SN 02-01-බුද්ධ වර්ගය –

Image result for පටිච්ච සමුප්පාදය

SN 02-01-01.
පටිච්ච සමුප්පාද සූත්‍රය
Arrow Devider1

§ 1.මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි, කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’ යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. “මහණෙනි, පටිච්ච සමුප්පාදය දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව් කියන්නෙමියි”
“එසේය ස්වාමීනියි, කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළ සේක.

§ 2. “මහණෙනි, පටිච්චසමුප්පාදය නම් කවරේද?

  • මහණෙනි, අවිද්‍යාව නිසා සංස්කාරයෝ ඇතිවෙයි ,
  • සංස්කාර නිසා විඤ්ඤාණයෝ ඇතිවෙයි ,
  • විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවෙයි ,
  • නාමරූප නිසා සළායතන ඇතිවෙයි ,
  • සළායතන නිසා ස්පර්ශය ඇතිවෙයි ,
  • ස්පර්ශය නිසා වේදනාව හෙවත් වීන්දනය (විඳීම)  ඇතිවෙයි ,
  • වේදනාව නිසා තණ්හාව ඇතිවෙයි ,
  • තණ්හාව නිසා උපාදානයද, (තදින් අල්ලා ගැනීම) ඇතිවෙයි ,
  • උපාදානය නිසා භවය සකස්ද වෙයි.,
  • භවය නිසා උප්පත්තිය ඇතිවෙයි ,
  • උප්පත්තිය නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝද ඇතිවෙත්.
  • මෙසේ මේ සියලු (එකම) දුක් ගොඩ ඇතිවීම වෙයි. මහණෙනි, මෙය පටිච්චසමුප්පාදයයි.

§ 3. මහණෙනි එපරිද්දෙන්ම 

  • අවිද්‍යාව මුළුමනින් නැතිවීමෙන්ම සංස්කාරයන්ගේ නැතිවීමද,
  • සංස්කාරයන්ගේ නැතිවීමෙන් විඤ්ඤාණයේ නැතිවීමද,
  • විඤ්ඤාණයාගේ නැතිවීමෙන් නාමරූපයන්ගේ නැතිවීමද,
  • නාමරූපයන්ගේ නැතිවීමෙන් සළායතනයන්ගේ නැතිවීමද,
  • සළායතනයන්ගේ නැතිවීමෙන් ස්පර්ශය නැතිවීමද,
  • ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවීමද,
  • වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවීමද,
  • තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවීමද,
  • උපාදානය නැතිවීමෙන් භවය නැතිවීමද,
  • භවය නැතිවීමෙන් ජාතිය (උප්පත්තිය) නැතිවීමද
  • ජාතිය (උප්පත්තිය) නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවීමද වෙත්. මෙසේ මේ සියලු (එකම) දුක් ගොඩ නැතිවීම වෙයි.

මෙය භාග්‍යවතුන්වහන්සේ වදාළසේක. සතුටු සිතැති ඒ භික්ෂූහු බුදුන්ගේ දේශනාවට සතුටුවූහ.

DIVIDER SL Elephant

SN 02-01-02. විභඩ්ග සූත්‍රය
Arrow Devider1

§ 1. මා විසින් මෙසේ අසනලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬුසිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි!”යි කියා භික්ෂූන් ඇමතූහ.
“ස්වාමීනි” කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
(එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

§ 2. “මහණෙනි පටිච්චසමුප්පාදය දෙශනා කරන්නෙමි. බෙදා දක්වන්නෙමි. එය මනාකොට අසව්. මෙනෙහි කරව්. කියන්නෙමියි’.
“එසේය ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ.

§ 3. භාග්‍යවතුන් වහන්සේ මෙය දෙශනාකළ සේක.
“මහණෙනි, පටිච්චසමුප්පාදය නම් කවරේද?

මහණෙනි, අවිද්‍යාව නිසා සංස්කාරයෝද,
සංස්කාර නිසා විඤ්ඤාණයද,
විඤ්ඤාණය නිසා නාමරූපද,
නාමරූප නිසා සළායතනද,
සළායතන නිසා ස්පර්ශයද,
ස්පර්ශය නිසා වේදනාවද,
වේදනාව නිසා තෘෂ්ණාවද,
තෘෂ්ණාව නිසා උපාදානයද,
උපාදානය නිසා භවයද,
භවය නිසා ජාතිය (උප්පත්තිය) ද,
ජාතිය නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයද ඇති වෙත්.
මෙසේ මේ සියලු (එකම) දුක් ගොඩ ඇතිවීම වෙයි.

§ 3 . “මහණෙනි, ජරාව  නම් කවරේද?
ඒ ඒ සත්ව නිකායයෙහිවූ ඒ ඒ සත්වයන්ගේ යම් ජරාවක්, දිරායාමක්, දත් වැටීමක්, කෙස් සුදුවීමක්, ඇඟ රැලිවැටීමක්, ආයුෂයාගේ ගෙවීයාමක්, ඉන්ද්‍රියයන්ගේ මේරීමක් වේද, මෙය ජරාවයයි කියනු ලැබේ

§ 4. මහණෙනි, මරණය නම් කවරක්ද?
ඒ ඒ සත්වනිකායෙන් ඒ ඒ සත්වයන්ගේ යම් චුතවීමක්, පහවීයාමක්, බිඳීමක්, අතුරුදන් වීමක්, මෘත්‍යුසංඛ්‍යාත මරණයක්, කාලක්‍රියාවක්, ස්කන්ධයන්ගේ බිඳීමක්, මෘත ශරීර අත්හැරදැමීමක් වේද, මෙය මරණයයි කියනු ලැබේ.

“මහණෙනි; මෙසේ ඒ දිරීමද, මේ මැරීමද ජරා මරණයයි කියනු ලැබේ.

§ 5. මහණෙනි; ජාතිය (ඉපදීම) නම් කවරේද?
ඒ ඒ සත්ව නිකායෙහි ඒ ඒ සත්වයන්ගේ යම් ඇතිවීමක්, හට ගැනීමක්, බැස ගැනීමක්, ඉපදීමක්, සත්වයන්ගේ ඇතිවීමක්, ස්කන්ධයන්ගේ පහළවීමක්, ආයතනයන්ගේ ලැබීමක් වේද මහණෙනි, මෙය ජාතියයි කියනු ලැබේ.

§ 6. “මහණෙනි, භවය නම් කවරේද? මහණෙනි, කාමභවය, රූපභවය සහ අරූප භවයයි මේ භවයෝ තිදෙනෙකි. මහණෙනි, මෙය භවයයි කියනු ලැබේ.

§ 7. “මහණෙනි; උපාදානය නම් කවරෙක්ද?
මහණෙනි,
කාමූපාදානය,
දිට්ඨුපාදානය,
සීලබ්බතූපාදානය සහ
අත්තවාදූපාදානයයි මේ උපාදානයෝ සිව්දෙනෙකි.
මහණෙනි, මෙය උපාදානයයි කියනු ලැබේ.

§8 . “මහණෙනි, තණ්හාව නම් කවරේද?
මහණෙනි,
රූප තණ්හාව,
සද්ද තණ්හාව,
ගන්ධ තණ්හාව,
රස තණ්හාව
ඵොට්ඨබ්බ (ස්පර්ශ) තණ්හාව සහ
ධර්ම තණ්හාවයයි
මේ තණ්හා සමූහයන් සය දෙනෙකි. මහණෙනි; මෙය තණ්හාව යයි කියනු ලැබේ.

§ 9 . “මහණෙනි; වේදනාව නොහොත් විඳීම  නම් කවරේද?
මහණෙනි;
චක්ඛුස්පර්ශයෙන් ඇතිවන වේදනාව,
ශ්‍රොතස්පර්ශයෙන් ඇතිවන වේදනාව,
ඝ්‍රාණස්පර්ශයෙන් ඇතිවන වේදනාව
ජීව්හාස්පර්ශයෙන් ඇතිවන වේදනාව,
කායස්පර්ශයෙන් ඇතිවන වේදනාව සහ
මනස්පර්ශයෙන් ඇතිවන වේදනාව යයි
මේ වේදනා සමූහයන් සයදෙනෙකි. මහණෙනි; මෙය වේදනාවයයි කියනු ලැබේ.

§10.  “මහණෙනි; ස්පර්ශය නම් කවරේද?
මහණෙනි; චක්ඛුස්පර්ශය, ශ්‍රොතස්පර්ශය, ඝ්‍රාණස්පර්ශය, ජිව්හාස්පර්ශය, කායස්පර්ශය සහ මනස්පර්ශයයි මේ ස්පර්ශ සමූහයෝ සදෙනෙකි. මහණෙනි, මෙය ස්පර්ශයයි කියනු ලැබේ.

§ 11 . “මහණෙනි; සළායතන නම් කවරේද?
චක්ඛායතනය, සොතායතනය, ඝානායතනය, ජිව්හායතනය, කායායතනය සහ මනායතනයයි. මහණෙනි; මෙය සළායතනයයි කියනු ලැබේ.

§ 12. “මහණෙනි; නාමය සහ රූපය නම් කවරක්ද?
වේදනාව, සංඥාව, චේතනාව, ස්පර්ශය සහ මනසිකාරය යන මෙය නාමය යි කියනු ලැබේ.

සතර මහා භූතයින් සහ සතර මහාභූත සමූහය නිසා පවත්නා රූපය යන මෙය රූපයයි කියනු ලැබේ.

මහණෙනි; මෙසේ ඒ නාමයද මේ රූපයද නාම රූපයයි කියනු ලැබේ.

§ 13. “මහණෙනි; විඤ්ඤාණය නම් කවරක්ද?
මහණෙනි; චක්ඛු විඤ්ඤාණය, සොතවිඤ්ඤාණය, ඝානවිඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය සහ මනො විඤ්ඤාණයයි මේ විඤ්ඤාණ සමූහයෝ සදෙනෙකි. මහණෙනි, මෙය විඤ්ඤාණ යයි කියනු ලැබේ.

§ 14. “මහණෙනි, සංඛාර නම් කවරීද?
මහණෙනි, කාය සංඛාරය, වචීසංඛාරය සහ චිත්තසංඛාර යයි මේ සංඛාර තිදෙනෙකි. මහණෙනි; මොවුහු සංඛාරයෝ යයි කියනු ලැබෙත්.

§ 15. “මහණෙනි; අවිජ්ජාව නම් කවරීද?
මහණෙනි,
යම් දුක නොදැනීම,
දුකට හෙතුව නොදැනීම,
දුක නැති කිරීම නොදැනීම,
දුක් නැති කිරීමේ මාර්ගය නොදැනීම ,
මහණෙනි; මෙය අවිජ්ජාව යයි කියනු ලැබේ.

§ 16. “මහණෙනි; මෙසේ අවිද්‍යාව නිසා සංස්කාරයෝද, සංස්කාරයන් නිසා විඤ්ඤාණයද, විඤ්ඤාණය නිසා නාම රූපද, නාම රූප නිසා සළායතනද, සළායතන නිසා ස්පර්ශයද, ස්පර්ශය නිසා වේදනාවද, වේදනාව නිසා තණ්හාවද, තණ්හාව නිසා උපාදානයද, උපාදනය නිසා භවයද, භවය නිසා ජාතිය (ඉපදීම) ද, ජාතිය (ඉපදීම) නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝද ඇති වෙත්. මෙසේ මේ සියලු (එකම) දුක් ගොඩ ඇතිවේ.

§17.

  • “අවිද්‍යාව මුළුමනින් නැතිවීමෙන් සංස්කාරයන්ගේ නැතිවීම වෙයි.
  • සංස්කාර නැතිවීමෙන් විඤ්ඤාණය නැති වෙයි.
  • විඤ්ඤාණය නැතිවීමෙන් නාම රූප නැති වෙයි.
  • නාම රූප නැතිවීමෙන් සළායතන නැති වෙයි.
  • සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි.
  • ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවෙයි.
  • වේදනාව නැතිවීමෙන් තණ්හාව නැති වෙයි.
  • තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි.
  • උපාදානය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවෙයි.
  • ජාතිය නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැති වෙත්.
    මෙසේ මේ සියලු (එකම) දුක් ගොඩ නැති වීම වේ.

DIVIDER SL Elephant

SN 02-01-03. ප්‍රතිපදා සූත්‍රය
Arrow Devider1

§1. මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවනලද ආරාමයෙහි වැඩවසන සේක. එහිදී දිනෙක භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

§ 2. ‘මහණෙනි, වැරදි පිළිවෙත හා හරි පිළිවෙත දේශනා කරන්නෙමි. එය අසව්, හොඳින් මෙනෙහි කරව්, කියන්නෙමි’යි (වදාළ සේක.)
“එසේය ස්වාමීනි,” කියා භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

§ 3 . “මහණෙනි, වැරදි පිළිවෙත නම් කවරේද?
මහණෙනි, අවිද්‍යාව නිසා සංස්කාරයෝද,
සංස්කාරයන් නිසා විඤ්ඤාණයද,
විඤ්ඤාණය නිසා නාමරූපද,
නාමරූප නිසා සළායතනද,
සළායතන නිසා ස්පර්ශයද,
ස්පර්ශය නිසා වේදනාවද,
වේදනාව නිසා තණ්හාවද,
තණ්හාව නිසා උපාදානයද,
උපාදානය නිසා භවයද,
භවය නිසා ජාතිය (ඉපදීම) ද,
ජාතිය නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක් දොම්නස් සහ උපායාසයෝ ඇතිවෙත්. මෙසේ මේ සියලු එකම දුක් ගොඩ ඇතිවේ.
මහණෙනි, මෙය වැරදි පිළිවෙත යයි කියනු ලැබේ.

§ 4. “මහණෙනි, හරි පිළිවෙත කවරීද?

  • අවිද්‍යාවම මුළුමනින් නැතිවීමෙන් සංස්කාරයෝ නැතිවෙත්.
  • සංස්කාර නැතිවීමෙන් විඤ්ඤාණය නැති වෙයි.
  • විඤ්ඤාණය නැතිවීමෙන් නාමරූප නැතිවෙයි.
  • නාමරූප නැතිවීමෙන් සළායතන නැතිවෙයි.
  • සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැති වෙයි.
  • ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවෙයි.
  • වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි.
  • තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි.
  • උපාදානය නැතිවීමෙන් භවය නැති වෙයි.
  • භවය නැතිවීමෙන් ජාතිය නැතිවෙයි.
  • ජාතිය නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සියලු (එකම) දුක් ගොඩ නැතිවේ.

මහණෙනි, මෙය හරි පිළිවෙත යයි කියනු ලැබේ.

DIVIDER SL Elephant

SN 02-01-04. විපස්සී සූත්‍රය
Arrow Devider1

§ 1. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
 
§ 2. “මහණෙනි, භාග්‍යවත්වූ, අර්හත්වූ, විපස්සී නම් සම්මා සම්බුදුන්ට බුදුවීමට පළමු බෝසත් කාලයෙහි මේ සිත පහළ විය.
‘මේ සත්වලෝකයා දුකට පැමිණියේ වෙයි. උපදී, ජරාවට පත්වෙයි, මැරෙයි, චුතවෙයි, පිළිසිඳ ගනියි, එතකුදු වුවත් ජරා මරණයෙන් යුත් මේ දුක නැති කිරීම නොදනී. කවර කලක ජරා මරණයෙන් යුත් මේ දුක නැතිකිරීම දකින්නේද?’ කියායි.
 
§ 2.1. ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට මේ අදහස පහළ විය.
“කුමක් ඇතිකල්හි ජරාව සහ මරණය ඇතිවේද, කුමක් නිසා ජරාව සහ මරණය ඇතිවේද?” කියායි. 
“මහණෙනි, ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට බුදුවීමට පළමු බෝසත් කාලයෙහි ඇති තතු මෙනෙහි කිරීමෙන් ඉපදීම ඇතිකල වනාහි ජරාව සහ මරණය ඇති වෙයි කියා (නුවණින්) අවබෝධ විය.
 
§ 2.2. “මහණෙනි, ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට මේ සිත පහළ විය.
‘කුමක් ඇති කල්හි ඉපදීම ඇති වේද, කුමක් නිසා ඉපදීම ඇතිවේද?’ කියායි.
මහණෙනි, ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන්,
භවය ඇතිකල්හි ඉපදීම ඇතිවේයයි (නුවණින්) අවබෝධ විය.
 
§ 2.3. “මහණෙනි, ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට මේ අදහස පහළ විය.
‘කුමක් ඇතිකල්හි  භවය ඇතිවේද, කුමක් නිසා භවය ඇතිවේද?’ කියායි.
මහණෙනි, ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන්
උපාදානය (තදින් ඇලීම) ඇති කල්හි  භවය ඇතිවෙයි, උපාදානය නිසා භවය ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
 
§2.4. “මහණෙනි, ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට මේ අදහස පහළ විය.
‘කුමක් ඇතිකල්හි වනාහි උපාදානය ඇතිවේද, කුමක් නිසා උපාදානය ඇතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් සහ නුවණින් මෙනෙහි කිරීමෙන්,
තණ්හාව ඇතිකල්හි වනාහි උපාදනය ඇතිවෙයි, තණ්හාව නිසා උපාදානය ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
 
§ 2.5.“මහණෙනි, ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට මේ අදහස පහළවිය,
‘කුමක් ඇති කල්හි වනාහි තණ්හාව ඇතිවේද කුමක් නිසා තණ්හාව ඇතිවේද?’ කියායි.
මහණෙනි, ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන්
වේදනාව ඇතිකල්හි වනාහි තණ්හාව ඇතිවෙයි,’ කියා (නුවණින්) අවබෝධ විය.
 
§ 2.6. මහණෙනි; ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට මේ අදහස පහළවිය.
‘කුමක් ඇති කල්හි වනාහි වේදනාව ඇතිවේද, කුමක් නිසා වේදනාව ඇතිවේද?’ කියායි.
මහණෙනි; ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන්
ස්පර්ශය ඇති කල්හි  වේදනාව ඇතිවෙයි. ස්පර්ශය නිසා වේදනාව ඇතිවෙයි,’ කියා (නුවණින්) අවබෝධ විය.
 
§ 2.7. “මහණෙනි, ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට මේ අදහස පහළවිය.
‘කුමක් ඇති කල්හි වනාහි ස්පර්ශය ඇතිවේද, කුමක් නිසා ස්පර්ශය ඇතිවේද?’ කියායි.
මහණෙනි, ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට, ඇති තතු මෙනෙහි කිරීමෙන්
‘සළායතනයන් ඇති කල්හි  ස්පර්ශය ඇතිවෙයි. සළායතනයන් නිසා ස්පර්ශය ඇතිවෙයි කියා (නුවණින්) අවබෝධ විය.”
 
§ 2.8. “මහණෙනි; ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට මේ අදහස පහළවිය.
‘කුමක් ඇතිකල්හි වනාහි සළායතනයන් ඇතිවේද, කුමක් නිසා සළායතනයන් ඇතිවේද?’ කියායි.
මහණෙනි, විපස්සී නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන්,
‘නාමරූපයන් ඇති කල්හි වනාහි සළායතනයන් ඇතිවෙයි. නාමරූපයන් නිසා සළායතනයන් ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
 
§ 2.9.“මහණෙනි; ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට මේ අදහස පහළවිය.
‘කුමක් ඇති කල්හි වනාහි නාමරූපයන් ඇතිවේද, කුමක් නිසා නාමරූපයන් ඇතිවේද?’ කියායි.
මහණෙනි, විපස්සී නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘විඤ්ඤාණය ඇති කල්හි නාමරූප ඇතිවෙයි, විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
 
§ 2.10.“මහණෙනි, ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට මේ අදහස පහළවිය.
‘කුමක් ඇති කල්හි වනාහි විඤ්ඤාණය ඇතිවේද?, කුමක් නිසා විඤ්ඤාණය ඇතිවේද?’ කියායි.
මහණෙනි; විපස්සී නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන්
සංස්කාරයන් ඇති කල්හි  විඤ්ඤාණය ඇතිවෙයි. සංස්කාරයන් නිසා විඤ්ඤාණය ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
 
§ 3.1. “මහණෙනි; විපස්සී නම් බෝසතුන්ට මේ අදහස පහළවිය.
‘කුමක් ඇති කල්හි  සංස්කාරයෝ ඇති වෙත්ද?, කුමක් නිසා සංස්කාරයෝ ඇතිවෙත්ද?’ කියායි. මහණෙනි, ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන්
‘අවිද්‍යාව ඇති කල්හි වනාහි සංස්කාරයෝ ඇතිවෙත්. අවිද්‍යා නිසා සංස්කාරයෝ ඇතිවෙත්’ කියා (නුවණින්) අවබෝධ විය.

§ 3.2.
“මෙසේ  අවිද්‍යාව නිසා සංස්කාරයෝද,
සංස්කාර නිසා විඤ්ඤාණයද,
විඤ්ඤාණය නිසා නාමරූපද,
නාමරූප නිසා සළායතනද,
සළායතන නිසා ස්පර්ශයද,
ස්පර්ශය නිසා වේදනාවද,
වේදනාව නිසා තණ්හාවද,
තණ්හාව නිසා උපාදානයද,
උපාදානය නිසා භවයද,
භවය නිසා ජාතියද,
ජාතිය නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝද ඇතිවෙත්.
මෙසේ මේ සියලු (එකම) දුක්ගොඩ ඇතිවීම වෙයි. මහණෙනි, විපස්සී නම් බෝසතුන්ට වනාහි පහළවීම, යන පෙර නොඇසූ මේ කාරණයෙහි නුවණැස පහළවිය. ඤාණය පහළවිය. ප්‍රඥාව පහළවිය. විද්‍යාව පහළවිය. ආලෝකය පහළවිය.

§ 4.1.“මහණෙනි; විපස්සී නම් බෝසතුන්ට මේ අදහස පහළවිය.
‘කුමක් නැති කල්හි ජරාමරණය නැතිවේද, කවරක් නැතිවීමෙන් ජරාමරණය නැතිවේද?’ කියායි.
මහණෙනි; ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන්
‘ඉපදීම නැති කල්හි වනාහි ජරාමරණය ඇතිනොවේ. ඉපදීම නැතිකිරීමෙන් ජරාව සහ මරණය නැතිවේ’යයි (නුවණින්) අවබෝධ විය.
 
§ 4.2.  මහණෙනි; ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට මේ සිත පහළවිය.
‘කුමක් නැති කල්හි  ඉපදීම නැතිවේද, කවරක් නැතිවීමෙන් ඉපදීම නැතිවේද?’ කියායි.
මහණෙනි; ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට, ඇතිතතු මෙනෙහි කිරීමෙන්,
භවය නැති කල්හි  ඉපදීම ඇති නොවේ. භවය නැති කිරීමෙන් ඉපදී නැති වේය’යි (නුවණින්) අවබෝධ විය.
 
§15“මහණෙනි; ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට මේ සිත පහළවිය. ‘කුමක් නැති කල්හි වනාහි භවය නැතිවේද කුමක් නැතිවීමෙන් භවය නැතිවේද?’ කියායි.
මහණෙනි, ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන්
‘උපාදානය නැති කල්හි  භවය ඇති නොවේ. උපාදානය නැතිකිරීමෙන් භවය නැතිවේයයි’ (නුවණින්) අවබෝධ විය.
§16.“මහණෙනි; ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට මේ සිත පහළවිය, ‘කුමක් නැති කල්හි වනාහි උපාදානය නැතිවේ, කවරක් නැතිවීමෙන් උපාදානය නැතිවේද? කියායි.
මහණෙනි; ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් තණ්හාව නැති කල්හි වනාහි උපාදානය ඇතිනොවේ. තණ්හාව නැතිකිරීමෙන් උපාදානය නැතිවේයයි (නුවණින්) අවබෝධ විය.
§17“මහණෙනි; ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට මේ සිත පහළවිය. ‘කුමක් නැති කල්හි වනාහි තණ්හාව නැතිවේද, කවරක් නැතිවීමෙන් තණ්හාව නැතිවේද?’ කියායි.
මහණෙනි; ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘වේදනාව නැති කල්හි වනාහි තණ්හාව ඇති නොවේ. වේදනාව නැතිකිරීමෙන් තණ්හාව නැතිවේයයි’ (නුවණින්) අවබෝධ විය.
§18.“මහණෙනි; ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට මේ සිත පහළවිය. “කුමක් නැතිකල්හි වනාහි වේදනාව නැතිවේද කවරක් නැතිවීමෙන් වේදනාව නැතිවේද?’ කියායි
මහණෙනි; ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන්
‘ස්පර්ශය නැති කල්හි විඳීම (වේදනා) ඇති නොවේ. ස්පර්ශය නැති කිරීමෙන් වේදනාව නැතිවේයයි’ (නුවණින්) අවබෝධ විය.
§19.“මහණෙනි, ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට මේ සිත පහළවිය. ‘කුමක් නැතිකල්හි වනාහි ස්පර්ශය නැතිවේද, කවරක් නැතිවීමෙන් ස්පර්ශය නැතිවේද?’ කියායි.
මහණෙනි ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘සළායතනයන් නැති කල්හි වනාහි ස්පර්ශය ඇති නොවේ. සළායතනයන් නැති කිරීමෙන් ස්පර්ශය නැති වේයයි’ (නුවණින්) අවබෝධ විය.
§20.“මහණෙනි, ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට මේ සිත පහළ විය. ‘කුමක් නැති කල්හි වනාහි සළායතන නැතිවේද, කවරක් නැතිවීමෙන් සළායතන නැතිවේද?’ කියායි
මහණෙනි, ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘නාමරූපයෝ නැති කල්හි වනාහි සළායතන ඇති නොවේ. නාමරූපයෝ නැති කිරීමෙන් සළායතන නැති වේයයි’ (නුවණින්) අවබෝධ විය.
§21“මහණෙනි, ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට මේ සිත පහළ විය. ‘කුමක් නැතිකල්හි වනාහි නාමරූපයෝ නැතිවේද, කවරක් නැති වීමෙන් නාමරූපයෝ නැති වේද?’ කියායි.
මහණෙනි, ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘විඤ්ඤාණය නැති කල්හි වනාහි නාමරූපයන් ඇති නොවේ. විඤ්ඤාණය නැති කිරීමෙන් නාමරූපයන් නැති වේයයි (නුවණින්) අවබෝධ විය.
§22.“මහණෙනි, ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට මේ සිත පහළවිය. ‘කුමක් නැති කල්හි වනාහි විඤ්ඤාණය නැති නොවේද? කවරක් නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවේද?’ කියායි.
මහණෙනි, ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘සංස්කාර නැති කල්හි වනාහි විඤ්ඤාණය ඇති නොවේ. සංස්කාර නැති කිරීමෙන් විඤ්ඤාණය නැතිවේයයි’ (නුවණින්) අවබෝධ විය.
§23.මහණෙනි, ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට මේ අදහස පහළ විය. ‘කුමක් නැති කල්හි වනාහි සංස්කාර නැතිවේද, කවරක් නැති කිරීමෙන් සංස්කාර නැති වේද?’ කියායි.
මහණෙනි, ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් අවිද්‍යාව නැති කල්හි වනාහි සංස්කාර ඇති නොවේ. අවිද්‍යාව නැතිකිරීමෙන් සංස්කාර නැති වේයයි (නුවණින්) අවබෝධ විය.
 
§24.
  • මෙසේ අවිද්‍යාව නැතිවීමෙන් සංස්කාර නැතිවේ.
  • සංස්කාර නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවේ.
  • විඤ්ඤාණය නැතිවීමෙන් නාමරූප නැතිවෙයි.
  • නාමරූප නැතිවීමෙන් සළායතන නැතිවෙයි.
  • සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි.
  • ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැති වෙයි.
  • වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි.
  • තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි.
  • උපාදානය නැතිවීමෙන් භවය නැතිවෙයි.
  • භවය නැතිවීමෙන් ජාතිය නැතිවෙයි.
  • ජාතිය නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සියලු (එකම) දුක් ගොඩ නැතිවෙයි.

මහණෙනි, විපස්සී නම් බෝසතුන්ට වනාහි නැතිවීම නැතිවීමයයි පෙර නො ඇසූ නුවණැස පහළවිය. විද්‍යාව පහළවිය. ආලෝකය පහළ විය.”

DIVIDER SL Elephant
SN 02-01-05. සිඛී සූත්‍රය
Arrow Devider1

§1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනියි,” කියා ඒ භික්ෂූහු බුදුන්ට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
 
§2.“මහණෙනි, බුද්ධත්වයට පත්වන්නට  පෙරම බුදුනොවූ, බෝසත්වූම, භාග්‍යවත්වූ, අර්හත්වූ, සිඛී නම් සම්මාසම්බුදුන්ට මේ සිත පහළවිය.
‘මේ සත්වයා (මේ සත්වලෝකයට) දුකසේ පැමිණියේ උපදීද, ජරාවට පත්වීද, මැරේද, චුතවේද, පිළිසිඳ ගනීද එතකුදු වුවත් ජරාමරණයෙන් යුත් මේ දුක නැති කිරීම නොදනී. කවර කලක ජරාමරණයෙන් යුත් මේ දුක නැති කිරීම දකින්නේද?’ කියායි.
 
§3.ඉක්බිති සිඛී නම් බෝසතුන්ට මේ අදහස පහළ විය.
‘කුමක් ඇති කල්හි ජරාව සහ මරණය ඇති වේද, කුමක් නිසා ජරාව සහ මරණය ඇති වේද?’ කියායි.
 
 “මහණෙනි, ඉක්බිති සිඛී නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් සහ නුවණින් මෙනෙහි කිරීමෙන් ඉපදීම ඇති කල වනාහි ජරාව සහ මරණය ඇතිවෙයි. ඉපදීම නිසා ජරාව සහ මරණය ඇති වෙයි කියා (නුවණින්) අවබෝධ විය.
 
§4.“මහණෙනි, ඉක්බිති සිඛී නම් බෝසතුන්ට මේ සිත පහළ විය.
‘කුමක් ඇති කල්හි ඉපදීම ඇති වේද, කුමක් නිසා ඉපදීම ඇතිවේද?’ කියායි.
මහණෙනි, ඉක්බිති සිඛී නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් භවය ඇති කල්හි වනාහි ඉපදීම ඇතිවෙයි කියා (නුවණින්) අවබෝධ විය.
 
§5.“මහණෙනි, ඉක්බිති සිඛී නම් බෝසතුන්ට මේ අදහස පහළ විය.
‘කුමක් ඇති කල්හි වනාහි භවය ඇති වේද, කුමක් නිසා භවය ඇතිවේද?’ කියායි.
මහණෙනි, ඉක්බිති සිඛී නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘උපාදානය (තදින් ඇලීම) ඇති කල්හි වනාහි භවය ඇති වෙයි. උපාදානය නිසා භවය ඇති වෙයි’ කියා නුවණින් අවබෝධ විය.
 
§6.“මහණෙනි, ඉක්බිති සිඛී නම් බෝසතුන්ට මේ අදහස පහළ විය.
‘කුමක් ඇති කල්හි වනාහි උපාදානය ඇතිවේද, කුමක් නිසා උපාදානය ඇතිවේද?’ කියායි.
මහණෙනි, ඉක්බිති සිඛී නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් තණ්හාව ඇති කල්හි වනාහි උපාදානය ඇතිවෙයි’ තණ්හාව නිසා උපාදානය ඇතිවෙයි කියා (නුවණින්) අවබෝධ විය.
 
§7.“මහණෙනි, ඉක්බිති සිඛී නම් බෝසතුන්ට මේ අදහස පහළ විය.
‘කුමක් ඇති කල්හි තණ්හාව ඇතිවේද කුමක් නිසා තණ්හාව ඇතිවේද?’ කියායි.
මහණෙනි, ඉක්බිති සිඛී නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන්
වින්දනය  ඇති කල්හි  තණ්හාව ඇතිවෙයි කියා (නුවණින්) අවබෝධ විය.
 
§8.“මහණෙනි, ඉක්බිති සිඛී නම් බෝසතුන්ට මේ අදහස පහළ විය.
‘කුමක් ඇති කල්හි වේදනාව ඇතිවේද, කුමක් නිසා වේදනාව ඇතිවේද?’ කියායි.
මහණෙනි, ඉක්බිති සිඛී නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘ස්පර්ශය ඇති කල්හි වනාහි වේදනාව ඇති වෙයි. ස්පර්ශය නිසා වේදනාව ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
 
§9.“මහණෙනි; ඉක්බිති සිඛී නම් බෝසතුන්ට මේ අදහස පහළවිය. ‘කුමක් ඇති කල්හි වනාහි ස්පර්ශය ඇති වේද, කුමක් නිසා ස්පර්ශය ඇතිවේද?’ කියායි.
මහණෙනි, ඉක්බිති සිඛී නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන්
‘සළායතනයන් ඇති කල්හි වනාහි ස්පර්ශය ඇතිවෙයි, සළායතනය නිසා ස්පර්ශය ඇති වෙයි, කියා (නුවණින්) අවබෝධ විය.
 
§10.“මහණෙනි; ඉක්බිති සිඛී නම් බෝසතුන්ට මේ අදහස පහළවිය.
‘කුමක් ඇතිකල්හි වනාහි සළායතනයන් ඇතිවේද, කුමක් නිසා සළායතනයන් ඇතිවේද?’
මහණෙනි; සිඛී නම් බෝසතුන්ට ඇතිතතු මෙනෙහි කිරීමෙන් ‘නාමරූපයන් ඇති කල්හි වනාහි සළායතනයන් ඇතිවෙයි. නාමරූපයන් නිසා සළායතනයන් ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
 
§11.මහණෙනි; ඉක්බිති සිඛී නම් බෝසතුන්ට මේ අදහස පහළවිය.
‘කුමක් ඇති කල්හි වනාහි නාමරූපයන් ඇතිවේද, කුමක් නිසා නාමරූපයන් ඇතිවේද?’ කියායි.
මහණෙනි; සිඛී නම් බෝසතුන්ට ඇතිතතු මෙනෙහි කිරීමෙන් ‘විඤ්ඤාණය ඇති කල්හි නාමරූප ඇතිවෙයි. විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
 
§12.“මහණෙනි; ඉක්බිති සිඛී නම් බෝසතුන්ට මේ අදහස පහළවිය.
‘කුමක් ඇතිකල්හි වනාහි විඤ්ඤාණය ඇතිවේද?, කුමක් නිසා විඤ්ඤාණය ඇතිවේද?’ කියායි. මහණෙනි; සිඛී නම් බෝසතුන්ට ඇතිතතු මෙනෙහි කිරීමෙන් ‘සංස්කාරයන් ඇති කල්හි  විඤ්ඤාණය ඇතිවෙයි. සංස්කාරයන් නිසා විඤ්ඤාණය ඇති වෙයි කියා’ (නුවණින්) අවබෝධ විය.
 
§13.“මහණෙනි, සිඛී නම් බෝසතුන්ට මේ අදහස පහළවිය.
‘කුමක් ඇති කල්හි  සංස්කාරයන් ඇතිවේද?, කුමක් නිසා සංස්කාරයන් ඇතිවේද?’ කියායි.
මහණෙනි; ඉක්බිති සිඛී නම් බෝසතුන්ට ඇතිතතු මෙනෙහි කිරීමෙන් ‘අවිද්‍යාව ඇතිකල්හි වනාහි සංස්කාරයන් ඇති වෙයි. අවිද්‍යාව නිසා සංස්කාරයන් ඇතිවෙයි. කියා (නුවණින්) අවබෝධ විය.
 
§14 .‘මෙසේ 
  • අවිද්‍යාව නිසා සංස්කාරද,
  • සංස්කාර නිසා විඤ්ඤාණයද,
  • විඤ්ඤාණය නිසා නාමරූපද,
  • නාමරූප නිසා සළායතනද,
  • සළායතන නිසා ස්පර්ශයද,
  • ස්පර්ශය නිසා වේදනාවද,
  • විඳීම හෙවත්  වේදනාව නිසා තණ්හාවද,
  • තණ්හාව නිසා උපාදානයද,
  • උපාදානය නිසා භවයද,
  • භවය නිසා ජාතිය (ඉපදීම) ද,
  • ජාතිය (ඉපදීම) නිසා ජරා, මරණ, සෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝද ඇතිවෙත්. මෙසේ මේ සියලු (එකම) දුක් ගොඩ ඇතිවීම වෙයි.

මහණෙනි; සිඛී නම් බෝසතුන්ට වනාහි ඇතිවීම, ඇතිවීම යයි පෙර නොඇසූ මේ කාරණයෙහි නුවණැස පහළ විය. ඤාණය පහළවිය. ප්‍රඥාව පහළවිය. විද්‍යාව පහළවිය. ආලෝකය පහළවිය.

§15.මහණෙනි; සිඛී නම් බෝසතුන්ට මේ අදහස පහළවිය.
‘කුමක් නැති කල්හි වනාහි ජරාමරණය නැතිවේද, කවරක් නැතිවීමෙන් ජරාමරණය නැතිවේද?’ කියායි. මහණෙනි; ඉක්බිති සිඛී නම් බෝසතුන්ට ඇතිතතු මෙනෙහි කිරීමෙන් සහ ‘ඉපදීම නැති කල්හි වනාහි ජරාමරණය ඇති නොවේ. ඉපදීම නැති කිරීමෙන් ජරාව සහ මරණය නැතිවේ’යයි (නුවණින්) අවබෝධ විය.
 
§16.“මහණෙනි; ඉක්බිති සිඛී නම් බෝසතුන්ට මේ සිත පහළවිය.
‘කුමක් නැති කල්හි  ඉපදීම නැතිවේද, කවරක් නැතිවීමෙන් ඉපදීම නැතිවේද?’ කියායි.
මහණෙනි; ඉක්බිති සිඛී නම් බෝසතුන්ට, ඇතිතතු මෙනෙහි කිරීමෙන්
භවය නැති කල්හි  ඉපදීම ඇති නොවේ. භවය නැති කිරීමෙන් ඉපදීම නැතිවේය’යි (නුවණින්) අවබෝධවිය.
§17. 
“මහණෙනි; සිඛී නම් බෝසතුන්ට මේ සිත පහළ විය.
‘කුමක් නැති කල්හි වනාහි භවය නැතිවේද, කවරක් නැතිවීමෙන් භවය නැතිවේද?’ කියායි. මහණෙනි; ඉක්බිති සිඛී නම් බෝසතුන්ට ඇතිතතු මෙනෙහි කිරීමෙන් ‘උපාදානය නැති කල්හි වනාහි භවය ඇතිනොවේ. උපාදානය නැති කිරීමෙන් භවය නැතිවේයයි’ (නුවණින්) අවබෝධ විය.
 
§18. “මහණෙනි, ඉක්බිති සිඛී නම් බෝසතුන්ට මේ සිත පහළ විය. ‘කුමක් නැති කල්හි වනාහි උපාදානය නැති වේද, කවරක් නැති වීමෙන් උපාදානය නැතිවේද?’ කියායි.
මහණෙනි, ඉක්බිති සිඛී නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් තණ්හාව නැති කල්හි වනාහි උපාදානය ඇති නොවේ. තණ්හාව නැති කිරීමෙන් උපාදානය නැති වේයයි’ (නුවණින්) අවබෝධ විය.
 
§19. “මහණෙනි, ඉක්බිති සිඛී නම් බෝසතුන්ට මේ සිත පහළ විය. ‘කුමක් නැති කල්හි වනාහි තණ්හාව නැතිවේද, කවරක් නැතිවීමෙන් තණ්හාව නැතිවේද?’ කියායි.
මහණෙනි, ඉක්බිති සිඛී නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘වේදනාව නැති කල්හි වනාහි තණ්හාව ඇති නොවේ. වේදනාව නැති කිරීමෙන් තණ්හාව නැති වේයයි’ (නුවණින්) අවබෝධ විය.
 
§20.“මහණෙනි, ඉක්බිති සිඛී නම් බෝසතුන්ට මේ සිත පහළ විය.
‘කුමක් නැති කල්හි වනාහි වේදනාව නැති වේද, කවරක් නැතිවීමෙන් වේදනාව නැතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති සිඛී නම් බෝසතුන්ට ඇතිතතු මෙනෙහි කිරීමෙන්
‘ස්පර්ශය නැති කල්හි  වේදනාව ඇතිනොවේ. ස්පර්ශය නැති කිරීමෙන් වේදනාව නැතිවේයයි’ (නුවණින්) අවබෝධ විය.
 
§21.“මහණෙනි, ඉක්බිති සිඛී නම් බෝසතුන්ට මේ සිත පහළ විය.
‘කුමක් නැති කල්හි වනාහි ස්පර්ශය නැති වේද, කවරක් නැති වීමෙන් ස්පර්ශය නැතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති සිඛී නම් බෝසතුන්ට ඇතිතතු මෙනෙහි කිරීමෙන්
‘සළායතනයන් නැති කල්හි  ස්පර්ශය ඇති නොවේ. සළායතනයන් නැති කිරීමෙන් ස්පර්ශය නැති වේයයි’ (නුවණින්) අවබෝධ විය.
 
§22.“මහණෙනි, ඉක්බිති සිඛී නම් බෝසතුන්ට මේ සිත පහළ විය.
‘කුමක් නැතිකල්හි වනාහි සළායතනයන් නැතිවේද, කවරක් නැතිවීමෙන් සළායතනයන් නැති වේද?’ කියායි. මහණෙනි, ඉක්බිති සිඛී නම් බෝසතුන්ට ඇතිතතු මෙනෙහි කිරීමෙන් ‘නාමරූපයන් නැති කල්හි සළායතනයන් ඇති නොවේ. නාමරූපයන් නැති කිරීමෙන් සළායතනයන් නැතිවේයි’ (නුවණින්) අවබෝධ විය.
 
§23.“මහණෙනි, ඉක්බිති සිඛී නම් බෝසතුන්ට මේ සිත පහළ විය.
‘කුමක් නැතිකල්හි නාමරූපයන් නැතිවේද, කවරක් නැතිවීමෙන් නාමරූපයන් නැතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති සිඛී නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන්
විඤ්ඤාණය නැති කල්හි  නාමරූපයන් ඇති නොවේ විඤ්ඤාණය නැති කිරීමෙන් නාමරූපයන් නැති වේය’යි (නුවණින්) අවබෝධ විය.
 
§24 .“මහණෙනි, ඉක්බිති සිඛී නම් බෝසතුන්ට මේ සිත පහළ විය.
‘කුමක් නැති කල්හි වනාහි විඤ්ඤාණය ඇති නොවේද, කවරක් නැති වීමෙන් විඤ්ඤාණය නැති වේද?’ කියායි. මහණෙනි, ඉක්බිති සිඛී නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන්
සංස්කාර නැති කල්හි  විඤ්ඤාණය ඇති නොවේ. සංස්කාර නැතිකිරීමෙන් විඤ්ඤාණය නැතිවේය’යි (නුවණින්) අවබෝධ විය.
 
§25.“මහණෙනි, ඉක්බිතිව සිඛී නම් බෝසතුන්ට මේ අදහස පහළ විය.
‘කුමක් නැති කල්හි වනාහි සංස්කාර නැතිවේද, කවරක් නැති කිරීමෙන් සංස්කාර නැති වේද?’ කියායි. මහණෙනි, ඉක්බිති සිඛී නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන්
අවිද්‍යාව නැති කල්හි  සංස්කාර ඇති නොවේ. අවිද්‍යාව නැතිකිරීමෙන් සංස්කාර නැතිවේයයි’ (නුවණින් අවබෝධ විය.
 
§26.මෙසේ
  • අවිද්‍යාව නැතිවීමෙන් සංස්කාර නැතිවේ.
  • සංස්කාර නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවේ.
  • විඤ්ඤාණය නැතිවීමෙන් නාමරූප නැතිවෙයි.
  • නාමරූප නැති වීමෙන් සළායතන නැතිවෙයි.
  • සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි.
  • ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැති වෙයි.
  • වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි.
  • තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි.
  • උපාදානය නැතිවීමෙන් භවය නැතිවෙයි.
  • භවය නැතිවීමෙන් ජාතිය (උප්පත්තිය) නැතිවෙයි. ජාතිය (උප්පත්තිය) නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ නැති වෙයි.

මහණෙනි, සිඛී නම් බෝසතුන්ට වනාහි නැතිවීම නැතිවීම යයි පෙර නො ඇසූ විරූ ධර්මය විෂයෙහි නුවණැස පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.”

 
(පස්වන සිඛී සූත්‍රය නිමි)

DIVIDER SL Elephant
SN 02-01-06. වෙස්සභූ සූත්‍රය
Arrow Devider1

§1. මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී,වරක්  භාග්‍යවතුන් වහන්සේ “මහණෙනියි” කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනියි” කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
 
§2.“මහණෙනි, භාග්‍යවත්වූ, අර්හත්වූ, “වෙස්සභූ” නම් සම්මාසම්බුදුන්ට බුද්ධත්වයට පෙරම බුදුනොවූ, බෝසත් කලම, මේ සිත පහළවිය.
‘මේ සත්වයන්  දුකට පැමිණියේ වෙයි, උපදී ජරාවට පත්වෙයි, මැරෙයි, චුතවෙයි, නැවත 
පිළිසිඳ ගනී, එතකුදු වුවත් ජරාමරණයෙන් යුත් මේ දුක නැති කිරීම නොදනී. කවර කලක ජරා මරණයෙන් යුත් මේ දුක නැති කිරීම දකින්නේද?’ කියායි.
 
§2.1  ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට මේ අදහස පහළ විය. ‘කුමක් ඇති කල්හි ජරාව සහ මරණය ඇතිවේද, කුමක් නිසා ජරාව සහ මරණය ඇතිවේද?’ කියායි.
“මහණෙනි; ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන්,
” ඉපදීම ඇති කල වනාහී ජරාව සහ මරණය ඇති වෙයි. ඉපදීම නිසා ජරාව සහ මරණය ඇතිවෙයි” කියා (නුවණින්) අවබෝධ විය.
 
§2.2. “මහණෙනි; ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට මේ සිත පහළ විය. ‘කුමක් ඇති කල්හි ඉපදීම ඇතිවේද, කුමක් නිසා ඉපදීම ඇතිවේද?’ කියායි.
මහණෙනි, ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන්,
“භවය ඇති කල්හි වනාහි ඉපදීම ඇති වේයයි. (නුවණින්) අවබෝධ විය.
 
§2.3. “මහණෙනි, ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට මේ අදහස පහළවිය. කුමක් ඇති කල්හි  භවය ඇති වේද, කුමක් නිසා භවය ඇතිවේද?” කියායි.
මහණෙනි, ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන්,
‘උපාදානය (තදින් ඇලීම) ඇති කල්හි  භවය ඇති වෙයි. ‘උපාදානය නිසා භවය ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
 
§2.4. “මහණෙනි, ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට මේ අදහස පහළ විය.
‘කුමක් ඇති කල්හි වනාහි උපාදානය ඇතිවේද, කුමක් නිසා උපාදානය ඇතිවේද? “
 කියායි. මහණෙනි ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන්
තණ්හාව’ ඇති කල්හි වනාහි උපාදානය ඇතිවෙයි. තණ්හාව නිසා උපාදානය ඇති වෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
 
§2.5 “මහණෙනි, ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට මේ අදහස පහළවිය.
‘කුමක් ඇති කල්හි  තණ්හාව ඇති වේද, කුමක් නිසා  තණ්හාව ඇතිවේද?’ කියායි.
මහණෙනි, ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන්
‘වින්දනය ඇති කල්හි වනාහි තණ්හාව ඇතිවෙයි. විඳීම නිසා තණ්හාව ඇතිවෙයි” කියා (නුවණින්) අවබෝධ විය.
 
§2.6. “මහණෙනි, ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට මේ අදහස පහළ විය.
“කුමක් ඇති කල්හි වින්දනය  හෙවත්  වේදනාව ඇතිවේද, කුමක් නිසා වේදනාව ඇතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන්
‘ස්පර්ශය ඇති කල්හි  වේදනාව ඇතිවෙයි. ස්පර්ශය නිසා වේදනාව ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
 
§2.7. “මහණෙනි; ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට මේ අදහස පහළ විය. “කුමක් ඇති කල්හි  ස්පර්ශය ඇතිවේද, කුමක් නිසා ස්පර්ශය ඇතිවේද?’ කියායි.
මහණෙනි, ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට, ඇති තතු මෙනෙහි කිරීමෙන්,
‘සළායතනයන් ඇති කල්හි  ස්පර්ශය ඇති වෙයි. සළායතනයන් නිසා ස්පර්ශය ඇති වෙයි” කියා (නුවණින්) අවබෝධ විය.
 
§2.8. “මහණෙනි, ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට මේ අදහස පහළ විය.
“කුමක් ඇති කල්හි  සළායතන ඇති වේද, කුමක් නිසා සළායතන ඇතිවේද?’ කියායි.
මහණෙනි, වෙස්සභූ නම් බෝසතුන්ට, ඇති තතු මෙනෙහි කිරීමෙන්
‘නාම රූපයන් ඇති කල්හි වනාහි සළායතන ඇති වෙයි. නාම රූපයන් නිසා සළායතන ඇති වෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
 
§2.9 . “මහණෙනි, ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට මේ අදහස පහළ විය. “කුමක් ඇති කල්හි  නාමරූප ඇතිවේද, කුමක් නිසා නාමරූප ඇතිවේද?’ කියායි.
මහණෙනි, වෙස්සභූ නම් බෝසතුන්ට, ඇති තතු මෙනෙහි කිරීමෙන්,
‘විඤ්ඤාණය ඇති කල්හි  නාමරූප ඇති වෙයි. විඤ්ඤාණය නිසා නාම රූප ඇති වෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
 
§2.10 . “මහණෙනි, ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට මේ අදහස පහළ විය. “කුමක් ඇති කල්හි  විඤ්ඤාණය ඇතිවේද, කුමක් නිසා විඤ්ඤාණය ඇතිවේද?’ කියායි. මහණෙනි, වෙස්සභූ නම් බෝසතුන්ට, ඇති තතු මෙනෙහි කිරීමෙන්
‘සංස්කාරයෝ ඇති කල්හි  විඤ්ඤාණය ඇති වෙයි. සංස්කාරයන් නිසා විඤ්ඤාණය ඇති වෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
 
§2.11“මහණෙනි, වෙස්සභූ නම් බෝසතුන්ට මේ අදහස පහළ විය.
“කුමක් ඇති කල්හි වනාහි සංස්කාර ඇතිවේද, කුමක් නිසා සංස්කාර ඇතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති, වෙස්සභූ නම් බෝසතුන්ට, ඇති තතු මෙනෙහි කිරීමෙන්
“‘අවිද්‍යාව ඇති කල්හි සංස්කාර ඇති වෙයි. අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙත්’ කියා (නුවණින්) අවබෝධ විය.
 
§2.12 “මෙසේ 
  • අවිද්‍යාව නිසා සංස්කාරයෝද,
  • සංස්කාරයන් නිසා විඤ්ඤාණයද,
  • විඤ්ඤාණය නිසා නාමරූපද,
  • නාමරූප නිසා සළායතනද,
  • සළායතන නිසා ස්පර්ශයද,
  • ස්පර්ශය නිසා වේදනාවද,
  • වේදනාව නිසා තණ්හාවද,
  • තණ්හාව නිසා උපාදානයද,
  • උපාදානය නිසා භවයද,
  • භවය නිසා ජාතිය (ඉපදීම) ද,
  • ජාතිය (ඉපදීම) නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝද ඇතිවෙත්. මෙසේ මේ සියලු (එකම) දුක්ගොඩ ඇතිවීම වෙයි. මහණෙනි, වෙස්සභූ නම් බෝසතුන්ට වනාහි පහළවීම යන පෙර නොඇසූ මේ කාරණයෙහි නුවණැස පහළවිය. ඤාණය පහළවිය. ප්‍රඥාව පහළවිය. විද්‍යාව පහළවිය. ආලෝකය පහළවිය.
§3.1.“මහණෙනි; වෙස්සභූ නම් බෝසතුන්ට මේ අදහස පහළවිය.
‘කුමක් නැති කල්හි වනාහි ජරාමරණය නැතිවේද, කවරක් නැතිවීමෙන් ජරාමරණය නැතිවේද?’ කියායි. මහණෙනි; ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට ඇතිතතු මෙනෙහි කිරීමෙන්
ඉපදීම නැති කල්හි  ජරාමරණය ඇති නොවේ. ඉපදීම නැති කිරීමෙන් ජරාව සහ මරණය නැතිවේ’යයි (නුවණින්) අවබෝධ විය.
 
§3.2 . මහණෙනි; ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට මේ සිත පහළවිය.
‘කුමක් නැති කල්හි වනාහි ඉපදීම නැතිවේද, කවරක් නැතිවීමෙන් ඉපදීම නැතිවේද?’ කියායි. මහණෙනි; ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට, ඇතිතතු මෙනෙහි කිරීමෙන්,
භවය නැති කල්හි  ඉපදීම ඇති නොවේ. භවය නැති කිරීමෙන් ඉපදීම නැතිවේය’යි (නුවණින්) අවබෝධ විය.
 
§3.3 “මහණෙනි; ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට මේ සිත පහළවිය.
‘කුමක් නැති කල්හි වනාහි භවය නැතිවේද, කවරක් නැතිවීමෙන් භවය නැතිවේද?’ කියායි. මහණෙනි; ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන්
‘උපාදානය නැතිකල්හි භවය ඇති නොවේ. උපාදානය නැති කිරීමෙන් භවය නැතිවේය’යි (නුවණින්) අවබෝධ විය.
 
§3.4 .“මහණෙනි; ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට මේ සිත පහළවිය,
‘කුමක් නැති කල්හි  උපාදානය නැතිවේද, කවරක් නැතිවීමෙන් උපාදානය නැතිවේද? කියායි. මහණෙනි; ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන්,
තණ්හාව නැති කල්හි වනාහි උපාදානය ඇති නොවේ. තණ්හාව නැතිකිරීමෙන් උපාදානය නැතිවේයයි’ (නුවණින්) අවබෝධ විය.
 
§3.5 .“මහණෙනි; ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට මේ සිත පහළවිය.
‘කුමක් නැතිකල්හි තණ්හාව නැතිවේද, කවරක් නැතිවීමෙන් තණ්හාව නැතිවේද?’ කියායි.
මහණෙනි; ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන්,
“වින්දනය  නැති කල්හි වනාහි තණ්හාව ඇති නොවේ. විඳීම  නැතිකිරීමෙන් තණ්හාව නැතිවේයයි’ (නුවණින්) අවබෝධ විය.
 
§3.6 .“මහණෙනි; ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට මේ සිත පහළවිය.
“කුමක් නැති කල්හි  වේදනාව නැතිවේද කවරක් නැතිවීමෙන් වේදනාව නැතිවේද?’ කියායි. මහණෙනි; ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන්
ස්පර්ශය නැති කල්හි  වේදනාව ඇති නොවේ. ස්පර්ශය නැති කිරීමෙන් වේදනාව නැතිවේයයි’ (නුවණින්) අවබෝධ විය.
 
§3.7 . “මහණෙනි, ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට මේ සිත පහළවිය.
‘කුමක් නැතිකල්හි  ස්පර්ශය නැතිවේද, කවරක් නැතිවීමෙන් ස්පර්ශය නැතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන්,
‘සළායතනයන් නැති කල්හි  ස්පර්ශය ඇති නොවේ. සළායතනයන් නැති කිරීමෙන් ස්පර්ශය නැති වේයයි’ (නුවණින්) අවබෝධ විය.
 
§3.8 . “මහණෙනි, ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට මේ සිත පහළ විය.
‘කුමක් නැතිකල්හි වනාහි සළායතනයන් නැතිවේද, කවරක් නැතිවීමෙන් සළායතන නැතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන්
නාමරූපයෝ නැති කල්හි  සළායතන ඇති නොවේ. නාමරූපයෝ නැතිකිරීමෙන් සළායතන නැතිවේයයි’ (නුවණින්) අවබෝධ විය.
 
§3.9 .“මහණෙනි, ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට මේ සිත පහළ විය.
‘කුමක් නැතිකල්හි  නාමරූපයෝ නැතිවේද, කවරක් නැතිවීමෙන් නාමරූපයෝ නැති වේද?”
කියායි. මහණෙනි, ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන්,
‘විඤ්ඤාණය නැතිකල්හි  නාමරූපයන් ඇති නොවේ. විඤ්ඤාණය නැතිකිරීමෙන් නාමරූපයන් නැතිවේයයි, (නුවණින්) අවබෝධ විය.
 
§3.10. “මහණෙනි, ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට මේ සිත පහළ විය.
‘කුමක් නැති කල්හි වනාහි විඤ්ඤාණය ඇති නොවේද, කවරක් නැති වීමෙන් විඤ්ඤාණය නැතිවේද?” කියායි. මහණෙනි, ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන්
‘සංස්කාර නැති කල්හි  විඤ්ඤාණය ඇති නොවේ. සංස්කාර නැති කිරීමෙන් විඤ්ඤාණය නැතිවේයයි’ (නුවණින්) අවබෝධ විය.
 
§3.11.  මහණෙනි, ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට මේ අදහස පහළ විය. ‘කුමක් නැති කල්හි  සංස්කාර නැතිවේද, කවරක් නැතිකිරීමෙන් සංස්කාර නැති වේද?’ කියායි. මහණෙනි, ඉක්බිති වෙස්සභූ නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන්,
“අවිද්‍යාව නැති කල්හි  සංස්කාර ඇති නොවේ. අවිද්‍යාව නැති කිරීමෙන් සංස්කාර නැතිවේය”යි (නුවණින්) අවබෝධ විය.
 
§4. මෙසේ
  • අවිද්‍යාව නැතිවීමෙන් සංස්කාර නැතිවේ.
  • සංස්කාර නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවේ.
  • විඤ්ඤාණය නැතිවීමෙන් නාමරූප නැතිවෙයි.
  • නාමරූප නැතිවීමෙන් සළායතන නැතිවෙයි.
  • සළායතන නැති වීමෙන් ස්පර්ශය නැතිවෙයි.
  • ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැති වෙයි.
  • වේදනාව නැතිවීමෙන් තණ්හාව නැති වෙයි.
  • තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි.
  • උපාදානය නැතිවීමෙන් භවය නැතිවෙයි.
  • භවය නැතිවීමෙන් ජාතිය (උප්පත්තිය) නැතිවෙයි.
  • ජාතිය (උප්පත්තිය) නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සියලු (එකම) දුක් ගොඩ නැතිවෙයි.

මහණෙනි, වෙස්සභූ නම් බෝසතුන්ට වනාහි නැතිවීම නැතිවීමයයි පෙර නොඇසූ කාරණයෙහි නුවණැස පහළවිය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.”

 
(හයවන වෙස්සභූ සූත්‍රය නිමි.)

DIVIDER SL Elephant
SN 02-01-0 7. කකුසඳ සූත්‍රය
Arrow Devider1

මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, භාග්‍යවත්වූ, අර්හත්වූ, කකුසඳ නම් සම්මා සම්බුදුන්ට බුදුවීමට පළමු බෝසත් කාලයෙහි මේ සිත පහළ විය. ‘මේ සත්වලෝකයා දුකට පැමිණියේ වෙයි උපදී, ජරාවට පත්වෙයි, මැරෙයි, චුතවෙයි, පිළිසඳ ගනියි, එතකුදු වුවත් ජරාමරණයෙන් යුත් මේ දුක නැති කිරීම නොදනී. කවර කලක ජරා මරණයෙන් යුත් මේ දුක නැතිකිරීම දකින්නේද?’ කියායි.
ඉක්බිති කකුසඳ නම් බෝසතුන්ට මේ අදහස පහළවිය. ‘කුමක් ඇතිකල්හි ජරාව සහ මරණය ඇතිවේද, කුමක් නිසා ජරාව සහ මරණය ඇතිවේද?’ කියායි.
“මහණෙනි, ඉක්බිති කකුසඳ නම් බෝසතුන්ට බුදුවීමට පළමු බෝසත් කාලයෙහි ඇති තතු මෙනෙහි කිරීමෙන් ඉපදීම ඇතිකල වනාහි ජරාව සහ මරණය ඇති වෙයි කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති කකුසඳ නම් බෝසතුන්ට මේ සිත පහළ විය. ‘කුමක් ඇති කල්හි ඉපදීම ඇති වේද, කුමක් නිසා ඉපදීම ඇතිවේද? කියායි. මහණෙනි, ඉක්බිති කකුසඳ නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් භවය ඇතිකල්හි වනාහි ඉපදීම ඇතිවේයයි (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති කකුසඳ නම් බෝසතුන්ට මේ අදහස පහළ විය. ‘කුමක් ඇතිකල්හි වනාහි භවය ඇතිවේද?, කුමක් නිසා භවය ඇතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති කකුසඳ නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘උපාදානය (තදින් ඇලීම) ඇති කල්හි වනාහි භවය ඇතිවෙයි, උපාදානය නිසා භවය ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති කකුසඳ නම් බෝසතුන්ට මේ අදහස පහළ විය. ‘කුමක් ඇතිකල්හි වනාහි උපාදානය ඇතිවේද, කුමක් නිසා උපාදානය ඇතිවේද? කියායි. මහණෙනි, ඉක්බිති කකුසඳ නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් සහ නුවණින් මෙනෙහි කිරීමෙන් තණ්හාව ඇති කල්හි වනාහි උපාදානය ඇතිවෙයි. තණ්හාව නිසා උපාදානය ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති කකුසඳ නම් බෝසතුන්ට මේ අදහස පහළවිය, ‘කුමක් ඇති කල්හි වනාහි තණ්හාව ඇතිවේද කුමක් නිසා තණ්හාව ඇතිවේද?’ කියායි. මහණෙනි; ඉක්බිති කකුසඳ නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘වේදනාව ඇතිකල්හි වනාහි තණ්හාව ඇතිවෙයි,’ කියා (නුවණින්) අවබෝධ විය.
මහණෙනි; ඉක්බිති කකුසඳ නම් බෝසතුන්ට මේ අදහස පහළවිය. ‘කුමක් ඇති කල්හි වනාහි වේදනාව ඇතිවේද, කුමක් නිසා වේදනාව ඇතිවේද? කියායි. මහණෙනි; ඉක්බිති කකුසඳ නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘ස්පර්ශය ඇති කල්හි වනාහි වේදනාව ඇතිවෙයි. ස්පර්ශය නිසා වේදනාව ඇතිවෙයි,’ කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති කකුසඳ නම් බෝසතුන්ට මේ අදහස පහළවිය. ‘කුමක් ඇති කල්හි වනාහි ස්පර්ශය ඇතිවේද, කුමක් නිසා ස්පර්ශය ඇතිවේද? කියායි. මහණෙනි, ඉක්බිති කකුසඳ නම් බෝසතුන්ට, ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘සළායතනයන් ඇති කල්හි වනාහි ස්පර්ශය ඇතිවෙයි. සළායතනයන් නිසා ස්පර්ශය ඇතිවෙයි කියා (නුවණින්) අවබෝධ විය.”
“මහණෙනි; ඉක්බිති කකුසඳ නම් බෝසතුන්ට මේ අදහස පහළවිය. ‘කුමක් ඇතිකල්හි වනාහි සළායතනයන් ඇතිවේද, කුමක් නිසා සළායතනයන් ඇතිවේද?’ කියායි. මහණෙනි; කකුසඳ නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘නාමරූපයන් ඇති කල්හි වනාහි සළායතනයන් ඇතිවෙයි. නාමරූපයන් නිසා සළායතනයන් ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි; ඉක්බිති කකුසඳ නම් බෝසතුන්ට මේ අදහස පහළවිය. ‘කුමක් ඇති කල්හි වනාහි නාමරූපයන් ඇතිවේද, කුමක් නිසා නාමරූපයන් ඇතිවේද?’ කියායි. මහණෙනි, කකුසඳ නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘විඤ්ඤාණය ඇති කල්හි නාමරූප ඇතිවෙයි, විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති කකුසඳ නම් බෝසතුන්ට මේ අදහස පහළවිය. ‘කුමක් ඇති කල්හි වනාහි විඤ්ඤාණය ඇතිවේද?, කුමක් නිසා විඤ්ඤාණය ඇතිවේද?’ කියායි. මහණෙනි; කකුසඳ නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘සංස්කාරයන් ඇති කල්හි වනාහි විඤ්ඤාණය ඇතිවෙයි. සංස්කාරයන් නිසා විඤ්ඤාණය ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි; කකුසඳ නම් බෝසතුන්ට මේ අදහස පහළවිය. ‘කුමක් ඇති කල්හි වනාහි සංස්කාරයෝ ඇති වෙත්ද?, කුමක් නිසා සංස්කාරයෝ ඇතිවෙත්ද?’ කියායි. මහණෙනි, ඉක්බිති කකුසඳ නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘අවිද්‍යාව ඇති කල්හි වනාහි සංස්කාරයෝ ඇතිවෙත්. අවිද්‍යා නිසා සංස්කාරයෝ ඇතිවෙත්’ කියා (නුවණින්) අවබෝධ විය.
“මෙසේ වනාහි අවිද්‍යාව නිසා සංස්කාරයෝද, සංස්කාර නිසා විඤ්ඤාණයද, විඤ්ඤාණය නිසා නාමරූපද, නාමරූප නිසා සළායතනද, සළායතන නිසා ස්පර්ශයද, ස්පර්ශය නිසා වේදනාවද, වේදනාව නිසා තණ්හාවද, තණ්හාව නිසා උපාදානයද, උපාදානය නිසා භවයද, භවය නිසා ජාතියද, ජාතිය නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝද ඇතිවෙත්. මෙසේ මේ සියලු (එකම) දුක්ගොඩ ඇතිවීමවෙයි. මහණෙනි, කකුසඳ නම් බෝසතුන්ට වනාහි පහළවීම, යන පෙර නොඇසූ මේ කාරණයෙහි නුවණැස පහළවිය. ඤාණය පහළවිය. ප්‍රඥාව පහළවිය. විද්‍යාව පහළවිය. ආලෝකය පහළවිය.
“මහණෙනි; කකුසඳ නම් බෝසතුන්ට මේ අදහස පහළවිය. ‘කුමක් නැති කල්හි වනාහි ජරාමරණය නැතිවේද, කවරක් නැතිවීමෙන් ජරාමරණය නැතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති කකුසඳ නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘ඉපදීම නැති කල්හි වනාහි ජරාමරණය ඇති නොවේ. ඉපදීම නැතිකිරීමෙන් ජරාව සහ මරණය නැතිවේ’ යයි (නුවණින්) අවබෝධ විය.
මහණෙනි, ඉක්බිති කකුසඳ නම් බෝසතුන්ට මේ සිත පහළවිය. ‘කුමක් නැති කල්හි වනාහි ඉපදීම නැතිවේද, කවරක් නැතිවීමෙන් ඉපදීම නැතිවේද?’ කියායි. මහණෙනි; ඉක්බිති කකුසඳ නම් බෝසතුන්ට, ඇතිතතු මෙනෙහි කිරීමෙන් භවය නැති කල්හි වනාහි ඉපදීම ඇති නොවේ. භවය නැති කිරීමෙන් ඉපදීම නැති වේය’යි (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි; ඉක්බිති කකුසඳ නම් බෝසතුන්ට මේ සිත පහළවිය. ‘කුමක් නැති කල්හි වනාහි භවය නැතිවේද කුමක් නැතිවීමෙන් භවය නැතිවේද?’ කියායි. මහණෙනි; ඉක්බිති කකුසඳ නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘උපාදානය නැති කල්හි වනාහි භවය ඇති නොවේ. උපාදානය නැතිකිරීමෙන් භවය නැතිවේයයි’ (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි; ඉක්බිති කකුසඳ නම් බෝසතුන්ට මේ සිත පහළවිය, ‘කුමක් නැති කල්හි වනාහි උපාදානය නැතිවේද, කවරක් නැතිවීමෙන් උපාදානය නැතිවේද?’ කියායි. මහණෙනි; ඉක්බිති කකුසඳ නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් තණ්හාව නැති කල්හි වනාහි උපාදානය ඇතිනොවේ. තණ්හාව නැතිකිරීමෙන් උපාදානය නැතිවේයයි (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි; ඉක්බිති කකුසඳ නම් බෝසතුන්ට මේ සිත පහළවිය. ‘කුමක් නැති කල්හි වනාහි තණ්හාව නැතිවේද, කවරක් නැතිවීමෙන් තණ්හාව නැතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති කකුසඳ නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් වේදනාව නැති කල්හි වනාහි තණ්හාව ඇති නොවේ. වේදනාව නැතිකිරීමෙන් තණ්හාව නැතිවේයයි’ (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි; ඉක්බිති කකුසඳ නම් බෝසතුන්ට මේ සිත පහළවිය. “කුමක් නැතිකල්හි වනාහි වේදනාව නැතිවේද කවරක් නැතිවීමෙන් වේදනාව නැතිවේද?’ කියායි මහණෙනි; ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘ස්පර්ශය නැති කල්හි වනාහි වේදනාව ඇති නොවේ. ස්පර්ශය නැති කිරීමෙන් වේදනාව නැතිවේයයි’ (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති කකුසඳ නම් බෝසතුන්ට මේ සිත පහළවිය. ‘කුමක් නැතිකල්හි වනාහි ස්පර්ශය නැතිවේද, කවරක් නැතිවීමෙන් ස්පර්ශය නැතිවේද?’ කියායි. මහණෙනි; ඉක්බිති කකුසඳ නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘සළායතනයන් නැති කල්හි වනාහි ස්පර්ශය ඇති නොවේ. සළායතනයන් නැති කිරීමෙන් ස්පර්ශය නැති වේයයි’ (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති කකුසඳ නම් බෝසතුන්ට මේ සිත පහළ විය. ‘කුමක් නැති කල්හි වනාහි සළායතන නැතිවේද, කවරක් නැතිවීමෙන් සළායතන නැතිවේද?’ කියායි මහණෙනි, ඉක්බිති කකුසඳ නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘නාමරූපයෝ නැති කල්හි වනාහි සළායතන ඇති නොවේ. නාමරූපයෝ නැති කිරීමෙන් සළායතන නැති වේයයි’ (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති කකුසඳ නම් බෝසතුන්ට මේ සිත පහළ විය. ‘කුමක් නැතිකල්හි වනාහි නාමරූපයෝ නැතිවේද, කවරක් නැති වීමෙන් නාමරූපයෝ නැති වේද?’ කියායි. මහණෙනි, ඉක්බිති කකුසඳ නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘විඤ්ඤාණය නැති කල්හි වනාහි නාමරූපයන් ඇති නොවේ. විඤ්ඤාණය නැති කිරීමෙන් නාමරූපයන් නැති වේයයි (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති කකුසඳ නම් බෝසතුන්ට මේ සිත පහළවිය. ‘කුමක් නැති කල්හි වනාහි විඤ්ඤාණය නැති නොවේද? කවරක් නැති වීමෙන් විඤ්ඤාණය නැතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති කකුසඳ නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘සංස්කාර නැති කල්හි වනාහි විඤ්ඤාණය ඇති නොවේ. සංස්කාර නැති කිරීමෙන් විඤ්ඤාණය නැතිවේයයි’ (නුවණින්) අවබෝධ විය.
මහණෙනි, ඉක්බිති කකුසඳ නම් බෝසතුන්ට මේ අදහස පහළ විය. ‘කුමක් නැති කල්හි වනාහි සංස්කාර නැතිවේද, කවරක් නැති කිරීමෙන් සංස්කාර නැති වේද?’ කියායි. මහණෙනි, ඉක්බිති කකුසඳ නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් අවිද්‍යාව නැති කල්හි වනාහි සංස්කාර ඇති නොවේ. අවිද්‍යාව නැති කිරීමෙන් සංස්කාර නැති වේයයි (නුවණින්) අවබෝධ විය.
මෙසේ අවිද්‍යාව නැතිවීමෙන් සංස්කාර නැතිවේ. සංස්කාර නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවේ. විඤ්ඤාණය නැතිවීමෙන් නාමරූප නැතිවෙයි. නාමරූප නැති වීමෙන් සළායතන නැතිවෙයි. සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැති වෙයි. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් භවය නැතිවෙයි. භවය නැතිවීමෙන් ජාතිය නැතිවෙයි. ජාතිය නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සියලු (එකම) දුක් ගොඩ නැතිවෙයි. මහණෙනි, කකුසඳ නම් බෝසතුන්ට වනාහි නැතිවීම නැතිවීමයයි පෙර නො ඇසූ නුවණැස පහළවිය. විද්‍යාව පහළවිය. ආලෝකය පහළ විය.”
 
(හත්වන කකුසඳ සූත්‍රය නිමි.)

DIVIDER SL Elephant
SN 02-01-08. කෝනාගම සූත්‍රය
Arrow Devider1

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනියි” කියා ඒ භික්ෂූහු බුදුන්ට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, බුද්ධත්වයට පෙරම බුදු නොවූ බෝසත්වූම, භාග්‍යවත්වූ, අර්හත්වූ, කෝනාගමන නම් සම්මා සම්බුදුන්ට මේ සිත පහළවිය. ‘මේ සත්වලෝකයා (මේ සත්වලෝකයට) දුකසේ පැමිණියේ උපදීද, ජරාවට පත්වීද, මැරේද, චුතවේද, පිළිසිඳ ගනීද, එතකුදු වුවත් ජරාමරණයෙන් යුත් මේ දුක නැතිකිරීම නොදනී. කවර කලක ජරාමරණයෙන් යුත් මේ දුක නැතිකිරීම දකින්නේද?’ කියායි. ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට මේ අදහස පහළ විය. ‘කුමක් ඇති කල්හි ජරාව සහ මරණය ඇති වේද, කුමක් නිසා ජරාව සහ මරණය ඇති වේද?’ කියායි.
“මහණෙනි, ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට ඇතිතතු මෙනෙහි කිරීමෙන් සහ නුවණින් මෙනෙහි කිරීමෙන් ඉපදීම ඇති කල වනාහි ජරාව සහ මරණය ඇතිවෙයි. ඉපදීම නිසා ජරාව සහ මරණය ඇති වෙයි කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට මේ සිත පහළ විය. ‘කුමක් ඇති කල්හි ඉපදීම ඇති වේද, කුමක් නිසා ඉපදීම ඇතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් භවය ඇති කල්හි වනාහි ඉපදීම ඇතිවෙයි කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට මේ සිත පහළවිය. ‘කුමක් ඇතිකල්හි වනාහි භවය ඇතිවේද, කුමක් නිසා භවය ඇතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘උපාදානය (තදින් ඇලීම) ඇති කල්හි වනාහි භවය ඇතිවෙයි, උපාදානය නිසා භවය ඇති වෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට මේ අදහස පහළ විය. ‘කුමක් ඇති කල්හි වනාහි උපාදානය ඇතිවේද, කුමක් නිසා උපාදානය ඇතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘තණ්හාව ඇති කල්හි වනාහි උපාදානය ඇතිවෙයි.’ තණ්හාව නිසා උපාදානය ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට මේ අදහස පහළවිය, ‘කුමක් ඇති කල්හි තණ්හාව ඇතිවේද කුමක් නිසා තණ්හාව ඇතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘වේදනාව ඇතිකල්හි වනාහි තණ්හාව ඇතිවෙයි,’ කියා (නුවණින්) අවබෝධ විය.
මහණෙනි, ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට මේ අදහස පහළවිය. ‘කුමක් ඇති කල්හි වනාහි වේදනාව ඇතිවේද, කුමක් නිසා වේදනාව ඇතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘ස්පර්ශය ඇති කල්හි වනාහි වේදනාව ඇති වෙයි. ස්පර්ශය නිසා වේදනාව ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි; ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට මේ අදහස පහළවිය. ‘කුමක් ඇති කල්හි වනාහි ස්පර්ශය ඇතිවේද, කුමක් නිසා ස්පර්ශය ඇතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘සළායතනයන් ඇති කල්හි වනාහි ස්පර්ශය ඇතිවෙයි, සළායතනයන් නිසා ස්පර්ශය ඇති වෙයි, කියා (නුවණින්) අවබෝධ විය.”
“මහණෙනි, ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට මේ අදහස පහළවිය. ‘කුමක් ඇතිකල්හි වනාහි සළායතනයන් ඇතිවේද, කුමක් නිසා සළායතනයන් ඇතිවේද?’ මහණෙනි; කෝනාගමන නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘නාමරූපයන් ඇති කල්හි වනාහි සළායතනයන් ඇතිවෙයි. නාමරූපයන් නිසා සළායතනයන් ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි; ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට මේ අදහස පහළවිය. ‘කුමක් ඇති කල්හි වනාහි නාමරූපයන් ඇතිවේද, කුමක් නිසා නාමරූපයන් ඇතිවේද?’ කියායි. මහණෙනි; කෝනාගමන නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘විඤ්ඤාණය ඇති කල්හි නාමරූප ඇතිවෙයි, විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි; ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට මේ අදහස පහළවිය. ‘කුමක් ඇති කල්හි වනාහි විඤ්ඤාණය ඇතිවේද?, කුමක් නිසා විඤ්ඤාණය ඇතිවේද?’ කියායි. මහණෙනි; කෝනාගමන නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘සංස්කාරයෝ ඇති කල්හි වනාහි විඤ්ඤාණය ඇතිවෙයි. සංස්කාරයන් නිසා විඤ්ඤාණය ඇති වෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි; කෝනාගමන නම් බෝසතුන්ට මේ අදහස පහළවිය. ‘කුමක් ඇති කල්හි වනාහි සංස්කාරයෝ ඇතිවේද?, කුමක් නිසා සංස්කාරයෝ ඇතිවේද?’ කියායි. මහණෙනි; ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘අවිද්‍යාව ඇතිකල්හි වනාහි සංස්කාරයන් ඇතිවෙයි. අවිද්‍යාව නිසා සංස්කාරයන් ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
“මෙසේ වනාහි අවිද්‍යාව නිසා සංස්කාරද, සංස්කාර නිසා විඤ්ඤාණයද, විඤ්ඤාණය නිසා නාමරූපද, නාමරූප නිසා සළායතනද, සළායතන නිසා ස්පර්ශයද, ස්පර්ශය නිසා වේදනාවද, වේදනාව නිසා තණ්හාවද, තණ්හාව නිසා උපාදානයද, උපාදානය නිසා භවයද, භවය නිසා ජාතිය (ඉපදීම) ද, ජාතිය (ඉපදීම) නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝද ඇතිවෙත්. මෙසේ මේ සියලු (එකම) දුක් ගොඩ ඇතිවීම වෙයි. මහණෙනි; කෝනාගමන නම් බෝසතුන්ට වනාහි ඇතිවීම, ඇතිවීමයයි පෙර නොඇසූ මේ කාරණයෙහි නුවණැස පහළවිය. ඤාණය පහළවිය. ප්‍රඥාව පහළවිය. විද්‍යාව පහළවිය. ආලෝකය පහළවිය.
“මහණෙනි; කෝනාගමන නම් බෝසතුන්ට මේ අදහස පහළවිය. ‘කුමක් නැති කල්හි වනාහි ජරාමරණය නැතිවේද, කවරක් නැතිවීමෙන් ජරාමරණය නැතිවේද?’ කියායි. මහණෙනි; ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් සහ ‘ඉපදීම නැති කල්හි වනාහි ජරාමරණය ඇතිනොවේ. ඉපදීම නැති කිරීමෙන් ජරාව සහ මරණය නැතිවේ’ යයි (නුවණින්) අවබෝධ විය.
මහණෙනි; ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට මේ සිත පහළවිය. ‘කුමක් නැති කල්හි වනාහි ඉපදීම නැතිවේද, කවරක් නැතිවීමෙන් ඉපදීම නැතිවේද?’ කියායි. මහණෙනි; ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට, ඇති තතු මෙනෙහි කිරීමෙන් භවය නැති කල්හි වනාහි ඉපදීම ඇති නොවේ. භවය නැති කිරීමෙන් ඉපදීම නැතිවේය’යි (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි; කෝනාගමන නම් බෝසතුන්ට මේ සිත පහළවිය. ‘කුමක් නැති කල්හි වනාහි භවය නැතිවේද, කවරක් නැතිවීමෙන් භවය නැතිවේද?’ කියායි. මහණෙනි; ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘උපාදානය නැති කල්හි වනාහි භවය ඇතිනොවේ. උපාදානය නැතිකිරීමෙන් භවය නැතිවේයයි’ (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට මේ සිත පහළවිය, ‘කුමක් නැති කල්හි වනාහි උපාදානය නැති වේද, කවරක් නැතිවීමෙන් උපාදානය නැතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් තණ්හාව නැති කල්හි වනාහි උපාදානය ඇති නොවේ. තණ්හාව නැති කිරීමෙන් උපාදානය නැතිවේයයි (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට මේ සිත පහළවිය. ‘කුමක් නැතිකල්හි වනාහි තණ්හාව නැතිවේද, කවරක් නැතිවීමෙන් තණ්හාව නැතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් වේදනාව නැති කල්හි වනාහි තණ්හාව ඇති නොවේ. වේදනාව නැති කිරීමෙන් තණ්හාව නැති වේයයි’ (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට මේ සිත පහළවිය. “කුමක් නැති කල්හි වනාහි වේදනාව නැති වේද, කවරක් නැතිවීමෙන් වේදනාව නැතිවේද?’ කියායි මහණෙනි, ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘ස්පර්ශය නැති කල්හි වනාහි වේදනාව ඇති නොවේ. ස්පර්ශය නැති කිරීමෙන් වේදනාව නැතිවේයයි’ (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට මේ සිත පහළවිය. ‘කුමක් නැති කල්හි වනාහි ස්පර්ශය නැතිවේද, කවරක් නැති වීමෙන් ස්පර්ශය නැතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට ඇතිතතු මෙනෙහි කිරීමෙන් ‘සළායතනයන් නැති කල්හි වනාහි ස්පර්ශය ඇති නොවේ. සළායතනයන් නැති කිරීමෙන් ස්පර්ශය නැති වේයයි’ (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට මේ සිත පහළවිය. ‘කුමක් නැතිකල්හි වනාහි සළායතනයන් නැතිවේද, කවරක් නැතිවීමෙන් සළායතනයන් නැතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘නාමරූපයන් නැති කල්හි වනාහි සළායතනයන් ඇති නොවේ. නාමරූපයන් නැති කිරීමෙන් සළායතනයන් නැතිවේයයි’ (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට මේ සිත පහළ විය. ‘කුමක් නැතිකල්හි වනාහි නාමරූපයන් නැතිවේද, කවරක් නැතිවීමෙන් නාමරූපයෝ නැති වේද?’ කියායි. මහණෙනි, ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘විඤ්ඤාණය නැති කල්හි වනාහි නාමරූපයන් ඇති නොවේ. විඤ්ඤාණය නැති කිරීමෙන් නාමරූපයන් නැති වේය’යි (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට මේ සිත පහළ විය. ‘කුමක් නැති කල්හි වනාහි විඤ්ඤාණය නැති නොවේද? කවරක් නැති වීමෙන් විඤ්ඤාණය නැතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘සංස්කාර නැති කල්හි වනාහි විඤ්ඤාණය ඇති නොවේ. සංස්කාර නැතිකිරීමෙන් විඤ්ඤාණය නැතිවේය’යි (නුවණින්) අවබෝධ විය.
මහණෙනි, ඉක්බිතිව කෝනාගමන නම් බෝසතුන්ට මේ අදහස පහළ විය. ‘කුමක් නැති කල්හි වනාහි සංස්කාර නැතිවේද, කවරක් නැති කිරීමෙන් සංස්කාර නැති වේද?’ කියායි. මහණෙනි, ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් අවිද්‍යාව නැති කල්හි වනාහි සංස්කාර ඇති නොවේ. අවිද්‍යාව නැති කිරීමෙන් සංස්කාර නැතිවේයයි’ (නුවණින්) අවබෝධ විය.
මෙසේ අවිද්‍යාව නැතිවීමෙන් සංස්කාර නැතිවේ. සංස්කාර නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවේ. විඤ්ඤාණය නැතිවීමෙන් නාමරූප නැතිවෙයි. නාමරූප නැතිවීමෙන් සළායතන නැතිවෙයි. සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවෙයි. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් භවය නැතිවෙයි. භවය නැතිවීමෙන් ජාතිය (උප්පත්තිය) නැතිවෙයි. ජාතිය (උප්පත්තිය) නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ නැති වෙයි. මහණෙනි, කෝනාගමන නම් බෝසතුන්ට වනාහි නැතිවීම නැතිවීම යයි පෙර නොඇසූ විරූ ධර්මය විෂයෙහි නුවණැස පහළ විය. විද්‍යාව පහළවිය. ආලෝකය පහළ විය.”
 
(අටවන කෝනාගමන සූත්‍රය නිමි.)

DIVIDER SL Elephant
SN 02-01-09. කස්සප සූත්‍රය
Arrow Devider1

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනියි” කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනියි” කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, භාග්‍යවත්වූ, අර්හත්වූ, “කස්සප” නම් සම්මාසම්බුදුන්ට බුද්ධත්වයට පෙරම බුදුනොවූ, බෝසත් කලම, මේ සිත පහළවිය. ‘මේ සත්ත්වලෝකයා දුකට පැමිණියේ වෙයි, උපදී, ජරාවට පත්වෙයි, මැරෙයි, චුතවෙයි, පිළිසිඳ ගනී, එතකුදු වුවත් ජරාමරණයෙන් යුත් මේ දුක නැති කිරීම නොදනී. කවර කලක ජරා මරණයෙන් යුත් මේ දුක නැති කිරීම දකින්නේද?’ කියායි. ඉක්බිති කස්සප නම් බෝසතුන්ට මේ අදහස පහළ විය. ‘කුමක් ඇති කල්හි ජරාව සහ මරණය ඇතිවේද, කුමක් නිසා ජරාව සහ මරණය ඇතිවේද?’ කියායි.
“මහණෙනි; ඉක්බිති කස්සප නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ඉපදීම ඇති කල වනාහි ජරාව සහ මරණය ඇති වෙයි. ඉපදීම නිසා ජරාව සහ මරණය ඇති වෙයි කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි; ඉක්බිති කස්සප නම් බෝසතුන්ට මේ සිත පහළවිය. ‘කුමක් ඇති කල්හි ඉපදීම ඇතිවේද, කුමක් නිසා ඉපදීම ඇතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති කස්සප නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් භවය ඇති කල්හි වනාහි ඉපදීම ඇති වෙයි කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති කස්සප නම් බෝසතුන්ට මේ අදහස පහළවිය. කුමක් ඇති කල්හි වනාහි භවය ඇතිවේද, කුමක් නිසා භවය ඇති වේද?’ කියායි. මහණෙනි, ඉක්බිති කස්සප නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘උපාදානය (තදින් ඇලීම) ඇති කල්හි වනාහි භවය ඇතිවෙයි, ‘උපාදානය නිසා භවය ඇති වෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති කස්සප නම් බෝසතුන්ට මේ අදහස පහළ විය. ‘කුමක් ඇති කල්හි වනාහි උපාදානය ඇතිවේද, කුමක් නිසා උපාදානය ඇතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති කස්සප නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘තණ්හාව’ ඇති කල්හි වනාහි උපාදනය ඇතිවෙයි. තණ්හාව නිසා උපාදානය ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති කස්සප නම් බෝසතුන්ට මේ අදහස පහළවිය, ‘කුමක් ඇති කල්හි තණ්හාව ඇතිවේද කුමක් නිසා තණ්හාව ඇතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති කස්සප නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘වේදනාව ඇති කල්හි වනාහි තණ්හාව ඇතිවෙයි. වේදනාව නිසා තණ්හාව ඇතිවෙයි කියා (නුවණින්) අවබෝධ විය.
මහණෙනි, ඉක්බිති කස්සප නම් බෝසතුන්ට මේ අදහස පහළ විය. ‘කුමක් ඇති කල්හි වනාහි වේදනාව ඇතිවේද, කුමක් නිසා වේදනාව ඇතිවේද?’ කියායි. මහණෙනි; ඉක්බිති කස්සප නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘ස්පර්ශය ඇති කල්හි වනාහි වේදනාව ඇතිවෙයි. ස්පර්ශය නිසා වේදනාව ඇතිවෙයි,’ කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි; ඉක්බිති කස්සප නම් බෝසතුන්ට මේ අදහස පහළවිය. ‘කුමක් ඇති කල්හි වනාහි ස්පර්ශය ඇතිවේද, ‘කුමක් නිසා ස්පර්ශය ඇතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති කස්සප නම් බෝසතුන්ට, ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘සළායතනයන් ඇති කල්හි වනාහි ස්පර්ශය ඇති වෙයි. සළායතනයන් නිසා ස්පර්ශය ඇති වෙයි කියා (නුවණින්) අවබෝධ විය.”
“මහණෙනි, ඉක්බිති කස්සප නම් බෝසතුන්ට මේ අදහස පහළවිය. ‘කුමක් ඇති කල්හි වනාහි සළායතන ඇති වේද, කුමක් නිසා සළායතන ඇතිවේද?’ කියායි. මහණෙනි, කස්සප නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘නාම රූපයන් ඇති කල්හි වනාහි සළායතන ඇති වෙයි. නාමරූපන් නිසා සළායතන ඇති වෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති කස්සප නම් බෝසතුන්ට මේ අදහස පහළවිය. ‘කුමක් ඇති කල්හි වනාහි නාමරූප ඇතිවේද, කුමක් නිසා නාමරූප ඇතිවේද?’ කියායි. මහණෙනි, කස්සප නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘විඤ්ඤාණය ඇති කල්හි නාමරූප ඇති වෙයි, විඤ්ඤාණය නිසා නාම රූප ඇති වෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති කස්සප නම් බෝසතුන්ට මේ අදහස පහළ විය. ‘කුමක් ඇති කල්හි වනාහි විඤ්ඤාණය ඇතිවේද?, කුමක් නිසා විඤ්ඤාණය ඇතිවේද?’ කියායි. මහණෙනි, කස්සප නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘සංස්කාරයෝ ඇති කල්හි වනාහි විඤ්ඤාණය ඇති වෙයි’ සංස්කාරයන් නිසා විඤ්ඤාණය ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි; කස්සප නම් බෝසතුන්ට මේ අදහස පහළවිය. ‘කුමක් ඇති කල්හි වනාහි සංස්කාර ඇතිවේද?, කුමක් නිසා සංස්කාර ඇති වේද?’ කියායි. මහණෙනි, ඉක්බිති කස්සප නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘අවිද්‍යාව ඇති කල්හි සංස්කාර ඇති වෙයි. අවිද්‍යාව නිසා සංස්කාර ඇතිවෙත්’ කියා (නුවණින්) අවබෝධ විය.
“මෙසේ වනාහි අවිද්‍යාව නිසා සංස්කාරයෝද, සංස්කාර නිසා විඤ්ඤාණයද, විඤ්ඤාණය නිසා නාමරූපද, නාමරූප නිසා සළායතනද, සළායතන නිසා ස්පර්ශයද, ස්පර්ශය නිසා වේදනාවද, වේදනාව නිසා තණ්හාවද, තණ්හාව නිසා උපාදානයද, උපාදානය නිසා භවයද, භවය නිසා ජාතිය (ඉපදීම) ද, ජාතිය (ඉපදීම) නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝද ඇතිවෙත්. මෙසේ මේ සියලු (එකම) දුක්ගොඩ ඇතිවීම වෙයි. මහණෙනි, කස්සප නම් බෝසතුන්ට වනාහි පහළවීම, යන පෙර නොඇසූ මේ කාරණයෙහි නුවණැස පහළවිය. ඤාණය පහළවිය. ප්‍රඥාව පහළවිය. විද්‍යාව පහළවිය. ආලෝකය පහළවිය.
“මහණෙනි; කස්සප නම් බෝසතුන්ට මේ අදහස පහළවිය. ‘කුමක් නැති කල්හි වනාහි ජරාමරණය නැතිවේද, කවරක් නැතිවීමෙන් ජරාමරණය නැතිවේද?’ කියායි. මහණෙනි; ඉක්බිති කස්සප නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘ඉපදීම නැති කල්හි වනාහි ජරාමරණය ඇති නොවේ. ඉපදීම නැති කිරීමෙන් ජරාව සහ මරණය නැතිවේ,’ යයි (නුවණින්) අවබෝධ විය.
මහණෙනි; ඉක්බිති කස්සප නම් බෝසතුන්ට මේ සිත පහළවිය. ‘කුමක් නැති කල්හි වනාහි ඉපදීම නැතිවේද, කවරක් නැතිවීමෙන් ඉපදීම නැතිවේද?’ කියායි. මහණෙනි; ඉක්බිති කස්සප නම් බෝසතුන්ට, ඇති තතු මෙනෙහි කිරීමෙන් භවය නැති කල්හි වනාහි ඉපදීම ඇති නොවේ. භවය නැති කිරීමෙන් ඉපදීම නැතිවේය’යි (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි; ඉක්බිති කස්සප නම් බෝසතුන්ට මේ සිත පහළවිය. ‘කුමක් නැති කල්හි වනාහි භවය නැතිවේද, කවරක් නැතිවීමෙන් භවය නැතිවේද?’ කියායි. මහණෙනි; ඉක්බිති කස්සප නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘උපාදානය නැතිකල්හි වනාහි භවය ඇතිනොවේ. උපාදානය නැති කිරීමෙන් භවය නැතිවේය’යි (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි; ඉක්බිති කස්සප නම් බෝසතුන්ට මේ සිත පහළවිය, ‘කුමක් නැති කල්හි වනාහි උපාදානය නැතිවේද, කවරක් නැතිවීමෙන් උපාදානය නැතිවේද?’ කියායි. මහණෙනි; ඉක්බිති කස්සප නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් තණ්හාව නැති කල්හි වනාහි උපාදානය ඇතිනොවේ. තණ්හාව නැති කිරීමෙන් උපාදානය නැතිවේයයි’ (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි; ඉක්බිති කස්සප නම් බෝසතුන්ට මේ සිත පහළවිය. ‘කුමක් නැතිකල්හි වනාහි තණ්හාව නැතිවේද, කවරක් නැතිවීමෙන් තණ්හාව නැතිවේද?’ කියායි. මහණෙනි; ඉක්බිති කස්සප නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘වේදනාව නැති කල්හි වනාහි තණ්හාව ඇති නොවේ. වේදනාව නැතිකිරීමෙන් තණ්හාව නැතිවේයයි’ (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි; ඉක්බිති කස්සප නම් බෝසතුන්ට මේ සිත පහළවිය. “කුමක් නැති කල්හි වනාහි වේදනාව නැතිවේද කවරක් නැතිවීමෙන් වේදනාව නැතිවේද?’ කියායි. මහණෙනි; ඉක්බිති කස්සප නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘ස්පර්ශය නැති කල්හි වනාහි වේදනාව ඇති නොවේ. ස්පර්ශය නැතිකිරීමෙන් වේදනාව නැතිවේයයි’ (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති කස්සප නම් බෝසතුන්ට මේ සිත පහළවිය. ‘කුමක් නැතිකල්හි වනාහි ස්පර්ශය නැතිවේද, කවරක් නැතිවීමෙන් ස්පර්ශය නැතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති කස්සප නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘සළායතනයන් නැති කල්හි වනාහි ස්පර්ශය ඇති නොවේ. සළායතනයන් නැති කිරීමෙන් ස්පර්ශය නැති වේයයි’ (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති කස්සප නම් බෝසතුන්ට මේ සිත පහළ විය. ‘කුමක් නැතිකල්හි වනාහි සළායතනයන් නැතිවේද, කවරක් නැතිවීමෙන් සළායතන නැතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති කස්සප නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘නාමරූපයෝ නැති කල්හි වනාහි සළායතන ඇති නොවේ. නාමරූපයෝ නැතිකිරීමෙන් සළායතන නැතිවේයයි’ (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති කස්සප නම් බෝසතුන්ට මේ සිත පහළ විය. ‘කුමක් නැතිකල්හි වනාහි නාමරූප නැතිවේද, කවරක් නැතිවීමෙන් නාමරූපයන් නැති වේද?” කියායි. මහණෙනි, ඉක්බිති කස්සප නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘විඤ්ඤාණය නැතිකල්හි වනාහි නාමරූප ඇති නොවේ. විඤ්ඤාණය නැති කිරීමෙන් නාමරූප නැතිවේයයි’ (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති කස්සප නම් බෝසතුන්ට මේ සිත පහළ විය. ‘කුමක් නැති කල්හි වනාහි විඤ්ඤාණය ඇති නොවේද? කවරක් නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවේද?” කියායි. මහණෙනි, ඉක්බිති කස්සප නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘සංස්කාර නැති කල්හි වනාහි විඤ්ඤාණය ඇති නොවේ. සංස්කාර නැති කිරීමෙන් විඤ්ඤාණය නැතිවේයයි’ (නුවණින්) අවබෝධ විය.
මහණෙනි, ඉක්බිති කස්සප නම් බෝසතුන්ට මේ අදහස පහළ විය. ‘කුමක් නැති කල්හි වනාහි සංස්කාර නැතිවේද, කවරක් නැති කිරීමෙන් සංස්කාර නැති වේද?’ කියායි. මහණෙනි, ඉක්බිති කස්සප නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් අවිද්‍යාව නැති කල්හි වනාහි සංස්කාර ඇති නොවේ. අවිද්‍යාව නැති කිරීමෙන් සංස්කාර නැතිවේයයි (නුවණින්) අවබෝධ විය.
මෙසේ අවිද්‍යාව නැතිවීමෙන් සංස්කාර නැතිවේ. සංස්කාර නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවේ. විඤ්ඤාණය නැතිවීමෙන් නාමරූප නැතිවෙයි. නාමරූප නැතිවීමෙන් සළායතන නැතිවෙයි. සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවෙයි. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් භවය නැතිවෙයි. භවය නැතිවීමෙන් ජාතිය (උප්පත්තිය) නැතිවෙයි. ජාතිය (උප්පත්තිය) නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සියලු (එකම) දුක් ගොඩ නැතිවෙයි. මහණෙනි, කස්සප නම් බෝසතුන්ට වනාහි නැතිවීම නැතිවීමයයි පෙර නොඇසූ කාරණයෙහි නුවණැස පහළවිය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.”
 
(නවවන කස්සප සූත්‍රය නිමි.)

DIVIDER SL Elephant
SN 02-01-10. ගෞතම සූත්‍රය
Arrow Devider1

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන්වහන්සේ “මහණෙනි”යි භික්ෂූන් ඇමතූසේක. “ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, බුද්ධත්වයට පෙරම බුදු නොවූ, බෝසත්වූම මට මේ සිත පහළ විය. මේ සත්ත්ව ලෝකයා (මේ ලෝකයට) දුකසේ පැමිණියේ, උපදී ද, ජරාවට පත් වේද, මැරේද, චුතවේද, පිළිසිඳ ගනීද, එතකුදු වුවත්, ජරාමරණයෙන් යුත් මේ දුක නැතිකිරීම නොදනී. කවර කලක වනාහි ජරා මරණයෙන් මේ දුක නැතිකිරීම දන්නේද?’ කියායි. මහණෙනි, ඒ මට මේ අදහස පහළ විය. ‘කුමක් ඇති කල්හි වනාහි ජරාව සහ මරණය ඇති වේද, කුමක් නිසා ජරාව සහ මරණය ඇතිවේද?’ කියායි.
“මහණෙනි, ඒ මට ඇති තතු මෙනෙහි කිරීමෙන් සහ නුවණින් මෙනෙහි කිරීමෙන් ඉපදීම් ඇතිකල්හි වනාහි ජරාව සහ මරණය ඇතිවෙයි ඉපදීම නිසා ජරාව සහ මරණය ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඒ මට මේ අදහස පහළවිය. ‘කුමක් ඇති කල්හි වනාහි ඉපදීම ඇතිවේද, කුමක් නිසා ඉපදීම ඇතිවේද?’ කියායි. මහණෙනි, ඒ මට, ඇති තතු මෙනෙහි කිරීමෙන් සහ නුවණින් මෙනෙහි කිරීමෙන් ‘භවය ඇති කල්හි වනාහි ඉපදීම (ජාතිය) ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඒ මට මේ අදහස පහළවිය. ‘කුමක් ඇති කල්හි වනාහි භවය ඇතිවේද, කුමක් නිසා භවය ඇතිවේද?’ කියායි. මහණෙනි, ඒ මට, ඇති තතු මෙනෙහි කිරීමෙන් සහ නුවණින් මෙනෙහි කිරීමෙන් උපාදානය ඇතිකල්හි වනාහි භවය ඇතිවෙයි. ‘උපාදානය නිසා භවය ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඒ මට මේ අදහස පහළ විය. ‘කුමක් ඇති කල්හි වනාහි උපාදානය ඇතිවේද, ‘කුමක් නිසා උපාදානය ඇතිවේද?’ කියායි. මහණෙනි, ඒ මට, ඇති තතු මෙනෙහි කිරීමෙන් සහ නුවණින් මෙනෙහි කිරීමෙන් ‘තණ්හාව ඇතිකල්හි වනාහි උපාදානය’ ඇතිවෙයි. තණ්හාව නිසා උපාදානය ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඒ මට මේ අදහස පහළවිය. ‘කුමක් ඇති කල්හි වනාහි තණ්හාව ඇතිවේද, ‘කුමක් නිසා තණ්හාව ඇති වේද?’ කියායි. මහණෙනි, ඒ මට ඇති තතු මෙනෙහි කිරීමෙන් සහ නුවණින් මෙනෙහි කිරීමෙන් ‘වේදනාව ඇති කල්හි වනාහි තණ්හාව ඇතිවෙයි. වේදනාව නිසා තණ්හාව ඇති වෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඒ මට මේ අදහස පහළවිය. ‘කුමක් ඇති කල්හි වනාහි වේදනාව ඇතිවේද?, කුමක් නිසා වේදනාව ඇතිවේද?’ කියායි. මහණෙනි, ඒ මට ඇති තතු මෙනෙහි කිරීමෙන් සහ නුවණින් මෙනෙහි කිරීමෙන් ස්පර්ශය ඇතිකල්හි වනාහි ‘වේදනාව ඇතිවෙයි. ස්පර්ශය නිසා වේදනාව ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඒ මට මේ අදහස පහළ විය. ‘කුමක් ඇති කල්හි වනාහි ස්පර්ශය ඇතිවේද, කුමක් නිසා ස්පර්ශය ඇතිවේද?’ කියායි. මහණෙනි, ඒ මට ඇති තතු මෙනෙහි කිරීමෙන් සහ නුවණින් මෙනෙහි කිරීමෙන් ‘සළායතන ඇති කල්හි වනාහි ස්පර්ශය ඇතිවෙයි. ‘සළායතනයන් නිසා ස්පර්ශය ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
මහණෙනි, ඒ මට මේ අදහස පහළ විය. කුමක් ඇති කල්හි වනාහි ‘සළායතනයන් ඇතිවේද, කුමක් නිසා සළායතනයන් ඇතිවේද?’ කියායි. මහණෙනි, ඒ මට ඇති තතු මෙනෙහි කිරීමෙන් සහ නුවණින් මෙනෙහි කිරීමෙන් ‘නාමරූප ඇති කල්හි වනාහි සළායතන’ ඇති වෙයි. ‘නාමරූප නිසා සළායතන ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
මහණෙනි, ඒ මට මේ අදහස පහළවිය. ‘කුමක් ඇති කල්හි වනාහි නාමරූප ඇතිවේද, කුමක් නිසා නාමරූප ඇති වේද?’ කියායි. මහණෙනි, ඒ මට ඇති තතු මෙනෙහි කිරීමෙන් සහ නුවණින් මෙනෙහි කිරීමෙන් ‘විඤ්ඤාණය ඇති කල්හි වනාහි නාමරූප ඇතිවෙයි. විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධවිය.
“මහණෙනි, ඒ මට මේ අදහස පහළ විය. ‘කුමක් ඇති කල්හි වනාහි විඤ්ඤාණය ඇතිවේද?’ ‘කුමක් නිසා විඤ්ඤාණය ඇති වෙයිද?’ කියායි. මහණෙනි, ඒ මට ඇති තතු මෙනෙහි කිරීමෙන් සහ නුවණින් මෙනෙහි කිරීමෙන් ‘සංස්කාර ඇති කල්හි වනාහි විඤ්ඤාණය ඇති වෙයි, සංස්කාර නිසා විඤ්ඤාණය ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඒ මට මේ අදහස පහළ විය. ‘කුමක් ඇතිකල්හි වනාහි සංස්කාරයෝ ඇති වෙත්ද, කුමක් නිසා සංස්කාරයෝ ඇතිවෙත්ද?’ කියායි. “මහණෙනි, ඒ මට ඇති තතු මෙනෙහි කිරීමෙන් සහ නුවණින් මෙනෙහි කිරීමෙන් අවිද්‍යාව ඇති කල්හි වනාහි සංස්කාරයෝ ඇතිවෙත්. අවිද්‍යාව නිසා සංස්කාරයෝ ඇතිවෙත් යයි (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, මෙසේ මෙය අවිද්‍යාව නිසා සංස්කාරයෝ ඇතිවෙති. සංස්කාරයන් නිසා විඤ්ඤාණය ඇතිවේ. විඤ්ඤාණය නිසා නාම රූප ඇතිවේ. නාම රූප නිසා සළායතන ඇතිවේ. සළායතන නිසා ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා (ජාතිය) ඉපදීම ඇතිවේ. ඉපදීම (ජාතිය) නිසා ජරාමරණ, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැලපීම් ඇතිවෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ ඇතිවේ. මහණෙනි, මට වනාහි සමුදය සමුදය යයි පෙර නොඇසූ විරූ ධර්මය විෂයයෙහි නුවණැස පහළවිය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.
“මහණෙනි, ඒ මට මේ අදහස පහළවිය. ‘කුමක් නැති කල්හි වනාහි ජරා මරණය නැති වේද, කවරක් නැතිවීමෙන් ජරා මරණය නැති වේද?’ කියායි. මහණෙනි, ඒ මට ඇති තතු මෙනෙහි කිරීමෙන් සහ නුවණින් මෙනෙහි කිරීමෙන් ‘ඉපදීම නැති කල්හි වනාහි ජරා මරණය ඇති නොවේ. ඉපදීම නැතිකිරීමෙන් ජරාව සහ මරණය නැතිවේ’යයි (නුවණින්) අවබෝධවිය.
“මහණෙනි, ඒ මට මේ අදහස පහළවිය. ‘කුමක් නැති කල්හි වනාහි ඉපදීම නැති වේද, කවරක් නැතිවීමෙන් ඉපදීම නැතිවේද?’ කියායි. මහණෙනි, ඒ මට ඇති තතු මෙනෙහි කිරීමෙන් සහ නුවණින් මෙනෙහි කිරීමෙන් ‘භවය නැති කල්හි වනාහි ඉපදීම ඇති නොවෙයි. භවය නැති කිරීමෙන් ඉපදීම නැති වේයයි, (නුවණින්) අවබෝධවිය.
“මහණෙනි, ඒ මට මේ අදහස පහළවිය. කුමක් නැතිකල්හි වනාහි භවය නැතිවේද, කුමක් නැතිවීමෙන් භවය නැතිවේද?’ කියායි. මහණෙනි, ඒ මට ඇති තතු මෙනෙහි කිරීමෙන් උපදානය නැති කල්හි වනාහි භවය නැතිවෙයි. උපාදානය නැතිකිරීමෙන් භවය නැතිවේයයි කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඒ මට මේ අදහස පහළවිය. ‘කුමක් නැති කල්හි වනාහි උපාදානය (තදින් අල්ලාගැනීම) නැති වේද, කවරක් නැතිවීමෙන් උපාදානය නැතිවේද?’ කියායි. මහණෙනි, ඒ මට ඇති තතු මෙනෙහි කිරීමෙන් තණ්හාව නැති කල්හි වනාහි උපාදානය නැතිවෙයි. තණ්හාව නැති කිරීමෙන් උපාදනය නැතිවේයයි (නුවණින්) අවබෝධවිය.
“මහණෙනි, ඒ මට මේ අදහස පහළවිය. ‘කුමක් නැතිකල්හි වනාහි තණ්හාව නැතිවේද, කවරක් නැතිවීමෙන් තණ්හාව නැතිවේද?’ කියායි. මහණෙනි, ඒ මට ඇති තතු මෙනෙහි කිරීමෙන් වේදනාව නැති කල්හි වනාහි තණ්හාව නැතිවෙයි. වේදනාව නැතිකිරීමෙන් තණ්හාව නැතිවේයයි (නුවණින්) අවබෝධවිය.
“මහණෙනි, ඒ මට මේ අදහස පහළවිය. ‘කුමක් නැති කල්හි වනාහි වේදනාව නැතිවේද කවරක් නැතිවීමෙන් වේදනාව නැතිවේද?’ කියායි. මහණෙනි, ඒ මට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘ස්පර්ශය නැති කල්හි වනාහි වේදනාව නැතිවෙයි. ස්පර්ශය නැතිකිරීමෙන් වේදනාව නැතිවේයයි (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඒ මට මේ අදහස පහළවිය. ‘කුමක් නැතිකල්හි වනාහි ස්පර්ශය නැතිවේද, කවරක් නැතිවීමෙන් ස්පර්ශය නැතිවේද?’ කියායි. මහණෙනි, ඒ මට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘සළායතනයන් නැති කල්හි වනාහි ස්පර්ශය නැතිවෙයි. සළායතනයන් නැතිකිරීමෙන් ස්පර්ශය නැතිවේයයි, (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඒ මට මේ අදහස පහළවිය. ‘කුමක් නැතිකල්හි වනාහි සළායතන (ෂට් ඉන්ද්‍රියයන්) නැතිවේද, කවරක් නැතිවීමෙන් සළායතනයන් නැතිවේද?’ කියායි. මහණෙනි, ඒ මට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘නාම රූපයන් නැති කල්හි වනාහි සළායතනයන් නැතිවෙයි නාමරූපයන් නැතිකිරීමෙන් සළායතනයන් නැතිවේයයි’ (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඒ මට මේ අදහස පහළවිය. ‘කුමක් නැති කල්හි වනාහි නාමරූපයන් නැතිවේද, කවරක් නැතිවීමෙන් නාමරූපයන් නැතිවේද?’ කියායි. මහණෙනි, ඒ මට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘විඤ්ඤාණය නැති කල්හි වනාහි නාමරූප නැතිවෙයි. විඤ්ඤාණය නැතිකිරීමෙන් නාමරූප නැතිවේයයි, (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඒ මට මේ අදහස පහළවිය. ‘කුමක් නැති කල්හි වනාහි විඤ්ඤාණය නැතිවේද, කවරක් නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවේද?’ කියායි. මහණෙනි ඒ මට ඇති තතු මෙනෙහි කිරීමෙන් සංස්කාර නැති කල්හි වනාහි විඤ්ඤාණය නැතිවෙයි. සංස්කාර නැති කිරීමෙන් විඤ්ඤාණය නැතිවේයයි (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඒ මට මේ අදහස පහළවිය. ‘කුමක් නැති කල්හි වනාහි සංස්කාරයෝ ඇති නොවෙත්ද, කවරක් නැතිවීමෙන් සංස්කාරයෝ නැතිවෙත්ද?’ කියායි. මහණෙනි, ඒ මට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘අවිද්‍යාව නැති කල්හි වනාහි සංස්කාරයෝ ඇති නොවෙත්. ‘අවිද්‍යාව නැතිවීමෙන් සංස්කාරයන් නැතිවේයයි’ (නුවණින්) අවබෝධ විය.
“මෙසේ අවිද්‍යාව නැතිවීමෙන් සංස්කාරයන් නැතිවේ. සංස්කාරයන් නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවේ. විඤ්ඤාණය නැතිවීමෙන් නාමරූප නැතිවෙයි. නාමරූප නැතිවීමෙන් සළායතන නැතිවෙයි. සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවෙයි. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් භවය නැතිවෙයි. භවය නැතිවීමෙන් ජාතිය (උත්පත්තිය) නැතිවෙයි. ජාතිය (උත්පත්තිය) නැතිවීමෙන් ජරාමරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැති වෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ නැතිවීම වෙයි. මහණෙනි, මට වනාහි නිරෝධය නිරෝධයයි (නැතිවීම නැතිවීමයයි) පෙර නොඇසූ විරූ ධර්මය විෂයෙහි නුවණැස පහළවිය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.
 
(දසවන ගෞතම සූත්‍රය නිමි)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.