SN 02-01-02-
01. ආහාර සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
§ 2. මහණෙනි, උපන් සත්වයන්ගේ පැවැත්ම පිණිසද, උපදිමින් සිටින සත්වයින්ට උපකාරය පිණිසද පවත්නාවූ ආහාර හේතු සතරක් වෙත්.
ඒ ආහාර සතර කවරහුද?
මහත්වූ හෝ ඉතා කුඩාවූ හෝ කබලිංකාර ආහාරය (පිඬුකොට වළඳන ආහාරය) ද
දෙවැනිවූ එස්සාහාරයද,
තුන්වැනිවූ මනො සංචෙතනාහාරයද
සතරවැනිවූ විඤ්ඤාණාහාරයද යන මේවා යි.
මහණෙනි, උපන් සත්වයින්ගේ පැවැත්ම පිණිසද, උපදිමින් සිටින්නාවූ සත්වයන්ට උපකාරය පිණිසද මේ සතර ආහාරයෝ පවතිත්.
§ 3. “මහණෙනි මේ සතර ආහාරයෝ කුමක් මුල්කොට ඇත්තාහුද?
කුමක් හේතුකොට ඇත්තාහුද?
කුමක් උප්පත්තිකොට ඇත්තාහුද?
කුමක් ප්‍රභවකොට ඇත්තාහුද?
මේ සතර ආහාරයෝ තණ්හාව මුල්කොට ඇත්තාහ.
තණ්හාව හේතුකොට ඇත්තාහ.
තණ්හාව උප්පත්තිකොට ඇත්තාහ.
තණ්හාව ප්‍රභවකොට ඇත්තාහ.
“මහණෙනි, මේ තණ්හාව කුමක් මුල්කොට ඇත්තේද?
කුමක් හේතුකොට ඇත්තේද?
කුමක් උප්පත්ති කොට ඇත්තේද?
කුමක් ප්‍රභවකොට ඇත්තේද?
තණ්හාව වේදනාව මුල්කොට ඇත්තේය.
වේදනාව හේතුකොට ඇත්තේය.
වේදනාව උප්පත්තිකොට ඇත්තේය.
වේදනාව ප්‍රභවකොට ඇත්තේය.
“මහණෙනි, මේ වේදනාව කුමක් මුල්කොට ඇත්තේද?
කුමක් හේතුකොට ඇත්තේද?
කුමක් උප්පත්ති කොට ඇත්තේද?
කුමක් ප්‍රභවකොට ඇත්තේද?
වේදනාව ස්පර්ශය මුල්කොට ඇත්තේය.
ස්පර්ශය හේතුකොට ඇත්තේය.
ස්පර්ශය උප්පත්තිකොට ඇත්තේය.
ස්පර්ශය ප්‍රභවකොට ඇත්තේය.
“මහණෙනි, මේ ස්පර්ශය කුමක් මුල්කොට ඇත්තේද?
කුමක් හේතුකොට ඇත්තේද?
කුමක් උප්පත්ති කොට ඇත්තේද?
කුමක් ප්‍රභවකොට ඇත්තේද?
ස්පර්ශය සළායතනයන් මුල්කොට ඇත්තේය.
සළායතන හේතුකොට ඇත්තේය.
සළායතන උප්පත්තිකොට ඇත්තේය.
සළායතන ප්‍රභවකොට ඇත්තේය.
“මහණෙනි, මේ සළායතන කුමක් මුල් කොට ඇත්තේද?
කුමක් හේතුකොට ඇත්තේද?
කුමක් උප්පත්තිකොට ඇත්තේද?
කුමක් ප්‍රභවකොට ඇත්තේද?
සළායතනයන් නාම රූප මුල්කොට ඇත්තේය.
නාම-රූප හේතුකොට ඇත්තේය.
නාම-රූප උප්පත්තිකොට ඇත්තේය.
නාම-රූප ප්‍රභවකොට ඇත්තේය.
“මහණෙනි මේ නාම-රූප කුමක් හේතු කොට ඇත්තේද?
කුමක් උප්පත්තිකොට ඇත්තේද?
කුමක් ප්‍රභවකොට ඇත්තේද?
නාම-රූප විඤ්ඤාණය මුල්කොට ඇත්තේය.
විඤ්ඤාණය හේතුකොට ඇත්තේය.
විඤ්ඤාණය උප්පත්තිකොට ඇත්තේය
විඤ්ඤාණය ප්‍රභවකොට ඇත්තේය.
“මහණෙනි, මේ විඤ්ඤාණය කුමක් මුල් කොට ඇත්තේද?
කුමක් හේතුකොට ඇත්තේද?
කුමක් උප්පත්තිකොට ඇත්තේද?
කුමක් ප්‍රභවකොට ඇත්තේද?
විඤ්ඤාණය සංස්කාර මුල්කොට ඇත්තේය.
සංස්කාර හේතුකොට ඇත්තේය.
සංස්කාර උප්පත්තිකොට ඇත්තේය.
සංස්කාර ප්‍රභවකොට ඇත්තේය.
“මහණෙනි, මේ සංස්කාර කුමක් මුල්කොට ඇත්තේද?
කුමක් හේතුකොට ඇත්තේද?
කුමක් උප්පත්ති කොට ඇත්තේද?
කුමක් ප්‍රභවකොට ඇත්තේද?
සංස්කාර අවිද්‍යාව මුල්කොට ඇත්තේය.
අවිද්‍යාව හේතුකොට ඇත්තේය.
අවිද්‍යාව උප්පත්තිකොට ඇත්තේය.
අවිද්‍යාව ප්‍රභවකොට ඇත්තේය.
§ 4. “මහණෙනි,
මෙසේ අවිද්‍යාව නිසා සංස්කාරයෝ ඇතිවෙත්.
සංස්කාරයන් නිසා විඤ්ඤාණය ඇතිවේ.
විඤ්ඤාණය නිසා නාම-රූප ඇතිවේ.
නාම-රූප නිසා සළායතන ඇතිවේ.
සළායතන නිසා ස්පර්ශය ඇතිවේ.
ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ.
වේදනාව නිසා තණ්හාව ඇතිවේ.
තණ්හාව නිසා උපාදානය ඇතිවේ.
උපාදානය නිසා භවය ඇතිවේ.
භවය නිසා (ජාතිය) ඉපදීම ඇතිවේ.
ඉපදීම (ජාතිය) නිසා ජරා, මරණද, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් ඇතිවෙත්.
මෙසේ මේ සියලු දුක් සමූහයාගේ ඇතිවීම වෙයි.
§ 5. “අවිද්‍යාව මුළුමනින් නැතිවීමෙන් සංස්කාරයන්ගේ නැතිවීම වේ.
සංස්කාරයන් මුළුමනින් නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවේ.
විඤ්ඤාණය නැතිවීමෙන් නාමරූප නැතිවෙයි.
නැමරූප නැතිවීමෙන් සළායතන නැතිවෙයි.
සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි.
ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවෙයි.
වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි.
තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි.
උපාදානය නැතිවීමෙන් භවය නැතිවෙයි.
භවය නැතිවීමෙන් ජාතිය (උප්පත්තිය) නැතිවෙයි.
ජාතිය (උප්පත්තිය) නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්.
මෙසේ මේ සියලු දුක් සමූහයාගේ නැතිවීම වෙයි.
(පළමුවන ආහාර සූත්‍රය නිමි.)
SN 02-01-02-
02. මෝලිය ඵග්ගුන සූත්‍රය
§ 1. මා විසින් මෙසේ අසනලදී.
එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණසේක. එහිදී දිනක් භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
§ 2. “මහණෙනි, උපන් සත්වයින්ගේ පැවැත්ම පිණිසද, උපදිමින් සිටින සත්වයින්ට උපකාර පිණිසද, පවත්නාවූ ආහාර (හේතු) සතරක් වෙත්.
කවර සතරක්ද යත්?
මහත්වූ හෝ සියුම්වූ හෝ කබලිංකාර ආහාරය,
දෙවැනිවූ ස්පර්ශාහාරය,
තුන්වැනිවූ මනොසංචෙතනාහාරය,
සතරවැනිවූ විඤ්ඤාණාහාරය යන මොහුයි.
මහණෙනි, උපන් සත්වයින්ගේ පැවැත්ම පිණිසද, උපදිමින් සිටින්නාවූ සත්වයින්ට උපකාරය පිණිසද මේ සතර ආහාරයෝ පවතිත්.
§ 3. මෙසේ වදාළ කල්හි, ආයුෂ්මත් “මෝළිය ඵග්ගුන” නම් භික්ෂුව, භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ ඇසීය.
“ස්වාමීනි, කවරෙක් විඤ්ඤාණය ආහාරය අනුභව කෙරේද?” කියායි.
භාග්‍යවතුන් වහන්සේ “ඒ ප්‍රශ්නය නුසුදුසුය”යි වදාළ සේක.
‘අනුභව කෙරේයයි මම නොකියමි.
ඉදින් මම අනුභව කෙරේයයි කියම් නම්, “ස්වාමීනි, කවරෙක් අනුභව කරන්නේද? යන ප්‍රශ්නය ඇසීම සුදුසුය. මම මෙසේ නොකියමි.
මෙසේ නොකියන්නාවූ, මගෙන් ‘ස්වාමීනි, විඤ්ඤාණ ආහාරය කුමකට උපකාර වේද?’ කියා යමෙක් අසයි නම්, එය සුදුසු ප්‍රශ්නයකි.
විඤ්ඤාණ ආහාරය සසර නැවත ඉපදීමට උපකාර වෙයි.
ඒ ඉපදීම ඇතිවූ කල්හි සළායතන ඇතිවෙයි.
සළායතනයන් නිසා ස්පර්ශය ඇතිවේය‘යි කියා එහිදී විසඳීම සුදුසුය.”
“ස්වාමීනි, කවරෙක් ස්පර්ශ කෙරේද?
“ඒ ප්‍රශ්නය නුසුදුසුයයි” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
‘ස්පර්ශය කෙරේයයි’ මම නොකියමි.
ඉදින් ‘ස්පර්ශය කෙරේයයි’ මම කියම් නම් එකල ‘ස්වාමීනි, කවරෙක් වනාහි ස්පර්ශය කෙරේද?’ යන ප්‍රශ්නය සුදුසුය. මම එසේ නොකියමි.
එසේ නොකියන්නාවූ මගෙන් ‘ස්වාමීනි, ස්පර්ශය කුමක් නිසා ඇතිවේද?’ කියා, යමෙක් අසයි නම් එය සුදුසු ප්‍රශ්නයකි.
සළායතනයන් නිසා ස්පර්ශය ඇති වෙයි.
ස්පර්ශය නිසා වේදනාව ඇතිවේය“යි කියා එහිදී විසඳීම සුදුසුය.”
“ස්වාමීනි, කවරෙක් විඳීද?”
“ඒ ප්‍රශ්නය නුසුදුසුයයි” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
“විඳීයයි මම නොකියමි. ඉදින් මම විඳීයයි කියම් නම්, ‘ස්වාමීනි, කවරෙක් විසින් විඳීද?’ යන ප්‍රශ්නය ඇසීම සුදුසු වන්නේය.
එසේ මම නොකියමි. එසේ නොකියන්නාවූ මගෙන්
‘ස්වාමීනි කුමක් නිසා වේදනාව ඇතිවේද?’ කියා, යමෙක් අසයි නම්, මෙය සුදුසු ප්‍රශ්නයකි.
එහිදී ස්පර්ශය නිසා වේදනාව ඇතිවෙයි.
වේදනාව නිසා තණ්හාව ඇතිවේය“යි කියා විසඳීම සුදුසුය.”
“ස්වාමීනි, කවරෙක් ආශා කරයිද?”
භාග්‍යවතුන් වහන්සේ ඒ ප්‍රශ්නය නුසුදුසුයයි වදාළ සේක
“මම ආශා කෙරේයයි නොකියමි.
ඉදින් මම ආශා කෙරේයයි කියම් නම්, ‘ස්වාමීනි, කවරෙක් ආශා කෙරේද?’ යන ප්‍රශ්නය සුදුසු වන්නේය.
එසේ මම නොකියමි.
එසේ නොකියන්නාවූ මගෙන්
‘ස්වාමීනි, කුමක් නිසා ආශාව ඇතිවේද?” කියා අසයි නම් මෙය සුදුසු ප්‍රශ්නයකි.
එහිදී වේදනාව නිසා තණ්හාව (= කැමැත්ත = ආශාව) ඇතිවේ.
තණ්හාව නිසා උපාදානය (= දැඩිකොට අල්වාගැනීම) ඇති වේ“යයි කියා විසඳීම සුදුසුය.”
“ස්වාමීනි, කවරෙක් උපාදාන (දැඩිකොට අල්වාගැනීම) කෙරෙත්ද?”
භාග්‍යවතුන් වහන්සේ ඒ ප්‍රශ්නය නුසුදුසුයයි වදාළ සේක.
“මම උපාදානය කෙරේයයි නොකියමි.
ඉදින් මම උපාදානය කෙරේයයි කියම් නම් ‘ස්වාමීනි, කවරෙක් උපාදානය කෙරේද?’ යන ප්‍රශ්නය එහිදී සුදුසු වන්නේය.
එසේ මම නොකියමි.
එසේ නොකියන්නාවූ මගෙන් ‘ස්වාමීනි, කුමක්නිසා උපාදානය ඇතිවේද?’ කියා යමෙක් අසයි නම්, මෙය සුදුසු ප්‍රශ්නයකි.
එහිදී තණ්හාව නිසා උපාදානය ඇතිවේ.
උපාදානය නිසා භවය ඇතිවේ.
භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවේ.
ජාතිය (ඉපදීම) නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝද ඇතිවෙත්.
මෙසේ මේ සියලු තනිකර දුක් සමූහය ඇතිවෙයි.
§ 3. “ඵග්ගුනය, සවැදෑරුම් ස්පර්ශායතනයන්ගේ මුළුමනින් නැසීම වූ විට ස්පර්ශය නැතිවේ.
ස්පර්ශය නැතිවීම හේතුකොටගෙන වේදනාව නැතිවේ.
වේදනාව නැතිවීම හේතුකොටගෙන තණ්හාව නැතිවේ.
තණ්හාව නැතිවීම හේතුකොටගෙන උපාදානය නැතිවේ.
උපාදානය නැතිවීම හේතුකොටගෙන භවය නැතිවේ.
භවය නැතිවීම හේතුකොට ගෙන යලි ඉපදීම නැතිවේ.
ඉපදීම නැතිවීම හේතුකොටගෙන ජරාව, මරණය, ශෝකය. පරිදේව (හැඬීම) දුක්, දොම්නස් සහ උපායාසයෝ (තද ශෝක) නැතිවෙත්.
මෙසේ මේ සියලු දුක් සමූහය නැතිවෙයි.
(දෙවෙනි ඵග්ගුන සූත්‍රය නිමි.)
SN 02-01-02-
03. පළමු ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය
§ 1. මා විසින් මෙසේ අසනලදී.
එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවෙසෙති. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
§ 2. “මහණෙනි,
යම්කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක්, ජරාව සහ මරණය නොදනිත්ද,
ජරාමරණය ඇතිවීම නොදනිත්ද,
ජරාමරණය නැතිවීම නොදනිත්ද,
ජරා මරණය නැතිකරන මාර්ගය නොදනිත්ද,
ඉපදීම නොදනිත්ද,
ඉපදීම ඇතිවීම නොදනිත්ද,
ඉපදීම නැතිවීම නොදනිත්ද,
ඉපදීම නැතිකරන මාර්ගය නොදනිත්ද,
භවය නොදනිත්ද,
භවය ඇතිවීම නොදනිත්ද,
භවය නැතිවීම නොදනිත්ද,
භවය නැතිකරන මාර්ගය නොදනිත්ද,
උපාදානය (දැඩිව අල්ලාගැනීම) නොදනිත්ද,
උපාදානය (දැඩිව අල්ලා ගැනීම) ඇතිවීම නොදනිත්ද,
උපාදානය (දැඩිව අල්වාගැනීම) නැතිවීම නොදනිත්ද,
උපාදානය (දැඩිව අල්වාගැනීම) නැතිකරන මාර්ගය නොදනිත්ද,
තණ්හාව නොදනිත්ද,
තණ්හාව ඇතිවීම නොදනිත්ද,
තණ්හාව නැතිවීම නොදනිත්ද,
තණ්හාව නැති කරන මාර්ගය නොදනිත්ද,
වේදනාව නොදනිත්ද,
වේදනාව ඇතිවී නොදනිත්ද,
වේදනාව නැතිවීම නොදනිත්ද,
වේදනාව නැති කරන මාර්ගය නොදනිත්ද,
ස්පර්ශය නොදනිත්ද,
ස්පර්ශය ඇතිවීම නොදනිත්ද,
ස්පර්ශය නැතිවීම නොදනිත්ද,
ස්පර්ශය නැති කරන මාර්ගය නොදනිත්ද,
සළායතන (ෂඩ් ඉන්ද්‍රිය) නොදනිත්ද
සළායතන ඇතිවීම නොදනිත්ද,
සළායතන නැතිවීම නොදනිත්ද,
සළායතන නැතිකරන මාර්ගය නොදනිත්ද,
නාමය සහ රූපය නොදනිත්ද
නාමය සහ රූපය ඇතිවීම නොදනිත්ද,
නාමය සහ රූපය නැතිවීම නොදනිත්ද,
විඤ්ඤාණය නොදනිත්ද,
විඤ්ඤාණය ඇතිවීම නොදනිත්ද,
විඤ්ඤාණය නැතිවීම නොදනිත්ද,
විඤ්ඤාණය නැතිකරන මාර්ගය නොදනිත්ද,
සංස්කාරයන් නොදනිත්ද,
සංස්කාරයන් ඇතිවීම නොදනිත්ද,
සංස්කාරයන් නැතිවීම නොදනිත්ද,
සංස්කාරයන් නැතිකරන මාර්ගය නොදනිත්ද,
§ 3. මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් අතුරෙහි ශ්‍රමණ සම්මත හෝ බ්‍රාහ්මණයන් අතුරෙහි බ්‍රාහ්මණ සම්මත හෝ නොවෙති. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්‍රමණ බවේ ඵලය හෝ බ්‍රාහ්ණ බවේ ඵලය හෝ මේ ආත්මයෙහි තමන්ම දැන ප්‍රත්‍යක්ෂකොට ගන්නට අසමත් වෙත්.
මහණෙනි,
යම්කිසි මහණෙක් හෝ බමුණෙක් ජරාව සහ මරණය දනිත්ද,
ජරාමරණයන්ගේ ඇතිවීම දනිත්ද,
ජරා මරණය නැතිවීම දනිත්ද,
ජරාමරණය නැති කරන මාර්ගය දනිත්ද,
ඉපදීම දනිත්ද,
ඉපදීම ඇතිවීම දනිත්ද,
ඉපදීම නැතිවීම දනිත්ද,
ඉපදීම නැතිකරන මාර්ගය දනිත්ද,
භවය දනිත්ද,
භවය ඇතිවීම දනිත්ද,
භවය නැතිවීම දනිත්ද,
භවය නැතිකරන මාර්ගය දනිත්ද,
උපාදානය (දැඩිව අල්ලා ගැනීම) දනිත්ද,
උපාදානය ඇතිවීම දනිත්ද,
උපාදානය නැතිවීම දනිත්ද,
උපාදානය නැතිකරන මාර්ගය දනිත්ද,
තණ්හාව දනිත්ද?
තණ්හාව ඇතිවීම දනිත්ද,
තණ්හාව නැතිවීම දනිත්ද,
තණ්හාව නැති කරන මාර්ගය දනිත්ද,
වේදනාව දනිත්ද,
වේදනාව ඇතිවීම දනිත්ද,
වේදනාව නැති වීම දනිත්ද,
වේදනාව නැතිකරන මාර්ගය දනිත්ද,
ස්පර්ශය දනිත්ද,
ස්පර්ශය ඇතිවීම දනිත්ද,
ස්පර්ශය නැතිවීම දනිත්ද,
ස්පර්ශය නැතිකරන මාර්ගය දනිත්ද,
සළායතනයන් (ෂඩ් ඉන්ද්‍රියන්) දනිත්ද,
සළායතනයන් ඇතිවීම දනිත්ද,
සළායතනයන් නැතිවීම දනිත්ද,
සළායතනයන් නැති කරන මාර්ගය දනිත්ද,
නාමරූපයන් දනිත්ද,
නාමරූපයන් ඇතිවීම දනිත්ද,
නාමරූපයන් නැතිවීම දනිත්ද,
නාමරූපයන් නැති කරන මාර්ගය දනිත්ද,
විඤ්ඤාණය දනිත්ද,
විඤ්ඤාණය ඇතිවීම දනිත්ද,
විඤ්ඤාණය නැතිවීම දනිත්ද,
විඤ්ඤාණය නැතිකරන මාර්ගය දනිත්ද,
සංස්කාරයන් දනිත්ද,
සංස්කාරයන් ඇතිවීම දනිත්ද,
සංස්කාරයන් නැතිවීම දනිත්ද,
සංස්කාරයන් නැතිකරන මාර්ගය දනිත්ද,
මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් අතුරෙහි ශ්‍රමණ සම්මතද, බ්‍රාහ්මණයන් අතුරෙහි බ්‍රාහ්මණ සම්මතද වෙති. ඒ ආයුෂ්මත්හු ශ්‍රමණ භාවයේ ඵලයද, බ්‍රාහ්මණ භාවයේ ඵලයද මේ ආත්මයෙහිම තෙමේම දැන, ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කෙරෙත්.
(ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය නිමි.)
SN 02-01-02-
04. දෙවන ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය
§1. මා විසින් මෙසේ අසනලදී.
එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී දිනක් භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
§ 2. “මහණෙනි, යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මේ ධර්මයන් නොදනිත්ද, මේ ධර්මයන්ගේ ඇතිවීම නොදනිත්ද, මේ ධර්මයන්ගේ නැතිවීම නොදනිත්ද, මේ ධර්මයන් නැතිකරන මාර්ගය නොදනිත්ද, කිනම් ධර්මයන් නොදනිත්ද? කිනම් ධර්මයක්හුගේ ඇතිවීම නොදනිත්ද, ඔවුන් ශ්‍රමණභාවයේ ඵලය හෝ බ්‍රාහ්මණ භාවයේ ඵලය හෝ මේ ආත්මභාවයෙහි තෙමේම දැන ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කිරීමට අසමත් වෙත්.
කිනම් ධර්මයක්හුගේ නැතිවීම නොදනිත්ද?
කිනම් ධර්මයක්හුගේ නැතිවෙන මාර්ගය නොදනිත්ද?
ජරා මරණය නොදනිත්ද,
ජරා මරණයන්ගේ ඇතිවීම නොදනිත්ද,
ජරාමරණයන්ගේ නැතිවීම නොදනිත්ද,
ජරා මරණය නැතිවෙන මාර්ගය නොදනිත්ද,
ඉපදීම නොදනිත්ද,
ඉපදීම ඇතිවීම නොදනිත්ද,
ඉපදීම නැතිවීම නොදනිත්ද,
ඉපදීම නැතිකරන මාර්ගය නොදනිත්ද,
භවය නොදනිත්ද,
භවය ඇතිවීම නොදනිත්ද,
භවය නැතිවීම නොදනිත්ද,
භවය නැතිකරන මාර්ගය නොදනිත්ද,
උපාදානය (දැඩිව අල්ලාගැනීම) ඇතිවීම නොදනිත්ද,
උපාදානය (දැඩිව අල්ලාගැනීම) නැතිවීම නොදනිත්ද,
උපාදානය (දැඩිව අල්ලාගැනීම) නැතිකරන මාර්ගය නොදනිත්ද,
තණ්හාව නොදනිත්ද,
තණ්හාව ඇතිවීම නොදනිත්ද,
තණ්හාව නැතිවීම නොදනිත්ද,
තණ්හාව නැතිකරන මාර්ගය නොදනිත්ද,
වේදනාව නොදනිත්ද,
වේදනාව ඇතිවීම නොදනිත්ද,
වේදනාව නැතිවීම නොදනිත්ද,
වේදනාව නැති කරන මාර්ගය නොදනිත්ද,
ස්පර්ශය නොදනිත්ද,
ස්පර්ශය ඇතිවීම නොදනිත්ද,
ස්පර්ශය නැතිවීම නොදනිත්ද,
ස්පර්ශය නැතිකරන මාර්ගය නොදනිත්ද,
සළායතනයන් (ෂඩ් ඉන්ද්‍රිය) නොදනිත්ද,
සළායතනයන් ඇතිවීම නොදනිත්ද,
සළායතනයන් නැතිවීම නොදනිත්ද,
සළායතනයන් නැතිකරන මාර්ගය නොදනිත්ද,
නාමරූපයන් නොදනිත්ද,
නාමරූපයන් ඇතිවීම නොදනිත්ද,
නාමරූපයන් නැතිවීම නොදනිත්ද,
නාම රූපයන් නැතිකරන මාර්ගය නොදනිත්ද,
විඤ්ඤාණය නොදනිත්ද,
විඤ්ඤාණය ඇතිවීම නොදනිත්ද,
විඤ්ඤාණය නැතිවීම නොදනිත්ද,
විඤ්ඤාණය නැතිකරන මාර්ගය නොදනිත්ද,
සංස්කාරයන් නොදනිත්ද,
සංස්කාරයන්ගේ ඇතිවීම නොදනිත්ද,
සංස්කාරයන්ගේ නැතිවීම නොදනිත්ද,
සංස්කාරයන් නැතිවන මාර්ගය නොදනිත්ද,
මේ ධර්මයන් නොදනිත්ද,
මේ ධර්මයන්ගේ ඇතිවීම නොදනිත්ද,
මේ ධර්මයන්ගේ නැතිවීම නොදනිත්ද,
මේ ධර්මයන් නැතිවන මාර්ගය නොදනිත්ද,
මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් අතුරෙහි ශ්‍රමණ සම්මතද, බ්‍රාහ්මණයන් අතුරෙහි බ්‍රාහ්මණ සම්මතයට ද අයත් නොවෙති.
ඒ ආයුෂ්මත්හුද ශ්‍රමණභාවයේ ඵලය හෝ බ්‍රාහ්මණ භාවයේ ඵලය හෝ මේ ආත්මභාවයෙහි තෙමේම දැන ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කිරීමට අසමත් වෙත්.
§ 3. “මහණෙනි, යම් කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මේ ධර්මයන් දනිත්ද,
මේ ධර්මයන්ගේ ඇතිවීම දනිත්ද,
මේ ධර්මයන්ගේ නැතිවීම දනිත්ද,
මේ ධර්මයන් නැතිවන මාර්ගය දනිත්ද, ඔවුන් ශ්‍රමණභාවයේ ඵලය හෝ බ්‍රාහ්මණ භාවයේ ඵලය හෝ මේ ආත්මභාවයෙහි තෙමේම දැන ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කිරීමට සමත් වෙත්.
කිනම් ධර්මයක් දනිත්ද,
කිනම් ධර්මයක්හුගේ ඇතිවීම දනිත්ද?
කිනම් ධර්මයක්හුගේ නැතිවීම දනිත්ද?
කිනම් ධර්මයක්හුගේ නැතිවෙන මාර්ගය දනිත්ද? යත්:
ජරාමරණය දනිත්ද,
ජරාමරණයාගේ ඇතිවීම දනිත්ද,
ජරාමරණය නැතිවීම දනිත්ද,
ජරාමරණය නැතිවෙන මාර්ගය දනිත්ද,
ඉපදීම දනිත්ද,
ඉපදීම ඇතිවීම දනිත්ද,
ඉපදීම නැතිවීම දනිත්ද,
ඉපදීම නැතිවෙන මාර්ගය දනිත්ද,
භවය දනිත්ද,
භවය ඇතිවීම දනිත්ද,
භවය නැතිවීම දනිත්ද,
භවය නැතිවෙන මාර්ගය දනිත්ද,
උපාදානය (දැඩිව අල්ලා ගැනීම) දනිත්ද
උපාදානය ඇතිවීම දනිත්ද,
උපාදානය නැතිවීම දනිත්ද,
උපාදානය නැතිවෙන මාර්ගය දනිත්ද,
තණ්හාව දනිත්ද,
තණ්හාව ඇතිවීම දනිත්ද,
තණ්හාව නැතිවීම දනිත්ද,
තණ්හාව නැතිවෙන මාර්ගය දනිත්ද,
වේදනාව දනිත්ද,
වේදනාව ඇතිවීම දනිත්ද,
වේදනාව නැතිවීම දනිත්ද
වේදනාව නැති වෙන මාර්ගය දනිත්ද,
ස්පර්ශය දනිත්ද,
ස්පර්ශය ඇතිවීම දනිත්ද,
ස්පර්ශය නැතිවීම දනිත්ද,
ස්පර්ශය නැතිවෙන මාර්ගය දනිත්ද,
සළායතනයන් (ෂඩ් ඉන්ද්‍රිය) දනිත්ද,
සළායතනයන් ඇතිවීම දනිත්ද,
සළායතන නැතිවීම දනිත්ද,
සළායතනයන් නැතිවෙන මාර්ගය දනිත්ද,
නාමරූපයන් දනිත්ද,
නාමරූපයන් ඇතිවීම දනිත්ද,
නාමරූපයන් නැතිවීම දනිත්ද,
නාමරූපයන් නැතිවෙන මාර්ගය දනිත්ද,
විඤ්ඤාණය දනිත්ද,
විඤ්ඤාණය ඇතිවීම දනිත්ද,
විඤ්ඤාණය නැතිවීම දනිත්ද,
විඤ්ඤාණය නැතිවෙන මාර්ගය දනිත්ද,
සංස්කාරයන් දනිත්ද,
සංස්කාරයන්ගේ ඇතිවීම දනිත්ද,
සංස්කාර නැතිවීම දනිත්ද,
සංස්කාර නැතිවෙන මාර්ගය දනිත්ද,
මේ ධර්මයන් දනිත්ද, මේ ධර්මයන්ගේ ඇතිවීම දනිත්ද, මේ ධර්මයන්ගේ නැතිවීම දනිත්ද, මේ ධර්මයන්ගේ නැතිවෙන මාර්ගය දනිත්ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් අතුරෙහි ශ්‍රමණ සම්මතද, බ්‍රාහ්මණයන් අතුරෙහි බ්‍රාහ්මණ සම්මතයට අයත්ද වෙත්. ඒ ආයුෂ්මත්හුද ශ්‍රමණ භාවයේ ඵලයද, බ්‍රාහ්මණ භාවයේ ඵලයද, මේ ආත්මභාවයෙහි තෙමේම දැන, ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරති.
(සතරවන ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය නිමි.)
SN 02-01-02-
05 . කච්චාන ගොත්ත සූත්‍රය
§1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක.
§2 . ඉක්බිති කච්චායනගොත්ත නම් භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පැත්තක සිට, භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය.
“ස්වාමීනි, සම්‍යක්දෘෂ්ටිය, සම්‍යක් දෘෂ්ටියයි කියනු ලබයි.
ස්වාමීනි කෙතෙක් කෙසේ නම් සම්‍යක්දෘෂ්ටිය වේද?”
§ 3. කච්චායනය,
මේ ලෝවැසියා බොහෝ සෙයින් ‘ඇත්තේය යන දෘෂ්ටියෙහිද, නැත්තේය යන දෘෂ්ටියෙහිද පිහිටියේ වෙයි. කච්චායනය, ලෝකයේ ඇතිවීම ඇතිසැටියෙන් මනා නුවණින් දකින්නාට ලෝකයෙහි නැත්තේය යන දෘෂ්ටිය ඇති නොවෙයි.
[ඇත යන දිෂ්ඨිය යනු පවෙහි පිනෙහි විපාක ඇත. ආදී වශයෙන් යන ශාස්වත දිට්ඨිය. ලෙසද නැත යන්න කිසි දෙයක විපාකයන් නැත යන නාස්තික වාදය ලෙසද සහරු වරදවා ගනිති.]
කච්චායනය, ලෝකයේ නැතිවීම ඇතිසැටියෙන් මනා නුවණින් දකින්නාට ලෝකයෙහි ඇත්තේය යන දෘෂ්ටිය ඇති නොවෙයි.
[ලෝකය යනුවෙන් දක්වන්නේ පංච ඉන්ද්‍රියයන්ගෙන් ඇති කරගන්නාවූ ලෝකය වේ. රුපය දැක ඇතිකරගත් රුප රුපය නිසා ඇතිවෙන දුක්ඛය ය.]
කච්චායනය, මේ ලෝවැසියා බොහෝ සෙයින්
තෘෂ්ණා දෘෂ්ඨි සහිත උපාය
උපාදාන
අභිනිවෙස
අනුසය නම්වූ තෘෂ්ණාදෘෂ්ටීන් විසින් බඳනා ලද්දේ වෙයි.
එහෙත් , ආර්ය ශ්‍රාවකයා අකුසල් සිතට පිහිටවූ, නිවාසස්ථානවූ, නිදනස්ථානයවූ උපාය උපාදානයයි කියනලද තෘෂ්ණාදෘෂ්ටි දෙකින් මෙය මාගේ ආත්මයයි නොපැමිණෙයි, නොගනියි, නොපිහිටයි.
උපදිනුයේද පඤ්චස්කන්ධ දුකමය, නිරුද්ධ වන්නේද පඤ්චස්කන්ධ දුකමය, එයින් අන්‍යවූ සත්වයෙක් පුද්ගලයෙක් නොවේයයි සැක නොකරයි, දෙයාකාරයකින් නොසිතයි, ඔහුට මෙහි ප්‍රත්‍යක්ෂවූම ඥානයක් වෙයි. කච්චායනය, මෙම කරුණුවලින් සම්‍යක්දෘෂ්ටිය ඇත්තේ වෙයි.
කච්චායනය, සියල්ල ඇත යන මේ ශාස්වත දෘෂ්ටිය එක් අන්තයකි. සියල්ල නැත යන මේ උච්ඡේද දෘෂ්ටිය දෙවෙනි අන්තයයි. කච්චායනය, මේ අන්ත දෙකට නොපැමිණ, තථාගතයන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවෙන් ධර්මය දේශනා කරන සේක.
කෙසේද යත්,
අවිජ්ජාව නිසා සංස්කාරයෝ ඇතිවෙති.
සංස්කාරයන් නිසා විඤ්ඤාණය ඇතිවේ.
විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවේ.
නාමරූප නිසා සළායතන ඇතිවේ.
සළායතන නිසා ස්පර්ශය ඇතිවේ.
ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ.
වේදනාව නිසා තණ්හාව ඇතිවේ.
තණ්හාව නිසා උපාදානය ඇතිවේ.
උපාදානය නිසා භවය ඇතිවේ
භවය නිසා (ජාතිය) ඉපදීම ඇතිවේ.
ඉපදීම (ජාතිය) නිසා ජරා මරණ, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොමනස්වීම් සහ වැළපීම් ඇතිවෙත්.
මෙසේ මේ සියලු දුක්ගොඩ එකටම ඇතිවේ.
අවිජ්ජාව සහමුලින් නැතිවීමෙන් සංස්කාරයෝ නැතිවෙති.
සංස්කාරයන් නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවේ.
විඤ්ඤාණය නැතිවීමෙන් නාමරූප නැතිවෙයි.
නාමරූප නැතිවීමෙන් සළායතන නැතිවෙයි.
සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි.
ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවෙයි.
වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි.
තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි.
උපාදානය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවෙයි.
ජාතිය නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවේ.
මෙසේ මේ සියලු දුක්ගොඩ නැතිවේය කියායි.”
(කාත්‍යායන ගොත්‍ර සූත්‍රය නිමි.)
SN 02-01-02-
06 . පළමු ධම්ම කථික සූත්‍රය
§1. මා විසින් මෙසේ අසනලදී.
එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
§ 2. ඉක්බිති එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ වැඩ හුන් තැනට පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හිඳ මෙය කීයේය.
“ස්වාමීනි, ධර්මකථිකයාය, ධර්මකථිකයායයි කියනු ලැබේ.
ස්වාමීනි, කෙබඳු වූ භික්ෂුවක් ධර්ම කථිකයෙක් වෙයිද?”
§3. “ මහණ! ඉදින් යම් භික්ෂුවක්
ජරා මරණ ආදී ස්වභාව නිසා සසර කලකිරීම පිණිසද,
සසර පැවැත්මට නොඇලීම පිණිසද,
ජරා මරණ නැතිකිරීම පිණිසද,
ධර්මදේශනා කෙරේද, ඒ මහණහු ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය.
ඉදින් යම් භික්ෂුවක් ජරා මරණයට කලකිරීම පිණිසද නොඇලීම පිණිසද සහ ජරා මරණ නැතිකිරීම පිණිසද ඇති මගට පිළිපන්නේ වෙයිද, ඒ භික්ෂුව (ධර්මානුධර්ම පටිපන්න) ලෝකෝත්තර ධර්මයට අනුව පිළිපන් භික්ෂුවයයි කීමට සුදුසුය.
ඉදින් භික්ෂුවක් ජරා මරණයට කලකරීම හේතුකොටගෙන, නොඇලීම හේතුකොටගෙන, ජරා මරණ නැතිකිරීම හේතුකොටගෙන, සතර උපාදානයන්ගේ අල්වා ගැනීමෙන් මිදුනේ වේද, ඒ භික්ෂුව මේ ආත්මයෙහි නිවණට සපැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
§4. “ඉදින් යම් භික්ෂුවක් ඉපදීමට කලකිරීම, නොඇලීම, එය නැතිකිරීම පිණිස ධර්මය දේශනා කෙරේද, ඒ භික්ෂුව ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය.
ඉදින් ඒ භික්ෂුව යලි ඉපදීමට කලකිරීම, නොඇලීම සහ එය නැතිකිරීම පිණිස මගට පිළිපන්නේ වෙයිද, ඒ භික්ෂුව ලෝකොත්තර ධර්මයට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
ඉදින් භික්ෂුව ජාතියට කලකිරීමෙන් නොඇලීමෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේ වේද, ඒ භික්ෂුව මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයි කීමට සුදුසුය.
§ 5 .“ඉදින් භික්ෂුවක් භවයට කලකිරීම, නොඇලීම එය නැතිකිරීම පිණිස ධර්මදේශනා කෙරේද, ඒ භික්ෂුව ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය.
ඉදින් භික්ෂුවක් භවයට කලකිරීම, නොඇලීම සහ එය නැතිකිරීම පිණිස පිළිපන්නේ වෙයිද, ඒ භික්ෂුව ලෝකොත්තර ධර්මයට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
ඉදින් ඒ භික්ෂුව භවයට කලකිරීමෙන් නොඇලීමෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේ වේද, ඒ මහණතෙම මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
§ 6. “ඉදින් භික්ෂුවක් උපාදානයට (තද ඇල්මට) කලකිරීම, නොඇලීම, එය නැතිකිරීම පිණිස ධර්මදේශනා කෙරේද, ඒ මහණතෙම ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය.
ඉදින් භික්ෂුව උපාදානයට (තද ඇල්මට) කලකිරීම, නොඇලීම සහ එය නැතිකිරීම පිණිස පිළිපන්නේ වෙයිද ඒ මහණතෙම ලෝකොත්තර ධර්මයට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
ඉදින් ඒ භික්ෂුව උපාදානයට (තද ඇල්මට) කලකිරීමෙන් නොඇලීමෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේද, ඒ භික්ෂුව මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
§7. “ඉදින් භික්ෂුවක් තණ්හාවට කලකිරීම; නොඇලීම එය නැතිකිරීම පිණිස ධර්මදේශනා කෙරේද, ඒ මහණතෙම ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය.
ඉදින් භික්ෂුව තණ්හාවට කලකිරීම, නොඇලීම සහ එය නැතිකිරීම පිණිස පිළිපන්නේ වෙයිද, ඒ මහණතෙම ලෝකොත්තර ධර්මයට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
ඉදින් මහණතෙම තණ්හාවට කලකිරීමෙන් නොඇලීමෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේද, ඒ මහණහු මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
§ 8. “ඉදින් භික්ෂුවක් වේදනාවට කලකිරීම, නොඇලීම එය නැතිකිරීම පිණිස ධර්මදේශනා කෙරේද ඒ මහණතෙම ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය.
ඉදින් භික්ෂුව වේදනාවට කලකිරීම, නොඇලීම සහ එය නැතිකිරීම පිණිස පිළිපන්නේවෙයිද, ඒ භික්ෂුව ලෝකොත්තර ධමර්යට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
ඉදින් ඒ භික්ෂුව වේදනාවට කලකිරීමෙන්, නොඇලීමෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේවේද, ඒ භික්ෂුව මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
§ 9. “ඉදින් භික්ෂුවක් ස්පර්ශයට කලකිරීම නොඇලීම එය නැතිකිරීම පිණිස ධර්මදේශනා කෙරේද, ඒ භික්ෂුව ධර්මකථික භික්ෂුවය’යි කීමට සුදුසුය.
ඉදින් ඒ භික්ෂුව ස්පර්ශයට කලකිරීම, නොඇලී සහ එය නැතිකිරීම පිණිස පිළිපන්නේ වෙයිද, ඒ භික්ෂුව ලෝකොත්තර ධර්මයට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
ඉදින් ඒ භික්ෂුව ස්පර්ශයට කලකිරීමෙන් නොඇලීමෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේද, ඒ භික්ෂුව මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
§ 10. “ඉදින් භික්ෂුවක් සළායතනයන් කෙරෙහි කලකිරීම, නොඇලීම, එය නැතිකිරීම පිණිස ධර්මදේශනා කෙරේද, ඒ භික්ෂුව ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය.
ඉදින් ඒ භික්ෂුව සළායතනයන්ට කලකිරීම, නොඇලීම සහ එය නැති කිරීම පිණිස පිළිපන්නේ වෙයිද, ඒ භික්ෂුව ලෝකොත්තර ධර්මයට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
ඉදින් ඒ භික්ෂුව සළායතනයන්ට කලකිරීමෙන් නොඇල්මෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේ ද, ඒ භික්ෂුව මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
§ 11. “ඉදින් භික්ෂුවක් නාමරූපයන්ට කලකිරීම, නොඇලී, එය නැතිකිරීම පිණිස ධර්මදේශනා කෙරේද, ඒ මහණතෙම ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය.
ඉදින් ඒ භික්ෂුව නාමරූපයන්ට කලකිරීම, නොඇලීම සහ එය නැති කිරීම පිණිස පිළිපන්නේ වෙයිද, ඒ මහණතෙම ලෝකොත්තර ධර්මයට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
ඉදින් ඒ භික්ෂුව නාමරූපයන්ට කලකිරීමෙන් නොඇලීමෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේවේද, ඒ භික්ෂුව මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
§ 12. “ඉදින් භික්ෂුවක් විඤ්ඤාණයට කලකිරීම, නොඇලීම, එය නැතිකිරීම පිණිස ධර්මදේශනා කෙරේද, ඒ මහණතෙම ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය.
ඉදින් ඒ භික්ෂුව විඤ්ඤාණයට කලකිරීම, නොඇලීම සහ එය නැතිකිරීම පිණිස පිළිපන්නේ වෙයිද, ඒ භික්ෂුව ලෝකොත්තර ධර්මයට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
ඉදින් ඒ භික්ෂුව විඤ්ඤාණයට කලකිරීමෙන් නොඇලීමෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේද, ඒ භික්ෂුව මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
§ 13. “ඉදින් භික්ෂුවක් සංස්කාරයන්ට කලකිරීම, නොඇලීම, එය නැතිකිරීම පිණිස ධර්මදේශනා කෙරේද, ඒ මහණතෙම ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය.
ඉදින් ඒ භික්ෂුව සංස්කාරයන්ට කලකිරීම, නොඇලීම සහ එය නැතිකිරීම පිණිස පිළිපන්නේ වෙයිද, ඒ භික්ෂුව ලෝකොත්තර ධර්මයට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
ඉදින් ඒ භික්ෂුව සංස්කාරයන්ට කලකිරීමෙන් නොඇලීමෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේද, ඒ භික්ෂුව මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
§ 14. “ඉදින් භික්ෂුවක් අවිජ්ජාවට කලකිරීම, නොඇලීම, එය නැතිකිරීම පිණිස ධර්මදේශනා කෙරේද, ඒ මහණතෙම ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය.
ඉදින් ඒ භික්ෂුව අවිජ්ජාවට කලකිරීම, නොඇලීම සහ එය නැතිකිරීම පිණිස පිළිපන්නේද, ඒ භික්ෂුව ලෝකොත්තර ධර්මයට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
ඉදින් ඒ භික්ෂුව අවිජ්ජාවට කලකිරීමෙන් නොඇලීමෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේද, ඒ භික්ෂුව මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
SN 02-01-02-
07 . අචේල කස්සප සූත්‍රය
§ 1. මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහිවූ, “කලන්දකනිවාප” නම් ලත් වේළුවනාරාමයෙහි වැඩ වසනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ, පාත්‍ර සිවුරු ගෙන, රජගහ නුවරට පිඬුපිණිස වැඩිසේක.
“අචේල කාශ්‍යපතෙම වනාහි වඩින්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුරදීම දුටුවේය. දැක, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු වියයුතුවූද, සිහිකටයුතුවූද, කථාව කොට නිමවා, එක් පසෙක සිට මෙසේ කීයේය.
“ඉදින් අපට ප්‍රශ්නයක් ඇසීමට ඉඩ දෙතොත් අපි භවත් ගෞතමයන්ගෙන් කිසියම් කාරණයක් අසන්නෙමු”යි කියායි.
“කාශ්‍යප, අප ඇතුළුගමට පිවිසියෙමු. ඒතාක් ප්‍රශ්නය ඇසීමට කාලය නොවේය”යි වදාළ සේක.
අචේල කාශ්‍යප තෙම දෙවෙනුවත් භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ඉදින් අපට ප්‍රශ්නයක් ඇසීමට ඉඩ දෙතොත් අපි භවත් ගෞතමයන්ගෙන් කිසියම් කාරණයක් අසන්නෙමු කියායි.”
“කාශ්‍යපය, ඇතුළුගමට පිවිසියෙමු. ඒතාක් ප්‍රශ්නය ඇසීමට කාලය නොවේයයි” වදාළ සේක.
අචේල කාශ්‍යප , තෙවෙනුවත් භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.
“ඉදින් අපට ප්‍රශ්නයක් ඇසීමට ඉඩ දෙතොත් අපි භවත් ගෞතමයන්ගෙන් කිසියම් කාරණයක් අසන්නෙමු” කියායි. “කාශ්‍යපය, ඇතුළුගමට පිවිසියෙමු. ඒ තාක් ප්‍රශ්නය ඇසීමට කාලය නොවේයයි” වදාළ සේක.
§ 2. මෙසේ කීකල්හි අචේල කාශ්‍යප මෙසේ කීයේය.
“අපි භවත් ගෞතමයන්ගෙන් බොහෝ ප්‍රශ්නයන් නොඅසන්නෙමු. කෙටි දෙයක් අසන්නට කැමැත්තෝ වෙමු.” කියායි.
“කාශ්‍යපය, යමක් ඇසීමට කැමැත්තෙහි නම් එය අසවයි” වදාළ සේක.
“භවත් ගෞතමයිනි, කිමෙක්ද දුක, තමා විසින් ඇති කරන ලද්දක්ද?”
“කාශ්‍යපය, එසේ නොකියවයි,” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
“භවත් ගෞතමයිනි, කිමෙක්ද දුක, අනුන් විසින් ඇති කරන ලද්දේද?”
“කාශ්‍යපය, එසේ නොකියවයි,” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
“භවත් ගෞතමයිනි, කිමෙක්ද දුක, තමා විසින් සහ අනුන් විසින් ඇති කරන ලද්දේද?”
“කාශ්‍යපය, එසේ නොකියවයි,” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
“භවත් ගෞතමයිනි, කිමෙක්ද දුක, තමා විසින් සහ අනුන් විසින් නොකරන ලද්දේ සිය කැමැත්තෙන් (ඉබේ) ඇතිවූයේද?”
“කාශ්‍යපය, එසේ නොකියවයි,” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
“භවත් ගෞතමයිනි, කිමෙක්ද දුකක් කියා යමක් නැද්ද?”
“කාශ්‍යපය, දුක නැත්තේ නොවේ. දුක ඇත්තේය.”
“එසේ වී නම් භවත් ගෞතමයන් දුක නොදනියිද? නොදකියිද?”
“කාශ්‍යපය, මම දුක නොදන්නෙම් නොවෙමි, නොදක්නෙම් නොවෙමි.
කාශ්‍යපය, මම දුක දනිමි. කාශ්‍යපය, මම දුක දකිමියි” වදාළ සේක.
§3. “භවත් ගෞතමයිනි, කිමෙක්ද? දුක තමා විසින් කරන ලද්දේ දැ”යි මා ඇසු කල්හි ඔබ ‘කාශ්‍යපය, එසේ නොකියවයි’ කියහි.
භවත් ගෞතමයිනි, කිමෙක්ද? දුක අනුන් විසින් කරන ලද්දේදැ”යි මා ඇසු කල්හි ඔබ ‘කාශ්‍යපය, එසේ නොකියවයි’ කියහි.
භවත් ගෞතමයිනි, කිමෙක්ද? දුක තමා විසින් සහ අනුන් විසින් කරන ලද්දේ දැ”යි මා ඇසු කල්හි ඔබ කාශ්‍යපය, එසේ නොකියවයි’ කියහි.
භවත් ගෞතමයිනි කිමෙක්ද? දුක තමා විසින් නොකරන ලද්දේ. අනුන් විසින් නොකරන ලද්දේ, සිය කැමැත්තෙන් (ඉබේ) ඇතිවූයේ දැ”යි මා ඇසු කල්හි ඔබ ‘කාශ්‍යපය, එසේ නොකියවයි’ කියහි.
භවත් ගෞතමයිනි, කිමෙක්ද? දුකක් නැද්දැ”යි මා ඇසු කල්හි ඔබ ‘කාශ්‍යපය, දුක වනාහි නැත්තේ නොවේ. ‘කාශ්‍යපය, දුක වනාහි ඇත්තේය’යි කියහි.
එසේ වී නම් භවත් ගෞතම තෙමේ දුක නොදනියිද නොදකියි දැ”යි මා ඇසු කල්හි ඔබ ‘කාශ්‍යපය, මම වනාහි දුක නොදන්නෙම් නොවෙමි. කාශ්‍යපය, මම වනාහි දුක දනිමියි’ කියහි.
§3. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට දුක කියා දෙන සේක්වා.
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට දුක දේශනා කරන සේක්වා.”
“කාශ්‍යපය, හෙතෙම කෙරෙයි, හෙතෙම විඳීයයි මුලදීම මෙසේ ගෙන දුක තමා විසින් කරන ලද්දේයයි කියන තැනැත්තේ, ශාස්වත දෘෂ්ටියට (නිත්‍ය ආත්මයක් ඇත යන දෘෂ්ටියට) පැමිණෙයි.
කාශ්‍යපය, අනිකෙක් කරයි, අනිකෙක් විඳීයයි මුලදී මෙසේ ගෙන වේදනාවෙන් යුක්තවූ කල්හි දුක අනුන් විසින් කරන ලදැයි කියන තැනැත්තේ උච්ඡේද දෘෂ්ටියට (කරන්නා මෙතනින්ම කෙළවර වෙයි යන දෘෂ්ටිය) පැමිණෙයි.
කාශ්‍යපය, ඒ මේ ශාස්වත, උච්ඡේද යන අන්ත දෙකට නොපැමිණ, මද්ධ්‍යම ප්‍රතිපදාවෙහි සිටියේ. තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කරන සේක.
§4. කෙසේද? යත්,
“අවිජ්ජාව නිසා සංස්කාරයෝ ඇතිවෙත්.
සංස්කාර නිසා විඤ්ඤාණය ඇතිවෙයි.
විඤ්ඤාණය නිසා නාම රූප ඇතිවේ.
නාම රූප නිසා සළායතන ඇතිවේ.
සළායතන නිසා ස්පර්ශය ඇතිවේ.
ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ.
වේදනාව නිසා තණ්හාව ඇතිවේ.
තණ්හාව නිසා උපාදානය ඇතිවේ.
උපාදානය නිසා භවය ඇතිවේ.
භවය නිසා (ජාතිය) ඉපදීම ඇතිවේ
ඉපදීම (ජාතිය) නිසා ජරා මරණ, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් ඇතිවෙත්.
මෙසේ මේ සියලු එකම දුක් ගොඩ ඇතිවෙයි.
§ 5. “අවිජ්ජාව සහමුලින් නැතිකිරීමෙන්ම සංස්කාරයෝ නැතිවෙත්.
සංස්කාර නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවෙයි.
විඤ්ඤාණය නැතිවීමෙන් නාම රූප නැතිවෙයි.
නාම රූප නැතිවීමෙන් සළායතන නැතිවෙයි.
සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි.
ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවෙයි.
වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි.
තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි.
උපාදානය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවෙයි.
ජාතිය නැති වීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙයි.
මෙසේ මේ සියලු එකම දුක් ගොඩ නැතිවෙයි කියායි.”
§ 6. මෙසේ වදාළ කල්හි අචේල කාශ්‍යපයන් භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.
“ස්වාමීනි, ඉතා යහපත. ස්වාමීනි, ඉතා යහපත යම්සේ යටිකුරු කළ භාජනයක් උඩුකුරු කරන්නේද, (තණකොළ ආදියෙන්) වැසුනක් වැහුම් හරින්නේද, මංමුළාවූවෙකුට මඟ හෝ කියන්නේද, (ගණඅඳුරෙහි) ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දල්වන්නේද, එපරිද්දෙන්ම පින්වතුන් වහන්සේ නොයෙක් පරිද්දෙන් ධර්මය දේශනා කරනලදී. ස්වාමීනි, ඒ ධර්මය ඇසූ මම භාග්‍යවතුන් වහන්සේ සරණකොට යමි. ධර්මයද, සංඝයාද සරණ කොට යමි. ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිද්ද ලබන්නෙමි, උපසම්පදාව ලබන්නෙමි”යි කීයේය.
“කාශ්‍යපය, අන්‍ය ශාසනයක පැවිදිව සිටියෙක් වනාහි (ඉදින්) මේ ශාසනයෙහි පැවිද්ද කැමැති වේද; උපසම්පදාව කැමති වේද, හෙතෙම සාරමාසයක් පිරිවෙස් පුරයි. සාරමස පසුවීමෙන් වැස නිමවන ලද පිරිවෙස් ඇත්තන් විසින් සතුටු කරන ලද සිත් ඇති, භික්ෂූහු, කැමති වන්නාහු නම් භික්ෂු භාවයෙහි පැවිදි කරවත්, උපසම්පදා කරවත්. එතකුදුවුවත් මා විසින් පුද්ගලයන්ගේ නානත්වය දැනගන්නා ලදී.”
“ඉදින් ස්වාමීනි, ශාසනයෙහි පැවිද්ද කැමැත්තාවූ, උපසම්පදාව කැමැත්තාවූ, අන් සසුනක පැවිදිව විසුවෝ සාරමසක් පිරිවෙස් පුරද්ද, සාරමස අවසන් වීමෙන් සතුටු කරන ලද, සිත් ඇති භික්ෂූහු කැමැත්තාහු නම් ඒ වැස නිමවන ලද පිරිවෙස් ඇතියන් භික්ෂු භාවයෙහි පැවිදි කෙරෙද්ද, උපසම්පදා කෙරෙද්ද, මම සතර අවුරුද්දක් පිරිවෙස් පුරමි. සාර අවුරුද්දකින් පසු සතුටු කරන ලද සිත් ඇති භික්ෂූහු වැස නිමවන ලද පිරිවෙස් ඇති මා භික්ෂු භාවයෙහි පැවිදි කෙරෙත්වා; උපසම්පදා කෙරෙත්වා’ යනුයි.
§ 7. අචේල කාශ්‍යපයන් , භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිද්ද ලැබීය. උපසම්පදාව ලැබීය. අලුත උපසම්පදාවූ ඇවැත් අචේල කාශ්‍යප ස්ථවිරතෙම වනාහි තනිව පිරිසෙන් වෙන්ව, ප්‍රමාද නොව, කෙලෙස් තවන වීර්යය ඇතිව, නිවණ කරා යවන ලද සිත් ඇතිව, වාසය කරන්නේය, නොබෝ කලකින්ම යමක් සඳහා කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද, ඒ අති උතුම් වූ, බ්‍රහ්මචරියාව මේ ආත්යෙහි තෙමේම දැන, අවබෝධ කොට, ඊට පැමිණ, වාසය කළේය. ඉපදීම නැති විය. බ්‍රහ්මචරියාවෙහි හැසිර අවසන් කරන ලදී. කළයුත්ත කරන ලදී. මේ ආත්මයෙහි කළයුතු අන් කිසිවක් නැතැයි දැන ගත්තේය. ඇවැත් කාශ්‍යප තෙම එක්තරා රහතන් වහන්සේ නමක්ද වූයේය.
(හත්වන අචේල සූත්‍රය නිමි.)
SN 02-01-02-
08 . තිම්බරුක සූත්‍රය
§1. මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩ වසනසේක.
§2. ඉක්බිති ‘තිම්බරුක’ නම් පරිබ්‍රාජක යෙක් භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි තැනට පැමිණ, භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටුවිය යුතු වූත්, සිහිකට යුතු වූත් කථාව කොට නිමවා, එක් පැත්තක හුන්නේය.
එක් පැත්තක හුන්නාවූ, තිම්බරුක පරිබ්‍රාජකයා භාග්‍යවතුන් වහන්සේ ගෙන් මෙසේ ඇසීය..
‘භවත් ගෞතමයිනි, කිමෙක්ද, සැප දුක් තමා විසින් කරන ලද්දේද?”
“තිම්බරුකය, එසේ නොකියව”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
“භවත් ගෞතමයිනි, කිමෙක්ද, සැප දුක් අනුන් විසින් කරන ලද්දේද?”
“තිම්බරුකය, එසේ නොකියව” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
“භවත් ගෞතමයිනි, කිමෙක්ද, සැප දුක් තමා සහ අනුන් විසින් කරන ලද්දේද?”
“තිම්බරුකය, එසේ නොකියව”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
“භවත් ගෞතමයිනි, කිමෙක්ද, සැප දුක් තමා සහ අනුන් විසින් නොකරන ලද්දේ, සිය කැමැත්තෙන් (ඉබේ) ඇතිවූයේද?”
“තිම්බරුකය, එසේ නොකියව” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
“භවත් ගෞතමයිනි, කිමෙක්ද, සැප දුක් නැද්ද?”
“තිම්බරුකය, සැප දුක් වනාහි නැත්තේ නොවේ. තිම්බරුකය, සැප දුක් වනාහි ඇත්තේය.”
එසේ වීනම්, භවත් ගෞතම තෙම සැප දුක් නො දනියිද?”
“තිම්බරුකය, මම වනාහි සැප දුක් නොදන්නෙම් නොවෙමි. තිම්බරුකය, මම වනාහි සැප දුක් දනිමි.”
“භවත් ගෞතමයිනි, කිමෙක්ද? සැප දුක් තමා විසින් කරන ලද්දේ දැයි මෙසේ අසන ලද්දේ වනාහි ‘තිම්බරුකය, එසේ නොකියව”යි කියහි.
භවත් ගෞතමයිනි, කිමෙක්ද? සැප දුක් අනුන් විසින් කරන ලද්දේ දැයි මෙසේ අසන ලද්දේ වනාහි ‘තිම්බරුකය, එසේ නොකියව’යි කියහි.
භවත් ගෞතමයිනි, කිමෙක්ද, සැප දුක් තමා විසින් නොකරන ලද්දේ, අනුන් විසින් නොකරන ලද්දේ සිය කැමැත්තෙන් (ඉබේ) ඇති වූයේ දැයි මෙසේ අසන ලද්දේ වනාහි ‘තිම්බරුකය, එසේ නොකියව’යි කියහි.
භවත් ගෞතමයිනි, කිමෙක්ද, සැප දුක් නැද්දැයි මෙසේ අසන ලද්දේ වනාහි ‘තිම්බරුකය, සැප දුක් වනාහි නැත්තේ නොවේ. තිම්බරුකය, සැප දුක් වනාහි ඇත්තේයි’ කියහි.
එසේ නම් භවත් ගෞත තෙමේ සැප දුක් නොදනියිද, නොදකියි දැයි අසන ලද්දේ ‘තිම්බරුකය, මම වනාහි සැප දුක් නොදන්නෙම් නොවෙමි. තිම්බරුකය, මම වනාහි සැප දුක් දනිමියි කියති.
භවත් ගෞතයන් වහන්සේ මට සැප දුක් කියා දෙන සේක්වා. භවත් ගෞතමයන් වහන්සේ මට සැප දුක් දේශනා කරන සේක්වා.”
“තිම්බරුකය, ඒ වේදනා ඔහු විඳීයයි මෙසේ ඇති කල්හි වනාහි සැප දුක් තමා විසින් කරන ලද්දේයයි මෙසේ මම නොකියමි. තිම්බරුකය, අන්‍යවූ වේදනා අනිකෙක් විඳීයයි මෙසේ වේදනාවෙන් යුක්තවූ කල්හි වනාහී සැප දුක් අනුන් විසින් කරන ලද්දේයයි මම නොකියමි. තිම්බරුකය, ඒ මේ අන්ත දෙකට නොපැමිණ, මධ්‍යම ප්‍රතිපදාවෙන් තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කරන සේක.
“අවිජ්ජාව නිසා සංස්කාර ඇතිවෙයි. සංස්කාරයන් නිසා විඤ්ඤාණය ඇතිවේ. විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවේ. නාමරූප නිසා සළායතන ඇතිවේ. සළායනත නිසා ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදනය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා (ජාතිය) ඉපදීම ඇතිවේ. ඉපදීම (ජාතිය) නිසා ජරා, මරණ, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් ඇතිවෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ ඇතිවේ.
“අවිජ්ජාව සහමුලින් නැතිකිරීමෙන්ම සංස්කාර නැතිවෙයි. සංස්කාරයන් නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවෙයි. විඤ්ඤාණය නැතිවීමෙන් නාම රූප නැතිවෙයි. නාම රූප නැතිවීමෙන් සළායතන නැති වෙයි. සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවෙයි. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවෙයි. ජාතිය නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සියලු (එකම) දුක් ගොඩ නැතිවේයයි (වදාළ සේක.)
“මෙසේ වදාළ කල්හි තිම්බරුක පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත. යම්සේ යටිකුරු කළ භාජනයක් උඩුකුරු කරන්නේද, (තණකොළ ආදියෙන්) වැසුනක් වැහුම් හරින්නේද, මංමුළාවූවෙකුට මඟ හෝ කියන්නේද, (ගණඅඳුරෙහි) ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දල්වන්නේද, එපරිද්දෙන්ම භවත් ගෞතමයන් වහන්සේ නොයෙක් පරිද්දෙන් ධර්මය දේශනා කරන ලදී. ස්වාමීනි, ඒ ධර්මය ඇසූ මම භාග්‍යවතුන් වහන්සේ සරණකොට යමි. ධර්මයද, සංඝයාද සරණ කොට යමි. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිමි කොට සරණ ගිය උපාසකයකු කොට මා සලකන සේක්වා.”
SN 02-01-02-
09 . බාල පණ්ඩිත සූත්‍රය
§1. මා විසින් මෙසේ අසනලදී.
එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
§ 2. “මහණෙනි, අවිජ්ජාවෙන් වැසීගියාවූ, තණ්හාවෙන් යුක්තවූ, බාලයාගේ මේ කය (අවිජ්ජාවෙන් වැසීගිය හෙයින් සහ තණ්හාවෙන් යුක්තවූ හෙයින්) මෙසේ ඇති වූයේය. මෙසේ මේ අධ්‍යාත්මිකවූ, තමාගේ කයද, බාහිරවූ, අනුන්ගේ කයදැයි මෙසේ මෙය දෙකකි. ඒ අධ්‍යාත්මික තමාගේ කයත් බාහිරවූ අන්‍යයාගේ කයත් යන කරුණු දෙක නිසා ස්පර්ශය ඇතිවේ. ඒ ස්පර්ශය ඇතිවෙන කරුණු සයක්ම වෙත්. යම් ඒ කරුණු වලින් හෝ ඒ කරුණු අතුරෙන් එක්තරා කරුණකින් ස්පර්ශ කරන ලද්දාවූ බාලතෙම සැප දුක් විඳීද,
§ 3. “මහණෙනි, අවිජ්ජාවෙන් වැසීගියාවූ, තණ්හාවෙන් යුක්තවූ, පණ්ඩිතයාගේ මේ කය (අවිජ්ජාවෙන් වැසීගිය හෙයින් හා තණ්හාවෙන් යුක්තවූ හෙයින්) මෙසේ ඇති වූයේය. මෙසේ මේ අධ්‍යාත්මිකවූ තමාගේ කයද, බාහිරවූ අනුන්ගේ කයදැයි මෙසේ මෙය දෙකකි. ඒ අධ්‍යාත්මික බාහිර කරුණු දෙක නිසා ස්පර්ශය ඇතිවේ. ඒ ස්පර්ශය ඇතිවන්නාවූ කරුණු සයකි. ඒ කරුණු වලින් හෝ ඒ කරුණු අතුරෙන් එක්තරා කරුණකින් හෝ ස්පර්ශය කරන ලද්දාවූ පණ්ඩිතතෙම සැප දුක් විඳීද, මහණෙනි, බාලයාගේ සහ පණ්ඩිතයාගේ කය හට ගැනීමාදියෙහිදී බාලයාට වඩා පණ්ඩිතයාගේ ඇති විශේෂය කවරේද? අධික විශේෂය කවරේද? වෙනස්වූ කාරණය කුමක්ද?”
§ 4. “ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නා කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින් කියා දෙතොත් ඉතා හොඳය.
“මහණෙනි, එසේ වී නම් අසව්. ඉතා හොඳින් සිතේ තබා ගනිව් කියන්නෙමියි” වදාළ සේක. “එහෙමයි ස්වාමීනි.” කියා ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
§ 5. “මහණෙනි, යම් අවිජ්ජාවකින් වැසුනාවූ, යම් තණ්හාවකින් යුක්තවූ බාලයාගේ මේ කය ඇතිවූයේ වේද, බාලයාගේ ඒ අවිජ්ජා තොමෝ නැති නොවූවාය. ඒ තණ්හා තොමෝ ක්ෂය නොවූවාය. එයට හේතු කවරේද? මහණෙනි, බාලතෙම දුක් නැතිකිරීම පිණිස මනාකොට බ්‍රහ්මචරියාවෙහි නොහැසුරුනේය. ඒ නිසා බාලතෙම කය බිඳීමෙන් අන්‍යවූ කයකට (පිළිසිඳ ගැනීම වශයෙන්) යන්නේ වෙයි. හෙතෙම අන්‍යවූ කයකට (පිළිසිඳ ගැනීම් වශයෙන්) යන්නේ ඉපදීමෙන්ද, දිරීමෙන් සහ මැරීමෙන්ද, ශෝක වීමෙන්ද, හැඬීමෙන්ද, දුකින්ද, දොම්නසින්ද, වැළපීමෙන්ද නොමිදෙයි, දුකින් නොමිදේයයි කියමි.
§ 6. “මහණෙනි, යම් අවිජ්ජාවකින් වැසුනාවූ, යම් තණ්හාවකින් යුක්තවූ පණ්ඩිතයාගේ මේ කය ඇතිවූයේ වේද, පණ්ඩිතයාගේ ඒ අවිජ්ජා තොමෝ නැතිවූවාය. ඒ තණ්හා තොමෝ ක්ෂය වූවාය. එයට හේතු කවරේද? මහණෙනි, පණ්ඩිත තෙම දුක් නැතිකිරීම පිණිස මනාකොට බ්‍රහ්මචරියාවෙහි හැසුරුණේය. ඒ නිසා පණ්ඩිතතෙම කය බිඳීමෙන් අන්‍යවූ කයකට (පිළිසිඳ ගැනීම වශයෙන්) නොයන්නේ වෙයි. හෙතෙම අන්‍යවූ කයකට (පිළිසිඳ ගැනීම් වශයෙන්) නොයන්නේ, ඉපදීමෙන්ද, දිරීමෙන් සහ මැරීමෙන්ද, ශෝකයෙන්ද, හැඬීමෙන්ද, දුකින්ද, දොම්නසින්ද, වැළපීමෙන්ද මිදෙයි. දුකින් මිදේයයි කියමි. මහණෙනි, බාලයාගේ හා පණ්ඩිතයාගේ ඇති විශේෂය නම්, අධික විශේෂය නම්, වෙනස්වූ කාරණය නම් මේ බ්‍රහ්මචරියාවෙහි හැසිරීමයි.”
SN 02-01-02-
10. ප්‍රත්‍යය සූත්‍රය
§ 1. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවෙසෙති. එහිදී, භාග්‍යවතුන්වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
§ 2. “මහණෙනි, මම තොපට පටිච්චසමුප්පාදයද (හේතු ධර්මයද) පටිච්චසමුප්පන්න ධර්මයන්ද (ඵල ධර්මයන්ද) දේශනා කරන්නෙමි එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමියි” වදාළ සේක.
‘එසේය ස්වාමීනි, කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේට පිළිතුරු දුන්හ.
භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළ සේක.
§ 3. “මහණෙනි, පටිච්චසමුප්පාදය (හේතු ධර්ම) නම් කවරේද?
මහණෙනි, තථාගතවරයන් උපන් කල්හිද, තථාගත වරයන් නූපන් කල්හිද ඉපදීම නිසා ජරාව සහ මරණය ඇතිවේ. මේ ප්‍රත්‍යය ස්වභාව ප්‍රත්‍යයන් හේතුකොටගෙන ප්‍රත්‍යයන්ගේ පැවැත්ම මේ ඵලයන්ට මේ හෙතූන් බව ඇත්තේය. එය තථාගතයන් අවබෝධ කෙරෙයි. වටහාගනියි. අවබෝධකොට වටහාගෙන, කියයි. දේශනා කෙරෙයි. පණවයි. පිහිටුවයි. විවරණ කෙරෙයි. බෙදයි. මතුකොට දක්වයි.
“මහණෙනි, ඉපදීම නිසා ජරාව සහ මරණය ඇති වේ. එය බලව්යයි ද කියයි.
“මහණෙනි, තථාගතයන් වහන්සේ උපන් කල්හිද නූපන් කල්හිද, භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවේ. මේ ප්‍රත්‍යය ස්වභාවය වනාහි ස්වභාවයෙන් සිටියේමයි. ස්වභාව ධර්මයයි. ධර්ම නිසාමයයි. ජරාමරණාදීන්ට ප්‍රත්‍යයවීමයි. එය තථාගත තෙම අවබෝධ කෙරෙයි. වටහා ගනියි. අවබෝධ කොට, වටහාගෙන කියයි. දේශනා කෙරෙයි පණවයි. පිහිටුවයි. විවරණ කෙරෙයි. බෙදයි.
මහණෙනි, “භවය නිසා ජාතිය” ඇතිවේ. එය බලව්යයි ද කියායි.
මහණෙනි, මෙසේ වනාහි ඒ “භවය නිසා ජාතිය” යන තන්හි ඒ ඒ ප්‍රත්‍යයන් ගෙන් ඒ ඒ ධර්මයාගේ ඇතිවීමක්, සමගියට පැමිණි ප්‍රත්‍යයයන්හිදී මොහොතකුදු එයින් උපදින ධර්මයන්ගේ නැතිවීමක්, අන්‍යවූ, ධර්ම ප්‍රත්‍යය කරණකොට ගෙන අන්‍ය ධර්මයන්ගේ ඇතිවීමක්, ජරාමරණයන්ට ප්‍රත්‍ය වීමක් වේද, මහණෙනි, මෙයට පටිච්චසමුප්පාදයයි (හේතුඵල ධර්මයයි) කියනු ලැබේ.
§ 4. “මහණෙනි, තථාගතයන් උපන් කල්හිද නූපන් කල්හිද උපාදානය (තද ඇල්ම) නිසා භවය ඇතිවේ. නූපන් මේ ප්‍රත්‍යය ස්වභාවය වනාහි ස්වභාවයෙන් සිටියේමයි. ස්වභාව ධර්මයයි. ධර්ම නිසාමයයි ජරාමරණාදීන්ට ප්‍රත්‍යක්ෂවීමයි. එය තථාගත තෙම අවබෝධ කෙරෙයි. වටහා ගනියි. අවබෝධ කොට, වටහාගෙන කියයි. දේශනාකෙරෙයි. පණවයි. පිහිටුවයි. විවරණ කෙරෙයි. බෙදයි.
මහණෙනි, “උපාදානය නිසා භවය” ඇතිවේ. එය බලව්යයිද කියායි.
මහණෙනි, මෙසේ වනාහි ඒ “උපාදානය නිසා භවය” ඇතිවේ. යන තන්හි ඒ ඒ ප්‍රත්‍යයන්ගෙන් ඒ ඒ ධර්මයාගේ ඇතිවීමක්, සමගියට පැමිණි ප්‍රත්‍යයන්හිදී මොහොතකුදු එයින් උපදින ධර්මයන්ගේ නැතිවීමක්, අන්‍යවූ, ධර්ම ප්‍රත්‍යය කරණකොට ගෙන අන්‍ය ධර්මයන්ගේ ඇතිවීමක්, ජරාමරණයන්ට ප්‍රත්‍යයවීමක් වේද, මහණෙනි, මෙයට පටිච්චසමුප්පාදයයි (හේතුඵල ධර්මයයි) කියනු ලැබේ.
§ 5. “මහණෙනි, තථාගතයන් උපන් කල්හිද නූපන් කල්හිද තණ්හාව නිසා උපාදානයෝ ඇතිවෙත්. මේ ප්‍රත්‍යය ස්වභාවය වනාහි ස්වභාවයෙන් සිටියේමයි. ස්වභාව ධර්මයයි, ධර්ම නිසාමයයි. ජරාමරණාදීන්ට ප්‍රත්‍යයවීමයි. එය තථාගතතෙම අවබෝධ කෙරෙයි. වටහා ගනියි. අවබෝධ කොට, වටහාගෙන කියයි. දේශනා කෙරෙයි, පණවයි. පිහිටුවයි, විවරණ කෙරෙයි, බෙදයි,
මහණෙනි, “තණ්හාව නිසා උපාදානයෝ” ඇතිවෙත් යන තන්හි ඒ ඒ ප්‍රත්‍යයන්ගෙන් ඒ ඒ ධර්මයාගේ ඇතිවීමක්, සමගියට පැමිණි ප්‍රත්‍යයයන්හිදී මොහොතකුදු එයින් උපදින ධර්මයන්ගේ නැතිවීමක්, අන්‍යවූ, ධර්ම ප්‍රත්‍යය කරණකොට ගෙන අන්‍ය ධර්මයන්ගේ ඇතිවීමක්, ජරාමරණයන්ට ප්‍රත්‍යයවීමක් වේද, මහණෙනි, මෙයට පටිච්චසමුප්පාදයයි (හේතුඵල ධර්මයයි) කියනු ලැබේ.
§6 . “මහණෙනි, තථාගතයන් වහන්සේ උපන් කල්හිද නූපන් කල්හිද, වේදනාව නිසා තණ්හාව ඇතිවේ. මේ ප්‍රත්‍යය ස්වභාවය වනාහි ස්වභාවයෙන් සිටියේමය, ස්වභාව ධර්මයයි, ධර්ම නිසාමයයි. ජරාමරණාදීන්ට ප්‍රත්‍යයවීමයි. එය තථාගතතෙම අවබෝධ කෙරෙයි, වටහා ගනියි, අවබෝධකොට වටහාගෙන කියයි, දේශනා කෙරෙයි, පණවයි, පිහිටුවයි, විවරණකෙරෙයි,
මහණෙනි, “වේදනාව නිසා තණ්හාව” ඇතිවේ. එය බලව්යයිද කියයි.
මහණෙනි, මෙසේ වනාහි ඒ “වේදනාව නිසා තණ්හාව” ඇතිවේ යන තන්හි ඒ ඒ ප්‍රත්‍යයන්ගෙන් ඒ ඒ ධර්මයාගේ ඇතිවීමක්, සමගියට පැමිණි ප්‍රත්‍යයන්හිදී මොහොතකුදු එයින් උපදින ධර්මයන්ගේ නැතිවීමක්, අන්‍යවූ, ධර්ම ප්‍රත්‍යය කරණකොට ගෙන අන්‍ය ධර්මයන්ගේ ඇතිවීමක්, ජරාමරණයන්ට ප්‍රත්‍යයවීමක් වේද, මහණෙනි, මෙයට පටිච්චසමුප්පාදයයි (හේතුඵල ධර්මයයි) කියනු ලැබේ.
§ 7. “මහණෙනි, තථාගතයන් උපන් කල්හිද, නූපන් කල්හිද ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. මේ ප්‍රත්‍යය ස්වභාවය වනාහි ස්වභාවයෙන් සිටියේමයි. ස්වභාව ධර්මයයි, ධර්ම නිසාමයයි ජරාමරණාදීන්ට ප්‍රත්‍යයවීමයි. එය තථාගත තෙම අවබෝධ කෙරෙයි. වටහා ගනියි. අවබෝධ කොට, වටහාගෙන කියයි. දේශනා කෙරෙයි. පණවයි. පිහිටුවයි. විවරණ කෙරෙයි. බෙදයි.
මහණෙනි, “ස්පර්ශය නිසා වේදනාව” ඇතිවේ. එය බලව්යයිද කියායි.
මහණෙනි, මෙසේ වනාහි ඒ “ස්පර්ශය නිසා වේදනාව” ඇතිවේ යන තන්හි ඒ ඒ ප්‍රත්‍යයන්ගෙන් ඒ ඒ ධර්මයාගේ ඇතිවීමක්, සමගියට පැමිණි ප්‍රත්‍යයන්හිදී මොහොතකුදු එයින් උපදින ධර්මයන්ගේ නැතිවීමක්, අන්‍යවූ, ධර්ම ප්‍රත්‍යය කරණකොට ගෙන අන්‍ය ධර්මයන්ගේ ඇතිවීමක්, ජරාමරණයන්ට ප්‍රත්‍යය වීමක් වේද, මහණෙනි, මෙයට පටිච්චසමුප්පාදයයි (හේතුඵල ධර්මයයි) කියනු ලැබේ.
§8. “මහණෙනි, තථාගතයන් උපන් කල්හිද, නූපන් කල්හිද, සළායතනයන් (ඉන්ද්‍රියන්) නිසා ස්පර්ශය ඇතිවේ. මේ ප්‍රත්‍යය ස්වභාවය වනාහි ස්වභාවයෙන් සිටියේමයි. ස්වභාවධර්මයයි. ධර්ම නිසාමයයි. ජරාමරණාදීන්ට ප්‍රත්‍යයවීමයි. එය ස්වභාව ධර්මයයි තථාගතතෙම අවබෝධ කෙරෙයි. වටහා ගනියි. අවබෝධ කොට, වටහාගෙන කියයි. දේශනා කෙරෙයි. පණවයි. පිහිටුවයි. විවරණ කෙරෙයි. බෙදයි.
මහණෙනි, “සළායතනයන් නිසා ස්පර්ශය” ඇතිවේ. එය බලව්යයිද කියයි.
මහණෙනි, මෙසේ වනාහි ඒ “සළායතනයන් නිසා ස්පර්ශය” ඇතිවේ. යන තන්හි ඒ ඒ ප්‍රත්‍යයන්ගෙන් ඒ ඒ ධර්මයාගේ ඇතිවීමක් සමගියට පැමිණි ප්‍රත්‍යයයන්හිදී මොහොතකුදු එයින් උපදින ධර්මයන්ගේ නැතිවීමක්, අන්‍යවූ, ධර්ම ප්‍රත්‍යය කරණකොට ගෙන අන්‍ය ධර්මයන්ගේ ඇතිවීමක්, ජරාමරණයන්ට ප්‍රත්‍යයවීමක් වේද, මහණෙනි, මෙයට පටිච්චසමුප්පාදයයි (හේතුඵල ධර්මයයි) කියනු ලැබේ.
§9 . “මහණෙනි, තථාගතයන් උපන් කල්හිද, නූපන් කල්හිද, නාමරූපයන් නිසා සළායතනයෝ ඇතිවෙත්. මේ ප්‍රත්‍යය ස්වභාවය වනාහි ස්වභාවයෙන් සිටියේමයි. ස්වභාව ධර්මයයි. ධර්ම නිසාමයයි, ජරාමරණාදීන්ට ප්‍රත්‍යයවීමයි. එය තථාගත තෙම අවබෝධ කෙරෙයි. වටහා ගනියි. අවබෝධ කොට, වටහා ගෙන කියයි. දේශනා කෙරෙයි. පණවයි. පිහිටුවයි. විවරණ කෙරෙයි. බෙදයි.
මහණෙනි, නාමරූපයන් නිසා සළායතනයන් ඇතිවේ. එය බලව්යයිද කියායි.
මහණෙනි, මෙසේ වනාහි ඒ “නාමරූපයන් නිසා සළායතනයන්” ඇතිවේ. යන තන්හි ඒ ඒ ප්‍රත්‍යයන්ගෙන් ඒ ඒ ධර්මයාගේ ඇතිවීමක්, සමගියට පැමිණි ප්‍රත්‍යයයන්හිදී මොහොතකුදු එයින් උපදින ධර්මයන්ගේ නැතිවීමක්, අන්‍යවූ, ධර්ම ප්‍රත්‍යය කරණකොට ගෙන අන්‍ය ධර්මයන්ගේ ඇතිවීමක්, ජරාමරණයන්ට ප්‍රත්‍යයවීමක් වේද, මහණෙනි, මෙයට පටිච්චසමුප්පාදයයි (හේතුඵල ධර්මයයි) කියනු ලැබේ.
§ 10. “මහණෙනි, තථාගතයන් උපන් කල්හිද, නූපන් කල්හිද, විඤ්ඤාණය නිසා නාම රූප ඇතිවේ. මේ ප්‍රත්‍යය ස්වභාවය වනාහි ස්වභාවයෙන් සිටියේමයි. ස්වභාවධර්මයයි ධර්ම නිසාමයයි, ජරාමරණාදීන්ට ප්‍රත්‍යයවීමයි. එය තථාගතතෙම අවබෝධ කෙරෙයි. වටහා ගනියි. අවබෝධ කොට, වටහාගෙන කියයි. දේශනා කෙරෙයි. පණවයි. පිහිටුවයි. විවරණ කෙරෙයි. බෙදයි.
මහණෙනි, “විඤ්ඤාණය නිසා නාම රූප” ඇතිවේ. එය බලව්යයිද කියායි.
මහණෙනි, මෙසේ වනාහි ඒ “විඤ්ඤාණය නිසා නාම රූප” ඇතිවේ යන තන්හි ඒ ඒ ප්‍රත්‍යයන්ගෙන් ඒ ඒ ධර්මයාගේ ඇතිවීමක්, සමගියට පැමිණි ප්‍රත්‍යයයන්හිදී මොහොතකුදු එයින් උපදින ධර්මයන්ගේ නැතිවීමක්, අන්‍යවූ, ධර්ම ප්‍රත්‍යය කරණකොට ගෙන අන්‍ය ධර්මයන්ගේ ඇතිවීමක්, ජරාමරණයන්ට ප්‍රත්‍යයවීමක් වේද, මහණෙනි, මෙයට පටිච්චසමුප්පාදයයි (හේතුඵල ධර්මයයි) කියනු ලැබේ.
§ 11. “මහණෙනි, තථාගතයන් උපන් කල්හිද, නූපන් කල්හිද, සංස්කාරයන් නිසා විඤ්ඤාණය ඇතිවේ. මේ ප්‍රත්‍යය ස්වභාවය වනාහි ස්වභාවයෙන් සිටියේමයි. ස්වභාව ධර්මයයි, ධර්ම නිසාමයයි, ජරාමරණාදීන්ට ප්‍රත්‍යයවීමයි. එය තථාගතතෙම අවබෝධ කෙරෙයි. වටහා ගනියි. අවබෝධ කොට, වටහාගෙන කියයි. දේශනා කෙරෙයි. පණවයි. පිහිටුවයි. විවරණ කෙරෙයි. බෙදයි.
මහණෙනි, “සංස්කාරයන් නිසා විඤ්ඤාණය” ඇතිවේ. එය බලව් යයිද කියයි.
මහණෙනි, මෙසේ වනාහි ඒ සංස්කාරයන් නිසා විඤ්ඤාණය ඇතිවේ, යන තන්හි ඒ ඒ ප්‍රත්‍යයන්ගෙන් ඒ ඒ ධර්මයාගේ ඇතිවීමක්, සමගියට පැමිණි ප්‍රත්‍යයන්හිදී මොහොතකුදු එයින් උපදින ධර්මයන්ගේ නැතිවීමක්, අන්‍යවූ, ධර්මප්‍රත්‍යය කරණකොට ගෙන අන්‍ය ධර්මයන්ගේ ඇතිවීමක්, ජරාමරණයන්ට ප්‍රත්‍යයවීමක් වේද, මහණෙනි, මෙයට පටිච්චසමුප්පාදයයි (හේතුඵල ධර්මයයි) කියනු ලැබේ.
§12. “මහණෙනි, තථාගතයන් වහන්සේ උපන් කල්හිද, නූපන් කල්හිද, අවිජ්ජාව නිසා සංස්කාරයෝ ඇතිවෙත්. මහණෙනි, මෙසේ එහි එසේම වන බවක්, නොවරදින බවක්, අන් ආකාරයකින් නොවන බවක්, මේ ඵලය මේ හේතුවෙන් වන බවක් ඇත්තේද, මහණෙනි, මේ වනාහි පටිච්චසමුප්පාදයයි කියනු ලැබේ.
§ 13. “මහණෙනි, පටිච්චසමුප්පන්න ධර්මයෝ (හේතුඵල ධර්මයෝ) කවරහුද?
මහණෙනි, ජරාව සහ මරණය අනිත්‍යය. ප්‍රත්‍යයන් විසින් එක්ව කරන ලද්දේය. ප්‍රත්‍යයන් නිසා උපන්නේය. ක්ෂය වන ස්වභාව ඇත්තේය. වැය වන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය.
“මහණෙනි, ජාතිය (ඉපදීම) අනිත්‍යය. ප්‍රත්‍යයන් එක්කොට කරන ලද්දේය. ප්‍රත්‍යයන් නිසා උපන්නේය. ක්ෂය වෙන ස්වභාව ඇත්තේය. වැය වෙන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය.
“මහණෙනි, භවය අනිත්‍යය. ප්‍රත්‍යයන් එක්කොට කරන ලද්දේය. ප්‍රත්‍යයන් නිසා උපන්නේය. ක්ෂයවෙන ස්වභාව ඇත්තේය. වැයවෙන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය.
“මහණෙනි, උපාදානය (තද ඇලීම) අනිත්‍යය. ප්‍රත්‍යයන් එක්කොට කරන ලද්දේය. ප්‍රත්‍යයන් නිසා උපන්නේය. ක්ෂයවෙන ස්වභාව ඇත්තේය. වැයවෙන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය.
“මහණෙනි, තණ්හාව අනිත්‍යය. ප්‍රත්‍යයන් එක්කොට කරන ලද්දේය. ප්‍රත්‍යයන් නිසා උපන්නේය. ක්ෂයවෙන ස්වභාව ඇත්තේය. වැයවෙන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය.
“මහණෙනි, වේදනාව අනිත්‍යය. ප්‍රත්‍යයන් එක්කොට කරන ලද්දේය. ප්‍රත්‍යයන් නිසා උපන්නේය. ක්ෂයවෙන ස්වභාව ඇත්තේය. වැයවෙන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය.
“මහණෙනි, ස්පර්ශය අනිත්‍යය. ප්‍රත්‍යයන් එක්කොට කරන ලද්දේය. ප්‍රත්‍යයන් නිසා උපන්නේය. ක්ෂයවෙන ස්වභාව ඇත්තේය. වැයවෙන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය.
“මහණෙනි, සළායතන (ඉන්ද්‍රිය) අනිත්‍යය. ප්‍රත්‍යයන් එක්කොට කරන ලද්දේය. ප්‍රත්‍යයන් නිසා උපන්නේය. ක්ෂයවෙන ස්වභාව ඇත්තේය. වැයවෙන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය.
“මහණෙනි, නාමරූප අනිත්‍යය. ප්‍රත්‍යයන් එක්කොට කරන ලද්දේය. ප්‍රත්‍යයන් නිසා උපන්නේය. ක්ෂයවෙන ස්වභාව ඇත්තේය. වැයවෙන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය.
“මහණෙනි, විඤ්ඤාණය අනිත්‍යය. ප්‍රත්‍යයන් එක්කොට කරන ලද්දේය. ප්‍රත්‍යයන් නිසා උපන්නේය. ක්ෂයවෙන ස්වභාව ඇත්තේය. වැයවෙන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය.
“මහණෙනි, සංස්කාර අනිත්‍යය. ප්‍රත්‍යයන් එක්කොට කරන ලද්දේය. ප්‍රත්‍යයන් නිසා උපන්නේය. ක්ෂයවෙන ස්වභාව ඇත්තේය. වැයවෙන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය.
“මහණෙනි, අවිජ්ජාව අනිත්‍යය. ප්‍රත්‍යයන් එක්කොට කරන ලද්දේය. ප්‍රත්‍යයන් නිසා උපන්නේය. ක්ෂයවෙන ස්වභාව ඇත්තේය. වැයවෙන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය.
“මහණෙනි, මොවුහු පටිච්චසමුප්පන්න ධර්මයෝයයි (හේතුඵලධර්මයෝයයි) කියනු ලැබෙත්.
§ 14. “මහණෙනි, යම් හෙයකින් වනාහී ආර්ය ශ්‍රාවකයා විසින් මේ පටිච්චසමුප්පාදයද, මේ පටිච්චසමුප්පන්න ධර්මයන්ද ඇතිසැටි යහපත් නුවණින් මනාකොට දක්නා ලද්දාහු වෙත්ද, එවිට ඒ ආර්ය ශ්‍රාවකතෙම මම අතීතකාලයෙහි වූයෙම්දෝ අතීත කාලයෙහි නූවූයෙම්දෝ කවර ජාති ඇත්තෙකු වූයෙම්දෝ අතීත කාලයෙහි රූපය කෙසේ වූයෙම්දෝ, මම අතීත කාලයෙහි කවර ජාති ඇත්තෙකු වී පසුව කවර ජාති ඇත්තෙකු වූයෙම්දෝ කියා අතීතයට දුවන්නේය යන යමක් ඇත්නම් ඊට කරුණු නැත.
මම අනාගත කාලයෙහි වෙම්දෝ, අනාගත කාලයෙහි නොවෙම්දෝ, අනාගත කාලයෙහි කවර ජාති ඇත්තෙකු වෙම්දෝ, අනාගත කාලයෙහි රූපය කෙසේ වෙම්දෝ, අනාගත කාලයෙහි කවර ජාති ඇත්තෙකුවී, පසුව කවර ජාති ඇත්තෙකු වෙම්දෝයි අනාගතයට දුවන්නේය යන යමක් ඇත්නම් ඊට කරුණු නැත.
මේ වර්තමාන කාලය ගැන හෝ තමාගේ පඤ්චස්කන්ධය මම වෙම්දෝ, නොවෙම්දෝ, කවර ජාති ඇත්තෙකු වෙම්දෝ (රූපය) කෙසේ වෙම්දෝ මේ සත්වතෙම කොහෙන් වනාහි ආයේද; හෙතෙම කොහි යන්නේදැයි සැක ඇති වන්නේය යන යමක් වේනම් ඊට කරුණු නැත.
ඊට හේතුව කවරේද?
මහණෙනි, ආර්යශ්‍රාවකයා විසින් මේ පටිච්චසමුප්පාදයද; මේ පටිච්චසමුප්පන්න ධර්මයෝද ඇති සැටි යහපත් නුවණින් මනාකොට දක්නාලද හෙයිනි
