AN 08-09-01. සති විපන්න සූත්‍රය
§ ’’මහණෙනි,
- සිහි නුවණ විපරීත වූවහුට සිහි නුවණ නොපවත්නා කල්හි හිරි ඔතප් දෙක නැසී යන්නේ වේ.
- හිරි ඔතප් දෙක විපරීත වූවහුට හිරි ඔතප් නැති කල්හි ඉඳුරන් සංවර කිරීම නොවන්නේ වේ.
- ඉඳුරන් සංවර කිරිම විපරිත වූවහුට ඉඳුරන් සංවර කිරීම නැති කල්හි ශීලය නැසීමට ළංවූයේ වේ.
- ශීලය විපරීත වූවහුට ශීලය නැති කල්හි මනා හිත එකමුතුකම නැසී යන්නේ වේ.
- මනා සේ හිත එකමුතුකම නැතිව විපරීත වූවහුට මනා හිත එකමුතුකම නැති කල්හි තත්වූ පරිද්දෙන් නුවණින් දැකීම නැසීමට පත් වේ.
- තත්වූ පරිද්දෙන් නුවණින් දැකීම විපරීත වූවහුට තත්වූ පරිද්දෙන් නුවණින් දැකීම නැති කල්හි කලකිරීමෙන්වූ නොඇල්ම නැසීමට ලංවූයේ වේ.
- කලකිරීමෙන්වූ නොඇල්ම විපරීත වූවහුට කලකිරීමෙන්වූ නොඇල්ම නොපවත්නා කල්හි (සියලු කෙළෙසුන්ගේ) මිදීම නුවණින් දැකීම සිදු නොවේ.
’’මහණෙනි, යම් සේ ගසක්, කොළ අතු වියැකී මිරිකී ගියේ (-විපරීත වූයේ) එහි පොත්ත ද , පිරී නොවැඩේ .. පොත්තද, එළයද, අරටුවද, පිරී නොයයි. වැඩීමට නොයයි.
මහණෙනි, මෙසේම
- සිහි නුවණ විපරීත වූවහුට සිහි නුවණ නොපවත්නා කල්හි හිරි ඔතප් දෙක නැසීම වේ.
- හිරි ඔතප් දෙක විපරීත වූවහුට හිරි ඔතප් දෙක නැති කල්හි ඉඳුරන් සංවර කිරීම නොවේ.
- ඉඳුරන් සංවර කිරිම විපරිත වූවහුට ඉඳුරන් සංවර කිරීම නැති කල්හි ශීලය නැසී යේ.
- ශීලය විපරීත වූවහුට ශීලය නැති කල්හි මනා හිත එකමුතුකම නැසී යේ.
- මනා හිත එකමුතුකම විපරීත වූවහුට මනා හිත එකමුතුකම නැති කල්හි තත්වූ පරිද්දෙන් නුවණින් දැකීම නොවේ.
- තත්වූ පරිද්දෙන් නුවණින් දැකීම විපරීත වූවහුට තත්වූ පරිද්දෙන් නුවණින් දැකීම නැති කල්හි කලකිරීමෙන්වූ නොඇල්ම ඇති නොවේ.
- කලකිරීමෙන්වූ නොඇල්ම විපරීත වූවහුට කලකිරීමෙන්වූ නොඇල්ම නොපවත්නා කල්හි (සියලු කෙළෙසුන්ගේ) මිදීම නුවණින් දැකීම නොවේ.
- ’’මහණෙනි, සිහි නුවණ සහිත වූවහුට සිහි නුවණ පවත්නා කල්හි හිරි ඔතප් දෙක සහිත වෙයි.
- හිරි ඔතප් සහිත වූවහුට හිරි ඔතප් පවත්නා කල්හි ඉඳුරන් සංවර කිරීම වේ.
- ඉඳුරන් සංවර කිරීම සහිත වූවහුට ඉඳුරන් සංවර කිරීම පවත්නා කල්හි ශීලය සහිත වේ.
- ශීලය සහිත වූවහුට ශීලය පවත්නා කල්හි තත්වූ පරිද්දෙන් දැකීමේ නුවණ ඇති වේ.
- තත්වූ පරිද්දෙන් දැකීමේ නුවණ සහිත වූවහුට තත්වූ පරිද්දෙන් දැකීමේ නුවණ පවත්නා කල්හි කලකිරීමෙන්වූ නොඇල්ම ඇති වේ.
- කලකිරීමෙන්වූ නොඇල්ම සහිත වූවහුට කලකිරීමෙන්වූ නොඇල්ම පවත්නා කල්හි මිදීම දක්නා නුවණ ඇති වේ.
’’මහණෙනි, යම් සේ ගසක් අතු කොළ සහිත වූයේනම් එහි පොතුද පතුරුද පිරී වැඩී යයි. පොත්තද, එළයද, අරටුවද, පිරී වැඩී යයි.
මහණෙනි, මෙසේම සිහි නුවණ සහිත වූවහුට සිහි නුවණ පවත්නා කල්හි හිරි ඔතප් දෙක ළංවීම් සහිත වෙයි. හිරි ඔතප් සහිත වූවහුට හිරි ඔතප් පවත්නා කල්හි ඉඳුරන් සංවර කිරීම ළංවීම් සහිත වේ. ඉඳුරන් සංවර කිරීම සහිත වූවහුට ඉඳුරන් සංවර කිරීම පවත්නා කල්හි ශීලය ළංවීම් සහිත වේ. ශීලය සහිත වූවහුට ශීලය පවත්නා කල්හි තත්වූ පරිද්දෙන් දැකීමේ නුවණ ළංවීම් සහිත වේ. තත්වූ පරිද්දෙන් දැකීමේ නුවණ සහිත වූවහුට තත්වූ පරිද්දෙන් දැකීමේ නුවණ පවත්නා කල්හි කලකිරීමෙන්වූ නොඇල්ම ළංවීම් සහිත වේ. කලකිරීමෙන්වූ නොඇල්ම සහිත වූවහුට කලකිරීමෙන්වූ නොඇල්ම පවත්නා කල්හි මිදීම දක්නා නුවණ ළංවීම් සහිත වේ.
AN 08-09-02. පුණ්ණිය සූත්‍රය
ඉක්බිති වනාහි ආයුෂමත් පුණ්ණ්‍ය තෙම භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත් පසෙක හුන්නේය. එකත්පසෙක හුන් ආයුෂ්මත් පුණ්ණ්‍ය තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ’’ස්වාමීනි, යමකු කරණකොට එක් දිනක තථාගතයන්ට ධර්ම දේශනාවට සිත නැමේද, එක් දිනක නොනැමේද, හේතු කවරේද, කාරණය කවරේද?’’
’’පුණ්ණියය, භික්ෂු තෙමේ සැදැහැවත්ද, එළඹෙන්නේ නොවේද, ඒ තාක් තථාගතයන්ට ධර්ම (දේශනාවට) සිත නොනැමේ. පුණ්ණිය, යම් විටෙක වනාහි භික්ෂු තෙමේ සැදැහැත්තේද. එළඹෙන්නේද, මෙසේ තථාගතයන්ට ධර්ම (දේශනාවට) සිත නැමේ.
’’පුණ්ණිය, භික්ෂු තෙමේ සැදැහැවත්ද, එළඹෙන්නේද, ඇසුරු නොකෙරේනම් ඒ තාක් ධර්ම (දේශනාවට) සිත නොනැමේ. ඇසුරු කෙර්ද, නොවිචාරා නම් විචාරණ ලද්දේද, කන් යොමු කොට බණ නොඅසා නම්, කන් යොමු කොට බණ අසාද, බණ අසා දරා නොගනී නම්, අසා බණ දරාද, දරන ලද බණෙහි අදහස් නැවත සොයා නොබලා නම්, දරන ලද බණෙහි අදහස් නැවත සොයා බලාද, අර්ත්ථය දැන, ධර්මය දැන, ධර්මානුකූලව ධර්මයට නොබටුයේ නම් ඒ තාක් තථාගතයන්ට ධර්ම (දේශනාවට) සිත නොනැමේමය.
’’පුණ්ණිය, යම් විටෙක වනාහි භික්ෂු තෙම සැදැහැවත් වේද, එළඹෙන්නේද, ඇසුරු කරන්නේද, විචාරන්නේද, ඇහුම්කන් දෙන්නේද, බණ අසයි නම් අසාද, ධර්මය දරන්නේ නම් දරන ලද ධර්මයන්ගේ අදහස නැවත සොයා බලා නම්, අර්ථය දැන, ධර්මය දැන, ධර්මානුකූලව ධර්මයට බටුයේද වේ නම්, මෙසේ තථාගතයන්ට ධර්ම දේශනාවට සිත නැමේ. පුණ්ණිය, මේ කරුණු අටින් යුක්තවූයේ වේද, තථාගතයන්ගේ ඒකාන්තයෙන් සිත නැමීම ඇති දහම් දෙසිම වෙයි.’’
AN 08-09-03. කිංමූලක සූත්‍රය
’’මහණෙනි, අන්‍ය තීර්ත්ථක පැවිද්දෝ ඔබලා ගෙන් මෙසේ ඇසුවොත්,
- ඇවැත්නි, සියලු ධර්මයෝ කුමක් මුල් වූවෝද,
- සියලු ධර්මයෝ කුමකින් උපදින්නෝද.
- සියලු ධර්මයෝ කුමක් වැඩීම කොට ඇත්තෝද,
- සියලු ධර්මයෝ කුමක් රැස් කරන්නෝද,
- සියලු ධර්මයෝ කුමක් ප්‍රධානකොට ඇත්තාහුද,
- සියලු ධර්මයෝ කුමක් අධිපති කොට ඇත්තෝද,
- සියලු ධර්මයෝ කුමක් උතුම් කොට ඇත්තෝද,
- සියලු ධර්මයෝ කුමක් භාරකොට ඇත්තේදැයි (මෙසේ විචාරත්ද,)
මහණෙනි, මෙසේ විචාරණ ලද කල තෙපි ඒ අන්‍ය තීර්ත්ථක පැවිද්දනට කෙසේ පිළිතුරු දෙව්ද?’’
’’ස්වාමීනි, අපගේ ධර්මයන් භාග්‍යවත්හු මුල්කොට ඇත්තේය. භාග්‍යවත්හු නායක කොට ඇත්තෝය. භාග්‍යවත්හු පිළිසරණ වූවෝය. ස්වාමීනි, මේ ප්‍රශ්නයනට නිසි පිළිතුරු භාග්‍යවතුන් වහන්සේම දේසනා කරන සේක්වා. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරත්.’’
’’මහණෙනි, එසේ වි නම් අසව්. මනාකොට මෙනෙහි කරව්. දෙසන්නෙමි.’’
’’ස්වාමීනි, යහපති’’ යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේහට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.
’’මහණෙනි, අන්‍ය තීර්ත්ථක පැවිද්දෝ ඇවැත්නි, සියලු ධර්මයෝ කුමක් මුල් වූවෝද, සියලු ධර්මයෝ කුමකින් උපදින්නෝද. සියලු ධර්මයෝ කුමක් වැඩීම කොට ඇත්තෝද, සියලු ධර්මයෝ කුමක් රැස් කරන්නෝද, සියලු ධර්මයෝ කුමක් ප්‍රධානකොට ඇත්තාහුද, සියලු ධර්මයෝ කුමක් අධිපති කොට ඇත්තෝද, සියලු ධර්මයෝ කුමක් උතුම් කොට ඇත්තෝද, සියලු ධර්මයෝ කුමක් භාරකොට ඇත්තේදැයි ඉදින් (මෙසේ විචාරත්ද,)
’’මහණෙනි, මෙසේ විචාරණ ලද තෙපි ඒ අන්‍ය තීර්ත්ථක පැවිද්දන්ට මෙසේ පිළිතුරු දෙව්.’’
- ’’ඇවැත්නි, සියලු ධර්මයෝ ඡන්දය (කැමැත්ත) මුල් වූවෝය.
- සියලු ධර්මයෝ මෙනෙහි කිරීමෙන් හටගන්නෝය.
- සියලු ධර්මයෝ ස්පර්ශයෙන් වැඩන්නෝය.
- සියලු ධර්මයෝ විඳීම ම රැස් කරන්නෝය.
- සියලු ධර්මයෝ සමාධිය ප්‍රධානකොට ඇත්තාහ.
- සියලු ධර්මයෝ සතිය (සිහිය ) අධිපතිකොට ඇත්තාහ.
- සියලු ධර්මයෝ නුවණ උතුම්කොට ඇත්තෝය.
- සියලු ධර්මයෝ නිස්සරණය / මිදීම භාරකොට ඇත්තෝය.’’
’’මහණෙනි, මෙසේ අසන ලද තෙපි අන්‍ය තීර්ත්ථක පැවිද්දන්ට මෙසේ පිළිතුරු දෙව්.’’
AN 08-09-04. මහා චොරඞ්ග සූත්‍ර
’’මහණෙනි, අංග අටකින් යුත් මහ හොරා වහා අල්ලාගනු ලැබේ. වැඩි කල් සිටින්නෙක් නොවේ.
’’කවර අටෙකින්ද යත්? නොගසන්නහුට ගසාද, ඉතිරි නොකර ගෙනයාද, ගැහැනුන් මරාද, තරුණියන් දූෂණය කරාද, පැවිද්දාගෙන් සොරකම් කරාද, භාණ්ඩාගාරය සොරකම් කරාද, ඉතා කිට්ටුව කටයුතු කෙරේද, සැඟවූ ධනයෙහි දක්ෂ නොවේද, (කියාය.) මහණෙනි, අංග අටකින් යුත් මහ හොරා වහා අල්ලාගනු ලැබේ. වැඩි කල් සිටින්නෙක් නොවේ.
’’මහණෙනි, අංග අටකින් යුත් මහ හොරා වහා අල්ලාගනු නොලැබේ. වැඩි කල් සිටින්නේ වේ.
’’කවර අටෙකින්ද යත්? නොගසන්නාට නොගසාද, ඉතිරි නොකර පැහැර නොගනීද, ගැහැනුන් නොමරාද, තරුණියන් දූෂණය නොකෙරේද, පැවිද්දාගෙන් සොරකම් නොකරාද, භාණ්ඩාගාරය සොරකම් නොකෙරේද, ඉතා කිට්ටුව කටයුතු නොකෙරේද, සැඟවූ ධනයට දක්ෂ වේද, (යනුය.) මහණෙනි, අංග අටකින් යුත් මහ හොරා වහා අල්ලාගනු නොලැබේ. වැඩි කල් සිටින්නේ වේ.’’
AN 08-09-05.
සමණ සුත්‍රය නොහොත්
තථාගතාධි වචන සූත්‍රය
’’මහණෙනි,
- ශ්‍රමණ යනු අර්හත්වූ, සම්මාසම්බුද්ධවූ, තථාගතයන්ට නමෙකි.
- මහණෙනි, බ්‍රාහ්මණ යනු අර්හත්වූ, සම්මාසම්බුද්ධවූ, තථාගතයන්ට නමෙකි.
- මහණෙනි, වෙදගූ (වේදය දත්තේ) යනු අර්හත්වූ, සම්මාසම්බුද්ධවූ, තථාගතයන්ට නමෙකි.
- මහණෙනි, හිසක්ක (වෙදා) යනු අර්හත්වූ, සම්මාසම්බුද්ධවූ, තථාගතයන්ට නමෙකි.
- මහණෙනි, නිම්මල (කුණු නැත්තා) යනු අර්හත්වූ, සම්මාසම්බුද්ධවූ, තථාගතයන්ට නමෙකි.
- මහණෙනි, විමල (කුණු නැත්තා) යනු අර්හත්වූ, සම්මාසම්බුද්ධවූ, තථාගතයන්ට නමෙකි.
- මහණෙනි, ඤාණී (දන්නේ) යනු අර්හත්වූ, සම්මාසම්බුද්ධවූ, තථාගතයන්ට නමෙකි.
- මහණෙනි, විමුක්ත (මිදුනේ) යනු අර්හත්වූ, සම්මාසම්බුද්ධවූ, තථාගතයන්ට මේ නමෙකි.
(1) ’’බ්‍රාහ්මණයකු විසින්, වශීවූ ශ්‍රමණයකු විසින්, යමකට පැමිණිය යුතුද, වෙදය දත්තකු විසින්, වෙදකු විසින් අති උතුම්වූ යමකට පැමිණිය යුතුද,
(2) ’’නිර්මලයකු විසින්, විමලයකු විසින්, නුවණැත්තෙකු විසින් අති උතුම්වූ යමකට පැමැණිය යුතුද,
’’ඒ මම දිනූ යුද ඇත්තේ, මිදුණේ, බැඳුම්වලින් මුදමි. අතිශයින් ප්‍රමොද වන ශික්ෂා අවසන් කළ පිරිනිවීම් ඇත්තෙක් වෙමි.’’