AN-01-01- රූප වර්ගය

isuruminiya

DIVIDER SL Elephant

AN 01-01-01-ඉත්ථිරූප පරියාදාන සූත්‍රය.

මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි      භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි, කියා භික්ෂූන් ඇමතූ සේක.
‘ස්වාමීනි, ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:-
“මහණෙනි, යම්සේ ස්ත්‍රීරූපය පුරුෂයාගේ සිත හාත්පසින් මැඩගෙණ සිටීද, මහණෙනි, එබඳුවූ අනික් එකම රූපයකුදු මම නොම දකිමි. මහණෙනි, ස්ත්‍රීරූපය පුරුෂයාගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී”

DIVIDER SL Elephant

AN 01-01-02- ඉත්ථිසද්ද පරියාදාන සූත්‍රය.

“මහණෙනි, යම්සේ ස්ත්‍රියගේ ශබ්දය පුරුෂයාගේ සිත හාත්පසින් මැඩගෙණ සිටීද, මහණෙනි, එසේවූ අනික් එකම ශබ්දයකුදු මම නොම දකිමි. මහණෙනි, ස්ත්‍රියගේ ශබ්දය පුරුෂයාගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී”

DIVIDER SL Elephant

AN 01-01-03-ඉත්ථිගන්ධ පරියාදාන සූත්‍රය.

“මහණෙනි, යම්සේ ස්ත්‍රියගේ ගන්ධය පුරුෂයාගේ සිත හාත්පසින් මැඩගෙණ සිටීද, මහණෙනි, එසේවූ අනික් එකම ගන්ධයකුදු මම නොම දකිමි. මහණෙනි, ස්ත්‍රි ගන්ධය පුරුෂයාගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී.

DIVIDER SL Elephant

AN 01-01-04-ඉත්ථිරස පරියාදාන සූත්‍රය.

“මහණෙනි, යම්සේ ස්ත්‍රියගේ රසය පුරුෂයාගේ සිත හාත්පසින් මැඩගෙණ සිටීද, මහණෙනි, එසේවූ අනික් එකම රසයකුදු මම නොම දකිමි. මහණෙනි, ස්ත්‍රි රසය පුරුෂයාගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී.

DIVIDER SL Elephant

This image has an empty alt attribute; its file name is english-version-icon.jpg

AN 01-01-05-ඉත්ථිපොට්ඨබ්බ පරියාදාන සූත්‍රය. 

“මහණෙනි, යම්සේ ස්ත්‍රියගේ ස්පර්ශය පුරුෂයාගේ සිත හාත්පසින් මැඩගෙණ සිටීද, මහණෙනි, එසේවූ අනික් එකම ස්පර්ශයකුදු මම නොම දකිමි. මහණෙනි, ස්ත්‍රියගේ ස්පර්ශය පුරුෂයාගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී.”

DIVIDER SL Elephant

AN 01-01-06-පුරුෂ රූප පරියාදාන සූත්‍රය.

“මහණෙනි,  යම්සේ පුරුෂයාගේ රූපය ස්ත්‍රියගේ සිත හාත්පසින් මැඩගෙණ සිටීද, මහණෙනි, එසේවූ අනික් එකම රූපයකුදු මම නො දකිමි. මහණෙනි, පුරුෂ රූපය ස්ත්‍රියගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී.”

DIVIDER SL Elephant

AN 01-01-07-පුරිසසද්ද පරියාදාන සූත්‍රය.

“මහණෙනි, යම්සේ පුරුෂයාගේ හඬ ස්ත්‍රියගේ සිත හාත්පසින් මැඩගෙණ සිටීද, මහණෙනි, එසේවූ අනික් එකම ශබ්දයකුදු මම නොම දකිමි. මහණෙනි, පුරුෂ ශබ්දය ස්ත්‍රියගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී.”
DIVIDER SL Elephant

AN 01-01-08-පුරිසගන්ධ පරියාදාන සූත්‍රය.

“මහණෙනි, යම්සේ පුරුෂයාගේ ගන්ධය ස්ත්‍රියගේ සිත හාත්පසින් මැඩගෙණ සිටීද, මහණෙනි, එසේවූ අනික් එකම ගඳකුදු මම නොම දකිමි. මහණෙනි, පුරුෂ ගන්ධය ස්ත්‍රියගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී.
DIVIDER SL Elephant

AN 01-01-09-පුරිස රස පරියාදාන සූත්‍රය.

“මහණෙනි, යම්සේ පුරුෂයාගේ රසය ස්ත්‍රියගේ සිත හාත්පසින් මැඩගෙණ සිටීද
මහණෙනි, එසේවූ අනික් එකම රසයකුදු මම නොම දකිමි. මහණෙනි, පුරුෂ රසය ස්ත්‍රියගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී.”
DIVIDER SL Elephant

AN 01-01-10-පුරිස පොට්ඨබ්බ පරියාදාන සූත්‍රය.

“මහණෙනි, යම්සේ පුරුෂයාගේ ස්පර්ශය ස්ත්‍රියගේ සිත හාත්පසින් මැඩගෙණ සිටීද, මහණෙනි, එසේවූ අනික් එකම ස්පර්ශයකුදු මම නොම දකිමි. මහණෙනි, පුරුෂයාගේ ස්පර්ශය ස්ත්‍රියගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී.”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.