SN 05-12-09 -තතිය ආමකධඤ්ඤ වර්ගය

එදා බුද්ධ කාලින ඉන්දීය සමාජයේ බොහෝ අය සසර දුක දැක, විමුක්තියක් සොයා ශ්‍රමණ බවට පත් වුහ. තවුස් දම් පිරුහ. විවිධ ධර්මයන් අනුව පිළිවෙත් පුරමින් විමුක්තිය සෙවුහ. මේ අය ගිහිජීවිතයෙන් ඉවත්ව, අනුන් දෙන දෙයකින් යැපුන හ. බොහෝ හිහියෝඩ මේ ශ්‍රමණයන් ඉතා දුෂ්කර පිළිවෙත් පුරන බව දැක ඔවුන් ඉතා උතුම් අයය. ඔවුන්ට දානය, දීම බොහෝ ආනිසංස වෙතියි සිතමින් ගිහියන් උසස් කොට සලකන දේ ශ්‍රමණයන්ට පිදුහ. රන් රිදී, ආවාස, දැසි දස්සෝ , අලි ඇතුන්, අශ්වයන්, ගවයන් පවා පුජා කලහ.

අද පවා ශ්‍රද්ධාවන්ත ගිහියෝ, භික්ෂුන්ට රේඩියෝ, ජංගම දුරකථන, ලැප්ටොප් , මෝටර් රථ, TV, අයිස් පෙට්ටි, මයික්‍රෝ කුකර්, අලි ඇතුන් පවා පුජා කරති. ඒවා පිළිගෙන යන ගමන් මග කලින් නොතිබූ වලවල් කපාගන්නා භික්ෂුන්ද ගණනින් බොහෝය. මේ වග්ගයේ ඇති සුත්‍ර සියල්ලම වාගේ තමනට පිලි ගන්නට තරම් නොවන දේ පිලිගන්නා ශ්‍රමනයන් ගැන කල දේසනා වේ.

cover-image3

SN 05-12-09 -01. නච්චගීත සූත්‍රය

§1. එකල්හි භාග්‍යවතුන් වහන්සේ නිය පිටට පස්ටිකක් ගෙන භික්ෂූන්ට කථා කොට මෙසේ වදාළේය. “මහණෙනි, ඔබ කුමක් දැයි සිතන්නහුද? මා විසින් නිය පිටට ගන්නා ලද මේ පස් බිඳත් මේ මහ පොළොවේ ඇති පස් යන  දෙකින් කුමක් නම්  විසාල වන්නේද?” කියායි.

§2. “ස්වාමීනි, මේ මහා පෘථුවිය ඉතා විශාලය. එයම අතිශයින් බොහෝ වන්නීය. භාග්‍යවතුන් වහන්සේ විසින් නිය පිටට ගන්නාලද  පස ඉතා ස්වල්පය. භාග්‍යවතුන් වහන්සේ විසින් නිය පිටට ගන්නා ලද පස මහා පෘථුවිය හා සමාන කරන කල ගණනකට ගන්නටද නොහැකිය. උපමාවකටද නොපැමිණෙයි. කලාවෙන් කලාවකටද නොපැමිණෙයි.”

§ 3. “මහණෙනි, එපරිද්දෙන්ම යම්කෙනෙක් තුමූ නැටුම් ගැයුම් වැයුම් විසුළු දැකීම් යන මෙවා යින් වැළකුණාහුද ඒ සත්වයෝ පමණින්  ඉතා ස්වල්පවෙත්.  නැටුම් ගැයුම් වැයුම් විසුළු දැකීම් යන මෙයින් නොවැළකුණාවූ  ඒ බලන්නට රිසි සත්වයෝ ගණනින් ඉතා බොහෝ වෙත්.

§ 4. ඊට හේතුව කවරේද,
මහණෙනි, සතර ආර්‍ය්‍ය සත්‍යයන් ගැන නොදැකීය.
කවර සතරකගේද යත්,

§5.  “මහණෙනි,  මා විසින් කුමක් කියන ලදද?
මහණෙනි, මෙය දුකයයි මා විසින් කියන ලදී
මේ දුකට හෙතුව’යයි මා විසින් කියන ලදී.
මේ දුක නැතිවීමයයි මා විසින් කියන ලදී.
මේ දුක නැති කිරීමට පැමිණෙන මාර්ගයයි මා විසින් කියන ලදී.

§ 6. “මහණෙනි, කුමක් නිසා මා විසින් මෙය කියන ලදද?
මහණෙනි, මෙය අර්ථයෙන් යුක්තය. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාවට මුල් වූයේ වෙයි. මෙය කලකිරීම පිණිස, විරාගය පිණිස, නිරොධය පිණිස, සංසිඳීම පිණිස විශෙෂයෙන් දැනගැනීම පිණිස, අවබොධය පිණිස, නිවන පිණිස පවතියි

SN 05-12-09 -02 . උච්චා සයන සූත්‍රය

§1. එකල්හි භාග්‍යවතුන් වහන්සේ නිය පිටට පස්ටිකක් ගෙන භික්ෂූන්ට කථා කොට මෙසේ වදාළේය. “මහණෙනි, ඒ කුමක් දැයි සිතන්නහුද? මා විසින් නිය පිටට ගන්නා ලද මේ ස්වල්පවූ පස් බිඳත් මේ මහ පොළොවේ ඇති පස් යන  දෙකින් කුමක් නම්  බොහෝ වන්නේද?” කියායි.

§2. “ස්වාමීනි, මේ මහා පෘථුවිය ඉතා විශාල වන්නේය. එයම අතිශයින් බොහෝ වන්නීය. භාග්‍යවතුන් වහන්සේ විසින් නිය පිටට ගන්නාලද  පස ඉතා ස්වල්ප වන්නේය. භාග්‍යවතුන් වහන්සේ විසින් නිය පිටට ගන්නා ලද පස් බිඳ  මහා පෘථුවිය හා සසඳන කරන කල ගණනකටද ගත නොහැක. උපමාවකටද ගත නොහැක. කලාවෙන් කලාවකටද නොපැමිණෙයි.

§3. “මහණෙනි, එපරිද්දෙන්ම  උස් ආසන හා මහ ආසන පරිභොගයෙන් වැළකුණාවූ සත්වයෝ ගණනින්  ඉතා ස්වල්පවෙති.  උස් ආසන මහ ආසන පරිභොග කරන්නාවූ  සත්වයෝ ඉතා බොහෝ වෙත්.

§4. ඊට හේතුව කවරේද,
මහණෙනි, බොහෝ සත්වයන්  සතරආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නාලද බවය.
කවර සතරකගේද යත්? 

 “මහණෙනි, කුමක් මා විසින් කියන ලදද? මහණෙනි, මෙය දුකයයි මා විසින් කියන ලදී මේ දුකට හෙතුවයයි මා විසින් කියන ලදී. මේ දුක නැතිවීමයයි මා විසින් කියන ලදී. මේ දුක නැති කිරීමට පැමිණෙන මාර්ගයයි මා විසින් කියන ලදී.
§ 5. “මහණෙනි, කුමක් නිසා මා විසින් මෙය කියන ලදද?
මහණෙනි, මෙය අර්ථයෙන් යුක්තය. මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාවට මුල් වූයේ වෙයි. මෙය කලකිරීම පිණිස, විරාගය පිණිස, නිරොධය පිණිස, සංසිඳීම පිණිස විශෙෂයෙන් දැනගැනීම පිණිස, අවබොධය පිණිස, නිවන පිණිස පවතියි

SN 05-12-09 -03 . ජාතරූප රජත සූත්‍රය

§1. එකල්හි භාග්‍යවතුන් වහන්සේ නිය පිටට පස්ටිකක් ගෙන භික්ෂූන්ට කථා කොට මෙසේ වදාළේය. “මහණෙනි, ඒ කුමක් දැයි සිතන්නහුද? මා විසින් නිය පිටට ගන්නා ලද මේ ස්වල්පවූ පස් බිඳත් මේ මහ පොළොවේ ඇති පස් යන  දෙකින් කුමක් නම්  බොහෝ වන්නේද?” කියායි.

§2. “ස්වාමීනි, මේ මහා පෘථුවිය ඉතා විශාල වන්නේය. එයම අතිශයින් බොහෝ වන්නීය. භාග්‍යවතුන් වහන්සේ විසින් නිය පිටට ගන්නාලද  පස ඉතා ස්වල්ප වන්නේය. භාග්‍යවතුන් වහන්සේ විසින් නිය පිටට ගන්නා ලද පස් බිඳ  මහා පෘථුවිය හා සසඳන කරන කල ගණනකටද ගත නොහැක. උපමාවකටද ගත නොහැක. කලාවෙන් කලාවකටද නොපැමිණෙයි.

§ 3. “මහණෙනි, එපරිද්දෙන්ම  රන්රිදී මසු, කහවණු පිළිගැන්මෙන් වැළකුණා වූ  සත්වයෝ පමණින් අල්ප ඉතා අල්පවෙත්.  රන්, රිදී, මසු කහවණු පිළිගැන්මෙන් නොවැළකුණාවූ, සත්වයෝම ඉතා බොහෝ වෙත්.

ඊට හේතු කවරේද යත්, මහණෙනි සතර ආර්‍ය්‍යසත්‍යයන්ගේ නොදක්නාලද බවය. කවර සතරකගේද යත්?

§1. එකල්හි භාග්‍යවතුන් වහන්සේ නිය පිටට පස්ටිකක් ගෙන භික්ෂූන්ට කථා කොට මෙසේ වදාළේය. “මහණෙනි, ඒ කුමක් දැයි සිතන්නහුද? මා විසින් නිය පිටට ගන්නා ලද මේ ස්වල්පවූ පස් බිඳත් මේ මහ පොළොවේ ඇති පස් යන  දෙකින් කුමක් නම්  බොහෝ වන්නේද?” කියායි.

§2. “ස්වාමීනි, මේ මහා පෘථුවිය ඉතා විශාල වන්නේය. එයම අතිශයින් බොහෝ වන්නීය. භාග්‍යවතුන් වහන්සේ විසින් නිය පිටට ගන්නාලද  පස ඉතා ස්වල්ප වන්නේය. භාග්‍යවතුන් වහන්සේ විසින් නිය පිටට ගන්නා ලද පස් බිඳ  මහා පෘථුවිය හා සසඳන කරන කල ගණනකටද ගත නොහැක. උපමාවකටද ගත නොහැක. කලාවෙන් කලාවකටද නොපැමිණෙයි.

SN 05-12-09 -01. නච්චගීත සූත්‍රය

SN 05-12-09- 04. ජාතරූපරජත සූත්‍රය

§1. එකල්හි භාග්‍යවතුන් වහන්සේ නිය පිටට පස්ටිකක් ගෙන භික්ෂූන්ට කථා කොට මෙසේ වදාළේය. “මහණෙනි, ඒ කුමක් දැයි සිතන්නහුද? මා විසින් නිය පිටට ගන්නා ලද මේ ස්වල්පවූ පස් බිඳත් මේ මහ පොළොවේ ඇති පස් යන  දෙකින් කුමක් නම්  බොහෝ වන්නේද?” කියායි.

§2. “ස්වාමීනි, මේ මහා පෘථුවිය ඉතා විශාල වන්නේය. එයම අතිශයින් බොහෝ වන්නීය. භාග්‍යවතුන් වහන්සේ විසින් නිය පිටට ගන්නාලද  පස ඉතා ස්වල්ප වන්නේය. භාග්‍යවතුන් වහන්සේ විසින් නිය පිටට ගන්නා ලද පස් බිඳ  මහා පෘථුවිය හා සසඳන කරන කල ගණනකටද ගත නොහැක. උපමාවකටද ගත නොහැක. කලාවෙන් කලාවකටද නොපැමිණෙයි.

§ 3. “මහණෙනි, එපරිද්දෙන්ම  අමු ධාන්‍ය වර්ග පිළිගැන්මෙන් වැළකුණා වූ  සත්වයෝ පමණින් ඉතා ස්වල්පවෙත්. අමු ධාන්‍ය වර්ග පිළිගන්නා ශ්‍රමණයෝ ඉතා බොහෝ වෙත්,
ඊට හේතුව කවරේද යත්,
මහණෙනි, සතර ආර්‍ය්‍යසත්‍යයන්ගේ නොදක්නාලද බවය.
කවරනම් සතරකගේද යත්?

§4 “මහණෙනි, කුමක් මා විසින් කියන ලදද? මහණෙනි, මෙය දුකයයි මා විසින් කියන ලදී මේ දුකට හෙතුවයයි මා විසින් කියන ලදී. මේ දුක නැතිවීමයයි මා විසින් කියන ලදී. මේ දුක නැති කිරීමට පැමිණෙන මාර්ගයයි මා විසින් කියන ලදී.

§ 5 “මහණෙනි, කුමක් නිසා මා විසින් මෙය කියන ලදද?
මහණෙනි, මෙය අර්ථයෙන් යුක්තය. මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාවට මුල් වූයේ වෙයි. මෙය කලකිරීම පිණිස, විරාගය පිණිස, නිරොධය පිණිස, සංසිඳීම පිණිස විශෙෂයෙන් දැනගැනීම පිණිස, අවබොධය පිණිස, නිවන පිණිස පවතියි

SN 05-12-09 -05 . ආමක මංස න්න සූත්‍රය

§1. එකල්හි භාග්‍යවතුන් වහන්සේ නිය පිටට පස්ටිකක් ගෙන භික්ෂූන්ට කථා කොට මෙසේ වදාළේය. “මහණෙනි, ඒ කුමක් දැයි සිතන්නහුද? මා විසින් නිය පිටට ගන්නා ලද මේ ස්වල්පවූ පස් බිඳත් මේ මහ පොළොවේ ඇති පස් යන  දෙකින් කුමක් නම්  බොහෝ වන්නේද?” කියායි.

§2. “ස්වාමීනි, මේ මහා පෘථුවිය ඉතා විශාල වන්නේය. එයම අතිශයින් බොහෝ වන්නීය. භාග්‍යවතුන් වහන්සේ විසින් නිය පිටට ගන්නාලද  පස ඉතා ස්වල්ප වන්නේය. භාග්‍යවතුන් වහන්සේ විසින් නිය පිටට ගන්නා ලද පස් බිඳ  මහා පෘථුවිය හා සසඳන කරන කල ගණනකටද ගත නොහැක. උපමාවකටද ගත නොහැක. කලාවෙන් කලාවකටද නොපැමිණෙයි.

§ 3. “මහණෙනි, එපරිද්දෙන්ම  අමු මස් පිළිගැණීමෙන් වැළකුණාවූ සත්වයෝ පමණින්  ඉතා ස්වල්ප වෙත්.  අමු මස් පිළිගැන්මෙන් නොවැළකුණාහු  ශ්‍රමනයෝ ගණනින් අතිශයින් බොහෝ වෙත්.

ඊට හේතු කවරේද,
මහණෙනි, සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නාලද බවය
කවර සතරකගේද යත්?

§4 “මහණෙනි, කුමක් මා විසින් කියන ලදද? මහණෙනි, මෙය දුකයයි මා විසින් කියන ලදී මේ දුකට හෙතුවයයි මා විසින් කියන ලදී. මේ දුක නැතිවීමයයි මා විසින් කියන ලදී. මේ දුක නැති කිරීමට පැමිණෙන මාර්ගයයි මා විසින් කියන ලදී.

§ 5 “මහණෙනි, කුමක් නිසා මා විසින් මෙය කියන ලදද?
මහණෙනි, මෙය අර්ථයෙන් යුක්තය. මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාවට මුල් වූයේ වෙයි. මෙය කලකිරීම පිණිස, විරාගය පිණිස, නිරොධය පිණිස, සංසිඳීම පිණිස විශෙෂයෙන් දැනගැනීම පිණිස, අවබොධය පිණිස, නිවන පිණිස පවතියි

SN 05-12-09 -05 . ඉත්ථි කුමාරි සූත්‍රය

§1. එකල්හි භාග්‍යවතුන් වහන්සේ නිය පිටට පස්ටිකක් ගෙන භික්ෂූන්ට කථා කොට මෙසේ වදාළේය. “මහණෙනි, ඒ කුමක් දැයි සිතන්නහුද? මා විසින් නිය පිටට ගන්නා ලද මේ ස්වල්පවූ පස් බිඳත් මේ මහ පොළොවේ ඇති පස් යන  දෙකින් කුමක් නම්  බොහෝ වන්නේද?” කියායි.

§2. “ස්වාමීනි, මේ මහා පෘථුවිය ඉතා විශාල වන්නේය. එයම අතිශයින් බොහෝ වන්නීය. භාග්‍යවතුන් වහන්සේ විසින් නිය පිටට ගන්නාලද  පස ඉතා ස්වල්ප වන්නේය. භාග්‍යවතුන් වහන්සේ විසින් නිය පිටට ගන්නා ලද පස් බිඳ  මහා පෘථුවිය හා සසඳන කරන කල ගණනකටද ගත නොහැක. උපමාවකටද ගත නොහැක. කලාවෙන් කලාවකටද නොපැමිණෙයි.

§ 3. “මහණෙනි, එපරිද්දෙන්ම ස්ත්‍රීන්, තරුණියන් පිළිගැන්මෙන් වැළකුණාහු  ශ්‍රමනයෝ ගණනින් ඉතා ස්වල්ප වෙති. යම් ශ්‍රමණයෙක් ස්ත්‍රීන් තරුණියන් පිළිගැන්මෙන් වැළකුණාහු ඒ ශ්‍රමනයෝ ගණනින් ඉතා බොහෝ වෙත්.

මහණෙනි, ඊට හේතුව කවරේද,
සතර ආර්‍ය්‍යසත්‍යයන් නොදක්නාලද බවය,
කවර සතරකගේද යත්?

§4 .  “මහණෙනි, කුමක් මා විසින් කියන ලදද? මහණෙනි, මෙය දුකයයි මා විසින් කියන ලදී මේ දුකට හෙතුවයයි මා විසින් කියන ලදී. මේ දුක නැතිවීමයයි මා විසින් කියන ලදී. මේ දුක නැති කිරීමට පැමිණෙන මාර්ගයයි මා විසින් කියන ලදී.

§ 5  “මහණෙනි, කුමක් නිසා මා විසින් මෙය කියන ලදද?
මහණෙනි, මෙය අර්ථයෙන් යුක්තය. මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාවට මුල් වූයේ වෙයි. මෙය කලකිරීම පිණිස, විරාගය පිණිස, නිරොධය පිණිස, සංසිඳීම පිණිස විශෙෂයෙන් දැනගැනීම පිණිස, අවබොධය පිණිස, නිවන පිණිස පවතියි

SN 05-12-09 -07 . දාසි දාස සූත්‍රය

§1. එකල්හි භාග්‍යවතුන් වහන්සේ නිය පිටට පස්ටිකක් ගෙන භික්ෂූන්ට කථා කොට මෙසේ වදාළේය. “මහණෙනි, ඒ කුමක් දැයි සිතන්නහුද? මා විසින් නිය පිටට ගන්නා ලද මේ ස්වල්පවූ පස් බිඳත් මේ මහ පොළොවේ ඇති පස් යන  දෙකින් කුමක් නම්  බොහෝ වන්නේද?” කියායි.

§2. “ස්වාමීනි, මේ මහා පෘථුවිය ඉතා විශාල වන්නේය. එයම අතිශයින් බොහෝ වන්නීය. භාග්‍යවතුන් වහන්සේ විසින් නිය පිටට ගන්නාලද  පස ඉතා ස්වල්ප වන්නේය. භාග්‍යවතුන් වහන්සේ විසින් නිය පිටට ගන්නා ලද පස් බිඳ  මහා පෘථුවිය හා සසඳන කරන කල ගණනකටද ගත නොහැක. උපමාවකටද ගත නොහැක. කලාවෙන් කලාවකටද නොපැමිණෙයි.

§ 3. “මහණෙනි, එපරිද්දෙන්ම යම් ශ්‍රමනයෝ දාස දාසීන් පිළිගැන්මෙන් වැළකුණාහුද ඒ ශ්‍රමනයෝ පමණින් ඉතා ස්වල්පවෙත්. යම් සත්වකෙනෙක් දාස දාසීන් පිළිගැන්මෙන් නොවැළකුණාහුද ඒ ශ්‍රමනයෝ අතිශයින් බොහෝ වෙත්.
ඊට හේතුව කවරේද?
මහණෙනි,

සතර ආර්‍ය්‍යසත්‍යයන්ගේ නොදක්නාලද බවය.
කවරනම් සතරකගේද යත්?

§4 “මහණෙනි, කුමක් මා විසින් කියන ලදද? මහණෙනි, මෙය දුකයයි මා විසින් කියන ලදී මේ දුකට හෙතුවයයි මා විසින් කියන ලදී. මේ දුක නැතිවීමයයි මා විසින් කියන ලදී. මේ දුක නැති කිරීමට පැමිණෙන මාර්ගයයි මා විසින් කියන ලදී.

§ 5 “මහණෙනි, කුමක් නිසා මා විසින් මෙය කියන ලදද?
මහණෙනි, මෙය අර්ථයෙන් යුක්තය. මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාවට මුල් වූයේ වෙයි. මෙය කලකිරීම පිණිස, විරාගය පිණිස, නිරොධය පිණිස, සංසිඳීම පිණිස විශෙෂයෙන් දැනගැනීම පිණිස, අවබොධය පිණිස, නිවන පිණිස පවතියි

SN 05-12-09 -08 . අජෙලක සූත්‍රය

§1. එකල්හි භාග්‍යවතුන් වහන්සේ නිය පිටට පස්ටිකක් ගෙන භික්ෂූන්ට කථා කොට මෙසේ වදාළේය. “මහණෙනි, ඒ කුමක් දැයි සිතන්නහුද? මා විසින් නිය පිටට ගන්නා ලද මේ ස්වල්පවූ පස් බිඳත් මේ මහ පොළොවේ ඇති පස් යන  දෙකින් කුමක් නම්  බොහෝ වන්නේද?” කියායි.

§2. “ස්වාමීනි, මේ මහා පෘථුවිය ඉතා විශාල වන්නේය. එයම අතිශයින් බොහෝ වන්නීය. භාග්‍යවතුන් වහන්සේ විසින් නිය පිටට ගන්නාලද  පස ඉතා ස්වල්ප වන්නේය. භාග්‍යවතුන් වහන්සේ විසින් නිය පිටට ගන්නා ලද පස් බිඳ  මහා පෘථුවිය හා සසඳන කරන කල ගණනකටද ගත නොහැක. උපමාවකටද ගත නොහැක. කලාවෙන් කලාවකටද නොපැමිණෙයි.

§ 3. “මහණෙනි, එපරිද්දෙන්ම යම් ශ්‍රමනයෝ එළුවන් බැටළුවන් පිළිගැන්මෙන් වැළකුණ ශ්‍රමනයෝ පමණින් ඉතා ස්වල්පවෙත්. යම් සත්වකෙනෙක් දාස දාසීන් පිළිගැන්මෙන් නොවැළකුණාහුද ඒ ශ්‍රමනයෝ අතිශයින් බොහෝ වෙත්.
ඊට හේතුව කවරේද?
මහණෙනි,

සතර ආර්‍ය්‍යසත්‍යයන්ගේ නොදක්නාලද බවය.
කවරනම් සතරකගේද යත්?

“මහණෙනි, එපරිද්දෙන් වනාහි යම් යම් ශ්‍රමනයෝ එළුවන් බැටළුවන් පිළිගැන්මෙන් වැළකුණාහු වෙත්ද, ඒ යම් ශ්‍රමනයෝ ගණනින් ඉතා ස්වල්පවෙත්. යම් යම් ශ්‍රමනයක් එළුවන් බැටළුවන් පිළි ගැනීමෙන් යෙදුනා වෙත්ද, ඒ ශ්‍රමනයෝ ඉතා බොහෝවෙත්.
ඊට හේතුව කවරේද?
මහණෙනි, සතරආර්‍ය්‍යසත්‍යයන්ගේ නොදක්නා ලද බවය.

කවර සතරකගේද යත්?

§4 “මහණෙනි, කුමක් මා විසින් කියන ලදද? මහණෙනි, මෙය දුකයයි මා විසින් කියන ලදී මේ දුකට හෙතුවයයි මා විසින් කියන ලදී. මේ දුක නැතිවීමයයි මා විසින් කියන ලදී. මේ දුක නැති කිරීමට පැමිණෙන මාර්ගයයි මා විසින් කියන ලදී.

§ 5  “මහණෙනි, කුමක් නිසා මා විසින් මෙය කියන ලදද?
මහණෙනි, මෙය අර්ථයෙන් යුක්තය. මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාවට මුල් වූයේ වෙයි. මෙය කලකිරීම පිණිස, විරාගය පිණිස, නිරොධය පිණිස, සංසිඳීම පිණිස විශෙෂයෙන් දැනගැනීම පිණිස, අවබොධය පිණිස, නිවන පිණිස පවතියි

SN 05-12-09 -09 . කුක්කුට සූකර සූත්‍රය

§1. එකල්හි භාග්‍යවතුන් වහන්සේ නිය පිටට පස්ටිකක් ගෙන භික්ෂූන්ට කථා කොට මෙසේ වදාළේය. “මහණෙනි, ඒ කුමක් දැයි සිතන්නහුද? මා විසින් නිය පිටට ගන්නා ලද මේ ස්වල්පවූ පස් බිඳත් මේ මහ පොළොවේ ඇති පස් යන  දෙකින් කුමක් නම්  බොහෝ වන්නේද?” කියායි.

§2. “ස්වාමීනි, මේ මහා පෘථුවිය ඉතා විශාල වන්නේය. එයම අතිශයින් බොහෝ වන්නීය. භාග්‍යවතුන් වහන්සේ විසින් නිය පිටට ගන්නාලද  පස ඉතා ස්වල්ප වන්නේය. භාග්‍යවතුන් වහන්සේ විසින් නිය පිටට ගන්නා ලද පස් බිඳ  මහා පෘථුවිය හා සසඳන කරන කල ගණනකටද ගත නොහැක. උපමාවකටද ගත නොහැක. කලාවෙන් කලාවකටද නොපැමිණෙයි.

§ 3. “මහණෙනි, එපරිද්දෙන්ම යම් ශ්‍රමනයෝ ඌරන් කුකුළන් පිළිගැනීමෙන් වැළකුණාහුද ඒ ශ්‍රමනයෝ ඉතා ස්වල්ප වෙති. යම් ශ්‍රමනයෝ කෙනෙක් ඌරන් කුකුළන් පිළිගැනීමෙන් නොවැළකුණාහුද ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙති.
ඊට හේතු කවරේද සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බවය.
කවර සතරකගේද යත්?

§ 4 “මහණෙනි, කුමක් මා විසින් කියන ලදද? මහණෙනි, මෙය දුකයයි මා විසින් කියන ලදී මේ දුකට හෙතුවයයි මා විසින් කියන ලදී. මේ දුක නැතිවීමයයි මා විසින් කියන ලදී. මේ දුක නැති කිරීමට පැමිණෙන මාර්ගයයි මා විසින් කියන ලදී.

§ 4 “මහණෙනි, කුමක් නිසා මා විසින් මෙය කියන ලදද?
මහණෙනි, මෙය අර්ථයෙන් යුක්තය. මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාවට මුල් වූයේ වෙයි. මෙය කලකිරීම පිණිස, විරාගය පිණිස, නිරොධය පිණිස, සංසිඳීම පිණිස විශෙෂයෙන් දැනගැනීම පිණිස, අවබොධය පිණිස, නිවන පිණිස පවතියි

SN 05-12-09 -10 . හත්ති ගවාස්ස සූත්‍රය

§1. එකල්හි භාග්‍යවතුන් වහන්සේ නිය පිටට පස්ටිකක් ගෙන භික්ෂූන්ට කථා කොට මෙසේ වදාළේය. “මහණෙනි, ඒ කුමක් දැයි සිතන්නහුද? මා විසින් නිය පිටට ගන්නා ලද මේ ස්වල්පවූ පස් බිඳත් මේ මහ පොළොවේ ඇති පස් යන  දෙකින් කුමක් නම්  බොහෝ වන්නේද?” කියායි.

§2. “ස්වාමීනි, මේ මහා පෘථුවිය ඉතා විශාල වන්නේය. එයම අතිශයින් බොහෝ වන්නීය. භාග්‍යවතුන් වහන්සේ විසින් නිය පිටට ගන්නාලද  පස ඉතා ස්වල්ප වන්නේය. භාග්‍යවතුන් වහන්සේ විසින් නිය පිටට ගන්නා ලද පස් බිඳ  මහා පෘථුවිය හා සසඳන කරන කල ගණනකටද ගත නොහැක. උපමාවකටද ගත නොහැක. කලාවෙන් කලාවකටද නොපැමිණෙයි.

§ 3. “මහණෙනි, එපරිද්දෙන්ම යම් ශ්‍රමනයෝ ඇතුන් ගවයන් අශ්වයන් වෙළඹුන් පිළිගැනීමෙන් වැළකුණාහුද ඒ ශ්‍රමනයෝ ඉතා ස්වල්ප වෙති. යම් ශ්‍රමනයෝ ඇතුන් ගවයන් අශ්වයන් වෙළඹුන් පිළිගන්නේද ඒ ශ්‍රමනයෝ අතිශයින් බොහෝ වෙත්, ඊට හේතු කවරේද යත් සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බවය, කවර සතරකගේද යත්?

§ 4  “මහණෙනි, කුමක් මා විසින් කියන ලදද? මහණෙනි, මෙය දුකයයි මා විසින් කියන ලදී මේ දුකට හෙතුවයයි මා විසින් කියන ලදී. මේ දුක නැතිවීමයයි මා විසින් කියන ලදී. මේ දුක නැති කිරීමට පැමිණෙන මාර්ගයයි මා විසින් කියන ලදී.

§ 5  “මහණෙනි, කුමක් නිසා මා විසින් මෙය කියන ලදද?
මහණෙනි, මෙය අර්ථයෙන් යුක්තය. මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාවට මුල් වූයේ වෙයි. මෙය කලකිරීම පිණිස, විරාගය පිණිස, නිරොධය පිණිස, සංසිඳීම පිණිස විශෙෂයෙන් දැනගැනීම පිණිස, අවබොධය පිණිස, නිවන පිණිස පවතියි.

Sanyuktha Nikaya

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.