SN 01-01-06. ජරා වර්‍ගය

1

. ජරා (හෙවත් කිංසුජරා) සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි එක් රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක සිට මේ ගාථාව කීය.

§ 2. “මහලු බව දක්වාම කිමෙක් නම් යහපත්ද?
කිමෙක් (සිතෙහි) පිහිටීම යහපත්ද?
කිමෙක් නම් මිනිසුන්ට රත්නයක් වේද?
කිමෙක් නම් සොරුන් විසින් හැරගෙන යා නොහැකිද?

§ 3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.)
“මහලුබව දක්වාම සිල් රැක්ම යහපති,

ශ්‍රද්‍ධාව ස්ථිරව පිහිටීම මැනවි.
ප්‍රඥාව මිනිසුන්ට රත්නය වේ.
පින සොරුන් විසින් පැහැරගත හැකි නොවේ.”

SN 01-01-06-02. අජරසා සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි එක් රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක සිට මේ ගාථාව කීය.

“නොදිරා යෑමෙන් කිමෙක් මනාප වේද?
කුමක් නම් පිහිටියේ මනාප වේද?
මිනිසුන්ට කිමෙක් නම් රත්න වේද?
කුමක් නම් සොරුන් විසින් හැරගත නොහැකිද?

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.)
“ශීලය නොදිරා යෑමෙන් මනාප වේ.

ශ්‍රද්‍ධාව පිහිටියේ මනාප වේ.
ප්‍රඥාව මිනිසුන්ට රත්නය වෙයි.
පින සොරුන් විසින් හැරගත නොහැක්ක.”

mi SN 01-01-06-03 . miththa miththa අජරසා සූත්‍රය

3. මිත්ත (හෙවත් කිංසුමිත්ත) සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි එක් රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක සිට මේ ගාථාව කීය.

§ 2. “පිටරට යන්නහුගේ මිත්‍රයා කවරේද?
සිය ගෙයි වසන්නහුගේ මිතුරා කවරේද?
උපන් කටයුත්තක් ඇත්තහුට මිත්‍රයා කවරේද?
පරලොව යන්නහුට හිතවූ මිතුරා කවරේද?”

§3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.)
“පිටරට යන්නහුගේ මිත්‍රයා ගැල් රංචුව හෝ තවලමයි.
සිය ගෙයිදී මිතුරා මවුයි.
උපන් වැඩක් ඇත්තහුට යලි යලිත් මිතුරා යහළුවායි.
තමා කළ යම් පින් ඇත්ද, ඒ පරලොවට හිතවූ මිතුරායි.

4. වත්‍ථු (හෙවත් කිංසුවත්‍ථු) සූත්‍රය..

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි එක් රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක සිට මේ ගාථාව කීය.

§ 2. “මිනිසුන්ට පිහිට කිමෙක්ද?
මේ ලෝකයෙහි උතුම් යහළුවා කවරේද?
යම් ප්‍රාණි කෙනෙක් පොළොවෙහි වෙත්ද
ඒ සත්ත්‍වයෝ කුමක් ඇසුරුකොට ජීවත් වෙද්ද?”

§ 3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.)
“දරුවෝ මිනිසුන්ට පිහිටයි.
භාර්‍ය්‍යාවම උතුම් යහළුවායි.
යම් ප්‍රාණීහු පොළොවෙහි වෙත්නම්
ඒ සත්තු වැස්ස ඇසුරු කොට ජීවත් වෙත්.”

5. පළමුවන ජන (හෙවත් ජනෙති) සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි එක් රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක සිට මේ ගාථාව කීය.

§ “කිමෙක් නම් සත්ත්‍වයා උපදවාද?
ඔහුගේ කිමෙක් නම් ඒ මේ අත දිවේද?
කිමෙක් නම් සසර වැදුනේද?
කිමෙක් නම් ඔහුට(වූ) මහත්ම භය වේද?”

§ 3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.)

“තණ්හාව සත්ත්‍වයා උපදවයි.
ඔහුගේ සිත ඒ මේ අත දිවෙයි.
සත්ත්‍වයා සසර වැදුණේය.
ජාති ජරාදී දුක ඔහුටවූ මහත් භයයි.

§ 6. දෙවෙනි ජන (හෙවත් ජනෙති) සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි එක් රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක සිට මේ ගාථාව කීය.

§ 2. “කිමෙක් නම් සත්ත්‍වයා උපදවාද?
ඔහු පිළිබඳ කිමෙක් නම් ඈත මෑත දුවයිද?
කිමෙක් නම් සසර වැදුනේද?
ඔහු නොමිදෙනුයේ කුමකින්ද?”

§ 3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළඍේක)

“තණ්හාව සත්ත්‍වයා උපදවයි.
ඔහුගේ සිත ඒ මේ අත දිවෙයි.
සත්ත්‍වයා සසර වැදුණේය.
ඔහු (නසි මග යන තෙක්ම) නොමිදෙනුයේ දුකිනි.”

7. තුන්වෙනි ජන (හෙවත් ජනෙති) සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි එක් රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක සිට මේ ගාථාව කීය.

§ 2. “කිමෙක් නම් සත්ත්‍වයා උපදවාද? ඔහු පිළිබඳ කිමෙක් නම් ඈත මෑත දිවේද? කිමෙක් නම් සසර වැදුනේද? කිමෙක් නම් ඔහුගේ ඉපදීමට පිහිට වේද?”

§ 3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.)

“තණ්හාව සත්ත්‍වයා උපදවයි.
ඔහුගේ සිත ඈත මෑත දිවෙයි.
සත්ත්‍වයා සසරට වැදුණේය.
කර්‍මය ඔහුට පිහිටය.”

8. උපපථ සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි එක් රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක සිට මේ ගාථාව කීය.

§ 2. “කිමෙක් නම් නොමඟයයි කියන ලදද?
කිමෙක් නම් රෑ දාවල්හි ගෙවේද?
බ්‍රහ්මචර්‍ය්‍යාවට කිලුට කිමෙක්ද?
දිය නොමැති නෑම කිමෙක්ද?”

§ 3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.)

“රාගය නොමග යයි කියන ලදී.
දිවා රෑ දෙක්හිම ගෙවෙන්නේ වයසය.
බ්‍රහ්මචර්‍ය්‍යාවට කිලුට ස්ත්‍රියයි.
(මේ සත්ත්‍ව සමූහයා මෙහි ඇලේ)
තපසත් බඹසරත් යන යමෙක් ඇද්ද,
එය දිය නැති නෑමයි.

9. දෙවෙනි උපපථ සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි එක් රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක සිට මේ ගාථාව කීය.

§ 2. “පුරුෂයාට කිමෙක් නම් දෙවැන්නී (දුතියිකා) වේද?
ඔහුට කවරෙක් නම් අනුශාසන කෙරේද?
කුමක විශේෂයෙන් ඇලුණු සත්ත්‍වයා සියලු දුකින් මිදේද?”

§ 3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.)

“ශ්‍රද්‍ධාව පුරුෂයාට දෙවැන්නීය.
ප්‍රඥාව ඔහුට අනුශාසනා කෙරේ.
නිවනෙහි විශේෂයෙන් ඇලුණු සත්ත්‍වතෙම සැම දුකින් මිදේ.”

10. කවි (හෙවත් ගාථා නිදාන) සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි එක් රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක සිට මේ ගාථාව කීය.

§ “ගාථාවන්ගේ මුල කිමෙක්ද?
ඔවුන්ගේ අර්‍ථ උපදවන්නේ කවරෙක්ද?
ගාථාවෝ කුමක් ඇසුරුකොට පවත්නෝද?
කිමෙක් ගාථාවන්ට ආධාර ස්ථානද?”

§ 3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.)

“ඡන්‍දය ගාථාවන්ගේ මුලය.
අකුරු ඔවුන් උපදවන්නේය.
ගාථාවෝ නාමයන් ඇසුරුකොට ඇත්තෝය.
කවි තෙම (පණ්ඩිතයා) ගාථාවන්ට ස්ථානයයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.