්ඤාණයේ ඉපදීම පිණිස යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යය වේද, එයද අනාත්මය. මහණෙනි, අනාත්මවූ හේතුවෙන් හටගත් විඤ්ඤාණය කෙසේ ආත්මය වන්නේද?

“මහණෙනි, බොහෝ ඇසූ පිරූතැන් ඇති ආර්‍ය්‍ය ශ්‍රාවකතෙමේ රූපයෙහිද කළකිරෙයි. වේදනාවෙහිද කළකිරෙයි. සඤ්ඤාවෙහිද කළකිරෙයි. සංස්කාරයන්හිද කළකිරෙයි. විඤ්ඤාණයෙහිද කළකිරෙයි. කළකිරීමෙන් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන ඥානය ඇතිවෙයි. ජාතිය ක්ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලදී. කළයුත්ත කරණලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනියි.”

(නවවෙනි හේතු සූත්‍රය නිමි)

SN 03-01-02-10
. ආනන්ද සූත්‍රය -නිරෝධය

ආයතන නිරෝධය – පුජ්‍ය මාන්කඩවල සුදස්සන හිමි

මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හිඳ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.
“ස්වාමීනි, නිරෝධය නිරෝධයයි කියයි.
කවර ධර්මයන්ගේ නිරෝධයෝ නිරෝධයයි කියනු ලැබේද?” යනුයි.

“ආනන්දය, රූපය අනිත්‍යය, හේතු ප්‍රත්‍යයන් විසින් ඇතිකරනලදී. හේතුප්‍රත්‍ය ධර්මයන් නිසා හටගත්තේය. නැසීම ස්වභාවකොට ඇත්තේය. විනාශවීම ස්වභාවකොට ඇත්තේය. නොඇලීම ස්වභාවකොට ඇත්තේය. නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. ඒ රූපයාගේ නිරෝධයෙන් නිරෝධයයි කියනු ලැබේ.

“විඳීම අනිත්‍යය. හේතුප්‍රත්‍යයන් විසින් ඇති කරනලදී. හේතුප්‍රත්‍ය ධර්මයන් නිසා හටගත්තේය. නැසීම ස්වභාවකොට ඇත්තේය. විනාශවීම ස්වභාවකොට ඇත්තේය. නොඇලීම ස්වභාවකොට ඇත්තේය. නිරුද්ධවීම ස්වභාව කොට ඇත්තේය. ඒ විඳීමේ නිරෝධයෙන් නිරෝධයයි කියනු ලැබේ.

“සඤ්ඤාව අනිත්‍යය හේතුප්‍රත්‍යයන් විසින් ඇතිකරන ලදී. හේතු ප්‍රත්‍ය ධර්මයන් නිසා හටගත්තේය. නැසීම ස්වභාව කොට ඇත්තේය. විනාශ වීම ස්වභාවකොට ඇත්තේය නොඇලීම ස්වභාව කොට ඇත්තේය. නිරුද්ධවීම ස්වභාව කොට ඇත්තේය. ඒ සංඥාවේ නිරෝධයෙන් නිරෝධයයි කියනු ලැබේ.

“සංස්කාරය අනිත්‍යය. හේතුප්‍රත්‍යයන් විසින් ඇති කරනලදී. හේතුප්‍රත්‍යය ධර්මයන් නිසා හටගත්තේය. නැසීම ස්වභාව කොට ඇත්තේය. විනාශවීම ස්වභාවකොට ඇත්තේය. නොඇලීම ස්වභාවකොට ඇත්තේය. නිරුද්ධවීම ස්වභාව කොට ඇත්තේය. ඒ සංස්කාරයාගේ නිරෝධයෙන් නිරෝධයයි කියනු ලැබේ.

“විඤ්ඤාණය අනිත්‍යය, හේතු ප්‍රත්‍යයන් විසින් ඇති කරන ලදී. හේතුප්‍රත්‍ය ධර්මයන් නිසා හටගත්තේය. නැසීම ස්වභාවකොට ඇත්තේය. විනාශවීම ස්වභාවකොට ඇත්තේය. නොඇලීම ස්වභාවකොට ඇත්තේය. නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. ඒ විඤ්ඤාණයාගේ නිරෝධයෙන් නිරෝධයයි කියනු ලැබේ. “ආනන්දය, මෙසේ මේ ධර්මයන්ගේ නිරෝධය නිරෝධයයි කියනු ලැබේ.”

(දහවෙනි ආනන්ද සූත්‍රය නිමි.)

මීළඟට
SN 03-01-01-03. භාර වර්ගය

AN 10-01 ආනිසංස වර්‍ගය

icon plus1. කුසලසීලමත්‍ථිය සූත්‍රය, icon plus 2. චෙතනාකරණීය සූත්‍රය,
icon plus 3. දුස්සීල හතුපනිස සූත්‍රය  icon plus4. සාරීපුත්ත හතුපනිස සූත්‍රය,
icon plus5. ආනන්‍ද හතුපනිස සූත්‍රය, icon plus6. සමාධි පටිලාභ සූත්‍රය,
icon plus7. කිංසඤ්ඤී සූත්‍රය icon plus 8. සමන්ත පාසාදිකා සූත්‍රය,
icon plus 9. සබ්බාකාර පරිපූර සූත්‍රය ,  
icon plus 10. විජ්ජාසුත්ත නොහොත්  පාසාදික පරිපූර සූත්‍රය

AN 10-01-01 කුසලසීලමත්‍ථිය සූත්‍රය,

§ 1. “මා විසින් මෙසේ අසන ලදී.
එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අසල අනේපිඬු මහ සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. වරක් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක වැඩ හිඳ භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ ඇසීය,

§ 2, “ස්වාමීනි,

සීලය කුමන ප්‍රයෝජනයක් පිණිස රකින්නේද? සීලය නිසා කුම න ඵලයක් වේද?”
“ආනන්‍දය, සීලය රකින්නා කිසිදා පසුතැවිල්ලට පත් නොවන්නේය. සීලයේ ඵලය පසුතැවිල්ලෙන් තොර වීමය.”

“ස්වාමීනි, පසුතැවිලි නොවීම නිසා කුමන ප්‍රයෝජනයක් වෙයිද, කුමන ඵලයක් වේද ?”
“ආනන්‍දය, පසුතැවිලි නොවීම ප්‍රමෝදය ඇති වේ. ප්‍රමෝදය ඵලය වේ.”

“ස්වාමීනි, ප්‍රමෝදය නිසා කුමන ප්‍රයෝජනයක් වෙයිද, කුමන ඵලයක් වේද ?”
“ආනන්‍දය, ප්‍රමෝදය ප්‍රීතිය පිණිසය, ප්‍රීතිය අනුසස්කොට ඇත්තේය.”

“ස්වාමීනි, ප්‍රීතිය නිසා කුමන ප්‍රයෝජනයක් වෙයිද, කුමන ඵලයක් වේද ?”
“ආනන්‍දය, ප්‍රීතිය, සංසිඳීම පිණිසය, සංසිඳීම අනුසස්කොට ඇත්තේය.”

“ස්වාමීනි, සංසිඳීම නිසා කුමන ප්‍රයෝජනයක් වෙයිද, කුමන ඵලයක් වේද ?”
“ආනන්‍දය, සංසිඳීම සැපය සඳහාය, සැපය අනුසස්කොට ඇත්තේය.”

“ස්වාමීනි, සැපය නිසා කුමන ප්‍රයෝජනයක් වෙයිද, කුමන ඵලයක් වේද ?”
“ආනන්‍දය, සැපය සිත එකඟකිරීම පිණිසය, සිත එකඟකිරීම අනුසස්කොට ඇත්තේය.”

“ස්වාමීනි, සිත එකඟකිරීම නිසා කුමන ප්‍රයෝජනයක් වෙයිද, කුමන ඵලයක් වේද ?”
“ආනන්‍දය, සිත එකඟ කිරීම තරුණ විදර්‍ශනාව පිණිස වේ. තරුණ විදර්‍ශනාව අනුසස්කොට ඇත්තේ වේ.”

“ස්වාමීනි, තරුණ විදර්‍ශනාව නිසා කුමන ප්‍රයෝජනයක් වෙයිද, කුමන ඵලයක් වේද ?”
“ආනන්‍දය, තරුණ විදර්‍ශනාව, බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය පිණිස වේ. බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය අනුසස්කොට ඇත්තේ වේ.”

“ස්වාමීනි, බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය නිසා කුමන ප්‍රයෝජනයක් වෙයිද, කුමන ඵලයක් වේද ?”
“ආනන්‍දය, බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය අර්හත් ඵලය හා ප්‍රත්‍යවෙක්‍ෂා ඤාණය පිණිසය.

3. “ආනන්‍දය, මෙසේ නිවැරදි ශීලයෝ පසුතැවිලි නොවීම ප්‍රයෝජනයකොට ඇත්තාහ, පසුතැවිලි නොවීම අනුසස්කොට ඇත්තාහ. පසුතැවිලි නොවීම ප්‍රමෝදය ප්‍රයෝජනකොට ඇත්තාහ, ප්‍රමෝදය අනුසස්කොට ඇත්තාහ. ප්‍රමෝදය ප්‍රීතිය පිණිසය, ප්‍රීතිය අනුසස්කොට ඇත්තේය. ප්‍රීතිය සංසිඳීම පිණිසය, සංසිඳීම අනුසස්කොට ඇත්තේය. සන්සිඳීම සැපය පිණිසය, සැපය අනුසස්කොට ඇත්තේය. සැපය සිත එකඟ කිරීම පිණිසය, සිත එකඟ කිරීම අනුසස්කොට ඇත්තේය. සිත එකඟ කිරීම තරුණ විදර්‍ශනාව පිණිසය, තරුණ විදර්‍ශනාව අනුසස්කොට ඇත්තේය. තරුණ විදර්‍ශනාව බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය පිණිසය, බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය අනුසස්කොට ඇත්තේය. බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය අර්හත් ඵලය හා ප්‍රත්‍යවෙක්‍ෂා නුවණ පිණිස වේ, අර්හත් ඵලය හා ප්‍රත්‍යවෙක්‍ෂා නුවණ අනුසස්කොට ඇත්තේය. ආනන්‍දය, මෙසේ නිරවද්‍ය සිල්, ක්‍රමයෙන් අර්හත්වය පිණිස යත්.

AN 10-01-02. චෙතනා කරණීය සූත්‍රය-

§1. මහණෙනි, සීලයෙන් යුත් සිල්වතාට, ‘පසුතැවිලි නොවීම මට උපදීවා’ යි සිතෙහි නොකට යුතුය. මහණෙනි, යම් හෙයකින් සීලයෙන් යුත් සිල්වතාට, පසුතැවිලි නොවීම උපදීද. මෙය ස්වභාවයකි. මහණෙනි, පසුතැවිලි නොවූවහුට, ‘මට ප්‍රමෝදය උපදීවා’ යි සිත්හි නොකට යුතුය. පසුතැවිලි නොවන්නාහට යම් ප්‍රමෝදයක් උපදීද, මෙය ස්වභාව ධර්‍මයකි. මහණෙනි, ප්‍රමෝදයෙන් යුක්ත වූවහුට, ‘ප්‍රීතිය මට උපදීවා’ යි සිත්හි නොකට යුතුය. මහණෙනි, ප්‍රමෝද වූවහුට ප්‍රීතිය ඉපදීම ස්වභාවයකි. මහණෙනි, ප්‍රීතියෙන් යුත් සිත ඇත්තාහට, ‘මාගේ ශරීරය සංසිඳේවා’ යි සිත්හි ලා නොකට යුතුය. මහණෙනි, ප්‍රීතියෙන් යුත් සිත් ඇත්තාගේ ශරීරය සංසිඳේද, මෙය ස්වභාවයකි. මහණෙනි, සන්සුන් සිත් ඇත්තාහට, ‘සැපක් විඳිමි’ යි සිත්හි ලා නොකට යුතුය. මහණෙනි, සන්සුන් කය ඇත්තේ යම් සැපයක් විඳීද, මෙය ස්වභාවයකි. මහණෙනි, සැප ඇත්තාහට, ‘මාගේ සිත එකඟවේවා’ යි සිත්හි ලා නොකට යුතුය. මහණෙනි, සැප ඇත්තාගේ සිත එකඟ වේද, මෙය ස්වභාවයකි.

§2. “මහණෙනි, එකඟවූ සිත් ඇත්තාහට, ‘තත්වූ පරිද්දෙන් දනිමි, දකිමි’ යි සිත්හි ලා නොකට යුතුයි. මහණෙනි, එකඟවූයේ යමක් තත්වූ පරිද්දෙන් දනීද, දකීද, මෙය ස්වභාවයකි. මහණෙනි, තත්වූ පරිද්දෙන් දන්නාහට, දක්නාහට. ‘බලවත් විදර්‍ශනාවට පැමිණෙන්නෙමි, මාර්‍ගයට පැමිණෙන්නෙමි’ යි සිත්හි ලා නොකට යුතුය. මහණෙනි, තරුණ විදර්‍ශනා වෙන් දන්නාහට, දක්නාහට, බලවත් විදර්‍ශනාවට පැමිණේද, මාර්‍ගයට පැමිණේද යන මෙය ස්වභාවයකි. මහණෙනි, බලවත් විදර්‍ශනාවට පැමිණියහුට, මාර්‍ගයට පැමිණියහුට, ‘අර්හත් ඵලය හා ප්‍රත්‍යවෙක්‍ෂා ඤාණය ප්‍රත්‍යක්‍ෂ කරමි’ යි සිත්හි ලා නොකට යුතුයි. මහණෙනි, බලවත් විදර්‍ශනාවට පැමිණියේ, මාර්‍ගයට පැමිණියේ, අර්හත් ඵලය හා ප්‍රත්‍යවෙක්‍ෂා ඤාණය ප්‍රත්‍යක්‍ෂ කරයි යන යමක් ඇද්ද, මෙය ධර්‍මතාවයකි.

3. “මහණෙනි, මෙසේ වනාහි බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය අර්හත් ඵලය හා ප්‍රත්‍යවෙක්‍ෂා ඤාණ සඳහාය. අර්හත් ඵලය හා ප්‍රත්‍යවෙක්‍ෂා ඤාණය අනුසස්කොට ඇත්තාහ. තරුණ විදර්‍ශනාව, බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය පිණිස වේ. බලවත් චිදර්‍ශනාව හා මාර්‍ගය අනුසස්කොට ඇත්තේ වේ. සිත එකඟ කිරිම තරුණ විදර්‍ශනාව පිණිස වේ. තරුණ විදර්‍ශනාව අනුසස්කොට ඇත්තේ වේ. සැපය සමාධිය පිණිසය, සමාධිය අනුසස්කොට ඇත්තේය. සංසිඳීම සැපය පිණිසය. සැපය අනුසස්කොට ඇත්තේය. ප්‍රීතිය සන්සිඳීම පිණිසය, සන්සිඳීම අනුසස්කොට ඇත්තේය. ප්‍රමෝදය ප්‍රීතිය පිණිස වේ, ප්‍රීතිය අනුසස්කොට ඇත්තේ වේ. නොපසුතැවිල්ල ප්‍රමෝදය පිණිස වේ. ප්‍රමෝදය අනුසස්කොට ඇත්තේ වේ. නිරවද්‍ය ශීලයෝ නොපසුතැවිල්ල ප්‍රයෝජනකොට ඇත්තාහ, නොපසුතැවිල්ල අනුසස්කොට ඇත්තාහ. මහණෙනි, මෙසේ වනාහි මෙතෙර වැනි ත්‍රෛභූමික වෘත්තයෙන් පරතෙරට යාමට ධර්‍මයෝම ධර්‍මයෙහිම පවතිත්, ධර්‍මයෝම ධර්මයන් පුරවත්.”

AN 10-01-03 . දුස්සීල හතුපනිස සූත්‍රය

§1. මහණෙනි, සීලයෙන් වෙන්වූ දුස්සීලයාට පසුතැවිලි නොවීම නැසුනේ වේ. පසුතැවිලි නොවීම නැතිකල්හි, නොපසුතැවිල්ලෙන් වැලක්කහුට ප්‍රමෝදය නැසුනේ වේ. ප්‍රමෝදය නැති කල්හි ප්‍රමෝදයෙන් වැලැක්කහුට ප්‍රීතිය නැසුනේ වේ. ප්‍රීතිය නැති කල්හි ප්‍රීතියෙන් වැලැක්කහුට සංසිඳීම නැසුනේ වේ. සන්සිඳීම නැතිකල්හි සන්සිඳීමෙන් වැලැක්කහුට සැපය නැසුන කරුණ වේ. සැපය නැති කල්හි සැපයෙන් වැලැක්කහුට සම්‍යක් සමාධිය නැසුනේ වේ. සම්‍යක් සමාධිය නැති කල්හි සම්‍යක් සමාධායෙන් වැලැක්කහුට තරුණ විදර්‍ශනාව නැසුනේ වේ. තරුණ විදර්‍ශනාව නැති කල්හි තරුණ විදර්‍ශනාවෙන් වැලැක්කහුට බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය නැසුනේ වේ. බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය නැති කල්හි බලවත් විදර්‍ශනාවෙන් හා මාර්‍ගයෙන් වැලැක්කහුට අර්‍හත් ඵලය හා ප්‍රත්‍යවෙක්‍ෂා ඤාණය නැසුනේ වේ.

§2. “මහණෙනි, අතු කොළ නැති වෘක්ෂයක් යම් සේද, ඒකේ පලතුරුද සම්පූර්‍ණ නොවෙත්. පොත්තද, ඵලයද, හරයද සම්පූර්‍ණ නොවේද, මහණෙනි, එසේම සීලයෙන් වෙන්වූ දුස්සීලයාට පසුතැවිලි නොවීම නැසුනේ වේ. පසුතැවිලි නොවීම නැතිකල්හි, නොපසුතැවිල්ලෙන් වැලක්කහුට ප්‍රමෝදය නැසුනේ වේ. ප්‍රමෝදය නැති කල්හි ප්‍රමෝදයෙන් වැලැක්කහුට ප්‍රීතිය නැසුනේ වේ. ප්‍රීතිය නැති කල්හි ප්‍රීතියෙන් වැලැක්කහුට සංසිඳීම නැසුනේ වේ. සන්සිඳීම නැතිකල්හි සන්සිඳීමෙන් වැලැක්කහුට සැපය නැසුන කරුණ වේ. සැපය නැති කල්හි සැපයෙන් වැලැක්කහුට සම්‍යක් සමාධිය නැසුනේ වේ. සම්‍යක් සමාධිය නැති කල්හි සම්‍යක් සමාධායෙන් වැලැක්කහුට තරුණ විදර්‍ශනාව නැසුනේ වේ. තරුණ විදර්‍ශනාව නැති කල්හි තරුණ විදර්‍ශනාවෙන් වැලැක්කහුට බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය නැසුනේ වේ. බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය නැති කල්හි බලවත් විදර්‍ශනාවෙන් හා මාර්‍ගයෙන් වැලැක්කහුට අර්‍හත් ඵලය හා ප්‍රත්‍යවෙක්‍ෂා ඤාණය නැසුනේ වේ.

§3. “මහණෙනි, සීලයෙන් යුක්ත සිල්වත්හට පසුතැවිලි නොවීම හේතුව වේ. නොපසුතැවිල්ල ඇති කල්හි නොපසුතැවිල්ලෙන් යුක්ත වූවහුට ප්‍රමෝදය හේතුව වේ. ප්‍රමෝදය ඇති කල්හි ප්‍රමෝදයෙන් යුක්ත වූවහුට ප්‍රීතිය හේතුව වේ. ප්‍රීතිය ඇති කල්හි ප්‍රීතියෙන් යුක්ත වූවහිට සංසිඳීම හේතුව වේ. සංසිඳීම ඇති කල්හි සංසිඳීමෙන් යුක්ත වූවහුට සැපය හේතුව වේ. සැපය ඇති කල්හි සැපයෙන් යුක්ත වූවහුට සම්‍යක් සමාධිය හේතුව වේ. සම්‍යක් සමාධිය ඇති කල්හි සම්‍යක් සමාධියෙන් යුක්ත වූවහුට තරුණ විදර්‍ශනාව හේතුව වේ. තරුණ විදර්‍ශනාව ඇතිකල්හි තරුණ විදර්‍ශනාවෙන් යුක්ත වූවහුට බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය හේතුව වේ. බලවත් විදර්‍ශනාවෙන් හා මාර්‍ගය ඇති කල්හි බලවත් විදර්‍ශනාවෙන් හා මාර්‍ගයෙන් යුක්ත වූවහුට අර්හත් ඵල විමුක්තිය හා ප්‍රත්‍යවෙක්‍ෂා ඤාණය හේතුව වේ.

§4. “මහණෙනි, අතු කොළ ඇති වෘක්‍ෂයක් යම් සේද, එහි පතුරුද සම්පූර්‍ණ වීමට යයි. පොතුද සම්පූර්‍ණ වීමට යයි. ඵලයද සම්පූර්‍ණ විමට යයි. හරයද සම්පූර්‍ණ වීමට යයි. මහණෙනි, එසේම සීලයෙන් යුක්ත සිල්වත්හට පසුතැවිලි නොවීම හේතුව වේ. නොපසුතැවිල්ල ඇති කල්හි නොපසුතැවිල්ලෙන් යුක්ත වූවහුට ප්‍රමෝදය හේතුව වේ. ප්‍රමෝදය ඇති කල්හි ප්‍රමෝදයෙන් යුක්ත වූවහුට ප්‍රීතිය හේතුව වේ. ප්‍රීතිය ඇති කල්හි ප්‍රීතියෙන් යුක්ත වූවහිට සංසිඳීම හේතුව වේ. සංසිඳීම ඇති කල්හි සංසිඳීමෙන් යුක්ත වූවහුට සැපය හේතුව වේ. සැපය ඇති කල්හි සැපයෙන් යුක්ත වූවහුට සම්‍යක් සමාධිය හේතුව වේ. සම්‍යක් සමාධිය ඇති කල්හි සම්‍යක් සමාධියෙන් යුක්ත වූවහුට තරුණ විදර්‍ශනාව හේතුව වේ. තරුණ විදර්‍ශනාව ඇතිකල්හි තරුණ විදර්‍ශනාවෙන් යුක්ත වූවහුට බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය හේතුව වේ. බලවත් විදර්‍ශනාවෙන් හා මාර්‍ගය ඇති කල්හි බලවත් විදර්‍ශනාවෙන් හා මාර්‍ගයෙන් යුක්ත වූවහුට අර්හත් ඵල විමුක්තිය හා ප්‍රත්‍යවෙක්‍ෂා ඤාණය හේතුව වේ.

AN 10-01-04. සාරීපුත්ත හතුපනිස සූත්‍රය-

§1. එකල්හි වනාහි ආයුෂමත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. “ඇවැත්නි, සීලයෙන් වෙන්වූ දුස්සීලයාට පසුතැවිලි නොවීම නැසුනේ වේ. පසුතැවිලි නොවීම නැතිකල්හි, නොපසුතැවිල්ලෙන් වැලක්කහුට ප්‍රමෝදය නැසුනේ වේ. ප්‍රමෝදය නැති කල්හි ප්‍රමෝදයෙන් වැලැක්කහුට ප්‍රීතිය නැසුනේ වේ. ප්‍රීතිය නැති කල්හි ප්‍රීතියෙන් වැලැක්කහුට සංසිඳීම නැසුනේ වේ. සන්සිඳීම නැතිකල්හි සන්සිඳීමෙන් වැලැක්කහුට සැපය නැසුන කරුණ වේ. සැපය නැති කල්හි සැපයෙන් වැලැක්කහුට සම්‍යක් සමාධිය නැසුනේ වේ. සම්‍යක් සමාධිය නැති කල්හි සම්‍යක් සමාධායෙන් වැලැක්කහුට තරුණ විදර්‍ශනාව නැසුනේ වේ. තරුණ විදර්‍ශනාව නැති කල්හි තරුණ විදර්‍ශනාවෙන් වැලැක්කහුට බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය නැසුනේ වේ. බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය නැති කල්හි බලවත් විදර්‍ශනාවෙන් හා මාර්‍ගයෙන් වැලැක්කහුට අර්‍හත් ඵලය හා ප්‍රත්‍යවෙක්‍ෂා ඤාණය නැසුනේ වේ.

§2. “අතු කොළ නැති වෘක්ෂයක් යම් සේද, ඒකේ පලතුරුද සම්පූර්‍ණ නොවෙත්. පොත්තද, ඵලයද, හරයද සම්පූර්‍ණ නොවේද, මහණෙනි, එසේම සීලයෙන් වෙන්වූ දුස්සීලයාට පසුතැවිලි නොවීම නැසුනේ වේ. පසුතැවිලි නොවීම නැතිකල්හි, නොපසුතැවිල්ලෙන් වැලක්කහුට ප්‍රමෝදය නැසුනේ වේ. ප්‍රමෝදය නැති කල්හි ප්‍රමෝදයෙන් වැලැක්කහුට ප්‍රීතිය නැසුනේ වේ. ප්‍රීතිය නැති කල්හි ප්‍රීතියෙන් වැලැක්කහුට සංසිඳීම නැසුනේ වේ. සන්සිඳීම නැතිකල්හි සන්සිඳීමෙන් වැලැක්කහුට සැපය නැසුන කරුණ වේ. සැපය නැති කල්හි සැපයෙන් වැලැක්කහුට සම්‍යක් සමාධිය නැසුනේ වේ. සම්‍යක් සමාධිය නැති කල්හි සම්‍යක් සමාධායෙන් වැලැක්කහුට තරුණ විදර්‍ශනාව නැසුනේ වේ. තරුණ විදර්‍ශනාව නැති කල්හි තරුණ විදර්‍ශනාවෙන් වැලැක්කහුට බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය නැසුනේ වේ. බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය නැති කල්හි බලවත් විදර්‍ශනාවෙන් හා මාර්‍ගයෙන් වැලැක්කහුට අර්‍හත් ඵලය හා ප්‍රත්‍යවෙක්‍ෂා ඤාණය නැසුනේ වේ.

§3. “ඇවැත්නි, සීලයෙන් යුක්ත සිල්වත්හට පසුතැවිලි නොවීම හේතුව වේ. නොපසුතැවිල්ල ඇති කල්හි නොපසුතැවිල්ලෙන් යුක්ත වූවහුට ප්‍රමෝදය හේතුව වේ. ප්‍රමෝදය ඇති කල්හි ප්‍රමෝදයෙන් යුක්ත වූවහුට ප්‍රීතිය හේතුව වේ. ප්‍රීතිය ඇති කල්හි ප්‍රීතියෙන් යුක්ත වූවහිට සංසිඳීම හේතුව වේ. සංසිඳීම ඇති කල්හි සංසිඳීමෙන් යුක්ත වූවහුට සැපය හේතුව වේ. සැපය ඇති කල්හි සැපයෙන් යුක්ත වූවහුට සම්‍යක් සමාධිය හේතුව වේ. සම්‍යක් සමාධිය ඇති කල්හි සම්‍යක් සමාධියෙන් යුක්ත වූවහුට තරුණ විදර්‍ශනාව හේතුව වේ. තරුණ විදර්‍ශනාව ඇතිකල්හි තරුණ විදර්‍ශනාවෙන් යුක්ත වූවහුට බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය හේතුව වේ. බලවත් විදර්‍ශනාවෙන් හා මාර්‍ගය ඇති කල්හි බලවත් විදර්‍ශනාවෙන් හා මාර්‍ගයෙන් යුක්ත වූවහුට අර්හත් ඵල විමුක්තිය හා ප්‍රත්‍යවෙක්‍ෂා ඤාණය හේතුව වේ. ඇවැත්නි, අතු කොළ ඇති වෘක්‍ෂයක් යම් සේද, එහි පතුරුද සම්පූර්‍ණ වීමට යයි. පොතුද සම්පූර්‍ණ වීමට යයි. ඵලයද සම්පූර්‍ණ විමට යයි. හරයද සම්පූර්‍ණ වීමට යයි. ඇවැත්නි, සීලයෙන් යුක්ත සිල්වත්හට පසුතැවිලි නොවීම හේතුව වේ. නොපසුතැවිල්ල ඇති කල්හි නොපසුතැවිල්ලෙන් යුක්ත වූවහුට ප්‍රමෝදය හේතුව වේ. ප්‍රමෝදය ඇති කල්හි ප්‍රමෝදයෙන් යුක්ත වූවහුට ප්‍රීතිය හේතුව වේ. ප්‍රීතිය ඇති කල්හි ප්‍රීතියෙන් යුක්ත වූවහිට සංසිඳීම හේතුව වේ. සංසිඳීම ඇති කල්හි සංසිඳීමෙන් යුක්ත වූවහුට සැපය හේතුව වේ. සැපය ඇති කල්හි සැපයෙන් යුක්ත වූවහුට සම්‍යක් සමාධිය හේතුව වේ. සම්‍යක් සමාධිය ඇති කල්හි සම්‍යක් සමාධියෙන් යුක්ත වූවහුට තරුණ විදර්‍ශනාව හේතුව වේ. තරුණ විදර්‍ශනාව ඇතිකල්හි තරුණ විදර්‍ශනාවෙන් යුක්ත වූවහුට බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය හේතුව වේ. බලවත් විදර්‍ශනාවෙන් හා මාර්‍ගය ඇති කල්හි බලවත් විදර්‍ශනාවෙන් හා මාර්‍ගයෙන් යුක්ත වූවහුට අර්හත් ඵල විමුක්තිය හා ප්‍රත්‍යවෙක්‍ෂා ඤාණය හේතුව වේ.

AN 10-01-05. ආනන්‍ද හතුපනිස සූත්‍රය

§ 1. එකල්හි වනාහි ආයුෂමත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. “ඇවැත්නි, සීලයෙන් වෙන්වූ දුස්සීලයාට පසුතැවිලි නොවීම නැසුනේ වේ. පසුතැවිලි නොවීම නැතිකල්හි, නොපසුතැවිල්ලෙන් වැලක්කහුට ප්‍රමෝදය නැසුනේ වේ. ප්‍රමෝදය නැති කල්හි ප්‍රමෝදයෙන් වැලැක්කහුට ප්‍රීතිය නැසුනේ වේ. ප්‍රීතිය නැති කල්හි ප්‍රීතියෙන් වැලැක්කහුට සංසිඳීම නැසුනේ වේ. සන්සිඳීම නැතිකල්හි සන්සිඳීමෙන් වැලැක්කහුට සැපය නැසුන කරුණ වේ. සැපය නැති කල්හි සැපයෙන් වැලැක්කහුට සම්‍යක් සමාධිය නැසුනේ වේ. සම්‍යක් සමාධිය නැති කල්හි සම්‍යක් සමාධායෙන් වැලැක්කහුට තරුණ විදර්‍ශනාව නැසුනේ වේ. තරුණ විදර්‍ශනාව නැති කල්හි තරුණ විදර්‍ශනාවෙන් වැලැක්කහුට බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය නැසුනේ වේ. බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය නැති කල්හි බලවත් විදර්‍ශනාවෙන් හා මාර්‍ගයෙන් වැලැක්කහුට අර්‍හත් ඵලය හා ප්‍රත්‍යවෙක්‍ෂා ඤාණය නැසුනේ වේ.

§2. අතු කොළ නැති වෘක්ෂයක් යම් සේද, ඒකේ පලතුරුද සම්පූර්‍ණ නොවෙත්. පොත්තද, ඵලයද, හරයද සම්පූර්‍ණ නොවේද, මහණෙනි, එසේම සීලයෙන් වෙන්වූ දුස්සීලයාට පසුතැවිලි නොවීම නැසුනේ වේ. පසුතැවිලි නොවීම නැතිකල්හි, නොපසුතැවිල්ලෙන් වැලක්කහුට ප්‍රමෝදය නැසුනේ වේ. ප්‍රමෝදය නැති කල්හි ප්‍රමෝදයෙන් වැලැක්කහුට ප්‍රීතිය නැසුනේ වේ. ප්‍රීතිය නැති කල්හි ප්‍රීතියෙන් වැලැක්කහුට සංසිඳීම නැසුනේ වේ. සන්සිඳීම නැතිකල්හි සන්සිඳීමෙන් වැලැක්කහුට සැපය නැසුන කරුණ වේ. සැපය නැති කල්හි සැපයෙන් වැලැක්කහුට සම්‍යක් සමාධිය නැසුනේ වේ. සම්‍යක් සමාධිය නැති කල්හි සම්‍යක් සමාධායෙන් වැලැක්කහුට තරුණ විදර්‍ශනාව නැසුනේ වේ. තරුණ විදර්‍ශනාව නැති කල්හි තරුණ විදර්‍ශනාවෙන් වැලැක්කහුට බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය නැසුනේ වේ. බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය නැති කල්හි බලවත් විදර්‍ශනාවෙන් හා මාර්‍ගයෙන් වැලැක්කහුට අර්‍හත් ඵලය හා ප්‍රත්‍යවෙක්‍ෂා ඤාණය නැසුනේ වේ.

§3. “ඇවැත්නි, සීලයෙන් යුක්ත සිල්වත්හට පසුතැවිලි නොවීම හේතුව වේ. නොපසුතැවිල්ල ඇති කල්හි නොපසුතැවිල්ලෙන් යුක්ත වූවහුට ප්‍රමෝදය හේතුව වේ. ප්‍රමෝදය ඇති කල්හි ප්‍රමෝදයෙන් යුක්ත වූවහුට ප්‍රීතිය හේතුව වේ. ප්‍රීතිය ඇති කල්හි ප්‍රීතියෙන් යුක්ත වූවහිට සංසිඳීම හේතුව වේ. සංසිඳීම ඇති කල්හි සංසිඳීමෙන් යුක්ත වූවහුට සැපය හේතුව වේ. සැපය ඇති කල්හි සැපයෙන් යුක්ත වූවහුට සම්‍යක් සමාධිය හේතුව වේ. සම්‍යක් සමාධිය ඇති කල්හි සම්‍යක් සමාධියෙන් යුක්ත වූවහුට තරුණ විදර්‍ශනාව හේතුව වේ. තරුණ විදර්‍ශනාව ඇතිකල්හි තරුණ විදර්‍ශනාවෙන් යුක්ත වූවහුට බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය හේතුව වේ. බලවත් විදර්‍ශනාවෙන් හා මාර්‍ගය ඇති කල්හි බලවත් විදර්‍ශනාවෙන් හා මාර්‍ගයෙන් යුක්ත වූවහුට අර්හත් ඵල විමුක්තිය හා ප්‍රත්‍යවෙක්‍ෂා ඤාණය හේතුව වේ. ඇවැත්නි, අතු කොළ ඇති වෘක්‍ෂයක් යම් සේද, එහි පතුරුද සම්පූර්‍ණ වීමට යයි. පොතුද සම්පූර්‍ණ වීමට යයි. ඵලයද සම්පූර්‍ණ විමට යයි. හරයද සම්පූර්‍ණ වීමට යයි. ඇවැත්නි, සීලයෙන් යුක්ත සිල්වත්හට පසුතැවිලි නොවීම හේතුව වේ. නොපසුතැවිල්ල ඇති කල්හි නොපසුතැවිල්ලෙන් යුක්ත වූවහුට ප්‍රමෝදය හේතුව වේ. ප්‍රමෝදය ඇති කල්හි ප්‍රමෝදයෙන් යුක්ත වූවහුට ප්‍රීතිය හේතුව වේ. ප්‍රීතිය ඇති කල්හි ප්‍රීතියෙන් යුක්ත වූවහිට සංසිඳීම හේතුව වේ. සංසිඳීම ඇති කල්හි සංසිඳීමෙන් යුක්ත වූවහුට සැපය හේතුව වේ. සැපය ඇති කල්හි සැපයෙන් යුක්ත වූවහුට සම්‍යක් සමාධිය හේතුව වේ. සම්‍යක් සමාධිය ඇති කල්හි සම්‍යක් සමාධියෙන් යුක්ත වූවහුට තරුණ විදර්‍ශනාව හේතුව වේ. තරුණ විදර්‍ශනාව ඇතිකල්හි තරුණ විදර්‍ශනාවෙන් යුක්ත වූවහුට බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය හේතුව වේ. බලවත් විදර්‍ශනාවෙන් හා මාර්‍ගය ඇති කල්හි බලවත් විදර්‍ශනාවෙන් හා මාර්‍ගයෙන් යුක්ත වූවහුට අර්හත් ඵල විමුක්තිය හා ප්‍රත්‍යවෙක්‍ෂා ඤාණය හේතුව වේ.

AN 10-01-06. සමාධි පටිලාභ සූත්‍රය

§1. “ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත් පසෙක සිටියේය. එකත් පසෙක සිටි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, යම්සේ පෘථුවියෙහි පෘථුවි සංඥා ඇත්තේ නොවන්නේද. වතුරෙහි වතුර යන සංඥාව ඇත්තේ නොවන්නේද, ගින්නෙහි ගින්න යන සංඥාව ඇත්තේ නොවන්නේද, වාතයෙහි වාතය යන සංඥාව ඇත්තේ නොවන්නේද, ආකාශානඤ්චායතනයෙහි ආකාශානඤ්චායතන සංඥාව ඇත්තේ නොවන්නේද,

§2. විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතන සංඥාව ඇත්තේ නොවන්නේද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතන සංඥාව ඇත්තේ නොවන්නේද, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව ඇත්තේ නොවන්නේද, මේ ලෝකයෙහි මේ ලෝකය යන සංඥාව ඇත්තේ නොවන්නේද, පරලෙව්හි පරලොව යන සංඥා ඇත්තේ නොවන්නේද, සිත් ඇති සමාපත්තියක් වනාහි ඇත්තේද, එබඳු සමාධි ප්‍රතිලාභයක් වන්නේදැ” යි ඇසූයේය.

§3. “ආනන්‍දය, මහණහට යම්සේ පෘථුවියෙහි පෘථුවි යන සංඥාව ඇත්තේ නොවේද. ජලයෙහි ජලය යන සංඥාව ඇත්තේ නොවේද, ගින්නෙහි ගින්න යන සංඥාව ඇත්තේ නොවේද, වාතයෙහි වාතය යන සංඥාව ඇත්තේ නොවේද, ආකාශානඤ්චායතනයෙහි ආකාශානඤ්චායතන සංඥාව ඇත්තේ නොවේද, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතන සංඥාව ඇත්තේ නොවේද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතන සංඥාව ඇත්තේ නොවේද, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව ඇත්තේ නොවේද, මේ ලෝකයෙහි මේ ලෝකය යන සංඥාව ඇත්තේ නොවේද, පරලෝකයෙහි පරලෝකය යන සංඥා ඇත්තේ නොවේද, සිත් ඇති සමාපත්තියෙක් ඇත්තේද, එබඳු සමාධි ප්‍රතිලාභයක් වන්නේය.

§4. “ස්වාමීනි, මහණහට යම්සේ පෘථුවියෙහි පෘථුවි යන සංඥාව ඇත්තේ නොවේද. ජලයෙහි ජලය යන සංඥාව ඇත්තේ නොවේද, ගින්නෙහි ගින්න යන සංඥාව ඇත්තේ නොවේද, වාතයෙහි වාතය යන සංඥාව ඇත්තේ නොවේද, ආකාශානඤ්චායතනයෙහි ආකාශානඤ්චායතන සංඥාව ඇත්තේ නොවේද, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතන සංඥාව ඇත්තේ නොවේද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතන සංඥාව ඇත්තේ නොවේද, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව ඇත්තේ නොවේද, මේ ලෝකයෙහි මේ ලෝකය යන සංඥාව ඇත්තේ නොවේද, පරලෝකයෙහි පරලෝකය යන සංඥා ඇත්තේ නොවේද, සිත් ඇති සමාපත්තියෙක් ඇත්තේද, එබඳු සමාධි ප්‍රතිලාභයක් වන්නේය. ස්වාමීනි, මෙය කෙසේ වන්නේද?”

§5. “ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම යම් මේ සියලු කෙලෙස් දුරුකරන්නාවූ, තෘෂ්ණාව ක්‍ෂය කරන්නාවූ, මාර්‍ගයක් ඇද්ද, නිරෝධ සංඛ්‍යාත නිවණක් ඇද්ද, සියලු සංස්කාරයන් සංසිඳුවන මේ ඵල සමාපත්තිය ශාන්තය, මේ ඵල සමාපත්තිය ප්‍රණීතයයි මෙබඳු සිත් ඇත්තේ යම් සේ පෘථුවියෙහි පෘථුවි යන සංඥාව ඇත්තේ නොවේද. ජලයෙහි ජලය යන සංඥාව ඇත්තේ නොවේද, ගින්නෙහි ගින්න යන සංඥාව ඇත්තේ නොවේද, වාතයෙහි වාතය යන සංඥාව ඇත්තේ නොවේද, ආකාශානඤ්චායතනයෙහි ආකාශානඤ්චායතන සංඥාව ඇත්තේ නොවේද, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතන සංඥාව ඇත්තේ නොවේද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතන සංඥාව ඇත්තේ නොවේද, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව ඇත්තේ නොවේද, මේ ලෝකයෙහි මේ ලෝකය යන සංඥාව ඇත්තේ නොවේද, පරලෝකයෙහි පරලෝකය යන සංඥා ඇත්තේ නොවේද, සිත් ඇති සමාපත්තියෙක් ඇත්තේදැයි, ආනන්‍දය, මෙබඳු සමාධි ප්‍රතිලාභයක් වන්නේය.

AN 10-01-07. කිංසඤ්ඤී සූත්‍රය

§1. “ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වැඳ, එකත් පසෙක සිටියේය. එකත් පසෙක සිටි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට, “ස්වාමීනි, යම්සේ පෘථුවියෙහි පෘථුවි සංඥා ඇත්තේ නොවන්නේද. වතුරෙහි වතුර යන සංඥාව ඇත්තේ නොවන්නේද, ගින්නෙහි ගින්න යන සංඥාව ඇත්තේ නොවන්නේද, වාතයෙහි වාතය යන සංඥාව ඇත්තේ නොවන්නේද, ආකාශානඤ්චායතනයෙහි ආකාශානඤ්චායතන සංඥාව ඇත්තේ නොවන්නේද, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතන සංඥාව ඇත්තේ නොවන්නේද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතන සංඥාව ඇත්තේ නොවන්නේද, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව ඇත්තේ නොවන්නේද, මේ ලෝකයෙහි මේ ලෝකය යන සංඥාව ඇත්තේ නොවන්නේද, පරලෙව්හි පරලොව යන සංඥා ඇත්තේ නොවන්නේද, සිත් ඇති සමාපත්තියක් වනාහි ඇත්තේද, එබඳු සමාධි ප්‍රතිලාභයක් වන්නේදැ” යි ඇසූයේය.

§2. “ආනන්‍දය, මහණහට යම්සේ පෘථුවියෙහි පෘථුවි යන සංඥාව ඇත්තේ නොවේද. ජලයෙහි ජලය යන සංඥාව ඇත්තේ නොවේද, ගින්නෙහි ගින්න යන සංඥාව ඇත්තේ නොවේද, වාතයෙහි වාතය යන සංඥාව ඇත්තේ නොවේද, ආකාශානඤ්චායතනයෙහි ආකාශානඤ්චායතන සංඥාව ඇත්තේ නොවේද, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතන සංඥාව ඇත්තේ නොවේද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතන සංඥාව ඇත්තේ නොවේද, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව ඇත්තේ නොවේද, මේ ලෝකයෙහි මේ ලෝකය යන සංඥාව ඇත්තේ නොවේද, පරලෝකයෙහි පරලෝකය යන සංඥා ඇත්තේ නොවේද, සිත් ඇති සමාපත්තියෙක් ඇත්තේද, එබඳු සමාධි ප්‍රතිලාභයක් වන්නේය.

§3. “ස්වාමීනි, මහණහට යම්සේ පෘථුවියෙහි පෘථුවි යන සංඥාව ඇත්තේ නොවේද. ජලයෙහි ජලය යන සංඥාව ඇත්තේ නොවේද, ගින්නෙහි ගින්න යන සංඥාව ඇත්තේ නොවේද, වාතයෙහි වාතය යන සංඥාව ඇත්තේ නොවේද, ආකාශානඤ්චායතනයෙහි ආකාශානඤ්චායතන සංඥාව ඇත්තේ නොවේද, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතන සංඥාව ඇත්තේ නොවේද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතන සංඥාව ඇත්තේ නොවේද, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව ඇත්තේ නොවේද, මේ ලෝකයෙහි මේ ලෝකය යන සංඥාව ඇත්තේ නොවේද, පරලෝකයෙහි පරලෝකය යන සංඥා ඇත්තේ නොවේද, සිත් ඇති සමාපත්තියෙක් ඇත්තේද, එබඳු සමාධි ප්‍රතිලාභයක් වන්නේය. ස්වාමීනි, මෙය කෙසේ වන්නේද?”

§4.“ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම යම් මේ සියලු කෙලෙස් දුරුකරන්නාවූ, තෘෂ්ණාව ක්‍ෂය කරන්නාවූ, මාර්‍ගයක් ඇද්ද, නිරෝධ සංඛ්‍යාත නිවණක් ඇද්ද, සියලු සංස්කාරයන් සංසිඳුවන මේ ඵල සමාපත්තිය ශාන්තය, මේ ඵල සමාපත්තිය ප්‍රණීතයයි මෙබඳු සිත් ඇත්තේ යම් සේ පෘථුවියෙහි පෘථුවි යන සංඥාව ඇත්තේ නොවේද. ජලයෙහි ජලය යන සංඥාව ඇත්තේ නොවේද, ගින්නෙහි ගින්න යන සංඥාව ඇත්තේ නොවේද, වාතයෙහි වාතය යන සංඥාව ඇත්තේ නොවේද, ආකාශානඤ්චායතනයෙහි ආකාශානඤ්චායතන සංඥාව ඇත්තේ නොවේද, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතන සංඥාව ඇත්තේ නොවේද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතන සංඥාව ඇත්තේ නොවේද, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව ඇත්තේ නොවේද, මේ ලෝකයෙහි මේ ලෝකය යන සංඥාව ඇත්තේ නොවේද, පරලෝකයෙහි පරලෝකය යන සංඥා ඇත්තේ නොවේද, සිත් ඇති සමාපත්තියෙක් ඇත්තේදැයි, ආනන්‍දය, මෙබඳු සමාධි ප්‍රතිලාභයක් වන්නේය.

§5. ඒ කාලයෙහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ, “කුමණ සංඥාවක් ඇත්තේ වූයේද, ඇවැත්නි, මට භව නිරෝධය නිර්‍වාණය භව නිරෝධය නිර්‍වාණයයි, මට අනික්ම සංඥාවක් උපදී. අනිත්ම සංඥාවක් නිරුද්‍ධ වේ. ඇවැත්නි, යම් සේ ලී කැබෙල්ලක් ගින්නෙන් දැවෙන්නේ අනෙක්ම ගින්නක් උපදීද, අනිත්ම ගින්නක් නිරුද්‍ධ වේද, ඇවැත්නි, මෙසේම මම භවයාගේ නිරෝධ නිර්‍වාණය භවයාගේ නිරෝධය නිර්‍වාණයයි, අනික් සංඥාවක්ම උපදී. අනික් සංඥාවක්ම නිරුද්‍ධ වේ. ඇවැත්නි, ඒ කාලයෙහි මම භව නිරෝධය නිර්‍වාණය යන සංඥා ඇත්තේ වූයෙමි.”

AN 10-01-08. සමන්ත පාසාදිකා සූත්‍රය

§1. “මහණෙනි, මහණතෙම ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් නොවේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් අසම්පූර්‍ණවූයේ වේ. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවත්ද සිල්වත්ද වන්නෙම් නම් යෙහෙකැයි ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත් වේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්‍ණවූයේ වේ.

§2. “මහණෙනි, මහණතෙම ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත නොවේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් අසම්පූර්‍ණවූයේ වේ. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද වන්නේ නම් යෙහෙකැ’ යි ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද වේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්‍ණවූයේ වේ.

§3.“මහණෙනි, මහණතෙම ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත වේද, ධර්‍ම කථික නුවූයේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් අසම්පූර්‍ණවූයේ වේ. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද ධර්‍ම කථිකවන්නේ නම් යෙහෙකැ’ යි ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද ධර්‍ම කථික වේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්‍ණවූයේ වේ.

§4.“මහණෙනි, මහණතෙම ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත වේද, ධර්‍ම කථික වූයේද, පිරිස්හි නොහැසිරේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් අසම්පූර්‍ණවූයේ වේ. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද ධර්‍ම කථිකවන්නේද, පිරිස්හි හැසිරේ නම් යෙහෙකැ’ යි ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්‍ණවූයේ වේ.

§5. “මහණෙනි, මහණතෙම ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත වේද, ධර්‍ම කථික වූයේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා නොකෙරෙම්ද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් අසම්පූර්‍ණවූයේ වේ. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරෙම් නම් යෙහෙකැ’ යි ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිසහි ධර්‍ම දේශනා කෙරේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්‍ණවූයේ වේ.

§6. “මහණෙනි, මහණතෙම ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත වේද, ධර්‍ම කථික වූයේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරෙම්ද, විනයධර නොවෙම්ද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් අසම්පූර්‍ණවූයේ වේ. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වෙම්ද, පිරිස්හි හැසිරෙම්ද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරෙම්ද, විනයධර වී නම් යෙහෙකැ’ යි ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිසහි ධර්‍ම දේශනා කෙරේද, විනයධරද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්‍ණවූයේ වේ.

§7. “මහණෙනි, මහණතෙම ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත වේද, ධර්‍ම කථික වූයේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරෙම්ද, විනයධර වේද, ප්‍රාන්ත සේනාසන භජනය කරණ, අරණ්‍යයෙහි වාසය කරන්නේ නොවේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් අසම්පූර්‍ණවූයේ වේ. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වෙම්ද, පිරිස්හි හැසිරෙම්ද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරෙම්ද, විනයධර වීද, ප්‍රාන්ත සේනාසන භජනය කරණ, අරණ්‍යයෙහි වාසය කරන්නෙක් වී නම් යෙහෙකැ’ යි ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිසහි ධර්‍ම දේශනා කෙරේද, විනයධරද, ප්‍රාන්ත සේනාසන භජනය කරණ, අරණ්‍යයෙහි වාසය කරන්නෙක්ද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්‍ණවූයේ වේ.

§8. “මහණෙනි, මහණතෙම ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත වේද, ධර්‍ම කථික වූයේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරෙම්ද, විනයධර වේද, ප්‍රාන්ත සේනාසන භජනය කරණ, අරණ්‍යයෙහි වාසය කරන්නේ වේද, ශ්‍රේෂ්ඨ අධිසිතෙහිවූ, මේ ආත්මයෙහිම සැප විහරණ ඇති, රූපාවචර ධ්‍යාන සතර අයත්නයෙන් නොලබන්නේ වේ, නිදුකින් නොලබන්නේ වේ, පහසුවෙන් නොලබන්නේ වේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් අසම්පූර්‍ණවූයේ වේ. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වෙම්ද, පිරිස්හි හැසිරෙම්ද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරෙම්ද, විනයධර වීද, ප්‍රාන්ත සේනාසන භජනය කරණ, අරණ්‍යයෙහි වාසය කරන්නෙක් වී, ශ්‍රේෂ්ඨ අධිසිතෙහිවූ, මේ ආත්මයෙහිම සැප විහරණ ඇති, රූපාවචර ධ්‍යාන සතර අයත්නයෙන් ලබන්නේ වේද, නිදුකින් ලබන්නේ වේ, පහසුවෙන් ලබන්නේ වේද නම් යෙහෙකැ’ යි ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිසහි ධර්‍ම දේශනා කෙරේද, විනයධරද, ප්‍රාන්ත සේනාසන භජනය කරණ, අරණ්‍යයෙහි වාසය කරන්නෙක්ද, ශ්‍රේෂ්ඨ අධිසිතෙහිවූ, මේ ආත්මයෙහිම සැප විහරණ ඇති, රූපාවචර ධ්‍යාන සතර අයත්නයෙන් ලබන්නේ වේද, නිදුකින් ලබන්නේ වේ, පහසුවෙන් ලබන්නේ වේද මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්‍ණවූයේ වේ.

§ 9. “මහණෙනි, මහණතෙම ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත වේද, ධර්‍ම කථික වූයේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරෙම්ද, විනයධර වේද, ප්‍රාන්ත සේනාසන භජනය කරණ, අරණ්‍යයෙහි වාසය කරන්නේ වේද, ශ්‍රේෂ්ඨ අධිසිතෙහිවූ, මේ ආත්මයෙහිම සැප විහරණ ඇති, රූපාවචර ධ්‍යාන සතර අයත්නයෙන් ලබන්නේ වේ, නිදුකින් ලබන්නේ වේ, පහසුවෙන් ලබන්නේ වේද, ආශ්‍රවයන්ගේ ක්‍ෂය වීමෙන් ආශ්‍රව රහිත චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය නොකරයිද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් අසම්පූර්‍ණවූයේ වේ. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වෙම්ද, පිරිස්හි හැසිරෙම්ද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරෙම්ද, විනයධර වීද, ප්‍රාන්ත සේනාසන භජනය කරණ, අරණ්‍යයෙහි වාසය කරන්නෙක් වී, ශ්‍රේෂ්ඨ අධිසිතෙහිවූ, මේ ආත්මයෙහිම සැප විහරණ ඇති, රූපාවචර ධ්‍යාන සතර අයත්නයෙන් ලබන්නේ වේද, නිදුකින් ලබන්නේ වේ, පහසුවෙන් ලබන්නේ වේද, ආශ්‍රවයන්ගේ ක්‍ෂය වීමෙන් ආශ්‍රව රහිත චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කරයිද, නම් යෙහෙකැ’ යි ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිසහි ධර්‍ම දේශනා කෙරේද, විනයධරද, ප්‍රාන්ත සේනාසන භජනය කරණ, අරණ්‍යයෙහි වාසය කරන්නෙක්ද, ශ්‍රේෂ්ඨ අධිසිතෙහිවූ, මේ ආත්මයෙහිම සැප විහරණ ඇති, රූපාවචර ධ්‍යාන සතර අයත්නයෙන් ලබන්නේ වේද, නිදුකින් ලබන්නේ වේ, පහසුවෙන් ලබන්නේ වේද, ආශ්‍රවයන්ගේ ක්‍ෂය වීමෙන් ආශ්‍රව රහිත චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කරයිද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්‍ණවූයේ වේ.

§ 10. “මෙසේ හෙතෙම ඒ කොටස සම්පූර්‍ණ නොකෙළේ වේ. ඔහු විසින් ඒ කොටස සම්පූර්‍ණ කටයුතුයි. කෙසේ මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථිකද, පිරිස්හි හැසිරෙන්නෙම්ද, විසාරදව පිරිසෙහි ධර්‍ම දේශනා කරන්නෙම්ද, විනයධරද, ප්‍රාන්ත සේනාසන භජනය කරණ, ආරණ්‍යයෙහි වාසය කරන්නෙම්ද, නිතර පිරිසිදුවූ මේ ආත්මයෙහි සැප විහරණ ඇති, රූපාවචර ධ්‍යාන සතර කැමැතිසේ ලබන්නේ වේ, සුවසේ ලබන්නේ වේ, වහා ලබන්නේ වේ. ආශ්‍රවයන්ගේ ක්‍ෂය වීමෙන්, ආශ්‍රව රහිත චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද, මෙලොවම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට වාසය කරන්නෙම් නම් යෙහෙකැ” යි කියායි.-

AN 10-01-09. සබ්බාකාර පරිපූර සූත්‍රය,

§1. “මහණෙනි, යම් තැනක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථිකද, පිරිස්හි හැසිරෙන්නේද, විසාරදව පිරිසෙහි ධර්‍ම දේශනා කරන්නේද, විනයධරද, ප්‍රාන්ත සේනාසන භජනය කරණ, ආරණ්‍යයෙහි වාසය කරන්නේද, රූපයන් ඉක්මවා අරූපවූ යම් ඒ ශාන්ත මිදීමක් ඇද්ද, ඔවුහු කයින් ස්පර්‍ශකොට වාසය කරයිද, ආශ්‍රවයන්ගේ ක්‍ෂය වීමෙන්, ආශ්‍රව රහිත චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද, මෙලොවම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට වාසය කරයි. මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්‍ණ වූයේ වේ. මහණෙනි, මේ කරුණු දසයෙන් යුක්තවු මහණතෙම හාත්පසින් ප්‍රසාද එලවන්නේද වේ. සර්‍වප්‍රකාරයෙන් සම්පූර්‍ණවූයේද වේ.

§2. “මහණෙනි, මහණතෙම ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් නොවේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් අසම්පූර්‍ණවූයේ වේ. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද වන්නෙම් නම් යෙහෙකැයි ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත් වේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්‍ණවූයේ වේ.

§3. “මහණෙනි, මහණතෙම ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත නොවේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් අසම්පූර්‍ණවූයේ වේ. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද වන්නේ නම් යෙහෙකැ’ යි ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙ