MN 03-05-06-ඡඡක්ක සූත්‍රය

buddha and people

§ 1.  මා විසින් මෙසේ අසනලදී.
එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඩු මහසිටුහු විසින් කරවනලද ආරාමයෙහි වාසය කරන සේක.

§ 2. එකල්හි දිනෙක භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් කැඳවා   “මහණෙනි, තොපට මුල යහපත්වූද, මැද යහපත්වූද, අග යහපත්වූද, අර්ථ සහිතවූද, ව්‍යඤ්ජන සහිතවූද, ධර්මය දෙශනා කරමි. [බොහෝ විට නිර්වාන මාර්ගය පිළිබඳව කරන දේසනාවක් කරන්නට පෙර එහි වටනාකම සංඝයාට හැඟවීම පිණිස මෙම පාඨයන් දෙසනා කරනු දැක්ක හැක.]  සාසන බ්‍රහ්මචර්යාවෙහි පාරිශුද්ධත්වය සහ පරිපුරනතාවය සලසා ගන්නට හේතුවන්නාවූ සයේ කාරනා සයක් සහිතවූ මේ ධර්මය මනා අවධාරණයෙන් අසව්. මනාකොට මෙනෙහි කරව්, දේසනා කරන්නෙමි යි වදාළේය. ඒ භික්ෂූහු “එසේය, ස්වාමීනි යයි” භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

§ 3. භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කල සේක.
“මහණෙනි ! 

  • අධ්‍යාත්මික ආයතන සය අවබෝධයෙන් දතයුතුය.
  • බාහිරායතන සය  අවබෝධයෙන් දතයුතුය.
  • විඤ්ඤාණ කාය සය අවබෝධයෙන් දතයුතුය.
  • ඵස්සකාය සය අවබෝධයෙන් දතයුතුය.
  • වේදනා කාය සය අවබෝධයෙන් දතයුතුය.
  • තණ්හා කාය සය අවබෝධයෙන් දතයුතුය”යි වදාළේය.

§ 3. 1. “මහණෙනි!
සවැදෑරුම් අධ්‍යාත්මික ආයතන අවබෝධයෙන් දතයුතුවේයැයි කුමක් සඳහා කියන ලද්දේද? [ අවබෝධයෙන් දැනගැනීම ,ප්‍රත්‍යක්‍ෂයෙන් දැනීම යනු තමන්ම අවදිකළ ප්‍රඥාවෙන් විදර්ශනා කිරීමෙන් ම අවබෝධ කර ගැනීම බව මිස පොතින් කියවා අනෙකෙකුගෙන් අසා දැන ගැනීම නොවන බව සලකන්න ]

අධ්‍යාත්මික ආයතන  සය නම්:

  • චක්ඛු ආයතනය,
  • සෝත ආයතනය,
  • ඝාණ ආයතනය,
  • ජිව්හා ආයතනය,
  • කාය ආයතනය,
  • මන ආයතනය යන මේවාය.

සවැදෑරුම් අධ්‍යාත්මික ආ යතන අවබෝධයෙන් දතයුතුවේ’යි  මා  කියන ලද්දේ  මේ ආයතන සය  පිලිබඳවය .  මේ  ධර්ම සයේ පළමුවැනි කාණ්ඩය යි.

§ 3. 2. “සවැදෑරුම් බාහිර ආයතනද අවබෝධයෙන්ම  දත යුතුයයි කියන ලද්දේය. බාහිර ආයතන සය නම් :

  • රුපායතනය,
  • සද්දායතනය,
  • ගන්ධායතනය,
  • රසායතනය,
  • පොට්ඨබ්බායතනය,
  • ධම්මායතනය යන මේවායි.

සවැදෑරුම් බාහිරායතන අවබෝධයෙන් තයුතුයයි මා  කියන ලද්දේ  මේ ආයතන සය  සඳහාය.  මේ මේ  ධර්ම සයේ දෙවැනි කාණ්ඩය යි. 

§ 3. 3. “සවැදෑරුම් විඤ්ඤාණ කායයන් අවබෝධයෙන්  දතයුතුයයි  කියන ලදී. එසේ  කුමක් සඳහා කියන ලද්දේද?

  • ඇසත් රූපයනුත් නිසා චක්ඛු විඤ්ඤාණය උපදියි.
  • කණත් ශබ්දයනුත් නිසා සොත විඤ්ඤාණය උපදියි.
  • නාසයත් ගන්ධයනුත් නිසා ඝාණ විඤ්ඤාණය උපදියි.
  • දිවත් රසයනුත් නිසා ජිව්හා විඤ්ඤාණය උපදියි.
  • කයත් ප්‍රෂ්ටව්‍යයනුත් නිසා කාය විඤ්ඤාණය උපදියි.
  • සිතත් ධර්මාරම්මණයනුත් නිසා මනො විඤ්ඤාණය උපදියි.

සවැදෑරුම් විඤ්ඤාණකාය අවබෝධයෙන්  දතයුතු යයි  කියන ලද්දේ  මේ සඳහාය.
මේ මේ  ධර්ම සයේ 
තුන්වැනි  කාණ්ඩය යි. 

§ 3. 4. “සය වැදෑරුම්වූ ස්පර්ශයෝ (ඵස්සයන් )  අවබෝධයෙන් දතයුතුයයි  කියනලදී. ඒ කුමක් සඳහා කියන ලද්දේද යත්:

  • ඇසත් රූපයත් නිසා චක්ඛු විඤ්ඤාණය උපදියි. ඒ තිදෙනාගේ එක්වීම ඵස්සයයි.
  • කණත් ශබ්දයත් නිසා සොත විඤ්ඤාණය උපදියි. ඒ තිදෙනාගේ එක්වීම ඵස්සයයි.
  • නාසයත් ඝන්ඳයත් නිසා ඝාණ විඤ්ඤාණය උපදියි. ඒ තිදෙනාගේ එක්වීම ඵස්සයයි.
  • දිවත් රසත් නිසා ජිව්හාවිඤ්ඤාණය උපදියි. ඒ තිදෙනාගේ එක්වීම ඵස්සයයි.
  • කයත් ස්පර්ශයත් නිසා කායවිඤ්ඤාණය උපදියි. ඒ තිදෙනාගේ එක්වීම ඵස්සයයි.
  • සිතත් ධර්මාරම්මණත් නිසා මනොවිඤ්ඤාණය උපදියි. ඒ තිදෙනාගේ එක්වීම ඵස්සයයි.

සය වැදෑරුම් ඵස්ස කායන් නොහොත් ස්පර්ශයන් සය අවබෝධයෙන්  දතයුතුය ‘යි කියන ලද්දේ  මේ සඳහාය, කියනලදී.  මේ  ධර්ම සයේ සතරවෙනි   ධර්ම කාණ්ඩය යි  .

§ 3.5. “සය වැදෑරුම් වේදනාවන් (වින්දනයන්, විඳීම) අවබෝධයෙන්  දතයුතුයයි  කියනලදී. එය කුමක් සඳහා කියන ලද්දේද?
(වේදනාව : වින්දනය, විඳීම සුඛ, දුක්ඛ, උපේක්ඛා යන් තුනෙන් එකක් විය හැක.)

  • ඇසත් රූපත් නිසා චක්ඛු විඤ්ඤාණය උපදියි. ඒ තිදෙනාගේ එක්වීම ඵස්සයයි. ඵස්සය නිසා හෙවත් විඳීම විඳීම උපදියි.
  • කණත් ශබ්දයත් නිසා සොත විඤ්ඤාණය උපදියි. නාසයත් ගඳත් නිසා ඝාණවිඤ්ඤාණය උපදියි. ඒ තිදෙනාගේ එක්වීම ඵස්සයයි. ඵස්සය නිසා වේදනාව  හෙවත් විඳීම උපදියි.
  • දිවත් රසත් නිසා ජිව්හාවිඤ්ඤාණය උපදියි. ඒ තිදෙනාගේ එක්වීම ඵස්සයයි. ඵස්සය නිසා වේදනාව හෙවත් විඳීම උපදියි.
  • කයත් ප්‍රෂ්ටව්‍යයත් නිසා කාය විඤ්ඤාණය උපදියි.ඒ තිදෙනාගේ එක්වීම ඵස්සයයි. ඵස්සය නිසා වේදනාව උපදියි..
  • සිතත් ධර්මාරම්මණත් නිසා මනො විඤ්ඤාණය උපදියි. තිදෙනාගේ එක්වීම ඵස්සයයි. ඵස්සය නිසා වේදනාව හෙවත් විඳීම උපදියි.

සවැදෑරුම් වේදනාවන් දතයුතුයයි  කියන ලද්දේ  මේ සඳහාය.  කියනලදී.
මේ පස්වැනි ධර්ම සයයි.

§ 3.6. “සවැදෑරුම් තණ්හා කායයන් අවබෝධයෙන් දත යුත්තේයැයි කියන ලද්දේ වෙයි. ඒ කුමක් පිළිබඳව කියන ලද්දේ ද යත්:

  • ඇසත් රූපයත් නිසා චක්ඛු විඥානය උපදියි. ඒ තිදෙනාගේ එක්වීම විඤ්ඤාණය උපදියි. තිදෙනාගේ එක්වීම ඵස්සයයි. ඵස්සය නිසා වේදනාව උපදියි. වේදනාව නිසා තණ්හාව උපදියි.
  • කණත් ශබ්දයත් නිසා සොතවිඤ්ඤාණය උපදියි. තිදෙනාගේ එක්වීම ඵස්සයයි. ඵස්සය නිසා වේදනාව උපදියි. වේදනාව නිසා තණ්හාව උපදියි..
  • නාසයත් ගඳත් නිසා ඝාණවිඤ්ඤාණය උපදියි. තිදෙනාගේ එක්වීම ඵස්සයයි. ඵස්සය නිසා වේදනාව උපදියි. වේදනාව නිසා තණ්හාව උපදියි.
  • දිවත් රසත් නිසා ජිව්හාවිඤ්ඤාණය උපදියි. තිදෙනාගේ එක්වීම ඵස්සයයි. ඵස්සය නිසා වේදනාව උපදියි. වේදනාව නිසා තණ්හාව උපදියි.
  • කයත් ප්‍රෂ්ටව්‍යයත් නිසා කායවිඤ්ඤාණය උපදියි. තිදෙනාගේ එක්වීම ඵස්සයයි. ඵස්සය නිසා වේදනාව උපදියි. වේදනාව නිසා තණ්හාව උපදියි.
  • සිතත් ධර්මාරම්මණයත් නිසා මනො විඤ්ඤාණය උපදියි. තිදෙනාගේ එක්වීම ඵස්සයයි. ඵස්සය නිසා තණ්හාව උපදියි.

සවැදෑරුම් තණ්හාකාය දතයුතුය යනුවෙන්  කියන ලද්දේ  මේ සඳහා කියනලදී.
මේ සයවැනි ධර්ම සයයි.

4. අනාත්මය 

§ 4.1 “ඇස ආත්මය”යි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. [උප්පජ්ජති යන පාළි වචනය “නොයෙදෙන්නේය” ලෙස පරිවර්තනය කලත් “පිළිගත නොහැක ” නොගැලපෙන්නේය” යන පරිවර්තනය උප්පජ්ජති යන්නට වඩාත් කිට්ටු බව පෙනේ,]

ඇසේ හටගැන්මත් –ඉපදීමත්- විනාශයත් පෙනෙන්නේය.
යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මාගේ ආත්මයද උපදින්නේය, බිඳෙන්නේය යන කරුණ ඊටද අදාළ වන්නේය. ගැලපෙන්නේ
ය.
ඇස ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. නොගැලපෙන්නේය
එහෙයින් ඇස අනාත්මයි.

§ 4.2. රූපයෝ ආත්ම යයි යමෙක් කියන්නේ නම් එය නොගැලපෙන්නේය- නොයෙදෙන්නේය. එහෙයින් ඇස අනාත්මයි.
රූපයෝ ආත්මයයි යමෙක් කියන්නේ නම් එය නොයෙදෙන්නේය. කුමක් හෙයින්ද? රූපයන්ගේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මගේ ආත්මය උපදින්නේය, විනාශවන්නේය යන කරුණ ඊට පැමිණෙන්නේය. එහෙයින් යමෙක් රූප ආත්මයයි කියන්නේ නම් එය නොයෙදෙන්නේය. මෙසේ ඇසත් අනාත්මයී. රූපයෝත් අනාත්මයි

§ 4.3. “චක්ඛු විඤ්ඤාණය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොගැලපෙන්නේය. නොයෙදෙන්නේය. කුමක් හෙයින්ද?
චක්ඛුවිඤ්ඤාණයාගේ ඉපදීමද විනාශයද පෙනෙන්නේය.
යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මගේ ආත්මය උපදියි. විනාශවෙයි යන කාරණය ඊට ගැලපෙන්නේය
එහෙයින් චක්ඛුවිඤ්ඤාණය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොගැලපෙන්නේය, නොයෙදෙන්නේය. මෙසේ ඇසත් අනාත්මය, රූපයෝත් අනාත්මය චක්ඛු විඤ්ඤාණයත් අනාත්මයයි දත යුතුය.

§ 4.4  “චක්ඛුසම්ඵස්සය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඔහුගේ කීම නොගැලපෙන්නේය. නොයෙදෙන්නේය.
(කුමක් හෙයින්ද?) චක්ඛුසම්ඵස්සයාගේ ඉපදීමත් විනාශයත් පෙණෙන්නේය.
යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මගේ ආත්මය උපදියි, විනාශවෙයි යන කාරණය ඊට පැමිණෙන්නේය.
එහෙයින් චක්ඛුසම්ඵස්සය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොගැලපෙන්නේය . මෙසේ ඇසත් අනාත්මය, රූපයෝත් අනාත්මය, චක්ඛුවිඤ්ඤාණයත් අනාත්මය, චක්ඛුසම්ඵස්සයත් අනාත්මයි.

§ 4. 5 . “වේදනාව (ඇසේ වන  වින්දනය )  ආත්මයයි යමෙක් කියන්නේ නම් ඔහුගේ ඒ කීම නොයෙදෙන්නේය.
(කුමක් හෙයින්ද?) වේදනාවගේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මගේ ආත්මය උපදියි, විනාශවෙයි යන කාරණය ඊට පැමිණෙන්නේය.
එහෙයින් ඇසේ  වින්දනය ආත්ම යයි යමෙක් කියන්නේ නම්, ඒ කීම නොයෙදෙන්නේය. මෙසේ ඇසත් අනාත්මය, රූපයෝත් අනාත්මය, චක්ඛු විඤ්ඤාණයත් අනාත්මය, චක්ඛු සම්ඵස්සයත් අනාත්මය, චක්ඛු වේදනාවත් අනාත්මයි.

§ 4.6  . ඇස නිසා වූ  “තණ්හාව ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය.
(කුමක් හෙයින්ද?) තණ්හාවගේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය.
යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මගේ ආත්මයත් උපදියි, විනාශවෙයි යන කාරණය ඊට පැමිණෙන්නේය.
එහෙයින් ඇස නිසා වූ තණ්හාව ආත්ම යයි යමෙක් කියන්නේ නම් එය නොයෙදෙන්නේය. මෙසේ ඇසත් අනාත්මය, රූපයෝත් අනාත්මය, චක්ඛුවිඤ්ඤාණයත් අනාත්මය, චක්ඛුසම්ඵස්සයත් අනාත්මය, වේදනාවත් අනාත්මය, තණ්හාවත් අනාත්මය.

§ 5.1.  “කණ ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොගැලපෙන්නේය.
(කුමක් හෙයින්ද?) කණේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය.
යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මාගේ ආත්මයද උපදින්නේය, බිඳෙන්නේය යන කරුණ ඊට ගැලපෙන්නේය.
එහෙයින් කණ ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොගැලපෙන්නේය.
එහෙයින් කණ අනාත්මයි,

§ 5.2. ශබ්දයෝ ආත්මයයි යමෙක් කියන්නේ නම් එය නොගැලපෙන්නේය.
කුමක් හෙයින්ද? ශබ්දයන්ගේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය.
යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මාගේ ආත්මයද උපදින්නේය, බිඳෙන්නේය යන කරුණ ඊට ගැළපෙන්නේය.
එහෙයින් ශබ්දයෝ ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය.
එහෙයින් ශබ්දයෝ අනාත්මයි,

§ 5.3. “සොත විඤ්ඤාණය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය.
(කුමක් හෙයින්ද?) සොතවිඤ්ඤාණයාගේ ඉපදීමද විනාශයද පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මාගේ ආත්මය උපදියි, විනාශවෙයි යන කාරණය ඊට පැමිණෙන්නේය. එහෙයින් සොතවිඤ්ඤාණය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. මෙසේ කණත් අනාත්මය, ශබ්දයෝත් අනාත්මය, සොතවිඤ්ඤාණයත් අනාත්මයි.

§ 5. 4. “සොත සම්ඵස්සය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) සොතසම්ඵස්සයාගේ ඉපදීමද විනාශයද පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මාගේ ආත්මය උපදියි’ විනාශවෙයි යන කාරණය ඊට පැමිණෙන්නේය. එහෙයින් සොතසම්ඵස්සය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. මෙසේ කණත් අනාත්මය, ශබ්දයෝත් අනාත්මය, සොතසම්ඵස්සයත් අනාත්මයි.

§ 5. 5. “වේදනාව ආත්මයයි යමෙක් කියන්නේ නම් ඔහුගේ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) වේදනාවගේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේනම් මගේ ආත්මය උපදියි, විනාශවෙයි යන කාරණය ඊට පැමිණෙන්නේය. එහෙයින් වේදනාව ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. මෙසේ කණත් අනාත්මය ශබ්දයෝත් අනාත්මය සොතවිඤ්ඤාණයත් අනාත්මය සොතසම්ඵස්සයත් අනාත්මය වේදනාවත් අනාත්මයි.
“තණ්හාව ආත්මයයි යමෙක් කියන්නේනම් ඒ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) තණ්හාවෙන් ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයක් පෙනේනම් මගේ ආත්මය උපදියි විනාශවෙයි යන කාරණය ඊට පැමිණෙන්නේය. එහෙයින් තණ්හාව ආත්මයයි යමෙක් කියන්නේ නම් එය නොයෙදෙන්නේය. මෙසේ කණත් අනාත්මය ශබ්දයෝත් අනාත්මය සොතවිඤ්ඤාණයත් අනාත්මය සොතසම්ඵස්සයත් අනාත්මය වේදනාවත් අනාත්මය තණ්හාවත් අනාත්මය.

§ 6.1. “නාසය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) නාසයේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මාගේ ආත්මයද උපදින්නේය, බිඳෙන්නේය යන කරුණ ඊට පැමිණෙන්නේය. එහෙයින් නාසය ආත්මයයි, යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. එහෙයින් නාසය අනාත්මයි.

§ 6. 2,“ගන්ධයෝ ආත්මයයි යමෙක් කියන්නේනම් එය නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) ගන්ධයන්ගේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මාගේ ආත්මය උපදින්නේය, විනාශ වන්නේය යන කරුණ ඊට පැමිණෙන්නේය. එහෙයින් යමෙක් ගන්ධයෝ ආත්මයයි කියන්නේ නම් එය නොයෙදෙන්නේය. මෙසේ නාසයත් අනාත්මයි. ගන්ධයෝත් අනාත්මයි.

§ 6.3. .“ඝාණවිඤ්ඤාණය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) ඝාණවිඤ්ඤාණයාගේ ඉපදීමද විනාශයද පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මාගේ ආත්මය උපදියි, විනාශ වෙයි යන කාරණය ඊට පැමිණෙන්නේය. එහෙයින් ඝාණවිඤ්ඤාණය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. මෙසේ නාසයත් අනාත්මය, ගන්ධයෝත් අනාත්මය ඝාණවිඤ්ඤාණයත් අනාත්මයි.
§ 6.4. “ඝාණ-සම්ඵස්සය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) ඝාණ-සම්ඵස්සයාගේ ඉපදීමද විනාශයද පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මාගේ ආත්මය උපදියි, විනාශ වෙයි යන කාරණය ඊට පැමිණෙන්නේය. එහෙයින් ඝාණසම්ඵස්සය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. මෙසේ නාසයත් අනාත්මය, ගන්ධයෝත් අනාත්මය ඝාණවිඤ්ඤාණයත් අනාත්මය, ඝාණසම්ඵස්සයත් අනාත්මයි.

§ 6. 5. “වේදනාව ආත්මයයි යමෙක් කියන්නේ නම් ඔහුගේ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) වේදනාවගේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මගේ ආත්මය උපදියි, විනාශවෙයි යන කාරණය ඊට පැමිණෙන්නේය. එහෙයින් වේදනාව ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. මෙසේ නාසයත් අනාත්මය ගන්ධයෝත් අනාත්මය ඝාණවිඤ්ඤාණයත් අනාත්මය ඝානසම්පස්සයත් අනාත්මය වේදනාවත් අනාත්මයයි.

§ 6. 6. “තණ්හාව ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) තණ්හාවගේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මගේ ආත්මයත් උපදියි, විනාශවෙයි යන කාරණය ඊට පැමිණෙන්නේය. එහෙයින් තණ්හාව ආත්මයයි යමෙක් කියන්නේ නම් එය නොයෙදෙන්නේය. මෙසේ නාසයත් අනාත්මය, ගන්ධයෝත් අනාත්මය, ඝාණවිඤ්ඤාණයත් අනාත්මය, ඝාණසම්ඵස්සයත් අනාත්මය වේදනාවත් අනාත්මය, තණ්හාවත් අනාත්මය.

§ 7.1. “දිව ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) දිවේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මගේ ආත්මයද උපදින්නේය, බිඳෙන්නේය යන කරුණ ඊට පැමිණෙන්නේය. එහෙයින් දිව ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. එහෙයින් දිව අනාත්මයි.

§ 7.2, “රසයන් ආත්මයයි යමෙක් කියන්නේ නම් එය නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) රසයන්ගේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මාගේ ආත්මය උපදින්නේය, විනාශවන්නේය යන කරුණ ඊට පැමිණෙන්නේය. එහෙයින් යමෙක් රසයන් ආත්මයයි කියන්නේ නම් එය නොයෙදෙන්නේය. මෙසේ දිවත් අනාත්මයි. රසයෝත් අනාත්මයි.

§ 7.3. “ජිව්හාවිඤ්ඤාණය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) ජිව්හාවිඤ්ඤාණයාගේ ඉපදීමද විනාශයද පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මාගේ ආත්මය උපදියි විනාශවෙයි යන කාරණය ඊට පැමිණෙන්නේය. එහෙයින් ජිව්හාවිඤ්ඤාණය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. මෙසේ දිවත් අනාත්මය, රසයෝත් අනාත්මය ජිව්හාවිඤ්ඤාණයත් අනාත්මයි.

§ 7.4. “ජිව්හා-සම්ඵස්සය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඔහුගේ ඒ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) ජිව්හාසම්ඵස්සයාගේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මාගේ ආත්මය උපදියි, විනාශවෙයි. යන කාරණයට ඊට පැමිණෙන්නේය. එහෙයින් ජිව්හාසම්ඵස්සය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. මෙසේ දිවත් අනාත්මය, රසයෝත් අනාත්මය ජිව්හාවිඤ්ඤාණයත් අනාත්මය, ජිව්හා සම්ඵස්සයත් අනාත්මයි.

§ 7. 5. “වේදනාව ආත්මයයි යමෙක් කියන්නේ නම් ඔහුගේ ඒ කීම නොයෙදෙන්නේය. (කුමක්හෙයින්ද?) වේදනාවගේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මගේ ආත්මය උපදියි, විනාශවෙයි යන කාරණයට ඊට පැමිණෙන්නේය. එහෙයින් වේදනාව ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. මෙසේ දිවත් අනාත්මය, රසයෝත් අනාත්මය ජිව්හාවිඤ්ඤාණයත් අනාත්මය, ජිව්හාසම්ඵස්සයත් අනාත්මය, වේදනාවත් අනාත්මයි.

§ 7.6. “තණ්හාව ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) තණ්හාවගේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මගේ ආත්මයත් උපදියි, විනාශ වෙයි යන කාරණයට ඊට පැමිණෙන්නේය. එහෙයින් තණ්හාව ආත්මයයි යමෙක් කියන්නේ නම් එය නොයෙදෙන්නේය. මෙසේ දිවත් අනාත්මය, රසයෝත් අනාත්මය, ජිව්හාවිඤ්ඤාණයත් අනාත්මය, ජිව්හාසම්ඵස්සයත් අනාත්මය, වේදනාවත් අනාත්මය, තණ්හාවත් අනාත්මය.

§ 8 .1. “කය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය.
(කුමක් හෙයින්ද?) කයේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය.
යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මගේ ආත්මයද උපදින්නේය, බිඳෙන්නේය යන කරුණ ඊට පැමිණෙන්නේය. එහෙයින් කය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. එහෙයින් කය අනාත්මයි.

§ 8 .2. “ප්‍රෂ්ටව්‍යයෝ ආත්මයයි යමෙක් කියන්නේ නම් එය නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) ප්‍රෂ්ටව්‍යයන්ගේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මගේ ආත්මය උපදින්නේය, විනාශ වන්නේය යන කරුණ ඊට පැමිණෙන්නේය එහෙයින් යමෙක් ප්‍රෂ්ටව්‍යය ආත්මයයි කියන්නේ නම් එය නොයෙදෙන්නේය. මෙසේ කයත් අනාත්මයි. ප්‍රෂ්ටව්‍යයෝත් අනාත්මයි.

§ 8 .3. “කායවිඤ්ඤාණය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) කායවිඤ්ඤාණයාගේ ඉපදීමද විනාශයද පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මගේ ආත්මය උපදියි, විනාශවෙයි යන කාරණයට ඊට පැමිණෙන්නේය. එහෙයින් කායවිඤ්ඤාණය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. මෙසේ කයත් අනාත්මය, ප්‍රෂ්ටව්‍යයෝත් අනාත්මය, කාය විඤ්ඤාණයත් අනාත්මය.

§ 8 .4. “කායසම්ඵස්සය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඔහුගේ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) කායසම්ඵස්සාගේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේනම් මාගේ ආත්මය උපදියි, යන කාරණය ඊට පැමිණෙන්නේය. එහෙයින් කායසම්ඵස්සය ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. මෙසේ කයත් අනාත්මය ප්‍රෂ්ටව්‍යයෝත් අනාත්මය කාය විඤ්ඤාණයත් අනාත්මය කායසම්ඵස්සයත් අනාත්මයි.

§ 8 .5. “කය නිසා විඳින්නාවූ සුඛ , දුක්ඛ, හෝ අදුක්ඛම සුඛ  වේදනාව ආත්මයයි යමෙක් කියන්නේ නම් ඔහුගේ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) වේදනාවගේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මගේ ආත්මය උපදියි, විනාශවෙයි යන කාරණය ඊට පැමිණෙන්නේය. එහෙයින් වේදනාව ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. මෙසේ කයත් අනාත්මය, ප්‍රෂ්ටව්‍යයත් අනාත්මය, කාය විඤ්ඤාණයත් අනාත්මය, කායසම්ඵස්සයත් අනාත්මය, වේදනාවත් අනාත්මය.

§ 8 .6. “කය මුලික කොට වන්නාවූ තන්හාව ආත්මයයි යමෙක් කියන්නේ නම් ඔහුගේ  ඒ  කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) තණ්හාවගේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මගේ ආත්මය උපදියි, විනාශවෙයි යන කාරණය ඊට පැමිනෙන්නේය. එහෙයින් තණ්හාව ආත්මයයි යමෙක් කියන්නේ නම් එය නොයෙදෙන්නේය. මෙසේ කයත් අනාත්මය, ප්‍රෂ්ටව්‍යයත් අනාත්මය, කායවිඤ්ඤාණයත් අනාත්මය, කායසම්ඵස්සයත් අනාත්මය, වේදනාවත් අනාත්මය, තණ්හාවත් අනාත්මය.

§ 9.1 “සිත ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) සිතේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මාගේ ආත්මයද උපදින්නේය, බිඳෙන්නේය යන කරුණ ඊට පැමිණෙන්නේය. එහෙයින් සිත ආත්මයයි යමෙක් කියන්නේ නම් ඒ කීම නොයෙදෙන්නේය. එහෙයින් සිත අනාත්මයි.
§ 9.2. “ධර්මාරම්මණයන් ආත්මයයි යමෙක් කියන්නේ නම් එය නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) ධර්මාරම්මණයන්ගේ ඉපදීමත් විනාශයත් පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මගේ ආත්මය උපදින්නේය, විනාශ වන්නේය යන කරුණ ඊට පැමිණෙන්නේය. එහෙයින් යමෙක් ධර්මාරම්මණයෝ ආත්මයයි යමෙක් කියන්නේනම් එය නොයෙදෙන්නේය. මගේ සිත අනාත්මයි. ධර්මාරම්මණත් අනාත්මයි.
§ 9.3. “මනොවිඤ්ඤාණය ආත්මයයි යමෙක් කියන්නේ නම් එය නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) මනොවිඤ්ඤාණයේ ඉපදීමද විනාශයද පෙනෙන්නේය. යමක ඉපදීමද විනාශයද පෙනේ නම් මගේ ආත්මය උපදියි, විනාශවෙයි යනමේ කාරණය ඊට පැමිණෙන්නේය. එහෙයින් මනොවිඤ්ඤාණය ආත්මයයි යමෙක් කියන්නේනම් එය නොයෙදෙන්නේය. මගේ සිතද අනාත්මයි, ධර්මාරම්මණයෝ ද අනාත්මයි මනොවිඤ්ඤාණයද අනාත්මයි.
§ 9.4. “මනොසම්ඵස්සය ආත්මයයි යමෙක් කියන්නේනම් ඔහුගේ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) මනොසම්ඵස්සයාගේ ඉපදීමද විනාශයද පෙනෙන්නේය. යමක ඉපදීමත් විනාශයත් පෙනේ නම් මගේ ආත්මය උපදියි බිඳෙයි යන මේ කාරණය ඊට පැමිණෙන්නේය. එහෙයින් මනොසම්ඵස්සය ආත්මයයි යමෙක් කියන්නේ නම් එය නොයෙදෙන්නේය. මෙසේ සිතද අනාත්මයි, ධර්මාරම්මණයෝ ද අනාත්මයි, මනොවිඤ්ඤාණයද අනාත්මයි. මනොසම්ඵස්සයද අනාත්මයි.

§ 9. 5. “වේදනාව ආත්මයයි යමෙක් කියන්නේ නම් එය නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) වේදනාවගේ ඉපදීමද විනාශයද පෙනෙයි. යමක ඉපදීමද විනාශයද පෙනේනම් මාගේ ආත්මය උපදියි විනාශවෙයි යන කාරණය ඊට පැමිණෙන්නේය. එහෙයින් යමෙක් වේදනාව ආත්මයයි කියන්නේ නම් එය නොයෙදෙන්නේය. මෙසේ සිතද අනාත්මයි. ධර්මයෝ ද අනාත්මයි මනොවිඤ්ඤාණයද අනාත්මයි. මනොසම්ඵස්සයද අනාත්මයි. වේදනාවද අනාත්මයි.

§ 9.6. “තණ්හාව ආත්මයයි යමෙක් කියන්නේනම් ඒ කීම නොයෙදෙන්නේය. (කුමක් හෙයින්ද?) තණ්හාවගේ ඉපදීමද විනාශයද පෙනෙන්නේය. යමක ඉපදීමද විනාශයද පෙනේ නම් මගේ ආත්මය උපදියි බිඳෙයි යන කාරණය ඊට පැමිණෙන්නේය. එහෙයින් යමෙක් තණ්හාව ආත්මයයි කියන්නේ නම් එය නොයෙදෙන්නේය. මෙසේ සිතද අනාත්මයි. ධර්මාරම්මණයෝ ද අනාත්මයි. මනොවිඤ්ඤාණයද අනාත්මයි. මනොසම්ඵස්සයද අනාත්මයි. වේදනාවද අනාත්මයි. තණ්හාවද අනාත්මයි

§ 10. [දුක්ඛ සත්‍යය හා සමුදය සත්‍ය උල්පා දැක්වීම මෙම චේදයේ අරමුණ බව අටුවාව දක්වයි.]
“මහණෙනි, මේ වනාහි මමඥතාව – “මම”යයි ගන්නා වැරදි දැකීම නොහොත්  ඉපදීම කරා යන්නාවූ ප්‍රතිපදාව වෙයි.

§ 10.1. ‘එනම්, මෙය මගේය මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි, ඇස දකියිද, මෙය මගේය මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි, රූපයන් දකියිද, මෙය මගේය මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි, චක්ඛු විඤ්ඤාණය දකියිද, මෙය මගේය මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි, චක්ඛුසම්ඵස්සය දකියිද, මෙය මගේය මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි වේදනාව දකියිද, මෙය මගේය මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි තණ්හාව දකියිද,

§ 10,2. “මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි, කණ දකියිද, මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි ශබ්දයන් දකියිද, මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි සොත විඤ්ඤාණය දකියිද, මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි සොත සම්ඵස්සය දකියිද, මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි වේදනාව දකියිද, මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි තණ්හාව දකියිද,

§ 10.3. “මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි නාසය දකියිද, මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි ගන්ධයන් දකියිද, මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි ඝාණ විඤ්ඤාණය දකියිද, මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි ඝාණ සම්ඵස්සය දකියිද, මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි වේදනාව දකියිද, මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි තණ්හාව දකියිද,

§ 10.4. “මෙය මගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි, දිව දකියිද, මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි, රසයන් දකියිද, මෙය මගේය මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි. ජිව්හාවිඤ්ඤාණය දකියිද, මෙය මගේය මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි, ජිව්හාසම්ඵස්සය දකියිද, මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි, වේදනාව දකියිද, මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි, තණ්හාව දකියිද,

§ 10.5. “මෙය මගේය මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි කය දකියිද, මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි, ප්‍රෂ්ටව්‍යයන් දකියිද, මෙය මගේය මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි, කායවිඤ්ඤාණය දකියිද, මෙය මගේය මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි, කායසම්ඵස්සය දකියිද, මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි, වේදනාව දකියිද, මෙය මගේය මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි, තණ්හාව දකියිද,

§ 10.6. “මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි, සිත දකියිද, මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි, ධර්මරම්මණයන් දකියිද, මෙය මගේය මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි, මනොවිඤ්ඤාණය දකියිද, මෙය මගේය මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි, මනොසම්ඵස්සය දකියිද, මෙය මගේය මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි, වේදනාව දකියිද, මෙය මගේය මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි, තණ්හාව දකියිද, යන මේ, මාර්ගයයි,

§ 11.1  “මහණෙනි, මේ වනාහි මමයයි ගැනීම නිරුද්ධකිරීමේ මාර්ගයවේ.
එනම්: මෙය මගේ නොවේය මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි, ඇස දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේ යයි, රූපයන් දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි, චක්ඛු විඤ්ඤාණය දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි, චක්ඛු සම්ඵස්සය දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි, වේදනාව දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි, තණ්හාව දකියිද,

§ 11.2. “මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි, කණ දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි, ශබ්දයන් දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නෙවේයයි, සොතවිඤ්ඤාණය දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි, සොතසම්ඵස්සය දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි, වේදනාව දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි තණ්හාව දකියිද,

§ 11.3. “මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි නාසය දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි ගන්ධයන් දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි ඝාණවිඤ්ඤාණය දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි ඝාණසම්ඵස්සය දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි, වේදනාව දකියිද, මෙය මගේ නොවේ, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි තණ්හාව දකියිද,

§ 11.4. “මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි දිව දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි රසයන් දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නෙවේයයි ජිව්හාවිඤ්ඤාණය දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි ජිව්හාසම්ඵස්සය දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි වේදනාව දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි තණ්හාව දකියිද,

§ 11.5. “මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි කය දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි ප්‍රෂ්ටව්‍යයන් දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නෙවේයයි කායවිඤ්ඤාණය දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි කායසම්ඵස්සය දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි වේදනාව දකියිද, මෙය මගේ නොවේ, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි තණ්හාව දකියිද,

§ 11..6. “මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි සිත දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ නොවේයයි ධර්මාරම්මණයන් දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි, මනොවිඤ්ඤාණය දකියිද, මෙය මගේ නොවේය, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේ යයි මනොසම්ඵස්සය දකියිද, මෙය මගේ නොවේ මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි වේදනාව දකියිද, මෙය මගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේයයි තණ්හාව දකියිද යන මේ මාර්ගයයි.

§ 12.1 .“මහණෙනි, ඇසත් රූපයනුත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදියි. ඒ තිදෙනාගේ එක්වීම ඵස්සයයි. ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ මැදහත්වූ හෝ යම් විඳීමක් උපදියිද, සැප වේදනාවක් ලැබුණු හෙතෙම සතුටු වෙයි. හොඳය හොඳයයි කියයි. එහි බැසගෙණ සිටියි. ඔහුගේ රාගානුසය වැඩෙයි. හෙතෙම දුක් වේදනාවක් ලැබුයේ ශෝක වෙයි, ක්ලාන්තවෙයි, වැළපෙයි. පපුවේ අත් ගසමින් හඬයි. මුළාවට පැමිණෙයි. ඔහුගේ පටිඝානුසය වැඩෙයි. මැදහත් වේදනාවක් ලැබුයේ ඒ වේදනාවේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිශ්ශරණයද, තත්වාකාරයෙන් නොදකියි. ඔහුගේ අවිජ්ජානුසය වැඩෙයි. මහණෙනි, හෙතෙමේ සුඛ වේදනාවෙහි රාගානුසය පහ නොකොට දුක්ඛ වේදනාවෙහි පටිඝානුසය දුරු නොකොට අදුක්ඛමසුඛ වේදනාවෙහි අවිජ්ජානුසය නූදුරා අවිද්‍යාව දුරුකොට විද්‍යාව නූපදවා මේ ආත්මයෙහි දුක් කෙළවර කරන්නේය යන කාරණය සිදු නොවන්නේය.

§ 12.2. “මහණෙනි, කණත් ශබ්දයනුත් නිසා සොත විඤ්ඤාණය උපදියි. ඒ තිදෙනාගේ එක්වීම ඵස්සයයි. ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ මැදහත්වූ හෝ යම් විඳීමක් උපදියිද, සැප වේදනාවක් ලැබුණු හෙතෙම සතුටු වෙයි. හොඳය, හොඳයයි කියයි. එහි බැසගෙණ සිටියි. ඔහුගේ රාගානුසය වැඩෙයි. හෙතෙම දුක් වේදනාවක් ලැබුයේ ශෝකවෙයි, ක්ලාන්තවෙයි, වැළපෙයි. පපුවේ අත් ගසමින් හඬයි. මුළාවට පැමිණෙයි. ඔහුගේ පටිඝානුසය වැඩෙයි. මැදහත් වේදනාවක් ලැබුයේ ඒ වේදනාවේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිශ්ශරණයද, තත්වාකාරයෙන් නොදකියි. ඔහුගේ අවිජ්ජානුසය වැඩෙයි. මහණෙනි, හෙතෙමේ සැප වේදනාවෙහි රාගානුසය පහ නොකොට දුක්ඛ වේදනාවෙහි පටිඝානුසය දුරු නොකොට අදුක්ඛමසුඛ වේදනාවෙහි අවිජ්ජානුසය නූදුරා අවිද්‍යාව දුරුකොට විද්‍යාව නූපදවා මේ ආත්මයෙහි දුක් කෙළවර කරන්නේය යන කාරණය සිදු නොවන්නේය.

§ 12.3. ‘මහණෙනි, නාසයත් ගන්ධයනුත් නිසා ඝාණවිඤ්ඤාණය උපදියි ඒ තිදෙනාගේ එක්වීම ඵස්සයයි. ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ මැදහත්වූ හෝ යම් විඳීමක් උපදියිද, සැප වේදනාවක් ලැබුණු හෙතෙම සතුටු වෙයි. හොඳය හොඳයයි කියයි. එහි බැසගෙණ සිටියි. ඔහුගේ රාගානුසය වැඩෙයි. හෙතෙම දුක් වේදනාවක් ලැබුයේ ශෝකවෙයි, ක්ලාන්තවෙයි, වැළපෙයි. පපුවේ අත් ගසමින් හඬයි මුළාවට පැමිණෙයි. ඔහුගේ පටිඝානුසය වැඩෙයි. මැදහත් වේදනාවක් ලැබුයේ ඒ වේදනාවේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිශ්ශරණයද, තත්වාකාරයෙන් නොදකියි. ඔහුගේ අවිජ්ජානුසය වැඩෙයි. මහණෙනි, හෙතෙමේ සැප වේදනාවෙහි රාගානුසය පහ නොකොට දුක්ඛ වේදනාවෙහි පටිඝානුසය දුරු නොකොට අදුක්ඛමසුඛ වේදනාවෙහි අවිජ්ජානුසය නූදුරා අවිද්‍යාව දුරුකොට විද්‍යාව නූපදවා මේ ආත්මයෙහි දුක් කෙළවර කරන්නේය යන කාරණය සිදු නොවන්නේය.

§ 12. 4. “මහණෙනි, දිවත් රසයත් නිසා ජිව්හා විඤ්ඤාණය උපදියි. ඒ තිදෙනාගේ එක්වීම ඵස්සයයි. ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ මැදහත්වූ හෝ යම් විඳීමක් උපදියිද, සැප වේදනාවක් ලැබුණු හෙතෙම සතුටු වෙයි. හොඳය හොඳයයි කියයි. එහි බැසගෙණ සිටියි. ඔහුගේ රාගානුසය වැඩෙයි. හෙතෙම දුක් වේදනාවක් ලැබුයේ ශෝක වෙයි, ක්ලාන්තවෙයි, වැළපෙයි. පපුවේ අත් ගසමින් හඬයි. මුළාවට පැමිණෙයි. ඔහුගේ පටිඝානුසය වැඩෙයි. මැදහත් වේදනාවක් ලැබුයේ ඒ වේදනාවේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිශ්ශරණයද, තත්වාකාරයෙන් නොදකියි. ඔහුගේ අවිජ්ජානුසය වැඩෙයි. මහණෙනි, හෙතෙමේ සැප වේදනාවෙහි රාගානුසය පහ නොකොට දුක්ඛ වේදනාවෙහි පටිඝානුසය දුරු නොකොට අදුක්ඛමසුඛ වේදනාවෙහි අවිජ්ජානුසය නූදුරා අවිද්‍යාව දුරුකොට විද්‍යාව නූපදවා මේ ආත්මයෙහි දුක් කෙළවර කරන්නේය යන කාරණය සිදු නොවන්නේය.

§ 12. 5. “මහණෙනි, කයත් ප්‍රශ්ටව්‍යයත් නිසා කායවිඤ්ඤාණය උපදියි. ඒ තිදෙනාගේ එක්වීම ඵස්සයයි. ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ මැදහත්වූ හෝ යම් විඳීමක් උපදියිද, සැප වේදනාවක් ලැබුණු හෙතෙම සතුටු වෙයි. හොඳය හොඳයයි කියයි. එහි බැසගෙන සිටියි. ඔහුගේ රාගානුසය වැඩෙයි. හෙතෙම දුක් වේදනාවක් ලැබුයේ ශෝක වෙයි, ක්ලාන්තවෙයි, වැළපෙයි. පපුවේ අත් ගසමින් හඬයි. මුළාවට පැමිණෙයි. ඔහුගේ පටිඝානුසය වැඩෙයි. මැදහත් වේදනාවක් ලැබුයේ ඒ වේදනාවේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිශ්ශරණයද, තත්වාකාරයෙන් නොදකියි. ඔහුගේ අවිජ්ජානුසය වැඩෙයි. මහණෙනි, හෙතෙමේ සැප වේදනාවෙහි රාගානුසය පහ නොකොට දුක්ඛ වේදනාවෙහි පටිඝානුසය දුරු නොකොට අදුක්ඛම සුඛ වේදනාවෙහි අවිජ්ජානුසය නූදුරා අවිද්‍යාව දුරුකොට විද්‍යාව නූපදවා මේ ආත්මයෙහි දුක් කෙළවර කරන්නේය යන කාරණය සිදු නොවන්නේය.

§ 12. 6. “මහණෙනි, සිතත් ධර්මාරම්මණයනුත් නිසා මනො විඤ්ඤාණය උපදියි. ඒ තිදෙනාගේ එක්වීම ඵස්සයයි. ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ නිදුක් නොසැපවූ හෝ විඳීම උපදියි. හෙතෙමේ සැප වේදනාවක් ලැබුයේ සතුටුවෙයි. හොඳය හොඳයයි කියයි. එහි ගිලී සිටියි. ඔහුගේ රාගානුසය වැඩෙයි. දුක් වේදනාවක් ලැබුයේ ශොක කරයි, ක්ලාන්තවෙයි. වැළපෙයි. පපුවට අතගසමින් හඬයි. මුළාවට පැමිණෙයි. ඔහුගේ පටිඝානුසය වැඩෙයි. නිදුක් නොසැප වේදනාවක් ලැබුයේ ඒ වේදනාවගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිශ්ශරණයද ඇති සැටියෙන් නොදනියි. ඔහුගේ අවිජ්ජානුසය වැඩෙයි. මහණෙනි, හෙතෙමේ සැප වේදනාවෙහි රාගානුසය පහනොකොට දුක්ඛවේදනාවෙහි පටිඝානුසය දුරු නොකොට මොහානුසය මුලින් නූපුටා අවිද්‍යාව දුරු නොකොට විද්‍යාව නූපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේය යන කාරණය සිදු නොවන්නේය.

§ 13 . 1 .“මහණෙනි, ඇසත් රූපයනුත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදියි. තිදෙනාගේ එක්වීම ඵස්සය වේ ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ නිදුක් නොසැපවූ හෝ වේදනාව උපදියි. හෙතෙම සැප වේදනාවක් ලැබුයේ සතුටු නොවෙයි. හොඳය හොඳයයි නොකියයි. එහි නොගිලෙයි. ඔහුගේ රාගානුසය දුරු වන්නේය. දුක් වේදනාවක් ලැබුයේ ශෝක නොකරයි, ක්ලාන්ත නොවෙයි. නොවැළපෙයි. පපුවට අත ගසමින් නොහඬයි. මුළාවට නොපැමිණෙයි, ඔහුගේ පටිඝානුසය දුරුවෙයි. නිදුක් නොසැප වේදනාවක් ලැබුයේ ඒ වේදනාවගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවද, නිශ්ශරණයද ඇති සැටියෙන් දනියි. ඔහුගේ අවිජ්ජානුසය දුරුවෙයි.
මහණෙනි, හෙතෙමේ සැප වේදනාවෙහි රාගානුසය පහකොට දුක් වේදනාවෙහි පටිඝානුසය දුරුකොට නිදුක් නොසැප වේදනාවෙහි අවිජ්ජානුසය මුලින් උදුරා අවිද්‍යාව පහකොට විද්‍යාව උපදවා මේ ආත්මයෙහි දුක් කෙළවර කරන්නේය යන මෙය සිදුවන්නේය.

§ 13 .2. “මහණෙනි, කණත් ශබ්දයනුත් නිසා සොත විඤ්ඤාණය උපදියි. තිදෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ නිදුක් නොසැපවූ හෝ වේදනාව උපදියි. හෙතෙම සැප වේදනාවක් ලැබුයේ සතුටු නොවෙයි. හොඳය හොඳයයි නොකියයි. එහි නොගිලෙයි. ඔහුගේ රාගානුසය දුරු වන්නේය. දුක් වේදනාවක් ලැබුයේ ශෝක නොකරයි. ක්ලාන්ත නොවෙයි. නොවැළපෙයි. පපුවට අත ගසමින් නොහඬයි. මුළාවට නොපැමිණෙයි, ඔහුගේ පටිඝානුසය දුරු වෙයි. නිදුක් නොසැප වේදනාවක් ලැබුයේ ඒ වේදනාවගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවද, නිශ්ශරණයද ඇතිසැටියෙන් දනියි. ඔහුගේ අවිජ්ජානුසය දුරුවෙයි.

මහණෙනි, හෙතෙමේ සැප වේදනාවෙහි රාගානුසය පහකොට දුක් වේදනාවෙහි පටිඝානුසය දුරුකොට නිදුක් නොසැප වේදනාවෙහි අවිජ්ජානුසය මුලින් උපුටා අවිද්‍යාව පහකොට විද්‍යාව උපදවා මේ ආත්මයෙහි දුක් කෙළවර කරන්නේය යන මෙය සිදුවන්නේය.

§ 13 .3. “මහණෙනි, නාසයත් ගන්ධයනුත් නිසා ඝාණවිඤ්ඤාණය උපදියි. තිදෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ නිදුක් නොසැපවූ හෝ වේදනාව උපදියි. හෙතෙම සැප වේදනාවක් ලැබුයේ සතුටු නොවෙයි. හොඳය හොඳයයි නොකියයි. එහි නොගිලෙයි. ඔහුගේ රාගානුසය දුරු වන්නේය. දුක් වේදනාවක් ලැබුයේ ශෝක නොකරයි. ක්ලාන්ත නොවෙයි. නොවැළපෙයි, පපුවට අත ගසමින් නොහඬයි. මුළාවට නොපැමිණෙයි, ඔහුගේ පටිඝානුසය දුරුවෙයි. නිදුක් නොසැප වේදනාවක් ලැබුයේ ඒ වේදනාවගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවද, නිශ්ශරණයද ඇති සැටියෙන් දනියි. ඔහුගේ අවිජ්ජානුසය දුරුවෙයි.

මහණෙනි, හෙතෙමේ සැප වේදනාවෙහි රාගානුසය පහකොට දුක් වේදනාවෙහි පටිඝානුසය දුරුකොට නිදුක් නොසැප වේදනාවෙහි අවිජ්ජානුසය මුලින් උපුටා අවිද්‍යාව පහකොට විද්‍යාව උපදවා මේ ආත්මයෙහි දුක් කෙළවර කරන්නේය යන මෙය සිදුවන්නේය.

§ 13 .4. “මහණෙනි, දිවත් රසයනුත් නිසා ජිව්හා විඤ්ඤාණය උපදියි. තිදෙනාගේ එක්වීම ඵස්සය වේ. ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ නිදුක් නොසැපවූ හෝ වේදනාව උපදියි. හෙතෙම සැප වේදනාවක් ලැබුයේ සතුටු නොවෙයි. හොඳය හොඳයයි නොකියයි. එහි නොගිලෙයි. ඔහුගේ රාගානුසය දුරු වන්නේය. දුක් වේදනාවක් ලැබුයේ ශෝක නොකරයි. ක්ලාන්ත නොවෙයි. නොවැළපෙයි. පපුවට අත ගසමින් නොහඬයි. මුළාවට නොපැමිණෙයි, ඔහුගේ පටිඝානුසය දුරුවෙයි. නිදුක් නොසැප වේදනාවක් ලැබුයේ ඒ වේදනාවගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවද, නිශ්ශරණයද ඇති සැටියෙන් දනියි. ඔහුගේ අවිජ්ජානුසය දුරුවෙයි.

මහණෙනි, හෙතෙමේ සැප වේදනාවෙහි රාගානුසය පහකොට දුක් වේදනාවෙහි පටිඝානුසය දුරුකොට නිදුක් නොසැප වේදනාවෙහි අවිජ්ජානුසය මුලින් උපුටා අවිද්‍යාව පහකොට විද්‍යාව උපදවා මේ ආත්මයෙහි දුක් කෙළවර කරන්නේය යන මෙය සිදුවන්නේය.

§ 13 .5. “මහණෙනි, කයත් ප්‍රෂ්ටව්‍යයත් නිසා කාය විඤ්ඤාණය උපදියි. තිදෙනාගේ එක්වීම ඵස්සයවේ. ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ නිදුක් නොසැපවූ හෝ වේදනාව උපදියි. හෙතෙම සැප වේදනාවක් ලැබුයේ සතුටු නොවෙයි. හොඳය හොඳයයි නොකියයි. එහි නොගිලෙයි. ඔහුගේ රාගානුසය දුරුවන්නේය. දුක් වේදනාවක් ලැබුයේ ශෝක නොකරයි. ක්ලාන්ත නොවෙයි. නොවැළපෙයි. පපුවට අත ගසමින් නොහඬයි. මුළාවට නොපැමිණෙයි, ඔහුගේ පටිඝානුසය දුරුවෙයි. නිදුක් නොසැප වේදනාවක් ලැබුයේ ඒ වේදනාවගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවද, නිශ්ශරණයද ඇති සැටියෙන් දනියි. ඔහුගේ අවිජ්ජානුසය දුරුවෙයි.

මහණෙනි, හෙතෙමේ සැප වේදනාවෙහි රාගානුසය පහකොට දුක් වේදනාවෙහි පටිඝානුසය දුරුකොට නිදුක් නොසැප වේදනාවෙහි අවිජ්ජානුසය මුලින් උපුටා අවිද්‍යාව පහකොට විද්‍යාව උපදවා මේ ආත්මයෙහි දුක් කෙළවර කරන්නේය යන මෙය සිදුවන්නේය.

§ 13 .6. “මහණෙනි, සිතත් ධර්මාරම්මණයනුත් නිසා මනො විඤ්ඤාණය උපදියි. ඒ තිදෙනාගේ එක්වීම ඵස්සයයි. ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ නිදුක් නොසැපවූ හෝ වේදනාව උපදියි. හෙතෙම සැප වේදනාවක් ලැබුයේ සතුටු නොවෙයි. හොඳය හොඳයයි නොකියයි. එහි ගැලී නොසිටියි. ඔහුගේ රාගානුසය දුරු වෙයි. හෙතෙම දුක් වේදනාවක් ලැබුයේ ශොක නොකරයි. ක්ලාන්ත නොවෙයි. නොවැළපෙයි. පපුවට අත ගසමින් නොහඬයි. මුළාවට නොපැමිණෙයි. ඔහුගේ පටිඝානුසය දුරුවෙයි. නිදුක් නොසැප වේදනාවක් ලැබුයේ ඒ වේදනාවගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවද, නිශ්ශරණයද ඇති සැටියෙන් දනියි. ඔහුගේ අවිජ්ජානුසය දුරුවෙයි.

මහණෙනි, හෙතෙමේ සැප වේදනාවෙහි රාගානුසය පහකොට දුක් වේදනාවෙහි පටිඝානුසය දුරුකොට නිදුක් නොසැප වේදනාවෙහි අවිජ්ජානුසය මුලින් උපුටා අවිද්‍යාව පහකොට විද්‍යාව උපදවා මේ ආත්මයෙහි දුක් කෙළවර කරන්නේය යන මෙය සිදු වන්නේය.

§ 14 .“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම ඇසෙහි කලකිරෙයි. රූපයන්හි කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණයෙහි කලකිරෙයි. චක්ඛු සම්ඵස්සයෙහි කලකිරෙයි. වේදනාවෙහි කලකිරෙයි. තණ්හාවෙහි කලකිරෙයි. කණෙහි කලකිරෙයි. ශබ්දයන්හි කලකිරෙයි. නාසයෙහි කලකිරෙයි. ගන්ධයන්හි කලකිරෙයි. දිවෙහි කලකිරෙයි. රසයන්හි කලකිරෙයි. කයෙහි කලකිරෙයි. ප්‍රෂ්ටව්‍යයන්හි කලකිරෙයි. සිතෙහි කලකිරෙයි. ධර්මාරම්මණයන්හි කලකිරෙයි. මනො විඤ්ඤාණයෙහි කලකිරෙයි. මනොසම්ඵස්සයෙහි කලකිරෙයි. වේදනාවෙහි කලකිරෙයි. තණ්හාවෙහි කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීම හේතුකොටගෙන කෙලෙසුන් කෙරෙන් මිදෙයි. මිදුණ කල්හි මිදුණේය යන ඤාණය උපදියි. ඉපදීම ක්ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මින් පසු කළයුත්තක් නැතැයි දැනගනී.”

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගත්තාහුය. මේ සූත්‍ර දේශනාව දේශනා කරන කල්හි සැට නමක් භික්ෂූන්ගේ සිත් තණ්හා දිට්ඨි මානයන් විසින් අල්වානොගෙන ආශ්‍රව ධර්මයන් කෙරෙන් මිදුනාහුය.

English Version   NEXT1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.