SN-01-08-දේවතා සංයුක්තය – ඣත්‍වා වර්‍ගය

8. ඣත්‍වා වර්‍ගය
1. ඣත්‍වා සූත්‍රය
2. රථ ( හෙවත් එථපඤඤාණ ) සූත්‍රය
3. චිතත සූත්‍රය
4. වුටඨි සූත්‍රය
5. භීත සූත්‍රය
6. නජීරති සූත්‍රය
7. ඉස්සර සූත්‍රය
8. කාම සූත්‍රය
9. පාථෙය්‍ය සූත්‍රය
10. පජ්ජොත සූත්‍රය
11. අරණ සූත්‍රය
අටවන ඣත්‍වා වර්‍ගයයි.8.

1. ඣත්‍වා සූත්‍රය

71
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පලමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක් පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
’’ කුමක් නම් නසා සුවෙන් වෙසේද? කුමක් නම් නසා ශෝක නොකෙරේද? ගෞතමයන් වහන්ස, කවර නම් ධර්‍මයක්හුගේ නැසීම කැමැත්තහුද? ’’
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) ’’ ක්‍රෝධය නැසීමෙන් සුවසේ වෙසෙයි. ක්‍රෝධය නසා ලීමෙන් ශෝක නොකෙරේ. දෙවිය, මිහිරි වූ අක් ඇති , විෂ සහිත මුල් ඇති, ක්‍රෝධයාගේ වැනසීම ආර්‍ය්‍යයෝ පසසත්. එය නැසීමෙන් ශෝක නොකෙරේ. ’’
2. රථ ( හෙවත් එථපඤඤාණ ) සූත්‍රය
72
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දස පැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක් පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
’’ රිය සලකුණ කිමෙක්ද? ගින්නට සලකුණ කිමෙක්ද? රටට සලකුණ කිමෙක්ද? භාර්‍ය්‍යාවට සලකුණ කිමෙක්ද? ’’
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) ’’ රථය දැනගන්නා සලකුණ කොඩියයි. ගින්න ඇති බවට ලකුණ දුමයි. රටට ලකුණ රජයයි. භාර්‍ය්‍යාව දැනගැනීමට ලකුණ සැමියායි. ’’
3. චිතත සූත්‍රය
73
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දස පැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර වර්‍ණ ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. ඉක්බිති ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
’’ මෙහි ( මෙලොව ) පුරුෂයාගේ ශ්‍රෙෂඨ ධනය නම් කිමෙක්ද? කුමක් නම් මනාව පුරුදු කරන ලද්දේ සුව ගෙන දේද? රස අතුරෙන් ඉතා මිහිරි රසය නම් කිමෙක්ද? කෙසේ නම් ජීවත් වන්නහුගේ ජීවිතය ශ්‍රෙෂඨයයි කියත්ද? ’’
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) ’’ මෙහි ශ්‍රද්ධාව ( මෙලොව ) පුරුෂයාගේ ශ්‍රෙෂඨ ධනයයි. හොඳින් පුරුදු කළ ධර්‍මය සැප ගෙන දෙයි. රස අතුරෙක් ඒකාන්තයෙන් ඉතා මිහිරි රසය නම් සත්‍ය රසයයි. ප්‍රඥායෙන් ජීවත්වන්නහුගේ ජීවිතය ශ්‍රෙෂ්ඨයයි කියත්. ’’
4. වුටඨි සූත්‍රය
74
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දස පැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර වර්‍ණ ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක් පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
’’නැගෙන්නවුන්හට කිමෙක් නම් ශ්‍රේෂ්ඨද? පහතට බසින්නවුන්හට කිමෙක් නම් ශ්‍රේෂ්ඨද? පයින් යන්නවුන්හට කිමෙක් නම් ශ්‍රේෂ්ඨද? කියන්නන්හට කිමෙක්නම් ශ්‍රේෂ්ඨද?’’
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) ’’නැගෙන්නවුන් අතුරෙන් ප්‍රඥාව ශ්‍රේෂ්ඨය. වැටෙන්නවුන් අතුරෙන් අවිද්‍යාව ප්‍රධානය. පයින් යන්නවුන් අතුරෙන් සඞඝයා ශ්‍රේෂ්ඨය. කියන්නවුන් අතුරෙන් බුදුරජ ශ්‍රේෂ්ඨය.’’
5. භීත සූත්‍රය
75
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දස පැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර වර්‍ණ ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක් පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
’’මහා ප්‍රාඥවූ ගෞතමයන් වහන්ස, ඔබ විසින් මාර්‍ගයද නොයෙක් කරුණු වශයෙන් වදාරණලදී. ඔබගෙන් විචාරමි, මෙහි නොයෙක් සත්‍ව සමූහයා කුමකට බිය ගත්තේද? කිමෙක පිහිටි තැනැත්තේ පරලොවට යන්නේ බිය නොවන්නේද?’’
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.)’’බොහෝ කෑම බීම ඇති ගෘහයෙහි වසන තැනැත්තේ වචනයද, සිතද නිසි පරිදි පිහිටුවා, කයින් පවු නොකරන්නේ, ශ්‍රද්‍ධාව, මොළොක් බව, බෙදා වැළඳීම, ත්‍යාගවත් බව යන සතර ධර්‍මයන්හි සිටියේ වේද, (එබඳු ) ධර්‍මයෙහි පිහිටි තැනැත්තේ පරලොවට බිය නොවන්නේය.’’
6. නජීරති සූත්‍රය
76
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දස පැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක්පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථා කීය:
’’කිමෙක් නම් දිරාද? කිමෙක් නොදිරාද? කිමෙක් නම් නොමගයයි කියනු ලැබේද? කිමෙක් නම් ධර්‍මයන්හට උපද්‍රවද? කිමෙක් නම් රෑ දාවල් ගෙවන්නේද? බඹසරට කිලුට කිමෙක්ද? දිය නැති නෑම කිමෙක්ද? යමෙක සිත නොසිටී නම් ලොව එසේවූ සිදුරු කීයෙක්ද? භාග්‍යවතුන් වහන්සේගෙන් විචාරන්නට ආම්හ. එය අපි කෙසේ දැන ගන්නමුද?’’
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) ’’සත්ත්‍වයන්ගේ රූපය දිරයි. නම් ගොත් නොදිරයි. රාගය නොමග යයි කියන ලදී. ලෝභය ධර්‍මයන්ට උවදුරය. වයස රෑ දාවල් ගෙවන්නේය. ස්ත්‍රිය පුරුෂයන්ගේ බඹසරට කිලුටෙකි. මෙහි මේ සත්ත්‍ව සමූහයා ඇලේ. ’’තපසද බඹසරට යන යමෙක් ඇද්ද, එය දිය නැති නෑමයි. කුශීත (අලස) බවද, ප්‍රමාදයද, වීර්‍ය්‍ය නැති බවද, ශීල සංයමය නැති බවද, නිදි බහුල බවද, ආගන්තුක අලස බවද යන මොහු ලොව සිත නොසිටිනා සිදුරු සයයි. ඒ සිදුරු සය සර්‍වප්‍රකාරයෙන් දුරලන්නේය.’’
7. ඉස්සර සූත්‍රය
77
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දස පැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක්පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථා කීය:
’’ලොව අධිපති බව කිමෙක්ද? බඩු අතුරෙන් කිමෙක් උතුම්ද? ලොව ශාස්ත්‍රයට මලකව කිමෙක්ද? ලොව විනාශකාරී කවරේද?
’’ගෙන යන කවරකු (මිනිස්සු) වළක්වත්ද? ගෙන යන කවරෙක් වනාහි ප්‍රිය වේද? නුවනැත්තෝ නැවත නැවත එන කවරකු පිළිගනිත්ද?
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) ’’අණ පැවැත්වීම ලොව අධිපති බවයි. භාණ්ඩ අතුරෙන් ස්ත්‍රී උතුමි. ක්‍රොධය ලොව ශාස්ත්‍රයට මලකඩයි. සොරු ලොව විනාශකාරීහුයි.
’’බඩු ආදිය යමක් ගෙනයන සොරා (මිනිස්සු) වළක්වත්. තමාගෙන් යමක් ගෙන යන මහණ තෙම ප්‍රියවේ. නුවණැත්තෝ නැවත නැවත එන මහණහු සතුටින් පිළිගනිති.
8. කාම සූත්‍රය
78
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර වර්‍ණ ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් (මෙසේ ) කීය:
’’වැඩ කැමැත්තේ කුමක් නොදන්නේද? කුමන් (අනුන්ගේ ප්‍රයෝජනයට) හැර නොදමන්නේද? යහපත්වූ කුමක් නම් මුදන්නේද? ලාමකවූ කුමක් නම් නොමුදන්නේද?’’
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) ’’කිසි පුරුෂයෙක් තමා (අන් හට දාස කොට ) නොදෙන්නේය. (බෝසතුන් හැර අන් )කිසිවෙක් තමා (සිංහ ව්‍යාඝ්‍රාදීන්ට) හැර නොදමන්නේය. යහපත් වචන මුදා ලන්නේය. ලාමක වචන නොමුදා ලන්නේය.’’
9. පාථෙය්‍ය සූත්‍රය
79
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක්පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථා කීය:
’’කිමෙක් නම් මගට වුවමනා දේ බඳීද? භෝගයන් රැස් වන තැන නම් කිමෙක්ද? කිමෙක් නම් සත්ත්‍වයා ඒ මේ අතට අදීද? ලොව කිමෙක් නම් අපහසුවෙන් දුරලිය යුතුද? මලපුඩුවෙන් (බැඳුනු) කිරිල්ලක සෙයින් කිමෙක්හි බොහෝ සත්ත්‍වයෝ බැඳුනාහු වෙත්ද?’’
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) ’’ශ්‍රද්‍ධාව සසර මගට වුවමනාදේ බඳී. (සපයයි) ඓශ්චර්‍යය භෝග රැස්වන තැනය. ආසාව සත්ත්‍වයා ඒ මේ අතට අදී. ආසාව ලොව අපහසුවෙන් දුරලිය යුතු දෑය. මලපුඩුවෙන් (බැඳුණු) කිරිල්ලක සෙයින් බොහෝ සත්ත්‍වයෝ ආසායෙන් බැඳුණාහු වෙති.’’
10. පජ්ජොත සූත්‍රය
80
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක්පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථා කීය:
’’ලොව පහනක් වැනි වූයේ කිමෙක්ද? ලොව නොනිඳා සිටින්නා නම් කවරේද? කර්මයෙහි එක්ව ජීවත්වෙන්නා කවරේද? ජීවිකා වෘත්තිය නම් කිමෙක්ද?’’
’’මව පුතකු රක්නා සේ අලසයාත් අනලසයාත් කවරෙක් නම් රැකගනීද? යම් ප්‍රාණි කෙනෙක් පොළොව ඇසුරු කළාහු නම්, කුමක් උපකාර කොට ගෙන සත්ත්‍වයෝ ජීවත් වෙත්ද?’’
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) ’’ප්‍රඥාව ලොව පහනක් වැනිය. සිහිය ලොව නොනිඳා සිටින්නායි. කර්මාන්ත ආදියෙහි සහායව ජීවත් වන්නෝ ගවයෝයි. සීසෑම (ගොයිතැන) ජීවිකා වෘත්තියයි. ධනය මව පුතකු රක්නාසේ අලසයාත් අනලසයාත් රකී. පොළොව ඇසුරු කළාවූ යම් ෂත්ත්‍වයෝ වෙත්ද ඔවුහු වැස්ස නිසා ජීවත් වෙත්.’’
11. අරණ සූත්‍රය
81
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර වර්‍ණ ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථා කීය:
’’මෙලොව කවුරු නම් කෙලෙස් නැත්තේද? කවුරුන් වුසූ වාසය නොනැසේද? මෙහි කවුරු තන්හාව පිරිසිඳ දනිත්ද? කාගේ නම් හැම කල්හිම නිදහස් බව වේද? සිල්හි පිහිටි කවරකු මවත් පියාත් සොහොයුරාත් වඳිත්ද? මෙහි ජාතියෙන් පහත්වූ කාට නම් රජහු ආදරයෙන් නමස්කාර කෙරෙත්ද?’’
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) මහණහු මෙලොව කෙලෙස් නැත්තෝය. මහණුන් වුසූ (ආර්‍යමාර්‍ග) වාසය නොනැසේ. මහණහු (තන්හාව) පිරිසිඳ දනිත්. හැම කල්හි මහණුන්ගේ නිදහස් බව වේ. ශීලයෙහි පිහිටි මහණහුට මවත් පියාත් සොහොයුරාත් ආදරයෙන් නමස්කාර කෙරෙති. මෙහි ජාතියෙන් පහත්වූ නමුත් මහණහට රජහුද ආදරයෙන් නමස්කාර කෙරෙත්.’’
අටවන ඣත්‍වා වර්‍ගයයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.