AN 07-02-අනුසය වග්ගය

§ 07.02.01 සත්තානුසය සූත්‍රය

’’මහණෙනි,  අනුසය සතක් වෙති.
’’කවර සතක්ද යත්?

(1) කාමානුසය,
ස්‌වාභාවිකව සිදු වන හැම ඉන්ද්‍රිය වින්දනයකින් ම, සතුටක්‌ සැපයක්‌ භුක්‌ති විඳීමට ඇති ආශාවට, කැමැත්තට, ගැළපෙනසේ බාහිරින් ලැබෙන තොරතුරු අදහස්‌ මත ආදී සියල්ලක්‌ම සකසා ගැනීමට ඇති කැමැත්ත කාමානුසයයි. කෙටියෙන් කිව හොත් සෑම ඉන්ද්‍රිය වින්දනයක්‌ම, සැපයට, ආස්‌වාදයට හරවා භුක්‌ති විඳීමට ඇති කැමැත්තය.
(2). පටිඝානුසය,
කිසියම් ඉන්ද්‍රිය වින්දනයක්‌ ආශාවෙන් භුක්‌ති විඳීමේදී අනෙකුත් අනුසයන් සමග ගැටේ නම් එම ගැටුම විසඳන්නේ හෝ ඊට එරෙහිව ප්‍රති ක්‍රියා කරන්නේ පටිඝයයි. පටිඝ යනු ගැටුම හෝ විරුද්ධත්වයයි. තමාගේ මතයට සංකල්පයට මනාපයට එරෙහිව එන ඕනෑම, බාධකයක්‌ ඉවත් කිරීමට ඉදිරි පත් වීම පටිඝානුසයේ ස්‌වභාවයයි. එදිරිවාදිකමක්‌ හෝ ගැටුමකට හේතු වන්නේ නොදන්නා කමය.
(3). දිට්ඨානුසය,
තමාගේ ඉන්ද්‍රිය අත්දැකීම්වල ඇත්ත තත්ත්වය නොපෙනීමේ හේතුවෙන් තම හිතු මතයට තම කැමැත්තට යම් යම් දේ තමන්ට වැටහෙන පරිදි තම සිත තුළ මවාගෙන තිබෙන දෘෂ්ටි අප්‍රමාණය. එම ඉන්ද්‍රිය අත්දැකීම් වල අයිතිය මම නම් වු වෙනස්‌ නොවන අයෙකුට හිමි වන දෙයකැයි යනු වෙන් සක්‌කාය දිට්‌ඨියක්‌ හෙවත් ආත්ම දෘෂ්ටියක්‌ මවා ගෙන තිබීමය. මේ වූ කලී චෛතසික මායා බන්ධනයකි. මේ නිසා බාහිර ලෝකය තුළ දකින කවර දෙයක්‌ වුවත් මම යන පුද්ගලයාගේ (මගේ) අදහස්‌ හා සංකල්ප වලට ගැළපෙන පරිදි පෙරළා ගැනීමෙන් පසුවයි. එදෙසට හැරී බලන්නේ. මෙහිදී ද පුද්ගල පෘථග්ජන දැක්‌මට හසු වීමෙන් දිට්‌ඨානුසයේ ග්‍රහණය විසින් පුද්ගලයා වරදටම පොළඹවනු ලබයි. තමාගේ සිත අල්වාගෙන වසඟකර ගෙන සිටින දැක්‌මට අනුව විනා නිවැරැදි දැක්‌මකට අනුව ක්‍රියා කිරීම වළක්‌වයි
.
(4) විචිකිච්ඡානුසය,
– ස්‌වාභාවිකව සිදුවන සිදු වීම්වල සත්‍ය ස්‌වභාවය තේරුම් ගැනීම වළක්‌වන මානසිකත්වය විචිකිච්චාව හෙවත් සැකයයි. තමා තුළ පවතින අහංකාරයත්, දැඩිව ගන්නා මත වාද සහ දෘෂ්ටි කෝණද අවිද්‍යාව නිසා නිවැරැදි නිගමන වලට එළඹීම වළක්‌වයි. තණ්‌හා මාන දෘෂ්ටි වලට බැඳී ආවරණය වී තිබෙන මනස සත්‍යය දැකීමට බාධා පමුණුවයි. සත්‍යය දෙස වුවද හෙළන සැකය නිසා හරි දැක්‌මකට ඉඩක්‌ නැත. 

(5) මානානුසය,
– මම යි පුද්ගලයා යන මානය හෙවත් උඩඟු කම කරට ගත් දැක්‌ම මනානුසයයි. මුලු මහත් පෘථිවි තලය ඇතුළු සත්ත්ව ලෝකය නිම වී තිබෙන්නේ සිව් මහා භූත කොටස්‌ වලින් බව දකින්නේ නම්, පෘථිවිය නිම වී තිබෙන ධාතූන් ගෙන්ම සත්ත්ව ලෝකයත් ජීවත් කරවන බව තේරුම් ගන්නේ නම් පන්චස්‌කන්ධය වූ රූප වේදනා සංඥා සංස්‌කාර සහ විඤ්ඤාණ යන සංස්‌කාර හැම සත්ත්වයෙකුටම සාධාරණ උරුමය බව දනී නම්, එය හැම සත්ත්වයෙකුගේම ස්‌වාභාවික උරුමය බව දනී නම් මානයක්‌ හටගත් තව හේතුවක්‌ කොයින් ද? තමා අන් අයගෙන් වෙන් කොට සුවිශේෂ කොට සිතන සිතිවිල්ලක්‌ එවිට ඉතිරි වන්නට අවකාශයක්‌ නැත. තමාට දැනෙන රිදුම් වේදනා පසිඳුරන්ට මම යන තැනැත්තාටම සුවිශේෂ වූ දේවල් ලෙස සලකා මිනිසුන් සමුහයක්‌ අතරින් තමා සුවිශේෂ කොට සලකන සැලකිල්ල අසමිමානය හෙවත් මානයයි. සමස්‌ත පෘථග්ජන මිනිස්‌ කැළගේම බියට, සැකයට දුකට හේතුව වන්නේ නම් නොපෙනෙන ආත්මීය හැඟêම වූ අවිද්‍යාවයි. සත්‍යය දේශනා කරන උත්තමයෙකුට ඇහුම්කන් දි ඇත්ත තේරුම් ගෙන අවිද්‍යාව දුරු කොට මානය හැර දමා නිවීම සැනසීම වූ නිර්වාණය ළඟා කර ගත හැකි බව තේරුම් ගත යුතුය.

(6) භවරාගානුසය,
– අත් දැකීම් වල සැබෑ විධිය නම් සෑම වින්දනයක්‌ම සෑම සිතිවිල්ලකම හට ගෙන සුළු මොහොතකින් අහෝසි වී යාමය. එය නැතිවී වෙනස්‌ වින්දනයක්‌ හට ගනී. සොබා දහමේ ක්‍රියා පටිපාටිය එයයි. භවානුසයට වුවමනා කරන්නේ තමන්ට අභිමත ඉන්ද්‍රිය අරමුණක්‌ අල්ලාගෙන අඛණ්‌ඩ තෘප්තියක්‌ විඳීම ය. ඇති වෙමින් නැති වීම සොබා දම් නියමය වේ. එහෙත් මගේ වුවමනාවට එය දිගටම පවත්නා දෙයක්‌ බවට වැළඳ ගෙන මගේ භවය (පැවැත්ම) ප්‍රීතිය, නිරෝගකම ශක්‌තිය යන භවයට ඇති කෑදර කම, ආසාව භවානුසයයි. මගේ භව තත්ත්වයට අනුකූල නොවන කිසිවක්‌ වේනම් ඒවා ප්‍රතික්‍ෂේප කිරීම හෙවත් මා අකැමැති දේ සත්‍යයක්‌ වුවත් එය පිළිගැනීමට මා අකමැති වන්නේ මා ආසා කරන භව පැවැත්මට ප්‍රතිවිරුද්ධ නිසාය. කොපමණ සත්‍යයක්‌ වුවත් පිළිගන්නට අකමැති වීම භවය (පැවැත්ම) ආශාවෙන් පිළි ගන්නා අවිද්‍යාවේ ස්‌වභාවයයි. එම ආශාව විසින් සොබාදහම ද ප්‍රතික්‍ෂේප කරයි. 

(7) අවිජ්ජානුසය, 
– අප විසින් අත් දකින හැම අත්දැකීමක්‌ම සිදු වන්නේ කෙසේ ද, ඒවායේ නිර්මාණය, ක්‍රියා කාරිත්වය යන කරුණු නොපෙනීමේ, නොදැකීමේ හේතුවෙන් හැම අත් දැකීමක්‌ම මගේ කොට, මට අයත්ය යන හැඟêමෙන් සිදුවන මගේම ක්‍රියාවක්‌ කොට දැක ගැනීම නම් වූ නොදැනුවත් කම නිසා මම යන පුද්ගලයා වූ තමා පිළිබඳව ප්‍රතිරූපයක්‌ සෑම පෘථග්ජන මනසක්‌ තුළම සකස්‌ කරගෙන ඇත. එබැවින් එම මනෝමය සංකල්පයේ අභිමතයට යට වී ක්‍රියා කිරීම නම් වු වැරැද්දට සියලුම පෘථග්ජනයන් හසු වීම නිසා කෙලෙස්‌ ප්‍රහීන කරනවා වෙනුවට තවදුරටත් ඊට බැඳීම නිසා සසර ගමන තව තවත් දිගු කර ගනී.

යන මේ සත අනුසය නම් වෙති.

DIVIDER SL Elephant

§ 07.02.01 අනුසයප්පහාණ සූත්‍රය

’’මහණෙනි, සප්ත අනුසයන්ගේ ප්‍රහාණය පිණිස, සිඳීම පිණිස, බඹසර හැසිරෙව්.
’’කවර සතකගේද?

අනූනය අනුසය ප්‍රහාණය පිණිස බඹසර හැසිරෙව්
පටිඝ අනුසය ප්‍රහාණය පිණිස බඹසර හැසිරෙව්.
දිට්ඨි අනුසය ප්‍රහාණය පිණිස බඹසර හැසිරෙව්.
විචිකිච්ඡා අනුසය ප්‍රහාණය පිණිස බඹසර හැසිරෙව්.
මාන අනුසය ප්‍රහාණය පිණිස බඹසර හැසිරෙව්.
භවරාග අනුසය ප්‍රහාණය පිණිස බඹසර හැසිරෙව්.
අවිජ්ජා අනුසය ප්‍රහාණය පිණිස බඹසර හැසිරෙව්

’’ මහණෙනි, සප්ත අනුසයන්ගේ ප්‍රහාණය පිණිස, සිඳීම පිණිස, බඹසර හැසිරෙව්.

’’මහණෙනි, භික්‍ෂුවගේ අනූනය අනුසයද නැවත නූපදින සේ මුලින් කපන ලද තල් ගසක් සේ කරණ ලදද, අභාවයට පමුණුවන ලද්දේද,

පටිඝ අනුසයද නැවත නූපදින සේ මුලින් කපන ලද තල් ගසක් සේ කරණ ලදද, අභාවයට පමුණුවන ලද්දේද,

දිට්ඨි අනුසයද නැවත නූපදින සේ මුලින් කපන ලද තල් ගසක් සේ කරණ ලදද, අභාවයට පමුණුවන ලද්දේද,

විචිකිච්ඡා අනුසයද නැවත නූපදින සේ මුලින් කපන ලද තල් ගසක් සේ කරණ ලදද, අභාවයට පමුණුවන ලද්දේද,

මාන අනුසයද නැවත නූපදින සේ මුලින් කපන ලද තල් ගසක් සේ කරණ ලදද, අභාවයට පමුණුවන ලද්දේද,

භවරාග අනුසයද නැවත නූපදින සේ මුලින් කපන ලද තල් ගසක් සේ කරණ ලදද, අභාවයට පමුණුවන ලද්දේද,

අවිජ්ජා අනුසයද නැවත නූපදින සේ මුලින් කපන ලද තල් ගසක් සේ කරණ ලදද, අභාවයට පමුණුවන ලද්දේද,

මෙයින් භික්‍ෂුව තෘෂ්ණාව සින්දේය. සංයෝජනයන් දුරුකොට දුක් කෙළවර කළේය’යි කිව හැක..

DIVIDER SL Elephant

§ 07.02.03. කුලුපගමනඞ්ග සූත්‍රය

’’මහණෙනි, පෙර නොගිය ඩ  කරුණු සතකින් යුත් ගෙදරකට ගියේ පෙර නොගියේ නම් යන්නට නුසුදුසුය. ගියේද, හිඳගැනීමට නුසුදුසුය.

’’කවර සතකින්ද?

  • ප්‍රිය මනාපයෙන් හුනස්නෙන් නොනැගිටීද
  • ප්‍රිය මනාපයෙන් වැඳීම නොකෙරේද,
  • ප්‍රිය මනාපයෙන් ආසනය නොදේද,
  • ඕහට ඇති දෙය සඟවාද,
  • බොහෝ ඇතත් ටිකක් දේද,
  • ප්‍රණීත දේ ඇතත් රූක්‍ෂ දෙයක් දේද,
  • සකස්කොට නොව සකස් නොකොට දේද

මහණෙනි, කරුණු සතකින් යුත් ගෙදරකට ගියේ පෙර නොගියේ නම් යන්නට නුසුදුසුය. ගියේද, හිඳගැනීමට නුසුදුසුය.

’’ මහණෙනි, කරුණු සතකින් යුක්තවූ ගෙදරකට නොගියේ නම් යන්නට සුදුසුය. ගියේ නම්, හිඳගන්නටද සුදුසුය.
’’කවර කරුණු සතකින්ද?

  • ප්‍රිය මනාපයෙන් හුනස්නෙන් නැගිටීද,
  • ප්‍රිය මනාපයෙන් අභිවාදනය කෙරේද,
  • ප්‍රිය මනාපයෙන් අසුන් දේද,
  • ඕහට ඇති දේ නොසඟවාද,
  • බොහෝ ඇතිකල්හි බොහෝ දේද,
  • ප්‍රණීත දෙය ඇති කල්හි පුණීත දෙය දේද,
  • සකස්කොට දේද නොසකස් කොට නොදේද,

මහණෙනි, කරුණු සතකින් යුක්තවූ ගෙදරකට නොගියේ නම් යන්නට සුදුසුය. ගියේ නම්, හිඳගන්නටද සුදුසුය.

DIVIDER SL Elephant

§ 07.02.04. සත්තාහුණෙය්‍ය සූත්‍රය

’’මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්‍යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්‍ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.

’’කවර සත් දෙනෙක්ද යත්?

  • උභතො භාගයෙන් මිදුන තැනැත්තේය,
  • ප්‍රඥාවෙන් මිදුන තැනැත්තේ හෙවත් ශුෂ්ක විදර්‍ශක රහතුන් වහන්සේය,
  • නාම කායයෙන් ධ්‍යාන ස්පර්‍ශය කොට පසුව නිවන් පසක්කොට සිටි තැනැත්තේය,
  • ශ්‍රද්‍ධාවෙන් මිදුන තැනැත්තේය,
  • ප්‍රථම මාර්‍ග ප්‍රඥාවයයි කියන ලද ධර්‍මය සිහි කරණ තැනැත්තේය,
  • ප්‍රථම මාර්‍ග සංඛ්‍යාත ශ්‍රද්‍ධාව සිහි කරණ තැනැත්තේය යන සත්දෙනය.

මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්‍යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්‍ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.

DIVIDER SL Elephant

§ 07.02.05. උදකූපම පුග්ගල සූත්‍රය

udako

’’මහණෙනි, ජලයට වැටුන පුද්ගලයෝ සත් දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන වෙති. ’’
ඒ සත් දෙන කවරහුද?

  • මහණෙනි, ඇතැම් පුද්ගලයෙක් එක් වරක් (ජලයෙහි) ගිලුනේ ගිලුනේමය.
  • මහණෙනි, ඇතැම් පුද්ගලයෙත් ගිලී මතුවෙයි.
  • මහණෙනි,  ඇතැම් පුද්ගලයෙක් ගිලී සිටියේ වෙයි.
  • මහණෙනි, ඇතැම් පුද්ගලයෙක් මතුවී විශෙෂයෙන් බලයි. අවලෝකනය කෙරෙයි.
  • මහණෙනි, ඇතැම් පුද්ගලයෙක් මතුවී පිහිනයි.
  • මහණෙනි,  ඇතැම් පුද්ගලයෙක් මතුවී ගැඹුරට පිවිසියේ වෙයි.
  • මහණෙනි,  ඇතැම් පුද්ගලයෙක් මතුවී එතරවූයේ පරතීරගතවූ ඒ බ්‍රාහ්මණතෙම ගොඩ සිටියේ වෙයි.

[1] ’’මහණෙනි, කෙසේනම් ඇතැම් පුද්ගලයෙක් වරක් ගිලුනේ  වේද?

මහණෙනි, මෙහි වනාහි ඇතැම් පුද්ගලයෙක් ඒකාන්ත කාලක (කලු) වූ අකුසල ධර්මයන්ගෙන් යුක්තවේද, මහණෙනි, මෙසේ වනාහි පුද්ගල තෙම වරක් ගිලුනේ ගිලුනේම වෙයි.

[2] ’’මහණෙනි, කෙසේ නම් ඇතැම් පුද්ගලයෙක් ගිලී මතුවේද?

මහණෙනි, මෙහි ඇතැම් පුද්ගලයෙක් කුශල ධර්මයන්හි මතුවීමෙන් යුතු ශ්‍රද්‍ධාව යහපත් වේද, පාපයට ලජ්ජාව යහපත් වේද, පාපයට බිය යහපත් වේද, වීර්‍ය්‍යය යහපත් වේද, කුසල ධර්මයන්හි ප්‍රඥාව යහපත් වේද, ඔහුගේ ඒ ශ්‍රද්‍ධාව නොසිටියි. නොවැඩෙයි. පිරිහේමය. ඔහුගේ ඒ හිරිය, ඔත්තප්පය, වීර්‍ය්‍යය, ප්‍රඥාව (යන මේ ධර්මයෝ) නොසිටිත්. නොවැඩෙත්. පිරිහෙත්මය. )සසස’ මහණෙනි, මෙසේ මේ පුද්ගල තෙම ගිලී මතුවෙයි.

[3]’’මහණෙනි, කෙසේ නම් ඇතැම් පුද්ගලයෙක් ගිලී සිටියේ වේද?

මහණෙනි, මෙහි ඇතැම් පුද්ගලයෙක් කුශල ධර්මයන්හි මතුවීමෙන් යුතු ශ්‍රද්‍ධාව යහපත් වේද, පාපයට ලජ්ජාව යහපත් වේද, පාපයට බිය යහපත් වේද, වීර්‍ය්‍යය යහපත් වේද, කුසල ධර්මයන්හි ප්‍රඥාව යහපත් වේද, ඔහුගේ ඒ ශ්‍රද්‍ධාව නොසිටියි. නොවැඩෙයි. පිරිහේමය. ඔහුගේ ඒ හිරිය, ඔත්තප්පය, වීර්‍ය්‍යය, ප්‍රඥාව (යන මේ ධර්මයෝ) නොසිටිත්. නොවැඩෙත්. පිරිහෙත්මය.

[4] ’මහණෙනි, කෙසේ නම් පුද්ගලයෙක් දියෙන් මතුවී විශෙෂයෙන් බලාද, අවලෝකනය කෙරේද?

මහණෙනි, මෙහි ඇතැම් පුද්ගලයෙක් කුශල ධර්මයන්හි මතුවීමෙන් යුතු ශ්‍රද්‍ධාව යහපත් වේද, පාපයට ලජ්ජාව යහපත් වේද, පාපයට බිය යහපත් වේද, වීර්‍ය්‍යය යහපත් වේද, කුසල ධර්මයන්හි ප්‍රඥාව යහපත් වේද, ඔහුගේ ඒ ශ්‍රද්‍ධාව නොසිටියි. නොවැඩෙයි. පිරිහේමය. ඔහුගේ ඒ හිරිය, ඔත්තප්පය, වීර්‍ය්‍යය, ප්‍රඥාව (යන මේ ධර්මයෝ) නොසිටිත්. නොවැඩෙත්. පිරිහෙත්මය. හෙතෙම සංයෝජන තුනකගේ ක්‍ෂයකිරීමෙන් නිරයගාමිනී නොවූ, සම්බෝධිපරායනවූ සෝවාන්වූයේ වෙයි. මෙසේ මේ පුද්ගල තෙම මතුවී විශෙෂයෙන් බලයි.

[5] ’’මහණෙනි, කෙසේනම් ඇතැම් පුද්ගලයෙක් මතුවී පිහිනයිද?

මහණෙනි, මෙහි ඇතැම් පුද්ගලයෙක් කුශල ධර්මයන්හි මතුවීමෙන් යුතු ශ්‍රද්‍ධාව යහපත් වේද, පාපයට ලජ්ජාව යහපත් වේද, පාපයට බිය යහපත් වේද, වීර්‍ය්‍යය යහපත් වේද, කුසල ධර්මයන්හි ප්‍රඥාව යහපත් වේද, ඔහුගේ ඒ ශ්‍රද්‍ධාව නොසිටියි. නොවැඩෙයි. පිරිහේමය. ඔහුගේ ඒ හිරිය, ඔත්තප්පය, වීර්‍ය්‍යය, ප්‍රඥාව (යන මේ ධර්මයෝ) නොසිටිත්. නොවැඩෙත්. පිරිහෙත්මය. හෙතෙම සංයෝජන තුනකගේ ක්‍ෂවීමෙන් රාග, ෙව්ෂ, මෝහයන්ගේ තුනීවීමෙන් සකෘදාගාමී වේද, වරක් මේ ලෝකයට අවුත් දුක් කළෙවර කෙරේද, මහණෙනි, එසේ වනාහි පුද්ගලතෙම මතුවී පිහිනයි.

[6]. ’’මහණෙනි, කෙසේ නම් ඇතැම් පුද්ගලයෙක් මතුවී ඈත දියඹට ගියේ වේද,

මහණෙනි, මෙහි ඇතැම් පුද්ගලයෙක් කුශල ධර්මයන්හි මතුවීමෙන් යුතු ශ්‍රද්‍ධාව යහපත් වේද, පාපයට ලජ්ජාව යහපත් වේද, පාපයට බිය යහපත් වේද, වීර්‍ය්‍යය යහපත් වේද, කුසල ධර්මයන්හි ප්‍රඥාව යහපත් වේද, ඔහුගේ ඒ ශ්‍රද්‍ධාව නොසිටියි. නොවැඩෙයි. පිරිහේමය. ඔහුගේ ඒ හිරිය, ඔත්තප්පය, වීර්‍ය්‍යය, ප්‍රඥාව (යන මේ ධර්මයෝ) නොසිටිත්. නොවැඩෙත්. පිරිහෙත්මය. හෙතෙම පංචඔරම්භාගිය සංයෝජනයන්ගේ ක්‍ෂවීමෙන් ඔපපාතික වේද, ඒ ලෝකයෙන් වෙනස් නොවන්නේ පිරිනිවණට යේද, මහණෙනි, එසේ වනාහි පුද්ගලතෙම ඈත දියඹට යෙයි.

[7]’’මහණෙනි, කෙසේනම් ඇතැම් පුද්ගලයෙක්  මතුවී පරතෙරට ගියේ වේද?

පරතෙරට ගිය බ්‍රාහ්මණතෙම ගොඩ සිටියේ වේද, මහණෙනි, මෙහි ඇතැම් පුද්ගලයෙක් කුශල ධර්මයන්හි මතුවීමෙන් යුතු ශ්‍රද්‍ධාව යහපත් වේද, පාපයට ලජ්ජාව යහපත් වේද, පාපයට බිය යහපත් වේද, වීර්‍ය්‍යය යහපත් වේද, කුසල ධර්මයන්හි ප්‍රඥාව යහපත් වේද, ඔහුගේ ඒ ශ්‍රද්‍ධාව නොසිටියි. නොවැඩෙයි. පිරිහේමය. ඔහුගේ ඒ හිරිය, ඔත්තප්පය, වීර්‍ය්‍යය, ප්‍රඥාව (යන මේ ධර්මයෝ) නොසිටිත්. නොවැඩෙත්. පිරිහෙත්මය. හෙතෙම ආශ්‍රවයන්ගේ ක්‍ෂය කිරීමෙන් අනාශ්‍රවවූයේ, චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද මෙලෙව්හිදීම තෙමේ උසස් ඥානයෙන් ප්‍රත්‍යක්‍ෂකොට එයට පැමිණ වාසය කරයි. මහණෙනි, මෙසේ පුද්ගලතෙම මතුවී එතරවූයේ වෙයි. පරතෙරට ගිය බ්‍රාහ්මණතෙම ගොඩ සිටියේ වෙයි. මහණෙනි, ජලයට බඳු උපමා ඇති පුද්ගලයෝ සත් දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන වෙති.

DIVIDER SL Elephant

§ 07.02.06. අනිච්චානුපස්සි සූත්‍රය.

’’මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්‍යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්‍ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.
’’කවර සත් දෙනෙක්ද යත්?

  • මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධකරගත් සියලු සංස්කාරයන්හි අනිත්‍යය දකිමින් වාසය කරයි.
  • මහණෙනි, මෙහි ඇතැම් පුද්ගලයෙක් කුශල ධර්මයන්හි මතුවීමෙන් යුතු ශ්‍රද්‍ධාව යහපත් වේද,
  • පාපයට ලජ්ජාව යහපත් වේද,
  • පාපයට බිය යහපත් වේද,
  • වීර්‍ය්‍යය යහපත් වේද,
  • කුසල ධර්මයන්හි ප්‍රඥාව යහපත් වේද, ඔහුගේ ඒ ශ්‍රද්‍ධාව නොසිටියි. නොවැඩෙයි. පිරිහේමය.

ඔහුගේ ඒ හිරිය, ඔත්තප්පය, වීර්‍ය්‍යය, ප්‍රඥාව (යන මේ ධර්මයෝ) නොසිටිත්. නොවැඩෙත්. පිරිහෙත්මය. හෙතෙම ආශ්‍රවයන්ගේ ක්‍ෂය කිරීමෙන් අනාශ්‍රවවූයේ, චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද මෙලෙව්හිදීම තෙමේ උසස් ඥානයෙන් ප්‍රත්‍යක්‍ෂකොට එයට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්‍යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්‍ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.

’’මහණෙනි, නැවතද ඇතැම් පුද්ගලයෙක් නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධ කරගත් සියලු සංස්කාරයන්හි අනිත්‍ය සංඥා ඇත්තේ අනිත්‍යය විඳින්නේ අනිත්‍යය දකිමින් වාසය කරයි. ඔහුට පෙරපසු නොව එකවිටම ආශ්‍රවයන්ගේ නැතිවිමද, ජීවිතය නැතිවීමද (සිදුවෙයි.)මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන )ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්‍යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්‍ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.

’’නැවතද මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සියලු සංස්කාරයන්හි අනිත්‍යය දක්නේ, අනිත්‍ය සංඥාව ඇත්තේ, අනිත්‍යය සම්බන්‍ධ විශෙෂයෙන් දැනීම ඇතිවූයේ, නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධකරගත් හෙතෙම පස් වැදෑරුම් ඔරම්භාගිය සංයෝජනයන්ගේ ක්‍ෂවීමෙන් අන්තරා පරිනිබ්බායීවේද, මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්‍යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්‍ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.


’’නැවතද මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සියලු සංස්කාරයන්හි අනිත්‍යය දක්නේ, අනිත්‍ය සංඥාව ඇත්තේ, අනිත්‍යය සම්බන්‍ධ විශෙෂයෙන් දැනීම ඇතිවූයේ, නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධකරගත් හෙතෙම පස් වැදෑරුම් ඔරම්භාගිය සංයෝජනයන්ගේ ක්‍ෂවීමෙන් උපහච්ච පරිනිබ්බායී වේද, මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්‍යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්‍ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.


’’නැවතද මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සියලු සංස්කාරයන්හි අනිත්‍යය දක්නේ, අනිත්‍ය සංඥාව ඇත්තේ, අනිත්‍යය සම්බන්‍ධ විශෙෂයෙන් දැනීම ඇතිවූයේ, නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධකරගත් හෙතෙම පස් වැදෑරුම් ඔරම්භාගිය සංයෝජනයන්ගේ ක්‍ෂවීමෙන් අසංස්කාර පරිනිබ්බායී වේද, මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්‍යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්‍ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.


’’නැවතද මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සියලු සංස්කාරයන්හි අනිත්‍යය දක්නේ, අනිත්‍ය සංඥාව ඇත්තේ, අනිත්‍යය සම්බන්‍ධ විශෙෂයෙන් දැනීම ඇතිවූයේ, නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධකරගත් හෙතෙම පස් වැදෑරුම් ඔරම්භාගිය සංයෝජනයන්ගේ ක්‍ෂවීමෙන් සසංස්කාර පරිනිබ්බායී වේද, මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්‍යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්‍ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.


’’නැවතද මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සියලු සංස්කාරයන්හි අනිත්‍යය දක්නේ, අනිත්‍ය සංඥාව ඇත්තේ, අනිත්‍යය සම්බන්‍ධ විශෙෂයෙන් දැනීම ඇතිවූයේ, නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධකරගත් හෙතෙම පස් වැදෑරුම් ඔරම්භාගිය සංයෝජනයන්ගේ ක්‍ෂවීමෙන් අකනිට්ඨගාමී උද්‍ධංසොත නම් වූයේද, මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්‍යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්‍ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය. මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්‍යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්‍ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.


DIVIDER SL Elephant

§ 07.02.07. දුක්ඛානුපස්සි සූත්‍රය

’’මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.
පාහුනෙය්‍යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.)
දක්ඛිනෙය්‍ය (දක්‍ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.
’’කවර සත් දෙනෙක්ද යත්?

(1) මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධකරගත් සියලු සංස්කාරයන්හි දුක් දකිමින් වාසය කරයි. මහණෙනි, මෙහි ඇතැම් පුද්ගලයෙක් කුශල ධර්මයන්හි මතුවීමෙන් යුතු ශ්‍රද්‍ධාව යහපත් වේද, පාපයට ලජ්ජාව යහපත් වේද, පාපයට බිය යහපත් වේද, වීර්‍ය්‍යය යහපත් වේද, කුසල ධර්මයන්හි ප්‍රඥාව යහපත් වේද, ඔහුගේ ඒ ශ්‍රද්‍ධාව නොසිටියි. නොවැඩෙයි. පිරිහේමය. ඔහුගේ ඒ හිරිය, ඔත්තප්පය, වීර්‍ය්‍යය, ප්‍රඥාව (යන මේ ධර්මයෝ) නොසිටිත්. නොවැඩෙත්. පිරිහෙත්මය. හෙතෙම ආශ්‍රවයන්ගේ ක්‍ෂය කිරීමෙන් අනාශ්‍රවවූයේ, චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද මෙලෙව්හිදීම තෙමේ උසස් ඥානයෙන් ප්‍රත්‍යක්‍ෂකොට එයට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්‍යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්‍ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.

(2). ’’මහණෙනි, නැවතද ඇතැම් පුද්ගලයෙක් නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධ කරගත් සියලු සංස්කාරයන්හි අනිත්‍ය සංඥා ඇත්තේ අනිත්‍යය විඳින්නේ දුක් දකිමින් වාසය කරයි. ඔහුට පෙරපසු නොව එකවිටම ආශ්‍රවයන්ගේ නැතිවිමද, ජීවිතය නැතිවීමද (සිදුවෙයි.)මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්‍යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්‍ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.

(3). ’’නැවතද මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සියලු සංස්කාරයන්හි අනිත්‍යය දක්නේ, අනිත්‍ය සංඥාව ඇත්තේ, දුක් සම්බන්‍ධ විශෙෂයෙන් දැනීම ඇතිවූයේ, නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධකරගත් හෙතෙම පස් වැදෑරුම් ඔරම්භාගිය සංයෝජනයන්ගේ ක්‍ෂවීමෙන් අන්තරා පරිනිබ්බායීවේද, මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්‍යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්‍ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.

(4). ’’නැවතද මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සියලු සංස්කාරයන්හි අනිත්‍යය දක්නේ, අනිත්‍ය සංඥාව ඇත්තේ, දුක් සම්බන්‍ධ විශෙෂයෙන් දැනීම ඇතිවූයේ, නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධකරගත් හෙතෙම පස් වැදෑරුම් ඔරම්භාගිය සංයෝජනයන්ගේ ක්‍ෂවීමෙන් උපහච්ච පරිනිබ්බායී වේද, මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්‍යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්‍ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.

(5). ’’නැවතද මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සියලු සංස්කාරයන්හි අනිත්‍යය දක්නේ, අනිත්‍ය සංඥාව ඇත්තේ, දුක් සම්බන්‍ධ විශෙෂයෙන් දැනීම ඇතිවූයේ, නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධකරගත් හෙතෙම පස් වැදෑරුම් ඔරම්භාගිය සංයෝජනයන්ගේ ක්‍ෂවීමෙන් අසංස්කාර පරිනිබ්බායී වේද, මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්‍යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්‍ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.

(6). ’’නැවතද මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සියලු සංස්කාරයන්හි අනිත්‍යය දක්නේ, අනිත්‍ය සංඥාව ඇත්තේ, දුක් සම්බන්‍ධ විශෙෂයෙන් දැනීම ඇතිවූයේ, නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධකරගත් හෙතෙම පස් වැදෑරුම් ඔරම්භාගිය සංයෝජනයන්ගේ ක්‍ෂවීමෙන් සසංස්කාර පරිනිබ්බායී වේද, මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්‍යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්‍ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.

(7). ’’නැවතද මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සියලු සංස්කාරයන්හි අනිත්‍යය දක්නේ, අනිත්‍ය සංඥාව ඇත්තේ, දුක් සම්බන්‍ධ විශෙෂයෙන් දැනීම ඇතිවූයේ, නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධකරගත් හෙතෙම පස් වැදෑරුම් ඔරම්භාගිය සංයෝජනයන්ගේ ක්‍ෂවීමෙන් අකනිට්ඨගාමී උද්‍ධංසොත නම් වූයේද, මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්‍යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්‍ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය. මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්‍යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්‍ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.


DIVIDER SL Elephant

§ 07.02.08. අනත්තානුපස්සි සූත්‍රය

’’මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.
පාහුනෙය්‍යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.)
දක්ඛිනෙය්‍ය (දක්‍ෂිණාවට සුදුසුසෝය.)
ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.
’’කවර සත් දෙනෙක්ද යත්?

(1) මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධකරගත් සියලු සංස්කාරයන්හි අනාත්මය දකිමින් වාසය කරයි. මහණෙනි, මෙහි ඇතැම් පුද්ගලයෙක් කුශල ධර්මයන්හි මතුවීමෙන් යුතු ශ්‍රද්‍ධාව යහපත් වේද, පාපයට ලජ්ජාව යහපත් වේද, පාපයට බිය යහපත් වේද, වීර්‍ය්‍යය යහපත් වේද, කුසල ධර්මයන්හි ප්‍රඥාව යහපත් වේද, ඔහුගේ ඒ ශ්‍රද්‍ධාව නොසිටියි. නොවැඩෙයි. පිරිහේමය. ඔහුගේ ඒ හිරිය, ඔත්තප්පය, වීර්‍ය්‍යය, ප්‍රඥාව (යන මේ ධර්මයෝ) නොසිටිත්. නොවැඩෙත්. පිරිහෙත්මය. හෙතෙම ආශ්‍රවයන්ගේ ක්‍ෂය කිරීමෙන් අනාශ්‍රවවූයේ, චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද මෙලෙව්හිදීම තෙමේ උසස් ඥානයෙන් ප්‍රත්‍යක්‍ෂකොට එයට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්‍යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්‍ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.

(2). ’’මහණෙනි, නැවතද ඇතැම් පුද්ගලයෙක් නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධ කරගත් සියලු සංස්කාරයන්හි අනාත්ම සංඥා ඇත්තේ අනිත්‍යය විඳින්නේ අනිත්‍යය දකිමින් වාසය කරයි. ඔහුට පෙරපසු නොව එකවිටම ආශ්‍රවයන්ගේ නැතිවිමද, ජීවිතය නැතිවීමද (සිදුවෙයි.)මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්‍යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්‍ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.

(3). ’’නැවතද මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සියලු සංස්කාරයන්හි අනිත්‍යය දක්නේ, අනිත්‍ය සංඥාව ඇත්තේ, අනාත්ම සම්බන්‍ධ විශෙෂයෙන් දැනීම ඇතිවූයේ, නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධකරගත් හෙතෙම පස් වැදෑරුම් ඔරම්භාගිය සංයෝජනයන්ගේ ක්‍ෂවීමෙන් අන්තරා පරිනිබ්බායීවේද, මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්‍යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්‍ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.

(4). ’’නැවතද මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සියලු සංස්කාරයන්හි අනිත්‍යය දක්නේ, අනිත්‍ය සංඥාව ඇත්තේ, අනාත්ම සම්බන්‍ධ විශෙෂයෙන් දැනීම ඇතිවූයේ, නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධකරගත් හෙතෙම පස් වැදෑරුම් ඔරම්භාගිය සංයෝජනයන්ගේ ක්‍ෂවීමෙන් උපහච්ච පරිනිබ්බායී වේද, මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්‍යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්‍ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.

(5). ’’නැවතද මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සියලු සංස්කාරයන්හි අනිත්‍යය දක්නේ, අනිත්‍ය සංඥාව ඇත්තේ, අනාත්ම සම්බන්‍ධ විශෙෂයෙන් දැනීම ඇතිවූයේ, නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධකරගත් හෙතෙම පස් වැදෑරුම් ඔරම්භාගිය සංයෝජනයන්ගේ ක්‍ෂවීමෙන් අසංස්කාර පරිනිබ්බායී වේද, මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්‍යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්‍ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.

(6). ’’නැවතද මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සියලු සංස්කාරයන්හි අනිත්‍යය දක්නේ, අනිත්‍ය සංඥාව ඇත්තේ, අනාත්ම සම්බන්‍ධ විශෙෂයෙන් දැනීම ඇතිවූයේ, නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධකරගත් හෙතෙම පස් වැදෑරුම් ඔරම්භාගිය සංයෝජනයන්ගේ ක්‍ෂවීමෙන් සසංස්කාර පරිනිබ්බායී වේද, මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්‍යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්‍ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.

(7). ’’නැවතද මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සියලු සංස්කාරයන්හි අනිත්‍යය දක්නේ, අනිත්‍ය සංඥාව ඇත්තේ, අනාත්ම සම්බන්‍ධ විශෙෂයෙන් දැනීම ඇතිවූයේ, නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධකරගත් හෙතෙම පස් වැදෑරුම් ඔරම්භාගිය සංයෝජනයන්ගේ ක්‍ෂවීමෙන් අකනිට්ඨගාමී උද්‍ධංසොත නම් වූයේද, මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්‍යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්‍ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය. මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්‍යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්‍ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.

DIVIDER SL Elephant

§ 07.02.09. නිබ්බාණසුඛානුපස්සි සූත්‍රය

’මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.
පාහුනෙය්‍යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.)
දක්ඛිනෙය්‍ය (දක්‍ෂිණාවට සුදුසුසෝය.)
ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.
’’කවර සත් දෙනෙක්ද යත්?

(1). මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධකරගත් සියලු සංස්කාරයන්හි නිවන් සැප දකිමින් වාසය කරයි. මහණෙනි, මෙහි ඇතැම් පුද්ගලයෙක් කුශල ධර්මයන්හි මතුවීමෙන් යුතු ශ්‍රද්‍ධාව යහපත් වේද, පාපයට ලජ්ජාව යහපත් වේද, පාපයට බිය යහපත් වේද, වීර්‍ය්‍යය යහපත් වේද, කුසල ධර්මයන්හි ප්‍රඥාව යහපත් වේද, ඔහුගේ ඒ ශ්‍රද්‍ධාව නොසිටියි. නොවැඩෙයි. පිරිහේමය. ඔහුගේ ඒ හිරිය, ඔත්තප්පය, වීර්‍ය්‍යය, ප්‍රඥාව (යන මේ ධර්මයෝ) නොසිටිත්. නොවැඩෙත්. පිරිහෙත්මය. හෙතෙම ආශ්‍රවයන්ගේ ක්‍ෂය කිරීමෙන් අනාශ්‍රවවූයේ, චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද මෙලෙව්හිදීම තෙමේ උසස් ඥානයෙන් ප්‍රත්‍යක්‍ෂකොට එයට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්‍යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්‍ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.

(2). ’’මහණෙනි, නැවතද ඇතැම් පුද්ගලයෙක් නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධ කරගත් සියලු සංස්කාරයන්හි නිවන් සැප සංඥා ඇත්තේ අනිත්‍යය විඳින්නේ අනිත්‍යය දකිමින් වාසය කරයි. ඔහුට පෙරපසු නොව එකවිටම ආශ්‍රවයන්ගේ නැතිවිමද, ජීවිතය නැතිවීමද (සිදුවෙයි.)මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්‍යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්‍ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.

(3). ’’නැවතද මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සියලු සංස්කාරයන්හි අනිත්‍යය දක්නේ, අනිත්‍ය සංඥාව ඇත්තේ, නිවන් සැප සම්බන්‍ධ විශෙෂයෙන් දැනීම ඇතිවූයේ, නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධකරගත් හෙතෙම පස් වැදෑරුම් ඔරම්භාගිය සංයෝජනයන්ගේ ක්‍ෂවීමෙන් අන්තරා පරිනිබ්බායීවේද, මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්‍යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්‍ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.

(4). ’’නැවතද මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සියලු සංස්කාරයන්හි අනිත්‍යය දක්නේ, අනිත්‍ය සංඥාව ඇත්තේ, නිවන් සැප සම්බන්‍ධ විශෙෂයෙන් දැනීම ඇතිවූයේ, නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධකරගත් හෙතෙම පස් වැදෑරුම් ඔරම්භාගිය සංයෝජනයන්ගේ ක්‍ෂවීමෙන් උපහච්ච පරිනිබ්බායී වේද, මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්‍යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්‍ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.

(5). ’’නැවතද මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සියලු සංස්කාරයන්හි අනිත්‍යය දක්නේ, අනිත්‍ය සංඥාව ඇත්තේ, නිවන් සැප සම්බන්‍ධ විශෙෂයෙන් දැනීම ඇතිවූයේ, නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධකරගත් හෙතෙම පස් වැදෑරුම් ඔරම්භාගිය සංයෝජනයන්ගේ ක්‍ෂවීමෙන් අසංස්කාර පරිනිබ්බායී වේද, මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්‍යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්‍ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.

(6). ’’නැවතද මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සියලු සංස්කාරයන්හි අනිත්‍යය දක්නේ, අනිත්‍ය සංඥාව ඇත්තේ, නිවන් සැප සම්බන්‍ධ විශෙෂයෙන් දැනීම ඇතිවූයේ, නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධකරගත් හෙතෙම පස් වැදෑරුම් ඔරම්භාගිය සංයෝජනයන්ගේ ක්‍ෂවීමෙන් සසංස්කාර පරිනිබ්බායී වේද, මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්‍යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්‍ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.

(7). ’’නැවතද මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සියලු සංස්කාරයන්හි අනිත්‍යය දක්නේ, අනිත්‍ය සංඥාව ඇත්තේ, නිවන් සැප සම්බන්‍ධ විශෙෂයෙන් දැනීම ඇතිවූයේ, නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධකරගත් හෙතෙම පස් වැදෑරුම් ඔරම්භාගිය සංයෝජනයන්ගේ ක්‍ෂවීමෙන් අකනිට්ඨගාමී උද්‍ධංසොත නම් වූයේද, මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්‍යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්‍ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය. මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්‍යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්‍ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.

DIVIDER SL Elephant

§ 07.02.10. නිදස්සවත්‍ථු සූත්‍රය

’’මහණෙනි, මේ නිර්දෝෂ වස්තූහු සතක් වෙති.
’’කවර සතක්ද යත්?

මහණෙනි,
(1) මේ ශාසනයෙහි භික්‍ෂුව ශික්‍ෂා සමාදානයෙහි දැඩි ආශාව ඇත්තේ වේද,
(2).මත්තෙහිද ශික්‍ෂා සමාදානයෙහි නොහළ පෙම් ඇත්තේ ධර්මය පිළිබඳ ඇල්මෙහි දැඩි ආශාව ඇත්තේ වේද,
(3).මත්තෙහිද ධර්මය පිළිබඳ ඇල්මෙහි නොහළ පෙම් ඇත්තේ ආශාව හික්මවීමෙහි දැඩි ආශාව ඇත්තේ වේද,
(4).මත්තෙහිද ආශාව හික්මවීමෙහි නොහළ පෙම් ඇත්තේ විවේකයෙහි දැඩි ආශාව ඇත්තේ වේද,
(5).මත්තෙහිද විවේකයෙහි නොහළ පෙම් ඇත්තේ වීර්‍ය්‍යාරම්භයෙහි දැඩි ආශාව ඇත්තේ වේද,
(6). වීර්‍ය්‍යාරම්භයෙහි නොහළ පෙම් ඇත්තේ ප්‍රඥා ස්මෘතියෙහි (සිහි නුවණෙහි) දැඩි ආශාව ඇත්තේ වේද,
(7).මත්තෙහිද ප්‍රඥා ස්මාතියෙහි නොහළ පෙම් ඇත්තේ සම්‍යක් දෘෂ්ටිය ප්‍රතිවේධ කිරීමෙහි දැඩි ආශාව ඇත්තේ වේද, මහණෙනි, මේ සප්ත නිර්දෝෂ වස්තූහු වෙත්.’’

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.