SN 02-01-03 . දසබල වර්ගය

පුජනිය කොත්මලේ කුමාර කස්සප ස්වාමින් වහන්සේ
SN 02-01-03-01 දසබල සුත්‍රය

§ 1. මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

§ 2, “මහණෙනි, දසබලයකින් යුක්තවූද, සිව් වැදෑරුම් විශාරද භාවයකින් යුක්තවූද, තථාගතයන්ම දෙව් මිනිසුන් අතර ශ්‍රේෂ්ඨස්ථානයට පැමිණේ. පිරිසෙහි සිංහනාද කෙරෙයි. උතුම්වූ ධර්මචක්‍රය පවත්වයි.
(කෙසේද යත්?)

මේ රූපයය, මේ රූපයාගේ හේතුවය, මේ රූපයාගේ නැතිවීමය.
මේ වේදනාවය, මේ වේදනාවේ හේතුවය, මේ වේදනාවගේ නැතිවීමය.
මේ සංඥාවය, මේ සංඥාවගේ හේතුවය, මේ සංඥාවගේ නැතිවීමය.
මේ සංස්කාරයෝය, මේ සංස්කාරයන්ගේ හේතුවය, මේ සංස්කාරයන්ගේ නැතිවීමය.
මේ විඤ්ඤාණයය, මේ විඤ්ඤාණයාගේ හේතුවය, මේ විඤ්ඤාණයාගේ නැතිවීමය.

මෙසේ මේ අවිජ්ජාදී ප්‍රත්‍යයන් ඇති කල්හි, මේ සංස්කාරාදී ඵලය ඇතිවේ.
මේ අවිජ්ජාදී ප්‍රත්‍යයන්ගේ ඉපදීමෙන් සංස්කාරාදී ඵල උපදී.
මේ අවිජ්ජාදී ප්‍රත්‍යය නැති කල්හි සංස්කාරාදී ඵල ඇති නොවේ.
මේ අවිජ්ජාදී ප්‍රත්‍යයන්ගේ නැතිවීමෙන් මේ සංස්කාරාදී ඵල නැතිවේ.“

§ 3. හේ මෙසේයි:-
අවිජ්ජාව නිසා සංස්කාරයෝ ඇතිවෙත්.
සංස්කාරයන් නිසා විඤ්ඤාණය ඇතිවෙත්.
විඤ්ඤාණය නිසා නාමරූපයන් ඇතිවෙත්.
නාමරූප නිසා සළායතන ඇතිවෙත්.
සළායතනයන් නිසා ස්පර්ශ ඇතිවෙත්.
ස්පර්ශයන් නිසා වේදනාව ඇතිවෙත්.
වේදනාව නිසා තණ්හාව ඇතිවෙත්.
තණ්හාව නිසා උපාදානය ඇතිවෙත්.
උපාදානය නිසා භවය ඇතිවෙත්.
භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවෙත්.
ජාතිය (ඉපදීම) නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ ද ඇතිවෙත්.

මෙසේ මේ සියලු එකම දුක්ගොඩ ඇතිවේ.

අවිජ්ජාව නැති කිරීමෙන්ම සංස්කාරයන්ගේ නැතිවීම වෙයි.
සංස්කාරයන්ගේ නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවේ.
විඤ්ඤාණය නැතිවීමෙන් නාමරූප නැතිවේ.
නාමරූපයන්ගේ නැතිවීමෙන් සළායතන නැතිවේ.
සළායතනයන්ගේ නැතිවීමෙන් ස්පර්ශ නැතිවේ.
ස්පර්ශයන්ගේ නැතිවීමෙන් වේදනාව නැතිවේ.
වේදනාවන්ගේ නැතිවීමෙන් තණ්හාව නැතිවේ.
තණ්හාවන්ගේ නැතිවීමෙන් උපාදානය නැතිවේ.
උපාදානයන්ගේ නැතිවීමෙන් භවය නැතිවේ.
භවයන්ගේ නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවේ.
ජාතිය (ඉපදීම) නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝද නැති වෙත්.

මෙසේ මේ සියලු දුක්ගොඩ නැතිවේය කියායි.

SN 02-01-03-02 දුතිය දසබල සුත්‍රය .

§ 1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

§ 2. “මහණෙනි, දසබලයකින් යුක්තවූද, සිව් වැදෑරුම් විශාරදභාවයකින් යුක්තවූද තථාගතයන්ම දෙව් මිනිසුන් අතර ශ්‍රේෂ්ඨස්ථානයට පැමිණේ. පිරිසෙහි සිංහනාද කෙරෙයි. උතුම්වූ ධර්මචක්‍රය පවත්වයි.
(කෙසේද?)

මේ රූපය, මේ රූපයන්ගේ හේතුවය, මේ රූපයන්ගේ නැතිවීමය.
මේ වේදනාවය, මේ වේදනාවේ හේතුවය, මේ වේදනාවගේ නැතිවීමය.
මේ සංඥාවය, මේ සංඥාවගේ හේතුවය, මේ සංඥාවගේ නැතිවීමය.
මේ සංස්කාරයෝය, මේ සංස්කාරයන්ගේ හේතුවය, මේ සංස්කාරයන්ගේ නැතිවීමය.
මේ විඤ්ඤාණයය, මේ විඤ්ඤාණයාගේ හේතුවය, මේ විඤ්ඤාණයාගේ නැතිවීමය.

මෙසේ මේ අවිජ්ජාදී ප්‍රත්‍යයන් ඇතිකල්හි, මේ සංස්කාරාදී ඵලය ඇතිවේ.
මේ අවිජ්ජාදී ප්‍රත්‍යයන්ගේ ඉපදීමෙන් සංස්කාරාදී ඵල උපදී.
මේ අවිජ්ජාදී ප්‍රත්‍යය නැතිකල්හි සංස්කාරාදී ඵල ඇති නොවේ.
මේ අවිජ්ජාදී ප්‍රත්‍යයන්ගේ නැතිවීමෙන් මේ සංස්කාරාදී ඵල නැතිවේ.“

හේ මෙසේයි:-
අවිජ්ජාව නිසා සංස්කාරයෝ ඇතිවෙත්.
සංස්කාරයන් නිසා විඤ්ඤාණය ඇතිවෙත්.
විඤ්ඤාණය නිසා නාම රූපයන් ඇතිවෙත්.
නාම රූප නිසා සළායතන ඇතිවෙත්.
සළායතනයන් නිසා ස්පර්ශ ඇති වෙත්.
ස්පර්ශ නිසා වේදනාව ඇතිවෙත්.
වේදනාව නිසා තණ්හාව ඇතිවෙත්.
තණ්හාව නිසා උපාදානය ඇතිවෙත්.
උපාදානය නිසා භවය ඇතිවෙත්.
භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවෙත්.
ජාතිය (ඉපදීම) නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ ද ඇතිවෙත්.
මෙසේ මේ සියලු එකම දුක්ගොඩ ඇතිවේ.

අවිජ්ජාව නැතිකිරීමෙන් සංස්කාරයන්ගේ නැතිවීම වෙයි.
සංස්කාර නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවේ.
විඤ්ඤාණය නැතිවීමෙන් නාම රූප නැතිවේ.
නාම රූපයන්ගේ නැතිවීමෙන් සළායතන නැතිවේ.
සළායතනයන්ගේ නැතිවීමෙන් ස්පර්ශ නැතිවේ.
ස්පර්ශයන්ගේ නැතිවීමෙන් වේදනාව නැතිවේ.
වේදනාවන්ගේ නැතිවීමෙන් තණ්හාව නැතිවේ.
තණ්හාවන්ගේ නැතිවීමෙන් උපාදානය නැතිවේ.
උපාදානයන්ගේ නැතිවීමෙන් භවය නැතිවේ.
භවයන්ගේ නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවේ.
ජාතිය (ඉපදීම) නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්.

මෙසේ මේ සියලු දුක්ගොඩ නැතිවේය කියායි.“

§3. මහණෙනි, මා විසින් මෙසේ ධර්මය මනාකොට කියනලදී. වසා නොතබනලදී. වැසුම් හරිනලදී. දල්වන ලදී. සුන්-බුන්-පිරිද්දීම් සහ ගැට නැතිකරන ලදී.

මහණෙනි, මෙසේ මා විසින් මනාකොට කියනලද, වසා නොතබනලද, වැසුම් හරිනලද, දල්වනලද, සුන්-බුන්-පිරිද්දීම් සහ ගැට නැතිකරනලද ධර්මයෙහි, ශ්‍රද්ධාවෙන් (ශාසනයෙහි) පැවිදිවූ කුල දරුවා විසින් කැමැති සේ ශරීරයෙහි සමද, නහරද, ඇටද, ඉතිරි වේවා! මස් හා ලේ වියලේවා! පුරුෂ ශක්තියෙන්, පුරුෂ වීර්යයෙන්, පුරුෂ පරාක්‍රමයෙන් පැමිණිය යුතු යමක් වේද, එයට නොපැමිණ, වීර්යය අත්හැරීමක් නොවන්නේ යයි වීර්යය පටන් ගැනීම සුදුසුමය.

මහණෙනි, කුසීත පුද්ගලතෙම පවිටුවූ, අකුශල ධර්මයන්ගෙන් ගැවසී ගත්තේ දුකින් වසයි. මහත්වූ අර්ථයෙන්ද (රහත් බැවින්ද) පිරිහෙයි. මහණෙනි, පටන්ගන්නා ලද වීර්යය ඇත්තේ වනාහි පවිටුවූ අකුශල ධර්මයන්ගෙන් වෙන්වූයේ සැපසේ වාසය කෙරෙයි. මහත්වූ, අර්ථයද (රහත් බවද) සම්පූර්ණ කෙරෙයි.“

§ 4. මහණෙනි, හීනවූ ශ්‍රද්ධාදියෙන් අග්‍රවූ රහත් බවට නොපැමිණෙයි. අග්‍රවූ ශ්‍රද්ධාදියෙන් අග්‍රවූ රහත් බවට පැමිණෙයි. මහණෙනි, ප්‍රසන්නවූද, පිදියයුතුවූද, මේ බ්‍රහ්මචරියාව ශාස්තෲන්වහන්සේගේ සම්මුඛයෙහි වූයේය.“

මහණෙනි, ඒ නිසා නොපැමිණි ධර්මයන්ට පැමිණීම පිණිස, අවබෝධ නොකළ ධර්මය අවබෝධ කිරීම පිණිස ප්‍රත්‍යක්ෂ නොකළ ධර්මය ප්‍රත්‍යක්ෂකිරීම පිණිස, වීර්ය ආරම්භ කරව්.

මෙසේ පිළිවෙත් වඩන්නාවූ අපගේ මේ පැවිද්ද හිස් නොවන්නේය. ඵල සහිත වන්නේය. වැඩීම් සහිත වන්නේය. අපි යමෙකුන්ගේ චීවර, පිණ්ඩපාත, සෙනසුන්, ගිලන්පසය සහ බෙහෙත් පිරිකර ලබමුද, ඔවුන්ගේ ඒ සත්කාරයෝ අප කෙරෙහි මහත්ඵල මහානිසංශ වන්නෝය. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයි.

මහණෙනි, තමාගේ අර්ථය බලාපොරොත්තු වන්නාහු විසින් අප්‍රමාදයෙන් පිළිවෙත් පිරීම කල යුතුමය.
මහණෙනි, පරාර්ථය බලාපොරොත්තු වන්නාහු විසින්ද අප්‍රමාදයෙන් යුක්ත වන්නට සුදුසුමය.
මහණෙනි, උභයාර්ථය (ආත්මාර්ථය හා පරාර්ථය) බලාපොරොත්තු වන්නාහු විසින්ද අප්‍රමාදයෙන් යුක්ත වන්නට සුදුසුමය යනුයි.

SN 02-01-03-03. උපනිසා සූත්‍රය

§1. මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

§2. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, මම දන්නහුගේම දක්නහුගේම ආශ්‍රවයන් ක්ෂයකිරීම කියමි. නොදන්නහුගේ නොදක්නහුගේ ආශ්‍රවයන් ක්ෂය කිරීම නොකියමි.

§ 3. මහණෙනි, කුමක් දන්නහුගේ කුමක් දක්නහුගේ ආශ්‍රවයන් ක්ෂයවේද?

රූපය මෙසේය. රූපයේ ඇතිවීම මෙසේය. රූපයාගේ නැතිවීම මෙසේය. වේදනාව මෙසේය. වේදනාවේ ඇතිවීම මෙසේය. වේදනාවේ නැතිවීම මෙසේය. සංඥාව මෙසේය. සංඥාවේ ඇතිවීම මෙසේය. සංඥාවේ නැතිවීම මෙසේය. විඤ්ඤාණය මෙසේය. විඤ්ඤාණයේ ඇතිවීම මෙසේය. විඤ්ඤාණයේ නැතිවීම මෙසේය. කියායි. මහණෙනි, මෙසේ වනාහි දන්නහුගේ මෙසේ දක්නහුගේ ආශ්‍රවයන්ගේ ක්ෂයවීම වෙයි.“

§4. මහණෙනි, යම් හේතුවකින් ඒ ආශ්‍රව ක්ෂය නම් අර්හත් ඵලය ලත් කල්හි ඒ පිළිබඳ ප්‍රත්‍යවෙක්ෂා (මෙනෙහි කරන) ඥානය ඇතිවන්නේය. එයද හේතු සහිතයයි කියමි. හේතු රහිතයයි නොකියමි. මහණෙනි, ප්‍රත්‍යවෙක්ෂා ඥානයට හේතු කවරේද? අර්හත් ඵලයයි කියයුතු වන්නේය.

මහණෙනි, මම අර්හත්ඵලයද හේතු සහිතයයි කියමි. හේතු රහිතයයි නොකියමි. මහණෙනි, අර්හත් ඵල හේතු කවරේද?රහත් මාර්ගයයි කියයුතු වන්නේය. මහණෙනි, මම අර්හත් මාර්ගයද හේතු සහිතයි කියමි. හේතු රහිතයි නොකියමි.“

§ 5. මහණෙනි, අර්හත් මාර්ගයට හේතු කවරේද?
කලකිරීමේ නුවණයයි කියයුතු වන්නේය. මහණෙනි, මම කලකිරීමේ නුවණද හේතු සහිතයයි කියමි. හේතු රහිතයයි නොකියමි;

මහණෙනි, කලකිරීමේ ඤාණයට හේතු කවරේද?
තත්වූ පරිදි නුවණින් දැකීමයයි කියයුතු වන්නේය.

මහණෙනි, මම තත්වූ පරිදි නුවණින් දැකීමද හේතු සහිත යයි කියමි. හේතු රහිතයයි නොකියමි.
මහණෙනි, තත්වූ පරිදි නුවණින් දැකීමට හේතු කවරේද?

සමාධියයි කිය යුතු වන්නේය. මහණෙනි, මම සමාධියද හේතු සහිතයයි කියමි. හේතු රහිතයයි නොකියමි. මහණෙනි, සමාධියට හේතු කවරේද?

සැපයයි කියයුතු වන්නේය. මහණෙනි, මම සැපයද හේතු සහිතයයි කියමි. හේතු රහිතයයි නොකියමි. මහණෙනි, සැපයට හේතු කවරේද?

පීඩාවන්ගේ සංසිඳීම යයි කියයුතු වන්නේය. මහණෙනි, මම පීඩාවන්ගේ සංසිඳීමද හේතු සහිතයයි කියමි. හේතු රහිතයයි නො කියමි. මහණෙනි, පීඩාවන්ගේ සංසිඳීමට කරුණු කවරේද?

අධික ප්‍රීතියයි කියයුතු වන්නේය. මහණෙනි, මම අධික ප්‍රීතියද හේතු සහිතයයි කියමි. හේතු රහිතයයි නොකියමි. මහණෙනි, අධික ප්‍රීතියට හේතු කවරේද? දුර්වල ප්‍රීතියයි කියයුතු වන්නේය.

මහණෙනි, මම දුර්වල ප්‍රීතියද හේතු සහිත යයි කියමි. හේතු රහිතයයි නොකියමි. මහණෙනි, දුර්වල ප්‍රීතියට හේතු කවරේද? ශ්‍රද්ධාවයයි කිය යුතු වන්නේය. මහණෙනි, මම ශ්‍රද්ධාවද හේතු සහිතයයි කියමි. හේතු රහිත යයි නොකියමි.

මහණෙනි, ශ්‍රද්ධාවට හේතු කවරේද? දුකයි කිය යුතු වන්නේය.
මහණෙනි, මම දුකද හේතු සහිතයයි කියමි. හේතු රහිතයයි නොකියමි. මහණෙනි, දුකට හේතු කවරේද? ඉපදීමයයි කියයුතු වන්නේය.

මහණෙනි, මම ඉපදීමද හේතු සහිතයයි කියමි. හේතු රහිතයයි නොකියමි. මහණෙනි, ඉපදීමට හේතු කවරේද? (කර්ම) භවයයි කිය යුතු වන්නේය.

මහණෙනි, මම කර්ම භවයද හේතු සහිතයයි කියමි. හේතු රහිතයයි නොකියමි. මහණෙනි, කර්ම භවයට හේතු කවරේද? උපාදානයයි කිය යුතු වන්නේය.

මහණෙනි, මම උපාදානයද හේතු සහිතයයි කියමි. හේතු රහිතයයි නොකියමි. මහණෙනි, උපාදානයට හේතු කවරේද? තණ්හාව යයි කියයුතු වන්නේය.

මහණෙනි, මම තණ්හාවද හේතු සහිතයයි කියමි. හේතු රහිතයයි නොකියමි. මහණෙනි, තණ්හාවට හේතු කවරේද? වේදනාවයයි කිය යුතු වන්නේය.

මහණෙනි, මම වේදනාවද හේතු සහිතයයි කියමි. හේතු රහිතයයි නොකියමි. මහණෙනි වේදනාවට හේතු කවරේද? ස්පර්ශයයි කියයුතු වන්නේය.

මහණෙනි, මම ස්පර්ශයද හේතු සහිතයයි කියමි. හේතු රහිතයයි නොකියමි. මහණෙනි, ස්පර්ශයට හේතු කවරේද? සළායතනයයි කියයුතු වන්නේය.

මහණෙනි, මම සළායතනයද හේතු සහිතයයි කියමි. හේතු රහිතයයි නොකියමි. මහණෙනි සළායතනයට හේතු කවරේද? නාම රූපයයි කියයුතු වන්නේය.

මහණෙනි, මම නාම රූපයද හේතු සහිතයයි කියමි හේතු රහිතයි නොකියමි. මහණෙනි, නාමරූපයට හේතු කවරේද? විඤ්ඤාණයි කිය යුතු වන්නේය.

මහණෙනි, මම විඤ්ඤාණයද හේතු සහිතයයි කියමි. හේතු රහිතයයි නොකියමි. මහණෙනි, විඤ්ඤාණයට හේතු කවරේද? සංස්කාරයි කිය යුතු වන්නේය.

මහණෙනි, මම සංස්කාරයන්ද හේතු සහිතයයි කියමි. හේතු රහිතයයි නොකියමි. මහණෙනි, සංස්කාරයන්ට හේතු කවරේද? අවිජ්ජාවයයි කිය යුතු වන්නේය.“

මහණෙනි, මෙසේ අවිජ්ජාව නිසා සංස්කාරයන්ද සංස්කාරයන් නිසා විඤ්ඤාණයද, විඤ්ඤාණය නිසා නාමරූපද, නාමරූප නිසා සළායතනද, සළායතන නිසා ස්පර්ශයද, ස්පර්ශය නිසා වේදනාවද, වේදනාව නිසා තණ්හාවද, තණ්හාව නිසා උපාදානයද, උපාදානය නිසා (කර්ම) භවයද, භවය නිසා ජාතියද (ඉපදීම) ජාතිය නිසා දුකද,

දුක නිසා ශ්‍රද්ධාවද, ශ්‍රද්ධාව නිසා දුර්වල ප්‍රීතියද, දුර්වල ප්‍රීතිය නිසා ප්‍රබල ප්‍රීතියද, ප්‍රබල ප්‍රීතිය නිසා පීඩාවන්ගේ සංසිඳීමද (පටිපස්සද්ධිය) පීඩාවන්ගේ සංසිඳීම නිසා (ධ්‍යානයට පූර්වභාගවූ) සැපයද, (ධ්‍යානයට පූර්වභාගවූ) සැපය නිසා පාදක ධ්‍යාන සමාධියද, (පාදකධ්‍යාන) සමාධිය නිසා (යථාභූත ඤාණ දර්ශනය) ඇති තතු නුවණින් දැකීමද, ඇතිතතු නුවණින් දැකීම නිසා කලකිරෙන නුවණ (නිර්වේද ඥානය) ද, කලකිරෙන නුවණ නිසා රහත් මාර්ගයද, රහත් මාර්ගය නිසා අර්හත් පලයද, අර්හත් ඵල නිසා ප්‍රත්‍යවෙක්ෂා ඥානය (මාර්ගඵල නිර්වාණ පහකළ කෙලෙස් මෙනෙහිකරන ඥානය) වෙයි.“

මහණෙනි, යම්සේ පර්වතයාගේ මත්තෙහි මහත් ධාරාවෙන් යුත් වැසි වසින කල, ඒ දිය ක්‍රමයෙන් පහත්ව පවත්නාවූ, පර්වත බෑවුම් නියඟට පැලුනු පැළිවලන් සහ කුඩා ඇළවල් පිරෙයිද, පර්වත, පර්වත බෑවුම්, නියඟට පැලුනු පැළිවලන් සහ කුඩා ඇළවල් පිරීම නිසා, කුඩා වළවල් පිරෙයිද, කුඩා වළවල් පිරීම නිසා මහ වළවල් පිරෙයිද, මහ වළවල් පිරීම නිසා කුඩා කුඩා ගංගා පිරෙයිද, කුඩා කුඩා ගංගා පිරීම නිසා මහ ගංගා පිරෙයිද, මහ ගංගා පිරීමෙන් මහ මූද පිරෙයිද,

මහණෙනි, මෙසේම අවිජ්ජාව නිසා සංස්කාරයද, සංස්කාර නිසා විඤ්ඤාණයද, විඤ්ඤාණ නිසා නාමරූපද, නාමරූප නිසා සළායතනයන්ද සළායතනයන් නිසා ස්පර්ශයද, ස්පර්ශය නිසා වේදනාවද, වේදනාව නිසා තණ්හාවද, තණ්හාව නිසා උපාදානයද, උපාදානය නිසා භවයද, භවය නිසා ජාතියද, ජාතිය නිසා දුකද, දුක නිසා ශ්‍රද්ධාවද, ශ්‍රද්ධාව නිසා දුර්වල ප්‍රීතියද, දුර්වල ප්‍රීතිය නිසා ප්‍රබල ප්‍රීතියද, ප්‍රබල ප්‍රීතිය නිසා පීඩාවන්ගේ සංසිඳීමද, පීඩාවන්ගේ සංසිඳීම නිසා සැපයද, සැපය නිසා සමාධියද (සිතේ එකමුතු කමද) සමාධිය නිසා ඇතිතතු දැකීමේ නුවණද, ඇතිතතු දැකීමේ නුවණ නිසා කලකිරීමේ නුවණද, කලකිරීමේ නුවණ නිසා විරාගයද (මාර්ගයද) විරාගය නිසා විමුක්තියද, (රහත් බවද) විමුක්තිය නිසා (ආශ්‍රවයන් ක්ෂය කළ කල්හි ඇතිවෙන) ප්‍රත්‍යවෙක්ෂා ඥානයද ඇතිවෙයි.

SN 02-01-03-04. අඤ්ඤතිත්ථිය සූත්‍රය –

මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහිවූ

§ 1. “වේළුවනාරාමයෙහි” වැඩ වාසය කරන සේක. ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍රයන් වහන්සේ පෙරවරු කාලයෙහි ඇඳ පාත්‍ර සිවුරු ගෙන රජගහනුවරට පිඬු පිණිස වැඩිසේක. ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මේ සිත ඇති විය. ‘රජගහනුවර පිඬු පිණිස යාමට තවම උදෑසන වැඩිය. ඒ නිසා මම අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයින්ගේ ආරාමය යම් තැනකද එතන්හි පැමිණෙම් නම් හොඳය’ කියායි.

§ 2. ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය යම් තැනකද එතැන්හි පැමිණියේය. පැමිණ, ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් සමග සතුටුවූයේය. සතුටුවිය යුතුවූත්, සිහි කටයුතුවූත් කථාව කොට නිමවා, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන්ට ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මෙය කීවාහුය.“

§ 3. ඇවැත්නි, ශාරිපුත්‍රය,
(i) දුක තමා විසින් කරන ලද්දේයයි පණවන, කර්මවාද ඇති සමහර මහණ බමුණෝ වෙති.
(ii) . දුක අනුන් විසින් කරන ලද්දේයයි පණවන, කර්මවාද ඇති සමහර මහණ බමුණෝ වෙති.
(iii) .ඇවැත්, ශාරිපුත්‍රය, දුක තමා විසින්ද, අනුන් විසින්ද කරන ලද්දේයයි පණවන, කර්මවාද ඇති සමහර මහණ බමුණෝ වෙති.
(iv) . දුක තමා විසින් හෝ අනුන් විසින් හෝ කරන ලද්දක් නොව ඉබේ ඇතිවූයේයයි පණවන, කර්මවාද ඇති සමහර මහණ බමුණෝ වෙති.

ඇවැත්, ශාරිපුත්‍රය, මේ සතරවාදයන්හිදී, ගෞතම මහණතෙම කිනම් වාද ඇත්තේද? කුමක් කියන්නේද? කෙසේ විසඳනු ලබන්නාවූ අපි ශ්‍රමණ ගෞතමයන් කියන ලද්ද කිව්වෝ වෙමුද, ශ්‍රමණ ගෞතමයන් බොරුවෙන් යටකොට නොකියමුද, ධර්මයට අනුව කියමුද, කිනම් ධාර්මිකවූ වාදයක් (නුවණ ඇතියන් විසින්) ගැරහිය යුතු බවට නොපැමිණේද?” කියායි.“

§ 3. ඇවැත්නි, ‘දුක හේතූන් නිසා ඇතිවූයේයයි’ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.
කුමක් නිසා ඇතිවීද? ස්පර්ශය නිසා ඇතිවිය. මෙසේ මෙය කියන්නේ භාග්‍යවතුන් වහන්සේ කියන ලද්ද කියන්නේද වන්නේය. භාග්‍යවතුන් වහන්සේ බොරුවෙන් යටකොට නොකියන්නේය. කිසියම් ධාර්මිකවූ, වාදයක් ධර්මය අනුව කියන්නේය (නුවණ ඇතියන් විසින්) ගැරහිය යුතු බවට නොපැමිණෙන්නේය.“

ඇවැත්නි, ඒ සතරවාදයන්හිදී, කර්මවාදීවූ යම් මහණ බමුණෝ දුක තමා විසින් කරන ලද්දේ යයි පණවත්ද, එයද ස්පර්ශය නිසා ඇතිවේ. කර්මවාදීවූ යම් ඒ මහණ බමුණෝ දුක අනුන් විසින් කරණ ලද්දේයයි පණවත්ද? එයද ස්පර්ශය නිසා ඇතිවේ. කර්මවාදීවූ යම් ඒ මහණ බමුණෝ දුක තමා විසින්ද, අනුන් විසින්ද කරන ලද්දේයයි පණවත්ද එයද ස්පර්ශය නිසා ඇති වේ. කර්මවාදී වූ යම් ඒ මහණ බමුණෝ දුක තමා විසින් හෝ අනුන් විසින් හෝ කරන ලද්දක් නොව ඉබේ ඇතිවූයේ යයි පණවත්ද එයද ස්පර්ශය නිසා ඇතිවේ.“

§ 4. ඇවැත්නි, ඒ සතරවාදයන්හිදී, කර්මවාදීවූ යම් ඒ මහණ බමුණෝ දුක තමා විසින් කරන ලද්දේ යයි පණවත්ද, ඔවුහු වනාහි ස්පර්ශය නැතිව දුක් විඳිති යන මේ කරුණ විද්‍යමාන නොවේ. කර්මවාදීවූ යම් ඒ මහණ බමුණෝ දුක අනුන් විසින් කරන ලද්දේ යයි පණවත්ද ඔවුහුද ස්පර්ශය නැතිව දුක් විඳිති යන මේ කරුණ විද්‍යමාන නොවේ. කර්මවාදීවූ යම් ඒ මහණ බමුණෝ දුක තමා විසින්ද, අනුන් විසින්ද කරන ලද්දේයයි පණවත්ද, ඔවුහුද වනාහි ස්පර්ශය නැතිව දුක් විඳිති යන මේ කරුණ විද්‍යමාන නොවේ.

කර්මවාදීවූ, යම් ඒ මහණ බමුණෝ දුක තමා විසිනුත් නොව අනුන් විසිනුත් නොව ඉබේ ඇතිවූයේ යයි පණවත්ද, ඔවුහු වනාහි ස්පර්ශය නැතිව දුක් විඳිති යන මේ කරුණ විද්‍යමාන නොවේ.”

§ 5. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන්ගේ ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන් හා සමඟවූ මේ කථා සල්ලාපය ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් ඇසුවේය. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් රජගහනුවර පිඬු පිණිස වැඩ පිණ්ඩපාතයෙන් පසු භාග්‍යවතුන් වන්සේ වෙත . පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන්සේ හා අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන් හා සමග කථා සල්ලාපයක් වූයේද ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැල කළේය.“

§ 6. සාදු! සාදු!! ආනන්දය,
එය යම්සේ මනාකොට ප්‍රකාශ කරන්නේ නම් ඒ ආකාරයෙන්ම ශාරීපුත්‍රයන් ප්‍රකාශ කරන්නේය.

ආනන්දය, දුක හේතූන් නිසා උපන්නේ යයි මා විසින් කියන ලදී.
කුමක් නිසාද?

ස්පර්ශය නිසා යයි මෙසේ මෙය කියන්නේ මා කියන ලද්ද කියන්නේද වන්නේය. මා බොරුවෙන් යටකොට නොකියන්නේය. ධර්මය අනුව කියන්නේය. කිසියම් ධාර්මිකවූ වාදයක් (නුවණ ඇතියන් විසින්) ගැරහිය යුතු බවට නොපැමිණෙන්නේය.

ආනන්දය, එහිදී, කර්මවාදීවූ, යම් ඒ මහණ බමුණෝ දුක තමා විසින් කරන ලද්දේයයි පණවත්ද, එයත් ස්පර්ශය නිසා ඇතිවේ. කර්මවාදීවූ යම් ඒ මහණ බමුණෝ දුක අනුන් විසින් කරන ලද්දේ යයි පණවත්ද, එයද ස්පර්ශය නිසා ඇතිවේ. කර්මවාදීවූ, යම් ඒ මහණ බමුණෝ දුක තමා විසින්ද අනුන් විසින්ද කරන ලද්දේයි පණවත්ද, එයද ස්පර්ශය නිසා ඇතිවේ.

කර්මවාදීවූ, යම් මහණ බමුණෝ දුක තමා විසින් හෝ අනුන් විසින් හෝ කරන ලද්දක් නොව, ඉබේ ඇතිවූයේයි පණවත්ද, එයද ස්පර්ශය නිසා ඇතිවේ. ආනන්දය, ඒ සතරවාදයන්හිදී, කර්මවාදීවූ, යම් ඒ මහණ බමුණෝ දුක තමා විසින් කරන ලද්දේයි පණවත්ද, ඔවුහු වනාහි ස්පර්ශය නැතිව දුක් විඳිති යන මේ කරුණ විද්‍යමාන නොවේ. කර්මවාදීවූ, යම් ඒ මහණ බමුණෝ දුක අනුන් විසින් කරන ලද්දේයයි පණවත්ද, ඔවුහු වනාහි ස්පර්ශය නැතිව දුක් විඳිති යන මේ කරුණ විද්‍යමාන නොවේ.

කර්මවාදීවූ, යම් ඒ මහණ බමුණෝ දුක තමා විසින්ද අනුන් විසින්ද කරන ලද්දේයයි පණවත්ද, ඔවුහු වනාහි ස්පර්ශය නැතිව දුක් විඳිති යන මේ කරුණ විද්‍යමාන නොවේ. කර්මවාදීවූ, යම් ඒ මහණ බමුණෝ දුක මා විසින් හෝ අනුන් විසින් හෝ කරන ලද්දක් නොව ඉබේ ඇතිවූයේ යයි පණවත්ද, ඔවුහු වනාහි ස්පර්ශය නැතිව දුක් විඳිති යන මේ කරුණ විද්‍යමාන නොවේ.“

§ 7. ආනන්දය, මම එක් කාලයක මේ රජගහනුවර සමීපයෙහිවූ, “කලන්දක නිවාප” නම් ලත් වෙළුවනාරාමයෙහි වාසය කලේමි. ආනන්දය, දිනක් මම පෙරවරු කාලයෙහි හැඳ පාත්‍ර සිවුරු ගෙන, රජගහනුවරට පිඬු සිඟා ගියෙමි. ආනන්දය, ඒ මට මේ අදහස ඇතිවිය. ‘තවම රජගහනුවරට පිඬු පිණිස යාමට උදෑසන වැඩිය. (ඒනිසා) මම අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයින්ගේ ආරාමය යම් තැනෙක්හිද, එතැන්හි පැමිණෙම් නම් හොඳය’ කියායි.

ආනන්දය, ඉක්බිති මම අන්‍යතීර්ථක පරිබ්‍රාජකයින්ගේ ආරාමයක්ද වෙත එතැනට පැමිණියෙමි. පැමිණ, ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන් සමග සතුටු විය යුතුවූත්, සිහි කටයුතුවූත්, කථාව කොට අවසානකර, එක්පැත්තක හුන්නෙමි. ආනන්දය, එක් පැත්තක හුන්නාවූ මට ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මෙසේ කීවාහුය.

§ 8. “ඇවැත් ගෞතමයිනි,

දුක තමා විසින් කරන ලද්දේ යයි පණවන කර්මවාදීවූ, ඇතැම් මහණ බමුණෝ වෙති.
දුක අනුන් විසින් කරන ලද්දේයි පණවන, කර්මවාදීවූ, ඇතැම් මහණ බමුණෝ වෙති.
දුක තමන් විසින්ද, අනුන් විසින්ද, කරන ලද්දේයයි පණවන, කර්මවාදීවූ, ඇතැම් මහණ බමුණෝ වෙති.
දුක තමා විසින් හෝ අනුන් විසින් හෝ කරන ලද්දක් නොව, ඉබේ ඇතිවූයේයි පණවන, කර්මවාදීවූ, ඇතැම් මහණ බමුණෝ වෙති.

මේ සතර වාදයන්හිදී, අපේ ඇවැත් ගෞතමතෙම කිනම් වාද ඇත්තේද? කෙසේ පැහැදිලි කරන්නාවූ, අපි ඇවැත් ගෞතමයන් කියන ලද්දට අනුව කියන්නෝ වෙමුද, ඇවැත් ගෞතමයන් කෙසේ බොරුවෙන් යටකොට කියන්නෝ නොවෙමුද, ධර්මානුකූලව ධර්මය කෙසේ පැහැදිලි කරන්නෙමුද, (ඇවැත් ගෞතමයන්ගේ) කිසි ධාර්මිකවූ ප්‍රවෘත්තියක් (වාදානුපාතයක්) ගැරැහිය යුතු බවට නොපැමිණෙන්නේද,’ කියායි.

§ 9 .“ආනන්දය, මෙසේ කියනලද, ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ට මම මෙසේ කීවෙමි.

ඇවැත්නි, මා විසින් දුක (පටිච්ච සමුප්පන්නයයි) හේතූන් නිසා ඇතිවූයේයයි කියනලදී.
කුමක් නිසාද?

ස්පර්ශය නිසායයි මෙසේ කියන්නේ මා කියන හේතුව කොට ඇත්තේද? කුමක් ඉපදීම කොට ඇත්තේද? කුමක් පටන්ගැන්ම කොට ඇත්තේද?’ කියායි.“

ස්වාමීනි, මෙසේ අසනලද්දාවූ මම මෙසේ විස්තර කරන්නෙමි.

§ 10. ඇවැත්නි, ජරා මරණය ඉපදීම නිදානකොට ඇත්තේය. ඉපදීම හේතුකොට ඇත්තේය. ඉපදීම හටගැනීම කොට ඇත්තේය, ඉපදීම පටන්ගැනීමකොට ඇත්තේය,’ කියායි.

ස්වාමීනි, මෙසේ අසනලද්දාවූ මම මෙසේ විස්තර කරන්නෙමි.“ඉදින් ස්වාමීනි මාගෙන් මෙසේ අසත්නම්:- ‘ඇවැත් ආනන්දය, ඉපදීම වනාහි කුමක් නිදානකොට ඇත්තේද? කුමක් හේතුකොට ඇත්තේද? කුමක් හටගැනීම්කොට ඇත්තේද? කුමක් පටන්ගැන්ම කොට ඇත්තේද?’ කියායි.

ස්වාමීනි, මෙසේ අසන ලද්දාවූ මම මෙසේ විස්තර කරන්නෙමි. ඇවැත්නි, ජාතිය වනාහි භවය නිදානකොට ඇත්තේය. භවය හේතුකොට ඇත්තේය. භවය ඉපදීමකොට ඇත්තේය. භවය පටන්ගැන්මකොට ඇත්තේය.“

ස්වාමීනි, මෙසේ අසනලද්දාවූ මම මෙසේ විස්තර කරන්නෙමි. ඉදින් ස්වාමීනි, මාගෙන් මෙසේ අසත් නම්:- ‘ඇවැත් ආනන්දය, භවය වනාහි කුමක් නිදානකොට ඇත්තේද? කුමක් සමුදයකොට ඇත්තේද? කුමක් ජාතිකොට ඇත්තේද? කුමක් ප්‍රභවකොට ඇත්තේද?’ කියායි.

ස්වාමීනි, මෙසේ අසන ලද්දාහු මම මෙසේ විස්තර කරන්නෙමි. ‘ඇවැත්නි, භවය වනාහි උපාදානය නිදානකොට ඇත්තේය. උපාදානය සමුදයකොට ඇත්තේය. උපාදානය ජාතිකොට ඇත්තේය. උපාදානය ප්‍රභවකොට ඇත්තේය.’ ස්වාමීනි, මෙසේ අසන ලද්දාහු මම මෙසේ විස්තර කරන්නෙමි.“

ඉදින් ස්වාමීනි, මාගෙන් මෙසේ අසත්නම්:- ‘ඇවැත් ආනන්දය, උපාදානය වනාහි කුමක් නිදානකොට ඇත්තේද? කුමක් සමුදයකොට ඇත්තේද? කුමක් ජාතිකොට ඇත්තේද? කුමක් ප්‍රභවකොට ඇත්තේද?’ කියායි.

ස්වාමීනි, මෙසේ අසනලද්දාහු මම මෙසේ විස්තර කරන්නෙමි. ‘ඇවැත්නි, උපාදානය වනාහි තණ්හාව නිදානකොට ඇත්තේය, තණ්හාව සමුදයකොට ඇත්තේය. තණ්හාව ජාතිකොට ඇත්තේය. තණ්හාව ප්‍රභවකොට ඇත්තේය.’

ස්වාමීනි, මෙසේ අසනලද්දාහු මම මෙසේ විස්තර කරන්නෙමි.“ඉදින් ස්වාමීනි, මාගෙන් මෙසේ අසත්නම්:- ‘ඇවැත් ආනන්දය, තණ්හාව වනාහි කුමක් නිදානකොට ඇත්තේද? කුමක් සමුදයකොට ඇත්තේද? කුමක් ජාතිකොට ඇත්තේද? කුමක් ප්‍රභවකොට ඇත්තේද?’ කියායි.

ස්වාමීනි, මෙසේ අසනලද්දාහු මම මෙසේ විස්තර කරන්නෙමි. ‘ඇවැත්නි, තණ්හාව වනාහි වේදනාව නිදානකොට ඇත්තේය, වේදනාව සමුදයකොට ඇත්තේය. වේදනාව ජාතිකොට ඇත්තේය. වේදනාව ප්‍රභවකොට ඇත්තේය.’ ස්වාමීනි, මෙසේ අසනලද්දාහු මම මෙසේ විස්තර කරන්නෙමි.“

ඉදින් ස්වාමීනි, මාගෙන් මෙසේ අසත්නම්:- ‘ඇවැත් ආනන්දය, වේදනාව වනාහි කුමක් නිදානකොට ඇත්තේද? කුමක් සමුදයකොට ඇත්තේද? කුමක් ජාතිකොට ඇත්තේද? කුමක් ප්‍රභවකොට ඇත්තේද?’ කියායි.

ස්වාමීනි, මෙසේ අසනලද්දාහු මම මෙසේ විස්තර කරන්නෙමි. ‘ඇවැත්නි, වේදනාව වනාහි ස්පර්ශය නිදානකොට ඇත්තේය, ස්පර්ශය සමුදයකොට ඇත්තේය. ස්පර්ශය ජාතිකොට ඇත්තේය. ස්පර්ශය ප්‍රභවකොට ඇත්තේය.’ ස්වාමීනි, මෙසේ අසනලද්දාහු මම මෙසේ විස්තර කරන්නෙමි.“

§ 11 .ඉදින් ස්වාමීනි, මාගෙන් මෙසේ අසත්නම්:- ‘ඇවැත් ආනන්දය, ස්පර්ශය වනාහි කුමක් නිදානකොට ඇත්තේද? කුමක් සමුදයකොට ඇත්තේද? කුමක් ජාතිකොට ඇත්තේද? කුමක් ප්‍රභවකොට ඇත්තේද?’ කියායි. ස්වාමීනි, මෙසේ අසනලද්දාහු මම මෙසේ විස්තර කරන්නෙමි.

‘ඇවැත්නි, ස්පර්ශය වනාහි සළායතනය නිදානකොට ඇත්තේය, සළායතනය සමුදයකොට ඇත්තේය. සළායතනය ජාතිකොට ඇත්තේය. සළායතනය ප්‍රභවකොට ඇත්තේය.’ ස්වාමීනි, මෙසේ අසනලද්දාහු මම මෙසේ විස්තර කරන්නෙමි.“

ඇවැත්නි, හය වැදෑරුම් ස්පර්ශායතනයන්ගේ සහමුලින් නැතිවීමෙන්ම ස්පර්ශය නැතිවේ. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවේ. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවේ. තණ්හා නැතිවීමෙන් ඉපදීම නැතිවේ. ඉපදීම නැතිවීමෙන් භවය නැතිවේ. භවය නැතිවීමෙන් ඉපදීම නැතිවේ. ඉපදීම නැතිවීමෙන් ජරාව සහ මරණයද, ශොකවීම්, හැඬීම් දුක්වීම්, දොම්නස් සහ වැළපීම් නැතිවෙත්. මෙසේ මේ සියලු එකම දුක්ගොඩ නැතිවේ. ස්වාමීනි, මෙසේ අසනලද්දාවූ මම මෙසේ විස්තර කරන්නෙමි.

SN 02-01-03-05 භූමිජ සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අසළවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.ඉක්බිති ඇවැත් භූමිජතෙම සවස්කාලයෙහි විවේක ස්ථානයෙන් නැගීසිටියේ, ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරුන් යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරුන් හා සමග සතුටු වූයේය. සතුටු වියයුතු වූත්, සිහි කටයුතුවූත්, කථාවකොට අවසාන කර, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ, ඇවැත් භූමිජතෙම වනාහි ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරුන්හට මෙය කීයේය.“

§ 2. ඇවැත් ශාරිපුත්‍රයෙනි, සැපදුක් තමා විසින් කරන ලද්දේයයි පණවන කර්මවාදීවූ, ඇතැම් මහණ බමුණෝ වෙති. ඇවැත් ශාරිපුත්‍රයෙනි, සැප දුක් අනුන් විසින් කරන ලද්දේයයි පණවන, කර්මවාදීවූ, ඇතැම් මහණ බමුණෝ වෙති. ඇවැත්නි, ශාරිපුත්‍රයිනි, සැප දුක් තමන් විසින්ද, අනුන් විසින්ද කරන ලද්දේයයි පණවන, කර්මවාදීවූ ඇතැම් මහණ බමුණෝ වෙති. ඇවැත් ශාරිපුත්‍රයිනි, සැප දුක් තමන් විසින් කරන ලද්දක් හෝ අනුන් විසින් කරන ලද්දක් හෝ නොව ඉබේ ඇති වූයේයයි පණවන, කර්මවාදීවූ, ඇතැම් මහණ බමුණෝ වෙති. ඇවැත් ශාරිපුත්‍රයිනි, මේ සිව්වාදයන්හිදී අපගේ භාග්‍යවත්තෙම කිනම් වාද ඇත්තේද? කුමක් කියන්නේද? කෙසේ පැහැදිළි කරන්නාවූ, අපි ඇවැත් ගෞතමයන් කියන ලද්දට අනුව කියන්නෝ වෙමුද, ඇවැත් ගෞතමයන් කෙසේ බොරුවෙන් යටකොට කියන්නේද නොවෙමුද, ධර්මානුකූලව ධර්මය කෙසේ පැහැදිළි කරන්නෙමුද, (ඇවැත් ගෞතමයන්ගේ) කිසි ධාර්මිකවූ වාද ප්‍රවෘත්තියක් (වාදානුපාතයක්) ගැරහිය යුතු බවට නොපැමිණෙන්නේද” කියායි.

§ 3. “ඇවැත්නි, සැපදුක් පටිච්චසමුප්පන්නයයි (නිසා උපන්නේයයි) භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණලදී. කුමක් නිසාද? ස්පර්ශය නිසායයි මෙසේ කියන්නේ, භාග්‍යවතුන් වහන්සේ කියනලද්ද අනුව කියන්නේද, වන්නේය. භාග්‍යවතුන් වහන්සේ බොරුවෙන් යටකොට නොකියන්නේද වන්නේය. ධර්මානුකූලව ධර්මය පැහැදිළි කරන්නේය. කිසි ධර්මිකවූ වාද ප්‍රවෘත්තියක් (වාදානුපාතයක්) ගැරහිය යුතුබවට නොපැමිණෙන්නේය කියායි.

§ 4 . ඇවැත්නි, ඒ සිව්වාදයන්හිදී, කර්මවාදීවූ, යම් ඒ මහණ බමුණෝ සැප දුක් තමා විසින් කරන ලද්දේයයි පණවත්ද, එයත් ස්පර්ශය නිසා ඇතිවේ. කර්මවාදීවූ, යම් ඒ මහණ බමුණෝ සැපදුක් අනුන් විසින්ද කරන ලද්දේයයි පණවත්ද, එයද ස්පර්ශය නිසා ඇතිවේ. කර්මවාදීවූ, යම් ඒ මහණ බමුණෝ සැප දුක් තමා විසින්ද අනුන් විසින්ද කරන ලද්දේයයි පණවත්ද, එයද ස්පර්ශය නිසා ඇතිවේ. කර්මවාදීවූ, යම් ඒ මහණ බමුණෝ සැප දුක් තමා විසින් හෝ අනුන් විසින් හෝ කරන ලද්දක් නොව ඉබේ ඇතිවූයේයයි පණවත්ද, එයද ස්පර්ශය නිසා ඇතිවේ. ඇවැත්නි, ඒ සිව් වාදයන්හිදී කර්මවාදීවූ, යම් ඒ මහණ බමුණෝ සැප දුක් තමා විසින් කරන ලද්දේයයි පණවත්ද, ඔවුහු වනාහි ස්පර්ශය නැතිව දුක් විඳිති යන මේ කරුණ විද්‍යමාන නොවේ. කර්මවාදීවූ, යම් ඒ මහණ බමුණෝ සැප දුක් අනුන් විසින් කරන ලද්දේයයි පණවත්ද, ඔවුහු වනාහි ස්පර්ශය නැතිව සැපදුක් විඳිති යන මේ කරුණ විද්‍යමාන නොවේ.

කර්මවාදීවූ යම් ඒ මහණ බමුණෝ සැප දුක් තමා විසින්ද, අනුන් විසින්ද කරණ ලද්දේයයි පණවත්ද, ඔවුහු වනාහි ස්පර්ශය නැතිව සැප දුක් විඳිති යන මේ කරුණ විද්‍යමාන නොවේ. කර්මවාදීවූ, යම් ඒ මහණ බමුණෝ සැප දුක් තමා විසින් හෝ අනුන් විසින් හෝ කරන ලද්දක් නොව, ඉබේ ඇතිවූයේයයි පණවත්ද, ඔවුහු වනාහි ස්පර්ශය නැතිව සැප දුක් විඳිති යන මේ කරුණ විද්‍යමාන නොවේ.”

§ 5 ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම වනාහි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන්ගේ ආයුෂ්මත් භුමිජ ස්ථවිරයන් හා වූ මේ කථා සල්ලාපය ඇසුවේය. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම යම්තාක් ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් හා ආයුෂ්මත් භූමිජ ස්ථවිරයන් හා කථා සල්ලාපයක් වූයේද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට කීයේය.

§ 6 . “සාදු! සාදු!! ආනන්දය, සැරියුත් තෙම එය මනාකොට පැහැදිළි කරනු ලබන්නේ, යම්සේ පැහැදිලි කරන්නේද, ආනන්දය, (එසේ) මා විසින් සැප දුක් වනාහි පටිච්චසමුප්පන්නයයි (නිසා ඇතිවූයේයයි) කියන ලදී.
කුමක් නිසාද?

ස්පර්ශය නිසායි මෙසේ කියන්නේ මා කියන ලද්ද අනුව කියන්නේද වන්නේය. මා බොරුවෙන් යට කොට නොකියන්නේද වන්නේය. ධර්මානුකූලව ධර්මය පැහැදිළි කරන්නේය. කිසි ධාර්මිකවූ වාදප්‍රවෘත්තියක් (වාදානුපාතයක්) ගැරහිය යුතු බවට නොපැමිණෙන්නේ යයි කියායි.

ආනන්දය, ඒ සිව්වාදයන්හිදී, කර්මවාදීවූ, යම් ඒ මහණ බමුණෝ සැප දුක් තමා විසින් කරන ලද්දේයයි පණවත්ද එයත් ස්පර්ශය නිසා ඇතිවේ. කර්මවාදීවූ, යම් ඒ මහණ බමුණෝ සැප දුක් අනුන් විසින් කරන ලද්දේයයි පණවත්ද, එයද ස්පර්ශය නිසා ඇතිවේ. කර්මවාදීවූ, යම් ඒ මහණ බමුණෝ සැප දුක් තමා විසින්ද අනුන් විසින්ද කරන ලද්දේ යයි පණවත්ද, එයද ස්පර්ශය නිසා ඇති වේ.

කර්මවාදීවූ යම් ඒ මහණ බමුණෝ සැප දුක් තමා විසින් හෝ අනුන් විසින් හෝ කරන ලද්දක් නොව, ඉබේ ඇති වූයේ යයි පණවත්ද, එයද ස්පර්ශය නිසා ඇතිවේ. ආනන්දය, ඒ සිව්වාදයන්හිදී, කර්මවාදීවූ, යම් ඒ මහණ බමුණෝ සැප දුක් තමා විසින් කරන ලද්දේයයි පණවත්ද, ඔවුහු වනාහි ස්පර්ශය නැතිව සැප දුක් විඳිති, යන මේ කරුණ විද්‍යමාන නොවේ.

කර්මවාදීවූ, යම් ඒ මහණ බමුණෝ සැප දුක් අනුන් විසින් කරන ලද්දේයයි පණවත්ද, ඔවුහු වනාහි ස්පර්ශය නැතිව සැප දුක් විඳිති යන මේ කරුණ විද්‍යමාන නොවේ. කර්මවාදීවූ, යම් ඒ මහණ බමුණෝ සැප දුක් තමා විසින්ද අනුන් විසින්ද කරන ලද්දේයයි පණවත්ද, ඔවුහු වනාහි ස්පර්ශය නැතිව සැප දුක් විඳිති යන මේ කරුණ විද්‍යමාන නොවේ.

කර්මවාදීවූ යම් ඒ මහණ බමුණෝ සැප දුක් තමා විසින් හෝ අනුන් විසින් හෝ කරන ලද්දක් නොව, ඉබේ ඇතිවූයේ යයි පණවත්ද, ඔවුහු වනාහි, ස්පර්ශය නැතිව සැප දුක් විඳිති යන මේ කරුණ විද්‍යමාන නොවේ. ආනන්දය, කයින් කළ යුත්තක් ඇති කල්හි හෝ කායද්වාරයෙහි උපන් චේතනාව හේතුකොටගෙන තමා තුළ සැප දුක් උපදියි.

ආනන්දය, වචනයෙන් කළ යුත්තක් ඇති කල්හි වාග් ද්වාරයෙහි උපන් චේතනාව හේතුකොටගෙන තමා තුළ සැප දුක් උපදියි, ආනන්දය, මනසින් කළ යුත්තක් ඇති කල්හි මනොද්වාරයෙහි උපන් චේතනාව හේතුකොටගෙන තමා තුළ සැප දුක් උපදියි.

යමෙක් නිසා අධ්‍යාත්මිකවූ සැප දුක් උපදීද, ආනන්දය, අවිජ්ජාව නිසාම (අනුන්ගේ මෙහෙයීමක් නැති බැවින්) තමා හෝ ඒ කාය සංස්කාරය රැස්කෙරෙයි. යමක් නිසා අධ්‍යාත්මිකවූ සැප දුක් උපදීද, ආනන්දය, අනුන් හෝ ඒ කාය සංස්කාරය රැස් කෙරෙයි. යමක් නිසා අධ්‍යාත්මිකවූ, සැප දුක් උපදීද, ආනන්දය, (කර්ම විපාක) දන්නේ හෝ ඒ කාය සංස්කාර රැස් කෙරෙයි. යමක් නිසා අධ්‍යාත්මිකවූ, සැප දුක් උපදීද, ආනන්දය (කර්මය දැන, විපාක) නොදන්නේ හෝ ඒ කාය සංස්කාර රැස්කෙරෙයි.

යමක් නිසා අධ්‍යාත්මිකවූ, සැප දුක් උපදීද, ආනන්දය, තෙමේ හෝ ඒ වාක් සංස්කාරය රැස් කෙරෙයි. යමක් නිසා අධ්‍යාත්මිකවූ, සැප දුක් උපදීද, ආනන්දය, අනුන් හෝ ඒ වාක් සංස්කාරය රැස් කෙරෙයි. යමක් නිසා අධ්‍යාත්මිකවූ සැප දුක් උපදීද, ආනන්දය, (කර්ම විපාක) දන්නේ හෝ ඒ වාක් සංස්කාරය රැස් කෙරෙයි. යමක් නිසා අධ්‍යාත්මිකවූ සැප දුක් උපදීද, ආනන්දය, (කර්මය දැන, විපාක) නොදන්නේ හෝ ඒ වාක් සංස්කාරය රැස් කෙරෙයි.

යමක් නිසා අධ්‍යාත්මිකවූ, සැප දුක් උපදීද, ආනන්දය, තෙමේ හෝ ඒ චිත්ත සංස්කාරය රැස් කෙරෙයි. යමක් නිසා අධ්‍යාත්මිකවූ, සැප දුක් උපදීද, ආනන්දය, අනුන් හෝ ඒ චිත්ත සංස්කාරය රැස් කෙරෙයි. යමක් නිසා අධ්‍යාත්මිකවූ සැප දුක් උපදීද, ආනන්දය, (කර්මය විපාක) දන්නේ හෝ ඒ චිත්ත සංස්කාරය රැස් කෙරෙයි. යමක් නිසා අධ්‍යාත්මිකවූ සැප දුක් උපදීද, ආනන්දය, (කර්ම විපාක) නොදන්නේ හෝ ඒ චිත්ත සංස්කාරය රැස් කෙරෙයි. ආනන්දය, මේ ධර්මයන්හි අවිජ්ජා තොමෝ පිළිවෙළින් සම්බන්ධවූවාය.“

ආනන්දය, අවිජ්ජාව සහමුලින් නැතිකිරීමෙන්ම යම් කායික සිතුවිලි නිසා කයෙහි අද්ධ්‍යාත්මිකවූ සැප දුක් උපදීද, ඒ කය ඇති නොවෙයි. යමක් නිසා වචනයෙහි අද්ධ්‍යාත්මිකවූ, සැප දුක් උපදීද, ඒ වචනය ඇති නොවෙයි. යමක් නිසා සිතෙහි අද්ධ්‍යාත්මිකවූ, සැප දුක් උපදීද, ඒ සිත ඇති නොවෙයි. යම් සිතුවිලි මුල්කොට වනාහි අද්ධ්‍යාත්මිකවූ සැපදුක් උපදීද, ඒ සිතුවිලි තමා පිහිටා නොසිටින බැවින් ඒ සැප දුක්වලට කෙත නොවේ. යම් සිතුවිලි මුල්කොට වනාහි අද්ධ්‍යාත්මිකවූ, සැප දුක් උපදීද, ඒ සිතුවිලි තමා පිහිටා නොසිටින බැවින් ඒ සැප දුක්වලට වස්තු නොවේ. යම් සිතුවිලි මුල්කොට වනාහි අද්ධ්‍යාත්මිකවූ; සැප දුක් උපදීද, ඒ සිතුවිලි තමා ප්‍රත්‍යය නොවන බැවින් ඒ සැප දුක් වලට හේතු නොවේ. යම් සිතුවිලි මුල්කොට වනාහි අද්ධ්‍යාත්මිකවූ සැප දුක් උපදීද, ඒ සිතුවිලි තම, කරුණු නොවෙන බැවින් ඒ සැප දුක්වලට හේතු නොවේ.

SN 02-01-03-06. උපවාණ සූත්‍රය-

§ 1. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක.ඉක්බිති ඇවැත් “උපවාණ’ තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පැත්තක හුන්නේය. එක්පැත්තක හුන්නාවූ, ආයුෂ්මත් උපවාණ ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.

“ස්වාමීනි දුක තමා විසින් කරන ලද්දේයයි පණවන ඇතැම් මහණ බමුණෝ වෙති. ස්වාමීනි, දුක අනුන් විසින් කරන ලද්දේයයි පණවන මහණ බමුණෝ වෙති. ස්වාමීනි; දුක තමන් විසින්ද අනුන් විසින්ද කරන ලද්දේයයි පණවන මහණ බමුණෝ වෙති. ස්වාමීනි, දුක තමන් විසින් හෝ අනුන් විසින් හෝ කරන ලද්දක් නොව, ඉබේ ඇතිවූයේයයි පණවන මහණ බමුණෝ වෙති. ස්වාමීනි, මෙහිදී අපේ භාග්‍යවතුන් වහන්සේ කිනම් වාද ඇතිසේක්ද? කුමක් කියන සේක්ද? කෙසේ පැහැදිළි කරන්නාවූ, අපි ඇවැත් ගෞතමයන් කියන ලද්දට අනුව කියන්නෝ වෙමුද, ඇවැත් ගෞතමයන් කෙසේ බොරුවෙන් යටකොට කියන්නෝ නොවෙමුද; ධර්මානුකූලව ධර්මය කෙසේ පැහැදිලි කරන්නෙමුද, (ඇවැත් ගෞතමයන්ගේ) කිසි ධාර්මිකවූ වාද ප්‍රවෘත්තියක් (වාදානුපාතයක්) හැරගිය යුතු බවට නොපැමිණෙන්නේද, කියායි.”

§ 2. “උපවාණය, දුක වනාහි පටිච්චසමුප්පන්නයයි (නිසා උපන්නේයයි) මා විසින් කියන ලදී. කුමක් නිසාද? ස්පර්ශය නිසායයි මෙසේ කියන්නේ මා කියන ලද්ද අනුව කියන්නේද වන්නේය. මා බොරුවෙන් යටකොට නොකියන්නේද වන්නේය. ධර්මානුකූලව ධර්මය පැහැදිළි කරන්නේය.

කිසි ධාර්මිකවූ වාද ප්‍රවෘත්තියක් (වාදානුපාතයක්) ගැරැහිය යුතු බවට නොපැමිණෙන්නේය.“උපවාණය, එහිදී යම් ඒ මහණ බමුණෝ දුක තමා විසින් කරන ලද්දේයයි පණවත්ද, එයත් ස්පර්ශය නිසා ඇතිවෙයි. යම් ඒ මහණ බමුණෝ දුක අනුන් විසින් කරන ලද්දේයයි පණවත්ද, එයද ස්පර්ශය නිසා ඇතිවෙයි.

යම් ඒ මහණ බමුණෝ දුක තමා විසින්ද අනුන් විසින්ද කරන ලද්දේයයි පණවත්ද, එයද ස්පර්ශය නිසා ඇතිවෙයි. යම් ඒ මහණ බමුණෝ දුක තමා විසින් හෝ අනුන් විසින් හෝ කරන ලද්දක් නොව, ඉබේ ඇතිවූයේයි පණවත්ද, එයද ස්පර්ශය නිසා ඇති වෙයි.“

§ 8 3. උපවාණය, මෙහිදී යම් ඒ මහණ බමුණෝ දුක තමා විසින් කරන ලද්දේයයි පණවත්ද, ඔවුහු වනාහි ස්පර්ශය නැතිව දුක් විඳිති යන මේ කරුණ විද්‍යමාන නොවේ. යම් ඒ මහණ බමුණෝ දුක අනුන් විසින් කරන ලද්දේයයි පණවත්ද, ඔවුහු වනාහි ස්පර්ශය නැතිව දුක් විඳිති යන මේ කරුණ විද්‍යමාන නොවේ.

යම් ඒ මහණ බමුණෝ දුක තමා විසින්ද අනුන් විසින්ද කරණ ලද්දේයයි පණවත්ද, ඔවුහු වනාහි ස්පර්ශය නැතිව දුක් විඳිති යන මේ කරුණ විද්‍යමාන නොවේ. යම් ඒ මහණ බමුණෝ දුක තමා විසින් හෝ අනුන් විසින් හෝ කරන ලද්දක් නොව, ඉබේ ඇතිවූයේයයි පණවත්ද, ඔවුහු වනාහි ස්පර්ශය නැතිව දුක් විඳිති යන මේ කරුණ විද්‍යමාන නොවේ.”(හයවන උපවාණ සූත්‍රය නිමි)

SN 02-01-03-07. පච්චය සූත්‍රය –

§ 1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන්වහන්සේ “මහණෙනි”යි භික්ෂූන් ඇමතූසේක. “ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.“

§ 2. මහණෙනි, අවිජ්ජාව නිසා සංස්කාරයෝ ඇතිවෙත්, සංස්කාරයන් නිසා විඤ්ඤාණය ඇතිවේ. විඤ්ඤාණය නිසා නාම රූප ඇතිවේ. නාම රූප නිසා සළායතන ඇතිවේ. සළායතන නිසා ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා (ජාතිය) ඉපදීම ඇතිවේ. ඉපදීම (ජාතිය) නිසා ජරා මරණ, ශෝකවීම් හැඬීම්, දුක්වීම්, දොම්නස් වීම් සහ වැළපීම් ඇතිවෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ ඇතිවේ.

මහණෙනි, ජරාමරණය කවරේද?
ඒ ඒ සත්වනිකායෙහිවූ, ඒ ඒ සත්වයන්ගේ යම් ජරාවක්, දිරායාමක්, දත් වැටීමක්, කෙස් සුදුවීමක්, ඇඟ රැළි වැටීමක්, ආයුෂයාගේ ගෙවීයාමක්, ඉන්ද්‍රියන්ගේ මේරීමක් වේද, මෙය ජරාවයයි කියනු ලැබේ. ඒ ඒ සත්ව නිකායෙන් ඒ ඒ සත්වයන්ගේ යම් චුතවීමක්, පහවීයාමක්, බිඳීමක්, අතුරුදහන් වීමක්, මෘත්‍යු නම් මරණයක්, කාලක්‍රියාවක් ස්කන්ධයන්ගේ බිඳීමක්, මෘතශරීර අත්හැර දැමීමක් වේද, මෙය මරණයයි කියනු ලැබේ. ඒ දිරීමද, මේ මැරීමද මෙසේයි. මහණෙනි මෙය ජරාමරණයයි කියනු ලැබේ. ජාතිය (ඉපදීම) ඇතිවීමෙන් ජරා මරණය ඇතිවේ. ජාතිය (ඉපදීම) නැතිවීමෙන් ජරා මරණය නැතිවේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම ජරාමරණය නැතිකරන මාර්ගයයි.

හේ කවරේද? සම්මා දිට්ඨිය, සම්මා සඩ්කප්පය, සම්‍යක් වචනය, සම්මා කම්මන්තය, සම්මා ආජීවය, සම්මා වායාමය, සම්මා සතිය සහ සම්මා සමාධිය.“

§ 3. මහණෙනි, ඉපදීම කවරේද? ඒ ඒ සත්ත්ව නිකායෙහි ඒ ඒ සත්ත්වයින්ගේ යම් ඇතිවීමක්, හටගැනීමක්, බැසගැනීමක් ඉපදීමක්, සත්ත්වයින්ගේ ඇතිවීමක් ආයතනයන්ගේ පහළවීමක් වේද, මහණෙනි, මෙය ජාතියයි කියනු ලැබේ. (කර්ම) භවය ඇතිවීමෙන් ඉපදීම ඇතිවේ. (කර්ම) භවය නැතිවීමෙන් ඉපදීම නැතිවේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම ඉපදීම නැතිකරන මාර්ගයයි. හේ කවරේද? සම්මාදිට්ඨිය, සම්මා සඩ්කප්පය, සම්‍යක් වචනය, සම්මා කම්මන්තය, සම්මා ආජීවය, සම්මා වායාමය, සම්මා සතිය සහ සම්මා සමාධියයි.“

§ 4. මහණෙනි, භවය කවරේද? මහණෙනි, කාමභවය, රූප භවය සහ අරූප භවයයි මේ භව තුනෙකි. මහණෙනි, මෙය භවයයි කියනු ලැබේ.“මහණෙනි, උපාදානය කවරේද? මහණෙනි, කාමුපාදානය, දිට්ඨුපාදානය, සීලබ්බතූපාදානය සහ අත්තවාදූපාදානයයි මේ උපාදානයන් සිව්දෙනෙක් වේ. මහණෙනි, මෙය උපාදානයයි කියනු ලැබේ.“

§ 5. මහණෙනි, තණ්හාව කවරේද? මහණෙනි, රූප තණ්හාව, සද්ද තණ්හාව, ගන්ධ තණ්හාව, රස තණ්හාව, පොට්ඨබ්බ තණ්හාව සහ ධර්ම තණ්හාව යයි මේ තණ්හා සමූහයන් සය දෙනෙක් වේ. මහණෙනි, මෙය තණ්හාවයයි කියනු ලැබේ.“මහණෙනි, වේදනාව කවරේද? මහණෙනි, චක්ඛු සම්ඵස්සයෙන් ඇතිවෙන වේදනාව, සෝත සම්ඵස්සයෙන් ඇතිවෙන වේදනාව, ඝාණ සම්ඵස්සයෙන් ඇතිවෙන වේදනාව, ජීවහා සම්ඵස්සයෙන් ඇතිවෙන වේදනාව, කාය සම්ඵස්සයෙන් ඇතිවෙන වේදනාව සහ මනෝ සම්ඵස්සයෙන් ඇතිවෙන වේදනාව යයි මේ වේදනා සමූහ සයකි. මහණෙනි, මෙය වේදනාව යයි කියනු ලැබේ.“

§ 6. මහණෙනි, ස්පර්ශය කවරේද? මහණෙනි, චක්ඛු සම්ඵස්සය, සෝත සම්ඵස්සය, ඝාණ සම්ඵස්සය, ජිව්හා සම්ඵස්සය, කාය සම්ඵස්සය සහ මනෝ සම්ඵස්සයයි මේ ස්පර්ශ සමූහ සයකි. මහණෙනි, මෙය ස්පර්ශයයි කියනු ලැබේ.“මහණෙනි, සළායතන (ඉන්ද්‍රියයන්) කවරේද? මහණෙනි චක්ඛායතනය, සෝතායතනය, ඝාණායතනය, ජිව්හායතනය කායායතනය සහ මනායතන යයි. මහණෙනි, මෙය සළායතනයයි කියනු ලැබේ.“මහණෙනි, නාමරූප කවරේද? වේදනාව, සංඥාව, චේතනාව, ස්පර්ශය සහ මනසිකාරය යන මෙය නාමයයි කියනු ලැබේ. සතර මහා භූතයින් සහ සතර මහා භූත සමූහය ගෙන පවත්නා රූපය යන මෙය රූපයයි කියනු ලැබේ. ඒ නාමයද, මේ රූපයද මෙසේයි. මහණෙනි, මෙය නාම රූපයයි කියනු ලැබේ.“

§ 7. මහණෙනි, විඤ්ඤාණය කවරේද? මහණෙනි, චක්ඛු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය සහ මනෝ විඤ්ඤාණයයි මේ විඤ්ඤාණ සමූහ සයකි මහණෙනි, මෙය විඤ්ඤාණයයි කියනු ලැබේ.“

§ 8. මහණෙනි, සංස්කාර කවරේද?
මහණෙනි, කාය සංඛාරය, වචීසංඛාරය, චිත්තසංඛාරයයි මේ සංස්කාර තිදෙනෙකි. මහණෙනි, මොවුහු සංස්කාරයෝයයි කියනු ලැබෙත්.

“මහණෙනි, යම් හේතුවකින් ආර්ය ශ්‍රාවකයා මෙසේ (දුක්ඛසත්‍යය වශයෙන්) ප්‍රත්‍යය දනීද, මෙසේ (සමුදය සත්‍යය වශයෙන්) ප්‍රත්‍යය ඇතිවීම දනීද, මෙසේ (නිරෝධ සත්‍යය වශයෙන්) ප්‍රත්‍යය නැතිවීම දනීද, මෙසේ (මාර්ග සත්‍යය වශයෙන්) ප්‍රත්‍යය නැතිකරන මාර්ගය දනීද, මහණෙනි, මේ ආර්ය ශ්‍රාවකයා මාර්ග දෘෂ්ටියෙන් යුක්ත යයි කියාද මාර්ග දර්ශනයෙන් යුක්තයි කියාද, මේ සද්ධර්මයට ආයේයයි කියාද, මේ සද්ධර්මය දකියි කියාද, මාර්ගඥානයෙන් යුක්තයයි කියාද, මාර්ග විද්‍යාවෙන් යුක්තයයි කියාද, මාර්ග නම්වූ ධර්මශ්‍රොතයට පැමිණියේයයි කියාද, පෘථග්ජන භූමිය ඉක්මවූ, කලකිරීමේ නුවණ ඇත්තේයයි කියාද, නිර්වාණ මාර්ගයට පැමිණ සිටීයයි කියාද කියනු ලැබේ.”

SN 02-01-03-08. භික්ෂු සූත්‍රය-

§ 1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ ජේතවනාරාමයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවනලද ආරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන්වහන්සේ “මහණෙනි”යි භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.“

§ 2. මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව ජරාමරණය දනියි. ජරාමරණයට හේතුව දනියි. ජරාමරණය නැතිවීම දනියි. ජරාමරණය නැතිකරන මාර්ගය දනියි. ජාතිය දනියි.

ජාතිය ඇතිවීම දනියි. ජාතිය නැතිවීම දනියි. ජාතිය නැතිකරන මාර්ගය දනියි.

භවය දනියි. භවය ඇතිවීම දනියි. භවය නැතිවීම දනියි. භවය නැතිකරන මාර්ගය දනියි.

ඉපදීම දනියි. ඉපදීම ඇතිවීම දනියි. ඉපදීම නැතිවීම දනියි. ඉපදීම නැතිකරන මාර්ගය දනියි.

තණ්හාව දනියි. තණ්හාව ඇතිවීම දනියි. තණ්හාව නැතිවීම දනියි. තණ්හාව නැතිකරන මාර්ගය දනියි.

වේදනාව දනියි. වේදනාව ඇතිවීම දනියි. වේදනාව නැතිවීම දනියි. වේදනාව නැති කරන මාර්ගය දනියි.

ස්පර්ශය දනියි. ස්පර්ශය ඇතිවීම දනියි. ස්පර්ශය නැතිවීම දනියි. ස්පර්ශය නැතිකරන මාර්ගය දනියි.

සළායතන දනියි. සළායතන ඇතිවීම දනියි. සළායතන නැතිවීම දනියි. සළායතන නැතිකරන මාර්ගය දනියි.

නාමරූප දනියි. නාමරූප ඇතිවීම දනියි. නාමරූප නැතිවීම දනියි. නාමරූප නැතිකරන මාර්ගය දනියි.

විඤ්ඤාණය දනියි. විඤ්ඤාණය ඇතිවීම දනියි. විඤ්ඤාණය නැතිවීම දනියි. විඤ්ඤාණය නැතිකරන මාර්ගය දනියි.

සංස්කාර දනියි. සංස්කාර ඇතිවීම දනියි. සංස්කාර නැතිවීම දනියි. සංස්කාර නැති කරන මාර්ගය දනියි.

§3 .මහණෙනි, ජරාමරණය කවරේද?
ඒ ඒ සත්වනිකායෙහිවූ; ඒ ඒ සත්වයන්ගේ යම් ජරාවක්, දිරායාමක්, දත්වැටීමක්, කෙස් සුදුවීමක්, ඇඟ රැළිවැටීමක්, ආයුෂයාගේ ගෙවීයාමක්, ඉන්ද්‍රියන්ගේ මේරීමක් වේද, මෙය ජරාවයයි කියනු ලැබේ.

ඒ ඒ සත්ව නිකායෙන් ඒ ඒ සත්වයන්ගේ යම් චුතවීමක්, පහවීයාමක්, බිඳීමක්, අතුරුදහන්වීමක්, මෘත්‍යුනම්වූ මරණයක්, කාලක්‍රියාවක් ස්කන්ධයන්ගේ බිඳීමක්, මෘතශරීර අත්හැර දැමීමක් වේද, මෙය මරණයයි කියනු ලැබේ. ඒ මෙසේයි. ඒ දිරීමද මේ මැරීමද මෙසේයි.“

§3. මහණෙනි, මෙය ජරායයි කියනු ලැබේ. ජාතිය (ඉපදීම) ඇතිවීමෙන් ජරාමරණය ඇතිවේ. ජාතිය (ඉපදීම) නැති වීමෙන් ජරාමරණය නැතිවේ. මේ ආර්යඅෂ්ටාංගික මාර්ගයම ජරාමරණය නැතිකිරීමට ගමන් කරන මාර්ගයයි. හේ කවරේද? සම්මාදිට්ඨිය, සම්මාසඩ්කප්පය, සම්මාවාචාය සම්මාකම්මන්තය, සම්මාආජීවය, සම්මාවායාමය, සම්මා සතිය, සම්මාසමාධියයි.“

§ 4. මහණෙනි, ජාතිය කවරීද?
ඒ ඒ සත්වනිකායෙහි ඒ ඒ සත්වයින්ගේ යම් ඇතිවීමක්, හටගැනීමක්, බැස ගැනීමක්, ඉපදීමක්, සත්ත්වයින්ගේ ඇතිවීමක්, ආයතනයන්ගේ පහළවීමක් වේද, මහණෙනි, මෙය ජාතියයි කියනු ලැබේ. භවය ඇතිවීමෙන් ජාතිය ඇතිවේ භවය නැතිවීමෙන් ජාතිය නැතිවේ. මේ ආර්යඅෂ්ටාංගික මාර්ගයම ජාතිය නැති කිරීමට ගමන් කරන, මාර්ගයයි
හේ කවරේද?
සම්මාදිට්ඨිය, සම්මා සඩ්කප්පය, සම්මාවාචාය, සම්මාකම්මන්තය, සම්මාආජීවය, සම්මාවායාමය, සම්මාසතිය, සම්මා සමාධියයි.“

§ 5. මහණෙනි, භවය කවරේද?
මහණෙනි, කාම භවය, රූප භවය සහ අරූප භවයයි මේ භව තුනෙකි. මහණෙනි, මෙය භවයයි කියනු ලැබේ. උපාදානය ඇතිවීමෙන් භවය ඇතිවේ. උපාදානය නැතිවීමෙන් භවය නැතිවේ. මේ ආර්යඅෂ්ටාංගික මාර්ගයම භවය නැති කිරීමට ගමන් කරන මාර්ගයයි. මේ කවරේද? සම්මාදිට්ඨිය, සම්මාසඩ්කප්පය, සම්මාවාචාය, සම්මාකම්මන්තය, සම්මාආජීවය සම්මාවායාමය සම්මාසතිය, සහ සම්මාසමාධියි.“

§ 6. මහණෙනි, උපාදානය කවරේද? මහණෙනි, කාමූපාදානය, දිට්ඨුපාදානය, සීලබ්බතූපාදානය සහ අත්තවාදූපාදන යයි මේ උපාදානයන් සිව් දෙනෙක්වේ. මහණෙනි, මෙය උපාදානයයි කියනු ලැබේ. තණ්හාව ඇතිවීමෙන් උපාදානය ඇතිවේ. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවේ. මේ ආර්යඅෂ්ටාංගික මාර්ගයම උපාදානය නැති කිරීමට ගමන්කරන මාර්ගයයි හේ කවරේද? සම්මාදිට්ඨිය, සම්මා සඩ්කප්පය, සම්මාවාචාය, සම්මාකම්මන්තය, සම්මාආජීවය, සම්මාවායාමය, සම්මාසතිය සහ සම්මාසමාධියයි.“

§ 7. මහණෙනි, තණ්හාව කවරීද?
මහණෙනි, රූප තණ්හාව, සද්ද තණ්හාව, ගන්ධ තණ්හාව, රස තණ්හාව, ඵොට්ඨබ්බ තණ්හාව සහ ධර්ම තණ්හාව යයි මේ තණ්හා සමූහයන් සය දෙනෙක් වේ. මහණෙනි, මෙය තණ්හාව යයි කියනු ලැබේ. වේදනාව ඇතිවීමෙන් තණ්හාතොමෝ ඇති වන්නීය. වේදනාව නැතිවීමෙන් තණ්හාතොමෝ නැති වන්නීය. මේ ආර්යඅෂ්ටාංගික මාර්ගයම තණ්හාව නැති කිරීමට ගමන් කරන මාර්ගයයි. හේ කවරේද? සම්මාදිට්ඨිය, සම්මාසඩ්කප්පය, සම්මාවාචාය, සම්මාකම්මන්තය, සම්මා ආජීවය, සම්මාවායාමය, සම්මාසතිය, සහ සම්මාසමාධියයි.“

§ 8. මහණෙනි, වේදනාව කවරීද?
මහණෙනි, චක්ඛුසම්ඵස්සයෙන් ඇතිවෙන වේදනාව, සෝතසම්ඵස්සයෙන් ඇතිවෙන වේදනාව, ඝාණසම්ඵස්සයෙන් ඇතිවෙන වේදනාව, ජිව්හා සම්ඵස්සයෙන් ඇතිවෙන වේදනාව, කාය සම්ඵස්සයෙන් ඇතිවෙන වේදනාව සහ මනොසම්ඵස්සයෙන් ඇතිවෙන වේදනාව යයි මේ වේදනා සමූහ සයකි. මහණෙනි මෙය වේදනාවයයි කියනු ලැබේ. ස්පර්ශය ඇතිවීමෙන් වේදනාව ඇති වෙයි. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවෙයි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම වේදනාව නැති කිරීමට ගමන් කරන මාර්ගයයි. හේ කවරේද? සම්මාදිට්ඨිය, සම්මා සඩ්කප්පය, සම්මාවාචාය, සම්මාකම්මන්තය, සම්මාආජීවය, සම්මාවායාමය, සම්මාසතිය සහ සම්මාසමාධියයි.“

§ 9. මහණෙනි, ස්පර්ශය කවරේද?
මහණෙනි, චක්ඛුසම්ඵස්සය, සෝත සම්ඵස්සය, ඝාණ සම්ඵස්සය, ජිව්හා සම්ඵස්සය, කාය සම්ඵස්සය සහ මනොසම්ඵස්සයි. මේ ස්පර්ශ සමූහ සයකි. මහණෙනි, මෙය ස්පර්ශයයි කියනු ලැබේ. සළායතන ඇතිවීමෙන් ස්පර්ශය ඇතිවේ. සළායතන නැති වීමෙන් ස්පර්ශය නැතිවෙයි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම ස්පර්ශ නැතිකිරීමට ගමන් කරන මාර්ගයයි. හේ කවරේද? සම්මාදිට්ඨිය, සම්මාසඩ්කප්පය, සම්මාවාචාය, සම්මාකම්මන්තය, සම්මාආජීවය, සම්මාවායාමය සම්මාසතිය, සහ සම්මාසමාධියයි.“

§ 10. මහණෙනි, සළායතන කවරේද?
චක්ඛායතනය, සෝතායතනය, ඝාණායතනය, ජිව්හායතනය, කායායතනය සහ මනොයතනයයි. මහණෙනි, මෙය සළායතනයයි කියනු ලැබේ. නාමරූප ඇතිවීමෙන් සළායතන ඇතිවේ. නාමරූප නැතිවීමෙන් සළායතන නැතිවේ. මේ ආර්යඅෂ්ටාංගික මාර්ගයම සළායතනය නැති කිරීමට ගමන් කරන මාර්ගයයි. හේ කවරේද? සම්මාදිට්ඨිය, සම්මාසඩ්කප්පය, සම්මාවාචාය, සම්මා කම්මන්තය, සම්මාආජීවය, සම්මාවායාමය, සම්මාසතිය සහ සම්මාසමාධියයි.“

§ 11. මහණෙනි, නාමරූප කවරේද? වේදනාව, සංඥාව, චේතනාව, ස්පර්ශය සහ මනසිකාරය යන මෙය නාමයයි කියනු ලැබේ. සතර මහා භූතයින් සතර මහා භූත සමූහය ගෙන පවත්නා රූපය යන මෙය රූපයයි කියනු ලැබේ. ඒ නාමයද, මේ රූපයද, මෙසේයි. මහණෙනි, මෙය නාම රූපයයි කියනු ලැබේ. විඤ්ඤාණය ඇතිවීමෙන් නාම රූප ඇතිවේ. විඤ්ඤාණය නැතිවීමෙන් නාම රූප නැතිවේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම නාම රූප නැති කිරීමට ගමන් කරන මාර්ගයයි. හේ කවරේද? සම්මාදිට්ඨිය සම්මා සඩ්කප්පය, සම්මාවාචාය, සම්මාකම්මන්තය, සම්මා ආජීවය, සම්මාවායාමය, සම්මාසතිය සහ සම්මාසමාධිය.“

§12. මහණෙනි, විඤ්ඤාණය කවරේද?
මහණෙනි, චක්ඛුවිඤ්ඤාණය, සොතවිඤ්ඤාණය, ඝාණවිඤ්ඤාණය, ජිව්හාවිඤ්ඤාණය කායවිඤ්ඤාණය සහ මනෝවිඤ්ඤාණයයි මේ සමූහ සයකි. මහණෙනි, මෙය විඤ්ඤාණයයි කියනු ලැබේ.

සංස්කාර ඇතිවීමෙන් විඤ්ඤාණය ඇතිවේ. සංස්කාර නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම විඤ්ඤාණය නැතිකිරීමට ගමන් කරන මාර්ගයයි.

හේ කවරේද? සම්මා දිට්ඨිය, සම්මාසඩ්කප්පය, සම්මාවාචාය, සම්මාකම්මන්තය, සම්මාආජීවය, සම්මාවායාමය, සම්මාසතිය සහ සම්මා සමාධියයි.“

මහණෙනි, සංස්කාර කවරේද?
මහණෙනි, කායසංඛාරය, වචීසංඛාරය, චිත්තසංඛාරයයි මේ සංස්කාර තිදෙනෙකි. මහණෙනි, මොවුහු සංස්කාරයෝ යයි කියනු ලැබෙත්.

අවිජ්ජාව ඇතිවීමෙන් සංස්කාර ඇතිවේ. අවිජ්ජා නැතිවීමෙන් සංස්කාර නැතිවේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සංස්කාර නැති කිරීමට ගමන් කරන මාර්ගයයි. හේ කවරේද? සම්මාදිට්ඨිය, සම්මාසඩ්කප්පය, සම්මාවාචා, සම්මාකම්මන්තය, සම්මාආජීවය, සම්මාවායාමය, සම්මා සතිය සහ සම්මාසමාධියයි.

මහණෙනි, යම් හෙයකින් මහණතෙම මෙසේ ජරා මරණය දනීද, මෙසේ ජරාමරණයට හේතුව දනීද, මෙසේ ජරාමරණය නැතිවීම දනීද මෙසේ ජරාමරණය නැති කරන මාර්ගය දනීද,“

§ 13. මහණෙනි, මේ ආර්ය ශ්‍රාවකයා මාර්ගදෘෂ්ටියෙන් යුක්තයයි කියාද, මාර්ග දර්ශනයෙන් යුක්තයයි කියාද, මේ සද්ධර්මයට ආයේ යයි කියාද, මේ සද්ධර්මය දකියි කියාද, මාර්ගඥානයෙන් යුක්තයයි කියාද, මාර්ගවිද්‍යාවෙන් යුක්තයයි කියාද, මාර්ග නම් ධර්ම ශ්‍රොතයට පැමිණියේයයි කියාද, පෘථග්ජන භූමිය ඉක්මවූ කලකිරීමේ නුවණ ඇත්තේ යයි කියාද, නිර්වාණ මාර්ගයට පැමිණ සිටීයයි කියාද කියනු ලැබේ.“

§ 14.මහණෙනි, යම් හෙයකින් මහණහු මෙසේ ජාතිය දනීද, (ඉපදීම) ඇතිවීම දනීද, ජාතිය (ඉපදීම) නැතිවීම දනීද, ජාතිය (ඉපදීම) නැති කරන මාර්ගය දනීද, මහණෙනි මේ ආර්ය ශ්‍රාවකතෙම මාර්ගදෘෂ්ටියෙන් යුක්තයයි කියාද, මාර්ගදර්ශනයෙන් යුක්තයයි කියාද, මේ සද්ධර්මයට ආයේයයි කියාද මේ සද්ධර්මය දකියි කියාද, මාර්ගඥානයෙන් යුක්තයයි කියාද, මාර්ගවිද්‍යාවෙන් යුක්තයයි කියාද, මාර්ගනම් ධර්ම ශ්‍රොතයට පැමිණියේයයි කියාද, පෘථග්ජන භූමිය ඉක්මවූ කලකිරීමේ නුවණ ඇත්තේයයි කියාද, නිර්වාණ මාර්ගයට පැමිණ සිටීයයි කියාද කියනු ලැබේ.

§ 15. මහණෙනි, යම් හෙයකින් මහණතෙම මෙසේ භවය දනීද, භවය ඇතිවීම දනීද, භවය නැතිවීම දනීද, භවය නැති කරන මාර්ගය දනීද, මහණෙනි, මේ ආර්ය ශ්‍රාවකතෙම මාර්ග දෘෂ්ටියෙන් යුක්තයයි කියාද, මාර්ග දර්ශනයෙන් යුක්තයයි කියාද, මේ සද්ධර්මයට ආයේයයි කියාද, මේ සද්ධර්මය දකියි කියාද, මාර්ගඥානයෙන් යුක්තයයි කියාද, මාර්ගවිද්‍යාවෙන් යුක්තයයි කියාද මාර්ග නම් ධර්ම ශ්‍රොතයට පැමිණියේයයි කියාද පෘථග්ජන භූමිය ඉක්මවූ, කලකිරීමේ නුවණ ඇත්තේයයි කියාද, නිර්වාණ මාර්ගයට පැමිණ සිටීයයි කියාද කියනු ලැබේ.“

§ 16. මහණෙනි, යම්හෙයකින් මහණතෙම මෙසේ උපාදානය දනීද, උපාදානය ඇතිවීම දනීද, උපාදානය නැතිවීම දනීද, උපාදානය නැතිකරන මාර්ගය දනීද, මහණෙනි, යම් ආර්ය ශ්‍රාවකතෙම මාර්ග දෘෂ්ටියෙන් යුක්තයයි කියාද, මාර්ග දර්ශනයෙන් යුක්තයයි කියාද, මේ සද්ධර්මයට ආයේයයි කියාද මේ සද්ධර්මය දකියි කියාද, මාර්ගඥානයෙන් යුක්තයයි කියාද, මාර්ග විද්‍යාවෙන් යුක්තයයි කියාද, මාර්ග සංඛ්‍යා ධර්ම ශ්‍රෝතයට පැමිණියේයයි කියාද, පෘථග්ජන භූමිය ඉක්මවූ, කලකිරීමේ නුවණ ඇත්තේයයි කියාද, නිර්වාණ මාර්ගයට පැමිණ සිටීයයි කියාද කියනු ලැබේ.“

§17 මහණෙනි, යම් හෙයකින් මහණ තෙම මෙසේ තණ්හාව දනීද, තණ්හාව ඇතිවීම දනීද, තණ්හාව නැතිවීම දනීද, තණ්හාව නැතිකරන මාර්ගය දනීද, මහණෙනි, මේ ආර්ය ශ්‍රාවකතෙම මාර්ගදෘෂ්ටියෙන් යුක්ත යයි කියාද, මාර්ගදර්ශනයෙන් යුක්තයයි කියාද, මේ සද්ධර්මයට ආයේයයි කියාද, මේ සද්ධර්මය දකියි කියාද, මාර්ගඥානයෙන් යුක්තයයි කියාද, මාර්ගවිද්‍යාවෙන් යුක්තයයි කියාද, මාර්ග සංඛ්‍යාත ධර්ම ශ්‍රොතයට පැමිණියේයයි කියාද, පෘථග්ජන භූමිය ඉක්මවූ, කලකිරීමේ නුවණ ඇත්තේයයි කියාද, නිර්වාණ මාර්ගයට පැමිණ සිටීයයි කියාද කියනු ලැබේ.“

§ 18, මහණෙනි, යම් හෙයකින් මහණතෙම මෙසේ වේදනාව දනීද, වේදනාව ඇතිවීම දනීද, වේදනාව නැතිවීම දනීද, වේදනාව නැතිකරන මාර්ගය දනීද, මහණෙනි, මේ ආර්ය ශ්‍රාවකතෙම මාර්ගදෘෂ්ටියෙන් යුක්තයයි කියාද, මාර්ගදර්ශනයෙන් යුක්තයයි කියාද, මේ සද්ධර්මයට ආයේයයි කියාද, මේ සද්ධර්මය දකියි කියාද, මාර්ගඥානයෙන් යුක්තයයි කියාද, මාර්ගවිද්‍යාවෙන් යුක්තයයි කියාද, මාර්ග සංඛ්‍යාත ධර්ම ශ්‍රොතයට පැමිණියේයයි කියාද, පෘථග්ජන භූමිය ඉක්මවූ, කලකිරීමේ නුවණ ඇත්තේයයි කියාද, නිර්වාණ මාර්ගයට පැමිණ සිටීයයි කියාද කියනු ලැබේ.“

§ 19. මහණෙනි, යම් හෙයකින් මහණතෙම මෙසේ ස්පර්ශය දනීද, ස්පර්ශය ඇතිවීම දනීද, ස්පර්ශය නැතිවීම දනීද, ස්පර්ශය නැතිකරන මාර්ගය දනීද, මහණෙනි, මේ ආර්ය ශ්‍රාවකතෙම මාර්ගදෘෂ්ටියෙන් යුක්තයයි කියාද, මාර්ගදර්ශනයෙන් යුක්තයයි කියාද, මේ සද්ධර්මයට ආයේයයි කියාද, මේ සද්ධර්මය දකියි කියාද, මාර්ගඥානයෙන් යුක්තයයි කියාද, මාර්ගවිද්‍යාවෙන් යුක්තයයි කියාද, මාර්ග සංඛ්‍යාත ධර්ම ශ්‍රොතයට පැමිණියේයයි කියාද, පෘථග්ජන භූමිය ඉක්මවූ, කලකිරීමේ නුවණ ඇත්තේයයි කියාද, නිර්වාණ මාර්ගයට පැමිණ සිටීයයි කියාද කියනු ලැබේ.“

§ 20. මහණෙනි, යම් හෙයකින් මහණතෙම මෙසේ සළායතන (ඉන්ද්‍රිය) දනීද, සළායතන (ඉන්ද්‍රිය) ඇතිවීම දනීද, සළායතන (ඉන්ද්‍රිය) නැතිවීම දනීද, සළායතන (ඉන්ද්‍රිය) නැතිකරන මාර්ගය දනීද, මහණෙනි, මේ ආර්ය ශ්‍රාවකතෙම මාර්ගදෘෂ්ටියෙන් යුක්තයයි කියාද, මාර්ගදර්ශනයෙන් යුක්තයයි කියාද, මේ සද්ධර්මයට ආයේයයි කියාද, මේ සද්ධර්මය දකියි කියාද, මාර්ගඥානයෙන් යුක්තයයි කියාද, මාර්ගවිද්‍යාවෙන් යුක්තයයි කියාද, මාර්ග සංඛ්‍යාත ධර්ම ශ්‍රොතයට පැමිණියේයයි කියාද, පෘථග්ජන භූමිය ඉක්මවූ, කලකිරීමේ නුවණ ඇත්තේයයි කියාද, නිර්වාණ මාර්ගයට පැමිණ සිටීයයි කියාද කියනු ලැබේ.“

§ 21 .මහණෙනි, යම් හෙයකින් මහණතෙම මෙසේ නාම රූපදනීද, නාමරූප ඇතිවීම දනීද, නාමරූප නැතිවීම දනීද, නාමරූප නැතිකරන මාර්ගය දනීද, මහණෙනි, මේ ආර්ය ශ්‍රාවක තෙම මාර්ගදෘෂ්ටියෙන් යුක්තයයි කියාද, මාර්ග දර්ශනයෙන් යුක්තයයි කියාද, මේ සද්ධර්මයට ආයේයයි කියාද, මේ සද්ධර්මය දකියි කියාද, මාර්ගඥානයෙන් යුක්තයයි කියාද, මාර්ග විද්‍යාවෙන් යුක්තයයි කියාද, මාර්ග සංඛ්‍යාත ධර්මශ්‍රොතයට පැමිණියේයයි කියාද, පෘථග්ජන භූමිය ඉක්මවූ, කලකිරීමේ නුවණ ඇත්තේයයි කියාද, නිර්වාණ මාර්ගයට පැමිණ සිටීයයි කියාද කියනු ලැබේ.“

§ 22. මහණෙනි, යම් හෙයකින් මහණතෙම මෙසේ විඤ්ඤාණය දනීද, විඤ්ඤාණය ඇතිවීම දනීද, විඤ්ඤාණය නැතිවීම දනීද, විඤ්ඤාණය නැතිකරන මාර්ගය දනීද, මහණෙනි, මේ ආර්ය ශ්‍රාවකතෙම මාර්ගදෘෂ්ටියෙන් යුක්තයයි කියාද, මාර්ගදර්ශනයෙන් යුක්තයයි කියාද, මේ සද්ධර්මයට ආයේයයි කියාද, මේ සද්ධර්මය දකියි කියාද, මාර්ගඥානයෙන් යුක්තයයි කියාද, මාර්ගවිද්‍යාවෙන් යුක්තයයි කියාද, මාර්ග සංඛ්‍යාත ධර්මශ්‍රොතයට පැමිණියේයයි කියාද, පෘථග්ජන භූමිය ඉක්මවූ, කලකිරීමේ නුවණ ඇත්තේයයි කියාද, නිර්වාණ මාර්ගයට පැමිණ සිටීයයි කියාද කියනු ලැබේ.“මහණෙනි, යම් හෙයකින් මහණතෙම මෙසේ සංස්කාර දනීද, සංස්කාර ඇතිවීම දනීද, සංස්කාර නැතිවීම දනීද, සංස්කාර නැතිකරන මාර්ගය දනීද, මහණෙනි, මේ ආර්ය ශ්‍රාවකතෙම මාර්ගදෘෂ්ටියෙන් යුක්තයයි කියාද, මාර්ගදර්ශනයෙන් යුක්තයයි කියාද, මේ සද්ධර්මයට ආයේයයි කියාද, මේ සද්ධර්මය දකියි කියාද, මාර්ගඥානයෙන් යුක්තයයි කියාද, මාර්ගවිද්‍යාවෙන් යුක්තයයි කියාද, මාර්ග සංඛ්‍යාත ධර්ම ශ්‍රොතයට පැමිණියේයයි කියාද, පෘථග්ජන භූමිය ඉක්මවූ, කලකිරීමේ නුවණ ඇත්තේයයි කියාද, නිර්වාණ මාර්ගයට පැමිණ සිටීයයි කියාද කියනු ලැබේ.

SN 02-01-03-09. සමණ බ්‍රාහ්මණ සූත්‍රය-

§ 1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

§ 2. “මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ වනාහි ජරාමරණය නොදනිත්ද, ජරාමරණයට හේතුව නොදනිත්ද, ජරා මරණයන්ගේ නැතිවීම නොදනිත්ද, ජරා මරණයන් නැතිකරන මාර්ගය නොදනිත්ද,

ඉපදීම නොදනිත්ද, ඉපදීමට හේතුව නොදනිත්ද, ඉපදීම නැතිවීම නොදනිත්ද, ඉපදීම නැතිකරන මාර්ගය නොදනිත්ද,

භවය නොදනිත්ද, භවයට හේතුව නොදනිත්ද, භවයන්ගේ නැතිවීම නොදනිත්ද, භවයන් නැතිකරන මාර්ගය නොදනිත්ද,

උපාදානය නොදනිත්ද, උපාදානයට හේතුව නොදනිත්ද, උපාදානයන්ගේ නැතිවීම නොදනිත්ද, උපාදානයන් නැතිකරන මාර්ගය නොදනිත්ද,

තණ්හාව නොදනිත්ද, තණ්හාවට හේතුව නොදනිත්ද, තණ්හාවන්ගේ නැතිවීම නොදනිත්ද, තණ්හාවන් නැතිකරන මාර්ගය නොදනිත්ද,

වේදනාව නොදනිත්ද, වේදනාවට හේතුව නොදනිත්ද, වේදනාවන්ගේ නැතිවීම නොදනිත්ද, වේදනාවන් නැති කරන මාර්ගය නොදනිත්ද,

ස්පර්ශය නොදනිත්ද ස්පර්ශයට හේතුව නොදනිත්ද, ස්පර්ශයන්ගේ නැතිවීම නොදනිත්ද, ස්පර්ශය නැතිකරන මාර්ගය නොදනිත්ද,

සළායතන (ඉන්ද්‍රිය) නොදනිත්ද, සළායතනයට හේතුව නොදනිත්ද, සළායතනයන්ගේ නැතිවීම නොදනිත්ද, සළායතනයන් නැතිකරන මාර්ගය නොදනිත්ද,

නාම රූප නොදනිත්ද, නාම රූපයන්ට හේතුව නොදනිත්ද, නාම රූපයන්ගේ නැතිවීම නොදනිත්ද, නාම රූපයන් නැතිකරන මාර්ගය නොදනිත්ද,

විඤ්ඤාණය නොදනිත්ද, විඤ්ඤාණයට හේතුව නොදනිත්ද, විඤ්ඤාණය නැතිවීම නොදනිත්ද, විඤ්ඤාණය නැතිකරන මාර්ගය නොදනිත්ද,

සංස්කාර නොදනිත්ද, සංස්කාරයන්ට හේතුව නොදනිත්ද, සංස්කාර නැතිවීම නොදනිත්ද, සංස්කාර නැතිකරන මාර්ගය නොදනිත්ද,

මහණෙනි, මේ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් අතුරෙහි හෝ ශ්‍රමණ සම්මත නොවෙති. බ්‍රාහ්මණයන් කෙරෙහි හෝ බ්‍රාහ්මණ සම්මත නොවෙත්.“

මහණෙනි, ඒ ආයුෂ්මත්හු ශ්‍රමණාර්ථය හෝ බ්‍රාහ්මණාර්ථය හෝ මේ ආත්මයෙහි තෙමේම දැන, ප්‍රත්‍යක්ෂ කොට, ඊට පැමිණ, වාසය නොකරති.

§ 3 .“මහණෙනි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ
ජරාමරණය දනිත්ද, ජරාමරණය ඇතිවීම දනිත්ද, ජරාමරණය නැතිවීම දනිත්ද, ජරා මරණය නැතිවෙන මාර්ගය දනිත්ද,

ජාතිය (ඉපදීම) දනිත්ද, ජාතිය (ඉපදීම) ඇතිවීම දනිත්ද, ජාතිය (ඉපදීම) නැතිවීම දනිත්ද, ජාතිය (ඉපදීම) නැතිවෙන මාර්ගය දනිත්ද,

භවය දනිත්ද, භවය ඇතිවීම දනිත්ද, භවය නැතිවීම දනිත්ද, භවය නැතිවෙන මාර්ගය දනිත්ද, උපාදානය දනිත්ද, උපාදානය ඇතිවීම දනිත්ද,

උපාදානය නැතිවීම දනිත්ද, උපාදානය නැතිකරන මාර්ගය දනිත්ද, තණ්හාව දනිත්ද, තණ්හාව ඇතිවීම දනිත්ද, තණ්හාව නැතිවීම දනිත්ද,

තණ්හාව නැතිකරන මාර්ගය දනිත්ද, වේදනාව දනිත්ද, වේදනාව ඇතිවීම දනිත්ද, වේදනාව නැතිවීම දනිත්ද, වේදනාව නැතිකරන මාර්ගය දනිත්ද,

ස්පර්ශය දනිත්ද, ස්පර්ශය ඇතිවීම දනිත්ද, ස්පර්ශය නැතිවීම දනිත්ද, ස්පර්ශය නැතිකරන මාර්ගය දනිත්ද,

සළායතන (ඉන්ද්‍රිය) දනිත්ද, සළායතන ඇතිවීම දනිත්ද, සළායතනයන් නැතිවීම දනිත්ද, සළායතන නැතිකරන මාර්ගය දනිත්ද,

නාමරූප දනිත්ද, නාමරූප ඇතිවීම දනිත්ද, නාමරූප නැතිවීම දනිත්ද, නාමරූප නැති කරන මාර්ගය දනිත්ද,

විඤ්ඤාණය දනිත්ද, විඤ්ඤාණය ඇතිවීම දනිත්ද, විඤ්ඤාණය නැතිවීම දනිත්ද, විඤ්ඤාණය නැතිකරන මාර්ගය දනිත්ද, සංස්කාර දනිත්ද,

සංස්කාර ඇතිවීම දනිත්ද, සංස්කාර නැතිවීම දනිත්ද, සංස්කාර නැතිකරන මාර්ගය දනිත්ද,

“මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සම්මතද, බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණ සම්මතද වෙත්. ඒ ආයුෂ්මත්හු ශ්‍රමණාර්ථය හෝ බ්‍රාහ්මණාර්ථය තමන්ම දැන, ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කරති.”

SN 02-01-03-10. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය-

§ 1. මා විසින් මෙසේ අසනලදී එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී, භාග්‍යවතුන්වහන්සේ “මහණෙනියි” කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි” කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළ සේක.“

§ 2. මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ජරා මරණය නොදනිත්ද, ජරා මරණය ඇතිවීම නොදනිත්ද, ජරා මරණය නැතිවීම නොදනිත්ද, ජරා මරණය නැතිවෙන මාර්ගය නොදනිත්ද, ඔවුහු ජරා මරණය ඉක්මවා නොයති.“

ඉපදීම නොදනිත්ද, ඉපදීම ඇතිවීම නොදනිත්ද, ඉපදීම නැතිවීම නොදනිත්ද, ඉපදීම නැතිකරන මාර්ගය නොදනිත්ද, ඔවුහු ජාතිය (ඉපදීම) ඉක්මවා නොයති.“

භවය නොදනිත්ද, භවය ඇතිවීම නොදනිත්ද, භවය නැතිවීම නොදනිත්ද, භවය නැතිකරන මාර්ගය නොදනිත්ද, ඔවුහු වනාහි භවය ඉක්මවා නොසිටිති .“

උපාදානය (දැඩිව ඇල්ම) නොදනිත්ද, උපාදානය ඇතිවීම නොදනිත්ද, උපාදානය නැතිවීම නොදනිත්ද, උපාදානය නැතිකරන මාර්ගය නොදනිත්ද, ඔවුහු උපාදානය ඉක්මවා නොසිටිති.“

තණ්හාව නොදනිත්ද, තණ්හාව ඇතිවීම නොදනිත්ද, තණ්හාව නැතිවීම නොදනිත්ද, තණ්හාව නැතිකරන මාර්ගය නොදනිත්ද, ඔවුහු තණ්හාව ඉක්මවා නොසිටිති.“

වේදනාව නොදනිත්ද, වේදනාව ඇතිවීම නොදනිත්ද, වේදනාව නැතිවීම නොදනිත්ද, වේදනාව නැතිකරන මාර්ගය නොදනිත්ද, ඔවුහු වේදනාව ඉක්මවා නොසිටිති.“

ස්පර්ශය නොදනිත්ද ස්පර්ශය ඇතිවීම නොදනිත්ද, ස්පර්ශය නැතිවීම නොදනිත්ද, ස්පර්ශය නැතිකරන මාර්ගය නොදනිත්ද, ඔවුහු ස්පර්ශය ඉක්මවා නොසිටිති.“

සළායතන (ඉන්ද්‍රිය) නොදනිත්ද, සළායතන ඇතිවීම නොදනිත්ද, සළායතන නැතිවීම නොදනිත්ද, සළායතන නැතිකරන මාර්ගය නොදනිත්ද, ඔවුහු සළායතන ඉක්මවා නොසිටිති.“

නාමරූපය නොදනිත්ද නාමරූප ඇතිවීම නොදනිත්ද, නාමරූප නැතිවීම නොදනිත්ද, නාමරූප නැතිකරන මාර්ගය නොදනිත්ද ඔවුහු නාමරූප ඉක්මවා නොසිටිති.“

විඤ්ඤාණය නොදනිත්ද, විඤ්ඤාණය ඇතිවීම නොදනිත්ද, විඤ්ඤාණය නැතිවීම නොදනිත්ද, විඤ්ඤාණය නැතිකරන මාර්ගය නොදනිත්ද ඔවුහු විඤ්ඤාණය ඉක්මවා නොසිටිති.“

සංස්කාර නොදනිත්ද, සංස්කාර ඇතිවීම නොදනිත්ද, සංස්කාර නැතිවීම නොදනිත්ද, සංස්කාර නැතිකරන මාර්ගය නොදනිත්ද, ඔවුහු සංස්කාරය ඉක්මවා නොසිටිති.“

§ 3 . මහණෙනි, යම්කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ජරාමරණය දනිත්ද, ජරාමරණය ඇතිවීම දනිත්ද, ජරා මරණය නැතිවීම දනිත්ද, ජරා මරණය නැතිකරන මාර්ගය දනිත්ද, ඔවුහු ජරා මරණය ඉක්මවා සිටිති .“

ජාතිය (ඉපදීම) දනිත්ද, ජාතිය (ඉපදීම) ඇතිවීම දනිත්ද, (ජාතිය) ඉපදීම නැතිවීම දනිත්ද, ජාතිය (ඉපදීම) නැතිකරන මාර්ගය දනිත්ද, ඔවුහු ජාතිය (ඉපදීම) ඉක්වා සිටිති.“

භවය දනිත්ද, භවය ඇතිවීම දනිත්ද, භවය නැතිවීම දනිත්ද, භවය නැතිකරන මාර්ගය දනිත්ද, ඔවුහු භවය ඉක්මවා සිටිති .“

උපාදානය (අල්ලා ගැනීම ) දනිත්ද, උපාදානය ඇතිවීම දනිත්ද, උපාදානය නැතිවීම දනිත්ද, උපාදානය නැතිකරන මාර්ගය දනිත්ද, ඔවුහු උපාදානය ඉක්මවා සිටිති.“

තණ්හාව දනිත්ද, තණ්හාව ඇතිවීම දනිත්ද, තණ්හාව නැතිවීම දනිත්ද, තණ්හාව නැති කරන මාර්ගය දනිත්ද, ඔවුහු තණ්හාව ඉක්මවා සිටිති.“

වේදනාව දනිත්ද, වේදනාව ඇතිවීම දනිත්ද, වේදනාව නැතිවීම දනිත්ද, වේදනාව නැතිකරන මාර්ගය දනිත්ද, ඔවුහු වේදනාව ඉක්මවා සිටිති.“

ස්පර්ශය දනිත්ද, ස්පර්ශය ඇතිවීම දනිත්ද, ස්පර්ශය නැතිවීම දනිත්ද, ස්පර්ශය නැතිකරන මාර්ගය දනිත්ද, ඔවුහු ස්පර්ශය ඉක්මවා සිටිති යන මෙය විද්‍යමාන වේ.“

සළායතන (ඉන්ද්‍රිය) දනිත්ද, සළායතන ඇතිවීම දනිත්ද, සළායතන නැතිවීම දනිත්ද, සළායතන නැති කරන මාර්ගය දනිත්ද, ඔවුහු වනාහි සළායතන ඉක්මවා සිටිති.“

නාමරූප දනිත්ද, නාමරූප ඇතිවීම දනිත්ද, නාමරූප නැතිවීම දනිත්ද, නාමරූප නැති කරන මාර්ගය දනිත්ද, ඔවුහු නාමරූප ඉක්මවා සිටිති .“

විඤ්ඤාණය දනිත්ද, විඤ්ඤාණය ඇතිවීම දනිත්ද, විඤ්ඤාණය නැතිවීම දනිත්ද, විඤ්ඤාණය නැතිකරන මාර්ගය දනිත්ද ඔවුහු විඤ්ඤාණය ඉක්මවා සිටිති .“

සංස්කාර දනිත්ද, සංස්කාර ඇතිවීම දනිත්ද, සංස්කාර නැතිවීම දනිත්ද, සංස්කාර නැතිකරන මාර්ගය දනිත්ද, ඔවුහු සංස්කාර ඉක්මවා සිටිති.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.