AN 05 -22 (2) අක්කොසක වග්ගය

§ AN 05-22- 01.
අක්කොසක සූත්‍රය

’’මහණෙනි,
යම් භික්‍ෂුවක්  සිය සබ්‍රහ්මචාරීන්ට පහත් කොට කතා කරන්නේද, 
නින්‍දා පරිභව කරන්නේවේද , ආර්‍ය්‍යයන්ගේ  දොස් කියන්නේ වේද, ඔහු ඒ හේතුවෙන්   අනතුරු   පසක්  ලබන්නේ වෙයි.
’’කවර පසක්ද යත්?

  • විමුක්තිය සඳහා එළඹුන ලෝකෝත්තර මාර්‍ගය සිඳ ගත්තෙක් වෙයි. පාරාජිකාවට පැමිනෙයි. 
  • කිළුටු සන්ඝාධිසෙස  ඇවතකට  පැමිණෙයි.
  • දැඩිවූ බලවත්වූ  ව්‍යාධියනට  පත් වෙයි. රෝගී වෙයි. 
  • ඉතා මුළාවූ සිහියෙන්යේ කළුරිය කරයි.
  • ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැප නැති, දුකම පිහිටියාවූ, නපුරු ඵල ඇත්තාවූ  නරකයෙහි උපදියි යන පසයි.

’’මහණෙනි, යම්  භික්‍ෂුවක්  සබ්‍රහ්මචාරීන්ට නින්‍දා පරිභව කරන්නේ වේද , ආර්‍ය්‍යයන්ට දොස් කියන්නේ වේද, ඔහු එම නරක ප්‍රතිඵල පස ලබන්නේ වෙයි. 

Devider 1

§ AN 05-22- 02.
ගන්ඩන කාරක සූත්‍රය
වාද විවාද 

’මහණෙනි,
යම් ඒ භික්‍ෂුවක්  වාද කරන්නෙක් වේද , කෑ කෝ ගසමින් සබ්‍රහ්මචාරීන් හා කෝලාහල කරන්නේද, අන් භික්ෂුන් ට විරු
ද්‍ධ කථාබස් කරන්නෙක් වේද , විනය නීති උල්ලංඝනය කරමින් සංඝ  අධිකරණ ඉදිරියට යන්නේ වේද, ඔහු අනතුරු  පසක් උරුම කර ගනී..
’’කවර පසක්ද යත්?

  • තවමත් නොලබන ලද සාසන ඵල  (ධ්‍යාන) නොලබයි.
  • ලබන ලද ඵල (ධ්‍යාන) යන්ගෙන්  පිරිහෙයි.
  • අපකීර්තිය සහ නරක කෙනෙකැයි සමාජයේ  පැතිරෙයි.
  • මුළාවූ සිහියෙන්  කළුරිය කරයි.
  • ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු , මහා දුක් ඇති, ඉතා  නපුරු අනතුරුම පමණක් ඇති නරකයෙහි උපදියි යන’’ පසයි.

’’මහණෙනි, යම්  භික්‍ෂුවක් වාද විවාද  කරන්නෙක්, කළහ කරන්නෙක්, විරුද්‍ධ වාද කරන්නෙක්. විරුද්‍ධ කථාබස් කරන්නෙක්, සංඝධිකරණය ට යවන්නට පමණ කටයුතු  කරන්නේ නම් ඔහු එම අනතුරු පස උරුම කර ගනී. 

Devider 1

§ AN 05-22- 03.
සීලවන්ත  සුත්‍රය  නොහොත්
සීල-විපත්‍යාදීනව සූත්‍රය

§’’මහණෙනි, දුශ්ශීලයාගේ ශීලය නැති කම නිසා  මේ දෝෂ,  විපත්ති පසක් ලබන්නේ වෙත්.
’’කවර පසක්ද යත්?

  • මහණෙනි,  සීලයෙන් තොරවුවාහු  දුශ්ශීලයා එම  ප්‍රමාදය හේතු කොට ගෙණ ඔහුගේ සම්පත්වලින්  මහත්වූ  පිරිහීමට පැමිණේ. මහණෙනි, දුශ්ශීලයාගේ සීල විපත්තියෙහි මේ පළමුවන දෝෂය වේ.
  • ’’මහණෙනි,  ශීලයෙන් තොරවූ හීන වූවාහු ගැන සමාජයේ අන්‍යයන් අතර අප කීර්තියක්, නරක නමක් පැතිර යයි.  මහණෙනි, දුශ්ශීලයාට වන දෙවන අන්තරාය එය වේ.
  • මහණෙනි, නැවත අනිකක්ද කියමි.  ක්‍ෂත්‍රිය පිරිසක හෝ බ්‍රාහ්මණ පිරිසක හෝ ගාහපති පිරිසක හෝ ශ්‍රමණ පිරිසක හෝ වෙනත්  යම් යම්ම පිරිසක එකතුව ඉන්නා තැනකට දුසිල්වතා පැමිණේද, ඔහු ඉතා කුටාලිව මලිකමින් හා අපහසුවෙන්ම පැමිණෙයි. මහණෙනි,  ශීල විපත්ති යෙහි මේ තුන්වන දෝෂය වේ.
  • මහණෙනි, නැවත අනිකක්ද කියමි. සීල විපත්තියට පැමිණියාවූ දුශ්ශීලයා සිහි මුලාවම කළුරිය කරයි. මහණෙනි, දුශ්ශීලයාගේ සීල විපත්තියෙහි මේ සතරවන දෝෂය වේ.
  • මහණෙනි, නැවත අනිකක්ද කියමි. සීලයෙන් තොරව ජීවත්වූ දුස්සීලයා ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු, සැප නැති, දුකම පිහිටවූ නපුරුසේ පතිත වන්නාවූ නරකයෙහි උපදී. මහණෙනි, දුශ්ශීලයාගේ සීල විපත්තියෙහි මේ පස්වන දෝෂය වේ.

’’මහණෙනි, දුශ්ශීලයාගේ ශීල විපත්තියෙහි මේ දෝෂ පසක් වෙත්.

’’මහණෙනි, සීලවන්ත වූවහු ගේ සීල සම්පත්තිය නිසා ලබන  ආනිසංස  පසක් වෙත්.
’’කවර පසක්ද යත්?

  • මහණෙනි,  සිල්වත්වුවහු  මහත්වූ භෝග  සම්පත් ලබයි.  මහණෙනි, සිල්වත්හුගේ සීල සම්පත්තියෙහි මේ පළමුවන ආනිශංසය වේ.
  • මහණෙනි, සිල්වත්හුගේ යහපත්වූ ගුණ නිසා ඔහු ගැන ගුණ   ඝෝෂාවක් පැතිර යයි, මහණෙනි, සිල්වත්හුගේ සීල සම්පත්තියෙහි මේ දෙවන ආනිශංසය වේ.
  • මහණෙනි, ක්‍ෂත්‍රිය පිරිසක හෝ බ්‍රාහ්මණ පිරිසක හෝ ගාහපති පිරිසක හෝ ශ්‍රමණ පිරිසක හෝ වෙනත්  යම් යම්ම පිරිසක එකතුව ඉන්නා තැනකට සිල්වතා පැමිණේද, ඔහු ඉතා නිර්භයව නොපැකිලව පැමිණෙයි. මහණෙනි,  සිල්වත්හුගේ සීල සම්පත්තියෙහි මේ තුන්වෙනි ආනිශංසය වේ.
  • මහණෙනි, සීලයෙන් යුක්තවූ සිල්වත් තෙමේ සිහි  මුළාවෙන්නො තොරව, මනා සිහියෙන් කළුරිය කරයි. මහණෙනි, සිල්වත්හුගේ සීල සම්පත්තියෙහි මේ සතරවන ආනිශංසය වේ.
  • මහණෙනි,  සීලයෙන් යුක්තවූ සිල්වත්හු  ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගති නම් දිව්‍ය ලෝකයෙහි උපදී. මහණෙනි, සිල්වත්හුගේ සීල සම්පත්තියෙහි මේ පස්වන ආනිශංසය වේ.

’’මහණෙනි, සිල්වත්හුගේ සීල සම්පත්තියෙහි මේ අනුසස් පසක් වෙත්.

Devider 1

§ AN 05-22- 04.
බහු භාණ්‍යාදීනව සූත්‍රය
කෙළතොළු වීමේ ආදීනව 

§’’මහණෙනි, බොහෝකොට කථාකරන්නාවූ කෙළතොළු දොඩමලු  පුද්ගලයා  මෙසේ බොහෝ කොට පමණ ඉක්මවා කතා කිරීම නිසාම මේ විපත්ති  පසක් ලබත්.
’’කවර පසක්ද යත්?

  • බොරු කියයි.
  • කේලාම් කියයි.
  • ඵරුෂ වචන කියයි.
  • හිස් වචන (කිසිවෙකුට යහ ඵලයක් නොමැති වචන )   කියයි.
  • ශරීරය බිඳීමෙන් මරණින් මතු සැප නැති, දුකම පිහිටියා වූ, නපුරු සේ පතිත වන්නාවූ නරකයෙහි උපදියි. යන පසයි.

’’මහණෙනි, බොහෝකොට පමණ ඉක්මවා  කථාකරන්නාවූ පුද්ගලයා  මේ දෝෂ පස ලබන්නේ  වෙත්.

’’මහණෙනි, පමණ දැන කථා කරණ පුද්ගලයා කෙරෙහි මේ අනුසස් පසක් වෙත්.
’’කවර පසක්ද යත්,

  • බොරු නොකියයි.
  • කේලාම් නොකියයි.
  • ඵරුෂ වචන නොකියයි.
  • හිස් වචන නොකියයි.
  • ශරීරය බිඳීමෙන් මරණින් මතු සුගති නම් දිව්‍ය ලෝකයෙහි උපදියි. යන පසයි.

’’මහණෙනි, පමණ දැන කථා කරණ පුද්ගලයා කෙරෙහි මේ අනුසස් පසක් වෙත්.

Devider 1

§ AN 05-22- 05.
පඨම අක්ඛන්තාදීනව සූත්‍රය
ඉවසන්නට අසමත් වීම 

’’මහණෙනි, ඉවසීමෙහි අසමත් වූවහු  මේ ආදීනව  පස ලබන්නෝ වෙත්.
’’කවර පසක්ද යත්.

  • බොහෝ දෙනාට අප්‍රියවූ, මනාප නොවූවෙක් වේ.
  • බොහෝ සතුරන් ඇති කර ගනී. [ වේර බහුතෝ ; මිනිස් සතුරන් මෙන්ම ක්ලේශ සතුරන්ද ලෙස (පුග්ගල වෙරනපි අකුසල වෙරානපි බහු වෙරෝ.)]
  • නිතර සිත අකමැත්තෙන්, තරහෙන් වෛරයෙන් දුෂිත වූ  ඇත්තේද වේ.
  • සිහි  මුළාවීම කළුරිය කරයි.
  • ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැති, දුකට පිහිටවූ, නපුරු සේ පතිත වන්නාවූ නරකයෙහි උපදියි. යන පසයි.

’’මහණෙනි,  ඉවසීමෙහි අසමත් හුට   මේ දෝෂ පස වෙත්.

’’මහණෙනි, ඉවසීමෙහි මේ අනුසස් පසක් වෙත්.
’’කවර පසක්ද යත්.

  • බොහෝ දෙනාට ප්‍රියවූවෙක්, ජනප්‍රිය කෙනෙක්ම  වේ,
  • සතුරන් තරහකාරයන්අඩු කෙනෙක් වේ.
  • තමා තුල වැරදි අඩු  ඇත්තෙක් වේ.
  • සිහි  මුළා නොවී  කළුරිය කරයි.
  • ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගති නම් දිව්‍ය ලෝකයෙහි උපදියි. යන පසයි.

’’මහණෙනි, ඉවසීමෙහි මේ අනුසස් පසක් වෙත්.

Devider 1

§ AN 05-22- 06.
දුතිය අක්ඛන්තාදීනව සූත්‍රය

§’’මහණෙනි, නොඉවසීමෙහි මේ දෝෂ පස වෙත්.
’’කවර පසක්ද යත්.

  • බොහෝ දෙනාට අප්‍රියවූවෙක්, මනාප නැති  වූවෙක් වේ.
  • රෞද්‍ර වූ ස්වභාව ඇත්තෙක් වේ .
  • පසුතැවිලි හා විපිලිසර ස්වභාව  ඇත්තෙක්ද වේ.
  • සිහි  මුළා වී  කළුරිය කරයි.
  • ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැති, දුකට පිහිටවූ, නපුරු සේ පතිත වන්නාවූ නරකයෙහි උපදියි. යන පසයි.

’’මහණෙනි, නොඉවසීමෙහි මේ දෝෂ පසක් වෙත්.

’’මහණෙනි, ඉවසීමෙහි මේ අනුසස් පසක් වෙත්.
’’කවර පසක්ද යත්.

  • බොහෝ දෙනාට ප්‍රියවූවෙක්, ජනප්‍රිය වූ මන වඩන්නෙක් වේ,
  • රෞද්‍ර නොවූවෙක් දැකුම්කලු පෙනුම්වු යෙක්  වේ.
  • විපිළිසර හා පසුතවීම්  නැත්තෙක්ද වේ.
  • මුළා නොවීම  කළුරිය කරයි.
  • ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගති නම් දිව්‍ය ලෝකයෙහි උපදියි. යන පසයි.

’’මහණෙනි, ඉවසීමෙහි මේ අනුසස් පසක් වෙත්.

Devider 1

§ AN 05-22- 07. පඨම අපාසාදික සූත්‍රය
ආත්ම විස්වාසය (Self Confidence)

’’මහණෙනි, ආත්ම විස්වාසයක් නැතිව සිටින්නාට  එනිසාම ආදීනව  පසක් වෙත්. ’’
කවර පසක්ද යත්.

  • තෙමේද තමාට දොස් කියා ගනී. .
  • නුවණැත්තෝ නින්‍දා පරිභව  කරත්.
  • අපකීර්තිය පැතිරෙයි .
  • සිහි  මුළාව  කළුරිය කරයි.
  • ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැති, දුකට පිහිටවූ, නපුරුසේ පතිත වන්නාවූ නරකයෙහි උපදියි”. යන පසයි.

’’මහණෙනි, ආත්ම විස්වාසයක් නැතිව සිටින්නා හට  මේ ආදීනව  පස වෙත්.

’’මහණෙනි, ආත්ම විස්වාසයක් ඇතිව සිටින්නා  මේ අනුසස් පස වෙත්.
’’කවර පසක්ද යත්.

  • තෙමේ තමාට දොස් නොකියයි.
  • දැන නුවණැත්තෝ ප්‍රසංශා කරත්.
  • යහපත්වූ ගුණ කීර්ති  ඝෝෂාව පැතිරේ..
  •  සිහි මුළා නොවී  කළුරිය කරයි.
  • ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගති නම් දිව්‍ය ලෝකයෙහි උපදියි. යන පසයි.

’’මහණෙනි, ආත්ම විස්වාසයක් ඇතිව සිටින්නාට  මේ අනුසස් පස වෙත්.

Devider 1

§ AN 05-22- 08. දුතිය අපාසාදික සූත්‍රය

§’’මහණෙනි, ආත්ම විස්වාසයක් නැතිව සිටින්නාහට  මේ ආදීනව පස වෙත්.
’’කවර පසක්ද යත්.

  • ආත්ම විස්වාසයක් ඇති කරගන්නට අසමත්ව වේ. .
  • ආත්ම විස්වාසයක් ඇතිව සිටින්නවුන් ඔහු සිත වෙනස්  කරත්.
  • ශාස්තෘන්ගේ ඉගැන්වීම පිළිපදින්නට මැලි වෙයි. 
  • ඔහුගේ ශිෂ්‍යයෝ ඔහු පිලි නොගනිති.
  • ඔහුගේ මනස තැන්පත් ස්ථාවර නොවේ. .

යන පසයි.
’’මහණෙනි, ප්‍රසාද නොඑලවීමෙහි මේ දෝෂ පසක් වෙත්.

’’මහණෙනි, ආත්ම විස්වාසයක් ඇතිව සිටින්නාහට මේ අනුසස් පසක් වෙත්.
’’කවර පසක්ද යත්.

  • තෙමේ  තමාගේ ආත්ම විශ්වාසය තව තවත් වඩා ගනී.  
  • දැන නුවණැත්තෝ ඔහු කෙරෙහි වඩාත් විශ්වාසය ඇති කර ගනී. 
  • ශාස්තෘන්ගේ ඉගැන්වීම පිළිපදින්නට ඉතා කැමති වෙයි. 
  • ඔහුගේ ශිෂ්‍යයෝ ඔහුගේ ඉගැන්වීම තරයේ  පිලි ගනිති.
  • ඔහුගේ මනස තැන්පත් ස්ථාවර වේ (පසිදති)
  • යි. යන පසයි.

’’මහණෙනි, ආත්ම විශ්වාසයක් ඇතිව කටයුතු කිරීමේ  මේ අනුසස් පස වෙත්.

Devider 1

§ AN 05-22- 09. අග්ග්‍යාදීනව සූත්‍රය

’’මහණෙනි, ගින්නෙහි මේ දෝෂ පසක් වෙත්.
’’කවර පසක්ද යත්?

  • ඇස්වලට ගින්න හිත නොවේ.
  • ශරීර වර්ණය දුර්‍වර්‍ණ කරන්නේ වේ.
  • ශරීර ශක්තිය දුර්‍වල කරන්නේ වේ.
  • ගණසඞ්ගනිකාව (අන්‍යයන් හා එක්ව විසීම) වඩන්නේ වෙයි.
    [හුදෙකලාව බ්‍රහ්මචරියාවේ යෙදෙන ශ්‍රමණයනට යෝග්‍ය පිළිවෙත බවත් ගණසඞ්ගනිකාව අත් හල යුතු බවත් නොයෙක් තැන කියවේ.]
  • වැඩකට නැති කතා බස් කිරීමට උදව් වේ.  . යන පසයි.


’’මහණෙනි, ගින්නෙහි මේ දෝෂ පසක් වෙත්.

Devider 1

§ AN 05-22- 10.  මධුරාදීනව සූත්‍රය

§’’මහණෙනි, මධුරා නම් නුවර  මේ දෝෂ පස වෙත්.
[මධුරා නුවර සුරසේන ප්‍රාන්තයේ අග නුවර වේ. එය යමුනා ගඟ බද පිහිටියේය. 
භාග්‍යවතුන් වහන්සේ ගේ පරිනිර්වාණයෙන් පසු සර්වාස්ති වාදී භික්ෂු නිකායේ භික්ෂුන්ගේ මුලස්තානයක් වුයේ මධුරා නුවරය. මේ සුත්‍රය භාග්‍යවතුන් වහන්සේ කල දේශනාවක් ලෙස පිටකයෙහි දැක වෙතත් මහා පරිනිර්වාණයෙන් පසු මේ  සුත්‍රය විභජ්ජවාදී භික්ෂුන් විසින් සාස්රුත වාදීන්ට කරන කෙනෙහිල්ලක් ලෙස මධුරා නුවර ට ගර්හා කොට කරන ලද්දක් ලෙස අප පිළිගනිමු.]

’’කවර පසක්ද යත්?

  • එනුවර භුමිය විෂම වේ. (කඳු පල්ලම් බොහෝය.)
  • බොහෝ සේ ධුවිලි  ඇත්තී වේ.
  • චණ්ඩ සුනඛයන් බහුලය .
  • අමනුෂ්‍ය උවදුරු ගහනය. 
  • පිණ්ඩපාතය ලබා ගැනීම දුෂ්කරය 
  •  යන පසයි.’’
    ’’මහණෙනි, මධුරා නම් නුවර මේ දෝෂ පස වෙත්,

English Version

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.