AN 06-06 මහා වග්ග පාලිය

AN 06-06-01. සොණ සූත්‍රය නොහොත්  සොණකොළිවිස සූත්‍රය
AN 06-06-02. ඵග්ගුන සූත්‍රය නොහොත්  ආබාධික ඵග්ගුණ සූත්‍රය
AN 06-06-03. ජළාභි ජාති සූත්‍රය
AN 06-06-04. ආසව සූත්‍රය නොහොත් ආසවප්පහාණ සූත්‍රය
AN 06-06-05. දාරුකම්මික සූත්‍රය
AN 06-06-06. හත්ථිසාරිපුත්තසූත්‍රය නොහොත්
AN 06-06-06. චිත්තහත්‍ථි සාරීපුත්ත සූත්‍රය
AN 06-06-07.  මෙත්ත්‍යයපඤ්හ සූත්‍රය
AN 06-06-08. පුරිසින්ද්‍රියඤාණ සූත්‍රය / දණ්ඩකප්ප සූත්‍රය
AN 06-06-09. නිබ්බෙධික සූත්‍රය නොහොත් නිබ්බෙධික පරියාය සූත්‍රය
AN 06-06-10. සීහනාද සූත්‍රය නොහොත් ඡතථාගතබල (සීහනාද) සූත්‍රය

01 සොණ සූත්‍රය නොහොත් 
සොණකොළිවිස සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජ්ඣකූට පර්වතයෙහි වසන සේක. එසමයෙහි ආයුෂ්මත් සෝණ භික්ෂුන් වහන්සේ රජගහනුවර සීත වනයෙහි වෙසෙයි.

[මේ සෝන කෝලිවිස නම් භික්ෂුන් වහන්සේ ධෛර්ය වඩන්නාවූ භික්ෂුන් වහන්සේලාගේ අතරෙන් අග්‍ර වූ භික්ෂුවයි භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළ රහතන් වහන්සේගේ ථේර ගාථා 632 -640 හි සඳහන් වෙයි. විනය පිටකයෙහිද මේ තොරතුරු දැක්වේ ]

§ 2. එකල්හි හුදෙකලාව භාවනා කරන්නා වූ, ආයුෂ්මත් සෝණ හට මෙබඳු කල්පනාවක් සිතේ පහළ විය. “භගවත්හුගේ සසුනෙහි පැවිදිව කමටහන් වඩමින් සංසාරයෙන් මිදීමට වෑයම් කරන්නාවූ බොහෝ ශ්‍රාවකයන් අතර , මම ද කෙනෙක්මි. එසේද වුවත් මෙපමණ දිගු කලක් බොහෝ ආයාසයෙන් හා දැඩි වීර්යයෙන් භාවනා වැඩුවත් , මගේ සිත උපාදානයන්ගෙන් ගලවා ගෙන කෙලෙසුන් සිඳලීමට තවමත් මට නොහැකිවිය.
මගේ කුල ගෙහි බොහෝ ධන ධාන්‍ය සම්පත් වෙත්. මේ දුෂ්කර වූ ප්‍රව්‍යජ්යාව නතර කොට මා සිව්රු හැර ගිහි වුවහොත් මගේ වත් පොහොසත් කමින් මට සුවසේ ජීවත්විය හැක. ඒ සම්පත් වලින් දාන මානාදී කුසල් කරමින් පින් රැස් කර ගත හැක. එසේ හෙයින් සිවුරු හැර යන්නේ නම් යෙහෙකැයි සිතුහ.

§ 3. එසැනයෙන් භාග්‍යවතුන් වහන්සේ සිය සිතින් ආයුෂ්මත් සෝණගේ සිතෙහිවූ කල්පනාව දැන යම්සේ බලවත් පුරුෂයෙක් හැකිලවූ අතක් දිග හරීද, දිගුකළ අතක් හකුළාද, එසේ වන්නාවූ මොහොතින් ගිජුකුළු පව්වෙන් අතුරුදහන්ව සීත වනයෙහි ඇවැත් සොණ ඉදිරියේ පහළවූ සේක. භාග්‍යවතුන් වහන්සේ පනවන ලද අස්නේ වැඩහුන් සේක. ආයුෂ්මත් සෝණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන් සෝණහට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළෝය.
“සෝණය, හුදෙකලාව , සිටි තොපගේ සිතට මෙබදු කල්පනාවක් වූයේ නොවේද?…. ‘භගවත්හුගේ සසුනෙහි පැවිදිව කමටහන් වඩමින් සංසාරයෙන් මිදීමට වෑයම් කරන්නාවූ බොහෝ ශ්‍රාවකයන් අතර , මම ද කෙනෙක්මි. එසේද වුවත් මෙපමණ දිගු කලක් බොහෝ ආයාසයෙන් හා දැඩි වීර්ය……..


“සෝණය, යම් විටෙක ඔබගේ වීණාවෙහි තත් ලිහිල් වුයේ වී නම් එවිට ඔබේ වීණාව රිසි අයුරු ඔබ රිසි නාදයක් දේද? ඔබේ වාදනය සඳහා ඒ වීනාව , සුදුසු වේද?” –
“ස්වාමීනි, නොවේමය.”
“සෝණය, යම් විටෙක ඔබගේ වීණාවෙහි තත් ඉතා තදින් ඇද දැඩි ආතතියකින් වීනාවෙහි යොදා ඇත්නම් ඔබ වයන කල ඒ වීනාව ඔබට රිසි නාදය උපදවාද ? ” –
“ස්වාමීනි, නොවේමය.”
“සෝණය, යම් විටෙක වීණාවේ තත් ලිහිල්නොම වේද, ඉතා තද ද නොවේද, සම ගුණයෙහි සිටියේ වේද, ඔබේ වීණාව එවිට රිසිසේ , හොඳට නද දේද, වාදනය ට සුදුසු වේද?” –
“ස්වාමීනි, එසේය.”

“එසේම සෝණය, වැඩියෙන් වඩන්නාවූ වීර්යය සිතේ නොසන්සුන්කම උපදවයි.. ඉතා හැකුලුන වීර්යය නැතිව හෝ අවැසි පමණට වීර්ය නැතිව අලසකම පිණිස පවතී.
“සෝණය, එබැවින් ඔබ මෙහිදී වීර්යයේ සමවතෙහි පිහිටව. වීර්යාදී ඉඳුරන්ගේ සම බව තේරුම් ගනුව. එහිදු අරමුණ ගනුව.”
“එසේය, ස්වාමීනි,” යි ආයුෂ්මත් සෝණ තෙම භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුනි. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සෝණහට මේ අවවාද දී යම්සේ බලවත් පුරුෂයෙක් හැකිලවූ අතක් දිග හරීද, දිගුකළ අතක් හකුළාද, එසේම සීත වනයෙන් අතුරුදන්ව ගිජුකුළු පව්වෙහි පහළවූ සේක.

§ 4 . ඉක්බිත්තෙන් ආයුෂ්මත් සෝණ තෙමේ පසු කාලයේ වීර්ය සම භාවයෙහි පිහිටියේය. ඉඳුරන්ගේ සමභාවය තේරුම් ගත්තේය. එහිදු අරමුණ ගත්තේය. ඉක්බිත්තෙන් ආයුෂ්මත් සෝණ හුදකලා වූයේ, තනි වූයේ, නොපමා වූයේ, කෙළෙස් තැවීම කරන්නේ, නිවන් වෙත යොමු කළ සිත් ඇතිව වසන්නේ, නොබෝ කලකින්ම, යමක් පිණිස කුලපුත්තු ගිහිගෙයින් නික්ම සස්නෙහි පැවිදි වෙත්ද, ඉතා උතුම් බඹසර අවසන්කොට ඇති, ඒ නිවණ මේ ආත්මයේම තෙමේ මනාව දැන, අත්දැක, පැමිණ වාසය කෙළේය. උත්පත්තිය ගෙවුණේය. බඹසර වැස නිමවිය. කළයුත්ත කරණ ලදී. මෙලොවෙහි කළයුතු අනිකක් නැතැයි පෙනුනේය. ආයුෂ්මත් සෝණ තෙමේ රහතුන් අතර එක් තැනැත්තෙක් විය.

§ 5 . ඉක්බිති රහත්වූ සෝණහට මෙබඳු සිතෙක් විය. ‘මම භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් රහත් භාවය පවසන්නේ නම් මැනවැ’ යි (කියාය.) ඉක්බිති සෝණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හිඳ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය.

§ 6 .“ස්වාමීනි, රහත්වූ, පව් ගෙවූ, බඹසර වැස නිමවූ, කළයුත්ත කළ, බර බිම තැබූ, සිය වැඩ සම්පූර්‍ණවූ, හොඳින් දැන මිදුණාවූ යම් භික්‍ෂුවක් වේද, මේ කරුණු සයෙහි අධික ලෙස ඇළුනේ වේ.

“නෛෂ්ක්‍රම්‍යයෙහි, තද විවේකයෙහි, අහිංසා (අව්‍යාපාද) යෙහි, ඇල්ම (තණ්හා) නැති කිරීමෙහි, දැඩිසේ ගැනීම ක්‍ෂය කිරීමෙහි, මුළා නොවීමෙහි, අධික ලෙස ඇළුණේ වෙයි.

§ 7 .“ස්වාමීනි, මේ ලොව කිසි ආයුෂ්මත් කෙනකුට මෙබඳු සිතෙක් වෙයි. ‘ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙමේ හුදෙක් ශ්‍රද්‍ධාමාත්‍රයක් නිසා නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේය.’ කියාය. ස්වාමීනි, මෙය මෙසේ නොදත යුතුය.

“ස්වාමීනි, වැස නිමවූ, කළයුත්ත කළ, ඉදිරියට තමා විසින් කළයුත්තක් නොදක්නා, කළ දෙය නැවත රැස් කිරීමක් හෝ නැති, ආශ්‍රවයන් ක්‍ෂය කළ භික්‍ෂුව, රාගය ක්‍ෂය කිරීමෙන්, රාගය දුරු කිරීම් හේතුවෙන් නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේ වේ. ද්වේෂය ක්‍ෂය කිරීමෙන්, ද්වේෂය ක්‍ෂය කිරීම් හේතුවෙන් නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේ වේ. මෝහය ක්‍ෂය කිරීමෙන්, මෝහය ක්‍ෂය කිරීම් හේතුවෙන් නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේ වේ.

§ 8 . “ස්වාමීනි, මේ ලොව කිසි ආයුෂ්මත් කෙනෙකුට මෙබඳු සිතෙක් වෙයි. ‘ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙමේ ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා කැමැත්තෙන්ම තද විවේකයෙහි යෙදුණේ වේ’ (කියා) ය.

ස්වාමීනි, මෙය මෙසේ නොදත යුතුය. ස්වාමීනි, වැස නිමවූ, කළයුත්ත කළ, ඉදිරියට තමා විසින් කළයුත්තක් නොදක්නා, කළ දෙය නැවත රැස් කිරීමක් හෝ නැති, ආශ්‍රවයන් ක්‍ෂය කළ භික්‍ෂුව, රාගය ක්‍ෂය කිරීමෙන්, රාගය දුරු කිරීම් හේතුවෙන් තද විවේකයෙහි යෙදුණේ වේ. ද්වේෂය ක්‍ෂය කිරීමෙන්, ද්වේෂය ක්‍ෂය කිරීම් හේතුවෙන් තද විවේකයෙහි යෙදුණේ වේ. මෝහය ක්‍ෂය කිරීමෙන්, මෝහය ක්‍ෂය කිරීම් හේතුවෙන් තද විවේකයෙහි යෙදුණේ වේ.

§ 9. “ස්වාමීනි, මේ ලොව කිසි ආයුෂ්මත් කෙනකුට මෙබඳු සිතෙක් වෙයි. ‘ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙමේ හුදෙක් ශ්‍රද්‍ධාමාත්‍රයක් නිසා නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේය.’ කියාය. ස්වාමීනි, මෙය මෙසේ නොදත යුතුය. ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙමේ බුදු සස්නෙන් බැහැර සිල් හා පිළිවෙත් සාරකොට අනුව යන්නේ අහිංසාවෙහි යෙදුණේ වේ,’ (කියාය.) ස්වාමීනි, මෙය මෙසේ නොදත යුතුය.

§ 10. “ස්වාමීනි, මේ ලොව කිසි ආයුෂ්මත් කෙනකුට මෙබඳු සිතෙක් වෙයි. ‘ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙමේ හුදෙක් ශ්‍රද්‍ධාමාත්‍රයක් නිසා නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේය.’ කියාය. ස්වාමීනි, මෙය මෙසේ නොදත යුතුය. ස්වාමීනි, මේ ලොව කිසි ආයුෂ්මත් කෙනකුට මෙබඳු සිතෙක් වෙයි. ‘ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙමේ හුදෙක් ශ්‍රද්‍ධාමාත්‍රයක් නිසා නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේය.’ කියාය. ස්වාමීනි, මෙය මෙසේ නොදත යුතුය. ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙමේ බුදු සස්නෙන් බැහැර සිල් හා පිළිවෙත් සාරකොට අනුව යන්නේ තෘෂ්ණා ක්‍ෂය කිරීමෙහි යෙදුණේ වේ,’ (කියාය.) ස්වාමීනි, මෙය මෙසේ නොදත යුතුය.

ස්වාමීනි, වැස නිමවූ, කළයුත්ත කළ, ඉදිරියට තමා විසින් කළයුත්තක් නොදක්නා, කළ දෙය නැවත රැස් කිරීමක් හෝ නැති, ආශ්‍රවයන් ක්‍ෂය කළ භික්‍ෂුව, රාගය ක්‍ෂය කිරීමෙන්, රාගය දුරු කිරීම් හේතුවෙන් නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේ වේ. ද්වේෂය ක්‍ෂය කිරීමෙන්, ද්වේෂය ක්‍ෂය කිරීම් හේතුවෙන් නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේ වේ. මෝහය ක්‍ෂය කිරීමෙන්, මෝහය ක්‍ෂය කිරීම් හේතුවෙන් නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේ වේ.

§ 11 .“ස්වාමීනි, මේ ලොව කිසි ආයුෂ්මත් කෙනකුට මෙබඳු සිතෙක් වෙයි. ‘ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙමේ හුදෙක් ශ්‍රද්‍ධාමාත්‍රයක් නිසා නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේය.’ කියාය. ස්වාමීනි, මෙය මෙසේ නොදත යුතුය.

ස්වාමීනි, මේ ලොව කිසි ආයුෂ්මත් කෙනකුට මෙබඳු සිතෙක් වෙයි. ‘ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙමේ හුදෙක් ශ්‍රද්‍ධාමාත්‍රයක් නිසා නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේය.’ කියාය.
ස්වාමීනි, මෙය මෙසේ නොදත යුතුය.

ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙමේ බුදු සස්නෙන් බැහැර සිල් හා පිළිවෙත් සාරකොට අනුව යන්නේ දැඩිකොට සිතින් අල්වා ගැනීම ක්‍ෂය කිරීමෙහි යෙදුණේ වේ,’ (කියාය.) ස්වාමීනි, මෙය මෙසේ නොදත යුතුය.

ස්වාමීනි, වැස නිමවූ, කළයුත්ත කළ, ඉදිරියට තමා විසින් කළයුත්තක් නොදක්නා, කළ දෙය නැවත රැස් කිරීමක් හෝ නැති, ආශ්‍රවයන් ක්‍ෂය කළ භික්‍ෂුව, රාගය ක්‍ෂය කිරීමෙන්, රාගය දුරු කිරීම් හේතුවෙන් නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේ වේ. ද්වේෂය ක්‍ෂය කිරීමෙන්, ද්වේෂය ක්‍ෂය කිරීම් හේතුවෙන් නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේ වේ. මෝහය ක්‍ෂය කිරීමෙන්, මෝහය ක්‍ෂය කිරීම් හේතුවෙන් නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේ වේ.

§ 12 . “ස්වාමීනි, මේ ලොව කිසි ආයුෂ්මත් කෙනකුට මෙබඳු සිතෙක් වෙයි. ‘ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙමේ හුදෙක් ශ්‍රද්‍ධාමාත්‍රයක් නිසා නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේය.’ කියාය. ස්වාමීනි, මෙය මෙසේ නොදත යුතුය. ස්වාමීනි, මේ ලොව කිසි ආයුෂ්මත් කෙනකුට මෙබඳු සිතෙක් වෙයි. ‘ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙමේ හුදෙක් ශ්‍රද්‍ධාමාත්‍රයක් නිසා නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේය.’ කියාය. ස්වාමීනි, මෙය මෙසේ නොදත යුතුය. ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙමේ බුදු සස්නෙන් බැහැර සිල් හා පිළිවෙත් සාරකොට අනුව යන්නේ මුළා නොවීමෙහි යෙදුණේ වේ,’ (කියාය.)

ස්වාමීනි, මෙය මෙසේ නොදත යුතුය. ස්වාමීනි, වැස නිමවූ, කළයුත්ත කළ, ඉදිරියට තමා විසින් කළයුත්තක් නොදක්නා, කළ දෙය නැවත රැස් කිරීමක් හෝ නැති, ආශ්‍රවයන් ක්‍ෂය කළ භික්‍ෂුව, රාගය ක්‍ෂය කිරීමෙන්, රාගය දුරු කිරීම් හේතුවෙන් නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේ වේ. ද්වේෂය ක්‍ෂය කිරීමෙන්, ද්වේෂය ක්‍ෂය කිරීම් හේතුවෙන් නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේ වේ. මෝහය ක්‍ෂය කිරීමෙන්, මෝහය ක්‍ෂය කිරීම් හේතුවෙන් නෛෂ්ක්‍රම්‍යයෙහි යෙදුණේ වේ.“ස්වාමීනි, මෙසේ යහපත්ව කෙලෙසුන්ගෙන් මිදුණු සිත් ඇති භික්‍ෂුව අලංකාර රූපයෝ ඇස් හමුවට පැමිණෙත්ද, ඒ රූප ඔහුගේ සිත මැඩ නොගනී. ඔහුගේ සිත (එයින්) අවුල් නුවූයේමය. ස්ථිරවූයේ, නොසැලෙන බවට ගියේ, ඒ රූපයන්ගේ විනාශයද බලයි.

§ 13 .“ස්වාමීනි, මෙසේ යහපත්ව කෙලෙසුන්ගෙන් මිදුණු සිත් ඇති භික්‍ෂුව අලංකාර ශබ්දයෝ, කන හමුවට පැමිණෙත්ද, ඒ ශබ්ද ඔහුගේ සිත මැඩ නොගනී. ඔහුගේ සිත (එයින්) අවුල් නුවූයේමය. ස්ථිරවූයේ, නොසැලෙන බවට ගියේ, ඒ ශබ්දයන්ගේ විනාශයද බලයි.

§ 14. “ස්වාමීනි, මෙසේ යහපත්ව කෙලෙසුන්ගෙන් මිදුණු සිත් ඇති භික්‍ෂුව අලංකාර ගන්‍ධයෝ නාසය හමුවට පැමිණෙත්ද, ඒ ගන්‍ධ ඔහුගේ සිත මැඩ නොගනී. ඔහුගේ සිත (එයින්) අවුල් නුවූයේමය. ස්ථිරවූයේ, නොසැලෙන බවට ගියේ, ඒ ගන්‍ධයන්ගේ විනාශයද බලයි.
“ස්වාමීනි, මෙසේ යහපත්ව කෙලෙසුන්ගෙන් මිදුණු සිත් ඇති භික්‍ෂුව අලංකාර රසයෝ, දිව හමුවට පැමිණෙත්ද, ඒ රස ඔහුගේ සිත මැඩ නොගනී. ඔහුගේ සිත (එයින්) අවුල් නුවූයේමය. ස්ථිරවූයේ, නොසැලෙන බවට ගියේ, ඒ රසයන්ගේ විනාශයද බලයි.

“ස්වාමීනි, මෙසේ යහපත්ව කෙලෙසුන්ගෙන් මිදුණු සිත් ඇති භික්‍ෂුව අලංකාර ස්පර්‍ශයෝ, කය හමුවට පැමිණෙත්ද, ඒ ස්පර්‍ශ ඔහුගේ සිත මැඩ නොගනී. ඔහුගේ සිත (එයින්) අවුල් නුවූයේමය. ස්ථිරවූයේ, නොසැලෙන බවට ගියේ, ඒ ස්පර්‍ශයන්ගේ විනාශයද බලයි.

§ 15 . “ස්වාමීනි, මෙසේ යහපත්ව කෙලෙසුන්ගෙන් මිදුණු සිත් ඇති භික්‍ෂුව අලංකාර සිතින් දත යුතු කරුණු, සිත හමුවට පැමිණෙත්ද, ඒ සිතින් දත යුතු කරුණු ඔහුගේ සිත මැඩ නොගනී. ඔහුගේ සිත (එයින්) අවුල් නුවූයේමය. ස්ථිරවූයේ, නොසැලෙන බවට ගියේ, ඒ සිතින් දත යුතු කරුණුවල විනාශයද බලයි.“ස්වාමීනි, සිදුරු නොවූ, බෙන නැති, එකට ඝනවූ ගල් පර්‍වතයක් යම් සේද, නැවත පෙරදිගින්ද, මහත් වාතයක් සහිත වැස්සක් එන්නේද, ඒ පර්‍වතය කම්පා නොකරන්නේය. නොවෙවුල වන්නේය. විශේෂයෙන් නොවෙවුල වන්නේය. නැවත බටහිර දිශාවෙන්ද, මහත් වාතයක් සහිත වැස්සක් එන්නේද, ඒ පර්‍වතය කම්පා නොකරන්නේය. නොවෙවුල වන්නේය. විශේෂයෙන් නොවෙවුල වන්නේය. නැවත උතුරු දිශාවෙන්ද මහත් වාතයක් සහිත වැස්සක් එන්නේද, ඒ පර්‍වතය කම්පා නොකරන්නේය. නොවෙවුල වන්නේය. විශේෂයෙන් නොවෙවුල වන්නේය. නැවත දකුණු දිශාවෙන්ද මහත් වාතයක් සහිත වැස්සක් එන්නේද, ඒ පර්‍වතය කම්පා නොකරන්නේය. නොවෙවුල වන්නේය. විශේෂයෙන් නොවෙවුල වන්නේය.

§ 16 .“ස්වාමීනි, එසේම, මෙසේ යහපත්සේ කෙළෙසුන්ගෙන් මිදුන සිත් ඇති මහණහට ඇසින් දැක්ක යුතු ලක්‍ෂණ රූපයෝ ඇසට හමුවෙත්ද, ඔහුගේ සිත මැඩ නොපවතිත්. ඔහුගේ සිත අවුල් නොවූයේ වේ. නොසැලෙන බවට පැමිණියේය.. රූපයේ විනාශය අනුව බලයි.

§ 17. “ස්වාමීනි, එසේම, මෙසේ යහපත්සේ කෙළෙසුන්ගෙන් මිදුන සිත් ඇති මහණහට කණින් ඇසියයුතු ශබ්දයෝ හමුවෙද්ද, ඔහුගේ සිත මැඩ නොපවතිත්. ඔහුගේ සිත අවුල් නොවූයේ වේ. නොසැලෙන බවට පැමිණියේය.. ශබ්දයේ විනාශය අනුව බලයි.

§ 18. “ස්වාමීනි, එසේම, මෙසේ යහපත්සේ කෙළෙසුන්ගෙන් මිදුන සිත් ඇති මහණහට නාසයෙන් ගඳ සුවඳ දැනීම කටයුතු ගඳ සුවඳ හමුවෙත්ද, ඔහුගේ සිත මැඩ නොපවතිත්. ඔහුගේ සිත අවුල් නොවූයේ වේ. නොසැලෙන බවට පැමිණියේය.. ගඳ සුවඳේ විනාශය අනුව බලයි.

§ 19. “ස්වාමීනි, එසේම, මෙසේ යහපත්සේ කෙළෙසුන්ගෙන් මිදුන සිත් ඇති මහණහට දිවෙන් දතයුතු රසයෝ හමුවෙද්ද, ඔහුගේ සිත මැඩ නොපවතිත්. ඔහුගේ සිත අවුල් නොවූයේ වේ. නොසැලෙන බවට පැමිණියේය.. රසයන්ගේ විනාශය අනුව බලයි.

§ 20 . “ස්වාමීනි, එසේම, මෙසේ යහපත්සේ කෙළෙසුන්ගෙන් මිදුන සිත් ඇති මහණහට කයින් දැනගතයුතු ස්පර්‍ශයෝ හමුවෙත්ද, ඔහුගේ සිත මැඩ නොපවතිත්. ඔහුගේ සිත අවුල් නොවූයේ වේ. නොසැලෙන බවට පැමිණියේය.. ස්පර්‍ශයන්ගේ විනාශය අනුව බලයි.

§ 21. “ස්වාමීනි, එසේම, මෙසේ යහපත්සේ කෙළෙසුන්ගෙන් මිදුන සිත් ඇති මහණහට සිතින් දැනගතයුතු ධර්‍මයෝ හමුවෙත්ද, ඔහුගේ සිත මැඩ නොපවතිත්. ඔහුගේ සිත අවුල් නොවූයේ වේ. නොසැලෙන බවට පැමිණියේය.. ධර්‍මයන්ගේ විනාශය අනුව බලයි.”(1-2)

§ 22 . “රහත්බවයයි කියන නෛෂ්ක්‍රම්‍යයද, සිතේ එම කෙළෙසුන් කෙරෙන් වෙන්වීම ඇති බවද, අවබෝධ කොට සිටියාවූද, තෘෂ්ණාව නැති කිරීමද, සිතේ මුලානොවීමද අවබෝධකොට සිටියාවූ කෙළෙස් නැති උතුමෙකුගේ ආයතනයන්ගේ ඉපදීම හා විනාශය දැක සිත මනාකොට මිදේද’(3-4)

§ 23 “මෙසේ මනාකොට මිදුනාවූ නිවුනාවූ සිත් ඇති ඒ භික්‍ෂුව විසින් කරණ ලද්ද නැවත නැවත වැඩීමක් නැත්තේය. කළයුතු දෙයක් නැත.(5)

“ඒකඝනවූ පර්‍වතය වාතයෙන් කම්පා නොවේද, මෙපරිද්දෙන් රූපාලම්බනයෙන්ද,(ඇලීමෙන්ද) ශබ්දාලම්බනයෙන්ද, ගන්‍ධාලම්බනයෙන්ද, ස්පර්‍ශාලම්බනයෙන්ද, ලාභාලාභයෙහි ගිජුනොවන රහතන් වහන්සේලා කම්පා නොවෙති. උන්වහන්සේගේ සිත විශේෂයෙන් මිදුනේ වේ. සිටියේ වේ. ඒ සිතේ ඉපදීම හා නැසීමද රහතන් වහන්සේ නැවත නැවත දකියි.”

2. ආබාධික ඵග්ගුණ සූත්‍රය

§ 1 .එසමයෙහි ආයුෂ්මත් ඵග්ගුණ ස්ථවිරයන් වහන්සේ හටගත් ආබාධ ඇත්තේ, දුකට පත්, දැඩි ගිලන්වූයේ වෙයි. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හිඳ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ.
“ස්වාමීනි, ආයුෂ්මත් ඵග්ගුණ ස්ථවිරයන් වහන්සේ, හටගත් ආබාධ ඇත්තේ, දුක්වූයේ, දැඩි සේ ගිලන්වූයේ වෙයි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ඔහු කෙරෙහි අනුකම්පා කොට ආයුෂ්මත් ඵග්ගුණ ස්ථවිරයන් වහන්සේ, ඉන්නා තැනට පැමිණෙන සේක්වා.” භාග්‍යවතුන් වහන්සේ කිසිවක් නොවැදෑරීමෙන් එය ඉවසූ සේක.

§ 2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි සමාදියෙන් නැගිටි සේක් ආයුෂ්මත් ඵග්ගුණ ස්ථවිරයන් වහන්සේ, හුන් තැනට එළඹි සේක. භාග්‍යවතුන් වහන්සේ වඩින බව දුරදීම ආයුෂ්මත් ඵග්ගුණ ස්ථවිරයන් වහන්සේ, දැක්කේමය. දැක ඇඳෙන් නැගිටින ආකාරයක් දැක්වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ඵග්ගුණ ස්ථවිරයන් වහන්සේට මෙසේ වදාළහ.,
“ඵග්ගුණය, ඔබ ඇඳෙන් නැගිටීම යුතු නැත. කලින් පැනවූ මේ ආසනයෝ ඇත්තාහ. මම එහි හිඳගන්නෙමි.”
පැනවූ අස්නෙහි භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි සේක. වැඩ හිඳ, ආයුෂ්මත් ඵග්ගුණ ස්ථවිරයන් වහන්සේට මෙසේ වදාළහ.

§ 3 . “ඔබ රුචි කරණ දේ මොනවාද? යැපියයුතු දේ කිමෙක්ද? ඔබේ ශාරීරික වේදනාවෝ අඩුවෙමින් පවතිත්ද? වැඩි වෙමින් පවතිත්ද? අඩුවෙන බවක් පෙනේද? වැඩිවෙන බවක් පෙනේද?”,

“ස්වාමීනි, මට කිසිවක් රුචි නොවේ. යැපියයුතු කිසිවක් (වුවමනා) නොවේ. මාගේ දැඩිවූ දුක් වේදනාවෝ වැඩිවෙමින් පවතිත්. අඩුවෙමින් නොපවතිත්. වැඩිවන බව පෙනේ. අඩුවන බව නොපෙනේ. ස්වාමීනි, යම්සේ බලවත් පුරුෂයෙක් තියුණු උලකින් හිසට අනින්නේද , එමෙන්ම ස්වාමීනි, බලවත් වාතයෝ මාගේ හිසට පීඩා කරත්.
“ස්වාමීනි, මට රුචි දෙයක් නැත. යැපියයුතු කිසිවක් (වුවමනා) නොවේ. මාගේ දැඩිවූ දුක් වේදනාවෝ වැඩිවෙමින් පවතිත්. අඩුවෙමින් නොපවතිත්. වැඩිවන බව පෙනේ. අඩුවන බව නොපෙනේ. ස්වාමීනි, යම්සේ බලවත් පුරුෂයෙක් දැඩිවූ වරපටකින් හිස වෙලන්නේද, ස්වාමීනි, එමෙන්ම මාගේ හිසෙහි දැඩිවූ හිසරදය පවතියි.
“ස්වාමීනි, මට රුචි දෙයක් නැත. යැපියයුතු කිසිවක් (වුවමනා) නොවේ. මාගේ දැඩිවූ දුක් වේදනාවෝ වැඩිවෙමින් පවතිත්. අඩුවෙමින් නොපවතිත්. වැඩිවන බව පෙනේ. අඩුවන බව නොපෙනේ. ස්වාමීනි, යම්සේ දක්‍ෂවූ ගවයන් මරන්නෙක් හෝ ඔහුගේ අතවැස්සෙක් හෝ තියුණු පිහියකින් බඩ කපන්නේද, එපරිද්දෙන්ම ස්වාමීනි, බලවත් වාතයෝ මාගේ කුසට වේදනා දෙත්.
“ස්වාමීනි, මට රුචි දෙයක් නැත. යැපියයුතු කිසිවක් (වුවමනා) නොවේ. මාගේ දැඩිවූ දුක් වේදනාවෝ වැඩිවෙමින් පවතිත්. අඩුවෙමින් නොපවතිත්. වැඩිවන බව පෙනේ. අඩුවන බව නොපෙනේ. ස්වාමීනි, යම්සේ බලවත් පුරුෂයෝ ඉතා දුර්වල පුරුෂයකු අත්වලින් අල්ලා ගිනි අඟුරු වලක රත් කරවත්ද, එපරිද්දෙන්ම ස්වාමීනි, මාගේ ශරීරයෙහි බලවත් දැවිල්ලක් වෙයි.
“ස්වාමීනි, මට රුචි දෙයක් නැත.

§4 . ඉක්බිති ආයුෂ්මත් ඵග්ගුණ ස්ථවිරයන් වහන්සේට දැහැමි කථාවන් දක්වා, සමාදන් කරවා, තෙද ගන්වා, සතුටු කරවා අස්නෙන් නැගිට වැඩි සේක. ඉක්බිති ආයුෂ්මත් ඵග්ගුණ ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වැඩමවා ටික වේලාවකින් කාලක්‍රියා කළහ.

උන්වහන්සේගේ මරණාවස්ථාවෙහි ඉන්‍ද්‍රියයෝ මනාසේ දැකුම්කලුව තිබුනාහ. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැන්හි පැමිණියහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. එකත් පසෙක සිටියාවූ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ.
“ස්වාමීනි, ආයුෂ්මත් ඵග්ගුණ ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වැඩමවා ටික වේලාවකින්ම කාලක්‍රියා කළහ. උන්වහන්සේගේ මරණාවස්ථාවෙහි ඉන්‍ද්‍රියයෝ දැකුම්කලුව තිබුනාහ.”

“කිමෙක්ද? ආනන්‍දය, ඵග්ගුණ ස්ථවිරයන්ගේ ඉන්‍ද්‍රියයෝ පැහැදී නොතිබෙද්ද? ආනන්‍දය, ඵග්ගුණ භික්‍ෂුවගේ පස් වැදෑරුම් ඔරම්භාගීය සංයෝජනයන්ගෙන් සිත මිදුනේය. ඔහුට ඒ ධර්‍ම දේශනාව අසා පස් වැදෑරුම් ඔරම්භාගීය සංයෝජනයන්ගෙන් සිත මිදුනේය.

“ආනන්‍දය, සුදුසු කාලයෙහි බණ ඇසීමෙහි, සුදුසු කාලයෙහි අර්ත්‍ථ පරීක්‍ෂා කිරීමෙහි මේ අනුසස් සයෙකි.
ඒ කවරහුද?

֍ ආනන්‍දය, මේ ශාසනයෙහි භික්‍ෂුවට පස් වැදෑරුම් ඔරම්භාගීය සංයෝජනයන්ගෙන් සිත මිදෙයි. හෙතෙම මරණ කාලයේ තථාගතයන් වහන්සේගේ දර්‍ශනය ලබයි. ඔහුට තථාගතයන් වහන්සේ ධර්‍මය දේශනා කරයි. මුල යහපත්, මැද යහපත්, කෙළවර යහපත්, අර්ත්‍ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, සියල්ල සම්පූර්‍ණවූ, පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කරයි. ඒ ධර්මදේශනාව අසා, පස් වැදෑරුම් ඔරම්භාගීය සංයෝජනයන්ගෙන් සිත මිදෙයි. ආනන්‍දය, සුදුසු කාලයෙහි ධර්ම ශ්‍රවණයේ මේ ප්‍රථම ආනිශංසයයි.

֍ “ආනන්‍දය, නැවතද, පස් වැදෑරුම් ඔරම්භාගීය සංයෝජනයන්ගෙන් භික්‍ෂුවගේ සිත මිදුනේ වේද, ඔහු මැරෙණ කාලයෙහි තථාගතයන් වහන්සේගේ දර්‍ශනය නොලැබුවේද, එසේ නමුදු තථාගත ශ්‍රාවකයෙකු දක්නට ලැබෙයි. ඔහුට තථාගත ශ්‍රාවක තෙම ධර්මදේශනා කරයි. මුල යහපත්, මැද යහපත්, කෙළවර යහපත්, අර්ත්‍ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, සියල්ල සම්පූර්‍ණවූ, පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කරයි. ඒ ධර්මදේශනාව අසා, පස් වැදෑරුම් ඔරම්භාගීය සංයෝජනයන්ගෙන් සිත මිදෙයි. ආනන්‍දය, සුදුසු කාලයෙහි ධර්ම ශ්‍රවණයේ මේ දෙවන ආනිශංසයයි.

֍ 3 .“ආනන්‍දය, පස් වැදෑරුම් ඔරම්භාගීය සංයෝජනයන්ගෙන් භික්‍ෂුවගේ සිත මිදුනේ වේද, ඔහු මැරෙණ කාලයෙහි තථාගත දර්‍ශනය නොලැබේද, තථාගත ශ්‍රාවක දර්‍ශනය නොලබාද, එසේ නමුදු ඇසූ පරිදි, දැරූ පරිදි. ධර්මය සිතින් කල්පනා කරයි. විචාරයි. සිතින් ඒ අනුව බලයි. පස් වැදෑරුම් ඔරම්භාගීය සංයෝජනයන්ගෙන් සිත මිදෙයි. ආනන්‍දය, මේ සුදුසු කාලයෙහි ධර්ම ශ්‍රවණය කිරීමේ, අර්ත්‍ථයන් සිහිකිරීමේ තුන්වන ආනිශංසයයි.

֍ 4. “ආනන්‍දය, මේ ශාසනයෙහි පස් වැදෑරුම් ඔරම්භාගීය සංයෝජනයන්ගෙන් භික්‍ෂුවගේ සිත මිදුනේ වේද, නිරුත්තරවූ, නැවත නැවත ඉපදීමේ සිත මිදුනේ වේ. හෙතෙම මැරෙණ කාලයෙහි තථාගත දර්‍ශනය ලැබේද, ඔහුට තථාගතයන් වහන්සේ ධර්මදේශනා කරයි. මුල යහපත්, මැද යහපත්, කෙළවර යහපත්, අර්ත්‍ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, සියල්ල සම්පූර්‍ණවූ, පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කරයි. ඒ ධර්මදේශනාව අසා, පස් වැදෑරුම් ඔරම්භාගීය සංයෝජනයන්ගෙන් සිත මිදෙයි. ඔහුට ඒ ධර්මදේශනාව අසා නිරුත්තරවූ, නැවත නැවත ඉපදීමේ සිත මිදෙයි. ආනන්‍දය, සුදුසු කාලයෙහි බණ ඇසීමේ මේ සතරවන ආනිශංසයයි.

֍ 5. “ආනන්‍දය, නැවතද, පස් වැදෑරුම් ඔරම්භාගීය සංයෝජනයන්ගෙන් භික්‍ෂුවගේ සිත මිදෙයි, නිරුත්තරවූ, නැවත නැවත ඉපදීමේ සිත මිදුනාවූ හෙතෙම මැරෙණ කාලයෙහි තථාගත දර්‍ශනය නොලබයිද, එසේ නමුදු තථාගත ශ්‍රාවකයකුගේ දර්‍ශනය ලැබෙයි. එහුට තතාගත ශ්‍රාවකතෙම ධර්මය දේශනා කරයි. මුල යහපත්, මැද යහපත්, කෙළවර යහපත්, අර්ත්‍ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, සියල්ල සම්පූර්‍ණවූ, පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කරයි. ඒ ධර්මදේශනාව අසා, පස් වැදෑරුම් ඔරම්භාගීය සංයෝජනයන්ගෙන් සිත මිදෙයි. ඒ ධර්‍මය අසා ඔහුගේ සිත නිරුත්තරවූ නැවත නැවත ඉපදීමෙන් මිදෙයි. ආනන්‍දය, මේ සුදුසු කාලයෙහි බණ ඇසීමේ පස්වන ආනිශංසයයි.

֍ 6 .“නැවතද ආනන්‍දය, භික්‍ෂුවගේ සිත පස්වැදෑරුම් ඔරම්භාගීය සංයෝජනයන්ගෙන් සිත මිදෙයි. නිරුත්තරවූ, නැවත නැවත ඉපදීමේ සිත මිදුනේ වෙයි. ඔහු මැරෙණ කාලයෙහි තථාගත දර්‍ශනය නොලැබේද, තථාගත ශ්‍රාවක දර්‍ශනය නොලබාද, එසේ නමුදු ඇසූ පරිදි, දැරූ පරිදි. ධර්මය සිතින් කල්පනා කරයි. විචාරයි. සිතින් ඒ අනුව බලයි. ඔහු ඇසු පරිදි, දැරූ පරිදි, ධර්මය සිතින් කල්පනා කරන්නේ විචාරන්නේ ඒ පිළිබඳව සිත යොදවන්නේ, නිරුත්තරවූ, නැවත නැවත ඉපදීමෙහි සිත මිදෙයි.

ආනන්‍දය, සුදුසු කාලයෙහි බණ ඇසීමෙහි, අර්ත්‍ථ පරීක්‍ෂා කිරීමෙහි මේ ආනිශංසයෝ සදෙන වෙති.”

3 ජළාභි ජාති සූත්‍රය

§ 1. “එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහවේ, ගිජුකුළු පව්වෙහි වෙසේ. ඉක්බිති වනාහි ආයුෂ්මත් ආනන්‍ද තෙමේ භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ, ආයුෂ්මත් ආනන්‍ද තෙම භාග්‍යවතුන් වහන්සේහට මෙය කීය.

§ 2. “ස්වාමීනි, පූරණ කාශ්‍යප විසින් ජාතීහු සයක් පනවන ලදහ.
කළුවූ ජාතියක් පනවන ලදී, නිල්වූ ජාතියක් පනවන ලදී. ලේවන් ජාතියක් පනවන ලදී, කහවන් ජාතියක් පනවන ලදී, සුදුවූ ජාතියක් පනවන ලදී, ඉතාම සුදුවූ ජාතියක් පනවන ලදී,

“ස්වාමිනි, එහි වනාහි පූරණ කාශ්‍යප විසින් බැටළු වැද්දෝය, හූරු වැද්දෝය, කුරුලු වැද්දෝය, මුව වැද්දෝය, මසුන් මරන්නෝය. සොරුය, සොරු මරන්නෝය, සිරකරුවෝය, අන් කිසි කෲර කර්‍ම කරන්නෝද යන මෙය කළු වූ ජාතියයයි පනවන ලදී.

ස්වාමිනි, එහි වනාහි පූරණ කාශ්‍යප විසින් භික්‍ෂූන් අතර රළු පැවතුම් ඇත්තෝද, අන් කිසි කර්‍ම, මත ඇති, ක්‍රියාවාද ඇති අයද, යන මෙය නිල්වූ ජාතියයි පනවන ලදී.

ස්වාමීනි, එහි වනාහි පූරණ කාශ්‍යප විසින් එක් සළුවක් හඳනා නිඝන්ඨයෝය යන මෙය ලේවන් ජාතියයයි පනවන ලදී. ස්වාමීනි, එහි වනාහි පූරණ කාශ්‍යප විසින් ගිහිවූත්, සුදු වස්ත්‍ර හඳනාවූත්, අචෙලක (-නිර්වස්ත්‍ර) තපසුන්ගේ ශ්‍රවකයෝ යන මෙය කසාවන් ජාතියයයි පනවන ලදී.

ස්වාමීනි, එහි වනාහි පූරණ කාශ්‍යප විසින් ආජීවක තාපසයෝද, ආජීවක තවුසියෝද, යන මෙය සුදුවූ ජාතියයයි පනවන ලදී. ස්වාමීනි, එහි වනාහි පූරණ කාශ්‍යප විසින් නන්‍ද නම් වූද, වච්ඡා නම් වූද, කෘශ වූද, සංකිච්ච නම් වුද, මක්ඛලී ගොසාල තෙමේ යන මෙය ඉතා සුදු ජාතියයයි පනවන ලදී. ස්වාමිනි, පූරණ කාශ්‍යප විසින් මේ ජාතීහු සය පනවන ලදී.”

§3. “ආනන්දය, කිමෙක්ද වනාහි පූරණ කාශ්‍යප හට සියලු ලොව මේ ජාතීහු සය පැනවීමට මෙසේ අනු දනීද?”
“ස්වාමීනි, මෙය නොවේමය.”

“ආනන්දය, මෙසේ යම්සේ පුරුෂයෙක් තෙම දිළිඳු වූයේ වේද, ස්වකීය දෙයක් නැත්තේද, නැළියක් (සහල්) නැත්තේද, නොකැමැත්තහුට, ‘පින්වත් පුරුෂය, තා විසින් මේ මස කෑ යුතුය. මිලද නොදිය යුතුය’ යි සිතේ කිලුටකට (-බාධාවකට) අසු කරන්නේද, ආනන්දය, එසේම වනාහි මෝඩවූ, ව්‍යක්ත නොවූ, ස්ථාන නොදන්නාවූ, පාපවූ, පූරණ කාශ්‍යප විසින් එය එසේ ප්‍රතිඥා නොකොට මේ මහණ බමුණන්ට මේ ජාති සය පනවන ලද්දේය. ආනන්දය, මම වනාහි ජාති සයක් පනවමි. එය අසව. හොඳට මෙනෙහි කරව. කියන්නෙමි.”

§ 4 . “ස්වාමීනි, මැනව’ යි ආයුෂ්මත් ආනන්ද තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“ආනන්දය, ජාති සය කෙසේද?
ආනන්දය, මේ ලොව එකෙක් කළුවූ ජාති ඇත්තේ, කළුවූ (-පාප) ධර්මයක් උපදවයි.
ආනන්දය, මේ ලොව එකෙක් කළුවූ ජාති ඇත්තේ සුදුවූ (පින්) දහම උපදවයි.
ආනන්දය, මේ ලොව එකෙක් කළුවූ ජාති ඇත්තේ කළු නොවූ, සුදු නොවූ නිවණ උපදවයි.
ආනන්දය, මේ ලොව එකෙක් සුදුවූ ජාති ඇත්තේ කළුවූ දහම උපදවයි.
ආනන්දය, මේ ලොව එකෙක් සුදුවූ ජාති ඇත්තේ සුදුවූ දහම උපදවයි.
ආනන්දය, මේ ලොව එකෙක් සුදුවූ ජාති ඇත්තේ කළු නොවූ, සුදු නොවූ නිවණ උපදවයි.

§ 5 . “ආනන්දය, කෙසේ නම් කළු ජාති ඇත්තේ කළුවූ දහම උපදවාද?

ආනන්ද, මෙලොව වනාහි එකෙක් නීච කුලයවූ සැඩොල් කුලයෙහි හෝ, වැදි කුලයෙහි හෝ කුළු පොතු කුලයෙහි හෝ, රියකරු කුලයෙහි හෝ, පුප්සඬු කුලයෙහි හෝ, ආහාර පාන භෝජන නැති, දුෂ්කර ජීවිකා ඇති, යමක දුකින් කෑම ඇඳීම, ලැබේද, ඒ දිළිඳු කුලයක හෝ උපන්නේ වේද, හෙද වනාහි දුර්වර්ණද, නපුරු දැකීම් ඇත්තේද, ඉතා කොන් වූයේද, බොහෝ ලෙඩ ඇත්තේද, අත කොරවූ හෝ, බකල හෝ, පය කොර හෝ, පැත්ත පණ නැති සේ හෝ, ආහාර, පාන, වස්ත්‍ර, යාන, මාලා, සුවඳ විලවුන්, ඇඳන්, ගෙවල්, පහන් නොලබනුයේ හෝ කයින් වැරදි කරයි. වචනයෙන් වැරදි කරයි. සිතින් වැරදි කරයි. හේ කයින් වැරදි කර, වචනයෙන් වැරදි කර, සිතින් වැරදි කර, කය බිඳි මරණින් මතු අපායවූ, දුගතිවූ, ඇද වැටීමවූ, නිරයේ උපදී. ආනන්දය, එසේම වනාහි කළුවූ ජාති ඇත්තේ, කළුවූ දහම උපදවයි.

§ 6 . “ආනන්දය, කෙසේ නම් කළුවූ ජාති ඇත්තේ, සුදුවූ දහම උපදවාද? ආනන්ද, මෙලොව වනාහි එකෙක් නීච කුලයවූ සැඩොල් කුලයෙහි හෝ, වැදි කුලයෙහි හෝ කුළු පොතු කුලයෙහි හෝ, රියකරු කුලයෙහි හෝ, පුප්සඬු කුලයෙහි හෝ, ආහාර පාන භෝජන නැති, දුෂ්කර ජීවිකා ඇති, යමක දුකින් කෑම ඇඳීම, ලැබේද, ඒ දිළිඳු කුලයක හෝ උපන්නේ වේද, හෙද වනාහි දුර්වර්ණද, නපුරු දැකීම් ඇත්තේද, ඉතා කොන් වූයේද, බොහෝ ලෙඩ ඇත්තේද, අත කොරවූ හෝ, බකල හෝ, පය කොර හෝ, පැත්ත පණ නැති සේ හෝ, ආහාර, පාන, වස්ත්‍ර, යාන, මාලා, සුවඳ විලවුන්, ඇඳන්, ගෙවල්, පහන් නොලබනුයේ හේ කයින් හොඳ කරයි. වචනයෙන් හොඳ කරයි. සිතින් හොඳ කරයි. එසේ කොට කය බිඳී මරනින් මතු සුගතිවූ දෙව් ලොව උපදී. ආනන්දය, එසේම කළුවූ ජාති ඇත්තේ, සුදුවූ දහම උපදවයි.

§ 7 . “ආනන්දය, කෙසේ නම් කළුවූ ජාති ඇත්තේ කළු නොවූ, සුදු නොවූ, දහම උපදවාද? ආනන්ද, මෙලොව වනාහි එකෙක් නීච කුලයවූ සැඩොල් කුලයෙහි හෝ, වැදි කුලයෙහි හෝ කුළු පොතු කුලයෙහි හෝ, රියකරු කුලයෙහි හෝ, පුප්සඬු කුලයෙහි හෝ, ආහාර පාන භෝජන නැති, දුෂ්කර ජීවිකා ඇති, යමක දුකින් කෑම ඇඳීම, ලැබේද, ඒ දිළිඳු කුලයක හෝ උපන්නේ වේද, හෙද වනාහි දුර්වර්ණද, නපුරු දැකීම් ඇත්තේද, ඉතා කොන් වූයේද, කෙස් රැවුල් කපවා, කසාවත් හැඳ, ගෙයින් නික්ම, සස්නෙහි පැවිදි වේද, හේ මෙසේ පැවිදි වූයේ, නුවණ දුබල කරණ, සිත කිළිටිවූ, වැසී සිටින පස් අකුසල් හැර, සතර සිහි පිහිටුවීම්වල මනාව සිත පිහිටවූයේ, බොධි අංග සත තත්වූ පරිද්දෙන් වඩා කලු නොවූ, සුදු නොවූ, නිවණ උපදවයි. ආනන්දය, මෙසේම වනාහි කළුවූ ජාති ඇත්තේ, කළු නොවූ, සුදු නොවූ, නිවණ උපදවයි.

§8. “ආනන්දය, කෙසේ නම් සුදුවූ ජාති ඇත්තේ කළුවූ දහම උපදවාද? ආනන්දය, මේ ලොව එකෙක් උසස් කුලවූ රදල මහසල් කූල හෝ බමුණු මහසල් කුල හෝ සිටු මහසල් කුල හෝ ආඪ්‍යව, මහ ධනව, මහා භෝග සහිතව, බොහෝ රන් රිදී ඇතිව, බොහෝ ධනෝපකරණ ඇතිව උපන්නේ වේද, සුරූප ඇත්තේ, දර්ශනීය වූයේ, පහදවන්නේ, උතුම් ශරීර වර්ණ සෞන්දර්යයෙන් යුක්තවූයේ, ආහාර, පාන, වස්ත්‍ර, යාන, මාලා, ගඳ විලවුන්, ඇඳන්, ගෙවල්, පහන් ලද්දේ වේද, හේ කයින් වැරදි කරයි. වචනයෙන වැරදි කරයි. සිතින් වැරදි කරයි. එසේ කොට කය බිඳී මරණින් පසු දුර්ගතිවූ, ඇද වැටීමවූ නිරයේ උපදී. ආනන්ද, මෙසේම වනාහි සුදුවූ ජාති ඇත්තේ, කලුවූ දහම උපදවයි.

§ 9. “ආනන්දය, කෙසේ නම් සුදුවූ ජාති ඇත්තේ සුදුවූ දහම උපදවාද? ආනන්දය, මේ ලොව එකෙක් උසස් කුලවූ රදල මහසල් කූල හෝ බමුණු මහසල් කුල හෝ සිටු මහසල් කුල හෝ ආඪ්‍යව, මහ ධනව, මහා භෝග සහිතව, බොහෝ රන් රිදී ඇතිව, බොහෝ ධනෝපකරණ ඇතිව උපන්නේ වේද, සුරූප ඇත්තේ, දර්ශනීය වූයේ, පහදවන්නේ, උතුම් ශරීර වර්ණ සෞන්දර්යයෙන් යුක්තවූයේ, ආහාර, පාන, වස්ත්‍ර, යාන, මාලා, ගඳ විලවුන්, ඇඳන්, ගෙවල්, පහන් ලද්දේ වේද, හේ කයින් කුසල් කරයි. වචනයෙන් කුසල් කරයි. සිතින් කුසල් කරයි. එසේකොට මරණින් මතු සුගතිවූ දෙව්ලොව උපදී. ආනන්දය, එසේම සුදුවූ ජාති ඇත්තේ, සුදුවූ දහම උපදවයි.

§ 10 .“ආනන්දය, කෙසේ නම් සුදු ජාති ඇත්තේ, කළු නොවූ, සුදු නොවූ නිවණ උපදවාද? ආනන්දය, මේ ලොව එකෙක් ආඪ්‍ය මහා ධනවත්, මහා භෝගවත්, බොහෝ රන් රිදී ඇති, බොහෝ ධනොපකරණ ඇති, රදළ මහසල් කුල හෝ, බමුණු මහසල් කුල හෝ සිටු මහසල් කුල හෝ උපන්නේ වේද, හේ සුරූප ඇත්තේ, දර්ශනීය වූයේ, පහදවන්නේ, උතුම් ශරීර වර්ණ සෞන්දර්යයෙන් යුක්තවූයේ, ආහාර, පාන, වස්ත්‍ර, යාන, මාලා, සුවඳ විලවුන්, ඇඳන්, ගෙවල්, පහන් ලබනුයේ වේද, හේ කෙස් රැවුල් කපවා, කසාවත් හැඳ, ගෙයින් නික්ම, සස්නෙහි පැවිදි වේද, හේ මෙසේ පැවිදි වූයේ, නුවණ දුබල කරණ, සිත කිළිටිවූ, වැසී සිටින පස් අකුසල් හැර, සතර සිහි පිහිටුවීම්වල මනාව සිත පිහිටවූයේ, බොධි අංග සත තත්වූ පරිද්දෙන් වඩා කලු නොවූ, සුදු නොවූ, නිවණ උපදවයි. ආනන්දය, මෙසේම සුදුවූ ජාති ඇත්තේ කලු නොවූ, සුදු නොවූ නිවණ උපදවයි. මේ වනාහි ජාතීහු සයයි.”

4. ආසවප්පහාණ සූත්‍රය

§ 1 . “මහණෙනි, ධර්ම සයෙකින් යුත් භික්‍ෂුව දුර සිට ගෙනා දෙය පිදීමට සුදුසු වේ. ඈතට ගෙන යන දෙය පිදීමට සුදුසු වේ. දක්‍ෂිණ නම් දානයට සුදුසු වේ. දොහොත් මුදුන් ලබා වැඳීමට සුදුසු වේ. ලෝකයාගේ උතුම් පින් කෙත වේ.
“කවර සයකින්ද?

§ 2. “මහණෙනි, මෙහි භික්‍ෂුවගේ යම් පවක් (ඉඳුරන්) හික්මීමෙන් ගෙවියයුතු වේද, ඒ පව් (ඉඳුරන්) හික්මවීමෙන් ගෙවේ. යම් පවක් ඇසුරු කිරීමෙන් ගෙවියයුතු ද, ඒ පව් ඇසුරු කිරීමෙන් ගෙවේ. යම් පවක් ඉවසීමෙන් ගෙවියයුතු ද, ඒ පව් ඉවසීමෙන් ගෙවේ. යම් පවක් දුරුකිරීමෙන් ගෙවියයුතුද, ඒ පව් දුරුකිරීමෙන් ගෙවේ. යම් පවක් යටපත් කිරීමෙන් ගෙවියයුතුද, ඒ පව් යටපත් කිරීමෙන් ගෙවේ. යම් පවක් සිත (භාවනා) වැඩීමෙන් ගෙවියයුතුද, ඒ පව් සිත වැඩීමෙන් ගෙවේ.

§ 3. “මහණෙනි, යමක් (ඉඳුරන්) හික්මවීමෙන් ගෙවේද, (ඉඳුරන්) හික්මවීමෙන් ගෙවියයුතු ඒ පව් කවරේද?
මහණෙනි, මෙහි යම් භික්‍ෂුවක් නුවණින් සලකමින් ඇසෙයි. හික්මීමෙන් හික්මුණේ වසයි. මහණෙනි, ඇස නොහික්මවා වසන අසංවරවූ ඔහුට යම් විනාශයෙන් කරණ දැවිලි පවක් උපදීද, ඇස හික්මවීමෙහි සංවරව වසන ඔහුට මෙසේ විනාශයෙන් කරණ දැවිලි ඇති ඒ පව් නොවේ.

“නුවණින් සලකමින් කන හික්මීමෙන් හික්මුනේ වසයි. මහණෙනි, කන නොහික්මවා වසන අසංවරවූ ඔහුට යම් විනාශයෙන් කරණ දැවිලි පවක් උපදීද, කන හික්මවීමෙහි සංවරව වසන ඔහුට මෙසේ විනාශයෙන් කරණ දැවිලි ඇති ඒ පව් නොවේ.

“නුවණින් සලකමින් නහයෙහි හික්මීමෙන් හික්මුනේ වසයි. මහණෙනි, නහය නොහික්මවා වසන අසංවරවූ ඔහුට යම් විනාශයෙන් කරණ දැවිලි පවක් උපදීද, නහය හික්මවීමෙහි සංවරව වසන ඔහුට මෙසේ විනාශයෙන් කරණ දැවිලි ඇති ඒ පව් නොවේ.

“නුවණින් සලකමින් දිවෙහි හික්මීමෙන් හික්මුනේ වසයි. මහණෙනි, දිව නොහික්මවා වසන අසංවරවූ ඔහුට යම් විනාශයෙන් කරණ දැවිලි පවක් උපදීද, දිව හික්මවීමෙහි සංවරව වසන ඔහුට මෙසේ විනාශයෙන් කරණ දැවිලි ඇති ඒ පව් නොවේ.

“නුවණින් සලකමින් කයෙහි හික්මීමෙන් හික්මුනේ වසයි. මහණෙනි, කය නොහික්මවා වසන අසංවරවූ ඔහුට යම් විනාශයෙන් කරණ දැවිලි පවක් උපදීද, කය හික්මවීමෙහි සංවරව වසන ඔහුට මෙසේ විනාශයෙන් කරණ දැවිලි ඇති ඒ පව් නොවේ.

“නුවණින් සලකමින් සිත හික්මීමෙන් හික්මුනේ වසයි. මහණෙනි, සිත නොහික්මවා වසන අසංවරවූ ඔහුට යම් විනාශයෙන් කරණ දැවිලි පවක් උපදීද, සිත හික්මවීමෙහි සංවරව වසන ඔහුට මෙසේ විනාශයෙන් කරණ දැවිලි ඇති ඒ පව් නොවේ.

“මහණෙනි, යම් නොහික්මවීමකින් අසංවරව වසන ඔහුට මෙසේ විනාශයෙන් කරණ දැවිලි ඇති යම් පවක් උපදීද, හික්මවීමෙන් වසන ඔහුට මෙසේ විනාශයෙන් කරණ දැවිලි ඇති ඒ පව් (ආශ්‍රව) නොවේ.“මහණෙනි, යමක් ආශ්‍රයෙන් ගෙවේද, ආශ්‍රයයෙන් ගෙවියයුතු ඒ පව් කවරේද?

“මහණෙනි, මෙහි (සස්නෙහි) යම් භික්‍ෂුවක් යම්තාක් ශීත නැසීමට, උෂ්ණය නැසීමට, ඇටමැසි, මදුරු, සුඵං, අවු, විසකුරු සතුන් යන මොවුන් ස්පර්‍ශ නොවිමට යම්තාක් ලජ්ජා ස්ථාන වැසීමට නුවණින් සලකා සිවුර ඇසුරු කරයිද, ක්‍රීඩාවට නොව, මදයට නොව, සැරසුමට නොව, බැබලීමට නොව, යම්තාක් මේ කය සිටීමට, යැමීමට, පීඩා නැවැත්වීමට, බඹසර පැවැත්වීමෙහි උපකාරයට, ‘මෙසේ පරණ වේදනාව නසමි. අපුත් වේදනාවද නොඋපදවන්නෙමි. මගේ ජීවිත යාත්‍රාවද වන්නේය. නිවැරදි බවද, පහසු විහරණයද වන්නේය’ යි නුවණින් සලකා ලත් අහර ඇසුරු කෙරේද, (මෙහි 3)සස’ යෙදිය යුතුයි.)

“යම්තාක් කාලයේ හිරිහැර නැසීමට, විවේකයෙහි ඇලීමට, නුවණින් සලකා සෙනසුන ඇසුරු කෙරේද, යම්තාක් උපන් හිංසා උපදවන වේදනාවන් නැසීමට, කරුණාසහගත භාවයවූ නිවණ පිණිස නුවණින් සලකා ගිලන්පස, බෙහෙත් පිරිකර ඇසුරු කෙරේද,

“මහණෙනි, යමක් වනාහි ඇසුරු නොකිරීමෙන් විනාශයෙන් කරණ දැවිලි වන්නේද, මෙසේ ඇසුරු කරන්නාවූ ඔහුට ඒ විනාශයෙන් කරණ දැවිලි ඇති ඒ පව් නොවේ.

“මහණෙනි, ඇසුරුකිරීමෙන් යම් පවක් ගෙවේද, ඒ ඇසුරු කිරීමෙන් ගෙවියයුතු පව් මොහුයයි කියනු ලැබේ.

“මහණෙනි, යමක් ඉවසීමෙන් ගෙවේද, ඉවසීමෙන් ගෙවියයුතු ඒ පව් කවරේද?
“මහණෙනි, මෙහි භික්‍ෂුවක් ඉවසන්නේ වේද, සීතය, උෂ්ණය, සා ගින්න, පිපාසය, ඇටමැසි, මදුරු, සුලං, අවු, විසකුරු සතුන්, යන මොවුන්ගේ ස්පර්‍ශයද, දුක්වූ, දැඩිවූ, රළුවූ, කටුකවූ, නොමිහිරිවූ, මනාප නොවූ, පණ පැහැරගන්නාවූ, වේදනාවන් ඉවසන්නේ වේද, මහණෙනි, නො ඉවසන ඔහුට විනාශයෙන් කරණ දැවීම් ඇති, යම් පවක් උපදින්නේ නම්, මෙසේ ඉවසන්නාවූ ඔහුට විනාශයෙන් කරණ දැවිලි ඇති, ඒ පව් නොඋපදී. මහණෙනි, යමක් ඉවසීමෙන් ගෙවේද, මේ පව් ඉවසීමෙන් ගෙවිය යුත්තෝය’ යි කියනු ලැබෙත්.

§ “මහණෙනි, යමක් වනාහි දුරුකිරීමෙන් ගෙවේද, දුරුකිරීමෙන් ගෙවියයුතු පව් කවරේද?“මහණෙනි, මෙහි භික්‍ෂුවක් නුවණින් සලකා චණ්ඩවූ ඇතකු දුරු කෙරේද, අසකු, ගොනකු, බල්ලකු, සර්පයකු දුරු කෙරේද, කණුවක්, කටු අත්තක්, දිය වළක්, බෑවුමක්, කුණු ගොඩක්, කුණු වළක්, යම්බඳුවූ පාප මිත්‍රයන් ඇසුරු කරන්නකු, දන්නාවූ සමාන බඹසර ඇති භික්‍ෂුතෙම ලාමක කරුණු කෙරෙහි හෙළා දකිද. හෙතෙම එම නොසෙවිය යුත්ත, එම නොතැන, එම ළාමක මිතුරන්ද නුවණින් සළකා දුරු කෙරේද, මහණෙනි, යමක් දුරු නොකරන්නාවූ ඔහුට විනාශයෙන් කරණ දැවීම් ඇති පව් උපදින්නේ නම් මෙසේ දුරු කරන්නාවූ ඔහුට මේ පව් නො උපදී.“මහණෙනි, යමක් වනාහි යටපත් කිරීමෙන් ගෙවේද, යටපත් කිරීමෙන් ගෙවියයුතු පව් කවරේද?

§ “මහණෙනි, මෙහි යම් භික්‍ෂුවක් නුවණින් සළකා උපන් කාම සිතුවිලි යටපත් කෙරේද, හැරලයිද, දුරු කෙරේද, නසයිද, නොපැවැත්මට පමුණුවාද,
“නුවණින් සලකා උපන් කෝප සිතුවිලි යටපත් කෙරේද, හැරලයිද, දුරු කෙරේද, නසයිද, නොපැවැත්මට පමුණුවාද,“
නුවණින් සලකා උපන් හිංසා සිතුවිලි යටපත් කෙරේද, හැරලයිද, දුරු කෙරේද, නසයිද, නොපැවැත්මට පමුණුවාද,
“නුවණින් සලකා උපන් පව්වූ ලාමක ගති සිතුවිලි යටපත් කෙරේද, හැරලයිද, දුරු කෙරේද, නසයිද, නොපැවැත්මට පමුණුවාද,

“මහණෙනි, යමක් යටපත් නොකරන්නාවූ ඔහුට විනාශයෙන් කරණ දැවිලි ඇති යම් පවක් උපදින්නේ නම්, මෙසේ යටපත් කරන්නාවූ ඔහුට විනාශයෙන් වන දැවිලි ඇති මේ පව් නොවේ.

“මහණෙනි, යමක් යටපත් කිරීමෙන් ගෙවේද, මේ පව් යටපත් කිරීමෙන් ගෙවිය යුත්තේයයි කියනු ලැබෙත්.

§ “මහණෙනි, යමක් සිත වැඩීමෙන් ගෙවේද, සිත වැඩීමෙන් ගෙවියයුතු පව් කවරේද?

“මහණෙනි, මෙහි භික්‍ෂුව නුවණින් සලකා විවේකය ඇසුරුකළ, නොඇල්ම ඇසුරුකළ, සිත නොපැවැත්ම ඇසුරුකළ, දුරුකිරීම වැඩෙන සිහිය නම් බෝධි අංගය වඩාද, නුවණින් සලකා ධර්මය විමසීමේ බෝධි අංගය, වීර්ය නම් බෝධි අංගය, ප්‍රීතිය නම් බෝධි අංගය, සන්සිඳීම නම් බෝධි අංගය, සිත එකඟය නම් බෝධි අංගය, මැදහත්කම නම් බෝධි අංගය, යන මේ විවේකය ඇසුරුකළ, නොඇල්ම ඇසුරුකළ, සිත නොපැවැත්ම (නිරෝධය) ඇසුරුකළ, (චිත්ත-සංඥා) දුරුකිරීම වැඩෙන බෝධි අංග වඩාද, මහණෙනි, යමක් නොවඩන්නාවූ ඔහුට විනාශයෙන් කරණ දැවිලි ඇති පව් උපදින්නේ නම්, මෙසේ වඩන ඔහුට විනාශ යෙන් කරණ දැවිලි ඇති ඒ පව් නොවේ. මහණෙනි, යමක් සිත වැඩීමෙන් ගෙවේද, මොහු සිත වැඩීමෙන් ගෙවියයුතු පව්යයි කියනු ලැබේ.“මහණෙනි, ධර්ම සයෙකින් යුත් භික්‍ෂුව දුර සිට ගෙනා දෙය පිදීමට සුදුසු වේ. ඈතට ගෙන යන දෙය පිදීමට සුදුසු වේ. දක්‍ෂිණ නම් දානයට සුදුසු වේ. දොහොත් මුදුන් ලබා වැඳීමට සුදුසු වේ. ලෝකයාගේ උතුම් පින් කෙත වේ.

5 . දාරුකම්මික සූත්‍රය

§ 1 . “මා විසින් මේ සූත්‍රය මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ නාදික ගම්හි ගිඤ්ජකාවසථයෙහි වැඩ වසන සේක.

§ 2 . එකල්හි දැව කර්මාන්ත කරන්නාවූ එක්තරා ගෘහපතියෙක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නේය. එසේ හුන්නාවූ ගෘහපතියාට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“ගෘහපතිය, ඔබගේ කුලයෙහි දානය දෙනු ලැබේද?”
“ස්වාමීනි, මාගේ කුලයෙහි දානය දෙනු ලැබේ. එයද යම් ඒ භික්‍ෂහු ආරඤ්ඤක වූවෝද, පිණ්ඩපාතික වූවෝද, පාංශුකූලික වූවෝද, අර්‍හත් හෝ ඒ මගට පිළිපන්නාහු හෝ වෙත්ද, එබඳුවූ භික්‍ෂූන් කෙරෙහි දානය දෙනු ලැබේ.”

“ගෘහපතිය, ගිහිවූ, කාමභෝගීවු, පුත්‍රයන්ගෙන් ගැහැට ඇත්තාවූ, කසී සඳුන් පරිහරණය කරන්නාවූ, මල් ගඳ විලවුන් දරන්නාවූ, මිළ මුදල් ඉවසන්නාවූ, ඔබ විසින්, මේ රහත්හුය, මේ රහත් මගට පිළිපන්නෝයයි දැනගැනීම අමාරුවෙන් කටයුතුය.

“ගෘහපතිය, ආරඤ්ඤකවූද, උඩඟුවූ, මාන්නය ඇති, චපලවූ, මුඛරවූ, විසුරුන වචන ඇති, මුළාවූ සිහි ඇති, කල්පනා නැති, එකඟවූ සිත් නැති, මුලාවූ සිත් ඇති, ප්‍රකෘති ඉන්‍ද්‍රිය ඇති භික්‍ෂුවක් වෙයි. මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් නින්‍දා ලබයි.

“ගෘහපතිය, ආරඤ්ඤකවූ, උඩඟු නොවූ, මාන්නය නැති, චපල නොවූ, මුඛර නොවූ, විසුරුන වචන නැති, එළඹ සිටි සිහි ඇති, කල්පනා ඇති, එකඟවූ සිත් ඇති, එළඹ සිටි සිත් ඇති, සංවරවූ ඉන්‍ද්‍රිය ඇති භික්‍ෂුවක් වෙයි. මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් ප්‍රශංසා ලබයි.

“ගෘහපතිය, ගම්බද වෙහෙරෙහි වසන, උඩඟුවූ, මාන්නය ඇති, චපලවූ, මුඛරවූ, විසුරුන වචන ඇති, මුළාවූ සිහි ඇති, කල්පනා නැති, එකඟවූ සිත් නැති, මුලාවූ සිත් ඇති, ප්‍රකෘති ඉන්‍ද්‍රිය ඇති භික්‍ෂුවක් වෙයි. මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් නින්‍දා ලබයි.

“ගෘහපතිය, ගම්බද වෙහෙරෙහි වසන, උඩඟු නොවූ, මාන්නය නැති, චපල නොවූ, මුඛර නොවූ, විසුරුන වචන නැති, එළඹ සිටි සිහි ඇති, කල්පනා ඇති, එකඟවූ සිත් ඇති, එළඹ සිටි සිත් ඇති, සංවරවූ ඉන්‍ද්‍රිය ඇති භික්‍ෂුවක් වෙයි. මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් ප්‍රශංසා ලබයි.

“ගෘහපතිය, පිණ්ඩපාතිකවූද, උඩඟුවූ, මාන්නය ඇති, චපලවූ, මුඛරවූ, විසුරුන වචන ඇති, මුළාවූ සිහි ඇති, කල්පනා නැති, එකඟවූ සිත් නැති, මුලාවූ සිත් ඇති, ප්‍රකෘති ඉන්‍ද්‍රිය ඇති භික්‍ෂුවක් වෙයි. මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් නින්‍දා ලබයි.

“ගෘහපතිය, පිණ්ඩපාතිකවූද, උඩඟු නොවූ, මාන්නය නැති, චපල නොවූ, මුඛර නොවූ, විසුරුන වචන නැති, එළඹ සිටි සිහි ඇති, කල්පනා ඇති, එකඟවූ සිත් ඇති, එළඹ සිටි සිත් ඇති, සංවරවූ ඉන්‍ද්‍රිය ඇති භික්‍ෂුවක් වෙයි. මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් ප්‍රශංසා ලබයි.

“ගෘහපතිය, ආරාධනා ලබන්නාවූද, උඩඟුවූ, මාන්නය ඇති, චපලවූ, මුඛරවූ, විසුරුන වචන ඇති, මුළාවූ සිහි ඇති, කල්පනා නැති, එකඟවූ සිත් නැති, මුලාවූ සිත් ඇති, ප්‍රකෘති ඉන්‍ද්‍රිය ඇති භික්‍ෂුවක් වෙයි. මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් නින්‍දා ලබයි.

“ගෘහපතිය, ආරාධනා ලබන්නාවූද, උඩඟු නොවූ, මාන්නය නැති, චපල නොවූ, මුඛර නොවූ, විසුරුන වචන නැති, එළඹ සිටි සිහි ඇති, කල්පනා ඇති, එකඟවූ සිත් ඇති, එළඹ සිටි සිත් ඇති, සංවරවූ ඉන්‍ද්‍රිය ඇති භික්‍ෂුවක් වෙයි. මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් ප්‍රශංසා ලබයි.

“ගෘහපතිය, පාංශුකූලිකවූද, උඩඟුවූ, මාන්නය ඇති, චපලවූ, මුඛරවූ, විසුරුන වචන ඇති, මුළාවූ සිහි ඇති, කල්පනා නැති, එකඟවූ සිත් නැති, මුලාවූ සිත් ඇති, ප්‍රකෘති ඉන්‍ද්‍රිය ඇති භික්‍ෂුවක් වෙයි. මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් නින්‍දා ලබයි.

“ගෘහපතිය, පාංශුකූලිකවූද, උඩඟු නොවූ, මාන්නය නැති, චපල නොවූ, මුඛර නොවූ, විසුරුන වචන නැති, එළඹ සිටි සිහි ඇති, කල්පනා ඇති, එකඟවූ සිත් ඇති, එළඹ සිටි සිත් ඇති, සංවරවූ ඉන්‍ද්‍රිය ඇති භික්‍ෂුවක් වෙයි. මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් ප්‍රශංසා ලබයි.

“ගෘහපතිය, සැදැහැ ඇතියන් දෙන සිවුරු දරන්නාවූද, උඩඟුවූ, මාන්නය ඇති, චපලවූ, මුඛරවූ, විසුරුන වචන ඇති, මුළාවූ සිහි ඇති, කල්පනා නැති, එකඟවූ සිත් නැති, මුලාවූ සිත් ඇති, ප්‍රකෘති ඉන්‍ද්‍රිය ඇති භික්‍ෂුවක් වෙයි. මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් නින්‍දා ලබයි.

“ගෘහපතිය, සැදැහැ ඇතියන් දෙන සිවුරු දරන්නාවූද, උඩඟු නොවූ, මාන්නය නැති, චපල නොවූ, මුඛර නොවූ, විසුරුන වචන නැති, එළඹ සිටි සිහි ඇති, කල්පනා ඇති, එකඟවූ සිත් ඇති, එළඹ සිටි සිත් ඇති, සංවරවූ ඉන්‍ද්‍රිය ඇති භික්‍ෂුවක් වෙයි. මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් ප්‍රශංසා ලබයි.

“ගෘහපතිය, මෙසේ ඔබ සංඝයා කෙරෙහි දන් දෙව. ඔබ විසින් සංඝයා කෙරෙහි දන් දෙනු ලබන්නේ සිත පහදින්නේය. ඒ පැහැදුනාවූ සිත් ඇති ඔබ කායයාගේ බිඳීමෙන් මරණින් මතු සුගති නම්වූ ස්වර්‍ග ලෝකයෙහි උපදින්නේය.”
“ස්වාමීනි, මම අද පටන් සංඝයා කෙරෙහි දන් දෙන්නෙමි.”

6. චිත්තහත්‍ථි සාරීපුත්ත සූත්‍රය

§ 1 . “මා විසින් මෙසේ අසන ලදී.
එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බරණැස් නුවර මෘගයන්ට අභය දුන් ඉසිපතනාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි බොහෝ ස්ථවිර භික්‍ෂුහු සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුනාහු, කවාකාර මලුවෙහි රැස්වූවාහු අභිධර්ම කථා කියමින් හුන්නාහුය. එකල්හි වනාහි, හස්තිසාරියගේ පුත්‍රවූ, ආයුෂ්මත් චිත්‍ර තෙමේ අභිධර්ම කථා කරණ ස්ථවිර භික්‍ෂූන් අතර අතුරු කථා පටන් ගනියි.ඉක්බිති ආයුෂමත් මහා කොට්ඨිත ස්ථවිර තෙමේ, හස්තිසාරියගේ පුත්‍රවූ, ආයුෂ්මත් චිත්‍රට, “හස්තිසාරියගේ පුත්‍රවූ, ආයුෂ්මත් චිත්‍රයෙනි, අභිධර්‍ම කථා කියන ස්ථවිර භික්‍ෂූන් අතර අතුරු කථා නොකරව. ආයුෂ්මත් චිත්‍ර තෙමේ කථාව අවසානය දක්වා ප්‍රමාදවන සේක්වා” යි කීයේය. මෙසේ කී කල්හි හස්තිසාරියගේ පුත්‍රවූ, ආයුෂ්මත් චිත්‍රගේ යහළු භික්‍ෂූහු, ආයුෂ්මත් මහා කොට්ඨිතට,

§“ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන් වහන්ස, හස්තිසාරි පුත්‍රවූ, ආයුෂ්මත් චිත්‍ර තෙරුන් පිට නොකරව. හස්තිසාරියගේ පුත්‍රවූ, ආයුෂ්මත් චිත්‍ර තෙමේ පණ්ඩිතය. හස්තිසාරියගේ පුත්‍රවූ, ආයුෂ්මත් චිත්‍ර තෙමේ ස්ථවිර භික්‍ෂූන්ට අභිධර්‍ම කථා කීමට සමර්ත්‍ථය” යි කීවාහුය.“ඇවැත්නි, සිතේ ක්‍රමය නොදන්නවුන්ට අනුන්ගේ සිත දැනගැනීමට නොහැක. ඇවැත්නි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් යම්තාක් ශාස්තෲන් වහන්සේ හෝ අනික් ගරු කටයුතු ස්ථවිර කෙනෙක් ඇසුරුකොට වාසය කරයිද, ඒතාක් අතිශයින් කීකරුවේ. අතිශයින් උඩඟු නොවූයේ වේ. අතිශයින් ශාන්තවූයේ වේ. යම් අවස්ථාවක සිට ශාස්තෲන් වහන්සේගෙන් හෝ ගරු කටයුතු සමාන සිල් රකින්නන්ගෙන් ඈත්වේද, හෙතෙම භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකාවන්. රජුන්, රජ මහ ඇමතියන්, තීර්ත්‍ථකයන්, තිර්ත්‍ථක ශ්‍රාවකයන් සමග ඇලී වාසය කරයිද, ප්‍රකටව කථාවෙහි ඇතී වාසය කරන්නහුගේ සිත රාගය මැඩ පවත්වයි. හෙතෙම රාගයෙන් මැඩ පැවැත්වූ සිතින් ශික්‍ෂාව අතහැර ගිහිවෙයි.“ඇවැත්නි, යම් සේ ගොයම් කෑ ගොනෙක් යම් සේ දම්වැලකින් බඳනා ලද්දේ, ගාලෙහි හෝ සිර කරණු ලැබුවේද, ඇවැත්නි, යම් කෙනෙක් ‘මේ ගව තෙම දැන් ගොයම් නොකන්නේය. නැවත ගොයමට නොබසින්නේය’ යි මෙසේ කියන්නේය. ඇවැත්නි, හෙතෙම මනාකොට කියන්නේද? ඇවැත්නි, නැත. යම් හෙයකින් ඒ ගොයම් කන ගොනා දම්වැල හෝ කඩා, ගාල නොබිඳ, නැවත ගොයමට බසින්නේය. යන මේ කාරණය විද්‍යමාන වේ.“ඇවැත්නි, එසේම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් යම්තාක් ශාස්තෲන් වහන්සේ හෝ ගරුකටයුතු අන් කෙනෙක් ඇසුරුකොට වාසය කරයිද, ඒ තාක් අතිශයින් කිකරු වේ. අතිශයින් උඩඟු නොවූයේ වේ. අතිශයින් ශාන්තවූයේ වේ.යම් අවස්ථාවක සිට ශාස්තෲන් වහන්සේගෙන් හෝ ගරු කටයුතු සමාන සිල් රකින්නන්ගෙන් ඈත්වේද, හෙතෙම භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකාවන්. රජුන්, රජ මහ ඇමතියන්, තීර්ත්‍ථකයන්, තිර්ත්‍ථක ශ්‍රාවකයන් සමග ඇලී වාසය කරයිද, ප්‍රකටව කථාවෙහි ඇතී වාසය කරන්නහුගේ සිත රාගය මැඩ පවත්වයි. හෙතෙම රාගයෙන් මැඩ පැවැත්වූ සිතින් ශික්‍ෂාව අතහැර ගිහිවෙයි.“ඇවැත්නි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති, ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම ප්‍රථම ධ්‍යානය ලැබුයේ වෙමියි භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකාවන්. රජුන්, රජ මහ ඇමතියන්, තීර්ත්‍ථකයන්, තිර්ත්‍ථක ශ්‍රාවකයන් සමග ඇලී වාසය කරයිද, ප්‍රකටව කථාවෙහි ඇතී වාසය කරන්නහුගේ සිත රාගය මැඩ පවත්වයි. හෙතෙම රාගයෙන් මැඩ පැවැත්වූ සිතින් ශික්‍ෂාව අතහැර ගිහිවෙයි.“ඇවැත්නි, යම් සේ සතර මං සන්ධියෙක්හි මහ වැහි බින්දු ඇති වර්ෂාවක් වසින්නේ, ධූලි නැති කරන්නේද, මඩ උපදවන්නේද, ඇවැත්නි, යමෙක් දැන් මේ සතර මං සන්ධියෙහි නැවත ධූලි ඇති නොවන්නේයයි මෙසේ කියන්නේය. ඇවැත්නි, හෙතෙම යටපත්කොට කිවන්නෙක්වී කියන්නේද? ඇවැත්නි, නැත. ඇවැත්නි, මේ සතර දං සන්ධියෙහි මනුෂ්‍යයන් හෝ යන්නාහුද, ගවයන් හෝ සත්ත්‍වයන් යන්නේ නම්, අව්ව හා වාතය තෙතමන ගන්නේ නම්, නැවත ධූලි පහළවන්නේය යන මේ කාරණය විද්‍යමාන වේ. ඇවැත්නි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති, ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම ප්‍රථම ධ්‍යානය ලැබුයේ වෙමියි භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකාවන්. රජුන්, රජ මහ ඇමතියන්, තීර්ත්‍ථකයන්, තිර්ත්‍ථක ශ්‍රාවකයන් සමග ඇලී වාසය කරයිද, ප්‍රකටව කථාවෙහි ඇතී වාසය කරන්නහුගේ සිත රාගය මැඩ පවත්වයි. හෙතෙම රාගයෙන් මැඩ පැවැත්වූ සිතින් ශික්‍ෂාව අතහැර ගිහිවෙයි.

§ “ඇවැත්නි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් විතර්ක විචාරයන්ගේ සන්සිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම් ඇති, සිත හා එකට පහළවූ, විතර්‍ක නැති, විවාර නැති, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති, දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයිද. හෙතෙම දෙවෙනි ධ්‍යානය ලැබුයේ වෙමියි භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකාවන්. රජුන්, රජ මහ ඇමතියන්, තීර්ත්‍ථකයන්, තිර්ත්‍ථක ශ්‍රාවකයන් සමග ඇලී වාසය කරයිද, ප්‍රකටව කථාවෙහි ඇතී වාසය කරන්නහුගේ සිත රාගය මැඩ පවත්වයි. හෙතෙම රාගයෙන් මැඩ පැවැත්වූ සිතින් ශික්‍ෂාව අතහැර ගිහිවෙයි.

§ “ඇවැත්නි, ගමට හෝ නියම්ගමට හෝ නුදුරෙහිවූ මහත් විලක් යම් සේද, එහි වසින්නාවූ ලොකු දිය බින්දු ඇති වර්ෂාව සිප්පි බෙල්ලන් හා සක් බෙල්ලන්ද, කැට කැබිලිතිද අතුරුදහන් කරන්නේය. ඇවැත්නි යම් කෙනෙක්, ‘දැන් මේ විලෙහි නැවත සිප්පි බෙල්ලන් හා සක් බෙල්ලන්ද, කැට කැබිලිතිද පහළ නොවන්නේය’ යි මෙසේ කියන්නේය. ඇවැත්නි, හෙතෙම මනාකොට කියන්නේද? ඇවැත්නි නැත. මේ විලෙහි මිනිසුන් හෝ වතුර බොන්නාහුද, ගවයන් හෝ තිරිසනුන් ජලය බොන්නාහු නම්, වාතය හා අව්ව තෙතමන ගන්නේද, නැවත ඊට පසු සිප්පි බෙල්ලන් හා සක් බෙල්ලන්ද, කැට කැබිලිතිද පහළවන්නේයයි යන මේ කරුණ විද්‍යමාන වේ.

§ “ඇවැත්නි, එසේම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් විතර්ක විචාරයන්ගේ සන්සිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම් ඇති, සිත හා එකට පහළවූ, විතර්‍ක නැති, විවාර නැති, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති, දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයිද. හෙතෙම දෙවෙනි ධ්‍යානය ලැබුයේ වෙමියි භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකාවන්. රජුන්, රජ මහ ඇමතියන්, තීර්ත්‍ථකයන්, තිර්ත්‍ථක ශ්‍රාවකයන් සමග ඇලී වාසය කරයිද, ප්‍රකටව කථාවෙහි ඇතී වාසය කරන්නහුගේ සිත රාගය මැඩ පවත්වයි. හෙතෙම රාගයෙන් මැඩ පැවැත්වූ සිතින් ශික්‍ෂාව අතහැර ගිහිවෙයි.

§ “ඇවැත්නි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ප්‍රීතිය පහවීමෙන් උපෙක්‍ෂා ඇතිව වාසය කරයි. සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, කයින් සැපයක් විඳී. උපෙක්‍ෂා ඇති, සිහි ඇති, සැප විහරණයෙකැයි ආර්‍ය්‍යයෝ කියත්ද, ඒ තුන්වෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයිද, හෙතෙම ‘මම තෘතීය ධ්‍යානයට පැමිණියෙමි’ යි භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකාවන්. රජුන්, රජ මහ ඇමතියන්, තීර්ත්‍ථකයන්, තිර්ත්‍ථක ශ්‍රාවකයන් සමග ඇලී වාසය කරයිද, ප්‍රකටව කථාවෙහි ඇතී වාසය කරන්නහුගේ සිත රාගය මැඩ පවත්වයි. හෙතෙම රාගයෙන් මැඩ පැවැත්වූ සිතින් ශික්‍ෂාව අතහැර ගිහිවෙයි. ඇවැත්නි, යම් සේ ප්‍රණීත භෝජනයක් වැළඳු පුරුෂයෙක්, ‘ඊයේ සවස බොජුනට රුචි නොවන්නේද. ඇවැත්නි, යමෙක් අසවල් පුරුෂ තෙමේ නැවත භෝජනය කැමති නොවන්නේය’ යි මෙසේ කියන්නේය. ඇවැත්නි, හෙතෙම යහපත්කොට කියන වදනක්ද? ඇවැත්නි, නැත. ඇවැත්නි, මේ කරුණ විද්‍යමානවේ. ප්‍රණීත බොජුන් වැළඳු මේ පුරුෂයා යම්තාක් ඒ ඕජාව ශරීරයෙහි සිටීද, ඒතාක් අන් බොජුනක් රුචි නොවන්නේය. යම් කලක පටන් ඔහුට ඒ ඕජාව අතුරුදහන් වේද, නැවත ඒ භෝජනය රුචි වන්නේය. ඇවැත්නි, එසේම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ප්‍රීතිය පහවීමෙන් උපෙක්‍ෂා ඇතිව වාසය කරයි. සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, කයින් සැපයක් විඳී. උපෙක්‍ෂා ඇති, සිහි ඇති, සැප විහරණයෙකැයි ආර්‍ය්‍යයෝ කියත්ද, ඒ තුන්වෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයිද, හෙතෙම තෘතීය ධ්‍යානය ලැබුවෙමියි භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකාවන්. රජුන්, රජ මහ ඇමතියන්, තීර්ත්‍ථකයන්, තිර්ත්‍ථක ශ්‍රාවකයන් සමග ඇලී වාසය කරයිද, ප්‍රකටව කථාවෙහි ඇතී වාසය කරන්නහුගේ සිත රාගය මැඩ පවත්වයි. හෙතෙම රාගයෙන් මැඩ පැවැත්වූ සිතින් ශික්‍ෂාව අතහැර ගිහිවෙයි.“ඇවැත්නි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සැපය දුරු කිරීමෙන්ද, දුක දුරු කිරීමෙන්ද, සොම්නස්, දොම්නස් දෙක අස්තවීමට පෙරම, දුක් නැති, සැප නැති, උපේක්‍ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදුකම ඇති සතරවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම සතරවෙනි ධ්‍යානය ලැබුයේ වෙමියි භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකාවන්. රජුන්, රජ මහ ඇමතියන්, තීර්ත්‍ථකයන්, තිර්ත්‍ථක ශ්‍රාවකයන් සමග ඇලී වාසය කරයිද, ප්‍රකටව කථාවෙහි ඇතී වාසය කරන්නහුගේ සිත රාගය මැඩ පවත්වයි. හෙතෙම රාගයෙන් මැඩ පැවැත්වූ සිතින් ශික්‍ෂාව අතහැර ගිහිවෙයි.“ඇවැත්නි, පර්වත වංගුවෙක්හි වාතය නොහමන. පහවූ රැල ඇති, දිය විලක් වේද, ඇවැත්නි, යමෙක් මෙසේ කියන්නේය. ‘දැන් මේ දිය විලෙහි නැවත රැල පහල නොවන්නේය’ යි මෙසේ කියන්නේය. ඇවැත්නි, හෙතෙම යහපත්කොට කියන්නේද? ඇවැත්නි, නැත. ඇවැත්නි, පෙරදිගින් මහත් වාතයක් සහිත වැස්සක් එන්නේය. ඕ ඒ දිය විලෙහි රැල ඇති කරන්නේය. බටහිර දිශාවෙන් මහත් වාතයක් සමග වැස්සක් එන්නේය. ඕ තොමෝ ඒ දිය විලෙහි රැල ඇති කරන්නේය. උතුරු දිගින් මහත් වාතයක් සහිත වැස්සක් එන්නේය. ඕ තොමෝ ඒ දිය විලෙහි රැල ඇති කරන්නේය. දකුණු දිගින් මහත් වාතයක් සහිත වැස්සක් එන්නේය. ඕ තොමෝ ඒ දිය විලෙහි රැල ඇති කරන්නේය.“ඇවැත්නි, එසේම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සැප ප්‍රහාණ කිරීමෙන්ද, දුක් ප්‍රහාණ කිරීමෙන්ද, සැපය දුරු කිරීමෙන්ද, දුක දුරු කිරීමෙන්ද, සොම්නස්, දොම්නස් දෙක අස්තවීමට පෙරම, දුක් නැති, සැප නැති, උපේක්‍ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදුකම ඇති සතරවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. සතරවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයිද, හෙතෙම සතරවෙනි ධ්‍යානය ලැබුයේ වෙමියි භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකාවන්. රජුන්, රජ මහ ඇමතියන්, තීර්ත්‍ථකයන්, තිර්ත්‍ථක ශ්‍රාවකයන් සමග ඇලී වාසය කරයිද, ප්‍රකටව කථාවෙහි ඇතී වාසය කරන්නහුගේ සිත රාගය මැඩ පවත්වයි. හෙතෙම රාගයෙන් මැඩ පැවැත්වූ සිතින් ශික්‍ෂාව අතහැර ගිහිවෙයි.“ඇවැත්නි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සියලු නිමිති මෙනෙහි නොකිරීමෙන් රාගාදී නිමිති රහිත චිත්ත සමාධියට පැමිණ වාසය කරයි. හෙතෙම ‘රාගාදී නිමිති රහිත චිත්ත සමාධිය ලදිමි’ යි භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකාවන්. රජුන්, රජ මහ ඇමතියන්, තීර්ත්‍ථකයන්, තිර්ත්‍ථක ශ්‍රාවකයන් සමග ඇලී වාසය කරයිද, ප්‍රකටව කථාවෙහි ඇතී වාසය කරන්නහුගේ සිත රාගය මැඩ පවත්වයි. හෙතෙම රාගයෙන් මැඩ පැවැත්වූ සිතින් ශික්‍ෂාව අතහැර ගිහිවෙයි.“ඇවැත්නි, යම්සේ රජෙක් හෝ රජමහ ඇමතියෙක් හෝ සිවුරඟ සෙනග සමග මහා මාර්‍ගයට පිළිපන්නේ එක්තරා වන ලැහැබෙක්හි එක් රැයක් විසීමට පැමිණෙන්නේය. එහි ඇතුන්ගේ ශබ්දයෙන්, අසුන්ගේ ශබ්දයෙන්, රථ ශබ්දයෙන්, පාබල සෙනගේ ශබ්දයෙන්, ගැට බෙර, මිහිඟු බෙර සක් හඬින්, රැහැයි හඬ යටපත් වේ. ඇවැත්නි, යමෙක් ‘දැන් මේ වන ලැහැබෙයි නැවත රැහැයි හඬ පහල නොවන්නේය’ යි මෙසේ කියන්නේය. ඇවැත්නි, හෙතෙම මනාකොට කියන්නේද? ඇවැත්නි, නැත. ඇවැත්නි, ඒ රජ තෙමේ හෝ, රජ මහ ඇමතියා හෝ ඒ වන ලැහැබෙන් යන්නේද, නැවත ඒ රැහැයි හඬ පහළ වන්නේය යන මේ කරුණ විද්‍යමාන වේ.“ඇවැත්නි, එසේම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සියලු නිමිති මෙනෙහි නොකිරීමෙන් රාගාදී නිමිති රහිත චිත්ත සමාධියට පැමිණ වාසය කරත්ද, හෙතෙම, ‘අනිමිත්ත චිත්ත සමාධිය ලැබුවෙමි’ යි භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකාවන්. රජුන්, රජ මහ ඇමතියන්, තීර්ත්‍ථකයන්, තිර්ත්‍ථක ශ්‍රාවකයන් සමග ඇලී වාසය කරයිද, ප්‍රකටව කථාවෙහි ඇතී වාසය කරන්නහුගේ සිත රාගය මැඩ පවත්වයි. හෙතෙම රාගයෙන් මැඩ පැවැත්වූ සිතින් ශික්‍ෂාව අතහැර ගිහිවෙයි.ඉක්බිති හස්තිසාරියගේ පුත්‍රවූ ආයුෂ්මත් චිත්‍ර තෙමේ මෑත කාලයක ශික්‍ෂා අතහැර ගිහි වූයේය. ඉක්බිති, හස්තිසාරියගේ පුත්‍රවූ චිත්‍රගේ යහළු භික්‍ෂූහු. ආයුෂ්මත් මහා කොට්ඨිත තෙරුන් යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ, ආයුෂ්මත් මහා කොට්ඨිතට, “කිමෙක්ද? ආයුෂ්මත් මහා කොට්ඨිත විසින් හස්තිසාරියගේ පුත්‍රවූ චිත්‍රගේ සිත තම සිතින් දැනගන්නා ලද්දේද? හස්තිසාරියගේ පුත්‍ර චිත්‍රතෙමේ මේ සමාපත්තිවලට පැමිණියේය. නැවත ශික්‍ෂා අත්හැර ගිහිවන්නේදැයි දන්නේද, නොහොත් හස්තිසාරියගේ පුත්‍රවූ චිත්‍රතෙමේ මේ මේ සමාපත්ති ලැබුවෙකි. නැවතද ශික්‍ෂා අත්හැර ගිහි වන්නේයයි දේවතාවෙක් මේ කාරණය කීවාහුද?” “ඇවැත්නි, හස්තිසාරියගේ පුත්‍රවූ චිත්‍රතෙමේ මේ මේ සමාපත්ති ලැබුවෙකි. නමුත් ශික්‍ෂා අත්හැර ගිහි වන්නේයයි මා විසින් මගේ සිතින් ඔහුගේ සිත දැනගත්තෙමි”“ස්වාමීනි, හස්තිසාරියගේ පුත්‍රවූ චිත්‍ර තෙමේ මේ මේ සමාපත්ති ලැබුවෙකි. නමුත් ශික්‍ෂා අත්හැර ගිහි වන්නේයයි මේ කාරණය දේවතාවෙකු විසින්ද කියන ලදී.”ඉක්බිති, හස්තිසාරියගේ පුත්‍රවූ චිත්‍රගේ යහළු භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියාහුය. එකත්පසෙක සිටි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට, “හස්තිසාරියගේ පුත්‍රවූ චිත්‍ර තෙමේ මේ මේ සමාපත්ති ලැබූවෙකි. නමුත් ශික්‍ෂා අතහැර ගිහිවූයේය” යි කීවාහුය.“මහණෙනි, චිත්‍ර තෙමේ නෛෂ්ක්‍රම්‍යය බොහෝ කල් සිහි නොකරන්නේය.” නැවත හස්තිසාරියගේ පුත්‍ර චිත්‍රතෙමේ නොබෝ කලකින්ම හිසතේ රැවුල් බහා කහ වස්ත්‍ර හැඳ, ගිහිගෙන් නික්ම, අනගාරික ශාසනයෙහි පැවිදිවිය.“ඉක්බිති, හස්තිසාරියගේ පුත්‍ර චිත්‍ර තෙමේ හුදකලාවූයේ (මෙහි අඞ්ගුත්තර නිකායේ, තික නිපාතයේ, 3 පණ්ණාසකයේ, 28 සූත්‍රයේ, 5 ඡේදයේ, ‘තනිව’ යන වචනයේ සිටද, 6 ඡේදයද යෙදිය යුතුයි.)

7. මෙත්ත්‍යයපඤ්හ සූත්‍රය

“මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බරණැස් නුවර සමීපයෙහි මිගදාය නම්වූ ඉසිපතනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි සවස් වරුවෙහි පිණ්ඩපාතයෙන් වැළකුණාවූ, කවාකාර මලුවෙහි රැස්වූ, බොහෝ ස්ථවිර භික්‍ෂූන් වහන්සේලා අතර මේ අතුරු කථාවක් පහළ විය. “භාග්‍යවතුන් වහන්සේ විසින් පාරායන සූත්‍රයෙහි මෙත්තෙය්‍ය ප්‍රශ්නයෙහි යමෙක් තෙම ස්පර්‍ශය හා ස්පර්‍ශ නිරෝධයද යන අන්ත දෙක මනා නුවණින් දැන, නිර්‍වාණයෙහි තෘෂ්ණා ඇලීමෙන් නොඇලේද, හෙතෙම මේ ශාසනයෙහි සිබ්බනි නම් තෘෂ්ණාව ඉක්මෙව්වේ වෙයි. ඔහු මහා පුරුෂයයි කියමි.” යනුවෙන් මෙය වදාළ සේක.“ඇවැත්නි, එක් අන්තයක් කවරේද? දෙවන අන්තය කවරේද? මධ්‍යය කුමක්ද? “සිබ්බනි” නම් තෘෂ්ණාව කවරීද? මෙසේ කී කල්හි එක්තරා භික්‍ෂු නමක් ස්ථවිර භික්‍ෂූන්ට මෙය කීවේය.“ඇවැත්නි, ස්පර්‍ශය එක් අන්තයකි. ස්පර්‍ශය ඇතිවීමේ හේතුව අනික් අන්තයයි. ස්පර්‍ශ නිරෝධය මධ්‍යයයි. සිබ්බනි නම් තෘෂ්ණාව ඒ ඒ භවයේ ඉපදීම තෘෂ්ණාවෙන් ඔහු වසයි. ඇවැත්නි, මෙපමණකින් දැනගතයුත්ත දැනගනියි. විශේෂයෙන් දැනගතයුත්ත විශේෂයෙන් දැනගනියි. දැනගතයුත්ත දැනගන්නේ, විශේෂයෙන් දැනගතයුත්ත විශේෂයෙන් දැනගන්නේ, මෙලෙව්හිම දුක් කෙළවර කරන්නේ වේ.”“මෙසේ කී කල එක්තරා භික්‍ෂුවක් ස්ථවිර භික්‍ෂූන්ට මෙසේ කීවේය. “ඇවැත්නි, අතීතය එක් අන්තයක, අනාගතය දෙවෙනි අන්තයයි. පවත්නා කාලය මධ්‍යයයි, සිබ්බනි නම් තෘෂ්ණාව ඒ ඒ භවයේ ඉපදීම තෘෂ්ණාවෙන් ඔහු වසයි. ඇවැත්නි, මෙපමණකින් දැනගතයුත්ත දැනගනියි. විශේෂයෙන් දැනගතයුත්ත විශේෂයෙන් දැනගනියි.“මෙසේ කී කල්හි එක්තරා භික්‍ෂුවක් ස්ථවිර භික්‍ෂූන්ට මෙසේ කීවේය. “ඇවැත්නි, සුඛ වේදනාව එක් අන්තයක, දුක් වේදනාව දෙවෙනි අන්තයයි. අදුක්ඛවූද, අසුඛවූද වේදනාව මධ්‍යයයි, සිබ්බනි නම් තෘෂ්ණාව ඒ ඒ භවයේ ඉපදීම තෘෂ්ණාවෙන් ඔහු වසයි. ඇවැත්නි, මෙපමණකින් දැනගතයුත්ත දැනගනියි. විශේෂයෙන් දැනගතයුත්ත විශේෂයෙන් දැනගනියි.“මෙසේ කී කල්හි එක්තරා භික්‍ෂුවක් ස්ථවිර භික්‍ෂූන්ට මෙසේ කීවේය. “ඇවැත්නි, නාමය එක් අන්තයක, රූපය දෙවෙනි අන්තයයි. විඤ්ඤානය මධ්‍යයයි, සිබ්බනි නම් තෘෂ්ණාව ඒ ඒ භවයේ ඉපදීම තෘෂ්ණාවෙන් ඔහු වසයි. ඇවැත්නි, මෙපමණකින් දැනගතයුත්ත දැනගනියි. විශේෂයෙන් දැනගතයුත්ත විශේෂයෙන් දැනගනියි.“මෙසේ කී කල්හි එක්තරා භික්‍ෂුවක් ස්ථවිර භික්‍ෂූන්ට මෙසේ කීවේය. “ඇවැත්නි, සවැදෑරුම් අධ්‍යාත්මික ආයතනයෝ එක් අන්තයක, බාහිරවූ සවැදෑරුම් ආයතනයෝ අනික් අන්තයයි. විඤ්ඤාණය මධ්‍යයයි, සිබ්බනි නම් තෘෂ්ණාව ඒ ඒ භවයේ ඉපදීම තෘෂ්ණාවෙන් ඔහු වසයි. ඇවැත්නි, මෙපමණකින් දැනගතයුත්ත දැනගනියි. විශේෂයෙන් දැනගතයුත්ත විශේෂයෙන් දැනගනියි.“මෙසේ කී කල්හි එක්තරා භික්‍ෂුවක් ස්ථවිර භික්‍ෂූන්ට මෙසේ කීවේය. “ඇවැත්නි, ආත්ම දෘෂ්ටිය එක් අන්තයකි, ආත්ම දෘෂ්ටිය ඇතිවීමේ හේතුව දෙවෙනි අන්තයයි. ආත්ම දෘෂ්ටි නිරෝධය මධ්‍යයයි, සිබ්බනි නම් තෘෂ්ණාව ඒ ඒ භවයේ ඉපදීම තෘෂ්ණාවෙන් ඔහු වසයි. ඇවැත්නි, මෙපමණකින් දැනගතයුත්ත දැනගනියි. විශේෂයෙන් දැනගතයුත්ත විශේෂයෙන් දැනගනියි.“මෙසේ කී කල්හි එක්තරා භික්‍ෂු නමක් ස්ථවිර භික්‍ෂූන්ට මෙසේ කීවේය. “ඇවැත්නි, අප විසින් තම තමන්ගේ වැටහීම ප්‍රකාශ කරණ ලදී. එමු ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැන්හි පිවිසෙන්නෙමු. එසේ පිවිස භාග්‍යවතුන් වහන්සේට මෙය දන්වන්නෙමු. යම්සේ අපට භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කෙරේද, එසේ අපි දරන්නෙමු.” — “එසේය, ඇවැත්නි,” යි ස්ථවිර භික්‍ෂූහු ඒ භික්‍ෂුවට උත්තර දුන්හ.ඉක්බිති ඒ ස්ථවිර භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියාහ. එකත්පසෙක සිටියාවූ, ස්ථවිර භික්‍ෂූහු යම්තාක් ඔවුනොවුන් සමගවූ කථා සල්ලාපයක් ඇද්ද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට දැන්වූහ. “ස්වාමීනි, කාගේ අදහස යහපත්ද?”“මහණෙනි, යුෂ්මතුන් සියල්ලන්ගේම අදහස් යහපති. එසේ නමුදු මා විසින් යමක් සඳහා යමෙක් තෙම ස්පර්‍ශය හා ස්පර්‍ශ නිරෝධයද යන අන්ත දෙක මනා නුවණින් දැන, නිර්‍වාණයෙහි තෘෂ්ණා ඇලීමෙන් නොඇලේද, හෙතෙම මේ ශාසනයෙහි සිබ්බනි නම් තෘෂ්ණාව ඉක්මෙව්වේ වෙයි. ඔහු මහා පුරුෂයයි කියමි.” යනුවෙන් පාරායන සූත්‍රයේ මෙත්තෙය්‍ය ප්‍රශ්නයේ දේශනා කරණ ලද්දේද, එය අසව්. මනාකොට මෙනෙහි කරව්. ප්‍රකාශ කරන්නෙමි.” — “එසේය, ස්වාමීනි,” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ.“භාග්‍යවතුන් වහන්සේ මෙය ප්‍රකාශ කළ සේක. ‘ඇවැත්නි, ස්පර්‍ශය එක් අන්තයකි. ස්පර්‍ශ සමුදය දෙවන අන්තයයි. ස්පර්‍ශ නිරෝධය මධ්‍යයයි. සිබ්බනි නම් තෘෂ්ණාව ඒ ඒ භවයේ ඉපදීම තෘෂ්ණාවෙන් ඔහු වසයි. ඇවැත්නි, මෙපමණකින් දැනගතයුත්ත දැනගනියි. විශේෂයෙන් දැනගතයුත්ත විශේෂයෙන් දැනගනියි.

8. දණ්ඩකප්ප සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මහත් භික්‍ෂු සමූහයා හා කොසල දනව්වෙහි සැරිසරණ සේක් කොසල වැස්සන්ගේ දණ්ඩකප්ප නම් නියම්ගමෙහි විසූහ.

එසේ වසන සමයෙහි එක් දිනෙක භාග්‍යවතුන් වහන්සේ මගින් පහව එක්තරා ගසක් මුල පැනවූ අස්නෙහි වැඩ හුන්හ. ඒ භික්‍ෂූහුද සෙනසුන් සෙවීමට දණ්ඩකප්පයට ඇතුළුවූහ.“ඉක්බිති වනාහි ආයුෂ්මත් ආනන්‍ද තෙමේ බොහෝ භික්‍ෂූන් සමග ඇඟ සේදීමට අචිරවතී නදියට පැමිණියේය. අචිරවතියෙහි ඇඟ සෝදා ගොඩවී ඇඟ වියළන්නේ, එක සිවුරින් සිටියේය.“ඇවැත් ආනන්‍දය, භාග්‍යවතුන් වහන්සේ ‘දෙවදත්ත අපායගතය. කල්පයක් පැසෙයි. පිළියම් නොකළ හැක්කේය’ යි සියල්ල සිතින් තීරණයකොට ප්‍රකාශ කෙළේද? නැතහොත් කිසියම් ප්‍රකාරයෙකින්ද?’ ,ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ වනාහි මේ කාරණය ප්‍රකාශ කරන ලද්දේය.”ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙම භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළ කෙළේය.“ස්වාමීනි, මම මෙහි අචිරවතී නදියට බොහෝ භික්‍ෂූන් සමග ඇඟ සේදීමට ගියෙමි. අචිරවතී නදියෙහි ඇඟ සෝදා, ගොඩනැගී, ඇඟ වේළමින් එක සිවුරින් සිටියෙමි. ඉක්බිති වනාහි එක්තරා භික්‍ෂුවක් මා කරා අවුත් මට මෙය කීය. ,ඇවැත් ආනන්‍දය, භාග්‍යවතුන් වහන්සේ ‘දෙවදත්ත අපායගතය. කල්පයක් පැසෙයි. පිළියම් නොකළ හැක්කේය’ යි සියල්ල සිතින් තීරණයකොට ප්‍රකාශ කෙළේද? නැතහොත් කිසියම් ප්‍රකාරයෙකින්ද?’ මෙසේ කී කල්හි, ස්වාමීනි මම ඒ භික්‍ෂුහට මෙය කීමි. ,ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ වනාහි මේ කාරණය ප්‍රකාශ කරන ලද්දේය.”“ආනන්‍දය, ඒ භික්‍ෂුතෙම අලුත පැවිදිවූ නවකයෙක් හෝ වේ. ස්ථවිරවූවෙක් නම් බාලවූ අදක්‍ෂයෙකි. මා ඒකාන්තයෙන් යමක් ප්‍රකාශ කරන ලද්දේද, කෙසේ නම් එහි දෙආකාරයකට පැමිණෙන්නේද, ආනන්‍දය, යමෙක් මා විසින් සියල්ල සිතින්ම තීරණයකොට ප්‍රකාශ කෙළේද, එබඳු අන් එකම පුද්ගලයෙකු හෝ මම නොදනිමි. ඒ නම් මේ දේවදත්තයි.“ආනන්‍දය, මම යම්තාක් දෙවදත්තගේ ලෝම තුඩක් පමණවූ හෝ කුශල ධර්මයක් දුටුයෙම්ද, ඒ තාක් මම දෙවදත්ත තෙමේ අපායගතය. කල්පයක් පැසෙන්නේය. පිළියම් නොකළ හැක්කේයයි දෙවදත්ත ගැන ප්‍රකාශයක් නොකළෙමි. ආනන්‍දය, යම් තැනකින් මම දෙවදත්තගේ ලෝම තුඩක් පමණවූ හෝ කුශල ධර්මයක් නොදුටුයෙම්ද, ඉක්බිති මම දෙවදත්ත තෙමේ අපායගතය. කල්පයක් පැසෙන්නේය. පිළියම් නොකළ හැක්කේයයි දෙවදත්ත ගැන ප්‍රකාශ කළෙමි.“ආනන්‍දය, යම්සේ පුරුෂ ප්‍රමාණයට වැඩි ගැට්ට තෙක්වූ, අශූචියෙන් පිරුණු, අශූචි වළක් වේද, එහි පුරුෂයෙක් තෙම හිස සහිතවම කිඳුනේ වේද, කිසියම් පුරුෂයෙක් තෙම ඔහුට වැඩ කැමැත්තේ, හිත කැමැත්තේ, බැඳුම්වලින් නිදහස්වීම කැමැත්තේ, ඒ අශූචි වළෙන් උඩ නගනු කැමැත්තේ, හෙතෙම ඒ ගූථ කූපය වටා කැරකෙන්නේ, ඒ පුරුෂයාගේ ලොම් අගක් පමණකුදු අශූචි නොගෑවණු තැනක් නොදකින්නේ නම්, කොතැනින් අල්ලාගෙන උඩ නගන්නේද?“ආනන්‍දය, එසේම මම වනාහි යම් තැනෙක පටන් දෙව්දත්හුගේ ලොම් අගක් පමණ හෝ කුශල ධර්මයක් නොදුටුයෙම්ද, එතැන් පටන් මම දේවදත්ත තෙමේ අපායගතය. කල්පයක් පැසෙන්නේය. පිළියම් නොකට හැක්කේයයි දෙවදත්ත ගැන ප්‍රකාශ කෙළෙමි.“ආනන්‍දය, ඉදින් තෙපි පුරුෂෙන්‍ද්‍රිය ඥානයන් බෙදා දක්වන්නාවූ තථාගතයන්ට ඇහුම්කන් දෙව්ද,“භාග්‍යවතුන් වහන්සේ යම් හෙයකින් පුරුෂෙන්‍ද්‍රිය ඥානයන් බෙදා දක්වන්නේනම් භික්‍ෂූහු යමක් අසා දරත්ද, භාග්‍යවතුන් වහන්ස, ඊට මේ කාලයයි. සුගතයන් වහන්ස, ඊට මේ කාලයයි.”“ආනන්‍දය, එසේ වී නම් අසව. මනාව මෙනෙහි කරව. කියන්නෙමි” — “එසේය, ස්වාමීනි.” යි ආනන්‍ද තෙමේ භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය.“භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ‘ආනන්‍දය, මේ පුද්ගලයාට කුශල ධර්මයෝද අකුශල ධර්මයෝද පවතිත්යයි මෙසේ මම ඇතැම් පුද්ගලයෙකු සිතින් සිත පතුරුවා දනිමි. අනෙක් විටෙක මේ පුද්ගලයාට කුශල ධර්ම අතුරුදහන් විය. අකුශල ධර්ම සම්මුඛ වීයයිද ඔහුට කුසල් මුල් නොසිඳුණු ඇසක් ඇත. එබැවින් ඔහුට පින් පව් පහළවන්නේය. මෙසේ මේ පුද්ගලතෙමේ මත්තෙහි නොපිරිහෙන ධර්ම ඇත්තෙක් වන්නේයයි මෙසේ මම ඒ මේ තැනැත්තා සිතින් සිත පතුරුවා මනාව දනිමි.“ආනන්‍දය, යම් සේ නොකැඩුණු, කුණුනොවූ, අව් සුළං නොවැදුණු, හර ගෙන දෙන. හොඳ කුඹුරක. හොඳට වැටුණු, හොඳට පිළියෙළවුණු, බිම බහන ලද බීජයෝ වෙත්ද. මේ බීජයෝ වැඩීමට, පැළවීමට, විශාල බවට පැමිණෙත්යයි දන්නෙහිය” — “ස්වාමීනි, එසේය.”,“ආනන්‍දය, එසේම වනාහි මෙහි මේ පුද්ගලයාට කුශල ධර්මයෝද, අකුශල ධර්මයෝද පවතිත්යයි මෙසේ මම ඇතැම් පුද්ගලයකු සිතින් සිත පතුරුවා දනිම්ද, අනෙක් විටෙක මේ පුද්ගලයාට කුශල ධර්ම අතුරුදහන්විය. අකුශල ධර්ම සම්මුඛවීයයිද, ඔහුට කුසල් මුල් නොසිඳුණු ඇසක් ඇත. එබැවින් ඔහුට පින් පව් පහළ වන්නේය. මෙසේ මේ පුද්ගලතෙම මත්තෙහි නොපිරිහෙන ධර්ම ඇත්තේ වන්නේ යයි මෙසේ මම ඒ මේ තැනැත්තා සිතින් සිත වෙන්කොට දැන මනාව දත්තේ වෙමි.ආනන්‍දය, මෙහි මේ පුද්ගලයාට කුශල ධර්මයෝද, අකුශල ධර්මයෝද පවතිත්යයි සිතින් සිත වෙන් කොට ඇතැම් පුද්ගලයකු මම දැනගනිම්ද, අනික් කලෙක මේ පුද්ගලයාගේ අකුශල ධර්‍මයෝ අතුරුදහන් වූහ. කුශල ධර්‍මයෝ ඉදිරියට පැමිණියහ. ඔහුගේ මුලින් නොසිඳුන අකුශල මූලයෝ ඇත්තාහ. ඔහුට ඒ අකුශල මූලයන්ගෙන් අකුශලය රැස්වන්නේය. මෙසේ මේ පුද්ගලතෙම නැවත පිරිහීම් ධර්‍මයා පැමිණෙන්නේයයි ඔහු සිතින් සිත වෙන්කොට දැනගතිමි“ආනන්‍දය, යම්සේ නොකැඩුණු, කුණුනොවූ, අව් සුලංවලින් වෙනසක් නොවූ, හරදෙන, මනාව තබන ලද, බීජයෝ ලොකු ගලක බහාලන ලද්දාහු වෙද්ද, මේ බීජයෝ වැඩීමට, මහත්බවට නොපැමිණෙන්නේයයි ආනන්‍දය, ඔබ දන්නෙහිද?” — “එසේය, ස්වාමීනි.”“ආනන්‍දය, මෙහි මේ පුද්ගලයාට කුශල ධර්මයෝද, අකුශල ධර්මයෝද පවතිත්යයි සිතින් සිත වෙන් කොට ඇතැම් පුද්ගලයකු මම දැනගනිම්ද, අනික් කලෙක මේ පුද්ගලයාගේ අකුශල ධර්‍මයෝ අතුරුදහන් වූහ. කුශල ධර්‍මයෝ ඉදිරියට පැමිණියහ. ඔහුගේ මුලින් නොසිඳුන අකුශල මූලයෝ ඇත්තාහ. ඔහුට ඒ අකුශල මූලයන්ගෙන් අකුශලය රැස්වන්නේය. මෙසේ මේ පුද්ගලතෙම නැවත පිරිහීම් ධර්‍මයා පැමිණෙන්නේයයි ඔහු සිතින් සිත වෙන්කොට දැනගතිමි. ආනන්‍දය, මෙසේද වනාහි තථාගතයන් වහන්සේ පුරුෂ පුද්ගලයා සිතින් සිත වෙන්කොට දැනගන්නේ වෙයි. ආනන්‍දය, මෙසේ වනාහි තථාගතයන් වහන්සේගේ පුරිෂෙන්‍ද්‍රිය ඥානය සිතින් සිත වෙන්කොට දැනගන්නා ලද්දේ වෙයි. ආනන්‍දය, මෙසේද වනාහි තථාගතයන් වහන්සේ සිතින් සිත පිරිසිඳ නැවත ධර්මයන් ඇතිවීම දන්නා ලද්දේ වෙයි. ආනන්‍දය, මෙහි මේ පුද්ගලයාට කුශල ධර්මයෝද, අකුශල ධර්මයෝද, පවතිත්යයි ඇතැම් පුද්ගලයකු සිතින් සිත වෙන්කොට මම දැන ගතිමි. අනික් කාලයක මේ පුද්ගලයාට අස්ලොම් අගක් එබීමට හැකි තරම්වත් කුශල ධර්මයක් නැත. මේ පුද්ගලයා ඒකාන්තයෙන් කළුවූ, අකුශල ධර්මයන්ගෙන් යුක්තවූවෙක. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැති, අයහපත් ගති ඇති, නපුරු සේ වැටෙන නරකයෙහි උපදනේය.“ආනන්‍දය, යම්සේ කැඩුණු, කුණුවූ, අව් සුලඟින් විනාශවූ, හොඳට සම කරණ ලද, යහපත් කෙත් බිමක බහාලන ලද බීජයෝ වැඩීමට, මහත්බවට නොපැමිණෙන්නේයයි ආනන්‍දය, ඔබ දන්නෙහිද?” — “එසේය, ස්වාමීනි.”“එපරිද්දෙන්ම ආනන්‍දය, මෙහි ඇතැම් පුද්ගලයෙකුට කුශල ධර්මයෝද, අකුශල ධර්මයෝද, පවතිත්යයි ඇතැම් පුද්ගලයකු සිතින් සිත වෙන්කොට මම දැනගතිමි. සිතින් සිත වෙන්කොට දැනගන්නා ලද්දේ වෙයි. ආනන්‍දය, මෙසේද වනාහි තථාගතයන් වහන්සේ සිතින් සිත පිරිසිඳ නැවත ධර්මයන් ඇතිවීම දන්නා ලද්දේ වෙයි.“ආනන්‍දය, මෙසේද වනාහි තථාගතයන් වහන්සේ පුරුෂ පුද්ගලයා සිතින් සිත වෙන්කොට දැනගන්නේ වෙයි. ආනන්‍දය, මෙසේද වනාහි තථාගතයන් වහන්සේගේ පුරිෂෙන්‍ද්‍රිය ඥානය සිතින් සිත වෙන්කොට දැනගන්නා ලද්දේ වෙයි. ආනන්‍දය, මෙසේද වනාහි තථාගතයන් වහන්සේ සිතින් සිත පිරිසිඳ නැවත ධර්මයන් ඇතිවීම දන්නා ලද්දේ වෙයි.“මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය. ස්වාමීනි, මේ පුද්ගලයන් තුන්දෙනාගෙන් අනික් සමානවූ පුද්ගලයන් තුන්දෙනෙක් පණවන්නට හැකිවෙත්ද?”“ආනන්‍දය, හැකිය” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ,ආනන්‍දය, මෙහි මේ පුද්ගලයාට කුශල ධර්මයෝද, අකුශල ධර්මයෝද පවතිත්යයි සිතින් සිත වෙන් කොට ඇතැම් පුද්ගලයකු මම දැනගනිම්ද, අනික් කලෙක මේ පුද්ගලයාගේ අකුශල ධර්‍මයෝ අතුරුදහන් වූහ. කුශල ධර්‍මයෝ ඉදිරියට පැමිණියහ. ඔහුගේ මුලින් නොසිඳුන අකුශල මූලයෝ ඇත්තාහ. ඔහුට ඒ අකුශල මූලයන්ගෙන් අකුශලය රැස්වන්නේය. මෙසේ මේ පුද්ගලතෙම නැවත පිරිහීම් ධර්‍මයා පැමිණෙන්නේයයි ඔහු සිතින් සිත වෙන්කොට දැනගතිමි“ආනන්‍දය, යම්සේ මනාව ගිනිගත් දිලිසෙන ගිනි අඟුරු ලොකු ගලක බහා ලන ලද්දේ වේද, ඒ අඟුරු වැඩිවීමට, මහත් බවට නොපැමිණෙන්නේයයි ඔබ දන්නෙහිද?” — “එසේය, ස්වාමීනි.”“ආනන්‍දය, යම්සේ සවස් කාලයෙහි හිරු බසිනවිට ආලෝකය අතුරුදහන් වන්නේය. අන්‍ධකාරය පහළවන්නේයයි ඔබ දන්නෙහිද?” — “එසේය, ස්වාමීනි.”“ආනන්‍දය, රාත්‍රිය ලැබූ තැන ආහාර වේලාවෙහි අර්‍ධ රාත්‍රියෙහි ආලෝකය අතුරුදහන් විය. අන්‍ධකාරය පහළවූයේයයි ඔබ දන්නෙහිද? ආනන්‍දය, එමෙන්ම මම මේ පුද්ගලයාට කුශල ධර්මයෝද, අකුශල ධර්මයෝද පවතිත්යයි සිතින් සිත වෙන්කොට දනිම්ද, අනිත් කලෙක මේ පුද්ගලයාගේ කුශල ධර්‍මයෝ අතුරුදහන් වූහ. අකුශල ධර්‍මයෝ ඉදිරියට පැමිණියහ. ඔහුගේ මුලින් නොසිඳුන කුශල මූලයෝ ඇත්තාහ. එයද සියල්ලෙන් සියල්ල විනාශවෙයි. මෙසේ මේ පුද්ගල තෙම පරිහානි ධර්මයට වැටෙන්නේයයි සිතින් සිත වෙන්කොට දැනගතිමි. ආනන්‍දය, මෙසේද තථාගතයන් වහන්සේ පුරිස පුද්ගලයා සිතින් සිත පිරිසිඳ දැනගන්නේ වේ. ආනන්‍දය, මෙසේද තථාගතයන් වහන්සේ පුරුෂෙන්‍ද්‍රිය ඥානය සිතින් සිත වෙන්කොට දැනගන්නේ වෙයි. ආනන්‍දය, මෙසේද තථාගතයන් වහන්සේ නැවත ධර්මයන් ඉපදීම සිතින් සිත වෙන්කොට දැනගන්නා ලද්දේ වෙයි. ආනන්‍දය, මෙහි වනාහි මම මෙහි මේ පුද්ගලයාට කුශල ධර්මයෝද, අකුශල ධර්මයෝද, පවතිත්යයි සිතින් සිත වෙන්කොට දනිම්ද, අනික් කලෙක මේ පුද්ගලයාගේ අකුශල ධර්මයෝ අතුරුදහන්වූහ. කුශල ධර්මයෝ ඉදිරිපත්වූහ. ඔහුගේ මුල් නොසිඳුන අකුශල මූලයෝ ඇත්තාහ. එයද සියල්ලෙන් සියල්ල විනාශ වෙයි. මෙසේ මේ පුද්ගල තෙම නැවත පිරිහීමට නොයන්නේ වෙයි.“ආනන්‍දය, යම්සේ ගිනිගත්, මනාව දිලිසෙන, ගිනි අඟුරු වියලුන තණකොළ ගොඩක හෝ, දර ගොඩක හෝ බහාලන ලද්දේ වැඩීමට, මහත් බවට පැමිණෙන්නේයයි ඔබ දන්නෙහිද?” — “එසේය, ස්වාමීනි.” “ආනන්‍දය, යම්සේ රාත්‍රි එළිවෙන යාමයෙහි,හිරු නැගෙන කල්හි අන්‍ධකාරය අතුරුදහන් වන්නේය. ආලෝකය පහළවන්නේයයි ඔබ දන්නෙහිද?” — “එසේය, ස්වාමීනි.”“යම් සේ හෝ ආනන්‍දය,රෑවුන තැනම මැද කොටසෙහි ආහාර වේලාවෙහි අන්‍ධකාරය දුරුවිය. ආලෝකය පහළවූයේයයි ඔබ දන්නෙහිද?” — “එසේය, ස්වාමීනි.” ,ආනන්‍දය, මෙහි මේ පුද්ගලයාට කුශල ධර්මයෝද, අකුශල ධර්මයෝද පවතිත්යයි සිතින් සිත වෙන් කොට ඇතැම් පුද්ගලයකු මම දැනගනිම්ද, අනික් කලෙක මේ පුද්ගලයාගේ අකුශල ධර්‍මයෝ අතුරුදහන් වූහ. කුශල ධර්‍මයෝ ඉදිරියට පැමිණියහ. ඔහුගේ මුලින් නොසිඳුන අකුශල මූලයෝ ඇත්තාහ.“ආනන්‍දය, එපරිද්දෙන්ම මම මේ පුද්ගලයාට කුශල ධර්මයෝද, අකුශල ධර්මයෝද ඇත්තාහ. පවතිත්යයි සිතින් සිත වෙන්කොට දැනගනිමි. දනිම්ද? අනික් කලෙක මේ පුද්ගලයාගේ අකුශල ධර්මයෝ අතුරුදහන්වූහ. එයද සියල්ලෙන් සියල්ල විනාශ වෙයි. මෙසේ මේ පුද්ගලතෙම නැවත පිරිහීමට නොයන්නේ වෙයි.“ආනන්‍දය, මෙසේද තථාගතයන් වහන්සේ පුරුෂ පුද්ගලයා සිතින් සිත වෙන්කොට දැන ගන්නේ වෙයි. ආනන්‍දය, මෙසේද තථාගතයන් වහන්සේ පුරුෂෙන්‍ද්‍රිය ඥානය සිතින් සිත වෙන්කොට දැනගන්නේ වේ. ආනන්‍දය, මෙසේද තථාගතයන් වහන්සේ නැවත ධර්මයන් ඉපදීම සිතින් සිත වෙන්කොට දැනගන්නා ලද්දේ වෙයි. අනික් කාලයක මේ පුද්ගලයාට අස් ලොම් අගක් එබීමට හැකි තරම්වත් අකුශල ධර්මයක් නැත. මේ පුද්ගලතෙම ඒකාන්තයෙන් පිරිසිදුවූ, වැරදි නැති ධර්මයන්ගෙන් මෙලොවම පිරිනිවෙන්නේයයි මෙසේ සිතින් සිත වෙන්කොට දැනගතිමි. ආනන්‍දය, යම් සේ සිහිල්වූ, නිවුනාවූ අඟුරු වියලි තණකොළ ගොඩක හෝ දර ගොඩක හෝ බහාලන ලද්දේ මේ අඟුරු වැඩීමට, මහත්බවට නොපැමිණෙන්නේයයි ඔබ දන්නෙහිද” — “එසේය, ස්වාමීනි.”“ආනන්‍දය, එපරිද්දෙන්ම මෙහි ඇතැම් පුද්ගලයෙකුට කුශල ධර්මයෝද, අකුශල ධර්මයෝද පවතිත්යයි ඇතැම් පුද්ගලයකු සිත්න් සිත වෙන්කොට මම දැනගතිමි. අනික් කාලයක මේ පුද්ගලයාට අස් ලොම් අගක් එබීමට හැකි තරම්වත් අකුශල ධර්මයක් නැත. මේ පුද්ගලතෙම ඒකාන්තයෙන් පිරිසිදුවූ වැරදි නැති ධර්මයන්ගෙන් මෙලොවම පිරිනිවෙන්නේයයි මෙසේ සිතින් සිත වෙන්කොට දැනගතිමි. ආනන්‍දය, මෙසේද තථාගත පුරුෂෙන්‍ද්‍රිය ඥානය සිතින් සිත වෙන්කොට දැනගන්නේ වේ. ආනන්‍දය, මෙසේද තථාගතයන් වහන්සේ නැවත ඉපදීම සිතින් සිත වෙන්කොට දැනගන්නා ලද්දේ වෙයි. ආනන්‍දය, එහි පෙරකී පුද්ගලයෝ තුන් දෙන වෙද්ද, ඒ තුන් පුද්ගලයන්ගෙන් එක් අයෙක් නොපිරිහෙන ධර්ම ඇත්තෙක. එක් අයෙක් පිරිහීම් ධර්ම ඇත්තෙක. එක් පුද්ගලයෙක් නිරය නම්වූ අපායට යන්නෙක.“ආනන්‍දය, මෙහි යම් ඒ පසුව කී පුද්ගලයෝ තුන්දෙන වෙද්ද. මේ තුන් පුද්ගලයන්ගෙන් එක් අයෙක් නොපිරිහෙන ධර්ම ඇත්තෙක. එක් අයෙක් පිරිහෙන ධර්ම ඇත්තෙක. එක් අයෙක් පරිනිර්‍වාණ ධර්ම ඇත්තෙකි.”

9. නිබ්බෙධික පරියාය සූත්‍රය

“මහණෙනි, යුෂ්මතුන්ට තියුණු අවබෝධයක් ඇතිකර ගැනීමට හේතුවන ධර්ම ක්‍රමය දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට සිහි කරව්. දේශනා කරන්නෙමි” “එසේය, ස්වාමීනි.” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.“මහණෙනි, තියුණු අවබෝධයක් ඇතිකර ගැනීමට හේතුවන ඒ ධර්ම ක්‍රමය කවරේද? මහණෙනි, කාමය දතයුතුය. කාමය ඇතිවීමේ හේතුව දතයුතුය. කාමයන්ගේ වෙනස දතයුතුයි. කාමයන්ගේ විපාකය දතයුතුය. කාමයන් නැතිවීම හෝ නැති තැන දත යුතුය. කාමයන් නැතිකිරිමට ගමන් කරණ ප්‍රතිපදාව දත යුතුය.“මහණෙනි, ආශ්‍රවයන් දතයුතුය. ආශ්‍රවයන් ඇතිවීමේ හේතුව දතයුතුය. ආශ්‍රවයන්ගේ වෙනස දතයුතුය. ආශ්‍රවයන්ගේ විපාකය දතයුතුය. ආශ්‍රවයන් නැතිවීම හෝ නැති තැන දත යුතුය. ආශ්‍රවයන් නැතිකිරිමට ගමන් කරණ මාර්‍ගය දත යුතුය.“මහණෙනි, කර්මය දතයුතුය. කර්මයන් ඇතිවීමේ හේතුව දතයුතුය. කර්මයන්ගේ වෙනස දතයුතුය. කර්මයන්ගේ විපාකය දතයුතුය. කර්මයන් නැතිවීම හෝ නැති තැන දත යුතුය. කර්මයන් නැතිකිරිමට ගමන් කරණ මාර්ගය දත යුතුය.“මහණෙනි, දුක දතයුතුය. දුක ඇතිවීමේ හේතුව දතයුතුය. දුකෙහි වෙනස දතයුතුය. දුකෙහි විපාකය දතයුතුය. දුක නැතිවීම හෝ නැති තැන දත යුතුය. දුක නැතිකිරිමට ගමන් කරණ මාර්ගය දත යුතුය.“මහණෙනි, කාමයෝ දතයුතුය. කාමයන් ඇතිවීමේ හේතුව දතයුතුය. කාමයන්ගේ වෙනස දතයුතුය. කාමයන්ගේ විපාකය දතයුතුය. කාමයන් නැතිවීම හෝ නැති තැන දත යුතුය. කාමයන් නැතිකිරිමට ගමන් කරණ මාර්ගය දත යුතුය.” යි මෙසේ දේශනා කරණ ලදී.“මෙය කුමක් නිසා දේශනා කරණ ලද්දේද? මහණෙනි, කාම ගුණයෝ පසක් වෙති. යහපත්වූ, ප්‍රියවූ, සිත් අලවන්නාවූ, මනා දැකුම් ඇති, මනා රූ ඇති, කාමයන් ඇතිකරවන්නාවූ, ඇසින් හැඳින ගන්නා රූපයෝද, කණින් හැඳිනගන්නා ශබ්දයෝද, නාසයෙන් හැඳිනගන්නාවූ සුවඳද. දිවෙන් හැඳිනගන්නාවූ රසයෝද, කයින් හැඳිනගන්නාවූ ස්පර්‍ශයෝද වෙති. එසේ නමුදු මේ කාමයෝ නොවෙති. මොවුහු කාම ගුණයෝයි ආර්‍ය්‍ය විනයෙහි කියත්.“පුරුෂයාගේ කල්පනා වශයෙන් උපන්නාවූ රාගය තෙම කාම නම් වේ. ලෝකයෙහි යම් විසිතුරු අරමුණු ඇද්ද, මොවුහු කාමයෝ නොවෙත්. ලෝකයෙහි එසේම විසිතුරු අරමුණු ඇත්තාහ. එසේ වුවත් මේ ලෝකයෙහි නුවණැත්තෝ කාමාශාව දුරු කරත්. හික්මවත්.”“මහණෙනි, කාමයන්ගේ නිදාන (මුල් කාරණය) ඇතිවීම කෙසේද? ස්පර්‍ශය මහණෙනි, කාමයන්ගේ නිදාන ඇතිවීමයි.“මහණෙනි, කාමයන්ගේ වෙනස කෙසේද? මහණෙනි, රූපය කාමයෙහි අන්‍යය. ශබ්දයෙහි කාමය අන්‍යය. ගඳ සුවඳෙහි කාමය අන්‍යය. රසයෙහි කාමය අන්‍යය. ස්පර්‍ශයෙහි කාමය අන්‍යය. මහණෙනි, මේ වනාහි කාමයන්ගේ වෙනස් බවයි.“මහණෙනි, කාමයන්ගේ විපාකය කවරේද? මහණෙනි, යමක් කැමතිවනු ලබන්නේ, පින් පක්‍ෂයෙහිවූ හෝ, පව් පක්‍ෂයෙහිවූ හෝ, එයින් උපදනා ආත්ම භාවය උපදවයි. මහණෙනි, කාමයන්ගේ විපාකය මේ යයි කියනු ලැබේ.“මහණෙනි, කාමයන්ගේ නැතිකිරීම කෙසේද? මහණෙනි, ස්පර්‍ශය නැතිකිරීම කාමය නැතිකිරීම වේ. මෙයම ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයයි. කාමය නැතිකිරීමේ පිළිවෙතයි. ඒ කෙසේදයත්? නිවැරදි දැකීමයි. නිවැරදි අදහසයි. නිවැරදි වචනයයි. නිවැරදි කර්මාන්තයයි. නිවැරදි ජීවිකාවයි. නිවැරදි ව්‍යායාමයයි. නිවැරදි සිහියයි. නිවැරදි සිත එකඟ කමයි.“මහණෙනි, යම් විටක මෙයින් වනාහි ආර්යශ්‍රාවකතෙම මෙසේ කාමයන් මනාව දනීද, මෙසේ කාමයන්ගේ නිදාන ඇතිවීම දනීද, මෙසේ කාමයන්ගේ වෙනස් බව මනාව දනීද. මෙසේ කාමයන්ගේ විපාකය දනීද, මෙසේ කාමයන් නැතිකිරීම දනීද, මෙසේ කාමයන්ගේ නැතිකිරීමට යවන පිළිවෙත දනීද. හෙතෙම මේ කාමයන් නැති කිරීමවූ, තියුණු අවබෝධය වූ, බඹසර දනී.“මහණෙනි, කාමය දතයුතුය. කාමය ඇතිවීමේ හේතුව දතයුතුය. කාමයන්ගේ වෙනස දතයුතුයි. කාමයන්ගේ විපාකය දතයුතුය. කාමයන් නැතිවීම හෝ නැති තැන දත යුතුය. කාමයන් නැතිකිරිමට ගමන් කරණ ප්‍රතිපදාව දත යුතුය.“මහණෙනි, ආශ්‍රවයන් දතයුතුය. ආශ්‍රවයන් ඇතිවීමේ හේතුව දතයුතුය. ආශ්‍රවයන්ගේ වෙනස දතයුතුය. ආශ්‍රවයන්ගේ විපාකය දතයුතුය. ආශ්‍රවයන් නැතිවීම හෝ නැති තැන දත යුතුය. ආශ්‍රවයන් නැතිකිරිමට ගමන් කරණ මාර්‍ගය දත යුතුය.“මහණෙනි, කර්මය දතයුතුය. කර්මයන් ඇතිවීමේ හේතුව දතයුතුය. කර්මයන්ගේ වෙනස දතයුතුය. කර්මයන්ගේ විපාකය දතයුතුය. කර්මයන් නැතිවීම හෝ නැති තැන දත යුතුය. කර්මයන් නැතිකිරිමට ගමන් කරණ මාර්ගය දත යුතුය.“මහණෙනි, දුක දතයුතුය. දුක ඇතිවීමේ හේතුව දතයුතුය. දුකෙහි වෙනස දතයුතුය. දුකෙහි විපාකය දතයුතුය. දුක නැතිවීම හෝ නැති තැන දත යුතුය. දුක නැතිකිරිමට ගමන් කරණ මාර්ගය දත යුතුය.“මහණෙනි, කාමයෝ දතයුතුය. කාමයන් ඇතිවීමේ හේතුව දතයුතුය. කාමයන්ගේ වෙනස දතයුතුය. කාමයන්ගේ විපාකය දතයුතුය. කාමයන් නැතිවීම හෝ නැති තැන දත යුතුය. කාමයන් නැතිකිරිමට ගමන් කරණ මාර්ගය දත යුතුය.” යි මෙසේ දේශනා කරණ ලදී.“මහණෙනි, වේදනාව දතයුතුය. වේදනාව ඇතිවීමේ හේතුව දතයුතුය. වේදනාවන්ගේ වෙනස දතයුතුය. වේදනාවගේ විපාකය දතයුතුය. වේදනාවන් නැතිවීම හෝ නැති තැන දත යුතුය. වේදනා දතයුතුය. වේදනාව නැතිකරණ පිළිවෙත දතයුතුයයි මේ කාරණය වනාහි කියන ලදද, මෙය කුමක් සඳහා කියන ලදද?“මහණෙනි, මේ වේදනාව තුන් වැදෑරුම්ය. සැප විඳීමය, දුක් විඳීමය, සැප නොවූ දුක් නොවූ විඳීමය (කියායි.)“මහණෙනි,වේදනාවන්ගේ නිදාන ඇතිවීම කෙසේද? මහණෙනි, ස්පර්‍ශය වේදනාවන්ගේ නිදාන ඇතිවීමයි. මහණෙනි, වේදනාවන්ගේ වෙනස කෙසේද? මහණෙනි, ගොදුරු සහිතවූ සැපවූ විඳීමක් ඇත. ගොදුරු රහිතවූ සැපවූ විඳීමක් ඇත. ගොදුරු සහිතවූ දුක්වූ විඳීමක් ඇත. ගොදුරු රහිතවූ දුක්වූ විඳීමක් ඇත. ගොදුරු සහිතවූ දුක් නොවූ සැප නොවූ විඳීමක් ඇත. ගොදුරු රහිතවූ දුක් නොවූ සැප නොවූ විඳීමක් ඇත. මහණෙනි, මේ වනාහි වේදනාවන්ගේ වෙනස් බවයි.“මහණෙනි, වේදනාවන්ගේ විපාකය කවරේද? මහණෙනි, යමක් විඳිනු ලබන්නේ පින් පක්‍ෂයෙහිවූ හෝ, පව් පක්‍ෂයෙහිවූ හෝ, එයින් (වේදනාවෙන්) උපදනා ආත්මභාවය උපදවයි. මහණෙනි, වේදනාවන්ගේ විපාකය මේයයි කියනු ලැබේ.“මහණෙනි, වේදනාවන්ගේ නැතිකිරීම කවරේද? මහණෙනි, ස්පර්‍ශයේ නැතිකිරීම වේදනාවගේ නැතිකිරීම වේ. මෙයම ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගයයි. වේදනාව නැතිකිරීමේ පිළිවෙතයි. ඒ කෙසේද යත්, නිවැරදි දැකීමයි. නිවැරදි අදහසයි. නිවැරදි වචනයයි. නිවැරදි කර්මාන්තයයි. නිවැරදි ජීවිකාවයි. නිවැරදි ව්‍යායාමයයි. නිවැරදි සිහියයි. නිවැරදි සිත එකඟ කමයි.“මහණෙනි, යම් (බඳු) මෙයින් වනාහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ මෙසේ වේදනාව දනීද. මෙසේ වේදනාව ඇතිවීම දනීද, මෙසේ වේදනාවන්ගේ වෙනස දනීද. මෙසේ වේදනාවන්ගේ විපාකය දනීද, මෙසේ වේදනාවන්ගේ නැතිකිරීම දනීද, මෙසේ වේදනාව නැතිකිරීමට යවන පිළිවෙත දනීද, හෙතෙම මේ වේදනාව නැතිකිරීමවූ තියුණු අවබෝධයවූ, බඹසර දනී. “මහණෙනි, වේදනාව දතයුතුය. වේදනාව ඇතිවීමේ හේතුව දතයුතුය. වේදනාවන්ගේ වෙනස දතයුතුය. වේදනාවගේ විපාකය දතයුතුය. වේදනාවන් නැතිවීම හෝ නැති තැන දත යුතුය. වේදනා දතයුතුය. වේදනාව නැතිකරණ පිළිවෙත දතයුතුයයි මේ කාරණය වනාහි කියන ලදද,“මහණෙනි, සංඥාව (හැඟීම) දතයුතුය. සංඥාව ඇතිවීමේ හේතුව දතයුතුය. සංඥාවේ විපාකය දතයුතුය. සංඥාව නැතිවීම දත යුතුය. සංඥා නැතිකරණ පිළිවෙත දතයුතුයයි යම් මේ කාරණයක් කියනලදද, මෙය කුමක් සඳහා කියන ලදද?“මහණෙනි, මේ හැඟීම් සයෙකි. රූපයේ හැඟීමද, ශබ්දයේ හැඟීමද, ගඳ සුවඳෙහි හැඟීමද, රසයෙහි හැඟීමද, ස්පර්‍ශයෙහි හැඟීමද, ධර්‍මයෙහි හැඟීමද, (කියාය.)“මහණෙනි, සංඥාවන්ගේ නිදාන ඇතිවීම කෙසේද? මහණෙනි, ස්පර්‍ශය හැඟීම්වල නිදාන ඇතිවීමයි. මහණෙනි, සංඥාවන්ගේ වෙනස කෙසේද? මහණෙනි, රූපයෙහි සංඥාව අන්‍යය. ශබ්දයෙහි සංඥාව අන්‍යය. ගඳ-සුවඳෙහි සංඥාව අන්‍යය. රසයෙහි සංඥාව අන්‍යය. ස්පර්‍ශයෙහි සංඥාව අන්‍යය. ධර්මයෙහි සංඥාව අන්‍යය. මහණෙනි, මේ වනාහි සංඥාවන්ගේ වෙනසයි.“මහණෙනි, සංඥාවන්ගේ විපාකය කෙසේද? මහණෙනි, යම් යම් පරිද්දකින් එය හඳුනාද, ඒ ඒ පරිද්දෙන් ව්‍යවහාර කෙරෙයි. මෙසේ සංඥා ඇත්තේ වීමියි ව්‍යවහාරයෙන් පැසුණු මම සංඥාව කියමි. මහණෙනි, මේ වනාහි සංඥාවන්ගේ විපාකයයි.“මහණෙනි, සංඥාවන්ගේ නැතිකිරීම කෙසේද? මහණෙනි, ස්පර්‍ශය නැතිකිරීම සංඥාවන්ගේ නැතිකිරීමයි. මෙයම ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගයයි. සංඥාවන් නැතිකිරීමේ පිළිවෙතයි. ඒ කෙසේද යත්? නිවැරදි දැකීමයි. නිවැරදි අදහසයි. නිවැරදි වචනයයි. නිවැරදි කර්මාන්තයයි. නිවැරදි ජීවිකාවයි. නිවැරදි ව්‍යායාමයයි. නිවැරදි සිහියයි. නිවැරදි සිත එකඟ කමයි. මහණෙනි, යම්බඳු මෙයින් වනාහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම මෙසේ සංඥාව දනීද, මෙසේ සංඥාවන්ගේ නිදාන ඇතිවීම දනීද, මෙසේ සංඥාවන්ගේ වෙනස දනීද, මෙසේ වේදනාවන්ගේ විපාකය දනීද, මෙසේ වේදනාවන්ගේ නැති කිරීම දනීද, මෙසේ සංඥාව නැතිකරණ පිළිවෙත දනීද, හෙතෙම මේ සංඥාවන් නැතිකිරීමවූ, තියුණු අවබෝධයවූ, බඹසර දනී. මහණෙනි, සංඥාව (හැඟීම) දතයුතුය. සංඥාව ඇතිවීමේ හේතුව දතයුතුය. සංඥාවේ විපාකය දතයුතුය. සංඥාව නැතිවීම දත යුතුය. සංඥා නැතිකරණ පිළිවෙත දතයුතුයයි යම් මේ කාරණයක් කියනලදද, මෙය ඒ සඳහාම කියන ලදී.“මහණෙනි, ආශ්‍රවයෝ (කෙලෙස්) දතයුතුය. ආශ්‍රවයන් ඇතිවීමේ හේතුව දතයුතුය. ආශ්‍රවයන්ගේ විපාකය දතයුතුය. ආශ්‍රවයන් නැතිකිරීම දතයුතුය. ආශ්‍රවයන් නැතිකරණ පිළිවෙත දතයුතුය. මෙය කියන ලදද, එය කුමක් සඳහා කියන ලදද?“මහණෙනි, ආශ්‍රවයෝ තුනෙකි. කාමාශ්‍රවය, භවාශ්‍රවය, අවිජ්ජාශ්‍රවය (කියා) ය. මහණෙනි, ආශ්‍රවයන්ගේ නිදානය ඇතිවීම කෙසේද? මහණෙනි, අවිද්‍යාව (නොදැනීම) ආශ්‍රවයන්ගේ නිදානය ඇතිවීමයි. මහණෙනි, ආශ්‍රවයන්ගේ වෙනස කෙසේද? මහණෙනි, නිරයට යවන ආශ්‍රවයෝ ඇත. තිරිසන් ජාතියට යවන ආශ්‍රවයෝ ඇත. ප්‍රේත ලෝකයට යවන ආශ්‍රවයෝ ඇත. මිනිස් ලොවට යවන ආශ්‍රවයෝ ඇත. දෙව්ලොවට යවන ආශ්‍රවයෝ ඇත. මහණෙනි, මෙය වනාහි ආශ්‍රවයන්ගේ වෙනස යයි කියනු ලැබේ.“මහණෙනි, ආශ්‍රවයන්ගේ විපාකය කවරේද? මහණෙනි, යමක් නොදැනීමට පත්වූයේ, පින් පක්‍ෂයෙහිවූ හෝ, පව් පක්‍ෂයෙහිවූ හෝ, ඉන් උපදනා ආත්මභාවය උපදවයි. මහණෙනි, ආශ්‍රවයන්ගේ විපාකය මේයයි කියනු ලැබේ.“මහණෙනි, ආශ්‍රවයන්ගේ නැතිකිරීම කවරේද? මහණෙනි, අවිද්‍යාව නැතිකිරීම, ආශ්‍රවයන් නැතිකිරීමයි. මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගයයි. ආශ්‍රවයන් නැතිකරණ පිළවෙතයි. ඒ කෙසේද යත්? නිවැරදි දැකීමයි. නිවැරදි අදහසයි. නිවැරදි වචනයයි. නිවැරදි කර්මාන්තයයි. නිවැරදි ජීවිකාවයි. නිවැරදි ව්‍යායාමයයි. නිවැරදි සිහියයි. නිවැරදි සිත එකඟ කමයි. මහණෙනි, යම් (බඳු) මෙයින් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ මෙසේ ආශ්‍රවයන් දනී. මෙසේ ආශ්‍රවයන්ගේ නිදානය ඇතිවීම දනී. මෙසේ ආශ්‍රවයන්ගේ වෙනස දනී. මෙසේ ආශ්‍රවයන්ගේ විපාකය දනී. මෙසේ ආශ්‍රවයන්ගේ නැතිකිරීම දනී. මෙසේ ආශ්‍රවයන් නැතිකරණ පිළිවෙත දනී. හෙතෙම මේ ආශ්‍රවයන්ගේ නැතිකිරීමවූ තියුණු අවබෝධයවූ බඹසර දනී.“මහණෙනි, ආශ්‍රවයෝ (කෙලෙස්) දතයුතුය. ආශ්‍රවයන් ඇතිවීමේ හේතුව දතයුතුය. ආශ්‍රවයන්ගේ විපාකය දතයුතුය. ආශ්‍රවයන් නැතිකිරීම දතයුතුය. ආශ්‍රවයන් නැතිකරණ පිළිවෙත දතයුතුය.“මහණෙනි, කර්‍මය දතයුතුය කර්‍මය ඇතිවීමේ හේතුව දතයුතුය. කර්‍මයන්ගේ විපාකය දතයුතුය. කර්‍මයන් නැතිකිරීම දතයුතුය. කර්‍මය නැතිකරණ පිළිවෙත දතයුතුයයි. මෙය කියන ලදද, මෙය කුමක් සඳහා කියන ලදද?“මහණෙනි, සිතීම කර්මය යයි මම කියමි. සිතා කයින් හෝ, වචනයෙන් හෝ, සිතින් හෝ කර්මය කරයි. මහණෙනි, කර්මයන්ගේ නිදානය ඇතිවීම කෙසේද? මහණෙනි, ස්පර්‍ශය කර්මයන්ගේ නිදානය ඇතිවීමයි. මහණෙනි, කර්මයන්ගේ වෙනස කෙසේද? මහණෙනි, නිරයෙහි විඳියයුතු කර්මයක් ඇත. තිරිසන් ජාතියෙහි විඳියයුතු කර්මයක් ඇත. ප්‍රෙත ලෝකයේ විඳියයුතු කර්මයක් ඇත. මිනිස් ලොව විඳියයුතු කර්මයක් ඇත. දෙව්ලොව විඳියයුතු කර්මයක් ඇත. මහණෙනි, මේ වනාහි කර්මයන්ගේ වෙනසයයි කියනු ලැබේ. මහණෙනි, කර්මයන්ගේ විපාකය කවරේද? මහණෙනි, කර්මයන්ගේ විපාකය ත්‍රිවිධයයි කියමි. මේ ලෝකයෙහි හෝ, ඊළඟ ආත්මයෙහි හෝ භවයෙන් භවයෙහි හෝ (කියා)ය. මහණෙනි, මේ වනාහි කර්මයන්ගේ විපාකයයි කියනු ලැබේ.“මහණෙනි, කර්මයන් නැතිකිරීම කෙසේද? මහණෙනි, ස්පර්‍ශයන්ගේ නැතිකිරීම කර්‍මයන්ගේ නැතිකිරීමයි. මෙයම ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගයයි. කර්‍මය නැතිකරණ පිළවෙතයි. ඒ කෙසේද යත්? නිවැරදි දැකීමයි. නිවැරදි අදහසයි. නිවැරදි වචනයයි. නිවැරදි කර්මාන්තයයි. නිවැරදි ජීවිකාවයි. නිවැරදි ව්‍යායාමයයි. නිවැරදි සිහියයි. නිවැරදි සිත එකඟ කමයි. මහණෙනි, යම් (බඳු) මෙයින් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ මෙසේ කර්‍මය දනීද. මෙසේ කර්‍මයන්ගේ නිදානය ඇතිවීම දනීද. මෙසේ කර්‍මයන්ගේ වෙනස දනීද. කර්‍මයන්ගේ විපාකය, කර්‍මයන්ගේ නැතිකිරීම, කර්‍මයන් නැතිකරණ පිළිවෙත දනීද. හෙතෙමේ කර්‍මයන් නැතිකිරීමවූ තියුණු අවබෝධ ඇති බඹසර දනී.“මහණෙනි, කර්‍මය දතයුතුය කර්‍මය ඇතිවීමේ හේතුව දතයුතුය. කර්‍මයන්ගේ විපාකය දතයුතුය. කර්‍මයන් නැතිකිරීම දතයුතුය. කර්‍මය නැතිකරණ පිළිවෙත දතයුතුයයි. එය මෙය සඳහා කියන ලදී.33 ,මහණෙනි, දුක දත යුතුය. දුකෙහි නිදානය ඇතිවීම දතයුතුය. දුකෙහි වෙනස දතයුතුය. දුකෙහි විපාකය දතයුතුය. දුකෙහි නැතිකිරීම දතයුතුය. දුක නැතිකරණ පිළිවෙත දතයුතුයයි, මෙය කියන ලදද, මෙය කුමක් සඳහා කියන ලදද?“ඉපදීමද දුක්ය. දිරාපත්වීමද දුක්ය. ලෙඩද දුක්ය. මරණයද දුක්ය. ශෝකය. වැලපීම. දුක, දොම්නස, සිත් තැවුලද දුක්ය. කැමති යමක් නොලැබේද, එයද දුක්ය. කෙටි වශයෙන්, දැඩි ගැනීම් ඇති, ශරීරයේ පස් කොටස දුක්ය. මහණෙනි, දුකෙහි නිදානය ඇතිවීම කෙසේද? මහණෙනි, තෘෂ්ණාව දුකෙහි නිදානය ඇතිවීමයි. මහණෙනි, දුකෙහි වෙනස කවරේද? මහණෙනි, ඉතා අධිකවූත් දුකක් ඇත. කුඩාවූත් දුකක් ඇත. සෙමෙන් විරාගයට පත්වන්නාවූ දුකක් ඇත. මහණෙනි, මෙය වනාහි දුකෙහි වෙනසයයි කියනු ලැබේ.“මහණෙනි, දුකෙහි විපාකය කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි වනාහි ඇතැමෙක් යම් දුකෙකින් මැඩුනේ, බැසගත් සිත් ඇත්තේ දුක්වේ. ක්ලාන්තවේ. වැලපේ. ලෙහි අත් ගසා හඬයි. මූර්ඡාවට පත්වේ. යම් මේ දුකෙකින් මැඩුනේ, බැස ගත් සිත් ඇත්තේ, පිටත සෝදිසියට පැමිණේ. කවරෙක් හෝ මේ දුකේ නැතිකිරීමට, එක විදියක් හෝ දෙදෙයක් දනීද (කියා) ය. මහණෙනි, මම මූර්ඡාවෙන්වූ විපාකය හෝ සෝදිසියටවූ විපාකය හෝ දුකයයි කියමි. මහණෙනි, දුකෙහි විපාකය මේයයි කියනු ලැබේ.“මහණෙනි, දුක නැති කිරීම කෙසේද? මහණෙනි, තෘෂ්ණාව නැති කිරීම දුක නැති කිරීමයි. මෙයම ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගයයි. දුක් නැතිකිරීමේ පිළිවෙතයි. ඒ කෙසේද යත්? නිවැරදි දැකීමයි. නිවැරදි අදහසයි. නිවැරදි වචනයයි. නිවැරදි කර්මාන්තයයි. නිවැරදි ජීවිකාවයි. නිවැරදි ව්‍යායාමයයි. නිවැරදි සිහියයි. නිවැරදි සිත එකඟ කමයි. මහණෙනි, යම් බඳු මෙයින් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ මෙසේ දුක දනීද. මෙසේ දුකෙහි නිදාන ඇතිවීම, දුකෙහි වෙනස, දුකෙහි විපාකය, දුක නැතිකිරීම, දුක නැතිකරණ පිළිවෙත දත යුතුයයි යම් මේ කාරණයක් කියන ලදද, මෙය සඳහා කියන ලදී. මහණෙනි, ඒ මේ වනාහි තියුණු අවබෝධ ඇතිකර ගැනීමේ ධර්‍ම ක්‍රමයයි.”

10. ඡතථාගතබල (සීහනාද) සූත්‍රය

“මහණෙනි, යම් බලයකින් යුක්තවූ තථාගත තෙම උසස් ස්ථානය එසේයයි පිළිගනීද, පිරිසෙහි ශ්‍රෙෂඨ නාදය කෙරේද, බඹසක ප්‍රකාශ කෙරේද, එබඳුවූ තථාගත බලයෝ සයක් වෙති.“ඒ සය කවරේද? මහණෙනි, මෙහි තථාගතතෙම හේතුව හේතුව වශයෙන්ද, හේතු නොවන දෙය හේතු නොවන දෙය වශයෙන්ද. තත්වූ පරිදි දනියි. මහණෙනි, යමක් තථාගතතෙම හේතුව හේතුව වශයෙන්ද, හේතු නොවන දෙය හේතු නොවන දෙය වශයෙන්ද. තත්වූ පරිදි දැනගනියි. යම් බලයකට පැමිණ තථාගතතෙම උසස් ස්ථානය එසේයයි පිළිගනීද, පිරිසෙහි ශ්‍රේෂ්ඨ නාදය කෙරේද, බඹසක ප්‍රකාශ කෙරේද, මහණෙනි, මෙයද තථාගතයන් වහන්සේගේ තථාගත බලයක් වෙයි.“මහණෙනි, නැවතද තථාගතතෙම පසුවූ, මත්තෙහිවූ, පවත්නා කාලයෙහිවූ, කර්‍මයන් රැස් කිරීම හේතු වශයෙන්, විපාක වශයෙන් තත්වූ පරිදි දනියි. යම් බලයකට පැමිණ තථාගතතෙම උසස් ස්ථානය එසේයයි පිළිගනීද, පිරිසෙහි ශ්‍රේෂ්ඨ නාදය කෙරේද, බඹසක ප්‍රකාශ කෙරේද, මහණෙනි, මෙයද තථාගතයන් වහන්සේගේ තථාගත බලයක් වෙයි.“මහණෙනි, නැවතද තථාගතතෙම ධ්‍යානය, කෙලෙසුන්ගෙන් සිත මිදීම, සමාපත්ති, යන මොවුන්ගේ කිලුටු බව. පිරිසිදු බව, නැගිටීම, තත්වූ පරිදි දනීද, මහණෙනි, තථාගතතෙම ධ්‍යානය, කෙලෙසුන්ගෙන් සිත මිදීම, සමාපත්ති, යන මොවුන්ගේ යම් ඒ කිලුටු බව. පිරිසිදු බව, නැගිටීම, තත්වූ පරිදි දනීද, යම් බලයකට පැමිණ තථාගතතෙම උසස් ස්ථානය එසේයයි පිළිගනීද, පිරිසෙහි ශ්‍රේෂ්ඨ නාදය කෙරේද, බඹසක ප්‍රකාශ කෙරේද, මහණෙනි, මෙයද තථාගතයන් වහන්සේගේ තථාගත බලයක් වෙයි.“මහණෙනි, නැවතද තථාගතතෙම නොයෙක් ආකාර පෙර භවයන් සිහි කෙරේද, කෙසේද,(මෙහි සංයුත්ත නිකායේ, මහා වර්‍ගයේ, 7 සංයුත්තයේ, 1 සූත්‍රයේ, 10 ඡේදය, “ජාති එකක්ද)) යන තැන සිට යෙදිය යුතුයි.)යම් බලයකට පැමිණ තථාගතතෙම උසස් ස්ථානය එසේයයි පිළිගනීද, පිරිසෙහි ශ්‍රේෂ්ඨ නාදය කෙරේද, බඹසක ප්‍රකාශ කෙරේද, මහණෙනි, මෙයද තථාගතයන් වහන්සේගේ තථාගත බලයක් වෙයි.“මහණෙනි, නැවතද තථාගතතෙම මිනිස් බව ඉක්මවූ පරිසිදුවූ දිවැසින් චුතවන්නාවූද. උපදින්නාවූද, හීනවූද, ප්‍රණීතවූද, මනා පැහැ ඇත්තාවූද, දුර්‍වර්‍ණවූද, සැපයට පැමිණියාවූද, දුකට පැමිණියාවූද, සත්ත්‍වයන් දකියි. කර්‍මානුකූලව උපන් සත්ත්‍වයන් දනියි. යම් බලයකට පැමිණ තථාගතතෙම උසස් ස්ථානය එසේයයි පිළිගනීද, පිරිසෙහි ශ්‍රේෂ්ඨ නාදය කෙරේද, බඹසක ප්‍රකාශ කෙරේද, මහණෙනි, මෙයද තථාගතයන් වහන්සේගේ තථාගත බලයක් වෙයි.“මහණෙනි, නැවතද තථාගතතෙම ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත් ඵල සමාධියත්. අර්හත් ඵල ප්‍රඥාවත් මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ඨ ඥානයෙන් ප්‍රත්‍යක්‍ෂකොට එයට පැමිණ වාසය කරයි. මහණෙනි, තථාගතතෙම ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත් ඵල සමාධියත්. අර්හත් ඵල ප්‍රඥාවත් මේ ආත්මයෙහිම තෙමේ විහිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්‍ෂකොට එයට පැමිණ වාසය කෙරේද. යම් බලයකට පැමිණ තථාගතතෙම උසස් ස්ථානය එසේයයි පිළිගනීද, පිරිසෙහි ශ්‍රේෂ්ඨ නාදය කෙරේද, බඹසක ප්‍රකාශ කෙරේද, මහණෙනි, මෙයද තථාගතයන් වහන්සේගේ තථාගත බලයක් වෙයි.“මහණෙනි, යම් බල වලින් යුක්තවූ තථාගතතෙම උසස් ස්ථානය එසේයයි පිළිගනීද, පිරිසෙහි ශ්‍රේෂ්ඨ නාදය කෙරේද. බඹසක ප්‍රකාශ කෙරේද. මේ සය තථාගතයන් වහන්සේ ගේ තථාගත බලයෝ වෙති.“මහණෙනි, එයින් මත්තෙහි තථාගතයන් වහන්සේ වෙත හේතුව හේතුව වශයෙන්ද. හේතු නොවන දෙය හේතු නොවන දෙය වශයෙන්ද, තත්වූ පරිදි ඥානයෙන් එළඹ ප්‍රශ්න විචාරත්. මහණෙනි, යම් යම් පරිදි තථාගතයන් වහන්සේ ගේ හේතුව හේතුව වශයෙන්ද, හේතුව නොවන දෙය හේතුව නොවන දෙය වශයෙන්ද. තත්වූ පරිදි දැන ඥානය දන්නා ලදද, ඒ පරිදි තථාගතතෙම හේතුව හේතුව වශයෙන්ද. හේතු නොවන දෙය හේතු නොවන දෙය වශයෙන්ද, දැන ප්‍රශ්න විචාරණ ලද්දේ ප්‍රකාශ කරයි.“මහණෙනි, එයින් මත්තෙහි පසුගිය මත්තෙහිවූ, පවත්නා කාලයෙහි වූ, කර්‍මයන් රැස්කිරීම ස්ථාන වශයෙන්, හේතු වශයෙන්, විපාක වශයෙන්. තත්වූ පරිදි ඥානයෙන් තථාගතයන් වහන්සේ වෙත එළඹ ප්‍රශ්ණ විචාරත්. මහණෙනි, යම් යම් පරිදි පසුගිය, මත්තෙහිවූ, පවත්නා කාලයෙහිවූ, කර්මයන් රැස්කිරීම තථාගතයන් වහන්සේ විසින් ස්ථාන වශයෙන්, හේතු වශයෙන්, විපාක වශයෙන් තත්වු පරිදි ඥානයෙන් දන්නා ලදද, ඒ ඒ පරිදි ඔවුන්ට තථාගතතෙම පසුගිය, මත්තෙහි, පවත්නා කාලයෙහි, කර්මයන් රැස්කිරීම ස්ථාන වශයෙන්, හේතු වශයෙන්, විපාක වශයෙන් තත්වු පරිදි ප්‍රශ්න විචාරණ ලද්දේ ප්‍රකාශ කරයි.“මහණෙනි, එයින් මත්තෙහි ධ්‍යාන, මිදීම, සමාධිය, සමාපත්තීන් පිළිබඳ කිළුටු බව, පිරිසිදු බව, නැගිටීම, තත්වූ පරිදි නුවණින් තථාගතයන් වහන්සේ වෙත පැමිණ ප්‍රශ්න විචාරත්. යම් යම් පරිදි තථාගතයන් වහන්සේ විසින් ධ්‍යාන, මිදීම, සමාධි, සමාපත්තීන් පිළිබඳව දන්නා ලදද, ඒ ඒ පරිදි ඔවුන්ට තථාගතතෙම ධ්‍යාන, මිදීම, සමාධි, සමාපත්තීන් පිළිබඳ කිළුටු බව, පිරිසිදු බව, නැගිටීම, තත්වූ පරිදි ඥානයෙන් ප්‍රශ්න විචාරණ ලද්දේ ප්‍රකාශ කරයි.“මහණෙනි, එයින් මත්තෙහි තථාගතයන් වහන්සේ වෙත පැමිණ පෙර විසූ භවයන් සිහිකිරීමේ තත්වූ පරිදි ඥානයෙන් ප්‍රශ්න විචාරත්. මහණෙනි, යම් යම් පරිදි තථාගතයන් වහන්සේ විසින් පෙර විසූ භවයන් පිළිබඳ තත්වූ පරිදි ඥානය දන්නා ලදද, ඒ ඒ පරිද්දෙන් ඔවුන්ට තථාගතතෙම පෙර විසූ භවයන් සිහි කිරීමේ තත්වූ පරිදි ඥානයෙන් ප්‍රශ්න විචාරණ ලද්දේ ප්‍රකාශ කරයි.“මහණෙනි, ඉන් මත්තෙහි තථාගතයන් වහන්සේ වෙත පැමිණ සත්ත්‍වයන්ගේ චුතිය හා උත්පත්තිය පිළිබඳ ඥානයෙන් ප්‍රශ්න විචාරයි. මහණෙනි, යම් යම් පරිදි තථාගතයන් වහන්සේ විසින් සත්ත්‍වයන්ගේ චුතිය හා උත්පත්තිය පිළිබඳ තත්වූ පරිදි ඥානයෙන් දන්නා ලදද, ඒ ඒ පරිද්දෙන් ඔවුන්ට තථාගතතෙම සත්ත්‍වයන්ගේ චුතිය හා උත්පත්තිය පිළිබඳ තත්වූ පරිදි ඥානයෙන් ප්‍රශ්න විචාරණ ලද්දේ ප්‍රකාශ කරයි.“මහණෙනි, ඉන් මත්තෙහි තථාගතයන් වහන්සේ වෙත පැමිණ ආශ්‍රවයන් ක්‍ෂය කිරීම පිළිබඳ තත්වූ පරිදි ඥානයෙන් ප්‍රශ්න විචාරත්. මහණෙනි, යම් යම් පරිදි තථාගතයන් වහන්සේ විසින් ආශ්‍රවයන් ක්‍ෂය කිරීම පිළිබඳ තත්වූ පරිදි ඥානයෙන් දන්නා ලදද, ඒ ඒ පරිදි ඔවුන්ට තථාගතතෙම ආශ්‍රවයන් ක්‍ෂය කිරීම පිළිබඳ තත්වූ පරිදි ඥානයෙන් ප්‍රශ්න විචාරණ ලද්දේ ප්‍රකාශ කරයි. “මහණෙනි, යම් ඒ හේතුව හේතුව වශයෙන්ද, හේතු නොවන දෙය හේතු නොවන දෙය වශයෙන්ද, තත්වූ පරිදි දැනීමේ යම් ඥානයක් ඇද්ද, එයද සන්සිඳුන සිතැත්තහුටම කියමි. නොසන්සිඳුන සිතැත්තහුට නොවේ.“යම් ඒ පසුගිය, මත්තෙහිවූ, පවත්නා කල, කර්ම රැස් කිරීම ස්ථාන වශයෙන්, හේතු වශයෙන්, විපාක වශයෙන් තත්වූ පරිදි දන්නා ඥානයක් ඇද්ද, එයද සන්සිඳුන සිතැත්තහුටම කියමි. නොසන්සිඳුන සිතැත්තහුට නොවේ. යම් ඒ ධ්‍යාන, මිදීම, සමාධි, සමාපත්තීන්ගේ කිළුටු බව, පිරිසිදු බව, නැගිටීම, තත්වූ පරිදි දැනීමේ ඥානයක් ඇද්ද, එයද සන්සිඳුන සිතැත්තහුටම කියමි. නොසන්සිඳුන සිතැත්තහුට නොවේ. යම් ඒ පෙර විසූ භවයන් පිළිබඳ තත්වූ පරිදි දැනීමේ ඥානයක් ඇද්ද, එයද සන්හුන් සිතැත්තහුටම කියමි. නොසන්සිඳුන සිතැත්තහුට නොවේ. යම් ඒ සත්ත්‍වයන්ගේ චුතවීම හා උත්පත්තිය පිළිබඳ ඥානයක් ඇද්ද, එයද සන්හුන් සිතැත්තහුටම කියමි. නොසන්සිඳුන සිතැත්තහුට නොවේ. යම් ඒ ආශ්‍රවයන් ක්‍ෂය කිරීම පිළිබඳ තත්වූ පරිදි ඥානයක් ඇද්ද, එයද සන්හුන් සිතැත්තහුටම කියමි. නොසන්සිඳුන සිතැත්තහුට නොවේ. මහණෙනි, සමාධි මාර්‍ගය හා සමාධිය පිළිබඳ වැරදි මාර්ගයද මෙසේය.”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.