පුජ්‍ය බලපිටියේ සීවලී හිමි කල සුත්‍ර විවරණ දේශනාව
§ 1. මේ සමාධි භවනා සතර දෙනෙකි. කවර සතර දෙනෙක්ද යත්,
-
- මහණෙනි, වඩන ලද, බහුල කරණ ලද, සමාධි භාවනාවක් මේ ආත්මයෙහි සැප විහරණ පිණිස වන්නීද, එබඳු සමාධි භාවනාවක් ඇත්තේය.
- මහණෙනි, වඩන ලද, බහුල කරණ ලද සමාධි භාවනාවක්, දිව්යචක්ෂුරභිඥානය පිණිස වන්නේද, එබඳු සමාධි භාවනාවක් ඇත්තේය.
- වඩන ලද්දාවූ, බහුල කරණ ලද්දාවූ සමාධි භාවනාවක්, සිහිය හා නුවණින් දැනීම පිණිස පවතීද, මහණෙනි, එබඳු සමාධි භාවනාවක් ඇත.
- වඩන ලද, බහුල කරණ ලද, සමාධි භාවනාවක්, ආශ්‍රවයන් ක්ෂය කිරීම පිණිස පවතියිද, එබඳු සමාධි භාවනාවක් ඇත.
§ 2. ’’මහණෙනි, වඩනලද, බහුල කරණ ලද, කවර සමාධි භාවනාවක් මේ ජීවිතයේදීම සැප විහරණය පිණිස පවතීද?
- ’’මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව , කාමයන්ගෙන් වෙන්ව, අකුශලයන්ගෙන් වෙන්වම, විතර්ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති, ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයිද,
- . විතර්ක විචාරයන් සංහිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති, චිත්තයාගේ එකඟ බව ඇති, අවිතර්ක වූ, අවිචාර වූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සුඛය ඇති, ද්විතීයධ්‍යානයට පැමිණ වෙසෙයිද .
- ප්‍රීතිය ද ඉක්මවීමෙන් උපේක්ෂා ඇත්තේ ද, සිහි ඇත්තේ ද, සම්‍යග්ඥාන ඇති ව නාමකයින් සුඛය ද විඳියි, ද යම් ධ්‍යානයක් හේතුකොටගෙන (බුද්ධාදී) ආර්‍ය්‍යයෝ ඒ ධ්යානසමඞ්ගීපුද්ගලයා ‘උපේක්ෂා ඇත්තේ ය, ස්මෘති ඇත්තේ ය, සුඛවිහරණ ඇත්තේ’ යි කියත් නම් ඒ තෘතීයධ්‍යානයට පැමිණ වෙසෙයිද .
- (කායික) සුඛයාගේ ද ප්‍රහාණයෙන්, දුඃඛයාගේ ද ප්‍රහාණයෙන්, පළමු වැ සොම්නස් දොම්නසුන්ගේ ප්‍රහාණයෙන්, දුක් නො වූ, සුඛ නො වූ, උපේක්‍ෂායෙන් උපන් ස්මෘති පාරිශුද්ධිය ඇති චතුර්ථධ්යානයට පැමිණ වෙසෙයිද .
මහණෙනි, එසේ වඩන ලද, බහුලී කරණ ලද මේ සමාධි භාවනාව මේ ආත්මයෙහි සැප විහරණය පිණිස පවතීයයි කියනු ලැබේ.
§ 3.’’මහණෙනි, වඩන ලද, බහුල කරණ ලද කවර සමාධි භාවනාවක් දිව්‍ය චක්ෂුස ලැබීම පිණිස පවතීද?
මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව ආලොක සංඥාව මෙනෙහි කරයිද, “දහවල්ය” යන සංඥාව මෙනෙහි කරයිද, දහවල් යම් සේද, එසේම රාත්රියද දකීද , රාත්‍රිය යම් සේද, එසේද දවාලද දකීද, මෙසේ විවෘතවූ, නොවැසුණාවූ සිතින් ආලොක සඥාවෙහි සිත වඩයිද, මහණෙනි, වඩන ලද්දාවූ, බහුල කරණ ලද්දාවූ, මේ සමාධි භාවනාව දිව්‍ය චක්ෂුව ලැබීම පිණිස පවතී. [අටුවාව මෙය අවබෝධය සහ දර්ශනය (දිබ්බ චක්කු ඥානදස්සන )ය ලෙස දක්වතත් සමහරෙක් මේ සම්පුර්ණ විදර්ශනා ඥානය ලෙසත් තවත් සමහරෙක් පුර්ණ විමුක්තිය ලෙසද සලකත්]
§ 4. ’’මහණෙනි, වඩන ලද්දාවූ, බහුල කරණ ලද්දාවූ කවර සමාධි භාවනාවක් සතිය වැඩීම හා නුවණින් දැනීම පිණිස පවතීද,
මහණෙනි,
- මේ ශාසනයෙහි භික්ෂුව ඇතිවන්නාවූ සියළු වේදනාවන්ම ඒ ඒ අවස්තාවෙහිම දක්යිද, ඒ වේදනාවන්ගේ පැවතීම සහ නිරෝධය එසේ පවතින්නාවූ සහ නැතිවන්නාවූ ක්ෂනහිම දකියිද,
- ඇතිවන්නාවූ සියළු සඥාවන් ඒ ඒ අවස්තාවෙහිම දකියිද, ඒ සඥාවන්ගේ පැවතීම සහ නිරෝධය එසේ පවතින්නාවූ සහ නැතිවන්නාවූ ක්ෂනයෙහිම දකියිද
- ඇතිවන්නාවූ සියළු වේදනාවන්ම ඒ ඒ අවස්තාවෙහිම දක්යිද, ඒ වේදනාවන්ගේ පැවතීම සහ නිරෝධය එසේ පවතින්නාවූ සහ නැතිවන්නාවූ ක්ෂනහිම දකියිද
- ඇතිවන්නාවූ සියළු සිතිවිලි ඒ ඒ අවස්තාවෙහිම දක්යිද, ඒ සිතිවිලි වල පැවතීම සහ නිරෝධය එසේ පවතින්නාවූ සහ නැතිවන්නාවූ ක්ෂනයෙහිම දකියිද
මහණෙනි, වඩන ලද, බහුල වශයෙන් කරණ ලද, මේ සමාධි භාවනාව සතිය හා නුවණින් දැනීම පිණිස පවතී.
§ 5. ’’මහණෙනි, වඩන ලද්දාවූ, බහුල කරණ ලද්දාවූ, කවර සමාධි භාවනාව ආශ්‍රවයන් ක්ෂයවීම පිණිස පවතීද?
මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව උපාදාන ස්කන්ධ පසෙහි ඉපදීමද, විනාශයද, දකිමින් වාසය කරයිද, මේ රූපයයි, මේ රූපයාගේ ඉපදීමයි, මේ රූපයාගේ නැතිවීමයි, මේ වේදනාවයි, මේ වේදනාවගේ ඉපදීමයි, මේ වේදනාවගේ නැතිවීමයි, මේ සංඥාවයි, මේ සංඥාවගේ ඉපදීමයි, මේ සංඥාවගේ නැතිවීමයි, මේ සංස්කාරයෝයි. මේ සංස්කාරයන්ගේ ඉපදීමයි, මේ සංස්කාරයන්ගේ නැතිවීමයි, මේ විඤ්ඤාණයයි, මේ විඤ්ඤාණයාගේ ඉපදීමයි, මේ විඤ්ඤාණයාගේ නැතිවීමයි,
’’මහණෙනි, මේ වඩන ලද්දාවූ, බහුල කරණ ලද්දාවූ, මේ සමාධි භාවනාව ආශ්‍රවයන් ක්ෂයවීම පිණිස පවතී. මහණෙනි, මේ සතර සමාධි භාවනාවෝයි.
මහණෙනි, පරායන සූත්‍රයෙහි, පුණ්ණක ප්‍රශ්නයෙහි මෙසේ වදාරණ ලදී.
’’ලොකයෙහි කිසි තැනක යමෙකුට
ස්කන්ධ, ධාතු, ආයතන, ආරම්මණ යන මොවුන් කෙරෙහි සැළීමක් නැද්ද,
සත්ත්ව ලෝකයෙහි උසස් පහත් භෙදය දැන ශාන්තවූයේද,
ක්‍රොධ නමැති දුම් පහවූයෙද , දුක් නැත්තේද, ආශා නැත්තේද,
හෙතෙම ජාති, ජරා, මරණය පහ කෙළේයයි කියමි.’