
AN 06-08-01. දුක්ඛසූත්රය නොහොත් දිඨධම්ම විහරණ සූත්රය
AN 06-08-02. අරහන්තසච්චිකරණ සූත්රය
AN 06-08-03. උත්තරිමනුස්සධම්ම සූත්රය
AN 06-08-04. සුඛසොමනස්සබහුල සූත්රය
AN 06-08-05. අනධිගතාධිගමන සූත්රය
AN 06-08-06. මහත්තපාපුණන සූත්රය
AN 06-08-07. පඨම නිරය සූත්රය නොහොත් පානාතිපාතාදී ඡධම්ම සූත්රය
AN 06-08-08. දුතිය නිරය සූත්රය නොහොත් මුසාවාදාදී ඡධම්ම සූත්රය
AN 06-08-09. අග්ගධම්ම සච්ඡිකරණ සූත්රය
AN 06-08-10. රත්තිත්දිව හානිවුද්ධි සූත්රය
AN 06-08-01. දිට්ඨධම්ම විහරණ සූත්ර
’’මහණෙනි, කරුණු සයෙකින් යුත් භික්ෂුව මේ ජීවිතයෙහි හිරිහැර සහිතව, සිත් තැවුල් සහිතව, අසහනයෙන් යුතුව දෑවිලි සහිතව. දුකසේ වසයි. එබන්දෙක් කය බිඳීමෙන් මරණින් පසු දුගතියකම උපත ලබයි.
’’කවර සිතුවිලි සයෙකින්ද යත්?
- කාම සිතුවිල්ලෙන් යුතු,
- නපුරු සිතුවිල්ලෙන් යුතු ,
- හිංසා සිතුවිල්ලෙන් යුතු ,
- කාම වැටහීමෙන්,
- නපුරු වැටහීමෙන්,
- හිංසා වැටහීමෙන්ය.
මහණෙනි, කරුණු සයෙකින් යුත් භික්ෂුව මේ ආත්මයෙහි හිරිහැර සහිතව, සිත් තැවුල් සහිතව, දැවිලි සහිතව. දුකසේ වසයි. කය බිඳීමෙන් මරණින් පසු දුගතිය බලාපොරොත්තු වියයුතු වෙයි.
’’මහණෙනි, මේ කරුණු සයෙකින් යුත් භික්ෂුව මේ ජීවිතයේදී හිරිහැර රහිතව, සිත් තැවුල් රහිතව, දැවිලි රහිතව. සැපසේ වෙසෙයි. කය බිඳීමෙන් මරණයෙන් පසුව ඔහුට සුගතිය (හොඳ ඉපදීමක්) බලාපොරොත්තු විය හැකිය. .
’’කවර සයෙකින්ද යත්?
- කාමයෙන් නික්මීමේ සිතුවිල්ල,
- නපුරු නැති සිතුවිල්ල,
- හිංසා නැති සිතුවිල්ල,
- කාමයෙන් නික්මීමේ වැටහීම,
- නපුරු නැති වැටහීම,
- හිංසා නැති වැටහීම.
මහණෙනි, මේ කරුණු සයෙකින් යුත් භික්ෂුව මේ ජීවිතයේදී හිරිහැර රහිතව, සිත් තැවුල් රහිතව, දැවිලි රහිතව. සැපසේ වෙසෙයි. කය බිඳීමෙන් මරණයෙන් පසුව ඔහුට සුගතිය (හොඳ ඉපදීමක්) බලාපොරොත්තු විය භැකිය .
AN 06-08-02. අරහන්ත සච්චිකරණ සූත්රය
’මහණෙනි, කරුණු සයක් හැර නොදමා, රහත්බව සාක්ෂාත් කිරීමට නොහැකිය.
’’කවර සයක්ද යත්?
- මානය,
- අවමානය,
- අතිමානය,
- අධිමානය.
- තදගතිය,
- තද නිවටකමයි.
මහණෙනි, මේ කරුණු සය හැර නොදමා, රහත්බවට පත් වීමට නොහැකිය.
AN 06-08-03. උත්තරි මනුස්සධම්ම සූත්රයAN 06-08-02
’’මහණෙනි, කරුණු සයක් හැර නොදමා, මිනිස්බව ඉක්මවූ, ආර්යභාවය ගෙනදීමට සමර්ත්ථ නුවණ ලබන්නට ප්රඥාව අත්කරගන්නට නොහැකිය.
’’කවර සයක්ද යත්?
- සිහි මුළාව,
- විමසීමේ නුවණ නැති බව,
- ඉඳුරන්හි දොර නොවැසීම,
පසිඳුරන් නොරැක එන එන අරමුණු වල එල්ලීමෙන් - ආහාරයෙහි පමණ නොදන්නා බව,
- කුහනාව නොහොත්ව රැවටීම වඤ්චාව,
(a) පච්චය පටිසේවන කුහනාව
(b) සාමන්ත ජප්පහන කුහනාව
(c) ඉරියාපථ සන්නිසසිත කුහනාව නැති සන්සුන් ගමනක ඉඳීමක අයුරු පෙන්වීම
6. ලපනා – ප්රත්ය ලබාගැනීමට දායකයන්ට කරන චාටු කථාවය.
මහණෙනි, මේ කරුණු සය හැර නොදමා, මිනිස්බව ඉක්මවූ, ආර්යභාවය ගෙනදීමට සමර්ත්ථ නුවණ කොටස අත්කරන්නට නොහැකිය.
’’ මහණෙනි, කරුණු සයක් හැර දමා, මිනිස්බව ඉක්මවූ, ආර්යභාවය ගෙනදීමට සමර්ත්ථ නුවණ කොටස අත්කරන්නට හැකි වෙයි.’’කවර සයක්ද යත්?
- සිහි මුළාව,
- විමසීමේ නුවණ නැති බව,
- ඉඳුරන්හි දොර නොවැසීම,
- ආහාරයෙහි පමණ නොදන්නා බව,
- වඤ්චාව,
- චාටු කථාවය.
මහණෙනි, මේ කරුණු සය හැර දමා, මිනිස්බව ඉක්මවූ, ආර්යභාවය ගෙනදීමට සමර්ත්ථ ප්රඥාව නුවණ අත්කරන්නට හැකි වෙයි.
AN 06-08-04. සුඛසොමනස්සබහුල සූත්රය
’’මහණෙනි, කරුණු සයකින් යුත් භික්ෂුව මේ ආත්මයෙහිම සොම්නස් බහුලව වසයි. ආශ්රවයන් ගෙවා දැමීම පිණිස නුවණද පටන්ගන්නා ලද්දේය.
’’කවර සයෙකින්ද යත්?
- මහණෙනි, මේ සස්නෙහි භික්ෂුතෙම ධර්මයෙහි ඇළුණේ වේද,
- භාවනාවෙහි ඇළුණේ වේද,
- පව් ගෙවා දැමීමෙහි ඇළුණේ වේද,
- තද විවේකයෙහි ඇළුණේ වේද,
- කෝප නොකිරීමෙහි ඇළුණේ වේද,
- නොපමාවේ ඇළුණේ වේද, කියාය.
මහණෙනි, කරුණු සයකින් යුත් භික්ෂුව මේ ආත්මයෙහිම සොම්නස් බහුලව වසයි. ආශ්රවයන් ගෙවා දැමීම පිණිස නුවණද පටන්ගන්නා ලද්දේය.
’’මහණෙනි, කරුණු සයෙකින් යුත් භික්ෂුව නොදත් කුශල ධර්මය දැන ගැනීමට හෝ, දත් කුශල ධර්මය දියුණු කිරිමට හෝ අසමර්ථය.
’’කවර සයකින්ද යත්?
AN 06-08-05. අනධිගතාධිගමන සූත්රය
- මහණෙනි, මෙහි භික්ෂුව අයෙහි දක්ෂයෙක් නොවේද.
- වැයෙහි දක්ෂයෙක් නොවේද.
- උපායෙහි දක්ෂයෙක් නොවේද.
- නොපැමිණි කුශල ධර්මයන්ට පැමිණීමට කැමැත්ත නූපදවාද,
- පැමිණි කුශල ධර්මයන් හොඳට නොරකීද,
- නිතර පැවැත්විමට නොසලසාද (කියායි.)
’’මහණෙනි, කරුණු සයෙකින් යුත් භික්ෂුව නොපැමිණි කුශල ධර්මයන්ට පැමිණීමට, පැමිණි කුශල ධර්මයන් දියුණු කිරිමට අසමර්ථය.
’’කවර සයකින්ද යත්?
- මහණෙනි, මෙහි භික්ෂුව අයෙහි දක්ෂයෙක් වේද.
- වැයෙහි දක්ෂයෙක් වේද.
- උපායෙහි දක්ෂයෙක් වේද.
- නොපැමිණි කුශල ධර්මයන්ට පැමිණීමට කැමැත්ත උපදවාද,
- පැමිණි කුශල ධර්මයන් හොඳට රකීද,
- නිතර පැවැත්විමට සලසාද (යන මොහුයි.)
මහණෙනි, කරුණු සයෙකින් යුත් භික්ෂුව නොපැමිණි කුශල ධර්මයන්ට පැමිණීමට, පැමිණි කුශල ධර්මයන් දියුණු කිරිමට අසමර්ථය.
AN 06-08-06. මහත්තපාපුණන සූත්රය
’’මහණෙනි, කරුණු සයකින් යුත් භික්wa නොබෝ කලෙකින්ම ධර්මයන්හි මහත් දියුණුවට පැමිණේ.
’’කවර සයකින්ද යත්?
- මහණෙනි, මෙහි භික්ෂුතෙම ආලෝකය බහුලකොට ඇත්තේ වේද,
- භාවනා යෙදීම බහුලකොට ඇත්තේ වේද,
- නුවණ බහුලකොට ඇත්තේ වේද,
- සන්තෝෂය බහුලකොට ඇත්තේ වේද,
- කුශල ධර්මයන්හි බහා නොතබන ලද කටයුතු ඇත්තේ වේද,
- මතු මත්තෙහිද ගමන් කෙරේද (යන මොහුය)
මහණෙනි, කරුණු සයකින් යුත් භික්ෂුතෙම නොබෝ කලෙකින්ම ධර්මයන්හි මහත් දියුණුවට පැමිණේ.
AN 06-08-07. පානාතිපාතාදී ඡධම්ම සූත්රය
’’මහණෙනි, කරුණු සයෙකින් යුත් තැනැත්තේ ගෙන එන ලද්දක් බහා තබන්නා සේ මෙසේ නික්මුණේ, නිරයෙහි වේ.
’’කවර සයකින්ද යත්?
- සතුන් නසන්නේ වේද,
- නුදුන් දෙය ගන්නේ වේද,
- කාමයන්හි වැරදි හැසිරීම් ඇත්තේ වේද,
- බොරු කියන්නේ වේද,
- ලාමකවූ කැමැත්ත ඇත්තේද,
- වැරැදි දැකීම ඇත්තේද, (යන මොහුයි.)
මහණෙනි, කරුණු සයෙකින් යුත් තැනැත්තේ ගෙන එන ලද්දක් බහා තබන්නා සේ මෙසේ නික්මුණේ, නිරයෙහි වේ.
’’ මහණෙනි, කරුණු සයෙකින් යුත් තැනැත්තේ ගෙන එන ලද්දක් බහා තබන්නා සේ මෙසේ නික්මුණේ, ස්වර්ගයෙහි වේ.
’’ කවර සයකින්ද යත්?
- සතුන් නැසීමෙන් වෙන්වූයේ වේද,
- නුදුන් දෙය ගැන්මෙන් වෙන්වූයේ වේද,
- කාම යන්හි වැරදි හැසිරීමෙන් වෙන්වූයේ වේද,
- බොරු කීමෙන් වෙන්වූයේ වේද,
- වඩා කැමැත්ත නැත්තේ වේද,
- නිවැරැදි දැකීම ඇත්තේ වේද, (යන මොහුයි.)
මහණෙනි, කරුණු සයෙකින් යුත් තැනැත්තේ ගෙන එන ලද්දක් බහා තබන්නා සේ මෙසේ නික්මුණේ, ස්වර්ගයෙහි වේ.
AN 06-08-08. මුසාවාදාදී ඡධම්ම සූත්රය
’’මහණෙනි, කරුණු සයෙකින් යුක්තවූයේ ගෙන එන ලද්ද බහා තබන්නා සේ මෙසේ නික්මුණේ නිරයෙහි වේ.
’’කවර සයෙකින්ද යත්?
- බොරු කියන්නේ වේද,
- කේලාම් කියන්නේ වේද,
- පරුෂ වචන කියන්නේ වේද.
- හිස් වචන කියන්නේ වේද,
- ලෝභී වේද,
- ආඩම්බර වේද (යනුය.)
මහණෙනි, කරුණු සයෙකින් යුක්තවූයේ ගෙන එන ලද්ද බහා තබන්නා සේ මෙසේ නික්මුණේ නිරයෙහි වේ.
’’ මහණෙනි, කරුණු සයෙකින් යුක්තවූයේ ගෙන එන ලද්ද බහා තබන්නා සේ මෙසේ නික්මුණේ ස්වර්ගයෙහි වේ.
’’කවර සයෙකින්ද යත්?
- බොරු කීමෙන් වැලකුණේ වේද,
- කේලාම් කීමෙන් වැලකුණේ වේද,
- පරුෂ වචන කීමෙන් වැලකුණේ වේද.
- හිස් වචන කීමෙන් වැලකුණේ වේද,
- ලෝභ නැත්තේද,
- ආඩම්බර නැත්තේද, (යනුය.)
මහණෙනි, කරුණු සයෙකින් යුක්තවූයේ ගෙන එන ලද්ද බහා තබන්නා සේ මෙසේ නික්මුණේ ස්වර්ගයෙහි වේ.
AN 06-08-09. අග්ගධම්ම සච්ඡිකරණ සූත්රය
’’මහණෙනි, කරුණු සයකින් යුත් භික්ෂුව අග්රවූ, ධාර්මිකවූ, රහත් බව අත් කරන්නට නුසුදුසුය.
’’කවර සයකින්ද යත්?
- මහණෙනි, මෙහි භික්ෂුතෙම පැහැදුණේ නොවේද,
- පවට ලජ්ජා නැත්තේද,
- පවට බිය නැත්තේද,
- කුසීතද
- අනුවණද,
- කයෙහි ජීවිතයෙහිද බලාපොරොත්තු අධික වේද, (යනුය)
මහණෙනි, කරුණු සයකින් යුත් භික්ෂුව අග්රවූ, ධාර්මිකවූ, රහත් බව අත් කරන්නට නුසුදුසුය.
’’ මහණෙනි, කරුණු සයකින් යුත් භික්ෂුව අග්රවූ, ධාර්මිකවූ, රහත් බව අත් කරන්නට සුදුසුය.
’’කවර සයෙකින්ද යත්?
- මහණෙනි, මෙහි භික්ෂුව සැදැහැවත් නොවේද,
- පවට ලජ්ජා ඇත්තේද,
- පවට භය ඇත්තේද,
- පටන්ගත් වීර්ය ඇත්තේද,
- නුවණැත්තේද,
- කයෙහිද ජීවිතයෙහි බලාපොරොත්තුවක් නැත්තේද, (යනුය)
මහණෙනි, කරුණු සයකින් යුත් භික්ෂුව අග්රවූ, ධාර්මිකවූ, රහත් බව අත් කරන්නට සුදුසුය.
AN 06-08-10. රත්තිත්දිව හානිවුද්ධි සූත්රය
’’මහණෙනි, කරුණු සයකින් යුත් භික්ෂුව හට රැය හෝ දහවල වේවා හැම විටම කුශල ධර්මයන්හි හානිය ම සිදුවන්නේය. කුසලයන්ගේ වැඩීම සිදු නොවේ..
’’කවර සයකින්ද යත්?
- මහණෙනි, භික්ෂුවක් අසහනයෙන්, නොසතුටු සිතින්, අමනාප සිතින් වෙන්නේද ,
- අන්යවූත් සිවුරු – ආහාර – සෙනසුන් – ගිලන්පස – බෙහෙත් පිරිකර වලට අභිජ්ජාව යයි කියනා විෂම කැමැත්ත ඇත්තේ වේද, (ඒ අයට වගේ මටත් තියෙනවානම් හොඳය’යි සිතන්නේ නම්)
- ශ්රද්ධාව නැත්තේ වේද,
- දුශ්ශීල වූයේ වේද,
- කුශීතවූයේද.
- සතියෙන් නොසිටීද . අනුවණද (යනුය.)
මහණෙනි, ඒ කරුණු සයෙකින් යුත් භික්ෂුහට භික්ෂුවහට රැය හෝ දහවල වේවා හැම විටම කුශල ධර්මයන්හි හානිය ම සිදුවන්නේය. කුසලයන්ගේ වැඩීම සිදු නොවේ..
’’ මහණෙනි, කරුණු සයකින් යුත් භික්ෂුව හට රැය හෝ දහවල වේවා හැම විටම කුශල ධර්මයන්හි වැඩීම ම සිදුවන්නේය. කුසලයන්ගේ අඩුවක් හානියක් සිදු නොවේ.
’’කවර සයකින්ද යත්?
- මහණෙනි, මෙහි භික්ෂුව හිරිහැර නැත්තේ, සතුටු සිතින් වේද ,
- අන්යවූත් සිවුරු – ආහාර – සෙනසුන් – ගිලන්පස – බෙහෙත් පිරිකර ගැන කැමැත්තක් නැතිව ඇති දෙයින් සතුටු වන්නේද,
- සැදැහැවත් වේද,
- සිල් වත් වේද,
- පටන්ගත් වීර්ය ඇත්තේද,
- නිතොර සතියෙන් යුතුව , නැණවත්ද (යනුය.)
මහණෙනි, ඒ කරුණු සයෙන් යුත් භික්ෂුහට රැය හෝ දහවල වේවා හැම විටම කුශල ධර්මයන්හි වැඩීම ම සිදුවන්නේය. කුසලයන්ගේ අඩුවක් හානියක් සිදු නොවේ.
