SN 04-01-02 යමක වග්ගය

SN 04-01-02-01.
සම්බෝධ සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

§ 2. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, සම්බෝධියෙන් පෙර සම්‍යක් සම්බුද්‍ධ නොවූ, බෝධිසත්ත්‍වවූ මට මෙබඳු අදහසක් විය.

  • ‘චක්‍ෂුසයාගේ (ඇසෙහි) ආශ්වාදය කවරේද, ආදීනවය (දෝෂය) කවරේද, නිස්සරණ (බැහැරවීම) කුමක්ද?
  • ශ්‍රොතයාගේ (කනෙහි) ආශ්වාදය කවරේද, ආදීනවය (දෝෂය) කවරේද, නිස්සරණ කවරේද?
  • ඝ්‍රාණයාගේ (නාසයෙහි) ආශ්වාදය කවරේද, ආදීනවය (දෝෂය) කවරේද, නිස්සරණ කවරේද?
  • දිවෙහි ආශ්වාදය කවරේද, ආදීනවය කවරේද, නිස්සරණය කවරේද?
  • කයේ ආශ්වාදය කවරේද, ආදීනවය (දෝෂය) කවරේද, නිස්සරණ කවරේද?
  • චිත්තයාගේ ආශ්වාදය කවරේද, ආදීනවය කවරේද, නිස්සරණය කවරේද කියායි.

§ 2. “මහණෙනි, එවිට මට මේ අදහස් විය.
“ඇස නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මේ ඇසේ ආශ්වාදය වේ.
ඇස අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, මේ ඇසේ ආදීනවය වේ.
ඇසෙහි ඡන්‍දරාගය දුරුකිරීමක්, ඡන්‍දරාගය පහකිරීමක් වේද, මෙය ඇසේ නිස්සරණයයි.”

§ 3. “කන නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මේ කනෙහි ආශ්වාදය වේ.
යම් කනක් අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, මේ කනෙහි ආදීනවය වේ.
කනෙහි යම් ඡන්‍දරාගය දුරුකිරීමක්, ඡන්‍දරාගය පහකිරීමක් වේද, මෙය කනෙහි නිස්සරණයයි.”

§ 4.“නාසය නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මේ නාසයේ ආශ්වාදය වේ.
යම් නාසයක් අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, මේ නාසයේ ආදීනවය වේ.
නාසයෙහි යම් ඡන්‍දරාගය දුරුකිරීමක්, ඡන්‍දරාගය පහකිරීමක් වේද, මෙය නාසයේ නිස්සරණයයි.”

§ 5.“දිව නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මේ දිව පිළිබඳ ආශ්වාදය වේ.
යම් දිවක් අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, මේ දිව පිළිබඳ ආදීනවයයි.
දිව පිළිබඳ යම් ඡන්‍දරාගය දුරුකිරීමක්, ඡන්‍දරාගය පහකිරීමක් වේද, මෙය දිව පිළිබඳ නිස්සරණයයි.”

§ 6.“කය නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මේ කයේ ආශ්වාදය වේ.
කය අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, මේ කයේ ආදීනවය වේ.
කයේ යම් ඡන්‍දරාගය දුරුකිරීමක්, ඡන්‍දරාගය පහකිරීමක් වේද, මෙය කයේ නිස්සරණයයි.”

§ 7.“සිත නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මේ සිත පිළිබඳ ආශ්වාදයයි.
යම් සිතක් අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාව ඇත්තේද, මේ සිත පිළිබඳ ආදීනවයයි.
සිතෙහි යම් ඡන්‍දරාගය දුරුකිරීමක්, ඡන්‍දරාගය පහකිරීමක් වේද, මෙය සිත පිළිබඳ නිස්සරණය වේ.”

§ 8. “මහණෙනි, මම මේ සවැදෑරුම්වූ, අධ්‍යාත්මිකවූ, ආයතනයන්ගේ මෙසේ ආශ්වාදය ආශ්වාද වශයෙන්ද, ආදීනවය ආදීනව වශයෙන්ද, නිස්සරණය නිස්සරණ වශයෙන්ද, තත්වූ පරිද්දෙන් මනාව දැන ගන්නා තෙක්
මම, දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, ලෝකයෙහි මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, සත්ත්‍ව ප්‍රජාවෙහි නිරුත්තරවූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙලෙමියි ප්‍රකාශ නොකෙළෙමි.

§ 9. “මහණෙනි, යම් විටෙක මම මේ සවැදෑරුම්වූ, අධ්‍යාත්මිකවූ, ආයතනයන්ගේ මෙසේ ආශ්වාදය ආශ්වාද වශයෙන්ද, ආදීනවය ආදීනව වශයෙන්ද, නිස්සරණය නිස්සරණ වශයෙන්ද, තත්වූ පරිද්දෙන් මනාකොට දැන ගත්තෙම්ද, මහණෙනි, එකල්හි මම දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, ලෝකයෙහි මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, ප්‍රජාවෙහි නිරුත්තරවූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළේ වෙමියි ප්‍රකාශ කෙළෙමි.

“මට මාගේ අර්හත් ඵල සමාධිය විනාශ නොවන්නීය. මේ අන්තිම ජාතිය වේ. දැන් නැවත ඉපදීමක් නැත්තේය.” යන ඥාන දර්‍ශනය පහළවිය.

SN 04-01-02-02.
දුතිය සම්බෝධ සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

§ 2. “මහණෙනි, සම්බෝධියෙන් පෙරම සම්‍යක් සම්බුද්‍ධ නොවූ, බෝධිසත්ත්‍වවූම මට මෙබඳු අදහසක් විය. ‘රූපයන්ගේ ආශ්වාදය කවරේද, ආදීනවය කවරේද, නිස්සරණය කවරේද?
ශබ්දයන්ගේ ආශ්වාදය කවරේද, ආදීනවය කවරේද, නිස්සරණය කවරේද?
ගන්‍ධයන්ගේ ආශ්වාදය කවරේද, ආදීනවය කවරේද, නිස්සරණය කවරේද?
රසයන්ගේ ආශ්වාදය කවරේද, ආදීනවය කවරේද, නිස්සරණය කවරේද?
ස්පර්‍ශයන්ගේ ආශ්වාදය කවරේද, ආදීනවය කවරේද, නිස්සරණය කවරේද?
ධර්‍මයන්ගේ ආශ්වාදය කවරේද, ආදීනවය කවරේද, නිස්සරණය කවරේද කියායි.

§3 . “මහණෙනි, මට මෙසේ අදහසක් විය.
“රූපයන් නිසා යම් සැපක් සොම්නසක් උපදීද, මේ රූපයන්ගේ ආශ්වාදය වේ. යම් රූපයක් අනිත්‍ය වෙත්ද, දුක් වෙත්ද, වෙනස්වන ස්වභාව ඇත්තාහුද, මේ රූපයන්ගේ ආදීනවය වේ. රූපයන් කෙරෙහි යම් ඡන්‍දරාගය දුරුකිරීමක්, ඡන්‍දරාගය පහකිරීමක් වේද, මේ රූපයන්ගේ නිස්සරණය වේ.”

“ශබ්දයන් නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මේ ශබ්දයන්ගේ ආශ්වාදය වේ. යම් ශබ්ද කෙනෙක් අනිත්‍ය වෙත්ද, දුක් වෙත්ද, වෙනස්වන ස්වභාව ඇත්තාහුද, මේ ශබ්දයන්ගේ ආදීනවය වේ. ශබ්දයන් කෙරෙහි යම් ඡන්‍දරාගය දුරුකිරීමක්, ඡන්‍දරාගය පහකිරීමක් වේද, මේ ශබ්දයන්ගේ නිස්සරණය වේ.”

“ගන්‍ධයන් නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මේ ගන්‍ධයන්ගේ ආශ්වාදය වේ. ගන්‍ධ අනිත්‍ය වෙත්ද, දුක් වෙත්ද, වෙනස්වන ස්වභාව ඇත්තාහුද, මේ ගන්‍ධයන්ගේ ආදීනවය වේ. ගන්‍ධයන් කෙරෙහි යම් ඡන්‍දරාගය දුරුකිරීමක්, ඡන්‍දරාගය පහකිරීමක් වේද, මේ ගන්‍ධයන්ගේ නිස්සරණය වේ.”

“රසයන් නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මේ රසයන්ගේ ආශ්වාදය වේ. රසය අනිත්‍ය වෙත්ද, දුක් වෙත්ද, වෙනස්වන ස්වභාව ඇත්තාහුද, මේ රසයන්ගේ ආදීනවය වේ. රසයන් කෙරෙහි යම් ඡන්‍දරාගය දුරුකිරීමක්, ඡන්‍දරාගය පහකිරීමක් වේද, මේ රසයන්ගේ නිස්සරණය වේ.”

“ස්පර්‍ශයන් නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මේ ස්පර්‍ශයන්ගේ ආශ්වාදය වේ. යම් ස්පර්‍ශ කෙනෙක් අනිත්‍ය වෙත්ද, දුක් වෙත්ද, වෙනස්වන ස්වභාව ඇත්තාහුද, මේ ස්පර්‍ශයන්ගේ ආදීනවය වේ. ස්පර්‍ශයන් කෙරෙහි යම් ඡන්‍දරාගය දුරුකිරීමක්, ඡන්‍දරාගය පහකිරීමක් වේද, මේ ස්පර්‍ශයන්ගේ නිස්සරණය වේ.”

“ධර්‍මයන් නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මේ ධර්‍මයන්ගේ ආශ්වාදය වේ. යම් ධර්‍ම කෙනෙක් අනිත්‍ය වෙත්ද, දුක් වෙත්ද, වෙනස්වන ස්වභාව ඇත්තාහුද, මේ ධර්‍මයන්ගේ ආදීනවය වේ. ධර්‍මයන් කෙරෙහි යම් ඡන්‍දරාගය දුරුකිරීමක්, ඡන්‍දරාගය පහකිරීමක් වේද, මේ ධර්‍මයන්ගේ නිස්සරණය වේ.”

§ 4. “මහණෙනි, මේ සවැදෑරුම්වූ, බාහිර ආයතනයන්ගේ ආශ්වාදය ආශ්වාද වශයෙන්ද, ආදීනවය ආදීනව වශයෙන්ද, නිස්සරණය නිස්සරණ වශයෙන්ද, තත්වූ පරිද්දෙන් මනාව දැන නොගත්තාක් කල්, මහණෙනි, මම දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, ලෝකයෙහි මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, සත්ත්‍ව ප්‍රජාවෙහි නිරුත්තරවූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළේ වෙමියි ප්‍රකාශ නොකෙළෙමි.

§ 5. “මහණෙනි, යම් කලක පටන් මම මේ සවැදෑරුම්වූ, බාහිර ආයතනයන්ගේ මෙසේ ආශ්වාදය ආශ්වාද වශයෙන්ද, ආදීනවය ආදීනව වශයෙන්ද, නිස්සරණය නිස්සරණ වශයෙන්ද, තත්වූ පරිද්දෙන් මනාකොට දැන ගත්තෙම්ද, මහණෙනි, එකල්හි මම දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, ලෝකයෙහි මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, සත්ත්‍වප්‍රජාවෙහි නිරුත්තරවූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළේ වෙමියි ප්‍රකාශ කෙළෙමි.

§ 6. “මට වනාහි මාගේ අර්හත් ඵල සමාධිය විනාශ නොවන්නීය. මේ අන්තිම ජාතිය වේ. දැන් නැවත ඉපදීමක් නැත්තේය.” යන ඥාන දර්‍ශනය පහළවිය.

SN 04-01-02-03.
ආශ්වාද පර්යේෂණ සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

§ 2.1 . “මහණෙනි, මම ඇස පිළිබඳ ආශ්වාදය සෙවීමෙහි යෙදුණෙමි. ඇස පිළිබඳ යම් ආශ්වාදයක් වේද, එය අවබෝධ කෙළෙමි. ඇස පිළිබඳ යම්තාක් ආශ්වාදයක් වේද, එය මා විසින් ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම ඇස පිළිබඳ ආදීනවය සෙවීමෙහි හැසුරුනෙමි. ඇස පිළිබඳ යම් ආදීනවයක් වේද, එය අවබෝධ කෙළෙමි. ඇස පිළිබඳව යම්තාක් ආදීනවය වේද, මා විසින් එය ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම ඇස පිළිබඳ නිස්සරණය සෙවීමෙහි හැසුරුනෙමි. ඇස පිළිබඳ යම් නිස්සරණයක් වේද, එය අවබෝධ කෙළෙමි. ඇස පිළිබඳ යම්තාක් නිස්සරණයක් වේද, එය මා විසින් ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී.

§ 2.2. “මහණෙනි, මම කන පිළිබඳව ආශ්වාදය සෙවීවෙමි. කන පිළිබඳ යම් ආශ්වාදයක් වේද, එය අවබෝධ කෙළෙමි. කන පිළිබඳ යම්තාක් ආශ්වාදයක් වේද, එය මා විසින් ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම කන පිළිබඳ ආදීනවය සෙවීමෙහි හැසුරුනෙමි. කන පිළිබඳ යම් ආදීනවයක් වේද, එය අවබෝධ කෙළෙමි. කන පිළිබඳව යම්තාක් ආදීනවය වේද, මා විසින් එය ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම කන පිළිබඳ නිස්සරණය සෙවීමෙහි හැසුරුනෙමි. කන පිළිබඳ යම් නිස්සරණයක් වේද, එය අවබෝධ කෙළෙමි. කන පිළිබඳ යම්තාක් නිස්සරණයක් වේද, එය මා විසින් ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී.”

§ 2.3 . “මහණෙනි, මම නාසය පිළිබඳව ආශ්වාදය සෙවීමෙහි හැසුරුණෙමි. නාසය පිළිබඳ යම් ආශ්වාදයක් වේද, එය අවබෝධ කෙළෙමි. නාසය පිළිබඳ යම්තාක් ආශ්වාදයක් වේද, එය මා විසින් ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම නාසය පිළිබඳ ආදීනවය සෙවීමෙහි හැසුරුනෙමි. නාසය පිළිබඳ යම් ආදීනවයක් වේද, එය අවබෝධ කෙළෙමි. නාසය පිළිබඳව යම්තාක් ආදීනවය වේද, මා විසින් එය ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම නාසය පිළිබඳ නිස්සරණය සෙවීමෙහි හැසුරුනෙමි. නාසය පිළිබඳ යම් නිස්සරණයක් වේද, එය අවබෝධ කෙළෙමි. නාසය පිළිබඳ යම්තාක් නිස්සරණයක් වේද, එය මා විසින් ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී.”

§ 2.4. “මහණෙනි, මම දිව පිළිබඳව ආශ්වාදය සෙවීමෙහි හැසුරුණෙමි. දිව පිළිබඳ යම් ආශ්වාදයක් වේද, එය අවබෝධ කෙළෙමි. දිව පිළිබඳ යම්තාක් ආශ්වාදයක් වේද, එය මා විසින් ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම දිව පිළිබඳ ආදීනවය සෙවීමෙහි හැසුරුනෙමි. දිව පිළිබඳ යම් ආදීනවයක් වේද, එය අවබෝධ කෙළෙමි. දිව පිළිබඳව යම්තාක් ආදීනවය වේද, මා විසින් එය ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම දිව පිළිබඳ නිස්සරණය සෙවීමෙහි හැසුරුනෙමි. දිව පිළිබඳ යම් නිස්සරණයක් වේද, එය අවබෝධ කෙළෙමි. දිව පිළිබඳ යම්තාක් නිස්සරණයක් වේද, එය මා විසින් ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී.

§ 2.5 . “මහණෙනි, මම කය පිළිබඳව ආශ්වාදය සෙවීමෙහි හැසුරුණෙමි. කය පිළිබඳ යම් ආශ්වාදයක් වේද, එය අවබෝධ කෙළෙමි. කය පිළිබඳ යම්තාක් ආශ්වාදයක් වේද, එය මා විසින් ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම කය පිළිබඳ ආදීනවය සෙවීමෙහි හැසුරුනෙමි. කය පිළිබඳ යම් ආදීනවයක් වේද, එය අවබෝධ කෙළෙමි. කය පිළිබඳව යම්තාක් ආදීනවය වේද, මා විසින් එය ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම කය පිළිබඳ නිස්සරණය සෙවීමෙහි හැසුරුනෙමි. කය පිළිබඳ යම් නිස්සරණයක් වේද, එය අවබෝධ කෙළෙමි. කය පිළිබඳ යම්තාක් නිස්සරණයක් වේද, එය මා විසින් ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී.”

§ 2.6 . “මහණෙනි, මම සිත පිළිබඳ ආශ්වාදය සෙවීමෙහි හැසුරුණෙමි. සිත පිළිබඳ යම් ආශ්වාදයක් වේද, එය අවබෝධ කෙළෙමි. සිත පිළිබඳ යම්තාක් ආශ්වාදයක් වේද, එය මා විසින් ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම සිත පිළිබඳ ආදීනව සෙවීමෙහි හැසුරුනෙමි. සිත පිළිබඳ යම් ආදීනවයක් වේද, එය අවබෝධ කෙළෙමි. සිත පිළිබඳ යම්තාක් ආදීනවයක් වේද, එය මා විසින් ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම යම්තාක් මේ සවැදෑරුම්වූ අධ්‍යාත්මික ආයතනයන්ගේ ආශ්වාදය, ආශ්වාද වශයෙනුත්, ආදීනවය, ආදීනව වශයෙනුත් නිස්සරණය, නිස්සරණය වශයෙනුත්, තත්වූ පරිද්දෙන් මනාව දැන නොගත්තෙම්ද, මහණෙනි, ඒ තාක්ම මම දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, ලෝකයෙහි මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, සත්ත්‍ව ප්‍රජාවෙහි නිරුත්තරවූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළේ වෙමියි ප්‍රකාශ නොකෙළෙමි.

§ 3 . “මහණෙනි, යම් කලක මම මේ සවැදෑරුම්වූ, අධ්‍යාත්මිකවූ, ආයතනයන්ගේ මෙසේ ආශ්වාදය ආශ්වාද වශයෙන්ද, ආදීනවය ආදීනව වශයෙන්ද, නිස්සරණය නිස්සරණ වශයෙන්ද, තත්වූ පරිද්දෙන් මනාකොට දැන ගත්තෙම්ද, මහණෙනි, එකල්හි මම දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, ලෝකයෙහි මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, සත්ත්‍වප්‍රජාවෙහි නිරුත්තරවූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළේ වෙමියි ප්‍රකාශ කෙළෙමි.

§ 4. “ මාගේ අර්හත් ඵල සමාධිය විනාශ නොවන්නීය. මේ අන්තිම ජාතිය වේ. දැන් නැවත ඉපදීමක් නැත්තේය.” යන ඥාන දර්‍ශනය පහළවිය.

SN 04-01-02-04.
දුතිය ආශ්වාද පර්යේෂණ සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

§ 2. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
§ 2.1. “මහණෙනි, මම රූපයන්ගේ ආශ්වාදය සෙවීමෙහි හැසුරුණෙමි. රූපයන්ගේ යම් ආශ්වාදයක් වේද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් රූපයන්ගේ ආශ්වාදයක් වේද, මා විසින් එය ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම රූපයන්ගේ ආදීනව සෙවීමෙහි හැසුරුනෙමි. රූපයන්ගේ යම් ආදීනවයක් වේද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් රූපයන්ගේ ආදීනවයක් වේද, ප්‍රඥාවෙන් මා විසින් මෙය මනාව දක්නා ලදී. මහණෙනි, මම රූපයන්ගේ නිස්සරණය සෙවීමෙහි හැසුරුනෙමි. රූපයන්ගේ යම් නිස්සරණයක් වේද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් රූපයන්ගේ නිස්සරණය වේද, මා විසින් මෙය ප්‍රඥාවෙන් මනාකොට දක්නා ලදී.

§ 2.2. “මහණෙනි, මම ශබ්දයන්ගේ ආශ්වාදය සෙවීමෙහි හැසුරුණෙමි. ශබ්දයන්ගේ යම් ආශ්වාදයක් වේද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් ශබ්දයන්ගේ ආශ්වාදයක් වේද, මා විසින් එය ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම ශබ්දයන්ගේ ආදීනව සෙවීමෙහි හැසුරුනෙමි. ශබ්දයන්ගේ යම් ආදීනවයක් වේද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් ශබ්දයන්ගේ ආදීනවය වේද, ප්‍රඥාවෙන් මා විසින් මෙය මනාව දක්නා ලදී. මහණෙනි, මම ශබ්දයන්ගේ නිස්සරණය සෙවීමෙහි හැසුරුනෙමි. ශබ්දයන්ගේ යම් නිස්සරණයක් වේද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් ශබ්දයන්ගේ නිස්සරණය වේද, මා විසින් මෙය ප්‍රඥාවෙන් මනාකොට දක්නා ලදී.”

§ 2.3 . “මහණෙනි, මම ගන්‍ධයන්ගේ ආශ්වාදය සෙවීමෙහි හැසුරුණෙමි. ගන්‍ධයන්ගේ යම් ආශ්වාදයක් වේද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් ගන්‍ධයන්ගේ ආශ්වාදයක් වේද, මා විසින් එය ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම ගන්‍ධයන්ගේ ආදීනව සෙවීමෙහි හැසුරුනෙමි. ගන්‍ධයන්ගේ යම් ආදීනවයක් වේද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් ගන්‍ධයන්ගේ ආදීනවයක් වේද, ප්‍රඥාවෙන් මා විසින් මෙය මනාව දක්නා ලදී. මහණෙනි, මම ගන්‍ධයන්ගේ නිස්සරණය සෙවීමෙහි හැසුරුනෙමි. ගන්‍ධයන්ගේ යම් නිස්සරණයක් වේද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් ගන්‍ධයන්ගේ නිස්සරණයක් වේද, මා විසින් මෙය ප්‍රඥාවෙන් මනාකොට දක්නා ලදී.”

§ 2.4 . “මහණෙනි, මම රසයන්ගේ ආශ්වාදය සෙවීමෙහි හැසුරුණෙමි. යම් රසයන්ගේ ආශ්වාදයක් වේද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් රසයන්ගේ ආශ්වාදයක් වේද, මා විසින් එය ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම රසයන්ගේ ආදීනව සෙවීමෙහි හැසුරුනෙමි. රසයන්ගේ යම් ආදීනවයක් වේද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් රසයන්ගේ ආදීනවයක් වේද, ප්‍රඥාවෙන් මා විසින් මෙය මනාව දක්නා ලදී. මහණෙනි, මම රසයන්ගේ නිස්සරණය සෙවීමෙහි හැසුරුනෙමි. රසයන්ගේ යම් නිස්සරණයක් වේද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් රසයන්ගේ නිස්සරණය වේද, මා විසින් මෙය ප්‍රඥාවෙන් මනාකොට දක්නා ලදී.

§ 2.5 “මහණෙනි, මම ස්පර්‍ශයන්ගේ ආශ්වාදය සෙවීමෙහි හැසුරුණෙමි. ස්පර්‍ශයන්ගේ යම් ආශ්වාදයක් වේද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් ස්පර්‍ශයන්ගේ ආශ්වාදයක් වේද, මා විසින් එය ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම ස්පර්‍ශයන්ගේ ආදීනව සෙවීමෙහි හැසුරුනෙමි. ස්පර්‍ශයන්ගේ යම් ආදීනවයක් වේද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් ස්පර්‍ශයන්ගේ ආදීනවයක් වේද, ප්‍රඥාවෙන් මා විසින් මෙය මනාව දක්නා ලදී. මහණෙනි, මම ස්පර්‍ශයන්ගේ නිස්සරණය සෙවීමෙහි හැසුරුනෙමි. ස්පර්‍ශයන්ගේ යම් නිස්සරණයක් වේද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් ස්පර්‍ශයන්ගේ නිස්සරණය වේද, මා විසින් මෙය ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී.”

§ 2.6 .“මහණෙනි, මම ධර්‍මයන්ගේ ආශ්වාදය සෙවීමෙහි හැසුරුණෙමි. ධර්‍මයන්ගේ යම් ආශ්වාදයක් වේද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් ධර්‍මයන්ගේ ආශ්වාදයක් වේද, මා විසින් මෙය ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම ධර්‍මයන්ගේ ආදීනව සෙවීමෙහි හැසුරුනෙමි. ධර්‍මයන්ගේ යම් ආදීනවයක් වේද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් ධර්‍මයන්ගේ ආදීනවයක් වේද, මා විසින් මෙය ප්‍රඥාවෙන් මනාව දක්නා ලදී. මහණෙනි, මම ධර්‍මයන්ගේ නිස්සරණය සෙවීමෙහි හැසුරුනෙමි. ධර්‍මයන්ගේ යම් නිස්සරණයක් වේද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් ධර්‍මයන්ගේ නිස්සරණයක් වේද, මා විසින් මෙය ප්‍රඥාවෙන් දක්නා ලදී.

§ 3 . “මහණෙනි, මම මේ සවැදෑරුම්වූ බාහිර ආයතනයන්ගේ ආශ්වාදය, ආශ්වාදය වශයෙන්ද, ආදීනවය, ආදීනව වශයෙන්ද, නිස්සරණය, නිස්සරණය වශයෙන්ද, තත්වූ පරිද්දෙන් දැන නොගත්තෙම්ද, මහණෙනි, ඒතාක්ම මම දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, ලෝකයෙහි මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, සත්ත්‍ව ප්‍රජාවෙහි නිරුත්තරවූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළේ වෙමියි ප්‍රකාශ නොකෙළෙමි.

“මහණෙනි, යම් කලක පටන් මම මේ සවැදෑරුම්වූ, අධ්‍යාත්මිකවූ, ආයතනයන්ගේ මෙසේ ආශ්වාදය ආශ්වාද වශයෙන්ද, ආදීනවය ආදීනව වශයෙන්ද, නිස්සරණය නිස්සරණ වශයෙන්ද, තත්වූ පරිද්දෙන් මනාකොට දැන ගත්තෙම්ද, මහණෙනි, එකල්හි මම දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, ලෝකයෙහි මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, සත්ත්‍වප්‍රජාවෙහි නිරුත්තරවූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළේ වෙමියි ප්‍රකාශ කෙළෙමි.

“මට වනාහි මාගේ අර්හත් ඵල සමාධිය විනාශ නොවන්නීය. මේ අන්තිම ජාතිය වේ. දැන් නැවත ඉපදීමක් නැත්තේය.” යන ඥාන දර්‍ශනය පහළවිය.  

SN 04-01-02-05
නොව ආශ්වාද සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

§2.1. “මහණෙනි, ඇස පිළිබඳ ඉදින් මේ ආශ්වාදය නැත්තේ නම් සත්ත්‍වයෝ මේ ඇස කෙරෙහි නොඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි ඇස පිළිබඳ ආශ්වාදයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ ඇස කෙරෙහි ඇලෙත්. මහණෙනි, ඉදින් ඇස පිළිබඳ මේ ආදීනවය නැත්තේ නම්, සත්ත්‍වයෝ මේ ඇස කෙරෙහි නොකළකිරෙන්නාහුය. මහණෙනි, යම් හෙයකිනුත් ඇස පිළිබඳ ආදීනවයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ ඇස කෙරෙහි කළකිරෙත්. මහණෙනි, ඉදින් ඇස පිළිබඳ මේ නිස්සරණයක් නැත්තේ නම්, සත්ත්‍වයෝ මේ ඇස කෙරෙන් නොමිදෙන්නාහුය. මහණෙනි, යම් හෙයකිනුත් ඇස පිළිබඳ නිස්සරණයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ ඇස කෙරෙන් මිදෙන්නාහුය.

§2.2. “මහණෙනි, කන පිළිබඳ ඉදින් මෙසේ ආශ්වාදයක් නැත්තේ නම් සත්ත්‍වයෝ මේ කන කෙරෙහි නොඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි කන පිළිබඳ ආශ්වාදයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ කන කෙරෙහි ඇලෙත්. මහණෙනි, ඉදින් කන පිළිබඳ මේ ආදීනවය නැත්තේ නම්, සත්ත්‍වයෝ මේ කන කෙරෙහි නොකළකිරෙන්නාහුය. මහණෙනි, යම් හෙයකිනුත් කන පිළිබඳ ආදීනවයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ කන කෙරෙහි කළකිරෙත්. මහණෙනි, ඉදින් කන පිළිබඳ මේ නිස්සරණයක් නැත්තේ නම්, සත්ත්‍වයෝ මේ කන කෙරෙන් නොමිදෙන්නාහුය. මහණෙනි, යම් හෙයකිනුත් කන පිළිබඳ නිස්සරණයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ කන කෙරෙන් මිදෙන්නාහුය.

§2.3. “මහණෙනි, නාසය පිළිබඳ ඉදින් මේ ආශ්වාදය නැත්තේ නම් සත්ත්‍වයෝ මේ නාසය කෙරෙහි නොඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි නාසය පිළිබඳ ආශ්වාදයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ නාසය කෙරෙහි ඇලෙත්. මහණෙනි, ඉදින් නාසය පිළිබඳ මේ ආදීනවය නැත්තේ නම්, සත්ත්‍වයෝ මේ නාසය කෙරෙහි නොකළකිරෙන්නාහුය. මහණෙනි, යම් හෙයකිනුත් නාසය පිළිබඳ ආදීනවයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ නාසය කෙරෙහි කළකිරෙත්. මහණෙනි, ඉදින් නාසය පිළිබඳ මේ නිස්සරණයක් නැත්තේ නම්, සත්ත්‍වයෝ මේ නාසය කෙරෙන් නොමිදෙන්නාහුය. මහණෙනි, යම් හෙයකිනුත් නාසය පිළිබඳ නිස්සරණයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ නාසය කෙරෙන් මිදෙන්නාහුය.

§ 2.4 .“මහණෙනි, දිව පිළිබඳ ඉදින් මේ ආශ්වාදය නැත්තේ නම් සත්ත්‍වයෝ මේ දිව කෙරෙහි නොඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි දිව පිළිබඳ ආශ්වාදයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ දිව කෙරෙහි ඇලෙත්. මහණෙනි, ඉදින් දිව පිළිබඳ මේ ආදීනවය නැත්තේ නම්, සත්ත්‍වයෝ මේ දිව කෙරෙහි නොකළකිරෙන්නාහුය. මහණෙනි, යම් හෙයකිනුත් දිව පිළිබඳ ආදීනවයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ දිව කෙරෙහි කළකිරෙත්. මහණෙනි, ඉදින් දිව පිළිබඳ මේ නිස්සරණයක් නැත්තේ නම්, සත්ත්‍වයෝ මේ දිව කෙරෙන් නොමිදෙන්නාහුය. මහණෙනි, යම් හෙයකිනුත් දිව පිළිබඳ නිස්සරණයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ දිව කෙරෙන් මිදෙන්නාහුය.

§ 2.5. “මහණෙනි, කය පිළිබඳ ඉදින් මේ ආශ්වාදය නැත්තේ නම් සත්ත්‍වයෝ මේ කය කෙරෙහි නොඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි කය පිළිබඳ ආශ්වාදයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ කය කෙරෙහි ඇලෙත්. මහණෙනි, ඉදින් කය පිළිබඳ මේ ආදීනවය නැත්තේ නම්, සත්ත්‍වයෝ මේ කය කෙරෙහි නොකළකිරෙන්නාහුය. මහණෙනි, යම් හෙයකිනුත් කය පිළිබඳ ආදීනවයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ කය කෙරෙහි කළකිරෙත්. මහණෙනි, ඉදින් කය පිළිබඳ මේ නිස්සරණයක් නැත්තේ නම්, සත්ත්‍වයෝ මේ කය කෙරෙන් නොමිදෙන්නාහුය. මහණෙනි, යම් හෙයකිනුත් කය පිළිබඳ නිස්සරණයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ කය කෙරෙන් මිදෙන්නාහුය.

§ 2.6. “මහණෙනි, සිත පිළිබඳ ඉදින් මේ ආශ්වාදය නැත්තේ නම් සත්ත්‍වයෝ මේ සිත කෙරෙහි නොඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි සිත පිළිබඳ ආශ්වාදයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ සිත කෙරෙහි ඇලෙත්. මහණෙනි, ඉදින් සිත පිළිබඳ මේ ආදීනවය නැත්තේ නම්, සත්ත්‍වයෝ මේ සිත කෙරෙහි නොකළකිරෙන්නාහුය. මහණෙනි, යම් හෙයකිනුත් සිත පිළිබඳ ආදීනවයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ සිත කෙරෙහි කළකිරෙත්. මහණෙනි, ඉදින් සිත පිළිබඳ මේ නිස්සරණයක් නැත්තේ නම්, සත්ත්‍වයෝ මේ සිත කෙරෙන් නොමිදෙන්නාහුය. මහණෙනි, යම් හෙයකිනුත් සිත පිළිබඳ නිස්සරණයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ සිත කෙරෙන් මිදෙන්නාහුය.

§ 3. “මහණෙනි, යම්තාක් කල් සත්ත්‍වයෝ මේ සවැදෑරුම්වූ අධ්‍යාත්මිකවූ ආයතනයන්ගේ ආශ්වාදය, ආශ්වාද වශයෙන්ද, ආදීනවය, ආදීනව වශයෙන්ද, නිස්සරණය, නිස්සරණ වශයෙන්ද, තත්වූ පරිද්දෙන් දැන නොගත්තාහුද, මහණෙනි, ඒතාක්ම සත්ත්‍වයෝ දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, ලෝකයෙන්, මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, සත්ත්‍ව ප්‍රජාවෙන් නොනික්මුණාහු වෙති, නොමිදුනාහු වෙති, ලෝක සීමාව නොඉක්මවූ සිතින්ම වාසය කළාහු වෙති.

SN 04-01-02-06.
දුතිය නොව ආශ්වාද සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

§ 2.1. “මහණෙනි, ඉදින් මේ රූපයන්ගේ ආශ්වාදයක් නැත්තේ නම්, සත්ත්‍වයෝ මේ රූපයන්හි නොඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි රූපයන්ගේ ආශ්වාදයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ රූපයන්හි ඇලෙත්. මහණෙනි, ඉදින් මේ රූපයන්ගේ ආදීනවයක් නැත්තේ නම්, සත්ත්‍වයෝ මේ රූපයන්හි නොකළකිරෙන්නාහුය. මහණෙනි, යම් හෙයකිනුත් රූපයන්ගේ ආදීනවයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ රූපයන්හි කළකිරෙත්. මහණෙනි, ඉදින් මේ රූපයන්ගේ නිස්සරණයක් නැත්තේ නම්, සත්ත්‍වයෝ මේ රූපයන්ගෙන් නොමිදෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් රූපයන්ගේ නිස්සරණයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ රූපයන් කෙරෙන් මිදෙන්නාහුය.

§ 2.2. “මහණෙනි, ඉදින් මේ ශබ්දයන්ගේ ආශ්වාදයක් නැත්තේ නම්, සත්ත්‍වයෝ මේ ශබ්දයන්හි නොඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි ශබ්දයන්ගේ ආශ්වාදයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ ශබ්දයන්හි ඇලෙත්. මහණෙනි, ඉදින් මේ ශබ්දයන්ගේ ආදීනවයක් නැත්තේ නම්, සත්ත්‍වයෝ මේ ශබ්දයන්හි නොකළකිරෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් ශබ්දයන්ගේ ආදීනවයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ ශබ්දයන්හි කළකිරෙත්. මහණෙනි, ඉදින් මේ ශබ්දයන්ගේ නිස්සරණයක් නැත්තේ නම්, සත්ත්‍වයෝ මේ ශබ්දයන්ගෙන් නොමිදෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් ශබ්දයන්ගේ නිස්සරණයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ ශබ්දයන් කෙරෙන් මිදෙන්නාහුය.

§ 2.3, “මහණෙනි, ඉදින් මේ ගන්‍ධයන්ගේ ආශ්වාදය නැත්තේ නම් සත්ත්‍වයෝ මේ ගන්‍ධයන්හි නොඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි ගන්‍ධයන්ගේ ආශ්වාදයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ ගන්‍ධයන්හි ඇලෙත්. මහණෙනි, ඉදින් මේ ගන්‍ධයන්ගේ ආදීනවයක් නැත්තේ නම්, සත්ත්‍වයෝ මේ ගන්‍ධයන්හි නොකළකිරෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් ගන්‍ධයන්ගේ ආදීනවයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ ගන්‍ධයන්හි කළකිරෙත්. මහණෙනි, ඉදින් මේ ගන්‍ධයන්ගේ නිස්සරණයක් නැත්තේ නම්, සත්ත්‍වයෝ මේ ගන්‍ධයන්ගෙන් නොමිදෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් ගන්‍ධයන්ගේ නිස්සරණයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ ගන්‍ධයන් කෙරෙන් මිදෙන්නාහුය.

§ 2.4 “මහණෙනි, ඉදින් මේ රසයන්ගේ ආශ්වාදයක් නැත්තේ නම් සත්ත්‍වයෝ මේ රසයන්හි නොඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් රසයන්ගේ ආශ්වාදයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ රසයන්හි ඇලෙත්. මහණෙනි, ඉදින් මේ රසයන්ගේ ආදීනවයක් නැත්තේ නම්, සත්ත්‍වයෝ මේ රසයන්හි නොකළකිරෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් රසයන්ගේ ආදීනවයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ රසයන්හි කළකිරෙත්. මහණෙනි, ඉදින් මේ රසයන්ගේ නිස්සරණයක් නැත්තේ නම්, සත්ත්‍වයෝ මේ රසයන්ගෙන් නොමිදෙන්නාහුය. මහණෙනි, යම් හෙයකිනුත් රසයන්ගේ නිස්සරණයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ රසයන් කෙරෙන් මිදෙන්නාහුය.

§ 2.5 .“මහණෙනි, ඉදින් මේ ස්පර්‍ශයන්ගේ ආශ්වාදයක් නැත්තේ නම් සත්ත්‍වයෝ මේ ස්පර්‍ශයන්හි නොඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් ස්පර්‍ශයන්ගේ ආශ්වාදයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ ස්පර්‍ශයන්හි ඇලෙත්. මහණෙනි, ඉදින් මේ ස්පර්‍ශයන්ගේ ආදීනවයක් නැත්තේ නම්, සත්ත්‍වයෝ මේ ස්පර්‍ශයන්හි නොකළකිරෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් ස්පර්‍ශයන්ගේ ආදීනවයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ ස්පර්‍ශයන්හි කළකිරෙත්. මහණෙනි, ඉදින් මේ ස්පර්‍ශයන්ගේ නිස්සරණයක් නැත්තේ නම්, සත්ත්‍වයෝ මේ ස්පර්‍ශයන්ගෙන් නොමිදෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් ස්පර්‍ශයන්ගේ නිස්සරණයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ ස්පර්‍ශයන් කෙරෙන් මිදෙන්නාහුය.

§ 3 . “මහණෙනි, ඉදින් මේ ධර්‍මයන්ගේ ආශ්වාදයෙක් නැත්තේ නම් සත්ත්‍වයෝ ධර්‍මයන්හි නොඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් ධර්‍මයන්ගේ ආශ්වාදයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ ධර්‍මයන්හි ඇලෙත්. මහණෙනි, ඉදින් මේ ධර්‍මයන්ගේ ආදීනවයෙක් නැත්තේ නම්, සත්ත්‍වයෝ මේ ධර්‍මයන්හි නොකළකිරෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් ධර්‍මයන්ගේ ආදීනවයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ ධර්‍මයන්හි කළකිරෙත්. මහණෙනි, ඉදින් මේ ධර්‍මයන්ගේ නිස්සරණයක් නැත්තේ නම්, සත්ත්‍වයෝ මේ ධර්‍මයන් කෙරෙන් නොමිදෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් ධර්‍මයන්ගේ නිස්සරණයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ ධර්‍මයන් කෙරෙන් මිදෙන්නාහුය.

§ 4. “මහණෙනි, යම්තාක් කල් සත්ත්‍වයෝ මේ සවැදෑරුම්වූ බාහිරවූ ආයතනයන්ගේ ආශ්වාදය, ආශ්වාද වශයෙන්ද, ආදීනවය, ආදීනව වශයෙන්ද, නිස්සරණය, නිස්සරණ වශයෙන්ද, තත්වූ පරිද්දෙන් නොදැන ගත්තාහුද, මහණෙනි, ඒතාක්ම සත්ත්‍වයෝ දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, ලෝකය කෙරෙන්, මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, ප්‍රජාව කෙරෙන් නික්මුණාහු වෙන්වූවාහු, මිදුනාහු, ලෝක සීමාව ඉක්මවූ සිතින් යුක්තවූ සිතින් යුක්තව වාසය නොකළාහුය. මහණෙනි, යම් කලක පටන් සත්ත්‍වයෝ මේ සවැදෑරුම්වූ, බාහිරවූ, ආයතනයන්ගේ ආශ්වාදය ආශ්වාද වශයෙන්ද, ආදීනවය ආදීනව වශයෙන්ද, නිස්සරණය නිස්සරණය වශ යෙන්ද, තත්වූ පරිද්දෙන් දැනගත්තාහුද, මහණෙනි, එකල්හි සත්ත්‍වයෝ දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, ලෝකයෙන් මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, ප්‍රජාවෙන් නික්මුණාහු, වෙන්වූවාහු, මිදුනාහු, ලෝක සීමාව ඉක්මවූ සිතින් යුක්තව වාසය කෙරෙත්ය” යි වදාළ සේක.

SN 04-01-02-07.
අභිනන්‍දන සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

§ 2.01 . “මහණෙනි, යමෙක් ඇසට කැමතිවෙයිද, හෙතෙම දුකට කැමතිවෙයි. යමෙක් දුකට කැමතිවේද, හෙතෙම දුකෙන් නොමිදුනේයයි කියමි.“මහණෙනි, යමෙක් කනට කැමතිවෙයිද, හෙතෙම දුකට කැමතිවෙයි. යමෙක් දුකට කැමතිවේද, හෙතෙම දුකෙන් නොමිදුනේයයි කියමි.

§ 2.02 .“මහණෙනි, යමෙක් නාසයට කැමතිවෙයිද, හෙතෙම දුකට කැමතිවෙයි. යමෙක් දුකට කැමතිවේද, හෙතෙම දුකෙන් නොමිදුනේයයි කියමි.“මහණෙනි, යමෙක් දිවට කැමතිවෙයිද, හෙතෙම දුකට කැමතිවෙයි. යමෙක් දුකට කැමතිවේද, හෙතෙම දුකෙන් නොමිදුනේයයි කියමි.

§ 2.03 . “මහණෙනි, යමෙක් කයට කැමතිවෙයිද, හෙතෙම දුකට කැමතිවෙයි. යමෙක් දුකට කැමතිවේද, හෙතෙම දුකෙන් නොමිදුනේයයි කියමි.

§ 2.04 .“මහණෙනි, යමෙක් සිතට කැමතිවෙයිද, හෙතෙම දුකට කැමතිවෙයි. යමෙක් දුකට කැමතිවේද, හෙතෙම දුකෙන් නොමිදුනේයයි කියමි.“මහණෙනි, යමෙක් වනාහි ඇසට කැමති නොවේද, හෙතෙම දුකට කැමති නොවෙයි. යමෙක් දුකට කැමති නොවේද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි.

§ 2.05 . “යමෙක් වනාහි කනට කැමති නොවේද, හෙතෙම දුකට කැමති නොවෙයි. යමෙක් දුකට කැමති නොවේද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි.“යමෙක් වනාහි නාසයට කැමති නොවේද, හෙතෙම දුකට කැමති නොවෙයි. යමෙක් දුකට කැමති නොවේද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි.

§ 2.06 . “යමෙක් වනාහි දිවට කැමති නොවේද, හෙතෙම දුකට කැමති නොවෙයි. යමෙක් දුකට කැමති නොවේද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි.

§ 2.07 . “යමෙක් වනාහි කයට කැමති නොවේද, හෙතෙම දුකට කැමති නොවෙයි. යමෙක් දුකට කැමති නොවේද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි.

§ 2.08 . “යමෙක් වනාහි සිතට කැමති නොවේද, හෙතෙම දුකට කැමති නොවෙයි. යමෙක් දුකට කැමති නොවේද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි” යි (වදාළ සේක.)

SN 04-01-02-08.
දුතිය අභිනන්‍දන සූත්‍රය

§ 1 . මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

§ 2.01“මහණෙනි, යමෙක් රූපයන්ට කැමතිවේද, හෙතෙම දුකට කැමතිවෙයි. යමෙක් දුකට කැමතිවේද, හෙතෙම දුකින් නොමිදුනේයයි කියමි.

§ 2.02 .“මහණෙනි, යමෙක් ශබ්දයන්ට කැමතිවේද, හෙතෙම දුකට කැමතිවෙයි. යමෙක් දුකට කැමතිවේද, හෙතෙම දුකින් නොමිදුනේයයි කියමි.

§ 2.03 .“මහණෙනි, යමෙක් ගන්ධයන්ට කැමතිවේද, හෙතෙම දුකට කැමතිවෙයි. යමෙක් දුකට කැමතිවේද, හෙතෙම දුකින් නොමිදුනේයයි කියමි.

§ 2.04 . “මහණෙනි, යමෙක් රසයන්ට කැමතිවේද, හෙතෙම දුකට කැමතිවෙයි. යමෙක් දුකට කැමතිවේද, හෙතෙම දුකින් නොමිදුනේයයි කියමි.

§ 2.05 .“මහණෙනි, යමෙක් ස්පර්‍ශයන්ට කැමතිවේද, හෙතෙම දුකට කැමතිවෙයි. යමෙක් දුකට කැමතිවේද, හෙතෙම දුකින් නොමිදුනේයයි කියමි.

§ 2.06 . “මහණෙනි, යමෙක් ධර්මයන්ට කැමතිවේද, හෙතෙම දුකට කැමතිවෙයි. යමෙක් දුකට කැමතිවේද, හෙතෙම දුකින් නොමිදුනේයයි කියමි.

§ 2.07 .“මහණෙනි, යමෙක් වනාහි රූපයන්ට කැමති නොවේද, හෙතෙම දුකට කැමති නොවේ. යමෙක් දුකට කැමති නොවේද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි.

§ 2.08. “යමෙක් ශබ්දයන්ට කැමති නොවේද, හෙතෙම දුකට කැමති නොවෙයි. යමෙක් දුකට කැමති නොවේද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි.

§ 2.09 . “යමෙක් ගන්‍ධයන්ට කැමති නොවේද, හෙතෙම දුකට කැමති නොවෙයි. යමෙක් දුකට කැමති නොවේද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි.

§ 2.10 .“යමෙක් රසයන්ට කැමති නොවේද, හෙතෙම දුකට කැමති නොවෙයි. යමෙක් දුකට කැමති නොවේද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි.

§ 2.11. “යමෙක් වනාහි ස්පර්‍ශයන්ට කැමති නොවේද, හෙතෙම දුකට කැමති නොවෙයි. යමෙක් දුකට කැමති නොවේද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි.\

§ 2.12 .“යමෙක් ධර්‍මයන්ට කැමති නොවේද, හෙතෙම දුකට කැමති නොවෙයි. යමෙක් දුකට කැමති නොවේද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි” යි (වදාළ සේක.)

SN 04-01-02-09.
උප්පාද සූත්‍රය

§ 01. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

§ 2..(එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

§ 2.01, “මහණෙනි, ඇසේ යම් ඉපදීමක්, පැවතීමක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණයන්ගේ පහළවීම වේ.”

§ 2.02. “කනෙහි යම් ඉපදීමක්, පැවතීමක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණයන්ගේ පහළවීම වේ.”

§ 2.03 .“නාසයේ යම් ඉපදීමක්, පැවතීමක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණයන්ගේ පහළවීම වේ.”

§ 2.04. “දිවේ යම් ඉපදීමක්, පැවතීමක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණයන්ගේ පහළවීම වේ.”

§ 2.05 .“කයේ යම් ඉපදීමක්, පැවතීමක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණයන්ගේ පහළවීම වේ.”

§ 2.06 .“සිතේ යම් ඉපදීමක්, පැවතීමක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණයන්ගේ පහළවීම වේ.”

§ 2.07 .“මහණෙනි, ඇසේ යම් නිරුද්‍ධවීමක්, සංසිඳීමක්, විනාශවීමක් වේද, එය දුක්ඛයාගේ නිරුද්‍ධවීම, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශවීම වේ.
කනෙහි යම් නිරුද්‍ධවීමක්, සංසිඳීමක්, විනාශවීමක් වේද, එය දුක්ඛයාගේ නිරුද්‍ධවීම, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශවීම වේ.
නාසයේ යම් නිරුද්‍ධවීමක්, සංසිඳීමක්, විනාශවීමක් වේද, එය දුක්ඛයාගේ නිරුද්‍ධවීම, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශවීම වේ.
දිවේ යම් නිරුද්‍ධවීමක්, සංසිඳීමක්, විනාශවීමක් වේද, එය දුක්ඛයාගේ නිරුද්‍ධවීම, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශවීම වේ.
කයේ යම් නිරුද්‍ධවීමක්, සංසිඳීමක්, විනාශවීමක් වේද, එය දුක්ඛයාගේ නිරුද්‍ධවීම, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශවීම වේ.
සිතේ යම් නිරෝධයක්, සංසිඳීමක්, විනාශවීමක් වේද, එය දුක්ඛයාගේ නිරෝධය, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශවීම වේ” යයි
(වදාළ සේක.)

SN 04-01-02-10.
දුතිය උප්පාද සූත්‍රය

§ 01. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

§ 2. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
§ 2.01. “මහණෙනි, රූපයන්ගේ යම් උත්පාදයක්, පැවැත්මක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ උත්පත්තිය, රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණයන්ගේ පහළවීම වේ.
§ 2.02 .ශබ්දයන්ගේ යම් උත්පාදයක්, පැවැත්මක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ උත්පත්තිය, රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණයන්ගේ පහළවීම වේ.
§ 2.03 .ගන්‍ධයන්ගේ යම් උත්පාදයක්, පැවැත්මක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ උත්පත්තිය, රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණයන්ගේ පහළවීම වේ.
§ 2.03 . රසයන්ගේ යම් උත්පාදයක්, පැවැත්මක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ උත්පත්තිය, රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණයන්ගේ පහළවීම වේ.
§ 2.04 .ස්පර්ශයන්ගේ යම් උත්පාදයක්, පැවැත්මක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ උත්පත්තිය, රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණයන්ගේ පහළවීම වේ. ධර්මයන්ගේ යම් උත්පාදයක්, පැවැත්මක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ උත්පත්තිය, රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණයන්ගේ පහළවීම වේ.”

§ 3. “මහණෙනි,
රූපයන්ගේ යම් නිරෝධයක්, සංසිඳීමක්, විනාශයක් වේද, එය දුක්ඛයාගේ නිරෝධය, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශය වේ.
ශබ්දයන්ගේ යම් නිරෝධයක්, සංසිඳීමක්, විනාශයක් වේද, එය දුක්ඛයාගේ නිරෝධය, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශය වේ.
ගන්‍ධයන්ගේ යම් නිරෝධයක්, සංසිඳීමක්, විනාශයක් වේද, එය දුක්ඛයාගේ නිරෝධය, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශය වේ.
රසයන්ගේ යම් නිරෝධයක්, සංසිඳීමක්, විනාශයක් වේද, එය දුක්ඛයාගේ නිරෝධය, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශය වේ.
ස්පර්‍ශයන්ගේ යම් නිරෝධයක්, සංසිඳීමක්, විනාශයක් වේද, එය දුක්ඛයාගේ නිරෝධය, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශය වේ.
ධර්‍මයන්ගේ යම් නිරෝධයක්, සංසිඳීමක්, විනාශයක් වේද, එය දුක්ඛයාගේ නිරෝධය, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශය වේ” යයි (වදාළ සේක.)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.