AN 04-26- අභිඤ්ඤා වර්‍ගය

Karunagama -21

AN 04-26-01. අභිඤ්ඤා පරිඤ්ඤෙය්‍ය සූත්‍රය

’මහණෙනි, මේ ධර්‍ම සතරක් වෙත්. කවර සතරක්ද යත්.

  1. මහණෙනි, විශිෂ්ට ඥාණයෙන් පිරිසිඳ දතයුතු ධර්‍මයෝ ඇත්තාහ.
  2. මහණෙනි, විශිෂ්ට ඥාණයෙන් දැන   අත්හල  යුතු, ප්‍රහීන කටයුතු ධර්‍මයෝ ඇත.
  3. මහණෙනි, විශිෂ්ට ඥාණයෙන් දැන වැඩිය යුතු දියුණුකළ යුතු  ධර්‍මයෝ ඇත්තාහ.
  4. මහණෙනි, විශිෂ්ට ඥාණයෙන් ප්‍රත්‍යක්‍ෂයෙන් අවබෝධ කලයුතු ධර්‍මයෝ ඇත්තාහ.

(§1)’’ මහණෙනි,
විශිෂ්ට ඥාණයෙන් දැන, පිරිසිඳ දතයුතු ධර්‍මයෝ කවරේද?
පඤ්ච උපාදානස්කන්‍ධයෝය.
මහණෙනි, මේ ධර්මයෝ විශිෂ්ට ඥාණයෙන් දැන පිරිසිඳ දතයුතු යයි කියත්.

’§2’ මහණෙනි, විශිෂ්ට ඥාණයෙන් දැන ප්‍රහීන කටයුතු ධර්ම කවරේද?
අවිද්‍යාවද, භව තෘෂ්ණාවද යන දෙකයි.
මහණෙනි, මේ ධර්මයෝ විශිෂ්ට ඥාණයෙන් ප්‍රහීන කටයුතුය.

§3.’’මහණෙනි, කවර ධර්මයක් විශිෂ්ට ඥාණයෙන් වැඩිය යුතුද?
සමථයද, විදර්‍ශනාවද යන දෙකයි.
මහණෙනි, මේ ධර්මයෝ විශිෂ්ට ඥාණයෙන් වැඩිය යුත්තාහ.

§ 4. ’’මහණෙනි, කවර ධර්මයක් විශිෂ්ට ඥාණයෙන් ප්‍රත්‍යක්‍ෂ කටයුතුද?
(අවිද්‍යාව නැති කොට ලබන්නාවූ) විද්‍යාවද, (සසර බැම්මෙන් මිදී ලබන )  විමුක්තියද යන මේ ධර්මයෝ විශිෂ්ට ඥාණයෙන් ප්‍රත්‍යක්‍ෂ කටයුතුයයි කියනු ලැබේ.

මහණෙනි, මේ සතර ධර්‍මයෝයි.’’

DIVIDER SL Elephant

AN 04-26-02. අරිය පරියෙසන සූත්‍රය

’මහණෙනි, මේ අනාර්‍ය්‍ය සෙවීම් සතරක් වෙත්.
කවර සතරක්ද යත්, මහණෙනි,

  1. මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් තමා ජරාව (දිරීමට පත් වීම, මහලුවීම)  ස්වභාවකොට ඇත්තේම ජරා ස්වභාවයම ඇති දේ ඇත්ත වුන්  සොයයි.
  2. තමා ව්‍යාධි (ලෙඩ වීම)  ස්වභාව කොට ඇත්තේ වුවද , ව්‍යාධි ස්වභාවයම ඇතිදේ ඇත්තවුන්  සොයයි.
  3. තමා මරණය ස්වභාවකොට, මරණ ස්වභාවය ඇත්තවුන් විනාශවන දේම සොයයි.
  4. තමන් කෙලෙසින්  කිලුටුවූයේම, කිලුටුම සොයයි.

මහණෙනි, මේ සතර අනාර්‍ය්‍ය පය්‍රේ‍යසනයෝයි.

’’මහණෙනි, මේ ආර්‍ය්‍ය පය්‍රේ‍යසනයෝ සතරක් වෙත්.
කවර සතරක්ද යත්,

§1. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් තමා ජරා ස්වභාව ඇත්තේ ම, ජරා ස්වභාවයෙහි ආදීනව දැන, ජරා නැති, නිරුත්තර, යොගක්‍ෂෙමවූ නිවණ සොයයි.

§2.තමා ව්‍යාධි ස්වභාව ඇත්තේම, ව්‍යාධි ස්වභාවයෙහි ආදීනව දැන, ව්‍යාධි නැති, නිරුත්තර, යොගක්‍ෂෙමවූ නිවණ සොයයි.

§3. තමන් මරණ ස්වභාව ඇත්තේම, මරණ ස්වභාවයෙහි ආදීනව දැන, අමෘතවූ, නිරුත්තරවූ, යොගක්‍ෂෙමවූ නිර්‍වාණය සොයයි.

§4 . තමා කිලුටුවූයේම කිළුටු ධර්මයෙහි ආදීනව දැන, කිලිටිනොවූ, නිරුත්තර යොගක්‍ෂෙමය කැමති වෙයි. මහණෙනි, මේ සතර ආර්‍ය්‍ය  පර්යේසනයෝය.’’

DIVIDER SL Elephant

AN 04-26-03. සඞ්ගහවන්‍ථු සූත්‍රය



’’මහණෙනි,  සංග්‍රහ වස්තු සතරක් වෙත්.
කවර සතරක්ද යත්,

  1. දීම නොහොත් දානය ,
  2. ප්‍රිය වචනය,
  3. යහපතට් යෙදෙවෙන  වැඩෙහි යෙදීම,
  4. සමානාත්මතාව යන සතරයි.
    මහණෙනි, මේ සතර සංග්‍රහ වස්තූහුය.’’

DIVIDER SL Elephant

AN 04-26-04. මාලුඞ්ක්‍ය පුත්ත සූත්‍රය


§ 1. ’’ඉක්බිති ආයුෂ්මත් මාලුඞ්ක්‍ය පුත්‍ර භික්ශුව  භාග්‍යවතුන් වහන්සේ wetha  පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක  සිට   භාග්‍යවතුන් වහන්සේට, මෙසේ කීය.

’’බොහෝ ජනයාගෙන් වෙන්ව,  අප්‍රමාදයෙන්, වීර්යයෙන් කෙලෙස් සිඳ නිර්වාන ගාමි වෙන්නට සුදුසු වුද ඒ සඳහා ප්‍රයෝජනවත් වුද යම් ධර්‍මයක්,  භාග්‍යවතුන් වහන්සේගේ  මට දේශනා කරන්නේ නම්  යහපති.  මට භාග්‍යවතුන් වහන්සේ සංක්‍ෂෙපයෙන් එවන්  ධර්මයක්  දේශනා කෙරේවා! ’’

’’මාලුඞ්ක්‍ය පුත්‍රය,  ශරීරය දිරූ, වයසින්  වෘද්‍ධවූ, මහළුවූ ඔබ, තථාගතයන් වහන්සේගෙන් සංක්‍ෂෙපයෙන් කෙටි වූ ධර්මයක් ඉල්ලා සිටින්නේ නම්,  තරුණ යෞවන වියේ ඉන්නා  භික්ෂුන් ට කෙබඳු ධර්මයක් ඔවුන් උදෙසා දේශනා කරමුද?’’

’’ස්වාමීනි, මට භාග්‍යවතුන් වහන්සේ සංක්‍ෂෙපයෙන් කෙටියෙන්  වදාරත්වා. සුගතයන් වහන්සේ මට සංක්‍ෂෙපයෙන් බණ වදාරත්වා. මම භාග්‍යවතුන් වහන්සේ එසේ කෙටියෙන් කරන්නාවූ  භාෂිතයාගේ අර්ථය වටහා ගන්නට සමර්ථ වන්නමෝ වෙමු.  එසේ වටගා ගෙන ධර්මට දායාද කොට ගන්නට සමත් වෙන්නමෝ වෙමු, එසේ වූ ධර්මයක් භාග්‍යවතුන් වහන්සේ මට අනුකම්පා කොට දේශනා කරන සේක් වා” 

’’ මාලුඞ්ක්‍ය පුත්‍රය,  භික්‍ෂුවට තෘෂ්ණාව ඇල්ම උපදින්නාහු, කාරනා සතරක් වෙති.  කවර සතරක්ද යත්.

  • ’’මාලුඞ්ක්‍ය පුත්‍රය, සිවුරු පිරිකර නිසා  භික්‍ෂුවට තෘෂ්ණාව උපදින්නේ වෙයි.
  • මාලුඞ්ක්‍ය පුත්‍රය, පිණ්ඩපාතය නිසා  භික්‍ෂුවට තෘෂ්ණාව උපදින්නේ උපදී.
  • ආරණ්‍ය සෙනසුන් නිසා භික්‍ෂුවට තෘෂ්ණාව උපදින්නේ වෙයි. 
  • මේ ගෙවන්නාවූ  භවය (ජීවිතය) ගැන හෝ ඉන්  පසුව පතන්නාවූ භවයක් පිළිබඳව  හෝ මාලුඞ්ක්‍ය පුත්‍රය, භික්‍ෂුවට තෘෂ්ණාව උපදින්නේ වෙයි.

මාලුඞ්ක්‍ය පුත්‍රය,  භ්ක්ෂුවකට තෘෂ්ණාව ඇතිවන්නට මුල් වන කාරනා සතරක් එසේ වෙයි. 

’’මාලුඞ්ක්‍ය පුත්‍රය, යම් හෙයකින් භික්‍ෂුහට තෘෂ්ණාව ප්‍රහීණවූයේ වේද, සිඳින ලද මුල් ඇත්තේ වේ, මුල් හෝ කරටිය සිඳි තල් ගසක් මෙන් කරණ ලද්දාහු වෙයි., අභාවයට යවන ලද්දාහු වෙයි., මත්තෙහි නූපදින තත්ත්‍වයට පමුණුවන ලද්දාහුද, මාලුඞ්ක්‍ය පුත්‍රය, මේ භික්ෂුව තෘෂ්ණාව සින්දේ වෙයි. සංයෝජනය පෙරලා දැම්මේ වෙයි.. මනාකොට ප්‍රහානාභිසමයෙන් දුක් කෙළවර කළේයයි කියනු ලැබේ.

’’ඉක්බිති, ආයුෂ්මත් මාලුඞ්ක්‍ය පුත්‍ර භික්ෂුව, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ අවවාදයෙන් අවවාද කරණ ලද්දේ, හුනස්නෙන් නැගිට, භාග්‍යවතුන් වහන්සේ වැඳ, පැදකුණු කොට ආපසු පිටත්ව ගියේය.

’’ඉක්බිති, ආයුෂ්මත් මාලුඞ්ක්‍ය පුත්‍ර භික්ෂුන් වහන්සේ, හුදකලාවූයේ, අන් ජනයාගෙන්  වෙන්වූයේ, අප්‍රමත්තවූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, කාය ජීවිත නිරපෙක්‍ෂව වාසය කරන්නේ, නොබෝ කලකින්ම කුලපුත්‍රයෝ යමක් සඳහා  ගිහිගෙන් නික්ම අනගාරික සංඛ්‍යාත ශාසනයෙහි පැවිදිවෙත්ද, බ්‍රහ්මචර්‍ය්‍යය අවසන්කොට ඇති නිරුත්තර ඒ අර්‍හත්වය තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කරයි.

’’උත්පත්තිය ක්‍ෂයවිය. බඹසර වැස නිමවන ලදී. කටයුතු කරණ ලදී. මින් මතු අන් යමක් නැතැයි දැනගත්තේය. ආයුෂ්මත් මාලුඞ්ක්‍ය පුත්‍ර තෙම එසේ  රහතන් වහන්සේලාගෙන් කෙනෙක් වූයේය.’’

DIVIDER SL Elephant

AN 04-26-05. මහා කුල සූත්‍රය


’’මහණෙනි, යම්කිසි කුල putra  භොගයන්ගෙන් මහත්‍වයට පැමිණියාහු බොහෝ කල් නොසිටින්නාහු වෙත්ද, ඒ සියල්ල කරුණු සතරකින් හෝ මොවුන්ගෙන් හෝ එක්තරා එකකින් වේ.
’’කවර සතරකින්ද යත්,

  1. නැතිවූදේ නොසොයත්ද,
  2. දිරූයේ ප්‍රතිසංස්කරණය නොකරත්ද,
  3. ප්‍රමාණ රහිත ආහාර පාන ඇත්තේද,
  4. දුශ්ශීලවූ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අධිපතිභාවයෙහි තබත්ද,

මහණෙනි, යම් ඒ කුලයෝ භොග යන්හි මහත්‍වයට පැමිණියාහුද, එය බොහෝ කල් නොපවතිත්ද, ඒ සියල්ල මේ සතර කාරණයෙන් හෝ මොවුන්ගෙන් එක් කරුණකින් හෝ වේ.

’’මහණෙනි, යම් ඒ කුලයෝ භොගයන්ගෙන් මහත්‍වයට ගියාහුද, බොහෝ කල් පවතිත්ද, ඒ සියල්ල කරුණු සතරකින් හෝ මොවුන්ගෙන් එක් කරුණකින් වේ.

’’කවර සතරකින්ද යත්, නටුවාවූ වස්තුව සොයයිද, දිරූ දෙය ප්‍රතිසංස්කරණය කරයිද, ප්‍රමාණවත් ආහාර භෝජන ඇත්තේද, සිල්වත් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් අධිපති බැව්හි තබයිද, මහණෙනි, යම් ඒ කුලයක් භොගයන්හි මහත්‍වයට පැමිණියාහුද, බොහෝ කල් පවතිත්ද, ඒ සියල්ල මේ සතරින් හෝ මොවුන්ගෙන් එක්තරා කරුණකින් හෝ වෙත්.’

DIVIDER SL Elephant

AN 04-26-06.පඨම ආජඤ්ඤොපම සූත්‍රය’

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ රජුගේ යහපත් අජානෙය අශ්ව තෙම රජුට සුදුසු වේ. රාජ වස්තුව වේ. රජුගේ අවයවය යන සංඛ්‍යාවට යේ.
’’කවර සතරකින්ද යත්,

  • මහණෙනි, මේ ලෝකයෙහි රජුගේ යහපත් අජානෙය අශ්වයෙක් වර්‍ණයෙන් යුක්තවේද, ශක්තියෙන් යුක්තවේද, වේගයෙන් යුක්ත වේද. උසට සුදුසු මහතින්, මහතට සුදුසු උසින් යුක්තවූයේ වේද, මහණෙනි, මේ සතර කරුණින් යුක්තවු,  යහපත් අජානෙය අශ්වයා රජුට සුදුසු වේ. රාජ භොගය වේ. රජුගේ කොටසකැයි යන සංඛ්‍යාවට යයි.
  • ’’මහණෙනි, එසේම කරුණු සතරකින් යුක්ත භික්ෂුව පූජාවට යෝග්‍යවේ. පඬුරු යවා පූජාවට යෝග්‍ය වේ. දන්දීමට යෝග්‍ය වේ. දෙඅත් නළල මත තබා වැඳීමට යෝග්‍ය වේ. ලෝකයාගේ උතුම් පින් කෙතය.

’’කවර සතරකින්ද යත්,

  • මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව වර්‍ණයෙන් යුක්තවේද, ශක්තියෙන් යුක්තවේද, වේගයෙන් යුක්තවේද, උසට සුදුසු මහතින්, මහතට සුදුසු උසින් යුක්තවේද,

(අ).’’මහණෙනි, කෙසේ මහණ තෙම වර්‍ණයෙන් යුක්ත වේද?
මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව 

  • සිල්වත් වේද,
  • ප්‍රාතිමොක්‍ෂ සංවරයෙන් සංවරවූයේ වේද,
  • ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තවූයේ වේද,
  • සුලු වරදෙහිද භය දක්නා සුළු වේද,
  • ශික්‍ෂාපද දැඩිකොට ගෙන හික්මේද,

මහණෙනි, භික්‍ෂුව මෙසේ සීල සම්පන්නයෙක් වේ. ශික්‍ෂාපදයන් මනාකොට ගෙන හික්මෙයි. මහණෙනි, මෙසේ වූ භික්ෂුව වර්‍ණයෙන් යුක්තවූයේ වේ.

(ආ ). . ’’මහණෙනි, කෙසේ භික්ෂුවක්   ශක්තියෙන් යුක්තවේද?
මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව

  • පටන්ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තේ වේද,
  • අකුශල ධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස,
    කුශල ධර්‍මයන්ගේ ඉපදවීම පිණිස,
    කුශල ධර්‍මයන් වැඩීමෙහි වීර්යය ඇත්තේ ද,  
  • විමුක්ති මාර්ගය අනුගමනයෙහි  අත්  නොහරින වීරය ය  ඇත්තේ වේද,

මහණෙනි, මෙසේ  වූ  භික්ෂුව ශක්තියෙන් යුක්ත වේ.

(ඇ) . ’’මහණෙනි,  භික්ෂුවක්   වේගයෙන්  යුක්තවේද ?
මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව,

  • මේ දුකයයි තත්වූ පරිද්දෙන් දනීද,
  • මේ දුකට හේතුවයයි තත්වූ පරිද්දෙන් දනීද,
  • මේ දුක් නැතිකිරීමයයි තත්වූ පරිද්දෙන් දනීද,
  • මේ දුක් නැතිකිරීමට යන ප්‍රතිපදාවයයි තත්වූ පරිද්දෙන් දනීද, මහණෙනි,

මෙසේ වූ භික්ෂුව වේගයෙන්  යුක්ත වේ. ,

(ඈ) . ’’මහණෙනි, කෙසේනම්  භික්ෂුව  උසට සුදුසු මහතින්, මහතට සුදුසු උසින් යුක්තවූයේ වේද? 

මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව සිවුරු, පිඬු, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකර ලබන්නේ වේද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම ආරොහපරිනාහයෙන් යුක්ත වේ.

’’මහණෙනි, එසේම කරුණු සතරකින් යුක්ත භික්ෂුව පූජාවට යෝග්‍යවේ. පඬුරු යවා පූජාවට යෝග්‍ය වේ. දන්දීමට යෝග්‍ය වේ. දෙඅත් නළල මත තබා වැඳීමට යෝග්‍ය වේ. ලෝකයාගේ උතුම් පින් කෙතය..

DIVIDER SL Elephant

AN 04-26-07. දුතිය ආජඤ්ඤොපම සූත්‍රය


’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ රජුගේ යහපත් අජානෙය අශ්ව තෙම රජුට සුදුසු වේ. රාජකීය  වස්තුව වේ. රජුගේ අවයවය යන සංඛ්‍යාවට යේ.
’කවර සතරකින්ද යත්,

  • මහණෙනි, මේ ලෝකයෙහි රජුගේ යහපත් අජානෙය අශ්වයෙක්
    (අ) වර්‍ණයෙන් යුක්තවේද,
    (ආ) ශක්තියෙන් යුක්තවේද,
    (ඇ) වේගයෙන් යුක්ත වේද.
    (ඈ) උසට සුදුසු මහතින්, මහතට සුදුසු උසින් යුක්තවූයේ වේද,
    මහණෙනි, මේ සතර කරුණින් යුක්තවු, රජහුගේ යහපත් අජානෙය අශ්වයා රජුට සුදුසුම වේ. රාජ භොගය වේ. රජුගේ කොටසකැයි යන සංඛ්‍යාවට යයි.
  • ’’මහණෙනි, එසේම එවැනිම  කරුණු සතරකින් යුක්ත භික්ෂුව පූජාවට යෝග්‍යවේ. පඬුරු යවා පූජාවට යෝග්‍ය වේ. දන්දීමට යෝග්‍ය වේ. දෙඅත් නළල මත තබා වැඳීමට යෝග්‍ය වේ. ලෝකයාගේ උතුම් පින් කෙතය.

(අ).’’මහණෙනි, කෙසේ භික්ෂුවක්   වර්‍ණයෙන් යුක්ත වේද?
මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව 

  • සිල්වත් වේද,
  • ප්‍රාතිමොක්‍ෂ සංවරයෙන් සංවරවූයේ වේද,
  • ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තවූයේ වේද,
  • සුලු වරදෙහිද භය දක්නා සුළු වේද,
  • ශික්‍ෂාපද දැඩිකොට ගෙන හික්මේද,

මහණෙනි, භික්‍ෂුව මෙසේ සීල සම්පන්නයෙක් වේ. ශික්‍ෂාපදයන් මනාකොට ගෙන හික්මෙයි. මහණෙනි, මෙසේ වූ භික්ෂුව වර්‍ණයෙන් යුක්තවූයේ වේ

(ආ) ’මහණෙනි, කෙසේ මහණතෙම ශක්තියෙන් යුක්තවේද?
මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව

  • පටන්ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තේ වේද,
  • අකුශල ධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස, කුශල ධර්‍මයන්ගේ ඉපදවීම පිණිස, කුශල ධර්‍මයන්හි ශක්තියෙන් යුක්තවූයේ වේද,
  • දැඩි වීර්‍ය්‍ය ඇත්තේ වේද,
  • බැහැර නොකරණ ලද වැඩ ඇත්තේ වේද, මහණෙනි, මෙසේ භික්ෂුව ශක්තියෙන් යුක්ත වේ.

දෙවෙනි ආජඤ්ඤොපම සූත්‍රය පළමුවන ආජඤ්ඤොපම සූත්‍රයෙ න් වෙනස් වන්නේ මේ  (ඇ) උපචේදයේ වෙනස් වීමෙන් පමණි 

(ඇ)  ’’මහණෙනි, කෙසේනම්  භික්ෂුව වේගයෙන් යුක්තවූයේ වේද?

මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව,
ක්ලේශ සමුච්චේදනයෙන්  ඉක්බිති තමාම මේ ජීවිතයේදීම විමුක්තිය සාක්ෂාත් කරගත් බව දැනගතේ වී නම් , මහණෙනි, මෙසේ වූ භික්ෂුව වේගයෙන්  යුක්ත වේ. ,

 ’’මහණෙනි, එසේවූ  භික්ෂුව  පූජාවට යෝග්‍යවේ. පඬුරු යවා පූජාවට යෝග්‍ය වේ. දන්දීමට යෝග්‍ය වේ. දෙඅත් නළල මත තබා වැඳීමට යෝග්‍ය වේ. ලෝකයාගේ උතුම් පින් කෙතය.

DIVIDER SL Elephant

AN 04-26-08. චතුම බල සූත්‍රය


’’මහණෙනි,  බල සතරක් වෙත්. කවර සතරක්ද යත්?
වීර්‍ය්‍ය,
ස්මෘති,
සමාධි,
ප්‍රඥා බල යන මේ සතරයි.

DIVIDER SL Elephant

AN 04-26-09. අරඤ්ඤක චිත්තක සූත්‍රය


’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ භික්ෂුව වනයෙහි වානප්‍රස්ත ප්‍රාන්ත සෙනසුන් ආශ්‍රය කරන්ට නුසුදුසුය. ’’

කවර සතරකින්ද යත්.

  • කාම විතර්‍කයෙන්ද,
    [පසිඳුරන් කැමති අරමුණු ඔබ්බේ යමින් ඒ අරමුණු ඔස්සේ සිතන්නේ නම් ]
  • ව්‍යාපාද විතර්‍කයෙන්ද,
    [ අසන්තෘප්ත සිත නිසා අසහනයෙන් වේනම් අසතුටින් වේ නම් ]  
  • විහිංසා විතර්‍කයෙන්ද,
    [ අනුනට හා තමනට නපුරක් සිතන්නේ නම් ] 
  • ජඩවූ, කෙළතොළුවූ මෝඩයෙක් වේද,
    ’’මහණෙනි,
    ඒ කරුණු සතරකින් යුක්තවූ භික්ෂුව  වනයෙහි වානප්‍රස්ත ප්‍රාන්ත සෙනසුන්වල වාසය කරන්නට   නුසුදුසුය.

’’මහණෙනි, කරුණු සතරකින් යුක්ත භික්ෂුව වනයෙහි වානප්‍රස්ත ප්‍රාන්ත සෙනසුන් සෙවනය කරන්ට සුදුසු වේ. ’’කවර සතරකින්ද යත්.

නෛශ්ක්‍රම්‍ය කල්පනාවෙන්ද,
අවිහිංසා කල්පනාවෙන්ද,
අව්‍යාපාද කල්පනාවෙන්ද,
නො ජඩ, කෙළතොළු නොවූයේද,
’’මහණෙනි, කරුණු සතරකින් යුක්ත මහණ තෙම වනයෙහි වානප්‍රස්ත ප්‍රාන්ත සෙනසුන් සෙවනය කරන්ට සුදුසු වේ.

DIVIDER SL Elephant

AN 04-26-10. සාවජ්ජ කම්ම සූත්‍රය


’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ අව්‍යක්ත, අසත්පුරුෂ, බාල තෙමේ, සාරා දමන ලද ගුණ ඇති, නසන ලද ගුණ ඇති, තමා පරිහරණය කරයි. වරද සහිතද වේ. නුවණැත්තන් විසින් උපවාද කරන්නේද වේ. බොහෝ අකුසල්ද රැස් කරයි.

’’කවර සතරකින්ද යත්.

  1. වරද සහිත කාය කර්මයෙන්ද,
  2. වරද සහිත වාක් කර්මයෙන්ද,
  3. වරද සහිත මනො කර්මයෙන්ද,
  4. වරද සහිත දෘෂ්ටියෙන්ද,

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ අව්‍යක්ත, අසත්පුරුෂ, බාල තෙමේ, සාරා දමන ලද ගුණ ඇති, නසන ලද ගුණ ඇති, තමා පරිහරණය කරයි. වරද සහිතද වේ. නුවණැත්තන් විසින් උපවාද කරන්නේද වේ. බොහෝ අකුසල්ද රැස් කරයි.

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ, ව්‍යක්ත, සත්පුරුෂ පණ්ඩිත තෙම සාරා නොදමන ලද ගුණ ඇති නොනසන ලද ගුණ ඇති, තමා පරිහරණය කරයි. වරද රහිතද වේ. නුවණැත්තන් විසින් උපවාද නොකරන්නේද වේ. බොහෝ කුසල්ද රැස් කරයි.
’’කවර සතරකින්ද යත්.

වරද රහිත කාය කර්‍මයෙන්ද, වරද රහිත වාක් කර්‍මයෙන්ද, වරද රහිත මනො කර්‍මයෙන්ද, වරද රහිත දෘෂ්ටියෙන්ද, යන මේ කරුණු සතරකින් යුක්තවූ, ව්‍යක්ත, සත්පුරුෂ පණ්ඩිත තෙම සාරා නොදමන ලද ගුණ ඇති නොනසන ලද ගුණ ඇති, තමා පරිහරණය කරයි. වරද රහිතද වේ. නුවණැත්තන් විසින් උපවාද නොකරන්නේද වේ. බොහෝ කුසල්ද රැස් කරයි.

english-version-icon

   

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.