MN 03-02-06 ඉසිගිලි සූත්‍රය

පාළි සුත්‍රය සජ්ජායනා කිරීම අසන්න

වන්දනා මාන කිරීම සෑම ආගමක දැකිය හැක. වන්දනා කිරීම පලක් නැති ක්‍රියාවකි’යි කියන්නෝ ද බොහෝ වෙති. මැටි වලින් සැදු පිළිමයකට කෑම පුජාකිරීම අපරාධයකැයි ගිය සතියේ උපාසකයෙක් මට ලියා එවීය. වන්දනාවේ, පුජාවේ අර්ථය නොදන්නා නිසා මෙසේ බුද්ධිමත් මනුෂ්‍යයා අතරමං වී ඇත. මේ ඉසිගිලි සුත්‍රයේදී භාහ්යවතුන් වහන්සේ විසින් දේශනා කරන්නේ යමෙක් පුද පුජා කරන්නේ, වන්දනා කරන්නේ ඒ පිදුම් ලබන්නාගේ ගුණයට බවය. වන්දනා කරත්දී ඒ ගුණයම සිහියා නගා ගනිමින් , ඒ ගුණයෙන් අල්ප මාත්‍රයක් හෝ මමත් වඩා ගනිමි’යි සිතාගෙන වන්දනා කිරීම කෙතරම් වැදගත් දැයි මේ පිටුවේ අඩංගු කල පුජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිම්යන්ගේ සුත්‍ර විවරණ ධර්ම දේශනා වෙන්ද කියැවේ. පුජාවෙන් , දානයෙන්, වන්දනාවෙන් ඒ පිදුම ලබන්නාට ලැබෙන දෙයක් නැති තරම්ය. දානය නම් වළඳන්නට ආහාර වේලක් පමණක්ය. නමුත් ඉන් වඩා ප්‍රතිලාභය ලබන්නේ දෙන තැනැත්තාය. එසේ තමන් ලබා ගන්නා කුසලය, පින එසේ ලබන්නේ ඔහුගේ මනස කෙතරම් ඒ ක්‍රියාවට දායක වී දැයි යන කරුණ අනුවය. සිත සියල්ලටම ප්‍රධාන වන බව මතකයේ තබාගෙන මුළු හිතින්, ශ්‍රද්ධාවෙන් ඒ ක්‍රියාව කිරීම අනේක වරක් ඔබට යහ ඵල ගෙන දෙන්නේය.

පුජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමි කල සුත්‍ර විවරණය

§ 1 .මා විසින් මෙසේ අසනලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ඉසිගිලි පර්වතයෙහි වැඩ වසනසේක. එහිදී දිනක් භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි භික්ෂූන්ට කථාකළසේක.
“ස්වාමීනි”යී ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

§ 2. “මහණෙනි, ඔබට මේ ඉදිරියේ ඇති වේහාර පර්වතය පෙනෙන්නේද?”
“එසේය ස්වාමීනි,”
මහණෙනි, මේ වේහාර පර්වතයට මීට පෙර වෙනත් නමක් විය. අනික් ව්‍යවහාරයක් විය.
“මහණෙනි, ඔබට ඊට ඔබ්බෙන් වන පාණ්ඩව පර්වතය පෙනෙන්නේද?”
“එසේය ස්වාමීනි,”
“මහණෙනි, මේ පාණ්ඩව පර්වතයටද පෙර අනික් නමක් විය. අනික් ව්‍යවහාරයක්ම විය.

“මහණෙනි, ඔබට ඔබට ඊට ඔබ්බෙන් ඇති වෙපුල්ල පර්වතය පෙනෙන්නේද?”
“එසේය ස්වාමීනි,”
“මහණෙනි, මේ වෙපුල්ල පර්වතයටද පෙර අනික් නමක් විය. අනික් ව්‍යවහාරයක්ම විය.

“මහණෙනි, ඔබට ඔබට ඊට ඔබ්බෙන් වන ගිජ්ඣකුට පර්වතය පෙනෙන්නේද?”
“එසේය ස්වාමීනි,”
“මහණෙනි, මේ ගිජ්ඣකූට පර්වතයටද පෙර අනික් නමක්ම විය. අනික් ව්‍යවහාරයක්ම විය.

§ 3 . “මහණෙනි, මේ ඉදිරියේ ඇති ඉසිගිලි පර්වතය පෙනෙන්නේද?”
“එසේය ස්වාමීනි,”
“මහණෙනි, මේ ඉසිගිලි පර්වතයට මීට පෙරද, මෙම නමම විය. මේ ව්‍යවහාරයම විය.

§ 4 .“මහණෙනි, පෙරවූ දෙයක් කියමි. පන්සියයක් පසේ බුදු වරු මේ ඉසිගිලි පර්වතයෙහි බොහෝ කාලයක් වැඩ විසූහ. උන්වහන්සේලා මෙම පර්වතයට එනවා මිනිසුන්ට දක්නා ලැබෙත්. පැමිණියාවූ උන්වහන්සේලා දක්නා නොලැබෙත්.

“මනුෂ්‍යයෝ ඒ කාරණය දැක ‘මේ පර්වතය මේ ඍෂීන් ගිල ගන්නේයයි’ කීහ.
ඒ හේතුවෙන් මේ පර්වතයට ‘ඉසි වරු ගිලගන්නා පර්වතය’ නොහොත් ඉසිගිලි’ යන නම ප්‍රසිද්ධ විය.

“මහණෙනි, ඒ පසේ බුදුවරයන්ගේ නම් ප්‍රකාශ කරන්නෙමි. මහණෙනි, පසේ බුදුවරයන්ගේ නම් දේශනා කරන්නෙමි. එය අසව්, මැනවින් මෙනෙහි කරව්. කියන්නෙමියි” වදාළසේක.
“එසේය ස්වාමීනි”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

§ 4 , “මහණෙනි, ‘අරිට්ඨ’ නම් පසේ බුදු තෙමේ මේ ඉසිගිලි පර්වතයෙහි බොහෝ කලක් විසූයේය.
මහණෙනි, ‘උපරිට්ඨ’ නම් පසේ බුදු තෙමේ මේ ඉසිගිලි පර්වතයෙහි බොහෝ කලක් විසූයේය.
මහණෙනි, ‘තගරසිඛී’1097 නම් පසේ බුදු තෙමේ මෙම ඉසිගිලි පර්වතයෙහි බොහෝ කලක් විසුයේය.

[1097:- තගර යන පසේ බුදුන් වහන්සේ ගැන උදාන 5.4/50 හිද සංයුක්ත නිකායේ SN 3.20 හිද සඳහන් වේ.] පසේ බුදුන් ද


මහණෙනි, ‘යසස්සී’ නම් පසේ බුදුන් ද, ‘සුදස්සන’ නම් පසේ බුදුන් ද ,
‘පියදස්සී’ නම් පසේ බුදුන් ද , ‘ගන්ධාර’ නම් පසේ බුදුන් ද,
‘පිණ්ඩොල’ නම් පසේ බුදුන් ද , ‘උපාසභ’ නම් පසේ බුදුන් ද,
‘නීත’ නම් පසේ බුදුන් ද, ‘තථ’ නම් පසේ බුදුන් ද
මෙම ඉසිගිලි පර්වතයෙහි බොහෝ කලක් විසුයේය.

මහණෙනි, ‘සුතවා’ නම් පසේ බුදුන් ද මෙම ඉසිගිලි පර්වතයෙහි බොහෝ කලක් විසුයේය. මහණෙනි, ‘භාවිතත්ත’ නම් පසේ බුදුන් ද මෙම ඉසිගිලි පර්වතයෙහි බොහෝ කලක් විසුයේය, යනුයි.

“සත්වයන් අතුරෙන් සාරවූ දුක් නැති කළාවූ තෘෂ්ණාව ක්ෂය කළාවූ යහපත් ප්‍රත්‍යෙකබොධියට පැමිණියාවූ ඒ කෙලෙස් හුල් උදුරා දැමූ මිනිසුන්ට උත්තමවූ පසේබුදුවරයන් වහන්සේලාගේ නම් මා විසින් කියනු ලැබේ. එය අසව්.

§ 5 , අරිට්ඨ නම් පසේබුදුය, උපරිට්ඨ නම් පසේබුදුය, තගරසිඛී නම්පසේබුදුය, යසස්සී නම් පසේබුදුය, සුදස්සන නම් පසේබුදුය, පියදස්සී නම් පසේබුදුය, ගන්ධාර නම් පසේබුදුය, පිණ්ඩොල නම් පසේබුදුය, උපාසභය නම් පසේබුදුය, නීත නම් පසේබුදුය, තථ නම් පසේබුදුය, සුතවා නම් පසේබුදුය, භාවිතත්ත නම් පසේබුදුය, සුම්භ නම් පසේබුදුය, සුභ නම් පසේබුදුය, වෙථුල නම් පසේබුදුය, අඨම නම් පසේබුදුය, මෙඝ නම් පසේබුදුය, අනීග නම් පසේබුදුය, සුදාඨ නම් පසේබුදුය, හිංගුල නම් *පසේබුදුය, හිංගය නම් පසේබුදුය, යන මොවුහු මනානුභාව ඇති භව ගමන වැළකූ පසේබුදුවරයෝ වෙති.

“චුල්ලජාලී මහාජාලී නම් පසේබුදුවරු දෙනමය,
අඨක නම් පසේබුදුය,
කොසල නම් පසේබුදුය,
සුබාහු නම් පසේබුදුය,
උපනෙමිස නම් පසේබුදුය,
නෙමිස නම් පසේබුදුය,
සන්තචිත්ත නම් පසේබුදුය,
සච්ච නම් පසේබුදුය,
තථ නම් පසේබුදුය,
විරජ නම් පසේබුදුය,
පණ්ඩිත නම් පසේබුදුය,
කාල නම් පසේබුදුය,
උපකාල නම් පසේබුදුය,
විජිත නම් පසේබුදුය,
ජිත නම් පසේබුදුය,
අංග නම් පසේබුදුය,
පංග නම් පසේබුදුය,
භුතිජ්ජිත නම් පසේබුදුය.

§ 6 , .දුකට මුල්වූ ක්ලෙශ නැතිකළාවූ විපස්සී නම් පසේ බුදුය,
මාරබල ජය ගත් අපරාජිත නම් පසේබුදුය, යන මුන් වහන්සේලාද,
සත්ථා නම් පසේබුදුය, පවත්තා නම් පසේබුදුය,
සරභංග නම් පසේබුදුය, ලොමහංස නම් පසේබුදුය,

උච්චංගමාය නම් පසේබුදුය. අසිත නම් පසේබුදුය,
අනාසව නම් පසේබුදුය, මනොමය නම් පසේබුදුය.
මානච්ඡිද නම් පසේබුදුය, බන්ධූමා නම් පසේබුදුය,
තදධීමුත්ත නම් පසේබුදුය, විමලනම් පසේබුදුය,

කෙතුමා නම් පසේබුදුය, කෙතුම්බ රාග නම් පසේබුදුය,
මාතංග නම් පසේබුදුය, අරිය නම් පසේබුදුය,
අච්චුත නම් පසේබුදුය, අච්චුතගාම නම් පසේබුදුය,
බ්‍යාමක නම් පසේබුදුය, සුමංගල නම් පසේබුදුය,

දබ්බිල නම් පසේබුදුය, සුප්පතිඨිතනම් පසේබුදුය,
අසය්හනම් පසේබුදුය, ඛෙමාභිරත නම් පසේබුදුය,
සොරත නම් පසේබුදුය, දුරන්නය නම් පසේබුදුය,
සංඝ නම් පසේබුදුය උච්චය නම් පසේබුදුය, යන මොවුහුද,

සය්හ නම් පසේබුදුය, අනොමනික්කම නම් පසේබුදුය,
ආනන්ද නම් පසේබුදුය, නන්ද නම් පසේබුදුය
උපනන්ද නම් පසේ බුදුය, යන මේ එක නමින්
සතර දෙන බැගින් දොළොස් නමක්ද,

භාරද්වාජ නම් බුද්ධතෙමේද, බොධි නම් පසේබුදුය,
මහානාම නම් පසේබුදුය, උත්තර නම් පසේබුදුය,
කෙසි නම් පසේබුදුය, සිඛි නම් පසේබුදුය,
සුන්දර නම් පසේබුදුය, භාරද්වාජ නම් පසේබුදුය,

තිස්ස නම් පසේබුදුය, උපතිස්ස නම් පසේබුදුය,
යන භව බැඳුම් සුන් කළ පසේබුදුවරයෝද,
තෘෂ්ණාව ක්ෂය කළ උපසීදරී නම් පසේබුදුන්ද, සීදරී නම් පසේබුදුන්ද,
වීතරාගීවූ මංගල නම් පසේබුදුන්ද, විය.

“දුකට මුල්වූ තෘෂ්ණාව සිඳි උසභ නම් පසේබුදු තෙමේද,
ශාන්ත පදයට පැමිණි උපනීත නම් පසේබුදු තෙමේද,
උපොසථ නම් පසේබුදුය, සුන්දර නම් පසේ බුදුය,
සච්චනාම නම් පසේබුදුය, ජෙත නම් පසේබුදුය,

ජයන්ත නම් පසේබුදුය, පදුම නම් පසේබුදුය,
උප්පල නම් පසේබුදුය, පදුමුත්තර නම් පසේබුදුය,
රක්ඛිත නම් පසේබුදුය, පබ්බත නම් පසේබුදුය,
මානත්ථද්ධ නම් පසේබුදුය, වීතරාග නම් පසේබුදුය,

යන මොහුද, මැනවින් මිදුනු සිත් ඇති කණ්හ නම් පසේබුදු තෙමේද, යන භව ගමන වැළැක්වූ මහත් ආනුභාව ඇති සියළු කෙලෙස් බැඳුම් සිඳදැමූ මහර්ෂිවූ පිරිනිවණට පැමිණි මේ පසේබුදුවරයන් වහන්සේලාද, අන්‍යවූ අප්‍රමාණ පසේබුදුවරයන් වහන්සේලාද මතක් කොට මේ ඉසිගිලිය වන්දනා කරව්.”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.