MN-01 -04-10- චූල අස්සපුර සූත්‍රය

monks-22

අසන්න  සුත්‍රාන්ත දේශනාව පුජ්‍යය කොට්ටාවේ සුමන මහා ස්වාමින්වහන්සේ



§ 1. මා විසින් මෙසේ අසනලදී.
එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ අඟු ජනපද වාසීන්ගේ අස්සපුර නම් නියම් ගමෙහි වැඩ වාසය කරති. එ කල්හි දිනක්  භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි භික්ෂූන්ට කථා කළහ. “ස්වාමීනි”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.

§ 2.“මහණෙනි, මිනිසුන්  නුඹලා   “ශ්‍රමණයෝය, ශ්‍රමණයෝ” යයි හඳුන්වයි.
නුඹලා ද කවරකු විසින් හෝ “
නුඹලා  කවරහුදැ?”යි විචාරණ ලද්දාහු, “අපි ශ්‍රමණයෝ වෙමු”යි පිළිතුරු දෙන්නාහුය..
මහණෙනි, මෙසේ හඳුන්ව
නු ලබන්නාවූ, මෙසේ ප්‍රතිඥා කරන්නාවූ  නුඹලා  “ශ්‍රමණයන්ට සුදුසුවූ  ප්‍රතිපදාව”  (ශ්‍රමණ සාමිචි පටිපදා) පිළිපැදීය  යුතුය.,

Ҩ නුඹලා ඒ ප්‍රතිපත්තිය පිළිපදින්නේ නම් මෙසේ නුඹලාගේ ඒ ශ්‍රමණ නම්න්  හැඳින්වීමද සත්‍යවන්නේය, නු ඹලා තමන් ශ්‍රමණයන් යැයි දෙන  ප්‍රතිඥාවද ඇත්තක් වන්නේය.
Ҩ මිනිස්සු ශ්‍රද්ධාවෙන් පිළිගන්වන  සිව්රු. පිණ්ඩපාතය. සෙනාසනය, ගිලන්පසය, බෙහෙත් පිරිකරය යන දානයන් පිළිගන්නට ඔබ සුදුස්සන් වන්නේය. ඒ පිළිගන්නා දානයන් නිසා දායකයන් ට ලැබෙන ඵල  , මහත්ඵල වන්නාහුය. මහා ආනිසංස වන්නාහුය,
Ҩ. නුඹලාගේ ද,  මහණකම නිරර්ථක නොවන්නේය, ඵල සහිත වන්නේය, අධාත්මික දියුණුව සිදු වන්නේය “යි.

මහණෙනි, මෙසේ  නුඹලා  විසින් හික්මිය යුතුයි.

§ 3. “මහණෙනි, කෙබඳු   මහණකු   ශ්‍රමණ සාමීචි ප්‍රතිපදාව පිළිපදින්නෙක්  නොවෙයිද, [පෙර දැක්වූ මහා අස්සපුර සුත්‍රයේදී ශ්‍රමණ භාවය ඇති කරවන ධර්මයන් ගැන එනම් සමන කාරණා සඳහන් වුනි.]

  • අභිජ්ජාව (එනම් අනුන්ගේ සම්පත් දැක ඒ ලෙස මටත් ඇත්නම් මැනවයි සිතීමබහුලවූ යම් මහණෙකුගේ ඒ අභිජ්ජාව  නැති නොවූයේ වේද,
  • ව්‍යාපාද සිත් (නොසන්සුන් = ආතතියෙන් යුත්සිත්) ඇත්තහුගේ ඒ ව්‍යාපාදය, නැති නොවූයේ වේද,
  • අමනාප සහ තරහ සිත් ඇති  (කිපෙන සුළු) පුද්ගලයාගේ ඒ අසන්තොසය  නැති නොවූයේ වේද,
  • බද්ධ වෛර (= එකට එක කිරීමේ / පලි ගැනීමේ කැමැත්ත) ඇත්තහුගේ ඒ බද්ධ වෛරය, නැති නූවූයේ වේද,
  • ගුණ මකු ඇත්තහුගේ ඒ මකු ගුණය, නැති නූවූයේ වේද,
  • යුගග්‍රාහ (ගුණ නැතිව සිටිමින් උසස් ගුණවතුන් හා තමා සමානයයි සැලකීම) ඇත්තහුගේ ඒ යුගග්‍රාහය, නැති නූවූයේ වේද,
  • ඊර්ෂ්‍යාව ඇත්තහුගේ ඒ ඊර්ෂ්‍යාව (=අනුනට ලැබෙන කීර්තිය, යසස, පැසසුම, පිරිකර දැක) නැති නූවූයේ වේද,
  • මාත්සර්‍ය්‍යය (මසුරුකම= තමන්ගේ දේ අනුනට දීමට ඇති අකමැත්ත ) ඇත්තහුගේ මාත්සර්‍ය්‍යය නැති නූවූයේ වේද,
  • කෛරාටික වූවහුගේ ඒ කෛරාටික බව නැති නුවූයේ වේද,
  • රැවටිලි ඇත්තහුගේ ඒ රැවටිල්ල (නැති ගුණ පෙන්වා මිනිසුන් රැවටීම) නැති නුවූයේ වේද,
  • ලාමක අදහස් ඇත්තහුගේ ඒ ලාමක අදහස් නැති නුවූයේ වේද,
  • මිථ්‍යාදෘෂ්ටි ඇත්තහුගේ ඒ මිථ්‍යාදෘෂ්ටිය නැති නුවූයේ වේද,

මහණෙනි,  ශ්‍රමණ බව කිලිටි කරන, ශ්‍රමණ බවට  මලයන්වූ, ශ්‍රමණ භාවය දූෂ්‍ය කරන,  ශ්‍රමණබවට  දොෂයන්වූ,  ශ්‍රමණ භාවය අසාර කරන,  ශ්‍රමණභාවයට කසටයන්වූ, අපායෙහි ඉපැද්දවීමට  කරුණුවූ, දුගතියෙහි, විපාක විඳීමට සලසන්නාවූ, මේ දොෂයන් නැති නොකළ තැනැත්තා ශ්‍රමණ ප්‍රතිපදාවෙහි ඉන්නේ යැයි මම නොකියමි.

§ 4. මහණෙනි, යම්සේ දෙපස මුවහත් ඇති උරගල ගා පණපොවා මුවහත් තැබුවාවූ, මටජ නම් ආයුධ විශෙෂයක් වේද, එය කොපුවේ ලා වසන ලද්දේ වේද, මනාව වෙළන ලද්දේ වේද, මහණෙනි, මෙබඳු මහණහුගේ මහණකම එසේ කොපුවේ ලු  මටජ නම් දෙපැත්ත කැපෙන ආයුධයට සමාන යයි කියමි.

කෙසේ නම් ශ්‍රමණයෙක් නොවේද?

  1. මහණෙනි, රෙදි කෑලි මුට්ටුකොට සාදාගත්  සිවුරක් ඇඳි  පමණින් ශ්‍රමණයෙකු වේයයි මම නොකියමි.
  2. මහණෙනි, මම අචෙලකයාගේ (වස්ත්‍ර නොඅඳින්නාගේ) නිරවස්ත්‍රව සිටීම් පමණින් ශ්‍රමණ වේයයි මම නොකියමි.
  3. “මහණෙනි, දිය නොනෑමේ සීලය පුරමින්  දූවිලි දැලි දරන්නහුගේ ඒ දූවිලි දැලි දැරීම් පමණින් ඔහු ශ්‍රමණයයි මම නොකියමි.
  4. මහණෙනි, (දවසට තුන් වරක් ව්‍රත පිණිස) දියට බසින්නහුගේ ඒ දියට බැසීම පමණින් ඔහු ශ්‍රමණයයි මම නොකියමි.
  5. මහණෙනි, ගසක් මුල හිඳින්නහුගේ ඒ ගසමුල හිඳීම් පමණින් ඔහු ශ්‍රමණයයි මම නොකියමි
  6. මහණෙනි, එළිමහනෙහි පමණක් ජීවත්වන සීලයක් සමාදන්ව  එළිමහනේ  සිටින්නහුගේ එළිමහනේ සිටීම් පමණින් ඔහු ශ්‍රමණය කුයි මම නොකියමි.
  7. මහණෙනි, වෘතයක් සමාදන්ව උඩුකුරුව සිටින්නහුගේ ඒ උඩුකුරුව සිටීම් පමණින් ඔහු ශ්‍රමණයයි මම නොකියමි.
  8. මහණෙනි, වාර භක්තිකයාගේ (උපවාස සීලයක් වෘතයක් සේ සමාදන්ව යම් සති ගණනකට වරක් හෝ මසකට වරක් බත් කන්නහුගේ) ඒ වාර භක්තමාත්‍රයෙන් ඔහුට ශ්‍රමණය කැයි මම නොකියමි.
  9. මහණෙනි, බොහෝ  මන්ත්‍ර කට පාඩම් කොට එසේ මන්ත්‍ර  හදාරන්නහුගේ ඒ මන්ත්‍ර, හැදෑරීම් පමණින් ඔහු ශ්‍රමණයයි මම නොකියමි.
  10. මහණෙනි ජටා දරන්නහුගේ ඒ ජටා දැරීම් පමණින් ඔහු ශ්‍රමණයයි මම නොකියමි.

Ascetiks-2

§ 5.1 .. “මහණෙනි, දැඩි අනිසි ලොභය (අභිජ්ජාව) පහ නොකළමුත්, (ඉවත ලන රෙදි කැබලි එක් කොට මසාගත් සිව්රක්) කැබලිති සිවුරු දරන්නාගේ ඒ කැබලිති සිවුරු දැරීම් නිසාම  පමණින්
අභිජ්ජාව නම්  ලොභය නැතිවන්නේ නම්,
ව්‍යාපාද සිත් ඇත්තාගේ ව්‍යාපාද සිත නැතිවන්නේ නම්,
ක්‍රොධ කරන්නාගේ ක්‍රොධය නැතිවන්නේ නම්,
බද්ධ වෛර ඇත්තහුගේ බද්ධ වෛරය නැතිවන්නේ නම්,
ගුණමකු බව ඇත්තහුගේ ගුණමකු බව නැතිවන්නේ නම්,
අනුන්ගේ දොස් සොයන ගති ඇත්තහුගේ, අනුන්ගේ දොස් සොයන ගතිය නැතිවන්නේ නම්,
ඊර්ෂ්‍යාව ඇත්තහුගේ ඊර්ෂ්‍යාව නැතිවන්නේ නම්,
මසුරු බව ඇත්තහුගේ මසුරු බව නැතිවන්නේ නම්,
කෛරාටික වූවහුගේ කෛරාටික බව නැතිවන්නේ නම්,
රැවටිලි ඇත්තහුගේ රැවටිලි ගතිය නැති වන්නේ නම්,
ලාමක අදහස් ඇත්තහුගේ ලාමක අදහස් නැතිවන්නේ නම්,
මිථ්‍යාදෘෂ්ටි ඇත්තහුගේ මිථ්‍යාදෘෂ්ටිය නැතිවන්නේ නම්,
ඔහු අඳුනන මිත්‍රයෝද නෑ සහ ලේ නෑයෝද ඔහු උපන් කෙනෙහිම කැබලි එක්කොට තැනු සිව්රක්
ඔහුට අන්දවන්නොය.. සිවුරු දැරීමෙහි සමාදන් කරවන්නාහුය.

(කෙසේද?) පින්වත!   මෙහි එව, නුඹ කැබලි සිවුරු දරන්නෙක් වෙව, කැබලි සිවුරු දරන්නා ගේ, අභිජ්ජාව හෙවත්  දැඩි ලොභය  පහවන්නේය. එහෙයින් නුඹ කැබලිති කඩින් කල සිව්රු දරන විට ,   නුඹගේ ව්‍යාපාද සිත පහවන්නේය. නුඹගේ ක්‍රොධ සිත පහවන්නේය.  නුඹගේ බද්ධවෛරය පහවන්නේය. නුඹගේ ගුණමකු බව පහවන්නේය.  නුඹගේ අනුන්ගේ දොස් සොයන ගතිය පහවන්නේය. ඊර්ෂ්‍යාව පහවන්නේය. නුඹගේ මසුරු බව පහවන්නේය. නුඹගේ කෛරාටික බව පහවන්නේය.  නුඹගේ රැවටිලි බව පහවන්නේය.  නුඹගේ ලාමක අදහස් පහවන්නේය. නුඹගේ මිථ්‍යා දෘෂ්ටිය පහවන්නේය. (කියායි.)

“මහණෙනි, යම් හේතුවකින් මේ ලොකයෙහි අභිජ්ජාව නම්  ලොභය ඇති, ව්‍යාපාද සිත් ඇත්තාවූ, ක්‍රොධ සිත් ඇත්තාවූ, බද්ධ වෛර ඇත්තාවූ, ගුණමකු බව ඇත්තාවූ, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාවූ, ඊර්ෂ්‍යාව කරන්නාවූ, මසුරුවූ, කෛරාටිකවූ, රැවටිලි සහිතවූ, ලාමක අදහස් ඇත්තාවූ, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාවූ, කැබැලි  සිවුරු දරන්නෙකු දකිම්ද, එහෙයින් මම කැබැලි  සිවුරු දරන්නෙකුගේ සඟළ සිවුර දැරීම් පමණින් ඔහු ශ්‍රමණයයි නොකියමි.

§ 5. 2.“මහණෙනි, දැඩි ලොභය බහුල කොට ඇති අචෙලකයාගේ (වස්ත්‍ර නැතිව තපස් කරන්නාගේ) ඒ අචෙලක බවෙන්ම අබ්ජිජ්ජා දැඩි ලොභය නැති වන්නේ නම්, ව්‍යාපාද සිත් ඇත්තාගේ ව්‍යාපාද සිත නැතිවන්නේ නම්, ක්‍රොධ කරන්නාගේ ක්‍රොධය නැතිවන්නේ නම්, බද්ධ වෛර ඇත්තහුගේ බද්ධ වෛරය නැතිවන්නේ නම්, ගුණමකු බව ඇත්තාගේ ගුණමකු බව නැතිවන්නේ නම්, අනුන්ගේ දොස් සොයන තැනැත්තාගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැතිවන්නේ නම්, ඊර්ෂ්‍යාව ඇත්තාගේ ඊර්ෂ්‍යාව නැතිවන්නේ නම්, මසුරු බව ඇත්තාගේ මසුරු බව නැතිවන්නේ නම්, කෛරාටික වූවහුගේ කෛරාටික බව නැතිවන්නේ නම්, රැවටිලි ඇත්තාගේ රැවටිලි ඇති බව නැතිවන්නේ නම්, ලාමක අදහස් ඇත්තාගේ ලාමක අදහස් නැතිවන්නේ නම්, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාගේ මිථ්‍යාදෘෂ්ටිය නැතිවන්නේ නම්, අඳුනන මිත්‍රයෝද නෑ සහ ලේ නෑයෝද ඔහු උපන් කෙණෙහිම අචෙලකයෙකු කරන්නාහුය.  අචෙලක බවෙහිම සමාදන් කරවන්නාහුය.

(කෙසේද?) යහපත් තැනැත්ත, මෙහි එව, නුඹ අචෙලකයෙක් වෙව. අචෙලක වූ විට නුඹගේ අභිජ්ජා නම්  දැඩි ලොභය නැතිවන්නේය. නුඹගේ ව්‍යාපාද සිත නැතිවන්නේය. නුඹගේ ක්‍රොධ සිත නැතිවන්නේය.  නුඹගේ බද්ධ වෛරය නැතිවන්නේය. නුඹගේ ගුණමකු බව නැතිවන්නේය. නුඹගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැතිවන්නේය. නුඹගේ ඊර්ෂ්‍යාව නැතිවන්නේය.  නුඹගේ මසුරු බව නැතිවන්නේය,  නුඹගේ කෛරාටික බව නැතිවන්නේය. නුඹගේ රැවටිලි බව නැතිවන්නේය. නුඹගේ ලාමක අදහස් නැතිවන්නේය.  නුඹගේ මිථ්‍යාදෘෂ්ටිය නැති වන්නේය (කියාය.)

“මහණෙනි, යම් හේතුවකින් මේ ලොකයෙහි අභිජ්ජා නම්දැ ඩි ලොභ ඇත්තාවූ, ව්‍යාපාද සිත් ඇත්තාවූ, ක්‍රොධ සිත් ඇත්තාවූ, බද්ධ වෛර ඇත්තාවූ, ගුණමකු බව ඇත්තාවූ අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාවූ ඊර්ෂ්‍යා කරන්නාවූ, මසුරුවූ, කෛරාටික වූ රැවටිලි සහිතවූ, ලාමක අදහස් ඇත්තාවූ, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාවූ අචෙලකයෙකු දකිම්ද, එහෙයින් අචෙලකයෙකු අචෙලක වත පිරූ පමණින් ශ්‍රමණයයි නොකියමි.

§ 5.3. “මහණෙනි, දැඩි ලොභය බහුල කොට ඇති දූවිලි දැලි දරන්නාගේ ඒ දූවිලි දැලි දැරීම් පමණින් දැඩි ලොභය නැති වන්නේ නම්, ව්‍යාපාද සිත් ඇත්තාගේ ව්‍යාපාද සිත නැති වන්නේ නම්, ක්‍රොධ කරන්නාගේ ක්‍රොධය නැතිවන්නේ නම්, බද්ධ වෛර ඇත්තාගේ බද්ධ වෛරය නැතිවන්නේ නම්, ගුණමකු බව ඇත්තාගේ ගුණමකු බව නැතිවන්නේ නම්, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැතිවන්නේ නම්, ඊර්ෂ්‍යාව ඇත්තාගේ ඊර්ෂ්‍යාව නැතිවන්නේ නම්, මසුරු බව ඇත්තාගේ මසුරු බව නැති වන්නේ නම්, කෛරාටික වූවහුගේ කෛරාටික බව නැති වන්නේ නම්, රැවටිලි ඇත්තාගේ රැවටිලි ගතිය නැතිවන්නේ නම්, ලාමක අදහස් ඇත්තාගේ ලාමක අදහස් නැතිවන්නේ නම්, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාගේ මිථ්‍යාදෘෂ්ටිය නැතිවන්නේ නම්, ඔහුගේ අඳුනන මිත්‍රයෝද නෑ සහලේ නෑයෝද ඔහු උපන් කෙණෙහිම දූවිලි දැලි දරන්නෙකු කරන්නාහුය. දූවිලි දැලි දරන බවෙහිම සමාදන් කරවන්නාහුය (කෙසේද?)

“පින්වත, මෙහි එව, නුඹ දූවිලි දැලි දරන්නෙක් වෙව.
දූවිලි දැලි දරන්නාවූම දැඩි ලෝභ බහුලවූ නුඹගේ දැඩි ලොභය නැති වන්නේය. ව්‍යාපාද සිත් ඇති නුඹගේ ව්‍යාපාද සිත නැති වන්නේය. ක්‍රොධ සිත් ඇති නුඹගේ ක්‍රොධ සිත නැති වන්නේය. බද්ධ වෛරය ඇති නුඹගේ බද්ධ වෛරය නැති වන්නේය. ගුණ මකු බව ඇති නුඹගේ ගුණමකු බව නැති වන්නේය. අනුන්ගේ දොස් සොයන ගති ඇති නුඹගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැති වන්නේය. ඊර්ෂ්‍යාව ඇති නුඹගේ ඊර්ෂ්‍යාව නැති වන්නේය. මසුරු බව ඇති නුඹගේ මසුරු බව නැති වන්නේය. කෛයිරාටික බව ඇති නුඹගේ කෛරාටික බව නැති වන්නේය. රැවටිලි ගති ඇති නුඹගේ රැවටිලි ගතිය නැති වන්නේය. ලාමක අදහස් ඇති නුඹගේ ලාමක අදහස් නැති වන්නේය. මිථ්‍යාදෘෂ්ටි ඇති නුඹගේ මිථ්‍යාදෘෂ්ටිය නැති වන්නේය’ (කියායි.)

“මහණෙනි, යම් හේතුවකින් මේ ලොකයෙහි අභිජ්ජානම්  දැඩි ලොභ ඇත්තාවූ, ව්‍යාපාද සිත් ඇත්තාවූ, ක්‍රොධ සිත් ඇත්තාවූ, බද්ධ වෛර ඇත්තාවූ, ගුණමකු බව ඇත්තාවූ, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාවූ, ඊර්ෂ්‍යා කරන්නාවූ, මසුරුවූ, කෛරාටිකවූ, රැවටිලි සහිතවූ, ලාමක අදහස් ඇත්තාවූ, මිථ්‍යා දෘෂ්ටි ඇත්තාවූ, දූවිලි දැලි දරන්නෙකු දකිම්ද, එහෙයින් දූවිලි දැලි දරන්නෙකුගේ ඒ දූවිලි දැලි දැරීම් පමණින් ඔහු ‘ශ්‍රමණ’ යයි නොකියමි.

§ 5. 4.“මහණෙනි, අභිජ්ජා නම්  දැඩි ලොභය බොහෝ සේ ඇති ව (ශුද්ධිය පිණිස) දියට බසින්නාගේ ඒ දියට බැසීම් පමණින් දැඩි ලොභය නැති වන්නේ නම්, ව්‍යාපාද සිත් ඇත්තාගේ ව්‍යාපාද සිත නැති වන්නේ නම්, ක්‍රොධ කරන්නාගේ ක්‍රොධ සිත නැති වන්නේනම්, බද්ධ වෛර ඇත්තාගේ බද්ධ වෛරය නැතිවන්නේ නම්, ගුණමකු බව ඇත්තාගේ ගුණමකු බව නැති වන්නේ නම්, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාගේ අනුන්ගේ දොස් සොයන ගති නැති වන්නේ නම්, ඊර්ෂ්‍යාව ඇත්තාගේ ඊර්ෂ්‍යාව නැති වන්නේ නම්, මසුරු බව ඇත්තාගේ මසුරු බව නැති වන්නේ නම්, කෛරාටික වූවහුගේ කෛරාටික බව නැති වන්නේ නම්, රැවටිලි ඇත්තාගේ රැවටිලි ගතිය නැති වන්නේ නම්, ලාමක අදහස් ඇත්තාගේ ලාමක අදහස් නැති වන්නේ නම්, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාගේ මිථ්‍යාදෘෂ්ටිය නැති වන්නේ නම්, ඔහුගේ අඳුනන මිත්‍රයෝද නෑ සහ ලේ නෑයෝද ඔහු උපන් කෙණෙහිම දියට බැසීමේ වත ඇත්තෙකු කරන්නාහුය. දියට බසින වතෙහිම සමාදන් කරවන්නාහුය. (කෙසේද?)

Ascetiks-3

“පින්වත!, මෙහි එව, නුඹ දියට බසින වත සමාදන් වේව!  ඒ වෘතය ඇත්තෙක් වෙව, දියට බසින වෘත  ඇත්තාවූ  නුඹගේ දැඩි ලොභය නැති වන්නේය.  නුඹගේ ව්‍යාපාද සිත නැති වන්නේය.  නුඹගේ ක්‍රොධය නැති වන්නේය.  නුඹගේ බද්ධ වෛරය නැති වන්නේය.  නුඹගේ ගුණමකු බව නැති වන්නේය.  නුඹගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැති වන්නේය. නුඹගේ ඊර්ෂ්‍යාව නැතිවන්නේය.  නුඹගේ මසුරු බව නැති වන්නේය.  නුඹගේ කෛරාටික බව නැති වන්නේය. නුඹගේ රැවටිලි ගතිය නැති වන්නේය. නුඹගේ ලාමක අදහස් නැති වන්නේය.  නුඹගේ මිථ්‍යාදෘෂ්ටිය නැති වන්නේය’ (කියාය.)

“මහණෙනි, යම් හේතුවකින් මේ ලොකයෙහි දැඩි ලොභ බහුලවූ, ව්‍යාපාද සිත් ඇත්තාවූ, ක්‍රොධ සිත් ඇත්තාවූ, බද්ධ වෛර ඇත්තාවූ, ගුණමකු බව ඇත්තාවූ, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාවූ, ඊර්ෂ්‍යා කරන්නාවූ, මසුරුවූ, කෛරාටිකවූ, රැවටිලි සහිතවූ, ලාමක අදහස් ඇත්තාවූ, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාවූ, (ශුද්ධිය පිණිස) දියට බසින වත ඇත්තෙකු දකිම්ද, එහෙයින් දියට බසින වත ඇත්තෙකුගේ දියට බසින වත ඇති පමණින් ඔහු ‘ශ්‍රමණ’යයි මම නොකියමි. 

10

§ 5. 5 .“මහණෙනි, අභිජ්ජා නම්දැඩි ලොභය ඇතිව රුක් මුල හිඳින්නාගේ ඒ රුක් මුල හිඳීම් පමණින් දැඩි ලොභය නැති වන්නේ නම්, ව්‍යාපාද සිත් ඇත්තාගේ ව්‍යාපාද සිත නැති වන්නේ නම්, ක්‍රොධ කරන්නාගේ ක්‍රොධය නැති වන්නේ නම් බද්ධවෛර ඇත්තාගේ බද්ධවෛරය නැති වන්නේ නම්, ඊර්ෂ්‍යාව ඇත්තාගේ ඊර්ෂ්‍යාව නැති වන්නේ නම්, මසුරුබව ඇත්තාගේ මසුරුබව නැතිවන්නේ නම්, කෛරාටික වූවහුගේ කෛරාටික බව නැති වන්නේ නම්, රැවටිලි ගතිය ඇත්තහුගේ රැවටිලි ගතිය නැති වන්නේ නම්, ලාමක අදහස් ඇත්තාගේ ලාමක අදහස් නැති වන්නේ නම්, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාගේ මිථ්‍යාදෘෂ්ටිය නැති වන්නේ නම්, ඔහුගේ අඳුනන මිත්‍රයෝද නෑ සහ ලේ නෑයෝද ඔහු උපන් කෙනෙහිම රුක් මුල හිඳීමේ වත ඇත්තෙකු කරන්නාහුය. රුක් මුල හිඳීමේ වතෙහිම සමාදන් කරවන්නාහුය.

(කෙසේද?) පින්වත!, මෙහි එව, නුඹ රුක් මුල හිඳීමේ වත පුරව.

රුක් මුල හිඳීමේ වත දරන්නාවූ  නුඹගේ දැඩි ලොභය, නැති වන්නේය.  නුඹගේ ව්‍යාපාද සිත නැති වන්නේය. “මහණෙනි, යම් හේතුවකින් දැඩි ලොභ බහුලවූ, ව්‍යාපාද සිත් ඇත්තාවූ, ක්‍රොධ සිත් ඇත්තාවූ, බද්ධ වෛර ඇත්තාවූ, අනුන්ගේ දොස් සොයන්නාවූ, ඊර්ෂ්‍යා කරන්නාවූ, මසුරුවූ, කෛරාටිකවූ, රැවටිලි සහිතවූ, ලාමක අදහස් ඇත්තාවූ, මිථ්‍යාදෘෂ්ටිවූ රුක්මුල හිඳින වත ඇත්තෙකු දකිම්ද, එහෙයින් රුක්මුල හිඳින වත ඇත්තෙකුගේ ඒ රුක්මුල හිඳීම් පමණින් ඔහු ‘ශ්‍රමණ’යයි නොකියමි.

taylor1842

§ 5. 6 .“මහණෙනි, අභිජ්ජා නම්දැඩි ලොභය ඇති එළිමහණෙහි සිටින්නාගේ ඒ අභ්‍යවකාශයෙහි සිටීම් පමණින් දැඩි ලොභය නැති වන්නේ නම්, ව්‍යාපාද සිත් ඇත්තාගේ ව්‍යාපාද සිත නැති වන්නේ නම්, ක්‍රොධ කරන්නාගේ ක්‍රොධය නැතිවන්නේ නම් බද්ධ වෛර ඇත්තාගේ බද්ධ වෛරය නැතිවන්නේ නම්, ගුණමකු බව ඇත්තාගේ ගුණමකු බව නැතිවන්නේ නම්, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැතිවන්නේ නම්, ඊර්ෂ්‍යාව ඇත්තාගේ ඊර්ෂ්‍යාව නැතිවන්නේ නම් කෛරාටික වූවහුගේ කෛරාටික බව නැතිවන්නේ නම් රැවටිලි ගතිය ඇත්තාගේ රැවටිලි ගතිය නැතිවන්නේ නම්, ලාමක අදහස් ඇත්තාගේ ලාමක අදහස් නැතිවන්නේ නම්, මිථ්‍යාදෘෂ්ටිය ඇත්තාගේ මිථ්‍යාදෘෂ්ටිය නැතිවන්නේ නම්, ඔහුගේ අඳුනන මිත්‍රයෝද නෑ සහලේ නෑයෝද ඔහු උපන් කෙනෙහිම එළිමහෙණහි සිටීමේ වත ඇත්තෙකු කරන්නාහුය. එළිමහනෙහි සිටීමේ වතෙහිම සමාදන් කරවන්නාහුය. (කෙසේද?)

‘යහපත් තැනැත්ත, මෙහි එව, නුඹ එළිමනෙහි සිටීමේ වත පුරව. එළිමහනෙහි සිටීමේ වත ඇත්තාවූ නුඹගේ දැඩි ලොභය නැති වන්නේය.  නුඹගේ ව්‍යාපාද සිත නැති වන්නේය. නුඹගේ ක්‍රොධය නැති වන්නේය. නුඹගේ බද්ධ වෛරය නැති වන්නේය. නුඹගේ ගුණමකු බව නැති වන්නේය.  නුඹගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැති වන්නේය. නුඹගේ ඊර්ෂ්‍යාව නැති වන්නේය. නුඹගේ මසුරු බව නැති වන්නේය. නුඹගේ කෛරාටික බව නැති වන්නේය. නුඹගේ රැවටිලි ගතිය නැති වන්නේය. නුඹගේ ලාමක අදහස් නැති වන්නේය.නුඹගේ මිථ්‍යා දෘෂ්ටිය නැති වන්නේය” (කියාය)

“මහණෙනි, යම් හේතුවකින් මේ ලොකයෙහි දැඩි ලොභ බහුලවූ, ව්‍යාපාද සිත් ඇත්තාවූ, ක්‍රොධ කරන්නාවූ, බද්ධ වෛර ඇත්තාවූ, ගුණ මකුවූ අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාවූ, ඊර්ෂ්‍යා කරන්නාවූ, මසුරුවූ, කෛරාටිකවූ රැවටිලි සහිතවූ, ලාමක අදහස් ඇත්තාවූ, මිථ්‍යා දෘෂ්ටි ඇත්තාවූ එළිමහනෙහි සිටීමේ වත ඇත්තෙකු දකිම්ද, එහෙයින් එළිමහනෙහි සිටීමේ වත ඇත්තෙකු ඒ එළිමහනෙහි සිටීමේ වත දැරූ පමණින් ඔහු ‘ශ්‍රමණ’යයි නොකියමි.

sufi3--330x220

§ 5. 7.“මහණෙනි, දැඩි ලොභය බහුලකොට ඇති, උඩුකුරුව සිටින්නාගේ ඒ උඩුකුරුව සිටීම් පමණින් දැඩි ලොභය නැති වන්නේනම්, ව්‍යාපාද සිත් ඇත්තාගේ ව්‍යාපාද සිත නැති වන්නේනම්, ක්‍රොධ කරන්නාගේ ක්‍රොධය නැති වන්නේනම්, බද්ධ වෛර ඇත්තාගේ බද්ධ වෛරය නැති වන්නේනම්, ගුණමකු වූවහුගේ ගුණමකු බව නැති වන්නේනම්, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැති වන්නේනම් ඊර්ෂ්‍යාව ඇත්තාගේ ඊර්ෂ්‍යාව නැති වන්නේනම්, මසුරු බව ඇත්තාගේ මසුරු බව නැති වන්නේ නම්, කෛරාටික වූවහුගේ කෛරාටික බව නැති වන්නේනම් රැවටිලි ගතිය ඇත්තාගේ රැවටිලි ගතිය නැති වන්නේනම්, ලාමක අදහස් ඇත්තාගේ ලාමක අදහස් නැති වන්නේ නම් මිථ්‍යාදෘෂ්ටි ඇත්තාගේ මිථ්‍යාදෘෂ්ටිය නැතිවන්නේ නම් ඔහුගේ අඳුනන මිත්‍රයෝද නෑ සහලේ නෑයෝද, ඔහු උපන් කෙනෙහිම උඩුකුරුව සිටීමේ වත ඇත්තෙකු කරන්නාහුය. උඩුකුරුව සිටීමෙහි සමාදන් කරවන්නාහුය. (කෙසේද?)

“පින්වත!, මෙහි එව, නුඹ උඩුකුරුව සිටින වත පුරව, උඩුකුරුව සිටින්නාවූ  නුඹගේ දැඩි ලොභය නැති වන්නේය. ව්‍යාපාද සිත නැති වන්නේය. ක්‍රොධය නැති වන්නේය. බද්ධ වෛරය නැතිවන්නේය, ගුණමකු බව නැති වන්නේය. නුඹගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැති වන්නේය. ඊර්ෂ්‍යාව නැති වන්නේය. මසුරු බව නැති වන්නේය. කෛරාටික බව නැති වන්නේය.නුඹගේ රැවටිලි ගතිය නැති වන්නේය. නුඹගේ ලාමක අදහස් නැති වන්නේය.නුඹගේ මිථ්‍යාදෘෂ්ටිය නැති වන්නේය’ (කියාය.)

“මහණෙනි, යම් හේතුවකින් මේ ලොකයෙහි අභිජ්ජා නම්දැ ඩි ලොභ ඇත්තාවූ, ව්‍යාපාද සිත් ඇත්තාවූ, ක්‍රොධ කරන්නාවූ, බද්ධ වෛර ඇත්තාවූ, ගුණමකු බව ඇත්තාවූ, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාවූ, ඊර්ෂ්‍යා කරන්නාවූ, මසුරුවූ, කෛරාටිකවූ, රැවටිලි සහිතවූ, ලාමක අදහස් ඇත්තාවූ, මිථ්‍යා දෘෂ්ටි ඇත්තාවූ උඩු කුරුව සිටීමේ වත ඇත්තෙකු දකිම්ද, එහෙයින් උඩුකුරුව සිටින්නෙකුගේ උඩු කුරුව සිටීම් පමණින් ඔහු ‘ශ්‍රමණ’යයි නොකියමි.

once-Eater

§ 5. 8.“මහණෙනි, දැඩි ලොභය  ඇතිමුත් නියමිත වාරයන්හි පමණක් ආහාර ගන්නා වත දරන්නාගේ ඒ වාර භත්තික වත දැරීම් පමණින් දැඩි ලොභය නැති වන්නේ නම්, ව්‍යාපාද සිත් ඇත්තාගේ ව්‍යාපාද සිත නැති වන්නේ නම්, ක්‍රොධ කරන්නාගේ ක්‍රොධය නැති වන්නේ නම්, බද්ධ වෛර ඇත්තාගේ බද්ධ වෛරය නැති වන්නේ නම්, ගුණමකු වූවහුගේ ගුණමකු බව නැති වන්නේ නම්, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැති වන්නේනම්, ඊර්ෂ්‍යාව ඇත්තාගේ ඊර්ෂ්‍යාව නැති වන්නේ නම්, මසුරු බව ඇත්තාගේ මසුරු බව නැති වන්නේ නම්, කෛරාටික වූවහුගේ කෛරාටික බව නැති වන්නේ නම්, රැවටිලි ගති ඇත්තාගේ රැවටිලි ගතිය නැති වන්නේ නම්, ලාමක අදහස් ඇත්තාගේ ලාමක අදහස් නැති වන්නේ නම්, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාගේ මිථ්‍යාදෘෂ්ටිය නැති වන්නේ නම්, ඔහුගේ අඳුනන මිත්‍රයෝද නෑ සහලේ නෑයෝද ඔහු උපන් කෙනෙහිම වාර භත්තික වත ඇත්තෙකු කරන්නාහුය. වාර භත්තික වතෙහිම සමාදන් කරවන්නාහුය. (කෙසේද?)

‘පින්වත!, එව, නුඹ වාර භත්තික වත පුරව, වාර භත්තික වත දරන්නාවූ  නුඹගේ දැඩි ලොභය නැති වන්නේය. නුඹගේ ව්‍යාපාද සිත නැති වන්නේය.  ක්‍රොධය නැති වන්නේය බද්ධ වෛරය නැති වන්නේය.  ගුණමකු බව නැති වන්නේය. අනුන්ගේ දොස් සොයන ගතිය නැති වන්නේය.  ඊර්ෂ්‍යාව නැති වන්නේය. මසුරු බව නැති වන්නේය. කෛරාටික බව නැති වන්නේය. රැවටිලි ගතිය නැති වන්නේය.  ලාමක අදහස් නැති වන්නේය. නුඹගේ මිථ්‍යාදෘෂ්ටිය නැති වන්නේය.’ (කියාය)

“මහණෙනි, යම් හේතුවකින් මේ ලොකයෙහි දැඩි ලොභ බහුලවූ, ව්‍යාපාද සිත් ඇත්තාවූ, ක්‍රොධ කරන්නාවූ, බද්ධ වෛර ඇත්තාවූ, ගුණමකු බව ඇත්තාවූ, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාවූ ඊර්ෂ්‍යා කරන්නාවූ, මසුරුවූ කෛරාටිකවූ, රැවටිලි සහිතවූ, ලාමක අදහස් ඇත්තාවූ, මිථ්‍යා දෘෂ්ටිවූ වාර භත්තික වත දරන්නෙකු දකිම්ද, එහෙයින් වාර භත්තික වත පුරන්නාගේ ඒ වාර භත්තික වත දැරීම් පමණින් ‘ශ්‍රමණ’යයි නොකියමි.’

Reciter

§ 5. 9.“මහණෙනි, අභිජ්ජා නම්දැඩි ලොභය  ඇතිවම,  මන්ත්‍ර හදාරන්නාගේ ඒ මන්ත්‍ර   හැදෑරීම් පමණින් දැඩි ලොභය නැති වන්නේ නම්, ව්‍යාපාද සිත් ඇත්තාගේ ව්‍යාපාද සිත නැති වන්නේ නම්, ක්‍රොධ කරන්නාගේ ක්‍රොධය නැති වන්නේ නම් බද්ධ වෛර ඇත්තාගේ බද්ධ වෛරය නැති වන්නේ නම් ගුණමකු බව ඇත්තාගේ ගුණමකු බව නැති වන්නේ නම්, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැති වන්නේ නම්, ඊර්ෂ්‍යාව ඇත්තාගේ ඊර්ෂ්‍යාව නැති වන්නේ නම්, මසුරු බව ඇත්තාගේ මසුරු බව නැති වන්නේ නම්, කෛරාටික වූවහුගේ කෛරාටික ගතිය නැති වන්නේ නම්, රැවටිලි ගති ඇත්තාගේ රැවටිලි ගතිය නැති වන්නේ නම්, ලාමක අදහස් ඇත්තාගේ ලාමක අදහස් නැති වන්නේ නම්, මිථ්‍යාදෘෂ්ටිය ඇත්තාගේ මිථ්‍යාදෘෂ්ටිය නැති වන්නේ නම්, ඔහුගේ අඳුනන මිත්‍රයෝද නෑ සහලේ නෑයෝද ඔහු උපන් කෙනෙහිම මන්ත්‍ර ඉගෙන ගන්නෙකු කරන්නාහුය. මන්ත්‍ර ඉගෙණීමෙහිම සමාදන් කරවන්නාහුය. (කෙසේද?)

‘පින්වත!, මෙහි එව නුඹ මන්ත්‍ර හදාරව, මන්ත්‍ර හදාරන්නාවූ නුඹගේ දැඩි ලොභය නැති වන්නේය. නුඹගේ ව්‍යාපාද සිත නැති වන්නේය. නුඹගේ ක්‍රොධය නැති වන්නේය. නුඹගේ බද්ධ වෛරය නැති වන්නේය. නුඹගේ ගුණමකු බව නැති වන්නේය.  නුඹගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැතිවන්නේය. නුඹගේ ඊර්ෂ්‍යාව නැති වන්නේය. නුඹගේ මසුරු බව නැති වන්නේය. නුඹගේ කෛරාටික බව නැති වන්නේය. නුඹගේ රැවටිලි ගතිය පහවන්නේය.  නුඹගේ ලාමක අදහස් නැති වන්නේය.  නුඹගේ මිථ්‍යාදෘෂ්ටිය නැති වන්නේය’ (කියාය)

“මහණෙනි, යම් හේතුවකින් මේ ලොකයෙහි දැඩි ලොභ බහුලවූ, ව්‍යාපාද සිත් ඇත්තාවූ, ක්‍රොධ කරන්නාවූ, බද්ධ වෛර ඇත්තාවූ, ගුණමකු බව ඇත්තාවූ, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාවූ, ඊර්ෂ්‍යා කරන්නාවූ මසුරුවූ, කෛරාටිකවූ, රැවටිලි සහිතවූ, ලාමක අදහස් ඇත්තාවූ, මිථ්‍යාදෘෂ්ටි වූ මන්ත්‍ර හදාරන්නෙකු දකිම්ද, එහෙයින් මන්ත්‍ර හදාරන්නෙකුගේ ඒ මන්ත්‍ර හැදෑරීම් පමණින් ඔහු ‘ශ්‍රමණ’යයි නොකියමි.

§ 5. 10. “මහණෙනි, අභිජ්ජා නම්දැ ඩි ලොභය ඇති ජටා දරන්නාගේ (ජටිලයාගේ) ඒ ජටා දැරීම් පමණින් දැඩි ලොභය නැතිවන්නේ නම්, ව්‍යාපාද සිත් ඇත්තාගේ ව්‍යාපාද සිත නැති වන්නේ නම් ක්‍රොධ කරන්නාගේ ක්‍රොධය නැති වන්නේ නම්, ගුණමකු වූවහුගේ ගුණමකුබව නැති වන්නේනම්, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැති වන්නේනම්, ඊර්ෂ්‍යා කරන්නහුගේ ඊර්ෂ්‍යාව නැති වන්නේනම්, මසුරු බව ඇත්තාගේ මසුරු බව නැති වන්නේ නම්, කෛරාටික වූවහුගේ කෛරාටික බව නැති වන්නේ නම් රැවටිලි ගති ඇත්තාගේ රැවටිලි ගති නැති වන්නේ නම්, ලාමක අදහස් ඇත්තාගේ ලාමක අදහස් නැති වන්නේ නම්, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාගේ මිථ්‍යාදෘෂ්ටිය නැති වන්නේ නම්, ඔහුගේ අඳුනන මිත්‍රයෝද නෑ සහ ලේ නෑයෝද ඔහු උපන් කෙණෙහිම ජටා දරන වත ඇත්තෙකු කරන්නාහුය. ජටා දරන වතෙහිම සමාදන් කරවන්නාහුය. (කෙසේද?)

Turban

“පින්වත!  මෙහි එව, නුඹ ජටා දරන්නෙක් වෙව. ජටා දරන්නාවූම ලොභ බහුලවූ නුඹගේ දැඩි ලොභය නැතිවන්නේය. ව්‍යාපාද සිත් ඇති නුඹගේ ව්‍යාපාද සිත නැති වන්නේය. ක්‍රොධ සිත් ඇති නුඹගේ ක්‍රොධය නැති වන්නේය. බද්ධ වෛර ඇති නුඹගේ බද්ධ වෛරය නැති වන්නේය. ගුණමකුවූ නුඹගේ ගුණමකු බව නැති වන්නේය අනුන්ගේ දොස් සොයන ගති ඇති නුඹගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැති වන්නේය. ඊර්ෂ්‍යාව ඇති නුඹගේ ඊර්ෂ්‍යාව නැති වන්නේය. මසුරුවූ නුඹගේ මසුරු බව නැති වන්නේය. කෛරාටිකවූ නුඹගේ කෛරාටික බව නැති වන්නේය. රැවටිලි ගති ඇති නුඹගේ රැවටිලි ගතිය නැති වන්නේය. මිථ්‍යාදෘෂ්ටිය ඇති නුඹගේ මිථ්‍යාදෘෂ්ටිය නැති වන්නේය. ලාමක අදහස් ඇති නුඹගේ ලාමක අදහස් නැති වන්නේය’ (කියාය)

“මහණෙනි, යම් හේතුවකින් මේ ලොකයෙහි දැඩි ලොභ බහුලවූ, ව්‍යාපාද සිත් ඇත්තාවූ, ක්‍රොධ කරන්නාවූ, බද්ධ වෛර ඇත්තාවූ, ගුණමකුවූ, අනුන්ගේ දොස් සොයන්නාවූ, ඊර්ෂ්‍යා කරන්නාවූ, මසුරුවූ කෛරාටිකවූ, රැවටිලි සහිතවූ, ලාමක අදහස් ඇත්තාවූ, මිථ්‍යාදෘෂ්ටිවූ ජටා දරන්නෙකු දකිම්ද, එහෙයින් ජටා දරන්නෙකුගේ ඒ ජටා දැරීම් පමණින් ‘ශ්‍රමණ’යයි නො කියමි.

§ 6  .“මහණෙනි, මහණහු  කෙසේනම් ශ්‍රමණයන් පිළිබඳ නිවැරදි පිළිපැදීමට පිළිපන්නේ වෙයිද?
මහණෙනි, අභිජ්ජා නම් දැඩි ලොභ බහුලවූ යම්කිසි මහණෙකුගේ දැඩි ලොභය නැති වූයේ වේද, ව්‍යාපාද සිත් ඇත්තාගේ ව්‍යාපාදය නැති වූයේ වේද, ක්‍රොධ කරන්නාගේ ක්‍රොධය නැතිවූයේ වේද, බද්ධ වෛර ඇත්තාගේ බද්ධ වෛරය නැති වූයේ වේද, ගුණමකු වූවහුගේ ගුණමකු බව නැතිවූයේ වේද, අනුන්ගේ දොස් සොයන්නාගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැති වූයේ වේද, ඊර්ෂ්‍යා ඇත්තාගේ ඊර්ෂ්‍යාව නැතිවූයේ වේද, මසුරු වූවහුගේ මසුරු බව නැති වූයේ වේද. කෛරාටික වූවහුගේ කෛරාටික බව නැති වූයේ වේද, රැවටිලි සහිත වූවහුගේ රැවටිලි බව නැති වූයේ වේද, ලාමක අදහස් ඇත්තාගේ ලාමක අදහස් නැති වූයේ වේද, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාගේ මිථ්‍යාදෘෂ්ටිය නැති වූයේ වේද, මහණෙනි, මම ශ්‍රමණ මලවූ, ශ්‍රමණ දොෂයන්වූ, ශ්‍රමණ කසටයන්වූ, අපායෙහි ඉපදීමට කරුණුවූ, දුගතියෙහි විපාක දෙන්නාවූ මේ දොෂයන් නැති කිරීමෙන් ශ්‍රමණයෙකු ගේ  නිවැරදි මගට පිළිපන්නේයයි කියමි.

§ 7.1. “හෙතෙම ලාමකවූ මේ සියලු අකුශල ධර්මයන් ගෙන් පිරිසිදුවූ තමා දකියි, මිදුනාවූ තමා දකියි, ලාමකවූ මේ සියලු අකුශල ධර්මයන්ගෙන් පිරිසිදුවූ තමා දකින, මිදුනාවූ තමා දකින ඔහුට සතුට ඇති වෙයි. සතුටු වූවහුට ප්‍රීතිය හටගණී. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි, සංසිඳුණ කය ඇත්තේ සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධිගත වෙයි. හෙතෙම මෛත්‍රී සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවැනි දිශාවද, එසේම තුන්වන දිශාවද, එසේම සතරවන දිශාවද මෙසේ උඩ යට සරස යන සියලු තන්හි සියල්ලෙන් යුක්තවූ, සියලු ලොකය මහත් බවට පැමිණි, අප්‍රමාණවූ, වයිර රහිතවූ, ව්‍යාපාද රහිතවූ මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරයි.

§ 7. 2. “කරුණා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවෙනි දිශාවද, එසේම තුන්වන දිශාවද, එසේම සතරවන දිශාවද, මෙසේ උඩ යට සරස සියලු තන්හි, සියල්ලෙන් යුක්තවූ ලොකය, මහත් බවට පැමිණි අප්‍රමාණවූ වයිර රහිතවූ, ව්‍යාපාද රහිතවූ, කරුණා සහගත සිතින් පතුරුවා වාසය කරයි.

§ 7.3. “මුදිතා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවන දිශාවද, එසේම තුන්වන දිශාවද, එසේම සතවරන දිශාවද මෙසේ උඩ යට සරස යන සියලු තන්හි, සියල්ලෙන් යුක්තවූ ලොකය, මහත් බවට පැමිණි අප්‍රමාණවූ, වයිර රහිතවූ, ව්‍යාපාද රහිතවූ මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කරයි.

§ 7.4. “උපෙක්ෂා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවන දිශාවද, එසේම තුන්වන දිශාවද, එසේම සතරවන දිශාවද, මෙසේ උඩ යට සරස යන සියලු තන්හි, සියල්ලෙන් යුක්තවූ ලොකය, මහත් බවට පැමිණි අප්‍රමාණවූ වයිර රහිතවූ, ව්‍යාපාද රහිතවූ, උපෙක්ෂා සහගත සිතින් පතුරුවා වාසය කරයි.

“මහණෙනි, පැහැදිලි ජලය ඇති, සැපදායක ජලය ඇති, සිහිල් ජලය ඇති, සුදු වැලිතලා ඇති යහපත් කොටු ඇති, සිත්කලුවූ, පොකුණක් වේද, නැගෙනහිර දිශාවෙන්ද, ග්‍රීෂ්මයෙන් තැවුණු, ග්‍රීෂ්මයෙන් පීඩිතවූ, ක්ලාන්තවූ, තැති ගත්තාවූ, පිපාසය හටගත්තාවූ, පුරුෂයෙක් එන්නේය. හෙතෙම ඒ පොකුණට පැමිණ දිය පිපාසය දුරු කර ගන්නේද, ග්‍රීෂ්ම දාහය දුරු කර ගන්නේද, බස්නාහිර දිශාවෙන්ද ග්‍රීෂ්මයෙන් තැවුනාවූ ග්‍රීෂ්මයෙන් පීඩිතවූ, ක්ලාන්තවූ, තැති ගත්තාවූ, පිපාසය හටගත්තාවූ පුරුෂයෙක් එන්නේය. හෙතෙම ඒ පොකුණට පැමිණ දිය පිපාසය දුරු කර ගන්නේද, ග්‍රීෂ්ම දැවිල්ල දුරු කර ගන්නේද, උතුරු දිශාවෙන්ද ග්‍රීෂ්මයෙන් තැවුණාවූ, ග්‍රීෂ්මයෙන් පීඩිතවූ ක්ලාන්තවූ, තැති ගත්තාවූ, පිපාසය හටගත්තාවූ පුරුෂයෙක් එන්නේය. හෙතෙම ඒ පොකුණට පැමිණ දිය පිපාසය දුරු කර ගන්නේද, ග්‍රීෂ්ම දැවිල්ල දුරු කර ගන්නේද, දකුණු දිශාවෙන්ද ග්‍රීෂ්මයෙන් තැවුණාවූ, ග්‍රීෂ්මයෙන් පීඩිතවූ, ක්ලාන්තවූ, තැතිගත්තාවූ, පිපාසය හටගත්තාවූ පුරුෂයෙක් එන්නේය. හෙතෙම ඒ පොකුණට පැමිණ දිය පිපාසය දුරු කර ගන්නේද, ග්‍රීෂ්ම දැවිල්ල දුරු කර ගන්නේද,
“යම්කිසි දිශාවකින් වුවද ග්‍රීෂ්මයෙන් තැවුනාවූ ග්‍රීෂ්මයෙන් පීඩිතවූ, ක්ලාන්තවූ, තැති ගත්තාවූ, පිපාසය හට ගත්තාවූ පුරුෂයෙක් එන්නේය. හෙතෙම ඒ පොකුණට පැමිණ දිය පිපාසය දුරු කර ගන්නේද, ග්‍රීෂ්ම දැවිල්ල දුරු කරගන්නේද,

“මහණෙනි, එපරිද්දෙන්ම යමෙක්  ක්ෂත්‍රිය කුලයෙන්ද,  නික්ම ශාසනයෙහි පැවිදි වෙයිද, …….
බ්‍රාහ්මණ කුලයෙන්ද ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙයිද, හෙතෙමේද ……..
වෛශ්‍ය කුලයෙන්ද ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙයිද,………
ක්ෂුද්‍ර කුලයෙන්ද ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙයිද,…..
යම් යම් කුලයකින්ද ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙයිද, මේ සැම තථාගතයන් වහන්සේ වදාළ ධර්මවිනය නම්වූ ශාසනයට පැමිණ මෙසේ මෛත්‍රියද, කරුණාවද, මුදිතාවද, උපෙක්ෂාවද වඩත්. තමා තුළ සංසිඳීම ලබයි. තමා තුළ සංසිඳීමෙන් ශ්‍රමණයන් පිළිබඳ නිවැරදි පිළිපැදීමට පිළිපන්නේයයි කියමි
.
“ක්ෂත්‍රිය කුලයෙන්ද ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙයිද, බ්‍රාහ්මණ කුලයෙන්ද ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙයිද, වෛශ්‍ය කුලයෙන්ද ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙයිද, ක්ෂුද්‍ර කුලයෙන්ද ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙයිද, යම් යම් කුලයකින්ද ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙයි. ඒ සැවොම ආශ්‍රවයන් (කෙලෙස්) නැති කිරීමෙන් කෙලෙස් රහිතවූ චිත්ත විමුක්තියද, ප්‍රඥාවිමුක්තියද මේ ආත්මයෙහි තමාම උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරයි. ආශ්‍රවයන් (කෙලෙස්) නැති කිරීමෙන් ‘ශ්‍රමණ’ වෙයි.”English Version

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාවට විශෙෂයෙන් සතුටු වූහ.


දසවෙනිවූ චූල අස්සපුර සූත්‍රය නිමි. (4-10)
සතර වෙනිවූ මහා යමක වර්ගය නිමි.

bACK-to-mn-iNDEx

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.