AN 01-09 ප්‍රමාද වර්ගය

AN 01-09-01 යසොවුද්ධි සූත්‍රය

මහණෙනි, යසසෙහි (කීර්තියෙහි හා පිරිවරෙහි) වැඩීමක් වේද, මේ වැඩීම සුලු දෙයකි .
මහණෙනි, වැඩීම් අතුරෙන් ප්‍රඥාවෙහි යම් වැඩීමක් වේද මේ අග්‍රයි.
මහණෙනි, එහෙයින් මෙසේ හික්මිය යුතුයි.
‘ප්‍රඥාව වැඩීමෙන් වැඩෙන්නෙමුයි’ කියායි.
මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය.”

AN 01-09-02 පමාද සූත්‍රය

“මහණෙනි, ප්‍රමාදය මහත්වූ අනර්ථය පිණිස පවතී,
මහණෙනි, අනර්ථය පිණිස පවතීන්නාවූ මේ බඳුවූ අන් එක ධර්මයකුදු මම නොදකිමි
මහණෙනි, ප්‍රමාදය මහත්වූ අනර්ථය පිණිස පවතී.

AN 01-09-03 අප්පමාද සූත්‍රය

“මහණෙනි,
අප්‍රමාදය මහත්වූ අර්ථය පිණිස පවතී,
මහණෙනි, අර්ථය පිණිස පවතීන්නාවූ මේ බඳුවූ අන් එක ධර්මයකුදු මම නොදකිමි.
මහණෙනි, අප්‍රමාදය මහත්වූ අර්ථය පිණිස පවතී.”

AN 01-09-04 කොසජ්ජ සූත්‍රය.

“මහණෙනි, අලසකම මහත්වූ අනර්ථය පිණිස පවතී.
මහණෙනි, අනර්ථය පිණිස පවතින මේ බඳුවූ අන් එක ධර්මයකුදු මම නොදකිමි.
මහණෙනි, අලසකම මහත්වූ අනර්ථය පිණිස පවතී.”

AN 01-09-05 විරීයාරම්භ සූත්‍රය

පුජ්‍ය මීමුරේ ධම්මාවාස ස්වාමින් වහන්සේ කල දේසනාව

“මහණෙනි, සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යය මහත්වූ අර්ථය පිණිස පවතී.
මහණෙනි, අර්ථය පිණිස පවතීන මේ බඳුවූ අන් එක ධර්මයකුදු මම නොදකිමි.
මහණෙනි, සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යය මහත්වූ අර්ථය පිණිස පවතී.”

AN 01-09-06. මහිච්ඡ සූත්‍රය

“මහණෙනි, මහාලෝභී බව මහත්වූ අනර්ථය පිණිස පවතී.
මහණෙනි, අනර්ථය පිණිස පවතීන මේබඳුවූ අන් එක ධර්මයකුදු මම නොදකිමි.
මහණෙනි, මහාලෝභී බව මහත්වූ අනර්ථය පිණිස පවතී.”

AN 01-09-07.අප්පිච්ඡ සූත්‍රය

“මහණෙනි, අලෝභී බව මහත්වූ අර්ථය පිණිස පවතී.
මහණෙනි, අර්ථය පිණිස පවතීන්නාවූ මේ බඳුවූ අන් එක ධර්මයකුදු මම නොදකිමි.
මහණෙනි, අලෝභී බව මහත්වූ අර්ථය පිණිස පවතී.”

AN 01-09-08.අසන්තුට්ඨි සූත්‍රය.

“මහණෙනි, ලද දෙයින් සතුටු නොවන බව මහත් අනර්ථය පිණිස පවතී.
මහණෙනි, අනර්ථය පිණිස පවතීන්නාවූ මේ බඳුවූ අන් එක ධර්මයකුදු මම නොදකිමි.
මහණෙනි, ලද දෙයින් සතුටු නොවන බව මහත්වූ අනර්ථය පිණිස පවතී.”

AN 01-09-09 .සන්තුට්ඨි සූත්‍රය.

“මහණෙනි, ලදදෙයන් සතුටුවීම මහත්වූ අර්ථය පිණිස පවතී,
මහණෙනි, අර්ථය පිණිස පවතීන්නාවූ මේ බඳුවූ අන් එක ධර්මයකුදු මම නොදකිමි.
මහණෙනි, මේ ලදදෙයින් සතුටුවීම මහත්වූ අර්ථය පිණිස පවතී.”

AN 01-09-10 . අයොනිසොමනසිකාර සූත්‍රය.

“මහණෙනි,
නුවණින් මෙනෙහි නොකිරීම මහත් අනර්ථය පිණිස පවතී,
මහණෙනි, අනර්ථය පිණිස පවතීන්නාවූ මෙබඳු අන් එක ධර්මයකුදු මම නොදකිමි.
මහණෙනි, නුවණින් මෙනෙහි නොකිරීම මහත්වූ අනර්ථය පිණිස පවතී.”

AN 01-09-11 . යොනිසොමනසිකාර සූත්‍රය.

“මහණෙනි, නුවණින් මෙනෙහි කිරීම මහත්වූ අර්ථය පිණිස පවතී,
මහණෙනි, අර්ථය පිණිස පවතින්නාවූ මේ බඳුවූ අන් එක ධර්මයකුදු මම නොදකිමි.
මහණෙනි, නුවණින් මෙනෙහි කිරීම මහත්වූ අර්ථය පිණිසම පවතී.”

AN 01-09-12. අසම්පජඤ්ඤ සූත්‍රය.

“මහණෙනි, සම්‍යක් ප්‍රඥාව නැති බව මහත් අනර්ථය පිණිස පවතී,
මහණෙනි, අනර්ථය පිණිස පවතීන මේ බඳුවූ අන් එක ධර්මයකුදු මම නොදකිමි
මහණෙනි, සම්‍යක්ප්‍රඥාව නැති බව මහත් අනර්ථය පිණිස පවතී.”

AN 01-09-13. සම්පජඤ්ඤ සූත්‍රය.

“මහණෙනි,
සම්‍යක්ප්‍රඥාව මහත් අර්ථය පිණිස පවතී,
මහණෙනි, අර්ථය පිණිස පවතීන මේ බඳුවූ අන් එක ධර්මයකුදු මම නොදකිමි.
මහණෙනි, සම්‍යක්ප්‍රඥාව මහත් අර්ථය පිණිස පවතී.”

AN 01-09-14. පාපමිත්ත සූත්‍රය

“මහණෙනි,
පාප මිතුරන් මහත් අනර්ථය පිණිස පවතී,
මහණෙනි, පාප මිතුරන් තරම් කෙනෙකුගේ අයහපත පිණිස හේතුවන අන් එක ධර්මයකුදු මම නොදකිමි. මහණෙනි, පාපමිතුරන් මහත් අනර්ථය පිණිස පවතී.”

AN 01-09-15. කල්‍යාණමිත්ත සූත්‍රය.

“මහණෙනි,
යහපත් මිතුරන් මහත් අර්ථය පිණිස පවතී,
මහණෙනි, යහපත් මිතුරන් තරම් ර්ථය පිණිස පවතීන අන් එක ධර්මයකුදු මම නොදකිමි.
මහණෙනි, යහපත් මිතුරන් ඇති බව මහත්වූ අර්ථය පිණිස පවතී.”

AN 01-09-16. අකුසලානුයොග සූත්‍රය.

“මහණෙනි,
අකුශල ධර්මයන්හි යෙදීම හා කුසල ධර්මයන්හි නොයෙදීම මහත්වූ අනර්ථය පිණිස පවතී,
මහණෙනි, මනුෂ්‍යයාගේ අනර්ථය පිණිස, මේ අකුසල ධර්ම අනුයොගය හා කුශලධර්ම අනනුයොගය බඳුවූ අන් එක ධර්මයකුදු මම නොදකිමි. මහණෙනි, අකුශල ධර්මයන්ගේ අනුයොගයද කුශල ධර්මයන්ගේ අනනුයොගයද, මහත් අනර්ථය පිණිස පවතී.”

AN 01-09-17. කුසලානුයොග සූත්‍රය.

පුජ්‍ය අහංගම රතනසිරි නායක ස්වාමින්වහන්සේ කල සුත්‍ර විවරණ දේසනාව

“මහණෙනි,
කුශලධර්මයන්හි යෙදීම හා අකුශලධර්මයන්හි නොයෙදීම මහත්වූ අර්ථය පිණිස පවතී, මහණෙනි, මහත්වූ අර්ථය පිණිස පවතීන, මේ බඳුවූ අන් එක ධර්මයකුදු මම නොදකිමි.
මහණෙනි, කුශල ධර්ම අනුයොගයද හා අකුශල ධර්මය අනනුයොගයද, මහත්වූ අර්ථය පිණිස පවතී.”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.