MN 03-01-10 චුල පුන්නම සුත්‍රය

Buddhas Bhikkus

§  1. මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි මිගාරමාතු පාසාද නම්වූ පූර්වාරාමයෙහි වාසය කරණසේක. 

§ 2. උපොසත පොහොය යෙදුනු  පසළොස්වක් දින  පිරුණාවූ සඳ ඇති අහසෙහි බබල එම රාත්‍රියෙහි භාග්‍යවතුන් වහන්සේ, භික්ෂු සංඝයා විසින් පිරිවරණ ලද්දේ හිස්වූ එළිමහණෙහි වැඩහුන්නේය.   භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දවූ භික්ෂු සංඝයා දෙස බලා භික්ෂූන්ට කථාකළ සේක.

§ 3. “මහණෙනි, යම් අසත්පුරුෂයෙක් තවත් අසත්පුරුෂයෙක් ඇසුරු කරන්නේ නම් ඔහු (දෙවැන්නා)   , අසත්පුරුෂයා දන්නේදැයි?” ඇසූහ.
“ස්වාමීනි, එසේ විය නොහැක.”
“මහණෙනි යහපත, මහණෙනි, අසත්පුරුෂයෙකුට තවත් අසත්පුරුෂයෙකුව හඳුනා ගත  නොහේ. එය ඇත්තකි.”
මහණෙනි ඒ අසත්පුරුෂයා යම් සත් පුරුෂයෙක් ඇසුරු කරන්නේ නම් මේ සත්පුරුෂයෙක් යැයි දැනගන්නේද?”
“ස්වාමීනි, එසේ විය නොහැක.”
“මහණෙනි යහපත, මහණෙනි, අසත්පුරුෂයෙකුට  සත්පුරුෂයෙකුව හඳුනා ගත  නොහේ. එයද  ඇත්තකි.”

§ 4. “මහණෙනි, මැනව. මහණෙනි,

  1. අසත්පුරුෂයා   පාපි ධර්මයන්ගෙන් යුක්තවූයේ වෙයි.
  2. අසත්පුරුෂයන් සමගම හැසිරින්නේ ඇසුරු කරන්නේ වෙයි.
  3. පාපකාරී සිතිවිලි සිතන්නේ වෙයි.
  4. අනුන් පෙලන කථා ඇත්තේ වෙයි. 
  5. අද්ධාර්මික කර්මාන්ත ඇත්තේ වෙයි.
  6. අසත්පුරුෂ දෘෂ්ටි ඇත්තේ වෙයි.
  7. දානයක් දීමෙදීද අසත්පුරුෂයෙකු ලෙසම එසේ දෙයි.”

§ 5. “මහණෙනි, කෙසේනම්, අසත්පුරුෂයෙකු පාප ධර්මයන්ගෙන් යුක්තවූයේ වේද?,
මහණෙනි, මේ ලොකයෙහි අසත්පුරුෂයා ශ්‍රද්ධාවක් නැත්තේ වෙයි, ලජ්ජා නැත්තේ වෙයි. පවට භය නැත්තේ වෙයි. ධර්මය ගැන දැනීමක් 
නැත්තේ වෙයි. කුසීත වෙයි, මුලාවූ  සිහිය  ඇත්තේ වෙයි, [විපල්ලාසයන්ගෙන් මුලා වීම ; දුක් දේ සැප ලෙස අනිත්‍යය දෙය නිත්‍ය ලෙස, අනාත්මවූ දෙය ආත්ම ලෙස දැකීම මුලාවූ සිහිය ලෙස දත යුතු.] ප්‍රඥාව නැත්තේ වෙයි.
මහණෙනි, මෙසේ  අසත්පුරුෂයා  තෙම පාපධර්මයන්ගෙන් යුක්තවූයේ වෙයි.

§  6.  “මහණෙනි, කෙසේ නම් අසත්පුරුෂයා, අසත්පුරුෂයන් පමණක්ම   සේවනය කරන්නේ වේද?,
මහණෙනි, මේ ලොකයෙහි 
ශ්‍රද්ධාව නැත්තාහු පවට ලජ්ජා නැත්තාහු, පවට භය නැත්තාහු, අල්පශ්‍රැතවූවාහු කුසීතවූවාහු, මුලා සිහි ඇත්තාහු, ප්‍රඥා නැත්තාහු යම්  ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙත්ද, ඔව්හු අසත්පුරුෂයාගේ මිත්‍රයෝ වෙත්. ඔහු හා එක්ව සිටින්නෝ වෙත්. මහණෙනි, මෙසේ  අසත්පුරුෂයා අසත්පුරුෂයන්ම  සේවනය කරන්නේ වෙයි.

§ 7. “මහණෙනි, කෙසේ නම්, අසත්පුරුෂයෙකු  පාප  සිතිවිලි ඇත්තේ වේද, මහණෙනි, අසත්පුරුෂයා තමා හට දුකම අසහනයම ගෙන එන සිතිවිලි ඇත්තේ වෙයි.  අනුන්හට දුක් ඇතිකරවන අපහසුවට පත් කරවන පිණිසද සිතයි. මෙසේ තමන්ටත් අනුන්ටත් දුක් පිණිසම ද සිතයි.
මහණෙනි,  අසත්පුරුෂයා  මෙසේ පාප සිතිවිලි ඇත්තේ වෙයි.

§ 8. “මහණෙනි, කෙසේ නම් අසත්පුරුෂයෙක්  අසත් පුරුෂ කථා ඇත්තේ වේද, මහණෙනි,  අසත් පුරුෂයා  කථා කරන්නේ  තමා  හට දුක් පිණිස වන දෙයය.  අනුන්හට දුක් පිණිස වන දෙයය.  තමන්ට හා අනුන්ට යන දෙපිරිසටම දුක් පිණිස අනර්ථය පිණිස වන්නා වූ දෙය  කථා කරයි. මහණෙනි, මෙසේ  අසත්පුරුෂයා,  අසත්පුරුෂ කථා ඇත්තේ වෙයි.

§ 9 . “මහණෙනි, කෙසේ නම් අසත්පුරුෂයා  අසත්පුරුෂ වචන ඇත්තේ වේද, මහණෙනි,  අසත්පුරුෂයා බොරු කියන්නේ වෙයි. කේලාම් කියන්නේ වෙයි. ඵරුෂ වචන කියන්නේ වෙයි. ප්‍රලාප කියන්නේ වෙයි. මහණෙනි, මෙසේ අසත්පුරුෂයා  අසත්පුරුෂ වචන ඇත්තේ වෙයි.

§ 10.  “මහණෙනි, කෙසේ නම් අසත්පුරුෂයා  අසත්පුරුෂ කර්මාන්ත (ජීවනෝපාය) ඇත්තේ වේද?,
මහණෙනි,  අසත්පුරුෂයා සතුන් මරන්නේ වෙයි. සොරකම් කරන්නේ වෙයි. කාමයන්හි වරදවා හැසිරෙන්නේ වෙයි. මහණෙනි, මෙසේ  අසත්පුරුෂයා  අසත්පුරුෂ කර්මාන්ත ඇත්තේ වෙයි.

§ 11. “මහණෙනි, කෙසේ නම් අසත්පුරුෂයෙක් අසත්පුරුෂ දෘෂ්ටි ඇත්තේ වේද, මහණෙනි, අසත්පුරුෂයා මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි. ‘ දානයෙහි යහපත් විපාකයක්  නැත. රැකි ශීලයෙහි විපාක නැත. කළ පූජාවෙහි විපාක නැත. යහපත්ව කරන ලද අයහපත්ව කරන ලද කර්මයන්ගේ ඵලයක් විපාකයක් නැත්තේය. මෙලොවක් නැත. පරලොවක් නැත. මවට කරන ලද හොඳ නරකවල විපාක නැත. පියාට කරන ලද හොඳ නරකවල විපාක නැත. මැරී පරලොව උපදින සත්වයන් නැත. යමෙක් තුමූ මෙලොව ද, පරලොවද, තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කරන්නට සමත්කෙ, එබඳු වූ යහපත් බවට පැමිණියාවූ මනාව පිළිපන්නා වූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ලොකයෙහි නැත’ යන දෘෂ්ටි ඇත්තේ වෙයි.
මහණෙනි,   අසත්පුරුෂයා 
මෙසේ අසත්පුරුෂ දෘෂ්ටි ඇත්තේ වෙයි.

§ 12. “මහණෙනි, කෙසේ නම් අසත්පුරුෂයෙක් අසත්පුරුෂව දානය දේද? මහණෙනි, අසත්පුරුෂයා කිසිවක් දෙන්නේ නම් කිසි පිළිවෙලකට සකසා නොදෙයි. දෙන්නන් වාලේ දෙයි. සිය අතින් දානය නො දෙයි. කිසිදු අනුග්‍රහ සිතින්  දානය දෙයි. තමාට ප්‍රයෝජනයක් නැති නිසා ඉවත ලන දේ දෙයි. දමා ගැසූ දෙයක් මෙන් දානය දෙයි. මතු අනුසස් නො දක්නේ දානය දෙයි. මහණෙනි, අසත්පුරුෂයා  මෙසේ  අසත්පුරුෂ දානය දෙයි.

§ 13. “මහණෙනි,  අසත්පුරුෂයා මෙසේ පාපධර්මයන්ගෙන් යුක්තවූයේ මෙසේ අසත්පුරුෂ සේවනය ඇත්තේ මෙසේ අසත්පුරුෂ සිතිවිලි ඇත්තේ මෙසේ අසත්පුරුෂ කථා ඇත්තේ, මෙසේ අසත්පුරුෂ වචන ඇත්තේ මෙසේ අසත්පුරුෂ කර්මාන්ත ඇත්තේ මෙසේ අසත්පුරුෂ දෘෂ්ටි ඇත්තේ, මෙසේ අසත්පුරුෂ දානාදී ශරීරයාගේ භේදයෙන් මරණින් මතු අසත්පුරුෂයන්ට ඉපදීමට සුදුසු ගතියක  උපදියි. මහණෙනි, අසත්පුරුෂයන් ගේ ගති  (උපත් තල)  කවරීද?
නරකය හෝ තිරිසන් යෝනිය හෝ වේ.

§ 14. “මහණෙනි, සත්පුරුෂයෙක් , වෙනත් සත්පුරුෂයෙකු ව මේ  පින්වතා සත්පුරුෂයෙකැයි, දැන ගන්නේද?
“ස්වාමීනි, එසේය.”
“මහණෙනි, යහපත. මහණෙනි, සත්පුරුෂයා මේ  පින්වතා සත් පුරුෂයෙකැයි තවත්  සත් පුරුෂයකු  දැන ගන්නට  කරුණු ඇත්තේය.
“මහණෙනි, සත්පුරුෂයෙකු අසත්පුරුෂයා දැක මේ  අසත්පුරුෂයෙකැයි  දැනගන්නේද?”
“එසේය ස්වාමීනි”
“මහණෙනි, යහපත. මහණෙනි, සත්පුරුෂකුට මේ  අසත්පුරුෂයෙකැයි අසත්පුරුෂයා දැනගන්නට කරුණු ඇත්තේය.

§ 15. “මහණෙනි, සත්පුරුෂයෙක්  කුසල ධර්මයන්ගෙන් යුක්තවූයේ වෙයි. සත්පුරුෂයන් සේවනය ඇත්තේ වෙයි. සත්පුරුෂ සිතිවිලි ඇත්තේ වෙයි. සත්පුරුෂ කථා ඇත්තේ වෙයි. සත්පුරුෂ වචන ඇත්තේ වෙයි. සත්පුරුෂ කර්මාන්ත ඇත්තේ වෙයි. සත්පුරුෂ දෘෂ්ටි ඇත්තේ වෙයි. සත්පුරුෂයෙක් ලෙස   දෙන්නේ වෙයි.

§ 16. “මහණෙනි, කෙසේ නම් සත්පුරුෂයෙක්  කුශල ධර්මයන්ගෙන් යුක්තවූයේ වේද?,
මහණෙනි, සත්පුරුෂයා ශ්‍රද්ධාව ඇත්තේ වෙයි. පවට ලජ්ජා ඇත්තේ වෙයි. පවට බිය ඇත්තේ වෙයි. ධර්මඥානය  ඇත්තේ වෙයි. මහණෙනි, මෙසේ සත් පුරුෂයෙක්   කුශල ධර්මයන්ගෙන් යුක්ත වෙයි.

§ 17. “මහණෙනි, කෙසේ නම් සත්පුරුෂයෙක්  සත්පුරුෂයන් සේවනය ඇත්තේ වේද?
මහණෙනි, මේ ලොකයෙහි යම්  ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ශ්‍රද්ධාව ඇත්තාහුද , පවට ලජ්ජා ඇත්තාහුද , පවට භය ඇත්තාහුද , ධර්මය ඇත්තාවේද, සිහි මුලා නොවුයෙ වේද, ප්‍රඥාව ඇත්තාහු වෙත්ද, ඔව්හු ඔහුගේ මිත්‍රයෝ වෙත්. ඔව්හු යහලුවෝ වෙත්. මහණෙනි, මෙසේ  සත්පුරුෂයා සත්පුරුෂ සේවනය ඇත්තේ වෙයි.

§ 18.“මහණෙනි, කෙසේ නම් සත්පුරුෂයා  සත්පුරුෂ ධාර්මික  සිතිවිලි ඇත්තේ වේද?
මහණෙනි, සත්පුරුෂයා කිසිවිට  තමහට දුක් පිණිස වන අරමුණු ගැන  නොසිතයි. අනුනට  දුක් පිණිස වන අරමුණු ගැන  නොසිතයි. 
තමන්ටත් අනුන්ටත් දුක් පිණිස වන අරමුණු ගැන නොසිතයි. මහණෙනි, සත්පුරුෂ යෙක් මෙසේ   සත්පුරුෂ සිතිවිලි ඇත්තේ වෙයි.

§ 19 . “මහණෙනි, සත්පුරුෂයෙක් කෙසේ නම්  සත්පුරුෂ කථා ඇත්තේ වේද?

මහණෙනි,  සත්පුරුෂයා  තමහට දුක් පිණිසවන  කථා නොකරයි. අන්‍යයාහට දුක් පිණිසවන  කථා නොකරයි. තමහට හා අනුන්ට දුක් පිණිස වන  කථා නොකරයි.
මහණෙනි,  සත්පුරුෂයෙක්  
මෙසේ සත්පුරුෂ කථා ඇත්තේ වෙයි.

§ 20. “මහණෙනි, කෙසේ නම් සත්පුරුෂයෙක්  සත්පුරුෂ වචන ඇත්තේ වේද? මහණෙනි,  සත්පුරුෂයා බොරු කීමෙන් වැළකුනේ වෙයි. කේලාම් කීමෙන් වැළකුනේ වෙයි. රළු වචන කීමෙන් වැළකුනේ වෙයි. ප්‍රලාප කීමෙන් වැළකුනේ වෙයි.
මහණෙනි,  සත්පුරුෂයා 
මෙසේ සත්පුරුෂ වචන ඇත්තේ වෙයි.

§ 21. “මහණෙනි, කෙසේ නම් සත්පුරුෂයා  සත්පුරුෂ කර්මාන්ත ඇත්තේ වේද?

මහණෙනි,  සත්පුරුෂයා  සතුන් මැරීමෙන් වැළකුනේ වෙයි. සොරකම් කිරීමෙන් වැළකුනේ වෙයි. කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේ වෙයි. මහණෙනි, සත්පුරුෂයා මෙසේ  සත්පුරුෂ කර්මාන්ත ඇත්තේ වෙයි.

§ 22. “මහණෙනි, කෙසේ නම් සත්පුරුෂයෙක්  සත්පුරුෂ දෘෂ්ටි ඇත්තේ වේද?

මහණෙනි, සත්පුරුෂයා මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි.
“දුන් දෙයෙහි විපාක ඇත්තේය. රැකී සිල්හි විපාක ඇත්තේය. කළ පූජායෙහි විපාක ඇත්තේය. කරනලද හොඳ කරන කර්මයන්හි ඵල විපාක ඇත්තේය. මෙලොව ඇත. පරලොව ඇත. මවට කළ හොඳ නරක දෙකෙහි, පියාට කළ හොඳ නරක දෙකෙහි විපාක ඇත. පරලොව උපදින සත්වයෝ ඇත. යම් කෙනෙක් මේ ලොකයද පරලොකයද තෙමේ විශිෂ්ට ඥානයෙන් (මනා නුවණින්) දැන ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කෙරෙත්ද? එබඳුවූ යහපත් බවට පැමිණියාවූ, මනාව පිළිපන්නාවූ මහණ බමුණෝ ලොකයෙහි ඇත්තාහයි” ගනියි.
මහණෙනි,  සත්පුරුෂයා මෙ
සේ  සත්පුරුෂ දෘෂ්ටි ඇත්තේ වෙයි.

§ 23 . “මහණෙනි, කෙසේ නම් සත්පුරුෂයෙක්  සත්පුරුෂ දානය දේද? මහණෙනි, සත්පුරුෂයා මනා කොට  සකස් කොට දන් දෙයි. සියතින් දන් දෙයි. සිතින් ආදරකොට දන් දෙයි. පිරිසිදුව දන් දෙයි. විපාක සලකමින් දානය දෙයි.
මහණෙනි, 
සත්පුරුෂයා මෙසේ සත්පුරුෂ දානය  දෙයි.

§ 24 . “මහණෙනි, මෙබඳු  සත්පුරුෂයා මෙසේ කුසල ධර්මයන්ගෙන් යුක්තවූයේ මෙසේ සත්පුරුෂ සේවනය ඇත්තේ, මෙසේ සත්පුරුෂ සිතිවිලි ඇත්තේ, මෙසේ සත්පුරුෂ කථා ඇත්තේ, මෙසේ සත්පුරුෂ වචන ඇත්තේ, මෙසේ සත්පුරුෂ කර්මාන්ත ඇත්තේ, මෙසේ සත්පුරුෂ දෘෂ්ටි ඇත්තේ, මෙසේ සත්පුරුෂ දන් දී, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සත්පුරුෂයන් උපදින  යම් ගතියෙක් වේද, එහි උපදියි.

මහණෙනි, සත්පුරුෂයන්ගේ ගති භුමිය කවරීද?
උසස් දෙවියන් බවට හෝ උසස් මනුෂ්‍යයන් බවට හෝ පැමිණෙන්නේයයි” වදාළේය.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තාහුය.

English Version   

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.