KN -01-01-ඛුද්දක පාඨ පාලිය

KN 01-1-1-තුන් සරණය

බුදුන් සරණ යමි,
දහම් සරණ යමි,
සඟුන් සරණ යමි.

දෙවනුවත් බුදුන් සරණ යමි,
දෙවනුවත් දහම් සරණ යමි,
දෙවනුවත් සඟුන් සරණ යමි,

තුන්වෙනුවත් බුදුන් සරණ යමි,
තුන්වෙනුවත් දහම් සරණ යමි,
තුන්වෙනුවත් සඟුන් සරණ යමි,

 KN 01-01-02-
දශ  සිල් පද

පාණාතිපාතා වෙරමණී-සික්ඛාපදං සමාදියාමි. සතුන් මැරීමෙන් වැළකෙමි යන  සිල්පදය මැනවින් ගනිමි
අදින්නාදානා වෙරමණී-සික්ඛාපදං සමාදියාමි. නුදුන් දේ ගැනීමෙන් වැළකෙමි යන  සිල්පදය මැනවින් ගනිමි
අබ්‍රහ්මචරියා වෙරමණී-සික්ඛාපදං සමාදියාමි මෙවුන්දමෙහි හැසිරීමෙන් වැළකෙමි යන  සිල්පදය මැනවින් ගනිමි
මුසාවාදා වෙරමණී-සික්ඛාපදං සමාදියාමි. බොරු කීමෙන් වැළකෙමි යන  සිල්පදය මැනවින් ගනිමි
සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණී-සික්ඛාපදං සමාදියාමි මත්වීමට හා පමාවීමට කරුණුවූ රහමෙර පීමෙන් වැළකෙමි යන  සිල්පදය මැනවින් ගනිමි
විකාලභොජනා වෙරමණී-සික්ඛාපදං සමාදියාමි. නියම කාලයෙන් පසු  ආහාර ගැනීමෙන් වැළකෙමි යන  සිල්පදය මැනවින් ගනිමි
නච්ච-ගීත-වාදිත-විසූකදස්සනා වෙරමණී-සික්ඛාපදං සමාදියාමි. නැටුමෙන් ගැයුමෙන් වැයුමෙන් විසුළු දැක්මෙන් වැළකෙමි යන  සිල්පදය මැනවින් ගනිමි
මාලා-ගන්ධ-විලෙපන-ධාරණ-මණ්ඩන-විභූසනට්ඨානා වෙරමණී-සික්ඛාපදං සමාදියාමි. මල්ගඳ විලවුන් දැරීම (ශරීරයෙහි) අඩුතැන් පිරවීම සැරසීම යන මෙයට හේතුවූ කරුණින් වැළකෙමි යන  සිල්පදය මැනවින් ගනිමි
උච්චාසයන-මහාසයනා
වෙරමණී-සික්ඛාපදං සමාදියාමි.
උස් ආසන මහා ආසනයන්ගෙන් වැළකෙමි යන  සිල්පදය මැනවින් ගනිමි
ජාතරූප-රජතපටිග්ගහණා
වෙරමණී-සික්ඛාපදං සමාදියාමි.
රන් රිදී මසුරන් කහවණු (මුදල්) පිළිගැන්මෙන්, පරිභෝජනයෙන්  වැළකෙමි යන  සිල්පදය මැනවින් ගනිමි

KN 01-01-03-
දෙතිස් ආකාරය

අත්ථි ඉමස්මිං කායෙ –
කෙසා ලොමා නඛා දන්තා තචො,
මංසං, නහාරු , අට්ඨි , අට්ඨිමිඤ්ජං වක්කං,
හදයං, යකනං, කිලොමකං,  පිහකං පප්ඵාසං,
අන්තං අන්තගුණං උදරියං කරීසං මත්ථලුඞ්ගං
පිත්තං සෙම්හං පුබ්බො ලොහිතං සෙදො මෙදො,
අස්සු වසා ඛෙළො සිඞ්ඝාණිකා ලසිකා මුත්තන්ති (මුත්තං, මත්ථකෙ මත්ථලුඞ්ගන්ති (ස්‍යා.)).
මේ කයෙහි
කෙස් ඇත, ලොම් ඇත, නිය ඇත, දත් ඇත, සම ඇත,
මස් ඇත, නහර ඇත, ඇට ඇත, ඇටමිදුලු ඇත, වකුගඩු ඇත,
හදවත ඇත, අක්මාව ඇත, දළඹුව ඇත, බඩදිව ඇත, පපුමස ඇත,
අතුනු ඇත, අතුනු බහන් ඇත, නොපැසුනු අහර ඇත, පැසුණු අහර (මළ) ඇත,
පිත ඇත, සෙම ඇත, සැරව ඇත, ලේ ඇත, ඩහදිය ඇත, මේදතෙල ඇත,
කඳුළු ඇත, වුරුණුතෙල් ඇත, කෙළ ඇත, සොටු ඇත, සඳමිදුලු ඇත, මූත්‍ර ඇත, (හිස්මොළ ඇත.)

KN  01-01-04-
කුමාර පඤ්හා

1

‘එකං නාම කිං’’?
‘‘සබ්බෙ සත්තා ආහාරට්ඨිතිකා’’.
එක නම් කිම?-
සියලු සත්වයෝ ආහාරය නිසා පවතීන්නෝය.

2

 ‘‘ද්වෙ නාම කිං’’?
‘‘නාමඤ්ච රූපඤ්ච’’.
දෙක නම් කිම?-
නාමයද රූපයද යන දෙකය.

3

 ‘‘තීණි නාම කිං’’?
‘‘තිස්සො වෙදනා’’.
තුන නම් කිම?-
තුන් වේදනාවෝය.
(සුඛ, දුක්ඛ, අදුක්ඛම සුඛ )

4

 ‘‘චත්තාරි නාම කිං’’?
‘‘චත්තාරි අරියසච්චානි’’.
සතර නම් කිම?-
සතර ආර්ය සත්‍යයෝයි.

5

 ‘‘පඤ්ච නාම කිං’’? ‘‘පඤ්චුපාදානක්ඛන්ධා’’. පස නම් කිම?-
තෘෂ්ණා දෘෂ්ටි දෙකින් තදින් අල්වාගත් රූප, වෙදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ යන පසයි.

6

‘‘ඡ නාම කිං’’?
‘‘ඡ අජ්ඣත්තිකානි ආයතනානි’’.
සය නම් කිම?-
තමා කෙරෙහිවූ චක්‍ෂුප්‍රසාද, ශ්‍රොත ප්‍රසාද, ඝ්‍රාණප්‍රසාද, ජිව්හාප්‍රසාද, කායප්‍රසාද, මනස යන සයයි.

7

 ‘‘සත්ත නාම කිං’’?
‘‘සත්ත බොජ්ඣඞ්ගා’’.
සත නම් කිම?-
සති, ධම්මවිචය, විරිය, පීති, පස්සධි, සමාධි, උපෙක්ඛා යන සතර මාර්ගඥානය පිණිස පවත්නා බොජඣංග සතය.

8

‘‘අට්ඨ නාම කිං’’?
‘‘අරියො අට්ඨඞ්ගිකො මග්ගො’’.
අට නම් කිම?-
සම්මාදිට්ඨි, සම්මාසංකප්ප, සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මාආජීව, සම්මාවායාම, සම්මාසති, සම්මාසමාධි යන ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.

9

 ‘‘නව නාම කිං’’?
‘‘නව සත්තාවාසා’’.
නවය නම් කිම?-
1.නානත්තකාය නානත්ත සඤ්ඤී,
2. නානත්තකාය එකත්ත සඤ්ඤී,
3. එකත්තකාය නානත්තසංඤී,
4.එකත්තකාය එකත්තසඤ්ඤී. අසංඤී,
5.ආකාසානඤ්චායතනූපග,
6.විඤාණඤ්චායතනූපග,
7. ආකිඤ්චඤඤායතනූපග,
8.වසඤඤානා
9.සඤඤායතනූපග යන
නවවිධි සත්‍වයෝයි.

10

‘‘දස නාම කිං’’? ‘‘
දසහඞ්ගෙහි සමන්නාගතො ‘අරහා’ති වුච්චතී’’ති.
දහය නම් කිම?-
රහත්හුගේ අංග දහයයි, රහත් සම්මා දිට්ඨි, රහත් සම්මාසංකප්ප, රහත් සම්මාවාචා, රහත් සම්මා කම්මන්ත, රහත් සම්මාආජීව, රහත් සම්මාවායාම, රහත් සම්මාසති, රහත් සම්මාසමාධිය යන අටත් සම්මාඤාණ, සම්මාවිමුක්ති යන දෙකත් වෙත්

KN 01-01-05-
මහා මංගල  සුත්‍රය 

1.එවං මෙ සුතං –
එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ.
අථ ඛො අඤ්ඤතරා දෙවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවන්තං ගාථාය අජ්ඣභාසි –
1.මා විසින් මෙසේ අසනලදී.
එක් කාලයෙක්හි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටානන් විසින් කරවනලද ජේත වනාරාමයෙහි වසනසේක.

එකල වනාහි එක්තරා දෙවියෙක් මැදුම්රැයෙහි මනහර ශරීරප්‍රභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන්වහන්සේ වෙත  පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක  සිට  භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.

2‘‘බහූ දෙවා මනුස්සා ච,
මඞ්ගලානි  අචින්තයුං;
ආකඞ්ඛමානා සොත්ථානං,
බ්‍රූහි මඞ්ගලමුත්තමං’’.
2.“බොහෝ දෙවියෝද මනුෂ්‍යයෝද  තමනට යහපත පතන්නෝ අභිවෘද්ධිය සලසාලන උතුම් කරුණු සෙවූහ. වහන්ස, අභිවෘද්ධිය සලසාලන උතුම් කරුණු වදාරණ සේක්වායි” ගාථායෙන් කීය.
3‘‘අසෙවනා ච බාලානං,
පණ්ඩිතානඤ්ච සෙවනා;
පූජා ච පූජනෙය්‍යානං (පූජනීයානං (සී. ස්‍යා. කං. පී.)), එතං මඞ්ගලමුත්තමං.
3 “එවිට භාග්‍යවතුන් වහන්සේ බාලයන් ඇසුරු නොකිරීමද, පණ්ඩිතයන් ඇසුරු කිරීමද, පිදියයුත්තන් පිදීමද යන එය උතුම් මඟුල්ය.
4 ‘‘පතිරූපදෙසවාසො ච,
පුබ්බෙ ච කතපුඤ්ඤතා;
අත්තසම්මාපණිධි (අත්ථසම්මාපණීධී (කත්ථචි)) ච, එතං මඞ්ගලමුත්තමං.
4 “නිසි රටෙක විසීමද, පෙර ජාතිවල රැස්කළ පින් ඇතිබවය, තමා ගුණදහම්හි පිහිටුවීමද යන  උතුම් මඟුල්ය.
5. ‘‘බාහුසච්චඤ්ච සිප්පඤ්ච,
විනයො ච සුසික්ඛිතො;
සුභාසිතා ච යා වාචා,
එතං මඞ්ගලමුත්තමං.
5. ධර්මශාස්ත්‍ර දෙක්හි බොහෝ උගත් බවද, ශිල්ප දැනීමද, කය වචන සිත මනාව හික්මවීමද, බොරු ආදියෙන් වෙන්වූ වචනයද යන එය උතුම් මඟුල්ය.
6 ‘‘මාතාපිතු උපට්ඨානං, පුත්තදාරස්ස සඞ්ගහො; අනාකුලා ච කම්මන්තා,
එතං මඞ්ගලමුත්තමං.
6 “මවට උපස්ථානයද, පියාට උපස්ථානයද, අඹුදරුවනට උපකාර කිරීමද, නිරවුල් කර්මාන්තද යන එය උතුම් මඟුල්ය.
7. ‘‘දානඤ්ච ධම්මචරියා ච,
ඤාතකානඤ්ච සඞ්ගහො;
අනවජ්ජානි කම්මානි,
එතං මඞ්ගලමුත්තමං.
7. “දීමද, දසකුසල් කිරීමද, නෑයනට උපකාර කිරීමද, නිවැරදි කර්මද, යන එය උතුම් මඟුල්ය.
8. ‘‘ආරතී විරතී පාපා,
මජ්ජපානා ච සංයමො;
අප්පමාදො ච ධම්මෙසු,
එතං මඞ්ගලමුත්තමං.
8. “පව් කෙරෙන් තුන්දොර වැළැක්මද, මත්පැනින් වැළැක්මද, කුසල්දහම් වැඩීමෙහි නොපමාවද යන එය උතුම් මඟුල්ය.
9. ‘‘ගාරවො ච නිවාතො ච,
සන්තුට්ඨි ච කතඤ්ඤුතා;
කාලෙන ධම්මස්සවනං (ධම්මස්සාවණං (ක. සී.), ධම්මසවනං (ක. සී.)),
එතං මඞ්ගලමුත්තමං
.
9. “ගරුබුහුමන් කිරීමට සුදුස්සන්ට ගරුබුහුමන් කිරීමද, යටත්පහත් බවද, ලද දෙයින් සතුටුවීමද, කළගුණ දන්නා බවද, සුදුසු අවස්ථාවෙහි දහම් ඇසීමද යන එය උතුම් මඟුල්ය.
10. ‘‘ඛන්තී ච සොවචස්සතා,
සමණානඤ්ච දස්සනං; කාලෙන ධම්මසාකච්ඡා,
එතං මඞ්ගලමුත්තමං.
10. “ඉවසීමද, සුවච බවද, ශ්‍රමණයන් දැක්මද, නිසිකාලයෙහි ධර්ම සාකච්ඡාවද යන එය උතුම් මඟුල්ය.
11. ‘‘තපො ච බ්‍රහ්මචරියඤ්ච,
අරියසච්චාන දස්සනං;
නිබ්බානසච්ඡිකිරියා ච, එතං මඞ්ගලමුත්තමං.
11. “ඉන්ද්‍රිය සංවරය හා වීර්යයද, බ්‍රහ්මචර්යාවද, ආර්ය සත්‍යයන් අවබෝධයද, නිවණ නුවණැසට හමුකිරීමද යන එය උතුම් මඟුල්ය.
12. ‘‘ඵුට්ඨස්ස ලොකධම්මෙහි,
චිත්තං යස්ස න කම්පති;
අසොකං විරජං ඛෙමං,
එතං මඞ්ගලමුත්තමං.
12. “අෂ්ටලොක ධර්මයෙන් හැප්පුණු යමෙකුගේ සිත නොසැලේ නම් ඒ නොසැලෙන සිතද, ශොකනැති සිතද, කෙලෙස්ධූලි නැති සිතද, උපද්‍රව නැති සිතද යන එය උතුම් මඟුල්ය.
13. ‘‘එතාදිසානි කත්වාන,
සබ්බත්ථමපරාජිතා;
සබ්බත්ථ සොත්ථිං ගච්ඡන්ති,
තං තෙසං මඞ්ගලමුත්තම’’න්ති.
13. “මෙවැනි අභිවෘද්ධියට කරුණුවූ දේ කිරීමෙන් හැමතන්හි නොපැරදුනෝව හැමතන්හි සැපසේ යත්. ඒ දේ ඒ පුරන්නහුට උතුම් මඟුල්ය.”

KN 01-01-6-
රතන සූත්‍රය

1.යානීධ භූතානි සමාගතානි,
භුම්මානි  වා යානි ව අන්තලික්ඛෙ;
සබ්බෙව භූතා සුමනා භවන්තු,
අථොපි සක්කච්ච සුණන්තු භාසිතං.
1.“පොළොවෙහි  උපන් හෝ අහසෙහි  උපන් හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් දැන් මෙහි රැස්වූවෝද ඒ හැම අමනුෂ්‍යයෝ සතුටු සිත් ඇත්තෝ වෙත්වා. මාගේ වචනය සකසා අසත්වා.
2 තස්මා හි භූතා නිසාමෙථ සබ්බෙ,
මෙත්තං කරොථ මානුසියා පජාය;
දිවා ච රත්තො ච හරන්ති යෙ බලිං,
තස්මා හි නෙ රක්ඛථ අප්පමත්තා.
2. “භූතයිනි, එබැවින් තෙපි හැමදෙන අසවු. මනුෂ්‍ය ප්‍රජාවට මෛත්‍රී කරවු. ඒ යම් මිනිස් කෙනෙක් දහවලුත් රෑත් තොපට පුදපඬුරු ගෙනෙත්ද පුදත් ද ඒ බැවින් ඔවුන් නොපමාව රකිවු.
3. යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා,
සග්ගෙසු වා යං රතනං පණීතං;
න නො සමං අත්ථි තථාගතෙන,
ඉදම්පි බුද්ධෙ රතනං පණීතං;
එතෙන සච්චෙන සුවත්ථි හොතු.
3. “මේ මිනිස්ලොව හෝ  නාග භවනාදී  අන්තැනෙක හෝ යම් වස්තුවෙක් ඇද්ද, ස්වර්ගයන්හි  යම් අගනා රත්නයක් ඇද්ද, ඔවුන් අතරෙහි තථාගතයන්ට සමාන රත්නයක් නැත්තේමය.
මේ කරුණින් බුදු රජ උත්තම රත්නයයි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.!
4. ඛයං විරාගං අමතං පණීතං,
යදජ්ඣගා සක්‍යමුනී සමාහිතො;
න තෙන ධම්මෙන සමත්ථි කිඤ්චි,
ඉදම්පි ධම්මෙ රතනං පණීතං;
එතෙන සච්චෙන සුවත්ථි හොතු.
4. “ශාක්‍යමුනි තෙම එකඟ සිත් ඇත්තේ ක්ලෙශයන්ගේ ක්‍ෂයට නිමිතිවූ රාගයෙන් වෙන්වූ ජාති ජරා මරණ නැති උතුම්වූ යම් නුවණක් ලැබුයේද ඒ නිර්වාණ ධර්මයට සමාන කිසි දෙයක් නැත. මේ කරුණින්ද ධර්මය උතුම් රත්නයයි.
මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.!
5. යං බුද්ධසෙට්ඨො පරිවණ්ණයී සුචිං, සමාධිමානන්තරිකඤ්ඤමාහු;
සමාධිනා තෙන සමො න විජ්ජති,
ඉදම්පි ධම්මෙ රතනං පණීතං;
එතෙන සච්චෙන සුවත්ථි හොතු.
5. “බුද්ධශ්‍රෙෂ්ඨයානෝ  අත්‍යන්ත ශුද්ධවූ යම් සමාධියක් වර්ණනා කෙළේද, අනතුරුවම ඵලදෙන සමාධියයි, යමකට බුද්ධාදීහු කියත්ද, ඒ මාර්ග සමාධිය හා සම අන් කිසිම සමාධියක් නැත. මේ කරුණින්ද ආර්ය මාර්ග ධර්මය උතුම් රත්නයකි.
මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.!
6. යෙ පුග්ගලා අට්ඨ සතං පසත්ථා,
චත්තාරි එතානි යුගානි හොන්ති;
තෙ දක්ඛිණෙය්‍යා සුගතස්ස සාවකා,
එතෙසු දින්නානි මහප්ඵලානි;
ඉදම්පි සඞ්ඝෙ රතනං පණීතං,
එතෙන සච්චෙන සුවත්ථි හොතු.
6. “සත්පුරුෂයන් විසින් පසස්නාලද යම් ආර්ය පුද්ගලයෝ අටදෙනෙක් වෙත්ද, ඔව්හු යුග සතරෙකි. සුගත් බුදුන්ගේ ශ්‍රාවකවූ ඔව්හු කම්පල අදහා දෙන දේ පිළිගැනීමට සුදුස්සෝය. ඔවුනට දුන්දේ මහත්ඵලය. මේ කරුණින්ද ආර්ය සංඝයා උතුම් රත්නයයි. මේ සත්‍යයෙන් සෙත්වේවා.!
7. යෙ සුප්පයුත්තා මනසා දළ්හෙන, නික්කාමිනො ගොතමසාසනම්හි;
තෙ පත්තිපත්තා අමතං විගය්හ,
ලද්ධා මුධා නිබ්බුතිං භුඤ්ජමානා;
ඉදම්පි සඞ්ඝෙ රතනං පණීතං,
එතෙන සච්චෙන සුවත්ථි හොතු.
7. “ගෞතම බුදුන්ගේ සස්නෙහිවූ යම් ආර්ය ශ්‍රාවක කෙනෙක් ශීලයෙහි මොනොවට යෙදුනේද, ස්ථිර සිතින් යුක්තවූවෝද, සියලු කෙලෙසුන්ගෙන් නික්මුණේද, ඔව්හු නිවණට බැසගෙන නිවීම ඉබේම ලබාගෙන විඳින්නෝ ය’ පැමිණියයුතු දහමට පැමිණියාහුය. මේ කාරණයෙන් ද ආර්ය සංඝ රත්නය උතුම් රත්න වේ.
මේ සත්‍යබලයෙන් සෙත් වේවා.!
8 යථින්දඛීලො පථවිස්සිතො පථවිංසිතො සියා, චතුබ්භි වාතෙහි අසම්පකම්පියො;
තථූපමං සප්පුරිසං වදාමි,
යො අරියසච්චානි අවෙච්ච පස්සති;
ඉදම්පි සඞ්ඝෙ රතනං පණීතං,
එතෙන සච්චෙන සුවත්ථි හොතු.
8 “පොළොව බැස සිටි නුවර දොර සවිවන කනුව සිවුදිගින් හමන සුළඟින් යම්සේ නොසෙල්විය හැකිද ආර්ය සත්‍යයන් යමෙක් නුවණින් බැසගෙන දක්නේ නම් ඒ සත්පුරුෂයා එවැනිකොට කියමි. මේ කරුණින්ද ආර්ය සංඝයා උතුම් රත්නයි.
මෙ සත්‍ය බලයෙන් සෙත් වේවා.!
9. යෙ අරියසච්චානි විභාවයන්ති, ගම්භීරපඤ්ඤෙන සුදෙසිතානි;
කිඤ්චාපි තෙ හොන්ති භුසං පමත්තා,
න තෙ භවං අට්ඨමමාදියන්ති;
ඉදම්පි සඞ්ඝෙ රතනං පණීතං,
එතෙන සච්චෙන සුවත්ථි හොතු.
9. “ගැඹුරු නුවණ ඇති බුදුරජුන් විසින් මැනවින් දක්වන ලද ආර්ය සත්‍යයන් යම්කෙනෙක් තමනට ප්‍රකට කෙරෙත්ද,
ඔව්හු කිසිසේත් පමා  නොවෙත්,
අටවන අත්බවක් නම් නොගනිත්.
මේ කරුණින්ද ආර්ය සංඝයා රත්නයකි.
මේ සත්‍ය බලයෙන් සෙත්වේවා.!
10.සහාවස්ස දස්සනසම්පදාය,
තයස්සු ධම්මා ජහිතා භවන්ති;
සක්කායදිට්ඨී විචිකිච්ඡිතඤ්ච,
සීලබ්බතං වාපි යදත්ථි කිඤ්චි.
10. “ඔහුගේ පළමුවන ආර්යවූ  දැක්ම සමගම සක්කාය දෘෂ්ටියද සැකයද යම්කිසි මිථ්‍යා ශීල ව්‍රත කෙනෙක් ඇත්නම් එහැමද යන තුන් සංයෝජනයෝ ඔහු විසින් හරණ ලද්දෝ වෙත්.
11. චතූහපායෙහි ච විප්පමුත්තො, ඡච්චාභිඨානානි අභබ්බ කාතුං ;
ඉදම්පි සඞ්ඝෙ රතනං පණීතං,
එතෙන සච්චෙන සුවත්ථි හොතු.
11.හේ අපාය සතරින් මිදුනේද වේ. ආනන්තර්ය කර්ම පස හා මිසදිටු ගැන්ම යන බර පව් සය කරන්නටද නොහැක්කේය. මේ කරුණින්ද සංඝයා උතුම් රත්නයෙකි. මේ සත්‍ය බලයෙන් සෙත්වේවා.!
12. කිඤ්චාපි සො කම්මං කරොති පාපකං, කායෙන වාචා උද චෙතසා වා;
අභබ්බො  සො තස්ස පටිච්ඡාදාය, අභබ්බතා දිට්ඨපදස්ස වුත්තා;
ඉදම්පි සඞ්ඝෙ රතනං පණීතං,
එතෙන සච්චෙන සුවත්ථි හොතු.
12. “ඒ සෝවාන් පුද්ගලයා  කිසි පමාවෙකින් කයින් හෝ වචනින් හෝ සිතින් හෝ පව්කමක් කරන්නේද, හේ එය සඟවා ලීමට වෙර නොදරන්නේය. නිවන් දුටුවහු වරද සඟවාලීම නොහැක්කක් බව වදාරණ ලදී. මේ කරුණින්ද ආර්ය සංඝයා උතුම් රත්නයයි.
මේ සත්‍ය බලයෙන් සෙත්වේවා.
13. වනප්පගුම්බෙ යථා  ඵුස්සිතග්ගෙ, ගිම්හානමාසෙ පඨමස්මිං (පඨමස්මි (?)) ගිම්හෙ
තථූපමං ධම්මවරං අදෙසයි (අදෙසයී (සී.)), නිබ්බානගාමිං පරමං හිතාය;
ඉදම්පි බුද්ධෙ රතනං පණීතං, එතෙන සච්චෙන සුවත්ථි හොතු.
13. “වනෙහි වැඩුණු ගස් රැස ග්‍රීෂ්ම සෘතුවෙහි පළමුවන ග්‍රීෂ්ම මාසයෙහි යම්සේ පිපුණු අක් ඇතියේද එබඳුවූ නිවන් පමුණුවන උතුම් පර්යාප්ති ධර්මයක් පරමහිතය පිණිස වදාළේය. මේ කරුණින්ද බුදුරජ උතුම් රත්නයයි.
මේ සත්‍යානුභාවයෙන් සෙත්වේවා.
14. වරො වරඤ්ඤූ වරදො වරාහරො, අනුත්තරො ධම්මවරං අදෙසයි;
ඉදම්පි බුද්ධෙ රතනං පණීතං, එතෙන සච්චෙන සුවත්ථි හොතු.
14. “උතුම්වූ නිවන් දන්නාවූ නිවන් දෙන්නාවූ නිවන් මග ගෙනහැර පාන්නාවූ නිරුත්තර බුදුරජතෙම උතුම් දහමක් දෙසීය. මේ කරුණින්ද බුදුරජ උතුම් රත්නයයි. මේ සත්‍යානුභාවයෙන් සෙත්වේවා.
15. ඛීණං පුරාණං නව නත්ථි සම්භවං, විරත්තචිත්තායතිකෙ භවස්මිං;
තෙ ඛීණබීජා අවිරූළ්හිඡන්දා, නිබ්බන්ති ධීරා යථායං(යථයං (ක.)) පදීපො
ඉදම්පි සඞ්ඝෙ රතනං පණීතං, එතෙන සච්චෙන සුවත්ථි හොතු.
15. “යම් කෙනෙකුන්ගේ පුරාණ කර්ම ගෙවීගියේද, අළුත් කර්ම පහළවීමෙකුත් නැද්ද, අනාගත භවයෙහි නොඇලුණු සිතැති ක්‍ෂයකළ ප්‍රතිසන්ධි විඥාන බීජ ඇති පැනනැගීමෙහි ඡන්දය නැති ධෛර්යය සම්පන්නවූ ඒ රහත්හු මේ පහනසේ පිරිනිවෙත්. මේ කරුණින්ද සංඝයා උතුම් රත්නයයි. මේ සත්‍යානුභාවයෙන් සෙත්වේවා.
16. යානීධ භූතානි සමාගතානි, භුම්මානි වා යානි ව අන්තලික්ඛෙ;
තථාගතං දෙවමනුස්සපූජිතං, බුද්ධං නමස්සාම සුවත්ථි හොතු.
16. “(සක්දෙව් රජ) පොළොව උපන් හෝ අහස උපන් යම් අමනුෂ්‍ය කෙනෙක් මෙහි රැස්වූහුද, ඒ අපි දෙව් මිනිසුන් විසින් පුදන ලද තථාගත බුදුරජුන් වඳිමු. සත්නට සෙත්වේවා.
17. යානීධ භූතානි සමාගතානි, භුම්මානි වා යානි ව අන්තලික්ඛෙ;
තථාගතං දෙවමනුස්සපූජිතං, ධම්මං නමස්සාම සුවත්ථි හොතු.
17. “පොළොව උපන් හෝ අහස උපන් යම් අමනුෂ්‍ය කෙනෙක් මෙහි රැස්වූවාහුද, ඒ අපි දෙව් මිනිසුන් විසින් පුදන ලද තථාගත ධර්මය වඳිමු. සත්නට සෙත්වේවා.
18. යානීධ භූතානි සමාගතානි, භුම්මානි වා යානි ව අන්තලික්ඛෙ;
තථාගතං දෙවමනුස්සපූජිතං, සඞ්ඝං නමස්සාම සුවත්ථි හොතූති.
18. “පොළොව උපන්නාවූද අහස උපන්නාවූද යම් භූත කෙනෙක් මෙහි රැස්වූවාහුද, ඒ අපි දෙව්මිනිසුන් විසින් පුදන ලද තථාගත සංඝයා වඳිමු. සත්නට සෙත්වේවා.”

thirokuda

KN 01-01-07-
තිරොකුඞ්ඩ සූත්‍රය

පුජ්‍යපාද කැළණියේ විපුලඥාන ස්වාමින්වහන්සේ කල අනර්ඝ සුත්‍ර විවරණය

§1  ඤාති ප්‍රේතයෝ තමන් පෙර  විසු නිවාස  කරා අවුත් ගෙහි බිත්තියෙන් පිටත්හිද ගෙට එන මග සන්ධිස්ථාන වලද තුන්මංසන්ධි වලද දොර සමීපයෙහිද සිටිත්.
“පෙර තමන්ගේ නෑ සියන් බොහෝ ආහාරපාන පිළියෙළ කොට  කෑම්බීම් කලත්දී මේ ප්‍රේත  සත්වයන් කිසිවෙකුට සිහි නොවෙන්නේ නම් ඒ ඔවුනගේ කර්මය නිසාය.

§2 .“යම් කෙනෙක් ඒ ප්‍රේත  නෑයන්ට අනුකම්පා කොට,  පිරිසිදුව පිළියෙළ  කල ප්‍රනීත ආහාරයක්  දන්  දී “මේ දානය නිසා වන පින අපේ  නෑයනට අනුමෝදන් වේවා. නෑයෝ සුවපත් වෙත්වා කියා’ ඔවුන් උදෙසා  පමුණවත් නම් ඒ සත්වයෝ ඒ පින  අනුමෝදන් වෙති.

§3. ඒ ඤාති ප්‍රේතයන්  බොහෝ ගණනින්  එතැන්හි  එක්රැස්වූවාහු, එසේ තමන් පිණිස කල් දානයේ පින අනුමෝදන්ව සොම්නස් ව තමනට මෙසේ පිනක් සලසා දුන් ඒ ජීවත්වන නෑයනට සෙත්  පතති. අප සිහි කොට පින් දුන්  ඒ අපේ නෑයෝ බොහෝ කල් ජීවත්වෙත්වා. ඔවුන් විසින් අපටද පූජා කරණ ලදී. දායකවූ ඔව්හුද ඒ දානමය පිනෙහි ඵල ලබන්නෝ වෙත්’ (යයි කියා ඒ දන්දී පින් දුන් නෑයන්ට ප්‍රශංසා කරත්)

§4.  ප්‍රේත ලෝකයෙහි සීසෑමක්  ගොවිතැනක් නොමැත. එහි ගව පාලනයෙක්ද නැත. වෙල හෙලදාමක්ද නැත. දිවි පවත්වන්නට ඔවුනට මේ දානයකින් අනුමෝදන් කරන පින මිස වෙන මගක් නැත. 

§ 5.  උස්  කඳු වලට වසින වැසි දිය පහල ඇති නිම්නයන්  තෙත් කරන්නාසේ මෙලොව අය කරන පින මලවුනටද  සෙත සලසයි.
”මහා නදීහු පිරුණාහු යම්සේ  මහා සාගරය පුරාලත්ද එසේම මෙහිදී  දුන් පින ප්‍රේත භාවයේ උපන් නෑ යන්ට  පැමිණේ.

§ 6. “ඔහු මට මේ මේ  දේ දුන්නේය, ඇය මා උදෙසා මෙසේ නම් කලාය. ඔහු  මගේ නෑයෙක, මගේ මිත්‍රයෙක, මගේ යහළුවෙකැයි  මතක් කරමින් හැඩීම , වැළපීම, දුක්වීම මළගියවුන්ට  කිසි යහපතක් නොවේ. මෙලොව ඉන්නා අය  ඔවුන් සිහිපත් කරන්නේ නම්  දුක්වීම  නොව ඔවුන් උදෙසා පින් පැමිණ විය යුතුය.

§7.  සංඝයා කෙරෙහිදෙන ලද මේ දක්ෂිණාව ඒ ප්‍රේත සත්වයනට දිගුකල් සැප පිණිස ද වහා සැප සුව පිණිසද හේතු වෙයි.  මොනවට පිහිටියා ඒ ප්‍රේත භාවිකයා උදෙසා ජීවත්ව සිටිනවුන් විසින් කළයුතුවූ ඒ මේ ඤාති ධර්මය මහා යුතුකමක් ඉටුකිරීමකි.

මලවුනට කරණ  ගෞරවයකි.
සංඝයාට වෙර වීරිය පවත්වන්නට කරන අනුග්‍රහයකි.
මෙසේ ඔබ  විසින් මහත් පින් රැස් කරණ ලදී.”  

English Version

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.