SN 03-01-01-02 දේවදහ සූත්‍රය

පුජ්‍ය මිරහවත්තේ පඥඥාසිරි ස්වාමින්වහන්සේ කල සුත්‍ර විවරණය අසන්න CLICK ARROW ABOVE

§1. මා විසින් මෙසේ අසලදී.
එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි දෙව්දහ නම්වූ ශාක්‍යයන්ගේ නියම්ගමෙහි වැඩවාසය කරනසේක.

§ 2. එකල්හි පච්ඡාභූමි නම් ජනපදයට යනු කැමැති භික්ෂූහු පිරිසක් භාග්‍යවතුන්වහන්සේ හමුවීමට පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හිඳ මෙසේ සැලකළහ.
“ස්වාමීනි, අපි පච්ඡාභූමි නම් ජනපදයට යාමට කැමැත්තෙමු. පච්ඡාභූමි නම් ජනපදයෙහි වාසය කිරීමට කැමැත්තෙමු” යනුයි.
“මහණෙනි, තොප මේ ගැන සාරිපුත්තට දන්වන ලද්දේද?”
“ස්වාමීනි, අප මේ ගැන ආයුෂ්මත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට නම් දන්වුවේ නැත .”
“මහණෙනි, සාරිපුත්තට දන්වව්. සබ්‍රහ්මචාරී භික්ෂූන්ට අනුග්‍රහ කරන සාරිපුත්තයෝ තොපට සුව කැමැති පණ්ඩිත භික්ෂුවකැයි වදාළේය.”
“එසේය. ස්වාමීනි” යයි ඒ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේට උත්තර දුන්හ.

§3. එකල්හි ආයුෂ්මත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් භාග්‍යවතුන් වහන්සේට නුදුරු තන්හි එක්තරා ගසකින් සෙවෙනවූ මණ්ඩපයෙක්හි හුන්නේ වෙයි. ඉදින් ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුවී එය අනුමෝදන්වී හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ, පැදකුණු කොට ආයුෂ්මත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්සේ වෙත පැමිණ, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා, එක් පසෙක හිඳ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙසේ සැලකළාහුය.

§4. “ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයාණෙනි, අපි පච්ඡාභූමි නම් ජනපදයට යෑමට හා පච්ඡාභූම ජනපදයෙහි වාසය කිරීමටද කැමැත්තෙමු” යනුයි.
“අප විසින් භාග්‍යවතුන් වහන්සේ විචාරණ ලද්දේයයිද කීහ.”
“ඇවැත්නි, නොයෙක් රාජ්‍යයන්ගෙන් පැමිණියාවූ භික්ෂූන්ගෙන් ප්‍රශ්න විචාරන්නාවූ ක්ෂත්‍රිය පණ්ඩිතයෝද, බ්‍රාහ්මණ පණ්ඩිතයෝද, ගෘහපති පණ්ඩිතයෝද, ශ්‍රමණ පණ්ඩිතයෝද එහි ඇත්තාහ. ඇවැත්නි, තොප එහි ගිය විට , හමුවන මනුෂ්‍ය පණ්ඩිතයෝ ‘ආයුෂ්මත්වරුන්ගේ ශාස්තෲන් වහන්සේ ඔබට කුමක් කරන සේ කියන්නේද. කුමක් කියන්නෙක්දැයි’ විමසන්නෝය.

§ 5. ‘ආයුෂ්මත්වූ ඔබවහන්සේලා විසින් කිනම් ධර්මයක් මනාව අසන ලද්දාහුද? මනාව ඉගෙනගන්නා ලද්දාහුද? මනාව අවබෝධ කරන ලද්දාහුද? මනාව සිතින් දරා ගන්නා ලද්දාහුද?
ආයුෂ්මත්හු ප්‍රකාශ කරනු ලබන්නාවූ දෙය භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද්දක් යයි කියන්නෝද? භාග්‍යවතුන් වහන්සේට නොකීවක් කියා මිනිසුන් ගෙන් දොස් අසන්නෝ වන්නහුද? ලෝකෝත්තර ධර්මයට අනුකූල ධර්මයක් ප්‍රකාශ කරන්නහුද? කරුණු සහිතවූ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට අනුකූලවූ කීමක් කරන්ණේදැයි’ ඇසූහ.”

“ඇවැත්නි, අපි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් මේ වචනයේ අර්ථය දැනගැනීමට දුර සිටම වුවත් එන්නෙමු. මේ ප්‍රශ්නයට කෙසේ පිළිතුරු දෙන්නේ දැයි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් කියා දෙන්නේ නම් ඉතා යෙහෙක.”

“ඇවැත්නි, එසේවී නම් අසව්, මනාකොට ධාරණය කරව්, කියන්නෙමි”
“ඇවැත්නි, එසේය”යි ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්හ.

§ 6. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙසේ වදාළහ.
“ඇවැත්නි, වෙනත් පළාත්වලින් පැමිණියාවූ භික්ෂූන්ගෙන් ප්‍රශ්න විචාරන්නාවූ ක්ෂත්‍රිය පණ්ඩිතයෝද, බ්‍රාහ්මණ පණ්ඩිතයෝද, ගෘහපති පණ්ඩිතයෝද ශ්‍රමණ පණ්ඩිතයෝද ඇත්තාහුය. ඇවැත්නි, එවන් පණ්ඩිතයෝ ආයුෂ්මත්වරුන්ගේ ශාස්තෲන් වහන්සේ කිනම් වාද ඇත්තෝද, කුමක් ප්‍රකාශ කරන්නේදැයි විමසන්නෝය. ඇවැත්නි, මෙසේ විචාරණ ලද්දාවූ තෙපි මෙසේ ප්‍රකාශ කරව්.”

“ඇවැත්නි, අපගේ ශාස්තෲන් වහන්සේ ඡන්දරාගය දුරු කිරීම ප්‍රකාශ කරනසේක”යි
ඇවැත්නි, මෙසේ ප්‍රකාශ කළ කල්හි ඒ ගැන තවත් ප්‍රශ්න විචාරන්නාවූ ඒ ක්ෂත්‍රිය පණ්ඩිතයෝද, බ්‍රාහ්මණ පණ්ඩිතයෝද, ගෘහපති පණ්ඩිතයෝද, ශ්‍රමණ පණ්ඩිතයෝද, මනුෂ්‍ය පණ්ඩිතයෝද මෙසේ එහි අර්ථය විමසන්නෝය.
‘ආයුෂ්මත්වරුන්ගේ ශාස්තෲන් වහන්සේ කවර දෙයක ඡන්දරාගය දුරු කරන්නැයි ප්‍රකාශ කරනසේක්ද?’

§ 7. ඇවැත්නි, මෙසේ විචාරන ලද්දාවූ විට තොපි මෙසේ ප්‍රකාශ කරව්.
“අප , ශාස්තෲන්වහන්සේ රූපයෙහි ඡන්දරාගය දුරු කරන්නැයි ප්‍රකාශ කරන සේක.
ශාස්තෲන් වහන්සේ වේදනාවෙහි ඡන්දරාගය දුරු කරන්නැයි ප්‍රකාශ කරනසේක.
ශාස්තෲන් වහන්සේ සංඥාවෙහි ඡන්දරාගය දුරුකරන්නැයි ප්‍රකාශ කරනසේක.
ශාස්තෲන් වහන්සේ සංස්කාරයන්හි ඡන්දරාගය දුරුකරන්නැයි ප්‍රකාශ කරන සේක.
ශාස්තෲන් වහන්සේ විඥානයෙහි ඡන්දරාගය දුරුකරන්නැයි ප්‍රකාශ කරන සේක”
යනුවෙනි.

§ 8. “ඇවැත්නි, මෙසේ තොප ප්‍රකාශ කළ කල්හි තව දුරටත් ප්‍රශ්න විචාරන්නාවූ අන්‍ය ක්ෂත්‍රිය පණ්ඩිතයෝද, බ්‍රාහ්මණ පණ්ඩිතයෝද, ගෘහපති පණ්ඩිතයෝද, ශ්‍රමණ පණ්ඩිතයෝද, මනුෂ්‍ය පණ්ඩිතයෝද මෙසේ එහි අර්ථ විමසන්නෝය.

‘ආයුෂ්මත්වරුන්ගේ ශාස්තෲන් කිනම් ආදීනවයක් දැක,
රූපයෙහි ඡන්දරාගය දුරු කරන්නැයි ප්‍රකාශ කරන්නේද?
වේදනාවෙහි ඡන්දරාගය දුරු කරන්නැයි ප්‍රකාශ කරන්නේද?
සංඥාවෙහි ඡන්දරාගය දුරු කරන්නැයි ප්‍රකාශ කරන්නේද?
සංස්කාරයන්හි ඡන්දරාගය දුරු කරන්නැයි ප්‍රකාශ කරන්නේද?
විඥානයෙහි ඡන්දරාගය දුරු කරන්නැයි ප්‍රකාශ කරන්නේද?’

ඇවැත්නි, මෙසේ විචාරන විට තෙපි මෙසේ ප්‍රකාශ කරව්.

§ 9. “ඇවැත්නි, රූපයෙහි රාගය දුරු නොකලහුට, ඡන්දය දුරු නොකලහුට, ප්‍රේමය දුරු නොකලහුට, පිපාසය දුරු නොකලහුට, දාහය දුරු නොකලහුට, තණ්හාව දුරු නොකලහුට, ඒ රූපයේ පෙරලීම වෙනස් වීම හේතුකොට ගෙන ශෝක, පරිදේව, දුක් දොම්නස් සහ උපායාසයෝ උපදිත්.“

වේදනාවෙහි රාගය දුරු නොවූ ඇත්තහුට, කැමැත්ත දුරු නොවූ ඇත්තහුට, ප්‍රේමය දුරු නොවූ ඇත්තහුට, පිපාසය දුරු නොවූ ඇත්තහුට, දාහය දුරු නොවූ ඇත්තහුට, තණ්හාව දුරු නොවූ ඇත්තහුට, ඒ වේදනාවේ පෙරලීම , වෙනස්ම වීම හේතුකොටගෙන, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ උපදිත්.“

සංඥාවෙහි රාගය දුරු නොවූ ඇත්තහුට, කැමැත්ත දුරු නොවූ ඇත්තහුට, ප්‍රේමය දුරු නොවූ ඇත්තහුට, පිපාසය දුරු නොවූ ඇත්තහුට, දාහය දුරු නොවූ ඇත්තහුට, තණ්හාව දුරු නොවූ ඇත්තහුට, ඒ සංඥාවේ පෙරලීම , වෙනස්ම වීම හේතුකොටගෙන, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ උපදිත්.“

සංස්කාරයන්හි රාගය දුරු නොවූ ඇත්තහුට, කැමැත්ත දුරු නොවූ ඇත්තහුට, ප්‍රේමය දුරු නොවූ ඇත්තහුට, පිපාසය දුරු නොවූ ඇත්තහුට, දාහය දුරු නොවූ ඇත්තහුට, තණ්හාව දුරු නොවූ ඇත්තහුට, ඒ සංස්කාරයන් ගේ පෙරලීම , වෙනස්ම වීම හේතුකොටගෙන, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ උපදිත්.“

විඥානයෙහි රාගය දුරු නොවූ ඇත්තහුට, කැමැත්ත දුරු නොවූ ඇත්තහුට, ප්‍රේමය දුරු නොවූ ඇත්තහුට, පිපාසය දුරු නොවූ ඇත්තහුට, දාහය දුරු නොවූ ඇත්තහුට, තණ්හාව දුරු නොවූ ඇත්තහුට, ඒ විඥානයේ පෙරලීම , වෙනස්ම වීම හේතුකොටගෙන, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ උපදිත්.“.“

පණ්ඩිතයෙනි, අප ශාස්තෲන් වහන්සේ මේ ආදීනව දැක, රූපයෙහිද, වේදනාවෙහිද, සංඥාවෙහිද, සංස්කාරයන්හිද, ඡන්දරාගය දුරු කරන්නැයි ප්‍රකාශ කරන්න”යැයි යනුයි.“

§ 9. ඇවැත්නි, මෙසේ කී කල්හි තව දුරටත් ප්‍රශ්න විචාරන්නාවූ පණ්ඩිතයෝද, ඇත්තාහුය. ඇවැත්නි, ඔවුන් තව දුරටත් මෙසේ අර්ථ විමසන්නෝය.

‘ආයුෂ්මතුන්ගේ ශාස්තෲතුමා රූපයෙ කිනම් ආනිසංසයක් දැක, ඡන්දරාගය දුරුකිරීම ප්‍රකාශ කරන්නේද, ශාස්තෲ තෙම වේදනාවෙහි, සංඥාවෙහි, සංස්කාරයන්හි, විඥානයෙහි, ඡන්දරාගය, දුරු කරන්කින යැයි, ප්‍රකාශ කරන්නේ දැයි’ අසන්නාහුය.

ඇවැත්නි, මෙසේ අසන කල තොපි මෙසේ ප්‍රකාශ කරව්,
‘ඇවැත්නි, රූපයෙහි රාගය දුරු කළවිට , ඡන්දය දුරු කළවිට, ප්‍රේමය දුරු කළවිට’ පිපාසය දුරු කළවිට, දාහය දුරු කළවිට, තණ්හාව දුරු කළවිට, ඔහුට රූපයෙහි වෙනස්වීමෙන් හා පෙරළීමෙන් සෝක, පරිදේව, දුක්, දොම්නස් හා උපායාසයෝ නූපදිත්.’

“වේදනාවෙහි රාගය දුරු කළවිට , ඡන්දය දුරු කළවිට, ප්‍රේමය දුරු කළවිට’ පිපාසය දුරු කළවිට, දාහය දුරු කළවිට, තණ්හාව දුරු කළවිට, ඔහුට වේදනාවෙහි වෙනස්වීමෙන් හා පෙරළීමෙන් සෝක, පරිදේව, දුක්, දොම්නස් හා උපායාසයෝ නූපදිත්.’

සංඥාවෙහි දුරුවූ රාගයරාගය කළවිට , ඡන්දය දුරු කළවිට, ප්‍රේමය දුරු කළවිට’ පිපාසය දුරු කළවිට, දාහය දුරු කළවිට, තණ්හාව දුරු කළවිට, ඔහුට සංඥාවෙහි වෙනස්වීමෙන් හා පෙරළීමෙන් සෝක, පරිදේව, දුක්, දොම්නස් හා උපායාසයෝ නූපදිත්.’

සංස්කාරයන්හි රාගය දුරු කළවිට , ඡන්දය දුරු කළවිට, ප්‍රේමය දුරු කළවිට’ පිපාසය දුරු කළවිට, දාහය දුරු කළවිට, තණ්හාව දුරු කළවිට, ඔහු ට සංස්කාරයන්හි වෙනස්වීමෙන් හා පෙරළීමෙන් සෝක, පරිදේව, දුක්, දොම්නස් හා උපායාසයෝ නූපදිත්.’

“ විඥානයෙහි රාගය කළවිට , ඡන්දය දුරු කළවිට, ප්‍රේමය දුරු කළවිට’ පිපාසය දුරු කළවිට, දාහය දුරු කළවිට, තණ්හාව දුරු කළවිට, ඔහු ට විඥානයෙහි වෙනස්වීමෙන් හා පෙරළීමෙන් සෝක, පරිදේව, දුක්, දොම්නස් හා උපායාසයෝ නූපදිත්.’

§ 10. ඇවැත්නි, අපගේ ශාස්තෲන් වහන්සේ මේ ආනිසංස දැක,
රූපයෙහි ඡන්දරාග දුරු කරන්නැයි දේශනාකරන සේක.
වේදනාවෙහි ඡන්දරාගය දුරු කරන්නැයි දේශනා කරන සේක.
සංඥාවෙහි ඡන්දරාගය දුරු කරන්නැයි දේශනා කරන සේක.
සංස්කාරයන්හි ඡන්දරාගය දුරු කරන්නැයි දේශනා කරන සේක.
විඥානයෙහි ඡන්දරාගය දුරු කරන්නැයි දේශනා කරන සේක.’
යනුවෙනි.”

§ 11 .“ඇවැත්නි, අකුශල ධර්මයන් හි යෙදෙමින් වාසය කරන වීට මේ ආත්මයෙහි දුක් නැත්තාවූ, තැවීම් නැත්තාවූ, සැප විහරණයක් ඇති වන්නේනම්, හෝ මරණින් මත්තෙහි සුගතියක් වේ නම් භාග්‍යවතුන් වහන්සේ අකුශල ධර්මයන් දුරුකිරීම වර්ණනා නොකරන සේක.”

“ඇවැත්නි, අකුසල ධර්මයන්හි යෙදෙමින් වාසය කරන්නාහට දුක් සහිතවූ, තැවීම් සහිතවූ, දැවීම් සහිතවූ, දුක්ඛ විහරණයක්ම වන්නේය. දුක් සහිත ජීවිතයක්ම වන්නේය. මරණින් මත්තෙහි දුර්ගතියක ම උපතක් ලබන්නේය?
එහෙයින් භාග්‍යවතුන් වහන්සේ අකුශල ධර්මයන් දුරු කරන්නැයි දේශනා කරන සේක.”

“ඇවැත්නි, කුශල ධර්මයන්හි යෙදෙමින් වාසය කරන්නහුට මේ ආත්මයෙහිම දුක් සහිතවූ, තැවීම් සහිතවූ, දැවීම් සහිතවූ දුක්ඛ විහරණයක් වන්නේ නම් , මේ ජීවිතය දුක් සහිත වෙන්නේ නම්, මරණින් මත්තෙහි දුර්ගතියක උපතක් වේ නම් භාග්‍යවතුන් වහන්සේ කුසල ධර්මයන් වඩන්නැයි දේශනා වර්ණනා නොකරන සේක.“

ඇවැත්නි, කුසල ධර්මයන්ට වඩන්නාහට මේ ආත්මයෙහිම දුක් රහිතවූ, තැවීම් රහිතවූ, දැවීම් රහිතවූ, සුඛවිහරණයක් වන්නේය. සැප සහිත ජීවිතයක් ගෙවන්නේය. මරණින් මත්තෙහි සුගතියකම උපතක් ලබන්නේය.
එහෙයින් භාග්‍යවතුන් වහන්සේ කුසල ධර්මයන් වැඩීම වර්ණනා කරන සේකැයි” ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වදාළසේක.

සතුටු සිත් ඇති ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනයට සතුටු වූහ.

(දෙවෙනි දේවදහ සූත්‍රය නිමි.)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.