AN 01-16 ඒක ධම්ම පාළිය

AN 01-16 -01 ප්‍රථම වග්ගය

AN 01-16–01 බුද්ධානුස්සති සූත්‍රය

§ 1. “මහණෙනි, එක් ධර්මයක් වඩන ලද්දේද, නැවත නැවත පුරුදුකරන ලද්දේද ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස විශිෂ්ට ඥානය පිණිස, චතුරාර්‍ය්‍යසත්‍යය අවබෝධය පිණිස, නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස පවතී.

§2. “කවර නම් එකම ධර්මයක්ද?
බුද්ධානුස්මෘතිය (බුදුගුණ සිහිකිරීම) යි.

§3. “මහණෙනි, මේ එකම ධර්මය වඩනලද්දේ නම් , බහුල වශයෙන් (පුරුදු) කරන ලද්දේ නම් , ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලෙශයන්ගේ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥානය පිණිස නොහොත් චතුරාර්‍ය්‍යසත්‍ය අවබෝධය පිණිස, නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස පවතී”

වැඩිදුර කියවන්න CLICK

AN 01-16-01-02 ධම්මානුස්සති සූත්‍රය

§1, “මහණෙනි, එක් ධර්මයක් වඩන ලද්දේ, නැවත නැවත පුරුදුකරන ලද්දේද ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස සසර නොඇලීම පිණිසද, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස විශිෂ්ට ඥානය පිණිස, චතුරාර්‍ය්‍යසත්‍යය අවබෝධය පිණිස, නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස පවතී.

§ 2. කවරනම් එකම ධර්මයක්ද?
ධර්මානුස්මෘතියයි

§3. “මහණෙනි, මේ එකම ධර්මය වඩනලද්දේ, බහුල වශයෙන් (පුරුදු) කරන ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලෙශයන්ගේ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥානය පිණිස චතුරාර්‍ය්‍යසත්‍ය අවබෝධය පිණිස, නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස පවතී”

වැඩිදුර කියවන්න CLICK

AN 01-16-01-03 සංඝානුස්සති සූත්‍රය

§1. “මහණෙනි, එක් ධර්මයක් වඩන ලද්දේ, නැවත නැවත පුරුදුකරන ලද්දේ ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස විශිෂ්ට ඥානය පිණිස, චතුරාර්‍ය්‍යසත්‍යය අවබෝධය පිණිස, නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස පවතී.

§ 2. කවරනම් එකම ධර්මයක්ද?
සංඝානුස්මෘතියයි.

§3. “මහණෙනි, මේ එකම ධර්මය වඩනලද්දේ, බහුල වශයෙන් (පුරුදු) කරන ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලෙශයන්ගේ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥානය පිණිස චතුරාර්‍ය්‍යසත්‍ය අවබෝධය පිණිස, නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස පවතී”

වැඩිදුර කියවන්න CLICK

AN 01-16-01-04 සීලානුස්සති සූත්‍රය

§ 1. “මහණෙනි, මේ එකම ධර්මය වඩනලද්දේ නම් , නිතර නිතර බහුල වශයෙන් පුරුදු කරන ලද්දේ නම් , ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලෙශයන්ගේ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥානය පිණිස චතුරාර්‍ය්‍යසත්‍ය අවබෝධය පිණිස, නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස පවතී”

§ 2. කවරනම් එකම ධර්මයක්ද?
සීලානුස්මෘතියයි (ශීලයෙහි ගුණ සිහිකිරීමයි)

§3. “මහණෙනි, මේ එකම ධර්මය වඩනලද්දේ, බහුල වශයෙන් (පුරුදු) කරන ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලෙශයන්ගේ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥානය පිණිස චතුරාර්‍ය්‍යසත්‍ය අවබෝධය පිණිස, නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස පවතී”

වැඩිදුර කියවන්න CLICK

AN 01-16-01-05 චාගානුස්සති සූත්‍රය

§ 1. “මහණෙනි, එක් ධර්මයක් වඩන ලද්දේ නම්, නැවත නැවත පුරුදුකරන ලද්දේ නම්, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස විශිෂ්ට ඥානය පිණිස, චතුරාර්‍ය්‍යසත්‍යය අවබෝධය පිණිස, නිර්වාණය අත්පත් සාක්ෂාත් පිණිස පවතී.

§ 2. කවරනම් එකම ධර්මයක්ද?
දීමෙහි ගුණ සිහිකිරීමයි. ( අත් හැරීමෙහි අනුසස් )

§3. “මහණෙනි, මේ එකම ධර්මය වඩනලද්දේ නම්, බහුල වශයෙන් පුරුදු කරන ලද්දේ නම්, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලෙශයන්ගේ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥානය පිණිස චතුරාර්‍ය්‍යසත්‍ය අවබෝධය පිණිස, නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස පවතී”

වැඩිදුර කියවන්න CLICK

AN 01-16-01-06 දෙවතානුස්සති සූත්‍රය

§ 1. “මහණෙනි, එක් ධර්මයක් වඩන ලද්දේ නම්, නැවත නැවත පුරුදුකරන ලද්දේ නම්, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස විශිෂ්ට ඥානය පිණිස, චතුරාර්‍ය්‍යසත්‍යය අවබෝධය පිණිස, නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස පවතී.

§ 2. කවරනම් එකම ධර්මයක්ද?
දෙවියන් සාක්ෂිකොට ගුණධර්ම සිහිකිරීමයි

§3. “මහණෙනි, මේ එකම ධර්මය වඩනලද්දේ නම්, බහුල වශයෙන් පුරුදු කරන ලද්දේ නම්, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලෙශයන්ගේ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥානය පිණිස චතුරාර්‍ය්‍යසත්‍ය අවබෝධය පිණිස, නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස පවතී”

වැඩිදුර කියවන්න CLICK

AN 01-16-01-07 ආනාපානසති සූත්‍රය

§ 1. “මහණෙනි, එක් ධර්මයක් වඩන ලද්දේ නම්, නැවත නැවත පුරුදුකරන ලද්දේ නම්, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස විශිෂ්ට ඥානය පිණිස, චතුරාර්‍ය්‍යසත්‍යය අවබෝධය පිණිස, නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස පවතී.

§2. කවරනම් එකම ධර්මයක්ද?
ආශ්වාස ප්‍රශ්වාස නිමිතිකොට ඇති සිහියයි.

§3. “මහණෙනි, මේ එකම ආනාපානසති ධර්මය වඩනලද්දේ, බහුල වශයෙන් (පුරුදු) කරන ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලෙශයන්ගේ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥානය පිණිස චතුරාර්‍ය්‍යසත්‍ය අවබෝධය පිණිස, නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස පවතී”

වැඩිදුර කියවන්න CLICK

AN 01-16-01-08 මරණසති සූත්‍රය

§ 1 “මහණෙනි, එක් ධර්මයක් වඩන ලද්දේ නම්, නැවත නැවත පුරුදුකරන ලද්දේ නම්, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස විශිෂ්ට ඥානය පිණිස, චතුරාර්‍ය්‍යසත්‍යය අවබෝධය පිණිස, නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස පවතී.

§ 2. කවරනම් එකම ධර්මයක්ද?
මරණය ගැන සිහිකිරීමයි.

§3. “මහණෙනි, මේ එකම මරණසති ධර්මය වඩනලද්දේ නම්, බහුල වශයෙන් (පුරුදු) කරන ලද්දේ නම්, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලෙශයන්ගේ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥානය පිණිස චතුරාර්‍ය්‍යසත්‍ය අවබෝධය පිණිස, නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස පවතී”

වැඩිදුර කියවන්න CLICK

AN 01-16-01-09 කායගතාසති සූත්‍රය

§1] “මහණෙනි, එක් ධර්මයක් වඩන ලද්දේ නම්, නැවත නැවත පුරුදුකරන ලද්දේ නම්, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස විශිෂ්ට ඥානය පිණිස, චතුරාර්‍ය්‍යසත්‍යය අවබෝධය පිණිස, නිර්වාණය අත්පත් කිරීම පිණිස පවතී.

§2 . කවරනම් එකම ධර්මයක්ද?
ශරීරයේ පිළිකුල් බව ගැන සිහිකිරීමයි.

§3. “මහණෙනි, මේ එකම කායගතාසති ධර්මය වඩනලද්දේ නම්, බහුල වශයෙන් (පුරුදු) කරන ලද්දේ නම්, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලෙශයන්ගේ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥානය පිණිස චතුරාර්‍ය්‍යසත්‍ය අවබෝධය පිණිස, නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස පවතී”

වැඩිදුර කියවන්න CLICK

AN 01-16-01-10 උපසමානුස්සති සූත්‍රය

§1. “මහණෙනි, එක් ධර්මයක් වඩන ලද්දේ නම්, නැවත නැවත පුරුදුකරන ලද්දේ නම්, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස විශිෂ්ට ඥානය පිණිස, චතුරාර්‍ය්‍යසත්‍යය අවබෝධය පිණිස, නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස පවතී.

§ 2. කවරනම් එකම ධර්මයක්ද?
දුක් සංසිඳීම අරමුණුකොට ඇති සිහියයි.

§3. “මහණෙනි, මේ එකම උපසමානුස්සති ධර්මය වඩනලද්දේ නම්, බහුල වශයෙන් (පුරුදු) කරන ලද්දේ නම්, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලෙශයන්ගේ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥානය පිණිස චතුරාර්‍ය්‍යසත්‍ය අවබෝධය පිණිස, නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස පවතී”

වැඩිදුර කියවන්න CLICK

AN 01-16 -02 බීජ වග්ගය

AN 01-16-02-01 පඨම මිච්ඡාදිට්ඨි සූත්‍රය

§1. “මහණෙනි, මිථ්‍යා දෘෂ්ටිය (වැරදි දැකීම) කරණකොටගෙන නූපන්නාවූ අකුශල ධර්මයෝත් උපදිද්. උපන්නාවූ අකුශල ධර්මයන්ගේත් වැඩීම හා විශාලවීම ඇතිවේ,

§2. “මහණෙනි, මිත්‍යා දිට්ඨිය තරම් අකුශල ධර්මයන්ගේ ඉපදීම හා වැඩීම පිණිස හේතුවන, අන්‍ය එක ස්වභාවයකුදු මම නොදකිමි.

§3. “මහණෙනි, මිථ්‍යාදෘෂ්ටියෙන් යුක්ත පුද්ගලයාහට පෙර නූපන්නාවූ අකුශල ධර්මයෝත් උපදිත්. උපන්නාවූ අකුශල ධර්මයෝත් වැඩීමට හා විශාලත්වයට පැමිණෙත්.”

AN 01-16-02- 02 පඨම සම්මාදිට්ඨි සූත්‍රය

§1. “මහණෙනි, සම්‍යක් දෘෂ්ටිය (නිවැරදිසේ දැනීම), කරනකොටගෙන නූපන්නාවූ කුශලධර්මයෝ උපදිත්. උපන්නාවූ කුශලධර්මයෝ වැඩීමට හා විශාලත්වයට පැමිණෙත්,

§2. “මහණෙනි, කුශලධර්මයෝ ඉපිදවීමට හා වැඩීමට, සමයක් දිට්ඨිය තරම් හේතුවන, අන්‍ය එක ස්වභාවයකුදු මම නොදකිමි.

§3. “මහණෙනි, සම්‍යක්දෘෂ්ටියෙන් යුක්ත පුද්ගලයාහට පෙර නූපන්නාවූ කුශලධර්මයෝ උපදිත්. උපන්නාවූ කුශල ධර්මයෝ වැඩීමට හා විශාලත්වයට පැමිණෙත්.”

AN 01-16-02- 03 දුතිය මිච්ඡාදිට්ඨි සූත්‍රය

§1. “මහණෙනි, මිථ්‍යා දෘෂ්ටිය කරණකොටගෙන පෙර නූපන් කුශලධර්මයෝත් නූපදිද්ද, උපන් කුශලධර්මයෝත් පිරිහෙත්ද?

§2. “මහණෙනි, ඒ බඳුවූ අන්‍ය එක ස්වභාවයකුදු මම නොදකිමි.

§3. “මහණෙනි, මිථ්‍යාදෘෂ්ටියෙන් යුක්ත පුද්ගලයාහට පෙර නූපන් කුශලධර්මයෝත් නූපදිත්. උපන් අකුශල ධර්මයෝත් පිරිහෙත්.”

AN 01-16-02 -04 දුතිය සම්මාදිට්ඨි සූත්‍රය

§1. “මහණෙනි, සම්‍යක් දෘෂ්ටිය, කරණකොටගෙන පෙර නූපන් අකුශලධර්මයෝත් නූපදිත්, උපන්නාවූ අකුශල ධර්මයෝ පිරිහෙත්,

§2. “මහණෙනි, අකුශල ධර්මයෝ නොඋපදවීමට , උපන් අකුසල නැති කරන්නට, සම්‍යක් දෘෂ්ටිය තරම් හේතුවන අන්‍ය එක ස්වභාවයකුදු මම නොදකිමි.

§3. “මහණෙනි, සම්‍යක්දෘෂ්ටියෙන් යුක්ත පුද්ගලයාහට පෙර නූපන් අකුශල ධර්මයෝ නූපදිත්. උපන් අකුශල ධර්මයෝ පිරිහෙත්.

AN 01-16-02-05 අයොනිසො මනසිකාර සූත්‍රය

§1. “මහණෙනි, වැරදිසේ මෙනෙහි කිරීම (අයෝනිසෝ මනසිකාරය) කරණකොටගෙන පෙර නූපන් වැරදි දැකීම උපදී, උපන් මිථ්‍යාදෘෂ්ටිය මහත්සේ වැඩේ,

§2. “මහණෙනි, වැරදි දැක්ම ඇතිකිරීමට, යෝනිසෝ මනසිකාරය තරම් හේතුවන අන්‍වූ ය එක ස්වභාවයකුදු මම නොදකිමි.

§3. “මහණෙනි, වැරදිසේ මෙනෙහි කරන්නාහට පෙර නූපන්නාවූ මිථ්‍යාදෘෂ්ටිය උපදී, උපන්නාවූ මිථ්‍යාදෘෂ්ටිය මහත්සේ වැඩේ.

AN 01-16-02-06 යොනිසො මනසිකාර සූත්‍රය

§1. “මහණෙනි, යම් නුවණින් මෙනෙහි කිරීම නොහොත් යෝනිසෝ මනසිකාරය කරණකොටගෙන පෙර නූපන් සම්‍යක්දෘෂ්ටිය උපදී, උපන් සම්‍යක්දෘෂ්ටිය වැඩේ,

§2. “මහණෙනි, යෝනිසෝ මනසිකාරය තරම්, සම්මා ට්ඨියට හේතුවන අන්‍ය එක ස්වභාවයකුදු මම නොදකිමි.

§3. “මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නාහට පෙර නූපන් සම්‍යග්දෘෂ්ටියත් උපදී, උපන් සම්‍යග්දෘෂ්ටියත් මහත් සේ වැඩේ.”

වැඩිදුර කියවන්න CLICK HERE

AN 01-16-02-07 නිරයුප්පත්ති සූත්‍රය

§1. “මහණෙනි, යම් මිථ්‍යා දෘෂ්ටිය (වැරදි දැකීමක්) නිසා සත්වයෝ ශරීරය බිඳීයාමෙන් පසු මරණින් මත්තෙහි සැපයෙන් තොරවූ, නපුරු ගති ඇති විකාරව වැටෙන්නාවූ නරකයෙහි උපදිත්,

§2. “මහණෙනි, මිත්‍යා දිට්ඨිය හැර සත්වයා අපාගත කරන්නට සමත් අන්‍ය එක ස්වභාවයකුදු මම නොදකිමි.

§3. “මහණෙනි, මිථ්‍යාදෘෂ්ටියෙන් යුක්තවූ සත්වයෝ ශරීරය බිඳීමෙන් පසු මරණින් මත්තෙහි අපාය නම්වූ, දුගති නම් වූ විකාරව වැටෙන විනිපාත නම් වූ නරකයෙහි උපදිත්.

AN 01-16-02-08 සග්ගුප්පත්ති සූත්‍රය

§1. “මහණෙනි, යම් සම්‍යක් දෘෂ්ටිය (යහපත් දැකීම) නිසා සත්වයෝ ශරීරය බිඳීමෙන් පසු මරණින් මත්තෙහි සුගති නම්වූ, ස්වර්ග ලෝකයෙහි උපදිත්,

§2. “මහණෙනි, සමයක් දිට්ඨිය තරම් , සත්වයා දෙව් ලෝ ඉපිදවන්නට සමත් අන්‍ය එක ස්වභාවයකුදු මම නොදකිමි.

§3, “මහණෙනි, සම්‍යග්දෘෂ්ටියෙන් යුක්තවූ සත්ත්වයෝ ශරීරය බිඳීමෙන් පසු මරණින් මත්තෙහි සුගති නම් වූ ස්වර්ග ලෝකයෙහි උපදිත්.”

AN 01-16-02 -09 පාපකබීජ සූත්‍රය

§1. “මහණෙනි, මිථ්‍යා දෘෂ්ටියෙන් යුක්ත වූ පුද්ගලයා විසින්
යම් කායකර්මයක් තමාගේ දෘෂ්ටියට එකඟවනසේ කරණු ලැබේද, මේ නිවැරදි යයි තම සිතෙන් අදහා ගනීද,
යම් වාග්කර්මයක් තමාගේ දෘෂ්ටියට එකඟවනසේ කියනු ලැබේද, මේ නිවැරදි යයි තම සිතෙන් අදහා ගනීද,
යම් මනඃකර්මයක් තම දෘෂ්ටිය වූ පරිද්දෙන්ම සම්පූර්ණ කරණු ලැබේද, මේ නිවැරදි යයි තම සිතෙන් අදහා ගනීද,
යම් චෙතනාවක් තමාගේ දෘෂ්ටිය එකඟ වනසේ කරණු ලැබේද, මේ නිවැරදි යයි තම සිතෙන් අදහා ගනීද,
යම් ප්‍රාර්ථනාවක් තමාගේ දෘෂ්ටියට එකඟ වනසේ කරණු ලැබේද, මේ නිවැරදි යයි තම සිතෙන් අදහා ගනීද ,
යම් අධිෂ්ඨානයක් තමාගේදෘෂ්ටියට එකඟවන සේ කරණු ලැබේද, මේ නිවැරදි යයි තම සිතෙන් අදහා ගනීද,
යම් (ඵස්සාදි) සංස්කාරයක් දෘෂ්ටියවූ පරිදි සම්පූර්ණ කරණු ලැබේද, සමාදන්වනු ලැබේද,
ඒ සියලු ධර්මයෝ අයහපත පිණිස, නොකැමැති ඵල පිණිස, අසතුට පිණිස, අවැඩ පිණීස දුක් පිණීස පවතිත්.

ඊට හේතු කවරේද?
මහණෙනි දෘෂ්ටිය ලාමක වූ එහෙයිනි.

§2. “මහණෙනි, කොසඹ ඇටයක් හෝ තිත්ත වැටකොලු ඇටයක් හෝ තිත්ත ලබු ඇටයක් හෝ තෙත් වූ පොළවෙහි සිටවන ලද්දේ, යම් පෘථිවි රසයකුත් ඇදගණීද, යම් ආපෝ රසයකුත් ඇදගණීද, ඒ සියලු රසය තිත්තභාවය පිණිස, කටුකභාවය පිණීස, අමධුර භාවය පිණිස පවතී.
ඊට හේතු කවරේද?
මහණෙනි, බීජය (ඇටය) ලාමක හෙයිනි.

§3. මහණෙනි, මිථ්‍යාදෘෂ්ටියෙන් යුක්ත වූ පුද්ගලයා විසින්
යම් කායකර්මයක් තමාගේ දෘෂ්ටියට එකඟවනසේ කරණු ලැබේද, මේ නිවැරදි යයි තම සිතෙන් අදහා ගනීද,
යම් වාග්කර්මයක් තමාගේ දෘෂ්ටියට එකඟවනසේ කියනු ලැබේද, හරි යයි ගන්නාලැබේද,
යම් මනඃකර්මයක් ස්වකීය දෘෂ්ටිය වූ පරිද්දෙන්ම සිතනු ලැබේද, මේ නිවැරදි යයි තම සිතෙන් අදහා ගනීද,
යම් චෙතනාවක් තමාගේ දෘෂ්ටිය එකඟ වනසේ තීරණය කරණු ලැබේද, මේ නිවැරදි යයි තම සිතෙන් අදහා ගනීද,
යම් ප්‍රාර්ථනාවක් තමාගේ දෘෂ්ටියට එකඟ වනසේ කරණු ලැබේද, මේ නිවැරදි යයි තම සිතෙන් අදහා ගනීද, යම්අධිෂ්ඨානයක් තමාගේදෘෂ්ටියට එකඟවන සේ කරණු ලැබේද, මේ නිවැරදි යයි තම සිතෙන් අදහා ගනීද,
යම් (ඵස්සාදි) සංස්කාරයක් දෘෂ්ටියවූ පරිදි සම්පූර්ණ කරණු ලැබේද, සමාදන්වනු ලැබේද,
ඒ සියලු ධර්මයෝ ඔහුගේ අයහපත පිණිස, නොකැමැති ඵල පිණිස, අසහනය පිණිස අවැඩ පිණීස දුක් පිණීස පවතිත්.
ඊට හේතු කවරේද?
මහණෙනි ඔහුගේ දෘෂ්ටිය ලාමක වූ හෙයිනි.

AN 01-16-02 -10 හද්දකබීජ සූත්‍රය

§1. “මහණෙනි, සම්‍යක්දෘෂ්ටියෙන් යුක්තවූ පුද්ගලයා විසින්
යම් කායකර්මයක් දෘෂ්ටියට එකඟවන පරිද්දෙන් කරනු ලැබේද, මනාකොට ගන්නා ලැබේද,
යම් වාක්කර්මයක් දෘෂ්ටියට එකඟවන පරිද්දෙන් කියනු ලැබේද, මේ නිවැරදි යයි තම සිතෙන් අදහා ගනීද,
යම් මනඃකර්මයක් දෘෂ්ටියවූ පරිද්දෙන් සිතණු ලැබේද, මේ නිවැරදි යයි තම සිතෙන් අදහා ගනීද,
යම් චේතනාවක් දෘෂ්ටියට එකඟවන පරිද්දෙන් සම්පූර්ණ කරනු ලැබේද, මේ නිවැරදි යයි තම සිතෙන් අදහා ගනීද,
යම් ප්‍රාර්ථනාවක් දෘෂ්ටියට එකඟවන පරිද්දෙන් කරණු ලැබේද, මේ නිවැරදි යයි තම සිතෙන් අදහා ගනීද,
යම් අධිෂ්ඨානයක් දෘෂ්ටියට එකඟවන පරිද්දෙන් කරනු ලැබේද, මේ නිවැරදි යයි තම සිතෙන් අදහා ගනීද,
යම් සංස්කාරයක් දෘෂ්ටියවූ පරිද්දෙන් කරණු ලැබේද, සමාදන්වනු ලැබේද,
ඒ සියලු ධර්මයෝ යහපත පිණිස, කැමැති ඵල පිණිස, මනාපය පිණිස හිත පිණිස, සැප පිණිස පවතිත්.
ඊට හේතු කවරේද?
මහණෙනි ඔහුගේ දෘෂ්ටිය යහපත් වූ හෙයිනි.

§2. මහණෙනි උක් (බීජයක්) කරටියක් හෝ ඇල්වී බීජයක් හෝ මිදි බීජයක් හෝ තෙත්වූ පොළොවෙහි සිටවන ලදුව , ඒ බීජය යම් පෘථුවි රසයකුත් ඇදගණීද, යම් ආපෝ රසයකුත් ඇදගණීද, ඒ සියල්ල මිහිරි බැව් පිණිස, රස බැව් පිණිස හාත්පසින් රස වැගිරීම පිණිස පවතී.
ඊට හේතු කවරේද?
මහණෙනි බීජය යහපත් හෙයිනි.

§3. “මහණෙනි, සම්‍යක්දෘෂ්ටියෙන් යුක්තවූ පුද්ගලයා විසින්
යම් කායකර්මයක් දෘෂ්ටියට එකඟවන පරිද්දෙන් කරනු ලැබේද, මේ නිවැරදි යයි තම සිතෙන් අදහා ගනීද,
යම් වාක්කර්මයක් දෘෂ්ටියට එකඟවන පරිද්දෙන් කියනු ලැබේද, මේ නිවැරදි යයි තම සිතෙන් අදහා ගනීද,
යම් මනඃකර්මයක් දෘෂ්ටියවූ පරිද්දෙන් සිතනු ලැබේද, මේ නිවැරදි යයි තම සිතෙන් අදහා ගනීද,
යම් චේතනාවක් දෘෂ්ටියට එකඟවන පරිද්දෙන් සම්පූර්ණ කරනු ලැබේද, මේ නිවැරදි යයි තම සිතෙන් අදහා ගනීද,
යම් ප්‍රාර්ථනාවක් දෘෂ්ටියට එකඟවන පරිද්දෙන් කරණු ලැබේද, මේ නිවැරදි යයි තම සිතෙන් අදහා ගනීද,
යම් අධිෂ්ඨානයක් දෘෂ්ටියට එකඟවන පරිද්දෙන් කරනු ලැබේද, මේ නිවැරදි යයි තම සිතෙන් අදහා ගනීද,
යම් සංස්කාරයක් දෘෂ්ටියවූ පරිද්දෙන් කරණු ලැබේද, සමාදන්වනු ලැබේද,
ඒ සියලු ධර්මයෝ යහපත පිණිස, කැමැති ඵල පිණිස මනාපය පිණිස, හිත පිණිස සැප පිණිස පවතිත්.
ඊට හේතු කවරේද?
මහණෙනි ඔහුගේ දෘෂ්ටිය යහපත් වූ හෙයිනි.

AN 01-16 -03. මක්ඛලී වර්ගය

AN 01-16-03-01 මිච්ඡාදිට්ඨි සූත්‍රය

§1. “මහණෙනි, ලෝකයෙහි යමෙක් බොහෝ දෙනාට අයහපත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ ජනයාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස උපදී.
“කවර නම් එකම පුද්ගලයෙක්ද?

§2. “විපරීත දර්ශන ඇති මිථ්‍යාදෘෂ්ටික තැනැත්තේය.
හෙතෙම මහාජනයා දශ කුශලකර්මපථ නම් සද්ධර්මයෙන් ඉවත් කොට, දශ අකුශලකර්ම පථ නම් අසද්ධර්මයෙහි පිහිටුවයි.

§3. “මහණෙනි, මේ එකම පුද්ගලයා ලොව උපදින්නේ බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස උපදී.

AN 01-16-03-02 සම්මාදිට්ඨි සූත්‍රය.

§1. “මහණෙනි, යම් පුද්ගලයෙක් බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස බොහෝ ජනයාට අර්ථය පිණිස, දෙව් මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස උපදී. “
කවර නම් එකම පුද්ගලයෙක්ද?

§2. “විපරීත දර්ශන නැති සම්‍යග්දෘෂ්ටික තැනැත්තේය.
හෙතෙම ජනයා දශ අකුශලකර්මපථ නම් අසද්ධර්මයෙන් ඉවත් කරවා , දශකුශලකර්මපථ නම් සද්ධර්මයෙහි පිහිටුවයි.

§3. “මහණෙනි, මේ එකම පුද්ගලයා ලොව උපදින්නේ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස බොහෝ ජනයාට අර්ථය පිණිස, දෙව්මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස උපදී.

AN 01-16-03-03 මහාසාවජ්ජ සූත්‍රය.

§1. “මහණෙනි, යම්සේ මිථ්‍යාදෘෂ්ටිය මහත් වරද සහිත වේද,

§2. “මහණෙනි, මේ බඳුවූ අනික් එක ස්වභාවයකුදු මම නොම දකිමි.

§3. “මහණෙනි, මහත් දොෂයන් අතරෙන් මිථ්‍යාදෘෂ්ටිය ඉතා මහත් දොෂ ඇත්තීය.”

AN 01-16-03-04 මක්ඛලී සූත්‍රය

“මහණෙනි, යම්සේ මක්ඛලී නම් තුච්ඡ පුරුෂයා බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ ජනයාට අනර්ථය පිණිස, දෙවිමිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස පිළිපන්නේ වේද, මහණෙනි, ඒ මේ බඳුවූ අනික් එක පුද්ගලයෙකුදු මම නොම දකිමි.

“මහණෙනි, යම්සේ ගංමුවදොරෙක්හි වූ කෙමනක් බොහෝ මත්ස්‍යයන්ට අහිත පිණිස දුක් පිණිස, අනර්ථය පිණිස, විනාශය පිණිස, අටවනු ලබන්නේ වේද,

“මහණෙනි, එපරිද්දෙන්ම මක්ඛලී නම් තුච්ඡ පුරුෂයා බොහෝ සත්වයන්ට අහිත පිණිස, දුක් පිණිස, අනර්ථය පිණිස, විනාශය පිණිස මිනිස් කෙමනකැයි සිතමි.”

AN 01-16-03-05 දුරක්ඛාත සූත්‍රය

“මහණෙනි, නපුරුකොට ප්‍රකාශ කරණ ලද්දාවූ ධර්මවිනය ඇති ශාසනයෙක්හි යම් පුද්ගලයෙක් (යම් ප්‍රතිපත්තියක්) සමාදන් කරවයිද, යම් අතවැසියකු ලවාත් සමාදන් කරවයිද, යම් ඒ අතවැසි තෙමේද සමාදන් කරවන ලද්දේ ඔහුගේ වචනය පිළිගෙන ඒ වචනය පිණිස පිළිපදීද, ඒ සියල්ලෝ බොහෝ අකුසල් රැස් කෙරෙත්. ඊට හේතු කවරේද? මහණෙනි, ඒ ධර්මය නපුරුකොට ප්‍රකාශ කරණ ලද හෙයිනි.”

AN 01-16-03-06 ස්වක්ඛාත සූත්‍රය

“මහණෙනි, මනාකොට ප්‍රකාශ කරණලද ධර්මවිනය ඇති ශාසනයෙක්හි යම් පුද්ගලයෙක් (යම් ප්‍රතිපත්තියක්) සමාදන් කරවයිද, යම් අතවැසියකු ලවාත් සමාදන් කරවයිද, යම් ඒ අතවැසි තෙමේද සමාදන් කරවන ලද්දේ ඔහුගේ වචනය පිළිගෙන ඒ පිණිස පිළිපදීද, ඒ සියල්ලෝ බොහෝ කුසල් රැස් කෙරෙත්. ඊට හේතු කවරේද? මහණෙනි, ධර්මය මනාකොට ප්‍රකාශ කරණ ලද හෙයිනි.”

AN 01-16-03-07 දායකෙනමත්තාජානිතබ්බ සූත්‍රය

“මහණෙනි, වරදවා ප්‍රකාශ කරණ ලද්දාවූ ධර්මවිනය ඇති ශාසනයෙහි දායකයා විසින් (දෙන දෙයෙහි) පමණ දතයුතුයි (පිළිගන්නහු) විසින් දතයුතු නොවෙයි. ඊට හේතු කවරේද?

මහණෙනි, ධර්මය (වරදවා) ප්‍රකාශ කරණලද හෙයිනි.”

AN 01-16-03-08 පටිග්ගාහකෙන මත්තාජානිතබ්බ සූත්‍රය.

“මහණෙනි, මනාකොට ප්‍රකාශකරණලද ධර්මවිනයඇති ශාසනයෙහි ප්‍රතිග්‍රාහකයා විසින් පමණ දතයුතුයි දායකයා විසින් දතයුතු නොවෙයි. ඊට හේතු කවරේද?

මහණෙනි, ධර්මය මනාකොට ප්‍රකාශ කරණ ලද හෙයිනි.”

AN 01-16-03-09 දුක්ඛ විහාරි සූත්‍රය

“මහණෙනි, වරදවා ප්‍රකාශ කරණලද ධර්මවිනය ඇති ශාසනයෙහි යම් පුද්ගලයෙක් පටන්ගන්නාලද වීර්‍ය්‍යය ඇත්තේ වේද, හෙතෙම දුකින් වෙසෙයි. ඊට හේතු කවරේද?

මහණෙනි, ධර්මය වරදවා ප්‍රකාශ කරණ ලද හෙයිනි.”

AN 01-16-03-10 කුසීත දුක්ඛ විහරණ සූත්‍රය.

“මහණෙනි, මනාකොට ප්‍රකාශ කරණලද ධර්මවිනය ඇති ශාසනයෙක්හි යම් පුද්ගලයෙක් කුසීත වේද, හෙතෙම දුකින් වෙසෙයි. ඊට හේතු කවරේද? මහණෙනි, ධර්මය මනා කොට ප්‍රකාශ කරණ ලද හෙයිනි.”

AN 01-16-03-11 කුසීත සුඛ විහරණ සූත්‍රය

“මහණෙනි, වරදවා ප්‍රකාශ කරණලද ධර්මවිනය ඇති ශාසනයෙක්හි යම් පුද්ගලයෙක් කුසීත වේද, හෙතෙම සැපසේ වාසය කරයි. ඊට හේතු කවරේද?

මහණෙනි, ධර්මය වරදවා ප්‍රකාශ කරණ ලද හෙයිනි.”

AN 01-16-03-12 ආරද්ධවිරිය සූත්‍රය

“මහණෙනි, මනාකොට ප්‍රකාශ කරණලද ධර්මවිනය ඇති ශාසනයෙක්හි යම් පුද්ගලයෙක් පටන්ගන්නාලද වීර්‍ය්‍යය ඇත්තේ වේද, හෙතෙම සැපසේ වාසය කරයි. ඊට හේතු කවරේද? මහණෙනි, ධර්මය මනාකොට ප්‍රකාශ කරණලද හෙයිනි.”

AN 01-16-03-13 ගූථොපම සූත්‍රය

[1] “මහණෙනි, යම්සේ ස්වල්ප මාත්‍රවූ අසුචිය වුවද දුගඳ වේද,

[2] “මහණෙනි, එපරිද්දෙන්ම ස්වල්පමාත්‍රයකුදු භවයෙහි ඉපදීම වර්ණනා නොකරමි.”

(පහත සූත්‍රවල 2 ඡේදය මේ සූත්‍රයේ 2 ඡේදය මෙනි.)

AN 01-16-03-14 මුත්තොපම සූත්‍රය

“මහණෙනි, යම්සේ ස්වල්ප මාත්‍ර මූත්‍රය වුවද දුගඳ වේද,
“මහණෙනි, එපරිද්දෙන්ම ස්වල්පමාත්‍රයකුදු භවයෙහි ඉපදීම වර්ණනා නොකරමි.”

AN 01-16-03-15 ඛෙලොපම සූත්‍රය

“මහණෙනි, යම්සේ ස්වල්පමාත්‍ර කෙල වුවද දුගඳ වේද,
“මහණෙනි, එපරිද්දෙන්ම ස්වල්පමාත්‍රයකුදු භවයෙහි ඉපදීම වර්ණනා නොකරමි.”

AN 01-16-03-16 පුබ්බොපම සූත්‍රය

“මහණෙනි, යම්සේ ස්වල්පමාත්‍ර සැරව වුවද දුගඳ වේද,
“මහණෙනි, එපරිද්දෙන්ම ස්වල්පමාත්‍රයකුදු භවයෙහි ඉපදීම වර්ණනා නොකරමි.”

AN 01-16-03-17 ලොහිතොපම සූත්‍රය

“මහණෙනි, යම්සේ ස්වල්පමාත්‍ර ලේ වුවද දුගඳ වේද,
“මහණෙනි, එපරිද්දෙන්ම ස්වල්පමාත්‍රයකුදු භවයෙහි ඉපදීම වර්ණනා නොකරමි.”

AN 01-16 -04  අප්පමත්තක වර්ගය

AN 01-16-04-01 ථලජාප්පක සූත්‍රය

§ 1, “මහණෙනි, මේ ජම්බුද්වීපයෙහි ආරාමයන්ගෙන් සිත්කළු තැන්ද, වනයන්ගෙන් සිත්කළු තැන්ද, භූමිප්‍රදෙශයන්ගෙන් සිත්කළු තැන්ද; පොකුණුවලින් යුත් සිත්කළු තැන්ද, ස්වල්ප වේ, එසේ වුවත් යම් ඒ උස්මිටි තැන්ද, ගංගා නිසා පහසුවෙන් නොපැමිණියහැකි තැන්ද, කණු කටු පිහිටි තැන්ද, පර්වතයන් ගෙන් විෂමවූ ස්ථානද යන මේ ස්ථානයෝ ඉතා බොහෝ වෙත්?

§2. “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් ගොඩ උපන්නෝ වෙත්ද, ඒ සත්වයෝ ස්වල්පවෙත්. වැලිදු යම් සත්ව කෙනෙක් දියෙහි උපන්නෝ වෙත්ද, මේ සත්වයෝම ඉතා බොහෝ වෙත්.

§ 3. “මහණෙනි, එහෙයින් මේ පිළිබඳව මෙසේ හික්මිය යුතුයි.
(කෙසේද?) අර්ථරසය (චතුර්විධ ශ්‍රාමණ්‍ය ඵලය) ද ධර්මරසය (චතුර්විධ මාර්ගය) ද, විමුක්තිරසය (නිර්වාණය) ද ලබන්නෝ වන්නෙමුයි’ කියායි.

මහණෙනි, තොප විසින් මෙසේම හික්මිය යුතුයි. (පහත සූත්‍ර දහ හතරේ 1, 3 ඡේද මේ සූත්‍රයේ ඡේද මෙන් වෙති.)

AN 01-16-04-02 අඤ්ඤත්‍ර මනුස්ස සූත්‍රය

§ 1, “මහණෙනි, යම්සේ මේ ජම්බුද්වීපයෙහි ආරාමයන්ගෙන් සිත්කළු තැන්ද, වනයන්ගෙන් සිත්කළු තැන්ද, භූමිප්‍රදෙශයන්ගෙන් සිත්කළු තැන්ද පොකුණුවලින් යුත් සිත්කළු තැන්ද, ස්වල්පමාත්‍ර වේද, එතකුදු වුවත් යම් ඒ උස්මිටි තැන්ද, ගංගා නිසා පහසුවෙන් නොපැමිණියහැකි තැන්ද, කණු කටු පිහිටි තැන්ද, පර්වතයන් ගෙන් විෂමවූ ස්ථානද යන මේ ස්ථානයෝම ඉතා බොහෝ වෙත්ද?

§2. “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් මනුෂ්‍යයන් විෂයෙහි උපදිත්ද, ඒ සත්වයෝ ස්වල්ප වෙත්. යලිදු යම් සත්වකෙනෙක් මනුෂ්‍යයන් ගෙන් වෙන්ව උපදිත්ද, ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්.

§ 3. “මහණෙනි, එහෙයින් මේ පිළිබඳව මෙසේ හික්මිය යුතුයි.
(කෙසේද?) අර්ථරසය (චතුර්විධ ශ්‍රාමණ්‍ය ඵලය) ද ධර්මරසය (චතුර්විධ මාර්ගය) ද, විමුක්තිරසය (නිර්වාණය) ද ලබන්නෝ වන්නෙමුයි’ කියායි.

මහණෙනි, තොප විසින් මෙසේම හික්මිය යුතුයි

AN 01-16-04-03 පච්චන්තිමජාත සූත්‍රය

§ 1, “මහණෙනි, යම්සේ මේ ජම්බුද්වීපයෙහි ආරාමයන්ගෙන් සිත්කළු තැන්ද, වනයන්ගෙන් සිත්කළු තැන්ද, භූමිප්‍රදෙශයන්ගෙන් සිත්කළු තැන්ද පොකුණුවලින් යුත් සිත්කළු තැන්ද, ස්වල්පමාත්‍ර වේද, එතකුදු වුවත් යම් ඒ උස්මිටි තැන්ද, ගංගා නිසා පහසුවෙන් නොපැමිණියහැකි තැන්ද, කණු කටු පිහිටි තැන්ද, පර්වතයන් ගෙන් විෂමවූ ස්ථානද යන මේ ස්ථානයෝම ඉතා බොහෝ වෙත්ද?

§ 2. “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් මධ්‍යජනපදයන්හි (දඹදිව මධ්‍ය දෙශයෙහි) උපදිත්ද, ඒ සත්වයෝ ස්වල්ප වෙත්. එසේද වුවත් යම් සත්වකෙනෙක් අප්‍රකටවූ ම්ලෙච්ඡයන් අතර ප්‍රත්‍යන්ත ජනපදයන්හි උපදිත්ද, මේ සත්වයෝම ඉතා බොහෝ වෙත්.

§ 3. “මහණෙනි, එහෙයින් මේ පිළිබඳව මෙසේ හික්මිය යුතුයි.
(කෙසේද?) අර්ථරසය (චතුර්විධ ශ්‍රාමණ්‍ය ඵලය) ද ධර්මරසය (චතුර්විධ මාර්ගය) ද, විමුක්තිරසය (නිර්වාණය) ද ලබන්නෝ වන්නෙමුයි’ කියායි.

මහණෙනි, තොප විසින් මෙසේම හික්මිය යුතුයි

AN 01-16-04-04 දුප්පඤ්ඤ සූත්‍රය

§ 1, “මහණෙනි, යම්සේ මේ ජම්බුද්වීපයෙහි ආරාමයන්ගෙන් සිත්කළු තැන්ද, වනයන්ගෙන් සිත්කළු තැන්ද, භූමිප්‍රදෙශයන්ගෙන් සිත්කළු තැන්ද පොකුණුවලින් යුත් සිත්කළු තැන්ද, ස්වල්පමාත්‍ර වේද, එතකුදු වුවත් යම් ඒ උස්මිටි තැන්ද, ගංගා නිසා පහසුවෙන් නොපැමිණියහැකි තැන්ද, කණු කටු පිහිටි තැන්ද, පර්වතයන් ගෙන් විෂමවූ ස්ථානද යන මේ ස්ථානයෝම ඉතා බොහෝ වෙත්ද?

§2. “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් ප්‍රඥාව ඇත්තාහු වෙත්ද, මුළානොවූවාහු වෙත්ද, කෙළතොළු නොවූවාහු වෙත්ද, යහපත් අයහපත් ප්‍රකාශයන්හි අර්ථයන් දැනගැනීමට සමර්ථවූවාහු වෙත්ද ඒ සත්වයෝ ස්වල්ප වෙත්. වැලිදු යම් සත්වකෙනෙක් ප්‍රඥා නැත්තාහු වෙත්ද, (මෝහයෙන් මුළාවූයේ වෙත්ද, කෙලතොල්ලෝවෙත්ද, සුභාෂිත දුර්භාෂිතයන්හි අර්ථයන් දැනගැනීමට අසමර්ථ වූවාහු වෙත්ද, මේ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්.

§ 3. “මහණෙනි, එහෙයින් මේ පිළිබඳව මෙසේ හික්මිය යුතුයි.
(කෙසේද?) අර්ථරසය (චතුර්විධ ශ්‍රාමණ්‍ය ඵලය) ද ධර්මරසය (චතුර්විධ මාර්ගය) ද, විමුක්තිරසය (නිර්වාණය) ද ලබන්නෝ වන්නෙමුයි’ කියායි.

මහණෙනි, තොප විසින් මෙසේම හික්මිය යුතුයි

AN 01-16 -04-05 අවිජ්ජාගත සූත්‍රය

§ 1, “මහණෙනි, යම්සේ මේ ජම්බුද්වීපයෙහි ආරාමයන්ගෙන් සිත්කළු තැන්ද, වනයන්ගෙන් සිත්කළු තැන්ද, භූමිප්‍රදෙශයන්ගෙන් සිත්කළු තැන්ද පොකුණුවලින් යුත් සිත්කළු තැන්ද, ස්වල්පමාත්‍ර වේද, එතකුදු වුවත් යම් ඒ උස්මිටි තැන්ද, ගංගා නිසා පහසුවෙන් නොපැමිණියහැකි තැන්ද, කණු කටු පිහිටි තැන්ද, පර්වතයන් ගෙන් විෂමවූ ස්ථානද යන මේ ස්ථානයෝම ඉතා බොහෝ වෙත්ද?

§ 2. “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් ආර්‍ය්‍යයන්ට ඇති ප්‍රඥා චක්ෂුසින් යුක්ත වූවාහු වෙත්ද, ඒ සත්වයෝ ස්වල්ප වෙත්. එසේ නමුත් යම් සත්වකෙනෙක් අවිද්‍යාන්ධකාරයෙන් යුක්තවූවාහු අතිශයින් මුළා වූවාහු වෙත්ද, මේ සත්වයෝම ඉතා බොහෝ වෙත්.

§ 3. “මහණෙනි, එහෙයින් මේ පිළිබඳව මෙසේ හික්මිය යුතුයි.
(කෙසේද?) අර්ථරසය (චතුර්විධ ශ්‍රාමණ්‍ය ඵලය) ද ධර්මරසය (චතුර්විධ මාර්ගය) ද, විමුක්තිරසය (නිර්වාණය) ද ලබන්නෝ වන්නෙමුයි’ කියායි.

මහණෙනි, තොප විසින් මෙසේම හික්මිය යුතුයි

AN 01-16 -04-06 තථාගත දස්සන සූත්‍රය

§ 1, “මහණෙනි, යම්සේ මේ ජම්බුද්වීපයෙහි ආරාමයන්ගෙන් සිත්කළු තැන්ද, වනයන්ගෙන් සිත්කළු තැන්ද, භූමිප්‍රදෙශයන්ගෙන් සිත්කළු තැන්ද පොකුණුවලින් යුත් සිත්කළු තැන්ද, ස්වල්පමාත්‍ර වේද, එතකුදු වුවත් යම් ඒ උස්මිටි තැන්ද, ගංගා නිසා පහසුවෙන් නොපැමිණියහැකි තැන්ද, කණු කටු පිහිටි තැන්ද, පර්වතයන් ගෙන් විෂමවූ ස්ථානද යන මේ ස්ථානයෝම ඉතා බොහෝ වෙත්ද?

§2. “මහණෙනි, එසේම යම් සත්වකෙනෙක් තථාගතයන් වහන්සේ දක්නට ලබත්ද ඒ සත්වයෝ ස්වල්ප වෙත්. එසේ නමුදු යම් සත්වකෙනෙක් තථාගතයන් වහන්සේ දක්නට නොලබත්ද මේ සත්වයෝම ඉතා බොහෝ වෙත්.

AN 01-16-04-07 ධම්මසවණ සූත්‍රය

§ 1, “මහණෙනි, යම්සේ මේ ජම්බුද්වීපයෙහි ආරාමයන්ගෙන් සිත්කළු තැන්ද, වනයන්ගෙන් සිත්කළු තැන්ද, භූමිප්‍රදෙශයන්ගෙන් සිත්කළු තැන්ද පොකුණුවලින් යුත් සිත්කළු තැන්ද, ස්වල්පමාත්‍ර වේද, එතකුදු වුවත් යම් ඒ උස්මිටි තැන්ද, ගංගා නිසා පහසුවෙන් නොපැමිණියහැකි තැන්ද, කණු කටු පිහිටි තැන්ද, පර්වතයන් ගෙන් විෂමවූ ස්ථානද යන මේ ස්ථානයෝම ඉතා බොහෝ වෙත්ද?

§2. “මහණෙනි, එපරිද්දෙන්ම සම් සත්වකෙනෙක් තථාගතයන් වහන්සේ විසින් දෙසනලද ධර්මවිනය ශ්‍රවණය කරන්ට ලබත්ද ඒ සත්වයෝ ස්වල්පවෙත් වැලිදු යම් සත්වකෙනෙක් තථාගතයන් වහන්සේ විසින් දෙසන ලද ධර්මවිනය ශ්‍රවණයට නොලබත්ද, මේ සත්වයෝම ඉතා බොහෝ වෙත්.

AN 01-16 -04-08 ධම්මධාරණ සූත්‍රය

§ 1, “මහණෙනි, යම්සේ මේ ජම්බුද්වීපයෙහි ආරාමයන්ගෙන් සිත්කළු තැන්ද, වනයන්ගෙන් සිත්කළු තැන්ද, භූමිප්‍රදෙශයන්ගෙන් සිත්කළු තැන්ද පොකුණුවලින් යුත් සිත්කළු තැන්ද, ස්වල්පමාත්‍ර වේද, එතකුදු වුවත් යම් ඒ උස්මිටි තැන්ද, ගංගා නිසා පහසුවෙන් නොපැමිණියහැකි තැන්ද, කණු කටු පිහිටි තැන්ද, පර්වතයන් ගෙන් විෂමවූ ස්ථානද යන මේ ස්ථානයෝම ඉතා බොහෝ වෙත්ද?

§2. “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් ධර්මය අසා (සිතෙහි) දරත්ද ඒ සත්වයෝ ස්වල්ප වෙත්. එසේ නමුදු යම් සත්වකෙනෙක් ධර්මය අසා සිතෙහි නොරදත්ද මේ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්.

AN 01-16 -04-09 අත්ථුපපරික්ඛා සූත්‍රය

§ 1, “මහණෙනි, යම්සේ මේ ජම්බුද්වීපයෙහි ආරාමයන්ගෙන් සිත්කළු තැන්ද, වනයන්ගෙන් සිත්කළු තැන්ද, භූමිප්‍රදෙශයන්ගෙන් සිත්කළු තැන්ද පොකුණුවලින් යුත් සිත්කළු තැන්ද, ස්වල්පමාත්‍ර වේද, එතකුදු වුවත් යම් ඒ උස්මිටි තැන්ද, ගංගා නිසා පහසුවෙන් නොපැමිණියහැකි තැන්ද, කණු කටු පිහිටි තැන්ද, පර්වතයන් ගෙන් විෂමවූ ස්ථානද යන මේ ස්ථානයෝම ඉතා බොහෝ වෙත්ද?

§2. මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් ධාරණය කරණලද්දාවූ ධර්මයන්ගේ අර්ථය පරීක්ෂා කෙරෙත්ද, ඒ සත්වයෝ ස්වල්ප වෙත්. එසේ නමුදු යම් සත්ව කෙනෙක් ධාරණය කරනලද්දාවූ ධර්මයන්ගේ අර්ථය පරීක්ෂා නොකෙරෙත්ද, ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්.

AN 01-16 -04-10 ධම්මානුධම්ම සූත්‍රය

§ 1, “මහණෙනි, යම්සේ මේ ජම්බුද්වීපයෙහි ආරාමයන්ගෙන් සිත්කළු තැන්ද, වනයන්ගෙන් සිත්කළු තැන්ද, භූමිප්‍රදෙශයන්ගෙන් සිත්කළු තැන්ද පොකුණුවලින් යුත් සිත්කළු තැන්ද, ස්වල්පමාත්‍ර වේද, එතකුදු වුවත් යම් ඒ උස්මිටි තැන්ද, ගංගා නිසා පහසුවෙන් නොපැමිණියහැකි තැන්ද, කණු කටු පිහිටි තැන්ද, පර්වතයන් ගෙන් විෂමවූ ස්ථානද යන මේ ස්ථානයෝම ඉතා බොහෝ වෙත්ද?

§2. “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් අර්ථය දැන, ධර්මය දැන, ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි පිළිපදිත්ද, ඒ සත්වයෝ ස්වල්ප වෙත්. එසේ නමුදු යම් සත්වකෙනෙක් අර්ථයනොදැන, ධර්මයනොදැන ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි පිළිනොපදිත්ද, මේ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්.

AN 01-16-04-11 සංවෙජනීයට්ඨාන සූත්‍රය

§ 1, “මහණෙනි, යම්සේ මේ ජම්බුද්වීපයෙහි ආරාමයන්ගෙන් සිත්කළු තැන්ද, වනයන්ගෙන් සිත්කළු තැන්ද, භූමිප්‍රදෙශයන්ගෙන් සිත්කළු තැන්ද පොකුණුවලින් යුත් සිත්කළු තැන්ද, ස්වල්පමාත්‍ර වේද, එතකුදු වුවත් යම් ඒ උස්මිටි තැන්ද, ගංගා නිසා පහසුවෙන් නොපැමිණියහැකි තැන්ද, කණු කටු පිහිටි තැන්ද, පර්වතයන් ගෙන් විෂමවූ ස්ථානද යන මේ ස්ථානයෝම ඉතා බොහෝ වෙත්ද?

§2. “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් කලකිරියයුතු කාරණයන්හි කලකිරෙත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙත්. එසේ නමුත් යම් සත්වකෙනෙක් සංවෙග කටයුතු කාරණයන්හි සංවෙග නූපදවත්ද, මේ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්.

AN 01-16 -04-12 සංවිග්ගප්පදහන සූත්‍රය

§ 1, “මහණෙනි, යම්සේ මේ ජම්බුද්වීපයෙහි ආරාමයන්ගෙන් සිත්කළු තැන්ද, වනයන්ගෙන් සිත්කළු තැන්ද, භූමිප්‍රදෙශයන්ගෙන් සිත්කළු තැන්ද පොකුණුවලින් යුත් සිත්කළු තැන්ද, ස්වල්පමාත්‍ර වේද, එතකුදු වුවත් යම් ඒ උස්මිටි තැන්ද, ගංගා නිසා පහසුවෙන් නොපැමිණියහැකි තැන්ද, කණු කටු පිහිටි තැන්ද, පර්වතයන් ගෙන් විෂමවූ ස්ථානද යන මේ ස්ථානයෝම ඉතා බොහෝ වෙත්ද?

§2. “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්ව කෙනෙක් සංවේගයට පැමිණියාහු නුවණීන් (සම්‍යක් ප්‍රධාන) වීර්‍ය්‍යය කෙරෙත්ද, ඒ සත්වයෝ ස්වල්පවෙත්. එසේ නමුත් යම් සත්වකෙනෙක් සංවේගයට පැමිණියාහු (කළකිරුණාහු) නුවණින් (සම්‍යක්ප්‍රධාන) වීර්‍ය්‍යය නොකෙරෙත්ද, මේ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්.

AN 01-16 -04-13 වවස්සග්ගාරම්මණ සූත්‍රය

§ 1, “මහණෙනි, යම්සේ මේ ජම්බුද්වීපයෙහි ආරාමයන්ගෙන් සිත්කළු තැන්ද, වනයන්ගෙන් සිත්කළු තැන්ද, භූමිප්‍රදෙශයන්ගෙන් සිත්කළු තැන්ද පොකුණුවලින් යුත් සිත්කළු තැන්ද, ස්වල්පමාත්‍ර වේද, එතකුදු වුවත් යම් ඒ උස්මිටි තැන්ද, ගංගා නිසා පහසුවෙන් නොපැමිණියහැකි තැන්ද, කණු කටු පිහිටි තැන්ද, පර්වතයන් ගෙන් විෂමවූ ස්ථානද යන මේ ස්ථානයෝම ඉතා බොහෝ වෙත්ද?

§2. “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් නිර්වාණය අරමුණුකොට චිත්තය සම්බන්ධවූ සමාධිය ලබත්ද, චිත්තය සම්බන්ධවූ එකඟ බව ලබත්ද, ඒ සත්වයෝ ස්වල්ප වෙත්. එසේ නමුත් යම් සත්ව කෙනෙක් නිර්වානය අරමුණුකොට සිතේ සමාධිය නොලබත්ද, සිතේ එකඟබව නොලබත්ද, මේ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්.

AN 01-16-04-14 අන්නග්ගරසග්ගලාභී සූත්‍රය

§ 1, “මහණෙනි, යම්සේ මේ ජම්බුද්වීපයෙහි ආරාමයන්ගෙන් සිත්කළු තැන්ද, වනයන්ගෙන් සිත්කළු තැන්ද, භූමිප්‍රදෙශයන්ගෙන් සිත්කළු තැන්ද පොකුණුවලින් යුත් සිත්කළු තැන්ද, ස්වල්පමාත්‍ර වේද, එතකුදු වුවත් යම් ඒ උස්මිටි තැන්ද, ගංගා නිසා පහසුවෙන් නොපැමිණියහැකි තැන්ද, කණු කටු පිහිටි තැන්ද, පර්වතයන් ගෙන් විෂමවූ ස්ථානද යන මේ ස්ථානයෝම ඉතා බොහෝ වෙත්ද?

§2. “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් උතුම් ආහාර හා උතුම් රසයන් ලැබීම් ඇත්තෝ වෙත්ද, ඒ සත්වයෝ ස්වල්පවෙත්. එසේ නමුත් යම් සත්වකෙනෙක් උතුම් ආහාර හා උතුම් රසයන් නොලබන්නාහු උඤ්ජාචරිය යයි කියනලද වන මුල ඵලයෙන් හෝ කබලක් ගෙන සිඟා ලත් දෙයින් හෝ යැපෙත්ද, මේ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්.

AN 01-16-04-15 රසස්සලාභී සූත්‍රය

§ 1, “මහණෙනි, යම්සේ මේ ජම්බුද්වීපයෙහි ආරාමයන්ගෙන් සිත්කළු තැන්ද, වනයන්ගෙන් සිත්කළු තැන්ද, භූමිප්‍රදෙශයන්ගෙන් සිත්කළු තැන්ද පොකුණුවලින් යුත් සිත්කළු තැන්ද, ස්වල්පමාත්‍ර වේද, එතකුදු වුවත් යම් ඒ උස්මිටි තැන්ද, ගංගා නිසා පහසුවෙන් නොපැමිණියහැකි තැන්ද, කණු කටු පිහිටි තැන්ද, පර්වතයන් ගෙන් විෂමවූ ස්ථානද යන මේ ස්ථානයෝම ඉතා බොහෝ වෙත්ද?

§2. “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් අර්ථරසය (හෙවත් සෝවාන්ඵලය ආදී චතුර්විධ ශ්‍රාමණ්‍යඵලය) ද, ධර්ම රසය (හෙවත් සතරමග) ද, විමුක්ති රසය (හෙවත් නිර්වාණය) ද ලබන්නහු වෙත්ද, ඒ සත්වයෝ ස්වල්ප වෙත්. එසේ නමුත් අර්ථරසයද, ධර්ම රසයද, විමුක්ති රසයද නොලබන්නාහු වෙත්ද, මේ සත්වයෝම ඉතා බොහෝ වෙත්.

§3. “මහණෙනි, එහෙයින් මේ පිළිබඳව මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) අර්ථරසය (චතුර්විධ ශ්‍රාමණ්‍යඵලය) ද, ධර්මරසය (චතුර්විධ මාර්ගය) ද, විමුක්ති රසය (නිර්වාණය) ද, ලබන්නෝ වන්නෙමුයි’ කියායි. මහණෙනි, තොප විසින් මෙසේම හික්මිය යුතුයි.

AN 01-16-04-16 මනුස්ස මනුස්සුප්පත්ති සූත්‍රය

“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් මනුෂ්‍ය යොනියෙන් චුත වූවාහු මනුෂ්‍යයන් අතුරෙහි නැවත උපදිත්ද, ඒ සත්වයෝ ස්වල්ප වෙත්. එසේ නමුත් යම් සත්වකෙනෙක් මනුෂ්‍යයෝනියෙන් චුතවූවාහු නරකයෙහි උපදිත්ද, ඒ සත්වයෝම බොහෝ වෙත්.”

AN 01-16-04-17 මනුස්ස දෙවුප්පත්ති සූත්‍රය

“යම් සත්ව කෙනෙක් මනුෂ්‍ය යෝනියෙන් චුතවූවාහු දෙවියන් විෂයෙහි උපදිද්ද ඒ සත්වයෝ ස්වල්ප වෙත්. එසේ නමුත් යම් සත්ව කෙනෙක් තිරිසන්යෝනියෙහි උපදිත්ද, ප්‍රෙත නිකායෙහි උපදිත්ද, ඒ සත්වයෝම බොහෝ වෙත්”

AN 01-16-04-18 දෙව දෙවුප්පත්ති සූත්‍රය

“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් මනුෂ්‍ය යෝනියෙන් චුතවූවාහු දෙවියන් විෂයෙහි උපදිත්ද, ඒ සත්වයෝ ස්වල්පවෙත්. එසේ නමුත් යම් සත්ව කෙනෙක් මනුෂ්‍යයෝනියෙන් චුත වූවාහු නරකයෙහි උපදිත්ද මේ සත්වයෝම ඉතා බොහෝ වෙත්. තිරිසන් යෝනියෙහි උපදිත්ද, ප්‍රෙත විෂය (ලොක) යෙහි උපදිත්ද, ඒ සත්වයෝම බොහෝ වෙත්.”

AN 01-16-04-19 දෙව මනුස්සුප්පති සූත්‍රය

“මහණෙනි, එපරිද්දෙන්ම යම්සත්වකෙනෙක් දෙවලෝකයෙන් චුතවූවාහු මනුෂ්‍ය විෂයෙහි උපදිත්ද ඒ සත්වයෝ ස්වල්පවෙත්. එසේ නමුත් යම් සත්වකෙනෙක් දෙව ලෝකයෙන් චුතවූවාහු නරකයෙහි උපදිත්ද ඒ සත්වයෝ ඉතා බොහෝවෙත්. තිරිසන් යෝනියෙහි උපදිත්ද, ප්‍රෙතවිෂයෙහි උපදිත්ද ඒ සත්වයෝම බොහෝ වෙත්.”

AN 01-16-04-20 නිරය මනුස්සුප්පති සූත්‍රය

“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් නරකයෙන් චුතවූවාහු මනුෂ්‍ය ලෝකයෙහි උපදිත්ද, ඒ සත්වයෝ ස්වල්පවෙත්. එසේ නමුත් යම් සත්වකෙනෙක් නරකයෙන් චුතවූවාහු නරකයෙහිම උපදිත්ද, ඒ සත්වයෝ බොහෝවෙත්. තිරිසන්යොනියෙහි උපදිත්ද ප්‍රෙත විෂයෙහි උපදිත්ද ඒ සත්වයෝම බොහෝ වෙත්.”

AN 01-16-04-21 නිරයදෙවුප්පත්ති සූත්‍රය

“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් නරකයෙන් චුතවූවාහු දෙවලෝකයෙහි උපදිත්ද ඒ සත්වයෝ ස්වල්පවෙත්. එසේ නමුත් යම් සත්වකෙනෙක් නරකයෙන් චුතවූවාහු නරකයෙහිම උපදිත්ද ඒ සත්වයෝ ඉතා බොහෝවෙත්. තිරිසන් යොනියෙහි උපදිත්ද ප්‍රෙත විෂයෙහි උපදිත්ද, ඒ සත්වයෝම බොහෝ වෙත්.”

AN 01-16-04-22 තිරච්ඡාන මනුස්සුප්පත්ති සූත්‍රය

“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් තිරිසන් යොනියෙන් චුතවූවාහු මනුෂ්‍යලෝකයෙහි උපදිත්ද, ඒ සත්වයෝ ස්වල්පවූවාහු වෙත්. එසේ නමුත් යම් සත්වකෙනෙක් තිරිසන් යොනියෙන් චුතවූවාහු නරකයෙහිම උපදිත්ද ඒ සත්වයෝ බොහෝවෙත්. තිරිසන් යෝනියෙහි උපදිත්ද ප්‍රෙත විෂයෙහි උපදිත්ද ඒ සත්වයෝම බොහෝ වෙත්.”

AN 01-16-04-23 තිරච්ඡාන දෙවුප්පත්ති සූත්‍රය

“මහණෙනි, එසේම යම් සත්වකෙනෙක් තිරිසන් යෝනියෙන් චුතවූවාහු දෙවලෝකයෙහි උපදිත්ද ඒ සත්වයෝ ස්වල්ප වෙත්. එහෙත් තිරිසන් යෝනියෙන් සැව නිරයෙහි යම් සත්වකෙනෙක් උපදිත්ද තිරිසන් යෝනියෙහි උපදිත්ද ප්‍රෙත ලෝකයෙහි උපදිත්ද ඔවුහුම බොහෝ වෙත්.”

AN 01-16-04-24 පෙතමනුස්සුප්පත්ති සූත්‍රය

“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් ප්‍රෙත විෂයෙන් චුතවූවාහු මනුෂ්‍ය ලෝකයෙහි උපදිත්ද’ ඒ සත්වයෝ ස්වල්පවූවාහු වෙත්. එසේ නමුත් යම් සත්වකෙනෙක් ප්‍රෙතවිෂයෙන් චුතවූවාහු නරකයෙහි උපදිත්ද, තිරිසන් යොනියෙහි උපදිත්ද, ප්‍රෙත විෂයෙහි උපදිත්ද, ඒ සත්වයෝම බොහෝ වෙත්.”

AN 05-21 කිම්බිල වග්ගය

AN 05-21-01. කිම්බිල සූත්‍රය
AN 05-21-02. ධම්මස්සවනසුත්තං
AN 05-21-03. අස්සාජානීයසුත්තං
AN 05-21-04. බල සුත්‍රය
AN 05-21-05. චෙතොඛිල සුත්ත
AN 05-21-06. විනිබන්ධ සුත්ත
AN 05-21-07. යාගු සුත්‍රය
AN 05-21-08. දන්ත කට්ඨ සුත්‍රය
AN 05-21-09. ගීතස්සර සුත්‍රය
AN 05-21-10. මුට්ඨස්සති සුත්ත
AN 05-21-01- කිම්බිල සුත්‍රය
පුජ්‍ය බුළුමුල්ලේ සුමනරතන හිමි කල සුත්‍ර විවරණය

1 .එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ කිම්බිලා නම් නුවර මිදෙල්ල වනයෙහි වාසය කරණ සේක. එකල්හි ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන්, භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පස්ව හිඳ මෙසේ ඇසීය.
“ස්වාමීනි, තථාගතයන් පිරිනිවි කල්හි, සද්‍ධර්‍මය බොහෝකල් නොපවතින්නේ කුමන හේතු නිසාද? 1210

[1210: අටුවාව සඳහන් කරන පරිදි මේ ආයුෂ්මත් කිම්බිල භික්ෂුව කසසප බුදු සසුනෙහි අන්තිම කාලයෙහි ඒ සාසනය නැතිවන්නට ආසන්න කාලෙයෙහි මහනව හුන් බවත්, පෙර දක්නා ඥානය ලබා ඒ සසුන එසේ නැතිව යාමට හේතු අප භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසු බවත්ය. කෙසේ වෙතත් මේ පිළිතුර සියලු බුද්ධ සාසනවල පිරිහීමට හේතුවන පොදු හේතු ලෙස ගැනීම වටී.]

“කිම්බිලය, තථාගතයන් පිරිනිවි කල්හි,
(i) .භික්‍ෂූහුද, භික්‍ෂුණීහුද, උපාසකයෝද, උපාසිකාවෝද තම ශාස්තෲන් කෙරෙහි වූ ගෞරව නැත්තෝ වෙත්ද, ශ්‍රද්ධාව නැත්තාහු වෙත්ද,
(ii) .ධර්‍මය කෙරෙහි ගෞරව නැත්තෝ වෙත්ද, ශ්‍රද්ධාව නැත්තාහු වෙත්ද,,
(iii) .සංඝයා කෙරෙහි ගෞරව නැත්තෝ වෙත්ද, ශ්‍රද්ධාව නැත්තාහු වෙත්ද,,
(iv) ප්‍රතිපදාව නොහොත් ශික්‍ෂාව කෙරෙහි ගෞරව නැත්තෝ වෙත්ද, ශ්‍රද්ධාව නැත්තාහු වෙත්ද,,
(v) . සබ්‍රහමචාරින් කෙරෙහි ගෞරව නැත්තෝ වෙත්ද, ශ්‍රද්ධාව නැත්තාහු වෙත්ද,
කිම්බිලය, තථාගතයන් පිරිනිවි කල්හි සද්‍ධර්‍මය බොහෝකල් නොපැවැත්ම පිණිස මේ හේතු වේ. මේ ඊට ප්‍රත්‍යය වේ” යයි වදාළ සේක.

“ස්වාමීනි, තථාගතයන් පිරිනිවි කල්හි සද්‍ධර්‍මය බොහෝකල් පැවැත්ම පිණිස හේතු කවරේද? ප්‍රත්‍ය කවරේද?”

“කිම්බිලය, මේ ශාසනයෙහි තථාගතයන් පිරිනිවි කල්හි භික්‍ෂූහුද, භික්‍ෂුණීහුද, උපාසකයෝද, උපාසිකාවෝද
(i). ශාස්තෲන් කෙරෙහි ගෞරව සහිතව, ශ්‍රද්ධාවෙන් යුක්තව වාසය කෙරෙද්ද,
(ii). ධර්‍මය කෙරෙහි ගෞරව සහිතව, ශ්‍රද්ධාවෙන් යුක්තව වාසය කෙරෙද්ද,
(iii). සංඝයා කෙරෙහි ගෞරව සහිතව, ශ්‍රද්ධාවෙන් යුක්තව වාසය කෙරෙද්ද,
(iv). ශික්‍ෂාව කෙරෙහි ගෞරව සහිතව, ශ්‍රද්ධාවෙන් යුක්තව වාසය කෙරෙද්ද,
(v). සබ්‍රහ්මචාරීන් කෙරෙහි ගෞරව සහිතව, ශ්‍රද්ධාවෙන් යුක්තව වාසය කෙරෙද්ද,

කිම්බිලය, තථාගතයන් පිරිනිවි කල්හි සද්‍ධර්‍මය බොහෝකල් පවතින්නට මෙය හේතු වේ. මෙය ප්‍රත්‍යය වේය” යි වදාළ සේක.

AN 05-21-02 . ධම්ම සවණානිසංස සූත්‍රය

“මහණෙනි, ධර්ම ශ්‍රවණයෙහි ආනිශංස පසක් වෙත්.
“කවර පසක්ද යත්?

  • නොඅසන ලද ධර්මයන් අසන්නට ලැබෙයි.
  • අසන ලද ධර්මයන් පිරිසිදු කෙරෙයි.
  • තමනට වූ සැකයන් දුරු කෙරෙයි.
  • තමන්ගේ දෘෂ්ටිය ඎජු වෙයි.
  • තම සිත මනාව පහදියි

යන පසයි.

“මහණෙනි, ධර්ම ශ්‍රවණයෙහි මේ ආනිශංස පස වෙත්.

AN 05-21-03. අස්සාජානීය සූත්‍රය-

§ 1. “මහණෙනි, ගුණ යුක්තවූ රජුගේ සොඳුරුවූ ආජානීය අශ්වයා රජුන්ට සුදුසුවේ. රජුන්ගේ පරිභෝගයට සුදුසු වේ. රජහුගේ අඞ්ගයකැයි කීමට සුදුසු සංඛ්‍යාවට පැමිණේ.

§2. “කවර පසකින්ද යත්?
ඍාජු බැවින්ද,
ජවයෙන්ද,
මෘදු බැවින්ද,
ඉවසීමෙන්ද,
කීකරු බැවින්ද
යන පසිනි.

“මහණෙනි, අඞ්ග පසකින් යුක්තවූ සොඳුරුවූ ආජානීය අශ්වයා රජුන්ට සුදුසුවේ. රජුන්ගේ පරිභෝගයට සුදුසු වේ. රජහුගේ අඞ්ගයකැයි කිය හැකි සංඛ්‍යාවට පැමිණේ.

§2 . “මහණෙනි, මෙපරිද්දෙන්ම ධර්ම පසකින් යුක්තවූ භික්‍ෂුව
[ආහුනෙය්යෝ පාහුනේය්යෝ, අන්ජලි කරනියෝ, අනුත්තරන්, පුඥක්ඛෙත්තන්]
පූජාවට සුදුසු වේ. දුර සිට ගෙනෙන ලද සත්කාරයට සුදුසු වේ. දක්‍ෂිණාවට සුදුසු වේ. ඇඳිළි බැඳ වන්දනා කිරීමට සුදුසු වේ. ලෝකයාගේ නිරුත්තරවූ පුණ්‍යක්‍ෂෙත්‍රය වේ.

§3. “කවර පසකින්ද යත්,
ඎජු භාවයෙන්ද,
ඥාන ජවයෙන්ද,
මෘදු භාවයෙන්ද,
ඉවසීමෙන්ද,
පවිත්‍ර භාවයෙන්ද
යන පසිනි.

“මහණෙනි, මෙපරිද්දෙන් දැක්වූ ධර්ම පසින් යුක්තවූ භික්‍ෂුව පූජාවට සුදුසු වේ. දුර සිට ගෙනෙන ලද සත්කාරයට සුදුසු වේ. දක්‍ෂිණාවට සුදුසු වේ. ඇඳිළි බැඳ වන්දනා කිරීමට සුදුසු වේ. ලෝකයාගේ නිරුත්තරවූ පුණ්‍යක්‍ෂෙත්‍රය වේ.

AN 05-21-04. පඤ්චබල සූත්‍රය

§ 1. “මහණෙනි, බල පසක් වෙත්.

“කවර පසක්ද යත්?
ශ්‍රද්‍ධා බලය,
හිරි බලය,
ඔත්තප්ප බලය,
වීර්‍ය්‍ය බලය,
ප්‍රඥා බලය යන පසයි.

මහණෙනි, මේ වනාහි බල පස වෙත්ය” යි වදාළ සේක .

AN 05-21-05. චෙතොඛිල1712 සූත්‍රය-

[1712:- චෙතොඛිල යනු සිතෙහි මුඩු බව, තද බව, කිසිවක් රඳා නොසිටින බව ලෙස සැලකේ. චිත්තස්ස තදබ්භව කචවරභාව කානුකභාව ]

§1 “මහණෙනි, සිතේ තද ගති පසක් වෙත්.
“කවර පසක්ද යත්?
මහණෙනි, භික්ෂුවක්

(i). ශාස්තෲන්ගේ බුද්ධත්වය කෙරෙහි සැක කරයි.
(ii). සොයමින් වෙහෙසෙයි. අදහසට නොපැමිණෙයි. නොපහදියි.

§2 “මහණෙනි,
භික්‍ෂුව ශාස්තෲන් කෙරෙහි සැක කරයි නම්.
ඒ ශාස්තුන් දේශනා කල ධර්මයද සැක කරයි නම් .
එසේ සංඝයා ගැනද සැක කරයි නම්,
ඒ ප්‍රතිපදාව ද විශ්වාස නොකරයි නම්,
ඒ ප්‍රතිපත්ති පුරන සබ්‍රහ්මචාරින් කෙරෙහි නොපැහැදෙයි නම්, .

එසේ ශ්‍රද්ධාවෙන් තොර වූ කල ඔහු ඒ ප්‍රතිපදාවේ නොයෙදෙයි. යෙදීමට වෙර නොවඩයි.

එසේම, සොයමින් වෙහෙසෙයි.
අදහසට නොපැමිණෙයි.
නොපහදියි.
ඔහුගේ සිත කෙළෙස් තැවීම පිණිස, නැවත නැවත යෙදීම පිණිස, සතතයෙන් කිරීම පිණිස, වීර්‍ය්‍ය කිරීම පිණිස නොනැමෙයි.

§3 “යමෙකුගේ සිත නොනැමේද, මේ පළමුවන චෙතොඛීලය හෙවත් සිතේ තද බව වේ.

§4 “මහණෙනි, නැවත අනිකක්ද කියමි.
භික්‍ෂු තෙම ධර්‍මයෙහි සැක කරයි. සොයමින් වෙහෙසෙයි. අදහසට නොපැමිණෙයි. නොපහදියි. සංඝයා කෙරෙහි සැක කරයි. සොයමින් වෙහෙසෙයි. අදහසට නොපැමිණෙයි. නොපහදියි. ශික්‍ෂාව කෙරෙහි සැක කරයි. සොයමින් වෙහෙසෙයි. අදහසට නොපැමිණෙයි. නොපහදියි.

සබ්‍රම්සරුන් කෙරෙහි කිපියේ, නොසතුටු සිත් ඇත්තේ, ගැටුනාවූ සිත් ඇත්තේ, හටගත් තද බැව් ඇත්තේ වේ. මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් තෙම සබ්‍රම්සරුන් කෙරෙහි කිපුනේ, නොසතුටු සිත් ඇත්තේ, ගැටුනු සිත් ඇත්තේ, හටගත් තද බැව් ඇත්තේ වේද. ඔහුගේ සිත කෙළෙස් තැවීම පිණිස, නැවත නැවත යෙදීම පිණිස, සතතයෙන් කිරීම පිණිස, වීර්‍ය්‍ය කිරීම පිණිස නොනැමෙයි. යමෙකුගේ සිත කෙළෙස් තැවීම පිණිස, නැවත නැවත යෙදීම පිණිස, සතතයෙන් කිරීම පිණිස, වීර්‍ය්‍යය කිරීම පිණිස නොනැමේද, මේ පස්වන චෙතොඛීලය හෙවත් සිතේ තද බව වේ. මහණෙනි, මේ සිතේ තද බැව් පසක් වෙත්.

AN 05-21-06. විනිබන්‍ධ සූත්‍රය

§1. “මහණෙනි, මේ සිතේ බැඳ ගැණීම් පසක් වෙත්.

“කවර පසක්ද යත්?
මහණෙනි, භික්‍ෂුවක්
(i). කාම අරමුනු වලට ඇති කැමැත්ත පහ නොකළේද,.
(ii). කාම අරමුනු වලට ආලය ඇත්තේද,
(iii). කාම අරමුනු වලට ඇති ප්‍රේමය නොහලේද ,
(iv). කාම පිපාසය ඇත්තේද ,
(v). පහව නොගිය පරිඩාහ ඇත්තේ. පහව නොගිය තෘෂ්ණා ඇත්තේ වේ.

§2. “මහණෙනි, යම් භික්‍ෂුවක් එසේ කාමයන්හි පහව නොගිය රාග ඇත්තේ, පහව නොගිය ආසා ඇත්තේ, පහව නොගිය ප්‍රේම ඇත්තේ, පහව නොගිය පිපාසා ඇත්තේ, පහව නොගිය පරිඩාහ ඇත්තේ, පහව නොගිය තෘෂණා ඇත්තේ වේද. ඔහුගේ සිත කෙළෙස් තැවීම පිණිස. නැවත නැවත යෙදීම පිණිස සතතයෙන් කිරීම පිණිස, වීර්‍ය්‍යය කිරීම පිණිස නොනැමෙයි. මේ පළමුවන සිතේ බැඳ ගැනීම වේ.

§2. “මහණෙනි, නැවත අනිකක්ද කියමි.
භික්‍ෂුවක් කයෙහි පහව නොගිය රාග ඇත්තේ, පහව නොගිය ආසා ඇත්තේ, පහව නොගිය ප්‍රේම ඇත්තේ, පහව නොගිය පිපාසා ඇත්තේ, පහව නොගිය පරිඩාහ ඇත්තේ, පහව නොගිය තෘෂණා ඇත්තේ වේද. ඔහුගේ සිත කෙළෙස් තැවීම පිණිස. නැවත නැවත යෙදීම පිණිස සතතයෙන් කිරීම පිණිස, වීර්‍ය්‍යය කිරීම පිණිස නොනැමෙයි.

රූපයෙහි පහව නොගිය රාග ඇත්තේ, පහව නොගිය ආසා ඇත්තේ, පහව නොගිය ප්‍රේම ඇත්තේ, පහව නොගිය පිපාසා ඇත්තේ, පහව නොගිය පරිඩාහ ඇත්තේ, පහව නොගිය තෘෂණා ඇත්තේ වේද. ඔහුගේ සිත කෙළෙස් තැවීම පිණිස. නැවත නැවත යෙදීම පිණිස සතතයෙන් කිරීම පිණිස, වීර්‍ය්‍යය කිරීම පිණිස නොනැමෙයි.

කැමතිතාක් බඩ පිරෙනා තෙක් වළඳා ශයන සැපයෙහි, ස්පර්‍ශ සැපයෙහි, නිද්‍රා සැපයෙහි යෙදී වාසය කෙරෙයිද. හෙතෙම එක්තරා දිව්‍ය නිකායක් ප්‍රාර්ත්‍ථනා කොට ‘මම මේ ශීලයෙන් හෝ, වෘත්තයෙන් හෝ, තපසින් හෝ, බ්‍රහ්මචර්‍ය්‍යාවෙන් හෝ දෙවියෙක් වන්නෙමි. දෙවියන් අතර පහල වන්නෙමි’ යි එක්තරා දිව්‍ය නිකායක් ප්‍රාර්ත්‍ථනාකොට බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙයි.

§ 3. “මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් තෙම ‘මම මේ ශීලයෙන් හෝ, වෘත්තයෙන් හෝ, තපසින් හෝ, බ්‍රහ්මචර්‍ය්‍යාවෙන් හෝ දෙවියෙක් හෝ වන්නෙමි. දෙවියන්ගෙන් එක්තරා කෙනෙක් හෝ වන්නෙමි’ යි එක්තරා දිව්‍ය නිකායක් ප්‍රාර්ත්‍ථනාකොට බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙයි. ඔහුගේ සිත කෙළෙස් තැවීම පිණිස, නැවත නැවත යෙදීම පිණිස. වීර්‍ය්‍ය කිරීම පිණිස නොනැමෙයි.

§ 4. “යමෙකුගේ සිත කෙළෙස් තැවීම පිණිස, නැවත නැවත යෙදීම පිණිස. වීර්‍ය්‍ය කිරීම පිණිස නොනැමේද, මේ තෙම පස්වන සිතෙහි බැඳගැනීම වේ. මහණෙනි, මේ සිතේ බැඳ ගැණීම් පසක් වෙත්.

AN 05-21-07. යාගුදානානිසංස සූත්‍රය.

§ 1. මහණෙනි, මේ කැඳෙහි අනුසස් පසක් වෙත්.
කවර පසක්ද යත්?

බඩගින්න නසයි.
පිපාසය දුරු කෙරයි.
වාතය අනුලොම් කරයි.
වස්තිය පිරිසිදු කෙරෙයි.
අමුව ඉතිරි දෙය පැසවයි.
යන පසයි.

මහණෙනි, මේ පස වනාහි කැඳෙහි අනුසස් වෙත්ය” යි වදාළ සේක.

AN 05-21-08. දන්ත කට්ඨානිසංස සූත්‍රය

§ 1. “මහණෙනි, දැහැටි දඬු නොවැළඳීමෙහි (දත් නොමැදීමේ) දෝෂ පසක් වෙත්.
“කවර පසක්ද යත්?

ඇස්වලට අහිතවේ.
මුඛය දුර්ගන්‍ධවේ.
රස නහර නොපිනවත්.
පිතද සෙමද බත වැළඳ ගනිත්.
බත මොහුට නොකැමැතිවේ
යන පසයි.

මහණෙනි, දැහැටි දඬු නොවැළඳීමෙහි (දත් නොමැදීමේ) මේ දෝෂ පසක් වෙත්.

“මහණෙනි, දැහැටි දඬු වැළඳීමෙහි (දත් මැදීමේ) මේ අනුසස් පසක් වෙත්.

“කවර පසක්ද යත්?
ඇස්වලට හිතවේ.
මුඛය දුර්ගන්‍ධ නොවේ.
රස නහර පිනවත්.
පිතද සෙමද බත නොවැළඳ ගනිත්.
බත මොහුට රුචිවේ
යන පසයි.

මහණෙනි, දැහැටි දඬු වැළඳීමෙහි මේ අනුසස් පස වෙත්.

AN 05-21-09. ගීතස්සර සූත්‍රය

§1 “මහණෙනි,
දික්වූ ගීතිකා ස්වරයෙන් බණ කියන්නහුගේ මේ දෝෂ පසක් වෙත්.

“තවර පසක්ද යත්?
තෙමේද ඒ ස්වරයෙහි ඇලෙයි.
අන්‍යයෝද ඒ ස්වරයෙහි අලවත්.
ගෘහපතීහුද, ‘යම් පරිද්දකින්ම අපි ගායනා කරමුද, එපරිද්දෙන්ම මේ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ ගායනා කෙරෙත්ය’ යි හෙළා දකිත්.
හඬනගා කීමද කැමතිවන්නහුගේ සමාධිය භංග වේ.
පශ්චිම ජනතාව දෘෂ්ටානුගතියට පැමිණේ
යන පසයි.

“මහණෙනි, දික්වූ ගීතිකා ස්වරයෙන් බණ කියන්නහුගේ මේ දෝෂ පසක් වෙත්.

AN 05-21-10. නිද්දොක්කමන සූත්‍රය

§ 1. “මහණෙනි, සතියෙන් තොරව , සම්පජන්ඥය නොහොත් මනා දැනීම නැතිව නින්දට යන්නහුට මේ දෝෂ පසක් වෙත්.

“කවර පසක්ද යත්?
දුකසේ නිදයි.
දුකසේ පිබිදෙයි.
ලාමකවූ සිහින දකියි.
දෙවියෝ නොරකිත්.
ස්වප්න මෝචනය සිදු වේ,
යන පසයි.

“මහණෙනි, සතියෙන් තොරව , සම්පජන්ඥය නැතිව නින්දට බැසගන්නහුගේ මේ දෝෂ පසක් වෙත්.

§ 2.-“මහණෙනි, එළඹ සිටි සතිය ඇතිව, මනා දැනුම් ඇතිව නින්දට බැසගන්නහුගේ මේ අනුසස් පසක් වෙත්.

“කවර පසක්ද යත්?
සුවසේ නිදයි.
සුවසේ පිබිදෙයි.
ලාමකවූ සිහින නොදකියි.
දෙවියෝ රකිත්.
අශූචි මෝචනය නොවේ,
යන පසයි.

“මහණෙනි, එළඹ සිටි සතිය ඇතිව, මනා දැනුම් ඇතිව නින්දට යන්නහු මේ අනුසස් පස ලබත්.

SN 02-01-02. ආහාර වර්ගය

SN 02-01-02-
01. ආහාර සූත්‍රය

අති පුජ්‍ය පියදස්සි හිමියන් කල පුත්තමාංශ සුත්‍ර විවරණය කලින් අසන්න
ගිහි දේශකයෙක් කල සුත්‍ර විවරණය ඉහත රුපය හා සබැඳේ

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

§ 2. මහණෙනි, උපන් සත්වයන්ගේ පැවැත්ම පිණිසද, උපදිමින් සිටින සත්වයින්ට උපකාරය පිණිසද පවත්නාවූ ආහාර හේතු සතරක් වෙත්.
ඒ ආහාර සතර කවරහුද?

මහත්වූ හෝ ඉතා කුඩාවූ හෝ කබලිංකාර ආහාරය (පිඬුකොට වළඳන ආහාරය) ද
දෙවැනිවූ එස්සාහාරයද,
තුන්වැනිවූ මනො සංචෙතනාහාරයද
සතරවැනිවූ විඤ්ඤාණාහාරයද යන මේවා යි.

මහණෙනි, උපන් සත්වයින්ගේ පැවැත්ම පිණිසද, උපදිමින් සිටින්නාවූ සත්වයන්ට උපකාරය පිණිසද මේ සතර ආහාරයෝ පවතිත්.

§ 3. “මහණෙනි මේ සතර ආහාරයෝ කුමක් මුල්කොට ඇත්තාහුද?
කුමක් හේතුකොට ඇත්තාහුද?
කුමක් උප්පත්තිකොට ඇත්තාහුද?
කුමක් ප්‍රභවකොට ඇත්තාහුද?

මේ සතර ආහාරයෝ තණ්හාව මුල්කොට ඇත්තාහ.
තණ්හාව හේතුකොට ඇත්තාහ.
තණ්හාව උප්පත්තිකොට ඇත්තාහ.
තණ්හාව ප්‍රභවකොට ඇත්තාහ.

“මහණෙනි, මේ තණ්හාව කුමක් මුල්කොට ඇත්තේද?
කුමක් හේතුකොට ඇත්තේද?
කුමක් උප්පත්ති කොට ඇත්තේද?
කුමක් ප්‍රභවකොට ඇත්තේද?

තණ්හාව වේදනාව මුල්කොට ඇත්තේය.
වේදනාව හේතුකොට ඇත්තේය.
වේදනාව උප්පත්තිකොට ඇත්තේය.
වේදනාව ප්‍රභවකොට ඇත්තේය.

“මහණෙනි, මේ වේදනාව කුමක් මුල්කොට ඇත්තේද?
කුමක් හේතුකොට ඇත්තේද?
කුමක් උප්පත්ති කොට ඇත්තේද?
කුමක් ප්‍රභවකොට ඇත්තේද?

වේදනාව ස්පර්ශය මුල්කොට ඇත්තේය.
ස්පර්ශය හේතුකොට ඇත්තේය.
ස්පර්ශය උප්පත්තිකොට ඇත්තේය.
ස්පර්ශය ප්‍රභවකොට ඇත්තේය.

“මහණෙනි, මේ ස්පර්ශය කුමක් මුල්කොට ඇත්තේද?
කුමක් හේතුකොට ඇත්තේද?
කුමක් උප්පත්ති කොට ඇත්තේද?
කුමක් ප්‍රභවකොට ඇත්තේද?

ස්පර්ශය සළායතනයන් මුල්කොට ඇත්තේය
.
සළායතන හේතුකොට ඇත්තේය.
සළායතන උප්පත්තිකොට ඇත්තේය.
සළායතන ප්‍රභවකොට ඇත්තේය.

“මහණෙනි, මේ සළායතන කුමක් මුල් කොට ඇත්තේද?
කුමක් හේතුකොට ඇත්තේද?
කුමක් උප්පත්තිකොට ඇත්තේද?
කුමක් ප්‍රභවකොට ඇත්තේද?

සළායතනයන් නාම රූප මුල්කොට ඇත්තේය.
නාම-රූප හේතුකොට ඇත්තේය.
නාම-රූප උප්පත්තිකොට ඇත්තේය.
නාම-රූප ප්‍රභවකොට ඇත්තේය.

“මහණෙනි මේ නාම-රූප කුමක් හේතු කොට ඇත්තේද?
කුමක් උප්පත්තිකොට ඇත්තේද?
කුමක් ප්‍රභවකොට ඇත්තේද?

නාම-රූප විඤ්ඤාණය මුල්කොට ඇත්තේය.
විඤ්ඤාණය හේතුකොට ඇත්තේය.
විඤ්ඤාණය උප්පත්තිකොට ඇත්තේය
විඤ්ඤාණය ප්‍රභවකොට ඇත්තේය.

“මහණෙනි, මේ විඤ්ඤාණය කුමක් මුල් කොට ඇත්තේද?
කුමක් හේතුකොට ඇත්තේද?
කුමක් උප්පත්තිකොට ඇත්තේද?
කුමක් ප්‍රභවකොට ඇත්තේද?

විඤ්ඤාණය සංස්කාර මුල්කොට ඇත්තේය.
සංස්කාර හේතුකොට ඇත්තේය.
සංස්කාර උප්පත්තිකොට ඇත්තේය.
සංස්කාර ප්‍රභවකොට ඇත්තේය.

“මහණෙනි, මේ සංස්කාර කුමක් මුල්කොට ඇත්තේද?
කුමක් හේතුකොට ඇත්තේද?
කුමක් උප්පත්ති කොට ඇත්තේද?
කුමක් ප්‍රභවකොට ඇත්තේද?

සංස්කාර අවිද්‍යාව මුල්කොට ඇත්තේය.
අවිද්‍යාව හේතුකොට ඇත්තේය.
අවිද්‍යාව උප්පත්තිකොට ඇත්තේය.
අවිද්‍යාව ප්‍රභවකොට ඇත්තේය.

§ 4. “මහණෙනි,
මෙසේ අවිද්‍යාව නිසා සංස්කාරයෝ ඇතිවෙත්.
සංස්කාරයන් නිසා විඤ්ඤාණය ඇතිවේ.
විඤ්ඤාණය නිසා නාම-රූප ඇතිවේ.
නාම-රූප නිසා සළායතන ඇතිවේ.
සළායතන නිසා ස්පර්ශය ඇතිවේ.
ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ.
වේදනාව නිසා තණ්හාව ඇතිවේ.
තණ්හාව නිසා උපාදානය ඇතිවේ.
උපාදානය නිසා භවය ඇතිවේ.
භවය නිසා (ජාතිය) ඉපදීම ඇතිවේ.
ඉපදීම (ජාතිය) නිසා ජරා, මරණද, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් ඇතිවෙත්.

මෙසේ මේ සියලු දුක් සමූහයාගේ ඇතිවීම වෙයි.

§ 5. “අවිද්‍යාව මුළුමනින් නැතිවීමෙන් සංස්කාරයන්ගේ නැතිවීම වේ.
සංස්කාරයන් මුළුමනින් නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවේ.
විඤ්ඤාණය නැතිවීමෙන් නාමරූප නැතිවෙයි.
නැමරූප නැතිවීමෙන් සළායතන නැතිවෙයි.
සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි.
ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවෙයි.
වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි.
තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි.
උපාදානය නැතිවීමෙන් භවය නැතිවෙයි.
භවය නැතිවීමෙන් ජාතිය (උප්පත්තිය) නැතිවෙයි.
ජාතිය (උප්පත්තිය) නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්.

මෙසේ මේ සියලු දුක් සමූහයාගේ නැතිවීම වෙයි.

(පළමුවන ආහාර සූත්‍රය නිමි.)

SN 02-01-02-
02. මෝලිය ඵග්ගුන සූත්‍රය

පුජ්‍ය සියඹලාපිටියේ බුද්ධරක්ඛිත හිමි කල සුත්‍ර විවරණය

§ 1. මා විසින් මෙසේ අසනලදී.
එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණසේක. එහිදී දිනක් භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

§ 2. “මහණෙනි, උපන් සත්වයින්ගේ පැවැත්ම පිණිසද, උපදිමින් සිටින සත්වයින්ට උපකාර පිණිසද, පවත්නාවූ ආහාර (හේතු) සතරක් වෙත්.
කවර සතරක්ද යත්?
මහත්වූ හෝ සියුම්වූ හෝ කබලිංකාර ආහාරය,
දෙවැනිවූ ස්පර්ශාහාරය,
තුන්වැනිවූ මනොසංචෙතනාහාරය,
සතරවැනිවූ විඤ්ඤාණාහාරය යන මොහුයි.

මහණෙනි, උපන් සත්වයින්ගේ පැවැත්ම පිණිසද, උපදිමින් සිටින්නාවූ සත්වයින්ට උපකාරය පිණිසද මේ සතර ආහාරයෝ පවතිත්.

§ 3. මෙසේ වදාළ කල්හි, ආයුෂ්මත් “මෝළිය ඵග්ගුන” නම් භික්ෂුව, භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ ඇසීය.
“ස්වාමීනි, කවරෙක් විඤ්ඤාණය ආහාරය අනුභව කෙරේද?” කියායි.

භාග්‍යවතුන් වහන්සේ “ඒ ප්‍රශ්නය නුසුදුසුය”යි වදාළ සේක.
‘අනුභව කෙරේයයි මම නොකියමි.
ඉදින් මම අනුභව කෙරේයයි කියම් නම්, “ස්වාමීනි, කවරෙක් අනුභව කරන්නේද? යන ප්‍රශ්නය ඇසීම සුදුසුය. මම මෙසේ නොකියමි.

මෙසේ නොකියන්නාවූ, මගෙන් ‘ස්වාමීනි, විඤ්ඤාණ ආහාරය කුමකට උපකාර වේද?’ කියා යමෙක් අසයි නම්, එය සුදුසු ප්‍රශ්නයකි.
විඤ්ඤාණ ආහාරය සසර නැවත ඉපදීමට උපකාර වෙයි.
ඒ ඉපදීම ඇතිවූ කල්හි සළායතන ඇතිවෙයි.

සළායතනයන් නිසා ස්පර්ශය ඇතිවේය‘යි කියා එහිදී විසඳීම සුදුසුය.”

“ස්වාමීනි, කවරෙක් ස්පර්ශ කෙරේද?

“ඒ ප්‍රශ්නය නුසුදුසුයයි” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
‘ස්පර්ශය කෙරේයයි’ මම නොකියමි.
ඉදින් ‘ස්පර්ශය කෙරේයයි’ මම කියම් නම් එකල ‘ස්වාමීනි, කවරෙක් වනාහි ස්පර්ශය කෙරේද?’ යන ප්‍රශ්නය සුදුසුය. මම එසේ නොකියමි.
එසේ නොකියන්නාවූ මගෙන් ‘ස්වාමීනි, ස්පර්ශය කුමක් නිසා ඇතිවේද?’ කියා, යමෙක් අසයි නම් එය සුදුසු ප්‍රශ්නයකි.
සළායතනයන් නිසා ස්පර්ශය ඇති වෙයි.
ස්පර්ශය නිසා වේදනාව ඇතිවේය
“යි කියා එහිදී විසඳීම සුදුසුය.”

“ස්වාමීනි, කවරෙක් විඳීද?”

“ඒ ප්‍රශ්නය නුසුදුසුයයි” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
“විඳීයයි මම නොකියමි. ඉදින් මම විඳීයයි කියම් නම්, ‘ස්වාමීනි, කවරෙක් විසින් විඳීද?’ යන ප්‍රශ්නය ඇසීම සුදුසු වන්නේය.

එසේ මම නොකියමි. එසේ නොකියන්නාවූ මගෙන්
‘ස්වාමීනි කුමක් නිසා වේදනාව ඇතිවේද?’ කියා, යමෙක් අසයි නම්, මෙය සුදුසු ප්‍රශ්නයකි.
එහිදී ස්පර්ශය නිසා වේදනාව ඇතිවෙයි.
වේදනාව නිසා තණ්හාව ඇතිවේය
“යි කියා විසඳීම සුදුසුය.”

“ස්වාමීනි, කවරෙක් ආශා කරයිද?”

භාග්‍යවතුන් වහන්සේ ඒ ප්‍රශ්නය නුසුදුසුයයි වදාළ සේක
“මම ආශා කෙරේයයි නොකියමි.
ඉදින් මම ආශා කෙරේයයි කියම් නම්, ‘ස්වාමීනි, කවරෙක් ආශා කෙරේද?’ යන ප්‍රශ්නය සුදුසු වන්නේය.
එසේ මම නොකියමි.

එසේ නොකියන්නාවූ මගෙන්
‘ස්වාමීනි, කුමක් නිසා ආශාව ඇතිවේද?” කියා අසයි නම් මෙය සුදුසු ප්‍රශ්නයකි.
එහිදී වේදනාව නිසා තණ්හාව (= කැමැත්ත = ආශාව) ඇතිවේ.
තණ්හාව නිසා උපාදානය (= දැඩිකොට අල්වාගැනීම) ඇති වේ
“යයි කියා විසඳීම සුදුසුය.”

“ස්වාමීනි, කවරෙක් උපාදාන (දැඩිකොට අල්වාගැනීම) කෙරෙත්ද?”

භාග්‍යවතුන් වහන්සේ ඒ ප්‍රශ්නය නුසුදුසුයයි වදාළ සේක.
“මම උපාදානය කෙරේයයි නොකියමි.
ඉදින් මම උපාදානය කෙරේයයි කියම් නම් ‘ස්වාමීනි, කවරෙක් උපාදානය කෙරේද?’ යන ප්‍රශ්නය එහිදී සුදුසු වන්නේය.

එසේ මම නොකියමි.
එසේ නොකියන්නාවූ මගෙන් ‘ස්වාමීනි, කුමක්නිසා උපාදානය ඇතිවේද?’ කියා යමෙක් අසයි නම්, මෙය සුදුසු ප්‍රශ්නයකි.

එහිදී තණ්හාව නිසා උපාදානය ඇතිවේ.
උපාදානය නිසා භවය ඇතිවේ.
භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවේ.
ජාතිය (ඉපදීම) නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝද ඇතිවෙත්.
මෙසේ මේ සියලු තනිකර දුක් සමූහය ඇතිවෙයි
.

§ 3. “ඵග්ගුනය, සවැදෑරුම් ස්පර්ශායතනයන්ගේ මුළුමනින් නැසීම වූ විට ස්පර්ශය නැතිවේ.
ස්පර්ශය නැතිවීම හේතුකොටගෙන වේදනාව නැතිවේ.
වේදනාව නැතිවීම හේතුකොටගෙන තණ්හාව නැතිවේ.
තණ්හාව නැතිවීම හේතුකොටගෙන උපාදානය නැතිවේ.
උපාදානය නැතිවීම හේතුකොටගෙන භවය නැතිවේ.
භවය නැතිවීම හේතුකොට ගෙන යලි ඉපදීම නැතිවේ.
ඉපදීම නැතිවීම හේතුකොටගෙන ජරාව, මරණය, ශෝකය. පරිදේව (හැඬීම) දුක්, දොම්නස් සහ උපායාසයෝ (තද ශෝක) නැතිවෙත්.
මෙසේ මේ සියලු දුක් සමූහය නැතිවෙයි.

(දෙවෙනි ඵග්ගුන සූත්‍රය නිමි.)

SN 02-01-02-
03. පළමු ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසනලදී.
එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවෙසෙති. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

§ 2. “මහණෙනි,
යම්කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක්, ජරාව සහ මරණය නොදනිත්ද,
ජරාමරණය ඇතිවීම නොදනිත්ද,
ජරාමරණය නැතිවීම නොදනිත්ද,
ජරා මරණය නැතිකරන මාර්ගය නොදනිත්ද,

ඉපදීම නොදනිත්ද,
ඉපදීම ඇතිවීම නොදනිත්ද,
ඉපදීම නැතිවීම නොදනිත්ද,
ඉපදීම නැතිකරන මාර්ගය නොදනිත්ද,

භවය නොදනිත්ද,
භවය ඇතිවීම නොදනිත්ද,
භවය නැතිවීම නොදනිත්ද,
භවය නැතිකරන මාර්ගය නොදනිත්ද,

උපාදානය (දැඩිව අල්ලාගැනීම) නොදනිත්ද,
උපාදානය (දැඩිව අල්ලා ගැනීම) ඇතිවීම නොදනිත්ද,
උපාදානය (දැඩිව අල්වාගැනීම) නැතිවීම නොදනිත්ද,
උපාදානය (දැඩිව අල්වාගැනීම) නැතිකරන මාර්ගය නොදනිත්ද,

තණ්හාව නොදනිත්ද,
තණ්හාව ඇතිවීම නොදනිත්ද,
තණ්හාව නැතිවීම නොදනිත්ද,
තණ්හාව නැති කරන මාර්ගය නොදනිත්ද,

වේදනාව නොදනිත්ද,
වේදනාව ඇතිවී නොදනිත්ද,
වේදනාව නැතිවීම නොදනිත්ද,
වේදනාව නැති කරන මාර්ගය නොදනිත්ද,

ස්පර්ශය නොදනිත්ද,
ස්පර්ශය ඇතිවීම නොදනිත්ද,
ස්පර්ශය නැතිවීම නොදනිත්ද,
ස්පර්ශය නැති කරන මාර්ගය නොදනිත්ද,

සළායතන (ෂඩ් ඉන්ද්‍රිය) නොදනිත්ද
සළායතන ඇතිවීම නොදනිත්ද,
සළායතන නැතිවීම නොදනිත්ද,
සළායතන නැතිකරන මාර්ගය නොදනිත්ද,

නාමය සහ රූපය නොදනිත්ද
නාමය සහ රූපය ඇතිවීම නොදනිත්ද,
නාමය සහ රූපය නැතිවීම නොදනිත්ද,

විඤ්ඤාණය නොදනිත්ද,
විඤ්ඤාණය ඇතිවීම නොදනිත්ද,
විඤ්ඤාණය නැතිවීම නොදනිත්ද,
විඤ්ඤාණය නැතිකරන මාර්ගය නොදනිත්ද,

සංස්කාරයන් නොදනිත්ද,
සංස්කාරයන් ඇතිවීම නොදනිත්ද,
සංස්කාරයන් නැතිවීම නොදනිත්ද,
සංස්කාරයන් නැතිකරන මාර්ගය නොදනිත්ද,

§ 3. මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් අතුරෙහි ශ්‍රමණ සම්මත හෝ බ්‍රාහ්මණයන් අතුරෙහි බ්‍රාහ්මණ සම්මත හෝ නොවෙති. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්‍රමණ බවේ ඵලය හෝ බ්‍රාහ්ණ බවේ ඵලය හෝ මේ ආත්මයෙහි තමන්ම දැන ප්‍රත්‍යක්ෂකොට ගන්නට අසමත් වෙත්.

මහණෙනි,
යම්කිසි මහණෙක් හෝ බමුණෙක් ජරාව සහ මරණය දනිත්ද,
ජරාමරණයන්ගේ ඇතිවීම දනිත්ද,
ජරා මරණය නැතිවීම දනිත්ද,
ජරාමරණය නැති කරන මාර්ගය දනිත්ද,

ඉපදීම දනිත්ද,
ඉපදීම ඇතිවීම දනිත්ද,
ඉපදීම නැතිවීම දනිත්ද,
ඉපදීම නැතිකරන මාර්ගය දනිත්ද,

භවය දනිත්ද,
භවය ඇතිවීම දනිත්ද,
භවය නැතිවීම දනිත්ද,
භවය නැතිකරන මාර්ගය දනිත්ද,

උපාදානය (දැඩිව අල්ලා ගැනීම) දනිත්ද,
උපාදානය ඇතිවීම දනිත්ද,
උපාදානය නැතිවීම දනිත්ද,
උපාදානය නැතිකරන මාර්ගය දනිත්ද,

තණ්හාව දනිත්ද?
තණ්හාව ඇතිවීම දනිත්ද,
තණ්හාව නැතිවීම දනිත්ද,
තණ්හාව නැති කරන මාර්ගය දනිත්ද,

වේදනාව දනිත්ද,
වේදනාව ඇතිවීම දනිත්ද,
වේදනාව නැති වීම දනිත්ද,
වේදනාව නැතිකරන මාර්ගය දනිත්ද,

ස්පර්ශය දනිත්ද,
ස්පර්ශය ඇතිවීම දනිත්ද,
ස්පර්ශය නැතිවීම දනිත්ද,
ස්පර්ශය නැතිකරන මාර්ගය දනිත්ද,

සළායතනයන් (ෂඩ් ඉන්ද්‍රියන්) දනිත්ද,
සළායතනයන් ඇතිවීම දනිත්ද,
සළායතනයන් නැතිවීම දනිත්ද,
සළායතනයන් නැති කරන මාර්ගය දනිත්ද,

නාමරූපයන් දනිත්ද,
නාමරූපයන් ඇතිවීම දනිත්ද,
නාමරූපයන් නැතිවීම දනිත්ද,
නාමරූපයන් නැති කරන මාර්ගය දනිත්ද,

විඤ්ඤාණය දනිත්ද,
විඤ්ඤාණය ඇතිවීම දනිත්ද,
විඤ්ඤාණය නැතිවීම දනිත්ද,
විඤ්ඤාණය නැතිකරන මාර්ගය දනිත්ද,

සංස්කාරයන් දනිත්ද,
සංස්කාරයන් ඇතිවීම දනිත්ද,
සංස්කාරයන් නැතිවීම දනිත්ද,
සංස්කාරයන් නැතිකරන මාර්ගය දනිත්ද,

මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් අතුරෙහි ශ්‍රමණ සම්මතද, බ්‍රාහ්මණයන් අතුරෙහි බ්‍රාහ්මණ සම්මතද වෙති. ඒ ආයුෂ්මත්හු ශ්‍රමණ භාවයේ ඵලයද, බ්‍රාහ්මණ භාවයේ ඵලයද මේ ආත්මයෙහිම තෙමේම දැන, ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කෙරෙත්.

(ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය නිමි.)

SN 02-01-02-
04. දෙවන ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය

§1. මා විසින් මෙසේ අසනලදී.
එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී දිනක් භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

§ 2. “මහණෙනි, යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මේ ධර්මයන් නොදනිත්ද, මේ ධර්මයන්ගේ ඇතිවීම නොදනිත්ද, මේ ධර්මයන්ගේ නැතිවීම නොදනිත්ද, මේ ධර්මයන් නැතිකරන මාර්ගය නොදනිත්ද, කිනම් ධර්මයන් නොදනිත්ද? කිනම් ධර්මයක්හුගේ ඇතිවීම නොදනිත්ද, ඔවුන් ශ්‍රමණභාවයේ ඵලය හෝ බ්‍රාහ්මණ භාවයේ ඵලය හෝ මේ ආත්මභාවයෙහි තෙමේම දැන ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කිරීමට අසමත් වෙත්.

කිනම් ධර්මයක්හුගේ නැතිවීම නොදනිත්ද?
කිනම් ධර්මයක්හුගේ නැතිවෙන මාර්ගය නොදනිත්ද?

ජරා මරණය නොදනිත්ද,
ජරා මරණයන්ගේ ඇතිවීම නොදනිත්ද,
ජරාමරණයන්ගේ නැතිවීම නොදනිත්ද,
ජරා මරණය නැතිවෙන මාර්ගය නොදනිත්ද,

ඉපදීම නොදනිත්ද,
ඉපදීම ඇතිවීම නොදනිත්ද,
ඉපදීම නැතිවීම නොදනිත්ද,
ඉපදීම නැතිකරන මාර්ගය නොදනිත්ද,

භවය නොදනිත්ද,
භවය ඇතිවීම නොදනිත්ද,
භවය නැතිවීම නොදනිත්ද,
භවය නැතිකරන මාර්ගය නොදනිත්ද,

උපාදානය (දැඩිව අල්ලාගැනීම) ඇතිවීම නොදනිත්ද,
උපාදානය (දැඩිව අල්ලාගැනීම) නැතිවීම නොදනිත්ද,
උපාදානය (දැඩිව අල්ලාගැනීම) නැතිකරන මාර්ගය නොදනිත්ද,

තණ්හාව නොදනිත්ද,
තණ්හාව ඇතිවීම නොදනිත්ද,
තණ්හාව නැතිවීම නොදනිත්ද,
තණ්හාව නැතිකරන මාර්ගය නොදනිත්ද,

වේදනාව නොදනිත්ද,
වේදනාව ඇතිවීම නොදනිත්ද,
වේදනාව නැතිවීම නොදනිත්ද,
වේදනාව නැති කරන මාර්ගය නොදනිත්ද,

ස්පර්ශය නොදනිත්ද,
ස්පර්ශය ඇතිවීම නොදනිත්ද,
ස්පර්ශය නැතිවීම නොදනිත්ද,
ස්පර්ශය නැතිකරන මාර්ගය නොදනිත්ද,

සළායතනයන් (ෂඩ් ඉන්ද්‍රිය) නොදනිත්ද,
සළායතනයන් ඇතිවීම නොදනිත්ද,
සළායතනයන් නැතිවීම නොදනිත්ද,
සළායතනයන් නැතිකරන මාර්ගය නොදනිත්ද,

නාමරූපයන් නොදනිත්ද,
නාමරූපයන් ඇතිවීම නොදනිත්ද,
නාමරූපයන් නැතිවීම නොදනිත්ද,
නාම රූපයන් නැතිකරන මාර්ගය නොදනිත්ද,

විඤ්ඤාණය නොදනිත්ද,
විඤ්ඤාණය ඇතිවීම නොදනිත්ද,
විඤ්ඤාණය නැතිවීම නොදනිත්ද,
විඤ්ඤාණය නැතිකරන මාර්ගය නොදනිත්ද,

සංස්කාරයන් නොදනිත්ද,
සංස්කාරයන්ගේ ඇතිවීම නොදනිත්ද,
සංස්කාරයන්ගේ නැතිවීම නොදනිත්ද,
සංස්කාරයන් නැතිවන මාර්ගය නොදනිත්ද,

මේ ධර්මයන් නොදනිත්ද,
මේ ධර්මයන්ගේ ඇතිවීම නොදනිත්ද,
මේ ධර්මයන්ගේ නැතිවීම නොදනිත්ද,
මේ ධර්මයන් නැතිවන මාර්ගය නොදනිත්ද,
මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් අතුරෙහි ශ්‍රමණ සම්මතද, බ්‍රාහ්මණයන් අතුරෙහි බ්‍රාහ්මණ සම්මතයට ද අයත් නොවෙති.

ඒ ආයුෂ්මත්හුද ශ්‍රමණභාවයේ ඵලය හෝ බ්‍රාහ්මණ භාවයේ ඵලය හෝ මේ ආත්මභාවයෙහි තෙමේම දැන ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කිරීමට අසමත් වෙත්.

§ 3. “මහණෙනි, යම් කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මේ ධර්මයන් දනිත්ද,
මේ ධර්මයන්ගේ ඇතිවීම දනිත්ද,
මේ ධර්මයන්ගේ නැතිවීම දනිත්ද,
මේ ධර්මයන් නැතිවන මාර්ගය දනිත්ද, ඔවුන් ශ්‍රමණභාවයේ ඵලය හෝ බ්‍රාහ්මණ භාවයේ ඵලය හෝ මේ ආත්මභාවයෙහි තෙමේම දැන ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කිරීමට සමත් වෙත්.

කිනම් ධර්මයක් දනිත්ද,
කිනම් ධර්මයක්හුගේ ඇතිවීම දනිත්ද?
කිනම් ධර්මයක්හුගේ නැතිවීම දනිත්ද?
කිනම් ධර්මයක්හුගේ නැතිවෙන මාර්ගය දනිත්ද? යත්:

ජරාමරණය දනිත්ද,
ජරාමරණයාගේ ඇතිවීම දනිත්ද,
ජරාමරණය නැතිවීම දනිත්ද,
ජරාමරණය නැතිවෙන මාර්ගය දනිත්ද,

ඉපදීම දනිත්ද,
ඉපදීම ඇතිවීම දනිත්ද,
ඉපදීම නැතිවීම දනිත්ද,
ඉපදීම නැතිවෙන මාර්ගය දනිත්ද,

භවය දනිත්ද,
භවය ඇතිවීම දනිත්ද,
භවය නැතිවීම දනිත්ද,
භවය නැතිවෙන මාර්ගය දනිත්ද,

උපාදානය (දැඩිව අල්ලා ගැනීම) දනිත්ද
උපාදානය ඇතිවීම දනිත්ද,
උපාදානය නැතිවීම දනිත්ද,
උපාදානය නැතිවෙන මාර්ගය දනිත්ද,

තණ්හාව දනිත්ද,
තණ්හාව ඇතිවීම දනිත්ද,
තණ්හාව නැතිවීම දනිත්ද,
තණ්හාව නැතිවෙන මාර්ගය දනිත්ද,

වේදනාව දනිත්ද,
වේදනාව ඇතිවීම දනිත්ද,
වේදනාව නැතිවීම දනිත්ද
වේදනාව නැති වෙන මාර්ගය දනිත්ද,

ස්පර්ශය දනිත්ද,
ස්පර්ශය ඇතිවීම දනිත්ද,
ස්පර්ශය නැතිවීම දනිත්ද,
ස්පර්ශය නැතිවෙන මාර්ගය දනිත්ද,

සළායතනයන් (ෂඩ් ඉන්ද්‍රිය) දනිත්ද,
සළායතනයන් ඇතිවීම දනිත්ද,
සළායතන නැතිවීම දනිත්ද,
සළායතනයන් නැතිවෙන මාර්ගය දනිත්ද,

නාමරූපයන් දනිත්ද,
නාමරූපයන් ඇතිවීම දනිත්ද,
නාමරූපයන් නැතිවීම දනිත්ද,
නාමරූපයන් නැතිවෙන මාර්ගය දනිත්ද,

විඤ්ඤාණය දනිත්ද,
විඤ්ඤාණය ඇතිවීම දනිත්ද,
විඤ්ඤාණය නැතිවීම දනිත්ද,
විඤ්ඤාණය නැතිවෙන මාර්ගය දනිත්ද,

සංස්කාරයන් දනිත්ද,
සංස්කාරයන්ගේ ඇතිවීම දනිත්ද,
සංස්කාර නැතිවීම දනිත්ද,
සංස්කාර නැතිවෙන මාර්ගය දනිත්ද,

මේ ධර්මයන් දනිත්ද, මේ ධර්මයන්ගේ ඇතිවීම දනිත්ද, මේ ධර්මයන්ගේ නැතිවීම දනිත්ද, මේ ධර්මයන්ගේ නැතිවෙන මාර්ගය දනිත්ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් අතුරෙහි ශ්‍රමණ සම්මතද, බ්‍රාහ්මණයන් අතුරෙහි බ්‍රාහ්මණ සම්මතයට අයත්ද වෙත්. ඒ ආයුෂ්මත්හුද ශ්‍රමණ භාවයේ ඵලයද, බ්‍රාහ්මණ භාවයේ ඵලයද, මේ ආත්මභාවයෙහි තෙමේම දැන, ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරති.

(සතරවන ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය නිමි.)

SN 02-01-02-
05 . කච්චාන ගොත්ත සූත්‍රය

සුත්‍ර විවරනය – පුජ්‍ය මීමුරේ ධම්මවංස හිමි

§1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක.

§2 . ඉක්බිති කච්චායනගොත්ත නම් භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පැත්තක සිට, භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය.
“ස්වාමීනි, සම්‍යක්දෘෂ්ටිය, සම්‍යක් දෘෂ්ටියයි කියනු ලබයි.
ස්වාමීනි කෙතෙක් කෙසේ නම් සම්‍යක්දෘෂ්ටිය වේද?”

§ 3. කච්චායනය,
මේ ලෝවැසියා බොහෝ සෙයින් ‘ඇත්තේය යන දෘෂ්ටියෙහිද, නැත්තේය යන දෘෂ්ටියෙහිද පිහිටියේ වෙයි. කච්චායනය, ලෝකයේ ඇතිවීම ඇතිසැටියෙන් මනා නුවණින් දකින්නාට ලෝකයෙහි නැත්තේය යන දෘෂ්ටිය ඇති නොවෙයි.

[ඇත යන දිෂ්ඨිය යනු පවෙහි පිනෙහි විපාක ඇත. ආදී වශයෙන් යන ශාස්වත දිට්ඨිය. ලෙසද නැත යන්න කිසි දෙයක විපාකයන් නැත යන නාස්තික වාදය ලෙසද සහරු වරදවා ගනිති.]

කච්චායනය, ලෝකයේ නැතිවීම ඇතිසැටියෙන් මනා නුවණින් දකින්නාට ලෝකයෙහි ඇත්තේය යන දෘෂ්ටිය ඇති නොවෙයි.

[ලෝකය යනුවෙන් දක්වන්නේ පංච ඉන්ද්‍රියයන්ගෙන් ඇති කරගන්නාවූ ලෝකය වේ. රුපය දැක ඇතිකරගත් රුප රුපය නිසා ඇතිවෙන දුක්ඛය ය.]

කච්චායනය, මේ ලෝවැසියා බොහෝ සෙයින්
තෘෂ්ණා දෘෂ්ඨි සහිත උපාය
උපාදාන
අභිනිවෙස
අනුසය නම්වූ තෘෂ්ණාදෘෂ්ටීන් විසින් බඳනා ලද්දේ වෙයි.

එහෙත් , ආර්ය ශ්‍රාවකයා අකුසල් සිතට පිහිටවූ, නිවාසස්ථානවූ, නිදනස්ථානයවූ උපාය උපාදානයයි කියනලද තෘෂ්ණාදෘෂ්ටි දෙකින් මෙය මාගේ ආත්මයයි නොපැමිණෙයි, නොගනියි, නොපිහිටයි.

උපදිනුයේද පඤ්චස්කන්ධ දුකමය, නිරුද්ධ වන්නේද පඤ්චස්කන්ධ දුකමය, එයින් අන්‍යවූ සත්වයෙක් පුද්ගලයෙක් නොවේයයි සැක නොකරයි, දෙයාකාරයකින් නොසිතයි, ඔහුට මෙහි ප්‍රත්‍යක්ෂවූම ඥානයක් වෙයි. කච්චායනය, මෙම කරුණුවලින් සම්‍යක්දෘෂ්ටිය ඇත්තේ වෙයි.

කච්චායනය, සියල්ල ඇත යන මේ ශාස්වත දෘෂ්ටිය එක් අන්තයකි. සියල්ල නැත යන මේ උච්ඡේද දෘෂ්ටිය දෙවෙනි අන්තයයි. කච්චායනය, මේ අන්ත දෙකට නොපැමිණ, තථාගතයන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවෙන් ධර්මය දේශනා කරන සේක.

කෙසේද යත්,
අවිජ්ජාව නිසා සංස්කාරයෝ ඇතිවෙති.
සංස්කාරයන් නිසා විඤ්ඤාණය ඇතිවේ.
විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවේ.
නාමරූප නිසා සළායතන ඇතිවේ.
සළායතන නිසා ස්පර්ශය ඇතිවේ.
ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ.
වේදනාව නිසා තණ්හාව ඇතිවේ.
තණ්හාව නිසා උපාදානය ඇතිවේ.
උපාදානය නිසා භවය ඇතිවේ
භවය නිසා (ජාතිය) ඉපදීම ඇතිවේ.
ඉපදීම (ජාතිය) නිසා ජරා මරණ, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොමනස්වීම් සහ වැළපීම් ඇතිවෙත්.
මෙසේ මේ සියලු දුක්ගොඩ එකටම ඇතිවේ.

අවිජ්ජාව සහමුලින් නැතිවීමෙන් සංස්කාරයෝ නැතිවෙති.
සංස්කාරයන් නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවේ.
විඤ්ඤාණය නැතිවීමෙන් නාමරූප නැතිවෙයි.
නාමරූප නැතිවීමෙන් සළායතන නැතිවෙයි.
සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි.
ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවෙයි.
වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි.
තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි.
උපාදානය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවෙයි.
ජාතිය නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවේ.
මෙසේ මේ සියලු දුක්ගොඩ නැතිවේය කියායි.”

(කාත්‍යායන ගොත්‍ර සූත්‍රය නිමි.)

SN 02-01-02-
06 . පළමු ධම්ම කථික සූත්‍රය

සුත්‍ර විවරනය – පුජ්‍ය මීමුරේ ධම්මවංස හිමි

§1. මා විසින් මෙසේ අසනලදී.
එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

§ 2. ඉක්බිති එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ වැඩ හුන් තැනට පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හිඳ මෙය කීයේය.
“ස්වාමීනි, ධර්මකථිකයාය, ධර්මකථිකයායයි කියනු ලැබේ.
ස්වාමීනි, කෙබඳු වූ භික්ෂුවක් ධර්ම කථිකයෙක් වෙයිද?”

§3. “ මහණ! ඉදින් යම් භික්ෂුවක්
ජරා මරණ ආදී ස්වභාව නිසා සසර කලකිරීම පිණිසද,
සසර පැවැත්මට නොඇලීම පිණිසද,
ජරා මරණ නැතිකිරීම පිණිසද,
ධර්මදේශනා කෙරේද, ඒ මහණහු ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය.

ඉදින් යම් භික්ෂුවක් ජරා මරණයට කලකිරීම පිණිසද නොඇලීම පිණිසද සහ ජරා මරණ නැතිකිරීම පිණිසද ඇති මගට පිළිපන්නේ වෙයිද, ඒ භික්ෂුව (ධර්මානුධර්ම පටිපන්න) ලෝකෝත්තර ධර්මයට අනුව පිළිපන් භික්ෂුවයයි කීමට සුදුසුය.

ඉදින් භික්ෂුවක් ජරා මරණයට කලකරීම හේතුකොටගෙන, නොඇලීම හේතුකොටගෙන, ජරා මරණ නැතිකිරීම හේතුකොටගෙන, සතර උපාදානයන්ගේ අල්වා ගැනීමෙන් මිදුනේ වේද, ඒ භික්ෂුව මේ ආත්මයෙහි නිවණට සපැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.

§4. “ඉදින් යම් භික්ෂුවක් ඉපදීමට කලකිරීම, නොඇලීම, එය නැතිකිරීම පිණිස ධර්මය දේශනා කෙරේද, ඒ භික්ෂුව ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය.
ඉදින් ඒ භික්ෂුව යලි ඉපදීමට කලකිරීම, නොඇලීම සහ එය නැතිකිරීම පිණිස මගට පිළිපන්නේ වෙයිද, ඒ භික්ෂුව ලෝකොත්තර ධර්මයට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.

ඉදින් භික්ෂුව ජාතියට කලකිරීමෙන් නොඇලීමෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේ වේද, ඒ භික්ෂුව මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයි කීමට සුදුසුය.

§ 5 .“ඉදින් භික්ෂුවක් භවයට කලකිරීම, නොඇලීම එය නැතිකිරීම පිණිස ධර්මදේශනා කෙරේද, ඒ භික්ෂුව ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය.

ඉදින් භික්ෂුවක් භවයට කලකිරීම, නොඇලීම සහ එය නැතිකිරීම පිණිස පිළිපන්නේ වෙයිද, ඒ භික්ෂුව ලෝකොත්තර ධර්මයට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.

ඉදින් ඒ භික්ෂුව භවයට කලකිරීමෙන් නොඇලීමෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේ වේද, ඒ මහණතෙම මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.

§ 6. “ඉදින් භික්ෂුවක් උපාදානයට (තද ඇල්මට) කලකිරීම, නොඇලීම, එය නැතිකිරීම පිණිස ධර්මදේශනා කෙරේද, ඒ මහණතෙම ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය.

ඉදින් භික්ෂුව උපාදානයට (තද ඇල්මට) කලකිරීම, නොඇලීම සහ එය නැතිකිරීම පිණිස පිළිපන්නේ වෙයිද ඒ මහණතෙම ලෝකොත්තර ධර්මයට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.

ඉදින් ඒ භික්ෂුව උපාදානයට (තද ඇල්මට) කලකිරීමෙන් නොඇලීමෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේද, ඒ භික්ෂුව මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.

§7. “ඉදින් භික්ෂුවක් තණ්හාවට කලකිරීම; නොඇලීම එය නැතිකිරීම පිණිස ධර්මදේශනා කෙරේද, ඒ මහණතෙම ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය.

ඉදින් භික්ෂුව තණ්හාවට කලකිරීම, නොඇලීම සහ එය නැතිකිරීම පිණිස පිළිපන්නේ වෙයිද, ඒ මහණතෙම ලෝකොත්තර ධර්මයට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.

ඉදින් මහණතෙම තණ්හාවට කලකිරීමෙන් නොඇලීමෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේද, ඒ මහණහු මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.

§ 8. “ඉදින් භික්ෂුවක් වේදනාවට කලකිරීම, නොඇලීම එය නැතිකිරීම පිණිස ධර්මදේශනා කෙරේද ඒ මහණතෙම ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය.

ඉදින් භික්ෂුව වේදනාවට කලකිරීම, නොඇලීම සහ එය නැතිකිරීම පිණිස පිළිපන්නේවෙයිද, ඒ භික්ෂුව ලෝකොත්තර ධමර්යට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.

ඉදින් ඒ භික්ෂුව වේදනාවට කලකිරීමෙන්, නොඇලීමෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේවේද, ඒ භික්ෂුව මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.

§ 9. “ඉදින් භික්ෂුවක් ස්පර්ශයට කලකිරීම නොඇලීම එය නැතිකිරීම පිණිස ධර්මදේශනා කෙරේද, ඒ භික්ෂුව ධර්මකථික භික්ෂුවය’යි කීමට සුදුසුය.

ඉදින් ඒ භික්ෂුව ස්පර්ශයට කලකිරීම, නොඇලී සහ එය නැතිකිරීම පිණිස පිළිපන්නේ වෙයිද, ඒ භික්ෂුව ලෝකොත්තර ධර්මයට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.

ඉදින් ඒ භික්ෂුව ස්පර්ශයට කලකිරීමෙන් නොඇලීමෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේද, ඒ භික්ෂුව මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.

§ 10. “ඉදින් භික්ෂුවක් සළායතනයන් කෙරෙහි කලකිරීම, නොඇලීම, එය නැතිකිරීම පිණිස ධර්මදේශනා කෙරේද, ඒ භික්ෂුව ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය.

ඉදින් ඒ භික්ෂුව සළායතනයන්ට කලකිරීම, නොඇලීම සහ එය නැති කිරීම පිණිස පිළිපන්නේ වෙයිද, ඒ භික්ෂුව ලෝකොත්තර ධර්මයට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.

ඉදින් ඒ භික්ෂුව සළායතනයන්ට කලකිරීමෙන් නොඇල්මෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේ ද, ඒ භික්ෂුව මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.

§ 11. “ඉදින් භික්ෂුවක් නාමරූපයන්ට කලකිරීම, නොඇලී, එය නැතිකිරීම පිණිස ධර්මදේශනා කෙරේද, ඒ මහණතෙම ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය.

ඉදින් ඒ භික්ෂුව නාමරූපයන්ට කලකිරීම, නොඇලීම සහ එය නැති කිරීම පිණිස පිළිපන්නේ වෙයිද, ඒ මහණතෙම ලෝකොත්තර ධර්මයට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.

ඉදින් ඒ භික්ෂුව නාමරූපයන්ට කලකිරීමෙන් නොඇලීමෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේවේද, ඒ භික්ෂුව මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.

§ 12. “ඉදින් භික්ෂුවක් විඤ්ඤාණයට කලකිරීම, නොඇලීම, එය නැතිකිරීම පිණිස ධර්මදේශනා කෙරේද, ඒ මහණතෙම ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය.

ඉදින් ඒ භික්ෂුව විඤ්ඤාණයට කලකිරීම, නොඇලීම සහ එය නැතිකිරීම පිණිස පිළිපන්නේ වෙයිද, ඒ භික්ෂුව ලෝකොත්තර ධර්මයට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.

ඉදින් ඒ භික්ෂුව විඤ්ඤාණයට කලකිරීමෙන් නොඇලීමෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේද, ඒ භික්ෂුව මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.

§ 13. “ඉදින් භික්ෂුවක් සංස්කාරයන්ට කලකිරීම, නොඇලීම, එය නැතිකිරීම පිණිස ධර්මදේශනා කෙරේද, ඒ මහණතෙම ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය.

ඉදින් ඒ භික්ෂුව සංස්කාරයන්ට කලකිරීම, නොඇලීම සහ එය නැතිකිරීම පිණිස පිළිපන්නේ වෙයිද, ඒ භික්ෂුව ලෝකොත්තර ධර්මයට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.

ඉදින් ඒ භික්ෂුව සංස්කාරයන්ට කලකිරීමෙන් නොඇලීමෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේද, ඒ භික්ෂුව මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.

§ 14. “ඉදින් භික්ෂුවක් අවිජ්ජාවට කලකිරීම, නොඇලීම, එය නැතිකිරීම පිණිස ධර්මදේශනා කෙරේද, ඒ මහණතෙම ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය.

ඉදින් ඒ භික්ෂුව අවිජ්ජාවට කලකිරීම, නොඇලීම සහ එය නැතිකිරීම පිණිස පිළිපන්නේද, ඒ භික්ෂුව ලෝකොත්තර ධර්මයට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.

ඉදින් ඒ භික්ෂුව අවිජ්ජාවට කලකිරීමෙන් නොඇලීමෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේද, ඒ භික්ෂුව මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.

SN 02-01-02-
07 . අචේල කස්සප සූත්‍රය

පුජ්‍ය මාන්කඩවල සමාහිත හිමිගේ සුත්‍ර විවරණය

§ 1. මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහිවූ, “කලන්දකනිවාප” නම් ලත් වේළුවනාරාමයෙහි වැඩ වසනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ, පාත්‍ර සිවුරු ගෙන, රජගහ නුවරට පිඬුපිණිස වැඩිසේක.

“අචේල කාශ්‍යපතෙම වනාහි වඩින්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුරදීම දුටුවේය. දැක, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු වියයුතුවූද, සිහිකටයුතුවූද, කථාව කොට නිමවා, එක් පසෙක සිට මෙසේ කීයේය.
“ඉදින් අපට ප්‍රශ්නයක් ඇසීමට ඉඩ දෙතොත් අපි භවත් ගෞතමයන්ගෙන් කිසියම් කාරණයක් අසන්නෙමු”යි කියායි.
“කාශ්‍යප, අප ඇතුළුගමට පිවිසියෙමු. ඒතාක් ප්‍රශ්නය ඇසීමට කාලය නොවේය”යි වදාළ සේක.

අචේල කාශ්‍යප තෙම දෙවෙනුවත් භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ඉදින් අපට ප්‍රශ්නයක් ඇසීමට ඉඩ දෙතොත් අපි භවත් ගෞතමයන්ගෙන් කිසියම් කාරණයක් අසන්නෙමු කියායි.”
“කාශ්‍යපය, ඇතුළුගමට පිවිසියෙමු. ඒතාක් ප්‍රශ්නය ඇසීමට කාලය නොවේයයි” වදාළ සේක.

අචේල කාශ්‍යප , තෙවෙනුවත් භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.
“ඉදින් අපට ප්‍රශ්නයක් ඇසීමට ඉඩ දෙතොත් අපි භවත් ගෞතමයන්ගෙන් කිසියම් කාරණයක් අසන්නෙමු” කියායි. “කාශ්‍යපය, ඇතුළුගමට පිවිසියෙමු. ඒ තාක් ප්‍රශ්නය ඇසීමට කාලය නොවේයයි” වදාළ සේක.

§ 2. මෙසේ කීකල්හි අචේල කාශ්‍යප මෙසේ කීයේය.
“අපි භවත් ගෞතමයන්ගෙන් බොහෝ ප්‍රශ්නයන් නොඅසන්නෙමු. කෙටි දෙයක් අසන්නට කැමැත්තෝ වෙමු.” කියායි.
“කාශ්‍යපය, යමක් ඇසීමට කැමැත්තෙහි නම් එය අසවයි” වදාළ සේක.

“භවත් ගෞතමයිනි, කිමෙක්ද දුක, තමා විසින් ඇති කරන ලද්දක්ද?”
“කාශ්‍යපය, එසේ නොකියවයි,” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“භවත් ගෞතමයිනි, කිමෙක්ද දුක, අනුන් විසින් ඇති කරන ලද්දේද?”
“කාශ්‍යපය, එසේ නොකියවයි,” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“භවත් ගෞතමයිනි, කිමෙක්ද දුක, තමා විසින් සහ අනුන් විසින් ඇති කරන ලද්දේද?”
“කාශ්‍යපය, එසේ නොකියවයි,” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“භවත් ගෞතමයිනි, කිමෙක්ද දුක, තමා විසින් සහ අනුන් විසින් නොකරන ලද්දේ සිය කැමැත්තෙන් (ඉබේ) ඇතිවූයේද?”
“කාශ්‍යපය, එසේ නොකියවයි,” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“භවත් ගෞතමයිනි, කිමෙක්ද දුකක් කියා යමක් නැද්ද?”
“කාශ්‍යපය, දුක නැත්තේ නොවේ. දුක ඇත්තේය.”

“එසේ වී නම් භවත් ගෞතමයන් දුක නොදනියිද? නොදකියිද?”
“කාශ්‍යපය, මම දුක නොදන්නෙම් නොවෙමි, නොදක්නෙම් නොවෙමි.
කාශ්‍යපය, මම දුක දනිමි. කාශ්‍යපය, මම දුක දකිමියි” වදාළ සේක.

§3. “භවත් ගෞතමයිනි, කිමෙක්ද? දුක තමා විසින් කරන ලද්දේ දැ”යි මා ඇසු කල්හි ඔබ ‘කාශ්‍යපය, එසේ නොකියවයි’ කියහි.
භවත් ගෞතමයිනි, කිමෙක්ද? දුක අනුන් විසින් කරන ලද්දේදැ”යි මා ඇසු කල්හි ඔබ ‘කාශ්‍යපය, එසේ නොකියවයි’ කියහි.
භවත් ගෞතමයිනි, කිමෙක්ද? දුක තමා විසින් සහ අනුන් විසින් කරන ලද්දේ දැ”යි මා ඇසු කල්හි ඔබ කාශ්‍යපය, එසේ නොකියවයි’ කියහි.
භවත් ගෞතමයිනි කිමෙක්ද? දුක තමා විසින් නොකරන ලද්දේ. අනුන් විසින් නොකරන ලද්දේ, සිය කැමැත්තෙන් (ඉබේ) ඇතිවූයේ දැ”යි මා ඇසු කල්හි ඔබ ‘කාශ්‍යපය, එසේ නොකියවයි’ කියහි.
භවත් ගෞතමයිනි, කිමෙක්ද? දුකක් නැද්දැ”යි මා ඇසු කල්හි ඔබ ‘කාශ්‍යපය, දුක වනාහි නැත්තේ නොවේ. ‘කාශ්‍යපය, දුක වනාහි ඇත්තේය’යි කියහි.
එසේ වී නම් භවත් ගෞතම තෙමේ දුක නොදනියිද නොදකියි දැ”යි මා ඇසු කල්හි ඔබ ‘කාශ්‍යපය, මම වනාහි දුක නොදන්නෙම් නොවෙමි. කාශ්‍යපය, මම වනාහි දුක දනිමියි’ කියහි.

§3. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට දුක කියා දෙන සේක්වා.
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට දුක දේශනා කරන සේක්වා.”

“කාශ්‍යපය, හෙතෙම කෙරෙයි, හෙතෙම විඳීයයි මුලදීම මෙසේ ගෙන දුක තමා විසින් කරන ලද්දේයයි කියන තැනැත්තේ, ශාස්වත දෘෂ්ටියට (නිත්‍ය ආත්මයක් ඇත යන දෘෂ්ටියට) පැමිණෙයි.

කාශ්‍යපය, අනිකෙක් කරයි, අනිකෙක් විඳීයයි මුලදී මෙසේ ගෙන වේදනාවෙන් යුක්තවූ කල්හි දුක අනුන් විසින් කරන ලදැයි කියන තැනැත්තේ උච්ඡේද දෘෂ්ටියට (කරන්නා මෙතනින්ම කෙළවර වෙයි යන දෘෂ්ටිය) පැමිණෙයි.

කාශ්‍යපය, ඒ මේ ශාස්වත, උච්ඡේද යන අන්ත දෙකට නොපැමිණ, මද්ධ්‍යම ප්‍රතිපදාවෙහි සිටියේ. තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කරන සේක.

§4. කෙසේද? යත්,

“අවිජ්ජාව නිසා සංස්කාරයෝ ඇතිවෙත්.
සංස්කාර නිසා විඤ්ඤාණය ඇතිවෙයි.
විඤ්ඤාණය නිසා නාම රූප ඇතිවේ.
නාම රූප නිසා සළායතන ඇතිවේ.
සළායතන නිසා ස්පර්ශය ඇතිවේ.
ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ.
වේදනාව නිසා තණ්හාව ඇතිවේ.
තණ්හාව නිසා උපාදානය ඇතිවේ.
උපාදානය නිසා භවය ඇතිවේ.
භවය නිසා (ජාතිය) ඉපදීම ඇතිවේ
ඉපදීම (ජාතිය) නිසා ජරා මරණ, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් ඇතිවෙත්.
මෙසේ මේ සියලු එකම දුක් ගොඩ ඇතිවෙයි.

§ 5. “අවිජ්ජාව සහමුලින් නැතිකිරීමෙන්ම සංස්කාරයෝ නැතිවෙත්.
සංස්කාර නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවෙයි.
විඤ්ඤාණය නැතිවීමෙන් නාම රූප නැතිවෙයි.
නාම රූප නැතිවීමෙන් සළායතන නැතිවෙයි.
සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි.
ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවෙයි.
වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි.
තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි.
උපාදානය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවෙයි.
ජාතිය නැති වීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙයි.
මෙසේ මේ සියලු එකම දුක් ගොඩ නැතිවෙයි කියායි.”

§ 6. මෙසේ වදාළ කල්හි අචේල කාශ්‍යපයන් භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.

“ස්වාමීනි, ඉතා යහපත. ස්වාමීනි, ඉතා යහපත යම්සේ යටිකුරු කළ භාජනයක් උඩුකුරු කරන්නේද, (තණකොළ ආදියෙන්) වැසුනක් වැහුම් හරින්නේද, මංමුළාවූවෙකුට මඟ හෝ කියන්නේද, (ගණඅඳුරෙහි) ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දල්වන්නේද, එපරිද්දෙන්ම පින්වතුන් වහන්සේ නොයෙක් පරිද්දෙන් ධර්මය දේශනා කරනලදී. ස්වාමීනි, ඒ ධර්මය ඇසූ මම භාග්‍යවතුන් වහන්සේ සරණකොට යමි. ධර්මයද, සංඝයාද සරණ කොට යමි. ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිද්ද ලබන්නෙමි, උපසම්පදාව ලබන්නෙමි”යි කීයේය.

“කාශ්‍යපය, අන්‍ය ශාසනයක පැවිදිව සිටියෙක් වනාහි (ඉදින්) මේ ශාසනයෙහි පැවිද්ද කැමැති වේද; උපසම්පදාව කැමති වේද, හෙතෙම සාරමාසයක් පිරිවෙස් පුරයි. සාරමස පසුවීමෙන් වැස නිමවන ලද පිරිවෙස් ඇත්තන් විසින් සතුටු කරන ලද සිත් ඇති, භික්ෂූහු, කැමති වන්නාහු නම් භික්ෂු භාවයෙහි පැවිදි කරවත්, උපසම්පදා කරවත්. එතකුදුවුවත් මා විසින් පුද්ගලයන්ගේ නානත්වය දැනගන්නා ලදී.”

“ඉදින් ස්වාමීනි, ශාසනයෙහි පැවිද්ද කැමැත්තාවූ, උපසම්පදාව කැමැත්තාවූ, අන් සසුනක පැවිදිව විසුවෝ සාරමසක් පිරිවෙස් පුරද්ද, සාරමස අවසන් වීමෙන් සතුටු කරන ලද, සිත් ඇති භික්ෂූහු කැමැත්තාහු නම් ඒ වැස නිමවන ලද පිරිවෙස් ඇතියන් භික්ෂු භාවයෙහි පැවිදි කෙරෙද්ද, උපසම්පදා කෙරෙද්ද, මම සතර අවුරුද්දක් පිරිවෙස් පුරමි. සාර අවුරුද්දකින් පසු සතුටු කරන ලද සිත් ඇති භික්ෂූහු වැස නිමවන ලද පිරිවෙස් ඇති මා භික්ෂු භාවයෙහි පැවිදි කෙරෙත්වා; උපසම්පදා කෙරෙත්වා’ යනුයි.

§ 7. අචේල කාශ්‍යපයන් , භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිද්ද ලැබීය. උපසම්පදාව ලැබීය. අලුත උපසම්පදාවූ ඇවැත් අචේල කාශ්‍යප ස්ථවිරතෙම වනාහි තනිව පිරිසෙන් වෙන්ව, ප්‍රමාද නොව, කෙලෙස් තවන වීර්යය ඇතිව, නිවණ කරා යවන ලද සිත් ඇතිව, වාසය කරන්නේය, නොබෝ කලකින්ම යමක් සඳහා කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද, ඒ අති උතුම් වූ, බ්‍රහ්මචරියාව මේ ආත්යෙහි තෙමේම දැන, අවබෝධ කොට, ඊට පැමිණ, වාසය කළේය. ඉපදීම නැති විය. බ්‍රහ්මචරියාවෙහි හැසිර අවසන් කරන ලදී. කළයුත්ත කරන ලදී. මේ ආත්මයෙහි කළයුතු අන් කිසිවක් නැතැයි දැන ගත්තේය. ඇවැත් කාශ්‍යප තෙම එක්තරා රහතන් වහන්සේ නමක්ද වූයේය.

(හත්වන අචේල සූත්‍රය නිමි.)

SN 02-01-02-
08 . තිම්බරුක සූත්‍රය

§1. මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩ වසනසේක.

§2. ඉක්බිති ‘තිම්බරුක’ නම් පරිබ්‍රාජක යෙක් භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි තැනට පැමිණ, භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටුවිය යුතු වූත්, සිහිකට යුතු වූත් කථාව කොට නිමවා, එක් පැත්තක හුන්නේය.

එක් පැත්තක හුන්නාවූ, තිම්බරුක පරිබ්‍රාජකයා භාග්‍යවතුන් වහන්සේ ගෙන් මෙසේ ඇසීය..
‘භවත් ගෞතමයිනි, කිමෙක්ද, සැප දුක් තමා විසින් කරන ලද්දේද?”
“තිම්බරුකය, එසේ නොකියව”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“භවත් ගෞතමයිනි, කිමෙක්ද, සැප දුක් අනුන් විසින් කරන ලද්දේද?”
“තිම්බරුකය, එසේ නොකියව” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“භවත් ගෞතමයිනි, කිමෙක්ද, සැප දුක් තමා සහ අනුන් විසින් කරන ලද්දේද?”
“තිම්බරුකය, එසේ නොකියව”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“භවත් ගෞතමයිනි, කිමෙක්ද, සැප දුක් තමා සහ අනුන් විසින් නොකරන ලද්දේ, සිය කැමැත්තෙන් (ඉබේ) ඇතිවූයේද?”
“තිම්බරුකය, එසේ නොකියව” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“භවත් ගෞතමයිනි, කිමෙක්ද, සැප දුක් නැද්ද?”
“තිම්බරුකය, සැප දුක් වනාහි නැත්තේ නොවේ. තිම්බරුකය, සැප දුක් වනාහි ඇත්තේය.”

එසේ වීනම්, භවත් ගෞතම තෙම සැප දුක් නො දනියිද?”
“තිම්බරුකය, මම වනාහි සැප දුක් නොදන්නෙම් නොවෙමි. තිම්බරුකය, මම වනාහි සැප දුක් දනිමි.”

“භවත් ගෞතමයිනි, කිමෙක්ද? සැප දුක් තමා විසින් කරන ලද්දේ දැයි මෙසේ අසන ලද්දේ වනාහි ‘තිම්බරුකය, එසේ නොකියව”යි කියහි.
භවත් ගෞතමයිනි, කිමෙක්ද? සැප දුක් අනුන් විසින් කරන ලද්දේ දැයි මෙසේ අසන ලද්දේ වනාහි ‘තිම්බරුකය, එසේ නොකියව’යි කියහි.
භවත් ගෞතමයිනි, කිමෙක්ද, සැප දුක් තමා විසින් නොකරන ලද්දේ, අනුන් විසින් නොකරන ලද්දේ සිය කැමැත්තෙන් (ඉබේ) ඇති වූයේ දැයි මෙසේ අසන ලද්දේ වනාහි ‘තිම්බරුකය, එසේ නොකියව’යි කියහි.
භවත් ගෞතමයිනි, කිමෙක්ද, සැප දුක් නැද්දැයි මෙසේ අසන ලද්දේ වනාහි ‘තිම්බරුකය, සැප දුක් වනාහි නැත්තේ නොවේ. තිම්බරුකය, සැප දුක් වනාහි ඇත්තේයි’ කියහි.
එසේ නම් භවත් ගෞත තෙමේ සැප දුක් නොදනියිද, නොදකියි දැයි අසන ලද්දේ ‘තිම්බරුකය, මම වනාහි සැප දුක් නොදන්නෙම් නොවෙමි. තිම්බරුකය, මම වනාහි සැප දුක් දනිමියි කියති.

භවත් ගෞතයන් වහන්සේ මට සැප දුක් කියා දෙන සේක්වා. භවත් ගෞතමයන් වහන්සේ මට සැප දුක් දේශනා කරන සේක්වා.”

“තිම්බරුකය, ඒ වේදනා ඔහු විඳීයයි මෙසේ ඇති කල්හි වනාහි සැප දුක් තමා විසින් කරන ලද්දේයයි මෙසේ මම නොකියමි. තිම්බරුකය, අන්‍යවූ වේදනා අනිකෙක් විඳීයයි මෙසේ වේදනාවෙන් යුක්තවූ කල්හි වනාහී සැප දුක් අනුන් විසින් කරන ලද්දේයයි මම නොකියමි. තිම්බරුකය, ඒ මේ අන්ත දෙකට නොපැමිණ, මධ්‍යම ප්‍රතිපදාවෙන් තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කරන සේක.

“අවිජ්ජාව නිසා සංස්කාර ඇතිවෙයි. සංස්කාරයන් නිසා විඤ්ඤාණය ඇතිවේ. විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවේ. නාමරූප නිසා සළායතන ඇතිවේ. සළායනත නිසා ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදනය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා (ජාතිය) ඉපදීම ඇතිවේ. ඉපදීම (ජාතිය) නිසා ජරා, මරණ, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් ඇතිවෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ ඇතිවේ.

“අවිජ්ජාව සහමුලින් නැතිකිරීමෙන්ම සංස්කාර නැතිවෙයි. සංස්කාරයන් නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවෙයි. විඤ්ඤාණය නැතිවීමෙන් නාම රූප නැතිවෙයි. නාම රූප නැතිවීමෙන් සළායතන නැති වෙයි. සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවෙයි. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවෙයි. ජාතිය නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සියලු (එකම) දුක් ගොඩ නැතිවේයයි (වදාළ සේක.)

“මෙසේ වදාළ කල්හි තිම්බරුක පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත. යම්සේ යටිකුරු කළ භාජනයක් උඩුකුරු කරන්නේද, (තණකොළ ආදියෙන්) වැසුනක් වැහුම් හරින්නේද, මංමුළාවූවෙකුට මඟ හෝ කියන්නේද, (ගණඅඳුරෙහි) ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දල්වන්නේද, එපරිද්දෙන්ම භවත් ගෞතමයන් වහන්සේ නොයෙක් පරිද්දෙන් ධර්මය දේශනා කරන ලදී. ස්වාමීනි, ඒ ධර්මය ඇසූ මම භාග්‍යවතුන් වහන්සේ සරණකොට යමි. ධර්මයද, සංඝයාද සරණ කොට යමි. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිමි කොට සරණ ගිය උපාසකයකු කොට මා සලකන සේක්වා.”

SN 02-01-02-
09 . බාල පණ්ඩිත සූත්‍රය

§1. මා විසින් මෙසේ අසනලදී.
එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

§ 2. “මහණෙනි, අවිජ්ජාවෙන් වැසීගියාවූ, තණ්හාවෙන් යුක්තවූ, බාලයාගේ මේ කය (අවිජ්ජාවෙන් වැසීගිය හෙයින් සහ තණ්හාවෙන් යුක්තවූ හෙයින්) මෙසේ ඇති වූයේය. මෙසේ මේ අධ්‍යාත්මිකවූ, තමාගේ කයද, බාහිරවූ, අනුන්ගේ කයදැයි මෙසේ මෙය දෙකකි. ඒ අධ්‍යාත්මික තමාගේ කයත් බාහිරවූ අන්‍යයාගේ කයත් යන කරුණු දෙක නිසා ස්පර්ශය ඇතිවේ. ඒ ස්පර්ශය ඇතිවෙන කරුණු සයක්ම වෙත්. යම් ඒ කරුණු වලින් හෝ ඒ කරුණු අතුරෙන් එක්තරා කරුණකින් ස්පර්ශ කරන ලද්දාවූ බාලතෙම සැප දුක් විඳීද,

§ 3. “මහණෙනි, අවිජ්ජාවෙන් වැසීගියාවූ, තණ්හාවෙන් යුක්තවූ, පණ්ඩිතයාගේ මේ කය (අවිජ්ජාවෙන් වැසීගිය හෙයින් හා තණ්හාවෙන් යුක්තවූ හෙයින්) මෙසේ ඇති වූයේය. මෙසේ මේ අධ්‍යාත්මිකවූ තමාගේ කයද, බාහිරවූ අනුන්ගේ කයදැයි මෙසේ මෙය දෙකකි. ඒ අධ්‍යාත්මික බාහිර කරුණු දෙක නිසා ස්පර්ශය ඇතිවේ. ඒ ස්පර්ශය ඇතිවන්නාවූ කරුණු සයකි. ඒ කරුණු වලින් හෝ ඒ කරුණු අතුරෙන් එක්තරා කරුණකින් හෝ ස්පර්ශය කරන ලද්දාවූ පණ්ඩිතතෙම සැප දුක් විඳීද, මහණෙනි, බාලයාගේ සහ පණ්ඩිතයාගේ කය හට ගැනීමාදියෙහිදී බාලයාට වඩා පණ්ඩිතයාගේ ඇති විශේෂය කවරේද? අධික විශේෂය කවරේද? වෙනස්වූ කාරණය කුමක්ද?”

§ 4. “ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නා කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින් කියා දෙතොත් ඉතා හොඳය.
“මහණෙනි, එසේ වී නම් අසව්. ඉතා හොඳින් සිතේ තබා ගනිව් කියන්නෙමියි” වදාළ සේක. “එහෙමයි ස්වාමීනි.” කියා ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

§ 5. “මහණෙනි, යම් අවිජ්ජාවකින් වැසුනාවූ, යම් තණ්හාවකින් යුක්තවූ බාලයාගේ මේ කය ඇතිවූයේ වේද, බාලයාගේ ඒ අවිජ්ජා තොමෝ නැති නොවූවාය. ඒ තණ්හා තොමෝ ක්ෂය නොවූවාය. එයට හේතු කවරේද? මහණෙනි, බාලතෙම දුක් නැතිකිරීම පිණිස මනාකොට බ්‍රහ්මචරියාවෙහි නොහැසුරුනේය. ඒ නිසා බාලතෙම කය බිඳීමෙන් අන්‍යවූ කයකට (පිළිසිඳ ගැනීම වශයෙන්) යන්නේ වෙයි. හෙතෙම අන්‍යවූ කයකට (පිළිසිඳ ගැනීම් වශයෙන්) යන්නේ ඉපදීමෙන්ද, දිරීමෙන් සහ මැරීමෙන්ද, ශෝක වීමෙන්ද, හැඬීමෙන්ද, දුකින්ද, දොම්නසින්ද, වැළපීමෙන්ද නොමිදෙයි, දුකින් නොමිදේයයි කියමි.

§ 6. “මහණෙනි, යම් අවිජ්ජාවකින් වැසුනාවූ, යම් තණ්හාවකින් යුක්තවූ පණ්ඩිතයාගේ මේ කය ඇතිවූයේ වේද, පණ්ඩිතයාගේ ඒ අවිජ්ජා තොමෝ නැතිවූවාය. ඒ තණ්හා තොමෝ ක්ෂය වූවාය. එයට හේතු කවරේද? මහණෙනි, පණ්ඩිත තෙම දුක් නැතිකිරීම පිණිස මනාකොට බ්‍රහ්මචරියාවෙහි හැසුරුණේය. ඒ නිසා පණ්ඩිතතෙම කය බිඳීමෙන් අන්‍යවූ කයකට (පිළිසිඳ ගැනීම වශයෙන්) නොයන්නේ වෙයි. හෙතෙම අන්‍යවූ කයකට (පිළිසිඳ ගැනීම් වශයෙන්) නොයන්නේ, ඉපදීමෙන්ද, දිරීමෙන් සහ මැරීමෙන්ද, ශෝකයෙන්ද, හැඬීමෙන්ද, දුකින්ද, දොම්නසින්ද, වැළපීමෙන්ද මිදෙයි. දුකින් මිදේයයි කියමි. මහණෙනි, බාලයාගේ හා පණ්ඩිතයාගේ ඇති විශේෂය නම්, අධික විශේෂය නම්, වෙනස්වූ කාරණය නම් මේ බ්‍රහ්මචරියාවෙහි හැසිරීමයි.”

SN 02-01-02-
10. ප්‍රත්‍යය සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවෙසෙති. එහිදී, භාග්‍යවතුන්වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

§ 2. “මහණෙනි, මම තොපට පටිච්චසමුප්පාදයද (හේතු ධර්මයද) පටිච්චසමුප්පන්න ධර්මයන්ද (ඵල ධර්මයන්ද) දේශනා කරන්නෙමි එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමියි” වදාළ සේක.
‘එසේය ස්වාමීනි, කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේට පිළිතුරු දුන්හ.
භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළ සේක.

§ 3. “මහණෙනි, පටිච්චසමුප්පාදය (හේතු ධර්ම) නම් කවරේද?

මහණෙනි, තථාගතවරයන් උපන් කල්හිද, තථාගත වරයන් නූපන් කල්හිද ඉපදීම නිසා ජරාව සහ මරණය ඇතිවේ. මේ ප්‍රත්‍යය ස්වභාව ප්‍රත්‍යයන් හේතුකොටගෙන ප්‍රත්‍යයන්ගේ පැවැත්ම මේ ඵලයන්ට මේ හෙතූන් බව ඇත්තේය. එය තථාගතයන් අවබෝධ කෙරෙයි. වටහාගනියි. අවබෝධකොට වටහාගෙන, කියයි. දේශනා කෙරෙයි. පණවයි. පිහිටුවයි. විවරණ කෙරෙයි. බෙදයි. මතුකොට දක්වයි.

මහණෙනි, ඉපදීම නිසා ජරාව සහ මරණය ඇති වේ. එය බලව්යයි ද කියයි.

“මහණෙනි, තථාගතයන් වහන්සේ උපන් කල්හිද නූපන් කල්හිද, භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවේ. මේ ප්‍රත්‍යය ස්වභාවය වනාහි ස්වභාවයෙන් සිටියේමයි. ස්වභාව ධර්මයයි. ධර්ම නිසාමයයි. ජරාමරණාදීන්ට ප්‍රත්‍යයවීමයි. එය තථාගත තෙම අවබෝධ කෙරෙයි. වටහා ගනියි. අවබෝධ කොට, වටහාගෙන කියයි. දේශනා කෙරෙයි පණවයි. පිහිටුවයි. විවරණ කෙරෙයි. බෙදයි.

මහණෙනි, “භවය නිසා ජාතිය” ඇතිවේ. එය බලව්යයි ද කියායි.
මහණෙනි, මෙසේ වනාහි ඒ “භවය නිසා ජාතිය” යන තන්හි ඒ ඒ ප්‍රත්‍යයන් ගෙන් ඒ ඒ ධර්මයාගේ ඇතිවීමක්, සමගියට පැමිණි ප්‍රත්‍යයයන්හිදී මොහොතකුදු එයින් උපදින ධර්මයන්ගේ නැතිවීමක්, අන්‍යවූ, ධර්ම ප්‍රත්‍යය කරණකොට ගෙන අන්‍ය ධර්මයන්ගේ ඇතිවීමක්, ජරාමරණයන්ට ප්‍රත්‍ය වීමක් වේද, මහණෙනි, මෙයට පටිච්චසමුප්පාදයයි (හේතුඵල ධර්මයයි) කියනු ලැබේ.

§ 4. “මහණෙනි, තථාගතයන් උපන් කල්හිද නූපන් කල්හිද උපාදානය (තද ඇල්ම) නිසා භවය ඇතිවේ. නූපන් මේ ප්‍රත්‍යය ස්වභාවය වනාහි ස්වභාවයෙන් සිටියේමයි. ස්වභාව ධර්මයයි. ධර්ම නිසාමයයි ජරාමරණාදීන්ට ප්‍රත්‍යක්ෂවීමයි. එය තථාගත තෙම අවබෝධ කෙරෙයි. වටහා ගනියි. අවබෝධ කොට, වටහාගෙන කියයි. දේශනාකෙරෙයි. පණවයි. පිහිටුවයි. විවරණ කෙරෙයි. බෙදයි.

මහණෙනි, “උපාදානය නිසා භවය” ඇතිවේ. එය බලව්යයිද කියායි.

මහණෙනි, මෙසේ වනාහි ඒ “උපාදානය නිසා භවය” ඇතිවේ. යන තන්හි ඒ ඒ ප්‍රත්‍යයන්ගෙන් ඒ ඒ ධර්මයාගේ ඇතිවීමක්, සමගියට පැමිණි ප්‍රත්‍යයන්හිදී මොහොතකුදු එයින් උපදින ධර්මයන්ගේ නැතිවීමක්, අන්‍යවූ, ධර්ම ප්‍රත්‍යය කරණකොට ගෙන අන්‍ය ධර්මයන්ගේ ඇතිවීමක්, ජරාමරණයන්ට ප්‍රත්‍යයවීමක් වේද, මහණෙනි, මෙයට පටිච්චසමුප්පාදයයි (හේතුඵල ධර්මයයි) කියනු ලැබේ.

§ 5. “මහණෙනි, තථාගතයන් උපන් කල්හිද නූපන් කල්හිද තණ්හාව නිසා උපාදානයෝ ඇතිවෙත්. මේ ප්‍රත්‍යය ස්වභාවය වනාහි ස්වභාවයෙන් සිටියේමයි. ස්වභාව ධර්මයයි, ධර්ම නිසාමයයි. ජරාමරණාදීන්ට ප්‍රත්‍යයවීමයි. එය තථාගතතෙම අවබෝධ කෙරෙයි. වටහා ගනියි. අවබෝධ කොට, වටහාගෙන කියයි. දේශනා කෙරෙයි, පණවයි. පිහිටුවයි, විවරණ කෙරෙයි, බෙදයි,

මහණෙනි, “තණ්හාව නිසා උපාදානයෝ” ඇතිවෙත් යන තන්හි ඒ ඒ ප්‍රත්‍යයන්ගෙන් ඒ ඒ ධර්මයාගේ ඇතිවීමක්, සමගියට පැමිණි ප්‍රත්‍යයයන්හිදී මොහොතකුදු එයින් උපදින ධර්මයන්ගේ නැතිවීමක්, අන්‍යවූ, ධර්ම ප්‍රත්‍යය කරණකොට ගෙන අන්‍ය ධර්මයන්ගේ ඇතිවීමක්, ජරාමරණයන්ට ප්‍රත්‍යයවීමක් වේද, මහණෙනි, මෙයට පටිච්චසමුප්පාදයයි (හේතුඵල ධර්මයයි) කියනු ලැබේ.

§6 . “මහණෙනි, තථාගතයන් වහන්සේ උපන් කල්හිද නූපන් කල්හිද, වේදනාව නිසා තණ්හාව ඇතිවේ. මේ ප්‍රත්‍යය ස්වභාවය වනාහි ස්වභාවයෙන් සිටියේමය, ස්වභාව ධර්මයයි, ධර්ම නිසාමයයි. ජරාමරණාදීන්ට ප්‍රත්‍යයවීමයි. එය තථාගතතෙම අවබෝධ කෙරෙයි, වටහා ගනියි, අවබෝධකොට වටහාගෙන කියයි, දේශනා කෙරෙයි, පණවයි, පිහිටුවයි, විවරණකෙරෙයි,

මහණෙනි, “වේදනාව නිසා තණ්හාව” ඇතිවේ. එය බලව්යයිද කියයි.
මහණෙනි, මෙසේ වනාහි ඒ “වේදනාව නිසා තණ්හාව” ඇතිවේ යන තන්හි ඒ ඒ ප්‍රත්‍යයන්ගෙන් ඒ ඒ ධර්මයාගේ ඇතිවීමක්, සමගියට පැමිණි ප්‍රත්‍යයන්හිදී මොහොතකුදු එයින් උපදින ධර්මයන්ගේ නැතිවීමක්, අන්‍යවූ, ධර්ම ප්‍රත්‍යය කරණකොට ගෙන අන්‍ය ධර්මයන්ගේ ඇතිවීමක්, ජරාමරණයන්ට ප්‍රත්‍යයවීමක් වේද, මහණෙනි, මෙයට පටිච්චසමුප්පාදයයි (හේතුඵල ධර්මයයි) කියනු ලැබේ.

§ 7. “මහණෙනි, තථාගතයන් උපන් කල්හිද, නූපන් කල්හිද ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. මේ ප්‍රත්‍යය ස්වභාවය වනාහි ස්වභාවයෙන් සිටියේමයි. ස්වභාව ධර්මයයි, ධර්ම නිසාමයයි ජරාමරණාදීන්ට ප්‍රත්‍යයවීමයි. එය තථාගත තෙම අවබෝධ කෙරෙයි. වටහා ගනියි. අවබෝධ කොට, වටහාගෙන කියයි. දේශනා කෙරෙයි. පණවයි. පිහිටුවයි. විවරණ කෙරෙයි. බෙදයි.

මහණෙනි, “ස්පර්ශය නිසා වේදනාව” ඇතිවේ. එය බලව්යයිද කියායි.
මහණෙනි, මෙසේ වනාහි ඒ “ස්පර්ශය නිසා වේදනාව” ඇතිවේ යන තන්හි ඒ ඒ ප්‍රත්‍යයන්ගෙන් ඒ ඒ ධර්මයාගේ ඇතිවීමක්, සමගියට පැමිණි ප්‍රත්‍යයන්හිදී මොහොතකුදු එයින් උපදින ධර්මයන්ගේ නැතිවීමක්, අන්‍යවූ, ධර්ම ප්‍රත්‍යය කරණකොට ගෙන අන්‍ය ධර්මයන්ගේ ඇතිවීමක්, ජරාමරණයන්ට ප්‍රත්‍යය වීමක් වේද, මහණෙනි, මෙයට පටිච්චසමුප්පාදයයි (හේතුඵල ධර්මයයි) කියනු ලැබේ.

§8. “මහණෙනි, තථාගතයන් උපන් කල්හිද, නූපන් කල්හිද, සළායතනයන් (ඉන්ද්‍රියන්) නිසා ස්පර්ශය ඇතිවේ. මේ ප්‍රත්‍යය ස්වභාවය වනාහි ස්වභාවයෙන් සිටියේමයි. ස්වභාවධර්මයයි. ධර්ම නිසාමයයි. ජරාමරණාදීන්ට ප්‍රත්‍යයවීමයි. එය ස්වභාව ධර්මයයි තථාගතතෙම අවබෝධ කෙරෙයි. වටහා ගනියි. අවබෝධ කොට, වටහාගෙන කියයි. දේශනා කෙරෙයි. පණවයි. පිහිටුවයි. විවරණ කෙරෙයි. බෙදයි.

මහණෙනි, “සළායතනයන් නිසා ස්පර්ශය” ඇතිවේ. එය බලව්යයිද කියයි.
මහණෙනි, මෙසේ වනාහි ඒ “සළායතනයන් නිසා ස්පර්ශය” ඇතිවේ. යන තන්හි ඒ ඒ ප්‍රත්‍යයන්ගෙන් ඒ ඒ ධර්මයාගේ ඇතිවීමක් සමගියට පැමිණි ප්‍රත්‍යයයන්හිදී මොහොතකුදු එයින් උපදින ධර්මයන්ගේ නැතිවීමක්, අන්‍යවූ, ධර්ම ප්‍රත්‍යය කරණකොට ගෙන අන්‍ය ධර්මයන්ගේ ඇතිවීමක්, ජරාමරණයන්ට ප්‍රත්‍යයවීමක් වේද, මහණෙනි, මෙයට පටිච්චසමුප්පාදයයි (හේතුඵල ධර්මයයි) කියනු ලැබේ.

§9 . “මහණෙනි, තථාගතයන් උපන් කල්හිද, නූපන් කල්හිද, නාමරූපයන් නිසා සළායතනයෝ ඇතිවෙත්. මේ ප්‍රත්‍යය ස්වභාවය වනාහි ස්වභාවයෙන් සිටියේමයි. ස්වභාව ධර්මයයි. ධර්ම නිසාමයයි, ජරාමරණාදීන්ට ප්‍රත්‍යයවීමයි. එය තථාගත තෙම අවබෝධ කෙරෙයි. වටහා ගනියි. අවබෝධ කොට, වටහා ගෙන කියයි. දේශනා කෙරෙයි. පණවයි. පිහිටුවයි. විවරණ කෙරෙයි. බෙදයි.

මහණෙනි, නාමරූපයන් නිසා සළායතනයන් ඇතිවේ. එය බලව්යයිද කියායි.
මහණෙනි, මෙසේ වනාහි ඒ “නාමරූපයන් නිසා සළායතනයන්” ඇතිවේ. යන තන්හි ඒ ඒ ප්‍රත්‍යයන්ගෙන් ඒ ඒ ධර්මයාගේ ඇතිවීමක්, සමගියට පැමිණි ප්‍රත්‍යයයන්හිදී මොහොතකුදු එයින් උපදින ධර්මයන්ගේ නැතිවීමක්, අන්‍යවූ, ධර්ම ප්‍රත්‍යය කරණකොට ගෙන අන්‍ය ධර්මයන්ගේ ඇතිවීමක්, ජරාමරණයන්ට ප්‍රත්‍යයවීමක් වේද, මහණෙනි, මෙයට පටිච්චසමුප්පාදයයි (හේතුඵල ධර්මයයි) කියනු ලැබේ.

§ 10. “මහණෙනි, තථාගතයන් උපන් කල්හිද, නූපන් කල්හිද, විඤ්ඤාණය නිසා නාම රූප ඇතිවේ. මේ ප්‍රත්‍යය ස්වභාවය වනාහි ස්වභාවයෙන් සිටියේමයි. ස්වභාවධර්මයයි ධර්ම නිසාමයයි, ජරාමරණාදීන්ට ප්‍රත්‍යයවීමයි. එය තථාගතතෙම අවබෝධ කෙරෙයි. වටහා ගනියි. අවබෝධ කොට, වටහාගෙන කියයි. දේශනා කෙරෙයි. පණවයි. පිහිටුවයි. විවරණ කෙරෙයි. බෙදයි.

මහණෙනි, “විඤ්ඤාණය නිසා නාම රූප” ඇතිවේ. එය බලව්යයිද කියායි.
මහණෙනි, මෙසේ වනාහි ඒ “විඤ්ඤාණය නිසා නාම රූප” ඇතිවේ යන තන්හි ඒ ඒ ප්‍රත්‍යයන්ගෙන් ඒ ඒ ධර්මයාගේ ඇතිවීමක්, සමගියට පැමිණි ප්‍රත්‍යයයන්හිදී මොහොතකුදු එයින් උපදින ධර්මයන්ගේ නැතිවීමක්, අන්‍යවූ, ධර්ම ප්‍රත්‍යය කරණකොට ගෙන අන්‍ය ධර්මයන්ගේ ඇතිවීමක්, ජරාමරණයන්ට ප්‍රත්‍යයවීමක් වේද, මහණෙනි, මෙයට පටිච්චසමුප්පාදයයි (හේතුඵල ධර්මයයි) කියනු ලැබේ.

§ 11. “මහණෙනි, තථාගතයන් උපන් කල්හිද, නූපන් කල්හිද, සංස්කාරයන් නිසා විඤ්ඤාණය ඇතිවේ. මේ ප්‍රත්‍යය ස්වභාවය වනාහි ස්වභාවයෙන් සිටියේමයි. ස්වභාව ධර්මයයි, ධර්ම නිසාමයයි, ජරාමරණාදීන්ට ප්‍රත්‍යයවීමයි. එය තථාගතතෙම අවබෝධ කෙරෙයි. වටහා ගනියි. අවබෝධ කොට, වටහාගෙන කියයි. දේශනා කෙරෙයි. පණවයි. පිහිටුවයි. විවරණ කෙරෙයි. බෙදයි.

මහණෙනි, “සංස්කාරයන් නිසා විඤ්ඤාණය” ඇතිවේ. එය බලව් යයිද කියයි.
මහණෙනි, මෙසේ වනාහි ඒ සංස්කාරයන් නිසා විඤ්ඤාණය ඇතිවේ, යන තන්හි ඒ ඒ ප්‍රත්‍යයන්ගෙන් ඒ ඒ ධර්මයාගේ ඇතිවීමක්, සමගියට පැමිණි ප්‍රත්‍යයන්හිදී මොහොතකුදු එයින් උපදින ධර්මයන්ගේ නැතිවීමක්, අන්‍යවූ, ධර්මප්‍රත්‍යය කරණකොට ගෙන අන්‍ය ධර්මයන්ගේ ඇතිවීමක්, ජරාමරණයන්ට ප්‍රත්‍යයවීමක් වේද, මහණෙනි, මෙයට පටිච්චසමුප්පාදයයි (හේතුඵල ධර්මයයි) කියනු ලැබේ.

§12. “මහණෙනි, තථාගතයන් වහන්සේ උපන් කල්හිද, නූපන් කල්හිද, අවිජ්ජාව නිසා සංස්කාරයෝ ඇතිවෙත්. මහණෙනි, මෙසේ එහි එසේම වන බවක්, නොවරදින බවක්, අන් ආකාරයකින් නොවන බවක්, මේ ඵලය මේ හේතුවෙන් වන බවක් ඇත්තේද, මහණෙනි, මේ වනාහි පටිච්චසමුප්පාදයයි කියනු ලැබේ.

§ 13. “මහණෙනි, පටිච්චසමුප්පන්න ධර්මයෝ (හේතුඵල ධර්මයෝ) කවරහුද?

මහණෙනි, ජරාව සහ මරණය අනිත්‍යය. ප්‍රත්‍යයන් විසින් එක්ව කරන ලද්දේය. ප්‍රත්‍යයන් නිසා උපන්නේය. ක්ෂය වන ස්වභාව ඇත්තේය. වැය වන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය.

“මහණෙනි, ජාතිය (ඉපදීම) අනිත්‍යය. ප්‍රත්‍යයන් එක්කොට කරන ලද්දේය. ප්‍රත්‍යයන් නිසා උපන්නේය. ක්ෂය වෙන ස්වභාව ඇත්තේය. වැය වෙන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය.

“මහණෙනි, භවය අනිත්‍යය. ප්‍රත්‍යයන් එක්කොට කරන ලද්දේය. ප්‍රත්‍යයන් නිසා උපන්නේය. ක්ෂයවෙන ස්වභාව ඇත්තේය. වැයවෙන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය.

“මහණෙනි, උපාදානය (තද ඇලීම) අනිත්‍යය. ප්‍රත්‍යයන් එක්කොට කරන ලද්දේය. ප්‍රත්‍යයන් නිසා උපන්නේය. ක්ෂයවෙන ස්වභාව ඇත්තේය. වැයවෙන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය.

“මහණෙනි, තණ්හාව අනිත්‍යය. ප්‍රත්‍යයන් එක්කොට කරන ලද්දේය. ප්‍රත්‍යයන් නිසා උපන්නේය. ක්ෂයවෙන ස්වභාව ඇත්තේය. වැයවෙන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය.

“මහණෙනි, වේදනාව අනිත්‍යය. ප්‍රත්‍යයන් එක්කොට කරන ලද්දේය. ප්‍රත්‍යයන් නිසා උපන්නේය. ක්ෂයවෙන ස්වභාව ඇත්තේය. වැයවෙන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය.

“මහණෙනි, ස්පර්ශය අනිත්‍යය. ප්‍රත්‍යයන් එක්කොට කරන ලද්දේය. ප්‍රත්‍යයන් නිසා උපන්නේය. ක්ෂයවෙන ස්වභාව ඇත්තේය. වැයවෙන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය.

“මහණෙනි, සළායතන (ඉන්ද්‍රිය) අනිත්‍යය. ප්‍රත්‍යයන් එක්කොට කරන ලද්දේය. ප්‍රත්‍යයන් නිසා උපන්නේය. ක්ෂයවෙන ස්වභාව ඇත්තේය. වැයවෙන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය.

“මහණෙනි, නාමරූප අනිත්‍යය. ප්‍රත්‍යයන් එක්කොට කරන ලද්දේය. ප්‍රත්‍යයන් නිසා උපන්නේය. ක්ෂයවෙන ස්වභාව ඇත්තේය. වැයවෙන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය.

“මහණෙනි, විඤ්ඤාණය අනිත්‍යය. ප්‍රත්‍යයන් එක්කොට කරන ලද්දේය. ප්‍රත්‍යයන් නිසා උපන්නේය. ක්ෂයවෙන ස්වභාව ඇත්තේය. වැයවෙන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය.

“මහණෙනි, සංස්කාර අනිත්‍යය. ප්‍රත්‍යයන් එක්කොට කරන ලද්දේය. ප්‍රත්‍යයන් නිසා උපන්නේය. ක්ෂයවෙන ස්වභාව ඇත්තේය. වැයවෙන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය.

“මහණෙනි, අවිජ්ජාව අනිත්‍යය. ප්‍රත්‍යයන් එක්කොට කරන ලද්දේය. ප්‍රත්‍යයන් නිසා උපන්නේය. ක්ෂයවෙන ස්වභාව ඇත්තේය. වැයවෙන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය.

“මහණෙනි, මොවුහු පටිච්චසමුප්පන්න ධර්මයෝයයි (හේතුඵලධර්මයෝයයි) කියනු ලැබෙත්.

§ 14. “මහණෙනි, යම් හෙයකින් වනාහී ආර්ය ශ්‍රාවකයා විසින් මේ පටිච්චසමුප්පාදයද, මේ පටිච්චසමුප්පන්න ධර්මයන්ද ඇතිසැටි යහපත් නුවණින් මනාකොට දක්නා ලද්දාහු වෙත්ද, එවිට ඒ ආර්ය ශ්‍රාවකතෙම මම අතීතකාලයෙහි වූයෙම්දෝ අතීත කාලයෙහි නූවූයෙම්දෝ කවර ජාති ඇත්තෙකු වූයෙම්දෝ අතීත කාලයෙහි රූපය කෙසේ වූයෙම්දෝ, මම අතීත කාලයෙහි කවර ජාති ඇත්තෙකු වී පසුව කවර ජාති ඇත්තෙකු වූයෙම්දෝ කියා අතීතයට දුවන්නේය යන යමක් ඇත්නම් ඊට කරුණු නැත.

මම අනාගත කාලයෙහි වෙම්දෝ, අනාගත කාලයෙහි නොවෙම්දෝ, අනාගත කාලයෙහි කවර ජාති ඇත්තෙකු වෙම්දෝ, අනාගත කාලයෙහි රූපය කෙසේ වෙම්දෝ, අනාගත කාලයෙහි කවර ජාති ඇත්තෙකුවී, පසුව කවර ජාති ඇත්තෙකු වෙම්දෝයි අනාගතයට දුවන්නේය යන යමක් ඇත්නම් ඊට කරුණු නැත.

මේ වර්තමාන කාලය ගැන හෝ තමාගේ පඤ්චස්කන්ධය මම වෙම්දෝ, නොවෙම්දෝ, කවර ජාති ඇත්තෙකු වෙම්දෝ (රූපය) කෙසේ වෙම්දෝ මේ සත්වතෙම කොහෙන් වනාහි ආයේද; හෙතෙම කොහි යන්නේදැයි සැක ඇති වන්නේය යන යමක් වේනම් ඊට කරුණු නැත.

ඊට හේතුව කවරේද?
මහණෙනි, ආර්යශ්‍රාවකයා විසින් මේ පටිච්චසමුප්පාදයද; මේ පටිච්චසමුප්පන්න ධර්මයෝද ඇති සැටි යහපත් නුවණින් මනාකොට දක්නාලද හෙයිනි

MN 03-01-02 පඤ්ඤත්තය සූත්‍රය

දීඝ නිකායේ බ්‍රහ්මජාල සුත්‍රයේ මධ්‍යම ප්‍රමාණයේ අනුකෘතිය මේ යැයි සඳහන් කල හැක. පඤ්ඤත්තය යන පාලි වචනය පහ සහ තුන ලෙස දැක්වේ. පහ යනු ආත්මවාදී දිට්ඨි පහකි. තුන යනු අතීත, අනාගත , වර්තමාන යන කාල ත්‍රයය. මේ කාල තුනට අදාලව පැසි ආකාර ආත්ම දිට්ඨිවල පැටලී ගැන සමහර සමකාලීන ඉගැන්වීම් මෙහිදී සලකා බලා ඇත. දිඝ නිකායේ බ්‍රහ්මජාල සුත්‍රයේ කෙටි අනුවර්තනයක් ලෙස මෙය සමහරු සලකති.

§ 1, මා විසින් මෙසේ අසනලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේ පිඬු සිටුහු විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි දිනක් භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි,’ කියා භික්ෂූන්ට කථා කළහ. ‘පින්වතුන් වහන්ස!” යැයි’ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය දේශනා කල සේක.

§ 2. අනාගතය ගැන දේශනා කරන්නාවූ ඇතැම් මහණ බමුණන්ට අනාගතය පිළිබඳව මෙබඳු දෘෂ්ටි ඇත්තාහ. අනාගතය අරභයා නොයෙක් ආකාර දෘෂ්ටි දක්වමින්, මත වාද මෙසේ ප්‍රකාශ කෙරෙත්.

(i) “මනුෂ්යාගේ ආත්මය මරණින් පසුව, සඥාවෙන් යුක්තවම මීළඟ භවයෙහි පහල වේ.” යි සමහරු කියති.
(ii) “මනුෂ්‍යයාගේ නිත්‍යවූ ආත්මය මරණින් පසු සඥාවෙන් තොරව මීළඟ භවයෙහි පහල වේ.” යි සමහරු කියති.
(iii) මනුෂ්යාගේ නිත්‍යවූ ආත්මය මරණින් පසු සඥාවෙන් තොරව හෝ සඥාව සහිතව හෝ මීළඟ භවයෙහි පහල විය හැක.” යි සමහරු කියති.
(iv) මරණින් මතු කිසි වක් ඉතිරි නොවේ, යලි පහලවීමක් නොවේ”යයි සමහරු කියති.
(v) නිර්වාණය 936 වර්තමානයේම , එනම් මෙම ජීවිතයේම ලැබිය යුතුයැය්”යි සමහරු කියති.

[936: ටිබෙට් රටෙහි ඉතිරිව ඇති මේ සුත්‍රයෙහි නිර්වානය ගැන ඇති 5 වෙනි කාණ්ඩය මෙහි ඇතුල් නොකොට, වෙනමම කොටසක් ලෙස දක්වා ඇත. බ්‍රහ්මජාල සුත්‍රයේද මේ නිර්වානය ගැන මතය මෙහි දක්වන ආකාරයටම දක්වා ඇත.]

මෙසේ මේ කරුණු පස
(a) මරණයෙන් මතුද නොනැසී පවතින ආත්මයක් ගැන.
(b) මරණින් මතු කිසිවක් ඉතිරිනොවන අනාත්ම වාදයක් ගැන, හා
(c) මේ භවයේම නිර්වාණය ලැබීම යන තුන් ආකාරයෙන් දැක්විය හැක.

මේ පඤ්චත්තය පිළිබඳව උද්දෙසය නොහොත්, සංක්ෂෙපයෙන් දැක්වීම මෙසේ කලින් දැක්වූ වාද පහ , තුන් ආකාරයකට පිඩු කොට දැක්වීම නිසා මේ සුත්‍රය පඤ්ඤත්තය (පහේ සහ තුනේ සුත්‍රය ) ලෙස නම් කොට ඇත.

§ 3. “මහණෙනි, ඔවුන් අතුරෙහි පළමුව දැක්වූ නොනැසී පවතින ආත්මයක් ගැන කියනා මහණ බමුණන්, මේ ඔවුන් කියනා නොනැසෙන ආත්මය
(a) නොනැසෙන රුපයකින් යුක්ත බව හෝ
(b) රූපයකින් යුතුව හෝ රූපයකින් තොරව ඇති බව හෝ
(c) සඥාවෙන් යුතු හෝ සඥානාවෙන් තොර බව හෝ,
(d) ඒකීයතත්වයෙන් යුතු ආත්මයක් ගැන හෝ,
(e) බහු සඥාවෙන් යුක්තවූ හෝ
(f) හීන සඥාවෙන් යුකතවූ හෝ අප්‍රමාන සඥාවෙන් යුක්ත937 වූ හෝ
(g) මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුක්ත ආත්මයක් පණවත්.938

[937:- බ්‍රහ්මජාල සුත්‍රයේ මේ දිට්ඨියේ උප කාණ්ඩ දහසයක් දක්වා ඇත. මේ සුත්‍රයේ එතරම් විස්තරාත්මකව මේ දිට්ඨිය විස්තර නොවුනත් 14 හිදී අතීත

මේ කියනලද සංඥා සත ඉක්මවන්ට හැකියයි කියන සමහරු මේ විඤ්ඤානඤ්චායතනය හෝ අප්‍රමාණයයිවෙනස් කළ නොහැකි යයි සමහරු කියත්.

§ 4. මහණෙනි, මේ කාරණය පිළිබඳව තථාගතයන් ඒ ඒ දෘෂ්ටීන්ද, දෘෂ්ටීන්ගේ හේතුන්ද, දෘෂ්ටින්ගේ අරමුණුත් මෙසේ දන්නාහ.

යම් පින්වත් මහණ බමුණෝ මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුක්තවූ ආත්මයක් පණවත්ද, ඒ පින්වත් මහණ බමුණෝ රූපයක් ඇත්තාවූ, මරණින් මතු නිත්‍යවූ, පින්වත් මහණ බමුණෝ රූප නැත්තාවූ, මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුක්තවූ ආත්මයක් හෝ පණවත්.

යම් මහණ බමුණන් රූපයක් ඇත්තාවූ, හෝ රූපයක් නැත්තාවූද, මරණින් මතු පවත්නා වූ සංඥාවෙන් යුක්තවූ ආත්මයක් පණවත්ද . ඒ පින්වත් මහණ බමුණෝ රූපයක් ඇත්තේත් නොවන්නාවූද, රූප නැත්තේත් නොවන්නාවූද, මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුක්තවූ ආත්මයක් පණවත්.

සමහර මහණ බමුණන් එක් සංඥාවක් ඇත්තාවූ මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුත් ආත්මයක් පණවත්ද, ඒ පින්වත් මහණ බමුණෝ නොයෙක් සංඥා ඇත්තාවූ මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුත් ආත්මය පණවත්.

ඒ පින්වත් මහණ බමුණෝ හීන සංඥා ඇත්තාවූ මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුත් ආත්මයක් පණවත්. නැතිනම් අප්‍රමාණ සංඥාවෙන් යුක්තවූ , මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුත් ආත්මයක් පණවත්.

මේ රූප සහිත සංඥා අතුරෙන්ද, රූප නැති සංඥා අතුරෙන්ද, එකත්ත සංඥා අතුරෙන්ද නානත්ත සංඥා අතුරෙන්ද, යම් සංඥාවක් පිරිසිදුය, උතුම්ය, අග්‍රය, සියල්ලට වඩා උතුම් යයි කියනු ලැබේද, එය නාස්තිභාවප්‍රඥප්තිය අරමුණු කොට ඇති ආකිඤ්චඤ්ඤායතන සංඥාව අප්‍රමාණ වෙයි. කම්පා නො වේය යී සමහරු කියත්. එය ප්‍රත්‍යයෙන් හටගන්නා ලද්දකි. එහෙයින් ඖදාරික වේ. සංස්කාරයන්ගේ නිරෝධයවූ නිවන ඇත්තේම ය. ඒ නිවන ඇත්තේය යි එසේ දැන ඒ සංස්කාරයන්ගේ නික්මීම දක්නා තථාගත තෙමේ ඒ සංස්කාරයන් ඉක්මීය.

§  4. “මහණෙනි, ඒ වාද අතුරෙන් යම් මහණ බමුණ කෙනෙක් මරණින් මතු නිත්‍යවූ සංඥා නැත්තාවූ ආත්මය පණවත්ද, ඒ පින්වත් මහණ බමුණෝ, රූපය ඇත්තාවූ මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් තොරවූ ආත්මයක් හෝ පණවත් ද, ඒ පින්වත් මහණ බමුණෝ රූපය නැත්තාවූ මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් තොරවූ ආත්මයක් හෝ පණවත්,

ඒ පින්වත් මහණ බමුණෝ රූප ඇත්තාවූ ද රූප නැත්තාවූද, මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් තොරවූ ආත්මයක් හෝ පණවත්ද, ඒ පින්වත් මහණ බමුණෝ රූප ඇත්තේත් නොවන්නාවූද සංඥාවෙන් තොරවූ ආත්මයක් හෝ පණවත්.

මහණෙනි, ඒ වාද අතුරෙහි යම් මහණ බමුණකු මරණින් මතු නිත්‍යවූ සංඥාවෙන් යුක්තවූ ආත්මයක් පණවත්, සමහරු ඒ මතය බැහැර කෙරෙත්.
ඊට හේතු කවරේද?

සංඥාව රොගයකි, සංඥාව ගඩයකි, සංඥාව හුලකි. සංඥා රහිත බවක් වේද, එය ශාන්තය, එය ප්‍රණීතය යි ඔව්හු සිතත්. මහණෙනි, තථාගතයන් ඒ අසඥ භාවයත් දන්නේය.

§  5. “සමහර පින්වත් මහණ බමුණෝ මරණින් මතු නිත්‍යවූ සංඥාවක් නැත්තාවූ ආත්මයක් පණවත්, ඒ පින්වත් මහණ බමුණෝ මරණින් මතු, රූපයක් ඇත්තාවූ නිත්‍යවූ සංඥා නැති ආත්මය හෝ පණවත්.

සමහර මහණ බමුණෝ රූප ඇත්තාවූද රූප නැත්තාවූද, මරණින් මතු නිත්‍යවූ සංඥාවක් නැති ආත්මයක් පණවත්. ඒ පින්වත් මහණ බමුණෝ රූපය ඇති හෝ නැති, මතු නිත්‍යවූ සංඥා නැති ආත්මයක් පණවත්. මහණෙනි, යම් කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ‘මම රූපයෙන් වෙන්ව වේදනාවෙන් වෙන්ව, සංඥාවෙන් වෙන්ව, සංස්කාරයන්ගෙන් වෙන්ව, විඤ්ඤාණයාගේ (ප්‍රතිසන්ධි වශයෙන්) ඊම හෝ යාම හෝ චුතවීම හෝ ඉපදීම හෝ වැඩීම හෝ නැගීම හෝ මහත්වීම හෝ පණවන්නෙමියි.’ කියන්නේද ඒ සිදු නොවන්නකි. විඥානයද ප්‍රත්‍යයෙන් උපදින ලද්දකි. ඖදාරිකය. සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇත්තේමය. මෙය ඇතැයි මෙසේ දැන එයින් මිදීම දක්නා තථාගතයන් එය ඉක්ම වූයේය.

§  6. “මහණෙනි, ඔවුන් අතරෙහි සමහර මහණ බමුණෝ සංඥා ඇත්තෙත් නොවන්නාවූද නැත්තේත් නොවන්නාවූද මරණින් මතු නිත්‍යවූ ආත්මයක් පණවත්. ඇතැම් මහණ බමුණෝ රූපය ඇත්තාවූ මරණින් මතු නිත්‍යවූ සංඥා ඇත්තේත් නොවන්නාවූද නැත්තේත් නොවන්නාවූද ආත්මයක් පණවත්.

ඒ මහණ බමුණෝ රූපයෙන් තොරව, නිත්‍යවූ සංඥාවෙන් යුතු ආත්මයක් මරණින් මතු ඇත්තේයි පණවති. ඇතැම් මහණ බමුණෝ රූප ඇත්තාවූද, රූප නැත්තාවූද මරණින් මතු නිත්‍යවූ සංඥා ඇත්තේත් නොවන්නාවූද නැත්තේත් නොවන්නාවූද, සංඥා ඇති ආත්මයක් පණවත්. ඇතැම් මහණ බමුණෝ රූප ඇත්තේත් නොවූ රූප නැත්තේත් නොවූද, මරණින් මතු නිත්‍යවූ සංඥා ඇත්තේත් නොවූද සංඥා නැත්තේත් නොවූද ආත්මය හෝ පණවත්.

මහණෙනි, ඔවුන් අතරෙහි යමෙක් මරණින් මතු නිත්‍යවූ සංඥා ඇති ආත්මයක් පණවත්ද, සමහරු ඔවුන් බැහැර කරයිද, ඒ පින්වත් මහණ බමුණෝ මරණින් මතු නිත්‍යවූ සංඥා නැත්තාවූ ආත්මය පණවත්ද, සමහරු ඔවුන් බැහැරකරත්. ඊට හේතු කවරේද?

‘සංඥාව රෝගයකි, සංඥාව ගඩයකි, සංඥාව හුලකි, අසංඥාව මුළාවකි. මේ සංඥාව ඇත්තේත් නැති නැත්තේත් නැති බවක්වේ නම් එය ශාන්තය, එය ප්‍රණීතයයි’ කියායි මහණෙනි, ඒ දෘෂ්ටියද තථාගතයන් දන්නේය.

§  7. සමහර මහණ බමුණෝ නිත්‍යවූ සංඥාවකින් තොර, ආත්මයක් පනවත්, සමහර මහණ බමුණෝ රූපය ඇත්තාවූ මරණින් මතු නිත්‍යවූ සංඥා ඇත්තේත් නැත්තේත් නොවූ ආත්මය හෝ පණවත්. සමහර මහණ බමුණෝ රූපය නැති, නිත්‍යවූ සංඥා ඇති ආත්මයක් පණවත්. ඒ පින්වත් මහණ බමුණෝ රූපය ඇත්තාවූද, රූපය නැත්තාවූද, මරණින් මතු නිත්‍යවූ සංඥා ඇත්තේත් නොවූ නැත්තේත් නොවූ ආත්මය හෝ පණවත්. ඒ පින්වත් මහණ බමුණෝ රූපය ඇත්තේත් රූපය නැත්තේත් නොවූ මරණින් මතු නිත්‍යවූ සංඥා ඇත්තේත් නොවූ නැත්තේත් නොවූ ආත්මය හෝ පණවත්. 942

[942: පංච ස්කන්ධයන් පවතින උප්පත්ති භුමි ගැන මේ වාදයෙහි මෙසේ දැක්වේ යයි අටුවාව කියයි. අරුපී තල උප්පති භූමිවල පංච ස්කන්ධයෙන් තොර විඥානය පමණක් පවතියි, රූපය පමනක් ඇති විඥානය නැති භුමි ගැනද මොවුන් දක්වයි. එනමුත් අනෙත් මනෝ ස්කන්ධයන් තුනෙන් තොරව විඥානය නොපිහිටයි.]

§  8. “මහණෙනි, යම් මහණ බමුණු කෙණෙක් ඇසින් දැකීමය, කණින් ඇසීමය, නාසයෙන්, දිවෙන්, කයෙන් දැනීමය යන මෙයින් දතයුතුවූ (දොරටු පසෙහි සංඥාවගේ පැතීම් මාත්‍රයෙන්) ඖදාරික සංස්කාරයන්ගේ පැවැත්මෙන් මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනයාගේ ලැබීම පණවත්.

මහණෙනි, ‘සමාපත්තියෙන් නැගිටීම වන හෙයින් විනාශයක්ම මේ ආයතනයාගේ ලැබීම පිණිස කියයි. මහණෙනි, මේ නෙවසංඤ්ඤානාසංඤ්ඤායතනයට පැමිණීම ඖදාරික සංස්කාරයන්ගේ පැවැත්මෙන් පැමිණිය යුතුයයි’ කියා කිය නොහැක.. මහණෙනි, මෙය සංස්කාර විශේෂයක් සහිත සමාපත්තියෙන් පැමිණිය යුතු ආයතනයකි.. එයද ප්‍රත්‍යයෙන් උපදවන ලද්දකි. ඖදාරිකද වේ. සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇත්තේමය. එය ඇතැයි, මෙසේ දැන ඉන් මිදීම දක්නා තථාගතයන් එය ඉක්මවන ලද්දේය..

§ 9. “මහණෙනි, ඒ වාදයන් අතර සමහර මහණ බමුණෝ, සත්වයාගේ උච්ඡෙදය, විනාසය, නොවීම පණවත්ද, මහණෙනි, ඒ මහණ බමුණෝ මරණින් මතු නිත්‍යවූ සංඥා ඇති ආත්මය පණවත්. සමහරු ඒ බැහැර කරත්. යම් මහණ බමුණෝ මරණින් මතු නිත්‍යවූ සංඥා නැත්තාවූ ආත්මය පණවත්, සමහරු ඒ බැහැර කරත්. සමහර මහණ බමුණෝ මරණින් මතු නිත්‍යවූ සංඥා ඇති හෝ නැති, ඇත්තෙත් නැති , නැත්තේත් නැති ආත්මයක් පණවත්. සමහරු ඒ බැහැර කරත්.
ඊට හේතු කවරේද?

ඒ සියළු පින්වත් මහණ බමුණෝ ‘අනාගතයෙහි සැරිසරන්නාවූ මෙසේ පරලොව වන්නෙමු. මෙසේ පරලොව වන්නෙමුයි’ ඇලීමම කියන්නාහු වෙති. යම්සේ නම් වෙළඳාමට යන්නාවූ වෙළෙන්දාට ‘මෙයින් මට මෙය වන්නේය, මෙයින් මෙය එපරිද්දෙන්ම පරලොව මෙසේ වන්නෙමු. පරලොව මෙසේ වන්නෙමුයි,’ සිතන්නාවූ මේ පින්වත් මහණ බමුණෝ වෙළඳුන්ට බඳු උපමා ඇත්තාහුයයි වැටහෙත්. මහණෙනි, මෙයද තථාගතයන් දන්නේය.

§ 10. “යම් මහණ බමුණෝ සත්වයාගේ උච්ඡෙදය, විනාශය, හට නොගැණීම, පණවත්, ඔව්හු ත්‍රිවිධ භවයට භය වන්නාහුය, ත්‍රිවිධ භවය පිළිකුල් කරන්නාහුය. ත්‍රිවිධ භවය අනුවම දුවත්. ත්‍රිවිධ භවය අනුව පෙරළෙත්. යම්සේ සුනඛයෙක් දම්වැලකින් බඳනා ලද්දේ, දැඩිවූ කණුවක හෝ හුලක හෝ බඳින ලද්දේ නම් , එම වැලත් සමග හෝ හුලත් සමඟ ඒ සුනඛයා දුවන්නේද, ගමන් කරන්නේද, එමෙන් එපරිද්දෙන්ම මේ මහණ බමුණෝ සත්වයාගේ පැවැත්මට භය ඇත්තාහුය. සත්වයාගේ පැවැත්මට පිළිකුල් කරන්නාහුය. සත්වයාගේ පැවැත්ම අනුවම දුවත්, අනුවම පෙරළෙත්. ඒ එයද ප්‍රත්‍යයෙන් කරණ ලද්දක් වේ. එහෙයින්ම ඖදාරිකවේ. සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇත්තේමය. ඒ නිරෝධය ඇතැයි මෙසේ දැන සංස්කාරයන් ගෙන් මිදීම දක්නා තථාගතයන් එය ඉක්මවූයේ වෙයි.

“මහණෙනි, සත්වයන්ගේ අනාගතය කල්පනා කරන්නාවූ අනාගතය අනුව ගිය දෘෂ්ටි ඇත්තාවූ යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ වෙත්ද, ඔව්හු අනාගතය අරබයා අනෙක ප්‍රකාරවූ දෘෂ්ටි දක්වන්නාවූ, වචන කියත්ද? ඒ සියල්ලෙන් මේ කරුණු පසම කියත්. එයින් එක්තරා කරුණක් හෝ කියත්.

§  11. “මහණෙනි, සත්වයන්ගේ අතීතය කල්පනා කරන්නාවූ අතීතය අනුව ගිය දෘෂ්ටි ඇත්තාවූ ඇතැම් මහණ බමුණෝ වෙත්. ඔව්හු අතීතය අරබයා අනෙකප්‍රකාරවූ දෘෂ්ටි දක්වන්නාවූ වචන කියත්.

  • ‘ආත්මයද, ලෝකයද සදා කාලිකය මෙයම සත්‍යය, මෙයින් අන්‍ය කියුම් අසත්‍යය’යි සමහරු කියත්.
  • ‘ආත්මයද ලෝකයද සදාකාලික නොවේ. මෙයම සත්‍යය, මෙයින් අන්‍ය කියුම් අසත්‍යය’යි,’ සමහරු කියත්.
  • ‘ආත්මයද ලෝකයද, සදාකාලිකද වේ. සදාකාලික නොවන්නේද වේ. මෙයම සත්‍යයයි. මෙයින් අන්‍ය කියුම් අසත්‍යය’යි,’ සමහරු කියත්.
  • ‘ආත්මයද ලෝකයද, සදාකාලික නොවේ. සදාකාලික නොවන්නේද නොවේ. මෙයම සත්‍යයයි මෙයින් අන්‍යය අසත්‍යය’යි.’ සමහරු කියත්.
  • ‘ආත්මයටද ලෝකයටද කෙළවරක් ඇත්තේය. මෙයම සත්‍යය, අන්‍යය අසත්‍යය’යි,’ සමහරු කියත්.
  • ‘ආත්මයට ද ලෝකයට ද, කෙළවරක් නැත්තේය, මෙයම සත්‍යය අන්‍යය අසත්‍යය’යි.’ සමහරු කියත්.
  • ‘ආත්මයටද ලෝකයට ද කෙළවරක් ඇත්තේද නොවේ. කෙළවරක් නැත්තේද වේ, මෙයම සත්‍යය අන්‍යය අසත්‍යය’යි’ සමහරු කියත්.
  • ‘ආත්මයද ලෝකයද කෙළවරක් ඇත්තේද නොවේ. කෙළවරක් නැත්තේද වේ. මෙයම සත්‍යය අන්‍යය අසත්‍යය’යි’ සමහරු කියත්.
  • ‘ආත්මයද ලෝකයද නොයෙක් සංඥා ඇත්තේ වෙයි. මෙයම සත්‍යය අන්‍යය අසත්‍යය’යි’ සමහරු කියත්.
  • ‘ආත්මයද ලෝකයද නොයෙක් සංඥා ඇත්තේවේ. මෙයම සත්‍යය අන්‍යය අසත්‍යය’යි’ සමහරු කියත්.
  • ‘ආත්මයද ලෝකයද හීන සංඥා ඇත්තේවේ. මෙයම සත්‍යය අන්‍යය අසත්‍යය’යි’ සමහරු කියත්.
  • ‘ආත්මයද ලෝකයද අප්‍රමාණ සංඥා ඇත්තේවේ. මෙයම සත්‍යය අන්‍යය අසත්‍යය’යි’ සමහරු කියත්.
  • ‘ආත්මයද ලෝකයද ඒකාන්ත සැප ඇත්තේ වේ. මෙයම සත්‍යය අන්‍යය අසත්‍යය’යි සමහරු කියත්.
  • ‘ආත්මයද ලෝකයද ඒකාන්ත දුක් ඇත්තේවේ. මෙයම සත්‍යය අන්‍යය අසත්‍යය’යි’ සමහරු කියත්.
  • ‘ආත්මයද ලෝකයද දුක සැප දෙකම ඇත්තේවේ. මෙයම සත්‍යය අන්‍යය අසත්‍යය’යි සමහරු කියත්.
  • ‘ආත්මයද ලෝකයද දුක් ඇත්තේත් නොවේ. සැප ඇත්තේත් නොවේ. මෙයම සත්‍යය අන්‍යය අසත්‍යය’යි’ සමහරු කියත්.

§  12. “මහණෙනි, ඔවුන් අතර යම් ඒ මහණ බමුණෝ මෙබඳුවාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, ඒකාන්තයෙන් ඔවුන්ට ආත්මයද, ලෝකයද, ශාස්වතය, මෙයම සත්‍යය අනික සිස්ය යන ඇදහීමෙන් තොරව කැමැත්තෙන් තොරව ඇසීමෙන් තොරව ආකාර කල්පනා කිරීමෙන් තොරව සිතින් බැසගැනීමෙන් තොරව පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥාණය වන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ.

මහණෙනි, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම නුවණ නැති කල්හි ඒ පින්වත් මහණ බමුණෝ යම් ඥාණ කොටස් මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද, එයම මේ පින්වත් මහණ බමුණන්ගේ දැඩි කොටගත් දෘෂ්ටියයි කියනු ලැබේ. ඒ මේ දැඩිව ගත් දෘෂ්ටිය ප්‍රත්‍යයෙන් කරණ ලද්දකි. එහෙයින් ඖදාරිකවේ.

සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇත්තේමය. මෙය ඇත්තේයයි මෙසේ දැන ඒ සංස්කාරයන්ගේ මිදීම දක්නා තථාගතයන් එය ඉක්මවූයේය.

§  13. “මහණෙනි, ඔවුන් අතර යම් ඒ මහණ බමුණෝ මෙබඳුවාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, ‘ආත්මයද ලෝකයද සදාකාලික නොවේ. මෙයම සත්‍යය අනික හිස් යයි’ ඒකාන්තයෙන් ඔවුන්ගේ ශ්‍රද්ධාවෙන් තොරවම කැමැත්තෙන් තොරව අනුශ්‍රවණයෙන් තොරව ආකාර පරිවිතර්කයෙන් තොරව පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥානය වන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම නුවණ නැති කල්හි, ඒ පින්වත් මහණ බමුණෝ යම් ඤාණභාග මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද, එයම ඒ පින්වත් මහණ බමුණන්ගේ දෘෂ්ටි උපාදානයයි කියනු ලැබේ. ඒ මේ දෘෂ්ටි උපාදානය සංස්කරණය කරණ ලද්දේය. එහෙයින් ඖදාරික වේ. සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇත්තේමය. මෙය ඇත්තේ යයි මෙසේ දැන, ඔහුගේ නිවණ දක්නා සුළුවූ තථාගත තෙමේ එය ඉක්මවූයේ වේ.

§ 14. “මහණෙනි, ඔවුන් අතර යම් ඒ මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, ‘ආත්මයද ලෝකයද සදාකාලිකද වේ. සදාකාලික නොවන්නේද මෙයම සත්‍යය. අනික අසත්‍යය’යි’

ඒකාන්තයෙන් ඔවුන්ගේ ශ්‍රද්ධාවෙන් තොරවම, කැමැත්තෙන් තොරවම, අනුශ්‍රවණයෙන් තොරව, ආකාර පරිවිතර්කයෙන් තොරව පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥානය ඇතිවීම සිදු නොවේ.

මහණෙනි, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම නුවණ නැති කල්හි, ඒ පින්වත් මහණ බමුණෝ යම් ඤාණභාග මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද, එයම ඒ පින්වත් මහණ බමුණන්ගේ දෘෂ්ටි උපාදානයයි කියනු ලැබේ. ඒ මේ දෘෂ්ටි උපාදානය සංස්කරණය කරණ ලද්දේය. එහෙයින් ඖදාරික වේ. සංස්කාරයන්ගේ නිරෝධයක් ඇත්තේමය මෙය ඇත්තේයයි මෙසේ දැන, ඔහුගේ නිවණ දක්නාසුළුවූ තථාගතයන් එය ඉක්මවූයේ වේ.

§  15. . “මහණෙනි, ඔවුන් අතර සමහර මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහුවෙත්. ආත්මයද ලෝකයද නොමසදාකාලික නොවන්නේද, සදාකාලික නොවන්නේද නොවේ. මෙයම සත්‍යය අනික අසත්‍යය’යි ඒකාන්තයෙන් ඔවුන්ගේ ශ්‍රද්ධාවෙන් තොරවම කැමැත්තෙන් තොරව අනුශ්‍රවණයෙන් තොරව ආකාර පරිවිතර්කයෙන් තොරව පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥානය වන්නේය යන මේ කාරණය සිදු නොවේ.

මහණෙනි, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම නුවණ නැති කල්හි, ඒ පින්වත් මහණ බමුණෝ යම් ඤාණභාග මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද එයම ඒ පින්වත් මහණ බමුණන්ගේ දෘෂ්ටි උපාදානයයි කියනු ලැබේ. ඒ මේ දෘෂ්ටි උපාදානය සංස්කරණය කරණ ලද්දේය. එහෙයින් ඖදාරික වේ. සංස්කාරයන්ගේ නිරෝධයක් ඇත්තේමය. මෙය ඇත්තේයයි මෙසේ දැන, ඔහුගේ නිවණ දක්නාසුළුවූ තථාගත තෙමේ එය ඉක්මවූයේ වේ.“

මහණෙනි, ඔවුන් අතර යම් ඒ මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, ‘ආත්මයද ලෝකයද කෙළවර ඇත්තේ වේ. මෙයම සත්‍යය. අනික අසත්‍යය’යි, ඒකාන්තයෙන් ඔවුන්ගේ ශ්‍රද්ධාවෙන් තොරවම කැමැත්තෙන් තොරව අනුශ්‍රවණයෙන් තොරව ආකාර පරිවිතර්කයෙන් තොරව පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥානය වන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ.

මහණෙනි, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම නුවණ නැති කල්හි ඒ පින්වත් මහණ බමුණෝ යම් ඤාණභාග මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද එයම ඒ පින්වත් මහණ බමුණන්ගේ දෘෂ්ටි උපාදානයයි කියනු ලැබේ. ඒ මේ දෘෂ්ටි උපාදානය සංස්කරණය කරණ ලද්දේය. එහෙයින් ඖදාරික වේ. සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇත්තේමය. මෙය ඇත්තේයයි මෙසේ දැන ඔහුගේ නිවණ දක්නාසුළුවූ තථාගත තෙමේ එය ඉක්මවූයේ වේ.

§  16. “මහණෙනි, ඔවුන් අතර යම් මහණබමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, ආත්මයද ලෝකයද කෙළවර නැත්තේ වේ. මෙයම සත්‍යය අනිකඅසත්‍යය’යි ඒකාන්තයෙන් ඔවුන්ගේ ශ්‍රද්ධාවෙන් තොරවම කැමැත්තෙන් තොරව අනුශ්‍රවණයෙන් තොරව ආකාර පරිවිතර්කයෙන් තොරව පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥානය වන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ.

මහණෙනි, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම නුවණ නැති කල්හි, ඒ පින්වත් මහණබමුණෝ යම් ඤාණභාග මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද එයම ඒ පින්වත් මහණ බමුණන්ගේ දෘෂ්ටි උපාදානයයි කියනු ලැබේ. ඒ මේ දෘෂ්ටි උපාදානය සංස්කරණය කරණ ලද්දේය. එහෙයින් ඖදාරික වේ. සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇත්තේමය. මෙය ඇත්තේයයි මෙසේ දැන, ඔහුගේ නිවණ දක්නාසුළුවූ තථාගත තෙමේ එය ඉක්මවූයේ වේ.

§ 17. “මහණෙනි, ඔවුන් අතර යම් ඒ මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, ආත්මයද ලෝකයද කෙළවර ඇත්තේද කෙළවර නැත්තේ දවේ. මෙයම සත්‍යය අනිකඅසත්‍යය’යි ඒකාන්තයෙන් ඔවුන්ගේ ශ්‍රද්ධාවෙන් තොරවම කැමැත්තෙන් තොරව අනුශ්‍රවණයෙන් තොරව ආකාර පරිවිතර්කයෙන් තොරව පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥානය වන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ,

මහණෙනි, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම නුවණ නැති කල්හි, ඒ පින්වත් මහණ බමුණෝ යම් ඤාණභාග මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද, එයම ඒ පින්වත් මහණ බමුණන්ගේ දෘෂ්ටි උපාදානයයි කියනු ලැබේ. ඒ මේ දෘෂ්ටි උපාදානය සංස්කරණය කරණ ලද්දේය. එහෙයින් ඖදාරික වේ. සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇත්තේමය. මෙය ඇත්තේයයි මෙසේ දැන, ඔහුගේ නිවණ දක්නාසුළුවූ තථාගත තෙමේ එය ඉක්මවූයේ වේ.

§  18. “මහණෙනි, ඔවුන් අතර යම් ඒ මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, ‘ආත්මයද ලෝකයද නොමකෙළවර ඇත්තේද නොමකෙළවර නැත්තේද වේ. මෙයම සත්‍යය අනික අසත්‍යය’යි’ ඒකාන්තයෙන් ඔවුන්ගේ ශ්‍රද්ධාවෙන් තොරවම කැමැත්තෙන් තොරව අනුශ්‍රවණයෙන් තොරව ආකාර පරිවිතර්කයෙන් තොරව පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥානය වන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ.

මහණෙනි, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම නුවණ නැති කල්හි, ඒ පින්වත් මහණ බමුණෝ යම් ඤාණභාග මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද, එයම ඒ පින්වත් මහණ බමුණන්ගේ දෘෂ්ටි උපාදානයයි කියනු ලැබේ. ඒ මේ දෘෂ්ටි උපාදානය සංස්කරණය කරණ ලද්දේය. එහෙයින් ඖදාරික වේ. සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇත්තේමය. මෙය ඇත්තේයයි මෙසේ දැන, ඔහුගේ නිවණ දක්නාසුළුවූ තථාගත තෙමේ එය ඉක්මවූයේ වේ.

§  19. “මහණෙනි, ඔවුන් අතර යම් ඒමහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, ‘ආත්මයද ලෝකයද එක් සංඥා ඇත්තේ වේ. මෙයම සත්‍යය, අනික අසත්‍යය’යි’ එකාන්තයෙන් ඔවුන්ගේ ශ්‍රද්ධාවෙන් තොරවම කැමැත්තෙන් තොරව අනුශ්‍රවණයෙන් තොරව ආකාර පරිවිතර්කයෙන් තොරව පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥානය වන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ.

මහණෙනි, පිරිසිදුවූ නිමලවූ ප්‍රත්‍යක්ෂවූම නුවණ නැති කල්හි, ඒ පින්වත් මහණ බමුණෝ යම් ඤාණභාග මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද එයම ඒ පින්වත් මහණ බමුණන්ගේ දෘෂ්ටි උපාදානයයි කියනු ලැබේ ඒ මේ දෘෂ්ටි උපාදානය සංස්කරණය කරණ ලද්දේය. එහෙයින් ඖදාරික වේ. සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇත්තේමය. මෙය ඇත්තේයයි මෙසේ දැන, ඔහුගේ නිවණ දක්නාසුළුවූ තථාගත තෙමේ එය ඉක්මවූයේ වේ.

§  20. “මහණෙනි, ඔවුන් අතර යම් ඒ මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, ‘ආත්මයද ලෝකයද නොයෙක් සංඥා ඇත්තේ වේ. මෙයම සත්‍යය, අනික අසත්‍යය’යි’ එකාන්තයෙන් ඔවුන්ගේ ශ්‍රද්ධාවෙන් තොරවම කැමැත්තෙන් තොරව අනුශ්‍රවණයෙන් තොරව ආකාර පරිවිතර්කයෙන් තොරව පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥානය වන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ.

මහණෙනි, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම නුවණ නැති කල්හි ඒ පින්වත් මහණ බමුණෝ යම් ඤාණභාග මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද, එයම ඒ පින්වත් මහණ බමුණගේ දෘෂ්ටි උපාදානයයි කියනු ලැබේ. ඒ මේ දෘෂ්ටි උපාදානය සංස්කරණය කරණ ලද්දේය. එහෙයින් ඖදාරික වේ සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇත් මෙය ඇත්තේයයි මෙසේ දැන, ඔහුගේ නිවණ දක්නාසුළුවූ තථාගත තෙමේ එය ඉක්මවූයේ වේ.

§  21. ‘මහණෙනි, ඔවුන් අතර යම් ඒ මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහුද වෙත්ද ‘ආත්මයද ලෝකයද හීන සංඥා ඇත්තේ වේ. මෙයම සත්‍යය, අනික අසත්‍යය’යි, එකාන්තයෙන් ඔවුන්ගේ ශ්‍රද්ධාවෙන් තොරවම කැමැත්තෙන් තොරව අනුශ්‍රවණයෙන් තොරව ආකාර පරිවිතර්කයෙන් තොරව පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥානය වන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ.

මහණෙනි, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම නුවණ නැති කල්හි, ඒ පින්වත් මහණ බමුණෝ යම් ඤාණභාග මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද, එයම ඒ පින්වත් මහණ බමුණන්ගේ දෘෂ්ටි උපාදානයයි කියනු ලැබේ. ඒ මේ දෘෂ්ටි උපාදානය සංස්කරණය කරණ ලද්දේය. එහෙයින් ඖදාරික වේ. සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇත්තේමය. මෙය ඇත්තේයයි මෙසේ දැන ඔහුගේ නිවණ දක්නාසුළුවූ තථාගත තෙමේ එය ඉක්මවූයේ වේ.

§  22. “මහණෙනි, ඔවුන් අතර යම් ඒ මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, ‘ආත්මයද ලෝකයද අප්‍රමාණ සංඥා ඇත්තේ වේ. මෙයම සත්‍යය, අනික අසත්‍යය’යි’ ඒකාන්තයෙන් ඔවුන්ගේ ශ්‍රද්ධාවෙන් තොරවම කැමැත්තෙන් තොරව, අනුශ්‍රවණයෙන් තොරව, ආකාර පරිවිතර්කයෙන් තොරව, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥානය වන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ.

මහණෙනි, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම නුවණ නැති කල්හි, ඒ පින්වත් මහණ බමුණෝ යම් ඤාණභාග මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද, එයම ඒ පින්වත් මහණ බමුණන්ගේ දෘෂ්ටි උපාදානයයි කියනු ලැබේ. ඒ මේ දෘෂ්ටි උපාදානය සංස්කරණය කරණ ලද්දේය. එහෙයින් ඖදාරික වේ. සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇත්තේමය. මෙය ඇත්තේයයි මෙසේ දැන, ඔහුගේ නිවණ දක්නාසුළුවූ තථාගත තෙමේ එය ඉක්මවූයේ වේ.

§  23. “මහණෙනි, ඔවුන් අතර යම් ඒ මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, ‘ආත්මයද ලෝකයද ඒකාන්ත සැප ඇත්තේ වේ. මෙයම සත්‍යය, අනික අසත්‍යය’යි’ ඒකාන්තයෙන් ඔවුන්ගේ ශ්‍රද්ධාවෙන් තොරවම කැමැත්තෙන් තොරව, අනුශ්‍රවණයෙන් තොරව, ආකාර පරිවිතර්කයෙන් තොරව, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥානය වන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ.

මහණෙනි, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම නුවණ නැති කල්හි, ඒ පින්වත් මහණ බමුණෝ යම් ඤාණභාග මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද, එයම ඒ පින්වත් මහණ බමුණන්ගේ දෘෂ්ටි උපාදානයයි කියනු ලැබේ. ඒ මේ දෘෂ්ටි උපාදානය සංස්කරණය කරණ ලද්දේය. එහෙයින් ඖදාරිකවේ. සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇත්තේමය. මෙය ඇත්තේයයි මෙසේ දැන, ඔහුගේ නිවණ දක්නාසුළුවූ තථාගත තෙමේ එය ඉක්මවූයේ වේ.

§  24. “මහණෙනි, ඔවුන් අතර යම් ඒ මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, ‘ආත්මයද ලෝකයද ඒකාන්ත දුක් ඇත්තේ වේ. මෙයම සත්‍යය, අනික අසත්‍යය’යි ඒකාන්තයෙන් ඔවුන්ගේ ශ්‍රද්ධාවෙන් තොරවම කැමැත්තෙන් තොරව අනුශ්‍රවණයෙන් තොරව ආකාර පරිවිතර්කයෙන් තොරව පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥානය වන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ.

මහණෙනි, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම නුවණ නැති කල්හි, ඒ පින්වත් මහණ බමුණෝ යම් ඤාණභාග මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද, එයම ඒ පින්වත් මහණ බමුණන්ගේ දෘෂ්ටි උපාදානයයි කියනු ලැබේ. ඒ මේ දෘෂ්ටි උපාදානය සංස්කරණය කරණ ලද්දේය. එහෙයින් ඖදාරික වේ. සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇත්තේමය. මෙය ඇත්තේයයි මෙසේ දැන ඔහුගේ නිවණ දක්නාසුළුවූ තථාගත තෙමේ එය ඉක්මවූයේ වේ.

§  25. “මහණෙනි, ඔවුන් අතර යම් ඒ මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, ‘ආත්මයද ලෝකයද සැප දුක් ඇත්තේ වේ. මෙයම සත්‍යය, අනික අසත්‍යය’යි’ ඒකාන්තයෙන් ඔවුන්ගේ ශ්‍රද්ධාවෙන් තොරවම කැමැත්තෙන් තොරව අනුශ්‍රවණයෙන් තොරව ආකාර පරිවිතර්කයෙන් තොරව පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥානය වන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ.

මහණෙනි, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම නුවණ නැති කල්හි, ඒ පින්වත් මහණ බමුණෝ යම් ඤාණභාග මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද, එයම ඒ පින්වත් මහණ බමුණන්ගේ දෘෂ්ටි උපාදානයයි කියනු ලැබේ. ඒ මේ දෘෂ්ටි උපාදානය සංස්කරණය කරණ කරණ ලද්දේය. එහෙයින් ඖදාරික වේ. සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇත්තේමය. මෙය ඇත්තේයයි මෙසේ දැන ඔහුගේ නිවණ දක්නාසුළුවූ තථාගත තෙමේ එයඉක්ම වූයේවේ.

§ 26. “මහණෙනි, ඔවුන් අතර යම් ඒ මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, ‘ආත්මයද ලෝකයද දුකද නැත්තේ සැපද නැත්තේ වේ. මෙයම සත්‍යය, අන්‍ය අසත්‍යය’යි’ ඒකාන්තයෙන් ඔවුන්ට ශ්‍රද්ධාවෙන් වෙන්ව, කැමැත්තෙන් වෙන්ව, ඇසීමෙන් වෙන්ව, ආකාර කල්පනාවෙන් වෙන්ව, සිතින් බැසගැනීමෙන් වෙන්ව, පිරිසිදුවූ නිර්මලවූ ප්‍රත්‍යක්ෂවූම ඥානය වන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ.

මහණෙනි, ප්‍රත්‍යක්ෂයෙන්ම පිරිසිදුවූ නිර්මලවූ ඥානය නැති කල්හි ඒ පින්වත් මහණ බමුණෝ එහි යම් ඥාන කොට්ඨාශ මාත්‍රයක්ම පිරිසිදු කෙරෙත්ද, එයම ඒ පින්වත් මහණ බමුණන්ගේ දැඩිව ගත් දෘෂ්ටියයි කියනු ලැබේ. ඒ මේ දැඩිව ගත් දෘෂ්ටිය ප්‍රත්‍යයෙන් කරණ ලද්දකි. එහෙයින් ඖදාරිකවේ සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇත්තේමය. එය ඇතැයි මෙසේ දැන ඒ සංස්කාරයන්ගේ මිදීම දක්නා තථාගත තෙමේ එය ඉක්මවූයේ වේ.

§  27. ‘මහණෙනි, ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ අතීතය අනුව ගියාවූ දෘෂ්ටි දුරලීමෙන්ද, අනාගතය අනුව ගියාවූ දෘෂ්ටින් දුරලීමෙන්ද, සියලු ආකාරයෙන් කාම සංයොජනයන්ගේ නොසිටීමෙන්ද, මේ ධ්‍යාන ප්‍රීතියට පැමිණ වාසය කරමි’ යි කියා , මෙය ශාන්තය, මෙය ප්‍රණීතයයි, ධ්‍යාන ප්‍රීතියට පැමිණ වාසය කරයි ඔහුගේ ඒ ධ්‍යාන ප්‍රීතිය නිරුද්ධවේ. ධ්‍යාන ප්‍රීතිය නිරුද්ධවීමෙන් දොම්නස උපදියි. දොම්නස නිරුද්ධවීමෙන් ධ්‍යාන ප්‍රීතිය උපදියි.

§  28. “මහණෙනි, යම්සේ ඡායාව යමක් අත්හරීද, එහි අව්ව පැතිරෙයිද, අව්ව යමක් අත්හරීද, එහි ඡායාව පැතිරේද, මහණෙනි, එමෙන්ම ධ්‍යාන ප්‍රීතියගේ නිරුද්ධවීමෙන් දොම්නස උපදියි. දොම්නස නිරුද්ධවීමෙන් ධ්‍යාන ප්‍රීතිය උපදියි.

§  29. “මහණෙනි, මේ මහණ බ්‍රාහ්මණයන්, අතීතය අනුව ගියාවූ දෘෂ්ටි දුරලීමෙන්ද, අනාගතය අනුව ගියාවූ දෘෂ්ටි දුරලීමෙන්ද, සියලු ආකාරයෙන් කාම තෘෂ්ණාවන්ගේ නොපිහිටීමෙන් මේ ධ්‍යාන ප්‍රීතියට පැමිණ වාසය කරමියි, යන යමක්වේද, මෙය ශාන්තය. මෙය ප්‍රණීතයයි ධ්‍යාන ප්‍රීතියට පැමිණ වාසය කරයි. ඔහුගේ ඒ ධ්‍යාන ප්‍රීතිය නිරුද්ධ වේ. ධ්‍යාන ප්‍රීතිය නිරුද්ධවීමෙන් දොම්නස උපදියි. දොම්නස නිරුද්ධ වීමෙන් ධ්‍යාන ප්‍රීතිය උපදියි ඒ මේ ප්‍රීතිය ප්‍රත්‍යයෙන් උපදින ලද්දක්වේ. එහෙයින් ඖදාරිකවේ. සංස්කාරයන්ගේ නිරෝධය ඇත්තේ යයි තථාගත තෙම දන්නේය. මෙසේ දැන ඒ දෘෂ්ටියෙන් මිදීම දක්නා තථාගත තෙමේ එය ඉක්ම වූයේ වේ.

§  30. “මහණෙනි, මේ ලෝකයෙහි වනාහි ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ අතීතය අනුව ගියාවූ දෘෂ්ටි දුරලීමෙන්ද, අනාගතය අනුව ගියාවූ දෘෂ්ටි දුරලීමෙන්ද, සියලු ආකාරයෙන් කාම තෘෂ්ණාවන්ගේ නොපිහිටීමෙන් ධ්‍යාන ප්‍රීතිය ඉක්මවීමෙන් නිරාමිස (ලෞකික ආශා නැති) ප්‍රීතියට පැමිණ වාසය කරමි යන යමක්වේද, එය ශාන්තය, එය ප්‍රණීතයයි නිරාමිෂවූ සැපයට පැමිණ වාසය කරයි. ඔහුගේ ඒ නිරාමිෂ සැපය නිරුද්ධවේ. නිරාමිෂ සැපය නිරුද්ධ වීමෙන් ධ්‍යාන ප්‍රීතිය උපදියි. ධ්‍යාන ප්‍රීතිය නිරුද්ධ වීමෙන් නිරාමිෂවූ සැපය උපදියි.

§  31. “මහණෙනි, යම්සේ ඡායාව යමක් අත්හරීද, එහි අව්ව පැතිරෙයිද, අව්ව යමක් අත්හරීද, එහි ඡායාව පැතිරේද, මහණෙනි, එපරිද්දෙන්ම නිරාමිෂවූ සැපය නිරුද්ධ වීමෙන් ධ්‍යාන ප්‍රීතිය උපදියි. ධ්‍යාන ප්‍රීතිය නිරුද්ධ වීමෙන් නිරාමිෂවූ සැපය උපදියි.

මහණෙනි, මේ පින්වත් මහණ බමුණහු අතීතය අනුව ගියාවූ දෘෂ්ටි දුරලීමෙන්ද, අනාගතය අනුව ගියාවූ දෘෂ්ටි දුරලීමෙන්ද, සියලු ආකාරයෙන් කාමතෘෂ්ණාවන්ගේ පිහිටීම දුරලීමෙන්ද, ධ්‍යාන ප්‍රීතිය ඉක්ම වීමෙන් නිරාමිෂවූ සැපයට පැමිණ වාසය කරමි. යන මේ යමක් වේද, එය ශාන්තය, එය ප්‍රණීතයයි, නිරාමිෂ සැපයට පැමිණ වාසය කරයි. ඔහුගේ ඒ නිරාමිෂ සැපය නිරුද්ධවේ. නිරාමිෂ සැපය නිරුද්ධ වීමෙන් ධ්‍යාන ප්‍රීතිය උපදියි. ධ්‍යාන ප්‍රීතිය නිරුද්ධ වීමෙන් නිරාමිෂ සැපය උපදියි ඒ මේ සැපය ප්‍රත්‍යයෙන් උපදින ලද්දකි. එහෙයින් ඖදාරිකවේ. සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇත්තේය. යන මේ කාරණය තථාගත තෙමේ දන්නේය. “

මෙසේ දැන ඒ දෘෂ්ටියෙන් මිදීම දන්නා තථාගතයන් එය ඉක්මවූයේය,

§  32. “මහණෙනි, ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ අතීතය අනුව ගියාවූ දෘෂ්ටි දුරලීමෙන්ද, අනාගතය අනුව ගියාවූ දෘෂ්ටි දුරලීමෙන්ද, සියලු ආකාරයෙන් කාම තෘෂ්ණාවන්ගේ පිහිටීම නැති කිරීමෙන්ද, ධ්‍යාන ප්‍රීතිය ඉක්මවීමෙන්ද, නිරාමිස සැපය ඉක්මවීමෙන්ද, උපෙක්ෂා වේදනාවට පැමිණ වාසය කරමි’ යි සිතා , එය ශාන්තය, එය ප්‍රණීතයයි, උපෙක්ෂා වේදනාවට පැමිණ වාසය කරයි. ඔහුගේ ඒ උපෙක්ෂා වේදනාව නිරුද්ධවේ. උපෙක්ෂා වේදනාව නිරුද්ධ වීමෙන් නිරාමිස සැපය උපදියි. නිරාමිස සැපය නිරුද්ධවීමෙන් උපෙක්ෂා වේදනාව උපදියි.

§ 33. “මහණෙනි, සෙවනැල්ල හිරු රැස් නිසා ඇතිවේ. හිරු රැස් නැති විට සේවනැල්ලක් නැත. මහණෙනි, එපරිද්දෙන්ම උපෙක්ෂා වේදනාව නිරුද්ධවීමෙන් නිරාමිස සැපය උපදියි. නිරාමිස සැපය නිරුද්ධ වීමෙන් උපෙක්ෂා වේදනාව උපදියි.

මහණෙනි, මේ පින්වත් මහණ, බමුණු තෙමේ හෝ අතීතය අනුව ගියාවූ දෘෂ්ටි දුරලීමෙන්ද, අනාගතය අනුව ගියාවූ දෘෂ්ටි දුරලීමෙන්ද, සියලු ආකාරයෙන් කාම තෘෂ්ණාවන්ගේ පිහිටීම නැති කිරීමෙන්ද, ධ්‍යාන ප්‍රීතිය ඉක්මීමෙන්ද, නිරාමිස සැපය ඉක්මීමෙන්ද උපෙක්ෂා වේදනාවට පැමිණ වාසය කරමි’ යන මේ යමක් වේද, එය ශාන්තය, එය ප්‍රණීතයයි, උපෙක්ෂා වේදනාවට පැමිණ වාසය කරයි,

ඔහුගේ ඒ උපෙක්ෂා වේදනාව නිරුද්ධවේ. උපෙක්ෂා වේදනාව නිරුද්ධවීමෙන් නිරාමිස සැපය උපදියි. නිරාමිස සැපය නිරුද්ධ වීමෙන් උපෙක්ෂා වේදනාව උපදියි. ඒ මේ උපෙක්ෂා වේදනාව ප්‍රත්‍යයෙන් උපදින ලද්දක්ය. එහෙයින් ඖදාරිකවේ. සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇත්තේමය යන මේ කාරණය තථාගතයන් දන්නේය. මෙසේ දැන ඒ දෘෂ්ටියගේ මිදීම දක්නා තථාගතයන් එය ඉක්මවූයේය.

§  34. “මහණෙනි, ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ අතීතය අනුව ගියාවූ දෘෂ්ටි දුරලීමෙන්ද, අනාගතය අනුව ගියාවූ දෘෂ්ටි දුරලීමෙන්ද සියලු ආකාරයෙන් කාම සංයොජනයන්ගේ පිහිටීම නැතිකිරීමෙන්ද, ධ්‍යානය ඉක්මවීමෙන්ද, නිරාමිස සැපය ඉක්මවීමෙන්ද, උපෙක්ෂා වේදනාව ඉක්මවීමෙන්ද, ‘මම සංසිඳුනෙමි. මම නිවුනෙමි. මම තෘෂ්ණාවෙන් අල්වා නොගත්තෙක් වෙමියි කියයි.

මහණෙනි, මහණ බමුණන් , අතීතය අනුව ගියාවූ දෘෂ්ටි දුරලීමෙන්ද, අනාගතය අනුව ගියාවූ දෘෂ්ටි දුරලීමෙන්ද, සියලු ආකාරයෙන් කාම සංයොජනයන්ගේ පිහිටීම නැතිකිරීමෙන්ද, ධ්‍යාන ප්‍රීතිය ඉක්මවීමෙන්ද, නිරාමිස සැපය ඉක්මවීමෙන්ද, උපෙක්ෂා වේදනාව ඉක්මවීමෙන්ද, ‘මම සංසිඳුනෙමි මම නිවුණෙමි. මම තෘෂ්ණාවෙන් අල්වා නොගත්තෙක් වෙමියි, දකියි.

මේ ආයුෂ්මත් තෙමේ මෙය නිවණට උපකාරවූ ප්‍රතිපදාවකැයි කියයි. එතකුදු වුවත් මේ පින්වත් මහණ බමුණහු අතීතය අනුව ගියාවූ දෘෂ්ටිය දැඩිව අල්වාගනියි. අනාගතය අනුව ගියාවූ දෘෂ්ටිය දැඩිව අල්වා ගනියි. කාම සංයොජනයන් දැඩිව අල්වා ගනියි. ධ්‍යාන ප්‍රීතිය දැඩිව අල්වා ගනියි. නිරාමිස සැපය දැඩිව අල්වා ගනියි. උපෙක්ෂා වේදනාව දැඩිව අල්වා ගනියි.

මේ ආයුෂ්මතුන් ‘මම සංසිඳුනෙමි. මම නිවුනෙමි. මම දැඩිකොට අල්වාගැනීමෙන් මිදුනෙමියි’ කියයිද, එයද මේ පින්වත් මහණ බමුණන්ගේ දෘෂ්ටි උපාදාන යයි කියනු ලැබේ. ඒ දෘෂ්ටිය ප්‍රත්‍යයෙන් උපදින ලද්දකි. එහෙයින් ඖදාරික වේ. සංස්කාරයන්ගේ නිරෝධයෙක් ඇති බව තථාගතයන් දන්නේය. මෙසේ දැන ඒ දෘෂ්ටියගේ මිදීම දක්නා තථාගතයන් එය ඉක්මවූයේය..

§  35. “මහණෙනි, තථාගතයන් විසින් මේ නිරුත්තරවූ ශාන්තවූ උතුම් පදය සිය ඥානයෙන්ම දැක, ප්‍රත්‍යක්ෂ කොට අවබෝධ කරණලදී. මේ සවැදෑරුම්වූ ස්පර්ශයන්ට හේතුවූ චක්ෂුරාදි ආයතනයන්ගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, මිදීමද තත්වූ පරිද්දෙන් දැන උපාදානයන් කෙරෙන් මිදීමෙන් ලබන යම් අර්හත් ඵලයෙක් වේ.

මහණෙනි, ඒ සවැදෑරුම් ස්පර්ශයන්ට හේතුවූ චක්ෂුරාදි ආයතනයන්ගේ හටගැනීමද, විනාසයද, ආශ්වාදයද, ආදීනවයද, මිදීමද තත්වූ පරිද්දෙන් දැන උපාදානයන් කෙරෙන් මිදීමෙන් ලබන අර්හත්ඵලයවූ” මේ උත්තම ශාන්ත පදය තථාගතයන් විසින් අවබෝධ කරනලදී.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය.
සතුටු සිත් ඇත්තාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තාහුය.

MN 03-01-03. කින්ති සූත්‍රය.

භාග්‍යවතුන් වහන්සේ සිය බුද්ධ කෘත්‍යා නිම කරමින් කුසිනාරාවෙදී පරිනිර්වාණය කරන්නට පෙර අප කෙරෙහි මහා අනුකම්පාවෙන් පුරා සතලිස් පස් වසක් දේශනා කල ධර්මය කුළු ගන්වමින් මේ සාසනයේ පරමාර්ථය වන විමුක්තිය ලබන්නට, සසරින් මිදෙන්නට ඇවැසි සියලු ධර්මයන් දේශනා කර ඇති බවත්, දැන් භික්ෂු සංඝයාගේ යුතුකම හා වගකීම වන්නේ ඒ ධර්ම පිළිවෙතෙහි නොඅලස්ව, අප්‍රමාදව හැසිරීම බවත් මේ සුත්‍රයෙන් වදාළ සේක. සංඝයාගේ අසමගිය ඇතිවුවහොත් පිලිවෙත් පිරීම නොවන බව හා, එකමුතුව එක්සත්ව සුහදව, වාද දුරුකර ගන්නට මාර්ගයද මේ සුත්‍රයේ දක්වා වදාළ සේක. අද, හෙළ සඟ පරපුරේ භික්ෂුන් වහන්සේලා කල්ලි ගැසී අනුන්ට දොස් කියමින් එකිනෙකා ගරහමින් කල් නොගෙවා මේ බුද්ධානුසාසනාව අනුව පිළිවෙත් පුරන සේක්වා.

§ 1. මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කුසිනාරා නුවර “බලිහරණ” නම් වන ලැහැබෙහි වැඩවසන සේක. එකල්හි දිනක් භාග්‍යවතුන් වහන්සේ, ‘මහණෙනි,’ කියා භික්ෂූන්ට කථා කළසේක. ‘පින්වතුන් වහන්සැයි’ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.

§ 2. “මහණෙනි, තොපට මා ගැන කෙසේ සිත් සිතන්නේද ?
‘ශ්‍රමණ ගෞතමයන් පරිශ්කාර ලබාගැනීමේ අරමුණෙන් ධර්මය දේශනා කරන්නේද ,
ශ්‍රමණ ගෞතමයන් ආහාර දාන ලබා ගැනීම පිණිස ධර්මය දේශනා කරන්නේද?
ශ්‍රමණ ගෞතම යන් සෙනසුන් නොහොත් ඉන්නට පන්සලක් ලබාගැනීමේ අදහසින් ධර්මය දේශනා කරන්නේද, ශ්‍රමණ ගෞතමයන් මතු භවයක සැප ලැබීම පිණිස ධර්මය දේශනා කරන්නේද?’ කියායි.

[969: අද මෙන්ම එදාද බොහෝ මිනිසුන් ශ්‍රමණ බවට පැමිණියේ මේ දැක්වූ කාරනා සඳහාය. ශ්‍රමනයන්, පුජකයන් ගිහියනට වඩා විශේෂ මනුෂ්‍ය කොටසකි, ඒ අයට ගිහියන් සිව් පසයෙන් සැලකිය යුතුය යන්න එදාද මහජනතාව අතර වූ පිළිගැනීම විය. ඒ නිසාම බොහෝ අලස මිනිසුන් පහසුවෙන් දිවි රැක ගැන්මට ශ්‍රමණ වෙස් ගත්හ. ]

“ස්වාමීනි, ‘ අප එසේ නොසිතමු. භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරන්නේ පිරිකර ලබන්නට , පිණ්ඩපාතය ලබන්නට, සෙනසුන් ලබන්නට හෝ මතු දිව්‍යය, බ්‍රහ්ම භවයක් පිණිස නොවන බව අප දනිමු.”

“මහණෙනි, ඒ හේතු නිසා නොවේ නම් මහණෙනි, මා කුමන අරමුණකින් ධර්මය දේශනා කරන්නේදැයි තොප සිතන්නේද ?”

§5. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ , අප කෙරෙහි අනුකම්පාවෙන් , අපගේ යහපත පිණිසම ධර්මය දේශනා කරන්නේයැයි අප සිතමු.

§3. “මහණෙනි, එසේ තොප මා කෙරෙහි ශ්‍රද්ධාව , විශ්වාසය ඇත්තේ නම්, තොපගේ සංසාර විමුක්තිය පිණිස දැන ගන්නට අවශ්‍ය සියල්ල මා දේශනා කර ඇති බව දත යුතුවන්නේය. මා විසින් අනෙකෙකුගේ ආධාරයක් නැතිව මා විසින්ම අවබෝධකොට ප්‍රත්‍යක්ෂ කොට ගත් මේ ධර්මයන් මා උගන්වා දෙන ලදී.

ඒ කවරහුද යත් ,
සතර සතිපට්ඨානයෝය,
සතර සම්‍යක් ප්‍රධානයෝය,
සතර ඍද්ධි පාදයෝය,
පඤ්චෙන්ද්‍රියෝය,
පඤ්චබලයෝය,
සප්ත බෞද්ධ්‍යංගයෝය,
ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෝය

යන මේවායි. නුඹලා සියල්ලන් විසින් එක්සත්ව , එකිනෙකා කෙරෙහි ගෞරවයෙන් හා විශ්වාසයෙන් යුතුව වාද විවාද නොකොට මෙසේ මා දේශනා කල ධර්මයෙන්හි පිළිපැදිය යුතුය. හැසිරිය යුතුය.

§ 4 . “මහණෙනි, සමගිව, සතුටුව, වාද විවාද නොකරමින්, පිළිවෙත් පුරන්නාවූ තොප අතර සමහර විටෙක සමහර ගැඹුරු ධර්ම කාරනා970 පිළිබඳව එකඟත්වයක් නොවන්නට පිළිවන. යම් භික්ෂුවක් අනෙක් භික්ෂුන්ට වඩා වෙනස් අර්ථයක් වටහාගන්නට ඉඩ ඇත.

[970: අභිධර්මය ලෙස පාලි සුත්‍රයෙහි සඳහන්ව ඇති දෙය., අද අභිධර්ම පිටකය ලෙස ධර්ම කොට්ඨාසය නොව මෙහි කලින් සඳහන් කල සත් තිස් බෝධි පාක්ෂික ධර්මයන් හි අඩංගු ගම්භිර ධර්ම කොටස් බව අටුවාව කියයි.]

මෙසේ වෙනස් වාද ඇතිවීම කාරනා දෙකක් නිසා විය හැක. එනම්
1. අර්ථය : ධර්ම කොටසක අර්ථය, අදහස වෙනස් ලෙස තේරුම් ගන්නට හැක.
2. ව්‍යංජන : ඇතැම් ධර්ම කොටස් ඉදිරිපත් කිරීමේදී පාවිච්චිකරන වචන වල වෙනසක් නිසා මේ දෙආකාර වෙනස්කම් නිසා වාද ඇති විය හැක.

භික්ෂූහු දෙදෙනෙක් අතර මෙසේ අර්ථය හා ව්‍යංජන යන දෙකම නිසා වාදයක් වූ කල ඉන් භික්ෂුව සුවච පැවතුම් ඇති කලහකාරී ස්වභාව නැති භික්ෂුව වෙත එළඹ මෙසේ කිව යුතුය.
“ආයුෂ්මතුන් ගේ ධර්ම විග්‍රහය, අර්ථ වශයෙන් වෙනස්ය. ව්‍යංජන හෙවත් වචන වශයෙන් ද වෙනස්ය. එසේ හෙයින් මේ ධර්ම කාරණය මේ ආකාරයෙන් කිවහොත් දේශනා කලහොත් එහි අර්ථය පැහැදිලි කිරීම පහසු වෙයි. මේ පිළිබඳව වාද කිරීම නොහොබී. මින් මතු අපි මේ කාරණය මේ ආකාරයට ව්‍යංජන සකසා , නිරවද්‍ය අර්ථය මතු කෙරෙන සේ දේශනා කිරීම සුදුසුය,”
කියා කියයුතු වන්නේය.

එවිට අනික් පක්ෂයෙහි භික්ෂූව සාවද්‍ය ලෙස ධර්මය වටහාගත් ආකාරය දැනගෙන සිය දිශය නිවරද කර ගන්නේය. මෙසේ ධර්මය හා විනයට අනුව සුහදව සාකච්චා කරන්නට සුදුසුය.971

[971: දීඝ නිකායේ 27 වන සුත්‍රය වන පාසාදික සුත්‍රයේ 18 වන චෙදයේද මේ පිළිවෙත දක්වා ඇත.]

§ 6. යම් විටෙක අනෙක් භික්ෂුවගේ ධර්ම විග්‍රහය ව්‍යංජන වශයෙන් නිවැරදි වුවත්, එනම් හරි වචන පාවිච්චි කරමින් ඉදිරිපත් කලත්, අර්ථ වශයෙන් සාවද්‍ය නම් , ඒ අතරෙහි යම් භික්ෂුවක් ඉතා සුවචයයි හඟින්නහුද, ඔහු වෙත එළඹ මෙසේ කිව යුතුය.
‘ආයුෂ්මතුන්ගේ කීම, ව්‍යඤ්ජන වශයෙන් සම වේය. එනමුත් අර්ථ වශයෙන්ද වෙනස්යයි ආයුෂ්මත්හු මේ ධර්ම කාරණය මෙසේ අර්ථ වශයෙන් දැනගැනීම සුදුසුය. මේ ගැන අපගේ ශාස්තෘන් වහන්සේ මේ මේ සුත්‍රවල දී ද මේ ආකාරයට දේශනා කර ඇත. මේ මේ විනය පටිපදා වලින් ද මේ ආකාරය වඩා සුදුසු බව දක්වා ඇත යයි” සුත්‍ර හා විනය පරිශීලනය කරමින් නිරවද්‍ය අර්ථය ඒ භික්ෂුවට තේරුම් ගන්නට පිළිගන්නට උදව් කල යුතුය. ඒ ආකාරයෙන් දැනගනිව්. විවාදයට නොපැමිණෙත්වා”යි කියයුතු වන්නේය.

§ 7. “ඉදින් එහි තොපට මේ ආයුෂ්මත්වරුන්ගේ කීම අර්ථවශයෙන් නිරවද්‍ය වේ. නමුත් ව්‍යඤ්ජන වශයෙන් සාවද්‍ය යයි සිතයි නම් ඉන් යම් භික්ෂුවක් සුවචයයි හඟින්නාහුද, ඔහු කරා පැමිණ මෙසේ කිව යුතු වන්නේය.

‘ආයුෂ්මත් වරුන්ගේ කීම අර්ථ වශයෙන් නිරවද්‍ය වේ. එනමුත් ව්‍යඤ්ජන වශයෙන් සාවද්‍ය වේ. එය මේ මේ නිසා, අර්ථ වශයෙන් නිරවද්‍ය වේ. එනමුත්, ව්‍යඤ්ජන වශයෙන් (ඉදිරිපත් කල වචන හෝ උදාහරණ ) නොසුදුසු වේ. 972

[972: අද බොහෝ ධර්ම දේශකයන් වහන්සේලා ඉතා ග්‍රාමය වචන යොදා ගෙන හා ලාබ පහත් පෙලේ භාෂාව යොදා ගෙන ධර්ම විග්‍රහ කරනවා අසන්නට පිළිවන. නියම අර්ථය ශ්‍රාවකයාට සන්නයනය කරන්නට ධර්මයේ ගරුත්වය රැකෙන ලෙස භාෂාව හා උපහැරණ ගැනීම වටනේය.]

” ආයුෂ්මත්හු ඒ ආකාරය මෙසේ දැනගනිව්. මේ ව්‍යඤ්ජනය වෙනුවට මෙසේ වෙනස් වචනයක් යෙදීමෙන් ධර්මය වඩාත් පිරි සිදු ලෙස කියා හැකි නොවේද යයි සාකච්චා කරමින් මෙසේද කිව යුතු වන්නේය.
” මේ ව්‍යජන වාදය සුළු කරුණකි. ආයුෂ්මත්හු ස්වල්ප වැදගත්කමක් ඇති ව කාරණයකින් විවාදයට නොපැමිණෙත්වා”යි කියයුතු වන්නේය.

මෙසේ නිවරද කොට ගන්නා ලද්ද නිවරද කොට ගන්නා ලද්ද වශයෙන් දැරිය යුතුයි. වරදවා ගන්නා ලද්ද වරදවා ගන්නා ලද්ද වශයෙන් දැරිය යුතුයි. නිවරද කොට ගන්නා ලද්ද නිවරද කොට ගන්නා ලද්ද වශයෙන් දරා වරදවා ගන්නා ලද්ද වරදවා ගන්නා ලද්ද වශයෙන් දරා, යමක් ධර්මයවේද, යමක් විනය වේද, එය කිය යුතුයි. “

§ 8. ඉදින් තොපට මේ ආයුෂ්මතුන්ලාගේ කීම අර්ථවශයෙන්ද නිරවද්‍ය වේ. ව්‍යඤ්ජන වශයෙන්ද නිරවද්‍ය වේයයි සිතෙන්නේනම්, යම් භික්ෂුවක් සුවචයයි හඟින්නාහුද, ඔහු කරා පැමිණ මෙසේ කිව යුතු වන්නේය.

‘ආයුෂ්මතුන්ලාගේ කීම අර්ථ වශයෙන්ද, නිවැරදි වේ. ව්‍යඤ්ජන වශයෙන්ද නිවැරදි වේ. එනිසා අර්ථයෙනුත් සමාන, ව්‍යඤ්ජනයෙනුත් සමාන, ඒ ධර්ම කාණ්ඩය අපිදු ඒ ආකාරයෙන් දැනගනිමු. ආයුෂ්මත්හු ඒ නිසා විවාදයට නොපැමිණෙත්වායි,’ කියයුතු වන්නේය.

මෙසේ නිවරද කොට ගන්නා ලද්ද නිවැරදි ධර්මය වශයෙන් දැරිය යුතුයි. නිවරද කොට ගන්නා ලද්ද එසේ දරා ඒ ධර්මය සුත්‍ර ධර්මය , විනය අනුව කිය යුතුයි. 973.

[973:- ඉහත චෙදයන්හි සාරාංශය මෙසේ කිව හැක. යම් ධර්මයක් සාවද්‍ය ලෙස වටහා ගත භික්ෂුවක් වේ නම් ඔහුගේ වරද සුහදව ඔහුට පෙන්වාදී ඔහු ට යම් සිත් රිදීමක් වුවද, තමන්ට්ගේ කාලය මිඩංගු කරන්නට හා වෙහෙසක් දරන්නට සිදු වුවද ඔහු නිවැරදි කල යුතු වන්නේය. නමුත් ඔහුව එසේ උත්සාහ කලද නිවැරදි කරන්නට නොහැකි වේනම් ඔහු ගැන තවත් වෙර නොදරා තමන්ගේ උපේක්ඛාව නොසිඳ ගෙන සිටිය යුතු වන්නේය.]

§ 9. “මහණෙනි, කෙසේද යත් එක්ව බඹසර රකිනා අනෙක් ආයුෂ්මතුන් සමග සතුටින්, මිත්‍ර ශීලීව , වාද විවාද නොකරමින් ඉන්නා තොප අතුරෙන් කෙනෙකුට ඇවතක් වන්නේද, ඔහු වරදක් කරන්නේය’යි තොප දක්නේද, ඒ විගස ඔහුට චෝදනා කරන්නට තොප ඉදිරිපත් නොවිය යුතුය. ඔහු ගැන අන්‍යයන්ට කියා ඔහු අපහසුවට පත් නොකළ යුතුය.

§ 10 .”ඒ සබ්‍රහ්මචාරීන්ගේ මේ පිළිවෙත නිසා, ඔහු අකුසලයක් කර ගන්නේය. ඔහුට ඇවතක් සිදුවන්නේය.” කියා තම දකින්නේ නම් හා ඒ ආයුෂ්මතින් ඒ වරද, නොදැන කරන්නේය. ඔහු දැඩිව එය අල්ලාගෙන නැත. ඔහු පහසුවෙන් කෝපයට පත්වෙනසුලු කෙනෙක් නොවේය. කියා තොප දන්නේ නම් පමණක්, ඔහු හා සුහදව කතා කොට ඔහු නිවැරදි කර ගැනීම තොපගේ යුතු කමක් ය.

§ 11 . එක්තරා භික්ෂුවක්හට ඇවතක් වන්නේද, වරද කිරීමක් වන්නේද, මහණෙනි, තොප ඔහුට චෝදනා කිරීමට නොයා යුතුයි. ඒ අනික් භික්ෂුව තරහ ගන්නෙක් ය. මේ කිවහොත් අසන්තෝෂයට පත් වෙන්නේය. එසේ මුත් ඔහු තම මතය අත් නොහරින සේ තදින් නොගන්නෙකි, තම මතය පහසුවෙන් දුරලිය හැක්කෙක් වේය: කියා දන්නේ නම් ‘මටද වෙහෙස නොවන්නේය. අනිකාටද දුකට පැමිණීමක් නොවන්නේය. මට ඒ පුද්ගලයා අකුසලයෙන් නැගිටුවා කුසලයෙහි පිහිටුවන්ට නොහැක්කේයයි’ උකටලී නොවිය යුතුය.

තමනට කාලය මිඩංගු කරන්නට වුවද, තමනට වෙහෙස වුවද, ඔහුට අසතුටක් වුවත්, තරහවක් ඔහුට ඇති වුවත්, ඔහුගේ අකුසල පිළිවෙත වෙනස් කිරීම ඔහුට බොහෝ යහපත පිණිස වන්නේය” යි දැන ඔහුට ඒ කාරනය , කීමට සුදුසු වන්නේය.

§ 12. “මහණෙනි, ඉදින් ‘මට මෙය වෙහෙස පිණිස වන්නේය. නමුත් අනෙක් භික්ෂුව ට දුකක් නොවන්නේය. අනික් භික්ෂුව තරහ ගන්නෙක්, ක්‍රොධ නොකරන්නෙක් වෛර කරන්නෙක් නොවේය. තම මතය තරයේ අල්ලා ගෙන එහි ග්‍රහණය කොට සිටියත්, මට ඔහුට විස්තර වශයෙන් මෙය දක්වා ඔහුගේ මතය වාදය සාවද්‍ය බව, ඔහුට දැක්විය හැකිය. එමගින් ඔහුගේ සාවද්‍ය මතය දුරු කොට ඔහුව අකුසලෙන් මුදවා, කුසලයෙහි පිහිටුවීමට හැකිය” කියා තොප දන්නේ නම්, තොප එසේ කල යුතු වන්නේය.

§ 13. “මහණෙනි, ඉදින් එසේ ඔහුගේ වාදය නිවරදි කරන්නට යාම මටද වෙහෙස පිණිස වන්නේය. අනික් පුද්ගලයාටද දුක් වන්නේය. අන් පුද්ගලයා කිපෙන්නෙක්, බද්ධ වෛර කරන්නෙක්, මතය තරයේ ගන්නෙක්, මතය පහසුවෙන් දුරලිය නොහැක්කෙක් වන්නේ වුවද , ‘මම මේ පුද්ගලයා අකුසලයෙන් නැගිටුවා කුසලයෙහි පිහිටුවන්ට හැක්කේ වෙම් නම්’ මට යම් වෙහෙසීමක් වුවත්, ඔහුට යම් දුකක්වුවත් , මෙය සුලු වූවකි. මම මේ පුද්ගලයා අකුසලයෙන් නැගිටුවා කුසලයෙහි පිහිටුවන්ට හැකිවෙම් නම් එයම මහත් වන්නේය.’ කියා තොප දන්නේ නම් මහණෙනි, ඉදින් මෙසේ කීමට සුදුසුය.

§ 14. “මහණෙනි, ඉදින් මේ ක්‍රියාව මටද වෙහෙස වන්නේය. ඒ භික්ෂුවටද දුක් පිණිස වන්නේය. අනික් භික්ෂුව පහසුවෙන් කිපෙන්නක, වෛර කරන්නෙක, මතය තරයේ ගන්නෙක, මතය පහසුවෙන් දුරලිය නොහැක්කෙක. මම කෙතරම් කීවද, මේ පුද්ගලයා අකුසලයෙන් නැගිටුවා කුසලයෙහි පිහිටුවන්ට නොහැකි වෙති”යි, දන්නේද, මහණෙනි, මෙබඳු පුද්ගලයා කෙරෙහි උපෙක්ෂාව නොයික්මවිය යුතුය.

§ 15. “මහණෙනි, සමගිව සතුටින් , වාද විවාද නොකරමින් පිළිවෙත් පුරන්නාවූ (ධර්ම මාර්ගයෙහි යන්නාවූ), තොප අතර සමහර විටෙක, සිත් දූෂ්‍ය කරන්නාවූ අමනාපය ඇති කරන්නාවූ, නොසතුට නොඇල්ම ඇති කරන්නාවූ, සමගිය නැති කරන්නාවූ, නොමනා වචන කියනවුන් ඉන්නට හැක.

එවිට ඒ භික්ෂූන් අතුරෙන් යම් භික්ෂුවක් ඉතා සුවචයයි හඟින්නහුද, ඔහු කරා පැමිණ, ‘ඇවැත්නි, සමගිව සතුටින්, වාද විවාද නොකරමින් දහම් පිළිවෙත් පුරන්නාවූ , අප අතරෙහි සිත් දූෂ්‍ය කරන්නාවූ, අමනාප ඇතිකරන්නාවූ, නොසතුට ඇතිකරන්නාවූ, නොමනා වචන දොඩන භික්ෂුන් ඇත්තේය” යි කිය යුතුය.

“මහණෙනි, එසේ පැහැදිලිව මනාකොට ප්‍රකාශ කරන්නාවූ භික්ෂුව මෙසේද ප්‍රකාශ කරන්නේය. ‘ඇවැත්නි, සමගිව සතුටින්, වාද විවාද නොකරමින්පිළිවෙත් පුරන්නාවූ , අප අතරෙහි සිත් දූෂ්‍ය කරන්නාවූ, අමනාප ඇතිකරන්නාවූ, නොසතුට ඇතිකරන්නාවූ, නොමනා වචන දොඩන භික්ෂුන් ඇත්තේය’ යි , අප ශාස්තෘන් වහන්සේ දන්නේ නම් එය ගරහන්නේය.

‘ඇවැත්නි, මේ අමනාපයන් සිත් ඇතිව කොලාහල කිරීම දුරු නොකොට නිවණ ප්‍රත්‍යක්ෂ කිරීම කල හැක්කේදැයි ඇසිය යුතුය. මහණෙනි, මනාකොට ප්‍රකාශ කරන්නාවූ භික්ෂුව මෙසේ ප්‍රකාශ කරන්නේය.

‘ඇවැත්නි, මේ කොලාහල කිරීම දුරු නොකොට නිවණ ප්‍රත්‍යක්ෂ නොකරන්නේය.’

§ 16. එවිට , අනික් පක්ෂයෙහි භික්ෂූන්ගෙන් යම් භික්ෂුවක් ඉතා සුවචයයි හඟින්නාහුද, ඔහු කරා පැමිණ ‘ඇවැත්නි, මෙසේ අසමගිව දුෂ්‍ය සිති ඉඳීම අප ශාස්තෘන් වහන්සේ ඉවසන්නේදැ”යි ඇසිය යුතුය. ඒ භික්ෂුව එය ශාස්තෘන් වහන්සේ නොපිළිගන්නා බව පිලිගත්විට මෙසේ ඇසිය යුතුය. ඉදින් මෙසේ අසමගිව, අසන්තෝෂයෙන් අපට පිළිවෙත් පුරා විමුක්තිය ලබා ගන්නට හැක්කේ දැ”යි ඇසිය යුතුය.
“නැත , ආයුෂ්මතුන් එසේ අසමගියෙන්, දුෂ්‍ය සිති ඉන්නා ශ්‍රමනයනට විමුක්තිය ලබන්නට නොහැකි ය”

§ 17. “මහණෙනි, ඉදින් ඒ භික්ෂුවගෙන් අනික් භික්ෂුවක් ආයුෂ්මතුන් විසින් අපගේ මේ භික්ෂූහු අකුසලයෙන් නැගිටුවා කුසලයෙහි පිහිටුවන ලද්දාහුදැයි අසන්නේ නම්, මහණෙනි, මනාකොට ප්‍රකාශ කරන්නාවූ භික්ෂුව මෙසේ ප්‍රකාශ කරන්නේය.

‘ඇවැත්නි, මම භාග්‍යවතුන් වහන්සේ වෙත ගීයෙමි. මට භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කළසේක.’ මම ඒ ධර්මය අසා ඒ භික්ෂූන්ට ඒ ධර්මය අවබෝධ කරවීමි. දැන් ඒ භික්ෂුහු ඒ ධර්මය අසා අකුසලයෙන් වෙන්හු වුවාහුය. කුසලයෙහි පිහිටියාහුය”, යනුවෙනි.

“මහණෙනි, මෙසේ ප්‍රකාශ කරන්නාවූ භික්ෂුව, තමා උසස් කොට නොහඟවයි. අනුන් පහත් යයි නොපෙන්වයි. ධර්මයට අනුකූල වූවක් ම ප්‍රකාශ කරයි. කරුණු සහිතවූ අනික් කිසිවාදයක් හෝ අනුවාදයක් හෝ (මේ පුද්ගලයාට) ගැරහිය යුතු යයි යන මතයකට කිසිවෙක් නොපැමිණෙන්නේය.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය.
සතුටු සිත් ඇත්තාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තාහුය.

DN 03-10 දසුත්තර සුත්‍රය

§ 1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ චම්පා නම් නුවර සමීපයෙහි වූ ගර්ගරා නම් පොකුණු තෙර අසළ පන්සියයක් පමණවූ මහත් භික්ෂු සංඝයා හා සමග වාසය කළාහුය. එකල්හි ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන් “ඇවැත් මහණෙනි” කියා භික්ෂූන්ට කථාකළේය.
ඒ භික්ෂූන් වහන්සේලා “ආයුෂ්මතුන් වහන්සය”යි ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්හ. ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මේ සූත්‍රය වදාළේය.

“ඇවත් මහණෙනි, සියලු දුක් කෙළවර කිරීමෙන් නිවන් ලැබීම පිණිස විෂම ලෝභය ආදි සියලු බැමි සිඳින්නාවූ දසුත්තර ධර්මය හෙවත් කරුණු එකේ පටන් දසයදක්වා ඇති ධර්මය දේශනා කරමි.

එකො ධම්මො

ඇවැත්නි, එක ධර්මයක් බොහෝ උපකාර වන්නේය
එක් ධර්මයක් වැඩිය යුත්තේය,
එක් ධර්මයක් පිරිසිඳ දත යුත්තේය,
එක් ධර්මයක් දුරුකට යුත්තේය,
එක් ධර්මයක් පිරිහීම පිණිස පවත්නේය.
එක් ධර්මයක් විශේෂ ඵලයට පමුණුවන ස්වභාව ඇත්තේය,
එක් ධර්මයක් දුකසේ අවබෝධ කටයුත්තේය,
එක් ධර්මයක් ඉපදවිය යුත්තේය,
එක් ධර්මයක් විශේෂයෙන් දතයුත්තේය,
එක් ධර්මයක් ප්‍රත්‍යක්ෂ කටයුත්තේය.

“කවර නම් එක ධර්මයක් බොහෝ උපකාර ඇත්තේ වේද?
කුශල ධර්මයන්හි අප්‍රමාද වීමයි, මේ එක ධර්මය බොහෝ උපකාර වන්නේය.

“කවර නම් එක ධර්මයක් වැඩිය යුත්තේද?
සැපයෙන් යුක්තවූ කායගතාසතිය හෙවත් ශරීරය පිළිබඳ සිහියයි.
මේ එක ධර්මය වැඩිය යුත්තේය,

කවර නම් එක ධර්මයක් පිරිසිඳ දතයුත්තේද?
කාමාදී කෙලෙස්වලට හා උපාදාන (දැඩි ගැනීම්වලට) යන්ට හේතුවූ ස්පර්ශයයි,
මේ එක ධර්මය පිරිසිඳ දතයුත්තේය.

“කවර නම් එක ධර්මයක් දුරුකට යුත්තේද?
මමය මාගේය යන අස්මි මානයයි මේ එක ධර්මය දුරුකට යුත්තේය.

“කවර නම් එක ධර්මයක් පිරිහීම පිණිස පවත්නේද?
නුණුවණින් කල්පනා කිරීමය.
මේ එක ධර්මය පිරිහීම පිණිස පවත්නේය.

“කවර නම් එක ධර්මයක් විශේෂ ඵලයට පමුණුවන ස්වභාව ඇත්තේද?
නුවණින් කල්පනා කිරීමය
මේ එක ධර්මය විශේෂ ඵලයට පමුණුවන ස්වභාව ඇත්තේය.

“කවර නම් එක ධර්මයක් දුකසේ අවබෝධ කටයුත්තේද?
ආනන්තරික චිත්ත සමාධිය (විදර්ශනාවට අනතුරුව ලැබෙන මාර්ගය) යි.
මේ එක ධර්මය දුකසේ අවබෝධ කටයුත්තේය,

“කවර නම් එක ධර්මයක් ඉපදවිය යුත්තේද?
ප්‍රත්‍යවෙක්ෂණ ප්‍රඥාවයි. (මාර්ගඵලාදිය සලකා බලන නුවණයි.)
මේ එක ධර්මය ඉපදවිය යුත්තේය,

“කවර නම් එක ධර්මයක් විශේෂ නුවණින් දතයුත්තේද?
සියලු සත්වයන් ආහාරය නිසා පවත්නා බවයි.
මේ එක ධර්මය විශේෂ නුවණින් දතයුත්තේය.

“කවර නම් එක ධර්මයක් ප්‍රත්‍යක්ෂ කටයුත්තේද?
නොසෙල්විය හැකි චිත්ත විමුක්තියයි කියන ලද අර්හත්ඵල විමුක්තියයි
මේ එක ධර්මය ප්‍රත්‍යක්ෂ කටයුත්තේය.

“මෙසේ මේ දශ ධර්මයෝ වනාහි ස්වභාව වශයෙන් පවත්නාහුය. යම්බඳුයැයි වදාරණලද නම් එබඳු ස්වභාව ඇත්තාහුමය. වදාළ ක්‍රමයෙන් අන් පරිද්දකින් නොවන්නාහුය. තථාගතයන් වහන්සේ විසින් මනාකොට අවබෝධ කරණ ලද්දාහුය.

ද්වෙ ධම්මා

“ධර්ම දෙකක් බොහෝ උපකාර වන්නාහුය,
ධර්ම දෙකක් වැඩිය යුත්තාහුය,
ධර්ම දෙකක් පිරිසිඳ දතයුත්තාහුය,
ධර්ම දෙකක් දුරුකට යුත්තාහුය,
ධර්ම දෙකක් පිරිහීම පිණිස පවත්නාහුය,
ධර්ම දෙකක් විශේෂ ඵලයට පමුණු වන්නාහුය.
ධර්ම දෙකක් දුකසේ අවබෝධ කට යුත්තාහුය.
ධර්ම දෙකක් ඉපදවිය යුත්තාහුය.
ධර්ම දෙකක් විශේෂ නුවණින් දතයුත්තාහුය.
ධර්ම දෙකක් ප්‍රත්‍යක්ෂ කළ යුත්තාහුය,

““කවර නම් ධර්ම දෙකක් බොහෝ උපකාර වන්නාහුද?
සිහිය හා නුවණ යන දෙකය.
මේ ධර්ම දෙක බොහෝ උපකාර වන්නාහුය.

“කවර නම් ධර්ම දෙකක් වැඩිය යුත්තාහුද?
සමථය හා විදර්ශනාව යන දෙකය.
මේ ධර්ම දෙක වැඩිය යුත්තාහුය.

“කවර නම් ධර්ම දෙකක් පිරිසිඳ දතයුත්තාහුද?
නාමය හා රූපය යන දෙකය.
මේ ධර්ම දෙක පිරිසිඳ දතයුත්තාහුය.

“කවර නම් ධර්ම දෙකක් දුරුකට යුත්තාහුද?
අවිද්‍යාව හා භව ආශාව යන දෙකය.
මේ ධර්ම දෙක දුරුකට යුත්තාහුය.

“කවර නම් ධර්ම දෙකක් පිරිහීම පිණිස පවත්නාහුද?
අකීකරු බව හා පවිටු මිත්‍රයන් ඇති බව යන දෙකය.
මේ ධර්ම දෙක පිරිහීම පිණිස පවත්නාහුය.

“කවර නම් ධර්ම දෙකක් ගුණ විශේෂයට පමුණුවන ස්වභාව ඇත්තාහුද?
කීකරු බව හා යහපත් මිත්‍රයන් ඇති බව යන දෙකය.
මේ ධර්ම දෙක විශේෂ භාගිය හෙවත් ගුණ විශේෂයට පමුණුවන ස්වභාව ඇත්තාහුය.

“කවර ධර්ම දෙකක් දුකසේ අවබෝධ කටයුත්තාහුද? සත්වයන්ගේ කෙලෙසීමට හේතු ප්‍රත්‍යය හා සත්වයින්ගේ පිරිසිදු බවට හේතු ප්‍රත්‍යය යන දෙකය. මේ ධර්ම දෙක දුකසේ අවබෝධ කටයුත්තාහුය.

“කවර නම් ධර්ම දෙකක් ඉපදවිය යුත්තාහුද?
ක්ෂයඥානයද, අනුත්පාද ඥාණයද යන දෙකය.
මේ ධර්ම දෙක ඉපදවිය යුත්තාහුය.

“කවර නම් ධර්ම දෙකක් විශේෂ නුවණින් දතයුත්තාහුද?
සංඛත ධාතුවවූ පඤ්චස්කන්ධයද අසංඛත ධාතුවවූ නිර්වාණයද යන දෙකය,
මේ ධර්ම දෙක විශේෂ නුවණින් දතයුත්තාහුය.

“කවර නම් ධර්ම දෙකක් ප්‍රත්‍යක්ෂ කටයුත්තාහුද?
විද්‍යා තුන හා රහත්ඵලය යන දෙකය.
මේ ධර්ම දෙක ප්‍රත්‍යක්ෂ කටයුත්තාහුය.

“මෙසේ මේ විසිවැදෑරුම් ධර්මයෝ වනාහි ස්වභාව වශයෙන් පවත්නාහුය. යම්බඳුයයි වදාරණ ලද්දනම් එබඳු ස්වභාව ඇත්තාහුය. වදාළ ක්‍රමයෙන් පිට අන් පරිද්දකින් නොවන්නාහුය. මේ තථාගතයන් වහන්සේ විසින් මනාකොට අවබෝධ කරණ ලද්දාහුමය.

     තයො ධම්මා   

“ධර්ම තුනක් බොහෝ උපකාර වන්නාහුය
ධර්ම තුනක් වැඩිය යුත්තාහුය,
පිරිසිඳ දතයුතු ධර්ම තුණක් ඇත්තාහුය,
දුරුකටයුතු ධර්ම තුණක් ඇත්තාහුය,
පිරිහීම පිණිස පවත්නා ධර්ම තුණක් ඇත්තාහුය,
විශේෂ ඵලයට පමුණුවන ස්වභාව ඇති ධර්ම තුණක් ඇත්තාහුය,
දුකසේ අවබෝධ කටයුතු ධර්ම තුණක් ඇත්තාහුය.
ඉපදවිය යුතු ධර්ම තුණක් ඇත්තාහුය,
විශේෂ නුවණින් දතයුතු ධර්ම තුණක් ඇත්තාහුය,
ධර්ම තුණක් ප්‍රත්‍යක්ෂ කටයුත්තාහුය,

“කවර නම් ධර්ම තුනක් බොහෝ උපකාර වන්නාහුද?
සත්පුරුෂයන්ගේ ආශ්‍රය, බණ ඇසීම ධර්මයට අනුව පිළිපැදීම යන තුණය.
මේ ධර්ම තුණ බොහෝ උපකාර වන්නාහුය.

“කවර නම් ධර්ම තුණක් වැඩිය යුත්තහුද?
සමාධි තුණය. (එනම්) විතර්ක විචාර සහගත (ප්‍රථමධ්‍යාන) සමාධිය, විතර්ක නැති විචාරය පමණක් ඇති (ද්විතීයධ්‍යාන) සමාධිය, විතර්ක විචාර දෙකම නැති (තෘතීය, චතුර්ථ, පඤ්චම ධ්‍යාන) සමාධිය යන තුනය,
මේ ධර්ම තුණ වැඩිය යුත්තාහුය,

“කවර නම් ධර්ම තුණක් පිරිසිඳ දතයුත්තාහුද?
වේදනා තුනය, (එනම්) සුඛවේදනාවය, දුක් වේදනාවය, දුක් සැප නැති (උපෙක්ෂා) වේදනාවය යන තුනය
මේ ධර්ම තුණ පිරිසිඳ දතයුත්තාහුය.

“කවර නම් ධර්ම තුනක් දුරුකටයුත්තාහුද?
තුන් වැදෑරුම් තෘෂ්ණාවය, එනම් කාමතෘෂ්ණාවය, භවතෘෂ්ණාවය, විභවතෘෂ්ණාවය යන තුනය.
මේ ධර්ම තුන දුරුකට යුත්තාහුය.

“කවර නම් ධර්ම තුනක් පිරිහීම පිණිස පවත්නාහුද?
අකුසල් මුල් තුණය, (එනම්) ලෝභ අකුසලමූලය, දොස අකුසලමූලය, මෝහ අකුසලමූලය, යන මේ ධර්ම තුන පිරිහීම පිණිස පවත්නාහුය. (අපායගාමී වන්නාහුය.)

“කවරනම් ධර්ම තුනක් විශේෂ භාගී (ගුණ විශේෂයට පමුණුවන්නෝ) වෙත්ද?
කුසල් මුල් තුණය. (එනම්) අලෝභ කුසලමූලය, අදොස කුසලමූලය, අමෝහ කුසලමූලය යන තුනය.
මේ ධර්ම තුණ විශේෂභාගී වන්නාහුය.

“කවර නම් ධර්ම තුනක් දුකසේ අවබෝධ කටයුත්තාහුද?
තුන් වැදෑරුම් නිඃශරණ ධාතු (එතරවීම්) තුනය.
කාමයන්ගෙන් එතෙරවීමයයි කියන ලද අනාගාමීමාර්ගය,
රූපයන් ගෙන් එතරවීමයයි කියන ලද අර්හත්මාර්ගය,
සියලු සංස්කාරයන්ගෙන් එතරවීමයැයි කියන ලද අර්හත්ඵලය යන මේ තුනය.
මේ ධර්ම තුණ දුකසේ අවබෝධ කටයුත්තාහුය.

“කවර නම් ධර්ම තුනක් ඉපදවිය යුත්තාහුද?
තුන් වැදෑරුම් ඥාණයෝය,
අතීත ස්කන්ධ කොටස් දන්නා නුවණය,
වර්තමාන ස්කන්ධ කොටස් දන්නා නුවණය,
අනාගත ස්කන්ධ කොටස් දන්නා නුවණය යන මේ ධර්මතුන ඉපදවිය යුත්තාහුය.

“කවර නම් ධර්ම තුනක් විශේෂ නුවනින් දතයුත්තාහුද?
තුන් වැදෑරුම් ධාතූහුය. කාමධාතුය, රූපධාතුය, අරූපධාතුය යන තුනය.
මේ ධර්ම තුන ඉතා විශේෂ නුවණින් දත යුත්තාහුය.

“කවර නම් ධර්ම තුනක් ප්‍රත්‍යක්ෂ කටයුත්තාහුද?
තුන් වැදෑරුම් විද්‍යාවෝය.
පෙර විසූ ස්කන්ධයන් දන්නා නුවණ නමැති විද්‍යාවය,
සත්වයන්ගේ චුති උත්පත්ති දන්නා නුවණ නමැති විද්‍යාවය,
ආශ්‍රවයන් ක්ෂය කරන නුවණ නමැති විද්‍යාවය යන තුනය.
මේ ධර්ම තුන ප්‍රත්‍යක්ෂ කටයුත්තාහුය.

“මෙසේ එකාන්තයෙන් විද්‍යමානවූ ඇත්තාවූ එසේම වන්නාවූ වෙනස් නොවන්නාවූ අන් ආකාරයකින් නොවන්නාවූ මේ තිස් ධර්මයෝ තථාගතයන් වහන්සේ විසින් යහපත්කොට අවබෝධ කරණ ලද්දාහුමය.

  චත්තාරො ධම්මා    

“ධර්මසතරක් බොහෝ උපකාරවන්නාහුය. ධර්මසතරක් වැඩිය යුත්තාහුය.
ධර්ම සතරක් පිළිසිඳ දතයුත්තාහුය.
ධර්ම සතරක් පහකළ යුත්තාහුය.
ධර්ම සතරක් පිරිහීම පිණිස පවත්නාහුය.
ධර්ම සතරක් විශේෂ ගුණ පිණිස පවත්නාහුය.
ධර්ම සතරක් දුකසේ අවබෝධ කටයුත්තාහ.
ධර්ම සතරක් ඉපදවිය යුත්තාහ.
ධර්ම සතරක් ප්‍රත්‍යක්ෂ කටයුත්තාහුය.

“කවර නම් ධර්ම සතරක් බොහෝ උපකාර වන්නාහුද?
චක්‍ර හතරය (එනම්)
සුදුසු ප්‍රදෙශයෙහි වාසය කිරීමය,
සත්පුරුෂයන් සෙවනය කිරීමය,
තමා හොඳ මගෙහි පිහිටීමය.
පෙර කළ පින් ඇති බවය යන
මේ සතර ධර්මයෝ බොහෝ උපකාර වන්නාහුය.

“කවර නම් සතර ධර්මයක් වැඩිය යුත්තාහුද?
සතර සතිපට්ඨාන ධර්මයෝය.
එනම් ඇවැත්නි, මේ සස්නෙහි භික්ෂුව තම ශරීරයෙහි ශරීරය අනුව දක්නා ස්වභාව ඇතිව පඤ්චස්කන්ධයෙහි ඇලීම හා ගැටීම දුරුකොට කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව යහපත් නුවණින් යුක්ත ව සතියෙන් වාසය කරයි.

“ඇවැත්නි, මේ ශාසනයෙහි භික්ෂුව කෙලෙස් තවන වීර්යය ඇතුව, යහපත් ප්‍රඥා ඇතුව සිහියෙන් යුක්තව වේදනාවන්හි ලෝභයද කරන ක්‍රෝධයද සංසිඳුවාගෙන වේදනාවන්හි වේදනා අනුව දක්වා ස්වභාව ඇතිව වාසය කරයි.

“ඇවැත්නි, මේ ශාසනයෙහි භික්ෂුව කෙලෙස් තවන වීර්යය ඇතුව, යහපත් ප්‍රඥාව ඇතුව, සිහියෙන් යුක්තව, සිතෙහි ලෝභයද, ක්‍රෝධයද සංසිඳුවාගෙන සිතෙහි සිත අනුව දක්නා ස්වභාව ඇතුව වාසය කරයි.

“ධර්මයන්හි ධර්මයන් අනුව දකින ස්වභාව ඇත්තේ පඤ්චස්කන්ධ ලෝකයෙහි ලෝභ දොස දෙදෙන දුරුකොට කෙලෙස් තවන වීර්යයෙන් හා හොඳ නුවණින් යුක්තව සිහි ඇතිව වාසය කරයි.
මේ සතිපට්ඨාන ධර්ම සතර වැඩිය යුත්තාහුය.

“කවර නම් ධර්ම සතරක් පිරිසිඳ දතයුත්තාහුද?
ඔලාරිකවූ හෝ සියුම්වූ හෝ පිඩුකොට බුදින්නාවූ කබලිඩ්කාර ආහාරයය.
දෙවැනිවූ ස්පර්ශ ආහාරයය.
තුන්වැනිවූ මනො සඤ්චෙතන ආහාරයය.
සතරවැනිවූ විඥාන ආහාරයය යන මේ සතර ධර්මයෝ පිරිසිඳ දතයුත්තාහුය.

“කවර නම් ධර්ම සතරක් දුරු කටයුත්තාහුද?
ඔඝ හෙවත් සැඩපහර සතරය.
කාම ඔඝය (කාම නමැති සැඩපහර)
භව ඔඝය,
දෘෂ්ටි ඔඝය,
අවිද්‍යාඔඝය, යන ධර්ම සතර දුරුකට යුත්තාහුය.

“කවර නම් ධර්ම සතරක් පිරිහීම පිණිස පවත්නාහුද?
යෝග හතරය,එනම්
කාමයෝගය,
භවයෝගය,
දෘෂ්ටියොගය,
අවිද්‍යායෝගය යන මේ සතර ධර්මයෝ පිරිහීම පිණිස පවත්නාහුය.

“කවර නම් ධර්ම සතරක් ගුණ විශේෂයට පමුණුවන්නෝද?
මිදීම් සතරය.
එනම් කාමයෝගයෙන් මිදීමය,
භවයෝගයෙන් මිදීමය.
දෘෂ්ටියෝගයෙන් මිදීමය.
අවිද්‍යායෝගයෙන් මිදීමය යන මේ සතර ධර්මයෝ ගුණ විශේෂයට පමුණුවන ස්වභාව ඇත්තාහුය.

කවර නම් ධර්ම සතරක් දුකසේ අවබෝධ කටයුත්තාහුද?
සමාධි (සිත එකඟකිරීම්) සතරය.
හානභාගිය සමාධිය,
ඨිතිභාගිය සමාධිය,
විශේෂ භාගිය සමාධිය,
නිර්වෙද භාගිය සමාධිය, යන මේ සමාධි සතර දුකසේ අවබෝධ කටයුත්තාහුය.

“කවර නම් ධර්ම සතරක් ඉපදවිය යුත්තාහුද?
ඥාන සතරය.
එනම් ධර්මයෙහි ඤාණය (චතුස්සත්‍යය දක්නාවූ මාර්ගඥාන හා ඵල ඥාන,)
අන්වයෙහි ඤාණය (චතුස්සත්‍යය දක්නාවූ ඥානය,)
පරිච්ඡෙදයෙහි ඤාණය (අනුන්ගේ සිත් පිරිසිඳ දැන ගන්නා ඥානය,)
සම්මුතියෙහි ඤාණය (අවශෙෂ ඥාන) යන සතරය.
මේ සතර ධර්මයෝ ඉපදවිය යුත්තාහුය.

“කවර නම් ධර්ම සතරක් විශේෂ නුවණින් දතයුත්තාහුද?
සතර ආර්‍ය්‍යසත්‍යයෝය.
දුක්ඛ ආර්‍ය්‍යසත්‍යය,
දුක්ඛසමුදය ආර්‍ය්‍ය සත්‍යය,
දුක්ඛනිරෝධආර්‍ය්‍ය සත්‍යය,
දුක්ඛනිරෝධ ගාමිණී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යය යන මේ සතරය.
මේ ධර්ම සතර විශේෂ නුවණින් දතයුත්තාහුය.

“කවර ධර්ම සතරක් අවබෝධ කටයුත්තාහුද?
ශ්‍රමණඵල (මහණකමෙහි ඵල) හතරය.
සෝවාන්ඵලය,
සකෘදාගාමි ඵලය,
අනාගාමිඵලය,
අර්හත්ඵලය යන සතරය.
මේ සතර ඵල ධර්ම අවබෝධ කටයුත්තාහුය.

“මෙසේ පැහැදිලිවූ සත්‍යවූ එසේම වන්නාවූ, වෙනස් නොවන්නාවූ අන් ආකාරයකින් නොවන්නාවූ මේ සතළිස් වැදෑරුම් ධර්මයෝ තථාගතයන් වහන්සේ විසින් මනාව අවබෝධ කරණ ලද්දාහුය

 පඤ්ච ධම්මා   

“ධර්ම පහක් බොහෝ උපකාර වන්නාහුය.
ධර්ම පහක් පිරිසිඳ දතයුත්තාහ,
ධර්ම පහක් දුරු කටයුත්තාහ,
ධර්ම පහක් පිරිහෙන ස්වභාව ඇත්තාහ.
ධර්ම පහක් විශේෂ ඵලයට පමුණුවන ස්වභාව ඇත්තාහ,
ධර්ම පහක් දුකසේ අවබෝධ කටයුතු වන්නාහ,
ධර්ම පහක් ඉපදවිය යුත්තාහ,
ධර්ම පහක් විශේෂ නුවණින් දතයුත්තාහ,
ධර්ම පහක් තමාම දැකීමෙන් පැහැදිලි කටයුත්තාහුය.

“කවර නම් ධර්ම පහක් බොහෝ උපකාර වන්නාහුද?
ප්‍රධානියාංග (වීර්යයකරන මහණහුගේ) අංග පසය,
ඇවැත්නි, මේ සස්නෙහි මහණ තෙමේ ශ්‍රද්ධාව ඇත්තෙක් වේද?
ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙනුදු අර්හත් නම්යහ. සම්‍යක්සම්බුද්ධ නම්යහ. අෂ්ටවිද්‍යා පසළොස් චරණ ධර්මයන් ගෙන් යුක්තයහ (යහපත් ගති ඇති හෙයින්) සුගත නම්යහ. (සියලු ලොව දන්නා හෙයින්) ලොකවිදූ නම්යහ. (ඉන් වැඩි උසස් කෙනෙක් නැති හෙයින්) අනුත්තර නම්යහ. (දමනය නොකට හැකි පුරුෂයන් දමනය කරන හෙයින්) පුරුෂ දම්‍ය සාරථි නම්යහ. (දෙවි මිනිසුන්ට අනුශාසනා කරන හෙයින්) ශාස්තෘ නම්යහ. (චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කළ හෙයින්) බුද්ධ නම්යහ. (රාගාදිය විනාශ කළ හෙයින්) භාග්‍යවත් නම් වන සේකැයි තථාගතයන් වහන්සේගේ සම්‍යක් සම්බොධිය අදහන්නෙක් වෙයි,
ආබාධ රහිතයෙක් වෙයි, රොග රහිතයෙක් වෙයි. ඉතා සිසිල් නුවූ ඉතා උණුසුම් නුවූ, මධ්‍යමවූ, වීර්යය වැඩීමට යොග්‍යවූ සමට ආහාර දිරවන ගින්නෙන් යුක්ත වූයේ වෙයි.
ශාස්තෲන් වහන්සේ කෙරෙහි හෝ නුවණැති සබ්‍රම්සරුන් (එකට වාසයකරන භික්ෂුන්) කෙරෙහි හෝ තමා පිළිබඳ කරුණු ඇතිසැටියෙන් ප්‍රකාශකරන, කපටි නොවූ රැවටිලි නැත්තෙක් වෙයි.
අකුශල දුරුකිරීම පිණිසත් කුසලධර්මයන් ඉපදවීම පිණිසත් ශක්තිමත්ව බලවත් උත්සාහයෙන් යුක්තව කුසල ධර්මයෙහි අත්නොහරිනලද වීර්යය ඇතිව පටන්ගන්නාලද වීර්යය ඇත්තෙක් වෙයි.
උතුම්වූ, කලකිරීම් ඇතිකරන්නාවූ, මනාකොට දුක් නැතිකිරීමට පමුණුවන්නාවූ උදයත්ථගාමිනි (ඇතිවීම හා නැතිවීම දන්නා) විදර්ශනා ප්‍රඥාවෙන් යුක්තවූවෙක් වන්නේය.
මේ පස්වැදෑරුම් ධර්මයෝ බොහෝ උපකාරවන්නාහුය.

“කවර නම් ධර්ම පසක් වැඩිය යුත්තාහුද?
අංග පසකින් යුත් සම්‍යක් සමාධියය,
ප්‍රීති ස්ඵරණතාවය (ප්‍රීතිය පතුරුවමින් පහළවන ප්‍රථම ද්විතී ධ්‍යාන දෙක්හි ප්‍රඥාවය)
සුඛස්ඵරණ තාවය (සැප පතුරුවමින් පහලවන ප්‍රථම ද්විතීය තෘතීය ධ්‍යානයන්හි ප්‍රඥාවය)
චෙතස්ඵරණතාවය (පරසිත් දන්නා නුවණ)
ආලෝක ස්ඵරණ තාවය (දිවසැප)
ප්‍රත්‍යවේක්ෂණ නිමිත්තය (සලකා බලන නුවණ) යන මේ ධර්මපස වැඩිය යුත්තාහුය.

“කවර නම් ධර්ම පසක් පිරිසිඳ දත යුත්තාහුද?
උපාදාන ස්කන්ධ පසය, ඒ කවරහුද?
රූප උපාදානස්කන්ධය,
වේදනා උපාදානස්කන්ධය,
සංඥා උපාදානස්කන්ධය,
සංස්කාර උපාදාන ස්කන්ධය,
විඥාන උපාදානස්කන්ධය.
මේ ධර්ම පස පිරිසිඳ දත යුත්තාහුය.

“කවර නම් ධර්ම පසක් දුරු කටයුත්තාහුද?
නීවරණ ධර්ම පසය,
කාමච්ඡන්ද නීවරණය,
ක්‍රොධ නීවරණය,
ථීනමිද්ධ නීවරණය,
උද්ධච්ච කුක්කුච්ච නීවරණය,
විචිකිච්ඡා නීවරණය යන මේ ධර්ම පස දුරු කටයුත්තාහ.

“කවර නම් ධර්ම පසක් පිරිහීම පිණිස වන්නාහුද,
පස්වැදෑරුම් චේතොඛිල (සිතෙහි නැනෙන උල් වැනි) ධර්මයෝයි.

(i)“ඇවැත්නි, මේ සස්නෙහි භික්ෂුවක්
ශාස්තෲන් වහන්සේ කෙරෙහි සැක කෙරේද කුකුස් උපදවාද නිශ්චය නොකෙරේද නොපහදීද බැසනොගනීද ඇවැත්නි, යම් භික්ෂුවක් ශාස්තෲන්වහන්සේ කෙරෙහි සැක කෙරේද, කුකුස් උපදවාද, නිශ්චය නොකෙරේද, නොපහදීද, බැසනොගනීද ඔහුගේ සිත කෙලෙස් තැවීම පිණිස, (භාවනාවෙහි) නැවත නැවත යෙදීම පිණිස, නිතර වීර්යය කිරීම පිණිස උතුම් වීර්යය පිණිස නොනැමෙන්නේය.
යමෙකුගේ කෙලෙස් තැවීම පිණිස (භාවනාවෙහි) නැවත නැවත යෙදීම පිණිස, නිතර කිරීමෙන් උතුම් වීර්යය පිණිස සිත නොනැමෙන්නේ වේද මේ පළමුවෙනි චෙතොඛිලය (සිතෙහි ඇනී තිබෙනඋල)යි.

(ii) “ඇවැත්නි, නැවතද භික්ෂු තෙමේ ධර්මයෙහි සැක කෙරේද කුකුස් උපදවාද, නිශ්චය නොකෙරේද, නොපහදීද, බැස නොගනීද ඔහුගේ සිත කෙලෙස් තැවීම පිණිස, (භාවනාවෙහි) නැවත නැවත යෙදීම පිණිස, නිතර වීර්යය කිරීම පිණිස, උතුම් පිණිස නොනැමෙන්නේය. යමෙකුගේ කෙලෙස් තැවීම පිණිස (භාවනාවෙහි) නැවත නැවත යෙදීම පිණිස, නිතර වීර්‍ය්‍යකිරීම පිණිස, සිත නොනැමෙන්නේ වේද, මේ දෙවන චෙතොඛිලය වන්නේය.

(iii) “සංඝයා කෙරෙහි සැක කෙරේද, කුකුස් උපදවාද, නිශ්චය නොකෙරේද, නොපහදීද, බැසනොගනීද ඔහුගේ සිත කෙලෙස් තැවීම පිණිස, (භාවනාවෙහි) නැවත නැවත යෙදීම පිණිස, නිතර වීර්‍ය්‍ය කිරීම පිණිස, උතුම් වීර්‍ය්‍ය පිණිස සිත නොනැමෙන්නේය. යමෙකුගේ කෙලෙස් තැවීම පිණිස, (භාවනාවෙහි) නැවත නැවත යෙදීම පිණිස, නිතර වීර්‍ය්‍යය පිණිස සිත නොනැමෙන්නේද මේ තුන්වන වෙතොඛීලය වන්නේය.

(iv) ශික්ෂාවෙහි සැක කෙරේද, කුකුස් කෙරේද, නිශ්චය නොකෙරේද, නොපහදීද, ඔහුගේ සිත කෙලෙස් තැවීම පිණිස, නිතර වීර්‍ය්‍ය කිරීම පිණිස, උතුම් වීර්‍ය්‍යය පිණිස නොනැමෙන්නේය, යමෙකුගේ කෙලෙස් තැවීම පිණිස (භාවනාවෙහි) නැවත නැවත යෙදීම පිණිස, නිතර වීර්‍ය්‍යය කිරීම පිණිස, උතුම් වීර්‍ය්‍යය පිණිස සිත නොනැමෙන්නේද මේ සතරවන චෙතොඛිලයයි.

(v). “සබ්‍රම්සරුන් (එකට වසන භික්ෂූන්) කෙරෙහි කිපි සිත් ඇත්තේ, නොසතුටු සිත් ඇත්තේ වේද, උල් වැනි සිත් ඇත්තේද ක්‍රෝධයෙන් යුත් සිත් ඇත්තේ ඔහුගේ සිත කෙලෙස් තැවීම පිණිස, (භාවනාවෙහි) නැවත නැවත යෙදීම පිණිස, නිතර වීර්යය කිරීම පිණිස, උතුම් වීර්යය පිණිස නොනැමේද මේ පස්වෙනි චේතොඛීලයයි.

මේ ධර්ම පස පිරිහීම පිණිස පවත්නාහුය.

“කවර නම් ධර්ම පසක් විශේෂ ගුණය පිණිස පවත්නාහුද?
ඉන්ද්‍රිය පසය.
ශ්‍රද්ධා ඉන්ද්‍රිය,
වීර්යය ඉන්ද්‍රිය,
සති ඉන්ද්‍රිය,
සමාධි ඉන්ද්‍රිය,
ප්‍රඥා ඉන්ද්‍රිය යන මේ ධර්ම පස විශේෂ ගුණයට පැමිණීම පිණිස වන්නාහුය.

“කවර නම් ධර්ම පසක් දුකසේ අවබෝධ කටයුත්තාහුද?
පස්වැදෑරුම් නිස්සරණිය (නික්මීම්) ධාතුහුය.

(i). ඇවැත්නි, මේ ලෝකයෙහි කාමයන් මෙනෙහි කරන්නාවූ භික්ෂුහුගේ සිත ඒ කාමයන්හි පෙරටුව ගමන් නොකරන්නේද, නොපහදින්නේද, රඳා නොසිටින්නේද, නොබැසගන්නේද, නෛෂ්ක්‍රම්‍යය (කාමයෙන් වෙන්වූ ධ්‍යානය) මෙනෙහි කරන්නාවූ භික්ෂුහුගේ සිත නෛෂ්ක්‍රම්‍යයෙහි පෙරටුව ගමන්කරන්නේද, පහදින්නේද, රඳා සිටින්නේද, බැසගන්නේද, ඔහුගේ ඒ සිත යහපත් අරමුණට පැමිණියේය. මනාව වඩන ලද්දේය. මනාව නැගීසිටියේය. කාමයන්ගෙන් මනාව මිදුනේ වෙන්වූයේ කාමයන් හේතුකොටගෙන දුක්සහිතවූ දැවිලි සහිතවූ යම්බඳු කෙලෙස් කෙනෙක් උපදිත්ද ඒ භික්ෂු තෙමේ ඒ කාමයන්ගෙන් මිදුනේවේ. හෙතෙමේ ඒ වේදනාව නොවිඳින්නේය. මෙය නිස්සරණය (එතරවීම) යයි කියනු ලැබේ.

(ii). “ඇවැත්නි, නැවතද ව්‍යාපාදය (ක්‍රෝධය) මෙනෙහි කරන්නාවූ භික්ෂුහට ව්‍යාපාදයෙහි සිත පෙරටුව ගමන් නොකරන්නේද, නොපහදින්නේද, රඳා නොසිටින්නේද, නොබැසගන්නේනේද, අව්‍යාපාදය (මෛත්‍රී ධ්‍යානය) මෙනෙහි කරන්නාවූ ඔහුගේ සිත අව්‍යාපාදයෙහි පෙරටුව යන්නේද, පහදින්නේද, රඳා සිටින්නේද, බැසගන්නේද ඔහුගේ ඒ සිත යහපත් අරමුණට පැමිණියේය. මනාව වඩන ලද්දේය. ව්‍යාපාදයෙන් මනාව නැගිටියේය. මනාව මිදෙන ලද්දේ ව්‍යාපාදයෙන් වෙන් වූයේය. ව්‍යාපාදය හේතුකොටගෙන දුක් සහිතවූ දැවීම් සහිතවූ යම්බඳු කෙලෙස් කෙනෙක් උපදිත්ද හෙතෙමේ ඒ ක්ලෙශයන්ගෙන් මිදුනේ වේ. හෙතෙමේ ඒ වේදනාව නොවිඳින්නේ වේ. මෙය ව්‍යාපාදයාගේ නිස්සරණය (එතර වීම) යයි කියන ලද්දේය.

(iii). “ඇවැත්නි, නැවතද විහේසය (හිංසා කිරීම) මෙනෙහි කරන්නාවූ භික්ෂුවහට විහේසය පිණිස සිත පෙරටුව ගමන් නොකරන්නේද. නොපහදින්නේද. රඳා නොසිටින්නේද. බැසනොගන්නේද. අවිහේසය (කරුණාධ්‍යනය) වනාහි මෙනෙහි කරන්නාවූ ඔහුගේ සිත අවිහේසය පිණිස පෙරටුව ගමන්කරන්නේද. පහදින්නේද, රඳාසිටින්නේද, මිදෙන්නේද, ඔහුගේ ඒ සිත යහපත් අරමුණට පැමිණියේය. වඩන ලද්දේය. මනාව නැගී සිටියේය. විහේසයෙන් මිදුනේ විහේසයෙන් වෙන් වූයේ වෙයි. විහේසය හේතුකොට ගෙන දුක් සහිතවූ දැවීම් සහිතවූ යම්බඳු කෙලෙස් කෙනෙක් උපදිත්ද හෙතෙමේ ඒ කෙලෙසුන්ගෙන් මිදුනේවේ. හෙතෙමේ ඒ කෙලෙසුන්ගෙන් මිදුනේවේ. හෙතෙමේ එම වේදනාව නොවිඳින්නේ වේ. මේ විහේසයාගේ නිස්සරණයයි කියන ලද්දේය.

(iv). “ඇවැත්නි, නැවතද රූපය මෙනෙහි කරන්නාවූ භික්ෂුවහට රූපයන්හි සිත පෙරටුව ගමන් නොකරන්නේද, නොපහදින්නේද, රඳා නොසිටින්නේද, නොබැසගන්නේද, අරූප ධ්‍යානය මෙනෙහිකරන්නාවූ ඔහුට වනාහි අරූපයෙහි සිත පෙරටුව යන්නේද, පහදින්නේද, රඳා සිටින්නේද, බැසගන්නේද, ඔහුගේ ඒ සිත යහපත් අරමුණට පැමිණියේ මනාව වඩනා ලද්දේය. මනාව නැඟී සිටියේය, රූපයන්ගෙන් මනාව මිදුනේ වෙයි, වෙන්වූයේ වෙයි, රූපය හේතුකොටගෙන දුක් සහිතවූ දැවීම් සහිතවූ යම් ඒ කෙලෙස් කෙනෙක් උපදිත්ද හෙතෙමේ ඒ කෙලෙසුන්ගෙන් මිදුණේවේ, ඒ වේදනාව නොවිඳින්නේය, මෙය රූපයන්ගේ නිස්සරණයයි කියන ලද්දේය.

(v). “ඇවැත්නි, නැවතද උපාදානස්කන්ධ පස මෙනෙහි කරන්නාවූ භික්ෂුවගේ සිත උපාදානස්කන්ධයෙහි පෙරටුව නොයන්නේද, නොපහදින්නේද, රඳා නොසිටින්නේද, අර්හත්ඵල සමාධිය මෙනෙහි කරන්නාවූ ඔහුගේ සිත උපාදානස්කන්ධ නිරෝධයෙහි පෙරටුව යන්නේද, පහදින්නේද, රඳා සිටින්නේද, බැසගන්නේද, ඔහුගේ ඒ සිත යහපත් අරමුණට පැමිණියේය, මනාව වඩන ලද්දේය, මනාව නැගී සිටියේය, උපාදානස්කන්ධ පඤ්චකයෙන් මනාව මිදෙන ලද්දේ වෙන්වන ලද්දේය. උපාදානස්කන්ධ පස හේතුකොටගෙන දුක් සහිතවූ දැවිලි සහිතවූ යම් කෙලෙස් කෙනෙක් උපදිත්ද හෙතෙමේ ඔවුන්ගෙන් මිදුනේ වේ. හෙතෙමේ ඒ වේදනාව නොවිඳින්නේය. මේ උපාදානස්කන්ධ පඤ්චකයාගේ නිස්සරණය (එතර වීම) යයි කියන ලද්දේය.

මේ ධර්ම පස දුකසේ අවබෝධ කටයුත්තාහුය.

“කවර නම් ධර්ම පසක් ඉපදවිය යුත්තාහුද?
පඤ්චඥානික සම්‍යක් සමාධියය. (ඥාන පසක් ඇති සම්‍යක් සමාධිය)

(i). මේ සමාධිය මේ ආත්මයෙහි සැපද මතු සැප විපාකද ඇත්තේ තමා තුළම ඥානය (දැනීම) ඇති වෙයි.
(ii).මේ සමාධිය (කෙලෙස් වලින් දුරුවූ හෙයින්) ආර්‍ය්‍යයයිද තණ්හාවෙන් දුරුවූ හෙයින් යයි නිරාමිෂයයිද තමා තුළම දැනීම ඇතිවෙයි.
(iii). මේ සමාධිය උතුම් පුරුෂයන් විසින් සේවනයකරන ලද්දේයයි තමන් තුළම දැනීම ඇති වෙයි,
(iv). මේ සමාධිය සාන්තය, ප්‍රණීතය, සංසිඳීමෙන් ලබන ලද්දේය. එකඟබවෙන් ලබන ලද්දේය. උත්සාහයෙන් නිග්‍රහකොට ක්ලෙශයන් වළක්වා ලබන ලද්දක් නොවේ යයි තමා තුළම දැනීම ඇතිවෙයි.
(v). මම වනාහි මේ සමාධියට සිහි ඇත්තේම සමවදිමි. සිහි ඇත්තේම එයින් නැගිටිමියි තමන් තුළම දැනීම ඇතිවෙයි. මේ ධර්ම පස ඉපදවිය යුත්තාහ.

“කවර නම් ධර්ම පසක් යහපත් නුවණින් දතයුත්තාහුද?
පස්වැදෑරුම් විමුක්ත්‍යායතනයෝය (මිදීමේ හේතුය.)

(i) ඇවැත්නි, මේ ශාසනයෙහි භික්ෂුහට ශාස්තෲන් වහන්සේ හෝ ගරු තන්හි සිටියාවූ තෙරුන් වහන්සේ කෙනෙක් හෝ ධර්මය දේශනා කරත්ද ඇවැත්නි, යම් යම් ආකාරයකින් භික්ෂුහට ශාස්තෲන්වහන්සේ හෝ ගරු තන්හි සිටියාවූ එක්තරා තෙරක් හෝ ධර්මය දේශනා කරත්ද හෙතෙම ඒ ඒ ආකාරයෙන් ඒ ධර්මයෙහි අර්ථය දැන ගන්නේ වෙයිද, දේශනා පාළිය දැන ගන්නේ වෙයිද අර්ථය දන්නාවූද දේශනා පාළිය දන්නාවූද ඔහුට සතුට උපදියි. හටගත් සතුට ඇත්තහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ නාමකය සංසිඳෙයි. සංසිඳුනු නාමකය ඇත්තේ සැපය විඳියි, සැප ඇත්තහුගේ සිත එකඟ වෙයි, මේ පළමුවන විමුත්තයාතනය (මිදීමේ) හේතුවයි.

(ii). “නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, භික්ෂුහට ශාස්තෲන් වහන්සේ හෝ ගරු තන්හි සිටියාවූ තෙරුන් වහන්සේ කෙනෙක් හෝ ධර්මය දේශනා නොකරත්. එහෙත් හෙතෙම ඇසූ පරිදි, දැනගත් පරිදි, ධර්මය විස්තර වශයෙන් අනුන්ට දේශනා කරයි.

“ඇවැත්නි, යම් යම් පරිද්දෙකින් භික්ෂුව තමා ඇසූ පරිදි දැනගත් පරිදි ධර්මය විස්තර වශයෙන් අනුන්ට දේශනා කෙරේද ඒ ඒ පරිද්දෙන් හෙතෙම ඒ ධර්මයෙහි අර්ථය දැන ගන්නේත් වෙයි. දේශනා පාළිය දැනගන්නේත් වෙයි. අර්ථය දැනගත්තාවූ දේශනා පාළිය දැනගත්තාවූ ඔහුට සතුට උපදියි. සතුටු වූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ නාමකය සංසිඳෙයි. සංසිඳුනු නාමකය ඇත්තේ සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත එකඟ වෙයි. මේ දෙවන විමුත්තායතනය (මිදීමේ) හේතුව යි.

“නැවත අනිකක්ද කියමි, ඇවැත්නි, භික්ෂුහට ශාස්තෲන් වහන්සේ හෝ ගරු තන්හි සිටියාවූ එක්තරා තෙර කෙනෙක් හෝ ධර්මය දේශනාද නොකරත්, ඇසූ පරිදි උගත් පරිදි හෙතෙම ධර්මය විස්තර වශයෙන් අනුන්ට දේශනාද නොකරයි. එහෙත් ඇසූ පරිදි, උගත් පරිදි ධර්මය විස්තර වශයෙන් සජ්ජායනා කරයි (නැවත නැවත කියයි.)

(iii). “ඇවැත්නි, යම් යම් පරිද්දකින් භික්ෂුව තමා ඇසූ පරිදි ධර්මය විස්තරවශයෙන් සජ්ජායනා කරයිද ඒ ඒ පරිද්දෙන් හෙතෙම ඒ ධර්මයෙහි අර්ථය දැනගත්තේද, දේශනා පාළිය දැන ගත්තේද වෙයි. අර්ථය දැනගත්තාවූද, දේශනා පාළිය දැන ගත්තාවූද ඔහුට සතුට උපදියි. සතුටුවූ ඔහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ නාම කාය සංසිඳෙයි, සංසිඳුනු නාම කාය ඇත්තේ සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත එකඟ වෙයි. මේ තුන්වෙනි විමුත්තායතනය (මිදීමේ හේතුව) යි.

(iv). “නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, භික්ෂූහට ශාස්තෲන් වහන්සේ හෝ ගරු තන්හි සිටියාවූ කිසියම් තෙර කෙනෙක් හෝ ධර්මදේශනාද නොකරත්. ඒ භික්ෂුව ඇසූ පරිදි උගත් පරිදි ධර්මය විස්තර වශයෙන් අනුන්ට දේශනාද නොකරයි. ඇසූ පරිදි උගත් පරිදි ධර්මය විස්තර වශයෙන් සජ්ජායනාද නොකරයි. එහෙත් ඇසූ පරිදි, උගත් පරිදි, ධර්මය සිතින් කල්පනා කරයි. විමසා බලයි, සලකා බලයි. ඇවැත්නි, යම් යම් පරිද්දෙකින් මහණතෙම ඇසූ පරිදි, උගත් පරිදි ධර්මය සිතින් කල්පනා කෙරේද විමසා බලාද, සලකා බලාද, ඒ ඒ පරිද්දෙන් හෙතෙම ඒ ධර්මයෙහි අර්ථය දැන ගත්තේද, දේශනා පාළිය දැන ගත්තේද වෙයි, අර්ථය දැනගත්තාවූද, දේශනා පාළිය දැනගත්තාවූද ඔහුට සතුට උපදියි. සතුටුවූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ නාමකය සංසිඳෙයි. සංසිඳුනු නාමකය ඇත්තේ සැපය විඳියි, සැප ඇත්තහුගේ සිත එකඟ වෙයි, මේ සතරවන විමුත්තායතනයයි.

(v). “නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, භික්ෂුහට ශාස්තෲන් වහන්සේ හෝ ගරුතන්හි සිටියාවූ කිසියම් තෙරුන්වහන්සේ කෙනෙක් හෝ ධර්මය දේශනාද නොකරත්. ඒ භික්ෂුව ඇසූ පරිදි, උගත් පරිදි, ධර්මය විස්තර වශයෙන් අනුන්ට දේශනාද නොකරයි. ඇසූපරිදි, උගත්පරිදි, ධර්මය විස්තර වශයෙන් සජ්ජායනාද නොකරයි, ඇසූපරිදි උගත්පරිදි, ධර්මය සිතින් කල්පනාද නොකරයි. විමසාද නොබලයි, සලකාද නොබලයි. එහෙත් ඔහු විසින් එක්තරා සමාධිනිමිත්තක් (අටතිස් අරමුණුවලින් ලැබූ එක්තරා සමාධියක්) යහපත්ව ඉගෙනගන්නා ලද්දේද, යහපත්ව මෙනෙහි කරන ලද්දේද, යහපත්ව සිතින් දරණ ලද්දේද නුවණින් ප්‍රත්‍යක්ෂ කරන ලද්දේද වෙයි.

“ඇවැත්නි, යම් යම් පරිද්දකින් ඔහු විසින් එක්තරා සමාධි නිමිත්තක් හොඳින් උගන්නා ලද්දේ, හොඳින් මෙනෙහි කරන ලද්දේ, හොඳින් සලකා බලන ලද්දේ, ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්ෂ කරන ලද්දේ වේද, ඒ ඒ පරිද්දෙන් හෙතෙම ඒ ධර්මයෙහි අර්ථය දැනගත්තේද දේශනා පාළිය දැනගත්තේද වෙයි. අර්ථය දැනගත්තාවූද, දේශනා පාළිය දැනගත්තාවූද, ඔහුට සතුටඋපදියි, සතුටුවූවහුට ප්‍රීතිය උපදියි, ප්‍රීතිසිත් ඇත්තහුගේ නාමකය සංසිඳේ, සංසිඳුණු නාම කාය ඇත්තේ සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත එකඟවෙයි. මේ පස්වන විමුත්තායතනයයි.

මේ ධර්ම පස විශේෂ නුවණින් දත යුත්තාහුය.

“කවර නම් ධර්ම පසක් තමාම දැනීමෙන් ප්‍රත්‍යක්ෂ කටයුත්තාහුද?

පස්වැදෑරුම් ධර්මස්කන්ධයෝය.
ශීලස්කන්ධය,
සමාධිස්කන්ධය,
ප්‍රඥාස්කන්ධය,
විමුක්තිස්කන්ධය (ඵලඥාන,)
විමුක්තිඥානදර්ශනස්කන්ධය (ප්‍රත්‍යවෙක්ෂා ඥාන)
යන පසය,
මේ ධර්ම පස තමාම දැකීමෙන් ප්‍රත්‍යක්ෂ කටයුත්තාහුය.

“මෙසේ මේ විද්‍යාමානවූ සත්‍යවූ එසේම වන්නාවූ වෙනස් නොවන්නාවූ අන් පරිද්දකින් නොවන්නාවූ ධර්ම පණස තථාගතයන් වහන්සේ විසින් මනාව අවබෝධකරණ ලද්දාහුය.

ඡ ධම්මා

“ධර්ම සයක් බොහෝ උපකාර වන්නාහුය.
ධර්ම සයක් වැඩිය යුත්තාහ,
ධර්ම සයක් පිරිසිඳ දතයුත්තාහ,
ධර්ම සයක් දුරුකටයුත්තාහ.
ධර්ම සයක් පිරිහීමට පමුණුවන ස්වභාව ඇත්තාහ.
ධර්ම සයක් ගුණ විශේෂයට පමුණුවන ස්වභාව ඇත්තාහ.
ධර්ම සයක් දුකසේ අවබෝධ කටයුතු වන්නාහ.
ධර්ම සයක් ඉපදවිය යුත්තාහ.
ධර්ම සයක් විශේෂ නුවණින් දත යුත්තාහ.
ධර්ම සයක් තමාම දැකීමෙන් ප්‍රත්‍යක්ෂ කටයුතු වන්නාහුය.

“කවර නම් ධර්ම සයක් බොහෝ උපකාර වන්නාහුද?
සාරණීය ධර්ම සයයි. සාරණීය ධර්මයෝ (සිහි කටයුතු ධර්ම) සදෙනෙක් වෙත්.

(i). ඇවැත්නි, මේ ශාසනයෙහි මහණහු විසින් මෛත්‍රිසහගත කායකර්මය, (කයින් කරන ක්‍රියා) එක්ව බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙන භික්ෂූන්ගේ ඉදිරියේද නොඉදිරියේද පවත්වන ලද්දේ වෙයිද, ප්‍රිය කරන්නාවූ ගරු කරන්නාවූ සිහි කටයුතුවූ මේ ධර්මයද සංග්‍රහය පිණිසද විවාද නොකිරීම පිණිසද නොවෙහෙසීම පිණිසද සමගිය පිණිසද, එක්වීම පිණිසද පවතියි.

(ii). “නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, භික්ෂූහු විසින් මෛත්‍රීසහගත වාක්කර්මය, (වචන) එක්ව බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන භික්ෂූන්ගේ ඉදිරියෙහිද නොඉදිරියේද පවත්වන ලද්දේ වෙයි, සිහිකටයුතුවූ ප්‍රිය කරන්නාවූ, ගරු කරන්නාවූ, මේ ධර්මයද සංග්‍රහය පිණිසද විවාද නොකිරීම පිණිසද නොවෙහෙසීම පිණිසද සමගිය පිණිසද එක්වීම පිණිසද පවතී.

(iii). “නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, මේ ශාසනයෙහි භික්ෂුව විසින් මෛත්‍රී සහගත මනොකර්මය, (සිතන සිතිවිලි) එක්ව බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන භික්ෂූන්ගේ ඉදිරියෙහිද නොඉදිරියේද පවත්වන ලද්දේ වෙයිද ප්‍රියකරන්නාවූද ගරු කරන්නාවූ සිහි කටයුතුවූ මේ ධර්මයද සංග්‍රහය පිණිසද විවාද නොකිරීම පිණිසද නොවෙහෙසීම පිණිසද සමගිය පිණිසද එක්වීම පිණිසද පවතී.

(iv). “නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, භික්ෂුවට ධාර්මිකවූ, දැහැමින් ලැබුණු යටත්පිරිසෙයින් පාත්‍රයට ලැබුණාවූද යම් ඒ ලාභයෝ වෙත්ද, ඒ භික්ෂුව එබඳු ලාභ, එක්ව මහණදම් පුරණ සිල්වතුන් සමග බෙදා නොගෙන නොවළඳන්නෙක්, බෙදා සාධාරණකොට වළඳන්නෙක් වන්නේද සිහිකටයුතුවූ, ප්‍රිය කරන්නාවූ, ගරු කරන්නාවූ මේ ධර්මයද සංග්‍රහය පිණිසද අවිවාදය පිණිසද අවිහිංසාව පිණිසද සමගිය පිණිසද එක්වීම පිණිසද පවතියි.

(v). “නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, මහණ තෙම කඩනොවූ සිදුරු නොවූ කබර නොවූ කැලැල් නොවූ තණ්හා දාස බැවින් මිදුනාවූ, නුවණැත්තන් විසින් පසස්නා ලද්දාවූ, තෘෂ්ණාදියෙන් නොබැඳුණු සමාධිය පිණිස පවත්නාවූ යම් මේ සීලයෝවෙත්ද එබඳු සීලයන්හි, එකට මහණදම් පුරණ භික්ෂූන් ඉදිරියෙහිද නොඉදිරියෙහිද සීලයෙන් සමාන බවට පැමිණ වාසය කරයිද ප්‍රිය කරන්නාවූ ගරු කරන්නාවූ සිහිකටයුතුවූ මේ ධර්මය ද සංග්‍රහය පිණිසද විවාද නොකිරීම පිණිසද නොවෙහෙසීම පිණිසද සමගිය පිණිසද එක්වීම පිණිසද පවතී.

(vi) .“නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, මහණතෙම උතුම්වූද නිවණට පමුණුවන්නාවූද ඊට අනුව පිළිපදින්නහුගේ යහපත්ව දුක් නැතිකිරීම පිණිස පවත්නාවූද යම් ඒ දෘෂ්ටියක් ඇත්තීද, එබඳු දෘෂ්ටියෙන්, එකට මහණදම් පුරණ භික්ෂූන් ඉදිරියෙහිද නොඉදිරියෙහිද දෘෂ්ටි සාමාන්‍යයට (දෘෂ්ටියෙන් සම බවට) පැමිණ වාසය කරයිද ප්‍රිය කරන්නාවූ ගරු කරන්නාවූ සිහිකටයුතුවූ මේ ධර්මයද සංග්‍රහය පිණිසද අවිවාදය පිණිසද අවිහිංසාව පිණිසද සමගිය පිණිසද එක්වීම පිණිසද පවතියි.

“කවර නම් ධර්ම සයක් වැඩිය යුත්තාහුද?
ෂට් අනුස්මෘති කරුණු වන්නාහුය.
බුද්ධානුස්මෘතිය (බුදු ගුණ සිහි කිරීම,)
ධර්මානුස්මෘතිය (දහම් ගුණ සිහිකිරීම,)
සංඝානුස්මෘතිය (සඟ ගුණ සිහිකිරීම,)
සීලානුස්මෘතිය (සීලය සිහිකිරීම,)
ත්‍යාගානුස්මෘතිය (දානය සිහිකිරීම.)
දෙවතානුස්මෘතිය (දෙවියන් සාක්ෂියටගෙන ගුණ සිහිකිරීම) (යන සයය)
මේ ධර්ම සය වැඩිය යුත්තාහුය.

“කවර නම් ධර්ම සයක් පිරිසිඳ දතයුත්තාහුද?
ආද්ධ්‍යාත්මික (තමා පිළිබඳ) ආයතන සයයි.
චක්ෂු ආයතනය,
ශ්‍රොත ආයතනය,
ඝ්‍රාණ ආයතනය,
ජිව්හා ආයතනය,
කාය ආයතනය,
මනස් ආයතනය යන සයය.
මේ ධර්මය පිරිසිඳ දතයුත්තාහුය.

“කවර නම් ධර්මසයක් දුරු කටයුත්තාහුද?
තෘෂ්ණා සමූහ සයය.
රූප තෘෂ්ණාවය,
ශබ්ද තෘෂ්ණාවය,
ගන්ධ තෘෂ්ණාවය
රසතෘෂ්ණාවය,
ස්පර්ශ තෘෂ්ණාවය,
ධර්ම තෘෂ්ණාවය,
යන මේ ධර්ම සය දුරු කට යුත්තාහුය.

“කවර නම් ධර්ම සයක් හානභාගිය (පිරිහීමට පමුණුවන) ස්වභාව ඇත්තාහුද?
අගෞරව සයයි.

(i). ඇවැත්නි, මේ ශාසනයෙහි භික්ෂුව ශාස්තෲන් වහන්සේ කෙරෙහි උඩඟුව ගෞරව නැතිව වාසය කරයිද.
(ii). ධර්මය කෙරෙහි උඩඟුව ගෞරව නැතිව වාසය කරයිද.
(iii). සබ්‍රහ්මචාරී සංඝයා කෙරෙහි ගෞරව නැතිව, උඩඟුව වාසය කරයිද.
(iv). ශික්ෂාවෙහි ගෞරව නැතිව, උඩඟුව වාසය කරයිද.
(v). අප්‍රමාදයෙහි ගෞරව නැතිව, අලසව වාසය කරයිද.
(vi) ආමිස, ධම්ම යන දෙවැදෑරුම් පටිසන්ථාරයෙහි ගෞරව නැතිව උඩඟුව වාසය කරයිද
යන මේ සය පිරිහීම පිණිස පවත්නාහ.

“කවර නම් ධර්ම සයක් විශේෂ භාගිය (ගුණ විශේෂයට පමුණුවන) ස්වභාව ඇත්තාහුද?
ගෞරව කිරීම් සයයි.

(i).ඇවැත්නි, මේ ශාසනයෙහි භික්ෂුව ශාස්තෲන් වහන්සේ කෙරෙහි යටහත් පැවතුම් ඇත්තේ ගෞරව සහිතව වාසය කරයි.
(ii).ධර්මයෙහි යටහත් පැවතුම් ඇත්තේ ගෞරව සහිතව වාසය කරයි.
(iii) සංඝයා කෙරෙහි යටහත් පැවතුම් ඇත්තේ ගෞරව සහිතව වාසය කරයි.
(iv). ශික්ෂාවෙහි යටහත් පැවතුම් ඇත්තේ ගෞරව සහිතව වාසය කරයි.
(v). අප්‍රමාදයෙහි යටහත් පැවතුම් ඇත්තේ ගෞරව සහිතව වාසය කරයි.
(vi). ආමිස ධම්ම යන දෙවැදෑරුම් පටිසන්ථාරයෙහි යටහත් පැවතුම් ඇත්තේ ගෞරව සහිතව වාසය කරයි.
යන මේ ධර්ම සය විශේෂ භාගිය වන්නාහුය.

“කවර නම් ධර්ම සයක් දුකසේ ප්‍රතිවෙධ කටයුත්තාහුද?
නිස්සරණීය ධාතු සයය.

(i). මේ ශාසනයෙහි භික්ෂුවක් මෙසේ කියන්නේය:
“ඇවැත්නි, මා විසින් මෛත්‍රීසමාධිය වඩනලදී. බොහෝසේ වඩනලදී. නැවත නැවත වඩනලදී. වස්තු වශයෙන් කරණලදී, අනුව පවතිනලදී, පුරුදුකරණ ලදී, හොඳින් පටන්ගන්නා ලදී, එතකුදු වුවත්, ක්‍රෝධය මාගේ සිත හාත්පසින් මැඩගෙන සිටීය”යි (කියායි.)

එසේ නොකියවයි ඔහුට කියයුතු වන්නේය.
“ආයුෂ්මතුන් මෙසේ නොකියව!, භාග්‍යවතුන් වහන්සේට දොස් නොකියව!, භාග්‍යවතුන් වහන්සේට දොස් කීම සුදුසු නොවේ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාලහ. “ඇවැත්නි, වඩන ලද්දාවූද, බොහෝසේ වඩන ලද්දාවූද, නැවත නැවත වඩන ලද්දාවූද, වස්තු වශයෙන් කරණ ලද්දාවූද, ඒ අනුව හැසිරෙන ලද්දාවූද, පුරුදු කරණ ලද්දාවූද, හොඳින් පටන්ගන්නා ලද්දාවූද, මෛත්‍රී සමාධිය ඇති කල්හි ඔහුගේ හිත ක්‍රෝධය විසින් හාත්පසින් මැඩගෙන සිටිනු ලැබේය යනු සිදුවිය නොහැක්කකි. එසේ වන්නට අවකාශයක් නැත. ඇවැත්නි, මෛත්‍රී සමාධියක් වේද, මෙය ක්‍රෝධයාගේ නිස්සරණය වේ. (ක්‍රෝධයෙන් මිදීම වෙයි.)

(ii). “ඇවැත්නි, මේ ශාසනයෙහි භික්ෂුවක් මෙසේ කියන්නේය:.
“ඇවැත්නි, මා විසින් කරුණා සමාධිය වඩන ලදී, බොහෝසේ වඩන ලදී, නැවත නැවත වඩන ලදී. වස්තු වශයෙන් කරණලදී, ඒ අනුව හැසිරෙනලදී, පුරුදු කරනලදී, හොඳින් පටන්ගන්නාලදී, එතකුදුවත් මාගේ සිත විහෙසය (හිංසාකිරීමේ කැමැත්ත) හාත්පස මැඩගෙන සිටියයි (කියායි.)

“මෙසේ නොකියවයි ඔහුට කියයුතු වන්නේය.
” ආයුෂ්මතුන් මෙසේ නොකියව!, භාග්‍යවතුන් වහන්සේට දොස් නොකියව!, භාග්‍යවතුන් වහන්සේට දොස් කීම නොමැනවි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාලහ. “ඇවැත්නි, වඩන ලද්දාවූද, බොහෝසේ වඩන ලද්දාවූද, නැවත නැවත වඩන ලද්දාවූද, වස්තු වශයෙන් කරණ ලද්දාවූද, ඒ අනුව හැසිරෙන ලද්දාවූද, පුරුදු කරණ ලද්දාවූද හොඳින් පටන්ගන්නා ලද්දාවූද කරුණා සමාධිය ඇතිකල්හි ඔහුගේ සිත විහෙසය (හිංසා කිරීමේ කැමැත්ත) හාත්පස මැඩගෙන සිටින්නේය . ඇවැත්නි, කරුණා හිත වනාහි විහෙසයාගේ නිස්සරණයමැයි, (හිංසා කිරීමෙන් මිදීමයි.)

(iii). “ඇවැත්නි, මේ ශාසනයෙහි භික්ෂුවක් මෙසේ කියන්නේය.
” ඇවැත්නි, මා විසින් මුදිතා සමාධිය වඩනලදී, බොහෝ සේ වඩනලදි, නැවත නැවත වඩනලදී, වස්තු වශයෙන් කරණ ලදී. ඒ අනුව හැසිරෙනලදී, පුරුදු කරණලදී, හොඳින් පටන් ගන්නා ලදී, එතකුදු වුවත්, අරතිය (නොඇල්ම) මාගේ සිත හාත්පස මැඩගෙන සිටීය”යි (කියායි)

” එසේ නොකියවයි ඔහුට කිය යුතු වන්නේය.
“ආයුෂ්මතුන් මෙසේ නොකියව!, භාග්‍යවතුන් වහන්සේට දොස් නොකියව!, භාග්‍යවතුන් වහන්සේට දොස් කීම නොමැනවි. භාග්‍යවතුන් වහන්සේ වනාහි මෙසේ වදාලහ.
“ඇවැත්නි, වඩන ලද්දාවූද, බොහෝසේ වඩන ලද්දාවූද, නැවත නැවත වඩන ලද්දාවූද, වස්තු වශයෙන් කරණ ලද්දාවූද, ඒ අනුව හැසිරෙන ලද්දාවූද, පුරුදුකරණ ලද්දාවූද, හොඳින් පටන්ගන්නා ලද්දාවූද මුදිතා සමාධිය ඇති කල්හි අරතිය ඔහුගේ සිත හාත්පස මැඩගෙන සිටින්නේය . ඊට අවකාශයක් නැත. ඇවැත්නි, මුදිතා සමාධිය වනාහි අරතියගේ නිස්සරණය වේමැයි, (නොඇල්මෙන් මිදීමයි.)

(iv) “ඇවැත්නි, මේ ශාසනයෙහි භික්ෂුවක් මෙසේ කියන්නේය.
“ඇවැත්නි, මා විසින් උපෙක්ෂා සමාධිය වඩනලදී, බොහෝසේ වඩනලදී, නැවත නැවත වඩනලදී. වස්තු වශයෙන් කරණලදී, ඒ අනුව පවතිනලදී, පුරුදුකරණ ලදී, හොඳින් පටන්ගන්නා ලදී. එතකුදු වුවත් රාගය මාගේ සිත හාත්පස මැඩගෙන සිටීය”යි (කියායි.)

“ඔහුට එසේ නොකියවයි කියයුතු වන්නේය.
” ආයුෂ්මතුනී මෙසේ නොකියව!, භාග්‍යවතුන් වහන්සේට දොස් නොකියව!, භාග්‍යවතුන් වහන්සේට දොස් කීම නොමැනවි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාලහ,
“ඇවැත්නි, වඩන ලද්දාවූද, බොහෝසේ වඩන ලද්දාවූද, නැවත නැවත වඩන ලද්දාවූද, වස්තු වශයෙන් කරන ලද්දාවූද, පුරුදු කරණ ලද්දාවූද, හොඳින් පටන් ගන්නා ලද්දාවූද, උපෙක්ෂා සමාධිය ඇති කල්හි රාගය ඔහුගේ සිත හාත්පස මැඩගෙන සිටින්නේය යනු නොසිදුවිය හැක්කකි. ඊට අවකාශයක් නැත. ඇවැත්නි, මේ උපෙක්ෂා සමාධිය රාගයාගේ නිස්සරණය (මිදීම) වේමැයි.

(v). “ඇවැත්නි, මේ ශාසනයෙහි භික්ෂුවක් මෙසේ කියන්නේය.
“ඇවැත්නි, අනිමිත්ත චෙතො විමුත්තිය (අර්හත්ඵල සමාපත්තිය) මා විසින් වඩනලදී, බොහෝසේ වඩනලදී. නැවත නැවත වඩනලදී, වස්තු වශයෙන් කරණලදී, ඒ අනුව පවත්නාලදී. පුරුදු කරණලදී, හොඳින් පටන්ගන්නාලදී, එතකුදු වුවත්, මාගේ හිත රාගයට හේතුවූ ආරම්මණයන්හි හැසිරෙන්නේය”යි කියායි.

“ඔහුට එසේ නොකියවයි කියයුතු වන්නේය.
” ආයුෂ්මතුන් මෙසේ නොකියව!, භාග්‍යවතුන් වහන්සේට දොස්නොකියව!, භාග්‍යවතුන්වහන්සේට දොස් කීම නොමැනවි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නොවදාරන්නාහ.
“ඇවැත්නි, වඩන ලද්දාවූද, බොහෝසේ වඩන ලද්දාවූද, නැවත නැවත වඩනලද්දාවූද, වස්තු වශයෙන් කරණලද්දාවූද, ඒ අනුව පවත්නා ලද්දාවූද, පුරුදු කරණ ලද්දාවූද, හොඳින් පටන්ගන්නා ලද්දාවූද අනිමිත්තචෙතො සමාධිය ඇති කල්හි ඔහුගේ හිත රාගාදියට හේතුවූ ආරම්මණයන්හි හැසිරෙන්නේය යන කාරණය සිදුවිය නොහැක්කකි. ඊට අවකාශයක් නැත. ඇවැත්නි, මේ අනිමිත්තචෙතො විමුත්තිය සියලු නිමිත්තයන්ගේ නිස්සරණය වේමය.

(vi) “ඇවැත්නි, මේ ශාසනයෙහි භික්ෂුවක් මෙසේ කියන්නේය.
“‘මම වෙමියි’ යන (හැඟීම) පහව ගියේ වෙයි, මෙතෙම ‘මම වෙමියි’ කියා ගන්නා දෙයක් නොදක්නෙමි. එතකුදු වුවත් කෙසේද කෙසේදැයි ගන්නා සැකය නමැති උල මාගේ සිත හාත්පස මැඩගෙන සිටීයයි (කියායි.)

“ඔහුට මෙසේ නොකියවයි කියයුතු වන්නේය.
“ආයුෂ්මතුන් මෙසේ නොකියව! භාග්‍යවතුන් වහන්සේට දොස් නොකියව!, භාග්‍යවතුන් වහන්සේට දොස් කීම නොමැනවි.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ නොවදාරන්නාහ.
ඇවැත්නි, ‘මම වෙමි’යි යන හැඟීම පහව ගිය කල්හි ‘මෙය මම වෙමි’යි නොදක්නහුට කෙසේද කෙසේදැයි ගන්නා සැකය නමැති උල ඔහුගේ සිත හාත්පස මැඩගෙන සිටින්නේය යන කාරණය සිදුවිය නොහැක්කකි. ඊට අවකාශයක් නැත. “ඇවැත්නි, මේ ‘මම වෙමි’යි යන හැඟීමේ මුල් සිඳීමක් වේද, එය කෙසේද කෙසේදැයි ගන්නා විචිකිච්ඡා සල්ලයාගේ නිස්සරණය (මිදීම) වේමැයි”

මේ සය දුකසේ අවබෝධ කට යුත්තාහ.

“කවර නම් ධර්ම සයක් ඉපදවිය යුත්තාහුද?
සිහි නුවණින් විමසීම් සයය.

(i).ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම ඇසින් රූපයක් දැක සතුටුද නොවෙයි, නොසතුටුද නොවෙයි, උපෙක්ෂාවෙන් යුක්තව සිහි නුවණින් යුක්තව වාසය කරයි.
කණින් ශබ්දය අසා, නැහැයෙන් ගඳ සුවඳ දැන, දිවෙන් රසය විඳ, කයින් ස්පර්ශය දැන, සිතින් ධර්මඅරමුණු දැන සතුටුද නොවෙයි. නොසතුටුද නොවෙයි. උපෙක්ෂාවෙන් යුක්තව සිහි නුවණින් යුක්තව වාසය කරයි.
මේ ධර්ම සය ඉපදවිය යුතුය.

“කවර නම් ධර්ම සයක් ඉතා හොඳ නුවණින් දත යුත්තාහුද?
අනුත්තරිය (උතුම් දේ) ධර්ම හයයි.

(i).දස්සනානුත්තරිය (දැකීම් අතරෙන් උසස් දැකීම,)
(ii). සවණානුත්තරිය (ඇසීම් අතුරෙන් උසස් ඇසීම,)
(iii). ලාභානුත්තරිය (ලැබීම් අතුරෙන් උසස් ලැබීම,)
(iv). සික්ඛානුත්තරිය, (හික්මීම අතුරෙන් උසස් හික්මීම,)
(v).පාරිචරියානුත්තරය (උපස්ථාන අතුරෙන් උතුම් උපස්ථානය,)
(vi).අනුස්සතානුත්තරිය (සිහිකිරීම් අතුරෙන් උතුම් සිහිකිරීම) යන සයයි.
මේ ධර්ම සය ඉතා හොඳ නුවණින් දත යුත්තාහුය.

“කවර නම් ධර්ම සයක් තමාම දැකීමෙන් ප්‍රත්‍යක්ෂ කට යුත්තාහුද?
අභිඥා සයය.

(i).ඇවැත්නි, මේ සස්නෙහි භික්ෂුව නොයෙක් අයුරු ඇති ඍද්ධිවිධි වෙන් වෙන්කොට දක්වයි. එකෙක්ව බොහෝසේ වෙයි. බොහෝසේව එකෙක් වෙයි ප්‍රකට බවට, මුවහ බවට, අහසෙහි මෙන් බිත්තිය හරහට, පවුර හරහට, පර්වතය හරහට, නොහැපෙමින් යයි. දියෙහි මෙන් පොළොවෙහි කිමිදීම් මතුවීම් කෙරෙයි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබෙදා ගමන් කෙරෙයි. පක්ෂියකු මෙන් අහසෙහිද පර්යංකයෙන් හිඳගෙනම යෙයි. මේ මහත් ඍද්ධි ඇති, මහත් ආනුභාව ඇති සඳ හිරු දෙදෙන අතගායි, පිරිමදියි, බඹලොව තෙක් ශරීරයෙන් වසඟ බව පවත්වයි.

(ii). පිරිසිදුවූ මිනිසත්බව ඉක්මෙව්වාවූ දිවකණින් දුර වූද, ස්වමීපවූද, අන්‍ය සත්වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද දෙවැදෑරුම් ශබ්ද අසයි.

(iii). දුරවූ හෝ ළඟවූ හෝ සත්වයන්ගේ සිත සිය සිතින් පිරිසිඳ දනියි.
රාග සහිත සිත රාග සිතයයි දනියි. රාගය පහවූ සිත රාගයෙන් තොරවූ සිතයයි දනියි. ද්වේෂ සහිත සිත දොස සිතයයි දනියි. ද්වේෂය පහවූ සිත ද්වේෂයෙන් තොරවූ සිතයයි දනියි. මෝහ සහිත සිත මෝහ සිතයයි දනියි. මෝහය පහවූ සිත මෝහයෙන් තොරවූ සිතයයි දනියි.

(iv). හැකුලුණු සිත හැකුලුණු සිතයයි දනියි, විසිරුණු සිත විසිරුණු සිතයයි දනියි. මහත් බවට ගිය සිත, මහත් බවට ගිය සිත යයි දනියි. මහත් බවට නොගිය සිත, මහත් බවට නොගිය සිතයයි දනියි. කාම සහිත සිත, කාම සහිත සිතයයි දනියි. ලෞකික හිත් අතුරෙන් උසස්ම සිත අනුත්තර සිතයයි දනියි සමාධි ගතවූ සිත සමාධිගත සිතයයි දනි, සමාධිගත නොවූ සිත සමාධිගත නොවූ සිතයයි දනියි. (ක්ලේශයෙන්) මිදුනු සිත. මිදුනු සිතයයි දනියි. නොමිදුනු සිත නොමිදුනු සිතයයි දනියි.

(v). “හෙතෙමේ නොයෙක් ආකාරවූ පෙරවිසූ කඳ පිළිවෙළ සිහිකරන්නේය. හේ කෙසේද යත්:
එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පසක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිසක්ද, ජාති සතළිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් ජාති ලක්ෂගණන්ද අසවල් තැන වූයෙම් මෙබඳු නම් ඇත්තේ, මෙබඳු ගොත්‍ර ඇත්තේ, මෙබඳු වර්ණ ඇත්තේ, මෙබඳු ආහාර ඇත්තේ මෙබඳු සැප දුක් විඳින්නේ, මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තේ වීමියයි කියායි.
මම එයින් චුතවූයෙම් අසුවල් තැන උපදුනෙමි. එහිදී මෙබඳු නම් ඇත්තේ වීමි. මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු වර්ණ ඇත්තේ වීමි, මෙබඳු ආහාර ඇත්තේ වීමි, මෙබඳු සැප දුක් වින්දේ වීමි. මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තේ වීමි. මම එයින්ද චුතවූයෙම් මෙහි උපන්නෙමි. මෙසේ ආකාර සහිතව දැක්වීම් සහිතව නානාප්‍රකාරවූ පෙර විසූ ආත්ම සිහි කරයි.

(vi) “පිරිසිදුවූ මිනිසත් බව ඉක්මෙව්වාවූ දිව ඇසින් චුත වන්නාවූද උපදින්නාවූ, හීනවූද, උසස්වූද, යහපත් වර්ණ ඇත්තාවූද, දුර්වර්ණවූ, යහපත් ගති ඇත්තාවූද අයහපත් ගති ඇත්තාවූද කම්වූ පරිදි මිය පරලොව යන්නාවූ සත්වයන් දැන ගනීද එබඳුවූ චිත්තසමාධිය ලබයි. මේ පින්වත් සත්වයෝ එකාන්තයෙන් කාය දුශ්චරිතයෙන් යුක්තවූවාහු, වාග් දුශ්චරිතයෙන් යුක්තවූවාහු, මනො දුශ්චරිතයෙන් යුක්තවූවාහු, ආර්‍ය්‍යයන්ට දොස් කියන්නාහු, මිසදිටුවූවාහු, මිථ්‍යාදෘෂ්ටි කර්මයන් සමාදන් වූවාහු මරණින් මතු සැපයෙන් පහවූ හෙයින් අපාය නම්වූ දුකට පැමිණීම හෙයින් දුග්ගති නම්වූ, විවසව (හිස යටිකුරුව වැටෙන්නාවූ) නරකයෙහි උපන්නාහුය. මේ පින්වත් සත්වයෝ කයින් කරන සුචරිතයෙන් යුක්තවූවාහු වචනයෙන් කරන සුචරිතයෙන් යුක්තවූවාහු, හිතින් කරන සුචරිතයෙන් යුක්තවූවාහු ආර්‍ය්‍යයන්ට දොස් නොකියන්නාහු සම්‍යක්දෘෂ්ටි ඇත්තාහු සම්‍යක්දෘෂ්ටි කර්ම සමාදන්වූවාහු ඔව්හු ශරීරභෙදයෙන්, මරණින් මතු සුගති නම්වූ ස්වර්ග ලෝකයෙහි උපන්නාහුයයි මෙසේ මිනිස් ඇස ඉක්මවූ, පිරිසුදු දිවැසින්, චුතවන්නාවූද, උපදින්නාවූද හීනවූද, රසවත්වූද, යහපත් වර්ණ ඇත්තාවූද, දුර්වර්ණවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද කම්වූපරිදි පරලොව යන සත්වයන් දැනගනී. කාමාදි ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ චිත්ත විමුක්තියද ප්‍රඥාවිමුක්තියද මේ ආත්මයෙහිම තෙමේ ඉතා හොඳ ප්‍රඥාවෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට එළඹ වාසය කරන්නේය.
මේ ධර්ම සය ප්‍රත්‍යක්ෂ කටයුත්තාහුය.

“මෙසේ විද්‍යමානවූ සත්‍යවූ එසේම වන්නාවූ වෙනස් නොවන්නාවූ අන්පරිද්දකින් නොවන්නාවූ මේ ධර්මයෝ සැටදෙන තථාගතයන් වහන්සේ විසින් මනාකොට අවබෝධකරණ ලද්දාහුය.

සත්ත ධම්මා

“ධර්ම සතක් බොහෝ උපකාර වන්නාහුය.
ධර්ම සතක් වැඩිය යුත්තාහුය.
ධර්ම සතක් පිරිසිඳ දතයුත්තාහුය.
ධර්ම සතක් දුරු කටයුත්තාහුය.
ධර්ම සතක් පිරිහීමට පමුණුවන ස්වභාව ඇත්තාහුය.
ධර්ම සතක් ගුණවිශේෂය පිණිස පවත්නාහ.
ධර්ම සතක් ඉපදවිය යුත්තාහුය.
ධර්ම සතක් විශේෂයෙන් දතයුත්තාහුය.
ධර්ම සතක් තමාම දැක ප්‍රත්‍යක්ෂ කටයුත්තාහ.

“කවර නම් ධර්ම සතක් බොහෝ උපකාර වන්නාහුද?
ආර්‍ය්‍ය ධන සතය,
ශ්‍රද්ධා ධනය,
සීල ධනය,
හිරි (ලජ්ජා) ධනය,
ඔත්තප්ප (බිය) ධනය,
ශ්‍රැත ධනය,
ත්‍යාග ධනය,
ප්‍රඥා ධනය,
මේ ධර්ම සත බොහෝ උපකාර වන්නාහුය.

“කවර නම් ධර්ම සතක් වැඩිය යුත්තාහුද?
සප්ත බොද්ධ්‍යංග ධර්මයෝය.

ස්මෘති සම්බොද්ධ්‍යංගය,
ධර්මවිචය සම්බොද්ධ්‍යංගය,
වීර්යය සම්බොධ්‍යාංගය,
ප්‍රීති සම්බොද්ධ්‍යංගය,
පස්සද්ධි සම්බොද්ධ්‍යංගය,
සමාධි සම්බොද්ධ්‍යංගය,
උපෙක්ෂා සම්බොද්ධ්‍යංගය
යන මේ බොද්ධ්‍යංග සත වැඩිය යුත්තාහ.

“කවර නම් ධර්ම සතක් පිරිසිඳ දතයුත්තාහුද?
ඇවැත්නි, විඥානස්ථිති (විඥාන පිහිටන තැන්) සතක් වෙත්.

(i). වෙනස් වෙනස් ශරීර ඇති වෙනස් වෙනස් හැඟීම් (ප්‍රතිසන්ධි විඤ්ඤාණ) ඇති සත්වයෝ වෙත්. මනුෂ්‍යයෝද ඇතැම් දෙවියෝද, ඇතැම් විනිපාතිකයෝ (සමහර අසුරයන් හා ප්‍රෙතයෝ) ද, යම්සේද එමෙනි. මේ පළමුවන විඥානස්ථිතියයි.

(ii). ඇවැත්නි, වෙනස් වෙනස් ශරීර ඇති එක හැඟීම (සමාන ප්‍රතිසන්ධි විඤ්ඤාණ) ඇති සත්වයෝ වෙත්. පළමුවෙනි ධ්‍යානයෙන් උපන්නාවූ බ්‍රහ්මකායික නම් දෙවියෝ යම්සේද එමෙනි. මේ දෙවන විඥානස්ථිතියයි.

(iii). ඇවැත්නි, සමාන ශරීර ඇති වෙනස් වෙනස් හැඟීම් (ප්‍රතිසන්ධි විඤ්ඤාණ) ඇති සත්වයෝ වෙත්. ආභස්සර දෙවියෝ යම්සේද එමෙනි, මේ තුන්වන විඥානස්ථිතියයි.

(iv). ඇවැත්නි, සමාන ශරීර ඇති සමාන හැඟීම් (ප්‍රතිසන්ධි විඤ්ඤාණ) ඇති සත්වයෝ වෙත්. සුභකිණ්හ දෙවියෝ යම්සේද එමෙනි. මේ සතරවන විඥානස්ථිතියයි.

(v). ඇවැත්නි, සියලු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් ගැටීම් සංඥාවන් නැසීමෙන් වෙනස් වෙනස් සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ආකාසය අනන්තයයි ආකාසානඤ්චායතනයට පැමිණියාවූ සත්වයෝවෙත්. මේ පස්වන විඥානස්ථිතියයි.

(vi). ඇවැත්නි, සියලු ආකාරයෙන් ආකාසනඤ්චායතනය ඉක්මවා විඤ්ඤානය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණියාවූ සත්වයෝ වෙත්. මේ සයවෙනි විඥානස්ථිතියයි.

(vii). ඇවැත්නි, සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණියාවූ සත්වයෝ වෙත්. මේ සත්වන විඥානස්ථිතිය වන්නීය. මේ ධර්ම සත පිළිබඳ දතයුත්තාහුය.

“කවර නම් ධර්ම සතක් දුරුකටයුත්තාහුද?
“අනුසය (සිතෙහි බැඳී පවතින කෙලෙස්) සත වෙත්.

කාමරාගානුසය,
පටිඝානුසය,
දිට්ඨානුසය,
විචිකිච්ඡානුසය,
මානානුසය,
භවරාගානුසය,
අවිජ්ජානුසය
යන මේ ධර්ම සත දුරු කට යුත්තාහුය.

“කවර නම් ධර්ම සතක් පිරිහීම පිණිස වන්නාහුද?
සත් අසද්ධර්මයෝය.

ඇවැත්නි, මේ සස්නෙහි භික්ෂුව
(i). ශ්‍රද්ධා නැත්තෙක් වේද,
(ii). ලජ්ජා නැත්තෙක් වේද,
(iii). බිය නැත්තෙක් වේද,
(iv). ඇසූ පීරූ තැන් නැත්තෙක් වේද,
(v).කුසීතයෙක් වේද,
(vi). සතියෙන් තොරව සිටින්නේද ,
(vii). නුවණ නැත්තෙක් වේද
මේ ධර්ම සත පිරිහීම පිණිස පවත්නාහුය.

“කවර නම් ධර්ම සතක් ගුණවිශේෂය පිණිස වන්නාහුද?
සත් සද්ධර්මයෝය.

ඇවැත්නි, මේ සස්නෙහි භික්ෂුව
(i).ශ්‍රද්ධා ඇත්තෙක් වේද,
(ii).ලජ්ජා ඇත්තෙක්වේද,
(iii). බිය ඇත්තෙක් වේද,
(iv). බහුශ්‍රැතයෙක් වේද,
(v).පටන්ගත් වීර්යය ඇත්තෙක් වේද,
(vi). එළඹ සිටි සිහිය ඇත්තෙක් වේද,
(vii). ප්‍රඥාවන්තයෙක් වේද
යන ධර්ම සත ගුණ විශේෂය පිණිස පවත්නාහුය.

“කවර නම් ධර්ම සතක් දුකසේ අවබෝධ කටයුතු වන්නාහුද?
සත් සත්පුරුෂ ධර්මයෝය.

ඇවැත්නි, මේ ශාසනයෙහි භික්ෂුව
ධර්මය දන්නෙක් වේද,
අර්ථය දන්නෙක් වේද,
තමා දන්නෙක් වේද,
පමණ දන්නෙක් වේද,
කාලය දක්නෙක් වේද,
පිරිස් දන්නෙක් වේද,
පුද්ගලයන් දන්නෙක් වේද,
මේ ධර්ම සත දුකසේ අවබෝධ කටයුත්තාහුය.

“කවර නම් ධර්ම සතක් ඉපදවිය යුත්තාහුද?
සත් සංඥාවෝය,

එනම් අනිත්‍ය සංඥාවය,
අනාත්ම සංඥාවය,
අසුභ සංඥාවය,
ආදීනව සංඥාවය,
ප්‍රහාන සංඥාවය,
විරාග සංඥාවය,
නිරෝධ සංඥාවය.
මේ ධර්ම සත ඉපදවිය යුත්තාහුය.

“කවර නම් ධර්ම සතක් විශේෂ නුවණින් දතයුත්තාහුද?
සත් වැරූරුම් නිර්දස වස්තු (දස අවුරුද්දක් නැත්තේය යනාදීන් කීමට හේතුවූ කරුණු) හුය.

ඇවැත්නි, මේ ශාසනයෙහි භික්ෂුව
(i) ශික්ෂා පිරීමෙහි බලවත් කැමැත්ත ඇත්තේ වෙයි.
මත්තෙහිද, ශික්ෂා පිරීමෙහි පහනොවූ කැමැත්ත ඇත්තේ වෙයි.
(ii).ධර්මනිසාන්තියෙහි (විදර්ශනාවෙහි) බලවත් කැමැත්ත ඇත්තේ වෙයි.
මත්තෙහිද විදර්ශනාවෙහි පහනොවූ කැමැත්ත ඇත්තේ වෙයි.
(iii). ඉච්ඡා විනයෙහි (ආසා දුරු කිරීමෙහි) බලවත් කැමැත්ත ඇත්තේ වෙයි.
මත්තෙහිද ආසා දුරු කිරීමෙහි පහනොවූ කැමැත්ත ඇත්තේ වෙයි.
(iv).පටිසල්ලානයෙහි (තනිව විසීමෙහි) බලවත් කැමැත්ත ඇත්තේ වෙයි.
මත්තෙහිද තනිව විසීමෙහි පහනොවූ කැමැත්ත ඇත්තේ වෙයි.
(v).වීර්යයාරම්භයෙහි (වීර්යය කිරීමෙහි) බලවත් කැමැත්ත ඇත්තේ වෙයි.
මත්තෙහිද පටන්ගන්නා ලද වීර්යයෙහි පහනොවූ කැමැත්ත ඇත්තේ වෙයි.
(vi) සතිනෙපක්කයෙහි (සිහියෙහිද නුවණැති බැව්හිද) බලවත් කැමැත්ත ඇත්තේ වෙයි.
මත්තෙහිද සිහියෙහි හා නුවණැති බැව්හි පහනොවූ කැමැත්ත ඇත්තේ වෙයි.
(vii). දෘෂ්ටි ප්‍රතිවෙධයෙහි (මාර්ග දැකීමෙහි) බලවත් කැමැත්ත ඇත්තේ වෙයි.
මත්තෙහිද මාර්ග දැකීමෙහි පහනොවූ කැමැත්ත ඇත්තේ වෙයි.

මේ සත්වැදෑරුම් ධර්මයෝ විශේෂයෙන් දත යුත්තාහුය.

“කවර නම් ධර්ම සතක් ප්‍රත්‍යක්ෂ කටයුතු වන්නාහුද?
ක්ෂීණාශ්‍රව බල සතය,

(i). ඇවැත්නි, මේ සස්නෙහි රහත් භික්ෂුව විසින් සියලු සංස්කාර ධර්ම තත්වූ පරිද්දෙන් අනිත්‍ය වශයෙන් මනා ප්‍රඥාවෙන් දක්නා ලද්දාහු වෙත්ද, ඇවැත්නි, රහත් භික්ෂුව විසින් සියලු සංස්කාර ධර්මයන් තත්වූ පරිද්දෙන් අනිත්‍ය වශයෙන් මනා ප්‍රඥාවෙන් දක්නාලදී යන යමක් වේද යම්බඳු බලයකට පැමිණ රහත් භික්ෂු තෙමේ මාගේ කාම ආදී කෙලෙස් නැතිවීයැයි කෙලෙස් නැති බව ප්‍රකාශ කරයි නම් මෙයද රහත් භික්ෂුවගේ බලය වන්නේය.

(ii). නැවත අනිකක්ද කියමි. රහත් භික්ෂුව විසින් ගිනිඅඟුරු වළකට සමාන කාමයෝ තත්වූ පරිද්දෙන් මනා ප්‍රඥාවෙන් දක්නා ලද්දාහු වෙත්ද ඇවැත්නි, රහත් භික්ෂුව විසින් ගිනි අගුරු වළකට බඳු කාමයෝ තත්වූ පරිද්දෙන් මනා ප්‍රඥාවෙන් දන්නාලදී යන යමක් වේද, යම්බඳු බලයකට පැමිණි රහත් භික්ෂු තෙමේ මාගේ කාමාදි කෙලෙස් නැතිවීයයි කෙලෙස් නැති බව ප්‍රකාශ කරයි නම් මෙයද රහත් භික්ෂුහුගේ බලයක් වන්නේය.

(iii). නැවතද ඇවැත්නි, රහත් භික්ෂුව විවේකයට නැමුනාවූ සිත ඇත්තේ වේද, විවේකයට පුරුදුවූ විවේකය වාසභූමිවූ විවේකයෙහි පිහිටියාවූ සිත ඇත්තේවේද, කෙලෙස්වලට කරුණුවූ ධර්මයන්ගෙන් වෙන්ව ගිහි ගෙයින් නික්මී මෙහි ඇළුනේ වේද, ඇවැත්නි, රහත් භික්ෂුව විවේකයට නැමුණාවූ සිත ඇත්තේ වේද, විවේකයට පුරුදුවූ විවේකයට වාසභූමිවූ විවේකයෙහි සිටියාවූ සිත ඇත්තේ වේද, කෙලෙස්වලට කරුණුවූ ධර්මයන්ගෙන් වෙන්ව ගිහි ගෙයින් නික්මීමෙහි ඇලුනේ වේද, යන යමක්වේද, යම්බඳු බලයකට පැමිණි රහත් භික්ෂුතෙමේ මාගේ කාමාදි කෙලෙස් නැතිවීයයි කෙලෙස් නැතිබව ප්‍රකාශ කරයි නම් මෙයද රහත් භික්ෂුවගේ බලය වන්නේය.

(iv)“නැවතද ඇවැත්නි, රහත් භික්ෂුව විසින් සතර සති පට්ඨානයෝ වඩනා ලද්දාහු මනාව වඩනා ලද්දාහු වෙත්ද, ඇවැත්නි, රහත් භික්ෂුව විසින් සතර සතිපට්ඨානයෝ වඩන ලද්දාහු, මනාව වඩන ලද්දාහු වෙත්ද යන යමක් වේද යම්බඳු බලයකට පැමිණි රහත් භික්ෂුතෙමේ මාගේ කාමාදි කෙලෙස් නැතිවීයයි කෙලෙස් නැති බව ප්‍රකාශ කරයි නම් මෙයද, රහත් භික්ෂුවගේ බලය වන්නේය.

(v) “නැවතද ඇවැත්නි, රහත් භික්ෂුව විසින් පඤ්චෙන්ද්‍රියයෝ මඩන ලද්දාහු මනාව වඩන ලද්දාහු වෙද්ද, ඇවැත්නි, රහත් භික්ෂුව විසින් පංච ඉන්ද්‍රියයෝ වඩන ලද්දාහු මනාව වඩන ලද්දාහු වෙද්ද යන යම් යමක් වේද යම්බඳු බලයකට පැමිණි රහත් භික්ෂු තෙමේ මාගේ කෙලෙස් නැතිවීයයි, කෙලෙස් නැති බව ප්‍රකාශකරයි නම් මෙයද රහත් භික්ෂුවගේ බලය වන්නේය.

(vi) “නැවතද ඇවැත්නි, රහත්භික්ෂුව විසින් සප්තබොද්ධ්‍යංගයෝ වඩන ලද්දාහු හොඳින් වඩන ලද්දාහු වෙද්ද, ඇවැත්නි, රහත් භික්ෂුව විසින් සප්ත බොද්ධ්‍යංගයෝ වඩනා ලද්දාහු මොනවට වඩන ලද්දාහුය යන යමක් වේද, යම්බඳු බලයකට පැමිණි රහත් භික්ෂූ තෙමේ මාගේ කෙලෙස් නැතිවීයැයි කෙලෙස් නැති බව ප්‍රකාශ කරයි නම් මෙයද රහත්භික්ෂුවගේ බලය වන්නේය.

(vii) “නැවතද ඇවැත්නි, රහත් භික්ෂුව විසින් ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය වඩන ලද්දේ මනාව වඩන ලද්දේ වේද ඇවැත්නි, රහත් භික්ෂුව විසින් ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය වඩන ලද්දේය යහපත් කොට වඩන ලද්දේය යන යමක් වේද යම්බඳු බලයකට පැමිණි රහත් භික්ෂු තෙමේ මාගේ කෙලෙස් නැතිවී යැයි කෙලෙස් නැති බව ප්‍රකාශ කරයි නම් මෙයද රහත් භික්ෂුවගේ බලය වන්නේය. මේ සත්වැදෑරුම් ධර්මයෝ ප්‍රත්‍යක්ෂ (තමාම දැකීම) කටයුත්තාහුය.

“මෙසේ ඇත්තාවූ සත්‍යවූ එසේමවූ වෙනස් නොවන්නාවූ අන් ආකාරයකින් නොවන්නාවූ සැත්තෑවක් ධර්මයෝ තථාගතයන් වහන්සේ විසින් මනාකොට අවබෝධ කරණ ලද්දාහුය.

අට්ඨ ධම්මා

“ධර්ම අටක් බොහෝ උපකාර වන්නාහ.
ධර්ම අටක් වැඩිය යුත්තාහ,
ධර්ම අටක් පිරිසිඳ දත යුත්තාහ.
ධර්ම අටක් දුරුකටයුත්තාහ,
ධර්ම අටක් පිරිහීම පිණිස වන්නාහ.
ධර්ම අටක් විශේෂ ඵලයට පැමිණීම පිණිස වන්නාහ.
ධර්ම අටක් දුකසේ අවබෝධ කටයුත්තාහ,
ධර්ම අටක් ඉපදවිය යුත්තාහ,
ධර්ම අටක් විශේෂ නුවණින් දත යුත්තාහ.
ධර්ම අටක් ප්‍රත්‍යක්ෂ කටයුත්තාහුය.

“කවර නම් ධර්ම අටක් බොහෝ උපකාර ඇත්තාහුද? ,
නොලත් මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාවට මුල්වූ ප්‍රඥාව (තරුණ සමථ විදර්ශනා ප්‍රඥාව හෝ සම්‍යක් දෘෂ්ටිය) ලැබීම පිණිසද ලබන ලද එම ප්‍රඥාව බොහෝසේ වැඩීම පිණිසද විපුල භාවය පිණිසද වැඩීම සම්පූර්ණවීම පිණිසද පවතින්නාවූ හේතු අට හා ප්‍රත්‍ය අටය.
කවර අටෙක්ද?

(i). ඇවැත්නි, සස්නෙහි භික්ෂුවක් ශාස්තෲන් වහන්සේ හෝ ඇසුරුකොට වාසය කෙරේද එක්තරා ගරු කටයුතු තෙරුන්වහන්සේ කෙනෙකු ඇසුරුකොට හෝ වාසය කෙරේද උන්වහන්සේ කෙරෙහි තියුණු හිරිඔතප් ඇත්තේ වේද, ප්‍රේමය සහ ගෞරවය ඇත්තේ වේද, මේ පළමුවෙනි හේතුව හා පළමුවෙනි ප්‍රත්‍යය නොලත් මාර්ගබ්‍රහ්මචරියාවට මුල්වූ ප්‍රඥාව ලැබීම පිණිසද ලැබූ ප්‍රඥාව බොහෝසේ වැඩීම පිණිසද විපුල භාවය පිණිසද භාවනාවේ සම්පූර්ණත්වය පිණිසද පවත්නේය.

(ii). ඒ තෙමේ ශාස්තෲන් වහන්සේ ඇසුරුකොට හෝ එක්තරා ගරු කටයුතු ශ්‍රාවක මිතුරෙකු ඇසුරු කොට හෝ වාසය කෙරේද උන්වහන්සේ කෙරෙහි ඔහුගේ තියුණු හිරිඔතප් ඇත්තේ වේද ප්‍රේමය හා ගෞරවය ඇත්තේ වේද, ඔහු කලින් කල උන්වහන්සේලා කරා එළඹ, ස්වාමීන්වහන්ස, මෙය කෙසේද? මේ පදයෙහි අර්ථය කුමක්දැයි, විචාරන්නේය, ප්‍රශ්න කරන්නේය. ඔහුට ඒ ආයුෂ්මත්හු පැහැදිලි නැති අර්ථය පැහැදිලි කර දෙන්නාහුය. අප්‍රකට අර්ථය ප්‍රකට කර දෙන්නාහුය. නොයෙක් ආකාරවූ සැක කටයුතු ධර්මයන්හි සැක දුරු කරන්නාහුය, මේ දෙවෙනි හේතුව, දෙවෙනි ප්‍රත්‍යය තාම නොලත් මාර්ගබ්‍රහ්මචරියාවට මුල්වූ ප්‍රඥාව ලැබීම පිණිසද ලැබූ ප්‍රඥාව බොහෝසේ වැඩීම පිණිසද විපුල භාවය පිණිසද භාවනාවගේ සම්පූර්ණත්වය පිණිස පවතින්නේය.

(iii) “ඒ ධර්මය අසා කායවිවෙකය චිත්තවිවෙකය යන දෙවැදෑරුම් විවේකයෙන් සම්පූර්ණ කරන්නේය. මේ තුන් වෙනිහේතුව, තුන්වෙනි ප්‍රත්‍යය නොලත් මාර්ගබ්‍රහ්මචරියාවට මුල්වූ ප්‍රඥාව ලැබීම පිණිසද ලැබූ ප්‍රඥාව බොහෝසේ වැඩීම පිණිසද විපුලභාවය පිණිසද භාවනාවගේ සම්පූර්ණත්වය පිණිසද පවතී.

(iv) “නැවතද, ඇවැත්නි, මහණතෙමේ සිල්වත් වේද ප්‍රාතිමොක්ෂ සංවර සීලයෙන් සංවරව වාසය කෙරේද ශ්‍රමණයන්ට සුදුසු ආචාරයෙන් හා ගොචරයෙන් යුක්තවූයේ වේද සුලු වරදෙහි පවා භය දක්නා ස්වභාව ඇත්තේද ශික්ෂා පදයන්හි මනාව හික්මෙන්නේ වේද, මේ සිව්වෙනි හේතුව සිව්වෙනි ප්‍රත්‍යය නොලැබූ මාර්ගබ්‍රහ්මචරියාවට මුල්වූ ප්‍රඥාව ලැබීම පිණිසද ලැබූ ප්‍රඥාව බොහෝසේ වැඩීම පිණිසද විපුල භාවය පිණිසද භාවනාවගේ සම්පූර්ණත්වය පිණිසද පවතී.

(v) “ඇවැත්නි, නැවතද මහණ තෙමේ බහුශ්‍රැතයෙක් වේද (බොහෝ දේ දැනගත්තෙක්) ශ්‍රැතධරයෙක් (ඇසු දේ දරා සිටින්නෙක්) ශ්‍රැතසන්නිචයෙක් (ඇසු දේ රැස්කරගෙන සිටින්නෙක්) වේද, යම් ඒ ධර්ම කෙනෙක් මුල යහපත්වූවාහුද මැද යහපත් වූවාහුද කෙළවර යහපත් වූවාහුද අර්ථ සහිත වූවාහුද යහපත් වචන සහිත වූවාහුද හාත්පස සම්පූර්ණවූ පිරිසිදු බ්‍රහ්මචරියාව ප්‍රකාශකරද්ද එබඳුවූ ධර්ම ඔහු විසින් බොහෝ අසන ලද්දාහුවෙත්ද දරන ලද්දාහු වෙත්ද වචනයෙන් පුරුදු කරන ලද්දාහුවෙද්ද, සිතින් සලකාබලන ලද්දාහු වෙත්ද ප්‍රඥාවෙන් මනාව අවබෝධ කරන ලද්දාහුද වෙත්. මේ පස්වෙනි, හේතුව පස්වෙනි ප්‍රත්‍යය නොලත් මාර්ගබ්‍රහ්මචරියාවට මුල්වූ ප්‍රඥාව ලැබීම පිණිසද ලත් ප්‍රඥාව බොහෝ සෙයින් වැඩීම් පිණිසද විපුල භාවය පිණිසද භාවනා වගේ සම්පූර්ණත්වය පිණිසද පවතී.

(vi) “නැවතද මහණතෙමේ පටන්ගන්නාලද වීර්යයෙන් යුක්තව අකුශල ධර්මයන් දුරුකිරීම පිණිසද, කුසල් ධර්මයන්ට එළඹීම පිණිසද ශක්තිමත් වූයේ දැඩි උත්සාහයෙන් යුක්තවූයේ කුශල ධර්මයන්හි පසුබට නොවූ වීර්යය ඇතිව වාසය කෙරේද, මේ සයවෙනි හේතුව සයවෙනි ප්‍රත්‍ය නොලත් මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාවට මුලවූ ප්‍රඥාව ලැබීම පිණිසද ලත් ප්‍රඥාව බොහෝ සෙයින් වැඩීම පිණිසද විපුල භාවය පිණිසද භාවනාවගේ සම්පූර්ණත්වය පිණිසද පවතී.

(vii)“නැවතද ඇවැත්නි මහණ තෙමේ සිහියෙන් යුක්තවූයේ වේද, මුහුකුරා ගිය උතුම් සිහියෙන් යුක්තවූයේ බොහෝ කලකට පෙර කළ දේද, බොහෝ කලකට පෙර කියූ දේද සිහි කරන්නේ වේද, මතක ඇත්තේ වේද මේ සත්වෙනි හේතුව සත්වෙනි ප්‍රත්‍යය නොලත් මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාවට මුල්වූ ප්‍රඥාව පිණිසද ලැබූ ප්‍රඥාව බොහෝසේ වැඩීම පිණිසද විපුල භාවය ලැබීම පිණිසද භාවනාවගේ සම්පූර්ණත්වය පිණිසද පවත්නේය.

(viii) “නැවතද ඇවැත්නි, මහණ තෙමේ පඤ්චඋපාදාන ස්කන්ධයන්හි ඇති වීම්, නැතිවීම් දෙක බලමින් වාසය කෙරේද රූපය මෙසේ වන්නේය. රූපයාගේ හටගැනීම මෙසේ වන්නේය. රූපයාගේ විනාසය මෙසේ වන්නේය. වේදනාව මෙසේ වන්නීය. වේදනාවගේ හටගැනීම මෙසේ වන්නේය. වේදනාවගේ විනාසය මෙසේ වන්නේය. සංඥාව මෙසේ වන්නේය. සංඥාවගේ හටගැනීම මෙසේ වන්නේය. සංඥාවගේ නැතිවීම මෙසේ වන්නේය. සංස්කාරයෝ මෙසේ වන්නාහුය. සංස්කාරයන්ගේ හටගැනීම මෙසේ වන්නේය. සංස්කාරයන්ගේ විනාශය මෙසේ වන්නේය. විඥානය මෙසේ වන්නේය. විඥානයාගේ හටගැනීම මෙසේ වන්නේය. විඥානයාගේ විනාශය මෙසේ වන්නේයයි ඇතිවීම හා නැතිවීම බලමින් වාසය කෙරේද මේ අට වැනි හේතුව අටවැනි ප්‍රත්‍ය නොලැබූ මාර්ග බ්‍රහ්මචරියාවට මුල් ප්‍රඥාව ලැබීම පිණිසද ලැබූ ප්‍රඥාව බොහෝ සේ වැඩීම පිණිසද විපුල භාවය පිණිසද, භාවනාවගේ සම්පූර්ණත්වය පිණිසද පවත්නේය.
මේ ධර්ම අට බොහෝ උපකාර වන්නාහුය.

“කවර නම් ධර්ම අටක් වැඩිය යුත්තාහුද?
ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය තෙමේය,
හේ කවරේද?

සම්මා දෘෂ්ටිය,
සම්මා කල්පනාව,
සම්මා වචනය,
සම්මා කර්මාන්තය,
සම්මා ආජිවය,
සම්මා ව්‍යායාමය,
සම්මා ස්මෘතිය,
සම්මා සමාධිය,
යනමේ ධර්ම අට වැඩිය යුත්තාහුය.

“කවර නම් ධර්ම අටක් පිරිසිඳ දතයුත්තාහුද?
අෂ්ටලොක ධර්මයෝය,

ලාභය
අලාභය,
අපකීර්තිය,
කීර්තිය,
නින්දාව,
ප්‍රසංසාව,
සැපය ,
දුකය,
යනමේ ධර්ම අට පිරිසිඳ දත යුත්තාහුය.

“කවර නම් ධර්ම අටක් දුරු කටයුත්තාහුද?
වැරදි ස්වභාවයෝ අටය,

වැරදි දෘෂ්ටිය,
වැරදි කල්පනාව,
වැරදි වචනය,
වැරදි කර්මාන්තය,
වැරදි ආජීවය,
වැරදි ව්‍යායාමය
වැරදි ස්මෘතිය,
වැරදි සමාධිය
යන මේ ධර්ම අට දුරු කටයුත්තාහුය.

“කවර නම් ධර්ම අටෙක් ගුණයෙන් පිරිහීම පිණිස පවත්නාහුද?
කුසීත වස්තු අටක වෙත්.

(i). ඇවැත්නි, මේ ශාසනයෙහි මහණහු විසින් (සිවුරු ආදිය පිළිබඳ) කළයුතු වැඩ ඇත්තේ වෙයි. ඔහුට මෙබඳු සිතක් වෙයි. මා විසින් කළයුතු වැඩ ඇත්තේය. වැඩ කරන්නාවූ මාගේ ශරීරය ක්ලාන්ත වන්නේය. එබැවින් මම නිදාගන්නෙමියි හෙතෙම නිදාගනියි. නොපැමිණි ධ්‍යාන මාර්ගඵලයට පැමිණීම පිණිස, නොලබන ලද ධ්‍යාන ආදිය ලැබීම පිණිස, නොදුටු ධ්‍යානඵල ආදිය දකිනු පිණිස උත්සාහ නොකරයි. මේ පළමුවෙනි කුසීත වස්තුවයි.

(ii) “නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, මහණහු විසින් වැඩක් කරණ ලද්දේ වෙයි. ඔහුට මෙබඳු සිතක් වෙයි. මම වැඩක් කෙළෙමි. වැඩක් කළාවූ මාගේ ශරීරය වෙහෙස විය. එබැවින් මම නිදාගන්නෙමියි හෙතෙම නිදාගනියි. නොපැමිණි මාර්ගඵලාදියට පැමිණීම පිණිස, නොලැබූ ධ්‍යානාදිය ලැබීම පිණිස, නොදුටු මාර්ගඵලාදිය දකිනු පිණිස උත්සාහ නොකරයි. මේ දෙවෙනි කුසීත වස්තුවයි.

(iii). “නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, මහණහු විසින් යායුතු ගමනක් ඇත්තේය. ඔහුට මෙබඳු සිතක් වෙයි. යායුතු ගමනක් ඇත්තේය. යන්නාවූ මාගේ ශරීරය වෙහෙස වන්නේය. එබැවින් මම නිදා ගන්නෙමියි හෙතෙම නිදාගනියි. නොපැමිණි ධ්‍යාන ආදියට පැමිණීම පිණිස, නොලබනලද ධ්‍යාන ආදිය ලැබීම පිණිස, නොදුටු ධ්‍යාන ආදිය දැකීම පිණිස උත්සාහ නොකරයි. මේ තුන්වෙනි කුසීත වස්තුවයි.

(iv). “නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, මහණහු විසින් ගමනක් යන ලද්දේ වේද, ඔහුට මෙබඳු සිතක් වෙයි. මම ගමනක් ගියෙමි. ගමනක් ගියාවූ මාගේ ශරීරය වෙහෙස විය. එබැවින් මම නිදාගන්නෙමියි, හෙතෙම නිදාගනියි. නොපැමිණි ධ්‍යාන ආදියට පැමිණීම පිණිස නොලබන ලද ධ්‍යාන ආදිය ලැබීම පිණිස නොදුටු ධ්‍යාන ආදිය දැකීම පිණිස උත්සාහ නොකරයි. මේ සතරවන කුසීත වස්තුවයි.

(v). “නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, මහණතෙම ගමක හෝ නියම්ගමක හෝ පිඬු පිණිස හැසිරෙන්නේ කටුකවූ හෝ මිහිරිවූ හෝ භොජනයක් සෑහෙන පමණ නොලබයි. ඔහුට මෙබඳු සිතක් වෙයි. මම ගමක හෝ නියම්ගමක හෝ පිඬු පිණිස ඇවිද කටුකවූ හෝ මිහිරිවූ හෝ භොජනයක් සෑහෙන පමණ නොලැබුවෙමි. ඒ මාගේ ශරීරය වෙහෙස විය, ක්ලාන්ත විය, එබැවින් මම නිදාගන්නෙමියි හෙතෙම නිදාගනියි. නොපැමිණි ධ්‍යාන ආදියට පැමිණීම පිණිසද නොලැබූ ධ්‍යාන ආදිය ලැබීම පිණිසද උත්සාහ නොකරයි. මේ පස්වෙනි කුසීත වස්තුවයි.

(vi) “නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, මහණ තෙම ගමක හෝ නියම් ගමක හෝ පිඬු පිණිස ගොස් කටකවූ හෝ මිහිරිවූ හෝ භොජනයක් සෑහෙන පමණ ලබයි. ඔහුට මෙබඳු සිතක් වෙයි. මම ගමක හෝ නියම් ගමක හෝ පිඬු පිණිස ගොස් කටුකවූ හෝ මිහිරිවූ හෝ භොජනයක් සෑහෙන පමණ ලදිමි. ඒ මාගේ ශරීරය බරවූයේ කටයුතු කිරීමට අසමර්ථවූයේ වේ. පොඟවනලද මෑඇට යම්සේ බරවන්නේද, එමෙනි. එබැවින් මම නිදාගන්නෙමියි හෙතෙම නිදා ගනියි. නොපැමිණි ධ්‍යාන ආදියට පැමිණීම පිණිසද, නොලැබූ ධ්‍යාන ආදිය ලැබීම පිණිසද, නොදුටු ධ්‍යාන ආදිය දකිණු පිණිසද උත්සාහ නොකරයි. මේ සයවෙනි කුසීත වස්තුවයි.

(vii) . “නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, මහණහට සුළු අසනීපයක් හටගත්තේ වෙයිද, ඔහුට මෙබඳු සිතක් වෙයි. මට සුළු අසනීපයක් වැළඳුනේ වෙයි, නිදන්ට සුදුසුකම් ඇත්තේය. එබැවින් මම නිදාගනිමියි හෙතෙම නිදයි. නොපැමිණි ධ්‍යාන ආදියට පැමිණීම පිණිසද නොලැබූ ධ්‍යාන ආදිය ලැබීම පිණිසද, නොදුටු ධ්‍යාන ආදිය දකිනු පිණිසද වීර්යය නොකරයි. මේ සත්වෙනි කුසීත වස්තුවයි.

(viii) .“නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, මහණ තෙම ගිලන්කමින් නැගිටියි. ගිලන්කමින් නැගී සිටි නොබෝ කල් ඇත්තේ වෙයි, ඔහුට මෙබඳු සිතක් වෙයි. මම ගිලන්කමින් නැගී සිටියේ, ගිලන් බැවින් නැගී සිටි නොබෝකල් ඇත්තේ වෙමි. ඒ මාගේ ශරීරය දුර්වල වූයේ කටයුතු කිරීමට අසමර්ථ වූයේ වෙමි. නිදාගන්ට සුදුසුකම් ඇත්තේය. එබැවින් මම නිදාගනිමියි හෙතෙම නිදාගනියි. නොපැමිණි ධ්‍යාන ආදියට පැමිණීම පිණිසද නොලැබූ ධ්‍යාන ආදිය ලැබීම පිණිසද නොදුටු ධ්‍යාන ආදිය දැකීම පිණිසද වීර්යයනොකරයි. මේ අටවෙනි කුසීත වස්තුවයි. (යන අටයි)

“කවර නම් ධර්ම අටක් විශේෂ ගුණ ඉපදවීම පිණිස වන්නාහුද,
වීර්යය කිරීමේ කරුණු අටය.

(i). ඇවැත්නි, මේ සස්නෙහි මහණහු විසින් වත් පිළිවෙත් කටයුතු වෙයි. ඔහුට මෙබඳු සිතක් වෙයි. මා විසින් සිවුරු කිරීම් ආදි කළයුතු වැඩ ඇත්තේය. කටයුතු කරන්නාවූ මට බුදුන් වහන්සේගේ අවවාදය සිහිකිරීම අමාරු වෙයි. එබැවින් මම නොපැමිණි ධ්‍යාන ආදියට පැමිණීම පිණිසද නොලැබූ ධ්‍යාන ආදිය ලැබීම පිණිසද නොදුටු ධ්‍යාන ආදිය දැකීම පිණිසද වීර්යයකරමියි හෙතෙම නොපැමිණි ධ්‍යාන ආදියට පැමිණීම පිණිස නොලැබූ ධ්‍යාන ආදිය ලැබීම පිණිස නොදුටු ධ්‍යාන ආදිය දැකීම පිණිස උත්සාහ කරයි. මේ පළමුවෙනි වීර්යය වස්තුවයි.

(ii). “නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, මහණහු විසින් කටයුතු කරණ ලද්දේ වෙයි. ඔහුට මෙබඳු සිතක් වෙයි. මම කටයුතු කෙළෙමි. කටයුතු කරන්නාවූ මම බුදුන්ගේ අවවාදය සිහි කරන්ට නොහැකි වීමි, එබැවින් මම නොපැමිණි ධ්‍යාන ආදියට පැමිණීම පිණිසද නොලැබූ ධ්‍යාන ආදිය ලැබීම පිණිසද නොදුටු ධ්‍යාන ආදිය දැකීම පිණිසද වීර්යය කරමියි හෙතෙම නොපැමිණි මාර්ගඵලාදියට පැමිණීම පිණිස, නොලත් ධ්‍යානාදිය ලැබීම පිණිස, නොදුටු මාර්ගඵලාදිය දකිනු පිණිස වීර්යය කරයි. මේ දෙවෙනි වීර්යය වස්තුවයි.

(iii). “නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, මහණහු විසින් ගමනක් යායුතු වෙයි. ඔහුට මෙබඳු සිතක් වෙයි, මා විසින් ගමනක් යායුතු වන්නේය, මාර්ගයෙහි යන්නාවූ මා විසින් බුදුන්ගේ අවවාදය සිහි කරන්ට පහසු නොවෙයි. එබැවින් මම නොපැමිණි මාර්ගඵලාදියට පැමිණීම පිණිසද, නොලත් ධ්‍යානාදිය ලැබීම පිණිසද, නොදුටු මාර්ග ඵලාදිය දකිණු පිණිසද වීර්යයකරමියි හෙතෙම නොපැමිණි මාර්ගඵලාදියට පැමිණීම පිණිසද, නොලත් ධ්‍යානාදිය ලැබීම පිණිසද නොදුටු මාර්ගඵලාදිය දකිනු පිණිසද වීර්යය කරයි. මේ තුන්වෙනි වීර්යය වස්තුවයි.

(iv). “නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, මහණහු විසින් ගමනක් යන ලද්දේ වෙයි. ඔහුට මෙබඳු සිතක් වෙයි. ‘මම ගමනක් ගියෙමි. මග යන්නාවූ මම බුදුන්ගේ අවවාදය සිහි කරන්ටනොහැකි වීමි. එබැවින් මම නොපැමිණි මාර්ග ඵලාදියට පැමිණීම පිණිසද, නොලත් ධ්‍යානාදිය ලැබීම පිණිසද, නොදුටු මාර්ගඵලාදිය දකිනු පිණිසද වීර්යය කරමියි. හෙතෙම නොපැමිණි මාර්ගඵලාදියට පැමිණීම පිණිස, නොලත් ධ්‍යානාදිය ලැබීම පිණිස, නොදුටු මාර්ග ඵලාදිය දකිනු පිණිස වීර්යය කරයි. මේ සතරවෙනි වීර්යය වස්තුවයි.

(v). “නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, මහණ තෙම ගමක හෝ නියම් ගමක හෝ පිඬු පිණිස ගොස් කටුකවූ හෝ මිහිරිවූ හෝ භොජනයක් ඇතිතාක් නොලබයි. ඔහුට මෙබඳු සිතක් වේ. ‘මම ගමකට හෝ නියම්ගමකට හෝ පිඬු පිණිස ගොස් කටුකවූ හෝ මිහිරිවූ හෝ භෝජනයක් ඇති තාක් නොලදිමි. ඒ මාගේ ශරීරය සැහැල්ලු වූයේ කටයුතු කිරීමට සුදුසු වූයේ වෙයි. එබැවින් මම නොපැමිණි මාර්ගඵලාදියට පැමිණීම පිණිසද, නොලත් ධ්‍යානාදිය ලැබීම පිණිසද, නොදුටු මාර්ග ඵලාදිය දකිණු පිණිසද වීර්යය කරමියි හෙතෙම නොපැමිණි මාර්ග ඵලාදියට පැමිණීම පිණිසද නොලැබූ ධ්‍යාන ආදිය ලැබීම පිණිසද නොදිටු මාර්ගඵලාදිය දකිනු පිණිසද උත්සාහ කරයි. මේ පස්වෙනි වීර්යය වස්තුවයි.

(vi). “නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, මහණ තෙම ගමක හෝ නියම් ගමක හෝ පිඬු පිණිස ගොස් කටුකවූ හෝ මිහිරිවූ හෝ භොජනයක් ඇතිතාක් ලබයි. ඔහුට මෙබඳු සිතක් වෙයි. මම වනාහි ගමකට හෝ නියම් මගකට හෝ පිඬු පිණිස ගියේ කටුකවූ හෝ මිහිරිවූ හෝ භොජනයක් ඇතිතාක් ලැබුවෙමි. ඒ මාගේ ශරීරය බලවත් වූයේ කටයුතු කිරීමට සමර්ථ වේ. එබැවින් මම නොපැමිණි මාර්ගඵලාදියට පැමිණීම පිණිසද, නොලැබූ ධ්‍යානාදිය ලැබීම පිණිසද, නොදුටු මාර්ග ඵලාදිය දකිණු පිණිසද වීර්යය කරමියි හෙතෙම නොපැමිණි මාර්ගඵලාදියට පැමිණීම පිණිස, නොලැබූ ධ්‍යානාදිය ලැබීම පිණිස, නොදුටු මාර්ගඵලාදිය දකිනු පිණිස වීර්යය කරයි. මේ හයවෙනි වීර්යය වස්තුවයි.

(vii). “නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, භික්ෂුහට සුලු අසනීපයක් හටගත්තේ වේ. ඔහුට මෙබඳු සිතක් වේ. ‘මට මේ ස්වල්ප අසනීපයක් උපන්නේ වෙයි. මේ අසනීපය වැඩිවන්නට හේතු ඇත්තේය. එබැවින් මම නොපැමිණි මාර්ගඵලාදියට පැමිණීම පිණිස, නොලද ධ්‍යානාදිය ලැබිම පිණිස, නොදුටු මාර්ගඵලාදිය දකිනු පිණිස වීර්යය කරමියි’ හෙතෙම වීර්යය කරයි. මේ සත්වෙනි වීර්යය වස්තුවයි.

(viii). “නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, මහණ තෙම ගිලන්කමින් නැගී සිටියේ, ගිලන්කමින් නැගීසිටි නොබෝ කල් ඇත්තේ වෙයි, ඔහුට මෙබඳු සිතක් වෙයි. ‘මම ගිලන්කමින් නැගී සිටියේ, ගිලන්කමින් නැගී සිටි නොබෝ කල් ඇත්තේ වෙමි. මේ අසනීපය නැවත ඇතිවන්නට ඉඩ ඇත්තේය. එබැවින් මම නොපැමිණි මාර්ගඵලාදියට පැමිණීම පිණිස, නොලැබූ ධ්‍යානාදිය ලැබීම පිණිස, නොදුටු මාර්ගඵලාදිය දකිනු පිණිස වීර්යය කරමියි’ උත්සාහ කරයි. මේ අටවෙනි වීර්යය වස්තුවයි.

මේ ධර්ම අට ගුණ විශේෂ පිණිස වන්නාහ.

“කවර නම් ධර්ම අටක් දුකසේ දැනගත යුත්තාහුද?
බ්‍රහ්මචරිය වාසයට නුසුදුසුවූ අකල් අටය.

(i)ඇවැත්නි, මේ ලෝකයෙහි අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේද ලොව උපන්නේ වෙයි. කෙලෙස් සංසිඳුවන්නාවූ, කෙලෙස් නැතිකිරීමෙන් පිරිනිවීම පිණිස පවත්නාවූ සතර මාර්ගඥාන අවබෝධය කරා යන්නාවූ සුගතයන්වහන්සේ විසින් දැන වදාළාවූ ධර්මයද දේශනා කරනු ලැබේ. මේ පුද්ගලයා නිරයෙහි උපන්නේ වෙයි. (එහෙයින් ඒ) බ්‍රහ්මචරිය වාසයට නුසුදුසුවූ පළමුවන අකාලය වෙයි.

(ii). “නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේද ලොව උපන්නේ වෙයි. කෙලෙස් සංසිඳුවන්නාවූ, කෙලෙස් නැතිකිරීමෙන් පිරිනිවීම පිණිස පවත්නාවූ සතර මාර්ගඥාන අවබෝධය කරා යන්නාවූ සුගතයන් වහන්සේ විසින් දැන වදාළාවූ ධර්මයද දේශනා කරණු ලැබේ. මේ පුද්ගල තෙමේද තිරිසන් යෝනියෙහි උපන්නේ වෙයි. (එහෙයින්) බ්‍රහ්මවරිය වාසයට නුසුදුසුවූ මේ දෙවෙනි අකාලයයි.

(iii). “නැවත අනිකක්ද කියමි, ඇවැත්නි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේද ලොව උපන්නේ වෙයි. කෙලෙස් සංසිඳුවන්නාවූ සහමුලින් කෙලෙස් නැති කිරීමෙන් පිරිනිවීම පිණිස පවත්නාවූ සතර මාර්ගඥාන අවබෝධය කරා යන්නාවූ සුගතයන්වහන්සේ විසින් දැන වදාළාවූ ධර්මයද දේශනා කරනු ලබයි. මේ පුද්ගලතෙමේද ප්‍රෙත ලෝකයෙහි උපන්නේ වෙයි. බ්‍රහ්ම චරිය වාසයට නුසුදුසුවූ මේ තුන්වෙනි අකාලයයි.

(iv). “නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේද, ලොව උපන්නේ වෙයි. කෙලෙස් සංසිඳුවන්නාවූ සහමුලින් කෙලෙස් නැති කිරීමෙන් පිරිනිවීම පිණිස පවත්නාවූ සතර මාර්ග ඥානය කරා ගමන් කරන්නාවූ සුගතයන් වහන්සේ විසින් දැන වදාළාවූ ධර්මයද දේශනා කරනු ලැබෙයි. මේ පුද්ගලතෙමේද දීර්ඝ ආයුෂ ඇති අසඤ්ඤතලයෙහි හෝ අරූප තලයෙහි හෝ උපන්නේ වෙයි. බ්‍රහ්මචරිය වාසයට නුසුදුසුවූ මේ සතරවෙනි අකාලයයි.

(v). “නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේද, ලොව උපන්නේ වේද. කෙලෙස් සංසිවඳුන්නාවූ සහමුලින් කෙලෙස් නැති කිරීමෙන් පිරිනිවීම පිණිස පවත්නාවූ සතර මාර්ග ඥානය කරා ගමන් කරන්නාවූ සුගතයන් වහන්සේ විසින් දැන වදාළාවූ ධර්මයද දේශනා කරනු ලැබේද. යම් තැනක භික්ෂූන්ගේද භික්ෂුණීන්ගේද උපාසකයන්ගේද උපාසිකාවන්ගේද පැමිණීමක් නැත්තේද, එබඳුවූ ම්ලෙච්ඡවූ අප්‍රසිද්ධවූ, පිටිසර පෙදෙස්වල මේ පුද්ගල තෙමේ උපන්නේ වේද බ්‍රහ්මචරිය වාසයට නුසුදුසුවූ මේ පස්වෙනි අකාලය වේ.

(vi). “නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේද, ලොව උපන්නේ වේ. කෙලෙස් සංසිවඳුන්නාවූ සතර මාර්ගඥානය අවබෝධය කරා ගමන්කරන්නාවූ සුගතයන් වහන්සේ විසින් දැන වදාළාවූ ධර්මයද දේශනා කරනු ලබයි. මේ පුද්ගලයාද මධ්‍ය දෙශයෙහි ඉපදුනේ වෙයි, හෙතෙමේද පෙරළුණු දැකුම් ඇති මිථ්‍යාදෘෂ්ටියෙක් වේ. එනම් දීමෙහි විපාක නැත. මහදන් දීමෙහි විපාක නැත. පිදීමෙහි විපාක නැත. යහපත් අයහපත් වශයෙන් කරණලද කර්මයන්ගේ ඵලයක් විපාකයක් නැත, මෙලොවක් නැත, පරලොවක් නැත, මවූට උපකාර කිරීමේ ඵල නැත, පියාට උපකාර කිරීමේ ඵල නැත, මැරී උපදින්නාවූ සත්වයෝ නැත. යම් කෙනෙක් මෙලොවද පරලොවද තෙමේ හොඳ නුවණින් දැන අවබෝධ කොට ප්‍රකාශ කෙරෙද්ද, එබඳුවූ හොඳ මාර්ගයෙහි ගමන්කළාවූ හොඳ පිළිවෙත පිළිපදින්නාවූ මහණ බමුණෝ ලෝකයෙහි නැත කියායි. මේ බ්‍රහ්මචරිය වාසයට නුසුදුසු කාලයවූ සයවෙනි අකාලයයි.

(vii). “නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගත තෙමේද ලොව උපන්නේ වෙයි. කෙලෙස් සංසිඳුවන්නාවූ, සහමුලින් කෙලෙස් නැති කිරීමෙන් පිරිනිවීම පිණිස පවත්නාවූ, සතර මාර්ගඥානය අවබෝධය කරා ගමන් කරන්නාවූ සුගතයන්වහන්සේ විසින් දැන වදාළාවූ ධර්මයද දේශනා කරනු ලැබේ. මේ පුද්ගලයාද මධ්‍ය දෙශයෙහි උපන්නේ වෙයි. හෙතෙමේද මෝඩවූ කෙල තොලුවූ හොඳ නරක කියුම්වල අර්ථය දැන ගන්නට බැරි නුවණ නැත්තෙක් වේ. මේ බ්‍රහ්මචරිය වාසයට සුදුසුනොවූ සත්වෙනි අකාලයයි.

(viii). “නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගත තෙමේද ලොව නූපන්නේ වෙයි. කෙලෙස් සංසිඳුවන්නාවූ, සහමුලින් කෙලෙස් නැතිකිරීමෙන් පිරිනිවීම පිණිස පවත්නාවූ, සතර මාර්ගඥානාවබොධය පිණිස පවත්නාවූ සුගතයන් වහන්සේ විසින් දැන වදාළාවූ ධර්මයද දේශනා කරණු නොලැබේ. මේ පුද්ගල තෙමේද මධ්‍යම දෙශයෙහි ඉපදුනේ වෙයි. හෙතෙමේද මෝඩ නුවූ, කෙලතොලු නොවූ හොඳ නරක කියුම්වල අර්ථය දැනගන්ට සමර්ථවූ නුවණැත්තෙක් වෙයි. මේ බ්‍රහ්මචරියවාසයට නුසුදුසුවූ අටවෙනි අකාලයයි.

මේ ධර්ම අට ප්‍රතිවෙධ කිරීම දුෂ්කරය.

“ඇවැත්නි, කවරනම් ධර්ම අටක් ඉපදවිය යුත්තාහුද?
මහා පුරුෂ කල්පනා අටය,

(i). මේ ධර්මය අල්පෙච්ඡ (ටිකකින් සතුටුවන) පුද්ගලයාහට වන්නේය. මේ ධර්මය ප්‍රත්‍යය ආදිය බොහෝ කැමති වන්නාහට නොවේ.
(ii). මේ ධර්මය සන්තුෂ්ට (ලද පමණින් සතුටුවන) පුද්ගලයාහට වන්නේය. මේ ධර්මය අසන්තුෂ්ටයා (ලද පමණින් සතුටු නොවන) හට නොවේ.
(iii). මේ ධර්මය උසස් විවේක ඇත්තාහටය. මේ ධර්මය තෙමේ සංගණිකා රාමයෙහි (පිරිස් හා කෙලෙස් අතර) ඇලුනහුට නොවේ.
(iv). මේ ධර්මය පටන් ගත් වීර්‍ය්‍ය ඇත්තාහටය. මේ ධර්මය කුසීතයා හට නොවේ.
(v). මේ ධර්මය තෙමේ එළඹසිටි සිහිඇත්තාහුටය. මේ ධර්මය මුළාවූ සිහිඇත්තහුට නොවේ.
මේ ධර්මය තෙමේ එකඟවූ සිත් ඇත්තාහටය.
(vi) මේ ධර්මය තෙමේ එකඟවුනු සිත් ඇත්තහුට නොවේ. මේ ධර්මය අඥානයාහට නොවේ. මේ ධර්මය තෙමේ නුවණැත්තා හටය,
(vii) මේ ධර්මය ප්‍රමාද නුවූවහුටය. මේ ධර්මය තෙමේ ප්‍රමාද වාසයෙහි යෙදුනහුට නොවේ.
(viii) මේ ධර්මය නිෂ්ප්‍රපඤ්චයෙහි (තණ්හා දිට්ඨි මානයන් කරණ කොට ප්‍රමාද නොවී මෙහි) ඇලුනහුටය. මේ ධර්මය තෙමේ තණ්හා දිට්ඨි මාන යන ප්‍රමාදයෙහි ඇළුනහුට නොවන්නේයි.

මේ ධර්ම අට ඉපදවිය යුත්තාහුය.

“කවර නම් ධර්ම අටෙක් නුවණින් දතයුත්තාහුද?
අෂ්ට අභිභායතනයෝයි.

(i). තමා කෙරෙහි රූප සංඥා ඇති, එක් පුද්ගලයෙක් ස්වල්පවූ යහපත් වර්ණ ඇති, අයහපත් වර්ණ ඇති පිටත්හි රූපයන් දකියි. ඔවුන් මැඩ පවත්වා, දනිමි දකිමියි, යන සංඥා ඇත්තේ වේ. මේ පළමුවෙනි අභිභායතනයයි.

(ii). “තමාකෙරෙහි අරූප සංඥා ඇති පුද්ගලයෙක් අප්‍රමාණවූ යහපත් වර්ණ ඇති, අයහපත් වර්ණ ඇති, පිටත්හි රූපයන් දකියි. ඔවුන් මැඩගෙන දනිමි දකිමියි යන සංඥා ඇත්තේ වෙයි. මේ දෙවෙනි අභිභායතනයයි.

(iii). “තමා කෙරෙහි අරූප සංඥා ඇති පුද්ගලයෙක් ස්වල්පවූ යහපත් වර්ණ ඇති, අයහපත් වර්ණ ඇති පිටත්හි රූපයන් දකියි. ඔවුන් මැඩගෙන දනිමි දකිමියි යන සංඥා ඇත්තේ වේ. මේ තුන්වෙනි අභිභායතනයයි.

(iv). “තමා කෙරෙහි අරූප සංඥා ඇති පුද්ගලයෙක් අප්‍රමාණවූ යහපත් වර්ණ ඇති අයහපත්ව වර්ණ ඇති පිටත්හි රූපයන් දකියි. ඔවුන් මැඩගෙන දනිමි දකිමියි යන සංඥා ඇත්තේ වේ. මේ සතරවන අභිභායතනයයි.

(v). “තමා කෙරෙහි අරූප සංඥා ඇති පුද්ගලයෙක් නිල්වූ නිල්පාට ඇත්තාවූ නිල් පෙනීම ඇත්තාවූ නිල් බැබලුම් ඇත්තාවූ පිටත්හි රූපයන් දකියි. දියබෙරලිය මල යම්සේ නිල්වේද, නිල්පාට ඇත්තේද, නිල් පෙනීම ඇත්තේද නිල් බැබලුම් ඇත්තේද, බරනැස් වස්ත්‍රය දෙපසින් මට්ටම් කරණ ලද්දේ හෙවත් මඩනා ලද්දේ යම්සේ නිල්වේද, නිල්පාට වේද, නිල් පෙනීම් නිල් බැබලුම් ඇත්තේද, එපරිද්දෙන්ම තමා කෙරෙහි අරූප සංඥා ඇති පුද්ගලයෙක් නිල්වූ නිල්පාට ඇත්තාවූ, නිල් පෙනීම් ඇත්තාවූ පිටත්හි රූපයන් දකියි. ඒ රූපයන් මැඩගෙන දනිමි දකිමි යන සංඥාඇත්තේ වේ. මේ පස්වෙනි අභිභායතනයයි.

(vi). “තමා කෙරෙහි අරූප සංඥා ඇති එක් පුද්ගලයෙක් රන්වන්වූ රන්වන් පැහැ ඇත්තාවූ රන්වන් පෙනීම ඇත්තාවූ රන්වන් බැබලුම් ඇත්තාවූ පිටත්හි රූපයන් දකියි. කිණිහිරිමල යම්සේ රන්වන් වේද රන්වන් පැහැ ඇත්තේද, රන්වන් පෙනීම ඇත්තේද රන්වන් බැබලුම් ඇත්තේද, බරණැස්හිවූ දෙපැත්තෙන් මට්ටම්කරණ ලද, වස්ත්‍රය රන්වන් වේද, රන්වන් පැහැ ඇත්තේද, රන්වන් දැකුම් ඇත්තේද, රන්වන් බැබලුම් ඇත්තේද, එමෙන්ම තමා කෙරෙහි අරූප සංඥා ඇති පුද්ගලයෙක් රන්වන්වූ, රන්වන්පාට ඇති, රන්වන් පෙනීම ඇත්තාවූ රන්වන් බැබලුම් ඇත්තාවූ පිටත්හි රූපයන් දකියි. ඔවුන් මැඩගෙන දනිමි දකිමි යන සංඥා ඇත්තේවෙයි. මේ සයවෙනි අභිභායතනයයි.

(vii). “තමා කෙරෙහි අරූප සංඥා ඇති පුද්ගලයෙක් ලේ පාටවූ ලේපාට පැහැ ඇති ලේපාට පෙනීම ඇති ලේපාට බැබලුම් ඇති පිටත්හි රූපයන් දකියි. බඳුවදමල යම්සේ ලේවන් වේද ලේවන් පාට ඇත්තේද, ලේවන් පෙනීම ඇත්තේද, ලේවන් බැබලුම් ඇත්තේද, බරණැසෙහිවූ දෙපැත්තෙන් හොඳාකාර මට්ටම් කරණ ලද ලේවන්වූ වස්ත්‍රය යම්සේ ලේවන් පාට ඇත්තේද, ලේවන් පෙනීම ඇත්තේද ලේවන් බැබලුම් ඇත්තේද, එපරිද්දෙන්ම තමා කෙරෙහි අරූප සංඥා ඇති පුද්ගලයෙක් රතුවූ රතුපාට ඇත්තාවූ රතුපාට පෙනීම ඇත්තාවූ රතු පාට බැබලුම් ඇත්තාවූ පිටත්හි රූපයන් දකියි. ඒ රූපයන් මැඩගෙන දනිමි දකිමි යන සංඥා ඇත්තේ වේ. මේ සත්වෙනි අභිභායතනයයි.

(viii). “තමා කෙරෙහි අරූපසංඥා ඇති පුද්ගලයෙක් සුදුවූ සුදුපාට ඇත්තාවූ සුදු පෙනීම ඇත්තාවූ සුදු බැබලුම් ඇත්තාවූ පිටත්හි රූපයන් දකියි. දවහත් (සිකුරු) තරුව යම්සේ සුදුද සුදුපාට ඇත්තීද සුදු පෙනීම ඇත්තීද සුදු බැබලුම් ඇත්තීද බරණැසවූ දෙපසින් මට්ටම් කරණ ලද්දාවූ සුදුවූ වස්ත්‍රය යම්සේ සුදුපාට ඇත්තේද, සුදු පෙනීම ඇත්තේද, සුදු බැබලුම් ඇත්තේද එපරිද්දෙන්ම තමා කෙරෙහි අරූප සංඥා ඇති පුද්ගලයෙක් සුදුවූ සුදු වර්ණ ඇත්තාවූ සුදු පෙනීම ඇත්තාවූ සුදු බැබලීම් ඇත්තාවූ පිටත්හි රූපයන් දකියි. ඒ රූපයන් මැඩගෙන දනිමි දකිමි යන සංඥා ඇත්තේ වෙයි. මේ අටවෙනි අභිභායතනයයි.

මේ ධර්ම අට විශේෂ නුවණින් දතයුත්තාහුය.

“කවර නම් ධර්ම අටක් තමාම ප්‍රත්‍යක්ෂකොට දැක්ක යුතු වන්නාහුද?
විමොක්ෂ අටය.

(i). රූපාවචරධ්‍යානයෙන් යුක්ත වූයේ රූප දකියි. මෙය පළමුවෙනි විමොක්ෂය වන්නේය.
(ii). තමා කෙරෙහි අරූප සංඥා ඇත්තේ පිටත්හි රූපයන් දකියි. මේ දෙවෙනි විමොක්ෂයයි.
(iii). සුභයයිම තීරණය කර ගත්තේ වෙයි, මේ තුන්වෙනි විමොක්ෂයයි.
(iv). සියලු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් හැපීම්සංඥාවන් නැසීමෙන් වෙන් වෙන් සංඥාවන් කල්පනා නොකිරීමෙන් ආකාශය අනන්තයයි. ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරයි. මේ සතරවෙනි විමොක්ෂයයි.
(v). සියලු ආකාරයෙන් ආකාසනඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරයි, මේ පස්වෙනි විමොක්ෂයයි.
(vi). සියලු ආකාරයෙන් විඤ්ඤානඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤාවතනයට පැමිණ වාසය කරයි. මේ සවෙනි විමොක්ෂයයි.

(vii). සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤා නාසඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. මේ සත්වෙනි විමොක්ෂයයි.

(viii), සියලු ආකාරයෙන් නෙවසඤ්ඤා නාසඤ්ඤායතනය ඉක්මවා සංඥා වෙදයිත නිරෝධයට (නිරෝධ සමාපත්තියට) පැමිණ වාසය කරයි. මේ අටවෙනි විමොක්ෂයයි.
මේ අෂ්ට ධර්මයෝ ප්‍රත්‍යක්ෂ කටයුත්තාහුය.

“මෙසේ ඇත්තාවූද සත්‍යවූද එසේමවූද වෙනස් නොවන්නාවූද අන්පරිද්දකින් නොවන්නාවූද මේ අසූවක් ධර්මයෝ තථාගතයන් වහන්සේ විසින් මනාකොට අවබෝධ කරණ ලද්දාහුය..

නව ධම්මා..

“ධර්ම නවයක් බොහෝ උපකාර වන්නාහුය.
ධර්ම නවයක් වැඩිය යුත්තාහුය.
ධර්ම නවයක් පිරිසිඳ දතයුත්තාහුය.
ධර්ම නවයක් දුරු කටයුත්තාහුය.
ධර්ම නවයක් පිරිහීම පිණිස වන්නාහුය.
ධර්ම නවයක් ගුණ විශේෂයට පැමිණීම පිණිස වන්නාහුය.
ධර්ම නවයක් දුකසේ අවබෝධ කළයුත්තාහ.
ධර්ම නවයක් ඉපදවිය යුත්තාහුය.
ධර්ම නවයක් විශේෂ නුවණින් දතයුත්තාහුය.
ධර්ම නවයක් තමාම දැන ප්‍රත්‍යක්ෂ කටයුත්තාහුය.

“කවර නම් ධර්ම නවයක් බොහෝ උපකාර වන්නාහුද?
නුවණින් මෙනෙහි කිරීම මුල්කොට ඇති ධර්ම නවයයි.

(i),. නුවණින් මෙනෙහි කරන්නාහට ප්‍රමොද්‍යය (මද සතුට) උපදී.
(ii), ප්‍රමොද්‍යයවූවහුට ප්‍රීතිය (බලවත් සතුට) උපදී.
(iii), ප්‍රීති සිත් ඇත්තහුගේ නාමකය සංසිඳේ.
(iv), සංසිඳුනු නාමකය ඇත්තේ සැප විඳී.
(v), සැප ඇත්තහුගේ සිත එකඟ වෙයි.
(vi), එකඟවූ සිත ඇති කල්හි ඇති සැටියෙන් දකියි.
(vii), ඇති සැටියෙන් දකින්නේ කළකිරෙයි.
(viii), කළකිරෙන්නේ නොඇලෙයි.
(ix), නොඇලෙන්නේ සියලු දුකෙන් මිදෙයි.

මේ ධර්ම නවය බොහෝ උපකාර වන්නාහුය.

“කවර නම් ධර්ම නවයක් වැඩිය යුත්තාහුද?
පිරිසිදුබවට ප්‍රධානවූ අංග නවයයි.

(i),. ශීල විසුද්ධිය (සිව් පිරිසුදු සීලය) නම්වූ පිරිසුදු බවට ප්‍රධාන අංගය,
(ii), චිත්ත විසුද්ධිය (විදර්ශනාවට ආසන්න හේතුවවූ අෂ්ට සමාපත්ති) නම්වූ පිරිසිදු බවට ප්‍රධාන අංගය,
(iii),. දෘෂ්ටි විශුද්ධිය (ප්‍රත්‍ය සහිතව නාම රූප දැකිම) නම්වූ පිරිසිදු බවට ප්‍රධාන අංගය,
(iv),. කංඛා විතරණ විශුද්ධිය (නාම රූපයන්ගේ ප්‍රත්‍යය දැකීම) නම් පිරිසිදු බවට ප්‍රධාන අංගය,
(v),. මාර්ගා මාර්ගඥානදර්ශනවිශුද්ධිය (මග නොමග දැනීම) නම්වූ පිරිසිදු බවට ප්‍රධාන අංගය,
(vi), ප්‍රතිපදා ඥානදර්ශනවිශුද්ධිය (තරුණ විදර්ශනාව) නම් පිරිසිදු බවට ප්‍රධාන අංගය,
(vii),. ඥාන දර්ශනවිසුද්ධිය (වුට්ඨානගාමිනී විදර්ශනාව) නම්වූ පිරිසිදු බවට ප්‍රධාන අංගය,
(viii),. ප්‍රඥා විසුද්ධිය (රහත්ඵල නුවණ) නම් පිරිසිදු බවට ප්‍රධාන අංගය වේ.
මේ ධර්ම නවය වැඩියයුත්තාහුය.

“කවර නම් ධර්ම නවයක් පිරිසිඳ දතයුත්තාහුද?
සත්වා වාස නවයයි.

ඇවැත්නි, මේ ධර්ම නවය පිරිසිඳ දතයුතු වන්නාහ.

(i). නොයෙක් ශරීර ඇති නොයෙක් ප්‍රතිසන්ධි විඤ්ඤාණ ඇති සත්වයෝ වෙත්. මනුෂ්‍යයෝද, ඇතැම් දෙවියෝද, ඇතැම් විනිපාතික ප්‍රේතයෝද යම්සේද එමෙනි. මේ පළමුවෙනි සත්වාවාසයයි.

(ii). “ඇවැත්නි, වෙනස් ශරීර ඇති සමාන ප්‍රතිසන්ධි විඤ්ඤාණ ඇති සත්වයෝ වෙත්. පළමුවන ධ්‍යානයෙන් උපන්නාවූ බ්‍රහ්මකායික බඹලොව වැසි දෙවියෝ යම්සේද එමෙනි. මේ දෙවෙනි සත්වාවාසයයි.

(iii). “ඇවැත්නි, එකසමාන ශරීර ඇති වෙනස් ප්‍රතිසන්ධි විඤ්ඤාණ ඇති සත්වයෝ වෙත්. ආභස්වර දෙවියෝ යම්සේද එමෙනි. මේ තුන්වෙනි සත්වාවාසයයි.

(iv). “ඇවැත්නි, එකසමාන ශරීර ඇති එකසමාන ප්‍රතිසන්ධි විඤ්ඤාණ ඇති සත්වයෝ වෙත්. සුභකිණ්හ දෙවියන් මෙනි. මේ සතරවෙනි සත්වාවාසයයි.

(v). “ඇවැත්නි, හැඟීමක් නැත්තාවූ විඳීමක් නැත්තාවූ සත්වයෝ වෙත්. අසඤ්ඤසත්ත දෙවියන් මෙනි. මේ පස්වෙනි සත්වාවාසයයි.

(vi). “ඇවැත්නි, සියලු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් ගැටීම් සංඥාවන් නැසීමෙන් නොයෙක් සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ආකාසය අනන්තයයි ආකාසනඤ්චායතනයට පැමිණියාවූ සත්වයෝ වෙත්. මේ සයවෙනි සත්වාවාසයයි.

(vii). “ඇවැත්නි, සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා, විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණියාවූ සත්වයෝ වෙත්. මේ සත්වෙනි සත්වාවාසයයි.

(viii). “ඇවැත්නි, සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණියාවූ සත්වයෝ වෙත්. මේ අටවෙනි සත්වාවාසයයි.

(viii). “ඇවැත්නි, සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණියාවූ සත්වයෝ වෙත්. මේ නවවන සත්වාවාසයයි. මේ පිරිසිඳ දතයුතු ධර්ම නවය වන්නාහ.

“කවර නම් ධර්ම නවයක් දුරු කටයුත්තාහුද?
තෘෂ්ණාව මුල්කොට ඇති ධර්ම නවයයි.

තෘෂ්ණාව නිසා සෙවීම වන්නේය.
සෙවීම නිසා ලාභය වන්නේය.
ලාභය නිසා විනිශ්චය වන්නේය.
විනිශ්චය නිසා ඡන්දරාගය (ඇල්ම) වන්නේය.
ඡන්ද රාගය නිසා අනුභවය වන්නේය.
අනුභවය නිසා පරිග්‍රහණය (අයිතිකර ගැනීම) වන්නේය.
පරිග්‍රහණය නිසා මසුරු බව වන්නේය.
මසුරු බව නිසා ආරක්ෂා කිරීම වන්නේය.
ආරක්ෂා කිරීම නිසා දඬු ගැනුම්, ආයුධ ගැනුම් කෝලාහල විවාද කේලාම් බොරුකීම්ද නොයෙක් ලාමක අකුශල කර්මයෝද වෙත්.

මේ ධර්ම නවය දුරුකට යුත්තාහුය.

“කවර නම් ධර්ම නවයක් හානභාගිය වන්නාහුද?
ක්‍රොධ කරුණු නවයයි.

‘මට අවැඩක් කෙළේයයි,’ ක්‍රෝධය බඳියි.
‘මට අවැඩක් කරයි කියා’ ක්‍රෝධය බඳියි.
‘මට අවැඩක් කරන්නේ යයි කියා’ ක්‍රෝධය බඳියි.
‘මාගේ ප්‍රියවූ මනාපවූවහුට අවැඩක් කළේය.
අවැඩක් කරයි. අවැඩක් කරන්නේයයි’ ක්‍රෝධය බඳියි.
‘මාගේ අප්‍රියවූ අමනාප වූවහුට යහපතක් කෙළේය. යහපතක් කරයි.’ යහපතක් කරන්නේයයි ක්‍රෝධය බඳියි.

“ක්‍රෝධය දුරුකිරීම් නවයක් වෙත්.

‘මට අවැඩක් කළේය. ඒ අනිකාගේ අවැඩ නොකිරීම මා විසින් කෙසේ ලැබිය හැකිදැයි’ සිතා ක්‍රෝධය දුරු කරයි.
‘මට අවැඩක් කරයි, ඒ අනිකාගේ අවැඩ නොකිරීම මා විසින් කෙසේ ලැබිය හැකිදැයි’ සිතා ක්‍රෝධය දුරු කරයි.
‘මට අවැඩක් කරන්නේය. ඒ අනිකාගේ අවැඩ නොකිරීම මා විසින් කෙසේ ලැබිය හැකිදැයි’ සිතා ක්‍රෝධය දුරු කරයි.
‘මාගේ ප්‍රියවූ මනාප වූවහුට අවැඩක් කළේය. අවැඩක් කරයි, අවැඩක් කරන්නේය. ඒ අනිකාගේ අවැඩ නොකිරීම මා විසින් කෙසේ ලැබිය හැකිදැයි’ සිතා ක්‍රෝධය දුරු කරයි.
‘මාගේ අප්‍රියවූ අමනාප වූවහුට යහපතක් කළේය. යහපතක් කරයි, යහපතක් කරන්නේය. එසේ අප්‍රියවූවහුට අන්‍යයා විසින් යහපතක් නොකිරීම මා විසින් නොලැබිය හැකියයි සිතා ක්‍රෝධය දුරු කරයි.
මේ ධර්ම නවය විශේෂභාගිය නම් වන්නාහුය.

“කවර නම් ධර්ම නවයක් දුකසේ අවබෝධ කටයුත්තාහුද?
නානත්ව (නොයෙක් බැව්) නවයයි.

(i) ඇස ආදි නොයෙක් ධාතු නිසා රූප ආදියෙහි ගැටීම නමැති නොයෙක් ස්පර්ශ උපදියි.
නොයෙක් ස්පර්ශ නිසා නොයෙක් වේදනා උපදියි.
නොයෙක් වේදනා නිසා නොයෙක් හැඟීම් උපදියි.
නොයෙක් හැඟීම් නිසා නොයෙක් කල්පනා උපදියි.
නොයෙක් කල්පනා නිසා නොයෙක් ආශා උපදියි.
නොයෙක් ආශා නිසා නොයෙක් දැවිලි උපදියි.
නොයෙක් දැවිලි නිසා නොයෙක් සෙවීම් උපදියි.
නොයෙක් සෙවීම් නිසා නොයෙක් ලාභ උපදියි.
නොයෙක් ලාභ නිසා නොයෙක් ලෝභ උපදියි.

මේ ධර්ම නවය දුකසේ අවබෝධ කළ යුත්තාහ.

“කවර නම් ධර්ම නවයක් ඉපදවිය යුත්තාහුද? හැඟීම් නවයයි. අසුභ හැඟීමය, මරණ හැඟීමය, ආහාරයෙහි පිළිකුල් හැඟීමය, සියලු ලෝකයෙහි අනභිරති (නොඇලීම්) හැඟීමය, අනිත්‍ය හැඟීමය, අනිත්‍යයෙහි දුක් හැඟීමය, දුකෙහි අනාත්ම හැඟීමය, දුරු කිරීම් හැඟීමය, නොඇලීම් හැඟීමය යනමේ ධර්ම නවය ඉපදවිය යුත්තාහුය.

“කවර නම් ධර්ම නවයක් විශේෂ නුවණින් දතයුතු වන්නාහුද? අනුපූර්වවිහරණ (පිළිවෙළින් සමවැදිය යුතු විසීම්) නවයයි. ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිතවූ විචාරසහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති, ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් ද්විතීය ධ්‍යානයට පැමිණ වාසයකරයි. ප්‍රීතියගේද වැළක්මෙන් තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. සැපය දුරුකිරීමෙන් චතුර්ථ ධ්‍යානයට පැමිණ වාසය කරයි. සියලු ආකාරයෙන් රූපසංඥාවන් ඉක්මවීමෙන් ගැටීම් සංඥාවන් නැසීමෙන් නොයෙක් සංඥාවන් සිහි නොකිරීමෙන් අනන්තවූ ආකාසයයි ආකාසානඤ්චායතනයට පැමිණ වාසයකරයි. සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා අනන්තවූ විඤ්ඤාණයයි, විඤ්ඤානඤ්චායතනයට පැමිණ වාසය කරයි. සියලු ආකාරයෙන් විඤ්ඤානඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. සියලු ආකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා, සඤ්ඤාවෙදයිත නිරෝධයට (නිරෝධ සමාපත්තියට) පැමිණ වාසය කරයි. මේ ධර්ම විශේෂ නුවණින් දතයුත්තාහුය.

“කවර නම් ධර්ම නවයක් තමාම ප්‍රත්‍යක්ෂ කටයුතු වන්නාහුද? අනුපූර්ව නිරෝධ (පිළිවෙළින් නැති කිරීම්) නවයයි. ප්‍රථම ධ්‍යානයට පැමිණියහුගේ කාම හැඟීම නැතිවේ. ද්විතීය ධ්‍යානයට පැමිණියහුගේ විතර්ක විචාරයෝ නැතිවෙත්. තෘතීය ධ්‍යානයට පැමිණියහුගේ ප්‍රීතිය නැතිවේ. චතුර්ථ ධ්‍යානයට පැමිණියහුගේ ආශ්වාස ප්‍රශ්වාසයෝ නැතිවෙත්. ආකාසානඤ්චායතනයට පැමිණියහුගේ රූප සංඥාව නැතිවේ. විඤ්ඤානඤ්චායතනයට පැමිණියහුගේ ආකාසානඤ්චායතන සංඥාව නැතිවේ. ආකිඤ්චඤ්ඤායතනයට පැමිණියහුගේ විඤ්ඤානඤ්චායතන සංඥාව නැතිවේ. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණියහුගේ ආකිඤ්චඤ්ඤායතන සංඥාව නැති වේ. සඤ්ඤාවෙදයිත නිරෝධයට පැමිණියහුගේ සංඥාවද විඳීමද නැතිවෙත්. මේ ධර්ම නවය ප්‍රත්‍යක්ෂ කටයුතු වන්නාහුය.

“මෙසේ ඇත්තාවූ සත්‍යවූ එසේමවූ වෙනස් නොවන්නාහු අන් පරිද්දකින් නොවන්නාවූ මේ අනූවක් ධර්මයෝ තථාගතයන් වහන්සේවිසින් මනාව අවබෝධ කරණ ලද්දාහුය.

දස ධම්මා

“ධර්ම දශයක් බොහෝ උපකාරවන්නාහුය. ධර්ම දශයක් වැඩිය යුත්තාහුය, ධර්ම දහයක් දුරුකට යුත්තාහුය, ධර්ම දශයක් හානභාගික වන්නාහුය, ධර්ම දශයක් විශේෂ භාගික වන්නාහුය. ධර්ම දශයක් අපහසුවෙන් අවබෝධ කළයුතු වන්නාහුය. ධර්ම දශයෙක් ඉපදිය යුත්තාහුය, ධර්ම දශයෙක් විශේෂ නුවණින් දතයුතු වන්නාහුය. ධර්ම දශයෙක් ප්‍රත්‍යක්ෂ කටයුතු වන්නාහුය.

“කවර නම් ධර්ම දශයෙක් බොහෝ උපකාර වන්නහුද? නාථ කරණ (පිහිටවන) ධර්ම දශයයි.

“ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම සිල්වත්වේ. ප්‍රාතිමොක්ෂ සංවර (ශික්ෂාපද ශීල) යෙන් සංවරවූයේ වාසය කරයි. ආචාර ගොචර දෙකින් සමන්විත වූයේ ස්වල්පවූ වරදෙහිද භය දක්නා ගති ඇතිවූයේ ශික්ෂාපදයන් දැඩි කොට ගෙන් හික්මෙයි.

“ඇවැත්නි, මහණතෙම සිල්වත්වේද ප්‍රාතිමොක්ෂ සංවරයෙන් සංවරව වාසය කෙරේද, ආචාරයෙන් හා ගොචරයෙන් යුක්ත වූයේ ස්වල්පවූද වරදවල භය දක්නේ ශික්ෂා පදයන්හි සමාදන්ව හික්මේය යන යමක් වේද මෙයද තමාට පිහිටවන ධර්මයක් වේ.

“නැවතද අනිකක් කියමි. ඇවැත්නි, මහණතෙම ඇසූදේ දරන්නාවූ, ඇසූදේ රැස්කර හිතේ දරා ගන්නාවූ බොහෝ ඇසූ කෙනෙක් වේ. මුල යහපත්වූද මැද යහපත්වූද, කෙළවර යහපත්වූද, අර්ථ සහිතවූද පද සහිතවූද, යම් ඒ ධර්මකෙනෙක් සියල්ලෙන් සම්පූර්ණවූ පිරිසිදුවූ, බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කෙරෙද්ද එබඳුවූ ධර්මයෝ මොහු විසින් බොහෝ අසන ලද්දාහු දරණ ලද්දාහු වචනයෙන් පුරුදු කරණ ලද්දාහු, සිතින් කල්පනා කරණ ලද්දාහු, ඥානයෙන් හොඳින් අවබෝධ කරණ ලද්දාහු වෙත්. ඇවැත්නි, මහණතෙම ‘බොහෝ ඇසූ කෙනෙක්’ වේද, යම් මේ ධර්මකෙනෙක් මුල යහපත්වූද, මැද යහපත්වූද, කෙළවර යහපත්වූද, අර්ථය සහිතවූද, ව්‍යංජන සහිතවූද, සියල්ලෙන් සම්පූර්ණවූ පිරිසිදුවූ බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශකෙරෙද්ද, එබඳුවූ ධර්මයෝ මොහු විසින් බොහෝ කොට අසන ලද්දාහු, දරණ ලද්දාහු, වචනයෙන් පුරුදු කරන ලද්දාහු, සිතින් කල්පනා කරන ලද්දාහු ඥානයෙන් හොඳින් අවබෝධ කරණ ලද්දාහු වෙත්ද යන යමක් වේද, මේ ධර්මයද තමාට පිහිටවන ධර්මයකි.

“නැවතද අනිකක් කියමි. ඇවැත්නි, මහණතෙම යහපත් මිත්‍රයන් යහළු කොට ඇත්තේ, යහපත් මිත්‍රයන් කෙරෙහි නැමීම ඇත්තේ, යහපත් මිත්‍රයන් ඇත්තේ වේ. ඇවැත්නි, යම් හෙයකින් මහණතෙම යහපත් මිත්‍රයන් ඇත්තේ යහපත් මිත්‍රයන් යහළු කොට ඇත්තේ යහපත් මිත්‍රයන් කෙරෙහි නැමීම ඇත්තේ වේද, මේ ධර්මයද තමාට පිහිට වන ධර්මයකි.

“නැවතද අනිකක් කියමි. ඇවැත්නි, මහණතෙම සුවච බැවින් හෙවත් කියන දේ අසන ගතියෙන් යුක්ත වූයේ, සුවචයෙක්වේ. නොකිපෙන ගති ඇති අනුශාසනාව ආදරයෙන් පිළිගන්නා කෙනෙක් වෙයි. ඇවැත්නි, මහණතෙම සුවචයෙක් වේද නොකිපී අනුශාසනාව ආදරයෙන් පිළිගන්නේ වේද, යන යමක් වේද, මේද තමාට පිහිට වන ධර්මයකි.

“නැවතද අනිකක් කියමි. ඇවැත්නි, මහණතෙම එකට මහණදම් පුරන භික්ෂූන්ගේ යම් ලොකු කුඩා කටයුතු වෙත්ද, එහි දක්ෂ වූයේ කම්මැලි නොවූයේ, ඒ වැඩට යොග්‍ය උපක්‍රම දැනීමෙන් යුක්තවූයේ වැඩ කරන්ටද පිළිවෙළ කරන්ටද සුදුසු වෙයි, ඇවැත්නි, මහණතෙම එකට මහණදම් පුරන භික්ෂූන්ගේ කුඩා මහත් කටයුතු ‘කිමෙක්දැයි’ යි අසා කරන කටයුතු වෙත්ද එහි දක්ෂ වූයේ, අලස නොවූයේ, එහි උපාය දන්නේ පිළිවෙළ කිරීමට දන්නා නුවණින් යුක්ත වූයේ වෙයිද, මේද තමාට පිහිටවන ධර්මයකි.

“නැවතද අනිකක් කියමි. ඇවැත්නි, මහණතෙම ප්‍රියවූ කථා ඇත්තේ අභිධර්මයෙහි අභිවිනයෙහි (ඛුද්දක පරිවාරයෙහි හෝ කෙලෙස් සංසිඳුවන කරුණෙහි) මහත් සතුටු ගතිය ඇත්තේ ධර්මය කැමැත්තේ වේ. ඇවැත්නි, මහණ තෙම ධර්මය කැමැත්තේ වේද, ප්‍රියවූ වචන ඇත්තේ වේද, අභිධර්මයෙහි අභිවිනයෙහි මහත්වූ සතුටු ගතිය ඇත්තේය යන යමක් වේද මේද තමාට පිහිටවන ධර්මයකි.

“නැවතද අනිකක් කියමි. ඇවැත්නි, මහණ තෙම ලැබුන පරිදි, සිවුරුය, පිණ්ඩපාතය, සේනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන මෙයින් සතුටු වූයේ වෙයි, ඇවැත්නි, මහණතෙම ලද පරිදි සිවුරුය, පිණ්ඩපාතය, සේනාසනය, ගිලන්පසය බෙහෙත් පිරිකරය යන මෙයින් සතුටු වෙයි යන යමකුත් වේද මේද තමාට පිහිටවන ධර්මයකි.

“නැවතද අනිකක් කියමි. ඇවැත්නි, මහණතෙම අකුසල ධර්මයන් දුරුකිරීම පිණිස කුසල ධර්මයන් වැඩීම පිණිස ශක්ති ඇත්තේ දැඩි වීරිය ඇත්තේ කුසල ධර්මයන්හි බහා නොතබන ලද වීරිය ඇත්තේ පටන්ගන්නා ලද වීර්යය ඇත්තේ වාසය කරයි. ඇවැත්නි, මහණ තෙම අකුසල ධර්මයන්ගේ දුරු කිරීම පිණිස කුසල ධර්මයන්ගේ වැඩීම පිණිස ශක්ති ඇත්තේද දැඩි උත්සාහය ඇත්තේද කුසල ධර්මයන්හි බහා නොතබන ලද බර ඇත්තේ පටන්ගන්නාද වීර්යය ඇත්තේ වාසය කරයි යන යමකුත් වේද, මේද තමාට පිහිටවන ධර්මයකි.

“නැවතද අනිකක් කියමි. ඇවැත්නි, මහණ තෙම උතුම්වූ සිහියෙන් හා හොඳ නුවණින් යුක්තවූයේ බොහෝ කලකට පෙර කරණ ලද්දද, බොහෝ කලකට පෙර කියන ලද්දද, සිහි කිරීමට, සමර්ථ සිහි ඇත්තේවේ. ඇවැත්නි, මහණතෙම උතුම් සිහියෙන් හා දක්ෂ නුවණින් යුක්තවූයේ බොහෝ කල්හි කරන ලද්දද, බොහෝ කල්හි කියන ලද්දද, සිහිකරන්නේ නැවත නැවත සිහි කරන්නේ සිහි ඇත්තේ වේද යන යමකුත් වේද, මේද තමාට පිහිට වන ධර්මයකි.

“නැවතද අනිකක් කියමි. ඇවැත්නි, මහණතෙම ඇතිවීම නැතිවීම පිළිබඳ පවත්නාවූ ආර්‍ය්‍යවූ සසර කලකිරීම ඇතිකරන්නාවූ, හොඳකාර දුක් නැතිකිරීම පිණිස පවත්නාවූ නුවණින් යුක්තවූයේ නුවණැත්තේ වෙයි. ඇවැත්නි, මහණතෙම ඇතිවීම, නැතිවීම පිණිස පවත්නාවූ ආර්‍ය්‍යවූ නිබ්බේධිකවූ හෙවත් සසර කලකිරීම, මනාව දුක් නැති කිරීම පිණිස පවත්නාවූ නුවණින් යුක්ත වූයේ ප්‍රඥාවත් වෙයි යන යමකුත් වේද, මේද තමාට පිහිටවන ධර්මයකි. මේ ධර්ම දශය බොහෝ උපකාර වන්නාහුය.

“කවර නම් ධර්ම දශයක් වැඩිය යුත්තාහුද දශ කසිණායතනයෝයි. ඇතමෙක් උඩ, යට, සරස, එකමවූ (දෙකක් නැති) පෘථිවි කසිණය හඳුනයි ඇතැමෙක් උඩ යට සරස අද්වයවූ අප්‍රමාණවූ ආපොකසිණය හඳුනයි. ඇතමෙක් උඩ යට සරස අද්වයවූ අප්‍රමාණවූ තොජො කසිණය අඳුනයි. ඇතමෙක් උඩ යට සරස අද්වයවූ අප්‍රමාණවූ වායො කසිණය හඳුනයි. ඇතමෙක් උඩ යට සරස අද්වයවූ අප්‍රමාණවූ නීල කසිණය හඳුනයි. ඇතමෙක් උඩ යට සරස අද්වයවූ අප්‍රමාණවූ පීතකසිණය හඳුනයි. ඇතමෙක් උඩ යට සරස අද්වයවූ අප්‍රමාණවූ ලොහිත කසිණය හඳුනයි. ඇතමෙක් උඩ යට සරස අද්වයවූ අප්‍රමාණවූ අවදාත කසිණය හඳුනයි. ඇතමෙක් උඩ යට සරස අද්වයවූ එකමවූ අප්‍රමාණවූ විඤ්ඤාණ කසිණය හඳුනයි, මේ ධර්ම දශය වැඩිය යුත්තාහුය.

“කවර නම් ධර්ම දශයෙක් පිරිසිඳ දත යුත්තාහුද? ආයතන දශයයි. චක්ෂු ආයතනය, රූප ආයතනය, ශ්‍රොත ආයතනය ශබ්ද ආයතනය, ඝ්‍රාණ ආයතනය, ජිව්හා ආයතනය, රස ආයතනය, කාය ආයතනය, ස්පර්ශ ආයතනය යන මේ ධර්ම දශය පිරිසිඳ දත යුත්තාහුය.

“කවර නම් ධර්ම දශයක් දුරු කටයුත්තාහුද? වැරදි ගති දශයයි, වැරදි දැකීම, වැරදි කල්පනාව, වැරදි වචනය, වැරදි කර්මාන්තය, වැරදි ජිවිකාවෘත්තිය, වැරදි ව්‍යායාමය, වැරදි සිහිය, වැරදි සමාධිය, වැරදි නුවණ, වැරදි මීදීම යන මේ දශ ධර්මයෝ දුරු කටයුත්තාහුය.

“කවර නම් ධර්ම දශයක් හානභාගිය වන්නාහුද? දශ අකුශල ධර්ම පථයෝය. සතුන් මැරීමය, සොරකම් කිරීමය, කාමයන්හි වරදවා හැසිරීමය, බොරු කීමය, කේලාම් කීමය, ඵරුෂ වචන කීමය, හිස් වචන කීමය අභිධ්‍යාය (අනුන්ගේ දෙයට ලෝභකිරීම) ව්‍යාපාදය, (අනුන් නැසේවා යන කල්පනාව) මිථ්‍යාදෘෂ්ටියය. මේ දශ ධර්මයෝ හානභාගිය නම් වන්නාහුය.

“කවර නම් ධර්ම දශයක් විශේෂභාගික නම් වෙත්ද? දශ කුශල කර්ම පථයෝය. සතුන් මැරීමෙන් වැළකීමය, සොරකම් කිරීමෙන් වැළකීමය, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීමය, බොරු කීමෙන් වැළකීමය, කේලාම්කීමෙන් වැළකීමය, ඵරුෂ වචනයෙන් වැළකීමය, හිස් කථාවලින් වැළකීමය, අනුන්ගේ දෙයට ලෝභ නොකිරීමය, අනුන් නැසේවායි නොසිතීමය, නිවැරදි දෘෂ්ටිය යන මේ දශ ධර්මයෝ විශේෂ භාගික නම් වන්නාහුය.

“කවර නම් ධර්ම කෙනෙක් දුකසේ දැනගතයුතු වන්නාහුද? ආර්‍ය්‍ය පුද්ගලයන්ගේ වාසය කිරීම් දශය වෙත්. ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම අංග පසක් දුරු කළේ වෙයි. අංග සයකින් යුක්ත වූයේ වෙයි. එක් ආරක්ෂාවක් ඇත්තේවෙයි. අපස්සෙන (හේත්තුවීම්) සතරක් ඇත්තේ වෙයි. දුරුකළ වෙන වෙන සත්‍යයන් ඇත්තේ වෙයි. සම්පූර්ණයෙන් දුරු කරණලද සියලු සෙවීම් ඇත්තේ වෙයි. නොකැළඹුනු කල්පනා ඇත්තේ සැහැල්ලු කායසංස්කාර ඇත්තේ වෙයි.

“ඇවැත්නි, මහණතෙම කෙසේ නම් දුරු කළ අංග පසක් ඇත්තේ වේද? ඇවැත්නි, මේ ශාසනයෙහි මහණහුගේ කාම ආශාව පහකරන ලද්දේ වෙයි, ක්‍රෝධය පහකරන ලද්දේ වෙයි. චිත්ත චෛතසිකයන්ගේ මැලිකම පහකරන ලද්දේ වෙයි. නොසන්සුන්කම හා පසුතැවීම පහකරන ලද්දේ වෙයි. සැකය පහකරන ලද්දේ වෙයි. ඇවැත්නි, මෙසේ මහණතෙම දුරුකරන ලද අංග පස ඇත්තේ වෙයි.

“ඇවැත්නි, කෙසේ නම් මහණතෙම අංග සියකින් යුක්ත වූයේ වේද, ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම ඇසින් රූපය දැක සතුටුද නොවෙයි, නොසතුටුද නොවෙයි, සිහි ඇත්තේ මනා දැනුම් ඇත්තේ සුව දුක් දෙකට මැදහත්ව වාසය කරයි, කණින් ශබ්දය අසා නාසයෙන් ගඳ දැන දිවෙන් රස විඳ කයින් ස්පර්ශකොට සිතින් ධර්ම අරමුණු දැන සතුටුද නොවෙයි, නොසතුටුද නොවෙයි. සිහි ඇත්තේ මනා දැනුම් ඇත්තේ, මැදහත් විඳීමෙන් යුක්තව වාසයකරයි. ඇවැත්නි, මෙසේ මහණතෙම අංග සයකින් යුක්තවූයේ වෙයි.

“ඇවැත්නි, මහණතෙමේ එක් ආරක්ෂාවක් ඇතිව වාසය කරයි. කෙසේද? ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම සිහිය නමැති ආරක්ෂාව ඇත්තාවූ සිතින් යුක්තවූයේ වෙයි. ඇවැත්නි, මෙසේ මහණතෙම එකම ආරක්ෂාවක් ඇත්තේ වෙයි.

“ඇවැත්නි, කෙසේ නම් මහණතෙම ‘හේත්තුවීම්’ සතරක් ඇත්තේ වේද, ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම නුවණින් සේවනය කළයුත්තක්ම සේවනය කරයි. නුවණින් දැන ඉවසිය යුත්තක්ම ඉවසයි. නුවණින් දැන පහකළ යුත්තක්ම පහකරයි හැරදමයි. ඇවැත්නි, මෙසේ මහණතෙම ‘හේත්තුවීම්’ සතරක් ඇත්තේ වේ.

“ඇවැත්නි, කෙසේ නම් මහණතෙම දුරුකරණ ලද නොයෙක් සත්‍ය ඇත්තේ වේද. ඇවැත්නි, මේ ශාසනයෙහි මහණහු විසින් බොහෝවූ මහණ බමුණන්ගේ වෙන වෙන නොයෙක් සත්‍යයෝ (ඇදහීම්) වෙත් නම් ඒ සියල්ල දුරුකරණ ලද්දාහුය, අතිශයින් දුරුකරණ ලද්දාහුය, හැරදමන ලද්දාහුය, වමාරන ලද්දාහුය, මුදාහරින ලද්දාහුය, නසන ලද්දාහුය, දුරලන ලද්දාහුය. ඇවැත්නි, මෙසේ මහණතෙම දුරුකරණ ලද වෙන වෙන නොයෙක් සත්‍ය ඇත්තේවෙයි.

“ඇවැත්නි, කෙසේ නම් මහණතෙම සම්පූර්ණයෙන් දුරු කරණ ලද සෙවීම් ඇත්තේ වේද, ඇවැත්නි, මේ ශාසනයෙහි මහණහුගේ කාමයන් සෙවීම නැසුණේ වේ. භවයන් සොයන්නාවූ තණ්හාව නසන ලද්දේ වෙයි. බ්‍රහ්මචරියෙසනය (සදාකාලිකය යනාදීන් ගන්නා මිථ්‍යාදෘෂ්ටිය) පහකරන ලද්දේ වෙයි. ඇවැත්නි, මෙසේ මහණතෙම සම්පූර්ණයෙන් දුරුකළ සෙවීම් ඇත්තේ වේ.

“ඇවැත්නි, කෙසේ නම් මහණතෙම නොකැළඹුනු කල්පනා ඇත්තේ වේද, ඇවැත්නි, මේ ශාසනයෙහි මහණහුගේ කාම කල්පනාව දුරුවූයේ වෙයි. ක්‍රොධ කල්පනාව දුරුවූයේ වෙයි. හිංසා කිරීමේ කල්පනාව දුරුවූයේ වෙයි. ඇවැත්නි, මෙසේ වනාහි මහණතෙම නොකැළඹුනු කල්පනා ඇත්තේ වේ.

“ඇවැත්නි, කෙසේ නම් මහණතෙම සංසිඳුනු කාය සංස්කාර ඇත්තේ වේද, ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම සැප දුරුකිරීමෙන්, දුක් දුරුකිරීමෙන් කල් ඇතිවම දොම්නස් සොම්නස් දෙක නැසීමෙන් නිදුක්වූ නොසැපවූ උපෙක්ෂා සිහි දෙදෙනාගේ පිරිසිදු බව ඇති, සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයි.

“ඇවැත්නි, මෙසේ වනාහි මහණතෙම සංසිඳුනු කාය සංස්කාර ඇත්තේ වේ.

“ඇවැත්නි, කෙසේ නම් මහණ තෙම හොඳින් මිදුනු සිත් ඇත්තේ වේද, ඇවැත්නි, මේ ශාසනයෙහි භික්ෂුහුගේ සිත රාගයෙන් මිදුනේ වෙයි. ද්වේෂයෙන් මිදුනේ වෙයි. මුලාවෙන් මිදුනේ වෙයි. ඇවැත්නි, මෙසේ වනාහි මහණ තෙම හොඳින් මිදුනාවූ සිත් ඇත්තේ වේ.

“ඇවැත්නි, කෙසේ නම් මහණතෙම හොඳින මිදුනු ප්‍රඥා ඇත්තේ වේද, ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම ‘මා විසින් රාගය නැති කරන ලදී. මුල් සිඳින ලදී. මුදුන කපාදැමූ තල්ගසක් මෙන් කරනලදී. නැතිකරන ලදී. එය නැවත නූපදින ලෙස කරන ලදීයයි දනීද, ද්වේෂය මා විසින් නැති කරනලදී. මුල්සිඳින ලදී. මුදුන කපාදමනලද තල්ගසක්මෙන් කරන ලදී. නැති කරන ලදී. එය නැවත නූපදින ලෙස කරන ලදීයයි දනීද, මෝහය මා විසින් නැතිකරන ලදී. මුල් සිඳිනලදී. මුදුන කපනලද තල් ගසක් මෙන් කරන ලදී, නැති කරන ලදී, එය නැවත නූපදින ලෙස කපන ලදීය යි දනීද, ඇවැත්නි, මෙසේ මහණ තෙම හොඳින් මිදුනු ප්‍රඥා ඇත්තේ වෙයි. මේ ධර්ම දශය දුකසේ අවබෝධ කටයුතු වන්නාහුය.

“කවර නම් ධර්ම දශයක් ඉපදවිය යුත්තාහුද? දශ සංඥාවෝය. අසුභ සංඥාවය, මරණ සංඥාවය, ආහාරයෙහි පිළිකුල් සංඥාවය, සියලු ලෝකයෙහි නොඇලීම් සංඥාවය, අනිත්‍ය සංඥාවය, අනිත්‍යයෙහි දුඃඛ සංඥාවය, දුකෙහි අනාත්ම සංඥාවය, ප්‍රහාන සංඥාවය, විරාග සංඥාවය, නිරෝධ සංඥාවය, මේ දශ ධර්මයෝ ඉපදවිය යුත්තාහුය.

“කවරනම් ධර්ම දශයක් විශේෂ නුවණින් දතයුත්තාහුද, නිර්ජර වස්තුහු (දිරා යන කරුණු) ය. හරි දැකීම ඇත්තාගේ වැරදි දැකීම දිරා ගියේ වෙයි. වැරදි දැකීම හේතුකොට ගෙන යම් යම් නොයෙක් ලාමක අකශුල ධර්ම හටගන්නාහුය. ඔහුගේ ඒ ලාමක ධර්මද දිරුවාහු වෙත්. හරි දැකීම හේතු කොටගෙණ වනාහි නොයෙක් කුශල ධර්ම වැඩීමෙන් සම්පූර්ණ බවට යන්නාහුය, හරි කල්පනාව ඇත්තහුගේ වැරදි කල්පනාව දිරා ගියේ වෙයි. වැරදි කල්පනාව හේතුකොටගෙණ යම් යම් නොයෙක් ලාමක අකුශල ධර්ම හටගන්නාහුද ඔහුගේ ඒ අකුශල ධර්මයෝ දිරුවාහු වෙත්. හරි කල්පනාව හේතුකොට ගෙණ නොයෙක් කුශල ධර්ම වැඩීමෙන් සම්පූර්ණ බවට යන්නාහු වෙත්. හරි වචන ඇත්තාහුගේ වැරදි වචන දිරා ගියේ වෙයි. වැරදි වචන හේතුකොට ගෙණ යම් යම් නොයෙක් ලාමක අකුශල ධර්ම හටගන්නාහුද ඔහුගේ ඒ අකුසල ධර්මද දිරා ගියේ වෙයි. හරි වචනය හේතුකොටගෙන නොයෙක් කුශල ධර්ම වැඩීමෙන් සම්පූර්ණ බවට යන්නාහුය. හරි කර්මාන්ත ඇත්තහුගේ වැරදි කර්මාන්තය දිරා ගියේ වෙයි. වැරදි කර්මාන්තය හේතුකොට ගෙණ යම් යම් නොයෙක් ලාමක අකුශල ධර්මයෝ හටගන්නාහු ඔහුගේ ඒ අකුශල ධර්ම දිරා ගියේ වෙයි. හරි කර්මාන්තය හේතුකොටගෙණ නොයෙක් කුශල ධර්මද වැඩීමෙන් සම්පූර්ණ බවට යන්නාහුය, හරි ජීවිකාවෘත්තිය ඇත්තහුගේ වැරදි ජීවිකා වෘත්තිය දිරාගියේ වෙයි. වැරදි ජීවිකා වෘත්තිය හේතුකොටගෙණ යම්යම් නොයෙක් ලාමක අකුශල ධර්ම හටගන්නාහුද ඔහුගේ ඒ අකුශල ධර්ම දිරා ගියේ වෙයි. හරි ජීවිකාවෘත්තිය හේතුකොටගෙන නොයෙක් කුශල ධර්ම වැඩීමෙන් සම්පූර්ණ බවට යන්නාහුය, හරි ව්‍යායාම ඇත්තහු ගේ වැරදි ව්‍යායාමය දිරා ගියේ වෙයි වැරදි ව්‍යායාමය හේතු කොට ගෙණ යම් යම් නොයෙක් ලාමක අකුශල ධර්මයෝ හට ගන්නාහ. ඔහුගේ ඒ අකුශල ධර්මද දිරා ගියේ වෙයි. හරි ව්‍යායාමය හේතුකොටගෙණ බොහෝ කුශල ධර්ම වැඩීමෙන් සම්පූර්ණ බවට යන්නාහුය. හරි සිහිය ඇත්තහුගේ වැරදි සිහිය දිරා ගියේ වෙයි. වැරදි සිහිය හේතුකොටගෙණ යම්යම් නොයෙක් ලාමක අකුශල ධර්ම හටගනිත්. ඔහුගේ ඒ අකුශල ධර්මද දිරා ගියේ වෙයි හරි සිහිය හේතුකොටගෙන බොහෝ කුශල ධර්ම වැඩීමෙන් සම්පූර්ණ බවට යන්නාහුය. හරි හිතේ එකඟකම ඇත්තහුගේ වැරදි හිතේ එකඟකම දිරා ගියේ වෙයි. හරි හිතේ එකඟකම හේතුකොටගෙණ යම් යම් නොයෙක් ලාමක අකුශල ධර්ම හටගනිත්. ඔහුගේ ඒ අකුශල ධර්මද දිරා ගියේ වෙයි. හරි හිතේ එකඟකම හේතු කොටගෙන බොහෝවූ කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්ණ බවට යන්නාහුය. හරි ඥානය ඇත්තහුගේ වැරදි ඥානය දිරා ගියේ වෙයි. වැරදි ඥානය හේතුකොටගෙන යම් යම් නොයෙක් ලාමක අකුසල ධර්ම හටගනිත්. ඔහුගේ ඒ ලාමක අකුසල ධර්මද දිරාගියේ වෙයි. හරි ඥානය හේතුකොට ගෙන බොහෝ කුසල ධර්ම වැඩීමෙන් සම්පූර්ණ වන්නාහුය. හරි මිදීම ඇත්තහුගේ වැරදි මිදීම දිරා ගියේ වෙයි වැරදි මිදීම හේතුකොටගෙන යම් යම් නොයෙක් ලාමක අකුශල ධර්ම හටගනිත්. ඔහුගේ ඒ අකුශල ධර්මද දිරා ගියාහු වෙත්. හරි මිදීම හේතුකොටගෙන බොහෝ කුශල ධර්ම වැඩීමෙන් සම්පූර්ණ බවට යන්නාහුය මේ ධර්ම දශය ඉතා හොඳ නුවණින් දතයුත්තාහුය.

“කවර නම් ධර්ම දශයක් ප්‍රත්‍යක්ෂ (තමාම දැකීම) කටයුතු වන්නාහුද? දශ අශෛක්ෂ ධර්ම (රහත්ඵලයට පැමිණ පුද්ගලයාගේ ධර්ම) යෝය. අශෛක්ෂවූ සම්‍යක්දෘෂටිය, අශෛක්ෂවූ සම්‍යක් සංකල්පය, අශෛක්ෂවූ සම්‍යක් වචනය, අශෛක්ෂවූ සම්‍යක් කර්මාන්තය, අශෛක්ෂවූ සම්‍යක් ආජීවය, අශෛක්ෂවූ සම්‍යක් ව්‍යායාමය, අශෛක්ෂවූ සම්‍යක් ස්මෘතිය, අශෛක්ෂවූ සම්‍යක් සමාධිය, අශෛක්ෂවූ සම්‍යක් ඤාණය, අශෛක්ෂවූ සම්‍යක් විමුක්තිය යන මේ දසයයි.

“ඇවැත්නි, දන්නාවූ, දක්නාවූ, අර්හත්වූ සම්‍යක්සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ධර්මයෝ දසදෙන හොඳින් ප්‍රකාශ කරන ලද්දාහු වෙත්.

“මේ ධර්ම දශය ප්‍රත්‍යක්ෂ කටයුත්තාහුය. මෙසේ ඇත්තාවූ සත්‍යවූ එසේමවූ වෙනස් නොවන්නාවූ අන් පරිද්දකින් නොවන්නාවූ මේ සියයක් ධර්මයෝ තථාගතයන් වහන්සේ විසින් මනාකොට අවබෝධ කරන ලද්දාහුයයි වදාළේය. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මේ සූත්‍රය වදාළහ. සතුටු සිත් ඇති භික්ෂූන්වහන්සේලා ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ දේශනාවට විශේෂයෙන් සතුටු වූවාහුය.

ඡ ධම්මා           

සත්ත ධම්මා     

අට්ඨ ධම්මා      

නව ධම්මා        දස ධම්මා         

MN 03-03-07 අනුරුද්ධ සුත්‍රය

දෙආකාරයකින් ලබන චේතෝ විමුක්තිය නොහොත් චිත්ත පාරිශුද්ධත්වය ගැන මෙම සුත්‍රයෙහි විස්තර වේ. “අප්පමාන චේතෝ විමුක්තිය” හා “මහග්ගත චේතෝ විමුක්තිය” යන දෙකය . අප්පමාන චේතෝ විමුක්තිය පිණිස සය දිසාවටම සතර බ්‍රහ්ම විහරණය නොහොත් මෙත්තා, කරුණා, මුදිතා උපේක්ඛා වැඩිය යුතුවේ. මහග්ගත චේතෝ විමුක්තිය පිණිස කසිණ භාවනාව ධ්‍යාන සිත් තෙක් දියුණු කල යුතු වේ. මේ පිළිබඳව මහා වේදල්ල සුත්‍රයේදී විසාක උපාසක හට ධම්මදින්නා රහත් තෙරණිය දුන් තේරුම් කිරීම මේ සුත්‍රය හා සැසදේ . මේ දෙආකාර චේතෝ විමුක්තින් සඳහා සතර බ්‍රහ්ම විහාර පිලිබඳ මනා දැනුමක් මෙන්ම පරිචයක්ද ඉතා අවශ්‍ය වේ. කසිනයන් වැඩීම ගැනද පරිචයක් ලැබිය යුතුවේ.
මේ සුත්‍රය හොඳින් අධ්‍යනය කිරීමේදී මෙහි භාග්‍යවතුන් වහන්සේ ගේ අභිමතය වූ සංසාර විමුක්තිය නොහොත් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමට උපදෙස් මේ සුත්‍රයේ නැති බව හා අභිධර්මවාදීන් ගේ කාරනා සිඳලා දැක්වීමේ ශාස්ත්‍රීය අභිමතයක් ඇති බවද පෙනෙන නිසා , මේ සුත්‍රය බොහෝ විට “අභිධර්ම පිටකය” ක් ලෙස ත්‍රිපිටකය ට එකතු කල කාලයේ සුත්‍ර පිටකයට එක් කල, පසු කාලින ගොනු කිරීමක් බව විශ්ලේෂකයන් අදහස් කරයි.

කසිණ ගැන කියවන්න
සතර බ්‍රහ්ම විහාර

§1. මා විසින් මෙසේ අසන ලදී.
එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවන නම් අනේපිඬු මහසිටුහුගේ අරමෙහි වැඩ වාසය කරණසේක.

§2. එකල්හි ‘පඤ්චකංග’ නම් වඩු ශිල්පියා එක් පුරුෂයෙකුට කථාකළේය. “පින්වත් පුරුෂය, නුඹ මෙහි එව. ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ වැඩ ඉන්නා තැනට යව. ගොස්, මගේ වචනයෙන් ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්ගේ පාදයන් සිරසින් වඳුව. මෙසේද කියව, ‘ස්වාමීනි, ‘පඤ්චකංග’ ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්ගේ පා සිරසින් වඳියි. මෙසේත් කියයි. ස්වාමීනි, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ හෙට පඤ්චකංග නම් වඩුවාගේ නිවසේ දාන ය පිණිස වදින සේක්වා. ස්වාමීනි, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ කල් ඇතිව වඩිනු මැනවි. පඤ්චකංග වඩුතෙම රජ්ජුරුවන්ගේ මන්දිරයේ කරන්නට බාර ගත පිළිබඳ බොහෝ වැඩ ඇත්තේය. බොහෝ කටයුතු ඇත්තේය’ කියායි.
ඒ පුරුෂයාද “ස්වාමීනි, එසේයයි” කියා පඤ්චකංග වඩුවාට උත්තර දී ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ වැඩ හුන් තැනට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ වැඳ, තමාට කියූ ආකාරයටම දාන ආරාධනාව කළේය. ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන වහන්සේ නිශ්ශබ්ද භාවයෙන් ඒ ආරාධනාව ඉවසුවේය.

§ 3. ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් ඒ රාත්‍රිය ඉක්මීමෙන් පෙරවරු කාලයෙහි හැඳ පාසිවුරු ගෙන පඤ්චකංග වඩුවාගේ නිවසට ගියේය. ගොස්, පනවන ලද අසුනෙහි හුන්නේය. ඉක්බිති පඤ්චකංග ද, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් ප්‍රණීත ඛාද්‍ය භොද්‍යයෙන් අනුරුද්ධ ස්වාමින් වහන්සේ සියතින් වැළඳවීය. ඉක්බිති පඤ්චකංග ගෘහපතියා, ස්ථවිරයන් වහන්සේ වළඳා අවසන්ව, පාත්‍රයෙන් අත ඉවතට ගත් කල්හි එක් පහත් ආසනයක් ගෙන එක් පැත්තක හිඳ මෙසේ ඇසීය.

§ 4. “ස්වාමීනි, මේ ශාසනයෙහි සමහර ජේෂ්ඨ ස්ථවිර භික්ෂූහු ,
‘ගෘහපතිය, අප්‍රමාණ සමාධිය වඩව”යි මට කියා ඇත.
‘ස්වාමීනි, ඇතැම් ස්ථවිර භික්ෂූහු ‘ගෘහපතිය, මහග්ගත සමාධිය වඩව”යි, මට කීවාහුය.
“ස්වාමීනි, මේ අප්පමාණ චේතෝ විමුක්තිය හා මේ මහග්ගත චේතෝ විමුක්තිය, යන දෙකෙහි වෙනස් වෙනස් අර්ථ ඇත්තාහුද, වෙනස් වෙනස් ව්‍යඤ්ජන ඇත්තාහුද, නැතහොත් සමාන අර්ථ ඇත්තාහුද, ව්‍යංජනයෙන් පමණක් වෙනස්ද?” 1180

[1180: චුල වේදල්ල සුත්‍රයේ ධම්ම දින්නා රහත් තෙරනියද මේ ප්‍රශ්නය විසඳා දක්වා ඇත. සතර බ්‍රහ්ම විහාර වැඩීම , අප්පමාන චේතෝ විමුක්තිය ලෙසද, කසින ආලෝකය පතුරමින් සිය අවබෝධයෙන් තැනක්, ගමක්, රාජ්‍යයක්, රටක් ලෝකයක් ආලෝක කිරීම මහග්ගත චේතෝ විමුක්තිය ලෙසද දැක්වේ.]

§ 5 “ගෘහපතිය, ඇතැම් තෙරුන් වහන්සේලා අප්පමාණ සමාධිය වඩවයි කීවාහුද, ඇතැම් තෙරුන් වහන්සේලා මහග්ගත සමාධිය වඩවයි කීවාහුද මෙහිදී මෙයින් තොපට කුමක් වැටහේද? .”

“ස්වාමීනි, මට මෙසේ අදහස් වෙයි. මේ අප්‍රමාණ චේතෝ විමුක්තිය ද මහග්ගත චේතෝ විමුක්තියද නම් දෙකකින් කීවද ඒ එකම චිත්ත විමුක්තිය යයි මට සිතෙයි. ”

§ 6 . “ගෘහපතිය, අප්‍රමාණ චේතෝ විමුක්තිය ද මහග්ගත චේතෝ විමුක්තියද එකක් නොව දෙකකි. ඒ ධර්ම අර්ථ වශයෙන් වෙනස් බවද , ව්‍යංජන වශයෙන් වෙනස් බවද මේ ආකාරයෙන් දතයුතුය.

§7. “ගෘහපතිය, අප්පමාන චේතෝ විමුක්තිය කුමක්ද ?

ගෘහපතිය, මේ ශාසනයෙහි භික්ෂුවක් මෛත්‍රීය වඩමින් ඒ දියුණු කල මෛත්‍රී චේතනාව එක් දිශාවකට පතුරුවා වාසය කෙරෙයිද. එසේ දෙවෙනි දිසාවකට ද, එසේ තුන්වෙනි දිසාවකටද, එසේ සතරවැනි දිසාවකටද, මෙසේ උඩ යට සරස සෑම දිසාවටම පතුරමින් සියලු ලෝකයා කෙරෙහි මෛත්‍රී සහගත සිතින් මහත්වූ, මහග්ගතවූ, අප්‍රමාණ, අවෛර සංඛ්‍යාත අව්‍යාපාද සිතින් පතුරුවා වාසය කරයිද

“කරුණා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කෙරෙයිද, එසේ දෙවෙනි දිසාවද, එසේ තුන්වෙනි දිසාවද, එසේ සතරවැනි දිශාවද, මෙසේ උඩ යට සරස සෑම තන්හි හැම තැන පැතිර පවත්නා බැවින් සියල්ල ඇත්තක් වශයෙන් සියලු ලෝකය කරුණා සහගත සිතින් මහත්වූ, මහග්ගතවූ, අප්‍රමාණ, අවෛර සංඛ්‍යාත අව්‍යාපාද සිතින් පතුරුවා වාසය කරයිද,

“මුදිතා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කෙරෙයිද, එසේ දෙවෙනි දිසාවද, එසේ තුන්වෙනි දිසාවද, එසේ සතරවැනි දිසාවද, මෙසේ උඩ යට සරස සැමතන්හි හැමතැන පැතිර පවත්නා බැවින් සියල්ල ඇත්තක් වශයෙන් සියලු ලෝකය මුදිත සිතින් මහත්වූ, මහග්ගතවූ, අප්‍රමාණ, අවෛර සංඛ්‍යාත අව්‍යාපාද සිතින් පතුරුවා වාසය කරයිද,

“උපෙක්ෂා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කෙරෙයිද, එසේ දෙවෙනි දිසාවද, එසේ තුන්වෙනි දිසාවද, එසේ සතරවැනි දිසාවද, මෙසේ උඩ යට සරස සැමතන්හි හැමතැන පැතිර පවත්නා බැවින් සියල්ල ඇත්තක් වශයෙන් සියලු ලෝකය උපේක්ඛ සහගත සිතින් මහත්වූ, මහග්ගතවූ, අප්‍රමාණ, අවෛර සංඛ්‍යාත අව්‍යාපාද සිතින් පතුරුවා වාසය කරයිද. ගෘහපතිය, මේ කියන ලද්ද අප්පමාන චේතෝ විමුක්තිය යි.

§ 8. “ගෘහපතිය, මහග්ගත සමාධිය කවරේද?

ගෘහපතිය, මේ සස්නෙහි භික්ෂුවක් එක් රුක්මුලක හිඳ කසින භාවනා වඩන්නේ ඒ රුක් මුල අවට කසින ආලෝකය පතුරුවා සිටීද, ඒ මහග්ගත චේතෝ විමුක්තිය වේ. ඒ භික්ෂුව තමා අවට ඇති රුක් දෙකක තුනක පමණ භුමිය පුරා කැසින ආලෝකය පතුරුවයිද, මෙයද මහග්ගත සමාධියයි කියනු ලැබේ.

‘ගෘහපතිය, මේ භික්ෂුව එක් ගමක පමණ භුමිය පුරා කසින ආලෝකය පතුරුවා සිටීද, ඒ මහග්ගත චේතෝ විමුක්තිය වේ. ඒ භික්ෂුව එසේ ගම දෙකක් භුමිය පුරා, ගම තුනක භුමිය පුරා සිය කසිණ ආලෝකය පතුරුවා වාසය කරයිද, ගෘහපතිය, මෙයද මහග්ගත සමාධියයි කියනු ලැබේ.

“ගෘහපතිය, මේ භික්ෂුව යම්තාක් ගම් දෙකක් හෝ තුනක් පමණ තැන් කසිණ නිමිත්තෙන් පතුරුවා වාසය කෙරේද, ගෘහපතිය, මෙයද මහග්ගත සමාධියයි කියනු ලැබේ.

“ගෘහපතිය, මේ භික්ෂුව එක් ප්‍රාන්ත රාජ්‍යයක් පමණ භුමියෙහි කසිණ නිමිත්තෙන් පතුරුවා වාසය කෙරේද, ගෘහපතිය, මෙයද මහග්ගත සමාධියයි කියනුලැබේ. ගෘහපතිය, මේ භික්ෂුව ප්‍රාන්ත රාජ්‍ය දෙකක් තුනක් පමණ තැන් කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේද, ගෘහපතිය, මෙයද මහග්ගත සමාධියයයි කියනු ලැබේ.

“ගෘහපතිය, මේ සස්නෙහි භික්ෂුව යම්තාක් මුහුද කෙළවර කොට ඇති සමස්ත පොළොව සහිත මහා ද්වීපය පුරා සිය කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේද, ගෘහපතිය, මෙයද මහග්ගත සමාධියයයි කියනු ලැබේ. ගෘහපතිය, යම්සේ මේ ධර්මයෝ නානාර්ථද නානා ව්‍යඤ්ජනද එය මේ ආකාරයෙන් දතයුතුයි.

READ MORE

§ 9 “ගෘහපතිය, මෙසේ මහග්ගත විමුක්ති චිත්තය වඩන භික්ෂුවගේ මතු භවයන් නොහොත් ඉපදීම් සතර ආකාරයෙකි.1182
ඒ සතර කවරහුද?

[1182 : මහග්ගත චේතෝ විමුක්තිය වදන භික්ෂුවගේ මතු භවය නිර්ණය කෙරෙන විස්තරය මෙහි වේ.]

(a) ගෘහපතිය, යම් භික්ෂුවක් ස්වල්ප ප්‍රභා රශ්මිය ඇති කසින ආලෝකය පතුරුවා වාසය කෙරේද, හෙතෙම කාය භෙදයෙන්, මරණින් මත්තෙහි පරිත්තාභ දෙවියන් අතර පහල වෙයි..

(b). ගෘහපතිය, යම් භික්ෂුවක් අප්‍රමාණ ප්‍රභා රශ්මි පතුරුවා වාසය කෙරේද, හෙතෙම ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි අප්පමාණාභ දෙවියන් අතර පහල වෙයි..

(c). ගෘහපතිය, යම්ක් භික්ෂුවක් පිරිසිදු කසිණ ආලෝකය රශ්මිය නැත්තේ ඒ සම්පුර්ණ යෙන් පිරිසිදු නොවූ කසින ආලෝකය පතුරමින් වාසය කෙරේද, හෙතෙම ශරීරයාගේ භේදයෙන් මරණින් මතු සංකිලිට්ඨාභ දෙවියන් අතර පහල වෙයි..

(d). ගෘහපතිය, මේ ශාසනයෙහි ඇතැමෙක් පිරිසුදු රශ්මිය ඇත්තේ , ප්‍රභාශ්වර කසිණ ආලෝකය පතුරුවා වාසය කෙරේද, හෙතෙම ශරීරයාගේ භේදයෙන් මරණින් මතු පරිසුද්ධාභ දෙවියන් අතර පහල වෙයි..

ගෘහපතිය, මේ ආලෝක කසිණය වදන භික්ෂුවගේ භවයන් සතර වෙති. 1183.

[1183: අටුවාව මේ ගැන මෙසේ දක්වයි. පරිත්තාභ දෙවියන් හා සන්කිට්ට්හාභ දෙවියන් ය කියා වෙනම දේව හොට්ටාස දෙකක් නැත.මේ අප්පමනාභ දේව කොට්ටාසය තුලම ඇති අනු කාණ්ඩ දෙකකි. පරිත්තාභ දේව ලෝකයේ පහළවන භික්ෂුව දෙවන ධ්‍යාන ඵලය ලබා කසින භාවනාවෙහි පරිචය ලද්දෝය. භික්ශුව ලත් ධ්‍යානයේ ශක්තිය හා කසින ආලෝකයේ ප්‍රභාව ඔහුගේ මතු දේව භාවය නිර්ණය කරයි.]

§ 10. “ගෘහපතිය, යම් විටෙක ඒ දෙවියන් එකට රැස්වන්නාවූ අවස්ථාවෙක් වෙයිද, එකල ඒ දෙවියන්ගේ වර්ණයේ වෙනසක් පෙනෙයි. ඔවුනගේ ප්‍රභාවේ දේව රශ්මියේ වෙනසක් නොපෙනෙයි.

ඒ කෙසේද යත්, ගෘහපතිය, යමෙක් වෙනස් වෙනස් තරමේ පහන් සිළු සහිත පහන් ගණනාවක් කාමරයක් තුල දල්වයිද, ඒ පහන් වල ආලෝකයේ වෙනසක් දක්නට නොහැක. නමුත් ඒ ඒ පහනේ දැල්ලේ ප්‍රමාණයේ වෙනස දැක්ක හැක.

ගෘහපතිය, එපරිද්දෙන් ඒ ඒ දෙවියන් එකට රැස්වන අවස්ථාවක, ඒ දෙවියන්ගේ වර්ණයේ වෙනසක් පෙනේ. ආලෝකයේ , ප්‍රභාවේ වෙනසක් නොපෙනේ.

දැල්ලේ ප්‍රමාණය වෙනස් මිස එලියේ වෙනසක් නැත.

§ 11.  ගෘහපතිය, දෙවියන් ඒ සභාවෙන් විසිර යන අවස්තාවෙහිදීද ඔවුන්ගේ වර්ණයේ, වෙනසක් පෙනේ. ආලෝකයේ වෙනසක්ද පෙනේ. ගෘහපතිය, යම්සේ පුරුෂයෙක් ඒ බොහෝ තෙල් පහන් ඒ ගෙයින් බැහැර කරන්නේද, එයින් බැහැර කරණ ප්‍රදීපයන්ගේ ගිනිසිළුවලද වෙනසක් පෙනේ. ආලෝකයේද වෙනසක් පෙනෙන්නේමය.

“ගෘහපතිය, එපරිද්දෙන්ම ඒ දෙවියන් සභාවෙන් නික්ම යන විට ඔවුන්ගේ වර්ණයේද වෙනසක් පෙනේ. ආලෝකයේද වෙනසක් පෙනෙන්නේය.

§ 12 . ගෘහපතිය, ඒ දෙවියන්ට අපගේ මේ දේව භවය නිත්‍යය කියා හෝ ස්ථිරය කියා හෝ සදාකාලිකය කියා හෝ අදහස් ඇති නොවෙයි. ඒනමුත් ඒ දෙවියෝ ඔවුනගේ දේව ලෝකයේ ඇති උයන් ආදි යම් යම් තැනක වෙසෙත්ද, ඒ දෙවියෝ ඒ ඒ තැන කෙරෙහි ඇළුම් ඇතිව වෙසෙති, ඒ භවයෙහි ඇලෙති. 1184

[1184. තත්‍ර තත්‍රාභි නන්දති. අභි නන්දති – අභි වඩති,- අජෝ සය තිට්ඨති ]

කෙසේද යත්, ගෘහපතිය, යම්සේ කදකින් හෝ පැසැකින් ගෙන යනු ලබන්නාවූ මැස්සන්ට අපගේ මේ ස්ථානය නිත්‍යය කියා හෝ ස්ථිරය කියා හෝ සදාකාලිකය කියා හෝ අදහසක් නැතත්, යම් තැනක ඒ මැස්සෝ වෙත්ද, ඒ ඒ තැන උන් ඇලෙති.

ගෘහපතිය, එපරිද්දෙන්ම ඒ දෙවියන්ට අපගේ මේ ස්ථානය නිත්‍යය කියා හෝ ස්ථිරය කියා හෝ සදාකාලිකය කියා හෝ අදහස් නොවෙයි. යි. ඒ නමුත් යම් යම් තැනක ඒ දෙවියෝ වෙසෙත්ද, ඒ දෙවියෝ ඒ ඒ තැනට ඇලෙති.”

§ 13 . අනුරුද්ධ ස්වාමින් වහන්සේ මෙසේ ප්‍රකාශ කළ කල්හි ආයුෂ්මත් සභිය කච්චායන නම් ස්ථවිරයන් ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්ට මෙසේ සැලකළේය.

“ස්වාමීනි, අනුරුද්ධයන් වහන්ස , මැනවි. මෙහිදී මවිසින් තවත් ඇසිය යුත්තක් ඇත.
ස්වාමීනි, යම් දෙවියෝ ආලෝක ඇත්තාහු වෙත්ද, ඒ සියල්ලෝ ස්වල්ප ආලෝකය ඇත්තාහුද, නැතහොත් ඇතැම් දෙවියෝ අප්‍රමාණවූ ආලෝකය ඇත්තාහු වෙත්ද? ඇතැම්හු අල්ප ආලෝක ඇත්තෝ වේද ” කියායි.

§ 14 “ඇවැත්නි, කච්චායනය, ඒ දේව භවය ලබන්නට හේතු වූ කර්මයන්ගේ මහත් බව හෝ අල්ප බව අනුව ඇතැම් දෙවියෝ ස්වල්ප ආලෝක ඇත්තාහු වෙති., ඇතැම් දෙවියෝ අප්‍රමාණවූ ආලෝක ඇත්තාහු වෙති.

“ස්වාමීනි, අනුරුද්ධ ස්ථවිරයන් වහන්ස, එකම දිව්‍ය නිකායක උපන් දේවතාවන් අතුරෙන් සමහර දේවතාවන් ස්වල්ප ආලෝක ඇත්තවුන් වීමටත්, මෙහි සමහර දේවතාවන් අප්‍රමාණවූ ආලෝක ඇත්තවුන් වීමටත් හේතු කවරේද?

“ඇවැත්නි, කච්චායනය, එසේවී නම් මා යමක් ඔබගෙන්ම විචාරන්නෙමි. යම්සේ නුඹට වැටහෙන ආකාරයට ප්‍රකාශ කළ මැනව.

ඇවැත්. කච්චායනය, යම් භික්ෂුවක් එක් රුක්මුලක් පමණ තැනක කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේද , අනෙක් භික්ෂුවක් රුක්මුල් දෙකක් හෝ තුනක් පමණ තැන කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේද, මේ චිත්ත භාවනා දෙක අතුරෙන් කිනම් චිත්ත භාවනාවක් උසස් යැයි ඔබ සිතන්නේද ?

“ස්වාමීනි, රුක්මුල් දෙකක් තුනක් පමණ තැන් කසිණ නිමිත්ත පතුරුවා වාසය කරණ භික්ෂුවගේ චිත්ත භාවනාව එක රුක් මුලක පමණ තැන කසින ආලෝකය පතුරන භික්ෂුවගේ චිත්ත භාවනාවට වඩා වැඩි ය.”

“ඇවැත්නි, කච්චායනය, යම් භික්ෂුවක් එසේ රුක්මුල් දෙකක් හෝ තුනක් පමණ තැන කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේද , අනෙක් භික්ෂුවක් එක් ගමක් පමණ තැන් කසිණ නිමිත්ත පතුරුවා, වාසය කෙරේ නම් ඒ කුමකැයි සිතන්නෙහිද?
මේ චිත්ත භාවනා දෙක අතුරෙන් කවර චිත්ත භාවනාවක් ඉතා උසස්ද?

“ස්වාමීනි, යම් භික්ෂුවක් එක් ගමක් පමණ තැන කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේ නම් මෙය, මේ චිත්ත භාවනා දෙක අතුරෙන් ඉතා උසස්ය.

“ඇවැත්නි, කච්චායනය, යම් භික්ෂුවක් එක් ගමක් පමණ තැන කසිණ නිමිත්ත පතුරුවා, වාසය කෙරේ ද , අනෙක් භික්ෂුවක් , ගම් දෙකක් හෝ තුනක් පමණ තැන් කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේ නම් මේ කුමකැයි හඟින්නෙහිද? මේ චිත්ත භාවනා දෙක අතුරෙන් කිනම් චිත්ත භාවනාවක් ඉතා උසස්ද?

“ස්වාමීනි, යම් භික්ෂූවක් ගම් දෙකක් හෝ තුනක් පමණ තැන කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේ නම් මේ චිත්ත භාවනා දෙක අතුරෙන් මෙය, ඉතා උසස්ය.

“ඇවැත්නි, කච්චායනය, මේ භික්ෂුවක් ගම් දෙකක් හෝ තුනක් පමණ තැන කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේ නම්, අනෙක් භික්ෂුවක් එක් ප්‍රාන්ත රාජ්‍යයක් පමණ භුමියේ කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේ නම් ඒ කුමකැයි හඟින්නෙහිද? මේ චිත්ත භාවනා දෙක අතුරෙන් කවර චිත්ත භාවනාවක් ඉතා උසස්ද?

“ස්වාමීනි, යම් මේ භික්ෂුවක් ප්‍රාන්ත රාජ්‍යයක් පමණ තැන කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේද, මේ චිත්ත භාවනා දෙක අතුරෙන් මෙය ඉතා උසස්ය.

“ඇවැත්නි, කච්චායනය, ඒ කුමකැයි හඟින්නෙහිද? යම් භික්ෂුවක් එක් ප්‍රාන්ත රාජ්‍යයක් පමණ තැන කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේද, අනෙක් භික්ෂුවක් දෙතුන් ප්‍රාන්ත රාජ්‍යයන් පමණ තැන කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේද, මේ චිත්ත භාවනා දෙක අතුරෙන් කවර චිත්ත භාවනාවක් ඉතා උසස්ද?

“ස්වාමීනි, යම් මේ භික්ෂුවක් යම්තාක් දෙතුන් මහාරාජ්‍යයක් පමණ තැන කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේ නම් මෙය මේ චිත්ත භාවනා දෙක අතුරෙන් ඉතා උසස්ය.

“ඇවැත්නි, කච්චායනය, ඒ කුමකැයි හඟින්නෙහිද? යම් භික්ෂුවක් දෙතුන් ප්‍රාන්ත රාජ්‍යයක් පමණ තැන් කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේද, අනෙක් භික්ෂුවක් යම්තාක් මුහුද කෙළවරකොට ඇති පොළොව පමණ තැන කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේද, මේ චිත්ත භාවනා දෙක අතුරෙන් කිනම් චිත්ත භාවනාවක් ඉතා උසස්ද? “

“ස්වාමීනි, යම් මේ භික්ෂුවක් යම්තාක් මුහුද කෙළවරකොට ඇති පොළොව පමණ තැන කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේ නම් මෙය මේ චිත්ත භාවනා දෙක අතුරෙන් ඉතා උසස්ය.

“ඇවැත්නි, කච්චායනය, යම්හෙයකින් එකම දිව්‍ය යෝනියක උපන් මේ දේවතාවන් අතුරෙන් ඇතැම් දෙවියෝ ස්වල්ප ආලෝක ඇත්තාහුද ඇතැම් දෙවියෝ අප්‍රමාණ ආලෝක ඇත්තාහුද මේ ඊට හේතුවය, මේ ප්‍රත්‍යයය ”

§ 15 . “ස්වාමීනි, අනුරුද්ධ ස්ථවිරයන් වහන්ස, මැනවි. මෙහිදී මා විසින් තවත් ඇසිය යුත්තක් ඇත.
“ස්වාමීනි, ඒ පරිත්තාභ දෙවියෝ අතර සියල්ලෝ අපිරිසිදු ආලෝක ඇත්තාහුද, ඒ සියල්ලෝ අපිරිසිදු ආලෝක ඇත්තාහුද? නැතහොත් සමහර දෙවියෝ පිරිසිදු ආලෝක ඇත්තාහු වෙත්ද?

“ඇවැත්නි, කච්චායනය, භවයට හේතුවූ ඒ ඒ කරුණු වශයෙන් මෙහි ඇතැම් දෙවියෝ අපිරිසිදු ආලෝක ඇත්තෝ වෙති. ඇතැම් දෙවියෝ පිරිසිදු ආලෝක ඇත්තෝ වෙති.

§ 16 . “ස්වාමීනි, අනුරුද්ධ ස්ථවිරයන් වහන්ස, යම්හෙයකින් එකම දිව්‍යයෝනියක උපන් ඒ දෙවියන් අතුරෙන් මෙහි සමහර පරිත්තාභ දෙවියෝ අපිරිසිදු ආලෝක ඇත්තාහු වෙත්ද, මෙහි සමහර දෙවියෝ පිරිසිදු ආලෝක ඇත්තාහු වෙත්ද ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?

“ඇවැත්නි, කච්චායනය, එසේ වීනම් ඔබට උපමාවක් දක්වන්නෙමි. මේ ලෝකයෙහි ඇතැම් නුවණැති පුරුෂයෙක් උපමාවෙන්ද දේශනා කරන ධර්මයාගේ අර්ථ දැනගනී.

ඇවැත්නි, කච්චායනය, දැල්වෙන්නාවූ තෙල් පහනේ තෙල් යම්සේ අපිරිසුදුද, වැටියත් අපිරිසුදුද, තෙලුත් අපිරිසුදු බැවින් වැටියත් අපිරිසුදු බැවින් ඒ එළිය ඉතා අඳුරක් මෙන් දැල්වෙයි.

ඇවැත්නි, කච්චායනය, එපරිද්දෙන්ම මේ ලෝකයෙහි ඇතැම් භික්ෂුවක් පිරිසුදු නොවූ කසින ආලෝකය පතුරුවා වාසය කෙරේද,
ඔහුගේ කයේ අලස භාවයද හොඳහැටි සංසිඳුනේ නොවෙයි.
ථීනමිද්ධයද උදුරා නොදමන ලද්දේ වෙයි.
උද්ධච්චකුක්කුච්චයද මනාකොට නොහික්මවන ලද්දේ වෙයි.
හෙතෙම කයේ අලස භාවය නොසංසිඳුවන ලද බැවින්ද, ථිනමිද්ධය උදුරා නොදමන ලද බැවින්ද, උද්ධච්චකුක්කුච්චය නොහික්මවන ලද බැවින් ද අඳුරුවූවක් මෙන් අරමුණ බලයි. හෙතෙම කායයාගේ භේදයෙන් මරණින් මතු සංකිලිට්ඨාභ දෙවියන් අතර පහල වෙයි.

“ඇවැත්නි, කච්චායනය, තෙල් පහනේ තෙල් පිරිසුදුද, වැටියත් පිරිසුදුද, ඒ පහනේ ආලෝකය තෙල් පිරිසුදු බැවින් වැටිය පිරිසුදු බැවින් අඳුරක් නැතිව දැල් වෙයි.

ඇවැත්නි, කච්චායනය, එපරිද්දෙන්ම මේ ලෝකයෙහි ඇතැම් මහණෙක් පිරිසුදු ආලෝකය ඇත්තේයයි කසිණ නිමිත්ත පතුරුවා වාසය කෙරේද
ඔහුගේ කයේ අලස භාවයද සංසිඳුවන ලද්දේ වෙයි.
ථීනමිද්ධයත් උදුරාදමන ලද්දේ වෙයි.
උද්ධච්චකුක්කුච්චය හික්මවන ලද්දේ වෙයි.
හෙතෙම කයේ අලස භාවය සංසිඳුවන ලද බැවින්ද, ථිනමිද්ධය උදුරා දමන ලද බැවින්ද, උද්ධච්චකුක්කුච්චය හික්මවන ලද බැවින්ද, අන්ධවූවෙක් මෙන් අරමුණ නොබලයි. හෙතෙම කායයාගේ භේදයෙන් මරණින් මතු පරිසුද්ධාභ දෙවියන් හා එක්වීමට පැමිණෙයි..

“ඇවැත්නි, කච්චායනය, යම්හෙයකින් එකම දිව්‍ය නිකායෙහි උපන් ඒ දෙවියන් අතුරෙන් ඇතැම් දෙවියෝ අපිරිසුදු ආලෝක ඇත්තාහු වෙත්ද, ඇතැම් දෙවියෝ පිරිසුදු ආලෝක ඇත්තාහු වෙත්ද, මෙය ඊට හේතුවයි. මෙය ඊට ප්‍රත්‍යයයි.

§ 17 . එසේ කීකල්හි ආයුෂ්මත් සභිය කච්චායන භික්ෂුන් ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්ට මෙසේ කීය.

“ස්වාමීනි, අනුරුද්ධ ස්ථවිරයන් වහන්ස, යහපති.
ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ “මා විසින් මෙසේ අසනලදී” කියා හෝ “මෙසේ වීමට ඉඩ ඇත ” යයි කියා හෝ නොකීහ. එහෙත් ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ ඒ දේවතාවෝ මෙසේද වෙත්, ඒ දේවතාවෝ මෙසේද වෙත් යනුවෙන් ස්ථිරවම කියන්නාහ.

ස්වාමීනි, ඒ කාරණය ගැන මට මෙසේ සිතෙයි. ඒකාන්තයෙන් ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ ඒ දේවතාවන් හා පෙර කලෙක ඇසුරක් වී ඇතැයි ද, ඔවුන් සමග කථා කරන ලදහයිද සාකච්ඡා කළහයිද කියායි. “1185

[1185:- සභිය භික්ෂුවගේ මේ ප්‍රකාශය නුසුදුසු හා ග්‍රාම්‍ය එකක් බව සඳහන්වන්නේ, තවත් කෙනෙකුගේ අධ්‍යාත්මික වර්ධනය ගැන වෙනත් කෙනෙකු විසින් ඇසීම නොසුදුසු නිසාය. ආයුෂ්මත් අනුරුද්ධ රහතුන් වහන්සේ පෙර භවයන් තුන් සියයකදීම ගිහි ගේ හැර මහණව පාරමී දම් පුරමින් සිට මේ අනුරුද්ධ භවයට පෙර බ්‍රහ්ම ලෝකයක බොහෝ කලක් හුන් බව අටුවාව කියයි.]

“ඇවැත් කච්චායනය, ඒකාන්තයෙන් ඔබ විසින් නොකියයුතු වචනයක් කියන ලදී. එහෙත් ඔබට මම මෙසේ ප්‍රකාශ කරන්නෙමි. ඇවැත්නි, කච්චායනය, මා විසින් බොහෝ කාලයක් මුලුල්ලෙහි ඒ දෙවියන් සමඟ එකට වසන ලද විරූය. කථා කරන ලද්දේය. සාකච්ඡා කරන ලද්දේය .”

§ 18. එසේ කීකල්හි ආයුෂ්මත් සභිය කච්චායනයන් , පඤ්චකංග නම් වඩුවාට මෙසේ කීය.

” වඞ්ඪකිය තොපට ඉමහත් ලාභයක් විය. වඞ්ඪකිය, තොපට යහපත් ලාභයක් විය. තොපගේ යම් සැකයක් වීනම් ඒ සැකයද දුරු කළාහුය. අපිද යම් මේ ධර්ම ක්‍රමයක් ඇසීමට ලැබීමු” යනුයි.

AN 04-02 චර වග්ගය

AN 04-02 -01. චරතො උප්පජ්ජති සූත්‍රය
AN 04-02 -02. සීලසුත්තං
AN 04-02 -03. පධානසුත්තං
AN 04-02 -04. සංවරසුත්තං
AN 04-02 -05. පඤ්ඤත්තිසුත්තං
AN 04-02 -06. සොඛුම්මසුත්තං
AN 04-02 -07. පඨමඅගතිසුත්තං
AN 04-02 -08. දුතියඅගතිසුත්තං
AN 04-02 -09. තතියඅගතිසුත්තං
AN 04-02 -10. භත්තුද්දෙසකසුත්තං
AN 04-02 -01. චරතො උප්පජ්ජති සූත්‍රය.

“මහණෙනි, ඉදින් භික්‍ෂුවක් සක්මන් කරත්දී “කාම විතර්‍කයක් හෝ ව්‍යාපාද විතර්‍කයක් හෝ විහිංසා විතර්‍කයක් හෝ උපදීද, එවිට ඒ භික්‍ෂුව එය ඉවසයිද, අත් නොහරියිද, දුරු නොකරයිද, පහ නොකරයිද, එය දුරු නොකරයිද,

“මහණෙනි, සක්මන් කරන්නාවූ භික්ෂුව ට “කාම විතර්‍කයක් හෝ ව්‍යාපාද විතර්‍කයක් හෝ විහිංසා විතර්‍කයක් හෝ උපදුන කල ඔහුට , කෙලෙස් තවන වීර්‍ය්‍යය නැත්තේද, “උපවාද භය නැත්තේද, තිරන්තරයෙන් මෙසේවූ භික්‍ෂුව, කුසීතවූ, වීර්‍ය්‍යය හීන ඇත්තෙකැ’යි කියනු ලැබේ.

“මහණෙනි, සිටිනා ඉරියව්ව පවත්වන භික්‍ෂුවටද, කාම විතර්‍කයක් හෝ ව්‍යාපාද විතර්‍කයක් හෝ විහිංසා විතර්‍කයක් හෝ උපදී විට , භික්‍ෂුව එය ඉවසයිද, අත් නොහරියිද, දුරු නොකරයිද, පහ නොකරයිද, වැඩීම නොවලකයි ද, ඔහු කෙලෙස් තවන වීර්‍ය්‍යය නැත්තේද, උපවාද භය නැත්තේද, නිතර තිරන්තරයෙන් මෙසේවූ භික්‍ෂුව, කුසීතවූ, වීර්‍ය්‍යය හීන ඇත්තෙකැ’යි කියනු ලැබේ.

“මහණෙනි, පර්යන්කයේ වැඩහුන් භික්‍ෂුවට, කාම විතර්‍කයක් හෝ ව්‍යාපාද විතර්‍කයක් හෝ විහිංසා විතර්‍කයක් හෝ උපදීද, භික්‍ෂුවද එය ඉවසයිද, අත් නොහරියිද, දුරු නොකරයිද, පහ නොකරයිද, වැඩීම නොවලකයි ද, ඔහු කෙලෙස් තවන වීර්‍ය්‍යය නැත්තේද, උපවාද භය නැත්තේද, නිතර තිරන්තරයෙන් මෙසේවූ භික්‍ෂුව, කුසීතවූ, වීර්‍ය්‍යය හීන ඇත්තෙකැ’යි කියනු ලැබේ.

“මහණෙනි, වැතිර ඉන්වූනාවූ භික්‍ෂුවට, කාම විතර්‍කයක් හෝ ව්‍යාපාද විතර්‍කයක් හෝ විහිංසා විතර්‍කයක් හෝ උපදීද, භික්‍ෂුවද එය ඉවසයිද, අත් නොහරියිද, දුරු නොකරයිද, පහ නොකරයිද, වැඩීම නොවලකයි ද, ඔහු කෙලෙස් තවන වීර්‍ය්‍යය නැත්තේද, උපවාද භය නැත්තේද, නිතර තිරන්තරයෙන් මෙසේවූ භික්‍ෂුව, කුසීතවූ, වීර්‍ය්‍යය හීන ඇත්තෙකැ’යි කියනු ලැබේ.

“මහණෙනි, සක්මන් කරණ භික්‍ෂුවට,
“කාම විතර්‍කයක් හෝ ව්‍යාපාද විතර්‍කයක් හෝ විහිංසා විතර්‍කයක් හෝ උපදීද, භික්‍ෂුව එය නොඉවසයිද, අත් හරියිද, දුරු කරයිද, පහ කරයිද, වැඩීම වලකයි ද, ඒ , සක්මන් කරන්නාවූ භික්‍ෂුවට කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේයැයිද, “උපවාද භය ඇත්තේයැයිද, කියනු ලැබේ. නිරන්තරයෙන් මෙසේ වූ භික්‍ෂුව පටන්ගන්නාලද වීර්‍ය්‍යය ඇත්තේ නිවන කරා යවන ලද ශක්තිය ඇත්තේයයි කියනු ලැබේ.

“මහණෙනි, සිටිවනම සිටි භික්‍ෂුවට, කාම විතර්‍කයක් හෝ ව්‍යාපාද විතර්‍කයක් හෝ විහිංසා විතර්‍කයක් හෝ උපදීද, භික්‍ෂුව එය නොඉවසයිද, අත් හරියිද, දුරු කරයිද, පහවූවක් කරයිද, වැඩීමට නොයවයිද,

“මහණෙනි, සිටියේම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේද, උපවාද භය ඇත්තේද, නිතර නිරන්තරයෙන් මෙසේවූ භික්‍ෂුව පටන්ගන්නාලද වීර්‍ය්‍යය ඇත්තේ නිවන කරා යවන ලද ශක්තිය ඇත්තේයයි කියනු ලැබේ.

“මහණෙනි, හිඳගත් භික්‍ෂුවට, කාම විතර්‍කයක් හෝ ව්‍යාපාද විතර්‍කයක් හෝ විහිංසා විතර්‍කයක් හෝ උපදීද, භික්‍ෂුව එය නොඉවසයිද, අත් හරියිද, දුරු කරයිද, පහ කරයිද, වැඩීම වලකයි ද, ඔහු කෙලෙස් තවන වීර්‍ය්‍යය නැත්තේද, උපවාද භය නැත්තේද, නිතර තිරන්තරයෙන් මෙසේවූ භික්‍ෂුව, කුසීතවූ, වීර්‍ය්‍යය හීන ඇත්තෙකැ’යි කියනු ලැබේ.

“මහණෙනි, සයනය කරමින් නිදි දුරු කරණ භික්‍ෂුවට, කාම විතර්‍කයක් හෝ ව්‍යාපාද විතර්‍කයක් හෝ විහිංසා විතර්‍කයක් හෝ උපදීද, භික්‍ෂුව එය නොඉවසයිද, අත් හරියිද, දුරු කරයිද, පහවූවක් කරයිද, වැඩීමට නොයවයිද, “මහණෙනි, සයනය කරන්නේම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේද, උපවාද භය ඇත්තේද, නිතර නිරන්තරයෙන් මෙසේවූ භික්‍ෂුව පටන්ගන්නාලද වීර්‍ය්‍යය ඇත්තේ නිවන කරා යවන ලද ශක්තිය ඇත්තේයයි කියනු ලැබේ. .

“සක්මන් කරමින් හෝ, ඉදින් සිටිමින් හෝ, හිඳිමින් හෝ නොහොත් සයනය කරමින් හෝ යමෙක් ලාමකවූ, ක්ලේශ නිශ්‍රිතවූ, විතර්‍කයක් සිතයිද, මුළාව උපදවන අරමුණු කෙරෙහි මුළාවූ, නපුරු මාර්‍ගයට පිළිපන් එබඳු භික්‍ෂුව උතුම් සම්බෝධිය ස්පර්‍ශ කරන්නට සුදුසු නොවේ.

යමෙක් තෙම සක්මන් කරමින් හෝ සිටිමින් හෝ හිඳිමින් හෝ නොහොත් සයනය කරමින් හෝ විතර්‍කය සංසිඳුවා, විතර්‍කයන් ව්‍යපසමණය කිරීමෙහි යෙදුනු භික්‍ෂුව උතුම් සම්බෝධිය ස්පර්‍ශ කිරීමට සුදුසු වෙයි.”

AN 04-02 -02. සම්පන්න සීල සූත්‍රය .

“මහණෙනි, සම්පූර්‍ණ සිල් ඇත්තෝව, සම්පූර්‍ණ ප්‍රාතිමොක්‍ෂ ඇත්තෝව වාසය කරව්. ප්‍රාතිමොක්‍ෂ සංවර සීලයෙන් යුක්තව වාසය කරව්. ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තවූවාහු, ස්වල්ප මාත්‍ර වරදෙහි භය දක්නා සුළුව, සියලු ශික්‍ෂා පදයන් දැඩිව සමාදන්ව හික්මෙව්. මහණෙනි, සම්පූර්‍ණ සිල් ඇත්තෝව වාසය කරන්නාවූ, සම්පූර්‍ණ ප්‍රාතිමොක්‍ෂ ඇති, ප්‍රාතිමොක්‍ෂ සංවරයෙන් සංවරණයවී වාසය කරන්නාවූ, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තවූ, ස්වල්ප මාත්‍ර වරදෙහි භය දක්නා සුළුව, ශික්‍ෂා පදයන් දැඩිව ගෙන හික්මෙන්නාවූ තොප විසින් මත්තෙහි කුමක් කටයුතු වන්නේද?

“මහණෙනි, ඉදින් සක්මන් කරන්නාවූ භික්‍ෂුවට,
“අභිධ්‍යාව හා ව්‍යාපාදය පහවූයේ වේද, ථීනම්ද්‍ධය, උද්‍ධච්ච කුක්කුච්චය, විචිකිච්ඡාව ප්‍රහීණවූවාහු වෙත්ද, වීර්‍ය්‍ය පටන්ගන්නා ලද්දේද, නොහැකුළුණේද, සිහිය එළඹ සිටියාද, නොමුළාවූවාද, කය සංසිඳුණේද, දාහ නැත්තේද, සිත සමාහිත වූයේද, එකඟ වූයේද, “මහණෙනි, සක්මන් කරන්නාවූ භික්‍ෂුව කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, “උපවාදයට භය ඇත්තේ, නිතර නිරන්තරයෙන් පටන්ගන්නාලද වීර්‍ය්‍යය ඇත්තේ, නිවන කරා යවන ලද ආත්මභාවය ඇත්තේයයි කියයි.

“මහණෙනි, ඉදින් සිටි භික්‍ෂුවට, අභිධ්‍යාව හා ව්‍යාපාදය පහවූයේ වේද, ථීනම්ද්‍ධය, උද්‍ධච්ච කුක්කුච්චය, විචිකිච්ඡාව ප්‍රහීණවූවාහු වෙත්ද, වීර්‍ය්‍ය පටන්ගන්නා ලද්දේද, නොහැකුළුණේද, සිහිය එළඹ සිටියාද, නොමුළාවූවාද, කය සංසිඳුණේද, දාහ නැත්තේද, සිත සමාහිත වූයේද, එකඟ වූයේද,

“මහණෙනි, මෙබඳුවූ සිටි භික්‍ෂුව කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, උපවාදයට භය ඇත්තේ, නිතර නිරන්තරයෙන් පටන්ගන්නාලද වීර්‍ය්‍යය ඇත්තේ, නිවන කරා යවන ලද ආත්මභාවය ඇත්තේයයි කියයි. “මහණෙනි, හිඳගත් භික්‍ෂුවට, අභිධ්‍යාව හා ව්‍යාපාදය පහවූයේ වේද, ථීනම්ද්‍ධය, උද්‍ධච්ච කුක්කුච්චය, විචිකිච්ඡාව ප්‍රහීණවූවාහු වෙත්ද, වීර්‍ය්‍ය පටන්ගන්නා ලද්දේද, නොහැකුළුණේද, සිහිය එළඹ සිටියාද, නොමුළාවූවාද, කය සංසිඳුණේද, දාහ නැත්තේද, සිත සමාහිත වූයේද, එකඟ වූයේද,

“මහණෙනි, මෙසේවූ හිඳගත් භික්‍ෂුව, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, “උපවාදයට භය ඇත්තේ, නිතර නිරන්තරයෙන් පටන්ගන්නාලද වීර්‍ය්‍යය ඇත්තේ, නිවන කරා යවන ලද ආත්මභාවය ඇත්තේයයි කියයි. “මහණෙනි, සයනය කරමින් නොනිඳා සිටින භික්‍ෂුවට, “අභිධ්‍යාව හා ව්‍යාපාදය පහවූයේ වේද, ථීනම්ද්‍ධය, උද්‍ධච්ච කුක්කුච්චය, විචිකිච්ඡාව ප්‍රහීණවූවාහු වෙත්ද, වීර්‍ය්‍ය පටන්ගන්නා ලද්දේද, නොහැකුළුණේද, සිහිය එළඹ සිටියාද, නොමුළාවූවාද, කය සංසිඳුණේද, දාහ නැත්තේද, සිත සමාහිත වූයේද, එකඟ වූයේද,

“මහණෙනි, මෙසේවූ සයනය කරමින් නිදි දුරු කරන්නාවූ භික්‍ෂුව, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, උපවාදයට භය ඇත්තේ, නිතර නිරන්තරයෙන් පටන්ගන්නාලද වීර්‍ය්‍යය ඇත්තේ, නිවන කරා යවන ලද ආත්මභාවය ඇත්තේයයි කියයි. “භික්‍ෂුව යම් විධියකින් හැසිරෙන්නේද, යම් විධියකින් සිටින්නේද, යම් විධියකින් හිඳින්නේද, යම් විධියකින් සයනය කරන්නේද, යම් විධියකින් අත් පා හකුළුවන්නේද, යම් විධියකින් අත් පා දිග හරින්නේද, ලෝකයාගේ ඉපදීම යම්තාක්ද, ඒතාක් උඩ, මැද, යට පඤ්ච සම්බන්‍ධ කර්‍මයන්ගේ උදයව්‍යය බලන හැම කල්හි, සිහි චිත්ත සමථයට ගැලපෙන ප්‍රතිපදාවට අනුව හික්මෙන එබඳු භික්‍ෂුව නිරන්තරයෙන් බැහැර කළ ආත්මය ඇත්තේයයි කීහු.”

AN 04-02 -03. සම්මප්පධාන සූත්‍රය

“මහණෙනි, උතුම් වීර්‍ය්‍යයෝ මේ සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්?

“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම, නූපන් ලාමක අකුශල ධර්‍මයන්ගේ නොඉපදීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්‍ය්‍යය පටන් ගනීද, සිත යොදවයිද, ප්‍රධන් වීර්‍ය්‍යය කරයිද, උපන් ලාමක අකුශල ධර්‍මයන් ප්‍රහාණය කිරීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්‍ය්‍යය පටන් ගනීද, සිත යොදවයිද, ප්‍රධන් වීර්‍ය්‍යය තරයිද, නූපන් කුශල ධර්මයන් ඉපදවීම පිණිස, කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්‍ය්‍යය පටන් ගනීද, සිත යොදවයිද, ප්‍රධන් වීර්‍ය්‍යය කරයිද, උපන් කුශල ධර්මයන්ගේ ස්ථිතිය පිණිස, නොමුළාබව පිණිස, වැඩීම පිණිස, විපුලත්‍වයට යාම පිණිස, භාවනාවෙන් සම්පූර්‍ණවීම පිණිස, සිත උපදවයිද, වෑයම් කරයිද, වීර්‍ය්‍යය පටන් ගනීද, සිත යොදවයිද, ප්‍රධන් වීර්‍ය්‍යය තරයිද, මහණෙනි, මේ සතර සම්‍යක් ප්‍රධානයෝයි.

“සම්‍යක් ප්‍රධානයෝ වට්ට නම් මාර ධෙය්‍යයන් ඉක්මවා සිටියාහ. ජාති මරණ භය යන්ගේ පරතෙරට ගිය, (ඉන් යුක්ත) ක්‍ෂීණාශ්‍රවයෝ අනිශ්‍රිතයෝය. සේනා සහිත මාරයා නසා සිටි ඒ ක්‍ෂීණාශ්‍රවයෝ සතුටට පැමිණියහ. මාර බලය ඉක්මවා සිටි ඔවුහු, තෘෂ්ණා නම් ඒජා නැත්තොය. ඔවුහු සැපයෙන් යුක්තවූහ.

AN 04-02 -04. පධාන චතුක්ක සූත්‍රය

පුජ්‍ය දෙහිපේ චන්දවිමල හිමිගේ සුත්‍ර විවරණය

“මහණෙනි, වීර්‍ය්‍ය සතරෙකි. කවර සතරක්ද යත්?

“(i) .සංවර ප්‍රධානය,
(ii). ප්‍රහාණ ප්‍රධානය,
(iii).භාවනා ප්‍රධානය,
(iv) අනුරක්‍ෂණ ප්‍රධානය, යන සතරයි.

(i) “මහණෙනි, සංවර ප්‍රධානය කවරේද?

මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ඇසින් රූපයක් දැක,
“නිමිති වශයෙන් නොගන්නේ ද, අනුව්‍යඤ්ජන වශයෙන් නොගන්නේ , යම් කාරණයකින් චක්‍ෂුරින්‍ද්‍රියයෙහි අසංවරව හැසිරෙන්නහු වෙත අභිධ්‍යා, ව්‍යාපාද සංඛ්‍යාත ලාමක අකුශල ධර්මයන් නැවත, නැවත පහළවන්නාහුද, ඔහු චක්ෂු ඉන්ද්‍රියේ සංවරය පිණිස පිළිපදී. චක්‍ෂුරින්‍ද්‍රියය රකී. චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. “

“කණින් ශබ්දයක් අසා නිමිති වශයෙන් නොගන්නේද, අනුව්‍යඤ්ජන වශයෙන් නොගන්නේ ද, යම් කාරණයකින් සොතෙන්‍ද්‍රියයෙහි අසංවරව හැසිරෙන්නහු වෙත අභිධ්‍යා, ව්‍යාපාද සංඛ්‍යාත ලාමක අකුශල ධර්මයන් නැවත, නැවත පහළවන්නාහුද, ඔහුගේ සංවරය පිණිස පිළිපදී. සොතෙන්‍ද්‍රියය රකී. සොතෙන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි.

“නාසයෙන් ඝණධයක් ආඝ්‍රාණය කොට නිමිති නොගන්නේ වේද, අනුව්‍යඤ්ජන නොගන්නේ වේද, යම් කාරණයකින් ඝානෙන්‍ද්‍රියයෙහි අසංවරව හැසිරෙන්නහු වෙත අභිධ්‍යා, ව්‍යාපාද සංඛ්‍යාත ලාමක අකුශල ධර්මයන් නැවත, නැවත පහළවන්නාහුද, ඔහුගේ සංවරය පිණිස පිළිපදී. ඝානෙන්‍ද්‍රියය රකී. ඝානෙන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි.

“දිවෙන් රසයක් විඳ නිමිති නොගන්නේ වේද, අනුව්‍යඤ්ජන නොගන්නේ වේද, යම් කාරණයකින් ජීවෙන්‍ද්‍රියයෙහි අසංවරව හැසිරෙන්නහු වෙත අභිධ්‍යා, ව්‍යාපාද සංඛ්‍යාත ලාමක අකුශල ධර්මයන් නැවත, නැවත පහළවන්නාහුද, ඔහුගේ සංවරය පිණිස පිළිපදී. ජීවෙන්‍ද්‍රියය රකී. ජීවෙන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි.

“කයින් පහසක් විඳ නිමිති නොගන්නේ වේද, අනුව්‍යඤ්ජන නොගන්නේ වේද, යම් කාරණයකින් කායෙන්‍ද්‍රියයෙහි අසංවරව හැසිරෙන්නහු වෙත අභිධ්‍යා, ව්‍යාපාද සංඛ්‍යාත ලාමක අකුශල ධර්මයන් නැවත, නැවත පහළවන්නාහුද, ඔහුගේ සංවරය පිණිස පිළිපදී. කායෙන්‍ද්‍රියය රකී. කායෙන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි.

“සිතින් ධර්‍මයක් දැන නිමිති නොගන්නේ වේද, අනුව්‍යඤ්ජන නොගන්නේ වේද, යම් කාරණයකින් මනෙන්‍ද්‍රියයෙහි අසංවරව හැසිරෙන්නහු වෙත අභිධ්‍යා, ව්‍යාපාද සංඛ්‍යාත ලාමක අකුශල ධර්මයන් නැවත, නැවත පහළවන්නාහුද, ඔහුගේ සංවරය පිණිස පිළිපදී. මනෙන්‍ද්‍රියය රකී. මනෙන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි.

(ii) “මහණෙනි, ප්‍රහාණ ප්‍රධානය කවරේද?


මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම උපන් කාම විතර්‍කය නොඉවසයිද, දුරුකරයිද, අත්හරියිද, පහවූවක් කරයිද, අභාවයට පමුණුවයිද,
උපන් ව්‍යාපාද විතර්‍කය නොඉවසයිද, දුරුකරයිද, අත්හරියිද, පහවූවක් කරයිද, අභාවයට පමුණුවයිද, උපන් විහිංසා විතර්‍කය නොඉවසයිද, දුරුකරයිද, අත්හරියිද, පහවූවක් කරයිද, අභාවයට පමුණුවයිද,
උපනුපන් ලාමක අකුශල ධර්‍මයන් නොඉවසයිද, දුරුකරයිද, අත්හරියිද, පහවූවක් කරයිද, අභාවයට පමුණුවයිද, මහණෙනි, මේ ප්‍රහාණ ප්‍රධානයයි කියනු ලැබේ.

(iii) “මහණෙනි, භාවනා ප්‍රධානය කවරේද?

“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම විවේක සංඛ්‍යාත නිවන ඇසුරුකළ, නිරෝධ සංඛ්‍යාත නිවන ඇසුරුකළ, විදර්‍ශනාවය මාර්‍ගය දෙසට නැමුණු “ස්මෘති සම්බොජ්ඣඞගය වඩයි.

“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම විවේක සංඛ්‍යාත නිවන ඇසුරුකළ, නිරෝධ සංඛ්‍යාත නිවන ඇසුරුකළ, විදර්‍ශනාවය මාර්‍ගය දෙසට නැමුණු, ධර්‍මවිචය සම්බොජ්ඣඞ්ගය වඩයි.

මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම විවේක සංඛ්‍යාත නිවන ඇසුරුකළ, නිරෝධ සංඛ්‍යාත නිවන ඇසුරුකළ, විදර්‍ශනාවය මාර්‍ගය දෙසට නැමුණු වීර්‍ය්‍ය සම්බොජ්ඣඞ්ගය වඩයි.

මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම විවේක සංඛ්‍යාත නිවන ඇසුරුකළ, නිරෝධ සංඛ්‍යාත නිවන ඇසුරුකළ, විදර්‍ශනාවය මාර්‍ගය දෙසට නැමුණු, ප්‍රීති සම්බොජ්ඣඞ්ගය වඩයි.

මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම විවේක සංඛ්‍යාත නිවන ඇසුරුකළ, නිරෝධ සංඛ්‍යාත නිවන ඇසුරුකළ, විදර්‍ශනාවය මාර්‍ගය දෙසට නැමුණු, පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය වඩයි.

මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම විවේක සංඛ්‍යාත නිවන ඇසුරුකළ, නිරෝධ සංඛ්‍යාත නිවන ඇසුරුකළ, විදර්‍ශනාවය මාර්‍ගය දෙසට නැමුණු, සමාධි සම්බොජ්ඣඞ්ගය වඩයි.

මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම විවේක සංඛ්‍යාත නිවන ඇසුරුකළ, නිරෝධ සංඛ්‍යාත නිවන ඇසුරුකළ, විදර්‍ශනාවය මාර්‍ගය දෙසට නැමුණු, උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය වඩයි.

මහණෙනි, මේ භාවනා ප්‍රහාණයයි කියනු ලැබේ.

(iv). “මහණෙනි, අනුරක්‍ෂණ ප්‍රධානය කවරේද?

මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම උපන්නාවූ අට්ඨික සංඥාව, පුලවක සංඥාව, විනීලක සංඥාව, විපුබ්බක සංඥාව, විච්ඡිද්දක සංඥාව, උද්‍ධුමාතක සංඥාව යන යහපත් සමාධි නිමිති ආරක්‍ෂා කරයිද, මහණෙනි, මේ අනුරක්‍ෂණ ප්‍රහාණයයි කියනු ලැබේ. මහණෙනි, මේ සතර ප්‍රධානයෝයි.

“සංවරයද, ප්‍රහාණයද, භාවනාවද, අනුරක්‍ෂණයද යන මේ සතර ප්‍රධානයේ ආදිච්චබන්ධුවූ බුදුරජානන් වහන්සේ විසින් දේශනා කරණ ලදී. මෙහි කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුත් යම් භික්‍ෂුවක් වේද, ඔහු දුක ක්‍ෂය වීමට පමුණුවන්නේය.”

AN 04-02 -05. අග්ගපඤ්ඤත්ති සූත්‍රය.

“මහණෙනි, මේ අග්‍ර පැනවීම් සතරක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්. “මහණෙනි, යම් මේ රාහු අසුරේන්‍ද්‍රයෙක් වේද, ආත්මභාව ඇත්තන් අතුරෙන් මොහු අග්‍රයි. මහණෙනි, යම් මේ මන්‍ධාතු රජෙක් වේද, කාමභෝගීන්ගෙන් මොහු අග්‍රයි. මහණෙනි, යම් මේ පාපී මාරයෙක් වේද, අධිපති භාවයෙන් මොහු අග්‍රයි. මහණෙනි, දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දිව්‍ය මනුෂ්‍ය ප්‍රජාවෙහි, අර්‍හත් සම්‍යක් සම්බුද්‍ධ තථාගතයන් වහන්සේ අග්‍රයයි කියනු ලැබේ. මහණෙනි, මේ සතර උත්තම ප්‍රඥප්තිය.

“ආත්මභාව ඇත්තන්ගෙන් රාහු අසුරේන්‍ද්‍ර තෙම ශ්‍රේෂ්ඨයි. කාමභෝගීන්ගෙන් මහාමන්‍ධාතු රජ ශ්‍රේෂ්ඨයි. අධිපතීන් අතරෙන් ඎද්‍ධියෙන් යසසින් බබලන මාරයා ශ්‍රේෂඨයි. උඩද, සරසද, යටද ලෝකයාගේ උත්පත්ති යම්තාක් ලෝකයෙහි දෙවියන් සහිත ලෝකයාට බුදුන් අග්‍රයයි කියනු ලැබේ.”

AN 04-02 -06. චතුකොඛුම්ම සූත්‍රය.

“මහණෙනි, මේ සියුම් ස්වභාවයන් දැනගන්නා නුවණ සතරෙකි.

කවර සතර දෙනෙක්ද යත්.

“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම රූපයෙහි උතුම්වූ සියුම් ලක්‍ෂණ දැනගන්නා නුවණින් යුක්ත වේද, ඒ සියුම් රූප ලක්‍ෂණ දැනගන්නාවූ නුවණට වඩා උතුම්වූ හෝ ප්‍රණීතවූ හෝ අනික් රූප ලක්‍ෂණ දැනගන්නාවූ ඥානයක් ඒ සියුම්වූ රූප ලක්‍ෂණ දැනගන්නාවූ ඥානයට වඩා උතුම්වූ හෝ ප්‍රණීතවූ හෝ අනික් රූප ලක්‍ෂණ දැනගන්නාවූ ඥානයක් නොපතයි.

සියුම්වූ වේදනා ලක්‍ෂණ දැනගන්නාවූ නුවණින් යුක්ත වේද, සියුම් වේදනා දැනගන්නාවූ ඥානයට වඩා උතුම්වූ හෝ ප්‍රණීතවූ අනික් සියුම් වේදනා ලක්‍ෂණ දැනගන්නාවූ ඥානයක් නොදකියි. සියුම් වේදනා ලක්‍ෂණ දැනගන්නාවූ ඥානයට වඩා උතුම්වූ හෝ ප්‍රණීතවූ හෝ අනික් වේදනා ලක්‍ෂණ ඇත්තාවූ ඥානයක් නොපතයි.

සියුම්වූ සංඥා ලක්‍ෂණ දැනගන්නා ඥානයෙන් යුක්ත වේද, ඒ සියුම් සංඥා ලක්‍ෂණ දැනගන්නා ඥානයට වඩා උතුම්වූද, ප්‍රණීතවූද, අනික් සංඥා ලක්‍ෂණ දැනගන්නා ඥානයක් නොදකියි. ඒ සියුම් සංඥා ලක්‍ෂණ දැන ගන්නා ඥානයට වඩා උතුම්වූද, ප්‍රණීතවූද, අනික් සංඥා ලක්‍ෂණ දැනගන්නාවූ ඥානයක් නොපතයි.

සියුම්වූ සංස්කාර ලක්‍ෂණ දැනගන්නාවූ උතුම් ඥානයෙන් යුක්තවූයේ වෙයි. ඒ සියුම් සංස්කාර ලක්‍ෂණ දැනගන්නා ඥානයට වඩා උතුම්වූද, ප්‍රණීතවූද, සංස්කාර ලක්‍ෂණ දැනගන්නා අනික් ඥානයක් නොදකියි. ඒ සියුම් සංස්කාර ලක්‍ෂණ දැනගන්නා ඥානයට වඩා උතුම්වූද, ප්‍රණිතවූද අනික් සියුම් සංස්කාර ලක්‍ෂණ දැනගන්නා ඥානයක් නොපතයි.

“රූපස්කන්‍ධයාගේ සියුම් භාවය දැන, වේදනාවන්ගේ ප්‍රභවය දැන, යම් හෙයකින් සංඥාව උපදීද, එයද දැන, යම් තැනකදී නිරුද්‍ධවේද, එයද දැන, සංස්කාරයන් අනිත්‍ය භාවයෙන් තමාගෙන් අන්‍යවූවක් වශයෙන්ද, දුක් වශයෙන්ද, අනාත්ම වශයෙන්ද දැන, ශාන්ති පදයෙහි ඇළුනු ශාන්තවූ, මනාව දක්නාවූ ඒ මහණ සෙනාවාහන සහිත මාරයා නසා අන්තිම ශරීරය දරයි.”

AN 04-02 -07. පළමුවෙනි අගතිගමන සූත්‍රය.

පුජ්‍ය තුම්බෝවිල ධම්මරතන හිමිගේ සුත්‍ර විවරණය

“මහණෙනි, මේ අගතියට යාම් සතරකි.

කවර සතර දෙනෙක්ද යත්,
“ඡන්‍දයෙන් අගතියට යයි.
ද්වේෂයෙන් අගතියට යයි.
මෝහයෙන් අගතියට යයි.
භයෙන් අගතියට යයි.
මහණෙනි, මේ සතර අගතියට යෑම් සතරය.

“ඡන්‍දයෙන්, ද්වේෂයෙන්, භයෙන්, මෝහයෙන් යමෙක් ධර්‍මය ඉක්මවයිද, ඔහුගේ යසස කථවර පක්‍ෂයෙහි චන්‍ද්‍රයා මෙන් පිරිහෙයි..

AN 04-02 -08. දෙවෙනි අගතිගමන සූත්‍රය-

“මහණෙනි, මේ අගතියට නොයෑම් සතරක් වෙත්.

කවර සතර දෙනෙක්ද යත්,
“ඡන්‍දයෙන් අගතියට නොයයිද.
ද්වේෂයෙන් අගතියට නොයයිද.
මෝහයෙන් අගතියට නොයයිද.
භයෙන් අගතියට නොයයිද.
මහණෙනි, මේ සතර අගතියට නොයෑම් සතරය.

“ඡන්‍දයෙන්, ද්වේෂයෙන්, භයෙන්, මෝහයෙන් යමෙක් ධර්‍මය නොයික්මවයිද, ඔහුගේ යසස පුර පක්‍ෂයෙහි චන්‍ද්‍රයා සේ පිරෙයි.”.

AN 04-02 -09. තුන්වෙනි අගතිගමන සූත්‍රය-

“මහණෙනි, මේ අගතියට යාම් සතරකි. කවර සතර දෙනෙක්ද යත්,

“ඡන්‍දයෙන් අගතියට යයි.
ද්වේෂයෙන් අගතියට යයි.
මෝහයෙන් අගතියට යයි.
භයෙන් අගතියට යයි.

මහණෙනි, මේ සතර අගතියට යෑම් සතරය.

“මහණෙනි, මේ අගතියට නොයෑම් සතරක් වෙත්.
කවර සතර දෙනෙක්ද යත්,

“ඡන්‍දයෙන් අගතියට නොයයිද.
ද්වේෂයෙන් අගතියට නොයයිද.
මෝහයෙන් අගතියට නොයයිද.
භයෙන් අගතියට නොයයිද.
මහණෙනි, මේ සතර අගතියට නොයෑම් සතරය.

“ඡන්‍දයෙන්, ද්වේෂයෙන්, භයෙන්, මෝහයෙන් යමෙක් ධර්‍මය ඉක්මවයිද, ඔහුගේ යසස කථවර පක්‍ෂයෙහි චන්‍ද්‍රයා මෙන් පිරිහෙයි..”

“ඡන්‍දයෙන්, ද්වේෂයෙන්, භයෙන්, මෝහයෙන් යමෙක් ධර්‍මය නොයික්මවයිද, ඔහුගේ යසස පුර පක්‍ෂයෙහි චන්‍ද්‍රයා සේ පිරෙයි.”

AN 04-02 -10. භත්තුද්දේසක සූත්‍රය.

“මහණෙනි, මේ ධර්‍ම සතරකින් යුක්තවූ භත්තුද්දේසක තෙම ප්‍රත්‍ය බෙදන්නා ගෙන එන ලද්දක් හෙලන්නේ යම්සේද, එසේ නරකයේ උපදී. කවර සතරකින්ද යත්?

“ඡන්‍දයෙන් අගතියට යයිද,
ද්වේෂයෙන් අගතියට යයිද,
මෝහයෙන් අගතියට යයිද,
භයෙන් අගතියට යයිද,
මහණෙනි, මේ ධර්‍ම සතරින් යුක්තවූ භත්තුද්දේසක තෙම ගෙන එන ලද්දක් හෙලන්නේ යම් සේද, එසේ නරකයෙහි උපදී.

“මහණෙනි, ධර්‍ම සතරකින් යුක්තවූ භත්තුද්දේසක තෙම ගෙන එන ලද්දක් හෙලන්නේ යම්සේද, එසේ ස්වර්‍ගයෙහි උපදී.

කවර කරුණු සතරකින්ද යත්.
ඡන්‍දයෙන් අගතියට නොයයි,
ද්වේෂයෙන් අගතියට නොයයි,
මෝහයෙන් අගතියට නොයයි,
භයෙන් අගතියට නොයයි,

මහණෙනි, මේ ධර්‍ම සතරින් යුක්තවූ භත්තුද්දේසක තෙම ගෙන එන ලද්දක් හෙලන්නේ යම් සේද, එසේ සුගතියෙහි උපදී.

“වස්තුකාම, ක්ලේශකාමයන්හි සංයම නොවූ යම්කිසි ජන කෙනෙක් අධාර්මික වෙත්ද, අධර්‍මය ගරු කරන්නාහුද, ඡන්‍දයෙන්ද, ද්වේෂයෙන්ද, භයෙන්ද, මෝහයෙන්ද, අගතියට යනසුථ වෙත්ද, මෙතෙමේ පිරිස් කසටයයි කියනු ලැබේ.”

“දන්නාසුථ ශ්‍රමණයන් වහන්සේ (බුදුන්) විසින් මෙසේ වදාරණ ලදී. එසේ හෙයින් පැසසුම් ලැබිය යුතුවූ, ඒ යම් සත් පුරුෂයෝ ධර්‍මයෙහි සිටියාහු පව් නොකරත්ද, ඡන්‍දයෙන්, ද්වේෂයෙන්, භයින්, මෝහයෙන් අගතියට නොයන්නාහුද, මේ තෙමේ පිරිස් බබලවන්නායයි කියනු ලැබේ. දන්නාවූ ශ්‍රමණයන් වහන්සේ විසින් මෙසේ වදාරණ ලදී.”

MN 03-01-01 දේවදහ සූත්‍රය

අද බොහෝ බෞද්ධයන් තමනට සිදුවන සියළු දුක් කරදර මේ අපේ පෙරකළ කර්මයන් නිසා සිදුවන විපාක යයි කියන්නට පුරුදු වී ඇත. භාග්‍යවතුන් වහන්සේ දේසනා කර ඇත්තේ යලි භවය ඇතිකිරීම පෙර කර්ම වලින් සිදුවන බව මිස අපට වන සියලු කරදර පෙර කල කර්ම නිසා වන ඒවා නොවන බවය. මේ සුත්‍රය එදා ජෛන ආගමේ සව්වන් අද බෞද්ධයන් කියන මතය ඉදිරිපත් කල විට භාග්‍යවතුන් වහන්සේ දුන් පිළිතුර සඳහන් කරයි. කර්ම විෂය අචින්ත්‍ය බව ද මතක තබාගන මුගලන් හිමියන් ගෙ ජීවිතය අවසන් වුයේ පෙර කල කර්මයක විපාකයක් ලෙස බවද සිහි කරගතහොත්, “සියලු දේ” වන්නේ පෙර කර්ම නිසා නොව සමහර වැදගත් සිදුවීම් පමණක් කර්ම ඵල ලෙස වන්නේ යැයි සිතීම වටී.

§ 1. මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයන්හි දෙවදහ නම්වූ ශාක්‍යයන් නියම් ගමෙහි වාසය කරති. එකල්හි දිනක් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ‘මහණෙනියි’ කථාකළහ. ‘පින්වතුන් වහන්සැයි’ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.

§2. “මහණෙනි, යමෙක් සැපක් හෝ දුකක් හෝ දුක් සැප දෙකින් තොරවූවක් හෝ විඳියිද, ඒ සියල්ල පෙරකළ කර්ම හේතුවෙන්ම විඳින්නාහුය’ යි න්කියන්නාවූ බ්‍රාහ්මණයන් හා ශ්‍රමනයන් සිටී 922 කෙනෙක් මේ ජීවිතයේ වින්දින්නාව්ය් සැපයක්, දුකක්, අන් යම් වින්දනයක් වේද ඒ සියලු විඳීම් පෙර භවයක කල කර්මයන්ගේ ඵලයන්ය කියා ඔවුන් අදහති,.

[922:-ජෛන ආහමේ සාස්තෘන් වූ මහා වීර තුමාගේ කර්මය ගැන වූ මතය සාවද්යබව පෙන්වන්නට මේ සුත්‍රය සහ සංයුක්ත නිකායේ 36-21 අංගුත්තර කිකායේ 3-61 ආදී සුත්‍රවලද කරුණු අඩංගු වේ. මේ භවය පෙර කල කර්ම නිසා සකස් වූ මුත් මේ භවය තුල ඔහු විඳින වේදනා පෙර කර්මවල ඵලයන් නොවන බව මේවායේ ඉගැන්වීම වේ.]

මෙසේ නරක ඵලයන් ලබන්නට හේතුවන පුරාණවූ කර්මයන් දැඩි තපසින්, හා අනෙක් අත්තකිලමතානු යෝග ආදී ක්‍රමයන්ගෙන් විඳ කෙළවර කිරීමෙන්ද, අළුත් කර්මයන් නොකිරීමෙන්ද, මත්තෙහි නැවත ඉපදීමක් නොවේ. මත්තෙහි ඉපදීම සුන් කිරීමෙන් කර්මයන්ගේ නැසීමවේ. කර්ම නැසීමෙන් දුක් නැසීම වේ.“

දුක් නැසීමෙන් වේදනා නැසීම වේ. වේදනා නැසීමෙන් සියළු දුක් දිරා යන්නේය, යන මෙබඳු වාද ඇත්තාවූ මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ, සමහර මහණ බමුණන් ශ්‍රමනයන් ඇත්තාහ.

§3. “මහණෙනි, නිගණ්ඨයෝ මෙබඳු වාද ඇත්තාහුය. මහණෙනි, මම මෙබඳු වාද ඇති නිගණ්ඨයන් පිරිසක් හමුව මෙසේ ඇසුවෙමි.

‘ඇවැත් නිගණ්ඨයිනි, යමෙක් සැපක් හෝ දුකක් හෝ දුක් සැප දෙකින් තොරවූවක් හෝ විඳියිද, ඒ සියල්ල පෙරකළ කර්ම හේතුවෙන්ම විඳින්නාහුය” යන මෙබඳු වාද, මෙබඳු දෘෂ්ටි ඇත්තාහුය යනු සැබෑදැයි ඇසුවෙමි.
මහණෙනි, මා එසේ ඇසු විට ඒ නිගණ්ඨයෝ ‘එසේයයි ප්‍රකාශ කළහ.’

§ 4.  එවිට මම ඔවුන්ගෙන් “ඇවැත් නිගණ්ඨයිනි, තෙපි මේ ජීවිතයට පෙර භවයක ජීවත්වූ බවක් දන්නේද? නොදන්නේදැයි’ ඇසුවෙමි.
‘ඇවැත්නි, පෙර භවයක ජීවත්වූ බවක් අපි නොදනිමුයයි’ කීහ.

‘ඇවැත් නිගණ්ඨයිනි තෙපි පෙර භවයක මේ, මේ, පාප කර්ම කෙළෙමුයයි දනිව්ද?” , ඇසුවෙමි.
‘ඇවැත්නි මේ, මේ, පාප කර්ම කෙළෙමුයයි අපි නොදනිමුයයි’ කීහ.

‘ඇවැත් නිගණ්ඨයිනි, ? තෙපි තොපට විඳින්නට නියම වූ මෙපමණවූ දුක් ඇත්තේය. කියා දන්නේද?, ඇසුවෙමි.
‘ඇවැත්නි, එය නොදනිමුයි’ කීහ.

‘ඇවැත් නිගණ්ඨයිනි, ? විඳිය යුතුවූ දුක් වලින්, මෙපමණවූ දුක් ප්‍රමාණයක් විඳ නිම කරන ලද්දේය. මෙපමණවූ දුක් ප්‍රමානයක් විඳීමට ඉතිරිව ඇත. ඒ විඳ නිම වූ විට සියලු දුක් විඳ නිමකරන ලද්දේ යයි දනිව්ද?’ ඇසුවෙමි,
‘ඇවැත්නි, එය නොදනිමුයි’ කීහ.

‘ඇවැත් නිගණ්ඨයිනි, තෙපි මේ ආත්මයෙහිම අකුශල ධර්මයන්ගේ දුරු කිරීම කෙසේ කරන්ත්නේදැයි දන්නේද?
කුශල ධර්මයන් කෙසේ වඩන්නේදයි දනිව්දැයි, ඇසුවෙමි.
‘ඇවැත්නි එයද අප නොදනිමුයි’ කීහ. .

§ 5 . ඇවැත් නිගණ්ඨයිනි, මෙසේ, තෙපි පෙර අපි ජීවත් වීමු යයිද නොදන්නාහුය. මින් පෙර ජීවිතයක් වූ හෝ නොවීමුයයි නොදන්නාහුය.
පෙර අපි පාපකර්ම කෙළෙමුයයිද නොදන්නහුය. නොකෙළෙමුයයිද නොදන්නාහුය.
මෙබඳුවූ මෙබඳුවූ පාපකර්ම කෙළෙමුයයිද නොදන්නාහුය.

ඒ කල පාප කර්ම නිසා මෙපමණවූ දුක් විඳීමට ඇත්තේදැයි නොදන්නේය.
ඉන් මෙපමණ දුක් විඳ නිම කරන ලද්දේය. ඉදිරියට විඳීමට මෙපමණවූ දුක් ඉතිරිව ඇත්තේය. මෙපමණවූ දුක් දිරවූ කල්හි සියලු දුක් නිම කරන ලද්දේ යයිද නොදන්නාහුය.

මේ ආත්මයෙහිම අකුශල ධර්මයන්ගේ දුරු කිරීමත් කුසල ධර්මයන්ගේ වැඩීමත් නොදන්නාහුය.

මෙසේ වූ කල්හි ආයුෂ්මත් නිගණ්ඨයනි, තොප මෙසේ පුද්ගලයෙක් විඳිනා සැපක් හෝ, දුකක් හෝ, දුක් නොවූ සැප නොවූවක් හෝ, විඳීයිද, ඒ සියල්ල පෙරකළ කර්ම හේතුවෙන්ම විඳින්නේය. පැරණිවූ කර්මයන් තපසින් කෙළවර කිරීමෙන් අලුත්වූ කර්මයන් නොකිරීමෙන් මත්තෙහි කර්ම හට නොගනී. මත්තෙහි හට නොගැණීමෙන් කර්මයන් නැසීම සිදු වේ. කර්මයන්ගේ නැසීමෙන් දුක් නැසීමවේ. දුක් නැසීමෙන් වේදනා නැසීමවේ. වේදනා නැසීමෙන් සියලු දුක් දිරායාම වන්නේ යයි ලෙස ප්‍රකාශ කිරීමට සුදුසු නොවන්නේය.

§ 6.  “ආයුෂ්මත් නිගණ්ඨයිනි, ඉදින් තෙපි පෙර තොප මෙවන් භවයක ජීවත් වීමුයයි දන්නාහුද,
පෙර අපි මෙවන් පාපකර්ම කෙළෙමුයයි දන්නාහුද,
ඒ පාප කර්ම නිසා මෙපමණ දුක් විඳිය යුතු වන්නේය යි දන්නාහුද,
ඉන්මෙ පමණවූ දුක් විඳ නිමවන ලද්දීය.
මෙපමණවූ දුක් විඳීමට ඉතිරිව ඇත්තේය.
තවත් වූ එම දුක් විඳ නිම්න ලද විට සියලු දුක් දිරවන ලද්දේ වන්නේයයි දන්නාහුද මේ ආත්මයෙහිම අකුසල ධර්මයන්ගේ දුරු කිරීම කෙසේ කරන්නේදැයි දන්නේද, කුසල ධර්මයන් කෙසේ වඩන්නේදයි දන්නේද ,
එසේ වූ විට ආයුෂ්මත් නිගණ්ඨයන් ගෙ මේ මතය ප්‍රකාශ කිරීමට සුදුසු වන්නේය’ .

§ 7. ‘ආයුෂ්මත් නිගණ්ඨයිනි,

මම උපමාවක් දෙසනා කරමි. යම් පුරුෂයෙක් විස පෙවූ හී තලයකින් විදුම් ලැබ ඉතා දැඩි දුක් වේදනා විදින්නේය. ඒ හුල ඇනීමේ වේදනාව හේතුකොටගෙණ දුක්වූ තියුණුවූ කටුකවූ වේදනාවක් විඳින්නේය.

ඔහුගේ අසල් වැස්සෝද, නෑයෝද ඔහුට ප්‍රතිකාර කරන්නට ශල්‍යකර්ම වෙදෙකු කැඳවන්නාහුය. ඒ ශල්‍ය වෛද්‍යවරයා තියුණු ආයුධයකින් ඔහුගේ වණ මුඛය කපන්නේය.

ඒ මිනිසා ශල්‍ය ආයුධයෙන් වණ මුඛය කැපීම හේතුකොට ගෙනද, දුක්වූ, තියුණුවූ, කටුකවූ, වේදනාවක් විඳින්නේය.

ශල්‍ය වෛද්‍යවරයා සැත් කටුවකින් ඔහුගේ හුල සොයන්නේය. හෙතෙම සැත් කටුවෙන් හුල සෙවීම හේතුකොට ගෙනද, තියුණුවූ කටුකවූ වේදනාවක් විඳින්නේය.

ශල්‍ය වෛද්‍යවරයා ඔහුගේ ඒ හුල ඇද දමන්නේය. හෙතෙම හුල ඇද දැමීම හේතුකොටගෙනද, දුක්වූ තියුණුවූද කටුකවූ වේදනාවක් විඳින්නේය.

ඒ ශල්‍ය වෛද්‍යවරයා ඔහුගේ වණ මුඛයෙහි බෙහෙත් සුණු දමන්නේය. හෙතෙම බෙහෙත් කුඩු වණ මුඛයෙහි දැමීම හේතුකොට ගෙනද දුක්වූ තියුණුවූ කටුකවූ වේදනාවක් විඳින්නේය. එසේ ප්‍රතිකාර ලද්දාවූ එම පුරුෂයා සුවයට පත්ව විදුම් ලද තැන අලුතින් සමක් වැඩී ඔහුට සම්පුර්න සුවය ලැබී පෙර සේම සිතු සිතු තැන ගොස් රිසි සේ ඉන්නා වූ ඔහු මෙසේ සිතයි.

මම කලකට පෙර විස කැවූ හී පහරක් ලැබ බොහෝ දුකට වේදනාවට පත් වී හුන්නෙමි. මගේ නෑයෝ ශල්‍ය වෛද්‍යවරයෙකු කැඳවා ගෙන වුත් මට ප්‍රතිකාර කළහ. ඒ වෛද්‍යවරයා මගේ වනය සැතකින් පිරිසිදු කරද්දී, හීය ගලවත් දී, බෙහෙත් ගල්වත් දී මම ඉතා දැඩි වේදනා වින්දෙමි. දුකට පත් වීමි. නමුත් දැන් මම සම්පුර්ණ සුවයට පත්ව ඉඳිමි. ඒ තුවාලය තිබු තැන පවා නොපෙනෙයි. මාද මට කැමති ලෙස ජීවත් වෙමි. යි’ කියායි.

§ 8. ඇවැත් නිගණ්ඨයිනි, එපරිද්දෙන්ම තෙපි පෙර තොප මෙවන් භවයක ජීවත් වීමුයයි දන්නේද ,
පෙර අපි මෙවන් පාපකර්ම කෙළෙමුයයි දන්නාහුද,
ඒ පාප කර්ම නිසා මෙපමණ දුක් විඳිය යුතු වන්නේය යි දන්නාහුද,
ඉන් මෙපමණවූ දුක් විඳ නිමවන ලදි යි දන්නේද,
මෙපමණවූ දුක් විඳීමට ඉතිරිව ඇත්තේය,යි දන්නේද, .
තවත් වූ එම දුක් විඳ නිම්න ලද විට සියලු දුක් දිරවන ලද්දේ වන්නේයයි දන්නාහුද,
මේ ආත්මයෙහිම අකුසල ධර්මයන්ගේ දුරු කිරීම කෙසේ කරන්නේදැයි දන්නේද, කුසල ධර්මයන් කෙසේ වඩන්නේදයි දන්නේද ,
එසේ වූ විට ආයුෂ්මත් නිගණ්ඨයන්ගෙ මේ මතය ප්‍රකාශ කිරීමට සුදුසු වේ.

§ 9. ‘ඇවැත් නිගණ්ඨයිනි, එපරිද්දෙන්ම තෙපි පෙර තොප මෙවන් භවයක ජීවත් වීමුයයි නොදන්නාහුද,
පෙර අපි මෙවන් පාපකර්ම කෙළෙමුයයි නොදන්නාහුද,
ඒ පාප කර්ම නිසා මෙපමණ දුක් විඳිය යුතු වන්නේය යි නොදන්නාහුද,
ඉන් මෙපමණවූ දුක් විඳ නිමවන ලදි යි නොදන්නේද,
මෙපමණවූ දුක් විඳීමට ඉතිරිව ඇත්තේය,යි නොදන්නේද, .
තවත් වූ එම දුක් විඳ නිම්න ලද විට සියලු දුක් දිරවන ලද්දේ වන්නේයයි නොදන්නාහුද,
මේ ආත්මයෙහිම අකුසල ධර්මයන්ගේ දුරු කිරීම කෙසේ කරන්නේදැයි නොදන්නේද, කුසල ධර්මයන් කෙසේ වඩන්නේදයි නොදන්නේද ,
එසේ වූ විට ආයුෂ්මත් නිගණ්ඨයන්ගෙ මේ මතය ප්‍රකාශ කිරීමට සුදුසු නොවේ.

§ 10. “මහණෙනි, මෙසේ කී කල්හි නිගණ්ඨයෝ මට මෙසේ කීවාහුය.
‘ඇවැත්නි, භවත් ගෞතමයනි ! අපේ ශාස්තෘ වූ, සර්වඥවූ, සියල්ල දක්නාවූ නිගණ්ඨනාථ පුත්‍රයන් වහන්සේ සියල්ල දක්නා ඥානය ඇති බව මෙසේ ප්‍රකාශ කරයි.

“ඇවිදින විටද, සිටින්නාවූ විටද, නිදන්නාවූ විටද, නිදි වර්ජිතව ඉන්නා විටද මගේ සර්වඥ ඥානය නොහොත්, සියල්ල නුවණින් දැකීම මා හට එළඹ සිටියේය”, කියා උන් වහන්සේ කියයි.

එසේ සර්වඥ වූ අපේ සාස්තෘ මහා වීර තුමා අපට මෙසේ කීය.
‘ඇවැත් නිගණ්ඨයිනි’. තොප විසින් පෙර කරණලද පාපකර්ම ඇත . එය මේ කටුකවූ දුෂ්කර වූ පැවැතුමෙන් හා තපසින් ගෙවා නිම කරව්.

දැන්, තොප කයින් සංවරවූවේ ද, වචනයෙන් සංවර වූවේ ද, සිතින් සංවර වූවේ ද, එය මත්තෙහි පාප කර්ම නොකිරීමවේ. මෙසේ පුරාණවූ කර්මයන් තපසින් කෙළවර කිරීමෙන් හා අලුත් කර්මයන් නොකිරීමෙන් මත්තෙහි කර්ම හට නොගැනේ. මත්තෙහි කර්ම හට නොගැනීමෙන් කර්මයන්ගේ නැසීමවේ.

කර්ම නැසීමෙන් දුක් නැසීම වේ. දුක් නැසීමෙන් වේදනා නැසීමවේ. වේදනා නැසීමෙන් සියලු දුක් ගෙවී යාම වන්නේය” කියායි.

එමනිසා, එම වාදය, එම දේසනය අප පිලි ගන්නෙමු. එය අපට රුචි වේ. අප එයට කැමති වේ. එයින්ද සතුටු සිත් ඇත්තෝවීමු’ය, යි ඔවුන් කීහ.

§ 11 . මහණෙනි, මෙසේ කීකල්හි මම ඒ නිගණ්ඨයන්ට මෙසේ කීවෙමි. 924.

[924:- පළමුව නුඹලා ශ්‍රද්ධාව මත පිහිටා ආචාර්ය වාදය පිළිගත්හ. දැන් නුඹලා වාචික පරම්පරාවෙන් එන ඉගැන්වීම ගැන කියයි.]

ඇවැත් නිගණ්ඨයිනි, මේ ආත්මයෙහිම දෙපරිද්දෙකින් විපාක ඇත්තාවූ, ධර්ම පසක් වෙත්.
කවර පසක්දයත්?

(a). අනුන්ගේ කීම් ඇදහීම, (සද්ධා)
(b). තමාගේ කැමැත්ත, (රුචි)
(c). කලින් ඇසු සිය ගුරු දේසනා (අනුස්සව)
(d). තර්කයට ගැලපෙන ආකාරයෙන් කල්පනා කිරිම, (ආකාර පරිවිතක්ක)
(e). මෙසේමයයි නිශ්චය කිරීම . (දිට්ඨි නිජ්ජනකන්ති.)
යන මේ පසයි

ඇවැත් නිගණ්ඨයිනි, මේ ධර්ම පස මේ ආත්මයෙහිම දෙපරිද්දකින් විපාක ඇත්තාවූ, ධර්ම පස වෙත්.

ඔවුන් අතුරෙන් ආයුෂ්මත් නිගණ්ඨයන්ගේ ශාස්තෘහු කෙරෙහි අතීතය පිළිබඳව ඇදහීම කුමක්ද? කැමැත්ත කුමක්ද? ඇසීම කුමක්ද? ආකාර කල්පනා කිරීම කුමක්ද? විනිශ්චය කුමක්දැයි අසමි’.

මහණෙනි, මෙසේ ඇසු මම නිගණ්ඨයන් කෙරෙන් කිසිම පිළිතුරක් නොඇසීමි.

§ 12. “මහණෙනි, නැවත නිගණ්ඨයන්ට මම මෙසේ කිවෙමි.

නිගණ්ඨයිනි, ඒ කුමකැයි හඟිව්ද?’
තොප දැඩිසේ වෙර යොදා , අසීරු වූ තපස් කර්මයක යෙදේද, එහි අසීරුබව නිසා , ඒ තපස නිසා හටගත්තාවූ, දැඩිවූ, දුක්වූ, තියුණුවූ කටුකවූ වේදනාවන් විඳින්නේ නොවේද? යම් විටෙක තොපගේ දෘඪවූ වෙහෙසකර වූ තපස අත් හලේ නම් එවිට තපස නිසා හටගත්තාවූ දැඩිවූ, දුක්වු, තියුණුවූ, කටුකවූ වේදනාවන් නොවිඳින්නාහු නොවේද?

‘ඇවැත්නි, අපගේ දැඩිවූ තපස , දැඩිවූ වීර්යය නිසා , අප හට දැඩිවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනාවන් ඇතිවෙන්නේය. යම් ලෙසක අපගේ දැඩි තපස අත්වූ හලේද එකල්හි තපස නිසා හටගත්තාවූ දැඩිවූ දුක්වූ, තියුණුවූ, කටුකවූ, වේදනාවන් නොවිඳිමුයි’ ඔවුන් කීහ..

§ 13. ‘ඇවැත් නිගණ්ඨයිනි, මෙසේ වූ කල්හි තොපගේ දැඩිවූ තපස නිසා , දැඩිවූ වීර්යය නිසා , හටගත්තාවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනාවන් විඳින්නා වූ තොප , ඒ සියල්ල පෙරකළ කර්ම හේතුවෙන් විඳින්නේය’යි කීම නොසුදුසු වේ. පෙර භවයේ කල කර්ම නිසා නොව තොපගේ කැමැත්තෙන්, ඕනෑකමින් කරන දැඩි තපස නිසාම තොප මෙසේ මහත් දුකට පත් වේ.’

§14. ‘ආයුෂ්මත් නිගණ්ඨයිනි, ඉදින් යම් විටෙක තොපගේ දැඩිවූ තපසද, දැඩිවූ වීර්යය ද, නිසා තපස නිසා හටගත්තාවූ දුක්වූ තියුණුවූ කටුකවූ වේදනාව නවතින්නේ නම් මේ තපස නිසා මා පෙර භවයේ කල සියලු පාපයන්ගේ කර්ම විපාකයන් දැන් අවසන් කර ඇත’ ය කියන්නට ඔබලා ට පිළිවන.

§15 . ආයුෂ්මත් නිගණ්ඨයිනි, යම් කලෙක තොපගේ දැඩි තපස්කම් නිසා, දැඩි වීර්යය නිසා, තොපට දැඩිවූ තපස නිසා හටගත්තාවූ තියුණුවූ කටුකවූ වේදනා විඳින්නහුය. යම් කලෙක්හි තොපගේ දැඩිවූ තපස නොකරන්නේද , දැඩිවූ වීර්යය නොයොදන්නේද , එවිට උග්‍ර තපස් කර්ම නිසා හටගත්තාවූ දුක්වූ තියුණුවූ කටුකවූ වේදනා නොවිඳින්නහුය. තෙපි තුමූම තම ප්‍රතිපදාව , හෙවත් දැඩි අත්තකිලමතානු යෝග නිසා හටගත්තාවූ දුක්වූ තියුණුවූ කටුකවූ වේදනාවන් විඳිනු ලබන්නාහුය. සත්‍යය නො දැනීමෙන්, මුලාවෙන් සත්වයෙක් යම් සැපක් හෝ දුකක් හෝ දුක්නොවූ සැප නොවූවක් හෝ විඳියිද ඒ සියල්ල පෙරකළ කර්ම හේතුවෙන් විඳින්නේය. මෙසේ පැරණිවූ කර්මයන් තපසින් කෙළවර වීමෙන් අළුත්වූ කර්මයන් නොකිරීමෙන් මත්තෙහි කර්ම හට නොගණී. මත්තෙහි කර්ම හට නොගැණීමෙන් කර්මයන්ගේ නැසීමවේ. කර්ම නැසීමෙන් දුක්නැසීමවේ. දුක් නැසීමෙන් වේදනා නැසීමවේ. වේදනා නැසීමෙන් සියළු දුක දිරවීම වන්නේයයි විපරිත වශයෙන් අදහන්නහුය’.

මහණෙනි, මෙසේ අසන්නාවූ මම නිගණ්ඨයන්ගේ කිසිම පිළිතුරක් නොඇසීමි.

§ 16. “මහණෙනි, නැවතද මම ඒ නිගණ්ඨයින්ට මෙසේ කීවෙමි.
‘ඇවැත් නිගණ්ඨයිනි, තොප මේ ගැන කුමක් සිතන්නාහුද ?
මේ ආත්මයෙහි දුක් විපාකදෙන යම් කර්මයක් වෙයිද එය තොප රකිනා අත්තකිලමතානු යෝග උපක්න්‍රමයේ හෝ වීර්යයෙන් සැප විපාක දෙන කර්මයක් බවට පෙරලීමට හැකිදැයි’ ඇසුවෙමි.
‘ඇවැත්නි, එසේ කර්ම ඵලය වෙනස් කල නොහැකිය’යි ඔවුන් කීහ..’

§ 17. ඇවැත්නි, මේ භවයේ දුක් විපාක දෙන කර්මයක් වේ නම්, තොපගේ තපස නිසා ඒ කර්ම විපාකය මතු භවයකදී විපාක දීමට පමුණුවන්නට ( දුක් විඳීම කල් දමන්නට) හැකියාවක් වේද? යි ඇසුවෙමි.’
‘ඇවැත්නි එසේ විපාකය කල් දැමිය නොහැකියයි’ ඔවුන් කීහ.

§ 18. ඇවැත් නිගණ්ඨයිනි, තොප මේ ගැන කුමක් සිතන්නාහුද ?
බොහෝ දුක් විපාක දෙන්නාවූ යම් කර්මයක් වෙයිද, එය දැඩි තපසින් හෝ වීර්යයෙන් හෝ අල්ප දුක් විපාක දෙන්නාවූ කර්මයක් වේවායි වෙනස් කල හැක්කේදැයි ඇසුවෙමි.’
‘ඇවැත්නි, එසේ කල නොහැක්කේයයි ඔවුන් කීහ..’‘

§ 19. ඇවැත්නි, මේ භවයේ දුක් විපාක දෙන කර්මයක් වේ නම්, තොපගේ තපස නිසා ඒ කර්ම විපාකය සැප විපාක දීමට පමුණුවන්නට හැකියාවක් වේද? යි ඇසුවෙමි.’
‘ඇවැත්නි එසේ විපාකය කල් දැමිය නොහැකියයි’ ඔවුන් කීහ

§ 20. ඇවැත්නි, අල්ප සැප විපාක දෙන්නාවූ යම් කර්මයක්, එය තොපගේ දැඩි තපසින් හෝ තොපගේ දැඩි වීර්යයෙන් හෝ බොහෝ සැප විපාක දෙන්නාවූ කර්මයක් වේවායි පතා එසේ ලැබිය හැක්කේ දැයි ඇසුවෙමි.’
‘ඇවැත්නි එසේ ලැබිය නොහැකියයි’ ඔවුන් කීහ..”

‘ඇවැත් නිගණ්ඨයිනි, තොප මේ ගැන කුමක් සිතන්නාහුද ?

‘කිසි විපාකයක් නොදෙන්නාවූ යම් කර්මයක් වෙයිද, එය තොපගේ තපසින් හෝ වීර්යයෙන් හෝ විපාක දෙන කර්මයක් කිරීමට හැකිදැයි ඇසුවෙමි.’
‘ඇවැත්නි, එසේ කල නොහැකියයි’ ඔවුන් කීහ..

§ 21 ‘ඇවැත් නිගණ්ඨයිනි, මෙසේ මේ භවයෙහි විඳිය යුතුවූ විපාක ඇති යම් කර්මයක් වෙයිද, එය තපසින් හෝ වීර්යයෙන් හෝ මතු භවයක දී විපාක විඳිය යුතු කර්මයක් බවට පත් කර ගන්නට නොහැකි බවද, මතු භවයකදී විපාක ලබන කර්මයක ඒ විපාකය තපසින් හා දැඩි වීර්යයෙන් මේ භවයේ විපාක දීමට සැලැස්වීමට නොහැකි බවද පෙනේ. දුක් විපාක දෙන කර්මයක් තපසින් හා දැඩි වීර්යයෙන් සැප විපාක දෙන කර්මයක් කරන්නට නොහැකි බව තොප පිලි ගනී.

මතු භවයකදී විපාක විඳිය යුතුවූ යම් කර්මයක් වෙයිද, එය මේ ආත්මයෙහි විපාක විඳිය යුතු කර්මයක් වේවායි පතා දැඩි තපසින් හෝ දැඩි වීර්යයෙන් උත්සාහ කලත් එය සිදු නොවන්නේය.

සැප විපාක විඳිය යුතුවූ යම් මේ කර්මයක් වෙයිද, උපක්‍රමයෙන් හෝ වීර්යයෙන් හෝ දුක් විපාක විඳිය යුතුකර්මයක් වේවායි උත්සාහ කලත් එය සිදු නොවන්නේය. ,

දුක් විපාක විඳිය යුතු යම් මේ කර්මයක් වේද එය උපක්‍රමයෙන් හෝ, වීර්යයෙන් හෝ, සැප විපාක විඳිය යුතු කර්මයක් වේවායි, උත්සාහ කලත් එය සිදු නොවන්නේය.

මේ භවයේදී විපාක විඳිය යුතුවූ යම් කර්මයක් වේද, එය දැඩි තපසින් හෝ දැඩි වීර්යයෙන් හෝ මතු භවයකදී විපාක විඳිය යුතු කර්මයක් වේවායි උත්සාහ කලත් මෙය සිදු නොවන්නේය.

මතු භවයකදී විපාක විඳිය යුතු යම් කර්මයක් වේද, එය දැඩි තපසින් හෝ දැඩි වීර්යයෙන් හෝ මේ භවයෙහි විපාක විඳිය යුතු කර්මයක් වේවායි උත්සාහ කලත් එය සිදු නොවන්නේය.

බොහෝ විපාක විඳිය යුතු යම් කර්මයක් වේද, එය දැඩි තපසින් හෝ දැඩි වීර්යයෙන් හෝඅල්පවූ විපාක විඳිය යුතු කර්මයක් වේවායි උත්සාහ කලත් එය සිදු නොවන්නේය.

ස්වල්පවූ විපාක විඳියයුතු යම් මේ කර්මයක් වේද, එය දැඩි තපසින් හෝ දැඩි වීර්යයෙන්හෝ බොහෝ විපාක විඳිය යුතු කර්මයක් වේවායි, උත්සාහ කලත් එය සිදු නොවන්නේය.

විපාක විඳිය යුතු යම් මේ කර්මයක් වේද එය දැඩි තපසින් හෝ දැඩි වීර්යයෙන්හෝ විපාක නොවිඳිය යුතු කර්මයක් වේවායි උත්සාහ කලත් එය සිදු නොවන්නේය.

විපාක නොවිඳිය යුතු යම් මේ කර්මයක් වේද එය දැඩි තපසින් හෝ දැඩි වීර්යයෙන්හෝ විපාක විඳිය යුතු කර්මයක් වේවායි, උත්සාහ කලත් එය සිදු නොවන්නේය.

මෙසේ ඇති කල්හි ආයුෂ්මත් නිගණ්ඨයන්ගේ ප්‍රතිපදාව නිෂ්ඵල එකකි. ඒ සඳහා ගන්නා වීර්යය නිෂ්ඵල වේ.’

“මහණෙනි,ඔවුනගේ තපසින් හා වීර්යයෙන් ඔවුන්ගේ අභිමතාර්ථය ඉටු නොවේ.

§ 22. මහණෙනි, නිගණ්ඨයෝ මෙබඳු වාද ඇත්තාහුය, මහණෙනි මෙබඳුවාද ඇත්තාවූ නිගණ්ඨයන්ගේ අපවාදයට හේතු වන වාද අනුවාද දහයක් වේ,

(i) ඉදින් පෙරකළ කර්ම හේතුවෙන් සැප දුක් විඳිත් නම් මහණෙනි, දැන් මෙබඳුවූ දුක්වූ තියුණුවූ කටුකවූ වේදනා විඳින්නාවූ නිගණ්ඨයෝ එකාන්තයෙන් පෙර භවයක ඉතා දරුණු අකුසළ කර්ම කරන්නට ඇත.

(ii) ඉඳින් මෙසේ විඳින සැප, දුක් වේදනා මැවුම්කාර දෙවියෙක් විසින් පමුණුවන්නේ නම්, මේ දැඩි දුක් දැන් විඳින නිඝන්ටයන් ගේ මැවුම්කාරයා ඉතා පවිටු දුෂ්ඨ දෙවියෙක් විය යුතුය. “

(iii) ඉදින් කෙනෙකු විඳින සුඛ, දුක්ඛ ආදී වේදනා ඉබේම , සිදුවේනම්, මේ නිඝන්ටයන් බොහෝ අවාසනාවන්ත අය නිසා මෙසේ මේ මහා දුකකට පැමිණ පැමිණ සිටින්නේය. 930

[930: සංඝතිභවහේතු යැයි කියනා මක්ඛලි ගෝසාල ඉගැන්වූ හේතුව. MN 60 අපන්නක සුත්රයේදී හා අහ්ගුත්තර නිකායේ තික නිපාතයේ තින්‍ථායතන සූත්‍රයේ ද භාග්‍යවතුන් වහන්සේ හේතුව සාවද්‍ය බව දේසනා කොට ඇත..]

(iv) සත්වයෝ සිය උපත සිදුවූ සය වැදෑරුම් ආකාරය හේතුකොට ගෙන සැප දුක් විඳින්නේ නම් මෙසේ දැන් දුකම විඳිනා නිඝන්ට පිරිස ඉතාම නරක, පවිටුවූ උපතක් ලබන පිරිසක් විය යුතුය. 931

[931: අභිජා හේතු ; පුරාණ කස්සපගේ සය වැදෑරුම් උප්පත්ති ගැන කල ඉගැන්වීම අංගුත්තර නිකායේ චලාභී සුත්‍රයේ දී විසඳා ඇත.]

(v) සැප දුක් ආදී වේදනා වලට හේතුව මේ භවයේදී කරනා කර්මයන් ඉතා නරක දුෂ්ඨ විපාක ඇති ඒවා විය යුතුය.

(vi) මහණෙනි, ඉදින් සත්වයෝ ඉහාත්මයෙහිවූ කල කර්ම නිසාම සැප දුක් විඳිත් නම් මහණෙනි, මෙ කල්හි මෙ බඳු දුක්වූ තියුණුවූ කටුක වූ වේදනා විඳින්නා වූ නිඝණ්ඨයෝ එකාන්තයෙන් ඉහාත්මයෙහි පවිටු වූ ජීවිතයන් ගෙවුවෝ විය යුතු වෙත්.“

(vii) මහණෙනි, ඉදින් සත්වයෝ ඊශ්වරාදීන්ගේ මැවීම් හේතුවෙන් සැප දුක් විඳිත් නම් දැන් මෙසේ දුක් විඳින්නාවූ නිඝන්ටයන් එයින්ද ගැරහිය යුතු වෙත්.

(viii) මහණෙනි, ඉදින් සත්වයෝ කිසිම හේතුවක් නැතිවම, අහෙතුවකම සැප දුක් විඳිත් නම් එයින්ද නිගණ්ඨයෝ ගැරහිය යුතු වෙත්.

(ix) මහණෙනි, ඉදින් සත්වයෝ සවැදෑරුම් උත්පත්ති හේතුවෙන් සැප දුක් විඳිත් නම් එයින්ද නිගණ්ඨයෝ ගැරහිය යුත්තාහු වෙත්.

(x) මහණෙනි, ඉදින් සත්වයෝ මේ ආත්මයෙහි තමන් යෙදෙන්නාවූ ප්‍රතිපදා හේතුවෙන් සැප දුක් විඳිත් නම් එයින්ද නිගණ්ඨයෝ ගැරහිය යුත්තෝ වෙත්.

එහෙයින් මහණෙනි, නිගණ්ඨයෝ මෙ බඳු වාද ඇත්තාහුය. මහණෙනි, මෙබඳු වාද ඇත්තාවූ නිගණ්ඨයන්ගේ වාදානුවාද දසය කරුණු සහිතව මෙසේ ගැරහිය යුතු වෙත්.

§ 23. මහණෙනි, කෙබඳු වූ ප්‍රතිපදාවක් සාර්ථක වේද?, කෙබඳු ව්‍යායාමයක් සඵලවේද? වීර්යයක් සඵලවේ ද?

මහණෙනි, මේ ශාසනයෙහි මහණකු ශාරීරික වධයෙන් තමන් නොපෙලා දුකින් පීඩිත නොවී පිළිවෙත් පුරයිද , ප්‍රීතිය ගෙනෙනා අරමුණු කෙරෙහි ද්වේශයෙන් ඒවා ඈත් නොකොට, ඒ ප්‍රීතිය ගෙන දෙන අරමුණුවල වසඟ වී එහි නොඇලී , ධාර්මිකවූ ප්‍රීතියක් සැනසීමක් ලෞකික අරමුණු වලින් ලබයි ද 932 හෙතෙම මෙසේ දැනගණියි. මෙසේ දුක් කෙලවර කරන්නට ප්‍රතිපත්ති පුරන මම මෙසේ කරන වීර්ය භේතුවෙන් දුකට හේතුවන ඒ ධර්මය මා කෙරෙන් දුරු වන්නේය. ඒ අරමුණු කෙරෙහි උපේක්ෂාවෙන් බලන මගේ ඒ දුක්ඛ උපාදානය නොහොත් මගේ දුකට හේතුවූ තෘෂ්ණාව දුරුවේයයි කියායි. 933

[932:- මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ මධ්‍යම ප්‍රතිපදාවේ මුලික සිද්ධාන්තය වේ. අරමුණු කෙරෙහි තෘෂ්ණාවෙන් නො බැදී , අරමුණු කෙරෙහි ද්වේශයෙන් ඒවා නැති කිරීමට තැත් නොකොට උපේක්ෂාවෙන් ලෝකයෙහි අරමුණු සේවනය කිරීම යි.]

[933:- දුකට හේතුව තෘෂ්ණාව ලෙස අටුවාව දක්වන්නේ පංච කාම අරමුණු දැක ඒවා අත්කර ගැනීමේ සිත් ඇතිවී ඉන් වන චිත්ත ස්වභාවයයි. මෙහි තෘෂ්ණාව දුරු කර ගැනීම් දෙආකාර ක්‍රම දක්වා ඇත. එනම්, 1: අරමුණු යෝනිසොමනිසිකාරයෙන් සලකමින් වීර්යයෙන් ඒ තෘෂ්ණාව දුරු කිරීම හා 2. උපේක්ෂා සහගත සිතින් අරමුණු හා නොබැදී නොගැටී අරමුණු ඇසුරු කිරීම ඒ දෙආකාරය වේ. මේ චේදයෙන් විශේෂයෙන් සුඛ පටිපදා කිප්පාබින්ඥා ලෙස දක්වන නිර්වාණගාමී ප්‍රතිපත්තිය මින් දැක්වෙන බව පෙනෙයි.]

වීර්ය කරන්නාගේ වීර්ය හේතුකොටගෙන දුකට හේතුවූ යම් තෘෂ්ණාවක දුරුකිරීමක් වෙයිද එහි මාර්ග වීර්යයෙන් වීර්ය කරන්නේය.‘

එහි උපෙක්ෂාව වඩයි. වීර්ය කරන්නාවූ ඒ පුද්ගලයාහට වීර්ය කිරීම හේතුකොටගෙන දුක් උපදවන හේතුව වන තෘෂ්ණාව දුරු වෙයි. මෙසේ ඔහුගේ දුක නිවී යන්නේය. මධ්‍යස්ථ සිතින් නොහොත් උපේක්ෂාවෙන් ඉන්නාවූ ඔහුගේ උපේක්ෂාව හේතුකොටගෙන දුක උපදවන හේතුව වන තෘෂ්ණාව දුරු වෙයි. මෙසේ ඔහු දුක දුරු කරගත්තේ වෙයි.

§ 24. “මහණෙනි, යම් පුරුෂයෙක් , එක්තරා ස්ත්‍රියක් කෙරෙහි බොහෝ ඇළුම් ඇත්තේ , ඈ පිළිබඳ සිත් ඇත්තේ, දැඩිවූ ආලය ඇත්තේ, දැඩිවූ බලාපොරොත්තු ඇත්තේවේද, හෙතෙම අන් පුරුෂයෙකු සමග එක් සිටින්නාවූ, එක්ව කථා කරන්නාවූ, එක්ව විහිළු තහළු කරන්නාවූ, එක්ව සිනාසෙන්නාවූ, ඒ ස්ත්‍රිය දක්නේය.

මහණෙනි, ඒ කුමකැයි හඟිව්ද? කිමෙක්ද? ඒ පුරුෂයා හට අන් පුරුෂයෙකු සමග එක් සිටින්නාවූ, එක්ව කථා කරන්නාවූ, එක්ව විහිළු තහළු කරන්නාවූ, එක්ව සිනාසෙන්නාවූ මේ ස්ත්‍රිය දැක, ඒ පුරුෂයාගේ සිතෙහි දොම්නස, ශෝකය, දුකය, දොම්නසය, උපායාස යන මේ ධර්මයෝ නො උපදින්නේද ?”
“ස්වාමීනි, එසේය, ඔහු දුකට දොම්නසට පත් වේ මය.”

“ඊට හේතු කවරේද?”
“ස්වාමීනි, ඒ පුරුෂයා එම ස්ත්‍රිය කෙරෙහි දැඩි ඇළුම් සහිත වූයේ, පිළිබඳ සිත් ඇත්තේ, දැඩි ආලය ඇත්තේ, දැඩි බලාපොරොත්තු ඇත්තේ වෙයි. එහෙයින් අන් පුරුෂයෙකු සමග එක් සිටින්නාවූ, එක්ව කථා කරන්නාවූ, එක්ව විහිළු තහළු කරන්නාවූ, එක්ව සිනාසෙන්නාවූ ඒ ස්ත්‍රිය දැක ශෝකය, පරිදෙවය, දුකය, දොම්නසය, උපායාසය යන මොහු තුල උපදිත්.”

§ 25. “මහණෙනි, ඉක්බිති ඒ පුරුෂයාට මෙබඳු සිතක් වන්නේය. මම මේ ස්ත්‍රියට ආලය කලෙමි. පිලිබඳ සිත් ඇත්තේ වීමු , දැඩි වූ බලාපොරොත්තු ඇත්තේ වූමි. ඒ නිසාම මට ඇය අන් පුරුෂයෙකු සමග එක් සිටින්නාවූ, එක්ව කථා කරන්නාවූ, එක්ව විහිළු තහළු කරන්නාවූ, එක්ව සිනාසෙන්නාවූ විට ඇයය දැක ශෝකය, පරිදෙවය, දුකය, දොම්නසය, උපායාසය ඉපදින .

‘මම මේ ස්ත්‍රිය කෙරෙහි මගේ යම් ඡන්ද රාගයක් (ඇල්මක්) වේද, එය දුරු කරන්නෙම් නම්, ඉතා යෙහෙකැයි’ කියා යි. හෙතෙම එසේ සිතා ඒ ස්ත්‍රිය කෙරෙහි වූ ඇල්ම දුරු කරන්නේය. හෙතෙම පසු කලෙක අන් පුරුෂයෙකු සමග එක් සිටින්නාවූ, එක්ව කථා කරන්නාවූ, එක්ව විහිළු තහළු කරන්නාවූ, එක්ව සිනාසෙන්නාවූ ඒ ස්ත්‍රිය දක්නේය.

මහණෙනි, ඒ කුමකැයි හඟිව්ද, කිම?
ඒ පුරුෂයාට අන් පුරුෂයෙකු සමග එක් සිටින්නාවූ, එක්ව කථා කරන්නාවූ, එක්ව විහිළු තහළු කරන්නාවූ, එක්ව සිනාසෙන්නාවූ, මේ ස්ත්‍රිය දැක ශෝකය, පරිදෙවය, දුකය, දොම්නසය, උපායාසය මොහු තුල උපදින්නාහුද?”
“ස්වාමීනි, මෙය නොවේමැයි,

“ඊට හේතු කවරේද?
ස්වාමීනි, මේ පුරුෂයා මේ ස්ත්‍රිය කෙරෙහි වූ ඇළුම් පහ කලේ වෙයි. එහෙයින් අන් පුරුෂයකු සමග සිටින්නාවූ, කථාකරන්නාවූ, මහ සිනාවෙන් සිනාසෙන්නාවූ, ඒ ස්ත්‍රීය දැක ශොක පරිදෙව දුක් දොම්නස් උපායාසයෝ ඔහු තුල නූපදිත්යයි” කීහ.

§ 26. “මහණෙනි, එපරිද්දෙන්ම භික්ෂුව දුකින් නොමඩනා ලද ඔහුගේ ජීවිතය තමන්ගේ කැමැත්තෙන්ම දුක් විඳිමින් දුකින් නොමඩියි. ධාර්මික වූ සැපයද, අත් නො හරියි. ඒ සැපයෙහි මුසපත් නොවෙයි. වීර්ය කරන්නාවූ ඔහු ‘මගේ වීර්ය කිරීම හේතු කොටගෙන දුකට හේතුවූ තෘෂ්ණාව දුරුවීම වෙයි. උපෙක්ෂාව වඩන්නාවූ මගේ උපෙක්ෂාව නිසා දුකට හේතුවූ තෘෂ්ණාව දුරුවීම වේයයි’ දැනගනී.

හෙතෙම වීර්ය කිරීම හේතුකොට ගෙන දුකට හේතුවූ තෘෂ්ණාව දුරු කරයිද, එසේ ඔහු වීර්ය වඩයි. උපෙක්ෂාව වැඩීම හේතුකොට ගෙන දුකට හේතුවූ තෘෂ්ණාවේ දුරුවීමක්වේ නම් හෙතෙම උපෙක්ෂා වඩයි. එසේ වීර්ය කරන්නාවූ ඔහුගේ ඒ දුක් උපදවන හේතුව වූ තෘෂ්ණාව දුරුවේ. එසේ ඔහුගේ දුක් කෙලවර වෙයි. උපෙක්ෂාව වඩන්නා වූ ඔහුට උපෙක්ෂාව වැඩීම හේතුකොටගෙන ඒ දුක් උපදවන හේතුවවූ තෘෂ්ණාව දුරුවීම සිදු වේ, එසේ ඔහුගේ දුක් නිරෝධය වන්නේ වෙයි.

§ 27. “මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්ෂුවක් මෙසේ සලකයි. සැප කැමතිව සැපසේ වාසය කරන්නා වූ විට මාගේ අකුසල ධර්මයෝ වැඩෙත්. කුසල ධර්මයෝ පිරිහෙත්. ශරීරයට දුක් ඇතිවන ප්‍රතිපදාවක යෙදුනහොත් මාගේ අකුසල ධර්මයෝ පිරිහෙත්. කුසල ධර්මයෝ වැඩෙත්. ඒ නිසා මම ශරීරයට දුක් ඇති කරනසේ එවන් කිලමතානු යෝගයක යෙදෙන්නේ නම් ඉතා යෙහෙකි කියායි.

හෙතෙම ශරීරයට දුක් ඇති වන පිළිවෙතක යෙදෙයි. එසේ වීර්ය කරයි. ශරීරයට දුක් ඇති වනසේ වීර්ය කරන්නාවූ ඔහුගේ අකුසල ධර්මයෝ පිරිහෙත්. කුසල ධර්මයෝ වැඩෙත්. 934

[934: මේ චේදය තුලින් සමහරක් බෞද්ධ භික්ෂුන් ධුතාංග පිරීම ආදී දළදුෂ්කර වෘත පිරීම අනුමත කිරීමක් දකිත හැක. එනමුත් මේ දුෂ්කර ධුතාංග යන් පිරීමෙන් ක්ලේශ ප්‍රහානයක් හෝ කර්මඵල නිශේදයක් බලාපොරොත්තු නොවේ. මෙය දුක්ඛ පටිපදා දණ්ඩාභින්ඥාවෙන් නිර්වාණය සාක්ෂාත් කිරීමට බලාපොරොත්තුවන ශ්‍රාවකයන් ගෙ ප්‍රතිපත්තිය වේ.]

හෙතෙම පසු කාලයකදී මේ ශරීරයට දුක් ඇති වනසේ වීර්ය නොකරයි. ඊට හේතුව කවරේද? මහණෙනි, යමක් සඳහා ඒ භික්ෂුව ශරීරයට දුක්වනසේ වීර්ය කලේද, ඒ අර්ථය ඔහු සාධනය කරගෙන ඇති නිසාය. එහෙයින් පසු කාලයෙහි ශරීරයට දුක් දෙන සේ කරන වීර්ය ඔහු නොකරයි.

§ 28. “මහණෙනි, යම් හී වඩුවෙක් හීයක් තැනීමට, ගිනි දළු දෙකෙකින් තවාද, නැවත නැවත තවාද, හීයේ ඇද හරියිද කර්මන්‍ය කරයිද, මහණෙනි, යම් හෙයකින් වනාහී හී වඩුවා විසින් ඊය ගිනි පෙනෙලි දෙකකින් තවන ලද්දේද, බොහෝ සේ ගින්නෙන් තවන ලද්දේද, ඇද හරින ලද්දේද, සුනම්‍ය කරන ලද්දේද, ඒ හී වඩුවා ඉන් පසු නැවත ඒ ඊය ගින්නෙන් නොතවයි. යලි යලිත් ගින්නෙන් නොතවයි. යලි ඇද නොහරියි. කර්මන්‍ය නොකරයි.

ඊට හේතු කවරේද?
මහණෙනි, ඒ හී වඩුවා යමක් සඳහා ගිනි පෙණෙලි දෙකකින් ඊය තැවුවේද? ඇද හැරියේ ද, කර්මන්‍ය කලේද, ඒ අර්ථය ඔහු සම්පූර්ණ කර ගත්තේ වෙයි. එහෙයින් ඊ වඩුවා පසු කාලයෙහි නැවත ඒ ඊය ගින්නෙන් නොතවයි. යලි යලිත් ගින්නෙන් නොතවයි. යලි ඇද නොහරියි. කර්මන්‍ය නොකරයි.

§ 29 . මහණෙනි, එපරිද්දෙන්ම භික්ෂුව යමක් සඳහා ශරීරයට දුක්වනසේ වීර්ය කලේද, ඒ අර්ථය ඔහු සාධනය කරගෙන ඇති නිසා ඉන් පසු කාලයෙහි ශරීරයට දුක් දෙන සේ කරන වීර්ය ඔහු නොකරයි.
ඊට හේතු කවරේද?
මහණෙනි, ඒ භික්ෂුව යම් අර්ථයක් සඳහා ශරීරයට දුක් ඇති වනසේ වීර්‍ය්‍ය කලේද, ඒ අර්ථය ඔහුට සම්පූර්ණවූයේ නම් පසු කලෙක්හි ශරීරයට දුක් උපදිනසේ වීර්‍ය්‍ය නොකරයි. මහණෙනි, මෙසේ ඔහුගේ උපක්‍රමය ඵල සහිත වෙයි. උත්සාහය ඵල සහිත වෙයි.

§ 30. “මහණෙනි, නැවත අනිකක්ද කියමි. මේ ලෝකයෙහි අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ අෂ්ටවිද්‍යා පසලොස් චරණ ධර්මයන්ගෙන් යුක්තවූ ශොභන ගමන් ඇත්තාවූ ලෝකය දන්නාවූ නිරුත්තරවූ දමනය කළනොහැකි පුරුෂයන් දමනය කිරීමෙහි සාර්ථ වාහකයෙකු බඳුවූ දෙවිමිනිසුන්ට අනුශාසනා කරන්නාවූ චතුස්සත්‍යයන් අවබෝධකළාවූ රාගාදී කෙලෙසුන් විනාශ කළාවූ තථාගතයන් වහන්සේ නමක් පහල වෙත්.

ඒ තථාගතයන් දෙවියන් සහිතවූ මාරයන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ මහණ බමුණන් සහිතවූ දෙවිමිනිසුන් සහිතවූ සත්ව ප්‍රජාව සහිතවූ මේ ලෝකය විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට දැන ගනියි. ඒ තථාගතයන් මුල යහපත්වූ මැද යහපත්වූ කෙළවර යහපත්වූ අර්ථ සහිතවූ ඛ්‍යඤ්ජන සහිතවූ සියල්ල සම්පූර්ණවූ ධර්මය දේශනා කරයි. පිරිසිදුවූ මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කරයි.

§ 31. ඒ ධර්මය ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ යම් කුල පුත්‍රයෙක් අසයි. ඔහු ඒ ධර්මය අසා තථාගතයන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කර ගනී. හෙතෙම ඒ ශ්‍රද්ධාවෙන් යුක්තවූයේ මෙසේ සලකයි. “ගිහිගෙයි විසීම අවහිරය. රාගාදී කෙලෙස් ඉපදීමට එය මාර්ගයයි. පැවිදිවීම අවකාශය මෙන් නිදහස් ස්ථානයයි. ගිහිගෙයි වසන්නහුට ඒකාන්තයෙන් සම්පූර්ණවූ ඒකාන්තයෙන් පිරිසිදුවූ ලියනලද සකක් වැනිවූ මේ සාසන බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙන්ට පහසු නොවෙයි. මම හිසකේ රැවුල් කපා කසට වත් හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වන්නෙම් නම් ඉතා යහපති කියායි.“

හෙතෙම පසු කලෙක්හි ස්වල්පවූ හෝ මහත්වූ හෝ වූ සිය සම්පත් රාශිය හෝ හැර ස්වල්පවූ හෝ මහත්වූ සිය නෑ පිරිවර හෝ හැරදමා, හිසකේ රැවුල් කපා කසට වස්ත්‍ර හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙයි.

§ 32. මෙසේ පැවිදි වූ ඔහු භික්ෂූන්ගේ අධිශීල ශික්ෂාවට හා සමාන දිවි පැවැත්මට පැමිණියේ, ප්‍රාණ ඝාතය හැර ප්‍රාණ ඝාතයෙන් වැලකෙයි. අවි ආයුධ දඬු ආයුධ පාවිච්චිය අත්හලේ සියළු සතුන් කෙරෙහි අනුකම්පාවෙන් යුතු වෙයි.

අන් සතු දේ ගැනීමෙන් වැළකුණේ දුන්දෙය පමණක් ම ගන්නේය. සොර නොවූ පවිත්‍රවූ සිරිතින් වාසය කරයි.

අබ්‍රහ්මචර්‍ය්‍යාව හැර ශ්‍රේෂ්ඨවූ හැසුරුම් ඇත්තේ ග්‍රාම ධර්මයක්වූ මෛථූන සේවනයෙන් දුරු වූයේ වෙයි.

මුසාවාදය හැර බොරුකීමෙන් වැළකුණේ සත්‍යය පමණක්ම කියන්නේය.

සත්‍යයෙන් සත්‍යය ගැලපීම ඇත්තේ, ස්ථීර වචන ඇත්තේ, ඇදහිය යුතු වචනයෙන් ලෝකයා රවටන්නෙක් නොවේ. පිසුනු වචනය හැර කේලාම් කීමෙන් වැළකුණේ වෙයි. මෙතැනින් අසා මොවුන්ගේ බිඳීම පිණිස එතැන්හි නොකියන්නේ වෙයි. එතැනින් අසා ඔවුන්ගේ බිඳීම පිණිස මෙතන්හි නොකියන්නේ වෙයි.“

මෙසේ බිඳුනවුන් ගලපන්නේ හෝ, සමගි වූවන්ට අනුබල දෙන්නේ හෝ, සමගියට කැමැත්තේ, සමගියෙහි ඇළුනේ සමගියට සතුටු වන්නේ, සමගි කරන වචන කියන්නේ, වෙයි. ඵරුෂ වචනය හැර රළු බස් කීමෙන් වැළකුණේ වෙයි යම් ඒ වචනයක් නිදොස්ද, කණට සැපද, ප්‍රෙමණීයද, සිත සතුටු කරන්නේද, පුරවැසිභාවයට සුදුසුද, බොහෝ දෙනා කැමතිද, බොහෝ දෙනාගේ මනවඩන්නීද, එබඳු වචනය කියන්නේ වෙයි.

සම්ඵප්‍රලාපය හැර හිස්වූ කථා කීමෙන් වැළකුණේ වෙයි. කලට සුදුසු වචන ඇත්තේ, සත්‍යවූ වචන ඇත්තේ, අර්ථයෙන් යුත් වචන ඇත්තේ, ධර්මයෙන් යුත් වචන ඇත්තේ, විනය සම්බන්ධවූ වචන ඇත්තේ, සුදුසු කල්හි කරුණු දැක්වීම් සහිතවූ ප්‍රමාණවත්වූ, අර්ථයෙන් යුක්තවූ, නිධානයක් මෙන් සිතෙහි තැබිය යුතු වචන කියන්නේ වේ.

හෙතෙම තෘණ ගස්, වැල්, සිඳීම්, බිඳීම්, ආදියෙන් වැලකුණේ වෙයි. එක වේලක් පමණ ආහාර ගන්නේය.
රාත්‍රි භොජනයෙන් වැලකුණේය.
නොකල්හි වැලඳීමෙන් වැලකුණේයි.

නැටුම්, ගීකීම්, වීණා ආදිය වැයීම්, විසුළු දැකීම් යන මෙයින් වැලකුණේ වෙයි.
මල් ගඳ විලවුන් දැරීම එයින් සැරසීම අඩුතැන් පිරවීමෙන් අලංකාර කිරීම යන මෙයින් වැලකුණේ වෙයි.
උසසුන් මහ අස්නෙන් වැලකුණේ වෙයි.
රන්රිදී මසු කහවනු (මුදල්) පිළිගැන්මෙන් වැලකුණේ වෙයි.

අමු ධාන්‍ය වර්ග පිළිගැන්මෙන් වැලකුණේ වෙයි. අමු මස් වර්ග පිළිගැන්මෙන් වැලකුණේ වෙයි.
ස්ත්‍රීන් හා ළදැරියන් පිළිගැන්මෙන් වැලකුණේ වෙයි.
දාසීන් හා දාසයන් පිළිගැන්මෙන් වැලකුණේ වෙයි.
එළුවන් තිරෙළුවන් පිළිගැන්මෙන් වැලකුණේ වෙයි. කුකුළන් හූරන් පිළිගැන්මෙන් වැලකුණේ වෙයි. ඇතුන්, ගවයන්, අසුන්, වෙළඹුන් පිළිගැන්මෙන් වැලකුණේ වෙයි.
කෙත්, වතු, ඉඩම් පිළිගැන්මෙන් වැලකුණේ වෙයි.

දූත මෙහෙවරය, පණිවුඩ පණත්වල යෙදීමය යන මෙයින් වැලකුණේ වෙයි,
වෙළඳාම පිණිස ගණුදෙනු කිරීමෙන් වැලකුණේ වෙයි.
තරාදි ආදියෙන් වංචා කිරීමය,
රන් හා නොරන් මිශ්‍ර වංචා කිරීමය,
වී ආදිය මැනීමෙන් වංචා කිරීමය යන මෙයින් වැලකුණේ වෙයි,
අල්ලස් ගැනීමය, වංචා කිරීමය, උපායෙන් අනුන් රැවටීමය, කපටිකමය යන මෙයින් වැලකුණේ වෙයි.
සිඳීමය, මැරීමය, බැඳීමය, සැඟවී සිට වස්තු පැහැර ගැන්මය, ගම් පැහැරීමය, බලාත්කාරකම් කිරීමය යන මෙයින් වැලකුණේ වෙයි.

§ 33   .හෙතෙම කය පරිහරණයට සුදුසුවූ සිවුරෙන් හා කුස පරිහරණයට සුදුසු පිණ්ඩපාතයෙන් සතුටු වූයේ වෙයි. යම් යම් තැනෙක්හිම යයිද, අටපිරිකර හැර ගෙණම යයි. යම්සේ පියාපත් ඇති පක්ෂියෙක් යම් යම් තැනෙක්හිම පියාඹයිද, පියාපත් බර පමණක්ම දරමින් පියාඹයිද, එලෙසින්ම භික්ෂුව කය පරිහරණයට සුදුසුවූ සිවුරෙන් හා කුස පරිහරණයට සුදුසු පිණ්ඩපාතයෙන් සතුටු වෙයි. යම් යම් තැනෙක්හිම යේද පිරිකර හැරගෙණමයයි. හෙතෙම මේ ආර්‍ය්‍යවූ ශීල රාශියෙන් යුක්තවූයේ ආධ්‍යාත්මිකවූ නිරවද්‍ය වූ සුවය විඳියි.

§ 34. ඔහු ඇසින් රූපයක් දැක ඒ අරමුණ නිමිති වශයෙන් නොගන්නේය. කුඩා සලකුණු වශයෙන් නොගන්නේය. යම් හේතුවකින් මේ චක්ෂුරින්ද්‍රියෙහි අසංවරව වාසය කරන්නහුට විෂම ලෝභය හා දොම්නසය යන ලාමකවූ අකුසල ධර්මයෝ උපදිත්ද, ඔවුන්ගේ සංවරය පිණිස පිළිපදියි, චක්ෂුරීන්ද්‍රිය රකියි. චක්ෂුරින්ද්‍රියෙහි සංවරයට පැමිණෙයි,

කණින් ශබ්දය අසා තපසින් කෙළවර වීමෙන් අලුත්වූ කර්මයන් නොකිරීමෙන් මත්තෙහි නොහට ගැණීමවේ. මත්තෙහි නොහට ගැණීමෙන් කර්මයන්ගේ නැසීමවේ. කර්මයන් නැසීමෙන් දුක්නැසීමවේ. දුක් නැසීමෙන් වේදනා නැසීමවේ. වේදනානැසීමෙන් නාසයෙන් සුවඳ ආඝ්‍රාණය කොට නිමිති වශයෙන් නොගන්නේ, කුඩා සලකුණු වශයෙන් නොගන්නේ වෙයි. යම් හේතුවකින් මේ ශ්‍රොතෙන්ද්‍රියයෙහි අසංවරව වාසය කරන්නහුට විෂම ලෝභය හා දොම්නස යන ලාමකවූ අකුසල ධර්මයෝ අනුව වහනය වෙත්ද ඔවුන්ගේ සංවරය පිණිස පිළිපදියි ශ්‍රොතෙන්ද්‍රිය රකියි. ශ්‍රොතෙන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි.“

දිවෙන් රසය විඳ නිමිති වශයෙන් නොගන්නේ, කුඩා සලකුණු වශයෙන් නොගන්නේ වෙයි. යම් හේතුවකින් මේ ඝ්‍රාණෙන්ද්‍රියයෙහි අසංවරව වාසය කරන්නහුට විෂම ලෝභය හා දොම්නස යන ලාමකවූ අකුසල ධර්මයෝ වහනය වෙත්ද ඔවුන්ගේ සංවරය පිණිස පිළිපදියි. ඝ්‍රාණෙන්ද්‍රිය රකියි. ඝ්‍රාණෙන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. කයින් ස්පර්ෂ කළයුත්ත ස්පර්ෂ කොට නිමිති වශයෙන් නොගන්නේ, කුඩා සලකුණු වශයෙන් නොගන්නේ වෙයි. යම් හේතුවකින් මේ ජිව්හේන්ද්‍රියයෙහි අසංවරව වාසය කරන්නහුට විෂම ලෝභය හා දොම්නස යන ලාමකවූ අකුසල ධර්මයෝ අනුව වහනය වෙත්ද, ඔවුන්ගේ සංවරය පිණිස පිළිපදියි. ජිව්හේන්ද්‍රිය රකියි. ජිව්හේන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. සිතින් ධර්මය දැන නිමිති වශයෙන් නොගන්නේ කුඩා ලකුණු වශයෙන් නොගන්නේ වෙයි. යම් හේතුවකින් මේ මනීන්ද්‍රියෙහි අසංවරව වසන්නහුට විෂම ලෝභ දොම්නස් යන ලාමකවූ අකුශල ධර්මයෝ අනුව උපදිත්ද, ඔවුන්ගේ සංවරය පිණිස පිළිපදියි. මනින්ද්‍රිය රකියි, මනින්ද්‍රියෙහි සංවරයට පැමිණෙයි. හෙතෙම මේ ආර්‍ය්‍යවූ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තවූයේ, ආධ්‍යාත්මිකවූ ආධ්‍යාත්මිකවූ සැපද විඳියි.“

§ 35 . ඔහු ඉදිරියට යෑමෙහි හැරී යෑමෙහි මනාව දැන එසේ ගමන් කරන්නේය. ඉදිරිය බැලීමෙහි, වටපිට බැලීමෙහි, මනාව දැන සතියෙන්ම ඒ කරන්නේ වෙයි.
අත් පා ඇකිලීමෙහිදී , දිගහැරීමෙහිදී මනාව දැන, සතියෙන්ම ඒ කරන්නේ වෙයි. සඟල සිවුර හා පාත්‍රා සිවුරු දැරීමෙහි මනාව දැන සතියෙන්ම ඒ කරන්නේ වෙයි. අනුභව කිරීමෙහිදී, පානය කිරීමෙහිදී , කඩා කෑමෙහි, රස විඳීමෙහි, මනාව දැන කරන්නේ වෙයි.
මළ මුත්‍ර කිරීමෙහි මනාව දැන කරන්නේ වෙයි.
යාමෙහි, සිටීමෙහි, හිඳීමෙහි, සයනයෙහි නිදි දුරුකිරීමෙහි, කථාවෙහි නිශ්ශබ්ද වීමෙහි මනාව දැන කරන්නේ වෙයි.

§ 36. මෙසේ මේ ආර්‍ය්‍යවූ ශීල රාශියෙන්ද යුක්තවූයේ, මේ ආර්‍ය්‍යවූ ඉන්ද්‍රිය සංවරයෙන්ද, යුක්තවූයේ, මේ ආර්‍ය්‍ය වූ සිහි නුවණ නොහොත් සතියෙන්ද සම්පජනන යන දෙකින් යුක්තවූයේ, මහා වනයය , රුක්මුලය පර්වතය, කඳුරැළිය, පර්වතගුහාය, සොහොනය, ඉතා දුරවන සෙනසුනය, හිස් තැනය, පිදුරුගොඩය, යන ආදී විවේක සෙනාසනයන් භජනය කරයි.“

§ 37 . ඔහු එක් වරක් පමණක් ආහාර ගන්නේ, පිණ්ඩපාතය හා දාන පරිභෝජනයෙන් පසුව, පර්‍ය්‍යංකය බැඳගෙණ ඍජුකොට කය පිහිටුවා සතිය ඉදිරිපත් කොට තබා හිඳගණියි.
හෙතෙම ස්කන්ධ ලෝකයෙහි අභිජ්ජාවයැ යි දන්නා විෂම ලෝභය දුරුකොට, විෂම ලෝභය පහව ගියාවූ, සිතින් යුක්තව වාසයකරයි.
විෂම ලෝභයෙන් සිත මුදා සිත පිරිසිදු කරයි. දොස යෙන් දූෂිතවූ සිත දුරුකොට ක්‍රොධ රහිත සිත් ඇත්තේ, සියළු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇත්තේ, වාසය කරයි. ව්‍යාපාද ප්‍රදොෂයෙන් සිත පිරිසිදු කරයි.“

ථීනමිද්ධය හැර , ථීනමිද්ධය නැත්තේ, ආලෝක සංඥා ඇත්තේ, සිහි නුවණ ඇත්තේ වාසය කරයි. ථීනමිද්ධයෙන් සිත පිරිසිදු කරයි. නොසන්සුන් බව හා පසුතැවීම හැර නොසන්සුන්නොවී ඇතුලත සංසුන් සිත් ඇතිව වාසය කරයි. උද්ධච්චකුක්කුච්චයෙන් සිත පිරිසිදු කරයි, සැකකිරීම හැර එතර කළාවූ සැක ඇත්තේ, කුශල ධර්මයන්හි සැක රහිතවූයේ වාසය කරයි, විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කරයි.“

§ 38 . ඔහු මෙසේ චිත්තය කෙළෙසන , ප්‍රඥාව දුර්වලකරන, නීවරණ පස හැර ලා කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ, විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයි.

මහණෙනි, මෙසේද ඔහුගේ ප්‍රතිපදාව සඵල වූයේ වෙයි. වීර්‍ය්‍ය සඵලවූයේ වෙයි.

§ 39. මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්ෂුව විතර්ක හා විචාරයන්ගේ සංසිඳීමෙන්, ඇතුළත පැහැදීම ඇත්තාවූ, චිත්තයාගේ එකඟ බැව් ඇත්තාවූ, විතර්ක රහිතවූ, විචාර රහිතවූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. මහණෙනි, මෙසේද ඔහුගේ පටිපදාව සඵලවූයේ වෙයි. වීර්‍ය්‍යය සඵල වූයේ වෙයි.“

§ 40 .මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්ෂුව ප්‍රීතියද, නොඇල්මෙහිද උපෙක්ෂා ඇත්තේද, සතියෙන් හා සම්පජන්නයෙන් යුතුව, වාසය කරයි. සැපයද නාමකයින් විඳියි. ආර්‍ය්‍යයෝ යම් ධ්‍යානයක් උපෙක්ෂා ඇත්තේ, සිහි ඇත්තේ සැපවිහරණ ඇත්තේයයි කියත්ද, ඒ තෘතීයධ්‍යානයට පැමිණ වාසය කරයි. මහණෙනි, මෙසේද උපක්‍රමය සඵලවූයේ වෙයි. වීර්‍ය්‍යය කිරීම සඵලවූයේ වෙයි.“

§ 41 , මහණෙනි, නැවත අනිකක්ද කියමි.
භික්ෂුව සැපයද දුරු කිරීමෙන්, දුකද දුරු කිරීමෙන් පළමු කොටම සොම්නස්, දොම්නස්, දෙදෙනාගේ නැසීමෙන් දුක් නැත්තාවූ සැප නැත්තාවූ, උපෙක්ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදු බැව් ඇති චතුර්ථ ධ්‍යානයට පැමිණ වාසය කරයි.

මහණෙනි, මෙසේද පටිපදාව සඵලවූයේ වෙයි. වීර්‍ය්‍යය සඵලවූයේ වෙයි. හෙතෙම මෙසේ සිත එකඟවූ කල්හි පිරිසිදුවූ කල්හි නිර්මලවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහවගිය උපක්ලේශ ඇති කල්හි, මෘදුවූ කල්හි, කර්මක්ෂමවූ කල්හි ස්ථීරවූ කල්හි කම්පා නොවන බවට පැමිණි කල්හි, පෙර විසූකඳ පිළිවෙල සිහිකරණ නුවණ පිණිස සිත එලවයි.

§ 42 . හෙතෙම නොයෙක් ප්‍රකාරවූ පෙරවිසූ කඳ පිළිවෙළ සිහි කරයි. එනම් ජාති එකක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති හතරක්ද, ජාති පහක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති හතලිහක්ද, ජාති පණහක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත කල්පයන්ද, නොයෙක් විවර්ත කල්පයන්ද, නොයෙක් සංවර්ත විතර්ක කල්පයන්ද, අසවල් තන්හි මෙබඳු නම් ඇත්තෙක්, මෙබඳු ගොත්‍ර ඇත්තෙක්, මෙබඳු වර්ණ ඇත්තෙක් මෙබඳු ආහාර ඇත්තෙක් මෙබඳු සැපදුක් විඳින්නෙක්, මෙබඳු ආයුෂය කෙළවර කොට ඇත්තෙක් වීමි. ඒ මම එයින් චුතවූයේ අසවල් තන්හි ඉපදුනෙමි. එහිදු මෙබඳු නම් ඇත්තෙක්, මෙබඳු ගොත්‍ර ඇත්තෙක්, මෙබඳු වර්ණ ඇත්තෙක්, මෙබඳු ආහාර ඇත්තෙක්, මෙබඳු සැපදුක් විඳින්නෙක්, මෙබඳු ආයුෂය කෙළවර කොට ඇත්තෙක්, වීමි. ඒ මම එයින් චුතවූයේ මෙහි උපන්නේ වෙමියි. මෙසේ ආකාර සහිතවූ උදෙසීම් සහිතවූ අනෙක ප්‍රකාරවූ, පෙරවිසූ කඳ පිළිවෙල සිහි කරයි.

මහණෙනි, මෙසේද පටිපදාව සඵලවූයේ වෙයි. වීර්‍ය්‍යය සඵලවූයේ වෙයි. “

§ 43 .හෙතෙම මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, නිර්මලවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහවගිය උපක්ලේශ ඇති කල්හි, මෘදුවූ කල්හි, කර්මක්ෂමවූ කල්හි, සිටි කල්හි කම්පා නොවන බවට පැමිණි කල්හි සත්වයන්ගේ චුත වීම හෝ ඉපදීම දැන ගැණීම පිණිස සිත එලවයි.

හෙතෙම දිව්‍යවූ, පිරිසිදුවූ, මිනිසැස ඉක්ම පැවැත්තාවූ ඇසින්, චුතවන්නාවූද උපදින්නාවූද, හීනවූ, ප්‍රණීතවූ, සුවර්ණවූ, දුර්වර්ණයවූ, යහපත් ගතිවලට ගියාවූද, අයහපත් ගතිවලට ගියාවූද, සත්වයන් දකියි. කම්වූ පරිද්දෙන් පරලොව ගියාවූ සත්වයන් දැන ගණියි. ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූවාහුය. වාක් දුශ්චරිතයෙන් යුක්තවූවාහුය. මනො දුශ්චරිතයෙන් යුක්තවූවාහුය. ආර්‍ය්‍යයන්ට උපවාද කියන්නාහුය. මිථ්‍යා දෘෂ්ටි ඇත්තාහුය. මිථ්‍යා දෘෂ්ටීන්ගේ කර්ම සමාදන්වූවාහුය. ඔව්හු ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ දුකට පිළිසරණවූ විවසව පතිතවන්නාවූ නරකයෙහි උපන්නාහුය.

මේ පින්වත් සත්වයෝ වනාහී කාය සුචරිතයෙන් යුක්තවූවාහුය. වාග් සුචරිතයෙන් යුක්තවූවාහුය. මනො සුචරිතයෙන් යුක්තවූවාහුය. ආර්‍ය්‍යයන්ට උපවාද නොකියන්නාහුය. සම්‍යක් දෘෂ්ටි ඇත්තාහුය. සම්‍යක් දෘෂ්ටීන්ගේ කර්ම සමාදන්වූවාහුය. ඔව්හු ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇත්තාවූ, ස්වර්ගලෝකයෙහි උපන්නාහුයයි, මෙසේ දිව්‍යවූ, පිරිසිදුවූ, මිනිසැස ඉක්ම පැවැත්තාවූ, ඇසින් චුතවන්නාවූද, උපදින්නාවූද, හීනවූ ප්‍රණීතවූ, සුවර්ණවූ, දුර්වර්ණවූ, සුගතවූ දුර්ගතවූ සත්වයන් දකියි. කම්වූ පරිද්දෙන් පරලොවගියාවූ සත්වයන් දැනගණියි. මහණෙනි, මෙසේද උපක්‍රමය සඵලවූයේ වෙයි. වීර්‍ය්‍ය සඵලවේ.

§ 44 . හෙතෙම මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, නිර්මලවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහව ගිය උපක්ලේශ ඇති කල්හි, මෘදුවූ කල්හි, කර්මක්ෂමවූ කල්හි, ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, ආශ්‍රවයන්ගේ ක්ෂයවීම දැනගැණීම පිණිස සිත එලවයි.

හෙතෙම මෙය දුකය තත්වූ පරිද්දෙන් දැනගණියි. මේ දුක ඉපදීමට හේතුවයයි තත්වූ පරිද්දෙන් දැන ගණියි. මේ දුක් නැති කිරීමයයි තත්වූ පරිද්දෙන් දැන ගණියි. මේ දුක් නැති කිරීමට පිළිපදින්නාවූ මාර්ගයයි තත්වූ පරිද්දෙන් දැන ගණියි. මේ ආශ්‍රවයෝයයි තත්වූ පරිද්දෙන් දැන ගණියි. මේ ආශ්‍රවයන්ගේ ඇති වීමට හේතුවයයි තත්වූ පරිද්දෙන් දැන ගණියි. මේ ආශ්‍රවයන්ගේ නිරෝධයයි තත්වූ පරිද්දෙන් දැන ගණියි. මේ ආශ්‍රවයන් නිරුද්ධ කිරීමට පිළිපදින මාර්ගයයි තත්වූ පරිද්දෙන් දැන ගණියි.

§ 45 .මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ, ඔහුගේ කාමාශ්‍රව කෙරෙන්ද, සිත මිදේ භවාශ්‍රව කෙරෙන්ද සිත මිදේ. අවිද්‍යාශ්‍රව කෙරෙන් සිතමිදේ. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. ජාතිය ක්ෂය කරන ලද්දීය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලද්දේය, (සතරමගින්) කටයුතු දෙය කරන ලද්දේය. මේ ආත්මභාවය පිණිස අනිකක් නැතැයි දැනගණියි.

මහණෙනි, මෙසේද පිළිවෙත් පිරීම සඵලවූයේ වෙයි. වීර්‍ය්‍යය සඵලවූයේ වෙයි.“

§ 46 . මහණෙනි, තථාගතයන් මෙබඳු වාද ඇත්තේ වෙයි. මහණෙනි, මෙබඳු වාද ඇත්තාවූ තථාගතයන්ට කරුණු සහිතවූ පැසසිය යුතු කරුණු දසයක් පැමිණෙත්.

(i) මහණෙනි, ඉදින් පෙර කළ කර්ම හේතුවෙන් යමෙක් මේ භවයෙහි සැපදුක් විඳිත්නම් මහණෙනි, ඒකාන්තයෙන් තථාගතයන් මෙකල්හි මෙබඳුවූ ආශ්‍රව රහිතවූ, සැප විඳිමට පෙර භවයන්හිදී තථාගතයන් කල කුසල කිරීම නිසා විය යුතුය.

(ii) මහණෙනි, ඉදින් සත්වයෝ ඊශ්වරයෙකුගේ මැවීම් හේතුවෙන් සැපදුක් විඳත්නම් මහණෙනි, එකාන්තයෙන් තථාගතයන් මෙකල්හි මෙබඳු ආශ්‍රව රහිතවූ සැපවූ වේදනා විඳින්නේ තථාගතයන් ඉතා යහපත් සර්ව බලධාරියෙකු විසින් මවන ලද නිසා විය යුතුය.

(iii) මහණෙනි, ඉදින් සත්වයෝ කිසි හේතුවක් නැතිව ඉබේම සැපදුක් විඳිත්නම් මහණෙනි, එකාන්තයෙන් තථාගතයන්, මෙකල්හි මෙබඳුවූ ආශ්‍රව රහිතවූ සැපවූ වේදනා විඳින්නෙ තතාගතයන්ගේ මහා වාසනාවක් නිසා විය යුතුය.

(iv) මහණෙනි, ඉදින් සත්වයෝ සය වැදෑරුම් වූ ඉපදීම හේතුවෙන් සැපදුක් විඳිත් නම් මහණෙනි, එකාන්තයෙන් තථාගතයන්, මෙකල්හි මෙබඳුවූ ආශ්‍රව රහිතවූ සැප වේදනා විඳින්නෙ , මනා ඉපදීම් ඇත්තෙක් නිසා විය යුතුය.

(v) මහණෙනි, ඉදින් සත්වයෝ මේ ආත්මයෙහි සිය ප්‍රතිපදාව හේතුවෙන් සැපදුක් විඳිත්නම් මහණෙනි, එකාන්තයෙන් තථාගතයන් මෙකල්හි මෙබඳුවූ, ආශ්‍රව රහිතවූ, සැප , වේදනා විඳින්නෙ, තථාගතය ඉතා යහපත් පිළිවෙතක් අනුගමනය කල නිසා විය යුතුය.“

(vi) මහණෙනි, ඉදින් සත්වයෝ පෙර කළ යහ කර්ම හේතුවෙන් සැප විඳිත් නම් එයින් ද තථාගතයන් මේ සා සැප වේදනා විඳින්නේ පෙර කල මහා කුසල නිසා තථාගතයන් පැසසිය යුතු වේ. ඉදින් සත්වයෝ පෙර කළ කර්ම හේතුවෙන් සැප දුක් නො විඳිත් නම් එයින්ද, තථාගතයන් පැසසිය යුතුවේ.

(vii) මහණෙනි, ඉදින් සත්වයෝ ඊශ්වරයෙකුගේ මැවීම් හේතුවෙන් සැප දුක් නොවිඳිත් නම් එයින් තථාගතයන් පැසසිය යුතු වේ. ඉදින් සත්වයෝ ඊශ්වරයකුගේ මැවීම් හේතුවෙන් සැප දුක් නො විඳිත් නම් එයින් ද තථාගතයන් පැසසිය යුතු වේ.

(viii) මහණෙනි, ඉදින් සත්වයෝ අහේතුවෙන් සැප දුක් විඳිත් නම් එයින් ද තථාගත යන් පැසසිය යුතු වේ. ඉදින් සත්වයෝ හේතුවෙන් සැප දුක් නො විඳිත් නම් එයින් ද, තථාගත තෙම පැසසිය යුතු වේ.

(ix) මහණෙනි, ඉදින් සත්වයෝ සය වැදෑරුම් ඉපදීම් හේතුවෙන් සැප දුක් විඳිත් නම් එයින් තථාගතයන් පැසසිය යුතු වේ. ඉදින් සත්වයෝ ඉපදීම් හේතුවෙන් සැප දුක් නොවිඳිත් නම් එයින්ද, තථාගත තෙම පැසසිය යුතු වේ.

(x) මහණෙනි, ඉදින් සත්වයෝ මේ ආත්මයෙහි පටිපදාව හේතුවෙන් සැප දුක් විඳිත් නම් එයින් ද තථාගතයන් පැසසිය යුතුවේ. ඉදින් සත්වයෝ ඉහාත්මයෙහි උපක්‍රම හේතුවෙන් සැප දුක් නො විඳිත් නම් එයින් ද තථාගතයන් පැසසිය යුතු වේ.

මහණෙනි, තථාගතයන් මෙ බඳු වාද ඇත්තේ වෙයි මහණෙනි, මෙ බඳු වාද ඇත්තා වූ තථාගතයන්ට හේතු යුක්ති සහගත වූ මේ පැසසිය යුතු කරුණු දසය ඇත්තේය ” යනු වෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළේය.

මේ දේසනාව ඇසු ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තාහුය.

AN 05-01 සෙඛබල වර්‍ගය

AN 05-01-01 සංඛිත්ත සෙඛබල සූත්‍රය

,§ 1. “මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද. ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි දිනක් භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළ සේත “පින්වතුන් වහන්සැ” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ.

,§2. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, සප්තවිධ ශෛක්‍ෂයන්ගේ බලයෝ මේ පසෙක් වෙත්.
කවර පසෙක්ද යත්,

ශ්‍රද්‍ධා බලය,
හිරි බලය,
ඔත්තප්ප බලය,
වීර්‍ය්‍ය බලය,
ප්‍රඥා බලය
යන මේ පසයි.

, “මහණෙනි, මේ පස වනාහි සප්තවිධ ශෛක්‍ෂයන්ගේ බලයෝ වෙත්.

,§ 3. “මහණෙනි, එහෙයින් මේ ශාසනයෙහි මෙසේ හික්මිය යුතුයි.

ශෛක්‍ෂ බලයවූ ශ්‍රද්‍ධා බලයෙන් යුක්ත වන්නෙමු.
ශෛක්‍ෂ බලයවූ හිරි බලයෙන් යුක්ත වන්නෙමු.
ශෛක්‍ෂ බලයවූ ඔත්තප්ප බලයෙන් යුක්ත වන්නෙමු.
ශෛක්‍ෂ බලයවූ වීර්‍ය්‍ය බලයෙන් යුක්ත වන්නෙමු.
ශෛක්‍ෂ බලයවූ ප්‍රඥා බලයෙන් යුක්ත වන්නෙමු. කියායි.

මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යුතුයයි වදාළ සේක.”

AN 05-01-02. චිත්ත සේඛබල සූත්‍රය

“,§ 1. මහණෙනි, සප්තවිධ ශෛක්‍ෂයන්ගේ බලයෝ මේ පසෙක් වෙත්.
කවර පසෙක්ද යත්,
ශ්‍රද්‍ධා බලය, හිරි බලය, ඔත්තප්ප බලය, වීර්‍ය්‍ය බලය, ප්‍රඥා බලය යන මේ පසයි.

§ 2. මහණෙනි, ශ්‍රද්‍ධා බලය කවරේද යත්:

මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ශ්‍රද්‍ධාව ඇත්තේ වෙයි.
“ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙනුත්, අර්හත්ය. සම්‍යක් සම්බුද්ධය. අෂ්ටවිද්‍යා පසළොස්චරණ ධර්මයන්ගෙන් යුක්තය. සුගතය. ලෝකවිදුය. පුරුෂයන් දමනය කිරීමෙහි අනුත්තර සාරථියෙකි. දෙව් මිනිසුන්ගේ අනුශාසකය. බුද්ධය. භාග්‍යවත්ය.”යි තථාගතයන්ගේ බෝධිය (බුද්ධගුණ) අදහන්නේ ය.

මහණෙනි, මෙය ශ්‍රද්ධාබලය යි කියනු ලැබේ.

§3. “මහණෙනි, හිරි බලය නම් කවරේද :

මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවකයා පාපයට ලැජ්ජා ඇත්තේ වේද,
කාය දුශ්චරිතයට, වාක් දුශ්චරිතයට, මනෝ දුශ්චරිතයට, පිළිකුල් කෙරේද?
ලාමකවූ අකුශල ධර්‍මයන්ට පැමිණීමට පිළිකුල් කෙරේද,
මහණෙනි, මෙය හිරි බලයයි කියනු ලැබේ.

§ 4 , මහණෙනි, ඔත්තප්ප බලය කවරේද :

මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවකyaa පාපයට භය ඇත්තේ වේද,
කාය දුශ්චරිතයට, වාක් දුශ්චරිතයට, මනෝ දුශ්චරිතයට, භය වේද,
ලාමකවූ අකුශල ධර්‍මයන්ගේ පැමිණීමට භය වේද,
මහණෙනි, මෙය ඔත්තප්ප බලයයි කියනු ලැබේ.

§ 5. මහණෙනි, වීර්‍ය්‍ය බලය කවරේද යත්:

මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම අකුශල ධර්මයන් දුරු කිරීම පිණිස, කුශල ධර්මයන් ඉපදවීම පිණිස, පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තේ, ශක්තිමත් වූයේ, දෘඪ වීර්‍ය්‍ය ඇත්තේ, කුශල ධර්මයන්හි බහා නොතබන ලද බර ඇත්තේ, වාසය කෙරේද, මහණෙනි, මෙය වීර්‍ය්‍ය බලයයි කියනු ලැබේ.

§ 6. මහණෙනි, ප්‍රඥා බලය නම් කවරේද යත්:

මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම
පිරිසිදුවූ කෙළෙසුන් බිඳීම ඇත්තාවූ, මනාකොට දුක් ක්‍ෂය කිරීම පිණිස පවත්නාවූ,
පඤ්චස්කන්‍ධයන්ගේ ඇතිවීමද, නැතිවීමද දැනගන්ට සමර්ත්‍ථවූ,
විදර්‍ශනා ප්‍රඥාවෙන් හා මාර්‍ග ප්‍රඥාවෙන් යුක්තවූයේ වේද,
මහණෙනි, මෙය ප්‍රඥා බලයයි කියනු ලැබේ.

“මහණෙනි, මේ පස වනාහි සප්තවිධ ශෛක්‍ෂයන්ගේ බලයෝ වෙත්.

§ 7. “මහණෙනි, එහෙයින් මේ ශාසනයෙහි මෙසේ හික්මිය යුතුයි.
ශෛක්‍ෂ බලයවූ ශ්‍රද්‍ධා බලයෙන් යුක්ත වන්නෙමු.
ශෛක්‍ෂ බලයවූ හිරි බලයෙන් යුක්ත වන්නෙමු.
ශෛක්‍ෂ බලයවූ ඔත්තප්ප බලයෙන් යුක්ත වන්නෙමු.
ශෛක්‍ෂ බලයවූ වීර්‍ය්‍ය බලයෙන් යුක්ත වන්නෙමු.
ශෛක්‍ෂ බලයවූ ප්‍රඥා බලයෙන් යුක්ත වන්නෙමු’යි කියායි.

මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යුතුයයි වදාළ සේක.”

AN 05-01-03. දුක්ඛවිහාර සූත්‍රය

§ 1. “මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ භික්‍ෂුව මේ ආත්මයෙහිම පීඩා සහිතව, දැඩි ආයාශයෙන් යුක්තව, හාත්පස දැවීමෙන් යුක්තව, දුකසේ වාසය කෙරෙයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි දුර්‍ගතියද කැමතිවිය යුතුයි.“
කවර පසකින්ද යත්,

මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව ශ්‍රද්‍ධාව නැත්තේ වේද,
පවට ලජ්ජා නැත්තේ වේද,
පවට බිය නැත්තේ වේද,
අලස වූයේ වේද,
ප්‍රඥා නැත්තේ වේද, යන මේ පසිනි.

මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ භික්‍ෂුව මේ ආත්මයෙහිම පීඩා සහිතව, දැඩි ආයාශයෙන් යුක්තව, හාත්පස දැවීමෙන් යුක්තව, දුකසේ වාසය කෙරෙයි.

ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි දුර්‍ගතියද කැමතිවිය යුතුයි.

§ 2. “මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ භික්‍ෂුව මේ ආත්මයෙහිම දුක් රහිතවූ, දැඩි ආයාශ රහිතව, හාත්පස දැවීම් රහිතව, සුවසේ වාසය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සුගතියද කැමතිවිය යුතුයි.“

කවර පසකින්ද යත්,
මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව ශ්‍රද්‍ධාව ඇත්තේ වේද,
පාපයට ලජ්ජා ඇත්තේ වේද,
පාපයට භය ඇත්තේ වේද,
පටන්ගන්නාලද වීර්‍ය්‍ය ඇත්තේ වේද,
ප්‍රඥාව ඇත්තේ වේද, යන මේ පසිනි.

මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ භික්‍ෂුව මේ ආත්මයෙහිම දුක් රහිතවූ, දැඩි ආයාශ රහිතව, හාත්පස දැවීම් රහිතව, සුවසේ වාසය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සුගතියද කැමතිවිය යුතුයි.

AN 05-01-04. යථාභතනික්ඛිත්ත සූත්‍රය

§ 1. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම ගෙණෙනලද බරක් බිම තබන ලද්දේ යම්සේද, මෙසේ නරකයෙහි උපදී.“
කවර පසකින්ද යත්,

මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම ශ්‍රද්‍ධාව නැත්තේ වේද,
පවට ලජ්ජා නැත්තේ වේද,
පවට බිය නැත්තේ වේද,
අලස වූයේ වේද,
ප්‍රඥා නැත්තේ වේද, යන මේ පසිනි.

මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම මේ ආත්මයෙහිම පීඩා සහිතව, දැඩි ආයාශයෙන් යුක්තව, හාත්පස දැවීමෙන් යුක්තව, දුකසේ වාසය කෙරෙයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි දුර්‍ගතියද කැමතිවිය යුතුයි.“

මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම ගෙණෙනලද බරක් බිම තබන ලද්දේ යම්සේද, මෙසේ නරකයෙහි උපදී.

AN 05-01-05. සික්ඛාපච්චක්ඛාන සූත්‍රය

§ 1.“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂුව ගෙණෙනලද බරක් බහා තබන ලද්දේ යම්සේද, මෙසේ ස්වර්‍ගයෙහි උපදී.“

කවර පසකින්ද යත්, මහණෙනි,
මේ ශාසනයෙහි භික්‍ෂුව ශ්‍රද්‍ධාව ඇත්තේ වේද,
පාපයට ලජ්ජා ඇත්තේ වේද,
පාපයට භය ඇත්තේ වේද,
පටන්ගන්නාලද වීර්‍ය්‍ය ඇත්තේ වේද,
ප්‍රඥාව ඇත්තේ වේද, යන මේ පසිනි.“

මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂුව ගෙණෙනලද බරක් බහා තබන ලද්දේ යම්සේද, මෙසේ ස්වර්‍ගයෙහි උපදී.

AN 05-01-06. අකුසල සමාපත්ති සූත්‍රය
pujya kukulpana sudassi

“මහණෙනි, යම්කිසි භික්‍ෂුවක් හෝ භික්‍ෂුණියක් හෝ ශික්‍ෂාව හැරදමා ගිහිබවට පැමිණේද, ඕහට මේ ආත්මයෙහිම ගැරහියයුතු කරුණු සහිත වාද ප්‍රවෘත්ති පසක් පැමිණෙත්.
“කවර පසකින්ද යත්,

කුශල ධර්මයන්හි තොපගේ ශ්‍රද්‍ධාවකුත් නොවීය.
කුශල ධර්මයන්හි තොපගේ ලජ්ජාවකුත් නොවීය.
කුශල ධර්මයන්හි තොපගේ භයකුත් නොවීය.
කුශල ධර්මයන්හි තොපගේ වීර්‍ය්‍යයකුත් නොවීය.
කුශල ධර්මයන්හි තොපගේ ප්‍රඥාවකුත් නොවීය. යන පසයි.“

මහණෙනි, යම්කිසි භික්‍ෂුවක් හෝ භික්‍ෂුණියක් හෝ ශික්‍ෂාව හැරදමා ගිහිබවට පැමිණේද, ඕහට මේ ආත්මයෙහිම ගැරහියයුතු කරුණු සහිත වාද ප්‍රවෘත්ති පසක් පැමිණෙත්.

“මහණෙනි, යම්කිසි භික්‍ෂුවක් හෝ භික්‍ෂුණියක් හෝ දුක සහිතවද, දොම්නස සහිතවද, කඳුළු පිරුණු මුහුණු ඇත්තේ, හඬමින් සම්පූර්‍ණකොට, පිරිසිදුකොට බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරේද, ඔහුට මේ ආත්මයෙහිම කරුණු සහිතවූ, පැසසියයුතු කරුණු පසක් පැමිණෙත්.“

කවර පසක්ද යත්.
කුශල ධර්මන්හි තොපගේ ශ්‍රද්‍ධාවද විය.
කුශල ධර්මන්හි තොපගේ ලජ්ජාවද විය.
කුශල ධර්මන්හි තොපගේ භයද විය.
කුශල ධර්මන්හි තොපගේ වීර්‍ය්‍යයද විය.
කුශල ධර්මන්හි තොපගේ ප්‍රඥාවද විය. යන පසයි.

“මහණෙනි, යම්කිසි භික්‍ෂුවක් හෝ භික්‍ෂුණියක් හෝ දුක සහිතවද, දොම්නස සහිතවද, කඳුළු පිරුණු මුහුණු ඇත්තේ, හඬමින් සම්පූර්‍ණකොට, පිරිසිදුකොට බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරේද, ඔහුට මේ ආත්මයෙහිම කරුණු සහිතවූ, පැසසියයුතු කරුණු පසක් පැමිණෙත්.

AN 05-01-07. කාමපලාලිත සූත්‍රය

§1. “මහණෙනි, යම්තාක් කුශල ධර්මයන්හි ශ්‍රද්‍ධාව එළඹ සිටියා වේද, ඒතාක් අකුශල ධර්මයට පැමිණීම නොවේ. මහණෙනි, යම් තැනෙක පටන් ශ්‍රද්‍ධාව අතුරුදහන් වේද, අශ්‍රද්‍ධාව හාත්පස වැළඳගෙන සිටීද, එකල්හි අකුශලයාගේ පැමිණීම වේ.“

§ 2. මහණෙනි, යම්තාක් අකුශල ධර්මයන්හි ලජ්ජාව එළඹ සිටියා වේද, ඒතාක් අකුශලයාගේ පැමිණීම නොවේ. මහණෙනි, යම් තැනෙක පටන් ලජ්ජාව අතුරුදන් වේද, ලජ්ජාව නැතිබව හාත්පසින් වැළඳගෙන සිටීද, එකල්හි අකුශලයාගේ පැමිණීම වේ.

මහණෙනි, යම්තාක් අකුශල ධර්‍මයන්හි පාපයට භයවීම එළඹ සිටියේ වේද, ඒතාක් අකුශල ධර්මයාගේ පැමිණීම නොවේ.

මහණෙනි, යම් තැනෙක පටන් පාපයට භයවීම අතුරුදන් වේද, පාපයට භය නැතිවීම හාත්පස වැළඳගෙන සිටීද, එකල්හි අකුශල ධර්මයාගේ පැමිණීම වේ.

මහණෙනි, යම්තාක් කුශල ධර්මයන්හි වීර්‍ය්‍යය එළඹ සිටියේ වේද, ඒතාක් අකුශල ධර්මයාගේ පැමිණීම නොවේ.

මහණෙනි, යම් තැනෙක පටන් වීර්‍ය්‍යය අතුරුදන් වේද, කුසීත බව හාත්පසින් වැළඳගෙන සිටීද, එකල්හි අකුශල ධර්මයාගේ පැමිණීම වේ.

මහණෙනි, යම්තාක් කුශල ධර්මයන්හි ප්‍රඥාව එළඹ සිටියා වේද, ඒතාක් අකුශල ධර්මයාගේ පැමිණීම නොවේ.“

මහණෙනි, යම් තැනෙක පටන් ප්‍රඥා තොමෝ අතුරුදන් වේද, දුෂ්ප්‍රඥාව හාත්පසින් වැළඳගෙන සිටීද, එකල්හි අකුශල ධර්මයාගේ පැමිණීම වේ.“

මහණෙනි, බොහෝ සෙයින් සත්ත්‍වයෝ කාමයන්හි ඇළුනාහු වෙත්. මහණෙනි, කුලපුත්‍රතෙම දෑකැත්ත හා කූඩකද හැරදමා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ වේද, හෙතෙම ශ්‍රද්‍ධාවෙන් පැවිදිවූ කුලපුත්‍රයායයි කියන්ට සුදුසුය. ඊට හේතු කවරේද යත්?

මහණෙනි, යෞවනයෙකු විසින් කාමයෝ ලැබිය හැක්කාහ. ඒ කාමයෝද වනාහි යම්බඳුවූවාහු හෝ එබඳුවූවාහු හෝ වෙත්. මහණෙනි, යම් හීනවූ කාමයෝ වෙත්ද, යම් මධ්‍යමවූ කාමයෝ වෙද්ද, යම් ප්‍රණීතවූ කාමයෝ වෙද්ද, ඒ සියලු කාමයෝ කාමයෝයයිම සංඛ්‍යාවට පැමිණෙත්.“

මහණෙනි, යම්සේ බාලවූ, උඩුකුරුව සයනය කරන්නාවූ ලදරු (දරු)වෙක් කිරිමවගේ ප්‍රමාදයකට පැමිණ, කාෂ්ටයක් හෝ, කැබලිත්තක් හෝ, මුඛයෙහි දමා ගන්නේද, එය කිරි මව වහා වහා මෙනෙහි කරන්නේය. වහ වහා මෙනෙහිකොට, වහ වහා පිටතට ගන්නේය. ඉදින් වහ වහා හැරගන්ට නොහැකි වන්නේ නම්, වම් අතින් වහා අල්වාගෙන, දකුණතින් ඇඟිල්ල වක්කොට ලේ සහිතවද හැර ගන්නේය. ඊට හේතු කවරේද?

“මහණෙනි, කුමරුවාට වෙහෙස ඇත්තේය. මේ වෙහෙස නැතැයි නොකියමි. මහණෙනි, වැඩ කැමතිවූ, හිත කැමතිවූ, අනුකම්පා ඇත්තාවූ කිරි මව විසින් අනුකම්පාව නිසා මෙය කටයුතුද වේ.“

මහණෙනි, යම් තැනක පටන් ඒ දරුවා වැඩිවිය පැමිණියේ, සුදුසු ප්‍රඥාව ඇත්තේ වේද, මහණෙනි, එතැන් පටන් කිරි මව ඒ දරුවා කෙරෙහි දැන් දරුවා තමා විසින් රක්නා ලද්දේ ප්‍රමාදවීමට සුදුසු නොවේයයි අපේක්‍ෂා නැත්තී වේද,
මහණෙනි, මෙපරිද්දෙන්ම යම්තාක්ම භික්‍ෂුහුගේ කුශල ධර්මයන්හි ශ්‍රද්‍ධාවෙන් කටයුතු දෙය නොකරණ ලද්දේ වේද, කුශල ධර්මයන්හි පවට ලජ්ජාවෙන් කටයුතු දෙය නොකරණ ලද්දේ වේද, කුශල ධර්මයන්හි පවට බියෙන් කටයුතු දෙය නොකරණ ලද්දේ වේද, කුශල ධර්මයන්හි වීර්‍ය්‍යයෙන් කටයුතු දෙය නොකරණ ලද්දේ වේද, කුශල ධර්මයන්හි ප්‍රඥාවෙන් කටයුතු දෙය නොකරණ ලද්දේ වේද, මහණෙනි, ඒ තාක් මේ භික්‍ෂුව මා විසින් රැකියයුතු වේ.“

§ මහණෙනි, යම් තැනෙක පටන් භික්‍ෂුහුගේ කුශල ධර්මයන්හි ශ්‍රද්‍ධාවෙන් කටයුත්ත කරණ ලද්දේ වේද, කුශල ධර්මයන්හි ලජ්ජාාවෙන් කටයුත්ත කරණ ලද්දේ වේද, කුශල ධර්මයන්හි පවට බියෙන් කටයුත්ත කරණ ලද්දේ වේද, කුශල ධර්මයන්හි වීර්‍ය්‍යයෙන් කටයුත්ත කරණ ලද්දේ වේද, කුශල ධර්මයන්හි ප්‍රඥාවෙන් කටයුත්ත කරණ ලද්දේ වේද, මහණෙනි, දැන් මම ඒ සෝවාන්වූ භික්‍ෂුව කෙරෙහි දැන් භික්‍ෂු තෙම තමා විසින් රක්නා ලද්දේ ප්‍රමාදවීමට සුදුසු නොවේ යයි අපේක්‍ෂා නැත්තේ වෙමි” යි වදාළ සේක.

AN 05-01-08. සඹම්මවචන සූත්‍රය

§ 1. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂුව චුතවේ. ශාසනයෙහි නොපිහිටයි. කවර පසකින්ද යත්?

මහණෙනි, ශ්‍රද්‍ධාව නැත්තාවූ භික්‍ෂුව චුතවෙයි. ශාසනයෙහි නොපිහිටයි.
මහණෙනි, පවට ලජ්ජා නැත්තාවූ භික්‍ෂුව චුතවෙයි. ශාසනයෙහි නොපිහිටයි.
මහණෙනි, පවට භය නැත්තාවූ භික්‍ෂුව චුතවෙයි. ශාසන යෙහි නොපිහිටයි.
මහණෙනි, අලසවූ භික්‍ෂුව චුතවෙයි. ශාසනයෙහි නොපිහිටයි.
මහණෙනි, දුෂ්ප්‍රාඥවූ භික්‍ෂුව චුතවෙයි. ශාසනයෙහි නොපිහිටයි.“

§ 2. මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂුව චුත නොවෙයි, ශාසනයෙහි පිහිටයි.
කවර පසකින්ද යත්?

මහණෙනි, ශ්‍රද්‍ධාව ඇති භික්‍ෂුව චුත නොවෙයි. ශාසනයෙහි පිහිටයි.
මහණෙනි, ලජ්ජා ඇති භික්‍ෂුව චුත නොවෙයි. ශාසනයෙහි පිහිටයි.
මහණෙනි, භය ඇති භික්‍ෂුව චුත නොවෙයි. ශාසනයෙහි පිහිටයි.
මහණෙනි, පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇති භික්‍ෂුව චුත නොවෙයි. ශාසනයෙහි පිහිටයි.
මහණෙනි, ප්‍රඥාව ඇති භික්‍ෂුව චුත නොවෙයි. ශාසනයෙහි පිහිටයි.

මහණෙනි, මේ කරුණු පසින් වනාහි යුක්තවූ භික්‍ෂු තෙම චුත නොවෙයි. ශාසනයෙහි පිහිටාය” යි වදාළ සේක.

AN 05-01-09. පඨම ආගාරව සූත්‍රය

§1. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂුව ගෞරව නැත්තේ, පිහිට නැත්තේ චුත වෙයි. ශාසනයෙහි නොපිහිටයි.“

කවර පසකින්ද යත්?
මහණෙනි,

ශ්‍රද්‍ධාව නැත්තාවූ භික්‍ෂුව “ගෞරව නැත්තේ, පිහිට නැත්තේ චුත වෙයි. ශාසනයෙහි නොපිහිටයි.“
මහණෙනි, ලජ්ජා නැත්තාවූ භික්‍ෂුව ගෞරව නැත්තේ, පිහිට නැත්තේ චුත වෙයි. ශාසනයෙහි නොපිහිටයි. මහණෙනි, භය නැත්තාවූ භික්‍ෂුව ගෞරව නැත්තේ, පිහිට නැත්තේ චුත වෙයි. ශාසනයෙහි නොපිහිටයි.
මහණෙනි, අලසවූ භික්‍ෂුව ගෞරව නැත්තේ, පිහිට නැත්තේ චුත වෙයි. ශාසනයෙහි නොපිහිටයි.
මහණෙනි, දුෂ්ප්‍රාඥවූ භික්‍ෂුව ගෞරව නැත්තේ, පිහිට නැත්තේ චුත වෙයි. ශාසනයෙහි නොපිහිටයි.“

මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම ගෞරව නැත්තේ, පිහිට නැත්තේ චුත වෙයි. ශාසනයෙහි නොපිහිටයි.

§2. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂුව ගෞරව සහිත වූයේ, ප්‍රතිෂ්ඨා සහිත වූයේ චුත නොවෙයි. ශාසනයෙහි පිහිටයි.“
කවර පසකින්ද යත්?

මහණෙනි, ශ්‍රද්‍ධාව ඇත්තාවූ භික්‍ෂුව“ගෞරව සහිත වූයේ, ප්‍රතිෂ්ඨා සහිත වූයේ චුත නොවෙයි. ශාසනයෙහි පිහිටයි.“
මහණෙනි, පවට ලජ්ජා ඇති භික්‍ෂුව ගෞරව සහිත වූයේ, ප්‍රතිෂ්ඨා සහිත වූයේ චුත නොවෙයි. ශාසනයෙහි පිහිටයි.
මහණෙනි, පවට භය ඇති භික්‍ෂුව ගෞරව සහිත වූයේ, ප්‍රතිෂ්ඨා සහිත වූයේ චුත නොවෙයි. ශාසනයෙහි පිහිටයි.
මහණෙනි, පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇති භික්‍ෂුව ගෞරව සහිත වූයේ, ප්‍රතිෂ්ඨා සහිත වූයේ චුත නොවෙයි. ශාසනයෙහි පිහිටයි.
මහණෙනි, ප්‍රඥා සහිතවූ භික්‍ෂුව ගෞරව සහිත වූයේ, ප්‍රතිෂ්ඨා සහිත වූයේ චුත නොවෙයි. ශාසනයෙහි පිහිටයි.“

මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂුව ගෞරව සහිත වූයේ, ප්‍රතිෂ්ඨා සහිත වූයේ චුත නොවෙයි. ශාසනයෙහි පිහිටයි.

AN 05-01-10. දුතිය ආගාරව සූත්‍රය

§1. “මහණෙනි, කරුණු පසකින් යුත් භික්‍ෂුව ගෞරව නැත්තේ, පිහිට නැත්තේ, මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණෙන්ට නුසුදුසු වේ.“
කවර පසකින්ද යත්,

§2. මහණෙනි, ශ්‍රද්‍ධාව නැත්තාවූ භික්‍ෂුව“ගෞරව නැත්තේ, පිහිට නැත්තේ, මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණෙන්ට නුසුදුසුවේ.“

මහණෙනි, ලජ්ජා නැති භික්‍ෂුව ගෞරව නැත්තේ, පිහිට නැත්තේ, මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණෙන්ට නුසුදුසු වේ.

මහණෙනි, භය නැති භික්‍ෂුව ගෞරව නැත්තේ, පිහිට නැත්තේ, මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණෙන්ට නුසුදුසු වේ.

මහණෙනි, කුසීතවූ භික්‍ෂුව ගෞරව නැත්තේ, පිහිට නැත්තේ, මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණෙන්ට නුසුදුසු වේ.

මහණෙනි, දුෂ්ප්‍රාඥවූ භික්‍ෂුව ගෞරව නැත්තේ, පිහිට නැත්තේ, මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණෙන්ට නුසුදුසු වේ.“

මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂුව “ගෞරව සහිතවූයේ, ප්‍රතිෂ්ඨා සහිතවූයේ මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණීමට සුදුසුවේ.“
කවර පසකින්ද යත්?“

මහණෙනි, ශ්‍රද්‍ධාව ඇති භික්‍ෂුව ගෞරව සහිතවූයේ, ප්‍රතිෂ්ඨා සහිතවූයේ මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණීමට සුදුසුවේ.“

මහණෙනි, පවට ලජ්ජා ඇති භික්‍ෂුව ගෞරව සහිතවූයේ, ප්‍රතිෂ්ඨා සහිතවූයේ මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණීමට සුදුසුවේ.

මහණෙනි, පවට භය ඇති භික්‍ෂු තෙම ගෞරව සහිතවූයේ, ප්‍රතිෂ්ඨා සහිතවූයේ මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණීමට සුදුසුවේ.

මහණෙනි, පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇති භික්‍ෂුව ගෞරව සහිතවූයේ, ප්‍රතිෂ්ඨා සහිතවූයේ මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණීමට සුදුසුවේ.

මහණෙනි, ප්‍රඥාව ඇති භික්‍ෂුව ගෞරව සහිතවූයේ, ප්‍රතිෂ්ඨා සහිතවූයේ මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණීමට සුදුසුවේ.

මහණෙනි, මේ කරුණු පසින් වනාහි යුක්තවූ භික්‍ෂු තෙම ගෞරව සහිතවූයේ, ප්‍රතිෂ්ඨා සහිතවූයේ මේ ශාසනයෙහි වැඩීමට, හටගැනීමට, මහත් බවට පැමිණීමට සුදුසුවේ.