MN 03-02-01 අනුපාද සුත්‍රය

මේ සුත්‍රය අනිවාර්යයෙන්ම පසු කාලයකදී එකතුකළ එකක් බව කීමට බොහෝ හේතු වේ. මේ සුත්‍රයේ භාෂා විලාශය අනෙක් සුත්‍රවල විලාශයට වඩා වෙනස් වීම. අන්තර්ගත කාරනාවල ඇති විශේෂිත සාරිපුත්ත ගුරු කුලයට ඇති නැමීම ආදිය ඉන් ප්‍රධාන වේ. චීනයට ගෙනගිය මජ්ජිම ආගමේ මේ සුත්‍රය නැත්තේ එය ඒ සුත්‍ර චීනයට ගෙන ගියාට පසු කාලයක සුත්‍ර පිටකයට ඇතුලත් කල නිසාය යනු පිළිගෙන ඇත. මේ සුත්‍රයෙන් පසු කාලින අභිධර්ම පිටකය හා බුද්ධ කාලින සුත්‍ර පිටකය අතර යම් සම්බන්ධතාවක් ඇති කිරීමට තැත් කර ඇත. සාරිපුත්ත ගුරු පරම්පරාව නිර්මාණය කල අභිධර්ම පිටකයේ මුලික අවස්තාව ලෙසද මේ සුත්‍රය සමහරු දක්වයි.

§ 1. මා විසින් මෙසේ අසනලදී.
එක් සමයෙක්හි බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එහිදී දිනක් භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූන්ට කථාකළසේක. ඒ භික්ෂූහු ‘ස්වාමීනි,’යි භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.

§ 2. “මහණෙනි, ශාරීපුත්‍රයන් ධාතු-ආයතන-පටිච්චසමුප්පාද-ඨානාඨාන යන මේ සතර කරුණෙහි දක්ෂ බැවින් පණ්ඩිතයෙකි. මහණෙනි, ශාරීපුත්‍රයන් (මහත්වූ සීල ස්කන්ධාදිය පිරිසිඳ දන්නා බැවින්) මහත් නුවණ ඇත්තෙක. මහණෙනි, ශාරීපුත්‍රයන් වෙන් වෙන්වූ ස්කන්ධාදිය දන්නා නුවණ ඇත්තෙකි. මහණෙනි, ශාරීපුත්‍රයන් බොහෝ සතුටින් ශීලාදිය සම්පූර්ණ කරන නුවණ ඇත්තෙකි. මහණෙනි, ශාරීපුත්‍රයන් වහා අවබෝධ කරන නුවණ ඇත්තෙකි. මහණෙනි, ශාරීපුත්‍රයන් වහා කෙලෙසුන් සිඳදමන ප්‍රඥාව ඇත්තෙකි. මහණෙනි, ශාරීපුත්‍රයන් සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීම් බහුල ප්‍රඥාව ඇත්තෙකි. 1045

[1045:-රහත්වූ සියළු භික්ෂු සංඝයා මේ සඳහන් කල ධර්මතා අවබෝබෝශයෙන් ප්‍රත්‍යක්ෂ කරගෙනම ඒ උතුන් තත්වයට පැමිණි නිසා භාග්‍යවතුන් වහන්සේ මේ කාරනා ගැන සාරිපුත්ත ස්වාමින්වහන්සේ වර්ණනා කල බවක් ඇදහීම අසීරුය.]

“මහණෙනි, ශාරීපුත්‍රයන් අඩමසක් මුළුල්ලෙහි සමාපත්ති වශයෙන්ද ධ්‍යානාංග වශයෙන්ද, අනු පිළිවෙළින් ධර්මයන් ත්‍රිලක්ෂණයට නගා බැලීය. මහණෙනි, ශාරිපුත්‍රයන්ගේ ඒ අනුපිළිවෙළින්1046 ධර්මයන් බැලීම මේ ආකාරයෙන් වෙයි.

[1046:-අනුප්පාද ධම්ම විපස්සනා පහත දක්වා ඇති ආකාරයෙන් ධ්‍යාන සමාපත්තියට එළඹී පසු සාරිපුත්ත රහතුන් වහන්සේ අනුපාද ලෙස එකින් එක බැගින් මේ ධ්‍යාන ඵලයන් ලබාගත්තේය යි අටුවාව කියයි. සාරිපුත්තයන් භික්ෂුත්වය ලැබ සති දෙකකට පසු භාග්‍යවතුන් වහන්සේ විසින් දීඝනඛ පරිබ්රාජිකයාට කල ධර්ම දේසනාව අසා සිට අරහත් බව ලැබූ බව දීඝනඛ සුත්‍රයේ දැක්වේ.]

§ 3. “මහණෙනි, ශාරීපුත්‍රයන් කාමයන්ගෙන් වෙන්ව අකුශල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිසුඛය ඇති පළමුවෙනි ධ්‍යානයට පැමිණ විසීය.

§ 4 . ඒ ප්‍රථම ධ්‍යානයෙහි විතර්කය, විචාරය, ප්‍රීතිය, සුඛය, එකාග්‍රතාය, ස්පර්ශය, වේදනාය, සංඥාය, චෙතනාය, චිත්තය, ඡන්දය, අධිමොක්ෂය වීර්‍ය්‍යය, ස්මෘතිය, උපෙක්ෂාය, මනසිකාරය යන සියලු ධර්මයෝ සාරිපුත්තයන් විසින් පිළිවෙළින් එකින් එක පිරිසිඳ දැනගන්නා ලද්දේය.. ඒ ධර්මයෝ ප්‍රකටවම උපදිත්. ප්‍රකටවම පවතිත්. ප්‍රකටවම නිරුද්ධ වෙති’යි සාරිපුත්තයන් දැන ගත්හ.

§5. “සාරිපුත්තයන් මෙසේද දැන ගත්තේය. මේ ධර්මයෝ මෙසේ කලින් නොපැවතුනොය. අලුතෙන්ම ඇතිවුනොය. ඇතිවී නැතිවෙත්ය කියායි.

“සාරිපුත්තයන් ඒ ධර්මයන් කෙරෙහි රාග වශයෙන් නොපැමිනියෝය. දෝස වශයෙන්, තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නොඇලුනෝය, ඡන්ද රාගයෙන් නොබැඳුනේය, කාම රාගයෙන් මිදුනේය, සියලු කෙලෙසුන් ගෙන් වෙන් වූයේය, කෙලෙස් වශයෙන් හෝ අරමුණු වශයෙන් හෝ සීමාවක් නොකරන ලද සිතින් යුක්තව විසීය. හෙතෙම මෙයට වඩා උසස් අනතුරුව පැමිණෙන අධිගම ඇතැයි දැනගනී. ඒ දැනුම බහුල වශයෙන් කිරීමෙන් ඒ විශේෂ අධිගමය ඇත්තේයයි ඔහුට දැඩිව අදහස් වේ.

§6. “තවද මහණෙනි, ශාරීපුත්‍රයන් විතක්ක විචාරයන්ගේ සන්සිඳීමෙන් සිතේ පැහැදීම ඇත්තාවූ, සිතේ එකඟ බව ඇත්තාවූ, විතර්ක විචාර නැත්තාවූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ විසීය.

“ඒ ද්විතීය ධ්‍යානයෙහි සිතේ පැහැදීමය, ප්‍රීතියය, සුඛයය, සිතෙහි එකඟ බවය, ස්පර්ශය, වේදනාවය, සංඥාවය, චෙතනාය, චිත්තය, ඡන්දය, අධිමොක්ෂය, වීර්‍ය්‍යය, ස්මෘතිය, උපෙක්ෂාවය, මනසිකාරය යන ධර්මයෝ ශාරීපුත්‍රයන් විසින් අනුපිළිවෙළින් පිරිසිඳ දැනගන්නා ලද්දාහුය. ඒ ධර්මයෝ ඔහුට ප්‍රකටව ඉපදුනෝය. ශාරීපුත්‍රයන් තුල ප්‍රකටව පවතින්නෝය. ප්‍රකටව නිරුද්ධ වන්නෝය. ශාරීපුත්‍රයන් මෙසේ දැනගත්තෝය. ‘මේ ධර්මයෝ පෙර නොවූවෝය. අලුතෙන් ඇති වුවෝය. ඇතිවී නැති වන්නෝය ’ කියායි.

§ 7. “ශාරීපුත්‍රයන් ඒ ධර්මයන් රාග වශයෙන් නොගෙන ඉන්නේ , ද්වේෂ වශයෙන් ඉවත් නොකරන්නේ, තෘෂ්ණා, දෘෂ්ටි වශයෙන් නොඇලෙන්නේය, ඡන්ද රාගයෙන් නොබැඳුනේය, ශාරීපුත්‍රයන් කාම රාගයෙන් මිදුනේය, සියළු කෙලෙසුන්ගෙන් වෙන් වූයේය, කෙලෙස් වශයෙන් හෝ අරමුණු වශයෙන් හෝ සීමාවක් නොකරනලද සිතින් යුක්තව විසීය.. හෙතෙම මෙයට වඩා උසස් අනතුරුව පැමිණෙන විශේෂාධිගමයක් ඇතැයි දැනගනී. ඒ දැනුම බහුල වශයෙන් කිරීමෙන් ඒ විශේෂාධිගම ඇත්තේමය යන සිත ඔහුට දැඩිව ඇති වෙයි.

§ 8. “තවද මහණෙනි, ශාරීපුත්‍රයන් ප්‍රීතියෙනුදු වෙන් වීමෙන් උපෙක්ෂා සහිත වුයේය.. සිහි ඇත්තේ යහපත් ප්‍රඥාවෙන් යුක්තවූයේ ඒ සැපය කයින්ද විඳීය. ආර්‍ය්‍යයෝ යම් ධ්‍යානයක් උපෙක්ෂා සහිතවූ සතියෙන් යුත් සැප විහරණයයි කියත්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ විසීය.

‘ඒ තෘතීය ධ්‍යානයෙහිවූ සුඛය, සතිය, ප්‍රඥාවය, සිතේ එකඟ බවය, ස්පර්ශය, වේදනාවය, සංඥාවය, චෙතනාවය, චිත්තය, ඡන්දය, අධිමොක්ෂය, වීර්‍ය්‍යය, සතිය, උපෙක්ෂාවය, මනසිකාරය යන ධර්මයෝ ශාරීපුත්‍රයන් විසින් පිළිවෙළින් පිරිසිඳ දැනගන්නා ලද්දාහුය. ඒ ධර්මයෝ ඔහුට ප්‍රකටව ඉපදුනෝය. ශාරීපුත්‍රයන් තුල ප්‍රකටව පවතින්නෝය. ප්‍රකටව නිරුද්ධ වන්නෝය. ශාරීපුත්‍රයන් මෙසේ දැනගත්තෝය. ‘මේ ධර්මයෝ පෙර නොවූවෝය. අලුතෙන් ඇති වුවෝය. ඇතිවී නැති වන්නෝය ’ කියායි. .

§9. “ශාරීපුත්‍රයන් ඒ ධර්මයන් කෙරෙහි කාම රාගයෙන් මිදුනේය, සියලු කෙලෙසුන් ගෙන් වෙන් වූයේය, කෙලෙස් වශයෙන් හෝ අරමුණු වශයෙන් හෝ සීමාවක් නොකරන ලද සිතින් යුක්තව විසීය. හෙතෙම මෙයට වඩා උසස් අනතුරුව පැමිණෙන අධිගම ඇතැයි දැනගනී. ඒ දැනුම බහුල වශයෙන් කිරීමෙන් ඒ විශේෂ අධිගමය ඇත්තේයයි ඔහුට දැඩිව අදහස් වේ. ඒ දැනුම බහුල වශයෙන් කිරීමෙන් අනතුරුව පැමිණෙන විශේෂාධිගම ඇත්තේමයයි ශාරීපුත්‍රයන් දැඩිව අදහස් වේ.

§ 10. “තවද මහණෙනි, ශාරීපුත්‍රයන් සුඛයද පහකිරීමෙන්, දුඃඛයද පහකිරීමෙන්, සොම්නස් දොම්නස් දෙදෙනාගේ පළමුකොටම නැති කිරීමෙන්, දුක්ද නොවූ සැපද නොවූ උපෙක්ෂාවෙන් යුත් සිහියෙන් පිරිසිදුවූ චතුර්ථ ධ්‍යානයට පැමිණ වෙසෙයි. ඒ චතුර්ථ ධ්‍යානයෙහි උපෙක්ෂාවයයි කියන ලද දුක්ද නොවූ සුවද නොවූ වේදනාවය. සිතේ පැහැදීම ඇති හෙයින් සිතින් තෘතීය ධ්‍යානයෙහිවූ සැපය මෙනෙහි නොකරන බවද, ස්පර්ශයද, වේදනාවද, සංඥාවද, චෙතනාවද, චිත්තයද, ඡන්දයද, අධිමොක්ෂයද, වීර්‍ය්‍යයද, ස්මෘතියද, උපෙක්ෂාවද, මනසිකාරයද යන ධර්මයෝ ශාරීපුත්‍රයන් විසින් පිළිවෙළින් පිරිසිඳ දැනගන්නා ලද්දාහුය. ඒ ධර්මයෝ ඔහුට ප්‍රකටව උපදිත්. ප්‍රකටව පවතිත්. ප්‍රකටව නිරුද්ධ වෙත්. ශාරීපුත්‍රයන් මෙසේ දැනගනී. ‘මේ ධර්මයෝ පෙර නොවූවෝය. අලුතෙන් ඇති වුවෝය. ඇතිවී නැති වන්නෝය ’ කියායි.

§ 11. “ශාරීපුත්‍රයන් ඒ ධර්මයන් ඒ ධර්මයන් රාග වශයෙන් නොගෙන ඉන්නේ , ද්වේෂ වශයෙන් ඉවත් නොකරන්නේ, තෘෂ්ණා, දෘෂ්ටි වශයෙන් නොඇලෙන්නේය, ඡන්ද රාගයෙන් නොබැඳුනේය, ශාරීපුත්‍රයන් කාම රාගයෙන් මිදුනේය, සියළු කෙලෙසුන්ගෙන් වෙන් වූයේය, කෙලෙස් වශයෙන් හෝ අරමුණු වශයෙන් හෝ සීමාවක් නොකරනලද සිතින් යුක්තව විසීය.. හෙතෙම මෙයට වඩා උසස් අනතුරුව පැමිණෙන විශේෂාධිගමයක් ඇතැයි දැනගනී. ඒ දැනීම බහුල වශයෙන් කිරීමෙන් අනතුරුව පැමිණෙන විශේෂාධිගමයක් ඇත්තේමයයි ශාරීපුත්‍රයන්ට දැඩිව අදහස් වේ.

§ 12 “තවද මහණෙනි, ශාරීපුත්‍රයන් සියලු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන්, ගැටීම් ස්වභාවය ඇති රූප ධාතු සංඥාවන් දුරු කිරීමෙන්, නොයෙක් සංඥා මෙනෙහි නොකිරීමෙන්, ආකාශය අනන්තයයි ආකාසානඤ්චායතන සමාපත්තියට පැමිණ වසන්නේය. ඒ ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතන සංඥාවද, චිත්තෙකාග්‍රතාවද, ස්පර්ශයද, වේදනාවද, සංඥාවද, චෙතනාවද, චිත්තයද, ඡන්දයද, අධි මොක්ෂයද, වීර්‍ය්‍යයද, ස්මෘතියද, උපෙක්ෂාවද, මනසිකාරයද යන මේ ධර්මකෙනෙක් වෙද්ද, ඒ ධර්මයෝ ශාරීපුත්‍රයන් විසින් පිළිවෙළින් පිරිසිඳ දැනගන්නා ලද්දාහුය. ඒ ධර්මයෝ ඔහුට ප්‍රකටව උපදිත්. ප්‍රකටව සිටිත්. ප්‍රකටව නිරුද්ධ වෙත්.

§ 13 .ශාරීපුත්‍රයන් මෙසේ දැනගනී. ‘මේ ධර්මයෝ පෙර නොවූවෝය. අලුතෙන් ඇති වුවෝය. ඇතිවී නැති වන්නෝය ’ කියායි. ශාරීපුත්‍රයන් ඒ ධර්මයන් කෙරෙහි රාග වශයෙන් නොපැමිණෙන්නේය, දෝස වශයෙන් ඉන් ඉවත් නොවන්නේය, තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නොඇලෙන්නේය, ඡන්ද රාගයෙන් නොබැඳුනේය, ශාරීපුත්‍රයන් කාම රාගයෙන් මිදුනේය, ශාරීපුත්‍රයන් සියලු කෙලෙසුන්ගෙන් වෙන් වූයේය, කෙලෙස් වශයෙන් හෝ අරමුණු වශයෙන් හෝ සීමාවක් නොකරනලද සිතින් යුක්තව විසීය. ශාරීපුත්‍රයන් අනතුරුව පැමිණෙන ඊට වඩා උසස් අධිගම ඇතැයි දැනගනී. ඒ දැනුම බහුල වශයෙන් කිරීමෙන් ඒ විශේෂාධිගම ඇත්තේමයයි ශාරීපුත්‍රයන් ට දැඩිව අදහස් වේ.

§ 14. “තවද මහණෙනි, ශාරීපුත්‍රයන් සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනත්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වසන්නේය. ඒ විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතන සංඥාවද, චිත්තෙකාග්‍රතාවද, ස්පර්ශයද, වේදනාවද, සංඥාවද, චෙතනාවද, චිත්තයද, ඡන්දයද, අධිමොක්ෂයද, වීර්‍ය්‍යයද, ස්මෘතියද, උපෙක්ෂාවද, මනසිකාරයද යන ධර්මයෝ ශාරීපුත්‍රයන් විසින් පිළිවෙළින් පිරිසිඳ දැනගන්නා ලද්දාහුය. ඒ ධර්මයෝ ශාරීපුත්‍රයන්ට ප්‍රකටව උපදිති. ප්‍රකටව සිටිති. ප්‍රකටව නිරුද්ධ වෙති.

ශාරීපුත්‍රයන් මෙසේ දැනගනී. ‘මේ ධර්මයෝ පෙර නොවූවෝය. අලුතෙන් ඇති වුවෝය. ඇතිවී නැති වන්නෝය ’ කියායි.

§ 15. “ශාරීපුත්‍රයන් ශාරීපුත්‍රයන් කාම රාගයෙන් මිදුනේය, ශාරීපුත්‍රයන් සියලු කෙලෙසුන්ගෙන් වෙන් වූයේය, කෙලෙස් වශයෙන් හෝ අරමුණු වශයෙන් හෝ සීමාවක් නොකරනලද සිතින් යුක්තව විසීය. ශාරීපුත්‍රයන් අනතුරුව පැමිණෙන ඊට වඩා උසස් අධිගම ඇතැයි දැනගනී. ඒ දැනුම බහුල වශයෙන් කිරීමෙන් ඒ විශේෂාධිගම ඇත්තේමයයි ශාරීපුත්‍රයන් ට දැඩිව අදහස් වේ.

§ 16. “තවද මහණෙනි, ශාරීපුත්‍රයන් සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි හැඟෙන ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වසන්නෝය. ඒ ආකිඤ්චඤ්ඤායතන සංඥාවද, චිත්තෙකාග්‍රතාවද, ස්පර්ශයද, වේදනාවද, චිත්තයද, ඡන්දයද, අධිමොක්ෂයද, වීර්‍ය්‍යයද, ස්මෘතියද, උපෙක්ෂාවද, මනසිකාරයද යන ධර්මයෝ ඔහු විසින් පිළිවෙළින් පිරිසිඳ දැනගන්නා ලද්දාහුය.

ඒ ධර්මයන් උන්වහන්සේට ප්‍රකටව උපදිත්. ප්‍රකටව සිටිත්. ප්‍රකටව නිරුද්ධ වෙත්. ශාරීපුත්‍රයන් මෙසේ දැනගනී. ‘මේ ධර්මයෝ පෙර නොවූවෝය. අලුතෙන් ඇති වුවෝය. ඇතිවී නැති වන්නෝය ’ කියායි.

§ 17. “ශාරීපුත්‍රයන් ඒ ධර්මයන් කෙරෙහි රාග වශයෙන් නොපැමිණෙන්නේය, දෝස වශයෙන් ඉන් ඉවත් නොවන්නේය, තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නොඇලෙන්නේය, ඡන්ද රාගයෙන් නොබැඳුනේය, ශාරීපුත්‍රයන් කාම රාගයෙන් මිදුනේය, ශාරීපුත්‍රයන් සියලු කෙලෙසුන්ගෙන් වෙන් වූයේය, කෙලෙස් වශයෙන් හෝ අරමුණු වශයෙන් හෝ සීමාවක් නොකරනලද සිතින් යුක්තව විසීය. ශාරීපුත්‍රයන් අනතුරුව පැමිණෙන ඊට වඩා උසස් අධිගම ඇතැයි දැනගනී. ඒ දැනුම බහුල වශයෙන් කිරීමෙන් ඒ විශේෂාධිගම ඇත්තේමයයි ශාරීපුත්‍රයන් ට දැඩිව අදහස් වේ.

§ 18 . “තවද මහණෙනි, ශාරීපුත්‍රයන් සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤා නාසඤ්ඤායතනයට පැමිණ වෙසේ. ශාරීපුත්‍රයන් මේ සමාපත්තියෙන් සතියෙන් යුක්තව නැගී සිටී. ශාරීපුත්‍රයන් ඒ සමාපත්තියෙන් සතියෙන් යුක්තව නැඟී සිට ඒ ධර්ම ඉතාම ඉක්ම ගියාහුද, නිරුද්ධවූවාහුද, වෙනස් වූවාහුද, ඒ ධර්මයන් මැනවින් සලකා බලයි. ශාරීපුත්‍රයන් මෙසේ දැනගනී. ‘මේ ධර්මයෝ පෙර නොවූවෝය. අලුතෙන් ඇති වුවෝය. ඇතිවී නැති වන්නෝය ’ කියායි.

§ 19. ශාරීපුත්‍රයන් ඒ ධර්මයන් කෙරෙහි රාග වශයෙන් නොපැමිණෙන්නේය, දෝස වශයෙන් ඉන් ඉවත් නොවන්නේය, තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නොඇලෙන්නේය, ඡන්ද රාගයෙන් නොබැඳුනේය, ශාරීපුත්‍රයන් කාම රාගයෙන් මිදුනේය, ශාරීපුත්‍රයන් සියලු කෙලෙසුන්ගෙන් වෙන් වූයේය, කෙලෙස් වශයෙන් හෝ අරමුණු වශයෙන් හෝ සීමාවක් නොකරනලද සිතින් යුක්තව විසීය. ශාරීපුත්‍රයන් අනතුරුව පැමිණෙන ඊට වඩා උසස් අධිගම ඇතැයි දැනගනී. ඒ දැනුම බහුල වශයෙන් කිරීමෙන් ඒ විශේෂාධිගම ඇත්තේමයයි ශාරීපුත්‍රයන් ට දැඩිව අදහස් වේ.

§ 20. “තවද මහණෙනි, ශාරීපුත්‍රයන් සියලු ආකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවෙදයිත නිරෝධයට පැමිණ විසිය, මාර්ග ප්‍රඥාවෙන් චතුරාර්‍ය්‍යසත්‍යයන් දැක ආශ්‍රවයෝ පහවූවාහු වෙත්. ශාරීපුත්‍රයන් ඒ සමාපත්තියෙන් සිහියෙන් යුක්තව නැගි සිටීයේය. ශාරීපුත්‍රයන් ඒ සමාපත්තියෙන් සතියෙන් යුක්තව නැගීසිට යම් ඒ ධර්ම ඉක්ම ගියාහූද, නිරුද්ධවූවාහුද, වෙනස් වූවාහුද, ඒ ධර්මයන් මැනවින් බලයි. ‘ශාරීපුත්‍රයන් මෙසේ දැනගනී. ‘මේ ධර්මයෝ පෙර නොවූවෝය. අලුතෙන් ඇති වුවෝය. ඇතිවී නැති වන්නෝය ’ කියායි.

§ 21 “මහණෙනි, යමෙකුට ආර්‍ය්‍ය ශීලයෙහි වශීප්‍රාප්ත වූයේය. පරතෙරට පැමිණියේයයිද,1055 ආර්‍ය්‍යසමාධියෙහි වශීප්‍රාප්ත වූයේය. පරතෙරට පැමිණියේයයිද, ආර්‍ය්‍ය ප්‍රඥාවෙහි වශී ප්‍රාප්ත වූයේය. පරතෙරට පැමිණියේයයිද, ආර්‍ය්‍ය විමුක්තියෙහි වශී ප්‍රාප්තවූයේය. පරතෙරට පැමිණියේයයිද මැනවින් කියනු ලබන්නේනම් සැරියුත්තෙරුන්ටම ආර්‍ය්‍ය ශීලයෙහි වශීප්‍රාප්ත වූයේය. පරතෙරට පැමිණියේය. ආර්‍ය්‍ය සමාධියෙහි වශීප්‍රාප්ත වූයේය. පරතෙරට පැමිණියේය. ආර්‍ය්‍ය ප්‍රඥාවෙහි වශීප්‍රාප්ත වූයේය. පරතෙරට පැමිණියේය. ආර්‍ය්‍ය විමුක්තියෙහි වශීප්‍රාප්ත වූයේය. පරතෙරට පැමිණියේය. කියයුතු වන්නේය.

[1055:- වසිප්පතෝ පාරමිපතෝ අභිඥඥාවෝසනපාරමිපත්ත ලෙස අරහත් බවම ප්‍රකාශ වෙන බව අටුවාව කියයි. බුද්ධවංශය ආදී පසු කාලිය ථෙරවාද රචනාවල දැක්වෙන මේ පාරමී, බුද්ධත්වය පතනා බෝධිසත්වයන් විසින් බොහෝ ජීවිතවලදී පිරිය යුතු බව දක්වා ඇත.. මහායාන ඉගැන්වීමේ ඇති බුද්ධ පාරමී වල මේ ගුණ බොහොමයක්ම සඳහන් වේ.]

§ 22. “මහණෙනි, යමෙකුට භාග්‍යවතුන් වහන්සේගේ ඖරස පුත්‍රයෙක. මුඛයෙන් උපන් පුත්‍රයෙක ධර්මයෙන් හටගත් කෙනෙක, ධර්මයෙන් මැවුණු කෙනෙක, ධර්ම දායාදය ගන්නා කෙනෙක, ආමිෂ දායාදය නොගන්නා කෙනෙකැයි මැනවින් කියනු ලබන්නේ නම් සැරියුත් තෙරුන්ටම භාග්‍යවතුන් වහන්සේගේ ඖරස පුත්‍රයෙක, මුඛයෙන් උපන් පුත්‍රයෙක, ධර්මයෙන් හටගත් කෙනෙක, ධර්මයෙන් මැවුණු කෙනෙක, ධර්ම දායාදය ගන්නා කෙනෙක. ආමිෂ දායාදය නොගන්නා කෙනෙකැයි කියයුතු වන්නේය.

§ 23. “මහණෙනි,
ශාරීපුත්‍රයන් විසින් තථාගතයන් විසින් පවත්වනලද නිරුත්තරවූ ධර්මචක්‍රය මැනවින් ඒ අනුවම පවත්වයි,”

භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනාකළසේක. සතුටුවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ කීමට සතුටු වූවාහුය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.