සිංහල ත්‍රිපිටකය

 

අති උත්තම සිංහල මහා සංඝයා වහන්සේලා පරම්පරා 38 ක් පරම්පරාවෙන් පරම්පරාවට කට පාඩමෙන් රැකගෙන ආ බුද්ධ භාෂිත ත්‍රිපිටකය, මාතලේ අළුවිහාරයේදී    ග්‍රන්තාරුඩ  කරන ලද්දේය. මේ පුස්කොල ග්‍රන්ථ බොහෝ විහාර ස්ථානවලින් එකතුකොට බුරුමයේ සියමයේ සහ නොයෙක් මුලාශ්‍රවලින් එක් කොට නැවත නිදොස් කොට 2500 බුද්ධ ජයන්තිය වෙනුවෙන් නිම කරන්නට විද්වත් උත්තම මහා ස්ථවිරයන් වහන්සේලා මඩුල්ලක් පත්කළේ ලංකා ආණ්ඩුව විසිනි. බුද්ධ ජයන්ති ත්‍රිපිටකය පාලි සහ සිංහල භාෂා  දෙකෙන්ම  සකස් විය.

එම ගාම්භීර පරිවර්තනය කියවා තේරුම් ගන්නට තරම් භාසා ඥානය නැති අය සඳහා ලිහිල් සිංහලෙන් මේ අන්තර් ජාල අඩවිය සකස් කරමි.  බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තනය, ඒ පී ඩි සොයිසා මහත්මා ගේ පරිවර්තනය, පුජ්‍ය ඥානමොලි හිමියන්ගේ සහ පුජ්‍ය බෝධි හිමියන්ගේ ඉංග්‍රීසි පරිවර්තන, රිස් ඩේවිස් මැතිනියගේ සහ  PTS පරිවර්තන උපයෝගී කරගෙන මේ වෙබ් අඩවිය සකස් කර ඇත. මෙහි ඇති සුත්‍ර පරිවර්තනවල වැරැද්දක් ඇත්නම් කරුණාවෙන් ඒ නිවැරදි කර ඒ නිවැරදි පිටපතක් මා වෙත එවන මෙන් කරුණාවෙන් ඉල්ලමි. ධර්මය විකෘති කරන පිරිස් බිහිව ඇති මේ යුගයේ ඉතා සැලකිල්ලෙන් ධර්මය කියවිය යුතු බව ඇසිය යුතු බව සිත් දරත්වා.

අවශ්‍ය කරන සුත්‍රය අඩංගු පිටකයේ නම ක්ලික් කර ඉන් පසු යොමුවෙන් අවශ්‍ය සුත්‍රයේ නම ක්ලික්  කරන්න.

මේ වෙබ් අඩවියට දැනට ඇතුලත්කර ඇත්තේ  සුත්‍ර ස්වල්පයක් බව සලකන්න. මජ්ජිම නිකාය මුල සිටම කියවා ඔබේ ප්‍රතිචාර දක්වන්නේ නම් කෘතඥ වෙමි.  පාළි සුත්‍රයේ යොමු සදහන් කර ඇති නිසා පාළි දත් පැවිදි උතුමන්ගේ ප්‍රතිචාර අගයමි. නිර්මල බුද්ධ භාෂිතය කිලිටි කරන්නට උත්සාහ කරන මිනිසුන් ඉන්නා මේ යුගයේ ඉතා පරීක්ෂාවෙන් පරිවර්තන කියවන්නට අවශ්‍යබව පෙනේ. මේ පරිවර්තන වල අඩු පාඩුවක් ඇතොත් කරුණාකර COMMENTS  හි ලියන්න

CLICK  BELOW  TO ACCESS

දීඝ නිකාය 
මජ්ජිම නිකාය
සංයුක්ත නිකාය
අංගුත්තර නිකාය
ඛුද්දක නිකාය

සුත්රාන්ත දෙසනා අසන්නට 

SN 05-03-02

SN 05-03-02-01 මහා පුරිස සූත්‍රය
SN 05-03-02-02 නාලන්ද සූත්‍රය
SN 05-03-02-03. චුන්ද සූත්‍රය
SN 05-03-02-04. උක්කචෙල සූත්‍රය
SN 05-03-02-05. බාහිය සූත්‍රය
SN 05-03-02-06. උත්තිය සූත්‍රය
SN 05-03-02-07. අරිය සූත්‍රය
SN 05-03-02-08. බ්‍රහ්ම සූත්‍රය
SN 05-03-02-09. සේදක සූත්‍රය
SN 05-03-02-10. ජනපදකල්‍යාණී සූත්‍රය

[151:-මේ සුත්‍රය දීඝ නිකායේ මහා පරිනිබ්බාන සුත්‍රයේද සඳහන්වේ.]

SN 05-03

1. අම්බපාලි සූත්‍රය 2. සති සූත්‍රය   3. භික්ඛු සූත්‍රය
  4. සාලා සූත්‍රය   5. කුසලරාසි සූත්‍රය    

6. සකුණග්ඝී සූත්‍රය 7. මක්කට සූත්‍රය
8. සූද සූත්‍රය   9. ගිලාන සූත්‍රය
10. භික්ඛුනූපස්සය සූත්‍රය

       1. මහා පුරිස සූත්‍රය    2. නාලන්දා සූත්‍රය    3. චුන්ද සූත්‍රය
  4. උක්කචෙල සූත්‍රය 5. බාහිය සූත්‍රය 6. උත්තිය සූත්‍රය
7. අරිය සූත්‍රය    8. බ්‍රහ්ම සූත්‍රය   9. සේදක සූත්‍රය
10. ජනපදකල්‍යාණී සූත්‍රය

   1. සීල සූත්‍රය 2. චිරට්ඨිති / ඨිති සූත්‍රය 3. පරිහාන සූත්‍රය
4. සුද්ධක සූත්‍රය 5. අඤ්ඤතර බ්‍රාහ්මණ සූත්‍රය
6. පදෙස සූත්‍රය 7. සමත්ත සූත්‍රය   8. ලෝක සූත්‍රය
9. සිරිවඞ්ඪ සූත්‍රය   10. මානදින්න සූත්‍රය

1. අනනුස්සුත සූත්‍රය 2. විරාග සූත්‍රය 3. විරජ්ජ සූත්‍රය
4. භාවිත සූත්‍රය 5. සති / සතෝ සූත්‍රය 6. අඤ්ඤා සූත්‍රය
7. ඡන්‍ද සූත්‍රය 8. පරිඤ්ඤාත සූත්‍රය   9. භාවනා සූත්‍රය
10. විභඞ්ග සූත්‍රය

 1. අමත සූත්‍රය 2. සමුදය සූත්‍රය    3. මග්ග සූත්‍රය
4. සති/ සතෝ සූත්‍රය 5. කුසලරාසි සූත්‍රය
6. පාතිමොක්ඛ සංවර සූත්‍රය 7. දුච්චරිත සූත්‍රය
8. මිත්ත සූත්‍රය 9. වේදනා සූත්‍රය 10. ආසව සූත්‍රය

1-12. ගඞ්ගානදී ආදි සුත්ත ද්වාදසකං

      1-10. තථාගතාදි සුත්ත දසකං

1-12. බලාදිසුත්තද්වාදසකං

1-10. එසනාදිසුත්තදසකං

  1-10. උද්ධම්භාගියාදිසුත්තදසකං

SN 05-03-01

SN 05-03-01-01. අම්බපාලි සූත්‍රය
SN 05-03-01-02. සතෝ සූත්‍රය
SN 05-03-01-03. භික්ඛු සූත්‍රය
SN 05-03-01-04. සාලා සූත්‍රය
SN 05-03-01-05 . කුසලරාසි සූත්‍රය
SN 05-03-01-06. සකුණග්ඝී සූත්‍රය
SN 05-03-01-07. මක්කට සූත්‍රය
SN 05-03-01-08. සූද සූත්‍රය
SN 05-03-01-09. ගිලාන සූත්‍රය
SN 05-03-01-10. භික්ඛුනූපස්සය සූත්‍රය


[123: ඒකායන ” යන පාලි වචනය එකම ” ලෙස සිංහලට පෙරලීම සුදුසු නොවේ. එය කෙටිම, පහසුම, ලෙස භාවිතා කිරීම සුදුසුය. දීඝ නිකායේ මහා සතිපට්ඨාන සුත්‍රය කියවන්න.]

[126:- ඍජු දෘෂ්ටිය : යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ අකුසලයත් දනී ද අකුසලමූලයත් දනී ද, කුසලයත් දනී ද, කුසල මූලයත් දනී ද, ඇවැත්නි, මෙපමණකින් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. ධර්‍මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. මේ නිර්‍වාණධර්‍මයට පැමිණියේ වෙයි. – සම්මා සමාධි සුත්‍රය.]

සුත්‍රය කියවන්නට පෙර ස්වාමින්වහන්සේ කල දේශනාව අසන්න

DN 02-09

[සම්පුර්ණ සුත්‍රය විවරණය කරමින් කල දේසනා විසි තුන අඩංගු ගොනුවට යාම පිණිස ඉහත බැනරය ක්ලික් කරන්න.]

උද්දෙසො

(1) කායානුපස්සනා

(1.1) ආනාපාන පබ්බ
(1.2) ඉරියාපථ පබ්බ

(1.3) සම්පජාන පබ්බ
(1.4) පටිකූල මනසිකාර පබ්බ
(1.5) ධාතු මනසිකාර පබ්බ
(1.6) නවසිවථික පබ්බ

(2) වේදනානුපස්සනා
(3) චිත්තානුපස්සනා

(4) ධම්මානුපස්සනා
(4.1 ) නීවරණ පබ්බ
(4.2) ඛන්ධ පබ්බ
(4.3) ආයතන පබ්බ
(4.4) බොජ්ඣඞ්ග පබ්බය
(4.5) සච්ච පබ්බය

පාලියෙන් කල සුත්‍ර සජ්ජායනය

මහා සතිපට්ඨාන සුත්‍රයක් මජ්ජිම නිකායේ මුල පන්නාසකයේ දහවැනි සුත්‍රය ලෙසද සඳහන් වේ. මේ සුත්‍ර දෙකම එකම ලෙස පෙනෙතත් පහත සඳහන් සුත්‍රය මජ්ජිම නිකායේ සුත්‍රයට වඩා සම්පුර්ණ බව කිව හැක්කේ සච්ච පබ්බය මජ්ජිම නිකායෙහි ඇති සුත්‍රයේ අඩංගු නොවන නිසාය.. පහත එකතුකළ පුජ්‍ය මීමුරේ ධම්මාවාස හිමියන්ගේ සුත්‍ර විවරනයේ මේ සිංහල පරිවර්තන දෙකෙහිම සඳහන් කාරනා කිහිපයක් ගැන ඔබේ අවධානය යෝමු කරයි. “නාම රූප” යන පදය, “කායේ කායානුපස්සනා” ආදී යුග්ම යෙදීම්, සහ “බාහිරේ සු අජ්ජත්තේසු ” යන පාලි යෙදුම් වචනාර්තයෙන් නොගෙන අනෙක් දේශනා හා ගලපා නිවැරදිව දන ගත යුතු බව උන්වහන්සේ කියයි..

[ ත්‍රිපිටකයේ ඇති සියලු සුත්‍ර අතරින් මෙය ඉතාම වැදගත් එක බව බෞද්ධයන් විශ්වාස කරන්නේ, විමුක්ති මාර්ගය පිනිස මෙය එකම මාර්ගයයැයි සඳහන් කරන නිසාය යන මතය සාවද්‍ය බව සඳහන් කරමි. නිර්වාන මාර්ගය නම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය මිස අනෙකක් නොවේ. එහි ඇති පියවර අටෙන් සම්මා සතිය වඩා ගන්නා ආකාරය මෙම සුත්‍රය උගන්වයි. මජ්ජිම නිකායේ දසවැන්න ලෙසද මෙම සුත්‍රය දැක්වෙන අතර එහි අඩන්ගු 18-21 ඡේදයන් මෙම දීඝ නිකාය සුත්‍රයේ සඳහන් නොවේ. සතිපට්ඨාන සුත්‍රය බොහෝ විද්වත් භික්ෂුන් වහංසේලා විසින් ඉංගිරිසියට පරිවතනය කර ඇත. විශේෂයෙන් සෝම හිමි විසින් The Way of Mindfulness (2nd ed. Colombo 1949, 3rd ed. BPS 1967). ඥාණපෝනික මහතෙරණුන් (1954) විසින් රචිත Heart of Buddhist Meditation යන ග්‍රන්ථද මෑතකදී පුජ්‍ය කටුකුරුන්දේ ඥානෑනන්ද ස්වාමින් වහන්සේගේ ශිෂ්‍ය පුජ්‍ය අනාලයෝ ස්වාමින් වහන්සේ ලියු Satipatthana Meditation: A Practice Guide කියවීම වටනේය.]

[624:- සතිය: සතිපට්ඨානය යනු සතිය වඩා ගැනීමයි. මේ ඉතාම වැදගත් කාර්යාවලිය කරන්නට පෙර අප සතිය යන්න කුමක්දැයි අඩු තරමින් හෝ දැන ගත යුතුය. mindfulness ලෙස ඉංගිරිසියට පෙරලා ඇති මේ ව්‍යායාමය ගැන දහසක් පොත පත ඇත. භාග්‍යවතුන් වහන්සේගේ සියලු ඉගැන්වීම් වල මේ සතිය ගැන දැක්වේ. ඒ නිසා ඔබ අසන කියවන සියලු දේ සුත්‍ර විනය යන දෙකට ගැලපේද කියා ඔබ පිරික්සා ගත යුතුය. LINK.
සති පට්ඨානය යනු සතිය , පැවැත්වීමය, සතිය කුමක්දැයි පළමුව දතයුතු වේ.
සතිය කෙසේ පැවැත්විය යුතුයි දැනගතයුතුවෙයි.
බාහිර හෝ බාහිර අරමුණු දැනගැනීම, සතිය වේ.
පැවැත්වීම කලයුත්තේ සංසාරයට බැඳලන සංස්කාරයන් ඇතිනොවන සේ පැවැත්වීමයි.
සතිය පිහිටුවාගැනීම කලයුත්තේ සංස්කාර ඇති නොවන ලෙස නිසා එය සුකර කටයුත්තක් නොවේ.]

සුත්‍ර අටුවාවේ සුත්‍ර වර්ණනාව කියවන්න . LINK

[625:- ඒකායන මාර්ගය යනු “එකම” මාර්ගය ලෙස නොගත යුතුය. ඒකායන යනු කෙලින්ම යා හැකි, වංගු නැති, අතුරු මාර්ග නැති මාර්ගයය. සාමාන්‍ය මහා පාරවල හා එක්ප්‍රස් වේ යන අධිවේග මාර්ග වල වෙනස උදාහරණයකට ගත හැක.අනෙක් මාර්ගවලින් යන ගමනට වඩා ඒකායන මාර්ගයේ ගමන පහසුය. ඉතා ඉක්මන්ය. බාධක අඩුය.]

[627: “කායේ කායානුපස්සී විහරන්ති“: මේ යෙදුම කයේ, කය අනුව බලමින් සිටීමය ” කියා පරිවර්තනය කර ඇත, මෙසේ දෙවරක් කය යන වචනය යොදා ඇත්තේ මන්දැයි යන්නට ස්ථිර පිළිතුරක් නැත. පුජ්‍යපාද ඥානමොලි හිමියන් ඒ ගැන කියන්නේ: කායානු පස්සනාව කරන්නේ, අනෙක් තුන් ආකාර විපස්සනාවන් ගැන නොව කය ගැන පමනක් පමණක් බවය. එනම් කාය සංඛාරයන් ගැන පමණක් සතිය පවත්වන බවය. එනම් සතර සතිපට්ඨානය වෙන් වෙන්ව අමිශ්රව වරකට එකක් බැගින් වැඩිය යුතු බවය.]

[627: වේදනා අනුපස්සනාව : වේදනා යනු පංච ඉන්ද්‍රියන්ට අරමුණු ලැබීම හේතු කොට ගෙන මනසේ ඇතිවන වින්දනයේ ස්වභාවයයි. මේ වින්දනයන් සුඛ (මිහිරි, සැප) , දුක්ඛ (අමිහිරි, දුක් සහිත), හෝ අදුක්ඛම සුඛ (සැපත් නොවූ දුකද නොවූ) විඳීම් ලෙස ඔබ දනී. විඳීම ලබන්නේ හෝ ඇතිවන්නේ සිතේය. ඒකම බාහිර අආරම්මනය වරෙක මිහිරි ද, වරෙක අමිහිරි වියහැක.

[628: ආතාපි: වීර්ය යයි. බෝජ්ජංග දෙතිසේ ඇති සියලු ධර්මවල මේ වීර්යය නව වරක් ම සඳහන් කර ඇත්තේ මෙය පටිපදාවේ හැසිරීමට මේ සතර සම්‍යක්පදාන වීර්යය අත්‍යාවශ්‍යබව සඳහන් කර පහත ගොනු කල පුජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමින්වහන්සේගේ දේශනාව අසන සේ ආරාධනා කරමි.]

[ 628:- සිතෙහි ඇතිවන සිතිවිලි මනෝ සංඛාරයන්ය. ඒ සිතුවිලි සිතේ කලින් ඇතිව නිදන්ගතව තිබු අරමුණු නිසා වියහැක. වර්තමාන අරමුණක් නිසා “මතක්වන” සිතුවිල්ලක් විය හැක. සිතිවිලි ඇතිවීම සන්තානයේ ස්වභාවයයි. මේ ඇතිවෙන සිතිවිලි දෙස සතියෙන් බැළීම චිත්තානුපස්සනවයි. ඒ සිතිවිලි දැක, හඳුනාගන්නවා මිස ඒ සිතුවිලි නරක බව දැක ඒ සිතුවිල්ල නැති කිරීමට උත්සාහ කිරීම හෝ ඒ සිතුවිල්ල ගැන තවත් දුක්වීම් නොකිරීම ඔබේ අනුපස්සනාවයි. එනම්..
………..චිත්තානුපස්සනාව කියන්නේ සිතේ ඇතිවිය හැකි 16 ආකාර විවිධ සිත් වර්ග දකිමින් භාවනා කිරීම මිස ඒවා දියුණු කරන්නට හෝ නැති කරන්නට උත්සාහ කිරීම නොවේ.] .

1-2-3-රාගයෙන් යුතු සිත්, ද්වේෂයෙන් යුතු සිත්, මෝහයෙන් යුතු සිත් (සරාගී සිත්, සදෝස සිත්, සමෝහ සිත්)
4-5-6 රාගය ප්‍රහීණ කළ සිත්, ද්වේෂය ප්‍රහීණ කළ සිත්, මෝහය ප්‍රහීණ කළ සිත් (වීතරාග-වීත දෝස-වීත මෝහ සිත්)
7.නිදිමතින්, ථීනමිද්ධයෙන් හැකිලී ගිය සිත් (සඞ්ඛිත්ත සිත්)
8.භාවනා අරමුණින් පිට යන සිත් (වික්ඛිත්ත සිත්)
9. ධ්‍යාන සිත් (මහග්ගත සිත්)
10. ධ්‍යාන වලට පත් නොවූ සිත් (අමහග්ගත සිත්).
11. සෝවාන්, සකදාගාමී, අනාගාමී මාර්ග හා එම ඵල සිත් (සඋත්තර සිත්).
පොත්වල දැක්වෙන්නේ සඋත්තර සිත් කියන්නේ අරූපාවචර ධ්‍යාන සිත් බව යි.
12. අනුත්තර සිත් (රහත් මාර්ග හා රහත් ඵල සිත්)
13. ධ්‍යාන වලට පෙර ඇතිවන, සිත නො විසිරී පවත්නා උපචාර සමාධි සිත් (සමාහිත සිත්)
14 . සමාහිත බවක් නැති අසමාහිත සිත්
15. වෙනත් සිතුවිලි නො සිතන විට රහත් වූ අයට ඇතිවන විමුක්ත සිත් (විමුත්ත සිත්)
16.විමුක්ත භාවයට පත් නොවූ අවිමුත්ත සිත්..

නිවන් දැකීමට නම්, මේ සිතුවිලි හේතූන් නිසා හටගන්නා ඵල ධර්ම විනා සත්ත්වයෙක්,පුද්ගලයෙක්, ආත්මයක්, මමෙක් නො වන , අනිත්‍යයට යාමෙන් නිරුද්ධ වී නැති වී යන, දුකක් වන, ඒ වගේම දුක් ලබාදෙන හේතුවක් වන හුදු සංස්කාර ධර්ම බව චිත්තානුපස්සනා භාවනාව කරන විට ප්‍රත්‍යක්‍ෂ ලෙස අවබෝධ වී යා යුතු යි.
ඒ වගේම, මේ ආකාර විවිධ චිත්ත ධර්මයන්ගේ
(1) ඉපැදීමේ හේතු දැකීමත් , නැතිවීම දැකීමත් , ඇතිවීම – නැතිවිම කියන කොටස් දෙකම දැකීමත්
(2) චිත්ත ධර්මයන්ගේ පැවැත්මක් හැර සත්ත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් නැති බව දැකීමත්,
(3) එළඹ සිටි සිහියෙන් යුතුව (සතිමත්ව) සිටීමත්,
(4) ඒ සිහිය මතු ඥානයෙහි සහ සිහිය වැඩීමට හේතු වන බව දැකීමත්,
(5) ලෝකයෙහි කිසිම දෙයක් කෙරෙහි බැඳෙන්නේ නැතිව සිටීමත්,
(6) ලෝකයෙහි කිසිම දෙයක් උපාදාන නො කර සිටීමත් (සිතින් අල්ලාගන්නේ නැතිව සිටීමත්) කියන කරුණු ප්‍රත්‍යක්‍ෂ ලෙස දැක අවබෝධ කර ගත යුතු වනවා……
From පූජනීය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේ විසින් රචිත ලිපියකිනි. ]

[629:- අංග පහකින් යුතු ධම්මානුපස්සනාව මෙසේ කොටස් කිහිපයකින් දැක්වීය හැක.
a නීවරණ පහ ගැන භාවනාව
b. රූප , වේදනා, සංඥා, සංඛාර, විඥාන යන පංච ස්කන්ධයන් ගැන, භාවනාව
c. බෝජ්ජංග සත අනුව භාවනාව
d. සතර ආර්ය සත්‍යයන් ගැන භාවනාව ]

[මජ්ජිම නිකායේ MN 03-02-08 ආනාපාන සති සුත්‍රයේ මේ කමටහන විස්තර වශයෙන් දැක්වේ. මේ සුත්‍රයේද පරිවර්තන දෝෂයන් කිහිපයක් ඇත. පුජ්‍ය බ්‍රහ්මවන්ස මහා ස්ථවිරයන් විසින් ඉංග්‍රීසියෙන් ලියා ඇති Mindfulness Bliss and Beyond හි සත්වන පරිච්චේදයේ දහසය පියවරකින් යුතු මේ පරියාය මැනවින් විස්තර කර ඇත. හොඳින් ධර්මය දන්නා ප්‍රතිපදාවේ හැසිරෙන්නෙකුට එම ලිපිය සිංහලට පරිවර්තනය කරන්නට කරුණාවෙන් ආරාධනා කරමි.]

[630:- කායේ කායානුපස්සී, වෙදනාසු වෙදනානුපස්සී , චිත්තෙ චිත්තානුපස්සී , ධම්මෙසු ධම්මානුපස්සී ලෙස මෙහි දෙවරක් බැගින් අනුපස්සනා අරමුණ සඳහන් කිරීම බොහෝ දෙනා අපහසුවට පත් වීමට හේතුවී ඇත, පුජ්‍ය ඥානමෝලි ස්වාමින්වහන්සේ මේ ගැන කියන්නේ. එක වරකට එක අරමුණක් පමණක් ගැනීම පිණිස එසේ ලියා ඇති බවය . කාය සංස්කාරය අනුපස්සනා කරන විට අනික් අරමුණු එනම් වේදනා චිත්ත ධම්ම යන ඒවා නොගැනීමය. වරකට එකක් පමණක් ගෙන ඒ ගැන සම්පුර්ණ අවධානය යොමුකිරීම මේ දෙවතාවක් අරමුණ නියම කිරීමෙන් වෙන බව උන්වහන්සේ කියයි. පුජ්‍ය බ්‍රහ්මවංස ස්වාමින්වහන්සේ මෙය පාලි භාෂාවේ අංගයක් බව මෙසේ දක්වයි. මම කොණ්ඩේ පීරන්නේ කොන්ඩේ පීරන පනාවෙන් ලෙස උක්තය හා අකයාතය දෙකටම යෙදීම පාලි රීතියක් බවයි. ]

[630:- අටුවාව: කායානුපස්සනාව :
කය අනුව බලමින් කරන භාවනාවයි. කය අනුව බලන්නේ හෝ කය යයි කියා ද නැවත කායානුපස්සි යයි දෙවන වර කට ගැනීම අසම්මිශ්‍ර වශයෙන් විස්තරය ඝන වූ විනිබ්භොගාදිය දැක්වීම සඳහා කරන ලදැයි දත යුතුය. එහෙයින් කයෙහි වෙදනානුපස්සී හෝ චිත්ත ධම්මානු පස්සී හෝ නොවේ. කායානුපස්සීම යයි කාය සංඛ්‍යාත වස්තුවෙහි කායානුපස්සනාකාරය දැක්වීමෙන් අසම්මත වශයෙන් වෙන්කොට දක්වන ලද්දේ වේ. එසේ කයෙහි අඟපසඟවලින් වෙන්ව කයක් නැත. කෙස් ලොම් වලින් වෙන්ව ස්ත්‍රී පුරුෂ භාවයක් නොපෙනේ. කොළ මල් ආදියෙන් වෙන් වූ කෙසෙල් කඳක් මෙනි. ඉක්බිති රථ සම්භාරය දකින්නා මෙන් අඟපසඟ සමූහය දකි. නගරයේ අවයව දකින්නා මෙනි. හිස්මිට වෙළන්නාක් මෙන් ද භූත උපාදාය රූප සමූහය බලන්නා මෙන් ද නොයෙක් ආකාරයෙන් සමූහ වශයෙන් කාය සංඛාර වස්තුව දැකීමෙන් ඝන වූ වෙළුහැරීම දකින්නේ වේ. සමූහ විනිර්මුත්තව කයක් හෝ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අන්කිසිවෙක් හෝ දක්නා නොලැබේ. කියන ලද ධර්ම සමූහ මතම ඒ ඒ සත්වයෝ වැරදි ඇතුළත්වීම කරති. එයින් කීහ පුරාණයෝ:
බැලූ දෙය වෙනම දකී – දුටු දෙය නොපෙනේමය
මුළාවෙන් බැඳේ දද – බැඳෙන්නේ නොමිදේමය.

එකක් වසයෙන් සලකන සන්තති ආදිය කොටස්වලට බෙදීම දැකීම පිණිස කියන ලදී. මෙහි ආදි ශබ්දයෙන් මේ අර්ථය ද දත යුතුය. මෙය වනාහි මේ කයෙහි කය අනුව බැලීම මිස අනිත් ධර්මය අනුව බැලීමක් නැත. කුමක් කියන ලද්දේ වේද? යම්සේ ජලය නැතත් මිරිඟුවෙන් ජලය දකින්නෝ වෙති. මෙසේ මේ කයෙහි අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ මිස නිත්‍ය සුඛ ආත්ම සුභ බවක් නොපෙනෙන්නේ යයි කියන ලද්දේ වේ. එසේ නැතහොත් යමෙක් මෙය පසුව “මහණෙනි, මෙහි භික්ෂුවක් වනයට ගියේ හෝ… හෙතෙම සිහියෙන් ආශ්වාස කරයි” ආදි නයින් ආශ්වාස ප්‍රශ්වාස ආදි කය සුණු වූ ඇටවලින් අවසන් වේ යයි කියන ලදී.
“මෙහි යමෙක් පෘථි වී කය, ආපෝ, තේජෝ, වායෝ, කේස, ලෝම, ඡවි, චම්ම, මංස, රුහිර, නහාරු, අට්ඨි, අට්ඨිමිඤජ කාය අනිත්‍ය වශයෙන් දකින්නේ” යයි පටිසම්භිදාවෙහි කාය කියන ලදී. ඒ සියල්ලම මේ කයෙහි බැලීම් වශයෙන් “කායෙ කායානුපස්සී” යයි අර්ථය දත යුතුය. එසේ නැතහොත් යම්කිසිවෙක් නො දැකීමෙන් මේ කයෙහි මමය හෝ මාගේ යයි හෝ ගන්නේ වී නමුත් මේ කය දැකීමෙන් කෙස් ලොම් ආදි නා නා ස්වභාව සමූහයක් යයි පෙනේ. මෙසේ කයෙහි කෙසාදි ස්වභාව සමූහය යයි මෙසේ ද අර්ථය දත යුතුය.
තවද මේ කය පිළිබඳව අනිත්‍ය වශයෙන් බලයි. නිත්‍ය වශයෙන් නොවේ යනාදි අනුක්‍රමයෙන් පටිසම්භිදාවෙහි ආ සියළු අනිත්‍ය ලක්ෂණාදිය ආකාර සමූහ සංඛ්‍යාත වූ කයේ බැලීමෙන් කායෙ කායානුපස්සි – යයි මෙසේ ද අර්ථය දත යුතුය]

[ඊට වඩා වැඩි දෙයක් ඇති බව පුජ්‍ය මීමුරේ ධම්මවංස ස්වාමින් වහන්සේ මෙසේ දක්වයි. කය යනු ශරීරය නොව අරමුණු ලෙස එනම් රූප කාය, ශබ්ද කාය, , ඝන්ධ කාය, , රස කාය, , පොට්ඨබ්භ කාය, ධම්ම කාය, ලෙස අරමුණ අනුව බව උන්වහන්සේ පහදා දෙයි. ඉහත දැක්වූ දේසනාව කිහිප වරක් නරඹන්න.]

[630:- සිත වඩනු රිසි භාවනා යෝගියා පළමු කොට ගෝෂා නැති පරිසරයක්, අන්‍යයන් හා දැකීම් ඇසීම් නැති හුදෙකලාවූ, නිශ්ශබ්ද පරිසරයක් ඒ සඳහා තෝරාගත යුතු වේ. කැලයකටම හෝ භාවනා කුටියකටම නොව තමන්ට ඉන්නට පහසු ගැලපෙන නිශ්ෂබ්ද, සන්සුන් පරිසරයක් තෝරා ගත යුතු බවය. පංච ඉන්ද්‍රියන්ට ලැබෙන අරමුණු සීමා කර ගැනීම මෙහි අදහසයි.]

[631:- භාවනා ඉරියව්ව : කොන්ද කෙළින් තබා ගෙන පහසු අයුරකින් හිඳ ගැනීම සහ ඔබේ උරහිස්, බෙල්ල සහ මුහුණේ මස්පිඩු සැහැල්ලුවෙන් තබා ගැනීම ඉතා වැදගත්ය. පුටුවක හිඳ ගැනීම වඩාත් සුව පහසු නම් එසේ කිරීමෙහි වරදක් නැත. එය හොඳටම හොඳය. තමා ඉන්නා ආකාරය තමාට වද වේදනාවක් මෙන් නොදැනිය යුතුය! ]

[632:- “සෝ සතෝ අස්සසතී – සතෝ පස්සසතී”… හෙවත් “සතියෙන් හුස්ම ගන්න – සතියෙන් හුස්ම හෙළන්න” . එහි අදහස , “හුස්මේ සිත පිහිටුවා ගැනීම” වේ. කමටහනේ මූලික පරමාර්ථය වන්නේ, “හුස්මේ සිත පිහිටුවා ගැනීම”ය. එනම් දොරටුපාලකයෙක් මන්දිරයේ දොරටුව අසල සිට ඇතුළුවන්නන් හා පිටවන්නන් දෙස බලා සිටිමින් නිරීක්ෂණය කරන්නේ යම් සේද එසේ හුස්මේ ස්වභාවය මනාව දැන ගැනීමය. නාසය කෙලවරට සිත යොදන්න හෝ උදරයේ පිබ්මීම හැකිලීම දෙස සිතින් බලා සිටින්න යැයි මේ සුත්‍රයේ සඳහන් නොවෙන මුත්, පසු කාලින කම්මට්ඨානාචාරින් සතිය පවත්වාගන යාමට සුදුසු උපක්‍රම ලෙස මෙබඳු උපදෙස් දී ඇත. හුස්මේ සතිය එක දිගටම රඳවා ගන්නට අපහසු වන්නේ ඒ අරමුණ නීරස ලෙස මනස දකින නිසාය. ඒ නිසා හුස්මේ රසවත් බවක් ඇති කරදීමට හුස්ම ගනන්කිරීම්, හුස්ම ඇතුළු වන විට “බුද්” කියා හුස්ම පිටවන විට “ධෝ” කියා හෝ සිතින් කීම ආදී යම් වචන මෙනෙහි කිරීම් ආදී යම් යම් උපක්‍රම භාවිතා වේ. ]

[634:- ආශ්වාස හුස්ම එක් කයක් නම් එහි මුල් කොටසක් මැද කොටසක් අග කොටසක් ලෙස තුන් කොටසක් ඔබට මනසින් දැක හැක. ප්‍රශ්වාස හුස්මද එලෙසම තුන් කොටසක් ලෙස දැක්ක හැක මේ කාය දෙක අතර හිස් තැනක් ද තිබෙන බව ඔබට මද වෙලාවකට පසු දකිත හැක. ඉහත රුපයේ කලින් හුස්ම හා මේ හුස්ම අතරද, කහ පාටින් දක්වා ඇත්තේ එයයි. හුස්ම හඳුනා ගැනීම මෙසේ සම්පුරන කරන තුරු ඔබට ඊළඟ පියවරට යාම කල නොහැක. ]

[634:- අපේ ජීවත්වීම හුස්ම ගැනීම හා හුස්ම හෙලීම නොහොත් ආනාපානය මත පවතී. මෙය තත්පර හුස්ම ගැනීම තේරුම් ගැනීමට නම් අප සාමාන්‍ය හුස්ම ගැනීමේ රටාව ගැන දැන සිටිය යුතුය. සාමාන්‍ය හුස්ම ගැනීමේදී 3-5 තත්පර කුඩා ආශ්වාස ප්‍රශ්වාස (ආශ්වාස) පසුව පිටවන හුස්ම (ප්‍රශ්වාස) ඇත. පිටවන හුස්මෙන් පසු තත්පර 1 සිට 2 දක්වා කාලයක් ද , හුස්ම හෙලීමේ ස්වයංක්‍රීය විරාමය (හෝ හුස්ම නොගැනීමේ කාලය) සිදු වේ.]

[633: ‘ පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමීති සික්ඛති, පස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමීති සික්ඛති – calming the mind ]
ආශ්වාස යයි කියන ලද කායසංස්කාරය සංසිඳුවමින් ආශ්වාස කෙරෙමි යි හික්මෙයි. ප්‍රශ්වාස යයි කියන ලද කායසංස්කාරය සංසිඳවමින් ප්‍රශ්වාස කෙරෙමි යි හික්මෙයි.

පෘථග්ජනයන්ගේ සිත අශාන්ත යැ, ඖදාරික යැ. ඒ නිසා කය ද අශාන්ත යැ, ඖදාරික යැ. එවිට ආශ්වාස ප්‍රශ්වාසයෝ ද ඖදාරික වෙති. නාස්පුඩුව ප්‍රමාණවත් නොවීමෙන් කට ද උපකාර කැරැ ගත යුතු වෙයි. තදින් වෙහෙසට පත් වූ අවස්ථාවක් ගැන සිතූ විට එය වටහා ගත හැකි ය. ඒ වෙහෙස සංසිඳී ගිය කලැ කය ද ශාන්ත වෙයි. සිත ද ශාන්ත වෙයි. එසඳැ ආශ්වාස ප්‍රශ්වාස ද සියුම් බවට හැරෙයි. මෙය කයෙහි වෙහෙස සංසිඳීම් මාත්‍රයෙකින් වන සංසුන් බවෙකි. සිත යහපත් අරමුණෙකැ යෙදීමෙන් ඇතිවන සංසුන් බව ඉතා විශිෂ්ට ය.]

කථං පස්සම්භයං කායසඞ්‍ඛාරං අස්සසිස්සාමීති සික්ඛති පස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමීති සික්ඛති, යථාරූපෙහි කායසඞ්ඛාරෙහි කායස්ස ආනමනා විනමනා සන්තමනා පනමනා ඉඤ්ජනා ඵන්දනා චලනා කම්පනා පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමීති සික්ඛති, පස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමීති සික්ඛති, යථාරූපෙහි කායසඞ්ඛාරෙහි කායස්ස න ආනමනා න විනමනා න සන්තමනා න පනමනා අනිඤ්ජනා අඵන්දනා අචලන්තා අකම්පනා සන්තං සුඛුමං පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමි පස්සසිස්සාමීති සික්ඛති.– -පටිසම්භිදාමග්ග

“කායසංස්කාරයන් සංසිඳුවමින් ආශ්වාස ප්‍රශ්වාසයන් කෙරෙමින් හික්මේ” යනු කෙසේ වේ ද යත්, යම් කාය සංස්කාරයෙකින් ශරීරය ඉදිරියට නැමීම් පස්සට නැමීම් දෙ පසට නැමීම් සැලීම් ආදී ක්‍රියා කෙරේද ඒ කාය සංස්කාරයෝ ඖදාරිකයහ. ඒ ඖදාරික කායසංස්කාරයන් සංසිඳුවම්න් ආශ්වාස ප්‍රශ්වාස කෙරෙමි යි හික්මෙයි. යම් කායසංස්කාරයෙකින් ශරීරය ඉදිරියට නැමීම් පස්සට නැමීම් දෙ පසට නැමීම් සැලීම් ආදී ක්‍රියා නොකෙරේ ද ඒ කාය සංස්කාරයෝ ශාන්තයහ, සුඛුමයහ. ඒ සියුම් කායසංස්කාරයන් සංසිඳුවමින් ආශ්වාස ප්‍රශ්වාස කෙරෙමි යි හික්මෙයි… LINK]

[635:- අජ්ජත්ත, බහිද්ධ : අභ්‍යන්තර හා බාහිර ලෙස අප අසා ඇත. ඒ තමන්ගේ හා අනුන්ගේ ලෙස භාෂා පරිවර්තනය කිරීම සාවධ්‍ය බව මේ පිටුවේ මුල ඇති පුජ්‍ය මීමුරේ ධමාවංශ හිමියන්ගේ දේශනාවේ හොඳින් විස්තර කර ඇත.
අජ්ජත්ත (අභ්‍යන්තර ) බහිද්ද (බාහිර) ලෙස ගතයුත්තේ අභ්‍යන්තර සය ඉන්ද්‍රියන් හා සය ආකාර , ශබ්ද, ඝන්ධ, රස, ස්පස්ස යන බාහිර ආරම්මණ යන් බව ගැනීම සුදුසුය.
ආනාපාන සතිය යනු නාසය හා හුස්ම රැල්ල යන අජ්ජත්ත හා බහිද්ද දෙකෙහි ආකාරය යි. දිගු බව , කෙටි බව, රස්නය, සීතල බව, ආදිය අජ්ජත්ත ලෙසද ප්‍රශ්වාසයේ ඒ ස්වභාව බහිද්ධ ලෙසද ගත හැක.]

[ MN 03-02-08 ආනාපාන සති සුත්‍රය කියවන්න. බ්‍රහ්මවංස මහා තෙරණුවන්ගේ Meditation Guide පොතේ 7 වන පරිච්චේදය කියවන්න.]

අයම්පි ඛො භික්ඛවෙ ආනාපාන සතිසමාධි භාවිතො බහුලීකතො සන්තො චෙව පණීතො ච අසෙචනකො ච සුඛො ච විහාරො උප්පන්නුප්පන්නෙ පාපකෙ අකුසලෙ ධම්මෙ ඨානසො අන්තරධාපෙති වූපසමෙති. – සංයුක්ත නිකාය
මහණෙනි, මේ ආනාපානසති සමාධිය වඩන ලද්දේ නැවැත නැවතත් ප්‍රගුණ කරන ලද්දේ ශාන්ත ද එසේ ම ප්‍රණීත ද වෙයි. ස්වභාවයෙන් මිහිරි ද වෙයි. සුඛ විහරණ ඇත්තේ ද වෙයි. උපනුපන් අකුශල ධර්‍ම ඇසිල්ලෙකින් අතුරුදහන් වන්නේ ය, සන්සි‍‍‍ඳෙන්නේ යයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ සේක.

[636:- බස් රියදුරා නුවර යන්නට බස් රථය පන ගන්නන්නට . ස්විච් යතුර කරකවා එන්ජිම පන ගන්වයි. ඉන්පසු ඔහු සුක්කානම හරවන හරවන අතට හැරෙමින් බසය යයි. එසේම ඔබ අසුවල් තැනට යමියි සිතු විට ඔබේ මනස මේ කය අසුවල් තැනට යන්නට එය මෙහෙයවයි. රියදුරා හැම වන්ගුවෙදීම start යතුර ඔබන්නේ නැතිවා සේ මේ කයද ඔබෙන් තොරව, යන එන බව දකින්න.]

[“පුන ච පරං භික්ඛවෙ භික්ඛු අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජානකාරී හොති.
අටුවාවෙහි:-  සම්පජාන පදය සම්පජඤ්ඤ පදය මෙන් ම ඤාණය ප්‍රකාශ කරන පදයක් යයි ගෙන “සම්පජඤ්ඤෙන සබ්බකිච්චකාරි සම්පජඤ්ඤ මෙව හා කාරී” ය යි දක්වන ලදී.
ඒ අර්ථ වර්ණනාව අනුව “ඤාණයෙන් කරන්නේ ය යි” ද, ඤාණය ඇති කරන්නේ ය යි ද යන දෙයාකාරයකින් අර්ථය ප්‍රකාශ කරන ලදී. එහි ප්‍රථම අර්ථයාගේ වශයෙන් ඉදිරියට යෑම් ආදී හැම කෘත්‍යයක් ම කරනු කැමැති කල්හි ඤාණයෙන් ම කළ යුතු ය. ඤාණයෙන් තොරව නොකළ යුතු ය යනු එහි තේරුම යි. දෙවෙනි අර්ථයාගේ වශයෙන් ඉදිරියට යෑම් ආදිය කරන කල්හි ඤාණය ඉපදවිය යුතු ය යි කියන ලදී. තවද දැන ගනිමින් හෝ දැන දැන කරන්නේ ය යි කියන ලද තෙවෙනි අර්ථය වශයෙන් වනාහි “සම්පජානො හුත්වා කාරි සම්පජානකාරී” යන ශබ්ද නය අනුව වචනාර්ථය ප්‍රකාශ කිරීම සුදුසු ය යි හැඟෙනවා ත් හැර එය නියම අර්ථය කෙලින් ම දක්වන ලද වචනාර්ථයක් ම ය. මෙකී අර්ථයේ හැටියට ඉදිරියට ගමන් කිරීම් ආදිය පැවැත්වීමේ දී දැන දැන කළ යුතු ය. නො දැන නො කළ යුතු ය යන අදහස පැහැදිලි වෙයි. දැනගනිමින් හෝ දැන දැන කරන්නේ ය යන මේ තුන්වෙනි අර්ථය (සම්පජාන කතං, දැන ගනිමින් කරන ලද, සම්පජාන මුසාවාදෙ, දැන දැන බොරුකීම යන ආදී තන්හි එන සම්පජාන ශබ්දය සමග) සමානව පවත්නා බව සැළකිය යුතු ය……. LINK]

[ඉහත රුපය ක්ලික් කර Youtube අඩවියට ගොස් ඔබේ වයස 16 ට වැඩි බව පිළිගෙන මේ වීඩියෝව බලන්න. කයේ පිලිලිකුල් ස්වභාවය ගැන සතිපට්ඨාන සුත්‍රයේ පබ්බය රුප සටහන් යොදමින් මෙහි පෙන්වා ඇත.]

[අටුවාව:-මෙහි මෙය වනාහි උපමා සංසන්දනයයි. උභතො මුඛ මල්ලක් මෙන් සිව් මහා භූත කයයි. එහි මිශ්‍ර කොට බහාලන ලද නා නා විධ ධාන්‍ය මෙන් කේසාදි දෙතිස් කොටස් ඇති මිනිසා මෙන් යෝගාවචරයා. ඔහුගේ ඒ මල්ල ලිහා බලන්නාට නා නා විධ ධාන්‍ය ප්‍රකට කාලය මෙන් යෝගියාට දෙතිස් කොටස් ප්‍රකට කාලය දත යුතුය. ඉති අජඣත්තං වා – මෙසේ කෙස් ආදිය පිරික්සීමෙන් තමාගේ කයෙහි හෝ අනුන්ගේ කයෙහි හෝ කලෙක තමාගේ හෝ කලෙක අනුන්ගේ හෝ කයෙහි කය අනුව බලමින් වාසය කරයි. මින්පසු කියන ලද පිළිවෙළමය. හුදෙක් මෙහි දෙතිස් කොටස් පිරික්සීමක් ඇති කල්හි දුක්ඛ සත්‍යයයි මෙසේ යෝජනා කොට නිවන් මග දත යුතුය. සෙස්ස පෙර ඒවාට සමාන වේමය.]

[අටුවාව:- කුමක් කියන ලදද?
යම්සේ ගෝ ඝාතකයා දෙන පෝෂණය කරන්නේ ද ඝාතනයට ගෙන යන්නේ ද ගෙන ගොස් එහි බැඳ තබන්නේ ද වධයට පමුණුවන්නේ ද වධයෙන් මළ දෙන බලන්නේ ද තවමත් එළදෙන යන සංඥාව අතුරුදහන් නොවේ. මළ සිරුර කපා සිදුරු කරන තුරු ද ඒ සංඥාව පවතී. බෙදා කොටස් කළවිට දෙන යන සංඥාව අතුරුදහන් වේ. එවිට මස් යන සංඥාව පවතී. එවිට ඔහුට “මම එළදෙන විකුණමි. මේ එළදෙන ගෙනයමි” යන සංඥා ඇති නොවේ. මම මස් විකුණමි. මේ මස් ගෙනියන්නේ ද වේ” යන සංඥා ඇති වේ.

එසේම මේ භික්ෂුවගේ ද පෙර බාල පෘථග්ජන කාලයේ ගිහි වූයේ ද පැවිදි වූයේ ද සත්වයෙක් හෝ පුද්ගලයෙක් හෝ යන සංඥාව අතුරුදහන් නොවේ. යම්තාක් මේ කය යම්සේ සිටියේ යම්සේ පිහිටුවන ලද ඝන වූ කය වෙන්කොට ධාතු වශයෙන් ප්‍රත්‍යවේක්ෂා නොකෙරෙයිද එතෙක් සත්වයෙක් පුද්ගලයෙක් යන සංඥාව පවතී. ධාතු වශයෙන්ම සිත සිටී. එයින් කීහ භගවත්හු මේ කයම යම්සේ සිටියේ යම්සේ පිහිටුවන ලද්දේ ධාතු වශයෙන් ප්‍රත්‍යවේක්ෂා කරයිද? මේ ශරීරයේ පඨවි ධාතු ආපෝ ධාතු තෙජෝ ධාතු වායෝ ධාතු ඇත. මහණෙනි, යම්සේ වනාහි දක්ෂ ගෝඝාතකයෙක් හෝ… වායෝ ධාතු” යයි. යෝගියා ගෝඝාතකයා මෙනි. සත්ව සංඥාව එළදෙන යන සංඥාව මෙනි. සිව් ඉරියව් සිව්මහා පථ මෙනි. ධාතු වශයෙන් ප්‍රත්‍යවේක්ෂා කිරිම සිදුරු වශයෙන් බෙදා සිටින්නා වැනිවේ. මේ මෙහි පෙළ වර්ණනාවයි. කමටහන් කථාව වනාහි විසුද්ධි මාර්ගයෙහි විස්තර කරන ලදී.]

[අද මේ භාවනාව කිරීම නොහැකි බව කිව හැක. එදා භාරතයේ මල් මිනි නොපුලුස්සා වල නොදමා පිට්ටනියකට ගෙන ගොස් දැමු නිසා එදා එය සුලභ භාවනා ශානයක් වූ සේය. නමුත් යෝගියාට මේ රුප අන්තර්ජාලයේ හෝ දැකිය හැක. සමහරවිට මියගිය කෙනෙක් ගේ ශරීරය කපා බල මරණ පරීක්ෂාවක් කරන තැනකට අවසරයක් ගෙන යාමට හැක. එම්බාම් කරන තැනකට හෝ එසේ යා හැක. අපහසුමුත් මේ ශරීරයේ කොටස් ගැන ඔබට සිත් බලමින්ද මේ කල හැක.]

අතිපුජ්‍ය නාඋයනේ අරියධම්ම මහා ස්වාමින්වහන්සේ
සීවතික භාවනාව ගැන කල කටහන් දේසනා හයක් ඉහත බැනරය ක්ලික් කිරීමෙන් අසන්න

[අටුවාව:- මෙසේ ධාතු මනසිකාර වශයෙන් කායානුපස්සනාව බෙදා දැන් නව ආකාර වූ අමුසොහොනෙහි මෘත ශරීර කොටස් බෙදීමට “පුන චපරං” යනාදිය කීහ.
සෙය්‍යථාපි පසෙසය්‍ය – එහි යම්සේ බලන්නේය. සරීරං – මළ සිරුර. සොහොනෙහි හැරදැමූ. මැරි එක් දිනක් ඇත්තේ එකාහමතං – වේ. දෙදවසක් ගියේ ද්වීහමතං – වේ. තුන් දවසක් ඇත්තේ තීහමතං – වේ.
මයින හමක් මෙන් වායුවෙන් ඔසවන ලද ජීවිතය අවසන් වූ පිළිවෙළින් ඉදිමී ගිය බැවින් උස්වගිය ඉදිමුණු බැවින් උද්ධුමාත, උද්ධුමාතක ඉදිමී ගිය බැවින් උස්වගිය ඉදිමුණු බැවින් උද්ධුමාත, පිළිකුල් බැවින් හෝ පිළිකුල් උද්ධුමාතයයි උද්ධුමාතකං – වේ. විනීල යනු වෙනස්ව බිඳුණු වර්ණයයි. විනීලම විනීලක වේ. පිළිකුල් බැවින් හෝ පිළිකුල් වූ විනීලය විනීලකං – වේ. මස් වැඩි තැන්වල රතු වූ සැරව වැඩි තැන්වල සුදු වර්ණ වූ බොහෝ සෙයින් කළු පැහැ ගැනුණු නිල් වර්ණයේ නිල් ස්ථානයෙහි නිල් වස්ත්‍රයක් පෙන්වූ මෙන් මෘත ශරිරයටම අධි වචනයකි. බිඳුණු තැන්වලින් වන මුඛ නවයකින් හෝ වැගිරෙන්නා වූ සැරව විපුබ්බ වේ. විපුබ්බයම විප්‍රබ්බකං – වේ. පිළිකුල් බැවින් හෝ පිළිකුල් වූ විපුබ්බක ජාතං වේ]

[අටුවාව:- සො ඉමමෙව කායං – භික්ෂුව තමාගේ ශරීරය එය සමග නුවණින් ම එක් කරයි. පමුණුවයි. කෙසේද? අයංපි ඛො කායො එවං භාවි එවං ධම්මො එතං අනතීතො – මේ කයද මෙසේ වන්නේය. මේ ස්වභාවය වේ. මේ තත්ත්වය නො ඉක්මවයි. මෙය කියන ලද්දේ වේ. ආයුෂය, උෂ්ණය, විඤ්ඤාණය යන මේ ධර්ම තුන ඇතිතාක් මේ කය සිටීම් ගමනාදියට හැකි වේ. මේවා වෙන්වීමෙන් මේ කයද මේ ස්වභාවය වේ. මේ කුණු ස්වභාවය වේ. එවං භාවී – මෙසේ උද්ධුමාතකාදි භේදය වන්නේය. එතං අනතීතො – මේ උද්ධුමාතකාදි ස්වභාවය නො ඉක්මවන්නේය. ඉති අජඣත්තං වා – මෙසේ උද්ධුමාතකාදි පිරික්සීමෙන් තමාගේ කයෙහි හෝ අනුන්ගේ කයෙහි හෝ කලක තමන්ගේ හෝ කලක අනුන්ගේ හෝ කයෙහි කය අනුව බලමින් වාසය කරයි.]

[ඛජ්ජමානං – උදර ආදියෙහි හිඳ බඩ මස තොල්මස ඇස්කූප ආදිය උදුර උදුරා කනු ලබන්නේ, සමංස ලොහිතං – සේස වූ අවසේස මස් ලේ වලින් යුත්. නිම්මංස ලොහිතමක්ඛිත්තං – මස් ක්ෂීණ වූයේ ද ලේ නොවියලේ. ඒ සඳහා කියන ලදී. අඤ්ඤෙන – අන්‍ය පැත්තකින්, හත්ථට්ඨිකං – හැටහතරක් භේද වූ ද අත් ඇට වෙන වෙනම විසුරුණා වූ. පා ඇටවල ද මෙම නයම වේ.]

[ කථඤ්ච භික්ඛවෙ, භික්ඛු වෙදනාසු වෙදනානුපස්සී විහරති. ඉධ භික්ඛවෙ භික්ඛු සුඛං වා වෙදනං වෙදියමානො සුඛං වෙදනං වෙදියාමීති පජානාති. දුක්ඛං වා වෙදනං වෙදියමානො දුක්ඛං වෙදනං වෙදියාමීති පජානාති. අදුක්ඛමසුඛං වා වෙදනං වෙදියමානො අදුක්ඛමසුඛං වෙදනං වෙදියාමීති පජානාති.LINK

චිත්තානුපස්සනාව කොටස් 16 කින් යුක්ත ය.
ඒවා නම්
සරාග චිත්ත, වීතරාග චිත්ත, සදෝස චිත්ත, වීතදෝස චිත්ත,

සමෝහ චිත්ත, වීතමෝහ චිත්ත, සංඛිත්ත චිත්ත, වික්ඛිත්ත චිත්ත, සමාහිත චිත්ත, අසමාහිත චිත්ත, මහග්ගත චිත්ත, අමහග්ගත චිත්ත, සෞත්තර චිත්ත, අනුත්තර චිත්ත, විමුත්ත චිත්ත හා අවිමුත්ත චිත්ත යි

[ මේ සිත්16 වර්ග කිරීම ඇතුලත් කොටස් පසු කාලීනව, එනම් අභිධර්ම පිටකය, ත්‍රිපිටකාගත කිරීමෙන්පසුව කරන ලද බව විශ්වාස කල හැක. මේ චිත්ත ප්‍රබේද සියල්ල අභිධර්මයේ මිස අන් කිසි තැනක දැකිය නොහැක.]

“කථඤ්ච පන භික්ඛවෙ භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති.

ඉධ භික්ඛවෙ භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති පඤ්චසු නීවරණෙසු. කථඤ්ච පන භික්ඛවෙ භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති පඤ්චසු නීවරණෙසු.ඉධ භික්ඛවෙ භික්ඛු සන්තං වා අජ්ඣත්තං කාමච්ඡන්දං අත්ථි මෙ අජ්ඣත්තං කාමච්ඡන්දොති පජානාති. අසන්තං වා අජ්ඣත්තං කාමච්ඡන්දං නත්ථි මෙ අජ්ඣත්තං කාමච්ඡන්දොති පජානාති. යථා ච අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උප්පාදො හොති තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස කාමච්ඡන්දස්ස පහානං හොති තඤ්ච පජානාති. යථා ච පහීනස්ස කාමච්ඡන්දස්ස ආයතිං අනුප්පාදො හොති තඤ්ච පජානාති.”

[මුළු සතිපට්ඨානය සුත්රයම සතිය වඩන ආකාරය දක්වයි. නීවරණ යනු භාවනාවට, සතියට ප්‍රතිපක්ෂ ධර්ම මුත්, මෙහිදීද ඒ නීවර දැකීමත්, ඒ අසුවල් නීවරණය ය කියා දැන ගැනීමට, ඒ නීවරයටද හේතුවක් ඇති බවට, එයද නැතිව යන ධර්මතාවක් බවත් විමසා බැලීම මිස, මේ සතුරු වූ නීවරණ නැති කල යුතුය කියා සිතීමක් හෝ නීවරණ ප්‍රහාණයට උත්සාහ කිරීමක් කළ යුතු නොවේ.]

ඉති රූපං, ඉති රූපස්ස සමුදයො, ඉති රූපස්ස අත්ථඞ්ගමො; ඉති වෙදනා, ඉති වෙදනාය සමුදයො, ඉති වෙදනාය අත්ථඞ්ගමො; ඉති සඤ්ඤා, ඉති සඤ්ඤාය සමුදයො, ඉති සඤ්ඤාය අත්ථඞ්ගමො; ඉති සඞ්ඛාරා, ඉති සඞ්ඛාරානං සමුදයො, ඉති සඞ්ඛාරානං අත්ථඞ්ගමො, ඉති විඤ්ඤාණං, ඉති විඤ්ඤාණස්ස සමුදයො, ඉති විඤ්ඤාණස්ස අත්ථඞ්ගමො’ති, ඉති අජ්ඣත්තං වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති, බහිද්ධා වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති. සමුදයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති, වයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති, සමුදයවයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති….”

[පුන ච පරං භික්ඛවෙ භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති, ඡසු අජ්ඣත්තිකබාහිරෙසු ආයතනෙසු. කථඤ්ච පන භික්ඛවෙ භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති ඡසු අජ්ඣත්තිකබාහිරෙසු ආයතනෙසු. ඉධ භික්ඛවෙ භික්ඛු චක්ඛුඤ්ච පජානාති, රූපෙ ච පජානාති, යඤ්ච තදුභයං පටිච්ච උප්පජ්ජති සංයොජනං තඤ්ච පජානාති, යථා ච අනුප්පන්නස්ස සංයොජනස්ස උප්පාදො හොති තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස සංයොජනස්ස පහානං හොති තඤ්ච පජානාති. යථා ච පහීනස්ස සංයොජනස්ස ආයතිං අනුප්පාදො හොති තඤ්ච පජානාති.
සොතඤ්ච පජානාති, සද්දෙ ච පජානාති. යඤ්ච තදුභයං පටිච්ච උප්පජ්ජති සංයොජනං තඤ්ච පජානාති. යථා ච – පෙ – තඤ්ච පජානාති. ඝානඤ්ච පජානාති, ගන්ධෙ ච පජානාති, – පෙ – ජිව්හඤ්ච පජානාති, රසෙ ච පජානාති – පෙ – කායඤ්ච පජානාති, ඵොට්ඨබ්බෙ ච පජානාති, – පෙ – මනඤ්ච පජානාති, ධම්මෙ ච පජානාති, යථා ච – පෙ – අනුප්පාදො හොති තඤ්ච පජානාති.” ]

[223:- මේ සයාකාර අරමුණු ෂඩ්න්ද්‍රිය හා ස්පර්ශවීමෙන් විඥානයේ ඵලය එක්කෝ ආසාව නොහොත් බැඳීමය. නැති නම් කලකිරීම, එපාවීම නම් දෝසයය. යෝගියා මේ මොනෝ භාවයන් සීරුවෙන් බලන්නේ මේ අගති දෙකින් තොරව උපේක්ෂාවෙන් දකින්නට හුරු වෙයි.]

අතිපුජ්‍ය නාඋයනේ අරියධම්ම මහා ස්වාමින්වහන්සේ කල විවරණ දේශනාව අසන්න.

පුජ්‍ය උඩඊරියගම ධම්මජීව නායක ස්වාමින්වහන්සේ කල විවරණ දේශනාව අසන්න

[මෙයින් අදහස් කරන්නේ සියල්ල පැහැදිලිව නිවැරදිව හදුනා ගැනීමයි.මෙය පිරිසිදු දැන ගැනීම ලෙස හැදින්වේ. භාවනාවේදී , සියල්ල වෙනස් වන බව (අනිත්‍ය) නිසාම දුක බව (දුක්ඛ) හා ස්ථිර නොමැති බව (අනාත්ම) තේරුම් ගැනීම අවශ්‍ය වේ. සතියෙන් භාවනා කරමින් , සියලු ධර්මයන් නුවණින් අනිත්‍ය,  දුක්ඛ,  අනාත්ම වශයෙන් විමසන්න. නුවණ හසුරුවමින් විමසන්න. මෙය ධම්මවිචය සම්බොජ්ඣංගයයි ]

පුජ්‍ය උඩඊරියගම ධම්මජීව නායක ස්වාමින්වහන්සේ කල විවරණ දේශනාව අසන්න

පුජ්‍ය උඩඊරියගම ධම්මජීව නායක ස්වාමින්වහන්සේ කල විවරණ දේශනාව අසන්න

[ඉදිරියට යන්නටමේ අනුබල දෙන සිතේ ගතිය විරිය යි. බලපොරොත්තු, අරමුණු, ඉටු වන තුරු ම උත්සහ කිරීම විරිය වේ. සම්මා වායාමය හෙවත් යහපත් උත්සාහය කියන්නෙත් මෙයම වේ. කරගෙන ආ කුසල් තව තවත් වැඩන්නතත්, කලින් කල අකුසල් යලි නොකරන්නටත්, නොකළ අකුසල් කිසිදා නොකරන්නටත්, නොකළ කුසල් කරන්නට උත්සහ කරන්නටත් විරිය අත්‍යවශ්‍ය වේ.]

පුජ්‍ය උඩඊරියගම ධම්මජීව නායක ස්වාමින්වහන්සේ කල විවරණ දේශනාව අසන්න

[භාවනා කරන අයෙකුට සිතේ පැවතිය යුතුම දෙය සතුටය. සිත එකග කරගෙන දිගින් දිගටම භාවනාවේ   යෙදිය හැක්කේ එවිට ය. ඉගෙන ගැනීමට සිතේ සතුට අත්‍යවශ්‍ය වේ. ප්‍රීතිය ඇති විට සිත සැහැල්ලුය එවිට ඕනෑම දෙයක් හොඳින් අවබෝධ කරගැනීමට හැකියාව උදා වනු ඇත.]

පුජ්‍ය උඩඊරියගම ධම්මජීව නායක ස්වාමින්වහන්සේ කල විවරණ දේශනාව අසන්න

පුජ්‍ය උඩඊරියගම ධම්මජීව නායක ස්වාමින්වහන්සේ කල විවරණ දේශනාව අසන්න

පුජ්‍ය උඩඊරියගම ධම්මජීව නායක ස්වාමින්වහන්සේ කල විවරණ දේශනාව අසන්න

පුජ්‍ය උඩඊරියගම ධම්මජීව නායක ස්වාමින්වහන්සේ කල විවරණ දේශනාව අසන්න

සිත සමව පවත්වා ගැනීම ලෙස හැදින්වෙන්නේ සිතට කම්මැලිකමක් එන්නට නොදීමත් සිත සෙලවෙන්නට ඉඩ නොදිමත්ය. සිත සෙලවීමකට ලක්වන්නේ යම් දෙයකට ඇලීම හෝ ගැටීම තුලින්ය. මෙම තත්වයෙන් සිත මුදවාගෙන මැදිහත්ව පවත්වාගෙන යාම සිත සමව පවත්වා ගැනීම ලෙස හැඳින්වේ.

පුජ්‍ය උඩඊරියගම ධම්මජීව නායක ස්වාමින්වහන්සේ කල විවරණ දේශනාව අසන්න

පුජ්‍ය උඩඊරියගම ධම්මජීව නායක ස්වාමින්වහන්සේ කල විවරණ දේශනාව අසන්න

කතමඤ්ච , භික්ඛවෙ, දුක්ඛං අරියසච්චං?
ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසාපි දුක්ඛා,
අප්පියෙහි සම්පයොගොපි දුක්ඛො, පියෙහි විප්පයොගොපි දුක්ඛො 
(අප්පියෙහි…පෙ…. විප්පයොගො දුක්ඛොතිපාඨො චෙව තංනිද්දෙසො ච කත්ථචි න දිස්සති,
අට්ඨකථායංපි තංසංවණ්ණනා නත්ථි), යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං, 
සඞ්ඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා (පඤ්චුපාදානක්ඛන්ධාපි (ක.)) දුක්ඛා

[§ 4.5.1 sita § 4.5.5 ඇති කොටස් මජ්ජිම නිකායේ ඇති සුත්‍රයේ ඇතුලත්ව නැත.]

[695:- ” සංකිච්චේන පන්චුපාදන්ඛාන්දා දුක්ඛං” ලෙස පස් වැදැරුම්වූ කායික හා මානසික දුක්ඛයන් රුප, වේදනා, සඥා, සංඛාර , විඥාන ලෙස ගොනු කොට ඇති මනුෂ්‍යයා මමත්වය නිසා මමය ආත්මය ය කියන දිට්ඨියේ ඉන්නා නිසාය.]

[696:-ආයතනා නං පටිලාභෝ:
කළල රුපය තුල සය ආකාර වූ ආයතනයන් පටිච්ච සමුපාදයේ දැක්වූ ලෙස ඇතිවීම ]

[කතමඤ්ච භික්ඛවේ දුක්ඛසමුදයං අරියසච්චං?
යායං තණ්හා පොනොභවිකා නන්දිරාගසහගතා තත්‍ර තත්‍රාභිනන්දිනී,
සෙය්‍යථිදං? කාමතණ්හා භවතණ්හා විභවතණ්හා.]

[අටුවාව : භවතණ්හාවේ කොටස් සතරක් ඇත. එහි කාම භවයෙහි පැවති තණ්හාව යනු කාම භූමික සත්වයන්ට දැන් ලැබී තිබෙන භවය කෙරෙහි පවත්නා ආසාව ද, මතු අනාගතයෙහි දෙව් මිනිස් සම්පත් ලබා ගැනීමේ ආසාව ද කාමභවය හා සම්බන්ධ වන බැවින් කාමභවතණ්හා ය යි කියනු ලැබේ.

[මජ්ජිම නිකායේ චත්තාරිසක සුත්‍රයේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය ගැන ඇති දේසනාව කියවීම වටනේය.]

අතිපුජ්‍ය නාඋයනේ අරියධම්ම මහා ස්වාමින්වහන්සේ කල සම්මා සංකප්ප විවරණ දේශනාව අසන්න.

[ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිථ්‍යාචාරය, ත්‍රිවිද කාය දුශ්චරිත වේ. මේවායින් වෙන්වීම ආශ්‍රව සහිතවූ කුශල පක්ෂයට ඇතුළත්වූ විපාක දෙන ස්වභාවය ඇත්තාවූ සම්‍යක් කර්මාන්තයයි.]

කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං; වෙදනාසු වෙදනානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං; චිත්තෙ චිත්තානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං; ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. අයං වුච්චති, භික්ඛවෙ, සම්මාසති.

ඉති අජ්ඣත්තං වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති, බහිද්ධා වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති. සමුදයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති, වයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති, සමුදයවයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති. ‘අත්ථි ධම්මා’ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති යාවදෙව ඤාණමත්තාය පටිස්සතිමත්තාය අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති. එවම්පි ඛො, භික්ඛවෙ, භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති චතූසු අරියසච්චෙසු.

[650:- අජ්ජත්ත හා බහිද්ද : අභ්‍යන්තර හා බාහිර යන අර්ථ ඇති පදය. අභ්‍යන්තර චිත්ත ධර්මයන් යනු තමන්ගේ සිතේ ඇතිවන සිතිවිලිය. චිත්තානුපස්සනාවේ 3.1 පියවරින් තම සන්තානයේ ඇතිවන ධර්මයන් බලමින් ඒවා සරාගී චිත්තය, වීතරාගී චිත්තය, සදොස චිත්තය ආදී ලෙස හැඳින ගතිමු. ඒ අභ්‍යන්තරව බැලීමය. බාහිරව බැලීම යනු අනුන්ගේ සිත් බැලීම නොව, තමාගේ සිත. පිට කෙනෙකුන් බලනවා මෙන් බලා තම සිත තුල ඇතිවෙන සිතිවිලි හෝ තමාට දැනෙන වින්දන (වේදනා) , හෝ තමාට දැනෙන සඥා දෙස බලා ඒ උපේක්ඛාවෙන් අවබෝධ කරගෙන ඒ සියලු ධර්මවලම ඇති දුක්ඛ, අනිත්‍යය හා අනාත්ම ස්වභාවය විදර්ශනා කිරීමයි.]

SN 05-12-05 . පපාත වග්ගය

SN 05-12-05-01. ලොක චින්තා සූත්‍රය
SN 05-12-05-02. පපාත සුත්තං
SN 05-12-05-03. මහා පරිළාහ සුත්තං
SN 05-12-05-04. කූටාගාර සුත්තං
SN 05-12-05-05. වාල සුත්තං
SN 05-12-05-06. අන්ධකාර සුත්තං
SN 05-12-05-07. පඨම ඡිග්ගළ යුග සුත්තං
SN 05-12-05-08. දුතිය එක ච්ඡිග්ගල සූත්‍රය
SN 05-12-05-09. පඨම සිනෙරු පබ්බතරාජ සුත්තං
SN 05-12-05-10. දුතිය සිනෙරු පබ්බතරාජ සුත්තං

[

සුත්තං

සුත්තං

SN 05-12-04. සිංසපා වර්ගය

SN 05-12-04-01. සිංසපා වන සූත්‍රය
SN 05-12-04-02 ඛදිරපත්ත සූත්‍රය
SN 05-12-04-03 දණ්ඩනීරතන සූත්‍රය
SN 05-12-04-04 .ආදිත්තචෙල සූත්‍රය
SN 05-12-04-05 සත්ති සත සූත්‍රය
SN 05-12-04-06. සුලාවුණය සූත්‍රය
SN 05-12-04-07. පඨම සූරිය සූත්‍රය
SN 05-12-04-08. දුතිය සූරිය සූත්‍රය
SN 05-12-04-09. ඉන්ද ඛීලොපම සූත්‍රය
SN 05-12-04-10. වාදර්ථක (හෝ) සිලායූප සූත්‍රය

පුජ්‍ය පාතේගම සුමනරතන හිමි කල සුත්‍ර විවරණය

SN 04-01-14 දේවදහ වග්ගය

 DN 02-07 මහා සමය සූත්‍රය

[Great Congregation :- විශාල සමාගමක් එක්වීම ලෙස පරිවර්තනය කල හැක.]

සුත්‍ර සජ්ජායනය අසන්න

[මෙහි පිළිවෙළ කථාව මෙසේය:-

ශාක්‍ය හා කෝලියෝ වනාහි ශාක්‍ය හා කෝලිය ජනපද අතර වූ රෝහිණි නදියේ එක අමුණක් බැඳ ජලය රඳවා ගෙන ගොවිතැන් කරති. ඉක්බිති කාලයක පොසොන් මාසයෙහි සස්‍ය මැලවෙන කල්හි නගර දෙකේම ගොවියෝ රැස්වූහ. එහි දී කෝලිය නගරවාසීහු මෙසේ කීහ. මේ ජලය දෙගොල්ලම ගත්තොත් එක ගොල්ලකගේවත් කුඹුරුවලට ප්‍රමාණවත් නොවේ. අපේ කුඹුරු එක දියවරකින් පැසේ. ඒ නිසා මේ ජලය අපට දෙන්න.”යි කීහ. කපිලවත්ථු නගරවාසීහු මෙසේ කීහ. “ඔබලාගේ අටුකොටු පුරවාගෙන සිටින විට රත්රන්, නිල්මැණික, කහවණු ගෙන පැසි, පසුම්බි ගත් අත් ඇතිව ඔබලාගේ ගෙවල් ගානේ යන්ට අපට බැහැ. අපගේ ගොයම් ද එක දියවරකින් පැසේ. මේ ජලය අපට දෙන්න. අපි නොදෙමු අපි නොදෙමු” යයි මෙසේ කථා ඇතිවී එකෙක් නැගිට එකෙකුට පහරක් ගැසීය. හේද අනෙකෙකුට යයි ඔවුනොවුන් පහර දී රාජකුලවල ජාති ආදියෙන් ගම් කෝලාහල කළහ.

කෝලිය කම්කරුවෝ මෙසේ කියති. “ඔබලාගේ කපිලවත්ථු වාසීන් අරගෙන ගර්ජනා කෙරේද? ඔව්හු බලු හිවල් ආදින් මෙන් තමන්ගේ සහෝදරයින් සමග සංවාස කළහ. ඔවුන්ගේ මේ ඇත් අස් ඵලක ආවුද වලින් අපට මොනව කරන්නද?” ශාක්‍ය කම්කරුවෝ ද මෙසේ කියති. “ඔබලා දැන් කුෂ්ඨ දරුවන් අරගෙන ගර්ජන කරවුද? අනාථව යන තැනක් නැතිව තිරිසනුන් මෙන් කොලොම් ගසක විසූහ. ඔවුන්ගේ ඇතුන් අසුන් ඵලකායුධවලින් අපට මොනව කරන්නද?” ඔවුහු මෙසේ ඒ කටයුතුවල නිරත ඇමතිවරුන්ට කීහ. ඇමතිවරු රාජකුලයන්ට කීහ. එයින් සහෝදරියන් සමග සංවාසය කළ ශාක්‍යයන්ගේ ශක්තිය ද බලය ද පෙන්වන්නෙමු යයි යුද්ධය සඳහා නික්මුණාහ. කෝලියෝ ද කොලොම්ගස්වාසීන්ගේ ශක්තිය ද බලය ද පෙන්වමු යයි යුද්ධයට නික්මුණාහ.

භාග්‍යවතුන් වහන්සේ ද රාත්‍රියෙහි අලුයම් වෙලෙහි නැගිට මහා කරුණා සමාපත්තියෙන් ලොව බලන්නේ මෙසේ මොවුන් යුද්ධයට නික්මෙනවා දුටහ. එසේ දැක මා ගිය කල්හි යුද්ධය සංසිඳෙන්නේ ද නැද්දැයි පරික්ෂා කරන්නේ. මම එහි ගොස් කලහය සංසිඳවීම සඳහා ජාතක තුනක් දේශනා කරන්නෙමි. එයින් කලහය සංසිඳෙන්නේය. ඉක්බිතිව සමගිය දැක්වීම සඳහා ජාතක දෙකක් දේශනා කොට අත්තදණ්ඩ සූත්‍රාන්තය දේශනා කරන්නෙමි. දේශනාව අසා උභය නගරවාසීහු දෙසිය පනහ බැගින් කුමාරවරුන් පන්සියයක් දෙන්නාහ. මම ඔවුන් පැවිදි කරවන්නෙමි. මහා සමාගමක් වන්නේයයි සනිටුහන් කළහ. එහෙයින් මේ යුදපෙරමුණට වඩින්නේ කිසිවෙකුට නොදන්වා තමන් වහන්සේම පාසිවුරු ගෙන වැඩමවා දෙසෙනග අතරෙහි අහසෙහි පලක්බැඳ සවණක් රස් විහිදුවා වැඩ උන්හ.

කපිලවත්ථුවාසීහු භාග්‍යවතුන් වහන්සේ දැක අපගේ ඤාති ශ්‍රේෂ්ඨයා වූ භාග්‍යවතුන් වහන්සේ වැඩියහ. අප කලහ කරන බව උන්වහන්සේ දකින ලදැයි සිතා භාග්‍යවතුන් වහන්සේ පැමිණි කල්හි අනුන් ශරිර ආයුධවලින් විනාශ කිරීමට නොහැකිය. කෝලිය නගරවාසින් අප විනාශ කළත් කමක් නැතැයි ආවුධ විසිකොට බුදුන් වැඳ සිටියහ.

බුදුන් වහන්සේ දැනගෙනම ක්ෂත්‍රිය රජුගෙන් “මහරජ කුමක් නිසා පැමිණියේදැ”යි ඇසූහ.
“භාග්‍යවතුන් වහන්ස ජලක්‍රීඩා පිණිස නොවේ. පර්වත ක්‍රීඩා පිණිස නොවේ. ගංඟා කෙළි සඳහා නොවේ. ගිරිදසුන් සඳහා නොවේ.”
“මහරජ කලහය කුමක් නිසාද?”
“ස්වාමීනි, ජලය නිසාය.
“මහරජ ජලය කොපමණ වටීද?”
“ස්වාමීනි වටිනාකමක් නැත.”
” පොළොව කොතෙක් වටීද? “
“නොවටී ස්වාමීනි,”
“ක්‍ෂත්‍රියා කොපමණ වටීද?”
“ස්වාමීනි ක්ෂත්‍රියා මිල කළ නොහැකිය”.
“නොවටිනා ජලය නිසා වටිනා ක්ෂත්‍රියන් විනාශ කරවුද?”
“කලහයෙන් අලාභයක් මිස ලාභයක් නැත. කලහ වශයෙන් මහරජ, අස්ථානයෙහි වෛර කොට එක් රුක් දේවතාවෙක් කලු සිංහයකු සමග බඳින ලද වෛර ඇත්තේ, මේ මුළු කප පුරාම දුගතියේ වුයේ ය”යි වදාරා ඵන්දන ජාතකය වදාළේය.
“මහරජ අනුන් කෙරෙහි විශ්වාසය තැබිය යුතු නොවේ. අනුන් කෙරෙහි විශ්වාසයෙන් එක් සාවකුගේ කථාව අසා යොදුන් තුන්දහසක් පළල හිමවතෙහි සිව්පා ගණයා මහසමුදුර කරා දිව්වාහ. එනිසා අනුන්ගේ කියමන් නොඇසිය යුතුය”යි කියා පඨවිඋද්‍රියන ජාතකය වදාළේය.

එයින් පසු මහරජු කිසිකලක දුර්වලයෙක් මහබලවතෙකුගේ වුවද සිදුරු විවර දකියි. කිසිවිට දුබල වූ වටු කුරුල්ලෝ ද මහත් බල ඇති ඇතා ඝාතනය කොළෝ යයි කියා ලටුකික ජාතකය වදාළහ. මෙසේ කලහය සංසිඳවීම පිණිස ජාතක තුනක් වදාරා සමගිය පැහැදිලි කර දීම සඳහා ජාතක දෙකක් වදාළේය. මහරජ සමගි වී සිටී නම් කිසිවෙකුට ඇඟිලි ගැසීමට නොහැකි යයි කියා රූක්ඛ ධම්ම ජාතකය වදාළේය. මහරජ සමගිවූවන්ගේ කිසි සිදුරක් බැලීමට නොහැකිය. යම් කලෙක ඔවුනොවුන් කලහ කරණවිට වැදි පුත්‍රයා මරා ගෙනගියහ. විවාදයෙහි අර්ථයක් නැතැයි කියා වට්ටක ජාතකය වදාළේය. මෙසේ මේ ජාතක පහ කියා අවසානයෙහි අත්තදණ්ඩ සුත්‍රය වදාළේය.

රජවරු පැහැදී ශාස්තෲන් වහන්සේ නොවැඩියේ නම් අපි අපේ අත්වලින් ඔවුනොවුන් කපා කොටාගෙන රුධිර ගංඟාවක් පවත්වන්නෙමු. අපගේ දූ පුතුන් ගෙදර නොදකිමු. පණිවිඩ ප්‍රති පණිවිඩ ගෙන්වන කෙනෙක්ද නැත. ශාස්තෲන් වහන්සේ නිසා ජීවිතය ලද්දෙමු. ඉඳින් ශාස්තෲන් ගිහිගේ විසුයේ නම් දෙදහසක් දිවයින් පිරිවරා සිව්මහ රජය උන්වහන්සේට අත්වේ. අතිරේක පුත්තු දහසක් වන්නාහ. එයින් ක්ෂත්‍රිය පිරිවර ඇතිවන්නාහ. දැන් සම්පත් හැරදමා සම්බෝධියට පැමිණියේය. දැනුදු ක්‍ෂත්‍රිය පිරිවර ඇතිව හැසිරේවයි උභය නගරවාසීහු කුමරුන් දෙසිය පනහ බැගින් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ ඔවුන් පැවිදි කරවා මහාවනයට එළඹියහ. ඔව්හු ගුරු ගෞරවය වශයෙන් මිස තමන්ගේ කැමැත්තෙන් පැවිදි නොවුහ. එනිසා ඔවුන් පැවිද්දෙහි අනභිරති ඇති විය. ඔවුන්ගේ පැරණි බිරියෝද ඔවුන්ගේ ස්වාමිවරුන්ට මහන කම’ කලකිරවා ගිහිගෙයි එවයි ආදිය කියා හසුන් යවති. ඔහු වැඩිතරම් දෙනා සසුනෙහි කලකිරුණාහ.

භාග්‍යවතුන් වහන්සේ ආවර්ජනා කරන්නේ ඔවුන්ගේ සාසනයෙහි නොඇලීම දැක, මේ භික්ෂූහු මා වැනි බුදු කෙනෙකුන් සමග එකට වසන්නේ වුවද කලකිරෙති. ඔවුන්ට කුණාල පොකුණේ කථාව කියා එහි පමුණුවා අනභිරතිය දුරුකෙරමියි. කුණාල පොකුණේ වර්ණනාව වදාළේය. ඔව්හු එය දකිනු කැමති වූහ. මහණෙනි කුණාල පොකුණ දකිනු කැමැත්තහුද? එසේය භාග්‍යවතුන් වහන්ස. එසේ නම් එන්න යමු. භාග්‍යවතුන් වහන්ස, සෘද්ධිවන්තයන්ගේ ගමන් මගට අපි කෙසේ එන්නෙමුද? ඔබලා යනු කැමැත්ත පමණක් ඇතිකරගන්න. මම මගේ ශක්තියෙන් ගෙන යන්නෙමි. ස්වාමින් වහන්ස, ඉතා හොඳයි. ඉක්බිති බුදුහු භික්ෂූන් පන්සියය රැගෙන අහසට නැගී කුණාල විලෙහි පිහිටුවා ඒ භික්ෂුන්ට කීහ. මහණෙනි මේ කුණාල විලෙහි මාලුන්ගේ නම් දන්නේ නැත්නම් මගෙන් අහන්න.

ඔව්හු විචාළහ. භාග්‍යවතුන් වහන්සේ ඇසූ ඇසූ දේ කීහ. මාලුන්ගේ පමණක් නොව ඒ වන ලැහැබෙහි ගස්වල ද පර්වත පාදයෙහි දෙපා සිව්පා පක්ෂීන්ගේ ද නම් අස්සවා කියා දුන්හ. ඉක්බිති පක්ෂීන් දෙදෙනෙකු හොටින් ගන්නා ලද දඬුවක සිටි කුණාල පක්‍ෂි රජු පෙරටුවද පසුවද දෙපාර්ශයෙහි ද පක්‍ෂීන් පිරිවරණ ලද්දේ එයි. භික්ෂූහු ඌ දැක, ස්වාමීනි, මොහු මොවුන්ගේ රජතුමා වන්නේයයි හඟිමි, මේ පිරිවර ඔහුගේ විය හැකිය. මහණෙනි, එය එසේය. මොහු ද මගේ වංශයේය. මගේ පරම්පරාවේය. ස්වාමීනි, අපි තව කුරුල්ලන් දකිමු. භාග්‍යවතුන් වහන්සේ, මොහු ද මගේ වංසයේය, මගේ පරම්පරාවේ යයි කියයි. එය ඇසීමට කැමතිවෙමු. කැමති ද මහණෙනි, එසේය. එසේ නම් අසන්න. ගාථා තුන්සියයකින් සරසා කුණාල ජාතකය වදාරන්නේ සාසනය කෙරෙහි නොඇල්ම දුරු කළේය. දේශනාවසානයෙහි සියල්ලෝම සෝවාන් පලයෙහි පිහිටියහ. මේ භික්ෂූන්ට මෙපමණක් ඇති. අහසට නැගී මහා වනයටම වැඩියහ. ඒ භික්ෂූහු යනවිට බුදුරදුන්ගේ ශක්තියෙන් ගොස් ආපසු එනවිට තමන්ගේ ශක්තියෙන් භාග්‍යවතුන් පිරිවරා මහාවනයෙහි බැස්සහ.

භාග්‍යවතුන් වහන්සේ පනවන ලද ආසනයෙහි වැඩ හිඳ ඒ භික්ෂූන් අමතා, “එන්න මහණෙනි, වාඩිවෙන්න. උතුම් මාර්ග තුන සඳහා, කෙලෙස් නැතිකිරීමට කමටහන් කියන්නෙමි”යි කමටහන් වදාළහ. භික්ෂූහු සිතූහ. “භාග්‍යවතුන් වහන්සේ අපගේ අනභිරතභාවය දැක කුණාල විලට පමුණුවා අනභිරතිය දුරු කළහ. එහි දී සෝවාන් ඵලයට පැමිණි අපි දැන් මාර්ග තුනට අදාල කමටහන් දුන්හ. අපි සෝවාන් පමණකින් ම ගත කිරීමට නුසුදුසුය. එවිට උතුම් පුරුෂයන් හා සමාන නොවන්නේය.” යි සිතා ඔව්හු බුදුරදුන් වැඳ නැගිට නිසීදන ගසා දමා වෙන් වෙන්ව පර්වත පාද රුක්මුල්වල හිඳගත්හ.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ සිතූහ. “මේ භික්ෂූහු ප්‍රකෘතියෙන් ම නොහරින ලද කර්මාන්ත ඇත්තේ පසු බසින කාරණා නම් නැත. යන්නේ යන්නේම විදර්ශනා වඩා රහත් බවට පැමිණ තම කථා ලද ගුණ මට දන්වන්නෙමුයි මා සමීපයට එන්නාහ. මේ අය පැමිණි කල දස දහසක් සක්වල දෙවියෝ එක් සක්වලක රැස්වෙති. මහා සමාගමක් වන්නේය. විවිකත අවකාශයක මා හිඳ ගැනීම වටනේය”යි එයින් විවේක අවකාශයක ආසනයක් පනවාගෙන වැඩ උන්හ.

සියල්ලට පළමු කමටහන් ගෙන ගිය තෙරහු සිව්පිළිසිඹියා සහිතව රහත් වූහ. ඉන්පසු අනික් තෙර කෙනෙක්ද අනික් තෙර කෙනෙක්දැයි පන්සියම නෙළුම් කොලවල නෙළුම් මල් මෙන් පිපුණාහ. සියල්ලටම පළමු රහත් බවට පත් භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට දන්වන්නෙමියි පලඟ දිගහැර නිසීදනය ගසාදමා නැගිට බුදුන් වහන්සේ දෙසට හැරුණේය. මෙසේ අන්‍යයන්ද වූ පන්සියම දාන ශාලාවට වඩින්නාක් මෙන් පිළිවෙළින් පැමිණියහ. පළමුවෙන් පැමිණි භික්ෂුව බුදුන් වැඳ නිසීදනය පනවා එකත් පසෙක හිඳ ලඝු ගුණය කියනු කැමතිව වෙන කිසිවක් ඇද්දැයි නැතැයි නැවතී පැමිණි මග බලන්නේ අනෙකකු දැක්කහ, අනිකකු දැක්කහ. මෙසේ ඒ සියල්ලෝම පැමිණ එකත් පසෙක හිඳ මෙතෙම ඔහුගේ ගෙන එන්නේ නොකීවේය. මෙතෙමේද නොකීවේය. රහතන් වහන්සේ වනාහි ආකාර දෙකක් වේ. මා ලබාගත් ගුණය දෙවියන් සහිත ලෝකයා වහාම අවබෝධ කරගන්නේ නම් යහපත්ය”යි සිතක් උපදී. ලැබූ ගුණය නිධානයක් ලත් පුරුෂයකු මෙන් අනිකෙකුට දැන්වීමට කැමති නොවේ.

මෙසේ රැස් වූ කල්හි ඒ ආර්ය මණ්ඩලයෙහි ප්‍රාචීන යුගන්ධරය වටකරන ලද වලාකුල, මීදුම, දුම, රජස්, රාහු යන උපකෘත මණ්ඩලයක් මෙන් නිම්වලල්ල ගෙන කරකවන රිදී සකක් මෙන් පුන්සඳ මණ්ඩල පැන අහසට පිළිපන්හ. මෙසේ මෙබඳු ක්ෂණයෙහි ලයෙහි මොහොතෙහි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කපිලවත්ථු මහ වනයෙහි රහතන් වහන්සේ පන්සිය නමක් සමග වාසය කරති.

එහි භාග්‍යවතුන් වහන්සේද මහා සම්මත වංශයෙහි උපන්හ. ඒ භික්ෂු පන්සිය නමද මහාසම්මත කුලයෙහි උපන්හ. භාග්‍යවතුන් වහන්සේ ක්‍ෂත්‍රිය ගර්භයෙන් උපන්හ. ඔව්හුද රජකුලයෙන් පැවිදි වූහ. භාග්‍යවතුන් වහන්සේ සිහසුන හැර අතට පත් සක්විති රජය හැර පැවිදි වූහ. ඔව්හුද සිහසුන හැර අතටපත් රාජ්‍යයන් හැර පැවිදි වූහ. මෙසේ භාග්‍යවතුන් වහන්සේ පිරිසිදු පිරිවර ඇත්තේ වීතරාගීව වීතරාගී පිරිවර ඇත්තේ වීත දෝසව වීත දෝස පිරිවර ඇත්තේ වීත මෝහව වීතමෝහ පිරිවර ඇත්තේ තෘෂ්ණා රහිත වූයේ තෘෂ්ණා රහිත පිරිවර ඇත්තේ නික්ලේශව නික්ලේශ පිරිවර ඇත්තේ ශාන්ත වූයේ ශාන්ත පිරිවර ඇත්තේ දාන්ත වූයේ දාන්ත පිරිවර ඇත්තේ මුක්තව මුක්ත පිරිවර ඇත්තේ අතිශයින් බබළයි. මෙය වර්ණභූමි නම් වේ. යම්පමණ ශාක්‍යයෝද එපමණ එපමණ කිවයුතු යයි කියන ලද්දේ මේ භික්ෂූන් සඳහාය. “සියල්ලෝම රහත් වූ පන්සියයක් පමණ භික්ෂූන් සමඟ” “පඤ්චමත්තෙහි භික්ඛු සතෙහි සබ්බෙහෙව අරහන්තෙහි”

යෙභුය්‍යෙන – බොහෝ දෙනෙක් රැස්වූහ. ටික දෙනෙක් නො පැමිණියහ. අසඤ්ඤී, අරූපාවචර දෙවියෝ ද පැමිණි දෙවියෝ ද එහි මේ රැස්වීමට හැකිය. මහා වනයේ වනාහී හාත්පස දෙවියෝ සෙලවුනහ. පින්වත ඉඩදෙන්න. බුදුන් දකින්ට බණ ඇසීමට බික් සඟන දැකීමට බොහෝ උපකාර වේ. ආයෙම ආයෙම මහා ශබ්ද කරමින් පැමිණ භාග්‍යවතුන් වහන්සේද ඒ මොහොතේ රහත් බවට පැමිණ භික්ෂු සංඝයාද එකත්පසෙක සිටියහ.

මේ උපායෙන්ම ඒ ඒ ශබ්ද අසා ශබ්දය අස් ගව්වක්, ගව්වක්, අඩ යොදුනක්, යොදුනක් ආදී වශයෙන් යොදුන් තුන්දහසක් පළල හිමවතෙහි තෙවරක් ද හැටතුන් දහසක් නගරවල, අනුනව ලක්ෂයක් දොණ මුඛවල. කෝටි අනුහය ලක්ෂයක් පටුනු ගම්වල, පනස් හයක් රුවන් ආකාරවල සියළු දඹදිව, පූර්ව විදේහය, අපරගෝයාන, උතුරුකුරු දිවයින, දෙදහසක් කුඩා දිවයින්වල, සක්වල මුළුල්ල, එයින් දෙවන, තෙවන යනාදි දස දහසක් සක්වල දෙවියෝ රැස්වූහයි දත යුතුය. දස දහසක් සක්වල යනු මෙහි ලෝකධාතු දහය අභිප්‍රේතය. එයින් කියන ලදී. “දස්හි ච ලොක ධාතූහි දේවතා යෙභුය්‍යෙන සන්නිපතිතා හොන්ති”.

මෙසේ රැස් වූ දෙවියන්ගෙන් බ්‍රහ්මලෝකය දක්වා සියළු සක්වල ගැබ ඉඳිකටු කුලාවෙහි දමන ලද ඉඳිකටු මෙන් සම්පූර්ණ වූයේ වේ. එහි බ්‍රහ්ම ලෝකයේ මෙසේ ලේසයකින් මිදුණු බුද්ධූප්පාදයෙන් අලංකාර වූ ලෝකයේ රමණීය බව දැකීම සඳහා පූර්ව දිසාවෙහි ඔසවන ලද රිදීමුවා මහා ආදාසයක් (කන්නාඩියක්) තබන ලදැයි දතයුතුය. ලෝහ ප්‍රාසාදයෙහි සත්වන මහලෙහි තබන ලද පලිඟු පාෂාණයට සමාන පහණක්, කැටක් බඹලොව සිට යටට හෙළන ලද්දේ සිව්මසකින් පොළවට පැමිණේ. මෙබඳු මහත් අවකාසයෙහි යම්සේ යට සිට දමන ලද මල් හෝ දුම් උඩට යෑමට හෝ ඉහළසිට දමනලද අබ ඇටයක් පහළට වැටීමට අතරක් නොලබයි. මෙසේ අතරක් නැතිව දෙවියෝ වූහ. සක්විති රජතුමා සිටින තැන සම්බන්ධ නොවේ. පැමිණි මහේසාක්‍ය ක්‍ෂත්‍රියෝ ද ඉඩ ලබති. පසුව පසුව අති සම්බන්ධ වේ. මෙසේ භාග්‍යවතුන් වහන්සේ වැඩසිටින තැන සම්බාධ රහිතය. පැමිණි මහේසාක්‍ය දෙවියෝ ද බ්‍රහ්මයෝ ද අවකාශ ලබති. තවද භාග්‍යවතුන් වහන්සේ ආසන්න ස්ථානයේ මහා පරිනිබ්බාන සූත්‍රයේ කියන ලද අයුරින්ම කොස්ගසක අග පෙදෙසෙහි (වාලග්ග නිත්තුද්දන මත්තෙ) දහයක්, විස්සක්, තිහක් දෙවිවරු සියුම් ආත්ම මවාගෙන සිටියහ. මුලින් මුලින් හැට හැට දෙවියෝ සිටියහ. ]

[සුද්ධාවාස කායිකානං:-  – සුද්ධාවාසවල වාසීන්, සුද්ධාවාස නම් පිරිසිදු වූ අනාගාමීන්ගේ වාසය වූ බඹලොව පහය. එතදහොසි – කෙසේ වූයේද? ඒ බ්‍රහ්මයෝ වනාහි සමවතට සමවැද යම් කාලසීමාවකින් නැගී සිටියේ බඹවිමන බලනුයේ පසුබතේ බත් අග මෙන් ශුන්‍යබව දැක්කාහ. බඹුන් එයින් කොහේ ගියාදැයි ආවර්ජනා කරන්නේ මහා සමාගමට යයි දැන මේ මහා සමාගමෙන් අපි වෙන්විය. වෙන්වූවන්ට අවකාස දුර්ලභය. එහෙයින් යන්නේ හිස් අතින් නැතිව එක එක ගාථා සකස්කොට යමු යයි ඒ මහා සමාගමට තමන්ගේ පැමිණි බව දන්වන්නෙමු බුදුරදුන්ගේ ද ගුණ කියමු යයි මෙසේ ඔවුන්ගේ සමාපත්තියෙන් නැගිට ආවර්ජනය මෙසේ විය.]

[භගවතො පුරතො පාතුරහංසු – පෙළෙහි භගවතො සන්තිකේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි අබිමුවෙහිම බැස්සා මෙන් යයි කියන ලදී. මෙහි එම අර්ථය නැතැයි දත යුතුය. ඔව්හු වනාහි බඹලොව සිටියේම ගාථා සංස්කරණය කොට එක්කෙනෙක් පෙරදිග පිහිටි සක්වලක මුව විටෙහි බැස්සෝය. එක්කෙනෙක් දකුණෙහි පිහිටි සක්වලක මුවවිටක බැස්සේය. එක් කෙනෙක් පැසුළු දෙස පිහිටි සක්වලක මුවවිටට බැස්සෝය. එක්කෙනෙක් උතුරු දෙස පිහිටි සක්වලක මුවවිටට බැස්සේය. පෙරදිග සක්වල මුව විටට බැස්ස දෙවියා නීලකසිණ සමාපත්තියට සමවැදී නිල් රශ්මි විහිදුවා දස දහසක් දෙවියන් වෙත මිණි සමක් මුදාහරින්නාක් මෙන් තමාගේ පැමිණි බව දන්වා බුදුරදුන් වෙත පැමිණ වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටියේ තමා විසින් සකසන ලද ගාථාව කීවේය.]

[දකුණු සක්වල මුව විටයෙහි බැස්ස දෙවියා ද පීත කසින සමවතට සමවැද රන් ආලෝක විහිදුවා දස දහසක් සක්වල දෙවියන් රන්වන් වස්ත්‍රයකින් පොරවන්නාක් මෙන් තමා පැමිණි බව දන්වා එසේම කළේය. පැසුළු සක්වල මුවවිටට බැස්ස බ්‍රහ්මයා ද ලෝහිත කසිණයට සමවැදී ලෝහිත රස් මුදා දසදහසක් සක්වල දෙවියන් රතු කම්බිලියකින් වසන්නාක් මෙන් තමාගේ පැමිණි බව දන්වා එසේම කෙළේය. උතුරු සක්වල මුවවිටට බැස්ස බ්‍රහ්මයා ද ඔදාත කසිණයට සමවැදී සුදු රස් මුදාහර දස දහසක් සක්වල දෙවියන් දෑ සමන් මල්මිටක් පොරවන්නාක් මෙන් තමාගේ පැමිණි බව දන්වා එසේම සිටියේය.]

[ඉන්පසු දෙවැන්නා කී අයුරින්ම පැමිණ කීවේය. තත්‍ර භික්ඛවෝ – ඒ රැස් වූ තැන භික්ෂුව සමාදහංසු – එකඟවීමෙන් යෙදූහ. චිත්තමත්තනො උජුකමකංසු – තමාගේ සිත සියළු වංක, කපටි, ඇදබව හැරදමා සෘජු කළහ. සාරථිව නෙත්තානි ගහෙත්වා – අසුන් මනාව පවතින කල්හි රියැදුරා කෙවිට තබා සියළු රැහැන් ගෙන නො හසුරුවා නොවලක්වා සිටී. මෙසේ ඡ අභිඤ්ඤා සමන්නාගත සංවර වූ ඉඳුරන් ඇති මේ භික්ෂු පන්සිය දෙනා, ඉන්ද්‍රියෙහි රක්ඛන්ති පණ්ඩිතා – භාග්‍යවතුන් වහන්ස…. උන්වහන්සේලා දැකීමට මෙහි පැමිණියෙමු. හේ ද ගොස් නියම තැන සිටියේය.]

[ඉක්බිති තුන්වැන්නා කියන ලද පිළිවෙළින් ම පැමිණ කීවේය. එහි ජෙත්වා ඛිලං – රාග, දෝස, මෝහ මුල් සිඳදමා. ජෙත්වා පලිඝං – රාගදොස මෝහ කණායුම (සිඳ) ඉන්දඛීලං – රාගදෝසමොහ ම ඉන්දඛීල වේ. ඌහච්චමනෙජා – මේ තෘෂ්ණා සංඛ්‍යාත ඒජයන් හේතුවීමෙන් ආශාරහිත වූ භික්ෂුව ඉන්ද්‍රඛීල හැනුණු සියල්ල නැතිකර. තෙ චරනති – සිවි දිසාවෙහි නොවලක්වන ලද හැසිරිම් ඇත්තේ සංචාරය කරති. සුද්ධා – උපක් කෙලශ නැති. විමලො – නිර්මල වූ මෙය එහිම පර්යාය වචනයකි. චක්ඛුමතා – පස් ඇසින් යුක්ත වූ. සුදන්තා – ඇස කන නාසය දිව කය මනස මේවායින් සංවර වූ. සුසුනාගා – තරුණ ඇතා. ඔව්හු මෙබඳු වූ අනුත්තර වූ යෝග්‍ය හැසිරීමෙන් දමනය වූ තරුණ භික්ෂුන් දැකීම සඳහා ආවෙමු. හේ ද ගොස් සුදුසු තැනම සිටියේය.]

[භාග්‍යවතුන් වහන්සේ බලන්නේ පෘථිවිතලයේ සිට සක්වල මුවවිටින් අකිනිටා බඹලොව දක්වා රැස්ව හුන් දෙවියන් දැක මෙසේ සිතූහ. “මේ දේව සමාගම ඉතා විසාලය. මෙපමණ විසාල දේව සමාගමක් යැයි භික්ෂූහු නොදනිති.” එය ඔවුන්ට කියන්නේ නම් යෙහෙකි’යි මෙසේ සිතා, ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූහ. සියල්ල විස්තර කළ යුතුය. එහි එතපරමා – මෙය ප්‍රමාණවත් ය. මෙය ඔවුන්ට ප්‍රමාණ වූයේ ඒත පරමාවේ. දැන් බුදුන් අභාව නිසා “යම් ඒ භික්ෂූහු දැන්” තෙවන වර නොකියන ලදී. ආචික්ඛිස්සාමි භික්ඛවෙ – කුමක් හෙයින් කීවේද? දෙවියන්ගේ, සිතේ යහපත් බව ඇති කිරීම සඳහාය. දෙවියෝ වනාහි මෙසේ සිතූහ. “භාග්‍යවතුන් වහන්සේ මේ මහා සමාගමේ මහේසාක්‍ය දෙවියන්ගේ නම් පමණක් කියන්නේය. අල්පේ සාක්‍යයන්ගේ නම් කියන්නේද?” ඉක්බිති බුදුහු මේ දෙවියන් කුමක් සිතන්නේ දැයි ආවර්ජනා කරන්නේ, මුඛයෙන් අත ඇතුල්කොට හෘදය මාංශය මඩින්නා සේ බඩු සහිත සොරු ගන්නාක් මෙන් ද ඔවුන්ගේ ඒ සිත් හැසුරුණු ආකාරය දැන, දස දහසක් සක්වලින් පැමිණි අල්පේශාක්‍ය මහේශාක්‍ය සියළු දෙවියන්ගේ නම් කියන්නෙමි යයි සිතූහ.

[බුදුවරයෝ නම් ඉතා මහත් වූ සත්ත්ව විශේෂ කෙනෙක්හ. දෙවියන් සහිත ලෝකයාගේ දුටු, ඇසු, ස්පර්ශ, කළ, සිතූ, පැමිණි, සෙවු, අනුව හැසුරුණු සිත්, කිසිතැන කිසිවක් නිල් ආදි වශයෙන් බෙදන ලද රූප අරමුණුවල රූප අරමුණක් හෝ බෙර ශබ්ද වශයෙන් බෙදනලද ශබ්ද අරමුණුවල වෙන්වෙන් ශබ්ද අරමුණු හෝ යමක් ඇත්ද ඒ සියල්ලම ඤාණයට නො එන්නේ නොවේ. යම්සේ කීය.
මහණෙනි, සදේවක ලෝකයෝ යම් දෙවියන් සහිත මිනිසුන් දුටු සිතු සපර්ශ කළ දැනගත් පැමිණි, සෙවූ අනුව හැසුරුණු සිත් වේද ඒවා මම දනිමි. ඒවා මම දකිමි. ඒවා මම දැනගතිමි”.]

[ මෙසේ සියළු තැන නොනැසෙන ඤාණය භාග්‍යවතුන් වහන්සේ ඒ සියළු දේවතාවෝ සුදුසු නුසුදුසු වශයෙන් කොටස් දෙකක් කළහ. යම් කෙනෙක් කර්මාවරණෙයෙනි යුක්ත දැයි ආදි නයින් කියන ලද සත්වයන් අභබ්බ නම් වේ. ඔවුහු බුදුන් සමග එක් විහාරයක වාසය කළත් බුදුන් නොදකිති. ඊට වෙනස් වූයේ භබ්බ නම් වේ. ඔහු දුර වාසය කළද ගොස් සංග්‍රහ ලබති. එහෙයින් ඒ දේවතා රැස්වීමේ අභබ්බයන් හැර භබ්බයන් පිළිගත්හ. පිළිගෙන මෙපමණක් රාග චරිතයෝය. මෙපමණක් ද්වේශ චරිතයෝ යයි, චරිත වශයෙන් කොටස් හයක් කළහ. අනතුරුව ඔවුන්ට ගැලපෙන ධර්ම දේශනා පරීක්ෂාකර බලන්නේ රාග චරිත දෙවියන්ට සම්මා පරිබ්බාජනීය සූත්‍රය දේශනා කරන්නෙමි. දෝස චරිතයන්ට කලහ විවාද සූත්‍රය, මෝහ චරිතයන්ට මහා ව්‍යුහ සූත්‍රය, විතක්ක චරිතයන්ට චුල්ල ව්‍යුහ සුත්‍රය, ශ්‍රද්ධා චරිතයන්ට තුවටක ප්‍රතිපදාව, බුද්ධි චරිතයන්ට පුරාභේද සූත්‍රය කියන්නෙමියි දේශනාව නියමකොට නැවත ඒ පිරිස මෙනෙහි කෙළේ, ධර්මය දැන ගන්නේ අත්තජඣාසයෙන ද පරජඣාසයෙන් ද අට්ඨුපත්තියෙන් ද පුච්ඡා වශයෙන් දැයි බැලීමටය. එයින් පුච්ඡා වශයෙන් දැනගන්නේ යයි දැන, දෙවියන්ගේ අදහස් වෙත චරිත වශයෙන් ප්‍රශ්න ඇසීමට ඒ භික්ෂූන් පන්සිය දෙනා අතරෙන් කිසිවෙක් ඇද්දැයි බලන්නේ එක්කෙනෙකුටවත් හැකි නොවන බව දැක්කහ. ඉන්පසු අසූමහ ශ්‍රාවකයන් අග්‍ර ශ්‍රාවක දෙනම ගැන බලා ඔව්හු ද නොහැකිවෙත් යයි දැක සිතූහ. ඉදින් පසේ බුදුන්හු හැකිවන්නාහු දැයි බලා උන්වහන්සේ ද නොහැකි වන්නාහැයි දැක සක්‍ර සුයාමාදි කිසිවෙක් හැකිවන්නාහු දැයි බැලූහ. ඔවුන් අතර ද කිසිවෙකුට හැකිවයි නොදුටුවහ.]

[ඉක්බිති “මා වැනි බුදු කෙනෙකුන්ට අනාගත ඤාණය පතුරුවා බලන්නේ වෙනත් බුදු කෙනෙකු නොදුටහ. මෙය අසිරිමත් නොවේ. දැන් තමා සමාන කෙනෙකු නොදකින්නේ. උපන් දිනයෙහි ද බ්‍රහ්මජාල සූත්‍ර වර්ණානාවේ කියන ලද නයින් තමා හා සමාන කෙනෙකු නොදක්නේ අග්ගොහමස්මි ලොකස්ස පැවැත්විය නොහැකි සිංහනාදය කෙළේය. මෙසේ තමා හා සමාන කිසිවකු නොදැක සිතූහ. ඉඳින් මම විචාරා මමම විසඳන්නේ නම් මේ දෙවිවරුන්ට අවබෝධකර ගැනීමට නොහැකි වේ. අනික් බුදු කෙනෙකුන් විචාරන කල්හි මා විසඳන විට ආශ්චර්ය වන්නේය, දෙවියන්ට අවබෝධ කර ගැනීමට ද හැකි වේ. එහෙයින් නිර්මිත බුදු කෙනෙකුන් මවන්නෙමි යයි අභිඥා පාදක ධ්‍යානයට සමවැදී නැගිට පාසිවුරු ගැනීම, ඉදිරිය බැලීම වටපිට බැලීම, දිග හැරීම හැකිලීම මා හා සමාන වේවායි කාමාවචර සිත්වලින් පරිකර්ම කොට ප්‍රාචීන යුගඳුරු වටකළ ඉහලට නැගෙන සඳමඬල බිඳ නික්මෙන්නාක් මෙන් රූපාවචර සිතින් අධිෂ්ඨාන කළහ.

දේව සමූහයා ඒ දැක පින්වත් අනිත් හඳක් උදා වී යයි කීහ. පසුව එම සඳ හැර ආසන්නයට පැමිණි විට, සඳ නොවේ, හිරු උදාවෙයි. ආසන්නයට පැමිණි විට හිරු නොවේ, දෙව්විමණක් ආසන්න වූ පසු දෙව් විමනක් නොවේ, දිව්‍ය පුත්‍රයෙක්. ආසන්නවූ පසු දෙවිපුතකු නොව මහා බ්‍රහ්මයාය, මහ බඹු නොවේ, පින්වත, තවත් බුදු කෙනෙක් වැඩියහයි කීහ. එහි ආර්ය දෙවියෝ සිතූහ. එක් ලෝක ධාතුවක බුදුවරයෝ දෙදෙනෙක් නැත. භාග්‍යවතුන් වහන්සේ තමන් හා සමාන වෙනත් බුදු කෙනෙකුන් ඒකාන්තයෙන්ම මවන ලදී. පෘථග්ජන දෙවියෝ මෙසේ සිතූහ. එක් බුදු කෙනෙකුට මෙපමණ දේව සන්නිපාතයක් නම් දෙදෙනෙකුට කෙතරම් මහත්වේද,

ඉක්බිති ඒ දේව සමුහයා දකිද්දීම නිර්මිත බුදුහු වැඩ දශබලයන් නොවැඳම හමුවූ තැන සම සම කොට මවන ලද අසුනෙහි උන්නහ. භාග්‍යවතුන් වහන්සේගේ දෙතිස් මහ පුරුෂ ලක්‍ෂණ නිර්මිත බුදුන්ට ද එසේ විය. භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයෙන් සවණක් රස් නික්මෙති. නිර්මිත බුදුන්ගේ ශරීරයෙන් ද එසේය. බුදුරදුන්ගේ ශරිර රශ්මි නිර්මිත බුදුන්ගේ ශරීරයේ වැදෙයි. නිර්මිත බුදුන්ගේ ශරීර රශ්මි බුදුන්ගේ කයේ වැදෙයි. ඒ බුදුවරුන් දෙදෙනාගේ ම ශරීරවලින් උඩට නැගී අකනිටා භවාග්‍රයෙහි වැදී එයින් නැවතී දෙවිවරුන්ගේ හිස් මුදුන්වල බැස සක්වල මුවවිට පිහිටියේය. සියළු සක්වල ගබ රුවන්මුවා වක් ගොණැස් වෙළුවක් මෙන් සෑ ගෙය බැබැලිණි. දස දහසක් සක්වල දෙවියෝ එක් සක්වලක රැස් වී බුදුවරු දෙනමගේ රස් ගැබට පිවිස සිටියහ. නිර්මිත බුදුහු හිඳගෙනම දසබල බුදුන්ගේ බෝපලඟෙහි ක්ලේශ ප්‍රහානයට ස්තුති කරන්නේ,
අසමි මුනි නුවණැති – සිටි තෙරග පිරිනිවි තුණ
ගෙන් නික්ම හැර කම් – හෙ බික් කිසෙ ලොවැ ඇවිදී

ගාථාව වදාළ], ශාස්තෲන් වහන්සේ දෙවිවරුන්ගේ සිත් කලණතා දැන ගැනීම සඳහා ආ පිළිවෙළින් නම්හොත් කියන්නෙමියි සිතා “මහණෙනි, කියන්නෙමි”යි ආදිය කීහ.]

[දේවතාවන්ට මේ සූත්‍රය ප්‍රිය මනාප බවට කථා වස්තුවක් මෙසේය. කොටපව් වෙහෙරෙහි වනාහි නාග ලෙන් දොරකඩ නා ගසෙහි එක් දේවතා දුවක් වසයි. එක් දහර භික්ෂුවක් ලෙන ඇතුළෙහි මේ සූත්‍රය සජ්ඣායනය කරයි. දෙව්දුව එය අසා සූත්‍රය අවසානයෙහි මහත් ශබ්දයෙන් සාධුකාර දුන්නාය. “කවුද ඒ?”
“ස්වාමීනි මම දෙව්දුවක්මි.”
“සාධුකාර දුන්නේ ඇයි ?”
” ස්වාමීනි දසබල තථාගතයන් විසින් මහා වනයෙහි වැඩහිඳ වදාරන ලද දිනයෙහි මේ සූත්‍රය ඇසූ මම අද එය යලි ඇසුවෙමි. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ එක් අකුරකුදු නොනසා ඔබ වහන්සේ විසින් මේ ධර්මය මනාව ගන්නා ලදී.”
” දසබලයන් වහන්සේගේ දේශනාව ඔබ ඇසුවාද?”
“එසේය ස්වාමීනි, මහා දේව රැස්වීමක් විය.”
” ඔබ ඇසුවේ කොහේ සිටද? “
“ස්වාමීනි, මම මහා වනයෙහි දෙවියන් සමග හුන්නෙමි. මහේසාක්‍ය දෙවිවරුන් එන කල්හි දඹදිව ඉඩ නොලදිමි. ඉන්පසු මේ තම්බපණ්ණි දීපයට පැමිණ දඹකොල පටුනෙහි සිට ඇසීමට ඇරඹීමි. එහි ද මහේසාක්‍ය දෙවිවරුන් එන කල්හි පිළිවෙළින් පසු පසට යන්නේ රුහුණු ජනපදයෙහි මාගම පිටුපස ගොළු මුහුදෙහි කරවටක් දියට බැස එහි සිට ඇසුවෙමි.”
“දේවතා දියණියෙනි, ඔබ සිටි තැන ඉතා දුරය බුදුරදුන් පෙනුනාද?”
“ස්වාමීනි මොනවා කියනවද? ශාස්තෲන් වහන්සේ මහා වනයෙහි ධර්මය දේශනා කරන්නේ නිතරම මා දිහාම බලති යි සිතමින් බියවෙමින් ලජ්ජාවෙමින් දිය සුළිවල සැඟවී සිටියෙමි.”
“ඒ දවසෙහි කෝටි ලක්ෂයක් දෙවියෝ රහත් වුහ. ඔබ එදා රහත් වුනාද?”
“නැත ස්වාමීනි, “
“අනාගාමි ඵලයට පත් වී ඇතැයි සිතමි.”
” නැත ස්වාමීනි,”
“තුන් මාර්ගයට පැමිණි දෙවියන්ගේ ගණන පථය ඉක්මවිය. සෝවාන් වී ඇතැයි සිතමි. එ දවස දෙවියෝ සෝවන් ඵලයට පැමිණි බව නොවිචාල යුතුය.”
ඉන් පසු ඒ භික්ෂුව ඇයට මෙසේ කීය.
“දේවතාවෙනි ඔබේ ආත්මභාවය මට පෙන්විය හැකිද ?”
” ස්වාමීනි සියළු ශරීරය පෙන්විය නොහැකිය. ඇඟිලි පුරුකක් පමණක් දක්වන්නෙමි. යතුරු සිදුරෙන් ඇඟිල්ල ඇතුළු ලෙනට යොමු කළාය. සඳු දහසක් හිරු දහසක් නැගි කලක් පරිද්දෙන් මෙන් විය.
දෙව්දියණිය
“ස්වාමීනි, අප්‍රමාද වන්න” යයි දහර භික්ෂුව වැඳ ගියාය.
මෙසේ මේ සූත්‍රය දෙවියන්ට ප්‍රියමනාප වේ. දෙවියෝ ඊට ඇලුම් කරති. ඔබ මේ සුත්‍රය සජ්ජායන කරන්නේ නම් හෝ අඩුතරමින් නිවසේ හඬපටයක් වාදනය කරන්නේ නම් බොහෝ දෙවියන් ඒ අසනු කැමැත්තෙ ඔබ ගේ වාසස්තානයට එන්නෝය. ඒ දෙවියන්ගේ තේජානුභාවය නිසා අයහපත් ප්‍රේත, ඇසුර, භූත සත්වයන් ඉන් ඈත්ව යන්නෝය. ඔබට නීති ආරක්ෂාව සලස්න්නේය.]

DN 01-05 කූටදන්ත සුත්‍රය

  1. ඛාණුමතක බ්‍රාහ්මණ ගහපතිකා
  2. කූටදන්ත ගුණ කථා
  3. බුද්ධගුණකථා
  4. මහා විජිත රාජයඤ්ඤ කථා
  5. චතු පරික්ඛාරං
  6. අට්ඨ පරික්ඛාරා
  7. චතුපරික්ඛාරං
  8. තිස්සො විධා
  9. දස ආකාරා
  10. සොළස ආකාරා
  11. නිච්චදානඅනුකුලයඤ්ඤං
  12. සුළු සීලය
  13. මැදුම් සීලය
  14. මහා සීලය
  15. ඉන්ද්‍රිය සංවරය
  16. සති සම්පඥන්
  17. සන්තුට්ඨිතතා
  18. නීවරණ ප්‍රහාණය
  19. ධ්‍යාන සමාපත්ති
  20. කූටදන්තඋපාසකත්තපටිවේදනා
  21. සොතාපත්තිඵලසච්ඡිකිරියා


[170:- මේ කුටදන්ත බමුණා , බිලි පුජාවක් කරන්නට උපදෙස් ගන්නට බුදුන් වහන්සේ වෙත ඒම අභව්‍ය සිදුවීමක් බව ද, භාග්‍යවතුන් වහන්සේගේ කීර්ති රාවය සමගම ශ්‍රමණ භවත් ගෞතමයාණන් සත්ව ඝාතනය මුළුමනින්ම හෙලා දකින කෙනෙක් බව මේ බමුණා නොදැන සිටියාය කීම අපහසුය. එබඳු සාස්ත්රුවරයෙකුගෙන් බිලි පුජා කිරීමේ නිවැරදි ක්‍රමය ගැන දැනගන්නට ප්‍රශ්න ඇසුවාය යන්න විය නොහැකිය කියා Rhys Davies මහතා කියයි. ]

[යාග:-
යාග යනු මිනිසුන් තමනට මේ ජීවිතයේදී හෝ මතු ජීවිතයකදී වඩා හොඳ, වඩා උතුම් සැපයක් පතමින් තමා අදහන ධර්මයට අනුව කරන යම් පුජා ක්‍රමයකි. එදා සමාජයේ සතුන් මරා කරන බිලි පුජා වඩා හොඳ මතු ඵල ලබන්නට කල හැකි පුජා ක්‍රමයක් ලෙස විස්වාස කල නිසා කුටදන්ත බමුණා මෙහිදී ඒ අන්දමේ “යාගය”ක් ගැන සිතා සිටිය බවත්, ඊට වඩා උතුම් ඵලයන් ලබිය හැකි ක්‍රමයන් විධි ඇති බව මෙහිදී භාග්‍යවතුන් වහන්සේ උගන්වා වදාළ බවත් සැලකිය හැක.]

[යාග ක්‍රම වල ඉතිහාසය:
භාරතයේ වයඹ දිග දේශයට සංක්‍රමණය වූ ඉන්දු යුරෝපීයයන්‌ වූ ආර්යයන්ගේ පැමිණීමත්‌ සමග යාග ක්‍රමය ද ආරම්භ වන්නට විය, වෛදික බ්‍රාහ්මණයන්‌ ලෙස උසස්‌ මට්ටමෙහි ලා සැලකූ ඔවුන්ගේ ආගමික පිළිවෙත වූයේ කර්ම මාර්ගයයි. භාරතීය ආගමික හා දාර්ශනික ඉතිහාසයෙහි චේද මන්ත්‍ර යුගයේ ඇරඹි මෙම කර්ම මාර්ගය බමුණු පූජකයන්ගේ මූලිකත්වයෙන්‌ ගොඩනැගෙන්නට විය. සාග්‌ වේදයේ යාග කර්මය සඳහා උසස්‌ තැනක්‌ හිමි වී තිබුණු බව “මුඵ ලොවම එකම යාග කර්මයකි” යන ප්‍රකාශයෙන්‌ පැහැදිලි වේ. යාග පැවැත්වීම හදිසියේ ආකස්මිකව පහළ වූ ආගමික ප්‍රතිඵලයක්‌ නොවේ.
වෛදික යුගයේ සිට ක්‍රමයෙන්‌ පැවතෙමින්‌ ප්‍රබලව නැගී ආ ආගමික ක්‍රියා මාර්ගයක්‌ වශයෙන්‌ හඳුන්වා දිය හැකිය.

චතුර්වේදය පදනම්‌ කරගෙන පැරණි භාරතීයයන්‌ ඉදිරිපත්‌ කළ මෙම යාග ක්‍රමය තුළින්‌ ඔවුන්‌ බලාපොරොත්තු වූයේ ඔවුන්ගේ පරම නිෂ්ඨාව වූ “බ්‍රහ්ම සහව්‍යතාවයයි.” එනම්‌ සර්ව බලධාරී බ්‍රහ්මන්ගේ ආත්මය සමග ඒකත්වයට පැමිණීමයි. දෙවියන්‌ සඳහා යාග නොකරන්නෙකුට කිසිදිනෙක බ්‍රහ්ම සහව්‍යත්වයට පත්විය නො හැකිය. යාග කිරීම මෙලොව හා පරලොව උභයාර්ථ සිද්ධිය ඇති කරවන්නක්‌ බව ඒත්තු ගැන්වීමට බමුණු සමාජය විසින්‌ නොයෙක්‌ කරුණු කාරණා ඉදිරිපත්‌ කරන්නට විය. වෛදික ආර්යයන්‌ අතර වඩාත්‌ සැලකිල්ලට භාජනය වූ දෙවියන්‌ දෙදෙනෙක්‌ වූයේ “ඉන්ද්‍ර’ හා “‘වචරැණය.”’ එයිනුත්‌ ආර්ය සෙබළාගේ යුද දේවතාවා වූයේ ඉන්ද්‍රය. ඉන්ද්‍ර කාලගුණය පිළිබඳ දේවතාවා ද, අකුණු, කුණාටු හා මේඝ ගර්ජන පිළිබඳ අධිපතියා ද විය. ඔහුගේ අතෙහි වූයේ වපජ්‍රායුධයකි.?

ඉන්ද්‍ර වෙනුවෙන්‌ සෘග්‌ වේදයෙහි වෙන්‌ වී ඇති ගීතිකා සමූහය දෙස බැලීමෙන්‌ පෙනී යන්නේ ඔහු වෛදික ආර්යයන්‌ අතර තෙරමි ගරු සම්භාවනාවට පාත්‍ර වූ දෙවියෙක්‌ ද යන වගයි. වැදගත්කමින්‌ ඉන්ද්‍රට පමණක්‌ දෙවෙනි වූ වරුණ දෙවියා ඉරානයට ගිය ආර්යයන්ගේ ප්‍රධාන දෙවියා බවට පත්විය. මොවුන්‌ දෙපිරිස එක්ව සිටි කාලයේ මේ දෙවිවරු දෙදෙනාම එකට ඇදවූවාහුය. සදාචාර ධර්මය භාරව සිටියේ වරුණ දෙවියාය. ඔහු මිනිසුන්‌ කරන හොඳ නරක ක්‍රියාවන්‌ පිළිබඳ විමසිල්ලෙන්‌ සිටි අතර නරක කරන පුද්ගලයාට ඔහුගෙන්‌ සමාවක්‌ නොවීය. එමනිසා භක්තිමත්හු ඔහු කෙරෙහි දැඩි භය පක්‍ෂපාතීත්වක්‌ දැක්වූහ. සෘතු සම්බන්ධයෙන්‌ භාරකරු වූයේ ද මොහුය.”

යාගයේ අරමුණ බ්‍රහ්මසහව්‍යතාවය වුවත්‌ ලෞකික වශයෙන්‌ ලබාගත හැකි අරමුණු කිහිපයක්‌ පදනම්‌ කරගෙන ද යාග පැවැත්වීම සිදු කෙරිණි. පුතුන්‌ ලබා ගැනීම, කෙත්වතු සරැසාර කර ගැනීම, රොගාබාධ සමනය කිරීම, සතුරන්‌ මර්දනය කොට සිය බලය වැඩිකර ගැනීමට හැකිවීම, ආදි අරමුණු යාග කර්මයක්‌ තුළින්‌ ඉටුකරගත හැකි බව සැලකින. එසේම මව්කුස පිළිසිඳ ගැනීම, බිහිවීම, රන්කිරි කට ගෑම, උපන්‌ දරුවන්ගේ කෙස්‌ කැපීම, අකුරු කීම, ඉඳුල්‌ කටගෑම, ආවාහ විවාහය වැනි වැදගත්‌ අවස්ථාවන්වලදී ඔවුන්ට ආරක්‍ෂාවත්‌, සෞභාග්‍යයත්‌ ලැබෙන බව ප්‍රකාශ කරමින්‌ යාග හොම පැවැත්වීම සිදු කෙරිණ. මේ සැම අවස්ථාවක දී ම යාගය පවත්වා මහා බ්‍රහ්මයාගේ ආශිර්වාදය ලබා ගනී. එසේ නොකරන්නේ නම්‌ සර්ව බලධාර්‌ මහා බ්‍රහ්මන්‌ කෝපවන බවත්‌ එයින්‌ එම පුද්ගලයාගේ සියලු දේ නැතිකොට ඔහුට කරදර උපද්‍රව ඇති කරන බවත්‌ උගන්වා ඇත.

බුදුරජාණන්‌ වහන්සේ ලොව පහළවන යුගයේ සමාජයේ උසස්‌ යැයි සම්මතව සිටියේ බමුණන්ය. ඔවුන්‌ කවර අන්දමේ අකටයුත්තක්‌ කළ ද, දුරාචාරව හැසිරුණ ද ඒ පිළිබඳ ව විමසීමට කිසිවෙකුටත්‌ අයිතියක්‌ තිබුණේ නැත. තම අනුගාමිකයන්ට පැවසුවේ කළ වරදට මෙන්‌ ම නොදැන සිදුවන පාපයනට දඬුවම්‌ විඳ එයින්‌ සමනය විය හැකි බවය. යාග පැවැත්වීම තුළින්‌ දෙවියන්‌ සතුටු කළ යුතු බවත්‌ ඉන්‌ බ්‍රහ්ම සහව්‍යත්වයට පත්වීමට හැකි බවත්‌ පෙන්වා දුන්හ. උසස්‌ හා උගත්‌ බ්‍රාහ්මණයන්ගේ එවැනි වදන්‌ විශ්වාස කළ බොහෝ පිරිස්‌ විවිධ යාග ක්‍රම පවත්වන්නට වූහ. මේ නිසා සාමාන්‍ය පුද්ගලයාගේ පටන්‌ රාජ්‍ය තාන්ත්‍රක පිරිස්‌ දක්වා උපදෙස්‌ දීමට බ්‍රාහ්මණයින්ට බලය පැවතුණි. රජ කෙනෙකුට ඇතිවන ඕනෑම ගැටළුවක දී පවා ඔහුට උපදෙස්‌ දෙමින්‌ යාග හොම පැවැත්වීමට විධි විධාන සකස්‌ කරන ලදූදේ මේ නිසාය. වරක්‌ කොසොල්‌ මහරජු දුටු සිහින 16 පිළිබඳ පුවත සැලවීමෙන්‌ පසු රාජ සභාවේ සිටි උසස්‌ බමුණන්ගේ උපදේශය වූයේ “‘සජත සතික ‘ යාගයක්‌ පැවැත්විය යුතු බවය. එහෙත්‌ මල්ලිකා දේවියගේ මඟ පෙන්වීම මත භීෂණකාර්‌ හා හිංසනකාරී්‌ යාගයෙහි පැවැත්වීම නතර විය. මෙම යාගය පිළිබඳ විස්තරයක්‌ දීඝනිකායේ කූටදන්ත සූත්‍රයේ එන තොරතුරුවලින්‌ පැහැදිලි කරගත හැකිය. එහි සඳහන්‌ වන අන්දමට
තෙන ඛො පන සමයෙන කූටදන්තස්ස බ්‍රාහ්මණස්ස
මහා යඤ්ඤො උපට්ඨිතො හොති.
සත්ත ච උසභසතානි,
සත්ත ච වච්ඡතරසතානි,
සත්ත ච වච්ඡතරීසතානි,
සත්ත ච අජසතානි,
සත්ත ච උරබ්භසතානි
ථූනූපනීතානි හොන්ති යඤ්ඤතථාය. 13-

පුජ්‍ය වැලිවිට සෝරත හිමියන් ලියු ලිපියකින් උපුටා ගැනිණි.]

  1. ‘මහා යාගයට පෙර පින්වත් රජහට ‘ඒකාන්තයෙන් මාගේ මහත් වස්තු රාශිය විනාශවන්නේය’යි කිසි පසුතැවීම නොකටයුතුයි,
  2. මහායාගය කරන කල්හි පින්වත් රජුහට ‘ඒකාන්තයෙන් මාගේ මහත් වස්තු රාශිය විනාශ වන්නේය’යි කිසියම් පසුතැවීම නොකට යුතුයි.
  3. මහායාගය කළ පසු පින්වත් රජහට එකාන්තයෙන් මාගේ මහත් වස්තු රාශිය විනාශ වූයේය’යි කිසියම් පසුතැවීමක් වන්නේද, පින්වත් රජහු විසින් ඒ පසුතැවීම නොකොට යුතුයි,

[පුණ්‍යක්‍රියාවක් කරන්නාට අන්‍යය මනුෂ්‍යයෝ නොයෙක් දහසය ආකාර වූ චෝදනා කල හැකි බවත්, ඒවායින් සිය සිත දුෂ්‍ය කර නොගෙන, තමන් කරන ක්‍රියාවේ යහපත් ඵලය සැම දෙනාටම ලැබේවා’යි යන මෛත්‍රී සිතින් පිං කම කල යුතු බව සිතිය යුතු වේ.]



DN 17 මහා සුදස්සන සුත්‍රය

ඉපිද නැසෙන සුලුවූ සංස්කාර ධර්මයෝ ඒකාන්තයෙන් අනිත්‍යයහ.
ඉපිද නැති වෙත්.
සංස්කාර සංසිඳීම සැප පිණිස වන්නේය
” යනුයි.