SN-01-11-3 . වාසව සංයුත්තය – තුන්වන වර්‍ගය-

SN 1- 11-1 සුචීර වග්ගය

SN 1- 11-2 සත්තවත වග්ගය

SN 1- 11-3- සක්ක පඤ්චකය

1. ඣත්‍වා සූත්‍රය
2. දුඛණ්ණීය සූත්‍රය
3. මායා සූත්‍රය
4. අච්චය (නොහොත් අකෝධන) සූත්‍රය
5. අක්කොධ (හෙවත් අවිහිංසා) සූත්‍රය
සක්කපඤචකයයි.

1. ඣත්‍වා සූත්‍රය


මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි 
ශක්‍රදේවේන්‍ද්‍රයන්  භාග්‍යවතුන් වහන්සේ වෙත  පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පස්ව සිට  භාග්‍යවතුන් වහන්සේට ගාථාවෙන් මෙසේ කීය:

’’ගෞතමයන් වහන්ස, (සත්ත්‍වයා) කුමක් නසා සුවසේ නිදාගනීද?
කුමක් නසා ශෝක නොකෙරේද?
කිනම් එකම ධර්‍මයක්  විනාශය රුචිකරන සේක්ද?’’

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:)
’වාසවය, [කෝධය = අකැමැත්ත (නුරුස්නාබව), අසන්තෘප්තබව, අසහනය ලෙස දත යුතු ]
කෝධය නසා 
(සත්ත්‍වයා) සුවසේ නිදා ගනියි.
ක්‍රෝධය නසා ශෝකය  නොකෙරේ,
විෂ මුල් ඇති, (ක්‍රෝධ කරනවිට සතුටක් ඇතිවන  බැවින් හා රාග දෝෂ මෝහ අකුසලයනට මුල්වූ )
මිහිරි කරටිය ඇති, ක්‍රෝධය නැසීම ආර්‍ය්‍යයෝ ප්‍රශංසා කරත්.
යම් හේතුවකින් ඒ ක්‍රෝධය නසා ශෝක නොකෙරේද (එහෙයිනි).’’

AngerEatingDEmon

2. දුඛණ්ණීය සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ’’මහණෙනි’’ යි භික්‍ෂූන්ට කථාකළ සේක. ’’ස්වාමීනී’’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: )

’’මහණෙනි, පෙරවූ දෙයක් කියමි.
වරක් දුර්වර්‍ණවූ, මිටිවූ, අසෝභන භයංකාර 
ශරීරයක් ඇති එක්තරා යකෙක් කල් යල් බලා අසුන හිස් වූ විටෙක ශක්‍රදේවේන්‍ද්‍රයාගේ අස්නෙහි හිඳ ගත්තේය.
’’මහණෙනි,   තව්තිසා වැසි දෙවියෝ
’බලව, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි, බලව, ඒකාන්තයෙන් අද්භූතයෙකි. මේ දුර්‍වණවූ, මිටිවූ යක්‍ෂයා ශක්‍රදේවේන්‍ද්‍රයාගේ අස්නෙහි හිඳින්නේය.’ යි ඔහු තුච්ඡකොට සිතත්. පිළිකුල්කොට කියත්, ඒ ඒ තැන ඒ ගැන අකමැත්තෙන්, 
කථාබස් කෙරෙත්, මහණෙනි, තව්තිසාවැසි දෙවියෝ ඔහු යම් පමණ බාල හීන තුච්ච කොට සිතත්ද, ඔහු ගැන නොමනාපයෙන් අසතුටින් කතා කරත් ද, ඒ ඒ  කතාබස්  පමණට ම ඒ යක්‍ෂයා රූපයෙන් වඩාත් විශාල වෙයි. වඩාත් බියකරුවෙයි. වඩාත් අප්‍රසන්න වෙයි. 

’’මහණෙනි, ඉදින් තව්තිසා වැසි දෙවියෝ ශක්‍රදේවේන්‍ද්‍රයා වෙත ගොස් ශක්‍ර දේවේන්‍ද්‍රයාට මෙසේ කීය: ’
නිදුකාණනි,  දුර්‍වර්‍ණවූ මිටිවූ යකෙක් ඔබවහන්සේගේ අස්නෙහි හිදින්නේය. නිදුකාණනි, එකල්හි  තව්තිසා වැසි දෙවියෝ ’බලව, ඒකාන්තයෙන් අද්භූතයෙකි. මේ දුර්‍වණවූ, මිටිවූ යක්‍ෂයා ශක්‍රදේවේන්‍ද්‍රයාගේ අස්නෙහි හුන්නේය.’ යි ඔහු තුච්ඡකොට සිතත්. පිළිකුල්කොට කියත්, ඒ ඒ තැන ඒ ගැන අකමැත්තෙන්, කථාබස් කෙරෙත්, මහණෙනි, තව්තිසාවැසි දෙවියෝ ඔහු යම් පමණ බාල හීන තුච්ච කොට සිතත්ද, කියත්ද, ඒ ඒ  කතාබස් කෙරෙත්ද, එපමණටම ඒ යක්‍ෂයා රූපයෙන් වඩාත් විශාල වෙයි. වඩාත් බියකරුවෙයි. වඩාත් අප්‍රසන්න වෙයි. ඒ යක්‍ෂයා ක්‍රෝධය ආහාරකොට  යැපෙන්නේ වන්නේය.

’’මහණෙනි, ඉක්බිතිව ශක්‍රදේවේන්‍ද්‍රතෙම ඒ යක්‍ෂයා උන් තැනට පැමිණියේය, පැමිණ, උතුරුසළුව ඒකාංශකොට දකුණු දණමඬල පොළොවෙහි ගසා ඒ ක්‍රෝධය නිසා යැපෙන යක්‍ෂයා වෙත ඇඳිලි බැඳ නමස්කාරකොට
’නිදුකාණනි, මම ශක්‍රදේවේන්‍ද්‍ර වෙමි, ඔබට සුව පතන්නේ වෙමි..  නිදුකාණනි, මම ශක්‍රදේවේන්‍ද්‍ර වෙමි.’ යි තුන්වරක්  ප්‍රකාශ කෙළේය.

“ඔබව අපි බොහෝ කැමැත්තෙන් පිලි ගනිමු. සුවසේ ඉදිත්වා.” යි මෛත්‍රීයෙන් ආසින්සනා කළේය. එවිට ඒ ක්‍රෝධය නිසා වැඩෙන යක්ෂයා (Anger eating demon) ප්‍රමාණයෙන් කුඩා විය. අවලක්සන අඩුවිය. ශක්‍රදේවේන්‍ද්‍රතෙම එසේ ආසින්සනය කරන සෑම වාරයකම ඒ යක්ෂයා කුඩා විය. යම්තාක් එසේ  ප්‍රකාශකරයිද ඒ තාක්ම ඒ යක්තෙම වඩා දුර්‍වර්‍ණද වඩා මිටිද විය. ඉක්බිතිව , එහිම අතුරුදහන් වීය.

’’මහණෙනි, ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රයා  ස්වකීය අස්නෙහි හිඳ තව්තිසා වැසි දෙවියන් සනසන්නේ ඒ වේලායෙහි මේ ගාථාවන් කීය:

’’මම  නොපෙළුනු සිත් ඇත්තේ වෙමි.
තරහව, අකැමැත්ත නමැති දිය සුළියෙන් පහසුවෙන් ගෙනයා නොහෙමි.
මම බොහෝ වේලාවකින් නොකිපෙමි.
නොමනාපය අකමැත්ත  මා කෙරෙහි නොපිහිටයි.
මම (කිපී ) රළු බස් නොකියමි. දැහැමි බස් ම  පවසමි.
ආත්මාර්ත්‍ථය  දක්නා විට මම මා හටම  නිගාකරමි.’’

READE IN ENGLISH

3. මායා සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙම භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේය.
(භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක: )

’’මහණෙනි, පෙර වූවක් කියමි.
වේපචිත්ති අසුරේන්‍ද්‍රයා  ලෙඩවූයේ, 
ගිලන්වූයේ , දැඩිසේ දුකට පත්වූයේ විය.
’’මහණෙනි,  ශක්‍රදේවේන්‍ද්‍රයා  සුවදුක් විමසීම පිණිස වේපචිත්ති අසුරේන්‍ද්‍රයා වෙත ගියේය.
’’මහණෙනි, වේපචිත්ති අසුරේන්‍ද්‍රතෙම ශක්‍රදේවේන්‍ද්‍රයා තමා වෙතට එනබව දුරදීම දුටුවේය. දැක ශක්‍රදේවේන්‍ද්‍රයාට ’’ දේවේන්‍ද්‍රය, මා සුවපත්  කරව’ යි කීය.
’’ ’වේපචිත්තිය, මට සම්බරී මායාව උගන්ව’ යි (ශක්‍රයා කීය).
’’නිදුකාණනි, මම  අසුරයන්ගෙන් නොඅසා  ඒ  මායාව නොකියමි’ යි (වේපචිත්ති කීය).
’’මහණෙනි, ඉක්බිති  වේපචිත්ති අසුරේන්‍ද්‍රයා  ’පින්වතුනි, මම ශක්‍රදේවේන්‍ද්‍රයාට සම්බරී මායාව කියම්’ දැයි අසුරයන්ගෙන් ඇසීය.
’’  නිදුකාණනි, නුඹ ශක්‍රදේවේන්‍ද්‍රයාට සම්බරී මායාව නොකියව’ යි (අසුරයෝ කීහ.).

’’මහණෙනි, ඉක්බිති  වේපචිත්ති අසුරේන්‍ද්‍රයා  ශක්‍රදේවේන්‍ද්‍රයාට ගාථායෙන් (මෙසේ) කීය:
’’මඝ නම් ශක්‍රයෙනි, සුජම්පතියෙනි, දේවේන්‍ද්‍රයෙනි,
මායාකාර ජනතෙම සම්බර නම් අසුරිඳු මෙන්
අවුරුදු සියයක් පැසෙන්නාවූ දරුණු නිරයට පැමිණේ.’’

4. අච්චය (නොහොත් අකෝධන) සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. 

එකල  භික්‍ෂූන් දෙදෙනෙක් කලහ කළහ. එහි එක් භික්‍ෂුවක් නුසුදුසු වචන ඔහු පිළිබඳ කීයේය. ඉක්බිති ඒ භික්‍ෂුතෙමේ අනික් භික්‍ෂුව සමීපයෙහි වරද වරද වශයෙන් පෙන්වයි. ඒ භික්‍ෂුව (ඒ වරද කීම) නොපිළිගනී.

එවිට  බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත  පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හිඳ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීහ: 

’’මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙකි.
යමෙක් වරද වරද වශයෙන් නොදකීද,
යමෙක් වරද කියන්නහු සුදුස්සේ නොපිළිගනීද,
මහණෙනි, මේ දෙදෙන බාලයෝ වෙත්.

’’මහණෙනි,  පණ්ඩිතයෝ දෙදෙනෙක් වෙති.
යමෙක් වරද වරද වශයෙන් දකීද,
යමෙක් වරද කීවිට ඒ සුදුස්සේ පිළිගනීද,
මහණෙනි, මේ දෙදෙන පණ්ඩිතයෝ වෙති.

’’මහණෙනි, පෙර වූවක් කියමි.
ශක්‍රදේවේන්‍ද්‍යන්  සුධර්‍මාසභායේ තව්තිසා වැසි දෙවියන් සතුටු කරන්නේ ඒ වේලායෙහි මේ ගාථාව කීය:
’’ක්‍රෝධය තොපගේ යටතට පැමිණේවා.
මිතුරන් කෙරෙහි තොපගේ කළකිරීමෙක් නොවේවා.
නොගැරහියයුතු පුද්ගලයාට නොගරහව්,
කේළාම් නොකියව්, තවද ක්‍රෝධයතෙම පර්‍වතයක් මෙන් පවිටු (ළාමක) ජනයා හාත්පසින් මැඩලයි.

5. අක්කොධ (හෙවත් අවිහිංසා) සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය.
(එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: )

මහණෙනි, පෙරවූ දැයෙක් කියමි.
ශක්‍රදේවේන්‍ද්‍රතෙම සුධර්‍මා සභායෙහි තව්තිසා වැසි දෙවියන් සතුටුකරන්නේ ඒ වේලායෙහි මේ ගාථාව කීය:
’’ක්‍රෝධය තෙම තොප නොමඩීවා.
කිපෙන්නන් කෙරෙහි ක්‍රෝධ නොකිරීම හා අවිහිංසාව ආර්‍ය්‍යයන් කෙරෙහි හැම කල්හිම පවතී. තවද ක්‍රෝධය තෙම පර්‍වතයක් මෙන් පාපී ජනයා සම්පූර්‍ණයෙන් මඩී.’’

 

සක්ක පඤචකය නිමයි.
buddhist mind

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.