KN-5-3-8-සල්ල සූත්‍රය

පුජ්‍ය මීපාගම චන්දරතන ස්වාමින්වහන්සේ කල සුත්‍ර විවරණ දේසනාව

  • මේ ලෝකයෙහි මනුෂ්‍යයන්ගේ ජීවිතය අසවල් වෙලාව තෙක්  ජීවත්වේයයි නියම කර කියන්නට නුපුළුවන. ඉතා කෙටිවූ කාලයක් පමණක් පවතින මේ ජීවිතය දුකින්ම පිරී ඇත. ආස්වාදයෝ ස්වල්පය, නොයෙක් ආකාරයේ දුකින් දෝමනස්සයෙන්  යුක්තය. 
  • උපන්නාහු කෙනෙකුට නොමැරී ඉන්නට කිසි  උපක්‍රමයක් නැත්තේය. ජරාවට පැමිණ හෝ නොපැමිණ මරණයටම පත්වේ. මෙය  ස්වභාවයෙන්  සත්වයාට ඇති නියමයයි. 
  • ඉදුන හෝ පැසුන හෝ ගෙඩි උදේ ගසින් වැටෙන්නා සේ  උපන් මනුෂ්‍යයන්ට මරණයම උරුමය වේ.  

Image result for broken pots

  • යම්සේ කුඹලා විසින් කරණ ලද මැටි බඳුන් සියල්ල බිඳීම අවසන්කොට ඇත්තාහුද මනුෂ්‍යයන්ගේ ජීවිතයද,  මරණයම අවසන්කොට ඇත්තේය. මරණයෙන්ම නිම වන්නේය.
  • ළදරුවෝද, මහල්ලෝද, අනුවනයෝද  පණ්ඩිතයෝ ද,  සියල්ලෝම මාරයාගේ වසගයට යති. සියල්ලෝ මරණය පිහිටකොට ඇත්තාහ. 
  •  මරණයට පත් පුතෙක් ඉන් ගලවා ජීවත්කරන්නට පියෙකුට නොහැකිය. වෙනයම් ඥාතියෙකුට හෝ මිත්‍රයෙකුට නොපුළුවන. ඒ මරණය නිසා හඬා වැලපෙන ඔවුන්ද එක එකා වරින් වර මරණයට පත් වෙති. 
  • ගවයන් මරන්නෙකු මස් කරන්නට ගොනුන් එකා  බැගින් ගෙන යන්නාක් මෙන් මාරයා මනුෂ්‍යයන් අතරින් එකෙකු බැගින් මරණයට ගෙනයයි. 
  • මෙසේ ලෝකයා නිරන්තරයෙන්ම  මරණයෙන්ද, ජරාවෙන්ද පෙළෙන්නේය.
  • එසේ හෙයින් ඥාණවන්තයා මෙම  ලොක ස්වභාවය දැන මේ ගැන ශොක නොකරත්. 
  • මරණයට පත් අය කොතැනක සිට ආවාදැයි ඔබ නොදනී. මරණයෙන් පසු කොතැනක ඉපදීදැයි ද ඔබ නොදනී. මේ දෙකොනම නොදැන ඔබ නිකරුනේ වැළපෙයි.  තේරුමක් නැතිව අඬයි. 
  • ඉදින් අඬන්නේ නම් කිසි තේරුමක් ඇතිවිය යුතුය. ඇඬීම මුළාවකි. තමන්ට හිංසාවකි. ඇඬීමෙන් පලක් වන්නේ නම් ඤාණවන්තයාත් මෙසේ වැළපීම  කරන්නේය. අඬා විලාප දී අඥානයා මෙසේ තමාටම විපත් කර ගනී.
  • හැඬීමෙන්, ශොකයෙන්වත් සිතට සැනසීමක් ලැබෙන්නේ  නැත. බොහෝ සෙයින් දුක් උපදවයි. සිත වික්ශෝප වෙයි. සිහි මුලා වෙයි. ශරීරයද නැසෙයි.  තමා විසින් තමාටම  හිංසාකරන්නේ වෙයි.  කෘශවේ, විවර්ණවේ. මේ වැළපීමෙන් කළුරිය කළ අයට ද යහපතක් නොවේ.  ඇඬීම ප්‍රයෝජනයක් නැත. 
  • ශොකය දුරුනොකරණ සත්වතෙමේ බොහෝ සෙයින් දුකට පැමිණේ. කළුරිය කළහු අනුව ශොක නොකරන්නේ ශොකයාගේ වසඟයට යන්නේය. 
  • පරලොවට යන්ට සූදානම් වී සිටින කම් වූ පරිදි යන අනික් සත්වයන්ද බලව. මේ ලෝකයෙහි ප්‍රාණීහු මරහුගේ වසඟයට පැමිණ වෙවුලත්. 
  • යම් විධියකින් සිතත්ද ඊට පසු එය අන්පරිද්දකින් වේ. මෙවැනි වෙන්වීම හැඟීමට විරුද්ධය. ලෝකයාගේ ස්වභාවය  බලව.
    මනුෂ්‍යයෙක් සිය වසරක් හෝ ඊටත් වඩා  ජීවත් වුවත්  අවසන්ඊ ඔහු සිය නෑදෑ හිතවතුන්ගෙන් වෙන් වෙයි. මේ ශරීරයද ඇත හැර දා මරණයට පත් වේ. 
  • එහෙයින් රහතුන් වහන්සේලාගේ අවවාදය අසා අඬා වැළපීම නැවතිය යුතුය.  කළුරිය කළහු ගේ මෘත දේහය දෙස බලා මෙසේ සිටි කෙනා මට නැවත කවදාවත් හමු නොවන බව සිතිය යුතුය.
  • ගිනි ගන්නා ගෙයක් වතුර ඉස නිවාදමන්නා සේ,  හමන දැඩි සුළඟ පුළුන් රොදක් ගසා දමන්නා සේ ඥාණවන්තයා සිය සිතට එන සෝකය දුර ලිය යුතුය.
  • වැළපීමද, තෘෂ්ණාවද තමාගේ දොම්නසද තමහට සැප බලාපොරොත්තු වන්නේ තමාගේ ශොකහුල උගුල්ලන්නේය. 
  •  ශොක හුල උගුල්ලා දමන නුවනැතියා තෘෂ්ණාදීන් නිශ්‍රය නොවූයේ සිතේ ශාන්තිය අත්කර ගෙන  සියලු ශොක ඉක්මවූයේ ශෝක නැත්තේවේ.”

devider
English Version

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.