MN 03-05-09 පිණ්ඩපාත පාරිශුද්ධි සූත්‍රය

මේ සුත්‍රය නිවණට යන මග එලිකරන්නට, විමුක්ති සාධනයට භික්ෂුන්ට ලබා දුන් තවත් අත් වැලකි. සතිය පවත්වමින් ගෙන යන භික්ෂු ජීවිතය සතියෙන් පමණක්ම සාර්ථක නොවේ. සතර ඉරියව්වෙන් සිය සතිය වඩන භික්ෂුව හැමදා පිණ්ඩපාතයේ යන නිසා ඒ සඳහා ගෙවන පැයක් බඳු කාලය පුරා මේ සුත්‍රයේ සඳහන් ප්‍රත්යාවෙක්ෂයන් 12 කරමින් සිය සන්තානය කෙලෙස් වලින් හිස් කර ගෙන, නීවරණයන් දුරු කරගෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩන්නට පියවර සියල්ලම මෙහි ඇතුලත් වේ. අපේ සංඝයා වහන්සේලා මේ අත්වැල ප්‍රයෝජනයට ගෙන විමුක්ති සාධනය කර ගනිත්වා!

 § 1. මා විසින් මෙසේ අසනලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහිවූ කලන්දක නිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්සේ සවස් කාලයෙහි ඵල සමවතින් නැගී සිට, භාග්‍යවතුන් වහන්සේ වැඩ හුන් තැනට එළඹ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව හුන්නේය.

උන්වහන්සේ දෙස බලා භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. “ශාරීපුත්‍රය, තොපගේ ඉන්ද්‍රියයෝ විශේෂයෙන් ප්‍රසන්නයහ. ඡවිවර්ණය පිරිසිදුය. ශාරීපුත්‍රය, ඔබ දැන් කවර විහරණයකින් වසන්නෙහි දැ”යි ඇසූහ.
“ස්වාමීනි, මම මේ දිනවල බොහෝකොට ශූන්‍යතා1347 ඵලසමාපත්ති විහරණයෙන් වසමි” යි කීයේය.  

[1347: ශුන්‍යතා ඵල සමාපත්තිය අරහත් භාවයේ ඵලයක් බව අටුවාව දක්වයි.]

 § . 2. “ සාදු! සාදු !! , ශාරීපුත්‍රය, මහා පුරුෂයන්ගේ විහරණයෙන් ඔබ දැන් වෙසෙයි. ශාරීපුත්‍රය, මේ ශූන්‍යතා විහරණයේ විසීම මහා පුරුෂයන්ගේ1348 පුරුද්දක්ය. එහෙයින් ශාරීපුත්‍රය, මේ ශාසනයෙහි භික්ෂුවක් ශුන්‍යතා සමාපත්තියේ විසීම අගය කල යුතු වේ. එසේ සුන්යතා සමවතට කැමති, ඒ සමාපත්තිය අත් විඳින්නට චන්දයක් ඇති භික්ෂුව මෙසේ ප්‍රති පදාවේ යෙදිය යුතුය.” 1349

[1348:- මහා පුරුෂ පදයෙන් අරහත් උතුමන් දැක්වෙන බව අටුවාව කියයි.]

[1249: පිළිවෙත් පිරීම පිණිස වැදගත්වන වැදගත් කාරණා 5 ක් දක්වමින් කල මේ අනුසාසනාව සාරිපුත්ත ස්වාමින් වහන්සේ අමතා කලද, ඒ වනවිටත් අරහත් ඵලයට පත්ව, ඵල සමවත් සුව විඳින සාරිපුත්තයන් වහන්සේ ගේ ප්‍රයෝජනය සඳහා නොව, තවමත් ඵල නොලත් අන්‍යය භික්ෂුන් වහන්සේලා ද , අනාගතයේ සාසනයට ඇතුල්වන භික්ෂුන් ගේද ප්‍රයෝජනය පිණිස මේ දේසනාව කල බව අටුවාව කියයි.]

කාම ගුණ ප්‍රත්‍යවෙක්ශාව

 § .3 . සාරිපුත්තය!, පිණ්ඩපාතයේ යන භික්ෂුව මෙසේ මනසිකාරය පැවැත් විය යුතුය.

‘මම පිඬු පිණිස ගමට යන විට ආවාසයේ සිට ගමට යන මාර්ගයේදී, හෝ එසේ අවුත් ගමෙහි ගෙන් ගෙට පිඬු පිණිස හැසිරෙන විට හෝ, පිණ්ඩපාතය ලබා ආපසු ආරාමයට එන මගදී හෝ මා දුටු රුපයක් නිසා මගේ සිතේ කැමැත්තක්, ආසාවක්, රාග නිශ්‍රිත සිතුවිල්ලක් යන්තමින් හෝ ඇතිවීදැයි තමන්ගේ සිත ප්‍රත්‍යවේක්ෂා කල යුතු වේ.

එසේ පරීක්ෂාකලවිට එබඳු කාම සිතක්, රාග සිතක් යම් විටෙක ස්වල්පවූ හෝ මොහොතක සිතෙහි මතුවී යැයි දන්නේ නම්, ඒ භික්ෂුව වහාම සිය සිතේ එවන් ලාමක සිතුවිලි සිතුවිලි ඇතිවීම නැවත්වීම පිණිස සුදුසු නිමිත්තක් ගෙන සිත නැංවිය යුතුය. .

තමාගේ සන්තානය කෙලෙස් වලින් මැඩුන බව දැන නැවත එසේ නොවන ලෙස නැවත උත්සාහයෙන් සිත පවිත්‍ර කර ගත යුතුවේ. පාරිශුද්ධ කරගත යුතුවේ.

භික්ෂුව සිය ප්‍රත්යාවෙක්ෂයෙදී, සිය සිත තුල එවන් කාම නිශ්‍රිත සිතුවිල්ලක් නොනැගුණ බව දක්නා භික්ෂුව සිය සන්තානයේ කාම රාග නොනගින බව දැක සතුටු විය යුතුවේ. ඒ ආකාරයටම සිත පවත්වා ගන්නට නිතොර උත්සාහ කල යුතුවේ.

 § . 4 . “එසේම සාරිපුත්තය!, පිණ්ඩපාතයේ යන භික්ෂුව මෙසේ ද මනසිකාරය පැවැත් විය යුතුය.
‘මම පිඬු පිණිස ගමට යන විට ආවාසයේ සිට ගමට යන මාර්ගයේදී, හෝ එසේ අවුත් ගමෙහි ගෙන් ගෙට පිඬු පිණිස හැසිරෙන විට හෝ, පිණ්ඩපාතය ලබා ආපසු ආරාමයට එන මගදී හෝ මා දුටු රුපයක් නිසා මගේ සිතේ අකැමැත්තක්, අසහනයක්, එපා වීමක්, තරහවක්, දෝස සිතුවිල්ලක් යන්තමින් හෝ ඇතිවීදැයි තමන්ගේ සිත ප්‍රත්‍යවේක්ෂා කල යුතු වේ.

එසේ පරීක්ෂාකලවිට එබඳු නොපහන් සිතක්, අමනාප සිතක්, තරහ සිතක්, දෝස සහිත සිතිවිල්ලක් යම් විටෙක ස්වල්පවූ හෝ මොහොතක සිතෙහි මතුවී යැයි දන්නේ නම්, ඒ භික්ෂුව වහාම සිය සිතේ එවන් ලාමක දෝස සිතුවිලි ඇතිවීම නැවත්වීම පිණිස සුදුසු නිමිත්තක් ගෙන සිත නැංවිය යුතුය.

තමාගේ සන්තානය කෙලෙස් වලින් මැඩුන බව දැන නැවත එසේ නොවන ලෙස නැවත උත්සාහයෙන් සිත පවිත්‍ර කර ගත යුතුවේ. පාරිශුද්ධ කරගත යුතුවේ.

භික්ෂුව සිය ප්‍රත්යාවෙක්ෂයෙදී, සිය සිත තුල එවන් අමනාප නිශ්‍රිත දෝස සිතුවිල්ලක් නොනැගුණ බව දක්නා භික්ෂුව සිය සන්තානයේ දෝස සිතුවිලි නොනගින බව දැක සතුටු විය යුතුවේ. ඒ ආකාරයටම නිදොස් සිත පවත්වා ගන්නට නිතොර උත්සාහ කල යුතුවේ.

 § .5 . “එසේම සාරිපුත්තය!, පිණ්ඩපාතයේ යන භික්ෂුව මෙසේ ද මනසිකාරය පැවැත් විය යුතුය.
‘මම පිඬු පිණිස ගමට යන විට ආවාසයේ සිට ගමට යන මාර්ගයේදී, හෝ එසේ අවුත් ගමෙහි ගෙන් ගෙට පිඬු පිණිස හැසිරෙන විට හෝ, පිණ්ඩපාතය ලබා ආපසු ආරාමයට එන මගදී හෝ මා ඇසු ශබ්දයක් නිසා මගේ සිතේ කැමැත්තක්, ආසාවක්, ඒ හඩ නැවත අසන්නට කැමති සිතුවිල්ලක් යන්තමින් හෝ ඇතිවීදැයි තමන්ගේ සිත ප්‍රත්‍යවේක්ෂා කල යුතු වේ.

එසේ පරීක්ෂාකලවිට එබඳු කාම සිතක්, කැමති සිතක් යම් විටෙක ස්වල්පවූ හෝ මොහොතක සිතෙහි මතුවී යැයි දන්නේ නම්, ඒ භික්ෂුව වහාම සිය සිතේ එවන් ලාමක සිතුවිලි සිතුවිලි ඇතිවීම නැවත්වීම පිණිස සුදුසු නිමිත්තක් ගෙන සිත නැංවිය යුතුය.

තමාගේ සන්තානය කෙලෙස් වලින් මැඩුන බව දැන නැවත එසේ නොවන ලෙස නැවත උත්සාහයෙන් සිත පවිත්‍ර කර ගත යුතුවේ. පාරිශුද්ධ කරගත යුතුවේ.

භික්ෂුව සිය ප්‍රත්යාවෙක්ෂයෙදී, ඇසු ශබ්දයක් නිසා සිය සිත තුල එවන් කාම නිශ්‍රිත සිතුවිල්ලක් නොනැගුණ බව දක්නා භික්ෂුව සිය සන්තානයේ කාම රාග නොනගින බව දැක සතුටු විය යුතුවේ. ඒ ආකාරයටම සිත පවත්වා ගන්නට නිතොර උත්සාහ කල යුතුවේ.

 § . 6 . “එසේම සාරිපුත්තය!, පිණ්ඩපාතයේ යන භික්ෂුව මෙසේ ද මනසිකාරය පැවැත් විය යුතුය.
‘මම පිඬු පිණිස ගමට යන විට ආවාසයේ සිට ගමට යන මාර්ගයේදී, හෝ එසේ අවුත් ගමෙහි ගෙන් ගෙට පිඬු පිණිස හැසිරෙන විට හෝ, පිණ්ඩපාතය ලබා ආපසු ආරාමයට එන මගදී හෝ මට දැනුණ යම් සුවඳක් නිසා මගේ සිතේ කැමැත්තක්, ආසාවක්, රාග නිශ්‍රිත සිතුවිල්ලක් යන්තමින් හෝ ඇතිවීදැයි තමන්ගේ සිත ප්‍රත්‍යවේක්ෂා කල යුතු වේ.

එසේ පරීක්ෂාකලවිට එබඳු කැමති සිතක්, නැවත සුවඳ විඳීමේ සිතක් යම් විටෙක ස්වල්පවූ හෝ මොහොතක සිතෙහි මතුවී යැයි දන්නේ නම්, ඒ භික්ෂුව වහාම සිය සිතේ එවන් ලාමක සිතුවිලි ඇතිවීම නැවත්වීම පිණිස සුදුසු නිමිත්තක් ගෙන සිත නැංවිය යුතුය.

තමාගේ සන්තානය කෙලෙස් වලින් මැඩුන බව දැන නැවත එසේ නොවන ලෙස නැවත උත්සාහයෙන් සිත පවිත්‍ර කර ගත යුතුවේ. පාරිශුද්ධ කරගත යුතුවේ.

භික්ෂුව සිය ප්‍රත්යාවෙක්ෂයෙදී, දැනුනු සුවඳක් නිසා සිය සිත තුල එවන් කාම නිශ්‍රිත සිතුවිල්ලක් නොනැගුණ බව දක්නා භික්ෂුව සිය සන්තානයේ කාම රාග නොනගින බව දැක සතුටු විය යුතුවේ. ඒ ආකාරයටම සිත පවත්වා ගන්නට නිතොර උත්සාහ කල යුතුවේ.

 § . 7. “එසේම සාරිපුත්තය!, පිණ්ඩපාතයේ යන භික්ෂුව මෙසේ ද මනසිකාරය පැවැත් විය යුතුය.
‘මම පිඬු පිණිස ගමට යන විට ආවාසයේ සිට ගමට යන මාර්ගයේදී, හෝ එසේ අවුත් ගමෙහි ගෙන් ගෙට පිඬු පිණිස හැසිරෙන විට හෝ, පිණ්ඩපාතය ලබා ආපසු ආරාමයට එන මගදී හෝ මට දැනුණ යම් ගඳක් නිසා මගේ සිතේ නොකැමැත්තක්, අකමැත්තක්, අප්‍රසන්න බවක්, තරහවක්, යන්තමින් හෝ ඇතිවීදැයි තමන්ගේ සිත ප්‍රත්‍යවේක්ෂා කල යුතු වේ.

එසේ පරීක්ෂාකලවිට එබඳු අප්‍රසන්න සිතක්, අකැමති සිතක් යම් විටෙක ස්වල්පවූ හෝ මොහොතක සිතෙහි මතුවී යැයි දන්නේ නම්, ඒ භික්ෂුව වහාම සිය සිතේ එවන් ලාමක දෝස සිතුවිලි සිතුවිලි ඇතිවීම නැවත්වීම පිණිස සුදුසු නිමිත්තක් ගෙන සිත නැංවිය යුතුය.

තමාගේ සන්තානය කෙලෙස් වලින් මැඩුන බව දැන නැවත එසේ නොවන ලෙස නැවත උත්සාහයෙන් සිත පවිත්‍ර කර ගත යුතුවේ. පාරිශුද්ධ කරගත යුතුවේ

භික්ෂුව සිය ප්‍රත්යාවෙක්ෂයෙදී, දැනුනු ගැඳක් නිසා සිය සිත තුල එවන් දෝස නිශ්‍රිත සිතුවිල්ලක් නොනැගුණ බව දක්නා භික්ෂුව සිය සන්තානයේ දෝස නොනගින බව දැක සතුටු විය යුතුවේ. ඒ ආකාරයටම සිත පවත්වා ගන්නට නිතොර උත්සාහ කල යුතුවේ.

§ 8. “ශාරීපුත්‍රය නැවතද ඒ භික්ෂුව විසින් මෙසේ නුවණින්කල්පනා කටයුතුය. එසේම සාරිපුත්තය!, පිණ්ඩපාතයේ යන භික්ෂුව මෙසේ ද මනසිකාරය පැවැත් විය යුතුය.

‘මම පිඬු පිණිස ගමට යන විට ආවාසයේ සිට ගමට යන මාර්ගයේදී, හෝ එසේ අවුත් ගමෙහි ගෙන් ගෙට පිඬු පිණිස හැසිරෙන විට හෝ, පිණ්ඩපාතය ලබා ආපසු ආරාමයට එන මගදී හෝ මට පිණ්ඩපාතය වැළඳීම කරන විට දැනුණ යම් ප්‍රසන්න රසයක් නිසා මගේ සිතේ ආසාවක්, කැමැත්තක් ආසා නිශ්‍රිත සිතුවිල්ලක් යන්තමින් හෝ ඇතිවීදැයි තමන්ගේ සිත ප්‍රත්‍යවේක්ෂා කල යුතු වේ.

එසේ පරීක්ෂාකලවිට එබඳු ආහාරයක රසයට කැමති සිතක්, නැවත රස විඳීමේ සිතක් යම් විටෙක ස්වල්පවූ හෝ මොහොතක හෝ තම සිතෙහි මතුවී යැයි දන්නේ නම්, ඒ භික්ෂුව වහාම සිය සිතේ එවන් ලාමක සිතුවිලි ඇතිවීම නැවත්වීම පිණිස ආහාරයේ පටික්කුල සංඥාව වැනි සුදුසු නිමිත්තක් ගෙන සිත නැංවිය යුතුය.

නොඑසේ නම් තමාට දැනුනු රසයක් නිසා නොකැමැත්තක්, අකමැත්තක්, අප්‍රසන්න බවක්, තරහවක්, යන්තමින් හෝ ඇතිවීදැයි තමන්ගේ සිත ප්‍රත්‍යවේක්ෂා කල යුතු වේ. එසේ පරීක්ෂාකලවිට එබඳු ආහාරයක රසයට අකැමති සිතක්, අප්‍රිය සිතක් යම් විටෙක ස්වල්පවූ හෝ මොහොතක හෝ තම සිතෙහි මතුවී යැයි දන්නේ නම්, ඒ භික්ෂුව වහාම සිය සිතේ එවන් ලාමක සිතුවිලි ඇතිවීම නැවත්වීම පිණිස ආහාරයේ පටික්කුල සංඥාව වැනි සුදුසු නිමිත්තක් ගෙන සිත නැංවිය යුතුය.

භික්ෂුව සිය ප්‍රත්යාවෙක්ෂයෙදී, දැනුනු රසක් නිසා සිය සිත තුල එවන් කාම නිශ්‍රිත සිතුවිල්ලක් නොනැගුණ බව දක්නා භික්ෂුව සිය සන්තානයේ කාම ක්ලෙස නොනගින බව දැක සතුටු විය යුතුවේ. ඒ ආකාරයටම සිත පවත්වා ගන්නට නිතොර උත්සාහ කල යුතුවේ.

§ 9 . “ශාරීපුත්‍රය නැවතද ඒ භික්ෂුව විසින් මෙසේ නුවණින්කල්පනා කටයුතුය.

එසේම සාරිපුත්තය!, පිණ්ඩපාතයේ යන භික්ෂුව මෙසේ ද මනසිකාරය පැවැත් විය යුතුය.

මම පිඬු පිණිස ගමට යන විට ආවාසයේ සිට ගමට යන මාර්ගයේදී, හෝ එසේ අවුත් ගමෙහි ගෙන් ගෙට පිඬු පිණිස හැසිරෙන විට හෝ, පිණ්ඩපාතය ලබා ආපසු ආරාමයට එන මගදී හෝ මට ස්පර්ශවූ දෙයක් නිසා ඇතිවුන යම් ආසාවක්, කැමැත්තක් ආසා නිශ්‍රිත සිතුවිල්ලක් යන්තමින් හෝ ඇතිවීදැයි තමන්ගේ සිත ප්‍රත්‍යවේක්ෂා කල යුතු වේ.

එසේ පරීක්ෂාකලවිට එබඳු ස්පර්ශයකට කැමති සිතක්, නැවත ස්පර්ශ කිරීමේ සිතක් යම් විටෙක ස්වල්පවූ හෝ මොහොතක හෝ තම සිතෙහි මතුවී යැයි දන්නේ නම්, ඒ භික්ෂුව වහාම සිය සිතේ එවන් ලාමක සිතුවිලි ඇතිවීම නැවත්වීම පිණිස අනිත්ය සංඥාව වැනි සුදුසු නිමිත්තක් ගෙන සිත නැංවිය යුතුය.

නොඑසේ නම් තමාට දැනුනු ස්පර්ශයක් නිසා නොකැමැත්තක්, අකමැත්තක්, අප්‍රසන්න බවක්, තරහවක්, යන්තමින් හෝ ඇතිවීදැයි තමන්ගේ සිත ප්‍රත්‍යවේක්ෂා කල යුතු වේ.

එසේ පරීක්ෂාකලවිට එබඳු ස්පර්ෂයකට අකැමති සිතක්, අප්‍රිය සිතක් යම් විටෙක ස්වල්පවූ හෝ මොහොතක හෝ තම සිතෙහි මතුවී යැයි දන්නේ නම්, ඒ භික්ෂුව වහාම සිය සිතේ එවන් ලාමක සිතුවිලි ඇතිවීම නැවත්වීම පිණිස අනිච්ච සංඥාව වැනි සුදුසු නිමිත්තක් ගෙන සිත නැංවිය යුතුය.

භික්ෂුව සිය ප්‍රත්යාවෙක්ෂයෙදී, දැනුනු ස්පර්ශයක් නිසා සිය සිත තුල එවන් කාම නිශ්‍රිත සිතුවිල්ලක් නොනැගුණ බව දක්නා භික්ෂුව සිය සන්තානයේ කාම රාග නොනගින බව දැක සතුටු විය යුතුවේ. ඒ ආකාරයටම සිත පවත්වා ගන්නට නිතොර උත්සාහ කල යුතුවේ.

§ .10. “ශාරීපුත්‍රය නැවතද ඒ භික්ෂුව විසින් මෙසේ නුවණින් කල්පනා කළයුතුය.

‘මම පිඬු පිණිස ගමට යන විට ආවාසයේ සිට ගමට යන මාර්ගයේදී, හෝ එසේ අවුත් ගමෙහි ගෙන් ගෙට පිඬු පිණිස හැසිරෙන විට හෝ, පිණ්ඩපාතය ලබා ආපසු ආරාමයට එන මගදී හෝ මට ඇතිවූ යම් සිතුවිල්ලක් නිසා ඇතිවුන මට යම් ආසාවක්, කැමැත්තක් ආසා නිශ්‍රිත සිතුවිල්ලක් යන්තමින් හෝ ඇතිවීදැයි තමන්ගේ සිත නොහොත් මනෝ ස්වභාවය ප්‍රත්‍යවේක්ෂා කල යුතු වේ

පිඬු සෙවීමෙන් වැළකී පෙරළා ආයෙම්ද, මනොවිඥානයෙන් දතයුතුවූ ධර්මයන්හිද ඡන්දය හෝ රාගය හෝ ද්වේෂය හෝ මෝහය හෝ ප්‍රතිඝය හෝ මාගේ සිතෙහි ඇත්තේදැයි, මෙනෙහි කළ යුතුය.

එසේ පරීක්ෂාකලවිට එබඳු ස්පර්ශයකට කැමති සිතක්, නැවත ස්පර්ශ කිරීමේ සිතක් යම් විටෙක ස්වල්පවූ හෝ මොහොතක හෝ තම සිතෙහි මතුවී යැයි දන්නේ නම්, ඒ භික්ෂුව වහාම සිය සිතේ එවන් ලාමක සිතුවිලි ඇතිවීම නැවත්වීම පිණිස අනිත්ය සංඥාව වැනි සුදුසු නිමිත්තක් ගෙන සිත නැංවිය යුතුය

එසේ පරීක්ෂාකලවිට එබඳු මනෝ ස්වභාවයක් නිසා අකැමති සිතක්, අප්‍රිය සිතක් යම් විටෙක ස්වල්පවූ හෝ මොහොතක හෝ තම සිතෙහි මතුවී යැයි දන්නේ නම්, ඒ භික්ෂුව වහාම සිය සිතේ එවන් ලාමක සිතුවිලි ඇතිවීම නැවත්වීම පිණිස මෛත්‍රී සංඥාව වැනි සුදුසු නිමිත්තක් ගෙන සිත නැංවිය යුතුය.

භික්ෂුව සිය ප්‍රත්යාවෙක්ෂයෙදී, සිතට නැගුනු සිතිවිල්ලක් නිසා සිය සිත තුල එවන් කාම නිශ්‍රිත සිතුවිල්ලක් නොනැගුණ බව දක්නා භික්ෂුව සිය සන්තානයේ කාම කෙලෙස් නොනගින බව දැක සතුටු විය යුතුවේ. ඒ ආකාරයටම සිත පවත්වා ගන්නට නිතොර උත්සාහ කල යුතුවේ.

[1351:- මේ පිණ්ඩපාත පාරිශුද්ධ සුත්‍රයේ චීන පිටපත ලෙස සැලකෙන සුත්‍රය චීන සංයුත්ත ආගමෙහි දැක්වේ. එම පිටපතේ මේ සුත්‍රයේ මෙතනින් අවසන් වේ. අපේ ථෙරවාද මජ්ජිම පිටකයේ සුත්‍රය ඊට වඩා වැඩි කාරණා අඩංගුය. එසේ වැඩිපුර කාරණා එක කිරීම පසුකාලින සංගීති කාරක සංඝයා වහන්සේලා කරන්නට ඇතැයි පුජ්‍යපාද අනාලයෝ ස්වාමින් වහන්සේ අනුමාන කරයි]

The parallel is SĀ 236 at T II 57b, which has the title “dwelling in purity when begging food”, 清淨乞 食住 (a title given at T II 57b25). SĀ 236 takes place at Jeta’s Grove by Sāvatthī, whereas MN 151 has Rājagaha as its venue. SĀ 236 has been translated in Choong 2004: 5-9, for remarks on SĀ 236 in the light of MN 151 cf. Choong 1999: 11-13. The first part of MN 151 also has a partial parallel in EĀ 45.6 at T II 773b. In close agreement with MN 151, EĀ 45.6 reports that Sāriputta arose from seclusion and visited the Buddha, who inquired about Sāriputta’s pure faculties. EĀ 45.6 also agrees with MN 151 that Sāriputta informed the Buddha about his practice of emptiness meditation and that the Buddha
praised such meditation. From this point onwards, EĀ 45.6 continues differently, as according to its report the Buddha followed up the topic of the superiority of emptiness meditation by describing his own pre-awakening experiences. Thus, the remainder of EĀ 45.6 is no longer a parallel to MN 151.]

මෙතැන් සිට ඇති ප්‍රතවෙක්ෂයන් පිණ්ඩපාතයට සම්බන්ධ නොවේ. මෙහි පහත එන 10 සහ 11 ප්‍රත්යවක්ෂයන් කාමයන්ගෙන් සිත නිදහස් කර ගන්නට ද, නීවරණ ප්‍රහාරණ කරන්නටද උපදෙස් වේ. මේ දෙක එනම් කාමයෙන් තොර වීම නීවරණ දුරු කිරීම පළමු වන ධ්‍යාන සිත උපදවන්නට හේතු සාධක වේ. ]

§ .10. “ශාරීපුත්‍රය නැවතද ඒ භික්ෂුව විසින් මෙසේ නුවණින් කල්පනා කළයුතුය.

‘මම පංච කාමයන්ගෙන්1350 නිදහස් වුයෙම්ද ”

[1350:– සසරට සත්වයා බැඳ තබන කාමයෝ ගැන ඉතා පරීක්ෂාකාරීව උගත යුතුය.ඇස කණ ආදී අපේ ඉන්ද්‍රිය පහෙන් ලෝකයේ ඇති රූප ශබ්ද ඝන්ධ රස පොට්ඨාබ්භ විඳීම නිසා කාමය ඇතිවේ. ඇස අන්ධ කරගෙන, කණ බිහිරි කරගෙන් කාමයෙන් වෙන් වන්නට නොහැක. ලොව ඇති සියලු රූප , ශබධ වැනසීමෙන් කාමය දුරලිය නොහැක. කාමය ඇති වන්නේ සිතෙහිය. යෝනිසෝ මනසිකාරයෙන් අරමුනු ගැනීම කාමය දුරලන ක්‍රමයකි.]

එසේ සිය සන්තානය තුල සියලු සිතිවිලි ප්‍රත්‍යවේක්ෂා කරන ඔහු තමා තුල යම් කිසි අල්ප වූ හෝ කාමයන් කෙරෙහි ආසාවක් ඇති බව දකින්නේ නම්, ඔහු හිස ගිනිගත් එකෙකු හෝ ඇඳි වස්ත්‍රය ගිනිගත් කෙනෙකු ඒ ගින්න නිවා ගන්නට උත්සාහවත් වන්නා සේ වහ වහා ඒ ක්ලේශ කාමයන් දුරු කිරීමට වීර්යය වැඩිය යුතුවේ

යම් ලෙසකින් ඔහු ප්‍රත්‍යවේක්ෂා කරත්දී තමා තුල කාමයන් නැතැයි දකියි නම්, ඔහුට සිය සමවත් සුවය සතුටින් විඳිය හැකි වන්නේය.

නීවරණ ප්‍රත්‍යවෙක්ශාව

§ 11. තවද සාරිපුත්තය තමා තුල කාම ක්ලේශ දුරු වූ බව දක්නා භික්ශුව තමා නීවරණයන් 1352 පහෙන් නිදහස් වී ඇත්දැයි ප්‍රත්‍යවේක්ෂා කර බැලිය යුතු වේ.

එසේ මනසිකාර කරන්නාවූ භික්ෂුව තමා තවමත් නීවරණයන් සමහරකගෙන් හෝ මිදී නැති බව දක්නේ නම් ඒ නීවරණ ප්‍රහාණය සඳහා වීර්යය වැඩිය යුතුය.

ඔහු තුල නීවරණයන් පසම දුරු වී ඇතැයි දැක්කවිට ඔහු සතුටින් යුතුව දිවා රෑ නොබලා කුසල් සිතින් ප්‍රතිපත්ති පිරිය යුතු වේ.

[1352: නීවරණ :- නීවරණ ගැන ධර්ම සාකච්චා අසන්න. CLICK HERE] වැඩිදුර කියවන්න.CLICK ]

[මී ලඟට ඇති කාරණය වන උපාදාන ස්කන්ධයන් දැනගැනීම සම්පුර්ණ වන්නේ අරහත් ඵලය ලැබීමෙනි. එනමුත් මේ මාර්ගයට ඇතුල්වීම සඳහා සෝතාපන්න තත්වයට පත්වන්නට උපාදාන ස්කන්ධයන් හැකි ලෙසකින් හඳුනාගැනීම අවශ්‍ය වේ.]

උපාදානස්කන්ධ ප්‍රත්‍යවෙක්ශාව

පංච උපාදානස්කන්ධ ගැන පුජ්‍ය තල්ගමුවේ සුධිරානන්ද හිමි කල දේසනාව.

[1353:- කරුණාකර මේ ධර්මදේශනා පෙළද අසන්න LINK ]

§ 11. . තවද සාරිපුත්තය තමා තුල නීවරණ ධර්මයන් පසම ප්‍රහීන බව දක්නා භික්ෂුව තමා පංචස්කන්ධයන් කෙරෙහි වන උපාදානයන් පිරිසිඳ අවබෝධකරගත්තේ දැයි විදසුන් නුවනින් පරීක්ෂා කල යුතු වේ.

සිය සන්තානයේ උපාදානයන් තවමත් තමන් අවබෝධ නොකළ බව දක්නා භික්ශුව උපාදාන ස්කන්ධයන් පහ1354 අවබෝධය පිණිස විදර්ශනා වැඩිය යුතුය. එසේ කොට පංච උපාදානස්කන්ධයන් පිලිබඳ දැකීම ඇති කල්හි ප්‍රීති ප්‍රමෝදයෙන් යුතුව බ්‍රහ්මචරියාවේ හැසිරිය යුතු වේ.

පුජ්‍ය මාන්කඩවල සුදස්සන හිමි කල විස්තරාත්මක දේසනාව

[1354:- පංච උපාදාන ස්කන්ධ ගැන යම් හැඳිනීමක් ඇතිව සොතාපන්න් බවට පත් භික්ෂුව දැන් අරහත් ඵලය දෙස යොමු කරන්නසත්ට තිස් බෝධි පාක්ෂික ධර්මයන් 12 සිට 18 දක්වා දක්වා ඇත.]

සතර සතිපට්ඨානය

§ 12 . . තවද සාරිපුත්තය තමා පංච උපාදාන ස්කන්ධයන් ප්‍රත්‍යක්ෂ යෙන් අවබෝධ කල භික්ශුව, තමා සතර සතිපට්ඨාන ධර්මයන් 1355 වඩ්න්නේදැයි මෙනෙහි කල යුතුය.

එසේ මනසිකාරය යොදා බලත්දී තමා සතර සතිපට්ඨානයේ නොදෙන්නේ යැයි දකිනා භික්ෂුව සියලු ඉරියව් පැවැත්වීමේදී සතර සතිපට්ඨානය වැඩීමට වීර්ය කල යුතු වේ. උත්සාහ කල යුතු වෙයි. එසේ සියලු කල්හි සතිය පවත්වන්නට හුරු වූ කල භික්ෂුව සතිටින් යුතුව ප්‍රතිපදාවේ නියැලිය යුතු වේ.

[1355:- “කායානුපස්සනා සතිපට්ඨානය, වේදනානුපස්සනා සතිපට්ඨානය,  චිත්තානුපස්සනා සතිපට්ඨානය, ධම්මානුපස්සනා සතිපට්ඨානය” යි සතිපට්ඨානයෝ සතරකි.]

සතර සම්‍යක් ප්‍රධාන ප්‍රත්‍යවෙක්ශාව

§ 13 . . තවද සාරිපුත්තය තමා සියලු කල්හි සතිය පවත්වන බව දක්නා භික්ෂුව තමා තුල සතර සම්‍යක් ප්‍රධානයන් වැඩී ඇත්දැයි පරීක්ෂා කල යුතුවේ.

තමා තුල සතර සම්‍යක් ප්‍රධානයන් 1356 වැඩී නැති බව දක්නා භික්ෂුව සතර සමයක් ප්‍රධාන වීර්යයන් තමා තුල වඩා ගන්නට උත්සාහ කල යුතු වේ.

[1356:- චත්තාරො මෙ භික්ඛවෙ, සම්මප්පධානා, කතමෙ චත්තාරො? ඉධ භික්ඛවෙ, භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙනි වායමති විරියං ආරහති චිත්තං පග්ගණ්හාති පදහති.
උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති.
අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති.
උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භීය්‍යො භාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති.
ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො සම්මප්පධානාති.]

එසේ සතර සම්‍යක් ප්‍රධාන වීර්යයන් වඩා ගන්නා භික්ෂුව ඒ වීර්යයන් අත් නොහැර ප්‍රතිපදාවේ ඉදිරියට යාමට සමත් වේ. .

සතර ඉද්ධිපාද

§ 14 . තවද සාරිපුත්තය තමා සියලු කල්හි සතර සම්‍යක් ප්‍රධාන වීර්යය පවත්වන බව දක්නා භික්ෂුව තමා තුල සතර ඉර්ධිපාදයන්1357 වැඩී ඇත්දැයි විමර්ශනය කල යුතු වන්නේය.

[1357:- ඡන්දිද්ධිපාදය විරියිද්ධිපාදය චිත්තිද්ධිපාදය වීමංසිද්ධිපාදය යි සෘද්ධිපාද ධර්ම සතරෙකි.]

තමා තුල සතර ඉද්ධිපාදයන් වැඩී නැති බව දකින්නේ නම් භික්ෂුව සතර ඉද්ධිපාදයන් වර්ධන කර ගන්නට උත්සාහවත් විය යුතු ය. එසේ චන්ද, චිත්ත, විරිය, විමංසා යන් ඉද්ධිපාද ධර්මයන් සතර වඩා ගත භික්ෂුව එම පීති ප්‍රමෝදයෙන් යුක්තව පටිපදාවෙහි නියලෙන්නේය.

පංච ඉන්ද්‍රිය ධර්ම

පංච ඉන්ද්‍රිය – පුජ්‍ය එල්ලාවල විජිතානන්ද හිමි කල දේසනාව

§ 15 . තවද සාරිපුත්තය තමා සියලු කල්හි සතර සඉද්ධිපාද පවත්වන බව දක්නා භික්ෂුව තමා තුල පංච ඉන්ද්‍රිය ධර්මයන් 1358 වැඩී ඇත්දැයි විමර්ශනය කල යුතු වන්නේය.

[1358:- ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා යන පංච ඉන්ද්‍රිය ධර්මයන් ගැන කියවන්න.]

තමා තුල පංච ඉන්ද්‍රියයන් වැඩී නැති බව දකින්නේ නම් භික්ෂුව පංච ඉන්ද්‍රියයන් වර්ධනය කර ගන්නට උත්සාහවත් විය යුතු ය.

එසේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා යන ඉන්ද්‍රිය ධර්මයන් වඩා ගත් භික්ෂුව එම පීති ප්‍රමෝදයෙන් යුක්තව තව දුරටත් පටිපදාවෙහි නියැලෙන්නේය.

පංච බල ධර්ම

§ 16 . තවද සාරිපුත්තය තමා තුල පංච ඉන්ද්‍රියයන් වැඩී පවත්වන බව දක්නා භික්ෂුව තමා තුල පංච බල ධර්මයන් 1359 වැඩී ඇත්දැයි විමර්ශනය කල යුතු වන්නේය.

[1359:- පංච බල යනු ශ්‍රද්ධා බලය, විරිය බලය, සති බලය, සමාධි බලය හා ප්‍රඥා බලය යි. වැඩිදුර කියවන්න ]

පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ කල දේසනාව

තමා තුල පංච බල ධර්මයන් වැඩී නැති බව දක්නා විට ඒ පංච බලයන් තමා තුල වඩා ගන්නට වීර්යය කල යුතුය.,

එසේ වඩාගත් පංච විධ බලයන් තමා තුල බව දක්නා භික්ෂුව ඉදිරියේඇති අභිමතාර්ථය පිණිස පටිපදාවේ යෙදෙයි. “

. ඉදින් ශාරීපුත්‍රය, මෙනෙහි කරන්නාවූ භික්ෂුව ‘මා විසින් පඤ්චබල වඩන ලද්දාහ’යි දනීනම්, ශාරීපුත්‍රය, කුසල් දහම්හි නැවත නැවත හික්මෙන්නාවූ ඒ මහණහු විසින් එම ප්‍රීතියෙන් (යුක්තව) විසිය යුතුය

බෝජ්ජංග ධර්ම හත

§ 17 . තමා පංච බලයන් වඩාගත් බව දන්නා භික්ෂුව යලි සප්ත බෝජ්ජංග1360 ධර්මයන් තමා තුල වඩා ගන්නට උත්සාහවත් විය යුතුය.

[1360: සති- සම්බොජ්ඣංගෝ, ධම්මවිචය සම්බොජ්ඣංගෝ, විරිය සම්බොජ්ඣංගෝ, පීති සම්බොජ්ඣංගෝ, පස්සද්ධි සම්බොජ්ඣංගෝ, සමාධි- සම්බොජ්ඣංගෝ උපෙක්ඛා සම්බොජ්ඣංගෝ, ඉමෙ ඛො භික්ඛවෙ! සත්ත බොජ්ඣංගා භාවිතා බහුලීකතා අපාරාපාරංගමනාය සංවත්තන්ති.”]

ඉදින් ශාරීපුත්‍රය, භික්ෂුව මෙනෙහි කරන්නේ ‘මා විසින් සප්ත බෝධ්‍යංගයෝ වඩන ලද්දාහුය’යි දනී නම්, ශාරීපුත්‍රය, කුසල් දහම්හි නැවත නැවත හික්මෙන්නාවූ ඒ භික්ෂුව විසින් එම ප්‍රීතියෙන් (යුක්තව) විසිය යුතුය..

[ 1361:- සප්ත බෝජ්ජංග ගැන කල මේ දේශනා මාලාව අසන්න CLICK HERE]

ආර්ය අෂ්ඨාංගික මාර්ගය

පුජ්‍ය එල්ලාවල විජිතානන්ද ස්වාමින්වහන්සේ ගෙ දේසනා පෙළ අසන්න

§ 18. නැවතද ශාරීපුත්‍රය, ‘මා විසින් ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය වඩන ලද්දේදැ’යි භික්ෂුව විසින් මෙසේ (නුවණින්) සැලැකිය යුතුය.

ඉදින් ශාරීපුත්‍රය එසේ භික්ෂුව මෙනෙහි කරන්නේ ‘මා විසින් ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය සම්පුර්නව නොවඩන ලදැ’යි දනීනම්, ශාරීපුත්‍රය, ඒ භික්ෂුව විසින් ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය වඩනු පිණිස වෑයම් කළයුතුය,

ඉදින් ශාරීපුත්‍රය, භික්ෂුව මෙනෙහි කරන්නේ ‘මා විසින් ආර්‍ය්‍යඅෂ්ටාංගික මාර්ගය වඩන ලදැ’යි දනීනම්, ශාරීපුත්‍රය, කුසල් දහම්හි දිවා රෑ දෙක්හි නැවත නැවත හික්මෙන්නාවූ ඒ භික්ෂුව විසින් එම ප්‍රීතියෙන් (යුක්තව) විසිය යුතුය.

[1362:- මෙසේ සත් තිස් බෝධි පාක්ෂික ධර්මයන් වඩමින් අරහත් ඵලය හමුවට පත්වන භික්ෂුවට දැන් භාග්‍යවතුන් වහන්සේ සමථ හා විදර්ශනා භාවනාව සහ විජ්ජා ඵල ඥාණය ඩ ඵල විමුක්ති ඥානයද හඳුනාගන්නට උපදෙස් දෙමින් ඔහු අරහත් ඵලයට යොදවයි.]

සමථ හා විදර්ශනාව

§ 19. නැවතද ශාරීපුත්‍රය, ‘මා විසින් සමථයත් විදර්ශනාවත් වඩන ලද්දේ දැයි භික්ෂුව විසින් මෙසේ (නුවණින්) සැලැකිය යුතුය

ඉදින් ශාරීපුත්‍රය, භික්ෂුව ‘මා විසින් සමථයද, විදර්ශනාවද ලද්දේ නැතැ’යි දනීනම්, ශාරීපුත්‍රය, ඒ භික්ෂුව විසින් සමථ විදර්ශනා වන්ගේ වැඩීම කළයුතුය.

ඉදින් ශාරීපුත්‍රය, භික්ෂුව මෙනෙහි කරන්නේශාරීපුත්‍රය, ‘මා විසින් සමථයද විදර්ශනාවද වඩන ලද්දේ ය’යි දනීනම්, ශාරීපුත්‍රය, කුසල් දහම්හි දිවා රෑ දෙක්හි හික්මෙන්නාවු ඒ භික්ෂුව විසින් එම ප්‍රීතියෙන් (යුක්තව) විසිය යුතුය. “.

විද්‍යා හා විමුක්ති

§ 20 . “නැවතද ශාරීපුත්‍රය, ‘මා විසින් විද්‍යාව (ඵල ඤාණය) ද විමුක්තිය (ඵල සම්ප්‍රයුක්ත සෙසු ධර්මයෝ) ද ප්‍රත්‍යක්ෂ කරන ලද්දාහුදැයි” භික්ෂුව විසින් මෙසේ (නුවණින්) මෙනෙහි කළ යුතුය,

ඉදින් ශාරීපුත්‍රය, භික්ෂුව (නුවණින්) සලකන්නේ, ‘මා විසින් විද්‍යාවද විමුක්තියද ප්‍රත්‍යක්ෂ නොකරන ලද්දාහුයයි’ දනීනම් ශාරිපුත්‍රය, ඒ භික්ෂුව විසින් විද්‍යා විමුක්තීන්ගේ ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස වෑයම් කළ යුතුය.

ඉදින් ශාරිපුත්‍රය, එම භික්ෂුව මෙනෙහි කරන්නේ ‘මා විසින් විද්‍යාවද, විමුක්තියද ප්‍රත්‍යක්ෂ කරන ලද්දාහුය’යි දනී නම් ශාරීපුත්‍රය, කුසල් දහම්හි රෑ දාවල් දෙක්හි නැවත නැවත හික්මෙන්නාවූ ඒ භික්ෂූව විසින් එම ප්‍රීති ප්‍රමෝද්‍යයෙන් (යුක්තව) විසිය යුතුය.. 

§ 12. ‘ශාරීපුත්‍රය, අතීතයෙහි යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයේක් හෝ පිණ්ඩපාතය පිරිසිදුව කළාහුද, ඒ සියල්ලෝ මෙසේ මෙනෙහි කොට පිණ්ඩපාතය පිරිසිදු කළහ.

ශාරීපුත්‍රය, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ අනාගතයෙහි පිණ්ඩපාතය පිරිසිදු කරන්නාහුද, ඒ සියල්ලෝ මෙසේම මෙනෙහිකොට මෙනෙහිකොට පිණ්ඩපාතය පිරිසිදු කරන්නාහුය

ශාරීපුත්‍රය, යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ දැන් (මෙකල) පිණ්ඩපාතය පිරිසිදු කෙරෙද්ද, ඒ සියල්ලෝ මෙසේම පිණ්ඩපාතය පිරිසිදු කෙරෙති.

එහෙයින් ශාරීපුත්‍රය, තොප විසින් ප්‍රත්‍යවෙක්ෂා කොට ප්‍රත්‍යවෙක්ෂා කොට පිණ්ඩපාතය පිරිසිදු කරන්නෙමුයි’ මෙසේ හික්මිය යුතුයි. ශාරීපුත්‍රය තොප විසින් මෙසේම හික්මිය යුතුයයි වදාළ සේක.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. සතුටු සිත් ඇති ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්හ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.