MN 01-02-09 ද්වේධා විතක්ක සූත්‍රය

පුජ්‍ය කොළඑළියේ සුදස්සී ස්වාමින්වහන්සේ කල සුත්‍රන්ත දේශනාව අසන්නට CLICK ABOVE

§1. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන්  වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඩු මහ සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවාසය කරති. එකල්හි භාග්‍යවතුන්  වහන්සේ “මහණෙනි” කියා භික්ෂූන්ට ආමන්ත්රතණය කළහ. “ස්වාමීනි” ඒ භික්ෂූහු භාග්‍යවතුන්  වහන්සේට පිළිතරු දුන්හ. භාග්‍යවතුන්  වහන්සේ මෙසේ මෙම ධර්මය දේශනා කල සේක.

§ 2. “මහණෙනි, සම්බුධත්වය ප්‍රත්‍යක්ෂ කරන්නට පෙර බොධිසත්ව සිටි කාලයේදී මට මේ අදහස ඇතිවිය ‘මට ඇතිවෙන විතර්කයන් ( සිතිවිලි ) සියල්ල දෙකොටසකට කොට බෙදා දකින්නට මට පිළිවනි නම් හොඳය’ කියායි.

2.1 “මහණෙනි, මට ඇතිවෙන කාම විතර්කයක් (කාම ආරම්මණයන් කෙරෙහි ඇතිවෙන කැමැත්ත ඇති සිතිවිල්ලක්) වේද යම් ව්යා්පාද විතර්කයක් (අසහනකාරී, නුරුස්සන ස්වභාවයේ, අසන්ත්රුප්තිමත් සිතිවිල්ලක්) වේද, යම් විහිංසා විතර්කයක් (අනුනට හිංසාකාරී සිතිවිල්ලක්) වේද, මේ අකුසල කල්පනා එක් කොටසක් කෙළෙමි.

2.2. යම් නෛෂ්කර්මය පිලිබඳ (කාමයන්ගෙන් වෙන්වීමේ) සිතිවිල්ලක් වේද, යම් අව්‍යාපාද  (මෛත්රීර සහගත) සිතිවිල්ලක් වේද යම් අවිහිංසා (කරුණා සහගත) සිතිවිල්ලක් වේද මේ කුසල කල්පනා දෙවෙනි කොටස කෙළෙමි.

§3. “මහණෙනි, මෙසේ අප්ර්මාදීව කෙලෙස් තවන වීර්යය ඇතිව වාසය කරන්නාවූ මට කාමය මුල් කොට ගත් සිතිවිල්ල ක් උපදියිද ඒ මම මෙසේ දනිමි. මට මේ කාමය මුල් වූ සිතිවිල්ල උපන්නීය. ඒ කාම සිතිවිල්ල මා හටද දුක් පිණිස පවතියි. අන්ය යා හටද දුක් පිණිස පවතී. දෙපක්ෂයටමද දුක් පිණිස පවතියි. ප්‍රඥාව වළකන්නීය. දුක් පක්ෂයෙහි සිටියාය. නිවන් පිණිස නොපවත්නීය. මහණෙනි, මෙසේ ඒ කාමය පිනිසවූ සිතිවිල්ල මා හට දුක් පිණිස පවතීයයි කියා සලකන්නාවූ මගේ සිතේ උපන් ඒ කාම සිතිවිල්ල විනාශයට යෙයි. මහණෙනි, පරහට දුක් පිණිස පවතීයයි කියා සලකන්නාවූ මා තුළ උපන් කාම සිතිවිල්ල විනාශයට යෙයි. දෙපක්ෂයටම දුක් පිණිස පවතීයයි සලකන්නාවූ මා තුළ උපන් කාම සිතිවිල්ල විනාශයට යෙයි. ප්රටඥාව වළකන්නීය. දුක් පක්ෂයෙහි සිටියාය. නිවන් පිණිස නොපවතින්නීයයි සලකන්නාවූ මා තුළ උපන් කාම සිතිවිල්ල විනාශයට යෙයි.
“මහණෙනි, එසේ මම උපන් කාම විතර්කය දුරු කෙළෙමි. බැහැර කෙළෙමි.. එය ඉතිරි නොකොට සිඳ ලුවෙමි.

§ 4 .“මහණෙනි, මෙසේ අප්‍රමාදව, කෙලෙස් තවන වීර්යය ඇතිව වාසය කරන්නාවූ මට නුරුස්නා ස්වභාව ඇති , අමනාපකාරී සිතිවිල්ලක් පහළ වෙයිද, ඒ මම මෙසේ දනිමි. මට මේ දෝස සහගත සිතිවිල්ල උපන්නීය. ඒ දෝස සහගත සිතිවිල්ල මාහටද දුක් පිණිස පවතී. අන්‍යයාහටද දුක් පිණිස පවතී. දෙපක්ෂයටමද දුක් පිණිස පවතියි, ප්‍රඥාව වළකන්නීය. දුක් පක්ෂයෙහි සිටියාය. නිවන් පිණිස නොපවත්නීය.

§4.1 “මහණෙනි, තමහට දුක් පිණිස පවතීයයි කියා සලකන්නාවූ මගේ සිතේ උපන් දොස සහගත සිතිවිල්ල විනාශයට යෙයි. මහණෙනි, පරහට දුක් පිණිස පවතීයයි කියා සලකන්නාවූ මා තුළ උපන් දෝස සහගත සිතිවිල්ල විනාශයට යෙයි. දෙපක්ෂයටම දුක් පිණිස පවතීයයි සලකන්නාවූ මා තුළ උපන් දෝස සහගත සිතිවිල්ල විනාශයට යෙයි. ප්රිඥාව වළකන්නීය, දුක් පක්ෂයෙහි පිහිටියාය, නිවන් පිණිස නොපවතින්නීයයි සලකන්නාවූ මා තුළ උපන් දෝස සහගත සිතිවිල්ල විනාශයට යෙයි. මහණෙනි, මම උපන් දෝස සහගත සිතිවිල්ල දුරුකෙළෙමි. බැහැර කෙළෙම්මය. ඉතිරි නොකෙළෙම්මය.

§.5 “මහණෙනි, මෙසේ අප්‍රමාදව, කෙලෙස් තවන වීර්යය ඇතිව වාසය කරන්නාවූ ඒ මට හිංසා කිරීමේ කල්පනාව පහළ වෙයිද, ඒ මම මෙසේ දනිමි. මට මේ හිංසා කිරීමේ කල්පනාව උපන්නීය. ඒ හිංසා කිරීමේ කල්පනාව වනාහි තමහටද දුක් පිණිස පවතී. අන්යනයාහටද දුක් පිණිස පවතී. දෙපක්ෂයටමද දුක් පිණිස පවතියි. ප්‍රඥාව වළකන්නීය. දුක් පක්ෂයෙහි සිටියාය. නිවන් පිණිස නොපවත්නීය.

§5.1. “මහණෙනි, තමහට දුක් පිණිස පවතීයයි කියා සලකන්නාවූ මගේ සිතේ උපන් හිංසා කිරීමේ සිතිවිල්ල විනාශයට යෙයි. මහණෙනි, පරහට දුක් පිණිස පවතීයයි කියා සලකන්නාවූ මා තුළ උපන් හිංසක සිතිවිල්ල විනාශයට යෙයි. දෙපක්ෂයටම දුක් පිණිස පවතීයයි සලකන්නාවූ මා තුළ උපන් හිංසක සිතිවිල්ල විනාශයට යෙයි. ප්රිඥාව වළකන්නීය, දුක් පක්ෂයෙහි සිටියාය. නිවන් පිණිස නොපවත්නීයයි සලකන්නාවූ මා තුළ උපන් හිංසා කිරීමේ සිතිවිල්ල විනාශයට යෙයි.
“මහණෙනි, එසේ මම උපන් හිංසක සිතිවිල්ල කල්පනාව දුරු කෙළෙම්මය, බැහැර කෙළෙම්මය, ඉතිරි නොකෙළෙම්මය.

§ 6. මහණෙනි, යමෙක් යම් බඳු සිතිවිලි නිතොර සිතයිද, නැවත නැවත කල්පනා කරයිද, නැවත නැවත සිත්හි පවත්වයිද, ඒ ඒ පරිද්දෙන් සිතේ හුරුවීම වෙයි. සිතේ නැමීම වෙයි.

§ 6.1. මහණෙනි, ඉදින් මහණතෙම කාමය වඩන්නාවූ කාම විතර්කය බොහෝ කොට නැවත නැවත කල්පනා කෙරේද, නැවත නැවත පවත්වයිද, කාමයන්ගෙන් වෙන්වීමේ සිතිවිලි දුරු කෙළේද, කාම අරමුණු මුලික සිතිවිලි බහුල කෙළේද ඔහුගේ සිත කාම විතර්කය පිණිස නැමෙයි.

§ 6.2. “මහණෙනි, ඉදින් මහණතෙම දෝස කල්පනා බොහෝ කොට නැවත නැවත කල්පනා කෙරේද, නැවත නැවත සිත්හි පවත්වයි, මෛත්රීත සහගත සිතිවිලි වලින් ඈත් වුයේද, අමනාප, නුරුස්නා, සිතිවිලි බහුල කළේද, ඔහුගේ සිත අසහනකාරී නොසන්සුන් සිතිවිලි පිණිස නැමෙයි.

§ 6.3.. “මහණෙනි, ඉදින් හිංසක සිතිවිලි බොහෝකොට නැවත නැවත ඇති වේද , නැවත නැවත සිත්හි පවත්වයිද, විහිංසාවෙන් වෙන්වීමේ සිතිවිල්ල දුරුකෙළේද, විහිංසා සිතිවිලි බහුල කෙළේද ඔහුගේ ඒ සිත විහිංසා සිතිවිලි පිණිස නැමෙයි.

§ 7. “මහණෙනි, යම්සේ වැහිකාලයට අයත් අන්තිම මාසයෙහි; සරත් කාලයෙහි, ගොයම් පුදින කාලයෙහි ගොපළු දරුවා කෙවිටකින් ඒ අතට මේ අතට තලමින් සිය ගව රැල (යාඅ යුතු, නොයා යුතු දිසාව පෙන්නමින්) තමාගේ ගව රැල පාලනය කරයි. එසේ නොකොට සිටියොත් ඒ ගවයන් පුදින ගොයම කා විනාශ කරයි. එසේ වුවහොත් ගොපල්ලා දඬුවම් ලබයි, හිංසා පීඩා, වධ බන්ධන, ධන හානියද, නින්දා අපහාසද, සිර දඬුවම් පවා ලබයි. මමද මහණෙනි, එසේම අකුශල ධර්මයන්ගේ දොෂයද, ලාමක බවද, කෙලෙසීමද, කුශල ධර්මයන්ගේද, කාමයන්ගෙන් වෙන්වීමෙහි අනුසස්ද, පිරිසිදු බවද දුටුයෙමි.

§8. මහණෙනි, මෙසේ අප්‍රමාදව කෙලෙස් තවන වීර්යය ඇතිව ඉන්නාවූ මට පංච කාම අරමුණු වලින් නික්මීමේ කල්පනාව උපදීද, ඒ මම මෙසේ දනිමි. මට කාමයන්ගෙන් වෙන්වීමේ සිතිවිල්ලක් උපන්නේය. ඒ මා හට දුක් පිණිස නොවෙයි. අනුනට දුක් පිණිසද නොවෙයි. දෙපක්ෂයටම දුක් පිණිස නොවෙයි. ඒ නෛෂ්කර්මය ලෞකික ලොකොත්තර ප්ර.ඥාව වඩයි. ඒ දුක් උපදවන පක්ෂයෙහි නොවෙයි. ඒ නිවන් පිණිස පවත්නේය. මහණෙනි, මුලු රාත්රිවයාම යේම, එම සිතිවිල්ල මතුවුවත්, ඒ නැවත නැවත කල්පනා කළත් ඒ හේතුකොටගෙන බියක් නොමදකිමි. මුළු දාවල් කාලයම එම සිතිවිල්ල මතුවුවත්, ඒ නැවත නැවත කල්පනා කළත් ඒ හේතුකොටගෙන බියක් නොමදකිමි. රෑ දාවල් දෙක්හිම එම සිතිවිල්ල මතුවුවත්, ඒ නැවත නැවත කල්පනා කළත් ඒ හේතුකොටගෙන බියක් නොමදකිමි. එසේ වුවත් බොහෝ වේලාවක් කල්පනා කරන්නාවූ මාගේ ශරීරය වෙහෙසට පත් වෙයි. සිතද ව්‍යාකුල වෙයි. නොසන්සුන් වෙයි. සිත නොසන්සුන්වූ කල්හි සමාධිය කෙරෙන් සිත ඈත්වෙයි. මහණෙනි, එවිට මම ඇතුළතින්ම සිත මනාව තබමි, හිඳුවමි, එකඟ කරමි, මනාව පිහිටුවමි. ඊට හේතු කවරේද? මාගේ සිත නොවිසිරේවා’යි සිතායි.

[ වැඩි වැඩියෙන් ආරම්මණ කෙරෙහි සිත් යෙදීම කාය අවිවේකය (වෙහෙස) හා චිත්ත අවිවේකය ඇති කරයි. . සමාධි අරමුණක සිත පිහිටුවීම මේ තත්වයට පිළියම බව බෝධිසත්වයන් අවබෝධ කර ගත් බව අටුවාව කියයි.]

§9.. “මහණෙනි, මෙසේ අප්‍රමාද ව කෙලෙස් තවන වීර්යය ඇතිව, කාය ජීවිත පරිත්යා ග කොට වාසය කරන්නාවූ මට මෛත්රීස සහගත සිතිවිලි, කල්පනාව උපදියිද, ……………….. ………………………..(§8 සේම) ,.…………….. හිඳුවමි, එකඟ කරමි, මනාව පිහිටුවමි, ඊට හේතු කවරේද? මාගේ සිත නොවිසිරේවායි (සිතායි.)

§10. “මහණෙනි, මෙසේ අප්රවමාදව, කෙලෙස් තවන වීර්යය ඇතිව, ආත්මය පරිත්යාමග කොට වාසය කරන්නාවූ මට හිංසා නොකිරීමේ කල්පනාව උපදියිද, ඒ මම මෙසේ දකිමි… ……………….. ………………………..(§ 8 සේම) ,.…………….. මාගේ සිත නොවිසිරේවායි (සිතාය.)

§11 . “මහණෙනි, යමෙක් යම් ආකාර සිතිවිලි නිතොර සිතයිද, නැවත නැවත කල්පනා කරයිද, නැවත නැවත සිත්හි පවත්වයිද, ඒ ඒ පරිද්දෙන් සිතේ හුරුවීම වෙයි. සිතේ නැමීම ඒ ආකාරයටම වෙයි.
මහණෙනි, ඉදින් භික්ෂුව කාමයෙන් වෙන්වීමේ සිතිවිලි බොහෝ කොට නැවත නැවත කල්පනා කෙරේද, නැවත නැවත සිතේ පවත්වයිද, කාම සිතිවිලි, කල්පනා බැහැර කෙරේද, කාමයෙන් වෙන්වීමේ කල්පනාව බහුල කෙරේද, ඔහුගේ සිත කාමයෙන් වෙන්වීමේ කල්පනාව පිණිස නැමෙයි.

“මහණෙනි, ඉදින් භික්ෂුව මෛත්රි සිතිවිලි බොහෝ කොට නැවත නැවත කල්පනා කෙරේද, නැවත නැවත සිත්හි කෙරේද, ව්‍යාපාද  නුරුස්නා කල්පනා බැහැර කෙරේද, මෛත්රී කල්පනා බහුල කෙරේද, ඔහුගේ ඒ සිත මෛත්රී කල්පනාව පිණිස නැමෙයි.
“මහණෙනි, ඉදින් භික්ෂුව හිංසා නොකිරීමේ කල්පනා (කරුණා කල්පනා ) බොහෝ කොට කෙරේද, නැවත නැවත සිත්හි පවත්වයි ද , හිංසා කිරීමේ කල්පනා බැහැර කෙරේද, මෛත්රී සහගත කල්පනා බහුල කෙරේද, ඔහුගේ සිත මෛත්රී කල්පනාව පිණිස නැමෙයි.

§12. “මහණෙනි, යම්සේ ග්‍රීෂ්ම ඍතුවට අයත් අන්තිම මාසයෙහි, සියලු අස්වැන්න නෙලා ගමට ගෙනගිය කල්හි (කුඹුරුවල ගවයන්ට කන්නට ගොයම් නැති විට) ගොපලු දරුවා ගවයන් නිදැල්ලේ හැර යවා තමන් ගසක් යටටවී හෝ එළිමහන් තැනකටවී සැහැල්ලුවෙන් ඉන්නේ තමාගේ ගවයන් ආරක්ෂිතව ඉන්නා බවට පමණක් තම අවධානය යොමු කිරීමෙනි. ඔහු කරන්නේ එසේ සතිය පැවැත්වීම පමණය. මහණෙනි, එපරිද්දෙන්ම මම මගේ සිතිවිලි මේ ආකාරයෙන් හටගෙන ඇතැයි දැන සිටීමට සතිය පැවැත්වීම පමණක් ම ප්‍රමාණවත් වීය.

§ 13.. “මහණෙනි, එසේ සතිය පවත්වන මාගේ කය සැහැල්ලුවිය. කය සංසිඳුණේය. යොදන ලද වීර්යය නොහැකිලී සිටියේය. ආරම්භවූ සතිය පිහිටා සිටියේය. . සිහිය එළඹ සිටියාය. සිත සමාධිමත් විය. එකඟ විය.

§ 14. “මහණෙනි, එසේ මම කාමයෙන් වෙන්වම සියලු අකුශලයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ, විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට එළඹ වාසය කෙළෙමි. විතර්ක විචාර දෙදෙනාගේ සන්සිඳීමෙන් හිතේ පැහැදීම ඇත්තාවූ, හිතේ එකඟකම ඇත්තාවූ විතර්ක රහිතවූ විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති දෙවෙනිවූ ධ්‍යානයට එළඹ වාසය කෙළෙමි. ප්‍රීතිය ඉක්මවීමෙන් උපේක්ෂා ඇත්තේ සිහි නුවණින් යුක්තවූයේ කයින් සැපය වින්දෙමි. යම් ධ්යා‍නයක් උපේක්ෂා ඇත්තේ සිහියෙන් යුක්තවූයේ සැප විහරණ ඇත්තේයයි ආර්යයෝ කියත්ද, ඒ තුන්වැනි ධ්‍යානයට එළඹ වාසය කෙළෙමි. සැපද නැති කිරීමෙන් දුක්ද නැති කිරීමෙන් කල් ඇතිවම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන් දුක් නැත්තාවූ සැප නැත්තාවූ උපේක්ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදු බැව් ඇති සතරවැනි ධ්‍යානයට එළඹ වාසය කෙළෙමි.

§15 . “මම, මෙසේ හිත සමාධියෙන් එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි දීප්තිමත්වූ කල්හි අඩ්ගන (රාගාදී කෙලෙස්) රහිතවූ කල්හි, උවදුරු දුරු වූ කල්හි, සිත මෘදුවූ කල්හි, කාර්යයට සුදුසුව සිටි කල්හි, චංචල නොවී සිටි කල්හි පෙර විසූ කඳ පිළිවෙල දැනීම පිණිස සිත නැමූයෙමි. එසේ මම නොයෙක් ආකාරවූ පූර්වෙ නිවාසය (පෙර උපන් ජාති) සිහි කරමි.

එනම්: එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දශයක්ද, ජාති විස්සක්ද ජාති තිසක්ද, ජාති සතළිසක්ද, ජාති පනසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත (විනාශ වන) කල්පයන්ද, නොයෙක් විවර්ත (හැදෙන) කල්පයන්ද, නොයෙක් සංවර්ත විවර්ත කල්පයන්ද අසුවල් තැන උපන්නෙමි. එහි මෙ නම් ඇත්තේ වීමි. මෙබඳු වර්ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තේ වීමි. මෙබඳු දුක් සැප වින්දෙමි. ඒ මම එයින් චුතව අසුවල් තැන උපන්නෙමි. එතැන්හිද මෙසේ නම් ඇත්තේ වීමි. මෙබඳු ගොත්ර් ඇත්තේ වීමි. මෙබඳු ශරීර වර්ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තෙක් වීමි. මෙබඳු සැප දුක් විඳින්නෙක් වීමි. මෙබඳු ආයුෂ ඇත්තෙත් වීමි. ඒ මම එතැනින් චුතව මේ මනුෂ්ය් භවයෙහි උපන්නෙමියි මෙසේ ආකාර සහිතවූ, උදෙසීම් සහිතවූ, නන්වැදෑරුම්වූ පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරමි.

“මහණෙනි, මා විසින් රාත්‍රියේ පළමුවෙනි යාමයෙහි මේ පළමුවන විද්යාව (පෙර විසූ තැන් දන්නා නුවණ) ලබන ලදී. එය වසන අවිද්යාව නසන ලදී. විද්යාව උපන්නීය. අඳුර (මොහය) නසන ලද්දේය. ආලෝකය උපන්නේය. අප්‍රමාදව කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යම්සේ සිදුවිය යුතු නම් එසේ විය.

§16 .“එසේ මම සිත සමාධියෙන් එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, අඩ්ගණ (රාගාදී කෙලෙස්) රහිතවූ කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, සිත මෘදුවූ කල්හි, කාර්යයට සුදුසුව සිටි කල්හි, චංචල නොවී සිටි කල්හි සත්ත්වයන්ගේ චුති උත්පත්ති දෙක දැකීම පිණිස සිත නැමීමි ඒ මම පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින් චුතවන්නාවූද, උපදින්නාවූද, ලාමකවූද, ප්‍රණීතවූද, මනා වර්ණ ඇත්තාවූද, මනා වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තා වූද, අයහපත් ගති ඇත්තාවූද, කර්මය පරිදි මියගියාවූ සත්ත්වයන් දකිමි.

“ඒකාන්තයෙන් මේ පින්වත් සත්ත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්ත වූවාහු, වාක් දුශ්චරිතයෙන් යුක්තවූවාහු, මනො දුශ්චරිතයෙන් යුක්ත වූවාහු, ආර්යයන්ට දොස් කීවාහු, මිථ්යාිදෘෂ්ටි ගත්තාහු, මිථ්යාිදෘෂ්ටි කර්ම අනුමත කළාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති, යටිකුරුව වැටෙන නරකයෙහි උපන්නාහුයයිද, මේ පින්වත් සත්ත්වයෝ වනාහි කාය සුචරිතයෙන් යුක්ත වූවාහු වාක් සුචරිතයෙන් යුක්තවූවාහු මනො සුචරිතයෙන් යුක්ත වූවාහු ආර්යයන්ට දොස්නොකීවාහු සම්යික්දෘෂ්ටි ඇත්තාහු සම්යෙක් දෘෂ්ටි කර්ම සමාදන් වූවාහුය. (එහෙයින්) ඔව්හු කය බිඳීමෙන් මරණින් මතු ස්වර්ග ලොකයෙහි උපන්නාහුයයි මෙසේ පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින්, චුතවන්නාවූද, උපදින්නාවූද, ලාමකවූද, ප්‍රණීතවූද, මනා වර්ණ ඇත්තාවූද, මනා වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද කර්මය පරිදි මියගියාවූ සත්ත්වයන් දනිමි.

“මහණෙනි, මා විසින් රාත්‍රීයෙහි මැදියමෙහි මේ දෙවන විද්යාව චුතුපපාත ඥානය.  (චුතවීම, ඉපදීම දක්නා නුවණ) ලබන ලදී. එය වසන අවිද්යාව නසන ලදී. විද්යාව උපන්නීය. අඳුර (මොහය) නසන ලද්දේය. ආලොකය උපන්නේය. අප්‍රමාදව, කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව වාසය කරන්නෙකුට සිදුවිය යුතු එය එසේ සිදු විය.

§17. .“ මෙසේ සිත එකඟවූ කල්හි ආශ්ර‍ව ක්ෂය ඥානය (කෙලෙස් නැති කරන නුවණ) පිණිස සිත නැමුයෙමි. එවිට මම මෙය දුකයයි තතුසේ දත්තෙමි. මේ දුක් ඉපදීමට හේතුවයයි තතුසේ දත්තෙමි. මේ දුක් නැති කිරීමයයි තතු සේ දත්තෙමි. මේ දුක නැතිකිරීමේ මාර්ගයයයි තතුසේ දත්තෙමි. මේවා ආශ්රවයෝ (කාම ආදී කෙලෙස්) යයි තතුසේ දැන ගතිමි. මේ ආශ්ර වයන්ගේ හටගැන්මයයි තතුසේ දැනගතිමි. මේ ආශ්ර්වයන්ගේ නැතිකිරීමයයි තතුසේ දැනගතිමි. මේ ආශ්රවයන් නැතිකිරීමේ මාර්ගයයි තතුසේ දැනගත්තෙමි. මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ මාගේ සිත කාමාශ්රවයෙන්ද මිදුනේය. භවාශ්රවයෙන්ද මිදුනේය. අවිද්යාවශ්රවයෙන්ද මිදුනේය. මිදුන කල්හි මිදුනේයයි දැනීම පහළ විය. උත්පත්තිය කෙළවර විය.

“මාර්ග බ්‍රහ්මචර්යාව වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මේ අර්හත්වය පිණිස කළයුතු අනිකක් නැත්තේයයි දත්තෙමි.

“මහණෙනි, රාත්‍රියෙහි පශ්චිම යාමයෙහි මේ තුන්වෙනි විද්යාව (ආශ්රසව ක්ෂයකර ඥාන නම්වූ අර්හත් මාර්ගය) මා විසින් ලබනලදී. එය වසන අවිද්යායව නසන ලදී. විද්යා ව උපන්නීය. අඳුර (මොහය) නසන ලද්දේය. ආලොකය උපන්නේය. අප්‍රමාදව, කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යම්සේ සිදුවිය යුතු නම් එසේම විය.

§18.“මහණෙනි, ගසින් වැලින් පිරි මහ වනයෙහි, යම් තැනිතලාවක වූ, දිය පොකුණක්ව  අසල මුව රැලක් ගැවසේද, යම් දඩයක්කරුවෙක් ඒ මෘග සමූහයාට අනර්ථය කරන්නට, අවැඩ කැමැත්තාවූ, අභය නොකැමැත්තාවූවේ ඒ මුව රංචුවට ආපසු වනයට යා හැකි ආරක්ෂිත මග අහුරා දමන්නේය. ඒ සතුන්ට ගැලවී යන්නට නොහැකිව සිරවෙන තැනකට පමණක් යා හැකි මගක් විවර කරන්නේය. මුවන් රැවටීමට (නරක මගට මුවන් යොමු කරවන්නට) හීලෑ මුවදෙනක් හා මුව නාම්බෙක් ඒ මගෙහි බැඳ තබන්නේය. මහණෙනි, මෙසේවූ කල්හි ටික කලකින් ඒ මහා මුව සමූහයා විනාශයට තුනී බවට පැමිණෙන්නේය. එහෙත් මහණෙනි, එම මහත් මුව සමූහයාගේ අභිවෘද්ධිය කැමැත්තාවූ වැඩ කැමැත්තාවූ අභය කැමැත්තාවූ වෙනත් පුරුෂයෙක් එහි එඅන්නේ නම් , හෙතෙම ඒ ස්ථානයට නිරුපද්රිෙතව පහසුවෙන් යාහැකි මාර්ගය යලි විවෘත කරන්නේය. නපුරු මාර්ගය වසන්නේය. හීලෑ මුවදෙන හා මුව නාම්බා ලිහා පලවා දමන්නේය.. මහණෙනි, මෙසේවූ කල්හි ඒ මුව සමූහය විනාශයට පත් නොවන්නේය. ටික කලකින් අභිවර්ධනයටද දියුණුවටද, ස්ථිර බවටද මහත් බවටද පැමිණෙන්නේය.

19. “මහණෙනි, අර්ථය තේරුම් කිරීම පිණිස මා විසින් මේ උපමාව දක්වන ලදී. මෙහි මේ අර්ථයයි.
මහණෙනි,
දිය වල පොකුණ  යනු පංචකාමයන්ට නමෙකි. මහණෙනි,
මහා මෘග සමූහය යනු සත්ත්වයන්ට නමකි.
අවැඩ කැමති, අනර්ථය කැමති අභය නොකැමැති පුරුෂයා යනු මාරයාට නමකි.
නපුරු මාර්ගය යනු (අරි අට මගට විරුද්ධවූ අංග ඇති) වැරදි මාර්ගයට නමකි. එනම් වැරදි දැකීම, වැරදි කල්පනාව, වැරදි වචනය, වැරදි කර්මාන්තය, වැරදි ආජීවය, වැරදි ව්යානයාමය, වැරදි සිහිය, වැරදි සමාධිය යන අටයි.
මහණෙනි, හීලෑ මුව නාම්බා යනු තෘෂ්ණාවට නමෙකි.
මහණෙනි, හීලෑ මුවදෙන යනු අවිද්යාවට නමකි.
වැඩකැමති අර්ථය කැමති, අභයකැමති පුරුෂයා යනු අර්හත්වූ සම්යවක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේට නමකි.
යහපත් මාර්ගය යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයට නමකි. එනම්, නිවැරැදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව නිවැරදි උත්සාහය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යනඅටයි.

“මහණෙනි, මෙසේ මා විසින් නිරුපද්රිතව නිර්භයවූ සැපට පමුණුවන්නාවූ පහසුවෙන් යා හැකි මාර්ගය විවෘත කරන ලද්දේය. දුගතියට එළවෙන නොමඟ වසන ලද්දේය. දඩමුවා නසන ලද්දේය. දඩමුව දෙන නසන ලද්දීය.

“මහණෙනි, ශ්‍රාවකයන්ට හිතවත්වූ අනුකම්පා ඇති ශාස්තෘ කෙනෙකු විසින් අනුකම්පාවෙන් යම්බදු යහපතක් කළයුතුද එය මා විසින් තොපට නොඅඩුව කරනලදී.

“මහණෙනි,  ගස් මුල් ඇත්තාහ. හිස් ගෙවල් ඇත්තාහ. එහි ගොස් භාවනා කරව්. ප්‍රමාද නොවව්, ප්‍රමාදවී පසුතැවිලි නොවව්. තොපට අපගේ මේ අනුශාසනාවයි.”

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය.
සතුටුවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තාහුය.


නව වෙනිවූ ද්වේධා චිතක්ක සූත්රනය නිමි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.