§ 01-01-03-01.
සත්ති සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල එක්තරා දෙවියෙක් එක් රෑයෙක පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.
එක් පසෙක සිට මේ ගාථාව කීයේය:
“අසිපතකින් ඇනුම් කන ලද්දකු මෙන්ද,
හිස ගිනි ඇවිල ගත්තකු මෙන්ද,
මහණහු කාමරාගය නසනු පිණිස
සතිය වැඩිය යුත්තේය .”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:)
“අසිපතකින් අනින ලද්දකු සේත්,
හිස ගිනි ඇවිලගත්තකු සේත්
මහණහු තෙමේ සක්කාය දෘෂ්ටිය නසනු පිණිස
සතිය වැඩිය යුත්තේය,”
§ 01-01-03-02.
ඵුසති සූත්‍රය
§ මා විසින් මෙසේ අසන ලදී, ………..වැඳ එකත්පසෙක සිට මේ ගාථාව කීයේය:
“කර්‍මයක් ඉතා දැඩි නොකලෙක්,
නපුරු අකැමැති කම් ඵලක් නොලදිත්.
කලොත් නපුරක් කෙනෙක් ,
කවරදා හෝ ඔහුම දුකට පත් වේ ඒ කම් පලෙන්.
කර්‍මය ස්පර්‍ශ කරන්නහුම විපාක ද ස්පර්‍ශ කරත්.
(කර්‍ම කරන්නාහටම විපාකය වේ.)
එහෙයින් නොදොස් පුද්ගලයන්ට ද්වේෂ කරන,
පාප කර්‍ම ෂ්පර්‍ශ කරන්නහු (පව් කම් කරන්නා)
වහි නපුරු විපාකය තෙමේ ස්පර්‍ශ කරයි.
(ඔහුට ඒ පව්කම්හි විපාක ලැබේ.)”
(භාග්‍යන්‍තුන් වහන්සේ මෙසේ වදාළසේක:)
“කිසිවෙකුට වරද (ද්වේෂ) නොකළ,
නිරපරාධ (පිරිසිදු)වූ,
කෙළෙස් නැති සත්ත්‍වයකුට (යමෙක්) වරද කෙරේද,
ඒ පාපයම උඩුසුළඟට දැමූ සියුම් දූවිල්ල සේ
දුක් විපාක වශයෙන් ඒ අඥානයා කරාම පෙරළා එයි.”
§ 01-01-03-03.
ජටා සූත්‍රය
§ මා විසින් මෙසේ අසන ලදී …….එ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීයේය:
“ඇතුළතද අවුල්ය. පිටතද අවුල්ය.
සත්ත්‍ව සමූහයා අවුලෙන්ම බැඳුණේය.
ගෞතමයන් වහන්ස,
කවරෙක් මේ අවුල බේරිය හැකි වන්නේද?
එය ඔබ අතින් විචාරමි”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:)
“නුවණැති යම් කෙනෙක් ශීලයෙහි පිහිටා,
චිත්තයත් (සමාධියත්), ප්‍රඥාවත් (විදර්‍ශනාවත්) වඩන්නේද,
කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇති,
ස්ථානොචිත ප්‍රඥාවෙන් යුක්තවූ
(සසර බිය දක්නා ගති ඇති සේඛ
ඒ භික්‍ෂුව මේ අවුල බේරිය හැකි වන්නේය.
“රාගයත්, ද්වේෂයත්, අවිද්‍යාවත් දුරලන ලද්දාහුද,
ඔවුහු ආශ්‍රව (කෙලෙස්) දුරලූ රහත්හු වෙති.
ඔවුන් විසින් මේ අවුල ලිහන ලදී.
“යම් තැනෙක නාමයත්, රූපයත්
නොඉතිරිවම නිරුද්ධ වේද,
කාම භවයත්, රූප භවයත් අරූප භවයත් නැසේද
එතැනදී මේ අවුල සිඳීයෙයි.”
§ 01-01-03-04.
මනො නිවාරණ සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී….දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“යමෙකින් යමෙකින් සිත වළක්වා ගන්නේ නම්,
ඒ ඒ දෙයින් ඔහුට දුකෙක් නොපැමිණේ.
එබැවින් සියල්ල කෙරෙන්ම සිත වළක්වා ලන්නේ නම්
ඔහු සියලු දුකින් මිදේ.”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.)
“සිත සියල්ලෙන්ම වළකන්නට අවශ්යය නොවේ.
සංයත බවට පැමිණි සිත නොම වළකන්නේය.
යමෙකින යමෙකින් අකුසල් උපදනේ නම්,
ඒ ඒ දෙයින් සිත වළක්වා රැකගන්ාන්ය.”
§ 01-01-03-05..
අරහන්ත සූත්‍රය
§මා විසින් මෙසේ අසන ලදී. ….හි මේ ගාථා කීය:
“සිවු මගින් කළ යුතු දෙ කොට නිමවූ,
කෙලෙස් නැසූ, අන්තිම ආත්ම බව දරන
යම් රහත් භික්‍ෂුවෙක් වේනම්,
ඔහු ‘මම කිසමි’ කියාත් කියන්නේද?
‘(ඔවුහු) මට කියති’ කියාත් කියන්නේද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.)
“කළ යුතු දේ කොට නිමවූ, කෙලෙස් නැසූ,
අන්තිම ආත්ම බව දරන්නාවූ, යම් රහත් භික්‍ෂුවෙක් වේ නම්,
ඔහුද ‘මම කියමි’ කියාත් කියන්නේය.
‘මට කියත්ය’ කියාත් කියන්නේය.
නුවණැති ඔහු ලෝක ව්‍යවහාරයද දැන
ව්‍යවහාර මාත්‍රයෙන් (’මම කියමි’, ‘මට කියති’ යනාදිය)
ව්‍යවහාර කරන්නේය.”
“කළයුතු දේ කොට නිමවූ, කෙලෙස් නැසූ,
අන්තිම ආත්ම බව දරන, යම් රහත් භික්‍ෂුවෙක් වේ නම්,
ඔහු මානය නිසා හෝ ‘මම කියමි’ කියාත් ‘මට කියති’ යි කියාත් කියන්නේද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.)
“ඔහුගේ මානය ප්‍රහීණය. මාන (ගැට) ඔහුට නැත.
ඔහු විසිත් සියලු මාන ගැට හාත්පසින් නසනලදී.
මනා නුවණැති ඔහු තණ්හා ඉක්මවූයෙක.
(එසේවූ) ඔහුද ‘මම කියමි’ කියාද, ‘මට කියති’ කියාද කියන්නේය. නුවණැති ඔහු ලෝක ව්‍යවහාරයද දැන හුදෙක් ව්‍යවහාර වශයෙන්
(’මම’, ‘මට’ යන ආදිය) කියන්නේය.
§ 01-01-03-06.
පජ්ජොත සූත්‍රය
§ මා විසින් මෙසේ ……ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීය:
“ ලොව එළිය කරන්නාවූ බබළවන්නාවූ දේ මොනවාද? භාග්‍යවතුන් වශන්සේ වෙතින් විචාරන්නට අවුත් සිටිමු.
අපි එය කෙසේ නම් දැන ගනිමුද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.)
“ලොව එළිය කරන දේ සතරෙකි. මෙහි පස්වැන්නෙක් නැත.
දහවල් හිරු බබළයි. රෑ සඳු බබළයි. තවද දිවා රෑ
දෙක්හි ගින්න ඒ ඒ තැන එළිය කරයි.
සම්බුද්ධයන් වහන්සේ බබළන්නවුන් අතරෙහි ශ්‍රේෂ්ඨය.
මේ හැමටම වැඩි තරම්වූ ආලෝකයයි.”
§ 01-01-03-07.
සර සූත්‍රය
§ මා… දේවතාවා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“(සංසාර) කඳුරැළි කොතන්හි නවතීද?
(සංසාර) දියසුලිය කොතැනදී නවත්නේද?
නාමයත් රූපයත් කොතැනදී නොයිතිරිව නැතිවේද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.)
“යම් තැනෙක ආපෝ ධාතුවත්, පඨවි ධාතුවත්, තේාජා් ධාතුවත්, වායෝ ධාතුවත් නොපිහිටාද,
(ඒ මේ නිවනෙහි) සසර කඳුරැළි නවතී.
(ඒ මේ නිවනෙහි) සසර දිය සුලිය නොපෙරළෙයි.
(ඒ මේ නිවනෙහි) නාමයත් රූපයත් මුඵමනින් නැතිවේ.”
§ 01-01-03-08.
මහද්ධන සූත්‍රය
§මා විසින් මෙසේ අසන ලදී. .. දේවතාවා භාග්‍යවතුන් වහන්සේ මෙීපයෙහි මේ ගාථාව කීය:
“මහත් ධන ඇති, මහත් වස්තු ඇති,
රටවල් අයිති රජහු පවා කාමයන්හි තෘප්තියට නොපැමිණියාහු
එකෙක් අනෙකකුගේ වස්තුව පතත්.
ඔවුන් සසර මහ වතුර අනුව යන්නන්ව උත්සාහීවූ කල්හි මෙහි (ලොව) කවුරුනම් තණ්හාව දුරැලුවෝද?
ලොව කවුරු නම් උත්සාහ නැත්තෝද?”54
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.)
“ගිහි ගෙය හැර ප්‍රියවූ දරුවන්ද,
ගව මහිෂාදී සිවුපා සමූහයාද හැර පැවිදිවූ,
රාගයත් ද්වේෂයත් දුරලා අවිද්‍යාවත් පහකොට සිටි,
කෙලෙස් නැසූ ඒ රහත්හු
ලොව කාමයන් සෙවීම් ආදියෙහි උත්සාහ නැත්තෝය.”
§ 01-01-03-09.
චතුචක්ක සූත්‍රය
§ මා විසින් මෙසේ අසන ලදී. ……… ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“මහා වීරයන් වහන්ස,
රෝද ෂතරක් ඇති, දොර නවයක් ඇති,
අසූචියෙන් පිරුණු, ලෝභයෙන් යුක්තවූ,
මඩෙන් උපන් ශරීරයාගේ එතරවීම කෙසේ වන්නේද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.)
“බද්‍ධ වෛර නමැති ලනුවද, (කෙලෙස් නමැති) වරපටද, (නොලත් දේ පැතුම නම්) ලාමකවූ ඉච්ඡාවද, ලත් දැයෙහි ඇල්මද, සිඳ දමා, (අවිද්‍යා නමැති) මුල සහිත තණ්හාව උදුරා දැමීමෙන් මෙසේ ශරීරයාගේ එතරවීම වන්නේය.”
§ 01-01-03-10.
ඵණිජඞඝ සූත්‍රය
§ මා විසින් මෙසේ අසන …..දේවතාවා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“ඒණි මුවෙකුගේ බඳු වට කෙණ්ඩා ඇති,
කෘශවූ, ස්වල්පාහාර ඇති, ලොල් බැව් නැති,
හුදෙකලිව හැසිරෙන සිංහයෙකු බඳු,
ඇතකු බඳු, කාම අපේක්‍ෂා නැති,
වීරයන් වහන්සේ කරා එළඹ විචාරම්හ:
දුකින් කෙසේ මිදෙමුද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.)
“ලොව මනැස සවැනි කොට ඇති පඤචකාම බන්‍ධන ප්‍රසිද්ධයහ.
මෙහි ඇල්ම දුරලීමෙන් මෙසේ දුකින් මිදේ”