SN 04-01-01

SN 04-01-01-01.
(අධ්‍යාත්මායතන) අනිත්‍ය සූත්‍ර

පුජ්‍ය මීමුරේ ධම්මාවාස හිමි කල සුත්‍ර විවරණය

මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, ඇස අනිත්‍යය. 3
යමක් අනිත්‍යය නම්, එය දුක් වේ. යමක් දුක නම්, එය අනාත්ම වේ. යමක් අනාත්ම නම්, එය, “මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි මෙසේ තත්වූ පරිද්දෙන්, යහපත් සතියෙන් දැක්ක යුතුය.

[3: : Spk ත්‍රිපිටකයෙහි සඳහන් වෙනස් “ඇස්” වෙන්කර හඳුනා ගනීමු.. ඇස සාමාන්‍ය පන්ති දෙකකට බෙදා ඇත:
දැනුමේ ඇස (ඥාණ චක්ඛු) සහ භෞතික ඇස ( මාංස චක්ඛු). ලෙසය්.
පළමුවැන්න ඥාණ චක්ඛු පස්වැදෑරුම් ය:
(i) බුද්ධ ඇස (බුද්ධචක්ඛු), සත්වයන්ගේ සැඟවී ඇති යටපත්ව පවතින් චිත්ත ස්වභාවයන් හඳුනාගැනීමේ හැකියාව, සත්වයන්ගේ අධ්‍යාත්මික ප්‍රවනතාවය එනම් ධර්මය වටහාගන්නට ඇති සිතෙහි වර්ධනය ගැන දැනගැනීම.
(ii) ධර්ම ඇස (ධම්ම චක්ඛු), ප්‍රාථමික මාර්ග තුන සහ ඵල පිළිබඳ දැනුම;
(iii) විශ්වීය ඇස (සමන්ත චක්ඛු), සර්වඥතා ඥානය නම් බුද්ධ ඥානය;
(iv) දිව්‍ය ඇස (දිබ්බ චක්ඛු), සංසාර සංවරයන් පිලිබඳ ඤාණය (සත්ත්වයන්ගේ මරණය හා නැවත ඉපදීමකොතැනක වේදැයි දැකීම); සහ
(v) ප්‍රඥා ඇස (පඤ්ඤා චක්ඛු), චතුරාර්ය සත්‍ය අවබෝධය.

භෞතික ඇස දෙයාකාර වේ:
(i) සංයුක්ත ඇස (සසම්භාර චක්ඛු), භෞතික ඇස; සහ
(ii) සංවේද ඇස (පාසාද චක්ඛු), එනම්, ස්වරූපවලට ප්‍රතිචාර දක්වන ඇසේ දෘෂ්ටි විතානයේ ඇති සංවේදී ද්‍රව්‍යය (නොහොත් දෘෂ්ටි විතානය සහ දෘෂ්ටි ස්නායුව).
මෙහි දී භාග්‍යවතුන් වහන්සේ සංවේදී ඇස “මුලික ඇස” ලෙස වදාරණ සේක. කන ආදිය ද එපරිදි ම අවබෝධ කළ යුතු ය. මනස (මනෝ) යනු උත්පත්ති භුමි තුනෙහි ස්වභාවය ගැන විදස්සනාවෙන් ලබන සිතයි (තේභමකසම්මාසනචාරිත්ත).

ඉන්ද්‍රිය සයේ ක්‍රියාත්මක වීම පිළිබඳ සම්පුර්ණ විවරණය කියවීමට විසුද්ධි මාර්ගයේ , Vism 444-46 බලන්න (Ppn 14:36-53).
සු හැමිල්ටන් බුද්ධඝෝස හිමියන්ගේ අජ්ජත්තික ඉන්ද්‍රිය පහේ ස්වභාය ගැන අභියෝගයට ලක් කරයි, සූත්‍රවල සමස්ත ස්වරූපයේ සම්මත අර්ථ දැක්වීමට ඒවා ඇතුළත් නොවන බව ඇයගේ අදහසයි. ඇයගේ අදහසට අනුව, ඉන්ද්‍රිය පීඨ යනු ද්‍රව්‍යමය සහ මානසික ලක්ෂණ යන දෙකටම පොදු වන සංජානන බලයන් වන අතර එනිසා රූප පමණක් වර්ගීකරණය කළ නොහැක (අනන්‍යතාවය සහ අත්දැකීම්, පිටු. 14-22). කෙසේ වෙතත්, එම තර්කයෙන්ම, රූපක්ඛන්ධයට බාහිර ඉන්ද්‍රිය පහ නොපැවරිය යුතු බව තර්ක කළ හැකිය, මන්ද නැවත සූත්‍රවල ඒවා ස්ථානගත නොකරන බැවිනි. පැහැදිලි කරුණ නම්, ඛන්ධ, ආයතන සහ ධාතු අතර සහසම්බන්ධතා නිකාය තුළ කිසිසේත්ම පැහැදිලිව දක්වා නොමැති අතර, රූප යටතේ පළමු අභ්‍යන්තර හා බාහිර ඉන්ද්‍රිය පාද පහ දෙකම වර්ග කරන අභිධම්ම පිටකයේ පමණක් බවයි. පීඨ පහ සහ ඉන්ද්‍රිය වස්තූන් හතර (ස්පර්ශ වස්තුව හැර) “ව්‍යුත්පන්න ස්වරූපය” (up̄d̄ r̄upa) ලෙස වර්ගීකරණය කර ඇත, එනම් ප්‍රාථමික මූලද්‍රව්‍ය හතරෙන් ව්‍යුත්පන්න වූ ස්වරූපය; ස්පර්ශක වස්තුව ප්‍රාථමික මූලද්‍රව්‍ය තුනක් යටතේ වර්ග කර ඇත: පඨවි (දෘඪතාව හෝ මෘදු බව), තේජෝ (උණුසුම හෝ සිසිලස) සහ වායෝ (පීම්බෙන සහ සෙලවෙන ගතිය ). සූත්‍රවලම ව්‍යුත්පන්න ස්වරූපයේ වර්ග සඳහන් නොවන අතර අභිධම්ම පිටකය මෙම අඩුපාඩුව පුරවන්නට උත්සාහ කලබවක් පෙනේ.]

“කන අනිත්‍යය.
යමක් අනිත්‍යද, එය දුක් වේ. යමක් දුකද, එය අනාත්ම වේ. යමක් අනාත්මද, එය, “මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි. “නාසය අනිත්‍යය. යමක් අනිත්‍යද, එය දුක් වේ. යමක් දුකද, එය අනාත්ම වේ. යමක් අනාත්මද, එය, “මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.

“දිව අනිත්‍යය.
යමක් අනිත්‍යද, එය දුක් වේ. යමක් දුකද, එය අනාත්ම වේ. යමක් අනාත්මද, එය, “මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.

“කය අනිත්‍යය. යමක් අනිත්‍යද, එය දුක් වේ. යමක් දුකද, එය අනාත්ම වේ. යමක් අනාත්මද, එය, “මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.

“සිත අනිත්‍යය.
යමක් අනිත්‍යද, එය දුක් වේ. යමක් දුකද, එය අනාත්ම වේ. යමක් අනාත්මද, එය, “මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.

“මහණෙනි, මෙසේ දකින්නාවූ, බොහෝ ඇසූ පිරූ තැන් ඇති ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ, ඇස කෙරෙහිද කලකිරෙයි. කන කෙරෙහිද කලකිරෙයි. නාසය කෙරෙහිද කලකිරෙයි. දිව කෙරෙහිද කලකිරෙයි. කය කෙරෙහිද කලකිරෙයි. සිත කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. ජාතිය (ඉපදීම) ක්‍ෂය විය. මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී.

කළ යුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනීය” යි වදාළ සේක.

02. (අධ්‍යාත්මායතන) දුක්ඛ සූත්‍රය.

මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, ඇස දුකය. යමක් දුකද, එය අනාත්ම වේ. යමක් අනාත්ම වේද, “එය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේය” යි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.”

“කන දුකය, නාසය දුකය, දිව දුකය, කය දුකය, සිත දුකය, යමක් දුකද, එය අනාත්ම වේ.

“යමක් අනාත්මද, එය, “මෙය මාගේ නොවේ, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේය” යි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ, බොහෝ ඇසූ පිරූ තැන් ඇති ආර්‍ය්‍යශ්‍රාවකයා, ඇස කෙරෙහි කලකිරෙයි. කන කෙරෙහිද කලකිරෙයි. නාසය කෙරෙහිද කලකිරෙයි. දිව කෙරෙහිද කලකිරෙයි. කය කෙරෙහිද කලකිරෙයි. සිත කෙරෙහිද කලකිරෙයි.

එසේ කලකිරෙන්නේ යලි භවයකට නොඇලෙයි. නොඇල්මෙන් සසරින් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. ජාතිය (ඉපදීම) ක්‍ෂය විය. මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී. කළයුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනීය” යි වදාළ සේක.

03. (අධ්‍යාත්මායතන) අනාත්ම සූත්‍රය.

අනාත්ම යනු කුමක්ද – පුජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමින්වහන්සේ කල දේශනය අසන්න

මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, ඇස අනාත්මය.
යමක් අනාත්මද, එය “මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේය” යි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.

“කන අනාත්මය. නාසය අනාත්මය. දිව අනාත්මය. කය අනාත්මය. සිත අනාත්මය. යමක් අනාත්ම වේද, එය “මෙය මාගේ නොවෙයි. මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේය” යි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ, ඇසූ පිරූ තැන් ඇති ආර්‍ය්‍යශ්‍රාවකයා, ඇස කෙරෙහි කලකිරෙයි. කන කෙරෙහිද කලකිරෙයි. නාසය කෙරෙහිද කලකිරෙයි. දිව කෙරෙහිද කලකිරෙයි. කය කෙරෙහිද කලකිරෙයි. සිත කෙරෙහිද කලකිරෙයි.

එසේ කලකිරෙන්නේ යලි භවයකට නොඇලෙයි. නොඇල්මෙන් සසරින් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. ජාතිය (ඉපදීම) ක්‍ෂය විය. මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී. කළයුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනීය” යි වදාළ සේක.

04. (බාහිරායතන) අනිත්‍ය සූත්‍රය.

පුජ්‍ය මීමුරේ ධම්මාවාස හිමියන් අනිත්‍යය ගැන කල දේසනාව අසන්න

මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, රූපයෝ අනිත්‍යයහ. යමක් අනිත්‍යද, එය දුකය. යමක් දුකද, එය අනාත්ම වේ. යමක් අනාත්ම ද, එය “මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේය” යි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.

ශබ්දයෝ, ගන්‍ධයෝ, රසයෝ, ස්පර්‍ශයෝ සහ ධර්‍මයෝ අනිත්‍යයෝ වෙත්. යමක් අනිත්‍ය වේද, එය දුක් වේ. යමක් දුක් වේද, එය අනාත්ම වේ. යමක් අනාත්ම වේද, එය “මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේය” යි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ, ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා, රූපයන් කෙරෙහිද කලකිරෙයි. ශබ්දයන් කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධයන් කෙරෙහිද කලකිරෙයි. රසයන් කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශයන් කෙරෙහිද කලකිරෙයි. ධර්‍මයන් කෙරෙහිද කලකිරෙයි.

එසේ කලකිරෙන්නේ යලි භවයකට නොඇලෙයි. නොඇල්මෙන් සසරින් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. ජාතිය (ඉපදීම) ක්‍ෂය විය. මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී. කළයුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනීය” යි වදාළ සේක.

05. (බාහිරායතන) දුක්ඛ සූත්‍රය.

[දුක්ඛය ගැන පුජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමින්වහන්සේ කල දේශනය අසන්න]

මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, රූපය දුකය. යමක් දුකක්වේද, එය අනාත්ම වේ. යමක් අනාත්ම වේද, එය “මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේය” යි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.

ශබ්ද, ගන්‍ධ, රස, ස්පර්‍ශ සහ ධර්‍ම යන සියල්ල දුකය. යමක් දුක් වේද, එය අනාත්ම වේ. යමක් අනාත්ම වේද, එය “මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේය” යි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ, ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාම, රූපයන් කෙරෙහි කලකිරෙයි. ශබ්දයන් කෙරෙහි කලකිරෙයි. ගන්‍ධයන් කෙරෙහි කලකිරෙයි. රසයන් කෙරෙහි කලකිරෙයි. ස්පර්‍ශයන් කෙරෙහි කලකිරෙයි. ධර්‍මයන් කෙරෙහි කලකිරෙයි.

එසේ කලකිරෙන්නේ යලි භවයකට නොඇලෙයි. නොඇල්මෙන් සසරින් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. ජාතිය (ඉපදීම) ක්‍ෂය විය. මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී. කළයුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනීය” යි වදාළ සේක.

06. (බාහිරායතන) අනාත්ම සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, රූප අනාත්මයහ. යමක් අනාත්මද, එය “මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේය” යි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.”

“ශබ්දයෝ, ගන්‍ධයෝ, රසයෝ, ස්පර්‍ශයෝ සහ ධර්‍මයෝ අනාත්මය. යමක් අනාත්මද, එය “මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේය” යි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.

“මෙසේ දක්නාවූ, ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම, රූපයන් කෙරෙහිද කලකිරෙයි. ශබ්දයන් කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධයන් කෙරෙහිද කලකිරෙයි. රසයන් කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශයන් කෙරෙහිද කලකිරෙයි. ධර්‍මයන් කෙරෙහිද කලකිරෙයි.

එසේ කලකිරෙන්නේ යලි භවයකට නොඇලෙයි. නොඇල්මෙන් සසරින් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. ජාතිය (ඉපදීම) ක්‍ෂය විය. මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී. කළයුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනීය” යි වදාළ සේක.

07. දුතිය (අධ්‍යාත්මායතන) අනිත්‍ය සූත්‍රය.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, අතීතවූද, අනාගත වූද, ඇස, අනිත්‍ය වේ. දැන් පවත්නා ඇස ගැන කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා, අතීතවූ ඇස කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ඇසක් නොපතයි. දැන් පවත්නා ඇස සම්බන්‍ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

“අතීතවූද, අනාගත වූද, කන, අනිත්‍ය වේ. දැන් පවත්නා කන ගැන කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකයා, අතීතවූ කන කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත කනක් නොපතයි. දැන් පවත්නා කන සම්බන්‍ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

“අතීතවූද, අනාගත වූද, නාසය, අනිත්‍ය වේ. දැන් පවත්නා නාසය ගැන කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකයා,, අතීතවූ නාසය කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත නාසයක් නොපතයි. දැන් පවත්නා නාසය සම්බන්‍ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

“අතීතවූද, අනාගත වූද, දිව, අනිත්‍ය වේ. දැන් පවත්නා දිව ගැන කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකයා, අතීතවූ දිව කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත දිවක් නොපතයි. දැන් පවත්නා දිව සම්බන්‍ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

“අතීතවූද, අනාගත වූද, ශරීරය, අනිත්‍ය වේ. දැන් පවත්නා ශරීරය ගැන කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකයා, අතීතවූ ශරීරය කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ශරීරයක් නොපතයි. දැන් පවත්නා ශරීරය සම්බන්‍ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

“අතීතවූද, අනාගත වූද, සිත, අනිත්‍ය වේ. දැන් පවත්නා සිත ගැන කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා, අතීතවූ සිත කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත සිතක් නොපතයි. දැන් පවත්නා සිත සම්බන්‍ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.”

08. දුතිය (අධ්‍යාත්මායතන) දුක්ඛ සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, අතීතවූද, අනාගත වූද, ඇස, දුක් වේ. දැන් පවත්නා ඇස ගැන කියනුම කවරේද?

මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා, අතීතවූ ඇස කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ඇසක් නොපතයි. දැන් පවත්නා ඇස සම්බන්‍ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

“අතීතවූද, අනාගත වූද, කන, දුක් වේ. දැන් පවත්නා කන ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ කන කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත කනක් නොපතයි. දැන් පවත්නා කන සම්බන්‍ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

“අතීතවූද, අනාගත වූද, නාසය, දුක් වේ. දැන් පවත්නා නාසය ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ නාසය කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත නාසයක් නොපතයි. දැන් පවත්නා නාසය සම්බන්‍ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

“අතීතවූද, අනාගත වූද, දිව, දුක් වේ. දැන් පවත්නා දිව ගැන කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා, අතීතවූ දිව කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත දිවක් නොපතයි. දැන් පවත්නා දිව සම්බන්‍ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

“අතීතවූද, අනාගත වූද, ශරීරය, දුක් වේ. දැන් පවත්නා ශරීරය ගැන කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා, අතීතවූ ශරීරය කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ශරීරයක් නොපතයි. දැන් පවත්නා ශරීරය සම්බන්‍ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

“අතීතවූද, අනාගත වූද, සිත, දුක් වේ. දැන් පවත්නා සිත ගැන කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා, අතීතවූ සිත කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත සිතක් නොපතයි. දැන් පවත්නා සිත සම්බන්‍ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වේය” යි. වදාළ සේක.

09. දුතිය (අධ්‍යාත්මායතන) අනාත්ම සූත්‍රය.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, අතීතවූද, අනාගත වූද, ඇස, අනාත්ම වේ. දැන් පවත්නා ඇස ගැන කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා, අතීතවූ ඇස කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ඇසක් නොපතයි. දැන් පවත්නා ඇස සම්බන්‍ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

“අතීතවූද, අනාගත වූද, කන, අනාත්ම වේ. දැන් පවත්නා කන ගැන කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා, අතීතවූ කන කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත කනක් නොපතයි. දැන් පවත්නා කන සම්බන්‍ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

“අතීතවූද, අනාගත වූද, නාසය, අනාත්ම වේ. දැන් පවත්නා නාසය ගැන කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා, අතීතවූ නාසය කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත නාසයක් නොපතයි. දැන් පවත්නා නාසය සම්බන්‍ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

“අතීතවූද, අනාගත වූද, දිව, අනාත්ම වේ. දැන් පවත්නා දිව ගැන කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා, අතීතවූ දිව කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත දිවක් නොපතයි. දැන් පවත්නා දිව සම්බන්‍ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

“අතීතවූද, අනාගත වූද, ශරීරය, අනාත්ම වේ. දැන් පවත්නා ශරීරය ගැන කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා, අතීතවූ ශරීරය කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ශරීරයක් නොපතයි. දැන් පවත්නා ශරීරය සම්බන්‍ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

“අතීතවූද, අනාගත වූද, සිත, අනාත්ම වේ. දැන් පවත්නා සිත ගැන කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා, අතීතවූ සිත කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත සිතක් නොපතයි. දැන් පවත්නා සිත සම්බන්‍ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වේය” යි. වදාළ සේක,

10 දුතිය (බාහිරායතන) අනිත්‍ය සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, අතීතවූද, අනාගත වූද, රූපයෝ අනිත්‍යයහ. දැන් පවත්නාවූ රූපයන් ගැන කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍යශ්‍රාවකයා , අතීතවූ රූපයන් කෙරෙහි කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත රූප නොපතයි. දැන් පවත්නාවූ රූපයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වේ.

“අතීතවූද, අනාගත වූද, ශබ්දයෝ අනිත්‍යයහ. දැන් පවත්නාවූ ශබ්දයන් ගැන කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා, අතීතවූ ශබ්දයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ශබ්දයන් නොපතයි. දැන් පවත්නාවූ ශබ්දයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

“අතීතවූද, අනාගත වූද, ගන්‍ධයෝ අනිත්‍යයහ. දැන් පවත්නාවූ ගන්‍ධයන් ගැන කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා, අතීතවූ ගන්ධයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ගන්ධයන් නොපතයි. දැන් පවත්නාවූ ගන්‍ධයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

“අතීතවූද, අනාගත වූද, රසයෝ අනිත්‍යයහ. දැන් පවත්නාවූ රසයන් ගැන කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා, අතීතවූ රසයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත රසයන් නොපතයි. දැන් පවත්නාවූ රසයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

“අතීතවූද, අනාගත වූද, ස්පර්‍ශයෝ අනිත්‍යයහ. දැන් පවත්නාවූ ස්පර්‍ශයන් ගැන කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා, අතීතවූ ස්පර්ශයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ස්පර්ශයන් නොපතයි. දැන් පවත්නාවූ ස්පර්‍ශයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

“අතීතවූද, අනාගත වූද, ධර්‍මයෝ අනිත්‍යයහ. දැන් පවත්නාවූ ධර්‍මයන් ගැන කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා, අතීතවූ ධර්මයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ධර්මයන් නොපතයි. දැන් පවත්නාවූ ධර්‍මයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වේය.” යි වදාළ සේක.

11. දුතිය (බාහිරායතන) දුක්ඛ සූත්‍රය.

මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, අතීතවූද, අනාගත වූද, රූපයෝ දුකයහ. දැන් පවත්නා රූපයන් ගැන කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍යශ්‍රාවකයා, අතීතවූ රූපයන් කෙරෙහි කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත රූප නොපතයි. දැන් පවත්නාවූ රූපයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

“අතීතවූද, අනාගත වූද, ශබ්දයෝ දුකයහ. දැන් පවත්නාවූ ශබ්දයන් ගැන කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍යශ්‍රාවකයා, අතීතවූ ශබ්දයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ශබ්දයන් නොපතයි. දැන් පවත්නාවූ ශබ්දයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

“අතීතවූද, අනාගත වූද, ගන්‍ධයෝ දුකයහ. දැන් පවත්නාවූ ගන්‍ධයන් ගැන කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍යශ්‍රාවකයා, අතීතවූ ගන්ධයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ගන්ධයන් නොපතයි. දැන් පවත්නාවූ ගන්‍ධයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

“අතීතවූද, අනාගත වූද, රසයෝ දුකයහ. දැන් පවත්නාවූ රසයන් ගැන කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍යශ්‍රාවකයා, අතීතවූ රසයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත රසයන් නොපතයි. දැන් පවත්නාවූ රසයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

“අතීතවූද, අනාගත වූද, ස්පර්‍ශයෝ දුකයහ. දැන් පවත්නාවූ ස්පර්‍ශයන් ගැන කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍යශ්‍රාවකයා, අතීතවූ ස්පර්ශයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ස්පර්ශයන් නොපතයි. දැන් පවත්නාවූ ස්පර්‍ශයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.

“අතීතවූද, අනාගත වූද, ධර්‍මයෝ දුක් වෙත්. දැන් පවත්නාවූ ධර්‍මයන් ගැන කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍යශ්‍රාවකයා, අතීතවූ ධර්මයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ධර්මයන් නොපතයි. දැන් පවත්නාවූ ධර්‍මයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වේය” වදාළ සේක.

12. දුතිය (බාහිරායතන) අනාත්ම සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, අතීතවූද, අනාගත වූද, රූපයෝ අනාත්ම වෙත්. දැන් පවත්නා රූපයන් පිළිබඳව කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍යශ්‍රාවකයා, අතීතවූ රූපයන් කෙරෙහි කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත රූප නොපතයි. දැන් පවත්නාවූ රූපයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.”

“අතීතවූද, අනාගත වූද, ශබ්දයෝ අනාත්ම වෙත්. දැන් පවත්නා ශබ්දයන් පිළිබඳව කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍යශ්‍රාවකයා, අතීතවූ ශබ්දයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ශබ්දයන් නොපතයි. දැන් පවත්නාවූ ශබ්දයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.”

“අතීතවූද, අනාගත වූද, ගන්‍ධයෝ අනාත්ම වෙත්. දැන් පවත්නා ගන්‍ධයන් පිළිබඳව කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍යශ්‍රාවකයා, අතීතවූ ගන්ධයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ගන්ධයන් නොපතයි. දැන් පවත්නාවූ ගන්‍ධයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.”

“අතීතවූද, අනාගත වූද, රසයෝ අනාත්ම වෙත්. දැන් පවත්නා රසයන් පිළිබඳව කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍යශ්‍රාවකයා , අතීතවූ රසයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත රසයන් නොපතයි. දැන් පවත්නාවූ රසයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.”

“අතීතවූද, අනාගත වූද, ස්පර්‍ශයෝ අනාත්ම වෙත්. දැන් පවත්නා ස්පර්‍ශයන් පිළිබඳව කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍යශ්‍රාවකයා, අතීතවූ ස්පර්ශයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ස්පර්ශයන් නොපතයි. දැන් පවත්නාවූ ස්පර්‍ශයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.”

“අතීතවූද, අනාගත වූද, ධර්‍මයෝ අනාත්ම වෙත්. දැන් පවත්නාවූ ධර්‍මයන් ගැන කියනුම කවරේද?
මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍යශ්‍රාවකයා, අතීතවූ ධර්මයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ධර්මයන් නොපතයි. දැන් පවත්නාවූ ධර්‍මයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වේය”යි වදාළ සේක.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.