§ SN 04-03-02-01. අකොධන සුත්‍රය
§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අසල අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
§ 2. ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හිඳ මෙසේ කීය. ,
“ස්වාමීනි, මම මිනිස් ඇස් ඉක්මවූ දිවැසින් මේ ලෝකයෙහි ජීවත්වූ ස්ත්‍රීන් සමහරෙක්, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදින සැටි දකිමි. ස්වාමීනි, කවර ධර්මයන්ගෙන් යුක්තවූ ස්ත්‍රිය එසේ ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි උපදීදැයි” ඇසූයේය.
§ 3. අනුරුද්ධය, ධර්ම පසකින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදියි. කවර ධර්ම පසකින්දයත්,
- ශ්‍රද්ධා ඇත්තියක්වේද,
- ලජ්ජා ඇත්තියක්වේද,
- භය ඇත්තියක්වේද,
- ක්‍රොධ නොකරන්නියක් වේද,
- නුවණ ඇත්තියක් වේද,
අනුරුද්ධය, මේ ධර්ම පසින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතිවූ ස්වර්ග ලෝකයෙහි උපදී.”
SN 04-03-02-02. අනුපානාහී සූත්‍රය
§ 1. මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණසේක.
§ 2. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි ධර්ම පසකින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදියි. කවර ධර්ම පසකින්ද යත්, ශ්‍රද්ධා ඇත්තියක් වේද, ලජ්ජා ඇත්තියක් වේද, භය ඇත්තියක් වේද, බද්ධ වෛර නැත්තියක්වේද, නුවණ ඇත්තියක්වේද, මහණෙනි, මේ ධර්ම පසින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතිවූ ස්වර්ග ලෝකයෙහි උපදී.”
SN 04-03-02-03. අනුස්සුකී සූත්‍රය
§ 1. (මෙතැන් සිට මේ වර්ගයේ සියලු සූත්‍ර මෙහි දෙවෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරනලදී.)
“මහණෙනි, ධර්ම පසකින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදියි. කවර ධර්ම පසකින්ද යත්, ශ්‍රද්ධා ඇත්තියක් වේද, ලජ්ජා ඇත්තියක් වේද, භය ඇත්තියක් වේද, ඊර්ෂ්‍යා නැත්තියක් වේද, නුවණ ඇත්තියක්වේද, මහණෙනි, මේ ධර්ම පසින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතිවූ ස්වර්ග ලෝකයෙහි උපදී.”
SN 04-03-02-04. අමච්ඡරී සූත්‍රය
“මහණෙනි, ධර්ම පසකින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදියි. කවර ධර්ම පසකින්ද යත්, ශ්‍රද්ධා ඇත්තියක් වේද, ලජ්ජා ඇත්තියක් වේද, භය ඇත්තියක් වේද, මසුරු මළ නැත්තියක් වේද, නුවණ ඇත්තියක්වේද, මහණෙනි, මේ ධර්ම පසින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතිවූ ස්වර්ග ලෝකයෙහි උපදී.”
SN 04-03-02-05. අනතිචාරී සූත්‍රය
මහණෙනි,
ධර්ම පසකින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදී.
කවර ධර්ම පසකින්ද යත්, ශ්‍රද්ධා ඇත්තියක් වේද, ලජ්ජා ඇත්තියක් වේද, භය ඇත්තියක් වේද, ස්වාමියා ඉක්ම නොපවතීද, නුවණ ඇත්තියක් වේද, මහණෙනි, මේ ධර්ම පසින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතිවූ ස්වර්ග ලෝකයෙහි උපදී.”
SN 04-03-02-06. සීලවා සූත්‍රය
“මහණෙනි,
ධර්ම පසකින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදියි. කවර ධර්ම පසකින්ද යත්, ශ්‍රද්ධා ඇත්තියක් වේද, ලජ්ජා ඇත්තියක්වේද, භය ඇත්තියක්වේද සිල්වත්වේද, නුවණ ඇත්තියක්වේද මහණෙනි, මේ ධර්ම පසින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතිවූ ස්වර්ග ලෝකයෙහි උපදී.”
SN 04-03-02-07. බහුස්සුත සූත්‍රය
මහණෙනි,
ධර්ම පසකින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදියි.
කවර ධර්ම පසකින්ද යත්, ශ්‍රද්ධා ඇත්තියක් වේද, ලජ්ජා ඇත්තියක්වේද, භය ඇත්තියක්වේද, බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තියක් වේද, නුවණ ඇත්තියක් වේද, මහණෙනි, මේ ධර්ම පසින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතිවූ ස්වර්ග ලෝකයෙහි උපදී.
SN 04-03-02-08. විරිය සූත්‍රය
“මහණෙනි,
ධර්ම පසකින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදියි.
කවර ධර්ම පසකින්ද යත්, ශ්‍රද්ධා ඇත්තියක් වේද, ලජ්ජා ඇත්තියක් වේද, භය ඇත්තියක් වේද, පටන්ගත් වීර්ය ඇත්තියක් වේද, නුවණ ඇත්තියක් වේද, මහණෙනි, මේ ධර්ම පසින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතිවූ ස්වර්ග ලෝකයෙහි උපදී.”
SN 04-03-02-09. සති සූත්‍රය
“මහණෙනි,
ධර්ම පසකින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදියි.
කවර ධර්ම පසකින්ද යත්, ශ්‍රද්ධා ඇත්තියක්වේද, ලජ්ජා ඇත්තියක් වේද, භය ඇත්තියක් වේද, එළඹ සිටි සිහි ඇත්තියක් වේද, නුවණ ඇත්තියක් වේද, මහණෙනි, මේ ධර්ම පසින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතිවූ ස්වර්ග ලෝකයෙහි උපදීයයි” වදාළසේක.
SN 04-03-02-10. පඤ්චසීල සූත්‍රය
“මහණෙනි,
ධර්ම පසකින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදී.
කවර ධර්ම පසකින්ද යත්, සතුන් මැරීමෙන් වැළකුනී වේද, නුදුන් දේ ගැනීමෙන් වැළකුනී වෙයිද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනී වෙයිද, බොරු කීමෙන් වැළකුනී වෙයිද, මදයට හා ප්‍රමාදයට හේතුවූ රහමෙර බීමෙන් වැළකුනී වෙයිද, මහණෙනි, මේ ධර්ම පසින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදීයයි” වදාළසේක.