AN-8-1-2-ආදි බ්‍රහ්මචරිය පඤ්ඤා සූත්‍රය

පුජ්‍ය යටියන ඥානාවාස හිමි කල සුත්‍ර විවරණය



§1 ’මහණෙනි,  භික්ෂුවකගේ බ්‍රහ්මචරියාව (පැවිදි අරමුණ) සාක්ෂාත් කරගන්නට අපෙක්ශා කරන  විදර්‍ශනා ප්‍රඥාව ලබාගන්නට ලබනලද ප්‍රඥාව  දියුණු කරගන්නට,  ඉවහල්වන හේතු වන  කාරනා ,   අටක්   වෙත්.

’’ඒ අට කෙසේද යත් ?

මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව  ශාස්තෲන් වහන්සේ හෝ ගරු කටයුතු අන්‍ය භික්‍ෂුවක් හෝ ආශ්‍රය කොට එතුමන් ගෙන් කමටහන් උපදෙස් ලබමින් වෙසේද, භික්ෂුව ඒ උපාධ්‍යයන් කෙරෙහි අධ්‍යාත්මිකව ලජ්ජා භය උපදවා ගත යුතුය., [නිතොර ආචාරීන්  වහන්සේලාගේ  සුපිරිසිදු සීලය ගුණ කඳ  මෙනෙහි කොට තමන් ගේ සීලය පැවැත්ම බිඳුනහොත්  උන් වහන්සේලාට වන වෙහෙස ගැන සිතා] සෙනෙහසින් හා ගෞරවයෙන් විසිය යුතුය. මහණෙනි, මාර්‍ග බ්‍රහ්මචරියාවට මුල්වූ විදර්‍ශනා ප්‍රඥාව නොලැබූ කල්හි ලැබීමටද, ලැබූ කල්හි ඒ ප්‍රඥාව දියුණු කරගන්නට අවශ්‍යවන පළමුවැනි  කාරණය එය  වේ,

§ 2. ’’ඒ භික්ෂුව තම  ශාස්තෲන් වහන්සේ හෝ ආචාර්‍ය  උපද්‍යාය  වහන්සේලා වෙත ආදර, ගෞරවයෙන්  සිටියේ වේද, හෙතෙම කලින් කල (උන් වහන්සේලා  වෙත එළඹ), ’ස්වාමීන් වහන්ස. ’. මෙය කෙසේද, මෙහි අර්ත්‍ථය කෙසේදැ’ යි පූර්‍වාපර සන්‍ධි විචාරයි. සැක තැන් විචාරයි. (එකල්හි) ඒ පින්වතුන් වහන්සේලා ඒ  භික්ෂුවට නොතේරුනාවූ  අප්‍රකට අර්ත්‍ථය ප්‍රකාශ කෙරෙත්. ප්‍රකාශ නොකළ අර්ත්‍ථය ප්‍රකාශ කෙරෙත්. අනේක ප්‍රකාරවූ සැක කටයුතු ධර්මයන්හි සැක දුරු කෙරෙත්. මහණෙනි, මාර්‍ග බ්‍රහ්මචරියාවට මුල්වූ විදර්‍ශනා ප්‍රඥාව නොලැබූ කල්හි ලැබීමටද, ලැබූ කල්හි ඒ ප්‍රඥාව දියුණු කරගන්නට අවශ්‍යවන දෙවෙනි  කාරණය සහ  හේතුව එය  වේ,

§3.  ඒ භික්ෂුව තම  ශාස්තෲන් වහන්සේ හෝ ආචාර්‍ය  උපද්‍යාය  වහන්සේලාගෙන් ධර්‍මය අසා කාය කර්මයෙන් සංවරව,  කාය ප්‍රකාශයෙන්ද විදර්‍ශනා වඩයි  , මනෝ කර්මයෙන් සංවරව, චිත්ත ප්‍රකාශයෙන්   විදර්‍ශනා වඩයි . මහණෙනි, මේ මාර්‍ග බ්‍රහ්මචරියාවට මුල්වූ විදර්‍ශනා ප්‍රඥාව නොලැබූ කල්හි බොහෝ වීමටද, මහත්වීමටද, භාවනාව සම්පූර්‍ණ වීමටද, (ඇතිවියයුතුවූ) තුන්වෙනි හේතුවයි.

§4. ඒ භික්ෂුව  සිල්වතෙක් වේද, ප්‍රාතිමොක්‍ෂ සංවර සීලයෙන් හික්මී වෙසේද, භික්‍ෂුන් අතර හැසිරියයුතු ආකාරයත්, ගොදුරු ගම්හි හැසිරියයුතු ආකාරයත් දැන  පිළිපදිමින් ස්වල්ප මාල්‍රවූ වරදෙහි පවා භය දකින ස්වභාවය ඇතිව ශික්‍ෂාපද සමාදන්ව එහි පිළිපදිමින් වෙසේද, මහණෙනි, මාර්‍ග බ්‍රහ්මචරියාවට මුල්වූ විදර්‍ශනා ප්‍රඥාව නොලැබූ කල්හි ලැබීමටද, ලැබූ කල්හි ඒ ප්‍රඥාව දියුණු කරගන්නට අවශ්‍යවන හතරවෙනි  කාරණය එය  වේ, හේතුව එය වේ. 

§5. මනා ලෙස  ධර්‍ම විනය උගත්තේ වේද, උගත් දෙය මතක තබා ගත්තෙහි වේද. උගත් දෙය සිතෙහි තැන්පත් කර ගත්තෙක් වේද,  මුල, මැද, අග යන තුන් තන්හි නිවැරදිව. යහපත්ව දේශනා කරණ ලද පිරිසිදු බ්‍රහ්මචරියාවට අනුගත වූ  ඒ  ධර්‍මය ,  සජ්ජායනාවෙන්  ප්‍රකාශ කෙරෙත්ද, තීක්ෂණ මනසිකාරයෙන් විභාග කරන්නේද,  විදර්‍ශනා ප්‍රඥාවෙන් යහපත්ව අවබෝධ කරණ ලද්දේ වේද, මහණෙනි, මාර්‍ග බ්‍රහ්මචරියාවට මුල්වූ විදර්‍ශනා ප්‍රඥාව නොලැබූ කල්හි ලැබීමටද, ලැබූ කල්හි ඒ ප්‍රඥාව දියුණු කරගන්නට අවශ්‍යවන පස්වැනි   කාරණය එය  වේ, ඇතිවියයුතුවූ හේතුව එය වේ.

§6. ’’අකුශල ධර්‍මයන් දුරුකිරීම පිණිසද, කුශල ධර්‍මයන් රැස්කිරිම පිණිසද, පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇතිව වාසය කෙරේද, වීර්‍ය්‍යවන්තවූයේ දැඩිවූ පරාක්‍රමයෙන් යුක්තවූයේ, නොපසුබස්නා වීර්‍ය්‍යයෙන් යුක්තවූයේ වේද, මහණෙනි, මාර්‍ග බ්‍රහ්මචරියාවට මුල්වූ විදර්‍ශනා ප්‍රඥාව නොලැබූ කල්හි ලැබීමටද, ලැබූ කල්හි ඒ ප්‍රඥාව දියුණු කරගන්නට අවශ්‍යවන සය වැනි   කාරණය එය  වේ,, ඇතිවියයුතු වූ සය වැනි හේතුව වේ,

§7. සඞ්ඝයා මැදදී  ඔහු  නිෂ්ඵල කතාවෙහි  නොදෙන්නේය. ධර්මය ගැන කතාකරන්නේ වෙයි. එසේ ධර්මය විචාරන කතා, නොකරන වේලාවෙහිදී  හෝ අන්යයෙකුට ධර්මය දේශනා කරන්නට ආරාධනා නොකරන්න්වූ විට ආර්‍ය්‍ය තුෂ්ණීම්භාවයයි කියන ලද සිවුවැනි ධ්‍යානයට සමවැදීම හෝ සෙසු කමටහනක් (භාවනාවක්) මෙනෙහි කිරීම හෝ කෙරේ.  මහණෙනි, මාර්‍ග බ්‍රහ්මචරියාවට මුල්වූ විදර්‍ශනා ප්‍රඥාව නොලැබූ කල්හි ලැබීමටද, ලැබූ කල්හි ඒ ප්‍රඥාව දියුණු කරගන්නට අවශ්‍යවන සත්වැනි හේතුවයි. ඇතිවිය යුතුවූ සත්වැනි කාරණය එය  වේ.

§8 .’’රූපය මෙසේය, රූපය ඇතිවන්නේ මෙසේය, රුපය නිරුද්‍ධවන්නේ (නැති වන්නේ) මෙසේය, වේදනාව මෙසේය, වේදනාව ඇතිවන්නේ මෙසේය, වේදනාව නිරුද්‍ධ වන්නේ මෙසේය, සංඥාව මෙසේය, සංඥාව ඇතිවන්නේ මෙසේය, සංඥාව නිරුද්‍ධ වන්නේ මෙසේය. සංස්කාරය මෙසේය, සංස්කාරය ඇතිවන්නේ මෙසේය, සංස්කාරය නිරුද්‍ධවන්නේ මෙසේය. විඤ්ඤාණය මෙසේය, විඤ්ඤාණය ඇතිවන්නේ මෙසේය, විඤ්ඤාණය නිරුද්‍ධවන්නේ මෙසේයයි පඤ්චුපාදානස්තන්‍ධය කෙරෙහි උදයව්‍යය (ඇතිව නැතිවීම) අනුව සිහි කරමින් වසන්නේ වේ.  මහණෙනි, මාර්‍ග බ්‍රහ්මචරියාවට මුල්වූ විදර්‍ශනා ප්‍රඥාව නොලැබූ කල්හි ලැබීමටද, ලැබූ කල්හි ඒ ප්‍රඥාව දියුණු කරගන්නට අවශ්‍යවන අටවැනි  කාරණය එය  වේ, ඇතිවිය යුතුවූ අටවැනි හේතුව වේ. 

§ 9. .එකී භික්‍ෂුවගේ මේ ගුණ දකින්නාවූ සම බඹසර පුරන අනෙක්  භික්‍ෂූහු මේ භික්ෂුවට මෙසේ  ගෞරවය දක්වත්.
“මේ ආයුෂ්මතුන් වහන්සේ  (අප ශාස්තෘන් වහන්සේ  හෝ ) ගරු කටයුතු අන්‍ය භික්‍ෂුවන්  ආශ්‍රය කොට එතුමන් ගෙන් කමටහන් උපදෙස් ලබමින් වෙසේද, භික්ෂුව ඒ උපාධ්‍යයන් කෙරෙහි අධ්‍යාත්මිකව ලජ්ජා භය උපදවා ගෙන  වාසය කරයි.  තවද, ඒ ආයුෂ්මතුන් වහන්සේ දත යුතු දේ දනී, දැක්කයුතු දේ දකී, යන මේ ස්වභාවය ප්‍රිය භාවය පිණිසද, ගරු භාවය පිණිසද, භාවනාව පිණිසද, ශ්‍රමණ භාවය පිණිසද, හුදකළා භාවය (විවේකය) පිණිසද, පවතී.”

 § 10. ’මේ ආයුෂ්මතුන් වහන්සේ වනාහි ශාස්තෲන් වහන්සේ ඇසුරුකොට වසමින් එක්තරා ගරු කටයුතු සමාන බඹසර ඇති භික්‍ෂුවක් හෝ ඇසුරුකොට වසමින්, යමෙකු කෙරෙහි තියුණුවූ ලජ්ජා භය එළඹ සිටියේ වේද, ආදර  ගෞරවයෙන්  සිටියේ වේද, එබඳුවූ උතුමන් වෙත කලින් කල පැමිණ, ’ස්වාමීන් වහන්ස, කෙසේද, මෙහි අර්ත්‍ථය කුමක්දැ’ යි පූර්‍වාපර සන්‍ධි විචාරයි. (එකල්හි) ඔහුට ඒ පින්වතුන් වහන්සේලා අප්‍රකට අර්ත්‍ථය ප්‍රකාශ කෙරෙත්. ප්‍රකාශ නොකළ අර්ත්‍ථය ප්‍රකාශ කෙරෙත්. අනෙක ප්‍රකාරවූ සැක කටයුතවූු ධර්‍මයන්හි සැක දුරුකෙරෙත්. ඒකාන්තයෙන් මේ තවද, ඒ ආයුෂ්මතුන් වහන්සේ දත යුතු දේ දනී, දැක්කයුතු දේ දකී, යන මේ ස්වභාවය ප්‍රිය භාවය පිණිසද, ගරු භාවය පිණිසද, භාවනාව පිණිසද, ශ්‍රමණ භාවය පිණිසද, හුදකළා භාවය (විවේකය) පිණිසද, පවතී.

§11. ” මේ වහන්සේ   ධර්‍මය අසා කාය ප්‍රකාශයෙන්ද, චිත්ත ප්‍රකාශයෙන්ද යන දෙයාකාරවූ ප්‍රකාශයෙන් (විදර්‍ශනා වීමට හේතු) සපයයි. තවද, ඒ ආයුෂ්මතුන් වහන්සේ දත යුතු දේ දනී, දැක්කයුතු දේ දකී, යන මේ ස්වභාවය ප්‍රිය භාවය පිණිසද, ගරු භාවය පිණිසද, භාවනාව පිණිසද, ශ්‍රමණ භාවය පිණිසද, හුදකළා භාවය (විවේකය) පිණිසද, පවතී. 

§ 12. “මේ වහන්සේ සිල්වතෙක් වේ, ප්‍රාතිමොක්‍ෂ සංවර සීලයෙන් හික්මී වෙසේ, භික්‍ෂුන් අතර හැසිරියයුතු ආකාරයත්, ගොදුරු ගම්හි හැසිරියයුතු ආකාරයත් දැන ඉගෙන පිළිපදිමින් ස්වල්ප මාල්‍රවූ වරදෙහි පවා භය දකින ස්වභාවය ඇතිව ශික්‍ෂාපද සමාදන්ව එහි පිළිපදිමින් වෙසේ, මේ ආයුෂ්මතුන් ධර්‍ම විනය උගතෙක් වේ, උගත් දෙය මතක තබා ගත්තෙහි වේ. උගත් දෙය සිතෙහි තැන්පත් කර ගත්තෙක් වේ, යම්කිසි ධර්‍මයක් මුල, මැද, අග යන තුන් තන්හි නිවැරදිව. යහපත්ව දේශනා කරණ ලද පිරිසිදු බ්‍රහ්මචරියාවට අනුගත වූ  ඒ  ධර්‍මය ,  සජ්ජායනාවෙන්  ප්‍රකාශ කෙරෙත්ද, තීක්ෂණ මනසිකාරයෙන් විභාග කරන්නේ වේ ,  විදර්‍ශනා ප්‍රඥාවෙන් යහපත්ව අවබෝධ කරණ ලද්දේ වේ.  තවද, ඒ ආයුෂ්මතුන් වහන්සේ දත යුතු දේ දනී, දැක්කයුතු දේ දකී, යන මේ ස්වභාවය ප්‍රිය භාවය පිණිසද, ගරු භාවය පිණිසද, භාවනාව පිණිසද, ශ්‍රමණ භාවය පිණිසද, හුදකළා භාවය (විවේකය) පිණිසද, පවතී.

§13 ’’මේ ආයුෂ්මතුන් වහන්සේ අකුශල ධර්‍මයන් දුරුකිරීම පිණිසද, කුශල ධර්‍මයන් රැස්කිරිම පිණිසද, පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇතිව වාසය කෙරේ, වීර්‍ය්‍යවන්තවූයේ දැඩිවූ පරාක්‍රමයෙන් යුක්තවූයේ වේ , නොපසුබස්නා වීර්‍ය්‍යයෙන් යුක්තවූයේ වේ, ඒකාන්තයෙන් , ඒ ආයුෂ්මතුන් වහන්සේ දත යුතු දේ දනී, දැක්කයුතු දේ දකී, යන මේ ස්වභාවය ප්‍රිය භාවය පිණිසද, ගරු භාවය පිණිසද, භාවනාව පිණිසද, ශ්‍රමණ භාවය පිණිසද, හුදකළා භාවය (විවේකය) පිණිසද, පවතී.

§14 . ’’මේ ආයුෂ්මතුන් වහන්සේ, සඞ්ඝයා මැදදී   නිෂ්ඵල කතාවෙහි  නොදෙන්නේය. ධර්මය ගැන කතාකන්නේ වෙයි. එසේ ධර්මය විචාරන කතා නොකරන වේලාවෙහිදී  හෝ අන්යයෙකුට ධර්මය දේශනා කරන්නට ආරාධනා නොකරන්න්වූ විට ආර්‍ය්‍ය තුෂ්ණීම්භාවයයි කියන ලද සිවුවැනි ධ්‍යානයට සමවැදීම හෝ සෙසු කමටහනක් (භාවනාවක්) මෙනෙහි කිරීම හෝ කෙරේ , යන මේ ස්වභාවය ප්‍රිය භාවය පිණිසද, ගරු භාවය පිණිසද, භාවනාව පිණිසද, ශ්‍රමණ භාවය පිණිසද, හුදකළා භාවය (විවේකය) පිණිසද, පවතී.

§15. ’’මේ ආයුෂ්මතුන් වහන්සේ, රූප , වේදනා, සඥා  සංස්කාර , විඥා   යන පංච උපාදාන  ස්කන්ධයන්ගේ ඇතිවීම,  මෙසේය,  නිරුද්‍ධවන්නේ (නැති වන්නේ) මෙසේය,  පඤ්චුපාදානස්තන්‍ධය කෙරෙහි උදයව්‍යය (ඇතිව නැතිවීම) අනුව සිහි කරමින් වසන්නේ වේ?   මේ ආයුෂ්මතුන් වහන්සේ දත යුතු දේ දනී, දැක්කයුතු දේ දකී, යන මේ ස්වභාවය ප්‍රිය භාවය පිණිසද, ගරු භාවය පිණිසද, භාවනාව පිණිසද, ශ්‍රමණ භාවය පිණිසද, හුදකළා භාවය (විවේකය) පිණිසද, පවතී.

’’මහණෙනි, මාර්‍ග බ්‍රහ්මචරියාවට මුල්වූ විදර්‍ශනා ප්‍රඥාව නොලැබූ කල්හි ලැබීමටද, ලැබූ කල්හි බොහෝ වීමටද, මහත් වීමටද, භාවනාව සම්පූර්‍ණවීමටද, මේ කරුණු අට හේතු වෙත්.’’

English Version

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.