§AN 10-13-1. පරිසුද්ධ ධම්ම සූත්‍රය
’’මහණෙනි, පිරිසිදුවුද , බබලන්නාවුද , ධර්මයෝ දශයක් සුගත විනයෙහි විනා අන් තැනෙක නැත්තේය. ඒ කුමන ධර්මයන් දසයක් ද යත් :
- ’’මනා දැනීම,
- මනා සිතීම,
- මනා වචන,
- මනා කර්මාන්තය,
- මනා ජීවිකාව,
- මනා වෑයම,
- මනා සිහිකිරීම,
- මනා සිත එකඟ කිරීම,
- මනා නුවණ,
- මනා මිදීම, වෙත්.
§ AN 10-13- 2. අනුප්පන්න ධම්ම සූත්‍රය
§’’මහණෙනි, නූපන්නාවූ ධර්මදහයක් උපදිත්, සුගත විනයෙහි විනා අන් තැනෙක නැත්තේය.
’’මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්.
§ AN 10-13- 3. තතිය නොහොත් මහප්ඵල ධම්ම සූත්‍රය
§’මහණෙනි, මහත්ඵල, මහානිසංසවූ ධර්ම දහයක් සුගත විනයෙහි හැර අන් තැනෙක නැත්තේය.
’’මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්.
§ AN 10-13- 4. චතුත්ථ නොහොත් කිලෙසවිනය ධම්ම සූත්‍රය
§මහණෙනි, ධර්ම දහයක් රාගය හික්මවීම අවසන්කොට ඇත්තාහ. ද්වේෂය, මොහය හික්මවීම අවසන්කොට ඇත්තාහ. මේ ධර්මයෝ සුගත විනයෙහි හැර අන් තැනෙක නැත්තේය.
’’මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්.
§ AN 10-13- 5. පඤ්චම නොහොත් ඒකන්ත නිබ්බාන සූත්‍රය
§’මහණෙනි, මේ ධර්ම දහයක් ඒකාන්තයෙන් කලකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස, විශිෂ්ට ඥානය පිණිස, අවබෝධය පිණිස, නිවණ පිණිස, පවතිත්. සුගත විනයෙහි හැර අන් තැනෙක නැත්තේය.
’’මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්.
§ AN 10-13- 6. ඡට්ඨ සූත්‍රය නොහොත් භාවනානුප්පන්න සූත්‍රය
§’මහණෙනි, වඩන ලද, බහුල වශයෙන් කරණ ලද, මේ ධර්ම දහයක් උපදිත්. සුගත විනයෙහි හැර අන් තැනෙක නැත්තේය.
’’මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්.
§ AN 10-13- 7. සත්තම සූත්‍රය නොහොත් භාවිත මහප්ඵල සූත්‍රය
§මහණෙනි, වඩන ලද, බහුල වශයෙන් කරණ ලද, මේ ධර්ම දහයක්, රාග විනය, ද්වේෂ විනය, මොහ විනය අවසන්කොට ඇත්තාහ. සුගත විනයෙහි හැර අන් තැනෙක නැත්තේය.
’’මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්.
§ AN 10-13- 8. භාවිත රාග විනය සූත්‍රය
’මහණෙනි, වඩන ලද, බහුල වශයෙන් කරණ ලද, මේ ධර්ම දහයක්, රාග විනය, ද්වේෂ විනය, මොහ විනය අවසන්කොට ඇත්තාහ. සුගත විනයෙහි හැර අන් තැනෙක නැත්තේය.
- ’’මනා දැනීම,
- මනා සිතීම,
- මනා වචන,
- මනා කර්මාන්තය,
- මනා ජීවිකාව,
- මනා වෑයම,
- මනා සිහිකිරීම,
- මනා සිත එකඟ කිරීම,
- මනා නුවණ,
- මනා මිදීම, වෙත්.
§ AN 10-13-9. (භාවිත එකන්ත නිබ්බිදා සූත්‍රය) නවම සූත්‍රය
§’’මහණෙනි, ධර්ම දහයක් පුරුදු කරණ ලද්දාහු, බහුල වශයෙන් කරණ ලද්දාහු, ඒකාන්තයෙන් කලකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරුද්ධිය පිණිස, සංසිඳීම පිණිස, විශිෂ්ට ඥාණය පිණිස, අවබෝධය පිණිස, නිවණ පිණිස පවතිත්. මේ ධර්මයෝ සුගත විනයෙහි හැර අන් තැනක නැත.
- ’’මනා දැනීම,
- මනා සිතීම,
- මනා වචන,
- මනා කර්මාන්තය,
- මනා ජීවිකාව,
- මනා වෑයම,
- මනා සිහිකිරීම,
- මනා සිත එකඟ කිරීම,
- මනා නුවණ,
- මනා මිදීම, වෙත්.
§ AN 10- 10. දස මිච්ඡත්ත සූත්‍රය
§’මහණෙනි, බොරු දහයක් වෙත්. කවර දහයක්ද යත්?
- වැරදි දෘෂ්ටිය,
- වැරදි සිතීම,
- වැරදි කථාව,
- වැරදි ක්‍රියාව,
- වැරදි පැවැත්ම,
- වැරදි වෑයම,
- වැරදි සිහිය,
- වැරදි ලෙස සිත එකඟකම,
- වැරදි නුවණ,
- වැරදි මිදීමය.
’’මහණෙනි, මෙය වැරදි දේ යයි කියනු ලැබේ.’’
§ AN 10- 11. දස සම්මත්ත සූත්‍රය
මහණෙනි, සත්‍යයෝ දහයක් වෙත්.
- ’’මනා දැනීම,
- මනා සිතීම,
- මනා වචන,
- මනා කර්මාන්තය,
- මනා ජීවිකාව,
- මනා වෑයම,
- මනා සිහිකිරීම,
- මනා සිත එකඟ කිරීම,
- මනා නුවණ, මනා මිදීම, වෙත්.
’’මහණෙනි, මේ දශය සත්‍ය දේ යයි කියනු ලැබේ.’’