AN 01-03 අකම්මනීය වර්ගය

අකම්මනිය වග්ගය සිතෙහි දියුණු කල හැකි ලක්ෂණ කිහිපයක් ගැන අවධාරණය කෙරෙයි. වඩන ලද සිත යනු එසේ දියුණු කල සිතය. සිත දියුණු කෙරීම බෞද්ධයෙකුට අත්‍යාවශ්‍යද යන්න සමහරු අසති. තමන් සීලයෙහි පිහිටා අකුසල් ක්‍රියාවලින් වෙන්ව සිටීම පමණක් ප්‍රමාණවත් නොවේද යනු ඒ ප්‍රශ්නයේම තවත් හැඩයකි. සීලය පමණක් අධිගමයට ප්‍රමාණවත් නොවේ. ප්‍රඥාව නැතිව විමුති මාර්ගයේ ඉදිරියට යාම කල නොහේ. සිත වැඩීම යනු ප්‍රඥාව දියුණු කර ගැනීමයි. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සඳහන් සම්මා වායාමය, සම්මා සතිය, සහ සම්මා සමාධිය මේ ප්‍රඥාව පිණිස සිත වැඩීමේ අත්‍යාවශ්‍ය පියවර තුනය.

AN 01-03-01 අකම්මනීය සූත්‍රය.

“මහණෙනි,
නොවඩනලද සිත තරම් කීකරු කරගන්නට අසීරු වන නම්‍යය නොවන කිසිවක් මම නොදකිමි.
මහණෙනි,  නොවඩන ලද සිත යහපත් දෙයට නම්‍යය  නොවේ.”

AN 01-03-02 කම්මනීය සූත්‍රය.

“මහණෙනි,  වඩනලද සිත ඉතා නම්‍යය වේ. කුසල කර්මයට පහසුවෙන් නැවේ, කුසලයට යෝග්‍යවන එබඳුවූ අනික් එකම ස්වභාවයකුදු මම නොදකිමි. මහණෙනි, සිත වඩනලද්දේ නම් එය නිතොර කුසලයට යොග්‍යවේ.”

AN 01-03-03 මහානත්ථ සූත්‍රය.

“මහණෙනි, නොවඩන ලද සිත තරම්ම  අනර්ථය පිණිස පවතීන,  අනික් එකම ස්වභාවයකුදු මම නොදකිමි. මහණෙනි,  නොවඩන ලද සිත මහත්වූ අනර්ථය පිණිස පවතී.”

AN 01-03-04 මහත්ථ සූත්‍රය

“මහණෙනි,  වඩනලද සිත තරම්  යහපත පිණිස පවතීන අනික් එකම ස්වභාවයකුදු මම නොදකිමි. මහණෙනි, සිත වඩනලද්දේනම් එය මහත්වූ අර්ථය පිණිස පවතී.”

AN 01-03-05 අපාතුභූත සූත්‍රය.

“මහණෙනි,
යම්සේ සිත නොවඩන ලද්දේ නම්, සංසාරයෙන් වෙන්වීම පිණිස සිත් පහළ නොවූයේ නම්, ඒ මහත්වූ අනර්ථය පිණිස පවතී, එබඳුවූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත නොවඩන ලද්දේ පහළ නොවන ලද්දේ මහත් අනර්ථය පිණිස පවතී. 39

[39:- අපාතු භූත ලෙස දක්වෙන්න මනසේ ඇති අප්‍රමාන හිකියාවන්ය. බොහෝ මිනිසුන්ගේ මනසේ ඇති හැකියාවෙන් ඉතාම අල්ප කොටසක් පමණක් ප්‍රයෝජනට ගැනෙන බව අද විද්‍යාඥයන් පවා කියති.]

AN 01-03-06 පාතුභූත සූත්‍රය..

“මහණෙනි, ය
සිත වඩන ලද්දේ නම්, සංසාරයෙන්ගැලවීම පිණිස සිත නැමේ. එසේ නෙක්කම්මය පිණිස නැවෙන සිත මහත්වූ අර්ථය පිණිස පවතී. මනුෂ්‍යයාගේ යහපත පිණිස පවතින, එබඳුවූ අනික් එකම ස්වභාවයකුදු මම නොදකිමි. මහණෙනි, සිත වඩන ලද්දේ නම් සංසාරයෙන් වෙන්වීම පිණිස ඇතිවන ඒ සිත මහත්වූ අර්ථය පිණිස පවතී.”

AN 01-03-07 අබහුලීකත සූත්‍රය.

“මහණෙනි, සිත නොවඩන ලද්දේ, නිතර පුරුදු නොකරණ ලද්දේ නම් එය මහත්වූ අනර්ථය පිණිස පවතී, සත්වයාගේ අනර්ථය පිණිස පවතන, එබඳු වූ අනික් එකම ස්වභාවයකුදු මම නොදකිමි. මහණෙනි, සිත නොවඩන ලද්දේ නම්, නැවත නැවත භාවනාවට පුරුදු නොකරණ ලද්දේනම් , ඒ මහත් අනර්ථය පිණිස පවතී.”

AN 01-03-08 බහුලීකත සූත්‍රය.

“මහණෙනි, නිතොර භාවනාවේ යෙදෙමින් පුරුදු කරණ ලද සිත, මහත්වූ අර්ථය පිණිස පවතී, එබඳු වූ අනික් එකම ස්වභාවයකුදු මම නොදකිමි. මහණෙනි, සිතක් සිතවඩන ලද්දේනම්, නැවත නැවත පුරුදු කරණ ලද්දේ නම් ඒ, සිත මහ ත් අර්ථය පිණිස පවතී.”

AN 01-03-09 දුක්ඛාවහචිත්ත සූත්‍රය..

“මහණෙනි, සිත නොවඩන ලද්දේ නම්, පුරුදු නොකරණ ලද්දේ නම් , ඒ සිත දුක් පමුණුවන්නේය. මනුෂ්‍යයාට දුක් පමුණුවන්නට සමත් එබඳු වූ අනික් එකම ස්වභාවයකුදු මම නොදකිමි. මහණෙනි, සිත නොවඩන ලද්දේ නම් පුරුදු නොකරණ ලද්දේ නම්දු ඒ සිත පමුණුවන්නේය.

AN 01-03-10 සුඛාවහචිත්ත සූත්‍රය.

“මහණෙනි, සිත වඩන ලද්දේ නම්, පුරුදු කරණ ලද්දේ නම්, ඒ සිත මනුෂ්‍යයාගේ සැප පිණිස වේ. මනුෂ්‍යයාගේ සැප පිණිස පවතින එබඳු වූ අනික් එකම ස්වභාවයකුදු මම නොදකිමි. මහණෙනි, සිත වඩන ලද්දේ නම්, පුරුදු කරණ ලද්දේබන්, එය සැප පමුණුවන්නේය.”

pahan-kanuwa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.