8-4-5- පුනර්භවය සඳහා දානය
§1.මහණෙනි, දානය දීම නිසා නැවත උපත ලබන ආකාර අටක් වෙයි.
’’කවර අටෙක්ද යත්?
§1. මහණෙනි, යමෙක් ශ්රමණයෙකුට හෝ බ්රාහ්මණයෙකුට ආහාර, පාන, වස්ත්ර, යානා, මල්, ගඳ විලවුන්, සයනාසන, ආවාස, පහන් තෙල් ආදීවූ දේ දානය වශයෙන් දෙයි.
එසේ දානය දෙන්නාවූ ඔහු ධනවත් ක්ෂත්රියයන්, ධනවත් බ්රාහ්මණයන් වැනි මහා සාර කුලවතුන් කාම භෝගී ජීවිතයේ ඉහලම අය සැප විඳිනු දැක. “අහෝ මමත් මගේ ශරීරය බිදී ගිය (මරණින්) පසු එබඳු වූ ධනවතුන් අතර ඉපදීම වේ නම් යෙහෙකි” යැයි සිතයි.
දානයේ ඵලය සේ එවන් උපතක් ප්රාර්ථනා කරයි.
හෙතෙම එය සිත තබා ධාරණය කර ගනීයි.
ඒ සිත දැඩිව සිතට ගත් ප්රාර්ථනාව නිතර නිතර සිතට නංවයි.
සිතෙහි ස්ථිර කරයි.
ඒ පැතුම සිත තුල වඩයි.
මාර්ග ඵල පිණිස නොවඩන ලද්දාවූ ඔහුගේ හීනවූ, පඤ්චකාම ගුණයෙහි ඇලුනාවූ, සිත මතු භවය ඒ ආකාරයෙන් සිදුවීමට හේතු වෙයි.(“තස්ස තාරා චිත්තම්” පදය ප්රාර්ථනාව ලෙස දැක්වීමි- BB) .
මෙසේ සිය දානයේ ඵලය ලෙස උසස් උපතක් පතා ලබන්නට හැකිවන්නේ සීලය ආරක්ෂා කරන්නාට පමණකි. සිල් නැත්තාට මෙසේ ප්රාර්ථනයෙන් උසස් උපතක් ලැබිය නොහේ. මහණෙනි, සිල්වත්හුගේ ප්රාර්ත්ථනා එසේ ඉටුවෙයි. ඔහුගේ සීලය පිරිසිදු හෙයිනි.
§2. ’’මහණෙනි, ඇතැමෙක් ශ්රමණයෙකුට හෝ බ්රාහ්මණයෙකුට හෝ ආහාර, පාන, වස්ත්ර, යානා, මල් ගඳ විලවුන්, සයනාසන, ආවාස, පහන් තෙල් ආදී වූ දෙය දානය ලෙස දෙයි,
චාතුර්මහාරාජිකයෙහි දෙවියෝ දීර්ඝායුෂ්කයෝය, ශරීර වර්ණ ඇත්තාහුය, සැප බොහෝ කොට ඇත්තාහුයයි ඔහු අසන ලද්දාහුය.
දානය දුන් ඔහු දානයේ ආනිසංස ලෙස මෙසේ පතයි. මෙසේවූ සිතක් වෙයි ’අනේ, මම ශරීරය බිඳීයාමෙන් මරණින් මතු චාතුර්මහාරාජික දෙවියන් අතර උපදින්නෙම් නම් (යෙහෙකි)’ යි කියායි.
හෙතෙම ඒ අරමුණෙහි සිත පිහිටුවයි. ඒ සිත ස්ථිර කරයි. ඒ සිත වඩයි. ඔහුගේ ඒ මතු මාර්ග ඵල පිණිස නොවඩන ලද්දාවූ, හීනවූ පඤ්චකාම ගුණයෙහි ඇලුනාවූ සිත මතු භාවයේ පැවැත්ම පිණිස වේ.ශරීරයේ බිඳීයාමෙන් පසු, මරණින් මතු චාතුර්මහාරාජික දෙවියන් අතර ඔහු උපදී.
එයද ඉටු කර ගන්හෙනේ සිල්වත්හු පමණකැයි කියමි. දුශ්ශිලයාහට නොවේ. මහණෙනි, සිල්වත්හුගේ ප්රාර්ත්ථනා නිසැකයෙන් ඉටුවෙයි. ඔහු සීලය පිරිසිදු හෙයිනි.
§3. ’”මහණෙනි, ඇතැමෙක් ශ්රමණයෙකුට හෝ බ්රාහ්මණයෙකුට හෝ ආහාර, පාන, වස්ත්ර, යානා, මල් ගඳ විලවුන්, සයනාසන, ආවාස, පහන් තෙල් ආදීවූ දානය දෙයි.
තව්තිසා දෙව්ලෝ වැසි දෙවියෝ් දීර්ඝායුෂ්කයෝය, ශරීර වර්ණ ඇත්තාහුය, සැප බොහෝකොට ඇත්තාහුයයි ඔහු විසින් අසන ලද්දාහුය.
දානය දුන් ඔහු දානයේ ආනිසංස ලෙස මෙසේ පතයි. මෙසේවූ සිතක් වෙයි. ’අනේ, මම ශරීරය බිඳීයාමෙන් මරණින් මතු තවුතිසා දෙව්ලෝ වැසි දෙවියන්ගේ සහවාසයට උපදින්නෙම් නම් (යෙහෙකි)’ යි හෙතෙම ඒ සිත පිහිටුවයි. ඒ සිත ස්ථිර කරයි. ඒ සිත වඩයි. ඔහුගේ ඒ මතු මාර්ග ඵල පිණිස නොවඩන ලද්දාවූ, හීනවූ පඤ්චකාම ගුණයෙහි ඇලුනාවූ සිත ඉපැත්ම පිණිස හේතුවෙයි. ශරීරය බිඳීයාමෙන් මරණින් මතු තව්තිසා දෙව්ලෝ වැසි දෙවියන් අතර උපදී. හෙද වනාහි සිල්වත්හට යයි කියමි. දුශ්ශිලයාහට නොවේ.
’’ සිල්වත්හුගේ ප්රාර්ත්ථනා නිසැකයෙන් ඉටුවෙයි. ඔහු සීලය පිරිසිදු හෙයිනි.”
§4. මහණෙනි, ඇතැමෙක් ශ්රමණයෙකුට හෝ බ්රාහ්මණයෙකුට හෝ ආහාර, පාන, වස්ත්ර, යානා, මල් ගඳ විලවුන්, සයනාසන, ආවාස, පහන් තෙල් ආදීවූ දානය දෙයි.
“යාම දෙව්ලෝ වැසි දෙවියෝ දීර්ඝායුෂ්කයෝය, ශරීර වර්ණ ඇත්තාහුය, සැප බොහෝකොට ඇත්තාහු”යයි ඔහු විසින් අසන ලද්දාහුය.
දානය දුන් ඔහු දානයේ ආනිසංස ලෙස මෙසේ පතයි. මෙසේවූ සිතක් වෙයි. ’අනේ, මම ශරීරය බිඳීයාමෙන් මරණින් මතු යාම දෙව්ලෝ වැසි දෙවියන අතර උපදින්නෙම් නම් (යෙහෙකි)’ යි හෙතෙම ඒ සිත පිහිටුවයි. ඒ සිත ස්ථිර කරයි. ඒ සිත වඩයි. ඔහුගේ ඒ මතු මාර්ග ඵල පිණිස නොවඩන ලද්දාවූ, හීනවූ පඤ්චකාම ගුණයෙහි ඇලුනාවූ සිත ඉපැත්ම පිණිස හේතුවෙයි. ශරීරය බිඳීයාමෙන් මරණින් මතු යාම දෙව්ලො වැසි දෙවියන් අතර උපදී. හෙද වනාහි සිල්වත්හට යයි කියමි. දුශ්ශිලයාහට නොවේ. ’’මහණෙනි, සිල්වත්හුගේ ප්රාර්ත්ථනා තොම ඉටුවෙයි. පිරිසිදු හෙයිනි.
§5. මහණෙනි, ඇතැමෙක් ශ්රමණයෙකුට හෝ බ්රාහ්මණයෙකුට හෝ ආහාර, පාන, වස්ත්ර, යානා, මල් ගඳ විලවුන්, සයනාසන, ආවාස, පහන් තෙල් ආදීවූ දානය දෙයි.
“තුසිත දෙව්ලෝ වැසි දෙවියෝ දීර්ඝායුෂ්කයෝය, ශරීර වර්ණ ඇත්තාහුය, සැප බොහෝකොට ඇත්තාහු”යයි ඔහු විසින් අසන ලද්දාහුය.
දානය දුන් ඔහු දානයේ ආනිසංස ලෙස මෙසේ පතයි. මෙසේවූ සිතක් වෙයි ’අනේ, මම ශරීරය බිඳීයාමෙන් මරණින් මතු තුසිත දෙව්ලෝ වැසි දෙවියන් අතර උපදින්නෙම් නම් (යෙහෙකි)’ යි හෙතෙම ඒ සිත පිහිටුවයි. ඒ සිත ස්ථිර කරයි. ඒ සිත වඩයි. ඔහුගේ ඒ මතු මාර්ග ඵල පිණිස නොවඩන ලද්දාවූ, හීනවූ පඤ්චකාම ගුණයෙහි ඇලුනාවූ සිත ඉපැත්ම පිණිස හේතුවෙයි. ශරීරය බිඳීයාමෙන් මරණින් මතු තුසිත දෙව්ලෝ වැසි දෙවියන් අතර උපදී. හෙද වනාහි සිල්වත්හට යයි කියමි. දුශ්ශිලයාහට නොවේ. ’’මහණෙනි, සිල්වත්හුගේ ප්රාර්ත්ථනා තොම ඉටුවෙයි. පිරිසිදු හෙයිනි.
§6.. මහණෙනි, ඇතැමෙක් ශ්රමණයෙකුට හෝ බ්රාහ්මණයෙකුට හෝ ආහාර, පාන, වස්ත්ර, යානා, මල් ගඳ විලවුන්, සයනාසන, ආවාස, පහන් තෙල් ආදීවූ දානය දෙයි.
නිර්මාණරති දෙව්ලොව වැසි දෙවියෝ දීර්ඝායුෂ්කයෝය, ශරීර වර්ණ ඇත්තාහුය, සැප බොහෝකොට ඇත්තාහුයයි ඔහු විසින් අසන ලද්දාහුය.
දානය දුන් ඔහු දානයේ ආනිසංස ලෙස මෙසේ පතයි. මෙසේවූ සිතක් වෙයි. ’අනේ, මම ශරීරය බිඳීයාමෙන් මරණින් මතු නිර්මාණරති දෙව්ලෝ වැසි දෙව්ලෝ වැසි දෙවියන් අතර උපදින්නෙම් නම් (යෙහෙකි)’ යි කියයි.
හෙතෙම ඒ සිත පිහිටුවයි. ඒ සිත ස්ථිර කරයි. ඒ සිත වඩයි. ඔහුගේ ඒ මතු මාර්ග ඵල පිණිස නොවඩන ලද්දාවූ, හීනවූ පඤ්චකාම ගුණයෙහි ඇලුනාවූ සිත ඉපැත්ම පිණිස හේතුවෙයි. ශරීරය බිඳීයාමෙන් මරණින් මතු නිර්මාණරති දෙව්ලෝ වැසි දෙවියන්ට සහභාගීව උපදී. හෙද වනාහි සිල්වත්හට යයි කියමි. දුශ්ශිලයාහට නොවේ.
’’මහණෙනි, සිල්වත්හුගේ ප්රාර්ත්ථනා තොම ඉටුවෙයි. පිරිසිදු හෙයිනි.
§7.. මහණෙනි, ඇතැමෙක් ශ්රමණයෙකුට හෝ බ්රාහ්මණයෙකුට හෝ ආහාර, පාන, වස්ත්ර, යානා, මල් ගඳ විලවුන්, සයනාසන, ආවාස, පහන් තෙල් ආදීවූ දානය දෙයි.
පරනිර්මිතවසවර්ති දෙව්ලෝ වැසි දෙවියෝ දීර්ඝායුෂ්කයෝය, ශරීර වර්ණ ඇත්තාහුය, සැප බොහෝකොට ඇත්තාහුයයි ඔහු විසින් අසන ලද්දාහුය.
දානය දුන් ඔහු දානයේ ආනිසංස ලෙස මෙසේ පතයි. ’අනේ, මම ශරීරය බිඳීයාමෙන් මරණින් මතු පරනිර්මිතවසවර්ති දෙව්ලෝ වැසි දෙවියන්ගේ සහවාසයට උපදින්නෙම් නම් (යෙහෙකි)’ යි හෙතෙම ඒ සිත පිහිටුවයි. ඒ සිත ස්ථිර කරයි. ඒ සිත වඩයි. ඔහුගේ ඒ මතු මාර්ග ඵල පිණිස නොවඩන ලද්දාවූ, හීනවූ පඤ්චකාම ගුණයෙහි ඇලුනාවූ සිත ඉපැත්ම පිණිස හේතුවෙයි. ශරීරය බිඳීයාමෙන් මරණින් මතු පරනිර්මිතවසවර්ති දෙව්ලෝ වැසි දෙවියන්ට සහභාගීව උපදී. හෙද වනාහි සිල්වත්හට යයි කියමි. දුශ්ශිලයාහට නොවේ. ’’මහණෙනි, සිල්වත්හුගේ ප්රාර්ත්ථනා තොම ඉටුවෙයි. පිරිසිදු හෙයිනි. මහණෙනි,
§8.. ඇතැමෙක් ශ්රමණයෙකුට හෝ බ්රාහ්මණයෙකුට හෝ ආහාර, පාන, වස්ත්ර, යානා, මල් ගඳ විලවුන්, සයනාසන, ආවාස, පහන් තෙල් ආදීවූ දානය දෙයි.
බ්රහ්මකායික දෙව්ලෝ වැසි දෙවියෝ දීර්ඝායුෂ්කයෝය, ශරීර වර්ණ ඇත්තාහුය, සැප බොහෝකොට ඇත්තාහුයයි ඔහු විසින් අසන ලද්දාහුය.
දානය දුන් ඔහු දානයේ ආනිසංස ලෙස මෙසේ පතයි. . ’අනේ, මම ශරීරය බිඳීයාමෙන් මරණින් මතු බ්රහ්මකායික දෙව්ලෝ වැසි දෙවියන්ගේ සහවාසයට උපදින්නෙම් නම් (යෙහෙකි)’ යි හෙතෙම ඒ සිත පිහිටුවයි. ඒ සිත ස්ථිර කරයි. ඒ සිත වඩයි. ඔහුගේ ඒ මතු මාර්ග ඵල පිණිස නොවඩන ලද්දාවූ, හීනවූ පඤ්චකාම ගුණයෙහි ඇලුනාවූ සිත ඉපැත්ම පිණිස හේතුවෙයි. ශරීරය බිඳීයාමෙන් මරණින් මතු බ්රහ්මකායික දෙවියන්ට සහභාගීව උපදී.
’’හෙද වනාහි සිල්වත්හට යයි කියමි. දුශ්ශිලයාහට නොවේ. වීතරාගීහටයයි කියමි. රාගය සහිතවූවහුට නොවේ. මහණෙනි, සිල්වතාගේ ප්රාර්ථනාව ඉටුවෙයි. පහවූ රාග ඇති හෙයිනි. මහණෙනි, මේ අෂ්ටදානුප්පත්තීහු වෙත්.’’