MN 03-01-06-ආනෙඤ්ජ සප්පාය සූත්‍රය

1007: ආනෙඤ්ජ” යනු සතරවන ධ්‍යානයෙන් ලැබෙන්නාවූ අධ්‍යාත්මික ඵලයන් හැඳින්වෙන විශේෂණ නාමයකි.

පුජ්‍ය පුහුල්වැල්ලේ සාරද හිමි කල දේසනාව

§ 1. මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුරුරට කම්මස්සදම්ම නම්වූ නියම් ගම වැඩ වසන සේක. එකල්හි වරක් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ‘මහණෙනි’ යි ඇමතු සේක. ‘පින්වතුන් වහන්සැයි’ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.

§ 2. “මහණෙනි කාමයන්ගේ ආශ්වාදයෝ වහා ඇතිව නැතිවන හෙයින් අනිත්‍යය ය. සාරයක් නැති හෙයින් හිස්ය. විනාශවන ස්වභාවය ඇත්තාහුය. මහණෙනි, ඒ ආස්වාදය මායාවකින් කරණ ලද්දක් වැනිය. අඥානයන් විසින් මගේය මගේය කියනු ලබන්නාහුය. මෙලොව ඇත්තාවූ යම් කාම ගුණයෝ වෙත්ද, පරලොව ඇත්තාවූ යම් දිව්‍යකාම ගුණයෝ වෙත්ද, මෙලොව ඇත්තාවූ යම් මනුෂ්‍ය කාම සංඥාවෝ වෙත්ද, පරලොව ඇත්තාවූ යම් දිව්‍යකාම සංඥාවෝ වෙත්ද, මේ දෙකොටසම මාරයාටම අයත් වේ. ඒ මාරයාගේ ස්ථාන වේ. මාරයා දමන ඇම වෙයි. මාරයාගේ දඩ බිම් වෙයි. මාරයාගේ කොරටු (ගාල්) වෙයි.

මේ කාමයන් අරමුණු කොට සිත්හි හටගන්නාවූ අභිජ්ජාව නම් විෂම ලෝභයද, නොකැමැත්ත, අසතුට, අමනාපය, තරහව,ක්‍රෝධය ලෙස ගන්නා වූ ව්‍යාපාදය ද , අන්‍යයන්ට වැඩියෙන් කිරීමයයි කියනලද සාරම්භයද යන අකුසලයෝ මේ කාමයන් නිසා ඇතිවෙත්. කාමය නිසා පවතිත්. ඒ අකුසලයෝ මේ ශාසනයෙහි ප්‍රතිපදා පුරන්නට හික්මෙන්නාවූ ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ අන්තරාය පිණිස හටගනිත්.

මහග්ගතවූ ප්‍රත්යවෙක්ෂය

§ 3. “මහණෙනි, එය දන්නාවූ ආර්‍ය්‍යශ්‍රාවකයා මෙසේ ප්‍රත්‍යවේක්ෂ කරයි.

.
‘මේ ජීවිතයෙහි මා විඳින්නාවූ කාම ආශ්වාදයෝ වෙත්ද, පරලෙව්හි ඇත්තාවූ යම් කාම ගුණයෝ වෙත්ද, මේ ජීවිතයෙහි ඇත්තාවූ සම්පරායික යම් කාමසංඥාවෝ වෙත්ද, පරලෙව්හි ඇත්තාවූ යම් කාම සංඥාවෝත් වෙත්ද මේ දෙකොටසම මාරයාට යටත්ය. මාරයාට අයත්ය. මේ මාරයාගේම ස්ථානයවේ. මාරයා විසින් දමනලද ඇමවේ. මේ මාරයාගේ ගාල් කොටුව වේ.

මේ කාමයන් අරමුණු කොට සිත්හි හටගන්නාවූ අභිජ්ජාව නම් ලෝභයද, නොකැමැත්ත, අසතුට, අමනාපය, තරහව, ක්‍රෝධය ලෙස ගන්දනා වූ ව්‍යාපාදය , අන්‍යයන්ට වැඩියෙන් කිරීමයයි කියනලද සාරම්භයද යන අකුසලයෝ මේ කාමයන් නිසා ඇතිවෙත්. කාමය නිසා පවතිත්. ඒ අකුසලයෝ මේ ශාසනයෙහි ප්‍රතිපදා පුරන්නට හික්මෙන්නාවූ ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ අන්තරාය පිණිස හටගනිත්.

මම විපුලවූ මහග්ගතවූ සිතින් කාමගුණ ලෝකයට ඇති කැමැත්ත මැඩ පවත්නා සිතින් ධ්‍යාන අරමුණු අධිෂ්ඨාන කොට වාසය කරන්නෙම් නම් ඉතා යෙහෙක, එසේ මහග්ගත සිතින් යුතුව පටිපදාවේ හැසිරෙන මගේ සිතට කාම, ව්‍යාපාද , සාරම්භාදී අරමුණු පල නොවන්නේය. ඔවුනගේ ප්‍රහාණයෙන් ලෝකෝත්තර විෂයෙහි මහග්ගත ද, අප්‍රමාන ද, සුභාවිත ද වන්නේය. මෙසේ ඔහුගේ සිත අරහත් බවට හේතුවූ විදර්ශනාවෙහි හෝ ධ්‍යානයට හේතුවූ උපචාර සමාධියෙහි1010 හෝ පහදියි.
[1010;-අටුවාව දක්වන අයුරු මේ පැහැදීම යනු අරහත් භාවයට හේතුභූත වන විපස්සනා ඥානය හෝ සතරවන ධ්‍යාන යට ම පත්වන නොසෙල්වෙන සමාධියයි.]

මෙසේ පැහැදීම ඇති කල්හි මේ ජීවිතයෙහි ම ඔහු ආනෙඥඥ වූ නොහොත් කම්පා නොවන ධ්‍යාන සමාධියට පැමිණෙයි. ප්‍රඥාවෙන් හෝ මිදෙයි. (රහත් වෙයි) නැතහොත් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යම් කාරණයකින් ඒ භික්ෂුව උපදින්නාවූ විපාක විඤ්ඤාණයක් වේද, එය කුසල චතුර්ථධ්‍යානයට සමානවූවක් වන්නේය. මහණෙනි, මේ පළමුවන කම්පා කෙලෙසුන්ගෙන් කම්පා නොවන ආනේඥ ධ්‍යාන සමාධියට සමවදියි. මේ චතුර්ථ ධ්‍යානයට හිත වූ ප්‍රතිපදාවයයි කියනු ලැබේ.1011
[1011:- අටුවාව පැහැදිලි කරන්නේ මෙම ඡේදයේ සිව්වන ධ්යානයට ළඟා වීමෙන් පසු අරහත් බව අවබෝධ කර ගැනීමට නොහැකි වූ කෙනෙකුගේ නැවත ඉපදීමේ ක්‍රියාවලිය විස්තර කරන බවයි. “පුනර්ටභවයට තුඩුදෙන විඥාණය” (සම්වත්තනිකාරි විඥානය ) යනු මෙම පුද්ගලයා නැවත ඉපදෙන විඥානය වන අතර, මෙය සිව්වන ධ්‍යානය ට සමවැදීමට සකස් වූ විඥානය බඳුම වේ. එසේ හෙයින් ඔහු සිව් වන ධ්‍යානය ලත් කෙනෙකු පුනර්භවය ලබන තලයක ඉපැදුම ලබයි.]

මෙය, භික්ෂූන් වහන්සේලා, නොබිඳිය හැකි අරහත්බවට යොමු කළ පළමු මාර්ගය ලෙස ප්‍රකාශයට පත් කෙරේ.

§ 4. “මහණෙනි, නැවතද අනිකක් කියමි.
ආර්‍ය්‍යශ්‍රාවක තෙම මෙසේද ප්‍රත්‍යාවේක්ෂ කරයි.
‘මේආත්මයෙහිවූ යම් කාමයෝත් වෙත්ද, අනාගතයෙහි වන්නාවූ පරලෙව්හිවූ යම් කාමයෝ වෙත්ද, මේ ජීවිතයෙහි යම් කාම සංඥාවෝත් වෙත්ද, පරලෙව්හිවූ යම් කාම සංඥාවෝ වෙත්ද, ඒ සියල්ල සතරමහා භුතයෝද සතර මහා භුතයන් නිසා පවත්නා උපාදාය රූප නිසා හටගත්තාවූ ඒවා වේ.

මෙසේ චතුර්ථ ධ්‍යානයට පිළිපන්නාවූ, චතුර්ථ ධ්යානයෙහිම බහුල කොට වාසය කරන්නාවූ ඔහුගේ සිත ආකාසානඤ්චායතනයට පැමිණෙයි. එසේ පැහැදීම ඇතිකල්හි මේආත්මයෙහි ආකාසානඤ්චායතනයට හෝ පැමිණෙයි. ප්‍රඥාවෙන් හෝ මිදෙයි, (රහත් වෙයී.) ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යම් කාරණයකින් ඒ භික්ෂුව උපදින්නාවූ විපාක විඤ්ඤාණයක් වේද එය ආකාසානඤ්චායතන කුසල චිත්තයට අනුව වන්නේය.

“මහණෙනි, මේ දෙවෙනිවූ කෙලෙසුන්ගෙන් කම්පානොවන ධ්‍යාන සමාධියට හිතවූ ප්‍රතිපදාවයයි කියනු ලැබේ.

§ 5 . “මහණෙනි, නැවත අනිකක්ද කියමි.
ආර්‍ය්‍ය ශ්‍රාවකයා මෙසේ ද ප්‍රත්‍යවේක්ෂා1012 කරයි.
[1012 අටුවාව:- මේ ප්‍රත්යාවෙක්ෂය ආකාසානඤ්චායතන ට සමවැදී ආර්ය ශ්‍රාවකයා කරන්නාවූ ප්‍රත්යවෙක්ෂය වේ. පුර්ණ විමුක්තිය නොලැබුවේ නම් ඔහු ආකාසානඤ්චායතන තලයක නැවත පහල වීම වේ.]

මෙලොවවූ යම් කාමයෝත් වෙත්ද, පරලොවවූ යම් කාමයෝත් වෙත්ද, යම් මෙලොවවූ කාම සංඥාවෝත් වෙත්ද, යම් පරලොවවූ කාම සංඥාවෝත් වෙත්ද, යම් මෙලොවවූ රූපයෝත් වෙත්ද, යම් පරලොවවූ රූපයෝත් වෙත්ද, යම් මෙලොවවූ රූපසංඥාවෝත් වෙත්ද, යම් පරලොවවූ රූප සංඥාවෝත් වෙත්ද, මේ දෙකොටසම අනිත්‍යය, යමක් අනිත්‍යයද, එයට එය සතුටුවන්නට නුසුදුසුය. මමය මාගේයයි කීමට නුසුදුසුය, තෘෂ්ණාවෙන් අල්ලා ගැනීමට නුසුදුසුය.

මෙසේ පිළිපන්නාවූ එය බහුල කොට වාසය කරන්නාවූ ඔහුගේ සිත විඤ්ඤාණඤ්චායතන හේතුවෙහි පහදියි. පැහැදීම ඇතිකල්හි හෝ විඤ්ඤාණඤ්චායතන සමාධියට පැමිණෙයි. ප්‍රඥාවෙන් හෝ මිදෙයි. (රහත් වෙයි) ශරීරයාගේ භෙදයෙන් මරණින් මතු යම් කාරණයකින් ඔහු උපදින්නාවූ විපකවිඤ්ඤාණය කුසල විඤ්ඤානඤ්චායතනයට සමාන වෙයි. මේ තුන්වන කෙළෙසුන්ගෙන් කම්පා නොවන ධ්‍යාන සමාධියට හිතවූ ප්‍රතිපදාවයයි කියනු ලැබේ.

§ 6. “මහණෙනි, නැවත අනිකක්ද කියමි.
ආර්‍ය්‍ය ශ්‍රාවකයා මෙසේ ප්‍රත්‍යවේක්ෂා කරයි.
‘මෙලොවවූ යම් කාමයෝත් වෙත්ද, පරලොවවූ යම් කාමයෝත් වෙත්ද මෙලොවවූ යම් කාම සංඥාවෝත් වෙත්ද, පරලොවවූ යම් කාම සංඥාවෝත් වෙත්ද, මෙලොවවූ යම් රූපයෝත් වෙත්ද, පරලොවවූ යම් රූපයෝත් වෙත්ද, මෙලොවවූ යම් රූප සංඥාවෝත් වෙත්ද, පරලොවවූ යම් රූපසංඥාවෝත් වෙත්ද, යම් කම්පා නොවන ධ්‍යාන සංඥාවෝත් වෙත්ද, යම් තැනක ඒ සියලු සංඥාවෝ ඉතිරි නොවී නිරුද්ධ වෙත්ද, ඒ ආකිඤ්චඤ්ඤායතන සමාධිය ශාන්තය එය ප්‍රණීත ය.

මෙසේ පිළිපන්නාවූ එය බහුල කොට වාසය කරන්නාවූ ඔහුගේ සිත ආකිඤ්චඤ්ඤායතන සමාධියට පත්වෙයි. ඔහු සිත එහි පහදියි. පැහැදීම ඇතිකල්හි මේ ජීවිතයෙහිම ඔහු ආකිඤ්චඤ්ඤායතන සමාධියට පැමිණෙයි. නැතිනම් ප්‍රඥාවෙන් හෝ මිදෙයි. (රහත්වෙයි) ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යම් කාරණයකින් ඔහුගේ උත්පත්තියගෙන දෙන්නාවූ විපාක විපාකවිඤ්ඤාණය ආකිඤ්චඤ්ඤායතන කුසල විඤ්ඤාණයට ගැලපෙන්යනේය.

මහණෙනි, මේ පළමුවැනි ආකිඤ්චඤ්ඤායතන සමාධියට හිතවූ ප්‍රතිපදාවයයි කියනු ලැබේ.

§ 7. “මහණෙනි, නැවත අනිකක්ද කියමි.
ආර්‍ය්‍ය ශ්‍රාවකයා වන ආරණ්‍යයකට පැමිණියේ වේද හෝ වෘක්ෂමූලයට පැමිණියේ හෝ වේද හෝ සූණ්‍යාගාරයකට පැමිණියේ හෝ වේද ඔහු මෙසේ ප්‍රත්‍යවේක්ෂ කරයි .

මෙය මමය යන දෙයකින් හෝ මගේය යන දෙයකින් හෝ තොර වේ. සූන්‍ය වේ, මෙසේ ප්‍රත්‍යවේක්ෂ කරන්නා වූ එය බහුලකොට වාසය කරන්නාවූ ඔහුගේ සිත ආකිඤ්චඤායතන සමාධි හේතුවෙහි පහදියි. පැහැදීම ඇති කල්හි, මේ ජීවිතයෙහිම ආකිඤ්චඤායතන සමාධියට පැමිණෙයි. නැතහොත් ප්‍රඥාවෙන් හෝ මිදෙයි. (රහත් වෙයි) ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු ඔහුගේ යලි උත්පත්තිය සිදුවන විපාක විඤ්ඤාණය කුසල විඤ්ඤාණයට සමාන වෙයි.
මහණෙනි, මේ දෙවෙනි අකිඤ්චඤ්ඤායතන සමාධියට හිතවූ ප්‍රතිපදාවයයි කියනු ලැබේ.

§ 8 . මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.
“ස්වාමීනි, මේ ශාසනයෙහි භික්ෂුවක් මෙසේ ප්‍රත්‍යවේක්ෂ කරන්නේ වෙයි.
ඉදින් මා විසින් පෙර කර්ම රැස් නොකරණ ලද්දේ නම් මාගේ මේ විපාක භවය නොපවත්නේය.
ඉදින් දැන් කර්ම රැස් නොකරන්නේ නම් මතු විපාක භවය නොපවත්නේය.
දැන් යම් පඤ්චස්කන්ධයක් ඇත්තේද, එය දුරු කරමි
” යි මෙසේ විදර්ශනා උපෙක්ෂාව ලබයි.”
ස්වාමීනි, මේ මහණහු පිරිනිවියේද?”

“ආනන්දය, මෙහි ඇතැම් මහණෙක් පිරිනිවන් පාන්නේය. මෙහි ඇතැම් මහණෙක් පිරිනිවන් නොපාන්නේයයි” වදාළේය.

§ 9. “ස්වාමීනි, ඇතැම් මහණෙක් පිරිනිවන් පාන්නේද, ඇතැම් මහණෙක් පිරිනිවන් නොපාන්නේද, ඊට හේතු කවරේද? ප්‍රත්‍ය කවරේද?”

“ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කරන්නේ වේ.
මා විසින් පෙර කර්ම රැස් නොකරණ ලද්දේ නම් මාගේ දැන් විපාක භවය නොපවතින්නේය. ඉදින් දැන් කර්ම රැස් නොකරන්නේ නම් මාගේ මතු විපාක භවය නොවන්නේය. දැන් යම් පඤ්චස්කන්ධයක් ඇත්තේද, එය දුරු කරමියි, මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයි.

හෙතෙම ඒ උපෙක්ෂාවට මමය මාගේයයි සතුටු වෙයි. මමය මාගේයයි කියායි. මමය මාගේයයි තෘෂ්ණාවෙන් බැස ගනියි. ඒ උපෙක්ෂාවට සතුටුවන්නාවූ මමය යනාදීන් කියන්නාවූ තෘෂ්ණාවෙන් බැස ගත්තාවූ උපේක්ෂාව විඤ්ඤාණය ඇසුරු කරනලද්දේ වෙයි. එය දැඩිකොට අල්වා ගැනීමයි. ආනන්දය, දැඩිකොට අල්වා ගැනීම සහිතවූ මහණහු පිරිනිවන් පාන්නේ නොවෙයි.”

“ස්වාමීනි, දැඩිකොට අල්වාගන්නාවූ ඒ මහණහු කුමක් දැඩිසේ අල්වා ගනීද?”
“නෙවසඤ්ඤානාසඤ්ඤායතනයයි” වදාළේය.

“ස්වාමීනි, ඒ මහණතෙම වනාහි දැඩිකොට අල්වාගනු ලබන ශ්‍රේෂ්ඨවූ භවය අල්වා ගනියි.”
“ආනන්දය, ඒ මහණතෙම දැඩි කොට අල්වා ගනු ලබන ශ්‍රේෂ්ඨවූ භවය අල්වා ගන්නේය. ආනන්දය, යම් මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනයක්වේද, මෙය වනාහි දැඩිව අල්වාගනු ලබන ශ්‍රේෂ්ඨ භවයයි.

§ 10 .ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම මෙසේ පිළිපන්නේවෙයි.
‘පෙර මා විසින් කර්ම රැස් නොකරන ලද්දේ නම් දැන් මාගේ විපාක භවය නොවන්නේය. දැන් කර්ම රැස් නොකෙළේ නම් මතු මාගේ විපාක භවය නොවන්නේය. දැන් යම් පඤ්චස්කන්ධයක්වේද, එය දුරුකරමියි මෙසේ විදර්ශනානොපෙක්ෂාව ලබයිද හෙතෙම ඒ උපෙක්ෂාවට මමය මාගේයයි සතුටු නොවෙයි. මමය මාගේයයි නොකියයි. එහි තෘෂ්ණාවෙන් බැසගෙන නොසිටියි. ඒ උපෙක්ෂාවට සතුටු නොවන්නාවූ මමය මාගේයයි නොකියන්නාවූ එහි බැසගෙන නොසිටින්නාවූ ඔහුගේ එය ඇසුරු කළාවූ විඤ්ඤාණය නොවෙයි. එය දැඩිකොට අල්වාගැනීම නොවෙයි. ආනන්දය, දැඩිව අල්වාගැනීම නැත්තාවූ පිරිනිවන් පාන්නේ යයි” වදාළසේක.

§ 11 . “ස්වාමීනි, ආශ්චර්‍ය්‍යය. ස්වාමීනි, අද්භූතය, ස්වාමීනි. ඒ ඒ සමාපත්තිය, ඇසුරුකොට භාග්‍යවතුන් වහන්සේ විසින් ඕඝයන්ගේ එතර කිරීම වදාරණලදී. ස්වාමීනි, ආර්‍ය්‍යවූ විමොක්ෂය කවරේද?”

“ආනන්දය, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවකයා මෙසේ කල්පනා කරයි. මෙලොවවූ යම් කාමයෝත් වෙත්ද, පරලොවවූ යම් කාමයෝත් වෙත්ද, මෙලොවවූ යම් කාම සංඥාවෝත් වෙත්ද, පරලොවවූ යම් කාම සාඥාවෝත් වෙත්ද, මෙලොවවු යම් රූපයෝත් වෙත්ද, පරලොවවූ යම් රූපයෝත් වෙත්ද, මෙලොවවූ යම් රූප සංඥාවෝත් වෙත්ද, පරලොවවූ යම් රූප සංඥාවෝත් වෙත්ද, යම් කම්පා නොවන ධ්‍යාන සංඥාවෝත් වෙත්ද, යම් ආකිඤ්චඤ්ඤායතන සංඥාවෝත් වෙත්ද, යම් නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාවෝත්, වෙත්ද, මේ සියල්ල සක්කාය නම්වේ. ඒ සක්කාය නම්වූ ත්‍රෛභූමික සංස්කාරයන් කෙරෙන් දැඩිසේ අල්වා ගැනීමක් නැතිව චිත්තයාගේ යම් මිදීමක් වේද, එය අමෘතය නම්වේ.

“ආනන්දය,
මෙසේ මා විසින් කම්පා නොවන ධ්‍යාන සමාධියට හිතවූ ප්‍රතිපදාව දේශනා කරණලදී.
ආකිඤ්චඤ්ඤායතන සමාධියට හිතවූ ප්‍රතිපදාව දේශනා කරණ ලදී.
නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාධියට හිතවූ ප්‍රතිපදාව දේශනා කරණලදී.
ඒ ඒ සමාධි ඇසුරුකොට ඔඝයන්ගේ එතර කිරීම දේශනා කරණලදී.
ආර්‍ය්‍යවූ විමොක්ෂය දේශනා කරණලදී.
ආනන්දය, ශ්‍රාවකයනට වැඩකැමතිවූ අනුකම්පා ඇත්තාවූ ශාස්තෘහු විසින් අනුකම්පා උපදවා කටයුතු යමක් වේද, මා විසින් එය තොපට කරණලදී.

ආනන්දය, නොයෙක් තැන වෘක්ෂමූල වෙත්, නොයෙක් තැන සූන්‍යාගාර වෙත්, ආනන්දය, ධ්‍යාන වඩව්. (සමාධිය උපදවව්.) ප්‍රමාද නොවව්. පසුව පසුතැවිලි නොවව්. මේ තොපට කරන්නාවූ අපගේ අනුශාසනාව වේයයි” භාග්‍යවතුන් වහන්සේ වදාළේය.

සතුටු සිත් ඇති ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තේය.

MN 03-02-08. ආනාපාන සති සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ පූර්වාරාමයේ “මිගාර මාතු” නම් ප්‍රාසාදයෙහි බොහෝ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ ස්ථවිර ශ්‍රාවකයන් සමග වැඩ වෙසෙති. (එනම්,) ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන්ද, ආයුෂ්මත් මහා මෞත්ගල්යායන ස්ථවිරයන්, ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන්ද, ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන්ද, ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන්ද, ආයුෂ්මත් මහා කප්පින ස්ථවිරයන්ද, ආයුෂ්මත් මහා චුන්ද ස්ථවිරයන්ද, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්ද, ආයුෂ්මත් රෙවතස්ථවිරයන්ද, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ද, අනිකුත් ප්‍රසිද්ධ ප්‍රසිද්ධ ස්ථවිර ශ්‍රාවකයන්ද, සමගය.

එකල්හි පුරුද්දක් ලෙස ස්ථවිර භික්ෂුහු අළුත මහණවූ භික්ෂූන්ට අවවාද කරති. අනුශාසනා කරති. ඇතැම් ස්ථවිර භික්ෂූහු, භික්ෂූන් දස නමකටද, අවවාද කරති, අනුශාසනා කරති. ඇතැම් ස්ථවිර භික්ෂූහු, භික්ෂූන් විසි නමකටද අවවාද කරති, අනුශාසනා කරති. ඇතැම් ස්ථවිර භික්ෂුහු, භික්ෂූන් තිස් නමකටද අවවාද කරති, අනුශාසනා කරති. ඇතැම් ස්ථවිර භික්ෂූහු, භික්ෂූන් හතලිස් නමකටද අවවාද කරති, අනුශාසනා කරති. ස්ථවිර භික්ෂූන් විසින් අවවාද කරනු ලබන්නාවූ අනුශාසනා කරනු ලබන්නාවූ ඒ අළුත මහණවූ භික්ෂුහුද සිල් පිරීම් ආදි පළමු විශේෂයන්ට වඩා මහත්වූ කසිණ භාවනාදී විශේෂයෙන් දැනගනිති.

§ 2. එකල්හි දිනෙක භාග්‍යවතුන් වහන්සේ පිරුනු සඳ ඇති පවාරණය කරන පසළොස්වක් පෝයදා රෑ භික්ෂු සංඝයා විසින් පිරිවරණ ලද්දේ එළිමහන් තන්හි වැඩ සිටි සේක.ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම්භූතව තුෂ්ණීම්භූතව (හුන්) භික්ෂු සංඝයා බලා ඔවුන්ට කථා කළහ.

“මහණෙනි, මේ ප්‍රතිපත්තියෙහි සතුටු වූයේ වෙමි. මහණෙනි, මේ ප්‍රතිපත්තියෙහි සතුටු සිතැත්තේ වෙමි. මහණෙනි, එබැවින් නොපැමිණි මාර්ග ඵලයට පැමිණීම පිණිස අවබෝධ නොකළ ධර්මයාගේ අවබෝධය පිණිස ප්‍රත්‍යක්ෂ නොකළ ධර්මය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස වීර්‍ය්‍ය කරව්. මම මේ සැවැත් නුවරම කුමුදු පිපෙන්නාවූ වස් සාරමාසයේ අන්තිම මාසය වන ඉල් මාසය දක්වා නවතින්නෙමි.”

භාග්‍යවතුන් වහන්සේ වනාහී ඒ සැවැත් නුවරම වස් සාරමාසයේ අන්තිම මාසයවූ කුමුදු පිපෙන්නාවූ ඉල් මාසය දක්වා වැඩසිටින සේකැයි ජනපදවාසී භික්ෂූහු ඇසුවාහුය. ඒ ජනපදවාසී භික්ෂූහුද බුදුන් දකින්නට සැවැත් නුවරට රැස්වෙති. ඒ ස්ථවිර භික්ෂූහුද අළුත් භික්ෂූන්ට වැඩියත් අවවාද කරත්. අනුශාසනා කරත්. ඇතැම් ස්ථවිර භික්ෂූහු භික්ෂුන් දස නමකටද අවවාද කරත්, අනුශාසනා කරත්. ඇතැම් ස්ථවිර භික්ෂූහු භික්ෂූන් විසි නමකටද අවවාද කරති, අනුශාසනා කරති. ඇතැම් ස්ථවිර භික්ෂූහු භික්ෂූන් තිස් නමකටද අවවාද කරති, අනුශාසනා කරති. ඇතැම් ස්ථවිර භික්ෂූහු භික්ෂූන් හතලිස් නමකටද අවවාද කරති, අනුශාසනා කරති. ස්ථවිර භික්ෂූන් විසින් අවවාද කරනු ලබන්නාවූ, අනුශාසනා කරනු ලබන්නාවූ ඒ අළුත් භික්ෂූහුද සිල්පිරීම් ආදී පළමු විශේෂයන්ට වඩා කසිණ භාවනාදී විශේෂයන් දැනගනිති. XXX

§ 3. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ කුමුදු ඇත්තාවූ වස් සාරමාසයේ අන්තිම මාසයවූ පිරුණු සඳ ඇති ඉල්මස පසළොස්වක්දා රෑ භික්ෂු සංඝයා විසින් පිරිවරණ ලද්දේ එළිමහන් තන්හි වැඩ සිටි සේක.ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භූතව තුෂ්ණීම්භූතව (හුන්) භික්ෂු සංඝයා බලා, ඔවුන්ට කථා කළහ.

“මහණෙනි, මේ පිරිස කථා නැත්තේය. මහණෙනි, මේ පිරිස දෙඩුම් නැත්තේය. පිරිසිදුය, සාරයෙහි පිහිටියාය. මහණෙනි, මේ භික්ෂු සංඝතෙම එබඳු ස්වභාව ඇත්තේය. මහණෙනි, මේ පිරිස එබඳු ස්වභාව ඇත්තේය. මහණෙනි, යම්බඳු පිරිසක් පූජා ලැබීමට, ආගන්තුක සත්කාර ලැබීමට දානය ලැබීමට, වැඳුම් ලැබීමට, සුදුසු වේද ලෝකයාගේ අති උතුම් පිංකෙත වේද, මහණෙනි, මේ භික්ෂු සංඝතෙම එබඳු ස්වාභාව ඇත්තේය. මහණෙනි, මේ පිරිස එබඳු ස්වභාව ඇත්තේය. යම්බඳු පිරිසකට ස්වල්පයක් දුන්නේ බොහෝ (විපාක ඇත්තේ) වේද? බොහෝ දුන්නේ ඉතා බොහෝ (විපාක ඇත්තේ) වේද? මහණෙනි, මේ භික්ෂු සංඝතෙම එබඳු ස්වභාව ඇත්තේය.“මහණෙනි, මේ පිරිස එබඳු ස්වභාව ඇත්තේය. යම්බඳු පිරිසක් ලෝකවාසීන්ට දැකීමට දුර්ලභවේද, මහණෙනි, මේ භික්ෂු සංඝතෙම එබඳු ස්වභාව ඇත්තේය. මහණෙනි, මේ පිරිස එබඳු ස්වරූප ඇත්තේය. යමබඳු පිරිසක් දැකීම සඳහා සේනාව බත් බැඳගන යොදුන් ගණනක් යාමට සුදුසුද, මහණෙනි, මේ භික්ෂු සංඝතෙම එබඳු ස්වභාව ඇත්තේය.XXX

§ 4. මහණෙනි, මේ පිරිස එබඳු ස්වභාව ඇත්තේය. මහණෙනි, මේ භික්ෂු සංඝයා අතරෙහි (රාගාදී) ආශ්‍රව ක්ෂය කළාවූ වැස නිමකළ බ්‍රහ්මචරියාව ඇත්තාවූ, කළයුතු දේ කළාවූ, බහා තැබූ (කෙලෙස්) බර ඇත්තාවූ, තමාගේ අර්ථයට පැමිණියාවූ භව බැඳුම් සිඳදැමූ, මනාකොට දත්තාවූ, (කෙලෙස් වලින්) මිදුනාවූ රහතන් වහන්සේලාද සිටිති. මහණෙනි, මෙබඳුවූ භික්ෂූහුද මේ භික්ෂූ සංඝයා අතරෙහි සිටිති. මහණෙනි, මේ භික්ෂු සංඝයා අතරෙහි පස්වැදෑරුම් ඔරම්භාගිය සංයොජනයන් නැති කිරීමෙන් (සුද්ධාවාසයෙහි) ඔපපාතිකව ඉපිද එහිම පිරිනිවන් පාන්නාවූ ඒ ලෝකයෙන් (නැවත) මේ ලෝකයට උප්පත්ති වශයෙන් නොඑන්නාවූ අනාගාමීහුද සිටිති. මහණෙනි, මෙබඳුවූ භික්ෂුහු භික්ෂූද මේ භික්ෂු සංඝයා අතරෙහි සිටිති.“මහණෙනි, මේ භික්ෂු සංඝයා අතර සංයෝජන තුනක් නැති කිරීමෙන් රාගය, ද්වේෂය සහ මෝහය තුනීවූ බැවින් එක් වරක්ම මේ ලෝකයට (උප්පත්ති වශයෙන්) අවුත් දුක් කෙළවරකරන සකෘදාගාමි පුද්ගලයෝද ඇත්තාහ. මහණෙනි, මෙබඳුවූ භික්ෂූහුද මේ භික්ෂූ සංඝයා අතර සිටිති. මහණෙනි, මේ භික්ෂූහු සංඝයා අතර සංයෝජන තුනක් නැති කිරීමෙන් නිරයට නොයන ස්වභාව ඇත්තාවූ, ඒකාන්තයෙන් නිවන් දකින්නාවූ, සෝවාන් වූවාහුද සිටිති,“මහණෙනි, මෙබඳුවූ භික්ෂූහුද මේ භික්ෂූ සංඝයා අතර සිටිති. මහණෙනි, මේ භික්ෂූ සංඝයා අතර සතර සතිපට්ඨාන භාවනාවෙහි යෙදී වාසය කරන්නාවූ භික්ෂූහුද ඇත්තාහ. මහණෙනි, මෙබඳුවූ, භික්ෂූහුද මේ භික්ෂූ සංඝයා අතර සිටිති. මහණෙනි, මේ භික්ෂූන් අතර සතර සම්‍යක් ප්‍රධාන භාවනාවෙහි යෙදී වාසය කරන්නාවූ භික්ෂූහුද ඇත. මහණෙනි, භික්ෂූන් අතර මෙබඳු භික්ෂූහුද වෙති. මහණෙනි, මේ භික්ෂු සංඝයා අතර සතර ඍද්ධිපාද භාවනාවෙහි යෙදී වාසය කරන්නාවූ භික්ෂූහුද ඇත්තාහ. මහණෙනි, මෙබඳුවූ භික්ෂුද මේ භික්ෂු සංඝයා අතර සිටිති. මහණෙනි, මේ භික්ෂු සංඝයා අතර පංචේන්ද්‍රිය භාවනාවෙහි යෙදී වාසය කරන්නාවූ භික්ෂුහුද වෙති. මහණෙනි, මෙබඳුවූ භික්ෂු සංඝයාද මේ භික්ෂූන් අතර සිටිති. මහණෙනි, මේ භික්ෂු සංඝයා අතර පංච බල භාවනාවෙහි යෙදී වසන්නාවූ භික්ෂූහුද ඇත. මහණෙනි, මෙබඳුවූ භික්ෂුහුද මේ භික්ෂූ සංඝයා අතර සිටිති. මහණෙනි, මේ භික්ෂු සංඝයා අතර සප්ත බෝධ්‍යංග භාවනාවෙහි යෙදී වාසය කරන භික්ෂුහුද ඇත්තාහුය. මහණෙනි, මෙබඳුවූ භික්ෂූහුද මේ භික්ෂු සංඝයා අතර සිටිති. මහණෙනි, මේ භික්ෂු සංඝයා අතර ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ග භාවනාවෙහි යෙදී වාසය කරන භික්ෂූහුද වෙති. මහණෙනි, මෙබඳුවූ භික්ෂුහුද මේ භික්ෂු සංඝයා අතර සිටිති. මහණෙනි, මේ භික්ෂු සංඝයා අතර මෛත්‍රී භාවනාවෙහි යෙදී වාසය කරන භික්ෂුහුද ඇත්තාහ. මහණෙනි, මේ භික්ෂූන් අතර මෙබඳු භික්ෂුහුද වෙති. මහණෙනි, මේ භික්ෂුන් අතර කරුණා භාවනාවෙහි යෙදී වාසය කරන භික්ෂූහුද ඇත්තාහ. මහණෙනි, මේ භික්ෂුන් අතර මෙබඳුවූ භික්ෂුහුද සිටිති. මහණෙනි, මේ භික්ෂු සංඝයා අතර මුදිත භාවනාවෙහි යෙදී වාසය කරන භික්ෂුහුද ඇත්තාහ. මහණෙනි, මෙබඳුවූ භික්ෂූහුද මේ භික්ෂු සංඝයා අතර සිටිති. මහණෙනි, මේ භික්ෂූ සංඝයා අතර උපෙක්ෂා භාවනාවෙහි යෙදී වාසය කරන භික්ෂූහුද ඇත්තාහ. මහණෙනි, මෙබඳුවූ භික්ෂූහුද මේ භික්ෂු සංඝයා අතර සිටිති. මහණෙනි, මේ භික්ෂු සංඝයා අතර අසුභ භාවනාවෙහි යෙදී වාසය කරන භික්ෂූහුද ඇත්තාහ. මහණෙනි, මේ භික්ෂු සංඝයා අතර මෙබඳුවූ භික්ෂුහුද සිටිති. මහණෙනි, මේ භික්ෂු සංඝයා අතර අනිත්‍ය සංඥා භාවනාවෙහි යෙදී වාසය කරන භික්ෂුහුද ඇත්තාහ. මහණෙනි, මෙබඳුවූ භික්ෂුහුද මේ භික්ෂු සංඝයා අතර සිටිති. මහණෙනි, මේ භික්ෂු සංඝයා අතර ආනාපාන සති භාවනාවෙහි යෙදී වාසය කරන්නාවූ භික්ෂූහුද ඇත්තාහ.“මහණෙනි, වඩන ලද්දාවූ, පුරුදු කරන ලද්දාවූ ආනාපානසති භාවනාව මහත්ඵල මහානිසංස ඇත්තේ වෙයි. මහණෙනි, වඩන ලද්දාවූ පුරුදු කරන ලද්දාවූ ආනාපාන සතිය සතර සතිපට්ඨානය සම්පූර්ණ කරයි. වඩන ලද්දාවූ පුරුදු කරන ලද්දාවූ සතර සතිපට්ඨානයෝ සප්ත බෝද්ධ්‍යංගයන් සම්පූර්ණ කරති. වඩන ලද්දාවූ පුරුදු කරන ලද්දාවූ සප්ත බෝධ්‍යංගයෝ විජ්ජා විමුත්තිය සම්පූර්ණ කරති.

§ 5. මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ, කෙසේ පුරුදු කරන ලද්දාවූ, ආනාපාන සති භාවනාව මහත්ඵල මහානිසංස වේද? මහණෙනි, මේ ශාසනයෙහි වනයකට ගියාවූ හෝ, රුක් මුලකට ගියාවූ හෝ, විවේක ස්ථානයකට ගියාවූ හෝ, මහණතෙම පර්‍ය්‍යංක බැඳ (අරමිණිය ගොතා), කය කෙලින් තබා, සිහිය ඉදිරිපත්කොට තබාගෙන හිඳිනේය. හෙතෙම සිහියෙන්ම හුස්ම ගනියි. සිහියෙන්ම හුස්ම පිටකරයි. දිගට හුස්ම ගන්නේ හෝ දිගට හුස්ම ගන්නෙමියි දන්නේය. දිගට හුස්ම පිටකරන්නේ හෝ දිගට හුස්ම පිටකරන්නෙමියි දන්නේය, කොටින් හුස්ම ගන්නේ හෝ කොටින් හුස්ම ගන්නෙමියි දන්නේය. කොටින් හුස්ම පිටකරන්නේ හෝ කොටින් හුස්ම පිටකරන්නෙමියි දන්නේය. හුස්ම ගැනීමේ මුල මැද අග යන සියල්ල දැනගනිමින් හුස්ම ගන්නෙමියි පුරුදු කරන්නේය. හුස්ම පිටකිරීමේ මුල මැද අග යන සියල්ල දැනගනිමින් හුස්ම පිටකරන්නෙමියි පුරුදු කරන්නේය. ආශ්වාස ප්‍රශ්වාසයන් සංසිඳුවමින් හුස්ම ගන්නෙමියි පුරුදු කරන්නේය. ආශ්වාස ප්‍රශ්වාසයන් සංසිඳුවමින් හුස්ම පිටකරන්නෙමියි පුරුදු කරන්නේය. ප්‍රීතිය දැනගනිමින් හුස්ම ගන්නෙමියි පුරුදු කරන්නේය. ප්‍රීතිය දැනගනිමින් හුස්ම පිටකරන්නෙමියි පුරුදු කරන්නේය. සැපය දැනගනිමින් හුස්ම ගන්නෙමියි පුරුදු කරන්නේය. සැපය දැනගනිමින් හුසුම පිටකරන්නෙමියි පුරුදු කරන්නේය. චිත්තසංස්කාරය (වේදනා සංඥාවන්) දැනගනිමින් හුස්ම ගන්නෙමියි පුරුදු කරන්නේය. චිත්ත සංස්කාරය (වේදනා සංඥා) විශේෂයෙන් දැනගනිමින් හුස්ම පිටකරන්නෙමියි පුරුදු කරන්නේය. චිත්ත සංස්කාරය (වේදනා සංඥා) සංසිදුවන්නේ හුස්ම ගන්නෙමියි පුරුදු කරන්නේය. චිත්ත සංස්කාරය සංසිදුවන්නේ හුස්ම පිට කරන්නෙමියි පුරුදු කරන්නේය. සිත දැනගනිමින් හුස්ම ගන්නෙමියි පුරුදු කරන්නේය. හිත දැනගනිමින් හුස්ම පිටකරන්නෙමියි පුරුදු කරන්නේය. සිත සතුටු කරමින් හුස්ම ගන්නෙමියි පුරුදු කරන්නේය. සිත සතුටු කරමින් හුස්ම පිටකරන්නෙමියි පුරුදු කරන්නේය. සිත මනාකොට එකඟ කරමින් හුස්ම ගන්නෙමියි පුරුදු කරන්නේය. හිත මනාකොට එකඟ කරමින් හුස්ම පිටකරන්නෙමියි පුරුදු කරන්නේය. සිත කෙළෙසුන් කෙරෙන් මුදවමින් හුස්ම ගන්නෙමියි පුරුදු කරන්නේය. හිත කෙළෙසුන් කෙරෙන් මුදවමින් හුස්ම පිටකරන්නෙමියි පුරුදු කරන්නේය. අනිත්‍යය නැවත නැවත දකිමින් හුස්ම ගන්නෙමියි පුරුදු කරන්නේය. අනිත්‍යය නැවත නැවත දකිමින් හුස්ම පිට කරන්නෙමියි පුරුදු කරන්නේය. නොඇලීම (විරාගය) නැවත නැවත දකිමින් හුස්ම ගන්නෙමියි පුරුදු කරන්නේය. නොඇලීම (විරාගය) නැවත නැවත දකිමින් හුස්ම පිට කරන්නෙමියි පුරුදු කරන්නේය. නිරෝධය නැවත නැවත දකිමින් හුස්ම ගන්නෙමියි පුරුදු කරන්නේය. නිරෝධය නැවත නැවත දකිමින් හුස්ම පිටකරන්නෙමියි පුරුදු කරන්නේය. අත්හැර දැමීම (පටිනිස්සග්ගය) නැවත නැවත දකිමින් හුස්ම ගන්නෙමියි පුරුදු කරන්නේය. අත්හැරදැමීම (පටිනිස්සග්ගය) නැවත නැවත දකිමින් හුස්ම පිටකරන්නෙමියි පුරුදු කරන්නේය. මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ ආනාපාන සතිය වනාහි මහත්ඵල ඇත්තී මහානිසංස ඇත්තී වෙයි. XXX

§ 6. “මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ, කෙසේ පුරුදු කරන ලද්දාවූ, ආනාපාන සතිය සතර සතිපට්ඨානයන් සම්පූර්ණ කෙරේද? මහණෙනි, යම් කලක මහණතෙම දිගට හුස්ම ගන්නේ හෝ දිගට හුස්ම ගන්නෙමියි දනීද, දිගට හුස්ම පිටකරන්නේ හෝ දිගට හුස්ම පිටකරන්නෙමියි දනීද, කොටින් හුස්ම ගන්නේ හෝ කොටින් හුස්ම ගන්නෙමියි දනීද, කොටින් හුස්ම පිටකරන්නේ හෝ කොටින් හුස්ම පිට කරන්නෙමියි දනීද, සියලු ආශ්වාස ප්‍රශ්වාසකය දන්නේ හුස්ම පිටකරන්නෙමියි හික්මෙයිද, ආශ්වාස ප්‍රශ්වාසයන් තුනී කරමින් හුස්ම ගන්නෙමියිහික්මෙයිද, ආශ්වාස ප්‍රශ්වාසයන් තුනී කරමින් හුස්ම පිටකරන්නෙමියි හික්මෙයිද, මහණෙනි, එකල කය අනුව බලන්නාවූ කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තාවූ විමසන නුවණ ඇත්තාවූ, සිහිය ඇත්තාවූ මහණතෙම පඤ්චස්කන්ධය නමැති ලෝකයෙහි ලෝභය හා ද්වේෂය දුරුකොට වාසය කරයි.“මහණෙනි, ‘මම මේ ආශ්වාස ප්‍රශ්වාස කාය කොට්ඨාසයන් අතුරෙන් එක්තරා කාය කොට්ඨාසයකැයි කියමි.’ මහණෙනි, ඒ නිසා මේ ශාසනයෙහි මහණතෙම එකල්හි කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූ නුවණින් යුක්තවූ සිහියෙන් යුක්තවූ මහණ තෙමේ කයෙහි කය අනුව බලමින් පඤ්චස්කන්ධ ලෝකයෙහි ලෝභය හා ද්වේෂය දුරුකොට වාසය කරයි.“මහණෙනි, යම් කලක මහණතෙම ප්‍රීතිය දැන ගනිමින් හුස්ම ගන්නෙමියි හික්මෙයිද, ප්‍රීතිය දැනගනිමින් හුස්ම පිටකරන්නෙමියි හික්මෙයිද, සැපය දැනගනිමින් හුස්ම ගන්නෙමියි හික්මෙන්නේද, සැපය දැනගනිමින් හුස්ම පිට කරන්නෙමියි හික්මෙන්නේද, චිත්ත සංස්කාරය දැනගනිමින් හුස්ම ගන්නෙමියි හික්මෙන්නේද, චිත්තසංස්කාරය දැන ගනිමින් හුස්ම පිටකරන්නෙමියි හික්මෙන්නේද, චිත්ත සංස්කාරය සංසිඳුවමින් හුස්ම ගන්නෙමියි හික්මෙන්නේද, චිත්ත සංස්කාරය සංසිඳුවමින් හුස්ම පිටකරන්නෙමියි හික්මෙන්නේද, මහණෙනි, එකල වේදනාවන්හි වේදනාව අනුව බලන්නාවූ කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තාවූ, නුවණ ඇත්තාවූ, සිහිය ඇත්තාවූ මහණතෙම් පඤ්චස්කන්ධ ලෝකයෙහි ලෝභය සහ දොසය දුරුකොට වාසය කරයි.“මහණෙනි, යම් ආශ්වාස ප්‍රශ්වාසයන් මනාකොට මෙනෙහි කිරීමක් වෙයිද, මම එය වේදනාවන් අතුරෙන් එක්තරා වේදනාවකැයි කියමි. මහණෙනි, ඒ නිසා මේ ශාසනයෙහි මහණතෙම එකල්හි කෙළෙස් තවන උත්සාහ ඇත්තේ, නුවණ ඇත්තේ, සිහිය ඇත්තේ පඤ්චස්කන්ධ ලෝකයෙහි ලෝභය සහ දොසය දුරුකොට වාසය කරයි. මහණෙනි, යම් කලක මහණ තෙම සිත දැනගනිමින් හුස්ම ගන්නෙමියි හික්මෙයිද, සිත දැනගනිමින් හුස්ම පිටකරන්නෙමියි හික්මෙයිද, හිත සතුටු කරමින් හුස්ම ගන්නෙමියි හික්මෙයිද, හිත සතුටු කරමින් හුස්ම පිටකරන්නෙමියි හික්මෙයිද, හිත මනාකොට එකඟකරමින් හුස්ම ගන්නෙමියි හික්මෙයිද, හිත මනාකොට එකඟ කරමින් හුස්ම පිටකරන්නෙමියි හික්මෙයිද, හිත කෙළෙසුන් කෙරෙන් මුදවමින් හුස්ම ගන්නෙමියි හික්මෙයිද, හිත කෙළෙසුන් කෙරෙන් මුදවමින් හුස්ම පිටකරන්නෙමියි හික්මෙයිද, මහණෙනි, එකල සිතෙහි සිත අනුව බලන්නාවූ කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තාවූ, නුවණ ඇත්තාවූ, සිහිය ඇත්තාවූ මහණතෙම පඤ්චස්කන්ධ ලෝකයෙහි ලෝභය සහ දොසය දුරුකොට වාසය කරයි. මහණෙනි, මම සිහි මුලාවූ නුවණ නැත්තාහට ආනාපාන සති භාවනාව නොකියමි.“මහණෙනි, ඒ නිසා මේ ශාසනයෙහි මහණ තෙම එකල්හි සිතෙහි සිත අනුව බලමින් කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, නුවණ ඇත්තේ, සිහිය ඇත්තේ, පඤ්චස්කන්ධ ලෝකයෙහි ලෝභය සහ දෝසය දුරුකොට වාසය කරයි.‘මහණෙනි, යම් කලක මහණතෙම අනිත්‍යය නැවත නැවත දකිමින් හුස්ම ගන්නෙමියි හික්මෙයිද, අනිත්‍යය නැවත නැවත කියමින් හුස්ම පිට කෙරෙමියි හික්මෙයිද, නොඇලීම (විරාගය) නැවත නැවත කියමින් හුස්ම ගන්නෙමියි හික්මෙයිද, නොඇලීම (විරාගය) නැවත නැවත දකිමින් හුස්ම පිටකරන්නෙමියි හික්මෙයිද, නැතිවීම (නිරෝධය) නැවත නැවත දකිමින් හුස්ම ගන්නෙමියි හික්මෙයිද, නැතිවීම (නිරෝධය) නැවත නැවත දකිමින් හුස්ම පිටකරන්නෙමියි හික්මෙයිද අත්හැර දැමීම (පටි නිස්සග්ගය) නැවත නැවත දකිමින් හුස්ම ගන්නෙමියි හික්මෙයිද, අත්හැර දැමීම (පටිනිස්සග්ගය) නැවත නැවත දක්නේ හුස්ම පිටකරන්නෙමියි හික්මෙයිද, මහණෙනි, එකල ධර්මයන්හි ධර්මය අනුව බලන්නාවූ, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තාවූ, නුවණ ඇත්තාවූ, සිහිය ඇත්තාවූ, මහණ තෙම පඤ්චස්කන්ධ ලෝකයෙහි ලෝභය සහ දෝසය දුරු කොට වාසය කරයි හෙතෙම ලෝභ දොසයන්ගේ යම් ඒ පහකිරීමක් වේද, එය නුවණින් දැක මනාකොට මධ්‍යස්ථවේ. මහණෙනි, ඒ නිසා මේ ශාසනයෙහි මහණතෙම එකල්හි ධර්මයන්හි ධර්මය අනුව දකිමින් කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, නුවණ ඇත්තේ, සිහිය ඇත්තේ, පඤ්චස්කන්ධයෙහි ලෝභය සහ දොසය දුරුකොට වාසය කරයි. මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ, මෙසේ පුරුදු කරන ලද්දාවූ ආනාපානසතිය වානාහි සතර සතිපට්ඨානයන් සම්පූර්ණ කරයි.XXXX

§7. “මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ කෙසේ පුරුදු කරන ලද්දාවූ සතර සතිපට්ඨානයෝ සප්ත බොජ්ඣංගයන් සම්පූර්ණ කෙරෙත්ද? මහණෙනි, යම් කලක මහණ තෙම කයෙහි කය අනුව බලමින් කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, නුවණ ඇත්තේ, සිහිය ඇත්තේ, පඤ්චස්කන්ධ ලෝකයෙහි ලෝභය සහ දොසය දුරුකොට වාසයකරයි. එකල ඔහුට මුළා නොවූ එළඹසිටි සිහිය ඇත්තේවෙයි. මහණෙනිත යම් කලක මහණහට මුළා නොවූ එළඹසිටි සිහිය ඇත්තේ වෙයිදත එකල්හි භික්ෂුව විසින් සතිසම්බොඣංගය පටන්ගන්නා ලද්දේවේ. එකල්හි භික්ෂුතෙමේ සතිසම්බොජ්ඣංගය වඩයි. එකල්හි භික්ෂුවගේ සතිසම්බොජ්ඣංගය සම්පූර්ණ වීමට පැමිණෙයි. එසේ සිහියෙන් යුක්තව කරන්නාවූ හෙතෙම ඒ ධර්මය නුවණින් සොයයි. පරීක්ෂාකරයි. විමසීමට පැමිණෙයි.“මහණෙනි, යම් කලක එසේ සිහියෙන් වාසය කරන්නාවූ මහණතෙම ඒ ධර්මය නුවණින් සොයයිද, පරීක්ෂා කරයිදත විමසීමට පැමිණෙයිද, එකල්හි භික්ෂුව විසින් ධම්ම විචය සම්බොජ්ඣංගය පටන්ගන්නා ලද්දේවේ. එකල මහණතෙම ධම්ම විචය සම්බොජ්ඣංගය වඩයි. එකල මහණහුගේ ධම්ම විචය සම්බොජ්ඣංගය භාවනාව සම්පූර්ණබවට පැමිණෙයි ඒ ධර්මය නුවණින් සොයන්නාවූ පරීක්ෂාකරන්නාවූ විමසීමට පැමිණෙන්නාවූ ඒ මහණහුගේ නොපසුබස්නා වීර්‍ය්‍යය පටන්ගන්නා ලද්දේවෙයි. එකල භික්ෂුව විසින් වීරිය සම්බොජ්ඣංගය පටන්ගන්නා ලද්දේවෙයි. එකල්හි මහණ තෙම විරිය සම්බොජ්ඣංගය වඩයි. එකල මහණහුගේ විරිය සම්බොජ්ඣංග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි. පටන්ගන්නාලද විරිය ඇත්තාහට ආමිස රහිතවූ ප්‍රීතිය උපදවයි.“මහණෙනිත යම් කලක පටන්ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තාවූ මහණහට නිරාමිසප්‍රීතිය උපදියිද, එකල්හි මහණහු විසින් පීති සම්බොජ්ඣංගය පටන්ගන්නා ලද්දේ වෙයි. එකල මහණතෙම පීතිසම්බොජ්ඣංගය වඩයි. එකල මහණහුගේ ප්‍රීතිසම්බොජ්ඣංග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි. ප්‍රීති සිත ඇත්තාහුගේ කයද සංසිඳෙයි. සිතද සංසිඳෙයි.“මහණෙනි, යම් කලක ප්‍රීති සිත් ඇති මහණහුගේ කය සංසිඳෙයිද, සිත සංසිඳෙයිද, එකල්හි මහණහු විසින් පස්සද්ධි සම්බොජ්ඣංගය පටන්ගන්නා ලද්දේ වෙයි. එකල මහණතෙම පස්සද්ධිබොජ්ඣංගය වඩයි. එකල මහණහුගේ පස්සද්ධිබොජ්ඣංග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි. සංසිඳුනු කයහුගේ සිත එකඟවේ.“මහණෙනි, යම් කලක සංසිඳුනුවූ කය ඇති මහණහුගේ සිත එකඟ වේද, එකල මහණහු විසින් සමාධි සම්බොජ්ඣංගය පටන්ගන්නා ලද්දේ වෙයි. එකල මහණ තෙම සමාධි සම්බොජඣංගය වඩයි. එකල මහණහුගේ සමාධි සම්බොජ්ඣංග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි. එසේ එකඟවූ සිත් ඇත්තාවූ ඒ මහණතෙම එකල මධ්‍යස්ථ වූයේ වෙයි.“මහණෙනි, යම් කලක එසේ එකඟවූ සිත් ඇති මහණතෙම මනාකොට මධ්‍යස්ථ වූයේ වේද, එකල මහණහු විසින් උපෙක්ඛා සම්බොජ්ඣංගය පටන්ගන්නා ලද්දේ වෙයි. එකල මහණතෙම උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයි. එකල මහණහුගේ උපෙක්ඛා සම්බොජ්ඣංග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි.XXX

§8. මහණෙනි, යම් කලක මහණතෙම වේදනාවෙන්හි වේදනාවන් අනුව බලමින් කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, නුවණ ඇත්තේ, සිහිය ඇත්තේ, පඤ්චස්කන්ධ ලෝකයෙහි ලෝභය සහ දොසය දුරුකොට වාසය කරයි, එකල්හි ඒ මහණහට නොමුළා සිහිය එළඹසිටියේ වෙයි. මහණෙනි, යම් කලක මහණහට නොමුළා සිහිය එළඹසිටියේ වේද, එකල මහණහු විසින් සතිසම්බොජඣංගය පටන් ගන්නා ලද්දේ වෙයි. එකල මහණතෙම සතිසම්බොජඣංගය වඩයි. එකල මහණහුගේ සතිසම්බොජ්ඣ භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි, එසේ සිහියෙන් වාසය කරන්නාවූ ඒ මහණතෙම ඒ ධර්මය නුවණින් සොයයි. පරීක්ෂා කරයි. විමසීමට පැමිණෙයි.“මහණෙනි, එසේ සිහිය ඇතිව වාසය කරන්නාවූ මහණතෙම එකල්හි ඒ ධර්මය සොයයිද, පරීක්ෂා කරයිද විමසීමට පැමිණෙයිද, එකල්හි මහණහු විසින් ධම්මවිචය සම්බොජ්ඣංගය පටන්ගන්නා ලද්දේ වෙයි. එකල්හි ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයි. එකල්හි මහණහුගේ ධම්මවිචය සම්බොජඣංග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි. ඒ ධර්මය නුවණින් සොයන්නාවූත පරීක්ෂා කරන්නාවූ, විමසීමට පැමිණෙන්නාවූ, ඒ මහණහු විසින් නොපසුබස්නා වීර්‍ය්‍යය පටන්ගන්නා ලද්දේ වෙයි. මහණෙනි, යම් කලක ඒ ධර්මය නුවණින් සොයන්නාවූ, පරීක්ෂා කරන්නාවූ, විමසීමට පැමිණෙන්නාවූ, මහණහු විසින් නොපසුබස්නා, වීර්‍ය්‍යය පටන්ගන්නා ලද්දේ වේද, එකල්හි මහණහු විසින් විරිය සම්බොජ්ඣංගය පටන්ගන්නා ලද්දේ වෙයි. එකල්හි මහණතෙම විරිය සම්බොජ්ඣංගය වඩයි. එකල්හි මහණහුගේ විරිය සම්බොජ්ඣංග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි. පටන්ගන්නාලද වීර්‍ය්‍යය ඇත්තාහට නිරාමිස ප්‍රීතිය උපදී. මහණෙනි, යම් කලක පටන්ගන්නාලද වීර්‍ය්‍යය ඇත්තාවූ මහණහට නිරාමිස ප්‍රීතිය උපදීද, එකල්හි මහණහු විසින් පීතිසම්බොජ්ඣංගය පටන්ගන්නා ලද්දේ වෙයි. එකල්හි මහණතෙම පීතිසම්බොජ්ඣංගය වඩයි. එකල්හි මහණහුගේ පීතිසම්බොජඣංග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි. පිනාගිය හිතැත්තහුගේ කයද සංසිඳෙයි. සිතද සංසිඳෙයි.“මහණෙනි, එකල මහණහු විසින් පස්සද්ධි සම්බොජ්ඣංගය පටන්ගන්නා ලද්දේ වෙයි. එකල මහණ තෙම පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයි. එකල්හි මහණහුගේ පස්සද්ධි සම්බොජ්ඣංග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි. සංසිඳුනු කය ඇත්තහුගේ සිත එකඟවේ. මහණෙනි, යම් කලක සංසිඳුනු කය ඇති මහණහුගේ සිත එකඟවේද, එකල්හි මහණහු විසින් සමාධි සම්බොජ්ඣංගය පටන්ගන්නා ලද්දේ වෙයි. එකල මහණතෙම සමාධි සම්බොජ්ඣංගය වඩයි. එකල මහණහුගේ සමාධි සම්බොජ්ඣංග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි. ඔහු විසින් එසේ එකඟවූ සිත මනාකොට මද්ධ්‍යස්ථ කරන ලද්දේ වෙයි. එකල මහණහු විසින් උපෙක්ඛා සම්බොජ්ඣංගය පටන්ගන්නා ලද්දේ වෙයි. එකල්හි මහණතෙම උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයි. එකල්හි මහණහුගේ උපෙක්ඛා සම්බොජ්ඣංග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි.“මහණෙනි, යම් කලක මහණතෙම සිතෙහි සිත අනුව බලමින් කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, නුවණ ඇත්තේ, සිහිය ඇත්තේ, ලෝභය සහ දොසය දුරුකොට වාසය කරයි, එකල්හි ඒ මහණහට නොමුළා සිහිය එළඹ සිටියේ වෙයි. මහණෙනි, යම් කලක මහණහට නොමුළා සිහිය එළඹසිටියේ වේද, එකල මහණහු විසින් සති සම්බොජ්ඣංගය පටන්ගන්නා ලද්දේ වෙයි. එකල මහණ තෙම සති සම්බොජ්ඣංගය වඩයි. එකල මහණහුගේ සති සම්බොජ්ඣ භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි. එසේ සිහියෙන් වාසය කරන්නාවූ ඒ මහණතෙම ඒ ධර්මය නුවණින් සොයයි පරීක්ෂා කරයි. විමසීමට පැමිණෙයි.“මහණෙනි, එසේ සිහිය ඇතිව වාසය කරන්නාවූ මහණතෙම එකල්හි ඒ ධර්මය සොයයිද, පරීක්ෂා කරයිද, විමසීමට පැමිණෙයිද, එකල්හි මහණහු විසින් ධම්මවිචය සම්බොජ්ඣංගය පටන්ගන්නා ලද්දේ වෙයි. එකල්හි ධම්ම විචය සම්බොජ්ඣංගය වඩයි. එකල්හි මහණහුගේ ධම්මවිචය සම්බොජ්ඣංග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි. ඒ ධර්මය නුවණින් සොයන්නාවූ, පරීක්ෂා කරන්නාවූ, විමසීමට පැමිණෙන්නාවූ ඒ මහණහු විසින් නොපසුබස්නා වීර්‍ය්‍යය පටන්ගන්නා ලද්දේ වෙයි. මහණෙනි, යම් කලක ඒ ධර්මය නුවණින් සොයන්නාවූ, පරීක්ෂා කරන්නාවූ, විමසීමට පැමිණෙන්නාවූ, මහණහු විසින් නොපසුබස්නා වීර්‍ය්‍යය පටන්ගන්නා ලද්දේ වේද, එකල්හි මහණහු විසින් විරිය සම්බොජ්ඣංගය පටන්ගන්නා ලද්දේ වෙයි. එකල්හි මහණ තෙම විරිය සම්බොජ්ඣංගය වඩයි. එකල්හි මහණහුගේ විරිය සම්බොජ්ඣංග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි. පටන්ගන්නාලද වීර්‍ය්‍යය ඇත්තාහට නිරාමිස ප්‍රීතිය උපදී. මහණෙනි, යම් කලක පටන්ගන්නාලද වීර්‍ය්‍යය ඇත්තාවූ මහණහට නිරාමිස ප්‍රීතිය උපදීද, එකල්හි මහණහු විසින් පීති සම්බොජඣංගය පටන්ගන්නා ලද්දේ වෙයි. එකල්හි මහණතෙම පීති සම්බොජ්ඣංගය වඩයි. එකල්හි මහණහුගේ පීති සම්බොජ්ඣංග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි. පිනාගිය හිතැත්තහුගේ කයද සංසිඳෙයි. සිතද සංසිඳෙයි.“මහණෙනි, එකල මහණහු විසින් පස්සද්ධි සම්බොජ්ඣංගය පටන්ගන්නා ලද්දේ වෙයි. එකල මහණ තෙම පස්සද්ධි සම්බොජඣංගය වඩයි. එකල්හි මහණහුගේ පස්සද්ධි සම්බොජ්ඣංග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි. සංසිඳුනු කය ඇත්තහුගේ සිත එකඟවේ, මහණෙනි, යම් කලක සංසිඳුනු කය ඇති මහණහුගේ සිත එකඟවේද, එකල්හි මහණහු විසින් සමාධි සම්බොජ්ඣංගය පටන්ගන්නා ලද්දේ වෙයි. එකල මහණතෙම සමාධි සම්බොජ්ඣංගය වඩයි. එකල මහණහුගේ සමාධි සම්බොජ්ඣංග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි. ඔහු විසින් එසේ එකඟවූ සිත මනාකොට මධ්‍යස්ථ කරන ලද්දේ වෙයි. එකල මහණහු විසින් උපෙක්ඛා සම්බොජ්ඣංගය පටන්ගන්නා ලද්දේ වෙයි. එකල්හි මහණතෙම උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයි. එකල්හි මහණහුගේ උපෙක්ඛා සම්බොජ්ඣංග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි.“ධර්මයන්හි ධර්මය අනුව බලන්නේ, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, නුවණ ඇත්තේ, සිහිය ඇත්තේ, පඤ්චස්කන්ධ ලෝකයෙහි ලෝභය සහ දොසය දුරුකොට වාසය කරයිද, එකල්හි ඒ මහණහට නොමුළාවූ සිහිය එළඹ සිටියේ වෙයි. මහණෙනි, යම් කලක මහණහට නොමුලා සිහිය එළඹසිටියේ වේද, එකල මහණහු විසින් සතිසම්බොජ්ඣංගය පටන් ගන්නා ලද්දේ වෙයි. එකල මහණතෙම සතිසම්බොජ්ඣංගය වඩයි. එකල මහණහුගේ සති සම්බොජ්ඣංග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි. එසේ සිහියෙන් යුක්තව වාසය කරන්නාවූ ඒ මහණතෙම ධර්මය නුවණින් සොයයි. පරීක්ෂා කරයි. විමසීමට පැමිණෙයි.“මහණෙනි, එසේ සිහිය ඇතිව වාසය කරන්නාවූ මහණතෙම එකල්හි ඒ ධර්මය සොයයිද, පරීක්ෂා කරයිද, විමසීමට පැමිණෙයිද, එකල්හි මහණහු විසින් ධම්මවිචය සම්බොජ්ඣංගය පටන්ගන්නා ලද්දේ වෙයි. එකල්හි මහණ තෙම ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයි. එකල්හි මහණහුගේ ධම්මවිචය සම්බොජ්ඣංග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි. ඒ ධර්මය නුවණින් සොයන්නාවූ පරීක්ෂා කරන්නාවූ, විමසීමට පැමිණෙන්නාවූ, ඒ මහණහු විසින් නොපසුබස්නා වීර්‍ය්‍යය පටන්ගන්නා ලද්දේ වෙයි. මහණෙනි, යම් කලක ඒ වීර්‍ය්‍යය නුවණින් සොයන්නාවූ, පරීක්ෂා කරන්නාවූ, විමසීමට පැමිණෙන්නාවූ, මහණහුගේ නොපසුබස්නා වීර්‍ය්‍යය පටන් ගන්නා ලද්දේ වේද, එකල්හි මහණහු විසින් විරිය සම්බොජ්ඣංගය පටන්ගන්නා ලද්දේ වෙයි. එකල්හි මහණතෙම විරිය සම්බොජ්ඣංගය වඩයි. එකල්හි මහණහුගේ විරිය සම්බොජ්ඣංග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි. පටන් ගන්නාලද වීර්‍ය්‍යය ඇත්තාහට කාමාශාවන්ගෙන් වෙන්වූ (නිරාමිස) ප්‍රීතිය උපදී.“මහණෙනි, යම් කලක පටන්ගන්නාලද වීර්‍ය්‍යය ඇත්තාවූ මහණහට කාමාශාවන්ගෙන් වෙන්වූ (නිරාමිස) ප්‍රීතිය උපදීද, එකල්හි මහණහු විසින් පීති සම්බොජ්ඣංගය පටන්ගන්නා ලද්දේ වෙයි. එකල්හි මහණතෙම පීති සම්බොජ්ඣංගය වඩයි. එකල්හි මහණහුගේ පීතිසම්බොජ්ඣංග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි. පිනාගිය හිතැත්තාගේ කයද සංසිඳෙයි. සිතද සංසිඳෙයි. මහණෙනි, එකල මහණහු විසින් පස්සද්ධි සම්බොජ්ඣංගය පටන්ගන්නා ලද්දේ වෙයි. එකල මහණතෙම පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයි. එකල්හි මහණහුගේ පස්සද්ධි සම්බොජ්ඣංග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි. සංසිඳුනු කය ඇත්තහුගේ සිත එකඟවේ. මහණෙනි, යම් කලක සංසිඳුනු කය ඇති මහණහුගේ සිත එකඟවේද, එකල මහණහු විසින් සමාධි සම්බොජ්ඣංගය පටන්ගන්නා ලද්දේ වෙයි. එකල මහණතෙම සමාධි සම්බොජ්ඣංගය වඩයි. එකල මහණහුගේ සමාධි සම්බොජ්ඣංග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි ඒ මහණතෙම එසේ එකඟවූ සිත මනාකොට මධ්‍යස්ථ කරන්නේ වෙයි. එකල මහණහු විසින් උපෙක්ඛා සම්බොජ්ඣංගය පටන් ගන්නා ලද්දේ වෙයි. එකල්හි මහණතෙම උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයි. එකල්හි මහණහුගේ උපෙක්ඛා සම්බොජ්ඣංග භාවනාව සම්පූර්ණ බවට පැමිණෙයි. මහණෙනි, මෙසේ වඩනලද, මෙසේ පුරුදු කරනලද සතර සතිපට්ඨානයෝ සප්තබොජ්ඣංගයන් සම්පූර්ණ කරත්.

§ 9. XXXX“මහණෙනි, කෙසේ වඩනලද කෙසේ පුරුදු කරන ලද සප්තබොජ්ඣංගයෝ විජ්ජා විමුත්තිය සම්පූර්ණ කෙරෙත්ද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය, ඇසුරු කළාවූ, නොඇලීම ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවණට නැමුවාවූ සති සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළාවූ, නොඇලීම ඇසුරු කළාවූ, නැතිවීම ඇසුරු කළාවූ, නිවණට පැමුණුනාවූ, ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළාවූ, නොඇලීම ඇසුරු කළාවූ, නැතිවීම ඇසුරු කළාවූ, නිවනට පැමුණුනාවූ, විරිය සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළාවූ, නොඇලීම ඇසුරු කළාවූ, නැතිවීම ඇසුරු කළාවූ, නිවනට පැමුණුනාවූ පීති සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළාවූ, නොඇලීම ඇසුරු කළාවූ, නැතිවීම ඇසුරු කළාවූ, නිවනට පැමුණුනාවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළාවූ, නොඇලීම ඇසුරු කළාවූ, නැතිවීම ඇසුරු කළාවූ, නිවනට පැමුණුනාවූ, සමාධි සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම විවේකය ඇසුරු කළාවූ, නොඇලීම ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුවාවූ, උපෙක්ඛා සම්බොජඣංගය වඩයි. මහණෙනි, මෙසේ වඩනලද, මෙසේ පුරුදු කරනලද, සප්තබොජ්ඣංගයෝ විජ්ජා විමුත්තිය (අර්හත්ඵලය හා නිර්වාණය) සම්පූර්ණ කරති.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්හ.

MN 03-01-04. සාමගාම සූත්‍රය

ශාසන යේ පරිහානිය අන්තර්ධානය ගැන අද බොහෝ දෙනා මත වාද ඉදිරිපත් කරති. මේ සම්බුද්ධ සාසනයේ පිරීහීමක් වෙන්නේ නම් ඒ සිදුවන්නේ අධර්මය ධර්මය ලෙස ප්‍රකට කරවීම හා මිනිසුන් එසේ අධර්මය ධර්මය සේ පිළිගැනීම නිසා පමණක් බව භාග්‍යවතුන් වහන්සේ මේ සුත්‍රයේදී වදාරයි.. සංඝයාගේ විනය පිරිහීම සාසන පරිහානියට තරම් වන කාරණයක් නොවන බවත් සංඝයාගේ ආරවුල් සන්සින්දුවා ගන්නට මේ ආර්ය සාසනයේ යොදා ඇති නොයෙක් මාර්ගයන් ගැනද මේ සුත්‍රයේ ලඝුවෙන් දැක්වේ.

එහෙත් අද ලංකාවේ බොහෝ සංඝයා වහන්සේ තම තමන් තේරුම් ගත්තේ මෙසේ යයි සුත්‍ර ධර්ම දෙසනා විකෘති ලෙස ඉදිරිපත් කරයි. ලාභ සත්කාර හා ප්‍රසිද්ධිය තකා මිනිසුන් තමන් වෙත නවා ගැනීමට මෙසේ අධර්මය ධර්මය ලෙස ඉදිරිපත් කිරීම මේ සුත්‍රයේ සඳහන් වන පරිදි සාසනයේ විනාසයේ මුල් කරුණයි. ඒ භික්ෂුන් නිවැරදි කර සාසනය පිරිසිදුව පවත්වා ගන්නට අනෙක් මහා ස්ථවිරයන්ට මේ සුත්රයේ සහ අනෙකුත් විනය පිටකයේ ස්ථානවල නොයෙක් ක්‍රියා කාරකම් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා ඇත. දැන්වත් මේ සඳහා රාජ්‍ය අනුග්‍රහය ද ගෙන සාසන ශුද්ධියක් කිරීමට කාලයයි.

§ 1. මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහිවූ “සාම” නම් ගමෙහි වැඩවසනසේක.

§ 2. එකල්හි “නිගණ්ඨනාත පුත්‍ර ” නම් ජෛන ශාස්තෘන් වහන්සේ පාවා නම් නුවර දී කාලක්‍රියා කළේය. ඔහුගේ මරණින් පසු ඔහුගේ ශ්‍රාවකයෝ දෙකොටසකට බෙදී ඔවුනොවුන් කෝලාහල කරමින් කළහ කරමින් දබර කරන්නට වන976. [976:- දීඝ නිකායේ 29 වන සුත්‍රය පාසාදික සුත්රය භාග්‍යවතුන් වහන්සේ ගෙන් පසු සංඝ සාමග්‍රිය ආරක්ෂා කර ගැනීම ගැන දක්වයි.]

‘නුඹ මේ ධර්ම විනය නොදන්නෙහිය, මම මේ ධර්ම විනය දනිමි. නුඹ කෙසේ මේ ධර්ම විනය දන්නෙහිද, නුඹ එහි වරදවා පිළිපන්නෙහිය. මම මනාකොට පිළිපන්නේ වෙමි. මම ශාස්තෘන් ගේ ධර්මය හරියටම අවබෝධ කෙළෙමි. නුඹට එහි අවබෝධයක් නොවේ. නුඹ පළමු කිය යුත්ත පසුව කීයෙහිය. පසුව කිය යුත්ත පළමු කීයෙහිය. තා විසින් පුරුදු නොකරණ ලද්ද, විවාදයට පැමිණ නැවතුනේය. තට වාදය නගන ලද්දේය. නිග්‍රහ කරණ ලද්දේවෙහිය. වාදයෙන් මිදීම පිණිස හැසිරෙව්, ඉදින් හැකි වන්නෙහි නම් අවුල් හරවයි.’ කියමින් එකම වධයක් මෙන් නිගණ්ඨනාත පුත්‍රයාගේ අතවැස්සන් මෙසේ දබර කෙරෙයි.

මේ නිගණ්ඨනාත පුත්‍රයාගේ සුදුවත් හඳනාවූ ගිහි ශ්‍රාවකයෝ මේ කලහය දැක නිගණ්ඨනාත පුත්‍රයාගේ අත වැස්සන් කෙරෙහි කළකිරුණහ. නොඇළුනු ස්වභාව ඇත්තාහුය, එම සසුනෙහි පසුබස්නා ස්වභාව ඇත්තාහු වෙත්. යහපත පිණිස නොකියන ලද්දාවූ යහ ඵලයක්න විද්පු‍යාමාන නොවන්නාවූ, නෛර්‍ය්‍යානික නොවූ, සංසිඳීම පිණිස නොපවත්නාවූ, සම්‍යක් සම්බුද්ධ නොවූවකු විසින් කියන ලද්දාවූ පිහිට නොසලසන්නාවූ පිළිසරණ නැත්තාවූ ධර්ම විනයක සැටි මෙසේ යැයි දුටහ.

§ 2. එසඳ “චුන්ද” සාමණේරයන් වහන්සේ978 [ සාරිපුත්ත මහා ස්වාමින් වහන්සේ ගේ බාලම සොහොයුරා ] පාවා නුවර වස් වසන ලදුව මේ සිදුවීම් දකින්නේ “අහෝ ශාස්තෘන් නැති කල්හි සාසනය මේසේ වැනසෙන්නේය. භගවත් ගෞතමයන් ගේ සාසනයටද මෙසේ වේදෝ හෝ”යි සන්වෙගවත් වුයේ සාම ගමට ගොස් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වෙත පැමිණ මේ සිද්ධියද තමන් මේ බුද්ධ සාසනය ටද මෙසේ වේදෝ යි සංවේගයට පත් බවද කීය.

මෙසේ කී කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම චුන්ද සමණුද්දෙසයන්ට “ඇවැත් චුන්දය, මේ කථා පුවත භාග්‍යවතුන් වහන්සේට දන්වන්නට වටනේමය. ඇවැත් චුන්දය, අප භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ මේ කාරණය භාග්‍යවතුන් වහන්සේට කියමුයි” කීයා දෙදෙනා වහන්සේම භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් වන්දනා කොට මෙපුවත දන්වා වදාළහ. ඉදින් ආනන්ද ආයුෂ්මතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ ද කීය.

“ස්වාමීනි, මේ සිද්ධිය නිසා අපටද මෙසේ අදහසක් ඇති විය. “අහෝ භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් සංඝයා අතර එබඳු වාද විවාදයෙක් නොම උපදීවා. එසේ වාද විවාද වුවොත්ය ඒ බොහෝදෙනාට අවැඩ පිණිස බොහෝ දෙනාට අලාභය පිණිස බොහෝ දෙනාට අනර්ථ පිණිස දෙවි මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස වන්නේය” කියායි.

§3. “ආනන්දය, තොප මේ ගැන කුමක් සිතන්නේද ,
මා විසින් නුවණින් අවබෝධකොටගත් යම් ධර්ම පරියායක් තොපට දේශනා කරණ ලද්දේද, එනම්,
(i) සතර සතිපට්ඨානයෝය,
(ii) සතර සම්‍යක් ප්‍රධානයෝය,
(iii) සතර ඍද්ධි පාදයෝය,
(iv) පඤ්චෙන්ද්‍රියයෝය,
(v) පඤ්ච බලයෝය,
(vi) සප්ත බොධ්‍යංගයෝය,
(vii) ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය
යන මේවාය.

§4 ආනන්දය, මා විසින් උගන්වන ලද්දාවූ මේ ධර්ම පරියායන් වෙනත් ආකාරකින් දැක්කාවූ යැයි කියන්නාවූ භික්ෂුන් දෙනමක් පමණකුදු ඔබ දැක ඇත්තේද?
“නැත ස්වාමිනි ඒ ධර්ම පරියායන් වෙනත් ආකාරයක වෙතැයි කියන්නාවූ කිසි භික්ෂුවක් මා නොදිටිමි. සියලු භික්ෂුන් මේ සියලු ධර්මයන් එකම ආකාරයෙන් වටහා ගත්තේ වෙති. ඒ ගැන මාර්ගය හෝ ප්‍රතිපදාව ගැන ඔවුනතර කිසිදු වාදයක් නැත.

.“ස්වාමීනි, එසේ වුවද යම් භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ ඇවෑමෙන් “ආජීවය” නිමිත්තෙන්979 හෝ ප්‍රාතිමොක්ඛය හේතුකොටගෙන හෝ විවාද කරන්නාහු නම් , ඒ විවාදය බොහෝදෙනාට අවැඩ පිණිස බොහෝදෙනාට දුක පිණිස බොහෝදෙනාට අනර්ථ පිණිස දෙවි මිනිසුන්ට අහිත පිණිස වන්නේයයි” ආනන්ද ස්ථවිරයන් කීය. [979: – භාග්‍යවතුන් වහන්සේ ජීවත්ව සිටියදී පවා මෙවන් වාද ඇති වූ බව මජ්ජිම නිකායේ කොසඹී සුත්‍රයේ දැක්වේ.]

.“ආනන්දය, ආජීවය හේතුකොටගෙන හෝ ප්‍රාතිමොක්ෂය හේතුකොටගෙන හෝ වාදයක්, විවාදයෙක් වේද, ඒ ඉතා සුළු වූ අල්ප වූ අවැදගත් වූ එකකි. ආනන්දය, මාර්ගය හෝ ප්‍රතිපදාව ගැන හෝ සංඝයා අතර විවාදයෙක් උපදින්නේද, ඒ විවාදය බොහෝදෙනාට අවැඩ පිණිස බොහෝදෙනාට අනර්ථය පිණිස දෙවි මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස වන්නේයයි” වදාළේය.

වීවාද මුල

§5 . “ආනන්දය, විවාදයට මුල්වන්නාවූ කරුණු සයක් වෙත්.
කවර සයක්ද යත්?

§5 ආනන්දය, මේ ශාසනයෙහි මහනෙකු
(i) ඉක්මන් කෝප ඇත්තෙක්වේද එකට එක කරන්නෙක් වේද,
හෙතෙම ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නොකරන්නෙක්ව, යටහත් පැවතුම් නැත්තෙක්ව වාසය කරයි. ධර්මය කෙරෙහිද ගෞරව නොකරන්නෙක්ව, යටහත් පැවතුම් නැත්තෙක්ව වාසය කරයි. සංඝයා කෙරෙහිද ගෞරව නොකරන්නෙක්ව, යටහත් පැවතුම් නැත්තෙක්ව වාසය කරයි. ශීලයද සම්පූර්ණ නොකරන්නෙක් වෙයි. ආනන්දය, යම් මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නොකරන්නේද, යටහත් පැවතුම් නැත්තෙක්ව වාසය කෙරේද, ධර්මය කෙරෙහි ගෞරව නැත්තේ යටත් පැවතුම් නැත්තේ වාසය කෙරේද, සංඝයා කෙරෙහි ගෞරව නොකරන්නෙක්ව, යටහත් පැවතුම් නැත්තෙක්ව වාසය කෙරේද, ශීලය සම්පූර්ණ නොකරන්නෙක් වේද, හෙතෙම සංඝයා අතර වාද විවාද උපදවයි. ඒ විවාදය බොහෝදෙනාට අවැඩ පිණිස, බොහෝදෙනාට දුක පිණිස, බොහෝදෙනාට අනර්ථ පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස පවතියි.

ආනන්දය, ඉදින් තෙපි මේ විවාදයට මුල් කරුණවන අමනාපය, තරහව, කෝපය තමා කෙරෙහි හෝ පිටත්හි හෝ දකින්නාහුද, ආනන්දය, එහි තෙපි ඒ ලාමකවූ විවාද මූලය පහකිරීම පිණිස උත්සාහ දැරිය යුතුය. ආනන්දය, ඉදින් තෙපි මේ විවාදමූලය තමා කෙරෙහි හෝ පිටත්හි හෝ නොදක්නහු නම්, ආනන්දය, එහි තෙපි ඒ ලාමකවූ විවාද මූලය මත්තෙහි හටනොගැණීම පිණිස පිළිපදිය යුතුය.. මෙසේ මේ ලාමකවූ විවාද මූලයේ දුරුකිරීම වේ. මෙසේ මේ ලාමකවූ විවාද මූලයෙහි මතු හටගැනීම නොවේ

(ii) (මක්ඛය). “ආනන්දය, මහණකු ගුණමකු වූයේද (අනුන්ගේ ගුණ මැකීම) : බොහෝ විට තමනට උදව්වක් කල ශ්රමණයෙකු ගැන නරක කීම, සබ්‍රහ්මචරින්ගේ කිසිදු හොඳක් නොදැක, නරක පමණක් දැකීම වේද. …………….. මෙසේ මේ ලාමක විවාද මූලයාගේ මත්තෙහි නොහටගැනීම වේ.

(iii) පලාසය “ආනන්දය, මහණකු තමාට වඩා උසස් මහණෙකු (සමාජ පිළිගැන්මෙන්, ටානාන්තරයෙන්) තමා හා සමයයි සිතීම, තමාගේ දායකයන් සබ්රහ්මචරින්ගේ දායකයන්ට වඩා හොඳයි සිතීම, මෙය බොහෝ විට ඇතිවන්නේ මක්ඛය ද සමගමය. හිත කෙලෙසන්නකි.

(iv) මච්චරිය (තමාගේ ඇති සම්පත් සැඟවීම): පලාසය සමගම ඇතිවෙන මේ ධර්මය තමන්ගේ දේ සැගවීම, නැති බවක් පෙන්වීම, තමන්ගේ සතුට සැපය රැකගන්නට නිත්‍ය ලෙස තබාගන්නට හැකි යයි, ඇතිවෙන ධර්මතාව.

(v) ඉච්චා: අනුන් හෙලා දකින සුළු ගතිය , තමන් ප්‍රධානියා ලෙස අනුන් සිතා ගනිත්වායි කැමැත්ත

(vi) සටෝ “ආනන්දය, මහණකු කෛරාටිකවූයේද අනුන් මායාවෙන් රවටාද (මායාවී) ,……..

යුග ග්‍රාහ ප්‍රදාස ඇත්තේ වේද ……

(vii) පාපී සිතුවිලි හා මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ වෙයිද…..

(viii) තමාගේ දෘෂ්ටියම පමණක් අදහන්නේ අන් මතයක් නොපිලි ගනීද

. හෙතෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේ යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. ධර්මය කෙරෙහිද ගෞරව නැත්තේ යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. සංඝයා කෙරෙහිද ගෞරව නැත්තේ යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. ශික්ෂාවෙහිද සම්පූර්ණ කිරීම ඇත්තේ නොවෙයි. ආනන්දය, යම් ඒ මහණෙක් තෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේ යටත් පැවතුම් නැත්තේ වාසය කෙරේද, ධර්මය කෙරෙහි ගෞරව නැත්තේ යටත් පැවතුම් නැත්තේ වාසය කෙරේද, සංඝයා කෙරෙහි ගෞරව නැත්තේ යටත් පැවතුම් නැත්තේ වාසය කෙරේද, ශික්ෂාවෙහි සම්පූර්ණ කිරීම ඇත්තේ නොවේද, හෙතෙම සංඝයා කෙරෙහි යම් විවාදයක් බොහෝදෙනාට අවැඩ පිණිස, බොහෝදෙනාට නොසැප පිණිස, බොහෝදෙනාට අනර්ථ පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස වේද, එබඳු විවාද උපදවයි.

ආනන්දය, ඉදින් තෙපි මෙබඳු විවාදයට මුල් කරුණු තමා කෙරෙහි හෝ පිටත්හි හෝ දකින්නාහුද, ආනන්දය, තෙපි ඒ ලාමකවූ විවාදමූලය දුරුකිරීමට උත්සාහ කල යුත්තේමය.

. ආනන්දය, ඉදින් තෙපි මෙබඳු විවාද මූලය තමා කෙරෙහි හෝ පිටත්හි හෝ නොදක්නාහු නම් ආනන්දය, තෙපි ඒ ලාමකවූ විවාදමූලයාගේම මත්තෙහි නොහටගැනීම පිණිස පිළිපදින්නාහුය. මෙසේ මේ ලාමකවූ විවාද මූලයාගේ දුරුකිරීම වේ. මෙසේ මේ ලාමක විවාද මූලයාගේ මත්තෙහි නොහටගැනීම වේ.

. ආනන්දය, මේ වනාහි විවාදයට මුල් වන කාරනා සය වෙත්.

අධිකරණ සතර

හොර්නර් මහත්මා ගේ පරිවර්තනයේ අධිකරණ යනු නීතිමය ප්‍රශ්න විභාග කිරීම ලෙස දැක්වේ. මේ පාලි වචනය අපේ රටේ උසාවි සහ නීතිමය ප්‍රශ්න විසඳාලන ආයතන සඳහා බොහෝ කලක සිට භාවිතා වන්නේ එය අද සිංහල වචනයක් ලෙස පාවිච්චි වේ.

§ 6-‘ආනන්දය, අධිකරණ සතරක් වෙත්.
(a) ප්‍රතිපදාව හෝ විනය ගැන විවාද විසදුමට අධිකරණය, (විවාදාධිකරණය)
(b) සීල විපත්ති ආදීන් චොදනා කිරීම් පිළිබඳ අධිකරණය, (අනුවාදාධිකරණය)
(c) සප්ත ආපත්ති ස්කන්ධයන් පිළිබඳවූ අධිකරණය, (ආපත්තාධිකරණය)
(d) අවලොකන ආදී කටයුතු පිළිබඳ අධිකරණය, (කිච්චාධිකරණය)
ආනන්දය, මේ වනාහි අධිකරණයෝ සතර වෙත්.

§ 7 “ආනන්දය, උපන් අධිකරණයන්ගේ විසඳුම පිණිස සමථය පිණිස සංසිඳීම පිණිස අධිකරණ සමථ විසඳීම් ආකාර සතක් වෙත්. [විනය පිටකයේ 4 වන පොතේ විස්තර සහිතව සදහන් වේ.]

සම්මුඛා විනය දිය යුත්තේය.
සති විනය දියයුත්තේය.
අමුළ්හ විනය දියයුත්තේය.
ප්‍රතිඥාවෙන් කරවිය යුතුයි.
යෙභුය්‍යසිකාවය,
තස්සපාපිය්‍යසිකාය,
තිණවත්ථාරකය, යන සතයි.

. § 7.1. “ආනන්දය, කෙසේ නම් සම්මුඛා විනය වේද?

ආනන්දය, මේ ශාසනයෙහි භික්ෂූහු අධර්මය ධර්මයයි කියමින් හෝ ධර්මය අධර්මයයි කියමින් හෝ අවිනය විනයයි කියමින් හෝ විනය අවිනයයි කියමින් මත දෙසයිද, කලහ කෙරෙත්ද, ආනන්දය, එකල සියලුම ජ්‍යෙෂ්ඨ භික්ෂූන් විසින් සමගිව රැස්විය යුතුයි.
එසේ රැස්ව ධර්ම විනය පරීක්ෂාකර බැලියයුතුයි.
ධර්ම නීතිය අනුව චුදිත භික්ෂුව ගේ ප්‍රකාශ පරීක්ෂාකොට බලා යම් ආකාරයකින් ධර්ම නීතිය හා සමවේද, ඒ ආකාරයෙන් ඒ අධිකරණය, කලහය, සංසිඳවිය යුතුයි.
ආනන්දය, මෙසේ සංසිඳුවීම සම්මුඛා විනය නම් සංසිඳුවීමවේ. මෙසේ මේ ශාසනයෙහි සමහර අධිකරණයන්ගේ සංසිඳීම සම්මුඛා විනයයෙන් වේ.

§ 7,2 – “ආනන්දය, කෙසේනම් යෙභුය්‍යසිකා නම් සංසිඳවීම වේද,

ආනන්දය, ඉදින් ඒ භික්ෂූහු ඒ අධිකරණය ඒ ආවාසයෙහි ජ්‍යෙෂ්ඨ භික්ෂුන් වහන්සේලාට සංසිඳවන්ට නොහැකිවෙත් නම්, ආනන්දය, ඒ භික්ෂූන්ට වඩා වැඩි ප්‍රමාණයක් භික්ෂූහු සිටිනා ආවාසයක් තෝරාගෙන එහි යා යුත්තේය.
එහි සියල්ලන්ම සමගිව රැස්විය යුතුයි.
රැස්ව ධර්මය හා විනය අනුව එම චෝදනාව යලි පරීක්ෂාකර බැලිය යුතුයි.
ධර්ම විනය අනුව පරීක්ෂාකර බලා යම් ආකාරයකින් ධර්ම විනය හා සමවේද, ඒ ආකාරයෙන් ඒ අධිකරණය සංසිඳවිය යුතුයි. ආනන්දය, යෙභුය්‍යසිකා නම් සංසිඳවීම මෙසේ වේ. මේ ශාසනයෙහි ඇතැම් අධිකරණයන්ගේ සංසිඳීම මෙසේද වේ. එනම්, යෙභුය්‍යසිකාවෙනි.

§ 7.3 “ආනන්දය, කෙසේ නම් සතිවිනය නම් සංසිඳවීම වේද,

ආනන්දය, මේ ශාසනයෙහි මහණකු තවත් මහණෙකුට පාරාජිකාවකින් හෝ පාරාජිකාවට ලංවූ ඇවතකින් හෝ මෙබඳු ගරු ඇවතකින් ‘ආයුෂ්මත් තෙමේ පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණි බව මතකදැයි’ චෝදනා කරන්නේය .එවිට හෙතෙම ඇවැත්නි, මට පාරාජිකාවකට හෝ පාරාජිකාව ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණි බවක් මට සිහි නොවෙමියි’ කියන්නේද, ආනන්දය, ඒ භික්ෂූහුහට සතිවිනය නම් පිළිවෙතින් සතිය විමසීම කොට සංසිඳවීම දිය යුත්තේය.

ආනන්දය, සතිවිනය නම් සංසිඳවීම මෙසේ වේ. මෙසේද වනාහි මේ සස්නෙහි ඇතැම් අධිකරණයන්ගේ සංසිඳීමවේ. එනම්, සතිවිනයයෙනි.

§ 7.4 -“ආනන්දය, කෙසේ නම් අමූළ්හ විනය නම් සංසිඳවීම වේද,

ආනන්දය, මේ ශාසනයෙහි මහණකු තවත් මහණෙකුට පාරාජිකාවකින් හෝ පාරාජිකාවට ලංවූ ඇවතකින් හෝ මෙබඳුවූ ගරු ඇවතකින් ‘ආයුෂ්මත් තෙමේ පාරාජිකාවකට හෝ පාරාජිකාව ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණි බව මතකදැයි චොදනා කරන්නේය. හෙතෙම ‘ඇවැත්නි, මම පාරාජිකාවකට හෝ පැමිණියේ පාරාජිකාව ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණිබව මතක නැතැයි කියන්නේය. හෙතෙම ඔහුට අවුල් හැරීම වැඩියක් අවුල් කෙරෙයි.

‘ආයුෂ්මත් තෙමේ යහපත්වම දැන ගනු මැනව. ඉදින් පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණි බව සිහි කෙරෙහිදැයි’ කියායි හෙතෙම මෙසේ කියයි. ‘ඇවැත්නි, මම වනාහි උමතු බවට, චිත්තයාගේ පෙරළීමට පැමිණියෙමි. ඒ උමතුවූ මා විසින් ශ්‍රමණයන්ට නුසුදුසුවූ බොහෝ දේ කරන ලදී. නුසුදුසු වචන කියනලදී. නුසුදුසු ක්‍රියා කරනලදී. මට එය මතක නැත. මුලාවූ මා විසින් එය කරණලදැයි’ කියන්නේය.

ආනන්දය, ඒ භික්ෂුහට අමූළ්හ විනය නම් සංසිඳුවීම දිය යුතුයි. ආනන්දය, මෙසේ වනාහි අමූළ්හ විනය නම් සංසිඳවීම වේ. මෙසේද වනාහී මේ ශාසනයෙහි ඇතැම් අධිකරණයන්ගේ සංසිඳීම වේ. එනම්ත අමූළ්හ විනයයෙනි.

§ 7 5- “ආනන්දය, කෙසේ නම්, පටිඤ්ඤාත කරණය සංසිඳවීම වේද,

ආනන්දය, මේ ශාසනයෙහි යම් මහණකු චොදනා කරණ ලද්දේ හෝ චෝදනා නොකරණ ලද්දේ හෝ මහණකු ඇවත සිහි කරයිද, ප්‍රකාශ කරයිද, ප්‍රකට කෙරේද, ආනන්දය, ඒ භික්ෂුව විසින් වැඩිමහලු භික්ෂුවක් කරා පැමිණ සිවුර එකාංශ කොට පොරවා පා වැඳ උක්කුටුකයෙන් ඉඳ ඇඳිලි බැඳගෙණ ‘ස්වාමීනි, මම මෙනම් ඇවතකට පැමිණියෙමි. එය දේශනා කරමියි’ මෙසේ කියයුතු වන්නේය.
වැඩි මහලු භික්ෂුව ‘ඇවත දක්නෙහිදැයි අසයි.’ හෙතෙම දක්නෙමියි කියන්නේය.
‘මත්තෙහි සංවරයට පැමිණෙන්නෙහිදැයි’ වැඩිමහල් තෙරුන් වහන්සේ අසයි.
‘සංවරයට පැමිණෙන්නෙමියි’ හෙතෙම කියන්නේය.
ආනන්දය, පටිඤ්ඤාතකරණය නම් සංසිඳවීම මෙසේ වේ.
මෙසේද ඇතැම් අධිකරණයන්ගේ සංසිඳීමවේ. එනම්, පටිඤ්ඤාත කරණයෙනි.

§ 7.6 -“ආනන්දය, කෙසේ නම්, තස්සපාපිය්‍යසිකා නම් සංසිඳවීම වේද?

ආනන්දය, මේ ශාසනයෙහි මහණෙක් තවත් මහණෙකුට ‘පාරාජිකාවකින් හෝ පාරාජිකාවට ලංවූ ඇවතකින් හෝ මෙබඳුවූ ගරු ඇවතකින් ආයුෂ්මත් තෙමේ පාරාජිකාවකට හෝ පාරාජිකාවකට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණියා මතකදැයි’ චොදනා කරන්නේය.
හෙතෙම මෙසේ කියයි. ‘ඇවැත්නි, මම පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණියා මට මතක නැතැයි’ කියන්නේය. හෙතෙම ඔහුට අවුල් හරින්නහු වැඩියක් අවුල් කෙරෙයි. ‘ආයුෂ්මත් තෙමේ, ඉදින් පාරාජිකාවකට හෝ, පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණිබව මතක් වෙහිදැයි මනාකොටම දැනගනුවයි’ කියයි.
‘ඇවැත්නි, මට පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණි බව මතක නැත. ඇවැත්නි, මෙබඳු කුඩා ඇවතකට පැමිණිබව මතකයයි’ කියායි.
හෙතෙම අවුල් හරින්නහු වඩාත් අවුල් කෙරෙයි. ‘ආයුෂ්මත් තෙමේ ඉදින් පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණි බව මතකදැයි’ මනාකොට දැන ගනුවයි’ කියායි.
හෙතෙම මෙසේ කියයි. ‘ඇවැත්නි, මම වනාහි මෙනම් සුලු ඇවතකට පැමිණ නොඅසනලදුවම ප්‍රකාශ කරන්නෙමි. කිමෙක්ද? මම පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණ අසන ලදුව ප්‍රකාශ නොකරන්නෙම්දැ’යි කියන්නේය. හෙතෙම මෙසේ කියයි.
. ‘ඇවැත්නි, නුඹ වනාහි මෙනම් සුලු ඇවතකට පැමිණ නො අසන ලදුව ප්‍රකාශ නොකරන්නෙහිය, කිමෙක්ද, ඔබ පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතට පැමිණ අසන ලදුව ප්‍රකාශ කරන්නෙහිද? ආයුෂ්මත් තෙමේ ඉදින් පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණි බව සිහි වන්නෙහිදැයි මනාකොටම දැනගනුවයි’ කියන්නේය.
ඒ භික්ෂු තෙමේ ‘ඇවැත්නි, මට පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතට පැමිණි බව මතකය, ඉක්මන් කම නිසා හෝ අනිකක් කියනු කැමතිව මා විසින් මෙසේ අනිකක් කීම නිසා හෝ මට පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතට පැමිණි බව මතක නැතැයි’ කියනලදී.

ආනන්දය, තස්සපාපිය්‍යසිකා නම් සංසිඳවීම මෙසේ වේ. මෙසේද ඇතැම් අධිකරණයන්ගේ සංසිඳීම වේ. එනම්, තස්ස පාපිය්‍යසිකාවෙනි.

§7.7 -“ආනන්දය, කෙසේ නම් තිණවත්ථාරක නම් සංසිඳවීම වේද?

ආනන්දය, මේ ශාසනයෙහි දබර කරන්නාවූ කලහ කරන්නාවූ විවාදයට පැමිණ වාසය කරන්නාවූ භික්ෂූන්ගේ බොහෝවූ ශ්‍රමණයන්ට නුසුදුසුවූ කියන ලද දෙය හා කරණලද දෙය පුරුදු කරණ ලද්දේ වෙයි. ආනන්දය, ඒ සියලුම භික්ෂූන් සමගිව රැස්විය යුතුයි. රැස්ව එක්පක්ෂයෙහිවූ භික්ෂූන්ගෙන් ඉතා දක්ෂවූ භික්ෂුවක් විසින් හුනස්නෙන් නැගිට සිව්රු ඒකාංස කොට ඇඳිළි බැඳගෙන සංඝයාහට මෙසේ දැන්විය යුත්තේය.

‘ස්වාමීනි, රැස්ව සිටින සියලු සංඝයා වහන්සේ මා කියන්නක් අසත්වා. හටගත් දබර ඇත්තාවූ හටගත් කලහ ඇත්තාවූ විවාදයට පැමිණ වාසය කරන්නාවූ අපගේ මේ බොහෝවූ ශ්‍රමණයන්ට නුසුදුසුවූ කියන ලද්දාවූද, කරන ලද්දාවූද, පුරුදු කරණ ලද්දාවූද දේවෙයි.‘ඉදින් සංඝයාට පැමිණි කල් ඇත්තේ නම්, මම මේ ආයුෂ්මතුන්ලාගේ යම් ඇවතකුත් වේද, තමන්ගේ යම් ඇවතකුත්වේද, මහත් වරද සහ ගිහියන් පිළිබඳ වරද හැර යම් සෙසු සියලු ඇවැත් මේ ආයුෂ්මතුන්ලාගේ ප්‍රයෝජනය පිණිසද, තමන්ගේ ප්‍රයෝජනය පිණිසද, සංඝයා මධ්‍යයෙහි තිණවත්ථාරක කර්මයෙන් දේශනා කරන්නෙමියි.’ (කියයුතුය)

“ඉක්බිති අනික් පක්ෂයෙක්හිවූ භික්ෂූන්ගෙන් ඉතා දක්ෂවූ භික්ෂුවක් විසින් හුනස්නෙන් නැගිට සිව්ර එකාංශ කොට පොරවා ඇදිළි බැඳගෙණ සංඝයාහට දැන්විය යුත්තේය.
‘ස්වාමීනි, මේ රැස්වූ සංඝ සමාගම මා කියන්නක් අසන සේක්වා. දබර කරන්නාවූ කලහ කරන්නාවූ විවාදයට පැමිණ වාසය කරන්නාවූ අපගේ ඒ බොහෝ වූ ශ්‍රමණයන්ට නුසුදුසුවූ කියන ලද්දාවූද, කරණ ලද්දාවූද, පුරුදු කරණ ලද්දාවූද දේවෙයි. ඉදින් සංඝයාට පැමිණි කල් ඇත්තේ නම්, මම මේ ආයුෂ්මතුන්ලාගේ යම් ඇවතකුත් වේද, තමාගේ යම් ඇවතකුත් වේද, මහත් වරද සහ ගිහියන් පිළිබඳ වරද හැර සෙසු සියලු වරද මේ ආයුෂ්මතුන්ලාගේ ප්‍රයෝජනය පිණිසද, තමාගේ ප්‍රයෝජනය පිණිසද, සංඝයා මධ්‍යයෙහි තිණවත්ථාරක කර්මයෙන් දෙසන්නෙමියි’ (කිය යුතුය).

“ආනන්දය, මෙසේ තිණවත්ථාරක නම් සංසිඳවීම වේ. මෙසේද වනාහි මේ ශාසනයෙහි ඇතැම් අධිකරණයන්ගේ සංසිඳීමවේ. එනම්, තිණවත්ථාරකයෙනි.

§ 8– “ආනන්දය,
ප්‍රියබව ඇතිකරන්නාවූ ගරුබව ඇති කරන්නාවූ සමගියෙන් රැස්වීම පිණිස විවාද නොකිරීම පිණිස සමගිය පිණිස එක්වීම පිණිස සිහිකටයුතු ධර්ම සයක් මේ සාසනයෙහි පවතිත්. එක්ව මහණදම් පුරන්නවුන් කෙරෙහි ඉදිරියෙහිද නොඉදිරියෙහිද (දුරින් සිටිනා සබ්‍රහ්මචාරීන් කෙරෙහිද) කලයුතු සංග්‍රහ සයක් මේ සසුනෙහි වෙයි.

කවර සයක්දයත්?

8.1. ආනන්දය, මේ ශාසනයෙහි මහණහුගේ මෛත්‍රී කාය කර්මය එළඹ සිටියේ වෙයිද. ප්‍රියබව ඇති කරන්නාවූ ගරුබව ඇතිකරන්නාවූ මේ සිහිකටයුතු ධර්මයද රැස්වීම පිණිස විවාද නොකිරීම පිණිස සමගිය පිණිස එක් වීම පිණිස පවතියි.

8.2. “ආනන්දය, නැවතද අනිකක් කියමි එකට මහණදම් පුරන භික්ෂුන් කෙරෙහි ඉදිරියෙහිද නොඉදිරියෙහි භික්ෂුහුගේ මෛත්‍රි වාග් කර්මය එළඹ සිටියේ වෙයි. ප්‍රිය කරන්නාවූ, ගරුකරන්නාවූ, මේ සිහිකටයුතු ධර්මයද සංග්‍රහය පිණිස විවාද නොකිරීම පිණිස සමගිය පිණිස එකඟ බව පිණිස පවතියි.

8.3. “ආනන්දය, නැවත අනිකක් කියමි. සබ්‍රම්සරුන් අභිමුඛයෙහිද අනභිමුඛයෙහිද භික්ෂුවගේ මෛත්‍රි මනොකර්මය එළඹ සිටියේ වෙයි. ප්‍රියබව කරන්නාවූ ගරුබව කරන්නාවූ මේ සිහි කටයුතු ධර්මයද, රැස්වීම පිණිස විවාද නොකිරීම පිණිස සමගිය පිණිස එක්වීම පිණිස පවතියි.

8.4. “ආනන්දය, නැවත අනිකක්ද කියමි. මහණතෙම යම් ඒ ධාර්මිකවූ දැහැමින් ලබනලද්දාවූ යටත් පිරිසෙයින් (පාත්‍රපර්යාපන්න මාත්‍රයකුදු) පාත්‍රයෙහි ඇතුළත් වූවක් පමණවූද ලැබීමක් වෙත්ද, එබඳුවූ ලැබීම් සිල්වත්වූ සබ්‍රම්සරුන් හා බෙදා හදා සමව බෙදා වළඳන්නෙක් වේද, ප්‍රියබව ඇති කරන්නාවූ ගරු බව ඇති කරන්නාවූ මේ සිහි කටයුතුවූ ධර්මයද, රැස්වීම පිණිස අවිවාද පිණිස සමගිය පිණිස එක්වීම පිණිස පවතියි.

8.5. “ආනන්දය, නැවතද අනිකක්ද කියමි. මහණ තෙම කඩනොවූ සිදුරු නොවූ කබර නොවූ කැළල් නොවූ දාසකමින් මිදුනාවූ නුවණැත්තන් විසින් පසස්නා ලද්දාවූ තෘෂ්ණා දෘෂ්ටි දෙකින් අල්වා නොගන්නා ලද්දාවූ සමාධිය පිණිස පවත්නාවූ යම් සීලයෝ වෙත්ද, එබඳු සීලයන් වඩන්නාවූ මහණහු සිය සබ්‍රම්සරුන් හා ඉදිරියෙහිද නොඉදිරියෙහිද සීලයෙන් සමාන බවට පැමිණ වාසය කරයිද ප්‍රියබව ඇතිකරන්නාවූ ගරුබව ඇතිකරන්නාවූ මේ සිහි කටයුතුවූ ධර්මයද රැස්වීම පිණිස අවිවාදය පිණිස සමගිය පිණිස එක්වීම පිණිස පවතියි.

8.6. “ආනන්දය, නැවත අනිකක්ද කියමි. මහණහු තමන් පිළිපදින්න වූ යම් ආර්‍ය්‍යවූ නෛර්‍ය්‍යාණිකවූ එය පිළිපදින්නාහුගේ දුක් නැසීම පිණිස පවත්නාවූ යම් ප්‍රඥාවක් වෙයිද එබඳු ප්‍රඥාවෙන් සබ්‍රම්සරුන් හා ඉදිරියෙහිද නොඉදිරියෙහිද සමාන බවට පැමිණ වාසය කරයිද, ප්‍රියබව ඇතිකරන්නාවූ ගරුබව ඇතිකරන්නාවූ මේ සිහිකටයුතු ධර්මයද රැස්වීම පිණිස අවිවාදය පිණිස එක්වීම පිණිස පවතියි.

ආනන්දය, ප්‍රියබව ඇතිකරන්නාවූ ගරුබව ඇතිකරන්නාවූ මේ සිහි කටයුතු ධර්ම සය රැස්වීම පිණිස අවිවාදය පිණිස සමගිය පිණිස එක්වීම පිණිස පවතිත්. ආනන්දය, ඉදින් තෙපි මේ සිහිකටයුතු ධර්ම සය සමාදන්ව පවත්නාහු නම්, ආනන්දය, තෙපි නොඉවසන්නාවූ කුඩා වරද ඇත්තාවූ හෝ මහත් වරද ඇත්තාවූ යම් වචනයක් දකිව්ද?”
“ස්වාමීනි නැත”
“ආනන්දය, එහෙයින් මේ සිහි කටයුතු ධර්ම සය සමාදන්ව පවතිව්.
එය තොපට බොහෝ කලක් හිත පිණිස සැප පිණිස වන්නේය.

”භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය.
සතුටු සිත් ඇත්තාවූ ආයුෂ්මත් ආනන්දස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තේය.


AN 04-03. උරුවෙල වර්‍ගය

AN 04-03-01. සද්‍ධම්ම ගරුක සූත්‍රය

§ 1. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනයෙහි අනේපිඬු සිටුහුගේ අරමෙහි වාසය කරණ සේක. එකල්හි දිනක භාග්‍යවතුන් වහන්සේ, ’’මහණෙනි’’ යි කියා භික්‍ෂූන් ආමන්ත්‍රණය කළ සේක. ’’පින්වතුන් වහන්ස’’, කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

§ 2. ’’මහණෙනි, මම සම්බුද්ධත්වය අවබෝධ කල මුල් දිනයක උරුවෙල රටෙහි, නෙරඤ්ජරා නදී තීරයෙහි, අජපාල නුග රුක මුල සමාධිමත්ව, හුදෙකලාව නිදහස්ව  විවේකව හුන්නාවූ  මට මෙබඳු  කල්පනාවක් පහළ විය. තමා විසින් ගරු කටයුතු ගුරු භක්තියෙන් පිදියයුතු අනෙකෙකු නැත්තා සිතින් විඳිය හැකි සොම්නස නොවිඳියි. එසේ හිඳුම දුකකි. මම කවර නම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ගරු සත්කාරකොට, පරමාදර්ශ කොට , ආශ්‍රයකොට වාසය කරම්ද?
’’මහණෙනි, ඒ සිතුවිල්ල විමසන මට මෙසේ දැකුම විය.

(i) , මම සම්පූර්‍ණ නොවූ සීලක්ඛන්‍ධයාගේ සම්පූර්‍ණ කිරීමක් ඇවැසි වේ නම් ඒ අසම්පුර්නවූ  සීලය සම්පුර්ණ කිරීමට උපදෙස් ගන්නට සුදුසු, අනෙක් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ සොයා  සත්කාරකොට, ගරුකාරකොට, ඇසුරු කොට වාසය කරන්නෙම් නම් ඒ කල හැක්කකි. එසේ නමුත්  දෙවියන්, මරුන්, බඹුන්  අනන්ත ශ්‍රමණ බ්‍රාහ්මණයන් අතරද  මට වඩා ශීලයෙන් වැඩිවූ හෝ සමවූ , අනික් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ නුවණැසින් නොදුටිමි. [CLIK: දීඝ නිකායේ බ්‍රහ්මජාල සුත්‍රය 7 චුල සීලය , 8 මැදුම් සීලය, 9 මහා සීලය කියවන්න)

(ii) ’’මම සම්පූර්‍ණ නොවූ සමාධික්ඛන්‍ධයාගේ සම්පූර්‍ණ කිරීමක් ඇවැසි වේ නම් ඒ අසම්පුර්නවූ  සමාධිය සම්පුර්ණ කිරීමට උපදෙස් ගන්නට සුදුසු, අනෙක් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ සොයා  සත්කාරකොට, ගරුකාරකොට, ඇසුරු කොට වාසය කරන්නෙම් නම් ඒ කල හැක්කකි. එසේ නමුත්  දෙවියන්, මරුන්, බඹුන් ද අනන්ත ශ්‍රමණ බ්‍රාහ්මණයන් අතරද  මට වඩා සමාධියෙන් වැඩිවූ හෝ මා හා  සමවූ , අනික් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ නුවණැසින් නොදුටිමි.

(iii)  සම්පූර්‍ණ නොවූ ප්‍රඥාස්ඛන්‍ධයාගේ සම්පූර්‍ණ කිරීමක් ඇවැසි වේ නම් ……. නොදුටිමි..
(iv) ’’මම සම්පූර්‍ණ නොවූ විමුක්ති ස්ඛන්‍ධයාගේ සම්පූර්‍ණ …… නොදකිමි.
’’ එසේ හෙයින් මහණෙනි, මා විසින් අවබෝධ කරණ ලද ධර්‍මය ශ්‍රේෂ්ඨ බව දැක, ඒ ධර්‍මය මම සත්කාරකොට, ගරුකාරකොට, ආශ්‍රයකොට වාසය කරන්නෙම් නම් යෙහෙකැයි යන මේ සිත ඇතිවිය.

§ 3. . ’’මහණෙනි, එකල්හි සහම්පතී මහා බ්‍රහ්මයන්, ඔහුගේ සිතින් මගේ සිතෙහි පහළවූ අදහස දැන, යම් සේ බලවත් පුරුෂයෙක් හැකුලූ අත දිග හරින්නේද, දිගු කළ අත හකුථවන්නේද, එසේ සැනෙකින්ම  බ්‍රහ්ම ලෝකයෙන් අන්තර්ධාන වී මගේ ඉදිරියෙහි පහළවිය. මහණෙනි, ඉක්බිති සහම්පතී බ්‍රහ්ම තෙම උතුරු සථව ඒකාංශකොට පෙරවා, දකුණු දන මඩල පොළොවෙහි ඇන,  ඇඳිලි බැඳ වැඳ නමස්කාර කොට මෙසේ කීය. 
“භාග්‍යවතුන් වහන්ස, එය එසේමය. සුගතයන් වහන්ස, එය එසේමය. ස්වාමීනි, අතීත කාලයෙහි යම්  අර්‍හත් සම්බුදු කෙනෙක් වූවාහුද, උන්වහන්සේලාද ධර්‍මයම සත්කාරකොට ගරුකාරකොට, ආශ්‍රයකොට වාසය කළාහුය.

ස්වාමීනි, අනාගත කාලයෙහි යම් ඒ අර්‍හත් සම්බුදු කෙනෙක් වන්නාහුද, උන්වහන්සේලාද ධර්‍මයම සත්කාරකොට ගරුකාරකොට, ආශ්‍රයකොට වාසය කරත්.

ස්වාමීනි, දැන් අර්‍හත් සම්‍යක් සම්බුද්‍ධවූ භාග්‍යවතුන් වහන්සේද ධර්‍මයම සත්කාරකොට, ගරුකාරකොට, ආශ්‍රයකොට වාසය කෙරෙත්වා. සහම්පතී මහා බ්‍රහ්ම රාජයා මෙසේ කීයේය. මෙසේ කියා නැවතද මෙසේ කීයේය. 

‘යෙ ච අතීතා සම්බුද්ධා, 
යෙ ච බුද්ධා අනාගතා; 
යො චෙතරහි සම්බුද්ධො,
බහූනං   සොකනාසනො.
‘‘සබ්බෙ සද්ධම්මගරුනො,
වීහරිංසු  විහරන්ති ච;
අථොපි විහරිස්සන්ති, 
එසා බුද්ධාන ධම්මතා.
‘‘තස්මා හි අත්තකාමෙන ,
 මහත්තමභිකඞ්ඛතා;
 සද්ධම්මො ගරුකාතබ්බො, 
සරං බුද්ධාන සාසන’’න්ති.

’අතීත කාලයෙහි යම් සම්බුදු කෙනෙක් වූවාහුද,
අනාගත කාලයෙහි යම් බුදු තෙනෙක් වන්නාහුද,
බොහෝ දෙනාගේ ශොක නසන වර්‍තමාන යම් බුදුවරයෙක් වේද,
ඒ සියලු දෙනා වහන්සේම සද්‍ධර්‍ම ගරුකව වාසය කළාහුය.
වාසය කරත්. යලිදු වාසය කරන්නාහුය.
මේ බුදුවරයන්ගේ ධර්‍මතාවයයි.
එසේ හෙයින් වැඩ කැමැත්තහු විසින්,
උසස් බව කැමති වන්නවුන් විසින්
බුදුවරුන්ගේ අනුශාසනය සිහි කරමින්
සද්‍ධර්‍මයට ගරු කළ යුතුයි.’’

. ’’මහණෙනි, සහම්පතී බ්‍රහ්මතෙම මෙසේ කියා මා වැඳ ගරුකොට එහිම අතුරුදහන් විය.

§ 4. මහණෙනි, ඉක්බිති මම බ්‍රහ්මයාගේ ඉල්ලීම දැන, එය මටද සුදුසුවූ හෙයින් , මා විසින් අවබෝධ කළ ඒ ධර්‍මයම සත්කාරකොට, ගරුකාරකොට, ආශ්‍රයකොට, වාසය කළෙමි. මහණෙනි, යම් කලෙක මේ සස්නෙහි සංඝයාද මහත් බවට උසස් බවට පැමිණියේද, එකල්හි සංඝයා කෙරෙහිද මගේ ගෞරවය මෙසේම ඇත්තේ වීය.’’

AN 04-03-02. බුද්‍ධාපචායන සූත්‍රය

§ 1. ’’මහණෙනි, ’’මහණෙනි, මම සම්බුද්ධත්වය අවබෝධ කල මුල් කාලයේ දිනයක, උරුවේලාවෙහි, නේරඤ්ජරා නදී තීරයෙහි, අජපල් නුග රුක මුල වැඩ වසන විට වයසෙන් බොහෝ හවුරුදු ගෙවුවාවූ , සිරුරෙන් දිරූ, වෘද්‍ධවූ, මහළුවූ, වයසට පැමිණි බ්‍රාහ්මණයෝ පිරිසක් එතැනට පැමිණ මා සමග සතුටු වූහ. සතුටුවිය යුතුවූ, සිහි කටයුතුවූ, කථාකොට නිමවා එකත් පසෙක සිටියාහුය.

[පරිවර්තකගේ සටහන: : මේ සුත්‍රයෙහි යම් කිසි නොගැලපීමක් පෙනේ. සිදුවීම දක්වා ඇත්තේ සම්බුද්ධත්වයට පැමිණීමෙන් ඉතා කිට්ටු දිනයක් බ්වුවක් ලෙසය. මේ භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කිරීම පටන් ගන්නට පෙරය. ඉසිපතනයේ මිගදායෙහි පංච වග්ග තාපසයන්ට කල දෙසනව්වෙන් පසුව භාග්‍යවතුනගේ තොරතුරු අන්‍ය පරිබ්‍රාජකයන් සහ ලෝකයා දැන ගත්තද, මේ කියවෙන දිනවල එසේ ප්‍රස්ද්ධියක් නොවූ කලෙක මෙසේ වැඩිහිටි බමුණන් අවුත් මේ ප්‍රශ්නයක් ඇසීම සැක මුසුය. ධර්ම චාරිකා පටන් ගෙන් කලකට පසුව මෙම ප්‍රශ්නයම ඇසු බව අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයෙහි 11 වන වෙරන්ජා සුත්‍රයෙහි දැක්වේ..බොහෝ විට මෙම සුත්‍රය වෙරන්ජා සුත්රහිම පිළිඹිබුවක් විය හැක.]

’’මහණෙනි, ඒ බ්‍රාහ්මණයෝ, මෙසේ ඇසුහ.
’භවත් ගෞතමයන් වහන්ස, ඔබ , වයසින් වෘද්‍ධවූ, ජේෂ්ඨ බමුණන් නොවඳියි කියාද, උපස්ථාන නොකරයි කියාද, අසුනින් නිමන්ත්‍රණ (හිඳීමට කීම) නොකෙරෙයි කියාද, අප විසින් අසන ලදී. ගෞතමයනි! එය එසේමද? ඔබ එසේ පැවතුම් ඇත්තේ නම් , එය නුසුදුසුය.’’
’’මහණෙනි, ඒ මට මේ ආයුෂ්මත්හු ස්ථවිරයන් හෝ (වැඩිමහල්ලා) ස්ථවිර බවට පත්කරණ ධර්ම හෝ නොදනිති. මහණෙනි, ඉදින් උත්පත්තියෙන් අසූ වයස්වූ හෝ අනූ වයස්වූ හෝ වර්‍ෂ සියයක්වූ හෝ වෘද්ධයෙක් වේද, හෙතෙම නොකල්හි කියන්නේ වේද, නොවූවත් කියන්නේද, අනර්ත්‍ථයෙන් කියන්නේද, අධර්මයෙන් කියන්නේද, නොහික්මීමෙන් කියන්නේ වේද, හෘදයෙහි තබා නෙගත යුතු වචනය කියන්නේද, කරුණු සහිතව නොකියන්නේද, සීමා නොදක්වා කියන්නේද, ලෞකික, ලෝකොත්තර අර්ත්‍ථය නැතිව කියන්නේද, හුදෙක් ඔහු අන්‍ධබාල ස්ථවිරයෙකි යන සංඛ්‍යාවටම පැමිණෙයි.
’’මහණෙනි, ඉදින් තරුණවූ, ලපටිවූ, කථ කෙස් ඇති, යහපත් යෞවනයෙන් යුක්ත, පළමුවෙනි වයසෙහි සිටි බාලයෙක් වේද, හෙතෙම සුදුසු කාලයෙහි කියයිද, අර්ත්‍ථයෙන් කියයිද, ධර්මයෙන් කියයිද, විනයෙන් කියයිද, සුදුසු කාලයෙන් කරුණු සහිතව කියයිද, සීමා දක්වා කියයිද, අර්ත්‍ථ සහිතව කියයිද, හෘදයෙහි තැන්පත් කර ගත යුතු වචන කියයිද, හුදෙක් හෙතෙම පණ්ඩිත ස්ථවිරයෙකි යන සංඛ්‍යාවට යයි.
’’මහණෙනි, මේ ස්ථවිර බව ඇතිකරණ ධර්‍ම සතරකි. කවර සතරක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සීලයෙන් යුක්ත වේද, ප්‍රාතිමොක්‍ෂ සීලයෙන් සංවරව වෙසෙයිද, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තද, සුලු වරදෙහිද බිය දක්නා සුථ වේද, ශික්‍ෂා පදයන් දැඩිව ගෙන හික්මේද, ඇසූ දේ දරන්නේද, ඇසූ දේ රැස්කරණ තැනද යම් ඒ ධර්‍ම කෙනෙක් මුල, මැද, අග යහපත්ද, අර්ත්‍ථ සහිතද, ව්‍යඤ්ජන සහිතද, හැම ලෙසින්ම සම්පූර්‍ණද, පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කරයිද, ඔහු විසින් එබඳු ධර්මයෝ බොහෝ අසන ලද්දාහුද, දරන ලද්දාහුද, වචනයෙන් පුරුදු කරණ ලද්දාහුද, සිතින් සලකන ලද්දාහුද, ප්‍රඥාවෙන් ප්‍රතිවෙධ කරණ ලද්දාහුද, පිරිසිදු සිතින් ලැබුවාවූ මේ ආත්මයෙහි සැප විහරණ ඇති මේ ධ්‍යාන සතර කැමති පරිදි ලබන්නේ වේද, පහසුවෙන් ලබන්නේ වේද, නිදුකින් ලබන්නේ වේද, ආශ්‍රවයන්ගේ ක්‍ෂය කිරීමෙන් ආශ්‍රව රහිත අර්‍හත ඵල සමාධියද, අර්‍හත් ඵල ප්‍රඥාවද, මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන, ප්‍රත්‍යක්‍ෂකොට ඊට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ ස්ථවිරභාවය ඇතිකරණ ධර්‍ම සතරය.
’’යමෙක් විසුරුණු සිතින් බොහෝ ප්‍රලාප දොඩවයිද, ලාමක දෘෂ්ටි ඇති, ඇලය රහිත, එකඟ නොවූ සිත් ඇති, අසද්ධර්‍මයෙහි ඇලුණු, මෘගයෙකු වැනි හෙතෙම ස්ථිරභාවයෙන් දුරව සිටියේය. යමෙක් ශීලයෙන් යුක්තද, ශ්‍රද්‍ධාවත්ද, වැටහීමෙන් යුක්තද, නුවණින් යුක්තද, සංයමද, ප්‍රඥාවෙන් අර්ත්‍ථය දනීද, සුයලු ධර්‍මයන්ගේ පරතෙරට ගියේද, රාගාදී හුල් රහිතද, වැටහෙන ප්‍රඥා ඇත්තේද,
’’ඉපදීම, මරණය දෙක ප්‍රහීණ වූයේද, සියලු බ්‍රහ්මචර්‍ය්‍යයෙන් යුක්තද, යමෙකුට ආශ්‍රවයෝ නැද්ද, ඔහු මම ථෙරයයි කියමි. මහණතෙම ආශ්‍රවයන් ක්‍ෂයවීමෙන් ස්ථවිරයයි කියනු ලැබේ.’’

AN 04-03 -02 . බුද්‍ධාපචායන සූත්‍රය

§ 1. “මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් ලෝකය (දුකඛ සත්‍යය) මනාව අවබෝධ කරණ ලදී. තථාගතයන් වහන්සේ ලෝකයෙන් වෙන්වූහ. මහණෙනි, ලෝකයට හේතුව තථාගතයන් වහන්සේ විසින් මනාව අවබෝධ කරණ ලදී. ලෝකයට හේතුව තථාගතයන් වහන්සේ විසින් ප්‍රහීණ කරණ ලදී. මහණෙනි, ලොක නිරෝධය තථාගතයන් වහන්සේ විසින් ප්‍රතිවේධ කරණ ලදී. ලොක නිරෝධය තථාගතයන් වහන්සේ විසින් ප්‍රත්‍යක්‍ෂ කරණ ලදී. මහණෙනි, ලොක නිරෝධගාමිනී ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ විසින් මනාව අවබෝධ කරණ ලදී. ලොක නිරෝධගාමිනී ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ විසින් වඩන ලදී.

§ 2 .“මහණෙනි, මරුන් සහිත, බඹුන් සහිත, දෙවි මිනිසුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ප්‍රජාවෙහි දෙවියන් සහිත ලෝකයාගේ යම් රූපායතනයක් වේද, ශබ්දායතනයක් වේද, ගන්‍ධ රස පොට්ඨබ්බායතනයක් වේද, සැප දුක් ආදී ධර්‍මාරම්මණයක් වේද, සොයා හෝ නොසොයා පැමිණි, යමක් වේද, සොයන ලද්දක් වේද, සිතින් හැසිරෙන ලද්දක් වේද, ඒ සියල්ල තථාගතයන් වහන්සේ විසින් මනාව අවබෝධ කරණ ලදී. එසේ හෙයින් තථාගතයයි කියනු ලැබේ.

§ 3.“මහණෙනි, යම් රාත්‍රියක තථාගත තෙම අවබෝධ කරයිද, යම් රාත්‍රියක පිරිනිවෙයිද, මේ අතරෙහි යමක් වදාරයිද, කථාකරයිද, දක්වයිද, ඒ සියල්ල එසේම වේ. අනික් විධියකින් නොවේ. එසේ හෙයින් තථාගතයයි කියනු ලැබේ. මහණෙනි, තථාගත තෙම යම්සේ කියන්නේද, එසේම කරන්නේ වෙයි. යම්සේ කරන්නේද, එසේම කියන්නේ වෙයි. මෙසේ යම්සේ කියන්නේද, එසේ කරන්නේද, යම්සේ කරන්නේද, එසේ කියන්නේද. එහෙයින් තථාගතයයි කියනු ලැබේ.

§ 4.“මහණෙනි, මරුන් සහිත, බඹුන් සහිත, දෙවි මිනිසුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ප්‍රජාවෙහි දෙවි මිනිසුන් සහිත ලෝකයන් තථාගත තෙම සියල්ලන් මැඩ පවත්වන්නේය. කවරකු විසිනුත් මැඩ පැවැත්විය නොහැක. ඒකාන්තයෙන් දක්නේය. වශඟයෙහි පවත්වන්නේය. එහෙයින් තථාගතයයි කියනු ලැබේ.

§ 5. “සියලු ලෝකය දැන, ත්‍රිවිධ ලෝකය යම්සේද, එසේ අවිපරීතකොට දැන, සියලු ලෝකයෙහි නොඇලුනේ, සියලු ලෝකයෙහි තෘෂ්ණා දෘෂ්ටි දෙකින් තොරවූයේ, සියලු ගැට මුදන්නාවූ, සියල්ල මැඩ පවත්වන්නාවූ, ප්‍රඥාවත්වූ, උන්වහන්සේ කිසිවකින් බිය නැති, පරම ශාන්ත නිවන ස්පර්‍ශ කෙළේ වේ.

§ 6.“ආශ්‍රවයන් ක්‍ෂය කළාවූ, දුක් නැත්තාවූ, සිඳිනලද සැක ඇත්තාවූ, සියලු කර්‍මයන් ක්‍ෂය කළාවූ, බුදුරජ තෙම, නිවන අරමුණුකොට ඇත්තාවූ ඵල විමුක්තියෙන් මිදුනේ වෙයි. ඒ භාග්‍යවත් තෙම බුද්‍ධය. උන්වහන්සේ අනුත්තරවූ සිංහ නම්. දෙවියන් සහිත ලෝකයාට ශ්‍රේෂ්ඨ ධර්‍ම චක්‍රය පැවැත්වූයේය.

§ 7.“එහෙයින් යම් දෙවියෝද, මනුෂ්‍යයෝද, බුදුන් සරණ ගියාහුද, ඔවුහු එක්ව පහවූ දැවීම් ඇති උන්වහන්සේ නමස්කාර කරත්. දැමුණේය. දමනය කරන්නවුන්ට ශ්‍රේෂ්ඨය. සංසිඳුනේය. සංසිඳෙන්නවුන්ට ඎෂිය. මිදුනේය. මිදෙන්නවුන්ට අග්‍රය. එතෙර විය. එතෙර වන්නවුන්ට උතුමි. දෙවියන් සහිත ලෝකයෙහි නුඹ වහන්සේට සමාන පුද්ගලයෙක් නැතැයි මෙසේ මහත්වූ වීතසාරදයන් වහන්සේ වඳිත්.”

AN 04-03-03. ලොකවිජානන සූත්‍රය

§ 1. “එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සාකේත නුවර කාලකාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ , “මහණෙනි” යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු, “පින්වතුන් වහන්සැ” යි භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

§ 2.“මහණෙනි, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දිව්‍ය මනුෂ්‍යයන් සහිත ප්‍රජාවෙහි, දෙවියන් සහිත ලෝකයෙහි යම් රූපායතනයක් ඇද්ද, යම් ශබ්දායතනයක් ඇද්ද, ගන්‍ධරස ඵොට්ඨබ්බායතනයක් ඇද්ද, සැප දුක් ආදී ධර්‍මාරම්මණයක් වේද, සොයා හෝ නොසොයා පැමිණෙන ලද්දක් ඇද්ද, සොයන ලද්දක් වේද, සිතින් හසුරුවන ලද්දක් වේද,“ඒ සියල්ල මම මනාව අවබෝධ කෙළෙමි. එය තථාගතයන් විසින් ප්‍රකටව දැන ගන්නා ලදී. ඒ ෂඩ්ද්වාරික අරමුණු කරා තථාගත තෙමේ තෘෂ්ණා දෘෂ්ටි දෙකින් මහණෙනි, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දිව්‍ය මනුෂ්‍යයන් සහිත ප්‍රජාවෙහි, දෙවියන් සහිත ලෝකයෙහි යම් රූපායතනයක් ඇද්ද, යම් ශබ්දායතනයක් ඇද්ද, ගන්‍ධරස ඵොට්ඨබ්බායතනයක් ඇද්ද, සැප දුක් ආදී ධර්‍මාරම්මණයක් වේද, සොයා හෝ නොසොයා පැමිණෙන ලද්දක් ඇද්ද, සොයන ලද්දක් වේද, සිතින් හසුරුවන ලද්දක් වේද, එය මම දනිමියි කියන්නෙම් නම් එය මගේ මුසාවක් වන්නේය.

§ 3.“මහණෙනි, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දිව්‍ය මනුෂ්‍යයන් සහිත ප්‍රජාවෙහි, දෙවියන් සහිත ලෝකයෙහි යම් රූපායතනයක් ඇද්ද, යම් ශබ්දායතනයක් ඇද්ද, ගන්‍ධරස ඵොට්ඨබ්බායතනයක් ඇද්ද, සැප දුක් ආදී ධර්‍මාරම්මණයක් වේද, සොයා හෝ නොසොයා පැමිණෙන ලද්දක් ඇද්ද, සොයන ලද්දක් වේද, සිතින් හසුරුවන ලද්දක් වේද, එය මම දනිමියිද, නොදනිමියිද කියන්නේ නම් එයද එවැනිම මුසාවකි. එය මම නොම දනිමි. නොද දනිමියි කියන්නේ නම් එය මගේ දෝෂයකි.

§ 4.“මහණෙනි, මෙසේ තථාගත තෙම දැක්ක යුත්ත දැක, දක්නා ලද්ද තෘෂ්ණාදී වශයෙන් නොහඟියි. නොදක්නා ලද්ද දක්නෙමියි නොහඟියි. දක්නා ලද්දද, නොදක්නා ලද්දද, නොහඟියි. දක්නෙකු නොහඟියි. ඇසිය යුත්ත අසා, අසනලද්ද නොහඟියි. නොඇසිය යුත්ත නොහඟියි. ඇසිය යුත්තද, නොඇසිය යුත්තද, නොහඟියි. අසන්නෙකු නොහඟියි. නාසය, දිව, කය යන තුනෙන් දැනගතයුත්ත දැන නොහඟියි. නාසය, දිව, කන යන තුනෙන් නොදැක ගත යුත්ත නොහඟියි. නාසය, දිව, කය යන තුනෙන් දැනගත යුත්තද, නොදැන ගතයුත්තද නොහඟියි. දැනගන්නා නොහඟියි. දතයුත්ත දැන, දතයුත්තෙහි නොහඟියි. නොදතයුත්තෙහි නොහඟියි. දත යුත්තද, නොදතයුත්තද නොහඟියි. දන්නා නොහඟියි. මහණෙනි, මෙසේ වනාහි තථාගතයන් වහන්සේ දිට්ඨ, සුත, මුත, විඤ්ඤා.වූ ධර්‍මයන්හි එක සමානමය. එනිසා තාදීය. ඒ තාදීභාවයෙන් අතිශයින් උතුම්වූ හෝ ප්‍රණීතවූ හෝ අනික් තාදී පුද්ගලයෙක් නැතැයි කියමි.

§ 5.“අනුන් ඇදහීමෙන් සත්‍යයයි නිෂ්ටාවට පැමිණ ගන්නා ලද යම්කිසි දක්නා ලද්දක් හෝ අසන ලද්දක් හෝ දන්නා ලද්දක් හෝ තමාම සිහි කොට ගත් ග්‍රහණ ඇති දෘෂ්ටි ගතිකයන් කෙරෙහි ඇත්තක් හෝ බොරුවක් හෝ අනිකක් උතුම්කොට නොඅදහන්නේය. ඔවුන් අතරෙහි තාදී නොවේ. මේ දෘෂ්ටිය නමැති හුල බොධි මූලයෙහිම දැක, යම් තැනෙක්හි ලැගුනාවූ සත්ත්‍වයෝ නිමාවට ගියාහුද, එය එසේ දනිමි. දකිමි. තථාගතයන්ට එසේ තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් බැසගැන්මක් නැත.”

AN 04-03-04. කාලකාරාම සූත්‍රය

§ 1. “එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සාකේත නුවර කාලකාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ , “මහණෙනි” යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු, “පිනවතුන් වහන්සැ” යි භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

§ 2.“මහණෙනි, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දිව්‍ය මනුෂ්‍යයන් සහිත ප්‍රජාවෙහි, දෙවියන් සහිත ලෝකයෙහි යම් රූපායතනයක් ඇද්ද, යම් ශබ්දායතනයක් ඇද්ද, ගන්‍ධරස ඵොට්ඨබ්බායතනයක් ඇද්ද, සැප දුක් ආදී ධර්‍මාරම්මණයක් වේද, සොයා හෝ නොසොයා පැමිණෙන ලද්දක් ඇද්ද, සොයන ලද්දක් වේද, සිතින් හසුරුවන ලද්දක් වේද,“ඒ සියල්ල මම මනාව අවබෝධ කෙළෙමි. එය තථාගතයන් විසින් ප්‍රකටව දැන ගන්නා ලදී. ඒ ෂඩ්ද්වාරික අරමුණු කරා තථාගත තෙමේ තෘෂ්ණා දෘෂ්ටි දෙකින් මහණෙනි, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දිව්‍ය මනුෂ්‍යයන් සහිත ප්‍රජාවෙහි, දෙවියන් සහිත ලෝකයෙහි යම් රූපායතනයක් ඇද්ද, යම් ශබ්දායතනයක් ඇද්ද, ගන්‍ධරස ඵොට්ඨබ්බායතනයක් ඇද්ද, සැප දුක් ආදී ධර්‍මාරම්මණයක් වේද, සොයා හෝ නොසොයා පැමිණෙන ලද්දක් ඇද්ද, සොයන ලද්දක් වේද, සිතින් හසුරුවන ලද්දක් වේද, එය මම දනිමියි කියන්නෙම් නම් එය මගේ මුසාවක් වන්නේය.

§ 3.“මහණෙනි, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දිව්‍ය මනුෂ්‍යයන් සහිත ප්‍රජාවෙහි, දෙවියන් සහිත ලෝකයෙහි යම් රූපායතනයක් ඇද්ද, යම් ශබ්දායතනයක් ඇද්ද, ගන්‍ධරස ඵොට්ඨබ්බායතනයක් ඇද්ද, සැප දුක් ආදී ධර්‍මාරම්මණයක් වේද, සොයා හෝ නොසොයා පැමිණෙන ලද්දක් ඇද්ද, සොයන ලද්දක් වේද, සිතින් හසුරුවන ලද්දක් වේද, එය මම දනිමියිද, නොදනිමියිද කියන්නේ නම් එයද එවැනිම මුසාවකි. එය මම නොම දනිමි. නොද දනිමියි කියන්නේ නම් එය මගේ දෝෂයකි.

§ 4.“මහණෙනි, මෙසේ තථාගත තෙම දැක්ක යුත්ත දැක, දක්නා ලද්ද තෘෂ්ණාදී වශයෙන් නොහඟියි. නොදක්නා ලද්ද දක්නෙමියි නොහඟියි. දක්නා ලද්දද, නොදක්නා ලද්දද, නොහඟියි. දක්නෙකු නොහඟියි. ඇසිය යුත්ත අසා, අසනලද්ද නොහඟියි. නොඇසිය යුත්ත නොහඟියි. ඇසිය යුත්තද, නොඇසිය යුත්තද, නොහඟියි. අසන්නෙකු නොහඟියි. නාසය, දිව, කය යන තුනෙන් දැනගතයුත්ත දැන නොහඟියි. නාසය, දිව, කන යන තුනෙන් නොදැක ගත යුත්ත නොහඟියි. නාසය, දිව, කය යන තුනෙන් දැනගත යුත්තද, නොදැන ගතයුත්තද නොහඟියි. දැනගන්නා නොහඟියි. දතයුත්ත දැන, දතයුත්තෙහි නොහඟියි. නොදතයුත්තෙහි නොහඟියි. දත යුත්තද, නොදතයුත්තද නොහඟියි. දන්නා නොහඟියි.

§ 5.මහණෙනි, මෙසේ වනාහි තථාගතයන් වහන්සේ දිට්ඨ, සුත, මුත, විඤ්ඤා.වූ ධර්‍මයන්හි එක සමානමය. එනිසා තාදීය. ඒ තාදීභාවයෙන් අතිශයින් උතුම්වූ හෝ ප්‍රණීතවූ හෝ අනික් තාදී පුද්ගලයෙක් නැතැයි කියමි.“අනුන් ඇදහීමෙන් සත්‍යයයි නිෂ්ටාවට පැමිණ ගන්නා ලද යම්කිසි දක්නා ලද්දක් හෝ අසන ලද්දක් හෝ දන්නා ලද්දක් හෝ තමාම සිහි කොට ගත් ග්‍රහණ ඇති දෘෂ්ටි ගතිකයන් කෙරෙහි ඇත්තක් හෝ බොරුවක් හෝ අනිකක් උතුම්කොට නොඅදහන්නේය. ඔවුන් අතරෙහි තාදී නොවේ. මේ දෘෂ්ටිය නමැති හුල බොධි මූලයෙහිම දැක, යම් තැනෙක්හි ලැගුනාවූ සත්ත්‍වයෝ නිමාවට ගියාහුද, එය එසේ දනිමි. දකිමි. තථාගතයන්ට එසේ තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් බැසගැන්මක් නැත.”

AN 04-03-05. බ්‍රහ්මචරියවාස සූත්‍රය

§ 1. “මහණෙනි, මම ජනයා විස්මය පත් කරවනු පිණිස, ජනයාගෙන් ප්‍රශංසා ලබන පිණිස, ලාභ, සත්කාර, කීර්ති, අනුසස් පිණිස බ්‍රහ්මචර්‍ය්‍යයෙහි නොහැසිරෙමි. වාදයන්ගෙන් ජය ගැනීම පිණිස මා මෙසේ ජන තෙම දනීවායි මේ බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වසන්නේ නොවේ. හුදෙක් මහණෙනි, සංවරය පිණිස, ප්‍රහාණය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස බ්‍රහ්මචර්‍ය්‍යයෙහි වසන්නේය.

§ 2.“ඒ භාග්‍යවතුන් වහන්සේ සංවරය පිණිසද, ප්‍රහාණය පිණිසද, නිර්‍වාණයට පැමිණීම පිණිස මේ බ්‍රහ්මචර්‍ය්‍යය දේශනා කළ සේක. මහත්‍වයට ගිය මහර්ෂීන් විසින් අනුගමනය කළ මේ මාර්ගය බුදුන් දේශනා කළ පරිදි යම් කිසිවෙක් එහි පිළිපදිත්ද, ශාස්තෲන් වහන්සේ අනුශාසනය කරන්නාවූ ඔවුහු දුක් කෙළවර කරන්නාහුය.”

AN 04-03-06. ධම්ම විරූහන සූත්‍රය

§ 1. “මහණෙනි, යම් ඒ මහණ තෙම කුහකද, ක්‍රෝධයෙන් හා මානයෙන් තදද, ලාභ සත්කාර ගරුකොට කියාද, සිංහ (අඟ) නම් ප්‍රකට කෙලෙස් ඇද්ද, නැග සිටි මාන ඇත්තාහුද, එකඟ නොවූ සිත් ඇත්තාහුද, මහණෙනි, ඒ භික්‍ෂූහු මා විසින් මමත්‍වය නොකරණ ලදහ. මහණෙනි, ඒ භික්‍ෂූහු මේ ධර්‍ම විනයෙන් පහවූහ. ඔවුහු මේ ධර්‍ම විනයෙහි, වෘද්ධියට, වැඩීමට, විපුලත්‍වයට නොපැමිණෙත්.

§ 2.“මහණෙනි, යම් ඒ භික්‍ෂුකෙනෙක් කුහක නොවෙත්ද, ලාභය පිණිස ගරු නම්බු දී කථා නොකරද්ද, ධෛර්‍ය්‍යවත්ද, තද නොවූවාහුද, සංසුන් සිත් ඇත්තාහුද, මහණෙනි, ඒ භික්‍ෂූහු මා විසින් මමත්‍වය කරණ ලදහ. මේ ධර්‍ම විනයෙන් පහ නොවූවාහුද වෙත්. ඔවුහු මේ ධර්‍ම විනයෙහි වෘද්ධියට, වැඩීමට, විපුලත්‍වයට පැමිණෙත්.

§ 3.“කුහකවූ, තදවූ, අනුන් පහත්කොට කථා කරන්නාවූ, මාන නමැති අං ඇති, ඔසවන ලද මාන නල ඇති, අසංයමවූ ඔවුහු සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් දෙසන ලද ධර්‍මයෙහි නොවැඩෙත්. කුහක නොවූ, ලාභ බලාපොරොත්තුවෙන් කථා නොකරණ, ධෛර්‍ය්‍යවත්වූ, තද නොවූ, එකඟ සිත් ඇති ඔවුහු සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් දේශිතවූ ධර්‍මයෙහි වැඩෙත්.”

AN 04-03-07. අප්පසුලභ සූත්‍රය

§ 1. “මහණෙනි, සුලුවූද, සුලභවූද, නිවරදවූද මේ සතර දෙනෙක් වෙත්.
කවර සතර දෙනෙක්ද යත්.

§ 2.“මහණෙනි, සිවුරු අතුරෙන් පාංශුකූල චීවරය සුලුද, සුලභද, නිවැරදිද වේ.
මහණෙනි, භොජනයන්ගෙන් පිණ්ඩපාත භොජනය, සුලුද, සුලභද, නිරවද්‍යද වේ.
මහණෙනි, සේනාසන අතුරෙන් වෘක්‍ෂ මූල සේනාසනය, සුලුද, සුලභද, නිරවද්‍යද වේ.
මහණෙනි, බෙහෙත් අතුරින් ගොමුත්‍රය, සුලුද, සුලභද, නිවරදද වේ.

මහණෙනි, මේ සතර සුලුද, සුලභද, නිරවද්‍යද වෙත්.

§ 2 .“මහණෙනි, යම් කලක පටන් භික්‍ෂුව සුලු දෙයින් සතුටුවූයේ වේද, සුලභ දෙයින් සතුටුවූයේ වේද, මේ ඔහුගේ එක්තරා ශ්‍රමණ භාවයට සුදුසු අංගයකැයි කියනු ලැබේ.

“සුලුද, සුලභවූද සෙනසුන්, සිවුරු, පියයුතු පානය, බුදියයුතු අහර යන නිර්දෝශ දෙයින් සතුටු භික්‍ෂුවගේ සිතට බාධාවක්, (දුකක්) නොවේ. දිශාවන්හි නොගැටේ. අප්‍රමාද සතුටු සිත් ඇති භික්‍ෂුවට පැවිදිකමට අනුලෝමවූ යම් ධර්‍ම කෙනෙක් වදාරණ ලද්දාහුද, ඔව්හු ලබන ලද්දාහ.”

AN 04-03-08. (මහා) අරියවංශ සූත්‍රය

§ 1. “මහණෙනි, මේ ආර්‍ය්‍යවංස සතර අග්‍රයයි දත යුත්තාහ. බොහෝ පැරණියයි දත යුත්තාහ. වංශය (පරපුර) යයි දත යුත්තාහ. අථත් දෙයක් නොවේයයි දත යුත්තාහ. බැහැර නොකරණ ලද්දාහ. පෙර බුදුවරයන් විසිනුදු අත් නොහරින ලදහ. දැනුදු අත් නොහරිත්. අනාගතයෙහිත් අත්නොහරින්නාහ. ශ්‍රමණයන් විසිනුදු, බ්‍රහ්මණයන් විසිනුදු, නුවණැත්තන් විසිනුදු ගර්‍හා නොකරණ ලද්දාහ. කවර සතර දෙනෙක්ද යත්?

§ 2.“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ලැබුණු යම්කිසි සිවුරකින් සතුටුවූයේ වේද, ලැබුණු යම්කිසි සිවුරක් ගැන සතුටුවීමෙහි ගුණ කියන්නේ වේද, සිවුරක් නිසා නුසුදුසු සෙවීමකට නොපැමිණෙයි. සිවුරු නොලැබීම හේතුකොටගෙන නොතැවෙයි. සිවුරු ලැබද, එහි නොඇලුණේ, මුසපත් නොවූයේ, නොගිලුණේ, ආදීනව දකිමින්, සසරින් නික්මීමේ නුවණින් යුක්තව පරිභොග කරයිද, ලැබුණු යම්කිසි සිවුරකින් සතුටුවීමෙන් තමන් උසස්කොට නොසිතයිද, අනුන් පහත්කොට නොසිතයිද,“ලද දෙයින් සතුටුවීමෙහි දක්‍ෂවූයේ, අලස නොවූයේ, නුවණින් හා සිහියෙන් යුක්තවූයේ වෙයි. මහණෙනි, මේ මහණ තෙම අග්‍රයයි දත යුතු පැරණි ආර්‍ය්‍ය වංශයෙහි සිටියේය.

§ 3.“මහණෙනි, නැවතද භික්‍ෂු තෙමේ ලැබුණු යම්කිසි පිණ්ඩපාතයකින් සතුටුවූයේ වේද, ලැබුණු යම්කිසි පිණ්ඩපාතයකින් සතුටුවීමේ ගුණ කියන්නේ වේද, පිණ්ඩපාත හේතුවෙන් නුසුදුසු සෙවීමකට නොපැමිණේද පිණ්ඩපාතය නොලැබීම නිසා නොතැවෙයිද. පිණ්ඩපාතය ලැබද, එහි නොඇලුණේ, තෘෂ්ණාවෙන් මුසපත් නුවූයේ, නොගිලුණේ, ආදීනව දකිමින්, සසරින් මිදීමේ නුවණින් යුක්තව වළඳයිද, ඒ ලැබුණු යම්කිසි පිණ්ඩපාතයකින් සතුටුවීමෙන් තමන් උසස්කොට නොසිතයිද, අනුන් පහත්කොට නොසිතයිද, හෙතෙමේ“ලද දෙයින් සතුටුවීමෙහි දක්‍ෂවූයේ, අලස නොවූයේ, නුවණින් හා සිහියෙන් යුක්තවූයේ වෙයි. මහණෙනි, මේ මහණ තෙම අග්‍රයයි දත යුතු පැරණි ආර්‍ය්‍ය වංශයෙහි සිටියේය.

§ 4.“මහණෙනි, නැවතද භික්‍ෂු තෙමේ ලැබුණු යම්කිසි සෙනසුනකින් සතුටුවූයේ වේද, ලැබුණු යම්කිසි සෙනසුනකින් සතුටුවීමේ ගුණ කියන්නේ වේද, සෙනසුන් හේතුවෙන් නුසුදුසු සෙවීමකට නොපැමිණේද සෙනසුනක් නොලැබීම නිසා නොතැවෙයිද. සෙනසුන ලැබද, ලෝභ නුවූයේ, තෘෂ්ණාවෙන් මුසපත් නුවූයේ, නොගිලුණේ, ආදීනව දකිමින්, සසරින් මිදීමේ නුවණින් පරිභොග කරයිද, ඒ ලැබුණු යම්කිසි සේනාසනයකින් සතුටුවීමෙන් තමන් උසස්කොට නොසිතයිද, අනුන් පහත්කොට නොසිතයි,“ලද දෙයින් සතුටුවීමෙහි දක්‍ෂවූයේ, අලස නොවූයේ, නුවණින් හා සිහියෙන් යුක්තවූයේ වෙයි. මහණෙනි, මේ මහණ තෙම අග්‍රයයි දත යුතු පැරණි ආර්‍ය්‍ය වංශයෙහි සිටියේය.

§ 5.“මහණෙනි, නැවතද භික්‍ෂුතෙම භාවනාවෙහි කැමැත්ත ඇත්තේ වේද, භාවනාවෙහි ඇලුනේ වේද, කෙලෙස් ප්‍රහාණයෙහි කැමැත්ත ඇත්තේද, කෙලෙස් ප්‍රහාණයෙහි ඇලුනේ වේද, ඒ භාවනාවෙහි කැමැත්තෙන්, භාවනාවෙහි ඇල්මෙන්, කෙලෙස් පහ කිරීමෙහි කැමැත්තෙන්, කෙලෙස් පහ කිරීමෙහි ඇල්මෙන්, තමා උසස් කොට නොසිතයි. අනුන් පහත් කොට නොසිතයි.“හෙතෙමේ එහි දක්‍ෂ වූයේ නොමැළි වූයේ. මනාව දන්නා නුවණින්ද, සිහියෙන්ද යුක්තවූයේ වෙයි. මහණෙනි, මේ මහණ තෙම අග්‍රයයි දතයුතු පුරාණ ආර්‍ය්‍ය වංශයෙහි සිටියේය.

§ 6.“මහණෙනි, මේ ආර්‍ය්‍ය වංශ සතර අග්‍රයයි දත යුත්තාහ. බොහෝ පැරණියයි දත යුත්තාහ. වංශයයි දත යුත්තාහ. අළුත් දෙයක් නොවේයයි දත යුත්තාහ. බැහැර නොකරණ ලද්දාහ. පෙර බුදුවරයන් විසිනුදු ඉවත් නොකරණ ලදහ. දැනුදු අත් නොහරිත්. අනාගතයෙහිත් අත් නොහරිත්. ශ්‍රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් විසින්ද, නුවණැත්තන් විසින්ද, ගර්‍හා නොකරණ ලදී.

§ 7.“මහණෙනි, මේ සතර ආර්‍ය්‍ය වංශයෙන් යුක්තවූ භික්‍ෂුව ඉදින් පෙරදිග වසන්නේද, හෙතෙමේම අරතිය (සසුන්හි නොඇල්ම) යටපත් කරයි. අරතිය තොමෝ ඔහු යටපත් නොකරයි. ඉදින් පච්ඡිම දිශාවෙහි වාසය කරන්නේද, හෙතෙමේම අරතිය යටපත් කරයි. අරති තොමෝ ඔහු යටපත් නොකරයි. උතුරු දිශාවෙහි ඉදින් වසන්නේද, හෙතෙමේම අරතිය යටපත් කරයි. අරති තොමෝ ඔහු යටපත් නොකරයි. දකුණු දිසාවෙහි වසන්නේද, හෙතෙමේ අරතිය යටපත් කරයි. අරති තොමෝ ඔහු යටපත් නොකරයි. ඊට හේතු කවරේද? ප්‍රාඥ තෙමේ, අරතියද, පඤ්ච කාම ගුණයන්හි ඇලීමද, අභිභවනය කරන්නේය.“අරති තොමෝ වීර්‍ය්‍යවන්තයා අභිභවනය නොකරයිද, එහෙයින් අරතිය ධීරයා යටපත් නොකරයි. ධීර තෙමේ අරතිය අභිභවනය කරයිද, එහෙයින් ධීරයා අරතිය මඩින්නේ නම් වේ. සියලු ත්‍රෛභූමික ධර්‍මයන් පිරිසිඳ, කෙලෙසුන් පහකොට සිටි ඔහු, කවර නම් රාග, දෝෂ, මෝහයෙක් වලක්වන්නේද? ජාම්බොනද ස්වර්‍ණයක් වැනි ඔහුට කවරෙක් නින්‍දා කිරීමට සුදුසුද? ඔහුට දෙවියෝද ප්‍රශංසා කරත්. බ්‍රහ්මයා විසිනුදු ප්‍රශංසා කරණ ලදී.”

AN 04-03-09. ධම්මපද චතුක්ක සූත්‍රය

§ 1. “මහණෙනි, අග්‍රයයි දතයුතු, පැරණිවූ වංශයයයි දතයුතුවූ, අළුත් දෙයක් නොවූ බැහැර නොකරත්ද, පෙර බුදුවරයන් විසිනුදු බැහැර නොකළාහුද, දැනුදු අත් නොහරිත්. අනාගතයෙහිත් බැහැර නොකරන්නාහුය. ශ්‍රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් විසින්ද, නුවණැත්තන් විසින්ද ගර්‍හා නොකරණ ලද මේ ධර්‍ම කොට්ඨාස සතරක් වෙත්.
කවර සතරක්ද යත්.

§ 2.“මහණෙනි, අනභිද්‍යාව (අලෝභය) යන ධර්‍ම පදය අග්‍රයයි දත යුතුය.“පැරණියයි දත යුතුය. වංශයයයි දත යුතුය. අළුත් දෙයක් නොවේ. බැහැර නොකට යුතුය. අත් නොහරින ලදී. දැනුදු අත් නොහරියි. මත්තෙහිද අත් නොහරින්නේය. ශ්‍රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් විසින්ද, නුවණැත්තන් විසින්ද ගර්‍හා නොකරණ ලදී.

§ 3.“මහණෙනි, අව්‍යාපාද යන ධර්‍ම පදය අග්‍රයයි දත යුතුයි.“පැරණියයි දත යුතුය. වංශයයයි දත යුතුය. අළුත් දෙයක් නොවේ. බැහැර නොකට යුතුය. අත් නොහරින ලදී. දැනුදු අත් නොහරියි. මත්තෙහිද අත් නොහරින්නේය. ශ්‍රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් විසින්ද, නුවණැත්තන් විසින්ද ගර්‍හා නොකරණ ලදී.

§ 4.“මහණෙනි, සම්මාසති යන ධම්ම පදය අග්‍රයයි දත යුතුයි.“පැරණියයි දත යුතුය. වංශයයයි දත යුතුය. අළුත් දෙයක් නොවේ. බැහැර නොකට යුතුය. අත් නොහරින ලදී. දැනුදු අත් නොහරියි. මත්තෙහිද අත් නොහරින්නේය. ශ්‍රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් විසින්ද, නුවණැත්තන් විසින්ද ගර්‍හා නොකරණ ලදී.

§ 5. “මහණෙනි, සම්මා සමාධි යන ධර්‍ම පදය අග්‍රයයි දත යුතුයි.“පැරණියයි දත යුතුය. වංශයයයි දත යුතුය. අළුත් දෙයක් නොවේ. බැහැර නොකට යුතුය. අත් නොහරින ලදී. දැනුදු අත් නොහරියි. මත්තෙහිද අත් නොහරින්නේය. ශ්‍රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් විසින්ද, නුවණැත්තන් විසින්ද ගර්‍හා නොකරණ ලදී.

“මහණෙනි, මේ ධර්‍ම පද සතර අග්‍රයයි දත යුත්තාහ. බොහෝ පැරණියයි දත යුත්තාහ. වංශයයි දතයුත්තාහ. අළුත් දෙයක් නොවේයයි දතයුත්තාහ. බැහැර නොකට යුත්තාහ. පෙරද අත් නොහරින ලදහ. දැනුදු අත් නොහරිත්. අනාගතයෙහිත් අත් නොහරින්නාහ. ශ්‍රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් විසින්ද, නුවණැත්තන් විසින්ද ගර්‍හා නොකරණ ලදී.“තෘෂ්ණා විරහිතව, ව්‍යාපාද රහිත සිතින් වාසය කරන්නේය. සිහි ඇත්තේ, අධ්‍යාත්මය යටපත්ව තැබූයේ එකඟ සිත් ඇත්තේ වන්නේය.”

AN 04-03-10. සප්පීනියා තීර සූත්‍රය

§ 1. . එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජ්ඣකූට පර්‍වතයෙහි වාසය කරණ සේක. එකල්හි වනාහි බොහෝ ප්‍රසිද්‍ධ ප්‍රසිද්‍ධ පරිබ්‍රාජකයෝ සප්පීනියා ගං ඉවුරෙහි පරිබ්‍රාජකාරාමයෙහි වාසය කරත්. ඒ කවරහුද? අන්තභාර පරිබ්‍රාජකයාද, වරධර පරිබ්‍රාජකයාද, සකුළුදායී පරිබ්‍රාජකයාද, අනිකුත් ප්‍රසිද්‍ධ ප්‍රසිද්‍ධ පරිබ්‍රාජකයෝද වෙත්,

§ 2.“ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි ඵල සමවතින් නැඟී සිටි සේක්, සප්පීනියා තොට පරිබ්‍රාජකාරාමය යම් තැනෙක්හිද, එහි වැඩි සේක. වැඩ පණවන ලද අස්නෙහි වැඩහුන් සේක. වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ, ඒ පරිබ්‍රාජකයන්ට මේ කරුණු වදාළ සේක.

§ 2. “පරිබ්‍රාජකවරුනි, අග්‍රයයි දතයුතු, පැරණිවූ වංශයයයි දතයුතුවූ, අළුත් දෙයක් නොවූ බැහැර නොකරත්ද, පෙර බුදුවරයන් විසිනුදු බැහැර නොකළාහුද, දැනුදු අත් නොහරිත්. අනාගතයෙහිත් බැහැර නොකරන්නාහුය. ශ්‍රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් විසින්ද, නුවණැත්තන් විසින්ද ගර්‍හා නොකරණ ලද මේ ධර්‍ම කොට්ඨාස සතරක් වෙත්. කවර සතරක්ද යත්.

§ 3.“පරිබ්‍රාජකවරුනි, අනභිද්‍යාව (අලෝභය) යන ධර්‍ම පදය අග්‍රයයි දත යුතුය.“පැරණියයි දත යුතුය. වංශයයයි දත යුතුය. අළුත් දෙයක් නොවේ. බැහැර නොකට යුතුය. අත් නොහරින ලදී. දැනුදු අත් නොහරියි. මත්තෙහිද අත් නොහරින්නේය. ශ්‍රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් විසින්ද, නුවණැත්තන් විසින්ද ගර්‍හා නොකරණ ලදී.“පරිබ්‍රාජකවරුනි, අව්‍යාපාද යන ධර්‍ම පදය අග්‍රයයි දත යුතුයි.“පැරණියයි දත යුතුය. වංශයයයි දත යුතුය. අළුත් දෙයක් නොවේ. බැහැර නොකට යුතුය. අත් නොහරින ලදී. දැනුදු අත් නොහරියි. මත්තෙහිද අත් නොහරින්නේය. ශ්‍රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් විසින්ද, නුවණැත්තන් විසින්ද ගර්‍හා නොකරණ ලදී.

§ 4. “පරිබ්‍රාජකවරුනි, සම්මාසති යන ධම්ම පදය අග්‍රයයි දත යුතුයි.“පැරණියයි දත යුතුය. වංශයයයි දත යුතුය. අළුත් දෙයක් නොවේ. බැහැර නොකට යුතුය. අත් නොහරින ලදී. දැනුදු අත් නොහරියි. මත්තෙහිද අත් නොහරින්නේය. ශ්‍රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් විසින්ද, නුවණැත්තන් විසින්ද ගර්‍හා නොකරණ ලදී.“පරිබ්‍රාජකවරුනි, සම්මා සමාධි යන ධර්‍ම පදය අග්‍රයයි දත යුතුයි.“පැරණියයි දත යුතුය. වංශයයයි දත යුතුය. අළුත් දෙයක් නොවේ. බැහැර නොකට යුතුය. අත් නොහරින ලදී. දැනුදු අත් නොහරියි. මත්තෙහිද අත් නොහරින්නේය. ශ්‍රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් විසින්ද, නුවණැත්තන් විසින්ද ගර්‍හා නොකරණ ලදී.

§ 5.“පරිබ්‍රාජකයෙනි, යමෙක් ‘මම මේ අනභිද්‍යා ධර්ම පදය ප්‍රතික්‍ෂෙප කොට අභිජ්ඣා බහුලවූ කාමයන්හි තියුණු රාග ඇති, ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ පනවන්නෙමි’ යි මෙසේ කියන්නේ නම්, මම ඔහුට ඒ වචනයේදී ඒවා කියවා ප්‍රකාශ කෙරේවා, ඔහුගේ ආනුභාවය බලමි’ යි මෙසේ කියන්නෙමි.

‘පරිබ්‍රාජකයෙනි, හෙතෙමේ ඒකාන්තයෙන් අනභිධ්‍යා ධර්‍ම පදය ප්‍රතික්‍ෂෙප කොට, අභිද්‍යා බහුලකොට ඇති, කාමයන්හි තියුණු රාග ඇති, ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ පනවන්නේය යන මීට හේතු නැත්තේය.

§ 6.“පරිබ්‍රාජකයෙනි, යමෙක් ‘මම මේ අව්‍යාපාද ධර්‍ම පදය ප්‍රතික්‍ෂෙප කොට ව්‍යාපාද සිත් ඇති, දූෂ්‍යවූ සිත් ඇති ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ පනවන්නෙමි’ යි මෙසේ කියන්නේ නම්, ඒ මම එහි ඔහුට ‘ඒවා කියවා ප්‍රකාශ කෙරේවා, ඔහුගේ ආනුභාවය දකිමි’ යි මෙසේ කියන්නෙමි. ‘පරිබ්‍රාජකයෙනි, හෙතෙම ඒකාන්තයෙන් අව්‍යාපාද ධර්‍ම පදය ප්‍රතික්‍ෂෙප කොට, ව්‍යාපාද සිත් ඇති, දූෂ්‍යවූ සිත් ඇති ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ පනවන්නේය යන මීට හේතු නැත.

“පරිබ්‍රාජකයෙනි, යමෙක් ‘මම මේ සම්මා සති ධර්‍ම පදය ප්‍රතික්‍ෂෙප කොට මුළා සිහි ඇති, සම්‍යක් ප්‍රඥාව නැති, ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ පනවන්නෙමි’ යි මෙසේ කියන්නේ නම්, ඒ මම එහි ඔහුට ‘ඒවා කියවා ප්‍රකාශ කෙරේවා, ඔහුගේ ආනුභාවය දනිමි’ යි මෙසේ කියන්නෙමි. ‘පරිබ්‍රාජකයෙනි, හෙතෙම ඒකාන්තයෙන් සම්මා සති ධර්‍ම පදය ප්‍රතික්‍ෂෙප කොට, මුළා සිහි ඇති, සම්‍යක් ප්‍රඥා නැති, ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ පනවන්නේය යන මීට හේතු නැත්තේය.”.

§ 7.“පරිබ්‍රාජකයෙනි, යමෙක් ‘මම මේ සම්මා සමාධි ධම්ම පදය අත්හැර සමාධිගත නුවූ සිත් ඇති, විසුරුණු සිත් ඇති, අනික් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ පනවන්නෙමි’ යි මෙසේ කියන්නේ මම ඔහුට එහිදී ‘ඒවා කියවා ප්‍රකාශ කෙරේවා, ඔහුගේ ආනුභාවය දකිමි’ යි මෙසේ කියන්නේය. ‘පරිබ්‍රාජකයෙනි, හෙතෙමේ ඒකාන්තයෙන් සම්මා සමාධි ධර්ම පදය ප්‍රතික්‍ෂෙප කොට, අසමාහිතවූ, විසුරුණු සිත් ඇත්තාවූ, ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ පනවන්නේය යන මීට හේතු නැත්තේය. පරිබ්‍රාජකයෙනි, යමෙක් මේ ධර්‍ම පද සතර ගරහිය යුතුයයි, ප්‍රතික්‍ෂෙප කළ යුතුයයි සිතන්නේද, ඔහුට මෙලොවම කරුණු සහිතව ගැරහිය යුතු තැනම වාද සතරක් පැමිණෙත්. කවර සතර දෙනෙක්ද යත්.
“ඉදින් පින්වත් තෙමේ අනභිද්‍යා ධම්මපදයට ගරහන්නේද, ආක්‍රොශ කරන්නේද, අභිජ්ඣා බහුලකොට ඇති, කාමයන්හි තියුණුවූ රාග ඇති, යම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් ඇද්ද, ඔහු පින්වත්හුගේ පිදිය යුත්තෝය. ඔවුහු පින්වතාගේ ප්‍රශංසා කටයුත්තෝය. ඉදින් පින්වත් තෙම අව්‍යාපාද ධර්‍මපදයට ගර්හා කරයිද, ආක්‍රොශ කෙරේද, ව්‍යාපාද සිත් ඇති, දූෂ්‍යවූ සිත් ඇති, යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් ඇද්ද, ඔවුහු පින්වතාගේ පිදිය යුත්තෝය. ඔවුහු පින්වතාගේ ප්‍රශංසා කටයුත්තෝය. පින්වත, ඉදින් සම්මා සති ධම්මපදයටද ගරහයිද, ආක්‍රොශ කරයිද, මුලා සිහි ඇති, සම්‍යක් ප්‍රඥාව නැති, යම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් ඇද්ද, ඔවුහු පින්වතාගේ පිදිය යුත්තෝය. ඔවුහු පින්වතාගේ ප්‍රශංසා කටයුත්තෝය. ඉදින් සම්මාසමාධි ධම්මපදයට ගරහයිද, ආක්‍රොශ කරයිද, සමාහිත සිත් නැති, විසුරුණු සිත් ඇති, යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් ඇද්ද, ඔවුහු පින්වත්හුගේ පිදිය යුත්තෝය. ඔවුහු පින්වත්හුගේ ප්‍රශංසා කටය්‍රත්තෝය. (යනුයි.)“පරිබ්‍රාජකයෙනි, යමෙක් මේ ධර්‍මපද සතර ගැරහිය යුතුකොට, ප්‍රතික්‍ෂෙප කළයුතු කොට සිතන්නේද, ඔහුට මෙලොවම කරුණු සහිත, ගැරහිය යුතු වාදයෝ සතර දෙනෙක් පැමිණෙත්. පරිබ්‍රාජකයෙනි, යමෙක් අහෙතුක වාද ඇති, අකිරිය වාද ඇති, නාස්තික වාද ඇති, උක්කල ජනපදවාසී වස්ස, භඤ්ඤ යන දෙදෙනෙක් වූවාහුද, ඔවුහුද මේ ධර්ම පද සතර නොගැරහිය යුතුකොට, ප්‍රතික්‍ෂෙප නොකළයුතුකොට සිතුවාහුය. ඊට හේතු කවරේද?

නින්‍දා භය නිසාය සහ උපවාද භය නිසාය.“හැමකල්හි ව්‍යාපාද නැත්තේ, සිහි ඇත්තේ, අධ්‍යාත්මයෙහි මනා සමාධියෙන් යුක්තවූයේ, අභිජ්ඣා විනය නම් අර්හත්‍වයෙහි හික්මෙන්නේ අප්‍රමත්තයයි කියනු ලැබේ.

AN 10-17- ජානුස්සෝනි වග්ග II

AN 10-17-06.
අධම්මා ධම්ම සූත්‍රය
Talk by Ven Lenawa Mangala Thero

§ 1, “මහණෙනි,
අධර්මයද දතයුතුය. ධර්මයද, අනර්ත්‍ථයද දතයුතුය.
අර්ත්‍ථයද, අධර්මයද දැන, ධර්මයද, අනර්ත්‍ථයද දැන, අර්ත්‍ථයද දැන,
අර්ත්‍ථය යම්සේද, ධර්මය යම්සේද, එසේ පිළිපැදිය යුතුය.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගතයන් වහන්සේ මෙය වදාරා, හුනස්නෙන් නැගිට වෙහෙරට වැඩි සේක.

§ 2. ඉක්බිති මේ ධර්මය අසා සිටියාවූ භික්ෂුන් සිතන්නේ , භාග්‍යවතුන් වහන්සේ විසින් කෙටියෙන් වදාළ මේ ඝාම්භිර ධර්මයෙහි විස්තාර්ථය කව්රුන් වහන්සේ වෙතින් විමසා දැන ගන්නමෝ දැයි කතිකා කරනුවේ මෙසේ අදහස් කළහ.

ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ විසින්මද මනාව වර්ණනා කරන ලද්දේය. සම්භාවනා කරණ ලද්දේය. භාග්‍යවතුන් වහන්සේ විසින් විස්තර වශයෙන් අන්‍ර්‍ථය නොබෙදන ලද, කොටින් වදාරණ ලද ධර්‍මයෙහි විස්තර වශයෙන් නුවණැති සබ්‍රම්සරුන්ට අර්ථය බෙදා දක්වන්නට සුදුසුය. ඒකාන්තයෙන් අපි ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණෙන්නමු. පැමිණ, ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේගෙන් මේ කාරණය විචාරන්නෙමු නම් යෙහෙකැයි සිතූහ. අපට ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේ යම්සේ ප්‍රකාශ කරන්නේද, එසේ අපි දරන්නෙමු’ යි කීවාහුය.

“ඉක්බිති ඒ භික්‍ෂූහු ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේ වෙත පැමිණ, ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේ සමග සතුටුවූවාහුය. සතුටුවියයුතුවූ, සිහිකටයුතුවූ, කථාව කොට ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේට, මෙසේ කීහ.
“ඇවැත්නි, මහාකච්චානයෙනි, අපට භාග්‍යවතුන් වහන්සේ, ‘මහණෙනි, අධර්මයද දතයුතුය. ධර්මයද දතයුතුය. අනර්ථයද, අර්ථයද දතයුතුය. අධර්මයද, ධර්මයද දැන, අනර්ථයද, අර්ථයද දැන, ධර්මය, අර්ථය යම්සේද, එසේ පිළිපැදිය යුතුයයි කොටින් වදාරා වදාරා විස්තර වශයෙන් අර්ථය නොබෙදා, ආසනයෙන් නැගිට විහාරයට ඇතුළුවූ සේකැ” යි කීවාහුය. අප කෙරෙහි අනුකම්පාවෙන්, ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේ මේ ධර්මය බෙදා දක්වන සේක්වා” යි කීහ.

§ 3. “ඇවැත්නි, දැව අරටුවෙන් ප්‍රයෝජන ඇති, දැව සොයන පුරුෂයෙක් යම් සේ හරය සෙවීමෙහි හැසිරෙන්නේ පවත්නාවූ, මහා අරටුවෙක් ඇත්තාවූ මහත් වෘක්‍ෂයක්හුගේ මුල නොබලා , කඳ නොබලා, අතුකොළ අතර හරය සෙවීම සුදුසු යැයි සිතන්නේ නම් මේ කාරණයද එබඳු සේ යැයි දතයුතුයි.
“ආයුෂ්මතුන්ට බුදුන් හමුවෙහි සිට පැහැදිලි කිරීමක් කරන ලෙස නොඉල්වා ඒ භාග්‍යවතුන් වහන්සේ ඉක්මවා අපගෙන් මේ කාරණය ඇසිය යුතු කොට සිතව්ද. ඇවැත්නි, ඇසවූ, නුවණවූ, ධර්මයවූ, බ්‍රහ්මවූ, වාදීවූ, නියාමකවූ, අර්ථය තීරණය කරන්නාවූ, අමෘතය දෙන්නාවූ, ධර්මයට ස්වාමීවූ, තථාගතවූ, ඒ භාග්‍යවතුන් වහන්සේ දත යුත්ත දනී, දැක්ක යුත්ත දකී, තෙපි භාග්‍යවතුන් වහන්සේ කරාම ගොස් මෙය විචාරන්නාහු නම්, එයට මේ කාලය වේ. අපගේ භාග්‍යවතුන් වහන්සේ ඔබහට ප්‍රකාශ කරන්නේ යම්සේද, එසේ එය දරව්” යයි කීයේය.

§4, “ඇවැත්නි, මහාකච්චාන ස්ථවිරයෙනි, ඇසවූ, නුවණවූ, ධර්මයවූ, බ්‍රහ්මවූ, වාදීවූ, නියාමකවූ, අර්ථය තීරණය කරන්නාවූ, අමෘතය දෙන්නාවූ, ධර්ම ස්වාමීවූ, තථාගතවූ, භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් දත යුත්ත දනී, දැක්ක යුත්ත දකී, යම්බඳුවූ අපි භාග්‍යවතුන් වහන්සේ කරාම පැමිණ මෙයම විචාරන්නෙමු නම්, එයට මෙම කාලය විය. භාග්‍යවතුන් වහන්සේ අපට ප්‍රකාශ කරන්නේ යම්සේද, එය එසේ දරන්නෙමු.

“එතකුදු වුවත් ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ විසින්ම බොහෝ සේ වර්‍ණනා කරණ ලද්දේ, ප්‍රශංසා කරණ ලද්දේය. ආයුෂ්මත් මහාකච්චාන ස්වාමින් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ විසින් විස්තර වශයෙන්, අර්ථය නොබෙදන ලද, කොටින් වදාරණ ලද, ධර්මයෙහි අර්ථය නුවණැති සබ්‍රම්සරුන්ට විස්තර වශයෙන් බෙදන්නට දක්ෂය. ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේ මේ බරක්කොට නොගෙන මේ ධර්ම පරියාය විස්තර සේ බෙදා දක්වත්වා” යි කීවාහුය.

§5. “ඇවැත්නි, එසේ නම් අසව්. හොඳට මෙනෙහි කරව්. කියන්නෙමි” යි වදාළ සේක. “ඇවැත්නි, එසේය” යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන්ට පිළිතුරු දුන්හ.ආයුෂමත් මහාකච්චායන ස්වාමින් වහන්සේ, “ඇවැත්නි, අපගේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ යමක් කොටින් වදාරා විස්තර නොකොට අස්නෙන් නැගිට විහාරයට වැඩි සේක්ද,
ඇවැත්නි, අධර්මයද, ධර්‍මයද දත යුතුය. අනර්ත්‍ථයද, අර්ත්‍ථයද දත යුතුය. අධර්මයද, ධර්මයද දැන, අනර්ත්‍ථයද, අර්ත්‍ථයද දැන, ධර්මය අනුව, අර්ත්‍ථය අනුව, එසේ පිළිපැදිය යුතුය.

“ඇවැත්නි, අධර්මය කවරේද? ධර්මය කවරේද? අනර්ත්‍ථය කවරේද? අර්ත්‍ථය කවරේද?

§ 6.1. මහණෙනි, ප්‍රාණ ඝාතනය අධර්මයයි. ප්‍රාණ ඝාතයෙන් වෙන්වීම හෙවත් විරමණය ධර්මයයි. පර පන නැසීමට අයත් නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත්නම් ඒ අනර්තයයි. පර පන නොනසා අභය දීමට නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණවීමට යත් නම් මේ අර්ත්‍ථයයි.

§ 6.2. “ඇවැත්නි, අන් සතු දෑ ගැනීම අධර්මයයි. එසේ අන් සත්තක් සතු කර ගන්නට විෂම ලෝභයෙන් සිතීම අධර්‍මයයි. අන් සතු දෑ අප ගැනුම වැරදි බව නිවැරැදි සිතීම ධර්‍මයයි. වැරදි සිතීම නිසා අභිජ්ජාවෙන් නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත් නම් මේ අනර්ත්‍ථයයි. නිවැරැදි සිතීම නිසා අනභිජ්ජා ප්‍රත්‍යයෙන් නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණභාවයට යත්. මේ අර්ත්‍ථයයි. [අභිජ්ජාව = තමන්ගේ නොවන හෝ අනුන් සතු දෙයක් මට ඇත්නම් හොඳයැයි සිතීම්]

§ 6.3 . “ඇවැත්නි, වැරදි කථාව අධර්‍මයයි. නිවැරැදි කථාව ධර්‍මයයි. වැරදි කථාව නිසා නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත්. මේ අනර්ත්‍ථයයි. නිවැරැදි කථාව නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණ බවට යත්. මේ අර්ත්‍ථයයි.

§ 6. 4. “ඇවැත්නි, වැරදි ක්‍රියාව අධර්‍මයයි. යහපත් ක්‍රියාව ධර්‍මයමයි. වැරදි ක්‍රියාව නිසා නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත්. මේ අනර්ත්‍ථයයි. නිවැරැදි ක්‍රියාව නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණබවට යත්. මේ අර්ත්‍ථයයි.

§ 6. 5. “ඇවැත්නි, වැරදි පැවැත්ම අධර්‍මයයි. නිවැරැදි පැවැත්ම ධර්‍මයයි. වැරදි පැවැත්ම නිසා නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත්. මේ අනර්ත්‍ථයයි. නිවැරැදි පැවැත්ම නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණවීමට යත්. මේ අර්ත්‍ථයයි.

§ 6. 6. “ඇවැත්නි, වැරදි වෑයම අධර්‍මයයි. නිවැරැදි වෑයම ධර්‍මයමයි. වැරදි වෑයම නිසා නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත්. මේ අනර්ත්‍ථයයි. නිවැරැදි වෑයම නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණභාවයට යත්. මේ අර්ත්‍ථයයි.

§ 6. 7. “ඇවැත්නි, වැරදි සිහිය අධර්‍මයයි. නිවැරැදි සිහිය ධර්‍මයයි. වැරදි සිහිය නිසා නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත්. මේ අනර්ත්‍ථයයි. නිවැරැදි සිහිය නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණබවට යත්. මේ අර්ත්‍ථයයි.

§ 6. 8. “ඇවැත්නි, වැරදි සිත එකඟකිරීම අධර්‍මයයි. නිවැරැදි සිත එකඟකිරීම ධර්‍මයයි. වැරදි සිත එකඟකිරීම නිසා නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත්. මේ අනර්ත්‍ථයයි. නිවැරැදි සිත එකඟකිරීම නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණබවට යත්. මේ අර්ත්‍ථයයි.

§ 6. 9. “ඇවැත්නි, වැරදි නුවණ අධර්‍මයයි. නිවැරැදි නුවණ ධර්‍මයයි. වැරදි නුවණ නිසා නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ උපදිත්. මේ අනර්ත්‍ථයයි. නිවැරැදි නුවණ නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණභාවයට යත්. මේ අර්ත්‍ථයයි.

§ 6.10. “ඇවැත්නි, වැරදි මිදීම අධර්‍මයයි. යහපත් මිදීම ධර්‍මයයි. වැරදි මිදීම නිසා නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත්. මේ අනර්ත්‍ථයයි. නිවැරැදි මිදීම නිසා නොයෙක් කුශල ධර්මයෝ පහළවෙත්. මේ අර්ත්‍ථයයි.

§ 7 . “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ, ‘මහණෙනි, අධර්මයද දත යුතුය. ධර්මයද දතයුතුය. අනන්‍ර්‍ථයද, අර්ත්‍ථයද දතයුතුය. අධර්‍මයද, ධර්‍මයද දැන, අනන්‍ර්‍ථයද, අන්‍ර්‍ථයද දැන, අධර්‍මය යම්සේද, අන්‍ර්‍ථය යම්සේද, එසේ පිළිපැදිය යුතුය’ යි යන යමක් සංක්‍ෂෙපයෙන් වදාළ, මේ දේශනාවේ අර්ථය මෙසේ විස්තර වශයෙන් දනිමි.
ඇවැත්නි, බලාපොරොත්තු වන්නාවූ කෙපිද භාග්‍යවතුන් වහන්සේ කරා ගොස් මේ කාරණය අසවු. භාග්‍යවතුන් වහන්සේ යම් සේ විස්තර කරණ සේක්ද, එසේ දරවු.“ඇවැත්නි, එසේය” යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන්ගේ වචනයට සතුටුව, අනුමෝදන්ව, හුන් අසුන්වලින් නැගිට භාග්‍යවතුන් වහන්සේ කරා ගියහ. ගොස් භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය කීහ

.“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ, ‘මහණෙනි, අධර්මයද දත යුතුය. ධර්මයද දතයුතුය. අනන්‍ර්‍ථයද, අර්ත්‍ථයද දතයුතුය. අධර්‍මයද, ධර්‍මයද දැන, අනන්‍ර්‍ථයද, අන්‍ර්‍ථයද දැන, අධර්‍මය යම්සේද, අන්‍ර්‍ථය යම්සේද, එසේ පිළිපැදිය යුතුය’ යි යන යමක් සංක්‍ෂෙපයෙන් වදාරා, විස්තර වශයෙන් තේරුම්කර නොදී, අස්නෙන් නැගිට විහාරයට වැඩි සේක්ද, ඉක්බිති මේ ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ විසින්මද මනාව වර්ණනා කරන ලද්දේය. සම්භාවනා කරණ ලද්දේය. භාග්‍යවතුන් වහන්සේ විසින් විස්තර වශයෙන් අන්‍ර්‍ථය නොබෙදන ලද, කොටින් වදාරණ ලද ධර්‍මයෙහි විස්තර වශයෙන් නුවණැති සබ්‍රම්සරුන්ට අර්ථය බෙදා දක්වන්නට සුදුසුය. ඒකාන්තයෙන් අපි ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණෙන්නමු. පැමිණ, ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේගෙන් මේ කාරණය විචාරන්නෙමු නම් යෙහෙකැයි සිතූහ. අපට ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේ යම්සේ ප්‍රකාශ කරන්නේද, එසේ අපි දරන්නෙමු’ යි කීවාහුය.“ස්වාමීනි, ඉක්බිත්තෙන් වනාහි අපි, ආයුෂ්මත් මහාකච්චානයන් කරා ගොස් මේ කාරණය විචාළෙමු. ස්වාමීනි, ඒ අපට ආයුෂ්මත් මහාකච්චානයන් විසින් මේ ආකාරයෙන්, මේ පදයෙන්, මේ අකුරින් අදහස මනාව බෙදන ලද්දේය.

“මහණෙනි, යහපත.
මහණෙනි, යහපත.
මහණෙනි, මහාකච්චායන තෙමේ පණ්ඩිතය. මහාකච්චාන තෙමේ මහත් ප්‍රඥා ඇත්තේය. මහණෙනි, තෙපි මා කරා පැමිණ විචාළාහු නම් මමද මේ කාරණය මහාකච්චානයන් ප්‍රකාශ කළා සේ ප්‍රකාශ කරන්නෙමි. මෙහි අදහස මෙය මය. මෙය එසේ දරවු” යැයි වදාළ සේක.

AN 10-17-07.
අත්‍ථානත්‍ථ සූත්‍රය

§ 1. “මහණෙනි,
අධර්මයද දතයුතුය. ධර්මයද, අනර්ත්‍ථයද දතයුතුය. අර්ත්‍ථයද, අධර්මයද දැන, ධර්මයද, අනර්ත්‍ථයද දැන, අර්ත්‍ථයද දැන, අර්ත්‍ථය යම්සේද, ධර්මය යම්සේද, එසේ පිළිපැදිය යුතුය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගතයන් වහන්සේ මෙය වදාරා, හුනස්නෙන් නැගිට වෙහෙරට වැඩි සේක.

§ 2. ඇවැත්නි, සතුන් මැරීම අධර්මයයි. සතුන් මැරීමෙන් වෙන්වීම ධර්මයයි. සතුන් මැරීම නිසා යම් ඒ නොයෙක් ලාමක අකුශල ධර්‍ම කෙනෙක් හටගනිත්ද, මේ අනර්ථයයි. සතුන් මැරීමෙන් වෙන්වීම නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්ණත්‍වයට යත්ද, මේ අර්ථයයි.

ඇවැත්නි, නුදුන් දේ ගැනීම අධර්මයයි. නුදුන් දේ ගැනීමෙන් වෙන්වීම ධර්මයයි. නුදුන් දේ ගැනීම නිසා යම් ඒ නොයෙක් ලාමක අකුශල ධර්‍ම කෙනෙක් හටගනිත්ද, මේ අනර්ථයයි. නුදුන් දේ ගැනීමෙන් වෙන්වීම නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්ණත්‍වයට යත්ද, මේ අර්ථයයි.

ඇවැත්නි, කාමයන්හි වරදවා හැසිරීම අධර්මයයි. කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වීම ධර්මයයි. කාමයන්හි වරදවා හැසිරීම නිසා යම් ඒ නොයෙක් ලාමක අකුශල ධර්‍ම කෙනෙක් හටගනිත්ද, මේ අනර්ථයයි. කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වීම නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්ණත්‍වයට යත්ද, මේ අර්ථයයි.

ඇවැත්නි, බොරු කීම අධර්මයයි. බොරු කීමෙන් වෙන්වීම ධර්මයයි. බොරු කීම නිසා යම් ඒ නොයෙක් ලාමක අකුශල ධර්‍ම කෙනෙක් හටගනිත්ද, මේ අනර්ථයයි. බොරු කීමෙන් වෙන්වීම නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්ණත්‍වයට යත්ද, මේ අර්ථයයි.

ඇවැත්නි, කේළාම් කීම අධර්මයයි. කේළාම් කීමෙන් වෙන්වීම ධර්මයයි. කේළාම් කීම නිසා යම් ඒ නොයෙක් ලාමක අකුශල ධර්‍ම කෙනෙක් හටගනිත්ද, මේ අනර්ථයයි. කේළාම් කීමෙන් වෙන්වීම නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්ණත්‍වයට යත්ද, මේ අර්ථයයි.

ඇවැත්නි, ඵරුෂ වචන කීම අධර්මයයි. ඵරුෂ වචන කීමෙන් වෙන්වීම ධර්මයයි. ඵරුෂ වචන කීම නිසා යම් ඒ නොයෙක් ලාමක අකුශල ධර්‍ම කෙනෙක් හටගනිත්ද, මේ අනර්ථයයි. ඵරුෂ වචන කීමෙන් වෙන්වීම නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්ණත්‍වයට යත්ද, මේ අර්ථයයි.

ඇවැත්නි, ප්‍රලාප දෙඩීම අධර්මයයි. ප්‍රලාප දෙඩීමෙන් වෙන්වීම ධර්මයයි. ප්‍රලාප දෙඩීම නිසා යම් ඒ නොයෙක් ලාමක අකුශල ධර්‍ම කෙනෙක් හටගනිත්ද, මේ අනර්ථයයි. ප්‍රලාප දෙඩීමෙන් වෙන්වීම නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්ණත්‍වයට යත්ද, මේ අර්ථයයි.

ඇවැත්නි, තෘෂ්ණාව අධර්මයයි. තෘෂ්ණාවෙන් වෙන්වීම ධර්මයයි. තෘෂ්ණාව නිසා යම් ඒ නොයෙක් ලාමක අකුශල ධර්‍ම කෙනෙක් හටගනිත්ද, මේ අනර්ථයයි. තෘෂ්ණාවෙන් වෙන්වීම නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්ණත්‍වයට යත්ද, මේ අර්ථයයි.

ඇවැත්නි, ක්‍රෝධය අධර්මයයි. ක්‍රෝධයෙන් වෙන්වීම ධර්මයයි. ක්‍රෝධය නිසා යම් ඒ නොයෙක් ලාමක අකුශල ධර්‍ම කෙනෙක් හටගනිත්ද, මේ අනර්ථයයි. ක්‍රෝධයෙන් වෙන්වීම නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්ණත්‍වයට යත්ද, මේ අර්ථයයි.

ඇවැත්නි, වැරදි දැකීම අධර්මයයි. වැරදි දැකීමෙන් වෙන්වීම ධර්මයයි. වැරදි දැකීම නිසා යම් ඒ නොයෙක් ලාමක අකුශල ධර්‍ම කෙනෙක් හටගනිත්ද, මේ අනර්ථයයි. වැරදි දැකීමෙන් වෙන්වීම නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්ණත්‍වයට යත්ද, මේ අර්ථයයි.

§ “මහණෙනි, අධර්‍මයද දතයුතුය. ධර්‍මයද දත යුතුය. අනර්ත්‍ථයද දතයුතුය. අර්ත්‍ථයද දතයුතුය. අධර්‍මයද, ධර්‍මයද දැන, අනර්ත්‍ථයද, අර්ත්‍ථයද දැන, ධර්මයවූ පරිදි, අර්ත්‍ථය වූ පරිදි, පිළිපැදිය යුතුයයි මෙසේ යමක් වදාරණ ලද නම් එය මේ සඳහාම වදාරණ ලදී.

AN 10-17-08.
තිවිධ පාණාතිපාත සූත්‍රය

§ 1, “මහණෙනි, මම සතුන් මැරීමද, ලෝභය හේතුකොටත්, ද්වේෂය හේතුකොටත්, මෝහය හේතුකොටත්යයි තුන් වැදෑරුම් කොට කියමි.

“නුදුන් දෙය ගැනීමද, ලෝභය හේතුකොටත්, ද්වේෂය හේතුකොටත්, මෝහය හේතුකොටත්යයි තුන් වැදෑරුම් කොට කියමි.

කාමයන්හි වැරදි හැසිරීමද, ලෝභය හේතුකොටත්, ද්වේෂය හේතුකොටත්, මෝහය හේතුකොටත්යයි තුන් වැදෑරුම් කොට කියමි.

බොරු කීමද, ලෝභය හේතුකොටත්, ද්වේෂය හේතුකොටත්, මෝහය හේතුකොටත්යයි තුන් වැදෑරුම් කොට කියමි.

කේළාම් කීමද, ලෝභය හේතුකොටත්, ද්වේෂය හේතුකොටත්, මෝහය හේතුකොටත්යයි තුන් වැදෑරුම් කොට කියමි.

පරුෂ වචන කීමද, ලෝභය හේතුකොටත්, ද්වේෂය හේතුකොටත්, මෝහය හේතුකොටත්යයි තුන් වැදෑරුම් කොට කියමි.

හිස් වචන කීමද, ලෝභය හේතුකොටත්, ද්වේෂය හේතුකොටත්, මෝහය හේතුකොටත්යයි තුන් වැදෑරුම් කොට කියමි.

දැඩි ලෝබකමද, ලෝභය හේතුකොටත්, ද්වේෂය හේතුකොටත්, මෝහය හේතුකොටත්යයි තුන් වැදෑරුම් කොට කියමි.

ක්‍රෝධයද, ලෝභය හේතුකොටත්, ද්වේෂය හේතුකොටත්, මෝහය හේතුකොටත්යයි තුන් වැදෑරුම් කොට කියමි. වැරැදි දැකීමද, ලෝභය හේතුකොටත්, ද්වේෂය හේතුකොටත්, මෝහය හේතුකොටත්යයි තුන් වැදෑරුම් කොට කියමි.

§ 2. “මහණෙනි, මෙසේ වනාහි ලෝභය කර්මයන්ට මුල්වේ. ද්වේෂය කර්මයන්ට මුල්වේ. මෝහය කර්මයන්ට මුල්වේ.

“ලෝභය නැතිවීමෙන් කර්මයන්ගේ මුල නැතිවිම වේ. ද්වේෂය නැතිවීමෙන් කර්මයන්ගේ මුල නැතිවිම වේ. මෝහය නැතිවීමෙන් කර්මයන්ගේ මුල නැතිවිම වේ” යයි වදාළ සේක.

AN 10-17-09.
සපරික්කමන ධම්ම සූත්‍රය

“මහණෙනි, මේ ධර්‍මය පරික්‍රමණ සහිතය. මේ ධර්මය පරික්‍රමණ රහිත වේ. මහණෙනි, කෙසේ නම් මේ ධර්මය පරික්‍රමණ සහිත වේද, පරික්‍රමණ රහිත වේද?“මහණෙනි, සතුන් මරන්නාට, සතුන් මැරීමෙන් වෙන්වීම පරික්‍රමණය වේ. නුදුන් දෙය ගන්නාට නුදුන් දෙය ගැනීමෙන් වෙන්වීම පරික්‍රමණය වේ. කාමයන්හි වැරදි හැසිරීම් ඇත්තාට, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම පරික්‍රමණය වේ. බොරු කියන්නාට, බොරු කීමෙන් වෙන්වීම පරික්‍රමණය වේ. කේළාම් කියන්නාට, කේළාම් කීමෙන් වෙන්වීම පරික්‍රමණය වේ. ඵරුෂ වචන කියන්නාට, ඵරුෂ වචනයෙන් වෙන්වීම පරික්‍රමණය වේ. හිස් වචන කියන්නාට, හිස් වචන කීමෙන් වෙන්වීම පරික්‍රමණය වේ. දැඩි ලෝභකම ඇත්තාට, දැඩි ලෝභකම නොවීම පරික්‍රමණය වේ. ක්‍රොධ ඇත්තාට, ක්‍රෝධය නොවීම පරික්‍රමණය වේ. වැරදි දැකීම් ඇත්තාට නිවැරුදි දැකීම පරික්‍රමණය වේ.”

AN 10-17-10.
චුන්‍දසොචෙය්‍ය සූත්‍රය

§ 1. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ පාවානුවර චුන්‍ද නම් කර්‍මාර (ලෝකරු) පුත්‍රයාගේ අඹ වනයෙහි වාසය කරණ සේක. ඉක්බිති චුන්‍ද කර්‍මාර පුත්‍ර තෙම, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.

§ 2. එකත්පසෙක සිටි චුන්‍ද කර්‍මාර පුත්‍රයාට භාග්‍යවතුන් වහන්සේ, “චුන්‍දය, ඔබ කවරෙකුගේ පිරිසිදුකම රුචි කෙරෙහිදැ” යි ඇසූ සේක.

“ස්වාමීනි, පසු බිම්හි සිටින (ද්විජව උපන්) කෙණ්ඩි දරණ, සෙවෙල් මල්දම් ඇති, ගිනි දෙවියා පුදන, දියෙහි ගිලෙන බමුණෝ පිරිසිදුකම් පණවත්ද, මම ඒ පිරිසිදුකම රුචිකරමි” යි කීයේය.
“චුන්‍දය, පසු බිම්හි සිටි, කෙණ්ඩි දරණ, සෙවෙල් මාලා ඇති, ගිනි පුදන, දියේ ගිලෙන බමුණෝ කෙසේ නම් පිරිසිදුකම් පණවත්දැ” යි ඇසූ සේක.
“ස්වාමීනි, පසු බිම්හි සිටි, කෙණ්ඩි දරණ, සෙවෙල් මාලාකොට ඇති, ගිනි පුදන, දියෙහි ගැලෙන, ඒ බ්‍රාහ්මණයෝ ශ්‍රාවකයන් මෙසේ සමාදන් කරවත්.

“එම්බා පුරුෂය, ඔබ මෙහි එව. කලින්ම සයනයෙන් නැගිටින්නේම, පෘථුවිය ස්පර්ශ කරන්නෙහිය. ඉදින් පෘථුවිය ස්පර්ශ නොකරන්නෙහි නම්, තෙත් ගොම ස්පර්‍ශ කරන්නෙහිය. ඉදින් තෙත් ගොම ස්පර්‍ශ නොකරන්නෙහි නම්, අමු තණ ස්පර්ශ කරන්නෙහිය. ඉදින් අමු තණ ස්පර්ශ නොකරන්නෙහි නම්, ගිනි පුදන්නේය. ඉදින් ගිනි නොපුදන්නේ නම්, ඇඳිලි බැඳ හිරු වඳින්නේය. ඉදින් ඇඳිලි බැඳ හිරු නොවඳින්නේ නම්, සවස් කාලය තුන්වෙනිකොට ජලයෙහි ගිලෙන්නෙහිය.’ ස්වාමීනි, මෙසේ වනාහි, පසු බිම්හි සිටි, කෙණ්ඩි දරණ, සෙවෙල් මාලා ඇති, ගිනි පුදන, දියෙහි ගිලෙන, බමුණෝ පිරිසිදුකම පණවත්. මම ඔවුන්ගේ පිරිසිදුකම රුචි කරමි” යි කීයේය.
“චුන්‍දය, පසු බිම්හි සිටි, කෙණ්ඩි දරණ, සෙවෙල් මාලාකොට ඇති, ගිනි පුදන, දියේ ගිලෙන, බ්‍රාහ්මණයෝ අන් පරිද්දෙකින් පිරිසිදුකම් පණවත්. ආර්‍ය්‍ය විනයෙහි අන් පරිද්දෙකින් පිරිසිදුබව වේ.” –
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ආර්‍ය්‍ය විනයෙහි පිරිසිදුබව යම් පරිද්දෙකින් වේද, එසේ ධර්‍ම දේශනා කරනු මැනවි.”“චුන්‍දය, එසේ නම් අසව, යහපත්කොට මෙනෙහි කරව. කියන්නෙමි” යි වදාළ සේක.
“ස්වාමීනි, එසේය” යි චුන්‍ද කර්‍මාර පුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නේය.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

  • “චුන්‍දය, තුන් පරිද්දෙකින් කයේ අපිරිසිදුබව වේ.
  • සතර පරිද්දෙකින් වචනයේ අපිරිසිදුබව වේ.
  • තුන් පරිද්දෙකින් සිතින් අපිරිසිදුකම වේ.

චුන්‍දය, කෙසේ කයින් ත්‍රිවිධ අපිරිසිදුබව වේද, චුන්‍දය,
මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සියලු සතුන් කෙරෙහි රෞද්‍රවූයේ, ලේ වැකුණු අත්ල ඇත්තේ, ගැටීමෙහි, ගැලීමෙහි ඇළුනේ, දයාවට නොපැමුණුනේ, සතුන් මරන්නේ වෙයි. ගමට අයත්වූද, වනයට අයත්වූද, අනුන්ගේ යම් වස්තුවක්, උපකරණයක් වේද, නොදෙනලද්දේ, එය සොර සිතින් ගනියිද, නුදුන් දෙය ගන්නේ වේ. මව රක්නා, පියා රක්නා, සහෝදරයා රක්නා, සහෝදරිය රක්නා, ඤාතීන් රක්නා, ධර්‍මය රක්නා, ස්වාමියන් ඇති, දඬුවම් නියම කළ, යටත් පිරිසෙයින් මල් වැල නමුත් පළඳවන ලද, යම් ඒ තැනැත්තියක් වේද, එබඳුවූවන් කෙරෙහි හැසිරීමට පැමිණෙන්නේ, කාමයන්හි වැරදි හැසිරීම් ඇත්තේ වේද, චුන්‍දය, මෙසේ වනාහි කයින් තුන් වැදෑරුම් අපිරිසිදුකම දත යුතුය.“චුන්‍දය, කෙසේ වචනයෙන් සතර වැදෑරුම් අපිරිසිදුකම වේද, චුන්‍දය, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් බොරු කියන්නේ වේද, සභාවකට ගියේ හෝ, පිරිසකට ගියේ හෝ, නෑයන් මැදකට ගියේ හෝ, පිරිස් මැදකට ගියේ හෝ, රජ කුලයක් මැදට ගියේ හෝ, පමුණුවන ලද්දේ හෝ, “එම්බා පුරුෂය, එව, යමක් දන්නෙහි නම් එය කියන්නෙහිය” යි කියයි. හෙතෙම නොදන්නේ හෝ දනිමියි කියයි. දන්නේ හෝ නොදනිමියි කියයි. නොදක්නේ හෝ දකිමියි කියයි. දන්නේ හෝ නොදන්නෙමියි කියයි. මෙසේ තමන් හේතුකොටගෙන හෝ, අන්‍යයන් හේතුකොටගෙන හෝ, ආමිසාදී කිසිවක් බලාපොරොත්තුවෙන් හෝ, දැන දැන බොරු කීවා වේද,“පිසුණු කියන්නේ වේද. මොවුන්ගේ බිඳීම පිණිස මෙයින් අසා අසවල් තැන කියන්නේ වේ. ඔවුන්ගේ බිඳීම පිණිස, අසවල් තැන අසා මොවුන්ට කියන්නේ වේ. මෙසේ සමගිවූවන් බිඳුවන්නේ, බිඳුනවුන්ට උදවු දෙන්නේ, කොටස් කිරීමෙහි නියුක්තවූයේ, කොටස් කිරීමෙහි ඇලුනේ, කොටස් කරණ වචන කියන්නේ වේ.“ඵරුෂ වචන කියන්නේ වේ. යම් ඒ වචනයක් ගැට සහිතද, අනුන්ට කටුකද, අනුන් ගැටෙන්නේද, ක්‍රෝධයට කිට්ටුද, එකඟකමට විරුද්‍ධද, එබඳු වචන කියන්නේ වේ.“ප්‍රලාප දොඩන්නේ වේ. නොකල්හි කියන්නේ, නොවූ දේ කියන්නේ, අයහපතින් කියන්නේ, අධර්‍මයෙන් කියන්නේ, නොහික්මීමෙන් කියන්නේ. සිතේ තබා නොගතයතු, නොකල්හි කරුණු රහිතව සීමාවක් නැති, අයහපත හා මිශ්‍ර වචන කියන්නේ වේ. චුන්‍දය, මෙසේ වනාහි වචනයේ සිවු වැදෑරුම් අපිරිසිදුබව වේ.“චුන්‍දය, කෙසේ සිතින් තුන් වැදෑරුම් අපිරිසිදුබව වේද? චුන්‍දය, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් තද තෘෂ්ණා ඇත්තේ වේද, අනුන්ගේ යම් ඒ වස්තූපකරණයක් වේද, යම් හෙයකින් අනුන්ගේ එය, ‘මට වන්නේ නම් යහපතැ’ යි එය දැඩි ලෙස ආශා කරණ ලද්දේ වේද,“මේ සත්ත්‍වයෝ නසිත්වා, බඳිත්වා, නැතිවෙත්වා, විනාශ වෙත්වායි නොවෙන්නාහු හෝ වෙත්වායි දූෂිතවූ චිත්ත සංකල්පනා ඇත්තේ, පෙරළුනු සිත් ඇත්තේ වේද,“දුන් දෙයෙහි විපාක නැත. පුදන ලද්දේ විපාක නැත. හෝම කරණ ලද්දේ විපාක නැත. යහපත්කොට කරණ ලද කර්‍මයන්ගේ ඵලයක් විපාකයක් නැත. මෙලොව නැත. පරලොව නැත. මවු නැත. පියා නැත. ඕපපාතික සත්ත්‍වයෝ නැත. යමෙක් මෙලොවද, පරලොවද, තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන, ප්‍රත්‍යක්‍ෂකොට දන්වත්ද, එබඳු ලෝකයෙහි යහපත් මාර්‍ගයට ගියාවූ, යහපත් මාර්‍ගයට පැමිණි, ශ්‍රමණ බ්‍රාහ්මණයන් නැතැයි පෙරළුනු දැකීම් ඇති, මිත්‍ථ්‍යාදෘෂ්ටිකයෙක් වේද, චුන්‍දය, මෙසේ වනාහි සිතේ ත්‍රිවිධ අපිරිසිදුකම දතයුතුයි.“චුන්‍දය, මේ දශ අකුශල කර්‍ම පථයෝය. චුන්‍දය, යම් මේ අකුශල කර්‍ම පථ දහයෙන් යුක්තවූයේ, කල් ඇතුවම සයනයෙන් නැගිටින්නේ, ඉදින් පෘථිවිය අතගායිද, අපිරිසිදුම වේ. ඉදින් පෘථිවිය අතනොගෑවේද අපිරිසිදුම වේ. ඉදින් තෙත් ගොම ඇල්ලූයේද අපිරිසිදුම වේ. නිල් තෘණ ඇල්ලූවේද අපිරිසිදුම වේ. ඉදින් ගිනි පිදූයේද අපිරිසිදුම වේ. ඉදින් ගිනි නොපිදූයේද අපිරිසිදුම වේ. ඉදින් ඇඳිලි බැඳ හිරු වැන්නේද අපිරිසිදුම වේ. ඉදින් ඇඳිලි බැඳ හිරු නොවැන්දේද අපිරිසිදුම වේ. ඉදින් සවස තුන්වැනිකොට ජලයෙහි ගිලෙයිද අපිරිසිදුම වේ. ඉදින් සවස තුන්වැනිකොට ජලයෙහි නොගිලුනේද අපිරිසිදුම වේ. ඊට හේතුව කවරේද, චුන්‍දය, මේ දශ අකුශල කර්ම පථයෝ අපිරිසිදුම වෙත්. අපිරිසිදුබව කරන්නාහුද වෙත්. චුන්‍දය, මේ දශ අකුශල කර්‍ම පථයන්ගේ යුක්තවීම් හේතුවෙන් නිරය පෙනෙයි. තිරිසන් යෝනිය පෙනෙයි. ප්‍රේත ලෝකය පෙනෙයි. අනිකුදු යම් දුගතීහු පෙනෙත්.“චුන්‍දය, කයින් පිරිසිදුබව තුන් වැදෑරුම් වේ. වචනයෙන් පිරිසිදුබව සතර වැදෑරුම් වේ. සිතින් පිරිසිදුබව තුන් වැදෑරුම් වේ. චුන්‍දය, ත්‍රිවිධ කයින් පිරිසිදුබව කෙසේ වේද? චුන්‍දය, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සතුන් මැරීම අත්හැර, සතුන් මැරීමෙන් වෙන්වූයේ වේ. බහා තබන ලද දඬු ඇත්තේ, බහා තබන ලද ආයුධ ඇත්තේ, පාපයට බිය ඇත්තේ, දයාවට පැමිණියේ, සියළු ප්‍රාණීන් කෙරෙහි හිතවත් අනුකම්පාවෙන් වාසය කරයි.“නුදුන් දෙය ගැනීම අත්හැර, නුදුන් දෙය ගැනීමෙන් වෙන්වූයේ වේ. ගමෙහි හෝ, අරණ්‍යයෙහි හෝ, අනුන්ගේ යම් තමා නොඅයත් වස්තුවක් හෝ උපකරණයක් හෝ වේද, නුදුන්, සොරකම් කළ යුතු එය නොගන්නේ වේ. කාම මිත්‍ථ්‍යාචාරය අත්හැර, කාම මිත්‍ථ්‍යාචාරයෙන් වෙන්වූයේ වේ. යම් ඒ මව විසින් රකින, පියා විසින් රකින, ස්ත්‍රිය, සහෝදරයා විසින්, සහෝදරිය විසින්, ඤාතීන් විසින් රකින ස්ත්‍රිය, ධර්‍මයා රකින ස්ත්‍රිය, ස්වාමියා ඇති ස්ත්‍රිය, දඬුවම් කළ ස්ත්‍රිය, යටත් පිරිසෙයින් මල්මාලාවකින් වෙන්කළ ස්ත්‍රිය යන එබඳු ස්ත්‍රීන් කෙරෙහි හැසිරීමට නොපැමිණියේ වේ. චුන්‍දය, මෙසේ වනාහි තුන් වැදෑරුම්වූ කායික පිරිසිදුකම වේ.“චුන්‍දය, කෙසේ වචනයෙන් සතර වැදෑරුම් පිරිසිදුකම වේද, චුන්‍දය, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් බොරු නොකියන්නේ වේද, සභාවකට ගියේ හෝ, පිරිසකට ගියේ හෝ, නෑයන් මැදකට ගියේ හෝ, පිරිස් මැදකට ගියේ හෝ, රජ කුලයක් මැදට ගියේ හෝ, පමුණුවන ලද්දේ හෝ, “එම්බා පුරුෂය, එව, යමක් දන්නෙහි නම් එය කියන්නෙහිය” යි කියයි. හෙතෙම නොදන්නේ හෝ නොදනිමියි කියයි. දන්නේ හෝ දනිමියි කියයි. නොදක්නේ හෝ නොදකිමියි කියයි. දක්නේ හෝ දක්නෙමියි කියයි. මෙසේ තමන් හේතුකොටගෙන හෝ, අන්‍යයන් හේතුකොටගෙන හෝ, ආමිසාදී කිසිවක් බලාපොරොත්තුවෙන් හෝ, දැන දැන බොරු නොකියන්නේ වේද?“පිසුණු නොකියන්නේ වේද. මොවුන්ගේ බිඳීම පිණිස මෙයින් අසා අසවල් තැන නොකියන්නේ වේ. ඔවුන්ගේ බිඳීම පිණිස, අසවල් තැන අසා මොවුන්ට නොකියන්නේ වේ. මෙසේ සමගිවූවන් නොබිඳුවන්නේ, බිඳුනවුන්ට උදවු නොදෙන්නේ, කොටස් කිරීමෙහි නොඇලුනේ, කොටස් කිරීමෙහි යුක්ත නුවූයේ, කොටස් කිරීමෙහි නොඇලුනේ, කොටස් කරණ වචන නොකියන්නේ වේ.“ඵරුෂ වචන නොකියන්නේ වේ. යම් ඒ වචනයක් ගැට සහිතද, අනුන්ට කටුකද, අනුන් ගැටෙන්නේද, ක්‍රෝධයට කිට්ටුද, එකඟකමට විරුද්‍ධද, එබඳු වචන නොකියන්නේ වේ.“ප්‍රලාප දොඩන්නේ නොවේ. නොකල්හි නොකියන්නේ, නොවූ දේ නොකියන්නේ, අයහපතින් නොකියන්නේ, අධර්‍මයෙන් නොකියන්නේ, නොහික්මීමට නොකියන්නේ. සිතේ තබා නොගතයතු, නොකල්හි කරුණු රහිතව සීමාවක් නැති, අයහපත හා මිශ්‍ර වචන නොකියන්නේ වේ. චුන්‍දය, මෙසේ වනාහි වචනයේ සිවු වැදෑරුම් පිරිසිදුබව වේ.“චුන්‍දය, කෙසේ සිතින් තුන් වැදෑරුම් පිරිසිදුබව වේද? චුන්‍දය, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් තද තෘෂ්ණා ඇත්තේ නොවේද, අනුන්ගේ යම් ඒ වස්තූපකරණයක් වේද, යම් හෙයකින් අනුන්ගේ එය, ‘මට වන්නේ නම් යහපතැ’ යි එය දැඩි ලෙස ආශා නොකරණ ලද්දේ වේද,“මේ සත්ත්‍වයෝ නසිත්වා, බඳිත්වා, නැතිවෙත්වා, විනාශ වෙත්වායි නොවෙන්නාහු හෝ වෙත්වායි දූෂිතවූ චිත්ත සංකල්පනා නැත්තේ, පෙරළුනු සිත් නැත්තේ වේ.“දුන් දෙයෙහි විපාක නැත. පුදන ලද්දේ විපාක නැත. හෝම කරණ ලද්දේ විපාක නැත. යහපත්කොට කරණ ලද, නපුරුකොට කරණ ලද, කර්‍මයන්ගේ ඵලයක් විපාකයක් නැත. මෙලොව නැත. පරලොව නැත. මවු නැත. පියා නැත. ඕපපාතික සත්ත්‍වයෝ නැත. යමෙක් මෙලොවද, පරලොවද, තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන, ප්‍රත්‍යක්‍ෂකොට දන්වත්ද, එබඳු ලෝකයෙහි යහපත් මාර්‍ගයට ගියාවූ, යහපත් මාර්‍ගයට පැමිණි, ශ්‍රමණ බ්‍රාහ්මණයන් නැතැයි පෙරළුනු දැකීම් ඇති, මිත්‍ථ්‍යාදෘෂ්ටිකයෙක් නොවේද, චුන්‍දය, මෙසේ වනාහි සිතේ ත්‍රිවිධ පිරිසිදුකම දතයුතුයි.“චුන්‍දය, මේ දශ කුශල කර්‍ම පථයෙන් යුක්තවීම හේතුකොට ගෙන දෙවියෝ පෙනෙත්. මනුෂ්‍යයෝ පෙනෙත්. යම් අන්කිසි සුගතීහු පෙනෙත්. මෙසේ වදාළ කල්හි චුන්‍ද කර්මාර පුත්‍ර තෙම (මෙහි 3 අඞ්ගුත්තර නිකායේ 7 නිපාතයේ 7 වර්‍ගයේ 13 සූත්‍රයේ 27 ඡේදය යෙදිය යුතුයි.)

AN 10-17-11. (ජානුස්සෝණී)
පෙතදාන සූත්‍රය

§ 1. “දිනෙක ජානුස්සෝණී බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ සොයා පැමිණ,භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිට මෙසේ කීය.,

“පින්වත් ගෞතමයන් වහන්ස, අපි බ්‍රාහ්මණයෝ වෙමු. ‘මේ දානය පරලොව ගිය නෑ සහ ලේ නෑයන්ට පැමිණේවා. මේ දානය පරලොව ගිය නෑ සහ ලේ නෑයෝ වළඳත්වා’ යි පතමින් අපි දන් දෙමු. මතක බත් දෙමු. පින්වත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද, ඒ දානය පරලොව ගිය ඒ නෑ සහ ලේ නෑයන්ට ලැබෙත් ද?, කිමෙක්ද, පරලොව ගිය ඒ නෑ සහ ලේ නෑයන්ට ඒ දානයේ ඵලයක් පැමිණේදැ” යි ඇසීය.

“බමුණ, ස්ථානයෙහි ලැබෙයි. අස්ථානයෙහි නොලැබේය” යි වදාළ සේක.
“භවත් ගෞතමයන් වහන්ස, ස්ථානය කවරේද, අස්ථානය කවරේදැ” යි බ්‍රාහ්මණ තෙමේ ඇසූයේය.

§ 2, “බමුණ, මේ ලෝකයෙහි ඇතැමෙක් සතුන් මරන්නේ වේද, අන් සතු දේ ගන්නේ වේද, කාමයෙහි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, කේළාම් කියන්නේ වේද, ඵරුෂ වචන කියන්නේ වේද, ප්‍රලාප දොඩන්නේ වේද, විෂම ලෝභය ඇත්තේ වේද, කෝපවූ සිත් ඇත්තේ වේද, මිත්‍යාදෘෂ්ටික වේද, ඔහු කරජකායයාගේ (ශරීරය) බිඳීමෙන් මරණින් මතු නරකයෙහි උපදී. නරකයෙහි සත්ත්‍වයන්ගේ යම් කිසි ආහාරයක් වේද, හෙතෙම එහිදී ඉන් යැපෙයි. ඉන් යැපෙමින් හෙතෙම එහි සිටියි. ඔබ දෙන දානයෙන් ඔහුට ඵලක් නොලැබෙන අස්තානයක් වේ නම් මේ එම අස්තානයකි.

§ 3. “බමුණ, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සතුන් මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයෙහි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, කේළාම් කියන්නේ වේද, ඵරුෂ වචන කියන්නේ වේද, ප්‍රලාප දොඩන්නේ වේද, විෂම ලෝභය ඇත්තේ වේද, කෝපවූ සිත් ඇත්තේ වේද, මිත්‍යාදෘෂ්ටික වේද, හෙතෙම ශරීරය බිඳීමෙන් මරණින් මතු තිරිසන් අපායෙහි උපදී. තිරිසන් යෝනියෙහි සත්ත්‍වයන්ට යමක් ආහාර වේද, ඉන් හෙතෙම එහි යැපෙයි.එසේ යැපෙමින් ඉන් ඔහු එහි සිටියි. ඔබ දෙන දානයෙන් ඔහුට ඵලක් නොලැබෙන අස්තානයක් වේ නම් මේ එම අස්තානයකි..

§4 . “බමුණ, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සතුන් මැරීමෙන් වෙන්වූයේ වේද, නුදුන් දේ ගැනී මෙන් වෙන්වූයේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූයේ වේද, බොරු කීමෙන් වෙන්වූයේ වේද, කේළාම් කීමෙන් වෙන්වූයේ වේද, ඵරුෂ වචනයෙන් වෙන්වූයේ වේද, ප්‍රලාප දෙඩීමෙන් වෙන්වූයේ වේද, විෂම ලෝභය නැත්තේ වේද, ක්‍රෝධ සිත් නැත්තේ වේද, සම්‍යක්දෘෂ්ටිකද, හෙතෙම ශරීරය බිඳීමෙන් මරණින් මතු මනුෂ්‍යයන් අතර උපදී. මනුෂ්‍යයන්ගේ යමක් ආහාර වේද, ඉන් හෙතෙම එහි යැපෙයි. ඉන් ඔහු එහි සිටියි. ඔබ දෙන දානයෙන් ඔහුට ඵලක් නොලැබෙන අස්තානයක් වේ නම් මේ එම අස්තානයකි.

§ 5, “බමුණ, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සතුන් මැරීමෙන් වෙන්වූයේ වේද, නුදුන් දේ ගැනී මෙන් වෙන්වූයේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූයේ වේද, බොරු කීමෙන් වෙන්වූයේ වේද, කේළාම් කීමෙන් වෙන්වූයේ වේද, ඵරුෂ වචනයෙන් වෙන්වූයේ වේද, ප්‍රලාප දෙඩීමෙන් වෙන්වූයේ වේද, විෂම ලෝභය නැත්තේ වේද, ක්‍රෝධ සිත් නැත්තේ වේද, සම්‍යක්දෘෂ්ටිකද, හෙතෙම ශරීරය බිඳීමෙන් මරණින් මතු දෙවියන් අතර උපත ලබයි. දෙවියන්ගේ යම් ආහාරයක් වේද, ඉන් හෙතෙම එහි යැපෙයි. ඉන් ඔහු එහි සිටියි. ඔබ දෙන දානයෙන් ඔහුට ඵලක් නොලැබෙන අස්තානයක් වේ නම් මේ එම අස්තානයකි.

§ 6. “බමුණ, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සතුන් මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයෙහි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, කේළාම් කියන්නේ වේද, ඵරුෂ වචන කියන්නේ වේද, ප්‍රලාප දොඩන්නේ වේද, දැඩි ලෝභකම ඇත්තේ වේද, කෝපවූ සිත් ඇත්තේ වේද, මිත්‍යාදෘෂ්ටික වේද, හෙතෙම ශරීරය බිඳීමෙන් මරණින් මතු ප්‍රෙත ලෝකයෙහි උපදී. ප්‍රේත ලෝකයට ගිය සත්ත්‍වයන්ගේ ආහාරය යමක්ද, ඉන් හෙතෙම එහි යැපෙයි. ඉන් හෙතෙම එහි සිටියි. ඔහුගේ මිත්‍රයෙක්, අමාත්‍යයෙක් හෝ නෑයෝ හෝ සහලේ නෑයෝ හෝ මෙයින් යමක් පමුණුවත්ද, ඉන් හෙතෙම එහි යැපෙයි. ඉන් හෙතෙම එහි සිටී. ඔබ දෙන දානයෙන් ඔහුට ඵලක් නොලැබෙන අස්තානයක් වේ නම් මේ එම අස්තානයකි.”

§ 7. “භවත් ගෞතමයන් වහන්ස, ඉදින් ඒ නෑ සහ ලේ නෑ ඒ ප්‍රේතයන් එතැනට නොපැමිණියේ නම් සවරෙක් ඒ දානය වළඳාදැ” යි ඇසීය.
“බමුණ, ඔහුගේ අනිකුත් නෑ සහලේ නෑ ප්‍රේතයෝ එතැනට පැමිණියාහුද, ඔවුහු ඒ දානය වළඳත්ය” යි වදාළ සේක.
“භවත් ගෞතමයන් වහන්ස, ඉදින් නෑ සහලේ නෑ ඒ ප්‍රේතයන්ද එතැනට නොපැමිණියේ වේද, නෑ සහලේ නෑ අනිකුදු ප්‍රේතයෝ එතැනට නොපැමිණියාහු වෙත්ද, කවරෙක් ඒ දානය වළඳාදැ” යි ඇසීය.
“බමුණ, මෙපමණ දීර්‍ඝ කාලයකින් යම් මේ නෑ සහලේ නෑ ප්‍රේතයන්ගෙන් යම් ඒ තැන හිස්වූයේ වේද, මෙය නොසිදුවන්නකි. එයට ඉඩක් නැත. බ්‍රාහ්මණය, ඇරත් දානය දීම දායකයාටද නිෂ්ඵල නොවන්නේය.”

§ 8. “පින්වත් ගෞතමයන් වහන්ස!
අස්ථානහි උපදනාවූ උනාට වුනට අප දෙන්නාවූ දානයෙන් ඵලයක් නොවෙමද?
බමුණ, අස්තානයේ දීද දාන ඵල පරිකල්පය මෙසේ වදාරමි, කෙසේද යත්

බමුණ,
මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සතුන් මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයෙහි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, කේළාම් කියන්නේ වේද, ඵරුෂ වචන කියන්නේ වේද, ප්‍රලාප දොඩන්නේ වේද, විෂම ලෝභය ඇත්තේ වේද, කෝප වන්නා වූ සිත් ඇත්තේ වේද, මිත්‍යා දෘෂ්ටික වේද, හෙතෙම ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ ආහාරපාන, වස්ත්‍ර, යාන, වාහන, මල්ගඳ විලවුන්, සයනාසන, ආවාස, පහන් දෙන්නේ වේද, හෙතෙම ශරීරය බිඳීමෙන් මරණින් මතු ඇතුන් අතරෙහි උපදී. එනමුත් හෙතෙම තොපගේ දානය නිසා එහිදී ආහාර පාන නොයෙක් මල්මාලා සැරසීම ලබන්නේ වේ.

§ 9. “බමුණ, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සතුන් මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයෙහි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, කේළාම් කියන්නේ වේද, ඵරුෂ වචන කියන්නේ වේද, ප්‍රලාප දොඩන්නේ වේද, විෂම ලෝභකම ඇත්තේ වේද, කෝපවූ සිත් ඇත්තේ වේද, මිත්‍යාදෘෂ්ටික වේද, හෙතෙම ඉන් කායයාගේ බිඳීමෙන් මරණින් මතු ඇතුන් අතරෙහි උපදීද, හෙතෙම ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ ආහාරපාන, වස්ත්‍ර, යාන, වාහන, මල්ගඳ විලවුන්, සයනාසන, ආවාස, පහන් දෙන්නේ වේද, ඉන් හෙතෙම එහි ආහාරපාන, නොයෙක් මල්මාලා සැරසීම ලබන්නේ වේ.

“බමුණ, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සතුන් මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයෙහි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, කේළාම් කියන්නේ වේද, ඵරුෂ වචන කියන්නේ වේද, ප්‍රලාප දොඩන්නේ වේද, දැඩි ලෝභකම ඇත්තේ වේද, කෝපවූ සිත් ඇත්තේ වේද, මිත්‍යාදෘෂ්ටික වේද, හෙතෙම ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ ආහාරපාන, වස්ත්‍ර, යාන, වාහන, මල්ගඳ විලවුන්, සයනාසන, ආවාස, පහන් දෙන්නේ වේද, හෙතෙම කායයාගේ බිඳීමෙන් මරණින් මතු අශ්වයන් අතරෙහි උපදී.

§ “බමුණ, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සතුන් මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයෙහි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, කේළාම් කියන්නේ වේද, ඵරුෂ වචන කියන්නේ වේද, ප්‍රලාප දොඩන්නේ වේද, දැඩි ලෝභකම ඇත්තේ වේද, කෝපවූ සිත් ඇත්තේ වේද, මිත්‍යාදෘෂ්ටික වේද, හෙතෙම ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ ආහාරපාන, වස්ත්‍ර, යාන, වාහන, මල්ගඳ විලවුන්, සයනාසන, ආවාස, පහන් දෙන්නේ වේද, හෙතෙම කායයාගේ බිඳීමෙන් මරණින් මතු ගවයන් අතරෙහි උපදී.

“බමුණ, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සතුන් මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයෙහි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, කේළාම් කියන්නේ වේද, ඵරුෂ වචන කියන්නේ වේද, ප්‍රලාප දොඩන්නේ වේද, දැඩි ලෝභකම ඇත්තේ වේද, කෝපවූ සිත් ඇත්තේ වේද, මිත්‍යාදෘෂ්ටික වේද, හෙතෙම ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ ආහාරපාන, වස්ත්‍ර, යාන, වාහන, මල්ගඳ විලවුන්, සයනාසන, ආවාස, පහන් දෙන්නේ වේද, ඒ කරණකොට හෙතෙම බල්ලන් හා උපදී.

“බමුණ, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සතුන් මැරීමෙන් වෙන්වූයේ වේද, නුදුන් දේ ගැනී මෙන් වෙන්වූයේ වේද, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වූයේ වේද, බොරු කීමෙන් වෙන්වූයේ වේද, කේළාම් කීමෙන් වෙන්වූයේ වේද, ඵරුෂ වචන කීමෙන් වෙන්වූයේ වේද, හිස් වචන කීමෙන් වෙන්වූයේ වේද, විෂම ලෝභය නැත්තේ වේද, ක්‍රෝධ සිත් නැත්තේ වේද, නිවැරැදි දැක්ම ඇත්තේ වේද, එයින් හෙතෙම ශරීරය බිඳීමෙන් මරණින් පසු මිනිස් ලොව උපදී නම් . හෙතෙම මහණ බමුණන්ට යම් කෑමක්, බීමක්, වස්ත්‍රයක්, වාහනයක්, මල්-සුවඳ-විලවුන්, ඇඳන්, ගෙවල්, පහන් දෙන්නේ වේද, එයින් හෙතෙම එහි මනුෂ්‍යවූ පස්-කම් ගුණ ලබන්නේ වේ.

“බමුණ, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සතුන් මැරීමෙන් වෙන්වූයේ වේද, නුදුන් දේ ගැනී මෙන් වෙන්වූයේ වේද, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වූයේ වේද, බොරු කීමෙන් වෙන්වූයේ වේද, කේළාම් කීමෙන් වෙන්වූයේ වේද, ඵරුෂ වචන කීමෙන් වෙන්වූයේ වේද, හිස් වචන කීමෙන් වෙන්වූයේ වේද, දැඩි ලෝභකම නැත්තේ වේද, ක්‍රෝධ සිත් නැත්තේ වේද, නිවැරැදි දැක්ම ඇත්තේ වේද, එයින් හෙතෙම ශරීරය බිඳීමෙන් මරණින් පසු“දෙවියන් අතර උපදී. දිව්‍යවූ පස්-කම් ගුණ ලබන්නේ වේ.

“බ්‍රාහ්මණය, ඇරත් දායකයාටද නිෂ්ඵල නොවේ.“පින්වත් ගෞතමයන් වහන්ස, පුදුමයි, අද්භූතයි. පින්වත් ගෞතමයන් වහන්ස, යමකදී දායක තෙමේ නිෂ්ඵලවූයෙක් වේද, (එවැනි) දානයන් දීමෙන් කම් නැත්මය. මළවුන් පිදීමෙන් කම් නැත.

“බ්‍රාහ්මණය, මෙය මෙසේමයි. බ්‍රාහ්මණය මෙය මෙසේමයි. බ්‍රාහ්මණය, දායකයාත් නිෂ්ඵලවූවෙක් නොවේ.”

“පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත, පින්වත් ගෞතමයන් වහන්ස, (මෙහි 3 අඞ්ගුත්තර නිකායේ 7 නිපාතයේ 7 වර්‍ගයේ 13 සූත්‍රයේ 27 ඡේදය යෙදිය යුතුයි.)

AN-10-04-උපාලි වර්‍ගය

AN-10-04-01 උපාලි දසත්‍ථවඝ සූත්‍රය

§ 1. ඉක්බිති ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත . පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිට භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.,

$2 .“ස්වාමීනි, කරුණු කීයක් නිසා තථාගතයන් වහන්සේ විසින් ශ්‍රාවකයන්ට ශික්‍ෂාපදය පනවන ලද්දේද, පාමොක් උදෙසන (පෝය ගේකදී පසළොස්වක්, අමාවක් දෙදින සංඝයා මැද එක්නමක් ශික්‍ෂා පද කීම) ලද්දේදැ” යි ඇසීය.

$3. “උපාලිය, කරුණු දහයක් නිසා තථාගතයන් විසින් ශ්‍රාවකයන්ට ශික්‍ෂාපදය පනවන ලදී. පාමොක් උදෙසන ලදී. කවර දසයක්ද යත්?

  • සංඝයාගේ යහපත් බව පිණිස,
  • සංඝයාගේ පහසුව පිණිස,
  • නිශ්ශබ්ද කිරීමට අපහසු පුද්ගලයන්ට නිග්‍රහ කිරීම පිණිස,
  • ශික්‍ෂාකාමී පුද්ගලයන්ගේ පහසු විහරණය පිණිස,
  • මේ ආත්මයෙහි වන ආශ්‍රවයන්ගේ සංවරය පිණිස,
  • පරලෙව්හි වන ආශ්‍රවයන්ගේ නැසීම පිණිස,
  • අප්‍රසන්නවූවන්ගේ ප්‍රසාදය පිණිස,
  • ප්‍රසන්නවූවන්ගේ වැඩි පැහැදීම පිණිස,
  • සද්‍ධර්මයාගේ පැවැත්ම පිණිස,
  • හික්මීමට උපකාර පිණිස,

උපාලිය,
මේ කරුණු දහය නිසා තථාගතයන් විසින් ශ්‍රාවකයන්ට ශිකඛාපද පනවන ලදී. ප්‍රාතිමොක්‍ෂය උදෙසන ලදී.”

AN-10-04-02.පාතිමොකඛඨපනා සූත්‍රය.

$ 1. “ස්වාමීනි, පාමොක් නැවැත්වීම කෙතෙක්ද?”

$2. “උපාලිය, පාමොක් නැවැත්වීම් දසයෙක. කවර දසයක්ද යත්?

  • “පාරාජිකාවූවෙක් ඒ පිරිසෙහි සිටියේ වේද,
  • පාරාජිකා කථාවක් කියා නතර කෙළේ වේද,
  • උපසපන් නුවූවෙක් ඒ පිරිසෙහි සිටියේ වේද,
  • අනුපසම්පන්නයෙකු ගැන කථාවක් කියා නතරකළේ වේද,
  • ශික්‍ෂා හැර දමූවෙක් ඒ පිරිසෙහි සිටියේ වේද,
  • ශික්‍ෂා හැර දැමූ කථාවක් කියා නතරවූයේ වේද,
  • නපුංසකයෙක් ඒ පිරිසෙහි සිටියේ වේද,
  • නපුංසක කථාවක් කියා නතරවූයේ වේද,
  • භික්‍ෂුණීන් දූෂ්‍ය කළ කෙනෙක් ඒ පිරිසෙහි සිටියේ වේද,
  • භික්‍ෂුණී දූසක කථාවත් කියා නතර කෙළේ වේද,

උපාලිය, මේ දසය පාමොක් නැවැත්විමය.”

AN-10-04-03. උබ්බාහිකා සූත්‍රය.

$ 1. “ස්වාමීනි, කවර ධර්මයන්ගෙන් යුක්තවූ මහණතෙම එසවීමකින් සම්මත කළ යුතුද?”
“උපාලිය, ධර්ම දහයකින් යුක්තවූ මහණතෙම එසවීමකින් සම්මත කළ යුතුය.
කවර දසයකින්ද යත්?

$ 2. “උපාලිය,

  • මේ ශාසනයෙහි මහණතෙම සිල්වත් වේද,
  • ප්‍රාතිමොක්‍ෂ සංවර ශීලයෙන් සංවරව වාසය කරයිද,
  • පිළිපැදීමෙන් හා අරමුණෙන් යුක්තද,
  • ස්වල්පමාත්‍ර වරදෙහිත් බිය දක්නා සුළු වේද,
  • ශික්‍ෂාපදයන් සමාදන්ව හික්මෙයිද,
  • ඇසූ දේ දරණ, ඇසූ දේ රැස්කරණ බහුශ්‍රුතයෙක් වේද,
  • යම් ඒ ධර්ම කෙනෙක් මුල යහපත්ද,
  • මැද යහපත්ද, අග යහපත්ද, අන්‍ර්‍ථ සහිතද, ව්‍යඤ්ජන සහිතද, හාත්පසින් පිරිසිදුද, පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යය කියත්ද, ඔහු එබඳු ධර්මයෝ බොහෝ අසක ලද්දාහු වෙත්. දරණ ලද්දාහු වෙත්. වචනයෙන් පුරුදු කරණ ලද්දාහු වෙත්. සිතින් බලන ලද්දාහු වෙත්. දෘෂ්ටියෙන් අවබෝධ කරණ ලද්දාහු වෙත්ද,
  • ඔහු ප්‍රාතිමොක්‍ෂ දෙක විස්තර වශයෙන්, සූත්‍ර වශයෙන්, ව්‍යඤ්ජන වශයෙන්, කට පාඩම් කළාහු වෙත්ද, බෙදන ලද්දාහු වෙත්. පවත්වන ලද්දාහු වෙත්. විනිශ්චය කරණ ලද්දාහු වෙත්. විනයෙහි සිටියේ නොසෙල්විය හැක්කේ වේ. හිතවතුන් සතුරු දෙදෙන හඟවන්ට, නැවත නැවත සිතා බලවන්ට, බලන්ට, පහදවන්ට, දක්‍ෂ වේ. ඇතිවන අධිකරණයන් සංසිඳවීමෙහි දක්‍ෂ වේ. අධිකරණය දනී. අධිකරණයට හේතුව දනී. අධිකරණ තීරණය දනී. අධිකරණ තීරණය කරණ ක්‍රමය දනී.

උපාලිය, මේ ධර්ම දහයෙන් යුක්තවු මහණතෙම එසවීමෙන් සම්මත කළ යුතුය.

AN-10-04-04. . උපසම්පාදෙතබ්බ සූත්‍රය .

$ 1. “ස්වාමීනි, කවර ධර්මයෙකින් යුක්තවූ මහණ විසින් උපසම්පදා කළ යුතුද?”

$ 2. “උපාලිය, දස ධර්මයකින් යුක්තවූ මහණහු විසින් උපසම්පදා කළ යුතුය. කවර දසයකින්ද යත්?
“උපාලිය,

  • මේ ශාසනයෙහි මහණතෙම සිල්වත් වේද,
  • ප්‍රාතිමොක්‍ෂ සංවරයෙන් සංවරව වාසය කරයිද,
  • පිළිපැදීමෙන් හා අරමුණෙන් යුක්තද,
  • ස්වල්පමාත්‍ර වරදෙහි බිය දක්නා සුළු වේද,
  • ශික්‍ෂාපදයන් සමාදන්ව හික්මෙයිද, ඇසූ දේ දරණ, ඇසූ දේ රැස්කරණ බහුශ්‍රුතයෙක් වේද,
  • යම් ධර්මයක් මුල යහපත්ද, මැද යහපත්ද, කෙළවර යහපත්ද, අන්‍ර්‍ථ සහිතද, ව්‍යඤ්ජන සහිතද, හාත්පසින් සම්පූර්‍ණද, පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙත්ද, එබඳු ධර්මයෝ ඔහු විසින් බොහෝ ලෙස අසන ලද්දාහු වෙත්ද, දරණ ලද්දාහු වෙත්ද, වචනයෙන් පුරුදු කරණ ලද්දාහු වෙත්ද, සිතින් බලන ලද්දාහු වෙත්ද, දෘෂ්ටියෙන් අවබෝධ කරණ ලද්දාහු වෙත්ද,
  • ඔහු විසින් ප්‍රාතිමොක්‍ෂය මනාකොට විස්තර වශයෙන් බෙදන ලද්දාහු වෙත්ද, පවත්වන ලද්දාහු වෙත්ද, විනිශ්චය කරණ ලද්ාහු වෙත්ද, සූත්‍ර වශයෙන්, අනු ව්‍යඤ්ජන වශයෙන්, කට පාඩම් කළාහු වෙත්ද,
  • ගිලනාට උපස්ථාන කරන්නාට හෝ උපස්ථාන කරවන්නට දක්‍ෂ වේද.
  • නොඇල්ම සංසිඳුවන්නට හෝ, සංසිඳුවන්නට හෝ දක්‍ෂ වේද.
  • උපන් කුකුස ධර්මයෙන් දුරු කරන්නට දක්‍ෂ වේ. උපන් දෘෂ්ටීන් ධර්මයෙන් විවේචනය කරන්නට දක්‍ෂ වේද. උපන් ශීලය සමාදන් කරවන්නට දක්‍ෂ වේ. ශ්‍රේෂ්ඨ චිත්තයෙහි සමාදන් කරවන්නට දක්‍ෂ වේ. ශ්‍රේෂ්ඨ ප්‍රඥාවෙහි සමාදන් කරවන්නට දක්‍ෂ වේද.

උපාලිය, මේ දස ධර්මයෙන් යුක්තවූ මහණහු විසින් උපසම්පදා කළ යුතුය.”

AN-10-04-05. නිස්සයදාන සූත්‍රය

$ 1. “ස්වාමීනි, කවර ධර්මයන්ගෙන් යුත් මහණහු විසින් ඇසුරුකොට විසිය යුතුද?”

$2. “උපාලිය, දස ධර්මයන්ගෙන් යුත් මහණ විසින් ඇසුරුකොට විසිය යුතුය.
කවර දසයකින්ද යත්?”

$3. “උපාලිය, මේ ශාසනයෙහි

  • මහණතෙම සිල්වත් වේද, ප්‍රාතිමොක්‍ෂ සංවරයෙන් සංවරව වාසය කරයිද,
  • පිළිපැදීමෙන් හා අරමුණෙන් යුක්තද, ස්වල්පමාත්‍ර වරදෙහි බිය දක්නා සුළු වේද, ශික්‍ෂාපදයන් සමාදන්ව හික්මෙයිද, ඇසූ දේ දරණ, ඇසූ දේ රැස්කරණ බහුශ්‍රුතයෙක් වේද,
  • ධර්මයක් මුල යහපත්ද, මැද යහපත්ද, කෙළවර යහපත්ද, අන්‍ර්‍ථ සහිතද, ව්‍යඤ්ජන සහිතද, හාත්පසින් සම්පූර්‍ණද, පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙත්ද, එබඳු ධර්මයෝ ඔහු විසින් බොහෝ අසක ලද්දාහු වෙත්ද, දරණ ලද්දාහු වෙත්ද, වචනයෙන් පුරුදු කරණ ලද්දාහු වෙත්ද, සිතින් බලන ලද්දාහු වෙත්ද, දෘෂ්ටියෙන් අවබෝධ කරණ ලද්දාහු වෙත්ද,
  • ඔහු විසින් ප්‍රාතිමොක්‍ෂය මනාකොට විස්තර වශයෙන් බෙදන ලද්දාහු වෙත්ද, පවත්වන ලද්දාහු වෙත්ද, විනිශ්චය කරණ ලද්දාහු වෙත්ද, සූත්‍ර වශයෙන්, අනු ව්‍යඤ්ජන වශයෙන්, කට පාඩම් කළාහු වෙත්ද,
  • ගිලනාට උපස්ථාන කරන්නාට හෝ උපස්ථාන කරවන්නට දක්‍ෂ වේ.
  • නොඇල්ම සංසිඳුවන්නට හෝ, සංසිඳුවන්නට හෝ දක්‍ෂ වේ.
  • උපන් කුකුස ධර්මයෙන් දුරු කරන්නට දක්‍ෂ වේ. උපන් දෘෂ්ටීන් ධර්මයෙන් විවේචනය කරන්නට දක්‍ෂ වේ. උපන් ශීලය සමාදන් කරවන්නට දක්‍ෂ වේ. ශ්‍රේෂ්ඨ චිත්තයෙහි සමාදන් කරවන්නට දක්‍ෂ වේ. ශ්‍රේෂ්ඨ ප්‍රඥාවෙහි සමාදන් කරවන්නට දක්‍ෂ වේ.

උපාලිය, මේ දස ධර්මයෙන් යුක්තවූ මහණහු විසින් උපසම්පදා කළ යුතුය.”

AN-10-04-06. සාමණෙරුපඨාන සූත්‍රය

“ස්වාමීනි, සංඝභෙදය, සංඝභෙදයයි කියයි. ස්වාමීනි, කොපමණකින් සංඝයා බිඳුනේ වේද?”

“උපාලිය,
මේ ශාසනයෙහි මහණතෙම

  • අධර්මය, ධර්මයයි ප්‍රකාශ කරත්ද, ධර්මය, අධර්මයයයි ප්‍රකාශ කරත්ද, විනය නොවූවක්, විනයයයි ප්‍රකාශ කෙරෙත්ද, විනය, විනය නොවේයයි ප්‍රකාශ කෙරෙත්ද,
  • තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලද්ද, නොකියන ලද්ද, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්දේයයි, කියන ලද්දේයයි ප්‍රකාශ කරත්ද.
  • තථාගතයන් වහන්සේ විසින් නොපුරුදු කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්දේයයි ප්‍රකාශ කරත්ද. තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පුරුදු නොකරණ ලද්දේයයි ප්‍රකාශ කරත්ද.
  • තථාගතයන් වහන්සේ විසින් නොපනවන ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පනවන ලද්දේයයි ප්‍රකාශ කරත්ද.
  • තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් නොපුරුදු කරණ ලද්දේයයි ප්‍රකාශ කරත්ද.
  • ඔවුහු මේ දස වස්තූන්ගෙන් පස්සට හෝ, ඉවතට අදීද. වචනයෙන් අදිත්ද.
  • වෙන් වෙන් කර්ම කරත්ද. වෙන් වෙන්ව ප්‍රාතිමොක්‍ෂ දෙසත්ද.

උපාලිය, මෙපමණකින් සංඝයා බිඳුනේ වේ.”

AN-10-04-07 උපාලි සංඝභෙද සූත්‍රය

පුජ්‍ය ලේනව මංගල හිමි කල සුත්රාන්ත දේසනාව

“ස්වාමීනි, සංඝභෙදය, සංඝභෙදයයි කියයි. ස්වාමීනි, කොපමණකින් සංඝයා බිඳුනේ වේද?”

“උපාලිය, මේ ශාසනයෙහි මහණතෙම

  • අධර්මය, ධර්මයයි ප්‍රකාශ කරත්ද, ධර්මය, අධර්මයයයි ප්‍රකාශ කරත්ද,
  • විනය නොවූවක්, විනයයයි ප්‍රකාශ කෙරෙත්ද, විනය, විනය නොවේයයි ප්‍රකාශ කෙරෙත්ද,
  • තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලද්ද, නොකියන ලද්ද, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්දේයයි, කියන ලද්දේයයි ප්‍රකාශ කරත්ද.
  • තථාගතයන් වහන්සේ විසින් නොපුරුදු කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්දේයයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පුරුදු නොකරණ ලද්දේයයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් නොපනවන ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පනවන ලද්දේයයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් නොපුරුදු කරණ ලද්දේයයි ප්‍රකාශ කරත්. ඔවුහු මේ දස වස්තූන්ගෙන් පස්සට හෝ, ඉවතට අදී.

වචනයෙන් අදිත්. වෙන් වෙන් කර්ම කරත්. වෙන් වෙන්ව ප්‍රාතිමොක්‍ෂ දෙසත්. උපාලිය, මෙපමණකින් සංඝයා බිඳුනේ වේ.”

AN-10-04-08. උපාලි සාමග්ගි සූත්‍රය

“ස්වාමීනි, සංඝ සාමග්‍රීය, සංඝ සාමග්‍රීයයි කියයි. ස්වාමීනි, කොපමණකින් සංඝයා සමගිවුනේ වේද?”

“උපාලිය,
මේ ශාසනයෙහි මහණතෙම

  • අධර්මය, අධර්මයයි ප්‍රකාශ කරත්ද, ධර්මය, ධර්මයයයි ප්‍රකාශ කරත්ද, විනය නොවූවක්, විනයයයි ප්‍රකාශ නොකරත්ද, විනය, විනයයයි ප්‍රකාශ කරත්ද,
  • තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලද්ද, නොකියන ලද්ද, තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලදී, නොකියන ලදීයයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් කියන ලද්ද, ප්‍රකාශ කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් කියන ලදැයි, ප්‍රකාශ කරණ ලදැයි ප්‍රකාශ කරත්.
  • තථාගතයන් වහන්සේ විසින් පුරුදු නොකරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පුරුදු නොකරණ ලදැයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලදැයි ප්‍රකාශ කරත්.
  • තථාගතයන් වහන්සේ විසින් නොපනවන ලද්ද, තථාගතයන් වහන්සේ විසින් නොපනවන ලද්දේයයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් පනවන ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පනවන ලද්දේයයි ප්‍රකාශ කරත්.
  • මේ දස වස්තූන්ගෙන් පස්සට හෝ, ඉවතට නොඅදියි. වෙන් වෙන් කර්ම නොකරත්. වෙන් වෙන්ව ප්‍රාතිමොක්‍ෂය දේශනා නොකරත්.

උපාලිය, මෙපමණකින් සංඝයා සමගිවූයේ වේ.”

AN-10-04-09. ආනන්‍ද සංඝභෙද සූත්‍රය

“ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පස්ව සිටියහ. එකත්පසෙක සිටි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, සංඝභෙදය සංඝභෙදයයි කියනු ලැබේ. ස්වාමිනි, කොපමණකින් සංඝයා බිඳුනේ වේද?”“ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම අධර්මය, ධර්මයයි ප්‍රකාශ කරත්ද, ධර්මය, අධර්මයයයි ප්‍රකාශ කරත්ද, විනය නොවූවක්, විනයයයි ප්‍රකාශ කෙරෙත්ද, විනය, විනය නොවේයයි ප්‍රකාශ කෙරෙත්ද, තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලද්ද, නොකියන ලද්ද, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්දේයයි, කියන ලද්දේයයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් නොපුරුදු කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්දේයයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පුරුදු නොකරණ ලද්දේයයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් නොපනවන ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පනවන ලද්දේයයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් නොපුරුදු කරණ ලද්දේයයි ප්‍රකාශ කරත්. ඔවුහු මේ දස වස්තූන්ගෙන් පස්සට හෝ, ඉවතට අදී. වචනයෙන් අදිත්. වෙන් වෙන් කර්ම කරත්. වෙන් වෙන්ව ප්‍රාතිමොක්‍ෂ දෙසත්. ආනන්‍දය, මෙපමණකින් සංඝයා බිඳුනේ වේ.”“ස්වාමීනි, සමගි සංඝයා බිඳ, හෙතෙම කුමක් රැස් කරයිද?” – “ආනන්‍දය, කල්පයක් පවතින නපුරු දුකක් රැස් කරයි.”“ස්වාමිනි, කල්පස්ථායී නපුරු දුක කවරේද?” – “ආනන්‍දය, කල්පයක් නරකයෙහි පැසීමයි.”“සංඝභෙද කර්මය අපායට යවයි. නිරයට යවයි. කොටස්හි ඇලුනු, අවැඩෙහි ඇලුන තැනැත්තේ නිවණින් ඈත් වෙයි. සමගි සංඝයා බිඳ කල්පයක් නිරයෙහි පැසෙයි.”

AN-10-04-10. ආනන්‍දසාමග්ගි සූත්‍රය

“ස්වාමීනි, සංඝසාමග්‍රිය, සංඝ සාමග්‍රියයයි කියයි. ස්වාමිනි, නොපමණකින් සංඝ සාමග්‍රිය වේද?”“ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම අධර්මය, අධර්මයයි ප්‍රකාශ කරත්ද, ධර්මය, ධර්මයයයි ප්‍රකාශ කරත්ද, විනය නොවූවක්, විනයයයි ප්‍රකාශ නොකරත්ද, විනය, විනයයයි ප්‍රකාශ කරත්ද, තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලද්ද, නොකියන ලද්ද, තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලදී, නොකියන ලදීයයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් කියන ලද්ද, ප්‍රකාශ කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් කියන ලදැයි, ප්‍රකාශ කරණ ලදැයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් පුරුදු නොකරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පුරුදු නොකරණ ලදැයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලදැයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් නොපනවන ලද්ද, තථාගතයන් වහන්සේ විසින් නොපනවන ලද්දේයයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් පනවන ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පනවන ලද්දේයයි ප්‍රකාශ කරත්. මේ දස වස්තූන්ගෙන් පස්සට හෝ, ඉවතට නොඅදියි. වෙන් වෙන් කර්ම නොකරත්. වෙන් වෙන්ව ප්‍රාතිමොක්‍ෂය දේශනා නොකරත්. ආනන්‍දය, මෙපමණකින් සංඝයා සමගිවූයේ වේ.”“ස්වාමීනි, බිදුනු සංඝයා සමගිකර හෙතෙම කුමක් රැස් කරයිද?”“ආනන්‍දය, බ්‍රහ්ම පිනක් රැස් කරයි.”“ස්වාමීනි, බ්‍රහ්ම පින කවරේද?”“ආනන්‍දය, කල්පයක් ස්වර්‍ගයෙහි සතුටුවීමයි.”“සංඝ සාමග්‍රියද, සමගිවූවන්ට අනුග්‍රහ කිරීමද, සැපය. සමගියෙහි ඇලුනු, ධර්මයෙහි පිහිටි තැනැත්තේ නිවණින් ඈත් නොවෙයි. සංඝයා සමගිකොට කල්පයක් ස්වර්ගයෙහි සතුටු වේ.”

MN 02- 01- 10. අපන්නක සුත්‍රය

[සටහන:
බුද්ධගෝෂ මහා තෙරුන් “අවිරුද්ධ අද්වෙජගාමි  ඒක සංගහිකෝ ” යනුවෙන් තේරුම් කරයි  ඒ අනුව  අපන්නක පිළිවෙත යන්න “අවිරුද්ධ ප්‍රතිපත්තිය” ලෙස දළ වශයෙන් පරිවර්තනය කර ඇත. මේ සුත්‍රයෙන් භාග්ව‍යතුන් වහන්සේ විසඳූ ශාලා ගම් වැසි බ්‍රාහ්මණයන්ගේ ප්‍රශ්නය අදත් ලෝකයේ මිනිසුන් අතර ඇත. අද බොහෝ බෞද්ධයන් පවා කර්මය, කර්ම ඵල, පුනර්භවය විශ්වාස නොකරති. අපාය ඇත්තේ මනුෂ්‍ය ලෝකයේම යයි කියති. ඒ ගැන වාද විවාද කරති. සැබෑ ශ්‍රාවකයෙක් කෙසේ ඊට මුහුණ දිය යුතු දැයි භාග්‍යවතුන් වහන්සේ මේ සුත්‍රයේ දී දක්වා වදාරා ඇත
.]

ගහපති වග්ගය

§ 1. මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ බොහෝ භික්ෂූ සංඝයා සමග චාරිකාවෙහි හැසිරෙන්නේ කොසොල් දනව් වැස්සන්ගේ ‘ශාලා’නම් බමුණුගමට වැඩිසේක.

§ 2. ශාලා ගම්වැසි බ්‍රාහ්මණ ගෘහපතීහු ශාක්‍යපුත්‍රවූ ශාක්‍ය වංශයෙන් පැවිදිවූ ශ්‍රමණ භවත් ගෞතමයන් මහත්වූ භික්ෂු සංඝයා සමග ශාලා ගමට පැමිණියේය. උන් වහන්සේ පිලිබඳ අති මහත් කීර්ති  ඝෝෂා ප්‍රශංසා සියලු තැන පැතිර ඇත්තේය. කෙබඳු කීර්තියක් ද යත් :
“ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත්හ, සම්‍යක් සම්බුද්ධයහ අෂ්ටවිද්‍යා පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්තය. යහපත් ගති ඇත්තාහ. සියලු ලෝකයන් දන්නාහ. ශ්‍රෙෂ්ඨයහ. හික්මවිය යුතු පුරුෂයන් හික්ම වීමෙහි දක්ෂය. දෙවි මිනිසුන්ට ශාස්තෘහ, චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මයන් අවබොධ කළහ. භාග්‍යවත්හ. ඒ තථාගතයන්වහන්සේ දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ දෙවි මිනිසුන් සහිතවූ, සත්ව වර්ගයා තමන්ගේ උසස් ඤාණයෙන් දැන පැහැදිලිකොට ප්‍රකාශ කරන්නාහ. ඒ තථාගතයන් වහන්සේ මුල යහපත්වූ, මැද යහපත්වූ අර්ථ සහිතවූ, බ්‍යංජන සහිතවූ, සියලු ලෙසින් සම්පූර්ණවූ, පිරිසිදුවූ ශාසන මාර්ග බ්‍රහ්මචරියාව ගෙන හැර දක්වති. එබඳුවූ රහතුන්ගේ දැකුම් යහපත්ය

§ 3. ඉක්බිති ශාලා ගම්වැසි බ්‍රාහ්මණ ගෘහපතීහු භාග්‍යවතුන් වහන්සේ වැඩ හුන්  තැනට  පැමිනියහ., සමහරු භාග්‍යවතුන් වහන්සේට වැඳ එක පැත්තක හුන්නාහුය. සමහරු භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය යුතුවූ සිහි කටයුතුවූ කථා කොට නිමවා එක පැත්තක උන්හ. සමහරු භාග්‍යවතුන් වහන්සේ වැඩ හුන් දෙසට ඇඳිලි බැඳ (අත් එකට තබා වැඳ) එක පැත්තක උන්හ. සමහරු භාග්‍යවතුන් වහන්සේට සිය නාම ගොත්‍ර කියා තමන් හඳුන්වා දී එක පැත්තක උන්හ. සමහරු නිශ්ශබ්දවම එක පැත්තක උන්හ.

§ 4. එසේ උන්නාවූ  බ්‍රාහ්මණ ගෘහපතියන්ගෙන් භාග්‍යවතුන්වහන්සේ මෙසේ අසා වදාළේය “ගෘහපතියෙනි, කිසියම් ශාස්තෘවරයෙක් ගේ ධර්මයක් අසා ඔහු   කෙරෙහි නුඹලාගේ ශ්‍රද්ධාවක් හටගත් යම් ගුරුවරයෙක්  ඇත්තේද? , තොපට එබඳු ලෙස මනාපවූ කිසියම් ශාස්තෘවරයෙක් ඇත්තේද?”619

[619: සාලා ගම පිහිටියේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් බොහෝ දෙනෙක් හුදෙකලාව භාවනාව පිණිස යන මහා වනාන්තරයක් මායිම්ව ඒ වනයට ඇතුල්වන වන මං පෙත අසල බැවින් බොහෝ ශ්‍රමණයන් වනයට ඇතුළුවීමට පෙර රාත්‍රිය සාලා ගමේ ගත කරයි. ඔවුන් සිය දර්ශනයන්, මතයන් , වාද ගම වැසියන්ට ඉදිරිපත් කිරීම සිරිතක් ලෙස සිදු වීය. සිය අදහස් වාදය ඉදිරිපත් කරන ඔවුන් සැම විටම අන්‍ය ගුරුන් ගේ මත හෙලා දකිමින් සිය මතය දර්ශනය පමණක් නිවැරදි බවත් කීම සාමාන්‍ය ස්වභාවයයි. මේ දේශනා අසන්නෝ කව්රුන් හරිද කව්රුන් වැරදිද යයි තෝරා ගන්නට නොහැකිව අන්දුන් කුන්දුන් ව ගියහ. භාග්‍යවතුන් වහන්සේ මේ පිරිසට මෙම ප්‍රශ්නය ඉදිරිපත් කලේ මේ කරුණ දන්නා නිසාමය.]

“ස්වාමීනි, අප ඇසු දෙසනා අනුව නම් පිළිගත හැකි ධර්මයක් දේසනා කරන, අප තුල ඒ නිසා ඔහු කෙරෙහි ශ්‍රද්ධාවක් ඇති වෙන සුළු ශාස්තෘවරයෙකු හෝ ආචාර්යවරයෙකු  නැත්තේය.”
“එසේ නම් ගෘහපතියෙනි, මනාපවූ ශාස්තෘවරයෙකු නොලැබූ තොප විසින් මේ ඒකාන්තවූ අපන්නක620 ධර්මය
පිළිපැදීම, සුදුසු යැයි මම දේශනා කරමි.

[620:- අපන්නක ධර්ම කවරෙකුට හෝ විරුද්ධ විය නොහැකි විකෘති කල නොහෙන සියල්ලන්ට ගැලපෙන යන අරුත් මේ අපන්නක යන වචනයට අටුවාචාරීන් වහන්සේලා දී ඇත. අවිරුද්ධෝ අද්වෙජ්ජගාමි එකම් සන්ඝහිකෝ ]

තොප එසේ අපන්නක ධර්මය සමාදන්ව හිඳුම මනාය. ගෘහපතියෙනි, ඒ අපන්නක ධර්මය සම්පූර්ණ කරන ලද්දේ නම් සමාදන් වන ලද්දේ නම් එය තොපට බොහෝ කලක් හිත පිණිස සැප පිණිස වන්නේය.
[බුද්ධකාලීන අන්‍ය ශාස්තෘන්ගේ විශේෂයෙන්ම මක්කලි ගෝසාල ආදී ෂඩ් ශාස්තෘන් ගේ ඉගැන්වීම් මෙහිදී විමර්ශනයට ලක් කෙරේ. නියත මිත්‍යා දිට්ඨි වල ගැලී සිටීමෙන් නිර්වාණාවබෝධයට බාධාවන බව මතු දු නොව මතු සුගතියේ උපත කුදු නොලබන බව ද ඒ පමණ අනර්ථකාරී වූ තුන් ඈදුරු දිට්ඨින් වලින් වැළකෙන සැටි මෙහි කියවේ.වැඩි විස්තර පිණිස සාමඥඥඵල සුත්‍රය කියවන ලෙස යෝජනා කරමි ]

නාස්තික වාදය (උජු විපච්චනික වාදය)

§ 5. “ගෘහපතියෙනි,
“ මෙසේ කියන්නාවූ, මෙසේ දෘෂ්ටි ඇත්තාවූ සමහර මහණ බමුණෝ ඇත්තාහ. කෙබඳු කීම් ද යත් .

  • දුන් දෙයෙහි (දානයෙහි) විපාකයක් නැත.
  • කරන ලද පූජාවෙහි විපාක නැත.
  • මෙහෙයීමෙන් කරනලද සත්කාරයෙහි විපාක නැත.
  • කුසල කර්මයන්ගේ ඵලයක් නැත. විපාකයක් නැත.
  • මෙලොවක් නැත. පරලොවක් නැත.
  • මවට උපකාර අපකාර කිරීමේ විපාක නැත.
  • පියාට උපකාර අපකාර කිරීමේ විපාක නැත.
  • ඔපපාතික සත්වයෝ කියා වර්ගයක් නැත.
  • මෙලොවද පරලොවද තම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කරන්නාවූ , එබඳු යහපත් මාර්ගයෙහි ගමන් කරන්නාවූ මනා කොට ප්‍රතිපත්ති පිළිපදින්නාවූ මහණ බමුණෝ ලොව නැත.
    [මේ පුනර්භවය සහ කර්ම ඵල විශ්වාස ය යන බුද්ධ දේශනාවේ ප්‍රාථමික ඉගැන්වීම් වලට සම්පුර්නයෙන්ම පටහැනිවු ද බුදුන් රහතුන් ලොව නැතැයි අදහන්නාවූ සසර මහා අනර්ථකාරී ඵල ලැබෙන විශ්වාසයයි වාදයයි.]

§ 6. ගෘහපතියෙනි,
ඒ මහණ බමුණන්ට සමහර මහණ බමුණෝ කෙළින්ම විරුද්ධවාද ඇත්තෝ වෙත්. ඔව්හු මෙසේ කියත්.
  • දානයෙහි විපාක ඇත.
  • කරන ලද පූජාවෙහි විපාක ඇත
  • සිත් පහදවා මෙහෙයීමෙන් කරණලද සත්කාරයෙහි විපාක ඇත.
  • කුසලා කුසල කර්මයන්ගේ ඵලයක් විපාකයක් ඇත.
  • මෙලොවක් ඇත. පරලොවක් ඇත.
  • මවට උපකාර අපකාර කිරීමේ විපාක ඇත.
  • පියාට උපකාර අපකාර කිරීමේ විපාක ඇත.
  • මෙලොවද පරලොවද තම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කෙරෙත්ද ඔපපාතික සත්වයෝ ඇත. , එබඳුවූ යහපත් මග ගමන් කරන්නාවූ මනාව පිළිපන්නාවූ මහණ බමුණෝ ලොකයෙහි ඇත්තාහ’යි.

{මේ භාග්‍යවතුන් වහන්සේ ගේ ඉගැන්වීම ය.)

ගෘහපතියෙනි, ඒ කුමකැයි හඟිව්ද?
මේ දෙවැනිව කිවූ මහණ බමුණෝ පළමුව කී අයට විරුද්ධ මත ඇත්තෝ වුනොවුන්ට සම්පුර්ණයෙන්ම පටහැනි කෙළින්ම විරුද්ධවාද ඇත්තෝ නොවෙත්ද?
“එසේය, ස්වාමීනි.”
“ගෘහපතියෙනි, එවැනි නාස්එතික වාද මත ඇත්තෝ
ඒ මත නිසාම යහපතට හේතුවන්නා වූ,

  • මනා කාය සංවරයෙන්ද
  • මනා වචී සංවරයෙන්ද
  • මනා මනෝ සංවරයෙන්ද වෙන්වෙන්නෝය.

කයින් යහපත් හැසිරීමය,
වචනයෙන් මනාව හැසිරීමය,
සිතින් මනාව හැසිරීමය,
යන මේ කුසල ධර්ම දුරලා
කයින් නොමනා හැසිරීමය (සත්ව ඝාතන, සොරකම, කාමයෙහි හැසිරීම.. ආදී.) ,
වචනයෙන් (බොරුව, පරුෂ වචනය, කේලාම් කීම ආදී ) නොමනා වචනයය.නොමනා හැසිරීමය,
මසුරු කම ඊර්ෂ්‍යාව විෂම ලෝභය ආදී සිතින් නොමනා හැසිරීමය,

යන මේ අකුසල ධර්මතුන අනුව ඉන්නාවූ, එසේ කරන්මෙ

නේ ය කැමතිවිය යුතුයි. ඊට හේතු කවරේද? ඒ පින්වත් මහණ බමුණෝ අකුසල ධර්මයන්ගේ දොෂය ලාමක බව කෙලෙසීම, කුසල ධර්මයන්ගේද නෛෂ්ක්‍රම්‍යයෙහි, (අත්හැර දැමීම) ආනිශංසය පිරිසිදු පක්ෂය නොමදකිත්. ඇත්තාවූම පරලොව පරලොවක් නැතැයි ඔහුගේ දෘෂ්ටිය වෙයි. එය මොහුගේ මිථ්‍යා දෘෂ්ටිය වේ. ඇත්තා වූම පරලොව (ගැණ) පරලොවක් නැතැයි කල්පනා කරයි. එය ඔහුගේ මිථ්‍යා කල්පනාව වේ. ඇත්තාවූම පරලොව (ගැන) පරලොවෙක් නැත යන වචනය කියයි. එය මොහුගේ මිථ්‍යා වචනයවේ. ඇත්තාවූම පරලොව (ගැන) පරලොවෙක් නැතැයි කියයි. යම් ඒ පරලොව දන්නාවූ රහත්හු වෙත්ද ඔවුන්ට මෙතෙම විරුද්ධ වෙයි. ඇත්තාවූම පරලොව (ගැන) පරලොවෙක් නැතැයි අනුන්ට හඟවයි. ඒ ඔහුගේ අසත්‍ය ධර්මය හැඟවීමවේ. ඒ අසත්‍යවූ ධර්මය හැඟවීමෙන්ද තමන් උසස් කෙරෙයි. අනුන් පහත් කෙරෙයි. මෙසේ පළමු කොටම ඔහුගේ සිල්වත් බව දුරුවූයේ වෙයි. දුශ්ශීල භාවය එළඹ සිටියේ වෙයි. මේ මිථ්‍යා දෘෂ්ටියද, මිථ්‍යා කල්පනාවද, මිථ්‍යා වචනයද, ආර්‍ය්‍යයන්ට විරුද්ධවීමද, අසත්‍යවූ ධර්මය හැඟවීමද, තමා උසස් කිරීමද, අනුන් පහත් කිරීමදැයි මෙසේ ඔහුට මේ නොයෙක් ලාමකවූ අකුසල ධර්මයෝ මිථ්‍යා දෘෂ්ටි හේතුවෙන් හටගණිත්.
“ගෘහපතියෙනි, එහි නුවණැති පුරුෂ තෙම මෙසේ කල්පනා කරයි. ඉදින් වනාහී පරලොවෙක් නැත්නම් මෙසේ මේ පින්වත් පුරුෂ පුද්ගලතෙම ශරීරයාගේ භෙදයෙන් තමහට සුවයක් කරන්නේය. ඉදින් වනාහී පරලොවෙක් ඇත්නම් මෙසේ මේ පින්වත් පුරුෂ පුද්ගලතෙම ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ දුක් වන්නාවූ විනාසයට පත් වන්නාවූ නරකයෙහි උපදින්නේය. ඒකාන්තයෙන් පරලොවෙක් නොතිබේවා ඒ පින්වත් මහණ බමුණන්ගේ වචනය සත්‍යවේවා. එතකුදුවුවත් මේ පින්වත් පුරුෂ පුද්ගලතෙම, මේ ආත්මයෙහිම නුවණැත්තන්ගේ ගැරහීමට සුදුසුවූයේ වෙයි. දුශ්ශීලවූ පුරුෂ පුද්ගලතෙම නාස්තීකවාද ඇති මිථ්‍යා දෘෂ්ටිකයෙක් වෙයි, ඉදින් වනාහී පරලොවෙක් ඇත්තේ නම් මේ ආත්මයෙහිම නුවණැත්තන්ගේ ගැරහීමට සුදුසුය, යන යමක් ඇද්ද ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ දුක් වන්නාවූ විනාසයට පත්වන්නාවූ නරකයෙහි උපදින්නේය, යන යමකුත් ඇද්ද, මෙසේ මේ පින්වත් පුරුෂ පුද්ගලයාගේ දෙලොව පරාජය ගන්නේවේ. මෙසේ මොහුගේ මේ එකාන්ත ධර්මය තෙම නපුරුකොට සම්පූර්ණ කරන ලද්දේ සමාදන්වන ලද්දේ එක් කොටසක් පැතිර සිටියි. කුසල්වූ කාරණය හිස්වෙයි.
“ගෘහපතියෙනි, එහි යම් ඒ මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, (එනම්) දුන් දෙයෙහි විපාක ඇත. කරනලද පූජාවෙහි විපාක ඇත. මෙහෙයීමෙන් කළ සත්කාරයෙහි විපාක ඇත. මනාව කළ නොමනාව කළ කර්මයන්ගේ ඵලයක් විපාකයක් ඇත. මෙලොවක් ඇත. පරලොවක් ඇත මවට උපකාර කිරීමේ විපාක ඇත. පියාට උපකාර කිරීමේ විපාක ඇත. ඔපපාතික සත්වයෝ ඇත්තාහ. යම් කෙනෙක් මෙලොවද පරලොවද තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට ප්‍රකාශ කෙරෙත්ද, එබඳුවූ යහපත් මග ගමන් කරන්නාවූ මනාව පිළිපන්නාවූ මහණ බමුණෝ ලොකයෙහි ඇත්තාහ, ඔවුන් පිළිබඳව මෙය කැමති වියයුතුයි. යම් මේ කයින් නොමනා හැසිරීමක් වේද, වචනයෙන් නොමනා හැසිරීමක් වේද, සිතින් නොමනා හැසිරීමක් වේද, මේ අකුසල ධර්මතුන දුරු කොට යම් මේ කයින් මනා හැසිරීමක් වේද, වචනයෙන් මනා හැසිරීමක් වේද, සිතින් මනා හැසිරීමක් වේද, මේ කුසල ධර්ම තුන සමාදන්ව පවතින්නාහුය. ඊට හේතු කවරේද? ඒ පින්වත් මහණ බමුණෝ අකුසල ධර්මයන්ගේ දොෂය ලාමක බව කෙලෙසීමද, කුසල ධර්මයන්ගේද නෛෂ්ක්‍රම්‍යයෙහිද ආනිසංසය පිරිසිදු පක්ෂය දකිත්මය. ඇත්තාවූම පරලොව (ගැන) පරලොවක් ඇතැයි ඔහුගේ දෘෂ්ටිය වෙයි. ඕ තොමෝ ඔහුගේ සම්‍යක් දෘෂ්ටිය වේ. ඇත්තාවූම පරලොව (ගැණ) පරලොවක් ඇතැයි කල්පනා කරයි. හෙතෙම මොහුගේ සම්‍යක් කල්පනාව වේ. ඇත්තාවූම පරලොව (ගැණ) පරලොවක් ඇත යන වචනය කියයි. එය මොහුගේ (යහපත් වචනය) සම්‍යක් වාචාවවේ ඇත්තාවූම පරලොව ගැණ පරලොවක් ඇතැයි කීයේද පරලොව දන්නාවූ යම් ඒ රහත්හු වෙත්ද, ඔවුන්ට මෙතෙම විරුද්ධවූවෙක් නොවෙයි.
“ඇත්තාවූම පරලොව (ගැන) පරලොවක් ඇතැයි අනුන්ට හඟවාද එය මොහුගේ සත්‍යවූ ධර්මය හැඟවීම වේ. ඒ සත්‍යවූ ධර්මය හැඟවීමෙන්ද තමා නොම උසස් කෙරෙයි. අනුන් නොම පහත් කෙරෙයි. මෙසේ පළමු කොටම මොහුගේ දුශ්ශීල භාවය දුරුවූයේ වෙයි. සුසීල භාවය එළඹ සිටියේ වෙයි. මේ සම්‍යක් දෘෂ්ටියද, සම්‍යක් කල්පනාවද, සම්‍යක් වචනයද, ආර්‍ය්‍යයන්ට විරුද්ධ නොවීමද, සත්‍යවූ ධර්මය හැඟවීමද, තමා උසස් නොකිරීමද, අනුන් පහත් නොකිරීමදැයි මෙසේ මොහුට මේ නොයෙක් කුසල ධර්මයෝ සම්‍යක් දෘෂ්ටි හේතුවෙන් හටගණිත්.
“ගෘහපතියෙනි, ඔවුන් අතරෙහි නුවණැති පුරුෂයෙක් මෙසේ කල්පනා කරයි. ඉදින් වනාහී පරලොවක් ඇත්නම් මෙසේ මේ පින්වත් පුරුෂ පුද්ගලතෙම ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති දිව්‍ය ලොකයෙහි උපදින්නේය. ඒකාන්තයෙන්ම පරලොවක් නොවේවා, ඒ පින්වත් මහණ බමුණන්ගේ වචනය සත්‍ය වේවා. එතකුදුවූවත් මේ පින්වත් පුරුෂ පුද්ගල තෙම මේ ආත්මයෙහි නුවණැත්තන්ගේ ප්‍රශංසාවට සුදුසුවේ. සිල්වත්වූ පුරුෂ පුද්ගල තෙම අස්තීකවාද ඇත්තේ, සම්‍යක් දෘෂ්ටිකයෙක් වෙයි, ඉදින් වනාහී පරලොවක් ඇත්තේමද මෙසේ මේ පින්වත් පුරුෂ පුද්ගලයාගේ මේ ආත්මයෙහිම නුවණැත්තන්ගේ පැසසීමට සුදුසුය යන යමක්වේද, ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති දෙව්ලොව උපදින්නේය යන යමකුත් වේද, යන මේ දෙලොවෙහි ජය ගැණීම වේ. මෙසේ මොහුගේ මේ එකාන්ත ධර්මය තෙම මනාව සම්පූර්ණ කරන ලද්දේ සමාදන් වන ලද්දේ දෙපසම පැතිර සිටියි. අකුසලය හිස්වේ.
“ගෘහපතියෙනි, මෙබඳු වාද ඇත්තාවූ, මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ, ඇතැම් මහණ බමුණෝ වෙත්. (එනම්) ‘කරන්නාහට, කරවන්නාහට, සිඳින්නාහට, සිඳුවන්නාහට, දන්ඩෙන් පීඩා කරන්නාහට, පීඩා කරවන්නාහට, සෝක කරවන්නාහට, ක්ලාන්ත කරන්නාහට, කම්පනය කරන්නාහට, කරවන්නාහට, සතුන් මැරීම කරන්නාහට, කරවන්නාහට, නුදුන් දෙය ගන්නාහට, ගම් පහරන්නාහට, මං පහරන්නාහට, මහත්වූ පැහැර ගැණීම් කරන්නාහට, එක ගෙයක් වට කොට පැහැර ගන්නාහට, මංකොල්ල කෑමෙහි සිටින්නාහට, අනුන්ගේ අඹුවන් කරා යන්නාහට, බොරු කියන්නාහට කරන්නාහට, පාපයක් නැත. මුවහත් කෙළවර ඇති චක්‍රයකින්ද යමෙක් මේ පෘථුවියෙහි ප්‍රාණීන් එක මස් ගොඩක් එක මස් රැසක් කරන්නේද, ඒ හේතුවෙන් පවක් නැත. පාපයාගේ පැමිණීමක් නැත. ගංගානම් ගඟේ දකුණු ඉවුරටද නසමින් විනාශ කරවමින් සිඳිමින් පීඩා කරමින් යන්නේද ඒ හේතුවෙන් පාපයක් නැත. පාපයාගේ පැමිණීමක් නැත. ගංගා නම් ගඟේ උතුරු ඉවුරටද දෙමින් දෙවමින් පුදමින් පූජා කරවමින් යන්නේද, ඒ හේතුවෙන් පිනක් නැත. පින් පැමිණීමක් නැත. දීමෙන් ඉන්ද්‍රිය දමනයෙන් සංවරයෙන් සත්‍ය වචනයෙන් පිනක් නැත පින් පැමිණීමක් නැත’ කියායි.
“ගෘහපතියෙනි, ඒ මහණ බමුණන්ටද ඇතැම් මහණ බමුණෝ කෙළින් විරුද්ධ වාද ඇත්තෝ වෙත්. ඔව්හු මෙසේ කීවාහුය. ‘කරන්නාහට, කරවන්නාහට, සිඳින්නාහට සිඳවන්නාහට, පෙළන්නාහට, පෙළීම කරවන්නාහට, ශොකය කරවන්නාහට, ක්ලාන්ත කරවන්නාහට, කම්පනය කරන්නාහට, කරවන්නාහට, සතුන් මරන්නාහට, මරවන්නාහට, නුදුන් දෙය ගන්නාහට, ගම්පහරන්නාහට, බලාත්කාරකමින් ගන්නාහට, එක්ගෙයක් පැහැර ගැනීම කරන්නාහට, මං පැහැරීමෙහි සිටින්නාහට, අන් අඹුවන් කරා යන්නාහට, බොරු කියන්නාහට, කරන්නාහට පාපය ඇත. මුවහත් කෙළවර ඇති චක්‍රයකින් යමෙක් මේ පෘථිවියෙහි ප්‍රාණීන් එක මස් ගොඩක්, එක මස් රැසක් කරන්නේද, ඒ හේතුවෙන් පාපය ඇත්තේය. පාපයාගේ පැමිණීම ඇත්තේය. ගංගානම් ගඟේ දකුණු ඉවුරද නසමින් නැසීම කරවමින්, සිඳිමින්, සිඳවමින්, පෙළමින්, පෙළවමින් යන්නේද, ඒ හේතුවෙන් පාපය ඇත්තේය. පාපයාගේ පැමිණීම ඇත්තේය ගංගානම් ගඟේ උතුරු ඉවුරදක්වා දෙමින්, දෙවමින්, පුදමින්, පුදවමින්, යන්නේද, ඒ හේතුවෙන් පිනක් ඇත්තේය. පින් පැමිණීම ඇත්තේය. දීමෙන් ඉන්ද්‍රිය දමනයෙන් සීල සංවරයෙන් සත්‍ය වචනයෙන් පින ඇත්තේය. පින් පැමිණීම ඇත්තේය, (කියායි.)
“ගෘහපතියෙනි, ඒ කුමකැයි හඟිව්ද, මේ මහණ බමුණෝ ඔවුනොවුන්ට කෙළින් විරුද්ධ වාද ඇත්තෝ නොවෙත්ද? “එසේය ස්වාමීනි”
“ස්වාමීනි, ඔවුන් අතුරෙහි යම් ඒ මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්ද, (එනම්) කරන්නාහට කරවන්නාහට, සිඳින්නාහට, තළන්නාහට, තළවන්නාහට, ශොක ඇති කරන්නාහට, ශොකය ඇතිකරවන්නාහට, ක්ලාන්ත කරවන්නාහට, කම්පා කරන්නාහට කරවන්නාහට, සතුන් මරන්නාහට මරවන්නාහට, නුදුන්දෙය ගන්නාහට බලාත්කාරයෙන් ගන්නාහට, එක් ගෙයක් පැහැර ගැනීම කරන්නාහට, මං පහරන්නාහට, අන් අඹුවන් කරා යන්නාහට, බොරු කියන්නාහට, කිසියම් පවක් කරමියි සිතා කළත් පවු නැත. කෙළවර මුවහත් ඇති චක්‍රයකින්ද යමෙක් මේ පොළවෙහි ප්‍රාණීන් එක මස් රැසක් කරන්නේද, ඒ හේතුවෙන් පාපයක් නැත. පාපයාගේ පැමිණීමක් නැත. ගංගා නම් ගඟේ දකුණු ඉවුර දක්වා නසමින්, නැසීම කරවමින්, සිඳිමින්, සිඳීම කරවමින්, තලමින් තැළීම කරවමින් යන්නේ නම්, ඒ හේතුවෙන්ද පවක් නැත. පාපයාගේ පැමිණීමක් නැත. ඉදින් ගංගා නම් ගඟේ උතුරු ඉවුර දක්වාද දෙමින්, දෙවමින්, පුදමින්, පුදවමින් යන්නේ නම් ඒ හේතුවෙන් පිණක්ද නැත. පුණ්‍යයාගේ පැමිණීමක්ද නැත. දීමෙන් ඉන්ද්‍රිය දමනයෙන් සීලසංවරයෙන් සත්‍ය වචනයෙන් පිණක් නැත. පුණ්‍යයාගේ පැමිණීමක් නැත. කියා’යි.
“ඔවුන් පිළිබඳව මෙය කැමති විය යුතුයි. යම් මේ කයින් මනා හැසිරීමක් වේද, වචනයෙන් මනා හැසිරීමක් වේද, සිතින් මනා හැසිරීමක් වේද, මේ කුශල ධර්ම තුන දුරු කොට යම් මේ කයින් නොමනා හැසිරීමක් වේද, වචනයෙන් නොමනා හැසිරීමක් වේද, සිතින් නොමනා හැසිරීමක්වේද මේ අකුශල ධර්ම තුන සමාදන්ව වසන්නාහුය. ඊට හේතු කවරේද? ඒ පින්වත් මහණ බමුණෝ අකුසල ධර්මයන්ගේ දොෂය, ලාමකබව, කෙලෙසීමද කුසල ධර්මයන්ගේද කම් සැප අත්හැරීමෙහිද ආනිසංසය, පිරිසිදු බව නොදකිත්මය.
“ඇත්තාවූම පව් පින් කිරීම නැත යනු මොහුගේ දෘෂ්ටිය වෙයි. මෙය ඔහුගේ මිථ්‍යා දෘෂ්ටිය වේ. ඇත්තාවූම ක්‍රියාව (ගැන) පව් පින් කිරීම නැතැයි කල්පනා කරයි. එය මොහුගේ මිථ්‍යා කල්පනාව වෙයි. ඇත්තාවූම පව් පින් කිරීම නැත යන වචනය කියයි. මෙය මොහුගේ මිථ්‍යා වචනය වෙයි. ඇත්තාවූම කිරීමක් නැතැයි කීය. යම් ඒ රහත් කෙනෙක් ක්‍රියා වාද ඇත්තෝ වෙත්ද, ඔවුන්ට හෙතෙම විරුද්ධ වෙයි. ඇත්තාවූම ක්‍රියාව ගැන ක්‍රියාවක් නැතැයි අනුන්ට හඟවයි. මෙය මොහුගේ අසත්‍යවූ ධර්මය හැඟවීම වේ. ඒ අසත්‍යවූ ධර්මය හැඟවීමෙන්ද තමන් උසස් කරයි. අනුන් පහත් කරයි. මෙසේ පළමුකොටම මොහුගේ සුසීල භාවය දුරුවූයේ වෙයි. දුශ්ශීල භාවය එළඹ සිටියේ වෙයි. මේ මිථ්‍යාදෘෂ්ටියද, මිථ්‍යා කල්පනාවද, මිථ්‍යා වචනයද, ආර්‍ය්‍යයන්ට විරුද්ධවීමද, අසත්‍යවූ ධර්මය හැඟවීමද, තමා උසස් කිරීමද, අනුන් පහත් කිරීමදැයි මෙසේ මොහුට නොයෙක් ලාමකවූ අකුසල ධර්මයෝ මිථ්‍යාදෘෂ්ටි හේතුවෙන් හටගනිත්.
“ගෘහපතියෙනි, ඒ කාරණයෙහි නුවණැති පුරුෂ තෙම මෙසේ කල්පනා කරයි. ඉදින් ක්‍රියාවක් නැත්නම් මෙසේ මේ පින්වත් පුරුෂ පුද්ගල තෙම ශරීරයාගේ භෙදයෙන් තමහට සුවයක් කරන්නේය. ඉදින් ක්‍රියාවක් ඇත්නම් මෙසේ මේ පින්වත් පුරුෂ පුද්ගල තෙම ශරීර භෙදයෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ දුක් වන්නාවූ විපතට පත්වන්නාවූ නරකයෙහි උපදින්නේය. එකාන්තයෙන්ම ක්‍රියාවක් නොවේවා. ඒ පින්වත් මහණ බමුණන්ගේ වචනය සත්‍යවේවා. එතකුදු වුවත් මේ පින්වත් පුරුෂ පුද්ගල තෙමේ මේ ආත්මයෙහිම නුවණැත්තන්ගේ ගැරහීමට සුදුසුවේ. දුශ්ශීලවූ පුරුෂ පුද්ගල තෙම අකිරීයා වාද ඇත්තාවූ මිථ්‍යාදෘෂ්ටිකයෙක කියායි. ඉදින් ක්‍රියාව ඇත්තේම නම් මෙසේ මේ පින්වත් පුරුෂ පුද්ගලයාගේ මේ ආත්මයෙහිම නුවණැත්තන්ගේ ගැරහීමට සුදුසුය, යන යමක් වේද, ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ, නපුරු ගති ඇත්තාවූ, විපතට පත්වන්නාවූ නරකයෙහි උපදින්නේය, යන යමකුත් වේද, මේ දෙලොවින්ම පරාජය ගන්නේ වේ. මෙසේ මොහුගේ මේ එකාන්ත ධර්ම තෙම නපුරුකොට සම්පූර්ණ කරන ලද්දේ, සමාදන් වන ලද්දේ එක් පසක් පැතිර සිටී, කුසලස්ථානය හිස්වේ.
“ගෘහපතියෙනි, ඔවුන් අතරෙහි යම් ඒ මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තෝ, මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්ද, (එනම්) කරන්නාහට, කරවන්නාහට, සිඳින්නාහට, සිඳවන්නාහට, පෙළන්නාහට, පෙළවන්නාහට, ශොක කරන්නාහට, ශොක ඇති කරවන්නාහට, ක්ලාන්ත කරවන්නාහට, කම්පා කරන්නාහට, කම්පා ඇති කරවන්නාහට, සතුන් මරන්නාහට, මරවන්නාහට, නුදුන් දෙය ගන්නාහට, ගෙවල් බිඳින්නාහට, බලහත්කාරයෙන් ගන්නාහට, එක් ගෙයක් පැහැර ගැණීම කරන්නාහට, මං පැහැරීම කරන්නාහට, අන් අඹුවන් කරා යන්නාහට, බොරු කියන්නාහට, පාපය ඇත. කෙළවර මුවහත් ඇති චක්‍රයකින්ද යමෙක් මේ පොළොවෙහි ප්‍රාණීන් එක මස් ගොඩක්, එක මස් රැසක් කරන්නේද, ඒ හේතුවෙන් පාපයක් ඇත. පාපයාගේ පැමිණීමක් ඇත. ඉදින් ගංගානම් ගඟේ දකුණු ඉවුරටද, මරමින්, මරවමින්, සිඳිමින්, සිඳවමින්, පෙළමින්, පෙළවමින් යන්නේ නම් ඒ හේතුවෙන් පාපයක් ඇත. පාපයාගේ පැමිණීමක් ඇත. ඉදින් ගංගානම් ගඟේ උතුරු ඉවුර දක්වාද, දෙමින් දෙවමින් පුදමින්, පුදවමින් යන්නේ නම් ඒ හේතුවෙන් පිනක් ඇත.
“ඔවුන් පිළිබඳව මෙය කැමති විය යුතුයි. යම් මේ කයින් අයහපත් හැසිරීමක් වේද, වචනයෙන් අයහපත් හැසිරීමක් වේද, සිතින් අයහපත් හැසිරීමක් වේද, මේ අකුසලධර්ම තුන දුරුකොට යම් මේ කයින් යහපත් හැසිරීමක් වේද, වචනයෙන් යහපත් හැසිරීමක් වේද, සිතින් යහපත් හැසිරීමක් වේද, මේ කුසල ධර්ම තුන සමාදන්ව වසන්නාහුය. ඊට හේතු කවරේද? ඒ පින්වත් මහණ බමුණෝ අකුසල ධර්මයන්ගේ දොෂය, ලාමක බව කෙලෙසීමද, කුසල ධර්මයන්ගේද කාමයන්ගේ වෙන්වීමෙහිද, ආනිසංසය, පිරිසිදු බවද දකිත්මය.
“ඇත්තාවූම ක්‍රියාව (ගැන) ක්‍රියාවක් ඇතැයි මොහුගේ දෘෂ්ටිය වේ. මෙය මොහුගේ (යහපත් ඇදහීම) සම්‍යක්දෘෂ්ටිය වේ. ඇත්තාවූම ක්‍රියාව ගැන ක්‍රියාවක් ඇතැයි කල්පනා කරයි. හෙතෙම මොහුගේ යහපත් කල්පනාව වේ. ඇත්තාවූම ක්‍රියාව ගැන ක්‍රියාවක් ඇතයන වචනය කියයි. එය මොහුගේ සම්‍යක්වචනය වේ. ඇත්තාවූම ක්‍රියාව ගැන ක්‍රියාවක් ඇතැයි කීයේය. යම් මේ රහත්හු ක්‍රියා වාද ඇත්තෝ වෙත්ද, ඔවුන්ට මෙතෙම විරුද්ධ නොවෙයි. ඇත්තාවූම ක්‍රියාව ගැන ක්‍රියාවක් ඇතැයි අනුන්ට හඟවයි. එය මොහුගේ සත්‍යවූ ධර්මය හැඟවීම වේ. ඒ ධර්මය හැඟවීමෙන්ද තමන් උසස් නොකෙරෙයි. අනුන් පහත් නොකෙරෙයි. මෙසේ පළමු කොටම මොහුගේ දුශ්ශීල භාවය දුරුවූයේ වෙයි. සුසීල භාවය එළඹ සිටියේ වෙයි. මේ සම්‍යක්දෘෂ්ටියද, සම්‍යක් කල්පනාවද, සම්‍යක් වචනයද ආර්‍ය්‍යයන්ට විරුද්ධ නොවීමද, සත්‍යවූ ධර්මය හැඟවීමද තමන් උසස් නොකිරීමද අනුන් පහත් නොකිරීමදැයි මෙසේ මොහුට මේ නොයෙක් කුසල ධර්මයෝ සම්‍යක්දෘෂ්ටි හේතුවෙන් හටගණිත්.
“ගෘහපතියෙනි, ඔවුන් අතරෙහි නුවණැති පුරුෂ තෙම මෙසේ කල්පනා කරයි. ඉදින් ක්‍රියාව ඇත්නම් මෙසේ මේ පින්වත් පුරුෂ පුද්ගලතෙම ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති ස්වර්ග ලොකයෙහි උපදින්නේය. එකාන්තයෙන්ම ක්‍රියාව නොවේ නම් ඒ පින්වත් මහණ බමුණන්ගේ වචනය සත්‍ය වේවා. එතකුදු වූවත් මේ පින්වත් පුරුෂ පුද්ගල තෙම ඉහාත්මයෙහිම නුවණැත්තන්ගේ ප්‍රශංසාවට සුදුස්සෙක් වේ. සිල්වත්වූ පුරුෂ පුද්ගල තෙම ක්‍රියා වාද ඇත්තාවූ සම්‍යක්දෘෂ්ටිකයෙක කියායි. ඉදින් ක්‍රියාව ඇත්තේම නම් මෙසේ මේ පින්වත් පුරුෂ පුද්ගලයාගේ මේ ආත්මයෙහිම නුවණැත්තන්ගේ ප්‍රශංසාවට සුදුසුය යන යමක් වේද, ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති ස්වර්ගලොකයෙහි උපදින්නේය යන යමකුත් වේද, මේ දෙලොවින්ම ජයගැණීම වේ. මෙසේ මොහුගේ මේ එකාන්තවූ ධර්මය තෙම මනාව සම්පූර්ණ කරන ලද්දේ, සමාදන්වන ලද්දේ, දෙපසම පැතිර සිටියි. අකුසල්වූ කාරණය හිස් වේ.
“ගෘහපතියෙනි, මෙබඳු වාද ඇත්තාවූ, මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ ඇතැම් මහණ බමුණෝ වෙත්. සත්වයන්ගේ කෙලෙසීමට හේතුවක් නැත. ප්‍රත්‍යයක් නැත. හේතුවක් නැතිව ප්‍රත්‍යයක් නැතිව සත්වයෝ කෙලෙසෙන්නාහුය. සත්වයන්ගේ පිරිසිදුවීමට හේතුවක් නැත. ප්‍රත්‍යයක් නැත. හේතුවක් නැතිව ප්‍රත්‍යයක් නැතිව සත්වයෝ පිරිසිදු වෙත්. බලයක් නැත. වීර්‍ය්‍යයක් නැත. පුරුෂ ශක්තියක් නැත. පුරුෂ පරාක්‍රමයක් නැත. සියළු සත්වයෝ සියළු ප්‍රාණීහු සියළු භූතයෝ සියළු ජීවයෝ අවසඟන වූවාහු බලයක් නැත්තාහු වීර්‍ය්‍ය නැත්තාහු නියමය සංගමය ස්වභාවය යන මෙයින් නොයෙක් ප්‍රකාරයට පැමිණියාහු සවැදෑරුම්වූම ජාතිවල සැප දුක් විඳිත්යයි, දෘෂ්ටි ඇත්තෝ වෙත්. ගෘහපතියෙනි, ඒ මහණ බමුණන්ටම සමහර මහණ බමුණෝ කෙළින්ම විරුද්ධ වාද ඇත්තෝ වෙත් ඔව්හු මෙසේ කීහ. ‘සත්වයන්ගේ කෙලෙසීමට හේතුවක් ඇත. ප්‍රත්‍යයක් ඇත. හේතුවක් ඇතිව ප්‍රත්‍යයක් ඇතිව සත්වයෝ කිළුටුවන්නාහ. සත්වයන්ගේ පිරිසිදු වීමට හේතුවක් ඇත. ප්‍රත්‍යයක් ඇත. හේතුවක් ඇතිව ප්‍රත්‍යයක් ඇතිව සත්වයෝ පිරිසිදු වෙත්. බලයක් ඇත. වීර්‍ය්‍යයක් ඇත. පුරුෂ ශක්තියක් ඇත. පුරුෂ පරාක්‍රමයක් ඇත. සියළු සත්වයෝ සියළු ප්‍රාණීහු සියළු භූතයෝ සියළු ජීවයෝ වසඟ වූවාහු බලයක් නැත්තාහු වීර්‍ය්‍යයක් නැත්තාහු නියමය සංගමය ස්වභාවය යන මෙයින් නානාප්‍රකාර බවට පැමිණියාහු සවැදෑරුම්වූ ජාතිවල සැප දුක් නොවිඳිත්යයි’ ගනිත්, ගෘහපතියනි, ඒ කුමකැයි හඟිව්ද? මේ මහණ බමුණෝ ඔවුනොවුන්ට කෙළින්ම විරුද්ධ වාද ඇත්තෝ නොවෙත්ද?” “එසේය, ස්වාමීනි.”
“ගෘහපතියෙනි, ඔවුන් අතරෙහි යම් මේ මහණ බමුණෝ මෙබඳුවාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්ද, (එනම්) සත්වයන්ගේ කෙලෙසීමට හේතුවක් නැත. ප්‍රත්‍යයක් නැත. හේතුවක් නැතිව ප්‍රත්‍යයක් නැතිව සත්වයෝ කෙලෙසෙන්නාහ. සත්වයන්ගේ පිරිසිදු වීමට හේතුවක් නැතිව ප්‍රත්‍යයක් නැතිව සත්වයෝ පිරිසිදුවෙත්. බලයක්නැත. වීර්‍ය්‍යයක් නැත පුරුෂ ශක්තියක් නැත. පුරුෂ පරාක්‍රමයක් නැත. සියළු සත්වයෝ සියළු ප්‍රාණීහු සියළු භූතයෝ සියළු ජීවයෝ වසග නොවන්නාහු බලයක් නැත්තාහු වීර්‍ය්‍යයක් නැත්තාහු නියමය සංගමය ස්වභාවය යන මෙයින් නොයෙක් ප්‍රකාර බවට පැමිණියාහු සවැදෑරුම්වූ ජාතිවල සැපදුක් විඳිත් යයි ගනිත්ද, ඔවුන් පිළිබඳව මෙය කැමති වියයුතුයි. යම් මේ කයින් යහපත් හැසිරීමක් වේද, වචනයෙන් යහපත් හැසිරීමක් වේද, හිතින් යහපත් හැසිරීමක් වේද, මේ කුසල ධර්ම තුන දුරුකොට යම් මේ කයින් අයහපත් හැසිරීමක් වේද, වචනයෙන් අයහපත් හැසිරීමක් වේද, සිතින් අයහපත් හැසිරීමක් වේද, මේ අකුසල ධර්මතුන සමාදන්ව වසන්නාහුය. ඊට හේතු කවරේද? ඒ පින්වත් මහණ බමුණෝ අකුසල ධර්මයන්ගේ දොෂය, ලාමක බව, කෙලෙසීමද, කුසල ධර්මයන්ගේද, කාමයන්ගෙන් වෙන්වීමෙහිද ආනිශංසය, පිරිසිදු බව නොදකිත්මැයි. ඇත්තාවූම හේතුවක් නැතැයි මොහුගේ දෘෂ්ටියවෙයි. මෙය මොහුගේ මිථ්‍යා දෘෂ්ටියවේ. ඇත්තාවූම හේතුවක් නැතැයි කල්පනා කරයි. හෙතෙම මොහුගේ මිථ්‍යා කල්පනා වේ. ඇත්තාවූම හේතුව හේතුවක් නැත යන වචනය කියයි. ඒ මොහුගේ මිථ්‍යා වචනයවේ. ඇත්තාවූම හේතුව, හේතුවක් නැතැයි කියයි. යම් මේ රහත්හු හේතුවාද ඇත්තෝ වෙත්ද, ඔවුන්ට මෙතෙම විරුද්ධ වෙයි. ඇත්තාවූම හේතුව, හේතුවක් නැතැයි අනුන්ට හඟවයි එය මොහුගේ අසත්‍යවූ ධර්මය හැඟවීමවේ. ඒ අසත්‍යවූ ධර්මය හැඟවීමෙන්ද තමා උසස් කරයි. අනුන් පහත් කරයි. මෙසේ පළමුකොටම මොහුගේ සුසීල භාවය දුරුවූයේ වෙයි දුශ්ශීල භාවය එළඹ සිටියේ වෙයි. මේ මිථ්‍යා දෘෂ්ටියද මිථ්‍යා කල්පනාවද මිථ්‍යා වචනයද, ආර්‍ය්‍යයන්ට විරුද්ධවීමද, අසත්‍යවූ ධර්මය හැඟවීමද, තමන් උසස් කිරීමද අනුන් පහත් කිරීමදැයි මෙසේ මොහුට මේ නොයෙක් ලාමකවූ අකුසල ධර්මයෝ මිථ්‍යා දෘෂ්ටි හේතුවෙන් හටගණිත්.
“ගෘහපතිවරුනි, ඔවුන් අතර නුවණැති පුරුෂ තෙම මෙසේ කල්පනා කරයි. ඉදින් හේතුවක් නැත්නම් මෙසේ මේ පින්වත් පුරුෂ පුද්ගලතෙම ශරීරයාගේ භෙදයෙන් තමහට සුවයක් කරන්නේය. ඉදින් හේතුව ඇත්නම් මෙසේ මේ පින්වත් පුරුෂපුද්ගලතෙම ශරීරයාගේ භෙදයෙන් මරණින්මතු සැප නැත්තාවූ නපුරු ගති ඇත්තාවූ විපතට පත්වන්නාවූ නරකයෙහි උපදින්නේය. ඒකාන්තයෙන්ම හේතුව නොවීද, ඒ පින්වත් මහණ බමුණන්ගේ වචනය සත්‍යවේවා. එතකුදු වූවත් මේ පින්වත් පුරුෂ පුද්ගලතෙම මෙ ආත්මයෙහිම නුවණැත්තන්ගේ ගැරහීමට සුදුසුවේ. දුශ්ශීලවූ පුරුෂ පුද්ගලතෙම අහේතුවාද ඇත්තාවූ මිථ්‍යා දෘෂ්ටියෙක කියායි. ඉදින් හේතුවක් ඇත්තේම නම් මේ පින්වත් පුරුෂ පුද්ගලයාගේ මේ ආත්මයෙහිම නුවණැත්තන්ගේ ගැරහීමට සුදුසුය යන යමක් ඇද්ද ශරීරයාගේ භෙදයෙන් මරණින්මතු සැප නැත්තාවූ නපුරු ගති ඇත්තාවූ විපතට පත්වන්නාවූ නරකයෙහි උපදින්නේය යන යමකුත් ඇද්ද, මේ දෙලොවෙන්ම පරාජය වේ. මෙසේ මොහුට මේ එකාන්තවූ ධර්මය තෙම අයහපත් කොට සම්පූර්ණ කරන ලද්දේ, සමාදන්වන ලද්දේ එක්පැත්තක පැතිර සිටියි. කුසල කාරණය හිස් වෙයි.
“ගෘහපතියෙනි, ඔවුන් අතර යම් ඒ මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්ද (එනම්) සත්වයන්ගේ කෙලෙසීමට හේතුවක් ඇත ප්‍රත්‍යයක් ඇත. හේතු සහිතව ප්‍රත්‍ය සහිතව සත්වයෝ කිළුටු වන්නාහ. සත්වයන්ගේ පිරිසිදුවීමට හේතුවක් ඇත. හේතු සහිතව ප්‍රත්‍ය සහිතව සත්වයෝ පිරිසිදුවෙත්. බලයක් ඇත. වීර්‍ය්‍යයක් ඇත. පුරුෂ ශක්තියක් ඇත. පුරුෂ පරාක්‍රමයක් ඇත. සියළු සත්වයෝ සියළු ප්‍රාණය ඇත්තෝ සියළු හටගැණීම ඇත්තෝ සියළු ජීවය ඇත්තෝ වසඟ නොවන්නාහු බල නැත්තාහු වීර්‍ය්‍ය නැත්තාහු නියමය සංගමය ස්වභාවය යන මෙයින් නොයෙක් ප්‍රකාර බවට පැමිණියාහු සවැදෑරුම්වූ ජාතිවල සැපදුක් නොවිඳිත්ය කියායි. ඔවුන් ගැන මෙය කැමතිවිය යුතුයි. යම් මේ කයින් අයහපත් හැසිරීමක් වේද වචනයෙන් අයහපත් හැසිරීමක් වේද සිතින් අයහපත් හැසිරීමක් වේද, මේ අකුසල ධර්මතුන දුරුකොට යම් මේ කයින් යහපත් හැසිරීමක් වේද වචනයෙන් යහපත් හැසිරීමක් වේද, සිතින් යහපත් හැසිරීමක් වේද, මේ කුසල ධර්ම තුන සමාදන්ව වසන්නාහුය. ඊට හේතු කවරේද? ඒ පින්වත් මහණ බමුණෝ අකුසල ධර්මයන්ගේ දොෂය ලාමක බව කෙලෙසීම කුසල ධර්මයන්ගේ, කාමයන්ගෙන් වෙන් වීමෙහිද ආනිසංසය පිරිසිදු බව දකිත්මැයි. ඇත්තා වූම හේතුවගේ හේතුවක් ඇතැයි මොහුගේ දෘෂ්ටිය වෙයි. මෙය මොහුගේ සම්‍යක් දෘෂ්ටියවේ. ඇත්තාවූම හේතුව, හේතුවක් ඇතැයි කල්පනා කරයි. එය මොහුගේ සම්‍යක් සංකල්පය වේ. ඇත්තාවූම හේතුව, හේතුවක් ඇතැයි යන වචනය කියයි. ඒ මොහුගේ සම්‍යක් වචනයවේ. ඇත්තාවූම හේතුව හේතුවක් ඇතැයි කීය. යම් මේ රහත්හු හේතු වාද ඇත්තෝද ඔවුන්ට මෙතෙම විරුද්ධ නොවෙයි. ඇත්තාවූම හේතුව හේතුවක් ඇතැයි අනුන්ට හඟවයි. එය මොහුගේ සත්‍යවූ ධර්මය හැඟවීමවේ. ඒ සත්‍යවූ ධර්මය හැඟවීමෙන්ද තමන් උසස් නොකරයි. අනුන් පහත් නොකරයි. මෙසේ පළමුකොටම මොහුගේ දුශ්ශීල භාවය දුරුවූයේ වෙයි. සුසීල භාවය එළඹ සිටියේ වෙයි. මේ සම්‍යක් දෘෂ්ටියද සම්‍යක් සංකල්පයද සම්‍යක් වචනයද ආර්‍ය්‍යයන්ට විරුද්ධ නොවීමද සත්‍යවූ ධර්මය හැඟවීමද තමන් උසස් නොකිරීමද අනුන් පහත් නොකිරීමදැයි මෙසේ මොහුට මේ නොයෙක් කුසල ධර්මයෝ සම්‍යක් දෘෂ්ටි හේතුවෙන් හට ගණිත්.
ගෘහපතියෙනි, ඔවුන් අතර නුවණැති පුරුෂතෙම මෙසේ කල්පනා කරයි. ඉදින් හේතුව ඇත්නම් මෙසේ මේ පින්වත් පුරුෂ පුද්ගල තෙම ශරීරයාගේ භෙදයෙන් මරණින් මතු යහපත් ගති ඇත්තාවූ ස්වර්ග ලොකයෙහි උපදින්නේය. එකාන්තයෙන්ම හේතුවක් නොවේද, ඒ පින්වත් මහණ බමුණන්ගේ වචනය සත්‍ය වේවා. එතකුදු වුවත් මේ පින්වත් පුරුෂ පුද්ගලතෙම මේ ආත්මයෙහිම නුවණැත්තන්ගේ ප්‍රශංසාවට සුදුසුවේ. සිල්වත්වූ පුරුෂ පුද්ගල තෙමේ හේතු වාද ඇත්තාවූ සම්‍යක් දෘෂ්ටියෙක කියායි. ඉදින් හේතුව ඇත්තේම නම් මෙසේ මේ පින්වත් පුරුෂපුද්ගලයාගේ මේ ආත්මයෙහිම නුවණැත්තන්ගේ ප්‍රශංසාවට සුදුසුය යන යමක් ඇද්ද ශරීරයාගේ භෙදයෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලොකයෙහි උපදින්නේය යන යමකුත් ඇද්ද මේ දෙලොවෙන්ම ජය ගැණීම වේ. මෙසේ මොහුගේ මේ එකාන්ත ධර්මය තෙම මනාකොට සම්පූර්ණ කරන ලද්දේ සමාදන්වන ලද්දේ දෙපසම පැතිර සිටියි. අකුසල කාරණය හිස් වේ.
“ගෘහපතියෙනි, මෙබඳු වාද ඇත්තාවූ මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ සමහර මහණ බමුණෝ වෙත්. සියළු ආකාරයෙන් අරූප බ්‍රහ්ම ලෝක නැතැයි කියායි.
“ගෘහපතියෙනි, ඒ මහණ බමුණන්ටම ඇතැම් මහණ බමුණෝ කෙළින්ම විරුද්ධ වාද ඇත්තෝ වෙත්. ඔව්හු මෙසේ කීහ. සියළු ආකාරයෙන් අරූප බ්‍රහ්මලෝක ඇත’ යනුයි. ගෘහපතියෙනි, ඒ කුමකැයි හඟිව්ද? මේ මහණ බමුණෝ ඔවුනොවුන්ට කෙළින්ම විරුද්ධ වාද ඇත්තෝ නොවෙත්ද?”
“එසේය, ස්වාමීනි”
“ගෘහපතියෙනි, ඔවුන් අතුරෙහි නුවණැති පුරුෂ තෙම මෙසේ කල්පනා කරයි. යම් ඒ පින්වත් මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු, මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද (එනම්) ‘සියළු ආකාරයෙන් අරූප බ්‍රහ්ම ලෝක නැත යනුයි. මෙය මා විසින් නොදක්නා ලදී. යම් ඒ පින්වත් මහණ බමුණෝද මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද (එනම්) සියළු ආකාරයෙන් අරූප බ්‍රහ්මලොක ඇත යනුයි. මෙය මා විසින් නොදක්නා ලදී. මමද වනාහී නොදන්නෙම් නොදක්නෙම් මෙයම සත්‍යය අනික හිස්යයි ඒකාන්තයෙන් ගෙණ ව්‍යවහාර කරන්නෙම්ද, මෙය මට සුදුසු නොවන්නේය.’ යම් මේ පින්වත් මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද (එනම්) සියළු ආකාරයෙන් අරූප බ්‍රහ්මලොක නැත යනුයි. ඉදින් ඒ පින්වත් මහණ බමුණන්ගේ වචනය සත්‍ය නම්, මේ කරුණ විද්‍යමාන වේ. යම් ඒ රූපාවචර දෙවියෝ ධ්‍යාන සිතින් උපන්නාහු වෙත්ද, එහි මාගේ ඉපදීම එකාන්ත වන්නේය. යම් ඒ පින්වත් මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද (එනම්) සියළු ආකාරයෙන් අරූප බ්‍රහ්මලෝක ඇත යනුයි. ඉදින් ඒ පින්වත් මහණ බමුණන්ගේ වචනය සත්‍යය නම්, මේ කරුණ විද්‍යමාන වේ. යම් ඒ අරූපාවචර දෙවියෝ අරූපාවචර සංඥාවෙන් උපන්නාහු වෙත්ද, එකාන්තයෙන් මාගේ එහි ඉපදීම වන්නේය. රූපය හේතු කොට ගෙන දඬු ගැණීම ආයුධ ගැණීම, කලහ කිරීමය, ඩබර කිරීමය, විරුද්ධ වාදය, නුඹය නුඹය කීමය, කේලාම් කීමය, බොරු කීමය, යන මොහු දක්නා ලැබෙත්මය. මෙය වනාහි සියළු ආකාරයෙන් අරූප ලෝකයෙහි නැතැයි හෙතෙම මෙසේ කල්පනාකොට රූපයන්ගේම කලකිරීම පිණිස නො ඇලීම පිණිස නැති කිරීම පිළිපදින්නේ වෙයි.
“ගෘහපතියෙනි, මෙබඳු වාද ඇත්තාවූ මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ සමහර මහණ බමුණෝ වෙත් (එනම්) ‘සියළු ආකාරයෙන් භව නිරොධයක් (උත්පත්තිය නැති කිරීමක්) නැත යනුයි. ගෘහපතියෙනි, ඒ මහණ බමුණන්ටම සමහර මහණ බමුණෝ කෙළින්ම විරුද්ධ වාද ඇත්තෝ වෙත්.’ ඔවුහු මෙසේ කීවාහුය. සියළු ආකාරයෙන් භවනිරෝධයක් ඇත යනුයි. ගෘහපතියෙනි, ඒ කුමකැයි හඟිව්ද? මේ මහණ බමුණෝ ඔවුනොවුන්ට විරුද්ධ වාද ඇත්තෝ නොවෙත්ද?” “එසේය ස්වාමීනි”
“ගෘහපතියෙනි, ඔවුන් අතර නුවණැති පුරුෂ තෙම මෙසේ කල්පනා කරයි. යම් මේ පින්වත් මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද (එනම්) ‘සියළු ආකාරයෙන් භවනිරොධයක් නැත යනුයි. මෙය මා විසින් නොදක්නා ලදී.’ යම් මේ මහණ බමුණෝද මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, (එනම්) ‘සියළු ආකාරයෙන් භවනිරොධයක් ඇත යනුයි. මෙය මා විසින් නොදන්නාලදී. මමද වනාහී නොදන්නෙම් නොදක්නෙම්, මෙයම සත්‍යය. අනික හිස්යයි එකාන්තයෙන් ගෙන ව්‍යවහාර කරන්නෙම්ද මෙය මට සුදුසු නොවන්නේය.’ යම් මේ පින්වත් මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද (එනම්) ‘සියළු ආකාරයෙන් නිවණක්, භව නිරොධයක් නැත යනුයි. ඉදින් ඒ පින්වත් මහණ බමුණන්ගේ වචනය සත්‍යය නම් මේ කාරණය විද්‍යමාන වේ. යම් ඒ අරූපාවචර දෙවියෝ ධ්‍යාන සංඥාවෙන් උපන්නාහුවෙත්ද, එකාන්තයෙන් මාගේ එහි ඉපදීම වන්නේය.’ යම් ඒ පින්වත් මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, (එනම්) ‘සියළු ආකාරයෙන් භවනිරොධයක් ඇත යනුයි. ඉදින් ඒ පින්වත් මහණ බමුණන්ගේ වචනය සත්‍යය නම් මේ කාරණය විද්‍යමාන වේ. මේ ආත්මයෙහිම පරිනිර්වාණයට පැමිණෙන්නෙමි. ‘යම් ඒ පින්වත් මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද, (එනම්) ‘සියළු ආකාරයෙන් භවනිරොධයක් නැත යනුයි.’ ඔවුන්ගේ මේ දෘෂ්ටිය රාගයාගේ සමීපයෙහි, සංයොජනයාගේ සමීපයෙහි, ආශාවෙන් සතුටුවීමගේ සමීපයෙහි, ක්ලෙශයන්හි බැසගැනීමගේ සමීපයෙහි, උපාදානයන්ගේ සමීපයෙහි වේ. යම් ඒ පින්වත් මහණ බමුණෝ මෙබඳු වාද ඇත්තාහු, මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත්ද? (එනම්) ‘සියළු ආකාරයෙන් භවනිරොධයක් ඇත යනුයි.’ ඔවුන්ගේ මේ දෘෂ්ටිය නොඇලීමගේ සමීපයෙහි නොබැඳීමගේ සමීපයෙහි, ආශාවෙන් සතුටු නොවීමගේ සමීපයෙහි, ක්ලෙශයන්හි බැසනොගැනීමගේ සමීපයෙහි, අනුපාදානයන්ගේ සමීපයෙහි වේයයි.’ හෙතෙම මෙසේ කල්පනා කොට භවයන්ගේම කලකිරීමට, නොඇලීමට, නැති කිරීමට පිළිපදින්නේ වෙයි
“ගෘහපතියෙනි, මේ පුද්ගලයෝ සතරදෙනෙක් ලොකයෙහි ඇත්තාහු විද්‍යමාන වෙත්. කවර සතරදෙනෙක්දයත්? ගෘහපතියෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තමා තවන්ගේ තමන් තැවීමෙහි යෙදුනේ වෙයි. ගෘහපතියෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් අනුන් තවන්නේ, අනුන් තැවීමෙහි යෙදුනේ වෙයි. ගෘහපතියෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තමන් තවන්නේ, තමන් තැවීමෙහි යෙදුනේද, අනුන් තවන්නේ, අනුන් තැවීමෙහි යෙදුනේද වෙයි. ගෘහපතියෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තමන් නොතවන්නේ තමන් තැවීමෙහි නොයෙදුනේද, අනුන් නොතවන්නේ අනුන් තැවීමෙහි නොයෙදුනේද වෙයි. හෙතෙම තමන්ද නොතවන්නේ අනුන්ද නොතවන්නේ ඉහාත්මයෙහිම තෘෂ්ණා රහිතවූයේ නිවියේ සිහිල්වූයේ සැප විඳින සුළුවූයේ ශ්‍රෙෂ්ඨවූ ආත්මයෙන් යුක්තව වාසය කරයි.
“ගෘහපතියෙනි, තමන් තවන්නාවූ, තමන් තැවීමෙහි යෙදුනාවූ පුද්ගල තෙම කවරේද? ගෘහපතියෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නිර්වස්ත්‍ර වෙයි, හරණලද ආචාර ඇත්තේ වෙයි, අත ලෙවකෑම නොහොත් මලපහකොට අතින් පිස දැමීම කරන්නේ වෙයි. ‘එව ස්වාමීනි,’ කීවිට නොඑන්නේ වෙයි. ‘සිටිනු ස්වාමීනියි,’ කීවිට නොසිටින්නේවෙයි, පළමුකොට දුන් දෙය නොපිළිගනියි, උදෙසා කරන ලද්ද නොපිළිගනියි, පැවරීම නොඉවසයි, හෙතෙම සැළි මුවින් ගෙන දුන් දෙය නොපිළිගනියි, භාජන මුවින් ගෙන දුන් දෙය නොපිළිගනියි, එළිපත අතර කොට දුන් දෙය නොපිළිගනියි, දණ්ඩක් අතර කොට දුන් දෙය නොපිළිගනියි, මොහොලක් අතර කොට දුන්දෙය නොපිළිගනියී, වළඳන්නාවූ දෙදෙනෙකු අතුරින් දුන් දෙය නොපිළිගනියි, ගැබිණියකගෙන් නොපිළිගනියි, කිරි පොවන්නියකගෙන් නොපිළිගනියි, පුරුෂයන් අතරට ගිය තැනැත්තියකගෙන් නොපිළිගනියි, සමාදන් කොට දුන් කල්හි නොපිළිගනියි, යම් තැනක සුනඛයෙක් සිටියේද එතන්හි නොපිළිගනියි, යම් තැනක මැස්සෝ රංචු රංචු ගැවසෙත්ද එතැන්හි නොපිළිගනියි, මත්ස්‍ය ආහාරය නොපිළිගනියි, මස් නොපිළිගනියි, මත්පැන් නොපිළිගනියි, කාඩිදිය නොබොයි, හෙතෙම එක ගෙයකින් ලැබුන ආහාර ඇත්තේ හෝ වෙයි, එක පිඩකින් යැපෙන්නේ හෝ වෙයි, ගෙවල් දෙකකින් ලැබූ ආහාර ඇත්තේ හෝ වෙයි, පිඩු දෙකකින් යැපෙන්නේ හෝ වෙයි, ගෙවල් සතකින් ලැබූ ආහාර ඇත්තේ හෝ වෙයි, පිඩු සතකින් යැපෙන්නේ හෝ වෙයි, එකම දත්තියකින් (කුඩාවූ ආහාර භාජනයකින්) ද යැපෙයි, දත්ති දෙකකින්ද යැපෙයි, දත්ති සතකින්ද යැපෙයි, එක් දවසක් හැර දවසක්ද ආහාරය ගනියි, දෙදවසක් හැර දවසක්ද ආහාරය ගනියි, මෙසේ මෙබඳු අඩ මසක් හැර දවසක්ද පර්‍ය්‍යාය භක්ත භොජනානුයොගයෙහි යෙදුනේ වාසය කරයි. හෙතෙම අමු කොළ අනුභව කරන්නේ හෝ වෙයි, බඩ අමු අනුභව කරන්නේ හෝ වෙයි, ඌරු හැල් අනුභව කරන්නේ හෝ වෙයි, සම් කසට අනුභව කරන්නේ හෝ වෙයි, මැලියම් අනුභව කරන්නේ හෝ වෙයි, කුඩු අනුභව කරන්නේ හෝ වෙයි, දඹු බත් අනුභව කරන්නේ හෝ වෙයි, තල මුරුවට අනුභව කරන්නේ හෝ වෙයි, තණකොළ අනුභව කරන්නේ හෝ වෙයි, ගොම අනුභව කරන්නේ හෝ වෙයි, වනයෙහි අල වර්ග හා ගෙඩි වර්ග ආහාර කොට ඇත්තේ වැටුනු ඵල අනුභව කිරීම ඇත්තේ එයින් යැපෙයි.
“හෙතෙම හණ වැහැරිද දරයි. මල සිරුරෙන් දැමූ වස්ත්‍රද දරයි, පාංශුකූල වස්ත්‍රද දරයි, රිටි සුඹුලෙන් කළ වස්ත්‍රද දරයි, අඳුන් දිවි සම්ද දරයි, කුර සහිත අඳුන් දිවි සම්ද දරයි, කුස තණ වැහැරිද දරයි, කෙඳිවලින් කළ වැහැරිද දරයි, පතුරු වලින් කළ වැහැරිද දරයි, මිනී කෙස්වලින් කළ කම්බිලියද දරයි, අස් ලොම් ආදියෙන් කළ කම්බිලියද දරයි, බකමුහුණු පිහාටු ගොතා කළ වස්ත්‍රද දරයි, හිසකේ රැවුලු ඉදිරීමයයි කියනලද පිළිවෙතෙහි යෙදුනේ වෙයි, ආසන ප්‍රතික්ෂෙප කරන ලද්දේ උඩ බලා සිටින්නේ වෙයි, උක්කුටික වූයේද වෙයි, කටු ඇතිරියෙහිද සයනය කරයි, දවසට තුන්වරක් දියට බසින පිළිවෙතෙහි යෙදුනේ වාසය කරයි. මෙසේ මෙබඳු අනෙක ප්‍රකාරවූ ශරීරය තවන අතිශයින් තවන පිළිවෙතෙහි යෙදුනේ වාසය කරයි. ගෘහපතියෙනි, මේ පුද්ගල තෙම තමන් තවන්නේ, තමන් තවන පිළිවෙතෙහි යෙදුනේ යයි කියනු ලැබේ.
“ගෘහපතියෙනි, අනුන් තවන්නාවූ, අනුන් තවන පිළිවෙතෙහි යෙදුනාවූ පුද්ගලතෙම කවරේද? ගෘහපතියෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් එළුවන් මරා ජීවත්වන්නෙක්වේද, ඌරන් මරා ජීවත් වන්නෙක් වේද, ලිහිණින් මරන්නේ වෙයිද. මුවන් මරන්නේ වෙයිද, රෞද්‍රවූයේ වෙයිද, මසුන් මරන්නේ වෙයිද, සොරකම් කරන්නේ වෙයිද, සොරකම් පිණිස මිනිසුන් මරන්නේ වෙයිද, සිරගෙවල පාලකයෝදවෙත්ද, අන්‍යවූද යම්කිසි ක්‍රෑර කර්මාන්ත ඇත්තේ වෙත්ද, ගෘහපතියෙනි, මේ පුද්ගලතෙම අනුන් තවන්නේ, අනුන් තැවීමෙහි යෙදුනේයයි කියනු ලැබේ.
“ගෘහපතියෙනි, තමන් තවන්නාවූ, තමන් තවන අනුයෝගයෙහි යෙදුනාවූද, අනුන් තවන්නාවූ අනුන් තවන අනුයෝගයෙහි යෙදුනාවූද පුද්ගලතෙම කවරේද? ගෘහපතිවරුනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් ක්ෂත්‍රියවූ මස්තකයෙහි අභිෂෙක කළාවූ රජෙක් හෝ වෙයි. මහාසාර බ්‍රාහ්මණයෙක් හෝ වෙයි. හෙතෙම නුවරට පෙරදිග අළුත්වූ යාග ශාලාවක් කරවා හිසකේ රැවුල් බහවා කුරසහිත අඳුන් දිවි සමක් ඇඳ ගිතෙලින් හා තල තෙලින් සිරුර තවරා මුව අගින් පිට කසමින් මෙහෙසියද පෙරෙවි බමුණාද සමග යාග ශාලාවට පිවිසෙති. හෙතෙම එහී නොඅතුරනලද ගොම පිරිබඩ කළාවූ බිම නිදයි. ස්වරූපයෙන් සමාන වස්සන් ඇති එක දෙනකගේ තනයෙක්හි යම් කිරක් වේද, එයින් රජ තෙම යැපෙයි. දෙවෙනි තනයෙහි යම් කිරක් වේද, එයින් මෙහෙසිය යැපෙයි. තෙවන තනයෙන් යම් කිරක් වේද, එයින් පෙරෙවි බමුණා යැපෙයි. සිව්වන තනයෙහි යම් කිරක් වේද එයින් ගිනි පුදත්. ඉතිරි වූවකින් වස්සා යැපෙයි. හෙතෙම මෙසේ කියයි. යාගය පිණිස මෙපමණ ගවයෝ නසත්වා. යාගය පිණිස මෙපමණ බලවත් වස්සෝ නසත්වා යාගය පිණිස මෙපමණ බලවත් වැස්සියෝ නසත්වා. යාගය පිණිස මෙපමණ එළුවෝ නසත්වා. යාගය පිණිස මෙපමණ තිරෙළුවෝ නසත්වා යාග කණු පිණිස මෙපමණ රුක් සිඳිත්වා. යාග භූමිය වට කිරීම පිණිස හා ඇතිරීම පිණිසද මෙතෙක් කුසතණ සිඳිත්වා ඔහුගේ යම් ඒ දාසයෝය කියා හෝ පණිවුඩ කාරයෝය කියා හෝ කම්කරුවෝය කියා හෝ කෙනෙක් වෙත්ද, ඔවුහුද දණ්ඩෙන් තැතිගත්තාහු භයින් තැතිගත්තාහු කඳුළු පිරුණු මුහුණු ඇත්තාහු හඬමින් පරිකම් කරත්. ගෘහපතියෙනි, මේ පුද්ගලතෙම තමාත් තවන්නේ තමන් තැවීමෙහි යෙදුනේද අනුන් තවන්නේ අනුන් තැවීමෙහි යෙදුනේද වේයයි කියනු ලැබේ.
“ගෘහපතිවරුනි, තමන් නොමතවන්නාවූද තමන් නොතැවී මෙහි යෙදුනාවූද අනුන් නොතවන්නාවූද අනුන් නොතැවීමෙහි යෙදුනාවූද පුද්ගල තෙම කවරේද? හෙතෙම තමන්ද නොතවන්නේ අනුන්ද නොතවන්නේ මේ ආත්මයෙහිම තෘෂ්ණා රහිතවූයේ නිවියේ සිහිල්වූයේ සැප විඳින සුලුවූයේ ශ්‍රෙෂ්ඨවූ ආත්මයෙන් යුක්තව වාසය කරයි.
“ගෘහපතියෙනි, එසේම මේ ලොකයෙහි අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ, විද්‍යාචරණ සම්පන්නවූ යහපත් ගති ඇත්තාවූ, සියලු ලෝකයන් දන්නාවූ, ශ්‍රෙෂ්ඨවූ, හික්මවිය යුතු පුරුෂයන් දමනයකිරීමෙහි රියැදුරෙකු වැනිවූ, දෙවි මිනිසුන්ට ගුරුවරයෙක්වූ, චතුස්සත්‍ය අවබොධ කළාවූ තථාගත කෙනෙක් මොලොව උපදනාහ. ඒ තථාගත තෙමේ දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, මේ ලොකය ස්වකීය විශෙෂ ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කරයි. ඒ තථාගතයන් වහන්සේ මුල යහපත්වූ, මැද යහපත්වූ අවසානය යහපත්වූ අර්ථ සහිතවූ, දස වැදෑරුම් අක්ෂර සම්පත්තියෙන් යුක්තවූ සියලු ආකාරයෙන් සම්පූර්ණවූ පිරිසිදුවූ, ශාසන බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කරති.
“ඒ ධර්මය ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ අන් කුල අතුරෙන් එක් කුලයක උපන්නෙක් හෝ අසයිද ඔහු ඒ ධර්මය අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරයි. ඔහු ඒ ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ මෙසේ සලකන්නේය. ගිහි ගෙයි විසීම අවහිර සහිතය. කෙලෙස් දූවිලි උපදින තැනකි. මහණකම වනාහි කිසිවක් නොමැති අවකාශය මෙන් නිදහස්ය. ගිහි ගෙයි වසන්නහු විසින් සියලු අකාරයෙන් සම්පූර්ණවූ, සියලු ආකාරයෙන් පිරිසිදුවූ, ලියවූ හක්ගෙඩියක් වැනි මෙම බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්ට නොහැක්කේය. මම කෙස් දැළිරැවුල කපාදමා සිවුරු හැඳ ගිහි ගෙන් නික්ම සස්නෙහි මහණ වන්නෙමි නම් ඉතා යහපතැයි කියායි.
“ඔහු පසු කාලයක ස්වල්පවූ හෝ බොහෝවූ හෝ සම්පත් හැර, ස්වල්පවූ හෝ බොහෝවූ හෝ නෑපිරිස් හැර, කෙස් දැළි රැවුලු කපාදමා, සිවුරු හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වන්නේය. එසේ මහණවූ හෙතෙම භික්ෂු සීලයෙන් යුක්තවූයේ, ප්‍රාණවධ හැර ඉන් සම්පූර්ණයෙන් වැළකුණේ බහා තබන ලද දඬු ඇත්තේ, බහා තබන ලද ආයුධ ඇත්තේ පව් කිරීමෙහි ලජ්ජා ඇත්තේ, කරුණාවන්ත වූයේ, සියලු ප්‍රාණීන් කෙරෙහි හිත අනුකම්පාව ඇතුව වාසය කෙරේ නොදුන් දෙය ගැනීමෙන් වෙන්ව, එයින් සම්පූර්ණයෙන් වැළකුණේ. දුන් දෙයම ගන්නේ, දුන් දෙයම කැමති වන්නේ, සොර නොවූ, පිරිසිදු සිතින් යුක්තව වාසය කෙරේ. අබ්‍රහ්මචර්‍ය්‍යාව හැර උතුම් පැවතුම් ඇත්තේ ස්ත්‍රී පුරුෂ සංසර්ගය නම්වූ ග්‍රාම ධර්මයෙන් වෙන් වූයේ බ්‍රහ්මචාරීවේ. බොරු කීමෙන් දුරුව, ඉන් සම්පූර්ණයෙන් වැළකුණේ, සැබෑ වචන කියන්නේ, සැබවින් සැබව ගළපන ගති ඇතුව ස්ථිරකථා ඇත්තේ, ඇදහිය යුතු වචන ඇත්තේ ලෝකයා අතර විරුද්ධ කථා ඇති නොකෙරේ. පිසුනු බස් හැර, ඉන් සම්පූර්ණයෙන් වැළකුණේ, මෙතැනින් අසා ඔවුන් බිඳීම පිණිස එතැන නොකියන ගති ඇත්තේ, එතැනින් අසා මොවුන් බිඳීම පිණිස මෙතැන නොකියන ගති ඇත්තේ, මෙසේ භෙද වූවන් ගළපන්නේ සමගි වූවන්ගේ සමගිය තහවුරු කිරීමට අනුබල දෙන්නේ, සමගියෙහි ඇලුම් බහුල කොට ඇත්තේ, සමගිකම්හි ඇලුනේ, සමගිකම්හි සතුටුවන ගති ඇත්තේ සමගිය ඇති කරණ වචන කියන්නේය ඵරුෂ වචනය හැර ඉන් සම්පූර්ණයෙන් වැළකුණේ, යම් වචනයක් නිදොස් වේද, කණට මිහිරිද, ප්‍රෙමණීයද, සතුටු කරයිද, යහපත්ද, බොහෝ දෙනාට ප්‍රියද, බොහෝ දෙනාගේ හිත් ප්‍රියකරන්නේද, එබඳු වචනම කියන්නේ වේ. හිස්වූ ප්‍රලාප කථා හැර ඉන් සම්පූර්ණයෙන් වැළකුණේ, කාලයට සුදුසු කථා කරන්නේ, සිදුවූ වචනම කියන්නේ, අර්ථයෙන් යුක්තවූ, ධර්මයෙන් යුක්තවූ විනයයෙන් යුක්තවූ වචන කියන්නේ සුදුසු කල්හි, උපමා හා කරුණු සහිතවූ, සීමා ඇති, අර්ථයෙන් යුත්, නිධානයක් මෙන් සිතෙහි තැබිය යුතු වචන කියන්නේ වේ.
“හෙතෙම තණ, ගස්, වැල් සිඳීම් බිඳීම් ආදියෙන් වැළකුණේ වෙයි, එක් වේලක් වළඳන්නේ රාත්‍රි භොජනයෙන් වැළකුණේ විකාල භොජනයෙන් වැළකුණේ වෙයි. නැටීම්, ගී කීම්, බෙර ආදිය වැයීම්, විසුලු දැකීම් යන මෙයින් වැළකුණේ වෙයි. මල්, ගඳ, විළවුන් පැළදීම, ඉන් සැරසීම අඩු තැන් පිරවීම අලංකාර කිරීම යන මෙයින් වැළකුණේ වෙයි, උස් අසුන් මහ අසුන් යන මෙයින් වැළකුණේ වෙයි. රන් රිදී මසු කහවණු පිළිගැන්මෙන් වැළකුණේ වෙයි. අමු ධාන්‍ය වර්ග පිළිගැන්මෙන් තොරවූයේ වෙයි. අමු මස් පිළිගැන්මෙන් තොරවූයේ වෙයි. ස්ත්‍රීන් තරුණියන් පිළිගැන්මෙන් තොරවූයේවෙයි, එළුවන් බැටළුවන් පිළිගැන්මෙන් වැළකුණේවෙයි. ඌරන් කුකුළන් පිළිගැන්මෙන් වැළකුණේ වෙයි. ඇතුන් ගවයින්, අසුන්, වෙළඹුන්, පිළිගැන්මෙන් වැළකුණේ වෙයි. කෙත්, වත්, පිළිගැන්මෙන් වැළකුණේ වෙයි. ගිහීන්ගේ දුත මෙහෙවරය, ගෙන්ගෙට යන මහත් මෙහෙවරය යන මෙයින් වැළකුණේ වෙයි. විකිණීම මිළට ගැණීම යන මෙයින් වැළකුණේ වෙයි. තරාදියෙන් හොර කිරීම, රන් නොරන් කිරීමාදියෙන් හොර කිරීම මැනීමෙන් හොර කිරීමාදියෙන් වැළකුණේ වෙයි. හිමියන් අහිමි කිරීමාදිය සඳහා අල්ලස් ගැන්මය, උපායෙන් අනුන් රැවටීමය, යකඩ ආදී ලොහ රන් රිදීයයි අඟවා වඤ්චා කිරීමය, නොයෙක් ආකාරවූ කුටිල ප්‍රයොග යන මෙයින් වැළකුණේ වෙයි. කැපීමය, බැඳීමය, සැඟවී සිට වස්තු පැහැර ගැන්මය, ගම් නියම්ගම් ආදිය පැහැරීමය, බලාත්කාර කමින් වස්තු පැහැර ගැන්මය, යන මෙයින් වැළකුණේ වෙයි.
“හෙතෙමේ යම්තම් කය වැසීමට තරම්වූ සිවුරෙන්ද, යැපීමට ප්‍රමාණවූ ආහාරයෙන්ද සතුටු වන්නේ වේ. ඔහු යම් යම් තැනකට යේ නම් ඒ ඒ තැනට එය ගෙන යන්නේ වෙයි යම්සේ පක්ෂියෙක් යම් තැනකට පියාඹා යේ නම් ඒ සියලු තැන පියාපත් බර පමණකින් යුක්තව පියාඹා යේද, එපරිද්දෙන්ම භික්ෂු තෙමේද ශරීරය වැසීමට ප්‍රමාණවූ සිවුරෙන්ද යැපීමට ප්‍රමාණවූ ආහාරයෙන්ද සතුටු වන්නේවේ. ඔහු යම් තැනකට යා නම් ඒ ඒ තැන එය රැගෙණම යයි. හෙතෙමේ මේ උතුම් සීලයෙන් යුක්තවූයේ තම සන්තානයෙහි නිරවද්‍යවූ සැපය විඳින්නේය.
“හෙතෙමේ, ඇසින් රූපයක් දැක එහි මහත් සටහන් සිතට ගන්නේ නැත. කුඩා සටහන් සිතට ගන්නේ නැත. චක්ෂු ඉන්ද්‍රියෙහි අසංවරව වසන්නහුට යමක් හේතු කොට ගෙන ලොභ ද්වෙෂ අකුශල ධර්මයෝ හිතට ඇතුල් වන්නාහුද, එහි සංවරය පිණිස ඔහු පිළිපදී. ඔහු තමාගේ චක්ෂු ඉන්ද්‍රියය රකී චක්ෂු ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ.
“කණින් ශබ්දයක් අසා එය නිමිති වශයෙන් ගන්නේ නොවේ. නැවත නැවත මතක්වනසේ අල්ලා ගන්නේ නොවේ. යමක් හේතු කොට ගෙන ශ්‍රොතෙන්ද්‍රිය (කන්) අසංවරව වසන්නහුට ලොභ ද්වෙෂ අකුසල ධර්මයෝ උපදිද්ද ඒ ශ්‍රොතෙන්ද්‍රියන් සංවරය පිණිස පිළිපදියි. ශ්‍රොතෙන්ද්‍රිය රකී. ශ්‍රොතෙන්ද්‍රියෙහි සංවරයට පැමිණෙයි.
“නාසයෙන් ගඳක් ආඝ්‍රාණය කොට එය නිමිති වශයෙන් නොගනී. නැවත නැවත මතක්වනසේ සිතට නොගනී. යමක් හේතු කොට ගෙන ඝ්‍රානෙන්ද්‍රිය (නාසය) අසංවරව වාසය කරන්නහුට ලොභ ද්වෙෂ අකුසල ධර්මයෝ උපදිත්ද, එහි සංවරය පිණිස පිළිපදියි. ඝ්‍රානෙන්ද්‍රිය රකියි. ඝ්‍රානෙන්ද්‍රියයාගේ සංවරයට පැමිණෙයි. දිවෙන් රසක් විඳ එය අරමුණු වශයෙන් නොගනී. නැවත නැවත මතක්වනසේ නොගනී. යමක් හේතු කොට ගෙන ජීව්හේන්ද්‍රිය සංවර නොකොට වාසය කරන්නාහට ලොභ ද්වෙෂ අකුශල ධර්මයෝ උපදිත්ද, එහි සංවරය පිණිස පිළිපදියි. ජිව්හෙන්ද්‍රිය (දිව) ආරක්ෂාකරයි. ජිව්හෙන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි.
“කයින් පහසක් ස්පර්ශකොට නිමිති වශයෙන් නොගනියි නැවත නැවත මතක්වනසේ සිතට නොගනී. යමක් හේතු කොට කායෙන්ද්‍රිය අසංවරව වාසය කරන්නහුට ලොභ ද්වේෂ අකුසල ධර්මයෝ උපදිත්ද, ඒ කායෙන්ද්‍රිය සංවරය පිණිස පිළිපදියි. කායෙන්ද්‍රිය ආරක්ෂාකරයි. කායෙන්ද්‍රියේ සංවරයට පැමිණෙයි. සිතින් ධර්මාරම්මණයක් දැන නිමිති වශයෙන් නොගනී. නැවත නැවතත් මතක්වනසේ සිතට නොගනී. යම් හෙයකින් සිත අසංවරව වාසය කරන්නහුට ලොභ ද්වෙෂ අකුශල ධර්මයෝ උපදිත්ද, ඒ මනින්ද්‍රිය (සිත) සංවරය පිණිස පිළිපදියි. මනින්ද්‍රිය රකී. මනින්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. හෙතෙමේ මේ උතුම් ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තවූයේ තම සන්තානයෙහි කෙලෙසුන්ගෙන් තෙත් නොවූ සැපය විඳින්නේය.
“හෙතෙමේ ඉදිරියට යාමෙහිද ආපසු යාමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. ඉදිරිපස බැලීමෙහිද හැරී බැලීමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. අත් පා හැකිලීමෙහිද දිගුකිරීමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. සඟල සිවුර සහ පාත්‍ර සිව්රු දැරීමෙහි නුවණින් යුක්තවූයේ වෙයි. අනුභව කිරීමය, පානය කිරීමය, රස විඳීමය යන මෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. මල මුත්‍ර පහකිරීමෙහිද නුවණින් යුක්ත වූයේ වෙයි. යැම්, සිටීම්, හිඳීම්, සැතපීම්, නිදි තොර කිරීම්, කථාකිරීම්, නිශ්ශබ්ද වීම් යන මෙහිද නුවණින් යුක්ත වූයේ වෙයි.
“උතුම්වූ මේ සීලසමූහයෙන් යුක්තවූද උතුම්වු මේ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තවූද, මේ උතුම්වූ සතිසම්පජඤ්ඤයෙන් යුක්තවූද, ඒ භික්ෂු තෙමේ කැලයද, ගහක් මුලද, පර්වතද, කඳුරැලිද, ගල් ගුහාද, සොහොන්ද, ඉතා දුරවූ කැලෑද හිස්තැන්ද, පිදුරු ගොඩවල්ද යන මේ විවේක සෙනාසන භජනය කෙරෙයි. ඔහු පසුබත් කාලයෙහි පිණ්ඩපාත ආහාරයෙන් වැළකුණේ, පර්‍ය්‍යංකය බැඳ, ශරීරය කෙළින් තබා සිත අරමුණෙහි පිහිටුවා හිඳගනියි.
“ඔහු ස්කන්ධ ලොකයෙහි ලොභය පහකොට ලොභ රහිත සිතින් යුක්තව වාසය කෙරේ. ලොභයෙන් සිත පිරිසිදු කෙරේ. සිත කෙලසන්නාවූ ක්‍රොධය පහකොට, ක්‍රොධයෙන් දුරුවූ සිත් ඇතිව වාසය කරයි. සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇතිව වාසය කරයි. ක්‍රොධයෙන් සිත පිරිසිදු කෙරේ. කාය චිත්ත දෙදෙනාගේ අලස බව දුරු කොට කය-සිත පිළිබඳ පහවූ අලස බව ඇත්තේ ආලොක සංඥා ඇත්තේ, සිහි ඇත්තේ, යහපත් ප්‍රඥා ඇත්තෙක්ව ථිනමිද්ධයෙන් සිත පිරිසිදු කෙරේ. නොසන්සුන්කම හා පසුතැවීම දුරු කොට, සංසිඳුනු සිත් ඇතිව වාසය කෙරේ. ඇතුළත සංසිඳුනු සිත් ඇත්තේ, උද්ධච්චකුක්කුච්චයෙන් සිත පිරිසිදු කෙරේ. සැකය දුරු කොට, පහකළ සැක ඇත්තේ කුශල ධර්ම විෂයෙහි එසේද මෙසේදැයි සැක නැතිව විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කෙරේ.
“හෙතෙම සිත කිලුටු කරන්නාවූද, ප්‍රඥාව දුර්වල කරන්නාවූ මේ පංච නීවරණයන් දුරුකොට, කාමයන් ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයිද,
“ගෘහපතියෙනි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් ඇතුලත පැහැදීම ඇති, හිතේ එකඟ බව ඇති, විතර්ක රහිතවූ විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වාසය කරයිද,
“ගෘහපතියෙනි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම ප්‍රීතියෙහිද නොඇලීමෙන් උපෙක්ෂා ඇත්තේ වාසය කරයිද, සිහියෙන් යුක්ත වූයේ, නුවණින් යුක්ත වූයේ ශරීරයෙන් සුවය විදින්නේද, ආර්‍ය්‍යයෝ යම් ඒ ධ්‍යානයක් උපෙක්ෂා ඇති, සැප විහරණ ඇත්තේයයි කියද්ද, ඒ තෘතියධ්‍යානයට පැමිණ වාසය කරයිද,
“ගෘහපතියනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම සැපය දුරු කිරීමෙන්ද, දුක දුරු කිරීමෙන්ද (ධ්‍යානය ලැබීමට) පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැසීමෙන්, දුක්ද නොවූ, සැපද නොවූ උපෙක්ෂා සිහියෙන් පිරිසිදු බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයිද,
“හෙතෙමේ මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාම හිත් රහිතවූ කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, පෙර ජාති සිහි කිරීමේ ඥානය පිණිස සිත නමයි. හේ තෙමේ නොයෙක් විදියේ පෙර විසීම් සිහි කෙරෙයි. කෙසේද යත්? “එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති හතරක්ද, ජාති පසක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති සතළිසක්ද, ජාති පනසක්ද, ජාති සියයක්ද, දහස් ජාතියක්ද, සියක් දහස් ජාතියක්ද නොයෙක් විනාශ වෙමින් පවතින කල්පයන්ද, නොයෙක් හැදෙමින් පවතින කල්පයන්ද, නොයෙක් විනාශවන හෝ හැදෙන කල්පයන්ද, ‘අසුවල් තැන වීමි, මෙනම් ඇත්තෙම්, මේ ගොත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම්, මේ කෑම ඇත්තෙම්, මේ සැප දුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතවූයෙම්, අසුවල් තැන උපන්නෙම්, එහිදු මෙනම් ඇත්තෙම්, මේ ගොත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම්, මේ කෑම ඇත්තෙම්, මේ සැප දුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතවූයෙම්, මෙහි උපන්නෙමි’යි මෙසේ ආකාර සහිතව, දැක්වීම් සහිතව, නොයෙක් විදියේ පෙර ජීවිත සිහි කෙරෙයි.
“ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිත කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, චුති උත්පත්ති දැනගන්නා නුවණ පිණිස සිත නමයි. හේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවූ දිව ඇසින් චුතවන උපදින සත්වයන් දකී. පහත්වූද උසස්වූද ලක්ෂණවූද අවලක්ෂණවූද හොඳලොව උපදින්නාවූද නරක ලොව උපදින්නාවූද කර්මයට අනුව උපදින්නාවූ සත්වයන් දකී. ‘මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූහ, වාග් දුශ්චරිතයෙන් යුක්තවූහ මනො දුශ්චරිතයෙන් යුක්තවූහ. ආර්‍ය්‍යයන්ට ගරහන්නෝ වූහ. මිථ්‍යාදෘෂ්ටිකයෝ වූහ, මිථ්‍යාදෘෂ්ටිකර්ම සමාදන්වූවෝ වූහ. ඔවුහු මරණින් මතු සැපයෙන් පහවූ නපුරුවූ දුක්වූ නිරයට පැමිණෙත්. නැතහොත්, මේ පින්වත් සත්වයෝ කාය සුචරිතයෙන් යුක්තවූහ, වාග් සුචරිතයෙන් යුක්තවූහ, මනො සුචරිතයෙන් යුක්ත වූහ, ආර්‍ය්‍යයන්ට නොගරහන්නෝ වූහ. සත්‍යය අදහන්නෝ වූහ, සත්‍ය ඇදහීම් සමාදන්වූවෝ වූහ. ඔව්හු මරණින් මතු යහපත් ගතිඇති ස්වර්ග ලොකයට පැමිණියෝ’යි මෙසේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවූ දිව ඇසින් චුත වන උපදින සත්වයන් දකී. මෙසේ පිරිසිදුවූ, මනුෂ්‍යත්වය ඉක්ම සිටියාවූ දිවැසින් චුතවන්නාවූද උපදින්නාවූද පහත්වූද උසස්වූද ලක්ෂණවූද අවලක්ෂණවූද හොඳ ලොවට ගියාවූද නරක ලොවට ගියාවූද සත්වයන් දනී.
“ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිත කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පානොවන බවට පැමිණි කල්හි, ආශ්‍රව කෙලෙස් පහකිරීමේ ඥානය පිණිස සිත නමයි. ඔහු මේ දුකයයි තතු ලෙස දැනගනී. මේ දුක් ඉපදීමේ හේතුවයයි තතු ලෙස දැනගණී, මේ දුක් නැති කිරීමයයි තතු ලෙස දැන ගණී, මේ දුක් නැති කිරීමේ මාර්ගයයයි තතු ලෙස දැනගණී, මේ ආශ්‍රව ක්ලෙශයන්ගේ හේතුවයයි තතු ලෙස දැනගණී, මේ ඒ කෙලෙස් නැති කිරීමයයි තතු ලෙස දැනගණී, මම ඒ කෙලෙස් නැති කිරීමේ මාර්ගයයි තතු ලෙස දැනගනී.
“මෙසේ දන්නා දක්නා ඔහුගේ සිත කාම ආශ්‍රවය කෙරෙන්ද මිදේ, භව ආශ්‍රවය කෙරෙන්ද මිදේ, අවිද්‍යාශ්‍රවය කෙරෙන්ද මිදේ, මිදුනු කල්හි මිදුනේය යන ඥානය පහළ වෙයි. ඉපදීම නැති විය. උතුම් හැසිරීමෙහි වසනලදී. කටයුත්ත කරණ ලදී, මින් පසු මේ සඳහා කළ යුත්තක් නැතැ’යිද දැනගණී.
“ගෘහපතියෙනි, මේ පුද්ගලතෙම තමාද නොතවන්නේ, තමන් නොතවන ප්‍රතිපදාවෙහි යෙදුනේ, අනුන්ද නොතවන්නේ, අනුන් නොතවන ප්‍රතිපදාවෙහි යෙදුනේයයි කියනු ලැබේ. හෙතෙම තමන්ද නොතවන්නේ, අනුන්ද නොතවන්නේ මේආත්මයෙහිම තෘෂ්ණා රහිත වූයේ, නිවියේ, සිහිල් වූයේ, සැප විඳිනසුළු වූයේ, ශ්‍රෙෂ්ඨවූ ආත්මයෙන් යුක්තව වාසය කෙරේයයි” වදාළේය.
මෙසේ වදාළ කල්හි ශාලා නම් ගම්වැසි බ්‍රාහ්මණ ගෘහපතියෝ භාග්‍යවතුන් වහන්සේට මෙය කීවාහුය.
“භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත. භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත. භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරුකොට තබන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ වේද, වසා තබන ලද්දක් වැසුම් හරින්නේ හෝ වේද, මංමුලාවූවෙකුට මඟ කියන්නේ හෝ වේද, අන්ධකාරයෙහි ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දරන්නේ හෝ වේද, මෙපරිද්දෙන්ම භවත් ගෞතමයාණන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය ප්‍රකාශ කරනලදී. මේ අපි භවත් ගෞතමයන් වහන්සේ සරණකොට යමු. ධර්මයද භික්ෂු සංඝයාද (සරණ කොට යමු). භවත් ගෞතම තෙමේ අප අද පටන් දිවිහිම් කොට සරණ ගියාවූ උපාසකයන්යයි දරණ සේක්වා.”

අපන්නක ධර්ම කවරේද?

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ මගධ දනව්වල සැරිසරන්නේ  රජගහනුවරට වැඩිසේක.  භග්ගව නම් කුම්භකාර තෙම යම්තැනෙක්හිද එතැනට එළඹිසේක එළඹ, භග්ගව නම් කුම්භකාරයාට මෙය වදාළේය. “භග්ගවය, ඉදින් තොපට අපහසුවක්  නොවේ නම් කුම්භකාර ශාලාවෙහි එක් රැයක් වාසය කරමි” යනුයි. “ස්වාමීනි, මට නම් බරක් නොවේ. මෙහි පළමුකොට වාසයට එළඹියාවූ පැවිදිවූ තැනැත්තෙක්ද ඇත්තේය. ඉදින් ඔහු  අවසර දෙයි නම් ස්වාමීනි, ඔබද මෙහි සැපසේ රෑ  ගත කරනු මැනවැ’ යි කීය.

§ 2. “එකල්හි වනාහි පුක්කුසාති නම් කුලපුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේ උදෙසා ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවූයේ වෙයි. හෙතෙම ඒ කුම්භකාර ශාලාවෙහි පළමු වාසයට එළඹියේ වෙයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් පුක්කුසාති තෙමේ යම් තැනෙක්හිද එතැනට එළඹිසේක. එළඹ, ආයුෂ්මත් පුක්කුසාතිහට මෙය වදාළේය.

“මහණ, ඉදින් තොපට බරක් නොවේ නම්, කුම්භකාර ශාලාවෙහි එක් රැයක් වාසය කරමි”යි “ඇවැත්නි, කුම්භකාර ශාලාව ඉඩ ඇත්තේය. ආයුෂ්මත් තෙමේ සැපසේ වාසය කෙරේවා”යි කීය.
“ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කුම්භකාර ශාලාවට ඇතුල්ව එක්පසක තණ ඇතිරියක් පනවා පළඟ බැඳගෙණ කය ඍජුකොට පිහිටුවා සිහිය ඉදිරිපත්කොට එළවා වැඩහුන්සේක ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රාත්‍රියෙහි වැඩිකාලයක් හිඳීමෙන් ඉක්මවූ සේක. පුස්කුසාති ආයුෂ්මත් තෙමේද රාත්‍රියෙහි වැඩි කාලයක් හිඳගැණීමෙන් ඉක්ම වූයේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේට මෙබඳු අදහසක් විය. ‘මේ කුලපුත්‍ර තෙමේ වනාහි ප්‍රසාද එලවන පරිද්දෙන්ම ඉරියව් පවත්වයි. මම අසන්නෙම් නම්, යෙහෙකැයි, කියායි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පුක්කුසාති ආයුෂ්මතුන්ට මෙය වදාළේය. “මහණ, නුඹ කවරෙකු උදෙසා පැවිදිවූයේ වෙහිද? නුඹගේ ශාස්තෘ තෙමේ හෝ කවරෙක්ද, නුඹ කවරෙකුගේ හෝ ධර්මයක් කැමැති වන්නෙහිදැ?”යි ඇසූහ.
“ඇවැත්නි, ශාක්‍යපුත්‍රවූ ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදිවූ ගෞතම නම් ශ්‍රමණ කෙනෙක් ඇත්තේය. ඒ භාග්‍යවත් ගෞතමයන්ගේ මෙබඳු යහපත්වූ කීර්ති ශබ්දයෙක් පැන නැංගේය. ඒ භාග්‍යවත් තෙමේ මේ කාරණයෙනුත් අර්හත්ය. සම්‍යක් සම්බුද්ධය, විද්‍යාචරණ සම්පන්නය, සුගතය, ලොකවිදූය, පුරුෂයන් දමනය කිරීමෙහි නිරුත්තරවූ සාර්ථවාහකයෙකු බඳුය, දෙවි මිනිසුන්ට අනුශාසනා කරන්නෙකි, බුද්ධය, භාග්‍යවත්ය, යනුවෙනි. මම ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසා පැවිදි වූයේ වෙමි. ඒ භාග්‍යවත් තෙමේ මාගේ ශාස්තෘ වෙයි. මම ඒ භාග්‍යවත්හුගේ ධර්මය කැමති වෙමියි’යි කීය.
“මහණ, මේ කාලයෙහි ඒ අර්හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ කොතැන්හි වාසය කරණසේක්දැ?”යි ඇසූහ. “ඇවැත්නි, උතුරු දනව්වල සැවැත් නම් නුවරක් ඇත්තේය. එහි මේ කාලයෙහි අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ වාසය කරණසේකැයි” කීය.
“මහණ, තොප විසින් ඒ භාග්‍යවත් තෙමේ දක්නා ලද්දේද, දැක, දැන, හඳුනන්නෙහිදැ”යි ඇසූහ. “ඇවැත්නි, ඒ භාග්‍යවතුන් වහන්සේ මා විසින් නොදක්නා ලදි. මම දැක නොහඳුනන්නෙමි”යි කීය.
එකල්හි භාග්‍යවතුන් වහන්සේට මෙබඳු අදහසක් විය. ‘මේ කුලපුත්‍ර තෙමේ වනාහි මා උදෙසා පැවිදිවූයේය. මොහුට මම ධර්මය දෙශනා කරන්නෙම් නම් යෙහෙකැ’යි කියායි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් පුක්කුසාති තවුසන්ට ආමන්ත්‍රණය කළසේක. “මහණ, තොපට ධර්මය දෙශනා කරන්නෙමි. එය අසව. යහපත් කොට මෙනෙහි කරව. කියන්නෙමියි” වදාළේය. “ඇවැත්නි, එසේයයි” කියා භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
‘මහණ, මේ පුරුෂ තෙම ධාතු සයකින් යුක්ත වන්නේය, ස්පර්ශ ආයතන සයකින් යුක්ත වන්නේය සිතේ හැසිරීම් දහඅටකින් යුක්ත යම් තැනෙක්හි සිටියහුට වැරදි හැඟීම් නොපවතිත්ද, එවැනි පිහිටීම් සතරක් ඇත්තාහුය. වැරදි හැඟීම් නොපවත් වන්නාවූ ක්ෂිණාශ්‍රව මුනිතෙම සංසිඳුනේයයි කියනු ලැබේ. (අර්හත් ඵල) ප්‍රඥාවට ප්‍රමාද නොවන්නේය. වාග් සත්‍යය ආරක්ෂා කරන්නේය. කෙලෙස් දුරු කිරීම වඩන්නේය. හෙතෙම කෙලෙස් සංසිඳිමෙහිම හික්මෙන්නේය. මේ වනාහි සවැදෑරුම් ධාතු විභංගයාගේ උද්දෙසය වේ.
“මහණ, මේ පුරුෂ තෙම ධාතු සයකින් යුක්තයයි, මෙසේ වනාහි මේ කියනලදී. මෙය කුමක් සඳහා කියන ලදද? පඨවි ධාතුය, අපො ධාතුය, තෙජො ධාතුය, වායො ධාතුය, ආකාශ ධාතුය, විඤ්ඤාණ ධාතුය, (යන සයයි). මහණ, මේ පුරුෂ තෙම ධාතු සයකින් යුක්තයයි මෙසේ යමක් කියනලද නම් එය මේ සඳහා කියනලදී.
“මහණ, මේ පුරුෂ තෙම ස්පර්ශ ආයතන සයකින් යුක්තයයි, මෙසේ වනාහි මෙය කියන ලදී. මෙය කුමක් සඳහා කියන ලදද? චක්ඛුසම්ඵස්ස ආයතනය, සොත සම්ඵස්ස ආයතනය, ඝාණ සම්ඵස්ස ආයතනය, ජිව්හා සම්ඵස්ස ආයතනය, කාය සම්ඵස්ස ආයතනය, මනො සම්ඵස්ස ආයතනය (යන සයයි) මහණ, මේ පුරුෂ තෙම ස්පර්ශ ආයතන සයකින් යුක්තව ඇත්තේයයි, මෙසේ ඒ යමක් කියන ලදද, මෙය මේ සඳහා කියන ලදී.
“මහණ, මේ පුරුෂ තෙම දහඅටක්වූ සිතේ හැසිරීම්වලින් යුක්තයයි, මෙසේ වනාහි මෙය කියන ලදී. මෙය කුමක් සඳහා කියන ලදද? ඇසින් රූපය දැක සොම්නසට කරුණුවූ රූපය අනුව හැසිරෙයි. දොම්නසට කරුණුවූ රූපය අනුව හැසිරෙයි. උපෙක්ෂාවට කරුණුවූ රූපය අනුව හැසිරෙයි කණින් ශබ්දය අසා සොම්නසට කරුණුවූ ශබ්දය අනුව හැසිරෙයි, දොම්නසට කරුණුවූ ශබ්දය අනුව හැසිරෙයි, උපෙක්ෂාවට කරුණුවූ ශබ්දය අනුව හැසිරෙයි. නාසයෙන් සුවඳ ආඝ්‍රාණය කොට සොම්නසට කරුණුවූ ගන්ධය අනුව හැසිරෙයි, දොම්නසට කරුණුවූ ගන්ධය අනුව හැසිරෙයි, උපෙක්ෂාවට කරුණුවූ ගන්ධය අනුව හැසිරෙයි. දිවෙන් රසය විඳ සොම්නසට කරුණුවූ රසය අනුව හැසිරෙයි, දොම්නසට කරුණුවූ රසය අනුව හැසිරෙයි, උපෙක්ෂාවට කරුණුවූ රසය අනුව හැසිරෙයි. කයින් ස්පර්ශ කළයුත්ත ස්පර්ශ කොට සොම්නසට කරුණුවූ ස්පර්ශය අනුව හැසිරෙයි. දොම්නසට කරුණුවූ රූපය අනුව හැසිරෙයි, උපෙක්ෂාවට කරුණුවූ ස්පර්ශය අනුව හැසිරෙයි. සිතින් ධර්මය දැන සොම්නසට කරුණුවූ, ධර්මය අනුව හැසිරෙයි. දොම්නසට කරුණුවූ ධර්මය අනුව හැසිරෙයි. උපෙක්ෂාවට කරුණුවූ ධර්මය අනුව හැසිරෙයි. මෙසේ සොම්නසයෙහි හැසිරීම් සයක්ය, දොම්නසයෙහි හැසිරීම් සයක්ය, උපෙක්ෂාවෙහි හැසිරීම් සයක්යයි, (දහඅටක් වෙත්) මහණ, මේ පුරුෂ තෙම අටළොස් සිත් හැසිරීමකින් යුක්ත යයි, මෙසේ ඒ යමක් කියනලද නම් ඒ මේ සඳහා කියන ලදී.
“මහණ, මේ පුරුෂ තෙම පිහිටීම් සතරක් ඇත්තේ යයි, මෙසේ වනාහි කියනලදී. එය කුමක් සඳහා කියන ලදද, ප්‍රඥාව පිහිටීම කොට ඇත්තේය. සත්‍යය පිහිටීම කොට ඇත්තේය. ත්‍යාගය පිහිටීම කොට ඇත්තේය. සංසිඳීම පිහිටීම කොට ඇත්තේය. (යන සතරයි). මහණ, මේ පුරුෂ තෙම පිහිටීම් සතරක් ඇත්තේයයි, මෙසේ ඒ යමක් කියන ලදද, ඒ මෙය සඳහා කියන ලදී.
“ප්‍රඥාව සඳහා ප්‍රමාද නොවන්නේය, සත්‍යය ආරක්ෂා කරන්නේය, ත්‍යාගය වඩන්නේය, හෙතෙම සංසිඳීමෙහිම හික්මෙන්නේ යයි, මෙසේ වනාහි මේ කියන ලදී. එය කුමක් සඳහා කියන ලදද? මහණ, කෙසේ නම් ප්‍රඥාව ප්‍රඥාව සඳහා ප්‍රමාද නොවේද, මහණ, මේ ධාතු සයක් වෙත්. පඨවි ධාතුය, ආපො ධාතුය, තෙජො ධාතුය, වායො ධාතුය, ආකාස ධාතුය, විඤ්ඤාණ ධාතුය, (යන සයයි).
“මහණ, පඨවි ධාතුව කවරීද? පඨවි ධාතුව අධ්‍යාත්මිකද වන්නීය, බාහිරද වන්නීය. මහණ, අධ්‍යාත්මිකවූ පෘථිවි ධාතුව නම් කවරීද, අධ්‍යාත්මිකවූද, තමන් තුළ පවත්නාවූද, යම් තද බවක් රළු බවක් තමා වශයෙන් ගන්නා ලද්දක් වේද, එනම්: කෙස්ය, ලොම්ය, නියය, දත්ය, සමය, මස්ය, නහරය, ඇටය, ඇට මිදුලුය, වකුගඩුවය, හෘදය මාංශය, අක්මාවය, දලබුවය, බඩදිවය, පපුවය, අතුනුය, අතුනු බහන්ය, නොපැසුණ ආහාරය, මළය, (යන මොහුයි).
“අන්‍යවූද, කිසියම් අධ්‍යාත්මිකවූ තමා පිළිබඳවූ තද බවක් රළු බවක් තමා වශයෙන් ගන්නා ලද්දක් වේද, මහණ, මෝ තොමෝ අධ්‍යාත්මිකවූ පඨවි ධාතුයයි කියනු ලැබේ. යම් අධ්‍යාත්මිකවූ පඨවි ධාතුවක් වන්නීද, යම් බාහිරවූ පඨවි ධාතුවකුත් වන්නීද, මෝ තොමෝ පඨවි ධාතුම වන්නීය. ‘එය මගේ නොවෙයි, එය මම නොවෙමි, එය මාගේ ආත්මය නොවේයයි’ මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක්ක යුතුයි. මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක පඨවි ධාතුව කෙරෙහි කලකිරෙයි. පඨවි ධාතුවෙහි සිත නොඅලවයි.
“මහණ, අපොධාතුව කවරීද? ආපොධාතුව අධ්‍යාත්මිකද වන්නීය, බාහිරද වන්නීය. මහණ, අධ්‍යාත්මිකවූ ආපොධාතුව කවරීද, අධ්‍යාත්මිකව තමන් තුළ පවත්නාවූ යම් වැගිරීමක්, වැගිරීම් ගතියක් තමා වශයෙන් ගන්නාලද්දක් වේද, එනම්: පිතය, සෙමය, සැරවය, ලේය, ඩහදියය, මේද තෙලය, කඳුලුය, වුරුණු තෙලය, කෙලය, සොටුය, සඳමිදුලුය, මුත්‍රය යන මොහුද මෙයින් අන්‍යවූද යම් කිසිවක් හෝ අධ්‍යාත්මිකවූ, තමන් පිළිබඳවූ වැගිරීමක්, වැගිරෙන බවට පැමිණි දෙයක් තමා වශයෙන් ගන්නා ලද්දක් වේද, මහණ, මෙය අධ්‍යාත්මිකවූ ආපොධාතුවයයි කියනු ලැබේ. යම් අධ්‍යාත්මිකවූ ආපොධාතුවක් වන්නීද, යම් බාහිරවූ ආපෝ ධාතුවකුත් වන්නීද, එය ආපොධාතුවම වන්නීය. ‘එය මාගේ නොවෙයි. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවේයයි,’ මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක්ක යුතුයි. මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක, අපොධාතුව කෙරෙහි කලකිරෙයි. ආපොධාතුව කෙරෙහි සිත නොඅලවයි.
“මහණ, තෙජොධාතුව කවරීද, තෙජො ධාතුව අධ්‍යාත්මිකද වන්නීද, බාහිරද වන්නීය. මහණ, අධ්‍යාත්මිකවූ තෙජොධාතුව කවරීද, යම් අධ්‍යාත්මිකවූ තමන් පිළිබඳවූ උණුසුමක්, උණුසුම් බවක්, තමා වශයෙන් ගන්නා ලද්දක් වේද, එනම්, යමකින් තැවේද, යමකින් දිරණු ලැබේද, යමකින් දවනු ලැබේද, යමකින් කනලද බොනලද කඩා කන ලද, දිවගාන ලද දේ, මනාකොට පැසීමට යේද, මෙයින් අන්‍යවූද, යම්කිසි අධ්‍යාත්මිකවූ තමන් පිළිබඳවූ, උණුසුමක්, උණුසුම් බවක් තමා වශයෙන් ගන්නා ලද්දක් වේද, මහණ, එය අධ්‍යාත්මිකවූ තෙජොධාතුවයයි කියනු ලැබේ. යම් අධ්‍යාත්මිකවූ තෙජොධාතුවකුත් වන්නීද, යම් බාහිරවූ තෙජොධාතුවකුත් වන්නීද, එය තෙජොධාතුවම වන්නීය. ‘එය මාගේ නොවෙයි. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවේයයි,’ මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක්ක යුතුයි. මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක, තෙජොධාතුව කෙරෙහි කලකිරෙයි. තෙජොධාතුව කෙරෙහි සිත නොඅලවයි.
“මහණ, වායොධාතුව කවරීද, වායොධාතුව අධ්‍යාත්මිකද වන්නීය. බාහිරද වන්නීය. මහණ, අධ්‍යාත්මිකවූ වායොධාතුව කවරීද? යම් අධ්‍යාත්මිකවූ තමන් පිළිබඳවූ හැමීමක් වාතයක් තමා වශයෙන් ගන්නා ලද්දක් වේද, එනම්, උඩට ගමන් කරන්නාවූ වාතයෝය, යටට ගමන් කරන්නාවූ වාතයෝය, ආමාශය තුළ පවත්නා වාතයෝය, ආමාශයෙන් පිටත පවත්නා වාතයෝය, අවයව අනුව ගමන් කරන්නාවූ වාතයෝය, ආශ්වාස ප්‍රශ්වාස වාතය (යනුයි.) මෙයින් අන්‍යවූද, යම්කිසි අධ්‍යාත්මිකවූ තමා පිළිබඳවූ වාතයක්, හැමීම් ගතියක්, තමා වශයෙන් ගන්නා ලද්දක් වේද, මහණ, එය අධ්‍යාත්මිකවූ වායොධාතුයයි කියනු ලැබේ. අධ්‍යාත්මිකවූ යම් වායොධාතුවකුත් වන්නීද, බාහිරවූ යම් වායොධාතුවකුත් වන්නීද, එය වායොධාතුවම වන්නීය. ‘එය මාගේ නොවෙයි. එය මම නොවෙමියි, එය මාගේ ආත්මය නොවේයයි,’ මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක්ක යුතුයි. මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක, වායොධාතුව කෙරෙහි කලකිරෙයි. වායොධාතුව කෙරෙහි සිත නොඅලවයි.
“මහණ, ආකාශධාතු තොමෝ කවරීද? ආකාශ ධාතුව අධ්‍යාත්මිකද වන්නීය, බාහිරද වන්නීය. මහණ, අධ්‍යාත්මිකවූ ආකාශධාතුව කවරීද, අධ්‍යාත්මිකවූ තමන් පිළිබඳවූ අවකාශයක්, හිස් බවක්, තමා වශයෙන් ගන්නාලද්දක් වේද, එනම්, කන් සිදුරද, නාස් සිදුරද, මුවදොරද, යමකිනුත් කනලද, බොනලද කඩා කනලද, දිවගාන ලද දෙය ගිලෙයිද, යම් තැනෙක් හිත් කනලද, බොනලද, කඩා කනලද, දිවගාන ලද දෙය දරා සිටීද, යමකිනුත් කනලද බොනලද, කඩා කන ලද, දිවගාන ලද දෙය යටභාගයෙන් නික්මේද, මෙයින් අන්‍යවූද, යම්කිසි අධ්‍යාත්මිකවූ තමන් පිළිබඳවූ අවකාශයක් හිස්බවක් තමා වශයෙන් ගන්නා ලද්දක් වේද, මහණ, එය අධ්‍යාත්මිකවූ ආකාශධාතුවයයි කියනු ලැබේ. යම් අධ්‍යාත්මිකවූ ආකාශධාතුවකුත් වන්නීද, යම් බාහිරවූ ආකාශ ධාතුවකුත් වන්නීද, එය ආකාශධාතුව වන්නීය. ‘එය මාගේ නොවෙයි. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවේයයි මෙසේ තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක්ක යුතුයි. මෙසේ එය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක, ආකාශධාතුව කෙරෙහි කලකිරෙයි. ආකාශධාතුව කෙරෙහි සිත නොඅලවයි.
“ඉන්පසු පිරිසිදුවූ නිර්මලවූ විඤ්ඤාණයම ඉතිරිවේ. ඒ විඤ්ඤණයෙන් කිසිවක් දැනගනී. සැපයයිද දනී. දුකයයිද දනී. සැපත් නොවේය දුකත් නොවේයයි දනී. මහණ, සැප වේදනාවට කරුණුවූ ස්පර්ශය නිසා සැප වේදනාව උපදියි හෙතෙම සැප වේදනාව විඳින්නේ, සැප වේදනාව විඳිමියි දැනගනියි. ඒ සැප වේදනාවට කරුණුවූ ස්පර්ශය නිරුද්ධ වීමෙන් ඒ සැප වේදනාවට කරුණුවූ ස්පර්ශය නිසා හටගත් යම් සැප වේදනාවක් වීද එයද නිරුද්ධ වෙයි. එය සංසිඳේයයි දැනගනියි.
මහණ, දුක් වේදනාවට කරුණුවූ ස්පර්ශය නිසා දුක්වූ වේදනාව උපදියි. දුක් වේදනාව විඳින්නාවූ හෙතෙම දුක්වූ වේදනාව විඳිමියි දැනගනියි. ඒ දුක් වේදනාවට කරුණුවූ ස්පර්ශය නිරුද්ධවීමෙන් දුක් වේදනාවට කරුණුවූ ස්පර්ශය නිසා උපන්නාවූ යම් දුක් වේදනාවක් වේද, එය නිරුද්ධ වෙයි. එය සංසිඳේයයි දැනගනියි.
මහණ, දුක්ද නොවූ සැපද නොවූ වේදනාවට කරුණුවූ ස්පර්ශය නිසා දුක්ද නොවූ සැපද නොවූ වේදනාව උපදියි. දුක්ද නොවූ සැපද නොවූ වේදනාව විඳින්නාවූ හෙතෙම දුක්ද නොවූ සැපද නොවූ වේදනාව විඳිමියි දැනගනියි. ඒ දුක්ද නොවූ සැපද නොවූ වේදනාවට කරුණුවූ ස්පර්ශය නිරුද්ධවීමෙන් ඒ දුක්ද නොවූ සැපද නොවූ වේදනාවට කරුණුවූ ස්පර්ශය නිසා උපන්නාවූ යම් දුක්ද නොවූ සැපද නොවූ වේදනාවක් වේද එය නිරුද්ධ වෙයි. එය සංසිඳේයයි දැනගනියි.
“මහණ, යම්සේ ලීදඬු දෙකක් එකට ගැටීමෙන් උණුසුම හටගණීද, ගින්න උපදීද, ඒ ලීදඬු දෙක වෙන්වීමෙන් වෙන්කොට තැබීමෙන් යම් එයින් හටගත් යම් උණුසුමක් වේද, නිරුද්ධ වේද, එය සංසිඳේද, මහණ මෙපරිද්දෙන්ම සැප වේදනාවට කරුණුවූ ස්පර්ශය නිසා සැප වේදනාව උපදියි. හෙතෙම සැප වේදනාව විඳින්නේ සැප වේදනාව විඳිමියි දැනගනියි. ඒ සැප වේදනාවට කරුණුවූ ස්පර්ශය නිරුද්ධ වීමෙන් ඒ සැප වේදනාවට කරුණුවූ ස්පර්ශය නිසා උපන්නාවූ යම් සැප වේදනාවක් වේද, එය නිරුද්ධ වේ. එය සංසිඳේයයි දැනගනියි.
මහණ, දුක් වේදනාවට කරුණුවූ ස්පර්ශය නිසා දුක් වේදනාව උපදියි. හෙතෙම දුක් වේදනාව විඳින්නේ දුක් වේදනාව විඳිමියි දැනගනියි. ඒ දුක් වේදනාවට කරුණුවූ ස්පර්ශය නිරුද්ධවීමෙන් ඒ දුක් වේදනාවට කරුණුවූ ස්පර්ශය නිසා උපන්නාවූ යම් දුක් වේදනාවක් වේද එය නිරුද්ධ වේ. සංසිඳේයයි දැනගනියි.
මහණ, නිදුක් නොසැප වේදනාවට (උපෙක්ෂා වේදනාවට) කරුණුවූ ස්පර්ය නිසා උපෙක්ෂා වේදනාව උපදියි. හෙතෙම නිදුක් නොසැප වේදනාව විඳින්නේ නිදුක් නොසැප වේදනාව විඳිමියි දැනගනියි. ඒ නිදුක් නොසැප වේදනාවට කරුණුවූ ස්පර්ශය නිරුද්ධවීමෙන් ඒ නිදුක් නොසැප වේදනාවට කරුණුවූ ස්පර්ශය නිසා උපන්නාවූ යම් නිදුක් නොසැප වේදනාවක් වේද එය නිරුද්ධ වේ. එය සංසිඳේයයි දැන ගනියි.
“ඉන්පසු පිරිසිදුවූ නිර්මලවූ මෘදුවූ කර්මන්‍යවූ බැබළීම් සහිතවූ උපෙක්ෂාවම ඉතිරිවේ. මහණ, යම්සේ දක්ෂවූ රන්කරුවෙක් හෝ රන්කරු අතවැස්සෙක් හෝ කඹුරු උදුනක් (කෝවක්) බඳින්නේද, උදුන බැඳ උදුන් මුවවිට ආලේප කරන්නේය. උදුන් මුවවිට ආලේප කොට අඬුවෙන් රත්‍රන් ගෙන, උදුන් මුඛයෙහි බහා ලන්නේය. ඊට කලින් කල ගිනි පිඹින්නේය. කලින් කල ජලයෙන් තෙමන්නේය. කලින් කල මැදහත්ව බලන්නේය. ඒ රත්රන් සුද්ධවූවක්, ඉතා පිරිසිදුවූවක්, නිර්මලවූවක් (පහවගිය මළ ඇත්තක්) පහවගිය කසට ඇත්තක්, මෘදුවූවක්, කර්මන්‍ය වූවක්, බැබළීම් සහිත වූවක් වෙයි. යම් යම් පළඳනා විකෘතියක් කැමැති වේද, ඉදින් පවඬිකා නම් ආභරණයක් කිරීමටද, ඉදින් කුණ්ඩලාභරණයක් කිරීමටද, ඉදින් ග්‍රීවයෙහි පළඳන ආභරණයක් කිරීමටද, ඉදින් රන් මාලයක් කිරීමටද කැමැති වෙයිද, මොහුගේ ඒ අදහස සම්පූර්ණ වන්නේය. මහණ, එපරිද්දෙන්ම ඉන්පසු පිරිසිදුවූ, නිර්මලවූ, මෘදුවූ, කර්මන්‍යවූ බැබළීම් සහිතවූ උපෙක්ෂාවම ඉතිරිවේ.
“හෙතෙම මෙසේ දැනගනියි. ඉදින් මම මෙසේ පිරිසිදු වූ මෙසේ නිර්මලවූ මේ උපෙක්ෂාව ආකාසානඤ්චායතනය වෙත එලවන්නෙම්ද, එයට අනුකූල ධර්මයෙහි සිත වඩන්නෙම්ද, එසේවූ කල මාගේ මේ උපෙක්ෂාව එය ඇසුරුකොට එය කරුණුකොට ඉතා බොහෝ කලක් පවත්නේය. ඉදින් මම මෙසේ පිරිසිදුවූ, මෙසේ නිර්මලවූ, මේ උපෙක්ෂාව විඤ්ඤානඤ්චායතනය වෙත එලවන්නෙම්ද, එයට අනුකූල ධර්මයෙහි සිත වඩන්නෙම්ද, එසේවූ කල මාගේ මේ උපෙක්ෂාව එය ඇසුරු කොට, එය කරුණු කොට ඉතා දීර්ඝ කාලයක් පවතින්නේය. ඉදින් මම මෙසේ පිරිසිදුවූ මෙසේ නිර්මලවූ මේ උපෙක්ෂාව ආකිඤ්චඤ්ඤායතනය කරා පමුණුවන්නෙම්ද, එයට අනුකූල ධර්මයෙහි සිත වඩන්නෙම්ද, එසේවූ කල මාගේ මේ උපෙක්ෂාව එය ඇසුරුකොට, එය කරුණුකොට බොහෝ දීර්ඝ කාලයක් සිටින්නේය. ඉදින් මම මෙසේ පිරිසිදුවූ, මෙසේ නිර්මලවූ, මේ උපෙක්ෂාව නෙවසඤ්ඤානාසඤ්ඤායතනය කරා පමුණු වන්නෙම්ද, එයට අනුකූල ධර්මයෙහි සිත වඩන්නෙම්ද එසේවූ කල මාගේ මේ උපෙක්ෂාව එය ඇසුරුකොට එය කරුණු කොට බොහෝ දීර්ඝ කාලයක් පවතින්නේය යනුවෙනි.
“හෙතෙම මෙසේ දැනගනියි. ඉදින් මම මෙසේ පිරිසිදු වූ මෙසේ නිර්මලවූ මේ උපෙක්ෂාව ආකාසානඤ්චායතනය කරා පමුණුවන්නෙම්ද, එයට අනුකූල ධර්මයෙහි සිත වඩන්නෙම්ද, මෙය හේතුප්‍රත්‍යයෙන් ඇතිවන ලද්දකි. ඉදින් මම මෙසේ පිරිසිදුවූ මෙසේ නිර්මලවූ මේ උපෙක්ෂාව විඤ්ඤානඤ්චායතනය කරා පමුණුවන්නෙම්ද, එයට අනුකූල ධර්මයෙහි සිත වඩන්නෙම්ද, එය හේතුප්‍රත්‍යයෙන් උපදින ලද්දකි. ඉදින් මම මෙසේ පිරිසිදුවූ, මෙසේ නිර්මලවූ මේ උපෙක්ෂාව ආකිඤ්චඤ්ඤායතනය කරා පමුණු වන්නෙම්ද, එයට අනුකූල ධර්මයෙහි සිත වඩන්නෙම්ද, එය හේතුප්‍රත්‍යයෙන් හටගන්නා ලද්දකි. ඉදින් මම මෙසේ පිරිසිදුවූ, මෙසේ නිර්මලවූ මේ උපෙක්ෂාව නෙවසඤ්ඤානාසඤ්ඤායතනය කරා පමුණුවන්නෙම්ද, එයට අනුකූල ධර්මයෙහි සිත වඩන්නෙම්ද, එය හේතුප්‍රත්‍යයෙන් හටගන්නා ලද්දකි කියායි. හෙතෙම එය රැස් නොකරන්නේය, සදාකාලික භවය පිණිස හෝ භවයේ සිඳීම පිණිස හෝ කල්පනා නොකරයි. හෙතෙම රැස් නොකරන්නේ සදාකාලික භවය පිණිස හෝ භවයේ සිඳීම පිණිස හෝ කල්පනා නොකරන්නේ, ලෝකයෙහි කිසිවක් මම යයි (අල්වා නොගනියි) මම යයි අල්වා නොගන්නේ නොඇලෙයි නොඇල්ලෙන්නේ තමාම පිරිනිවෙයි. ජාතිය ක්ෂය කරණ ලද්දීය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලද්දේය. සතර මාර්ගයෙන් කටයුතු දෙය කරණ ලද්දේය. මේ ආත්මය පිණිස අනිකක් නැතැයි දැනගනියි.
හෙතෙම ඉදින් සැපවූ වේදනාවක් විඳීද, එය අනිත්‍යයයි දැනගනියි. වැද්ද ගැනීමට නුසුදුසුයයි දැනගනියි. ඇලීමෙන් සතුටුවීමට සුදුසු නැතැයි දැනගනියි. ඉදින් දුක්වූ වෙදනාවක් විඳීද, එය අනිත්‍යයයි දැනගනියි. නොවැදගත්යයි දැනගනියි. තණ්හාවෙන් සතුටු නොවිය යුතු යයි දැනගනියි. ඉදින් නිදුක් නොසැපවූ වේදනාවක් විඳීද, එය අනිත්‍යයයි දැනගනියි. නොවැදගන්නා ලද්දීයයි දැනගනියි. නොසතුටුවන ලද්දීයයි දැන ගනියි.
හෙතෙම, ඉදින් සැපවූ වේදනාවක් විඳීද, කෙලෙස් ඉපදීමෙන් වෙන්වූයේ එය නොවිඳියි. හෙතෙම ඉදින් දුක්වූ වේදනාවක් විඳීද, කෙලෙස් ඉපදීමෙන් වෙන්වූයේ එය නොවිඳියි. ඉදින් නිදුක් නොසැපවූ වේදනාවක් විඳීද කෙලෙස් ඉපදීමෙන් වෙන්වූයේ එය නොවිඳියි. හෙතෙම මේ කය කෙළවර කොට ඇති වේදනාව විඳිනු ලබන්නේ කායපරියන්තික වේදනාව විඳිමියි දැනගනියි. ජීවිතය කෙළවර කොට ඇති වේදනාව විඳිනු ලබන්නේ ජීවිත පරියන්තික වේදනාව විඳිමියි දැනගනියි. ශරීරයාගේ බිඳීමෙන් ජීවිතය කෙළවර වීමෙන් මෙහි පසු විඳිනලද සතුටුවන ලද සියලු වේදනා සංසිඳෙන්නාහුයයි දැනගනියි.
“මහණ, යම්සේ තෙලද නිසා වැටියද නිසා තෙල් පහන ඇවිලේද, ඒ තෙල්ද වැටියද කෙළවර වීමෙන් අනික් තෙල් වැටි නොඑළවීමෙන් හේතුරහිත වූයේ නිවේද මහණ, මෙපරිද්දෙන්ම මේ කය කෙළවර කොට ඇති වේදනාව විඳිනු ලබන්නේ කය කෙළවරකොට ඇති වේදනාව විඳිමියි, දැනගනියි. ජීවිතය කෙළවර කොට ඇති වේදනාව විඳිනු ලබන්නේ ජීවිතය කෙළවර කොට ඇති වේදනාව විඳිමියි දැනගනියි. ශරීරයාගේ භේදයෙන් ජීවිතයාගේ කෙළවර වීමෙන් මෙහි සතුටු වන්නාවූ සියලු වේදනා සංසිඳෙන්නාහුයයි දැනගනියි. එහෙයින් මෙයින් යුක්තවූ භික්ෂුතෙම මේ උතුම්වූ අර්හත්ඵල ප්‍රඥාව නමැති පිහිටීමෙන් යුක්තවූයේ වෙයි. මහණ, මේ වනාහි උතුම්වූ ආර්‍ය්‍ය ප්‍රඥාවයි. එනම්, සියලු දුක් නැති කිරීමෙහි ඤාණයවේ.
ඔහුගේ ඒ අර්හත් ඵල විමුක්තිය පරමාර්ථ සත්‍යයෙහි පිහිටියා කැළඹියනොහැකි වූවා වේ. මහණ, එයද වෙනස්වන ස්වභාවය ඇත්තේය. නැසෙන ස්වභාවය ඇත්තේය, නොනැසෙන ස්වභාවයවූ නිර්වාණයක් වේද එයම සත්‍යයි. එහෙයින් මෙයින් යුක්තවූ භික්ෂුතෙම මේ උතුම්වූ පරමාර්ථ සත්‍ය නමැති පිහිටීමෙන් යුක්තවූයේ වෙයි. මහණ, නොනැසෙන ස්වභාව ඇත්තාවූ, මේ නිවණම උතුම් ආර්‍ය්‍ය සත්‍යවේ.
එය වනාහි, පෙර (පෘථග්ජන කාලයෙහි) නොදන්නාහුගේ සම්පූර්ණ කරණලද ගන්නා ලද ස්කන්ධාදී උපාධීහු (ආසා) වෙත්ද, මොහුගේ ඒ උපාධීහු ප්‍රහීණවූවාහු සිඳිනලද මුල් ඇත්තාහු කරටිය සිඳි තල්ගසක් මෙන් කරණ ලද්දාහු නැවත ඇතිවීම නැතිකරණ ලද්දාහු මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තාහු වෙත්.
“එහෙයින් මෙයින් යුක්තවූ මහණතෙම මේ උතුම්වූ ක්ලෙශ පරිත්‍යාගය නමැති පිහිටීමෙන් යුක්තවූයේ වෙයි. මහණ මේ තෙමේ වනාහි උතුම්වූ ආර්‍ය්‍යවූ ත්‍යාගය වේ. එනම්, සියලු උපාධීන්ගේ දුරලීමයි.
ඒ නොදන්නහුගේම වනාහි පෙර (පෘථග්ජන කාලයෙහි) අභිධ්‍යාව (ආලය) රාග සහිත වීමක් වේද, මොහුගේ එය ප්‍රහීණවූයේ වෙයි. උදුරන ලද මුල් ඇත්තේ සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේ නැවත ඇතිවීම නැතිකරණ ලද්දේ මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තේ වෙයි. ඒ අඥානවූ, ඔහුගේම වනාහි පෙර ක්‍රොධයෙක් ව්‍යාපාදයෙක් ද්වෙෂයක්වේද, එය මොහුගේ ප්‍රහීණවූයේ වෙයි. උදුරණ ලද මුල් ඇත්තේ සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේ නැවත ඇතිවීම නැති කරණ ලද්දේ, මතු නූපදනා ස්වභාව ඇත්තේවේ. ඒ අඥානවූවහුගේම වනාහි පෙර අවිද්‍යාවක් සම්මොහයක් ද්වෙෂයක්වේද, එය මොහුගේ ප්‍රහීණවූයේ වෙයි. සිඳින ලද මුල් ඇත්තේ සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේ නැවත ඇතිවීම කරණ ලද්දේ මතු නූපදනා ස්වභාව ඇත්තේ වෙයි. එහෙයින් මෙයින් යුක්තවූ මහණ තෙම මේ උතුම්වූ ක්ලෙශයන් සංසිඳීම නමැති පිහිටීමෙන් යුක්තවූයේ වෙයි. මහණ මෙතෙම වනාහි උතුම්වූ ආර්‍ය්‍යවූ උපසමයවේ. එනම්, රාග දොස මොහයන්ගේ සංසිඳීමයි.
“ප්‍රඥාව සඳහා ප්‍රමාද නොවන්නේය. සත්‍යය ආරක්ෂා කරන්නේය. ත්‍යාගය වඩන්නේය, හෙතෙම සංසිඳීමෙහිම හික්මෙන්නේයයි, මෙසේ ඒ යමක් කියන ලදද එය මේ සඳහා කියන ලදී.
යම් තැනෙක්හි සිටියහුට උත්සන්නවූ හැඟීම් (තෘෂ්ණාදී ත්‍රිවිධ මඤ්ඤනාවන්ගේ උත්සන්න භාවයෝ) නොපවතිත්ද, මඤ්ඤානාවන්ගේ උත්සන්න භාවය වනාහි නොපවත්නා කල්හි මුනිතෙම සංසිඳුනේයයි කියනු ලැබේ යයි. මෙසේ වනාහි මෙය කියන ලදී. කුමක් සඳහා මෙය කියන ලදද? මහණ, මේ ස්කන්ධය මම වෙමියි හඟින ලදී. මෙතෙම මම වෙමියි හඟින ලදී. වන්නෙමියි හඟින ලදී. නොවන්නෙමියි, හඟින ලදී. රූප ඇත්තෙක් වන්නෙමියි හඟින ලදී. රූප නැත්තෙක් වන්නෙමියි හඟින ලදී. සංඥා ඇත්තෙක් වන්නෙමියි, හඟින ලදී. සංඥා නැත්තෙක් වන්නෙමියි හඟින ලදී. නොම සංඥා ඇත්තෙක් නොම අසංඥා ඇත්තෙක් වන්නෙමියි හඟින ලදී. මහණ, හැඟීම රොගයකි. හැඟීම ගඩකි. හැඟීම හුලකි. මහණ, සියලු හැඟීම් ඉක්ම වීමෙන් මුනිතෙම සංසිඳුනේයයි කියනු ලැබේ. මහණ, මුනිතෙම වනාහි සංසිඳුනේ නූපදියි. නොදිරයි, නොමියයි, නොකිපෙයි, නොවෙයි, මහණ, යමකින් උපදින්නේද එයද මොහුට නැත්තේය. නූපදිනු ලබන්නේ කිම දිරන්නේද? නොදිරනු ලබන්නේ කිම? මිය යන්නේද? නොමියනු ලබන්නේ කිම කිපෙන්නේද? නොකිපෙනු ලබන්නේ කුමකට කැමති වන්නේද? යම් තැනෙක්හි සිටියහුට මඤ්ඤනාවන්ගේ උත්සන්න භාවයෝ නොපවතිත්ද, මඤ්ඤනාවන්ගේ උත්සන්නවීම වනාහි නොපවත්නා කල්හි මුනිතෙම සංසිඳුනේයයි, කියනු ලැබේයයි. මෙසේ ඒ යමක් කියන ලදද, එය මේ සඳහා කියන ලදී. මහණ මාගේ මේ සැකෙවින් (කියන ලද) සවැදෑරුම් ධාතු විභාගය වනාහි නුඹ දරවයයි” වදාළේය.
“ඉක්බිති ආයුෂ්මත් පුක්කුසාති කුලපුත්‍රතෙම මාගේ ශාස්තෘතෙමේ වනාහි වැඩිසේක. මාගේ සුගතයන් වහන්සේ වනාහි වැඩිසේක. මාගේ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ වනාහි වැඩිසේකැයි හුනස්නෙන් නැගිට සිව්ර ඒකංශකොට භාග්‍යවතුන් වහන්සේගේ පා ලඟ සිරසින් වැටී, භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය. “ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේට ‘ඇවැත්නි,’ කියා කථා කළ යුතුයයි සිතුවෙමි. ඒ මාගේ වරද බාලයෙකු සේ අඥානයෙකු සේ අදක්ෂයෙකු සේ සලකා ඒ මාගේ වරද දුරු වේවා ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ මතු සංවරය පිණිස වරද වරද වශයෙන් පිළිගන්නා සේක්වායි යනුයි.
“එසේනම් මහණ, නුඹ මට ‘ඇවැත්නි,’ කියා කථා කළ යුතුයයි සිතුවෙහිද? මහණ, බාලයෙකුසේ අඥානයකුසේ අදක්ෂයෙකුසේ මට ඔබ ‘ඇවැත්නියි’ ව්‍යවහාර කළයුතුයයි සැලකුවෙහිද? ඒ වරද කෙළෙහිද, යම් හෙයකිනුත් නුඹ වරද වශයෙන් දැක ධර්මයවූ පරිද්දෙන් ප්‍රතිකාර කෙරෙහිද, තොපගේ ඒ වරද අපි පිළිගනිමු. මහණ, ආර්‍ය්‍ය විනයෙහි යමෙක් වරද වරද වශයෙන් දැක ධර්මයවූ පරිද්දෙන් පිළියම් කෙරේද, මත්තෙහි සංවරයට පැමිණේද, එය වැඩි දියුණුව වේයයි” වදාළේය.
“ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි උපසම්පදාව ලබන්නෙමියි, (කීයේය.)
“මහණ, නුඹගේ පාත්‍ර සිව්රු සම්පූර්ණ වේදැයි?” ඇසූහ.
“ස්වාමීනි, මාගේ පාත්‍ර සිව්රු වනාහි සම්පූර්ණ නොවේයයි කීය. “මහණ, තථාගතවරයෝ සම්පූර්ණ නොවූ පාත්‍ර සිව්රු ඇත්තහු උපසම්පදා නොකෙරෙත්යයි,” (වදාළේය.) ඉක්බිති ආයුෂ්මත් පුක්කුසාති තෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙණ අනුමෝදන්ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ ප්‍රදක්ෂිණාකොට පාත්‍ර සිව්රු සෙවීමට ගියේය. ඉක්බිති පාත්‍ර සිව්රු සෙවීමට යන්නාවූ ආයුෂ්මත් පුක්කුසාති කුලපුත්‍රයන් කුලප්පවූ එලදෙනක් දිවියෙන් තොරකෙළේය.
එකල්හි බොහෝවූ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට එළඹුනාහුය. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසක හුන්නාහුය. එකත්පසක හුන්නාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළාහුය. “ස්වාමීනි, යම් ඒ පුක්කුසාති නම් කුලපුත්‍රයෙක් තෙම භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂෙපවූ අවවාදයෙන් අවවාද කරණ ලද්දේද හෙතෙම කළුරිය කළේවෙයි. ඔහුගේ ගතිය කවරීද, පරලොව (උත්පත්තිය) කවරේද?” යනුයි.
“මහණෙනි, පුක්කුසාති කුලපුත්‍ර තෙම පණ්ඩිතවේ. ධර්මයට අනුධර්මවූ ප්‍රතිපදා ඇත්තේවේ. ධර්මාවබොධය පිණිස මා නොවෙහෙසුවේය. මහණෙනි, පුක්කුසාති කුලපුත්‍ර තෙමේ ඔරම්භාගිය සංයෝජන පස නැති කිරීමෙන් ඕපපාතිකවූයේ ඒ ලොකයෙන් පෙරළා එන ස්වභාව නැත්තේ එහි පිරිනිවන් පාන්නේයයි” වදාළේය.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තාහුයි.

DN 01.03. අම්බට්ඨ සූත්‍රය

Image result for buddha

§ 1.  මා විසින් මෙසේ අසනලදී.
 එක් කාලයක  භාග්‍යවතුන් වහන්සේ  මහා භික්ෂු සංඝයා වහන්සේ සමග කොසොල් රටෙහි චාරිකාවෙහි  හැසිරෙනසේක් කොසොල් රට  ඉච්ඡානංගල නම් බමුණුගමට වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ එහි ඉච්ඡානංගල වනයෙහි වැඩ වාසය කෙළේය
.

පොක්ඛරසාති වත්ථු

§ 2. එකල පොක්ඛරසාති නම් බ්‍රාහ්මණ පණ්ඩිතයෙක් ඒ උක්කටා නුවර විසීය. බ්‍රාහ්මණ ආගම උගන්වන ප්‍රකට ආචාරය වරයෙකු වූ ඔහුට බොහෝ ශිෂ්‍ය පිරිසක් වුහ. මහා උගතෙකැයි වියතෙකැයි ඒ පළාතේ සියල්ලන් ඕහට සැලකිලි දැක්වුහ. විසාල ජන සමුහයක් වසනා උක්කටා නුවරද, දැවයෙන් වෘක්ෂයෙන් පිරි අසල වනාන්තරද, සශ්‍රික ගොවි බිම්ද වැව් පොකුණු ගැවැසි අසබඩ ප්‍රදේශද සහිත උක්කටා ප්රාන්තයම ඔහුට ප්‍රණාම වශයෙන් පසේනදී කෝසල රජු විසින් තෑගී කොට තිබිණ. [ එකල රාජ්‍ය සිරිත ලෙස ceremonial position of Governor ලෙස පත්කළ බවට සිතා ගත හැක.]

භාග්‍යවතුන් වහන්සේ ගේ ග්‍රාම චාරිකාව ගැන පොක්කරසාති බ්‍රාහ්මණයාට මෙසේ අසන්නට ලැබිණි. කෙසේද යත් :- ‘‘ ශාක්‍යපුත්‍රවූ, ශාක්‍යකුලයෙන් නික්ම පැවිදිවූ, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ මහා භික්ෂු සමූහයක් සමග කොසොල් දනව්වෙහි චාරිකාවේ හැසිරෙන අතර ඉච්ඡානංගලයට පැමිණ ඉච්ඡානංගල වනයෙහි වාසයකරන බවය,
ඒ භවත් ගෞතමයන් වහන්සේ
# මේ මේ කාරණයෙන්ද අර්හත්හ, සම්‍යක් සම්බුද්ධයහ,
# විදර්ශනාඥානය ආදී ඥාන අටෙන්ද සීල සංවරය ආදී (චරණ) හසුරුවන ධර්ම පහළොවෙන්ද යුක්තහ.
# යහපත් ගතිඇත්තාහ, සියලු ලෝකයන් දන්නාහ, ශ්‍රේෂ්ඨයහ,
# හික්මවිය යුතු පුරුෂයන් දමනය කිරීමෙහි අති දක්ෂ වූහ,
# දිව්‍ය මනුෂ්‍යයන්ට ගුරුවරයෙක් වූහ.
# බුද්ධයහ, භාග්‍යවත්හ,
# ඒ භාග්‍යවතුන් වහන්සේ දෙවියන් සහිතවූ මරුන් සහිතවූ බඹුන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ රජුන් හා මිනිසුන් සහිතවූ සත්ව වර්ගයා ඇතුළු සියලු ලෝකය තමන් වහන්සේම මනාව පැහැදිලි කොට දැන ප්‍රකාශ කරණසේක.
# උන්වහන්සේම මුල මැද අග යන තුන්තන්හි යහපත්වූ අර්ථ සහිතවූ, දස ආකාරයෙන් නියම විදියට වචන ශබ්ද කිරීම ඇත්තාවූ සම්පූර්ණවූ, පිරිසිදුවූ, ධර්මානුශාසනාව ප්‍රකාශ කරණසේක.

ඒ භාග්‍යවතුන් වහන්සේ බඳුවූ, රහතුන්ගේ දැකීමක් වේනම් ඒ යහපත්මැ”යි කියාය.
ඒ මනොඥවූ ස්තුති ඝොෂාවක් ප්‍රාන්තය පුරා උස්ව නැංගේය.

අම්බට්ඨ මාණවකයා

§ 3 . එකල පොක්ඛරසාති බමුණහට වූ ශිෂ්‍යයන් අතර සිටි අම්බට්ඨ නම් තරුණ ශිෂ්‍යයා, වේද මන්ත්‍ර කට පාඩමේ කියන්නාවූ, වේදමන්ත්‍ර සියල්ලම පාහේ දන්නාවූ, නාම නිඝණ්ටු යාග ආදී කටයුතු පිළිවෙළ ශික්ෂා නිරුක්ති නම් වේදයෙහි කොටස යන ප්‍රභෙදයන් ඇති, ඉතිහාසය පස්වැනි කොට ඇති වෙදත්‍රයයේ කෙළවරට ගියාවූ, පද හා ව්‍යාකරණ කටපාඩමේ කියන්නාවූ *විතණ්ඩ ශාස්ත්‍රයේත් [* කරුණක් වරද බව ඔප්පු කිරීම නම් විතණඩ ශාස්ත්‍රය] මහා පුරුෂ ලක්ෂණ ශාස්ත්‍රයේත් අති දක්ෂවූ, ‘යමක් මම දනිම් නම් එය නුඹත් දනී. නුඹ යමක් දනී නම් එයම මමත් දනිමි’ යන ගුරුන්ගේ ප්‍රකාශයට ‘එසේමය’යි උත්තර දුන් ආචාර්යයන්ගේ ත්‍රිවෙදය පිළිබඳ ධර්මයෙහි සියල්ල දත්තා විය.

§ 4 . පොක්ඛරසාති බමුණු ආචාර්ය තුමා අම්බට්ඨ මානවකයා කැඳවා මෙසේ කීය.
“දරුව අම්බට්ඨය,
යව ශාක්‍ය පුත්‍රවූ, ශාක්‍යකුලයෙන් නික්ම පැවිදිවූ, ශ්‍රමණගෞතමයන් වහන්සේ මහා භික්ෂු සමූහයක් සමග කොසල ජනපදයෙහි චාරිකාවේ හැසිරෙන ගමන් ඉච්ඡානංගලයට පැමිණි ඉච්ඡානංගල වනාන්තරයෙහි දැනට වැඩ වසයි. ඒ භාග්‍යවතුන් වහන්සේගේ මෙබඳුවූ යහපත් කීර්තිරාවයක් රට පුරා නැංගේය. (කෙබඳුවූද යත්:) මේ මේ කාරණයෙනුදු ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, සර්ව සම්පූර්ණවූ, පිරිසිදුවූ බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරයි. එබඳුවූ රහතුන්ගේ දැකීමක් වේනම් යහපත්මැයි” කියායි.

“දරුව අම්බට්ඨය, යව, නුඹ මහණ ගොයුම්හු ඉන්නා ස්ථානය සොයා එහි යව. ගොස් ඉඳින් ඒ භවත් ගෞතමයන්ගේ ඇති ගුණයන් නිසා එසේ කීර්ති ශබ්දයක් පැතිර ගියේද නොවේ ද, උන්වහන්සේ එබඳුද, නැත්නම් එබඳු නොවේදැයි, එපරිද්දෙන් ශ්‍රමණ ගෞතමයන් දනුව. අපි ඒ භවත් ගෞතමයන් වහන්සේ දැනගනුම් රිසිය.” යි කීය.

§ 5 .”පින්වත් ආචාරීනි, ඉදින් ඒ භවත් ගෞතමයන් වහන්සේගේ ඇත්තාවූ ගුණයන් නිසාම මේ කීර්තිරාවය පැතිර ගියේ ද, ඉදින් එසේ නොවේද, ඉදින් ඒ භවත් ගෞතමයෝ එබඳුද, ඉදින් එසේ නොවේදැයි මම කෙසේ නම් දැනගන්නෙම්ද?”
“දරුව අම්බට්ඨය, අපගේ වේද මන්ත්‍රයන්හි දෙතිස් මහපුරිස් ලකුණු සඳහන්වේ.
[දීඝ නිකායේ 30 වන සුත්‍රය වන ලක්ඛණ සුත්‍රයේ මේ විස්තර සහිතව දැක්වේ.] ඒ ලක්ෂණයන්ගෙන් යුක්තවූ මහා පුරුෂහට ගති ස්වභාව දෙකෙක් වෙති. අනිකෙක් නැත.
1.ඉදින් ගිහිගෙයි වසයි නම් ධාර්මිකවූ ධර්ම රජෙක්වූ, හතර දීපයට අධිපතිවූ, දිනන ස්වභාව ඇතිවූ, ජනපදයන්හි ස්ථිරවූ සත් රත්නයන් අයිතිවූ සක්විති රජ වෙයි. [මොවුහු ඔහුගේ සත්රත්නයෝ වෙති. එනම්: චක්‍රරත්නය, ඇත් රත්නය, අශ්වරත්නය, මාණික්‍යරත්නය, ස්ත්‍රීරත්නය, ගෘහපති රත්නය, සත්වැනිවූ පුත්‍ර රත්නයද යන සත්රත්නයෝයි. භය නැතිවූ දිව්‍යපුත්‍රයන්ට සමාන වීර්ය සම්පන්න ශරීර ඇත්තාවූ, සතුරු සේනාවන් මැඩපවත්වන්නාවූ, දහසකටත් අධිකවූ පුත්‍රයෝ ඒ සක්විති රජුට වෙත්. හෙතෙමේ සයුර කෙළවරකොට ඇති මේ පෘථවිය දඬුවම් කිරීම් නැතුව යුද්ධ කිරීම් නැතුව ධර්මයෙන් දිනා අධිපතිව වෙසෙයි.]

2.“ඉදින් හෙතෙම ගිහිගෙන් නික්මී අනගාරියවූ සාසනයේ පැවිදිවෙයි නම් ලෝකයේ කෙලෙස් වලින් යුත් ඝන අන්ධකාර වැස්ම දුරු කළාවූ අර්හත්වූ සම්‍යක්සම්බුද්ධ වෙයි. දරුව අම්බට්ඨය, මා කියූ පරිදි ගොස් ශ්‍රමණ භවත් ගෞතමයන් දැක මේ කාරණා ගැන මට කියව!”

§ 6. “එසේය ස්වාමීනි”යි අම්බට්ට උත්තරදී, හුනස්නෙන් නැගී, පොක්ඛරසාති බමුණා වැඳ දකුණු පැත්ත ඉදිරියට තිබෙන ලෙස ගෞරවයෙන් ගොස්, වෙළඹුන් යෙදූ, රථයකට නැඟී, බොහෝ -තරුණයන් සමග ඉච්ඡානංගල වනාන්තරය වෙත පිටත්ව ගියේය. රථයෙන් යාහැකි තාක් රථයෙන් ගොස් ඉතිරිය පයින්ම ආරාමයට -ඇතුළු වූයේය.

§ 7 . එකල බොහෝ භික්ෂූහු එලිමහනේ සක්මන් කරනු දැක අම්බට්ඨ “පින්වත්නි, භගවත් ගෞතමයන් කොතැන්හි ද? අපි ඒ භගවත් ගෞතමයන් දැකීම පිණිස මෙහි පැමිණියෝ වෙමු.” යි කීහ.

§ 8 . මේ අම්බට්ට මානවකයා ප්‍රසිද්ධ කුලයෙක උපන්නෙක. මහා ප්‍රසිද්ධ බ්‍රාහ්මණ ආඡාරිවරයෙක් වන පොක්කරසාති බ්‍රාහ්මණයා ගේ ශිෂ්‍යයෙක් ද වෙන්නේල. එබඳු අයෙක් හා කතාකරන්නට භාග්‍යවතුන් වහන්සේ ගේ අකැමැත්තක් නොවෙනු ඇතැයි සිතා ඒ භික්ෂුහු ඔහුට මෙසේ කීහ.
“අම්බට්ඨය, මදක් ඉදිරියට යව . එතැන ගන්ධකුටිය වසනලද දොර ඇත්තේය. ශබ්ද නොකොට එහි ගොස් සෙමින් පිලට ඇතුලුව උගුර පාදා මද ශබ්දයක් කොට නිය පිටින් දොර අගුළට තට්ටුකරව, නුඹට භාග්‍යවතුන් වහන්සේ දොර හරිනවා ඇත.”

ප්‍රථම දාස වාදය (පඨම ඉබ්භ වාදො)

§ 9 . එවිට අම්බට්ඨ මාණවකයා එපරිද්දෙන්ම භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් ඔබ මොබ සක්මන් කරමිනුත් වැඩහුන්නාවූ භාග්‍යවතුන් වහන්සේ සමග වල් පල් දොඩවන්නට විය. එවිට භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨ තරුණයාට මෙසේ කීයේය:
“අම්බට්ඨය, ඔබ සක්මන් කරමින්, හිඳ හුන්නාවූ මා සමග නොවැදගත් කරුණු කියයි, වයසින් වැඩි මහලුවූ බ්‍රාහ්මණයන් හා ගුරුවරුන්, සමගත් ඔබගේ හැසිරීම හා කථාව මෙබඳු වේද?

‘නැත, භවත් ගෞතමය,
ඇවිද යන්නාවූ බ්‍රාහ්මණයෙකු සමග ඇවිදිමින් කථා කරන්ට සුදුසුය.
සිටින්නාවූ බ්‍රාහ්මණයෙකු සමග සිටිමින් කථාකරන්නට සුදුසුය.
හිඳින්නාවූ බ්‍රාහ්මණයෙකු සමග හිඳිමින් කථාකරන්නට සුදුසුය.
වැතිර ඉන්නාවූ බ්‍රාහ්මණයෙකු සමග වැතිර සිටිමින් කථාකරන්නට සුදුසුය.
එහෙත්, ගෞතමය, පිළිකුල් කටයුතුවූ,
මුඩුවූ හිස් ඇති ශ්‍රමණවූ දාසභාවයෙහි පිහිටි, කළුපාටවූ,
බ්‍රහ්මයාගේ පා පතුලින් උපන් පෙළපතක් ඇත්තාවූ ඔබ සමග මාගේ කථා කිරීම මෙසේය.”

“අම්බට්ඨය, යම් කිසි කාරනාවක් පිණිස ඔබ මෙහි පැමිණීයේය. කුමක් පිණිස තමා මෙහි ආයේදැයි හොඳින් කල්පනා කරව. නුඹ ගුරු ආශ්‍රයක නොවිසුවෙකි, නොවැඩුන සිත් ඇත්තෙකි . උඩඟු වූ මාන්නාධික ඇත්තෙකි. මේ අශිලාචාර උඩඟු බව නුඹගේ නොහික්මුනු කම නිසා මිස වෙන කවරක් නිසාද?”

§ 12 . මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් නොවැඩුනෙක නොහික්මුනෙක යන කථාවෙන් පරිබ්‍රහ කරන ලද අම්බට්ඨ මානවකයා කිපුණේ නොසතුටු සිත් ඇත්තේ භාග්‍යවතුන් වහන්සේටම ගටා බනින්නේ, භාග්‍යවතුන් වහන්සේටම පහත් කොට කථා කරන්නේ, භාග්‍යවතුන් වහන්සේටම නින්දා කරන්නේ,
“මට නම් ශ්‍රමණ ගෞතමයාම පාපියෙක් වන්නේය”යි කියා මෙසේද කීය:
“ගෞතමය, ශාක්‍යයයෝ නිසගයෙන්ම චණ්ඩය. ගෞතමය, ශාක්‍යයයෝ ඵරුසය, ගෞතමය, ශාක්‍යයයෝ නොගරුය. ගරු කටයුතු බ්‍රාහ්මණ උතුමන්ට ඔවුන් ගරු නොකරන්නෝය. බ්‍රාහ්මණයන්ට නම්බු නොකරත්, බ්‍රාහ්මණයන්ට පූජා නොකරත්, බ්‍රාහ්මණයන් නොවඳිත්.

“ගෞතමය, ශාක්‍යයයෝ වාචාලය. දාසියගේ දරුවෝ දාස ජනයාවූ බැවින් ඔව්හු බ්‍රාහ්මණයන්ට සත්කාර නොකෙරෙත්; බ්‍රාහ්මණයන්ට ගරු නොකරත්, භවත් ගෞතමය, ඉඳින් මේ ශාක්‍යයෝ දාසවූවාහු දාස බැව්හි සිට බමුණන්ට සත්කාර නොකරත්ද, බමුණන්ට ගරු නොකරද්ද, බමුණන්ට බුහුමන් නොකරත්ද, බමුණන් නොපුදද්ද බමුණන් නොවඳිද්ද, ඒ මේ කාරණය මට රුචි නැත ඒ මේ කාරණය නුසුදුසුය.”

[ සිද්ධාර්ථ කුමරුන් ගේ ජාත භුමිය වන කිඹුල්වත් පුර ක්ෂත්‍රිය වංශය මේ සතර කුල වන්ස වලින් උතුම්ම එකයැයි පිළිගැන්මක් වුවද බටහිරින් වූ අනෙකුත් ප්‍රාන්තවල බ්‍රාහ්මණ කුලය පළමු තැනට ලා ක්ෂත්රියයන් දෙවෙනි තැනට ලෑමට බ්‍රහ්මනිකයන් සමර්ථ වී සිටියහ. අම්බට්ට මෙහිදී යොදාගත්තේ මේ සමාජ සම්මතය යි. භාග්‍ය වතුන් වහන්සේ මේ දෙආකාර කුල යන බෙදීම ම ප්‍රතික්ෂේප කරමින් බොහෝ විට ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, ගෘහස්ථ හා ශ්‍රමණ යන සිව් පිරිස ගැන සඳහන් කල සේක.]

මෙසේ අම්බට්ඨ මානවකයා ශාක්‍යයන් කෙරෙහි මේ ප්‍රථම දාස වාදයෙන් දෝශාරෝපනය කළේය.

දෙවන දාස වාදය – ( දුතිය ඉබ්භ වාදො)

§ 13. “කිමෙක්ද? අම්බට්ඨය, නුඹට ශාක්‍යයෝ කුමක් කළාහුද? කුමණ වරදක් කළාහුද ?’

“භවත් ගෞතමය, එසේ නම් අසව. කාරණා නැතිව මා සාක්‍යයන් නොගරහමි. මම එක් කලෙක මාගේ ගුරුවූ පොක්ඛරසාති බමුණාගේ කටයුත්තක් හේතුකොට කපිලවස්තු නුවරට ගියෙමි. ඒ අවස්ථාවේ ශාක්‍යයන්ගේ රැස්වීම් ශාලාව වන සංතාගාර ශාලාවටද යාමට මට සිදුවිය. එකල බොහෝ ශාක්‍යයෝ ශාක්‍ය කුමාරවරුත් ඒ ශාලාවෙහි මහා ආසනයන්හි හිඳගෙන එකිනෙකාට ඇඟිල්ලෙන් අනිමින් කොක් හඬ ලා සිනාසෙන්නාහුය, ඒකාන්තයෙන් මා අවඥාවට ලක් කරන්න සේ, හෙලා දක්නාසේ හඬනඟා සිනාසෙන්නාහුය. අඩුතරමින් මට හිඳිනට ආසනයක් පමණකුදූ නොපිලිගැන්වීය. යම් පිරිසක් උතුම් වූ බ්‍රාහ්මනයනට නිසි සැළකුම් වත් පිළිවෙත් නොකොරාද මේ කාරණය මට රුචි නැත, නුසුදුසුය. බ්‍රාහ්මණයනට දාසවූ ඉබ්බයෝම වන්නෝය.” යි කියා අම්බට්ඨ මානවකයා ශාක්‍යයන් කෙරෙහි මේ දෙවැනි දාස වාදය හෙලුයේය,

තතිය ඉබ්භ වාදො

§ 14. “අම්බට්ඨය, කැටකිරිල්ලිය පවා තමාගේ කැදැල්ලේ දී තමාට කැමැති ලෙස නාද කරන්නීය. කපිලවත්තු නුවර ශාක්‍යයන් ගේ නිජ නගරය වේ. ඔවුනට කැමති අයුරු එහි හැසිරීමට කිසිවෙකු ගේ අමනාපය ට හේතු නොවිය යුතුය. තොප වැනි උගතෙක් මෙවැනි සුළු කරුණක් නිසා උන් කෙරෙහි වෛර බැඳ ගැනීම නොවටී.”

“භවත් ගෞතමය, මේ සමාජයෙහි ඇති ක්ෂත්‍රියය, බ්‍රාහ්මණය, වෛශ්‍යය, ශුද්‍ර යන ජාති සතරින් ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශුද්‍ර යන ජාති තුන ඒකාන්තයෙන් බ්‍රාහ්මණයාහට සේවකයෝ වෙත්. මේ ශාක්‍යයෝ දාසයන්ව සිටිමින් බ්‍රාහ්මණයන්ට සත්කාර ගරුකාර නොකරති. නම්බු කිරීම, පිදීම, වැඳීම නොකරති. භවත් ගෞතමය, ඒ කාරණය මට රුචි නොවේ. ඒ කාරණය නුසුදුසුය.”මෙසේ අම්බට්ඨ මානවකයා ශාක්‍යයන් කෙරෙහි මේ තුන් වැනි දාස වාදයත් හෙලුයේය.

දාසි පුත්ත වාදො

§ 15. එවිට භාග්‍යවතුන් වහන්සේට මෙබඳු සිතක් විය. මේ අම්බට්ඨ මානවකයා ඉතා දැඩිසේ ශාක්‍යයන් කෙරෙහි දාස වාදයෙන් නින්දාකරයි. මම (ඔහුගේ) ගොත්‍රය විචාරන්නෙම් නම් යෙහෙක’යැයි සිතා භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨ තරුණයාට මෙසේ කීයේය: “අම්බට්ඨය, නුඹ කවර ගොත්‍රයක වූයෙහිද?”
“භවත් ගෞතමය, මම කණ්භායන වංශික වෙමි.”
“අම්බට්ඨය, මව්පියන්ට අයිති පුරාණවූ නාමගොත්‍ර සිහිකරන්නාවූ නුඹගේ ස්වාමිපුත්‍රයෝ ශාක්‍යයෝ වෙති. නුඹ ශාක්‍යයන්ගේ දාසියකගේ පුත්‍රයෙක් වූයෙහිය. අම්බට්ඨය, ශාක්‍යයෝ ඔක්කාක රජු ඔවුන්ගේ මුල් පුරුෂයා ලෙස දක්වති.

“අම්බට්ඨය ඉතා ඈත අතීතයෙහි ඔක්කාක රජු තමාට ප්‍රිය මනාපවූ බිසවකගේ පුත්‍ර කුමාරයාට රජය පවරා දෙනු කැමැත්තෙන්, ඔක්කා මුඛය, කරකණ්ඩුය, හත්ථිනිකය, සිනිසුරය යන වැඩිමහලු කුමාරවරුන් සතර දෙනා රටින් පිටකෙළේය. ඒ රාජ කුමාරවරු රටින් පිටවූවාහු හිමාලය කඳු ප්‍රදේශයේ එක් පොකුණු තෙරක මහා වනාන්තරයක වාසය කළාහුය. ඔව්හු ජාතිය නැතිවේය යන බියෙන් සොහොයුරියන් සමග එක්ව විසීම කළාහුය.

“අම්බට්ඨය එකල්හි ඔක්කාක රජ සිය අමාත්‍යමණ්ඩලයෙන් (මෙසේ) ඇසීය:
“පින්වත්නි, දැන් කුමාරවරු කොහි වෙසෙත්ද?”
“දෙවයිනි, හිමාලය කඳු ප්‍රදේශයේ පොකුණුතීරයේ මහා වනාන්තරයක් ඇත. දැන් කුමාරවරු එහි වෙසෙති. ඔහු ජාතිය මිශ්‍රවීමේ භයෙන් සිය සහෝදරියන් සමග සංවාසය කරති.”
“අම්බට්ඨය, එවිට ඔක්කාක රජු ප්‍රීතියෙන් මේ වචන කීයේය.
‘භවත්නි, කුමාරවරු ඒකාන්තයෙන් තේක්ක අරටු මෙන් ශක්තිමත් වෙත්. (ශාක්‍යයෝයි) සමර්ථයෝයි. පින්වත්නි, කුමාරවරු ඒකාන්තයෙන්ම උත්තම ශාක්‍යයෝයි (සමර්ථයෝයි)”
අම්බට්ඨය, එතැන්පටන් ඔවුහු ශාක්‍ය නාමයෙන් හඳුන්වනු ලැබෙත්. ඒ ඔක්කාක රජු ශාක්‍යයන්ගේ මුල් පුරුෂයායි.

§ 16. “අම්බට්ඨය, ඔක්කාක රජුට දිසා නම් දාසියක් වූවාය. ඕ තොමෝ කෘෂ්ණ වර්ණවූ (කළු පාටවූ) පුත්‍රයකු ප්‍රසූත කළාය, උපන්නාවූ ඒ කෘෂ්ණ ලපටියා , “මෑණියනි, මා සෝදනු මැනව!, නහවනු මැනව!, මේ කිළුටේන් මා මුදනු මැනව!, මම ඔබට,වාසනාව ලබා දෙමි ” කියා මහත්සේ ශබ්ද කෙළේය.

“අම්බට්ඨය, යම්සේ දැන් මිනිස්සු පිශාචයන් දැක ‘පිශාච’ නමින් හඳුනත්ද, එසේම අම්බට්ඨය, ඒකාලයෙහි මිනිස්සු පිශාචයන් කෘෂ්ණයන් නමින් හඳුනති. ඔව්හු මෙතෙම ‘උපන් විගස කථාකෙළේය, මේ උපන්නේ කෘෂ්ණයෙක, මේ උපන්නේ පිශාචයෙකැ’යි කීවාහුය.

“අම්බට්ඨය, එතැන්පටන් කණ්හායනයෝ (කෘෂ්ණ ජාතිකයෝ) ගැන ඉතිහාසයේ සඳහන් වෙත්. ඔහු කණ්හායනයන්ගේ මුල් පුරුෂයායි. අම්බට්ඨය, මෙසේ පුරාණ මව්පියන්ට අයිති නාම ගොත්‍රය සිහිකරන්නාවූ නුඹගේ ස්වාමීහු ශාක්‍යයෝ වෙති. නුඹ ශාක්‍යයන්ගේ දාසියගේ පුතා වූවෙහිය.”

§ 17. මෙසේ කී කල්හි අනෙක් මාණවකයෝ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවාහුය:
“භවත් ගෞතමයනි, ඔබ මෙසේ ඉතා දැඩිසේ අම්බට්ඨ මාණවකයා හට දාසි පුත්‍ර වාදයෙන් නිග්‍රහ කිරීම නොමැනව. අම්බට්ඨ මාණවක වංසවත්ය, අම්බට්ඨ මාණවක උතුම් ගති ඇති කුල පුතෙකි. අම්බට්ඨ තරුණ වුවද බොහෝ ශිල්ප ශාස්ත්‍ර දන්නෙකි. අම්බට්ඨ මානවක යහපත් වචන ඇත්තෙකි. අම්බට්ඨ මානවක පණ්ඩිතය, අම්බට්ඨ මානවක භවත් ගෞතමයන් සමග මේ වචනයෙහි (දාසපුත්‍ර චොදනායෙහි) පිළිතුරු දෙන්නට සමර්ථය.

§ 18. එකල්හි භාග්‍යවතුන්වහන්සේ ඒ මාණවකයන්ට මෙසේ කීසේක:
‘තරුණයෙනි’ ඉදින් නුඹලාට අම්බට්ඨ තරුණයා වංශවත් නොවේය, පහත් ගති ඇති පුතෙකි, සුළු වසයෙන් ශිල්ප ශාස්ත්‍ර දත්තෙකි, නපුරු වචන ඇත්තේය අපණ්ඩිතය, අම්බට්ඨ තෙමේ ශ්‍රමණ ගෞතමයන් සමග මේ වචනයේලා පිළිතුරු දෙන්නට අසමර්ථයැයි සිතේ නම්, අම්බට්ඨ තරුණයා පැත්තකට වී සිටීවා. නුඹලා මා සමග මේ (දාසවාද) කථාවෙහි පිළිතුරු දෙව්.

ඉදින් තරුණයෙනි, නුඹලාට ‘අම්බට්ඨ තරුණයා වංසවත්ය, අම්බට්ඨ තරුණයා උතුම් ගති ඇති පුතෙකි. අම්බට්ඨ තරුණයා බොහෝ ශිල්ප ශාස්ත්‍ර දත්තෙකි. අම්බට්ඨ තරුණයා යහපත් වචන ඇත්තේය, අම්බට්ඨ තරුණයා පණ්ඩිතය, ඔහු ශ්‍රමණ ගෞතමයන් සමග මේ වචනයෙහිලා පිළිතුරු කථා කරන්නට සමර්ථයයි සිතේ නම් නුඹලා පැත්තකටවී සිටිත්වා. අම්බට්ඨ තරුණයා මා හා පිළිතුරු කථා කෙරේවා.”

§ 19. “භවත් ගෞතමයිනි, අම්බට්ඨ මාණවකයා වංශවත්ය අම්බට්ඨ තරුණයා උතුම් ගති ඇති පුතෙකි, අම්බට්ඨ තරුණයා බොහෝ ශිල්ප ශාස්ත්‍ර දන්නෙක්ය, අම්බට්ඨ තරුණයා යහපත් වචන ඇත්තෙක, අම්බට්ඨ තරුණයා පණ්ඩිතය, ඔහු භවත් ගෞතමයන් සමග මෙ (දාසිපුත්‍ර) වචන යෙහිලා උත්තර දෙන්නට සමර්ථය. අපි නිශ්ශබ්ද වමු. අම්බට්ඨ බ්‍රාහ්මණ භවත් ගෞතමයන් සමග මේ වචනයට පිළිතුරුදීම කෙරේවා.”

§ 20. එවිට භාග්‍යවතුන්වහන්සේ අම්බට්ඨ තරුණයාට මෙසේ කීයේය:
“අම්බට්ඨය, නුඹ ඉදිරියෙහි කරුණු සහිතවූ ප්‍රශ්නයක් මතුවිය. නොකැමැත්තෙන් නමුදු ඒ විසඳිය යුතුය. ඉදින් නුඹ නොවිසඳන්නෙහි නම්, වෙන කරුණකින් හෝ ඒ යටපත් කරන්නෙහි නම්, නිශ්ශබ්ද හෝ වන්නෙහි නම්, නැගිට හෝ යන්නෙහි නම් මෙහිම නුඹගේ හිස සත්කඩව පැළෙන්නේය.

අම්බට්ඨය, ඒ කුමකැයි හඟිනෙහිද? කිම? වෘද්ධවූ මහළුවූ, ආචාර්ය ප්‍රාචාර්යවූ බ්‍රාහ්මණයන්ගෙන් කණ්හායන ගොත්‍ර ඇත්තෝ කොතැන් සිට පැවැත්තෝද, කණ්හායනයන්ගේ මුල්පුරුෂයා කවරෙක්දැයි කියනු ලබන්නක් නුඹ විසින් අසන ලද්දේද?”

මෙසේ කීකල අම්බට්ඨ තරුණයා නිශ්ශබ්ද විය. දෙවනුවත් එසේ ඇසූ කල අම්බට්ඨ තරුණයා නිශ්ශබ්ද විය, එවිට භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨ තරුණයාට මෙසේ කීයේය.

වජ්රපානි යක්ක රජු

“අම්බට්ඨය, දැන් කථා කරව. නුඹට මේ නිශ්ශබ්ද වන්නට කාලය නොවේ.
අම්බට්ඨය’ යමෙක් තථාගතයන් වහන්සේ විසින් තුන්වැනි වර තෙක් සහේතුක ප්‍රශ්නයක් අසනලදුව උත්තර නොදේද, මෙහිදීම ඔහුගේ හිස සත් කඩක්ව පැළෙන්නේය.” [ මේ බුද්ධකාලයට පෙර පටන් දඹදිව පැවති කීමක් පිළිගැනීමක් බවත් උතුමෙකුගේ ප්‍රශ්නයට පිළිතුරු නොදෙන්නා අනතුරටන් පත්වන බව මේ සුත්‍රය ලේඛන ගත කිරීමේදී මෙසේ අතිශෝක්තියෙන් යොදා ගත් බවත් කවරෙකුට හෝ ඒ ඉරණම නොහිමි වූ බවත් රිස් ඩේවිස් මැතිනිය සඳහන් කරයි.]

§ 21. එකල වජ්‍රපාණි යක්ෂ සෙන්පති (සක්දෙව් රජ ) ගිනිපාටවූ, දිලිසෙන්නාවූ එකම ගිනිගොඩක් මෙන්වූ මහත්වූ යහුලක් ගෙණ, අම්බට්ඨ මාණවකයාට ඉහලින් ආකාශයෙහි සිටියේය.
“මේ අම්බට්ඨ මාණවකයා භාග්‍යවතුන් වහන්සේ විසින් තුන්වැනි වර දක්වා ප්‍රශ්නයක් අසනලදුව උත්තර නොදෙන්නේ නම් මෙහිදීම ඔහුගේ හිස සත්කඩකොට පළමි” කියායි. ඒ වජ්‍රපාණි යක්ෂයා භාග්‍යවතුන්වහන්සේ දක්නා සේක. අම්බට්ඨ මාණවකයාත් දකී.

ඕ දුටු අම්බට්ඨ මාණවකයා භයවී සංවේගයට පැමිණියේ, ඇඟ මයිල් කෙලින්වී භාග්‍යවතුන් වහන්සේගේම ආරක්ෂාව පතන්නේ, භාග්‍යවතුන් වහන්සේගේම පිහිට සොයන්නේ, භාග්‍යවතුන් වහන්සේගේම සරණ සොයන්නේ, ළඟට එළඹ, පහත්ව හිඳ මෙසේ කීය:
“මේ කුමක් භවත් ගෞතමයන් වහන්සේ මගෙන් ඇසු සේක්ද?
භවත් ගෞතමයන් වහන්සේ නැවතත් එය අසන සේක්වා.”

“අම්බට්ඨය, තෝ ඒ කුමකැයි හිතන්නෙහිද? කිම?
“වෘද්ධවූ මහළුවූ, ආචාර්ය ප්‍රාචාර්යවූ, බ්‍රාහ්මණයන් විසින් කණ්හායන ගොත්‍රිකයෝ කොතැන්සිට පැවැත්තෝද, කණ්හායනයන්ගේ මුල් පුරුෂයා කවරෙක්දැයි කියනු තා විසින් අසන ලදද?”

“භවත් ගෞතමයිනි, කණ්හායනයෝ මෙතැන් පටන් පැවතෙන්නෝය, අසුවලා කණ්හායනයන්ගේ මුල් පුරුෂයායි භවත් ගෞතමයන් වහන්සේ දැන් යම්ලෙස කීවේද එලෙසින්ම මාවිසින් අසන ලදී.”

අම්බට්ඨ වංස කථා

§ 22. මෙසේ කී කල්හි අනෙක් තරුණයෝ
“ අහෝ පින්වත්නි, අම්බට්ඨ මානවකයා වංශවත් නොවේ, අම්බට්ඨ මානවකයා පහත් ගති ඇති පුත්‍රයෙකි, අම්බට්ඨ මානවකයා ශාක්‍යයන්ගේ දාසියකගේ පුත්‍රයාය. ශාක්‍යයෝ අම්බට්ඨ මානවකයා ගේ ස්වාමිදරුවෝය. ධර්මවාදීවූ (ඇත්ත කියන්නාවූ) ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අපි විශ්වාස නොකොට යුත්තෙකු සේ සිතීමු”යි උස්හඬින් මහ හඬින් ශබ්දනගා කීහ.

§ 23 . එකල්හි භාග්‍යවතුන් වහන්සේට මෙබඳු සිතක් පහළ විය.
‘ අම්බට්ඨ මාණවකයාට මේ තරුණයෝ දාසි පුත්‍ර වාදයෙන් අවනම්බු කෙරෙත්. ඔහු එයින් මුදවන්නෙම් නම් යෙහෙකැ’යි කියායි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ තරුණයන්ට මෙසේ කීයේය.
“තෙපි අම්බට්ඨ මාණවකයාට මෙසේ ඉතා දරුණු සේ දාසිපුත්‍ර වාදයෙන් අවනම්බු නොකරව්. ඔහුගේ කුලයේ මුල් පුරුෂයා වූ ඒ කෘෂ්ණයන් ශ්‍රේෂ්ඨ ඍෂිවරයෙක් වූයේය. ඒ ඍෂිතෙමේ දකුණු දේශයට ගොස් බ්‍රහ්ම (වේද) මන්ත්‍ර උගෙණ ඔක්කාක රජු වෙත පැමිණ මද්දරූපී නම්වූ දූ කුමරිය සරණ ඉල්වී. ඔක්කාක රජ තෙමේ ‘බොල මේ කවරෙක්ද මාගේ දාසියගේ පුතා වුත් මගේ දු මද්දරූපී නම්වූ දූ කුමරිය ඉල්ලන්නේ යයි?’ කිපුනේ, නොසතුටු වූයේ ඔහුට විදින්නට හීයක් යෙදුයේය. එනමුත් කෘෂණ සෘශි ගේ බලය නිසා ඒ හීය නිදහස් කරන්නට හෝ විදින්නට රජු අසමර්ථවිය. හේ මහත් භීතියට පත් විය.

“තරුණයිනි, එකල ඇමතියෝත් පිරිසෙහිවූ සෙස්සෝත් කෘෂ්ණ ඍෂිවරයා වෙත එළඹ මෙසේ කීවාහුය:
‘ස්වාමීනි, රජුට හිරිහැරයක් (අනතුරක්) නොකරත්වා ’ කියායි.
රජුට හානියක් නොවන්නේය. එනමුත් රජු පෘථවියට හීය යවන්නේ නම් යම්තාක් දුර රජුගේ රාජ්‍යයවේද ඒ තාක් භුමිය කම්පාවන්නේය. පොළොව සැලෙන්නේය.”

“ස්වාමීනි රජුටත් හානියක් නොවේවා . මේ රාජධානියටත් අනතුරක් නොවේවා. ’යි කීහ.
“ඉතින් රජ තෙමේ හීය උඩට හරින්නේ යම්තාක් දුර රජුගේ රාජ්‍යයද ඒ තෙක් තැන් සත් අවුරුද්දක් වැසි නොවසින්නේය.’
“ස්වාමීනි, රජුටත් ජනපදයටත්අනතුරක් නොවේවා. අප රටට වැසිද වසීවා.’
“රජුටත් ජනපදයටත් අනතුරක් නොවන්නේය. වැසිද වසින්නේය. එපිනිස රජු තමාගේ ඔටුන්නට තෝරාගත් කුමාරයා වෙතට නැඟූ හීය විදීවා. ඔහුට ඒ හීයෙන් කිසිදු අනතුරක් නොවන්නේය.’

“තරුණයිනි, එකල අමාත්‍යයෝ ඔක්කාක රජුට මෙපවත් දැන්වූහ:
‘ඔක්කාක රජතුමනි ඒ යෙදු හීය ජ්‍යෙෂ්ඨ කුමාරයාට විදීවා. කුමාරයා හට කිසි උවදුරක් නො වන්නේය.’

ඉක්බිති ඔක්කාක රජු වැඩිමහලු කුමාරයා වෙතට ඒ හීය යෙදුවේය. කුමාරයාට කිසිදු අනතුරක් නොවිය, මයිල් ගසකට පවා හින්සාවක් නොවීය.
“ඉක්බිති ඔක්කාක රජ ඔහුට භයවී තැති ගැනීමට පැමිණ, මයිල් කෙලින් සිටීම ඇතිවී සාපයෙන් භයට පත්වූයේ මද්දරූපී නම්වූ දූ කුමරිය ඒ කෘෂ්ණ ඍෂිහට පාවා දුන්නේය.

තරුණයෙනි, තෙපි ඔය ලෙස අම්බට්ඨ මාණවකයාට දාසිපුත්‍ර වාදයෙන් නිග්‍රහ නොකරව්. ඒ කණ්හගෝත්‍ර මුලිකයා වූ කෘෂ්ණයෝ ශ්‍රේෂ්ඨවූ ඍෂිවරයෙක් විය.

ඛත්තිය සෙට්ඨ භාවො

§ 24. එවිට භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨ මාණවකයාට මෙසේ කීයේය.
“අම්බට්ඨය, මේ කාරණා ගැණ කුමක් සිතන්නෙහිද?

යම් ක්ෂත්‍රිය කුමාරයෙක් බ්‍රාහ්මණ ස්ත්‍රියක් සමග සහවාසය කරන්නේය. ඔවුන්ගේ සංවාසයෙන් පුත්‍රයෙක් උපදින්නේය. ඔහු බ්‍රාහ්මණයන් අතුරෙන් අග්‍රාසනය හෝ අග්‍රොදකය හෝ ලබයිද?”
“භවත් ගෞතමයිනි,එසේය ඔහු අග්‍රාසනයත්, අග්‍රොදකයත් ලබයි.”
“බ්‍රාහ්මණයෝ මතක බතින් , මංගල, යාග, පඬුරු ආදී බත් ඔහු වළඳන්නාහුද?”
“එසේය, භවත් ගෞතමයෙනි,එසේ ඔහු වළඳවන්නාහුය.”
“බ්‍රාහ්මණයෝ ඔහුට මන්ත්‍ර උගන්වත්ද? නොහොත් නොහදාරවන්නෝද?”
“භවත් ගෞතමයෙනි, උගන්වන්නෝය.”
“ඔහුට බ්‍රාහ්මණ ස්ත්‍රියක් සරණ ලබාගත හැකිද? නැද්ද?
“භවත් ගෞතමයෙනි, ඔහුට ලැබෙන්නේය.”
“ක්ෂත්‍රියයෝ ඔහු ක්ෂත්‍රියාභිෂෙකයෙන් අභිෂෙක කරත්ද?”
“නැත, භවත් ගෞතමයෙනි.”
“එයට හේතු කිම?”
“භවත් ගෞතමයිනි, මවුපසින් අසම්පූර්ණ හෙයිනි.”


§ 25 . “අම්බට්ඨය, මේ ගැන නුඹ කුමක් සිතන්නෙහිද?
යම් බ්‍රාහ්මණ කුමාරයෙක් ක්ෂත්‍රිය කන්‍යාවක හා සහවාසය කරන්නේය. ඔවුන්ගේ සහවාසය නිසා පුත්‍රයෙක් උපදින්නේය, බ්‍රාහ්මණ කුමාරයකු කරණකොට ක්ෂත්‍රිය කන්‍යාවකට උපන් යම් ඒ පුතු බ්‍රාහ්මණයන් අතරෙහි අග්‍රාසනය හෝ අග්‍රොදකය ලබන්නේද?”
“භවත් ගෞතමයෙනි, ලබන්නේය.”
“බ්‍රාහ්මණයෝ මතක බතින් , මංගල, යාග පඬුරු ආදී බත් ඔහු වළඳන්නාහුද?”
“භවත් ගෞතමයෙනි, වළඳවන්නාහුය.”
“බ්‍රාහ්මණයෝ ඔහුට මන්ත්‍ර උගන්වන්නෝද? නොහොත් නූගන් වන්නෝද?”
“භවත් ගෞතමයෙනි, උගන්වන්නෝය.”
“ඔහුට බ්‍රාහ්මණ කාන්තාවක් ලැබෙන්නේද? නොහොත් නොලැබෙන්නේද?”
“භවත් ගෞතමයෙනි, ලැබෙන්නේය.”

“ක්ෂත්‍රියෝ ඔහු ක්ෂත්‍රියාභිෂෙකයෙන් අභිෂෙක කරත්ද?”
“නැත භවත් ගෞතමයෙනි,”
“එයට හේතුව කිම?”
“භවත් ගෞතමයෙනි, පිය පසින් අසම්පූර්ණ හෙයිනි.”
“මෙසේ, අම්බට්ඨය, (බ්‍රාහ්මණ) ස්ත්‍රියක් (ක්ෂත්‍රිය) පුරුෂයෙක් හා සහවාසවූවාද, (බ්‍රාහ්මණ) පුරුෂයෙක් (ක්ෂත්‍රිය) ස්ත්‍රියක් හා සහවාසවූයේද, ක්ෂත්‍රියයෝම උසස් වෙත්. බ්‍රාහ්මණයෝ හීනයහ.

§ 26. “අම්බට්ඨය, මේ කාරණය ගැන කුමක් සිතෙන්නෙහිද?
බ්‍රාහ්මණයෝ යම් වරදක් නිසා බමුණකු හිසමුඩුකොට අමුඩයක් ගස්වා පහරදී රටින් හෝ නගරයෙන් හෝ පිට මං කරන්නාහුය. ඔහු බ්‍රාහ්මණයන් අතර අග්‍රාසනය හෝ අග්‍රොදකය හෝ ලබන්නේද?”
“නැත, භවත් ගෞතමයෙනි”
“බ්‍රාහ්මණයෝ මතක බතින් , මංගල, යාග, පඬුරු ආදී බත් ඔහු වළඳන්නෝද?”
“නැත, භවත් ගෞතමයෙනි.”
“බ්‍රාහ්මණයෝ ඔහුට මන්ත්‍ර උගන්වන්නෝද? නොහොත් නූගන්වන්නෝද?”
“නූගන්වන්නෝය, භවත් ගෞතමයෙනි.”
“ඔහුට, බ්‍රාහ්මණ ස්ත්‍රියක් සරණයට ලැබෙන්නේද? නොහොත් නොලැබෙන්නේද?”
“නොලැබෙන්නේය, භවත් භවත් ගෞතමයෙනි”

§ 27. “අම්බට්ඨය, මේ කාරණය ගැන කුමක් සිතන්නෙහිද?
හි ක්ෂත්‍රියයෝ යම් වරදක් නිසා ක්ෂත්‍රියයකු හිස මුඩු කොට හිසේ අළු වත්කොට රටින් හෝ නුවරින් හෝ පිට මං කරන්නාහුය.
ඔහු බ්‍රාහ්මණයන් අතර අග්‍රාසනය හෝ අග්‍රොදකය හෝ ලබන්නේද?”
“භවත් ගෞතමයෙනි, ලබන්නේය.”
“බ්‍රාහ්මණයෝ මතක බතින් , මංගල, යාග, පඬුරු ආදී බත් ඔහුට වළඳවන්නෝද?”
“භවත් ගෞතමයෙනි, වළඳවන්නාහුය.”
“බ්‍රාහ්මණයෝ ඔහුට මන්ත්‍ර උගන්වන්නෝද? නොහොත් නූගවන්නෝද?”
“භවත් ගෞතමයෙනි, උගන්වන්නෝය.”
“ඔහුට බ්‍රාහ්මණ ස්ත්‍රියක් ලැබෙන්නේද? නොහොත් නොලැබෙන්නේද?”
“ලැබෙන්නේය; භවත් ගෞතමයෙනි.”

§ 28. “අම්බට්ඨය, ක්ෂත්‍රියයෝ යම් ක්ෂත්‍රියකු හිස මුඩුකොට හිසේ අළු වත්කොට රටින් හෝ නගරයෙන් හෝ පිට කරත්ද, මෙපමණකින්ම ඒ ක්ෂත්‍රිය තෙමේ ඉතා පහත් බවට පැමිණියේ වෙයි. අම්බට්ඨය, මෙසේ වූකලී ක්ෂත්‍රිය තෙමේ යම් කලෙක ඉතා පහත් බවට පැමිණියේ වෙයිද, එකල්හිත් ක්ෂත්‍රියයෝ උතුම්හ. බ්‍රාහ්මණයෝ පහත්ය.
“අම්බට්ඨය, සනංකුමාර නම් බ්‍රහ්මයා විසින් මෙසේ ගාථාවක් කියනලදී:
ලෝකයේ ගොත්‍රයන් අතුරෙන් ක්ෂත්‍රියයෝ උතුම් වෙත්.
දෙවියන් මිනිසුන් අතුරෙන් (විද්‍යාවෙන්) නුවණින් හා චරණයෙන්)
සීලයෙන් සම්පූර්ණවූ තැනැත්තා ප්‍රධානයි.”
“අම්බට්ඨය, සනංකුමාර නම් බ්‍රහ්මයා විසින් මේ ගාථාව මනාකොට කියන ලද්දීය.
හොඳ නැති ලෙස කියන ලද්දී නොවෙයි, හොඳින් ප්‍රකාශ කරණ ලද්දීය, නපුරු කොට ප්‍රකාශ කරණ ලද්දී නොවේ. එය අර්ථ සහිත වන්නීය. -අනර්ථ සහිත නොවන්නීය,
මවිසින් අනුමත කරණ ලද්දීය. අම්බට්ඨය මමත් මෙසේ කියමි:-

ලෝකයේ ගොත්‍රයන් අතුරෙන් ක්ෂත්‍රියයෝ උතුම් වෙත්.
දෙවියන් මිනිසුන් අතුරෙන් (විද්‍යාවෙන්) නුවණින් හා (චරණයෙන්) සීලයෙන් සම්පූර්ණවූ තැනැත්තා ප්‍රධානයි.

විජ්ජා-චරණ කථා

§ 29. “භවත් ගෞතමයන් වහන්ස, ඒ (චරණ) සීල ධර්ම කවරේද? ඒ (විද්‍යාව) නුවණ කවරේද?”

“අම්බට්ඨය,
අනුත්තරවූ විද්‍යාචරණ සම්පත්තියට ජාතිවාදය නිසා හෝ ගෝත්‍ර වාදය නිසා හෝ මාන්නය නිසා හෝ බලපෑමක් නොවේ. නුඹ මට සුදුසුවෙයි කියා හෝ නුඹ මට සුදුසු නොවෙහි කියා හෝ යමක් එහි නැත අම්බට්ඨය, ස්ත්‍රියක් සරණපාවා ගැනීම හෝ සරණපාවාදීම හෝ පාවා ගැනීම් දීම් දෙකම හෝ වෙයිද එහි ජාතිවාදය හෝ කියාද, ගොත්තවාදය හෝ කියාද මාන්නවාදය හෝ කියාද ඇත්තේය, නුඹ මට සුදුසුවෙහි යන්නක් හෝ නුඹ මට සුදුසු නොවෙහි යන්නක් හෝ එහි ඇත,

§ 30. “අම්බට්ඨය, යම් කෙනෙක් ජාති වාදයෙහි මහත්සේ බැඳුනෝ වෙත්ද, ගොත්‍රවාදයෙහි මහත්සේ බැඳුනෝ වෙත්ද, මාන්නවාදයෙහි මහත්සේ බැඳුනෝ වෙත්ද, ආවාහ විවාහයෙහි බැඳුනෝ වෙත්ද, ඔවුහු අනුත්තරවූ විද්‍යාචරණ සම්පත්තියෙන් දුරුවූවාහුය.

අම්බට්ඨය, ජාතිවාදයෙහි තරව බැඳීමත්, ගොත්‍රවාදයෙහි තරව බැඳීමත්, මාන්න වාදයෙහි තරව බැඳීමත්, ආවාහ විවාහයෙහි තරව බැඳීමත්, පහකොට අනුත්තරවූ විද්‍යාචරණ සම්පත්තිය අවබෝධ කිරීම උතුම් වෙයි.

(චරණ) සීලධර්ම

§ 31. “භවත් ගෞතමයන් වහන්ස, ඒ (චරණ) සීල ධර්මය කවරේද?
ඒ (විද්‍යාව) නුවණ කවරේද?”
“අම්බට්ඨය, අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, විදර්ශනා ඥාන ආදී විද්‍යා අට සීලසංවරය ආදී හසුරුවන ධර්ම පහළොව යන අෂ්ට විද්‍යා පසළොස් චරණධර්මයන්ගෙන් යුක්තවූ, යහපත් ගති ඇත්තාවූ, සියලු ලෝකයන් දන්නාවූ, ශ්‍රේෂ්ඨවූ, හික්මවිය යුතු පුරුෂයන් දමනය කිරීමෙහි රියැදුරෙකු වැනිවූ, දෙවි මිනිසුන්ට ගුරුවරයෙක්වූ, (චතුරාර්ය සත්‍ය) සත්‍යවූ උතුම් ධර්ම සතර අවබෝධකළාවූ, තථාගත කෙනෙක් මෙලොව උපදනාහ. ඒ තථාගත තෙමේ දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, රජුන් සහ මිනිසුන් සහිතවූ, සත්ව වර්ගයා ස්වකීය උසස් ඥානයෙන් දැක පැහැදිලි කොට ප්‍රකාශ කෙරේ. ඒ තථාගතයන් වහන්සේ මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්වූ, අර්ථ සහිතවූ, ව්‍යංජන සහිත වූ (දස ආකාරයෙන් නියම විදියට වචන ශබ්ද කරන්නාවූ ), සියලු ලෙසින් සම්පූර්ණවූ පිරිසිදුවූ, සියලු ශාසනමාර්ග බ්‍රහ්මචර්යාව ගෙන හැර දක්වති.

§ 32 .“යම් කුල දරුවෙක් යම් කුල දරුවෙක් ගෘහස්තව සිටියේ මේ දහම අසා තථාගතයන් කෙරෙහි ශ්‍රද්ධාව උපදවයි. ධර්මය කෙරෙහි විශ්වාසය උපදවා ගනී. ගෘහස්ත ජීවිතය සම්බාධක පිරි එකෙක. පැවිද්ද එලිමහමේ ඉන්න සේ නිදහස් විවුර්ත එකෙක.රජස් පිරි ගිහි ගේ හින්ද ධර්ම මාර්ගයේ යාම නොහැකිය. මා කෙස් රවුල් බා කසා වතක් හැඳ පැවිද්දට යාම යහපතැයි සලකා පසු කාලයක ස්වල්පවූ හෝ බොහෝවූ හෝ සිය සම්පත් රාසිය අත් හැර, ස්වල්පවූ හෝ බොහෝවූ නෑ පිරිස් හැර, කෙස් දැළි රැවුලු කපා දමා සිවුරු හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වේ. මෙසේ මහණවූ ඔහු ප්‍රධාන සංවර සීලයෙන් යුක්ත වූයේ, යහපත් හැසිරීමෙන් හා වරද නැති පැවැත්මෙන් යුක්ත වූයේ, ස්වල්පවූත් අකුසලයන්හි විශේෂයෙන් භය දක්නා ගති ඇත්තෙක් වූයේ, යහපත් වූ කාය කර්මයෙන් හා වචී කර්මයෙන් යුක්තවූයේ, ශික්ෂාපද සමාදන්ව එහි මොනවට හික්මෙයි. පිරිසිදුවූ ජීවිත පැවතුම් ඇත්තේ වෙයි. ශීලයෙන් යුක්ත වූයේ වෙයි. ඉන්ද්‍රියන් විෂයෙහි දොරටු වැසූ දැමුවේ වෙයි. ආහාරයෙහි පමණ දන්නේ වෙයි. මනා සිහියෙන් හා හරි ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි. සන්තෝෂයෙන් යුක්තවෙයි.

§ 33 . “අම්බට්ඨය, මෙසේ ශීල සම්පන්නවූ භික්ෂුහට භය කාරණයන් අතුරෙන් එකක් පමණකුදු ඔහුගේ සීලසංවරය හේතු කොට ගෙණ කිසි තැනකදී නොඋපදනේය. කුමක් මෙන්ද යත්:-

අම්බට්ඨය, ක්ෂත්‍රියාභිෂෙකයෙන් අභිෂෙක ලද්දාවූ, සතුරන් නැති කළාවූ ක්ෂත්‍රිය රජෙක් කිසිම සතුරෙකුගෙන් කිසි භයක් නොදක්නේද, එපරිද්දෙන්ම, අම්බට්ඨය, සීලසම්පන්නවූ භික්ෂුව භය කාරණයන් අතුරෙන් එකක් පමණකුදු සීලසංවරය හේතුකොට කිසි තැනකදී නොදක්නේය. ආර්යවූ (උතුම්වූ) මේ සීල රාශියෙන් යුක්තවූ ඒ භික්ෂුව, තමන් තුළ ඇති පිරිසිදුවූ (කායික චෛතසික) සැපය විඳියි.

“සීලය

§ 34 . අම්බට්ඨය ! මේ සාසනනයෙහි භික්ෂුව

  • ප්‍රාණ ඝාතයෙන් වෙන්වන්නේ අවි ආයුධ දඬු මුගුරු අතිනුදු නොඅල්ලන්නේය.
  • අන් සතු දෙයක් ගන්නට කිසිසේත් නොසිතන්නේ දුන් දෙයකින් පමණක් සැනසෙන්නේය .මේ ඔහුගේ සීලයම වේ. ග්‍රාමය වූ නීච වූ මෛතුන්‍ය සේවනයෙන් වෙන් වුයේ උතුම් බ්‍රහ්මචාරී සීලයෙන් යුක්ත වූ යේ වේ.
  • මුසා බස් නොදොඩා සත්‍ය වචනයම ඇත්තේ සෙසු ලෝකයා ඔහුගේ වචනයම පිළිගන්නේ වේ. වචනයෙන් හික්මුනේ අනුන්ගේ දේ ගැන අනුනට අප්‍රිය වචන කතා නොකරයි. සිත් පාරවන සිත් රිදවන වචනයෙන් වෙන් වී
  • අනුන්ගේ සිත් සනසන කාරුණික වචනම කතාකරය්.
  • වෙන් වුවන් එක් කරන්නට මිස වාද විවාද ඇති කොට මිනිසුන් වෙන් කිරීමට කතා නොකරයි.
  • අර්ථ යෙන් තොර අනර්ථකාරී නිෂ්ඵල දේ ගැන කතාවෙන් වෙන් වූ යේ අසන්නන්ට යහපත් වන සරු මගට ගෙන එන දේ ගැනම කතා කරයි.
  • පැළවෙන්නට සුදුසු බීජ හා පැල නොසිදියි.
  • හිරු අවරට ගිය තැන් සිට භෝජනයෙන් වැ ලැක්කේ ඔහු දිනකට එක් අහර වේලකින් පමණක් යැපුණේ වෙයි.
  • නැටුම් ගැයුම් වාදන ක්‍රීඩා තරඟ , සංදර්ශන බලන්නට නොයයි.
  • සුවඳ විලවුන් ගැල්වීම් මල් මාල පැලැන්දීමෙන් වෙන්වෙයි.
  • සුව පහසු වටනා ආසන සයන පාවිච්චියෙන් වෙන් ව සිටියි.
  • රන් රිදී මසුරන් කහවනු පරිහරණය නොකරයි. පිලි නොගනියි.
  • අමු ධාන්‍ය , සහල් අමු මස් නොපිලි ගනී.
  • ස්ත්‍රීන් මෙහෙකාරියන් දැසි දස්සන් පිළිගැනීමෙන් වැල කෙයි.
  • එළු බැටළු ගව කුකුළු සුකර සතින් පිළිගැනීමෙන් වළකියි.
  • ඇතුන් අසුන් වෙළඹුන් පිළිගැනීමෙන් වළකියි.
  • ගිහියන් උදෙසා දුත මෙහෙවරෙහි යෙදීමෙන් වළකියි
  • ගනු දෙන ව්‍යාපාර කිරීමෙන් වළකියි
  • තුලාකුට කංස කුට මාන කුඨ යෙන් වළකියි
  • උක්කෝටන වංචන [තරාදි මිනුම් දඬු වලින් වංචා කරමින්] නිකති සංච් යෝග ආදියෙන් වළකියි.
  • අත්ලස් දීමෙන් ගැනීමෙන් වළකියි.
  • චේදන දඬුවම් හිරිහැර කරමින් මංකොල්ල කෑම් කරමින් අන් සතු ධනය ගැනීමෙන් වැළකේ
  • මිනිසුන් සැදැහැ සිතින් පුජා කරන දේ ගබඩා කරගනිමින් පසුවට ගැනීමට හෝ අන්‍යයන්ට බෙදීමට
  • වෙදකම් කරමින් නක්ෂස්ත්‍ර සේවා සපයමින් ශාන්ති කාර්ම දේව පුජා බෝධි පුජා කරමින් මුදල් ඉපඊ මෙන් වැළකේ ඔට්ටු ඇල්ලීමෙන් විජ්ජා පෙන්නීමෙන් ප්‍රාතිහාර්ය පෙන්නීමෙන් වැළකේ
අම්බට්ඨය, භික්ෂුව කෙසේ නම් ඉන්ද්‍රියයන්හි දොරටු වසා දමන්නේද?

අම්බට්ඨය, මේ සස්නෙහි භික්ෂුව, ඇසින් රූපයක් දැක එහි අරමුණෙහි නො ඇලේ එහි නොපෙළඹෙන්නේය. ඇස් ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආශාව හෝ කලකිරීමාදී අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. ඔහු තමාගේ ඇස් ඉන්ද්‍රියය රකී, ඇස් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. [ලොව ඇති සියලු රූපයෝ දකිමින් ඒවායේ අරමුණු ගනිමින් සිටින්නහුට අනේක ප්‍රමාණයක් ක්ලේශ අරමුණු හා ප්‍රතික්‍රියා කිරීමට සිදු වේ. එහා මෙහා නොබලා ගමන් කරන මග ඇස මායිමට බලාගෙන ඇවිදීම්, රුපවාහිනි, පුවත්පත් ආදිය නොබලා සිටීම, අනවශ්‍ය කතා බහෙන් වෙන්වීම ඉන්ද්‍රිය සංවරයට මහා ආධාරයක් වෙයි.]

කනින් ශබ්දයක් අසා එහි නොඇලේ. එහි නොපෙළඹෙන්නේය. කන අසංවරව වසන්නහුට දැඩි ආශාව හා කලකිරීමාදී අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. තමාගේ කන් ඉන්ද්‍රියය රකී. කන් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ.

නාසයට ගඳ සුවඳ දැනී එහි නො ඇලේ. එහි නොපෙළඹෙන්නේය. නාස් ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආසාව හා කලකිරීමාදී අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. තමාගේ නාස් ඉන්ද්‍රියය රකී. නාස් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ.

දිවෙන් රසයක් විඳ එහි නො ඇලේ. එහි නොපෙළඹෙන්නේය. ජිව්හා ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආශාව හා කලකිරීමාදී අකුශල ධර්මයෝ හිතට ඇතුල් වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. තමාගේ දිව් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ.

කයින් ස්පර්ශයක් ස්පර්ශකොට එහි නොඇලේ. එහි නොපෙළඹෙන්නේය. ස්පර්ශ ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආශාව හා කලකිරීමාදී අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. තමාගේ ස්පර්ශ ඉන්ද්‍රියය රකී. ස්පර්ශ ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ.

සිතින් (ධර්මයක්) අරමුණක් දැන එහි නොඇලේ. එහි නොපෙළඹෙන්නේය. සිත් ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට යමක් නිසා දැඩි ආසාව හා කලකිරීම ආදී අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. හෙතෙම සිත් ඉන්ද්‍රිය රකී. සිත් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ.

එබඳුවූ භික්ෂුව උතුම්වූ සීල රාශියෙන් යුක්තවූයේ අභ්‍යන්තරයෙහි පිරිසිදුවූ අධිචිත්ත සැපය විඳියි. අම්බට්ඨය, මෙසේවූ භික්ෂුව ඉන්ද්‍රියයන්හි වසනලද දොරටු ඇත්තේ වේ.

“අම්බට්ඨය, භික්ෂුව කෙසේ නම් සතියෙන් හා මනා ප්‍රඥාවෙන් යුක්තවූයේ වේද?

§ 35. “අම්බට්ඨය, මේ සස්නෙහි භික්ෂුව ඉදිරියට යෑමෙහිද, ආපසු යාමෙහිද, සතිය පවත්වමින් ඒ කරන්නේය. ඉදිරිය බැලීමෙහිද, වටපිට බැලීමෙහිද සතිය පවත්වමින් බලන්නේය. අත් පා හැකිලීමෙහිද, දිගු කිරීමෙහිද, සතිය පවත්වමින් ඒ කරන්නේය

. දෙපට සිවුරය, පාත්‍රය, සිවුරුය යන මේ දේ දැරීමෙහිදී සතිය පවත්වමින් ඒ කරන්නේය.
. අනුභව කිරීමය, පානය කිරීමය, වැළඳීමය, රස විඳීමය යන මෙහිද සතිය පවත්වමින් එසේ කරන්නේය. මල මුත්‍ර පහකිරීම පවා සතිය පවත්වමින් ඒ කරන්නේය. යෑම්, සිටීම්, හිඳීම්, සැතපීම්, නිදි තොරකිරීම්, කථාකිරීම්, නිශ්ශබ්දව සිටීම යන මේ දේ සතිය පවත්වමින් ඒ කරන්නේය.

“අම්බට්ඨය, කෙසේ නම් භික්ෂුව සතුටු වූයේ වේද?”

§ 37, “අම්බට්ඨය, භික්ෂුව කෙසේ නම් සතුටු වේද?

“අම්බට්ඨය,
භික්ෂුව යන්තම් කය වැසීමට තරම්වූ ආරක්ෂාව ප්‍රමාණවූ සිවුරෙන්ද, සතුටු සිත් ඇත්තේ වේ.
කුස ගිනි නිවාගැනීමට පමණක් ප්‍රමාණ ඇත්තා වූ ලද පිණ්ඩපාත ආහාරයෙන් සතුටු සිත් ඇත්තේ වේ.,
ඔහු යම් යම් තැනකට යේ නම් අටපිරිකර (කය පිළිබඳවූ දේ) පමණක් ගෙන යයි.
අම්බට්ඨය, යම් සේ පක්ෂියෙක් යම් තැනෙක පියාඹා යේ නම් ඒ සියලු තැන පියාපත් බර පමණකින් යුක්තව පියාඹා යේද, අම්බට්ඨය, එපරිද්දෙන්ම භික්ෂුව සිය ශරීරය ආරක්ෂාවට ප්‍රමාණවූ සිවුරෙන්ද කුස ගින්න සංසිදුවීමට ප්‍රමාණවූ පිණ්ඩපාත ආහාරයෙන්ද සතුටු වන්නේ වේ.
ඔහු යම් තැනක යා නම් අටපිරිකර පමණක් රැගෙණ බැහැර යයි.

අම්බට්ඨය, මෙසේවූ භික්ෂුව සන්තෝෂයෙන් යුක්ත වේ.

§ 38 . “උතුම්වූ මේ සීලසමූහයෙන් යුක්තවූද
උතුම්වූ මේ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තවූද,
මේ උතුම්වූ සති සම්පජඤ්ඤයෙන් යුක්තවූද,
මේ උතුම්වූ සන්තෝෂයෙන් යුක්තවූද,
ඒ භික්ෂුව කැලයද, ගහක් මුලද, කඳු පලාත්ද, කඳුරැලි ගල්ගුහාවන් හෝ මහා මගද, සොහොන්ද, ඉතා දුරවූ කැලෑ වාසස්ථානද, බොහෝ ඉඩකඩ ඇති තැන් සහ වන ගුහාද යන මේ ස්ථාන ආශ්‍රය කෙරෙයි.

ඔහු බතෙන් පසු පර්යංකය බැඳ කකුල් අකුලුවා හිඳ ශරීරයේ උඩු කොටස කෙලින් තබා නිවණෙහිම සිත එලවා, ඒ නිවණම අරමුණු වසයෙන් සිත ඉදිරියෙහි පිහිටුවා ගෙණ හිඳී.

“ඔහු ලෝකයෙහි ලෝභය පහකොට ලෝභ රහිත සිතින් යුක්තව වාසය කෙරේ. ලෝභ සිත වෙන් කොට පිරිසිදු කෙරේ.
සිත කෙලසන්නාවූ ක්‍රෝධය පහකොට ක්‍රෝධයෙන් දුරුවූ සිත් ඇතිව පණඇති සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇත්තේව වාසයකරයි. ක්‍රොධ දොෂයෙන් වෙන්ව සිත පිරිසිදු කෙරේ. කාය චිත්ත දෙදෙනාගේ අලස බව දුරුකොට කය-සිත පිළිබඳ පහවූ අලස බව ඇත්තේ පිරිසිදු හැඟීම් ඇත්තේ, සිහි ඇත්තේ, යහපත් ප්‍රඥා ඇත්තෙක්ව වෙසේ.
අලස බව දුරුකොට සිත පිරිසිදු කෙරේ.
උඩඟු බව හා කුකුස දුරුකොට, සංසිඳුනු සිත් ඇතිව වාසය කෙරේ. ඇතුළත සංසිඳුනු සිත් ඇත්තේ, සිත උඩඟු බව හා කුකුසෙන් පිරිසිදු කෙරේ. විචිකිච්ඡාව (සැකය) දුරුකොට, පහකළ විචිකිච්ඡා ඇත්තේ කුශලධර්ම විෂයෙහි සැක නැතිව වෙසේ, විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කෙරේ.

§ 39 . “අම්බට්ඨය, යම්සේ පුරුෂයෙක් ණය මුදලක් ගෙණ කර්මාන්තයන්හි යොදන්නේද, ඔහුගේ ඒ කර්මාන්තයෝ දියුණුවන්නාහු නම් ඔහුගේ ඒ පරණ ණය මුදල් සියල්ලම ගෙවන්නේය. ඔහුගේ අඹුදරුවන් ආරක්ෂා කරණ පිණිස වැඩි යමක් ඉතුරු වූයේ නම් ඕහට මෙබඳු අදහසක් ඇතිවේ. ‘මම පළමුවෙන් ණය ගෙණ කර්මාන්තයන්හි යෙදුවෙමි. ඒ මාගේ කර්මාන්තයෝ දියුණුවූහ. මම ඒ පැරණි ණය ගෙවූයෙමි. අඹු දරුවන් පොෂ්‍ය කිරීම පිණිස අතිරේක මුදලක්ද මට ඇත්තේය”, කියායි. හෙතෙම ඒ ණය නැති බව මුල්කොට ගෙණ බලවත් සතුටක් ලබන්නේය. සතුටට පැමිණෙන්නේය.

“අම්බට්ඨය, යම්සේ රෝගයෙන් පෙළෙන දුක් ඇත්තාවූ, දැඩි ගිලන්බව ඇති පුරුෂයෙක් වන්නේද, ඕහට ආහාර රුචි නොවන්නේද, ඔහුගේ ශරීරයෙහි කිසි ශක්තියක් නැත්තේද වෙයි. ඒ පුරුෂයා පසු කාලයක ඒ ආබාධයෙන් මිදෙන්නේ නම්, ඔහුට ආහාර රුචිය ඇති වන්නේ නම්, ඔහුගේ ශරීර බලය ඇතිවන්නේ නම්, ඔහුට මෙබඳු අදහසක් වන්නේය. කෙබඳුද යත්:
‘මම පෙර ආබාධ ඇත්තාවූ, දුක් ඇති, දැඩි ගිලන් බව ඇති කෙනෙක් වීමි. මට බත් රුචියද නොවීය, ශරීර බලයද නැතිවිය, ඒ මම පළමු තිබූ ආබාධයෙන් මිදුනෙමි. මට ආහාර රුචියද ඇත්තේය. කාය බලයද තිබේය’ කියායි. ඔහු ඒ කාරණය මුල්කොට බලවත් සතුටක් ලබන්නේය, සොම්නසටද පැමිණෙන්නේය.

“අම්බට්ඨය, යම්සේ පුරුෂයෙක් සිරගෙයි ලා දඬුවමෙනි බැඳුනේ වේද, ඔහු පසු කලක පීඩා නැතුව සැපසේ ඒ සිරගෙයින් මිදෙන්නේය. ඔහුගේ කෑම පිළිබඳ කිසිත් වියදමක්ද නොවන්නේය, ඔහුට මෙබඳු අදහසක් වන්නේය. එනම්: ‘මම පෙර සිරගෙයි බැඳුනෙක් වූයෙමි. ඒ මම දැන් පීඩා රහිතව සැපසේ ඒ සිරගෙයින් මිදුනෙමි. මගේ කෑම පිළිබඳ කිසි වියදමක්ද නොවූයේය’ කියායි. ඔහු සිරගෙයින් මිදීම නිමිති කොට බලවත් සතුටක් ලබන්නේය. සතුටට පැමිණෙන්නේය.

“අම්බට්ඨය, යම් සේ සිය කැමැත්තෙන් යමක් කරන්ට නොහැකි, අනුන්ට යටත්වූ, තමා කැමති ගමනක් ඒ වූ පරිදි යා නොහැකි, වැඩකරුවෙක් වන්නේද, ඔහු පසු කලක ඒ දාසභාවයෙන් මිඳෙන්නේ, තමාම අධිපතිකොට ඇත්තේ, අනුන්ට යටත් නොව තමාගෙන්ම යැපෙන්නේ, සිය අදහස් පරිදි ඒ ඒ තැන යා හැකි වන්නේද, ඔහුට මෙබඳු අදහසක් වන්නේය. එනම්: ‘මම පෙර සිය කැමැති පරිදි යමක් කරන්ට නොහැකි, අනුන්ට යටත් මා අදහස් පරිදි කිසි තැනෙක යා නොහැකි දාසයෙක් වීමි. ඒ මම දැන් ඒ දාස භාවයෙන් මිදුනෙක්මි. තමා අධිපති කොට ඇත්තෙක් වීමි. අනුන්ට යටත්නූන කෙනෙක් වීමි. අනුන්ට යටත් නොව මා සපයාගත් දෙයින්ම යැපෙන්නෙම්, මා අදහස් පරිදි ඒ ඒ කැමැති තැනෙක යා හැක්කේද වෙමි’යි කියායි. ඔහු ඒ දාසභාවයෙන් මිදීම හේතුකොට බලවත් සතුටක් ලබන්නේය. එසේම සතුටටද පැමිණෙන්නේය.

“අම්බට්ඨය, යම්සේ ධනවත්වූ භොග සම්පත් ඇති පුරුෂයෙක් ආහාර දුර්ලභවූ, භය සහිතවූ, දීර්ඝවූ කාන්තාර මාර්ගයකට පැමිණෙන්නේද, ඔහු මද කලකින් ඒ කාන්තාර මාර්ගය ඉක්මවා යන්නේ සොර සතුරන්ගෙන් පීඩා නැති ගම්මානයකට සැපසේ ක්‍රමයෙන් පැමිණෙන්නේද, ඔහුට මෙබඳු අදහසක් ඇතිවේ. එනම්: ‘මම පෙර ධනවත් වූයෙම්. භොග සම්පත් සහිත වූයෙම්, දුර්ලභ භික්ෂා ඇති, භය සහිතවූ, දීර්ඝවූ කාන්තාර මාර්ගයකට පැමිණියෙක් වූයෙමි. එසේවූ මම දැන් එම කාන්තාර මාර්ගය පසුකෙළෙමි. සැපවත්වූ භය රහිතවූ, ගමකට සැපසේ ක්‍රමයෙන් පැමිණියෙමි’යි කියායි. ඒ පුරුෂයා ඒ කාන්තාර මාර්ගය එතර කිරීම නිමිති, කොට බලවත් සතුටක් ලබන්නේය, එසේම සතුටටද පැමිණෙන්නේය.

“අම්බට්ඨය, ණය යම්සේද, රෝගය යම්සේද, හිරගේ යම්සේද, දාසභාවය යම්සේද, දීර්ඝ කාන්තාර මාර්ගය යම්සේද, එපරිද්දෙන් භික්ෂු ව පහනොකළ (පඤ්ච නීවරණ) කුසල් වළක්වන කරුණුපහ තමා කෙරෙහි ලා නුවණින් දකීද. අම්බට්ඨය, ණය නැති බව යම්සේද, නිරෝගී බව යම්සේද, සිරගෙන් මිදීම යම්සේද, අනුන්ට යටහත් නැති බව යම්සේද, භය නැති භූමිය යම්සේද, එපරිද්දෙන්ම අම්බට්ඨය, භික්ෂු තෙමේ පහකළාවූ මේ කුසල් වළක්වන කරුණු පහ තමන් තුළ ලා දක්නේය.

“මේ කුසල් වළක්වන කරුණු පහ තමා කෙරෙහි නැතැයි නුවණින් දක්නාවූ ඒ භික්ෂුවට සතුටු සිත් උපදී. සතුටු වූවහුට ප්‍රීතිය උපදී. ප්‍රීති සහගත සිත් ඇත්තහුගේ නාම කය (වේදනාදී ස්කන්ධ හතර) සංසිඳෙයි සංසිඳිනු කය ඇති තැනැත්තේ කායික චෛතසික සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධියට (එකඟ බවට) පැමිණෙයි.

“ඒ භික්ෂුව වස්තු කාම ක්ලෙශකාමයන්ගෙන් වෙන් වූයේම, අකුශල ධර්මයන් කෙරෙන්ද වෙන් වූයේම අරමුණෙහි සිත පැමිණවීම, අරමුණෙහි නැවත නැවත යෙදී හැසිරීම සහිතවූ, සිතෙහි විවේකයෙන් උපන් ප්‍රීතියම සැපකොට ඇති, පළමුවෙනි ධ්‍යාන කුසල චිත්තය තමා තුළ ඉපදීම් වශයෙන් ඊට පැමිණ එම ධ්‍යානයෙහි වාසය කෙරේද ඔහු විවේකයෙන් හටගත් ප්‍රීති සැපයෙන් මේ (සකල) ශරීරයම සැපවත් කෙරෙයි. සම්පූර්ණයෙන් පුරවයි. සැමතන්හි පතුරවයි. ඒ ඔහුගේ පළමුවෙනි විවේකයෙන් උපන් ප්‍රීති සැපයෙන් සකල ශරීරයෙහිම පළමුවෙහිම පළමුවෙනි ධ්‍යානයෙන් යුත් සැපය පැතිරෙයි.

“අම්බට්ඨය, යම්සේ දක්ෂවූ ස්නාන ද්‍රව්‍ය සපයන්නෙක් හෝ ඔහුගේ අතවැස්සෙක් හෝ ස්නානයට ගන්නාවූ සුණු ලොහ තලියක බහා දිය ඉසිමින් අතින් අනමින් පිඩු කරන්නේද, එවිට ඒ මේ ස්නාන කුඩුගුලිය දියෙන් යුක්ත වේ, ජලය හාත්පසින් කාවැදුනේ වේ. එහි ඇතුළත හා පිටතද සියලු තන්හිම ජලයෙන් පහස්නා ලද්දේ වේ. එහෙත් බින්දු වශයෙන් ජලය ඉන් නොවැගිරේද,

“අම්බට්ඨය, එපරිද්දෙන් ඒ භික්ෂුව, විවේකයෙන් හටගත් ප්‍රීති සැපයෙන් සිය ශරීරය තෙමයි, හාත්පසින් තෙමයි, සම්පූර්ණයෙන් පුරවයි, සැමතන්හි පතුරුවයි. ඔහුගේ සියලු ශරීරයෙහි විවේකයෙන් හටගත් ප්‍රීති සැපයෙන් පැතිරෙයි. අම්බට්ඨය, මෙයද මේ ආත්මයෙහි දැක්කයුතු විපාක ඇති ඵලයකි. මෙය ඉහතකී මේ ආත්ම භාවයෙහි දැකිය යුතු විපාක ඵලයන්ට වඩා බොහෝ මනොඥය, බොහෝ ශ්‍රේෂ්ඨද වෙයි.

“අම්බට්ඨය, නැවතද භික්ෂුව අරමුණෙහි සිත පැමිණවීම, අරමුණෙහි නැවත නැවත යෙදී හැසිරීම යන මොවුන්ගේ සන්සිඳීමෙන් අද්ධ්‍යාත්මයෙහි මනා පැහැදීම කරන්නාවූ, සිත පිළිබඳ එකඟ බව ඇති, සමාධියෙන් හටගත් ප්‍රීති සැපය ඇති දෙවැනි ධ්‍යාන කුසල චිත්තයට පැමිණ වාසය කරයි. ඒ මහණ තෙමේ මේ කය සමාධියෙන් හටගත් ප්‍රීති සැපයෙන් තෙමයි. හාත්පසින් තෙමයි, සම්පූර්ණයෙන් පුරවයි, හාත්පසින් ස්පර්ශ කරයි. ඒ මහණහුගේ සියලු ශරීරයෙහි දෙවැනි ධ්‍යානයෙන් සැප පැතිරේ.

“අම්බට්ඨය, යම්සේ ඇතුළතම හටගත් ජලය ඇති දියවිලක් වේද ඒ විල පිළිබඳ පෙර දිගින්ද, අපරදිගින්ද, උතුරු දිගින්ද, දකුණු දිගින්ද, දිය එන මගක් නැත්තේ වේද වැස්සද කලින් කල මනාසේ වැසි වැසීම නොකරන්නේද, එසේවූ ඒ විලෙන් සිහිල් දිය දහර පොළොව බිඳ නැගී ඒ මුළු විලම සිහිල් දියෙන් පතුරුවයි, හාත්පසින් වගුරුවයි, සම්පූර්ණයෙන් පුරවයි. එහි හැම තැන දියෙන් ස්පර්ශ කෙරෙයි. ඒ සියලු විලෙහි සීත ජලය නොපැතිර පවත්නා තැනක් නම් නැත්තේය. අම්බට්ඨය, එපරිද්දෙන් මේ භික්ෂුව මුළු ශරීරයම සමාධියෙන් හටගත් ප්‍රීති සැපයෙන් සියලු තැන පතුරුවන ලද්දක් කෙරේ, ප්‍රීති සැපයෙන් හාත්පසින් වගුරුවයි, සම්පූර්ණයෙන් පුරවයි, ඉන් සැම තැනම ස්පර්ශශ කෙරෙයි. ඒ මහණහුගේ සම්පූර්ණ ශරීරයෙහි දෙවෙනි ධ්‍යාන සැපයෙන් පැතිරෙයි. මෙයද ඔහුගේ සීල ආදියෙහි ඵලය ලෙස වන්නකි.

“නැවතද අම්බට්ඨය, ඒ භික්ෂුව ප්‍රීතියෙහි නොඇල්මෙන් මැදහත් බැව් ඇත්තේ, සිහි ඇත්තේ, යහපත් සේ සතිය පවත්වන්නේ කයින්ද සැපයක් විඳියි. යම් ධ්‍යානයක් පිළිබඳව (උපෙක්ෂා) සැප දුක් දෙකට මැදහත් විඳීම ඇත්තේය, සිහි ඇත්තේය. සැපයෙන් විසීම ඇත්තේයයි ආර්යයෝ කියත්ද ඒ තුන්වැනි ධ්‍යාන කුසල චිත්තයට පැමිණ වාසය කෙරේ. ඒ භික්ෂුව මේ සියලු තැන පැතිර පවත්නා සැපය ඇත්තෙක් වේ. ඒ සැපතින් හාත්පසින් තෙමෙයි, සම්පූර්ණයෙන් පුරවයි, එයින් සැමතැනම පැතිරෙයි. ඒ භික්ෂුහුගේ සියලු ශරීරයෙහි තුන්වැනි ධ්‍යාන සැපයෙන් පැතිරෙයි.

“අම්බට්ඨය, යම්සේ නිල්මානෙල් විලක හෝ සුදු නෙළුම් විලක හෝ රතු නෙළුම් විලක හෝ දියෙහි හටගත්, දියෙහි වැඩුනු දියෙන් උඩට නොනැගුනු, දියතුලම ගැලී වැඩෙන්නාවූ සමහර නිල් මානෙල් හෝ සමහර සුදු නෙළුම් හෝ සමහර රත් නෙළුම් හෝ වෙද්ද, ඒ නිල් මානෙල් ආදීහු අග දක්වාත්, මුල දක්වාත්, සිහිල් ජලයෙන් තෙමුනාහු, හාත්පසින් තෙමුනාහු, සම්පූර්ණයෙන් වැගුරුණාහු, හාත්පසින් ස්පර්ශ ලද්දාහු වෙත්ද, ඒ නිල්මානෙල් සුදු නෙළුම් රත් නෙළුම්, යන මොවුන්ගෙන් එකකුත් ජලයෙන් නො පහස්නා ලද්දේ නොවේද අම්බට්ඨය, එපරිද්දෙන් ඒ භික්ෂුතෙමේ මේ මුළු ශරීරයම දුරුකළ ප්‍රීතිය ඇති සැපයෙන් සියලු තැන පැතිර පවත්නා සැප ඇත්තක් කෙරෙයි, ඉන් හාත්පසින් තෙමෙයි, සම්පූර්ණයෙන් පුරවයි. හාත් පසින් ස්පර්ශ කෙරෙයි. ඔහුගේ සම්පූර්ණ ශරීරයෙහි ප්‍රීති නැති තුන්වැනි ධ්‍යානයෙන් පැතිරයයි.මෙයද ඔහුගේ සීල ආදියෙහි වන්නකි,

“නැවතද අම්බට්ඨය, ඒ භික්ෂුව සැප දුරුකිරීමෙන්, දුක් දුරු කිරීමෙන්ද පළමුකොටම සැප දුක් වේදනා නැතිව යාමෙන් දුක්ද නොවූ, සැපද නොවූ, උපෙක්ඛා-සති යන මොවුන්ගේ පිරිසිදු බැව් ඇති, හතරවෙනි ධ්‍යාන (කුසල) චිත්තයට පැමිණ වාසය කෙරේ. ඒ භික්ෂුව මේ සකල ශරීරයම, පිරිසිදුවූ, අතිශයින් බබලන (ධ්‍යාන) සිතින් පතුරුවන්නේය. ඒ ධ්‍යානලාභී භික්ෂූහුගේ සම්පූර්ණ ශරීරයෙහි පිරිසිදුවූ, අතිශයින් බබලන්නාවූ හතරවැනි ධ්‍යාන සිතින් පැතිරයයි.

“අම්බට්ඨය, යම්සේ කිසියම් පුරුෂයෙක් පිරිසිදුවූ සුදු ඇඳුමකින් හිස සිට පොරවා උන්නේ වේද, ඔහුගේ මුලු ශරීරයෙහි එකම තැනකුදු සුදුවතින් නො වසන ලද්දේ නොවේ. අම්බට්ඨය, එපරිද්දෙන්ම ධ්‍යානලාභී භික්ෂුව මේ සියලු ශරීරයම පිරිසිදුවූ, අතිශයින්ම බබලන්නාවූ හතර වැනි ධ්‍යාන සිතින් පතුරවා හුන්නේ වේ. ඒ භික්ෂුහුගේ සියලු ශරීරයෙහි පිරිසිදුවූ, බබලන්නාවූ හතර වැනි ධ්‍යාන සිතින් පැතිරයයි. (සතර වැනි ධ්‍යාන චිත්තයෙන් සකල ශරීරයම පතුරුවන ලද්දේය කී සේයි.)මෙයද ඔහුගේ සීල ආදියෙහි වන්නකි. අම්බට්ඨය මේ ඔහුගේ සීල ආදියයි.

§ 40 . “නැවතද, අම්බට්ඨය, ඒ භික්ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, දීප්තිමත්වූ කල්හි කෙලෙස් රහිතවූ කල්හි, ක්ලෙශයන් පහවූ කල්හි, මෘදුවූ කල්හි කටයුත්තට සුදුසුව සිටි කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, විදර්ශනා ඥානය ඉපදවීම පිණිස සිත එලවා තබයි. ඒ සඳහා වෙසෙසින් සිත නමයි. ඔහු මෙසේ දැනගණි. ‘මාගේ මේ ශරීරය රූපයෙන් යුක්තය. [*සතර මහාභූතයන්ගේ හේතුවෙන් හටගත්තේය. මව්පියන් නිසා හටගත්තේය. ආහාරයෙන් වඩනා ලද්දේය.] අනිත්‍ය බවය, ඇඟ ඉලීමය, පිරිමැදීමය, බිඳීමය, විනාශය යන මේ දේ, ස්වභාවකොට ඇත්තේය. මාගේ මේ විඤ්ඤාණය ශරීරය ආශ්‍රය කෙරේ. මෙහිම බැඳුනේ වෙයි’ කියායි.

§ 41 . “අම්බට්ඨය, යම්සේ යහපත්වූ, පිරිසිදු ආකාරයෙන් උපන්නාවූ අටැස්වූ, ගල් ආදී දොස් බැහැර කිරීමෙන් හොඳ ලෙස සකස් කරණ ලද්දාවූ, නිර්මලවූ විශේෂයෙන් ප්‍රසන්නවූ, කැලැල් නැතිවූ, සියලු ආකාරයෙන් සම්පූර්ණවූ, වෛඪූර්ය මැණිකක් වේද, එහි නිල්වූ හෝ කහපාටවූ හෝ රතුවූ හෝ සුදුවූ හෝ පඬුවන්වූ හෝ නූලක් අමුණන ලද්දේද, ඒ මේ මැණික ඇස් ඇති පුරුෂයෙක් අතට ගෙණ මෙසේ සලකා බලන්නේය: ‘මේ වෛඪූර්ය මැණික මනාසේ කාන්තිමත් හෙයින් යහපත් වේ, පිරිසිදු ආකරයෙන් උපන්නේය, අටැස් ඇත්තේය, දොස් දුරුකිරීමෙන් මනාකොට සකස් කරණ ලද්දේය, නිර්මලය, විශේෂයෙන් ප්‍රසන්නය, කැලැල් නැත, සියලු ආකාරයෙන් සම්පූර්ණය. ඒ මැණිකෙහි මේ නීලවර්ණවූ හෝ කහපාටවූ හෝ රතුවූ හෝ සුදුවූ හෝ පඬුවන්වූ හෝ නූලක් අමුණන ලද්දේය, කියායි.

“අම්බට්ඨය, එපරිද්දෙන්ම යෝගීවූ මේ භික්ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහවූ ක්ලෙෂයන් ඇතිවූ කල්හි මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, කම්පානොවන බවට පැමිණි කල්හි, විදර්ශනා ඥානය පිණිස සිත එලවා තබයි, ඒ සඳහා විශේෂයෙන් සිත නමයි. ඒ භික්ෂුව මෙසේ දන්නේය, කෙසේද යත්:
‘මාගේ මේ ශරීරය රූපයෙන් යුක්තවේ. සතර මහා භූතයන්ගෙන් හටගත්තේය, මව්පියන් නිසා හටගත්තේය, ආහාරයෙන් වඩනා ලද්දේය. අනිත්‍ය බවය, ඉලීමය, පිරිමැදීමය, බිඳීමය, විනාශය යන මේ ස්වභාවකොට ඇත්තේය. මාගේ මේ විඤ්ඤාණය මේ ශරීරය ආශ්‍රය කෙළේ වෙයි, මෙහිම බැඳී සිටියේය’ කියායි. මෙයද ඔහුගේ සීලාදියෙහි වන්නකි.

“ඔහු මෙසේ ධ්‍යානයෙන් සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කෙලෙස් නැතිවූ කල්හි, ක්ලෙශ පහවූ කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, නො සැලෙන බවට පැමිණි කල්හි, මනොමයවූ රූපයක් මනා කොට නිපදවීම පිණිස සිත එලවා තබයි, වෙසෙසින් නමයි. ඔහු ආකාර වත්වූ, මනොමයවූ (ධ්‍යාන සිතින් නිපදවන ලද) ශරීරය හා අත පය ආදී අවයව ඇති, විකලනුවූ ඉඳුරන් ඇති, මේ ශරීරයෙන් අන්‍යවූ ශරීරයක් හොඳ ලෙස සාදයි.

§ 42. “අම්බට්ඨය, යම්සේ පුරුෂයෙක් මුදු තණ ගසින් තණබඩය උදුරා ගැනීම කරන්නේද, මේ තණ ගසය, මේ තණ බඩය, තණගස අනිකෙක, තණ බඩය අනිකෙක තණ ගසින්ම තණබඩය ඇදගන්නා ලද්දේය, තනන ලද්දේය යන වැටහීම ඕහට පහල වන්නේය.

“අම්බට්ඨය, යම්සේ පුරුෂයෙක් කඩුව කොපුවෙන් ඉවත් කරන්නේද ඔහුට මෙබඳු අදහසක් වන්නේය. මේ කඩුවය, මේ කොපුවය, කඩුව අනිකෙක, කොපුව අනිකෙක, කොපුවෙන් කඩුව ඉවත්කරණ ලද්දේය’ කියායි.

“අම්බට්ඨය, එසේම භික්ෂුව මෙසේ සිත සමාධිගතවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාම හිත් රහිතවූ කල්හි, ක්ලෙශයන් පහවූ කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන භාවයට පැමිණි කල්හි, සිතින් උපදවන කය මැවීම පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත්කොට ඊට නමයි. ඔහු මේ කයින් රූ ඇති, සිතින් මවන ලද, සියලු ශරීරය සහ අතපය ආදී අවයව ඇති, නොපිරිහුනු ඉන්ද්‍රිය ඇති වෙන කයක් මවයි.මෙයද ඔහුගේ සීලාදියෙහි වන්නකි.

“ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමසිත් රහිතවූ කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, නැවතීමට පැමිණි කල්හි, කම්පා නොවන භාවයට පැමිණි කල්හි, ඍද්ධිවිධි පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. ඔහු නොයෙක් අයුරු ඇති ඍද්ධිවිධි වෙන් වෙන් කොට දක්වන්නට සමත් යි. එකෙක්ව බොහෝ සේ වෙයි. බොහෝ සේව එකෙක් වෙයි. ප්‍රකට බවට, මුවහ බවට,වෙයි. අහසෙහි මෙන් බිත්තිය හරහට, පවුර හරහට පර්වතය හරහට නොහැපෙමින් යයි. දියෙහි මෙන් පොළොවෙහි කිමිදීම් මතුවීම් කෙරෙයි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබෙදා ගමන් කෙරෙයි. පක්ෂියෙකු මෙන් අහසෙහිද පරියන්කයෙන් හිඳගෙනම යෙයි. මේ මහත් ඍද්ධි ඇති, මහත් ආනුභව ඇති සඳ හිරු දෙදෙන අතගායි, පිරිමදියි, බඹ ලොව තෙක් ශරීරයෙන් වසඟ බව පවත්වයි.

“අම්බට්ඨය, දක්ෂ කුඹල් කරුවෙක් හෝ කුඹල්කරු අතවැසියෙක් හෝ යහපත්සේ පදම් කළ මැටියෙන් කැමති කැමති වලන් ආදී වර්ගයන් යම්සේ කරන්නේද, නිපදවන්නේද, අම්බට්ඨය, ඇත් දළ කැටයම් කරුවෙක් හෝ අතවැසියෙක් හෝ සකස්කළ දළයෙහි යම්සේ කැමති කැමති දළ කැටයම් වර්ගයක් කරන්නේද, නිපදවන්නේද, අම්බට්ඨය, දක්ෂ රන්කරුවෙක් හෝ රන්කරු අතවැසියෙක් හෝ පදම්කළ රණින් කැමති කැමති රන් අබරණ ජාතීන් යම්සේ කරන්නේද, නිපදවන්නේද අම්බට්ඨය, එසේම භික්ෂුව සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිතවූ කල්හි, ක්ලෙශයන් පහවූ කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, සිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන භාවයට පැමිණි කල්හි, ඍද්ධි විධි පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. හේ නොයෙක් ඍද්ධි විධි වෙන් වෙන් කොට පවත්වයි. එකෙක්ව බොහෝ සේ වෙයි, බොහෝසේව එකෙක් වෙයි. ප්‍රකට බවට, මුවහ බවට අහසෙයි මෙන් බිත්තිය හරහට, පවුර හරහට, පර්වත හරහට නොහැපෙමින් යෙයි. දියෙහි මෙන් පොළොවෙහි කිමිදීම්, මතුවීම් කෙරෙයි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබෙදා ගමන් කරයි. පක්ෂියෙකු මෙන් අහසෙහිද පර්යංකයෙන් හිඳගෙනම යෙයි. මේ මහත් ඍද්ධි ඇති, මහත් ආනුභාව ඇති, සඳ හිරු දෙදෙන අතගායි, පිරිමදියි, බඹලොව තෙක් ශරීරයෙන් වසඟ බව කෙරෙයි.මෙයද ඔහුගේ විද්‍යාවෙහි වන්නෙකි.

§ 43. “ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිතවූ කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන භාවයට පැමිණි කල්හි, දිව්‍ය කණ සම්බන්ධ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කොට නමයි. ඒ භික්ෂුව පිරිසිදුවූ මිනිස් බව ඉක්මවූ දිව්‍ය කණ සම්බන්ධ ඥානයෙන් දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද, දුරෙහිවුද, සමීපයෙහිවූද, දෙයාකාර ශබ්දයන් අසයි.

§ 44. “අම්බට්ඨය, දික් මගට පැමිණි පුරුෂයෙක් බෙර හඬද, මහිඟු බෙර හඬද, සක්, පණාබෙර, ගැටබෙර හඬද, යම්සේ අසාද, ඔහුට මේ බෙරහඬයයිද, මිහිඟු බෙර හඬයයිද, සක්, පණාබෙර, ගැටබෙර හඬයයිද වෙන් වෙන්ව .දැන ගන්නේය,

“අම්බට්ඨය, එලෙසින්ම භික්ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාම හිත් රහිතවූ කල්හි, පහවූ ක්ලෙශයන් ඇතිකල්හි, මෘදුවූකල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, ස්ථිරවූ බවට පැමිණි කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, දිව්‍ය කණෙන් ලබන ඥානය පිනිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත්කොට නමයි. ඔහු මෙසේ මිනිස් කණ ඉක්මවූ පිරිසිදුවූ දිව්‍ය කණෙන් ලබන ඥානයෙන් දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද, දුරෙහිවූද, සමීපයෙහිවූද දෙයාකාර ශබ්දයන් අසයි. මෙයද ඔහුගේ විද්‍යාවෙහි වූවකි.

§ 45. “ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාම සිත් රහිතවූ කල්හි, පහවූ ක්ලෙශ ඇති කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුවූ කල්හි, ස්ථිර බවට පැමිණි කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, පර සිත් දැනගන්නා ඥාණය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. ඔහු අන්‍ය සත්වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ සිත තම සිතින් පිරිසිඳ දනියි.

රාග සහිත සිත රාග සිතයයි දනියි. රාගය පහවූ සිත රාගයෙන් තොරවූ සිතයි දනියි.
ද්වේෂ සහිත සිත දොස සිතයයි දනියි ද්වේෂය පහවූ සිත ද්වේෂයෙන් තොරවූ සිතයයි දනියි.
මෝහ සහිත සිත මෝහ සිතයයි දනියි, මෝහය පහවූ සිත මෝහයෙන් තොරවූ සිතයයි දනියි.
හැකුලුනු සිත හැකුලුනු සිතයයි දනියි, විසුරුණු සිත විසුරුණු සිතයයි දනියි.
මහත් බවට ගිය සිත, මහත් බවට ගිය සිතයයි දනියි මහත් බවට නොගිය සිත, මහත් බවට නොගිය සිතයයි දනියි.
කාම සහිත සිත, කාම සිතයයි දනියි. ලෞකික හිත් අතුරෙන් උසස්ම සිත අනුත්තර සිතයයි දනියි. සමාධිගතවූ සිත සමාධිගත සිතයයි දනියි, සමාධිගත නොවූ සිත සමාධිගත නොවූ සිතයයි දනියි, (ක්ලෙශයෙන්) මිදුනු සිත, මිදුනු සිතයයි දනියි. නොමිදුනු සිත නොමිදුනු සිතයයි දනියි.

§ 46 .“අම්බට්ඨය, ස්ත්‍රීයක් හෝ පුරුෂයෙක් හෝ ලමාවයසෙහි සිටියෙක් හෝ තරුණයෙක් හෝ පිරිසිදු, නොකිළිටි කැඩපතෙක හෝ පිරිසිදු දිය භාජනයෙක්හි හෝ තමාගේ මූනේ ශොභාව පරීක්ෂා කරන්නේ යම්සේ කැලල් සහිත නම් කැලල් සහිතයයි දැනගනීද, කැලල් රහිත නම් කැලල් රහිතයයි දැනගනීද,

“අම්බට්ඨය, එසේම භික්ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිත කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, පරසිත් දැනගන්නා ඤාණය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. ඔහු අන්‍ය සත්වයන්ගේ, අන්‍ය පුත්ගලයන්ගේ සිත (තමන්ගේ) සිතින් දැන ගනියි. රාග සිත රාග සිතයයි දනියි. රාගයෙන් තොරවූ සිත රාගයෙන් තොරවූ සිතයයි දනියි. දොස සිත දොස සිතයයි දනියි. දොසයෙන් තොරවූ සිත දොසයෙන් තොරවූ සිතයයි දනියි. මොහසිත මෝහ සිතයයි දනියි, මෝහයෙන් තොරවූ සිත මෝහයෙන් තොරවූ සිතයයි දනියි. හැකුලුණු සිත හෝ විසුරුණු සිත හෝ මහත් බවට ගිය සිත හෝ මහත් බවට නොගිය සිත හෝ කාම සහිත සිත හෝ අනුත්තර සිත හෝ එකඟවූ සිත හෝ එකඟ නොවූ සිත හෝ දනියි. මිදුණු සිත හෝ මිදුණු සිතයයි දනියි. නොමිදුණු සිත හෝ නොමිදුණු සිතයයි දනියි.මෙයද ඔහුගේ විද්‍යාවෙහි වූවෙකි.

§ 47.“හේ තෙමේ මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාම හිත් රහිතවූ කල්හි, ක්ලෙෂයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ, කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, පෙර ජාති සිහිකිරීමේ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කොට (ඊට) නමයි. හේ තෙමේ නොයෙක් විදියේ පෙර විසීම් සිහි කෙරෙයි.

කෙසේදයත්: එක් ජාතියක්ද, දෙ ජාතියක්ද, තුන් ජාතියක්ද, හතර ජාතියක්ද, පස් ජාතියක්ද, දස ජාතියක්ද, විසි ජාතියක්ද, තිස් ජාතියක්ද, සතළිස් ජාතියක්ද, පණස් ජාතියක්ද, සියක් ජාතියක්ද, දහස් ජාතියක්ද, සියක්දහස් ජාතියක්ද, නොයෙක් විනාශ වෙමින් පවතින කල්පයන්ද, නොයෙක් හැදෙමින් පවතින කල්පයන්ද, නොයෙක් විනාශවන හෝ හැදෙන කල්පයන්ද, ‘අසුවල් තැන වීමි, මෙනම් ඇත්තෙමි, මේ ගොත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම්, මේ කෑම ඇත්තෙම්, මේ සැප දුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතවූයෙම්, අසුවල් තැන උපන්නෙමි; එහිදු මෙනම් ඇත්තෙම්, මේ ගොත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම්, මේ කෑම ඇත්තෙම්, මේ සැප දුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුත වූයෙම්, මෙහි උපන්නෙමි’යි මෙසේ ආකාර සහිතව, දැක්වීම් සහිතව, නොයෙක් විදියේ පෙර ජීවිත සිහි කෙරෙයි.

“අම්බට්ඨය, පුරුෂයෙක් යම්සේ තම ගමින් අන් ගමකට යන්නේද, ඒ ගමිනුත් අන් ගමකට යන්නේද, ඒ ගමිනුත් තමන්ගේ ගමට එන්නේද, ‘මම, සිය ගමින් අසුවල් ගමට ගියෙමි, එහි මෙසේ සිටියෙමි, මෙසේ හුන්නෙමි, මෙසේ කථාකෙළෙමි, මෙසේ නිශ්ශබ්ද වීමි. එගමිනිදු අසවල් ගමට ගියෙමි එහිද මෙසේ සිටියෙමි. මෙසේ හුන්නෙමි, මෙසේ කථාකෙළෙමි, මෙසේ නිශ්ශබ්ද වීමි. ඒ මම ඒ ගමින් සිය ගමට පැමිණියෙමි’යි හෙතෙම දන්නේය.

“අම්බට්ඨය, එපරිද්දෙන්ම භික්ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිතවූ කල්හි, ක්ලෙශ පහවූ කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්තිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, පෙර ජාති සිහිකිරීමේ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. හේ නොයෙක් පෙරවිසීම් සිහි කෙරෙයි.

කෙසේදයත්: එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති සතළිසක්ද ජාති පණහක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති සියක් දහසක්ද, නොයෙක් කල්ප විස්සකින් යුත් කල්පයන්ද, නොයෙක් කල්ප රාශියකින් යුත් කල්පයන්ද, නොයෙක් කල්පයන්ද, ‘අසුවල් තැන වීමි, මෙබඳු නම් ඇත්තෙම්, මෙබඳු ගොත්‍ර ඇත්තෙම්, මෙබඳු පාට ඇත්තෙම්, මෙබඳු ආහාර ඇත්තෙම්, මෙබඳු සැප දුක් වින්දෙම්, මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතව අසුවල් තැන උපන්නෙමි; එහිදු මෙනම් ඇත්තෙම්, මෙබඳු ගොත්‍ර ඇත්තෙම්, මෙබඳු පාට ඇත්තෙම්, මෙබඳු ආහාර ඇත්තෙම්, මෙබඳු සුව දුක් වින්දෙම්, මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතව මෙහි උපන්නෙමි’යි මෙසේ ආකාර සහිත, පෙරවිසූ පිළිවෙළ දැක්වීම් සහිත, නොයෙක් ආකාරවූ පෙරවිසීම් සිහි කෙරෙයි.මෙයද ඔහුගේ විද්‍යාවෙහි වූවෙකි.

§ 48 ,“ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසුදුවූ කල්හි දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිත කල්හි, ක්ලෙශ පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන භාවයට පැමිණි කල්හි, සත්ත්වයන්ගේ මරණින් පසු උත්පත්ති දැනගන්නා නුවණ පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. හේ පිරිසුදුවූ, මිනිස් ඇස ඉක්මවූ, දිව ඇසින් චුතවන උපදින සත්ත්වයන් දකී, පහත්වූද උසස්වූද ලක්ෂණවූද අවලක්ෂණවූද හොඳ ලොව ගියාවූද නරකලොව ගියාවූද කර්මය ලෙස පැමිණි සත්ත්වයන් දනී.

‘මේ පින්වත් සත්ත්වයෝ ශරීර දුශ්චරිතයෙන් යුක්තය, වචන දුශ්චරිතයෙන් යුක්තය, හිතේ දුශ්චරිතයෙන් යුක්තය උත්තමයන්ට බණින්නෝය, මිථ්‍යදෘෂ්ටිකයෝය මිථ්‍යාදෘෂ්ටිකර්ම සමාදන් වූවෝය. ඔවුහු මරණින් මතු සැපයෙන් පහවූ නපුරුවූ දුක්වූ, නිරයට පැමිණෙත්. නැතහොත්, මේ පින්වත් සත්ත්වයෝ ශරීර සුචරිතයෙන් යුක්තය, වචන සුචරිතයෙන් යුක්තය, හිතේ සුචරිතයෙන් යුක්තය, උත්තමයින්ට නොබණින්නේය, සතය අදහන්නෝය, සත්‍ය ඇදහීම් සමාදන් වූවෝය. මරණින් මතු යහපත් පැමිණිමවූ, ස්වර්ග ලෝකයට පැමිණියෝය,යි මෙසේ පිරිසුදුවූ මිනිස් ඇස ඉක්මවූ දිව ඇසින් චුතවන උපදින සත්ත්වයන් දකී. පහත්වූද උසස්වූද ලක්ෂණවූද අවලක්ෂණවූද, හොඳලොව ගියාවූද නරක ලොව ගියාවූද කර්මය ලෙස පැමිණි සත්ත්වයන් දනී.

“අම්බට්ඨය, යම්සේ පාරේ හන්දියක ප්‍රාසාදයක් වේද, එහි ඇස් ඇති පුරුෂයෙක් සිටියේ ගෙට ඇතුල්වෙන, ගෙයින් නික්මෙන, වීථියෙහි හැසිරෙණ පාර හන්දියේ හිඳින මනුෂ්‍යයන් දක්නේද, ඔහුට මෙසේ සිතෙයි: ‘මේ මිනිස්සු ගෙට ඇතුළු වෙති, මොහු නික්මෙති, මොහු වීථියෙහි හැසිරෙති, මොහු පාර හන්දියේ ඉඳිති’යි කියායි.

අම්මබට්හඨය , එසේම භික්ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාම හිත් රහිත කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි කටයුත්තට යොග්‍යවූ කල්හි, සිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන භාවයට පැමිණි කල්හි, සත්ත්වයන්ගේ චුති උත්පත්ති දැනගන්නා නුවණ පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, සිත ඉදිරිපත් කොට නමයි. හේ මිනිස් ඇස ඉක්මවූ දිව ඇසින් චුතවන උපදින සත්ත්වයන් දකී. පහත්වූද උසස්වූද ලක්ෂණවූද අවලක්ෂණවූද හොඳලොව ගියාවූද නරක ලොව ගියාවූද කර්මය ලෙස පැමිණි සත්ත්වයන් දනී:

මේ පින්වත් සත්වයෝ ශරීර දුශ්චරිතයෙන් යුක්තය, වචන දුශ්චරිතයෙන් යුක්තය, හිතේ දුශ්චරිතයෙන් යුක්තය’ උත්තමයින්ට බණින්නෝය, මිථ්‍යාදෘෂ්ටිකයෝය, මිථ්‍යාදෘෂ්ටිකර්ම සමාදන් වූවෝය. ඔවුහු ශරීරයෙන් වෙන්ව, මරණින් මතු අපායවූ දුගීතියවූ, දුකවූ, නිරයට පැමිණෙත්.’ නැතහොත්, මේ පින්වත් සත්වයෝ ශරීර සුචරිතයෙන් යුක්තය, වචන සුචරිතයෙන් යුක්තය, හිතේ සුචරිතයෙන් යුක්තය, උත්තමයින්ට නොබනින්නෝය, සත්‍යය අදහන්නෝය, සත්‍ය ඇදහීම් සමාදන් වූවෝය. ශරීරයෙන් වෙන්ව මරණින් මතු සුගතියවූ, ස්වර්ග ලෝකයට පැමිණියෝ’යි මෙසේ පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවූ දිව ඇසින් චුතවන උපදින සත්වයන් දකී:

පහත්වූද උසස්වූද ලක්ෂණවූද අවලක්ෂණවූද සුගතියට පැමිණියාවූද දුර්ගතියට පැමිණියාවූද කර්මයලෙස පැමිණි සත්ත්වයන් දනී.මෙයද ඔහුගේ විද්‍යාවෙහි වූවෙකි.“ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසුදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිත කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පානොවන භාවයට පැමිණි කල්හි, හිතේ පැසවන කෙලෙස් පහකිරීමේ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි

ඔහු මේ දුකයයි තතුලෙස දැනගණී, මේ දුක් ඉපදීමේ හේතුවයයි තතු ලෙස දැනගණී, මේ දුක් නැති කිරීමයයි තතු ලෙස දැනගණී, මේ දුක් නැති කිරීමේ මාර්ගයයි තතු ලෙස දැනගණී, මේ පැසවන කෙලෙස්යයි තතු ලෙස දැනගණී. මේ පැසවන ක්ලේශයන්ගේ හේතුයයි තතු ලෙස දැනගණී, මේ ඒ කෙලෙස් නැතිකිරීමයයි තතු ලෙස දැනගනී. මේ ඒ කෙළෙස් නැතිකිරීමේ මාර්ගයයි තතු ලෙස දැනගනී.

මෙසේ දන්නා ඔහුගේ සිත කාම ආශාවන්, කෙරෙන්ද මිදේ, සංසාරයට (භවයට) ඇති ආශාවන් කෙරෙන්ද සිත මිදේ. දැඩි මෝහය කෙරෙන්ද සිත මිදේ. මිදුනු කල්හි මිදුනේය යන සිත වෙයි. ඉපදීම නැතිවිය. උතුම් හැසිරීමෙහි වසන ලදී, කටයුත්ත කරණලදී, මේ ආත්ම භාවයෙන් පසු අනික් ආත්ම භාවයක් නැතැ’යි ද දැනගණී.

“අම්බට්ඨය, යම්සේ පර්වත මුදුනක පිරිසිදු, සිත් සතුටු කරන නොකැළඹුනු, දිය විලක් වේද, එහි ඉවුරේ ඇස් ඇති පුරුෂයෙක් සිටියේ නැවතී තිබෙන්නාවූ සිප්පිබෙල්ලන් හා සක්බෙල්ලන්ද, කැබලිති කැටද, එහා මෙහා යන්නාවූ මසුන් රෑන්ද, දක්නේද, ඔහුට මෙසේ සිතෙන්නේය: මේ දිය විල පිරිසිදුය මනා සිත් ප්‍රිය කරන්නේය, නොකැළඹුනේය. එහි මේ සිප්පි බෙල්ලන් සක් බෙල්ලන්ද, කැටකැබලිතිද, නැවතී තිබේ. මසුන් රෑන් හැසිරෙත්ය’ කියායි

අම්බට්ඨය, එලෙසින්ම භික්ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමසිත් රහිත කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන භාවයට පැමිණි කල්හි, බොහෝ කල් සිට එන ක්ලෙශයන් නැතිකිරීමේ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කොට නමයි. ඔහු මේ දුකයයි තතු ලෙස දැනගණී, මේ දුක් ඉපදීමේ හේතුවයයි තතු ලෙස දැනගණී, මේ දුක් නැතිකිරීමයයි තතු ලෙස දැනගණී, මේ දුක්නැතිකිරීමේ මාර්ගයයි තතුලෙස දැනගනී. මේ කෙලෙස් යයි තතු ලෙස දැනගණී, මේ කෙලෙස් හේතුයයි තතු ලෙස දැනගණී, මේ කෙලෙස් නැති කිරීමයයි තතු ලෙස දැනගණී, මේ කෙලෙස් නැතිකිරීමේ මාර්ගයයි තතු ලෙස දැනගණී. මෙසේ දන්නා ඔහුගේ සිත කාම ආශාවන් කෙරෙන්ද මිදේ. භවයට ඇති ආශාවන් කෙරෙන්ද මිදේ, මෝහය කෙරෙන්ද සිත මිදේ. මිදුනු කල්හි මිදුනේය යන සිත වෙයි. ඉපදීම නැති විය, උතුම් හැසිරීමෙහි වසනලදී, කටයුත්ත කරනලදී. මේ ආත්ම භාවයෙන් පසු අනික් ආත්ම භාවයක් නැතැ’යිද දැනගණී.

අම්බට්ඨය, මේ ඔහුගේ විද්‍යාව වේ.“අම්බට්ඨය, මේ භික්ෂුව විද්‍යාවෙන් (නුවණින්) සම්පූර්ණයයි කියනු ලැබේ. එසේම චරණයෙන් (සීලාදියෙන්) සම්පූර්ණයයිද එසේම විද්‍යාවෙන් හා චරණයෙන් සම්පූර්ණයයිද කියනු ලැබේ. අම්බට්ඨය, මේ විද්‍යාසම්පත්තියට හා චරණ සම්පත්තියට වඩා උතුම් හෝ මිහිරි හෝ අන් විද්‍යා සම්පත්තියක්ද චරණ සම්පත්තියක්ද නැත්තේය.

චතුඅපාය මුඛං

“අම්බට්ඨය ඉතා උතුම්වූ මේ විද්‍යාචරණ සම්පත්තියට විනාශ දොරටු සතරක් වෙත්.
කවර සතරක්ද?

.# 1 . අම්බට්ඨය, ඇතැම් මහණෙක් හෝ බ්‍රාහ්මණයෙක් මේ ඉතා උතුම් විද්‍යාචරණ සම්පදාවට නොපැමිණෙනුයේ, තපස් පිරිකර ආදිය ගෙණ ගස්වලින් වැටුණු ගෙඩිම කන්නෙක් වන්නෙමි’යි ආරණ්‍යයෙහි වනයකට පැමිණෙයි. හෙතෙම ඒකාන්තයෙන් විද්‍යාචරණධර්මයෙන් යුක්තවුවහුගේ සේවය (වතාවත්) කරන්නෙක්ම බවට පැමිණේ. අම්බට්ඨය, ඉතා උතුම් විද්‍යාචරණ සම්පදායෙහි මේ පළමුවන විනාශ දොරටුව වේ.

“අම්බට්ඨය, නැවතද ඇතැම් මහණෙක් හෝ බ්‍රාහ්මණයෙක් ඉතා උතුම්වූම මේ විද්‍යාචරණසම්පදාවට නොපැමිණෙනුයේ, ගස්වලින් වැටුණු ගෙඩිම භුක්තිවිඳීමටද නොපැමිණෙනුයේ, උදැල්ලක් හා කුඩයක් ගෙණ ‘අල මුල් ගෙඩි කෑම කරන්නෙක් වන්නෙමි’යි අරණ්‍යයෙහි වන මැදට පැමිණෙයි. හෙතෙම ඒකාන්තයෙන් විද්‍යාචරණ ධර්මයෙන් යුක්ත වූවක්හුගේ මෙහෙකරු බවටම පැමිණේ. අම්බට්ඨය, ඉතා උතුම් මේ විද්‍යාචරණසම්පදායෙහි මේ දෙවෙනිවූ විනාශ දොරටුව වේ.

“අම්බට්ඨය, නැවතද මෙහි ඇතැම් මහණෙක් හෝ බමුණෙක් ඉතා උතුම්වූ මේ විද්‍යාචරණසම්පදාවට නොපැමිණෙනුයේ, ගස්වලින් වැටුණු ගෙඩිම භුක්තිවිඳීමටද නොපැමිණෙනුයේ අල මුල් ගෙඩි කෑමටද නොපැමිණෙන්නේ, ගමක් අසල හෝ නියම් ගමක් අසල හෝ ගිනිදෙවියා පුදන ගෙයක් කොට ගිනි දෙවියා පුදමින් සිටී. හෙතෙම ඒකාන්තයෙන් විද්‍යාචරණ ධර්මයෙන් යුක්තවූවහුගේ මෙහෙකරු බවටම පැමිණේ. අම්බට්ඨය, ඉතා උතුම් මේ විද්‍යාචරණසම්පදායෙහි මේ තුන්වන විනාශ දොරටුවයි.“අම්බට්ඨය, නැවතද මෙහි ඇතැම් මහණෙක් හෝ බමුණෙක් ඉතා උතුම්වූ විද්‍යාචරණසම්පදාවට නොපැමිණෙනුයේ, ගස්වලින් වැටුණු ගෙඩි භුක්තිවිඳීමටද නොපැමිණෙනුයේ, අල මුල් ගෙඩි බුදීමටද නොපැමිණෙනුයේ, ගිනිදෙවියා පිදීමට නොපැමිණෙනුයේ, හතරමංහන්දියෙහි දොරටු හතරකින් යුත් ගෙයක් කොට මේ සිවුදිගින් යම් ශ්‍රමණයෙක් හෝ බමුණෙක් හෝ එන්නේ නම් මම ඔහු ශක්ති පරිද්දෙන් උපස්ථාන කරමි’යි වෙසෙයිද හෙතෙමේ ඒකාන්තයෙන් විද්‍යාචරණ ධර්ම ඇත්තහුගේ සේවය කරන්නෙක්ම වේ. අම්බට්ඨය, මේ වනාහි ඉතා උතුම් විද්‍යාචරණසම්පදායෙහි හතරවැනි විනාශ දොරටුවයි.අම්බට්ඨය, මේ වනාහි ඉතා උතුම් විද්‍යාචරණසම්පදායෙහි විනාශ දොරටු හතර වෙත්. “අම්බට්ඨය, මේ කාරණය ගැණ කුමක් සිතන්නෙහිද? මේ උතුම් විද්‍යාචරණ සම්පදායෙහි ගුරුන් සහිතවූ නුඹ පැමිනෙහිද? (ඔවුන් විසින් නුඹ) හික්මවන ලද්දෙහිද?”“භවත් ගෞතමයන් වහන්ස, එබන්දක් නම් නැත, භවත් ගෞතමයන් වහන්ස, ආචාර්යයන් සහිතවූ මම, කවර නම් ඉතා උතුම් විද්‍යාචරණසම්පත්ති තොමෝ කවරීද?, භවත් ගෞතමයන් වහන්ස, ගුරුවරයෙක් සහිතවූ මම ඉතා උතුම් විද්‍යාචරණ සම්පදාවෙහි බොහෝ ඈත්වූයෙමි.”“අම්බට්ඨය, මේ කාරණා ගැන කුමක් සිතන්නෙහිද? නුඹ මේ අනුත්තරවූ විද්‍යාචරණසම්පදාවට නොපැමිණෙනුයේ තපස් පිරිකර ආදිය ගෙණ ගුරුන් සහිතව, ගස්වලින් වැටුණු ගෙඩි භුක්තිවිඳින්නෙක් වන්නෙමි’කියා අරණ්‍යයෙහි වනයකට පැමිණෙන්නෙහිද?”“එබන්දක් නම් නැත, භවත් ගෞතමයන් වහන්ස.”“අම්බට්ඨය, මේ ඉතා උතුම් විද්‍යාචරණසම්පදාවට නොපැමිණෙනුයේ, ගස්වලින් වැටුණු ගෙඩි කෑමටද නොපැමිණෙනුයේ, උදැල්ලක් හා කූඩයක් ගෙණ නුඹ ගුරුන් සහිතව ‘අල මුල් ඵල කෑම කරන්නෙක් වන්නෙමැ’යි අරණ්‍යයෙහි වනයට පැමිණෙන්නෙහිද?”“එසේත් නැත. භවත් ගෞතමයන් වහන්ස.”“අම්බට්ඨය, මේ ඉතා උතුම් විද්‍යාචරණසම්පදාවට නොපැමිණෙනුයේ, ගස්වලින් වැටුණු ගෙඩි කෑමටද නොපැමිණෙනුයේ, අල මුල් ගෙඩි කෑමටද නොපැමිණෙනුයේ, ගුරුන් සමගවූ නුඹ ගම් අසල හෝ නියම්ගම් අසල හෝ ගිනිපුදනා ගෙයක් කොට ගිනි පුදන්නෙක්ව සිටින්නෙහිද?”“එසේ නම් නැත, භවත් ගෞතමයන් වහන්ස.”“අම්බට්ඨය, මේ ඉතා උතුම් විද්‍යාචරණසම්පදාවට නොපැමිණෙනුයේ ගස්වලින් වැටුණු ගෙඩි කෑමටද අල මුල් ගෙඩි කෑමටද, අග්නිපූජාවටද නොපැමිණෙනුයේ, ගුරුන් සමගවූ නුඹ හතරමංහන්දියෙහි දොරටු හතරකින් යුත් ගෙයක් කොට, “මේ හතරදිගින් යම් මහණෙක් හෝ බමුණෙක් හෝ එන්නේ නම් ඔහු ශක්තිපරිද්දෙන් උපස්ථාන කරන්නෙමි’යි සිටින්නෙහිද?”“එසේත් නැත, භවත් ගෞතමයන් වහන්ස” “අම්බට්ඨය, මෙසේ ගුරුන් සහිතවූ නුඹ මේ ඉතා උතුම් විද්‍යාචරණ සම්පදාවෙන් පිරිහුණෙහිය. ඉතා උතුම් විද්‍යාචරණසම්පදාවන්ගේ යම් මේ විනාශ දොරටු හතරක් වෙත්ද එයින්ද ගුරුන් සහිතවූ නුඹ පිරිහුණෙහිය. අම්බට්ඨය, නුඹේ ගුරුවර පොක්ඛරසාති බමුණා විසින් තමන් විද්‍යාචරණ සම්පදාව අඩු තරමින් වත් සම්පූර්ණ නොකරණුයේ “මේ පිළිකුල් කළයුතුවූ මුඩුවෝත් මහණෝත් දාසි පුත්‍රයෝත් හීන ජාතිකයෝත් බ්‍රහ්මගේ පාදයෙන් උපන්නොත් කවරහුද? ත්‍රිවිද්‍යා ඇති බමුණන්ගේ සාකච්ඡාව කවරීද?’ යන්නකු කියන ලදුයේමය, අම්බට්ඨය, නුඹගේ ගුරුවූ පොක්ඛරසාතී බමුණා විසින් නුඹට කරණලද අපරාධයක මහත බලව.

පුබ්බක ඉසිභාවානු යොගො

“අම්බට්ඨය, පොක්ඛරසාති බමුණුතෙමේ පසේනදී කොසොල් රජු විසින් දුන් දෙය අනුභව කරයි. එහෙත් කොසොල් රජ ඔහුට හමුවීමක් පවා නොදෙයි. රජු යම් කලෙක ඔහු හා යම් කරුණු ගැණ කතාකරයිද මුවහවූ රෙදිපට අතුරින් කථාකරයි.“අම්බට්ඨය, පසෙනදී කොසොල් රජ ධාර්මිකවූ සිය කැමැත්තෙන් පවරා දෙනු ලබන දන් යමෙකුට පිළිගන්වාද එසේවූ පොක්ඛරසාති බමුණුහට කෙසේ නම් තමා හමුවීමට අවසර පවා නොදේද, අම්බට්ඨය, බලව, නුඹගේ ආචාර්යවූ පොක්ඛරසාති බමුණුහට මේ කොතරම් නොසැලකීමක්ද?” “අම්බට්ඨය, මේ කාරණය ගැණ කුමක් සිතන්නෙහිද? මේ පසේනදී කෝශල රජ ඇතෙකු පිට හෝ අසකු පිට හෝ රථාසනයෙහි හෝ හුන්නේ උසස් අමාත්‍යයන් සමග හෝ රාජකුමාරයන් සමග හෝ කිසියම් සාකච්ඡාවෙක් කරන්නේය. ඒ බමුණු තෙමේ ඒ ප්‍රදේශයෙන් පිට ගොස් එක් පෙදෙසක සිටින්නේය. ඉක්බිති ශුද්‍රයෙක් හෝ ශුද්‍රදාසයෙක් හෝ එන්නේය. ඒ බමුණු තෙමේ එහි සිටියේ එවැනිවූම මන්ත්‍රණයක් කරන්නේය. කෙසේද? පසේනදී කොශල රජ තෙමේ මෙසේ කීයේය. මෙසේත් කීයේය’කියායි.“ඔහු රජු කීවක්ම හෝ කියයිද? රජු හා සමග කරුණු විමසා බැලීමක් හෝ කරයිද? මෙපමණෙකින් හෙතෙමේ රජු හෝ රාජාමාත්‍යයෙක් වන්නේද?”“නැත්මය, භවත් ගෞතමයන් වහන්ස” “අම්බට්ඨය, එපරිද්දෙන්ම බමුණන්ගේ මුල් ඍෂීහු වූ මන්ත්‍ර කර්තෘහුවූ මන්ත්‍ර පැවැත්වූවා වූ යම් මුල්ගුරුවරයෝ වූවාහුද, වර්තමානයෙහි බමුණෝ යම් කෙනෙකුගේ පුරාණ වෙදමන්ත්‍රයන් (ඔවුන් විසින්) කටපාඩමේ කීම කරණලද සේ කටපාඩමේ කීම කරත්ද, කියවනලද සේ කියවත්ද, රැස්කොට තබන ලදසේ තබද්ද, ඒ අට්ටකය, වාමකය, වාමදෙවය, වෙස්සාමිත්තය, යමතග්ගිය, අංගීරසය, භාරද්වාජය වාසෙට්ඨය, කස්සපය, භගුය, යන ආදී ඍෂිවරයන්ගේ මන්ත්‍රයන් කටපාඩම් කළමැයි ගුරුවරයා සහිතවූ නුඹ කට පාඩම් කරන්නෙහිය.එපමණෙකින් නුඹ ඍෂිවරයෙක් හෝ ඍෂි බවට පැමිණියෙක් හෝ වෙහිද? මේ කාරණය නොවිය හැකිය. “අම්බට්ඨය, මේ ගැණ නුඹ කුමකැයි සිතන්නෙහිද? මන්ත්‍රකර්තෘහුවූ මන්ත්‍ර පැවැත්වූවාවූ, බමුණන්ගේ මුල්වූ ඍෂීහු වූහ. මේ කාලයෙහි බමුණෝ යම් කෙනෙකුන් වෙද මන්ත්‍රයන් කටපාඩමේ කීම කළාසේ කටපාඩමේ කීම කරත්ද? කියවනලද සේ කියවත්ද, රැස්කොට තබනලදසේ තබද්ද? ඒ අට්ටකය, වාමකය, වාමදෙවය, වෙස්සාමිත්තය, යමතග්ගිය අංගීරසය, භාරද්වාජය, වාසෙට්ඨය, කස්සපය, භගුය යන පූර්වඍෂීහු මනාකොට නෑම කර පිරිසිදු වූවාහු, කැපූ කෙස් හා රවුලු ඇත්තාහු, මිණිකොඩොල් අබරණ පැළැන්දාහු, සුදුපිළි හැන්දාහු, පස්කම් ගුණයන්ගෙන් සම්පූර්ණවූවාහු, ගුරුන් සහිතවූ නුඹ දැන් යම්සේද ඔවුහු එවකට එසේ වූහයි වයස්ගතවූ ගුරුවරයන්ගේ ගුරුවරවූ බමුණන්ගෙන් නුඹ අසනලදද?“නැත, භවත් ගෞතමන් වහන්ස.”“ගුරුන් සහිතවූ නුඹ යම්සේද, එසේ ඔවුහු පහකළ කළුපාට ඇට ඇති පිරිසිදු මාංශ රසයෙන් යුක්තවූ නොයෙක් හොදි ව්‍යඤ්ජන ඇති ඇල්හාල් බත් කෑම කළහයි අසන ලදද?”“නැත, භවත් ගෞතමයන් වහන්ස.”“ගුරුන් සහිතවූ නුඹ යම්සේද, එසේ ඔහු පටපිළි ආදියෙන් සැරසුණු, මෘදු කය ඇති ස්ත්‍රීන් විසින් උපස්ථාන කරණු ලබන්නෝවූහයි අසන ලදද?”“නැත, භවත් ගෞතමයන් වහන්ස.”“ගුරුන් සහිතවූ නුඹ යම්සේද, එසේ ඔවුහුද දික් කැවිටිවලින් තළමින් පිළියෙලකොට කැපූ වල්ගා ඇති වෙළඹුන් යෙදූ රථයෙන් හැසිරෙන්නෝවූයයි අසනලදද?”“නැත, භවත් ගෞතමයන් වහන්ස.”“ගුරුන් සහිතවූ නුඹ යම්සේද, එසේම ඔවුහු හෑරුවාවූ අගල් ඇති, තැබූ දොරවල් ඇති, පවුරු පදනම් යොදා ඇති, නගරයන්හිත් ආයුධ ගත් පුරුෂයන් විසින් රක්ෂා කරණ ලද්දාහු යයි අසනලදද?”“නැත, භවත් ගෞතමයන් වහන්ස”“මෙසේ හෙයින් අම්බට්ඨය, ගුරුන් සහිතවූ නුඹ ඍෂි නොවේ. ඍෂි බවට පිළිපැද්දෙත් නොවේ. අම්බට්ඨය, යමෙකුට වනාහි මාකෙරෙහි සැකයක් හෝ විමතියක් හෝ වේද, ඔහු මාගෙන් ප්‍රශ්න ඇසූකල, මම පිළිතුරු දීමෙන් සැක දුරු කරන්නෙමි.”

ද්වෙලක්ඛණා දස්සනං

එවිට භාග්‍යවතුන් වහන්සේ නිවාසයෙන් නික්මී සක්මනට වැඩිසේක. අම්බට්ඨ තරුණයා තෙමේත් (ගන්ධකුටි) නිවාසයෙන් නික්ම සක්මනට ගියේය. ඉක්බිති අම්බට්ඨ තරුණයා භාග්‍යවතුන් වහන්සේට අනුව සක්මන්කරණුයේ භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයෙහි දෙතිස් මහපුරිස ලකුණු පරීක්ෂාකෙළේය. අම්බට්ඨ තරුණයා තෙමේ භාග්‍යවතුන් වහන්සේට අනුව සක්මන් කරණුයේ භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයෙහි දෙකක් හැර සෙසු සියලු මහාපුරුෂ ලක්ෂණයන් දුටුයේය. එනම් “කොසොහිතවත්ථගුය්හ” ‘පහූත ජිව්හතා” යන දෙකෙහි සැක කරයි, තීරණයකට නොපැමිණෙයි, ඔහුගේ සිත නොපහදී. එකල භාග්‍යවතුන් වහන්සේට මෙසේ සිතක් පහළ විය. ‘මේ අම්බට්ඨ තරුණයා ‘කොශයෙහි සැඟවුනු පුරුෂ නිමිත්ත ඇති බවය, “පුළුල් දික් මෙළෙක් දිව ඇති බවය’ යන දෙලකුණ හැර සෙසු සියලු මහා පුරුෂ ලක්ෂණයන් දකී. දැක ඒ දෙක්හි සැක කරයි, තීරණයකට නොපැමිණෙයි ඔහුගේ සිත නොපහදී යනුයි.ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨ තරුණයා යම්සේ ‘කොසොහිත්ථගුය්හය” දකීද, එබඳුවූ ඍද්ධි විශේෂයක් කළසේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දිව බැහැර කොට දෙකන් සිදුරු හා දෙනාසා සිදුරු ස්පර්ශකෙළේය, නැවත නැවත ස්පර්ශකෙළේය, නළල් තලය සම්පූර්ණයෙන් දිවින් වැසුවේය.එවිට අම්බට්ඨ තරුණයාහට මෙබඳු සිතක් පහළ විය. “ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දෙතිස් මහපුරිස් ලකුණින් යුක්තය, සම්පූර්ණය, අසම්පූර්ණ නොවේ.’ මෙසේ සිතා තරුණයා “යහපත, භවත් ගෞතමයන් වහන්ස, දැන් අපි යමු. අපි අවශ්‍යයෙන් කළයුතු බොහෝ කටයුතු ඇත්තෝ වමු”යි භාග්‍යවතුන් වහන්සේට කීය.“අම්බට්ඨය, ගමනකට කාලය නුඹම දනුව”යි බුදුහු කීයේය. එවිට අම්බට්ඨ තරුණයා වෙළඹුන් යෙදූ රථයට නැගී පිටත්ව ගියේය. “එකල පොක්ඛරසාති බමුණු තෙමේ උක්කට්ඨාවෙන් නික්ම මහත් බ්‍රාහ්මණ සමූහයක් සමග තමන්ගේ ආරාමයෙහි අම්බට්ඨ තරුණයා ගැන බලාපොරොත්තු වෙමින් හුන්නේය. මේ වේලෙහි අම්බට්ඨ තරුණයාත් එහි පැමිණියේය. රථයෙන් යාහැකි තෙක් රථයෙන් ගොස් බැස පා ගමනින්ම පොක්ඛරසාති බමුණු වෙත ගොස් වැඳ එක පැත්තකටව හුන්නේය. “කිම, දරුව අම්බට්ඨය, ඒ භවත් ගෞතමයන් දුටුයේද?”“ස්වාමීනි, අපි ඒ භවත් ගෞතමයන් දුටුවමු.”“කිම, දරුව අම්බට්ඨය, ඒ භවත් ගෞතමයන්ගේ එසේ ඇත්තාවූම කීර්ති ශබ්දයක් උස්ව නැංගේද, නැත්නම් එසේ නොවේද? ඒ භවත් ගෞතම තෙමේ එබඳුද, නැත්නම් එබඳු නොවේද?”“ස්වාමීනි, භවත් ගෞතමයන් වහන්සේගේ එබඳුවූ, ඇත්තාවූම කීර්ති ශබ්දයක් උස්ව නැංගේය. නැත්තාවූ එකක් නොවේ. ඒ භවත් ගෞතමයන් වහන්සේ එබඳුමය එබඳු නොවූයේ නොවේ. සම්පූර්ණවූ දෙතිස් මහපුරිස්ලකුණුවලින් ඒ භවත් ගෞතමයන් වහන්සේ යුක්තයහ, ඉන් අසම්පූර්ණවූයේ නොවේ.”“දරුව අම්බට්ඨය, ශ්‍රමණ ගෞතමයන් සමග නුඹගේ යම් ස්වල්ප කථාවක් වූයේද?”“ස්වාමීනි, ශ්‍රමණ ගෞතමයන් සමග යම්කිසි කථාවක් වූයේය.”“දරුව අම්බට්ඨය, ශ්‍රමණ ගෞතමයන් සමග නුඹේ කෙබඳු කථාවක් නම් වූයේද?”ඉක්බිති අම්බට්ඨ තරුණයා යම් කථාවක් භාග්‍යවතුන් වහන්සේ සමග වූයේ නම් ඒ සියල්ල පොක්ඛරසාති බමුණුහට කීයේය. එසේ කී කල පොක්ඛරසාතී බමුණු තෙමේ අම්බට්ඨ තරුණයාහට මෙසේ කීයේය:- ‘අනේ හොඳයි, අපගේ පණ්ඩිත නම්බුකාරයා, බොහෝ ශිල්ප ශාස්ත්‍ර දැනීමෙහි නම්බුකාරයා ත්‍රිවිද්‍යා නම්බුකාරයා මෙබඳුවූ හිතවතෙකු යම් මිනිසකුට ඇතිවුවොත් ඒ මිනිසා ශරීරය බිඳීමෙන් මරණින් පසු අපාය නම්වූ, නපුරු ගති ඇති, දුක්වූ නිරයෙහිම උපදින්නේය.“අම්බට්ඨය, නුඹ ඒ භවත් ගෞතමයන් ගට ගටා බැන්නෙහිය. එවිට භවත් ගෞතම තෙමේත් අප පිළිබඳ යටගිය තතු සියල්ල මතුකොට කීය. අනේ! හොඳයි, අපගේ පණ්ඩිත නම්බුකාරයා, බහුස්සුත නම්බුකාරයා, ත්‍රිවිද්‍යා නම්බුකාරයා යමෙකුට මෙබඳුවූ හිතවතෙකු ඇතිකල්හි ඔහු මරණින් මතුයෙහි අපාය නම්වූ නපුරු ගති ඇති දුක්වූ නිරයෙහි උපදින්නේමය” කියා කිපුනේ නොසතුටු වූයේ අම්බට්ඨ තරුණයා පයින් ගසා බිමහෙලීය, එකෙණෙහිම භාග්‍යවතුන්වහන්සේ දකින්ට යෑමට ඔහු තුළ කැමැත්තක් විය.

පොක්ඛරසාතිබුද්ධුපසඞ්කමනං

එවිට ඒ බමුණෝ පොක්ඛරසාති බමුණුහට මෙසේ කිවහුය:-
“පින්වත, ශ්‍රමණ ගෞතමයන් දකින්ට අද කිසිසේත් කාලය නොවේ. හෙට පොක්ඛරසාති බ්‍රාහ්මණ තෙම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දැකීම පිණිස යන සේක්වා.

එකල්හි පොක්ඛරසාති බමුණු තෙමේ ස්වකීය ගෘහයෙහි මිහිරි කෑ යුතු දේ පිළියෙල කරවා රථයක හිඳ පන්දම් එළියෙන් උක්කට්ඨාවෙන් පිටත්ව ඉච්ඡානංගල වනලැහැබට පැමිණියේය. යානයෙන් යා හැකි තෙක් එයින් ගොස් බැස පා ගමනින් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ භාග්‍යවතුන්වහන්සේ සමග සිහිකටයුතු සතුටුදායක කථාකොට පැත්තකින් හුන්නේය. එකපැත්තකින් හුන් පොක්ඛරසාති බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය:- ‘භවත් ගෞතමයන්වහන්ස, අප යටතේ සිටින අම්බට්ඨ තරුණයා මෙහි ආවේද?”

“බ්‍රාහ්මණය, නුඹ යටතේ සිටින අම්බට්ඨ තරුණයා මෙහි ආවේය.”
“භවත් ගෞතමයන් වහන්ස, අම්බට්ඨ තරුණයා සමග ඔබ වහන්සේගේ කිසියම් කථා ස්වල්පයක් වීද?”
“බ්‍රාහ්මණය, අම්බට්ඨ තරුණයා සමග මාගේ කිසියම් කථා ස්වල්පයක් විය.”
“භවත් ගෞතමයන් වහන්ස අම්බට්ඨ තරුණයා සමග කෙබඳුවූ කවර නම් කථාවක් වූයේද?”

එවිට භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨ තරුණයා සමග යම් පමණ ප්‍රශ්නොත්තර කථාවක් වූයේ නම් ඒ සියල්ල පොක්ඛරසාති බ්‍රාහ්මණයාට කීහ. එසේ කී කල බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය:
“භවත් ගෞතමයන් වහන්ස, අම්බට්ඨ තරුණයා බාලයෙකි. භවත් ගෞතමයන් වහන්සේ අම්බට්ඨ තරුණයාට ක්ෂමාවන සේක්වා.”
“බ්‍රාහ්මණය, අම්බට්ඨය තරුණයා සුවපත් වේවා.” එවිට පොක්ඛරසාති බමුණුතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයෙහි දෙතිස් මහපුරිස් ලකුණු විමසීය. පොක්ඛරසාති බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයෙහි දෙකක් හැර සෙසු සියලු මහා පුරුෂ ලක්ෂණයන් දුටුයේය, ‘කොසොහිතවත්ථගුය්හතා’ ‘පහුතජිව්හතා’ යන ලක්ෂණ දෙකෙහි සැක කරයි, තීරණයකට නොබසී, (ඔහුගේ සිත) නොපහදී. එකල භාග්‍යවතුන් වහන්සේට මෙබඳු සිතක් පහළ විය, ‘මේ බමුණු තෙමේ ‘කොෂයෙහි සැඟවුනු පුරුෂනිමිත්ත ඇති බවය,’ ‘පලල් දික් මොලොක් දිව ඇති බවය’ යන ලකුණු දෙක හැර සෙසු මහා පුරුෂ ලක්ෂණ දැක ඒ දෙක ගැන සැක කරයි, තීරණයකට නොබසී, (ඔහු සිත) නොපහදී.’ එවිට භාග්‍යවතුන් වහන්සේ පොක්ඛරසාති බමුණු තෙමේ යම්සේ කොසොහිතවත්ථගුය්හය දකීද, එබඳු ඍද්ධි විශේෂයක් කළේය. දිව බැහැර කොට දෙකන් සිදුරු හා දෙනාසා සිදුරු ස්පර්ශකළේය, නැවත නැවත ස්පර්ශකෙළේය, නළල්තලය සම්පූර්ණයෙන් දිවින් වැසුවේය. එකල පොක්ඛරසාති බමුණු හට මෙසේ සිතුනි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සම්පූර්ණ දෙතිස් මහපුරිස් ලකුණින් යුක්තයහ. අසම්පූර්ණයෙන් නොවේ.” (එසේ සිතා)
භාග්‍යවතුන් වහන්සේ. භික්ෂු සංඝයා සමග අද දානය පිළිගණිත්වා”
භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දවීමෙන් පිළිගත්තේය. ඉක්බිති පොක්ඛරසාති බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ පිළිගැනීම දැන,

§ 3 “භවත් ගෞතමන් වහන්ස, දානය සූදානම්ය, දැන් කාලයයි වළඳන්නට කාලය දැන්වීය. භාග්‍යවතුන් වහන්සේ උදය කාලයේ හැඳ පෙරව පාත්‍රා සිවුරු ගෙණ භික්ෂුසමූහයා සමග පොක්ඛරසාති බමුණාගේ භෝජන ස්ථානයට වැඩියේය. එහි පැමිණ, පැනවූ ආසනයෙහි වැඩ උන්නේය. එවිට පොක්ඛරසාතී බමුණු තෙමේ තමන්ගේ අතින්ම පිළිගන්වා හොඳින් මිහිරිවූ සුදුසු ආහාරයෙන් භාග්‍යවතුන් වහන්සේ වැළඳවීය. බමුණු මාණවකයෝත් භික්ෂු සංඝයා වැළඳවූහ. එවිට පොක්ඛරසාති බමුණුතෙමේ වළඳා අවසන්ව පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇති භාග්‍යවතුන්වහන්සේ වෙත කුඩා ආසනයක් ගෙණ පැත්තකින් හුන්නේය.

භාග්‍යවතුන් වහන්සේ එසේ හුන් පොක්ඛරසාති බමුණාහට දාන කථාවය, සීලකථාවය, ස්වර්ග කථාවය, කාමයන්ගේ වැරැද්ද හා කෙලෙසන බවය, පහත් බවය, මහණ වීමේ උතුම්කමය, යන ධර්මදේශනා කිරීමේදී පළමුවෙන් කරන පිළිවෙළ කථාව දේශනා කළේය. භාග්‍යවතුන් වහන්සේ යම් ඇසිල්ලෙක පොක්ඛරසාති බමුණා තුළ සුදුසුවූ මෘදුවූ, බාධා නැති ප්‍රීතිය වැඩීගිය, ප්‍රසන්නවූ සිත ඇතිවීයයි දැනගත්තේ නම්, එකල දුකය, දුක ඉපදීමේ හේතුවය නිවනය මාර්ගය යන බුදුවරයින් තමන් විසින්ම අවබෝධ කළ උතුම් සත්‍ය ධර්ම හතර ප්‍රකාශ කෙළේය.

යම්සේ කළුපාට නුවූ පිරිසිදුවූ වස්ත්‍රයක් මනාකොට සායම් පිළිගන්නේද එපරිද්දෙන්ම පොක්ඛරසාති බමුණාහට ඒ හුන් ආසනයෙහිම ‘යම් කිසිවක් උපදනා ස්වභාව ඇත්තේද ඒ සියල්ල වැනසෙන ස්වභාවකොට ඇත්තේය’ යන පහවූ කෙලෙස් දූවිලි ඇති සෝවාන් මාර්ගඥානය (දහම් ඇස) උපන්නේය.

පොක්ඛරසාති උපාසකත්ත පටිවේදනා

§ 3 එවිට පොක්ඛරසාති බමුණු තෙමේ ලබාගත් ධර්ම ඇතියේ, අවබෝධකළ ධර්ම ඇතියේ, දැඩිව ගත් ධර්ම ඇතියේ, දුරුකළ සැක ඇතියේ, මහත් දැනීම් ඇතිවූයේ, වෙන අනුශාසනාවක් නොපිලිගන්නේ, භාග්‍යවතුන්වහන්සේට මෙසේ කීය:

§ 3 “භවත් ගෞතමයන් වහන්ස, පැහැදුනෙමි, ඉතා පැහැදුනෙමි. භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරන්නේද, වසා තබන ලද්දක වැස්ම ඉවත් කරන්නේද, මුලාවූවකුට මාර්ගය කියන්නේද, ඇස් ඇත්තෝ වස්තූන් දකිත්වායි අන්ධකාරයෙහි තෙල්පානක් දල්වන්නේද, එපරිද්දෙන්ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ලෙසින් ධර්මය දේශනා කරණලදී. භවත් ගෞතමයන් වහන්ස, මේ මම දරුවන් සහ භාර්යාවද, පිරිස් හා අමාත්‍යයන්ද සමග භවත් ගෞතමයන් වහන්සේද, ධර්මය හා සංඝයාද සරණකොට යෙමි. භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිතෙක් සරණ ගිය උපාසකයකු කොට පිළිගන්නා සේක්වා. මෙසේ භවත් ගෞතමයන් වහන්සේ උක්කට්ඨා නුවර සෙසු උපාසක කුලයන් වෙත වඩිනසේක් නම් එපරිද්දෙන් භාග්‍යවතුන් වහන්සේ පොක්ඛරසාතී පවුලටත් වඩිත්වා එහි යම් ඒ තරුණයෝ හෝ තරුණියෝ හෝ භවත් ගෞතමයන් වහන්සේට වැඳ ගෞරව හෝ කරත්ද, දැක හුනස්නෙන් නැගිටීම හෝ කරත්ද, ආසන හෝ දිය හෝ දෙත්ද, සිත හෝ පහදවත්ද, ඔවුන්ට එය බොහෝ කාලයක් මුළුල්ලෙහි හිත පිණිස සුව පිණිස වන්නේය.”

“බමුණ, (ඔබ විසින්) යහපත් කාරණයක් කියනලදී.”

SN 05- 02 -02. ගිලාන වග්ගය

See the source image
§SN 05- 02 -02-01.
ගිලාන සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක.

§ 2. දිනෙක එක් භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හිඳ මෙය සැළ කෙළේය.
“ස්වාමීනි, අසවල් විහාරයෙහි අලුත පැවිදිවූ භික්‍ෂුවක් ඉතා අසනීපව මහත් ආබාධ ඇතිව ඉතා . දුකින් පෙලෙමින් , දැඩිසේ ගිලන්ව වසයි. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස ඒ භික්‍ෂුවට අනුකම්පා පිණිස එතැනට වඩින්නේ නම් මැනවැ” යි කියායි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අලුත පැවිදිවූවෙකැයිද, ගිලනෙකැයිද අසා අප්‍රසිද්‍ධ භික්‍ෂුවෙකැයි මෙසේ දැන, ඒ භික්‍ෂුව වැඩ හුන් , තැනට වැඩි සේක. ඒ භික්ෂුව දුරදීම වඩින්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුටුයේය. දැක ඇඳෙන් නැගිටින්නට සුදානම්වන ආකාරයක් දැක්වීය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂුවට, “මහණ, කම් නැත. නුඹ ඇඳෙන් නොනැගිටුව. පනවන ලද මේ ආසන ඇත්තාහ. එහි මම ඉඳගන්නෙමි” යි වදාළ සේක.භාග්‍යවතුන් වහන්සේ පනවන ලද ආසනයෙහි වැඩහිඳ, ඒ භික්‍ෂුවට මෙය වදාළ සේක.

“මහණ, කිමෙක්ද, තොපට ඉවසිය හැක්කේද? කිම, යැපිය හැක්කේද, කිමෙක්ද, දුක්වූ වේදනාවෝ අඩුවෙත්ද? වැඩි නොවෙත්ද? අඩුවන බවක් පෙනේද? වැඩිවන බවක් නොපෙනේද” කියායි.
“ස්වාමීනි, මට ඉවසිය නොහැක. යැපිය නොහැක. මාගේ දැඩිවූ දුක් වේදනාවෝ වැඩිවෙත්. අඩු නොවෙත්. වැඩිවන බවම පෙනෙයි. අඩුවන බවක් නොපෙනේය” යයි කිය.
“මහණ, කිමෙක්ද, තොපට කිසියම් කුකුසක් නැත්තේද, පසුතැවිමක් නැත්තේද?” –
“ස්වාමීනි, මට ඒකාන්තයෙන් ස්වල්ප නොවූ කුකුසක් ඇත්තේය. ස්වල්ප නොවූ පසුතැවීමක් ඇත්තේය” යි කීය.
“මහණ, කිමෙක්ද, නුඹ තමාම ශීලයෙන් චෝදනා කරන්නේද?” –
“නැත ස්වාමීනි, මට තමාම ශීලයෙන් චෝදනා නොකරන්නේය.”
“මහණ, ඉදින් වනාහි නුඹ තමාම ශීලයෙන් චෝදනා නොකෙරේනම් එකල්හි කවර කරුණෙකින් නුඹට කුකුසක් වේද, පසුතැවිමක් වේද?”
“ස්වාමීනි, මම ශීලයෙන් පිරිසිදුවීම පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය දේශනා නොකරන ලද බව දනිමි” යි කීය.
“මහණ, ඉදින් වනාහි නුඹ ශීලයෙන් පිරිසිදුවීම පිණිස මා විසින් ධර්මය දේශනා නොකරන ලද බව දන්නෙහි නම්, මහණ, එසේ ඇති කල්හි කුමක් සඳහා මා විසින් ධර්මය දේශනා කරන ලදැයි දන්නෙහිද?”
“ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් රාගය දුරුකිරීම පිණිස ධර්මය දේශනා කරන ලදැයි දනිමි” යි කීය.
“මහණ,යහපත යහපත, මහණ, නුඹ වනාහි මා විසින් රාගය දුරුකිරීම පිණිස ධර්මය දේශනා කරන ලදැයි දන්නෙහි. එය යහපත. මහණ, මා විසින් රාගය දුරු කිරීම පිණිස ධර්මය දේශනා කරන ලදී.”
“මහණ, ඒ කුමකැයි හඟින්නෙහිද? ඇස නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” –
“ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” –
“ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය, ‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” –
“ස්වාමිනි, එය සුදුසු නොවේමැයි”

“කන නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” –
“ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” –
“ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය, ‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” –
“ස්වාමිනි, එය සුදුසු නොවේමැයි”

“නාසය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” – “ස්වාමීනි, අනිත්‍යය.”“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” – “ස්වාමීනි, දුකය.”“යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය, ‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” – “ස්වාමිනි, එය සුදුසු නොවේමැයි”“දිව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” – “ස්වාමීනි, අනිත්‍යය.”“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” – “ස්වාමීනි, දුකය.”“යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය, ‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” – “ස්වාමිනි, එය සුදුසු නොවේමැයි”“කය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” – “ස්වාමීනි, අනිත්‍යය.”“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” – “ස්වාමීනි, දුකය.”“යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය, ‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” – “ස්වාමිනි, එය සුදුසු නොවේමැයි”“සිත නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” – “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” – “ස්වාමීනි, දුකය.”“යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය, ‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” – “ස්වාමිනි, එය සුදුසු නොවේමැයි”“මහණ, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි. කන කෙරෙහිද කලකිරෙයි. නාසය කෙරෙහිද කලකිරෙයි. දිව කෙරෙහිද කලකිරෙයි. කය කෙරෙහිද කලකිරෙයි. සිත කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුණේය යන දැනීම වේ. “ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. සතර මාර්‍ගයෙන් කළ යුත්ත කරන ලදී. මේ ආත්ම භාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනී”

§ භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.සතුටු සිත් ඇත්තාවූ ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තේය. මේ දේශනාව කරනු ලබන කල්හි ඒ භික්‍ෂුවහට කෙලෙස් රජස් රහිතවූ, පහවූ කෙලෙස් මල ඇති, යම් කිසිවක් ඉපදීම ස්වභාවකොට ඇත්තේද, ඒ සියල්ල නිරුද්‍ධවීම ස්වභාවකොට ඇත්තේය යන දහම් ඇස පහළවිය.

SN 05- 02 -02-02.
දුතිය ගිලාන සූත්‍රය-

එකල්හි එක්තරා භික්‍ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නේය. එකත් පසෙක හුන්නාවු ඒ භික්‍ෂු තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. “ස්වාමීනි, අසවල් විහාරයෙහි අලුත පැවිදිවූ අප්‍රසිද්‍ධ භික්‍ෂුවක් තෙම හටගත් ආබාධ ඇත්තේ, දුකින් පෙළුනේ, දැඩි ගිලන්වූයේ වෙයි. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂු තෙම යම් තැනෙක්හිද, අනුකම්පා පිණිස එතැනට වඩින සේක් නම් යහපතියි” කියායි.ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අලුත පැවිදිවූවෙකැයිද, ගිලනෙකැයිද අසා අප්‍රසිද්‍ධ භික්‍ෂුවෙකැයි මෙසේ දැන, ඒ භික්‍ෂුතෙම යම් තැනෙක්හිද, එතැනට වැඩි සේක. ඒ භික්‍ෂුතෙම දුරදීම වඩින්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුටුවේමය. දැක ඇඳෙන් නැගිටින ආකාරයක් දැක්වීය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂුවට, “මහණ, කම් නැත. නුඹ ඇඳෙන් නොනැගිටුව. පණවන ලද මේ ආසන ඇත්තාහ. එහි මම හිඳගන්නෙමි” යි වදාළ සේක.භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳ, ඒ භික්‍ෂුවට මෙය වදාළ සේක. “මහණ, කිමෙක්ද, තොපට ඉවසිය හැකිද? කිම, යැපිය හැකිද, කිමෙක්ද, තොපගේ දුක්වූ වේදනාවෝ අඩුවෙත්ද? වැඩි නොවෙත්ද? අඩුවන බවක් පෙනේද? වැඩිවන බවක් නොපෙනේදැ” යි ඇසූහ.“ස්වාමීනි, මට ඉවසිය හැකි නොවේ. යැපිය හැකි නොවේ. මාගේ දැඩිවූ දුක් වේදනාවෝ වැඩිවෙති. අඩු නොවෙත්. වැඩිවන බවම පෙනේ. අඩුවන බවක් නොපෙනේය” යයි කිය.“මහණ, කිමෙක්ද, තොපට කිසි කුකුසක් නැත්තේද, පසුතැවිමක් නැත්තේද?”“ස්වාමීනි, මට ඒකාන්තයෙන් ස්වල්ප නොවූ කුකුසක් ඇත්තේය. ස්වල්ප නොවූ පසුතැවීමක් ඇත්තේය” යි කීය.“මහණ, කිමෙක්ද, නුඹ තමාම ශීලයෙන් චෝදනා කෙරේද?” – “ස්වාමීනි, මට තමාම ශීලයෙන් චෝදනා නොකෙරේයයි” කීය.“මහණ, ඉදින් වනාහි නුඹ තමාම ශීලයෙන් චෝදනා නොකෙරේනම් එසේ ඇති කල්හි කවර කරුණකින් කුකුසක් වේද, පසුතැවිමක් වේද?” – “ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් ශීලවිසුද්‍ධිය පිණිස ධර්මය දේශනා නොකරන ලද බව දනිමි”“මහණ, ඉදින් වනාහි නුඹ මා විසින් ශීලවිසුද්‍ධිය පිණිස ධර්මය දේශනා නොකරන ලද බව දන්නෙහි නම්, මහණ, එකල්හි කුමක් සඳහා මා විසින් ධර්මය දේශනා කරන ලදැයි දන්නෙහිද?” – “ස්වාමීනි, මම උපාදාන රහිතව පිරිණිවීම පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය දේශනා කරන ලදැයි දනිමි” යි කීය.“යහපත, යහපත, මහණ, මහණ, නුඹ උපාදාන රහිතව පිරිණිවීම පිණිස මා විසින් ධර්මය දේශනා කරන ලදැයි දන්නෙහි. එය මැනව. මහණ, මා විසින් උපාදාන රහිතව පිරිණිවීම පිණිස ධර්මය දේශනා කරන ලදී.”“මහණ, නුඹ ඒ කුමකැයි හඟින්නෙහිද? ඇස නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” – “ස්වාමීනි, අනිත්‍යය.”“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” – “ස්වාමීනි, දුකය.”“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවද, එය, ‘මෙය මාගේය, මෙය මම වෙමියි, මෙය මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” – “ස්වාමිනි, එය සුදුසු නොවේමැයි”“රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත්ද?” – “ස්වාමීනි, අනිත්‍යයහ.”“යමක් වනාහි අනිත්‍යයද, එය දුක් හෝ සැප හෝ වේද?” – “ස්වාමීනි, දුකය.”“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙය මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” – “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”“චක්ඛුවිඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” – “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” – “ස්වාමීනි, දුකය.”“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” – “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”“චක්ඛුසම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” – “ස්වාමීනි, අනිත්‍යය.”“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” – “ස්වාමීනි, දුක්ය.”“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” – “ස්වාමිනි, එය සුදුසු නොවේමැයි”“චක්ඛුසම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” – “ස්වාමීනි, අනිත්‍යය.”“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” – “ස්වාමීනි, දුක්ය.”“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” – “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”“මහණෙනි, කන නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” – “ස්වාමීනි, අනිත්‍යය.”“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” – “ස්වාමීනි, දුක්ය.”“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” – “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි” “ශබ්දයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත්ද?” – “ස්වාමීනි, අනිත්‍යයහ.”“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” – “ස්වාමීනි, දුක්ය.”“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” – “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”“සෝතවිඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” – “ස්වාමීනි, අනිත්‍යය.”“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” – “ස්වාමීනි, දුක්ය.”“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” – “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”“සෝතසම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” – “ස්වාමීනි, අනිත්‍යය.”“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” – “ස්වාමීනි, දුක්ය.”“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” – “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”“සෝතසම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” – “ස්වාමීනි, අනිත්‍යය.”“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” – “ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” – “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”“මහණෙනි, නාසය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” – “ස්වාමීනි, අනිත්‍යය.”“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” – “ස්වාමීනි, දුක්ය.”“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” – “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”“ගන්‍ධයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” – “ස්වාමීනි, අනිත්‍යයහ.”“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” – “ස්වාමීනි, දුක්ය.”“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” – “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”“ඝාණවිඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” – “ස්වාමීනි, අනිත්‍යය.”“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” – “ස්වාමීනි, දුක්ය.”“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” – “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”“ඝාණසම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” – “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” – “ස්වාමීනි, දුක්ය.”“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” – “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”“ඝාණසම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” – “ස්වාමීනි, අනිත්‍යය.”“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” – “ස්වාමීනි, දුක්ය.”“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” – “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”“මහණෙනි, දිව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” – “ස්වාමීනි, අනිත්‍යය.”“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” – “ස්වාමීනි, දුක්ය.”“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” – “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”“රසයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” – “ස්වාමීනි, අනිත්‍යයහ.”“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” – “ස්වාමීනි, දුක්ය.”“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” – “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”“ජිව්හාවිඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” – “ස්වාමීනි, අනිත්‍යය.”“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” – “ස්වාමීනි, දුක්ය.”“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” – “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”“ජිව්හාසම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” – “ස්වාමීනි, අනිත්‍යය.”“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” – “ස්වාමීනි, දුක්ය.”“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” – “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”“ජිව්හාසම්ඵස්සය හේතුකොටගෙන සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” – “ස්වාමීනි, අනිත්‍යය.”“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” – “ස්වාමීනි, දුක්ය.”“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” – “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”“මහණෙනි, කය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” – “ස්වාමීනි, අනිත්‍යය.”“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” – “ස්වාමීනි, දුක්ය.”“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” – “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි” “ස්පර්‍ශයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” – “ස්වාමීනි, අනිත්‍යයහ.”“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” – “ස්වාමීනි, දුක්ය.”“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” – “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”“කායවිඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” – “ස්වාමීනි, අනිත්‍යය.”“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” – “ස්වාමීනි, දුක්ය.”“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” – “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”“කායසම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” – “ස්වාමීනි, අනිත්‍යය.”“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” – “ස්වාමීනි, දුක්ය.”“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” – “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”“කායසම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” – “ස්වාමීනි, අනිත්‍යය.”“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” – “ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” – “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”“මහණෙනි, සිත නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” – “ස්වාමීනි, අනිත්‍යය.”“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” – “ස්වාමීනි, දුක්ය.”“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” – “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”“ධර්‍මයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” – “ස්වාමීනි, අනිත්‍යයහ.”“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” – “ස්වාමීනි, දුක්ය.”“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” – “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”“මනෝවිඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” – “ස්වාමීනි, අනිත්‍යය.”“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” – “ස්වාමීනි, දුක්ය.”“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” – “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”“මනෝ සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” – “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” – “ස්වාමීනි, දුක්ය.”“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” – “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”“මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” – “ස්වාමීනි, අනිත්‍යය.”“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” – “ස්වාමීනි, දුක්ය.”“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” – “ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි”“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.“කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝතවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝතසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.“නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.“දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.“කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශය කෙරෙහිද කලකිරෙයි. කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.“සිත කෙරෙහිද කලකිරෙයි. ධර්‍මයන් කෙරෙහිද කලකිරෙයි. මනෝ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝසම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුණේය යන දැනීම වේ. “ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. සතර මාර්‍ගයෙන් කළ යුත්ත කරන ලදී. මේ ආත්ම භාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනී” භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේ ගේ දේශනාව සතුටින් පිළිගත්තේය. මේ දේශනාව කරණු ලබන කල්හි ඒ භික්‍ෂූහුගේ සිත උපාදාන රහිතව ආශ්‍රවයන්ගෙන් මිදුනේයයි වදාළ සේක.”

SN 05- 02 -02-03.
අනිච්‌ච සූත්‍රය-

එකල්හි ආයුෂ්මත් රාධ ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නේය. එකත් පසෙක හුන්නාවු ආයුෂ්මත් රාධ ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.“ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් ධර්‍මයක් අසා, හුදකලාව, සමූහයාගෙන් වෙන්ව, අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, ආත්ම පරිත්‍යාගයෙන් වාසය කරන්නෙම්ද, භාග්‍යවතුන් වහන්සේ මට එබඳු ධර්මයක් සැකෙවින් දේශනා කරන සේක් නම් මැනවැ” යි කීය.“රාධය, යමක් වනාහි අනිත්‍යද, එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. රාධය, කුමක් අනිත්‍යද? රාධය, ඇස වනාහි අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. රූපයෝ අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. චක්ඛු විඤ්ඤාණය අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. චක්ඛු සම්ඵස්සය අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. චක්ඛු සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි.“කන වනාහි අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ශබ්දයෝ අනිත්‍යයහ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. සෝත විඤ්ඤාණය අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. සෝත සම්ඵස්සය අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. සෝත සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි.“නාසය වනාහි අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ගන්‍ධයෝ අනිත්‍යයහ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ඝාණ විඤ්ඤාණය අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ඝාණ සම්ඵස්සය අනිත්‍යය වේ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ඝාණ සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි.“දිව අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. රසයෝ අනිත්‍යයහ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ජිව්හා විඤ්ඤාණය අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ජිව්හා සම්ඵස්සය අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ජිව්හා සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි.“කය අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ස්පර්‍ශයෝ අනිත්‍යයහ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. කාය විඤ්ඤාණය අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. කාය සම්ඵස්සය අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. කාය සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි.“සිත අනිත්‍යය වේ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ධර්‍මයෝ අනිත්‍යයහ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. මනෝ විඤ්ඤාණය අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. මනෝ සම්ඵස්සය අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. මනෝ සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්‍යය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. රාධය, යමක් වනාහි අනිත්‍යයද, එහි තොප විසින් ආලය දුරු කටයුත්තේය” යි වදාළ සේක.

SN 05-02-02-04.
දුක්‌ඛ සූත්‍රය-

“රාධය, යමක් වනාහි දුකද, එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. රාධය, කුමක් දුකද? රාධය, ඇස වනාහි දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. රූපයෝ දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. චක්ඛු විඤ්ඤාණය දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. චක්ඛු සම්ඵස්සය දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. චක්ඛු සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි.“කන වනාහි දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ශබ්දයෝ දුකයහ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. සෝත විඤ්ඤාණය දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. සෝත සම්ඵස්සය දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. සෝත සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි.“නාසය වනාහි දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ගන්‍ධයෝ දුකයහ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ඝාණ විඤ්ඤාණය දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ඝාණ සම්ඵස්සය දුකවේ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ඝාණ සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි.“දිව දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. රසයෝ දුකයහ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ජිව්හා විඤ්ඤාණය දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ජිව්හා සම්ඵස්සය දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ජිව්හා සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි.“කය දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ස්පර්‍ශයෝ දුකයහ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. කාය විඤ්ඤාණය දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. කාය සම්ඵස්සය දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. කාය සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි.“සිත දුක වේ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ධර්‍මයෝ දුකයහ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. මනෝ විඤ්ඤාණය දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. මනෝ සම්ඵස්සය දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. මනෝ සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. රාධය, යමක් වනාහි දුකද, එහි තොප විසින් ආලය දුරු කටයුත්තේය” යි වදාළ සේක.

SN 05- 02 -02-05.
අනත්‌ත සූත්‍රය–

එකල්හි ආයුෂ්මත් රාධ ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නේය. එකත් පසෙක හුන්නාවු ආයුෂ්මත් රාධ ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.“ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් ධර්‍මයක් අසා, හුදකලාව, සමූහයාගෙන් වෙන්ව, අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, ආත්ම පරිත්‍යාගයෙන් වාසය කරන්නෙම්ද, භාග්‍යවතුන් වහන්සේ මට එබඳු ධර්මයක් සැකෙවින් දේශනා කරන සේක් නම් මැනවැ” යි කීය.“රාධය, යමක් වනාහි අනාත්මද, එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. රාධය, කුමක් අනාත්මද? රාධය, ඇස වනාහි අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. රූපයෝ අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. චක්ඛු විඤ්ඤාණය අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. චක්ඛු සම්ඵස්සය අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. චක්ඛු සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි.“කන වනාහි අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ශබ්දයෝ අනාත්මයහ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. සෝත විඤ්ඤාණය අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. සෝත සම්ඵස්සය අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. සෝත සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි.“නාසය වනාහි අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ගන්‍ධයෝ අනාත්මයහ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ඝාණ විඤ්ඤාණය අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ඝාණ සම්ඵස්සය අනාත්ම වේ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ඝාණ සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි.“දිව අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. රසයෝ අනාත්මයහ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ජිව්හා විඤ්ඤාණය අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ජිව්හා සම්ඵස්සය අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ජිව්හා සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි.“කය අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ස්පර්‍ශයෝ අනාත්මයහ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. කාය විඤ්ඤාණය අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. කාය සම්ඵස්සය අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. කාය සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි.“සිත අනාත්ම වේ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ධර්‍මයෝ අනාත්මයහ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. මනෝ විඤ්ඤාණය අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. මනෝ සම්ඵස්සය අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. මනෝ සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. රාධය, යමක් වනාහි අනිත්‍යයද, එහි තොප විසින් ආලය දුරු කටයුත්තේය” යි වදාළ සේක.

SN 05- 02 -02-06.
අවිජ්ජා සූත්‍රය-

එකල්හි එක්තරා භික්‍ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.“ස්වාමීනි, යමක්හු දුරුකිරීමෙන් භික්‍ෂුවට අවිද්‍යාව ප්‍රහීණ වේද, විද්‍යාව උපදීද, එබඳු එක් ධර්‍මයක් ඇත්තේදැ” යි ඇසීය.“මහණ, යමක්හු දුරුකිරීමෙන් භික්‍ෂුවට අවිද්‍යාව දුරුවේද, විද්‍යාව උපදීද, එබඳු එක් ධර්‍මයක් ඇත්තේය” යි වදාළ සේක.“ස්වාමීනි, යමක්හු දුරුකිරීමෙන් භික්‍ෂුවට අවිද්‍යාව දුරු වේද, විද්‍යාව උපදීද, ඒ නම් කවර එක ධර්‍මයක්දැ” යි ඇසීය.“මහණ, යමක්හු දුරුකිරීමෙන් භික්‍ෂුවට අවිද්‍යාව ප්‍රහීණවේද, විද්‍යාව උපදීද, අවිද්‍යාව වනාහි ඒ එක ධර්‍මය වේ” යයි වදාළ සේක.“ස්වාමීනි, කෙසේ දන්නාවූ, කෙසේ දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව ප්‍රහීණවේද, විද්‍යාව උපදීද?”“මහණ, ඇස වනාහි අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. රූපයන් අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. චක්ඛු විඥානය අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. චක්ඛු සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මහණ, මෙසේ දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ, විද්‍යාව උපදී” යයි වදාළ සේක.“මහණ, කන වනාහි අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ශබ්දයන් අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. සෝත විඥානය අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. සෝත සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මහණ, මෙසේ දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ, විද්‍යාව උපදී” යයි වදාළ සේක.“මහණ, නාසය වනාහි අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ගන්‍ධයන් අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ඝාණ විඥානය අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ඝාණ සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මහණ, මෙසේ දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ, විද්‍යාව උපදී” යයි වදාළ සේක.“මහණ, දිව වනාහි අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. රසයන් අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ජිව්හා විඥානය අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ජිව්හා සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මහණ, මෙසේ දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ, විද්‍යාව උපදී” යයි වදාළ සේක.“මහණ, කය වනාහි අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ස්පර්‍ශයන් අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. කාය විඥානය අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. කාය සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මහණ, මෙසේ දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ, විද්‍යාව උපදී” යයි වදාළ සේක.“මහණ, සිත වනාහි අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ධර්‍මයන් අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මනෝ විඥානය අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මනෝ සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මහණ, මෙසේ දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ, විද්‍යාව උපදී” යයි වදාළ සේක.

SN 05- 02 -02-07.
දුතිය අවිජ්‌ජා සූත්‍රය-

එකල්හි එක්තරා භික්‍ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.“ස්වාමීනි, යමක්හු දුරුකිරීමෙන් භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේද, විද්‍යාව උපදීද, එබඳු එක් ධර්‍මයක් ඇත්තේද?”“මහණ, යමක්හු දුරුකිරීමෙන් භික්‍ෂුවට අවිද්‍යාව දුරුවේද, විද්‍යාව උපදීද, එබඳු එක් ධර්‍මයක් ඇත්තේය” යි වදාළ සේක.“ස්වාමීනි, යමක්හු දුරුකිරීමෙන් භික්‍ෂුවට අවිද්‍යාව දුරු වේද, විද්‍යාව උපදීද, ඒ නම් කවර එක ධර්‍මයක්ද?”“මහණ, යමක්හු දුරුකිරීමෙන් භික්‍ෂුවට අවිද්‍යාව දුරුවේද, විද්‍යාව උපදීද, අවිද්‍යාව වනාහි ඒ එක ධර්‍මය වේ”.“ස්වාමීනි, කෙසේ දන්නාවූ, කෙසේ දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව ප්‍රහීණවේද, විද්‍යාව උපදීද?”“මහණ, මෙහි භික්‍ෂූහු විසින් සියලු ධර්‍මයෝ තමායයි ඇතුළත්කොට ගැනීමට නුසුදුසුයයි අසන ලද්දේ වෙයි. මහණ, ඉදින් මෙසේ සියලු ධර්‍මයෝ තමායයි ඇතුළත්කොට ගැනීමට නුසුදුසුයයි භික්‍ෂූහු විසින් අසන ලද්දේද, හෙතෙම ඒ සියලු ධර්‍මය දනියි. සියලු ධර්‍මය දැන, සියලු ධර්‍මය පිරිසිඳ දනියි. සියලු ධර්‍මය පිරිසිඳ දැන, සියලු නිමිති අන් දෙයක් වශයෙන් දකියි. ඇස අන් දෙයක් වශයෙන් දකියිද, රූපයන් අන් දෙයක් වශයෙන් දකීද, චක්ඛු විඤ්ඤාණය අන් දෙයක් වශයෙන් දකීද, චක්ඛු සම්ඵස්සය අන් දෙයක් වශයෙන් දකීද, චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අන් දෙයක් වශයෙන් දකීද,“කන අන් දෙයක් වශයෙන් දකීද, ශබ්දයන් අන් දෙයක් වශයෙන් දකීද, සෝත විඤ්ඤාණය අන් දෙයක් වශයෙන් දකීද, සෝත සම්ඵස්සය අන් දෙයක් වශයෙන් දකීද, සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අන් දෙයක් වශයෙන් දකීද,“නාසය අන් දෙයක් වශයෙන් දකීද, ගන්‍ධය අන් දෙයක් වශයෙන් දකීද, ඝාණ විඤ්ඤාණය අන් දෙයක් වශයෙන් දකීද, ඝාණ සම්ඵස්සය අන් දෙයක් වශයෙන් දකීද, ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අන් දෙයක් වශයෙන් දකීද,“දිව අන් දෙයක් වශයෙන් දකීද, රසය අන් දෙයක් වශයෙන් දකීද, ජිව්හා විඤ්ඤාණය අන් දෙයක් වශයෙන් දකීද, ජිව්හා සම්ඵස්සය අන් දෙයක් වශයෙන් දකීද, ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අන් දෙයක් වශයෙන් දකීද,“කය අන් දෙයක් වශයෙන් දකීද, ස්පර්‍ශය අන් දෙයක් වශයෙන් දකීද, කාය විඤ්ඤාණය අන් දෙයක් වශයෙන් දකීද, කාය සම්ඵස්සය අන් දෙයක් වශයෙන් දකීද, කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අන් දෙයක් වශයෙන් දකීද,“සිත අන් දෙයක් වශයෙන් දකීද, ධර්‍මය අන් දෙයක් වශයෙන් දකීද, මනෝ විඤ්ඤාණය අන් දෙයක් වශයෙන් දකීද, මනෝ සම්ඵස්සය අන් දෙයක් වශයෙන් දකීද, මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අන් දෙයක් වශයෙන් දකීද, මහණ, මෙසේ වනාහි දන්නාවූ, මෙසේ දක්නාවූ භික්‍ෂුවට අවිද්‍යාව ප්‍රහීණ වේ. විද්‍යාව උපදීයයි වදාළ සේක. 8. සම්‌බහුලභික්‌ඛු සූත්‍රය–එකල්හි බොහෝ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.“ස්වාමීනි, මෙහි අන්‍යතීර්ත්‍ථක පරිව්‍රාජකයෝ අපගෙන් මෙසේ අසන්නාහුය. ‘ඇවැත්නි, කිනම් අර්ථයක් පිණිස ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි මහණකම් කරන්නේද’ කියායි. ස්වාමීනි, මෙසේ අසන ලද්දාවූ ඒ අපි අන්‍යතීර්ත්‍ථක පරිව්‍රාජකයන්ට මෙසේ ප්‍රකාශ කරමු. ‘ඇවැත්නි, දුක පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය යනුයි.“ස්වාමීනි, කිමෙක්ද, මෙසේ අසන ලද්දාවූ අපි මෙසේ ප්‍රකාශ කරන්නමෝ භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද්දක් කියන්නෝ වෙමුද, භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා නොකරන්නමෝ නොවෙමුද, ධර්‍මයට එකඟව ප්‍රකාශ කරමුද, කිසියම් කරුණු සහිතවූ කීමක් ගැරහියයුතු කරුණකට නොපැමිණේදැ” යි ඇසූහ.“මහණෙනි, තෙපි මෙසේ අසන ලද්දාහු, මෙසේ ප්‍රකාශ කරන්නාහු නම් මා විසින් කියන ලද්දක් කියන්නාහුද වෙත්. මට අභූතයෙන් චෝදනා කරන්නාහුද නොවෙත්. ධර්‍මයට එකඟව ප්‍රකාශ කරන්නාහුද වෙත්. කිසියම් කරුණු සහිතවූ කීමක් ගැරහියයුතු තැනට පැමිණෙන්නේද නොවේ. මහණෙනි, මා කෙරෙහි දුක පිරිසිඳ දැනිම පිණිසම මහණකම් කරන්නේය.“මහණෙනි, ඉදින් තොපගෙන් අන්‍යතීර්ත්‍ථක පරිව්‍රාජකයෝ, ‘ඇවැත්නි, යමක් පිරිසිඳ දැනගැනීම පිණිස ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි මහණකම් කරන්නේද, ඒ දුක කවරේදැ’ යි අසන්නාහු නම්, මහණෙනි, මෙසේ අසන ලද්දාවූ තෙපි ඒ අන්‍යතීර්ත්‍ථක පරිව්‍රාජකයන්ට මෙසේ ප්‍රකාශ කරව්.“ඇවැත්නි, ඇස වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. රූපය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. චක්ඛු විඤ්ඤාණය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. චක්ඛු සම්ඵස්සය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය.“කන වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. ශබ්දය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. සෝත විඤ්ඤාණය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. සෝත සම්ඵස්සය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය.“නාසය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. ගන්‍ධය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. ඝාණ විඤ්ඤාණය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. ඝාණ සම්ඵස්සය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය.“දිව වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. රසය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. ජිව්හා විඤ්ඤාණය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. ජිව්හා සම්ඵස්සය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය.“කය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. ස්පර්‍ශය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. කාය විඤ්ඤාණය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. කාය සම්ඵස්සය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය.“සිත දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරන්නේය. ධර්‍මයෝ දුකය. ඔවුන් පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරන්නේය. මනෝ විඤ්ඤාණය දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරන්නේය. මනෝ සම්ඵස්සය දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරන්නේය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරන්නේය. “ඇවැත්නි, දුක නම් මේය. ඒ දුක පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරන්නේය.“මහණෙනි, මෙසේ අසන ලද්දාවූ තෙපි ඒ අන්‍යතීර්ත්‍ථක පරිව්‍රාජකයන්ට මෙසේ ප්‍රකාශ කරව්” යයි වදාළ සේක.

SN 05- 02 -02-09.
ලෝක සුත්‍රය

එකල්හි එක්තරා භික්‍ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.“ස්වාමිනි, ‘ලෝකය, ලෝකය’ යි කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් වනාහි ලෝකයයි කියනු ලැබේද?” යනුවෙනි.“මහණෙනි, නැසෙන හෙයින් ලෝකයයි කියනු ලැබේ. කුමක් නැසේද යත්, මහණ, ඇස වනාහි නැසේ. රූපයෝ නැසෙත්. චක්ඛු විඤ්ඤාණය නැසෙයි. චක්ඛු සම්ඵස්සය නැසෙයි. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් ඒ වේදනාවකුත් උපදීද, එයද නැසෙයි.“කන නැසෙයි. ශබ්දයෝ නැසෙත්. සෝත විඤ්ඤාණය නැසෙයි. සෝත සම්ඵස්සය නැසෙයි. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් ඒ වේදනාවකුත් උපදීද, එයද නැසෙයි.“නාසය නැසෙයි. ගන්‍ධය නැසෙයි. ඝාණ විඤ්ඤාණය නැසෙයි. ඝාණ සම්ඵස්සය නැසෙයි. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් ඒ වේදනාවකුත් උපදීද, එයද නැසෙයි.“දිව නැසෙයි. රසය නැසෙයි. ජිව්හා විඤ්ඤාණය නැසෙයි. ජිව්හා සම්ඵස්සය නැසෙයි. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් ඒ වේදනාවකුත් උපදීද, එයද නැසෙයි.“කය නැසෙයි. ස්පර්‍ශය නැසෙයි. කාය විඤ්ඤාණය නැසෙයි. කාය සම්ඵස්සය නැසෙයි. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් ඒ වේදනාවකුත් උපදීද, එයද නැසෙයි.“සිත නැසෙයි. ධර්‍මයෝ නැසෙත්. මනෝ විඤ්ඤාණය නැසෙයි. මනෝ සම්ඵස්සය නැසෙයි. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් ඒ වේදනාවකුත් උපදීද, එයද නැසෙයි. මහණ, නැසෙන හෙයින් වනාහි ලෝකයයි කියනු ලැබේය” යි වදාළ සේක.

SN 05- 02 -02-10.
ඵග්ගුණ සුත්‍රය–

එකල්හි ආයුෂ්මත් ඵග්ගුණ ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් ඵග්ගුණ ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.“ස්වාමීනි, යම් ඇසක් කරණ කොට ගෙන සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්‍ග ඇති, කෙළවර කරන ලද සංසාර ව්‍රත ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිණිවියාවූ, අතීත බුදුවරයන් වහන්සේලා ප්‍රකාශ කරනු ලබන්නේ, ප්‍රකාශ කරන්නේද, එබඳු ඇසක් ඇත්තේද?“ස්වාමීනි, යම් කනක් කරණ කොට ගෙන සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්‍ග ඇති, කෙළවර කරන ලද සංසාර ව්‍රත ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිණිවියාවූ, අතීත බුදුවරයන් වහන්සේලා ප්‍රකාශ කරනු ලබන්නේ, ප්‍රකාශ කරන්නේද, එබඳු කනක් ඇත්තේද?“ස්වාමීනි, යම් නාසයක් කරණ කොට ගෙන සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්‍ග ඇති, කෙළවර කරන ලද සංසාර ව්‍රත ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිණිවියාවූ, අතීත බුදුවරයන් වහන්සේලා ප්‍රකාශ කරනු ලබන්නේ, ප්‍රකාශ කරන්නේද, එබඳු නාසයක් ඇත්තේද?“ස්වාමීනි, යම් දිවක් කරණ කොට ගෙන සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්‍ග ඇති, කෙළවර කරන ලද සංසාර ව්‍රත ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිණිවියාවූ, අතීත බුදුවරයන් වහන්සේලා ප්‍රකාශ කරනු ලබන්නේ, ප්‍රකාශ කරන්නේද, එබඳු දිවක් ඇත්තේද?“ස්වාමීනි, යම් කයක් කරණ කොට ගෙන සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්‍ග ඇති, කෙළවර කරන ලද සංසාර ව්‍රත ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිණිවියාවූ, අතීත බුදුවරයන් වහන්සේලා ප්‍රකාශ කරනු ලබන්නේ, ප්‍රකාශ කරන්නේද, එබඳු කයක් ඇත්තේද?“ස්වාමීනි, යම් සිතක් කරණ කොට ගෙන සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්‍ග ඇති, කෙළවර කරන ලද සංසාර ව්‍රත ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිණිවියාවූ, අතීත බුදුවරයන් වහන්සේලා ප්‍රකාශ කරනු ලබන්නේ, ප්‍රකාශ කරන්නේද, එබඳු සිතක් ඇත්තේද?” කියායි.“ඵග්ගුණය, යම් ඇසක් කරණ කොට ගෙන සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්‍ග ඇති, කෙළවර කළ සංසාර ව්‍රත දුක්ඛය ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිණිවියාවූ, අතීත බුදුවරයන් ප්‍රකාශ කරනු ලබන්නේ, ප්‍රකාශ කරන්නේද, එබඳු ඇසක් නැත්තේය.“ඵග්ගුණය, යම් කනක් කරණ කොට ගෙන සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්‍ග ඇති, කෙළවර කළ සංසාර ව්‍රත දුක්ඛය ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිණිවියාවූ, අතීත බුදුවරයන් ප්‍රකාශ කරනු ලබන්නේ, ප්‍රකාශ කරන්නේද, එබඳු කනක් නැත්තේය.“ඵග්ගුණය, යම් නාසයක් කරණ කොට ගෙන සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්‍ග ඇති, කෙළවර කළ සංසාර ව්‍රත දුක්ඛය ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිණිවියාවූ, අතීත බුදුවරයන් ප්‍රකාශ කරනු ලබන්නේ, ප්‍රකාශ කරන්නේද, එබඳු නාසයක් නැත්තේය.“ඵග්ගුණය, යම් දිවක් කරණ කොට ගෙන සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්‍ග ඇති, කෙළවර කළ සංසාර ව්‍රත දුක්ඛය ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිණිවියාවූ, අතීත බුදුවරයන් ප්‍රකාශ කරනු ලබන්නේ, ප්‍රකාශ කරන්නේද, එබඳු දිවක් නැත්තේය.“ඵග්ගුණය, යම් කයක් කරණ කොට ගෙන සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්‍ග ඇති, කෙළවර කළ සංසාර ව්‍රත දුක්ඛය ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිණිවියාවූ, අතීත බුදුවරයන් ප්‍රකාශ කරනු ලබන්නේ, ප්‍රකාශ කරන්නේද, එබඳු කයක් නැත්තේය.“ඵග්ගුණය, යම් සිතක් කරණ කොට ගෙන සිඳින ලද තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති, සිඳින ලද තෘෂ්ණා මාර්‍ග ඇති, කෙළවර කළ සංසාර ව්‍රත දුක්ඛය ඇති, සියලු දුක් ඉක්මවූ, පිරිණිවියාවූ, අතීත බුදුවරයන් ප්‍රකාශ කරනු ලබන්නේ, ප්‍රකාශ කරන්නේද, එබඳු සිතක් නැත්තේය” යි වදාළ සේක.

MN 02-03-04 දීඝනඛ සුත්‍රය

දීඝනඛ

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජ්ජකූට පර්වතයෙහිවූ සූකරක්ඛත නම් ලෙණෙහි වැඩ වාසය කළහ. එකල්හි දිනෙක දීඝනඛ නම් පරිව්‍රාජකයෙක්730 භාග්‍යවතුන් වහන්සේ වැඩ හුන් තැනට පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය යුතුවූ සිහි කටයුතුවූ කථාව කොට නිමවා එක් පැත්තක සිටියේය.

730: දීඝනඛ සැරියුත් ස්වාමින්වහන්සේගේ ගිහි කල ඔහුගේ (මස්සිනා වන ) ඥාති සොහොයුරෙකි. ඔහුගේ ගෝත්‍ර නාමය අග්ගිවෙස්සනය. නියපොතු රවුල් නොකපන ඔහුගේ දිගු නිය නිසා මිනිසුන් ඔහු දීඝනඛ ලෙස හැඳින්වූහ.
මේ සිදුවීම වුයේ සැරියුත් ස්වාමින්වහන්සේ පැවිදිව දෙසතියකට පමණ පසුව බවත් සැරියුත් හිමියන් එවිට සෝතාපත්ති ඵලයෙහි පමණක් සිටි බවත් මතක් කර ගනිමු.

දිට්ඨිය VIEW: මේ වචනයේ අර්ථය හොඳින් වටහාගැන්ම වැදගත්ය. දල වශයෙන් එය පිළිගැනීම, අදහස, මතය, ඇදහීම ලෙස සඳහන් කරත්. සියල්ලන්ම කවර හෝ දෙයක් ගැන කිසියම් අදහසක් මතයක් දරයි. එය දිට්ඨියක් වන්නේ ඒ ගැන ඒ මතය ගැන දැඩි දිශ්වාසයකින් අල්ලා ගැනීමෙන් යයි සමහර දේශකයෝ කියත්. “අන්‍යය ඉගැන්වීම් මම සම්පුර්ණයෙන්ම පිළිනොගනිමි. බැහැර කරමි” යන්න දීඝනඛ ගේ මතය විය. මේ දිට්ඨියක් ලෙස රාමුවකට දමා ගත්තොත් භාග්‍යවතුන් වහන්සේ ඔහුට මෙයද දිට්ඨියක් බව පෙන්වා දුන් සේක.

§2. එක් පැත්තක සිටියාවූ දීඝනඛ නම් පරිව්‍රාජකයන් භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය. “භවත් ගෞතමයන් වහන්ස, ‘සියලු ආගම් ශාස්තෘන් රකින දෙසන දෘෂ්ටින් කිසිවක් මට රුචි නොවේ’ ඒ කිසිම දෘෂ්ටියක් මම නොපිළිගනිමි” යි කීය. “අග්ගිවෙස්සනය731, ‘කිසි දෘෂ්ඨියක් මට රුචි නොවේය’ යි කියන තොපගේ ඒ දෘෂ්ටිය තොපට රුචි නොවේදැයි?” ඇසූහ.

[731: දීඝනඛ පරිබ්රාජිකයා සියල්ල මරණයෙන් කෙළවර වන බව කියන උච්චේද වාදියෙක් බව අටුවාව සඳහන් කරතත් ඒ ස්ථිර කිරීමට තරම් කාරණයක් සඳහන් නොවේ. සබ්බං මෙ නා කම්මති යන ඔහුගේ කියවීම මජ්ජිම නිකායේ සන්ඳක සුත්රයේ සඳහන් ආඳන් ලිස්සනවා සේ ඇසු දෙයට පිළිතුර නොව අගක් මුලක් නැති වෙනස් වෙනස් මත දෙසන සියලු ශාස්තෘන් තමන් නොපිළිගන්නා බව දක්වන්නට කල ප්‍රකාශයක් ලෙස ගත හැක.]

“භවත් ගෞතමයන් වහන්ස, ඉදින් මේ දෘෂ්ටිය මට එසේ මෙයද රුචි වන්නේ නම් ඒ ‘සියල්ල මට රුචිනොවේ’ යන දෘෂ්ටියද එබඳු ලෙසම රුචි වන්නේය.”

§ 3 . “අග්ගිවෙස්සනය,

  • සියල්ල මට රුස්සන්නේය. මට නුරුස්නා මතයක් දෘෂ්ඨියක් නැත. ආදී මත ඇති මහණ බමුණෝ වෙති.
  • කිසි වෙනෙකෙකුගේ මතයක් මට නොරුස්නේය යන මතයක් ඇති මහණ බමුණෝ වෙති.
  • ඇතැම් අයගේ මතයක් විටෙක මට රුස්සන්නේය. විටෙක මට නොරුස්නේය යන දිට්ඨි ඇති මහණ බමුණෝ ද වෙති.

§ 4. “අග්ගිවෙස්සනය, ඔවුන් අතුරෙන් ‘සියල්ල මට රුචි වේයයි,’ යම් මහණ බමුණෝ වාද ඇත්තේද මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්ද, ඔවුන්ගේ මේ දෘෂ්ටිය කාම රාග වශයෙන් ඔවුන් සසරට සමීප කරවයි. සංයොජන වශයෙන් ඔවුන් සසරට සමීප කරවයි. තෘෂ්ණා දෘෂ්ටි දෙකින් අභිනන්දන සතුටුවීම් වශයෙන් ඔවුන් සසරට සමීප කරවයි. තෘෂ්ණා දෘෂ්ටි දෙක්හි ගිලීම් වශයෙන් ඔවුන් සසරට සමීප කරවයි.. (අභිනන්දති, අභිවඩති, අජ්ජෝසාය තිට්ඨති)

අග්ගිවෙස්සනය, යම් මහණ බමුණෝ ‘සියල්ල මට රුචි නොවේය.’ යන මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්ද, ඔවුන්ගේ ඒ දෘෂ්ටිය සසර නොඇල්මට අසංරාගයට සමීපවේ. සසර නොබැඳීමට අසංයෝගයට සමීපවේ. තෘෂ්ණා දෘෂ්ටි දෙකින් සතුටු නොවීමට අනභිනන්දතියට සමීපවෙයි. තෘෂ්ණා දෘෂ්ටි දෙක්හි නොගිලීමට අනජ්ජෝසානායට ආසන්න වෙයි. අනුපාදානයට ලං කෙරෙයි.

මෙසේ වදාළ කල්හි දීඝනඛ නම් පරිව්‍රාජක තෙම, “භවත් ගෞතමයන් මාගේ අදහස අනුමත කරයි. මාගේ දෘෂ්ටිය අනුමත කෙරෙයි. භවත් ගෞතම වහන්සේ මාගේ දෘෂ්ටිය ඉතා උසස් බව දකී”. යි හඬ නගා සතුටින් කීය.

§ 5 එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඔහුට මෙසේ දේශනා කල සේක.
“අග්ගිවෙස්සනය, යම් මහණ බමුණෝ ‘සමහරක් දිට්ඨි මට රුචිවෙයි. සමහරක් මට රුචි නොවේය’ යන මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්ද, යම් දෘෂ්ටියක් ඔවුන්ට රුචි වේද, ඒ දෘෂ්ටින් රාග වශයෙන් ඔවුන් සසරට සමීප කරවයි. සංයෝජන වශයෙන් ඔවුන් සසරට සමීප කරවයි. තණ්හා දිට්ඨි (ලෝභය හා වැරදි දැකීම්) වශයෙන් ඔවුන් සසරට සමීප කරවයි. තණ්හා දිට්ඨි දෙක්හි ගිලීම් වශයෙන් සසරට ළං කරවයි.

යම් දෘෂ්ටියක් ඔවුන්ට රුචි නොවේද ඔවුන්ගේ ඒ දෘෂ්ටිය සසර නොඇල්මට අසංරාගයට සමීපවේ. සසර නොබැඳීමට අසංයෝගයට සමීපවේ. තෘෂ්ණා දෘෂ්ටි දෙකින් සතුටු නොවීමට අනභිනන්දතියට සමීපවෙයි. තෘෂ්ණා දෘෂ්ටි දෙක්හි නොගිලීමට අනජ්ජෝසානායට ආසන්න වෙයි. අනුපාදානයට ලං කෙරෙයි.

“අග්ගිවෙස්සනය, ඔවුන් අතුරෙන් යම් මහණ බමුණකු ‘සියල්ල මට රුචි වේයයි,’ මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත්ද, එහිදී ඔහු නුවණ ඇතිව මෙසේ කල්පනා කරයි.
‘සියල්ල මට රුචිවේය’ යන මේ මාගේ දෘෂ්ටිය, මම දැඩි වශයෙන් අල්වාගෙන මෙයම සත්‍යය, අනික් සියළු මත සිස්යයි කියම් ද , ඉන් මට දෙයාකාරයකින් ගැටුම් කොලාහල උපදින්නේය.

§ 6. ‘සියල්ල මට රුචි නොවේයයි’. වාද ඇත්තෝ ද , ‘සමහරක් මට රුචි වේ. සමහරක් මට රුචි නොවේයයි’ යන වාද ඇත්තෝද මට විරුද්ධවන්නේය. එසේ විරුද්ධව වචන කීම වන්නේය. විරුද්ධ වචන කීම ඇති කල්හි කෝලාහල පහරදීම වන්නේය. පහරදීම ඇති කල්හි හිංසාව වන්නේය. මෙසේ හෙතෙම කොලාහලයද විවාදයද පහරදීමද හිංසාවද තමාට ඇතිවන බව දැන ඒ දෘෂ්ටියද දුරු කරයි. අනික් දෘෂ්ටියක්ද නොගනියි. මෙසේ මේ දෘෂ්ටීන්ගේ ප්‍රහානයවේ. මෙසේ මේ දෘෂ්ටීන්ගේ දුරලීම වේ.

§ 7. “අග්ගිවෙස්සනය, ඒ ආකාරයෙන්ම අනෙක් මත දෙක දරන්නවුන් ඒ ඒ දිට්ඨි ඇත්තවුන් සිය මතය පමණක් ඇත්තය. සත්‍යය. සෙසු මතයන් දෙක සාවද්‍යයි කී කල ගැටුම්, බැනුම්, දොසාරෝපණ , කළහ , පහර දීම්, හිංසා සිදුවන්නේය. මෙසේ හෙතෙම කලහයද, විවාදයද, පහරදීමද, හිංසාවද, තමාට උපදින බව දකිමින් ඒ දෘෂ්ටියද හැරදමයි. අනික් දෘෂ්ටියක්ද අල්වා නොගනියි. මෙසේ මේ දෘෂ්ටීන්ගේ දුරු කිරීම වේ. මේ දෘෂ්ටීන්ගේ දුරලීම වේ.

තමාගේ මතය ප්‍රතික්ෂේප නොකර ඔහුට සියල්ල ප්‍රතික්ෂේප කළ නොහැකි අතර, මෙය ඔහුට පිළිගත හැකි දෙයක් යන ප්‍රතිවිරුද්ධ ස්ථාවරයයි. කෙසේ වෙතත්, බුදුන් වහන්සේගේ ප්‍රශ්නයේ ගම්‍යතාවය දීඝනඛ හඳුනාගත්තද, තමාට වෙනත් කිසිවක් පිළිගත නොහැකි යැයි ඔහු දිගින් දිගටම අවධාරනය කරයි

රුපය

§ 8 “අග්ගිවෙස්සනය, සතර මහා භූතයන් ගෙන් හටගත් මවුපිය සම්භවයෙන් හටගත්, බතින් හා කොමුපිඩුවලින් වැඩුණු මේ රූපය අනිත්‍යය. ඇඟඉලීමය, පිරිමැදීමය, බිඳීමය,වෙනස්වීම, විනාසය, ස්වභාවකොට ඇත්තාවූ රූප සමූහයක් වන මේ කය අනිත්‍ය වශයෙන් දුක්වශයෙන් රොගවශයෙන් ගඩක් වශයෙන් හුලක් වශයෙන් ලාමකවූවක් වශයෙන් ආබාධයක් වශයෙන් අන්‍යවූවක් වශයෙන් නැසීම් වශයෙන් සූන්‍යවශයෙන් අනාත්ම වශයෙන් දැක්ක යුතුය.

එසේ මේ කය අනිත්‍ය වශයෙන් දුක්වශයෙන් රොග වශයෙන් ගඩක් වශයෙන්…… ..දක්නාවූ ඔහුගේ කය පිළිබඳව යම් ඇල්මෙක්, කයෙහි යම් ස්නෙහයෙක්, කය අනුව යාමක් වේද, එය දුරුවෙයි.’

වේදනා

§ 9 . “අග්ගිවෙස්සනය,
සත්වයා තුන් ආකාරයකින් ලෝකය විඳින්නේ වෙයි. සැප වේදනාය, දුක් වේදනාය, දුක්ද නොවූ සැපද නොවූ වේදනාවය යන වේදනා (විඳීම්) තුනයි.
අග්ගිවෙස්සනය, යම් කලෙක්හි සැපවූ වේදනාව විඳීද, එකල්හි දුක්වූ වේදනාව නො විඳියි.
අග්ගිවෙස්සනය, යම් කලෙක්හි දුක්වූ වේදනාව විඳීද, එකල්හි සැපවූ වේදනාවක් නොම විඳියි.
දුක්ද නොවූ සැපද නොවූ වේදනාවක් නොවිඳයි. එකල්හි දුක්වූ වේදනාවම විඳියි
අග්ගිවෙස්සනය, යම් කලෙක්හි දුක්නොවූ සැපද නොවූ වේදනාව විඳීද, එකල්හි සැපවූ වේදනා නොම විඳියි.
දුක්වූ වේදනාව නොවිඳියි. එකල්හි දුක්ද නොවූ සැපද නොවූ වේදනාවම විඳියි.

අග්ගිවෙස්සනය, විදර්ශනාවෙන් මෙසේ දක්නාවූ ආර්ය ශ්‍රාවකයා සැප වින්දනය කෙරෙහිද කලකිරෙයි. දුක් වින්දනය කෙරෙහිද කලකිරෙයි. දුක්ද නොවූ සැපද නොවූ වින්දනය කෙරෙහිද කලකිරෙයි.

කලකිරෙන්නේ වින්දනයේ නොඇලෙයි.
නොඇලීමෙන් ඔහු කැමැත්තෙන් මිදෙයි.
ආසාවෙන් මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ.
ජාතිය ක්ෂය කරණ ලද්දීය, බ්‍රහ්මචර්ය වැස නිමවන ලද්දේය. සතර මගින් කළ යුත්ත කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනියි.

අග්ගිවෙස්සනය, මෙසේ මිදුනු සිත් ඇත්තාවූ භික්ෂුව කිසිවෙකු සමගත් විරුද්ධව කථා නොකෙරෙයි. කිසිවෙකු සමගත් විවාද නොකෙරෙයි. ලෝකයෙහි යම් ව්‍යවහාරයක් වේද, ඒ ව්‍යවහාරයෙන් ව්‍යවහාර කරයි. දෘෂ්ටි වශයෙන් නොගනියි.

අග්ගිවෙස්සනය, සැප වේදනාවද අනිත්‍යය, සකස් කරන ලදී (සංඛතය.), හේතුප්‍රත්‍යයන් ගෙන් හටගන්නීය. ක්ෂය වන ස්වභාව ඇත්තීය. විනාසය ස්වභාව කොට ඇත්තීය. විරාගය ස්වභාව කොට ඇත්තීය, නිරෝධය ස්වභාව කොට ඇත්තීය.

අග්ගිවෙස්සනය, දුක් වේදනාවද අනිත්‍යය, සකස් කරනලද්දීය. ප්‍රත්‍යයෙන් හටගත්තීය. ක්ෂයවීම ස්වභාව කොට ඇත්තීය, විනාසය ස්වභාව කොට ඇත්තීය, විරාගය ස්වභාව කොට ඇත්තීය, නිරෝධය ස්වභාව කොට ඇත්තීය,

අග්ගිවෙස්සනය, දුක්ද නොවූ සැපද නොවූ වේදනාවද අනිත්‍යය සකස් කරන ලද්දීය, ප්‍රත්‍යයෙන් හටගත්තීය, ක්ෂයවන ස්වභාව ඇත්තීය, විනාසවන ස්වභාව ඇත්තීය, විරාග ස්වභාව ඇත්තීය, නිරෝධය ස්වභාව කොට ඇත්තීය,

§ 10 . එකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ පිටුපසින් සිට භාග්‍යවතුන් වහන්සේට පවන් සලමින් සිටියේ වෙයි. සිය ඥාති සොහොයුරාට දේශනා කලාවූ මේ ධර්මය ඇසු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්ට මෙබඳු අදහස් විය.
‘භාග්‍යවතුන් වහන්සේ සිය නුවණින් දැන ඒ ඒ ධර්මයන්ගේ දුරු කිරීම අපට වදාළේය. සුගතයන් වහන්සේ අපට නුවණින් දැනම මේ ධර්මයන්ගේ දුරලීම වදාළේයයි. මෙසේ මෙනෙහි කරන්නාවූ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ සිත තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් අලවා නොගෙන ආශ්‍රවයන්ගෙන් මිදුනේය.

දීඝනඛ පරිව්‍රාජකයාහට යම් කිසිවක් ඉපදීම ස්වභාව කොට ඇත්තේද, ඒ සියල්ල නිරුද්ධවීම ස්වභාවකොටම ඇත්තේයයි කෙලෙස් රජස් මල රහිතවූ සැක පහවූ, ධර්ම චක්ෂුස ( දහම් ඇස = සෝවාන් මාර්ගඥානය) පහලවූයේය.

§ 11. ඉක්බිති දීඝනඛ පරිව්‍රාජකයා ධර්මය දැක්කේය. ධර්මයට පැමිණියේය. ධර්මය විනිවිද ගියේය. සැක දුරූ කර ගත්තේය. ධර්මයට පැමිණියාවූයේ දැනගන්නාලද ධර්මය ඇත්තේ බැසගත්තාවූ ධර්මය ඇත්තේ දුරු කළාවූ විචිකිච්ඡා ඇත්තේ පහවූ සැකය ඇත්තේ විසාරද බවට පැමිණියේ ශාස්තෘ ශාසනයෙන් පිට අන් පිහිටක් නොසොයන බවට පැමිණියේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය.

“භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත, භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත, භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරු කොට තබන ලද්දක් උඩුකුරු කරන්නේද, වසා තබන ලද්දක වැසුම් අරින්නේද, මංමුළාවූවෙකුට මග කියන්නේද අන්ධකාරයෙහි හෝ ‘ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දරන්නේද, මෙපරිද්දෙන් භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය දේශනා කරණලදී.

මම භවත් ගෞතමයන් වහන්සේ සරණ කොට යමි. ධර්මයද භික්ෂු සංඝයාද (සරණ කොට යමි) භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිම් කොට සරණගියාවූ උපාසකයෙකැයි දරණ සේක්වායි” කීය.

PS: ිිිි සියලු සත්වයන් හැම විටම යම් මතයකින් යම් දිට්ඨියකින් යුතු වේ. අනෙකෙකුගේ දිට්ටිය තමා දරන දිට්ටියට නොගැලපේ නම් අසමාන නම් ඒ හා ගැටීම පෘථග්ජන ස්වභාවයයි. භාග්‍යවතුන්වහන්සේ ගේ ඉගැන්වීමේ හරය ලෙස දැකිය හැක්කේ “අනුන් දරන මත හා නොගැටීම” යයි කෙනෙකුට කිව හැක. අනුන්ගේ දිට්ඨි නිවැරදි නම් සම්මා දිට්ඨිය (නිවැරදි දැකීම) යයි කියා දෙයක් භාග්‍යවතුන් වදාළේ ඇයි දැයි අසන්නට හැක. සම්මා දිට්ඨියේ හරි තේරුම් “නිවැරදි දැකීම” නොව “සුදුසුම දැකීම්” ලෙස සැලකිය හැක. කුමට සුදුසුම ද? නිර්වානාවබෝධය සඳහා සුදුසුම මනස් ස්වභාවය.. ලෙස. …
තවත් කෙනෙකු මෙම සුත්‍රය අසා ඕනෑම දිට්ඨියක් ආත්ම සංඥාවම පෝෂණය කරණ නිසා දිට්ඨිය හා නොගැටීම අනාත්ම සංඥාව වැඩීමට ආධාර වේ යයි කිව හැක. රුප වේදනා සංඥා විදර්ශනාවම විමුක්තියට මග සලසන බව මේ සුත්‍රය කියවා ගත හැකි ඵලය ලෙස සලකමි.

https://kalyanadhamma.wordpress.com/