
AN 05-21-01- කිම්බිල සුත්‍රය
1 .එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ කිම්බිලා නම් නුවර මිදෙල්ල වනයෙහි වාසය කරණ සේක. එකල්හි ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන්, භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පස්ව හිඳ මෙසේ ඇසීය.
“ස්වාමීනි, තථාගතයන් පිරිනිවි කල්හි, සද්‍ධර්‍මය බොහෝකල් නොපවතින්නේ කුමන හේතු නිසාද? 1210
[1210: අටුවාව සඳහන් කරන පරිදි මේ ආයුෂ්මත් කිම්බිල භික්ෂුව කසසප බුදු සසුනෙහි අන්තිම කාලයෙහි ඒ සාසනය නැතිවන්නට ආසන්න කාලෙයෙහි මහනව හුන් බවත්, පෙර දක්නා ඥානය ලබා ඒ සසුන එසේ නැතිව යාමට හේතු අප භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසු බවත්ය. කෙසේ වෙතත් මේ පිළිතුර සියලු බුද්ධ සාසනවල පිරිහීමට හේතුවන පොදු හේතු ලෙස ගැනීම වටී.]
“කිම්බිලය, තථාගතයන් පිරිනිවි කල්හි,
(i) .භික්‍ෂූහුද, භික්‍ෂුණීහුද, උපාසකයෝද, උපාසිකාවෝද තම ශාස්තෲන් කෙරෙහි වූ ගෞරව නැත්තෝ වෙත්ද, ශ්‍රද්ධාව නැත්තාහු වෙත්ද,
(ii) .ධර්‍මය කෙරෙහි ගෞරව නැත්තෝ වෙත්ද, ශ්‍රද්ධාව නැත්තාහු වෙත්ද,,
(iii) .සංඝයා කෙරෙහි ගෞරව නැත්තෝ වෙත්ද, ශ්‍රද්ධාව නැත්තාහු වෙත්ද,,
(iv) ප්‍රතිපදාව නොහොත් ශික්‍ෂාව කෙරෙහි ගෞරව නැත්තෝ වෙත්ද, ශ්‍රද්ධාව නැත්තාහු වෙත්ද,,
(v) . සබ්‍රහමචාරින් කෙරෙහි ගෞරව නැත්තෝ වෙත්ද, ශ්‍රද්ධාව නැත්තාහු වෙත්ද,
කිම්බිලය, තථාගතයන් පිරිනිවි කල්හි සද්‍ධර්‍මය බොහෝකල් නොපැවැත්ම පිණිස මේ හේතු වේ. මේ ඊට ප්‍රත්‍යය වේ” යයි වදාළ සේක.
“ස්වාමීනි, තථාගතයන් පිරිනිවි කල්හි සද්‍ධර්‍මය බොහෝකල් පැවැත්ම පිණිස හේතු කවරේද? ප්‍රත්‍ය කවරේද?”
“කිම්බිලය, මේ ශාසනයෙහි තථාගතයන් පිරිනිවි කල්හි භික්‍ෂූහුද, භික්‍ෂුණීහුද, උපාසකයෝද, උපාසිකාවෝද
(i). ශාස්තෲන් කෙරෙහි ගෞරව සහිතව, ශ්‍රද්ධාවෙන් යුක්තව වාසය කෙරෙද්ද,
(ii). ධර්‍මය කෙරෙහි ගෞරව සහිතව, ශ්‍රද්ධාවෙන් යුක්තව වාසය කෙරෙද්ද,
(iii). සංඝයා කෙරෙහි ගෞරව සහිතව, ශ්‍රද්ධාවෙන් යුක්තව වාසය කෙරෙද්ද,
(iv). ශික්‍ෂාව කෙරෙහි ගෞරව සහිතව, ශ්‍රද්ධාවෙන් යුක්තව වාසය කෙරෙද්ද,
(v). සබ්‍රහ්මචාරීන් කෙරෙහි ගෞරව සහිතව, ශ්‍රද්ධාවෙන් යුක්තව වාසය කෙරෙද්ද,
කිම්බිලය, තථාගතයන් පිරිනිවි කල්හි සද්‍ධර්‍මය බොහෝකල් පවතින්නට මෙය හේතු වේ. මෙය ප්‍රත්‍යය වේය” යි වදාළ සේක.
AN 05-21-02 . ධම්ම සවණානිසංස සූත්‍රය
“මහණෙනි, ධර්ම ශ්‍රවණයෙහි ආනිශංස පසක් වෙත්.
“කවර පසක්ද යත්?
- නොඅසන ලද ධර්මයන් අසන්නට ලැබෙයි.
- අසන ලද ධර්මයන් පිරිසිදු කෙරෙයි.
- තමනට වූ සැකයන් දුරු කෙරෙයි.
- තමන්ගේ දෘෂ්ටිය ඎජු වෙයි.
- තම සිත මනාව පහදියි
යන පසයි.
“මහණෙනි, ධර්ම ශ්‍රවණයෙහි මේ ආනිශංස පස වෙත්.
AN 05-21-03. අස්සාජානීය සූත්‍රය-
§ 1. “මහණෙනි, ගුණ යුක්තවූ රජුගේ සොඳුරුවූ ආජානීය අශ්වයා රජුන්ට සුදුසුවේ. රජුන්ගේ පරිභෝගයට සුදුසු වේ. රජහුගේ අඞ්ගයකැයි කීමට සුදුසු සංඛ්‍යාවට පැමිණේ.

§2. “කවර පසකින්ද යත්?
ඍාජු බැවින්ද,
ජවයෙන්ද,
මෘදු බැවින්ද,
ඉවසීමෙන්ද,
කීකරු බැවින්ද
යන පසිනි.
“මහණෙනි, අඞ්ග පසකින් යුක්තවූ සොඳුරුවූ ආජානීය අශ්වයා රජුන්ට සුදුසුවේ. රජුන්ගේ පරිභෝගයට සුදුසු වේ. රජහුගේ අඞ්ගයකැයි කිය හැකි සංඛ්‍යාවට පැමිණේ.
§2 . “මහණෙනි, මෙපරිද්දෙන්ම ධර්ම පසකින් යුක්තවූ භික්‍ෂුව
[ආහුනෙය්යෝ පාහුනේය්යෝ, අන්ජලි කරනියෝ, අනුත්තරන්, පුඥක්ඛෙත්තන්]
පූජාවට සුදුසු වේ. දුර සිට ගෙනෙන ලද සත්කාරයට සුදුසු වේ. දක්‍ෂිණාවට සුදුසු වේ. ඇඳිළි බැඳ වන්දනා කිරීමට සුදුසු වේ. ලෝකයාගේ නිරුත්තරවූ පුණ්‍යක්‍ෂෙත්‍රය වේ.
§3. “කවර පසකින්ද යත්,
ඎජු භාවයෙන්ද,
ඥාන ජවයෙන්ද,
මෘදු භාවයෙන්ද,
ඉවසීමෙන්ද,
පවිත්‍ර භාවයෙන්ද
යන පසිනි.
“මහණෙනි, මෙපරිද්දෙන් දැක්වූ ධර්ම පසින් යුක්තවූ භික්‍ෂුව පූජාවට සුදුසු වේ. දුර සිට ගෙනෙන ලද සත්කාරයට සුදුසු වේ. දක්‍ෂිණාවට සුදුසු වේ. ඇඳිළි බැඳ වන්දනා කිරීමට සුදුසු වේ. ලෝකයාගේ නිරුත්තරවූ පුණ්‍යක්‍ෂෙත්‍රය වේ.
AN 05-21-04. පඤ්චබල සූත්‍රය
§ 1. “මහණෙනි, බල පසක් වෙත්.
“කවර පසක්ද යත්?
ශ්‍රද්‍ධා බලය,
හිරි බලය,
ඔත්තප්ප බලය,
වීර්‍ය්‍ය බලය,
ප්‍රඥා බලය යන පසයි.
මහණෙනි, මේ වනාහි බල පස වෙත්ය” යි වදාළ සේක .
AN 05-21-05. චෙතොඛිල1712 සූත්‍රය-
[1712:- චෙතොඛිල යනු සිතෙහි මුඩු බව, තද බව, කිසිවක් රඳා නොසිටින බව ලෙස සැලකේ. චිත්තස්ස තදබ්භව කචවරභාව කානුකභාව ]
§1 “මහණෙනි, සිතේ තද ගති පසක් වෙත්.
“කවර පසක්ද යත්?
මහණෙනි, භික්ෂුවක්
(i). ශාස්තෲන්ගේ බුද්ධත්වය කෙරෙහි සැක කරයි.
(ii). සොයමින් වෙහෙසෙයි. අදහසට නොපැමිණෙයි. නොපහදියි.
§2 “මහණෙනි,
භික්‍ෂුව ශාස්තෲන් කෙරෙහි සැක කරයි නම්.
ඒ ශාස්තුන් දේශනා කල ධර්මයද සැක කරයි නම් .
එසේ සංඝයා ගැනද සැක කරයි නම්,
ඒ ප්‍රතිපදාව ද විශ්වාස නොකරයි නම්,
ඒ ප්‍රතිපත්ති පුරන සබ්‍රහ්මචාරින් කෙරෙහි නොපැහැදෙයි නම්, .
එසේ ශ්‍රද්ධාවෙන් තොර වූ කල ඔහු ඒ ප්‍රතිපදාවේ නොයෙදෙයි. යෙදීමට වෙර නොවඩයි.
එසේම, සොයමින් වෙහෙසෙයි.
අදහසට නොපැමිණෙයි.
නොපහදියි.
ඔහුගේ සිත කෙළෙස් තැවීම පිණිස, නැවත නැවත යෙදීම පිණිස, සතතයෙන් කිරීම පිණිස, වීර්‍ය්‍ය කිරීම පිණිස නොනැමෙයි.
§3 “යමෙකුගේ සිත නොනැමේද, මේ පළමුවන චෙතොඛීලය හෙවත් සිතේ තද බව වේ.
§4 “මහණෙනි, නැවත අනිකක්ද කියමි.
භික්‍ෂු තෙම ධර්‍මයෙහි සැක කරයි. සොයමින් වෙහෙසෙයි. අදහසට නොපැමිණෙයි. නොපහදියි. සංඝයා කෙරෙහි සැක කරයි. සොයමින් වෙහෙසෙයි. අදහසට නොපැමිණෙයි. නොපහදියි. ශික්‍ෂාව කෙරෙහි සැක කරයි. සොයමින් වෙහෙසෙයි. අදහසට නොපැමිණෙයි. නොපහදියි.
සබ්‍රම්සරුන් කෙරෙහි කිපියේ, නොසතුටු සිත් ඇත්තේ, ගැටුනාවූ සිත් ඇත්තේ, හටගත් තද බැව් ඇත්තේ වේ. මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් තෙම සබ්‍රම්සරුන් කෙරෙහි කිපුනේ, නොසතුටු සිත් ඇත්තේ, ගැටුනු සිත් ඇත්තේ, හටගත් තද බැව් ඇත්තේ වේද. ඔහුගේ සිත කෙළෙස් තැවීම පිණිස, නැවත නැවත යෙදීම පිණිස, සතතයෙන් කිරීම පිණිස, වීර්‍ය්‍ය කිරීම පිණිස නොනැමෙයි. යමෙකුගේ සිත කෙළෙස් තැවීම පිණිස, නැවත නැවත යෙදීම පිණිස, සතතයෙන් කිරීම පිණිස, වීර්‍ය්‍යය කිරීම පිණිස නොනැමේද, මේ පස්වන චෙතොඛීලය හෙවත් සිතේ තද බව වේ. මහණෙනි, මේ සිතේ තද බැව් පසක් වෙත්.
AN 05-21-06. විනිබන්‍ධ සූත්‍රය
§1. “මහණෙනි, මේ සිතේ බැඳ ගැණීම් පසක් වෙත්.
“කවර පසක්ද යත්?
මහණෙනි, භික්‍ෂුවක්
(i). කාම අරමුනු වලට ඇති කැමැත්ත පහ නොකළේද,.
(ii). කාම අරමුනු වලට ආලය ඇත්තේද,
(iii). කාම අරමුනු වලට ඇති ප්‍රේමය නොහලේද ,
(iv). කාම පිපාසය ඇත්තේද ,
(v). පහව නොගිය පරිඩාහ ඇත්තේ. පහව නොගිය තෘෂ්ණා ඇත්තේ වේ.
§2. “මහණෙනි, යම් භික්‍ෂුවක් එසේ කාමයන්හි පහව නොගිය රාග ඇත්තේ, පහව නොගිය ආසා ඇත්තේ, පහව නොගිය ප්‍රේම ඇත්තේ, පහව නොගිය පිපාසා ඇත්තේ, පහව නොගිය පරිඩාහ ඇත්තේ, පහව නොගිය තෘෂණා ඇත්තේ වේද. ඔහුගේ සිත කෙළෙස් තැවීම පිණිස. නැවත නැවත යෙදීම පිණිස සතතයෙන් කිරීම පිණිස, වීර්‍ය්‍යය කිරීම පිණිස නොනැමෙයි. මේ පළමුවන සිතේ බැඳ ගැනීම වේ.
§2. “මහණෙනි, නැවත අනිකක්ද කියමි.
භික්‍ෂුවක් කයෙහි පහව නොගිය රාග ඇත්තේ, පහව නොගිය ආසා ඇත්තේ, පහව නොගිය ප්‍රේම ඇත්තේ, පහව නොගිය පිපාසා ඇත්තේ, පහව නොගිය පරිඩාහ ඇත්තේ, පහව නොගිය තෘෂණා ඇත්තේ වේද. ඔහුගේ සිත කෙළෙස් තැවීම පිණිස. නැවත නැවත යෙදීම පිණිස සතතයෙන් කිරීම පිණිස, වීර්‍ය්‍යය කිරීම පිණිස නොනැමෙයි.
රූපයෙහි පහව නොගිය රාග ඇත්තේ, පහව නොගිය ආසා ඇත්තේ, පහව නොගිය ප්‍රේම ඇත්තේ, පහව නොගිය පිපාසා ඇත්තේ, පහව නොගිය පරිඩාහ ඇත්තේ, පහව නොගිය තෘෂණා ඇත්තේ වේද. ඔහුගේ සිත කෙළෙස් තැවීම පිණිස. නැවත නැවත යෙදීම පිණිස සතතයෙන් කිරීම පිණිස, වීර්‍ය්‍යය කිරීම පිණිස නොනැමෙයි.
කැමතිතාක් බඩ පිරෙනා තෙක් වළඳා ශයන සැපයෙහි, ස්පර්‍ශ සැපයෙහි, නිද්‍රා සැපයෙහි යෙදී වාසය කෙරෙයිද. හෙතෙම එක්තරා දිව්‍ය නිකායක් ප්‍රාර්ත්‍ථනා කොට ‘මම මේ ශීලයෙන් හෝ, වෘත්තයෙන් හෝ, තපසින් හෝ, බ්‍රහ්මචර්‍ය්‍යාවෙන් හෝ දෙවියෙක් වන්නෙමි. දෙවියන් අතර පහල වන්නෙමි’ යි එක්තරා දිව්‍ය නිකායක් ප්‍රාර්ත්‍ථනාකොට බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙයි.
§ 3. “මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් තෙම ‘මම මේ ශීලයෙන් හෝ, වෘත්තයෙන් හෝ, තපසින් හෝ, බ්‍රහ්මචර්‍ය්‍යාවෙන් හෝ දෙවියෙක් හෝ වන්නෙමි. දෙවියන්ගෙන් එක්තරා කෙනෙක් හෝ වන්නෙමි’ යි එක්තරා දිව්‍ය නිකායක් ප්‍රාර්ත්‍ථනාකොට බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙයි. ඔහුගේ සිත කෙළෙස් තැවීම පිණිස, නැවත නැවත යෙදීම පිණිස. වීර්‍ය්‍ය කිරීම පිණිස නොනැමෙයි.
§ 4. “යමෙකුගේ සිත කෙළෙස් තැවීම පිණිස, නැවත නැවත යෙදීම පිණිස. වීර්‍ය්‍ය කිරීම පිණිස නොනැමේද, මේ තෙම පස්වන සිතෙහි බැඳගැනීම වේ. මහණෙනි, මේ සිතේ බැඳ ගැණීම් පසක් වෙත්.
AN 05-21-07. යාගුදානානිසංස සූත්‍රය.
§ 1. මහණෙනි, මේ කැඳෙහි අනුසස් පසක් වෙත්.
කවර පසක්ද යත්?
බඩගින්න නසයි.
පිපාසය දුරු කෙරයි.
වාතය අනුලොම් කරයි.
වස්තිය පිරිසිදු කෙරෙයි.
අමුව ඉතිරි දෙය පැසවයි.
යන පසයි.
මහණෙනි, මේ පස වනාහි කැඳෙහි අනුසස් වෙත්ය” යි වදාළ සේක.
AN 05-21-08. දන්ත කට්ඨානිසංස සූත්‍රය
§ 1. “මහණෙනි, දැහැටි දඬු නොවැළඳීමෙහි (දත් නොමැදීමේ) දෝෂ පසක් වෙත්.
“කවර පසක්ද යත්?
ඇස්වලට අහිතවේ.
මුඛය දුර්ගන්‍ධවේ.
රස නහර නොපිනවත්.
පිතද සෙමද බත වැළඳ ගනිත්.
බත මොහුට නොකැමැතිවේ
යන පසයි.
මහණෙනි, දැහැටි දඬු නොවැළඳීමෙහි (දත් නොමැදීමේ) මේ දෝෂ පසක් වෙත්.
“මහණෙනි, දැහැටි දඬු වැළඳීමෙහි (දත් මැදීමේ) මේ අනුසස් පසක් වෙත්.
“කවර පසක්ද යත්?
ඇස්වලට හිතවේ.
මුඛය දුර්ගන්‍ධ නොවේ.
රස නහර පිනවත්.
පිතද සෙමද බත නොවැළඳ ගනිත්.
බත මොහුට රුචිවේ
යන පසයි.
මහණෙනි, දැහැටි දඬු වැළඳීමෙහි මේ අනුසස් පස වෙත්.
AN 05-21-09. ගීතස්සර සූත්‍රය
§1 “මහණෙනි,
දික්වූ ගීතිකා ස්වරයෙන් බණ කියන්නහුගේ මේ දෝෂ පසක් වෙත්.
“තවර පසක්ද යත්?
තෙමේද ඒ ස්වරයෙහි ඇලෙයි.
අන්‍යයෝද ඒ ස්වරයෙහි අලවත්.
ගෘහපතීහුද, ‘යම් පරිද්දකින්ම අපි ගායනා කරමුද, එපරිද්දෙන්ම මේ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ ගායනා කෙරෙත්ය’ යි හෙළා දකිත්.
හඬනගා කීමද කැමතිවන්නහුගේ සමාධිය භංග වේ.
පශ්චිම ජනතාව දෘෂ්ටානුගතියට පැමිණේ
යන පසයි.
“මහණෙනි, දික්වූ ගීතිකා ස්වරයෙන් බණ කියන්නහුගේ මේ දෝෂ පසක් වෙත්.
AN 05-21-10. නිද්දොක්කමන සූත්‍රය
§ 1. “මහණෙනි, සතියෙන් තොරව , සම්පජන්ඥය නොහොත් මනා දැනීම නැතිව නින්දට යන්නහුට මේ දෝෂ පසක් වෙත්.
“කවර පසක්ද යත්?
දුකසේ නිදයි.
දුකසේ පිබිදෙයි.
ලාමකවූ සිහින දකියි.
දෙවියෝ නොරකිත්.
ස්වප්න මෝචනය සිදු වේ,
යන පසයි.
“මහණෙනි, සතියෙන් තොරව , සම්පජන්ඥය නැතිව නින්දට බැසගන්නහුගේ මේ දෝෂ පසක් වෙත්.
§ 2.-“මහණෙනි, එළඹ සිටි සතිය ඇතිව, මනා දැනුම් ඇතිව නින්දට බැසගන්නහුගේ මේ අනුසස් පසක් වෙත්.
“කවර පසක්ද යත්?
සුවසේ නිදයි.
සුවසේ පිබිදෙයි.
ලාමකවූ සිහින නොදකියි.
දෙවියෝ රකිත්.
අශූචි මෝචනය නොවේ,
යන පසයි.
“මහණෙනි, එළඹ සිටි සතිය ඇතිව, මනා දැනුම් ඇතිව නින්දට යන්නහු මේ අනුසස් පස ලබත්.
