AN 1-7- විරීයාරම්භ වර්ගය

§ KN 1-7- 1-විරියාරම්භ සූත්‍රය

“මහණෙනි,  සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යය හේතුකොටගෙණ නූපන් කුශල ධර්මයෝත් උපදිත්, උපන්නාවූ අකුශල ධර්මයෝත් පිරිහෙත්, මහණෙනි, නූපන් කුශල ධර්මයෝත් උපදවන්නටත් උපන්නාවූ අකුශල ධර්මයෝ අඩු කරලන්නටත් සමත් මේ වැනිවූ අනෙක් එකදු  ධර්මයක්  මම නොදකිමි.

මහණෙනි, පටන්ගන්නාලද වීර්‍ය්‍යය ඇත්තා තුළ නූපන් කුශලධර්මයෝ උපදිත් උපන්නාවූ අකුශල ධර්මයෝත් පිරිහෙත්.”

§ KN 1-7- 2-මහිච්ඡ සූත්‍රය

“මහණෙනි, පමණ ඉක්මවාගිය ආසාව හේතුකොටගෙණ නූපන් අකුශල ධර්මයෝත් උපදිත්, උපන්නාවූ කුශල ධර්මයෝත් පිරිහෙත්, මහණෙනි, නූපන් අකුශල ධර්මයෝත් උපදවන්නටත්, උපන්නාවූ කුශල ධර්මයෝ මැඩලන්නටත් හේතුවන මේ අසන්තෘප්තිකම  වැනිවූ අනෙක් එක ධර්මයකුදු මම නොදකිමි.

මහණෙනි, අසන්ත්රුප්තිකර ආසාව  පුද්ගලයා තුළ පෙර නූපන් අකුශලධර්මයෝත් උපදවත්. උපන්නාවූ කුශල ධර්මයෝත් පිරිහීමට පත්කරත්.”

§ KN 1-7- 3-අප්පිච්ඡ සූත්‍රය

“මහණෙනි,  අල්පෙච්චතාව (අලෝභිබව)  හේතුකොටගෙණ නූපන් කුශලධර්මයෝත් උපදිත්, උපන්නාවූ අකුශල ධර්මයෝත් පිරිහෙත්, මහණෙනි, නූපන් කුශලධර්මයෝ උපදවන්නටත්, උපන්නාවූ අකුශල ධර්මයෝ දුරුකරන්නටත් සමත් මේ අල්පෙච්චතාව වැනිවූ අනෙක් එක ධර්මයකුදු මම නොදකිමි.

මහණෙනි, අල්පේච්ච තැනැත්තා තුළ නූපන් කුශල ධර්මයෝත් උපදිත්, උපන්නාවූ අකුශල ධර්මයෝත් පිරිහෙත්.”

§ KN 1-7- 4- අසන්තුට්ඨ සූත්‍රය

“මහණෙනි,  ලද දෙයින් සතුටු නොවන බව  හේතුකොටගෙණ නූපන් අකුශල ධර්මයෝත් උපදිත්, උපන්නාවූ කුශල ධර්මයෝත් පිරිහෙත්, මහණෙනි, ලද දෙයින් සතුටු නොවන බව වැනිවූ නුපන් අකුසල උපදවන්නටත්, උපන්නාවූ කුශල ධර්මයෝ මැඩලන්නටත් හේතුවන  අනෙක් එක ධර්මයකුදු මම නො දකිමි.

මහණෙනි, ලද දෙයින් සතුටු නොවන්නාවූ පුද්ගලයා තුළ නූපන් අකුශල ධර්මයෝත් උපදිත්. උපන්නාවූ කුශල ධර්මයෝත් පිරිහෙත්.”

§ KN 1-7- 5-සන්තුට්ඨ සූත්‍රය.

“මහණෙනි, යම් ලද දෙයින් සතුටුවීම  හේතුකොටගෙණ නූපන් කුශලධර්මයෝ උපදිත්, උපන්නාවූ අකුශල ධර්මයෝ පිරිහෙත්, මහණෙනි, නූපන් කුශලධර්මයෝ උපදවන්නටත්, උපන්නාවූ අකුශල ධර්මයෝ දුරුකරන්නටත්  ලද දෙයින් සතුටුවීම වැනිවූ අනෙක් එක ධර්මයකුදු මම නොදකිමි.

මහණෙනි, ලදදෙයින් සතුටු වන්නා තුළ නූපන් කුශල ධර්මයෝත් උපදිත්. උපන්නාවූ අකුශල ධර්මයෝත් පිරිහෙත්.”

§ KN 1-7- 6- අයොනිසො මනසිකාර සූත්‍රය

“මහණෙනි,  අනුවණින් වරදවා මෙනෙහි කිරීමක් හේතුකොටගෙණ නූපන් අකුශලධර්මයෝත් උපදිත්, උපන්නාවූ කුශල ධර්මයෝත් පිරිහෙත්, මහණෙනි, නූපන් අකුශල ධර්මයෝත් උපදවන්නටත්, උපන්නාවූ කුශල ධර්මයෝ මැඩලන්නටත් හේතුවන මේ වැනිවූ අනෙක් එක ධර්මයකුදු මම නොදකිමි.

මහණෙනි, අනුවණින් මෙනෙහි කරන්නා තුළ නූපන් අකුශල ධර්මයෝත් උපදිත්. උපන්නාවූ කුශල ධර්මයෝත් පිරිහෙත්.

§ KN 1-7- 7- යොනිසොමනසිකාර සූත්‍රය

“මහණෙනි, යම් නුවණින් මෙනෙහි කිරීමක් හේතුකොටගෙණ නූපන් කුශල ධර්මයෝත් උපදිත්, උපන්නාවූ අකුශල ධර්මයෝත් පිරිහෙත්. මහණෙනි,  නූපන් කුශල ධර්මයෝ උපදවන්නටත්, උපන්නාවූ අකුශල ධර්මයෝ දුරුකරන්නටත්  සමත් යෝනිසෝමනසිකාරය  වැනිවූ අනෙක් එක ධර්මයකුදු මම නොදකිමි.

මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නා තුළ නූපන් කුශල ධර්මයෝත් උපදිත්. උපන්නාවූ අකුශල ධර්මයෝත් පිරිහෙත්.”

§ KN 1-7- 8- අසම්පජඤ්ඤ සූත්‍රය

“මහණෙනි, යම් සම්‍යක්ප්‍රඥා රහිත භාවයක් මෝහයක් හේතුකොටගෙණ නූපන් අකුශල ධර්මයෝත් උපදිත්, උපන්නාවූ කුශල ධර්මයෝත් පිරිහෙත්, මහණෙනි, නූපන් අකුශල ධර්මයෝ උපදවන්නටත්, උපන්නාවූ කුශල ධර්මයෝ මැඩලන්නටත් හේතුවන මේ වැනිවූ අනෙක් එක ධර්මයකුදු මම නොදකිමි.

මහණෙනි, මනා නුවණ නැත්තා තුළ නූපන් අකුශල ධර්මයෝත් උපදිත්. උපන්නාවූ කුශල ධර්මයෝත් පිරිහෙත්.”

§ KN 1-7- 9-සම්පජඤ්ඤ සූත්‍රය

“මහණෙනි, යම් ප්‍රඥා ඇතිබවක් හේතු කොටගෙණ නූපන් කුශලධර්මයෝත් උපදිත්ද, උපන්නාවූ අකුශලධර්මයෝත් පිරිහෙත්ද, මහණෙනි,  නූපන් කුශලධර්මයෝ උපදවන්නටත්, උපන්නාවූ අකුශල ධර්මයෝ දුරුකරන්නටත්  සමත්මේ  වැනිවූ අනෙක් එක ධර්මයකුදු මම නොදකිමි. මහණෙනි, මනා ප්‍රඥා ඇත්තා තුළ නූපන් කුශලධර්මයෝ උපදිත්. උපන්නාවූ අකුශල ධර්මයෝත් පිරිහෙත්.”

§ KN 1-7- 10- පාපමිත්ත සූත්‍රය

“මහණෙනි, යම් පාපමිත්‍රයන් ආශ්‍රය කිරීම හේතුකොටගෙණ නූපන් අකුශල ධර්මයෝ උපදිත්, උපන්නාවූ කුශල ධර්මයෝ පිරිහෙත්ද, මහණෙනි, නූපන් අකුශල ධර්මයෝ උපදවන්නටත්, උපන්නාවූ කුශල ධර්මයෝ මැඩලන්නටත් හේතුවන මේ වැනිවූ අනෙක් එක ධර්මයකුදු මම නොදකිමි.

මහණෙනි, පාපමිත්‍රයන් ආශ්‍රය කිරීම හේතුකොටගෙණ නුපන් අකුශල ධර්මයෝත් උපදිත්. උපන්නාවූ කුශලධර්මයෝත් පිරිහෙත්.”

Noble8 path

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.