MN 01-05-01-සාලෙය්‍යක සූත්‍රය

මජ්ජිම නිකායේ මුල පරියාය වග්ගයේ අට වන සල්ලේඛ සුත්‍රය සමග වරදවා නොගන්න.
සාලේය්යික සුත්‍රය සාල නම් නිගම හි වැසියන්ට දෙසනා කල නිසා මෙනමින් හැඳින් වෙයි. 

Preaching

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහා භික්ෂු සංඝයා සමග කෙසොල් ජනපදයෙහි හැසිරෙන අතර කොසලයන්ගේ සාල නම් බමුණු ගමටද වැඩියහ.

§ 2. සාල ගම්වැසිවූ බ්‍රාහ්මණ ගෘහපතියෝ  මෙසේ ඇසුහ.
‘ශාක්‍ය පුත්‍රවූ, ශාක්‍ය වංශයෙන් නික්ම පැවිදිවූ ශ්‍රමණ භවත් ගෞතමයන් මහත් භික්ෂු සමූහයා කැටිව කොසොල් දනව්වෙහි හැසිරෙනසේක් සාල නම් ගමට පැමිණියහ’යි ඇසුවාහුය. ඒ භවත් ගෞතමයින්ගේ මෙබඳුවූ යහපත්වූ කීර්තිය  බොහෝ සේ පැතිර ඇත්තේය.
“ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත්යහ, සම්‍යක් සම්බුද්ධයහ, අෂ්ට විද්‍යා පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්තයහ, යහපත් ගති ඇත්තාහ. සියලු ලොකයන් දන්නාහ. ශ්‍රෙෂ්ඨයහ. හික්මවිය යුතු පුරුෂයන් හික්මවීමෙහි දක්ෂයහ. දෙවි මිනිසුන්ට ශාස්තෘහ, චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මයන් අවබොධ කළහ. භාග්‍යවත්හ. ඒ තථාගතයන්වහන්සේ දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ දෙවි මිනිසුන් සහිතවූ, සත්ව වර්ගයා තමන් උසස් ඤාණයෙන් දැන පැහැදිලිකොට ප්‍රකාශ කරන්නාහ. ඒ තථාගතයන් වහන්සේ මුල යහපත්වූ, මැද යහපත්වූ අර්ථ සහිතවූ, බ්‍යංජන සහිතවූ, සියලු ලෙසින් සම්පූර්ණවූ, පිරිසිදුවූ ශාසන මාර්ග බ්‍රහ්මචරියාව ගෙන හැර දක්වති. එබඳුවූ රහතුන්ගේ දැකුමද  යහපත්ය” (කියායි)

§ 3.  ඉදින්  සාලගම් වැසි බ්‍රාහ්මණවරු භාග්‍යවතුන්වහන්සේ වැඩ හුන්ය තැනට ආහ.  ඇතැම්හු භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පැත්තක හුන්නාහුය. ඇතැම්හු භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එක පැත්තක උන්නාහුය. ඇතැම්හු භාග්‍යවතුන් වහන්සේ සිටින දිශාවට ඇඳිලි බැඳ වැඳ එක පැත්තක උන්නාහුය. ඇතැම්හු භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහිදී  (තමන්ගේ) නාම ගොත්‍ර කියා තමන් හඳුන්වා දී  එක පැත්තක උන්නාහුය. ඇතැම්හු   කිසිවක් නොදොඩාම නිශ්ශබ්දවම එක පැත්තක උන්නාහුය.

§ 4. එසේ සියල්ලන් හිඳ උන් විට එම සාලගම් වාසීවූ බ්‍රාහ්මණ ගෘහපතියෝ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවාහුය.
“භවත් ගෞතමයාණෙනි, මේ ලොකයෙහි ඇතැම්හු  කය බිඳීමෙන් මරණින් මතු,  සැපයෙන් තොරවූ, බිහිසුණු විපාක ඇති නරකය ආදී භව වල උපදින්නට හේතුව කුමක්ද? ඊට ප්‍රත්‍යය කවරේද?
“ එසේම භවත් ගෞතමයාණෙනි, මේ ලොකයෙහි ඇතැම් සත්ත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් විපාක  ගති ඇති දිව්‍ය ලොකයෙහි උපදිති. ඊට හේතු කවරේද? ඊට ප්‍රත්‍යය කවරේද?”

§ 5. “ගෘහපතියෙනි, මේ ලොකයෙහි ඇතැම් සත්ත්වයෝ ඔවුනගේ  විෂම හැසිරීම නොහොත් ධර්මානුකුල නොවන පැවැත්ම හේතුකොටගෙන කය බිඳීමෙන් මරණින් මතු අපාය නම්වූ නපුරුගති ඇති නරකයෙහි උපදිත්.
එසේම 
ගෘහපතියෙනි, මේ ලොකයෙහි ඇතැම් සත්ත්වයෝ කාය භෙදයෙන් මරණින් මතු ඔවුනගේ  ධාර්මික හැසිරීම යැයි කියන සමචර්‍ය්‍යාව හෙතුකොටගෙන සුගති නම්වූ දිව්‍ය ලොකයන්යෙහි උපදිත්.”

§ 6. “අපි භවත් ගෞතමයින්ගේ සංක්ෂෙපයෙන් කියන ලද්දාවූ, මේ ධර්මයෙහි අර්ථය විස්තර වසයෙන් නොදනිමු. වටහා ගැන්ම අසීරු බව දනිමු. අප කෙරෙහි අනුකම්පාවෙන් එම  විස්තර වශයෙන් අර්ථය නොබෙදන ලද්දාවූ, . භවත් ගෞතමයින්ගේ කොටින් දෙශනා කරන ලද්දාවූ, විස්තර වශයෙන් අර්ථය නොබෙදන ලද්දාවූ, මේ ධර්මය විස්තර වශයෙන් දේශනා කරන සේක්වා.”

“ගෘහපතියෙනි, එසේවීනම් අසව්. මනාකොට සිත්හි තබා ගනිව්. කියන්නෙමි”
“එසේය පින්වතුන් වහන්ස”යි සාලෙය්‍යක බ්‍රාහ්මණ ගෘහපතියෝ භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.

§ 7. “ගෘහපතියෙනි,

  • කය මුල් කොට කරන්නාවූ විෂම අධර්ම ක්‍රියා තෙආකාර වේ.
  • වචනය මුල් කොට කරන්නාවූ විෂම අධර්ම ක්‍රියාද  සතර ආකාර වෙයි.
  • මනසින් කරන්නාවූ විෂම අධර්ම ක්‍රියාද  තෙආකාර වේ.

§ 8. ගෘහපතියෙනි, කෙසේ කයින් තුන් ආකාරයකින් අධර්ම පැවතුම් විෂම පැවතුම් වේද?

  • ගෘහපතියෙනි, මේ ලොකයෙහි ඇතැම් කෙනෙක් රෞද්‍ර වූයේ, ලෙයින් තෙමුණු අත් ඇත්තේ, අන්‍යයන් පෙලීමෙහි, නැසීමෙහි යෙදුනේ වෙයි., සත්ත්වයන් කෙරෙහි දයාවක් නැතිව ප්‍රාණඝාත කරන්නේ වෙයිද,
  • තමනට නොදුන් දෙය ගන්නේ  අන් සතු දේ සොරකම් කරන්නේ වෙයිද, ගමෙහිද, ආරණ්‍යයෙහිද, අන්සතු යමක් වේද, එය සොර සිතින් ගන්නේ වෙයිද,
  • කාමයන්හි වරදවා හැසිරෙන්නේ වෙයිද, මව විසින් රක්නා ලද්දාවූද, පියා විසින් රක්නා ලද්දාවූද, මව් පියන් විසින් රක්නා ලද්දාවූද, සොහොයුරා විසින් රක්නා ලද්දාවූද, සොහොයුරිය විසින් රක්නා ලද්දාවූද, නෑයන් විසින් රක්නා ලද්දාවූද, ගොත්‍රයෙන් රකින ලද්දාවූද, කුල චාරිත්‍ර ධර්මයෙන් රකින ලද්දාවූද, හිමියන් සහිතවූද, (අසුවල් ස්ත්‍රිය වෙත ගියහොත් දඩයයි නියම කරනලද) දඬුවම් සහිතවූද, අන් අයෙකු හා විවාහ ගිවිස ගෙන ඉන්නාවුද , යම්  ස්ත්‍රීහු වෙත්ද, එබඳු ස්ත්‍රීන් සමග හැසිරීමට පැමිණියේ වෙයිද,

ගෘහපතියෙනි, මෙසේ කයින් සිදුවන්නාවූ අධර්ම පැවතුම් විෂම පැවතුම් තුන් ආකාර වෙයි.

§ 9. “ගෘහපතියෙනි, කෙසේ නම් වචනයෙන් අධර්ම පැවතුම් විෂම පැවතුම් සතර ආකාර වෙයිද?

  • ගෘහපතියෙනි, මේ ලොකයෙහි ඇතැම් කෙනෙක් බොරු කියන්නේ වෙයි, සභාවකට ගියේ හෝ පිරිසකට ගියේ හෝ නෑයන් මැදට ගියේ හෝ සමූහයා මැදට ගියේ හෝ අධිකරණය ඉදිරියට ගියේ හෝ ‘පින්වත් පුරුෂය, මෙහි එව යමක් දන්නෙහි නම් එය කියව’යි ඉදිරියට පමුණුවන ලද්දේ සාක්ෂි අසන ලද්දේ විට,  නොදැන හෝ දනිමියි කියයි. දැන හෝ නොදනිමියි කියයි.   දුටුවක්  තමන්  නුදුටුයෙමියි කියයි. නො දුටුවක්   තමන්  දුටුවෙමියි කියයි. මෙසේ තමා නිසා හෝ අන්‍යයන් නිසා හෝ කිසියම් ලාභයක් නිසා හෝ දැන දැන බොරු කියන්නේ වෙයි.
  • කේලම් කියන්නේ වෙයි. මෙතැනින් අසා මොවුන් බිඳුවනු පිණිස අසුවල්තැන කියන්නේය. අසුවල් තැනින් හෝ අසා අසුවලුන් බිඳුවනු පිණිස මොවුන්ට කියන්නේය. මෙසේ සමගි වූවන් බිඳින්නේ හෝ වෙයි, බිඳුනවුන්හට අනුබල දෙන්නේ හෝ වෙයි. භෙදවීමෙහි ඇලුණේ, භෙද කිරීමෙහි සතුටු වන්නේ, භෙදකරන වචන කියන්නේ වෙයි,
  • ඵරුෂ වචන කියන්නේ වෙයි.  අනුන් සිත් රිදවන, අනුනට නොසතුට ගෙන දෙන රළු පරළු ලෙස අනුනට කතා කරන්නේ වෙයි. නින්දා පරිභව සහිත යම්  වචනයක් ගැටීම් ගැරහීමාදීන් දොෂ සහිතද, කුණු සැරව වෑහෙන්නාක් මෙන් අප්‍රියද, අන්‍යයන්ගේ සිත් නරක් කරන්නේද, අන්‍යයන්හට පහරක් වැනිද ක්‍රොධයට කිට්ටුද, සමාධිය පිණිස නොපවතීද, එබඳු වචන කියන්නේ වෙයි.
  • සම්ඵප්‍රලාප (හිස් වචන) කියන්නේ වෙයි, නුසුදුසු කාලයෙහි කියන්නේද, නුවූවක් කියන්නේ වෙයි, අනර්ථයක්  වෙන දේ කියන්නේ වෙයිද, අධර්මයක් කියන්නේ වෙයිද, අවිනයක් කියන්නේ වෙයිද, සිතෙහි තබා ගැනීමට නුසුදුසු වචන කියන්නේ වෙයිද, නුසුදුසු කාලයෙහි, නිදර්ශන දැක්වීම් ආදියක් නැතිව අගක් මුලක් නැති, අවැඩින් යුක්තවූ වචන කියන්නේ වෙයිද, 

ගෘහපතියෙනි, මෙසේ වචනයෙන් සතර ආකාරයකින් අධර්ම පැවතුම් විෂම පැවතුම් වෙයි.
§ 10.  “ගෘහපතියෙනි,  සිතින් තුන් ආකාරයකින් අධර්ම පැවතුම් විෂම පැවතුම් කෙසේ වේද ?

  • ගෘහපතියෙනි, මේ ලොකයෙහි ඇතැම් කෙනෙක් විෂම ලොභය  [ තමනට අයිති නොවන අනුන්ගේ දෙයක් දැක එය තමනට හිමි වේ නම් යහපතැයි සිතන්නේ , වෙළඳ සල්වල, ප්‍රදර්ශනාගාරවල ප්‍රදර්ශනය කෙරෙන මෝටර් රථ වැනි දේ දැක තමන් මේ හිමි කර ගත යුතු යයි සිතන්නේ , අනුන්ගේ මිදුලක ඇති මල් පැලයක් දැක මෙවන් මල් පැලයක් තම වත්තේ ඇතතේ නම් හොඳ යයි සිතන්නේද අභිජ්ජාව නම් වූ මේ විෂම ලෝභය නිසාය.] 
  •  මේ සත්ත්වයෝ නැසෙත්වා, ඔවුන්ගේ ධන හානි වේවා , විනාශ වෙත්වා, සිඳෙත්වා, නැතිවී යෙත්වායි ව්‍යාපාද සිත් ඇත්තේ, නපුරු අදහස් ඇත්තේ වෙයිද,
  • විපරීත දැකීම් ඇති මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ වෙයිද,
    ..දෙන ලද්දෙහි විපාක නැත, අනුනට  දුන් දෙයෙහි ඵල නැත, පිදූ දෙයෙහි විපාකය නැත, කුශලාකුශල කර්මයන්ගේ ඵලයද විපාකයද නැත, මෙලොවක් නැත, පරලොවක් නැත.
    මව් කෙරෙහි හොඳ හෝ නරක පැවැත්මෙහි විපාක නැත.
    පියා කෙරෙහි හොඳ හෝ නරක පැවැත්මෙහි විපාක නැත.
    ඕපපාතිකව උපදින්නෝ නැත.
    මැරී  ගිය පසු  කෙනෙකුට නැවත ඉපදීමක් නැත.
    යහපත් මාර්ගයෙහි ගියාවූ යහපත් මාර්ගයේ ප්‍රතිපත්ති පිරුවාවූ පුරන්නාවූ සිය සමාධිය දියුණු කොට 
    මේ ලෝකයද පරලොකයද තුමූ නුවණින් ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කරන්නට සමත් මහණ බඹුනන් මේ ලෝකයෙහි නැත යන මතය ගනිත්ද,
    [කර්මඵල වාදය පුනරුත්පත්තිය නොපිලිගන්නාවූ නාස්තික වාදය අදද ලංකාවේ ප්‍රභලව පැතිරෙන බව අවාසනාවකි.]

ගෘහපතියෙනි, මෙසේ තුන් ආකාරයකින් සිතින් අධර්ම පැවතුම් විෂම පැවතුම් වෙයි. ගෘහපතියෙනි, මෙසේ අධර්ම පැවතුම් විෂම පැවතුම් හෙතුකොටගෙන බොහෝ  සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, නපුරු ගති ඇති, නපුරු වැටීමක් ඇති නිරයෙහි උපදිති.

§ 11. “ගෘහපතියෙනි,

  • කයින් පැවැත්විය හැකි කල හැකි ධර්මානුකුල පැවතුම් තුනක් වේ. 
  • වචනයෙන්  පැවැත්විය හැකි කල හැකි ධර්මානුකුල පැවතුම්  සතරක්  වේ
  • සිතින්  පැවැත්විය හැකි,  කල හැකි ධර්මානුකුල පැවතුම් තුනක් වේ.

§ 12.  ගෘහපතියෙනි, කෙසේ නම්  කයින් ධර්මපැවතුම් සමපැවතුම් තුන් ආකාරයකින් කල හැකි වෙයිද?

  • ගෘහපතියනි, යමෙක්  සතුන් මැරීම හැර සතුන් මැරීමෙන් වැළකුනේ අවි  දඬු  පසෙක ලා අන් සතුන් කෙරෙහි අනුකම්පාව ඇත්තේ , සත්ව හිංසා  ලජ්ජා ඇත්තේකරන්නට, කරුණාවත් බවට පැමිණියේ සියලු සත්ත්වයන් කෙරෙහි හිතානුකම්පා ඇත්තේ වෙසෙයිද,
  • දුන්දෙය ගැනීම මිස ,  නුදුන් දෙය ගැනීමෙන් වැළකුනේ වෙයිද, ගමෙහිද, අරණ්‍යයෙහිද අනුන් සතුවූ යම් වස්තුවක් වේ නම් එය සොර සිතින් නොගන්නේ වෙයිද.
  • කාමයන්හි වරදවා හැසිරීම හැර කාමමිථ්‍යාචාරයෙන් වැළකුණේ මව විසින් රක්නා ලද්දාවූද, පියා විසින් රක්නා ලද්දාවූද, මව්පියන් විසින් රක්නා ලද්දාවූද, සහෝදරයා විසින් රක්නා ලද්දාවූද, සහෝදරිය විසින් රක්නා ලද්දාවූද, නෑයන් විසින් රක්නා ලද්දාවූද, ගොත්‍රයෙන් රක්නා ලද්දාවූද, කුලචාරිත්‍ර ධර්මයෙන් රක්නා ලද්දාවූද, හිමියන් සහිතවූද, දඬුවම් සහිතවූද, යටත් පිරිසෙයින් විවාහ ගිවිස ගෙන ඉන්ලනා වූද යම් ස්ත්‍රීහු වෙද්ද, එබඳු ස්ත්‍රීන් හා හැසිරීමට නොපැමිණියේ වෙයිද, ගෘහපතියෙනි,

මෙසේ  වූ  තුන් ආකාරයකින් කයින් ධර්මානුකුල  පැවතුම් සමපැවතුම් වෙයි.

§ 13. “ගෘහපතියෙනි, කෙසේ නම් වචනයෙන් සතර ආකාරවූ ධර්මපැවතුම් සමපැවතුම් වෙයිද?

  • ගෘහපතියෙනි, මේ ලොකයෙහි ඇතමෙක් බොරුකීම අත්හැර බොරු කීමෙන් වැළකුණේ වෙයි. . මෙසේ තමන් නිසා හෝ අනුන් නිසා හෝ කිසියම් ලාභයක් නිසා හෝ දැන දැන බොරු නොකියන්නේ වෙයි.
  • කේලාම් කීම අත්හැර, කේලාම් කීමෙන් වැළකුණේ වෙයි. මෙතැනින් අසා මොවුන් බිඳවීම පිණිස අසුවල් තැන නොකියන්නේය. අසුවල් තැනින් අසා අසුවලුන් බිඳවීම පිණිස මොවුන්ට නොකියන්නේය. මෙසේ බිඳුනවුන් ගළපන්නේ වෙයි. එක්වූවන්ට සමගියෙහි අනුසස් කියා අනුබල දෙන්නේ වෙයි. සමගියෙහි ඇලුනේ, සමගියෙහි ආශා ඇත්තේ, සමගියට සතුටුවන්නේ, සමගි වචන කියන්නේ වෙයි.
  • බොහෝදෙනාට කැමතිද, බොහෝදෙනාට මනාපද, එබඳු වචන කියන්නේ වෙයි. හිස්වචන කීම අත්හැර හිස්වචන කීමෙන් දුරුවූයේ සුදුසු කාලයෙහි කියන්නේ, වූවක්ම කියන්නේ, වැඩ ඇති දෙයක්ම කියන්නේ, ඇතිවූවක්ම කියන්නේ, හික්මීම පිළිබඳ වූවක්ම කියන්නේ, සිතෙහි තැන්පත් කර ගැණීමට සුදුසුවූ, කාලයෙහි කියන්නාවූ, කරුණු සහිතවූ, දැක්වීම් සහිතවූ, වැඩ දායකවූ වචන කියන්නේ වෙයි.

ගෘහපතියනි, මෙසේ වචනයෙන් සතර ආකාරවූ ධර්මපැවතුම් සමපැවතුම් වෙයි

§  14. “ගෘහපතියෙනි, කෙසේනම් සිතින් තුන් ආකාරවූ ධර්මපැවතුම් සමපැවතුම් වේද?

  • ගෘහපතියනි, මේ ලොකයෙහි ඇතමෙක්  විෂම ලෝභය දුරු කලේ ද, අනුන්ගේ සිත් සතුටු කරන යම් ඒ අන්සතු වස්තුවක් වේද, එය දෙස ව්ෂම  ලොභයෙන් නොබලන්නේ වේද, ‘යමක් අනුන් සතුව ඇද්ද එය මට වන්නේ නම් ඉතා යෙහෙකැ’යි නොසිතන්නේ වේද,
  • ක්‍රොධ සිත් නැත්තේ, පිරිසිදුවූ යහපත් කල්පනා ඇත්තේ, මෙසේද මේ සත්වයෝ වෛර නැත්තෝ, ක්‍රොධ නැත්තෝ, දුක් නැත්තෝ සුවසේ ආත්ම පරිහරනය කරත්වායි (සිතන්නේද,)
  • වරදවා ගත් දෘෂ්ඨි නැත්තේ සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද, දුන් දෙයෙහි විපාක ඇත. පරිත්‍යාග කරන ලද්දෙහි විපාක ඇත. පිදූ දෙයෙහි විපාක ඇත. කරන ලද යහපත් අයහපත් කර්මයන්ගේ ඵල විපාක ඇත. මේ ලොකය ඇත. පරලොකය ඇත. මව් කෙරෙහි හොඳ හෝ නරක පැවැත්මෙහි විපාක ඇත. පියා කෙරෙහි හොඳ හෝ නරක පැවැත්මෙහි විපාක ඇත. මැරී උපදින සත්වයෝ ඇත. යහපත් මාර්ගයෙහි ගියාවූ, යහපත්ව පිළිපදින්නාවූ යම් කෙනෙක් මේ ලොකයද පරලොකයද තුමූ ප්‍රඥාවෙන් අවබොධකොට ප්‍රකාශ කරද්ද, එබඳුවූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇතැයි (සිතද්ද)

ගෘහපතියෙනි, මෙසේ තුන් ආකාර ධර්මපැවතුම් සමපැවතුම් සිතින්  කල යුත්තේ වෙයි.

ගෘහපතියනි, මෙසේ ධර්ම පැවතුම් සමපැවතුම් හේතුකොටගෙන ලොකයෙහි ඇතැම් කෙනෙක් කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලොකයෙහි උපදිති.

§ 15 . “ගෘහපතියෙනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා  ඇත්තා විසින් මගේ මරණයෙන් මතු මම ක්ෂත්‍රිය මහා සාරයන් ගේ කුලයෙහි බොහෝ ආට්‍යසම්පන්නව උපදින්නේ මැයි පතන්නේ නම් , හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු ක්ෂත්‍රිය මහාසරයන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදුවෙයි. ඊට හේතු කවරේද? හෙතෙම කය වචනය සිත යන තිදොරින්ම ධර්මචර්‍ය්‍යාවෙන් ජීවිතය ගෙවූ හෙයිනි.

§ 16.“ගෘහපතියනි ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු බ්‍රාහ්මණ මහාසාරයන් හා එක්වීමට උත්පත්ත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු බ්‍රාහ්මණ මහාසාර කුලය හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදු වෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි.)

§ 17. “ගෘහපතියනි, ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු ගෘහපති මහාසාර කුලයට එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමැති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු ගෘහපති මහාසාර කුලය හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදු වෙයි. ඊට හේතු කවරේද, හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි.)

§ 18. “ගෘහපතියනි, ‘ධර්චර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ ඒකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු චාතුර්මහාරාජික දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, කය බිඳීමෙන් මරණින් මතු චාතුර්මහාරාජික දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණ සිදු වෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි.)

§ 19. “ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් තව්තිසා වැසි දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු තව්තිසා වැසි දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදු වෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි)

§ 20 “ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු යාම දෙවියන් හා එක්වීමඋත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු යාම දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදු වෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි.)

§  21 . “ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු තුසිත දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු තුසිත දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදු වෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි.)

§ 22 .“ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු නිම්මාණරතී දෙවියන් හා එක්වීම උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු නිම්මාණරතී දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදුවෙයි. ඊට හේතු කවරේද හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි)

§ 23 .“ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු පරනිම්මිත වසවත්ති දෙවියන් හා එක්වීමඋත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු පරනිම්මිත වසවත්ති දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදුවෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි.)

§ 24. “ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු බ්‍රහ්මකායික දෙවියන් හා එක්වීම උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු බ්‍රහ්ම කායික දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදු වෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි.)

§ 25. “ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු ආභ නම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු ආභ දෙවියන් හා එක් වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදුවෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි)

§ 26. “ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු පරිත්තාභ නම් දෙවියන් හා එක්වීමඋත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු පරිත්තාභ දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදුවෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි.)

§ 27. “ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු අප්පමාණභ නම් දෙවියන් හා එක්වීමඋත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු අප්පමාණභ නම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදුවෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි.)

§ 28. “ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු ආභස්සර නම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු ආභස්සර නම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදු වෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි.)

§ 29. “ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු සුභනම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු සුභ නම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදුවෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි.)

§ 30. “ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු පරිත්තසුභ නම් දෙවියන් හා එක්වීමඋත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු පරිත්තසුභ නම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදුවෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි.)

§ 31 .“ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු අප්පමාණසුභ නම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු අප්පමාණසුභ නම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදු වෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි.)

§ 32. “ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු සුභකිණ්ණක නම් දෙවියන් හා එක්වීමඋත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු සුභකිණ්ණක නම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදු වෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි.)

§ 33 .“ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු වෙහප්ඵල දෙවියන් හා එක්වීම උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු වෙහප්ඵල දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදුවෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි.)

§ 34. “ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු අවිහ නම් දෙවියන් හා එක්වීමඋත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු අවිහ නම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදුවෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි.)

§ 35 .“ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු අතප්ප නම් දෙවියන් හා එක්වීමඋත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු අතප්ප නම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදුවෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි.)

§ 36. “ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු සුදස්ස නම් දෙවියන් හා එක්වීමඋත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු සුදස්ස නම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදු වෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි)

§ 37. “ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු සුදස්සී නම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු සුදස්සී නම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදු වෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි.)

§ 38. “ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු අකනිට්ඨක නම් දෙවියන් හා එක්වීම උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු අකනිට්ඨක නම් දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදු වෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි)

§ 39. “ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු ආකාසානඤ්චායතන දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු ආකාසානඤ්චායතන දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදු වෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි)

§ 40 “ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු විඤ්ඤාණඤ්චායතන දෙවියන් හා එක්වීම උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු විඤ්ඤාණඤ්චායතන දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදු වෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි)

§ 41  “ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු ආකිඤ්චඤ්ඤායතන දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු ආකිඤ්චඤ්ඤායතන දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදු වෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි.)

§ 42 .“ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ එකාන්තයෙන් කය බිඳීමෙන් මරණින් මතු නෙවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු නෙවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන් හා එක්වීමට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේය යන මේ කාරණය සිදුවෙයි. ඊට හේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය (එහෙයිනි.)

§ 43. “ගෘහපතියනි, ‘ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇති මම, අනේ ඒකාන්තයෙන් කෙලෙස් නැතිකිරීමෙන් කෙලෙස් රහිතවූ චිත්තවිමුක්තියද ප්‍රඥාවිමුක්තියද මේ ආත්මයෙහි තෙමේ දැන ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වෙසෙන්නෙමි’යි ඉදින් කැමති වන්නේ නම්, හෙතෙම කෙලෙස් නැතිකිරීමෙන්, කෙලෙස් රහිතවූ චිත්තවිමුක්තියද, ප්‍රඥාවිමුක්තියද මේ ආත්මයෙහිම තෙමේ දැන ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කරන්නේය යන මේ කාරණය සිදුවෙයි. ඊටහේතු කවරේද? හෙතෙම ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ඇත්තේය” (එහෙයිනි.)

§ 44. මෙසේ වදාළ කල්හි සාලෙය්‍යක ගම්වැසි බ්‍රහ්මණ ගෘහපතියෝ භාග්‍යවතුන් වහන්සේට මෙසේ  කීහ.
“භවත් ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේගේ ධර්ම දෙශනාව යහපත. භවත්  තමයන්වහන්ස, ඉතා යහපත. භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරු කළ බඳුනක් උඩුකුරු කරන්නේද, වැසී තිබුන දෙයක් විවෘත කරන්නේද, මංමුළා වූවෙකුට මග කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහණක් දරන්නේද, එපරිද්දෙන්ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය ප්‍රකාශ කරනලදී.

ඒ ධර්මය ඇසුවාවූ අපි භවත් ගෞතමයන් වහන්සේ සරණ යමු. ධර්මයද භික්ෂු සංඝයාද සරණ යමු. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිමියෙන් සරණ ගියාවූ උපාසකයන් කොට අප සලකන සේක්වා.

English Version

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.