AN 10.02-නාථ වර්‍ගය

AN 10-02-01 සෙනාසනඞ්ග සූත්‍රය


“මහණෙනි,
(a) අඞ්ග පසකින් යුත්  මහණතෙම
(b) අඞ්ග පසකින් යුත් සෙනසුනක් ඇසුරු කොට වසන්සේනේද , වැඩි කල්ව නොයවාම
, ඉතා  නොබෝ කලකින්ම ආශ්‍රවයන් ක්‍ෂය කර ගැනීමෙන්  ආශ්‍රව රහිත ඵල සමාධියද, ඵල ප්‍රඥාවද, මේ ආත්මයෙහිම තමාම සිය ඥානයෙන් සිය
 විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වසන්නේය.

a “මහණෙනි, මහණතෙමේ කුමන  අඞ්ග පසකින් යුක්තවීම ඇවැසි යේද යත්,

  • ඔහු මේ ශාසනයෙහි  ශ්‍රද්‍ධාවත්වූයේ වේද, අප භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන්ද අර්හත්ය, සම්‍යක් සම්බුද්‍ධය, විද්‍යාචරණයන්ගෙන් යුක්තය, සුගතය, ලෝකය දත්තේය, පුරුෂයන් දමණය කරණ ශ්‍රේෂ්ඨ උත්තමයාය, දෙවි මිනිසුන්ගේ ශාස්තෲවරයාය. බුද්‍ධය, භාග්‍ය ඇත්තේයයි තථාගතයන් වහන්සේගේ බෝධිය සිහි කර ශ්‍රද්ධාව වඩා ද,
  • ස්වල්ප ආබාධ ඇත්තේ වේද, ලෙඩ අඩුවේද, ශරීරය ඉතා සීතල හෝ , ඉතා ඌෂ්ණ නොවූ, හෙයින් වළඳන ආහාරය පසුවෙන් දිරවා සිය බ්‍රහ්මචරියා කෘතිය කරන්නට සමත් වේද,
  • සිය ආචාර්යවරයා  කෙරෙහි හෝ, නුවණැති සබ්‍රම්සරුන් කෙරෙහි හෝ, කපට නොවේද, කෛරාටික නොවේද, මායා නැත්තේ වේද, සත්‍යයම  ප්‍රකාශ කරන්නේ වේද,
  • උපන් අකුශල ධර්‍මයන් ප්‍රහාණය කිරීම පිණිස, නුපන්  කුශල ධර්‍මයන් ඉපදවීම පිණිස, කුශල ධර්‍මයන්හි ශක්තිමත්වූ , දැඩි වීර්‍ය්‍ය ඇත්තේ වේද , බහා නොතැබූ වැඩ ඇත්තේ වේද,
  • ප්‍රඥාවන්ත වේද , සංඛාරයන් ගේ  ඇතිවීම පැවතීම හා වැනසීම  මනා කොට දැකිය හැකි නුවනින් යුතු වේද,  සියළු  දුක් ක්‍ෂය කිරීමට යන, පිරිසිදුවූ, විනිවිද යන, පිරිසිඳ දත හැකි නුවණින් යුක්තවූයේ වේද.

මහණෙනි, මෙසේ මහණතෙම අඞ්ග පසින් යුක්තවූයේ වේ.

b.“මහණෙනි, කෙසේ සේනාසන අඞ්ග පසකින් යුක්තවූයේ වේද?

  • මේ  සේනාසනය ජනාවාසයකින් ඉතා දුරවූයේත් නොවේද, ඉතා ආසන්නවූයේත් නොවේද, යාම් ඊම් සඳහා මගක් සහිතද ,
  • දිවා කල  දවල් ජනයාගෙන් පිරුනේ නොවේද, රාත්‍රියෙහි ශබ්ද නැත්තේ වේද, ඝොෂා නැත්තේ වේද,
  •  ලේ බොන මැස්සන්ය, මදුරුවන්ය, දැඩි සුළඟ, අව්ව,  විසකුරු සර්දීපයන් ගෙන් තොර වේද, 
  • සෙනස්නෙහි වාසය කරන්නාට පහසුවෙන් සිවුරු, පිඬු, සෙනෙසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකර ලබන්නට හැකි වේද  ,
  • සෙනස්නෙහි බහුශ්‍රුතවූ, ආගම ධර්‍මය දත්, ධර්‍මධර, විනයධර, උභයමාතෘකාධර, ස්ථවිර භික්‍ෂූහු වාසය කරත්ද, ඔවුන් කරා කලින් කල එළඹ, ‘ස්වාමීනි, මෙය කෙසේද, මොහුගේ අර්ත්‍ථ කවරේදැ’ යි විචාරන කල්හි   ඒ ආයුෂ්මත්වරු විවෘත නොවූවක් විවරණය කෙරෙත්ද, පහසු නොවූවක් පහසු කරත්ද, නානාප්‍රකාර සැක කටයුතු තන්හි සැක දුරු කරත්ද,

මහණෙනි, මෙසේ සේනාසනය අඞ්ග පසකින් යුක්තවූයේ වේනම් . මහණෙනි, අඞ්ග පසකින් යුක්ත මහණතෙම, අඞ්ග පසකින් යුක්ත සේනාසනය සේවනය කරන්නේ, භජනය කරන්නේ, නොබෝ කලකින්ම ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීමෙන් ආශ්‍රව රහිත ඵල සමාධියද, ඵල ප්‍රඥාවද, මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කරන්නේය.”

devider

AN 10.02-02 පඤ්චඞ්ග විපන්න සූත්‍රය

“මහණෙනි, අඞ්ග පසකින් දුරුවූ, අඞ්ග පසකින් යුක්තවූ මහණතෙම මේ ධර්‍ම විනයෙහි සියලු ගුණයෙන් යුක්තවූ, වැස නිමවන ලද බඹසර ඇති, උතුම් පුරුෂයායයි කියනු ලැබේ.

“මහණෙනි, මහණතෙම කෙසේ අඞ්ග පසකින් දුරුවූයේ වේද,

  • මහණෙනි, මේ ශාසනයෙහි මහණහට කම්සැප විඳීමේ ආශාව ප්‍රහීණවූයේ වේද,
  • ව්‍යාපාදය ප්‍රහීණවූයේ වේද,
  • නිදිබර ගතිය ප්‍රහීනවූයේ වේද,
  • සිත එක අරමුණක නොපිහිටන ගතිය හා නොකළ සුචරිත දුශ්චරිතයෙහි කුකුස ප්‍රහීනවූයේ වේද,
  • බුද්‍ධාදී අට තන්හි සැකය ප්‍රහීණවූයේ වේද,

මහණෙනි, මෙසේ වනාහි මහණතෙම අඞ්ග පසින් දුරුවූයේ වේ.

“මහණෙනි, කෙසේ අඞ්ග පසකින් යුක්තවූයේ වේද?

“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ලොකොත්තරවූ ශීල රාශියෙන් යුක්තවූයේ වේද, ලොකොත්තර සමාධි රාශියෙන් යුක්තවූයේ වේද, ලොකොත්තර ප්‍රඥා රාශියෙන් යුක්තවූයේ වේද, ලොකොත්තර ඵල ධර්‍මයෙන් යුක්තවූයේ වේද, ලොකොත්තර ප්‍රත්‍යවෙක්‍ෂා ඤාණයෙන් යුක්තවූයේ වේද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම අඞ්ග පසින් යුක්තවේ. මහණෙනි, අඞ්ග පසකින් දුරුවූ, අඞග පසකින් යුක්තවූ මහණතෙම, මේ ධර්‍ම විනයෙහි සියලු ගුණයෙන් යුක්තවූ, වැස නිමවන ලද බඹසර ඇති උතුම් පුරුෂයායයි කියනු ලැබේ.>“මහණහට කාමච්ඡන්‍දය, ව්‍යාපාදය, ථීනම්ද්‍ධය, උද්‍ධච්චය, විචිකිච්ඡාව සර්‍වප්‍රකාරයෙන් විද්‍යමාන නොවේද, ලොකොත්තර සීලයෙන්ද, ලොකොත්තර සමාධියෙන්ද, ලොකොත්තර ඵලයෙන්ද, එබඳු ඤාණයෙන්ද, යුක්තවූයේ වේද, හෙතෙම ඒකාන්තයෙන්ම අඞ්ග පසකින් යුක්තවුයේ, අංග පසින් දුරුවූයේ, මේ ධර්ම විනයෙහි සියලු ගුණයන්ගෙන් යුක්තවුයේයයි කියනු ලැබේ.”

devider

AN 10.02-03.  දස සංයොජන සූත්‍රය

““මහණෙනි, මේ සංයෝජන දසයක් වෙත්. කවර දසයක්ද යත්? කාමධාතුව භජනය කරණ සංයෝජන පසකි. රූපාරූප භව භජනය කරණ සංයෝජන පසකි.“කාමධාතුව භජනය කරණ සංයෝජන කවරහුද? ආත්මදෘෂ්ටිය, සැකය, ශීලව්‍රත දෙකින් අල්වා ගැනීම, කාම ආශාව, ව්‍යාපාදය යන මේ පස කාමධාතුව භජනය කරණ සංයෝජනයෝයි.“රූපාරූප භවයන් භජනය කරණ සංයෝජනයෝ කවරහුද? රූප ඇල්ම, අරූප ඇල්ම, මාන්නය, නොසන්සුන්කම, නොදැනීම යන පස රූපාරූප භව භජනය කරණ සංයෝජනයෝයි. මහණෙනි, මේ දස සංයෝජනයෝයි.”

devider

AN 10.02-04.චෙතොඛීලවිනිබද්‍ධ සූත්‍රය

“මහණෙනි, යම් කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ, සිතෙහි උල් පස ප්‍රහීන නොවූවාහුද, සිතෙහි බැමි පස ප්‍රහීන නොවූවාහුද, ඔහුට මේ රාත්‍රියක් හෝ දවාලක් හෝ පැමිණේද, කුශල ධර්‍මයන්හි හානියක්ම කැමති විය යුතුය. අභිවෘද්‍ධියක් කැමති නොවිය යුත්තාහ. සිතෙහි කවර උල් පසක් ප්‍රහීන නොවූවාහු වෙත්ද?
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි සැක කරයිද, විනිශ්චය කරන්ට නොහැකි වේද, නොමිදේද, නොපහදීද, ඔහුගේ සිත කෙලෙස් තවන වීර්‍ය්‍යය පිණිස, නැවත නැවත යෙදීම පිණිස, නිතර ක්‍රියා කිරීම පිණිස, ප්‍රධන් වීර්‍ය්‍ය පිණිස නොනැමෙයි. මෙසේ ඔහුට මේ පළමුවෙනි චෙතොඛීලය ප්‍රහීන නොවූයේ වේ.
“මහණෙනි, නැවත මහණතෙම ධර්‍මයෙහි සැක කරයිද, සංඝයා කෙරෙහි සැක කරයිද, ශික්‍ෂාපද කෙරෙහි සැක කරයිද, සබ්‍රම්සරුන් කෙරෙහි කිපුනේ, නොසතුටු සිත් ඇත්තේ, නැසුන සිත් ඇත්තේ, උලක් මෙන් වූයේ මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් සබ්‍රම්සරුන් කෙරෙහි කිපියේ, නොසතුටු වූයේ, නැසුන සිත් ඇත්තේ, උලක් මෙන් වූයේ, ඔහුගේ සිත කෙලෙස් තවන වීර්‍ය්‍ය පිණිස, නැවත නැවත යෙදීම පිණිස, නිතර ක්‍රියා කිරිම පිණිස, ප්‍රධන් වීර්‍ය්‍ය පිණිස නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙස් තවන වීර්‍ය්‍ය පිණිස, නැවත නැවත යෙදීම පිණිස, නිතර ක්‍රියා කිරීම පිණිස, ප්‍රධන් වීර්‍ය්‍ය පිණිස නොනැමෙයිද, මෙසේ ඔහුට පස්වෙනි චෙතොඛීලය ප්‍රහීන නොවූයේ වේ. ඔහුට මේ සිතේ උල් පස ප්‍රහීන නොවූයේ වේ. ඔහුට සිතේ කිනම් බැමි පසක් නොසිඳුනේ වේද?
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කාමයන්හි පහ නොවූ ආශා ඇත්තේ වේද, පහනොවූ කැමැත්ත ඇත්තේ වේද, පහනොවූ ප්‍රේමය ඇත්තේ වේද, පහනොවූ පිපාසය ඇත්තේ වේද, පහනොවූ දැවිල්ල ඇත්තේ වේද, පහනොවූ තෘෂ්ණාව ඇත්තේ වේද, මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් කාමයන්හි පහ නොවූ ආශා ඇත්තේ වේද, පහනොවූ කැමැත්ත ඇත්තේ වේද, පහනොවූ ප්‍රේමය ඇත්තේ වේද, පහනොවූ පිපාසා ඇත්තේ වේද, පහනොවූ දැවිල්ල ඇත්තේ වේද, පහනොවූ තෘෂ්ණාව ඇත්තේ වේද, ඔහුගේ සිත කෙලෙස් තවන වීර්‍ය්‍යය නැවත නැවත යෙදීම පිණිස, නිතර ක්‍රියා කිරීම පිණිස, ප්‍රධන් වීර්‍ය්‍යය පිණිස නොනැමෙයි. මෙසේ ඔහුට මේ පළමුවෙනි සිතේ බැඳීම සිඳුනේ නොවේ.
“මහණෙනි, නැවතද මහණතෙම ශරීරයෙහි පහ නොවූ ආශා ඇත්තේ වේද, පහනොවූ කැමැත්ත ඇත්තේ වේද, පහනොවූ ප්‍රේමය ඇත්තේ වේද, පහනොවූ පිපාසය ඇත්තේ වේද, පහනොවූ දැවිල්ල ඇත්තේ වේද, පහනොවූ තෘෂ්ණාව ඇත්තේ වේද, මහණෙනි, යම් ඒ භික්‍ෂුවක්
“රූපයෙහි පහ නොවූ ආශා ඇත්තේද, බඩට අල්ලන ප්‍රමාණ යම් තරමක් කැමැත්තේද, එතරම් අනුභවකොට නිදීමෙහි සතුට ස්පර්‍ශයෙහි සතුට හිඳීමේ සතුටට පැමිණියේ වාසය කරයිද, “මම මේ සීලයෙන්, ව්‍රතයෙන් හෝ තපසින් හෝ, බ්‍රහ්මචර්‍ය්‍යයෙන් හෝ, ප්‍රසිද්‍ධ දෙවියෙක් හෝ, අප්‍රසිද්‍ධ දෙවියෙක් වන්නෙමියි එක්තරා දිව්‍ය නිකායක් සඳහා බ්‍රහ්මවර්‍ය්‍යයෙහි හැසිරේද, මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් තෙම, ‘මම මේ ශීලයෙන්, ව්‍රතයෙන් හෝ තපසින් හෝ බ්‍රහ්මචර්‍ය්‍යයෙන් හෝ ප්‍රසිද්‍ධ දෙවියෙක් හෝ අප්‍රසිද්‍ධ දෙවියෙක් හෝ වන්නෙමි’ යි එක්තරා දිව්‍යනිකායක් සඳහා බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරේද, ඔහුගේ සිත කෙලෙස් තවන වීර්‍ය්‍යය නැවත නැවත යෙදීම පිණිස, නිතර ක්‍රියා කිරීම පිණිස, ප්‍රධන් වීර්‍ය්‍යය පිණිස නොනැමෙයි. මෙසේ ඔහුට මේ පස්වෙනි සිතේ බැඳීම නොසිඳුනේ වෙත්. ඔහුට සිතේ බැඳීම් පස නොසිඳුනාහු වෙත්.
“මහණෙනි, යම්කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ සිතෙහි මේ උල් පස ප්‍රහීන නොවූවාහුද, සිතේ මේ බැමි පස නොසිඳුනාහු වෙත්ද, ඔහුට යම් රාත්‍රියක් හෝ දවාලක් හෝ එයිද, කුශල ධර්‍මයන්හි හානියක්ම කැමතිවිය යුතුය. අභිවෘද්‍ධියක් කැමති නොවිය යුතුය.
“මහණෙනි, යම් සේ කළුවර පක්‍ෂයෙහි චන්ද්‍රයාගේ යම් රාත්‍රියක් හෝ දවාලක් හෝ පැමිණෙයිද, පිරිහේමය. වර්‍ණයෙන් පිරිහෙයි. මඬුල්ලෙන් පිරිහෙයි. ආලෝකයෙන් පිරිහෙයි. උස මහතින් පිරිහෙයි. මහණෙනි, යම්කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ සිතෙහි මේ උල් පස ප්‍රහීන නොවූවාහුද, සිතේ මේ බැමි පස නොසිඳුනාහු වෙත්ද, ඔහුට යම් රාත්‍රියක් හෝ දවාලක් හෝ එයිද, කුශල ධර්‍මයන්හි හානියක්ම කැමතිවිය යුතුය. අභිවෘද්‍ධියක් කැමති නොවිය යුතුය.
“මහණෙනි, යම්කිසි භික්‍ෂුවක්හට හෝ භික්‍ෂුණියකට හෝ සිත්හි උල් පස ප්‍රහීනවූවාහුද, සිත් බැඳීම් පස සිඳුනාහුද, ඔහුට යම් රාත්‍රියක් හෝ දවාලක් හෝ එයිද, කුශල ධර්‍මයන්හි අභිවෘද්ධියක්ම කැමතිවිය යුතුය. පිරිහීමක් කැමති නොවිය යුතුය. ඔහුට කවර චෙතොඛිල පහක් ප්‍රහීනවූවාහු වෙත්ද,
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම බුදුන් කෙරෙහි සැක නොකරයිද, විනිශ්චය කට හැකි වේද, මිදේද, පහදීද, මහණෙනි, යම්කිසි භික්‍ෂුවක්හට හෝ භික්‍ෂුණියකට හෝ සිත්හි උල් පස ප්‍රහීනවූවාහුද, සිත් බැඳීම් පස සිඳුනාහුද, ඔහුට යම් රාත්‍රියක් හෝ දවාලක් හෝ එයිද, මිදෙයි, පහදියි, මහණෙනි, යම් ඒ මහණකෙනෙක් බුදුන් කෙරෙහි සැක නොකරයිද, විනිශ්චය කට හැකි වෙයිද, මිදෙයිද, පහදියිද, ඔහුගේ සිත කෙලෙස් තවන වීර්‍ය්‍ය පිණිස, නැවත නැවත යෙදීම පිණිස, නිතර ක්‍රියා කිරීම පිණිස, ප්‍රධන් වීර්‍ය්‍යය පිණිස නැමෙයි. යමෙකුගේ සිත කෙලෙස් තවන වීර්‍ය්‍යය පිණිස නැවත නැවත යෙදීම පිණිස, නිතර ක්‍රියාකිරීම පිණිස, ප්‍රධන් වීර්‍ය්‍යය පිණිස නැමේද, මෙසේ ඔහුගේ පළමුවෙනි සිතේ හුල ප්‍රහීනවූයේ වේ.
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ධර්‍මයෙහි සැක නොකරයිද, විනිශ්චය කට හැකි වේද, මිදේද, පහදීද, මහණෙනි, යම්කිසි භික්‍ෂුවක්හට හෝ භික්‍ෂුණියකට හෝ සිත්හි උල් පස ප්‍රහීනවූවාහුද, සිත් බැඳීම් පස සිඳුනාහුද, ඔහුට යම් රාත්‍රියක් හෝ දවාලක් හෝ එයිද, මිදෙයි, පහදියි, මහණෙනි, යම් ඒ මහණකෙනෙක් ධර්‍මයෙහි සැක නොකරයිද, විනිශ්චය කට හැකි වෙයිද, මිදෙයිද, පහදියිද, ඔහුගේ සිත කෙලෙස් තවන වීර්‍ය්‍ය පිණිස, නැවත නැවත යෙදීම පිණිස, නිතර ක්‍රියා කිරීම පිණිස, ප්‍රධන් වීර්‍ය්‍යය පිණිස නැමෙයි. යමෙකුගේ සිත කෙලෙස් තවන වීර්‍ය්‍යය පිණිස නැවත නැවත යෙදීම පිණිස, නිතර ක්‍රියාකිරීම පිණිස, ප්‍රධන් වීර්‍ය්‍යය පිණිස නැමේද, මෙසේ ඔහුගේ පළමුවෙනි සිතේ හුල ප්‍රහීනවූයේ වේ.
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සංඝයා කෙරෙහි සැක නොකරයිද, විනිශ්චය කට හැකි වේද, මිදේද, පහදීද, මහණෙනි, යම්කිසි භික්‍ෂුවක්හට හෝ භික්‍ෂුණියකට හෝ සිත්හි උල් පස ප්‍රහීනවූවාහුද, සිත් බැඳීම් පස සිඳුනාහුද, ඔහුට යම් රාත්‍රියක් හෝ දවාලක් හෝ එයිද, මිදෙයි, පහදියි, මහණෙනි, යම් ඒ මහණකෙනෙක් සංඝයා කෙරෙහි සැක නොකරයිද, විනිශ්චය කට හැකි වෙයිද, මිදෙයිද, පහදියිද, ඔහුගේ සිත කෙලෙස් තවන වීර්‍ය්‍ය පිණිස, නැවත නැවත යෙදීම පිණිස, නිතර ක්‍රියා කිරීම පිණිස, ප්‍රධන් වීර්‍ය්‍යය පිණිස නැමෙයි. යමෙකුගේ සිත කෙලෙස් තවන වීර්‍ය්‍යය පිණිස නැවත නැවත යෙදීම පිණිස, නිතර ක්‍රියාකිරීම පිණිස, ප්‍රධන් වීර්‍ය්‍යය පිණිස නැමේද, මෙසේ ඔහුගේ පළමුවෙනි සිතේ හුල ප්‍රහීනවූයේ වේ.
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ශික්‍ෂාවෙහි සැක නොකරයිද, විනිශ්චය කට හැකි වේද, මිදේද, පහදීද, මහණෙනි, යම්කිසි භික්‍ෂුවක්හට හෝ භික්‍ෂුණියකට හෝ සිත්හි උල් පස ප්‍රහීනවූවාහුද, සිත් බැඳීම් පස සිඳුනාහුද, ඔහුට යම් රාත්‍රියක් හෝ දවාලක් හෝ එයිද, මිදෙයි, පහදියි, මහණෙනි, යම් ඒ මහණකෙනෙක් ශික්‍ෂාවෙහි සැක නොකරයිද, විනිශ්චය කට හැකි වෙයිද, මිදෙයිද, පහදියිද, ඔහුගේ සිත කෙලෙස් තවන වීර්‍ය්‍ය පිණිස, නැවත නැවත යෙදීම පිණිස, නිතර ක්‍රියා කිරීම පිණිස, ප්‍රධන් වීර්‍ය්‍යය පිණිස නැමෙයි. යමෙකුගේ සිත කෙලෙස් තවන වීර්‍ය්‍යය පිණිස නැවත නැවත යෙදීම පිණිස, නිතර ක්‍රියාකිරීම පිණිස, ප්‍රධන් වීර්‍ය්‍යය පිණිස නැමේද, මෙසේ ඔහුගේ පළමුවෙනි සිතේ හුල ප්‍රහීනවූයේ වේ.
“සබ්‍රම්සරුන් කෙරෙහි නොකිපුනේද, සතුටුවූයේ නැසුන සිත් ඇත්තෙක් මෙන් නොවූයේ වේද, මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් සබ්‍රම්සරුන් කෙරෙහි කිපියේ නොවේද, මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් සබ්‍රම්සරුන් කෙරෙහි කිපියේ, නොසතුටු වූයේ, නැසුන සිත් ඇත්තේ, උලක් මෙන් වූයේ, ඔහුගේ සිත කෙලෙස් තවන වීර්‍ය්‍ය පිණිස, නැවත නැවත යෙදීම පිණිස, නිතර ක්‍රියා කිරිම පිණිස, ප්‍රධන් වීර්‍ය්‍ය පිණිස නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙස් තවන වීර්‍ය්‍ය පිණිස, නැවත නැවත යෙදීම පිණිස, නිතර ක්‍රියා කිරීම පිණිස, ප්‍රධන් වීර්‍ය්‍ය පිණිස නොනැමෙයිද, මෙසේ ඔහුට පස්වෙනි චෙතොඛීලය ප්‍රහීන නොවූයේ වේ. ඔහුට මේ සිතේ උල් පස ප්‍රහීන නොවූයේ වේ. ඔහුට සිතේ කිනම් බැමි පසක් නොසිඳුනේ වේද? මේ ඔහුට පස්වෙනි චෙතොඛීලය ප්‍රහීනවූයේ වේ. මොහුට චෙතොඛීල පස ප්‍රහීන වූවාහු වෙති. ඔහුට කවර නම් සිතේ බැමි පසක් සිඳින ලද්දාහු වෙත්ද,
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කාමයන්හි පහවූ රාග ඇත්තේ වේ, පහවූ කැමැත්ත ඇත්තේ වේ, පහවූ ප්‍රේමය ඇත්තේ වේ, පහවූ පිපාසය ඇත්තේ වේ, පහවූ දැවිල්ල ඇත්තේ වේ, පහවූ තෘෂ්ණාව ඇත්තේ වේ. මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් කාමයන්හි පහවූ ආශා ඇත්තේ වේද, පහවූ කැමැත්ත ඇත්තේ වේද, පහවූ ප්‍රේමය ඇත්තේ වේද, පහවූ පිපාසය ඇත්තේ වේද, පහවූ දැවිල්ල ඇත්තේ වේද, පහවූ තෘෂ්ණාව ඇත්තේ වේද, ඔහුගේ සිත කෙලෙස් තවන වීර්‍ය්‍යය පිණිස, නැවත නැවත යෙදීම පිණිස, නිතර කිරීම පිණිස, ප්‍රධන් වීර්‍ය්‍යය පිණිස නැමෙයි. යමකෙුගේ සිත කෙලෙස් තවන වීර්‍ය්‍යය පිණිස, නැවත නැවත යෙදීම පිණිස, නිතර කිරීම පිණිස, ප්‍රධන් වීර්‍ය්‍යය පිණිස පවතීද, මෙසේ ඔහුට මේ සිතෙහි මේ පළමුවෙනි සිතේ බැම්ම මනාකොට සිඳුනේ වේ.
“මහණෙනි, නැවතද මහණතෙම සිත්හි උල් පස ප්‍රහීනවූවාහුද, සිත් බැඳීම් පස සිඳුනාහුද, ඔහුට යම් රාත්‍රියක් හෝ දවාලක් හෝ එයිද, කුශල ධර්‍මයන්හි අභිවෘද්ධියක්ම කැමතිවිය යුතුය. පිරිහීමක් කැමති නොවිය යුතුය. ඔහුට කවර චෙතොඛිල පහක් ප්‍රහීනවූවාහු වෙත්ද, රූපයෙහි වීතරාග වේද, ඇතිතාක් බඩපුරා වළඳා, සෙය්‍යාවෙහි ඇති සැපය, ස්පර්‍ශයේදී ඇතිවන සැපය, නිදි දුරු කිරීමෙන් ඇතිවන සැපය යන මෙහි යෙදුනේ වාසය කරයි. මම මේ සීලයෙන් හෝ, ව්‍රතයෙන් හෝ, තපසින් හෝ, බ්‍රහ්මචර්‍ය්‍යයෙන් හෝ, ප්‍රසිද්‍ධ දෙවියෙක් හෝ, අප්‍රසිද්‍ධ දෙවියෙක් වන්නෙමියි එක්තරා දිව්‍ය නිකායක් අරමුණුකොට බ්‍රහ්මචර්‍ය්‍යායෙහි හැසිරෙයි.
“මහණෙනි, යම් ඒ මහණෙක්, ‘මම සීලයෙන් හෝ, ව්‍රතයෙන් හෝ, තපසින් හෝ, බ්‍රහ්මචර්‍ය්‍යයෙන් දෙවියෙක් හෝ, එක්තරා දෙවියෙක් වන්නෙමියි, එක්තරා දිව්‍ය නිකායක් අරමුණු කොට බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙත්. මහණෙනි, යම් ඒ භික්‍ෂුවක්, ‘මම මේ සීලයෙන් හෝ, ව්‍රතයෙන් හෝ, තපසින් හෝ, බ්‍රහ්මචර්‍ය්‍යයෙන් හෝ, ප්‍රසිද්‍ධ දෙවියෙක් හෝ, අප්‍රසිද්‍ධ දෙවියෙක් හෝ වන්නෙමියි, එක්තරා දිව්‍ය නිකායක් අරමුණු කොට බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරේද, ඔහුගේ සිත කෙලෙස් තවන වීර්‍ය්‍යය පිණිස, නැවත නැවත යෙදීම පිණිස, නිතර කිරීම පිණිස, ප්‍රධන් වීර්‍ය්‍යය පිණිස නැමෙයි. මෙසේ ඔහුට මේ සිතේ පස්වෙනි බැම්ම සිඳුනේ වේ. මොහුට සිතේ බැමි පස සිඳුනේ වෙත්.
“මහණෙනි, යම්කිසි භික්‍ෂුවකට හෝ, භික්‍ෂුණියකට හෝ, සිතේ මේ බැමි පස සිඳුනාහුද, ඔහුට රාත්‍රියක් හෝ දවාලක් හෝ එයිද, කුශල ධර්‍මයන්හි වැඩීමක්ම කැමතිවිය යුත්තාහ. පිරිහීමක් කැමති නොවිය යුත්තාහ. මහණෙනි, යම් සේ පු්‍රර පක්‍ෂයෙහි චන්‍ද්‍රයාගේ යම් රාත්‍රියක් හෝ දවාලක් එයිද, වර්ණයෙන් වැඩේමය. මණ්ඩලයෙන්ද වැඩේමය. ආලෝකයෙන් වැඩේ. උස මහතින් වැඩෙයි. මහණෙනි, එසේම යම්කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට මේ චෙතොඛීල පස ප්‍රහීණවූවාහුද, සිතේ මේ බැඳීම් පස සිඳුනාහුද, ඔහුට යම් දවාලක් හෝ රාත්‍රියක් හෝ එයිද, කුශල ධර්‍මයන්හි අභිවෘද්‍ධියක්ම කැමති විය යුත්තාහ. පිරිහීමක් කැමති නොවිය යුත්තාහ.”

devider

AN 10.02-05. අප්පමාද අග්ගක්ඛාන සූත්‍රය

““මහණෙනි, පා නැති හෝ, දෙපා ඇත්තාවූ හෝ, බොහෝ පා ඇත්තාවූ හෝ, රූප ඇත්තාවූ හෝ, රූප නැත්තාවූ හෝ, සංඥා ඇත්තාවූ හෝ, සංඥා නැත්තාවූ හෝ, සංඥාව ඇත්තේමත්, සංඥාව නැත්තේත් නොවූ යම්තාක් සත්ත්‍වයෝ වෙත්ද, තථාගත අර්හත් සම්‍යක් සම්බුද්‍ධයන් වහන්සේ ඔවුන්ට අග්‍රයයි කියනු ලැබේ.
“මහණෙනි, එසේම මේ ලෝකයෙහි යම්කිසි කුශල ධර්‍ම කෙනෙක් වෙත්ද, ඒ සියල්ලෝ අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. අප්‍රමාදයෙහි රැස් වන්නාහ. ඒ ධර්‍මයන්ට අප්‍රමාදය ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ.
“මහණෙනි, යම් සේ ඇවිදින ප්‍රාණීන්ගේ යම්කිසි පාද සමූහක් වේද, ඒ සියල්ල ඇත් පියෙහි අඩංගුවීමට යයිද, මහත් බැවින් ඇත් පිය ඔවුන්ට ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේද, මහණෙනි, එසේම යම් ඒ කුශල ධර්‍ම කෙනෙක් වේද, ඒ සියල්ලෝ අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. අප්‍රමාදයෙහි රැස් වන්නාහ. ඒ ධර්‍මයන්ට අප්‍රමාදය ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ.
“මහණෙනි, යම් සේ කුළු ගෙයක යම්තාක් පරාල වෙත්ද, ඒ සියල්ල කූටයට නැමුනාහු, කූටයට නැඹුරුවූවාහු, කූටයෙහි රැස් වන්නාහු, කූටය ඔවුන්ට ශ්‍රේෂ්ඨයයි යේද, මහණෙනි, එසේම යම්කිසි කුසල ධර්‍ම කෙනෙක් ඇද්ද, ඒ සියල්ලෝ අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. අප්‍රමාදයෙහි රැස් වන්නාහ. ඒ ධර්‍මයන්ට අප්‍රමාදය ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ.
“මහණෙනි, යම් සේ යම්කිසි මුල් සුවඳක් ඇද්ද, මේ කලුවැල් ඔවුන් අතුරින් ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ. මහණෙනි, එසේම යම්කිසි කුශලයක් ඇද්ද, අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. අප්‍රමාදයෙහි රැස් වන්නාහ. ඒ ධර්‍මයන්ට අප්‍රමාදය ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ.
“මහණෙනි, යම් සේ යම්කිසි හර සුවඳක් ඇත්තේද, රත් සඳුන් ඔවුන් අතුරින් ශ්‍රේෂ්ඨයයි, ඔවුන්ට ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ. මහණෙනි, එසේම යම්කිසි කුශල ධර්මයක් වේද, අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. අප්‍රමාදයෙහි රැස් වන්නාහ. ඒ ධර්‍මයන්ට අප්‍රමාදය ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ.
“මහණෙනි, යම්කිසි මල් සුවඳක් වේද, පිච්ච මල් ඔවුන්ට ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ. මහණෙනි, එසේම යම් කිසි කුශල ධර්‍මයක් වේද, අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. අප්‍රමාදයෙහි රැස් වන්නාහ. ඒ ධර්‍මයන්ට අප්‍රමාදය ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ.
“මහණෙනි, යම්කිසි කුඩා රජ කෙනෙක් වේද, ඒ සියල්ලෝ සක්විති රජහු අනුව යන්නාහු වෙත්ද, ඔවුන්ට සක්විති රජතෙම ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ. මහණෙනි, එසේම යම්කිසි කුශල ධර්මයක් වේද, අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. අප්‍රමාදයෙහි රැස් වන්නාහ. ඒ ධර්‍මයන්ට අප්‍රමාදය ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ.
“මහණෙනි, යම්තාක් තාරකාවන්ගේ ආලෝකයක් ඇද්ද, ඒ සියල්ල සඳ එලියෙන් සොළොස් කලාවෙන් සොළොස් කලාවකටවත් නොවටීද, සඳ එලිය ඔවුන්ට ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ. මහණෙනි, එසේම යම්කිසි කුශල ධර්මයක් වේද, අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. අප්‍රමාදයෙහි රැස් වන්නාහ. ඒ ධර්‍මයන්ට අප්‍රමාදය ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ.
“මහණෙනි, යම්සේ සරත් කාලයෙහි වසින ලද අහසෙහි පහවූ වලාකුළු ඇති කල්හි සූර්‍ය්‍යයා අහසෙහි වියල වන්නේ අහසෙහිවූ අන්‍ධකාරය නසා දීප්තිමත් වේ. තමාද බැබලේද, මහණෙනි, එසේම යම්කිසි කුශල ධර්මයක් වේද, අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. අප්‍රමාදයෙහි රැස් වන්නාහ. ඒ ධර්‍මයන්ට අප්‍රමාදය ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ.
“මහණෙනි, යම්සේ ගඞ්ගා, යමුනා, අචිරවතී, සරභූ, මහී, යන මහා ගඞ්ගාවෝ වෙත්ද, ඒ සියල්ලෝ මුහුදට වදනාහුද, මුහුදට නැඹුරුවූවාහුද, මුහුදට පහත්වූවාහු, මුහුදට නැමුනාහු, මහා සමුද්‍රය ඔවුන්ට ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ. මහණෙනි, එසේම යම්කිසි කුශල ධර්ම කෙනෙක් වෙත්ද, අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. අප්‍රමාදයෙහි රැස් වන්නාහ. ඒ ධර්‍මයන්ට අප්‍රමාදය ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ.”

“මහණෙනි

devider

AN 10.02-06. දසාහුණෙය්‍ය සූත්‍රය

“මහණෙනි, සරණක්  ඇති

,“මහණෙනි, ඈතින් ගෙනා, ආහුනයට සුදුසු, ඇතට ගෙන යන, පාහුනයට සුදුසු, දක්‍ෂිණාවට සුදුසු, ඇඳිලි බැඳීමට සුදුසු, ලෝකයාගේ නිරුත්තර පුන්‍ය ක්‍ෂෙත්‍රවූ, මේ පුද්ගලයෝ දස දෙනෙක් වෙත්.
“කවර දස දෙනෙක්ද යත්? තථාගත අර්හත් සම්‍යක් සම්බුද්‍ධයන් වහන්සේද, නාමකාය රූපකාය දෙකින් මිදුන, උභතොභාග විමුක්ත පුද්ගලයාය, ප්‍රඥාවෙන් ආශ්‍රව ක්‍ෂය කළ, ප්‍රඥා විමුක්ත පුද්ගලයාය, කායසක්ඛි පුද්ගලයාය, දිඨිප්පත්ත පුද්ගලයාය, සද්‍ධා විමුක්ත පුද්ගලයාය, ධම්මානුසාරී පුද්ගලයාය, සද්‍ධානුසාරි පුද්ගලයාය. ගොත්‍රභූ පුද්ගලයාය යනුයි. මහණෙනි, මේ ඈතින් ගෙනා, ආහුනයට සුදුසු, ඇතට ගෙන යන, පාහුනයට සුදුසු, දක්‍ෂිණාවට සුදුසු, ඇඳිලි බැඳීමට සුදුසු, ලෝකයාගේ නිරුත්තර පුන්‍ය ක්‍ෂෙත්‍රවූ, මේ පුද්ගලයෝ දස දෙනෙක් වෙත්.

devider

AN 10.02-07. පඨම නාථකරන සුත්‍රය

“මහණෙනි, සරණක්  ඇතිව වසව්. සරණක්  පිහිටක්  නැතිව නොවසව්.
මහණෙනි, සරණක්  නැත්තා (අනාථයා) දුකසේ වාසය කරයි.
මහණෙනි, පිහිට ඇති කරණ ධර්‍ම දහයකි.
“කවර දහයක්ද යත්?

මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව
1. සිල්වත් විය යුතු වේ  කෙසේද යත් 

  • ප්‍රාතිමොක්‍ෂ සංවර ශීලයෙන් සංවරව වාසය කරයිද,
  • හැසිරීමෙන්ද,
  • අරමුණෙන්ද යුක්තවූයේ,
  • ස්වල්ප මාත්‍ර වරදෙහි බිය දක්නේ,
  • ශික්‍ෂාපදයන් සමාදන්ව හික්මෙයිද,
  • මහණෙනි, මහණතෙම සිල්වත් වේද, ප්‍රාතිමොක්‍ෂ සංවර ශීලයෙන් සංවරව වාසය කරයිද, හැසිරීමෙන්ද, අරමුණෙන්ද යුක්තවූයේ, ස්වල්ප මාත්‍ර වරදෙහි බිය දක්නේ, ශික්‍ෂාපදයන් සමාදන්ව හික්මෙයිද, මේ ධර්මයද පිහිට ඇතිකරන්නේය.

2. සුතමය ඥානය
මහණෙනි බහු ශ්වැ‍රුතවේද  කෙසේද යත්:

  • මනාකොට ධර්මය ඇසු යේ වේද.
  • ඇසූ දෙය දරන්නේ වේද,
  • ඇසූ දෙය රැස්කරන්නේ වේද,
  • යම් ඒ ධර්ම කෙනෙක් මුල යහපත්ද, මැද යහපත්ද, අග යහපත්ද, අර්ත්‍ථ සහිතද, ව්‍යඤ්ජන සහිතද, හාත් පසින් සම්පූර්‍ණද, පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙත්ද,
  • ඔහු විසින් එබඳු ධර්මයෝ බොහෝ අසන ලද්දාහු වෙත්. දරන ලද්දාහු වෙත්. වචනයෙන් පුරුදු කරණ ලද්දාහු වෙත්. සිතින් සිහි කරණ ලද්දාහු වෙත්. දෘෂ්ටියෙන් ප්‍රතිවෙධ කරණ ලද්දාහු වෙත්. මේ ධර්මයද පිහිට ඇතිකරන්නේය.

3.කල්‍යාණ මිත්‍ර ලාභය
“මහණෙනි, නැවතද මහණතෙම

සීලාදී ගුණවත් කල්‍යාණ මිත්‍රයන් ඇත්තේ වේ. යහපත් සහායයන් ඇත්තේ වේ. යහපතට නැමෙන්නේ වේ. මහණෙනි, මහණතෙම යම් හෙයකින් කල්‍යාණ මිත්‍රයන් ඇත්තේ වේද, යහපත් සහායයන් ඇත්තේ වේද, මේ ධර්මයද පිහිට ඇති කරයි.

4. සුවචබව 

  • “මහණෙනි, නැවතද මහණතෙම කීකරුවේද,
  • සුවචබව ඇතිකරණ ධර්‍මයන්ගෙන් යුක්තවූයේ වේ.
  • අවවාද ඉවසා පිළිගන්නේ වේද,

මහණෙනි, යම්හෙයකින් මහණතෙම සුවචවේද, සුවචබව ඇතිකරණ ධර්‍මයන්ගෙන් යුක්තවූයේ වේද, ඉවසන්නේ වේද, අනුශාසනා දකුණින් ගන්නේ වේද, මේ ධර්මයද පිහිට ඇති කරන්නේයි.

5 සාමග්‍රිය

  • “මහණෙනි, නැවතද මහණතෙම සබ්‍රම්සරුන්ගේ  අසා කළයුතු  වැඩ වෙත්ද, ඒවා උසස් හෝ පහත් යයි නොතකා කරන්නේ නම් ද, 
  • එහි දක්‍ෂ වේද, අලස නුවූයේ වේද, එහි යාමෙහි විමසීමෙන් යුක්තවූයේ වේ. කරන්ට සමර්ත්‍ථ වේ. විධානයට සුදුසු වේ. මහණෙනි, යම් හෙයකින් මහණතෙම සබ්‍රම්සරුන්ගේ යම් ඒ අසා කළයුතු උස් පහත් වැඩ වෙත්ද, එහි දක්‍ෂ වේද, අලස නුවූයේ වේද, එහි යාමෙහි විමසීමෙන් යුක්තවූයේ වේ. කරන්ට සමර්ත්‍ථ වේ. විධානයට සුදුසු වේ. මේ ධර්මයද පිහිට ඇති කරන්නේයි.

6. සන්තුට්ඨීතා

“මහණෙනි, නැවතද මහණතෙම ධර්මයට ප්‍රිය කරන්නේ වේ. ප්‍රිය ව්‍යවහාර ඇත්තේ වේ. අභිධර්මයෙහි හා ඛන්‍දක පරිවාරයන්හි මහත් ප්‍රමෝද ඇත්තේ වේ. මහණෙනි, යම් හෙයකින් මහණතෙම ධර්මයට ප්‍රිය කරන්නේ වේ. ප්‍රිය ව්‍යවහාර ඇත්තේ වේ. අභිධර්මයෙහි හා ඛන්‍දක පරිවාරයන්හි මහත් ප්‍රමෝද ඇත්තේ වේ. මේ ධර්මයද පිහිට ඇති කරන්නේය.

7. විරිය

“මහණෙනි, නැවතද මහණතෙම අකුශල ධර්‍මයන් ප්‍රහාණය පිණිස, කුශල ධර්‍මයන් වැඩීම පිණිස, ශක්ති ඇත්තේ, දැඩි වීර්‍ය්‍ය ඇත්තේ, කුශල ධර්‍මයන්හි බහා නොතබන වැඩ ඇත්තේ, වාසය කරයි. මහණෙනි, යම් හෙයකින් මහණතෙම අකුශල ධර්‍මයන් ප්‍රහාණය පිණිස, කුශල ධර්‍මයන් වැඩීම පිණිස, ශක්ති ඇත්තේ, දැඩි වීර්‍ය්‍ය ඇත්තේ, කුශල ධර්‍මයන්හි බහා නොතබන වැඩ ඇත්තේ, වාසය කරයිද, මේ ධර්මයද පිහිට ඇති කරන්නකි.

8.

“මහණෙනි, නැවත මහණතෙම යම්කිසි සිවුරු, පිඬු, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකරින් සතුටුවූයේ වේද, මහණෙනි, යම් හෙයකින් මහණතෙම යම්කිසි සිවුරු, පිඬු, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකරින් සතුටුවූයේ වේද, මේ ධර්මයද පිහිට ඇති කරන්නේ මේ ධර්මයද පිහිට ඇති කරන්නකි.

9 සතිමත් වේද

“මහණෙනි, නැවත මහණතෙම ශ්‍රේෂ්ඨවූ සිහියේ නිපුනභාවයෙන් සිහි ඇත්තේ වේද, කළ බොහෝ කල් ඇත්තාවූ, කියා බොහෝ කල් ඇත්තාවූ දෙය සිහි කරන්නේ වේද, මේ ධර්මයද පිහිට ඇති කරන්නකි.

10. ප්‍රඥා වඩාද

“මහණෙනි, නැවතද මහණතෙම මනාකොට දුක් ක්‍ෂයවීමට යන, කලකිරීමට යන, පහළවීමට හා අස්තයට යන, ආර්‍ය්‍යවූ නුවණින් යුක්වූයේ වේ. යම් හෙයකින් මහණතෙම මනාකොට දුක් ක්‍ෂයවීමට යන, කලකිරීමට යන, පහළවීමට හා අස්තයට යන, ආර්‍ය්‍යවූ නුවණින් යුක්වූයේ වේද, මේ ධර්‍මයද පිහිට ඇතිකරණ ධර්‍මයකි.”

devider

AN 10.02-08 දුතිය නාථකරන සුත්‍රය

“මහණෙනි, පිහිට ඇතිව වසව්. පිහිට නැතිව නොවසව්. මහණෙනි, අනාථයා දුකසේ වාසය කරයි. මහණෙනි, පිහිට ඇති කරණ ධර්‍ම දහයකි.

“කවර දහයක්ද යත්?

මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සිල්වත් වේද, ප්‍රාතිමොක්‍ෂ සංවර ශීලයෙන් සංවරව වාසය කරයිද, හැසිරීමෙන්ද, අරමුණෙන්ද යුක්තවූයේ, ස්වල්ප මාත්‍ර වරදෙහි බිය දක්නේ, ශික්‍ෂාපදයන් සමාදන්ව හික්මෙයිද, එකාන්තයෙන් මේ භික්‍ෂුතෙමේ සිල්වත් වේ. ප්‍රතිමොක්‍ෂ සංවර සීලයෙන් සංවරව වාසය කරයි. හැසිරීමෙන්ද, අරමුණෙන්ද යුක්තවූයේ, ස්වල්පමාත්‍ර වරදෙහි බිය දක්නාසුළු වූයේ, ශික්‍ෂාපදයන් සමාදන්ව ආරක්‍ෂා කරයිද, ස්ථවිර භික්‍ෂූහුද ඒ භික්‍ෂුව කිවයුතුකොට සිතත්. අනුශාසන කළයුතුකොට, මධ්‍යම භික්‍ෂූහුද, නවක භික්‍ෂූහුද, ඒ භික්‍ෂුව කිවයුතුකොට, අනුශාසනා කළයුතුකොට නොහඟිත්. තෙරුන් වහන්සේලා විසින් අනුකම්පා කරණ ලද ඕහට කුශල ධර්මයන්හි වැඩීමක්ම කැමති විය යුත්තාහ. පිරිහීමක් කැමති නොවිය යුත්තාහ. මධ්‍යමයන් විසින් අනුකම්පා කරණ ලද ඕහට කුශල ධර්මයන්හි වැඩීමක් කැමතිවිය යුත්තාහ. පිරිහීමක් කැමති නොවිය යුත්තාහ. නවකයන් විසින් අනුකම්පා කරණ ලද ඕහට කුශල ධර්මයන්හි වැඩීමක් කැමතිවිය යුත්තාහ. පිරිහීමක් කැමති නොවිය යුත්තාහ. මේ ධර්මයද පිහිට ඇති කරන්නේය.
“මහණෙනි, නැවතද මහණතෙම බහුශ්‍රුත වේද, ඇසූ දෙය දරන්නේ වේද, ඇසූ දෙය රැස්කරන්නේ වේද, යම් ඒ ධර්ම කෙනෙක් මුල යහපත්ද, මැද යහපත්ද, අග යහපත්ද, අර්ත්‍ථ සහිතද, ව්‍යඤ්ජන සහිතද, හාත් පසින් සම්පූර්‍ණද, පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙත්ද, ඔහු විසින් එබඳු ධර්මයෝ බොහෝ අසන ලද්දාහු වෙත්. දරන ලද්දාහු වෙත්. වචනයෙන් පුරුදු කරණ ලද්දාහු වෙත්. සිතින් සිහි කරණ ලද්දාහු වෙත්. දෘෂ්ටියෙන් ප්‍රතිවෙධ කරණ ලද්දාහු වෙත්. මහණතෙම බහුශ්‍රුත වේද, ඇසූ දෙය දරන්නේ වේද, ඇසූ දෙය රැස්කරන්නේ වේද, යම් ඒ ධර්ම කෙනෙක් මුල යහපත්ද, මැද යහපත්ද, අග යහපත්ද, අර්ත්‍ථ සහිතද, ව්‍යඤ්ජන සහිතද, හාත් පසින් සම්පූර්‍ණද, පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙත්ද, ඔහු විසින් එබඳු ධර්මයෝ බොහෝ අසන ලද්දාහු වෙත්. දරන ලද්දාහු වෙත්. වචනයෙන් පුරුදු කරණ ලද්දාහු වෙත්. සිතින් සිහි කරණ ලද්දාහු වෙත්. දෘෂ්ටියෙන් ප්‍රතිවෙධ කරණ ලදද ඒකාන්තයෙන් මේ මහණතෙම බහුශ්‍රුත වේද, ඇසූ දෙය දරන්නේ වේද, ඇසූ දෙය රැස්කරන්නේ වේද, යම් ඒ ධර්ම කෙනෙක් මුල යහපත්ද, මැද යහපත්ද, අග යහපත්ද, අර්ත්‍ථ සහිතද, ව්‍යඤ්ජන සහිතද, හාත් පසින් සම්පූර්‍ණද, පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙත්ද, ඔහු විසින් එබඳු ධර්මයෝ බොහෝ අසන ලද්දාහු වෙත්. දරන ලද්දාහු වෙත්. වචනයෙන් පුරුදු කරණ ලද්දාහු වෙත්. සිතින් සිහි කරණ ලද්දාහු වෙත්. දෘෂ්ටියෙන් ප්‍රතිවෙධ කරණ ලද්දාහු වෙත්. මහණතෙම බහුශ්‍රුත වේද, ඇසූ දෙය දරන්නේ වේද, ඇසූ දෙය රැස්කරන්නේ වේද, යම් ඒ ධර්ම කෙනෙක් මුල යහපත්ද, මැද යහපත්ද, අග යහපත්ද, අර්ත්‍ථ සහිතද, ව්‍යඤ්ජන සහිතද, හාත් පසින් සම්පූර්‍ණද, පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙත්ද, ඔහු විසින් එබඳු ධර්මයෝ බොහෝ අසන ලද්දාහු වෙත්. දරන ලද්දාහු වෙත්. වචනයෙන් පුරුදු කරණ ලද්දාහු වෙත්. සිතින් සිහි කරණ ලද්දාහු වෙත්. දෘෂ්ටියෙන් ප්‍රතිවෙධ කරණ ලද්දාහු වෙත්ද, ස්ථවිරවරු ඒ භික්‍ෂුව කිවයුතුකොට, අනුශාසනා කළයුතුකොට හඟිත්. මධ්‍යම භික්‍ෂූහුද, නවක භික්‍ෂූහුද, කිවයුතුකොට, අනුශාසනා කළයුතුකොට හඟිත්. තෙරුන් විසින් අනුකම්පා කරණ ලද, මධ්‍යමයන් විසින් අනුකම්පා කරණ ලද, නවකයන් විසින් අනුකම්පා කරණ ලද, ඕහට කුශල ධර්මයන්හි වැඩීමක් කැමතිවිය යුත්තාහ. පිරිහීමක් කැමති නොවිය යුත්තාහ. මේ ධර්මයද පිහිට ඇති කරන්නේය.
“මහණෙනි, නැවතද දමණතෙම කල්‍යාණ මිත්‍ර වේද, යහපත් සහායයන් ඇත්තේ වේද, යහපත් අයට නැමෙන්නේ වේද, ඒකාන්තයෙන් මේ මහණතෙමේ, එකාන්තයෙන් කල්‍යාණ මිත්‍රය. යහපත් සහායයන් ඇත්තේය. යහපත් අයට නැමෙන්නේය. ස්ථවිර භික්‍ෂූහුද ඒ භික්‍ෂුව කිවයුතුකොට, අනුශාසනා කළයුතුකොට සිතත්. මධ්‍යම භික්‍ෂූහුද ඒ භික්‍ෂුව කිවයුතුකොට, අනුශාසනා කළයුතුකොට සිතත්. නවක භික්‍ෂූහුද ඒ භික්‍ෂුව කිවයුතුකොට, අනුශාසනා කළයුතුකොට සිතත්. තෙරුන් විසින් අනුකම්පා කරණ ලද, මධ්‍යමයන් විසින් අනුකම්පා කරණ ලද, නවකයන් විසින් අනුකම්පා කරණ ලද, ඕහට කුශල ධර්‍මයන්හි දියුණු වක්ම කැමතිවිය යුත්තාහ. පිරිහීමක් කැමති නොවිය යුත්තාහ. මේ ධර්‍මයද පිහිට ඇති කරන්නේය.
“මහණෙනි, නැවතද මහණතෙම සුවච වේ. සුවචබව කරණ කරුණුවලින් යුක්තවූයේ, ඉවසන්නේ වේ. අනුශාසනය ගෞරවයෙන් ගන්නේ වේ. මේ මහණතෙම ඒකාන්තයෙන් සුවචබව ඇත්කරණ ධර්‍මයන්ගෙන් යුක්තවුයේ ඉවසන්නේ, අනුශාසනය ගෞරවයෙන් ගන්නේ වේයයි ස්ථවිර භික්‍ෂූහුද ඒ භික්‍ෂුව කිවයුතුකොට, අනුශාසනා කළයුතුකොට සිතත්. මධ්‍යම භික්‍ෂූහුද ඒ භික්‍ෂුව කිවයුතුකොට, අනුශාසනා කළයුතුකොට සිතත්. නවක භික්‍ෂූහුද ඒ භික්‍ෂුව කිවයුතුකොට, අනුශාසනා කළයුතුකොට සිතත්. තෙරුන් විසින් අනුකම්පා කරණ ලද, මධ්‍යමයන් විසින් අනුකම්පා කරණ ලද, නවකයන් විසින් අනුකම්පා කරණ ලද, ඕහට කුශල ධර්‍මයන්හි දියුණු වක්ම කැමතිවිය යුත්තාහ. පිරිහීමක් කැමති නොවිය යුත්තාහ. මේ ධර්‍මයද පිහිට ඇති කරන්නේය.
“මහණෙනි, නැවතද මහණතෙම සබ්‍රම්සරුන්ගේ යම් ඒ අසා කටයුතු ලොකු කුඩා දේ ඇත්තේ වේද, එහි දක්‍ෂවේද, අලස නුවූයේ වේද, එහි යාමෙහි විසීමෙහි යුක්තවූයේ වේ. කරන්ට සමර්ත්‍ථවේ. විධානයට සුදුසු වේ. මහණෙනි, යම් හෙයකින් මහණතෙම සබ්‍රම්සරුන්ගේ යම් අසා කළ යුතු උස් පහත් දේ ඇද්ද, එහි දක්‍ෂ වේ. අලස නුවූයේ වේ. එහි යාමෙන් විමසීමෙහි යුක්තවූයේ වේ. කරන්නට සුදුසු වේ. විධාන කරන්ට කැමති වේයයි ස්ථවිර භික්‍ෂූහුද ඒ භික්‍ෂුව කිවයුතුකොට, අනුශාසනා කළයුතුකොට සිතත්. මධ්‍යම භික්‍ෂූහුද ඒ භික්‍ෂුව කිවයුතුකොට, අනුශාසනා කළයුතුකොට සිතත්. නවක භික්‍ෂූහුද ඒ භික්‍ෂුව කිවයුතුකොට, අනුශාසනා කළයුතුකොට සිතත්. තෙරුන් විසින් අනුකම්පා කරණ ලද, මධ්‍යමයන් විසින් අනුකම්පා කරණ ලද, නවකයන් විසින් අනුකම්පා කරණ ලද, ඕහට කුශල ධර්‍මයන්හි දියුණු වක්ම කැමතිවිය යුත්තාහ. පිරිහීමක් කැමති නොවිය යුත්තාහ. මේ ධර්‍මයද පිහිට ඇති කරන්නේය.
“මහණෙනි, නැවතද මහණතෙම ධර්‍මයට කැමැත්තේ වේ. ප්‍රිය ව්‍යවහාර ඇත්තේ වේ. අභිධර්‍මයෙහි හා ඛන්දක පරිවාර නම් වූ විනයෙහි මහත් ප්‍රමෝද ඇත්තේ වේද, මහණෙනි, යම් හෙයකින් මහණ තෙම ධර්‍මය කැමැත්තේ වේද, ප්‍රිය ව්‍යවහාර ඇත්තේ වේද, ඒකාන්තයෙන් මේ මහණ තෙම ධර්‍මකාමීය. ප්‍රිය ව්‍යවහාර ඇත්තේ වේ. අභිධර්‍මයෙහි හා ඛන්දක පරිවාරයන්හි මහත් ප්‍රමෝද ඇත්තේයයි ස්ථවිර භික්‍ෂූහුද ඒ භික්‍ෂුව කිවයුතුකොට, අනුශාසනා කළයුතුකොට සිතත්. මධ්‍යම භික්‍ෂූහුද ඒ භික්‍ෂුව කිවයුතුකොට, අනුශාසනා කළයුතුකොට සිතත්. නවක භික්‍ෂූහුද ඒ භික්‍ෂුව කිවයුතුකොට, අනුශාසනා කළයුතුකොට සිතත්. තෙරුන් විසින් අනුකම්පා කරණ ලද, මධ්‍යමයන් විසින් අනුකම්පා කරණ ලද, නවකයන් විසින් අනුකම්පා කරණ ලද, ඕහට කුශල ධර්‍මයන්හි දියුණු වක්ම කැමතිවිය යුත්තාහ. පිරිහීමක් කැමති නොවිය යුත්තාහ. මේ ධර්‍මයද පිහිට ඇති කරන්නේය.
“මහණෙනි, නැවතද මහණ තෙම අකුශල ධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස, කුශල ධර්‍මයන්ගේ වැඩීම පිණිස. පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තේ, ශක්ති ඇත්තේ, දැඩි වීර්‍ය්‍ය ඇත්තේ, කුශල ධර්‍මයන්හි බහා නොතබන වැඩ ඇත්තේ වාසය කරයි. ඒකාන්තයෙන් මේ මහණ තෙමේ අකුශල ධර්‍මයන් ප්‍රහීණ කිරීම පිණිස, කුශල ධර්‍මයන් වැඩීම පිණිස, ශක්ති ඇත්තේ, දැඩි වීර්‍ය්‍ය ඇත්තේ, කුශල ධර්‍මයන්හි බහා නොතබන ලද වැඩ ඇත්තේ වාසය කෙරේයයි ස්ථවිර භික්‍ෂූහුද ඒ භික්‍ෂුව කිවයුතුකොට, අනුශාසනා කළයුතුකොට සිතත්. මධ්‍යම භික්‍ෂූහුද ඒ භික්‍ෂුව කිවයුතුකොට, අනුශාසනා කළයුතුකොට සිතත්. නවක භික්‍ෂූහුද ඒ භික්‍ෂුව කිවයුතුකොට, අනුශාසනා කළයුතුකොට සිතත්. තෙරුන් විසින් අනුකම්පා කරණ ලද, මධ්‍යමයන් විසින් අනුකම්පා කරණ ලද, නවකයන් විසින් අනුකම්පා කරණ ලද, ඕහට කුශල ධර්‍මයන්හි දියුණු වක්ම කැමතිවිය යුත්තාහ. පිරිහීමක් කැමති නොවිය යුත්තාහ. මේ ධර්‍මයද පිහිට ඇති කරන්නේය.
“මහණෙනි, නැවතද මහණ තෙම යම්කිසි සිවුරු, පිඬු, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකරින් සතුටුවූයේ වේද, ඒකාන්තයෙන් මේ මහණ තෙම යම්කිසි සිවුරු, පිඬු, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකරින් සතුටුවූයේයයි ස්ථවිර භික්‍ෂූහුද ඒ භික්‍ෂුව කිවයුතුකොට, අනුශාසනා කළයුතුකොට සිතත්. මධ්‍යම භික්‍ෂූහුද ඒ භික්‍ෂුව කිවයුතුකොට, අනුශාසනා කළයුතුකොට සිතත්. නවක භික්‍ෂූහුද ඒ භික්‍ෂුව කිවයුතුකොට, අනුශාසනා කළයුතුකොට සිතත්. තෙරුන් විසින් අනුකම්පා කරණ ලද, මධ්‍යමයන් විසින් අනුකම්පා කරණ ලද, නවකයන් විසින් අනුකම්පා කරණ ලද, ඕහට කුශල ධර්‍මයන්හි දියුණු වක්ම කැමතිවිය යුත්තාහ. පිරිහීමක් කැමති නොවිය යුත්තාහ. මේ ධර්‍මයද පිහිට ඇති කරන්නේය.
“මහණෙනි, නැවතද මහණතෙම ස්මෘතිමත් වේද, ශ්‍රේෂ්ඨවූ ස්මෘතියගේ නිපුන භාවයෙන් යුක්තවූයේ වේද, කළ බොහෝ කල් ඇත්තාවුද, කියා බොහෝ කල් ඇත්තාවුද, දේ සිහි කරන්නේ වේද, නැවත නැවත සිහි කරන්නේ වේද, මේ මහණතෙම ඒකාන්තයෙන් සිහි ඇත්තේය. ශ්‍රේෂ්ඨවූ සිහියේ නිපුනභාවයෙන් යුක්තය. කළ බොහෝ කල් ඇති, කියා බොහෝ කල් ඇති දෙය වුවත් සිහි කරන්නේය. නැවත නැවත සිහි කරන්නේය.

“මහණෙනි, නැවත

  • මහණතෙම ඤාණවත් වේද,
  • ආර්‍ය්‍යවූ තියුණු අවබෝධය ඇති,
  • මනාකොට දුක් ක්‍ෂයවීමට යන, උත්පත්තිය විනාශය දක්නා නුවණින් යුක්තවූයේ වේ.

ඒකාන්තයෙන් මේ මහණතෙම ඤාණවන්තය. ආර්‍ය්‍යවූ තියුණු අවබෝධය ඇති, මනාකොට දුක් ක්‍ෂයවීමට ගිය, උත්පත්තිය විනාශය දක්නා නුවණින් යුක්තවූයේයයි, ස්ථවිර භික්‍ෂූහුද ඒ භික්‍ෂුව කිවයුතුකොට, අනුශාසනා කළයුතුකොට සිතත්.

මධ්‍යම භික්‍ෂූහුද ඒ භික්‍ෂුව කිවයුතුකොට, අනුශාසනා කළයුතුකොට සිතත්.
නවක භික්‍ෂූහුද ඒ භික්‍ෂුව කිවයුතුකොට, අනුශාසනා කළයුතුකොට සිතත්.

තෙරුන් විසින් අනුකම්පා කරණ ලද, මධ්‍යමයන් විසින් අනුකම්පා කරණ ලද, නවකයන් විසින් අනුකම්පා කරණ ලද, ඕහට කුශල ධර්‍මයන්හි දියුණු වක්ම කැමතිවිය යුත්තාහ. පිරිහීමක් කැමති නොවිය යුත්තාහ. මේ ධර්‍මයද පිහිට ඇති කරන්නේය. මහණෙනි, පිහිට ඇතිව වාසය තරව්. පිහිට නැතිව වාසය නොකරව්. මහණෙනි, අනාථ තෙමේ දුකින් පෙළෙයි. මහණෙනි, මේ පිහිට ඇතිකරණ ධර්‍ම දසයයි.

devider

AN 10.02-09. සංඛිත්ත අරියවාස සූත්‍රය

“මහණෙනි, යමක ආර්‍ය්‍යයෝ විසුවාහුද, වෙසෙත්ද, වසන්නාහුද, මේ ආර්‍ය්‍යවාස දසයක් වේ.
“කවර දසයක් වෙත්ද?

  • මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම කරුණු පසකින් දුරුවූයේ වේද,
  • අඞ්ග සයකින් යුක්තවූයේ වේද, එක් ආරක්‍ෂාවක් ඇත්තේද, විමසීම් සතරක් ඇත්තේද,
  • වෙන වෙන ඇත්තයයි කියාගත් දේ විශේෂයෙන් ප්‍රහීන කළේද නැත්තේද,
  • බැහැර කරණ ලද සියලු සෙවීම් ඇත්තේද,
  • අවුල් නොවූ කල්පනා ඇත්තේ වේද,
  • සංසිදුණු කාය සංස්කාර ඇත්තේ වේද,
  • කෙලෙසුන්ගෙන් මිදුණු සිත් ඇත්තේද,
  • කෙලෙසුන්ගෙන් මිදුණු ප්‍රඥා ඇත්තේ වේද,
  • මහණෙනි, යමක ආර්‍ය්‍යයෝ විසුවාහුද, වෙසෙත්ද, වසන්නාහුද,

මේ ආර්‍ය්‍යවාස දසයක් වේ.

devider

AN 10.02-10 . විත්‍ථත සූත්‍රය

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුරු රටෙහි කල්මාෂ්‍යදම්‍ය නම් කුරුන්ගේ නියම් ගමක් වේද, එහි වාසය කරණ සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක. භික්‍ෂූහු, ‘ස්වාමීනි’ යි භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ, ‘මහණෙනි, යමෙක්හි ආර්‍ය්‍යයෝ විසුවාහුද, වසත්ද, වසන්නාහුද, මේ ආර්‍ය්‍ය වාසයෝ දසයෙකැ’යි වදාළ සේක.
“කවර දසයක් වෙත්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම කරුණු පසකින් දුරුවූයේ වේද, අඞ්ග සයකින් යුක්තවූයේ වේද, එක් ආරක්‍ෂාවක් ඇත්තේද, විමසීම් සතරක් ඇත්තේද, වෙන වෙන ඇත්තයයි කියාගත් දේ විශේෂයෙන් ප්‍රහීන කළේද නැත්තේද, බැහැර කරණ ලද සියලු සෙවීම් ඇත්තේද, අවුල් නොවූ කල්පනා ඇත්තේ වේද, සංසිදුණු කාය සංස්කාර ඇත්තේ වේද, කෙලෙසුන්ගෙන් මිදුණු සිත් ඇත්තේද, කෙලෙසුන්ගෙන් මිදුණු ප්‍රඥා ඇත්තේ වේද,
“මහණෙනි, කෙසේ මහණ තෙම අඞ්ග පසකින් දුරුවූයේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණහට කාමයෙහි ආශාව ප්‍රහීණවූයේ වේ. ව්‍යාපාදය, නිදිබර ගතිය, සිතේ ඇවිස්සිම, කුකුස, සැකය ප්‍රහීනවූයේ වේද, මහණෙනි, මෙසේ මහණතෙම අඞ්ග පසකින් යුක්තවූයේ වේ.
“කෙසේ මහණතෙම අඞ්ග සයකින් යුක්තවූයේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ඇසින් රූපයක් දැක, සතුටුත් නොවේ, අසතුටුත් නොවේද, සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවුයේ, උපෙක්‍ෂා ඇතිව වාසය කරයි. කනින් ශබ්දයක් අසා සතුටුත් නොවේ, අසතුටුත් නොවේද, සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවුයේ, උපෙක්‍ෂා ඇතිව වාසය කරයි. නාසයෙන් ගඳ සුවඳක් ආඝ්‍රාණය කොට සතුටුත් නොවේ, අසතුටුත් නොවේද, සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවුයේ, උපෙක්‍ෂා ඇතිව වාසය කරයි. දිවින් රසයක් විඳ සතුටුත් නොවේ, අසතුටුත් නොවේද, සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවුයේ, උපෙක්‍ෂා ඇතිව වාසය කරයි. කයින් ස්පර්‍ශයක් ලබා සතුටුත් නොවේ, අසතුටුත් නොවේද, සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවුයේ, උපෙක්‍ෂා ඇතිව වාසය කරයි. සිතින් ධර්‍මයක් දැන සතුටුත් නොවේ, අසතුටුත් නොවේද, සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවුයේ, උපෙක්‍ෂා ඇතිව වාසය කරයි. මහණෙනි, මෙසේ වනාහි මහණතෙම අඞ්ග පසකින් යුක්තවූයේ වේ.
“මහණෙනි, කෙසේ මහණතෙම එකම ආරක්‍ෂාවක් ඇත්තේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සිහියෙන් ආරක්‍ෂාවූ සිතින් යුක්තව වාසය කරයි. මහණෙනි, මෙසේ වනාහි මහණතෙම එකම ආරක්‍ෂාවක් ඇත්තේ වේ.
“මහණෙනි, කෙසේ මහණතෙම විමසීම් සතරකින් යුක්තවේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විමසා බලා එකක් පරිභෝග කරයි. විමසා බලා එකක් ඉවසයි. විමසා බලා එකක් දුරු කරයි. මහණෙනි, මෙසේ මහණතෙම විමසීම් සතරක් ඇත්තේය.
“මහණෙනි, කෙසේ මහණතෙම වෙන වෙන බැසගත් සත්‍ය ඇත්තේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණහට බොහෝ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ යම් ඒ බොහෝ වෙන්වූ සත්‍යයෝ ඇද්ද්, ඒ කවරහුද? ලෝකය ශාස්වතයයි කියාද, ලෝකය අශාස්වතයයි කියාද, ලෝකය කෙළවරක් ඇතැයිද, ලෝකය කෙළවරක් නැතැයිද, එයම ජීවය එයම ශරීරයයිද, ජීවය අනිකක ශරීරය අනිකකැයිද, සත්ත්‍වයා මරණින් මතු වේයයිද, සත්ත්‍වයා මරණින් මතු නොවේයයිද, සත්ත්‍වයා මරණින් මතු වේයයිද නොවේයයි කියාද, සත්ත්‍වයා මරණින් මතු නොද වෙයි නොද නොවෙයි කියාද, ඒ සියල්ල දුරු කළාහු, විශේෂයෙන් දුරු කළාහු වෙත්. අත්හැරියාහු වෙත්ද, වමාරා දැමුවාහු වෙත්ද, මුදන ලද්දාහු වෙත්ද, ප්‍රහීණ වූවාහු වෙත්ද, දුරුකරණ ලද්දාහු වෙත්ද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම දුරු කරණ ලද ‘මෙම සත්‍යයි’ යන අදහස් ඇත්තේ වේ.
“මහණෙනි, කෙසේ මහණතෙම හරනා ලද සියලු සෙවීම් ඇත්තේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණහට කාම වස්තූන් සෙවීම ප්‍රහීන වූයේ වේ. භවය සෙවිම ප්‍රහීන වූයේ වේ. බ්‍රහ්මචර්‍ය්‍යය සෙවීම සංසිඳුනේ වේද, මහණෙනි, මෙසේ මහණතෙම අත්හළ සියලු සෙවිම් ඇත්තේ වේ.
“මහණෙනි, කෙසේ මහණතෙම අවුල් නොවූ අදහස් ඇත්තේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණහට කාම අදහස ප්‍රහීන වූයේ වේද, ව්‍යාපාද අදහස, හිංසා කිරීමේ අදහස ප්‍රහීන වුයේ වේද, මහණෙනි, මෙසේ මහණතෙම අවුල් නොවූ කල්පනා ඇත්තේ වේ.
“මහණෙනි, කෙසේ මහණතෙම සංසිඳුනු කාය සංස්කාරයෝ අත්තේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සැපද ප්‍රහාණයෙන්, දුක්ද ප්‍රහාණයෙන්, සොම්නස් දොම්නස් දෙදෙනාගේ අස්තයට යාමට පෙරම, දුක්, සැප නැති, උපෙක්‍ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදු බව ඇති, සතරවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. මහණෙනි, මෙසේ වනාහි මහණතෙම සංසිඳුණු කාය සංස්කාර ඇත්තේ වේ.
“මහණෙනි, කෙසේ මහණතෙම අතිශයින් මිදුන සිත් ඇත්තේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණහුගේ සිත රාගයෙන් මිදුනේ වේ. ද්වේෂයෙන් සිත මිදුනේ වේ. මෝහයෙන් සිත මිදුනේ වේ. මහණෙනි, මෙසේ මහණතෙම අතිශයින් මිදුනු සිත් ඇත්තේ වේ.
“මහණෙනි, කෙසේ මහණතෙම අතිශයින් මිදුනු නුවණ ඇත්තේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම, ‘මාගේ රාගය නැත. මුලිනුදුරණ ලදී. අක් සිඳි තල් ගසක් මෙනි. අභාවය කළේය. මතු නූපදින ස්වභාව ඇත්තේයයි දනී. මාගේ ද්වේෂය නැත. මුලිනුදුරණ ලදී. අක් සිඳි තල් ගසක් මෙනි. අභාවය කළේය. මතු නූපදින ස්වභාව ඇත්තේයයි දනී. මාගේ මෝහය නැත. මුලිනුදුරණ ලදී. අක් සිඳි තල් ගසක් මෙනි. අභාවය කළේය. මතු නූපදින ස්වභාව ඇත්තේයයි දනී. මහණෙනි, මෙසේ මහණතෙම මිදුන ප්‍රඥා ඇත්තේ වේ.
“මහණෙනි, ඉකුත් කාලයෙහි යම්කිසි ආර්‍ය්‍ය කෙනෙක් ආර්‍ය්‍ය වාසයෙහි විසුවාහුද, ඒ සියල්ලෝ මේ ආර්‍ය්‍ය වාස දසයෙහිම විසුවාහුය. අනාගතයෙහිත්, දැනුත් එසේය.

English Version

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.