AN-1-6-අච්ඡරාසංඝාත වර්ගය

§ AN 1-6- 1-අස්සුතවා සූත්‍රය.

“මහණෙනි, මේ සිත ඉක්මනින් ආගන්තුකවූ (පසුව උපදිනා) රාගාදි කෙලෙසුන් විසින් කිලිටි කරණ ස්වභාව ඇත්තේය. ධර්මය අසා පුරුදු නැති පෘථග්ජනයා  ඒ සිත  තත්වූ පරිද්දෙන් නොදනී. එහෙයින් ධර්මය අසා පුරුදු නැති පෘථග්ජනයාහට සිතෙහි වැඩීමක් නැතැයි කියමි

§ AN 1-6- 2-සුතවා සූත්‍රය

“මහණෙනි, මේ සිත  දිදුලන්නේය . (ප්‍රභාස්වරය)  ඉක්මනින් ආගන්තුකවූ රාගාදි කෙලෙසුන්ගෙන් මුදා  හැක්කේය. ධර්මය අසා එහි පිළිපදින්නාවූ  ශ්‍රාවකයා  තම  සිත (ඇතිසැටියෙන්) දනී. එහෙයින් ඇසූ පිරූතැන් ඇති ආර්‍ය්‍යශ්‍රාවකයාහට සිතෙහි වැඩීමක් ඇතැයි කියමි.” 

§ AN 1-6- 3-මෙත්තා සෙවන සූත්‍රය

මහණෙනි, ඉදින් යම් භික්ෂුවක්  ඇසුරු සනක් ගසන පමණ කාලයකුදු මෛත්‍රී වඩන සිත පුරුදු කෙරේද මහණෙනි, ඒ භික්ෂුව  හිස් නොවූ ධ්‍යාන ඇත්තේ ශාස්තෲන් වහන්සේගේ ඉගැන්වීම පිළිපදිමින් අවවාදය මනාකොට රකිමින් වාසය කෙරෙයි. දායකයන්ගෙන් ලත් පිණ්ඩපාතය විමුක්ති අර්ථය පිණිසම වලඳත්යැයි  කියනු ලැබේ. යමෙක් තම  මෙත් සිත බහුලකොට වඩාත් නම්  (එහි අනුසස්) කියනුම කවරේද? (මේ සුත්රයත් පහත ඇති මෙත්තා භාවනා සුත්රයත් එකම පරිවර්තනයක් ලෙස දැක්වෙන්නේ වැරදීමකින් බව සිතේ )

§ AN 1-6- 4-මෙත්තා භාවනා සූත්‍රය.

“මහණෙනි, ඉදින් යම් මහණෙක් ඇසුරු සනක් ගසන පමණ කාලයකුදු මෛත්‍රී වඩන සිත පුරුදු කෙරේද මහණෙනි, ඒ භික්ෂුව හිස් නොවූ ධ්‍යාන ඇත්තේ ශාස්තෲන් වහන්සේගේ ඉගැන්වීම පිළිපදිමින් ශාස්තෲන් වහන්සේගේ අවවාදය රකිමින් රටවැස්සන්ගේ පිණ්ඩපාතය නිරර්ථක නොවනසේ අනුභව කෙරේයයි ද කියනු ලැබේ. යම් කෙනෙක් ඒ සිත බහුල වශයෙන් වඩත්නම් (එහි අනුසස්) කියනුම කවරේද?

§ AN 1-6- 5- මෙත්තාමනසිකාර සූත්‍රය.

“මහණෙනි, ඉදින් යම් මහණෙක් තෙම අසුරක් ගසන පමණ කාලයකුදු මෛත්‍රී චිත්තය මෙනෙහි කෙරේද, ඒ මහණතෙමේ හිස් නොවූ ධ්‍යාන ඇත්තේ ශාස්තෲන්වහන්සේගේ ඉගැන්වීම පිළිපදිමින් ශාස්තෲන්වහන්සේගේ අවවාදය පිළිපදිමින් රටවැස්සන්ගේ පිණ්ඩපාතය නිරර්ථක නොවනසේ අනුභව කෙරේයි කියනු ලැබේ. යම් කෙනෙක් ඒ සිත බහුල කෙරෙත් නම් (එහි අනුසස් කියනු ම කවරේද?”

§ AN 1-6- 6- අකුසලභාගිය සූත්‍රය

“මහණෙනි, අකුසල් වූ, අකුසල් භජනය කරන්නාවූ අකුශලපක්ෂයෙහිවූ, යම්කිසි ධර්ම කෙනෙක් වෙත් ද ඒ සියලු ධර්මයෝ සිත පෙරටු කොට ඇත්තාහ. සිත ඒ ධර්මයන්ට පළමුකොට උපදී. අකුශල ධර්මයෝ සිත අනුව ම උපදිත්

§ AN 1-6- 7- කුසලභාගිය සූත්‍රය.

“මහණෙනි, කුසල්වූ, කුසල් භජනය කරන්නාවූ කුශලපක්ෂයෙහිවූ, යම්කිසි ධර්මයක්  වෙත්ද, ඒ සියලු ධර්මයෝ සිත පෙරටුකොට ඇත්තාහ. සිත ඒ ධර්මයන්ට පළමු කොට උපදී කුශලධර්මයෝ ඒ අනුව ම උපදිත්.”

§ AN 1-6- 8- පමාද සූත්‍රය.

“මහණෙනි,  ප්‍රමාදය කරණ කොටගෙණ නූපන්නාවූ අකුශලධර්මයෝත් උපදිත්ද, උපන්නාවූ කුශලධර්මයෝත් පිරිහෙත්ද, මහණෙනි, ප්‍රමාදය බඳුවූ අනෙක් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, ප්‍රමාදීවූ පුද්ගලයා තුළ (පෙර) නූපන් අකුශලධර්මයෝ උපදිත්. උපන්නාවූ කුශල ධර්මයෝ පිරිහෙත්.”

§ AN 1-6- 9- අප්පමාද සූත්‍රය.

“මහණෙනි,  අප්‍රමාදය  කරණකොටගෙණ නූපන්නාවූ කුශලධර්මයෝත් උපදිත්ද, උපන්නාවූ කුශලධර්මයෝත් පිරිහෙත්ද, මහණෙනි, මේ බඳුවූ අනෙක් එකදු  ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, අප්‍රමාදිවූ තැනැත්තා තුළ නූපන් කුශල ධර්මයෝ උපදිත්. උපන්නාවූ අකුශල ධර්මයෝ පිරිහෙත්.”

§ AN 1-6- 10- කොසජ්ජ සූත්‍රය.

“මහණෙනි,  අලසබව  කරණ කොටගෙණ නූපන්නාවූ අකුශල ධර්මයෝත් උපදිත්ද, උපන්නාවූ කුශල ධර්මයෝත් පිරිහෙත්ද, මහණෙනි, මේ බඳුවූ අනෙක් එක ධර්මයකුදු මම නොම දකිමි මහණෙනි, අලසයා තුළ නූපන් අකුශල ධර්මයෝත් උපදිත්. උපන්නාවූ කුශල ධර්මයෝත් පිරිහෙත්.”

SansaraVimukthiya

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.