AN 10-01 ආනිසංස වර්‍ගය

icon plus1. කුසලසීලමත්‍ථිය සූත්‍රය, icon plus 2. චෙතනාකරණීය සූත්‍රය,
icon plus 3. දුස්සීල හතුපනිස සූත්‍රය  icon plus4. සාරීපුත්ත හතුපනිස සූත්‍රය,
icon plus5. ආනන්‍ද හතුපනිස සූත්‍රය, icon plus6. සමාධි පටිලාභ සූත්‍රය,
icon plus7. කිංසඤ්ඤී සූත්‍රය icon plus 8. සමන්ත පාසාදිකා සූත්‍රය,
icon plus 9. සබ්බාකාර පරිපූර සූත්‍රය ,  
icon plus 10. විජ්ජාසුත්ත නොහොත්  පාසාදික පරිපූර සූත්‍රය

AN 10-01-01 කුසලසීලමත්‍ථිය සූත්‍රය,

§ 1. “මා විසින් මෙසේ අසන ලදී.
එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අසල අනේපිඬු මහ සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. වරක් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක වැඩ හිඳ භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ ඇසීය,

§ 2, “ස්වාමීනි,

සීලය කුමන ප්‍රයෝජනයක් පිණිස රකින්නේද? සීලය නිසා කුම න ඵලයක් වේද?”
“ආනන්‍දය, සීලය රකින්නා කිසිදා පසුතැවිල්ලට පත් නොවන්නේය. සීලයේ ඵලය පසුතැවිල්ලෙන් තොර වීමය.”

“ස්වාමීනි, පසුතැවිලි නොවීම නිසා කුමන ප්‍රයෝජනයක් වෙයිද, කුමන ඵලයක් වේද ?”
“ආනන්‍දය, පසුතැවිලි නොවීම ප්‍රමෝදය ඇති වේ. ප්‍රමෝදය ඵලය වේ.”

“ස්වාමීනි, ප්‍රමෝදය නිසා කුමන ප්‍රයෝජනයක් වෙයිද, කුමන ඵලයක් වේද ?”
“ආනන්‍දය, ප්‍රමෝදය ප්‍රීතිය පිණිසය, ප්‍රීතිය අනුසස්කොට ඇත්තේය.”

“ස්වාමීනි, ප්‍රීතිය නිසා කුමන ප්‍රයෝජනයක් වෙයිද, කුමන ඵලයක් වේද ?”
“ආනන්‍දය, ප්‍රීතිය, සංසිඳීම පිණිසය, සංසිඳීම අනුසස්කොට ඇත්තේය.”

“ස්වාමීනි, සංසිඳීම නිසා කුමන ප්‍රයෝජනයක් වෙයිද, කුමන ඵලයක් වේද ?”
“ආනන්‍දය, සංසිඳීම සැපය සඳහාය, සැපය අනුසස්කොට ඇත්තේය.”

“ස්වාමීනි, සැපය නිසා කුමන ප්‍රයෝජනයක් වෙයිද, කුමන ඵලයක් වේද ?”
“ආනන්‍දය, සැපය සිත එකඟකිරීම පිණිසය, සිත එකඟකිරීම අනුසස්කොට ඇත්තේය.”

“ස්වාමීනි, සිත එකඟකිරීම නිසා කුමන ප්‍රයෝජනයක් වෙයිද, කුමන ඵලයක් වේද ?”
“ආනන්‍දය, සිත එකඟ කිරීම තරුණ විදර්‍ශනාව පිණිස වේ. තරුණ විදර්‍ශනාව අනුසස්කොට ඇත්තේ වේ.”

“ස්වාමීනි, තරුණ විදර්‍ශනාව නිසා කුමන ප්‍රයෝජනයක් වෙයිද, කුමන ඵලයක් වේද ?”
“ආනන්‍දය, තරුණ විදර්‍ශනාව, බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය පිණිස වේ. බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය අනුසස්කොට ඇත්තේ වේ.”

“ස්වාමීනි, බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය නිසා කුමන ප්‍රයෝජනයක් වෙයිද, කුමන ඵලයක් වේද ?”
“ආනන්‍දය, බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය අර්හත් ඵලය හා ප්‍රත්‍යවෙක්‍ෂා ඤාණය පිණිසය.

3. “ආනන්‍දය, මෙසේ නිවැරදි ශීලයෝ පසුතැවිලි නොවීම ප්‍රයෝජනයකොට ඇත්තාහ, පසුතැවිලි නොවීම අනුසස්කොට ඇත්තාහ. පසුතැවිලි නොවීම ප්‍රමෝදය ප්‍රයෝජනකොට ඇත්තාහ, ප්‍රමෝදය අනුසස්කොට ඇත්තාහ. ප්‍රමෝදය ප්‍රීතිය පිණිසය, ප්‍රීතිය අනුසස්කොට ඇත්තේය. ප්‍රීතිය සංසිඳීම පිණිසය, සංසිඳීම අනුසස්කොට ඇත්තේය. සන්සිඳීම සැපය පිණිසය, සැපය අනුසස්කොට ඇත්තේය. සැපය සිත එකඟ කිරීම පිණිසය, සිත එකඟ කිරීම අනුසස්කොට ඇත්තේය. සිත එකඟ කිරීම තරුණ විදර්‍ශනාව පිණිසය, තරුණ විදර්‍ශනාව අනුසස්කොට ඇත්තේය. තරුණ විදර්‍ශනාව බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය පිණිසය, බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය අනුසස්කොට ඇත්තේය. බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය අර්හත් ඵලය හා ප්‍රත්‍යවෙක්‍ෂා නුවණ පිණිස වේ, අර්හත් ඵලය හා ප්‍රත්‍යවෙක්‍ෂා නුවණ අනුසස්කොට ඇත්තේය. ආනන්‍දය, මෙසේ නිරවද්‍ය සිල්, ක්‍රමයෙන් අර්හත්වය පිණිස යත්.

AN 10-01-02. චෙතනා කරණීය සූත්‍රය-

§1. මහණෙනි, සීලයෙන් යුත් සිල්වතාට, ‘පසුතැවිලි නොවීම මට උපදීවා’ යි සිතෙහි නොකට යුතුය. මහණෙනි, යම් හෙයකින් සීලයෙන් යුත් සිල්වතාට, පසුතැවිලි නොවීම උපදීද. මෙය ස්වභාවයකි. මහණෙනි, පසුතැවිලි නොවූවහුට, ‘මට ප්‍රමෝදය උපදීවා’ යි සිත්හි නොකට යුතුය. පසුතැවිලි නොවන්නාහට යම් ප්‍රමෝදයක් උපදීද, මෙය ස්වභාව ධර්‍මයකි. මහණෙනි, ප්‍රමෝදයෙන් යුක්ත වූවහුට, ‘ප්‍රීතිය මට උපදීවා’ යි සිත්හි නොකට යුතුය. මහණෙනි, ප්‍රමෝද වූවහුට ප්‍රීතිය ඉපදීම ස්වභාවයකි. මහණෙනි, ප්‍රීතියෙන් යුත් සිත ඇත්තාහට, ‘මාගේ ශරීරය සංසිඳේවා’ යි සිත්හි ලා නොකට යුතුය. මහණෙනි, ප්‍රීතියෙන් යුත් සිත් ඇත්තාගේ ශරීරය සංසිඳේද, මෙය ස්වභාවයකි. මහණෙනි, සන්සුන් සිත් ඇත්තාහට, ‘සැපක් විඳිමි’ යි සිත්හි ලා නොකට යුතුය. මහණෙනි, සන්සුන් කය ඇත්තේ යම් සැපයක් විඳීද, මෙය ස්වභාවයකි. මහණෙනි, සැප ඇත්තාහට, ‘මාගේ සිත එකඟවේවා’ යි සිත්හි ලා නොකට යුතුය. මහණෙනි, සැප ඇත්තාගේ සිත එකඟ වේද, මෙය ස්වභාවයකි.

§2. “මහණෙනි, එකඟවූ සිත් ඇත්තාහට, ‘තත්වූ පරිද්දෙන් දනිමි, දකිමි’ යි සිත්හි ලා නොකට යුතුයි. මහණෙනි, එකඟවූයේ යමක් තත්වූ පරිද්දෙන් දනීද, දකීද, මෙය ස්වභාවයකි. මහණෙනි, තත්වූ පරිද්දෙන් දන්නාහට, දක්නාහට. ‘බලවත් විදර්‍ශනාවට පැමිණෙන්නෙමි, මාර්‍ගයට පැමිණෙන්නෙමි’ යි සිත්හි ලා නොකට යුතුය. මහණෙනි, තරුණ විදර්‍ශනා වෙන් දන්නාහට, දක්නාහට, බලවත් විදර්‍ශනාවට පැමිණේද, මාර්‍ගයට පැමිණේද යන මෙය ස්වභාවයකි. මහණෙනි, බලවත් විදර්‍ශනාවට පැමිණියහුට, මාර්‍ගයට පැමිණියහුට, ‘අර්හත් ඵලය හා ප්‍රත්‍යවෙක්‍ෂා ඤාණය ප්‍රත්‍යක්‍ෂ කරමි’ යි සිත්හි ලා නොකට යුතුයි. මහණෙනි, බලවත් විදර්‍ශනාවට පැමිණියේ, මාර්‍ගයට පැමිණියේ, අර්හත් ඵලය හා ප්‍රත්‍යවෙක්‍ෂා ඤාණය ප්‍රත්‍යක්‍ෂ කරයි යන යමක් ඇද්ද, මෙය ධර්‍මතාවයකි.

3. “මහණෙනි, මෙසේ වනාහි බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය අර්හත් ඵලය හා ප්‍රත්‍යවෙක්‍ෂා ඤාණ සඳහාය. අර්හත් ඵලය හා ප්‍රත්‍යවෙක්‍ෂා ඤාණය අනුසස්කොට ඇත්තාහ. තරුණ විදර්‍ශනාව, බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය පිණිස වේ. බලවත් චිදර්‍ශනාව හා මාර්‍ගය අනුසස්කොට ඇත්තේ වේ. සිත එකඟ කිරිම තරුණ විදර්‍ශනාව පිණිස වේ. තරුණ විදර්‍ශනාව අනුසස්කොට ඇත්තේ වේ. සැපය සමාධිය පිණිසය, සමාධිය අනුසස්කොට ඇත්තේය. සංසිඳීම සැපය පිණිසය. සැපය අනුසස්කොට ඇත්තේය. ප්‍රීතිය සන්සිඳීම පිණිසය, සන්සිඳීම අනුසස්කොට ඇත්තේය. ප්‍රමෝදය ප්‍රීතිය පිණිස වේ, ප්‍රීතිය අනුසස්කොට ඇත්තේ වේ. නොපසුතැවිල්ල ප්‍රමෝදය පිණිස වේ. ප්‍රමෝදය අනුසස්කොට ඇත්තේ වේ. නිරවද්‍ය ශීලයෝ නොපසුතැවිල්ල ප්‍රයෝජනකොට ඇත්තාහ, නොපසුතැවිල්ල අනුසස්කොට ඇත්තාහ. මහණෙනි, මෙසේ වනාහි මෙතෙර වැනි ත්‍රෛභූමික වෘත්තයෙන් පරතෙරට යාමට ධර්‍මයෝම ධර්‍මයෙහිම පවතිත්, ධර්‍මයෝම ධර්මයන් පුරවත්.”

AN 10-01-03 . දුස්සීල හතුපනිස සූත්‍රය

§1. මහණෙනි, සීලයෙන් වෙන්වූ දුස්සීලයාට පසුතැවිලි නොවීම නැසුනේ වේ. පසුතැවිලි නොවීම නැතිකල්හි, නොපසුතැවිල්ලෙන් වැලක්කහුට ප්‍රමෝදය නැසුනේ වේ. ප්‍රමෝදය නැති කල්හි ප්‍රමෝදයෙන් වැලැක්කහුට ප්‍රීතිය නැසුනේ වේ. ප්‍රීතිය නැති කල්හි ප්‍රීතියෙන් වැලැක්කහුට සංසිඳීම නැසුනේ වේ. සන්සිඳීම නැතිකල්හි සන්සිඳීමෙන් වැලැක්කහුට සැපය නැසුන කරුණ වේ. සැපය නැති කල්හි සැපයෙන් වැලැක්කහුට සම්‍යක් සමාධිය නැසුනේ වේ. සම්‍යක් සමාධිය නැති කල්හි සම්‍යක් සමාධායෙන් වැලැක්කහුට තරුණ විදර්‍ශනාව නැසුනේ වේ. තරුණ විදර්‍ශනාව නැති කල්හි තරුණ විදර්‍ශනාවෙන් වැලැක්කහුට බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය නැසුනේ වේ. බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය නැති කල්හි බලවත් විදර්‍ශනාවෙන් හා මාර්‍ගයෙන් වැලැක්කහුට අර්‍හත් ඵලය හා ප්‍රත්‍යවෙක්‍ෂා ඤාණය නැසුනේ වේ.

§2. “මහණෙනි, අතු කොළ නැති වෘක්ෂයක් යම් සේද, ඒකේ පලතුරුද සම්පූර්‍ණ නොවෙත්. පොත්තද, ඵලයද, හරයද සම්පූර්‍ණ නොවේද, මහණෙනි, එසේම සීලයෙන් වෙන්වූ දුස්සීලයාට පසුතැවිලි නොවීම නැසුනේ වේ. පසුතැවිලි නොවීම නැතිකල්හි, නොපසුතැවිල්ලෙන් වැලක්කහුට ප්‍රමෝදය නැසුනේ වේ. ප්‍රමෝදය නැති කල්හි ප්‍රමෝදයෙන් වැලැක්කහුට ප්‍රීතිය නැසුනේ වේ. ප්‍රීතිය නැති කල්හි ප්‍රීතියෙන් වැලැක්කහුට සංසිඳීම නැසුනේ වේ. සන්සිඳීම නැතිකල්හි සන්සිඳීමෙන් වැලැක්කහුට සැපය නැසුන කරුණ වේ. සැපය නැති කල්හි සැපයෙන් වැලැක්කහුට සම්‍යක් සමාධිය නැසුනේ වේ. සම්‍යක් සමාධිය නැති කල්හි සම්‍යක් සමාධායෙන් වැලැක්කහුට තරුණ විදර්‍ශනාව නැසුනේ වේ. තරුණ විදර්‍ශනාව නැති කල්හි තරුණ විදර්‍ශනාවෙන් වැලැක්කහුට බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය නැසුනේ වේ. බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය නැති කල්හි බලවත් විදර්‍ශනාවෙන් හා මාර්‍ගයෙන් වැලැක්කහුට අර්‍හත් ඵලය හා ප්‍රත්‍යවෙක්‍ෂා ඤාණය නැසුනේ වේ.

§3. “මහණෙනි, සීලයෙන් යුක්ත සිල්වත්හට පසුතැවිලි නොවීම හේතුව වේ. නොපසුතැවිල්ල ඇති කල්හි නොපසුතැවිල්ලෙන් යුක්ත වූවහුට ප්‍රමෝදය හේතුව වේ. ප්‍රමෝදය ඇති කල්හි ප්‍රමෝදයෙන් යුක්ත වූවහුට ප්‍රීතිය හේතුව වේ. ප්‍රීතිය ඇති කල්හි ප්‍රීතියෙන් යුක්ත වූවහිට සංසිඳීම හේතුව වේ. සංසිඳීම ඇති කල්හි සංසිඳීමෙන් යුක්ත වූවහුට සැපය හේතුව වේ. සැපය ඇති කල්හි සැපයෙන් යුක්ත වූවහුට සම්‍යක් සමාධිය හේතුව වේ. සම්‍යක් සමාධිය ඇති කල්හි සම්‍යක් සමාධියෙන් යුක්ත වූවහුට තරුණ විදර්‍ශනාව හේතුව වේ. තරුණ විදර්‍ශනාව ඇතිකල්හි තරුණ විදර්‍ශනාවෙන් යුක්ත වූවහුට බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය හේතුව වේ. බලවත් විදර්‍ශනාවෙන් හා මාර්‍ගය ඇති කල්හි බලවත් විදර්‍ශනාවෙන් හා මාර්‍ගයෙන් යුක්ත වූවහුට අර්හත් ඵල විමුක්තිය හා ප්‍රත්‍යවෙක්‍ෂා ඤාණය හේතුව වේ.

§4. “මහණෙනි, අතු කොළ ඇති වෘක්‍ෂයක් යම් සේද, එහි පතුරුද සම්පූර්‍ණ වීමට යයි. පොතුද සම්පූර්‍ණ වීමට යයි. ඵලයද සම්පූර්‍ණ විමට යයි. හරයද සම්පූර්‍ණ වීමට යයි. මහණෙනි, එසේම සීලයෙන් යුක්ත සිල්වත්හට පසුතැවිලි නොවීම හේතුව වේ. නොපසුතැවිල්ල ඇති කල්හි නොපසුතැවිල්ලෙන් යුක්ත වූවහුට ප්‍රමෝදය හේතුව වේ. ප්‍රමෝදය ඇති කල්හි ප්‍රමෝදයෙන් යුක්ත වූවහුට ප්‍රීතිය හේතුව වේ. ප්‍රීතිය ඇති කල්හි ප්‍රීතියෙන් යුක්ත වූවහිට සංසිඳීම හේතුව වේ. සංසිඳීම ඇති කල්හි සංසිඳීමෙන් යුක්ත වූවහුට සැපය හේතුව වේ. සැපය ඇති කල්හි සැපයෙන් යුක්ත වූවහුට සම්‍යක් සමාධිය හේතුව වේ. සම්‍යක් සමාධිය ඇති කල්හි සම්‍යක් සමාධියෙන් යුක්ත වූවහුට තරුණ විදර්‍ශනාව හේතුව වේ. තරුණ විදර්‍ශනාව ඇතිකල්හි තරුණ විදර්‍ශනාවෙන් යුක්ත වූවහුට බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය හේතුව වේ. බලවත් විදර්‍ශනාවෙන් හා මාර්‍ගය ඇති කල්හි බලවත් විදර්‍ශනාවෙන් හා මාර්‍ගයෙන් යුක්ත වූවහුට අර්හත් ඵල විමුක්තිය හා ප්‍රත්‍යවෙක්‍ෂා ඤාණය හේතුව වේ.

AN 10-01-04. සාරීපුත්ත හතුපනිස සූත්‍රය-

§1. එකල්හි වනාහි ආයුෂමත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. “ඇවැත්නි, සීලයෙන් වෙන්වූ දුස්සීලයාට පසුතැවිලි නොවීම නැසුනේ වේ. පසුතැවිලි නොවීම නැතිකල්හි, නොපසුතැවිල්ලෙන් වැලක්කහුට ප්‍රමෝදය නැසුනේ වේ. ප්‍රමෝදය නැති කල්හි ප්‍රමෝදයෙන් වැලැක්කහුට ප්‍රීතිය නැසුනේ වේ. ප්‍රීතිය නැති කල්හි ප්‍රීතියෙන් වැලැක්කහුට සංසිඳීම නැසුනේ වේ. සන්සිඳීම නැතිකල්හි සන්සිඳීමෙන් වැලැක්කහුට සැපය නැසුන කරුණ වේ. සැපය නැති කල්හි සැපයෙන් වැලැක්කහුට සම්‍යක් සමාධිය නැසුනේ වේ. සම්‍යක් සමාධිය නැති කල්හි සම්‍යක් සමාධායෙන් වැලැක්කහුට තරුණ විදර්‍ශනාව නැසුනේ වේ. තරුණ විදර්‍ශනාව නැති කල්හි තරුණ විදර්‍ශනාවෙන් වැලැක්කහුට බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය නැසුනේ වේ. බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය නැති කල්හි බලවත් විදර්‍ශනාවෙන් හා මාර්‍ගයෙන් වැලැක්කහුට අර්‍හත් ඵලය හා ප්‍රත්‍යවෙක්‍ෂා ඤාණය නැසුනේ වේ.

§2. “අතු කොළ නැති වෘක්ෂයක් යම් සේද, ඒකේ පලතුරුද සම්පූර්‍ණ නොවෙත්. පොත්තද, ඵලයද, හරයද සම්පූර්‍ණ නොවේද, මහණෙනි, එසේම සීලයෙන් වෙන්වූ දුස්සීලයාට පසුතැවිලි නොවීම නැසුනේ වේ. පසුතැවිලි නොවීම නැතිකල්හි, නොපසුතැවිල්ලෙන් වැලක්කහුට ප්‍රමෝදය නැසුනේ වේ. ප්‍රමෝදය නැති කල්හි ප්‍රමෝදයෙන් වැලැක්කහුට ප්‍රීතිය නැසුනේ වේ. ප්‍රීතිය නැති කල්හි ප්‍රීතියෙන් වැලැක්කහුට සංසිඳීම නැසුනේ වේ. සන්සිඳීම නැතිකල්හි සන්සිඳීමෙන් වැලැක්කහුට සැපය නැසුන කරුණ වේ. සැපය නැති කල්හි සැපයෙන් වැලැක්කහුට සම්‍යක් සමාධිය නැසුනේ වේ. සම්‍යක් සමාධිය නැති කල්හි සම්‍යක් සමාධායෙන් වැලැක්කහුට තරුණ විදර්‍ශනාව නැසුනේ වේ. තරුණ විදර්‍ශනාව නැති කල්හි තරුණ විදර්‍ශනාවෙන් වැලැක්කහුට බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය නැසුනේ වේ. බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය නැති කල්හි බලවත් විදර්‍ශනාවෙන් හා මාර්‍ගයෙන් වැලැක්කහුට අර්‍හත් ඵලය හා ප්‍රත්‍යවෙක්‍ෂා ඤාණය නැසුනේ වේ.

§3. “ඇවැත්නි, සීලයෙන් යුක්ත සිල්වත්හට පසුතැවිලි නොවීම හේතුව වේ. නොපසුතැවිල්ල ඇති කල්හි නොපසුතැවිල්ලෙන් යුක්ත වූවහුට ප්‍රමෝදය හේතුව වේ. ප්‍රමෝදය ඇති කල්හි ප්‍රමෝදයෙන් යුක්ත වූවහුට ප්‍රීතිය හේතුව වේ. ප්‍රීතිය ඇති කල්හි ප්‍රීතියෙන් යුක්ත වූවහිට සංසිඳීම හේතුව වේ. සංසිඳීම ඇති කල්හි සංසිඳීමෙන් යුක්ත වූවහුට සැපය හේතුව වේ. සැපය ඇති කල්හි සැපයෙන් යුක්ත වූවහුට සම්‍යක් සමාධිය හේතුව වේ. සම්‍යක් සමාධිය ඇති කල්හි සම්‍යක් සමාධියෙන් යුක්ත වූවහුට තරුණ විදර්‍ශනාව හේතුව වේ. තරුණ විදර්‍ශනාව ඇතිකල්හි තරුණ විදර්‍ශනාවෙන් යුක්ත වූවහුට බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය හේතුව වේ. බලවත් විදර්‍ශනාවෙන් හා මාර්‍ගය ඇති කල්හි බලවත් විදර්‍ශනාවෙන් හා මාර්‍ගයෙන් යුක්ත වූවහුට අර්හත් ඵල විමුක්තිය හා ප්‍රත්‍යවෙක්‍ෂා ඤාණය හේතුව වේ. ඇවැත්නි, අතු කොළ ඇති වෘක්‍ෂයක් යම් සේද, එහි පතුරුද සම්පූර්‍ණ වීමට යයි. පොතුද සම්පූර්‍ණ වීමට යයි. ඵලයද සම්පූර්‍ණ විමට යයි. හරයද සම්පූර්‍ණ වීමට යයි. ඇවැත්නි, සීලයෙන් යුක්ත සිල්වත්හට පසුතැවිලි නොවීම හේතුව වේ. නොපසුතැවිල්ල ඇති කල්හි නොපසුතැවිල්ලෙන් යුක්ත වූවහුට ප්‍රමෝදය හේතුව වේ. ප්‍රමෝදය ඇති කල්හි ප්‍රමෝදයෙන් යුක්ත වූවහුට ප්‍රීතිය හේතුව වේ. ප්‍රීතිය ඇති කල්හි ප්‍රීතියෙන් යුක්ත වූවහිට සංසිඳීම හේතුව වේ. සංසිඳීම ඇති කල්හි සංසිඳීමෙන් යුක්ත වූවහුට සැපය හේතුව වේ. සැපය ඇති කල්හි සැපයෙන් යුක්ත වූවහුට සම්‍යක් සමාධිය හේතුව වේ. සම්‍යක් සමාධිය ඇති කල්හි සම්‍යක් සමාධියෙන් යුක්ත වූවහුට තරුණ විදර්‍ශනාව හේතුව වේ. තරුණ විදර්‍ශනාව ඇතිකල්හි තරුණ විදර්‍ශනාවෙන් යුක්ත වූවහුට බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය හේතුව වේ. බලවත් විදර්‍ශනාවෙන් හා මාර්‍ගය ඇති කල්හි බලවත් විදර්‍ශනාවෙන් හා මාර්‍ගයෙන් යුක්ත වූවහුට අර්හත් ඵල විමුක්තිය හා ප්‍රත්‍යවෙක්‍ෂා ඤාණය හේතුව වේ.

AN 10-01-05. ආනන්‍ද හතුපනිස සූත්‍රය

§ 1. එකල්හි වනාහි ආයුෂමත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. “ඇවැත්නි, සීලයෙන් වෙන්වූ දුස්සීලයාට පසුතැවිලි නොවීම නැසුනේ වේ. පසුතැවිලි නොවීම නැතිකල්හි, නොපසුතැවිල්ලෙන් වැලක්කහුට ප්‍රමෝදය නැසුනේ වේ. ප්‍රමෝදය නැති කල්හි ප්‍රමෝදයෙන් වැලැක්කහුට ප්‍රීතිය නැසුනේ වේ. ප්‍රීතිය නැති කල්හි ප්‍රීතියෙන් වැලැක්කහුට සංසිඳීම නැසුනේ වේ. සන්සිඳීම නැතිකල්හි සන්සිඳීමෙන් වැලැක්කහුට සැපය නැසුන කරුණ වේ. සැපය නැති කල්හි සැපයෙන් වැලැක්කහුට සම්‍යක් සමාධිය නැසුනේ වේ. සම්‍යක් සමාධිය නැති කල්හි සම්‍යක් සමාධායෙන් වැලැක්කහුට තරුණ විදර්‍ශනාව නැසුනේ වේ. තරුණ විදර්‍ශනාව නැති කල්හි තරුණ විදර්‍ශනාවෙන් වැලැක්කහුට බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය නැසුනේ වේ. බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය නැති කල්හි බලවත් විදර්‍ශනාවෙන් හා මාර්‍ගයෙන් වැලැක්කහුට අර්‍හත් ඵලය හා ප්‍රත්‍යවෙක්‍ෂා ඤාණය නැසුනේ වේ.

§2. අතු කොළ නැති වෘක්ෂයක් යම් සේද, ඒකේ පලතුරුද සම්පූර්‍ණ නොවෙත්. පොත්තද, ඵලයද, හරයද සම්පූර්‍ණ නොවේද, මහණෙනි, එසේම සීලයෙන් වෙන්වූ දුස්සීලයාට පසුතැවිලි නොවීම නැසුනේ වේ. පසුතැවිලි නොවීම නැතිකල්හි, නොපසුතැවිල්ලෙන් වැලක්කහුට ප්‍රමෝදය නැසුනේ වේ. ප්‍රමෝදය නැති කල්හි ප්‍රමෝදයෙන් වැලැක්කහුට ප්‍රීතිය නැසුනේ වේ. ප්‍රීතිය නැති කල්හි ප්‍රීතියෙන් වැලැක්කහුට සංසිඳීම නැසුනේ වේ. සන්සිඳීම නැතිකල්හි සන්සිඳීමෙන් වැලැක්කහුට සැපය නැසුන කරුණ වේ. සැපය නැති කල්හි සැපයෙන් වැලැක්කහුට සම්‍යක් සමාධිය නැසුනේ වේ. සම්‍යක් සමාධිය නැති කල්හි සම්‍යක් සමාධායෙන් වැලැක්කහුට තරුණ විදර්‍ශනාව නැසුනේ වේ. තරුණ විදර්‍ශනාව නැති කල්හි තරුණ විදර්‍ශනාවෙන් වැලැක්කහුට බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය නැසුනේ වේ. බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය නැති කල්හි බලවත් විදර්‍ශනාවෙන් හා මාර්‍ගයෙන් වැලැක්කහුට අර්‍හත් ඵලය හා ප්‍රත්‍යවෙක්‍ෂා ඤාණය නැසුනේ වේ.

§3. “ඇවැත්නි, සීලයෙන් යුක්ත සිල්වත්හට පසුතැවිලි නොවීම හේතුව වේ. නොපසුතැවිල්ල ඇති කල්හි නොපසුතැවිල්ලෙන් යුක්ත වූවහුට ප්‍රමෝදය හේතුව වේ. ප්‍රමෝදය ඇති කල්හි ප්‍රමෝදයෙන් යුක්ත වූවහුට ප්‍රීතිය හේතුව වේ. ප්‍රීතිය ඇති කල්හි ප්‍රීතියෙන් යුක්ත වූවහිට සංසිඳීම හේතුව වේ. සංසිඳීම ඇති කල්හි සංසිඳීමෙන් යුක්ත වූවහුට සැපය හේතුව වේ. සැපය ඇති කල්හි සැපයෙන් යුක්ත වූවහුට සම්‍යක් සමාධිය හේතුව වේ. සම්‍යක් සමාධිය ඇති කල්හි සම්‍යක් සමාධියෙන් යුක්ත වූවහුට තරුණ විදර්‍ශනාව හේතුව වේ. තරුණ විදර්‍ශනාව ඇතිකල්හි තරුණ විදර්‍ශනාවෙන් යුක්ත වූවහුට බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය හේතුව වේ. බලවත් විදර්‍ශනාවෙන් හා මාර්‍ගය ඇති කල්හි බලවත් විදර්‍ශනාවෙන් හා මාර්‍ගයෙන් යුක්ත වූවහුට අර්හත් ඵල විමුක්තිය හා ප්‍රත්‍යවෙක්‍ෂා ඤාණය හේතුව වේ. ඇවැත්නි, අතු කොළ ඇති වෘක්‍ෂයක් යම් සේද, එහි පතුරුද සම්පූර්‍ණ වීමට යයි. පොතුද සම්පූර්‍ණ වීමට යයි. ඵලයද සම්පූර්‍ණ විමට යයි. හරයද සම්පූර්‍ණ වීමට යයි. ඇවැත්නි, සීලයෙන් යුක්ත සිල්වත්හට පසුතැවිලි නොවීම හේතුව වේ. නොපසුතැවිල්ල ඇති කල්හි නොපසුතැවිල්ලෙන් යුක්ත වූවහුට ප්‍රමෝදය හේතුව වේ. ප්‍රමෝදය ඇති කල්හි ප්‍රමෝදයෙන් යුක්ත වූවහුට ප්‍රීතිය හේතුව වේ. ප්‍රීතිය ඇති කල්හි ප්‍රීතියෙන් යුක්ත වූවහිට සංසිඳීම හේතුව වේ. සංසිඳීම ඇති කල්හි සංසිඳීමෙන් යුක්ත වූවහුට සැපය හේතුව වේ. සැපය ඇති කල්හි සැපයෙන් යුක්ත වූවහුට සම්‍යක් සමාධිය හේතුව වේ. සම්‍යක් සමාධිය ඇති කල්හි සම්‍යක් සමාධියෙන් යුක්ත වූවහුට තරුණ විදර්‍ශනාව හේතුව වේ. තරුණ විදර්‍ශනාව ඇතිකල්හි තරුණ විදර්‍ශනාවෙන් යුක්ත වූවහුට බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය හේතුව වේ. බලවත් විදර්‍ශනාවෙන් හා මාර්‍ගය ඇති කල්හි බලවත් විදර්‍ශනාවෙන් හා මාර්‍ගයෙන් යුක්ත වූවහුට අර්හත් ඵල විමුක්තිය හා ප්‍රත්‍යවෙක්‍ෂා ඤාණය හේතුව වේ.

AN 10-01-06. සමාධි පටිලාභ සූත්‍රය

§1. “ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත් පසෙක සිටියේය. එකත් පසෙක සිටි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, යම්සේ පෘථුවියෙහි පෘථුවි සංඥා ඇත්තේ නොවන්නේද. වතුරෙහි වතුර යන සංඥාව ඇත්තේ නොවන්නේද, ගින්නෙහි ගින්න යන සංඥාව ඇත්තේ නොවන්නේද, වාතයෙහි වාතය යන සංඥාව ඇත්තේ නොවන්නේද, ආකාශානඤ්චායතනයෙහි ආකාශානඤ්චායතන සංඥාව ඇත්තේ නොවන්නේද,

§2. විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතන සංඥාව ඇත්තේ නොවන්නේද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතන සංඥාව ඇත්තේ නොවන්නේද, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව ඇත්තේ නොවන්නේද, මේ ලෝකයෙහි මේ ලෝකය යන සංඥාව ඇත්තේ නොවන්නේද, පරලෙව්හි පරලොව යන සංඥා ඇත්තේ නොවන්නේද, සිත් ඇති සමාපත්තියක් වනාහි ඇත්තේද, එබඳු සමාධි ප්‍රතිලාභයක් වන්නේදැ” යි ඇසූයේය.

§3. “ආනන්‍දය, මහණහට යම්සේ පෘථුවියෙහි පෘථුවි යන සංඥාව ඇත්තේ නොවේද. ජලයෙහි ජලය යන සංඥාව ඇත්තේ නොවේද, ගින්නෙහි ගින්න යන සංඥාව ඇත්තේ නොවේද, වාතයෙහි වාතය යන සංඥාව ඇත්තේ නොවේද, ආකාශානඤ්චායතනයෙහි ආකාශානඤ්චායතන සංඥාව ඇත්තේ නොවේද, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතන සංඥාව ඇත්තේ නොවේද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතන සංඥාව ඇත්තේ නොවේද, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව ඇත්තේ නොවේද, මේ ලෝකයෙහි මේ ලෝකය යන සංඥාව ඇත්තේ නොවේද, පරලෝකයෙහි පරලෝකය යන සංඥා ඇත්තේ නොවේද, සිත් ඇති සමාපත්තියෙක් ඇත්තේද, එබඳු සමාධි ප්‍රතිලාභයක් වන්නේය.

§4. “ස්වාමීනි, මහණහට යම්සේ පෘථුවියෙහි පෘථුවි යන සංඥාව ඇත්තේ නොවේද. ජලයෙහි ජලය යන සංඥාව ඇත්තේ නොවේද, ගින්නෙහි ගින්න යන සංඥාව ඇත්තේ නොවේද, වාතයෙහි වාතය යන සංඥාව ඇත්තේ නොවේද, ආකාශානඤ්චායතනයෙහි ආකාශානඤ්චායතන සංඥාව ඇත්තේ නොවේද, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතන සංඥාව ඇත්තේ නොවේද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතන සංඥාව ඇත්තේ නොවේද, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව ඇත්තේ නොවේද, මේ ලෝකයෙහි මේ ලෝකය යන සංඥාව ඇත්තේ නොවේද, පරලෝකයෙහි පරලෝකය යන සංඥා ඇත්තේ නොවේද, සිත් ඇති සමාපත්තියෙක් ඇත්තේද, එබඳු සමාධි ප්‍රතිලාභයක් වන්නේය. ස්වාමීනි, මෙය කෙසේ වන්නේද?”

§5. “ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම යම් මේ සියලු කෙලෙස් දුරුකරන්නාවූ, තෘෂ්ණාව ක්‍ෂය කරන්නාවූ, මාර්‍ගයක් ඇද්ද, නිරෝධ සංඛ්‍යාත නිවණක් ඇද්ද, සියලු සංස්කාරයන් සංසිඳුවන මේ ඵල සමාපත්තිය ශාන්තය, මේ ඵල සමාපත්තිය ප්‍රණීතයයි මෙබඳු සිත් ඇත්තේ යම් සේ පෘථුවියෙහි පෘථුවි යන සංඥාව ඇත්තේ නොවේද. ජලයෙහි ජලය යන සංඥාව ඇත්තේ නොවේද, ගින්නෙහි ගින්න යන සංඥාව ඇත්තේ නොවේද, වාතයෙහි වාතය යන සංඥාව ඇත්තේ නොවේද, ආකාශානඤ්චායතනයෙහි ආකාශානඤ්චායතන සංඥාව ඇත්තේ නොවේද, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතන සංඥාව ඇත්තේ නොවේද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතන සංඥාව ඇත්තේ නොවේද, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව ඇත්තේ නොවේද, මේ ලෝකයෙහි මේ ලෝකය යන සංඥාව ඇත්තේ නොවේද, පරලෝකයෙහි පරලෝකය යන සංඥා ඇත්තේ නොවේද, සිත් ඇති සමාපත්තියෙක් ඇත්තේදැයි, ආනන්‍දය, මෙබඳු සමාධි ප්‍රතිලාභයක් වන්නේය.

AN 10-01-07. කිංසඤ්ඤී සූත්‍රය

§1. “ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වැඳ, එකත් පසෙක සිටියේය. එකත් පසෙක සිටි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට, “ස්වාමීනි, යම්සේ පෘථුවියෙහි පෘථුවි සංඥා ඇත්තේ නොවන්නේද. වතුරෙහි වතුර යන සංඥාව ඇත්තේ නොවන්නේද, ගින්නෙහි ගින්න යන සංඥාව ඇත්තේ නොවන්නේද, වාතයෙහි වාතය යන සංඥාව ඇත්තේ නොවන්නේද, ආකාශානඤ්චායතනයෙහි ආකාශානඤ්චායතන සංඥාව ඇත්තේ නොවන්නේද, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතන සංඥාව ඇත්තේ නොවන්නේද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතන සංඥාව ඇත්තේ නොවන්නේද, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව ඇත්තේ නොවන්නේද, මේ ලෝකයෙහි මේ ලෝකය යන සංඥාව ඇත්තේ නොවන්නේද, පරලෙව්හි පරලොව යන සංඥා ඇත්තේ නොවන්නේද, සිත් ඇති සමාපත්තියක් වනාහි ඇත්තේද, එබඳු සමාධි ප්‍රතිලාභයක් වන්නේදැ” යි ඇසූයේය.

§2. “ආනන්‍දය, මහණහට යම්සේ පෘථුවියෙහි පෘථුවි යන සංඥාව ඇත්තේ නොවේද. ජලයෙහි ජලය යන සංඥාව ඇත්තේ නොවේද, ගින්නෙහි ගින්න යන සංඥාව ඇත්තේ නොවේද, වාතයෙහි වාතය යන සංඥාව ඇත්තේ නොවේද, ආකාශානඤ්චායතනයෙහි ආකාශානඤ්චායතන සංඥාව ඇත්තේ නොවේද, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතන සංඥාව ඇත්තේ නොවේද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතන සංඥාව ඇත්තේ නොවේද, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව ඇත්තේ නොවේද, මේ ලෝකයෙහි මේ ලෝකය යන සංඥාව ඇත්තේ නොවේද, පරලෝකයෙහි පරලෝකය යන සංඥා ඇත්තේ නොවේද, සිත් ඇති සමාපත්තියෙක් ඇත්තේද, එබඳු සමාධි ප්‍රතිලාභයක් වන්නේය.

§3. “ස්වාමීනි, මහණහට යම්සේ පෘථුවියෙහි පෘථුවි යන සංඥාව ඇත්තේ නොවේද. ජලයෙහි ජලය යන සංඥාව ඇත්තේ නොවේද, ගින්නෙහි ගින්න යන සංඥාව ඇත්තේ නොවේද, වාතයෙහි වාතය යන සංඥාව ඇත්තේ නොවේද, ආකාශානඤ්චායතනයෙහි ආකාශානඤ්චායතන සංඥාව ඇත්තේ නොවේද, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතන සංඥාව ඇත්තේ නොවේද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතන සංඥාව ඇත්තේ නොවේද, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව ඇත්තේ නොවේද, මේ ලෝකයෙහි මේ ලෝකය යන සංඥාව ඇත්තේ නොවේද, පරලෝකයෙහි පරලෝකය යන සංඥා ඇත්තේ නොවේද, සිත් ඇති සමාපත්තියෙක් ඇත්තේද, එබඳු සමාධි ප්‍රතිලාභයක් වන්නේය. ස්වාමීනි, මෙය කෙසේ වන්නේද?”

§4.“ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම යම් මේ සියලු කෙලෙස් දුරුකරන්නාවූ, තෘෂ්ණාව ක්‍ෂය කරන්නාවූ, මාර්‍ගයක් ඇද්ද, නිරෝධ සංඛ්‍යාත නිවණක් ඇද්ද, සියලු සංස්කාරයන් සංසිඳුවන මේ ඵල සමාපත්තිය ශාන්තය, මේ ඵල සමාපත්තිය ප්‍රණීතයයි මෙබඳු සිත් ඇත්තේ යම් සේ පෘථුවියෙහි පෘථුවි යන සංඥාව ඇත්තේ නොවේද. ජලයෙහි ජලය යන සංඥාව ඇත්තේ නොවේද, ගින්නෙහි ගින්න යන සංඥාව ඇත්තේ නොවේද, වාතයෙහි වාතය යන සංඥාව ඇත්තේ නොවේද, ආකාශානඤ්චායතනයෙහි ආකාශානඤ්චායතන සංඥාව ඇත්තේ නොවේද, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතන සංඥාව ඇත්තේ නොවේද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතන සංඥාව ඇත්තේ නොවේද, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව ඇත්තේ නොවේද, මේ ලෝකයෙහි මේ ලෝකය යන සංඥාව ඇත්තේ නොවේද, පරලෝකයෙහි පරලෝකය යන සංඥා ඇත්තේ නොවේද, සිත් ඇති සමාපත්තියෙක් ඇත්තේදැයි, ආනන්‍දය, මෙබඳු සමාධි ප්‍රතිලාභයක් වන්නේය.

§5. ඒ කාලයෙහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ, “කුමණ සංඥාවක් ඇත්තේ වූයේද, ඇවැත්නි, මට භව නිරෝධය නිර්‍වාණය භව නිරෝධය නිර්‍වාණයයි, මට අනික්ම සංඥාවක් උපදී. අනිත්ම සංඥාවක් නිරුද්‍ධ වේ. ඇවැත්නි, යම් සේ ලී කැබෙල්ලක් ගින්නෙන් දැවෙන්නේ අනෙක්ම ගින්නක් උපදීද, අනිත්ම ගින්නක් නිරුද්‍ධ වේද, ඇවැත්නි, මෙසේම මම භවයාගේ නිරෝධ නිර්‍වාණය භවයාගේ නිරෝධය නිර්‍වාණයයි, අනික් සංඥාවක්ම උපදී. අනික් සංඥාවක්ම නිරුද්‍ධ වේ. ඇවැත්නි, ඒ කාලයෙහි මම භව නිරෝධය නිර්‍වාණය යන සංඥා ඇත්තේ වූයෙමි.”

AN 10-01-08. සමන්ත පාසාදිකා සූත්‍රය

§1. “මහණෙනි, මහණතෙම ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් නොවේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් අසම්පූර්‍ණවූයේ වේ. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවත්ද සිල්වත්ද වන්නෙම් නම් යෙහෙකැයි ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත් වේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්‍ණවූයේ වේ.

§2. “මහණෙනි, මහණතෙම ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත නොවේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් අසම්පූර්‍ණවූයේ වේ. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද වන්නේ නම් යෙහෙකැ’ යි ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද වේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්‍ණවූයේ වේ.

§3.“මහණෙනි, මහණතෙම ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත වේද, ධර්‍ම කථික නුවූයේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් අසම්පූර්‍ණවූයේ වේ. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද ධර්‍ම කථිකවන්නේ නම් යෙහෙකැ’ යි ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද ධර්‍ම කථික වේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්‍ණවූයේ වේ.

§4.“මහණෙනි, මහණතෙම ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත වේද, ධර්‍ම කථික වූයේද, පිරිස්හි නොහැසිරේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් අසම්පූර්‍ණවූයේ වේ. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද ධර්‍ම කථිකවන්නේද, පිරිස්හි හැසිරේ නම් යෙහෙකැ’ යි ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්‍ණවූයේ වේ.

§5. “මහණෙනි, මහණතෙම ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත වේද, ධර්‍ම කථික වූයේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා නොකෙරෙම්ද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් අසම්පූර්‍ණවූයේ වේ. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරෙම් නම් යෙහෙකැ’ යි ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිසහි ධර්‍ම දේශනා කෙරේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්‍ණවූයේ වේ.

§6. “මහණෙනි, මහණතෙම ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත වේද, ධර්‍ම කථික වූයේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරෙම්ද, විනයධර නොවෙම්ද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් අසම්පූර්‍ණවූයේ වේ. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වෙම්ද, පිරිස්හි හැසිරෙම්ද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරෙම්ද, විනයධර වී නම් යෙහෙකැ’ යි ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිසහි ධර්‍ම දේශනා කෙරේද, විනයධරද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්‍ණවූයේ වේ.

§7. “මහණෙනි, මහණතෙම ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත වේද, ධර්‍ම කථික වූයේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරෙම්ද, විනයධර වේද, ප්‍රාන්ත සේනාසන භජනය කරණ, අරණ්‍යයෙහි වාසය කරන්නේ නොවේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් අසම්පූර්‍ණවූයේ වේ. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වෙම්ද, පිරිස්හි හැසිරෙම්ද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරෙම්ද, විනයධර වීද, ප්‍රාන්ත සේනාසන භජනය කරණ, අරණ්‍යයෙහි වාසය කරන්නෙක් වී නම් යෙහෙකැ’ යි ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිසහි ධර්‍ම දේශනා කෙරේද, විනයධරද, ප්‍රාන්ත සේනාසන භජනය කරණ, අරණ්‍යයෙහි වාසය කරන්නෙක්ද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්‍ණවූයේ වේ.

§8. “මහණෙනි, මහණතෙම ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත වේද, ධර්‍ම කථික වූයේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරෙම්ද, විනයධර වේද, ප්‍රාන්ත සේනාසන භජනය කරණ, අරණ්‍යයෙහි වාසය කරන්නේ වේද, ශ්‍රේෂ්ඨ අධිසිතෙහිවූ, මේ ආත්මයෙහිම සැප විහරණ ඇති, රූපාවචර ධ්‍යාන සතර අයත්නයෙන් නොලබන්නේ වේ, නිදුකින් නොලබන්නේ වේ, පහසුවෙන් නොලබන්නේ වේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් අසම්පූර්‍ණවූයේ වේ. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වෙම්ද, පිරිස්හි හැසිරෙම්ද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරෙම්ද, විනයධර වීද, ප්‍රාන්ත සේනාසන භජනය කරණ, අරණ්‍යයෙහි වාසය කරන්නෙක් වී, ශ්‍රේෂ්ඨ අධිසිතෙහිවූ, මේ ආත්මයෙහිම සැප විහරණ ඇති, රූපාවචර ධ්‍යාන සතර අයත්නයෙන් ලබන්නේ වේද, නිදුකින් ලබන්නේ වේ, පහසුවෙන් ලබන්නේ වේද නම් යෙහෙකැ’ යි ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිසහි ධර්‍ම දේශනා කෙරේද, විනයධරද, ප්‍රාන්ත සේනාසන භජනය කරණ, අරණ්‍යයෙහි වාසය කරන්නෙක්ද, ශ්‍රේෂ්ඨ අධිසිතෙහිවූ, මේ ආත්මයෙහිම සැප විහරණ ඇති, රූපාවචර ධ්‍යාන සතර අයත්නයෙන් ලබන්නේ වේද, නිදුකින් ලබන්නේ වේ, පහසුවෙන් ලබන්නේ වේද මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්‍ණවූයේ වේ.

§ 9. “මහණෙනි, මහණතෙම ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත වේද, ධර්‍ම කථික වූයේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරෙම්ද, විනයධර වේද, ප්‍රාන්ත සේනාසන භජනය කරණ, අරණ්‍යයෙහි වාසය කරන්නේ වේද, ශ්‍රේෂ්ඨ අධිසිතෙහිවූ, මේ ආත්මයෙහිම සැප විහරණ ඇති, රූපාවචර ධ්‍යාන සතර අයත්නයෙන් ලබන්නේ වේ, නිදුකින් ලබන්නේ වේ, පහසුවෙන් ලබන්නේ වේද, ආශ්‍රවයන්ගේ ක්‍ෂය වීමෙන් ආශ්‍රව රහිත චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය නොකරයිද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් අසම්පූර්‍ණවූයේ වේ. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වෙම්ද, පිරිස්හි හැසිරෙම්ද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරෙම්ද, විනයධර වීද, ප්‍රාන්ත සේනාසන භජනය කරණ, අරණ්‍යයෙහි වාසය කරන්නෙක් වී, ශ්‍රේෂ්ඨ අධිසිතෙහිවූ, මේ ආත්මයෙහිම සැප විහරණ ඇති, රූපාවචර ධ්‍යාන සතර අයත්නයෙන් ලබන්නේ වේද, නිදුකින් ලබන්නේ වේ, පහසුවෙන් ලබන්නේ වේද, ආශ්‍රවයන්ගේ ක්‍ෂය වීමෙන් ආශ්‍රව රහිත චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කරයිද, නම් යෙහෙකැ’ යි ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිසහි ධර්‍ම දේශනා කෙරේද, විනයධරද, ප්‍රාන්ත සේනාසන භජනය කරණ, අරණ්‍යයෙහි වාසය කරන්නෙක්ද, ශ්‍රේෂ්ඨ අධිසිතෙහිවූ, මේ ආත්මයෙහිම සැප විහරණ ඇති, රූපාවචර ධ්‍යාන සතර අයත්නයෙන් ලබන්නේ වේද, නිදුකින් ලබන්නේ වේ, පහසුවෙන් ලබන්නේ වේද, ආශ්‍රවයන්ගේ ක්‍ෂය වීමෙන් ආශ්‍රව රහිත චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කරයිද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්‍ණවූයේ වේ.

§ 10. “මෙසේ හෙතෙම ඒ කොටස සම්පූර්‍ණ නොකෙළේ වේ. ඔහු විසින් ඒ කොටස සම්පූර්‍ණ කටයුතුයි. කෙසේ මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථිකද, පිරිස්හි හැසිරෙන්නෙම්ද, විසාරදව පිරිසෙහි ධර්‍ම දේශනා කරන්නෙම්ද, විනයධරද, ප්‍රාන්ත සේනාසන භජනය කරණ, ආරණ්‍යයෙහි වාසය කරන්නෙම්ද, නිතර පිරිසිදුවූ මේ ආත්මයෙහි සැප විහරණ ඇති, රූපාවචර ධ්‍යාන සතර කැමැතිසේ ලබන්නේ වේ, සුවසේ ලබන්නේ වේ, වහා ලබන්නේ වේ. ආශ්‍රවයන්ගේ ක්‍ෂය වීමෙන්, ආශ්‍රව රහිත චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද, මෙලොවම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට වාසය කරන්නෙම් නම් යෙහෙකැ” යි කියායි.-

AN 10-01-09. සබ්බාකාර පරිපූර සූත්‍රය,

§1. “මහණෙනි, යම් තැනක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථිකද, පිරිස්හි හැසිරෙන්නේද, විසාරදව පිරිසෙහි ධර්‍ම දේශනා කරන්නේද, විනයධරද, ප්‍රාන්ත සේනාසන භජනය කරණ, ආරණ්‍යයෙහි වාසය කරන්නේද, රූපයන් ඉක්මවා අරූපවූ යම් ඒ ශාන්ත මිදීමක් ඇද්ද, ඔවුහු කයින් ස්පර්‍ශකොට වාසය කරයිද, ආශ්‍රවයන්ගේ ක්‍ෂය වීමෙන්, ආශ්‍රව රහිත චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද, මෙලොවම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට වාසය කරයි. මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්‍ණ වූයේ වේ. මහණෙනි, මේ කරුණු දසයෙන් යුක්තවු මහණතෙම හාත්පසින් ප්‍රසාද එලවන්නේද වේ. සර්‍වප්‍රකාරයෙන් සම්පූර්‍ණවූයේද වේ.

§2. “මහණෙනි, මහණතෙම ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් නොවේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් අසම්පූර්‍ණවූයේ වේ. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද වන්නෙම් නම් යෙහෙකැයි ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත් වේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්‍ණවූයේ වේ.

§3. “මහණෙනි, මහණතෙම ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත නොවේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් අසම්පූර්‍ණවූයේ වේ. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද වන්නේ නම් යෙහෙකැ’ යි ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද වේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්‍ණවූයේ වේ.

§4. “මහණෙනි, මහණතෙම ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත වේද, ධර්‍ම කථික නුවූයේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් අසම්පූර්‍ණවූයේ වේ. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද ධර්‍ම කථිකවන්නේ නම් යෙහෙකැ’ යි ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද ධර්‍ම කථික වේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්‍ණවූයේ වේ.

§5 .“මහණෙනි, මහණතෙම ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත වේද, ධර්‍ම කථික වූයේද, පිරිස්හි නොහැසිරේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් අසම්පූර්‍ණවූයේ වේ. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද ධර්‍ම කථිකවන්නේද, පිරිස්හි හැසිරේ නම් යෙහෙකැ’ යි ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්‍ණවූයේ වේ.

§6. “මහණෙනි, මහණතෙම ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත වේද, ධර්‍ම කථික වූයේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා නොකෙරෙම්ද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් අසම්පූර්‍ණවූයේ වේ. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරෙම් නම් යෙහෙකැ’ යි ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිසහි ධර්‍ම දේශනා කෙරේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්‍ණවූයේ වේ.

§7. “මහණෙනි, මහණතෙම ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත වේද, ධර්‍ම කථික වූයේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරෙම්ද, විනයධර නොවෙම්ද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් අසම්පූර්‍ණවූයේ වේ. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වෙම්ද, පිරිස්හි හැසිරෙම්ද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරෙම්ද, විනයධර වී නම් යෙහෙකැ’ යි ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිසහි ධර්‍ම දේශනා කෙරේද, විනයධරද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්‍ණවූයේ වේ.

§8. “මහණෙනි, මහණතෙම ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත වේද, ධර්‍ම කථික වූයේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරෙම්ද, විනයධර වේද, ප්‍රාන්ත සේනාසන භජනය කරණ, අරණ්‍යයෙහි වාසය කරන්නේ නොවේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් අසම්පූර්‍ණවූයේ වේ. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වෙම්ද, පිරිස්හි හැසිරෙම්ද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරෙම්ද, විනයධර වීද, ප්‍රාන්ත සේනාසන භජනය කරණ, අරණ්‍යයෙහි වාසය කරන්නෙක් වී නම් යෙහෙකැ’ යි ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරේද, විනයධරද, ප්‍රාන්ත සේනාසන භජනය කරණ, අරණ්‍යයෙහි වාසය කරන්නෙක්ද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්‍ණවූයේ වේ.

§ 9. “ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිසහි ධර්‍ම දේශනා කෙරේද, විනයධරද, ප්‍රාන්ත සේනාසන භජනය කරණ, අරණ්‍යයෙහි වාසය කරන්නෙක්ද, රූපයන් ඉක්මවා අරූපවූ යම් ඒ ශාන්ත මිදීමක් ඇද්ද, ඔවුහු කයින් ස්පර්‍ශකොට වාසය නොකරයි. මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් අසම්පූර්‍ණවූයේ වේ. කිමෙක්ද මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිසහි ධර්‍ම දේශනා කෙරේද, විනයධරද, ප්‍රාන්ත සේනාසන භජනය කරණ, අරණ්‍යයෙහි වාසය කරන්නෙක්ද, රූපයන් ඉක්මවා අරූපවූ යම් ඒ ශාන්ත මිදීමක් ඇද්ද, ඔවුහු කයින් ස්පර්‍ශකොට වාසය කරන්නේ නම් යෙහෙකැයි ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙමේ ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරේද, විනයධරද, ප්‍රාන්ත සේනාසන භජනය කරණ, අරණ්‍යයෙහි වාසය කරන්නෙක්ද, රූපයන් ඉක්මවා අරූපවූ යම් ඒ ශාන්ත මිදීමක් ඇද්ද, ඔවුහු කයින් ස්පර්‍ශකොට වාසය කෙරේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්‍ණවූයේ වේ.

§ 10. “ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිසහි ධර්‍ම දේශනා කෙරේද, විනයධරද, ප්‍රාන්ත සේනාසන භජනය කරණ, අරණ්‍යයෙහි වාසය කරන්නෙක්ද, රූපයන් ඉක්මවා අරූපවූ යම් ඒ ශාන්ත මිදීමක් ඇද්ද, ඔවුහු කයින් ස්පර්‍ශකොට වාසය කෙරෙම්ද, ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීමෙන් ආශ්‍රව රහිත චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද, මෙ ලොවම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කරයිද, නොකරයි. මෙසේ හෙතෙම ඒ කොටසින් අසම්පූර්‍ණවූයේ වේ.

§ 11.“ඔහු විසින් ඒ කොටස සම්පූර්‍ණ කටයුතුය. “මම ශ්‍රද්‍ධාවත්ද වන්නෙමි. සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථිකද, පිරිස්හි හැසිරෙන්නේද, දක්‍ෂවූයේ පිරිස්හි ධර්‍ම දේශනා කරන්නෙමි. විනයධරද, ප්‍රාන්ත සේනාසන භජනය කරණ ආරඤ්ඤිකද වන්නෙමි. රූපයන් ඉක්මවා අරූපවූ යම් ඒ ශාන්ත මිදීමක් ඇද්ද, ඔවුහු කයින් ස්පර්‍ශකොට වාසය කරන්නෙමි. ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීමෙන් ආශ්‍රව රහිත චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද, මෙලොවම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කරන්නෙම්ද, ඔහු විසින් ඒ කොටස සම්පූර්‍ණ කටයුතුය.”

AN 10-01-10. පාසාදික පරිපූර සූත්‍රය

§ 1. “මහණෙනි, යම් තැනක සිට මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථිකද, පිරිස්හි හැසිරෙන්නෙම්ද, විසාරදව පිරිසෙහි ධර්‍ම දේශනා කරන්නෙම්ද, විනයධරද, ප්‍රාන්ත සේනාසන භජනය කරණ, ආරණ්‍යයෙහි වාසය කරන්නෙම්ද, අනෙකප්‍රකාර පූර්‍වෙනිවාසය සිහි කරයිද, පිරිසිදුවූ මනුෂ්‍ය.්වය ඉක්මවූවාවු දිවැසින් (මෙහි අංගුත්තර නිකායේ දුතිය පණ්ණාසකයේ, බ්‍රාහ්මණ වර්‍ගයේ, 8 සූත්‍රයේ 8 ඡේදය යෙදිය යුතුයි.) සත්ත්‍වයන් දකීද, මහණෙනි, මේ කරුණු දසයෙන් යුක්තවු මහණතෙම ප්‍රසාදාවහ වේ. සර්‍වප්‍රකාරයෙන් සම්පූර්‍ණවූයේ වේ.

§2. “මහණෙනි, මහණතෙම ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් නොවේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් අසම්පූර්‍ණවූයේ වේ. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද වන්නෙම් නම් යෙහෙකැයි ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත් වේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්‍ණවූයේ වේ.

§3. “මහණෙනි, මහණතෙම ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත නොවේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් අසම්පූර්‍ණවූයේ වේ. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද වන්නේ නම් යෙහෙකැ’ යි ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද වේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්‍ණවූයේ වේ.

§4. “මහණෙනි, මහණතෙම ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත වේද, ධර්‍ම කථික නුවූයේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් අසම්පූර්‍ණවූයේ වේ. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද ධර්‍ම කථිකවන්නේ නම් යෙහෙකැ’ යි ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද ධර්‍ම කථික වේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්‍ණවූයේ වේ.

§5.“මහණෙනි, මහණතෙම ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත වේද, ධර්‍ම කථික වූයේද, පිරිස්හි නොහැසිරේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් අසම්පූර්‍ණවූයේ වේ. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද ධර්‍ම කථිකවන්නේද, පිරිස්හි හැසිරේ නම් යෙහෙකැ’ යි ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්‍ණවූයේ වේ.

§6. “මහණෙනි, මහණතෙම ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත වේද, ධර්‍ම කථික වූයේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා නොකෙරෙම්ද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් අසම්පූර්‍ණවූයේ වේ. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරෙම් නම් යෙහෙකැ’ යි ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිසහි ධර්‍ම දේශනා කෙරේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්‍ණවූයේ වේ.

§7, “මහණෙනි, මහණතෙම ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත වේද, ධර්‍ම කථික වූයේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරෙම්ද, විනයධර නොවෙම්ද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් අසම්පූර්‍ණවූයේ වේ. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වෙම්ද, පිරිස්හි හැසිරෙම්ද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරෙම්ද, විනයධර වී නම් යෙහෙකැ’ යි ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිසහි ධර්‍ම දේශනා කෙරේද, විනයධරද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්‍ණවූයේ වේ.

§8.“මහණෙනි, මහණතෙම ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත වේද, ධර්‍ම කථික වූයේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරෙම්ද, විනයධර වේද, ප්‍රාන්ත සේනාසන භජනය කරණ, අරණ්‍යයෙහි වාසය කරන්නේ නොවේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් අසම්පූර්‍ණවූයේ වේ. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වෙම්ද, පිරිස්හි හැසිරෙම්ද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරෙම්ද, විනයධර වීද, ප්‍රාන්ත සේනාසන භජනය කරණ, අරණ්‍යයෙහි වාසය කරන්නෙක් වී නම් යෙහෙකැ’ යි ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරේද, විනයධරද, ප්‍රාන්ත සේනාසන භජනය කරණ, අරණ්‍යයෙහි වාසය කරන්නෙක්ද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්‍ණවූයේ වේ.

§ 9. “ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරේද, විනයධරද, අනෙකප්‍රකාර පූර්‍වෙනිවාසය සිහි නොකරයි. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරේද, විනයධරද, අනෙකප්‍රකාර පූර්‍වෙනිවාසය සිහි කරන්නෙම් නම් යෙහෙකැයි ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරේද, විනයධරද, අනෙකප්‍රකාර පූර්‍වෙනිවාසය සිහි කරයිද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්‍ණවූයේ වේ.

§ 10. “ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරේද, විනයධරද, අනෙකප්‍රකාර පූර්‍වෙනිවාසය සිහි කරයි. අනෙකප්‍රකාර පූර්‍වෙනිවාසය සිහි කරයිද, පිරිසිදුවූ මනුෂ්‍ය.්වය ඉක්මවූවාවු දිවැසින් (මෙහි අංගුත්තර නිකායේ දුතිය පණ්ණාසකයේ, බ්‍රාහ්මණ වර්‍ගයේ, 8 සූත්‍රයේ 8 ඡේදය යෙදිය යුතුයි.) සත්ත්‍වයන් දකීද, කිමෙක්ද මට අනෙකප්‍රකාර පූර්‍වෙනිවාසය සිහි කරයිද, පිරිසිදුවූ මනුෂ්‍ය.්වය ඉක්මවූවාවු දිවැසින් (මෙහි අංගුත්තර නිකායේ දුතිය පණ්ණාසකයේ, බ්‍රාහ්මණ වර්‍ගයේ, 8 සූත්‍රයේ 8 ඡේදය යෙදිය යුතුයි.) සත්ත්‍වයන් දකී නම් යෙහෙකි. ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරේද, විනයධරද, අනෙකප්‍රකාර පූර්‍වෙනිවාසය සිහි කරයි. අනෙකප්‍රකාර පූර්‍වෙනිවාසය සිහි කරයිද, පිරිසිදුවූ මනුෂ්‍යත්වය ඉක්මවූවාවු දිවැසින් (මෙහි අංගුත්තර නිකායේ දුතිය පණ්ණාසකයේ, බ්‍රාහ්මණ වර්‍ගයේ, 8 සූත්‍රයේ 8 ඡේදය යෙදිය යුතුයි.) සත්ත්‍වයන් දකීද, පිරිසිදුවූ මනුෂ්‍යත්‍වය ඉක්මවූවාවූ දිවැසින් (මෙහි අංගුත්තර නිකායේ දුතිය පණ්ණාසකයේ, බ්‍රාහ්මණ වර්‍ගයේ, 8 සූත්‍රයේ 8 ඡේදය යෙදිය යුතුයි.) සත්ත්‍වයන් නොදකී.

§11 .“ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීමෙන් ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරේද, විනයධරද, අනෙකප්‍රකාර පූර්‍වෙනිවාසය සිහි කරයි. අනෙකප්‍රකාර පූර්‍වෙනිවාසය සිහි කරයිද, පිරිසිදුවූ මනුෂ්‍ය.්වය ඉක්මවූවාවු දිවැසින් (මෙහි අංගුත්තර නිකායේ දුතිය පණ්ණාසකයේ, බ්‍රාහ්මණ වර්‍ගයේ, 8 සූත්‍රයේ 8 ඡේදය යෙදිය යුතුයි.) සත්ත්‍වයන් දකීද, කිමෙක්ද මට අනෙකප්‍රකාර පූර්‍වෙනිවාසය සිහි කරයිද, පිරිසිදුවූ මනුෂ්‍ය.්වය ඉක්මවූවාවු දිවැසින් (මෙහි අංගුත්තර නිකායේ දුතිය පණ්ණාසකයේ, බ්‍රාහ්මණ වර්‍ගයේ, 8 සූත්‍රයේ 8 ඡේදය යෙදිය යුතුයි.) සත්ත්‍වයන් දකී නම් යෙහෙකි. ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරේද, විනයධරද, අනෙකප්‍රකාර පූර්‍වෙනිවාසය සිහි කරයි. අනෙකප්‍රකාර පූර්‍වෙනිවාසය ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය නොකරයි. මෙසේ ඔහු ඒ කොටසින් සම්පූර්‍ණ නොවූයේ වේ. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවන්ත වන්නෙම්ද, සිල්වත් වන්නෙම්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරේද, විනයධරද, අනෙකප්‍රකාර පූර්‍වෙනිවාසය සිහි කරන්නෙමි. එක ජාතියක්ද, ජාති දෙකක්ද, (මෙහි අංගුත්තර නිකායේ දුතිය පණ්ණාසකයේ, බ්‍රාහ්මණ වර්‍ගයේ, 8 සූත්‍රයේ 4 ඡේදය යෙදිය යුතුයි.) මෙසේ හැඩහුරුකම් සහිත, උදෙසීම් සහිත, නානාප්‍රකාර පූර්‍වෙනිවාසය සිහි කරන්නෙමි. පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවූවාවූ දිවැසින් (මෙහි අංගුත්තර නිකායේ දුතිය පණ්ණාසකයේ, බ්‍රාහ්මණ වර්‍ගයේ, 8 සූත්‍රයේ 8 ඡේදය යෙදිය යුතුයි.) කර්‍මානුරූපව පැමිණ සත්ත්‍වයන් දන්නෙමි. ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීමෙන් බහුශ්‍රුත වේද, ධර්‍ම කථික වූයේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරෙම්ද, විනයධර වේද, ප්‍රාන්ත සේනාසන භජනය කරණ, අරණ්‍යයෙහි වාසය කරන්නේ නොවේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් අසම්පූර්‍ණවූයේ වේ. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වෙම්ද, පිරිස්හි හැසිරෙම්ද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරෙම්ද, විනයධර වීද, ප්‍රාන්ත සේනාසන භජනය කරණ, අරණ්‍යයෙහි වාසය කරන්නෙක් වී නම් යෙහෙකැ’ යි ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කරන්නෙමියි ඔහු විසින් ඒ කොටස සම්පූර්‍ණ කටයුතුය.

“මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත වේද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරෙන්නේ වේද, විසාරදවූයේ පිරිසෙහි ධර්‍ම දේශනා කරයිද, විනයධර වේද, නානාප්‍රකාර පූර්‍වෙනිවාසය සිහි කරයිද, ඒ මෙසේය. (මෙහි අංගුත්තර නිකායේ දුතිය පණ්ණාසකයේ, බ්‍රාහ්මණ වර්‍ගයේ, 8 සූත්‍රයේ 4 ඡේදය යෙදිය යුතුයි.) මෙසේ හැඩහුරුකම් සහිත, උදෙසීම් සහිත, නානාප්‍රකාර පූර්‍වෙනිවාසය සිහි කරයි. පිරිසිදුවූ මනුෂ්‍යත්‍වය ඉක්මවා සිටි දිවැසින් කම්වූ පරිදි ආ සත්ත්‍වයන් දනී. ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීමෙන් ආශ්‍රව රහිත ඵල සමාධියද, ඵල ප්‍රඥාවද, තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කරයි. මෙසේ හෙතෙම ඒ කොටසින් සම්පූර්‍ණවූයේ වේ. මහණෙනි, මේ දශ ධර්‍මයෙන් යුක්තවූ මහණතෙම හාත්පසින් පැහැදීම් ඇතිකරන්නේ වේ. සර්වප්‍රකාරයෙන් සම්පූර්‍ණවූයේ වේ.”

AN 01-09 ප්‍රමාද වර්ගය

AN 01-09-01 යසොවුද්ධි සූත්‍රය

මහණෙනි, යසසෙහි (කීර්තියෙහි හා පිරිවරෙහි) වැඩීමක් වේද, මේ වැඩීම සුලු දෙයකි .
මහණෙනි, වැඩීම් අතුරෙන් ප්‍රඥාවෙහි යම් වැඩීමක් වේද මේ අග්‍රයි.
මහණෙනි, එහෙයින් මෙසේ හික්මිය යුතුයි.
‘ප්‍රඥාව වැඩීමෙන් වැඩෙන්නෙමුයි’ කියායි.
මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය.”

AN 01-09-02 පමාද සූත්‍රය

“මහණෙනි, ප්‍රමාදය මහත්වූ අනර්ථය පිණිස පවතී,
මහණෙනි, අනර්ථය පිණිස පවතීන්නාවූ මේ බඳුවූ අන් එක ධර්මයකුදු මම නොදකිමි
මහණෙනි, ප්‍රමාදය මහත්වූ අනර්ථය පිණිස පවතී.

AN 01-09-03 අප්පමාද සූත්‍රය

“මහණෙනි,
අප්‍රමාදය මහත්වූ අර්ථය පිණිස පවතී,
මහණෙනි, අර්ථය පිණිස පවතීන්නාවූ මේ බඳුවූ අන් එක ධර්මයකුදු මම නොදකිමි.
මහණෙනි, අප්‍රමාදය මහත්වූ අර්ථය පිණිස පවතී.”

AN 01-09-04 කොසජ්ජ සූත්‍රය.

“මහණෙනි, අලසකම මහත්වූ අනර්ථය පිණිස පවතී.
මහණෙනි, අනර්ථය පිණිස පවතින මේ බඳුවූ අන් එක ධර්මයකුදු මම නොදකිමි.
මහණෙනි, අලසකම මහත්වූ අනර්ථය පිණිස පවතී.”

AN 01-09-05 විරීයාරම්භ සූත්‍රය

පුජ්‍ය මීමුරේ ධම්මාවාස ස්වාමින් වහන්සේ කල දේසනාව

“මහණෙනි, සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යය මහත්වූ අර්ථය පිණිස පවතී.
මහණෙනි, අර්ථය පිණිස පවතීන මේ බඳුවූ අන් එක ධර්මයකුදු මම නොදකිමි.
මහණෙනි, සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යය මහත්වූ අර්ථය පිණිස පවතී.”

AN 01-09-06. මහිච්ඡ සූත්‍රය

“මහණෙනි, මහාලෝභී බව මහත්වූ අනර්ථය පිණිස පවතී.
මහණෙනි, අනර්ථය පිණිස පවතීන මේබඳුවූ අන් එක ධර්මයකුදු මම නොදකිමි.
මහණෙනි, මහාලෝභී බව මහත්වූ අනර්ථය පිණිස පවතී.”

AN 01-09-07.අප්පිච්ඡ සූත්‍රය

“මහණෙනි, අලෝභී බව මහත්වූ අර්ථය පිණිස පවතී.
මහණෙනි, අර්ථය පිණිස පවතීන්නාවූ මේ බඳුවූ අන් එක ධර්මයකුදු මම නොදකිමි.
මහණෙනි, අලෝභී බව මහත්වූ අර්ථය පිණිස පවතී.”

AN 01-09-08.අසන්තුට්ඨි සූත්‍රය.

“මහණෙනි, ලද දෙයින් සතුටු නොවන බව මහත් අනර්ථය පිණිස පවතී.
මහණෙනි, අනර්ථය පිණිස පවතීන්නාවූ මේ බඳුවූ අන් එක ධර්මයකුදු මම නොදකිමි.
මහණෙනි, ලද දෙයින් සතුටු නොවන බව මහත්වූ අනර්ථය පිණිස පවතී.”

AN 01-09-09 .සන්තුට්ඨි සූත්‍රය.

“මහණෙනි, ලදදෙයන් සතුටුවීම මහත්වූ අර්ථය පිණිස පවතී,
මහණෙනි, අර්ථය පිණිස පවතීන්නාවූ මේ බඳුවූ අන් එක ධර්මයකුදු මම නොදකිමි.
මහණෙනි, මේ ලදදෙයින් සතුටුවීම මහත්වූ අර්ථය පිණිස පවතී.”

AN 01-09-10 . අයොනිසොමනසිකාර සූත්‍රය.

“මහණෙනි,
නුවණින් මෙනෙහි නොකිරීම මහත් අනර්ථය පිණිස පවතී,
මහණෙනි, අනර්ථය පිණිස පවතීන්නාවූ මෙබඳු අන් එක ධර්මයකුදු මම නොදකිමි.
මහණෙනි, නුවණින් මෙනෙහි නොකිරීම මහත්වූ අනර්ථය පිණිස පවතී.”

AN 01-09-11 . යොනිසොමනසිකාර සූත්‍රය.

“මහණෙනි, නුවණින් මෙනෙහි කිරීම මහත්වූ අර්ථය පිණිස පවතී,
මහණෙනි, අර්ථය පිණිස පවතින්නාවූ මේ බඳුවූ අන් එක ධර්මයකුදු මම නොදකිමි.
මහණෙනි, නුවණින් මෙනෙහි කිරීම මහත්වූ අර්ථය පිණිසම පවතී.”

AN 01-09-12. අසම්පජඤ්ඤ සූත්‍රය.

“මහණෙනි, සම්‍යක් ප්‍රඥාව නැති බව මහත් අනර්ථය පිණිස පවතී,
මහණෙනි, අනර්ථය පිණිස පවතීන මේ බඳුවූ අන් එක ධර්මයකුදු මම නොදකිමි
මහණෙනි, සම්‍යක්ප්‍රඥාව නැති බව මහත් අනර්ථය පිණිස පවතී.”

AN 01-09-13. සම්පජඤ්ඤ සූත්‍රය.

“මහණෙනි,
සම්‍යක්ප්‍රඥාව මහත් අර්ථය පිණිස පවතී,
මහණෙනි, අර්ථය පිණිස පවතීන මේ බඳුවූ අන් එක ධර්මයකුදු මම නොදකිමි.
මහණෙනි, සම්‍යක්ප්‍රඥාව මහත් අර්ථය පිණිස පවතී.”

AN 01-09-14. පාපමිත්ත සූත්‍රය

“මහණෙනි,
පාප මිතුරන් මහත් අනර්ථය පිණිස පවතී,
මහණෙනි, පාප මිතුරන් තරම් කෙනෙකුගේ අයහපත පිණිස හේතුවන අන් එක ධර්මයකුදු මම නොදකිමි. මහණෙනි, පාපමිතුරන් මහත් අනර්ථය පිණිස පවතී.”

AN 01-09-15. කල්‍යාණමිත්ත සූත්‍රය.

“මහණෙනි,
යහපත් මිතුරන් මහත් අර්ථය පිණිස පවතී,
මහණෙනි, යහපත් මිතුරන් තරම් ර්ථය පිණිස පවතීන අන් එක ධර්මයකුදු මම නොදකිමි.
මහණෙනි, යහපත් මිතුරන් ඇති බව මහත්වූ අර්ථය පිණිස පවතී.”

AN 01-09-16. අකුසලානුයොග සූත්‍රය.

“මහණෙනි,
අකුශල ධර්මයන්හි යෙදීම හා කුසල ධර්මයන්හි නොයෙදීම මහත්වූ අනර්ථය පිණිස පවතී,
මහණෙනි, මනුෂ්‍යයාගේ අනර්ථය පිණිස, මේ අකුසල ධර්ම අනුයොගය හා කුශලධර්ම අනනුයොගය බඳුවූ අන් එක ධර්මයකුදු මම නොදකිමි. මහණෙනි, අකුශල ධර්මයන්ගේ අනුයොගයද කුශල ධර්මයන්ගේ අනනුයොගයද, මහත් අනර්ථය පිණිස පවතී.”

AN 01-09-17. කුසලානුයොග සූත්‍රය.

පුජ්‍ය අහංගම රතනසිරි නායක ස්වාමින්වහන්සේ කල සුත්‍ර විවරණ දේසනාව

“මහණෙනි,
කුශලධර්මයන්හි යෙදීම හා අකුශලධර්මයන්හි නොයෙදීම මහත්වූ අර්ථය පිණිස පවතී, මහණෙනි, මහත්වූ අර්ථය පිණිස පවතීන, මේ බඳුවූ අන් එක ධර්මයකුදු මම නොදකිමි.
මහණෙනි, කුශල ධර්ම අනුයොගයද හා අකුශල ධර්මය අනනුයොගයද, මහත්වූ අර්ථය පිණිස පවතී.”

SN 04-01-01

SN 04-01-01-01.
(අධ්‍යාත්මායතන) අනිත්‍ය සූත්‍ර

පුජ්‍ය මීමුරේ ධම්මාවාස හිමි කල සුත්‍ර විවරණය

මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, ඇස අනිත්‍යය. 3
යමක් අනිත්‍යය නම්, එය දුක් වේ. යමක් දුක නම්, එය අනාත්ම වේ. යමක් අනාත්ම නම්, එය, “මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි මෙසේ තත්වූ පරිද්දෙන්, යහපත් සතියෙන් දැක්ක යුතුය.

[3: : Spk ත්‍රිපිටකයෙහි සඳහන් වෙනස් “ඇස්” වෙන්කර හඳුනා ගනීමු.. ඇස සාමාන්‍ය පන්ති දෙකකට බෙදා ඇත:
දැනුමේ ඇස (ඥාණ චක්ඛු) සහ භෞතික ඇස ( මාංස චක්ඛු). ලෙසය්.
පළමුවැන්න ඥාණ චක්ඛු පස්වැදෑරුම් ය:
(i) බුද්ධ ඇස (බුද්ධචක්ඛු), සත්වයන්ගේ සැඟවී ඇති යටපත්ව පවතින් චිත්ත ස්වභාවයන් හඳුනාගැනීමේ හැකියාව, සත්වයන්ගේ අධ්‍යාත්මික ප්‍රවනතාවය එනම් ධර්මය වටහාගන්නට ඇති සිතෙහි වර්ධනය ගැන දැනගැනීම.
(ii) ධර්ම ඇස (ධම්ම චක්ඛු), ප්‍රාථමික මාර්ග තුන සහ ඵල පිළිබඳ දැනුම;
(iii) විශ්වීය ඇස (සමන්ත චක්ඛු), සර්වඥතා ඥානය නම් බුද්ධ ඥානය;
(iv) දිව්‍ය ඇස (දිබ්බ චක්ඛු), සංසාර සංවරයන් පිලිබඳ ඤාණය (සත්ත්වයන්ගේ මරණය හා නැවත ඉපදීමකොතැනක වේදැයි දැකීම); සහ
(v) ප්‍රඥා ඇස (පඤ්ඤා චක්ඛු), චතුරාර්ය සත්‍ය අවබෝධය.

භෞතික ඇස දෙයාකාර වේ:
(i) සංයුක්ත ඇස (සසම්භාර චක්ඛු), භෞතික ඇස; සහ
(ii) සංවේද ඇස (පාසාද චක්ඛු), එනම්, ස්වරූපවලට ප්‍රතිචාර දක්වන ඇසේ දෘෂ්ටි විතානයේ ඇති සංවේදී ද්‍රව්‍යය (නොහොත් දෘෂ්ටි විතානය සහ දෘෂ්ටි ස්නායුව).
මෙහි දී භාග්‍යවතුන් වහන්සේ සංවේදී ඇස “මුලික ඇස” ලෙස වදාරණ සේක. කන ආදිය ද එපරිදි ම අවබෝධ කළ යුතු ය. මනස (මනෝ) යනු උත්පත්ති භුමි තුනෙහි ස්වභාවය ගැන විදස්සනාවෙන් ලබන සිතයි (තේභමකසම්මාසනචාරිත්ත).

ඉන්ද්‍රිය සයේ ක්‍රියාත්මක වීම පිළිබඳ සම්පුර්ණ විවරණය කියවීමට විසුද්ධි මාර්ගයේ , Vism 444-46 බලන්න (Ppn 14:36-53).
සු හැමිල්ටන් බුද්ධඝෝස හිමියන්ගේ අජ්ජත්තික ඉන්ද්‍රිය පහේ ස්වභාය ගැන අභියෝගයට ලක් කරයි, සූත්‍රවල සමස්ත ස්වරූපයේ සම්මත අර්ථ දැක්වීමට ඒවා ඇතුළත් නොවන බව ඇයගේ අදහසයි. ඇයගේ අදහසට අනුව, ඉන්ද්‍රිය පීඨ යනු ද්‍රව්‍යමය සහ මානසික ලක්ෂණ යන දෙකටම පොදු වන සංජානන බලයන් වන අතර එනිසා රූප පමණක් වර්ගීකරණය කළ නොහැක (අනන්‍යතාවය සහ අත්දැකීම්, පිටු. 14-22). කෙසේ වෙතත්, එම තර්කයෙන්ම, රූපක්ඛන්ධයට බාහිර ඉන්ද්‍රිය පහ නොපැවරිය යුතු බව තර්ක කළ හැකිය, මන්ද නැවත සූත්‍රවල ඒවා ස්ථානගත නොකරන බැවිනි. පැහැදිලි කරුණ නම්, ඛන්ධ, ආයතන සහ ධාතු අතර සහසම්බන්ධතා නිකාය තුළ කිසිසේත්ම පැහැදිලිව දක්වා නොමැති අතර, රූප යටතේ පළමු අභ්‍යන්තර හා බාහිර ඉන්ද්‍රිය පාද පහ දෙකම වර්ග කරන අභිධම්ම පිටකයේ පමණක් බවයි. පීඨ පහ සහ ඉන්ද්‍රිය වස්තූන් හතර (ස්පර්ශ වස්තුව හැර) “ව්‍යුත්පන්න ස්වරූපය” (up̄d̄ r̄upa) ලෙස වර්ගීකරණය කර ඇත, එනම් ප්‍රාථමික මූලද්‍රව්‍ය හතරෙන් ව්‍යුත්පන්න වූ ස්වරූපය; ස්පර්ශක වස්තුව ප්‍රාථමික මූලද්‍රව්‍ය තුනක් යටතේ වර්ග කර ඇත: පඨවි (දෘඪතාව හෝ මෘදු බව), තේජෝ (උණුසුම හෝ සිසිලස) සහ වායෝ (පීම්බෙන සහ සෙලවෙන ගතිය ). සූත්‍රවලම ව්‍යුත්පන්න ස්වරූපයේ වර්ග සඳහන් නොවන අතර අභිධම්ම පිටකය මෙම අඩුපාඩුව පුරවන්නට උත්සාහ කලබවක් පෙනේ.]

“කන අනිත්‍යය.
යමක් අනිත්‍යද, එය දුක් වේ. යමක් දුකද, එය අනාත්ම වේ. යමක් අනාත්මද, එය, “මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි. “නාසය අනිත්‍යය. යමක් අනිත්‍යද, එය දුක් වේ. යමක් දුකද, එය අනාත්ම වේ. යමක් අනාත්මද, එය, “මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.

“දිව අනිත්‍යය.
යමක් අනිත්‍යද, එය දුක් වේ. යමක් දුකද, එය අනාත්ම වේ. යමක් අනාත්මද, එය, “මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.

“කය අනිත්‍යය. යමක් අනිත්‍යද, එය දුක් වේ. යමක් දුකද, එය අනාත්ම වේ. යමක් අනාත්මද, එය, “මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.

“සිත අනිත්‍යය.
යමක් අනිත්‍යද, එය දුක් වේ. යමක් දුකද, එය අනාත්ම වේ. යමක් අනාත්මද, එය, “මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.

“මහණෙනි, මෙසේ දකින්නාවූ, බොහෝ ඇසූ පිරූ තැන් ඇති ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ, ඇස කෙරෙහිද කලකිරෙයි. කන කෙරෙහිද කලකිරෙයි. නාසය කෙරෙහිද කලකිරෙයි. දිව කෙරෙහිද කලකිරෙයි. කය කෙරෙහිද කලකිරෙයි. සිත කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. ජාතිය (ඉපදීම) ක්‍ෂය විය. මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී.

කළ යුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනීය” යි වදාළ සේක.

02. (අධ්‍යාත්මායතන) දුක්ඛ සූත්‍රය.

මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, ඇස දුකය. යමක් දුකද, එය අනාත්ම වේ. යමක් අනාත්ම වේද, “එය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේය” යි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.”

“කන දුකය, නාසය දුකය, දිව දුකය, කය දුකය, සිත දුකය, යමක් දුකද, එය අනාත්ම වේ.

“යමක් අනාත්මද, එය, “මෙය මාගේ නොවේ, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේය” යි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ, බොහෝ ඇසූ පිරූ තැන් ඇති ආර්‍ය්‍යශ්‍රාවකයා, ඇස කෙරෙහි කලකිරෙයි. කන කෙරෙහිද කලකිරෙයි. නාසය කෙරෙහිද කලකිරෙයි. දිව කෙරෙහිද කලකිරෙයි. කය කෙරෙහිද කලකිරෙයි. සිත කෙරෙහිද කලකිරෙයි.

එසේ කලකිරෙන්නේ යලි භවයකට නොඇලෙයි. නොඇල්මෙන් සසරින් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. ජාතිය (ඉපදීම) ක්‍ෂය විය. මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී. කළයුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනීය” යි වදාළ සේක.

03. (අධ්‍යාත්මායතන) අනාත්ම සූත්‍රය.

අනාත්ම යනු කුමක්ද – පුජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමින්වහන්සේ කල දේශනය අසන්න

මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, ඇස අනාත්මය.
යමක් අනාත්මද, එය “මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේය” යි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.

“කන අනාත්මය. නාසය අනාත්මය. දිව අනාත්මය. කය අනාත්මය. සිත අනාත්මය. යමක් අනාත්ම වේද, එය “මෙය මාගේ නොවෙයි. මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේය” යි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ, ඇසූ පිරූ තැන් ඇති ආර්‍ය්‍යශ්‍රාවකයා, ඇස කෙරෙහි කලකිරෙයි. කන කෙරෙහිද කලකිරෙයි. නාසය කෙරෙහිද කලකිරෙයි. දිව කෙරෙහිද කලකිරෙයි. කය කෙරෙහිද කලකිරෙයි. සිත කෙරෙහිද කලකිරෙයි.

එසේ කලකිරෙන්නේ යලි භවයකට නොඇලෙයි. නොඇල්මෙන් සසරින් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. ජාතිය (ඉපදීම) ක්‍ෂය විය. මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී. කළයුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනීය” යි වදාළ සේක.

04. (බාහිරායතන) අනිත්‍ය සූත්‍රය.

පුජ්‍ය මීමුරේ ධම්මාවාස හිමියන් අනිත්‍යය ගැන කල දේසනාව අසන්න

මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, රූපයෝ අනිත්‍යයහ. යමක් අනිත්‍යද, එය දුකය. යමක් දුකද, එය අනාත්ම වේ. යමක් අනාත්ම ද, එය “මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේය” යි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.

ශබ්දයෝ, ගන්‍ධයෝ, රසයෝ, ස්පර්‍ශයෝ සහ ධර්‍මයෝ අනිත්‍යයෝ වෙත්. යමක් අනිත්‍ය වේද, එය දුක් වේ. යමක් දුක් වේද, එය අනාත්ම වේ. යමක් අනාත්ම වේද, එය “මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේය” යි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ, ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා, රූපයන් කෙරෙහිද කලකිරෙයි. ශබ්දයන් කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධයන් කෙරෙහිද කලකිරෙයි. රසයන් කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශයන් කෙරෙහිද කලකිරෙයි. ධර්‍මයන් කෙරෙහිද කලකිරෙයි.

එසේ කලකිරෙන්නේ යලි භවයකට නොඇලෙයි. නොඇල්මෙන් සසරින් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. ජාතිය (ඉපදීම) ක්‍ෂය විය. මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී. කළයුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනීය” යි වදාළ සේක.

05. (බාහිරායතන) දුක්ඛ සූත්‍රය.

[දුක්ඛය ගැන පුජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමින්වහන්සේ කල දේශනය අසන්න]

මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, රූපය දුකය. යමක් දුකක්වේද, එය අනාත්ම වේ. යමක් අනාත්ම වේද, එය “මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේය” යි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.

ශබ්ද, ගන්‍ධ, රස, ස්පර්‍ශ සහ ධර්‍ම යන සියල්ල දුකය. යමක් දුක් වේද, එය අනාත්ම වේ. යමක් අනාත්ම වේද, එය “මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේය” යි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ, ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාම, රූපයන් කෙරෙහි කලකිරෙයි. ශබ්දයන් කෙරෙහි කලකිරෙයි. ගන්‍ධයන් කෙරෙහි කලකිරෙයි. රසයන් කෙරෙහි කලකිරෙයි. ස්පර්‍ශයන් කෙරෙහි කලකිරෙයි. ධර්‍මයන් කෙරෙහි කලකිරෙයි.

එසේ කලකිරෙන්නේ යලි භවයකට නොඇලෙයි. නොඇල්මෙන් සසරින් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. ජාතිය (ඉපදීම) ක්‍ෂය විය. මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී. කළයුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනීය” යි වදාළ සේක.

06. (බාහිරායතන) අනාත්ම සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, රූප අනාත්මයහ. යමක් අනාත්මද, එය “මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේය” යි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.”

“ශබ්දයෝ, ගන්‍ධයෝ, රසයෝ, ස්පර්‍ශයෝ සහ ධර්‍මයෝ අනාත්මය. යමක් අනාත්මද, එය “මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේය” යි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.

“මෙසේ දක්නාවූ, ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම, රූපයන් කෙරෙහිද කලකිරෙයි. ශබ්දයන් කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධයන් කෙරෙහිද කලකිරෙයි. රසයන් කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශයන් කෙරෙහිද කලකිරෙයි. ධර්‍මයන් කෙරෙහිද කලකිරෙයි.

එසේ කලකිරෙන්නේ යලි භවයකට නොඇලෙයි. නොඇල්මෙන් සසරින් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. ජාතිය (ඉපදීම) ක්‍ෂය විය. මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී. කළයුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනීය” යි වදාළ සේක.

07. දුතිය (අධ්‍යාත්මායතන) අනිත්‍ය සූත්‍රය.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, අතීතවූද, අනාගත වූද, ඇස, අනිත්‍ය වේ. දැන් පවත්නා ඇස ගැන කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා, අතීතවූ ඇස කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ඇසක් නොපතයි. දැන් පවත්නා ඇස සම්බන්‍ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

“අතීතවූද, අනාගත වූද, කන, අනිත්‍ය වේ. දැන් පවත්නා කන ගැන කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකයා, අතීතවූ කන කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත කනක් නොපතයි. දැන් පවත්නා කන සම්බන්‍ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

“අතීතවූද, අනාගත වූද, නාසය, අනිත්‍ය වේ. දැන් පවත්නා නාසය ගැන කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකයා,, අතීතවූ නාසය කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත නාසයක් නොපතයි. දැන් පවත්නා නාසය සම්බන්‍ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

“අතීතවූද, අනාගත වූද, දිව, අනිත්‍ය වේ. දැන් පවත්නා දිව ගැන කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකයා, අතීතවූ දිව කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත දිවක් නොපතයි. දැන් පවත්නා දිව සම්බන්‍ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

“අතීතවූද, අනාගත වූද, ශරීරය, අනිත්‍ය වේ. දැන් පවත්නා ශරීරය ගැන කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකයා, අතීතවූ ශරීරය කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ශරීරයක් නොපතයි. දැන් පවත්නා ශරීරය සම්බන්‍ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

“අතීතවූද, අනාගත වූද, සිත, අනිත්‍ය වේ. දැන් පවත්නා සිත ගැන කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා, අතීතවූ සිත කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත සිතක් නොපතයි. දැන් පවත්නා සිත සම්බන්‍ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.”

08. දුතිය (අධ්‍යාත්මායතන) දුක්ඛ සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, අතීතවූද, අනාගත වූද, ඇස, දුක් වේ. දැන් පවත්නා ඇස ගැන කියනුම කවරේද?

මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා, අතීතවූ ඇස කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ඇසක් නොපතයි. දැන් පවත්නා ඇස සම්බන්‍ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

“අතීතවූද, අනාගත වූද, කන, දුක් වේ. දැන් පවත්නා කන ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ කන කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත කනක් නොපතයි. දැන් පවත්නා කන සම්බන්‍ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

“අතීතවූද, අනාගත වූද, නාසය, දුක් වේ. දැන් පවත්නා නාසය ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ නාසය කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත නාසයක් නොපතයි. දැන් පවත්නා නාසය සම්බන්‍ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

“අතීතවූද, අනාගත වූද, දිව, දුක් වේ. දැන් පවත්නා දිව ගැන කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා, අතීතවූ දිව කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත දිවක් නොපතයි. දැන් පවත්නා දිව සම්බන්‍ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

“අතීතවූද, අනාගත වූද, ශරීරය, දුක් වේ. දැන් පවත්නා ශරීරය ගැන කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා, අතීතවූ ශරීරය කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ශරීරයක් නොපතයි. දැන් පවත්නා ශරීරය සම්බන්‍ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

“අතීතවූද, අනාගත වූද, සිත, දුක් වේ. දැන් පවත්නා සිත ගැන කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා, අතීතවූ සිත කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත සිතක් නොපතයි. දැන් පවත්නා සිත සම්බන්‍ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වේය” යි. වදාළ සේක.

09. දුතිය (අධ්‍යාත්මායතන) අනාත්ම සූත්‍රය.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, අතීතවූද, අනාගත වූද, ඇස, අනාත්ම වේ. දැන් පවත්නා ඇස ගැන කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා, අතීතවූ ඇස කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ඇසක් නොපතයි. දැන් පවත්නා ඇස සම්බන්‍ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

“අතීතවූද, අනාගත වූද, කන, අනාත්ම වේ. දැන් පවත්නා කන ගැන කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා, අතීතවූ කන කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත කනක් නොපතයි. දැන් පවත්නා කන සම්බන්‍ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

“අතීතවූද, අනාගත වූද, නාසය, අනාත්ම වේ. දැන් පවත්නා නාසය ගැන කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා, අතීතවූ නාසය කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත නාසයක් නොපතයි. දැන් පවත්නා නාසය සම්බන්‍ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

“අතීතවූද, අනාගත වූද, දිව, අනාත්ම වේ. දැන් පවත්නා දිව ගැන කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා, අතීතවූ දිව කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත දිවක් නොපතයි. දැන් පවත්නා දිව සම්බන්‍ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

“අතීතවූද, අනාගත වූද, ශරීරය, අනාත්ම වේ. දැන් පවත්නා ශරීරය ගැන කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා, අතීතවූ ශරීරය කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ශරීරයක් නොපතයි. දැන් පවත්නා ශරීරය සම්බන්‍ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

“අතීතවූද, අනාගත වූද, සිත, අනාත්ම වේ. දැන් පවත්නා සිත ගැන කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා, අතීතවූ සිත කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත සිතක් නොපතයි. දැන් පවත්නා සිත සම්බන්‍ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වේය” යි. වදාළ සේක,

10 දුතිය (බාහිරායතන) අනිත්‍ය සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, අතීතවූද, අනාගත වූද, රූපයෝ අනිත්‍යයහ. දැන් පවත්නාවූ රූපයන් ගැන කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍යශ්‍රාවකයා , අතීතවූ රූපයන් කෙරෙහි කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත රූප නොපතයි. දැන් පවත්නාවූ රූපයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වේ.

“අතීතවූද, අනාගත වූද, ශබ්දයෝ අනිත්‍යයහ. දැන් පවත්නාවූ ශබ්දයන් ගැන කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා, අතීතවූ ශබ්දයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ශබ්දයන් නොපතයි. දැන් පවත්නාවූ ශබ්දයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

“අතීතවූද, අනාගත වූද, ගන්‍ධයෝ අනිත්‍යයහ. දැන් පවත්නාවූ ගන්‍ධයන් ගැන කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා, අතීතවූ ගන්ධයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ගන්ධයන් නොපතයි. දැන් පවත්නාවූ ගන්‍ධයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

“අතීතවූද, අනාගත වූද, රසයෝ අනිත්‍යයහ. දැන් පවත්නාවූ රසයන් ගැන කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා, අතීතවූ රසයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත රසයන් නොපතයි. දැන් පවත්නාවූ රසයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

“අතීතවූද, අනාගත වූද, ස්පර්‍ශයෝ අනිත්‍යයහ. දැන් පවත්නාවූ ස්පර්‍ශයන් ගැන කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා, අතීතවූ ස්පර්ශයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ස්පර්ශයන් නොපතයි. දැන් පවත්නාවූ ස්පර්‍ශයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

“අතීතවූද, අනාගත වූද, ධර්‍මයෝ අනිත්‍යයහ. දැන් පවත්නාවූ ධර්‍මයන් ගැන කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා, අතීතවූ ධර්මයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ධර්මයන් නොපතයි. දැන් පවත්නාවූ ධර්‍මයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වේය.” යි වදාළ සේක.

11. දුතිය (බාහිරායතන) දුක්ඛ සූත්‍රය.

මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, අතීතවූද, අනාගත වූද, රූපයෝ දුකයහ. දැන් පවත්නා රූපයන් ගැන කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍යශ්‍රාවකයා, අතීතවූ රූපයන් කෙරෙහි කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත රූප නොපතයි. දැන් පවත්නාවූ රූපයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

“අතීතවූද, අනාගත වූද, ශබ්දයෝ දුකයහ. දැන් පවත්නාවූ ශබ්දයන් ගැන කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍යශ්‍රාවකයා, අතීතවූ ශබ්දයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ශබ්දයන් නොපතයි. දැන් පවත්නාවූ ශබ්දයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

“අතීතවූද, අනාගත වූද, ගන්‍ධයෝ දුකයහ. දැන් පවත්නාවූ ගන්‍ධයන් ගැන කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍යශ්‍රාවකයා, අතීතවූ ගන්ධයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ගන්ධයන් නොපතයි. දැන් පවත්නාවූ ගන්‍ධයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

“අතීතවූද, අනාගත වූද, රසයෝ දුකයහ. දැන් පවත්නාවූ රසයන් ගැන කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍යශ්‍රාවකයා, අතීතවූ රසයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත රසයන් නොපතයි. දැන් පවත්නාවූ රසයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

“අතීතවූද, අනාගත වූද, ස්පර්‍ශයෝ දුකයහ. දැන් පවත්නාවූ ස්පර්‍ශයන් ගැන කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍යශ්‍රාවකයා, අතීතවූ ස්පර්ශයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ස්පර්ශයන් නොපතයි. දැන් පවත්නාවූ ස්පර්‍ශයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

“අතීතවූද, අනාගත වූද, ධර්‍මයෝ දුක් වෙත්. දැන් පවත්නාවූ ධර්‍මයන් ගැන කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍යශ්‍රාවකයා, අතීතවූ ධර්මයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ධර්මයන් නොපතයි. දැන් පවත්නාවූ ධර්‍මයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වේය” වදාළ සේක.

12. දුතිය (බාහිරායතන) අනාත්ම සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, අතීතවූද, අනාගත වූද, රූපයෝ අනාත්ම වෙත්. දැන් පවත්නා රූපයන් පිළිබඳව කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍යශ්‍රාවකයා, අතීතවූ රූපයන් කෙරෙහි කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත රූප නොපතයි. දැන් පවත්නාවූ රූපයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.”

“අතීතවූද, අනාගත වූද, ශබ්දයෝ අනාත්ම වෙත්. දැන් පවත්නා ශබ්දයන් පිළිබඳව කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍යශ්‍රාවකයා, අතීතවූ ශබ්දයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ශබ්දයන් නොපතයි. දැන් පවත්නාවූ ශබ්දයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.”

“අතීතවූද, අනාගත වූද, ගන්‍ධයෝ අනාත්ම වෙත්. දැන් පවත්නා ගන්‍ධයන් පිළිබඳව කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍යශ්‍රාවකයා, අතීතවූ ගන්ධයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ගන්ධයන් නොපතයි. දැන් පවත්නාවූ ගන්‍ධයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.”

“අතීතවූද, අනාගත වූද, රසයෝ අනාත්ම වෙත්. දැන් පවත්නා රසයන් පිළිබඳව කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍යශ්‍රාවකයා , අතීතවූ රසයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත රසයන් නොපතයි. දැන් පවත්නාවූ රසයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.”

“අතීතවූද, අනාගත වූද, ස්පර්‍ශයෝ අනාත්ම වෙත්. දැන් පවත්නා ස්පර්‍ශයන් පිළිබඳව කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍යශ්‍රාවකයා, අතීතවූ ස්පර්ශයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ස්පර්ශයන් නොපතයි. දැන් පවත්නාවූ ස්පර්‍ශයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.”

“අතීතවූද, අනාගත වූද, ධර්‍මයෝ අනාත්ම වෙත්. දැන් පවත්නාවූ ධර්‍මයන් ගැන කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍යශ්‍රාවකයා, අතීතවූ ධර්මයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ධර්මයන් නොපතයි. දැන් පවත්නාවූ ධර්‍මයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වේය”යි වදාළ සේක.

AN 07-01

AN 07-01-01. අප්පිය භික්ඛු සූත්‍රය

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට, “මහණෙනි” යි ඇමතූ සේක.
“ස්වාමීනි,” යි ඒ් භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

“මහණෙනි, කරුණු සතකින් යුක්තවූ භික්‍ෂුව බ්‍රහ්මචාරීන්ට අප්‍රිය වෙයි, අමනාප වෙයි, අගරු වෙයි, අසම්භාවනීය වෙයි.

“කවර සතකින්ද යත්?
මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව

  • ලාභ ලබන්නට කැමැත්ත ඇත්තේද ,
  • සත්කාර ලබන්නට කැමැත්ත ඇත්තේද ,
  • ප්‍රශංසා ලබන්නට කැමැත්ත ඇත්තේද ,
  • පවට ලජ්ජා නැත්තේ ද,
  • පවට බිය නැත්තේ ද,
  • පවිටු අදහස් ඇත්තේ ද,
  • වැරදි ඇදහීම් ඇත්තේද,

මහණෙනි,එම කරුණු සතෙන් යුක්තවූ භික්‍ෂුව බ්‍රහ්මචාරීන්ට අප්‍රිය වෙයි, අමනාප වෙයි, අගරු වෙයි, අසම්භාවනීය වෙයි.

“මහණෙනි, කරුණු සතකින් යුක්තවූ භික්‍ෂුව බ්‍රහ්මචාරීන්ට ප්‍රිය වෙයි , මනාප වෙයි, ගරු සැලකුම් ලබයි , සම්භාවනීය වෙයි.

“කවර සතකින්ද යත්?

මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව

  • ලාභය කැමති නොවේද,
  • සත්කාරය කැමති නොවේද,
  • ප්‍රශංසාවට කැමති නොවේද,
  • පාපයට ලජ්ජා ඇත්තේද,
  • පාපයට බිය ඇත්තේද,
  • පවිටු අදහස් නැත්තේද,
  • සම්‍යක් දෘෂ්ටි ඇත්තේද,

මහණෙනි, කරුණු ඒ කාරනා සතෙන් යුක්තවූ භික්‍ෂුව බ්‍රහ්මචාරීන්ට ප්‍රිය වෙයි , මනාප වෙයි, ගරු සැලකුම් ලබයි , සම්භාවනීය වෙයි.

AN 07-01-02. අමනාප භික්ඛු සූත්‍රය .

කරුණු සතකින් යුක්තවූ භික්‍ෂුව බ්‍රහ්මචාරීන්ට අප්‍රියවූයේද, අමනාපවූයේද, ගරු නොවූයේද, අසම්භාවනීයද වෙයි.

“කවර සතකින්ද යත්?
මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව

ලාභය කැමැත්තේ වේද, සත්කාරය කැමැත්තේ වේද, පවිටු අදහස් ඇත්තේ වේද, පවට ලජ්ජා නැත්තේ වේද, පාපයට භය නැත්තේ වේද, ඊර්‍ෂ්‍යාව ඇත්තේද, මසුරුද කරුණු සතකින් යුක්තවූ භික්‍ෂුව බ්‍රහ්මචාරීන්ට අප්‍රියවූයේද, අමනාපවූයේද, ගරු නොවූයේද, අසම්භාවනීයද වෙයි.

“මහණෙනි, කරුණු සතකින් යුක්තවූ භික්‍ෂුව බ්‍රහ්මචාරීන්ට ප්‍රියවේද, මනාපවූයේද, ගරුවූයේද, සම්භාවනීයද වෙයි.“කවර කරුණු සතකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව ලාභය නොකැමැත්තේද, සත්කාරය නොකැමැත්තේද, පවිටු අදහස් නැත්තේද, පවට ලජ්ජා ඇත්තේද, පවට බිය ඇත්තේද, ඊර්‍ෂ්‍යාව නැත්තේද, මසුරුකම නැත්තේද, මහණෙනි, කරුණු සතකින් යුක්තවූ භික්‍ෂුව බ්‍රහ්මචාරීන්ට ප්‍රියවූයේද, මනාපවූයේද, ගරුවූයේද, සම්භාවනීයද වෙයි.

AN 07-01-03.  සංඛිත්ත සත්තබල සූත්‍රය

මහණෙනි, බල සතක් වෙත්.
“කවර සතක්ද යත්?

  • ශ්‍රද්‍ධා බලය,
  • වීර්‍ය්‍ය බලය,
  • හිරි බලය,
  • ඔත්තප්ප බලය,
  • ස්මෘති බලය,
  • සමාධි බලය,
  • ප්‍රඥා බලය,

මහණෙනි, මේ සප්ත බල වෙති.

“ශ්‍රද්‍ධා බලයද, වීර්‍ය්‍ය බලයද, හිරි බලය හා ඔත්තප්ප බලයද, ස්මෘති බලයද, සමාධි බලයද, ඒකාන්තයෙන් ප්‍රඥා බලය සත්වන බලය වේ.

මේ සප්ත බලයෙන් බලවත්වූ පණ්ඩිත භික්‍ෂුව සැපසේ ජීවත් වේ.

උපායෙන් ධර්‍මය සොයාද.
ප්‍රඥාවෙන් චතුරාර්‍ය්‍ය සත්‍යය තමන්ම දකීද,

එබඳු භික්‍ෂුව පහනේ නිවීම මෙන් චිත්ත විමොක්‍ෂයට පත් වේ. වස්තු අරමුණින් මිදීම වේ.”

AN 07-01-04 .  විත්‍ථත සත්තබල සූත්‍රය

“මහණෙනි, බල සතක් වෙත්.

“කවර සතක්ද යත්?

  • ශ්‍රද්‍ධා බලය,
  • වීර්‍ය්‍ය බලය,
  • හිරි බලය,
  • ඔත්තප්ප බලය,
  • ස්මෘති බලය,
  • සමාධි බලය,
  • ප්‍රඥා බලය,
    මහණෙනි, මේ සත සප්ත බලයෝ වෙති.

“මහණෙනි, ශ්‍රද්ධා බලය කවරේද?

මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකයා තථාගතයන් වහන්සේගේ බෝධිඥානය ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන්ද අර්හත්ය, සම්‍යක් සම්බුද්‍ධය, විද්‍යාචරණයන්ගෙන් යුක්තය, සුගතය, ලෝකය දත්තේය. පුරුෂයන් දමනය කරන ශ්‍රේෂ්ඨ උත්තමයාය, දෙවි මිනිසුන්ගේ ශාස්තෲවරයාය, බුද්‍ධය, භාග්‍ය ඇත්තේයයි ශ්‍රද්ධාව ඇත්තේද, අදහාද, මෙය ශ්‍රද්ධා බලයයි කියනු ලැබේ.

“මහණෙනි, වීර්‍ය්‍ය බලය කවරේද?

මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකයා අකුශල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිසද. කුසල ධර්මයන්ගේ වැඩීම පිණිසද, උත්සාහ ඇත්තේ, දැඩි පරාක්‍රම ඇත්තේ, කුශල ධර්මයන්හි අත් නොහල උත්සාහ ඇත්තේද, මහණෙනි, මේ වීරිය බලයයි කියනු ලැබේ.

“මහණෙනි, හිරි බලය කවරේද?

මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකයා ලාමකවූ අකුශල ධර්මයන්ගේ සංසිඳවීම පිණිස ලජ්ජාවේද. කායදුශ්චරිතයෙන්ද, වචීදුශ්චරිතයෙන්ද, මනොදුශ්චරිතයෙන්ද, ලජ්ජා ඇත්තේ, ලජ්ජා වේද, මහණෙනි, මේ හිරි බලයයි කියනු ලැබේ.

“මහණෙනි, ඔත්තප්ප බලය කවරේද?

මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙම ලාමකවූ අකුශල ධර්මයන්ගේ සංසිඳවීම පිණිස ඔත්තප්පය (බිය) ඇත්තේද, කායදුශ්චරිතයෙන්ද, වචීදුශ්චරිතයෙන්ද, මනොදුශ්චරිතයෙන්ද, බිය ඇත්තේ බිය වේද, මහණෙනි, මේ ඔත්තප්ප බලයයි කියනු ලැබේ.

“මහණෙනි, ස්මෘති බලය කවරේද?

මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකයා උතුම්වූ ස්මෘති ප්‍රඥාවෙන් යුක්තවූයේ කොට බොහෝ කල්වූ දෙයද කියා බොහෝ කල් ගතවූ දෙයද සිහිකරන්නේ මනාකොට සිහිකරන්නේ ස්මෘතිමත් වේද, මෙය ස්මෘති බලයයි කියනු ලැබේ.

“මහණෙනි, සමාධි බලය කවරේද?

මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකයා, කාමයන්ගෙන් වෙන්ව, අකුසල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. විතර්‍ක විචාරයන්ගේ සංසිඳීමෙන්, අධ්‍යාත්මයෙහි පැහැදීම් ඇති, සිත හා එකට පහළවූ, විතර්‍ක නැති, විචාර නැති, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රීතිය පහව යාමෙන් උපෙක්‍ෂා ඇතිව වාසය කරයි. සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, කයින් සැපක් විඳියි. උපෙක්‍ෂා ඇති, සිහි ඇති, සැප විහරණයෙකැයි යමක් ආර්‍ය්‍යයෝ කියත්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. සැප දුක් දෙක නැතිවීමෙන්, සොම්නස දොම්නස දෙක අස්තවීමට පෙරම, දුක් නැති, සැප නැති, උපෙක්‍ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදුකම ඇති සතරවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි.

“මහණෙනි, ප්‍රඥා බලය කවරේද?

මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවකයා, උදයත්‍ථගාමිනී (දියුණුව ඇති කරවන) ප්‍රඥාවෙන් යුක්තව මනාකොට වීර්ය වඩමින් දුක් කෙළවර කරන්නාවූ, ආර්‍ය්‍යවූ, උසස් ප්‍රඥාවෙන් යුක්තව ප්‍රඥාවත් වේද, මහණෙනි, මෙය ප්‍රඥා බලයයි කියනු ලැබේ.”

“ශ්‍රද්‍ධා බලයද, වීර්‍ය්‍ය බලයද, හිරි බලය හා ඔත්තප්ප බලයද, ස්මෘති බලයද, සමාධි බලයද, ඒකාන්තයෙන් ප්‍රඥා බලය සත්වන බලය වේ. මේ සප්ත බලයෙන් බලවත්වූ පණ්ඩිත භික්‍ෂුව සැපසේ ජීවත් වේ. උපායෙන් ධර්‍මය සොයාද. ප්‍රඥාවෙන් චතුරාර්‍ය්‍ය සත්‍යය විශේෂයෙන් දකීද, (එබඳු භික්‍ෂුවගේ) පහනේ නිවීම මෙන් චිත්තයාගේ විමොක්‍ෂය (වස්තු අරමුණින් මිදීම) වේ.”

5. සංඛිත්තසත්තධන සූත්‍රය

“මහණෙනි, බල සතක් වෙත්.

“කවර සතක්ද යත්?

  • ශ්‍රද්‍ධා බලය,
  • වීර්‍ය්‍ය බලය,
  • හිරි බලය,
  • ඔත්තප්ප බලය,
  • ස්මෘති බලය,
  • සමාධි බලය,
  • ප්‍රඥා බලය,
    මහණෙනි, මේ සත සප්ත බලයෝ වෙති.

මහණෙනි, මේ සප්ත ධනයෝ වෙත්.

“ශ්‍රද්ධා ධනයද, ශීල ධනයද, හිරි ධනයද, ඔත්තප්ප ධනයද. ශ්‍රුත ධනයද, ත්‍යාග ධනයද. ප්‍රඥා ධනයද ඒකාන්තයෙන් සත්වන ධනය වේ.

යම් ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට මේ සප්තායර්‍ය්‍ය ධනයෝ ඇත්තේද, ඔහු දීළිඳු නොවේ.
ඔහුගේ ජීවිතය සිස් නොවේ.
එහෙයින් පණ්ඩිතයා බුදුන්ගේ අනුශාසනය සිහි කරමින්
ශ්‍රද්ධාවද, ශීලයද, පැහැදීමද, ධර්මය දැකීමට ද ජීවිතය යොදන්නේය.”

6. විත්‍ථතසත්තධන සූත්‍රය

“මහණෙනි, බල සතක් වෙත්.

“කවර සතක්ද යත්?

  • ශ්‍රද්‍ධා බලය,
  • වීර්‍ය්‍ය බලය,
  • හිරි බලය,
  • ඔත්තප්ප බලය,
  • ස්මෘති බලය,
  • සමාධි බලය,
  • ප්‍රඥා බලය,
    මහණෙනි, මේ සත සප්ත බලයෝ වෙති.

මහණෙනි, මේ සප්ත ධනයෝ වෙත්.”

“මහණෙනි, ශ්‍රද්ධා ධනය කවරේද? ”

මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකයා තථාගතයන් වහන්සේගේ බෝධිඥානය ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන්ද අර්හත්ය, සම්‍යක් සම්බුද්‍ධය, විද්‍යාචරණයන්ගෙන් යුක්තය, සුගතය, ලෝකය දත්තේය. පුරුෂයන් දමනය කරන ශ්‍රේෂ්ඨ උත්තමයාය, දෙවි මිනිසුන්ගේ ශාස්තෲවරයාය, බුද්‍ධය, භාග්‍ය ඇත්තේයයි ශ්‍රද්ධාව ඇත්තේද, අදහාද, මෙය ශ්‍රද්ධා ධනයයි කියනු ලැබේ.”

“මහණෙනි, ශීල ධනය කවරේද? ”

මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකතෙම ප්‍රාණඝාතයෙන් වෙන්වූයේ වේද, අන්සතු දෙය ගැන්මෙන් වෙන්වූයේ වේද, කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන්වූයේ වේද, බොරුකීමෙන් වෙන්වූයේ වේද, ප්‍රමාදයට හේතුවූ රහමෙර පානයෙන් වෙන්වූයේ වේද, මහණෙනි, මේ ශීල ධනයයි කියනු ලැබේ.”

“මහණෙනි, හිරි ධනය කවරේද? ”

මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙම ලාමකවූ අකුශල ධර්මයන්ගේ සංසිඳවීම පිණිස ලජ්ජාවේද. කායදුශ්චරිතයෙන්ද, වචීදුශ්චරිතයෙන්ද, මනොදුශ්චරිතයෙන්ද, ලජ්ජා ඇත්තේ, ලජ්ජා වේද, මහණෙනි, මේ හිරි ධනයයි කියනු ලැබේ.”

“මහණෙනි, ඔත්තප්ප ධනය කවරේද? ”

මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකයා ලාමකවූ අකුශල ධර්මයන් සංසිඳවීම පිණිස ඔත්තප්පය (බිය) ඇත්තේද, කාය දුශ්චරිතයන්හි යෙදීමට බිය ඇත්තේද , වචී දුශ්චරිතයන්හි යෙදීමට බිය ඇත්තේද , මනො දුශ්චරිතයන්හි යෙදීමට බිය ඇත්තේද , මහණෙනි, මේ ඔත්තප්ප ධනයයි කියනු ලැබේ.”

“මහණෙනි, ශ්‍රුත ධනය කවරේද? ”

මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකයා බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තේ ද, ශ්‍රුතධරවූයේ ශ්‍රුතසන්නිචය (බොහෝ පළපුරුදු) වූයේද, ඒ ධර්මයෝ මුල පිරිසිදුවූ, මැද පිරිසිදුවූ, අග පිරිසිදුවූ, අර්ත්‍ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, සියල්ලෙන් පරිපූර්‍ණවූ, පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කෙරෙද්ද, එබඳුවූ ධර්මයෝ ධරණ ලද්දේද, වචනයෙන් පුරුදු කරණ ලද්දේද, සිතින් මෙනෙහි කරණ ලද්දේද, සම්‍යක් දෘෂ්ටියෙන් මනාකොට පිලිපන්නේද, බහුශ්‍රුත වෙත්ද, මහණෙනි, මෙය ශ්‍රුත ධනයයි කියනු ලැබේ.”

“මහණෙනි, ත්‍යාග ධනය කවරේද? ”

මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවකයා මසුරුමල නැති සිතින් ගිහිගෙයි වෙසේද, පරිත්‍යාගයට කැමතිද , දීමට සෝදන ලද අත් ඇත්තේ, දීමට ඉල්ලීමෙහි යෙදුනේ, දීමට සුදුස්සන් තෝරා දීමෙහි යෙදුන්නේද, මහණෙනි, මෙය ත්‍යාග ධනයයි කියනු ලැබේ.”

“මහණෙනි, ප්‍රඥා ධනය කවරේද? ”

මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකතෙම, උදයත්‍ථගාමිනී (දියුණුව ඇති කරවන) ප්‍රඥාවෙන් යුක්තවූයේ මනාකොට දුක් කෙළවර කරන්නාවූ, ආර්‍ය්‍යවූ, උසස් ප්‍රඥාවෙන් යුක්තවූයේ ප්‍රඥාවත් වේද, මහණෙනි, මෙය ප්‍රඥා ධනයයි කියනු ලැබේ.”

“ශ්‍රද්‍ධා ධනයද, වීර්‍ය්‍ය ධනයද, හිරි ධනය හා ඔත්තප්ප ධනයද, ස්මෘති ධනයද, සමාධි ධනයද, ඒකාන්තයෙන් ප්‍රඥා ධනය සත්වන ධනය වේ. මේ සප්ත ධනයෙන් බලවත්වූ පණ්ඩිත භික්‍ෂුතෙම සැපසේ ජීවත් වේ. උපායෙන් ධර්‍මය සොයාද. ප්‍රඥාවෙන් චතුරාර්‍ය්‍ය සත්‍යය විශේෂයෙන් දකීද, (එබඳු භික්‍ෂුවගේ) පහනේ නිවීම මෙන් චිත්තයාගේ විමොක්‍ෂය (වස්තු අරමුණින් මිදීම) වේ.”

7. උග්ග මහා මත්ත සූත්‍රය

“දිනක් උග්ග නම් රාජ මහාමාත්‍යවරයා භාග්‍යවතුන් වහන්සේ වෙත. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටියාවූ උග්ග රාජ මහාමාත්‍ය තෙම, භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකළේය.

“ස්වාමිනි, ආශ්චර්‍ය්‍යයකි. ස්වාමීනි, පුදුමයකි. රොහනෙය්‍ය නම් මිගාර තෙම යම්තාක් ආඪ්‍යද, යම්තාක් මහත් ධන ඇත්තේද, යම්තාක් මහා භෝග ඇත්තේ වෙයිද, ස්වාමීනි, රෝහනෙය්‍ය නම් මිගාරතෙම. කොපමණ ආඪ්‍යවූයේද, කොපමණ මහත් ධන ඇත්තේද, කොපමණ මහා භෝග ඇත්තේද, අමුරන්ම ලක්‍ෂයකි. රිදී ගැන කියනුම කවරේද?

“උග්ගය, ඇත්තාවූ ඒ ධනය ඕහට නැත්තේයයි කියමි. උග්ගය, එසේ නමුදු ඒ ධනය ජලයෙන්ද, ගින්නෙන්ද, රජුන්ගෙන්ද, සොරුන්ගෙන්ද, අප්‍රිය දායාදයන්ගෙන්ද සාධාරණ වන්නේය.

“උග්ගය, මේ සත් ධනය ජලයෙන්, ගින්නෙන්, රජුන්ගෙන්, සොරුන්ගෙන්, අප්‍රිය දායාදයන්ගෙන් නොවැනසේ.

“ඒ සත කවරහුද? ශ්‍රද්ධා ධනය, ශීල ධනය, හිරි ධනය, ඔත්තප්ප ධනය. ශ්‍රුත ධනය, ත්‍යාග ධනය. ප්‍රඥා ධනය යනුයි. උග්ගය, මේ ධනයෝ සත්දෙන ජලයෙන්ද, ගින්නෙන්ද, රජුන්ගෙන්ද, සොරුන්ගෙන්ද, අප්‍රිය දායාදයන්ගෙන්ද අසාධාරණ වෙති.

“ශ්‍රද්‍ධා ධනයද, වීර්‍ය්‍ය ධනයද, හිරි ධනය හා ඔත්තප්ප ධනයද, ස්මෘති ධනයද, සමාධි ධනයද, ඒකාන්තයෙන් ප්‍රඥා ධනය සත්වන ධනය වේ. මේ සප්ත ධනයෙන් බලවත්වූ පණ්ඩිත භික්‍ෂුතෙම සැපසේ ජීවත් වේ. උපායෙන් ධර්‍මය සොයාද. ප්‍රඥාවෙන් චතුරාර්‍ය්‍ය සත්‍යය විශේෂයෙන් දකීද, (එබඳු භික්‍ෂුවගේ) පහනේ නිවීම මෙන් චිත්තයාගේ විමොක්‍ෂය (වස්තු අරමුණින් මිදීම) වේ.”

8. සත්ත සංයෝජන සූත්‍රය

පුජ්‍ය පුහුල්වැල්ලේ සාරද හිමි කල සුත්‍ර විවරණය

“මහණෙනි, සංයෝජන සතක් ඇත.

“ඒ මොනවාද යත්?

01. අනුනය සංයෝජනය (කාමරාග සංයෝජනය) ,
02. පටිඝ සංයෝජනය,
03. දිට්ඨි සංයෝජනය,
04. විචිකිච්ඡා සංයෝජනය,
05.මාන සංයෝජනය,
06. භවරාග සංයෝජනය,
07. අවිජ්ජා සංයෝජනය,

මහණෙනි, මේ සංයෝජන සත වෙති.”

01. අනුනය සංයෝජනය

කාම රාග සංයෝජනය ලෙසද මෙය දැක් වේ, රූප , ශබ්ධ, හන්ධ රස, ස්පර්ශයන් කෙරෙහි ඇතිවන ආසාව, කැමැත්ත සසරට බැඳ තබන බලවත්ම බන්ධනය වේ. පංච කාමයන් කෙරෙහි අකමැත්තක් ඇතිව මෙලොව ජීවත්වන්නට හැකියාවක් නැතිමුත්, පස් දොරින් ගන්නා අරමුණු කෙරෙහි දැඩි කැමැත්ත. ඒවායේ ඇලී සිටීම, ඒවාන්ම සතුටුව මුසපත් වීම. මරණ සඥාව වැඩීමෙන්, නැතිකර ගත හැක

02. පටිඝ සංයෝජනය,

අන්‍යයන් කෙරෙහි, දක්නා අසනා විඳිනා බාහිර ආරම්මණ නිසා ඇතිවන නොසතුට, අකමැත්ත නිසා ටරහව වෛරයආදී මහත් අකුසල සිදු වේ. මේ නොකැමැත්ත දුරු කා ගන්නට ලොව දෙස යෝනිසෝ මනසිකාරයෙන් බැලීමෙන්, විදර්ශනාව දියුණු කර ගැනීමෙන් , මේ ලොව ඇති සියල්ල ඇතිවන්නේ හේතු ප්‍රත්යයනිසා බවද ඒ සියල්ල නථිඑඑම ස්වභාව කරගෙන ඇති බව මෙනෙහි කරමින් උපේක්ෂාව දියුණු කර ගත හැක.

03. දිට්ඨි සංයෝජනය,

සක්කාය දිට්ඨිය පමණක් නොව ලෝකය ශ්‍රුතවත්, අශ්‍රුතවත්, අන්තවත් හෝ අන්තවත් ලෙස ඇති නොයෙක් දිට්ඨි නිසා සසරට බැඳේ. සත්වයා පැනවීම කරන

04. විචිකිච්ඡා සංයෝජනය,

බුදුන් වහන්සේ ගේ බුද්ධත්වය ගැන, ධර්මය ගැන හා සංඝයා ගේ ප්‍රතිපදාව පිළිබඳව සැකය අවිශ්වාසය , අධිගමනය පිලිබන්දව, ස්කන්ධ ධර්ම ගැන ආදී ලෙස දැති දැක්වේ. අන් සාසනවල ඉගැන්වීම් මේ ප්‍රතිපදාවට වඩා හොඳ යයි සිතීම.

05.මාන සංයෝජනය,

තමන් පිලිබඳ ව හා අනුන් හා සසඳා සේය්ය මාන සදිසා මාන හෝ හීන මාන ලෙස සැලකීම මඥනාව නිසා සන්යෝජන බැම්මකි. එය මමඥතාව නිසා බිහිවූ නිසාම මානය සසරට ඇති බැඳීම වේ. වෙමිය යන හැංගීම රහත්වන තුරුම පවතී.

06. භවරාග සංයෝජනය,

ඉදිරි භවයක් සිතින් පතා රූප හෝ අරුප භවයක් කෙරෙහි ඇති කැමැත්ත සිතෙහි වෙන ගති ලක්ෂණයයි. කාම ලෝකවල මතු පැවැත්මට ඇති කැමැත්ත කාම භාව රාගය යි. ධ්‍යාන වඩා ඒ සපයා නිසා අරුපි භාවයකට කැමැත්ත ඇති වීම අරුප භව සංයෝජනයයි.

07. අවිජ්ජා සංයෝජනය,

ලෝකයේ යථා ස්වභාවය නොදැනීමට හේතුව අවිද්‍යාවයි. එනම් විපල්ලාස නිසා යෝනිසෝ මනසිකාරය පැවැත්වීමට නොහැකියාව. දුක නොදැනීම සසර පිළිබඳව නොදැන්මයි. මේ නොදැනීම නිසා සසරින් එගොඩ්යාමට ඕනෑකමක් නැතිවේ. සසර ඔහේ දිගින් දිගටම යයි.

9. සංයෝජන සමුච්ඡේද සූත්‍රය

“මහණෙනි, සප්ත සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස, සිඳීම පිණිස, බඹසර හැසිරෙයි.

“සංයෝජන සත මොනවාද?

අනූනය සංයෝජනය ප්‍රහාණය පිණිස බඹසර හැසිරෙයි.
පටිඝ සංයෝජනය ප්‍රහාණය පිණිස බඹසර හැසිරෙයි.
දිට්ඨි සංයෝජන ප්‍රහාණය පිණිස බඹසර හැසිරෙයි.
විචිකිච්ඡා සංයෝජන ප්‍රහාණය පිණිස බඹසර හැසිරෙයි.
මාන සංයෝජනය ප්‍රහාණය පිණිස බඹසර හැසිරෙයි.
භවරාග සංයෝජනය ප්‍රහාණය පිණිස බඹසර හැසිරෙයි.
අවිජ්ජා සංයෝජනය ප්‍රහාණය පිණිස බඹසර හැසිරෙයි.

මහණෙනි, සප්ත සංයෝජනයන් ප්‍රහාණය පිණිස, සිඳීම පිණිස, බඹසර හැසිරෙයි.

“මහණෙනි, යම් හෙයකින් භික්‍ෂුවගේ අනූනය සංයෝජනයද නැවත නූපදින සේ මුලින් කපන ලද තල් ගසක් සේ කරණ ලදද, අභාවයට පමුණුවන ලද්දේද, පටිඝ සංයෝජනයද නැවත නූපදින සේ මුලින් කපන ලද තල් ගසක් සේ කරණ ලදද, අභාවයට පමුණුවන ලද්දේද, දිට්ඨි සංයෝජනයද නැවත නූපදින සේ මුලින් කපන ලද තල් ගසක් සේ කරණ ලදද, අභාවයට පමුණුවන ලද්දේද, විචිකිච්ඡා සංයෝජනයද නැවත නූපදින සේ මුලින් කපන ලද තල් ගසක් සේ කරණ ලදද, අභාවයට පමුණුවන ලද්දේද, මාන සංයෝජනයද නැවත නූපදින සේ මුලින් කපන ලද තල් ගසක් සේ කරණ ලදද, අභාවයට පමුණුවන ලද්දේද, භවරාග සංයෝජනයද නැවත නූපදින සේ මුලින් කපන ලද තල් ගසක් සේ කරණ ලදද, අභාවයට පමුණුවන ලද්දේද, අවිජ්ජා සංයෝජනයද නැවත නූපදින සේ මුලින් කපන ලද තල් ගසක් සේ කරණ ලදද, අභාවයට පමුණුවන ලද්දේද, මෙයින් භික්‍ෂුව තෘෂ්ණාව සින්දේය.

එම භික්ෂුව සියලු සංයෝජනයන් දුරුකොට දුක් කෙළවර කළේය .

10. මච්ඡරිය සංයෝජන සූත්‍රය

“මහණෙනි, සංයෝජනයෝ සතක් වෙති.

“කවර සතක්ද යත්?
අනුනය සංයෝජනය,
පටිඝ සංයෝජනය,
දිට්ඨි සංයෝජනය,
විචිකිච්ඡා සංයෝජනය,
මාන සංයෝජනය,
ඉස්සා සංයෝජනය,
මච්ඡරිය සංයෝජනය

යන මේ සත සංයෝජනයෝ වෙති.”

SN 04-01-06

SN 04-01-06-01 . අවිජ්‌ජා පහාන සූත්‍රය

අවිජ්ජාව – පුජ්‍ය හපුරුදෙනියේ පියදස්සන හිමි කල දේසනය

මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී එක්තරා භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන් ඒ භික්‍ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළ කෙළේය.

“ස්වාමීනි, කුමක් දන්නහුගේ, කෙසේ දක්නහුගේ
අවිද්‍යාව දුරුවේද?
විද්‍යාව (අර්හත් මාර්‍ග ඥානය) උපදීද?”

[ අවිද්‍යාව : නිසා සත්වයා නැවත නැවත මැරෙමින් ඉපදෙමින් මේ සසරෙහි සැරි සරයි. ගඟට වැටුණු දර කොටයක් ඔහේ පාවී යන්නා සේ අනවතග්ග සංසාරයේ ඉබා ගාතේ යයි. මෙයට හේතුව ලෙස දක්වන්නේ නොදැනීම ය. එනම් චතුරාර්‍ය්‍ය සත්‍යය නොදැනීමය. කියවන්න.]

“මහණ,

  • ඇස අනිත්‍ය වශයෙන් දකින්නාගේ , දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි.
  • රූපයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි.
  • චක්ඛු විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි.
  • චක්ඛු සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි.
  • චක්ඛු සම්ඵස්සය නිසා වන වින්දනය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි.

“මහණ, කන අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ශබ්දයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. සෝත විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. සෝත සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. සෝත සම්ඵස්සය නිසා නිසා වන වින්දනය , අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි.

“මහණ, නාසය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ගන්‍ධයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ඝාණ විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ඝාණ සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ඝාණ සම්ඵස්සය නිසා නිසා වන වින්දනය, අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි.

“මහණ, දිව අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. රසයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ජිව්හා විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ජිව්හා සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ජිව්හා සම්ඵස්සය නිසා වන වින්දනය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි.

“මහණ, කය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ස්පර්‍ශයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. කාය විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. කාය සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. කාය සම්ඵස්සය නිසා වන වින්දනය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි.

“මහණ, සිත අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ධර්‍මයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මනෝ විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මනෝ සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මනෝ සම්ඵස්සය නිසා නිසා වන වින්දනය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදීය” යි වදාළ සේක.

SN 04-01-06-02. සංයෝජන පහාන සූත්‍රය

සංයෝජන සහ ඒවා නැති කිරීම ගැන පුජ්‍ය අලව්වේ අනෝමදසසි හිමි කල දිගු දේශනාව කොටස් දෙකකට කඩා මෙහි බහාලමි.

මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී එක් භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හිඳ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.

“ස්වාමීනි, කුමක් දන්නහුගේ, කෙසේ දක්නහුගේ සංයෝජන ප්‍රහාන වේද?”

“මහණ, ඇස අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජන ප්‍රහීණ වෙත්.
රූපයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්.
චක්ඛු විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජන ප්‍රහීණ වෙත්.
චක්ඛු සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජන ප්‍රහීණ වෙත්.

“චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්.
මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්.

“මහණ, කන අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. ශබ්දයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. සෝත විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. සෝත සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්.

“සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්.

“මහණ, නාසය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. ගන්‍ධයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. ඝාණ විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. ඝාණ සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්.

“ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්.

“මහණ, දිව අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. රසයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. ජිව්හා විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. ජිව්හා සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්.

“ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්.

“මහණ, කය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. ස්පර්‍ශයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. කාය විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. කාය සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්.

“කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්.

“මහණ, සිත අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. ධර්‍මයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. මනෝ විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. මනෝ සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්” යයි වදාළ සේක

SN 04-01-06-03. සංයෝජන සමුග්‌ඝාත සූත්‍රය

පුජ්‍ය කොත්මලේ කුමාර කස්සප හිමි කල දස සංයෝජන විවරණය පහත අසන්න

“ස්වාමීනි, කෙසේ දන්නහුගේ, කෙසේ දක්නහුගේ සංයෝජන විනාශ වේද ?”

“මහණ, ඇස අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. රූපයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. චක්ඛු විඥානය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. චක්ඛු සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශ වෙත්”

“චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශ වෙත්”

“මහණ, කන අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. ශබ්දයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. සෝත විඥානය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. සෝත සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශ වෙත්”

“සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශ වෙත්.”

“මහණ, නාසය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. ගන්‍ධයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. ඝාණ විඥානය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශ වෙත්. ඝාණ සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශ වෙත්.”

“ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් වීදීමක් උපදීද එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශ වෙත්.. මහණ, මෙසේ දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශ වෙත්.”

“මහණ, දිව අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශ වෙත්. රසයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශ වෙත්. ජිව්හා විඥානය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශ වෙත්. ජිව්හා සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශ වෙත්. “ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශ වෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශ වෙත්.”

“මහණ, කය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශ වෙත්. ස්පර්‍ශයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. කාය විඥානය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. කාය සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශ වෙත්.”

“කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශ වෙත්”

“මහණ, සිත අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. ධර්‍මයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. මනෝ විඥානය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. මනෝ සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශ වෙත්” යයි වදාළ සේක..

SN 04-01-06-04. ආසව පහාන සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී එක්තරා භික්‍ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.

“ස්වාමීනි, කෙසේ දන්නහුගේ, කෙසේ දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීන වෙත්ද?

“මහණ, ඇස අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. රූපයන් වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. චක්ඛු විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. චක්ඛු සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්.

“චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්.

“මහණ, කන වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. ශබ්දයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. සෝත විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. සෝත සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්.

“සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්.

“මහණ, නාසය වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. ගන්‍ධයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. ඝාණ විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. ඝාණ සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්.

“ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්.

“මහණ, දිව වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. රසයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. ජිව්හා විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. ජිව්හා සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්.

“ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්.

“මහණ, කය වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. ස්පර්‍ශයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. කාය විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. කාය සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්.

“කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්.

“මහණ, සිත වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. ධර්‍මයන් අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. මනෝ විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. මනෝ සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ ප්‍රහීණ වෙත්” යයි වදාළ සේක.

SN 04-01-06-05. ආසව සමුග්‌ඝාත සූත්‍රය

“ස්වාමීනි, කුමක් දන්නහුගේ, කෙසේ දක්නහුගේ ආශ්‍රවයෝ නැසෙත්ද?

“මහණ, ඇස වනාහි අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රව නැසේ. රූපයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රව නැසේ. චක්ඛු විඤ්ඤාණය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රව නැසේ. චක්ඛු සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රව නැසේ.

“චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රව නැසේ. මහණ, මෙසේ දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රව නැසේ.

“මහණ, කන වනාහි අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රව නැසේ. ශබ්දයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රව නැසේ. සෝත විඤ්ඤාණය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රව නැසේ. සෝත සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රව නැසේ.

“සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ විදීමක් උපදීද, එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රව නැසේ. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රව නැසේ.

“මහණ, නාසය වනාහි අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. ගන්‍ධයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. ඝාණ විඤ්ඤාණය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රව නැසේ. ඝාණ සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රව නැසේ.

“ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රව නැසේ.

“මහණ, දිව වනාහි අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රව නැසේ. රසයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රව නැසේ. ජිව්හා විඤ්ඤාණය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රව නැසේ. ජිව්හා සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රව නැසේ.

“ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රව නැසේ. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රව නැසේ.

“මහණ, කය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රව නැසේ.

ස්පර්‍ශයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රව නැසේ. කාය විඤ්ඤාණය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රව නැසේ. කාය සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රව නැසේ.

“කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රව නැසේ.

“මහණ, සිත වනාහි අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රවයෝ නැසීමට පැමිණෙත්. ධර්‍මයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රව නැසේ. මනෝ විඤ්ඤාණය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රව නැසේ. මනෝ සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රව නැසේ.

“මහණ මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රව නැසේ. මහණ, මෙසේ දන්නහුගේ, දක්නහුගේ ආශ්‍රව නැසේ” යයි වදාළ සේක.

SN 04-01-06-06. අනුසය පහාන සූත්‍රය

“ස්වාමීනි, කෙසේ දන්නහුගේ, කෙසේ දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්ද?”

“මහණ, ඇස අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්. රූපයන් වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්. චක්ඛු විඤ්ඤාණය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්. චක්ඛු සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්.

“චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් වින්දනයක් උපදීද, එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්.

“කන වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්. ශබ්දයන් වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්. සෝත විඥානය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්. සෝත සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්.

“සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් වින්දනයක් උපදීද, එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්.

“නාසය වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්. ගන්‍ධයන් වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්. ඝාණ විඤ්ඤාණය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්. ඝාණ සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්.

“ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් වින්දනයක් උපදීද, එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්.

“දිව වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්. රසයන් වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්. ජිව්හා විඤ්ඤාණය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්. ජිව්හා සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්.

“ජිව්හා සම්ඵස්සය නිසා වින්දනයක් උපදීද, එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්.

“කය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්. ස්පර්‍ශයන් වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්. කාය විඤ්ඤාණය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්. කාය සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්.

“කාය සම්ඵස්සය නිසා යම් වින්දනයක් උපදීද, එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්.

“සිත වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්. ධර්‍මයන් වනාහි අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්. මනෝ විඤ්ඤාණය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්. මනෝ සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්.

“මනෝ සම්ඵස්සය නිසා යම් වින්දනයක් උපදීද, එයද අනිත්‍ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්‍රහීණ වෙත්” යයි වදාළ සේක.

SN 04-01-06-07. අනුසය සමුග්‌ඝාත සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී එක්තරා භික්‍ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.

“ස්වාමීනි, කෙසේ නම් දන්නහුගේ, කෙසේ දක්නහුගේ අනුසය සහමුලින් නැසීමට පැමිණෙත්ද?

“මහණ, ඇස වනාහි අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්. රූපයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්. චක්ඛු විඥානය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්. චක්ඛු සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්.

“චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්.

“මහණ, කන වනාහි අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්. ශබ්දයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්. සෝත විඥානය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්. සෝත සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්.

“සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්.

“මහණ, නාසය වනාහි අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්. ගන්‍ධයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්. ඝාණ විඥානය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්. ඝාණ සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්.

“ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්.

“මහණ, දිව වනාහි අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්. රසයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්. ජිව්හා විඥානය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්. ජිව්හා සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්. “ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්.

“මහණ, කය වනාහි අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්. ස්පර්‍ශයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්. කාය විඥානය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්. කාය සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්.

“කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්.

“මහණ, සිත වනාහි අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්. ධර්‍මයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්. මනෝ විඥානය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්. මනෝ සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්.

“මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්. මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ අනුසය නැසීමට පැමිණෙත්.

SN 04-01-06-08. සබ්බූපාදාන පරිඤ්ඤා සූත්‍රය

“මහණෙනි, සියලු උපාදානයන් පිරිසිඳ දැනීම පිණිස තොපට ධර්‍මය දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, සියලු උපාදානයන් පිරිසිඳ දැනීම පිණිස (පවත්නාවූ) ධර්‍මය කවරේද? ඇසද, රූපයන්ද නිසා චක්ඛු විඥානය උපදියි. ඒ තුන් දෙනාගේ එක්වීම ස්පර්‍ශය වේ. ස්පර්‍ශය හේතුකොට ගෙන වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපයන් කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඥානය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. ‘මා විසින් මිදීමෙන් උපාදානය පිරිසිඳ දන්නා ලද්දේය’ යි දැනගනියි.

“කනද, ශබ්දයන්ද නිසා සෝත විඥානය උපදියි. ඒ තුන් දෙනාගේ එක්වීම ස්පර්‍ශය වේ. ස්පර්‍ශය හේතුකොට ගෙන වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දයන් කෙරෙහිද කලකිරෙයි. සෝත විඥානය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. ‘මා විසින් මිදීමෙන් උපාදානය පිරිසිඳ දන්නා ලද්දේය’යි දැනගනියි.

“නාසයන්ද, ගන්‍ධයන්ද නිසා ඝාණ විඥානය උපදියි. ඒ තුන් දෙනාගේ එක්වීම ස්පර්‍ශය වේ. ස්පර්‍ශය හේතුකොට ගෙන වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධයන් කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඥානය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. ‘මා විසින් මිදීමෙන් උපාදානය පිරිසිඳ දන්නා ලද්දේය’යි දැනගනියි.

“දිවද, රසයන්ද නිසා ජිව්හා විඥානය උපදියි. ඒ තුන් දෙනාගේ එක්වීම ස්පර්‍ශය වේ. ස්පර්‍ශය හේතුකොට ගෙන වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම දිව කෙරෙහිද කලකිරෙයි. රසයන් කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඥානය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. ‘මා විසින් මිදීමෙන් උපාදානය පිරිසිඳ දන්නා ලද්දේය’ යි දැනගනියි.

“කයද, ස්පර්‍ශයෝද නිසා කාය විඥානය උපදියි. ඒ තුන් දෙනාගේ එක්වීම ස්පර්‍ශය වේ. ස්පර්‍ශය හේතුකොට ගෙන වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශයන් කෙරෙහිද කලකිරෙයි. කාය විඥානය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. ‘මා විසින් මිදීමෙන් උපාදානය පිරිසිඳ දන්නා ලද්දේය’ යි දැනගනියි.

“සිතද, ධර්‍මයන්ද නිසා මනෝ විඥානය උපදියි. ඒ තුන් දෙනාගේ එක්වීම ස්පර්‍ශය වේ. ස්පර්‍ශය හේතුකොට ගෙන වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම සිත කෙරෙහිද කලකිරෙයි. ධර්‍මයන් කෙරෙහිද කලකිරෙයි. මනෝ විඥානය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. ‘මා විසින් මිදීමෙන් උපාදානය පිරිසිඳ දන්නා ලද්දේය’ යි දැනගනියි. මහණෙනි, මේ වනාහි සියලු උපාදානයන් පිරිසිඳ දැනීම පිණිස (පවත්නාවූ) ධර්‍මය වේය” යි වදාළ සේක.

SN 04-01-06-09. සබ්බූපාදාන පරියාදාන සූත්‍රය

“මහණෙනි, සියලු උපාදානයන් දුරුකිරීම පිණිස (පවත්නාවූ) ධර්‍මය තොපට දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, සියලු උපාදානයන් දුරුකිරීම පිණිස (පවත්නාවූ) ධර්‍මය කවරේද?

“ඇසද, රූපයන්ද නිසා චක්ඛු විඥානය උපදියි. ඒ තුන් දෙනාගේ එක්වීම ස්පර්‍ශය වේ. ස්පර්‍ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපයන් කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඥානය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. ‘මා විසින් මිදීමෙන් උපාදානය පිරිසිඳ දන්නා ලද්දේය’ යි දැනගනියි.

“කනද, ශබ්දයන්ද නිසා සෝත විඤ්ඤාණය උපදියි. ඒ තුන් දෙනාගේ එක්වීමෙන් ස්පර්‍ශය වේ. ස්පර්‍ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දයන් කෙරෙහිද කලකිරෙයි. සෝත විඥානය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. ‘මා විසින් මිදීමෙන් උපාදානය පිරිසිඳ දන්නා ලද්දේය’ යි දැනගනියි.

“නාසයද, ගන්‍ධයන්ද නිසා ඝාණ විඥානය උපදියි. ඒ තුන් දෙනාගේ එක්වීම ස්පර්‍ශය වේ. ස්පර්‍ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධයන් කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඥානය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. ‘මා විසින් මිදීමෙන් උපාදානය පිරිසිඳ දන්නා ලද්දේය’ යි දැනගනියි.

“දිවද, රසයන්ද නිසා ජිව්හා විඥානය උපදියි. ඒ තුන් දෙනාගේ එක්වීම ස්පර්‍ශය වේ. ස්පර්‍ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම දිව කෙරෙහිද කලකිරෙයි. රසයන් කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඥානය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. ‘මා විසින් මිදීමෙන් උපාදානය පිරිසිඳ දන්නා ලද්දේය’ යි දැනගනියි.

“කයද, ස්පර්‍ශයන්ද නිසා කාය විඥානය උපදියි. ඒ තුන් දෙනාගේ එක්වීම ස්පර්‍ශය වේ. ස්පර්‍ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශයන් කෙරෙහිද කලකිරෙයි. කාය විඥ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. ‘මා විසින් මිදීමෙන් උපාදානය පිරිසිඳ දන්නා ලද්දේය’ යි දැනගනියි.

“සිතද, ධර්‍මයන්ද නිසා මනෝ විඥානය උපදියි. ඒ තුන් දෙනාගේ එක්වීම ස්පර්‍ශය වේ. ස්පර්‍ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම සිත කෙරෙහිද කලකිරෙයි. ධර්‍මයන් කෙරෙහිද කලකිරෙයි. මනෝ විඥානය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. ‘මා විසින් මිදීමෙන් උපාදානය පිරිසිඳ දන්නා ලද්දේය’ යි දැනගනියි. මහණෙනි, මේ වනාහි සියලු උපාදානයන් දුරුකිරීම පිණිස පවත්නාවූ ධර්‍මය වේය” යි වදාළ සේක.

SN 04-01-06-10. දුතිය සබ්බූපාදාන පරියාදාන සූත්‍රය

“මහණෙනි, සියලු උපාදානයන් දුරුකිරීම පිණිස පවත්නාවූ ධර්‍මය තොපට දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, සියලු උපාදානයන් දුරුකිරීම පිණිස පවත්නාවූ ධර්‍මය කවරේද යත්? “මහණෙනි, ඒ කුමකැයි හඟිව්ද? ඇස නිත්‍ය හෝ අනිත්‍ය වේද?” – “ස්වාමීනි, අනිත්‍යය.”

“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” – “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” – “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“රූපයෝ නිත්‍ය හෝ අනිත්‍ය වේද?” – “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” – “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” – “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”

“චක්ඛු විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය වේද?” – “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” – “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” – “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”

“චක්ඛු සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය වේද?” – “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” – “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” – “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ යම් මේ වේදනාවකුත් උපදීද? එයද නිත්‍ය හෝ අනිත්‍ය වේද?” – “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” – “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” – “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”

“මහණෙනි, කන නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” – “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” – “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” – “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“ශබ්දයෝ නිත්‍ය හෝ අනිත්‍ය වේද?” – “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” – “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” – “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“සෝත විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය වේද?” – “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” – “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” – “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.” “සෝත සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය වේද?” – “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” – “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” – “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”

“සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ යම් මේ වේදනාවකුත් උපදීද? එයද නිත්‍ය හෝ අනිත්‍ය වේද?” – “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” – “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” – “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“මහණෙනි, නාසය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” – “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” – “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” – “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”

“ගන්‍ධයෝ නිත්‍ය හෝ අනිත්‍ය වේද?” – “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” – “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” – “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“ඝාණ විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය වේද?” – “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” – “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” – “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”

“ඝාණ සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය වේද?” – “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” – “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” – “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ යම් මේ වේදනාවකුත් උපදීද? එයද නිත්‍ය හෝ අනිත්‍ය වේද?” – “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” – “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” – “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”

‘මහණෙනි, දිව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” – “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” – “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” – “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“රසයෝ නිත්‍ය හෝ අනිත්‍ය වේද?” – “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” – “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” – “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“ජිව්හා විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය වේද?” – “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” – “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” – “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”

“ජිව්හා සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය වේද?” – “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” – “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” – “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.” “ජිව්හා සම්ඵස්සය හේතුකොටගෙන සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ යම් මේ වේදනාවකුත් උපදීද? එයද නිත්‍ය හෝ අනිත්‍ය වේද?” – “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” – “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” –
“ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”

“මහණෙනි, කය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” – “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” – “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” – “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“ස්පර්‍ශය (ඵොට්ඨබ්බය) නිත්‍ය හෝ අනිත්‍ය වේද?” – “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” – “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” –
“ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”

“කාය විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය වේද?” – “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” – “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” –
“ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”

“කාය සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය වේද?” – “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” – “ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, ඔහු මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” –
“ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”

“කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ යම් මේ වේදනාවකුත් උපදීද? එයද නිත්‍ය හෝ අනිත්‍ය වේද?” –
“ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” –
“ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” –
“ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”

“මහණෙනි, සිත නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” –
“ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” –
“ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” –
“ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”

“ධර්‍මයෝ නිත්‍ය හෝ අනිත්‍ය වේද?” –
“ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” –
“ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” –
“ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“මනෝ විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය වේද?” –
“ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” –
“ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” –
“ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”

“මනෝ සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය වේද?” –
“ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” –
“ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” –
“ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ යම් මේ වේදනාවකුත් උපදීද? එයද නිත්‍ය හෝ අනිත්‍ය වේද?” –
“ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” –
“ස්වාමීනි, දුක්ය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” – “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය නිසා නිසා වින්දනයකුත් උපදීද, , එය කෙරෙහිද කලකිරෙයි.

“කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝත විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය නිසා නිසා වින්දනයකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

“නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය නිසා නිසා වින්දනයකුත් උපදීද, , එය කෙරෙහිද කලකිරෙයි.

“දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය නිසා වින්දනයකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

“කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශය කෙරෙහිද කලකිරෙයි. කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය නිසා නිසා වින්දනයකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

“සිත කෙරෙහිද කලකිරෙයි. ධර්‍මය කෙරෙහිද කලකිරෙයි. මනෝ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය නිසා වින්දනයකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. ජාතිය (ඉපදීම) ක්‍ෂය විය. මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලද්දේය. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැන ගනියි. මහණෙනි, මේ වනාහි සියලු හැඟීම් නැසීමට උපකාරවූ ප්‍රතිපදාවය” යි වදාළ සේක.

SN 04-01-05.

සියල්ල අනිත්‍ය යි
සියල්ල දුකය
සියල්ල අනාත්මය
සියල්ල මනා නුවණින් දත යුතුයි.
සියල්ල පිරිසිඳ දත යුතුයි
සියල්ල පහකටයුතුය.
සියල්ල ප්‍රත්‍යක්‍ෂ කටයුතුයි.
සියල්ල මනා නුවණින් පිරිසිඳ දතයුතුයි
සියල්ල උවදුරට පැමිණෙයි.
සියල්ල විපතට පැමිණෙයි

01 අනිච්චධම්ම සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

“මහණෙනි, සියල්ල අනිත්‍ය වෙයි.
මහණෙනි, කවරක් නම් අනිත්‍යද?
“මහණෙනි, ඇස අනිත්‍යය. රූපයෝ අනිත්‍යයෝය. චක්ඛු විඤ්ඤාණය අනිත්‍යය. චක්ඛු සම්ඵස්සය අනිත්‍යය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ විඳීමක් උපදීද, එයද අනිත්‍යය.

“මහණෙනි, කන අනිත්‍යය. ශබ්දයෝ අනිත්‍යයෝය. සෝත විඤ්ඤාණය අනිත්‍යය. සෝත සම්ඵස්සය අනිත්‍යය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ විඳීමක් උපදීද, එයද අනිත්‍යය.

“මහණෙනි, නාසය අනිත්‍යය. ගන්‍ධයෝ අනිත්‍යයෝය. ඝාණ විඤ්ඤාණය අනිත්‍යය. ඝාණ සම්ඵස්සය අනිත්‍යය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ විඳීමක් උපදීද, එයද අනිත්‍යය.

“මහණෙනි, දිව අනිත්‍යය. රසයෝ අනිත්‍යයහ. ජිව්හා විඤ්ඤාණය අනිත්‍යය. ජිව්හා සම්ඵස්සය අනිත්‍ය වේ. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ විඳීමක් උපදීද උපදීද, එයද අනිත්‍යය.

“මහණෙනි, කය අනිත්‍යය. ස්පර්‍ශයෝ අනිත්‍යයෝය. කාය විඤ්ඤාණය අනිත්‍යය. කාය සම්ඵස්සය අනිත්‍යය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ විඳීමක් උපදීද, එයද අනිත්‍යය.

“මහණෙනි, සිත අනිත්‍යය. චෛතසික ධර්මයෝ අනිත්‍යයෝය. මනෝ විඤ්ඤාණය අනිත්‍යය. මනෝ සම්ඵස්සය අනිත්‍යය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ විඳීමක් උපදීද, එයද අනිත්‍යය.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය නිසා යම් සැප වින්දනයක් හෝ, දුක් වින්දනයක් හෝ, උපෙක්‍ෂා වින්දනයක් උපදීද, ඒ වින්දනය කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝත විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය නිසා යම් සැප වින්දනයක් හෝ, දුක් වින්දනයක් හෝ, උපෙක්‍ෂා වින්දනයක් හෝ උපදීද, ඒ වින්දනය කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය නිසා යම් සැප වින්දනයක් හෝ, දුක් වින්දනයක් හෝ, උපෙක්‍ෂා වින්දනයක් හෝ උපදීද, ඒ වින්දනය කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ විඳීමක් උපදීද, ඒ වින්දනය කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශය කෙරෙහිද කලකිරෙයි. කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ විඳීමක් උපදීද , ඒ වින්දනය කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා සිත කෙරෙහිද කලකිරෙයි. ධර්‍මය කෙරෙහිද කලකිරෙයි. මනෝ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. “ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. කළ යුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැන ගණීය” යි වදාළ සේක.

02 දුක්ඛ ධම්ම සූත්‍රය.

“මහණෙනි, සියල්ල දුකය.
මහණෙනි, කවර නම් සියල්ලක් දුකද?

“මහණෙනි, ඇස දුකය. රූපයෝ දුකය. චක්ඛු විඤ්ඤාණය දුකය. චක්ඛු සම්ඵස්සය දුකය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය.

“මහණෙනි, කන දුකය. ශබ්දයෝ දුකය. සෝත විඤ්ඤාණය දුකය. සෝත සම්ඵස්සය දුකය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය.

“මහණෙනි, නාසය දුකය. ගන්‍ධයෝ දුකය. ඝාණ විඤ්ඤාණය දුකය. ඝාණ සම්ඵස්සය දුකය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය.

“මහණෙනි, දිව දුකය. රසයෝ දුකය. ජිව්හා විඤ්ඤාණය දුකය. ජිව්හා සම්ඵස්සය දුකය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය.

“මහණෙනි, කය දුකය. ස්පර්‍ශයෝ දුකය. කාය විඤ්ඤාණය දුකය. කාය සම්ඵස්සය දුකය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය.

“මහණෙනි, සිත දුකය. ධර්මයෝ දුකය. මනෝ විඤ්ඤාණය දුකය. මනෝ සම්ඵස්සය දුකය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝත විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශය කෙරෙහිද කලකිරෙයි. කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා සිත කෙරෙහිද කලකිරෙයි. ධර්‍මය කෙරෙහිද කලකිරෙයි. මනෝ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. “ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. කළ යුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැන ගණීය” යි (වදාළ සේක.)

03 අනත්ත ධම්ම සූත්‍රය

“මහණෙනි, සියල්ල අනාත්මය.
මහණෙනි, කවර නම් සියල්ලක් අනාත්මද?

“මහණෙනි, ඇස අනාත්මය. රූපයෝ අනාත්මය. චක්ඛු විඤ්ඤාණය අනාත්මය. චක්ඛු සම්ඵස්සය අනාත්මය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්මය.

“මහණෙනි, කන අනාත්මය. ශබ්දයෝ අනාත්මය. සෝත විඤ්ඤාණය අනාත්මය. සෝත සම්ඵස්සය අනාත්මය.සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්මය.

“මහණෙනි, නාසය අනාත්මය. ගන්‍ධයෝ අනාත්මය. ඝාණ විඤ්ඤාණය අනාත්මය. ඝාණ සම්ඵස්සය අනාත්මය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්මය.

“මහණෙනි, දිව අනාත්මය. රසයෝ අනාත්මය. ජිව්හා විඤ්ඤාණය අනාත්මය. ජිව්හා සම්ඵස්සය අනාත්මය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්මය.

“මහණෙනි, කය අනාත්මය. ස්පර්‍ශයෝ අනාත්මය. කාය විඤ්ඤාණය අනාත්මය. කාය සම්ඵස්සය අනාත්මය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්මය.

“මහණෙනි, සිත අනාත්මය. ධර්මයෝ අනාත්මය. මනෝ විඤ්ඤාණය අනාත්මය. මනෝ සම්ඵස්සය අනාත්මය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්මය.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝත විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශය කෙරෙහිද කලකිරෙයි. කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා සිත කෙරෙහිද කලකිරෙයි. ධර්‍මය කෙරෙහිද කලකිරෙයි. මනෝ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

කලකිරෙන්නේ සසරට නොඇලෙයි. නොඇලීමෙන් භවයෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. “ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. කළ යුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැන ගණීය” යි (වදාළ සේක.)

04 අභිඤ්ඤෙය්‍ සූත්‍රය

“මහණෙනි, සියල්ල මනා නුවණින් දත යුතුයි.
මහණෙනි, කවර නම් සියල්ලක් මනා නුවණින් දත යුතුද?

“මහණෙනි, ඇස මනා නුවණින් දත යුතුයි. රූපයෝ මනා නුවණින් දත යුතුයි. චක්ඛු විඤ්ඤාණය මනා නුවණින් දත යුතුයි. චක්ඛු සම්ඵස්සය මනා නුවණින් දත යුතුයි. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මනා නුවණින් දත යුතුයි.

“මහණෙනි, කන මනා නුවණින් දත යුතුයි. ශබ්දයෝ මනා නුවණින් දත යුතුයි. සෝත විඤ්ඤාණය මනා නුවණින් දත යුතුයි. සෝත සම්ඵස්සය මනා නුවණින් දත යුතුයි. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මනා නුවණින් දත යුතුයි.

“මහණෙනි, නාසය මනා නුවණින් දත යුතුයි. ගන්‍ධයෝ මනා නුවණින් දත යුතුයි. ඝාණ විඤ්ඤාණය මනා නුවණින් දත යුතුයි. ඝාණ සම්ඵස්සය මනා නුවණින් දත යුතුයි. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මනා නුවණින් දත යුතුයි.

“මහණෙනි, දිව මනා නුවණින් දත යුතුයි. රසයෝ මනා නුවණින් දත යුතුයි. ජිව්හා විඤ්ඤාණය මනා නුවණින් දත යුතුයි. ජිව්හා සම්ඵස්සය මනා නුවණින් දත යුතුයි. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මනා නුවණින් දත යුතුයි.

“මහණෙනි, කය මනා නුවණින් දත යුතුයි. ස්පර්‍ශයෝ මනා නුවණින් දත යුතුයි. කාය විඤ්ඤාණය මනා නුවණින් දත යුතුයි. කාය සම්ඵස්සය මනා නුවණින් දත යුතුයි. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මනා නුවණින් දත යුතුයි.

“මහණෙනි, සිත මනා නුවණින් දත යුතුයි. ධර්මයෝ මනා නුවණින් දත යුතුයි. මනෝ විඤ්ඤාණය මනා නුවණින් දත යුතුයි. මනෝ සම්ඵස්සය මනා නුවණින් දත යුතුයි. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මනා නුවණින් දත යුතුයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝත විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශය කෙරෙහිද කලකිරෙයි. කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා සිත කෙරෙහිද කලකිරෙයි. ධර්‍මය කෙරෙහිද කලකිරෙයි. මනෝ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. “ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. කළ යුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැන ගණීය” යි වදාළ සේක.

05 පරිඤ්ඤෙය්‍ සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

“මහණෙනි, සියල්ල පිරිසිඳ දත යුතුයි. මහණෙනි, කවර නම් සියල්ලක් පිරිසිඳ දත යුතුද?

“මහණෙනි, ඇස පිරිසිඳ දත යුතුයි. රූපයෝ පිරිසිඳ දත යුතුයි. චක්ඛු විඤ්ඤාණය පිරිසිඳ දත යුතුයි. චක්ඛු සම්ඵස්සය පිරිසිඳ දත යුතුයි. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද පිරිසිඳ දත යුතුයි.

“මහණෙනි, කන පිරිසිඳ දත යුතුයි. ශබ්දයෝ පිරිසිඳ දත යුතුයි. සෝත විඤ්ඤාණය පිරිසිඳ දත යුතුයි. සෝත සම්ඵස්සය පිරිසිඳ දත යුතුයි. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද පිරිසිඳ දත යුතුයි.

“මහණෙනි, නාසය පිරිසිඳ දත යුතුයි. ගන්‍ධයෝ පිරිසිඳ දත යුතුයි. ඝාණ විඤ්ඤාණය පිරිසිඳ දත යුතුයි. ඝාණ සම්ඵස්සය පිරිසිඳ දත යුතුයි. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද පිරිසිඳ දත යුතුයි.

“මහණෙනි, දිව පිරිසිඳ දත යුතුයි. රසයෝ පිරිසිඳ දත යුතුයි. ජිව්හා විඤ්ඤාණය පිරිසිඳ දත යුතුයි. ජිව්හා සම්ඵස්සය පිරිසිඳ දත යුතුයි. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද පිරිසිඳ දත යුතුයි.

“මහණෙනි, කය පිරිසිඳ දත යුතුයි. ස්පර්‍ශයෝ පිරිසිඳ දත යුතුයි. කාය විඤ්ඤාණය පිරිසිඳ දත යුතුයි. කාය සම්ඵස්සය පිරිසිඳ දත යුතුයි. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද පිරිසිඳ දත යුතුයි.

“මහණෙනි, සිත පිරිසිඳ දත යුතුයි. ධර්මයෝ පිරිසිඳ දත යුතුයි. මනෝ විඤ්ඤාණය පිරිසිඳ දත යුතුයි. මනෝ සම්ඵස්සය පිරිසිඳ දත යුතුයි. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද පිරිසිඳ දත යුතුයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝත විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශය කෙරෙහිද කලකිරෙයි. කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා සිත කෙරෙහිද කලකිරෙයි. ධර්‍මය කෙරෙහිද කලකිරෙයි. මනෝ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

එසේ කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. “ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. කළ යුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැන ගණීය” යි (වදාළ සේක.)

06 පහාතබ්බ සූත්‍රය

“මහණෙනි, සියල්ල පහකටයුතුය.
මහණෙනි, කවර නම් සියල්ලක් පහකටයුතුද?

“මහණෙනි, ඇස පහකටයුතුය. රූපයෝ පහකටයුතුය. චක්ඛු විඤ්ඤාණය පහකටයුතුය. චක්ඛු සම්ඵස්සය පහකටයුතුය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද පහකටයුතුය.

“මහණෙනි, කන පහකටයුතුය. ශබ්දයෝ පහකටයුතුය. සෝත විඤ්ඤාණය පහකටයුතුය. සෝත සම්ඵස්සය පහකටයුතුය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද පහකටයුතුය.

“මහණෙනි, නාසය පහකටයුතුය. ගන්‍ධයෝ පහකටයුතුය. ඝාණ විඤ්ඤාණය පහකටයුතුය. ඝාණ සම්ඵස්සය පහකටයුතුය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද පහකටයුතුය.

“මහණෙනි, දිව පහකටයුතුය. රසයෝ පහකටයුතුය. ජිව්හා විඤ්ඤාණය පහකටයුතුය. ජිව්හා සම්ඵස්සය පහකටයුතුය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද පහකටයුතුය.

“මහණෙනි, කය පහකටයුතුය. ස්පර්‍ශයෝ පහකටයුතුය. කාය විඤ්ඤාණය පහකටයුතුය. කාය සම්ඵස්සය පහකටයුතුය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද පහකටයුතුය.

“මහණෙනි, සිත පහකටයුතුය. ධර්මයෝ පහකටයුතුය. මනෝ විඤ්ඤාණය පහකටයුතුය. මනෝ සම්ඵස්සය පහකටයුතුය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද පහකටයුතුය.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝත විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශය කෙරෙහිද කලකිරෙයි. කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා සිත කෙරෙහිද කලකිරෙයි. ධර්‍මය කෙරෙහිද කලකිරෙයි. මනෝ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. “ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. කළ යුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැන ගණීය” යි (වදාළ සේක.)

07 සච්ඡිකාතබ්බ සූත්‍රය

“මහණෙනි, සියල්ල ප්‍රත්‍යක්‍ෂකටයුතුයි.
මහණෙනි, කවර නම් සියල්ලක් ප්‍රත්‍යක්‍ෂකටයුතුද?

“මහණෙනි, ඇස දුකය. රූපයෝ දුකය. චක්ඛු විඤ්ඤාණය දුකය. චක්ඛු සම්ඵස්සය දුකය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය.

“මහණෙනි, කන ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. ශබ්දයෝ ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. සෝත විඤ්ඤාණය ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. සෝත සම්ඵස්සය ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ප්‍රත්‍යක්‍ෂකටයුතුයි.

“මහණෙනි, නාසය ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. ගන්‍ධයෝ ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. ඝාණ විඤ්ඤාණය දුකය. ඝාණ සම්ඵස්සය ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ප්‍රත්‍යක්‍ෂකටයුතුයි.

“මහණෙනි, දිව ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. රසයෝ ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. ජිව්හා විඤ්ඤාණය ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. ජිව්හා සම්ඵස්සය ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ප්‍රත්‍යක්‍ෂකටයුතුයි.

“මහණෙනි, කය ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. ස්පර්‍ශයෝ ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. කාය විඤ්ඤාණය ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. කාය සම්ඵස්සය ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ප්‍රත්‍යක්‍ෂකටයුතුයි.

“මහණෙනි, සිත ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. ධර්මයෝ ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. මනෝ විඤ්ඤාණය ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. මනෝ සම්ඵස්සය ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ප්‍රත්‍යක්‍ෂකටයුතුයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝත විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශය කෙරෙහිද කලකිරෙයි. කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම සිත කෙරෙහිද කලකිරෙයි. ධර්‍මය කෙරෙහිද කලකිරෙයි. මනෝ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. “ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. කළ යුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැන ගණීය” යි (වදාළ සේක.)

08 අභිඤ්ඤා පරිඤ්ඤෙය්‍ සූත්‍රය

“මහණෙනි, සියල්ල මනා නුවණින් පිරිසිඳ දතයුතුයි.
මහණෙනි, කවර නම් සියල්ලක් මනා නුවණින් පිරිසිඳ දතයුතුද?

“මහණෙනි, ඇස මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. රූපයෝ මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. චක්ඛු විඤ්ඤාණය මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. චක්ඛු සම්ඵස්සය මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මනා නුවණින් පිරිසිඳ දතයුතුයි.

“මහණෙනි, කන මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. ශබ්දයෝ මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. සෝත විඤ්ඤාණය මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. සෝත සම්ඵස්සය මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මනා නුවණින් පිරිසිඳ දතයුතුයි.

“මහණෙනි, නාසය මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. ගන්‍ධයෝ මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. ඝාණ විඤ්ඤාණය මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. ඝාණ සම්ඵස්සය මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මනා නුවණින් පිරිසිඳ දතයුතුයි.

“මහණෙනි, දිව මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. රසයෝ මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. ජිව්හා විඤ්ඤාණය මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. ජිව්හා සම්ඵස්සය මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මනා නුවණින් පිරිසිඳ දතයුතුයි.

“මහණෙනි, කය මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. ස්පර්‍ශයෝ මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. කාය විඤ්ඤාණය මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. කාය සම්ඵස්සය මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මනා නුවණින් පිරිසිඳ දතයුතුයි.

“මහණෙනි, සිත මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. ධර්මයෝ මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. මනෝ විඤ්ඤාණය මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. මනෝ සම්ඵස්සය මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මනා නුවණින් පිරිසිඳ දතයුතුයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝත විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශය කෙරෙහිද කලකිරෙයි. කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා සිත කෙරෙහිද කලකිරෙයි. ධර්‍මය කෙරෙහිද කලකිරෙයි. මනෝ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

එසේ කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. “ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. කළ යුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැන ගණීය” යි (වදාළ සේක.)

09 උපද්දුත සූත්‍රය

“මහණෙනි, සියල්ල උවදුරට පැමිණෙන ලදී.
මහණෙනි, කවර නම් සියල්ලක් උවදුරට පැමිණෙන ලද්දේද?

“මහණෙනි, ඇස උවදුරට පැමිණෙන ලදී. රූපයෝ උවදුරට පැමිණෙන ලදී. චක්ඛු විඤ්ඤාණය උවදුරට පැමිණෙන ලදී. චක්ඛු සම්ඵස්සය උවදුරට පැමිණෙන ලදී. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද උවදුරට පැමිණෙන ලදී.

“මහණෙනි, කන උවදුරට පැමිණෙන ලදී. ශබ්දයෝ උවදුරට පැමිණෙන ලදී. සෝත විඤ්ඤාණය උවදුරට පැමිණෙන ලදී. සෝත සම්ඵස්සය උවදුරට පැමිණෙන ලදී. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද උවදුරට පැමිණෙන ලදී.

“මහණෙනි, නාසය උවදුරට පැමිණෙන ලදී. ගන්‍ධයෝ උවදුරට පැමිණෙන ලදී. ඝාණ විඤ්ඤාණය උවදුරට පැමිණෙන ලදී. ඝාණ සම්ඵස්සය උවදුරට පැමිණෙන ලදී. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද උවදුරට පැමිණෙන ලදී.

“මහණෙනි, දිව උවදුරට පැමිණෙන ලදී. රසයෝ උවදුරට පැමිණෙන ලදී. ජිව්හා විඤ්ඤාණය උවදුරට පැමිණෙන ලදී. ජිව්හා සම්ඵස්සය උවදුරට පැමිණෙන ලදී. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද උවදුරට පැමිණෙන ලදී.

“මහණෙනි, කය උවදුරට පැමිණෙන ලදී. ස්පර්‍ශයෝ උවදුරට පැමිණෙන ලදී. කාය විඤ්ඤාණය උවදුරට පැමිණෙන ලදී. කාය සම්ඵස්සය උවදුරට පැමිණෙන ලදී. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද උවදුරට පැමිණෙන ලදී.

“මහණෙනි, සිත උවදුරට පැමිණෙන ලදී. ධර්මයෝ උවදුරට පැමිණෙන ලදී. මනෝ විඤ්ඤාණය උවදුරට පැමිණෙන ලදී. මනෝ සම්ඵස්සය උවදුරට පැමිණෙන ලදී. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද උවදුරට පැමිණෙන ලදී.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝත විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශය කෙරෙහිද කලකිරෙයි. කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා සිත කෙරෙහිද කලකිරෙයි. ධර්‍මය කෙරෙහිද කලකිරෙයි. මනෝ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

එසේ කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. “ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. කළ යුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැන ගණීය” යි වදාළ සේක.

10 උපස්සට්ඨ සූත්‍රය

“මහණෙනි, සියල්ල විපතට පැමිණෙන ලදී.
මහණෙනි, කවර නම් සියල්ලක් විපතට පැමිණෙන ලද්දේද?

“මහණෙනි, ඇස විපතට පැමිණෙන ලදී. රූපයෝ විපතට පැමිණෙන ලදී. චක්ඛු විඤ්ඤාණය විපතට පැමිණෙන ලදී. චක්ඛු සම්ඵස්සය විපතට පැමිණෙන ලදී. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද විපතට පැමිණෙන ලදී.

“මහණෙනි, කන විපතට පැමිණෙන ලදී. ශබ්දයෝ විපතට පැමිණෙන ලදී. සෝත විඤ්ඤාණය විපතට පැමිණෙන ලදී. සෝත සම්ඵස්සය විපතට පැමිණෙන ලදී. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද විපතට පැමිණෙන ලදී.

“මහණෙනි, නාසය විපතට පැමිණෙන ලදී. ගන්‍ධයෝ විපතට පැමිණෙන ලදී. ඝාණ විඤ්ඤාණය විපතට පැමිණෙන ලදී. ඝාණ සම්ඵස්සය විපතට පැමිණෙන ලදී. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද විපතට පැමිණෙන ලදී.

“මහණෙනි, දිව විපතට පැමිණෙන ලදී. රසයෝ විපතට පැමිණෙන ලදී. ජිව්හා විඤ්ඤාණය විපතට පැමිණෙන ලදී. ජිව්හා සම්ඵස්සය විපතට පැමිණෙන ලදී. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද විපතට පැමිණෙන ලදී.

“මහණෙනි, කය විපතට පැමිණෙන ලදී. ස්පර්‍ශයෝ විපතට පැමිණෙන ලදී. කාය විඤ්ඤාණය විපතට පැමිණෙන ලදී. කාය සම්ඵස්සය විපතට පැමිණෙන ලදී. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද විපතට පැමිණෙන ලදී.

“මහණෙනි, සිත විපතට පැමිණෙන ලදී. ධර්මයෝ විපතට පැමිණෙන ලදී. මනෝ විඤ්ඤාණය විපතට පැමිණෙන ලදී. මනෝ සම්ඵස්සය විපතට පැමිණෙන ලදී. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද විපතට පැමිණෙන ලදී.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝත විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශය කෙරෙහිද කලකිරෙයි. කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි,
මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා
සිත කෙරෙහිද කලකිරෙයි.
ධර්‍මය කෙරෙහිද කලකිරෙයි.
මනෝ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි.
මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි.
මනෝ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.


කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. “ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. කළ යුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැන ගණීය” යි (වදාළ සේක.)

SN 01-07-02

බ්‍රාහ්මණ සංයුත්තය උපාසක වර්‍ගය


1. කසි භාරද්වාජ සූත්‍රය
2. උදය සූත්‍රය
3. දෙවහිත සූත්‍රය
4. මහාසාල ( නොහොත් ලුඛපාපුරණ ) සූත්‍රය
5. මානත්‍ථද්ධ සූත්‍රය
6. පච්චනීක සූත්‍රය
7. නවකම්මික සූත්‍රය
8. කට්ඨහාර සූත්‍රය
9. මාතුපෝසක සූත්‍රය
10. භික්ඛක සූත්‍රය
11. සඞ්ගාරව සූත්‍රය
12. ඛොමදුස්සසුත්තං

01- කසි භාරද්වාජ සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසනලදී,
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මගධ දනවියෙහි දක්‍ෂිණාගිරියෙහි එකනාලා බමුණුගම වසනසේක

§ 2. එකල  කසීභාරවාජ බමුණා විසින් සී සෑම් කරන කාලයේ පළමු දින වපුරන උත්සවයක් කරනු පිණිස   සිය කුඹුර සෑම පිණිස පන්සියයක් පමණ පිරිසක් ද ඒ තරම්ම වූ නගුල්ද යොදන ලද්දේය. එදින භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරවා, පාත්‍ර සිවුරු ගෙන කසීභාරවාජ බමුණාගේ කර්‍මාන්ත ස්ථානය ඇති තැනට වැඩිසේක.
එකල කසීභාරවාජ බමුණාගේ ( අහර ) වැළඳවීමෙක් විය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ වළඳවන ස්ථානය යම් තැනෙකද එතැනට වැඩිසේක. වැඩ එකත්පසෙක සිටිසේක.

අතිපුජ්‍ය කෝට්ටේ ශ්‍රී දේවානන්ද හිමි කල සුත්‍රාන්ත දේසනා සතර අසන්න මේ බැනරය ක්‍ලික් කරන්න.

§ 3. කසීභාරවාජ බමුණු තුමා පිඬු පිණිස වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේ දැක මෙසේ කීය:
’’ ශ්‍රමණය, මම්  සී සෑම  කරමි. වැපිරීම  කරමි. සී සෑම කොට, වපුරා ඒ අස්වැන්න නෙලා ඒ වළඳමි.
ශ්‍රමණය, නුඹත් සී  සා , වපුරා . අස්දවනු නෙලා වළඳව’’ යි කීය.

’’බමුණ, මමත් සී සෑම  කරමි, වැපිරීමද කරමි. සී සෑමද කොට වැපිරීම්ද කොට වළඳමි’’ යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.

§
4. ’’පින්වත් ගෞතමයන්ගේ වියදණ්ඩක් හෝ නගුලක් හෝ හීවැලක් හෝ කෙවිටක් හෝ ගොනුන් හෝ අපි නොදකිම්හ. එසේ නමුත් භවත් ගෞතමතෙම මෙසේ කියයි: ’ බමුණ, මමත් සෑමද කරමි, වැපිරීමද කරමි. සෑමද කොට වැපිරීම්ද කොට වළඳමි’’
එවිට කසීභාරවාජ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ ගාථාවක් කීය:


’662. ’ගොවියෙක්මි’ යි ඔබ කියන්නෙහිය.

ඔබගේ සී සෑමක් නොදක්නෙමි.
ඔබ සැබවින් ඔබ ගොවියෙක් නම් ,
ඔබ සී සාන්නේ කෙසේ දැයි කිව මැණ ?’’

භාග්‍යවතුන් වහන්සේ
663. ශ්‍රද්‍ධාව මගේ බීජය වෙයි. තපස වැස්සය,

ප්‍රඥාව මගේ වියගහ හා නගුලය.
ලජ්ජා භය නගුල් කඳය.
සමාධිය රැහැන් හෙවත් ලණුය.
සතිය සීවැල හා කෙවිටය.461

664. ’’කාය සුචරිතයෙන්, වාක් සුචරිතයෙන් රක්නෙමි.

ආහාරයෙහි ගන්නා ලද සංවර වූයෙම්,
සත්‍යයෙන් නෙලීම කෙරෙමි.
විමුක්තිය මාගේ අස්වැන්නයි.462

665.’’වීර්‍ය්‍යය මා දරාගෙන සංයෝජන බිඳලමින්

නොනැවතී ඉදිරියට ගෙන යන්නේ
සියළු කෙලෙස් බැඳුම් සිඳ ලමින්,
සෝකයෙන් තොර නිර්වාණයට මා පමුනුවයි.’’

666. ’’මෙසේ මේ සී සෑම අවසන් කලෙමි.
අස්වැන්න ලෙස නොමැරෙන බව ලදිමි
මෙසේ සී සා කලය්ත්ත කළෝ,
සකල සංසාර දුඃඛයෙන් මිදේ.’’

[461:- මෙහි පළමුවෙන්ම ශ්‍රද්ධාව ගැන සඳහන් කලේ මේ කසී භාරද්වාජ බ්‍රාහ්මණයා ප්‍රඥාවෙන් ඉහල මුත් ශ්‍රද්ධාවෙන් හීන වූ නිසා මෙසේ ශ්‍රද්ධාවේ අගය මුලින්ම සඳහන් කරන්නේ ඔහුට ශ්‍රද්ධාවේ අගය දක්වන්නට බව අටුවාව කියයි. ශ්‍රද්ධාව බීජය යැයි වදාළේ සියළු කුසල ක්‍රියාවන්ට ශ්‍රද්ධාව මුල් වන බැවිනි. මුල පොළොවේ සරු බව පොහොර ගතිය උරමින් පැලයේවැඩීම අති කරයි. අවසානයේ බොහෝ ඇට දරන කරලක් ගෙන දෙන්නේ යම් සේද ශ්‍රද්ධාව සීලය හා එක් වූ කල සමාධිය හා විමුක්ති ඥානයන් දෙසට සත්වයා ඔසවා ලයි.]

[462: සෝරච්චතාව ලෙසද දක්වන කාය හා වචී සංවරය මෙහිදී අදහස් නොවේ. අරහත්භාවයේ ඵලයක් ලෙස දැක්වෙන සෝරච්චතාව නිර්වාන ධර්මයේ ප්‍රීතියට පත්වීම ( සු+ රත්ත) එනම් සුන්දරේ නිබ්බාන රත්තතා ” වෙනත් ලෙසකින් කිවහොත්, බෝ මුලදී අරහත්බව පසක්කිරීමෙන් මම නිදහස ලද්දෙමි. යලි කිසිදා නගුලක් කරින් නොදරමි” යන්නයි.]

[463: බුද්ධගෝෂ ආචාරීන් නිබ්බනය යෝගක්ඛේම ලෙසද හඳුන්වයි. බැඳුම් වලින් මිදී (යෝගේහි ඛේමතා) ලෙස දැක්වෙන සතර ඕඝයන් බඳු බන්ධන සතරින් ගැලවීම නම් චක්කු විඥාන හි මායාවෙන් මිදීමය. සංයුත්ත නිකායේ සලායතන වග්ග පාලියේ යෝගක්ඛේම වග්ගයේ පළමු සුත්‍රය යෝගක්ඛෙමි සුත්‍රය කියවන්න.]

ඒ අසා මහත් ප්‍රීතියට පත් කසී භාරද්වාජ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ දානයට ආරාධනා කළේය.

’’පින්වත් භවත් ගෞතමයන් වළඳාවා. පින්වත් භවත් ගෞතමයන් උතුම්ම ගොවියෙක් බව දකිමි. අමා ඵල ලැබෙන සී සාන පින්වත් ගෞතම
යන් මේ භෝජන වළඳත්වා’ යි කීය.

667. ’’බමුණ, මා ගාථා කියා ලත් කිරිබත් වැළඳිම කල යුතු නොවේ.
අර්‍ථ ධර්‍ම දෙක දන්නාවූ සර්‍වඥවරයන්ගාථා කියා නොවළඳයි.
බුදුවරයෝ ගාථා කියා ලැබූ භෝජනය බැහැර කෙරෙත්.

668. බමුණ, රහතුන් පිනට රිසි අයට කෙත් බඳු වෙයි.
සියලු ගුණයෙන් යුතු මහාර්ෂිවූ, සන්සුන්වූ,
රහතන් වහන්සේ ට උපස්ථානකරව.
ඔහු වනාහි පින් කැමැත්තාහට කෙතක්වේ.’’

මෙසේ වදාළ කල්හි කසීභාරවාජ බ්‍රාහ්මණතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය:
’’පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. පින්වත් ගෞතමයන් වහන්ස, යටිකුරු කරන ලද්දක් හෝ උඩුකුරු කරන්නේ හෝ වැසුනක් විවෘත කරන්නේ හෝ මංමුළාවූවකුට මාර්‍ගය කියන්නේ හෝ ’ ඇස් ඇත්තෝ රූප දකිත්වා’ යි තෙල් පහනක් දරන්නේ හෝ යම්සේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්‍මය පවසන ලද්දේය.

ඒ ඇසූ මම භවත් ගෞතමයන් වහන්සේ හා ධර්‍මයද, සංඝයාද සරණකොට යෙමි.
භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවි කෙළවරකොට සරණ ගිය උපාසකයකු කොට දරණ සේක්වා.

02 – උදය සූත්‍රය
නැවත, නැවත

සුත්‍රාන්ත ධර්ම දේසනාව

§ 1. මා විසින් මෙසේ අසනලදී,
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු සමයෙහි හැඳ පෙරව පාත්‍ර සිවුරු ගෙන උදය නම් බමුණාගේ නිවස වෙත වැඩිසේක. උන් වහන්සේ පිඬු පිණිස වැඩි බව දුටු උදය බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රය ආහාරයෙන් පිරවීය.

§ 2. දෙවෙනි දිනත් භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරව පාත්‍ර සිවුරු ගෙන උදය බමුණාගේ නිවසටම වැඩිසේක. දෙවෙනි දිනත් උදය බ්‍රාහ්මනයා ආහාරයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රය පිරවීය.
තුන්වෙනි දිනත් භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරව පාත්‍ර සිවුරු ගෙන උදය බමුණාගේ නිවසටම වැඩිසේක. තුන්වෙනි දිනත් බ්‍රාහ්මනයා ආහාරයෙන් භාග්‍යවතුන්ගේ පාත්‍රය පුරවා පුජා කරමින් භාග්‍යවතුන් වහන්සේට මෙසේ ද කීය:

’’රසයට ලොල්වූ මේ ශ්‍රමණ ගෞතම නැවත නැවතත් මෙහිම එයි.’’

§
3. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.
669. ’’ගොවියෝ නැවත නැවත බීජ වපුරති.
වැස්ස නැවත නැවත වසී.
ගොවියෝ නැවත නැවත කෙත සාති.
නැවත නැවත ධාන්‍ය අටු කොටු පුරවයි.

670. ’’යාචකයෝ නැවත නැවත යදිති.

දන් දෙන්නෝ නැවත නැවත දෙත්.
දානපතියෝ නැවත නැවත දී,
නැවත නැවත දෙව්ලොවට යති.’’

671.’’කිරි දොවන්නෝ නැවත නැවත දොවත්.

වසු පැටවා නැවත නැවත මවුදෙන කරා දිව එයි.
වස්සා නැවත නැවත කිරි ඉල්වෙලා හඬයි.
අඥාන සත්ත්‍වයා නැවත නැවත ඉපිද නැවත නැවත මැරේ.’’

672. ’’නැවත නැවත උපදී. නැවත නැවත මැරෙයි,

නැවත නැවත ඔහු සොහොනට ගෙන යෙත්.
නුවණ ඇත්තා පුද්ගලයා මාර්‍ගය බැස
නිර්වාන ලබා නැවත නැවත නොඋපදී’’

යි වදාළසේක.
මෙසේ වදාළකල උදය බමුණු තුමා බොහෝ සේ ප්‍රසාදයට පත්ව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය:

’’භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයන් වහන්ස, යටිමුව කරන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ වැසුනක් විවෘත කරන්නේ හෝ මංමුළාවූවකුට මාර්‍ගය කියන්නේ හෝ ’ ඇස් ඇත්තෝ රූප දකිත්වා’ යි තෙල් පහනක් දරන්නේ හෝ යම්සේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්‍මය පවසන ලද්දේය.

ඒ ඇසූ මම භවත් ගෞතමයන් වහන්සේ හා ධර්‍මයද, සංඝයාද සරණකොට යෙමි. භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවි කෙළවරකොට සරණ ගිය උපාසකයකු කොට භවත් ගෞතමයන් වහන්සේ දරණ සේක්වා.’’

03 දෙවහිත සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී,
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල භාග්‍යවතුන් වහන්සේ, කුසයෙහි වාතාබාධයකින් පීඩිතවූසේක. එවකට ආයුෂ්මත් උපවාණ ස්ථවිරයන් භාග්‍යවතුන් වහන්සේට උපස්ථායක විය.

ඉදින් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් උපවාණ අමතා ’’උපවාණය, මට උණුදිය පහසු කර දෙන්නේ නම් යෙහෙකි’’ යි වදාළහ. ’’එසේය, ස්වාමීනි’’ යි ආයුෂ්මත් උපවාණ ස්ථවිරයන් භාග්‍යවතුන් වහන්සේට උත්තරදී දේවහිත බමුණාගේ නිවස වෙතට පැමිණ නිශ්ශබ්දව ඒ නිවාස ඉදිරිපස සිටගෙන සිටියේය.
නිශ්ශබ්දව
එකත්පසෙක සිටි ආයුෂ්මත් උපවාණයන් දුටු දෙවහිත බමුණා ගාථාවෙන් මෙසේ කීය:

673. ’’හිස මුඩුකළ, සිවුරු දරන ශ්‍රමනය,

,කුමක් පතමින්, කුමක් සොයමින්,
කුමක් දෙන තෙක් නිශ්ශබ්දව සිටින්නෙහිද?
කුමක් ඉල්ලන්නට ආයෙහිද?’’

උපවංස ස්ථවිරයන් වහන්සේ :

674. ’’ලොව අර්හත්වූ සුගතයන් වහන්සේ,
කුසයෙහි ආබාධයකින් පෙළෙනසේක.
බමුණ, ඉදින් තා සතු උනුදිය ඇත්නම්
ඒ මුනීන්‍දූයන් වහන්සේට දුන මැනවි.

675. ’’පිදිය යුත්තන් විසින් පුදන ලද,

සත්කාර කළ යුත්තන් විසින් සත්කාර කරනලද,
ගරුකළ යුත්තන් විසින් ගරු කරන ලද
උන්වහන්සේ පිණිස උණුදිය කැමැත්තෙමි’’ යි
ආයුෂ්මත් උපවාණ තෙර කීය.

ඉක්බිති දේවහිත බ්‍රාහ්මණයා උණුදිය කදක් පුරුෂයෙකු ලවා ගෙන්වාගෙන සකුරු පිඩක්ද ආයුෂ්මත් උපවාණ තෙරුන්ට දිනි.


ඉක්බිති ආයුෂ්මත් උපවාණ ස්ථවිරයන් භාග්‍යවතුන් වහන්සේ හුන් තැනට පැමිණ, භාග්‍යවතුන් වහන්සේ උණු දියෙන් නහවා, උණු දියෙන් සකුරු දියකොට, භාග්‍යවතුන් වහන්සේට පානය පිණිස දුන්නේය.
ඒ ප්‍රතිකාරයෙන් ම භාග්‍යවතුන් වහන්සේගේ ඒ ආබාධය සංසිඳුනේය.

ඉක්බිති දිනක් දේවහිත බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ හමුවීමට පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය යුතුවූ, සිහිකටයුතුවූ, කථාකොට එකත්පසෙක හිඳ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙකින් මෙසේ කීය:

676. ’’දානවස්තුවක් කවරෙකුට දියයුතුද?

කවරෙකුහට දුන් දානය මහත්ඵල වේද?
කවර ආකාරයෙකින් කොතැනක
දානය දෙන්නහුගේ දානය සඵලවේද?’’ 467

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.

677. ’’යමෙක් පෙර ජාති පිළිවෙළ දනීද,
ස්වර්‍ගය හා අපායත් දකීද,
අර්‍හත්වයට පැමිණියේද,
චතුරාර්‍ය්‍ය සත්‍යය දැන සියලු කටයුතු නිමව කලේද ’’,

678. ’’කායාදී මෞන ගුණයෙන් යුක්තද,
මෙබඳු තැනැත්තාට දෙන දෙය මහත්ඵල වේ.

මේ ආකාරයෙන් දෙන්නහුගේ දානය මහත්ඵලවේ.’’

[467:කවරෙකුහට දෙන දානය මහත් ඵල මහානිසංස වේදැයි යන්න මජ්ජිම නිකායේ දක්ඛිණ විභංග සුත්‍රයේ දක්වා ඇත.]

මෙසේ වදාළකල දේවහිත බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය:

’’පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. යම්සේ යටිමුව කරන ලද්දක් හෝ උඩුමුව කරන්නේද, වැසුන දෙයක් හෝ විවෘතකරන්නේද, මංමුළාවූවකුට හෝ මාර්‍ගය කියන්නේද, ’ ඇස් ඇත්තෝ රූප දකිත්වා’ යි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේද එසේම පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්‍මය ප්‍රකාශ කරන ලද්දේය.

අද පටන් මා දිවහිම්කොට සරණ ගිය උපාසකයකු සේ භාග්‍යවතුන් වහන්සේ සලකන සේක්වා.’’

04 මහාසාල / ලුඛපාපුරණ සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී, 468
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

[468: මේ වැඩිහිටි බ්‍රාහ්මනයා පිලිබඳ කතාව ධම්මපදයේ නාග වග්ගයේ 5 වන ගාථාව වන
ධනපාලො නාම කුඤ්‌ජරො,
කටුකභෙදනො දුන්‌නිවාරයො,
බද්‌ධො කබළං න භුඤ්‌ජති,
සුමරති නාගවනස්‌ස කුඤ්‌ජරො
” ට අදාළ බව සඳහන් වේ.]

එකල මහත් වස්තුව ඇතිව සිටි බ්‍රාහ්මණයෙක් වියපත් වුයේ, ජරාවට ගියේ, කිලිටි දිරුණු වස්ත්‍ර ඇඳ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු සාමීචි කථා කොට නිමවා එකත්පසෙක යුන්නේය. එකත්පසෙක හුන් ඒ මහාසාර බ්‍රාහ්මණයාට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:

’’බමුණ, ඔබ කුමක් හෙයින් දිරාගිය කිලිටි වස්ත්‍ර හැඳ ඉන්නේද?’’
’’භවත් ගෞතමයන් වහන්ස, මාගේ පුත්තු සතරදෙනෙක් වෙති. ඔහු භාර්‍ය්‍යාවන්ගේ කීමට මා ගෙයින් එළවා දැමුහ’’ යි කීය.


’’බමුණ. එසේවීනම් මේ ගාථාවන් ඉගෙන මහජනයා රැස්වූ සභායෙහි නුඹේ පුතුන්ද හුන්කල කියව:


679. ’’මට දාව උපන්
පුතුන් නිසා මම සතුටුවූයෙම්ද,
මගේ පුතුන් ගේ අභිවෘද්‍ධිය පැතූයෙම්,
ඔවුහු භාර්‍ය්‍යාවන්ගේ කීමට බල්ලෙකු,
ඌරෙකු එළවන්නාක් මෙන් මා එළවා දමති.’

680. ’අසත්පුරුෂවූ, ලාමකවූ, රකුසෝ

එසේ මගේ පුත්‍රයන් මෙන් පෙනී සිටිමින්
මට ’පියාණනි, පියාණනි’ යි කියත්.
ඔවුහු වයසට ගිය මා අත්හරිත්.’

681. ’වැඩක් ගැනීමට නොහැකි, වියපත් අශ්වයෙක්
කෑම ඔරුවෙන්න ඉවතට පලවා වළකනු ලබන්නා සේ ,
මේ බාලයන්ගේ පියවූ මහල්ලා අනුන්ගේ ගෙවල සිඟයි.’

682. ’එසේවූ අසත්පුරුෂ පුතුනට වඩා,

මේ මගේ සැරයටියම මට උපකාරය..
එය නපුරු ගොනෙකුත් වළක්වයි.
නපුරු බල්ලන්ද වළක්වයි.’

683. ’’ඒ සැරයටිය අඳුරෙහි මට පෙරටුවෙයි.

ගැඹුරු ජලයෙහි මට පිහිටව මග සොයා දෙයි.,
පැකුළුණු පය වලකා කෙලින් වෙන්නට දිරි දෙයි.’’

ඉක්බිති මහාසාර බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේගෙන් මේ ගාථාවන් ඉගෙන මහජනයා රැස්වූ සභායෙහි ඔහු ගේ පුතුන්ද හුන්කල හඬ නගා කීය. ඒ අසා ඔහුගේ පුත්‍රයන් සතර දෙනා ලැජ්ජාවට හා දුකට පත්ව ඒ මහළු මහසල් බමුණන් ,සිය ගෙට ගෙනගොස් නාවා වෙන වස්ත්‍ර දෙකක් හැන්දවූහ.

ඉක්බිති ඒ බ්‍රාහ්මණ මහාසාලයන් එක් වස්ත්‍ර යුග්මයක් ගෙන භාග්‍යවතුන් වහන්සේ හුන් තැනට පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු සාමීචි කථා කෙළේය. ඒ බමුණු මහසල් තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය:

’’පින්වත් ගෞතමයන් වහන්ස, අපි බමුණම්හ, ආචාර්‍ය්‍යයන්හට ආචාර්‍ය්‍ය ධනය සොයන්නම්හ. මාගේ ආචාර්‍ය්‍යවූ භවත් ගෞතමයන් වහන්සේ මේ ගුරු පඬුරු (ගුරුවරයාට අයිති කොටස) පිළිගන්නා සේක්වා.’’ යි කියා එක් වස්ත්‍ර යුග්මය පුජා කළේය.

භාග්‍යවතුන් වහන්සේ ඔහුට අනුකම්පා උපදවා ඒ පිළිගත්සේක.
ඉක්බිති ඒ බ්‍රාහ්මණ මහාසාලයන් භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය:

’’භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ වැසුනක් විවෘත කරන්නේ හෝ මංමුළාවකුට මාර්‍ගය කියන්නේ හෝ ’ඇස් ඇත්තෝ රූප දකිත්වා’ යි තෙල් පහනක් දරන්නේ හෝ යම්සේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්‍මය පවසන ලද්දේය. ඒ ඇසූ මම භවත් ගෞතමයන් වහන්සේ හා ධර්‍මයද සඞ්ඝයාද සරණ කොට යෙමි. භවත් ගෞතමයන් වහන්සේ මා දිවිහිම් කොට සරණ ගිය උපාසකයකු සේ සලකන සේක්වා.’’

05-මානත්‍ථද්ධ සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී,
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

එකල වනාහි මානත්‍ථද්ධ නම් බමුණෙක් සැවැත්නුවර විසීය. ඔහු කොතරම් මාන සහගතද යත්, ඔහු සිය මවට නොවඳී. පියාට නොවඳී. ආචාරීන්ට නොවඳී. වැඩිමහල් සහෝදරයාට නොවඳී.

එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ මහ පිරිසක් විසින් පිරිවරන ලදුව ධර්‍මදේශනා කරනසේක. ඒ බව ඇසු මානත්‍ථද්ධ බමුණාට මෙසේ සිතුනි :
’’ මේ ශ්‍රමණ ගෞතමයන් මහ පිරිස් පිරිවරන ලදුව ධර්‍මදේශනා කරනසේක. මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වෙත පැමිනෙම්නම් ඒ යෙහෙක. ඉදින් මට ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කථා කළසේක් නම් මමත් උන්වහන්සේට කථාකරමි. ඉදින් කථා නොකළසේක් නම් මමත් කථා නොකරමි’’ කියායි.

ඉක්බිති මානත්‍ථද්ධ බමුණු භාග්‍යවතුන්
හුන් තැනට පැමිණ නිශ්ශබ්දව එකත්පසෙක සිටියේය. එවිට භාග්‍යවතුන් වහන්සේ ඔහුට කිසිත් නොවදාළසේක. ඉක්බිති මානත්‍ථද්ධ බමුණු සිතන්නේ ’මේ ශ්‍රමණ ගෞතමයා කිසිවක් නොදන්නේය’ යි එතැනින්ම නැවත ආපසු යනු කැමැත්තේ විය.

එවිට භාග්‍යවතුන් වහන්සේ මානත්‍ථද්ධ බමුණාගේ සිත තම සිතින් පිරිසිඳ දැන මානත්‍ථද්ධ බමුණාහට ගාථාවක් වදාළසේක:


689. ’’ මානය කිසිදා යහපතක් ගෙන නොඑයි.

තම යහපත පතන ජනයාට මානය නොමැනවි.
මෙහි ආ කරුණ කීම් වටී .’’

ඒ ඇසු මානත්‍ථද්ධ බමුණු ’මාගේ සිත ශ්‍රමණ ගෞතම තෙම දනී’ යි දැන, එතැන්හිම භාග්‍යවතුන් වහන්සේගේ පාමුල හිසින් වැටී භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් මුවින් සිඹීන්නට, අතින් පිරිමදීන්නට විය, තමාගේ නමද නැවත නැවත කීවේය..
’’ භවත් ගෞතමයන් වහන්ස, මම මානත්‍ථද්ධ නම්, පින්වත් ගෞතමයන් වහන්ස, මම මානත්‍ථද්ධ නම්,’’ යි කියායි.
ඒ දුටු එතැන හුන් පිරිස විශ්මිත සිත් ඇතිව

’’පින්වත් ගෞතමයන් වහන්ස, පුදුමයෙකි. පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා පුදුමයෙකි. මේ මානත්‍ථද්ධ බමුණා මව්ට නොවඳී. පියාටත් නොවඳී. ආචාර්‍ය්‍යයන්ද නොවඳී. වැඩිමහල් සොහොයුරාටද නොවඳී. එසේද වුව ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කෙරෙහි මෙබඳුවූ මහත්ම ගෞරවයක් කරයි’’ කියායි.

ක්බිති භාග්‍යවතුන් වහන්සේ මානත්‍ථද්ධ බමුණාහට මෙසේ වදාළසේක:
බමුණ, දැන් වැන්දා ඇත. නැගිටිනු. ආසනයක් සොයා එහි හිඳිනු. මා කෙරෙහි තාගේ සිත පැහැද ඇති මෙවේලේ මා දෙසන්න අසව.’’

ඉක්බිති මානත්‍ථද්ධ බමුණුතෙම සිය අසුනෙහි හිඳ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කීය:


690. ’’කවුරුන් කෙරෙහි මානය නොකරන්නේද?

කවුරුන් කෙරෙහි ගෞරව සහිත විය යුතු ද?
කවරෙක්ට පිදිය යුත්තාහුද?
කවරෙක් මනාකොට පිදිය යුත්තෝ වෙත්ද?’’

එවිට භාග්‍යවතුන් වහන්සේ:-
691. ’’මවු කෙරෙහිද, පියා කෙරෙහිද,
තවද වැඩිමහල් සහෝදරයා කෙරෙහිද,
සිව්වැනිව ගුරුවරයා කෙරෙහිදැයි යන

මොවුන් කෙරෙහි මානය නොකරන්න.

692. ඔවුන් කෙරෙහි ගෞරව සහිත වන්න.
ඔව්හු ඔබගේ ගෞරවයට සුදුසු වන්නෝය.
ඔහු යහපත්කොට පිදියයුත්තෝ වෙති.

693. ’’සිහිල්වූ, කළාවූ කටයුතු නිම,

කාමාදී ආශ්‍රව කෙලෙස් නැති, අනුත්තරවූ රහතුන්
ඔබේ මානය සම්පූර්‍ණයෙන් නසා, නමදුව’’
යි වදාළසේක.

මෙසේ වදාළ විට මානත්‍ථද්ධ බමුණ භාග්‍යවතුන් වහ
න්සේට මෙසේ කීය.
’’භවත් ගෞතමයන්වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයෙනි, ඉතා මැනවි. යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ වැසුනක් විවෘත කරන්නේ හෝ මංමුළාවකුට මාර්‍ගය කියන්නේ හෝ ’ඇස් ඇත්තෝ රූප දකිත්වා’ යි තෙල් පහනක් දරන්නේ හෝ යම්සේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්‍මය පවසන ලද්දේය. ඒ ඇසූ මම භවත් ගෞතමයන් වහන්සේ හා ධර්‍මයද සඞ්ඝයාද සරණ කොට යෙමි.
භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිම් කොට සරණගත උපාසකයෙකැයි සලකන සේක්වා.’’

06 පච්චනීක සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී,
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

එකල පච්චනීකසාත නම් බමුණු කෙනෙක් සැවැත්නුවර
විසීය.
ඒ පච්චනීකසාත බමුණාහට මෙබඳු සිතෙක් ඇති විය: ’ශ්‍රමණ භවත් ගෞතමයන් වැඩ වෙසෙන තැනට ගොස් . ශ්‍රමණ ගෞතමයන් මට යමක් යමක් වදාරණසේක් නම් ඒ ඒ දෙයට මම විරුද්ධව කතාකොට භවත්දි ගෞතමයන්යෙ වාදයෙන් පරදන්නෙමි.’’

එකල භාග්‍යවතුන් වහන්සේ එලිමමහනේ සක්මන් කරනසේක. පච්චනීකසාත බමුණා සක්මන්කරන භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් ’’ ශ්‍රමණය, මට ධර්‍මය කියව’’ යි කීය.

එවිට භාග්‍යවතුන් වහන්සේ:
694 .- ’’වාද විවාද කීරීමෙන් සතුටු වන්නාවූ,
ලෝභාදියෙන් කිලිටි සිත් ඇති,
එකටෙක කිරීම පුරුද්දක් කරැගත්තාට,
සුභාෂිත ධර්‍මය නොවැටහේ
.

695. ’’
අපුසාද අමනාප සිත් දුරු කොට,,
තරහව වෛරයද අත්හැර,
එකට එක කිරීම නැති කරන්නා,
සුභාෂිතධර්‍මය අවබෝධ කරන්නේය
’’
යි වදාළසේක.

මෙසේ වදාළ කළ පච්චනීකසාත බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය:

’’ පින්වත් ගෞතමයන්වහන්ස, ඉතා මැනවි. පින්වත් ගෞතමයන්වහන්ස, ඉතා මැනවි. ’’යම්සේ යටිමුව කරන ලද්දක් හෝ උඩුමුව කරන්නේද, වැසුන දෙයක් හෝ විවෘත කරන්නේද, මංමුළාවකුට හෝ මාර්‍ගය කියන්නේද, ’ඇස් ඇත්තෝ රූප දකිත්වා’ යි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේද, එසේම පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්‍මය ප්‍රකාශකරන ලද්දේය.

පින්වත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිම් කොට සරණගත උපාසකයෙකැයි සලකන සේක්වා.’’

07 නවකම්මික සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී,
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල්රට එක්තරා වන ලැහැබෙක වසනසේක.

එකල නවකම්මික භාරවාජ නම් බමුණු කෙනෙක්ම ඒ වනලැහැබෙහි කර්‍මාන්ත කරවයි473 . එසේ දිනක්
ඔහු ගේ කර්මාන්තය පිණිස යනවිට එක්තරා සල් රුකක් මුල පළක් බැඳ ශරීරය ඎජුව පිහිටුවා සිහිය ඉදිරියට එළවා හුන් භාග්‍යවතුන් වහන්සේ නවකම්මිකභාරවාජ බමුණුතෙම දිටීය. දැක ඔහුට මෙබඳු සිතෙක් විය: ’ මම මේ වනලැහැබෙහි කර්‍මාන්ත කරවමින් සතුටුවෙමි. මේ ශ්‍රමණ ගෞතමයන් වනයේ කුමක් කරවමින් සතුටුවනසේක්ද?

[ 473:- ඔහුට නව කම්මික ලෙස පටබන්දිනමක් වුයේ ඔහු සිය ජීවනෝපාය ලෙස වනයේ ගස් කපා ඒවා වනයේදීම ඉරවා නව කර්මාන්ත කරනු පිණිස නගරයේ ගොඩනැගිලි ඉදිකරන්නන්ට විකිනු නිසා බව අටුවාව කියයි.]

ඉක්බිති නවකම්මික භාරවාජ බමුණා භාග්‍යවතුන් වහන්සේ
වෙත පැමිණ, භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් ( මෙසේ ) කීය:

696. ’’මහණ, මේ සල් වනයේ නුඹ,

කිනම් කර්‍මාන්ත කරවනු ලැබෙද්ද?
වනයෙහි කුමක් කරමින්,
සතුටු වන්නෙහිද? ’’

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.

697. ’’ මට මේ වෙනෙහි කල යුත්තෙක් නැත.
කෙලෙස් වනය මුලින්ම උදුරා දැමූවෙමි..
කෙලෙස් කටු හා අසහනය පහකලෙමි,.
කනිව වනයේ හිඳ නිකෙලෙස් ප්‍රීතිය විඳිමි.’’474

[474:- රහතුන් වහන්සේ සියළු අකුසල් ප්‍රහාණය කල බව “උච්චින්න මුලං” යන පදයේ ව්‍යංගාරථයබව බොහෝ සුත්‍රවල අති මෙම පදය දක්වයි. වනතා යන යෙදුම කැලෑව ලෙස පමණක් නොව කෙලෙස් සඳහාද යොදා ඇති බව සිහි කොට ‘කෙලෙස් වණය ‘ ලෙස යෙදු බව බෝධි සේවාමින්වහන්සේ කියයි]

මෙසේ වදාළ කළ නවකම්මිකභාරවාජ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය:
’’ පින්වත් ගෞතමයන්වහන්ස, ඉතා මැනවි. පින්වත් ගෞතමයන්වහන්ස, ඉතා මැනවි. ’
යම්සේ යටිමුව කරන ලද්දක් හෝ උඩුමුව කරන්නේද, වැසුන දෙයක් හෝ විවෘත කරන්නේද, මංමුළාවකුට හෝ මාර්‍ගය කියන්නේද, ’ඇස් ඇත්තෝ රූප දකිත්වා’ යි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේද, එසේම පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්මය ප්‍රකාශකරන ලද්දේය.
පින්වත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිම් කොට සරණගත් උපාසකයෙකැයි සලකන සේක්වා.’’

SN 07-02-08 කට්ඨහාර සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී,
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වසනසේක.
එකල වනාහි එක්තරා භාරදවාජ ගෝත්‍රික බමුණෙකුගේ අතවැසියන්වූ කට්ඨහාරක නම් මානවකයෝ පිරිසක් ,එම වනලැහැබට පැමිණියෝය. එසේ පැමිනි ඒ පිරිස , ඒ වනලැහැබ්හි පර්‍යඞ්කයක් බැඳ, කය ඎජුව තබා, සතිය ඉදිරියට එළවා යුන් භාග්‍යවතුන් වහන්සේ දුටුහු.


දැක භාරවාජගෝත්‍රික බමුණා යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාරවාජගෝත්‍රික බමුණාට මෙය කීය: ’’ අසුවල් වනලැහැබ්හි ශ්‍රමණයෙක් පළක්බැඳ, කය ඎජුව තබා, සිහිය ඉදිරියෙහි එළවා හුන්නේයයි පින්වත්වූ ඔබ දන්නෙහිද?’’
ඉක්බිති භාරවාජගෝත්‍රික බමුණුතෙම ඒ මානවකයන් සමග ඒ වනලැහැබ යම් තැනෙකද එතැනට පැමිණියෝය. පැමිණ ඒ වනලැහැබ්හි පළක් බැඳ කය ඎජුව තබා, සිහිය ඉදිරියෙහි එළවා වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දුටුයේය. දැක භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට ගාථාවලින් මෙසේ කීය:

697 . ’’ මිනිස් හඬක් නෑසෙන මේ මහා වනයේ,
බොහෝ අනතුරු ඇති, බොහෝසේ භයංකරවූ ,
මේ වෙනෙහි හිඳ කම්පා නොවන, නොසැලෙන්නාවූ,
මනෝඥ ශරීරයකින් යුක්තව, මහණ ඔබ ධ්‍යාන වඩයි.

698 . ’’ ගී කීම් නැති, වාදන නැති,
හිස් අඳුරු වනයෙහි මුනීන්‍ද්‍රයන් වහන්සේ තනිව
වන සෙනසුන් ඇසුරුකළසේක්,
හුදෙකලාව ප්‍රීතිමත් සිතැතිව මෙසේ වනෙහි විසීම,
පුදුමයක් සේ මට වැටහෙයි.’

699. ’’ලෝකාධිපති මහා බ්‍රහ්මයා එක්වන්නට
බඹලොවයාමට ඇති කැමැත්තෙන්,
ඔබ මේ වෙනෙහි දුෂ්කර තපස් පුරන බව මම හඟිමි. ?’’

එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.
700. ’’කිසි තණ්හාවක් හෝ ප්‍රාර්ථනාවක් හෝ නැතිවනසේ,
අවිද්‍යාව මුල්ව හටගත් කෙලෙස් මුලින්ම නසා ලු නිසා,
එවන් පැතුම්, බලාපොරොත්තු මාතුල නොවේ,
බමුණ, මම තන්හා රහිත වූයෙම්’’

701. ’’, තණ්හාව ඇසුරු නොකළෙම්,
තෘෂ්ණා කරා නොඑළඹෙන්නෙම්,
සියලු ධර්‍මයන්හි පිරිසිදු දැකුම් ඇත්තෙම්,
බමුණ, ඒ ඊට වඩා උතුම් දෙයක් නැති,
ශාන්තවූ සම්බෝධියට පැමිණ,
පහවූ භය ඇත්තෙම් තනිව ධ්‍යානයෙහි යෙදී සිටිමි.’’

මෙසේ වදාළකල භාරවාජගෝත්‍රික බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය:
’’පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. පින්වත් ගෞතමයන්වහන්ස, ඉතා මැනවි.
යම්සේ යටිමුව කරන ලද්දක් හෝ උඩුමුව කරන්නේද, වැසුන දෙයක් හෝ විවෘත කරන්නේද, මංමුළාවකුට මාර්‍ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වා’ යි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේද, එසේම පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්‍මය ප්‍රකාශකරන ලද්දේය.

භාග්‍යවතුන්වහන්සේ මා අද පටන් දිවිහිම් කොට සරණගිය උපාසකයෙකුසේ මා සලකන සේක්වා.’

SN 07-02-09 මාතුපෝසක සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී,
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

ඉක්බිති මාතුපොසක බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එකැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු සාමීචි කථා කෙළේය. සතුටුවියයුතුවූ, සිහිකටයුතුවූ කථාකොට නිමවා එකත් පසෙක හුන්නේය. එකත්පසෙක හුන් මාතුපොසක බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය:

702. ’’ භවත් ගෞතමයන් වහන්ස,
මම දැහැමින් ආහාර සොයමි,
දැහැමින් ආහාර සොයා මව්පියන් පෝෂණය කරමි.
පින්වත් ගෞතමයන් වහන්ස, කිම?
මම යහපත් කටයුතු කරන්නෙක් ද?

(එවිට භාග්‍යවතුන් වහන්සේ:)
703. ’’ ඒකාන්තයෙන් ඔබ යහපත් කෙනෙකි.
බමුණ, යමෙක් දැහැමින් ආහාර සොයයිද,
දැහැමින් ආහාර සොයා මව් පියන් පෝෂණය කෙරේද,
හෙතෙම බොහෝ පින් රැස් කරයි.


704. ’’මිනිසෙක්, මව හෝ පියා හෝ දැහැමින් පෝෂණය කරයිද,

නුවණැත්තෝ ඔහුට මෙලොව දී ප්‍රශංසා කරත්.
ඔහු මරණින් මතු ස්වර්‍ගයෙහිද ඉපිද සතුටුවේ.’’ යි
වදාළසේක.

මෙසේ වදාළ කළ මාතුපෝසක බමුණු භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය:
’’ පින්වත් ගෞතමයන්වහන්ස, ඉතා මැනවි. පින්වත් ගෞතමයන්වහන්ස, ඉතා මැනවි. ’යම්සේ යටිමුව කරන ලද්දක් හෝ උඩුමුව කරන්නේද, වැසුන දෙයක් හෝ විවෘත කරන්නේද, මංමුළාවකුට හෝ මාර්‍ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වා’ යි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේද, එසේම පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්මය ප්‍රකාශකරන ලද්දේය. භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිම් කොට සරණගත උපාසකයෙකුකොට සලකන සේක්වා.’

SN 07-02 10 භික්ඛක සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී,
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
එකල භික්ඛක (සිඟීමෙන් ලද දෙයින් ජීවත්වන) බමුනෙක් භාග්‍යවතුන් වහන්සේ වැඩ හුන් තැනට පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු සාමීචි කථා කොට නිමවා එකත් පසෙක හිඳ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය:

’’භවත් ගෞතමයනි, මම සිඟා ලබන ආහාරයෙන් ජීවත් වන්නෙමි.479 පින්වත්වූ ඔබද, ආහාර සිඟන්නෙක් වෙහිය,
මෙහි අපගේ කවරනම් වෙනසක් වේද?’’

[479:- භික්කු, භික්ෂුව යන වචනයේ වචනාර්ථය සිගමිනෙන් ජීවත්වන්නා ලෙස එදා ඉන්දීය සමාජය ව්‍යවහාරකල නිසා බෞද්ධ භික්ෂුව යන පදය ද ඒ අනුව සමහරෙක් තේරුම් ගත්හ.

707. ’’ අනුන්ගෙන් සිඟා කෑ පමණෙන්,

භික්‍ෂු වක් නොවේ.
ගිහි ඇවතුම් පැවතුම් තවමත් කරයි නම්,
ඔහු භික්ෂුවක් ලෙස කීම නොවටී.480

[480:- දුගඳ හමන අකුසලයන් (දුග්ගන්ධන් අකුසල ධම්මං) හි නියුක්ත වූ ලෙස පාලියෙහි දැක්වෙන්නේ ගිහියන් විසින් කරන, ගෙවල් සාදා ගැනීම, වතු පිටි වැවීම, නොයෙක් කර්මාන්ත කරමින් මුදල් ඉපයීම, අඹුදරුවන් පෝෂ්‍යකිරීම ආදිය ය.]

708. ’’යමෙක් කුසලයද, අකුසලයද පහකොට,
සතියෙන් ලොව දැන ලොව හැසිරේද,
ආර්ර්ය ප්‍රතිපදාවේ හැසිරේද,
ඔහුට භික්‍ෂූව යැයි කියනු ලැබේ.’’

මෙසේ වදාළ කල භික්ඛක බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය:
’භවත් ගෞතමයන්වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයෙන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයෙන් වහන්ස, යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ වැසුනක් විවෘත කරන්නේ හෝ මංමුළාවකුට මාර්‍ගය කියන්නේ හෝ ’ඇස් ඇත්තෝ රූප දකිත්වා’ යි තෙල් පහනක් දරන්නේ හෝ යම්සේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්‍මය පවසන ලද්දේය. ඒ ( ඇසූ ) මම භවත් ගෞතමයන් වහන්සේ හා ධර්‍මයද සඞ්ඝයාද සරණ කොට යෙමි.

භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවි කෙළවර කොට සරණ ගිය උපාසකයකු කොට සලකන සේක්වා.’’ මා අද පටන් දිවිහිම් කොට සරණ ගිය උපාසකයකු කොට භාග්‍යවතුන් වහන්සේ සලකන සේක්වා.’

SN 07-02-11 සඞ්ගාරව සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

එකල සඞගාරව නම් බමුනෙක් සැවැත් නුවර විසීය. ඔහු ශුද්ධ ජලයෙන් ශූද්‍ධිය ඇත්තේයයි සලකන්නේ
ඉතා අළුයම ගංගාවේ සීතල ජලයේ බැස ඉදී. හිරු අවරටයන විටද ජලයේ බැස සිටී.


ඉදින ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් පෙරවරුයෙහි හැඳ පෙරව පාත්‍ර සිවුරුගෙන සැවැත් නුවරට පිණ්ඩපාතය පිණිස හැසිර බතින් පසු පෙරලා වුත්, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හිඳ මෙසේ කීය:

’’ස්වාමීනි, මෙහි සඞගාරව නම් බමුනෙක් මේ සැවැත් නුවර වෙසෙයි. ඔහු ජලයෙන් ශූද්‍ධිය ඇත්තේයයි සිතා ජලයෙහි ශූද්‍ධිය පතයි. උදේ හා සවස ජලයට බැසීමෙහි යෙදුනේව වෙසෙයි.
’’ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ඔහුට අනුකම්පා උපදවා සඞගාරව බමුණාගේ නිවෙසට පැමිණෙන සේක් නම් මැනව,’’ යි කීහ.

භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව ඉවසා වදාළසේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙන සඞගාරව බමුණාගේ නිවෙස වෙත පැමිණ පැනවූ අස්නෙහි වැඩහුන් සේක.
සංගාරව බමුණු ද භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු සාමීචි කථා කොට නිමවා එකත්පසෙක හුන්නේය.

එකත්පසෙක හුන් සඞගාරව බමුණා ගෙන් භාග්‍යවතුන් වහන්සේ මෙසේ අසා වදාළසේක:
’’ බමුණ, නුඹ ජලයෙන් ශුද්‍ධිය ඇත යැයි සිතන්නේ ජලායන් ශුද්‍ධිය පතයිලු, සවස හා උදේ ජලයට බැසීමෙහි යෙදුනේව වෙසේලු, ඒ සැබෑද?’’
’’පින්වත් ගෞතමයන් වහන්ස, ඒ එසේය.’’

’’බමුණ, නුඹ කවර අර්‍ථයක්, සුබ සිද්ධියක්, යහපතක් දකිමින් ජලයෙන් ශුද්‍ධිය ඇත්තේයයි සිතා ජලයෙන් ශුද්‍ධිය පතයිද? සවස හා උදේ දියට බැසීමෙහි අනුයුක්තව වෙසේද?’’

’’භවත් ගෞතමයන් වහන්ස, මා විසින් දවල් යම් පවක් කලේ නම්, එය සවස නෑමෙන් සෝදා හරිමි. රාත්‍රී කාලයේ මා අතින් යම් පවක් වී නම් ඒ පව් අළුයම දියී බැස සෝදා පිරිසිදු කරමි. ’’ එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ ගාථාවෙන් දේසනා කල සේක.

705. ’’බමුණ, ධර්‍මය ගැඹුරු ජලාසයවේ.

ශීලය ඒ දියට බස්නා තොටවේ.
සාධූන් විසින් හැම කල්හි පසස්නා ලදී.
ධර්‍ම ජලාසයේ ස්නානය කළ ආර්‍ය්‍යයෝ,
නොතෙත්වූ සිරුරු ඇත්තෝවම නිර්‍වාණ පරතෙරට යෙත්.’’481

[481:- ගිනි දෙව් පුදන්නෝ ගිනි පිදීමෙන් පසු සුන්දරිකා නදියට බැස සිරුරේ තැවරුණු, අළු, දුම්, කිලිටි, දහදිය සෝදා හරින්නා සේ, ආර්යඅෂ්ටාංගික මාර්ගය සහිත ධර්මය දස දහස් ගනන්ජනයාගේ කෙලෙස් පව් සෝදා හරින ජලාශය වේ. බොහෝ මිනිසුන් නෑ පසු කලතෙන්, කිලිටිවන, අපිරිසිදු වන මේ ජලාශ මෙන් නොව කෙතරම් ජනයා බැස්සත් ධර්ම ජලාශය නොකැලතෙයි. බොර නොවෙයි.]

මෙසේ වදාළ කල සඞ්ගාරව බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය:

’’භවත් ගෞතමයන්වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයෙන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයෙන් වහන්ස, යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ වැසුනක් විවෘත කරන්නේ හෝ මංමුළාවකුට මාර්‍ගය කියන්නේ හෝ ’ඇස් ඇත්තෝ රූප දකිත්වා’ යි තෙල් පහනක් දරන්නේ හෝ යම්සේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්‍මය පවසන ලද්දේය. ඒ ඇසූ මම භවත් ගෞතමයන් වහන්සේ හා ධර්‍මයද සඞ්ඝයාද සරණ කොට යමි. භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවි කෙළවර කොට සරණ ගිය උපාසකයකු කොට දරණ සේක්වා.’’

භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිම් කොට සරණ ගිය උපාසකයෙකු කොට සලකන සේක්වා.’’

SN 07-02-12 ඛොමදුස්ස සුත්ත

208. මා විසින් මෙසේ අසන ලදී:
එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි ශාක්‍යයන්ගේ ඛොමදුස්‌ස482  නම් නියම්ගම්හි වැඩවසන සේක, එකල්හි දිනක් භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවේ හැඳ පෙරව පාසිවුරු ගෙණ ඛොමදුස්‌ස නියම්ගමට පිඬු පිණිස පිවිසි සේක.

[482:- ඛෝමදුස්ස යනු හණ රෙදි linen වලට කියන නාමය. මේ නගරය හණ රෙදි කර්මාන්තයට ප්‍රසිද්ධ නිසා මේ ක්ෂත්‍රිය රාජ්‍යයට අයත්මුත් බ්‍රාහ්මණයන් ගහන වූ නගරය මෙනමින් යුක්ත වූ බව කියැවේ.]

එකල, ඛොමදුස්‌ස නියම්ගම්වැසි බමුණු ගෘහපතියෝ කිසියම් කටයුත්තක් සඳහා සභායෙහි රැස්ව උන්හ. එවිට පොද වැස්සක් ද තිබිණි.

.එවිට භාග්‍යවතුන් වහන්සේ ඒ සභා සාලාවට එහි ප්‍රධාන දොරෙන් එළඹි සේක.

එසේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන දොරෙන් ඇතුළුවනු දැක ඛොමදුස්‌සක බමුණු ගැහැවියෝ මෙසේ කීහ.

” සභා ධර්ම483 නොදන්නා, මේ නින්දිත මුඩු ශ්‍රමණයා කවරහු ද, කවර කෙනෙක් දන්නාහු දැ” යි කීහ.

[483:- සභාධර්ම යනු සමාජය පිළිගත් ආචාය ධර්මයන. ඒවා අනුව රැස්වීමක් පවත්වද්දී , අලුතෙනේන්නෙක්, පසුවී එන්නෙක් වේනම් ඔහු ප්‍රධාන දිරින් ඇතුළුවීම සභාවී වැඩට බාධා වන බැවින් අතුරු දොරකින් , පසු පස දොරකින් ඇතුළු විය යුතුය යන්න, පිළිගැනීමය. භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන දොරින්ම ඇතුල් වුයේ මේ සභාවේ වුවන්ට ධර්මය දෙසනාවට මග පාදා ගන්නටමය.]

706. සත්පුරුෂයෝ නැති තැන , සභාවක් නොවේ.
ධර්මය නො කියද් ද, ඔහු සත්පුරුෂයෙක් නොවේ.
රාගය, දෝෂය, මෝහය දූරු වෙන සේ,
ධර්මය දේශනා කරන්නෝ ම සත්පුරුෂ යෝය.

මෙසේ වදාළ කල්හි ඛොමදුස්‌සක බමුණු ගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළ කළහ.

’’භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිහුරු වූවක් උඩුහුරු කරන්නේ හෝ වේ ද, වැසුනු දෙයක් විවර කරන්නේ හෝ වේ ද, මංමුළා වූවකුට මඟ කියා දෙන්නේ හෝ වේ ද, ඇස් ඇත්තෝ රූප දක්නාහයි අඳුරෙහි තෙල්පහනක් දරන්නේ හෝ වේ ද, එපරිද්දෙන් ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් නියරින් ධර්මය ප්‍රකාශ කරණ ලද්දේ ය. ’’

’’ අපි භවත් ගොයුම්හු ද, දහම ද, බික්සඟන ද සරණ යමු. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිමියෙන් සරණ ගිය අප උපාසකයන් කොට දරණ සේක්වා යි.’’

 

SN 04-01-04

SN 04-01-04-01 ජාති ධම්ම සූත්‍රය.

§  1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

§ 2. “මහණෙනි, සියල්ල ඉපදීම ස්වභාවකොට ඇත්තේය.
මහණෙනි, කවරක් නම් ඉපදීම ස්වභාවකොට ඇත්තේද?

“මහණෙනි,
ඇස ඉපදිම ස්වභාවකොට ඇත්තේය.
රූපයෝ ඉපදිම ස්වභාවකොට ඇත්තාහ.
චක්ඛු විඥානය ඉපදීම ස්වභාවකොට ඇත්තේය.
චක්ඛු සම්ඵස්සය ඉපදීම ස්වභාවකොට ඇත්තේය.
චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් වින්දනයකුත් උපදීද, එයද ඉපදීම ස්වභාවකොට ඇත්තේය.

“මහණෙනි, කන ඉපදිම ස්වභාවකොට ඇත්තේය. ශබ්දයෝ ඉපදිම ස්වභාවකොට ඇත්තාහ. සෝත විඤ්ඤාණය ඉපදීම ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය ඉපදීම ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ඉපදීම ස්වභාවකොට ඇත්තේය.

“මහණෙනි, නාසය ඉපදිම ස්වභාවකොට ඇත්තේය. ගන්‍ධයෝ ඉපදිම ස්වභාවකොට ඇත්තාහ. ඝාණ විඤ්ඤාණය ඉපදීම ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය ඉපදීම ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ඉපදීම ස්වභාවකොට ඇත්තේය.

“මහණෙනි, දිව ඉපදිම ස්වභාවකොට ඇත්තේය. රසයෝ ඉපදිම ස්වභාවකොට ඇත්තාහ. ජිව්හා විඤ්ඤාණය ඉපදීම ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය ඉපදීම ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ඉපදීම ස්වභාවකොට ඇත්තේය.

“මහණෙනි, කය ඉපදිම ස්වභාවකොට ඇත්තේය. ස්පර්‍ශයෝ ඉපදිම ස්වභාවකොට ඇත්තාහ. කාය විඤ්ඤාණය ඉපදීම ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය ඉපදීම ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ඉපදීම ස්වභාවකොට ඇත්තේය.

“මහණෙනි, සිත ඉපදිම ස්වභාවකොට ඇත්තේය. ධර්‍මයෝ ඉපදිම ස්වභාවකොට ඇත්තාහ. මනෝ විඤ්ඤාණය ඉපදීම ස්වභාවකොට ඇත්තේය. මනෝ සම්ඵස්සය ඉපදීම ස්වභාවකොට ඇත්තේය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ඉපදීම ස්වභාවකොට ඇත්තේය.

§ 3. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකයා
ඇස කෙරෙහි කලකිරෙයි.
රූපය කෙරෙහිද කලකිරෙයි.
චක්ඛුවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි.
චක්ඛුසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි.
චක්ඛුසම්ඵස්සය නිසා උපදීන වින්දනය කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකයා කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝතවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝතසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝතසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකයා නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකයා දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකයා කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශය කෙරෙහිද කලකිරෙයි. කායවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කායසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කායසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකයා සිත කෙරෙහිද කලකිරෙයි. ධර්‍මය කෙරෙහිද කලකිරෙයි. මනෝවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

එසේ කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. “ජාතිය ක්‍ෂයවිය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. කළයුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළ යුතු අනිකක් නැතැයි දැන ගණීය” යි (වදාළ සේක.).

SN 04-01-04-02 ජරා ධම්ම සූත්‍රය.

§  1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

§ 2. “මහණෙනි, සියල්ල දිරීම ස්වභාවකොට ඇත්තේය.
කවරක් දිරීම ස්වභාවකොට ඇත්තේද?

§  3. “මහණෙනි, ඇස දිරීම ස්වභාවකොට ඇත්තේය. රූපයෝ දිරීම ස්වභාවකොට ඇත්තාහ. චක්ඛු විඥානය දිරීම ස්වභාවකොට ඇත්තේය. චක්ඛු සම්ඵස්සය දිරීම ස්වභාවකොට ඇත්තේය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දිරීම ස්වභාවකොට ඇත්තේය.

“මහණෙනි, කන දිරීම ස්වභාවකොට ඇත්තේය. ශබ්දයෝ දිරීම ස්වභාවකොට ඇත්තාහ. සෝත විඤ්ඤාණය දිරීම ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය දිරීම ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දිරීම ස්වභාවකොට ඇත්තේය.

“මහණෙනි, නාසය දිරීම ස්වභාවකොට ඇත්තේය. ගන්‍ධයෝ දිරීම ස්වභාවකොට ඇත්තාහ. ඝාණ විඤ්ඤාණය දිරීම ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය දිරීම ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දිරීම ස්වභාවකොට ඇත්තේය.

“මහණෙනි, දිව දිරීම ස්වභාවකොට ඇත්තේය. රසයෝ දිරීම ස්වභාවකොට ඇත්තාහ. ජිව්හා විඤ්ඤාණය දිරීම ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය දිරීම ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දිරීම ස්වභාවකොට ඇත්තේය.

“මහණෙනි, කය දිරීම ස්වභාවකොට ඇත්තේය. ස්පර්‍ශයෝ දිරීම ස්වභාවකොට ඇත්තාහ. කාය විඤ්ඤාණය දිරීම ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය දිරීම ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දිරීම ස්වභාවකොට ඇත්තේය.

“මහණෙනි, සිත දිරීම ස්වභාවකොට ඇත්තේය. ධර්‍මයෝ දිරීම ස්වභාවකොට ඇත්තාහ. මනෝ විඤ්ඤාණය දිරීම ස්වභාවකොට ඇත්තේය. මනෝ සම්ඵස්සය දිරීම ස්වභාවකොට ඇත්තේය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දිරීම ස්වභාවකොට ඇත්තේය.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝතවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝතසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝතසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකයා නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකයා දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකයා කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශය කෙරෙහිද කලකිරෙයි. කායවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කායසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කායසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකයා සිත කෙරෙහිද කලකිරෙයි. ධර්‍මය කෙරෙහිද කලකිරෙයි. මනෝවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.
එසේ කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. “ජාතිය ක්‍ෂයවිය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. කළයුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළ යුතු අනිකක් නැතැයි දැන ගණීය” යි (වදාළ සේක.)

SN 04-01-04-03 ව්‍යාධි ධම්ම සූත්‍රය.

“මහණෙනි, සියල්ල ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය. කවර නම් සියල්ල ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේද?

“මහණෙනි, ඇස ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය. රූපයෝ ව්‍යාධිය ස්වභාවකොට ඇත්තාහ. චක්ඛු විඥානය ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය. චක්ඛු සම්ඵස්සය ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය.

“මහණෙනි, කන ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය. ශබ්දයෝ ව්‍යාධිය ස්වභාවකොට ඇත්තාහ. සෝත විඤ්ඤාණය ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය.

“මහණෙනි, නාසය ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය. ගන්‍ධයෝ ව්‍යාධිය ස්වභාවකොට ඇත්තාහ. ඝාණ විඤ්ඤාණය ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය.

“මහණෙනි, දිව ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය. රසයෝ ව්‍යාධිය ස්වභාවකොට ඇත්තාහ. ජිව්හා විඤ්ඤාණය ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය.

“මහණෙනි, කය ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය. ස්පර්‍ශයෝ ව්‍යාධිය ස්වභාවකොට ඇත්තාහ. කාය විඤ්ඤාණය ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය.

“මහණෙනි, සිත ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය. ධර්‍මයෝ ව්‍යාධිය ස්වභාවකොට ඇත්තාහ. මනෝ විඤ්ඤාණය ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය. මනෝ සම්ඵස්සය ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේය.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝතවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝතසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝතසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශය කෙරෙහිද කලකිරෙයි. කායවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කායසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කායසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම සිත කෙරෙහිද කලකිරෙයි. ධර්‍මය කෙරෙහිද කලකිරෙයි. මනෝවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. “ජාතිය ක්‍ෂයවිය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. කළයුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළ යුතු අනිකක් නැතැයි දැන ගණීය” යි (වදාළ සේක.)

SN 04-01-04-04 මරණ ධම්ම සූත්‍රය.

“මහණෙනි, සියල්ල මරණය ස්වභාවකොට ඇත්තේය. කවර නම් සියල්ල මරණය ස්වභාවකොට ඇත්තේද?

“මහණෙනි, ඇස මරණය ස්වභාවකොට ඇත්තේය. රූපයෝ මරණය ස්වභාවකොට ඇත්තාහ. චක්ඛු විඥානය මරණය ස්වභාවකොට ඇත්තේය. චක්ඛු සම්ඵස්සය මරණය ස්වභාවකොට ඇත්තේය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මරණය ස්වභාවකොට ඇත්තේය.

“මහණෙනි, කන මරණය ස්වභාවකොට ඇත්තේය. ශබ්දයෝ මරණය ස්වභාවකොට ඇත්තාහ. සෝත විඤ්ඤාණය මරණය ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය මරණය ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මරණය ස්වභාවකොට ඇත්තේය.

“මහණෙනි, නාසය මරණය ස්වභාවකොට ඇත්තේය. ගන්‍ධයෝ මරණය ස්වභාවකොට ඇත්තාහ. ඝාණ විඤ්ඤාණය මරණය ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය මරණය ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මරණය ස්වභාවකොට ඇත්තේය.

“මහණෙනි, දිව මරණය ස්වභාවකොට ඇත්තේය. රසයෝ මරණය ස්වභාවකොට ඇත්තාහ. ජිව්හා විඤ්ඤාණය මරණය ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය මරණය ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මරණය ස්වභාවකොට ඇත්තේය.

“මහණෙනි, කය මරණය ස්වභාවකොට ඇත්තේය. ස්පර්‍ශයෝ මරණය ස්වභාවකොට ඇත්තාහ. කාය විඤ්ඤාණය මරණය ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය මරණය ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මරණය ස්වභාවකොට ඇත්තේය.

“මහණෙනි, සිත මරණය ස්වභාවකොට ඇත්තේය. ධර්‍මයෝ මරණය ස්වභාවකොට ඇත්තාහ. මනෝ විඤ්ඤාණය මරණය ස්වභාවකොට ඇත්තේය. මනෝ සම්ඵස්සය මරණය ස්වභාවකොට ඇත්තේය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මරණය ස්වභාවකොට ඇත්තේය.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝතවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝතසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝතසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශය කෙරෙහිද කලකිරෙයි. කායවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කායසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කායසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම සිත කෙරෙහිද කලකිරෙයි. ධර්‍මය කෙරෙහිද කලකිරෙයි. මනෝවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. “ජාතිය ක්‍ෂයවිය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. කළයුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළ යුතු අනිකක් නැතැයි දැන ගණීය” යි (වදාළ සේක.)

SN 04-01-04-05 සෝක ධම්ම සූත්‍රය.

“මහණෙනි, සියල්ල සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය.
කවරක් නම් සෝක කිරීම ස්වභාවකොට ඇත්තේද?

“මහණෙනි, ඇස සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය. රූපයෝ සෝක කිරීම ස්වභාවකොට ඇත්තාහ. චක්ඛු විඥානය සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය. චක්ඛු සම්ඵස්සය සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය.

“මහණෙනි, කන සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය. ශබ්දයෝ සෝක කිරීම ස්වභාවකොට ඇත්තාහ. සෝත විඤ්ඤාණය සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය.

“මහණෙනි, නාසය සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය. ගන්‍ධයෝ සෝක කිරීම ස්වභාවකොට ඇත්තාහ. ඝාණ විඤ්ඤාණය සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය.

“මහණෙනි, දිව සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය. රසයෝ සෝක කිරීම ස්වභාවකොට ඇත්තාහ. ජිව්හා විඤ්ඤාණය සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය.

“මහණෙනි, කය සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය. ස්පර්‍ශයෝ සෝක කිරීම ස්වභාවකොට ඇත්තාහ. කාය විඤ්ඤාණය සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය.

“මහණෙනි, සිත සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය. ධර්‍මයෝ සෝක කිරීම ස්වභාවකොට ඇත්තාහ. මනෝ විඤ්ඤාණය සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය. මනෝ සම්ඵස්සය සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද සෝක කිරීම ස්වභාවකොට ඇත්තේය.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝතවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝතසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝතසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශය කෙරෙහිද කලකිරෙයි. කායවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කායසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කායසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම සිත කෙරෙහිද කලකිරෙයි. ධර්‍මය කෙරෙහිද කලකිරෙයි. මනෝවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. “ජාතිය ක්‍ෂයවිය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. කළයුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළ යුතු අනිකක් නැතැයි දැන ගණීය” යි (වදාළ සේක.)

SN 04-01-04-06 සංකිලෙස ධම්ම සූත්‍රය.

“මහණෙනි, සියල්ල කෙලෙසීම ස්වභාවකොට ඇත්තේය.
කවරක් කෙලෙසීම ස්වභාවකොට ඇත්තේද?

“මහණෙනි, ඇස කෙලෙසීම ස්වභාවකොට ඇත්තේය. රූපයෝ කෙලෙසීම ස්වභාවකොට ඇත්තාහ. චක්ඛු විඥානය කෙලෙසීම ස්වභාවකොට ඇත්තේය. චක්ඛු සම්ඵස්සය කෙලෙසීම ස්වභාවකොට ඇත්තේය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද කෙලෙසීම ස්වභාවකොට ඇත්තේය.

“මහණෙනි, කන කෙලෙසීම ස්වභාවකොට ඇත්තේය. ශබ්දයෝ කෙලෙසීම ස්වභාවකොට ඇත්තාහ. සෝත විඤ්ඤාණය කෙලෙසීම ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය කෙලෙසීම ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද කෙලෙසීම ස්වභාවකොට ඇත්තේය.

“මහණෙනි, නාසය කෙලෙසීම ස්වභාවකොට ඇත්තේය. ගන්‍ධයෝ කෙලෙසීම ස්වභාවකොට ඇත්තාහ. ඝාණ විඤ්ඤාණය කෙලෙසීම ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය කෙලෙසීම ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද කෙලෙසීම ස්වභාවකොට ඇත්තේය.

“මහණෙනි, දිව කෙලෙසීම ස්වභාවකොට ඇත්තේය. රසයෝ කෙලෙසීම ස්වභාවකොට ඇත්තාහ. ජිව්හා විඤ්ඤාණය කෙලෙසීම ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය කෙලෙසීම ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද කෙලෙසීම ස්වභාවකොට ඇත්තේය.

“මහණෙනි, කය කෙලෙසීම ස්වභාවකොට ඇත්තේය. ස්පර්‍ශයෝ කෙලෙසීම ස්වභාවකොට ඇත්තාහ. කාය විඤ්ඤාණය කෙලෙසීම ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය කෙලෙසීම ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද කෙලෙසීම ස්වභාවකොට ඇත්තේය.

“මහණෙනි, සිත කෙලෙසීම ස්වභාවකොට ඇත්තේය. ධර්‍මයෝ කෙලෙසීම ස්වභාවකොට ඇත්තාහ. මනෝ විඤ්ඤාණය කෙලෙසීම ස්වභාවකොට ඇත්තේය. මනෝ සම්ඵස්සය කෙලෙසීම ස්වභාවකොට ඇත්තේය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද කෙලෙසීම ස්වභාවකොට ඇත්තේය.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝතවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝතසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝතසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශය කෙරෙහිද කලකිරෙයි. කායවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කායසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කායසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම සිත කෙරෙහිද කලකිරෙයි. ධර්‍මය කෙරෙහිද කලකිරෙයි. මනෝවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. “ජාතිය ක්‍ෂයවිය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. කළයුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළ යුතු අනිකක් නැතැයි දැන ගණීය” යි (වදාළ සේක.)

SN 04-01-04-07 ඛය ධම්ම සූත්‍රය.

“මහණෙනි, සියල්ල ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තේය. කවර නම් සියල්ල ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තේද?

“මහණෙනි, ඇස ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තේය. රූපයෝ ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තාහ. චක්ඛු විඥානය ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තේය. චක්ඛු සම්ඵස්සය ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තේය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තේය.

“මහණෙනි, කන ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තේය. ශබ්දයෝ ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තාහ. සෝත විඤ්ඤාණය ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තේය.

“මහණෙනි, නාසය ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තේය. ගන්‍ධයෝ ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තාහ. ඝාණ විඤ්ඤාණය ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තේය.

“මහණෙනි, දිව ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තේය. රසයෝ ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තාහ. ජිව්හා විඤ්ඤාණය ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තේය.

“මහණෙනි, කය ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තේය. ස්පර්‍ශයෝ ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තාහ. කාය විඤ්ඤාණය ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තේය.

“මහණෙනි, සිත ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තේය. ධර්‍මයෝ ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තාහ. මනෝ විඤ්ඤාණය ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තේය. මනෝ සම්ඵස්සය ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තේය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ක්‍ෂයවීම ස්වභාවකොට ඇත්තේය.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝතවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝතසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝතසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශය කෙරෙහිද කලකිරෙයි. කායවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කායසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කායසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම සිත කෙරෙහිද කලකිරෙයි. ධර්‍මය කෙරෙහිද කලකිරෙයි. මනෝවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. “ජාතිය ක්‍ෂයවිය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. කළයුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළ යුතු අනිකක් නැතැයි දැන ගණීය” යි (වදාළ සේක.)

SN 04-01-04-08 වය ධම්ම සූත්‍රය.

§ 1. “මහණෙනි, සියල්ල විනාශවීම ස්වභාවකොට ඇත්තේය.
කවරක් විනාශවීම ස්වභාවකොට ඇත්තේද?

§ 2. “මහණෙනි, ඇස විනාශවීම ස්වභාවකොට ඇත්තේය. රූපයෝ විනාශවීම ස්වභාවකොට ඇත්තාහ. චක්ඛු විඥානය විනාශවීම ස්වභාවකොට ඇත්තේය. චක්ඛු සම්ඵස්සය විනාශවීම ස්වභාවකොට ඇත්තේය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද විනාශවීම ස්වභාවකොට ඇත්තේය.

“මහණෙනි, කන විනාශවීම ස්වභාවකොට ඇත්තේය. ශබ්දයෝ විනාශවීම ස්වභාවකොට ඇත්තාහ. සෝත විඤ්ඤාණය විනාශවීම ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය විනාශවීම ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද විනාශවීම ස්වභාවකොට ඇත්තේය.

“මහණෙනි, නාසය විනාශවීම ස්වභාවකොට ඇත්තේය. ගන්‍ධයෝ විනාශවීම ස්වභාවකොට ඇත්තාහ. ඝාණ විඤ්ඤාණය විනාශවීම ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය විනාශවීම ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද විනාශවීම ස්වභාවකොට ඇත්තේය.

“මහණෙනි, දිව විනාශවීම ස්වභාවකොට ඇත්තේය. රසයෝ විනාශවීම ස්වභාවකොට ඇත්තාහ. ජිව්හා විඤ්ඤාණය විනාශවීම ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය විනාශවීම ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද විනාශවීම ස්වභාවකොට ඇත්තේය.

“මහණෙනි, කය විනාශවීම ස්වභාවකොට ඇත්තේය. ස්පර්‍ශයෝ විනාශවීම ස්වභාවකොට ඇත්තාහ. කාය විඤ්ඤාණය විනාශවීම ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය විනාශවීම ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද විනාශවීම ස්වභාවකොට ඇත්තේය.

“මහණෙනි, සිත විනාශවීම ස්වභාවකොට ඇත්තේය. ධර්‍මයෝ විනාශවීම ස්වභාවකොට ඇත්තාහ. මනෝ විඤ්ඤාණය විනාශවීම ස්වභාවකොට ඇත්තේය. මනෝ සම්ඵස්සය විනාශවීම ස්වභාවකොට ඇත්තේය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද විනාශවීම ස්වභාවකොට ඇත්තේය.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝතවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝතසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝතසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශය කෙරෙහිද කලකිරෙයි. කායවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කායසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කායසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම සිත කෙරෙහිද කලකිරෙයි. ධර්‍මය කෙරෙහිද කලකිරෙයි. මනෝවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

§ 3. එසේ කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. “ජාතිය ක්‍ෂයවිය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. කළයුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළ යුතු අනිකක් නැතැයි දැන ගණීය” යි (වදාළ සේක.)

SN 04-01-04-09 සමුදය ධම්ම සූත්‍රය.

§ 1. මහණෙනි, සියල්ල හටගැනීම ස්වභාවකොට ඇත්තේය.
කවරක් නම් හටගැනීම ස්වභාවකොට ඇත්තේද?

§ 2. “මහණෙනි, ඇස හටගැනීම ස්වභාවකොට ඇත්තේය. රූපයෝ හටගැනීම ස්වභාවකොට ඇත්තාහ. චක්ඛු විඥානය හටගැනීම ස්වභාවකොට ඇත්තේය. චක්ඛු සම්ඵස්සය හටගැනීම ස්වභාවකොට ඇත්තේය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද හටගැනීම ස්වභාවකොට ඇත්තේය.

“මහණෙනි, කන හටගැනීම ස්වභාවකොට ඇත්තේය. ශබ්දයෝ හටගැනීම ස්වභාවකොට ඇත්තාහ. සෝත විඤ්ඤාණය හටගැනීම ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය හටගැනීම ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද හටගැනීම ස්වභාවකොට ඇත්තේය.

“මහණෙනි, නාසය හටගැනීම ස්වභාවකොට ඇත්තේය. ගන්‍ධයෝ හටගැනීම ස්වභාවකොට ඇත්තාහ. ඝාණ විඤ්ඤාණය හටගැනීම ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය හටගැනීම ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද හටගැනීම ස්වභාවකොට ඇත්තේය.

“මහණෙනි, දිව හටගැනීම ස්වභාවකොට ඇත්තේය. රසයෝ හටගැනීම ස්වභාවකොට ඇත්තාහ. ජිව්හා විඤ්ඤාණය හටගැනීම ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය හටගැනීම ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද හටගැනීම ස්වභාවකොට ඇත්තේය.

“මහණෙනි, කය හටගැනීම ස්වභාවකොට ඇත්තේය. ස්පර්‍ශයෝ හටගැනීම ස්වභාවකොට ඇත්තාහ. කාය විඤ්ඤාණය හටගැනීම ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය හටගැනීම ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද හටගැනීම ස්වභාවකොට ඇත්තේය.

“මහණෙනි, සිත හටගැනීම ස්වභාවකොට ඇත්තේය. ධර්‍මයෝ හටගැනීම ස්වභාවකොට ඇත්තාහ. මනෝ විඤ්ඤාණය හටගැනීම ස්වභාවකොට ඇත්තේය. මනෝ සම්ඵස්සය හටගැනීම ස්වභාවකොට ඇත්තේය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද හටගැනීම ස්වභාවකොට ඇත්තේය.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝතවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝතසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝතසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශය කෙරෙහිද කලකිරෙයි. කායවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කායසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කායසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම සිත කෙරෙහිද කලකිරෙයි. ධර්‍මය කෙරෙහිද කලකිරෙයි. මනෝවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. “ජාතිය ක්‍ෂයවිය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. කළයුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළ යුතු අනිකක් නැතැයි දැන ගණීය” යි (වදාළ සේක.)

SN 04-01-04-10 නිරෝධ ධම්ම සූත්‍රය.

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

§  2. “මහණෙනි, සියල්ල නිරුද්‍ධවීම ස්වභාවකොට ඇත්තේය.
කවරක් නම් නිරුද්‍ධවීම ස්වභාවකොට ඇත්තේද?

“මහණෙනි, ඇස නිරුද්‍ධවීම ස්වභාවකොට ඇත්තේය. රූපයෝ නිරුද්‍ධවීම ස්වභාවකොට ඇත්තාහ. චක්ඛු විඥානය නිරුද්‍ධවීම ස්වභාවකොට ඇත්තේය. චක්ඛු සම්ඵස්සය නිරුද්‍ධවීම ස්වභාවකොට ඇත්තේය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිරුද්‍ධවීම ස්වභාවකොට ඇත්තේය.

“මහණෙනි, කන නිරුද්‍ධවීම ස්වභාවකොට ඇත්තේය. ශබ්දයෝ නිරුද්‍ධවීම ස්වභාවකොට ඇත්තාහ. සෝත විඤ්ඤාණය නිරුද්‍ධවීම ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය නිරුද්‍ධවීම ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිරුද්‍ධවීම ස්වභාවකොට ඇත්තේය.

“මහණෙනි, නාසය නිරුද්‍ධවීම ස්වභාවකොට ඇත්තේය. ගන්‍ධයෝ නිරුද්‍ධවීම ස්වභාවකොට ඇත්තාහ. ඝාණ විඤ්ඤාණය නිරුද්‍ධවීම ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය නිරුද්‍ධවීම ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිරුද්‍ධවීම ස්වභාවකොට ඇත්තේය.

“මහණෙනි, දිව නිරුද්‍ධවීම ස්වභාවකොට ඇත්තේය. රසයෝ නිරුද්‍ධවීම ස්වභාවකොට ඇත්තාහ. ජිව්හා විඤ්ඤාණය නිරුද්‍ධවීම ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය නිරුද්‍ධවීම ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිරුද්‍ධවීම ස්වභාවකොට ඇත්තේය.

“මහණෙනි, කය නිරුද්‍ධවීම ස්වභාවකොට ඇත්තේය. ස්පර්‍ශයෝ නිරුද්‍ධවීම ස්වභාවකොට ඇත්තාහ. කාය විඤ්ඤාණය නිරුද්‍ධවීම ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය නිරුද්‍ධවීම ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිරුද්‍ධවීම ස්වභාවකොට ඇත්තේය.

“මහණෙනි, සිත නිරුද්‍ධවීම ස්වභාවකොට ඇත්තේය. ධර්‍මයෝ නිරුද්‍ධවීම ස්වභාවකොට ඇත්තාහ. මනෝ විඤ්ඤාණය නිරුද්‍ධවීම ස්වභාවකොට ඇත්තේය. මනෝ සම්ඵස්සය නිරුද්‍ධවීම ස්වභාවකොට ඇත්තේය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිරුද්‍ධවීම ස්වභාවකොට ඇත්තේය.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකයා ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකයා කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝතවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝතසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝතසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකයා නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකයා දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකයා , කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශය කෙරෙහිද කලකිරෙයි. කායවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කායසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කායසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකයා, සිත කෙරෙහිද කලකිරෙයි. ධර්‍මය කෙරෙහිද කලකිරෙයි. මනෝවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

§ 3. එසේ කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. “ජාතිය ක්‍ෂයවිය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. කළයුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළ යුතු අනිකක් නැතැයි දැන ගණීය” යි (වදාළ සේක.)

SN 04-01-03 Sabba Wagga

SN 04-01-03-01 අනිච්ච ධම්ම සූත්‍රය.

පුජ්‍ය මීමුරේ ධම්මවංස ස්වාමින්වහන්සේ ගේ ධර්ම දේශනාව

§ 1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

§ 2. “මහණෙනි, සියල්ල අනිත්‍ය වෙයි. මහණෙනි, කවර නම් සියල්ලක් අනිත්‍යද?

“මහණෙනි, ඇස අනිත්‍යය. රූපයෝ අනිත්‍යයෝය. චක්ඛු විඤ්ඤාණය අනිත්‍යය. චක්ඛු සම්ඵස්සය අනිත්‍යය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යය.

“මහණෙනි, කන අනිත්‍යය. ශබ්දයෝ අනිත්‍යයෝය. සෝත විඤ්ඤාණය අනිත්‍යය. සෝත සම්ඵස්සය අනිත්‍යය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යය.

“මහණෙනි, නාසය අනිත්‍යය. ගන්‍ධයෝ අනිත්‍යයෝය. ඝාණ විඤ්ඤාණය අනිත්‍යය. ඝාණ සම්ඵස්සය අනිත්‍යය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යය.

“මහණෙනි, දිව අනිත්‍යය. රසයෝ අනිත්‍යයහ. ජිව්හා විඤ්ඤාණය අනිත්‍යය. ජිව්හා සම්ඵස්සය අනිත්‍ය වේ. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යය.

“මහණෙනි, කය අනිත්‍යය. ස්පර්‍ශයෝ අනිත්‍යයෝය. කාය විඤ්ඤාණය අනිත්‍යය. කාය සම්ඵස්සය අනිත්‍යය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යය.

“මහණෙනි, සිත අනිත්‍යය. ධර්මයෝ අනිත්‍යයෝය. මනෝ විඤ්ඤාණය අනිත්‍යය. මනෝ සම්ඵස්සය අනිත්‍යය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යය.

§ 3. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝත විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශය කෙරෙහිද කලකිරෙයි. කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා සිත කෙරෙහිද කලකිරෙයි. ධර්‍මය කෙරෙහිද කලකිරෙයි. මනෝ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.
කලකිරෙන්නේ නොඇලෙයි.
නොඇලීමෙන් මිදෙයි.
මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ.
“ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. කළ යුතු දෙය කරන ලදී.
මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැන ගණීය” යි (වදාළ සේක.)

SN 04-01-03-02 දුක්ඛ ධම්ම සූත්‍රය

.

“මහණෙනි, සියල්ල දුකය. මහණෙනි, කවර නම් සියල්ලක් දුකද?

“මහණෙනි, ඇස දුකය. රූපයෝ දුකය. චක්ඛු විඤ්ඤාණය දුකය. චක්ඛු සම්ඵස්සය දුකය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය. “මහණෙනි, කන දුකය. ශබ්දයෝ දුකය. සෝත විඤ්ඤාණය දුකය. සෝත සම්ඵස්සය දුකය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය.

“මහණෙනි, නාසය දුකය. ගන්‍ධයෝ දුකය. ඝාණ විඤ්ඤාණය දුකය. ඝාණ සම්ඵස්සය දුකය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය.

“මහණෙනි, දිව දුකය. රසයෝ දුකය. ජිව්හා විඤ්ඤාණය දුකය. ජිව්හා සම්ඵස්සය දුකය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය.

“මහණෙනි, කය දුකය. ස්පර්‍ශයෝ දුකය. කාය විඤ්ඤාණය දුකය. කාය සම්ඵස්සය දුකය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය. \

“මහණෙනි, සිත දුකය. ධර්මයෝ දුකය. මනෝ විඤ්ඤාණය දුකය. මනෝ සම්ඵස්සය දුකය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝත විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශය කෙරෙහිද කලකිරෙයි. කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම සිත කෙරෙහිද කලකිරෙයි. ධර්‍මය කෙරෙහිද කලකිරෙයි. මනෝ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. “ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. කළ යුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැන ගණීය” යි (වදාළ සේක.)

SN 04-01-03-03 අනත්ත ධම්ම සූත්‍රය.

“මහණෙනි, සියල්ල අනාත්මය. මහණෙනි, කවර නම් සියල්ලක් අනාත්මද?

“මහණෙනි, ඇස අනාත්මය. රූපයෝ අනාත්මය. චක්ඛු විඤ්ඤාණය අනාත්මය. චක්ඛු සම්ඵස්සය අනාත්මය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්මය.

“මහණෙනි, කන අනාත්මය. ශබ්දයෝ අනාත්මය. සෝත විඤ්ඤාණය අනාත්මය. සෝත සම්ඵස්සය අනාත්මය.සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්මය.

“මහණෙනි, නාසය අනාත්මය. ගන්‍ධයෝ අනාත්මය. ඝාණ විඤ්ඤාණය අනාත්මය. ඝාණ සම්ඵස්සය අනාත්මය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්මය.

“මහණෙනි, දිව අනාත්මය. රසයෝ අනාත්මය. ජිව්හා විඤ්ඤාණය අනාත්මය. ජිව්හා සම්ඵස්සය අනාත්මය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්මය.

“මහණෙනි, කය අනාත්මය. ස්පර්‍ශයෝ අනාත්මය. කාය විඤ්ඤාණය අනාත්මය. කාය සම්ඵස්සය අනාත්මය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්මය.

“මහණෙනි, සිත අනාත්මය. ධර්මයෝ අනාත්මය. මනෝ විඤ්ඤාණය අනාත්මය. මනෝ සම්ඵස්සය අනාත්මය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්මය.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝත විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශය කෙරෙහිද කලකිරෙයි. කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම සිත කෙරෙහිද කලකිරෙයි. ධර්‍මය කෙරෙහිද කලකිරෙයි. මනෝ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. “ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. කළ යුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැන ගණීය” යි (වදාළ සේක.)

SN 04-01-03-04 අභිඤ්ඤෙය්‍ය සූත්‍රය.

“මහණෙනි, සියල්ල මනා නුවණින් දත යුතුයි. මහණෙනි, කවර නම් සියල්ලක් මනා නුවණින් දත යුතුද?

“මහණෙනි, ඇස මනා නුවණින් දත යුතුයි. රූපයෝ මනා නුවණින් දත යුතුයි. චක්ඛු විඤ්ඤාණය මනා නුවණින් දත යුතුයි. චක්ඛු සම්ඵස්සය මනා නුවණින් දත යුතුයි. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මනා නුවණින් දත යුතුයි.

“මහණෙනි, කන මනා නුවණින් දත යුතුයි. ශබ්දයෝ මනා නුවණින් දත යුතුයි. සෝත විඤ්ඤාණය මනා නුවණින් දත යුතුයි. සෝත සම්ඵස්සය මනා නුවණින් දත යුතුයි. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මනා නුවණින් දත යුතුයි.

“මහණෙනි, නාසය මනා නුවණින් දත යුතුයි. ගන්‍ධයෝ මනා නුවණින් දත යුතුයි. ඝාණ විඤ්ඤාණය මනා නුවණින් දත යුතුයි. ඝාණ සම්ඵස්සය මනා නුවණින් දත යුතුයි. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මනා නුවණින් දත යුතුයි.

“මහණෙනි, දිව මනා නුවණින් දත යුතුයි. රසයෝ මනා නුවණින් දත යුතුයි. ජිව්හා විඤ්ඤාණය මනා නුවණින් දත යුතුයි. ජිව්හා සම්ඵස්සය මනා නුවණින් දත යුතුයි. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මනා නුවණින් දත යුතුයි.

“මහණෙනි, කය මනා නුවණින් දත යුතුයි. ස්පර්‍ශයෝ මනා නුවණින් දත යුතුයි. කාය විඤ්ඤාණය මනා නුවණින් දත යුතුයි. කාය සම්ඵස්සය මනා නුවණින් දත යුතුයි. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මනා නුවණින් දත යුතුයි.

“මහණෙනි, සිත මනා නුවණින් දත යුතුයි. ධර්මයෝ මනා නුවණින් දත යුතුයි. මනෝ විඤ්ඤාණය මනා නුවණින් දත යුතුයි. මනෝ සම්ඵස්සය මනා නුවණින් දත යුතුයි. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මනා නුවණින් දත යුතුයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝත විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශය කෙරෙහිද කලකිරෙයි. කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම සිත කෙරෙහිද කලකිරෙයි. ධර්‍මය කෙරෙහිද කලකිරෙයි. මනෝ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. “ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. කළ යුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැන ගණීය” යි (වදාළ සේක.)

SN 04-01-03-05 පරිඤ්ඤෙය්‍ය සූත්‍රය.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

“මහණෙනි, සියල්ල පිරිසිඳ දත යුතුයි. මහණෙනි, කවර නම් සියල්ලක් පිරිසිඳ දත යුතුද?

“මහණෙනි, ඇස පිරිසිඳ දත යුතුයි. රූපයෝ පිරිසිඳ දත යුතුයි. චක්ඛු විඤ්ඤාණය පිරිසිඳ දත යුතුයි. චක්ඛු සම්ඵස්සය පිරිසිඳ දත යුතුයි. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද පිරිසිඳ දත යුතුයි.

“මහණෙනි, කන පිරිසිඳ දත යුතුයි. ශබ්දයෝ පිරිසිඳ දත යුතුයි. සෝත විඤ්ඤාණය පිරිසිඳ දත යුතුයි. සෝත සම්ඵස්සය පිරිසිඳ දත යුතුයි. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද පිරිසිඳ දත යුතුයි.

“මහණෙනි, නාසය පිරිසිඳ දත යුතුයි. ගන්‍ධයෝ පිරිසිඳ දත යුතුයි. ඝාණ විඤ්ඤාණය පිරිසිඳ දත යුතුයි. ඝාණ සම්ඵස්සය පිරිසිඳ දත යුතුයි. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද පිරිසිඳ දත යුතුයි.

“මහණෙනි, දිව පිරිසිඳ දත යුතුයි. රසයෝ පිරිසිඳ දත යුතුයි. ජිව්හා විඤ්ඤාණය පිරිසිඳ දත යුතුයි. ජිව්හා සම්ඵස්සය පිරිසිඳ දත යුතුයි. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද පිරිසිඳ දත යුතුයි.

“මහණෙනි, කය පිරිසිඳ දත යුතුයි. ස්පර්‍ශයෝ පිරිසිඳ දත යුතුයි. කාය විඤ්ඤාණය පිරිසිඳ දත යුතුයි. කාය සම්ඵස්සය පිරිසිඳ දත යුතුයි. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද පිරිසිඳ දත යුතුයි.

“මහණෙනි, සිත පිරිසිඳ දත යුතුයි. ධර්මයෝ පිරිසිඳ දත යුතුයි. මනෝ විඤ්ඤාණය පිරිසිඳ දත යුතුයි. මනෝ සම්ඵස්සය පිරිසිඳ දත යුතුයි. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද පිරිසිඳ දත යුතුයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝත විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. \

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශය කෙරෙහිද කලකිරෙයි. කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම සිත කෙරෙහිද කලකිරෙයි. ධර්‍මය කෙරෙහිද කලකිරෙයි. මනෝ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. “ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. කළ යුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැන ගණීය” යි (වදාළ සේක.)

SN 04-01-03-06 පහාතබ්බ සූත්‍රය

.

“මහණෙනි, සියල්ල පහකටයුතුය. මහණෙනි, කවර නම් සියල්ලක් පහකටයුතුද?

“මහණෙනි, ඇස පහකටයුතුය. රූපයෝ පහකටයුතුය. චක්ඛු විඤ්ඤාණය පහකටයුතුය. චක්ඛු සම්ඵස්සය පහකටයුතුය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද පහකටයුතුය.

“මහණෙනි, කන පහකටයුතුය. ශබ්දයෝ පහකටයුතුය. සෝත විඤ්ඤාණය පහකටයුතුය. සෝත සම්ඵස්සය පහකටයුතුය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද පහකටයුතුය.

“මහණෙනි, නාසය පහකටයුතුය. ගන්‍ධයෝ පහකටයුතුය. ඝාණ විඤ්ඤාණය පහකටයුතුය. ඝාණ සම්ඵස්සය පහකටයුතුය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද පහකටයුතුය.

“මහණෙනි, දිව පහකටයුතුය. රසයෝ පහකටයුතුය. ජිව්හා විඤ්ඤාණය පහකටයුතුය. ජිව්හා සම්ඵස්සය පහකටයුතුය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද පහකටයුතුය.

“මහණෙනි, කය පහකටයුතුය. ස්පර්‍ශයෝ පහකටයුතුය. කාය විඤ්ඤාණය පහකටයුතුය. කාය සම්ඵස්සය පහකටයුතුය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද පහකටයුතුය.

“මහණෙනි, සිත පහකටයුතුය. ධර්මයෝ පහකටයුතුය. මනෝ විඤ්ඤාණය පහකටයුතුය. මනෝ සම්ඵස්සය පහකටයුතුය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද පහකටයුතුය.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝත විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශය කෙරෙහිද කලකිරෙයි. කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම සිත කෙරෙහිද කලකිරෙයි. ධර්‍මය කෙරෙහිද කලකිරෙයි. මනෝ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. “ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. කළ යුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැන ගණීය” යි (වදාළ සේක.)

SN 04-01-03-07 සච්ඡිකාතබ්බ සූත්‍රය.

.

“මහණෙනි, සියල්ල ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. මහණෙනි, කවර නම් සියල්ලක් ප්‍රත්‍යක්‍ෂකටයුතුද?

“මහණෙනි, ඇස දුකය. රූපයෝ දුකය. චක්ඛු විඤ්ඤාණය දුකය. චක්ඛු සම්ඵස්සය දුකය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය.

“මහණෙනි, කන ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. ශබ්දයෝ ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. සෝත විඤ්ඤාණය ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. සෝත සම්ඵස්සය ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ප්‍රත්‍යක්‍ෂකටයුතුයි.

“මහණෙනි, නාසය ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. ගන්‍ධයෝ ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. ඝාණ විඤ්ඤාණය දුකය. ඝාණ සම්ඵස්සය ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ප්‍රත්‍යක්‍ෂකටයුතුයි.

“මහණෙනි, දිව ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. රසයෝ ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. ජිව්හා විඤ්ඤාණය ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. ජිව්හා සම්ඵස්සය ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ප්‍රත්‍යක්‍ෂකටයුතුයි.

“මහණෙනි, කය ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. ස්පර්‍ශයෝ ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. කාය විඤ්ඤාණය ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. කාය සම්ඵස්සය ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ප්‍රත්‍යක්‍ෂකටයුතුයි.

“මහණෙනි, සිත ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. ධර්මයෝ ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. මනෝ විඤ්ඤාණය ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. මනෝ සම්ඵස්සය ප්‍රත්‍යක්‍ෂකටයුතුයි. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ප්‍රත්‍යක්‍ෂකටයුතුයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝත විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශය කෙරෙහිද කලකිරෙයි. කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම සිත කෙරෙහිද කලකිරෙයි. ධර්‍මය කෙරෙහිද කලකිරෙයි. මනෝ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. “ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. කළ යුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැන ගණීය” යි (වදාළ සේක.)

SN 04-01-03-08 අභිඤ්ඤා පරිඤ්ඤෙය්‍ය සූත්‍රය

.

“මහණෙනි, සියල්ල මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. මහණෙනි, කවර නම් සියල්ලක් මනා නුවණින් පිරිසිඳ දතයුතුද?

“මහණෙනි, ඇස මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. රූපයෝ මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. චක්ඛු විඤ්ඤාණය මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. චක්ඛු සම්ඵස්සය මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මනා නුවණින් පිරිසිඳ දතයුතුයි.

“මහණෙනි, කන මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. ශබ්දයෝ මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. සෝත විඤ්ඤාණය මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. සෝත සම්ඵස්සය මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මනා නුවණින් පිරිසිඳ දතයුතුයි.

“මහණෙනි, නාසය මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. ගන්‍ධයෝ මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. ඝාණ විඤ්ඤාණය මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. ඝාණ සම්ඵස්සය මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මනා නුවණින් පිරිසිඳ දතයුතුයි.

“මහණෙනි, දිව මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. රසයෝ මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. ජිව්හා විඤ්ඤාණය මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. ජිව්හා සම්ඵස්සය මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මනා නුවණින් පිරිසිඳ දතයුතුයි.

“මහණෙනි, කය මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. ස්පර්‍ශයෝ මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. කාය විඤ්ඤාණය මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. කාය සම්ඵස්සය මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මනා නුවණින් පිරිසිඳ දතයුතුයි.

“මහණෙනි, සිත මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. ධර්මයෝ මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. මනෝ විඤ්ඤාණය මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. මනෝ සම්ඵස්සය මනා නුවණින් පිරිසිඳ දතයුතුයි. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මනා නුවණින් පිරිසිඳ දතයුතුයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝත විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශය කෙරෙහිද කලකිරෙයි. කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම සිත කෙරෙහිද කලකිරෙයි. ධර්‍මය කෙරෙහිද කලකිරෙයි. මනෝ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. “ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. කළ යුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැන ගණීය” යි (වදාළ සේක.)

SN 04-01-03-09 උපද්දුත සූත්‍රය.

“මහණෙනි, සියල්ල උවදුරට පැමිණෙන ලදී. මහණෙනි, කවර නම් සියල්ලක් උවදුරට පැමිණෙන ලද්දේද?

“මහණෙනි, ඇස උවදුරට පැමිණෙන ලදී. රූපයෝ උවදුරට පැමිණෙන ලදී. චක්ඛු විඤ්ඤාණය උවදුරට පැමිණෙන ලදී. චක්ඛු සම්ඵස්සය උවදුරට පැමිණෙන ලදී. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද උවදුරට පැමිණෙන ලදී.

“මහණෙනි, කන උවදුරට පැමිණෙන ලදී. ශබ්දයෝ උවදුරට පැමිණෙන ලදී. සෝත විඤ්ඤාණය උවදුරට පැමිණෙන ලදී. සෝත සම්ඵස්සය උවදුරට පැමිණෙන ලදී. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද උවදුරට පැමිණෙන ලදී.

“මහණෙනි, නාසය උවදුරට පැමිණෙන ලදී. ගන්‍ධයෝ උවදුරට පැමිණෙන ලදී. ඝාණ විඤ්ඤාණය උවදුරට පැමිණෙන ලදී. ඝාණ සම්ඵස්සය උවදුරට පැමිණෙන ලදී. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද උවදුරට පැමිණෙන ලදී.

“මහණෙනි, දිව උවදුරට පැමිණෙන ලදී. රසයෝ උවදුරට පැමිණෙන ලදී. ජිව්හා විඤ්ඤාණය උවදුරට පැමිණෙන ලදී. ජිව්හා සම්ඵස්සය උවදුරට පැමිණෙන ලදී. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද උවදුරට පැමිණෙන ලදී.

“මහණෙනි, කය උවදුරට පැමිණෙන ලදී. ස්පර්‍ශයෝ උවදුරට පැමිණෙන ලදී. කාය විඤ්ඤාණය උවදුරට පැමිණෙන ලදී. කාය සම්ඵස්සය උවදුරට පැමිණෙන ලදී. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද උවදුරට පැමිණෙන ලදී.

“මහණෙනි, සිත උවදුරට පැමිණෙන ලදී. ධර්මයෝ උවදුරට පැමිණෙන ලදී. මනෝ විඤ්ඤාණය උවදුරට පැමිණෙන ලදී. මනෝ සම්ඵස්සය උවදුරට පැමිණෙන ලදී. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද උවදුරට පැමිණෙන ලදී.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝත විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශය කෙරෙහිද කලකිරෙයි. කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම සිත කෙරෙහිද කලකිරෙයි. ධර්‍මය කෙරෙහිද කලකිරෙයි. මනෝ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. “ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. කළ යුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැන ගණීය” යි (වදාළ සේක.)

SN 04-01-03-10. උපස්සට්ඨ සූත්‍රය

“මහණෙනි, සියල්ල විපතට පැමිණෙන ලදී. මහණෙනි, කවර නම් සියල්ලක් විපතට පැමිණෙන ලද්දේද?

“මහණෙනි, ඇස විපතට පැමිණෙන ලදී. රූපයෝ විපතට පැමිණෙන ලදී. චක්ඛු විඤ්ඤාණය විපතට පැමිණෙන ලදී. චක්ඛු සම්ඵස්සය විපතට පැමිණෙන ලදී. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද විපතට පැමිණෙන ලදී.

“මහණෙනි, කන විපතට පැමිණෙන ලදී. ශබ්දයෝ විපතට පැමිණෙන ලදී. සෝත විඤ්ඤාණය විපතට පැමිණෙන ලදී. සෝත සම්ඵස්සය විපතට පැමිණෙන ලදී. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද විපතට පැමිණෙන ලදී.

“මහණෙනි, නාසය විපතට පැමිණෙන ලදී. ගන්‍ධයෝ විපතට පැමිණෙන ලදී. ඝාණ විඤ්ඤාණය විපතට පැමිණෙන ලදී. ඝාණ සම්ඵස්සය විපතට පැමිණෙන ලදී. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද විපතට පැමිණෙන ලදී.

“මහණෙනි, දිව විපතට පැමිණෙන ලදී. රසයෝ විපතට පැමිණෙන ලදී. ජිව්හා විඤ්ඤාණය විපතට පැමිණෙන ලදී. ජිව්හා සම්ඵස්සය විපතට පැමිණෙන ලදී. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද විපතට පැමිණෙන ලදී.

“මහණෙනි, කය විපතට පැමිණෙන ලදී. ස්පර්‍ශයෝ විපතට පැමිණෙන ලදී. කාය විඤ්ඤාණය විපතට පැමිණෙන ලදී. කාය සම්ඵස්සය විපතට පැමිණෙන ලදී. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද විපතට පැමිණෙන ලදී.

“මහණෙනි, සිත විපතට පැමිණෙන ලදී. ධර්මයෝ විපතට පැමිණෙන ලදී. මනෝ විඤ්ඤාණය විපතට පැමිණෙන ලදී. මනෝ සම්ඵස්සය විපතට පැමිණෙන ලදී. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද විපතට පැමිණෙන ලදී.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝත විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශය කෙරෙහිද කලකිරෙයි. කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම සිත කෙරෙහිද කලකිරෙයි. ධර්‍මය කෙරෙහිද කලකිරෙයි. මනෝ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. “ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. කළ යුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැන ගණීය” යි (වදාළ සේක.)

SN 04-08. ගාමණී (ගම්පති) සංයුත්තය

ගාමිණි යනු ප්‍රධානියාට නමකි. ගම් ප්‍රධානියා, ගෝත්‍රික ප්‍රධානියා , ජන කාණ්ඩයක ප්‍රධානියා ලෙස ගත හැක. ගාමිණි සංයුක්තයට ඇතුල් කර ඇත්තේ මෙබඳු ප්‍රධානින් දහ තුන් දෙනෙක් භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසු ප්‍රශ්න වලට පිළිතුරු ලෙස කල සුත්‍ර දේසනා දහ තුනකි.

1. චණ්ඩ සූත්‍රය
2. තාලපුට සූත්‍රය
3. යෝධාජීව සූත්‍රය
4. හත්ථාරුහ සූත්‍රය
5. අස්සාරුහ සූත්‍රය
6. මතක සූත්‍රය
7. දේසනා සූත්‍රය
8. සංඛ සූත්‍රය
9. කුල සූත්‍රය
10. මණිචූළ සූත්‍රය
11. භට්ඨභ සූත්‍රය
12. රාසිය සූත්‍රය
13. පාටලිය සූත්‍රය

§ SN 04-08-01.
චණ්ඩ සූත්‍රය

පුජ්‍ය දේවාලේගම විනීත හිමි

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු මහසිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණසේක.

§ 2. එකල්හි චණ්ඩ ගාමණී නම් ගම්පතියෙකු එහි පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හිඳ භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ ප්‍රශ්නයක් ඇසීය.
‘ස්වාමීනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් නපුරුය කියා කියන්නට, හේතු කවරේද, ඊට ප්‍රත්‍යය කවරේද, යම් කාරණයෙකින් මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් යහපත්ය යන කියා කියන්නට , හේතු කවරේද, ඊට ප්‍රත්‍ය කවරේදැයි?” ඇසීය.

“ගම්පතිය, මේ ලෝකයෙහි ඇතැමෙකුගේ සිතෙහි කාම රාගය333 දුරු වී නැත., රාගය දුරු නොවීම නිසා අන්‍යයෝ කෙරෙහි ඔහු නොසතුටට පත් වේ. ඔහු තුල අමනාප අසතුටු සිත් ඇති වේ. ඒ නිසා නිතොර ඔහු කෝප සිත් ඇතී වී කෝපය පහළකරයි. හෙතෙම නපුරුය කියා මිනිසුන් සළකයි.

[333: රාග දෝස මෝහ යන ධර්මයන්ගේ නියම අර්ථය වටහා ගන්නට සිංහල බෞද්ධයාට නොහැකි වන්නේ මේ පද තුනටම ඇති සිංහල තේරුම ආගම අනුව දුන් අර්ථ නොවන නිසාය. සිංහලෙන් රාගය කියන්නේ කාමුක , ලිංගික ආසාවටය. ද්වේශ කියා කියන්නේ තරහව, කෝපයටය. මෝහය කියන්නේ මෝඩ කමට බුද්ධාගම නොදත් කමටය.
කාමය යනු කැමැත්තය , පස් කම් සැප වලට ඇති කැමැත්තය.
දෝස යනු නුරුස්නා ස්වභාවයයි, අකමැති බවයි, අසහනයයි.
මෝහ යනු විපල්ලාස වූ සිතෙන් ලොව යතා ස්වභාවය නොදැක්මයි.]

ඇතැමෙක්දෝගේ සිතෙහි දෝසය දුරු වී නැත., දෝසය ඇති බැවින් අන්‍යයෝ කරන කියන දෙයින් ඔහු කෝප වෙත්, ඔහු කොපය පහළකරයි. හෙතෙම නපුරුය යන සංඛ්‍යාවට පැමිණෙයි.
මෝහය දුරු නොවූයේ වෙයි. මෝහය දුරු නුවූ බැවින් අන්‍යයෝ කෝප කරවත්. අනුන් විසින් කොපකරවනු ලබන්නේ කොපය පහළකරයි. හෙතෙම නපුරුය යන සංඛ්‍යාවට පැමිණෙයි.

“ගම්පතිය, මේ ලෝකයෙහි ඇතැමෙක් චණ්ඩය නපුරුය කියා කියන්නට මේ හේතුවයි මේ ඊට ප්‍රත්‍යයයි.“

§ 3. ගම්පතිය, මේ ලෝකයෙහි ඇතැමෙකු කාම රාගය දුරු කර ගත්තේද එබැවින් අන්‍යයෝ කරන කියන දේ නිසා ඔහු අසහනයට පීඩාවට දෝසයට පත් නොවේ. ඒවා නිසා ඔහු කෝප නොවේ. හෙතෙම මෘදුය, යහපත් කෙනෙක යැයි ලෝකයා පවසයි.
“යමෙක් දෝසය දුරු කල නිසා එබැවින් අන්‍යයෝ කරන කියන දේ නිසා ඔහු අසහනයට පීඩාවට දෝසයට පත් නොවේ. ඒවා නිසා ඔහු කෝප නොවේ. හෙතෙම මෘදුය, යහපත් කෙනෙක යැයි ලෝකයා පවසයි.
“යමෙක් මෝහය දුරු කල නිසා අන්‍යයෝ කරන කියන දේ නිසා ඔහු අසහනයට පීඩාවට දෝසයට පත් නොවේ. ඒවා නිසා ඔහු කෝප නොවේ. හෙතෙම මෘදුය, යහපත් කෙනෙක යැයි ලෝකයා පවසයි. .
ගම්පතිය, මේ ලෝකයෙහි ඇතැමෙක් යහපත්ය, මෘදුය යන කාණ්ඩයට ගැනෙන්නේ මේ හේතුව නිසායි මේ ප්‍රත්‍යය නිසායි වදාළේය.

§ 4. මෙසේ වදාළකල්හි චණ්ඩ ගම්පතියා, භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය,

” ස්වාමීනි, යහපත, ස්වාමීනි, ඉතා යහපත,
ස්වාමීනි, යම්සේ යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරන්නේද, වැසුන දෙයක් විවෘත කරන්නේද, මුළාවූවෙකුට මගකියන්නේද ඇස් ඇත්තාහු රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද, මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්මය දේශනා කරනලදී.

ස්වාමීනි, මම ධර්මයද භික්ෂු සංඝයාද සහිත භාග්‍යවතුන් වහන්සේ පිහිටකොට යෙමි.
අද පටන් ජීවිතාන්තය දක්වා සරණගිය උපාසකයෙකු කොට මා දරණසේක්වායි කීයේය.

SN 04-08-02.
තාලපුට සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙන්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දකනිවාප නම් වෙළුවනාරාමයෙහි වාසය කරණසේක.

§ 2. එකල්හි තාලපුට නම් ගම්පතියෙක් භාග්‍යවතුන් වහන්සේ දැකීමට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.
‘ස්වාමීනි, නැට්ටුවෙකු, නළුවෙක්, නුර්ත්‍ය ශිල්පියෙක්, රඟ හලක, වේදිකාවක සිට නොයෙක් ආකාරයෙන් නර්තන, නැටුම් දක්වා දකින්නට එන ජනයා සතුටට, ප්‍රීතියට පත් කරවයි.
මිනිසුන්ගේ දුක් කරදර අමතක කරවයි.
එබඳු නළුවෙකු මරණයෙන් පසු, ශරීරය බිඳීමෙන් මතු පහාස නම් දේව ලෝකයක උපදින්නේය” යි පුරාණ නාටක ආචාර්ය ප්‍රාචාර්යයන් කියනු මා විසින් අසා ඇත.
භාග්‍යවතුන් වහන්සේ මේ ගැන කුමක් කියන්නේද යනුයි.“

“ගම්පතිය , ඒ කාරණය තිබේවා. ඒ ගැන මගෙන් නොඅසවයි” වදාළේය.

දෙවනුවත් තාලපුට ගම්පතියා භාග්‍යවතුන් වහන්සේගෙන්
“‘ස්වාමීනි, නැට්ටුවෙකු, නළුවෙක්, නුර්ත්‍ය ශිල්පියෙක්, රඟ හලක, වේදිකාවක සිට නොයෙක් ආකාරයෙන් නර්තන, නැටුම් දක්වා දකින්නට එන ජනයා සතුටට, ප්‍රීතියට පත් කරවයි. මිනිසුන්ගේ දුක් කරදර අමතක කරවයි. එබඳු නළුවෙකු මරණයෙන් පසු, ශරීරය බිඳීමෙන් මතු පහාස නම් දේව ලෝකයක උපදින්නේය” යි පුරාණ නාටක ආචාර්ය ප්‍රාචාර්යයන් කියනු මා විසින් අසා ඇත. භාග්‍යවතුන් වහන්සේ මේ ගැන කුමක් කියන්නේද යි.” ඇසීය. “ගම් පතිය , ඒ කාරණය තිබේවා. ඒ ගැන මගෙන් නොඅසවයි” භාග්‍යවතුන් වහන්සේ නැවත වදාළේය.

තුන්වෙනුවත් තාලපුට ගම්පතියා භාග්‍යවතුන් වහන්සේගෙන් “‘ස්වාමීනි, නැට්ටුවෙකු, නළුවෙක්, නුර්ත්‍ය ශිල්පියෙක්, රඟ හලක, වේදිකාවක සිට නොයෙක් ආකාරයෙන් නර්තන, නැටුම් දක්වා දකින්නට එන ජනයා සතුටට, ප්‍රීතියට පත් කරවයි. මිනිසුන්ගේ දුක් කරදර අමතක කරවයි. එබඳු නළුවෙකු මරණයෙන් පසු, ශරීරය බිඳීමෙන් මතු පහාස නම් දේව ලෝකයක උපදින්නේය” යි පුරාණ නාටක ආචාර්ය ප්‍රාචාර්යයන් කියනු මා විසින් අසා ඇත. භාග්‍යවතුන් වහන්සේ මේ ගැන කුමක් කියන්නේද යි.” තුන්වන වරටත් ඇසීය.

“ගම්පතිය , ඒ කාරණය තිබේවා. ඒ ගැන මගෙන් නොඅසවයි නැවත නැවත මා කීවද ඔබ තුන්වන වරටත් මගෙන් අසන නිසා මම තොපට පිළිතුරු දෙමි. එනිසා මම තොපට ප්‍රකාශ කරන්නෙමි. අසව ! දරා ගනුව! යි වදාළ සේක.

§ 4. “ගම්පතිය, තම සන්තානයන්හි කාම රාගය පහනොකළ සත්වයෝ බොහෝ වෙත්, ඔවුන්ගේ සිතිහි නිදිගත කාම රාග සිතුවිලි පනගන්වා උද්දීපනය කරන්නට , සිත්හි නො ඉබු කාම රාග ඇති කරන්නට නැටුමක්, නර්තනයක්, රඟ පෑමක් කරන ශිල්පියා දායක වෙයි නම් ඔහු තමන් මත් ප්‍රමාදව අන්‍යයන් මත්කොට ප්‍රමාදකොට ශරීරයේ බිඳීමෙන් මරණින් මතු පහාස නම් නිරයෙහි උපදියි.

“ගම්පතිය, තම සන්තානයන්හි දෝස සිතිවිලි පහනොකළ සත්වයෝ බොහෝ වෙත්, ඔවුන්ගේ සිතිහි නිදිගත දෝස සිතුවිලි පනගන්වා උද්දීපනය කරන්නට , සිත්හි නො ඉබු දෝස, තරහ ඇති කරන්නට නැටුමක්, නර්තනයක්, රඟ පෑමක් කරන ශිල්පියා දායක වෙයි නම් ඔහු තමන් මත් ප්‍රමාදව අන්‍යයන් මත්කොට ප්‍රමාදකොට ශරීරයේ බිඳීමෙන් මරණින් මතු පහාස නම් නිරයෙහි උපදියි.

“ගම්පතිය, තම සන්තානයන්හි මෝහය පහනොකළ සත්වයෝ බොහෝ වෙත්, ඔවුන්ගේ සිත්හි මෝහ සිතුවිලි පනගන්වා උද්දීපනය කරන්නට , මෝහය වඩමින් අයෝනිසෝ මනසිකාරය වඩවන්නට යම් නැටුමක්, නර්තනයක්, රඟ පෑමක් කරන ශිල්පියා දායක වෙයි නම් ඔහු තමන් මත් ප්‍රමාදව අන්‍යයන් මත්කොට ප්‍රමාදකොට ශරීරය බිඳීමෙන් මරණින් මතු පහාස නම් නිරයෙහි උපදියි.

“ඉදින් යම් නළුවෙක් රඟ හල මැද නෘත්‍ය හලක් මැද බොරු මවා පෑමෙන් නැත්ත ඇත්තක් සේ සැබෑ වක් සේ පෙන්නමින් ජනයා සතුටු කරවයි නම්, ඇලුම් කරවයි නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු පහාස නම් දේව ලෝකයක උපදීය යන්න මිථ්‍යාදෘෂ්ටියකි..

“ගම්පතිය, මිථ්‍යාදෘෂ්ටික පුද්ගලයාට නිරය තිරිසන් අපාය යන දෙගතීන් අතුරින් එක් ගතියක් පමණක් හිමි වේය”යි’ මම කියමි.”

§ 5. මෙසේ වදාළ කල්හි තාලපුට ගම්පතියා කඳුළු හෙලමින් හැඬුවේය.

‘“ගම්පතිය , ඒ කාරණය තිබේවා. ඒ ගැන මගෙන් නොඅසවයි නැවත නැවත කියන ලද්දේ මෙහෙයිනි..“

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මෙසේ කීම නිසා මම ඊට නොහඬමි.
“ ස්වාමීනි, එතකුදු වුවත් පෙර සිටි අපේ නාටක ආචාර්ය ප්‍රාචාර්යයන් විසින් බොහෝ කලක් මුළුල්ලෙහි යම් ඒ නළුවෙක් රඟමැද නෘත්‍යමැද බොරු සැබෑ දෙකින් ජනයා සතුටු කරවයිද, ඇලුම් කරවයිද, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු පහාස නම් දෙවියන් හා සහවාසයට යන්නේයයි පවසමින් අප මුළාකරන ලදී. වංචාකරනලදී. අපව පොළඹවන ලදී. එයින් රැවටුනෝ අපම නොවේදැයි දුකින් හැඩුවෙමි’යි කීය.

“ස්වාමීනි යහපත ස්වාමීනි යහපත. ස්වාමීනි, යම්සේ යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේද, වැසුනු දෙයක් විවෘත කරන්නේද, මුළාවූවකුට මාර්ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය ප්‍රකාශ කරන ලදී.

“ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේද, ධර්මයද, භික්ෂු සංඝයාද සරණකොට යමි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිදිබව ලබන්නෙමි. උපසම්පදාව ලබන්නෙමියයි” කීයේය.

§6 . තාලපුට ගම්පතියා භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිදිබව ලැබුයේය. උපසම්පදාව ලැබුවේය. උපසම්පදාවූ නොබෝ කලකින් ආයුෂ්මත් තාලපුට භික්ෂුව හුදකලාව සමාජයෙන් වෙන්ව අප්‍රමාදව කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව ජීවිත පරිත්‍යාගයෙන් යුක්තව පිළිවෙත් පුරන්නේ, නොබෝ කලකින් යමක් සඳහා කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වෙද්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවරකොට ඇති ඒ උතුම් අර්ථය මේ ආත්මයෙහිම තෙමේම සිය විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කළේය.

ජාතිය ක්ෂයවිය. බ්‍රහ්මචර්යාව වැස නිමවන ලද්දේය. සතර මගින් කළ යුත්ත කරන ලදී. මේ ආත්ම භාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගත්තේය. ආයුෂ්මත් තාලපුට ස්ථවිරයන්ද මේ සාසනයේ රහතුන්ගෙන් එක්තරා කෙනෙක්ද වූයේයයි වදාළේය.

SN 04-08-03.
යෝධජීව සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසනලදී.
එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වසනසේක.

§ 2. එකල්හි කුලී හේවායන් ලෙස නොයෙක් රජුන්ගේ සේනාවලට එක්ව යුද්ධ වලට එකතුවන සොල්දාදුවන් බොහෝ සේ වසන හේවා ගමක, යෝධජීව නම් ගම් පතියෙක් භාග්‍යවතුන් වහන්සේ හමුවීමට  පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හිඳ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය

 “ස්වාමීනි,  තම පාර්ශවය සදහා යුද්ධයට ගොස් සතුරු පිරිස් වනසා ලන හේවා සොල්දාදුවන් එසේ සටනේදීම මල හොත් ඔවුන්  කය බිඳීමෙන් මරණින් මතු සරාජිත නම් දේව ලෝකයේ උපදිත්යයි පෙර යුද්ධයෙන් ජීවත්වූ අපේ ආචාර්ය ප්‍රාචාර්යයන් කියනු මා විසින් අසා ඇත. මේ ගැන භාග්‍යවතුන් වහන්සේ කුමක් කියන්නාහුද”,

“ ගම්පතිය, කම්නැත, එය තිබේවා. මෙය මගෙන් නොඅසාවා.” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

දෙවනුවත් “ස්වාමීනි, තම පාර්ශවය සදහා යුද්ධයට ගොස් සතුරු පිරිස් වනසා ලන හේවා සොල්දාදුවන් එසේ සටනේදීම මල හොත් ඔවුන්  කය බිඳීමෙන් මරණින් මතු සරාජිත නම් දේව ලෝකයේ උපදිත්යයි පෙර යුද්ධයෙන් ජීවත්වූ අපේ ආචාර්ය ප්‍රාචාර්යයන් කියනු මා විසින් අසා ඇත. මේ ගැන භාග්‍යවතුන් වහන්සේ කුමක් කියන්නාහුද”, “ ගම්පතිය, කම්නැත, එය තිබේවා. මෙය මගෙන් නොඅසාවා.” යි භාග්‍යවතුන් වහන්සේ දෙවන වරටත් වදාළ සේක”,

තෙවන වරටත් යෝධජීව ගම්පතියා එම ප්‍රශ්නයම අසන්නේ “ස්වාමීනි,  තම පාර්ශවය සදහා යුද්ධයට ගොස් සතුරු පිරිස් වනසා ලන හේවා සොල්දාදුවන් එසේ සටනේදීම මල හොත් ඔවුන්  කය බිඳීමෙන් මරණින් මතු සරාජිත නම් දේව ලෝකයේ උපදිත්යයි පෙර යුද්ධයෙන් ජීවත්වූ අපේ ආචාර්ය ප්‍රාචාර්යයන් කියනු මා විසින් අසා ඇත. මේ ගැන භාග්‍යවතුන් වහන්සේ කුමක් කියන්නාහුද”, යි ඇසීය.

ගම්පතිය , කම්නැත, මෙය තිබේවා. මෙය මගෙන් නොඅසාවා පෙර දෙවතාවක්වම කීවත් තෙවන වරටත් අසන නිසා පිළිතුරු දෙමි. අසව !
ස්වාමිනි යහපති”යි කී කල භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාල සේක.

§ 3 . ගම්පතිය යුද්ධයකට යන හේවායා සතුරන් මැරීම අරමුණු කරගන යුද්ධයට යන්නේය.
ඒ පිනිස ඔහු සිය සන්තානය අනෙක් පාර්ශවයේ මිනිසුන් ගැන ද්වේශයක්, ක්‍රෝධයක් , වෛරයක් ඇතිකරගෙනම හීනවූ ග්‍රාම්‍ය වූ සිතකින්ම යුද්ධයට යැයි. කෙසේද යත් මට අතුරු මේ සත්වයෝ නැසෙත්වා, බැඳෙත්වා, මැරෙත්වා, වැනසෙත්වා, ජීවත් නොවෙත්වායි කියායි.එසේ නපුරුකොට සකස් කරනලද සිතින් . නපුරුකොට තබනලද සිතින් . එසේ උත්සාහ කරන්නාවූ, වෑයම් කරන්නාවූ ඔහු අන්‍යයෝ නසත්ද, මරත්ද, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු සරාජිත නම් නිරයයෙහි උපදී.

§ 4. ඉදින් යුද්ධයට ගොස් සතුරු පිරිස් වනසා ලන හේවා සොල්දාදුවන් එසේ සටනේදීම මල හොත් ඔවුන්  කය බිඳීමෙන් මරණින් මතු සරාජිත නම් දේව ලෝකයේ උපදිත්යයි කියන්නේ නම් මේ මිථ්‍යා දෘෂ්ටියකි.

“ගම්පතිය, මිථ්‍යාදෘෂ්ටික පුද්ගලයාට නිරය තිරිසන් අපාය යන දෙගතීන් අතුරින් එක් ගතියක් පමණක් හිමි වේය”යි’ මම කියමි.”

§ 5. මෙසේ වදාළ කල්හි යෝධජීව ගම්පතියා කඳුළු හෙලමින් හැඬුවේය.

‘“ගම්පතිය , ඒ කාරණය තිබේවා. ඒ ගැන මගෙන් නොඅසවයි නැවත නැවත කියන ලද්දේ මෙහෙයිනි..“

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මෙසේ කීම නිසා මම ඊට නොහඬමි.
“ ස්වාමීනි, එතකුදු වුවත් පෙර සිටි අපේ හේවා ආචාර්ය ප්‍රාචාර්යයන් විසින් බොහෝ කලක් මුළුල්ලෙහි යම් හේවායෙක් තම අවි බලයෙන් රට ජාතිය ආගම රැක ගන්නට යුද කරැයිද, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු පහාස නම් දෙවියන් හා සහවාසයට යන්නේයයි පවසමින් අප මුළාකරන ලදී. වංචාකරනලදී. අපව පොළඹවන ලදී. එයින් රැවටුනෝ අපම නොවේදැයි දුකින් හැඩුවෙමි’යි කීය.

“ස්වාමීනි යහපත ස්වාමීනි යහපත. ස්වාමීනි, යම්සේ යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේද, වැසුනු දෙයක් විවෘත කරන්නේද, මුළාවූවකුට මාර්ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය ප්‍රකාශ කරන ලදී.

“ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේද, ධර්මයද, භික්ෂු සංඝයාද සරණකොට යමි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිදිබව ලබන්නෙමි. උපසම්පදාව ලබන්නෙමියයි” කීයේය.

§6 . යෝධජීව ගම්පතියා භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිදිබව ලැබුයේය. උපසම්පදාව ලැබුවේය. උපසම්පදාවූ නොබෝ කලකින් ආයුෂ්මත් යෝධජීව භික්ෂුව හුදකලාව සමාජයෙන් වෙන්ව අප්‍රමාදව කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව ජීවිත පරිත්‍යාගයෙන් යුක්තව පිළිවෙත් පුරන්නේ, නොබෝ කලකින් යමක් සඳහා කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වෙද්ද, මාර්ග බ්‍රහ්මචර්යාව කෙළවරකොට ඇති ඒ උතුම් අර්ථය මේ ආත්මයෙහිම තෙමේම සිය විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කළේය.

ජාතිය ක්ෂයවිය. බ්‍රහ්මචර්යාව වැස නිමවන ලද්දේය. සතර මගින් කළ යුත්ත කරන ලදී. මේ ආත්ම භාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගත්තේය. ආයුෂ්මත් තාලපුට ස්ථවිරයන්ද මේ සාසනයේ රහතුන්ගෙන් එක්තරා කෙනෙක්ද වූයේයයි වදාළේය.

SN 04-08-04.
හත්ථාරුහ සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසනලදී.
එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වසනසේක.

§ 2. එකල්හි කුලී හේවායන් ලෙස නොයෙක් රජුන්ගේ සේනාවලට එක්ව යුද්ධ වලට එකතුවන හස්ති සේනා හේවායන් බොහෝ සේ වසන හේවා ගමක, හත්ථාරුහ නම් ගම්පතියෙක් භාග්‍යවතුන් වහන්සේ හමුවීමට  පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හිඳ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය

 “ස්වාමීනි,  තම පාර්ශවය සදහා යුද්ධයට ගොස් අලින් ලවා සතුරු පිරිස් වනසා ලන හස්ති සේනා හේවායන් එසේ සටනේදීම මල හොත් ඔවුන්  කය බිඳීමෙන් මරණින් මතු සරාජිත නම් දේව ලෝකයේ උපදිත්යයි පෙර යුද්ධයෙන් ජීවත්වූ අපේ ආචාර්ය ප්‍රාචාර්යයන් කියනු මා විසින් අසා ඇත. මේ ගැන භාග්‍යවතුන් වහන්සේ කුමක් කියන්නාහුද”,

“ ගම්පතිය, කම්නැත, එය තිබේවා. මෙය මගෙන් නොඅසාවා.” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

දෙවනුවත් “ස්වාමීනි, තම පාර්ශවය සදහා යුද්ධයට ගොස් සතුරු පිරිස් වනසා ලන හස්ති සේනා හේවායන් සොල්දාදුවන් එසේ සටනේදීම මල හොත් ඔවුන්  කය බිඳීමෙන් මරණින් මතු සරාජිත නම් දේව ලෝකයේ උපදිත්යයි පෙර යුද්ධයෙන් ජීවත්වූ අපේ ආචාර්ය ප්‍රාචාර්යයන් කියනු මා විසින් අසා ඇත. මේ ගැන භාග්‍යවතුන් වහන්සේ කුමක් කියන්නාහුද”, “ ගම්පතිය, කම්නැත, එය තිබේවා. මෙය මගෙන් නොඅසාවා.” යි භාග්‍යවතුන් වහන්සේ දෙවන වරටත් වදාළ සේක”,

තෙවන වරටත් හත්ථාරුහ ගම්පතියා එම ප්‍රශ්නයම අසන්නේ “ස්වාමීනි,  තම පාර්ශවය සදහා යුද්ධයට ගොස් සතුරු පිරිස් වනසා ලන හේවා සොල්දාදුවන් එසේ සටනේදීම මල හොත් ඔවුන්  කය බිඳීමෙන් මරණින් මතු සරාජිත නම් දේව ලෝකයේ උපදිත්යයි පෙර යුද්ධයෙන් ජීවත්වූ අපේ ආචාර්ය ප්‍රාචාර්යයන් කියනු මා විසින් අසා ඇත. මේ ගැන භාග්‍යවතුන් වහන්සේ කුමක් කියන්නාහුද”, යි ඇසීය.

ගම්පතිය , කම්නැත, මෙය තිබේවා. මෙය මගෙන් නොඅසාවා පෙර දෙවතාවක්වම කීවත් තෙවන වරටත් අසන නිසා පිළිතුරු දෙමි. අසව !
ස්වාමිනි යහපති”යි කී කල භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාල සේක.

ගම්පතිය යුද්ධයකට යන හේවායා සතුරන් මැරීම අරමුණු කරගන යුද්ධයට යන්නේය.
ඒ පිනිස ඔහු සිය සන්තානය අනෙක් පාර්ශවයේ මිනිසුන් ගැන ද්වේශයක්, ක්‍රෝධයක් , වෛරයක් ඇතිකරගෙනම හීනවූ ග්‍රාම්‍ය වූ සිතකින්ම යුද්ධයට යැයි. කෙසේද යත් මට අතුරු මේ සත්වයෝ නැසෙත්වා, බැඳෙත්වා, මැරෙත්වා, වැනසෙත්වා, ජීවත් නොවෙත්වායි කියායි.එසේ නපුරුකොට සකස් කරනලද සිතින් . නපුරුකොට තබනලද සිතින් . එසේ උත්සාහ කරන්නාවූ, වෑයම් කරන්නාවූ ඔහු අන්‍යයෝ නසත්ද, මරත්ද, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු සරාජිත නම් නිරයයෙහි උපදී.

ඉදින් යුද්ධයට ගොස් සතුරු පිරිස් වනසා ලන හස්ති සේනා හේවායන් එසේ සටනේදීම මල හොත් ඔවුන්  කය බිඳීමෙන් මරණින් මතු සරාජිත නම් දේව ලෝකයේ උපදිත්යයි කියන්නේ නම් මේ මිථ්‍යා දෘෂ්ටියකි.

§ 5. මෙසේ වදාළ කල්හි හස්ති සේනා හේවා ගම්පතියා කඳුළු හෙලමින් හැඬුවේය.

‘“ගම්පතිය , ඒ කාරණය තිබේවා. ඒ ගැන මගෙන් නොඅසවයි නැවත නැවත කියන ලද්දේ මෙහෙයිනි..“

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මෙසේ කීම නිසා මම ඊට නොහඬමි.
“ ස්වාමීනි, එතකුදු වුවත් පෙර සිටි අපේ හස්තාරුහ ආචාර්ය ප්‍රාචාර්යයන් විසින් බොහෝ කලක් මුළුල්ලෙහි යම් හේවායෙක් තම හස්තියාගේ බලයෙන් රට ජාතිය ආගම රැක ගන්නට යුද කරැයිද, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු පහාස නම් දෙවියන් හා සහවාසයට යන්නේයයි පවසමින් අප මුළාකරන ලදී. වංචාකරනලදී. අපව පොළඹවන ලදී. එයින් රැවටුනෝ අපම නොවේදැයි දුකින් හැඩුවෙමි’යි කීය.

“ස්වාමීනි යහපත ස්වාමීනි යහපත. ස්වාමීනි, යම්සේ යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේද, වැසුනු දෙයක් විවෘත කරන්නේද, මුළාවූවකුට මාර්ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය ප්‍රකාශ කරන ලදී.

“ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේද, ධර්මයද, භික්ෂු සංඝයාද සරණකොට යමි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිදිබව ලබන්නෙමි. උපසම්පදාව ලබන්නෙමියයි” කීයේය.

SN 04-08-05.
අස්සාරුහ සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසනලදී.
එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වසනසේක.

§ 2. එකල්හි අසරු හේවායන් ලෙස නොයෙක් රජුන්ගේ සේනාවලට එක්ව යුද්ධ වලට එකතුවන අසරු සොල්දාදුවන් බොහෝ සේ වසන හේවා ගමක, ගම් පතියෙක් භාග්‍යවතුන් වහන්සේ හමුවීමට  පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හිඳ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය

 “ස්වාමීනි,  තම පාර්ශවය සදහා යුද්ධයට ගොස් සතුරු පිරිස් වනසා ලන අසරු හේවා සොල්දාදුවන් එසේ සටනේදීම මල හොත් ඔවුන්  කය බිඳීමෙන් මරණින් මතු සරාජිත නම් දේව ලෝකයේ උපදිත්යයි පෙර යුද්ධයෙන් ජීවත්වූ අපේ ආචාර්ය ප්‍රාචාර්යයන් කියනු මා විසින් අසා ඇත. මේ ගැන භාග්‍යවතුන් වහන්සේ කුමක් කියන්නාහුද”,

“ ගම්පතිය, කම්නැත, එය තිබේවා. මෙය මගෙන් නොඅසාවා.” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

දෙවනුවත් “ස්වාමීනි, තම පාර්ශවය සදහා යුද්ධයට ගොස් සතුරු පිරිස් වනසා ලන අසරු හේවා සොල්දාදුවන් එසේ සටනේදීම මල හොත් ඔවුන්  කය බිඳීමෙන් මරණින් මතු සරාජිත නම් දේව ලෝකයේ උපදිත්යයි පෙර යුද්ධයෙන් ජීවත්වූ අපේ ආචාර්ය ප්‍රාචාර්යයන් කියනු මා විසින් අසා ඇත. මේ ගැන භාග්‍යවතුන් වහන්සේ කුමක් කියන්නාහුද”,

“ ගම්පතිය, කම්නැත, එය තිබේවා. මෙය මගෙන් නොඅසාවා.” යි භාග්‍යවතුන් වහන්සේ දෙවන වරටත් වදාළ සේක”,

තෙවන වරටත් යෝධජීව ගම්පතියා එම ප්‍රශ්නයම අසන්නේ “ස්වාමීනි,  තම පාර්ශවය සදහා යුද්ධයට ගොස් සතුරු පිරිස් වනසා ලන අසරු සොල්දාදුවන් එසේ සටනේදීම මල හොත් ඔවුන්  කය බිඳීමෙන් මරණින් මතු සරාජිත නම් දේව ලෝකයේ උපදිත්යයි පෙර යුද්ධයෙන් ජීවත්වූ අපේ ආචාර්ය ප්‍රාචාර්යයන් කියනු මා විසින් අසා ඇත. මේ ගැන භාග්‍යවතුන් වහන්සේ කුමක් කියන්නාහුද”, යි ඇසීය.

ගම්පතිය , කම්නැත, මෙය තිබේවා. මෙය මගෙන් නොඅසාවා පෙර දෙවතාවක්වම කීවත් තෙවන වරටත් අසන නිසා පිළිතුරු දෙමි. අසව !
ස්වාමිනි යහපති”යි කී කල භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාල සේක.

ගම්පතිය යුද්ධයකට යන හේවායා සතුරන් මැරීම අරමුණු කරගන යුද්ධයට යන්නේය.
ඒ පිනිස ඔහු සිය සන්තානය අනෙක් පාර්ශවයේ මිනිසුන් ගැන ද්වේශයක්, ක්‍රෝධයක් , වෛරයක් ඇතිකරගෙනම හීනවූ ග්‍රාම්‍ය වූ සිතකින්ම යුද්ධයට යැයි. කෙසේද යත් මට අතුරු මේ සත්වයෝ නැසෙත්වා, බැඳෙත්වා, මැරෙත්වා, වැනසෙත්වා, ජීවත් නොවෙත්වායි කියායි.එසේ නපුරුකොට සකස් කරනලද සිතින් . නපුරුකොට තබනලද සිතින් . එසේ උත්සාහ කරන්නාවූ, වෑයම් කරන්නාවූ ඔහු අන්‍යයෝ නසත්ද, මරත්ද, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු සරාජිත නම් නිරයයෙහි උපදී.

‘“ගම්පතිය , ඒ කාරණය තිබේවා. ඒ ගැන මගෙන් නොඅසවයි නැවත නැවත කියන ලද්දේ මෙහෙයිනි..“

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මෙසේ කීම නිසා මම ඊට නොහඬමි.
“ ස්වාමීනි, එතකුදු වුවත් පෙර සිටි අපේ හේවා ආචාර්ය ප්‍රාචාර්යයන් විසින් බොහෝ කලක් මුළුල්ලෙහි යම් හේවායෙක් තම අවි බලයෙන් රට ජාතිය ආගම රැක ගන්නට යුද කරැයිද, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු පහාස නම් දෙවියන් හා සහවාසයට යන්නේයයි පවසමින් අප මුළාකරන ලදී. වංචාකරනලදී. අපව පොළඹවන ලදී. එයින් රැවටුනෝ අපම නොවේදැයි දුකින් හැඩුවෙමි’යි කීය.

“ස්වාමීනි, ඉතා යහපති ස්වාමීනි, ඉතා යහපති. ස්වාමීනි, යම්සේ යටිකුරු කරනලද්දක් උඩුකුරු කරන්නේද වැසුන දෙයක් විවෘත කරන්නේද, මුළාවූවෙකුට මග කියන්නේද, ඇස් ඇත්තාහු රූප දකිත්වායි අඳුරෙහි තෙල්පහනක් දරන්නේද, මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්මය දේශනා කරනලදී. ස්වාමීනි, ඒ මම ධර්මයද භික්ෂුසංඝයාද, සහිත භාග්‍යවතුන් වහන්සේ පිහිටකොට යෙමි. අද පටන් ජීවිතාන්තය දක්වා සරණගිය උපාසකයෙකුකොට මා දරණසේක්වායි” කීයේය.

§ 4. “ස්වාමීනි, ඉතා යහපති ස්වාමීනි, ඉතා යහපති. ස්වාමීනි, යම්සේ යටිකුරු කරනලද්දක් උඩුකුරු කරන්නේද වැසුන දෙයක් විවෘත කරන්නේද, මුළාවූවෙකුට මග කියන්නේද, ඇස් ඇත්තාහු රූප දකිත්වායි අඳුරෙහි තෙල්පහනක් දරන්නේද, මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්මය දේශනා කරනලදී. ස්වාමීනි, ඒ මම ධර්මයද භික්ෂුසංඝයාද, සහිත භාග්‍යවතුන් වහන්සේ පිහිටකොට යෙමි. අද පටන් ජීවිතාන්තය දක්වා සරණගිය උපාසකයෙකුකොට මා දරණසේක්වායි” කීයේය.

SN 04-08-06.
අසිබන්‍ධක සූත්‍රය .

§ 1 . එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ නාලන්දා නුවර පාවාරික නම් අඹ වනයෙහි වාසය කරති. එකල්හි අසිබන්ධක පුත්ත නම් ගම්පතියෙකු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක හිඳ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.,

“ස්වාමීනි, බටහිර පච්ඡාභූමිවාසී, දිය කෙණ්ඩි දරන්නාවූ, දිය ඕලු මල් මාලා දරන්නාවූ, දියට බැස ගිනි පුදන්නාවූ බ්‍රාහ්මණයෝ කොටසක් වෙති. ඔව්හු මලගිය අයගේ ආත්ම ස්වර්ගයට නනන්වනට සමත්ත්ය. කාලක්‍රියා කළහු ස්වර්ගය නංවත්යැයි කියති.
“ස්වාමීනි, අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේට සියලු ලෝකයා මරණින් මතු ස්වර්ග ලෝකයෙහි උපද්දවන්නට සමර්ථ නොවන්නේ දැයි කීය.

§ 2. “ගම්පතිය , එසේනම් මම මෙය තොපගෙන්ම අසමි. තොපට වැටහෙන ලෙස පිළිතුරු දෙව.

“ගම්පතිය, මේ ගැන ඔබ කෙසේ සිතන්නෙහිද?
“මේ ලෝකයෙහි යම් පුරුෂයෙක් සතුන් මරන්නේද, නුදුන් දෙය ගන්නේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේද, බොරු කියන්නේ ද, කේළාම් කියන්නේද, ඵරුෂ වචන කියන්නේද, ප්‍රලාප කියන්නේද, දැඩි ලෝභ ඇත්තේද, ක්‍රෝධ සිත් ඇත්තෙක්ද, මිථ්‍යා දෘෂ්ටිකයෙක් වේද, ඔහු වටා ජන සමූහයා එක්ව රැස්වී මෙසේ කියන්නේය. යදින්නේය.
“මේ පුරුෂයා කය බිඳීමෙන් මරණින් මතු ස්වර්ග ලෝකයෙහි උපදීවා! යි යාඥා කරන්නේද, යදින්නේද, ඇඳිලි බැඳ ස්ත්‍රොත්ත්‍ර කියන්නේය.

“ ගම්පතිය, ඔහු වටා බොහෝ දෙනා එක්ව ඔහුව දිව්‍ය ලෝකයකට යන ලෙස යාඥා කල විට, යදින විට, ස්ත්‍රෝත්‍ර ගයන විට ඒ නිසා ඔහු ස්වර්ග ලෝකයෙහි උපදින්නේද?” –
“ස්වාමීනි, එය සිදුවිය නොහැක.”

§3. “ ගම්පතිය, පුරුෂයෙක් විසාල කළු ගලක් ගැඹුරු ජල තටාකයකට ඔසවා දමන්නේය. ජන සමූහයා ඒ තටාකය වටා එක්ව රැස්ව පින්වත් ගල ඉහලට මතු ව එව. පින්වත් මහ ගල, ඉල්ප එව, පින්වත් මහගල මතුවෙව. පින්වත්, මහගල ඉල්පෙව, පින්වත් මහගල ගොඩට එව යනුවෙන් යාඥා කරන්නේ නම්, ඇදහිලි කරන්නේ නම්, ඇඳිලි බැඳ වන්දනා කරන්නේ නම් ඒ මහ ගල ජනයාගේ යාඥාව නිසා හෝ ස්ත්‍රෝත නිසා හෝ ඇඳිලිබැඳ වැඳීම නිසා හෝ දියෙන් උඩට මතුවන්නේද, ඉල්පෙන්නේද ගොඩට පැමිණෙන්නේද?” –
“ස්වාමීනි, එය එසේ සිදු නොවේ.”

“ගම්පතිය, එසේම යම් පුරුෂයෙක් සතුන් මරන්නේද, නුදුන් දෙය ගන්නේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේද, බොරු කියන්නේද, කේළාම් කියන්නේද, ඵරුෂ වචන කියන්නේද, ප්‍රලාප කියන්නේද, දැඩි ලෝභ ඇත්තේද, ක්‍රෝධ සිත් ඇත්තේද, මිථ්‍යා දෘෂ්ටික වන්නේද, ජනයා ඔහු වටා රැස්ව එක්ව මේ පුරුෂයා , මරණින් මතු ස්වර්ග ලෝකයෙහි උපදීවායි ඉල්වූයේවී නමුත් යාඥා කළේවී නමුත් ඇඳිලි බැඳ වන්දනා ගී ගැයුවේ මුත් ඒ පුරුෂයා, කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් තොර, දරුණු දුක් ඇත්තාවූ විසමව නිරයෙහි උපදින්නේය.

§ 4 . “ගම්පතිය, මේ ගැන ඔබ කෙසේ සිතන්නෙහිද?
“මේ ලෝකයෙහි යම් පුරුෂයෙක් සතුන් නොමරන්නේද, නුදුන් දෙය නොගන්නේද, කාමයන්හි වරදවා නොහැසිරෙන්නේද, බොරු නොකියන්නේ ද, කේළාම් නොකියන්නේද, ඵරුෂ වචන නොකියන්නේද, ප්‍රලාප නොකියන්නේද, දැඩි ලෝභ නැත්තේද, ක්‍රෝධ සිත් නැත්තෙක්ද, මිථ්‍යා දෘෂ්ටිකයෙක් නොවේද, ඔහු වටා ජන සමූහයා එක්ව රැස්වී මෙසේ කියන්නේය. යදින්නේය.”
“මේ පුරුෂයා කය බිඳීමෙන් මරණින් මතු නරකයෙහි උපදීවා! යි යාඥා කරන්නේද, යදින්නේද, ඇඳිලි බැඳ ස්ත්‍රොත්ත්‍ර කියන්නේය. ගම්පතිය, ජනයාගේ යාඥා කිරීම නිසා යැදීම හෝ ස්ත්‍රෝත නිසා හෝ ඇඳිලිබැඳ වැඳීම නිසා හෝ කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව වැටෙන්නාවූ නිරයෙහි උපදින්නේද?” –
“ස්වාමීනි, එය එසේ සිදු නොවේ” ය.

§ 5 . “ගම්පතිය, යම් පුරුෂයෙක් ගිතෙල් කළයක් හෝ තෙල් කළයක් හෝ ගැඹුරු දිය තටාකයක ට බැස බිඳින්නේය. එම බඳුනේ කැට කැබලිති ඇද්ද ඒ දිය තටාකයේ පතුලට කිඳා බසින්නේය. බඳුනෙහි වූ ගිතෙල් හෝ තෙල් දියෙන් උඩට මතුවන්නේය. එය වටා ජන සමූහයා එක්ව රැස්ව පින්වත් ගිතෙල තෙල ගිලෙව, පින්වත් ගිතෙල තෙල යටට කිඳෙව, පින්වත් ගිතෙල තෙල යටට යව’යි යාඥා කරන්නේය. යදින්නේද, ඇඳිලි බැඳ ස්ත්‍රොත්ත්‍ර කියන්නේය. ගාමණිය, ඒ කුමකැයි හඟින්නේද, මහජනයාගේ ඉල්ලීම නිසා හෝ ස්තුතිය නිසා හෝ ඇඳිලි බැඳ පිරිවැරීම නිසා හෝ ඒ ගිතෙල් තෙල් ගිලාබහින්නේද, කිඳා බහින්නේද, යටට හෝ යන්නේද?” –
“ස්වාමීනි, එය එසේ සිදු නොවේ”

“ගම්පතිය, එසේම යම් පුරුෂයෙක් ප්‍රාණඝාතය නොකරයිද , අන් සතුදෙය නොගනියි ද, කාම මිථ්‍යාචාරයෙන් වෙන්වූයේද, බොරු නොකියයිද, කේළාම් නොකියයිද, ඵරුෂ වචන නොකියයිද, ප්‍රලාප නොකියයිද, දැඩි ලෝභය නැත්තේද, ක්‍රෝධය නැත්තේද, සම්‍යක් දෘෂ්ටිකද, ඔහු කරා මහජන සමූහයා එක්ව රැස්ව මේ පුරුෂයා කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව වැටෙන නිරයෙහි උපදීවායි යාඥා කරන්නේවී නමුත් යාඥා කරන්නේ මුත්. යදින්නේ මුත්, ඇඳිලි බැඳ ස්ත්‍රොත්ත්‍ර කියන්නේ නමුත් ඒ පුරුෂයා කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇත්තාවූ ස්වර්ග ලෝකයෙහිම උපදින්නේය.”

§ 6. මෙසේ වදාළ කල්හි අසිබන්ධක පුත්ත ගම්පතියා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.,
“ස්වාමීනි, ඉතා යහපති ස්වාමීනි, ඉතා යහපති. ස්වාමීනි, යම්සේ යටිකුරු කරනලද්දක් උඩුකුරු කරන්නේද වැසුන දෙයක් විවෘත කරන්නේද, මුළාවූවෙකුට මග කියන්නේද, ඇස් ඇත්තාහු රූප දකිත්වායි අඳුරෙහි තෙල්පහනක් දරන්නේද, මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්මය දේශනා කරනලදී.

ස්වාමීනි, මම ධර්මයද භික්ෂුසංඝයාද, සහිත භාග්‍යවතුන් වහන්සේ පිහිටකොට යෙමි. අද පටන් ජීවිතාන්තය දක්වා සරණගිය උපාසකයෙකුකොට මා දරණසේක්වායි” කීයේය.

SN 04-08-07.
ඛෙත්තූපම සූත්‍රය.

§1.   එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ නාලන්දා නුවර පාවාරික අඹ වනයෙහි වාසය කරන සේක. එකල්හි අසිබන්ධක පුත්ත නම් ගම් පතියෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක හිඳ මෙසේ ප්‍රශ්නයක් ඇසීය.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ සියලු සත්වයන් කෙරෙහි හිතානුකම්පීව වාසය කරන්නේ නොවේ දැයි” ඇසීය.
“ගම්පතිය, එසේය. තථාගතයන්, සියලු සත්වයන් කෙරෙහි හිතානුකම්පීව වාසය කරයි.

“එසේ නම් ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කුමක් හෙයින් සමහරුන්ට මනා ලෙස ගම්භිර වූ ධර්මය දේශනා කර ඔවුන් සුවපත් කරන්නේද? , ඇතැමුන්ට එසේ හරවත් ධර්ම දේශනා නොකරන්නේද? ” ඇසීය

§ 2. “එසේ වී නම් මෙහිදී තොපගෙන්ම යමක් අසමි. තොපට වැටහෙනසේ පිළිතුරු දෙව.

“ගම්පතිය, යම් ගොවියෙකුට තුන් තැනක වැපිරිය හැකි කෙත් ඉඩම් ඇත්තේය.
එක් තැනක වූ බිම කර්කශය, කරදිය සහිතය, මුඩු බිමකි. දෙවන තැන වූ කෙත් බිම නරකමත් නැති, හොඳ මත් නැති මධ්‍යම පමණේ ඉඩමකි. තෙවන ඉඩම සරු පසින් හා දිය සීරාව ඇති අනර්ඝ කෙත් බිමකි.

“ගම්පතිය, ඔබ කුමක් සිතන්නෙහිද?
ඒ ගොවියා මනා අස්වැන්නක් බලාපොරොත්තුව බිජු වපුරණු කැමැත්තේ නම් මේ බිම් තුනෙන් කුමන කෙත් බිමේ හොඳම බීජ වපුරයිද?

ඒ කෙතක් අග්‍ර වෙයිද, යම් ඒ කෙතක් මධ්‍යමද, යම් ඒ කෙතක් කර්කශද කරදිය සහිතද, මුඩු බිමක්වේද එයින් කවර කෙතක පළමුකොට බිජු වපුරන්නේද?”

“ගම්පතිය, යහපත් අස්වැන්නක් බලාපොරොත්තුවන ගොවියා හොඳම කෙත් බිමේ සිය හොඳම බීජ වපුරයි.

නරකම නැති හොඳම නැති මධ්‍යම ඉඩමේ මධ්‍යම තරමේ බිජ වපුරයි.
එහි වපුරා යම් කෙතක් රළුද කරදිය සහිතද, මුඩු බිමක්ද, එහි යටත් පිරිසෙයින් ගවයන්ට කෑම පිණිසවත් වන්නේයයි ඉතිරි වූ බීජ එහි වපුරන්නේ වෙයි. නො වපුරන්නේ හෝ වෙයි.”

§3. “ගම්පතිය, යම්සේ ඒ සරු පසින් යුත්, දිය සීරාව ඇති එක් කෙත අග්‍රද, මට භික්ෂු, භික්ෂුණීහුද එසේම අගනේය.
විමුක්ති සාධනයම තකා, සිය ගිහි සැප සම්පත්, නෑ දෑ මිතුරු, පිරිස් හැරලා මේ සසුනට ඇතුලත් වූ මේ භික්ෂු භික්ෂුනීන්ට මම මුල යහපත්වූද, මැද යහපත්වූද, අග යහපත්වූද, අර්ථ සහිතවූද, ව්‍යඤ්ජන සහිත වූද, සර්වප්‍රකාරයෙන් සම්පූර්ණවූ පිරිසිදු බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරමි.
ඊට හේතු කවරේද?
“ගම්පතිය, මොව්හු දුපතක වසන්නෝ දුපත නිසාම ඉන්නා සේ, මා පිහිටකොටම ඉන්නාහ.
ගසක සෙවනේ ඉන්නාවුන් ගස සේවනෙහි ඉන්නා සේ මා සේවනෙහිම ඉන්නාහ.
මගේ ආරක්ෂාව පතා මා පිහිට කොට ඇත්තාහ. මා පිළිසරණ කොට ඇත්තාහ.

“ගම්පතිය, යම් කෙතක් ගොවියාට මධ්‍යමද, මට ගිහි උපාසක උපාසිකාවෝ එසේමය.
මම ඔවුන්ටද මුල යහපත්වූ, මැද යහපත්වූ, අග යහපත්වූ, අර්ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, හාත්පසින් සම්පූර්ණවූ, පිරිසිදුවූ බ්‍රහ්මචර්යාව ප්‍රකාශකරමි.
ඊට හේතු කවරේද?

“ගම්පතිය, මොව්හු දුපතක වසන්නෝ දුපත නිසාම ඉන්නා සේ, මා පිහිට කොට ඉන්නාහ.
ගසක සෙවනේ ඉන්නාවුන් ගස සේවනෙහි ඉන්නා සේ මා සේවනෙහිම ඉන්නාහ.
මගේ ආරක්ෂාව පිහිට කොට ඇත්තාහ. මා සරණ කොට ඇත්තාහ.

“ගම්පතිය, යම්සේ ඒ රළු කරදිය ඇති , මුඩු බිමක්වූ රළු කෙතක්වේද, මට අන්‍ය තීර්ථක ශ්‍රමණ බ්‍රාහ්මණ පරිබ්‍රාජකයෝත් එසේ වෙත්. මම ඔවුන්ටද මුල යහපත්වූ, මැද යහපත්වූ, අග යහපත්වූ, අර්ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, හාත්පසින් සම්පූර්ණවූ, පිරිසිදු බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරමි.
ඊට හේතු කවරේද?
එක පදයක් නමුත් නිවැරදිව දැනගන්නේ නම් වටහාගන්නේ නම් ඒ ඔවුනට යහපත පිණිසම පවතින නිසාය.. එය ඔවුන්ට බොහෝ කාලයක් හිත පිණිසද සැප පිණිසද වන්නේය කියායි.

§ 4. “ගම්පතිය, යම් පුරුෂයෙකුට කල්දේරම් තුනක් ඇත්තාහ.
එක් කල්දේරමක පිපුරුම් හෝ සිදුරු නැත්තේය.

ජලය පිරවූ විට ජලය නොසිඳෙන්නේය.
එක් කළයක පිපිරුම් පමණක් ඇත්තේය. එනමුත් සිදුරු නැත්තේය.
ජලය පිරවූ විට ජලය ටික වෙලාවකින් සිඳෙන්නේය.
එක් කළයක් සිදුරු සහිතය. වතුර නොඅල්ලන්නේය.
ජලය පිරවූ විට ජලය නොරදන්නෙය.

§5. “ගම්පතිය, කුමකැයි හඟින්නේද?
මේ පුරුෂයා ජලය රැස් කරගනු කැමැත්තේ නම් මේ කල්දේරම් තුනෙන් කුමන එකක දිය රැස් කර ගනීද? පැලුණු කල්දේරම, සිදුරු සහිත කල්දේරම හෝ නොපලුනු සිදුරු නැති කල්දේරම යන ඒවායින් කවර කළයකට පළමුවෙන් වතුර වත්කරන්නේද?”

“ස්වාමීනි, ජලය රැස් කරනු කැමති පුරුෂයා ,
(i) යම් කළයක් සිදුරු නැත්තේද වතුර අල්ලන්නේද වතුර නොසිඳෙන්නේද එහි පළමුව දිය වත්කරන්නේය.
(ii) එහි වත්කොට යම් ඒ කළයක් සිදුරු නැත්තේද පැලුම් කිහිපයක් ඇත්තේ ජලය ගන්නේද ජලය සිඳෙන්නේද එහි වත්කරන්නේය.
(iii) එහි වත්කොට යම් ඒ කළයක් සිදුරු සහිතද ජලය ගන්නේද ජලය සිඳෙන්නේද ඉතිරි ජලය එහි වත්කරන්නේය. ඊට හේතු කවරේද, යටත් පිරිසෙයින් භාණ්ඩ සෝදන පමණටවත් වන්නේය කියයි.”

“ගම්පතිය, යම් සේ යම් ඒ කළයක් සිදුරු නැත්තේද ජලය ගන්නේද ජලය නොසිඳෙන්නේද මට භික්ෂු භික්ෂුණිහුද එසේමය. මම ඔවුන්ට මුල යහපත්වූද, මැද යහපත්වූද, අග යහපත්වූද, අර්ථ සහිතවූද, ව්‍යඤ්ජන සහිත වූද, හාත්පසින් සම්පූර්ණවූ පිරිසිදු බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරමි.
ඊට හේතු කවරේද? ගම්පතිය, ඔවුන් මා පිහිටකොටම ඉන්නාහ.
ගසක සෙවනේ ඉන්නාවුන් ගස සේවනෙහි ඉන්නා සේ මා සේවනෙහිම ඉන්නාහ.
මගේ ආරක්ෂාව පතා මා පිහිට කොට ඇත්තාහ. මා පිළිසරණ කොට ඇත්තාහ.

“ගම්පතිය, යම් කළයක් සිදුරු නැත්තේද, ජලය ගන්නේද, එනමුත් පැලුම් ඇති නිසා ජලය සිඳෙන්නේද, මට උපාසක උපාසිකාවෝද එසේමය.
මම ඔවුන්ටද මුල යහපත් වූද, මැද යහපත්වූද, අග යහපත්වූද, අර්ථ සහිත ව්‍යඤ්ජන සහිත හාත්පසින් සම්පූර්ණවූ පිරිසිදු බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරමි.
ඊට හේතු කවරේද? ගාමණිය මොව්හු මා පිහිට කොට ඇත්තන්ව, මගේ ආරක්ෂාව පතා මා පිහිට කොට ඇත්තාහ. මා පිළිසරණ කොට ඇත්තාහ.

“ගම්පතිය, යම් සේ යම් ඒ කළයක් සිදුරු සහිතද ජලය නොඅල්ලන්නේද, ජලය සිඳෙන්නේද, මට අන්‍යතීර්ථක ශ්‍රමණ බ්‍රාහ්මණ පරිබ්‍රාජකයෝද එබඳුය.
මම ඔවුන්ටද මුල යහපත්වූද, මැද යහපත්වූද, අග යහපත්වූද, අර්ථ සහිතවූද ව්‍යඤ්ජන සහිතවූද, සර්වාකාරයෙන් සම්පූර්ණ පිරිසිදු බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරමි.
ඊට හේතු කවරේද?
එක පදයක් නමුත් දැනගන්නාහු නම් එය ඔවුන්ට බොහෝ කලක් හිත පිණිස සැප පිණිස වන්නේය” කියායි.

§ 6. මෙසේ වදාළ කල්හි අසිබන්ධක පුත්ත “ගම්පතියා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.

“ස්වාමීනි, යහපත. ස්වාමීනි, යහපත. ස්වාමීනි, යම් සේ යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේද, වැසුණ දෙයක් විවෘත කරන්නේද, මුළාවූවෙකුට මග කියන්නේද ඇස් ඇත්තාහු රූප දකිත්වයි, අඳුරෙහි තෙල් පහනක් දරන්නේද, මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්මය දේශනා කරන ලදී. ස්වාමීනි, ඒ මම ධර්මයද භික්ෂු සංඝයාද සහිත භාග්‍යවතුන් වහන්සේ පිහිටකොට යමි. අද පටන් දිවිහිමි කොට සරණ ගිය උපාසකයෙකු කොට දරන සේක්වායි’ කීය.

SN 04-08-08 .
සංඛධම සූත්‍රය 

§ 1. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ නාලන්දා නුවර පාවාරික අඹ වනයෙහි වාසය කරන සේක.
එකල්හි නිගණ්ඨ ශ්‍රාවකවූ අසිබන්ධක පුත්ත නම් ගම්පතියා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හිඳගත්තේය.

අසිබන්ධක පුත්ත ගම්පතියාගෙන් භාග්‍යවතුන් වහන්සේ “ගම්පතිය, නිගණ්ඨනාත පුත්‍ර තුමා, කෙසේ ශ්‍රාවකයන්ට ධර්ම දේශනා කෙරේදැයි” ඇසූ සේක.

§ 2. “ස්වාමීනි, නිගණ්ඨනාත පුත්‍ර තුමා මෙසේ අපට ධර්මය දේශනා කරයි.
යමේක් සතුන් මරයිද, හේ අපායට යන්නේය. නිරයට යන්නේය.
යම් කිසිවෙක් නුදුන් දේ ගනීද, ඒ හැමදෙන අපායට යන්නේය. නිරයට යන්නේය.
යම් කිසිවෙක් කාමයන්හි වරදවා හැසිරෙන්නේද, ඒ සියල්ලෝ අපායට යන්නේය. නිරයට යන්නේය.
යම් කිසිවෙක් බොරු කියයිද, ඒ සියල්ලෝ අපායට යන්නෝය. නිරයට යන්නෝය.
යමෙක් යමක් බහුලව කරයිද, එයින් ඔහු නිරාගත වන්නේය” යි
මෙසේ ශ්‍රාවකයන්ට ධර්ම දේශනා කෙරේය”, යි කීයේය.

“ගම්පතිය, කෙනෙක් යමක් බහුලකොට කෙරේද, ඒ ඒ දෙයින් අපායට යන්නේ නම් නිගණ්ඨනාත පුත්‍රයාගේ වචනය පරිදි කිසිවෙක් අපායට නොයන්නේය. නිරයට නොයන්නේය.”

“ගම්පතිය, මේ ගැන ඔබ කෙසේ සිතන්නේද?”

“යම් පුරුෂයෙක් සතුන් මරන්නේ නම් කල් නොකල් දෙක අනුව බලන කල්හි රාත්‍රියෙහි හෝ දවල් හෝ යම් කලෙක ඔහු සතුන් මරන්නේද, යම් කලෙක ඔහු සතුන් නොමරන්නේද, ඒ දෙකින් වැඩි කාලය කුමක්ද?”

“ස්වාමීනි එසේ බලන කල්හි පුරුෂයෙක් යම් කාලයක සතුන් මරන්නේද යම් කාලයක හෙතෙම සතුන් නොමරන්නේද ඒ කාල දෙකින් ඔහු සතුන් මරන්නාවූ කාලයම ටිකය. ඔහු සතුන් නොමරන්නාවූ කාලයම වැඩිය.”
“ගම්පතිය, යමක් යමක් බොහෝ විට කරමින් වාසය කරන්නේද එයින් ඊළඟ උපතට යන්නේයයි කියන්නේ නම් , නිගණ්ඨනාත පුත්‍රයාගේ වචනය අනුව අපායට යන නිරයට යන කිසිවෙක් නැත.”

“ගම්පතිය, ඒමේ ගැන ඔබ කෙසේ සිතන්නේද?”
කල් නොකල් දෙකට අනුව බලන කල්හි යම් ඒ පුරුෂයෙක් රාත්‍රියෙහි හෝ දවල් හෝ යම් කලෙක නුදුන් දෙය ගන්නේද යම් කලෙක හෙතෙම නුදුන් දෙය නොගන්නේද ඒ කාල දෙකින් කුමක් වැඩි කාලය වන්නේද?”

“ස්වාමීනි, කල් නොකල් දෙකට අනුව බලන කල්හි යම් ඒ පුරුෂයෙක් යම් කලෙක නුදුන් දෙය ගනීද, යම් කාලයක නුදුන් දෙය නොගනීද, ඒ කාල දෙකින් ඔහු නුදුන් දෙය ගන්නා කාලය ස්වල්ප වන්නේය. හෙතෙම යම් කලෙක නුදුන් දෙය නොගන්නේද ඒ කාලයම වැඩිය.” “ගම්පතිය, යමක් යමක් බහුලව කරමින් වාසය කරන්නේද එයින් එයින් යන්නේයයි කියන්නේ නම් මෙසේ ඇති කල්හි නිගණ්ඨනාත පුත්‍රයාගේ වචනය අනුව අපායට යන නිරයට යන කිසිවෙක් නැත්තේය.”

“ගම්පතිය, මේ ගැන ඔබ කෙසේ සිතන්නේද?”
, කල් නොකල් දෙකට අනුව යම් පුරුෂයෙක් රාත්‍රියෙහි හෝ දවල් හෝ යම් කලක හෙතෙම කාමයන්හි වරදවා හැසිරෙන්නේද, යම් කලක හෙතෙම කාමයන්හි වරදවා නොහැසිරෙන්නේද ඒ කාල දෙකින් වැඩි කාලය කවරේද?”

“ස්වාමීනි, යම් පුරුෂයෙක් රාත්‍රියෙහි හෝ දවල් හෝ යම් කලක හෙතෙම කාමයන්හි වරදවා හැසිරේද යම් කලක හෙතෙම කාමයන්හි වරදවා නොහැසිරේද, ඒ දෙකින් ඔහු කාමයන්හි වරදවා හැසිරෙන කාලය ස්වල්පය. කාමයන්හි වරදවා නොහැසිරෙන කාලයම අධිකය.”

“ගම්පතිය, යමක් යමක් බහුලව කරමින් වාසය කරයිද, එයින් නරකයට යේයයි කියන්නේ නම් එසේ ඇති කල්හි නිගණ්ඨනාත පුත්‍රගේ වචනය පරිදි අපායට, නිරයට යන කිසිවෙක් නැත.”

“ගම්පතිය, මේ ගැන ඔබ කෙසේ සිතන්නේද?”,
කල් නොකල් දෙක අනුව යම් ඒ පුරුෂයෙක් රාත්‍රියෙහි හෝ දවල් හෝ බොරු කියන්නේ ද, යම් කලෙක හේ බොරු නොකියන්නේද, එයින් කවර කාලයක් වැඩි කාලය වන්නේද?”

“ස්වාමීනි, යම් ඒ පුරුෂයෙක් ඒ දෙකින් ඔහු බොරු කියන කාලය ටිකය. හෙතෙම යම් කාලයක බොරු නොකියන්නේද, ඒ කාලයම ඉතා වැඩිය.”

“ගම්පතිය, යමක් යමක් බහුලව කරමින් වාසය කරයිද, එයින් නරකයට යේයයි කියන්නේ නම් මේ නිගණ්ඨනාත පුත්‍රගේ වචනය පරිදි අපායට, නිරයට යන කිසිවෙක් නැත. ”

“ගම්පතිය, මේ ලෝකයෙහි ඇතැම් ශාස්තෲවරයෙක් යම් කිසිවෙක් ප්‍රාණඝාත කෙරෙයිද, ඒ සියල්ලම අපායට යන්නේය. නිරයට යන්නේය. යම් කිසිවෙක් සොරකම් කෙරේද, ඒ සියල්ලම අපායට යන්නේය. නිරයට යන්නේය. යම් කිසිවෙක් කාමයෙහි වරදවා හැසිරෙන්නේද, ඒ සියල්ලම අපායට යන්නේය. නිරයට යන්නේය. යම් කිසිවෙක් බොරු කියන්නේද, ඒ සියල්ලම අපායට යන්නේය. නිරයට යන්නේය යන මේ වාද ඇත්තේද, දෘෂ්ටි ඇත්තේද; ගම්පතිය, ඒ ශාස්තෲවරයා කෙරෙහි ශ්‍රාවකයා පැහැදුනේද, ඔහුට මෙබඳු සිතෙක් වෙයි:
“මගේ ශාස්තෲන් කිසිවෙක් සතුන් මරයිද, ඒ සියල්ලෝ අපායට යන්නේය නිරයට යන්නේය“ යන වාද ඇත්තේය. දෘෂ්ටි ඇත්තේය. ‘මා විසින් ද සතුන් මරණ ලද්දේය. මමද අපායට යන්නෙමි. නරකයට යන්නෙමි’යන දෘෂ්ටිය ඇතිවෙයි.”
“ගම්පතිය, හෙතෙම ඒ වචනය අත් නොහැර ඒ සිත අත්නොහැර ඒ දෘෂ්ටිය අත්නොහැර ගෙන එන ලද්දක් යම්සේ බිම තබන්නේද, එසේ නරකයෙහි උපදී.”

“මගේ ශාස්තෲතුමා යම් කිසිවෙක් නුදුන් දෙය ගනීද, ඒ සියල්ලෝ අපායට යන්නේය. නිරයට යන්නේය යන වාද ඇත්තේ වෙයි. දෘෂ්ටි ඇත්තේ වෙයි. ‘මා විසින්ද නුදුන් දෙය ගන්නා ලදී. මමද අපායට යන්නෙක් වෙමි. නිරයට යන්නෙක් වෙමි’යන දෘෂ්ටිය ඇතිවෙයි. ගම්පතිය, ඒ වචනය අත්නොහැර, ඒ සිත අත්නොහැර, ඒ දෘෂ්ටිය අත්නොහැර, හෙතෙම ගෙන එන ලද්දක් බිම තබන්නේ යම්සේද එමෙන් නිරයෙහි උපදින්නේය. ”

‘මගේ ශාස්තෲතුමා යම් කිසිවෙක් කාමයන්හි වරදවා හැසිරේද, ඒ සියල්ලෝ අපායට යන්නේය. නිරයට යන්නේය.’යන වාද ඇත්තේ වෙයි. දෘෂ්ටි ඇත්තේ වෙයි. ‘මා විසින්ද කාමයන්හි වරදවා හැසිරෙන ලදී. මමද අපායට යන්නෙක් වෙමි. නිරයට යන්නෙක් වෙමි’යන දෘෂ්ටිය ඇත්තේ වෙයි. ගම්පතිය, ඒ වචනය අත්නොහැර ඒ සිත අත්නොහැර ඒ දෘෂ්ටිය අත්නොහැර, හෙතෙම ගෙන එන ලද්දක් බිම තබන්නේ යම්සේද එමෙන් නිරයෙහි උපදින්නේය.”

‘මගේ ශාස්තෲතුමා යම් කිසිවෙක් බොරු කියයිද, ඒ සියල්ලෝ අපායට යන්නේය නිරයට යන්නේය’යන වාද ඇත්තේ දෘෂ්ටි ඇත්තේ වෙයි. මා විසින්ද බොරු කියන ලද්දේමි. මමද අපායට යන්නෙක් වෙමි. නිරයට යන්නෙක් වෙමි’යන දෘෂ්ටිය ඇත්තේ වෙයි. ගම්පතිය, ඒ වචනය අත්නොහැර ඒ සිත අත්නොහැර ඒ දෘෂ්ටිය අත්නොහැර, හෙතෙම ගෙන එන ලද්දක් බිම තබන්නේ යම්සේද එමෙන් නිරයෙහි උපදින්නේය.”

“ගම්පතිය, අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, විද්‍යාචරණ සම්පන්නවූ, සුගතවූ, ලෝකවිදූ වූ, අනුත්තර පුරිසදම්මසාරථී වූ, දෙව්මිනිසුන්ට ශාස්තෲවූ, භාග්‍යවත්වූ තථාගතයන් මේ ලෝකයෙහි උපදී. හෙතෙම නොයෙක් ආකාරයෙන් සතුන්මැරීම ගරහයි. නින්දා කරයි. ප්‍රාණඝාතයෙන් වළකිව්යයි කියයි. සොරකම් කිරීම ගරහයි. නින්දා කරයි. සොරකම් කිරීමෙන් වළකිව්යයි කියයි. කාමයන්හි වරදවා හැසිරීම ගරහයි. නින්දා කරයි. කාමයන්හි වරදවා හැසිරීමෙන් වළකිව් යයි කියයි. බොරු කීම ගරහයි. නින්දා කරයි. බොරු කීමෙන් වළකිව්යයි කියයි.”

“ගම්පතිය, ඒ ශාස්තෲවරයා කෙරෙහි ශ්‍රාවකයා පැහැදුනේද’ හෙතෙම මෙසේ සිතයි
‘භාග්‍යවතුන් වහන්සේ නොයෙක් අයුරින් සතුන් මැරීම ගරහයි. නින්දා කරයි. සතුන් මැරීමෙන් වළකිව්යයි ප්‍රකාශ කරති. ‘ මා විසින් යම් විටෙක සතුන් මරණ ලද්දෙමි. යම් ඒ ප්‍රමාණයකින් මා විසින් සතුන් මරණ ලද්දේ, එය නරකය, එය යහපත් නොවේයයි ඒ හේතුවෙන් මම පසුතැවෙන්නෙම් මා විසින් ඒ පාපකර්මය කරන ලද්දේ ය’ කියායි. හෙතෙම මෙසේ සිතා ඒ සතුන් මැරීම අත්හරියි. මත්තෙහිද සතුන් මැරීමෙන් වෙන් වේ. මෙසේ මේ පාපකර්මයෙ ප්‍රහාණය වේ. මෙසේ ඒ පාපකර්මයේ ඉක්මීම වේ.”

“භාග්‍යවතුන් වහන්සේ නොයෙක් අයුරින් සොරකම් කිරීම ගරහයි. නින්දා කරයි. සොරකමින් වළකිව්යයි ප්‍රකාශ කරති. ‘යම් ඒ ප්‍රමාණයකින් මා විසින් සොරකම් කරන ලද්දේය. මා විසින් යම් ඒ ප්‍රමාණයකින් සොරකම් කරන ලද්දේද, එය නරකය, එය යහපත් නොවේයයි ඒ හේතුවෙන් මම පසුතැවෙන්නෙම් මා විසින් ඒ පාපකර්මය කරන ලද්දේ ය’ කියායි. හෙතෙම මෙසේ සිතා ඒ සතුන් මැරීම අත්හරියි. මත්තෙහිද සතුන් මැරීමෙන් වෙන් වේ. මෙසේ මේ පාපකර්මයෙ ප්‍රහාණය වේ. මෙසේ ඒ පාපකර්මයේ ඉක්මීම වේ.” ”

“භාග්‍යවතුන් වහන්සේ නොයෙක් අයුරින් කාමයෙහි වරදවා හැසිරීම ගරහයි. නින්දා කරයි. කාමයෙහි වරදවා හැසිරීමෙන් වළකිව්යයි’ප්‍රකාශ කරති. ‘යම් ඒ පරිද්දෙකින් මා විසින් කාමයන්හි වරදවා හැසිරෙන ලදී. මා විසින් යම් ඒ පරිද්දෙකින් කාමයන්හි වරදවා හැසිරෙන ලද්දේද එය නරකය, එය යහපත් නොවේයයි මම ඒ හේතුවෙන් පසුතැවෙන්නෙම් නම් මා විසින් ඒ පාපකර්මය නොකරන ලද්දේ නොවෙයි.’හෙතෙම මෙසේ සිතා ඒ කාමයෙහි වරදවා හැසිරීම අත්හරියි. මත්තෙහිද කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන්වූයේ වේ. මෙසේ මේ පාපකර්මය ප්‍රහීණ වේ. මෙසේ මේ පාපකර්මයාගේ ඉක්මීම වේ.”

“භාග්‍යවතුන් වහන්සේ නොයෙක් අයුරින් බොරු කීම ගරහයි. නින්දා කරයි. බොරු කීමෙන් වළකිව්යයි ප්‍රකාශ කරති. ‘මා විසින් යම් ඒ ප්‍රමාණයකින් බොරු කියා ඇත. මා විසින් යම් ඒ ප්‍රමාණයකින් බොරු කියන ලද්දේද එය නරකය, එය යහපත් නොවේයයි පසුතැවෙන්නෙම් නම් ඒ හේතුවෙන් ඒ පාපකර්මය මා විසින් නොකරන ලද්දේ නොවෙයි’ හෙතෙම මෙසේ සිතා ඒ බොරු කීම අත්හරියි. මත්තෙහිද බොරු කීමෙන් වෙන්වූයේ වේ. මෙසේ ඒ පාපකර්මයාගේ ප්‍රහාණය වේ. මෙසේ ඒ පාපකර්මය ඉක්මවීම වේ.”

“හෙතෙම සතුන් මැරීම අත්හැර සතුන් මැරීමෙන් වෙන්වේ. සොරකම් අත්හැර සොරකමින් වෙන්වේ. කාමයෙහි වරදවා හැසිරීම අත්හැර කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන්වේ. බොරුකීම අත්හැර බොරුකීමෙන් වෙන් වේ. කේළාම් කීම අත්හැර කේළාම් කීමෙන් වෙන් වේ. ඵරුෂවචන කීම අත්හැර ඵරුෂවචන කීමෙන් වෙන් වේ. ප්‍රලාපකීම අත්හැර ප්‍රලාප කීමෙන් වෙන් වේ. දැඩි ලෝභය අත්හැර දැඩි ලෝභ නැත්තේ වේ. ව්‍යාපාදය අත්හැර ව්‍යාපාද නැත්තෙක් වේ. මිථ්‍යාදෘෂ්ටිය අත්හැර සම්‍යක්දෘෂ්ටි ඇත්තේ වේ.”

“ගම්පතිය, ඒ ආර්යශ්‍රාවකයා මෙසේ අභිධ්‍යාව පහකරයි ව්‍යාපාදය පහකළේ මුළා නොවූයේ යහපත් ප්‍රඥාවෙන් යුක්තවූයේ සිහි ඇත්තේ මෛත්‍රීසහගත සිත එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේ දෙවෙනි දිසාවක් එසේ තුන්වෙනි දිසාවක්, එසේ සතරවෙනි දිසාවක්, මෙසේ උඩ යට සරස සර්වප්‍රකාරයෙන් හැමතැන සියල්ල සහිත ලෝකය විශාලවූ මහද්ගතවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ ව්‍යාපාද නැත්තාවූ මෛත්‍රි සහගත සිත පතුරුවා වාසය කරයි.”

““ගම්පතිය, බලවත් සක්පිඹින්නෙක් අපහසුවක් නැතිවම සතර දිසාවට දන්වන්නේද, එසේම ගම්පතිය, මෙසේ වඩනලද මෙසේ බහුල වශයෙන් කරන ලද මෛත්‍රීසහගත සමාධිය කාමාවචර කර්මයෙන් මැඩ පැවැත්විය නොහේ. යටකළ නොහේ.”

“ගාමණිය, ඒ ආර්යශ්‍රාවකයා මෙසේ අභිධ්‍යාව පහකළේ ව්‍යාපාදය පහකළේ මුළානොවූයේ යහපත් ප්‍රඥාවෙන් යුක්තවූයේ සිහි ඇත්තේ කරුණාසහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේ දෙවෙනි දිසාවක් එසේ තුන්වෙනි දිසාවක්, එසේ සතරවන දිසාවක්. මෙසේ උඩ යට සරස සර්වප්‍රකාරයෙන් හැමතැන සියල්ල සහිත ලෝකය විශාලවූ මහද්ගතවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ කරුණාසහගත සිතින් පතුරුවා වාසය කරයි.”

“ගම්පතිය, බලවත් සක් පිඹින්නෙක් අපහසුවක් නැතිවම සතර දිසාවට දන්වන්නේද, එසේම ගාමිණිය මෙසේ වඩන ලද, මෙසේ බහුල වශයෙන් කරන ලද කරුණාසහගත සමාධිය කාමාවචර කර්මයෙන් මැඩ පැවැත්විය නොහේ. යටකළ නොහේ.”

“ගම්පතිය, ඒ ආර්යශ්‍රාවකයා මෙසේ අභිධ්‍යාව පහකළේ ව්‍යාපාදය පහකළේ මුළානොවූයේ යහපත් ප්‍රඥාවෙන් යුක්තවූයේ සිහි ඇත්තේ මුදිතා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේ දෙවෙනි දිසාවක්, එසේ තුන්වෙනි දිසාවක්, එසේ සතරවන දිසාවක්, මෙසේ උඩ යට සරස සර්වප්‍රකාරයෙන් හැමතැන සියල්ල සහිත ලෝකය විශාලවූ මහද්ගතවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ ව්‍යාපාද නැත්තාවූ, මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කරයි.”

“ගම්පතිය, බලවත් සක් පිඹින්නෙක් අපහසුවක් නැතිවම සතර දිසාවට දන්වන්නේද, එසේම ගාමිණිය මෙසේ වඩනලද මෙසේ බහුල වශයෙන් කරන ලද මුදිතාසහගත සමාධිය කාමාවචර කර්මයෙන් මැඩ පැවැත්විය නොහේ. යටකළ නොහේ.”

“ගම්පතිය, ඒ ආර්යශ්‍රාවකයා මෙසේ අභිධ්‍යාව පහකළේ ව්‍යාපාදය පහකළේ මුළානොවූයේ යහපත් ප්‍රඥාවෙන් යුක්තවූයේ සිහි ඇත්තේ උපේක්‍ෂා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේ දෙවන දිසාවක්, එසේ තුන්වන දිසාවක්, එසේ සතරවන දිසාවක්. මෙසේ උඩ යට සරස සර්වප්‍රකාරයෙන් හැම තැන සියල්ල සහිත ලෝකය විශාලවූ මහද්ගතවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ ව්‍යාපාද නැත්තාවූ උපේක්‍ෂාසහගත සිතින් පතුරුවා වාසය කරයි.”

“ගම්පතිය, බලවත් සක් පිඹින්නෙක් අපහසුවක් නැතිවම සතර දිසාවට දන්වන්නේද, එසේම ගාමිණිය මෙසේ වඩන ලද මෙසේ බහුල වශයෙන් කරන ලද උපේක්‍ෂා සහගත සමාධිය කාමාවචර කර්මයෙන් මැඩපැවැත්විය නොහේ. යට කළ නොහේ.”

මෙසේ වදාළ කල්හි අසිබන්ධක පුත්‍රවූ “ගම්පතියා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය,
“ස්වාමීනි, යහපත. ස්වාමීනි, යහපත. ස්වාමීනි, යම්සේ යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේද වැසුණ දෙයක් විවෘතකරන්නේද, මංමුළාවූවෙකුට මග කියන්නේද, ඇස් ඇත්තාහු රූප දකිත්වයි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද, මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්මය දේශනා කරන ලදී.

ස්වාමීනි, මම ධර්මයද භික්ෂු සංඝයාද සහිත භාග්‍යවතුන් වහන්සේ පිහිට කොට යමි. අද පටන් ජීවිතාන්තය දක්වා සරණගත උපාසකයෙකු කොට මා දරන සේක්වායි” කීයේය.

§ SN 04-08-09 .
කුල සූත්‍රය

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහත් භික්ෂු සමූහයක් සමග කොසොල් රට සැරිසරන සේක් නාලන්දාවට වැඩිසේක. භාග්‍යවතුන් වහන්සේ එහි වැඩ නාලන්දා නුවර පාවාරික අඹ වනයෙහි වාසය කරයි. ඒ කාලයෙහි නාලන්දාවෙහි මහා දුර්භික්ෂයක් විය, වර්ෂාව නැති කමින් සියළු වගාවන් කල නොහැකි විය. බොන්නට පවා දිය බිඳක් සොයන්නට අපහසු ලෙස ඉඩෝරය පැවතින. සාගින්නෙන් පිපාසාවෙන් මල සතුන් ගේද මිනිසුන්ගේද ඇට සැකිලි තැන තැන දකින්නට තිබිණ.

ඒ කාලයෙහි නිගණ්ඨනාත පුත්‍ර ද මහත් නිගණ්ඨ පිරිසක් සමග නාලන්දා නුවර වාසය කලේය. නිගණ්ඨනාත ශ්‍රාවකවූ අසිබන්ධක , ගම්පතියා නිගණ්ඨනාත පුත්‍ර දකින්නට පැමිණ නිගණ්ඨනාතපුත්‍ර වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන් අසිබන්ධකපුත්‍රට නිගණ්ඨනාත පුත්‍ර මෙසේ කීය.
“ගමපතිය , එව, ශ්‍රමණ භවත් ගෞතමයන් හා වාදයක් කරව, ‘මෙසේ මහත් ඍද්ධි ඇති මහත් ආනුභාව ඇති ශ්‍රමණභවත් ගෞතමයන්ට අසිබන්ධකපුත්‍ර විසින් වාදයක් නගන ලද්දේයයි’ මෙසේ තොප පිලිබඳ යහපත් කීර්තියක් පැතිරෙනු ඇතැයි ‘ කීය.

“ස්වාමීනි, මෙසේ මහත් ඍද්ධි ඇති මහත් ආනුභාව ඇති ශ්‍රමණ භවත් ගෞතමයන්ට මම කෙසේ වාදයක් නගන්නෙම්ද?”

“ගම්පතිය, එම ශ්‍රමණ ගෞතම ඉන්නා තැනට යව, ගොස් ශ්‍රමණ ගෞතමයන්ට ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ නොයෙක් අයුරින් කුල පුතුනට දයාව, ආරක්ෂාව, අනුකම්පාව වර්ණනා කරන්නේ නොවේදැයි’ අසව.

ඉදින් ගම්පතිය, මෙසේ ඇසු විට ශ්‍රමණ ගෞතමයන්
‘ගාමණිය, එසේය, තථාගතයන් නොයෙක් අයුරින් කුලයන්ට දයාව, ආරක්ෂාව, අනුකම්පාව, වර්ණනා කෙරේයයි’ කියා ප්‍රකාශ කරයි නම් ඔහුට ඔබ මෙසේ වාද නගව.
‘ස්වාමීනි, ඉදින් එසේ නම් භාග්‍යවතුන් වහන්සේ කුමක් හෙයින් සියළු වගාවන් දැවී කරවී ගිය පිදුරු වී ඇති මේ කාලයේ කන්නට බොන්නට නැතිව මිනිසුන් මැරෙන මේ රටේ මහත් භික්ෂු සමූහයක් සමග චාරිකාවෙහි හැසිරේද? භාග්‍යවතුන් වහන්සේ කුලයන් නැසීම පිණිස මෙසේ කරන්නේය.. භාග්‍යවතුන් වහන්සේ කුලයන්ගේ විනාශය පිණිස මෙසේ කරන්නේය. භාග්‍යවතුන් වහන්සේ කුලයන්ගේ හානිය පිණිස මෙසේ කරන්නේය’ යි’ කියව. ගම්පතිය, තොප විසින් මේ උභතෝකෝටික ප්‍රශ්නය අසන ලද ශ්‍රමණ ගෞතමයන්ට ගිලින්ට හෝ වමාරන්ට හෝ නොහැකිවේයයි” කීයේය.

“ස්වාමීනි, එසේය” යි අසිබන්ධක පුත්‍ර ගම්පතියා නිගණ්ඨනාත පුත්‍රයාට පිළිතුරු දී හුනස්නෙන් නැගිට නිගණ්ඨනාත පුත්‍රයා වැඳ ගරු කොට භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක සිටියේය. එක්පසෙක සිටි අසිබන්ධක පුත්‍ර ගම්පතියා භාග්‍යවතුන් වහන්සේට,

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ නොයෙක් අයුරින් කුලයන්ට දයාව, ආරක්ෂාව, අනුකම්පාව වර්ණනා කරන්නේ නොවේද?” කියා ඇසීය

“ගාමණිය, එසේය. තථාගතයන් නොයෙක් අයුරින් ප්‍රජාවට දයාව, ආරක්ෂාව, අනුකම්පාව වර්ණනා කරයි.”

“ස්වාමීනි, එසේනම්, කුමක් හෙයින් භාග්‍යවතුන් වහන්සේ ජීවත් වෙමුද, නොවෙමුදැයි සැක සිතෙන, මළවුන්ගේ සුදු ඇට තැනින් තැන ඇති, වපුරණ ලද්දේ කෝටු පමණක් ඇති මේ දුර්භික්ෂයෙහි මහත් භික්ෂු සමූහයක් සමග චාරිකාවෙහි හැසිරේද, භාග්‍යවතුන් වහන්සේ කුලයන්ගේ සිඳීම පිණිස පිළිපන්නෝය. කුලයන්ගේ විනාශය පිණිස පිළිපන්නෝය. කුලයන්ගේ හානිය පිණිස පිළිපන්නෝ යයි” කීයේය.

“ගාමණිය, මම මෙයින් අනූ එක්කල්පයක් සිහිකරමි. ඒ කාලය තුළ දානයක් දීමෙන්, යමක් දීමෙන් විනාශවුණු එක කුලයක් වත් නොදනිමි. තවද ආඪ්‍යවූ මහත් ධන ඇති මහත් භෝග ඇති බොහෝ රන් රිදී ඇති බොහෝ උපකරණ ඇති බොහෝ ධන ධාන්‍ය ඇති යම් කුලයෝ වෙත්ද, ඒ සියලු කුලයෝ දානයෙන් ඇතිවූහ. සත්‍යයෙන් ඇතිවූහ. සංයමයෙන් ඇති වූහ.

ගාමණිය, කුලයන් විනාශයට හේතු අටක් වෙත්. ප්‍රත්‍යය අටක් වෙත්.

  • රජුන්ගෙන් කුලයෝ විනාශයට යත්.
  • සොරුන්ගෙන් හෝ කුලයෝ විනාශයට යත්.
  • ගින්නෙන් හෝ කුලයෝ විනාශයට යත්.
  • ජලයෙන් හෝ කුලයෝ විනාශයට යත්.
  • නිදන් කරන ලද්දේ හෝ නොලැබෙත්.
  • නපුරු කොට යොදන ලද සේවකයෝ හෝ කර්මාන්ත අත් හරිත්.
  • ඒ වස්තු වියදම් කරන විනාශ කරන නැති කරන කුලයට අඟුරක් වැනියෙක් හෝ පහළවෙයි.
  • අනිත්‍යතාව අටවැනි කාරණය වෙයි.

ගාමිණී, කුල නැසීම පිණිස මේ හේතු අට ය. ප්‍රත්‍යය අට ය. ගාමණිය, මේ හේතු අට, ප්‍රත්‍යය අට ඇති කල්හි විද්‍යමාන කල්හි යමෙක් “භාග්‍යවත්තෙමේ කුලයන්ගේ සිඳීම පිණිස පිළිපන්නේය. භාග්‍යවත්තෙමේ කුලයන්ගේ විනාශය පිණිස පිළිපන්නේය. භාග්‍යවත්තෙමේ කුලයන්ගේ හානිය පිණිස පිළිපන්නේය”යි මට මෙසේ කියන්නේ නම් ගාමණිය, ඒ වචනය අත්නොහැර ඒ සිත අත්නොහැර ඒ දෘෂ්ටිය බැහැර නොකොට හෙතෙමේ ගෙන එන ලද්දක් බිම තබන්නේ යම්සේද එසේ නරකයෙහි උපදින්නේයයි” වදාළේය.

මෙසේ වදාළ කල්හි අසිබන්ධක ගම්පති භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය
“ස්වාමීනි, යහපත. ස්වාමීනි, යහපත. ස්වාමීනි, යම්සේ යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේද, වැසුණ දෙයක් විවෘත කරන්නේද, මුළාවූවෙකුට මග කියන්නේද, ඇස් ඇත්තාහු රූප දකිත්වයි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්මය දේශනා කරන ලදී. ස්වාමීනි, ඒ මම ධර්මයද, භික්ෂුසංඝයාද සහිත භාග්‍යවතුන් වහන්සේ පිහිට කොට යෙමි. අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයෙකු කොට මා දරන සේක්වා”යි කීයේය.

SN 04-08-10. මණිචූළක සූත්‍රය

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දකනිවාප නම් වේළුවනාරාමයෙහි වාසය කරන සේක. ඒ කාලයෙහි දිනෙක ඇතුළු නුවරෙහි රාජ පිරිසෙහි රැස්වූවන් අතරෙහි මේ කථාව ඇතිවිය.
‘ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ට රන් රිදී කහවණු කැප ය. ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ රන් රිදී කහවණු ඉවසත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන් රිදී කහවණු පිළිගනිති’යි යනුයි.

ඒ සභාවෙහි මණිචූළක නම් ගම්පතියෙක් ද විය. සැදැහැති උපාසකයෙක් වූ මණිචූළක ,
ආචාර්යයෝ මෙසේ නොකියත්වා, ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ට රන් රිදී කහවණු කැප නැත. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන් රිදී කහවණු නොඉවසත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන් රිදී කහවණු නොපිළිගනිත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන් රිදී කහවණුවලින් දුරුවූවෝයයි” කීය.
මෙසේ කරුණු විස්තර කල මණිචූළක ගම්පති ඒ පිරිසට අවබෝධ කරවන්ට හැකි විය.

“ඉක්බිති මණිචූලක ගම්පතිහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හිඳ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.
ස්වාමීනි, මෙහි රජුගේ ඇතුල් නගරයෙහි රජ පිරිසෙහි රැස්වූවන් අතර ‘ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ට රන් රිදී කහවණු කැප ය. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන් රිදී කහවණු ඉවසත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන් රිදී කහවණු පිළිගනිති’යි යන මේ කථාව පහළ විය. ස්වාමීනි, මෙසේ කී ඒ පිරිසට මම ‘ආර්යයෙනි එසේ නොකියනු මැනව. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ට රන් රිදී කහවණු අකැපය. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන් රිදී කහවණු නොඉවසත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන් රිදී කහවණු නොපිළිගනිත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ බහා තබන ලද රන් රුවන් ඇත්තාහ. ඉවත්කළ රන් රිදී කහවණු ඇත්තාහ‘යි කීවෙමි.

“ස්වාමීනි, මට ඒ පිරිසට අවබෝධ කරවන්නට හැකි විය. ස්වාමීනි, කිමෙක්ද මෙසේ කී මම භාග්‍යවතුන් වහන්සේ කියන ලද්දක් කිවූයේද? භාග්‍යවතුන් වහන්සේ නොකියන ලද්දක් කිවූයේද? යනුයි.

“ගම්පති, මෙසේ ප්‍රකාශ කරනු ලැබූ ඔබ ඒකාන්තයෙන් මා විසින් කියන ලද්දක්ම කිවෙහිය. ඔබ බොරුවක් නොකීවේය. ධර්මයට අනුකූලව ප්‍රකාශ කෙළෙහිය. ගම්පතිය, ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ට රන් රිදී කහවණු අකැපය. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන් රිදී කහවණු නොඉවසත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන් රිදී කහවණු පිළිනොගනිත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන් රුවන් පරිහරණයෙන් වැලකුනාහ. රන් රිදී කහවණු පරිහරණයෙන් වැලකුනාහ.

ගම්පතිය, යමෙකුට රන් රිදී කහවණු කැප නම්, ඔහුට පස්කම් සැපම කැප වෙත්. යමෙකුට පස්කම් ගුණ කැප වේ නම්, ඒකාන්තයෙන් ශ්‍රමණ ධර්‍ම නැත්තෙක. ශාක්‍යපුත්‍රී ශ්‍රාවකයෝ ශ්‍රමණ ධර්‍ම ඇත්තවුන් නිසා යි මෙය දරන්නෙහි ය.

එහෙත් ගම්පතිය මම මෙසේ කියමි.

තෘණ කැමැත්තවුන් විසින් තෘණ සෙවිය යුතුය.
ලී දඬු කැමැත්තන් විසින් ලී දඬු සෙවිය යුතුය.
ගැල්වලින් ප්‍රයෝජන ඇත්තන් විසින් ගැල් සෙවිය යුතුය.
පුරුෂයන්ගෙන් ප්‍රයෝජන ඇත්තන් විසින් පුරුෂයන් සෙවිය යුතුය.
ගම්පතිය, මම කිසිම ආකාරයකින් රන් රිදී මසු ඉවසිය යුතුයැයි නොකියමි
යි.” වදාළසේක.

SN 04-08-11.
භද්‍රක සූත්‍රය 

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මල්ල ජනපදයන්හි උරුවෙල කප්ප නම් මල්ල රජවරුන්ගේ නියම් ගමෙහි වාසය කරන සේක. එකල්හි භද්‍රක නම් ගම්පතියෙක් භාග්‍යවතුන් වහන්සේ සොයා පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක හුන්නේය. භද්‍රක ගම්පති තැන භාග්‍යවතුන් වහන්සේට,
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස මට දුකට හේතුවද, දුක නැතිකිරීමද, දේශනා කරන්නේ නම් යහපතැයි කීයේය.

“ඉදින් ගම්පතිය , මම ඔබට අතීත කාලයෙහි මෙසේ වී යයි අතීත කාලය අරබයා දුකට හේතුවද දුක නැති කිරීමද දේශනා කරන්නෙම් නම් එහි ඔබට සැකයක් විමතියක් වන්නේය.
ගාමණිය, මම ඔබට අනාගත කාලය අරබයා අනාගත කාලයෙහි මෙසේ වන්නේ යයි දුකට හේතුවත් දුක නැති කිරීමත් ඉදින් දේශනා කරන්නෙම් නම් එහිද ඔබට සැකයක් විමතියක් වන්නේය.
ගාමණිය, මෙහි ඉන්නාවූ මම, මෙහි ඉන්නාවූ තොපට දුකට හේතුවද දුක නැති කිරීමද, දේශනා කරන්නෙමි.
එය අසව. යහපත් සේ මෙනෙහි කරව. දේශනා කරන්නෙමි”යි වදාළේය.

“එසේයයි ස්වාමීනි, භද්‍රක භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.

“ගම්පතිය, ඒ කුමකැයි සිතන්නෙහිද යම් කෙනෙකුන්ගේ මරණයෙන් හෝ හිරකිරීමකින් හෝ ධන හානියකින් හෝ නින්දාවකින් හෝ ශෝකය, වැළපීම, කායික චෛතසික දුක දොම්නස දැඩි ආයාසය යන දුක් උපදින්නාහු නම් එවැනි මනුෂ්‍යයෝ තොපට මේ උරුවෙලකප්පයෙහි ඇත්තාහුද?”

“ස්වාමීනි, යම් කෙනෙකුන්ගේ මරණයෙන් හෝ හිර කිරීමකින් හෝ ධන හානියකින් හෝ නින්දාවකින් හෝ මට ශෝකය, වැළපීම, කායික චෛතසික දුක දොම්නස දැඩි ආයාසය යන දුක් උපදිත් නම් උරුවෙලකප්පයෙහි මට එබඳු මනුෂ්‍යයෝ ඇත්තාහුය.”

“ගම්පතිය, යම් කෙනෙකුන්ගේ මරණයෙන් හෝ හිර කිරීමකින් හෝ ධන හානියෙන් හෝ නින්දාවකින් හෝ ශෝකය, වැළපීම, කායික චෛතසික දුක දොම්නස දැඩි ආයාසය යන දුක් නූපදින්නාහුද එබඳු මනුෂ්‍යයෝ තොපට මේ උරුවෙලකප්පයෙහි ඇත්තාහුද?”

“ස්වාමීනි, යම් කෙනෙකුන්ගේ මරණයෙන් හෝ බන්ධනයෙන් හෝ ධන හානියෙන් හෝ නින්දාවෙන් හෝ මට ශෝකය, වැළපීම, කායික චෛතසික දුක දොම්නස දැඩි ආයාසය යන දුක් නූපදිත්ද, උරුවෙලකප්පයෙහි මට එවැනි මනුෂ්‍යයෝද ඇත.”

“ගම්පතිය, ඇතැම් උරුවෙලකප්පවාසී මනුෂ්‍යයන්ගේ මරණයෙන් හෝ බන්ධනයෙන් හෝ ධන හානියෙන් හෝ නින්දාවෙන් හෝ ශෝකය, වැළපීම, කායික චෛතසික දුක දොම්නස දැඩි ආයාසය යන දුක් උපදින්නාහුද, ඊට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද? ගාමණිය, ඇතැම් උරුවෙලකප්පවාසී මනුෂ්‍යයන්ගේ මරණයෙන් හෝ බන්ධනයෙන් හෝ ධන හානියෙන් හෝ නින්දාවෙන් හෝ ශෝකය, වැළපීම, කායික චෛතසික දුක දොම්නස දැඩි ආයාසය යන දුක් නූපදින්නාහුද, ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?”

“ස්වාමීනි, මට යම් උරුවෙලකප්පවාසී මනුෂ්‍යයන්ගේ මරණයෙන් හෝ බන්ධනයෙන් හෝ හානියෙන් හෝ නින්දාවෙන් හෝ ශෝකය, වැළපීම, කායික චෛතසික දුක දොම්නස දැඩි ආයාසය යන දුක් උපදින්නාහුද, ඔවුන් කෙරෙහි මගේ ආශාවක් ඇත්තේය. ස්වාමීනි, මට යම් උරුවෙලකප්පවාසී මනුෂ්‍යයන්ගේ මරණයෙන් හෝ බන්ධනයෙන් හෝ ධන හානියෙන් හෝ නින්දාවෙන් හෝ ශෝකය, වැළපීම, කායික චෛතසික දුක දොම්නස දැඩි ආයාසය යන දුක් නූපදින්නාහු නම්, ඔවුන් කෙරෙහි මට ආශාවක් නැත්තේය.”

“ගම්පතිය, ඔබ දක්නා ලද, ප්‍රකට කරන ලද, පැමිණෙන ලද, බැස ගන්නා ලද මේ ධර්මයෙන් අතීත, අනාගත දෙකත් දැනගනුව. අතීත අනාගතවූ යම් දුකක් උපදීද ඒ සියල්ලද ආශාව මුල්කොට ඇත්තේය. ආශාව හේතුකොට ඇත්තේය. ආශාව දුකට මුල්වෙයි. යම් කිසි අනාගත දුකක් උපදින්නේද, ඒ සියල්ල ආශාව මුල්කොට ඇත්තේය. ආශාව හේතුකොට ඇත්තේය. ආශාව දුකට මුලයයි වදාළ සේක.

“ස්වාමීනි, ආශ්චර්යය. ස්වාමීනි, අද්භූතය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ යම්කිසි අතීත දුකක් උපදීද, ඒ සියල්ල ආශාව මුල්කොට ඇත්තේය. ආශාව හේතුකොට ඇත්තේය. ආශාව දුකට මුලයයිද; යම්කිසි අනාගත දුකක් උපදින්නේද, ඒ සියල්ල ආශාව මුල්කොට ඇත්තේය. ආශාව හේතුකොට ඇත්තේය. ආශාව දුකට මුලයයිද වදාළ වචනය ඉතා යහපත් කොට වදාරණ ලදැයි” කීය.

“ස්වාමීනි, මට නුවරින් පිට වාසය කරන්නා වූ චිරවාසී නම් කුමරෙක් ඇත. ස්වාමීනි, ඒ මම වේලාසනින්ම නැගිට ‘බොල යව, චිරවාසී කුමාරයාගේ සුවදුක් දැන එවයි’ පුරුෂයකු යවන්නෙමි. ස්වාමීනි, යම්තාක් ඒ පුරුෂතෙම නොඑයිද චිරවාසී කුමාරයාට කිසි ආබාධයක්වත් දැයි මගේ සිත වෙනස් වෙයි.

“ගම්පතිය, ඒ කුමකැයි හඟින්නෙහිද, ඔබගේ චීරවාසී කුමාරයාගේ මරණයෙන් හෝ බන්ධනයෙන් හෝ ධන හානියෙන් හෝ නින්දාවෙන් හෝ ශෝකය, වැළපීම, කායික චෛතසික දුක දොම්නස දැඩි ආයාසය යන දුක් උපදින්නාහුද?”

“ස්වාමීනි, චිරවාසී කුමාරයාගේ මරණයෙන් හෝ බන්ධනයෙන් හෝ ධන හානියෙන් හෝ නින්දාවෙන් හෝ මාගේ දිවියෙහි ද වෙනසක් වන්නේය. කුමක් හෙයින් ශෝකය, වැළපීම, කායික චෛතසික දුක දොම්නස දැඩි ආයාසය යන දුක් නූපදින්නාහුද?”

“ගම්පතිය, මේ ආකාරයෙන්ද යම් කිසි දුකක් උපදී නම් ඒ සියල්ල ආශාව මුල් කොට ඇත්තේය. ආශාව හේතු කොට ඇත්තේය දුකට ආශාවම මුලයයි දත යුතුයි.

“ගම්පතිය, ඒ කුමකැයි හඟින්නේද? යම් (කිසි) කලෙක්හි තොප විසින් චිරවාසී කුමාරයාගේ මව නොදක්නා ලද්දීද, නොඅසන ලද්දීද, එකල්හි චිරවාසී කුමාරයාගේ මව කෙරෙහි කැමැත්තක් හෝ ආශාවක් හෝ ප්‍රේමයක් හෝ වූයේද?” “ස්වාමීනි, එසේ නොවීය.”

“ගම්පතිය, තොපට දැකීම නිසා හෝ ගාමණිය තොපට ඇසීම නිසා හෝ චිරවාසී කුමාරයාගේ මව කෙරෙහි කැමැත්ත හෝ ආශාව හෝ ප්‍රේමය හෝ වූයේද?” “ස්වාමීනි, එසේය.”

“ගම්පතිය, ඒ කුමකැයි හඟින්නේද? තොපට චිරවාසී කුමාරයාගේ මවගේ මරණයෙන් හ