භද්දෙක රත්ත සුත්‍ර සතරේම ඇත්තේ එකම ඉගැන්වීමකි.
අතීතයේ වූ දේ ගැන සිතා එහි සතුටින් නොබැදෙන්න. සතුටු නොවන්න.
අනාගතය ගැන මේ මේ ආකාරයෙන් සැප විඳිමි’යැයි තන්හාවෙන් නොසිතන්න.
මේ දැන් වර්තමානයේ පසිඳුරන් ලබන අරමුණු “දුක්ඛ, අනිච්ච, අනාත්ම ” ලෙස විදසුන් ඇසින් බලන්න .
ඒවා නිසා කාම තන්හා ඇතිව බලා , දෝස ඇසින් බලා සංස්කාර ඇති කර නොගන්න.
ඒ උපදෙස මෙසේ සැලකීම වටි.
අතීතයේදී රස විඳි පස් කම් සැප ගැන අද සතුටින් ආසාවෙන් මෙනෙහි කිරීමෙන් (නන්දියති, අභිනන්දති, අජ්ජෝසාය තිට්ඨති ආකාරයෙන් (LINK) එදා රැස් කල සංස්කාර ගොඩම යලි ඔබ උපදවා ගනියි. එදා කරගත් සංස්කාර රැස්කිරීම කර හමාරය. ඒ ගැන දැන් කල හැක්කක් නැත. එහෙත් එදා ඇසු ගීත නැවත මතක් කරගෙන, එදා දුටු චිත්‍රපට අද නැවත මතක් කරමින් ඔබ අද ද එදා කල අනුවණ දෙය කර ගනියි. අනාගතය ගැනද එසේමය. තවම කර නොගත් සංස්කාර ගොඩ ගැසීමක් තවම නොආ අනාගතයක් ගැන මෙසේ කරගැනීම අනුවණ කමකි. අද ඔබ ට හමුවන අරමුණු ගැන යෝනිසෝ මනසිකාරයෙන් බලා, ඒ අරමුණු දුක්ඛ, අනිච්ච , අනාත්ම ලෙස විදර්ශනා කිරීමෙන් එයින් ඇතිවන සංකාර යහපත් ආකාරයකට හසුරුවාගන්නට ඔබ දක්ෂ විය යුතුය. එම විදර්ශනාව ජීවිතයේ කොටසක් කරගත යුතුය. අද ජීවත්වන්නා අතීතයේ කල සහ අනාගතයේ කල යුතු යැයි සිතන , කල යුතු දේ ගැන සිතා සංකාර ගොඩ නැගීම නතර කර ගන්න .

මේ සම්පුර්ණ පොත බාගත කරගන්නට ඉහත රූපය ක්ලික් කරන්න
§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන්වහන්සේ සැවැත් නවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එහිදී භාග්‍යවතුන්වහන්සේ ‘මහණෙනි’යි භික්ෂුන් ඇමතු සේක. ‘පින්වතුන් වහන්ස’යැයි ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ.
§ 2. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාල සේක.
‘මහණෙනි, නුඹලාට උත්තරීතර හුදෙකලාවෙහි ඇලුණු තැනැත්තා පිලිබඳ මාතෘකාවද විස්තාර විභාගයද1210 දෙසමි. එය අසව, මැනැවින් මෙනෙහි කරව, කීයන්නෙමි”
[1210:- උද්දෙසය හා විභංගය යනු සංක්ෂිප්තව කරන දෙසුම හා විස්තර කර කරන දෙසනයද වේ. භාද්දෙකරත්ත යන පදය ගැන තවමත් බොහෝ දෙනා විවිධ අර්ථ කතන දක්වන්නේ අන් කිසි වෙනත් සුත්‍රයක හෝ අටුවාවෙහි බද්දෙකරත්ත යන යෙදුම සඳහන් නොවන නිසාය. ඥාණමොලී මහා ස්ථවිරයන් සිට ඉංග්‍රීසි පරිවර්තනයේදී One Fortunate Attachment ලෙස දුන් මාතෘකාව මෑතකදී බෝධි මහා ස්වාමින්වහන්සේ විසින් A Single Excellent Night ලෙස වෙව්නස් කරන ලදී. මෙහි අන්තර්ගත කටුකුරුන්දේ ඤානානන්ද මහා ස්වාමින්වහන්සේ සොඳුරු හුදෙකලාව කල නම් කිරීමද බෝධි හිමියන් පිලි නොගනී. උන්වහන්සේ කියන්නේ අද ඉවරවෙන රාත්‍රිය ලෙස අද දිනය බවත්, අද දිනය විශිෂ්ටව ගතකරන්නේ කෙසේද යන යෙදුම විශිෂ්ට රාත්‍රියක් ලෙස දැක්වීම වඩා සුදුසු බවත්ය. මෑතකදී සොයාගත් සංස්කෘත පරිවර්තනයේ මෙය උත්තම රාත්‍රිය ලෙස e කෙසේ වුවත් සුත්‍රයේ අඩංගු කාරණා විමසා බැලීමෙන් ඔබට සුදුසු මාතෘකාව පිළිගත හැක. ]
§ 3. ‘එසේය, වහන්ස!” යැයි ඒ භික්ෂුහු පිළිවදන් දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.:
ගිය කල ලුහුබැඳ නොයන්න මතු කල නො පතා සිටින්න ගිය දේ ගිය සේ මැ ගන්න මතුව නොපත් සේ දකින්න 1211 එළැඹුණ දේ දැන් එන එන විදසුන් නුවනට දමමින නොසැලෙන නොකිපෙන විදසුන නැණැතියො වඩනේ මෙලෙසින 1212 කල යුතු කිස කරව අද ම මරණය විය හැකි නෙ හෙටම නැහැ නොවැ කළ හැකි ගිවිසුම මහසෙන් ඇති මරු සහ එම දිව රෑ නොමැතිව මෙලෙසින කෙලෙසුන් තවමින් මැ වෙසෙන මහණ හුදෙකලාවේ පරම ඇලුනැ යි පවසයි මුනි තෙම
[1211:- අතීතයේ ජීවත් නොවන ලෙස දෙන උපදෙස මෙසේ සැලකීම වටි. අතීතයේදී රස විඳි පස් කම්කම් සැප ගැන අද සතුටින් ආසාවෙන් මෙනෙහි කිරීමෙන් එදා රැස් කල සංස්කාර ගොඩම යලි ඔබ උපදවා ගනියි. එදා කරගත් සංස්කාර රැස්කිරීම කර හමාරය. ඒ ගැන දැන් කල හැක්කක් නැත. එහෙත් එදා ඇසු ගීත නැවත මතක් කරගෙන, එදා දුටු චිත්‍රපට අද නැවත මතක් කරමින් ඔබ අද ද එදා කල අනුවණ දෙය අදත් කර ගනියි. අනාගතයේ ගැනද එසේමය. තවම කර නොගත් සංස්කාර ගොඩ ගැසීමක් තවම නොආ අනාගතයක් ගැන මෙසේම කරගැනීම අනුවණ කමකි.]
[1212:- අද ඔබ ට හමුවන අරමුණු ගැන යෝනිසෝ මනසිකාරයෙන් බලා, ඒ අරමුණු දුක්ඛ, අනිච්ච , අනාත්ම ලෙස විදර්ශනා කිරීමෙන් එයින් වන සංකාර යහපත් ආකාරයකට හසුරුවාගන්නට ඔබ දක්ෂ විය යුතුය. එම විදර්ශනාව ජීවිතයේ කොටසක් කරගත යුතුය. අද ජීවත්වන්නා අතීතයේ සහ අනාගතයේ කල , කල යුතු දෙ ගැන සිතා සංකාර ගොඩ නැගීම නතර කල යුතුය.]
§ 4. කෙසේද මහණෙනි, ගිය කල ලුහු බඳින්නේ ,
- අතීතයෙහි මෙබඳු රූපයක් ඇතිව සිටියෙමි යැයි ඉන් සතුටක් ඇති කර ගනියි.
- අතීතයෙහි මෙබඳු වින්දනයක් ඇතිව සිටියෙමි’යි ඉන් සතුටක් ඇති කර ගනියි.
- අතීතයෙහි මෙබඳු සංඥාවක් ඇතිව සිටියෙමි’යි ඉන් සතුටක් ඇති කර ගනියි.
- අතීතයෙහි මෙබඳු සංස්කාර කරමින් සිටියෙමි’යි ඉන් සතුටක් ඇති කර ගනියි.
- අතීතයෙහි මෙබඳු විඥාණයක් ඇතිව සිටියෙමි’යි ඉන් සතුටක් ඇති කර ගනියි.
මෙසේය මහණෙනි, ගිය කල ලුහු බඳින්නේ.
§ 5 . කෙසේද මහණෙනි, ගිය කල ලුහු නොබඳින්නේ ,
- අතීතයෙහි මෙබඳු රූපයක්ඇතිව සිටියෙමි යැයි ඉන් සතුටක් ඇති කර නොගනියි.
- අතීතයෙහි මෙබඳු වේදනාවක් ඇතිව සිටියෙමි’යි ඉන් සතුටක් ඇති කර නොගනියි.
- අතීතයෙහි මෙබඳු සංඥාවක් ඇතිව සිටියෙමි’යි ඉන් සතුටක් ඇති කර නොගනියි.
- අතීතයෙහි මෙබඳු සංස්කාර කරමින් සිටියෙමි’යි ඉන් සතුටක් ඇති කර නොගනියි.
- අතීතයෙහි මෙබඳු විඥාණයක් ඇතිව සිටියෙමි’යි ඉන් සතුටක් ඇති කර නොගනියි.
§ 6. .කෙසේද මහණෙනි, මතු කල පතන්නේ?”
- අනාගත කාලයෙහි මෙබඳු රූපය ක් ඇත්තෙක් වෙම්වා’යි ඉන් සතුටක් ඇති කර ගනියි.
- අනාගත කාලයෙහි මෙබඳු විඳීමක් ඇත්තෙක් වෙම්වා’යි ඉන් සතුටක් ඇති කර ගනියි.
- අනාගත කාලයෙහි මෙබඳු සංඥාවක් ඇත්තෙක් වෙම්වා’යි ඉන් සතුටක් ඇති කර ගනියි.
- අනාගත කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වෙම්වා’යි ඉන් සතුටක් ඇති කර ගනියි.
- අනාගත කාලයෙහි මෙබඳු විඥාණයක් ඇත්තෙක් වෙම්වා’යි ඉන් සතුටක් ඇති කර ගනියි.
මෙසේය මහණෙනි. මතු කල පතන්නේ.
§ 7 . කෙසේද මහණෙනි, මතු කල නොපතන්නේ?”
- අනාගත කාලයෙහි මෙබඳු රූපය ක් ඇත්තෙක් වෙම්වා’යි එහි සතුටක් ඇති කර නොගනියි.
- අනාගත කාලයෙහි මෙබඳු විඳීමක් ඇත්තෙක් වෙම්වා’යි එහි සතුටක් ඇති කර නොගනියි.
- අනාගත කාලයෙහි මෙබඳු සංඥාවක් ඇත්තෙක් වෙම්වා’යි එහි සතුටක් ඇති කර නොගනියි.
- අනාගත කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වෙම්වා’යි එහි සතුටක් ඇති කර නොගනියි.
- අනාගත කාලයෙහි මෙබඳු විඥාණයක් ඇත්තෙක් වෙම්වා’යි එහි සතුටක් ඇති කර නොගනියි.
මෙසේය මහණෙනි. මතු කල නොපතන්නේ.
§ 8 . කෙසේද මහණෙනි එළැඹුණු දේ වෙතට අදිනු ලබන්නේ?
මහණෙනි,
අශෘතවත් පෘථග්ජන මනුෂ්‍යයා ආර්යයන් නොදක්නේ, ආර්ය ධර්මයෙහි අදක්ෂ වුයේ, ආර්ය ධර්මයෙහි අවිනීත වුයේ, සත්පුරුෂයන් නොදක්නේ , සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂ වුයේ, සත් පුරුෂ ධර්මයෙහි අවිනීත වුයේ, ඔහු ..
- රූපය ආත්මය ලෙස දකියි , රූපය ඇත්තක් ලෙසින් හෝ ආත්මයක් දකියි, ආත්මයක රූපය ඇති ලෙසින් හෝ දකියි. රූපය තුල ආත්මයක් ඇති ලෙසින් හෝ දකියි.
- වින්දනය නොහොත් විඳීම ආත්මය ලෙස දකියි , විඳීම ඇත්තක් ලෙසින් හෝ ආත්මයක් දකියි, ආත්මයක විඳීම ඇති ලෙසින් හෝ දකියි. විඳීම තුල ආත්මයක් ඇති ලෙසින් හෝ දකියි.
- සංඥාව ආත්මය ලෙස දකියි , සංඥාව ඇත්තක් ලෙසින් හෝ ආත්මයක් දකියි, ආත්මයක සංඥාව ඇති ලෙසින් හෝ දකියි. සංඥාව තුල ආත්මයක් ඇති ලෙසින් හෝ දකියි.
- සංස්කාර ආත්මය ලෙස දකියි , සංස්කාර ඇත්තක් ලෙසින් හෝ ආත්මයක් දකියි, ආත්මයක සංස්කාර ඇති ලෙසින් හෝ දකියි. සංස්කාර තුල ආත්මයක් ඇති ලෙසින් හෝ දකියි.
- විඥාණය ආත්මය ලෙස දකියි , විඥාණය ඇත්තක් ලෙසින් හෝ ආත්මයක් දකියි, ආත්මයක විඥාණය ඇති ලෙසින් හෝ දකියි. විඥාණය තුල ආත්මයක් ඇති ලෙසින් හෝ දකියි.
මෙසේය මහණෙනි එළැඹුණු දේ වෙතට අදිනු ලබන්නේ.
§ 9 . කෙසේද මහණෙනි එළැඹුණු දේ වෙතට අදිනු නොලබන්නේ?
ශ්රුතවත්ආර්ය ශ්රාවකයා , ආර්යයන් දක්නා සුළු වුයේ, ආර්ය ධර්මයෙහි දක්ෂ වුයේ, ආර්ය ධර්මයෙහි සුවිනීත වුයේ, සත්පුරුෂයන් දක්නා සුළු වුයේ , සත්පුරුෂ ධර්මයෙහි දක්ෂ වුයේ, සත් පුරුෂ ධර්මයෙහි සුවිනීත වුයේ,…
- රූපය ආත්මය 1213 ලෙස නොදකියි , රූපය ඇත්තක් ලෙසින් හෝ ආත්මයක් සේ නො දකියි, ආත්මයක රූපය ඇති ලෙසින් හෝ නොදකියි. රූපය තුල ආත්මයක් ඇති ලෙසින් නොදකියි.
- වින්දනය නොහොත් විඳීම ආත්මය ලෙස නොදකියි , විඳීම ඇත්තක් ලෙසින් හෝ ආත්මයක් සේ නොදකියි, ආත්මයක විඳීම ඇති ලෙසින් හෝ නොදකියි. විඳීම තුල ආත්මයක් ඇති ලෙසින් හෝ නොදකියි.
- සංඥාව ආත්මය ලෙස නොදකියි , සංඥාව ඇත්තක් ලෙසින් හෝ ආත්මයක් සේ නොදකියි, ආත්මයක සංඥාව ඇති ලෙසින් හෝ නොදකියි. සංඥාව තුල ආත්මයක් ඇති ලෙසින් හෝ නොදකියි.
- සංස්කාර ආත්මය ලෙස නොදකියි , සංස්කාර ඇත්තක් ලෙසින් හෝ ආත්මයක්සේ නොදකියි, ආත්මයක සංස්කාර ඇති සේ නොදකියි.
- විඥාණය ආත්මය ලෙස දකියි , විඥාණය ඇත්තක් ලෙසින් හෝ ආත්මයක් දකියි, ආත්මයක විඥාණය ඇති ලෙසින් හෝ දකියි. විඥාණය තුල ආත්මයක් ඇති ලෙසින් හෝ දකියි.
[1213:- ආත්ම දිට්ඨිය, එනම් මමය කියා කෙනෙක් ඉන්නවාය කියන විශ්වාසය සෑම දෙනා තුලම පවතී. ඒ මඥතාව ඇති තාක් කල් සසරින් ගොඩ ඒමක්ද නැත. මේ මඥතාව නොහොත් ආත්ම දිට්ඨිය ගැන බොහෝ ස්වාමින් වහන්සේලා ලියා ඇත. දේසනා කර ඇත. ඒවා පරිසීලනය කිරීම හා ඒ අනුව විපස්සනා කිරීම කෙනෙක් මාර්ගයේ ඉදිරියට ගෙන යයි.]
මහණෙනි , මෙසේය එළැඹුණු දේ වෙතට අදිනු නොලබන්නේ?
“මහණෙනි, නුඹලාට උත්තරීතර හුදෙකලාවෙහි ඇලුණු තැනැත්තා පිලිබඳ මාතෘකාවද විස්තර විභාගයද මා විසින් මෙසේ කියන ලද්දෙමි.”
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
සතුටු සිත් ඇති ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ.
මේ සුත්‍රය විවරණ කරමින් කල දේශනා හතක් අසන්නට පහත බැනරය මත ක්ලික් කරන්න.