
SN 03-01-02-01-
අනිත්‍ය සූත්‍රය
පුජ්‍ය ඉලන්දගස්වැවේ සීලවිසුද්ධි හිමි කල සුත්‍ර විවරණය
මා විසින් මෙසේ අසනලදී.
එක්කලෙක්හි භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තරදුන්හ.
භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, රූපය අනිත්‍යයි,
වේදනාව අනිත්‍යයි,
සඤ්ඤාව අනිත්‍යයි,
සංස්කාර අනිත්‍යයි,
විඤ්ඤාණය අනිත්‍යයි,
මහණෙනි, මෙසේ දක්නා ධර්මය දන්නා ආර්‍ය්‍යශ්‍රාවකයා රූපයෙහිද කළකිරෙයි. වේදනාවෙහිද කළකිරෙයි. සඤ්ඤාවෙහිද කළකිරෙයි. සංස්කාරයන්හිද කළකිරෙයි. විඤ්ඤාණයෙහිද කළකිරෙයි. කළකිරීමෙන් නො ඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනුකල්හි මිදුනේය යන ඥානය ඇතිවෙයි. ජාතිය ක්ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලදී. කළයුත්ත කරණලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනියි.”
(පළමුවෙනි අනිත්‍ය සූත්‍රය නිමි.)
SN 03-01-02-02.
දුක්ඛ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, රූපය දුකයි, වේදනාව දුකයි, සඤ්ඤාව දුකයි, සංස්කාර දුකයි, විඤ්ඤාණය දුකයි,
මහණෙනි, මෙසේ දකින්නාවූ බොහෝ ධර්මය ඇසු කියැවූ ආර්‍ය්‍යශ්‍රාවකයා රූපයෙහිද කළකිරෙයි. වේදනාවෙහිද කළකිරෙයි. සඤ්ඤාවෙහිද කළකිරෙයි. සංස්කාරයන්හිද කළකිරෙයි. විඤ්ඤාණයෙහිද කළකිරෙයි. කළකිරීමෙන් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනුකල්හි මිදුනේ යන ඥානය ඇතිවෙයි. ජාතිය ක්ෂයවිය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලදී. කළයුත්ත කරණලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනියි.”
(දෙවෙනි දුක්ඛ සූත්‍රය නිමි.)
SN 03-01-02-03 .
අනත්ත සූත්‍රය
පුජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමින්වහන්සේ කල අනාත්ම විග්‍රහය ඉහත ත්‍රිකෝණ ලකුණ ඔබා අසන්න
මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි,
රූපය අනාත්මයි,
වේදනාව අනාත්මයි,
සඤ්ඤාව අනාත්මයි,
සංස්කාර අනාත්මයි.
විඤ්ඤාණය අනාත්මයි,
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රැතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකයා රූපයෙහි කළකිරෙයි. සංඥාවෙහිද කළකිරෙයි. සංස්කාරයන්හිද කලකිරෙයි. විඤ්ඤාණයෙහිද කලකිරෙයි.
කලකිරීම නිසා කාමයන්හි නොඇලෙයි. කාමයන්හි නොඇලීමෙන් සංයෝජනයන්ගෙන් මිදෙයි. සංයෝජනයන්ගෙන් මිදුනු කල්හි සසරින් මිදුනේය යන දැනීම ඇතිවෙයි.
ජාතිය (ඉපදීම) ක්ෂයවිය. බ්‍රහ්මචරියාවෙහි හැසිර නිමවනලදී. කළයුත්ත කරනලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනියි.”
(තුන්වෙනි අනත්ත සූත්‍රය නිමි.)
SN 03-01-02-04
. යදනිච්ච සූත්‍රය
පුජ්‍ය දෙල්වල සරණසිරි හිමි කල දේශනාව
මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, රූපය අනිත්‍යයි.
යමක් අනිත්‍යනම් එය දුකය. යමක් දුක නම් එය අනාත්මය. යමක් අනාත්ම නම් එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි.”
මෙසේ එය තත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුයි.
වින්දනය අනිත්‍යයි.
යමක් අනිත්‍ය නම් එය දුකය, යමක් දුකනම් එය අනාත්මය, යමක් අනාත්ම නම් “එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. එය මාගේ ආත්මය නොවේය. මෙසේ එය තත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුයි.
සඤ්ඤාව අනිත්‍යයි.
යමක් අනිත්‍ය නම් එය දුකය. යමක් දුක නම් එය අනාත්මය. යමක් අනාත්ම නම් එය මාගේ නොවෙයි. මෙසේ එය තත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුයි.
සංස්කාර අනිත්‍යයි.
යමක් අනිත්‍ය නම් එය දුකය. යමක් දුකනම් එය අනාත්මය. යමක් අනාත්ම නම් එය මාගේ නොවෙයි ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි මෙසේ එය තත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුයි.
විඤ්ඤාණය අනිත්‍යයි.
යමක් අනිත්‍ය නම් එය දුකය. යමක් දුකනම් එය අනාත්මය. යමක් අනාත්ම නම් එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි මෙසේ එය තත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ධර්මය දන්නා, ආර්‍ය්‍ය ශ්‍රාවකයා රූපයෙහිද කළකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි, සංස්කාරයෙහිද කලකිරෙයි, විඤ්ඤාණයෙහිද කලකිරෙයි, කලකිරීමෙන් නොඇලෙයි, නොඇලීමෙන් මිදෙයි, මිදුනු කල්හි මිදුනේය යන දැනීම ඇතිවෙයි. ජාතිය (ඉපදීම) ක්ෂය විය. බ්‍රහ්මචරියාවෙහි හැසිර නිමවන ලදී. කළයුත්ත කරනලදී. මේ ආත්ම භාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනියි.
(හතරවෙනි යදනිච්ච සූත්‍රය නිමි.)
SN 03-01-02-05.
යංදුක්ඛ සූත්‍රය-
පුජ්‍ය කදුරුවෙල ධම්මපාල හිමි කල දේශනාව
මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, රූපය දුකය. යමක් දුක නම් එය අනාත්මය, යමක් අනාත්ම නම් එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. මේ මාගේ ආත්මය නොවෙයි. යන මෙය මෙසේ තත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුයි. වේදනාව දුකය යමක් දුක නම් එය අනාත්මය. යමක් අනාත්ම නම් එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි තත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුයි. සඤ්ඤාව දුකය. යමක් දුක නම් එය අනාත්මය. යමක් අනාත්ම නම් එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි තත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුයි.
සංස්කාර දුකය. යමක් දුක නම් එය අනාත්මය, යමක් අනාත්ම නම් එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි තත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුය. විඤ්ඤාණය දුකය යමක් දුකනම් එය අනාත්මය, යමක් අනාත්ම නම් එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි මෙසේ එය ඇතිසැටියෙන් යහපත් නුවණින් දතයුතුයි.
“මහණෙනි, මෙසේ දකින්නාවූ බොහෝ ධර්මය ඇසු කියැවූ ආර්‍ය්‍යශ්‍රාවකයා රූපයෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි. සංස්කාරයන්හිද කලකිරෙයි. විඤ්ඤාණයෙහිද කලකිරෙයි. කලකිරීමෙන් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනුකල්හි මිදුනේය යන දැනීම ඇතිවෙයි. ජාතිය (ඉපදීම) ක්ෂයවිය. බ්‍රහ්මචරියාවෙහි හැසිර නිමවනලදී. කළයුත්ත කරනලදී. මේ ආත්ම භාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනියි.
(පස්වෙනි යංදුක්ඛ සූත්‍රය නිමි.)-
SN 03-01-02-06.
යදනත්ත සූත්‍රය-
පුජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමින්වහන්සේ කල විවරණය
මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, රූපය අනාත්මය. යමක් අනාත්ම නම් එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි එය මෙසේ ඇතිසැටියෙන් යහපත් නුවණින් දතයුතුය.
“වේදනාව අනාත්මය, යමක් අනාත්ම නම් එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි එය මෙසේ ඇතිසැටියෙන් යහපත් නුවණින් දතයුතුයි.
“සඤ්ඤාව අනාත්මය. යමක් අනාත්ම නම් එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි එය මෙසේ ඇතිසැටියෙන් යහපත් නුවණින් දතයුතුය.
“සංස්කාර අනාත්මය. යමක් අනාත්ම නම් එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි එය මෙසේ ඇතිසැටියෙන් යහපත් නුවණින් දතයුතුයි.
“විඤ්ඤාණය අනාත්මය, යමක් අනාත්මනම් එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි එය මෙසේ ඇතිසැටියෙන් යහපත් නුවණින් දතයුතුයි.
“මහණෙනි, මෙසේ දකින්නාවූ බොහෝ ධර්මය ඇසු කියැවූ ආර්‍ය්‍යශ්‍රාවකයා රූපයෙහි කලකිරෙයි. වේදනාවෙහි කලකිරෙයි. සංඥාවෙහි කලකිරෙයි. සංස්කාරයන්හි කලකිරෙයි. විඤ්ඤාණයෙහි කලකිරෙයි.
එසේ පංචස්කන්ධයන් ගැන කළකිරීමෙන් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම ඇති වෙයි. ජාතිය (ඉපදීම) ක්ෂය විය. බ්‍රහ්ම චාරියාවෙහි හැසිර නිමවන ලදී. කළයුත්ත කරනලදී. මේ ආත්ම භාවය පිණිස කළ යුතු අනිකක් නැතැයි දැනගනියි.
(හයවෙනි යදනත්ත සූත්‍රය නිමි.)
SN 03-01-02-07
හේතු සූත්‍රය – 1
මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ‘මහණෙනි’යි කියා භික්ෂූන්හට කථාකළ සේක. ‘ස්වාමීනි’යි, කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, රූපය අනිත්‍යයි. රූපයේ ඉපදීම පිණිස යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද අනිත්‍යයි. මහණෙනි, අනිත්‍ය හේතුවෙන් හටගත් රූපය කෙසේ නිත්‍ය වන්නේද?
“වේදනාව අනිත්‍යයි. වේදනාව ඉපදීම පිණිස යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද අනිත්‍යයි. මහණෙනි, අනිත්‍ය හේතුවෙන් හටගත් වේදනාව කෙසේ නිත්‍ය වන්නේද?
“සඤ්ඤාව අනිත්‍යයි සංඥාවේ ඉපදීම පිණිස යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද අනිත්‍යයි. මහණෙනි, අනිත්‍ය හේතුවෙන් හටගත් සංඥාව කෙසේ නිත්‍ය වන්නේද?
“සංස්කාර අනිත්‍යයි. සංස්කාරයන්ගේ ඉපදීම පිණිස යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද අනිත්‍යයි. මහණෙනි, අනිත්‍ය හේතුවෙන් හටගත් සංස්කාර කෙසේ නිත්‍යවන්නේද?
“විඤ්ඤාණය අනිත්‍යයි. විඤ්ඤාණයේ ඉපදීම පිණිස යමක්හේතුවේද යමක් ප්‍රත්‍යවේද?’ එයද අනිත්‍යයි. මහණෙනි, අනිත්‍ය හේතුවෙන් හටගත් විඤ්ඤාණය කෙසේ නිත්‍ය වන්නේද?”
“මහණෙනි, මෙසේ දකින්නාවූ, බොහෝ ඇසූපිරූ තැන් ඇති ආර්‍ය්‍යශ්‍රාවකයා රූපයෙහිද කලකිරෙයි. වේදනාවෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි. සංස්කාරයන්හිද කලකිරෙයි. විඤ්ඤාණයෙහිද කලකිරෙයි. කලකිරීමෙන් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම ඇතිවෙයි. ජාතිය (ඉපදීම) ක්ෂයවිය. බ්‍රහ්මචරියාවෙහි හැසිර නිමවනලදී. කළයුත්ත කරනලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනියි.
(සත්වෙනි හේතු සූත්‍රය නිමි.)
SN 03-01-02-08
. හේතු සූත්‍රය -2
මා විසින් මෙසේ අසනලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, රූපය දුකය. රූපයේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද දුකය. දුක්වූ හේතුවෙන් හටගත් රූපය කෙසේ සැපවත් වන්නේද?
“වේදනාව දුකය. වේදනාවේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද දුකය. දුක්වූ හේතුවෙන් හටගත් වේදනාව කෙසේ සැපවත් වන්නේද?
“සඤ්ඤාව දුකය. සංඥාවේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද දුකය. දුක්වූ හේතුවෙන් හටගත් සංඥාව කෙසේ සැපවත් වන්නේද?
“සංස්කාර දුකය. සංස්කාරයන්ගේ ඉපදීම පිණිස යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද දුකය. දුක්වූ හේතුවෙන් හටගත් සංස්කාර කෙසේ සැපවත් වන්නේද?
“විඤ්ඤාණය දුකය, විඤ්ඤාණයාගේ ඉපදීම පිණිස යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද දුකය, දුක්වූ හේතුවෙන් හටගත් විඤ්ඤාණය කෙසේ සැපවත් වන්නේද?”
“මහණෙනි, මෙසේ දකින්නාවූ බොහෝ ඇසූ පිරූ තැන් ඇති ආර්‍ය්‍යශ්‍රාවකයා රූපයෙහිද කලකිරෙයි. වේදනාවෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි. සංස්කාරයන්හිද කලකිරෙයි. විඤ්ඤාණයෙහිද කලකිරෙයි. කලකිරීමෙන් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම ඇති වෙයි. ජාතිය (ඉපදීම) ක්ෂය විය. බ්‍රහ්මචරියාවෙහි හැසිර නිමවන ලදී. කළ යුත්ත කරනලදී. මේ ආත්ම භාවය පිණිස කළ යුතු අනිකක් නැතැයි දැනගනියි.
(අටවෙනි හේතු සූත්‍රය නිමි.)
SN 03-01-02-09
. හේතු සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන්වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, රූපය අනාත්මය. රූපයේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද අනාත්මය. මහණෙනි, අනාත්මවූ හේතුවෙන් හටගත් රූපය කෙසේ ආත්මය වන්නේද?
“වේදනාව අනාත්මය. වේදනාවේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද අනාත්මය. මහණෙනි, අනාත්මවූ හේතුවෙන් හටගත් වේදනාව කෙසේ ආත්මය වන්නේද?
“සඤ්ඤාව අනාත්මය, සංඥාවේ ඉපදීම පිණිස යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද අනාත්මය. මහණෙනි අනාත්මවූ හේතුවෙන් හටගත් සංඥාව කෙසේ ආත්මය වන්නේද?
“සංස්කාර අනාත්මය, සංස්කාරයන්ගේ ඉපදීම පිණිස යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද අනාත්මය. මහණෙනි, අනාත්මවූ හේතුවෙන් හටගත් සංස්කාර කෙසේ ආත්මය වන්නේද?
“විඤ්ඤාණය අනාත්මය, විඤ්ඤාණයේ ඉපදීම පිණිස යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යය වේද, එයද අනාත්මය. මහණෙනි, අනාත්මවූ හේතුවෙන් හටගත් විඤ්ඤාණය කෙසේ ආත්මය වන්නේද?
“මහණෙනි, බොහෝ ඇසූ පිරූතැන් ඇති ආර්‍ය්‍ය ශ්‍රාවකතෙමේ රූපයෙහිද කළකිරෙයි. වේදනාවෙහිද කළකිරෙයි. සඤ්ඤාවෙහිද කළකිරෙයි. සංස්කාරයන්හිද කළකිරෙයි. විඤ්ඤාණයෙහිද කළකිරෙයි. කළකිරීමෙන් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන ඥානය ඇතිවෙයි. ජාතිය ක්ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලදී. කළයුත්ත කරණලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනියි.”
(නවවෙනි හේතු සූත්‍රය නිමි)
SN 03-01-02-10
. ආනන්ද සූත්‍රය -නිරෝධය
ආයතන නිරෝධය – පුජ්‍ය මාන්කඩවල සුදස්සන හිමි
මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හිඳ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.
“ස්වාමීනි, නිරෝධය නිරෝධයයි කියයි.
කවර ධර්මයන්ගේ නිරෝධයෝ නිරෝධයයි කියනු ලැබේද?” යනුයි.
“ආනන්දය, රූපය අනිත්‍යය, හේතු ප්‍රත්‍යයන් විසින් ඇතිකරනලදී. හේතුප්‍රත්‍ය ධර්මයන් නිසා හටගත්තේය. නැසීම ස්වභාවකොට ඇත්තේය. විනාශවීම ස්වභාවකොට ඇත්තේය. නොඇලීම ස්වභාවකොට ඇත්තේය. නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. ඒ රූපයාගේ නිරෝධයෙන් නිරෝධයයි කියනු ලැබේ.
“විඳීම අනිත්‍යය. හේතුප්‍රත්‍යයන් විසින් ඇති කරනලදී. හේතුප්‍රත්‍ය ධර්මයන් නිසා හටගත්තේය. නැසීම ස්වභාවකොට ඇත්තේය. විනාශවීම ස්වභාවකොට ඇත්තේය. නොඇලීම ස්වභාවකොට ඇත්තේය. නිරුද්ධවීම ස්වභාව කොට ඇත්තේය. ඒ විඳීමේ නිරෝධයෙන් නිරෝධයයි කියනු ලැබේ.
“සඤ්ඤාව අනිත්‍යය හේතුප්‍රත්‍යයන් විසින් ඇතිකරන ලදී. හේතු ප්‍රත්‍ය ධර්මයන් නිසා හටගත්තේය. නැසීම ස්වභාව කොට ඇත්තේය. විනාශ වීම ස්වභාවකොට ඇත්තේය නොඇලීම ස්වභාව කොට ඇත්තේය. නිරුද්ධවීම ස්වභාව කොට ඇත්තේය. ඒ සංඥාවේ නිරෝධයෙන් නිරෝධයයි කියනු ලැබේ.
“සංස්කාරය අනිත්‍යය. හේතුප්‍රත්‍යයන් විසින් ඇති කරනලදී. හේතුප්‍රත්‍යය ධර්මයන් නිසා හටගත්තේය. නැසීම ස්වභාව කොට ඇත්තේය. විනාශවීම ස්වභාවකොට ඇත්තේය. නොඇලීම ස්වභාවකොට ඇත්තේය. නිරුද්ධවීම ස්වභාව කොට ඇත්තේය. ඒ සංස්කාරයාගේ නිරෝධයෙන් නිරෝධයයි කියනු ලැබේ.
“විඤ්ඤාණය අනිත්‍යය, හේතු ප්‍රත්‍යයන් විසින් ඇති කරන ලදී. හේතුප්‍රත්‍ය ධර්මයන් නිසා හටගත්තේය. නැසීම ස්වභාවකොට ඇත්තේය. විනාශවීම ස්වභාවකොට ඇත්තේය. නොඇලීම ස්වභාවකොට ඇත්තේය. නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. ඒ විඤ්ඤාණයාගේ නිරෝධයෙන් නිරෝධයයි කියනු ලැබේ. “ආනන්දය, මෙසේ මේ ධර්මයන්ගේ නිරෝධය නිරෝධයයි කියනු ලැබේ.”
(දහවෙනි ආනන්ද සූත්‍රය නිමි.)

