MN 02-01-05. ජීවක සූත්‍රය

Gangaramaya – respected Buddhist temple in colombo, Sri Lanka
පුජනීය උඩුදුම්බර කාශ්‍යප මහා ස්වාමින්වහන්සේ කල සුත්‍ර විවරණය


§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර (කුමාරයෙකු විසින් පොෂණය කරන ලද හෙයින්) කෝමාරභච්ච නම්වූ ජීවකයන්ගේ අඹ උයනෙහි කරවන ලද විහාරයෙහි වැඩ වාසය කරති.

§ 2.එකල්හි  ජීවක කොමාරභච්ච  භාග්‍යවතුන් වහන්සේ වෙත  පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක සිට  භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.

§ 3. “ස්වාමීනි, මා විසින් මෙය අසනලදී.
‘ශ්‍රමණ ගෞතමයන්ගේ ආහාරය උදෙසා මිනිසුන් සතුන් මරත්,
ශ්‍රමණ භවත් ගෞතමයන්ද උන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාද එම සතුන් තමනට ආහාරය පිණිස මරණ ලද බව දැන දැනම 
තමන් පිණිස පිළියෙළ කරනලද ඒ මාංස ආහාරය වළඳන්නේය’ යනුයි.

“ස්වාමීනි, එසේ කියන මිනිසුන් ඇත්තක් කියන්නේද?
නොඑසේ නම් ඔබ වහන්සේට ගරහන්නට සාදාගත් වාදයක් ගෙන හැර දක්වනාහුදැ”යි (ඇසීය)

§ 4. “ජීවකය, යමෙක් එසේ කියන්නේනම්  ඒ මා දේශනා කල ධර්මය වටහාගෙන කියන්නාක් නොවේ.  ඔවුහු මට බොරුවකින් දොස් කියන්නාහුද වෙත්.

§ 5. ජීවකය,    මාංසය පරිභොග නොකට යුතු අවස්ථා තුනක් මම දක්වා ඇත.  573

  • තමනට පෙනී පෙනීම සතෙක් මස් පිණිස  මරන්නේද
  • මරන්නාවූ  සතා කෑ  ගසනු අසන්නට ලැබෙන්නේද
  • තමන්ගේ ආහාරයට දානය සකස්කරන්නට මස් පිනිස සතකු මැරවී යැයි තම සිතෙහි සැකයක් වේද, 

යන අවස්ථා තුනයි.

ජීවකය, මේ අවස්ථා තුනෙහි දී  මාංස පරිභොගය නොකට යුතුයයි මා කියා ඇත.

ජීවකය, මේ ආකාර තුනින් ලැබූ මාංසය පරිභොග කිරීමේ වරදක් නැතැයි කියමි.

  • සතකු ආහාර පිණිස මරනු නොදුටුවේ නම් , 
  • සතකු මරද්දී මොර ගසනු නොඇසුනේ නම් ,
  • තමන්ගේ දානය පිණිසම සතකු මරණ ලද්දේ යයි සැකයක් නොවේ නම්,

යන අවස්ථා  තුනයි.
ජීවකය,මේ අවස්ථා තුනින් ලැබෙන මාංසය වැළඳිමට අවසර ඇති ය”යි කියමි.

[574 මාංශ අනුභවය ගැන භාග්‍යවතුන් වහන්සේ පැනවූ විනය නීති මෙසේ මේ සුත්‍රයේ පැහැදිලි වේ. මේ අනුව භික්ෂුන් නිර්මාංස  ආහාරයෙන් යැපිය යුතු යැයි  නීතියක් පනවා නැත. තමන්ගේ ආහාරය පිණිස සතකු මරා ඇත්නම් පමණක් ඒ මාංසය නොපිලිගන්නට ත් අනෙක් අවස්තාවලදී තිකෝටි පාරිශුද්ධ මාංසය (තුන් ආකාරයකින් පිරිසිදු) පිළිගන්නා ලෙසත් මින් කියැවේ . කෙසේවුවත් තම ආහාරය පිණිස සතුන් මරන්නට ගිහියන්ට නොකැපය. පළමුවැනි පන් \සිල් පදය ම එය වලක්වා ඇත.]

§ 6. “ජීවකය, මේ ශාසනයෙහි භික්ෂුව සිය යැපීම පිණිස  එක් ගමක් හෝ නියම් ගමක් හෝ ඇසුරුකොට වාසය කරයි. හෙතෙම සිය මෛත්‍රී සහගත සිතිවිලි  එක් දිශාවකට  පතුරුවා වාසය කරයි. එසේ දෙවන දිශාවය එසේ තුන්වන දිශාවය එසේ සතරවන දිශාවය, මෙසේ උඩ යට සරස සියල්ලෙහි සියළු දිසා වලට පතුරුවාවූ සියලු  තැන පතළාවූ  ලොකය මහත්වූ මහත් බවට පැමිණියාවූ, අප්‍රමාණවූ වෛර නැත්තාවූ ව්‍යාපාද නැත්තාවූ මෛත්‍රි රීසහගත සිතින් පතුරුවා වාසය කරයි.”

“ඒ භික්ෂුව වෙත ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ පැමිණ “සෙට දවස දනට වඩින්න” යැයි   ආරාධනා කරයි . ජීවකය, භික්ෂුව එම ආරාධනාව ඉවසා පසුදා පෙරවරු වේලෙහි හැඳ පොරවා පා සිවුරුගෙණ ඒ ගෘහපතියාගේ හෝ ගෘහපති පුත්‍රයාගේ හෝ ගෘහය වෙත  පැමිණෙයි. පැමිණ පනවන ලද ආසනයෙහි හිඳියි. ඒ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ ඔහු ප්‍රණීතවූ පිණ්ඩපාතයෙන් වළඳවයි.”

“එවිට භික්ෂුවට මෙබඳු සිතක් ඇති  වෙද?.
මේ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා ප්‍රණීතවූ පිණ්ඩපාතයෙන් මා  වළඳවයි. එය ඉතා යහපත. මේ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා මින් මතුද මෙබඳු ප්‍රණීතවූ පිණ්ඩපාතයෙන් මා වළඳවන්නේ නම් ඉතා යෙහෙකැයි’ කියායි
මෙබඳු සිතක් ඔහුට ඇති නොවෙයි.

භික්ෂුවක් දානය වළඳන්නේ  ආහාරයේ රසයට තෘෂ්ණාවෙන් බැදී නොවේ.. ඒ ආහාරය කෙරෙහි ආසාවකින් නොවේ. ආහාරයේ පිළිකුල් ස්වභාවය ප්‍රඥාවෙන් මෙනෙහි කරමින් මේ කය පවත්වාගන්නට අවශ්‍යය නිසා පමණක් මේ වලදීමි යන සඥාවෙන්ය .

ඉදින් ජීවකය මේ ගැන ඔබ කෙසේ සිතන්නේද?
මෙසේ ආහාරය ගන්නා භික්ෂුවක්  තමාට අනර්ථයක් පිණිස හෝ අන්‍යයෙකුට අනර්ථයක් වෙන්නට හැකි ලෙස එසේ ආහාර ගනීද?
නැත ස්වාමිනි , එසේ නොවෙමැයි.

“ජීවකය, ඒ භික්ෂුව වරදකින් තොරවූ ආහාරයක් නිවැරදිව සපයා ගත් ආහාරයකින් යැපුණේ නොවේද?”
“ස්වාමීනි, එසේය.”

ස්වාමීනි, බ්‍රහ්මයා මෛත්‍රී විහරණ ඇත්තෙක් යයි කියනු මා විසින් අසා තිබේ. ස්වාමීනි, ඔබ වහන්සේ මට පෙනෙන්නට වැඩ ඉන්නා මෛත්‍රියෙහි ප්‍රතිමුර්තිය මා විසින් ඇසින්ම දක්නාලදී. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වනාහී මෛත්‍රී විහරණ ඇත්තේය.”

“ජීවකය, අන් කෙනෙකු කෙරෙහි නොසතුටක්, අමනාපයක්, නුරුස්නා ගතියක් ඇති වීම බීජ වන්න වූ සියළු රාගය, දෝසය, මෝහය තථාගතයන් වහන්සේ විසින් මුලින්ම සිඳන ලද්දේ වෙයි.575 මස්තකය සිඳිනලද තල්ගසක් මෙන් කරන ලදී. නැවත ඇති නොවීම පිණිස සියල්ල කරන ලදී , මතු නූපදනා ස්වභාව ඇත්තේ වෙයි. ජීවකය, ඉදින් තා විසින් මේ සඳහා කියන ලද්දේ නම් එය අනුදනිමියි” වදාළේය.

[575: සතරවන ධ්‍යානයට සිත නංවා සිටිනා බ්‍රහ්මයන් ඒ ධ්‍යාන සමාපත්තිය නිසාම මෛත්‍රිය පතුරා ඉන්නේය කියා යම්ව්කුට කිව හැකිවුවත් භාග්‍යවතුන් වහන්සේ සිත සියලු දෝස මුලයන් සිදලද නිසා ධ්‍යාන සමාපත්තිකට sama වැදුනත් නැතත් සියළු සත්වයන් කෙරෙහි පතල මහා මෛත්‍රියෙන් යුක්ත බව මෙහි කියැවේ.]

“ස්වාමීනි, එසේය. මා විසින් ඒ සඳහාම කියනලදී.”

§ 7.  “ජීවකය, මේ ශාසනයෙහි භික්ෂුවක් යම් ගොදුරු ගමක් හෝ නියම් ගමක් හෝ ඇසුරුකොට වාසය කරයි. හෙතෙම සිය කරුණා සහගත සිතිවිලි  එක් දිශාවකට  පතුරුවා වාසය කරයි. එසේ දෙවන දිශාවය එසේ තුන්වනහෙතෙම කරුණා සහගතවූ සිත එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවන දිශාවද, එසේම තුන්වන දිශාවද, එසේම සතර වන දිශාවද, එසේ සතරවන දිශාවය, මෙසේ උඩ යට සරස සියල්ලෙහි සියළු දිසා වලට පතුරුවාවූ සියලු  තැන පතළාවූ  ලොකය මහත්වූ මහත් බවට පැමිණියාවූ, අප්‍රමාණවූ වෛර නැත්තාවූ ව්‍යාපාද නැත්තාවූ මෛත්‍රි රීසහගත සිතින් පතුරුවා වාසය කරයි.” ඉදින් ජීවකය මේ ගැන ඔබ කෙසේ සිතන්නේද?

“ඒ භික්ෂුව වෙත ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ පැමිණ “සෙට දවස දනට වඩින්න” යැයි   ආරාධනා කරයි . ජීවකය, භික්ෂුව එම ආරාධනාව ඉවසා පසුදා පෙරවරු වේලෙහි හැඳ පොරවා පා සිවුරුගෙණ ඒ ගෘහපතියාගේ හෝ ගෘහපති පුත්‍රයාගේ හෝ ගෘහය වෙත  පැමිණෙයි. පැමිණ පනවන ලද ආසනයෙහි හිඳියි. ඒ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ ඔහු ප්‍රණීතවූ පිණ්ඩපාතයෙන් වළඳවයි.”

“එවිට භික්ෂුවට මෙබඳු සිතක් ඇති  වෙද?.
මේ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා ප්‍රණීතවූ පිණ්ඩපාතයෙන් මා  වළඳවයි. එය ඉතා යහපත. මේ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා මින් මතුද මෙබඳු ප්‍රණීතවූ පිණ්ඩපාතයෙන් මා වළඳවන්නේ නම් ඉතා යෙහෙකැයි’ කියායි
මෙබඳු සිතක් ඔහුට ඇති නොවෙයි.

මෙසේ ආහාරය ගන්නා භික්ෂුවක්  තමාට අනර්ථයක් පිණිස හෝ අන්‍යයෙකුට අනර්ථයක් වෙන්නට හැකි ලෙස එසේ ආහාර ගනීද?
නැත ස්වාමිනි , එසේ නොවෙමැයි.

භික්ෂුවක් දානය වළඳන්නේ  ආහාරයේ රසයට තෘෂ්ණාවෙන් බැදී නොවේ.. ඒ ආහාරය කෙරෙහි ආසාවකින් නොවේ. ආහාරයේ පිළිකුල් ස්වභාවය ප්‍රඥාවෙන් මෙනෙහි කරමින් මේ කය පවත්වාගන්නට අවශ්‍යය නිසා පමණක් මේ වලදීමි යන සඥාවෙන්ය

ජීවකය, ඒ භික්ෂුව නිවැරදි වූ ආහාරයක් ගන්නේ නොවේද?”
“ස්වාමීනි, එසේය.”
ස්වාමීනි, බ්‍රහ්මයා කරුණා විහරණ ඇත්තෙක් යයි කියනු මා විසින් අසා තිබේ. ස්වාමීනි, ඔබ වහන්සේ මට පෙනෙන්නට වැඩ ඉන්නා කරුණා වෙහි ප්‍රතිමුර්තිය මා විසින් ඇසින්ම දක්නාලදී. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කරුණා විහරණ ඇත්තේය.”

“ජීවකය, අන් කෙනෙකු කෙරෙහි නොසතුටක්, අමනාපයක්, නුරුස්නා ගතියක් ඇති වීම බීජ වන්න වූ සියළු රාගය, දෝසය, මෝහය තථාගතයන් වහන්සේ විසින් මුලින්ම සිඳන ලද්දේ වෙයි. මස්තකය සිඳිනලද තල්ගසක් මෙන් කරන ලදී. නැවත ඇති නොවීම පිණිස සියල්ල කරන ලදී , මතු නූපදනා ස්වභාව ඇත්තේ වෙයි. ජීවකය, ඉදින් තා විසින් මේ සඳහා කියන ලද්දේ නම් එය අනුදනිමියි” වදාළේය.

“ස්වාමීනි, එසේය. මා විසින් ඒ සඳහාම කියනලදී.”

§  8 .  “ජීවකය, මේ ශාසනයෙහි භික්ෂුවක් යම් ගොදුරු ගමක් හෝ නියම් ගමක් හෝ ඇසුරුකොට වාසය කරයි. හෙතෙම සිය මුදිතා සහගත සිතිවිලි සහගත සිතිවිලි  එක් දිශාවකට  පතුරුවා වාසය කරයි. එසේ දෙවන දිශාවය එසේ තුන්වන දිශාවය එසේ සතරවන දිශාවය, මෙසේ උඩ යට සරස සියල්ලෙහි සියළු දිසා වලට පතුරුවාවූ සියලු  තැන පතළාවූ  ලොකය මහත්වූ මහත් බවට පැමිණියාවූ, අප්‍රමාණවූ මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කරයි.”

“ඒ භික්ෂුව වෙත ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ පැමිණ “සෙට දවස දනට වඩින්න” යැයි   ආරාධනා කරයි . ජීවකය, භික්ෂුව එම ආරාධනාව ඉවසා පසුදා පෙරවරු වේලෙහි හැඳ පොරවා පා සිවුරුගෙණ ඒ ගෘහපතියාගේ හෝ ගෘහපති පුත්‍රයාගේ හෝ ගෘහය වෙත  පැමිණෙයි. පැමිණ පනවන ලද ආසනයෙහි හිඳියි. ඒ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ ඔහු ප්‍රණීතවූ පිණ්ඩපාතයෙන් වළඳවයි.”

“එවිට භික්ෂුවට මෙබඳු සිතක් ඇති  වෙද?.
මේ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා ප්‍රණීතවූ පිණ්ඩපාතයෙන් මා  වළඳවයි. එය ඉතා යහපත. මේ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා මින් මතුද මෙබඳු ප්‍රණීතවූ පිණ්ඩපාතයෙන් මා වළඳවන්නේ නම් ඉතා යෙහෙකැයි’ කියායි
මෙබඳු සිතක් ඔහුට ඇති නොවෙයි.

………… ජීවකය, ඒ කුමකැයි හඟීන්නෙහිද? කිම ඒ මහණතෙම ඒ කාලයෙහි තමහට දුක් පිණිස හෝ සිතයිද? අනුන්ට දුක් පිණිස හෝ සිතයිද? දෙපසට දුක් පිණිස හෝ සිතයිද?”
“ස්වාමීනි මෙය නොවේමැ”යි,


“ජීවකය, ඒ මහණහු ඒ කාලයෙහි නිවැරදිවූ ආහාරය ගන්නේ නොවේද?
 “ස්වාමීනි, එසේය.

ස්වාමීනි, බ්‍රහ්මයා මුදිතා විහරණ ඇත්තෙක යන්න මා විසින් අසන ලදී. ස්වාමීනි ඒහේත් මේ කාරණය මා විසින් භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව ඇසින්ම දක්නා ලදී. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ සැබෑ මුදිතා විහරණ ඇත්තේය.”

“ජීවකය, යම් රාගයකින්, යම් දෝසයකින්, යම් මොහයකින් ව්‍යාපාද සිත් ඇත්තෙහි ද, තථාගතයන් වහන්සේගේ ඒ රාගය, ඒ ද්වෙෂය, ඒ මොහය නැතිවූයේ මුල් සිඳින ලද්දේ මුදුන සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දේය. නැවත නොවීම කරන ලද්දේ මතු නූපදනා ස්වභාව ඇත්තේ වෙයි. ජීවකය, ඉදින් තා විසින් ඒ සඳහා කියන ලද්දේ නම්, තට එය අනුදනිමි.”

“ජීවකය, අන් කෙනෙකු කෙරෙහි නොසතුටක්, අමනාපයක්, නුරුස්නා ගතියක් ඇති වීම බීජ වන්න වූ සියළු රාගය, දෝසය, මෝහය තථාගතයන් වහන්සේ විසින් මුලින්ම සිඳන ලද්දේ වෙයි. මස්තකය සිඳිනලද තල්ගසක් මෙන් කරන ලදී. නැවත ඇති නොවීම පිණිස සියල්ල කරන ලදී , මතු නූපදනා ස්වභාව ඇත්තේ වෙයි. ජීවකය, ඉදින් තා විසින් මේ සඳහා කියන ලද්දේ නම් එය අනුදනිමියි” වදාළේය.

  ස්වාමීනි, බ්‍රහ්මයා කරුණා විහරණ ඇත්තෙක යන මෙය මා විසින් අසා ඇත. ස්වාමීනි, ඒ මේ කාරණය, මා විසින් භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව ඇසින්ම දක්නා ලදී. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වනාහි කරුණා විහරණ ඇත්තේය.”

“ජීවකය, යම් රාගයකින්, යම් දෝසයකින්, යම් මොහයකින් ව්‍යාපාද සිත් ඇත්තෙහි ද, තථාගතයන් වහන්සේගේ ඒ රාගය, ඒ ද්වෙෂය, ඒ මොහය නැතිවූයේ මුල් සිඳින ලද්දේ මුදුන සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දේය. නැවත නොවීම කරන ලද්දේ මතු නූපදනා ස්වභාව ඇත්තේ වෙයි. ජීවකය, ඉදින් තා විසින් ඒ සඳහා කියන ලද්දේ නම්, තට එය අනුදනිමි.”
“ස්වාමීනි, මා විසින් ඒ සඳහාම කියන ලදී.”


§  9 . “ජීවකය, මේ ශාසනයෙහි මහණකු යම් ගොදුරු ගමක් හෝ නියම් ගමක් හෝ ඇසුරු කොට වාසය කරයි. හෙතෙම උපෙක්ෂා සහගතවූ සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවන දිශාවද එසේම තුන්වන දිශාවද එසේම සතරවන දිශාවද මෙසේ උඩ යට සරස සියල්ලෙහි සියළු තැන පතලා වූ සියල්ලෙන් යුක්තවූ ලොකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ ක්‍රොධ නැත්තාවූ උපෙක්ෂා සහගතවූ සිතින් පතුරුවා වාසය කරයි.

ඔහු වෙත ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ පැමිණ සෙට දවස පිණිස බතින් පවරයි. ජීවකය, කැමතිවන්නාවූම මහණ තෙම ඉවසයි. හෙතෙම ඒ රාත්‍රිය ඇවෑමෙන් පෙරවරු වේලෙහි හැඳ පොරවා පාසිවුරු ගෙන ඒ ගෘහපතියාගේ හෝ ගෘහපති පුත්‍රයාගේ හෝ ගෙදර යම් තැනෙක්හිද එතැනට පැමිණෙයි. පැමිණ පනවනලද ආසනයෙහි වැඩ හිඳියි. ඒ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ ඔහු ප්‍රණීතවූ පිණ්ඩපාතයෙන් වළඳවයි. ඔහුට මෙබඳු සිතක් නොවෙයි. මේ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ ප්‍රණීතවූ පිණ්ඩපාතයෙන් මා වළඳවයි. එය යහපත. මට මේ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ මත්තෙහිත් මෙබඳු ප්‍රණීතවූ පිණ්ඩපාතය වළඳවන්නේ නම් ඉතා යෙහෙකැයි මෙබඳු සිතක්ද ඔහුට නොවෙයි.

හෙතෙම ඒ පිණ්ඩපාතය, තෘෂ්ණාවෙන් නොඇලුනේ මුසපත් නොවූයේ එහි නොගැලුනේ දොස් දක්නා සුළුවූයේ නිශ්ශරණ ප්‍රඥාව ඇත්තේ මේ ශරීරයේ පැවැත්ම සඳහා මේ ආහාරය ගනිමි ය යන ප්‍රත්‍යාවෙක්ෂයෙන් වළඳයි. ජීවකය, ඒ කුමකැයි හඟින්නෙහිද? කිම ඒ මහණ තෙම ඒ කාලයෙහි තමහට දුක් පිණිස හෝ සිතයිද? අන්‍යයන් හට දුක් පිණිස හෝ සිතයිද? දෙපසටම දුක් පිණිස හෝ සිතයිද?”
“ස්වාමීනි, මෙය නොවේමැයි.”
“ජීවකය, ඒ මහණතෙම ඒ කාලයෙහි නිවැරදිවූම ආහාරය ගන්නේ නොවේද?”
“ස්වාමීනි, එසේය. ස්වාමීනි, බ්‍රහ්මයා උපෙක්ෂා විහරණ ඇත්තෙක යන මෙය මා විසින් අසන ලදී. ස්වාමීනි, ඒ මේ කරුණ මා විසින් භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව ඇසින්ම දක්නාලදී.”
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වනාහී උපෙක්ෂා විහරණ ඇත්තේය.”

§ 10   අන් කෙනෙකු කෙරෙහි නොසතුටක්, අමනාපයක්, නුරුස්නා ගතියක් ඇති වීම බීජ වන්න වූ සියළු රාගය, දෝසය, මෝහය තථාගතයන් වහන්සේ විසින් මුලින්ම සිඳන ලද්දේ වෙයි. මස්තකය සිඳිනලද තල්ගසක් මෙන් කරන ලදී. නැවත ඇති නොවීම පිණිස සියල්ල කරන ලදී , මතු නූපදනා ස්වභාව ඇත්තේ වෙයි. ජීවකය, ඉදින් තා විසින් මේ සඳහා කියන ලද්දේ නම් එය අනුදනිමියි” වදාළේය
“ස්වාමීනි මා විසින් ඒ සඳහාම කියනලදී.”

§ 11 . “ජීවකය, යමෙක් තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙකු හෝ උදෙසා සතෙකු මරාද, හෙතෙම කරුණු පසකින් බොහෝ පව් රැස්කරයි.

(i) හෙතෙමේ ‘යව් අසවල් සතා ගෙනෙව්’ යන යම් වචනයක් කියයිද, මේ පළමුවන කාරණයෙන් බොහෝ පව් රැස්කරයි.
(ii) ඒ සතා බෙල්ලෙන් බැඳ ගෙනෙනු ලබන්නේ යම් දුකක් දොම්නසක් විඳියිද, මේ දෙවෙනි කරුණෙන්ද බොහෝ පව් රැස් කරයි.
(iii) හෙතෙම ‘යව්, මේ සතා මරව්’ යන යම් වචනයක් කියයිද, මේ තුන්වන කරුණෙන්ද බොහෝ පව් රැස් කරයි.
(iv) ඒ සතා මරණු ලබන විට ඒ සතා යම් දුකක් දොම්නසක් විඳියිද, මේ සතරවන කරුණෙන් බොහෝ පව් රැස්කරයි.
(v) යම් හෙයකිනුත් හෙතෙම තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙකු හෝ නොකැපවූ දෙයින් වළඳවාද මේ පස්වන කරුණෙන් බොහෝ පව් රැස් කරයි.

ජීවකය, යමෙක් වනාහි තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙකු හෝ උදෙසා සතෙකු මරාද, හෙතෙම මේ කරුණු පසින් බොහෝ පව් රැස් කෙරේයයි” වදාළහ.

§ 12 . මෙසේ වදාළ කල්හි ජීවක නම් කොමාර භච්චයන් භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.
“ස්වාමීනි, ආශ්චර්‍ය්‍යයකි, ස්වාමීනි, නුවූ විරූ දෙයක්ය. ස්වාමීනි, භික්ෂූහු ඒකාන්තයෙන් කැපවූ ආහාරයක්ම වළඳත්. ස්වාමීනි, භික්ෂූහු එකාන්තයෙන් නිවැරදිවූ ආහාරයම වළඳත්. ස්වාමීනි, ඉතා යහපත, ස්වාමීනි ඉතා යහපත ස්වාමීනි යටිකුරු කරන ලද්දක් යම්සේ උඩුකුරු කරන්නේද වැසුමක් එලිදරව් කරන්නේද, මුළාවූවෙකුට මග කියන්නේද ඇස් ඇත්තෝ රූප දකිත්වායි, අඳුරෙහි තෙල් පහනක් දරන්නේද එලෙසින්ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය දෙශනා කරනලද්දේය.”

ස්වාමීනි, ඒ මම භාග්‍යවතුන් වහන්සේ සරණ කොට යමි. ධර්මයද භික්ෂු සංඝයාද (සරණකොටයමි) භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවිහිම් කොට සරණගියාවූ උපාසකයෙකැයි මා දරණසේක්වායි” කීයේය576 .

[576:- මෙය පැටලිලි සහිත චේදයකි. ජීවක වෛද්‍යවරයා මීට පෙර සෝවාන්වී සිටි උපාසකයෙක් නිසා මේ අවස්ථාවේ මෙසේ “මා ඔබවහන්සේගේ ශ්‍රාවකයෙකු සේ පිළිගන්න”යයි කීම සැක සහිතය. ]

පස්වෙනිවූ ජීවක සූත්‍රය නිමි (1-5)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.