AN-10-12-1. අධම්මානත්‍ථ සූත්‍රය
“මහණෙනි, අධර්මයද, අනර්ත්‍ථයද දත යුතුය.
ධර්මයද, අර්ත්‍ථයද දත යුතුයි.
අධර්මයද, අනර්ත්‍ථයද දැන, ධර්මයද අර්ත්‍ථයද දැන,
ධර්මය යම්සේද, අර්ත්‍ථය යම්සේද, එසේ පිළිපැදිය යුතුයි.
“මහණෙනි, අධර්මයද, අනර්ත්‍ථයද කවරේද,
වැරදි දැකීම, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්‍රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි සමාධිය, වැරදි දැනුම, වැරදි මිදීමය.
මහණෙනි, මේ අධර්මයද, අනර්ත්‍ථයද වේ.
“මහණෙනි, ධර්මයද, අර්ත්‍ථයද කවරේද?
නිවැරදි දැකීම, නිවැරදි සිතීම, නිවැරදි කථාව, නිවැරදි ක්‍රියාව, නිවැරදි පැවැත්ම, නිවැරදි වෑයම, නිවැරදි සිහිය, නිවැරදි සිත එකඟකම, නිවැරදි දැනුම, වැරදි මිදීම යන මේ, මහණෙනි, ධර්මයද, අර්ත්‍ථයදැයි කියනු ලැබේ.
“මහණෙනි, අධර්මයද, අනර්ත්‍ථයද දත යුතුය.
ධර්මයද, අර්ත්‍ථයද දත යුතුයි.
අධර්මයද, අනර්ත්‍ථයද දැන, ධර්මයද අර්ත්‍ථයද දැන,
ධර්මය යම්සේද, අර්ත්‍ථය යම්සේද, එසේ පිළිපැදිය යුතුයි. මෙසේ ඒ යමක් කියන ලද්දේද, මෙය ඒ සඳහා කියන ලදී.
AN-10-12- 2. ධම්මාධම්ම සූත්‍රය
’’මහණෙනි, අධර්මයද, ධර්‍මයද දත යුතුය. අනර්ත්‍ථයද, අර්ත්‍ථයද දත යුතුය. අධර්මයද, ධර්මයද දැන, අනර්ත්‍ථයද, අර්ත්‍ථයද දැන, ධර්මය අනුව, අර්ත්‍ථය අනුව, එසේ පිළිපැදිය යුතුය.
’’මහණෙනි, අධර්මය කවරේද? ධර්මය කවරේද? අනර්ත්‍ථය කවරේද? අර්ත්‍ථය කවරේද? මහණෙනි, වැරදි දැකීම අධර්‍මයයි. නිවැරැදි දැකීම ධර්‍මයමයි. වරදවා දැකීම නිසා නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත්. මේ අනර්ත්‍ථයයි. නිවැරැදි දැකීම නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණවීමට යත්. මේ අර්ත්‍ථයයි.
’’මහණෙනි, වැරදි සිතීම අධර්‍මයයි. නිවැරැදි සිතීම ධර්‍මයයි. වැරදි සිතීම නිසා නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත්. මේ අනර්ත්‍ථයයි. නිවැරැදි සිතීම නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණභාවයට යත්. මේ අර්ත්‍ථයයි.
’’මහණෙනි, වැරදි කථාව අධර්‍මයයි. නිවැරැදි කථාව ධර්‍මයයි. වැරදි කථාව නිසා නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත්. මේ අනර්ත්‍ථයයි. නිවැරැදි කථාව නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණ බවට යත්. මේ අර්ත්‍ථයයි.
’’මහණෙනි, වැරදි ක්‍රියාව අධර්‍මයයි. යහපත් ක්‍රියාව ධර්‍මයමයි. වැරදි ක්‍රියාව නිසා නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත්. මේ අනර්ත්‍ථයයි. නිවැරැදි ක්‍රියාව නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණබවට යත්. මේ අර්ත්‍ථයයි.
’’මහණෙනි, වැරදි පැවැත්ම අධර්‍මයයි. නිවැරැදි පැවැත්ම ධර්‍මයයි. වැරදි පැවැත්ම නිසා නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත්. මේ අනර්ත්‍ථයයි. නිවැරැදි පැවැත්ම නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණවීමට යත්. මේ අර්ත්‍ථයයි.
’’මහණෙනි, වැරදි වෑයම අධර්‍මයයි. නිවැරැදි වෑයම ධර්‍මයමයි. වැරදි වෑයම නිසා නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත්. මේ අනර්ත්‍ථයයි. නිවැරැදි වෑයම නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණභාවයට යත්. මේ අර්ත්‍ථයයි.
’’මහණෙනි, වැරදි සිහිය අධර්‍මයයි. නිවැරැදි සිහිය ධර්‍මයයි. වැරදි සිහිය නිසා නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත්. මේ අනර්ත්‍ථයයි. නිවැරැදි සිහිය නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණබවට යත්. මේ අර්ත්‍ථයයි.
’’මහණෙනි, වැරදි සිත එකඟකිරීම අධර්‍මයයි. නිවැරැදි සිත එකඟකිරීම ධර්‍මයයි. වැරදි සිත එකඟකිරීම නිසා නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත්. මේ අනර්ත්‍ථයයි. නිවැරැදි සිත එකඟකිරීම නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණබවට යත්. මේ අර්ත්‍ථයයි.
’’මහණෙනි, වැරදි නුවණ අධර්‍මයයි. නිවැරැදි නුවණ ධර්‍මයයි. වැරදි නුවණ නිසා නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ උපදිත්. මේ අනර්ත්‍ථයයි. නිවැරැදි නුවණ නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණභාවයට යත්. මේ අර්ත්‍ථයයි.
’’මහණෙනි, වැරදි මිදීම අධර්‍මයයි. යහපත් මිදීම ධර්‍මයයි. වැරදි මිදීම නිසා නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත්. මේ අනර්ත්‍ථයයි. නිවැරැදි මිදීම නිසා නොයෙක් කුශල ධර්මයෝ පහළවෙත්. මේ අර්ත්‍ථයයි.
’’මහණෙනි, අධර්මයද, ධර්‍මයද දත යුතුය. අනර්ත්‍ථයද, අර්ත්‍ථයද දත යුතුය. අධර්මයද, ධර්මයද දැන, අනර්ත්‍ථයද, අර්ත්‍ථයද දැන, ධර්මය අනුව, අර්ත්‍ථය අනුව, එසේ පිළිපැදිය යුතුය. මෙසේ යමක් කියන ලද්දේද, එය මේ සඳහා කියන ලදී.
’’මහණෙනි, අධර්මයද, ධර්මයද දතයුතුය. අනර්ත්‍ථයද, අර්ත්‍ථයද දතයුතුය. අධර්මයද, ධර්මයද දැන, අනර්ත්‍ථයද, අර්ත්‍ථයද දැන, ධර්මය යම්සේද, අර්ත්‍ථය යම්සේද, එසේ පිළිපැදිය යුතුයි’’ භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මෙය වදාරා, අස්නෙන් නැගිට විහාරයට වැඩි සේක.
AN-10-12- 3.ආනන්‍ද ධම්මාධම්ම සූත්‍රය
§ 1.ඉක්බිති, භාග්‍යවතුන් වහන්සේ වැඩ නොබෝ වේලාවකින් ඒ භික්‍ෂූන්ට මෙබඳු සිතක් විය. “ඇවැත්නි අපට භාග්‍යවතුන් වහන්සේ, ‘මහණෙනි, අධර්මයද දත යුතුය. ධර්මයද දතයුතුය. අනන්‍ර්‍ථයද, අර්ත්‍ථයද දතයුතුය. අධර්මයද, ධර්මයද දැන, අනන්‍ර්‍ථයද, අන්‍ර්‍ථයද දැන, අධර්‍මය යම්සේද, අන්‍ර්‍ථය යම්සේද, එසේ පිළිපැදිය යුතුය’ යි යන යමක් සංක්‍ෂෙපයෙන් වදාරා, විස්තර වශයෙන් තේරුම්කර නොදී, අස්නෙන් නැගිට විහාරයට වැඩි සේක්ද, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්‍ෂෙපයෙන් වදාරණ ලද විස්තර වශයෙන් අන්‍ර්‍ථය නොබෙදන ලද මෙහි අර්ථය කවරෙක් විස්තර වශයෙන් බෙදන්නේදැයි කියාය.
§ 2. ඉක්බිති මේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ විසින්මද මනාව වර්ණනා කරන ලද්දේය. සම්භාවනා කරණ ලද්දේය. භාග්‍යවතුන් වහන්සේ විසින් විස්තර වශයෙන් අන්‍ර්‍ථය නොබෙදන ලද, කොටින් වදාරණ ලද ධර්‍මයෙහි විස්තර වශයෙන් නුවණැති සබ්‍රම්සරුන්ට අර්ථය බෙදා දක්වන්නට සුදුසුය. ඒකාන්තයෙන් අපි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණෙන්නමු. පැමිණ, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේගෙන් මේ කාරණය විචාරන්නෙමු නම් යෙහෙකැයි සිතූහ. අපට ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ යම්සේ ප්‍රකාශ කරන්නේද, එසේ අපි දරන්නෙමු’ යි කීවාහුය.
§ 3. “ඉක්බිති ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ සමග සතුටුවූවාහුය. සතුටුවියයුතුවූ, සිහිකටයුතුවූ, කථාව කොට නිමවා එකත්පසෙක සිටියාහුය. එකත්පසෙක සිටි ඒ භික්‍ෂූහු, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට, “ඇවැත්නි, ආනන්‍දයෙනි, අපට භාග්‍යවතුන් වහන්සේ, ‘මහණෙනි, අධර්මයද දතයුතුය. ධර්මයද දතයුතුය. අනර්ථයද, අර්ථයද දතයුතුය. අධර්මයද, ධර්මයද දැන, අනර්ථයද, අර්ථයද දැන, ධර්මය, අර්ථය යම්සේද, එසේ පිළිපැදිය යුතුයයි කොටින් වදාරා වදාරා විස්තර වශයෙන් අර්ථය නොබෙදා, ආසනයෙන් නැගිට විහාරයට ඇතුළුවූ සේකැ” යි කීවාහුය.
“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ වැඩ නොබෝ වේලාවකින් අපට, “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ ධර්මයද, අධර්මයද දතයුතුයයි කොටින් වදාරා විස්තර වශයෙන් අර්ථය බෙදා නොදී, අස්නෙන් නැගිට, විහාරයට ඇතුළුවූ සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් කොටින් වදාරණ ලද, විස්තර වශයෙන් නොබෙදන ලද, මෙහි අර්ථය කවරෙක් විස්තර වශයෙන් බෙදන්නේදැ” යි මේ සිත විය.
“ඇවැත්නි, අපට මේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ, භාග්‍යවතුන් වහන්සේ විසින්මද වර්ණනා කරණ ලදී. ප්‍රශංසා කරණ ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් කොටින් දේශනා කරණ ලද, විස්තර වශයෙන් අර්ථය නොබෙදන ලද, ධර්මයෙහි අර්ථය නුවණැති සබ්‍රම්සරුන්ට විස්තර වශයෙන් බෙදන්නට සුදුසුය. ඒකාන්තයෙන් අපි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණෙන්නෙමු. පැමිණ, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේගෙන් මේ කාරණය විචාරන්නෙමු නම් යෙහෙකැ” යි සිතූහ. “ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ අපට ප්‍රකාශ කරන්නේ යම්සේද, එසේ අපි දරන්නෙමු’ යි කීවාහුය. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ බෙදා දක්වන සේක්වා” යි කීහ.
§ 4. “ඇවැත්නි, හරයෙන් ප්‍රයෝජන ඇති, හරය සොයන පුරුෂයෙක් යම් සේ හරය සෙවීමෙහි හැසිරෙන්නේ පවත්නාවූ, හර ඇත්තාවූ මහත් වෘක්‍ෂයක්හුගේ මුල ඉක්මවා, කඳ ඉක්මවා, අතුකොළ ඉක්මවා හරය සෙවීම යුතුකොට සිතන් නේය. මේ කාරණය එසේ දතයුතුයි.
ආයුෂ්මතුන්ට බුදුන් හමුවෙහි ඒ භාග්‍යවතුන් වහන්සේ ඉක්මවා අපගෙන් මේ කාරණය ඇසිය යුතු කොට සිතව්ද. ඇවැත්නි, ඇසවූ, නුවණවූ, ධර්මයවූ, බ්‍රහ්මවූ, වාදීවූ, නියාමකවූ, අර්ථය තීරණය කරන්නාවූ, අමෘතය දෙන්නාවූ, ධර්මයට ස්වාමීවූ, තථාගතවූ, ඒ භාග්‍යවතුන් වහන්සේ දත යුත්ත දනී, දැක්ක යුත්ත දකී, තෙපි භාග්‍යවතුන් වහන්සේ කරාම පැමිණ මෙය විචාරන්නාහු නම්, එයට එම කාලය විය. අපගේ භාග්‍යවතුන් වහන්සේ ඔබහට ප්‍රකාශ කරන්නේ යම්සේද, එසේ එය දරව්” යයි කීයේය.
§ 5. “ඇවැත්නි, ආනන්‍ද ස්ථවිරයෙනි, ඇසවූ, නුවණවූ, ධර්මයවූ, බ්‍රහ්මවූ, වාදීවූ, නියාමකවූ, අර්ථය තීරණය කරන්නාවූ, අමෘතය දෙන්නාවූ, ධර්ම ස්වාමීවූ, තථාගතවූ, භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් දත යුත්ත දනී, දැක්ක යුත්ත දකී, යම්බඳුවූ අපි භාග්‍යවතුන් වහන්සේ කරාම පැමිණ මෙයම විචාරන්නෙමු නම්, එයට මෙම කාලය විය. භාග්‍යවතුන් වහන්සේ අපට ප්‍රකාශ කරන්නේ යම්සේද, එය එසේ දරන්නෙමු.
“එතකුදු වුවත් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින්මද මනාව වර්‍ණනා කරණ ලද්දේ, ප්‍රශංසා කරණ ලද්දේය. ආයුෂ්මත් ආනන්‍ද තෙම භාග්‍යවතුන් වහන්සේ විසින් විස්තර වශයෙන්, අර්ථය නොබෙදන ලද, කොටින් වදාරණ ලද, ධර්මයෙහි අර්ථය නුවණැති සබ්‍රම්සරුන්ට විස්තර වශයෙන් බෙදන්නට සුදුසුය. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ බරක්කොට නොගෙන බෙදා දක්වත්වා” යි කීවාහුය.
§ 6. “ඇවැත්නි, එසේ නම් අසව්. හොඳට මෙනෙහි කරව්. කියන්නෙමි” යි වදාළ සේක. “ඇවැත්නි, එසේය” යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට පිළිතුරු දුන්හ.
ආයුෂමත් ආනන්‍ද ස්ථවිර තෙම, “ඇවැත්නි, අපගේ භාග්‍යවතුන් වහන්සේ යමක් කොටින් වදාරා විස්තර නොකොට අස්නෙන් නැගිට විහාරයට වැඩි සේක්ද, “ඇවැත්නි, අධර්මයද, ධර්‍මයද දත යුතුය. අනර්ත්‍ථයද, අර්ත්‍ථයද දත යුතුය. අධර්මයද, ධර්මයද දැන, අනර්ත්‍ථයද, අර්ත්‍ථයද දැන, ධර්මය අනුව, අර්ත්‍ථය අනුව, එසේ පිළිපැදිය යුතුය.
“ඇවැත්නි,, අධර්මය කවරේද? ධර්මය කවරේද? අනර්ත්‍ථය කවරේද? අර්ත්‍ථය කවරේද? මහණෙනි, වැරදි දැකීම අධර්‍මයයි. නිවැරැදි දැකීම ධර්‍මයමයි. වරදවා දැකීම නිසා නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත්. මේ අනර්ත්‍ථයයි. නිවැරැදි දැකීම නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණවීමට යත්. මේ අර්ත්‍ථයයි.
“ඇවැත්නි,, වැරදි සිතීම අධර්‍මයයි. නිවැරැදි සිතීම ධර්‍මයයි. වැරදි සිතීම නිසා නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත්. මේ අනර්ත්‍ථයයි. නිවැරැදි සිතීම නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණභාවයට යත්. මේ අර්ත්‍ථයයි.
“ඇවැත්නි,, වැරදි කථාව අධර්‍මයයි. නිවැරැදි කථාව ධර්‍මයයි. වැරදි කථාව නිසා නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත්. මේ අනර්ත්‍ථයයි. නිවැරැදි කථාව නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණ බවට යත්. මේ අර්ත්‍ථයයි.
“ඇවැත්නි, වැරදි ක්‍රියාව අධර්‍මයයි. යහපත් ක්‍රියාව ධර්‍මයමයි. වැරදි ක්‍රියාව නිසා නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත්. මේ අනර්ත්‍ථයයි. නිවැරැදි ක්‍රියාව නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණබවට යත්. මේ අර්ත්‍ථයයි.
“ඇවැත්නි, වැරදි පැවැත්ම අධර්‍මයයි. නිවැරැදි පැවැත්ම ධර්‍මයයි. වැරදි පැවැත්ම නිසා නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත්. මේ අනර්ත්‍ථයයි. නිවැරැදි පැවැත්ම නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණවීමට යත්. මේ අර්ත්‍ථයයි.
“ඇවැත්නි, වැරදි වෑයම අධර්‍මයයි. නිවැරැදි වෑයම ධර්‍මයමයි. වැරදි වෑයම නිසා නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත්. මේ අනර්ත්‍ථයයි. නිවැරැදි වෑයම නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණභාවයට යත්. මේ අර්ත්‍ථයයි.
“ඇවැත්නි, වැරදි සිහිය අධර්‍මයයි. නිවැරැදි සිහිය ධර්‍මයයි. වැරදි සිහිය නිසා නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත්. මේ අනර්ත්‍ථයයි. නිවැරැදි සිහිය නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණබවට යත්. මේ අර්ත්‍ථයයි.
“ඇවැත්නි, වැරදි සිත එකඟකිරීම අධර්‍මයයි. නිවැරැදි සිත එකඟකිරීම ධර්‍මයයි. වැරදි සිත එකඟකිරීම නිසා නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත්. මේ අනර්ත්‍ථයයි. නිවැරැදි සිත එකඟකිරීම නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණබවට යත්. මේ අර්ත්‍ථයයි.
“ඇවැත්නි, වැරදි නුවණ අධර්‍මයයි. නිවැරැදි නුවණ ධර්‍මයයි. වැරදි නුවණ නිසා නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ උපදිත්. මේ අනර්ත්‍ථයයි. නිවැරැදි නුවණ නිසා නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්‍ණභාවයට යත්. මේ අර්ත්‍ථයයි.
“ඇවැත්නි,, වැරදි මිදීම අධර්‍මයයි. යහපත් මිදීම ධර්‍මයයි. වැරදි මිදීම නිසා නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත්. මේ අනර්ත්‍ථයයි. නිවැරැදි මිදීම නිසා නොයෙක් කුශල ධර්මයෝ පහළවෙත්. මේ අර්ත්‍ථයයි.
“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ, ‘මහණෙනි, අධර්මයද දත යුතුය. ධර්මයද දතයුතුය. අනන්‍ර්‍ථයද, අර්ත්‍ථයද දතයුතුය. අධර්මයද, ධර්මයද දැන, අනන්‍ර්‍ථයද, අන්‍ර්‍ථයද දැන, අධර්‍මය යම්සේද, අන්‍ර්‍ථය යම්සේද, එසේ පිළිපැදිය යුතුය’ යි යන යමක් සංක්‍ෂෙපයෙන් වදාරා, විස්තර වශයෙන් තේරුම්කර නොදී, අස්නෙන් නැගිට විහාරයට වැඩි සේක්ද, භාග්‍යවතුන් වහන්සේ කොටින් වදාළ, විස්තර වශයෙන් අදහස නොබෙදූ මේ දේශනාවේ අර්ථය මෙසේ විස්තර වශයෙන් දනිමි. ඇවැත්නි, බලාපොරොත්තු වන්නාවූ කෙපිද භාග්‍යවතුන් වහන්සේ කරා ගොස් මේ කාරණය අසවු. භාග්‍යවතුන් වහන්සේ යම් සේ විස්තර කරණ සේක්ද, එසේ දරවු.
“ඇවැත්නි, එසේය” යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ගේ වචනයට සතුටුව, අනුමෝදන්ව, හුන් අසුන්වලින් නැගිට භාග්‍යවතුන් වහන්සේ කරා ගියහ. ගොස් භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය කීහ.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ, ‘මහණෙනි, අධර්මයද දත යුතුය. ධර්මයද දතයුතුය. අනන්‍ර්‍ථයද, අර්ත්‍ථයද දතයුතුය. අධර්මයද, ධර්මයද දැන, අනන්‍ර්‍ථයද, අන්‍ර්‍ථයද දැන, අධර්‍මය යම්සේද, අන්‍ර්‍ථය යම්සේද, එසේ පිළිපැදිය යුතුය’ යි යන යමක් සංක්‍ෂෙපයෙන් වදාරා, විස්තර වශයෙන් තේරුම්කර නොදී, අස්නෙන් නැගිට විහාරයට වැඩි සේක්ද, ඉක්බිති මේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ විසින්මද මනාව වර්ණනා කරන ලද්දේය. සම්භාවනා කරණ ලද්දේය. භාග්‍යවතුන් වහන්සේ විසින් විස්තර වශයෙන් අන්‍ර්‍ථය නොබෙදන ලද, කොටින් වදාරණ ලද ධර්‍මයෙහි විස්තර වශයෙන් නුවණැති සබ්‍රම්සරුන්ට අර්ථය බෙදා දක්වන්නට සුදුසුය. ඒකාන්තයෙන් අපි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණෙන්නමු. පැමිණ, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේගෙන් මේ කාරණය විචාරන්නෙමු නම් යෙහෙකැයි සිතූහ. අපට ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ යම්සේ ප්‍රකාශ කරන්නේද, එසේ අපි දරන්නෙමු’ යි කීවාහුය.
“ස්වාමීනි, ඉක්බිත්තෙන් වනාහි අපි, ආයුෂ්මත් ආනන්‍දයන් කරා ගොස් මේ කාරණය විචාළෙමු. ස්වාමීනි, ඒ අපට ආයුෂ්මත් ආනන්‍දයන් විසින් මේ ආකාරයෙන්, මේ පදයෙන්, මේ අකුරින් අදහස මනාව බෙදන ලද්දේය.
“මහණෙනි, යහපත. මහණෙනි, යහපත. මහණෙනි, ආනන්‍ද තෙමේ පණ්ඩිතය. ආනන්‍ද තෙමේ මහත් ප්‍රඥා ඇත්තේය. මහණෙනි, තෙපි මා කරා පැමිණ විචාළාහු නම් මමද මේ කාරණය ආනන්‍දයන් ප්‍රකාශ කළා සේ ප්‍රකාශ කරන්නෙමි. මෙහි අදහස මෙය මය. මෙය එසේ දරවු” යැයි වදාළ සේක.
AN-10-12- 4.අජිත පරිබ්බාජක සූත්‍රය
ඉක්බිති අජිත පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටු විය යුතු, සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙක සිටියේය.
එකත්පසෙක සිටි අජිත පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේට, “භවත් ගෞතමයන් වහන්ස, අපගේ පණ්ඩිත නම් සබ්‍රහ්මචාරී (සමාන පැවිදි) කෙනෙක් ඇත. ඔහු විසින් යමකින් අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ පරද්දන ලද්දාහු, පරදුණමුයි දනිත්ද, පන්සියයක් පමණ සිතේ ස්වභාවයන් සිතන ලද්දාහ” යි කීයේය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, තොපි පණ්ඩිත වස්තූන් ඉගෙණගනිව්.”
“යමක් භාග්‍යවතුන් වහන්සේ වදාරණ සේක් නම්, ‘භාග්‍යවතුන් වහන්ස, ඊට කාලයයි. සුගතයන් වහන්ස, ඊට කාලයයි. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂූහු දරත්ය’ යි කීවාහුය.
“මහණෙනි, එසේ නම් අසව්. හොඳට මෙනෙහි කරව්. කියන්නෙමි” යි වදාළ සේක. “ස්වාමීනි, එසේය” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ.
§ භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් අධාර්මික වාදයෙන් අධාර්මික වාදය නිග්‍රහ කරයිද, පෙළයිද, ඉන් අධාර්මික පිරිස සතුටු කරයිද, එසේ හෙයින් ඒ අධාර්මික පිරිස, ‘පින්වත, ඒකාන්තයෙන් පණ්ඩිතයෙක. පින්වත, ඒකාන්තයෙන් පණ්ඩිතයෙකැ’ යි උස් හඬ ඇත්තාහු, මහත් හඬ ඇත්තාහු වෙති.
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙක් අධාර්මික වාදයෙන් ධාර්මික වාදය නිග්‍රහ කරයිද, පෙළයිද, ඉනුත් අධාර්මික පිරිස සතුටු කරයිද, එයින් ඒ අධාර්මික පිරිස උස් හඬ ඇත්තාහු, ‘ඒකාන්තයෙන් පණ්ඩිතය, ඒකාන්තයෙන් පණ්ඩිතය’ යි කියන්නාහ. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙක් අධාර්මික වාදයෙන් ධාර්මික වාදයද, අධාර්මික වාදයද නිග්‍රහ කරයිද, පෙළයිද, ඉන් අධාර්මික පිරිස සතුටු කරයිද, ඒ කරණකොටගෙන අධාර්මික පිරිස, ‘ඒකාන්තයෙන් පින්වත් තෙමේ පණ්ඩිතය, ඒකාන්තයෙන් පින්වත් තෙමේ පණ්ඩිතය’ යි උස් හඬ ඇත්තාහු, මහත් හඬ ඇත්තාහු වෙත්. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් ධෘර්මික වාදයෙන්, ධාර්මික වාදයද, අධාර්මික වාදයද නිග්‍රහ කරයිද, පෙළයිද, ‘ඒකාන්තයෙන් පණ්ඩිතය, ඒකාන්තයෙන් පණ්ඩිතය’ යි ඒ අධාර්මික පිරිස උස්හඬ, මහත් හඬ ඇත්තාහු වෙත්. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් ධාර්මික වාදයෙන්, ධාර්මික වාදය නිග්‍රහ කරයිද, පෙළයිද, ඉන් ධාර්මික පිරිස සතුටු කරවයිද, ඉන් ඒ ධාර්මික පිරිස සතුටු කරවයිද, ඉන් ඒ ධාර්මික පිරිස, ‘ඒකාන්තයෙන් පින්වතා පණ්ඩිතය, ඒකාන්තයෙන් පින්වතා පණ්ඩිතය’ යි උස් හඬ, මහා හඬ ඇත්තාහු වෙත්.
“මහණෙනි, අධර්මයද දතයුතුය, ධර්මයද දතයුතුය -මහණෙනි, අධර්මයද, අනර්ත්‍ථයද කවරේද, වැරදි දැකීම, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්‍රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි සමාධිය, වැරදි දැනුම, වැරදි මිදීමය. මහණෙනි, මේ අධර්මයද, අනර්ත්‍ථයද වේ.
AN-10-12-05 – සඞ්ගාරව ඔරපාර සූත්‍රය
ඉක්බිති සංගාරව බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටු වියයුතුවු, සිහි කටයුතුවූ, කථාව කොට නිමවා එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි සංගාරව බ්‍රාහ්මණතෙම භාග්‍යවතුන් වහන්සේට, “භවත් ගෞතමයන් වහන්ස, මෙතෙර කවරේද, එතෙර කවරේදැ” යි ඇසීය.
“බමුණ, වැරැදි දැකීම මෙතෙරය. නිවැරැදි දැකීම මෙතෙරය. වැරදි සිතීම මෙතරය, නිවැරදි සිතීම එතරය. වැරදි වචන මෙතරය, නිවැරදි වචන එතරය. වැරදි කර්මාන්තය මෙතරය, නිවැරදි කර්මාන්තය එතරය. වැරදි ජීවිකාව මෙතරය, නිවැරදි ජීවිකාව එතරය. වැරදි වෑයම මෙතරය, නිවැරදි වෑයම එතරය. වැරදි සිහිකිරීම මෙතරය, නිවැරදි සිහිකිරීම එතරය. වැරදි සිත එකඟ කිරීම මෙතරය, නිවැරදි සිත එකඟ කිරීම එතරය. වැරදි නුවණ මෙතරය, නිවැරදි නුවණ එතරය. වැරදි මිදීම මෙතරය, නිවැරදි මිදීම එතරය.
“මනුෂ්‍යයන් අතුරෙහි යම් ජන කෙනෙක් පරතෙර යන්නාහුද, ඔවුහු ස්වල්පයහ. නැවත මේ සෙසු ප්‍රජාව වෙරළ කරාම දුවයි.
“යම් කිසි කෙනෙක් මනා කොට ප්‍රකාශ කරණ ලද ධර්මයෙහි ධර්මය අනුව පවත්නාහුද, ඒ මනුෂ්‍යයෝ එතරවීමට බැරි, මාරයාට අයත් පෙදෙසින් එතර වෙත්.
“පණ්ඩිත තෙමේ කලුවූ පාප ධර්මය හැර සුදුවූ පින් දහම් වඩන්නේය. යම් තැනෙක්හි විවේකයෙහි ඇලීමට අපහසු වේද, වාසස්ථානවූ සසරින් වාසස්ථාන නැති නිවණට පැමිණ
“කාමයන් කිසිවක් ඉතිරි නොකොට එහි ඇලීම කැමති වන්නේය. නුවණැත්තා සිතෙහි ඇතිවන ක්ලේශයන්ගෙන් තමන් පිරිසිදු වන්නේය.
“මනා අවබෝධයේ අඞ්ගවන ධර්මයන්හි යමකුගේ සිත මනාකොට වඩන ලද්දේද, යම් කෙනෙක් අල්ලා ගැනීම, දුරු කිරීම යන දෙකෙහි නොබැඳීමෙන් යුක්තවූවාහුද, ලෝකයෙහි බබළන ඒ ක්‍ෂීණාශ්‍රවයෝ ක්ලේශ පරිනිර්‍වාණයෙන් නිවුණාහ.”